text
stringlengths 0
1k
|
---|
ම වාර්තාව පෙන්වා දෙයි.අරාබි නායකයන් පලස්තීන අරාබීන්ට පළා යාමට උදව් කළා යැයි කියන ඊශ්‍රායෙල මතය අලුත් ඉතිහාසඥයින් (New Historians) විසින් විවාදයට ලක් කරන ලදී.ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම යුදෙව්වෙකුට ආපසු පැමිණීමට හැකි වූ ඊශ්‍රායෙල නීතිය යුදෙව් නොවන අයට වෙනස් ලෙස සැලකීමක් යැයි ඇතැම් අයට පෙනී ගියේය. එය යුදෙව් නොවන අය මෙන්ම තමන් කලින් සිටි ප්‍රදේශයට ආපසු ඒමට නොහැකි වූද ඉහත කී පරිදි පුරවැසි භාවය සඳහා ඉල්ලීම් කිරීමට නොහැකි වූද පලස්තීනූවන්ට විශේෂයෙන් බලපෑවේය.ප්‍රශ්නයට අදාළ ශක්තිමත් නීතිමය පදනම වන්නේ 1948 දී ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ 194 වැනි යෝජනාවයි. එහි මෙසේ විස්තර කර ඇත. ආපසු පැමිණ තම අසල්වාසීන් සමග වාසය කිරීමට කැමති අනාථයින් එසේ කිරීමට ප්‍රථම අවසර ලැබිය යුතුය. එසේ නොපැමිණෙන අයට ඔවුන්ගේ දේපල සඳහා වන්දි ගෙවිය යුතුය. මේ සඳහා අන්තර් ජාතික නීති හෝ ඊට සමාන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. රජය හෝ බලයලත් ආයතන විසින් මෙම කාර්යයන් ඉටු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ 3236 වැනි යෝජනාවෙන් පලස්තීනූවන්ට ඔවුන්ගේ අයිතීන් අහිමි කරමින් නිවාස හා දේපලවල පරම අයිතිය ලබා ගැනීමට තිබෙන හිමිකම තහවුරු කරයි. එක්සත් ජාතීන්ග |
ේ 242 වැනි යෝජනාව මගින් අනාථ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ වැදගත්කම තහවුරු කරයි.2000 වර්ෂයේ පැවති කෑම්ප් ඩේවිඩ් සමුළුවේදී එහුඩ් බරක් විසින් දෙන ලද අවස්ථාවෙන්, පවුල් නැවත එක් කිරීමට ගත් උත්සාහය සහ මූල්‍යමය වන්දි ගෙවා ප්‍රශ්නය බේරුම් කර ගැනීමට බොහෝ ඊශ්‍රායෙල වරුනට ඉඩකඩ විවෘත විය. අනිත් කරුණු විරෝධතාවන්ට භාජනය විය. මෙම විරුද්ධතාවයන් සඳහා ඉදිරිපත් කළ පොදු තර්ක වූයේ,ජෝර්දානය හැර සියලු අරාබි රටවල් ඔවුන්ගේ රට තුළ සිටින පලස්තීන අරාබි ජාතිකයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අරාබි අනාථ ප්‍රශ්නය වැඩි වුණු බව ඊශ්‍රායෙලය කියා සිටීම. මෙම තත්ත්වය නිසා දුගී භාවය සහ ආර්ථික ගැටලු පැන නැගී ඇති බව MFA ලේඛන පෙන්වා දෙයි. පසුව විසඳන ලද නමුත් ලෝක යුද්ධයෙන් පසු අනාථයින් සම්බන්ධ විශාල ගැටලු මතු වී තිබුණි. මෙම ප්‍රශ්නය තවමත් ඒ අයුරින්ම පවතින්නේය.1948 යුද්ධය සමයේ අරාබි ඉහළ පෙළේ කමිටුව සහ අරාබි රාජ්‍යයක් පලස්තීනුවන්ට පලා යාමට උදව් කළේය. එසේ කරන ලද්දේ යුදෙව් රාජ්‍යය පරාජය කිරීම පහසු වීම සඳහා බවත් පලස්තීන අනාථ ප්‍රශ්නයේ මුල පිළිබඳ සැලකිල්ල දැක්වූ ඊශ්‍රායෙලය ප්‍රකාශ කළේය. යුද්ධයට පෙර |
තිබූ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායෙල සටන් කණ්ඩායම් සහ ඊශ්‍රායෙල හමුදාව විසින් පලස්තීනුවන්ගේ දේපල අහිමි කොට ඔවුන් බලහත්කාරයෙන් අනාථයන් ලෙස පිටමං කළ බව පලස්තීනයේ ප්‍රකාශය විය. එහෙත් මේ දක්වා එම ගැටළුව ඉතිහාසඥයින් විසඳා නැත. තවමත් 1948 දී පලස්තීනුවන් පිටමං කිරීමේ කාරණය විවාදයට බඳුන් වෙමින් පවතී.අරාබි ලෝකය තුළ යුදෙව් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවීම පිණිස පලා ගිය යුදෙව් අනාථයින් 900,000 න් කිසිවෙකුට ඔවුන් කලින් සිටි රටවල්වලින් කිසිදු වන්දියක් ලබාදීමක් හෝ ඔවුන්ගේ රටවල්වලට ආපසු කැඳවීමක් කර නැත.දසලක්ෂ ගණනක් අසරණ දුප්පත් අනාථයින් රට තුළට පැමිණීමෙන් කලාපයේ සිමීත සම්පත් අවසානවේය යන මතයේ බොහෝ ඊශ්‍රායෙලවරු එල්බ සිටිති. (මෙම අනාථයින්ගෙන් එක් අයෙකුවත් නැවත අවට පිහිටි අරාබි රටවල් විසින් ඔවුන්ගේ රටවල්වලට කැඳවා නැත)ඊශ්‍රායෙලය විසින් පලස්තීනුවන් නව පලස්තීන රාජ්‍යයකට පිවිසීමේ අයිතිය පිළිගත් නමුත් ඔවුන් ඊශ්‍රායෙලයට පැමිණීම යුදෙව් රාජ්‍යයේ යහපත් පැවැත්මට බලවත් අනතුරක් විය හැකියයිද, පලස්තීන අනාථයින් රට තුළට ගලා ඒම ඊශ්‍රායෙල රාජ්‍යයේ විනාශයට මුල පිරිමක් විය හැකියයි ද ඔව්හු කල්පනා කළහ. මන්ද කිය |
තොත් එම කාරණය නිසා ඊශ්‍රායෙලය තුළ අරාබි ජාතිය මහජාතිය බවට පත් වන හෙයිනි. මෙය අනිවාර්‍යයෙන්ම යුදෙව් රාජ්‍යයේ ඉරණම තීන්දු කරන්නක් වනු ඇත.බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස[සංස්කරණය]දින හයේ යුද්ධයෙන් පසු අවුරැද්දේ දී හා විශේෂයෙන් සාම ක්‍රියාවලිය පැවතෙමින් තිබු 1990 ගණන් වල දී ඊශ්‍රායලය විසින් 1929 හා 1948 දි විනාශ කළ ජනාවාස නැවත ප්‍රතිස්ථාපනයටත් බටහිර ඉවුරේ නව පදිංචි කිරිම් විශාල ප්‍රමාණයක් ද සිදු කළහ. මෙම ජනාවාස අද වන විට 350,000 ක පිරිසක් වාසය කරන වාස භුම් බවට පත්ව ඇත. බොහෝ ජනාවාස බටහිර ඉවුරේ බටහිර කොටස් වන අතර අනෙක් ඒවා පලස්තීනුවන්ගේ භුමි වල ස්ථාපනය කරන ලද්දේ පලස්තීන නගර ගැන නොතකමින්ය. මෙම පදිංචි කිරිම ගැටුම්කාරි තත්වයන්ට සෑහෙන බලපෑමක් සිදු කලේය. සමහර පලස්තීනුවන්ගේ දැඩි ඉල්ලීම වුයේ, පලස්තීනය තුළ ආරම්භවන යුදෙව් ජනාවාස ඉවත් කර ගන්නා ලෙසයි. මේ අතරට අතීත ජනාවාස (හේබ්‍රෝන්) 1948 විනාශ වු හා නැවත පදිංචි කිරිම් අතරතුර ජනාවාස (Gush Etzion) 1967 සිට ක්‍රියාත්මක වන ජනාවාස පිහිටුවීම් ඇතුළත් වේ. ඉපැරණි ජෙරැසලම් ඊශ්‍රායල ජාතිකයන් පිළිබද පලස්තීන ස්ථාවරය අපැහැදිලිය. බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචි වීම් |
හා ගාසා තීරය ගැටුමට සාමකාමී විසදුමක් ලබා දීමේ දී කිබෙන ප්‍රධාන බාධක බව ජ්‍යාතන්තර මාධය හා ජ්‍යාතන්තර දේශපාලන සංගම් විසින් ද පෙන්වා දී තිබේ. (මේ අතරට ඇ.එ.ජ, බ්‍රිතාන්‍යය, යුරෝපා හවුල ) මෙම පදිංචි කිරිම් ජ්‍යාතන්තර නිතියට අනුව නිත්‍යානුකුල නොවන අතර ඊට අමතරව ජ්‍යාතන්තර යුක්ති අධිකරණය, ජ්‍යාතන්තර මෙන්ම ඊශ්‍රායල මානව අයිතිවාසිකම් සංවිධානද මෙහි අනීතික බව සපථ කොට ඇත. කෙසේ වෙතත් ඊශ්‍රායලය මෙය පිළිබදව තර්ක කරයි. සමහර විද්වතුන් හ ප්‍රකාශකයන් මීට විරුද්ධත්වය පළකරන්නේ හෙවත් මෙම අනිතික යැයි නොසලකන්නේ ඓතිහාසික කරුණු ද මුලික කරගෙනයි. එහෙත් එමගින් ජ්‍යාතන්තර හෝ මානව අයිතිවාසිකම් සංවිධාන වල ස්ථාවරය වෙනසකට ලක් වී නොමැත. 2006 වන විටබටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල් ජාතිකයන් 267,163 ක් ජිවත් විය. ජනාවාස පිහිටු වීම හා ඒවායේ වර්ධනය විවිධ යෝජනා තුළීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ජිනිවා සම්මුති උල්ලංඝණයක් එමගින් වන බව සදහන් කරමින්ය. යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය මෙම ඊශ්‍රායලය ජනාවාස නිතියට පටහැණි බවට ප්‍රකාශ කරන ලදී. යෝජනාව ඉදිරිපත් කරන පුද්ගලයන් තම යෝජනා සාධාරණ බවට හතරවන ජින |
ිවා සම්මුතියේ දෙවන හා හතලිස් නම වන වගන්ති සහ එක්සත් ජාතින්ගේ 242 වන ආරක්ෂක මණ්ඩල යෝජනාව ගෙන හැර පාමින් තර්ක කරති. ප්‍රායෝගික මට්ටමේදී පලස්තීනුවන් විසින් ඉදිරිපත් කරන ඇතැම් තර්ක වනුනේ පලස්තීන නගර සදහා අවශය වන සම්පත් භෝග වගාවට සුදුසු ඉඩම්, ජලය හා වෙනත් සම්පත් ජනාවාස හේතුවෙන් තමන්ට නොලැබී යන බවත් මෙම පදිංචි කිරිම් නිසා පලස්තීනුවන්ට නිදහසේ මාර්ගවල ගම්නකිරිමමේ හැකියාව සීමා කරන බවත් ඔව්න විසින් ඉන් ආරක්ෂක ගැටළු ඇති වන බවටත් ඔවුන් විසින් නගන ප්‍රායෝගික තර්ක අතර වේ. 2005 දි ඊශ්‍රායල අගමැති වු ඒරියල් ෂැරොන් විසින් ඒකපාර්ශවීය ඉවත්ව යැමේ සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී. එහිදි සියළුම යුදෙව් ජනාවාස ගාසා තීරයෙන් ඉවත් කිරිමටත් සියළු නිවාස ගොබනැගිලි විනාශ කර දැමීමටත් නියෝග කරන ලදී. විවිධ මැදිහත් කරවන හා විවිධ යෝජනා කල එකගතාවන් විසින් ඊශ්‍රායල විසින් බටහිර ඉවුරේ සමහර ජනාවාස ඉවත් නොකිරිම පිලිබද යම් පමණක් විවෘත භාවයක් දැක්වීය. මෙම විවෘත භාවය යම් යම් සළකා බැලීම් කිහිපයක් මත පදනම්ව පැවතුනි.ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධ කරුණු[සංස්කරණය]ගාසා තීරය සහ බටහිර ඉවුරේ සිතියමක්. මෙහි නිල් පලස්තීන අධිකාරී ප්‍රදේශ තද කොළ |
පැහැයෙන් ද ඊශ්‍රායල් අධිකාරී ප්‍රදේශ ළා කොළ පැහැයෙන් ද දක්වා ඇත.බටහිර ඉවුර හැරුණු විට ඊශ්‍රායලය සතු වන්නේ ඉතා කුඩා භුමි ප්‍රමාණයකි. එහි පළලම ස්ථානය ගතහොත් බටහිර ඉවුර හැරුණු කොට හැතැප්ම නවයකි. බොහෝ පිරිස් බිය වන්නේ මේ නිසා අරාබි රටවල් වල එකතුවෙන් යම් දිනෙක ප්‍රහාරයක් එල්ල වේ යැයි යන්නයි. ඊට අමතරව බටහිර තීරයේ ඉහළ ප්‍රදේශවල සිට සටන් වදින හමුදාවන්ට තම ආක්‍රමණය ලෙහෙසියෙන් සිදු කළ හැකිඅතර එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ ජෝර්දාන ගංගාව හරහා යාමට ඔවුන්ට සිදු නොවීමයි. පලස්තීන භුමියේ සිට ඊශ්‍රායලයට විරුද්ධව භාවිතා කළ ˝කසම් රොකට්ටුව˝ ( Qassam Rocket) පිලිබදව දැඩි අවධානයක් යොමු කර ඇත. ගාඩා තීරයෙන් ඊශ්‍රාලය ඉවත් වීමට පසු එළඹි අවුරැද්දේදි හෙවත් 2006 දි ඊශ්‍රායලයට අනුව එවන් ප්‍රහාර 1726 ක් වාර්තා වී ඇති අතර 2005 ට වඩා එය හතර ගුණයක වැඩි වීමකි. බොහෝ ඊශ්‍රායල්වරු මෙය දකින්නේ පලස්තීන ස්වයං පාලනය පිලිබද අවශ්‍යතාවය වැඩි වන විට පලස්තීන භුමියෙන් ඊශ්‍රායලයට එරෙහිව සිදුවන තර්ජන වලට එරෙහිව ඊශ්‍රායලය තම ආරත්ෂාව සපයා ගත යුතු තත්වයක් බවයි. මීට ප්‍රතිවිරැද්ධව, එමගින් ප්‍රචණ්ඩ අවම කළ හැකි වන්නේ ය.දේශ සීමා සහ |
අන්තර්ජාතික තත්ත්වය[සංස්කරණය]අතීතයේදි පලස්තීන භූමි ප්‍රදේශය, ජෝර්දානය සහ ඊජීප්තුව අතරේ දේශසීමා පාලනයද ආනයන හා අපනයන පාලන අයිතියද ඊශ්‍රායෙලය විසින් ඉල්ලා තිබුණි.ඒ ඊශ්‍රායෙලය සහ පලස්තීනය එකම ආර්ථික ප්‍රදේශයක් බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමිනි. ඊශ්‍රායෙල භූමියෙන් වෙන් වන යාබද භූමි ප්‍රදේශයක අවශ්‍යතාවය පලස්තීනුවන් විසින් අවධාරණය කර සිටියහ. ඔස්ලෝ සම්මුතියට අනුව ළඟා වුණු තාවකාලික එකඟතාවය තුළ පලස්තීන අධිකාරියට ඒ (Area A) ප්‍රදේශයේ නගරවල පාලනය ලැබුණි. ඊශ්‍රායෙලය ආරක්ෂාව යටතේ පලස්තීන සිවිල් පාලනයට බී පෙදෙස(Area B) යටත් කෙරිණි. සී (Area C) ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායෙල පරිපාලනයට යටත් කරන ලදී. පලස්තීන නගරවලට ඇතුළු නොවී ඒවා මග හැර යාමට හැකි වන අයුරින් ඊශ්‍රායෙලය අතිරේක මහා මාර්ග (High Way) තැනුවේය. පලස්තීන අධිකාරියේ පාලනය යටතේ තිබුණු මුල් ප්‍රදේශ නොයෙක් නොයෙක් ආකාරයන් ගෙන් යුත් නොවූවා සේම යාබදවද පිහිටි ඒවාද නොවීය. ඔස්ලො ii සම්මුතියද වයි රිවර් සහ ෂාර්ම් එල් - ෂෙයික් සහ ඊට පසුව කෙරුණු නොයෙකුත් සාකච්ඡාද හේතුවෙන් කාලය ගත වන විට එම ප්‍රදේශ වෙනස් වීම්වලට භාජනය විය. පලස්තීනුවන්ගේ මතයට අනුව වෙන් කරන ලද ප් |
රදේශ ජීවත් වීමට හැකි ජාතියක් නිර්මාණය කිරීමට සුදුසු නොවීය. එමෙන්ම පලස්තීන ආරක්ෂක අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් නොවීය. ඊශ්‍රායෙලය ඇතැම් බී පෙදෙස්වලින් ඉවත් වීම ගැන එකඟතාවයක් ප්‍රකාශ නොකළහ. පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍රවීම හේතුවෙන් මෙම සැලසුම අයත්කර ගැනීමත් අත් හැර දැමුණි. මුර පොළවල් සංඛ්‍යාව වැඩි කෙරිණි. එහි ප්‍රථිපලය වූයේ 2003 ග්‍රීෂ්ම ඍතුවේ පටන් මිනිස් බෝම්බ වැඩි වශයෙන් එල්ල වීමයි. අවසාන සිතියම සඳහා එකද පාර්ශවයක් හෝ යෝජනාවක් ප්‍රකාශ කළේ නැත. (ඇතැම් සිතියම් රහසෙන් එළි දැක්විණි)සම්පත් සහ ජලය බෙදීම[සංස්කරණය]තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස පලස්තීනුවන් සැලකුවේ යහපත් පරිසරයක ජීවත් වීමට තරම් අවශ්‍ය ඉඩම් හා වෙනත් සම්පත්ය. එබැවින් ඊශ්‍රායෙලය වෙනුවෙන් බොහෝ සම්පත් අත හැරීමට ඔවුනට බල නොකළ යුතු යයි ඔවුන් අදහස් කළේ ඒ මගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් විය හැකි හෙයිනි. මැද පෙර දිග කලාපයේ ජලය යනු දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයකි. ඊශ්‍රායෙලය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රීන් ලයින් නම් ප්‍රදේශය පුරා විහිදී තිබුණු විශාල ජල නිධිවලින් ජලය ලබා ගැනීම, ඊශ්‍රායෙලය- පලස්තීන ගැටුම්වලට හේතුවක් ව |
ී පැවතුණි. පලස්තීන බල ප්‍රදේශයට අයත් බිමෙහි තැන්පත් වී තිබෙන ජලය ළිං කිහිපයක් ඔස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රයෝජනය පිණිසලබා ගැනිණි. මේ ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ “ඊශ්‍රායෙලයේ ප්‍රයෝජනය පිණිස ඔවුන්ගේ ජලය පාවිච්චි කිරීමේ නීත්‍යානූකූල භාවය කුමක්දැ?"යි අසමිනි.ඊශ්‍රායෙලය මෙම ප්‍රදේශයෙන් ලබාගත් ජලයෙන් 77% ක්ම බටහිර ඉවුර ප්‍රදේශයට සපයන බවද, මෙම තර්ක ඉදිරිපත් කළ විවේචකයින් විසින්ම පෙන්වා දෙන ලදී. ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ අයිතිය ලබා ගත් කළ එම පෙදෙස්වල ජලය ප්‍රයෝජනයට ගනු ලැබුවේ අඩු ප්‍රමාණයකි. එහෙත් ඒ වන විටත් පලස්තීනයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඊශ්‍රායෙලය පරිභෝජනය කරනු ලැබිණි. 1950 දී ඊශ්‍රායෙලය බටහිර ජල නිධියේ නිෂ්පාදනවලින් 95% ක ජල පරිභෝජනයක්ද ඊසාන ජල නිධියෙන් 82% ක ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට ගත්තේය. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්නා ලද්දේ 1967 ට පෙර තිබු දේශ සීමාවන්ට අනුව ඊශ්‍රායෙලය පැත්තෙනි. 1999 වන විට මෙම සංඛ්‍යාවන් පිළිවෙලින් 82% සහ 80% ප්‍රමාණයක් දක්වා පහත වැටුණි. අවසානයේ ඊශ්‍රායෙලය 11 වැනි ඔස්ලෝ සම්මුතිය ගෙන හැර දක්වයි. මෙම සම්මුතියට අනුව දැනට පවත්නා සම්පත් සීමිතව ප්‍රයෝජනයට ගනිමින් පාලනයක් සහිත |
ව පරිභෝජනයට දෙපාර්ශවයම එකඟ වූහ. මෙහිදි බටහිර ඉවුරේ ඊශ්‍රායෙල ජල නිෂ්පාදනයේ නීත්‍යානූකූල භාවය පලස්තීන අධිකාරිය විසින් පැහැදිලිව තහවුරු කරන ලදී. පලස්තීනයට අවශ්‍ය ජල ප්‍රමාණයේ යම් අඩුවක් වුවහොත් එම ප්‍රමාණය සැපයීමට නැගෙනහිර ජල නිධි (ජලය නිෂ්පාදනය සඳහා) කැණීමට පලස්තීනයට ඉඩ දීමටත් ඊශ්‍රායෙලය එකඟ විය. ඔස්ලෝ සම්මුතියේ අරමුණ තාවකාලික විසඳුමක් බවත් දශකයට වඩා කාලයක් එය සාර්ථකව නොපවතින බවත් කියමින් බොහෝ පලස්තීනුවන් විරෝධය පෑහ. එම ගිවිසුමේ නම වූයේ “ඊශ්‍රායෙල - පලස්තීන අන්තර්වාර් ගිවිසුම” යන්නයි.මෙම ගිවිසුමෙන් රට තුළ හා මුහුදු සීමාවේ ස්වභාවික වායු ඉන්ධන සහ ඛනිජ තෙල් සඳහා කැනීම් කිරීමට හා පරීක්ෂණ පැවැත්වීමට පලස්තීන බලාධිකාරියට ඇති අයිතිය තහවුරු කරන ලදී.අනෙකුත් කාරණා[සංස්කරණය]ඊශ්‍රායල හමුදා බටහිර ඉවුර අත්පත්කරගැනීම[සංස්කරණය]“අත්පත් කර ගත් පලස්තීන් භූමිය” යනු බටහිර ඉවුර සහ ගාසා තීරය හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන ලද යෙදුමකි. මෙම ප්‍රදේශය 1967 දී පැවති සය දින යුද්ධයේදී ඊශ්‍රායෙලය විසින් ඊජීප්තුවෙන් සහ ජෝර්දානයෙන් අත්පත් කර ගත් කොටසකි. ඊශ්‍රායෙල රජය මෙහි තත්ත්වය දැක්වීම පිණ |
ිස යොදන්නේ “අර්බුද සහිත ප්‍රදේශය” (Disputed Territories) යන්නයි. ඇතැම් ප්‍රදේශ අත්පත් කර ගත්තා යයි හැඳින්විය නොහැක්කේ කිසිදු ජාතියකට ඒවාට පැහැදිලි අයිතියක් නොමැති බැවිනි. එසේම 1967 දී ඊශ්‍රායෙලය එම ප්‍රදේශ අල්ලා ගන්නා විට ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් නොතිබුණි. මෙම ප්‍රදේශ තවමත් “ජුදෙයා සහ සමාරියා” යනුවෙන් ඇතැම් ඊශ්‍රායෙල කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ඓතිහාසික ප්‍රාදේශික නාම පදනම් කර ගනිමිනි. 1980 දී ඊශ්‍රායෙලය නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගත්තේය. එම වසරේම අගෝස්තුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඈඳා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායෙලය කෙදිනක හෝ බටහිර ඉවුර හෝ ගාසා තීරය යා කර නොගත්තේය. කලාපය තුළ පිහිටි සියලුම රාජ්‍යයන්හි දේශපාලන නිදහස, භූමියේ අයිතිය, ස්වාධීනත්වය පිළිගැනීම සියලු ප්‍රශ්න නැතහොත් ආරවුල් ඇති විය හැකි අවස්ථා ඉවත් කිරීම සියලු රාජ්‍යයන්හි ජනතාවට බියෙන් හා සැකෙන් තොරව සාමකාමීව ජීවත් වීමට ඇති අවස්ථාව සහ මෑත දී ඊශ්‍රායෙලය අල්ලා ගත් ප්‍රදේශ වලින් ඊශ්‍රායෙල හමුදා ඉවත් වීම ආදි කාරණා ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරනය කර ගෙන සිටියේය. |
