text
stringlengths 0
1k
|
---|
ි වර්ග ,සගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඓටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිශ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රවය, ටර්පන්ටයින්, රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසයන ද්‍රව්‍ය වල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.සෞන්දර්යාත්මක ප්‍රයෝජන.දහස් ගණන් ශාක විශේෂ මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට වගාකරනු ලබන අතර ඒවා සෙවණ ලබාදීම, උෂ්ණත්වය අඩුකර ගැනීමට, සුළඟේ වේගය අඩුකර ගැනීමට, ඝෝෂාව අඩුකිරීමට, පෞද්ගලිකත්වය සලසා ගැනීමට සහ පාංශු ඛාදනය වලක්වා ගැනීම ආදියටද යොදාගනී.මිනිසුන් කැපූමල්, වේලන ලද මල් සහ ගෘහාශ්‍රිත ශාක වර්ග ගෘහස්ථව ප්‍රයෝජනයට ගනී.එළිමහනේදී ඔවුන් තණකොළ පිට්ටනි සැදීම සඳහා තණකොළ , සෙවණ ලබාදෙන ගස්, අලංකරණය සඳහා වූ ගස් වර්ග.පඳුරු , වැල් ,පළාවර්ගයට අයත් බහුවා |
ර්ෂිකයෝ සහ පාත්තිවලට යොදාගන්නා ශාක අදිය ප්‍රයෝජනයට ගනී.ශාකවල අනුරූ බොහෝ විට චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය , රසවින්ධනය,භාෂාව සහ ඡායාරූපකරණයට සහ රෙදිපිළිමත මුදල් ,මුද්දර, කොඩිමත හා වංශවතුන්ගේ ලාංඡන ලෙසද යොදාගනී.ජීවී ශාක කලාවට යොදාගන්නා ක්‍රම අතරට පඳුරු නොයෙක් හැඩ වලට කැපීම, බොන්සායි, ඉකෙබානා සහ විවිධ ආධාරක මත වැවීම අයත් වේ.අලංකාර ශාක ටියුලිප් මේනියාවේදී මෙන් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කර ඇත.සංචාරක ව්‍යාපාරයේදී ශාක වසරාත ඩොලර් බිලියන ගණනින් ලබාදෙන පදනම වී ඇත්තේ වෘක්ෂ උද්‍යාන, උද්භිද උද්‍යාන, ඓතිහාසික උද්‍යාන, වන උද්‍යාන, ටියුලිප් සැණකෙළි, වැසිවනාන්තර,වර්ණවත් ශරත් පත්‍ර ඇති වනාන්තර සහ සකුරා මල් පිපෙන කාලයට පවත්වන සැණකෙළි ආදියට සංචාරකයන් අකර්ශනය වන නිසාය.වීනස් ෆ්ලයිට්‍රැප් සංවෙදී ශාකය සහ පුනර්ජීවන ශාකය ආදිය ඒවයේ අපූරුබව නිසා විකිණුන ශාක වලට උදාහණයන්ය.විද්‍යාත්මක සහ සංස්කෘතිකමය ප්‍රයෝජන.වෘක්ෂ වල වර්ධක වලලු පුරා විද්‍යාවේදී කාළ නිර්ණය සඳහා සහ අතීතයේ පැවැති දේශගුණය පිළිබඳව දැනගැනීම සඳහා වූ වැදගත් ක්‍රමයකි. මූලික ජීව විද්‍යාත්මක පර්යෙෂණ ශාක යොදාගෙන සිදුකර ඇත.උදාහරණයක් ලෙස ජාන විද |
්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ නීතිය සොයාගෙන ඇත්තේ පී ශාක උපයෝගී කොටගෙනය. අභයවකාශ නැවතුම් පොළවල්,අභයවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකමත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසික වෘක්ෂ වලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ, විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශාක පුරාණ ප්‍රවාද වල , ආගම් වල සහ සාහිත්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මානව උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පාරම්පරික සංස්කෘතීන් ශාක භාවිතා කල ආකාරය අධ්‍යයනය කරන අතර එය තර්ජනයට ලක්වූ ශාක සංරක්ෂණයට සහ නව ඖෂදීය ශාක සොයා ගැනීමට උපකාරී වේ. උද්‍යාන කරණය එක්සත් ජනපදයේ වඩාම ජනප්‍රිය විවේක කාලයට කරන ක්‍රියකාරකමයි ශාක සමඟ වැඩකිරීම හෙවත් උද්‍යාන විද්‍යා චිකිත්සාව දියවැඩියා රෝගීන් පුනරුප්ථාපනය කිරීමට උපකාරී වේ. දුම්කොළ ,මරිජුවානා සහ ඕපියම් වැනි ශාක මානසික තත්වයට බලපාන රසායන ද්‍රව්‍ය දරන අතර ඒවා නිස්සාරණය කරගනී.සෘණාත්මක බලපෑමවල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය.මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් |
භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.පැළෑටි මිනිසාටද හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත. විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවන අතර මරණය පවාසිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්තිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පදිතතාවට හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි.ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇති |
කරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි.එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.සවුන්ඩ් රෙකෝඩර් (වින්ඩෝස්)ගොනුව:Sound Recorder icon.pngමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකිගොනුව:Sound Recorder Vista.pngවින්ඩෝස් විස්ටා හි අඩංගු සවුන්ඩ් රිකෝඩර්තොරතුරුවර්ගයශබ්ද පටිගත කිරීමේ වැඩසටහනකිඅඩංගුයි සමගමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්ආශ්‍රිත සංරචකවින්ඩෝස් මාධ්‍ය වාදකයමාධ්‍ය පාලක අතුරු මුහුණතවින්ඩෝස් ශ්‍රව්‍ය සේවාශ්‍රව්‍ය සම්පීඩන කළමනාකරුගොනුව:Sound Recorder XP.pngවින්ඩෝස් එක්ස්පී මත සවුන්ඩ් රෙකෝඩර්ගොනුව:Sound Recorder 31.pngවින්ඩෝස් 3.1 මත සවුන්ඩ් රෙකෝඩර්සවුන්ඩ් රිකෝඩර් යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු ශ්‍රව්‍ය පටිගත කිරීමේ වැඩසටහනකි. විස්ටා සංස්කරණය තුල දිගු වේලාවක් පටිගත කල හැකි වුවද එහි ඇත්තේ සීමිත විකල්ප ගණනකි. තවද පටිගත කෙරු ශබ්ද නැවත ඇසීමද කල නොහැක.vteමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකමධ්‍යActive Scripting (WSH · VBScript · JScript) · ගගන · AutoPlay · AutoRun · ClearType · COM (ActiveX · ActiveX Document · COM Structured storage · DCOM · OLE · OLE Automation · Transaction Server) · Desktop |
Window Manager · DirectX · එක්ස්ප්ලෝරර් · Graphics Device Interface · Imaging Format · ඩොට්නෙට් ෆ්‍රේම්ව'ක්ස් · Search (IFilter · Saved search) · Server Message Block · Shell (විස්තීර්ණ · File associations · Namespace · Special Folders) · ආරම්භක මෙනුව · Previous Versions · Taskbar · Windows USER · Win32 console · XML Paper Specificationකළමනාකරණමෙවලම්බැකප් ඇන්ඩ් රෙස්ටෝ · cmd.exe · Control Panel (Applets) · Device Manager · ඩිස්ක් ක්ලීන්අප් · Disk Defragmenter · ඩ්‍රයිවර් වෙරිෆයර් · Event Viewer · IEAK · IExpress · Management Console · Netsh · Problem Reports and Solutions · Resource Monitor · Sysprep · System Policy Editor · System Configuration · ටාස්ක් මැනේජර් · System File Checker · System Restore · WMI · වින්ඩෝස් ඉන්ස්ටෝලර් · Windows PowerShell · වින්ඩෝස් නවීකරණය · WAIK · WinSAT · Windows Easy Transferවැඩසටහන්ගණකය · කැරක්ට මැප් · Contacts · ඩීවීඩී මේකර් · Fax and Scan · ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් · Journal · Magnifier · Media Center · මාධ්‍ය වාදකය · Mobile Device Center · Mobility C |
enter · Narrator · නෝට්පෑඩ් · Paint · වින්ඩෝස් ෆොටෝ විවර් · Private Character Editor · Remote Assistance · Windows Desktop Gadgets · Snipping Tool · සවුන්ඩ් රෙකෝඩර් · Speech Recognition · Tablet PC Input Panel · වර්ඩ්පෑඩ්ක්‍රීඩා3D Pinball for Windows: Space Cadet · Chess Titans · FreeCell · Hearts · Hover! · Inkball · Mahjong Titans · Minesweeper · Purble Place · Solitaire · Spider Solitaireකර්නලNtoskrnl.exe · hal.dll · සිස්ටම් ඉඩ්ල් ප්‍රොසෙස් · Registry · DLL · EXE · NTLDR / Boot Manager · Winlogon · Recovery Console · I/O · WinRE · WinPE · Kernel Patch ProtectionසේවාSCM · BITS · Task Scheduler · Wireless Zero Configuration · Shadow Copy · Error Reporting · Multimedia Class Scheduler · CLFSගොනු පද්ධතිNTFS (Hard link · Junction point · Mount Point · Reparse point · Symbolic link · TxF · EFS) · WinFS · FAT (FAT12 · FAT16 · FAT32) · exFAT · CDFS · UDF · DFS · IFSසර්වර්Domains · Active Directory · DNS · Group Policy · Roaming user profiles · Folder redirection · Distributed Transacti |
on Coordinator · MSMQ · Windows Media Services · Rights Management Services · IIS · Terminal Services · WSUS · Windows SharePoint Services · Network Access Protection · PWS · DFS Replication · Remote Differential Compression · Print Services for UNIX · Remote Installation Services · Windows Deployment Services · System Resource Manager · Hyper-Vනිර්මාණ ශිල්පයNT series architecture · Object Manager · Startup process (Vista/7) · I/O request packet · Kernel Transaction Manager · Logical Disk Manager · Security Accounts Manager · Windows File Protection / Windows Resource Protection · Windows library files · LSASS · CSRSS · SMSS · MinWinආරක්ෂණAction Center · බිට්ලොකර් · ඩිෆෙන්ඩර් · Data Execution Prevention · Mandatory Integrity Control · Protected Media Path · User Account Control · User Interface Privilege Isolation · වින්ඩෝස් ෆයර්වෝල්අනුකූලතාcommand.com · Interix · Unix subsystem (Microsoft POSIX) · Virtual DOS machine · Windows on Windows · Windows XP Mode · WoW64ව |
ැලිකඩWelikadaඋප නගරයරටශ්‍රී ලංකාවපළාතබස්නාහිර පළාතදිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කයවේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)වැලිකඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. මෙරට අධිආරක්ෂිත බන්ධනාගාරයක් වූ වැලිකඩ බන්ධනාගාරය (මැගසින් බන්ධනාගාරය) පිහිටුවා තිබෙන්නේද වැලිකඩ තුලයි.vteවැලිකඩ සඳහා යාබද ස්ථානසේදවත්ත මරදාන පංචිකාවත්තවැලිකඩකොලොන්නාවරාජගිරියආශ්‍රිත[සංස්කරණය]vteකොළඹ උප නගරඇතුල් කොළඹබම්බලපිටියබ්ලූමැන්ඩල්බොරැල්ලකුරුඳු වත්තදෙමටගොඩකොළඹ කොටුවතොටළඟතිඹිරිගස්යායඅලුත්කඩේකිරුළපනකොල්ලුපිටියකොටහේනකොහුවලමාදම්පිටියමාලිගාවත්තමරදානමට්ටක්කුලියමෝදරනාරාහේන්පිටපාමංකඩපංචිකාවත්තපිටකොටුවකොම්පඤ්ඤ වීදියයූනියන් පෙදෙසවැලිකඩවැල්ලවත්තශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේඇතුල් කෝට්ටේනාවලනුගේගොඩපිට කෝට්ටේරාජගිරියවැලිකඩදෙහිවල-ගල්කිස්සඅත්තිඩියදෙහිවලකළුබෝවිලකොහුවලගල්කිස්සනැදිමාලරත්මලානපිටත කොළඹබත්තරමුල්ලහෝමාගමජා-ඇළකඩවතකඩුවෙලකඳානකිරිබත්ගොඩකොළොන්නාවකොස්වත්තකොට්ටාවමහරගමමාලබේමොරටුවපන්නිපිටියපෑලියගොඩපිළියන්දලරාගමතලවතු |
ගොඩවත්තලවික්‍රමසිංහපුරමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. ලිපියෙහි ප්‍රධාන කරුණු පිළිබඳ ගම්‍යමාන සමාලෝචනයක් ලබා දෙන පරිදී මුඛ්‍ය ඡේදය විහිදුවාලීමට කාරුණික වන්න.භූ ගෝලීය පිහිටීම හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් සමාජයන්ට අඩුවෙන් නිරාවරණය වන සමාජයක ඒ හේතුකොට තමන් අද්විතීය බවට ඇතිවන මානසිකත්‍වය, දූපත් මානසිකත්‍වය නම්වේ.ආශ්‍රිත ලිපි[සංස්කරණය]යටත්විජිත මානසිකත්‍වයවත්තලWattalaඅර්ධ නාගරිකරට ශ්‍රී ලංකාවපළාතබස්නාහිර පළාතපරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කයරජය • අධිකරණ වර්ගයවත්තල-මාබෝල නගර සභාවවේලා කලාප+5.30වත්තල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අර්ධ නාගරික ප්‍රදේශයකි. වත්තල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 30,086 විය. මීගමුව කොළඹ ප්‍රධාන ම |
ාර්ගය ( A3 ) ආශ්‍රිතව පිහිටා ඇත.වත්තල-මාබෝල නගර සභාව මගින් පාලනය කෙරේ. ඓතිහාසික පසුබිම[සංස්කරණය]පසුගිය ශතවර්ෂ පහක කාලය දෙස විමර්ශනාත්මකව බැලීමේදී වත්තල සහ හැදල ග්‍රාමය පිළිබදව ඉතිහාසය තුළ ගෙනහැර පාන අවස්ථා කීපයක් වේ. පළමුවන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශේෂ්ඨ සිංහල රාජ වංශයේ නොමැකෙන සලකුණකි. අද පවා එතුමාගේ නිර්භිතභාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස හැදින්වෙන සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුත ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෘතුගීසින් මෙරටින් ඉවත් කිරීමට උත්සහ ගත් මෙතුමා සිංහල-පෘතුගීසි යුද්ධයේ මායාදුන්නේ හා සීතාවක රාජධානිය වැදගත් කොටසක් විය. මෙම කාලයේ දී යුරෝපා ජාතියක්, පෙරදිග දී ලැබූ දරුණුතම පරාජය මෙරටින් වාර්තා විය.මෙතුමා මුල්ලේරියා සංග්‍රාමයේ දී පෘතුගීසින්ට එරෙහිව සටන් කර ජය ගෙන, සීතාවක බලය එළිදරවු කළ අතර ඒ අවස්ථාවේ පෘතුගීසින්ට ද විශාල අභියෝගයක් වන තරමටම ඔවුහු ශක්තිමත් ව සිටියහ. මුලූ දිවයිනම පාලනය |
කිරීමට තිබූ අවස්ථාව පෘතුගීසින්ගෙන් ගිලිහී ගියේය. මෙකී සටන් වල හැදල ප්‍රදේශය මෙතුමන්ගේ පාලනය තුළ පැවති ස්ථානයක් ලෙස ඉතිහාසයේ සදහන් වේ.( පොල් ඊ. පිරිස්, Ceylon the Portuguese Era,) ධර්මපාල රජතුමා (දොන් ජුවන් ධර්මපාල) ජයවර්ධනපුර කෝට්ටේ අත්හරිනු ලැබීමෙන් පසුව මායාදුන්නේ රජුගේ සේනාව රාජසිංහ කුමරු යටතේ සේනාවන් ඒවා කැළ‚ ගග ආශ්‍රිත ගග දෙපස පිහිටි පෘතුගීසි නගර සහ කඩවත් විනාශ කර දැමු බවත් ඒ අවස්ථාවේදී වත්තල , හැදල යන ප්‍රදේශ ද විනාශ වූ බව සදහන් වේ. මේ පිළිබදව ප්‍රවීණ ඉතිහාසඥ ද කුටෝ සහ ක්වේරෝස් යන විද්වතුන් ද වාර්තා කර ඇත. මෙම විස්තරයට අනුව මේ ප්‍රදේශ වල කුරුදු තිබු බවත් තවදුරටත් විස්තර කරයි. ( පොල් ඊ. පිරිස්, Ceylon the Portuguese Era, පිටු 307 ) ක්‍රි.ව. 1587 - 1588 යන කාලයේ පැවති කොළඹ කොටුව වැටලීම සදහා රාජසිංහ රජු තම මධ්‍යස්ථානය ලෙස පවත්වා ගනු ලැබුවේ කොළඹ කොටුවට උතුරු දෙසින් පිහිටි කැළ‚ නදියෙන් එගොඩ ප්‍රදේශය වූ මේ ප්‍රදේශය බව සදහන් වේ. ඊට හේතුව වුයේ ක්‍රි.ව. 1587දී දොන් ජුවන් ධර්මාල රජු තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට භාරදීමත් ,මල්වානේ ගිවිසුමින් කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් ව |
