text
stringlengths
0
1k
කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.ආහාර අර්ථයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.ආහාර නොවන නිෂ්පාදන[සංස්කරණය]දැව දඬු පසුව සැකසීම සඳහා ගබඩාකර ඇති අයුරු.ගොඩනැගිලි තැනීමට දැව,ලී බඩු,කඩදාසි,කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට
රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳි වර්ග ,සුගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිෂ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රව‍ය, ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ල
ාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.ශාක කොටස්වල සෞන්දර්යාත්මක ප්‍රයෝජන[සංස්කරණය]දහස් ගණන් ශාක විශේෂ මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට වගාකරනු ලබන අතර ඒවා සෙවණ ලබාදීම, උෂ්ණත්වය අඩුකර ගැනීමට, සුළඟේ වේගය අඩුකර ගැනීමට, ඝෝෂාව අඩුකිරීමට, පෞද්ගලිකත්වය සලසා ගැනීමට සහ පාංශු ඛාදනය වලක්වා ගැනීම ආදියටද යොදාගනී.මිනිසුන් කැපූමල්, වේලන ලද මල් සහ ගෘහාශ්‍රිත ශාක වර්ග ගෘහස්ථව ප්‍රයෝජනයට ගනී.එළිමහනේදී ඔවුන් තණකොළ පිට්ටනි සැදීම සඳහා තණකොළ , සෙවණ ලබාදෙන ගස්, අලංකරණය සඳහා වූ ගස් වර්ග.පඳුරු , වැල් ,පළාවර්ගයට අයත් බහුවාර්ෂිකයෝ සහ පාත්තිවලට යොදාගන්නා ශාක ආදිය ප්‍රයෝජනයට ගනී.ශාකවල අනුරූ බොහෝ විට චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය , රසවින්ධනය,භාෂාව සහ ඡායාරූපකරණයට සහ රෙදිපිළිමත මුදල් ,මුද්දර, කොඩිමත හා වංශවතුන්ගේ ලාංඡන ලෙසද යොදාගනී.ජීවී ශාක කලාවට යොදාගන්නා ක්‍රම අතරට පඳුරු නොයෙක් හැඩ වලට කැපීම, බොන්සායි, ඉකෙබා
නා සහ විවිධ ආධාරක මත වැවීම අයත් වේ.අලංකාර ශාක ටියුලිප් මේනියාවේදී මෙන් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කර ඇත.සංචාරක ව්‍යාපාරයේදී ශාක වර්ෂයකට ඩොලර් බිලියන ගණනින් ලබාදෙන පදනම වී ඇත්තේ වෘක්ෂ උද්‍යාන, උද්භිද උද්‍යාන, ඓතිහාසික උද්‍යාන, වන උද්‍යාන, ටියුලිප් සැණකෙළි, වැසිවනාන්තර,වර්ණවත් ශරත් පත්‍ර ඇති වනාන්තර සහ සකුරා මල් පිපෙන කාලයට පවත්වන සැණකෙළි ආදියට සංචාරකයන් අකර්ශනය වන නිසාය.වීනස් ෆ්ලයිට්‍රැප් සංවේදී ශාකය සහ පුනර්ජීවන ශාකය ආදිය ඒවායේ අපූරුබව නිසා විකිණුන ශාකවලට උදාහරණයන්ය.ශාකවල විද්‍යාත්මක සහ සංස්කෘතිකමය ප්‍රයෝජන[සංස්කරණය]යෙව් ගසක අත්තක වාර්ෂික වර්ධක වළලු 27ක් ලා වර්ණයෙන්ද එළය හා තද වර්ණයෙන් යුතුවද අරටුව සහ මජ්ජාවද (මැද පිහිටි තද පැහැති තිත) දැක්වෙන හරස්කඩක්වෘක්ෂවල වර්ධක වළලු පුරා විද්‍යාවේදී කාළ නිර්ණය සඳහා සහ අතීතයේ පැවැති දේශගුණය පිළිබඳව දැනගැනීම සඳහා වූ වැදගත් ක්‍රමයකි. මූලික ජීව විද්‍යාත්මක පර්යෙෂණ ශාක යොදාගෙන සිදුකර ඇත.උදාහරණයක් ලෙස ජාන විද්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ නීතිය සොයාගෙන ඇත්තේ පී ශාක උපයෝගී කොටගෙනය. අභ්‍යවකාශ නැවතුම් පොළවල්,අභ්‍යවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකම
ත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසිකව වෘක්ෂවලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ,විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශාක පුරාණ ප්‍රවාද වල ,ආගම් වල සහ සාහිත්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මානව උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පාරම්පරික සංස්කෘතීන් ශාක භාවිතා කල ආකාරය අධ්‍යයනය කරන අතර එය තර්ජනයට ලක්වූ ශාක සංරක්ෂණයට සහ නව ඖෂදීය ශාක සොයා ගැනීමට උපකාරී වේ. උද්‍යාන කරණය එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රියයි. එරට විවේක කාලයට කරන ක්‍රියකාරකම නම් ශාක සිටුවීමයි.ශාක සමඟ වැඩකිරීම හෙවත් උද්‍යාන විද්‍යා චිකිත්සාව දියවැඩියා රෝගීන් පුනරුප්ථාපනය කිරීමට උපකාරී වේ. දුම්කොළ ,මරිජුවානා සහ ඕපියම් වැනි ශාක මානසික තත්වයට බලපාන රසායන ද්‍රව්‍ය වනඅතර ඒවා නිස්සාරණය කරගනී.ශාකවල සෘණාත්මක බලපෑම[සංස්කරණය]වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය.මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශා
ක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.පැළෑටි මිනිසාටද හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත.විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවේ. එමෙන්ම මරණය පවා සිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්ථිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පාදිත ධාරිතාව හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි.ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි.එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.මූලාශ්‍ර[සංස්කරණය]↑ Haecke
l G (1866). Generale Morphologie der Organismen. Berlin: Verlag von Georg Reimer. pp. vol.1: i–xxxii, 1–574, pls I–II, vol. 2: i–clx, 1–462, pls I–VIII.මුල්ම මධ්‍යම ඉංග්‍රීසි හෝ මුල් ස්කොට් සාහිත්‍යයට ‍ජෝන් බාවර් Brus අයත් වේ. තවද Wyntoun ‍ගේ kronykil හා Blind Harry ගේ Wallase (15 වන සියවස) ද අයත් වේ. 15 වන සියවසේ සිට බොහෝ මධ්‍යම ස්කොට් සාහිත්‍යය ලියවී ඇත්තේ එඩින්බර්ග් රජවාසල හා ශාන්ත ඇන්ඩෲ විශ්ව විද්‍යාලය පාද කර ගත් රචකයන් මගිනි. ඇලෙක්සැන්ඩර් මොන්ටෙගෝමර් යන 16 වන සියවසේ කිවිදානෝ 6 වන ජේම්ස් රජු යටතේ සේවය කළෝය. ස්කොට්ලන්තයේ පළවන ජේම්ස් රජුගේ අණ පරිදි The king is Quart යන කෘතිය රචනා කළේය. ස්කොට්ලන්තයේ 5 වන ජේම්ස් රජු ගේ අණ පරිදි ජෝන් බෙලෙන්ඩෙන් විසින් හෙක්ටර් බෝමේගේ Hiotoria Genths Scotorum as chroniklis of Scotlnt (1536) කෘතිය පරිවර්තනය කළේය. එමෙන්ම ඔහු ලිවිගේ පළමු පොත් පහ ද පරිවර්තනය කළේය. මේවා ස්කොට්ලන්ත‍ සාහිත්‍යයේ ඉතුරැව පවතින මුල්ම සාහිත්‍ය කෘති වේ.මෙයට අමතරව ප්‍රසිද්ධ ප්‍රේමවෘතාන්ත ද ගොඩනගන ලදී. උදාහරණ Launcelot of the Laik සහ The Buik o Alexander16 වන සියවසේ දී Aeneid
හි ස්කොට් පරිවර්තවනයක් ලියුවේය. නැවත ගොඩනැගීමක් වන තෙක් ප්‍රංශ සාහිත්‍ය භාෂාවක් වන Chaucerian ස්කොට් භාෂාව කෙරෙහි බලපෑම් එල්ල කළේය. 16 හා 15 වන සියවස් වල දී රොබට් හෙන්රිස්න්, විලියම් ඩන්ඩා හා ඩේවිඩ් ලින්ඩ්සේ ස‍්කොට් සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මෙහෙය වුහ. ජොර්ජ් බැනටයින් විසින් මධ්‍යම ස්කොට් සමයේ බොහෝ කවි එක් රැස් කරන ලදී.ස්කොට්ෂ් බැලේ සංස්කෘතිය 17 වන සියවස තෙක් විහිද පවති. මේවාට උදාහරණ ලෙස ෆැන්සින් හේම්ස් චයිල්ඩ් ගේ Compilation හා The English and scottish popular Ballads (1882-1898) දැක්විය හැක. මේවාගේ අන්තර්ගත කවි ලෙස The Elfin Knight Lord Randal (මුල් මුද්‍රණය ක්‍රි.ව 1610) හා Lord Randal දැක්විය හැක.17 වන සියවස ඉක්මයත්ම ස්කොට්ලන්තයේ ඇංග්ලිසියානුත්වය හිස ඔසවන්නට විය. මේ සමයේ බොහෝ වාචික බැලේ කෘති ලේඛන ගත කරන ලදී. (මේවා ඊසාන දිග දේශසීමාවලින් සොයා ගන්නා ලදී) මේ සමයේ රචකයන් ලෙස රොබර් සෙම්පිල් (ක්‍රි.ව 1595- 1655) හා lady Wadlaw හා Lady Girizel Bailie දැක්විය හැක.ස්කොට් නවකතාව ටෝබියස් ස්මොලට් වැනි 18 වැනි සියවසේ රචකයන් මගින් ගොඩනගන ලදී.සටහන්[සංස්කරණය]Scottish literature - Late mediev
al Anglo-Scottish literatureශීතකාරක යනු පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරිමේදී තාප විපර්යාසය (මුදා හැරිම හෝ අවශෝෂණය) සදහා යොදා ගන්නා පදාර්ථ මාධ්‍යයකි. ශිතකරණ ශීතකාරක හඳුනාගත් මුල් අවධියේ සිට ශීත කාරක සදහා ස්වභාවික පරිසරයේ පවතින වායු වර්ගයන් සහ ජලය යොදා ගන්නා ලද බව සඳහන්ය. උදාහරණ වශයෙන් ,- ජලය/ඔක්සිජන්/කාබන් ඩයොක්සයිඩ්/ආගන් ශීතකරණ තාක්ෂනයේ දියුණුවත් සමගම මෙවැනි ශිත කාරක වෙනුවට දියුණු ශීත කාරක වර්ගයන් හඳුනාගනු ලැබීය.මේවා වර්තමාන ශීත කාරක ක්‍රමයන් වලදි භාවිතයට ගැනේ. බොහෝවිට ශීතකාරකයේ භෙෘතික ලක්ෂණ මත පදනම්ව ශීතකාරක හඳුනාගෙන ප්‍රයෝජනයට ගනු ලැබේ.Used white ballශීතකාරකUsed white ballගොනුව:Juder4.jpgශීතකාරක R 500ඇමෝනියා ශීතකාරකය වන අවශෝෂණ ක්‍රමය.[සංස්කරණය] C.F.C සංයෝග (පියොන්) ශිතකාරක ලෙස භාවිතා වන සම්පිඩන ශීතකාරක ක්‍රමය.ඉහත හඳුනා ගන්නා ලද ශීතකාරකවල රසායනික සංයුතිය යටතේ මේවාද ප්‍රභේද රාශියකි. ස්වභාවික වායුව = ජලය, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ ආගන් හයිඩ්‍රොකාබන් සංයුතිය = මීතේන්, ප්‍රොපේන්, අකාබනික සංයා්ගය = ඇමෝනියා C.F.C (ක්ලෝරෝ ප්ලෝරෝ කාබන්) සංයෝග R11 , R
12 , R13, R22 , R502යළියොමුව ශීතකාරක(Refrigerants) අංකිත ලැයිස්තුශිතකාරකය ගුණාංග[සංස්කරණය]මෙලෙස හඳුනාගෙන ඇති ශීතකාරකයන් කාර්යක්ෂම විමට නැතහොත් එය හොඳ ශීතකාරකයක් ලෙස හැදින්විමට නම් ශිතකාරකය සතු විය යුතු ගුණාංග කිහිපයක් ඇත.වාෂ්පීකරණයේ හා විලසනයේ ගුප්ත තාපය ඉතා ඉහල අගයක් විය යුතුයි.ද්‍රවාංකය හා තාපාංකය අතර කාමර උෂ්ණත්වයට වඩා ඉතා පහළ උෂ්ණත්වයක් විම.නළයන්හි ඇලීම,තැවරීම සහ රැදීම අඩුවීම.රසායනික ප්‍රත්‍රික්‍රියා ගිළිත්වය අවම වීම.අඩු පීඩන තත්වයන් තුලදී කාර්යක්ෂමව තාප විපර්යාසයන්විෂ සහිත නොවීම.ගද සුවද නොමැති වීම.ගිනි ගැනීම වැනි අනතුරැදායක ප්‍රතිළුල රහිත වීම.විකාදනබල නොමැති වීම.පහසුවෙන් සපයාගත හැකි වීම.වායුකාන්දු පහසුවෙන් හදුනාගත හැකි වීම.පරිසරයට හිතකාමී වීම.ශීතකාරක(Refrigerants) වර්ග[සංස්කරණය]ශීතකාරක(Refrigerants) වර්ග ශිතකාරකයන්හි ලක්ෂණ සහ ඒවා හදුනාගැනිමේ පහසුව මෙන්ම සුවශේෂී කාර්යයන් සදහා යෝග්‍යතාවය,ගබඩා කිරිමේ පහසුව සදහා වැනි කරැණු පදනම් කරගෙන ඒවා කාණ්ඩ හතරකට බෙදා ඇත.පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502දෙවන කාණ්ඩයේ ශීතකාරක.තෙවනකාණ්ඩයේ ශීතකාරක.චක්‍රීය කරනය නොකරන ශීතක
ාරක.පළමු කාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502අ/අසංකේත නාමයරසායනික නාමයවෙනත්R11trichloromonofluoromethane ත්‍රයිත්ලෝරෝමොනොප්ලෝරෝමීතේන්CCl3FR12dichlorodifluoromethaneCCl2F2R22MonochlorodifliuoromethaneCHClF2R500R 502R503R504R134AR 177දෙවන කාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]සොයාදෙන්නතෙවනකාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]චක්‍රීය කරනය නොකරන ශීතකාරක[සංස්කරණය]ශීතකාරක සිලින්ඩර් වර්ණ[සංස්කරණය]R 11 = OrangeR 12 = WhiteR 22 = GreenR 502 = PurpleR 717 = Silverශීතකාරක R 22ශීතකාරක R 22ශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරශීතකාරක සිලින්ඩරසිලින්ඩර් පරිහරණයේදී අන
ුගමනය කලයුතු දේ[සංස්කරණය]මෙලෙස හඳුනාගෙන ඇති ශීතකාරකයන් කාර්යක්ෂම විමට නැතහොත් එය හොඳ ශීතකාරකයක් ලෙස හැදින්විමට නම් ශිතකාරකය සතු විය යුතු ගුණාංග කිහිපයක් ඇත.වාෂ්පීකරණයේ හා විලසනයේ ගුප්ත තාපය ඉතා ඉහල අගයක් විය යුතුයි.ද්‍රවාංකය හා තාපාංකය අතර කාමර උෂ්ණත්වයට වඩා ඉතා පහළ උෂ්ණත්වයක් විම.නළයන්හි ඇලීම,තැවරීම සහ රැගබඩා කිරිම[සංස්කරණය]ආශ්‍රීත ලිපි[සංස්කරණය]ශීතකරණයේ අළුත් වැඩියාව සදහා අවැසි ප්‍රධාන උපකරණශීතකරණය හදුන්වාදීමගෘහ ශීතකරණය(Home Refregirator)ශීතකාරක(Refrigerants)සම්පිඩකය.(Compressor )වාෂ්පීකරණය (Evaporator)සනීකාරකය(Condenser)කේෂීය නළය (Capillary Tube)විවිධ ශීතකාරක වර්ග හා ශීතකාරකයක් තුල පැවතිය යුතු ගුණාංග ශීතකාරක(Refrigerants) සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machineශීතකරණ පුහුණුවට මගශීතකරණ පුහුණුව විඩියෝපටශීතකරණ පුහුණුවට වැදගත් වෙනත්ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ගතවූ මුලිම වසරයි. ප්‍රථම ධර්ම සංගායනාව මෙම වසරේදී පවත්වන ලදී.විශේෂ සිදුවීම්[සංස්කරණය]ආන්න්ද හිමි රහත්වීමඅඟල් 45 සෙනිත් CRT පසු ප්‍රක්ෂේපණ රූපවාහිනීයපසු ප්‍රක්ෂේපනය යනු
විශාල තිර රූපවාහිනී සංදර්ශක තාක්ෂණික ක්‍රමයකි. බොහෝමයක් ඉතා විශාල තිර සහිත ටීවී (අඟල් 200 දක්වා හෝ ඊට වඩා වැඩි) පසු ප්‍රක්ෂේපණය යොදා ගනී. මෙහි ප්‍රභේදනයක් වන්නේ සමානම තාක්ෂණයක් යොදා ගන්නා තිරයකට ප්‍රක්ෂේපණය කෙරෙන වීඩියෝ ප්‍රක්ෂේපකයයි.1970 පමණ සිට ප්‍රක්ෂේපණ රූපවාහිනී වාණිජමය වශයෙන් මිළ දී ගැනීමට තිබූ නමුත් එම කාලය වන විට එයට CRT හි රූපවල තියුණු බව සමඟ ගැලපීමට නොහැකි විය. නූතන ආකෘති විශාල ලෙස වර්ධනය වී ඇති අතර මිළ අධික කාර්යක්ෂම HDTV විශාල තිර සංදර්ශක සපයයි. තවමත් LCD හා ප්ලස්මා පැතලි තිරවලට වඩා ඝනකම් නූතන පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී එහි මුල් කාලීන රූපවාහිනීවලට වඩා කුඩා පාදයකින් යුක්ත වන අතර බිත්තියෙහි එල්ලීමට තරම් සැහැල්ලු වේ.ප්‍රක්ෂේපණ රූපවාහිනීවල ප්‍රක්ෂේපණ පද්ධති වර්ග තුනක් භාවිතා වේ. CRT ප්‍රක්ෂේපක එයින් මුල්ම වර්ගය වූ අතර ඒවා අඟල් 40 පසු කර යාමට සමත් වූ ප්‍රථම රූපවාහිනිය වේ. එය ප්‍රමාණයෙන් විශාල වූ අතර සමීප පරාසවල දී රූප අපැහැදිලි වේ. නවීන තාක්ෂණික ක්‍රමවලට DLP (පරාවර්තී ක්ෂුද්‍ර දර්පන චිප) හා LCD ප්‍රක්ෂේපක ඇතුළත් වේ. LCoS , LCD ප්‍රක්ෂේපක තාක්ෂණික ක්‍රම වර්ගය 1080p විභේදක බලයක් ල
බා ගැනීමට හැකියාව ඇත. උදාහරණ: සෝනි හි SXRD, JVC හි D-ILA, හා මයික්‍රො ඩිස්ප්ලේ කෝපරේෂන්හි ලික්විඩ් ෆිඩලිටි හි ඇතුළත් වේ.2005 දී හා 2006 දී වඩා මිළ අධික LCD රූපවාහිනි ප්ලස්මා පැතලි තිර රූපවාහිනිවලට වඩා ප්‍රචලිත වූ නමුත් LCD වල මිළ පහත වැටීම හා දියුණු වීම් සෝනි, පිලිප්ස්, ටොෂීබා හා හිතාචි ආයතන ඔවුන්ගේ පෙළ ගැස්වීම්වලින් පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී ඉවත් කිරීමට සැලසුම් කිරීමට හේතු වී ඇත. වර්තමානයේ සැම්සුං, මික්ෂුබිෂි, RCA , පැනසොනික් හා JVC වෙළෙද පොළෙහි රැඳී සිටී. මුල් කාලීන පසු ප්‍රක්ෂේපන රූපවාහිනීවල විශාල බවින් අදහස් කළේ ඒවා බිත්තියෙහි එල්ලිය නොහැකි බවයි. බොහොමයක් පැතලි තිර පාරිභෝගිකයින් ඔවුන්ගේ රූපවාහිනී බිත්තිවල නොඑල්ලූ නමුත් එසේ කළ හැකි වීම ප්‍රධාන විකුණුම් ලකුණක් සේ සැලකූහ.සටහන්[සංස්කරණය]Projection_TVමෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. අදාළ සන්දර්භය තුළ ගැලපෙන පරිදි සබැඳි එක් කිරීම මගින් මෙම ලිපිය දියුණු කිරීමට සහාය වන්න. (2013 ජූනි)මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන
්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)දිරාපත්වීම හෝ කුණුවීම යනු කාබනික ද්‍රව්‍යමය වස්තූන් සරල ආකාරවලට පත්වීමේ ක්‍රියාවලියයි. දිරාපත්වීම පියවර කිහිපයකින් යුකත් වේ.මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි)මුහම්මද් නබි තුමා (ක්‍රි.ව 570 - ක්‍රි.ව 632) යනු, ඉස්ලාම් ධර්මයේ ප්‍රාරම්භකයා වන අතර ඓතිහාසික ආරාබි දේශයේ ප්‍රකට ජනනායකයෙක්, සහ ආධ්‍යාත්මික ගුරුවරයෙක් වූහ. ඉස්ලාම් ධර්මයට අනුව, මෙතුමා අල්ලා දෙවියන් විසින් පත් කරන ලද අවසන් ර්‍ධමදූතයාය. ක්‍රි.ව 570 වසරේ අරාබි දේශයේ මක්කා නම් පුරවරයේ උපත ලැබූ මෙතුමා, මදීනා නැමති පුරවරයේ ජීවත් වූහ. ක්‍රි.ව 632 වසරේදී අභාවප්‍රාප්ත වු මෙතුමා, මදීනා පුරවරයේ, “මස්ජිදුල් නබවි” නැමති මුස්ලිම් පල්ලිය තුල භූමදානය කර ඇත.මුල් අවදිය[සංස්කරණය]ක්‍රි.ව 570 වසර අරාබි දේශයේ මක්කා නුවරේදී,[1](p1) ඉබ්නු හාශිම්ගේ පුත් අබ්දල් මුතලිෆ්ගේ පුත් අබ්දුල්ලාගේ පුත් ආබු අල් කාසිම් මුහම්මද් නබි තුමා උපත ල