අවසානයට එහි සඳහන් සියලු ඉල්ලීම්, අදහස් මෙන්ම අභිප්‍රායන්ද අවුල් සහිත විය. ඊශ්‍රායෙලයේ අදහස වී තිබුණේ බටහිර ඉවුරේ අරාබි ජාතීන් බොහෝමයක් සිටි ප්‍රදේශ (ප්‍රධාන යුදෙව් ජනාවාස හැර) සහ සම්පූර්ණ ගාසා තීරය පසු කලෙක ස්වාධීන පලස්තීන රජයක කොටසක් විය යුතුය යන්නයි. කෙසේ වුවද මෙම රාජ්‍යයයේ නිෂ්චිත මායිම් ප්‍රශ්නකාරී විය. උදාහරණයක් වශයෙන් 2000 වර්ෂයේදී බටහිර ඉවුරේ 92% ක ප්‍රමාණයක් ද සම්පූර්ණ ගාසා තීරයද ඇතුළත් නිදහස් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අවස්ථාවක් එහුඩ් බරක් විසින් යසර් අර්ෆත්ට ප්‍රදානය කරන ලදී. එහෙත් ආරක්ෂක වැඩ පිළිවෙලෙහි බලපෑමත්, වෙනත් හේතුන්ද නිසා අර්ෆත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඇතැම් පලස්තීනුවෝ ඔවුනට සම්පූර්ණ බටහිර ඉවුරද, ගාසා තීරයද, නැගෙනහිර ජෙරුසලමද අයිති යයි කියති. මෙම ප්‍රමාණය අඩු කිරීමට කෙරෙන ඕනෑම ක්‍රියාවක් ඔවුන්ගේ අයිතීන් තදබල ලෙස අහිමි කිරීමක් යැයි පලස්තීනුවෝ කියති. මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමේදී ඔවුන් කියා සිටියේ මෙම භූමි ප්‍රදේශයේ සීමාවන් අඩු කිරීමට ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයක් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් අහිමි කිරීමේ සතුරු ක්‍රියාවක් වන බවයි.‘හමාස්’ වැනි වෙනත් පලස් |
තීන කණ්ඩායම් අවධාරණය කර කියා සිටියේ බටහිර ඉවුරේ, ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම පමණක් නොව මුළු ඊශ්‍රායෙලයම පලස්තීනය විසින් පාලනය කළ යුතු යයි යනුවෙනි. මෙම කාරණය නිසා හමාස් සංවිධානයට සාම ක්‍රියාවලිය පෙනුණේ “ආගමික වශයෙන් තහනම් සහ දේශපාලනික වශයෙන් සිදු විය නොහැකි එකක්” ලෙසිනි.පලස්තීන ආණ්ඩුව[සංස්කරණය]පලස්තීන අධිකාරිය (Palastinian Authority) විවිධාකාර වූ අංශයන් මෙන්ම ඇතැම් විට පලස්තීනුවන්ද හවුල් වීමෙන් දූෂිත වන්නට ඇතැයි සැලකේ. හමාස් සහ වෙනත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා උපයෝගී කර ගෙන පලස්තීනුවන් අන්තවාදීන්ට රහසෙන් උදව් කරයි. ඊශ්‍රායෙලය පැත්තෙන් බැලූ කල (විශේෂයෙන් ඊශ්‍රායෙලයේ දක්ෂිණාංශික කණ්ඩායමට අනුව) මෙම තත්ත්වය එතරම් සුදුසු තත්ත්වයක් නොවීය. මේ නිසා කලින් ඊශ්‍රායෙලය පාලනය කළ ලිකුද් පක්ෂය ඇතුළු බොහෝ සංවිධාන ගණනාවක් වර්තමාන පලස්තීන අධිකාරිය පදනම් කර ගත් පලස්තීන රාජ්‍යයක් පිළිනොගන්නා බව ප්‍රකාශ කළහ. කලින් ලිකුද් පක්ෂයේ නායකයෙකුව සිටි ඒරියල් ෂැරෝන්ද ප්‍රද්ධියේ ප්‍රකාශ කරමින් මෙම තත්ත්වය වඩාත් විප්ලවවාදී බව කියමින් ප්‍රතික්ෂේප කළේය. පලස්තීන අධිකාරියේ කැබිනට් ඇමති |
වරයෙකු වූ සඑබ් එරෙකට් කීවේ ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ තම බලය පවත්වාගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊශ්‍රායෙලය පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නැත. එසේම ගාසා තීරය සහ බටහිර ඉවුරේ නඩු විමසීමකින් තොරව සැකකරුවන් ඝාතනය කෙරිණි. ඇතැම් අන්තර්ජාතික නිරීක්ෂකයින් උපදෙස් දුන්නේ සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්වන්නේ නම් අභ්‍යන්තර පලස්තීන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිය යනුවෙනි. ගාසා තීරයට අවහිරතා යෙදීම[සංස්කරණය]ඊශ්‍රායෙල රජය විසින් ගාසා තීරයට ඉන්ධන සහ විදුලිය සැපයීම කපා හැරීමද සිවිල් ජනතාව සඳහා පැනවූ සමූහ දඬුවමක් ලෙස හඳුන්වනු ලැබීය. යුද නීතිය යටතේ මෙය ඊශ්‍රායෙල වගකීම පැහැර හැරීමක් විය. 2008 පෙබරවාරි 7 දා සිට ඊශ්‍රායෙල රජය ගාසා තීරයට කෙලින්ම විකුණමින් සිටි විදුලිය අඩු කළේය. මෙයින් පසු ඊශ්‍රායෙල මහාධිකරණයේ නියෝගයක් නිකුත් විය. එයින් ගාසා තීරයට සපයන තෙල් ප්‍රමාණය තහුවරු කළේය. එම නියෝගයෙන් “ගාසා තීරයට සපයන ලද තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අපගේ පැහැදිලි කිරීම වන්නේ පසුගිය වසරේ ශීත ඍතුවේදී එම පෙදෙසට සපයන ලද ඩීසල් ඉන්ධන ප්‍රමාණය හා සමාන ඉන්ධන ප්‍රමාණයක් මේ වසරේදී ගාසා තීරයට සැපයීමට ඊශ්‍රායෙලය භාරගෙ |
න සිටින බවයි. මෙම කාරණයේදී පෙන්නුම් කරන ලද්දේ ගාසා තීරයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබෙන බවත් එය සාධාරණ ප්‍රමාණයක් බවත්ය. මෙම තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලියේදි පලස්තීනුවන් විසින් ඊශ්‍රායෙල ජාතිකයින් දෙදෙනෙකු මරු මුවට පත් කළ බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය. ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් කළ ඇතැම් ඉල්ලීම් සත්‍ය වශයෙන්ම අයුතු සමූහ දඬුවම් නියම කිරීමක් බව මානව හිමිකම් සංවිධාන සහ පලස්තීනුවෝ කියා සිටියහ. මේවාට ආක්‍රමණික යුද ක්‍රියා මාර්ග ද ඇතුළත් විය. ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේ මෙම යුද මෙහෙයුම්වල සහ ගාසා තීරයට විදුලිය කපාහැරීමේ ඉලක්කයන් වන්නේ ත්‍රස්තවාදීන්ට සැපයෙන පහසුකම් නවතා දැමීම බවයි. මෑත ඉතිහාසයේ පලස්තීනයේ ආධාරකරුවෝ මෙම යෙදුම පාවිච්චි කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඇතැම් ඊශ්‍රායෙල හමුදා ක්‍රියාකාරකම් හැඳින්වීමට සහ ඊශ්‍රායෙල මරණවලට වගකිව යුතු මිනිස් බෝම්බකරුවන් විනාශ කිරීම සඳහා වූ ඊශ්‍රායෙල ප්‍රතිපත්තිය හැඳින්වීමටයි. බ්‍රිතාන්‍ය ආඥා පත්‍රය (British Mandate) නිකුත් කළ කාලයේ පටන් සිදුවෙමින් පැවති මෙම ක්‍රියාව 2005 පෙබරවාරි මස ඊශ්‍රායෙලය විසින් නතර කරන ලද |
ී. සමූහ දඬුවම් (Collective punishment) සඳහා වූ මෙම ඉල්ලීම තව දුරටත් දිගු කරනු ලැබුවේ ඊශ්‍රායෙලයේ අභ්‍යන්තර මාර්ග බාධක හා මුර පොළවල් පලස්තීනය තුළ පිහිටුවීම සඳහාය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීමට මෙම ක්‍රියාමාර්ග ගතයුතු බවට ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේය. බොහෝ මානව හිතවාදී සංවිධාන විසින් ගාසා තීරයට බාධා හා අවහිර කිරීම් විවේචනයට ලක් කරන ලදී. 2008 වසරේදී සමූහ දඬුවම් ස්වරූපයෙන් කරන ලද මෙම බාධා කිරීම් ජීනිවා සම්මුතියට අනුව නීත්‍යානුකූල නොවීය. ඊශ්‍රායෙලයද ජිනීව සම්මුතියේ සාමාජිකයකු විය. මෙම සංවිධානවලට ඇම්නෙස්ට් ජාත්‍යන්තරය ද, සේව් ද චිල්ඩ්රන්, කැෆොඩ්, කෙයා ඉන්ටර් නැෂනල් සහ ක්‍රිස්ටියන් ඒඩ් ද ඇතුළත් විය. කෙසේ වෙතත් ඇතැමෙක් තර්ක කරන්නේ සමූහ දඬුවම් යන වචනය අන්තර් ජාතික නීතියේ භාෂාව මෙහෙයවීමක් පමණක් බවයි. එහෙත් මෙය නීති විශාරදයින් විසින් සහ විචාරකයින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.සමාජයීය ආකල්ප[සංස්කරණය]ඊශ්‍රායෙල ජාතිකයින්ට තිබුණු ප්‍රධාන ගැටළුව නම් ප්‍රධාන පලස්තීන නායකයින් විසින් ඊශ්‍රායෙල පාලනය පිළිගැනීමට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය කිරීමයි. ඊශ්‍රායෙලය නොපිළිගන්නා ලෙසට පලස්තීනුවන් සහ ප් |
රජා සංවිධාන විසින් මාධ්‍යයන් වෙත කරන ලද ප්‍රකාශ මෙහිදී ඊශ්‍රායෙලවරුන් විසින් පෙන්වා දෙන ලදී.ගුවන් කලාපය[සංස්කරණය]බටහිර ඉවුරේ සහ ඊශ්‍රායෙලයේ කි.මි.80 ක් පළලට පමණක් ගුවන් කලාපයක් පිහිටුවීම සිදුවිය. ඊශ්‍රායෙලය බටහිර ඉවුර සහ ගාසා තීරයට ඉහළ අහසේ මෙන්ම ඊශ්‍රායෙලයේද ගුවන් සීමාවන් පාලනය කිරීමේ අයිතිය ඉල්ලා සිටියේය. මෙම ඒකාබද්ධ ගුවන් කලාපයේ පාලනය දෙපාර්ශවය විසින්ම හවුලේ පාලනය කිරීම පිළිබඳව වූ පලස්තීන යෝජනාව ඊශ්‍රායෙලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.පලස්තීන හමුදාව[සංස්කරණය]යුද්ධයක් කිරීමට තරම් ප්‍රමාණවත් හමුදාවක් පලස්තීනයට නොසිටිය යුතු යයිද එවැනි හමුදාවක් සිටිය යුත්තේ ඊශ්‍රායෙලයට පමණක් යැයිද ඊශ්‍රායෙල කැබිනට්ටුව ප්‍රකාශයක් කළේය. එහෙත් පලස්තීනයේ පොලිස් හමුදාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය එකඟතාවය පළ කළේය. එවැනි පොලිස් හමුදාවක් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අමතරව සීමාසහිත ප්‍රමාණයක යුද කටයුතු කිරීමේ හැකියාව තිබීම ගැනද ඊශ්‍රායෙලයේ එකඟත්වය පළ විණි. IDF හමුදා ඉදිරියේදී බිහිවන පලස්තීන රාජ්‍යයකට තර්ජනයක් මෙන්ම ස්වාධීනත්වයට බාධාවක් බව පලස්තීනුවෝ තර්ක කරමින් කියා සිටියහ. පලස්තීන රාජ්‍යයකට තමන්ගේ |
ම ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බව ඔවුන් තහවුරු කරන ලදි.මෙයට ඊශ්‍රායෙලයේ ප්‍රතිචාරය වූයේ හමුදාවක් ගොඩනංවමින් තිබියදී ගිවිසුමක් අත්සන් කිරීම යනු අයහපත් අදහස් විදහා පෑමක් බවයි.ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවලින් සෑදී සාමාන්‍ය පදාර්ථය එනම් මූල ද්‍රව්‍ය සමස්ත විශ්වයේ අඩංගු ද්‍රව්‍යවලින් සුළු ප්‍රමාණයක් වේ. විශ්වය පිළිබද සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව විශ්වයෙන් 73% ක් පමණ සමන්විත වනුයේ අදුරු ශක්තියෙන් වන අතර 23% ක් පමණ අදුරු පදාර්ථයෙන්(Black matter) සමන්විත වේ. තරු ග්‍රහලෝක හා අනෙකුත් දෘෂ්‍ය කොටස්වලින් සමන්විත පදාර්ථය හෙවත් මූලද්‍රව්‍ය මුළු විශ්වයේ 4% පමණ සුළු ප්‍රතිශතයක් නිර්මාණය කිරීමට දායක වී ඇත. අංශුමය භෞතික විද්‍යා උපකරණ මේ වනතෙක් අදුරු පදාර්ථයේ පැවැත්ම නිර්ණය කිරීම අසමත් වී ඇති අතර අදුරු ශක්තියේ ස්වභාවය මේ දක්වා අපැහැදිලි තත්වයක පවතී. ආවර්තිතා වගුවට අයත් වන මූලද්‍රව්‍ය බොහෝමයක් ප්‍රධාන වශයෙන් පරමාණු හා ප්ලාස්මා යන තත්ව දෙකෙන් එක් තත්වයක් යටතේ දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථාවලදීද දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථා ය |
ටතේදී ද දැක ගත හැක. එවන් ස්ථාන සදහා උදාහරණ ලෙස සුදු වාමන තාරකා , ගුඨ ආගාඨ හා නියුට්‍රෝන තාරකා හැදින්විය හැක. නියුට්‍රෝන හා ෆෝටෝන (ප්‍රධාන වශයෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයකි.)ලෙසද සාමාන්‍ය පදාර්ථය ස්වභාවයේ පවතී. අප දන්නා පරිදි විශ්වීය පදාර්ථයේ බහුලම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් වන අතර දෙවැනි තැන හීලියම්ට හිමි වේ. ඒවා පිළිවෙලින් 1 හා 2 යන පරමාණුක ක්‍රමාංකය දරණ මූලද්‍රව්‍ය වේ. නමුත් තෙවැනි සුලභතම මූලද්‍රව්‍ය ඔක්සිජන් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය 8 වේ. මෙම ප්‍රධාන මූලද්‍රව්‍ය තුන හා සැලකු කළ අන් සියළු මූලද්‍රව්‍ය වඩාත් අඩු ප්‍රමාණවලින් පවතී. විශ්වය හා එහි බිහිවීම පිළිබද සම්මත මතවාදය මත පදනම්ව සැහැල්ලුතම මූලද්‍රව්‍යවල සුලබත්වය පැහැදිලි කළ හැක. ඒ අනුව මෙම මූලද්‍රව්‍යයන් මහා පිපුරුමෙන් තත්පර සියගණනක කාලය ඇතුළත න්‍යෂ්ටික සංස්ලේෂණය ඔස්සේ නිර්මාණය වූ බව පිළිගැනේ. ස්කන්ධය වඩාත් වැඩි මූලද්‍රව්‍ය බොහෝ පසු කාලීනව තාරකා තුළ නිර්මාණය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. හීලියම් - 3 (13He) වායුව පෘතුවිය මත ඉතා දුර්ලභ වන අතර න්‍යෂ්ටික වියලන පරීක්ෂණයක් සදහා යොදා ගන්නා බැවින් දැඩි ඉල්ලුමක් පවතී. එහෙත් |
13He වායුව චන්ද්‍රයා මත පෘතුවියට වඩා සුලභව පවතින බව විශ්වාස කෙරේ. තාරකා මාධ්‍යයයේ ප්‍රෝටෝන - ප්‍රෝටෝන දාමය හා CNO වක්‍රය ආදි විවිධ ක්‍රම ඔස්සේ ද වියලනය මගින් මෙම 13He වායුව නිර්මාණය වේ. විශ්වයේ අඩංගු සාමාන්‍ය පදාර්ථයෙන් 74% හා 24% බැගින් පිළිවෙලින් හයිඩ්‍රජන් හා හීලියම් වලින් යුක්ත බව විශ්වාස කෙරේ. මුළු ස්කන්ධයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් සදහා දායක වුවද ඉතිරි බරින් වැඩි මූලද්‍රව්‍ය විශ්වීය ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. ක්ෂීර පථයේ මුළු ස්කන්ධයෙන් 2% ක් පමණ මෙම බරින් වැඩි මූලද්‍රව්‍යවලින් සමන්විතය. මෙම බරින් වැඩි මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ තරු තුළදී වේ. තාරකා විද්‍යාඥයින් හයිඩ්‍රජන් හා හීලියම් හැර අන් සියලු මූලද්‍රව්‍ය ලෝහමය සේ සලකති. මෙසේ සැලකීමට හේතුව වන්නේ හයිඩ්‍රජන් හා හිලීයම් (සුළු වශයෙන් ලිතියම්ද) යන මූලද්‍රව්‍ය පමණක් ස්වාභාවික එනම් තාරකා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලින් තොරව විශ්වය නිර්මාණය වූ බැවිණි. එබැවින් ක්ෂීර පථයේ හෝ වෙනත් ඕනෑම වස්තුවක ඉහත ලෝහමය මූලද්‍රව්‍යයන්හි පැවැත්ම අතීත තාරකා ක්‍රියාකාරිත්වය පෙන්වන සලකුණකි.පහත දැක්වෙන්නේ විශ්වයේ බහුලතම සාමාන්‍ය පද |
ාර්ථයට අයත් මූලද්‍රව්‍ය 10 වේ. මූලද්‍රව්‍ය ඉදිරියෙන් එහි සුලභත්වය මිලියනයට කොටස් (PPm ) ඇසුරෙන් දක්වා ඇත. හයිඩ්‍රජන් - 739000 ppmහීලියම් - 240000 ppmඔක්සිජන් - 10700 ppmකාබන් - 600 ppmනියෝන් - 1340 ppmයකඩ - 1090 ppmනයිට්‍රජන් - 950 ppmසිලිකන් - 650 ppmමැග්නීසියම් - 580 ppmසල්ෆර් - 440 ppmවෙනත් - 650 ppmReferences[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Abundance_of_the_chemical_elements#Abundance_of_elements_in_the_Universe"කශේරුකා" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, කශේරුකා (වක්‍රෝත්තිහරණය) සහ මිනිස් කශේරුව බලන්න.එළුවෙකුගේ කශේරුකා සහ ඉන් සැදි කශේරුවකශේරුව හෙවත් කොඳු ඇට පෙළ පෘෂ්ඨවංශිකයන් තුල පවතින අස්ථිමය ව්‍යුහයකි. එය කශේරුකා වලින් සැදී ඇත.මානවයන් තුල[සංස්කරණය]මිනිස් කශේරුව.ප්‍රධාන ලිපිය: මිනිස් කශේරුවමානව ව්‍යුහ විද්‍යාවේ, කශේරුව (ලතින් − කොලුම්නා වර්ටිබ්‍රාලිස්) (පිටකොන්ද හෝ කොඳු ඇට පෙළ) යනු සන්ධානගත කශේරුකා 24 කින් සහ,[1][භින්න වූ සබැඳිය] ත්‍රිකාස්ථියෙහි සහ අනුත්‍රිකාස්ථියෙහිදී සම්බද්ධ කශේරුකා 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. ඌනකාය |
ෙහි පෘෂ්ඨීය දිශාවෙහි, අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පිහිටයි. එහි කශේරුක නාලය තුල සුෂුම්නාව දරමින් එය ආරක්ෂා කරයි.මිනිස් සිරුරේ සාමාන්‍යයෙන් කශේරුකා තිස්-තුනක් (33) ඇති අතර, මෙයින් පහක් එකිනෙකට සම්බද්ධවී ත්‍රිකාස්ථිය තනන අතර (අනෙකුන් අන්තර් කශේරුක බිම්බයන් විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පවතියි) අනුත්‍රිකාස්ථිමය අස්ථි සතරක් කෝකකය සාදයි.ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ග්‍රෛවී (කශේරුකා 7), උරස් (කශේරුකා 12) සහ කටී (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති. එක් පෙදෙසක් තුල පිහිටන කශේරුකා සංඛ්‍යාව එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු විය හැකි අතර, අඩු කිරීමක් වෙනුවට බොහෝවිට වෙනත් පෙදෙසක කශේරුවක් වැඩි කිරීම සිදු වෙයි. කෙසේවෙතත්, ග්‍රෛවී කශේරුකා සංඛයාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ ඉතාමත් කලාතුරකින් සිදු කෙරෙයි. [2]අනෙකුත් සතුන්ගේ[සංස්කරණය]අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි. ග්‍රෛවී කශේරුකා යනු ගෙල පෙදෙසෙහි පවතින ඒවාය. මන්ද ප්‍රභේදයන් දෙක (කලීපස් සහ බ්‍රේඩිපස්) සහ මැනටියා (ට්‍රිකැ |