ීම නිසා පෘතුගාලයේ රජු කෝට්ටේ රජු බවට ප්‍රකාශ කිරීම නිසාය.රාජසිංහ රජු කොළඹ කොටුව වැටලීම සහ පෘතුගීසින් අන්ත පරාජයකට පත්වීම පිළිබදව හා බැඳුණු කවියක් පහත දැක්වේ.නිතර නිතර සීතාවක රණ ඛෙර නැගු ණාකොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් උ නාපරංගි දේසේ රජුටත් මර උණ ගැනු නාරාජසිංහ සිරි නාමේ ලොවේ රජ වු ණාජනගහනය[සංස්කරණය]සංචාරක ආකර්ෂණ[සංස්කරණය]ආර්ථිකය[සංස්කරණය]වෙනත් කරුණු[සංස්කරණය]ආශ්‍රිත ලිපි[සංස්කරණය]ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවමූලාශ්‍ර[සංස්කරණය]බාහිර සබැඳි[සංස්කරණය]vteකොළඹ උප නගරඇතුල් කොළඹබම්බලපිටියබ්ලූමැන්ඩල්බොරැල්ලකුරුඳු වත්තදෙමටගොඩකොළඹ කොටුවතොටළඟතිඹිරිගස්යායඅලුත්කඩේකිරුළපනකොල්ලුපිටියකොටහේනකොහුවලමාදම්පිටියමාලිගාවත්තමරදානමට්ටක්කුලියමෝදරනාරාහේන්පිටපාමංකඩපංචිකාවත්තපිටකොටුවකොම්පඤ්ඤ වීදියයූනියන් පෙදෙසවැලිකඩවැල්ලවත්තශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේඇතුල් කෝට්ටේනාවලනුගේගොඩපිට කෝට්ටේරාජගිරියවැලිකඩදෙහිවල-ගල්කිස්සඅත්තිඩියදෙහිවලකළුබෝවිලකොහුවලගල්කිස්සනැදිමාලරත්මලානපිටත කොළඹ |
බත්තරමුල්ලහෝමාගමජා-ඇළකඩවතකඩුවෙලකඳානකිරිබත්ගොඩකොළොන්නාවකොස්වත්තකොට්ටාවමහරගමමාලබේමොරටුවපන්නිපිටියපෑලියගොඩපිළියන්දලරාගමතලවතුගොඩවත්තලවික්‍රමසිංහපුරvteශ්‍රී ලංකාවේ මහ නගරජාතික අගනගරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන අගනගරය)කොළඹ (වාණිජ අගනගරය)මහනගර ප්‍රදේශමහනුවරඅනුරාධපුරගාල්ලයාපනයරත්නපුරබදුල්ලකුරුණෑගලකඩුවෙලදෙහිවල-ගල්කිස්සමොරටුවමීගමුවකල්මුණේමඩකලපුවමාතරගම්පහමාතලේඅක්කරපත්තුවබණ්ඩාරවෙලනුවරඑළියදඹුල්ලහම්බන්තොටනගර සභා වලට අයත් නගර සීමාත්‍රිකුණාමලයඅම්බලන්ගොඩඅම්පාරබලංගොඩබේරුවලබොරලැස්ගමුවචාවකච්චේරිහලාවතඇඹිලිපිටියඑරාවුර්ගම්පොළහපුතලේහැටන්-දික්ඔයහික්කඩුවහොරණජා-ඇළකඩුගන්නාවකළුතරකාත්තන්කුඩිකටුනායක-සීදූවකෑගල්ලකැස්බෑවකින්නියාකොළොන්නාවකුලියාපිටියමහරගමමන්නාරමමිනුවන්ගොඩනාවලපිටියපානදුරපෑලියගොඩපේදුරු තුඩුවපුත්තලමසීතාවකපුරතලවාකැලේ-ලිඳුලතංගල්ලවැල්වැටිතුරෙයිවවුනියාවවත්තලවත්තේගමවැලිගමමෙම ලිපිය වනාහි Breast cancer ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පර |
ිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.පියයුරු පිළිකා[සංස්කරණය]පියයුරුවල ඇතිවු විශාල පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද පියයුරක නිදර්ශකයක්.(මෙය පියයුරුවල ක්ෂීර ප්‍රනාලවල ඇතිවන ආක්‍රමණශීලී පිළිකාවකි)පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලය. පෙනහළු පිළිකා (සියළුම පිළිකා අතරින් 10.4% ක්) ළගට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවක් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. පියයුරු පිලිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂය වේ. මෙය මහාන්ත්‍රයේ සහ ගැබ්ගෙල පිළිකා මෙන් දෙගුණයක් වන අතර කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ෙමන් තුන්ගුණයක් වේ. කෙසේ නමුත්පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පෙනහළු පිළිකා වලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙන් 25% ගුණයක් වසර 2005 දී පියයුරු පිළිකා නිසා ලොව පුරාම සිදුවුන මරණ සංඛ්‍යාව 502,000 කි. මෙය එම වසරේදී ලොව පුරා පිළිකා නිසා සිදුවු මරණ සංඛ්‍යාවෙන් 7% ක් ද , සියළුම මරණ සංඛ්‍යාවෙන් 1% ක් |
ද වේ. 1970 සිට පියයුරු පිළිකාවන් වාරතාවීම සැලකිය යුතු අන්දමට ඉහල ගොස් ඇත. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල්වල ඇති නවීනපන්නයේ ජීවන ක්‍රමයයි.සංවර්ධනය නොවු රටවල අඩු ප්‍රමාණයකින් ලෙසත් , සංවර්ධනය වු රටවල වැඩි ප්‍රමාණයක් ලෙසද පියයුරු පිළිකාවන්හි ව්‍යාප්තිය ලොවපුරා විවිධ වේ.ලොව පුරා ප්‍රධාන ප්‍රදේශ දොළහක් තුල වාර්ශිකව සිදුකරනු ලබන ප්‍රමිතිකරණයකට අනුව කාන්තාවන් 100,000 ක් ගත් කළ ඉන් එක් කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ ප්රවණතාව නැගෙනහිර ආසියාවේ 18 , දකුණු මධ්‍යම ආසියාවේ 22 , අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයන් 22 , ගිනකොනදිග ආසියාවේ 26 , උතුරු අප්‍රිකාවේ සහ උතුරු යුරෝපයේ 73 , ඹ්ෂේනියාවේ 74 , බටහිර යුරෝපයේ 78 , ක් සහ උතුරු ඇමරිකාවේ 90 ක් ලෙසට විවිධ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සුදු කාන්තාවන් අතර 141 ක් ලෙසද , අප්‍රිකානු ඇමරිකා කාන්තාවන්ගේ 122 ක් ලෙසද වෙනස් වේ. ලොව වැඩිම පියයුරු පිළිකා ප්‍රමාණයක් වාර්ථාවන්නේ උතුරු ඇමරිකානු කාන්තාවන්ගෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් ප්‍රධානතම පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා වන අතර එය පිළිකා නිසා සිදුවන මරණ අතරින් දෙවන ස්ථානයට පත් වන්නේ ප |
ෙනහළු පිළිකා ප්‍රථම ස්ථානයට පත් කරමිනි. ඇමරිකානු කාන්තාවකට තම ජීවිත කාලය තුල ආක්‍රමණශීලී පියයුරු පිළිකාවක් ඇතිවීමට අටෙන් එකක සම්භාවිතාවයක් (එනම් 12.5% ක හැකියාවක්) සහ එමගින් මරණයට පත්වීමට තිස්පහෙන් එකක (3% ක) සම්භාවිතාවක් ඇත. වසර 2007 දී පියයුරු පිළිකා නිසා ඇමරිකාව තුළ මරණ 40,910ක් සිදුවීමට අපේක්ෂිතව තිබිනි.(මෙය පිළිකා නිසා සිදුවන මරණ වලින් 7% ක්ද, සියළුම මරණ වලින් 2% ක්ද වේ)ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව හා එමගින් සිදුවන මරණ සංඛ්‍යාව පහත බැස ඇත. එසේ වුවද එරට කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සමීක්ෂණ සිදුකරන සමාජයක් මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇත්තේ කාන්තාවන් අතර මරණය ඇතිවීමට ප්‍රධානතම හේතුව හදවත් රෝග බවට හඳුනාගෙන ඇතත් පියයුරු පිළිකා තව දුරටත් කාන්තාවන් භීතියට පත්කරන රෝගයක් බවට පත්ව ඇති බවයි.කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය වී ඇත්තේ එක හා සමාන පටක වර්ගවලින් නිසා පිරිමින් තුළද පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී එය කාන්තාවන්ට වඩා සිය ගුණයකින් අඩුය වැඩුණු පියයුරු පිළිකා සෑදුනු පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව එවන් කාන්තාවකගේ ආයු |
අපේක්ෂාවට සමාන වේ.අධිකාරී පාලනය: ජාතික පුස්තකාල GermanyIsrael2United States2JapanCzech Republicමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteප්‍රවේශය[සංස්කරණය]ඕපන් ඔෆිස් මිල අධික සංවෘත මූල මාදුකාංගයන්ට අමිල විසදුමකි. මෙම මෘදුකාංගය www.openoffce.org වෙබ් අඩවියෙන් නොමිලයේ බාගත කරගත හැක. මෙය මුදල් ගෙවා ලබාගතයුතු මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංගයට නොදෙවෙනි මෙන්ම එහි නොපවතින වර්ධිත ගති ලක්ෂණද සහිතයි.දේශීයකරණය[සංස්කරණය]මේ වන විට මෙම මෘදුකාංගය දේශීයකරණයටද ලක් වෙමින් පවතින අතර දැන්වනවිට (2010-04-14 දින වන විට) මෙම මෘදුකාංගයේ දේශීයකරණයට (සිංහල බසට) පරිවර්තිත OpenOffice.org 3.2 වර්ෂනයේ අවසාන නිකුතුව නොවන පිටපතක් ඉහත වෙබ් අඩවියේ http://සිංහල%20පිටුව සංරක්ෂණය කළ පිටපත 2010-04-25 at the Wayback Machine ඔස්සේ ලබාගත හැක. ප්‍රජා සහය[සංස්කරණය]මෙම මෘදුකාංගය භාවිතා කරන්නන් වෙනුවෙන් කැපවුණු ගූගල් සමූහයක්ද ක්‍රියාත්මක අතර [1] ලිපිනයෙන් මෙම සමූහයට සම්බන්ධ විය හැක. මෘදුකාංගය භාවිතය පිළිබඳ ගැටලු වලට විසදුම් මේ හරහා ලබාගත හැක. පද සැකසුම් මෘද |
ුකාංගයසංරචක[සංස්කරණය]ඕපන් ඔෆිස් මෘදුකාංගය පහත සංරචකයන්ලෙන් යුක්තයිපද සැකසුම් මෘදුකාංගයපැතුරුම්පතඅභිනයන මෘදුකාංගය හෙවක් ඉදිරිපත්කරණ මෆදුකාංගයදත්ත පදනමග්‍රැෆික් මෘදුකාංගයගණිතමය කෘත්‍ය මෘදුකාංගයප්‍රකාශන[සංස්කරණය]LAKapps සංරක්ෂණය කළ පිටපත 2010-03-17 at the Wayback Machine ආයතනය මගින් ඕපන් ඔෆිස් සංරචක සඳහා ප්‍රකාශන අත්පොත් පෙළක් සම්පාදනය කරමින් පවතී. දැනට ඕපන් ඔෆිස් රයිටර් ( පද සැකසුම් මෘදුකාංගය) සහ ඕපන් ඔෆිස් කැල්ක් (පැතුරුම්පත) සඳහා අත්පොත් දෙකක් නිකුත් කර ඇත. මේවා PDF ගොනු ලෙස ලබා ගත හැකි අතර වීඩියෝ පුහුණු උදව් ලෙසද පවතී. මේවා LAKapps ආයතනයේ SVN සුරක්ෂිතාගාරයෙන්[permanent dead link] බාගත හැක. මෙය මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යනාංශය විසින් සම්පාදනය කර ඇත.ඕපන් ඔෆිස් රයිටර් - පදසැකසුම් මෘදුකාංගය නමින් ඉ-පොතක් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති අතර එය මෙම විෂයය යටතේ වන පලමු සිංහල භාෂීය පුකාශනය වේ. එය PDF ගොණු ආකෘතියෙන් එම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ අතත්‍ය පොත් හලින් සංරක්ෂණය කළ පිටපත 2010-02-23 at the Wayback Machine බා |
ගත කර ගත හැක.ලීබ්‍රා ඔෆිස්[සංස්කරණය]ඕපන් ඔෆිස් සඳහා සහය දැක්වූ ප්‍රධාන ස්වේව්චා සංවර්ධකයින් එම ව්‍යාපෘකියෙන් ඉවත්ව වඩා නිදහස් කාර්යයාල මෘදුකාංග කට්ටලයක් ඕපන් ඔෆිස් පාදකව නිර්මාණය කිරීම සඳහා ප්‍රලේඛන පදනම නම් ස්වේච්ඡා සංවිධානය නිර්මාණය කරන ලදී. මේ හරහා වඩා නිදහස් හා වානිජ ආයතන සම්බන්ධතාවයෙන් තොර කාර්යයාල මෘදුකාග කට්ටලයක් නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. බාහිර පුරුක්[සංස්කරණය]LAKapps සංරක්ෂණය කළ පිටපත 2010-03-17 at the Wayback MachineLAKapps SVN සුරක්ෂිතාගාරය[permanent dead link]අතත්‍ය පොත් හල සංරක්ෂණය කළ පිටපත 2010-02-23 at the Wayback Machineඉතිහාසය[සංස්කරණය]බුද්ධිමය දේපළ යන යෙදුමේ වඩාත් පැරණිතම භාවිතය හඳුනාගත හැකිවන්නේ 1845 ඔක්තෝබර් මාසයෙනි.ඬේවොල් එ. බ‍්‍රවුන් හිදී මැසචුසෙට්ස් සංචාරක අධිකරණය පේටන්ට් අයිතිය පිලිබඳව විභාග කරමින් චාර්ල්ස් එල්. වුඞ්බරි විනිසුරුවරයා කියා සිටියේ ‘අපට බුද්ධිමය දේපළ ආරක්‍ෂා කළහැකි වන්නේ මේ ක‍්‍රමයෙන් පමණකි. කෙනෙකුගේ මානසික ශ‍්‍රමය, නිෂ්පාදන හා අභිරුචීන් ඔහු වගා කරන තිරිඟු හෝ ඔහු ඇති කරන සතුන් වැනිය’. ‘සොයාගැනීම් දේපළ වේ’ යන ප‍්‍රකාශය ඊටත |
් බොහෝ ඈතට යන්නකි. 1791 ප‍්‍රංශ නීතියේ පළවැනි වගන්තිය කියා සිටියේ ‘සෑම නව සොයාගැනීමක්ම එසේ කළ අයගේ දේපළ වේ. එම අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා එකී සොයාගැනීම තාවකාලිකව භූක්ති විඳිම සඳහා එම තැනැත්තාට වසර පහකට දහයකට හෝ පහළොවකට පේටන්ට් අයිතිය ලබාදිය යුතුය’ යනුවෙනි.බුද්ධිමය දේපළ යන යෙදුමේ පැතිරුනු ජනපි‍්‍රයභාවය වඩා නූතන සංසිද්ධියකි. 1967 දී මෙකී යෙදුම ප‍්‍රවර්ධනය කිරීමට සකී‍්‍රයව උත්සාහ කළ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ස්ථාපිත කරන තුරුම එය එතරම සාමාන්‍ය එකක් නොවුනි. කෙසේවෙතත් 1980 පමණ වනතුරුම උදෘත ලකුණුවලින් තොරව එය යෙදුනේ කලාතුරකිනි.මෙම සංකල්පයේ සමභවය ඊටත් එහාට සොයා යා හැක. යුදෙව් නීතිය තුල බලබෑම අතින් වර්තමාන බුද්ධිමය දේපළ නීතියට සමාන ප‍්‍රතිෂ්ඨාවන් කිහිපයක් අන්තර්ගත වේ. කෙසේවෙතත් බුද්ධිමය නිර්මාණයන් ‘දේපළ’ වන්නේය යන සංකල්පය මෙකල නොපැවතින.කෙසේවෙතත් බොහෝ බටහිර රටවල නීති පද්ධතීන් තුල බුද්ධිමය දේපළ සම්බන්ධ ප‍්‍රතිපාදනයන් නොතිබූ අතර මෙම යෙදුම විසින් ආවරනය කරනු ලබන නීතීන් සාධාරණීකරණය කෙරුනේ බලහත්කාරයෙනි. මෙම යෙදුම සමහර පනත් කෙටුම්පත්වල පාද සටහන් තුල හැරෙන්නට එක්සත් ජනපදයේ ප‍්‍රකාශන හිමිකම් පිලිබඳ |
නීති සම්පාදනයන් තුල අන්තර්ගත නොවුනි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හා ව්‍යවස්ථාපිත නීතීන් තුල යොදාගනු ලැබූ යෙදුම වූයේ ‘පරම හිමිකම්’ යන්නයි.අරමුණ[සංස්කරණය]බුද්ධිමය දේපළ හිමිකම නිර්මාණකරුවන්ට සිය නිර්මාණයන් සම්බන්ධයෙන් පරම හිමිකමක් ලබාදීම තුලින් කතුවරයා හෝ නව නිර්මාණකරුවාට සිය නිර්මාණය පිලිබඳ තොරතුරු රහසක් ලෙස තබාගන්නවා වෙනුවට එය වැඩිදියුණු කිරීම හා ඒ පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම කෙරෙහි පෙළඹවීමක් ඇති කරවයි. බුද්ධිමය දේපළ නීති මඟින් සහතිකකොට ඇති නෛතික රැකවරනය එකී නිර්මාණය මඟින් ආර්ථික සංවර්ධනය වෙත වන සැලකියයුතු දායකත්වය විසින් සමතුලිත කරවනු ලබයි.ආර්ථික විද්‍යාඥයින් දක්වා සිටින්නේ එක්සත් ජනපදයේ විශාල ව්‍යාපාරයන් සතු දේපළ වලින් තුනෙන් දෙකක්ම ස්පර්ශ කළ නොහැකි දේපළ වන බවයි. මේ ආකාරයට බුද්ධිමය දේපළ රැකවරනය මත යැපෙන කර්මාන්තයන් විසින් බුද්ධිමය දේපළ නොවන කර්මාන්තයන්ට වඩා එක් සේවකයකුට 72 % ක වටිනාකමක් එක්කරයි.මීට අමතරව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද හවුල් පර්යේෂණ ව්‍යාපෘතියක් මඟින් ආසියාතික රටවල් හයක බුද්ධිමය දේපළ පද්ධතිවල බලපෑම මැනීමට කටයුතු කරන ල |
ද අතර එහිදී පෙනීගියේ බුද්ධිමය දේපළ පද්ධතීන් ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බවයි. කෙසේවෙතත් මෙම සම්බන්ධතාවය හේතුඵල වශයෙන් තහවුරු කළ නොහැක්කකි.විවේචන[සංස්කරණය]බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන නිදහස් සංස්කෘතික ව්‍යාපාරයේ සිටින්නන් එය බුද්ධිමය ආරක්‍ෂණවාදයක් නොඑසේනම් බුද්ධිමය ඒකාධිකාරයක් ලෙසින් හඳුන්වන අතර ප‍්‍රකාශන හිමිකම් දීර්ඝ කිරීම, මෘදුකාංග, පේටන්ට් සහ ව්‍යාපාර ක‍්‍රමවෙදයන්ගේ පේටන්ට් ආදිය සම්බන්ධ නීතීන් හේතුකොටගෙන මහජන ශුභසිද්ධියට හානිවී ඇති බව කියා සිටිති. පුළුල් අර්ථයෙන් යෙදීමේදී සමහරු බුද්ධිමය දේපළ යන යෙදුම පවා ප‍්‍රතික්ෂේප කරසිටිති. රිචඞ් ස්ටෝල්මන් තර්ක කර සිටින්නේ ‘මෙය ක‍්‍රමෝපායික ලෙස විකෘතිවීම් සහිත හා ගැටලූකාරී එකක් වන අතර එම තත්වය වඩා උග‍්‍රකොට ඇත්තේ ඉන් ප‍්‍රතිලාභ ලබන්නන් විසින්ම’ බවය. ඔහු කියා සිටින්නේ එකී යෙදුම යොදාගෙන ඇත්තේ වෙන වෙනම සම්භවය වූ, වෙනස් ආකාරයෙන් පරිණාමය වූ, විවිධ කි‍්‍රයාකාරකම් ආවරනය කරන, වෙනස් රීතීන් යටතේ කි‍්‍රයාත්මක වන සහ වෙනස් මහජන ප‍්‍රතිපත්තිමය කාරණාවන්ට අදාල වන්නාවූ විෂම නීතීන් රාශියක් කැටිකර දැක්වීමට බ |