ැබුවේය. එතුමාගේ පියා අබ්දුල්ලා බින් මුත්තලිෆ් වන අතර ඔහුගේ මව ආමිනා බන්ත් වහබ් තුමිය විය.[2](p127-128)[3](p79) මක්කා නුවරේ ප්‍රබල ගෝත්‍රයක් වූ බනු හාෂිම් ගෝත්‍රයට ඔහු අයත් වූහ.[1](p5)මුහම්මද් නබි තුමා ගැබ් සිටියදී, තම පියා මිය ගිය අතර තමාගේ උපතට පසු නොබෝ කලකින් තම මවද අහිමි විය. අසරණයෙක් බවට පත්වූ ළදරු මුහම්මද් නබි තුමා, තම සීයා වන අබද් අල්-මුත්තලිෆ් ගේ රැකවරණය යටතට පත් විය. මුහම්මද් නබි තුමාට වයස අවුරැදු 8ක් වන විට තම සීයාද මිය යන ලදී. එතැන් පටන් ඔහුට තම ලොකු පියා වන අබු තාලිබ් ඉබ්නු අබද් අල්-මුත්තලිෆ් රැකවරණය දෙන ලදී.[4](pp37,38)[1](p5)මක්කා පුරය තුල සිටි අනකෙුත් වෙළඳ පවුල් වෙනුවෙන් තවලම් ගිය මෙතුමා, අවංක ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ විය. මහම්මද් නබි තුමාට වෙළඳ සමාජය තුල පවතින කීර්තිය අසන්න ලැබු කැදීජා තුමිය නමින් ධනවත් කාන්තාවක්, තම ඡාතියකු හරහා මුහම්මද් නබි තුමාට මංගල යෝජනාවක් කරන ලදී. කැදීජා තුමිය වැනි ප්‍රභූ කතක් විවාහ කරගැනීමට උචිත දෑවැද්දක් දීමට තරම් ආර්ථික ශක්තියක් ඔහුට නැති ලෙස පළිතුරැ දුන් මුහම්මද් නබි තුමාව ඇය දෑවැද්දක් රහිතව විවාහ කලහ.[1](pp7-8)මෙම යුවලට දරැවන් සතර දෙනෙ
ක් සිටියහ.[5]ර්‍ධමප්‍රචාරණය[සංස්කරණය]හීරා ගුහාවේ භාවනාව[සංස්කරණය]මුහම්මද් නබි තුමා, ජබල් අන් නූර් නැමති පර්වතය මුදුණේ පිහිටි හීරා නැමති ගුහාවක් තුල භාවනා කළ සිටියදී, ජිබ්රීල් නැමති දේවදූතවරයා ඹහු වෙත පැමිණ ඉස්ලාම් ර්‍ධමයේ මුල් වැකි අනාවරණය කරණු ලැබේ. අල්ලා නැමති සර්ව දෙවියාගේ ර්‍ධමදූතයේක් ලෙස මුහම්මද් නබි තුමා තේරී ඇති බවත්, මක්කා නගරයේ ජනයාට ඉස්ලාම් ර්‍ධමය දේශනා කළ යුතු බවත් ජිබ්රීල් කියා සිටියහ. ජබල් අන් නූර් පර්වතයහීරා පර්වතයේ සිදුවූ සිද්ධියෙන් පසු මුහම්මද් නබි තුමා මක්කා පුරයට ගොස් ඉස්ලාම් ආගම දේෂනා කළහ. මෙම දේෂනාවන් ගැන අසන්න ලැබූ මක්කා පුරයේ නායකයෝ, තමා සාදාගත් දේවාලවලට තර්ජනක් ලෙස සැලකූ මුහම්මද් නබි තුමාගේ දේෂනාවන් වහා නවත්වන ලෙස නියෝග කරන ලදී.හිජරා සංක්‍රමණය[සංස්කරණය]මක්කාව තුළ තිබූ සාමය සුරැකීමට නබි තුමා මක්කාවෙන් පිටවීමට එකඟ විය. එතුමා තම අනුගාමිකයන් පිරිවරාගෙන මක්කාවෙන් පිට වී මදීනා පුරවරයට සංක්‍රමණය කරන ලදී.කාලීන සමාජය[සංස්කරණය]අවුරුදු එක් දහස් පන්සීයකට පෙර ජීවත් වූ අය දුසිරිතින් පිරි ජීවිතයක් ගත කළහ. ඔව්හු ඉතා පහත් අන්දමේ සිරිත් විරිත් අනුගමනය කළහ. මත්පැන් පාන
යත්, බඩපුරා කෑමත්, සෙල්ලම් කිරීමත්, ඔවුන්ගේ දින වරියාව විය. තමන් අදහස් කළ යම් දෙයක් වේ නම්, එය ඒ අන්දමින්ම පාලන කzමයකින් තොර තිරිසන් තත්වයකින් ජීවත්වූ පිරිසක් වශයෙන් එකල ජීවත් වූ අරාබිවරුන් හැඳින්විය හැක.තම පියාගේ අභාවයට පසු ඔහු විවාහ ව සිටි භාර්යාවත් කීප දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ කර ගැනීම වැන් කzියාවක් වුවද කිසිම පැකිලීමක් නැතුවම කිරීමට පවා ඉදිරිපත් විය. එකල පිරිමි ළමයකු ඉපදීම සිත් සතුටු කරවන දෙයක් වූ අතර ගැහැණු ළමයකු ඉපදීම සිත් වේදනා ගෙන දෙන්නක් විය. එසේ ඉපදුන ගෑණු ළමයා ඉක්මනින්ම ජීවිතක්ෂයට පත් කිරීමට පවා ඔව්හු පසුබට නොවූහ. ගැහැණු ළමයි වැඩි දෙකන= පණ පිටින්ම වළලන ලදී.තමා මෙවු දෙවි කෙනකු සිටි බවක් එකල ජීවත්වූ අරාබිවරු කල්පනා නොකළෝය. තමන් කරන පව් දෙවියෝ දැන සිටිති· එවැනි පව්වලට දෙවියන් විසින් කිසියම් දවසක දඞ්දැවම් පමුවණු ලබත් කියා ඔව්හු නොසිකුහ. එකම දෙවි කෙනකු වෙනුවට විවිධ අන්දමේ පිළිමවලට එÞ පුද පූජා පවත්වන ලදී.දෙවියන් තෘප්තිමත් කිරීමට මෙසේ කළයුතු යයි ඔව්හු සිතුහ. තිරිසන් සතුන්, ගස්, ගල් වැනි දේ දෙවියන් ශෙයෙන් සලකන ලදී. කෙටියෙන් කිවහොත් එය අන්ධකාරය රජකළ වකවානුවකි, ඒ නිසා මිනීමැරුම්,
සොරකම් බොරුකීම් වැනිදේ නිරන්තරයෙන් සිදු විය.නබිතුමාගේ මක්කා ජීවිතය[සංස්කරණය]අරාබි දේශය අද එකම රජෙකුගේ පාලනය යටතේ පවතී. නමුත් අතීතයෙහි පාලනහ නොයෙකුත් පවුල් බලධාරින් අත පැවතුණි. එවැනි පවුල් බොහොමයක් එවකට විය. රටේ විවිධ පzාන්ත විවිධ කණ්ඩායම් විසින් පාලනය කරන ලදී. ඔවුන් අතර කිසිම දිනක සාමÞනයක් නම් නොවීය. එක් කණ්ඩායමක් සමග තවත් කණ්ඩායමක් සÞකල්හිම යුද්ධයේ පැටලි සිටියෝය. ඕනෑම සුZ කරුණක් විසඳා ගැනීමට වුවද ඔව්හු එකිනෙකාට විරුද්ධව යුදවදුනහ. අවුරුදු ගණනාවක් මෙම යුද්ධ නොකඩවා පැවතිනි.එම වකවානුවේ හිජාස් කමැති පzදේශයේ ‘කුරයිෂි’ වංශයට අයත් අය ජීවත් වූහ. මෙම පzදේශයේ මක්කම නගරයේ කඃබා නමැති ඉතා පැරණී දේවස්ථානයක් විය. අවුරුදු දහස් ගණනකට පෙර නබි ඉබ්රාහිම් තුමාණෝ එකම දෙවියක් වැඳීමට මෙම දේවස්ථානය තැනුවෝය. කුරයිෂි වංශයේ අය මෙම දේවස්ථානයේ පාලකයන් වශයෙන් කටයුතු කළ නිසා අනෙක් පවුල් වලට අයත් උදවිය ඔවුන් හට ගෞරව දැක්වූහ.එක් සමයකදී අබ්දුල් මුත්තලිබ් නමැත්තා කුරයිෂි පවුලේ පzධානියා විය. ඔහුට දරුවන් කීප දෙනෙක් විය. ඔහුන් අබ්දුල්ලා නමැති පුතාට වැඩි ආදරයන් දැක්විය. අබ්දුල්ලා ව්‍යාපාර කටයුතු සඳහා නිතර විදේශ ගමන්
බිමන් වල යෙදින. අබ්දුල්ලා තම තරුණ වියේදී ආමිනා නමැති කාන්තාව සමඟ විදේශ ගමනක යෙදුන අවස්ථාවකදී අබ්දුල්ලා මදීනා නමැතී ස්ථානයේදී අභාවප්‍රාර්ත විය. මදීන් නමැති ස්ථානය කලින් හැදින්වූයේ යත්රිබ් නමිනි.ඔහුගේ අභාවයට පසුව ආමිනා තුමියට දරුවෙක් ලැබින. එම දරුවාට මුහම්මද් යන නම තැබීය.මුල් අවුරුදු හතරේදී මුහම්මද් තුමන් හÞ වඩා ගත්තේ හලීමා නමැති සිතzියයි. ඇය හෙදියෙකි. හලීමාගේ පවුලේ අය අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නොදැක්වූ නිසා ඔවුන්ට මෙන්ම ඔවුන් අතර වැඩුණු මෙම දරුවාට ද කියවීමට හෝ ලිවීමට නොහැකි විය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කිසිම උනන්දුවක් නොදැක්විය. එයට හේතු වූයේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් එහි නොතිබීමය.මුහම්මද්තුමාණන්ට වයස අවුරුදු හය වන විට එතුමාණන්ගේ මව මිය ගියාය. මවගේ නැතිවීමත් සමගම එතුමෝ මවක හෝ පියකු නොමැති අනාතයෙක් බවට පත් වූහ. නමුත් එතුමාණන්ගේ පියාගේ පියා (සීයා) වන අබ්දුල් මුත්තලිබ් තම මුණුපුරා රැක බලා ගත්තේය. අවුරුදු ගණනකට පසුව අබ්දුල් මුත්තලිබ්ද අභාවපzාප්ත විය. ඉන් පසුව එතුමාණන්ගේ සුZ පියාවූ අබුතාලිබ් එතුමාණන් හÞ වඩා ගත්තේය.තමාගේ නමවත් ලියන්නට නොදත් මුහම්මද්තුමාණන් අනාගත ලෝකයේ ඉතා ශ
ක්ති සම්පන්න ඉස්ලාම් ආගම පැතිර වීමට සමතෙක් වන බව එවකට කවුරුත් දැන සිටියේ නැත. කලින් කල දෙවියන් විසින් ලොවට යවන ලද දුතයන් ගේ අන්තිම දුතයා වන බවක් වත් එවකට දැන සිටියේ නැත. තව ද මුහම්මද්තුමාණන් අනාගතයේදී පිබිදිය හැකි විශිෂ්ඨයකු බවටත් හැඟීමක් ඇතිවී නොතිබින.තරුණවිය[සංස්කරණය]මුහම්මද් තුමාණන්ගේ තරුණ වයස ලඟාවන විට එතුමෝ එZවන් රැක බලා ගැනීමෙන් එඬේර ජීවිතයක් ගත කළෝය. පසුව ව්‍යාපාර කටයුතු වල නිරත වූහ. සිරියා වැනි විදේශවල පවා වෙළඳ සංවාරක කටයුතුවල යෙදුනහ.එතුමන්ගේ චාම් ජීවිතය සහ යහපත් සිරිත් විරිත් දුටු අනෙක් අය එතුමාණන්ට ගරු කළහ. ආදරය දැක්වූහ තරුණ වියේදී එතුමො දුප්පත් මිනිසකු ලෙස ජීවිතය ගත කළෝය. සÞකල්හිම සත්‍ය කළෝය. එතුමන්ගේ අවංක බව නිසා සියලිලෝ එතුමන් විශ්වාස කළහ. වෙනත් අය විසින් ආරක්ෂාව සඳහා තමා වෙත් ගෙනවුත් තබන ලද මුදල් හෝ වෙනත් භාණ්ඩ ඉතා ආරක්ෂා සහිතව තබා නැවත ඉල්ලන විට අයිතිකරුවන් වෙත ඒ සියල්ල ආපසු භාර දෙන ලදී.ඒ නිසාම එතුමාණන්ට ‘අල් අමීන්’ නමැති නමක් ද ලැබින. අල් අමීන් යන්නෙහි අර්ථය ‘විශ්වාස වන්තයෙක්’ යන්නයි. ‘මුහම්මද්’ යන්නනෙහි අර්ථය ‘පzශංසකීය’ යන්නයි.බොරු කීම සොරකම් කිරීම වැනි නරක සිරිත
් විරිත් එතුමන් ලඟ නොමීය. අධ්‍යාපනය නොලද්දකු වුවත් නුවණක්හ යහපත් සිරිත් විරිත් එතුමන් ලඟ විය. එක් සමයක කුෙරෙෂිවරු ‘කඃබා’ නමැති සුද්ධවූ දේවස්ථානය අZත් වැඩියා කරමින් සිටියෝය. හිජාස් පzදේශයේ විසු සියZම පවුල්වල සහාය හා සහයෝගය මෙම කාර්ය සඳහා ලැබුණි. මෙම දේවස්ථානයෙහි සුවර්ගයේ සිට වැටුණු කZ ගලක් විය. එය ‘හජ්රුල් අස්වද්’ යන නමින් හැඳින්විය. එම ගල නියමිත ස්ථානයෙහි තැන්පත් කිරීමේ අවස්ථාව තම තමාට ලැබිය යුතුය කියා සිටියහ. ඒ ගැන තීරණයකට එළඹීමට නොහැකිවූ තත්වයක් උද්ගත වූ බැවින් ඔවුන්නොවුන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් උÞවිය. එවැනි අවස්ථාවකදී සුදුසු තීරණයක් ගන්නා ලෙස සියZම පවුල් වල අය එතුමාණන් ගෙන් ඉල්ලා සිටියෝය.එතුමාණන් කවර අන්දමේ තීරණයක් ගත්තේ දැයි ඔබ දන්නවාද? ‘රෙදි නැබැල්ලක් ගන්න· ඒ මත ගල තබන්න· සියZදෙනාම ඔසවන්න· ගෞරවය සියZ දෙනාටම හිමිවේයයි එතුමාණන් කීහ. මෙම තීරණයෙන් සියල්ලෝම සතුටට පත් වූහ.මේ අනුව එම ගල රෙදි කැබැල්ල මත තබා සියල්ලෝම ඔසොවාගෙන ගිය විට මුහම්මද් තුමාණෝ එය බිත්තිය මත තැබූහ. එයින් සියල්ලෝම තෘප්තියට පත් වූහ. එපමණක් නොව එම කzියාව නිසා පවුල් අතර සිදුවීමට ඉXතිබුණු ගැටුම්ද වැලකිනි. තරුණ මු
හම්මද්තුමාණන්ගේ නුවණක්කාර කම ගැන සියල්ලෝම ඔහුට පzශංසා කළහ.මුහම්මද්තුමාණන් ගේ අවංක භාවය ගැනත් නුවණක්කාරකම ගැනත් කථා මක්කමේ සියලු දෙනා අතර පැතිරගියේය. මෙම කථාව මක්කමේ ජීවත්වූ එක්තරා පොහොකත් කාන්තාව ගේ කන්වලට වැටුණි. කදීජා නමැති මෙම කාන්තාව කුලී ගෙවා පුද්ගලයින් වෙළඳාම සඳහා සිරියාව ආදි රටවලට යැවුවාය. වරක් මුහම්මද්තුමාණන්ද මෙවැනි වෙළඳාම් කටයුත්තක් සඳහා මේ කාන්තාව විසින් සිරියාවට යවන ලදී. මුහම්මද්තුමෝ තමාට පැවරූ කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉටු කොට පෙරළා පැමිණියෝය. දක්ෂ ලෙස කාර්යයන් ඉටුකර පැමිණිම නිසා කදීජා, මුහම්මද්තුමන් කෙරෙහි ආදරය දැක්වූවාය. පසුව දෙදෙනා අතර විවාහය සිදුවිය. පසුව මුහම්මද් තුමාණන්ගේ පzියතම දුව වන පාතිමා නමැති දරුවා කදීජාට ලැබුණි.දෙවියන්ගේ දුතයා[සංස්කරණය]මක්කමට තරමක් දුරින් පිහිටි හිරා නමැති ගුහාවට ගොස් භාවනා කිරීම තම බාල වයසේ සිටම මුහම්මද් තුමාණන්ගේ සිරිතක් විය. එම ගුහාව තුළ හුදකලාව වාඩිවී දෙවියන් ගැනත්, දෙවියන් මැවූ ලෝකය ගැනත්, ලෝකයේ ඇති පුදුම සහගත දේ ගැනත් එතුමෝ මෙනෙහි කළහ. එතුමන්ගේ හතළිස් වන වියෙහි දිනක් ගුහාව තුළ භාවනා කරමින් සිටියදී දේවදුතයෙක් (මලක්) එතුමා ඉදිරියේ පෙනී සි
ටියේය.එසේ පෙනී සිටි ඔහු ‘මුහම්ද් කීයවන්න’ යි පැවසීය.එවිට මුහම්ද්තුමාණෝ, කොහොමද කියවන්නේ කුමක්ද කියවන්නේ යි ඇසූහ.‘උතුම්වූ දෙවියන්ගේ නාමයෙන් කියවන්න’ යි දේව දුතයා නැවතත් කීවේය.‘ඔහු සියලු දේ මැවූයේය· මනුෂ්‍යයා පෙර නොදත් සියලු දේ පෑනෙන් ඉගැන්වූයේය.’දේව දුතයා කිවූ දේම මුහම්ද්තුමාණෝ නැවත කීහ. දේවදූතයා පළමු වරට දුටු මුහම්ද්තුමාණෝ මවිත යට පත්වූහ. මෙම ආශ්චර්ය ගැන ඉක්මනින් ගෙදර ගොස් තම භාර්යාවට දැන්වූහ. ඇය තමාගෙු ඥාතියෙකු වෙත මුහම්ද්තුමාණන්ව කැඳවා ගෙන ගියාය. එම වයෝවෘධ ඥාතිවරයා මනාව උගත් කෙනෙකි. ඔහු පුරාන ආගම් පිළිබඳ හොඳින් දැන සිටියේය.දෙවියන්ගේ පණිවුඩය රැගෙන එන ජිබ්රිල් නමැති දේවදූතයෙකුගේ කථාවටයි ඔබ සවන් දුන්නේ. දෙවියන් තමාගේ දූතයා වශයෙන් ඔබ තෝරගෙන ඇතැයි කියා අර වයෝවෘධ ඥාතියා පzකාශ කළේය. එම පzකාශය සම්පූර්ණයෙන්ම කදීජා විශ්වාස කළාය. මුහම්ද්තුමාණෝ කෙතරම් දැයි කිවහොත් අවංක කමින් අංශ=වක් වත් බැහැර නොගිය කෙනෙකු බව ඇය හොඳින් දැන සිටි නිසාම වයෝවෘද්ධ ඥාතියාගේ පzකාශය කදීජා තුමිය සම්පූර්ණයෙන්ම සත්‍යබවට විශ්වාස කළාය.ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය පළමුවරට තැබූ තැනැන්තිය කදීජාය. ඊට පසුව අබූතාලිබ් නැමැත්තා
ගේ පූතzයා වූ අලි නමැති තරුණයා ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය තැබීය.මෙම තරුණයා බාල වියෙහි සිටම ඉතා ශක්ති සම්පන්න කෙනකු විය.සමස්ත ලෝකයේ සෑම පzදේශයකට ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන් සමග පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ මෙසේය. ඉස්ලාම්ආගම අදහන කොයිම රටකට අයත් වැසියෙක් වුවත් එම රටේ මුස්ලිම් යන නාමයෙන්ම හැදින්වේ. ශzී ලංකාවේ වාසය කරන ඉස්ලාම් භක්තිකයෝ ලංකා මුස්ලිම් වරුය. ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් භක්තිකයෝ ඉන්දියානු මුස්ලිම්වරුය. අරාබි දේශයේ ජිවත් වන අය අරාබි මුස්ලිම්වරුය. අන්‍යෝන්‍ය වශයෙන් කිසි දිනෙක හේදයක් ගැන නොසලකත අය වශයෙන් මුස්ලිම් වරුන් දැක්විය හැක. කොයිම රටකට අයත් වූවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදර යෝය. ඔව්හූ එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වූවත් උස් පහත් හේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත.දෙවියන්ගේ දූතයෙකු ලෙස පෙනී සිට ලෝනයේ ජීවත්වන මිනිසාට හොඳ මාර්ගය පෙන්නා දෙන අය ‘නබී’ යන නාමයෙන් අරාබි බසින් හැඳින්වේ. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමානන්ට තමාගේ හතලිස්වැනි වියෙහිදී දෙවියන්ගේ දූතයා වීමේ භාග්‍ය ලැබුණි. එය රමලාන් මාසයේ අවසාන
දිනයන්හි යෙදුන එක් රාතzියකදීය. මක්කම නගරය අසල හිරා ගුහාවේ පළමු වරට ජිබ්රයිල් (අෙලෙහිස්සලාම්)යන දේවදූතයා පෙනී සිටියේ. මහිමය ලත් එම රැයෙන් පටන්ගෙන පසුව මුහම්මද් නබි නායකානන්ගේ ඉතිරි විසිතුන් අවුරුදු ජීවිත කාලය තුළදීම ශ=ද්ධ වූ කුර්ආනය පහළ විය. මෙසේ ඒ ඒ කාලයේ තත්වයට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ කාලෝවිතව ශ=ද්ධවූ කුර්ආනය කොටස් වශයෙන් පහල විය. නබි නායකයානන්ගේ අවසාන අවුරුද්දේදී කුර්ආනය සම්පූර්ණ විය.දෙවියන් විසින් මුස්ලිම් වරුනට හොඳ දිවිපෙවෙතක් පවත්වාගෙන යෑමට මග පෙන්වා ඇති ශ=ද්ධවූ කුර්ආනය නරක දේ වලින් ඈත්වී ජීවත් වීමට මග පෙන්වන මාර්ගෝපදේශකයකු බඳුය. ශ=ද්ධවූ කුර්ආන්හි අසුහත්වැනි සුරාවෙහි හත්වැනි වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි ඔබ දන්නවංද? ‘අල්ලාහ් සිතුවානම් මිස ඔබට කිසිවක් අමතක නොවේවි’. ශ=ද්ධවූ කුර්ආන් පහලවූ මුල් කාලයේමජීබ්රයිල් (අෙලෙහිස්සලාම්) නබි නායකයානන්ට මෙසේ දැනුම් දුන්හ. එම නිසා ශ=ද්ධවූ කුර්ආන් මුහම්මද් නබි තුමානන් හට අමතක නොවී පාඩම්කර ගතහැකි විය. එතුමානන්ගේ මිත්‍රයෝද ශුද්ධවූ කුර්ආනය කට පාඩම්කර ගත්හ. කලකට පසුව ශුද්ධවූ කුර්ආනය ලේඛණගත කරන විට මෙම මිත්‍රවරු එම කර්තව්‍යයට ඛෙහෙවින් උදව් වූහ. එ
Þ ලේඛණ ගතකළ අන්දමට කිසිදු වෙනස්කමක් නොමැතිව අද දක්වාත් ශ=ද්ධවූ කුර්ආනය පවතී. අදහස්වල හෝ වේවා, අකුරු වල හෝ වේවා කිසිදු වෙනිසක් කවරකාලකදීවත් සිදු නොකරන ලද්දේය.මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 මිර්සා බශීරුද්ධීන් මුහම්මද් අහ්මද්, හසරත් (2013). The Life of Muhammad(SA) [ධර්මදූත තුමාගේ උතුම් ජීවතතය] (ඉංග්‍රීසි බසින්). සීමාසහිත ජත්‍යන්තර ඉස්ලාම් ප්‍රකාශනය. ISBN 1853720453.↑ ගැස්වික්, මහාචාර්ය ට්‍රෙවර් ලී (1998). The Life of The Prophet Muhammad. Volume 1 [ධර්මදූත මුහම්මද් ගේ ජීවන කාලය] (ඉංග්‍රීසි බසින්). මානව ශිෂ්ටාචාරය සඳහා මුස්ලිම් දායකත්වය සඳහා මධ්යස්ථානය. ISBN 1859641423.↑ අස්සලාබි, දොස්තර අලි මුහම්මද් (2005). The Noble Life of the Prophet Peace be upon him [ධර්මදූත තුමාගේ උතුම් ජීවතතය] (ඉංග්‍රීසි බසින්). Translated by ශාෆික්, ෆයිසල්. මක්දබා දාරැස්සලාම්. ISBN 9960967867.↑ අල් කිතාබ්, නසීරැද්දීන් (2003). The Life of Prophet Muhammad: Highlights And Lessons [මුහම්මද් නබිතුමාගේ ජීවිතේ: වැදගත් අවස්ථා සහ පාඩම්] (ඉංග්‍රීසි බසින්). ජාත්‍යන්තර ඉස්ලාමික ප්‍රකාශන නිවස. ISBN 9960850
218.↑ හය්ලමාස්, රෙසිට් (2007). Khadija: The First Muslim and the Wife of the Prophet Muhammad [කදීජා: ප්‍රථම මුස්ලිම්වරිය සහ මුහම්මද් නබිතුමාගේ භාර්‍යාව] (ඉංග්‍රීසි බසින්). තුග්රා පොත්. ISBN 9781597841214.මෙම ලිපිය හෝ ලිපි කොටස සතුන් සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ආසන්න වශයෙන් සියළුම සත්වයින් යම්කිසි ආකාරයක ලිංගික ප්‍රජනනයකට භාජනය වේ. පරිණත ජීවින් දුවිගුණ හෝ බහු ගුණ වේ. ඔවුන් සතුව යම් විශේෂණය වු ප්‍රජනක සෛල පිහිටා ඇති අතර ඒවා ඌණන විභාජනයට ලක්වී කුඩා චලනය විය හැකි ශුක්‍රාණු හෝ විශාල චලනය විය නොහැකි ඩිම්භ නිෂ්පාදනය කරයි. ඒවා එකිනෙක පෑහි යුක්තානුවක් සාදන අතර එය නව ජීවියෙකු බවට පරිවර්ථනය වේ. පෙනහළු වල සෛල ෆුලුවෝරසන්ට් වර්ණක මගින් වර්ණ ගන්වා ඇති අතර ඒවා වියෝග කලාවේ මුල් අවධියේදී අණූනන විබාජනයට ලක්වන ආකාරය පෙන්නුම් කෙරේබොහෝසත්වයින් හට අලිංගික ප්‍රජනනයක් ද සිදු කල හැකිය. මෙය සිදුවනුයේ පාතනෝද්භවය මගිනි. මෙහිදී ලිංගික එක්වීමකින් තොරව සරු බීජ උපදවන අතර ඇතැම් අවස්ථා වලදී බෙදීම මගින් ද අලිංගික ප්‍රජනනය සිදුවේ. යුක්තානුව මුල් අවස්ථ වලදී කුහර සහිත බ්ලස්ටුලාව නම් ගෝලයක් බවට පත් වේ.