කස්) හැර, අනෙකුත් සියළු ක්ෂීරපායියන් සතුව ග්‍රෛවී කශේරුකා හතක් පවතියි. [3] අනෙකුත් පෘෂ්ඨවංශීන් අතර ග්‍රෛවී කශේරුකා පවතින ආකාරය සැලකූ කල උභයජීවින් තුල එක් කශේරුකාවක්ද, හංසයන් තුල කශේරුකාවන් 25 ක් තරම් විශාල සංඛ්‍යාවක්ද වඳවී ගිය ප්ලෙසියොසොර් ඉලැස්මොසෝරස් තුල කශේරුකාවන් 76 ක්ද යන පරාසයේ පවතියි. පෘෂ්ඨීය කශේරුකා පිහිටන්නේ බෙල්ලේ පහළ සිට ශ්‍රෝණියෙහි ඉහළ දක්වාය. ඉළ ඇට හා සම්බන්ධ වී ඇති පෘෂ්ඨීය කශේරුකා උරස් කශේරුකා ලෙසින්ද, ඉළ අට නොමැති ඒවා කටී කශේරුකා ලෙසින්ද හැඳින්වෙයි. ත්‍රිකාස්ථික කශේරුකා ලෙසින් හැඳින්වෙන්නේ ශ්‍රෝණි පෙදෙසෙහි ඇති ඒවා වන අතර, උභයජීවීන් තුල එකක්, බොහෝ පක්ෂීන් හා නූතන උරගයන් අතර දෙකක්, හෝ ක්ෂීරපායීන් අතර 3 සිට 5 දක්වා වශයෙන් පිහිටයි. බහු ක්‍රිකාස්ථික කශේරුකා එකිනෙක්ට සම්බද්ධ ව තනි ව්‍යුහයක් සදන විට, එය ත්‍රිකාස්ථිය ලෙසින් හැඳින්වෙයි. බද්ධත්‍රිකාස්ථිය යනු පක්ෂීන් තුල හමුවන එවැනි සම්බද්ධ ව්‍යුහයක් වන අතර, එය ත්‍රිකාස්ථික, කටී, සහ සමහරක් උරස් සහ පෞච්ඡ කශේරුකා මෙන්ම ශ්‍රෝණි මේඛලාව යන්නන්ගෙන් එය සමන්විත වෙයි. පෞච්ඡ කශේරුකාවන් වෙතින් වලගය සමන්විත වී ඇති අතර, අවසන් කිහිපය සම්බ |
ද්ධවී, පක්ෂීන් තුල ඵාලාස්ථිය හෝ, චිම්පන්සින් (සහ මානවයන්) තුල කෝකක හෝ වලග අස්ථිය තනයි.තනි කශේරුකාවක ව්‍යුහය[සංස්කරණය]කශේරුකා දේහය, කශේරුකා දේහයේ ඉහළින් සහ පහළින් නෙරා සිටින වක්‍ර සහ, කශේරුකා දේහයෙන් සහ/හෝ වක්‍ර වලින් නෙරා සිටින විවිධ ප්‍රසර යන්නෙන් තනි කශේරුකාවක් සමන්විත වෙයි. කශේරුකා දේහයේ ඉහළින් නෙරා සිටින වක්‍රයක් හැඳින්වෙන්නේ ස්නායු මාර්ග වක්‍රය ලෙසින් අතර, මත්ස්‍යයන්ගේ, බොහෝ උරගයන්ගේ, සමහරක් පක්ෂීන්ගේ සහ, සමහරක් දිගු වලග සහිත ක්ෂීරපායින්ගේ පෞච්ඡ් (වලග) කශේරුකාවේ කශේරුකා දේහය යටින් රුධිර මාර්ග වක්‍රය හෝ ද්විවේණිය පිහිටා ඇත. කශේරුකා ප්‍රසර විසින් ව්‍යුහයට දෘඩතාවය ලබා දීම, පර්ශු හා සමගින් සංධානගත වීමට උපකාර වීම හෝ, මාංශපේශී සවිවන ලක්ෂ්‍යයන් වශයෙන් ක්‍රියාකිරීම වැනි දේ සිදු වෙයි. බහුල ලෙස පවතින වර්ග වන්නේ තීර්යක් ප්‍රසර, ද්වි-අපවර්ධ, අංශවර්ධ, හෝ යෝගීවර්ධ (කපාල යෝගීවර්ධ සහ පෞච්ඡ යෝගීවර්ධ යන දෙකම) වෙති.ආශ්‍රිත[සංස්කරණය]↑ ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂයෙහි vertebral column ↑ ග්‍රේ, හෙන්රි (1977). ග්‍රේස් ඇනටමි. නිව්යොර්ක්: ක්‍රවුන් ප්‍රකාශකයෝ, ඉන්කෝපරේටඩ්. පිටු. 34. ↑ ෆ්‍රෙයි |
ස්ටන් ගාලිස් (1999). "වයි ඩූ ඕල්මෝස්ට් ඕල් මැමල්ස් හෑව් සෙවන් සර්වික්ල් වර්ටිබ්‍රේ? ඩිවලප්මන්ට් කන්ස්ට්‍රේන්ස්, හොක්ස් ජීන්ස් ඇන්ඩ් කැන්සර්" (PDF). ජර්නල් ඔෆ් එක්ස්පෙරිමෙන්ටල් සූලොජි. 285 (1): 19–26. doi:10.1002/(SICI)1097-010X(19990415)285:1<19::AID-JEZ3>3.0.CO;2-Z. PMID 10327647.ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේමෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න."ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ" යනු ක්‍රිස්තියානි ගීතිකාවකි. 14 වන සියවසෙහි බොහීමියානු ලතින් කැරොල් ගීතයක් ලෙසින් ලියැවුනු එහි නම වූයේ සුරේක්සිට් ක්‍රිස්තුස් හෝඩී ලෙසිනි. [1] එය පාස්කු ගීතිකාවක් වන අතර ජේසුස් වහන්සේගේ උත්ථානයට [2] අදාළ වෙමින් මතෙව් 28:6,[1] ක්‍රියා 2:32, 1 පේදුරු 3:18 සහ එළිදරව්ව 1:17-18 පදනම් කොට රචනා කර ඇත.[3]ඉතිහාසය[සංස්කරණය]"ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ", 14වන සියවසෙහිදී බොහීමියානු කැරොල් ගීතිකාවක් ලෙසින්, පළමුව ලතින් භාෂාවෙන් ලියන ලද්දේ "සුරේක්සිට් ක්‍රිස්තුස් හෝඩී" යන නම සහිතව, නොදන්නා රචකයෙක් විසින්, මියුනික් සහ බ්‍රෙස්ලෝ නගරයන්හිද |
ී ලියැවුනු අත්පිටපත් ලෙසින් වෙයි.[4] ලතින් භාෂාවෙන්, එහි පැදි එකොලහක් විය.[4]ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". Cyberhymnal.org. සම්ප්‍රවේශය 2014-03-19.↑ "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". ලූතරන් හිම්නල්. සම්ප්‍රවේශය 2014-03-19.↑ පීටර්සන්, විලියම් ජේ. (2014). ද කම්ප්ලීට් බුක් ඔෆ් හිම්න්ස්. ටයින්ඩේල් හවුස්. පිටුව. 602. ISBN 1414331401. ↑ 4.0 4.1 "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". Hymnary.org. සම්ප්‍රවේශය 2014-03-19.ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. [1] ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන) හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ, ඊශ්‍රායෙලයේ දරුවන් හා සමග දෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවයක් ලෙසිනි.[2]ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්‍රවාහ සහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්‍රචලිත ප්‍රවාහය ව |
න්නේ රෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ, ලිඛිත සහ වාචික ටෝරා යන දෙයාකාරයටම, සීනායී කන්දෙහිදී දෙවියන්වහන්සේ විසින්, උන්වහන්සේගේ නීති සහ පණත් මෝසෙස් වෙත හෙළිකල බවයි. [3] ඓතිහාසික වශයෙන්, මෙම නිර්ධාරණය, දෙවන දේවමාලිගය යුගයේදී සද්දුසිවරු සහ හෙලනිස්තික ජුදා ආගම; මුල්කාලීන හා පසුකාලීන මධ්‍යතන යුගයන්හිදී කැරඅයිට්වරු සහ සබේෂන්වරු;[4] සහ නූතන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ගේ ඛණ්ඩයන් වැනි බොහෝ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කරන ලදි. නූතන කාලයේ මානවවේදී ජුදා ආගම වැනි ලිබරල් ව්‍යාපාරයන්, අදේවවාදී විය හැක.ආශ්‍රිත[සංස්කරණය]↑ ජේකබ්ස්, ලුවිස් (2007). "ජුඩයිසම්". In ෆ්‍රෙඩ් ස්කොල්නික් (ed.). එන්සයික්ලොෆීඩියා ජුඩයිකා. Vol. 11 (2d ed.). ෆාර්මින්ටන් හිල්ස්, මිචි.: තොම්සන් ගේල්. p. 511. ISBN 978-0-02-865928-2. ජුඩයිසම්, ද රිලිජන්, ෆිලොසෆි, ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔෆ් ද ජූස්.↑ "නොලේජ් රිසෝර්සර්ස්: ජුඩයිසම්". බර්ක්ලි සෙන්ටර් ෆෝ රිලිජන්, පීස් ඇන්ඩ් වර්ල්ඩ් අෆෙයාර්ස්. සම්ප්‍රවේශය 2011-11-22.↑ "වට් ඊස් දි ඕරල් ටෝරා?". Torah.org. සම්ප්‍රවේශය 2010-08-22.↑ "කැරඅයිට් ජුවිෂ් යුනිවර්සිටි". Kjuonline.com |
. සම්ප්‍රවේශය 2010-08-22.වාල්බරා යනු සෛද්ධාන්තික වශයෙන් පෘථිවියෙහි පළමු සුපිරිමහාද්වීපය වන අතර, එහි නිර්මාණය ඇරඹුනේ දළ වශයෙන් 3,600 වසර මිලියන ගණනකට පෙර වන අතර, එහි නිර්මාණය අවසන් වීම දළ වශයෙන් 3,100 වසර මිලියන ගණනකට පෙර සිදු වී 2,500 වසර මිලියන ගණනකට පෙර පමණ වන විට කැඩී වෙන් වී යෑම සිදුවිය.මෙම ලිපිය හෝ ලිපි කොටස පුරාතන මිසරය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ප්‍රධාන සංකේතයක් ලෙස පිරමීඩ හඳුන්වා දිය හැක.ප්‍රධාන නගර සහ රාජ වංශ කාල සීමාවෙහි (ක්‍රි.පූ. 3150 පමණ සිට ක්‍රිපු 30 පමණ දක්වා) විශේෂ ස්ථාන දක්වන පුරාතන ඊජිප්තුවෙහි සිතියමක්.උතුරු අප්‍රිකාවේ නැගෙනහිරට වන්නට නයිල් ගඟ ආශ්‍රිතව මෙම පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය විහිදී පැවතිණි. මෙම ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ 3150 දී සිදුවිණි. එය පළමුවන පාරාවෝ රජු විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟම ඇතිවිණි. එසේ ඇරඹුණු ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් දක්නට හැකිවිය. ක්‍රි.ව 31 පමණ වන විට පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් විණි.නයිල් ගඟ ආශ්‍ර |
ිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් අත්කරගෙන තිබිණි. ස්වභාවික සම්පත් බහුල වු ඊජිප්තුව, නයිල් නිම්න මිටියාවත් හා කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබුණු වටිනා ඛනිජ නිධිවලටද උරුමකම් කීය. දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතාවයකට හිමිකම් කී පුරාණ ඊජිප්තු රාජ්‍යය පාරාවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරන ලදහ.පුරාණ ඊජිප්තුවේ පාලනය සහ වෙළඳාම[සංස්කරණය]පාරාවො චිත්‍රයෙන් සාමාන්‍යයෙන් විස්තර කර දක්වන්නේ රාජත්වය සහ පාලනයයිඊජිප්තුවේ ඒකාන්තයෙන්ම රටේ අධිපති වූයේ පාරාවෝය. කෙසේ නමුත් ඔවුන් භූමියේ සහ සම්පත් වල සම්පූර්ණ පාලකයන් වුහ. රජු සැමවිටම හමුදා අණදෙන්නාය.ඔහු රටේ අධිපති වන අතර නිලබල ක්‍රමය මත ඔහුගේ සම්බන්ධතා කළමණාකරණය ගැන වැසියෝ විශ්වාසය තබති. මිනින්දෝරුවන්, භාණ්ඩාගාරය, ගොඩනැගිලි සාදන ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමට නියෝජිතයන් ලෙස අමාත්‍යවරු පත්කර තිබුණි. ඒ සැමදෙනාම රජුගේ අණට යටත්ව ක්‍රියා කළහ. දේශීය මට්ටමේදී රට කොටස් 42 කට බෙදන ලදී. ඒවා නොමෙස් නමින් හැඳින්විය. ඒ සැම කොටසකටම අධිපතියෙක් සිටියේය.ඔහු එම කොටසේ අ |
ධිකරණ බලය පිළිබඳ වගකිව යුතු අමාත්‍යයවරයාද විය. ආර්ථිකයේ ප්‍රධාන රුකුල ලෙස පන්සල් පිහිටවූවේය. ඒවායේ පන්සල් ලෙස පුද පූජා පැවැත්වූවා පමණක් නොව රටට එන සම්පත් එකතු කිරීමට සහ ගබඩා කිරීමටද වගකීමක් තිබුණු අතර මහජනයාට ධාන්‍ය සහ භාණ්ඩ බෙදාහැරීමට නියෝජිතයන් සිටියහ.ආර්ථිකයෙන් වැඩි කොටසක් මධ්‍යගතව සංවිධානය කරනු ලැබූ අතර නීතිමතින් පාලනය කරනු ලැබුවේය.ඉපැරණි ඊජීප්තුවන් මෑතක් වනතුරු කාසි වර්ග භාවිතා නොකලහ. නමුත් ඔවුන්ගේ ගනුදෙනු සඳහා වෙනත් වර්ගයක මුදල් හෙවත් සම්මත ධාන්‍ය සහ ඩෙබෙන් ගොඩවල් වල බර දල වශයෙන් ග්‍රෑම් 91 රිදී හෝ තඹ යොදාගෙන පොදු භාගයක් පිහිටවමින් මැනගත්හ. සේවකයන්ට ධාන්‍ය වලින් ගෙවීම් කරන ලදී. සුළු සේවකයින් මසකට ධාන්‍ය කිලෝග්‍රෑම් 200 පමණ උපයන ලදී. රට තුළ භාණ්ඩ සඳහා නියමිත මිලක් නියම කරන ලදී. වෙළඳාම් කිරීමට පහසුකම් සලසන ලද අතර ඒවායේ මිල සටහන් කරන ලදී. උදාහරණයක් ලෙස කමිසයක මිල තඹ ඩෙබෙන් 5 ක් විය. එළදෙනෙකුගේ මිල ඩෙබෙන් 140 ක්ය. නිශ්චිත මිල ලැයිස්තුවට අනුව ධාන්‍ය වෙනත් භාණ්ඩ සමග හුවමාරු කිරීමට හැකියාව තිබුණි. බු.ව.5 වන සියවස තුළ විදේශ වලින් ඊජිප්තුවට කාසි මුදල් හඳුන්වා දෙනු ලැබිණි. මුලදී සත්‍ය මුද |
ල් වලට වඩා සම්මත කරගත් වටිනා ලෝහ කැබලි කාසි ලෙස භාවිතා කල නමුත් පසු සියවස් තුළ ජාත්‍යන්තර වෙළඳුන් කාසි මත වැඩි විශ්වාසය තැබීය. පුරාණ ඊජිප්තුවේ නීති පද්ධතිය[සංස්කරණය]නෛතික ක්‍රමයෙහි ලියන්නා මනා දැනුමක් සහ ඉතා උසස් කොට සලකන පුද්ගලයෙකි,පරිපාලන කටයුතු පිළිබඳ වගකීම් ඔහුට පැවරී ඇතමෙම නෛතික පද්ධතියේ ප්‍රධානියා වුයේ පාරවෝවරුය. ඔහුට නිතීය සම්පාදනය කිරීමේ, යුක්තිය පසිඳිලිමේ හා නීතී ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිණි. මෙම නෛතික රාමුව ඊජිප්තු වැසියන් Maat (මාට්) ලෙස හඳුන්වනු ලැබීය. පැරණි ඊජිප්තුවේ නීතී සංග්‍රහයක් නොපැවතුණු අතර සාමාන්‍ය බුද්ධිය අනුව නීතී කටයුතු සිදු කෙරුණු බවට අධිකරණ වාර්තා පෙන්නුම් කරයි. ප්‍රශ්න නිරාකරණයේදි බොහොදුරට අවබෝධාත්මක ගිවිසුම්වලට එළඹුනු බවක් පෙනෙන්නට තිබේ. ප්‍රාදේශිය අධිකරණවල බලධාරියා වුයේ kenbet නමින් හැඳින්වු පුද්ගලයෙකි. ඔහු සුළු පැමිණිලි සුළු ආරවුල් විභාග කොට විසඳනු ලැබිණි. බරපතල ගැටළු(මිණිමැරුම්, ඉඩම් ගණුදෙනු, මංකොල්ලකෑම් ) විසඳනු ලැබුවේ පාරාවොගේ අනුදැනුම ඇතිව great kenbet විසිනි. අවසානයේ විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් තමන්ට නිවැරදි තීන්දුව ලැබුණු බ |
වට දිවුරා දිවුරුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය. සමහර අවස්ථාවලදී පැමිණිලිකරු මෙන්ම විනිශ්චයකරුද එකම පුද්ගලයෙක් වු අතර කරුණු දක්වමින් කුමන්ත්‍රණකරුව හඳුනා ගැනිණි. විභාගිත නඩුව වැදගත් හො නොවැදගත් වුවද අධිකරන ලේකම්වරයා විසින් පැමිණිල්ල, සාක්කිය, තීන්දුව සටහන් කරගනී.සුළු වැරදිවලට දඬුවම් ලෙස දඩගැසීම, පහරදිම, මුහුණු විකෘති කිරිම හො පිටුවහල් කිරිම ආදිය ලබාදෙන ලදි. බරපතල වැරදි සඳහා ජීවිතක්ෂයට පත් කිරිම, උලතැබීම,ජලයේ ගිල්වීම ආදී දඬුවම් දෙන ලදි. සමහර විට දඬුවම් අපරාධකරුගේ පවුලේ අයටද පැනවිණි. අලුත් රාජධානිය ආරම්භ කිරිමෙන් අනතුරුව නීතී පද්ධතියෙ ප්‍රධානියා හැටියට Oracle(ඔරුකල්) නමින් තනතුරක් ඇතිකරන ලදි. මෙහිදි නීතීය පසිඳලීම සඳහා මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදයද නොමසුරුව අවශ්‍ය විය.පුරාණ ඊජිප්තුවේ රෝම ආධිපත්‍ය[සංස්කරණය]ෆායම් මමිය ඊජිප්තියානු සහ රෝමන් සංස්කෘතියේ ප්‍රතිමූර්තිය පිළිබිඹු කරයිඇක්ටියම් (Actium) යුද්ධයේදී ඔක්ටාවේන්හට මාර්ක් ඇන්තනි සහ VII ක්ලියෝපැට්රා රැජිණ පරාජය වීමෙන් පසු බු.ව.30 දී ඊජීප්තුව,රෝම අධිරාජ්‍යයට අයත් රාජ්‍යක් බවට පත් විය. රෝමන් ජාතිකයන් ඊජීප්තුවෙන් ලැබෙන ධාන්‍ය නැව් බඩ |
ු තොග ගැන බෙහෙවින් විශ්වාසය තැබූහ.මෙම කාලය තුළ ප්‍රකට ගැටලුවක්ව තිබූ දාමරිකයන්ගෙන් එල්ල වන ප්‍රහාර මැඩ පැවත්වීමට අධිරාජ්‍යයා විසින් රෝම හමුදාවට නියම කරන ලදී. රෝමය තුළ විදේශීය සුඛෝපබෝගී භාණ්ඩ සඳහා අධික ඉල්ලුමක් පැවති බැවින් පෙරදිගින් එන වෙළඳ මාර්ගයේ ඇලෙක්ස්සැන්ඩ්‍රාව වැදගත් මධ්‍යස්ථානයක්ව තිබුණි.රෝම ජාතිකයන් තුළ ග්‍රීක ජාතිකයන්ට වඩා ඊජීප්තු ජාතිකයන් කෙරෙහි සතුරු ආකල්ප වැඩි වශයෙන් පැවතියද, ඇතැම් සිරිත් විරිත්(දෙවියන් ඇදහීම,මමීකරණය )දිගටම පැවතුනි. මාතෘ ඡායාරූප නිර්මාණ කලාව ප්‍රචලිතව තිබූ අතර සමහර රෝම අධිරාජ්‍යයන් ඔවුන්වම පාරාවෝ ලෙස විස්තර කරන ලදී.(නමුත් ටොලමින් තරම් නොතිබුනි. ඔවුන් ඊජීප්තුවෙන් පිට ජීවත් වූ අතර ඊජීප්තු අධිරාජ්‍යයේ උත්සව අවස්ථා සිදු නොකරන ලදී. )දේශීය ආණ්ඩුව රෝමයේ ක්‍රමයට හැඩගැසුනු අතර ස්වදේශීය ඊජීප්තු වැසියන්ට සමීප විය.ක්‍රි.ව. පළමු ශතවර්ශයේ මැද භාගයේ සිට ක්‍රිස්තියානි ආගම ඇලෙක්සැන්ඩ්‍රාවේ මුල් බැසගත් අතර එය ව්‍යාප්ත විය. අන් ආගමිකයන් තම ආගමට හැරවීමට බලාපොරොත්තු වූ අතර ජනප්‍රිය ආගමික සිරිත් විරිත් වලට එය තර්ජනයක් විය. මෙය ක්‍රිස්තියානි ආගමට හැරුනු අයට හිංසා කිරීම් වලට හේ |
තු විය.නමුත් ක්‍රිස්තියානුවන් ජය ගනු ලැබීය. එහි ඵලයක් ලෙස ඊජීප්තුවන්ගේ මිත්‍යාදෘශ්ටික සංස්කෘතින් ක්‍රමයෙන් පරිහානියට පත් විය. ස්වදේශීය ජනයා ඔවුන්ගේ භාෂාව දිගටම භාවිතා කරන අතරතුර ඊජීප්තු පූජකවරු සහ පූජකවරියන් අඩුවීම නිසා චිත්‍ර ලිපියෙන් සමන්විත ලේඛන කියවීමේ හැකියාව ක්‍රමයෙන් නැතිවී ගියේය. පැවති පන්සල් ඇතැම් විට පල්ලි බවට පත් කරගත් අතර ඇතැම්විට පාළු වී අත්හැර දමන ලදී.පුරාණ ඊජිප්තු ලේඛන[සංස්කරණය]රොසෙටා පාෂාණය[සංස්කරණය]රොසෙටා පාෂාණයචිත්‍ර ලිපි ලේඛන කලාව ක්‍රි.පු. 3200 කාලවකවානුවට අයත් වන අතර ඊට සලකුණු 500 ක් පමණ යොදා ගෙන ඇත. මේ එක් සළකුණකින් වචනයක්, පණිවිඩයක් නියෝජනය කළ හැකිය; තවද එකම සලකුණකට විවිධ සංදර්භ වල විවිධ අරමුණු වෙනුවෙන් පෙනී සිටිය හැකිය. චිත්‍ර ලිපි විධිමත් ශිලා ලේඛන වර්ගයකි. ඒවා නිර්මාණය කොට තිබුණේ සිහිවටන ගල් වල සහ සොහොන් ගෙවල් වලය. ඒවායෙහි තොරතුරු නිරූපණය කර තිබුණි. මෙම සෙල් ලිපි වල යොදා ගෙන තිබුණේ ලේසියෙන් හා ඉක්මනින් ලිවිය හැකි හයරටික් නම් වු වැල් අකුරුය. විධිමත් චිත්‍ර ලිපි පේලි හෝ තීරු වශයෙන් කියවිය හැකි ලෙස ලියා තිබුණු අතර (සාමාන්‍යයෙන් දකුණේ සිට වමට), හයරටික් නිතරම |