වයි. මෙම විවේචකයෝ ප‍්‍රකාශන හිමිකම්, පේටන්ට් සහ වෙළඳ ලකුණු සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉදිරිපත් වන අතර විෂම නීතීන් රැසක් එයට ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් නොසතුට පළකර සිටිති.කේනිසියානු ආර්ථික විද්‍යාව නැතිනම් කේනිසියම් හෝ කේනිසියානු න්‍යාය යනු විසිවන සියවසේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්‍යායකි. කේනිසියානු ආර්ථික විද්‍යාවට අනුව රජය හා පෞද්ගලික යන අංශ 2 ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිශ්‍ර ආර්ථිකයක, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය පවත්වා ගෙන යාමට උපකාර කිරීමට රජයට හැකිවේ. රජයේ මැදිහත් වීමකින් තොරව වෙළදපල හා පෞද්ගලික අංශය ඉතා හොදින් ක්‍රියාත්මක වෙතැයි අදහනු ලබන රාජ්‍ය නිර්බාදවාදී ආර්ථික ලිබරල්කරණයේ, අසමත් වීමයැයි ඇතැම් අය සලකනු ලබන ගැටලු වලට, කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් පිළිතුරු සොයනු ලබයි. 1936 දී ප්‍රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්‍යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්‍යාවේ පදනම ගොඩ නගමින් එම න්‍යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී. කේනිසියානු න්‍යාය තුල, පුද්ගලයන්ගේ හා ආයතනවල සමහර සූක්ෂම මට්ටමේ ක්‍රියාව |
න් මගින් ආර්ථීකයක නිමවුම හා වර්ධනය එහි විභව නිමවුමට හා වර්ධනයට වඩා පහල මට්ටමකට ගෙන එන ආකාරයේ සමස්ථ සාර්ව ආර්ථික ප්‍රථිඵලයන් ඇති කිරීමට පිළිවන. සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් බොහෝදෙනෙකු, සැපයුම මගින් එහි ඉල්ලුම ජනිත කරයි යන, සේගේ න්‍යායද, එම නිසා පොදු අධිමාත්‍රයක් ඇතිවිය නොහැකි බවද, විශ්වාස කලහ. ආර්ථිකයක පහළ බැසීමකදී භාණ්ඩ සඳහා සමස්ථ ඉල්ලුම ප්‍රමාණවත් නොවියහැකි අතර, එමගින් අනවශ්‍ය ලෙස ඉහළ සේවා වියුක්තියක් හා පහළ විභව නිමවුමක් ජනිත කලහැකි බවද, කේන්ස් විසින්පෙන්වා දෙන ලදි. සමස්ථ ඉල්ලුම ඉහළ දැමීමට, හා එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ඉහළ සේවා වියුක්තිය හා අවධමනය පාලනය කිරීමට, රජයේ ප්‍රථිපත්ති යොදා ගත හැකි බව කේන්ස් තර්ක කලේය. 1920 දශකයේ බ්‍රිතාන්‍යයේ හා 1930 දශකයේ ඇමරිකාවේ ඇතිවූ උග්‍ර සේවා වියුක්තියට, කේන්ස් ගේ සාර්ව ආර්ථික න්‍යාය, ප්‍රතිචාරයක් විය. ආර්ථීක පරිහානියට විසඳුම ප්‍රවේශ දෙකක සමහර සංයෝජනයන් තුලින් ආර්ථිකය උත්තේජනය කිරීම ("ආයෝජනයට පෙළඹවීම") යයි, කේන්ස් තර්ක කරන ලදී. එනම්: · පොලි අනුපාතය පහළ දැමීම.· රජය විසින් පාදක ව්‍යුහයමය පහසුකම් වල ආයෝජන කිරීම - ආදායමේ විදීම මග |
ින් පොදු ආර්ථිකයේ වියදම් ඉහළ නංවන අතර, එය පිළිවෙලින්, නිෂ්පාදනය හා ආයෝජනය ඉහළ යන පරිදි උත්තේජනය කර, තවදුරටත් ආදායම හා වියදම වැඩි කරණු ලබයි. මූලික උත්තේජනය මගින් එහි ඵලයන් පහළට ගලායාමට සලස්වන අතර එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය මූලික ආයෝජනය මෙන් කිහිප ගුණයකින් ඉහළ නංවයි. කේනිසියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිගමනයක් වන්නේ, නිෂ්පාදනය හා සේවා නියුක්තිය, පූර්ණ සේවා නියුක්ති මට්ටම් දෙසට ගමන්කිරීමට, ශක්තිමත් ස්වයංක්‍රීය ප්‍රවනතාවයක් නොමැති බවයි. මේ නිගමනය, සම්භව්‍ය ආර්ථික විද්‍යාවේ මතය සමගද, සැපයුම් පාර්ශව ආර්ථික විද්‍යාව හෝ පාලිත මුදල් මවන ආර්ථිකයක අභිමත සමතුලිතය දක්වා ගමන් කිරීමට ඇති පොදු ප්‍රවනතාවයක් පිළිබදව උපකල්පනය කරණු ලබන ඔස්ට්‍රියානු ගුරුකුලය වැනි ගුරුකුල වල මත සමගද, පරස්පර විරෝධීවේ. කේනිසියානු සාර්ව සංකල්ප, සූක්ෂම පදනමක් සමග සම්බන්ධ කරන නව සම්භව්‍ය සංකලණය තුල මෙම අරමුණට ලගාවීම උදෙසා මිල ගැලපීම් කිරීමට පොදු සමතුලිත කොන්දේසි මගින් ඉඩ ලබාදෙයි. 1960 දශකයේ අගභාගයේ හා 1970 දශකයේ මුල අගභාගයේදී ඇරඹි නූතන සම්භව්‍ය සාර්ව ආර්ථික වෙනස්වීම් මගින් කේනිසියානු න්‍යාය විවේචනය කරන ලද අතර නව කේනිස |
ියානු ආර්ථික විද්‍යාව මගින් කේනිසියානු අදහස් වඩා දැඩි න්‍යාය පදනමක් මත පාදක කිරීමට ද අපේක්ෂා කරණු ලැබීය. පුළුල්ව කිවහොත් පූර්ව ආර්ථික විද්‍යාව පූර්ණ සම්පත් භාවිතය පිළිබඳ අවධානය යොමු කරන ලද අතර සම්පත් උපයෝජනය ඉහල හා පහල විය හැකි පොදු න්‍යායක් ලෙස කේන්ස් මෙය දකියි.BJT redirects here. For the Japanese language proficiency test, see Business Japanese Proficiency Test.ද්වීධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරය (බීජේටී) යනු ට්‍රාන්සිස්ටර වර්ගයකි. මෙම ත්‍රි-අග්‍ර උපාංගය මාත්‍රණය කල අර්ධසන්නායක ද්‍රව්‍යයන් උපයෝගී කොට නිෂ්පාදනය කර ඇති අතර වර්ධන කාර්යයක් සඳහා හෝ ස්විචයක් ආකාර කාර්යයන් සඳහා හෝ භාවිත කල හැක. ද්වීධ්‍රැවීය ට්‍රාන්සිස්ටර එලෙස නම් කර ඇත්තේ ඒවායේ ක්‍රියාකාරිත්වය ඉලෙක්ට්‍රෝනයන් හා කුහරයන් යන දෙක මතම රඳා පවතින නිසාය. බහුතර වාහකයන් ගලා යෑම මත යැපුනද, ට්‍රාන්සිස්ටර ධාරාවෙන් වැඩි කොටසක් සුළුතර වාහකයන් ගලා යෑම මත රඳා පවතින හෙයින් බීජේටී වර්ගීකරණය වනුයේ 'සුළුතර-වාහක' උපාංගක් ලෙසය.PNPNPNPNP-හා NPN-වර්ග බීජේටී සඳහාක්‍රමානුරූප සංකේත.හැඳින්වීම[සංස්කරණය]පෙර-නැඹුරු E–B සන්ධියක් හා |
පසු-නැඹුරු B–C සන්ධියක් සහිත NPN බීජේටීNPN ට්‍රාන්සිස්ටරයක්, හවුලේ භාවිත කරන ඇනෝඩ ප්‍රදේශයක් හා දියෝඩයන් දෙකකින් සමන්විත ලෙස සැලකිය හැක. සාමාන්‍ය භාවිතයේදී, පාදම–විමෝචක සන්ධිය පෙර නැඹුරුවකට ලක්කිරීම හා පාදම–සංග්‍රාහක සන්ධිය පසු නැඹුරුවකට ලක්කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස NPN ට්‍රාන්සිස්ටරයක, පාදම–විමෝචක සන්ධියට ධන වෝල්ටීයතාවක් යෙදූ කල, තාපජ ලෙස ජනනය වූ වාහකයන් හා හායිත පෙදෙසෙහි විකර්ෂක විද්‍යුත් ක්ෂේත්‍රය අතර සමතුලිතතාවය අසමබර වී, තාපජ ලෙස ජනනයවූ ඉලෙක්ට්‍රෝන වලට පාදම පෙදෙසට තල්ලුවී යෑමට අවස්ථාව ලබා දෙයි. මෙම ඉලෙක්ට්‍රෝක පාදම පෙදෙස ඔස්සේ විමෝචකය අසල අධි සාන්ද්‍රණයක් ඇති කලාපයෙහි සිට සංග්‍රාහකය අසල අව සාන්ද්‍රණයක් ඇති කලාපය වෙතට ඔබමොබ සැරිසරයි (හෝ "විසරණය වෙයි"). පාදම p-වර්ගය ලෙස මාත්‍රණය කිරීම හේතුවෙන්, පාදමෙහිදී කුහර බහුතර වාහක වන බැවින්, පාදමෙහි ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ සුළුතර වාහකයන් ලෙසය. ට්‍රාන්සිස්ටරයක පාදම පෙදෙස පටු ලෙස නිමැවිය යුත්තේ, අර්ධසන්නායකයේ සුළුතර වාහක ආයු කාලයට වඩා අඩු කාලයකදී එය හරහා වාහක විසරණය වීම තුලින්, සංග්‍රාහක–පාදම සන්ධිය වෙතට ලඟාවීමට පෙර ප්‍රතිසංයෝජනය |
වන්නාවූ වාහක ප්‍රතිශතය අවම මට්ටමක පවත්වා ගෙන යෑම උදෙසාය. පාදමෙහි ගනකම, ඉලෙක්ට්‍රෝනයන්හි විසරණ පරාසයට වඩා අඩු විය යුතුය. සංග්‍රාහක–පාදම සන්ධිය පසු-නැඹුරු කරනුයේ, සංග්‍රාහකයෙන් පාදම වෙතට ඉලෙක්ට්‍රෝන තල්ලුව සුළුවෙන් සිදුවන අතරතුර, පාදම ඔස්සේ සංග්‍රාකය දෙසට විසරණය වන ඉලෙක්ට්‍රෝන, සංග්‍රාහක-පාදම සන්ධියෙහි හායිත පෙදෙසෙහි විදුලි ක්ෂේත්‍රය පිහිටෙන්, සංග්‍රාහකය වෙතට වේගයෙන් ඇදී යෑම සහතික වනු පිණිසය.මෙම ලිපිය හෝ ලිපි කොටස ග්‍රහක වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)සෞරග්ර/හ මණ්ඩලය තුළ ව්යාdප්තීන් ප්රගධාන ග්රා හක වළල්ල (සුදු) හා ට්රෝගජන් ග්රාඅහක (කොළ)වර්ථමානයේ මසකට 500 ක් තරමේ විශාල සීඝ්ර්තාවයකින් යුතුව මේ වන විට සෞරග්රරහ මණ්ඩල තුළ සියදහස් ගණනක් ග්රා හක හදුනාගෙන ඇත. 400000 කට අධික ප්ර්මාණයක් අප්රලධාන ග්රහහයින් ලෙස (minor planets) ලේඛන ගත කරන ලද ඒවා වන අතර 185000 කට නිත්ය නිල ලෙස වෙන් කළ හැකිතරමට හොදින් හදුනාගෙන ඇති කක්ෂ පවා ඇත. මෙයින් 14336 ක් නිල වශයෙන් නම් කර ඇත. අවම සංඛ්යාෂගත, නම් නොකරන ලද අප්රමධාන ග්‍රහයා 175629 ලැම්බර්ටිනිය. වර්තමාන ඇස්තමේන්තු මගින් සෞරග්ර හ මණ්ඩලයේ ඇති 1km ට වැ |
ඩි විශ්කම්භයක් ඇති මුළු ග්රා හක සංඛ්යා ව මිලියන 1.1-1.9 අතර බව දක්වයි. 975x909km විශ්කම්භයක් ඇති සෙරස් වරක් සෞරග්රයහ මණ්ඩලය තුළ විශාලම ග්රාගහකය ලෙස සලකනු ලැබූවත් එය නැවතත් වාමන ග්රාරහලොවක් ලෙස වර්ගීකරණය කරනු ලැබීය. මෙම වෙනස දැන් 500km පමණ විශ්කම්භයක් ඇති 2-පෙලොස් හා 4 වෙස්ටාටද බලපා ඇත. සාමාන්යවයෙන් ප්රූධාන ග්රාකහක වළල්ලේ ඇස්ටොරයිඩවලින් සමහර අවස්ථාවලදී පියවි ඇසට දර්ශනය වන එකම ග්රාරහකය 4 වෙස්ටාය. කෙසේ වුවද ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී පෘතුවියට ආසන්න ග්රායහක පවා කෙටි කාලයකට තාක්ෂණික සහයකින් තොරව දර්ශනය කරගත හැක. (99942 ඇපෝෆිස් බලන්න)වමේ සිට දකුණට 4 වෙස්ටා, 1 සිරස්, පෘතුවි චන්ද්ර9යා අගහරු හා බ්රටහස්පති කක්ෂ අතරින් වැටී ඇති ප්රිධාන ග්රාෘහක වළල්ලේ වස්තූන්ගේ මුළු ස්කන්ධය 3.0 – 3.6 x 1021kg පමණ බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙය චන්ද්ර යාගේ ස්කන්ධයෙන් 4% ක් පමණ වේ. මෙයින් මුළු ස්කන්ධයෙන් 32% පමණ වන 0.95 x 1021kg ස්කන්ධයක් සිරස්ට අයත් වේ. ඉතිරි විශාලතම ග්රා හකයින් 3 හි ස්කන්ධ, 4 වෙස්ටා 9%, 2 පෙලාස් 7%, 10 හයිජියා (3%) ලෙස වන අතර ඒවා මෙම අගය 51% දක්වා ගෙන එයි. ඉතිරි විශාලම ග්රාිහකයින් තිදෙනා වන 511 |
වැඩිඩා (1.2%) , 704 ඉන්ටරුමේනියා (1%) හා දුජුනෝ (0.9%) ට අයත් වන්නේ මුළු ස්කන්ධයෙන් 3% ක් පමණය. මෙසේ ඉතිරි ග්රා හක ගණන සංඛ්යා වෙන් සීඝ්රටයෙන් වැඩි වුවද ඒවායේ තනි තනි ස්කන්ධයන් අඩුවේ. ප්රායධාන ග්රා්හක වළල්ලෙන් පිට විවිධ පන්තිවලට අයත් ග්රාේහකයින් අනාවරණය කොට ගෙන ඇත. පෘතුවිය සමීපයේ ඇති ග්රාැහකවලට පෘතුවි කක්ෂයට ආසන්න කක්ෂ ඇත. ෙට්රාිජන් ඇස්ටෝරයිඩ ග්රාහලොවක් සමග සමමුහුර්තකරණය වෙමින් ගුරුත්වාකර්ෂණයෙන් අගුළු වැටී ඇති අතර ඒවා අදාල ග්රරහලොවේ එහි කක්ෂයේ ඉදිරියෙන් හෝ පසුපසින් යයි. මේවායින් බොහෝමයක් බ්රඅහස්පති සමග සම්බන්ධ වී ඇති අතර කිහිපයක් අගහරු හා නේප්චූන් සමග කක්ෂ ගත වී ඇත. බ්ර හස්පති හා නෙප්චූන් අතර කක්ෂගතව පවතින ග්රා්හක සෙන්ටොර්ස් නමින් හදුන්වන අතර මෙයින් ඔබ්බේ නෙප්චූන් වඩා දුරින් ඇති වස්තූන්ගෙන් (trans Neptunian Objects) පිරී ඇත. සූර්යයාට ඉතා ළගින් බුධගේ කක්ෂයට ආසන්නව වල්කැනොයිඩ්ස් නමින් හැදින්වෙන ග්රාරහක කාණ්ඩයක් ඇති බවට සැක කෙරෙන මුත් මේවා කිසිවක් තවමත් සොයා ගෙන නැත. http://en.wikipedia.org/wiki/Asteroid#Distribution_within_the_Solar_SystemBroken heart යන ඉංග්‍රීසි යෙදුම වූකලී |
යමෙකු තමන්විසින් හදවතෙන්ම ආදරය කල තැනැත්තෙකුගෙන් වෙන්වීයාමක්,එවන් තැනැත්තෙකුගේ මියයාමක් දික්කසාද වීමක් හෝ සම්බන්දතාවයක් නතරකෙරීම වැනි සිදුවීමක් නිසා දැනෙන චිත්තවේගාත්මක වේදනාව විස්තර කිරීමට බහුල ලෙස භාවිතාවෙන සංකල්පසය වදනකි. මෙම වදන සිංහලට "බිඳුණු හදවත" ලෙස පරිවර්තනය කල හැක. මෙම වේදනාව සාමාන්යෙන් අදාල වනුයේ තම ජීවන සහකරු/සහකාරියගේ හෝ තමන් විවාහ වීමේ පරමාර්ථයෙන් ආදරය කල තැනැත්තෙකු ගේ වෙන්වීයාමක් සමග වන නමුදු තම දෙමව්පියන්, සමීප මිතුරෙකු හෝ තම සුරතල් සත්වයාගෙන් වෙන්වීයමක්ද කෙනෙකුගේ හදවත බිඳීමට සමත්විය හැක.තවද මෙම වදන යමෙකු මෙවැනි වෙනවීමක් නිසා කායික වශයෙන් හදවතේ දැනෙන වේදනාව හැඳින්වීම සඳහාද බාවිත කල හැක. බිඳුණු හදවත සාමාන්‍ය වශයෙන් රුපකයක් වුවද මෙනමින් හඳුන්වන රෝගාත්මික තත්වයක්ද ඇත.බිඳුණු හදවත සහලක්ෂනයේදී යමෙකු එහතකී වේදනාත්මක අවස්ථාවකට මුහුණදීමෙන් පසුව ඔහුගේ මොලයවිසින් හදවතේ පටක වලට හානිකරන රසයනක ද්‍රව්‍ය මුදාහැරීම සිදුකරනු ලැබේ.දාර්ශනික අදහස්[සංස්කරණය]බොහෝ පුද්ගලයන් මෙවැනි වේදනාත්මක අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව වුවද තමන් බිඳුණු හදවත තත්වයට පත්වන බව මුලින් අවබෝද වන්නේ නැත. ඒ මක් න |
ිසාදයත් මෙම තත්වයේ සැබෑ කායික හා මානසික වේදනාව ළඟාවීම උදෙසා යම් කාලයක් ගතවන බැවිනි. Jeffrey Moussaieff Masson මහතා පවසන පරිදි: මනුශ්ෂයන් සමවිටකම තමන්ට දැනෙන දේ පිලිපන්දව අවධානයෙන් නොසිටිති. ඔවුන්, සත්වයන් ලෙසම තමන්ට දැනෙන දෙය වචනයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙති.තත්වය මෙය වූ පලි ඔවුන්ට හැඟීම් නොමැත යන්නෙන් යමෙකුට ප්‍රකාශකළ නොහැක.තවද පිරිමියෙකුට යම්කිසි කාන්තාවක් කෙරෙහි අවුරුදු 6කට පවා ප්‍රේම කලද, එම අදාල පුද්ගලයා එය නොදන්නා බවත්, එය අවබෝධ වන්නේ තවත් අවුරුදු කීපයකට පසු බවත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුමාන කලේය. එකී පුද්ගලයා කෙතරම් දක්ෂ පුද්ගලයෙකු වුවද තමන් විසින් නොදන්නා දෙයක් වචනයෙන් කීම සිදු කල නොහැක. ඔහුට එම හැගීම් තිබුනද ඒවා පිලිබඳ අවබෝදයක් ඔහුට නොතිබුනේය. මෙය යමෙකුය පරස්පරවිරෝධි ලෙස හැගීමට පිළිවෙන, මක්නිසාදයත් යමෙකු විසින් තමන්ට දැනෙන හැගීමක් පිළිබඳව සිතනවිට ඔහුට එය ගැන යතාවබෝදය නොලැබුනද එම හැංගීම තමන් තුල පවතිනබව අවබෝද විය යුතුය. ෆ්‍රොයිඩ් මහතාගේ 1915 දී පළවුණු "The Unconscious" ලිපියේ මෙසේ සඳහන් වේ. කිසියම් හැගීමක් ගැන අවබෝදය ලැබීමට එහි සත්‍ය තත්වය වටහා ගත යුතුය. ඒ අනුව බලන කල යමෙකු |
විසින් නිසි ආකාරයෙන් වටහා නොගත් හැගීම් රාශියක් ඔහු හෝ ඇය තුලු පැවතිය හැකධාර්මික අදහස්[සංස්කරණය]බුද්ධ ධර්මය[සංස්කරණය]ශෝකය හා දැඩි වේදනාව පිළිබඳව බුදුහාමුදුරුවෝ මෙසේ උපදේශ කරන ලදි. "අහෝ භික්ෂුනි, සෑම පුරුෂයෙකු, කාන්තවකු, හෝ පූජකයකු, ප්‍රේමය ඔවුනොවුන්ගෙන් පලා යන බව සිතන්නේ මන්ද? එහි වාසිය කුමක්ද? සියලු ආකාරයේ ප්‍රේමය හා ළැදිකම අන්තිමට වැරදි වාචික, කායික, මානසික ක්‍රියාවන්ට නියැලෙයි. මෙසේ සිතීමෙන් ආදරය කෙරෙහි දක්වන ළැඳියාව අඩු වේ. ඒ හෙයින් අසව් ඔබ සැම, මෙසේ කල්පනා කිරීමට බලාගන්න"පැරණි යොමුවන්[සංස්කරණය]බයිබලය දාවිත් රජු වින්දාවූ ශෝකය ගැන ගීතාවලියේ සඳහන් කරයි. දාවිත්රජු පවසනේ ඔහුගේ හදවත නිග්‍රහයන් නිසා බිඳී ඇතත් නැති වීමක් හෝ වේදනාවක් නැති බවයි. තවත් ප්‍රසිද්ධ විශ්වාසයක් වන්නේ සුළුවෙන් හෝ විශාල ලෙස වන ප්‍රතික්ෂේපය යමෙකුගේ හදවත බිඳිය හැකි බවයි. ඔබ ආදරය කළ හෝ ගරු කළ පුද්ගලයකුගෙන් මෙම ප්‍රතික්ෂේපයවෙයි නම් හදවත බිඳීමේ තීව්‍රතාවය ඉහළ යයි. ෂේක්ස්පියර්ගේ නාට්‍ය වල එන ඇහෙනොබාබස් වැනි චරිත හදවත් බිඳීම නිසා මරණයට පත්වෙයි. බිඳුණු හදවත් සංධාවය[සංස්කරණය]විවිධ වංශකථාවන් වල නොයෙකුත් චරිත අ |