මෙය පසු කාලීනව නාවත සකස් වීම් වලට සහ විශේෂණය වීමට ලක්වේ. ඉස්සන්ගේ බ්ලස්ටුලා පිළවුන් අළුත් ස්ථානයකට පිහිනා ගොස් නව ආකාරයකට ගොඩ නැංවීමට හැකියාව ඇත. ඇතැම් බොහෝ ආකාර වලදී මේ බ්ලස්ටුලාවන් වඩාත් සංකිර්ණ නැවත සකස් වීම් වලට ලක්වේ. එය මුලින්ම ආහාර ජීර්ණ කුටීරයක් සහිත ගැස්ටෘලාවක් බවට පරිවර්තනය වේ. ඉන්පසු එය වෙන වෙනම පවත්නා ජනක ස්ථර දෙකකට වෙන්වේ. ඒවා නම් පිටතින් පවත්නා බහිෂ්චර්මය හා අන්තස්චර්ණයයි. බොහෝ අවස්ථා වලදී මේවා අතර මධ්‍යස්ථානයක්ද වර්ධනය වන අතර මෙම ප්‍රජනක ස්ථාර පසුකාලීනව සිරුරේ අවයව සහ පටක බවට විශේෂණය වේ. බොහෝ සත්ත්වයින් සුර්යා ලෝකයෙන් ලබාගන්නා ශක්තිය වක්‍රාකාරව භාවිතා කර ගනිමින් වර්ධනය වේ. ශාක මෙම සුර්යයා ලෝකය ශක්තිය බවට පර්වර්ථනය කරමින් සරල සීනි නිෂ්පාදනය කරන ප්‍රභාසංස්ලේශණය නම් ක්‍රියා වලිය සිදු කරනු ලබයි. මෙය සිදු කිරීම ආරම්භ කරනුයේ කාබන් ඩයෝක්සයිට් අණුවක් සහ ජල අණුවක් භාවිතා කර ගිනිමිනි. ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යයාගේ ඇති ශක්තිය රසා‍්‍යනික ශක්තිය ලෙසට ග්ලුකොස් අණු අතර ගබඩා කරන අතර ඔක්සිජන් මුදාහරිනු ලැබේ. මෙකි සීනි වර්ග ඉන්පසු ශාක වල වර්ධනය සදහා අවශ්‍ය ගොඩනැගීම් අණු ලෙසට භාවිතා ක
රනු ලබයි. සතුන් විසින් මෙම ශාක අනුභව කරන අවස්ථාවක දී හෝ වෙනත් සත්වයෙකු විසින් ශාක අණුභව කරන සත්ත්වයෙකු භක්ෂණය කිරීමේදී ශාක මගින් සංස්ලේශණය කරන ලද මෙම සීනි වර්ග සතුන් විසින් ද පරිභෝජනය වීමක් සිදුවේ. මේවා සෘජුවම සතුන්ගේ වර්ධනයට උපකාරි වන අතර ඒවා බිද හෙලිමෙන් එහි ගබඩා වු සුර්යය ශක්තිය මුදා හැරීමෙන් සත්ත්වයින් හට වර්ධනයට සහ සංචරණයට අවශ්‍ය ශක්තිය ලබාදේ. මෙම ක්‍රියාවලිය ග්ලයිකොලිසිය නම් වේ. අධික ආර්ධතාවය සහිත සහ සිසිල් දේශගුණයක් සහිත සාගර පතුල වල ජීවත් වන ජීවින් සුර්යය ශක්තිය මත පදනම් නොවෙති. ඒ වෙනුවට රසායනික සංස්ලේෂක සහ ඉයු බැක්ටීරියාවන් ආහාර දාම වල පදනම සකසති. ආශ්‍රිත[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Animals#Reproduction_and_developmentPDP-11 CPU boardපරිගණක දෘඩාංග යනු පරිගණකයක වන භෞතික කොටසය. මීට සංඛ්‍යාංක විද්‍යුත් පරිපථ පද්ධතිය ද අයත්වන අතර දෘඩාංග තුළ ක්‍රියා කරන මෘදුකාංග මේවායින් වෙන්කොට දැක්විය හැක. මෘදුකාංග හා දෘඩාංග දත්ත සමග සැසදීමේදී පරිගණක දෘඩාංගවල වෙනස් වීම් කලාතුරකින් සිදු වේ. ඒවා “මෘදු” ලෙස සදහන් කරනුයේ ඒවා පාවිච්චියට පෙරම පරිගණකය තුළ නිර්මාණය, නවීකරණය හෝ මකාදමා
තිබීම හේතුවෙනි. ස්ථිරාංග යනු මෘදුකාංගවල විශේෂිත අංගයක් වන අතර ඉතාම කලාතුරකින් වෙනස් කිරීමක් අවශ්‍ය වන කොටසකි. එබැවින් ක්ෂණික වෙනස් කිරීම් සිදු නොවන කියැවීම් මතකය (ROM) වැනි දෘඩාංග උපකරණ තුළ මේවා ගබඩා කරනු ලබයි. (එම නිසා “මෘදු” පමණක් වනවාට වඩා ස්ථිර වේ)බොහෝමයක් පරිගණක දෘඩාංග, සාමාන්‍ය භාවිත කරන්නන්ට දක්නට නොලැබේ. ඒවා මොටෝරිය, සූක්ෂම තරංග උදුන්, විද්‍යුත් කන්තු රේඛන යන්ත්‍ර, සංයුක්ත තැටි ධාවක හා අනෙකුත් උපාංග තුළම සකසන ලද පද්ධති වේ. බොහෝ දෙනා පරිගණක දෘඩාංග ලෙස හඳුනන්නේ පුද්ගලික පරිගණකවල දෘඩාංග වුවද එය සමස්ත පරිගණක ප්‍රමාණයෙන් ගත් කළ 0.2% තරම් අතිශය කුඩා අගයකි.ඉතිහාසය[සංස්කරණය]පරිගණක මෘදුකාංග හා දෘඪාංග යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැක. පරිගණක දෘඪාංග යනු වැඩසටහනක මග පෙන්වීම යටතේ දත්ත ගබඩා කිරීම හා හැසිරවීම සිදු කරන භෞතික යන්ත්‍රයයි. මුල් කාලයේ දී මිනිසුන් විසින් ගණනය කිරීම් සිදු කළ අතර පරිගණකයන් ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. මෙම ලිපිය මගින් පරිගණක දෘඪාංග ඉතිහාසයේ සිදු වූ විශාල දියුණුව ආවරණය කරනු ලබයි. වැදගත් අවස්ථාවල විස්තර සහිත කාල රාමු සඳහා පරිගණක කාල රාමුව ලිපිය බලන්න. පරිගණකයේ ඉතිහාසය
ලිපියෙන් මේසවල උදව්ව ඇතුව හෝ නැතුව පෑන හා කොළය සදහා අපේක්ෂිත ක්‍රම ඉදිරියෙන් කෙරේ.පරිගණක දෘඪාංග තොරතුරු සැකසීම සදහා වූ පසුබිමකි ( ගැලීම් සටහන)වොන් නියුමෑන් (Von Neumann) ආකෘතීකරණය නූතන පරිගණක මෙවලම්වල ව්‍යුහය ඒකාබද්ධ කරයි. පරිගණක දෘඪාංගවල මූලිකව කොටස් වන ආදාන (input) , ප්‍රතිදාන (output) , CPU හා මතකය පරිගණක දෘඪාංග ඉතිහාසය තුළ සාර්ථක නවීකරණයවීම් හා දියුණුවීම්වලට භාජනය වී ඇත. යාන්ත්‍රික යාන්ත්‍රණවලින් ආරම්භ කළ පරිගණක දෘඪාංග ඉන්පසු ජලය හා වාතය ප්‍රමාණ වශයෙන් තබාගෙන පරිගණකය සඳහා ප්‍රතිසම (analog) ක්‍රම භාවිතා කිරීමට පටන් ගන්නා ලදී. ප්‍රතිසම පරිගණක දිග , පීඩන , වෝල්ටීයතා හා විදුලිය වැනිදේ. ගණනය කිරීම්වල ප්‍රතිඵල දැක්වීමට යොදා ගන්නා ලදී. ක්‍රමයෙන් වෝල්ටීයතා හෝ ධාරා ප්‍රමිතිකරණයට භාජනය වී සංඛ්‍යාංක (digital) පරිගණක කරලියට පැමි‍ණියේය. පරිගණක උපකරණ යාන්ත්‍රික ගියරවල සිට විද්‍යුත් යාන්ත්‍රික පිළිවයන දක්වා රික්ත නළ දක්වා ට්‍රාන්සිස්ටර දක්වා හා සංගෘහිත පරිපථ දක්වා පරාසගත වී ඇත. මේ සියල්ල වර්තමානයෙහි වොන් නියුමන් ආකෘතීකරණය ක්‍රියාවෙහි යොදවයි. සංඛ්‍යාත පරිගණක සංඛ්‍යාංක ගබඩාමත රඳා පවතින නිසා මතකය
ේ ප්‍රමාණය හා වේගය මත සීමා වෙයි. එමනිසා පරිගණක දත්ත ගබඩාකරණයේ ඉතිහාසය පරිගණකවල දියුණුව සමග බැඳී පවතී.පරිගණක දෘඪාංගවල දියුණුව තාක්ෂණය ලොව පුරා භාවිතය දියත් කරන ලදී. කාර්යඵලය වැඩි දියුණු වුවත් සැමදා වැඩිවන ලෝක ජනගහනයට ළඟා කරගත හැකි සේ , වෙළඳ භාණ්ඩයක් බවට පත්වන තෙක් පරිගණකවල මිළ අඩු වී ඇත.ජාලකරණය[සංස්කරණය]පරිගණකය අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීම .මොඩමය - අංක ඔබා සම්බන්ධවන සම්බන්ධතා සදහාජාල කාඩ්පත - DSL හෝ රැහැන් මඟින් අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සදහා (Network Card) සම්බන්ධ වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීමට.සෘජු රැහැන් සම්බන්ධතා - (Null modem) නිශ්චල මොඩමයක ප්‍රයෝජනය , පරිගණක දෙකක් ඒවායේ serial ports Laplink Cable හරහා එකට සම්බන්ධ වීම හෝ ලැප් ලින්ක් රැහැන් , පරිගණක 2ක් ඒවායේ parallel ports හරහා එකට සම්බන්ධ කිරීම.අභ්‍යන්තර දත්ත ගබඩා උපාංග[සංස්කරණය]බලය ලබා දී නැති අවස්ථාවේ ඒවා පරිගණකයක් තුළ ප්‍රයෝජනවත් දත්ත ගබඩා කොට තබා ගන්නා හා දත්ත වෙනස් නොවී පවතින දෘඪාංග වේ.දෘඪ තැටිය - දත්ත ගබඩා කිරීම සඳහා අතිශය බහුලව භාවිතා කරන දෘඩාංගය වේ.සීමා තත්වයේ ධාවක - චලනය වන කොටස් අඩංගු නො
මැති දෘඪ තැටිය හා සමාන උපාංගයකි.තැටි පිළියෙල කරන පාලකය - බොහෝ දෘඪ තැටි කළමණාකරණයට වු උපාංගයක් ක්‍රියාකාරීත්වය හා විශ්වාසනීයත්වය වැඩි දියුණුවට සපැමිණීම සදහා.මවු පුවරුව / තර්ක පුවරුව[සංස්කරණය]· මවු පුවරුව - පරිගණකයෙහි දේහයයි. අනෙකුත් සියලු සංරචක එකිනෙක හා සම්බන්ධ වන්නේද බව මෙය හරහාය.· මධ්‍යම සැකසුම් ඒකකය (CPU) - පරිගණකයක ක්‍රියාකාරීත්වය සලසන ගණනය කිරීම් බොහොමයක් සිදු කරයි. සමහරක් විට පරිගණකයේ මොළය ලෙස හඳුන්වයි. · පරිගණක පංකා - පරිගණකයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා භාවිතා වේ. CPU එකට සැමවිටම පංකාවක් සවි වී ඇති අතර අඛණ්ඩ වායු ගලනයක් පවත්වා ගැනීම සඳහා පරිගණක ඇසුරුමට ද පංකා කිහිපයක් සවි කර තිබේ. පරිගණක සිසිල් කිරීම සඳහා ද්‍රව සිසිලන පද්ධති ද ‍යොදා ගත හැක. එනමුත් ද්‍රව සිසිලන පද්ධති වැඩිපුර අවධානය යොමු කරන්නේ මුළු පරිගණකය තුළ උෂ්ණත්වයට වඩා එක් එක් තනි කොටස පිළිබඳවය. · සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) - මෙය වේග ප්‍රවේශ මතකයක් වන අතර පරිගණකය ක්‍රියා විරහිත කිරීමෙන් පසු මැකී යයි. RAM මවු පුවරුවට කෙලින්ම සම්බන්ධ වන අතර එවෙලේ ධාවනය වන වැඩසටහන් ගබඩා කර ගැනීම සඳහා භාවිතා‍වේ. · ෆර්ම් වෙයා - ෆර්ම් වෙයා
පටන මාත්‍ර මතකයෙන් (ROM) ආරම්භ වී මූලික ආදාන - ප්‍රතිදාන පද්ධතියෙන් (BIOS) හෝ නූතන පද්ධතිවල විතන්‍ය ෆර්ම් වෙයා අතුර් මුහුණතෙන් (EFI) ධාවනය වෙයි. · අභ්‍යන්තර නියමග (Buses) - විවිධ අභ්‍යන්තර අවයව සඳහා වූ සම්බන්ධ · PCI · PCI –E· USB· HyperTransport· CSI (2008 දී බලාපොරොත්තු වේ)· AGP · VLB (යල් පැන ගොස් ඇත)· බාහිර නියමග පාලක - මුද්‍රක හා අදාන උපකරණ වැනි බාහිර උපාංග සම්බන්ධ කිරීම සඳහා යොදා ගනී. මෙම තොටවල් (ports) අභ්‍යන්තර නියමගවලට සම්බන්ධව ඇති විදැහුම් පත් (Expansion card) මත පදනම් විය හැක. · සමාන්තර තොට (යල් පැන ගොස් ඇත)· අනුක්‍රම තොට (Serial port) (යල් පැන ගොස් ඇත)· USB · firewire · SCSI (ආදායක මත හා පැරණි පරිගණකවල)· PS/2 (මූසිකය හා යතුරු පුවරුව සඳහා, ක්‍රම ක්‍රමයෙන් USB මඟින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතී.)· ISA (යල් පැන ගොස් ඇත)· EISA (යල් පැන ගොස් ඇත)· MCA (යල් පැන ගොස් ඇත)හඬ පත (Sound card)[සංස්කරණය](Sound blaster Live ! හඬ පත (Sound Card) මෙය සාමාන්‍යය (Circa 2000) වර්ගයේ PCI හඬ පතකිසම්බන්ධ කරනුයේ, • PCI• ISA• USB• IEEE 1394• IBM PC සමානතර දොරටු• PCI – E•
වෙන් කළ ස්ථානමින් එකක් මව් පුවරුව හරහා අන්තර් සම්බන්ධව ( පුවරුව මත හෝ දියුණු සන්නිවේදන නගිනාර දොරටු හරහා) රේඛීයව තුළට හෝ පිටට (ශබ්ද ආකරයක් ලබා දීම / - TRS , RCA වැනි ප්‍රතිසම හරහාහෝ DIN සම්බන්ධක - සංඛ්‍යාංක - RCA TOS බන්ධනය හෝ AES / EBU• TRS සම්බන්ධකය• DIN සම්බන්ධකය වැන්නක් ශබ්ද වාහිනිය හරහාසුලභ නිෂ්පාදකයින් -• Realtek• Creative labs• C – media• N – Audio• E – mu systemsහඩ පතක් යනු ශ්‍රව්‍ය පතක් ලෙසද හදුන්වයි. පරිගණක වැඩ සටහනක් පාලනය යටතේ පරිගණකයක් වෙත / වෙතින් ආදානය හා ප්‍රදානය කරන ශ්‍රවණ සංඥාවන්ට පහසුකම් සපයන පරිගණක විකාශන පතකි. හඩ පතක නියමාකාර ප්‍රයෝජන තුළට බහු මාධ්‍ය භාවිතයන් සදහා ශ්‍රවණ උපාංග සැලසීම, ( සංගීත සංයෝජන භාවිතයන්) ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ ඉදිරිපත් කිරීම් / අධ්‍යාපනික හා විනෝදාත්මක ( ක්‍රීඩා) අඩංගු වේ. බොහෝ පරිගණක තුළ ශබ්ද හැකියාව ගොඩනැගී ඇති අතරතුර අනෙක්වා හි ශ්‍රව්‍ය හැකියාව ලබා ගැනීමට විකාශන පත් expansion card ඇතුළත් කිරීමට සිදුවේ.වීඩියෝ දර්ශන පාලකය[සංස්කරණය]දෘශ්‍ය දර්ශන ඒකකයේ ප්‍රතිදානය නිපදවයි. මෙය මව් පුවරුව තුළම නිශ්පාදනය කර හෝ වෙනම ම විවරයකට (
slot) (PCI , PCI – E , PCI – E 2.0 හෝ AGP) චිත්‍රක පතක් (Graphic card) ලෙස සම්බන්ධ කර තිබිය හැක.ඉවත් කළ හැකි මාධ්‍යය උපකරණ[සංස්කරණය]CD (සංයුක්ත තැටි) - ඉතා සුලභ ඉවත් කළ හැකි මාධ්‍ය වර්ගයයි , මිල අඩු නමුත් කෙටි ආයු කාලයක් පවතී.CD ROM ධාවකය - සංයුක්ත තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.CD ලියනය - දත්ත කියවීම හා ලිවීම යන දෙකම CD එකක සිදු කිරීමට භාවිතා කරන උපකරණයකි.DVD - ඉතා ජනප්‍රිය ඉවත් කළ හැකි දත්ත ගබඩා මාධ්‍ය වර්ගයකි. CD ඒකක මාන තිබුණද ඊට වඩා 6 ගුණයක දත්ත ගබඩා කළ හැක. මෙය සංඛ්‍යාංක දෘශ්‍ය රූප හුවමාරු කිරීමේ සුලභම මාර්ගයයි.DVD ROM ධාවකය - DVD එකකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.DVD ලියනය - DVD එකකින් හා වෙත දත්ත ලිවීම හා කියවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.DVD RAM ධාවකය - විශේෂ ආකාරයේ DVD එකකින් සීඝ්‍ර ‍දත්ත කියවීමට හා ලිවීමට භාවිතා කරන උපකරණයකි.Blu – Ray - ඉහළ විභේදනයකින් යුත් දෘශ්‍ය රූප අඩංගු සංඛ්‍යාංක තොරතුරු ගබඩා කරන උසස් දත්ත ඝනත්වයකින් යුතු ප්‍රකාශ තැටි ආකාරයකි.BD ROM ධාවකය - Blu – Ray තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.BD ලියනය - Blu – Ray ත
ැටියකින් ඒ වෙත දත්ත කියවීම හෝ ලිවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.HD DVD - සම්මත DVD එකට අනුප්‍රාප්තිකයෙක් වන උසස් /වැඩි ඝනත්වයකින් යුත් ප්‍රකාශ තැටි ආකෘතියකි. එය Blu – Ray ආකෘතියට කලක් තරඟකරුවෙකු ලෙස පැවතුණි.නම්‍ය තැටිය - නම්‍යශීලී චුම්භක ගබඩා මාධ්‍යයකින් සමන්විත සිහින් තැටියක් වූ යල් පැනගිය ගබඩා කළ හැකි උපාංගයකි.zip ධාවකය - මුලින් 1994 දී ලොමෙගා හඳුන්වා දුන් මධ්‍යම ප්‍රමාණයේ ධාරිතාවකින් යුත් ඉවත් කළ හැකි යල් පැන ගිය ගබඩා පද්ධතියකි.USB Flash ධාවකය - USB අතුරු මුහුණතක් සමෝධානය කළ කුඩා ආකෘතියකින් යුත් , සැහැල්ළු , ඉවත් කළ හැකි හා නැවත ලිවිය හැකි Flash (සැණෙලි) මතක දත්ත ගබඩා කරන උපාංගයකි.පටි ධාවකය - සමාන්යයෙන් දිගු කාලීන ගබඩා සඳහා භාවිතා කරන චුම්භක පටියක දත්ත ලවීම හා කියවීම කරන උපාංගයකි.ගබඩාකරණ පාලක[සංස්කරණය]දෘඪ තැටි (hard disk) , CD – ROM හා අභ්‍යන්තර සිප් (Zip) හා ජෑස් (Jaz) සාමාන්‍යයෙන් PC සදහා IDE /ATA වැනි අනෙකුත් ධාවක (drive) සදහා වන පාලකයි. මෙම පාලක කෙලින්ම මව් පුවරුව මත (on board) හෝ තැටි ආරා පාලක (disk array controller) වැනි විදහන පුවරු (expansion cards) මත පිහිටුවා ඇත. ID
E සාමාන්‍යයෙන් සංගෘහත වන අතර බොහොමයක් ‍සේවාදායක (server) වල හමුවන SCSI වලට වඩා වෙනස් වේ. සුනම්‍ය ධාවක (floppy drive) අතුරු මුහුණත පැවත එන MFM අතුරු මුහුණකත් වන අතර දැන් සෙමින් නැතිවෙමින් යයි. මෙම සියලු අතුරු මුහුණත් ක්‍රමයෙන් SATA හා SAS මගින් ආදේශ වේ.බල සැපයුම[සංස්කරණය]පරිණාමකයක් භාවිතයෙන් වෝල්ටීයතා පාලනය , (බොහෝමයක් විට) සිසිලන පංකාව හා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බල ශක්තිය සැපයීම සඳහා වන ඉතාම බහුල බල සැපයුම් ආකාරය වන්නේ AT හා කුඩා AT බල සැපයුම් වන (මෙය පැරණි ක්‍රමයකි) නමුත් පරිගණක සදහා සත්‍ය වශයෙන් සම්මත වන්නේ ATX හා Micro ATX , Smps. ( ස්විචි ආකාරයේ බල සැපයුම්) වේ.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteලේසර් යනු විද්්‍යුත් දෘෂ්‍ය ඒකකයක් වන අතර එමගින් කෘත්‍රීමව ආලෝක කිරන නිකුත් කරයි. ලේසර් (LASER) යනු වචන කිහිපයක මුල් අකුරැ ඵල එකතුවක් වන අතර එය ආලෝකය (Light) වැඩිකරමින් (Amplification) උත්තේජිත (Stimulated) පිටකරන ( Emission) විකිරණ (Radiation) යනුවෙන් අර්ථ නිරෑපනය වේ. සාමාන්‍යයෙන් ලේසර් කිරණ පටු අඩුවෙන් දිශාගත වන දෘෂ්