ලියා තිබුණේ දකුණේ සිට වමට සාමාන්‍යයෙන් සමාන්තර පේලී වශයෙනි. අළුතෙන් පැමිණි ලේඛන කලාවක් වු ඩෙමොටික් ක්‍රමය පසුව පිළිගත් ලේඛන ශෛලියක් බවට පත්විය. රොසෙටා පාෂාණයේ ග්‍රීක වදනින් ඇත්තේ ද එවන් ලේඛන ශෛලියකි.ක්‍රි.ව. 1 වැනි ශ.ව. දී පමණ සාම්ප්‍රදායික ඩෙමොටික අත් අකුරු වෙනුවට නවීකරණය වු ග්‍රීක හෝඩිය වු කොප්ටික් අක්ෂර මාලාව පැතිරෙන්නට විය. ක්‍රි.ව. 4 වන ශ.ව. දක්වා විධිමත් චිත්‍ර ලිපි භාවිතා වුවද ඒවා කියවීමේ හැකියාව තිබෙන්නේ පුජකවරු අතළොස්සකට පමණි. සාම්ප්‍රදායික ආගමික ක්‍රම වේදයන් විසුරුවා හරින ලද නිසා, චිත්‍ර ලිපි ලේඛනය පිළිබද දැනුම බොහෝ දුරට අඩු වී ගියේය. ඊජිප්තුවේ බයිසන්ටයින් හා ඉස්ලාමික යුගවලට අයත් චිත්‍ර ලිපි කියවා තේරුම් ගැනීම අපහසු වුවද 1822 රොසෙටා පාෂාණය සොයා ගැනීමෙන් හා තෝමස් යන්ග්ගේ සහ ජීන් - ෂ්රැන්කිස් චැම්පෝලින්ගේ සමීක්ෂණ වලින් පසු බොහෝ දුරට චිත්‍ර ලිපි කියවා තේරුම් ගත හැකි විය.ඊජිප්තු සාහිත්‍යය[සංස්කරණය]මුල්ම ලේඛන දක්නට ලැබෙන්නේ රාජකීය සොහොන් ගෙවල්වලින් සොයා ගන්නා ලද ලේබල හා ඇමුණුම් වලයි. එය මූලික ලෙස ජීවන නිවාස වල වැඩ කළ ලේඛකයන්ගේ රක්ෂාව විය. පසුව පැමිණියන් කාර්යාල, පුස්තකාල (ග් |
රන්ථ නිවාස ලෙස හැදින්වූ), විද්‍යාගාර හා නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරන ලදී. පිරමීඩය සහ කොෆීන් ටෙක්ඩ්ස් වැනි පුරාණ ජනප්‍රිය ඊජිප්තියානු සාහිත්‍යමය කෘති ලියවුණේ ක්‍රි.පු. 1300 පමණය. එතෙක් ලිවිමට භාවිතා කළ සම්භාවනීය ඊජිප්තුයානු භාෂාව නව රාජධානි ඇති වු සමයේ සිට ඉදිරියටද භාවිතා විණි. ඒ අනුව ඩෙමොයික් හා කොප්ටික් ග්‍රන්ථවලින් ද නියෝජනය වූයේද එම භාෂාවමය. මෙම කාල පරිච්ඡේදය අතරතුර ලිවීමේ සම්ප්‍රදාය, සොහොන් ගෙවල්වල තම ජීවිත කතාව ලිවීම දක්වා විකසනය විය. හර්ක්හෆ්ගේ සහ වෙනත් අයගේ සොහොන් ගෙවල් ඊට උදාහරණවේ. සොබාට් (උපදෙස්) ලෙස හැදින්වෙන රීතිය, ඉගැන්වීම් සහ ප්‍රසිද්ධ ප්‍රභූන්ගේ මාර්ගෝපදේශකත්වය සන්නිවේදනය කිරීම දක්වා වැඩි දියුණු විය. ඉපුවර් පපිරස් යනු ඊට ප්‍රසිද්ධ උදාහරණයකි. එය ස්වභාවික විපත් සහ සමාජ විප්ලව විස්තර කරන අදෝනාවක ස්වරයෙන් ලියවුණු කාව්‍යයකි. මධ්‍ය ඊජිප්තියානු යුගයේදී ලියවුණු ‘සිනුහිගේ කතාව’ ඊජිප්තියානු සම්භාව්‍ය සාහිත්‍යය නිරූපණය කරන්නක් විය හැකිය. මෙම කාලයේම ලිය වුණු අනෙක් ග්‍රන්ථයේ අඩංගු වන්නේ පුජකවරු කළ හාස්කම් ගැන කතාය. නව රාජධානියේ අග භාගයේදී’වෙනමම් කතාව’ සහ ‘අනීගේ ඉගැ |
න්වීම්’ වැනි ජනප්‍රිය කතා ලියවුණු අතර එහි භාවිතා වුයේ ස්වභාෂාවය. වෙනමම් කතාවෙන් දේවදාර මිලට ගැනීමට ලෙබනන් යන අතරමඟදී කොල්ල කෑමට ලක්වන වංශවතෙක් හා නැවත ඊජිප්තුවට පැමිණීමට කරන අරගලය ගැන කියවේ. ක්‍රි.පු. 700 පමණ සිට කතන්දර හා ‘ඔන්ච්ෂ්ඔනික්වි ගේ ඉගැන්වීම්’ වැනි ඉගැන්වීම් ද එමෙන්ම පුද්ලික සහ ව්‍යාපාර ලියකියවිලි ද ලියවුණේ ඊජිප්තියානු ඩෙමොටික් අකුරු වලිනි. ඩෙමොටික් වලින් ලියවුණු බොහෝ කතා (ග්‍රේකෝ - රෝමානු යුගය අතරතුර) කලින් ඓතිහාසික යුගවල සකසන ලද ඒවාය. ඒ ඊජිප්තුව, 11 වැනි රම්සෙස් මහා පාරාවෝ රජවරු විසින් නිදහස් ජාතියක් ලෙස පාලනය කළ කාලයයි. සංස්කෘතිය[සංස්කරණය]කලාව[සංස්කරණය]ඉතාමත් ප්‍රසිද්ධ ගණයේ පුරාණ ඊජිප්තු කලාවෙහි අග්‍රකෘතියකි,Thutmose ප්‍රතිමා ශිල්පියා විසින් නිර්මාණය කරන ලද Nefertiti ගේ උඩුකය මූර්තියවසර 3500 ක් පුරාවට ඊජිප්තු කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැඳුණු නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසා හෝ නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නීතිරී |
ති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් විසින් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදහ. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කළ සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුණු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය අයගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.එකල ඊජිප්තුවේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා යුගයේ බිහිවූ නිර්මාණවලින් මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන්හි තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ.ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]එඩ්ෆුහි හෝරස් පන්සලපුරාණ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන ඉදිකිරීම් අතර පිරමීඩ හා ආගමික ස්ථාන ප්‍රධාන තැනක් ගනී. ආදී ඊජිප්තු ගල් වඩුවෝ මෙම නිර්මාණ සඳහා ඉතා දියණු මෙවලම් හා ආයුධ භාවිතා කළහ.එකල සමාජයේ ප්‍රභූවරුන්ගේ නිවාස තැනීමට වටිනා අමුද්‍රව්‍ය යොදා ගෙන |
තිබූණි.මේවන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ඇත. නමුදු මල්කාටා හා අටාමා යනුවෙන් හැදින්වෙන රජමාළිගා දෙකක නටඹුන් තවමත් ඉතිරිව ඇත. ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් කළුගලින් නිමවා ඇත්තේ ඒවායේ දිගුකාලීන පැවැත්ම උදෙසාය.දැනට හමුවී ඇති ඉපැරණිතම ඉදිකිරීම් වූ ආගමික ගොඩනැගිලි ගල්කණුවලින් සමන්විත ශාලාවලින් යුක්තවේ.මීට නිදසුන් 'ගිසා' ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මස්ටාඩා ප්‍රදේශයෙන් හමුවී ඇති සොහොන් කොතෙන් එකල පැවති සොහොන් කොත් ඉදිකිරීම් කලාව පිළිබඳව මැනවින් විදහා පායි.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)රන්සර (ගුවන්විදුලි විකාශනය)රන්සර කේක්General System of Preferences යනු මෙහි දිගු වදනයි..සංවර්ධනය වෙමින් පවත්නා රට වල අපනයනයන් සඳහා තම තම වෙළඳ පොළ වල් වරණීය ලෙස එනම් යම කිසි තේරීමක් හා පාලනයක් සහිතව විවෘත කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් විසින් හඳුන්වා දුන් “පොදු වරණීය ක්‍රමය (පද්ධතිය )”යන අදහස ඇති “General System of Preferences”යන්නෙන් අදහස් වේ. |
G S P+[සංස්කරණය]G S P +යනු බහු පාර්ෂවීය පාරිසරික ගිවිවුම් වලට මෙන්ම මානව හිමිකම් සහ යහපාලනය පිළිබඳව ගිවිසුම් සඳහා එළැඹි අනාරක්ෂිත මෙන්ම කුඩා රටවල අපනයන භාණ්ඩ 7200 කට පමණ තම වෙළඳ පොළවල් (යුරෝපා සංගමයට අයත් රටවල) වෙත තීරුබදු රහිතවම ප්‍රවේශ වීම සඳහා අවස්ථාව උදා කිරීමට යුරෝපා සංගමයට අයත් රටවල් විසින් හඳුන්වා දී ඇති ක්‍රමයකි.ගොනුව:Acti.jpgශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි.පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත.පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක පරිපාලනය, පන්තියේ |
ප්‍රමාණය, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය,ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය, ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඇගයුම් ආශ්‍රිත ප්‍රමිතිය, අධය්‍යාපන පාටිපාටිය,අධ්‍යාපනික ඇගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ්‍යාපනිකව වැදගත්වු ප්‍රතිථල ලබාදෙන සංරචක ඇතුලත් කර ඇත. පෙර පාසල් ඉතිහාසය[සංස්කරණය]90 දශකයේ දී යුරෝපීය අධ්‍යාපනඥයන් විසින් කුඩා දරුවන්ගේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කිරීමේ දී මනුෂ්‍ය වර්ගයාගේ ඉතාමත් තීරණාත්මක සහ සීඝ්‍ර වර්ධනයක් සිදුවන අවධිය සඳහා ඉතා කාර්යක්ෂම අධ්‍යපන ක්‍රමයක් ලෙස මෙම අධ්‍යාපන ක්‍රමය හදුන්වාදි ඇත.රොබට් ඕවන් නම් අධ්‍යාපනඥයා විසින් "නිවු ලැනාක්" නම් පළමු පෙර පාසල ආරම්භ කරන ලද අතර පසුව එවන් පෙර පාසල් ගනනාවක් එංගලන්තය පුරා ආරම්භ විය.සංවර්ධනය කරනු ලබන සංරචක[සංස්කරණය]පෙර පාසල් අධ්‍යාපනයේ සංවර්ධනය කරනු ලබන සංරචක රටකින් රටකට විවිධත්වයක් ගනී. කෙසේ වුවත් බහුතරයක් පද්ධතීන්, පහත වූ ප්‍රධාන තේමාවන් යටතේ නිරූපනය වේ.පෙද්ගලික,සමාජිය සහ භාවාත්මක සංවර්ධනයසන්නිවේදනය ,කථනය සහ සවන්දීම ඇතුලත්වලෝකය පිලිබද දනුම සහ අවබෝධයනිර්මාණාත්මක හා සෞන්ධර්ය පිළීබද සංවර්ධනයශාර |
ීරීක සංවර්ධනයගණීතමය දනුම සහ සංවර්ධනයසංවර්ධනාත්මක අධ්‍යාපනයේ පදනම වී ඇත්තේ පෙර පාසල් යන වයසේ දුවා දරුවන්ට ඉහත සංවර්ධනය කලයුතු ප්‍රදේශ සොයගැනීම සහ ගවේෂනය කිරීමට අත් වැලක් සැපයීමයි.ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවර්ධනයට ඔබින පුහුණුවක් පිළීබඳ අදහසක් ප්‍රසිද්ධියට පත්කර එය ප්‍රවර්ධනය කලත් තව කලයුතු දෑ බොහෝමයක් ඉතිරිව ඇත. බොහෝ පෙර පාසල් ගුරුවරුන් සංවර්ධනය පිළිබද පුහුණුව හා දෑනුම ඇතිඅය වුවත් ඔවුන්ට එය පන්තිකාමරය තුල ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වී ඇත. 80% පෙර පාසල් තිබුනත් ඉන් 20% පමණ දියුණු තත්වයක නොපවතින බව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.ඉහත සදහන් පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ දී දරුවාගේ හදුනා ගැනීමේ හැකියාව, අන් අය සමග සහයෝගීව කටයුතු කිරීමේ හැකියාව සහ තමන්ගේ සමාජීය වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම පෞද්ගලික සමාජීය හා භාවාත්මක සංවර්ධනය වේ.එමන්ම ළමයාගේ දැනුමේ වර්ධනය, බාහිර උත්තේජන සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පාලනය පිලිබඳ අවබෝධය ලබාදීමද මෙමගින් සිදුකෙරේ. සන්නිවේදනය සහ භාෂාව වර්ධනය කිරීම මගින් ඔවුන්ගේ ශබ්ද සහ දර්ශන සඳහා ප්‍රථිචාර සහ තමන්ගේ හැඟීම් දැනීම් හුවමාරු කර ගැනීම, භාෂාව හැ |
සිරවීම පිළිබඳ දැනුමක් ලබාගැනීම ඇතුලත් වේ.එමෙන්ම විවිධ අත්කම් සහ අධ්‍යාපනික වැඩමුළු ආශ්‍රයෙන් ඔවුන්ගේ නිර්මාණාත්මක හා සෞන්දර්ය පිළිබඳ සංවර්ධනය සිදුකරන අතර විවිධ ශාරිරික ක්‍රියාකාරකම් හා සෞඛ්‍යපුරුදු ඇති කිරීමේන් ඔවුන්ගේ ශාරිරික වර්ධනය ඇතිකිරීම සිදුකෙරේ. වයස සහ වැදගත්කම[සංස්කරණය]පෙර පාසල් අධ්‍යාපනයේ දී සාමන්‍ය වශයෙන් සලකා බැලෙන්නේ සිගිත්තන් සහ පාසැල් යන වයස් කාණ්ඩ අතර වු අවුරුදු 3 සහ 5 අතර ළමුන්ය. ළමුන් සංවර්ධනය වන අවධියේදි තොරතුරු සීඝ්‍රව ග්‍රහනය කර ගන්නා අතර නව නිර්මාණ කරයි. මේ අවදියේදී සිදුවන මොළයේ වර්ධනය ජීවිතයේ අවසානය දක්වාම මනා සබඳතාවයක් ඇතිකරගනී. කුඩා දරුවාගේ මෙම සිඝ්‍ර මොළයේ වර්ධනය ඔවුන්ගේ නිර්මාණාත්මක දීයුණුව සහ භාවාත්මක දියුණුව කෙරෙහි දෑඩි බලපෑමක් ඇතිකරයි. පෙර පාසල් අවධියෙදි ලබන්නාවු අත්දැකීම් දරුවාට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීනව බලපා ඇති බව දැනට සමීක්ෂන වලින් හෙලිවී තිබේ. විශේෂයෙන් අක්‍රමවත් දැනුම සහ අවබෝධය දරුවාගේ පසුකාලීන ඡීවිතයට අයහපත් ලෙස බලපා ඇති බව සමීක්ෂන වලින් තහවුරු වී තිබේ.පෙර පාසල් අධ්‍යාපනයේ රීති[සංස්කරණය]ගොනුව:Child111.jpgශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි. |
ඇතැම් පෙර පාසල් ඔවුනට සුවිශේෂි වු ඉගැන්වීම් ක්‍රම අනුගමනය කරනු ලබයි. නිර්මාණාත්මක අධය්‍යන පටිපාටි,කථනය,සවන් දීම,ගණිතමය අත්දැකීම්,සංගීතය,නර්ථනය,ආදී විවිධාකාර ක්‍රියාකාරකම් යොදාගනී. පෙර පාසල් වයසේ දරුවන් අගය කිරිම සදහා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට, ඔවුන්ගේ නිර්මණාත්මක ක්‍රියකාරකම් සංවේදනය කලහැකි වෙබ් අඩවියක් වැනිය. මේම වෙබ් අඩවිය දරුවාගේ පන්තිකාමරය තුල ක්‍රියාකාරකම් සඳහා සාරාංශ ගත වාර්ථා සපයන අතර එය ඕනෑම අයෙකුට පහසුවෙන් පරිහරනය කල හැකි පරිශීලන මිත්‍ර ක්‍රමයක්ද වේ. මෙම වෙබ් අඩවියේ විවිධ ක්‍රියාකාරකම් ඇති අතර ඒවා විවිධාකාරවූ අභිමතාර්ථ ඉලක්ක කොටගෙන පවතී.පෙර පාසල් අධ්‍යපනයේ අත්‍යාවශ්‍ය අංග ඇතුලත් නීතී රීතී සහ ඔවුන්ගේ විශේෂීය වූ අවශ්‍යතා පිලිබද රජය මගින් 1997 දී ඇතිකරනු ලැබූ අධ්‍යාපනික ප්‍රතිසංස්කරන,ළමුන්ගේ පන්තිකාමරය තුල මෙන්ම බාහිර අවශ්‍යතා පිලිබඳව අවධානයක් යොමුකර ඇත. මෙම ප්‍රතිසංස්කරනය මගින් යෝග්‍යතාවය සහ ක්‍රියාකාරකම් ආශ්‍රිත ඉගැන්නුම් සහ ඉගැන්වීම් ක්‍රමය සහ පුඵල් පරාසයක් තුල ක්‍රියාකාරකම් ඇගයීම ආදිය ඇතිකරන ලදී. එමෙන්ම ජාතික අධ්‍යාපනික ආයතන මගින් ගුරුවරුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක |
කර ඇත. තවද සමාජීය හා සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂනය යටතේ පොදු අධ්‍යපනික පද්ධතියට ජාතික ප්‍රතිපත්තීන් පිහිටුවා ඇත.පෙර පාසල් සඳහා වූ ආයෝජන[සංස්කරණය]දැනට ශ්‍රි ලංකාවේ ප්‍රාථමික අධය්‍යාපනය සඳහා සහභාගී වන්නේ පෞද්ගලික ආයතන, පරිපාලන අධිකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන වේ. 2004 වර්ෂයෙදී ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් පසු විවිධ රටවලින් ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජන ගලා එන්නට විය.ඉන් එක් ව්‍යපෘතියක් ලෙස RMF ව්‍යපෘතිය ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යවසනය වැඩි වශයෙන් බලපෑ ප්‍රදේශවල අවතැන් වූ කුඩා දරුවන් වෙනුවෙන් විශාල වශයෙන් අනුග්‍රහය දක්වන ලදී.ඔවුන් විසින් තවමත් ධීවර ගම්මාන සඳහා මෙන්ම පෙර පාසල් සහ සෞඛ්‍යය මධ්‍යස්ථාන සඳහාද අනුග්‍රහය දක්වයි. ඒ අතරින් පෙර පාසල් සදහා ක්‍රමානුකූල අධ්‍යපනයක් මේන්ම සමාජීය සබඳතාවයක් ඇතිකිරීමේහිලා උනන්දුවීම විශේෂත්වයක් වේ. එමෙන්ම නගරබඳ සුපිරි පෙර පාසල් වල සහ මෙවැනි ග්‍රාමීය දරුවන්ගේ පෙර පාසල් අතර වෙනස නැතිකිරීමට මොවුන් උත්සාහ කරයි.නමුත් රජය මගින් තවමත් එවැනි පොදු පෙර පාසල් ඇතිකිරීමෙහි ලා කිසිදු උත්සාහයක් දරා නොමැත. එසේ වුවත |
් මෙවැනි දරුවන් ජාතික පාසල් වලට ඇතුලත් කිරීමෙදී පෙර පාසල් අධ්‍යාපනය නොලැබූ දරුවන් වෙනුවෙන් විශේෂවූ අධ්‍යාපනික ක්‍රම ඇතුලත් පන්තිකාමර දැන් ක්‍රියාත්මක කර ඇත. එමනිසා ග්‍රාමීය දරුවන්ට අනෙකුත් දරුවන් සමග උරෙනුර ගැටී අධ්‍යාපන කටයුතු කිරීමට එය මහත් රුකුලක් වී ඇත.වර්ථමානයේ උතුරු මැද පලාත,අනෙකුත් මායිම් ගම්මානවල සහ උතුරේ පෙර පාසල් ව්‍යාපෘති ආරම්භ කරමින් පවතී. ඉන් සමහරක් ලෙස වැලිඔය,පදවිය සහ මැදවච්චිය විශේෂවේ. එමෙන්මපෙර පාසල් ගුරුවරුන්ට මනා මග පෙන්වීමක් ලබා දීම සඳහා සහ ඔවුන්ගේ දැනුම වර්ධනය කීරීම උදෙසා ගුරු අත්පොත් ලබා දීමද සිදුකර ඇත.තවද උතුරු මැද පලාත්පෙර පාසල් දියුනු කිරීමේ අධිකාරිය විසින් ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර එමගින් පෙර පාසල් ගුරුවරු 2800ක් පමණ දැනටමත් පුහුණු කර ඇත.පෙර පාසල් තුලවන විශේෂීය අධ්‍යාපනය[සංස්කරණය]වර්ථමානයේ අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍ය කේන්ද්‍රීය වෙනස්වි ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරුන්ටද විශේෂීයවු පුහුණු ක්‍රියාකාරකම් අවශ්‍ය වී ඇත.එමගින් ළමුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් අධ්‍යයනය කීරීමටත් ,ඔවුන් දිරිමත් කිරිමටත්,විශේෂ වු හැකියාවන් ඔප්නැංවීමටත් |
හැකියාව ලෑබී තිබේ. මේම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය විශේෂයෙන්ම ගුරුවරුන් සහ දෙමවුපියන්ට වැදගත් මගපෙන්වීමක් සිදුකරන අතර එය ළමයාගේ සංවර්ධනය සඳහාද මහත් ලෙස පිටුවහලක් වේ.සාමාන්‍ය පොදු අධ්‍යාපනික ක්‍රමයට වෙනස් වූ සුවිශේෂ අධ්‍යාපනික ක්‍රමයක් මෙම පෙර පාසල් තුල දක්නට ලැබේ. විෂය දැනුමට අමතරව දරුවාගේ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් වර්ධනයෙහිලා මෙම විෂය නිර්දේශයන් පිලියෙල කර ඇත.ඒවා අතරින් විෂය දැනුම හා සම්බන්ධව...ගොනුව:New111.jpgශ්‍රී ලංකාවේ පෙර පාසලක ඡායා රූපයකි..සිංහල හා ඉංග්‍රීසි වාග්මාලාවගණිත දැනුමපෙල පොත් භාවිතයපුවත් පත් භාවිතයචිත්‍ර හා නිර්මාණ කරනයඑමෙන්ම බාහිර ක්‍රියාකාරකම් වර්ධනය කිරීමෙහි ලා..විවිධ ශබ්ද හා සංගීතයඅත්කම්ගුරු දින, දෙමාපිය දින සැමරීමවිනෝද චාරිකාවාර්ෂික විවිධ ප්‍රසංගවිවිධ සංස්කෘතික උත්සවමේ අතුරින් නවතම පියවරක් ලෙස පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම්ද නවීන පෙර පාසල් වල යොදා ගැනේ.තවද ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන සෞඛ්‍යමය හා විනීත ගතිපැවතුම් ඇතිකිරීම සඳහා..හොඳ පුරුදු හා චාරිත්‍ර ඇතිකිරීමසාර්ධර්ම පුහුණු කිරීමසොබා දහමට ඇති ලැදියාව වර්ධනය කිරීමවිනීතව ආහාර ගැනීමේ පුරුද |