තිශය ප්‍රබල නැතිවීම් නිසා තම ජීවන ගමන නතර කර ගන්නා අවස්ථාවන් ඇත. සැබැ ජීවිතයේද මෙසේ, ප්‍රේමය හා සම්බන්ධිත වූ දැඩි වේදනා හේතුකොටගෙන නොයෙකුත් පුද්ගලයන් මරණයට පත් වේ. මෙම රෝගාකාර තත්වයට හේතු වන මූලිකම සාධකයක් වනුයේ තම භාර්යාව හෝ සැමියා ජීවිතක්ෂයට පත්වීම වූවත්, සමහරක් අවස්ථාවලදී පැහැදිලිව මීට හේතු හඳුනාගත නොහැක. බිඳුණු හදවත් සංධාවය සායනිකව හදවත් රෝගයකට වඩා වෙනස්වන අතර හදවත් රෝගීන්ට අවදානම් සාධක කිහිපයක් පවතින නමුඳු මොවුන්ට එබඳු කිසිදු ලක්ෂණයක් නැති අතර මොවුන් මෙයට පෙර නිරෝගී තත්වයේ පසුවූ වන් වෙයි..හදවත් රොගයක් සුව වීමේ ප්‍රතිශතයට වඩා" බිඳුණු හදවත් සංධාවය" සුවවීමේ ප්‍රතිශතය ඉහළ වන අතර සම්පූර්ණ සුව වීමක් සති දෙකක් ඇතුළතදී ළගා කරගත හැක.ආශ්‍රිත හැඟීම්[සංස්කරණය]බිඳුණු හදවත් සංධාවයහි රෝගලක්ෂන මානසික අපහසුතාවයන් ඔස්සේ වර්ධනය විය හැකි වුවද බොහෝ බලපැම් කායික බලපැම් වෙයි.බොහෝ රෝගලක්ෂන විස්තර කල නොහැකි මට්ටමේ වුවද පහත ලක්ෂන පොදු වුවන් ලෙස දක්විය හැකව්‍යග්‍රතාවබඩේ කැක්කුමනිදාගන්නට බැරිකමකෝපයකම්පනයසාංකාවඋදාසීනකමනිස්ස්වාදනයතනිකමනෂ්ටාපේක්ෂාවඔක්කාරයබලවත් වෙභෙසඋච්චතම අවස්ථා වලදී මරණයමේ |
ලිපිත් බලන්න[සංස්කරණය]කෝපයහිස්බවආදරයතනිකමදුක් වින්දීමකායික වේදනාවමානසික වේදනාවඅන්තර් පුද්ගල සම්බන්ධතාවරහස්‍ය සම්බන්ධතාවයොමුව[සංස්කරණය]1.[1]General McCarthy: When Elephants Weep: The Emotional Lives of Animals2.Buddhist Teachings Distribution Foundation. Retrieved 2009-03-043. "Study Suggests You Can Die of a Broken Heart". Washington Post. Retrieved 2006-09-23.4. Broken Heart” Syndrome: Real, Potentially Deadly but Recovery Quick". Johns Hopkins Medicine. February 9, 2005. Retrieved 2006-09-23මහනුවරශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කයපළාතමධ්‍යමඅනුරූපී පරිපාලනදිස්ත්‍රික්ක(ය)මහනුවරමැතිවරණකොට්ඨාශ13ඡන්දදායකයන්970,456[1] (2010)ජනගහනය1,396,000[2] (2008)වර්ග ප්‍රමාණය1,940 km2[3]මන්ත්‍රීවරුන් ගණන12මන්ත්‍රීවරුන්මහින්දානන්ද අලුත්ගමගේ, එජනිසදිලුම් අමුණුගම, එජනිසසරත් අමුණුගම, එජනිසඒ.ආර්.එම්. අබ්දුල් කාදර්, එජාපෙඑස්. බී. දිසානායක, එජනිසරවුෆ් හකීම්, එජාපෙඑම්. එච්. ඒ. හලීම්, එජාපෙලක්ෂ්මන් කිරිඇල්ල, එජාපෙෆයිසර් මුස්තපා, එජනිසකෙහෙලිය රඹුක්වැල්ල, එජනිසල |
ොහාන් රත්වත්ත, එජනිසඑරික් වීරවර්ධන, එජනිසමහනුවර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. මධ්‍යම පළාතේ පිහිටි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 12 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 970,456 සිටියහ.[1]ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;2010pe නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ >"ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.මහනුවර මැතිවරණ කොට්ඨාසසංක්රුමණික මව ඩොරතියා ලේන්ජ් විසිනිදෙමව්පිය භූමිකාව |
තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. [1] මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ. පුරුෂලිංගික සමානතාව පියා වේ.comment ;-)ජීවවිද්‍යාත්මක මව[සංස්කරණය]මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.නියමිත කාලය තුළ සිදු වූ බවට උපකල්පනය කළ විට පිළිසිඳගැනීමේ සිට උපත සඳහා ප්‍රමාණවත් තරම් වර්ධනය වන තුරු ම ගර්භය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ කුසෙහි දරාගෙන සිටීම සිදු වේ.සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ.[2][3][4]ජීවවිද්‍යාත්මක නොවන මව[සංස්කරණය]ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමි |
කාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.අන්වාදේශ මව[සංස්කරණය]සාමාන්‍ය වශයෙන් ජීවවිද්‍යාත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.වත්මන් ප්‍රජනන තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.සමාජයීය භූමිකාව[සංස්කරණය]දයාව Bouguereau විසිනි (1878)ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්‍රමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. [5][6]මාතෲත්වයේ සමාජයීය |
භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත.[7]මෙම පෙළගැස්මේ අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට සාපේක්ෂ්ව, මුල් ස්ථාන දහයේ රටවල මවක් ගර්භණීභවායේදී හෝ දරු උපතේදී මියයාමේ 750 ගුණයක ප්රවවණතාවයක් පවතින බවටත්,අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට, පළමු උපන්දිනය උදාවීමට ප්රථම තම දරුවා මියයාම දැකීමේ 28 ගුණයක වැඩි ප්රේවණතාවයක් පවතින බවටත් මෙම අධ්ය0යනය තර්ක කරයි. දරුවන්ගේ සංස්ලේෂක හා සංවාදාත්මක රටාවන් උද්දීපනය කිරීමට පියාට වඩා මව සුදුසු වේ.[8] ළමුන්ගේ කතාබහ සඳහා වූ දායකත්වය පිළිගැනීමට පියාට වඩා සුදුසු මවයි. [9][10][11][12] මව්වරු දරුවන්ට කතා කරන ආකාරය බොහෝ තරුණ දරුවන්ට ඔවුන්ගේ කථනය තේරුම්ගැනීමේ ප්රුයත්නවලදී පියවරුන්ට වඩා සුදුසු වේ.[9]ආචාරධර්ම මතභේද හා මාතෘත්වයේ සමාජ අර්ථයට සුවිශේෂී වෙනස්කම් මතු කරමින් 1970 වර්ෂයේ සිට කෘතිම ගැබ්ගැන්වීම් මගින් ස්වභාවික වයස් සීමාවන් ඉක්මවා ගැබ්ගැනීමට හැකියාව ලබා දී ඇත.[13][14]කෙසේවු |
වත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී. එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්‍රීන්ට ශ්‍රම හමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්‍රීන් ප්‍රමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්‍රතිඵලය විය.මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්‍රධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්‍රදායික දැක්මට නැවත අවතීර්ණ විය. [15]ආගමික පැතිකඩ[සංස්කරණය]ගර්භණී මාතාවක්ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යවභාරය හා භූමිකාව නිර්වචනය කරයි. මව්වරුන්ට හා කාන්තාවන්ට සම්බන්ධ ආගමික නීති සඳහා වන නිදසුන් රාස්ජියක් පවතියි.මව්වරුන් සම්බන්ධ ආගමික නීති හෝ ශාස්ත්ර |
ම ග්රහන්ථ පවතින මූලික ලෝක ආගම් අතර කිතුණුවන[16]්, යුදෙව්වන්[17] සහ මුස්ලිම්වරු [18] වේ. දේවත්වාරෝපණය හා උත්තරීතරභාවය සඳහා කිතුණුවන්ගේ මඩෝනා හෙවත් භාග්යුවත් මරිය මව්තුමිය, හින්දු මව් දේවතාවිය හෝ අතීත ග්රීුක ඩිමිති පිළිගැනීම නිදසුන් වේ.සමාන පද හා පරිවර්ථන[සංස්කරණය]ළදරුවකුගේ ඉතා ප්‍රකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්‍රබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි. හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්‍යවහාර වන වෙනත් වදන් මෙසේ ය.මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තයමමා, මමී - මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තයමා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්‍රී ලංකාවමේවාද බලන්න[සංස්කරණය]අම්මා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.mother , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.තාත්තා හෙපවුලවින්නඹු මාතාවමූලාශ්‍ර[සංස්කරණය]↑ Definition from Allwords.com↑ Dhushara.com↑ Growth and Developme |
nt, http://people.uncw.edu/ballardt/bio240_241_lecture%20notes/Study%20Guide%2027%20-%20DEVELOPMENT.doc, ප්‍රතිෂ්ඨාපනය 2004-08-09 ↑ Chapter 46 Animal Reproduction, http://www.cbu.edu/~esalgado/BIOL112/Campbell/ch46.doc, ප්‍රතිෂ්ඨාපනය 2006-03-03 ↑ "In most Western countries the family model of a sole male breadwinner is in full retreat." Accessed 19 September 2007.↑ Why Are Fathers Important? සංරක්ෂණය කළ පිටපත 2008-02-25 at the Wayback Machine Interview with Dr. Ross Parke, professor of psychology at the University of California at Riverside, author of Fatherhood (1966) and co-author of Throwaway Dads (1999). Accessed 19 September 2007.↑ Save the Children, State of the World's Mothers Report 2006 සංරක්ෂණය කළ පිටපත 2015-05-01 at the Wayback Machine.↑ Gendered differences in parents' encouragement of sibling interaction: implications for the construction of a personal premise system↑ 9.0 9.1 Fathers' speech to their children: perfect pitch or tin ear?↑ Hladik, E., & Edwards |
, H. (1984). A comparison of mother-father speech in the naturalistic home environment. Journal of Psycholinguistic Research, 13, 321-332.↑ Leaper, C., Anderson, K., & Sanders, P. (1998). Moderators of gender effects on parents' talk to their children: A meta-analysis. Developmental Psychology, 34, 3-27.↑ Mannle, S., & Tomasello, M. (1987). Fathers, siblings, and the bridge hypothesis. In K.E. Nelson & A. vanKleeck (Eds.), Children's language, Vol. 6, (pp. 23-42). Hillsdale, NJ: Erlbaum.↑ Motherhood: Is It Ever Too Late?, July 15, 2009↑ Getting Pregnant After 50: Risks, Rewards July 17, 2009↑ "Australians more conservative on gender issues, working mothers". Sydney Morning Hearld. 11 October 2010. සම්ප්‍රවේශය 11 October 2010.↑ "What The Bible Says About Mother". Mothers Day World. සම්ප්‍රවේශය 2008-11-24.↑ Katz, Lisa. "Religious Obligations of Jewish women". About.com. සම්ප්‍රවේශය 2008-11-24.↑ 'Ali Al-Hashimi, Muhammad. The Ideal Muslimah: The True Islâmic Personality of |
the Muslim Woman as Defined in the Qur'ân and Sunnah. Wisdom Enrichment Foundation, Inc. 2002-03-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-24.ගරු සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසී.ඩබ්.ඩබ් කන්නන්ගරනිවාස හා පළාත්පාලන ඇමති ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමතිපුද්ගලික තොරතුරුඋපතඔක්තොම්බර් 13, 1884රන්දොඹේ, ශ්‍රී ලංකාවවිපතසැප්තැම්බර් 23, 1969කොළඹ, ලංකාවජාතියශ්‍රී ලාංකිකඋගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලයවෘත්තියනීතිඥයාආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.යයයයයයය.මුල් දිවිය .ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය.[1] ඔහුගේ පියා LLK ටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධා |
රිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර, කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකි. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය. සහොදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා හෙතෙම තම ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය.[2]තරුණ කන්නන්ගර අධ්‍යාපනය ලැබූයේ ශ්‍රී ලංකාවේ, ගාල්ලේ, රිච්මන්ඩ් විද්‍යාලයෙහිය.ලමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කල අතර, වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් මහතා මොහුගේ දක්ෂතා මැනැවින් නිරික්ෂණය කල බව කියැවේ. ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවේලු.[3] රිච්මන්ඩ් විද්‍යාල මූලාරම්භ විභාගයට පෙනීසිටීමේ වරමද ඩැරල් විසින් කන්නන්ගර වෙත ලබා දුනි. විභාගයෙහිදී ගණිතයෙන් මහත් කුසලතා පෙන්වමින්, හෙතෙම ශිෂ්‍යත්වය දිනාගත්තේ, රිච්මන්ඩ |
් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ලබමිනි. ඔහුගේ ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා ඉමහත් ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට හේ එහිදී වරම් ලදි.[3]ගුණසමරු පදනමසී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ ගුණ සිහි කිරීමත් ඔහු පිලිබදව වත්මන් හා අනාගත ප්‍රජාව දැනුවත් කිරීමත් පිණිස 2012 වසරේදී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණසමරු පදනම පිහිටුවා ඇත.කොට්ටේ ශ්‍රි කල්‍යණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නායක හිමියන්ගේ අනු ශාසකත්වයෙන් එම පදනම ක්‍රියාත්මයි.බාහිර සබැඳිශ්‍රී ලංකාවේ බිහිවූ එකම දාර්ශනික අධ්‍යාපන අමාත්‍යවරයා... සංරක්ෂණය කළ පිටපත 2010-06-10 at the Wayback Machine" මෙතෙක් කතාව 1" සංරක්ෂණය කළ පිටපත 2011-09-23 at the Wayback Machine" මෙතෙක් කතාව 2" සංරක්ෂණය කළ පිටපත 2011-09-23 at the Wayback Machine" නිදහස් අධ්‍යාපනයේ පිය උරුමය සොයා ගියෙමි" සංරක්ෂණය කළ පිටපත 2018-09-30 at the Wayback Machine" අකුරු පෙන්වූ මිනිසා"ආශ්‍රිත↑ "ද ග්‍රේට් රිෆෝමර් ඔෆ් එඩියුකේෂන්". ද සන්ඩේ ටයිම්ස්. 2006-10- |
08. http://www.sundaytimes.lk/061008/FunDay/heritage.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07. ↑ විජේනායක, වෝල්ටර් (2003-09-24). "සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: ෆාදර් ඔෆ් ෆ්‍රී එඩියුකේෂන්". ද ඩේලි නිවුස්. http://www.dailynews.lk/2003/09/24/fea09.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-08. ↑ 3.0 3.1 ඈපාසිංහ, ප්‍රේමසර (2006-09-06). "ෆාදරි ඔෆ් ෆ්‍රී එඩියුකේෂන් ඉන් සිලෝන්". ද ඩේලි මිරර්. http://www.dailymirror.lk/2006/09/20/feat/03.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07. [භින්න වූ සබැඳිය]මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 405 සිට 790 පමණ වූ සංඛ්‍යාත පරාසයක පිහිටයි. කෙසේ වෙතත් භෞතික විද්‍යාවේදී ආලෝකය යන වදන දෘෂ්‍ය ආලෝකය මෙන් ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන අධෝරක්ත සහ පාරජම්බුල තරංග කලාප සඳහා ද ය |