‍ය වර්ණවලියේ තනි වර්ණයෙන් යුක්ත නියත තරං ආයාමයකින් යුක්ත කිරණ විශේෂයකි. මේ ආකාරයට ලේසර් ආලෝකය සාමාන්‍ය ආලෝක ප්‍රභවයකින් වෙනස් වන්නේ එහි විශාල තරංග ආයාම වලින් යුක්ත රක්ත වූ ආලෝක බල්බයක් ආලෝකය විශාල ප්‍රදේශයක පතුරැවන නිසාය.පලමුවන ලේසර් කිරන වල භාවිතය ප්‍රදර්ශනය කෙ‍රැනේ 1960 මැයි මාසයේ නියෝචර් මෙයිමන් විසින් ප්‍රාග්ස් පර්යේෂණ විද්‍යාගාරයේ දීය. වර්තමානයේ ලේසර් කිරණ විශාල ලෙස මුදල් ඉපයීමේ කර්මාන්තයක් ලෙස ප්‍රචලිතය. ලේසර් වල ඉතාම ප්‍රචලිත ව්‍යාප්තියක් වන්නේ එය දෘෂ්‍ය සංචිත ඒකක (Optical Storase devices) සදහා භාවිතා කිරීමයි. එනම් කුඩා තැටි (Compact disc) හා DVD යන්ත්‍රවල මතුපිට තැටි ස්කෑන් කිරීමට ලේසර් කිරණ උපකාරී වේ. අනෙකුත් සාමාන්‍ය යෙදුම් වනුයේ ලේසර් කිසියම් භාණ්ඩ හදුනා ගැනීමට යොදන සංකේත කියවී‍මටද, ලේසර් මුද්‍රණ යන්ත්‍ර සදහා සහ ලේසර් ‍පොයින්ටර් සදහා භාවිතා වේ.කර්මාන්ත වලදී ලේසර් කිරණ වානේ හා අනෙකුත් යකඩ වලින් විවිධ හාඩයෙන් යුක්ත එනම් පරිඝනක අකුරැ කැවීමට භාවිතා කරයි. ලේසර් විද්‍යාවේ විවිධ වූ පොදු ක්ෂේත්‍ර එනම් වර්ණාවලීක්ෂ (මෙහි නියත තරංග ආයාමයන් හෝ කෙටි කිරණ කාල පරාසයකින් යුක්ත ) සදහ
ා භාවිතා කරයි. තවද ලේසර් හමුදාවේ දී පරාසය නිර්ණය කිරීමට ද නිශ්චිත ඉලක්ක හදුනා ගැනීමට ද සහ ආයුධ ගෙනයෑමේ දී ආලෝකවත් වීම සදහා භාවිතා කරයි. ලේසර් වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම වලදී හා භාහිර ක්‍රියාකාරකම් වලදී යොදා ගැනේ.ක්‍රිස්තියානියේ ඉතිහාසය යන්නට කිතුනු දහමේ සහ පල්ලියේ ඉතිහාසය ජේසූස් වහන්සේ, උන්වහන්සේ ගේ අනුගාමිකයෝ හැත්තෑ දෙනා හා අපෝස්තුලූවරු දොලොස් දෙනා ගේ කාලයේ සිට වර්තමානය දක්වා අයත් වේ. ක්‍රිස්තියානිය යනු ජේසූස් වහන්සේගේ අනාවරණ මත බිහිවූ ඒකදේව වාදී ආගමකි. බොහෝ කිතුනු නිකායන් හි පල්ලිය යන්න ජේසූස් වහන්සේ මනුෂ්යා වර්ගයා ගේ ගැලවීම සඳහා පිහිටුවනු ලැබූ සංවිධානය යන්න සලකයි. මෙම අර්ථය ඇතැම් විට මහා පල්ලිය (හයි චර්ච්) යන වදන වර නංවයි. මින් වෙනස්ව කුඩා පල්ලිය (ලෝ චර්ච්) යන්න ජේසූස් වහන්සේ සහ අනුගාමිකයා අතර පෞද්ගලික සම්බන්ධයක් නිරූපණය කරයි.කිතුනු දහම පළමුවන සියවසේ යෙරුසලමේ දී යුදෙව්වන් කේන්ද්‍ර කොට ඇතිවූ නමුත් සීඝරහයියෙන් රෝම අධිරාජ්ය පුරා ව්‍යාප්ත වී පසුව ආර්මේනියාව, ඉතියෝපියාව, ජෝර්ජියාව, අසිරියාව, ඉරානය, ඉන්දියාව හා චීනය වැනි ඉන් පිටත රටවල් කරාද පැතිරුණි. මුලින් බැහැර කළ
ද කරඝර මයෙන් එය ආර්මේනියාවේ රාජ්යං ආගම බවට 301 දී හෝ 314 දීත්, ඉතියෝපියාවේ රාජ්යර ආගම බවට 325 දීත්, ජෝර්ජියාවේ රාජ්යී ආගම බවට 337 දීත්, ඉන්පසු රෝම අධිරාජ්යෝයේ රාජ්යහ ආගම බවට 380 දීත් පත්විය. දේශ ගවේෂණ යුගයේ දී එය ලොව පුරා ව්‍යාප්ත වී ලොව විශාලතම ආගම බවට පත්විය.ඉතිහාසය පුරා මෙම ආගම විවිධ විභේදනයන්ට හා සෙෙද්ධාන්තික මතවාදයන් ට බඳුන් වු අතර විවිධ නිකායන්ට බෙදී ගියේය. මින් විශාලතම නිකාය දෙක වන්නේ රෝමානු කතෝලක පල්ලිය හා පෙරදිග ඕතඩොක්ස් පල්ලිය යි. නමුත් ඔරියන්ටල් ඕතඩොක්ස් වැනි පෙරදිග නිකායන් ද, ප්රො තෙස්තන්ත පල්ලිය සහ වෙනත් නිකායන් ද කිතුනු සමාජයෙන් විශාල පර්න තිශතයක් නිරූපණය කරති.බටහිර - පෙරදිග නිකාය භේදය[සංස්කරණය]11 වන සියවසේ දී රෝමය සහ කොන්ස්තන්තිනෝපලය අතර මහා නිකාය භේදය ඇතිවූ අතර එය බටහිර පල්ලිය වන රෝමානු කතෝලික දේවස්ථානය පෙරදිග ඕතඩොක්ස් පල්ලියෙන් වෙන් කිරීමට සමත් විය. පීතෘපුත්රජ වාක්යාංශ වැනි න්යායාත්මක කරුණුත් පාප්වහන්සේගේ අණසකත් වෙන්වීමට හේතු විය. ලතින් සහ ග්‍රීකයන් අතර සංස්කෘතික හා භාෂාත්මක වෙනස්කම් මෙම බෙදීම වඩාත් තීව්ර කළේය. මීට පෙරද පල්ලියේ බටහිර සහ පෙරදිග කොටස් නිරන්තර ගැටුම
් වල නිරත ව සිටියෝය.බටහිර-පෙරදිග නිකාය භේදය හෙවත් මහා නිකාය භේදය පල්ලිය බටහිර ලතින් හා පෙරදිග ග්‍රීක ලෙස ශාකා දෙකකට බෙදනු ලැබීය. එය බටහිර කතෝලිකවාදය හා පෙරදිග ඕතඩොක්ස් වාදය ලෙසින් ද හැඳින්වේ. මෙය කැල්සිඩන් කවුන්සිලයේ නියෝග පිළිගැනීම ඇතැම් කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව වන අතර එම සිදුවීමට වඩා අතිශය වැදගත්කමක් උසුලයි. සාමාන්යයෙන් 1054 ලෙස දින සටහන් වූවද බටහිර-පෙරදිග නිකාය භේදය ඇත්ත වශයෙන්ම ලතින් සහ ග්‍රීක කිතුනුවන් අතර කාලාන්තරයක් පුරා පැවති ගැටුම් වල ප්‍රතිඵලයකි.මහා භේදය නිල වශයෙන් ඇරඹියේ 1054 දී කොන්ස්තන්තිනෝපලයේ පූජකපීතෲ මයිකල් සෙරුලරියස් පාප්වහන්සේ ගේ නියෝජිතයන් ව ආගමෙන් නෙරපා හැරීම කරණකොට ගෙන එතුමාව නෙරපා හැරීම හේතුවෙනි. මෙය සමථයකට පත් කිරීමේ උත්සාහයෝ 1204 දී (ලියොන් හි දෙවන කවුන්සිලය) හා 1439 දී (බේසල් හි කවුන්සිලය) සිදුකරන ලද නමුත් අසාර්ථක විය. 1965 දී පාප්වහන්සේ විසින් නෙරපාහැරීම් නිශ්ප්‍රභා කරනු ලැබූවද විභේදනය තවමත් පවතී.කණ්ඩායම් දෙකම මුල්කාලීන පල්ලියෙන් පැමිණියෝ වන අතර දෙපිරිසම තම විරුද්ධ පාර්ශ්වික බිෂොප්වරුන්ගේ අපෝස්තලික සන්තතිය සහ සක
්රමේන්තුව පිළිගනිති. දෙපිරිසම රෝමයේ බිෂොප්තුමාගේ ප්‍රධානීත්වය පිළිගන්නා නමුත් පෙරදිග ඕතඩොක්ස් මතවාදීන් මෙය වෙනත් දියෝකිසීස වල පැවිද්දන් අරභයා සීමා සහිත බලපෑමක් ඇති ගෞරවීය ස්ථානයක් පමණක් ලෙස සලකයි.පෙරදිග ඕතඩොක්ස් මතවාදයට අනුව පාප්වහන්සේ අධිරාජ්යමය චරිතලක්ෂණ විදහා දැක්වීම පල්ලියේ සම්ප්‍රදාය හා එක්ව නොයයි.මෙහි අවසාන බිඳ වැටීම සිදුවූයේ 1204 දී පැවති හතරවන කුරුස යුද්ධයේ දී කොන්ස්තන්තිනෝපලය අල්ලාගෙන පරාජය කිරීමෙනි. කෙසේ වුවද පෙරදිග කිතුනුවන්ට එරෙහි රෝමානු කතෝලික කුරුස යුද්ධ මධ්‍යධරණියට පමණක් සීමා නොවීය. කොන්ස්තන්තිනෝපලය හා ශුද්ධවූ ප්‍රඥාවේ දේවස්ථානය අල්ලාගෙන ලතින් අධිරාජ්ය පිහිටුවීම ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්ය බිඳදැමීම සඳහා සිදුකරන ලද කියාමාර්ගයක් ලෙස අදටත් ද්වේශ දර්ශණයට ලක්වෙයි. පෙරදිග සිටි බොහෝ දෙනා බටහිර ක්‍රියාකලාපයෝ බයිසැන්තින් අධිරාජ්යය දුර්වල කළ මූලික හේතූන් ලෙස දුටුවෝය. මෙය ක්‍රරමයෙන් අධිරාජ්යය ඉස්ලාමය මගින් පරාජය කිරීම දක්වා වර්ධනය විය. 2004 දී දෙවන ජුවාන් පාවුළු පාප්වහන්සේ 1204 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් නිල සමාව අයැදීමක් සිදු කළේය. කොන්ස්තන්තිනෝපලයේ පූජක ප්
රධානී බර්තොලමිව් විසින් එය නිල ලෙස භාරගන්නා ලදී. මේ කාලයේදී ශුද්ධ ධාතු වස්තුව හා වෙනත් බොහෝ දේ සොරාගන්නා ලද අතර එයින් බොහොමයක් බටහිර යුරෝපීය නගරවල සහ විශේෂයෙන්ම වෙනිසියේ ඇත.සිරගතව සිටි යුගය[සංස්කරණය]1453 දී ඔටෝමාන් අධිරාජ්‍යය විසින් බයිසැන්තින් අධිරාජ්‍යය බිඳ දමන ලදී . මේ වන විට ඊජිප්තුව දශක හතක් මුළුල්ලේ මුස්ලිම් පාලනය යටතේ පැවතුණි. මේ වන විට රුසියානු ඕතඩොක්ස් නිකාය ඉතාමත් ප්‍රබලව පැවති අතර රුසියානුවෝ මොස්කව් නුවරට කොන්ස්තන්තිනෝපලය සම්බන්ධයෙන් ඇති සංස්කෘතික ඥාතීත්වය හැඟවෙන පරිදි තුන්වන රෝමය යැයි ව්යවහාර කළෝ ය. ඔටෝමාන් පාලන කාලය තුල ග්‍රීක ඕතඩොක්ස් දේවස්තානය ප්රමාණවත් ස්වාධීන බලතල ලබාගත්තෝ ය. සමස්ත ග්‍රීක ඕතඩොක්ස් දේශයේ (මෙය ඔටෝමාන් පරිපාලක ඒකකයකි) පරිපාලක නායකයා සමස්ත අධිරාජ්‍යයේ ම ඕතඩොක්ස් වැඩ කටයුතු භාරව ක්‍රියා කළේ ය. ස්ටාව්රොනිකිටා ආරාමය අග්නිදිග ස්වරූපයබටහිරින් වෙන්වීම[සංස්කරණය]1453 දී ඔටෝමාන්වරු බයිසැන්තියානු අධිරාජ්ය ආක්රමණය කිරීම සහ කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීම නිසා බෝල්කින් සහ යුරෝපයට නුදුරු ඕතඩොක්ස් සමාජය එක්වරම බටහිරින් වෙන් විය. ඉන්පසු පැමිණි වසර 400 පමණ කාලය
ේදී එයට ආගමිකව සහ සංස්කෘතිකව ඉතා වෙනස් වූ ඉස්ලාමීය ලෝකයත් සමග ජීවත් වන්නට සිදු විය. ඔටෝමාන් අධිරාජ්යයෙන් පිටස්තරව පැවති එකම ඕතඩොක්ස් නිකාය වනුයේ රුසියානු ඕතඩොක්ස් නිකාය පමණි. මෙම භෞමික සහ බුද්ධිමය විභේදනය හේතුවෙන් පෙරදිග ඕතඩොක්ස් මතවාද ප්‍රතිසංස්කරණ සමයේ දී නොනැගුණි. එමනිසා වැදගත් මතවාදී විවාද ඕතඩොක්ස් වරුනට ආගන්තුක හා නොවැදගත් වේ. ඔවුන් කිසි විටෙක ප්‍රතිසංස්කරණ තම දේවධර්ම හැදැරීම් තුලට වැදගත්තේ නැත.ඔටෝමාන් අධිරාජ්යයේ ආගමික නිදහස[සංස්කරණය]බයිසැන්තින් අළු මතින් නැගී සිටි නව ඔටෝමාන් අධිරාජ්‍යය ප්‍රථමික හෝ ම්ලේච්ඡු එකක් නොවීය. ඉස්ලාම් ධර්මය ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ට ශාස්තෲවරයෙක් ලෙස පිළිගත් අතර ක්‍රිස්තියානි භක්තිකයන් ප්‍රධාන ග්‍රන්ථයට අයිති මිනිසුන් ලෙස සැළකීය. මෙහෙමුට් ද කොන්කරර් දේවස්තාන වලට ඡන්දයෙන් නව පූජකවරයෙක් පත්කර ගැනීමට අවසර දුන්නේය. හාජියා සොෆියා සහා පාතිනන් වැනි සියවසකටත් අධික කාලයක් ක්‍රිස්තියානි දේවස්තාන ව පැවති ස්ථාන මුස්ලිම් පල්ලි බවට වෙනස් කළ ද කොන්ස්තන්තිනෝපලයේ හා වෙනත් ස්ථාන වල පිහිටි තවත් බොහෝ දේවස්තාන ක්‍රිස්තියානි පාලනය තුලම පැවතුණි. ඉස්ලාම් නීතිය ජාතිය හා ආගම අ
රභය කිසිදු විවිධත්වයක් නොකරන බැවින් සියලූම ක්‍රිස්තියානුවන් ඔවුනගේ ජාතිය හා භාෂාව නොතකා එකම ඒකකයක් ලෙස සලකන ලදී . එබැවින් ඉහලම නිලය වන පූජක පීතෲ විසින් එත්නාච් නම් වූ සිවිල් හා ආගමික ප්‍රධානී නිලයක් සමස්ත ක්‍රිස්තායානි ඕතඩොක්ස් ජනගහනය උදෙසා ඇතිකරන ලදී. මේ ආකාරයට ඔටෝමාන් අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි දේවස්තාන කොන්ස්තන්තිනෝපලය යටතේ පැවතිය ද එහි නෛතික හා අනෙකුත් බලතල ඉතා විශාල විය.කෙසේවුවද යාඥාවේ නිදහස සහ එක්රැස්වීමේ නිදහස ඇතුළු මේ බොහෝ දැ න්යායාත්මක ව පැවතියද ප්‍රයෝගිකව ක්‍රියාත්මක වූයේ කලාතුරකිනි. පූජ්යපීතෲ ගේ සියළු බලතල සුල්තාන්ගේ අණසක ට නතුව පැවතුනි. සියලූම ක්‍රිස්තියානිකයන් දෙවන පන්තියේ ජනතාව ට වඩා මදක් ඉහල තලයකින් සැලකුණි. තුර්කියේ ප්‍රරචණ්ඩත්වය මිත්යා ප්‍රවාද නොවන අතර මිත්යාදෘෂ්ටික ක්‍රිස්තියානුවා එහි පහර කෑමට වැඩිවශයෙන් ම ලක් වී යැයි සිතිය හැක. මුස්ලිම් වරුන් අතර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය භයානක සහ සිදුකළ නොහැකි කියාවක් වූ නමුත් ඉස්ලාම් බවට හැරවීම සඳහා පූර්ණ නෛතික රැකවරණය ලැබුණි. ඉස්ලාම් බවට හැරවුණු අයෙක් නැවත ඕතඩොක්ස් නිකායට පැමිණියේ නම් ඔහුව මිත්‍යාදෘෂ්ටිකයෙක් ලෙස සලකා මරා
දැමුණි. නව දේවස්තාන ඉදිකිරීම තහනම් වූ අතර ඝන්ඨා නාදය පවා නීති විරෝධී වියග කිස්තියානි අධ්යාපනය සම්පූර්ණයෙන් ම නවතා දැමීම හෝ මූලික දත්ත පමණක් ලබා දීම සිදුවිය.ඕතඩොක්ස් පල්ලිය බොහෝ විට තුර්කි ව්යාපාරයට මැදි විය. පූජ්ය පීතෲ ධූරය කිහිප වරක් ම වැඩිම මුදලක් ලබා දෙන්නා ට පැවරුණු අතර එම මුදල් පියවා ගැනීමට පූජ්ය පීතෲන් තම ජනතාව හා බිෂොප් වරු මත අධික බදු බරක් පැටවී ය. කිසිදු පූජ්ය පීතෲ ධූරයක් කිසි කළෙක සුරක්ෂිත නොවී ය. 15 හා 19 සියවස් අතර පූජ්ය පීතෲන් කිහිප දෙනෙකු තම කාර්යාල්ය තුලදී ස්වභාවික මරණ අත්විඳී ය. බලෙන් පැහැරගෙන යාම් පිටුවහල් කිරීම් එල්ලා මරා දැමීම් දියේ ගිල්වීම් හා විෂ ශරීරගත කිරීම් පිළිබඳව පැහැදිලි සටහන් ඇත .පල්ලිය සහ ඉතාලියානු පුනරුදය (1399–1599)[සංස්කරණය]මයිකල්ඇන්ජිලෝ ගේ පියෙටා මූර්තිය ශාන්ත පීතර බැසිලිකාව වතිකානයපුනරුද සමය විශාල සංස්කෘතිය වෙනසක් සහ පෙරලියක් කල සමයක් විය. රෝම නගරයේ කතෝලික පල්ලිය සහ පාප් පදවිය පවා පුනරුදයේ බලපෑමට නතුවිය. අනෙක් අතට මෙය විශාල කලා සහ ගෘහ නිර්මාණාත්මක විභූතියක යුගය වූ අතර මයිකල්ඇන්ජිලෝ, බ‍්‍රමන්ටේ, රෆායෙල්, ඩොනාටෙලෝ සහ ඩා වින්චි වැනි කලාකරුවනට පල්ලිය
ේ සමාව ලැබුණි. ධනවත් ඉතාලියානු පවුල් පාප් පදවියද ඇතුලූව වෙනත් ප‍්‍රධාන බිෂොප් ධූර තම පවුල් සාමාජිකයනට ලැබීමට කටයුතුකල අතර එවැනි ඇතැම් පාප්වරු දුරාචාරය සම්බන්ධයෙන් ද ප‍්‍රසිද්ධ විය. හයවන ඇලෙක්සැන්ඩර් සහ හත්වන සික්ස්ටස් එයට උදාහරණ වේ.පල්ලියේ ප‍්‍රධානියා වීමට අමතරව පාප්වහන්සේ ඉතාලියේ වැදගත් ලෞකික නායකයෙක් ද විය. ඇතැම් පාප්වහන්සේලා ඉතාලියානු ප‍්‍රභූන් සමග තරග වැදීමට මෙන් පෞද්ගලික පරිභෝජනයට මෙන්ම නවීකරණය කිරීම් හෝ ඉදිකිරීම් වැනි පොදු කටයුතු සඳහා ද බොහෝ සේ ධනය යෙදෙවුවෝය. මෙම ක‍්‍රමය අද ද ඉතාලියේ දක්නට හැක. පැරණි කොන්ස්ටන්ටිනියන් බැසිලිකාව මත ශාන්ත පීතර බැසිලිකාව ගොඩනගනු ලැබුවේ මෙම අවධියේ දී ය. එමෙන් ම මෙකල ග‍්‍රීක සංස්කෘතිය සමග බොහෝ සබඳතා පැවති සහ දර්ශනය, කාව්‍යය, සාම්භාව්‍ය අලංකාරෝක්තිය වැනි නව ඉගැනුම් මාර්ග වලට දොරටු විවර වූ යුගයක් විය.ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ[සංස්කරණය]ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ හෝ කතෝලික ප‍්‍රතිසංස්කරණ යනු ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ සඳහා වූ කතෝලික පිළිතුර විය. කතෝලික ප‍්‍රතිසංස්කරණයේ සාරය වූයේ සාම්ප‍්‍රදායික ක‍්‍රියාකාරකම් සඳහා නවමු අර්ථදැක්වීමක් ලබා දී කතෝලික මතය ල
ෞකික සහ සදාචාරාත්මක ප‍්‍රතිසංස්කරණ සඳහා මාර්ගය ලෙස හුවා දැක්වීමයි. එසේම මෙය ව්‍යාප්ත වන ප්‍රොතෙස්තන්ත නිකාය සඳහා ද පිළිතුරක් විය. එබැවින් මෙය පාදිලි වරුන් ගේ මනා පුහුණුව සඳහා ජේසුයිට් වැනි නිකායන්ද සෙමනේරිද ඇතිකළ අතර සුප‍්‍රක‍්‍රට ධර්ම ඨුත ගමන් ද සංවිධානය විය. එසේම නව අධ්‍යාත්මික මුහුණුවර සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද ඔස්සේ ඇතිකිරීම ද සිදුවිය. ස්පාඥ්ඥ ගූඪවාදය (ස්පැනිශ් මිස්ටික්ස්) හා ප‍්‍රංශ අධ්‍යාත්මිකත්ව විද්‍යාලය (ෆ්‍රෙන්ච් ස්කූල් ඔෆ් ස්පිරිචුඇලිටි) මේ සඳහා උදාහරණ වෙයි. සමස්ත ක‍්‍රියාවලිය මෙහෙයවනු ලැබූයේ ටෙ‍්‍රන්ට් හි කවුන්සිලය මගිනි. ඔවුන් තම මතය පැහැදිලි කර තහවුරු කිරීම ආධානග‍්‍රාහී අර්ථකථන ඉදිරිපත් කිරීම හා රෝමානු කැතිකීස්මය ඉදිරිපත් කිරීම සිදු කළෝ ය.අයර්ලන්තය, ස්පාඥ්ඥය සහ ප‍්‍රංශය ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සිය අනුග‍්‍රහකත්වය දැක්වූවද එහි හදවත වූයේ ඉතාලිය සහ එහි විවිධ යුගවල සිටි පාප්වහන්සේලා ය. ඔවුන් තහනම් පොත් ලයිස්තුව (ඉන්ඩෙක්ස් ලයිබ්රොරුම් ප්‍රොහිබිටොරුම්) සහ මිත්‍යාදෘෂ්ටිකයන්ට චෝදනා කිරීමත් ඔවුන්ව විභාග කිරීමත් ඇතුලත් නෛතික විනිශ්චය සභාවක් වන රෝමානු සංවීක්ෂණය ස්ථාපිත කළෝය.