ුමෙන්ම වාර්ෂික සෞඛ්‍ය සායන පවත් වීම සිදු කෙරේ.තවද ඉහත වූ සියලුම දැනුම ඇගයීම හා ඒ පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරීම සඳහාද විශේෂ දස්කම් දැක්වූ සිසු දරුවන් ඇගයීම හා ඔවුන් තවත් උනන්දු කිරීමට ඇගයීම් පත්‍රිකා හා ඒ ආශ්‍රිත වාර්ථා ගත ප්‍රස්ථාර ආදිය පවත්වාගෙන යාමද සිදු කෙරේ. පහත දක්වා අත්තේ එවන්වූ ඇගයීම් පත්‍රිකාවකි.අංකනයඇගයීම් පටිපාටියපළමු වාරයදෙවෙනි වාරයතෙවෙනි වාරයවර්ෂ අවසාන ප්‍රථිපලයජනපෙබමාර්තුඑකතුවමැයිජුනිජූලිඑකතුවසැප්ඔක්නොවැඑකතුව1පවිත්‍රතාවය2කථා විලාසය3ආකල්ප4බාහිර ක්‍රියාකාරකම්5පැමිනීම6සහයෝගීතාවය7ව්නීත භාවය8විෂය දැනුමමේවාද බලන්න[සංස්කරණය]මුල් ළමාවියේ සංවර්ධනයවැලන්ටිනා ව්ලැඩිමිරොව්නා තෙරෙශ්කෝවා1963 USSR postage stamp depicting Valentina Tereshkovaඋපත6 මාර්තු 1937 (1937-03-06) (වයස 86)යරොස්ලවල් , , සෝවියට් සංගමය |
ජාතිකත්වයරුසියානුරැකියාවගුවන් නියමුSpace careerඅභ්‍යවකාශගාමීයානිලයමේජර් ජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාවඅභ්‍යවකාශගත කාලයදින2 පැය 22 මිනිත්තු 50තෝරාගැනීමකාන්තා කණ්ඩායමමෙහෙයුම්වොස්ටොක් 6වැලන්ටිනා ව්ලැඩිමිරොව්නා තෙරෙශ්කෝවා (රුසියානු: Валенти́на Влади́мировна Терешко́ва) (උපත , 1937 මාර්තු 6) අභ්‍යාවකාශයට ගිය පලමු කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සෝවියට් ගුවන් හමුදවේ මේජර් ජෙනරාල් වරියකි.සමාජ ක්රියාකාරකම්[සංස්කරණය]2011 දී ඇය යාරොස්ලාව් ප්‍රාදේශීය ලැයිස්තුවේ එක්සත් රුසියානු පක්ෂයෙන් රුසියාවේ රාජ්‍ය ඩූමා වෙත තේරී පත් වූවාය. Tereshkova, Elena Mizulina, Irina Yarovaya සහ Andrey Skoch [1][2] සමඟ එක්ව, ක්‍රිස්තියානි සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර් පාර්ශවීය නියෝජ්‍ය කණ්ඩායමක සාමාජිකයෙකි; මෙම හැකියාව තුළ ඇය රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන හඳුන්වා දීමට සහාය වූ අතර, ඒ අනුව "ඕතඩොක්ස්වාදය රුසියාවේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාවයේ පදනමයි." 2011 දෙසැම්බර් 21 දින සිට ෆෙඩරල් ව්යුහය සහ පළාත් පාලන ස්වයං පාලනය පිළිබඳ රාජ්ය Duma කමිටුවේ නියෝජ්ය සභාපති.ආශ්‍රිත[සංස්ක |
රණය]සෝවියට් සංගමයරුසියාවවොස්ටොක් 6ස්වෙට්ලනා සවිට්ස්කායාvtePilot-Cosmonauts of the USSR1960sයූරී ගගාරීන් (1961)Gherman Titov (1961)Andriyan Nikolayev (1962)Pavel Popovich (1962)Valery Bykovsky (1963)වැලන්ටිනා තෙරෙශ්කෝවා (1963)Boris Yegorov (1964)Vladimir Komarov (1964)Konstantin Feoktistov (1964)Pavel Belyayev (1965)Alexei Leonov (1965)Georgy Beregovoy (1968)Vladislav Volkov (1969)Boris Volynov (1969)Viktor Gorbatko (1969)Aleksei Yeliseyev (1969)Valeri Kubasov (1969)Anatoly Filipchenko (1969)Yevgeny Khrunov (1969)Vladimir Shatalov (1969)Georgy Shonin (1969)1970sVitaly Sevastyanov (1970)Nikolay Rukavishnikov (1971)Pyotr Klimuk (1973)Vasily Lazarev (1973)Valentin Lebedev (1973)Oleg Grigoryevich Makarov (1973)Yury Artyukhin (1974)Lev Dyomin (1974)Gennadi Sarafanov (1974)Georgy Grechko (1975)Aleksei Gubarev (1975)Vladimir Aksyonov (1976)Vitaly Zholobov (1976)Vyacheslav Zudov (1976)Valery Rozhdestvensky (1976)Yury Glazkov (1977)Vladimir Kovalyonok |
(1977)Valery Ryumin (1977)Vladimir Dzhanibekov (1978)Aleksandr Ivanchenkov (1978)Yury Romanenko (1978)Vladimir Lyakhov (1979)1980sLeonid Kizim (1980)Yury Malyshev (1980)Leonid Popov (1980)Gennadi Strekalov (1980)Viktor Savinykh (1981)Anatoly Berezovoy (1982)ස්වෙට්ලනා සවිට්ස්කායා (1982)Aleksandr Serebrov (1982)Aleksandr Pavlovich Aleksandrov (1983)Vladimir Titov (1983)Oleg Atkov (1984)Igor Volk (1984)Vladimir Solovyov (1984)Vladimir Vasyutin (1985)Aleksandr Aleksandrovich Volkov (1985)Aleksandr Viktorenko (1987)Aleksandr Laveykin (1987)Anatoli Levchenko (1987)Musa Manarov (1988)Anatoly Solovyev (1988)Sergei Krikalev (1989)Valeri Polyakov (1989)1990sAleksandr Nikolayevich Balandin (1990)Anatoly Artsebarsky (1991)Toktar Aubakirov (1991)Viktor Afanasyev (1991)Gennadi Manakov (1991)අධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලSpainFrance (data)CataloniaGermanyUnited StatesLatviaCzech RepublicNetherlandsPolandඅපදාන කෝෂGermanyවෙනත්FA |
STMusicBrainz artistIdRefමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vte↑ Благотворительные проекты депутата и бизнесмена Андрея Скоча (ktotakoj.ru)↑ Андрей Владимирович Скоч: биография (lenta.ru)මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)Chemical structure of tartrazine, C16H9N4Na3O9S2Space-filling model of tartrazine - the sodium ions are shown in purple.ටාට්‍රසින් (Tartrazine) (හෙවත් E102 හෙවත් FD&C Yellow 5) යනු කෘතිම ලෙමන් කහ පැහැති azo වර්ණකයකි.ආහාර වර්ණකයක් ලෙස බහුලව භාවිතා කෙරේ. මෙය නිපදවන්නේ ගල් අඟුරු වලිනි. It is water soluble[1] and has a max absorbance in an aqueous solution at 427±2[2] nm. තවමත් බොහෝ රටවල කාතිම කෑම වර්ග සඳහා මෙය යොදන්නේ ඉතාමත් අඩු මිල වර්ණකයක් බැවිනි.[තහවුරු කර නොමැත] - obviously used for yellow, but can also be used with E133 Brilliant Blue FCF (FD&C Blue 1) |
or E142 Green S to produce various green shades.ටාට්‍රසින් වෙනුවට භාවිතා කලහැකි සෞඛ්‍යට හානිකර නොවන වර්ණක නම්.... ඇනාටෝ(annatto),මෝල්ට් (malt) වර්ණය,බීටාකැරොටීන් (betacarotene)(see Sensitivities & Intolerance, below).Products containing tartrazine[සංස්කරණය]ආහාර[සංස්කරණය]ධනවත් රටවල් ටාට්‍රසින් භාවිතයට සීමා පනවමා ඇතත් ලංකාවේ තවමත් සීමා රහිතව බහුලව භාවිතා කරයි.නිදසුන් කිහිපයක්....බිස්කට්, cotton candy, කාබනීකෘත බීම, ටිපි ටිප්, flavored chips යෝගට්, cereals (corn flakes, muesli, etc.), cake mixes, pastries, custard powder, soups (particularly instant or "cube" soups), sauces, some rices (like paella, risotto, etc.), kool-aid,Gatorade, ice cream, ice lollies, candy, chewing gum, marzipan, ජෑම්, jelly, gelatins, marmalade, mustard, horseradish, noodles, pickles and other pickled products, certain brands of fruit squash, fruit cordial, chips, tim tams, and many convenience foods together with glycerin, lemon and honey products.මූලාශ්‍ර[සංස්කරණය]↑ සංරක්ෂිත පිටපත, http://www |
.sciencelab.com/xMSDS-Tartrazine-9927619, ප්‍රතිෂ්ඨාපනය 2008-04-16 ↑ Log In (ACS Publications)බාහිර සබැඳි[සංස්කරණය]Color Additives Information සංරක්ෂණය කළ පිටපත 2007-08-11 at the Wayback Machine (Food and Drug Administration)FDA Docket to delist Yellow #5 (Food and Drug Administration)MSDS for Tartrazine සංරක්ෂණය කළ පිටපත 2010-01-02 at the Wayback Machine (MSDS)Electrochemical Studies on a Pharmaceutical Azo Dye: Tartrazine (American Chemical Society)Some more details, other common namesබෙල්ලන්විල රාජ මහා විහාරයගොනුව:Bellanwila Temple.jpgබෙල්ලන්විල රාජ මහා විහාරය, ශ්‍රී ලංකාවවිස්තරසංස්ථාපනයදෙවැනි පෑතිස් රජ සමයපිහිටුවීමභික්‍ෂූන් වහන්සේ(ලා)විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි , විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමි , අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපිහිටුම් තොරතුරුරටශ්‍රී ලංකාවඛණ්ඩාංක6°50′44″N 79°53′24″E / 6.84556°N 79.89000°E / 6.84556; 79.89000ඛණ්ඩාංක: 6°50′44″N 79°53′24″E / 6.84556°N 79.89000°E / 6.84556; 79.89000වෙබ් අඩවියwww.be |
llanwila.org ද්වාරය:බුද්ධාගමබෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්‍රාමයෙහිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පූජනීය ස්ථාන පරිශ්‍රයෙහි වැඩ වසන්නාවූ පුරාණ බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේය. බෙල්ලන්විල ග්‍රාමය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නගරය සමීපයෙහිය. සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, මෙම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියවස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමකි.බෙල්ලන්විල කියූ පමණින් ගම මතක් නොවේ. මෙනෙහි වන්නේ විහාරස්ථානය ය, චිත්‍රයක් සේ සිත දිගට ඇදී එන්නේ බෙල්ලන්විල මහ පෙරහර අසිරියය. ඒ තරමට බෙල්ලන්විල බොදු දන හද බැඳි උප සංස්කෘතියක් උත්පාදනය කර තිබෙයි. සත්තකින් මෙය ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ නව ලකුණක් නිර්මාණය කිරීමට සමත් වී සිටියි. බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයත් ඇතැයි බොහෝ බැතිමතුන් අතර පවතින්නේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ගර්භනී මව්වරු ආපදා උපද්‍රව සහිත බැතිමත්හු සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් |
ලංකාවේ සතරදිග් භාගයෙන්ම බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානයට පැමිණෙති. ඒ තරමට බෙල්ලන්විල මහ බෝ සමිඳුන් වටා ගොනු වී ඇති පුරාවෘත්තය බලවත් ය. වත්මන් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන්ගේ අනුග්‍රහයෙන් විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන්ගේ නායකත්වයෙන් මෙම රජ මහා විහාරයෙන් කෙරෙන ශාසනික සමාජ මෙහෙවර රටේ අභිවෘද්ධියටද ආශිර්වාදයක් වී තිබෙයි.බෙල්ලන්විල විහාරයේ ඉතිහාසය[සංස්කරණය]බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වය දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිවයයි. දෙවනපෑතිස් රජු සමයේ අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් පැන නැඟුණු දෙතිස් මහා බෝධීන් වහන්සේ අතුරෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ. මේ අනුව බෙල්ලන්විල රෝපණය කර ඇත්තේ අනුරාධපුර මහ මෙවුනා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකකි.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙහි පැවැති ශ්‍රී විභූතිය, පෘතුගීසීන් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල ද වනගත පෙදෙසක් බවට පත්වී ඇති බවත්, සියවස් දෙකක පමණ කාලයක් බෙල්ලන්විල |
වනගතව ජනශූන්‍යව පැවැති බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. විදේශිකයින්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අඳුරු කාලපරිච්ඡේදයක පැවැති බෙල්ලන්විල 1850 වර්ෂයේ දී නැවත සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තේන්ගොඩගෙදර හිමිපාණන්ටය. ලන්දේසීන් අප රට පාලනය කරන අවදියේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය අසළින් වැටී ඇති කටු ඇළයි. අදත් දක්නට ඇති මෙම කටු ඇළ හරහා කළුතර සිට කොළඹ දක්වා ඔරු පාරු උපයෝගි කරගනිමින් ගමන් ගත් බව සඳහන් වේ.මේ කාලයේ තේන්ගොඩගෙදර හිමිපාණන් වහන්සේ තොටියෙකුත් සමඟ පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරද්දී වනපෙතින් හේවිසි හඬක් ඇසී විශ්මයට පත්ව ඔරුවෙන් බැස හේවිසි නාදය ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිඳුන් දර්ශනය වී ඇති අතර ගැමියන් කැඳවා වනය හෙළි පෙහෙළි කර එම ඓතිහාසික බෝ සමිඳු මතුකරගෙන ඇත. බෙල්ලන්විල බෝ සමිඳුන්ට අධිගෘහිත බලසම්පන්න දෙවියකු සිටින බවත්, බෝ සමිඳු වනගතව සිටින සමයේ දෙවි දේවතාවුන් මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවත්, තේන්ගොඩගෙදර හිමිපාණන්ට ඇසුණු බෙර හඬ දෙවියන් විසින් පවත්වන ලද්දක් බවත් ජනප්‍රවාදයේ කියැවේ. බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිර දෙසින් පිහ |
ිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවැති හෙයින් මෙම විල අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය පටබැඳි බව පැරැන්නන්ගේ මතයයි. බෙලිවනය, කුඹුරුයාය නිසා ‘බෙල්ලන්විල’ නාමය ඇතිවී යයි ද තවත් මතයකි.තේන්ගොඩගෙදර හිමිපාණන් බෙල්ලන්විල පුදබිම සොයාගැනීමෙන් පසු එහි විහාරාධිපති ධූරය දැරූ අතර, ඉන්පසු විහාරාධිපති ධූරයට පත්වූවෝ නම්, උඩුගම්පල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උඩුගම්පල ශ්‍රී ධම්මක්ඛන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අභිධම්මිකාචාර්ය වෑබඩ ශ්‍රී සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරියේ දේවරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.විහාරස්ථානයේ ස්වර්ණමය යුගය[සංස්කරණය]වර්ෂ 1946 දී බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් ස්ථානයේ විහාරාධීපති ධූරයට පත් වීමෙන් පසුව නූතන ස්වර්ණමය යුගය ඇරැඹුණු බව සඳහන් කළ හැකියි. උන්වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ විහාරස්ථානයන් අතර සබඳතාවය ගොඩනඟමින් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂ මෙහෙවරක් සිදුකරන්නට සමත් වූහ. පොළොන්නරු ජේතවනාරාමයේ අනුරුවක් අනුව ගොඩනැඟුන විහාර මන්දිරයත්, දෙම |
හල් ධර්ම ශාලාව, දේව මන්දිරය, සංඝාවාසය, සීමා මාලකය, ධාතු මන්දිරය, විහාරස්ථානයට ඇතුල්වන විශාල මකර තොරණ ආදිය ඉදි කරමින් බෙල්ලන්විල රාජ මහා විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. ත්‍රිවිධ රත්නයේත්, දෙවියන්ගේත්, ආශිර්වාදය ප්‍රදේශවාසීන්ට ලබාදීමේ අරමුණෙන් උන්වහන්සේ 1950 වසරේ දී ආරම්භ කරන ලද ඇසළ පෙරහර උඩරට පහතරට නැටුම් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් සෑම වසරකම පැවැත්වෙයි. අද දක්වා අඛණ්ඩව පැවත එන බෙල්ලන්විල මෙම ඇසළ පෙරහර මංගල්‍යය අප දේශය පුරා ප්‍රචලිත වූ පෙරහර සංස්කෘතියේ ප්‍රබල සලකුණත් සටහන් කර තැබීමට සමත්ව ඇත.බෙල්ලන්විල ඇසළ පෙරහැර[සංස්කරණය]63 වසරකට වැඩි අත්දැකීම් සහ මහනුවර ඇසළ පෙරහරේ ලක්‍ෂණ ගුරුකොට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අගනුවර තදාසන්න පෙරහර අතුරෙන් අග්‍ර ස්ථානයක් හිමිකරගන්නේ ඉන් පිළිබිඹු වන සාම්ප්‍රදායික සංස්කෘතික අංග නිසා බව සඳහන් කළ හැකි ය. සෑම වසරකම බෙල්ලන්විල ඇසළ උත්සවය ආරම්භ වනුයේ ධර්ම දේශනා මාලාවකිනි. දින තුනක බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනාවෙන් අනතුරුව සති පිරිත් දේශනය ආරම්භ වන අතර ද |