ෙදේ.තීව්‍රතාවය, සම්ප්‍රේෂණ දිශාව, සංඛ්‍යාතය හෝ තරංග ආයාමය, ධ්‍රැවීකරණය යන රාශි ආලෝකයේ ප්‍රධාන ලාක්ෂණික වේ. රික්තයකදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් වේ.ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ ෆෝටෝන නමින් හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම තරංග-අංශු ද්වෛතය ලෙස හැඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ ප්‍රකාශ විද්‍යාවේ දී හැදෑරේ.භෞතික විද්‍යාවේදී ඕනෑ ම තරංග ආයාමයක් සහිත විද්‍යුත් චුම්බක විකිරණයක් (දෘශ්‍ය හෝ අදෘශ්‍ය වේවා) ආලෝකය ලෙස සමහර විටෙක හැඳින්වේ.[1][2]ආලෝකයේ වේගය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ආලෝකයේ වේගයරික්තයකදී ආලෝකයේ වේගය හරියටම තත්පරයට මීටර 299,792,458ක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය ආසන්න වශයෙන් තත්පරයට සැතපුම් 186,282කි. ආලෝකයේ වේගයට මෙම නියත අගය ලැබී ඇත්තේ මීටරය, රික්තයක් තුල තත්පරයකට ආලෝකය ගමන් කරන දුරෙන් 1/299,792,458ක් ලෙස අර්ථ දක්වා ඇති නිසා ය. සියලු විද්‍යුත් චුම්බක විකිරණ රික්තයක් තුල මෙම වේගයෙන් ගමන් කරයි.ඉතිහාසය පුරාවටම ආලෝකයේ වේගය මැණීමට විවිධ භෞතික විද්‍යාඥයින් උත්සාහ දරා ඇත. 17 වන සියවසේදී ගැලිලියෝ ගැලිලි ආලෝකයේ වේගය මැ |
ණීමට උත්සාහ කලේ ය. ඩැනිෂ් ජාතික භෞතික විද්‍යාඥයකු වූ ඔලේ රෝමර් 1676 තරම් අතීතයේදී ආලෝකයේ වේගය මැණීමට උත්සාහ කලේය. දුරදක්නයක් භාවිතයෙන් බ්‍රහස්පතීගේ චන්ද්‍රයකු වන අයෝ නිරීක්ෂණය කල රෝමර්, අයෝගේ කක්ෂ ආවර්ත කාලයේ දෘශ්‍ය විෂමතාවයන් සැලැකිල්ලට ගනිමින්, පෘථිවියේ කාක්ෂික විෂ්කම්භය ගමන් කිරීමට ආලෝකයට මිනිත්තු 22ක් පමණ ගත වන බව ගණනය කළේ ය.[3] කෙසේ වෙතත් පෘථිවි කක්ෂයේ විෂ්කම්භය ඒ වන විට සොයාගෙන නොතිබිණි. රෝමර් එය දැන සිටියේ නම් ආලෝකයේ වේගය තත්පරයට මීටර 227,000,000ක් ලෙස ඔහු ගණනය කරනු ඇත.1849 වර්ෂයේදී ප්‍රංශ ජාතික ඉපොලිට් ෆිසූ (Hippolyte Fizeau) ආලෝකයේ වේගය වඩාත් නිවැරදිව මැණීමට සමත් විය. ෆිසූ, කිලෝමීටර කිහිපහක් ඈතින් තිබූ දර්පණයක් මතට ආලෝක කදම්බයක් එල්ල කලේ ය. ආලෝක කදම්බයේ ගමන් මාර්ගයේ භ්‍රමණය වන දැති රෝදයක් තබන ලදී. ඇටැවුම සකසන ලද්දේ, ආලෝක කදම්බය දර්පණය මතින් පරාවර්තනය වීමෙන් පසු ප්‍රභවය වෙතටම, පැමිණි මාර්ගයේම ගමන් කරන ලෙසටත්, ආලෝක කදම්බය දැති රෝදයේ දැති අතරින් ගමන් කරන ලෙසටත් ය. එක්තරා භ්‍රමණ වේගයකදී ආලෝක කදම්බය දැති රෝදයේ එක් හිදැසක් අතරින් දර්පණය වෙතටත්, ඊළඟ හිඩැසින් ආපසුත් ගමන් කරන බව ෆිසූ |
නිරීක්ෂණය කළේ ය. දර්පණයට ඇති දුරත්, දැති රෝදයේ දැති ගණන සහ භ්‍රමණ වේගයත් දැන ගැනීමෙන් ආලෝකයේ වේගය තත්පරයට මීටර 313,000,000ක් ලෙස ගණනය කිරීමට ෆිසූ සමත් විය.1862 දී ලියොං ෆූකු (Léon Foucault) විසින් භ්‍රමණය වන දර්පණ භාවිතා කරමින් තත්පරයට මීටර 298,000,000ක අගයක් ලබා ගැනීමට සමත් විය. ඇල්බට් ඒබ්‍රහම් මිචෙල්සන් 1877 සිට තම මරණය සිදු වූ 1931 වර්ෂය දක්වා ආලෝකයේ වේගය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීය. ෆූකු ගේ ක්‍රමවේදය වැඩිදියුණු කල ඔහු, කැලිෆෝනියාවේ විල්සන් සහ සැන් ඇන්ටෝනියෝ කඳු අතර ආලෝකය ගමන් කර ආපසු ඒමට ගත වූ කාලය වැඩිදියුණු කල භ්‍රමණය වන දර්පණ මගින් මැණීමට සමත් විය. මේ සූක්ෂම මිණුම් වලින් ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,796,000ක් ලෙස ගණනය කරන ලදී.සාමාන්‍ය පදාර්ථය සහිත විවිධ පාරදෘශ්‍ය ද්‍රව්‍ය තුල ආලෝකයේ වේගය, රික්තයේ එහි වේගයට වඩා කුඩා ය. උදාහරණයක් ලෙස ජලය තුල ආලෝකයේ වේගය රික්තයකදී මෙන් 3/4ක් පමණ වේ. කෙසේ වෙතත් මෙම මන්දනය වීමේ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම ආලෝක අංශු මන්දනය වීමක් නොව, ආරෝපිත අංශු වලට ආලෝක අංශු අවශෝෂණය සහ විමෝචනය නිසා සිදු වන පමාවක් බව සැලකේ.පදාර්ථය තුල ආලෝකය මන්දනය වීම පිලිබඳ සීමාන්තික උ |
දාහරණයක් ලෙස, හාවඩ් විශ්වවිද්‍යාලයේ සහ කේම්බ්‍රිජ් (මැසචුසෙට්) හි රෝලන්ඩ් විද්‍යා ආයතනයේ එක් පර්යේෂණ කණ්ඩායමකුත්, නක්ෂත්‍ර භෞතික විද්‍යාව පිලිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තවත් කණ්ඩායමකුත් ස්වාධීනව කල පරීක්ෂණයක් දැක්විය හැකි ය. මෙහි දී, රුබීඩියම් මූලද්‍රව්‍යයේ බෝස්-අයින්ස්ටයින් සංඝනීභූතයක් තුලින් යැවූ ආලෝකය, ප්‍රගමනය සම්පූර්ණයෙන් ම නැවැත්වීමට පර්යේෂකයෝ සමත් වූහ. [4] කෙසේ වෙතත්, මෙහි "ආලෝකය නැවැත්වීම" ලෙස සඳහන් වන්නේ සැකෙබුණු අවස්ථාවේ පවතින පරමාණු වල ආලෝකය ගබඩා කිරීමත්, නැවත අභිමත අවස්ථාවක ලේසර් ස්පන්දයක් මගින් ඒවා උත්තේජනය කිරීමෙන් ආලෝකය නැවත පිට වීමට සැලැස්වීමත් ය. ආලෝකය "නැවැතී" තිබුණු අවස්ථාවේ එය ආලෝකය ලෙස නොපැවතුනි.විද්‍යුත් චුම්බක වර්ණාවලිය සහ දෘශ්‍ය ආලෝකය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: විද්‍යුත් චුම්බක වර්ණාවලියවිද්‍යුත් චුම්බක වර්ණාවලිය: දෘශ්‍ය ආලෝකය ඉස්මතු කර දක්වා ඇතතරංග ආයාමය අනුව, විද්‍යුත් චුම්බක විකිරණ රේඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත, (ආලෝකය ලෙස මිනිසා හඳුනා ගන්නා) දෘශ්‍ය ආලෝකය, පාරජම්බුල, එක්ස් කිරණ සහ ගැමා කිරණ යන කලාප වලට බෙදේ.විද්‍යුත් චුම්බක විකිරණ වල හැසිරීම |
ඒවායේ තරංග ආයාමය මත රඳා පවතී. ඉහල සංඛ්‍යාත සහිත විකිරණයන්ට කුඩා තරංග ආයාමයන් ද, පහල සංඛ්‍යාත සහිත විකිරණයන්ට විශාල තරංග ආයාමයන් ද ඇත. විකිරණය ෆෝටෝන නොහොත් ක්වොන්ටම යනුවෙන් හඳුන්වන අංශූන්ගෙන් සෑදී ඇත. විද්‍යුත් චුම්බක විකිරණ තනි පරමාණු හෝ අණු සමඟ අන්තර්ක්‍රියා කරන විට එහි හැසිරීම රඳා පවතින්නේ විකිරණයේ එක් ක්වොන්ටමයක් සතුව ඇති ශක්ති ප්‍රමාණය මත ය.දෘශ්‍ය ආලෝකය සමන්විත වන ෆෝටෝන, ඇසේ දෘෂ්ටිවිතානය මත පවතින යම් අණු විද්‍යුත් උත්තේජනයකට ලක් කිරීමට අවශ්‍ය අවම තරමේ ශක්තිය සහිත වෙයි. මෙම උත්තේජනයන් නිසා එම අණු වල බන්ධන ස්වභාවය හෝ රසායනික ලක්ෂණ වල වෙනස්වීමක් ඇති වේ. අධෝරක්ත ආලෝකයෙහි ඇති ෆෝටෝන වල ශක්තිය දෘෂ්ටිවිතානයෙහි ඇත රසායනයන්ට මෙ බඳු බලපෑමක් කිරීමට ප්‍රමාණවත් නොවන නිසා, මිනිස් ඇසට නොපෙනේ.කොසේ වෙතත් විවිධ ආකාරයේ අධෝරක්ත විකිරණ වලට සංවේදී සත්ත්වයන් සිටිති. නමුත් ඔවුන් අධෝරක්ත විකිරණය සංවේදනය කරන්නේ ක්වොන්ටම් අවශෝෂණයෙන් නොවේ. සර්පයන් අධෝරක්ත සංවේදනය කරන්නේ ස්වාභාවික තාපජ මූර්තන ක්‍රමයක් මගිනි. මෙහිදී සිදු වන්නේ සෛලික ජල ඇසුරුම් අධෝරක්ත කිරණ වලට නිරාවරණය වීමෙන් ඒවායේ උෂ්ණත්වය ඉහල යාම සංවේදනය කි |
රීමයි. අධෝරක්ත විද්‍යුත් චුම්බක විකිරණ වලින් අණුක කම්පන සහ උෂ්ණත්වය ඉහලයෑම් ඇති කරන අතර, සමහර සතුන්ට මෙම වෙනස්කම් සංවේදනය කල හැකි ය.දෘශ්‍ය ආලෝක පරාසයට ඉහලින් ඇති පාරජම්බුල විකිරණය ද මිනිස් ඇසට සංවේදී නොවේ. මෙසේ වන්නේ ස්වච්ඡයෙන් නැනෝමීටර 300ට අඩු විකිරණත්, අක්ෂි කාචයෙන් නැනෝමීටර 400ට අඩු විකිරණත් අවශෝෂණය කිරීම නිසා ය. තව දුරටත්, දෘෂ්ටිවිතානයෙහි ඇති යෂ්ටි සෛල සහ කේතු සෛල වලට නැනෝමීටර 360ට වඩා කුඩා විකිරණ අනාවරණය කර ගත නො හැකි අතර එබඳු විකිරණ නිසා ඊට හානි සිදු වීමට ද පුලුවන. කෘමීන් සහ ඉස්සන් වැනි කාච රහිත ඇස් ඇති බොහෝ සතුන්ට පාරජම්බුල විකිරණ දැකිය හැකි ය. ඔවුන් එය කරන්නේ මිනිස් ඇස දෘශ්‍ය ආලෝකය දකින අයුරින් ම ෆෝටෝන අවශෝෂණ යාන්ත්‍රණයන් මගිනි.ප්‍රකාශ විද්‍යාව[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ප්‍රකාශ විද්‍යාවප්‍රකාශ විද්‍යාව යනු ආලෝකය සහ එය පදාර්ථය සමඟ සිදු කරන අන්තර්ක්‍රියා හැදෑරීමයි. අවුරෝරා සහ දේදුනු වැනි ස්වාභාවික සංසිද්ධීන් නිරීක්ෂණයෙන් ආලෝකයේ ස්වභාවය පිලිබඳ හෝඩුවාවල් ලබා ගත හැකි ය.වර්තනය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: වර්තනයආලෝකයේ වර්තනයට උදාහරණයක්. බටය නැවී පෙනෙන්නේ ආලෝකය ද්‍රවයේ සිට වාතයට ප |
්‍රගමනය වන විට වර්තනය වන නිසා ය.සූර්යාලෝකයෙන් ප්‍රදීපනය වූ වලාකුළක්ආලෝකය එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කරන විට නැවීම වර්තනය යි. වර්තනය ස්නෙල් නියමයෙන් විස්තර කල හැකි ය.n1sinθ1=n2sinθ2 .{\displaystyle n_{1}\sin \theta _{1}=n_{2}\sin \theta _{2}\ .}θ1{\displaystyle \theta _{1}} යනු ප්‍රථම මාධ්‍යය තුල අතුරු මුහුණතට ඇඳි අභිලම්බයත්, කිරණයත් අතර කෝණය වන අතර, θ2{\displaystyle \theta _{2}} යනු දෙවැනි මාධ්‍යය තුල අතුරු මුහුණතට ඇඳි අභිලම්බයත්, කිරණයත් අර කෝණය යි. n1 සහ n2 පිලිවෙළින් ප්‍රථම සහ දෙවැනි මාධ්‍ය වල වර්තනාංකය යි. රික්තයක වර්තනාංකය 1 වන අතර වෙනත් පාරදෘශ්‍ය මාධ්‍යයන් හි වර්තනාංකය 1ට වඩා විශාල වේ.ආලෝකය රික්තයක් සහ වෙනත් මාධ්‍යයක් අතර සීමාව හරහා ගමන් කරන විට හෝ මාධ්‍ය දෙකක සීමාව හරහා ගමන් කරන විට ආලෝකයේ තරංග ආයාමය වෙනස් වීමකට ලක් වේ. නමුත් සංඛ්‍යාතය නො වෙනස් ව පවතී. කිරණය සීමාවට ලම්බක නොවේ නම්, මෙම තරංග ආයාමයේ වෙනස කිරණයේ දිශාව වෙනස් කිරීමට සමත් වෙයි. මෙම සංසිද්ධිය වර්තනය ලෙස හැඳින්වේ.කාච |
වල වර්තන ගුණය ඒවා මඟින් ඇති කරන ප්‍රතිබිම්බ වල විශාලත්වය වෙනස් කල හැකි ය. විශාලන කාච, උපැස්, ස්පර්ශක (අක්ෂි) කාච, අණ්වීක්ෂ, සහ වර්තක දුරේක්ෂ මෙම ගුණය උපයෝගී කර ගනියි.මූලාශ්‍ර[සංස්කරණය]↑ Gregory Hallock Smith (2006). Camera lenses: from box camera to digital. SPIE Press. p. 4. ISBN 978-0-8194-6093-6.↑ Narinder Kumar (2008). Comprehensive Physics XII. Laxmi Publications. p. 1416. ISBN 978-81-7008-592-8.↑ "Scientific Method, Statistical Method and the Speed of Light". Statistical Science. 15 (3): 254–278. 2000.↑ Harvard News Office (2001-01-24). "Harvard Gazette: Researchers now able to stop, restart light". News.harvard.edu. සම්ප්‍රවේශය 2011-11-08.සිදුහත් කුමරැ පිළිසිද ගැනීම හා උපත සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ ආශෝක රජතුමාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 කට පමණ පෙරය.පින්තූරය - සිදුහත් කුමරැගේ උපත (2-3 ශතවර්සය)සිදුහත් කුමරැ ලුම්බිණියේ උපල ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු ව |
න සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතිට අනුව සිදුහත්කුමරැගේ මව වන මහාමයා දේවීය ගැබිණි වු පසු තම පියාගේ රාජධානිය වෙත යන අතුරතුරදී ලුම්බිණියේ පිහිටි උයනකදී සල් ගසක් යට සිදුහත් කුමරැ උපත ලැබීය.පීන්තූරය - නේපාලයේ මයාදේවි විහාරයබුදු උපත ලැබු දිනය තේරවාද රටවල වෙසක් ලෙස ඉහලින් සැමරේ. සිදුහත් කුමරැගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරැවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තබන ලදී. ඉපදීම යනුවෙන් පවත්වන ලද උපත් සමයට සිය කකදුකර වාසයෙන් පැමිණි අචිත කෘෂි තාපසතුමා මෙම දරැවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ කළේය. මෙය සිදුවුයේ සිද්ධාර්ථ කුමරැ අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම නිසා අසිත තවුසා විසින් ඔහුගේ ශරීර ලක්ෂණ පික්ෂා කිරීමෙන් අනතුරැවය. සුද්ධෝදන රජතුමා කුමරාගේ කුමරැගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙක් සදහා ආරාධනා කළේය. මේ සියළු දෙනාම කුමරැ බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කර අතර මෙයින් කනිෂ්ඨම බ්‍රහ්මණ යා පසුව පළුවෙන්ම රහත් බවට පැමිනි කොන්ඩඤ්ඤ පමණක |
් සිද්ධාර්ථ කුමරැ අනිවාරයෙන්ම බුද්ධිතවය ලබාගන්න බවට සැකයක් රහිතව ප්‍රකාශ කේළය. පසුව ඇතිවු පුරාවෘතිත වලට අනුව සුද්දෝධන රජතුමා සුර්යා රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගේන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකුවද බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයක තෝරාපත්කර ගත් නායකයකු බවයි.මුල් ජිවිතය හා විවාහයපින්තූරය - සිදුහත් කුමරැ ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය සුඛොභෝගී ජීවිතයකට උරම ලැපු සිද්ධාර්ථ කුමරැ හට විවිධ සෘතු ලදී විසීමට ඔහුට විශේෂයෙන් තැනු මාලිගා 3 ක් විය. සිද්ධාර්ථ කුමරැ බලපවත් රජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ඔහුව ආගමික ඉගැන්වීම හෝ මිනිසුන්ගෙ පීඩා පිළිබද දැනුමෙන් ආරක්ෂා කර තැබුවේය. සිද්ධාර්ථ කුමරැන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වන මහාප්‍රජාපතී ගෝතමී දෙවියයි.ඔහුගේ වයස 16 වන විට පියා සිද්ධාර්ථ කුමරැගේ සම වයසේ ඥාති සොයුරියක් වන යශෝධරා සමග ඔහුගේ විවහා සුදානම් කරන ලදී. ඇයට රාහුල නම් පුතෙක් ලැබුණි. කපිල වස්තුපුරය් අවුරැදු 29 කුමාරයෙකු ලෙස ගත කළ සිද්ධාර්ථ කුමරැටෙ පියා අවශ්‍ය කරන සියළුම දේ ලබාදුන්නද ද්‍රව්‍යමය වනය ජීවිතයේ එකම අරුණ නොවන බව ඔහු අවබෝධ කරගත් |
තේය.සූර්ය කේන්ද්‍රවාදය (ඉහළ) සහ පෘථිවි කේන්ද්‍රවාදය (පහල) අතර වෙනසපෘථිවිය සහ සෙසු ආකාශ වස්තූන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය සූර්යකේන්ද්‍රීය වාදය නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර කක්ෂවල ගමන් කරන බව උපකල්පනය කැරෙන පෘථිවි කේන්ද්‍රවාදයෙන් මෙය වෙනස් ය.පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට සාමොස් හි ඇරිස්ටාකස් විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කැරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත.[1] සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ ගණිතමය ආකෘතියක් සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී නිකලස් කොපර්නිකස් විසිනි. කොපර්නිකානු විප්ලවයට මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී ජොහැන්නස් කෙප්ලර් විසින් වැඩිදියුණු කරන ලද අතර,ඔහු ප්‍රකාශ කරේ සුර්යා වටා අනෙකුත් ග්‍රහ වස්තුන් ඉලිප්සියාකාර කක්ෂක ගමන් කරන බවයි. ගැලීලියෝ ගැලිලි සොයාගත් දුරේක්‍ෂය භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.තව දුරටත් විලියම් හර්ෂෙල්ගේ නිරීක්ෂණ අනුව විශ්වයේ කේන්ද්‍රය සූර්යයා නොවන බව තාරකා විද්‍යාඥයින් විසින් පිලිගැණුනු අතර, එඩ්වින් හබ |