පස්වන ශාන්ත පියස් (1566 - 1572) පාප්වහන්සේ මිත්‍යාදෘෂ්ටික භාවය සහ පල්ලිය තුල වූ වෙනත් අනිසි භාවිතා මැඩපැවැත්වීමට පමණක් නොව ප්‍රොතෙස්තන්ත ආකර්ශණය මැඩලීම සඳහා ජනප‍්‍රිය ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද ප‍්‍රකට වූවෙකි. පියස් තුමා සිය පදවි කාලය දුගීන්ට පුණ්‍ය කටයුතු වලට හා රෝහල් වලට කරන ලද විශාල පරිත්‍යාග වලින් ආරම්භ කළේ ය. මෙකළ බිෂොප්වරුන්ගේ කටයුතු අතර රෝගී සහ දුගී පුද්ගලයන්ව සැනසීම ද ධර්ම ඨුත චාරිකා සඳහා සහාය දීම ද ප‍්‍රමුඛ විය. බිෂොප්වරුන්ගේ මෙම ක‍්‍රියා රෝමයේ ක‍්‍රිස්තියානි උමං සොහොන් නැවත සොයාගැනීමත් සමග තහවුරු විය. ඩයර්මේඞ් මැක් කුලොක් මෙසේ සඳහන් කරයි. මෙම අතීත ජීවිත පරිත්‍යාග නැවත වරක් නිරාවරණය වූවාක් මෙන්ම කතෝලිකයෝ එකල නැවත ජීවිත පරිත්‍යාගය ආරම්භ කළෝය. මෙය ඈත රටවල ධර්ම ඨුත ගමන් වලදී හෝ ප්‍රොතෙස්තන්ත උතුරු යුරෝපය නැවත ලබාගැනීම සඳහා වන අරගලයේදී විය හැක. උමං සොහොන් බොහෝ වීර ක‍්‍රියා සහ වික‍්‍රම සඳහා අණුප‍්‍රාණයක් ලබා දෙයි.තුන්වන පාවුලූ පාප් තුමා (1534- 1549) ටෙ‍්‍රන්ට් හි කවුන්සිලය (1545- 1563) ආරම්භ කළ අතර එමගින් පූජ්‍ය පක්ෂයේ ඇතැම් දුෂ්‍යතා වන දේවගැති තනතුරු විකිනීම, ප‍්‍රවාසිත
ාව, ඥාති සංග‍්‍රහය වැනි දුෂණ විමසීමත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද ප‍්‍රතිස්ථාපනය කිරීම සහ පල්ලියේ සාම්ප‍්‍රදායික මතවාද ආධානග‍්‍රාහී ලෙස එක් කිරීමත් ඇතුලත් වේ. මෙම මතවාද අතරට බිෂොප් ව්‍යුහය, දේවගැති බඹසර, සප්ත සංස්කාරය, සත්‍ය සම්මුඛභූතිය (පූජාවේදී පූජාකළ පාන් සහ වයින් සත්‍ය වශයෙන්ම ක‍්‍රිස්තුස් වහන්සේ ගේ ශරීරය සහ රුධිරය බවට පත්වීය යන විශ්වාසය) , ධාතු ප‍්‍රතිමා හා ශාන්තුවර වන්දනාව (විශේෂයෙන්ම කන්‍ය මරිය තුමිය) , විමුක්තිය සඳහා ඇදහිල්ල සහ යහපත් ක‍්‍රියා යන දෙකෙහිම අවශ්‍යතාව, පීඩාස්ථානයේ පැවතීම, අදණ්ඩනාවසරයෝ නිකුත් කිරීම (මුදලට නොවේ) ආදිය වේ. වෙනත් ආකාරයකින් කිවහොත් සියලූම ප්‍රොතෙස්තන්ත මතවාද හා විරෝධයෝ සාකච්ඡාවකින් තොරව බැහැර කිරීම මෙමගින් සිදුවිය. එසේම කවුන්සිලය ඈත ප‍්‍රාදේශික දේවගැතිවරුන් ග‍්‍රාමීය සංවර්ධනය සඳහාද උනන්දු කරලීය. මිලාන් හි ආරච්බිෂොප් ශාන්ත චාර්ල්ස් බොරොමියෝ (1538-1584) දුරස්ථ ම වසම් වලට පවා ගමන් කර සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් ආදර්ශයක් වී ය.අනාවරණ යුගය (1492–1769)[සංස්කරණය]අනාවරණයේ යුගය 1492 කොලම්බස් ගේ සංචාරයත් සමග ඇරඹේ. එය යුරෝපියානු මිෂනාරීන් ගේ කොලනි බිහිවීමෙන් ප‍්‍රති
මූර්තිමත් වේ. කතෝලික ධර්ම ධූත ගමන් අනාවරණ යුගයේදී රෝමානු කතෝලික දේවස්තානය ක‍්‍රිස්තියානිය නව ලෝකයට ව්‍යාප්ත කර මිනිසුන් ක‍්‍රිස්තියානියට හැරවීම සඳහා ධූත ගමන් විශාල සංඛ්‍යාවක් සිදු කලේය. මේ කාලයේදීම ෆ‍්‍රැන්සිස් ක්ෂාවියර් සහ අනෙකුත් ජේසුයිට්, ඔගස්ටිනියන්, ෆ‍්‍රැන්සිස්කන් හා ඩොමිනිකන් නිකායිකයෝ ආසියාවට හා දුරස්ථ පෙරදිගට ගමන් කළෝ ය. පෘතුගීසීහු අප‍්‍රිකාව ට ධූත පිරිස් යැවූහ. මෙම ඇතැම් ධූත ගමන් අධිරාජ්‍යවාදය සහ පීඩනය සමග සම්බන්ධ වූ නමුත් මැටෝ රිචී ගේ ජේසුයිට් නිකායික චීන ධූත ගමන වැනි සමහරක් සංස්කෘතික අධිරාජ්‍යවාදයකට වඩා සංස්කෘතික සංකලනයක් කෙරෙහි අවධානය යොමු කළෝ ය. ප්‍රොතෙස්තන්ත කොලනි නව ලෝකයෙහි වඩාත් ප‍්‍රකට ම ප්‍රොතෙස්තන්ත කොලනි ඇති කිරීම වන්නේ දකුනු අමෙරිකාවේ බි‍්‍රතාන්‍ය පියුරිටන් වරු අතිනි. ස්පාඥ්ඥ හා ප‍්‍රංශ ජාතිකයන්ට වෙනස් ව එංගලන්ත පියුරිටන් වරු ස්වජාතිකයන්ව ආගමට හැරවීමට එතරම් උත්සාහ කරන්නේ නැත. පියුරිටන් හෙවත් ධර්ම චාරිකයෝ (පිල්ග‍්‍රිම්ස්) ඔවුනගේ ආගම අරභයා වූ මැඩපැවැත්වීම් අධික බැවින් එංගලන්තයෙන් පිටත් වී ඇත. මුලින්ම ඔවුන් පහත් තලයේ රටවල වාසය කලද මොවුනගේ ආගම් ඇදහීම ප‍්‍රාන්ත රාජ්‍ය
යෝ ද පිළිගැනීමට අදිමදි කළ හෙයින් පියුරිටන් යුටෝපියාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඔවුන් නව ලොව බලා පිටත් වී ඇත.පල්ලිය සහ පුනරුදය (1580–1800)[සංස්කරණය]ගැලීලියෝ ගේ නඩුවිභාගය[සංස්කරණය]ගැලීලියෝ ශුද්ධවූ සභාව ඉදිරිපිට - ජෝසප් නිකොලස් රොබට් ෆ්ලෙයුරි ගේ 19 වන සියවසට අයත් සිතුවමකිකොපර්නිකස් ගේ ජ්‍යෝතිශ්‍යය සම්බන්ධයෙන් තම පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ගැලීලියෝ ගැලිලි රෝමානු කතෝලික දේවස්ථානය සමග ඇතිකරගත් ආරවුල ආගම සහ විද්‍යාව අතර සම්බන්ධය පිළිබඳ ඉතිහාසයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකේ. 1610 දී ගැලීලියෝ සිය "සයිඩෙරස් නන්සියස්" (තාරුකා පණිවුඩකරුවා) පළකළ අතර එහි ඔහු තම නව දුරදක්නයෙන් සිදු කළ විස්මිත නිරීක්ෂණ සඳහන් විය. මෙම නිරීක්ෂණ ස්වර්ගය පිළිබඳ දුරාතීතයේ සිට පැවති මතවාද සමග එකඟ නොවුනු අතර කොපර්නිකස් ගේ සූර්යකේන්ද්‍රීය න්‍යාය වැනි රැඩිකල් මතවාද සමග සමපාත විය.මෙයට ප‍්‍රතිචාර ලෙස බොහෝ විද්‍යාර්ථීන් පෘථිවිය ගමන් කිරීමත් සූර්යයා නිශ්චලව පැවතීමත් යන ප‍්‍රකාශය එකල බයිබලය සම්බන්ධයෙන් තිබූ අවබෝධයට විරෝධී හෙයින් මිත්‍යාදෘෂ්ටික භාවිතාවක් ලෙස ප‍්‍රකාශ කලෝය. දේවධර්මය ජ්‍යෝතිෂ්‍යය හා දර්ශනය
යන ක්ෂේත‍්‍ර වලට ගැලීලියෝ විසින් කළ බලපෑම 1663 දී මිත්‍යා දෘෂ්ටිය අරභයා පැවති ඔහුගේ නඩු විභාගය සඳහා ඒකමතිකව බලපාන ලදී.මෙම ලිපිය හෝ ලිපි කොටස අන්නාසි සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)හැදින්වීම[සංස්කරණය]අනනාස් කොමොසස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත්වේ.මෙහි නිජබිම බ්‍රසීලයයි. ඉදවා අළුත් පළතුරක් ලෙසද ටින්වල අසුරනලද පළතුරක් ලෙස ජෑම් හාකෝඩියල් ආකාරයටද අන්නාසි ආහාරයට ගනුලැබේ. අන්නාසි ඵලයේ හා පත්‍රවල යුෂයෙහි පණුනාශකහැකියාව ඇතිඅතර තවද ඵලයේ ඇති බ්‍රොමිලින් නම් එන්සයිමය නිසා ආහාර දිරවීම පහසුකිරීම මෙහි ඖෂධීයමය ගුණ ලෙස හඳුනාගතහැක. චීනය,පිලිපීනය වැනි රටවලඅන්නාසි පත්‍රවලින් ලබාගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනයට ගනුලැබේ. තවද විනාකිරි කර්මාන්තය සඳහා ද අන්නාසි උපයෝගීකරගනුලැබේ.අන්නාසි වගාවේ දේශගුණික අවශ්‍යතා[සංස්කරණය]වර්ශාපතනය - වර්ෂයකට මිලිමීටර්. 1500 – 3000 පමණ.උෂ්ණත්වය - සෙන්ටිග්‍රේට් අංශක 24– 32 පමණ.අන්නාසි වගාබිමෙහි පසෙහි ස්වභාවය[සංස්කරණය]වගාවට සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසකි.මැටි හෝ හුණු අධික පස් වගාවට නුසුදුසුය.හොඳින් පසේ ජලය බැසයාම වගාව සාර්
ථකවීමට වැදගත්ය.පසෙහි පී.එච්. අගය 5.5 – 6 වීම වඩාත් සුදුසුය.අන්නාසි ප්‍රබේද[සංස්කරණය]ප්‍රධාන ව‍ශයෙන් වගාකරන ප්‍රබේද දෙකක් ඇත.මුරුසි ප්‍රබේදයඉදවා අළුත් පළතුරක් ලෙස වැඩිවශයෙන් පරිබෝජනයකරයි.හොඳින් ඉදුණු ගෙඩියෙන් සුවඳක් හමයි.මාංශලය තද කහ වර්ණයෙන් යුතු අතර ඉතා පැණිරසය.හොඳින් වැඩුණු ගෙඩියක් කිලෝ එකහමාරක් පමණ බරය.මේ ප්‍රබේදයේ පත්‍ර කටු සහිතය.මේ ගසකින් මොරෙයියන් වැඩිප්‍රමාණයක්ද ලබාගත හැක.කිව් ප්‍රබේදයමේ ප්‍රබේදය ටින්වල ඇසිරීම සඳහා ගනුලබයි.කිව් ප්‍රබේදය මුරුසි ප්‍රබේදය තරම් පැණිරස නැත.තරමක් ඇඹුල් රසැතිය.මාංශලය සුදු පාටට හුරු ලාකහ පැහැතිය.ඉතා වැඩි යුෂ ප්‍රමාණයක් ඇත.ගෙඩියක් කිලෝ එකහමාරේ සිට කිලෝ තුන පමණ දක්වා වැඩේ.පත්‍රවල කටු අඩු අතර මොරෙයියන් හටගැනීමද අඩුය.අන්නාසි වගාවේ රෝපණ ද්‍රව්‍ය[සංස්කරණය]රෝපණ ද්‍රව්‍ය ලෙස විවිධාකාරයේ මොරෙය්යන් වර්ග භාවිතාකළ හැකිය.කරඬුව = ගෙඩිය මුදුනේ ඇති කොටසනටුමොරෙයියන් = ගෙඩියේ නටුවෙන් මතුවන මොරෙයියන්අක්ෂිමොරෙයියන් = පත්‍ර අතරින් මතුවන මොරෙයියන්මුල්මොරෙයියන් = කඳ පාමුළින් මතුවන මොරෙයියන්අන්නාස
ි වගාකිරීම[සංස්කරණය]ක්ෂේත්‍රය සැකසීම[සංස්කරණය]මූලික බිම් සැකසීම ලෙස ට්‍රැක්ටරයකින් පොළව හෑමෙන් පස මෘදුවසකසා දිග,පළල හා ගැඹුර සෙන්ටිමීටර 20 වන කානු සැකසිය යුතුය.බෑවුම් සහිත ඉඩමක නම් කානු දැමියයුත්තේ සමෝච්ච ක්‍රමයටය.කානු කැපීමේදී ඉවත්කරන පස්,බෑවුම ඇති දිසාවේ කුඩා වැටියක් සෑදෙන ආකාරයට දමන්න.පැල සිටුවීම[සංස්කරණය]දෙපේළි ක්‍රමයසකස්කරගත් ක්ෂේත්‍රයේ කානු දිගේ සෙන්ටිමීටර 20 ක පරතරයෙන් මොරෙය්යන් කෙළින් සිටින පරිදි වැටියට හේත්තුකරන්න.වැටියට විරුද්ධ පැත්තෙන් පස් සූරාගෙන මොරෙය්යන්ගේ පාදස්ථ කොටසින් සෙන්ටිමීටර 10 -15 පමණ වැසෙන සේ පස් දැමියයුතුය.දෙපේළි ක්‍රමය යටතේ පේළි දෙක අතර පරතරය සෙන්ටිමීටර 60 වියයුතුය.තනිපේළි ක්‍රමයමෙම කමයට පැල සිටුවීමේදී පේළි තුළ පැල අතර පර‍තරය සෙන්ටිමීටර 30 වියයුතුය.තනිපේළි ක්‍රමයේදී පේළි දෙකක් අතර පරතරය මීටර දෙකක් වියයුතුය.පොහොර යෙදීම[සංස්කරණය]යූරියා, රොක්පොස්පේට්, මියුරියේට්ඔ‍ෆ්පොටෑෂ් භාවිතාකර සාදාගන්නා එන්.පී.කේ. 11-7-31 පොහොර මිශ්‍රණය අන්නාසි සඳහා නිර්දේශිතය.අන්නාසි සඳහා මූළික පොහොර යෙදීමක් නොකර සිටුවා මසකට පසු ඉහත සඳහන් මිශ්‍රණයෙන් එක පැලයකට ග්‍රෑම් 28 බැගින් ය
ෙදියයුතුය.ඉන්පසු සෑම මාස 3-4 කට වරක් පසේ හොඳින් තෙතමනය ඇති විටදී ඉහත සඳහන් කළ පොහොර ප්‍රමාණයම දැමියයුතුය.පළමු වරට පොහොර යොදන විට පැල ආසන්නයේ පසට යොදන්න ඉන්පසු ගසේ පහළින් ඇති පත්‍ර අතරට පොහොර යොදන්න.ගසේ ගොබයට පොහොර වැටීමට ඉඩනොදෙන්න.ජල සම්පාදනය[සංස්කරණය]වර්ශාව නොමැති වියලි කාලවලදී මසකට වාර 6-7 දක්වා ජල සැපයුම මගින් හොඳ අස්වැන්නක් ලබාගතහැක.පසෙ තෙතමනය සුරැකීමට සෙන්ටිමීටර 20-30 පමණ ඝණකමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැල පේළි අතරට යෙදියයුතුය.අන්නාසි වගාවේ වල් පැල මර්දනය[සංස්කරණය]සුළුපරිමාන වගාවන්හි අන්නාසි පත්‍රවලට හානි නොවන සේ උදලුගෑමෙන් වල් මර්දනය කළහැක.වල් මර්දනයට රසායනික වල්නාශකද භාවිත කළහැක.ඩියුරෝන් 80% තෙත්කළහැකි කුඩකි.එය ග්‍රෑම් 2ක් ජලය ලීටර 180- 200 ක මිශ්‍රකර සිටුවා මාසයක් පමණ වූ වගා වල වල්පැල මර්දනයට යෙදියහැක.අන්නාසි වගාවට වැළදෙන රෝග[සංස්කරණය]ගොබය හෙවත් කරඩුව කුණුවීමපාදස්ථය කුණුවීම හා මුල් කුණුවීමගෙඩි කුණුවීමගස් මැළවීමරෝග ලක්ෂණ හා රෝග පාලනය[සංස්කරණය]කරඬුව කුණුවීම හා පාදස්ථ, මුල් කුණුවීම[සංස්කරණය]රෝග ලක්ෂණ සැළකීමේදී ගොබ කුණුවීම අළුත් වගාවල ඇතිවේ. ගොබයේ ළාබාල පත්‍
ර පහසුවෙන් ගැලවී එයි. පාදස්ථ,මුල් කුණුවීමේදී පත්‍ර මැළවේ. ගස් පහසුවෙන් ගැලවී එයි. රෝග පැතිරීම රෝගකාරක දිලීර සහිත පස් හා රෝපණ ද්‍රව්‍ය මගින් සිදුවේ. රෝග පාලනය සඳහා නිරෝගී වගාවකින් මොරෙයියන් ගෙන පැල සිටුවීමට පෙර දිලීරනාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කර සිටුවියයුතුය. වගා ඉඩමේ ජලවහනය දියුණු කළයුතුය. වර්ශාව අධික තෙත් කාළගුණයක් ඇති විට පැල නොසිටුවීම වැදගත්ය. පැල සිටුවීමේදී ගොබය තුලට පස් නොවැටීමට වගබලා ගතයුතුය. පවතින වගාවක ගොබ කුණුවීමට දලීරනාශකයක් වන මැන්කොසෙබ් 64% , මෙටලැක්සිල් 8% තෙත්කළහැකි කුඩු (රිඩොමිල්) පැලවල ගොබයට යොදන්න. පවතින වගාවක පාදස්ථ කුණුවීම හෝ මුල් කුණුවීම ඇති විට රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත්කර ඉහත දැක්වූ දිලීරනාශකයම ගසේ පාමුල සේදීයන සේ වත්කර ගස පාමුළට පස් දමන්න.එවිට අළුත් මුල් වැඩේ.ගෙඩි කුණුවීම[සංස්කරණය]රෝග ලක්ෂණ සැළකීමේදී දිලීරය ඇතුල්වී දින දෙකකට පමණ පසු නෙලාගත් ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන්ගනී. පසුව මේ කළුපැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළටද පැතිරේ.රෝග පාලනය කිරීමේදී හානි නොවන සේ ප්‍රවේශමෙන් නෙලාගත් ගෙඩි පිරිසිදු ස්ථානයක ගබඩාකළ යුතුය. රෝගය තදින් ඇත්නම් බෙනොමිල්
80% තෙත්කළහැකි කුඩු ග්‍රෑම් 100 ක් ජලය මිලිලීටර 100 ක දියකළ ද්‍රාවණයක ගෙඩිවල නටුවේ කැපුම්පෘෂ්ඨය ගිල්වා ඉවතට ගෙන ගබඩාකරන්න.ගස් මැළවීම[සංස්කරණය]රෝග ලක්ෂණ සැළකීමේදී රෝගය වැලඳුන ගස්වල පත්‍ර පළමුව රතුවී පසුව රෝස පාටවේ. මේ අවස්ථාවේදී දාරය දිගේ පත්‍රඇතුලට නැමේ.පත්‍ර මැළවුණු ස්වභාවයක් දිස්වේ.රෝගී ගස් ක්‍රමයෙන් මැරීයයි.අන්නාසි ගස් මැළවීම විවිධ හේතු නිසා සිදුවේ.එනම් පාදස්ථ කුණුවීම , මුල් කුණුවීම , පිටිමකුණා මගින් පැතිරෙන වෛරස් රෝගය නිසා ගස් මැළවීම.රෝග පාලනය කිරීමේදී වැදගත් වන්නේ නිරෝගී වගාවකින් ලබාගත් මොරෙයියන් පමණක් සිටුවීමය. පිටිමකුණා පාලනයකරගැනීමද අවශ්‍යවේ.කෘතීමව මල් හටගැන්වීම[සංස්කරණය]අවාරයේ අන්නාසි අස්වනු ලබාගැනීම මෙහි අරමුණවේ. මේ සඳහා එතිෆෝන්, ඉන්ඩෝල්, ඇසිටික් අම්ලය, කැල්සියම් කාබයිඩ් වැනි රසායනික යොදාගනී. වඩාත් කාර්යක්ෂම රසායනිකය එතිෆෝන්ය. මෙහි වෙළඳනාමය එත්‍රල්ය. නිෂ්පාදනයන්ගේ නිර්දේශයන්ට අනුව සාදාගත් ද්‍රාවණයෙන් මිලිලීටර් 40 පමණ අන්නාසි ගසේ මේරූ පත්‍ර 20 ට වැඩි නම් ගොබයට වත්කල යුතුය. ද්‍රාවණය යොදා දින 30 න් රතු පාට මල් හටගනී.ගෙඩි විශාල කරගැනීම[සංස්කරණය]ඇල්‍ෆා නැප්තලීන් ඇස
ිටික් අම්ලය අඩංගු රසායනික ද්‍රව්‍යක් හෝ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය නිර්දේශිත පරිදි ජලයේ දියකර සාදාගත් ද්‍රාවණයේ ලීටරයකට යූරියා ග්‍රෑම් 2ක් මිශ්‍රකර මල් පිපී මසකින් ළපටි ගෙඩි වල‍ට ඉසීමෙන් ගෙඩිවල ප්‍රමාණය විශාල කරගතහැක.ගෙඩිවල පැහැය වැඩිකරගැනීම[සංස්කරණය]නෙළාගත් අන්නාසි ගෙඩිවලට එතිෆෝන් යෙදීමෙන් ඒකාකාරී කහ පැහැයක් ලබාගතහැක.අස්වනු නෙළීම[සංස්කරණය]අන්නාසි ගෙඩියේ නටුව සෙන්ටිමීටර 20 පමණ දිගට තබා ගෙඩියෙන් 25% පමණ පිටපොත්තේ වර්ණ‍ය කහපැහැවූ පැසුණු අන්නාසි ගෙඩි උදේ වරුවක නෙළිය යුතුය. නෙලූගෙඩි එකගොඩේ ගොඩනොගසා මදක් තුනීකර සෙවනේ තබා ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළයුතුය.සාර්ථක අන්නාසි වගාවකට.......[සංස්කරණය]අනවශ්‍ය මොරෙයියන් ඉවත්කිරීම , නිසිකලට පොහොර දැමීම, ජලසම්පාදනය කිරීම, රෝග හා පළිබෝධ පාලනය කිරීම ආදිය කරමින් හොදින් නඩත්තුකරන අන්නාසි වගාවකින් වසර 3ක් පමණ සාර්ථක ලෙස අස්වැන්න ලබාගතහැක.ආශ්‍රිත ලිපි[සංස්කරණය]කෘෂිකර්මයඅඩවියෙන් බැහැර පිටු[සංස්කරණය][1] සංරක්ෂණය කළ පිටපත 2005-05-16 at the Wayback Machine[2][3]ප්‍රධාන ලිපිය: තෙරේසා මව්තුමිය මුළු ලොව පුරා ජනතාව විසින් කල්කටාවේ (කොල්කතාවේ) තෙරේසා
මව්තුමිය සිහිකරනු ලබන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඕ තුමිය සිදු කල සේවාව වෙනුවෙනි.ඇල්බේනියාවේදී තෙරේසා මව්තුමිය සිහිකිරීම[සංස්කරණය]ඔක්තොම්බර් 19 දින පැවැත්වෙන තෙරේසා මව්තුමි දිනය (ඩිටා ඉ නීනේ තෙරේසස්) ඇල්ඩේනියාවේ රජයේ නිවාඩු දිනයකි.ඇල්බේනියාවේ අගනුවර වන තිරානාහී ගුවන් තොටුපොල, වන්නේ තිරානා ජාත්‍යන්තර ගුවන් තොටුපොල නීනෙ තෙරේස වන අතර, 2002 දී තෙරේසා මව්තුමිය සිහි කරනු පිණිස නම් කර ඇත.තිරානාහී විශාලතම චතුරස්‍රය වන්නේ ස්කාන්ඩර්බග් චතුරස්‍රය වන අතර, එහි දෙවන විශාලතම චතුරස්‍රය නම් කර ඇත්තේ තෙරේසා මව්තුමිය සිහි වනු පිණිසය. තෙරේසා මව්තුමියගේ ස්මාරකයක්ද මෙහි දක්නට ඇත.තිරානාහී විශාලතම සිවිල් රෝහල ඕ තුමිය සිහිවීම පිණිස නම් කර ඇත.2004 ආසියා සුනාමි බලපෑමඇබොට් (Abbott) 1996 දී දක්වන ආකාරයට සුනාමි යනු ජපන් වචනයක් වන අතර එහි අදහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උසින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උසින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ සුනාමි ලෙස හදුන්වති.රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩි උසින් අඩු
ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග ලෙසයි.සුනාමි ඇතිවීමට බලපාන සාධක[සංස්කරණය]සාගර පතුලේ ඇතිවන භූමිකම්පානායයාම් ඇතිවීම ( උදා: 1958 ඇලස්කාවේ ලිතියා කඳු වල නායයෑමක් නිසා සුනාමි තරංග ඇතිවිය.)යමහල් විදාරණය (ගිනි කදු ක්‍රියාකාරිත්වය ) හේතු‍කොටගෙන පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත්වීමඋල්කාපාත කඩාවැටීම හා විශාල හිම කඳු සාගරයට කඩාවැටීමෙන්සුනාමි පෙරනිමිති[සංස්කරණය]සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකිය. ගොඩබිමට ලඟාවන පළමු සුනාමි තරංග
ය නිම්නයක් (දෙකිඳ) ආකාර නම් වෙරළාශ්‍රීත ජලය පැහැදිලි ලෙස අඩුවී සාමානයෙන් දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය වේ. මෙය උවදුරෙන් දුරස්වයාමට පෙර කඩා වදින සුනාමියක පෙරනිමිත්තකි. වෙරළාශ්‍රිතව සිටින පුද්ගලයෙකුට හදිසියේම මුහුද පසුපසට ගමන් කිරීමක් දක්නට ලැබුණොත් (මේ සමඟම චූෂණ ශබ්දයක්ද ඇසුණු බව බොහෝ නොමැරී බේරුණු පුද්ගලයෝ වාර්තා කර ඇත) ඔහුට ගැලවීමට ඇති එකම අවස්ථාව වන්නේ උස් ප්‍රදේශයකට පළා යාම හෝ උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැගීමයි. 2004 දී ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමියේදී නැගෙනහිරින් සුනාමි රළවලින් යටවුණු අප්‍රිකානූ හෝ අනෙක් බටහිර වෙරළ වලින් මුහුද පසුපසට යාමක් වාර්තා නොවිණි. එයට හේතුව එම රැල්ලේ ස්වාභාවයයි. එය නැගෙනහිර දෙසින් විභේද රේඛාවට පහළින් ගමන් කළ අතර බටහිරදී විභේද රේඛාවට ඉහළින් ගමන් කළේය. අප්‍රිකාව හා අනෙක් බටහර වෙරළ ගොදුරු වූයේ බටහිරින් ඇතිවූ රළ පහරිනි. සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80% ක්ම ඇතිවන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැකිය. නායයාම, ගිනිකදු පිපිරීම් හා භූ කම්පන මගින් මේවා ඇතිවිය හැකිය. ඉන්දියන් සාගරයේ ඇති වූ
සුනාමිය පිළිබඳව 2008 අප්‍රේල් පළවූ Geogrophical සඟරාවට අනුව 2004 දෙසැම්බර් 26 දින ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය කලාපයකට බලාපොරොත්තු විය හැකි දරුණුතම සුනාමිය නොවේ. Geophysical journal Juternation හි සම ලේඛක දකුණු කැලිෆෝනියා සරසවියේ සුනාමි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Cosrs synolakis ට අනුව අනාගතයේ ඇතිවන සුනාමියකින් ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරය, සිංගප්පූරුව, සෝමාලියාව,බටහිර ඔස්ට්‍රේලියාව යන රටවලට හානි පැමිණය හැකිය. නත්තල් දිනයට පසුදා සුනාමියෙන් 30,000 පමණ පුද්ගලයන් මියගිය අතර බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් විණි. නිල නොවන වාර්තා වලට අනුව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සෘජුවම හෝ වක්‍රව සුනාමිය හේතුවෙන් මියගොස් ඇත.සුනාමි ක්‍රියාකාරිත්වයේ ඓතිහාසික තොරතුරු[සංස්කරණය]ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය. රාම-රාවණා යුද්ධයේදී දරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ. මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ. මීට වසර 2000 කට පෙර කැළණි තිස්ස
රජ විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ. සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත. අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.ඉතිහාසය තුළ සුනාමි ක්‍රියාත්මක වු අවස්ථාදිනයබලපාන සාධකතරංග උස (මීටර්)ස්ථානයජිවිතක්ෂයට පත් වු ජනසංඛ්‍යාව1755 නොවැම්බර් 01භූමිකම්පාවෙන්10පෘතුගාලයේ ලිස්බන්30,0001883 අගෝස්තු 06ගිනිකන්ද පිපිරීමෙන්35ඉන්දුනිසියාව36,0001896 ජුලි 15භූමිකම්පාවෙන්29ජපානය27,0001929 නොවැම්බර් 18භූමිකම්පාවෙන්-නිව්ෆවුන්ඩ්ලනන්තය291933 මාර්තු 12භූමිකම්පාවෙන්20ජපානය3,0001946 අප්‍රේල් 01භූමිකම්පාවෙන්15ඇලෙස්කාව1791952 නොවැම්බර් 04භූමිකම්පාවෙන්8.2රුසියාව-1958 ජුලි 09නායයෑමෙන්10රුසියාව021960 මාර්තු 22භූමිකම්පාවෙන්8.4චිලී12501974 මාර්තු 27භූමිකම්පාවෙන්8.4ඇලෙස්කාව1221976 අගෝස්තු 16භූමිකම්පාවෙන්-පිලිපීනය501992
සැප්තැම්බර් 01භූමිකම්පාවෙන්10නිකරගුවා1501933 ජුලි 12භූමිකම්පාවෙන්11ජපානය1751996 ජුලි 17භූමිකම්පාවෙන්12පැපුවා නිව්ගිනියා3,000සුනාමි අනතුරු ඇඟවීම හා වැළැක්විම[සංස්කරණය]සුනාමි අනතුරු ඇඟවීම සංඥාවසුනාමියක් වැළැක්වීමට හෝ නිරවද්‍යව අනවැකි පළකිරීමට හෝ නොහැක. අවශ්‍යතරම් විශාලත්වයක් සහිත භූමිකම්පාවක් නිවැරදි ස්ථානයක සිදුවුවද මෙය අපහසුවේ. සාගර විද්‍යාඥයෝ හා භූකම්පන විද්‍යාඥයෝ සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහොමයක්ද, සැලකිල්ලට ගෙන එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහෝමයක්ද සැලකිල්ලට ගෙන, එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර යුතු දැයි තීරණය කරතී. නමුත් සුනාමියක් සිදුවීමට ආසන්න වන විට අනතුරු සංඥා බොහෝමයක් ඇති අතර, සුනාමියෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ක්‍රමවේදයන් සකස් කර ති‍බේ. මෙලෙස යොදාගන්නා වැදගත්ම හා නිරතුරුවම නිරීක්ෂණයට ලක්වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩන සංවේදකයයි. මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිහිටුවා ඇත. මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරුවම නිරීක්ෂණය කරයි. F= GDbමෙහි F = ඉහළින් පවතින බලය හෝ පීඩනය
වර්ගමිටරය නිව්ටන් මඟින්,G = ගුරුත්වජ ත්වරණය, D = ප්ලැස් ඝනත්වය ,B= ජල මට්ටමේ උස G=9.8ms-2, d=1.1 Í103 kg m3 හා h යනු ජලයේ ගැඹුර මීටර් වලින් ඒ අනුව 5000m ගැඹූරින් පවතින ස්ථානයක පීඩනය වන්නේ 9.8=1.1 Í103 Í5 Í103 හෝ 5.4 Í107 Nm2 හෝ වර්ග මීටරය ටොන් මිලියන 5.7සුනාමියේ පළමුව පැමිණෙන කොටස රැල්ලේ නිම්නය නම්, ජල තරංගයේ කලාවර්තයට හරි අඩකට කලින් සාගරයේ වෙ‍රළෙන් පසු පසට ගමන් කරයි. වෙරළාශ්‍රීත මුහුදු පතුල නොගැඹුරු නම් මෙම පසුපසට යාම මීටර් සිය ගණනක් පමණ විය හැක. මෙහිදී අනතුරු පිළිබඳ දැනුමක් නොමැතිවීම හේතුවෙන් කුතුහලයට පත්වන මිනිසුන් වෙරළ ආසන්නයට පැමිණීම හෝ නිරාවණය වු මුහුදේ මසුන් එකතු කිරීමට පෙළඹේ. 2004 දෙසැම්බර් 26 දි ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේදී මෙලෙස නිරාවණය වු මුහුදු පතුල විමර්ශනය කිරීමට පුද්ගලයන් බොහෝ ගණනක් පෙළඹුණි. මෙහිදි ගත් ඡයාරූපයක සාමාන්‍යයෙන් ජලයෙන් යටවු ප්‍රදේශවල රැදී සිටින මිනිසුන් හා පසුබිමින් ගලා එන සුනාමි රැල්ල පෙන්වයි. මෙලෙස වෙරළේ රැදි සිටි බොහෝ දෙනෙක් උස්බිම් වෙත පලා යාමට නොහැකි වී මියගියහ. ජපානයේ මිසු හි සුනාමි බාධකයජපානයේ කමතුරා මුහුදු බාධකයේ ඇති සුනාමි අනතුරු
ඇඟවීම් සංඥාව 2004 මරොමාඩි යුගයේදී කමතුරාවට බලපෑ සුනාමියකින් Kotoku හි පිහිටි අමිධා බුදුන්ගේ අතිවිශාල ප්‍රතිමාව සෙවන කළ දැව මන්දිරය විනාශ විය. එදා පටන් එම ප්‍රතිමාව එලිමහනේ පවති.සුනාමි අනතුරු ඇතිවීම වැඩි ඉඩක් පවතින කලාප සුනාමි හඳුනාගෙන රැල්ල ගොඩබිම‍ට ළගාවීමට පෙර මහජනතාව දැනුවත් කිරීමට සුනාමි අනතුරු සංඥා පද්ධති භාවිතා කරති. එක්සත් ජනපදයේ පැසිෆික් සාගර සුනාමි ඇතිවීමට හැකියාව පවතින බටහිර වෙරළ තීරයේ මිනිසුන්ට ඉවත්විය හැකි මාර්ග දක්වන පුවරු සවිකර ඇත.පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම පද්ධතිය හොනලුල මත පදනම් ව ඇත. එය පැසිෆික් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක ඇතිවන භූමිකම්පනයක් හදුනා ගනී. එහි විශාලත්වය හා තවත් තොරතුරු මත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙ‍‍රේ. මෙහිදි සැලකිය යුතු වැදගත් කරු ණක් වන්නේ පැසිෆික් කලාපය භූකම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වුවද සැම භූකම්පනයකින්ම සුනාමි හට නොගනී. මේ නිසා පිගණක භාවිතා කරන්නේ සුනාමි අවදානම අධ්‍යයනය කිරීමට උපකාරීවන මෙවලමක් ලෙසය.ඉන්දියන් සාගරයේ ඇති වු සුනාමියේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වෙරළාශ්‍රිත ‍ප්‍රදේශවල සුනාමි තර්ජනය පිළිබද නැවත තක්සේරු වක් එක්සත්ජාතීන්ගේ ව්‍යසන අඩුකිරීම
ේ කොමිසම හා රජයන් මඟින් සිදුකර ඇති අතර ඉන්දියන් සාගරයේ සුනාමි අනතුරු ඇගවීමට සංඥා පද්ධිතයක් ස්ථාපිත කරමින් පවතී.සුනාමි අනාවැකි පළකිරිමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මඟින් පෙන්වා දීඇති පරිදි අනාවැකි පළකෙරු ණු පතුලේ කාලය හා සුනාමිය පැමිණිමේ කාලය අතර වෙනස මිනිත්තු කිහිපයකි. සාගර පතුලේ පවතින සංවේදක මඟින් ලබාගන්න දත්ත හා සුනමි ඇතිවීමට හේතු වු භූකම්පනයේ ස්වභාවය පිළිබද තොරතුරු සාගර පතුළේ ස්වභාවය (ආගාධ මිතිය) හා වෙරෙ‍ළේ (භූවිෂමතා) මලිව් විස්තරය හෙවත් රු ල්ලේ උස ගණනය කළ හැක. පැසිෆික් සාගර සීමාවේ පවතින සියළුම රටවල් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය හා සංයෝගිත්වයෙන් ක්‍රියාකරන අතර නොවැලැක්විය හැකි සුනාමියක් පැමිණි විට ක්‍රියාකල යුතු අන්දම පිළිබඳ මහජනයාට පුහුණුව ලබාදේ. ජපානයේ දි මෙම සුදානම් වීම රජය, දේශීය අධිකාරි හා හදිසි ‍සේවා ආයතන හා මහජනයාට අනිවාර්ය වේ.සමහර සත්ව විද්‍යාඥයෝ සතුන්ට භූමිකම්පාවකදී හෝ සුනාමියකදි ඇතිවන රේයිලි (Reyleign) උප ධ්වනි තරංග සංවේදනයට හැකියාවක් ඇති බව උපකල්පනය කරයි. සමහර සතුන්ට මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව කල්තබා හඳුනා ගැනීමේ හැකියාවක් පවතින අතර අවධානයෙන් නිරීක්ෂණ
ය කළහොත් මෙය සුනාමි හා භූමිකම්පන අනතුරු ඇඟවීම් ලෙස යොදා ගත හැක. නමුත් මෙම සාක්ෂි මතභේදයට තුඩු දී ඇති අතර විද්‍යාත්මකව ඔප්පු කර නැත. සමහරක් නිල නොවන වාර්තා වලට අනුව ලිස්බන් භූ චලනයට පෙර බොහෝ සත්තු නොසන්සුන්ව හැසිරුනු අතර පහත් බිම් වල සිට උස් බිම් වෙත සංක්‍රමණය වුහ. නමුත් මෙම ‍ප්‍රදේශයේම බොහෝ සත්තු දියේ ගිලිමෙන් මිය ගියහ. මෙම සංසිද්ධිය 2004 දී ඉන්දියන් සාගර භූකම්පනයේදී ශ්‍රීලංකාවෙන්ද වාර්තා විය. පහත දැක්වෙන කරුණු අදාළ වුවද විද්‍යාත්මක කරුණු නොව මාධ්‍ය මඟින් අනාවරණය වු කරුණය. (BBC [1]) (Kenneally [2] ) අලි වැනි සමහර සතුන්ට සුනාමිය වෙරළට ළඟා වන ශබ්දය ඇසීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ශබ්දයෙන් ඉවතට එනම් රට තුළට ගමන් කර ඇත. නමුත් මනුෂ්‍යයෝ එය පරික්ෂා කිරීමට වෙරළට යාමෙන් ඔවුන් මරණයට පත්විය. සුනාමි වැලැක්වීමට නොහැක. නමුත් සුනාමී අවදානම සහිත සමහර රටවල් එයින් වෙරළට සිදුවන හානිය අවම කිරීමට ක්‍රම යොදාගෙන තිබේ. ජපානයේ 4.5 m (13.5අඩි) පමණ උස සුනාමි බාධක ජනාධික වෙරළ ප්‍රදේශවල ඉදිකිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ‍අනෙක් ප්‍රදේශවල සුනාමි සමඟ පැමිණෙන ජලය නැවත හරවා යැවීමට අවශ්‍
ය දිය දොර හා ඇල මාර්ග තනා ඇත. නමුත් මේවායේ ඵලදායීතාවය ගැටලුවක් වන්නේ සුනාමි රළ සාමාන්‍යයෙන් මෙම බාධක වලට වඩා උසින් වැඩිවීමයි. උදාහරණයක් ලෙස 1993 ජුලි 12 හටගත් භූමිකම්පාවෙන් විනාඩි කිහිපයකට පසුව ඔකුෂි දුපත, හොකයිඩෝ හි හටගත් බකුෂි, හොකයිඩෝ සුනාමියෙන් 30 m (100අඩි) පමණ උස රැල්ලක් ඇති වු අතර, මෙය තට්ටු 10 කින් යුත් ගොඩනැගිල්ලක් පමණ උසින් යුක්තය. Aonae නගරය සම්පුර්ණයන්ම සුනාමි බාධක වලින් වටවී තිබුනද සුනාමි රළ බාධකයට ඉහළින් පැමිණ නගරයේ තිබු දැවමය ගොඩනැගිලි සියල්ල විනාශයට පත් කළේය. මෙම බාධකය රළ පහරේ වේගය හා උස අඩු කිරීමට හේතු වුවද විශාල දේපල හානි හා ජීවිත හානි වැළැක්වීමට නොහැකි විය. සුනාමියෙන් බලපෑම් අවම කිරීම වෙරළතීරයේ ගස්වැල් ආවරණය වැනි ස්වභාවික සාධක වලට හැකියාව තිබේ. 2004 දී ඉන්දියන් සාගර සුනාමියෙන් එයට ගොදුරු වු සමහර ප්‍රදේශ සම්පුර්ණයෙන්ම වාගේ බේරිමට ලක්විය. මෙයට හේතුව වන්නේ සුනාමියේ ශක්තිය පොල් හා කඩොලාන වැනි ශාක මඟින් අවශෝෂණය කර ගැනිමයි. මෙය සඳහා පැහැදිලි උදාහරණයක් වන්නේ ඉන්දියාවේ තමින්නාඩු ප්‍රදේශයේ නලුවේදාපති (Naluverdapathy) ගම්මානයේ අවම හානියට පත් වු අතර, සුළු ජීවිත හානි කීපයක් ප
මණක් සිදුවිය. මෙයට හේතුව සුනාමි රළ පහර වැදුනේ 2002 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ඔවුන් විසින් වෙරළ ආසන්නයේ පැළ කර තිබු ගස් 80,224 කින් යුත් වනාන්තරය වීමයි. පරිසරවේදියෝ සුනාමි අවදානම් සහිත ප්‍රදේශවල වෙරළතීරය දිගේ ගස් වැවීම පිළියමක් ලෙස යෝජනා කරති. ශාක ප්‍රයෝජනවත් ප්‍රමාණයක් වර්ධනය වීමට අවුරුදු කිහිපයක් ගතවුවද මෙය කෘත්‍රීම බාධක වලට වඩා ලාභදායී හා දීර්ඝ කාලීන සුනාමි හානි අවම කරගැනීමේ ක්‍රමයකි.ශ්‍රි ලංකාවට ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වය[සංස්කරණය]2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම .සුනාමි ක්‍රියාකාරිත්වය 2004 දෙසැම්බර් 26 වන දින සිදු වු භූමි කම්පාවට ඉවහල් වුයේ ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යාමයි. මෙම ලිස්සා යාමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත. භූතැටි සිරස්ව චලනය වීමෙන් නිර්මාණය වන සුනාමි තරංගයක නිම්න කොටස පෙරමුණ ගනී. මෙම නිම්න කොටස වෙරළ තීරයට ලගා වු විට ජල මට්ටමේ පහළ යාමක් සිදු වේ. එවිට මුහුදු පත්ල විශාල ප්‍රමාණයකින් නිරාවරණය වේ. තරංගයේ නිම්න කොටස පැමිණීම නිසා ජල තීරය පහළ බැස ගියද සුළු මොහොතකින් ඊලඟ තරංගයේ ශීර්ෂ කොටස පැමිණේ. එවිට සුනාමි තරංගය ව
ිශාල ජල කඳක් සහිතව ඉහළ නැග ඉතා වේගයෙන් වෙරළ දෙසට ගමන් කරයි. මෙම ක්‍රියාකාරිත්වය සුනාමියක් ඇති වීමයි. 2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි රළ හේතුකොට ගෙන ජිවිතක්ෂයට පත් වු ජන සංඛ්‍යාවරටමරණයට පත් වු ජනසංඛ්‍යාවඅතුරුදහන් වු ජනසංඛ්‍යාවඉන්දුනිසියාව237,071113,937ශ්‍රි ලංකාව30,9574,698ඉන්දියාව16,3895,554තායිලන්තය5,3932,994මාලදිවයින8226මැලේසියාව68-මියන්මාරය61-බංග්ලාදේශය2-සෝමාලය298-කෙන්යාව1-2004 දෙසැම්බර් 26 වන දින ඇති වු සුනාමි ක්‍රියාකාරිත්වයේ බලපෑම[සංස්කරණය]පාරිසරික බලපෑම[සංස්කරණය] සුමාත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත. භූගෝල විද්‍යාඥ පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත. මෙම වෙනස්කම් නිසාපෘතුවිය කාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත. සුමාත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට
තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.සමාජීය බලපෑම[සංස්කරණය]සුනාමි හානි සුනාමි රළ හේතුවෙන් ආසියානු රටවල් රැසක විශාල පිරිසක් ජිවිතක්ෂයට පත් වීම හා අවතැන් වීමට ලක් විය. වගු අංක 4.1 මගින් දැක්වෙන්නේ එම එක් එක් රටවල් වල ජිවිතක්ෂයට පත් වු ජනසංඛ්‍යාවයි.විශාල පිරිසක් මරණයට පත් වීම නිසා සමාජීය ගැටළු රැසක් බලපාන ලදි.ආර්ථික බලපෑම[සංස්කරණය] සුනාමි රළ හේතුකොටගෙන ආසියාතික රටවල ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය. ධීවර, සංචාරක හා වෙරළ ආශ්‍රිත සුළු පරිමාණ කර්මාන්ත රැසක් සුනාමි රළින් විනාශයට පත්විය. සුනාමි රළ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදු වු බලපෑම පිළිබඳව සලකා බැලීමේදී සුනාමි රළ ක්‍රියාකාරිත්වය බලපෑ රටවල් 11තුළම ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින්, ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා හා ධීවරයන්ගේ නිවාස විනාශයට පත්විය.මේ වෙබ් අඩවිත් බලන්න[සංස්කරණය]2004 සුනාමියමුලාශ්‍ර[සංස්කරණය]ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවපළමුවෙනි ගජබාහුපළමුවෙනි ගජබාහු (ක්‍රි.ව. 114 - 136) රජු රජරට රාජධානියේ රජ කළ සිංහළ රජෙකි. ගජබාහු යන්නෙහි තේරුම හස්තියෙකුගේ අ