ොරකඩ අස්න දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර සති පිරිත අවසන් වන දිනයේ පැවැත්වේ. ඉන් එළඹෙන දින තුන මල් පෙරහර පවත්වනු ලබයි. ඉන් අනතුරුව පිළිවෙළින් පාවාඩ පෙරහරත්, රන්සිවිලි පෙරහරත්, රන්දෝලි මහා පෙරහරත්, පවත්වා පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය එළැඹෙන දින දවල් බොරලැස්ගමුව තොටුපලේ දී සිදුකර, බොරලැස්ගමුව පරාර්ථසාධන සමිතියේ දායකත්වයෙන් දෙවියන්ගේ දානය පිරිනමා දිය කැපීමේ පෙරහර විහාරස්ථානයට ගෙවදීමෙන් පසු විහාරස්ථානයේ දී ද දෙවියන්ගේ දානය පිරිනමා ඇසළ පූණ්‍යෙීත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කෙරේ. එදා පටන් නන්දෙසින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත්හු බෝ සමිඳුන්ට බෝධි පූජා පැවැත්වීමෙන් සිය අභිමතාර්ථයන් ඉටු කර ගනිති. කිරිකැටි දරුවන් පවා බෙල්ලන්විල බෝ සමිඳු අභියස වැලිමළුවේ තබා සෙත් පතන්නේ මෙම බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.බෙල්ලන්විල විහාරයේ ගොඩනැගිලි[සංස්කරණය]විහාර මන්දිරය[සංස්කරණය]1950 වසරේ දී ඉදිකෙරෙන විහාර මන්දිරය, පොළොන්නරු ජේතවන ප්‍රතිමා ගෘහයේ ආකෘතිය අනුව ඉදි කරන ලද්දකි. මෙය පැරැණි හා නූතන යුග මිශ්‍රණයේ අසිරිමත් ඉදිකිරීමකි. පිවිසුම් වාහල්කඩින් ඇතුල් වන විටම ඉදිරියේ ඇති අ |
ටළොස්රියන් හිටි පිළිම වහන්සේ දැක ගැනීමට ලැබෙයි. බුදු මැදුරක් තුළ මෙවන් දසුනක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. දෙපස ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඉතාමත් සංයමයෙන් මනා අංග ලක්‍ෂණයන් මතු කරලමින් කළ විශිෂ්ට නිර්මාණයන් ලෙස නෙත් පහන් කරවයි. ඉතා දැකුම්කළු මතු බුදුවන මෛත්‍රී බෝසත් ප්‍රතිමාව පිට මාලයේ ඇති බුද්ධ පරිනිර්වානය නිරූපිත ප්‍රතිමා පෙළ බෙල්ලන්විල රජ මහා විහාර වංශ කතාව විචිත්‍රවත් කරනා නිමැවුම්ය. විහාර මැදුරේ මෑතදී ඇඳ ඇති බිතු සිතුවම් පෙළ නූතන බිතුසිතුම් කලාවේ සන්ධිස්ථානයක් මතු කර පෙන්වන සුළුය.සේවාවන්[සංස්කරණය]වර්තමාන විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයේ සේවාවන් නොපිරිහෙලා පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් ආගමික සේවාවන්ට අමතරව ප්‍රජා සේවාවන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලබයි. සිසුන් 2500 අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලත්, පාසල් හැර ගිය සිසුන්ට වෘත්තිය ප |
ුහුණුවත් ලබාදී, රැකියාවන් සඳහා යොමු කරන ප්‍රජා සංවර්ධන පදනමත්, වැඩිහිටියන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයත්, මසකට වරක් පැවැත්වෙන වෛද්‍ය සායනය, ලේ දන්දීමේ කඳවුර, තෙමසකට වරක් පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය, නොමිලයේ ඇස් පරීක්‍ෂා කර ප්‍රතිකාර සහ ඇස් කණ්ණාඩි ලබාදීමත් හෘද සැත්කම් ආදිය සඳහා වෛද්‍යාධාර ලබාදීමත්, නිවාස නොමැති අයට නිවාස සාදා දීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකිය.විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 2012 වසරේ සිට බෙල්ලන්විල ඇසළ පූණ්‍යෙීත්සවයේ සියලු කටයුතු සංවිධානය කරන්නේ විහාරස්ථ ඇසළ පෙරහර කොමිටිය මඟිනි. ඒ සඳහා විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ සංසදය, ශ්‍රී බෝධිරාජ කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන අතර පෙරහර කටයුතු මැනවින් සංවිධානය කිරීම සඳහා රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගෙන් ලැබෙන සහයෝගය ද අති මහත් ය.විහාරස්ථානයේ දේවාල[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සතර මහා දේවාලශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි, ශ්‍රී සමන් යන හතර මහා දේවාල ඇතුළු දේවාල දහයක් විහාරය තුල |
පවතියි. එමෙන්ම බෙල්ලන්විල ඇසළ මහා පෙරහැරෙහි සතර මහා දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි. විහාරස්ථානයේ පිහිටි සියලු දේවාල පහතින් දැක්වේ.විෂ්ණු දේවාලයකතරගම දේවාලයසමන් දේවාලයපත්තිනි දේවාලයනාථ දේවාලයගණපති දේවාලයදැඩිමුණ්ඩ දේවාලයගම්භාර දේවාලයගොනුව:Glxp logo.jpgමෙය සරලව චන්ද්‍ර 2.0 ලෙස ද හැඳින්වේ. X ත්‍යාග පදනම මගින් සංවිධානය කෙරෙන ගූගල් සමාගම් අනුග්‍රහය ලැබෙන අජටාකාශ තරගයකි. මෙය 2007 සැප්තැම්බර් 17 දින වයර්ඩ් නෙක්ස්ට් ෆෙස්ට්හි දී නිවේදනය කරන ලදී.ව්‍යාපෘති සම්පාදක පීටර් ඩයමන්ඩ්ස් නිල වෙබ් පිටුවේ සඳහන් කරන පරිදි අප විසින් “චන්ද්‍රයා මතුපිට සිට සඳ ගවේෂණය කළ තැන් සිට දශක ගණනාවක් ගතවී ඇත. වෙනත් රජයක් යළි පැමිණීමට පෙර තවත් වසර 6-8 දක්වා ද කටයුතු සිදු වනු ඇත. නමුත් බොහෝ විට ඉතා සුළු ප්‍රජා දායකත්වයක් ඇති විය.මෙම ත්‍යාගයේ අරමුණු අන්සාරී X ත්‍යාගයට සමානය. එනම් දැනට මුහුණ පෑමට සිදු වී ඇති අභ්‍යාවකාශ ගවේෂණයේ සීමා මායිම් අභිබවා යෑම සඳහා වඩාත් වියදම් සහගත එහෙත් කාර්යක්ෂම තාක්ෂණ හා අමුද්‍රව්‍ය සපයා ගැනීමෙහි ලා පුද්ගලික ආයෝජන සිදු කිරීමට නව පරපුර උනන්දු කරවීමය. මෙ මගින් පහත සඳහන් ආකාරයේ තාක් |
ෂණික හැකියාවන් සිදු කිරීමට හැකි වනු ඇත.අජටාකාශගාමීන් සූර්යා හා කොස්මික් විකිරණවලින් ආවරණය කිරීමසෞරග්‍රහ මණ්ඩලයේ ගමනා ගමන වේගය වැඩි කිරීමට කම්දබ බලය යොදා ගැනීමවිශ්වයේ වර්තමානය හා අනාගතය පිළිබඳ වැඩි දුර දැන ගැනීමට විශාල දුරේක්ෂ හා වෙනත් අභ්‍යාවකාශ උපකරණ ඉදි කිරීම.උල්කාපාත හා වල්ගා තරු ගැටීම්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම.බැහෑ අල්ලාහ්ගේ සිද්ධස්ථානය. බැහෑ අල්ලාහ්ගේ උපත යනු, බහායිවරුන් විසින් උත්සවාකාරයෙන් සමරනු ලබන බහායි දිනදසුනේ ශුද්ධවූ දවස් නවය අතුරින් එකක් වන අතර, එදිනදී සියළු වැඩ කටයුතු නවත්වනු ලැබේ.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteමස් පිණිස බ්‍රෝයිලර් කුකුලන් මහ පරිමාණයෙන් ඇති කරන ගොවිපොලක්.කම්හල් වගා කිරීම යනු ගොවි පල සතුන් රැදවුමක් තුළ අධිගබඩා කිරීමේ ඝණත්වයකින් යුතුව ඇති කිරීමයි. සමහරක් විට මෙම වදන කම්හල් කොටස් ලෙස ගොවිපල සතුන් භාවිතය හැදින්වීමට යොදා ගනී. (විහේෂයෙන් කෘෂි වෙළදාමෙදී කර්මාන්තමය වගා කිරීම් වලදී) අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් රැදවුම් යනු ආර්ථිකය, නූතන යන්ත්‍රෝප කරණ ජෛව තාක්ෂණය හා ලෝක වෙළදාම මත |
රදා පවතින අඩු වියදමක් යටතේ වැඩි ප්‍රතිදානයක් ලබා ගැනීමට උත්සාහ කරන ක්‍රමානුකූල උත්සාහයට එක් කොටසකි. අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් රැදවුම් වලට මෙම අධික තද බදයකින් යුත් ජීවන තත්ත්ව වල රෝග පැතිරීම වැළැක්වීම සදහා පලිබෝධ නාශක හා ප්‍රතිජීවක භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ලොව පුරා කම්හල් වගා කිරීම් තාක්ෂණික ක්‍රම විවිධකාර වලින් සිදු වෙයි. කම්හල් වගා කිරීමේ වාසි හා අන්තරායන් පිළිබද අදටත් යම් විවාදයක් පවතියි. මෙම ගැටලුවට ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂ්‍යමතාවය, සත්ත්ව සුභසාධන, දිනෙන් දින වැඩිවන ගෝලීය මනුෂ්‍ය ජනගහණයට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය ද යන්න, පාරිසරික බලපෑම හා සෞඛ්‍ය මය අවදානම ඇතුළත් වෙයි. එවකට ජර්මානු ජනාධිපති වෙයි. ජර්හාඩ් ශෘඩර් යුරෝපයේ BSE අර්බුදයට (මෙය අධි ගබඩා කිරීමේ ඝණත්වයකින් යුත් ඇසුරුම් නිසා ඇති වුවක් නොව අඩු වියදම් සදහා ගොවිපල සතුන්ට කෘතිම ආහාර සැපයීම නිසා ඇති වු තත්ත්වයකි) ප්‍රතිචාරයක් ලෙස වසර 2000 දී කම්හල් වගාකිරීම් ක්‍රම ගැන නැවත සිතා බලන ලෙස ප්‍රකාශ කර සිටියේය. මනුෂ්‍ය සෞඛ්‍යයට වන අවධානම විද්‍යාඥයන්ගේ සැලකිල්ලට බදුන් වු කාරණාවක් බවට පත්විය. UN හා OIE තක්සේරු කළේ එළඹෙන දශකයේදී, දි |
යුණු වන රටවල වගාකර ඇති දියුණු වන රටවල මස් කම්හල් වල අතිරේඛ පාරිභෝජකයන් බිලියනයක් පමණ වනු ඇති බව හා එනමුත් සත්ත්ව රෝග වලින් පැන නැඟෙන සෞඛ්‍ය අර්බුද වලට ප්‍රතිචාර දැක්වීම සදහා ප්‍රමාණවත් තරම් ධාරිතාවයක් ඇත්තේ ලෝකයේ රටවල් 200 න් 40 කට පමණක් බවයි. ගෝලීය කරණය මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්කළ අතර ප්‍රතිජීවක පුළුල්ව භාවිතා කිරීම මගින් දන්නා මිනුම් සදහා වසංගත ප්‍රතිරෝදයක අවස්ථාව වැඩි කරයි. අඩුවන ලද ජාන විවිධත්වය ආහාර අර්බුදයේ අවස්ථා වැඩි කරලයි. ලෝක බැංකුව, UN හා සත්ත්ව සෞඛ්‍ය සදහා වු ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ OIE යන සියල්ල ආහාර ආරක්ෂණය, සතුන් සම්බන්ධ සේවා, ඇසුරුම් කිරීම් හා ප්‍රවාහණය සම්බන්ධයෙන් විවිධ මට්ටම් වලින් එක්ව ක්‍රියා කරනු ලබයි. ඉතිහාසය[සංස්කරණය]18 වන සියවස අතරතුරදි කෘෂිකර්මාන්තය විසින් වඩාත් ත්‍රීව්‍ර ක්‍රම උකහා ගන්නා ලදී. මෙම නිෂ්පාදනයේ වැඩිවීම හොදින්ම ලාක්ෂණය කරණය වුයේ කෘෂිකාර්මික විප්ලවය මගිනි. එහිදි ගොවිතැන් කිරීම් තාක්ෂණික ක්‍රම වල වැඩිදියුණු කිරීම් සැලකිය යුතු ලෙස වැඩි වු ඵලදාවක් කරා මග එලි පෙහෙලි කරළ අතර කාර්මික විප්ලවය අතරතුරදී ජනගහනය නාගරී කරණය වීමට සහය ලබාදුනි. 19 වන |
සියවසේ පසුභාගයේදී ආරම්භ වු කෘෂිකර්මාන්තමය නව හදුන්වාදීම් මගින් අනෙකුත් කර්මාන්තයන්හි විශාල නිපදවීම් වල දියුණු වීම් සමග කෘෂිකර්මය සමාන කරන කරවන ලදී. ශාක නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සාධක ලෙස නයිට්‍රජන් හා පොස්පර්ස් හදුනා ගැනීම මගින් කෘතිම පොහොර නිෂ්පාදනයට බමග පෑදු අතර එමගින් කෘෂිකර්මාන්තයේ තවත් ත්‍රීව්‍ර ආකාර නිර්මාණය කරන ලදී. 20 වන සියවසේ පළමු දශක දෙක තුනදී විටමින් හා සත්ත්ව පෝෂණයේ එහි කාර්යය භාර්යය හදුනා ගැනීම විටමින් සපායාදීම් වලට මග පාදා දුන් අතර එමගින් 1920 දශකයේදී සමහරක් පශු සම්පත් ගෘහස්ථව සෑදීමට ඉඩ ලබාදුනි. ප්‍රතිජීවක හා එන්නත් හදුන්වාදීම මගින් රෝග අවම කිරීමේ පහසුකම සැලසුන නිසා පශු සම්පත් විශාල ප්‍රමාණ වලින් සෑදීමේ පහසුකම ඇතිවෙයි. දෙවන ලෝක යුද්ධයේ භාවිතය සදහා වැඩි දියුණු කරන ලද රසායනික ද්‍රව්‍ය කෘතිම පලිබෝධ නාශක වලට මග විවරකර දුනි. නාවුක ජාල හා ත්ක්ෂණික ක්‍රම වල දියුණු වීම් මගින් කෘෂිකාර්මික නිෂ්පාදන විශාල දුරවල් හරහා බෙදාහැරීමට ඉඩ පහසුකම් සලසා ඇත. BBC සේවයට අනුව, ආනයනික මස් පිලිබද බ්‍රිතාන්‍යයේ විශ්වාසය අඩුකිරීම සදහා නව තාක්ෂණික ක්‍රම හදුන්වාදීම මගින් ගොවීන් උනන්දු කිරීම සදහා 1947 ද |
ී නව කෘෂිකාර්මික පනතක් මගින් සහනාධාර ලබාදීමත් සමග බ්‍රිතාන්‍යයේ කර්මාන්තශාලා ගොවිතැන් කිරීම් ආරම්භ විය. එක්සත් ජාතීන් කියා සිටින්නේ සත්ත්ව නිෂ්පාදන ත්‍රීව්‍ර කරණය ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ ආහාර ආරක්ෂණ සපයන මාර්ගයක් ලෙස බවයි. 1964 දී The Guardian හි කෘෂිකාර්මික ලියුම්කරුවා පහත පරිදි ලියන ලදී. කර්මාන්තශාලා වගාකිරීම්, අප එයට කැමති වුවත් නැති වුවත් අප අතර රැදී සිටිම සදහා පැමිණ ඇත. මෙම රළ ප්‍රවාහය, සත්ත්ව වේදීන්ගේ මාංශික හඩාවැටීම් වලින්, සාම්ප්‍රදායික ගොවිතැන් කිරීමේ ක්‍රම සදහා වන බලපෑම මගින් හෝ ජීවිතයේ ප්‍රාදේශීය ආකාරය සදහා වු භාවාත්මක ප්‍රවේශය මගින් නැවත හැරි නොයනු ඇත. ආහාර ප්‍රතිසම්පාදනයේ අනාගතය ස්පර්ශ කරමින් ආර්ථික හා දේශපාලනික දියුණූවීම් වල විශේෂිත කොටසක් වු පශු පාලන අංශය මත එතරම් සාර්ථකත්වයක් නොලැබු වර්ෂයක් තුලදී වඩාත් දුරදක්නා අයෙකු විසින් ත්‍රීව්‍ර ගොවිතැන් කරණයේ ගොඩනැංවීම ප්‍රධාන දියුණු වීම ලෙස නම් කරනු ඇත. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Factory_farmingසමාජ වාග් විද්‍යාව යනු සංස්කෘතික ප්‍රතිමාන, අපේක්ෂා සහ සන්දර්භය ඇතුළු සමාජයේ ඕනෑම එක් අංශ |
යක් හෝ සියළුම අංශයන් භාෂාව යොදාගන්නා ආකාරය කෙරෙහි ඇතිකරන බලපෑම අධයයනය කිරීමයි. සමාජ වාග් විද්‍යාව ප්‍රායෝගිකත්වය සමඟ කිසියම් ප්‍රමාණයකට උපරිපතනය වෙයි.එහි ජනවර්ගය, ආගම, තරාතිරම, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම, වයස ආදි සමාජ විචල්‍යයන් අනුව විවිධ වූ කණ්ඩායම් අතර භාෂාව යොදා ගන්නා අන්දම ද එම නීති රීති නිර්මාණය හා ඒවාට අනුගත වීම මත සමාජ පන්තීන් හෝ සමාජ ආර්ථික පන්තිවලට පුද්ගලයන් වර්ගීකරණය කරන්නේ කෙසේ ද යන්න ගැනද අධ්‍යයනය කරයි. තැනින් තැනට භාෂාව යොදා ගැනීමේ වෙනස්කම් දක්නට ඇති නිසා භාෂාවේ ව්‍යවහාර සමාජ පන්තීන් අනුව ද වෙනස් වේ. සමාජ වාග් විද්‍යාඥයින් අධ්‍යයනය කරනුයේ මෙම සමාජ විශේෂිත භාෂාවන්ය.භාෂාවේ සමාජයීය පැතිකඩ නුතන අර්ථයෙන් ප්‍රථමයෙන් අධ්‍යයනය කරන ලද්දේ වර්ෂ 1930 ගණන් වල ඉන්දියානු හා ජපන් වාග් විද්‍යාඥයන් විසින් හා මුල් 1900 වර්ෂයන්හිදී ස්විට්සර්ලන්තයේ ගෝචාට් ද විසිනි. නමුත් සැලකිය යුතු කාලයක් ගත වෙන තෙක් ඒ කිසිවෙක් කෙරෙහි බටහිර ලෝකයේ අවධානය යොමු නොවීය. අනෙක් අතට භාෂා වෙනස්වීමේ සමාජ අභිප්‍රේරණය පිළිබඳව අධයයනයට පදනම වුයේ 19 වැනි සියවසේ පසුභාගයේ ඇති වු රැලි ආකෘතියයි. බටහිර ලෝකයේ සමාජ වාග් |
විද්‍යාඥයින් ප‍්‍රථමයෙන් දිස් වුයේ වර්ෂ 1960 ගණන් වලදී වු අතර ඒ සදහා මඟ පෙන්වන්නන් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විලියම් ලැබෝවි සහ එක්සත් රාජධානියේ බැසිල් බර්න්ස්ටයින්ය.සටහන්[සංස්කරණය]| Sociolinguistics|}නොවක් ජොකොවිච්Novak Djokovic 2019රට (ක්‍රීඩා) Serbiaපදිංචියවොලේරවු , ස්විට්සර්ලන්තයඋස1.88 මී (6 අඩි 2 අඟ)වෘත්තීය තත්වයට පත්වූයේ2003[1]ක්‍රීඩා විලාශයදකුණු-අතින්; එක්-අතින් පසුපහරPrize moneyUS$45,686,497 උපැයීම් පිළිබඳ සමස්ත කල්හී ප්‍රමුඛයාSinglesCareer record476–123 (79.47%)Career titles35 (විවෘත කොටසෙහි සමස්ත ශ්‍රේණිගතකිරීම් වලදී 6වන්නා ලෙස සමානයා)Highest rankingඅංක. 1 (4 july 2011)Current rankingඅංක. 1 (7 මැයි 2012)Grand Slam Singles resultsAustralian OpenW (2008, 2011, 2012, 2013)French OpenF (2012)WimbledonW (2011)US OpenW (2011)Other tournamentsTour FinalsW (2008, 2012)Olympic GamesSF (2008)DoublesCareer record31–44 (41.3%)Career titles1Highest rankingඅංක. 24 (9 ජූනි 2003)Grand Slam Doubles resultsAustralian Open1R (2006, 2007)French Open1R (2006)Wimbledon2R (2006)US Op |
en1R (2006)Other doubles tournamentsOlympic Games රන් පදක්කම (2008)Last updated on: 28 january 2013.ඔලිම්පික් පදක්කම් වාර්තාව සර්බියාව වෙනුවෙන් තරගකරුපිරිමි ටෙනිස්රන්2008 බීජිංයුගල නොවක් ජොකොවිච් [2] (Novak Djokovic, Новак Ђоковић) යනු 1987 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2011 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 66 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා දැවැන්තයෙකු ලෙස සළකති.ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල තරඟ වල සම්මාන 6 ක් (ඕස්ට්‍රේලියා විවෘත තුනක් විම්බ්ල්ඩන් පහක්ද එ.ජනපද විවෘත හතරක් ද වශයෙනි) ද ටෙනිස් මාස්ටර් කුසලාන හතරක්, සහ ඒවීපි මාස්ටර් කුසලාන දාහතරක් දිනා ගත්තේය. ඊට අමතරව වාර්තා රැසක් හිමි කර ගෙන ඇත. ග්‍රැන්ඩ් පිරිමි ඒකල අවසාන සම්මානය සඳහා නොකඩවා දහවතාවක් සහභාගී වි ඇත.Notes[සංස්කරණය]↑ "ATP World Tour – Singles Rankings". ATP Tour. සම්ප්‍රවේශය 2012-10-15.↑ "ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩික රංගනයක".ආශ්‍රිත[සංස්කරණය]Novak Djokovic හා සබැඳි මාධ්‍ය විකි |
මාධ්‍ය කොමන්ස් හි ඇත.Novak Djokovic සංරක්ෂණය කළ පිටපත 2012-04-15 at the Wayback Machineකොස් ගසගෙඩි සහිත කොස් ගසවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:PlantaeDivision:Magnoliophytaවර්ගය:Magnoliopsidaගෝත්‍රය:Rosalesකුලය:MoraceaeTribe:Artocarpeaeගණය:'Artocarpus'විශේෂය:A. heterophyllusද්වීපද නාමයඅර්ටෝචාර්පුස් හෙටෙරෝෆ්ය්ල්ලුස් (Artocarpus heterophyllus)Lam.පර්යාය නාම(ය)අර්ටෝචාර්පුස් බ්‍රසිලිලේනිස් (Artocarpus brasililenis) L. ex Carl Linnaeusඅර්ටෝචාර්පුස් හෙටෙරෝෆ්ය්ල්ල (Artocarpus heterophylla) Lam. ex Lamarckඅර්ටෝචාර්පුස් මෂිෂ්ම (Artocarpus maxixma) Blanco. ex Blancoiකොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.මෙම ශාකයෙන් දැව ලබා ගැනීම ප්‍රධාන ප්‍රයෝජනයක් ලෙස සැලකෙන අතර මෙම දැව යොදා ගෙන ගෘහ නිර්මාණ කරනු ලබයි .මෙම දැව ඉතා ශක්තිමත් වේ.කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට |
ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.ඉදුණු ඵලයේ ස්වභාවය අනුව වරකා සහ වැල ලෙස ප්‍රධාන වර්ග දෙකකි.නිරුක්ති ශාස්ත්‍රය සහ නාම මාත්‍රයන්[සංස්කරණය]මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබයි.ංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. බෙන්ගාලි හෝ බංගලා: කතල් (কাঁঠাল) කැරිබියෙන්: "කටහර්"චයිනීස්: (:波羅蜜|波羅蜜) (බෝලුඔමි)හින්දි: කතල් (कटहल)ලුගන්ඩ: ෆෙනේමලයාලම්: චක්ක (ചക്ക)මරති: "ඵනස්" [फणस]නේපාලි: "කටහර්" (कटहर)සිංහල: "කොස්" | "හෙරලි"දෙමල: "පල" (பலா)තෙලිගු : "පන්ස" (పనస)තායි: "ඛනූන්" (ขนุน)වගාව සහ පාරිස්ථිකවිද්‍යාව[සංස්කරණය]කොස් ගෙඩියකොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්ජවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ |
උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රන්තයේද මෙම ගස ගැන සදහන් වී තිබේ. එමෙන්ම, මෙම ගස අවුරුදු 35-40 පමණ වූ විට එහි ලීය ගෘහභාණ්ඩ සැදීමට යොදා ගත හැකිය. මෙම ගසේ ඇති දියරය භාජන වල කුඩා සිදුරු වැසීමට යොදා ගන්නා ආලේපනයක්ද වේ. ඉන්දියානු කේරල ප්‍රදේශයේ කළු ගම්මිරිස් වැල් වලට ආධාරකයක් වශයෙන්ද ගොවියන් කොස් ගස ප්‍රයෝජනයට ගනී. එබැවින් කේරල ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වැල් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට ලැබේ.කොස් ගෙඩියක විශාලත්වය විදහාපායි.බ්‍රසීලයේ කොස් ගස ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම "Rio de Janeiro" හි ටිජුකා ෆොරස්ට් (Tijuca Forest) ජාතික උද්‍යානයෙන් මෙම කොස් ගස් ඉවත් කිරීමටද යෙදිනි. ටිජුකා ෆොරස්ට් යනු 19 ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කල කෘතීම දිවිතීක වනාන්තරයකි. මුල් කාලයේදී කොස් ගසද මෙම වනාන්තරය තුල දකින්නට ලැබුණු අතර පසුව උද්‍යාන කළමනාකරණ මණ්ඩලය මෙම ගස් ඉවත් කිරීමට යෝජනා කරන ලදී. මෙම තීරණයට හේතුව වුවේ කොස් ගස් විශාල වශයෙන් එම වනය ප |
ුරා පැතිරයාමත්, එම කොස් ගස් වල ඵලයන්ට ආස කරන ඇතැම් ක්ෂීරපායී සතුන් නිසා දේශීය කුරුල්ලන්ට ඇති වූ තර්ජනයන්ය. මෙම නිසා 2002 සිට 2007 දක්වා වූ කාලසීමාව තුල කොස් ගස් 55,662 කපා විනාශ කිරීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්තාහුය. වාණිජ්‍යමය ප්‍රයෝජන[සංස්කරණය]උපන් රටෙන් පිටතදීද අපට කොස් ඵලදාව දක්නට ලැබේ. ආසියානු ආහාර වෙළද පොළ තුලද, විශේෂයෙන්ම පිලිපීන වෙළද පොළ තුලද බහුලව කොස් ඵලදාව දකින්නට ලැබේ. බ්‍රසීලයේ මුහුදු බඩ ප්‍රදේශ වල බහුල වශයෙන් කොස් වගාව සිදු කරන අතර ඒවා බොහෝසෙයින් දේශීය වෙළද පොලට යොමු කෙරේ. කොස් ටින් කරන ලද සීනි සිරප් ලෙසද, ශීතකළ ටින් ලෙසද වෙළද පොලේ දකින්නට ලැබේ. වියලු කොස් කැබලි විවිධ නිෂ්පාදකවරු යටතේ වෙළද පොලේ පවතී.මීට අමතරව, උතුරු ඔස්ට්‍රලියාවේ ඩාවින්(Drawin) හි උණුසුම් සෘතුවේ එළිමහන් වෙළද පොළවල් වල බොහෝසෙයින් කොස් ඵල ආශ්‍රිත නිෂ්පාදන දක්නට ලැබේ. 1656 පින්තුරයක්කොස් ගසින් ලැබෙන ආහාර[සංස්කරණය]ප්‍රධාන ලිපිය: කොස් ගසින් ලැබෙන ආහාරකොස් ගෙඩි[සංස්කරණය]කොස් ගෙඩියෙහි මදයේ ඇති මදුළු, කෙදි සහිත ස්වභාවයෙන් යුතු ආහාරයකි. ම මෙම රසයේ ස්වභාවය අනුව විවිධ කොස් වර්ග වර්ගීකරණයක්ද දකින්නට ලැබේ. බ |
්‍රසීලයේ කොස් වර්ග තුනක් ඇති අතර, ඒවානම් "Jaca-dura", "Jaca-mole" සහ "Jaca-manteiga" ලෙස හදුන්වයි. මෙහි පළමු වර්ගය, එනම් "Jaca-dura" යනු ඝන ප්‍රභේදයක් වන අතර ප්‍රමාණයෙන්ද විශාල මෙය කි. ග්රෑම් 15-40 යුතු බරකින්ද යුක්ත වේ. දෙවැනි ප්‍රභේදය වන "Jaca-mole" මෘදු ප්‍රභේදයක් වන අතර "Jaca-manteiga" යනු මෙම පළමු සහ දෙවැනි ප්‍රභේද දෙක අතර මැදි ප්‍රභේදයක් වේ.පොලොස්[සංස්කරණය]ශ්‍රි ලංකාවේ පොලොස් ලෙස හදුන්වනු ලබන මෙය, ඉංග්‍රීසියෙන් "යo ෆ්රුට්" ලෙසද කේරල භාෂාවේ "ඉදිචක්ක"(idichakka) ලෙසද හදුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුල මාංශමය ආහාර වලට ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙස යොදා ගන්නා ප්‍රණීත ආහාරයකි. මෙහිදී නොඉදුණ කොස් ගෙඩියේ පොත්ත සෙමින් ඉවත්කර කුඩා කැබලි වලට කපා ආහාරයට ගත හැකි වන පරිදි පිස ගනු ලබයි. මෙම පොලොස් ආහාරය බහුලව ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් වල දකින්නට තිබේ. සංස්කෘතීන්ට අනුවද කොස් භෝජනය විවිධ ආකාරයෙන් පිසගනු ලබයි. තෙලිගු සංස්කෘතිය තුල කොස් අබ සමග මිශ්‍ර කොට ප්‍රණීත තෙලිගු ආහාරයක් සාදා ගනී. කොස් කැබලි=වැල හා වරකා[සංස්කරණය]කොස් වර්ග දෙක |
ක් හමුවන අතර ඒවා "වරකා" සහ "වැල" ලෙස හදුන්වයි. "වරකා" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් "වැල" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ. "චක්ක වරට්ටියතු"(Chakka Varattiyathu) නම් වූ පැනිරසමය ආහාරය "වරික්ක" වලින් පිළියෙළ කරනු ලබන අතර එය "වරික්ක" කල් තබා ගන්නා ක්‍රමයක් ලෙසද භාවිතා කරනු ලබයි. කපිළියෙළ කර ගත හැකි දෑ[සංස්කරණය]පොලොස්කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. ඉදුනු ෙකාස් වැල සහ වරකා යනුෙවන් වර්ග ෙදකකට ෙබෙද් මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.කේරල භෝජන[සංස්කරණය]1. ඉදිචක්ක තෝරන් (Idichakka Thoran): මෙය පිළියෙළ කර ගනු ලබන්නේ ඉතාම ළපටි, නොඉදුණු කොස් ගෙඩි යොදා ගනිමින්ය. මෙම කොස් ගෙඩියේ උල් සහිත ඝන පොත්ත තියුණු පිහියකින් සහිනු ලබන අතර පසුව එය ඉතා කුඩා කැබලි වලට කපා, අවශ්‍යතරමට වතුර එකතු කර තම්බා ගනී. පසු එයට හීනියට ගා ගත |
් පොල්, වියලි ගම්මිරිස්, ලුණු, වියලි කහ යනාදිය අවශ්‍යපරිදි දමා මද ගින්නේ පිස ගනී. එය තවත් රස කර ගැනීමට පොල්තෙලෙන් බැදගත් අබ ඇටද එක් කර ගත හැකිය. 2. චක්ක අවියල් (Chakka Aviyal): නොඉදුණ කොස් ගෙඩි යොදා ගනිමින් සාදනු ලබන මෙම විශේෂ ආහාරයට හීනියට අබරගත් පොල්, වියලි මිරිස්, වියලි කහ යනාදිය එකතු කරයි. මෙහිදී භාවිතා කරනු ලබන්නේ කොස් මදුළු පමණි. මෙම කොස් මදුළු කේරලයේ "චක්ක චුල"(Chakka Chula) යන නමින් හදුන්වයි. කොස් ඇටද, එහි වටා වූ ඝන පොත්ත ඉවත් කර පසු කැබලි කර මෙම මාළුවටම එකතු කරනු ලබයි.3. චක්ක කුළ්හචථු (Chakka Kuzhachathu) හෝ චක්ක පුළ්හුක්කු (Chakka Puzhukku): නොඉදුණ නමුත් හොදින් මේරූ කොස් මෙම පිළියෙළ කිරීම සදහා යොදා ගනී. පළමුව කොස් මදුළු හොදින් තම්බා ගනී. පසුව ගා ගත් පොල්, කුඩුකර ගත් වියලි මිරිස්, වියලි කහ හා සුදුලූනු ද තම්බා ගත් කොස් මාළුවට දමා, යලි පිස ගනී. පසු හොදින් තැම්බුණු කොස්, ලී හැන්දක් ආධාරයෙන් හොදින් පොඩි කර ගනී. පසු මෙය මතට පොල්තෙල් හැදී දෙකක් පමණ දමා ගනී. මෙම රසැති ආහාරය "කන්ජි"(Kanji) බත් සහ "කදුමඟ"(Kadumanga) නැමැති ආහාරය සමගද කෑමට ගනී. 4. චක්ක කූන්ජු තොරණි (Chakka Koonju |
Thoran): මෙය හොදින් මෙරූ කොස් ගෙඩියක මැද කොටස ගෙන සාදනු ලබන රසවත් ආහාරයකි.5. චක්කකුරු අස්ට්‍රම් (Chakkakuru Astram): කොස් ඇට යොදා ගනිමින් සාදනු ලබන දකුණු කේරලයේ මධ්‍යම "ට්‍රවන්චොරේ"(travancore) ප්‍රදේශයට ආවේණික ආහාර වර්ගයකි.6. චක්කකුරු මෙළ්හුක්කුපුරත්ති (Chakkakuru Mezhukkupuratti) හෝ චක්කකුරු උප්පෙර්ල් (Chakkakuru Upperi) : කොස් ඇට හොදින් තම්බා මද ගින්නේ පොල්තෙලින් බැද සාදා ගනු ලබන ආහාරයකි. 7. චක්ක උප්පෙරි (Chakka Upperi) හෝ චක්කචුල වරුතතු (Chakkachula Varuthathu) හෝ කොස් කැබලි (Jackfruit Chips) : නොඉදුණු නමුත් ඉදීමට ඉතාමත් ආසන්න කොස් මේ සදහා යොදා ගනී. එනම්, මෙයට යොදා ගනු ලබන කොස් මදුලේ පැණි රසය නොපැමිණිය යුතුය. පසුව මෙම මදුළු කුඩා කැබලිවලට කපා ගැබුරු තෙලෙන් බැද ගනී. රසය වැඩි කර ගැනීමට ලුණුද එකතුකර ගනී.8. චක්ක වරට්ටියතු (Chakka Varattiyathu): ඉදුණු කොස් මදුළු යොදා ගනිමින් සාදනු ලබන ආහාරයකි. මෙය "එලයප්පම්"(elayappam) හෝ "එලයදු"(elayadu) වැනි රසවත් උදෑසන ආහාර සැදීමට යොදා ගනී.9.චක්ක ප්‍රතමන් (Chakka Prathaman): මෙය පොල් කිරි සහ "චක්ක වරට්ටියතු"(chakka varattiyathu) එක් කර සාදා ග |
නු ලබන "පගසම්"(pagasam) එකකි. මෙය නැවුම් ඉදුණු කොස් මදුළු වලට පොල් කිරි දමා ද සාදාගත හැකිය. ගිතෙල් තුල බැදගත් පොල් කැබලි, මිදී වැනි දෑ එක් කර වඩාත් රසයක් ලබා ගත හැකිය.කොස් ලීය[සංස්කරණය]කොස් ගසේ ලීය බොහෝ සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී. ඉන්ඩ්දුනීසියවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි"(kutiyapi) වලටත් මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පෝරැව සැදීමට ද යොදා ගන්නේ කොස් ලීය.කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී.මීට අමතරව, කොස් ගසේ අරටුව බෞද්ධ ආරණ්‍යවාසී භික්ෂුන්ගේ සිවුරු පාඩු ගැසීමට අවශ්‍ය ඩයි වර්ග නිපදවා ගැනීමටද යොදා ගනී.සංස්කෘතික වැදගත්කම[සංස්කරණය]The jack fruitශ්‍රී ලංකාව[සංස්කරණය]මල්වර චාරිත්‍ර වලදී කිරි ගස ලෙස යොද |
ා ගනී.වෙනත් රටවල[සංස්කරණය]තමිල්නාඩුවේ ශුභ පලතුරු තුනෙන් එකක් ලෙස කොස් හැදින්විය හැකිය. අනෙක් ශුභ පලතුරු දෙක වන්නේ අඹ සහ කෙසෙල්ය.ආශ්‍රිත ලිපි[සංස්කරණය]Jackfruit හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.දෙල් (අර්ටෝචාර්පුස් අල්ටිලිස් (Artocarpus altilis))දූරියංඅත්තික්කා(දිබුල්) (චාරිචා (carica))පලතුරු ලැයිස්තුවමුලාශ්‍ර[සංස්කරණය]ව්‍යායාම භෞතවේදය යනු ව්‍යායාම කිරීමේ දී මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය හා සැකැස්වීම වෙනස්වන අන්දම පිළිබදව සිදුකරන අධ්‍යයනයකි. මේ සදහා ව්‍යායාමයේ දී සිරුරේ ඇතිවන ප්‍රතිචාර පිළිබද ව පුළුල් දැනීමක් හා සැලකිය යුතු මට්ටමක අධ්‍යයනය කිරීමත් අත්යාවශ්‍ය වේ.ව්‍යායාම භෞතවේදීන් ද අධ්‍යයනය කෙරෙනුයේ මිනිස් ශක්ති පරිවහනය , ශක්තිය වැයවීම , ශක්ති ජනනය කිරීමේ හැකියාව , ස්නායු පද්ධතිය , ශ්වසන පද්ධතිය , රුධිර සංසරණය , අස්ථි හා මාංශ පේශී , අන්තරා සර්ග පද්ධතිය , රෝග ඇතිවීම පාලනය කිරීම , පුහුණු විමේ ක්‍රම අවට පරිසරයේ බලපෑම සහ ශක්ති ජනක ක්‍රම ආදිය ගැනයි.ව්‍යායාම භෞත වේදය විවිධ රසායනික ක්ෂේත්‍රවල විශේෂණය වී ඇත. ඒවා නම් හෘද පුනරුත්තා පනය , සමීක්ෂණ මත පදනම් වූ ව්‍යායාම |
භෞතවේදය (උදා - උණුසුම දරා ගැනීමේ ක්‍රියාකාරකම් , භූමියෙහි උස වෙනස්වීම අනුව ක්‍රියාකාරකම්වල වෙනස්වීම , ද්‍රව තුලිතතාව , සෛල තුළ ලැක්ටේට් යාන්ත්‍රණය , චාලක ක්‍රියා , සහ පේශී තන්තුවල ඇදීමේ හැකියාව) සහ රෝග හා ආබාධ වළක්වා ගැනීම සදහා ශාරීරික සුවතාවය වර්ධනය කරගැනීමේ වැඩසටහන් ආදියයි.ඕස්ට්‍රේලියාවේ ව්‍යායාම භෞතවේදය[සංස්කරණය]ව්‍යායාම භෞතවේදියෙකු යනු ශාරීරික සුවතාවය පිළිබදව වූ ක්ෂේත්‍රයන්හි ව්‍යායාම , පුනරුත්ථා පන සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාව පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයෙකි. ශාරීරික සුවතාවය හා පුනරුත්තාපනය පිළිබදව ඇති දැනුම් සම්භාරය ඉහළ යත්ම එහි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශේෂඥයින්ගේ නැගී ඒම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.ව්‍යායාම භෞතවේදියෙකු මගින් වෘත්තිමය සේවාවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සැපයේ. ඒවානම් චිකිත්සක් හා පුනරුත්ථා පන ක්‍රමයක් ලෙසට ව්‍යායාම යොදා ගැනීම , රෝග වළක්වා ගැනීම සහ ස්වාධීනව හොදින් ක්‍රියාකාරී වීම සදහා යන ක්ෂේත්‍ර ඔස්සේය.මෙම ලිපිය වනාහි Filming location ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක |
් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.චිත්‍රාගාරයක් තුළ නිර්මාණය කරන ලද පසුතලයක් භාවිතා කිරීම වෙනුවට වෙනත් ස්ථානයක චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරන්නේ නම් එම ස්ථානය චිත්‍රපට කරන ස්ථානයක් උදාහරණයක් ලෙස රූපවාහිනී කථාමාලාවක් වන “24” හි නිර්මාණය කල එම පසුතලයක් තුල රූගත කළ ඇතැම් දර්ශන හැරුණු කොට අන්සියල්ල මූලික වශයෙන් රූගත කෙරුනේ අදාල එම ස්ථානය තුලමයි. (on location) ගොනුව:450px-Black Dahlia Film Shoot 3.jpg(on location) ස්ථානය තුල යන පදය මඟින් විස්තර වන්නේ චිත්‍රපටියකට නැගීම සත්‍ය ස්ථානයක සිට සිදුකර ඇතැයි යන්නයි. නමුත් මෙම පදය මඟින් බොහෝවිට වැරදි සහගත ලෙස විශ්වාස කිරීමට පොළඹවන්නේ චිත්‍රපටියට නැගීම එම කථාවට අදාල සත්‍ය ස්ථානය තුල සිටම සිදු කරන ලදැයි යන්න අර්ථගැන්වීම තුලිනි. නමුත් මෙසේ සත්‍ය ස්ථානයක් තුල සිට රූගත කිරීම මෙමඟින් අනිව |
ාර්යයෙන් අර්ථ ගැන්වෙන්නේ නැත. වාසි සහ අවාසි[සංස්කරණය]චිත්‍රාගාරයක නිර්මාණය කරන ලද පසුතලයක රූගත කිරීම සිදු කරනවාට වඩා එසේ නිර්මාණය නොකරන ලද ස්ථානයක රූගත කිරීමෙනි. වාසි කිහිපයක්ම ඇත. එය ඉතා විශාල පසුතලයක් ගොඩනඟනවාට වඩා ලාභදායී වන්නේයසැබෑලෝකයේ පවතින ඇඳුම්, ගෘහනිර්මාණ ශිල්පයන් විස්තරාත්මක ලෙස නැවත ගොඩනැගීම අපහසුය. එමනිසා මායාව වඩාත් *සත්‍යාකාරයෙන් ශක්තිමත්ව පෙන්විය හැකඇතැම්විට මෙමඟින් ඉතා ලාභදායී හා වෘත්තීය සමිතියකට අයත් නැති ශ්‍රමය භාවිතයට හෝ වැඩ සඳහා වන අවහිරයන් මඟහැරීමට පහසුකම් සලසයි. කැනීබියානු ස්ථාන වන vancouvar හා Toronto ආදිය මේ සඳහා ප්‍රසිද්ධ වේ එසේම ඇතැම්විට එකතුවුනු මුදල් (frozen currency) භාවිතා කිරීමට පහසුකම් සලසයි. 1968 වර්ශයේදී kelly’s heroes යන චිත්‍රපටය යුයෝස්ලෝවැකියාවේදී චිත්‍රපටයට නඟන ලද්දේ අපනයනය කිරීමට නොහැකිවූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙන් උපයන ලද ලාභය භාවිතා කිරීමෙනි. මෙහි අවාසි සහගත තත්වයන්ද ඇතුලත්ය. *පරිසරය පාලයන කිරීම දුෂ්කර වීම උදාහරණයන් ලෙස ගුවන්යානා ගමන් ගැනීම, වාහන තදබදය, මගීන්, අයහපත් කාලගුණය හා නගරනීති ආදිය *පිටපතෙහි සඳහන් වන ආකාරයට |
ඉතා හොදින් ගැලපෙන ස්ථානයක් සත්‍ය වශයෙන් සොයා ගැනීමට ඇති පහසුව *ප්‍රේක්ෂකාගාරයෙහි සාමාජිකයන් ඇතැම්විට වංක ලෙස කල්පිත ස්ථාන ලෙස යොදාගත් සත්‍ය ලෝකයේ ස්ථාන සමඟ බොහෝ සමීප වී සිටිය හැක *චිත්‍රපටයට අදාල සියලු පිරිස අදාල ස්ථානය තුලට ගෙනයාම අධික වියදම් සහිත විය හැකදේශීය නඏ නිළියන් සහ පිරිස සහ ආහාර සැපයීම නවාතැන් සැපයීම වැනි වෙනත් පහසුකම් සැපයීම මඟින් චිත්‍රපට කරන ස්ථාන මඟින් ප්‍රදේශයේ වැදගත් ආර්ථික සංවර්ධනයට වාසි සලසනු ලැබේ.මාධ්‍යවිකිScreenshotThe Main Page of the English Wikipedia running MediaWiki 1.17සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම, Tim Starling (release manager)ප්‍රථම නිකුතුව25 January 2002Repositorygerrit.wikimedia.org/g/mediawiki/core/ ක්‍රමලේඛන භාෂා(ව)PHPමෙහෙයුම් පද්ධතියCross-platformSize~13.7 MBලබාගත හැකි භාෂා ගණනover 300 languagesවර්ගයWikiබලපත්‍රයGPLv2+වෙබ් අඩවියmediawiki.orgමාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ල |
බයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.අධ්‍යයන හෝ පර්යේෂණ කටයුතු සිදුකරන ආයතන අධ්‍යයනායතන නම්වේ. මේවා ස්වාධීන සංවිධාන හෝ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයක කොටසක් විය හැක.පැපයිරස්පැපයිරස් යනු ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් පන් වර්ගයක් වන පැපයිරස් ශාඛයෙහි, සයිපරස් පැපයිරස් [1] බඩය වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි. පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, මධ්‍යධරණී ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% සෙලියුලෝස්, 27% ලිග්නින්, 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි.[2]ආශ්‍රිත[සංස්කරණය]↑ "පැපයිරස් ඩෙෆිනිෂන්". Dictionary.com. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2008.↑ විලියම් |
එච්. ෂෙපර්ඩ්, ද ප්‍රෙසර්වේෂන් ඇන්ඩ් කොන්සර්වේෂන් ඔෆ් පැපයිරි (2008)1869 මෙන්ඩලිව් ගේ ආවර්තිතා වගුවසංයෝගය යන යෙදුම (Stoicheia) ක්‍රි.පු. 360 ග්‍රීක දාර්ශනික ප්ලේමෝ විසින් ටයිමස් නැමති ඔහුගේ කතිකාවෙහි මුලින්ම යොදා ගන්නා ලදී. මෙහි අඩංගු වන්නේ කාබනික හා අකාබනික දේහ වල සංයුතිය වන අතර එය රසායන විද්‍යාව පිළිබද ආකෘතික ශාස්ත්‍රිය ග්‍රන්ථයකි. ප්ලේටෝ විශ්වාස කරන ලද්දේ සෑම සංයෝගයකම කුඩා කොටස් tetrahedrom (ගින්න) Octahedron (වාතය) Icosachedrom (ජලය) සහ ඝන ද්‍රව්‍ය වලට අයත් වන බවයි. ක්‍රි.පු. 350 දී පමණ ජිවත් වු එම් Empedopcles නැමති ග්‍රීක දාර්ශනිකයාගේ මූලද්‍රව්‍ය හතර යන පදයට අනුව ඇරිස්ටෝටල්ද ‘මූලද්‍රව්‍ය’ එනම් ස්වර්ගය සැකසීම යොදා ගන්නා ලදී. ඇරිස්ටෝටල් සංයෝගයක් විස්තර කරන ලද්දේ මුලිකාංග - අනෙකුත් දේහ වියෝජනය කිරීමට හැකියාව ඇති නමුත් එයටම කුඩා කොටස් වලට කැඩීමට හැකියාව නොමැති දේහ.මෙම සිද්ධාන්තයට අනුව ක්‍රි.ව. 790 දී ඇරබියානු රසායන විද්‍යාඥයකු වන ජබිර් ඉබ්න් හයියාන් පැවසුවේ ලෝහ සංයෝග හතරකින් සෑදි ඇති බවයි. එනම් පර්ෆර් “ගිනි ගන්නා සුළු පාෂාණ” ගිනි ගන්නා සුළු බවයේ සිද්ධාන්ත පෙන්නුම් කරන දේ මර් |
කර් ලෝහමය වස්තුන්ගේ සිද්ධාන්ත අඩංගු දේ යන ද්‍රව්‍යයි. ඉන් ටික කලකට පසු මෙම මතවාදය මුලිකාංග තුන පිළිබදව අරාබියානු මතවාදය බවට පත්විය. සල්ෆර් ගිනිගන්නා සුළු බව පෙන්වන අතර මර්කර් වාෂ්පශීලි බව සහ තිරසාර බවද පොඩියම් ෆ්ලොරයිඩ් ඝනභාවයද ලබාදේ.1524 දි ස්විස්ටර්ලන්ත ජාතික රසායන විද්‍යාඥයකු වු පරිස්ලස් ඇරිස්ටෝටල්ගෙ සංයෝග හතර පිළිබද මතවාදය යොදා ගන්නා ලදී නමුත් ඔහු පෙන්නුම් කරන ලද්දේ ඒවා දේහ වල සිදුවන්නේ ගෙබර්ගේ මුලිකාංග තුනට අනුව බවයි. පැරස්ලස්ට අනුව මෙම මතවාද මුලික වන අතර එය සාධාරනිය කරනය කිරීමට දැව ගින්නේ දැවෙන ආකාරය විස්තර කරන ලදී. මර්කරි වල පංශක්ති මුලධර්මය දක්නට ලැබෙන අතර එබැවින් එය දුමට ඇල්ලු විට දර කැබැල්ලක් දෙකට වෙන්වේ. දුම නියෝජනය කරනු ලබන්නේ වාශ්පශීලි බවයි. (මර්කරි මුලිකාංගයයි) තාපය ලබාදෙන ගිනිදලු ගිනිගන්නා සුළු බව නියෝජනය කරන අතර (සර්ෆර්) අවශේෂ අළු ඝන භාවය නියෝජනය කරයි. (සෝඩියම් ෆ්ලෝරයිඩ්)1669 දි ජර්මානු භෞතික විද්‍යාඥයකු සහ රසායන විද්‍යාඥයකු වන ජෝර්හාන් බෙචර් ඔහුගේ කෘතිය පල කරන ලදී. මෙහිදි පැරස්ලස් ගේ අදහස් වැඩිදියුණු කරමින් ඔහු තර්ක කරන ලද්දේ දේහ වල සංයුතිය ජලය වාතයේ සහ තුන්වර්ගයක ප |
ස් වලින් සමන්විත වේ. ඒවා නම් terrafluida, රසදිය මූලද්‍රව්‍ය වාෂ්පශීලි බව සහ ද්‍රව්‍ය බව ඇති කිරීමට උපකාරී වේ. Terrafluida ගිනිගන්නා සුළු බව සහ බැදුනු ගතිය ඇති කරන ඝණිය මුලද්‍රව්‍ය සහ terra pinguis වලට තෙල් සහ ගිනි ගන්නා සුළු බවක් ලබාදෙන මේද සහිත මුලද්‍රව්‍ය. මෙම පස් වර්ග තුන ගෙබර්ගේ සංකල්ප තුන සමග ගැලපේ. උදාහරණයක් ලෙස බෙචර්ට අනුව ලී කැබැල්ලක් අළුවලින් සහ terra pinguis වලින් සමන්විත වේ. ලී කැබැල්ල ගිනි තබන විට terra pinguis නිකුත් වන අතර අළු ඉතිරිවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් දහනයේ දී පසු වල මේද බව දැවී යයි. 1661 දී රෝබට් බොයිලි පෙන්නුම් කරන ලද ආකාරයට මුතුන් මිත්තන් නිගමනය කලාට වඩා මුලික සංයෝග 4 කට වඩා එහි අන්තර්ගතය රසායනික මුලද්‍රව්‍ය වල ප්‍රථම නුතන නාමා වලිය ලබාදෙන ලද්දේ ඇන්ටන් ලැබායිසර්ගේ රසායනික විද්‍යාවේ මුලිකාංග යන ආලෝකය සහ ශක්ති ඒකකයද ඇතුලත්ව මුලද්‍රව්‍ය 33 ක් අඩංගු මුලද්‍රව්‍යයන් මිගිනි. පිලිගනු ලැබු මුලද්‍රව්‍ය 49 න් 45 කම පරමාණුක බල 1818 දී ජොන්ස් ජාකෝබ් බර්සේලියස් විසින් නිගමනය කරන ලදී. දිමිත්‍රි මෙන්ඩලීව්ගේ 1869 ආවර්තිතා වගුවේ මුල ද්‍රව්‍ය 66 ක් දක්නට ලැබුණි. බොයිලිගේ ස |
ිට 20 වන ශත වර්ෂය දක්වා, මුලද්‍රව්‍යයක් නිගමනය කරන ලද්දේ ශුද්ධ ද්‍රව්‍යයක් වන අතර එය ඉතා කුඩා කොටස් වලට විභේජනය කල නොහැකියි යනුවෙනි. වෙනත් අයුරින් පවසන්නේ නම් රසායනික ද්‍රව්‍යයක් රසායනකි ක්‍රියාවලියක් මගින් තවත් රසායනික ද්‍රවයයකට වෙන්කල නොහැකි බවයි. 1913 දී හෙන්රි මොස්ලේ විසින් සොයාගන්නා ලද්දේ පරමාණුවේ පරමානුක අංකයේ භෞතික තත්ත්වය යනු න්‍යෂ්ටියේ ආරෝපණයි. ආරෝපන නම් කිරීමේදී මෙයින් පසුව සිදුවිය . සමාවයික සහ ඇලත්‍රෝප නිසා ඇති වෙනස් කම්ද මෙම ආරෝපණය නම් කිරීම නිසා සිදුවිය.1919 දී ප්‍රසිද්ධ මුලද්‍රව්‍ය 72 ක් දක්නට ලැබුණි. 1955 දී මුලද්‍රව්‍ය 101 ක් සොයාගත් අතර ඒවා මෙන්ඩලීවියම් යන නමින් නම් කරන ලද්දේ මෙන්ඩලීවිට් ගෞරවයක් වශයෙනි. මෙන්ඩලීව් යනු ආවර්තිතා ආකාරයට මුලද්‍රව්‍ය සකස්කල පළමු පද්ගලයා වේ. 2006 ඔක්තෝබර් මාසයේදී මුලද්‍රව්‍ය 118 වාර්තා වුවද මුලද්‍රව්‍ය 117 ද තවම විද්‍යාගාර තත්ත්වයේ නිපදවා නොමැත.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Chemical_element#Historyකැල්සියම් ක්ලොරයිඩ්NamesIUPAC nameCalcium chlorideවෙනත් නාමCalcium(II) chloride,Calcium dichlorid |
e,E509IdentifiersCAS number10043-52-4 Y, 22691-02-7 (monohydrate) 10035-04-8 (dihydrate) 25094-02-4 (tetrahydrate) 7774-34-7 (hexahydrate)PubChem24854ChemSpider23237 YUNIIOFM21057LPEC number233-140-8DrugBankChEBICHEBI:3312RTECS numberEV9800000SMILES [Ca+2].[Cl-].[Cl-]InChI InChI=1/Ca.2ClH/h;2*1H/q+2;;/p-2InChI key UXVMQQNJUSDDNG-NUQVWONBAGPropertiesMolecular formulaCaCl2අණුක ස්කන්ධය110.98 g/mol (anhydrous) 128.999 g/mol (monohydrate) 147.014 g/mol (dihydrate) 183.045 g/mol (tetrahydrate) 219.08 g/mol (hexahydrate)Appearancewhite solidDensity2.15 g/cm3 (anhydrous) 1.835 g/cm3 (dihydrate) 1.83 g/cm3 (tetrahydrate) 1.71 g/cm3 (hexahydrate)Melting point772 °C (anhydrous) 260 °C (monohydrate) 176 °C (dihydrate) 45.5 °C (tetrahydrate) 30 °C (hexahydrate) [1]Boiling point1935 °C (anhydrous) Solubility in water74.5 g/100mL (20 °C) 59.5 g/100 mL (0 °C)Solubility in alco |
holsolubleAcidity (pKa)8-9 (anhydrous) 6.5-8.0 (hexahydrate)StructureCrystal structureOrthorhombic (deformed rutile), oP6Space groupPnnm, No. 58Coordinationgeometryoctahedral, 6-coordinateHazardsLethal dose or concentration (LD, LC):LD50 (median dose)1000 mg/kg (oral, rat)Related compoundsOther anionscalcium fluoridecalcium bromidecalcium iodideOther cationsBeryllium chlorideMagnesium chlorideStrontium chlorideBarium chlorideRadium chlorideExcept where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). N(what is this?) (verify)Infobox referencesChemical compoundසැකිල්ල:SHORTDESC:Chemical compoundකැල්සියම් ක්ලෝරයිඩ්, CaCl2,කැල්සියම් සහ ක්ලෝරීන් වලින් සමන්විත ලවණයකි. එය සමාන්‍යයෙන් අයනික හේලයිඩයක් ලෙස හැසිරෙන අතර කාමර උෂ්ණත්වයෙදී ඝණයක් ලෙස පවති. එහි සමාන්‍ය යොදාගැනීම් ලෙස, ශීතකරණ තුළ බ්‍රයින් ද්‍රවණය ලෙස , මහාමාර්ග වල දූවිලි පාලනය සඳහා, විජලකාරකයක් ලෙස භාවිත කෙරේ. මෙහි ඇති ජලාකර්ෂක |
ගුණය නිසා, මෙම නීර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් තදින් ආවරනය කර, වාතය අතුලු නොවන සේ සකස් කරන ලද භාජන තුළ ගබඩ කර තබනු ලැබේ.ලක්ෂණ[සංස්කරණය]කැල්සියම් ක්ලෝරය්ඩ් වල ද්‍රාව්‍යතාව නිසා එය කැල්සියම් අයන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන අතර මෙම ගුණාංගය ද්‍රවණයකින් අයන විස්තපනය කිරීමෙදී ප්‍රයොජනයට ගනු ලැබේ. උදාහරණයක් ලෙස යම්කීසි අයන ද්‍රවණයක අඩංගු පොස්පෙට් අයන ඉවත් කර ගැනීම සඳහා කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රවණයක් භාවිත කෙරේ.3 CaCl2 (aq) + 2 K3PO4 (aq) → Ca3(PO4)2 (s) + 6 KCl (aq)ද්‍රව කැල්සියම් ක්ලෝරය්ඩ් විද්‍යුත් විච්ඡෙදනය කර කැල්සියම් ලෝහය සහ ක්ලෝරීන් වායුව ලබා ගනී.CaCl2 (l) → Ca (s) + Cl2 (g)කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රව වීමෙදී අධික එන්තල්පි වෙනසක් සිදුවේ.මෙම නිර්ජලීය ලවණය ඉතා සීඝ්‍රයෙන් ද්‍රව බවට පත් වේ; එහි ඇති ස්ඵටික දැලිස මඟින් ජල අණු ආකර්ශයනය කර ගනිමින් ද්‍රව බවට පත් වේ.පිලියෙළ කිරීම[සංස්කරණය]කැල්සියම් ක්ලෝරයිඩ්, හුණු ගල් මඟින් සෘජුවම නිපදවා ගත හැකි අතර සොල්වේ ක්‍රමය මඟින් සෑදෙන අතුරුඵලයක් ලෙසද විශාල වශයෙන් නිපදවා ගනු ලැබේ. 2002 වසරේ දී උතුරු ඇමෙරිකව මෙම ලවණය ටොන් 1,687,000 ක ප්‍රමණයක් පරිහර්ණය ක |
ර ඇත බව වර්තා වේ.ස්වභවික පැවැත්ම[සංස්කරණය]කැල්සියම් ක්ලෝරයිඩ්, දුලබ , වාෂ්පශීලි සින්ජරයිට් (ඩයිහයිඩ්‍රේට) සහ ඇන්ටර්ක්ටිසය්ට් (හෙක්සාහයිඩ්‍රේට) යන ඛණිජ ලෙස ස්වභවිකව පවති. ක්ලෝරොකැල්සයිට් (පොටෑසියම් කැල්සියම් ක්ලෝර්යිඩ්,KCaCl3 ), කැල්සියම් ක්ලෝරය්ඩ් පවත්නා තවත් ස්වභවික ඛණිජයක් වන අතර එය ද ඉතා දුලබ ඛණිජ වර්ගයක් වේ.ප්‍රයෝජන[සංස්කරණය]විජලකාරකයක් ලෙස[සංස්කරණය]වියලුම් නල නිරන්තරයෙන්ම කැල්සියම් ක්ලෝරය්ඩ් සමග අසුරනු ලැබේ. කෙල්ප් (පොහොර් සෑදීමට ගන්නා මුහුදු පැළෑටියකි) ශාකය කැල්සියම් ක්ලෝරය්ඩ් සමඟ වියළීම මඟින් සොඩියම් කාබනේට් නිපදවා ගනු ලැබේ. ඝණ කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රවණයට එක් කිරීම මඟින් ද්‍රාවනණයේ පවතින ජල අණු ඉවත් කර ගනු ලැබේ. FDA ආයතනය මඟින් නිර්ජලීය CaCl2, වියළි තත්ව තහවුරු කර ගැනීම සඳහා ඇසුරුම් උපකරකයක් ලෙස අනුමත කර ඇත.හිමාංක අවපතකයක් ලෙස[සංස්කරණය]හිමාංකය පහත හෙලීම, CaCl2 මඟින් අයිස්/ හිම නිපදවීම වලක්වනු ලබන අතර මෙය මාහමාර්ග මතුපිට හිම පතනය වැළක්වලීම සඳහා යොද ගනු ලැබේ.CaCl2 හි ද්‍රාව්‍යතාව තාපදායක වන අතර එය සපෙක්ෂව ශාක හා පාංශු වලට හනි දායක් නොවේ. නමුත් වොෂින්ටන් ප්‍රාන්තය මෑ |
තක දී කරන ලද පරීක්ෂණ වලින් අනාවරනය කරගෙන තිබෙන්නේ මෙය මහාමාර්ග අසල වැඩෙන සදාහරිත ශාක වලට අහිතකර ලෙස බලපාන බවයි. කැල්සියම් ක්ලෝරය්ඩ් සුදු පැහැති ගෝල අකරයට හැඩ ගැසී ඇති අතර එය පහළ උෂ්ණත්ව වලදී සෝඩියම් ක්ලෝරයිඩ් වලට වඩා ක්‍රියාකාරී වේ. කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රාවණ -520C(-620F) ඉතා අවම උෂ්ණත්ව වලදී පවා මිදීමක් සිදු නොවන අතර මෙය කෘෂිකර්මන්තයෙදී ප්‍රයෝජනවත් වේ.කැල්සියම් අයන ප්‍රභවයක් ලෙස[සංස්කරණය]කොන්ක්‍රීට් සංයුතියෙ ප්‍රධාන වශයෙන් කැල්සියම් සංයෝග අඩංගු වන අතර, පිහිනුම් තටාක වල දෘඩත්වය ඉහල නැංවීමටත්, තටාකයේ කොන්ක්‍රීට් ඛාදනය අවම කර ගැනීම සඳහාත් කැල්සියම් ක්ලෝරය්ඩ් යොදා ගනු ලැබේ.සාගර මින්මැදුරු වල ජීවත් වන මොලුස්කාවන්, නිඩැරියවන් වැනි CaCO3 සැකිලි සහිත ජිවීන්ට අවශ්‍ය ජෛව සාධක ලබා දීම සඳහා කැල්සියම් ක්ලෝරය්ඩ් යොදා ගනු ලැබේ.මේ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ වෙනත් කැල්සියම් ප්‍රතිකරකයක් යොදා ගත හැකි නමුත් වඩාත්ම වේගවත් ක්‍රමය වන්නේ CaCl2 ජලයට කෙලින්ම එක් කිරීමය. එමඟින් pH අගය මත කෙරෙන බලපෑම අවම වේ.ආහාර[සංස්කරණය]ආහාර වල අඩංගු ද්‍රව්‍යක් ලෙස CaCl2, අනුමත් කරන ලද, ආහාර ආකලන ද්‍රව්‍යක් ලෙස |
යුරෝපීය සංගමය මඟින් ලයිස්තු ගත කර තිබේ. ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය මඟින් CaCl2 හී ආරක්ෂාකාරී බව තහවුරු කර ඇති අතර එක් පුද්ගලයෙකු දිනකට ලබා ගන්නා අහාර වල CaCl2 160-345 ක ප්‍රමාණයක් අන්තර්ගත් වන බව සොයා ගෙන තිබේ.මෙය අහාර වල ඝන ස්වභාවය ආරක්ෂා කරන ද්‍රව්‍යක් ලෙස යොදා ගනු ලබන අතර ටින් කළ එළවළු වර්ග වල, සෝයා බෝංචි මඟින් සෝය බෝංචි ඝන කැටි නිපදවීමට සහ එළවළු වර්ග, පලතුරු වර්ග වලින් සාදන වෙනත් ඝන තත්වයේ නිෂ්පාදනවල තත්වය ආරක්ෂා කර ගැනීම යොදා ගැනේ. බෝහෝ විට මෙම CaCl2, ක්‍රීඩා පාන වර්ග සහ වෙනත් පාන වර්ග, බෝතල් කරන ලද පානීය ජලය නිෂ්පාදනය සඳහා විද්‍යුත් විච්ඡෙද්‍යයක් ලෙස භාවිතා කෙරේ. අධික ලුණු රසයෙන් යුත් CaCl2, අච්චරු වර්ග රස ගැන්වීම සඳහා යොදා ගැනු ලැබේ.එමඟින් අහාරයේ සෝඩියම් අන්තර්ගතයේ වෙනසක් ඇති නොකරමින් අවශ්‍ය රසය ලබා දේ. CaCl2 හී ඇති හිමාංක අවපතන ගුණය කැඩ්බරි චොකල්ට් නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන අතර එමඟින් කැරමල් ඝන් වීමෙ වේගය අඩු කරන බැවිනි. සමහර බීර වර්ග වලට CaCl2 යොදාගනිමින් අවශ්‍ය ඛණිජ සංයුතිය ලබා දේ.ඖෂධ[සංස්කරණය]හයිපොකැල්කේමියා රෝගය සුවපත් කිරීම සඳහා CaCl2 ශීර තුලට එන්නත් කිරීම සිදු |
කෙරේ.එමෙන්ම මැග්නීසියම් විෂානුහරණයට ද CaCl2 යොදා ගන්නා අතර එමඟින් හෘද විෂානුහරායද සිදුවේ. මෙය විද්‍යුත් හෘද ඉරූපකය මඟින් මැන ගත ඇකි වේ. CaCl2 යොදා ගැනීම මඟින් කැල්සියම් නල විෂ අවහිරතා , සංකූලතා යථාතත්වයට පත් කර ගත් හැකි අතරම එමඟින් කිරීටක හෘදයබාධ සෑදීම වළක්ව ගත හැකි වේ. ද්‍රවමය CaCl2, ජාන පරිවහනය සඳහා මාධ්‍යක් වශයෙන් යොදා ගන්නා අතර එමඟින් සෛල පටල වල විනිවිද භාවය වැඩි කර DNA ආරොපන ලබ දේ. එවිට DNA අණු කොටස් වඩා පහසුවෙන් සෛල් තුලට ඇතුලු වේ.↑ Pradyot Patnaik. Handbook of Inorganic Chemicals. McGraw-Hill, 2002, ISBN 0-07-049439-8මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteශාක වල වැදගත්කම.අර්තාපල් ශාකය:-යුරෝපීය ජාතිකයන් 1400 අග සහ 1500යේ මුල භාගයේදී ඇමරිකනුවන් සමඟ සම්බන්ධවීමෙන් පසුව අර්තාපල් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවූ අතර එතැන් පටන් එය වැදගත් ක්ෂේත්‍ර බෝගයක් බවට පත් වී ඇත.දැව දඬු පසුව සැකසීම සඳහා ගබඩාකර ඇති අයුරු.යෙව් ගසක අත්තක වාර්ෂික වර්ධක වළලු 27ක් ලා වර්ණයෙන් එළය හා තද වර්ණයෙන් යුතු අරටුව සහ මජ්ජාව (මැද ප |
ිහිටි තද පැහැති තිත) දැක්වෙන හරස්කඩක්මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම.ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිද විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිද විද්‍යාව ප්‍රධානවශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය, සශ්‍ය විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.අහාර අථත්‍යයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ |
මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.අහාර නොවන නිෂ්පාදනය දැව ගොඩනැගිලි තැනීමට්, ලී බඩු, කඩදාසි, කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ, හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනි.ශාක වලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳ |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.