්ල් සෞරග්‍රහ මණ්ඩලය බිලියන ගණනක් වූ චක්‍රාවාට වලින් එකක කොටසක් බව පෙන්වා දුන්නේය.මූලාශ්‍ර[සංස්කරණය]↑ Dreyer (1953, pp.135–48); Linton (2004, pp.38–9)[permanent dead link].මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteපූජා උමාශංකර්පූජා උමාශංකර් 2012දීඋපතපූජා ගෞතමී උමාශංකර්ජුනි 25, 1981 (1981-06-25) (වයස 42)කොළඹ, ශ්‍රී ලංකාවරැකියාවනිරූපිකාවක, රංගන ශිල්පිණියකසක්‍රීය වසර2003–වර්ථමානය තෙක්වෙබ් අඩවියpoojaumashankar.inආගමහින්දුපූජා ගෞතමී උමාශංකර්, බොහෝවිට දන්නා පූජා යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියකි, ඇය දෙමළ, සහ සිංහල,තෙලිගු, මලයාලම් සහ අමටුර් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ , බාලා'ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙනි. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබීය. ඇය සිංහල සිනමාවෙහි සාර්ථක නිළියක් වූයේ අංජලීකා (2006), ආසයි මං පියාඹන්න (2007), සුවඳ දැණුනා ජීවිතේ (2010) සහ කුස පබා (2012), චිත්‍රපට රඟපෑමෙනි.මුල් අවදිය[සංස්කරණය]පූජා සන |
්ධ්‍යා නම් ශ්‍රී ලාංකික සිංහල කාන්තාවකට හා ඉන්දියානු කන්නඩිග බ්‍රාහ්මින් වන ශ්‍රින්ගරි හි චික්මගලූර් දිස්ත්‍රික්කයේ, කර්ණාටක ප්‍රාන්තයේ එච්.ආර්. උමාශංකර් නම් ව්‍යාපාරිකයෙකු හට දාව, ජුනි 25 දින ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.[1]ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය. එහිදී අඩ්ලූර් හී Poornapragnya වෙතිනුත්, පසුව මයිසෝර් (Mysore) හී නිර්මලා කන්‍යාරාමය වෙතිනුත් ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවාය.[2] ඉක්බිති බැංගලෝරයේ බෝල්ඩ්වින්ස් බාලිකා උසස් පාසලෙන්ද සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගත් පූජා, බැංගලෝරයේ මවුන්ට් කාමල් විද්‍යාලයෙන් B.Com උපාධියක් සහ MBA පශ්චාත් උපාධියක් හිමි කර ගත්තාය.[2]හින්දුස්ථාන් යුනිලීවර්හී කළමනාකරුවෙකු වූ පූජාගේ පියා, සිනමා ක්ෂේත්‍රය කෙරෙහි රුචිකත්වයක් නොදක්වන්නෙක් වූවත්, පූජා ඊට සම්බන්ධ වූ බව පැවසෙයි. කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.[2]පෞද්ගලික ජීවිතය[සංස්කරණය]පූජා ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වූ දීපක් ශන්මුගනාදන් සමඟින් 2014 දී විවාහය ගිවිස ගැනීය.වෘත්තීය දිවිය[සං |
ස්කරණය]පූජා හඳුන්වා දෙනු ලැබූයේ ඇයගේ මිතුරෙකු වූ කැමරාකරණ ශිල්පී පසුව අධ්‍යක්ෂකවරයෙකු වූ ජීවා, විසිනි.පුංචි තිරයේ[සංස්කරණය]කලෙයිඥර් ටීවී, හා සන් ටීවී හී ජනප්‍රිය රියැලිටි නර්ථන වැඩසටහනක් වූ ආටම් පාටම් කොන්ඩාටම් (Aatam Paatam Kondatam) හා ටීවී දෙරණ "සිටි සිටි ඔෆ් ඩාන්ස්" හි විනිශ්චයකාරවරියක ලෙසද පූජා කටයුතු කර තිබෙයි.රංගනයන්[සංස්කරණය]වසරචිත්‍රපටියචරිතයභාෂාවකරුණු2003ජේ ජේසීමාදෙමළAmrutha Surabi හොඳම නැගීඑන නවක නිළිය චිත්‍රපටි සම්මානය2004අට්ටහාසම්සප්නාදෙමළ2005උල්ලම් කේටුකාමේඅයරින්දෙමළ2005ජිතන්ප්‍රියාදෙමළ2006අංජලිකාඅංජලිකා,උත්තරාසිංහලනිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානයනිර්දේශිත - සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය2006පට්ටියාල්සන්ධ්‍යාදෙමළ2006තම්බිආචනාදෙමළSri Gell Kodai Fm Star of the year Award2006තංගපාන්සාමිමාරිකෝසුන්ධු ෂන්මුගම්දෙමළ2007පෝරීපූජාදෙමළ2007පන්තයා කෝලීෂන්බගාම්මලයාලම්2007ආසයි මං පියාඹන්නරන්මලී / මලීෂාසිංහලනිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානයනිර්දේශිත - සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය2007ඔ |
රාම් පොරාණිදෙමළ2007යහළුවෝමනෝරාණිසිංහල2009නාන් කඩවුල් (දෙවියන් මම වෙමි)හම්ෂවල්ලිදෙමළෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය – දෙමළතමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මානය - හොඳම කාන්තා චරිත නිරූපණයවිජයි හොඳම නිළිය සම්මානයලෝක මලයාලී කවුන්සිල චිත්‍රපටි හොඳම නිළිය සම්මානය - දෙමළනිර්දේශිත - හොඳම නිළිය ජාතික චිත්‍රපටි සම්මානය2009TN-07 AL 4777දෙමළආරාධිත රංගනය2010සුවඳ දැනුනා ජීවිතේරෂ්මිසිංහල2010ද්‍රෝහීරෝජාදෙමළආරාධිත රංගනය2010ඔරේන්ජ්මීනක්ෂි ගුරුතුමියතෙළිඟුආරාධිත රංගනය2011ස්මෝකින්ග් කිල්ස්පූජාඉංග්‍රීසිකෙටි චිත්‍රපටිය2012කුස පබාපබාවතීසිංහලදෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ජනප්‍රියම නිළිය සම්මානයනිර්දේශිත - දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් හොඳම නිළිය සම්මානයනිර්දේශිත - හිරු ස්වර්ණ සිනමා සම්මාන ජනප්‍රියතම නිළිය2012Mirageප්‍රියාඉංග්‍රීසිකෙටි චිත්‍රපටිය2013වීදියම් මුන්න්රේඛාදෙමළනොර්වේ දෙමළ චිත්‍රපට සම්මාන උළෙල - හොඳම නිළියවිකටන් සම්මාන හොඳම නිළිය බෙහන්ඩ්වූඩ් ස්වර්ණ Sumit හොඳම නිළිය නිර්දේශිත – විජයි සම්මාන හොඳම නිළිය නිර්දේශිත - ෆිල්ම්ෆෙයා හොඳම නිළිය |
සම්මානය නිර්දේශිත - එඩිසන් සම්මාන හොඳම නිළිය නිර්දේශිත - දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන හොඳම නිළිය2014කඩවුල් පාති මිරුගම් පාතිදෙමළ2016පත්තිනිකණ්ණගිසිංහල2017සරිගම(මරියා)සිංහලටෙලිනාට්‍යය[සංස්කරණය]වසරටෙලිනාට්‍යයචරිතයභාෂාවවිස්තර2013දස්කොන්ප්‍රමිලා රාජකුමාරිසිංහලමූලාශ්‍ර[සංස්කරණය]↑ "පූජා උමාශංකර්: අබවුට් මී". පූජා උමාශංකර්. සම්ප්‍රවේශය 2010-06-30.↑ 2.0 2.1 2.2 "I am enjoying every moment of acting". The Hindu. Chennai, India. 2007-05-30.බාහිර සැබැඳි[සංස්කරණය]පූජා උමාශංකර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.පූජා උමාශංකර් සඳහා IMDb හි ඇති තොරතුරුOfficial Facebook Page of Pooja Umashankarමොරටුව ගොනුව:Moratuwa.JPGශ්‍රී ලංකාව තුල මොරටුවෙ පිහිටීමඅක්ෂාංශ ගත පිහිටීම:6°47′N 79°52′Eරට:ශ්‍රී ලංකාවපලාත :බස්නාහිර පලාතදිස්ත්‍රික්කය:කොළඹ දිස්ත්‍රික්කයමුහුදු මට්ටමේ සිට උස:මීටර 28 (අඩි 92)ජනගහනය:177,190වේලා කලාපය:SLT (UTC+5:30)තැපැල් අංකය:10400ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි නගරයකි |
. පිළියන්දල,ගල්කිස්ස, දෙහිවල සහ රත්මලාන මොරටුවට ආසන්නයේ පිහිටි නගර වෙයි. 2001 සංගණන වාර්තාවට අනුව මෙම ප්‍රදේශයේ ජනගහනය 177,190 කි.මොරටුව සෑදී ඇත්තේ ගම් 18ක් එකතු වීමෙනි. ඉන් සමහරක් නම් රාවතාවත්ත, කටුබැද්ද, උයන, ඉඩම, අගුලාන, කඩලාන, එගොඩඋයන, මොරටුමුල්ල වේ. කර්මාන්ත[සංස්කරණය]මොරටුව නගරයේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත වන්නේ වඩු කර්මාන්තය, රබර් භාණ්ඩ නිෂ්පාදනය, බැටරි නිෂ්පාදනය සහ ලී අත්කම් භාණ්ඩ නිෂ්පාදනයයි. මොරටුව ධීවර කර්මාන්තයටද ප්‍රසිද්ධියක් දක්වන අතර එය ප්‍රධාන වෙළඳ නගරයක්ද වෙයි.අධ්‍යාපන ආයතන[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන මොරටුව විශ්වවිද්‍යාලය මෙහි පිහිටා ඇත. මොරටුවේ පිහිටි ප්‍රසිද්ධ පාසල් කිහිපයක් නම්: ශාන්ත සෙබස්තියන් විද්‍යාලය,ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය,වේල්ස් කුමර විද්‍යාලය,වේල්ස් කුමරි විද්‍යාලය සහමොරටු මහා විද්‍යාලයයි.මෙතෝදිස්ත විදුහල.ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය .ක්‍රීඩා කටයුතු[සංස්කරණය]මොරටුව ක්‍රිකට් ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධත්වයක් දක්වයි.ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මොරටුවේ පිහිටා |
ඇත. එහි උත්කර්ෂවත් ක්‍රිකට් තරඟ කිහිපයක්ම පැවැත්වුනි. තවද දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කලුවිතාරන, සහන් විජේරත්න, රුමේෂ් තිරිමාන්න වැනි සුප්‍රසිද්ධ ක්‍රිකට් තරුද චමත් සේරසිංහ, සැම්සන් ඩි මෙල්, ගයාන් මීදෙනිය වැනි පැසිපන්දු තරුද මොරටුවෙන් බිහිවී ඇත.කලා අංශය[සංස්කරණය]මොරටුව, ලංකාවේ සංගීත කෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් නගරයකි. විශේෂයෙන් බයිලා සංගීතයට විශේෂත්වයක් ලැබී තිබුණි. විවිධ කලා ක‍්ෂේත්‍රයන්ට අයත් කලාකරැවන් රැසක් මොරටුවෙන් බිහි වී ඇත.මෙම කලා කරුවන්ගේ එකමුතුවෙන් මොරටුව කලා එකමුතුව පිහිටා ඇත.මොරටුවේ නැගී එන කලා කරුවන් ගේ සුභ සාධනය උදෙසා මහගු මෙහවරක් මෙමගින් ඉටු චෙයි. ක්ලැරන්ස් විජේවර්දන, ධනපාල උදවත්ත, ලක්ෂපතියේ පර්සි, සුරේෂ් ගමගේ යන අය මොරටුවෙන් බිහි වූ කලාකරුවන්ගෙන් අතලොස්සකි.සංචාරක කටයුතු[සංස්කරණය]ගොනුව:Bolgoda lake.jpgබොල්ගොඩ වැවමෙම ප්‍රදේශයේ සංචාරක කටයුතු සාමාන්‍ය මට්ටමක පවතී. නමුත් බොල්ගොඩ වැව ජනප්‍රිය වීමත් සමග බොහෝ සංචාරක හෝටල් ඉදිවිය.මෙම හෝටල් ඉදිවීමත්සමග දෙශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශෙය් සංචාරය කිරීම බොහෝ සෙයින් වැඩිවී ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් මොරටුව වෙරළ තීර |
ය දූෂණය වී ඇත. ලොව පුරා පැතිරී ඇති ස්වෙචිඡා සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානය මොරටුවේ පිහිටා ඇත. (http://www.sarvodaya.org/)ශ්‍රී ලංකා ඉතිහාසයේ දීප්තිමත් චරිතයක් වන පුරන් අප්පු මොරටු පුරවැසියෙකි. ඹහුගේ මුල් නම වන්නේ වීර හැන්නැදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දුය.ජන සංඛ්‍යාලේඛණ[සංස්කරණය]ජාතිය ජනගහනයප්‍රතිශතයසිංහල 168,32495.00ශ්‍රී ලාංකික දෙමළ 4,4332.50ඉන්දීය දෙමළ 3750.21ශ්‍රී ලාංකික මුස්ලිම් 2,4521.38වෙනත් (බර්ගර්, මැලේ ඇතුලුව) 1,6060.91මුඵ එකතුව 177,190100ආගමජනගහණයප්‍රතිශතයබෞද්ධ124,20570.00කතෝලික33,89319.1අනෙකුත් ක්‍රිස්තියානි11,8066.7ඉස්ලාම්3,3111.9හින්දු3,3671.9මුළු177,190100ආදර්ශ පාඨය[සංස්කරණය]පුරෝගාමීත්වයේ නගරයසිතියම්[සංස්කරණය]• මොරටුව සහ ශ්‍රී ලංකාව විස්තර සහිත සිතියමvteකොළඹ උප නගරඇතුල් කොළඹබම්බලපිටියබ්ලූමැන්ඩල්බොරැල්ලකුරුඳු වත්තදෙමටගොඩකොළඹ කොටුවතොටළඟතිඹිරිගස්යායඅලුත්කඩේකිරුළපනකොල්ලුපිටියකොටහේනකොහුවලමාදම්පිටියමාලිගාවත්තමරදානමට්ටක්කුලියමෝදරනාරාහේන්පිටපාමංකඩපංචිකාවත්තපිටකොටුව |
කොම්පඤ්ඤ වීදියයූනියන් පෙදෙසවැලිකඩවැල්ලවත්තශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේඇතුල් කෝට්ටේනාවලනුගේගොඩපිට කෝට්ටේරාජගිරියවැලිකඩදෙහිවල-ගල්කිස්සඅත්තිඩියදෙහිවලකළුබෝවිලකොහුවලගල්කිස්සනැදිමාලරත්මලානපිටත කොළඹබත්තරමුල්ලහෝමාගමජා-ඇළකඩවතකඩුවෙලකඳානකිරිබත්ගොඩකොළොන්නාවකොස්වත්තකොට්ටාවමහරගමමාලබේමොරටුවපන්නිපිටියපෑලියගොඩපිළියන්දලරාගමතලවතුගොඩවත්තලවික්‍රමසිංහපුරvteශ්‍රී ලංකාවේ මහ නගරජාතික අගනගරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන අගනගරය)කොළඹ (වාණිජ අගනගරය)මහනගර ප්‍රදේශමහනුවරඅනුරාධපුරගාල්ලයාපනයරත්නපුරබදුල්ලකුරුණෑගලකඩුවෙලදෙහිවල-ගල්කිස්සමොරටුවමීගමුවකල්මුණේමඩකලපුවමාතරගම්පහමාතලේඅක්කරපත්තුවබණ්ඩාරවෙලනුවරඑළියදඹුල්ලහම්බන්තොටනගර සභා වලට අයත් නගර සීමාත්‍රිකුණාමලයඅම්බලන්ගොඩඅම්පාරබලංගොඩබේරුවලබොරලැස්ගමුවචාවකච්චේරිහලාවතඇඹිලිපිටියඑරාවුර්ගම්පොළහපුතලේහැටන්-දික්ඔයහික්කඩුවහොරණජා-ඇළකඩුගන්නාවකළුතරකාත්තන්කුඩිකටුනායක-සීදූවකෑගල්ලකැස්බෑවකින්නියාකොළොන්නාවකුලියාපිටියමහරගමමන්නාරමමිනුවන්ගොඩනාවලපිටියපානදුරපෑලියගොඩපේදුරු තුඩුවපුත්තලමසීතාවකපුරතලවාකැලේ-ලිඳු |
ලතංගල්ලවැල්වැටිතුරෙයිවවුනියාවවත්තලවත්තේගමවැලිගමමොකක්ද මේ සතර අපාය කියන්නේ? සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට ලක්වෙනවානේ. ඉතින් මේ සතර අපාය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතිව කොහොමද එහි යනවාද නැත්ද කියලා තීරණය කරන්නෙ නේද? ඒ නිසා මේ කොටස වෙන් වෙන්නේ මේ සසරේ බරපතලම අනතුර හඳුනාගන්නටයි. බොහෝ දෙනෙක් සතර අපාය විශ්වාස කරන්නේ නෑ. විශේෂයෙන් තිරිසන් අපාය හැරුණුකොට නොපෙනී තිබෙන අපායන් විශ්වාසය කරන්නේම නෑ. හැම ආගමකම මේ සතර අපායන් විග්‍රහ කරන්නේ මිනිස්සු භය කරන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. බුදු හිමියන් නම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි අනුගමනය කලේ. සතර අපාගත ලෝකයක් සකස් වෙනවා. ඒ සතර අපාගත ලෝකයට හේතු මේවයි... ඒ සතර අපාගත ලෝක නිරෝධය මේකයි... ඒ සතර අපාගත ලෝක නිරෝධ කරගන්න ක්‍රමය මේකයි... අපායන් පිළිබඳව චතු සත්‍ය පෙන්වා දුන්නා. එතකොට සිහියෙන් අහගෙන හිටියාම ප්‍රඥාව අවධි වෙච්ච ප්‍රඥාවන්ත පිරිස සතර අපාගත ලෝකයෙන් මිදුණා. භය වෙන්න තරම් කරුණු කාරණා තිබුණත් පේන්නේ නැති දේකට ඉතින් බයක් ඇතිවෙන්නේ නෑනේ. අනෙක් ඒ විදියට නැවැත්තු |
වා කියලා පැවැත්මෙන් නිදහස් වීමකුත් නෑ. ඒ විදියට නැවත්වූ විට බොහෝ විට සකස් වෙන්නේ ලෞකික පැවැත්ම පිණිස වූ ලෞකික සුගති මාර්ගයයි. ඒ නිසා බුදු දහම කියන්නේ භය කරලා පව් කරන එක බලහත්කාරයෙන් නවත්වන දර්ශනයක් නෙවේ. පැවැත්ම නවත්වාගන්න වැඩපිලිවෙල තමයි පෙන්වා දුන්නේ. ඉතින් මේ අපාය ගැන පොත පතින් හෝ දැකලා බලලා ටිකක් විතර භයක් තියෙන පිරිස නම් ඉතින් අපායේ යන්න කැමති නෑ කියනවා. ඒත් ඉතින් යනවනේ... හේතු තියෙනවා නම් ඵලය එපෝ! එපෝ! කිව්වට හරියන්නේ නෑ ඕං. ඒ නිසා අපි උත්සාහ කල යුත්තේ හේතු නැති කරන්න මිසක් හේතු තියාගෙන ඵලය එපෝ! එපෝ! කියලා මතුරන්න නෙවේ. එහෙම නේද? ඉතින් සතර අපාය පිළිබදව විස්තර විග්‍රහ කරලා දැනගන්න, ත්‍රිපිඨක ග්‍රන්ථ තුල ගැබ්වී තිබෙන ශ්‍රී සද්ධර්මය තුළ අපායන් ආදිය පිළිබදව තිබෙන විස්තර මෙන්ම වෙනත් මා විසින් කියවන්නට යෙදුන පතපොත බ්ලොග් අඩවි ආදිය ඇසුරු කරගෙන සකස් කල එකතුවක් ලෙසින් මෙම කොටස සකස් කරලා තියෙනවා. ඉතින් මේවා ගැන වෙන වෙනම කථා කරන්නට තරම්ම විස්තර නම් තියෙනවා. ඒ නිසා සුදුසු පරිදි හැකි අයුරින් ඒවා පිළිබදව කථා බහ කරමු නේද?අසුර අපාය[සංස්කරණය]අසූරයා කියන්නේ කාටද? වචනයකට "අ" යන්න දාපුව |
ම එයින් එහි විරුද්ධ අර්ථය තමයි කියැවෙන්නේ නේද? එහෙනම් සූරයාගේ ඉස්සරහට "අ" දාපුවාම මොකක්ද එයින් එන අදහස? සූරයෙක් නොවේ අසූරයෙක් කියලා තමයි ඉන් කියැවෙන්නේ නේද? ඉතින් සූරයෙක් නෙවේලු... මොකක්ද මේ කියන්නේ... තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ගෙදර හෝ වේවා... රැකියාවක හෝ වේවා වෙන තැනක හෝ වේවා තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ඒවගෙන් මග හරින්න බොරු ලෙඩගන්නවා... වෙන අය ලවා තමන්ගේ වැඩ ටිකත් කරගන්නවා... සූර බව නැති කරගෙන විහින්ම අසූරයෙක් වෙලා නේද? දැන් හේතු හැදුවේ අසුරයෙක් වෙන්නනේ... කැමැත්ත කොහෙටද අසූර බවට... ඉතින් ඔන්න එයාට යන්න පුළුවන් අසුරයන්ගේ රටට නැත්නම් අසුර අපායට... මොකද එහෙ ගිහින් කරන්න වෙන්නේ? ගල් ගෙඩි තිබ්බා වගේ දුක් විඳිමින් ඉන්නයි වෙන්නේ... සමහර අසුරයෝ ගල්පර්වත වගේ එයාලට ගල් පර්වත අව්වට රත්වෙනකොට ඒ හා සමානව රත්වෙමින් දැවෙන්න වෙනවා... මහා කඳු වගේ තමන් විඳින දුක දැන දැනම කල්ප ගානක් ගෙවන්න වෙනවා... ගිනි කඳු වගේ පුපුරා යමින් අනන්ත දුක් විඳින්න වෙනවා... නොපෙනෙන ලෝකයේ තිබෙන දේ බොහෝමයි... ඒ දුක් මොහොතකට හෝ අංශු මාත්‍රයකට හෝ දැක්කා නම් ඔබ නැවත ඒවැනි විපාක ලබන්නට හේතු ගොඩනගන වැඩ පිලිවෙල ග |