ත් ඇත්තා යනුයි. ඔහු ගජබාහුක ගාමිණී නමින්ද ඔහු හැඳින්වේ. ඔහු ආගමට ඉතා ලැදි එමෙන්ම දකුණු ඉන්දීය දේශපාලනය කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ රජ කෙනෙකු ලෙස සැළකුම් ලැබුවේය. එමෙන්ම පත්තිනි දේවියට වැඳුම් පිදුම් කිරීමේ සිරිත ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ඔහු යයිද කියනු ලැබේ. ඔහුගේ පාලන කාලය පිළිබඳව මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එසේම එළාර රජුගේ විස්තරද සමග "සීලප්පදිකාරම්" හි වැඩි වශයෙන් විස්තර වන එකම සිංහල රජතුමාද ඔහුය. ජීවිතය සහ ආගමගජබාහුගේ තරුණ කාලය සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවලට අනුව ඔහු අනුරාධපුර පාලකයා වූ වංශනාසික තිස්ස (110 - 113) සහ මහමත්ත බිසවගේ පුතා වූ බව පමණක් පෙනෙන අතර ඊට අමතරව වෙනත් තොරතුරු නොලැබේ. ඒ අනුව ඔහු තම පියා වූ තිස්සගේ පාලන සමයේදී සිදු වූ කරිකාලන් නමැති චෝල රජුගේ රජරට ආක්‍රමණය වැනි වෙනත් බොහෝ වැදගත් සිද්ධීන් පිළිබඳව දැනුවත්ව සිටියේය. කරිකාලන් රජරට ආක්‍රමණය කොට ඉන්දියාවේ කාවේරි නදිය හරහා ඉදිකරන වේල්ලක් බැඳීම සඳහා ඉන්දියාවට ගෙන යාමට සිංහල වැසියන් 1200 ක් දෙනා අල්ලා ගන්නා ලදී. (කරිකාලන්ගේ පාලන සමය ගජබාහුට වඩා අවුරුදු 100 ක් පසුව සිදුවූ බවට සමහර ඉතිහාසඥයින් දක්වන තොරතුරුද
සැලකිල්ලට ගත යුතුය)මහාවංශයෙන් විස්තර වන්නේ ගජබාහුගේ පාලන කාලය වසර විසි දෙකක් බවයි. කරිකාලන්ගේ ආක්‍රමණය ගැන හෝ ඉතා ප්‍රසිද්ධ කථාවක් වන ගජබාහුගේ දකුණු ඉන්දියන් ආක්‍රමණයක් ගැන තොරතුරු හෝ මහාවංශයේ නොදැක්වේ. ඵහෙත් ඵ් වෙනුවට ඔහු මාතු විහාර සහ රුවික යන විහාර දෙකද අභය උත්තර නම් ස්ථූපයද කළ ශාෂනකාමී රජෙකු ලෙස ඵහි විස්තර කර ඇත. දුටු ගැමුණු රජු කරවූ මිරිසවැටිය දාගැබට ආවරණයක් සැපයීම හා අභයගිරි විහාරවාසී භික්ෂූන්ට ආහාර සමඟ ජලය සැපීමට ජලාශයක් නිමැවීම සම්බන්ධයෙන්ද ඔහු ගරු බුහුමනට පත් විය. ඵසේම අභයගිරි ථූපය සතර වාහල් කඩ වැඩි දියුණු කිරීම ද ඔහු විසින් කරන ලද්දක් විය.පත්තිනි දේවී වන්දනාව ශ්‍රි ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙසද ගජබාහු රජු බුහුමනට පාත්‍ර වේ. චෝල රජෙකු වූ සෙන්ගුවුට්ටන් විසින් කන්නගීට (මෙම කාරණයේදී පත්තිනි දේවියයි) කෝවිලක් පූජා කිරීමේ සිද්ධියේදී ගජබාහුද සිටි බව සිල්පදිකාරකම් හි දක්වා ඇත. ඉන්දියාවේ සිට ඔහු ආපසු පැමිණීමේදී බුදුන්ගේ පාත්‍ර ධාතුව පමණක් නොව පත්තිනි දේවියගේ පා සළඹද ගෙනාවේය. ඉන් පසු මුලතිව්වලට නොදුරු වට්ටපල්ලි නම් ස්ථානයේ පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් නිර්මාණය කළේය. කෙසේ වෙතත්
වෙනත් මත වලින් කියවෙන්නේ පත්තිනි වන්දනාව ලංකාවට පැමිණෙන්නේ 13 වැනි ශත වර්ෂයේදීය යනුවෙනි. ගජබාහු පෙරකී සිද්ධියේදී පෙනී සිටීම විස්තර කරන්නට ඇත්තේ පත්තිනි දේවි වන්දනාව කිසියම් නිත්‍යානුකූල ආරම්භයක් පෙන්වා දෙනු පිණිස විය හැකිය.මහනුවර පවත්වනු ලබන වාර්ෂික ඇසළ පෙළහර ගජබාහුගේ පාලන සමය සිහිපත් කරන්නකැයි කියවේ. චෝල අධිරාජ්‍ය කරා මෙහෙයවනු ලැබූ සාර්ථක ආක්‍රමණ කිපයකින් පසු ඊට ස්තුතිය පුද කිරීමට අනුරාධපුර විෂ්ණු දේවාලය මගින් පෙරහැරක් ආරම්භකරන ලද අතර අද දක්වා ඵය උත්සවයක් ලෙස වර්ධනය වී ඇත.ගජබාහුගෙන් පසු මහල්ලක නාග නම් ඔහුගේ රජුගේ මාමා රජකමට පත්විය.ඔවුන් විසින් නායකත්වය සැපයුනු රෝමානු කතෝලික සභාව විසින් ශුද්ධවර භාවයට එසවුනු හෝ සාන්තුවරයන් ලෙසින් පිළිගැනුනු හෝ පාප්වහන්සේලා ලැයිස්තුවක් මෙම ලිපිය විසින් දැක්වෙයි. සම්පූර්ණ වශයෙන් පාප්වහන්සේලා 80 (265 අතුරින්) දෙනෙක් සාන්තුවරයන් ලෙසින් සැලකෙන අතර, මෙය වෙත මුල් පාප්වහන්සේලා 35 දෙනාමද පළමු 54 අතුරින් 52 දෙනෙකුද ඇතුළු වෙති. මෙයට අමතර වශයෙන්, තවත් පාප්වහන්සේලා 16 දෙනෙකු සාන්තුවරභාවයට එසවීමෙහි පෙළෙහි සිටින අතර, භාග්‍යවත්භාවයට එසවීමෙහි ප්‍රාරම්භක අවධි
ය පසු කර හෝ වර්තමානයෙහි එම අවධියෙහි හෝ සිටිති.ඉතාමත් මෑතදී ශුද්ධවරභාවයට එසවුනු පාප්වහන්සේ වනුයේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වන අතර, එතුමාගේ ශුද්ධවරභාවයට එසවීමේ ක්‍රියාවලිය ඇරඹුනේ 2005 මැයි මසදී වන අතර එතුමා භාග්‍යවත්භාවයට එසවුනේ 2011, මැයි 1 වන දිනදීය. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ සහ විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ ශුද්ධවරභාවයට එහවුනේ 2014 අප්‍රේල් 27 දිනදීය.[1]සාන්තුවරයෝ[සංස්කරණය]පළමුවන අඩේයොඩටුස් පාප්වහන්සේතුන්වන ඒඩ්‍රියන් පාප්වහන්සේපළමුවන අගපිටෝස් පාප්වහන්සේඅගාතෝ පාප්වහන්සේපළමුවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේඇනක්ලීටස් පාප්වහන්සේඇනිසීටස් පාප්වහන්සේපළමුවන ඇනස්ටීටියස් පාප්වහන්සේඅන්ටේරුස් පාප්වහන්සේදෙවන බෙනඩික්ට් පාප්වහන්සේපළමුවන බොනිෆස් පාප්වහන්සේසතරවන බොනිෆස් පාප්වහන්සේකායුස් පාප්වහන්සේපළමුවන කලික්ස්ටස් පාප්වහන්සේපළමුවන සෙලස්ටීන් පාප්වහන්සේපස්වන සෙලස්ටීන් පාප්වහන්සේපළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේකෝර්නීලියස් පාප්වහන්සේපළමුවන ඩැමසස් පාප්වහන්සේඩයනිසියුස් පාප්වහන්සේඑලීතීරස් පාප්වහන්සේපළමුවන ඉයුජීන් පාප්වහන්සේයුසීබියස් පාප්වහන්සේයුටිකියන් පාප්වහන්සේඉවාරිස්ටුස් පාප්වහන්
සේෆේබියන් පාප්වහන්සේපළමුවන ෆීලික්ස් පාප්වහන්සේතුන්වන ෆීලික්ස් පාප්වහන්සේසතරවන ෆීලික්ස් පාප්වහන්සේපළමුවන ගෙලාසියොස් පාප්වහන්සේපළමුවන ග්‍රෙගරි පාප්වහන්සේදෙවන ග්‍රෙගරි පාප්වහන්සේතුන්වන ග්‍රෙගරි පාප්වහන්සේහත්වන ග්‍රෙගරි පාප්වහන්සේහිලාරියොස් පාප්වහන්සේහෝර්මිස්ඩාස් පාප්වහන්සේහිජයිනස් පාප්වහන්සේපළමුවන ඉනසන්ට් පාප්වහන්සේපළමුවන ජුවාම් පාප්වහන්සේවිසිතුන්වන ජුවාම් පාප්වහන්සේ[2]දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේපළමුවන ජූලියස් පාප්වහන්සේපළමුවන ලියෝ පාප්වහන්සේදෙවන ලියෝ පාප්වහන්සේතුන්වන ලියෝ පාප්වහන්සේසතරවන ලියෝ පාප්වහන්සේනවවන ලියෝ පාප්වහන්සේලීනස් පාප්වහන්සේපළමුවන ලුසියස් පාප්වහන්සේමාර්සෙලීනුස් පාප්වහන්සේපළමුවන මාර්සෙලර්ස් පාප්වහන්සේමාර්ක් පාප්වහන්සේපළමුවන මාටින් පාප්වහන්සේමිල්ටයඩීස් පාප්වහන්සේපළමුවන නිකොලස් පාප්වහන්සේපළමුවන පැස්කෝල් පාප්වහන්සේපළමුවන පාවුළු පාප්වහන්සේපේදුරු පාප්වහන්සේපළමුවන පයස් පාප්වහන්සේපස්වන පයස් පාප්වහන්සේදහවන පයස් පාප්වහන්සේපොන්චියන් පාප්වහන්සේපළමුවන සර්ජියස් පාප්වහන්සේසිල්වේරියොස් පාප්වහන්සේසිම්ප්ලීසියුස් පාප්වහන්සේසිරිකියුස් පාප්වහන්සේපළමුව
න සික්ස්ටස් පාප්වහන්සේදෙවන සික්ස්ටස් පාප්වහන්සේතුන්වන සික්ස්ටස් පාප්වහන්සේසෝටර් පාප්වහන්සේපළමුවන ස්ටීවන් පාප්වහන්සේපළමුවන සිල්වෙස්ටර් පාප්වහන්සේසුමාකුස් පාප්වහන්සේටෙලෙස්ෆොරොස් පාප්වහන්සේපළමුවන අර්බන් පාප්වහන්සේපළමුවන වික්ටර් පාප්වහන්සේවිටාලියාන් පාප්වහන්සේසැකරී පාප්වහන්සේසෙෆීරිනුස් පාප්වහන්සේසෝසිමුස් පාප්වහන්සේභාග්‍යවත්හූ[සංස්කරණය]එකොළොස්වන බෙනඩික්ට් පාප්වහන්සේදෙවන කලික්ස්ටස් පාප්වහන්සේතුන්වන ඉයුජීන් පාප්වහන්සේදහවන ග්‍රෙගරි පාප්වහන්සේපස්වන ඉනසන්ට් පාප්වහන්සේඑකොළොස්වන ඉනසන්ට් පාප්වහන්සේනවවන පයස් පාප්වහන්සේ[3]දෙවන අර්බන් පාප්වහන්සේපස්වන අර්බන් පාප්වහන්සේ[4]තුන්වන වික්ටර් පාප්වහන්සේ[5]පූජ්‍යයෝ[සංස්කරණය]හයවන පාවුළු පාප්වහන්සේ[6]දොළොස්වන පයස් පාප්වහන්සේදෙවියන්ගේ සේවකයෝ[සංස්කරණය]දහතුන්වන බෙනඩික්ට් පාප්වහන්සේපළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ[7]හත්වන පයස් පාප්වහන්සේආශ්‍රිත[සංස්කරණය]↑ සංරක්ෂිත පිටපත, http://www.ncregister.com/site/article/its-official-john-paul-ii-and-john-xxiii-to-be-canonized-april-271/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-29 ↑ බයෝග්‍රෆි ඔෆ් බ්ලෙ. ප
ෝප් ජෝන් XXIII↑ බයග්‍රෆි ඔෆ් බ්ලෙ. පෝප් පයස් IX↑ Webster, ඩග්ලස් රේමන්ඩ්. "පෝප් බ්ලෙ. අර්බන් V." ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 15. නිව්යොර්ක්: රොබට් ඇප්ල්ටන් සමාගම, 1912. 13 පෙබ. 2013↑ Webster, ඩග්ලස් රේමන්ඩ්. "පෝප් බ්ලෙසඩ් වික්ටර් III." ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 15. නිව්යෝර්ක්: රොබට් ඇපල්ටන් සමාගම, 1912. 13 පෙබ. 2013↑ ඩේක්ලරේෂන් ඔෆ් හෙරොයික් වර්චූ ඔෆ් ද සර්වන්ට් ඔෆ් ගෝඩ්, පෝල් VI↑ ඕපනිං ඔෆ් ද කෝස් ඔෆ් කැනනයිසේෂන් ඔෆ් ද සර්වන්ට් ඔෆ් ගෝඩ් අල්බීනෝ ලුචානි, පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ: නොවැම්බර් 23, 2003පාරනාසික කෝඨරකපාරනාසික කෝඨරක ලලාට දර්ශනයකදී දිස්වන අයුරුපාරනාසික කෝඨරක වල පාර්ශවික ප්‍රක්ෂේපණයවිස්තරලතින්සිනුස් පැරනේසලස්හඳුන්වනග්‍රේ ගේp.998MeSHParanasal+SinusesDorlands/ElsevierParanasal sinusesTAA06.1.03.001FMAFMA:59679Anatomical terminologyපාරනාසික කෝඨරක යනු, නාසික කුහරය වටා (කුංජක කෝඨරක), ඇස් වලට ඉහළින් (ලලාට කෝඨරක), ඇස් අතරමැදිව (ඡිද්‍රාස්ථි කෝඨරක), සහ කීලාස්ථියන්ට පිටුපසින් (කීලාස්ථි කෝඨරක) වශයෙන් පිහිටි, යුගල සතරකින් සැදි වාතය-පිරි අවකාශ සමූහයකි
. මෙම කෝඨරක නම් ලබා ඇත්තේ, ඒවා පිහිටි වක්ත්‍ර අස්ථි වල නම් අනුව යමිනි.ව්‍යුහය[සංස්කරණය]මානවයන් සතුව පාරනාසික කෝඨරක කිහිපයක් ඇති අතර, ඒවා උපකාණ්ඩ වලට බෙදා නම් ලබා ඇත්තේ, කෝඨරක පිහිටා ඇත්තේ කුමන අස්ථි තුලද, ඒවායේ නම් අනුව යමිනි:කුංජක කුහර ලෙසින්ද හැඳින්වෙන, කුංජක කෝඨරක යනු, පාරනාසික කෝඨරක අතුරින් විශාලතම ඒවා වන අතර, ඇස් වලට යටින්, කුංජක අස්ථිය තුල පිහිටා ඇත.ලලාට කෝඨරක, ඇස්වලට උත්තර ලෙසින්, නලලෙහි හෙවත් ලලාටයෙහි තද කොටස තනන ලලාට අස්ථිය තුල පිහිටා ඇත.ඡිද්‍රාස්ථි කෝඨරක තැනී ඇත්තේ, නාසය සහ ඇස් අතර පිහිටන ඡිද්‍රාස්ථි අස්ථිය තුල සැදෙන ප්‍රභින්න වාත කෝෂ වෙතිනි.කීලාස්ථි කෝඨරක, පිටියුටරි ග්‍රන්ථිය මධ්‍යයෙහි, කීලාස්ථි අස්ථිය තුල පිහිටයි.පාරනාසික වාත කෝඨරක, ශ්වසන අපිච්ඡදය (පක්ෂ්මධර ව්‍යාජ ස්තරිභූත ස්තම්භික අපිච්ඡදය) වෙතින් අතුරුණු ලබයි.ප්‍රවර්ධනය[සංස්කරණය]පාරනාසික කෝඨරක ප්‍රවර්ධනාත්මකව තැනෙනුයේ, නාසික කුහරය වෙතින් පැනනගින වාතය-පිරි කෝෂයන් (වායව අන්ධාශ) විසින්, අස්ථිය සෑරීම නිසාවෙනි. පුර-ප්‍රසව අවධියෙහි ඇරඹෙන මෙම ක්‍රියාවලිය, ජීවියෙකුගේ ආයු කාලය පුරා දිගටම සිදු වෙයි.අනෙකුත් සතුන්
තුල[සංස්කරණය]විවිධ සතුන් තුල (බොහෝ ක්ෂීරපායියන්, පක්ෂීන්, පියාඹනු-නොලබන ඩයිනොසොරියන් සහ, කුම්භිලයන් අඩංගු) පාරනාසික කෝඨරක ඇති වෙයි. මානව-නොවන සතුන් තුල, කෝඨරක ඇති වන අස්ථීන් විවිධාකාර වෙති.කෘත්‍යය[සංස්කරණය]X-කිරණ රූපයක පෙනෙන පරිදී පාරනාසික කෝඨරකයන්හී පාර්ශ්වික ප්‍රක්‍ෂේපනයක්කෝඨරකයන්හී ජීව විද්‍යාත්මක භූමිකාව විවාදයට පාත්‍රවූ කරුණක් වුවද, විය හැකි කෘත්‍යයන් කිහිපයක් යෝජනාවී ඇත:හිස් කබලෙහි ඉදිරිපස සහ විශේෂයෙන් මුහුණේ අස්ථීන්ගේ සාපේක්ෂ බර අඩුකරලීම.කටහඬෙහි අනුනාදය ඉහළ දැමීම.මුහුණට එල්ල වන පහර වලදී ස්වාරක්ෂකයක් සැපයීමනාසික කුහරයෙහි විගස සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්වීම් වලින්, දන්ත මූල සහ ඇස් වැනි සංවේදී ව්‍යුහයන් පරිවාරණය කිරීම.මෙම පෙදෙසෙහි සෙමෙන් සිදුවන වාත පිරිවැටුම භාවිතයෙන් ආශ්වාස වාතය ආර්ද්‍රකරණය සහ රත්කිරීම.අන්තර්නාසික සහ මස්තු වායු පීඩන නියාමනයප්‍රතිශක්තිවිද්‍යාත්මක ආරක්ෂණයමෙසේ විවිධ යෝජනා තිබුණද, පාරනාසික කෝඨරක කිසිම ජීව විද්‍යාත්මක කෘත්‍යයක් සිදුනොකරමින්, ඒ වෙනුවට සත්භාවෝදයේදී පසරයක් ලෙසින් ප්‍රවර්ධනය වූවා විය හැක.[1]සායනික අදාළතාව[සංස්කරණය]ප්‍රදාහය[සංස්කරණය]ප
්‍රධාන ලිපිය: කෝඨරක ප්‍රදාහයපාරනාසික කෝඨරක සහ නාසික කුහරය එකිනෙක හා සම්බන්ධ වන්නේ පූට ලෙසින් හැඳින්වෙන කුඩා විවර තුලිනි. අසාත්මික ප්‍රදාහයක් නිසා හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හා සමග ඇතිවන නාසික අතුරුණුවෙහි ඉදිමුමක් නිසාවෙන් හෝ මේවා පහසුවෙන් අවහිර විය හැක. මෙය සිදුවුවහොත්, කෝඨරක තුල ශ්ලේෂ්මලයෙහි සාමාන්‍ය අපවහනයට අවහිරතා සිදුවන අතර, කෝඨරක ප්‍රදාහය ඇතිවිය හැක. කුංජක අපර දත් පිහිටන්නේ කුංජක කෝඨරකය සමීපයෙහි බැවින්, දත් වල ආසාදන වැනි කිසියම් රෝග ක්‍රියාවලීන් පවතියි නම්, සායනික ගැටළු පවා එය විසින් ඇති කර ලිය හැක. අසබඩ ඇති තවත් දතක ආසාදනය මූලාශ්‍ර කොට ගෙන ඇති වන ප්‍රදාහය ආකාරයෙන් වන ද්වීතියක කෝඨරක ප්‍රදාහයද මෙම සායනික ගැටළු වල අංගයක් විය හැක.[2]අමතර රූප[සංස්කරණය]පාරනාසික කෝඨරකමෙයද බලන්න[සංස්කරණය]සැකිල්ල:ව්‍යුහ විද්‍යාව-පදආශ්‍රිත[සංස්කරණය]↑ සොලිකෝෆර්, ක්‍රිස්ටෝෆර් (24 ඔක්තොම්බර් 2008). "අ මෝර්ෆෝජොනෙටික් මොඩ්ල් ඔෆ් ක්‍රේනියල් නියුමටැයිෂේෂන් බේස්ඩ් ඔන් දි ඉන්වේසිව් ටිෂූ හයිපොතසිස්". දි ඇනටමිකල් රෙකෝඩ්. 291 (11): 1446–1454. doi:10.1002/ar.20784. {{cite journal}}: Unknown parameter |coa
uthors= ignored (|author= suggested) (help)↑ ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙරව්ඉාර්ක් ඇන්ඩ් හෙරිං, එල්සෙවියර්, 2012, පි. 68බාහිර සබැඳි[සංස්කරණය]Paranasal sinus හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Paranasal+sinuses at eMedicine ශබ්දකෝෂයදි ඇනටමි විස්: CT පැරනේසල් සයිනසස්සයිනස් ප්‍රොබ්ලම්ස් නිවිප්‍රසයිනූසයිටිස්: සිම්ප්ටම්ස්, කෝසර්ස්, ඇන්ඩ් ට්‍රීට්මන්ට්ටෙක්සාස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය අංශය: පැරනේසල් සයිනස් ඇනටමි ඇන්ඩ් ෆන්ෂන් සංරක්ෂණය කළ පිටපත 2013-05-27 at the Wayback Machineලැට්වියා ජනරජයකොඩියCoat of armsජාතික ගීය: Dievs, svētī Latviju!  God Bless Latvia! ගොනුව:Latvian National Anthem (instrumental).oggජනවාර්ගික කණ්ඩායම් (2011)59.5% ලැට්වියානුවන්,27.4% රුසියානුවන්,3.5% බෙලරුසියානුවන්,2.4% යුක්‍රේනියානුවන්,2.3% පෝලන්ත ජාතිකයන්,1.3% ලිතුවෙනියානුවන්,3.6% වෙනත්[1]ජාති නාම(ය)ලැට්වියන්රජය• ජනාධිපති Egils Levits• අගමැති Krišjānis Kariņšරුසියාවෙන් නිදහස ලැබිම• ප්‍රසිද්ධ කල දිනය1 නොවැම්බර් 18, 1918• පිළිගත් දිනය ජනවාරි 26, 1921• රුසියානු අධිවාසය අගෝස
්තු 5, 1940• නාසි ජර්මන් අධිවාසය ජුලි 10, 1941• රුසියානු අධිවාසය 1944• නිවේදනය කල දිනය මැයි 4, 1990• ප්‍රතිසංස්ථානය කල දිනය අගෝස්තු 21, 1991[2]වර්ග ප්‍රමාණය• සම්පූර්ණ24,938 sq mi (64,590 km2)• ජලය (%)1.57% (1,014 km2)දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$32.513 බිලියන[3]• ඒක පුද්ගල$14,460[3]දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$24.045 billion[3]• ඒක පුද්ගල$10,694[3]ගිනි (2003)37.7මධ්‍යමමාසද (2010) 0.769[4]දෝෂය: අනීතික HDI අගය · 48thව්‍යවහාර මුදලLats (Ls)වේලා කලාපයUTC+2 (EET)• ගිම්හාන (DST)UTC+3 (EEST)1 Latvia is de jure continuous with its declaration November 18, 1918.ලැට්වියා ජනරජය උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැට්වියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑ
කම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු
අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.↑ 1.0 1.1 Table: IS07. RESIDENT POPULATION BY ETHNICITY AT THE BEGINNING OF THE YEAR↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;FINemb නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ 3.0 3.1 3.2 3.3 "Latvia". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-30.↑ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.ක්ෂුද්‍ර ඉංජිනේරු විද්‍යාව යනු සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ට වඩා අඩු විෂ්කම්භයෙන් යුත් නාල (ක්ෂුද්‍ර නාල) හෝ උප මිලිමීටර් මාන ඇති අනෙකුත් ව්‍යුහ වැනි කුඩා පරිමාතුළ රසායනික හෝ භෞතික ක්‍රියාවලි සිදු කිරීමේ විද්‍යාවයි. මෙම ක්‍රියාවලි කාණ්ඩ නිෂ්පාදනයට ප්‍රතිවිරුද්ධ පරිදි එනම් සාමාන්‍යයෙන් අඛණ්ඩ ගලායාම් ක්‍රමයකට සිදු කරන අතර ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව රසායනික නිෂ්පාදනය සදහා මෙවලමක් බවට පත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිදානයක් ලබාදෙයි. මේ නිසා ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව ඉතා කුඩා මුළු පදාර්ථ ප්‍රමාණ සමග කටයුතු කරන ක්ෂුද්‍ර රසායනික විද්‍යාව සමග පටලවා නොගත යුතුය.ක්ෂුද්‍ර
ව්‍යුහ ප්‍රතික්‍රියාකාරක හෝ ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකරක තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සමග සම්බන්ධ වන ක්ෂුද්‍ර ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාවේ උප ඒකක ක්ෂුද්‍ර ප්‍රතික්‍රියා තාක්ෂණය ලෙස හදුන්වනු ලැබේ.ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියාකාරක හෝ ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකාරකවලට ආවේනික වාසියකි. එනම් එමගින් පෘෂ්ට වර්ගඵලයට පරිමාව දරණ විශාල අනුපාතය නිසා වැඩි දියුණු වීමෙන් ඇති තාප හුවමාරුව හා ස්කන්ධ හුවමාරුවයි. උදාහරණ ලෙස විලයන ක්‍රියාවලියක දිග පරිමාණය ක්ෂුද්‍ර නාළයක හෝ ඊට වඩා දිගින් අඩු එකකට සන්සන්දනය කළ හැකි අතර ඉතා කුඩා කාලයක් තුළදී (සාමාන්‍යයෙන් මිලි තත්ත්පර කිහිපයක් තුළදී) කාර්යක්ෂමව ප්‍රතික්‍රියාකාරක මිශ්‍ර කරගත හැකිය. හොඳින් තාප සන්නයන කරන ද්‍රව්‍ය අදාල ප්‍රතික්‍රියාව සදහා නිවැරදි උෂ්ණත්ව පාලනයක් සපයයි. උදාහරණ ලෙස අධික තාපදායක ප්‍රතික්‍රියාවක් (ප්‍රතික්‍රියා නාළ වලින් තරළමය අතින් වෙන් කර ඇති) ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියා කාරකයේ අඩංගු විට සම්පුර්ණයෙන්ම පාහේ සමෝෂ්ණ වන පරිදි සිදු කළ හැකිය. එම නාල වලදී අවශ්‍ය තරම් උස් තාප ධාරිතාවයකින් යුතු සිසිල් ද්‍රව්‍යක ගලායාම පවත්වා ගනු ලැබේ. සමෝෂ්ණ නොවන ක්‍රියා
වලියක් සිතා මතාම අයත් කර ගැනීම සඳහා ක්ෂුද්‍ර ව්‍යුහ ප්‍රතික්‍රියාකාරකවල උෂ්ණත්වය නිරන්තරයෙන් වෙනස් කිරීමද සිදු කළ හැකිය.ටීක් බෝලජිල් බෝල ගැසීම ජිල් බෝල හෙවත් ටීක් බෝල යොදාගනිමින් කරන සෙල්ලමකි. ගමේ ක්‍රීඩාව - ශ්‍රි ලංකාව[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ගම්මාන ආශ්‍රිතව ජිල් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිතය. අලුත් අවුරුදු කාලයේදී මෙම ක්‍රීඩාවට ප්‍රධාන තැනක් ලැබේ[තහවුරු කර නොමැත]. පොළවෙහි අඳින ලද කොටුවක් ආශ්‍රිතයෙන් ජිල් ක්‍රීඩාව සිදු කෙරෙයි.ක්‍රීඩාව කරන ආකාරය[සංස්කරණය]සෙල්ලම් කරන සියලුම ළමයින් ගෙන් , සමාන ජිල් බෝල ගනනක් එකතුකර ගනී.ඉන්පසු පලමුව සෙල්ලම් කරන ළමයා, මේ බෝල වලින් 1 හැර අනෙත් සියල්ල කොටුව තුල රැදෙන ආකාරයට විසිකරයි.ඉන්පසු, තමාගේ අත ඇති බෝලයෙන් , කොටුව තුල ඇති බොලයකට එල්ලය බලා පහර දී, එම වාරය දිනා ගත හැකිය.කොටුව තුල සලකුණු කල වලක් ඇත, එයට බෝල්යක් වැටුනොත්, එය වලෙන් ගොඩඑන ලෙස පහරදීම කලයුතුයි. නැතිනම්, සිදුවන්නේ, පහරදීමේ වාරය අනෙත් ක්‍රීඩකයාට හිමිවෙයි. නැවත මුල් පියවරෙ සිට ක්‍රීඩාව සිදුවෙයි.ජවහර්ලාල් නේරුඉන්දියාවේ පළමුවන අගමැතිතනතුර දරමින්15 අගෝස්තු 1947 – 27 මැයි 1964Monarchසයවන ජ
ෝර්ජ් (1947-1950)ජනාධිපතිවරයාරාජේන්ද්‍ර ප්‍රසාද්සර්වපල්ලි රාධකෘෂ්ණන්Governor Generalබුරුමයේ අර්ල් මවුන්ට්බෑටන්චක්‍රවර්ති රාජගෝපාලචාරිDeputyවල්ලභ්භායි පටේල්පූර්වප්‍රාප්තිකයාතනතුර ඇති කෙරිණිඅනුප්‍රාප්තිකයාගුල්සාරිලාල් නන්ද (වැඩ බලන)ආරක්ෂක ඇමතිතනතුර දරමින්31 ඔක්තොම්බර් 1962 – 14 නොවැම්බර් 1962පූර්වප්‍රාප්තිකයාවී. කේ. කෘෂ්ණ මෙනන්අනුප්‍රාප්තිකයායශ්වන්ත්රාඕ චවාන්තනතුර දරමින්30 ජනවාරි 1957 – 17 අප්‍රේල් 1957පූර්වප්‍රාප්තිකයාකෛලාශ් නාත් කාට්ජුඅනුප්‍රාප්තිකයාවී. කේ. කෘෂ්ණ මෙනන්තනතුර දරමින්10 පෙබරවාරි 1953 – 10 ජනවාරි 1955පූර්වප්‍රාප්තිකයාඑන් ගෝපාලස්වාමි අයියන්ගර්අනුප්‍රාප්තිකයාකෛලාශ් නාත් කාට්ජුමුදල් ඇමතිතනතුර දරමින්13 පෙබරවාරි 1958 – 13 මාර්තු 1958පූර්වප්‍රාප්තිකයාටී. ටී. කෘෂ්ණාමචාරිඅනුප්‍රාප්තිකයාමොරාජි දේසායිතනතුර දරමින්24 ජූලි 1956 – 30 අගෝස්තු 1956පූර්වප්‍රාප්තිකයාසී. ඩී. දේශ්මුඛ්අනුප්‍රාප්තිකයාටී. ටී. කෘෂ්ණාමචාරිවිදේශ කටයුතු ඇමතිතනතුර දරමින්15 අගෝස්තු 1947 – 27 මැයි 1964පූර්වප්‍රාප්තිකයාතනතුරු ඇතිකෙරිණිඅනුප්‍රාප්තිකයාගුල්සාරිලාල් නන්දපුද්ගලික තොරතුරුඋපත14 නොවැම්බර් 1889(1889-11-14)අලහබාද
්, වයඹ-පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාවවිපත27 May 1964(1964-05-27) (වයස 74)නව දිල්ලිය, ඉන්දියාවදේශපාලන පක්ෂයඉන්දියානු ජාතික කොංග්‍රසයකලත්‍රයාකමලා නේරුදරුවන්ඉන්දිරා ගාන්ධිඋගත් ශාස්ත්‍රාලයTrinity College, CambridgeInns of Courtවෘත්තියඅධිනීතිඥඅත්සනපණ්ඩිත් ජවහර්ලාල් නේරු (1889 නොවැම්බර් 14 – 1964 මැයි 27) කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායක යා වූවා මෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ අවශ්‍යම තැනැත්තා වූ අතර නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ද විය. ඔහු යුද්ධයෙන් පසු කලායේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධානම තැනැත්තා (ඔහු තුන්වන ලෝකයේ අයිතිවාසිකම් කරුණු සැලකීමෙන් නිගමනය කර පුද්ගලයා) වූවා මෙන්ම ඉන්දියානු දේශපාලනයේ විශාල බලයක් පවතින නේරු - ගාන්ධි පවුලේ පීතෘ මූලිකයා ද වූවාය. ඔහු පිළිබඳ වැඩිපුර සඳහන් වූවේ පණ්ඩිත් ජී (ශිෂ්‍යත්වය) සහ පණ්ඩිත් නේරු වශයෙනි. ධනවත් ඉන්දියානු අධි නීතීඥවරයෙක් මෙන්ම දේශපාලනඥයෙක් වන මොතිලාල් නේරු මහතාගේ පුත්‍රයෙකු වූ නේරු විශිෂ්ට වූ තරුණ වයසේ දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායමේ නායකයා බවට පත්වූවේය. කොංග්‍ර‍ස් නායකයා ලෙස ඉහලට යමින් මහත්මා ගාන්ධි යටතේ උපදේශකයෙ
කු ලෙස සිටින අතර නේරු තුමා ජනකාන්ත, විප්ලවවාදී නායකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණ නිදහස ලබා ගැනීමට කතා කළ ඔහු අවසානයේ ගාන්ධිගේ දේශපාලන හිමිකරු ලෙස හැඳින්වූවේය. යාවජීව, ධනවාදී, බුද්ධිමත් නේරු නිරන්තරව ෂේබියන් සමාජවාදයට හා රාජ්‍ය අංශය සඳහා පක්ෂව කතා කරමින්‍බොහෝ කල් සිට පැවතෙන ආර්ථික සංවර්ධනයේ අභියෝග කතා කිරීමට හැකි විය.කොංග්‍රස් නායකයා ලෙස සේවය කරමින් නේරු නිදහස් ඉන්දියාවේ කොඩිය 1947 අගෝස්තු 15 නව දිල්ලියේ දී එසවූ අතර අගමැති ලෙස සේවය කළේය. ඔහුගේ දියණිය ඉන්දිරා හා වැඩිමහල් පුතු රජීව් යන දෙදෙනාම අගමැති සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස සේවය කළ අතර රජීව්ගේ බිරිඳ සෝනියා එම අයුරින් සේවය කළාය. ඔහුගේ දිගු නිල දරන කාලය නිදහස් ඉන්දියාවේ සම්ප්‍රදායන් සහ සැලැසුම් හැඩගැස්වීමට උපයෝගී වූවාය.උරුමයනේරුගේ ප්‍රතිමාව, Aldwych, ලන්ඩන්ඉන්දියාවේ ප්‍රථම අගමැති සහ බාහිර කටයුතු පිළිබඳ ඇමති වශයෙන් ජවහර්ලාල් නේරු නූතන ඉන්දියා රජය හා දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ විදේශ පිළිවෙතක් සමඟ හැඩගැස්වීමේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කළාය. ඔහු ජාත්‍යන්තර ප්‍රාථමික අධ්‍යාපනය ඉන්දියාවේ ඉතා දුරින් පිහිටි ග්‍රාමීය
ප්‍රදේශවල මුළුගැන්වුණු ළමයින්ට ළඟා කර දීම පිළිබඳ සැලසුම් නිර්මාණය කිරීමේ ස්තූතිය ලබා ගනී. නේරුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ලොව ඉහල අධ්‍යාපන ආයතන වන ඉන්දියාවේ සියලු වෛද්‍ය විද්‍යාව පිළබඳ ආයතනය තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතනය පිළිබඳ ජාතික ආයතන සහ කළමණාකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය සංවර්ධනය කෙරේ බලපානු ලැබුවාය.නේරු තුමා වරප්‍රසාද නොලත් හෝ අඩු වරප්‍රසාද ඇති අය වෙනුවෙන් හැම අත පැතිරුණු සැලසුමක් පිහිටුවමින් ඉන්දියාවේ වාර්ගික කොටස්, සුළු ජාතීන්, කාන්තාවන්, කුල වශයෙන් ලැයිස්තු කළත්, පෙළපත වශයෙන් ලැයිස්තු කළත් තම සමාන අයිතිවාසිකම් හා යුතුකම් ලබා දීමේ ගෞරවය ලැබුවේය. නේරු තුමාගේ සමානාත්මකව පිළිබඳ මහත් ලැදියාව නිසා ඔහු කාන්තාවන්ට හා පරිහානි පංතිවලට වෙනස් කොට සැලකීමට විරුද්ධව එය නැවතීමට උත්සාහ ගෙන ක්‍රියාකිරීම ඔහුගේ ජීවිත කාලය තුළ සීමිත සාර්ථකත්වය ඔහු ලැබුවේය.ආශ්‍රිත[සංස්කරණය]↑ "ද මොන්ට්‍රියල් ගැසට්". ගූගල් නිව්ස් ආකයිව්. 9 ජූනි 1964. p. 4. http://news.google.co.in/newspapers?id=LZotAAAAIBAJ&sjid=jp4FAAAAIBAJ&pg=7168,1579610. ↑ Ramachandra Guha (23 September 2003). "Inter-faith Harmony: Where Nehr
u and Gandhi Meet Times of India". The Times Of India.↑ In Jawaharlal Nehru's autobiography, An Autobiography (1936), and in the Last Will & Testament of Jawaharlal Nehru, in Selected Works of Jawaharlal Nehru, 2nd series, vol. 26, p. 612,පරිගණක වක්ත්‍ර සජීවනය යනු ප්‍රාථමික වශයෙන් පරිගණක චිත්‍රක හා බැඳි එක් ක්ෂේත්‍රයක් වන අතර එහි අඩංගු වන්නේ මානව හිසෙහි සහ මුහුණෙහි අනුරූ නිමැවීමෙහි හා සජීවනයෙහි ආකෘති සහ ශිල්පක්‍රම වෙති. එහි විෂය ක්ෂේත්‍රය හා ප්‍රතිදාන ආකාරය හේතුවෙන් එය, මනෝවිද්‍යාවෙහි සිට සාම්ප්‍රදායික සජීවනය දක්වා පරාසය තුල පවතින වෙනත් බොහෝ විද්‍යාත්මක සහ කලාත්මක ක්ෂේත්‍රයන්ට ආශ්‍රිතව පවතියි. වාචික සහ අවාචික සන්නිවේදනයෙහිදී මිනිස් මුහුණෙහි වැදගත් බව නිසාවෙන් හා පරිගණක චිත්‍රක දෘඪාංගයන්හී සහ මෘදුකාංගයන්හී අභිවර්ධනයන් නිසාවෙන් පරිගණක වක්ත්‍ර සජීවනය කෙරෙහි සැලකිය යුතු තරම් විද්‍යාත්මක, තාක්ෂණික හා කලාත්මක සැලකිල්ලක් යොමුවී ඇත.වක්ත්‍ර සජීවනය සඳහා පරිගණක චිත්‍රක ක්‍රම ප්‍රවර්ධනය කිරීම 1970 ගණන්වල මුල් භාගයෙහි ඇරඹුනද, මෙම ක්ෂේත්‍රයෙහි ප්‍රධාන සාධනයන් මෑතදී සිදුවී ඇති අතර 1980 ග
ණන් වල අග භාගයෙන් පසුව සිදුවී ඇත.රූපජනනයෙහි සිට ත්‍රිමාන ආකෘතිකරණය සහ විදැහුම දක්වා දිගු පරාසයක විවිධ ශිල්පක්‍රම මාලාවක් පරිගණක වක්ත්‍ර සජීවනයට අයත් වෙයි. සජීවනකෘත වෘත්තාන්ත චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා විෂයයෙහි එහි භාවිතය චීරප්‍රකට හා ජනප්‍රිය වුවද සන්නිවේදනය, අධ්‍යාපනය, විද්‍යාත්මක විලම්බනය, සහ කාරක-පාදක පද්ධතීන් (නිදසුනක් ලෙසින් සබැඳි පාරිභෝගික සේවා නියෝජකයන්) වැනි තවත් බොහෝ ක්ෂේත්‍රයන්හී එහි යෙදුම් පැතිර පවතියි.ඉතිහාසය[සංස්කරණය]අවුරුදු සිය ගණනක සිටම විද්‍යාත්මක අන්වේශණයට ලක් වු විෂයක් ලෙස මනුෂ්‍ය වස්ත්‍ර අභිනය හැදින්විය හැක. චක්ත්‍ර සංචලනය සහ අබිනය පිළිබද අධ්‍යනයක් ඇරඹු‍වේ ජෛව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකිනි. 1640 දී පමණ සිදු කෙරැණු John Bulwer ගේ අධ්‍යනයන්ට පසුව චාල්ස් ඩාවින්ගේ කෘතියක් වන The Expressions of the Emotions in Men and Animals යන කෘතිය චර්යාත්මක ජීව විද්‍යාවේ නුතන පර්යේෂණ වලට මහත් ඉවහලක් විය.මෑතක දී වක්ක්‍ර සංචලනයන් විස්තර කිරිමට ගන්නා ලද වැදගත් උත්සහයක් ලෙස Facial Action Coding System (FACS) හැදින්විය හැක. Ekman සහ Friesen විසින් 1978 දදී හදුන්වාදෙනු ලැබු FA
CS මුලික වක්ත්‍ර ක්‍රියා ඒකක 64 නිර්වචනය කරයි. මෙම ක්‍රියා ඒකක අතුරින් ප්‍රධාන කොටසක නිරැපණය කරන්නේ ඇස් බැමි ඉහල දැම්ම, ඇස් ගැසීමේ දී, කතා කිරිමේ දී වක්ත්‍ර පේශින්ගේ මුලික සංචලනයන්ය. ක්‍රියා ඒකකයන්ගේ 8 ක් වෙන් වී ඇත්තේ දැඩි, ත්‍රිමාන, හිසෙහි සංචලනයන්ටය. එනම් දකුණට සහ වමට හිස කැරකවි‍ම සහ ඇඹරවීම හා උඩ පහළ, ඉදිරියට සහ පසුපසට චලනය කිරිම, කෘතිම මුහුණු වල සංචලනයන් විස්තර කිරිමට සහ වක්ත්‍ර ක්‍රියාන් ගැන විමසිලිමත් වීමට FACS සාර්ථකව යොදා ඇත.පර්ඝනක මුල වක්ත්‍ර අභිනය ආදර්ශනය සහ සජීවනයට නුපුරැදු වෑයමක් නොවේ. 1970 ගණන් වල මුල සිටම පාහේ පරිගණක මුල වක්ත්‍ර අභිනය නිරෑපණය සිදු විය. ප්‍රථම ත්‍රිමාන වක්ත්‍ර සජීවනය නිර්මාණය කරනු ලැබුවේ 1972 දී Parke විසිනි. 1973 දී Gillenson විසින් ඉරි මගින් අදින ලද වක්ත්‍ර අනුරෑ එක්ලස් කොට සංස්කරණය කිරිමේ පද්ධතියක් සොයා ගන්නා ලදි. 1974 දී Parke විසින් පරාචිතිකකරණය වු ත්‍රිමාන වක්ත්‍ර අකෘතියක් වැඩි දියුණු කරන ලදි.1980 වසරේ මුල් භාගය වන විට Platt විසින් ප්‍රථම වරට ශරිරික මුල, පේශි මගින් පාලනය කල හැකි වක්ත්‍ර ආකෘතිය දියුණු කිරිම සහ Brennan විසින් විකට වක්ත්‍ර නිරෑප
ණය සදහා ක්‍රම විධි දියුණු විම ආදිය සිදු විය. වක්ත්‍ර සහජීවනයේ සන්ධිස්ථානයක් ලෙසන 1985 දී නිර්මාණය වු Tony de Peltrie චිත්‍රපටය හැදින්විය හැක. මෙහිදි ප්‍රථම වරට කථාවස්තුව දිග හැරීමේද පරිගණක වක්ත්‍ර අභිනය සහ කථන සජීවනය වැදගත් අංගයක් ලෙස සලකා තිබිණි.1980 හි අගභාගය වන විට මාංශ පේශි මුලික ආකෘතියක් වැඩි දියුණු කිරිමටWaters ට හැකි විය. තවද මෙම කාලය තුල දීම Maegnenat Thalmannසහ සෙහයකයින් විසින් විසංයුක්ත පේශි ක්‍රියා ආකෘතියක් වැඩි දියුණු කිරිම සහ ස්වයං පාලිත කථන සමමුහුර්ථකරණයකරා Lewis සහ Hill ළගා වීම යන සිදුවීම් ද ඇති විය. Toy story, Antz shrek, සහ Monsters. Inc ආදි සිජීවනය චිත්‍රපටය සහ Sims වැනි පරිගණක ක්‍රිඩා වලදී නිරෑපිත අයුරින් කථාව දිග හැරිමේ ප්‍රධානතම සංචරචකයක් ලෙස වක්ත්‍ර සජීවන ක්‍රමවේද වැඩි දියුණු විම මෙන්ම පරිගණක වක්ත්‍ර සජීවනය භාවිය සම්බන්ධ ක්‍රියාකාරකම් 1990 දශකයේදී බොහෝ සෙයින් දක්නට ලැබිණි. 1995 දී තිරගත වු මෙම කාල සීමාව තුල වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැදින්විය හැක. මෙයට හේතුව වන්නේ මෙහි ප්‍රධාන චරිතය විශේෂුයෙන්ම ඩිජිටල් වක්ත්‍ර සජීවනය උපයෝගී කර ගනිමිනි නිපද වු ප්‍රථම චිත්‍
රපටය වීමය. (Toy story චිත්‍රපටය තිරගත වුනේ ද එම වසරේ අග භාගයේදී ය)චිත්‍රපට වල විදග්ධතාව ක්‍රමයෙන් වර්ධනය වුයේ 2000 වස‍රින් පසුවය.The matrix Reloaded and Matrix Revolutions යන චිත්‍රපටයන්හි මුහුණෙහි සැම ස්ථානයකම වක්ත්‍ර සංචලනය තාත්වික ලෙස ග්‍රහණය කර ගැනීම සදහා අධි තාක්ෂණික කැමරා කිහිපයක් මගින් ඝනත්වයෙන් ඉහල ප්‍රකාශ ප්‍රවාහයක් යොදා ගැනිනි. Polar Express චිත්‍රපටයෙහි එවැනි ලකුණු 150 ක් පමණ ග්‍රහණය කර ගැනීම සදහා විශාල Vicon පද්ධතියක් යොද ගෙන ඇත. මෙම පද්ධතින් ස්වයංක්‍රිය වුව ද දත්ත පරිහරණය කල හැකි මට්ටමක ගෙන ඒමට විශාල හස්තිය වැයමක් දැරිය යුත= වේ. වක්ත්‍ර සජීවිකරණයේ තවත් සන්ධිස්ථානයක් ලෙස Lord of the Rings දැක්විය හැක. මෙහිදි චරිතයට විශේෂිත වු හැඩතල මුලික කර ගත් පද්ධතියක් වැඩි දියුණු කොට ගෙන තිබිණි. Mark පුරො‍්ගාමිත්වයෙන් විනෝදාත්මක වක්ත්‍ර සජීවනයේ FACS භාවිතය ඇරඹුනු අතර FACS මුලික පද්ධතින් යොදා ගෙන Monster House, Kinkong වැනි චිත්‍රපට නිශ්පාදනය විය.ශිල්පක්‍රම[සංස්කරණය]ද්වීමාන සජීවනය[සංස්කරණය]නිශ්චල ඡායාරූපකරණයෙහි හා සදෘශ්‍ය පටිපාටින්හී රූපයන් ඇතුළු රූප මත රූපාන්තරණය සිදු කෙරුම ද්වී