ැන සිතන්නට පවා යොමු නොවේවි නේද?.ප්‍රේත අපාය[සංස්කරණය]මිනිස් ලොව ඇසුරු කරගෙන පවතින අපායක් ලෙස ප්‍රේත අපාය දැක්වේ.මෙම ප්‍රේතයන් උපත ලබන්නේ ඕපපාතිකවය.ඛුද්දක නිකායේ ප්‍රේථ වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒනම් පාංශු පිසාචික,පුප්පිපාසික,නිජ්ඣාමතණ්නික හා පරදත්තූපජීවී යනුවෙනි.පාංශ පිසාචික ප්‍රේතයන් අපිරිසිදු ස්ථාන ඇසුරුකරගෙන වාසය කරති.ඔවුන් පසට වැටෙන සෙම්,සොටු,කෙළ,සැරව,ලේ,මුත්‍රා හා අසුචි වැනි අපවිත්‍ර දෑ ආහාරයට ගිනිමින් ජීවත් වෙයි.පුප්පිපාසික ප්‍රේතයන් දැඩි පිපාසයෙන් පෙළෙමින් දිවි ගෙවයි.ඔවුන් ගංගා ඇල දොළ ආදී ජලය ඇති තැන්වල සැරිසරමින් ජලය සොයයි.එහෙත් පෙර පාප කර්ම බලවත් නම් පිපාසය සංසිදුවීමට තරම් ජලය නොලැබේ.නිජ්ඣමතණ්නික ප්‍රේතයන්ගේ සිරුරු ඇතුලතින් ගිනිගෙන දැවෙයි.මුළු සිරුරම ගිනිගෙන දැවෙද්දී ඉතා වේදනාවෙන් කෑගසමින් ඔබමොබ ගමන් කරති.පරදත්තූපජීවී ප්‍රේතයන්ට පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ඇත.මොවුන් පෙර ඥාතීන් වෙත පැමිණ ඔවුන් පිං අනුමොදන් කරනු දැක සතුටුවී සැපයට පත්වේ.මෙම ප්‍රේත නිකායන් හතරට අමතරව තවත් ප්‍රේත නිකායන් පිළිබද බුදු දහමේ සදහන්වේ.තිරිසන් අපාය[සංස්කරණය]ඔබ තිරි |
සනුන් දන්නවද? "අපෝ! තිරිසනුන් දන්නේ නැත්තේ කව්ද?" කියලා ඔබට සිතේවි! ඔව් තිරිසනුන් කියලා කියන්නේ ලෝකයේ නොයෙක් සත්ව විශේෂ වලටයි. බල්ලෝ, පූසෝ, හාවෝ, මුවෝ, සිංහයෝ, කොටියෝ, අලියෝ, මාලු, කුරුල්ලෝ, කූඹි, වලස්සු, වඳුරෝ, පනුවෝ, සර්පයෝ ආදී එකී නොකී සියලු සත්ව විශේෂ මේ කියන තිරිසන් ගොඩට තමයි අයත් වෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට කුඩා දරුවන් වශයෙන් නම් අපි කියනවා "මම ආසයි කුරුල්ලෙක් වෙන්න... එතකොට මට පියාඹන්න පුළුවන්... මම ආසයි සිංහයෙක් වෙන්න එතකොට හැමෝම මට බයවේවි" මේ වගේ නොයෙක් දෑ කුඩා අවදියේ අපි කියනවා. හරි කැමතියි මේ වගේ සතෙක් වෙන්න. ඉතින් ඇත්තටම සතෙක් වෙන එක එතරම් දරුණු දුකක් වෙන්නේ කොහොමද කියලා ඔබට එතරම් හැඟීමක් නැතිවෙන්නත් පුළුවන්. කොතරම් නම් බල්ලෝ පූසෝ ඉන්නවද මිනිස්සුන්ටත් වැඩිය සැප විඳින කියලා කියන පිරිසත් අප අතර ඉන්නවනේ. ඉතින් ඇත්තටම මේ තිරිසන් සතුන් විඳින්නේ සැපක්ද? එහෙනම් ඇයි ඒ අයගේ මේ තිරිසන් ලෝකයට තිරිසන් අපාය කියලා කියන්නේ. අපි ලස්සනයි සුන්දරයි කියලා දකින සත්ව ලෝකය කොතරම් දුරට දුක් ගෙන දෙන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම වටහාගෙන කටයුතු කලේ නැතිනම් මහා අමාරුවක වැටෙනවා නියතයි.නිරය[සංස් |
කරණය]නිරයද ප්‍රේත හා තිරිසන් අපාය මෙන් නොව අසුර ලොකය මෙන් මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.නිරය ප්‍රධාන කොටස් අටකට බෙදා ඇත.ඒවානම් සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,ප්‍රතාපය,අවීචිය යන්නයි.සංජීවය[සංස්කරණය]මහ පොළවේ සිට යොදුන් 15000 දුරින් සංජීවය පිහිටා ඇත.සංජීව අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90 කි.එවන් දින 30ක් මාසයකි (9000000×30) එවන් මාස 12ක් අවුරුද්දකි.අවුරුදු 500 ක් එහි පරම ආයුෂවේ.සත්ව ඝාතනය තම ජීවිකාව ලෙස කරන පුද්ගලයන් අධික කෝපය හෝ මානය නිසා දුබලයන් තලා පෙලා කටයුතු කරන රජවරු පාලකයන් නිලධාරීන් මෙම අපායේ උපත ලබයි.දුප්පතුන් පෙළූ පොහොසතුන් හා අසරණ මිනිසුන්ට හිරිහැර කොට වස්තු සම්පත් උදුරාගත් සොරුන් මැරයන් අදිය මෙහි උපදිති.මෙහි උපදනා නිරි සතුන්ව යම පල්ලන් විසින් ගිනියම්වූ පොළවේ ගසා කෑලි කෑලි කොට කපයි.එසේ කපද්දීද නිරි සතුන් මැරි මැරී යලි යලිත් එම අපායේම උපදනා බැවින් සංජීවය යන නම මෙයට ලැබී ඇත.සං ජීවය යනු නැවන නැවත උපදින්නේය යන්නයි.කාලසූත්‍රය[සංස්කරණය]මෙම අපාය පිහිටියේ සංජීව නිරයට වඩා යොදුන් 15000 දුරින්.එනම් මිනිස් ලොව සිට යොදුන් 30000 දුරිනි.මෙම අපායේ එක් දිනක් මිනිස් |
ලොව වර්ෂ ලක්ෂ 90කි.එවන් දින 30 මාසයකි.මාස දොළහක් වර්ෂයකි.වර්ෂ 1000 මෙහි පරම ආයුෂවේ.මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරුකටයුතු අයට හිරිහැර කළ පුද්ගලයින් ප්‍රධාන වශයෙන් මෙහි උපදී මෙහි උපදනා නිරි සතුන්ව කලු හැහැ නූලකින් බැඳ ගිනියම්වූ පොළවේ දමා ලී දඩු රහින්නාසේ නිරි සතුන්සේ සිරුරු රහිනු ලබයි.සංඝාතය[සංස්කරණය]මෙම අපාය කාලසූත්‍ර නිරයට වඩා 15000 දුරින් පිහිටයි.මෙම අපාය නව යොදුනක් පමන විශාලය.මෙහි උපත ලබන නිරි සතුන් නව යොදුන් ඝක පොළවේ එරී නිශ්චලව පවතී.හෙි අහස ගුගුරන්නාසේ මහා දැවැන්ත පර්වතයන් එරී සිටින නිරි සතුන් මතට වැටී ඔවුන් අඹරවමින් ඒ මේ අත පෙරළෙයි.මෙම අපායේ උපත ලබන්නේ ඇත් අස් ගවා ආදී නොයෙත් සතන්ට අනේක වධ හිංසා පමුණුවමින් වැඩ ගත්තවූවන්ය.රෞරවය[සංස්කරණය]මෙම අපාය සංඝාත නිරයට යොදුන් 15000 දුරින් පිහිටයි.මෙම නරකයෙහි උපදනා සත්වයන්ගේ සිරුර තුලට වැද ඇතුලත දවාලන්නාවූ නපුරු දුමක් ඇත.ඇතුලත මෙන්ම පිටතද දවාලීම නිසා අදික වෙදනාවෙන් මරහඩ නගන නිරු සතුන්ගෙ හඩින් පිරී ඇති නිසා මෙයට රෞරව නරකයයි කියනු ලබයි.දස දහස් ගණනින් මිනිසුන් සතුන් මරා දමන සොරුන් මංකොල්ලකරුවන් ත්‍රස්තවාදීන් වැනි දාම ඝාතකයන් මෙහි උපත |
ලබති.මහා රෞරවය[සංස්කරණය]මෙහි උපදනා නිරි සතුන්ගේ සිරුරු අතිෂයිම රෞද්‍රවූ ගින්නෙන් හා දුමින් ඇතුලත හා පිතට දවාලන්නේය.මෙසේ දුක් විදින නිරි සතුන්ගේ ලෙයින් පොළව වැසී ඇති අතර අදික වේදනාවෙන් මරහඩ නගත නිරි සතුන්ගේ විලාපයෙන් පිරී ඇති බැවින් මෙම නිරය මහා රෞරවය යන නම ලැබී ඇත.තුරුණුවන් මාපියන් හො සිල්වත් ගුනවත් උතුමන්ට චධ හිංසා පමුණුවනු ලැබූවන් ඔවුන්ගේ වස්තු සම්පත් උතුරාගත්තවුන් මෙහි උපත ලබති.තාපය[සංස්කරණය]මෙම අපායේ උපදනා නිරි සතුන්ව යමපල්ලන් විසින් ගිනියම්වූ යහුල්වලින් ඇන ගිනියම්වූ මහ පොළවේ අමුණා තබනු ලබති.උල හිදුවන්නාසේ යහුල්වලින් ඇන තුබූ නිරි සතුන් දවාලමින් පොළවෙන් ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ උපත ලබන්නේ සතුන් පණපිටින් පුළුස්සා මරූවන් හා අනුන්ගේ නිවෙස් ගින්නෙන් දවාලූවන්ය.ප්‍රතාපය[සංස්කරණය]මෙම අපායේ උපදනා සත්වයෝ තාප නිරයේ උපදනා සත්වයින්ට සමානව දුකකට ලක්වේ.එහෙත් තාප නිරයට වඩා ප්‍රතාප නිරයේ ආයුෂ වැඩිය.අවීචිය[සංස්කරණය]මෙම අපාය අටමහා නිරයන් අතුරින් දරුණුම අපායයි.මෙම අපායේ යොදුනක් දිය යොදුනක් පළල ගිනියම්වූ යපොළවකින් තුනුන ඝූමියක් ඇත.මෙහි දොරටු සතරක් ඇති අතර දොරටු සතරෙහි යමරජවරු සතරදෙනෙක් ඇත |
.මෙම අපායේ එත් දිශාවක සිට අනෙක් කොන දක්වා සතර දිශාවෙන්ම ගිනිජාලා මතු වෙමිනි නිරි සතුන් පෙළනු ලබයි.එසේම උඩ සිට පහළට හා පහළ සිට උඩ දක්වා සදිශාවෙන්ම ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ පරම ආයුෂ කල්පයකි.පංචානතරීය පාප කර්ම එකම් මව මැරීම,පියා මැරීම,සංඝ භේදය,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම යන පාපප කර්ම සිදුකලවුන් මෙහි උපදිති.කුඩා නිරයන්[සංස්කරණය]ගූථ නිරය[සංස්කරණය]මෙම නරකය ඉතා දුර්ගන්දයෙන් යුක්තව කැකෑරුන අසූචියෙන් පිරී පවතී.මෙහි උපදනා සතුන් අසූචියේ ගිලී යන අතර මෙහි සිටින විශාල පණුවන් නිරි සතුන්ගේ සිරුරු පසාරු කරමින් වේදනාවට පමුණුවති.කුක්කුල නිරය[සංස්කරණය]මෙම අපාය අළුවලින් වැසුණු ගිනි අගුරු වලින් සැදී ඇත.මෙහි උපදනා නිරි සතුන් අළු යටින් ඇති ගිනි අගුරවල තාපයෙන් දැවි දැවී පවතී.අසිපත් නිරය[සංස්කරණය]අසිපත් වැනි කොළ සහිත දෙපැත්තම කැපෙන ආකාරයෙන් සැකසුන කොළවලින් ගහන වනයකින් මෙම අසිපත් නිරය සමන්විතය.නිරන්තරව හමන සුලගින් මෙම අසිපත් වැනි කොළ ඒ මේ අත වේගයෙන් ළෙවෙයි.මෙහි උපදනා සතුන් මෙම අසිපත් වැනි කොළවල ගැටී කැපි කැපී යයි.සිම්බලිවන නිරය[සංස්කරණය]මෙය කටු ඉඹුල් වැනි තියුනු උල් සහිත කටු අති වෘෂයන්ගෙන් සැද |
ුන නිරයකි.මූලාශ්‍ර[සංස්කරණය]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ ශ්‍රී චන්දවිමල මහනාහිමි ගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථය (2009)nirwanadhamma.lk වෙබ් අඩවියවිද්‍යුත් ක්ෂේත්‍රයකට බඳුන් කොට නොමැති වායු කලාපයේ අංශු (පාරමාණු, අණු, හෝ අයන) නිදහසේ ඔබමොබ ගමන් කරති.මෙම ලිපියසන්තති යාන්ත්‍ර විද්‍යාවපිළිබඳ ලිපි මාලාවේ කොටසකිනියමසංස්ථිතිස්කන්ධගම්‍යතාශක්තිඅසමානතාඑන්ට්‍රොපිඝන යාන්ත්‍ර විද්‍යාවවිරූපණයප්‍රත්‍යාස්ථතාවරේඛීයසුවිකාර්යතාවහුක්ගේ නියමයStressFinite strainInfinitesimal strainCompatibilityBendingContact mechanicsfrictionalMaterial failure theoryFracture mechanicsතරල යාන්ත්‍ර විද්‍යාවතරලස්ථිතිකය • ගතිකයආකිමිඩීස් නියමය • Bernoulli's principleනේවියර්–ස්ටෝක්ස් සමීකරණPoiseuille equation • Pascal's lawViscosity(නිවුටෝනියානු • නිවුටෝනියානු-නොවන)Buoyancy • Mixing • Pressureද්‍රවAdhesionCapillary actionChromatographyCohesion (chemistry)පෘෂ්ඨික ආතතියවායුවායුගෝලයබොයිල් නියමයචාල්‍ස් නියමයසංයුක්ත වායු නියමයFick's lawගේලුසැක් නියමයGraham's lawප්ලාස් |
මාස‍්‍රැති විද්‍යාවViscoelasticityRheometryRheometerSmart fluidsElectrorheologicalMagnetorheologicalFerrofluidsවිද්‍යාඥයෝබර්නෝලිබොයිල්කෝචිCharlesඔයිලර්Fickගේලුසැක්Grahamහුක්නිවුටන්නේවියර්Nollපැස්කල්ස්ටෝක්ස්Truesdellvteවායු යනු පදාර්ථයේ සම්භාව්‍ය අවස්ථා තුනෙන් (අනෙකුත් ඒවා නම් ඝන හා ද්‍රව වෙති) එකකි. උච්ච උෂ්ණත්වයකදී වායුවක් අධික ලෙස අයනීකෘතවී ප්ලාස්මා අවස්ථාවට පත්විය හැකි අතර එය පදාර්ථයෙහි සම්භාව්‍ය අවස්ථාවක් සැටියට නොගැනෙයි.ශබ්ද නිරුක්තිය[සංස්කරණය]භෞතික ගති ලක්ෂණ[සංස්කරණය]ගසාගෙන යන දුම් අංශු වලින් අවට වායුවෙහි චලනය පිළිබඳ ඉඟි ලබා දෙයි.මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවලට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩාආකර්ෂණ බලයක් සඳහා හ |
ේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක. වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි. ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාවඋෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි.අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි.මහේක්ෂීය[සංස්කරණය]පද්ධතිය විශ්ලේෂණය කිරීමේදී දිග පිළිබඳ පරිමාණයක් තිබීම අපේක්ෂිතය. විශාල දිග පරිමාණය මහෙක්ෂ පද්ධතිය සදහා අදාල වන අතර වඩා කුඩා දිග පරිමාණ ක්ෂුද්‍ර මට්ටමේ පද්ධති සඳහා අදාල වේ. මහේක්ෂ පද්ධතිවල දී මනින සංරචක, වායුවක් පද්ධතියක් මත හෝ එහි වටපිටාව මත ඇති කරන ප්‍රවේගය, පීඩනය හෝ උෂ්ණත්වය මැන විශාල පරිමාණ බලපෑම් වැනි ඒවා වෙයි. ද්‍රව ගතික සමීකරණවල විවිධ ආකාර, Navier-Stokes සමීකරණය හා Euler සමීකරණය වැනි ගණිතමය සමීකරණ චලනය වන වායුවල පීඩනය, ඝනත්වය, උෂ්ණත්වය හා ප්‍රෙව්ගය අතර සම්බන්ධතා ආදර්ශනය සඳහා ගොඩනගා ඇත. පීඩනය[සංස්කරණය]අඩංගු භාජනයේ බිත්තිමත අඩංගු වායුව මගින් ඇති කරන පීඩනය සරළ චාලක සිද්ධාන්ත මගින් ප |
ැහැදිලි කළ හැක. වායු අංශු ඒ මේ අත අහඹු චලිතයේ යෙදෙන අතර ඒවා භාජනයේ බිත්ති සමග මෙන්ම එකිනෙක සමග ද ගැටේ. මෙම අංශු සියල්ල ස්කන්ධය, ගම්‍යතාව හා ශක්තිය යන සංස්ථිතික විය යුතු භෞතික ලකෂණ පෙන්නුම් කරයි. (ආදී යන්ත්‍ර විද්‍යාවට අනුව ගම්‍යතාව යනු ස්කන්ධ හෝ අර්ධ ප්‍රවේගයේ වර්ගයේත් ගුණිතයෙන් ලැබෙන අගයයි). අංශු භාජනයේ බිත්තිවල ගැටීම නිසා ඇතිවන සියළු බලවල සියළු සංරචකවල එකතුව භාජන බිත්තියේ වර්ගඵලයෙන් බෙදූ විට පීඩනය ලැබේ. එමනිසා පීඩනය චලනයවන අංශුවල රේඛීය ගම්‍යතාවල සාමාන්‍ය ලෙස ද පැවසිය හැක. පොදු දුර්මනයක් වන්නේ වායු පීඩනය විස්තර කිරීමට අණු එකිනෙක හා ගැටීම අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මේ සඳහා ඒවායේ අහඹු ප්‍රවේගය ප්‍රමාණවත්ය. උෂ්ණත්වය[සංස්කරණය]ඕනෑම භෞතික පද්ධතියක උෂ්ණත්වය එය තැනී ඇති පරමාණු හා අණුවල චලිතයේ ප්‍රතිඵලයකි. සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාවේ දී උෂ්ණත්වය යනු අංශුවක අඩංගු මධ්‍යයන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. මෙම ශක්ති ගබඩාවක ආකාරය අංශු වල ස්වතන්ත්‍රතා ප්‍රමාණය මගින් කියැවේ( ශක්ති තත්ව) අංශුවලට විවිධ ප්‍රවේග පවතින අතර එක් අංශුවක ප්‍රවේගය අනෙකුත් අංශු සමග ගැටුම් නිසා නිතර වෙනස් වේ. වේග පරාසය සාමාන්‍ය |
යෙන් මැක්ස්වෙල් - බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය මගින් පැහැදිලි කෙරේ.විශිෂ්ට පරිමාව[සංස්කරණය]තාපගතික විශ්ලේෂණයක් සිදුකිරීමේ දී ඝටන විත්ති ගුණ පිළිබඳ කතා කිරීම අත්‍යවශ්‍යය. වායු ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ ලෙසද වායු ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ ඝටන ගුණ ලෙස හැඳින්වේ. විශිෂ්ට පරිමාව ඝටනා ගුණයකට උදාහරණයක් වේ. මන්ද යත් විශිෂ්ට පරිමාව යනු පදාර්ථ ඒකක ස්කන්ධයක් මගින් අයත් කරගන්නා පරිමාව වන හෙයිනි. පරිමාව හා විශිෂ්ට පරිමාව අතර වෙනස වන්නේ විශිෂ්ට පරිමාව ස්කන්ධයෙන් ස්වායත්ත වීමයි. ඝනත්වය වායුවල අණුවලට නිදහසේ චලනය විය හැකි නිසා වායුවක ස්කන්ධය සාමාන්‍යයෙන් විදහා දක්වන්නේ එහි ඝනත්වයෙනි. ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි. සරළව විශිෂ්ට පරිමාවේ විලෝමයයි. වායු සදහා ඝනත්වය විශාල පරාසයක් තුළ වෙනස් විය හැක. එසේ වන්නේ වායු අණු අහඹු චලනයේ යෙදෙන බැවිනි. මහේක්ෂීය ලෙස ඝනත්වය යනු වායුවක තත්ව විචල්‍යයන් පිළිබඳව කිසියම් ක්‍රියාවලියක් තුළදී ඝනත්වයේ වෙනස්වීම තාප ගතික නියමවලට අනුකූලව සිදුවේ. අහඹු චලිතයේ යෙදෙන අංශු විශාල සංඛ්‍යාවක් ඇති බව දී තිබුණද ස්ථිතික වායුවක් සදහා මුළු භාජනය පුරාම ඇත්තේ සමාන ඝනත්වයකි. එම නි |
සා ඝනත්වය අදිශ රාශියකි. එනම් එය විශාලත්වයක් ඇති දිශාවක් නැති සරළ භෞතික රාශියකි. නිත්‍ය ස්කන්ධයක් ඇති භාජනයක පරිමාව වායුවේ ඝනත්වයට සමානුපාතික බව චාලක සිද්ධාන්ත මගින් පෙන්වා දිය හැක.අන්වීක්ෂීය[සංස්කරණය]අන්වීක්ෂීය පරිමාණයකදි මනිනු ලබන්නේ අණුක මට්ටමේ රාශීන්ය. අණුක හෝ අංශුමය චලිතය විස්තර කිරීම සදහා විවිධ සිද්ධාන්ත හා ගණිතමය ආදර්ශන බිහිවී ඇත. වායුන්ට අදාල ආදර්ශන කිහිපයක් පහත පෙළ ගස්වා ඇත.චාලක වාදය[සංස්කරණය]මූලික ලිපිය: චාලක වාදයචාලක වාදය (හෝ වායු පිළිබද චාලකවාදය) වායුවල අණුක සංයුතිය හා චලිතය සලකමින් පීඩනය , උෂ්ණත්වය හෝ පරිමාව වැනි මහේක්ෂීය ගුණ විස්තර කිරීමට යත්න දරයි. මෙම වාදය කියා සිටින්නේ පීඩනය ඇති වන්නේ සර් අයිසැක් නිව්ටන් අනුමාන කළ පරිදි අණු අතර ස්ථිතික විකර්ෂණයෙන් නොව විවිධ ප්‍රවේගවලින් චලනය වන අණු එකිනෙක ගැටීම නිසා කියාය. මෙය අණුක චාලනවාදය ලෙස ද ගැටුම් පිළිබදවාදය ලෙස ද හදුන්වයි.බ්‍රවුනීය චලිතය[සංස්කරණය]වායු අංශූන්ගේ අහුඹු චලනය නිසාවෙන් විසරණය සිදුවෙයි.මූලික ලිපිය: බ්‍රවුනීය චලිතයබ්‍රව්නීය චලිතය යනු තරලයක් තුළ ඇති අංශුවක අහඹු චලිතය විස්තර කිරීමට යොදා ගන්නා ගණිතමය අකෘතියකි |
. අංශු පිළිබදවාදය ලෙසද මෙය හදුන්වයි. තනි වායු (පරමාණු හෝ අණු) නිරීක්ෂණය සදහා වූ නූතන තාක්ෂණික සීමා තුළ දී සිදු කළ හැක්කේ සෛද්ධාන්තික ගණනය කිරීම් මගින් ඒවායේ චලිතය ගැන අදහස් ඉදිරිපත් කිරීමයි. නමුත් එම චලිතය බ්‍රව්නීය චලිතයෙන් වෙනස් වේ. එයට හේතුව බ්‍රව්නීය චලිතය ඇති වන්නේ අදාල අංශු සමග වායු අණු එකක් හෝ කිහිපයක් වේගයෙන් ගැටීමෙන්, විටින් විට වෙනස් වන වායු අණුවල ඝර්ෂණ බල නිසා ඇති වන සුමට ඇදීමක් හේතුවෙන් වන බැවිනි. මෙම අංශුව ( සාමාන්‍යයෙන් පරමාණු මිලියන් හෝ බිලියන ගණනක අඩංගු) අක්- වක් මාර්ගයක චලිත වුවද , තනි වායු පරමාණුවක් පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු විය හැකි තරම් අක්වක් චලිතයක් නිරීක්ෂණය කළ නොහැක.අන්තර්අණුක බල[සංස්කරණය]When gases are compressed, intermolecular forces like those shown here start to play a more active role.මූලික ලිපියන්: වැන්ඩර්වාල් බලය සහ අන්තර්අණුක බලයභෞතික විද්‍යාවේදී, රසායන විද්‍යාවේ දී හා ජීව විද්‍යාවේ දී අන්තර් අණුක ආකර්ෂණ බල යනු ස්ථායී අණු අතර හෝ මහාපරිමාණ අණුවල ක්‍රියාකාරී භාණ්ඩ අතර ඇති වන බලයි. අණු ද්වි පරමාණුක නිදහස් මූලද්‍රව්‍ය හා තනි පරමාණු අතර ඇතිවන ක්ෂණ |
ික ආකර්ශන අන්තර් අණුක ආකර්ෂණ බලවලට අයත් වේ. අස්ථායී නිසා අයනික හා සහ සංයුජ බන්ධනවලින් වෙනස් වන අතර මේවා ඇති වන්නේ අංශුවල ක්ෂණික ධ්‍රැවීකරණය නිසාය. අණුවක හෝ පරමාණුවක ව්‍යුහයෙහි ඉලෙක්ට්‍රෝන චලන නියමිත ස්ථානයක් නොමැති නිසා ඉලෙක්ට්‍රෝන හරියටම ව්‍යාප්ත වී නොතිබීමේ හැකියාවක් ඇත. එම නිසා විද්‍යුත් ආරෝපණ ද හරියටම ව්‍යාප්ත නොවී තිබිය හැක.සරල ආකෘතිය[සංස්කරණය]වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවලට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි.තාත්වික වායු[සංස්කරණය]තාත්වික වායු ක්‍රියාවලි උපකල්පන මත පදනම වූවකි. පහත උපකල්පනසම්පීඩ්‍යතා ක්‍රියාවිචල්‍ය තාප ධාරිතාවැන්ඩවාල් බලඅසමතුලිත තාප ගතික ක්‍රියාඅණුක විඝටනය පිළිබඳව වාද හා විවිධ සංයුති යටතේ මූලික ප්‍රිතික්‍රියාබොහෝ යෙදීම් ස |
දහා ඉහත කරුණු පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස තාත්වික වායු ක්‍රියාකාරිත්වය වැදගත්වන අංශයක් වන අභ්‍යවකාශ පටලයක් නැවත පෘථිවි ගත වීමේදී ඇතිවන අධික පීඩනය හා තාපය ගැන අධ්‍යයනය කිරීම අද දින වන විට සිදුවේ.කල්පිත වායු[සංස්කරණය]පරිපූර්ණ වායු යනු තාත්වික වායු තව දුරටත් උපකල්පන යොදා සුළු කිරීමකි. එනම් සම්පීඩ්‍ය සාධකය මෙහිදී 1 වශයෙන් යොදා ගනී. එම නිසා විචල්‍ය තත්ත්ව යටතේ කල්පිත වායු නියමය පිළිපදී. ඉහත ආසන්න කිරීම් ඉංජිනේරු ශිල්පයේදී සුදුසුය. ආසන්න කිරීම් නිසා සත්‍ය සංයෝග අතර වෙනස යම් සැලකිය යුතු පරාසයක පවතියි. උදාහරණයක් ලෙස, පරිපූර්ණ වායුවේදී යොදා ගන්නා උපකල්පන මගින් මෙම විශ්මිත දහන කුටීරය තුළ සිදුවන දහනය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හා ගණනය සිදුකළ හැකිය.පරිපූර්ණ වායු[සංස්කරණය]අර්ථ දැක්වීම අනුව අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හැර ඇත. කල්පිත වායූන් හිදී කරන ලද උපකල්පන සියල්ල ද මෙහිදී උපකල්පනය කරනු ඇත. ඊට අමතරව පහත උපකල්පනද අන්තර්ගත කර ඇත.අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැර ඇත.අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැරීම නිසා පරිපූර්ණ වායුවක් පවතින අවස්ථාව චාලක වාදය හෝ ස්ථිත යාන්ත්‍රික විද් |
යාව මගින් පහසුවෙන් පැහැදිලි කළ හැකිය.පරිපූර්ණ වායුවේ අර්ථ දැක්වීම තව දුරටත් දෙආකාරයකට සරල කළ හැකි අතර සමහරක් ග්‍රන්ථ මෙය අතහැර හෝ සංයුක්ත කොට සරල කිරීම් ඉදිරිපත් කොට ඇත. පැහැදිලිව අවබෝධ කිරීමට මෙම සරල කිරීම් වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.තාපජ පරිපූර්ණ[සංස්කරණය]වායුව තාප ගතික සමතුලිතතාවේ සිටී · රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි. · අභ්‍යන්තර ශක්තිය, එන්තැල්පිය සහ විශිෂ්ට තාපය උෂ්ණත්වයේ පමණක් ශ්‍රිත වේ.e = e(T) h = h(T) de = CvdT dh = CpdT මෙවැනි උපකල්පනයක් ආදර්ශනය සදහා උපකාරීවේ. උදාහරණයක් ලෙස අක්ෂීය සම්පීඩකය ගත් විට එහි උෂ්ණත්වය තාපජ පරිපූර්ණ ආකෘතියෙන් පිට පැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. තාප ධාරිතාවට විචලනය වීමට ඉඩ ඇත, එනමුත් උෂ්ණත්වයට හා අණුවලට මැදිහත් වීමට අවසර නොමැත.කැලරික පරිපූර්ණ[සංස්කරණය]සියළුම සීමා කිරීම් හා උපකල්පන කරන ලද වායු ආකෘතියට පහත උපකල්පනය ද ඇතුළත් කරනු ලැබේ.නියත විශිෂ්ට තාපය (Constant Specific Heats)e = CvT h = CpT කෙසේ වුවත් මෙය සීමා කිරීම් අධික වූ වායු ආකෘතියක් වුවද එයට සෑහෙන තරම් නිරවද්‍ය ගණනයක් කිරීමට අවකාශ තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් අක්ෂීය සම්පීඩකයේ සම්පීඩන ක්‍රි |
යාවලිය , අප ඉහත සලකා බලන ලද උදාහරණයේදී (නියත පීඩනය තාප ධාරිතාව Cp සහ විචල්‍ය පීඩනයේ තාප ධාරිතාව Cp) සසඳන ලද සරල කිරීම් හා සිදුවන අපගමනය අනෙක් සාධක සම්පීඩක ක්‍රියාවලියට එකතු වන විට අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් Cp නියතව පැවතුණත් හෝ නැතත් එල්ල කළ හැකිය. (සම්පීඩකයෙහි අවකාශය , මායිම් ස්ථරය , ඝර්ෂණ හානිය , නිෂ්පාදන අපද්‍රව්‍යය ආදිය වේ.)ඉතිහාසමය නිපදවීම්[සංස්කරණය]ඇතැම් විට බොයිල්ගේ නියමය, අවස්ථා සමීකරණයක ප්‍රථම ප්‍රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එකතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්‍රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක.pVn = නියතයක් ලෙස ම |
ෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ.1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්‍රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී.1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.V1/T1 = V2/T2 1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක.මුළු පීඩනය = පළමු වායුවේ + 2වන වායුවේ + n වැනි වායුවේ පීඩනය පීඩනය ...... වායුවේ පීඩනයවිශේෂ මාතෘකා[සංස්කරණය]සම්පීඩ්‍යතාවය[සංස්කරණය]සම්පීඩ්‍යතා සාධකය (Z) යොදාගනු ලබන්නේ සත්‍ය වායුවක පරිපූර්ණ වායු සමීකරණය වෙනස් කිරීමෙන් ගණනය කිරීම සදහා වේ. පරිපූර්ණ වායු සමීකරණය වඩා නිරවද්‍යව යොදා ගැනීමට මෙය භාවිතා කරනා |
අතර ඇතැම් විට එය (fudge –factor) නමින් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් 2හි අගය 1ට ඉතා ආසන්න වේ.රෙනෝල්ඩ්ස් අංකය (Reynolds Number)[සංස්කරණය]තරල ගති විද්‍යාවේදී රෙනෝල්ඩ්ස් අංකය තරලයේ අභ්‍යන්තර බල හා දුස්‍රාවී බල අතර අනුපාතයක් වන අතර එය තරල ගති විද්‍යාවේදී යොදාගන්නා වැදගත් මාන රහිත අංකයක් වේ. අනෙකුත් මාන රහිත අංකයන් මෙන්ම රෙනෝල්ඩ්ස් අංකය ද ගති විද්‍යාවේ නිවැරදි බව පෙන්වන හොඳ මිණුම් දණ්ඩක් ද වේ.දුස්ස්‍රාවීතාවය[සංස්කරණය]උදාහරණ - අප මුලින් දැනගත් පරිදිම පීඩනය බිත්තියක් මත ලම්භකව ක්‍රියා කිරීම. (සාමාන්‍යයෙන්)එම බලයේ අපසාරී සංරචකය වායුවේ දුස්ස්‍රාවීතාවය මත රඳා පවතී. වස්තුවක් වායුවක් හරහා ගමන් කිරීමේදී දුස්ස්‍රාවීතා බලපෑම වඩාත් වැදගත් වේ.ආකූලතාවය[සංස්කරණය]තරල ගති විද්‍යාවේදී ආකූතාවය හෝ ආකූල ප්‍රවාහය යනු එහි ලාක්ෂණික ව්‍යාකූලවීම අනුමානිකව වෙනස්වීමයි. මෙහිදී අඩු ගම්‍යතා විසරණයක් හා විශාල ගම්‍යතා සංවහනයක් මෙන්ම කාලය හා අවකාශය හමුවේදී පීඩනය හා ප්‍රවේගය වෙනස්වීම් වේ.මායිම් ස්ථරය (Boundary Layer)[සංස්කරණය]අංශු ඒ හරහා ගමන්කරන වස්තුවක පෘෂ්ඨියට ඇලේ. මෙම අංශු ස්ථරය මායිම් ස්ථරය ලෙස හැඳින්වේ. ව |
ස්තුවේ පෘෂ්ඨය මතදී අංශුව පෘෂ්ඨයේ ඝර්ෂණය නිසා නිෂ්ඵල වී පැවතීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.මායිම් ස්ථරය සමග ඇති වස්තුවේ හැඩයට එම මායිම් ස්ථරය හරහා බලපෑමක් ඇති කිරීම මගින් එහි හැඩය වෙනස් කිරීමට හැක. තවද “මායිම් ස්ථරය” පෘෂ්ඨයෙන් වෙන් කිරීමට ද හැක. එලෙස වෙන් කිරීමේ දී අනිවාර්යෙන්ම එය නැවතත් තවත් පෘෂ්ඨයක් සාදා ගනිමින් ගලා යාමේ මාර්ගය වෙනස් කර ගනී. මේ සඳහා පැරණි උදාරණයක් නම් වායු පත්‍ර නිපදවීමයි. (stalling airfoil) උපරිම එන්ට්‍රොපිය පිළිබඳ මූලධර්මය[සංස්කරණය]මුළු නිදහස් ශක්ති ප්‍රමාණවල එකතුව අනන්තය කරා ළගා වන්නට එම පද්ධතියම එහි මහේක්ෂ අවස්ථාවට ළගාවීමට සමරූපීවම එය එහි උපරිම ගුණාකාරය බවට ද පත්වේ.තාපගති සමතුලිතතාවය[සංස්කරණය]තාපගති සමතුලිතතාවය යොදාගනු ලබන්නේ පද්ධතිය තුළ හටගන්නා ශක්ති වෙනස ප්‍රමාණවත් තරම් අණු අතර ගැටීම ඇතිවීමට තරම් විශාල කාල පරිමාණයක සිදු වන විට පරමාණු එකිනෙක වේගයෙන් ගැටීමෙන් පිටවන ශක්තිය පරමාණු තමන් සතු ශක්තිය වශයෙනුත් ශක්තිය විවිධ ප්‍රභේද වශයෙන් ද පද්ධතියේ පවතිනා මුළු ශක්තිය සියළුම පරමාණු අතර සමතුලිතතාවය පවතින පරිදි බෙදී යන්නේ නම් පමණි. (දර්ශීය පද්ධතියක වුවද මෙය සිදු වීමට |
ගතවන්නේ නැනෝ තත්පර කිහිපයක් පමණි)vteපදාර්ථයේ අවස්ථාඝණද්‍රවවායු / වාෂ්පප්ලැස්මාඅඩු ශක්තිBose–Einstein condensate · Fermionic condensate · Quantum Hall · Rydberg matter · Strange matter · සුපිරිද්‍රව · සුපිරිඝණඅධි ශක්තිDegenerate matter · QCD matter · Quark–gluon plasma · Supercritical fluidOther statesColloid · Glass · Liquid crystal · Magnetically ordered (Antiferromagnet, Ferrimagnet, Ferromagnet) · String-net liquid · SuperglassTransitionsBoiling · Boiling point · Condensation · Critical line · Critical point · Crystallization · Deionization · Deposition · Evaporation · Flash evaporation · Freezing · Ionization · Lambda point · Melting · Melting point · Regelation · Saturated fluid · Sublimation · Supercooling · Triple point · VaporizationQuantitiesEnthalpy of fusion · Enthalpy of sublimation · Enthalpy of vaporization · Latent heat · Latent internal energy · Trouton's ratio · Volatilityසංකල්පBinodal · Compressed fluid · Cooling curve · Equation of state · Leidenfrost effect · Mp |
emba effect · Order and disorder (physics) · Spinodal · Superconductivity · Superheated vapor · Superheating · Thermo-dielectric effectඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesLatviaJapanCzech Republicවෙනත්NARA වෙනත් භාවිතා සඳහා, ශාක (බහුරුත්හරණය) බලන්න.ශාකකාලීන ව්‍යාප්තිය: මුල් කේම්බ්‍රියන් යුගය සිට මෑත යුගය තෙක්, එහෙත් වැඩිදුර කියවන්න, 520–0 Ma PreЄЄOSDCPTJKPgNවිද්‍යාත්මක වර්ගීකරණයඅධිරාජධානිය:යුකැරියෝටා(unranked):ආර්කිප්ලාස්ටිඩාරාජධානිය:ප්ලාන්ටේහේකල්, 1866[1]කොට්ඨාශකොළ ඇල්ගීක්ලෝරෝෆයිටාචරෝෆිටාභූමියේ හටගන්නා ශාක (එම්බ්‍රියෝෆයිට්ස්)සනාල නොවන භූමියේ හටගන්නා ශාක (බ්‍රියෝෆයිට්ස්)Marchantiophyta—liverwortsAnthocerotophyta—hornwortsBryophyta—mosses†HorneophytopsidaVascular plants (tracheophytes)†Rhyniophyta—rhyniophytes†Zosterophyllophyta—zosterophyllsLycopodiophyta—clubmosses†Trimerophytophyta—trimerophytesPteridophyta—ferns and horsetails†ProgymnospermophytaSeed plants (spermatophyte |
s)†Pteridospermatophyta—seed fernsPinophyta—conifersCycadophyta—cycadsGinkgophyta—ginkgoGnetophyta—gnetaeMagnoliophyta—flowering plants†Nematophytesශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.වර්ධනය[සංස්කරණය]ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංශ්ලේෂණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප් |
රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂක මූල ද්‍රව්‍ය පසේත් අඩංගුවේ.බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහාද මූල පද්ධතිය වටා ඇති ඔක්සිජන් ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවල වර්ධනය වේ.අර්ථ දැක්වීම[සංස්කරණය]ඇරිස්ටෝටල් විසින් සියළුම ජීවි ද්‍රව්‍ය ශාක (සංචරනය කල නොහැකි) සහ සත්ව (සංචරනය කල හැකි සහ ආහාර ද්‍රව්‍ය සොයා ගමන් කල හැකි) ලෙස කොටස් දෙකකට බෙදන ලදී. ලිනේයස්ගේ වර්ගි කරණයේදී ඔහු මේවා ශාක (Metaphyta හෝ Plantae) සහ සත්ව (Metazoa) රාජධානි ලෙසද වර්ගි කරණය කරන ලදී. එතැන් පටන් ශාක රාජධානිය විවිධ ඒහා අදාල නොවන කාණ්ඩ සමගද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණි. ඒවා නම් දිලීර වර්ග සහ ඇතැම් ඇල්ගි විශේෂයි. මේවා පසුකාලීනව අලුත් රාජධානියකට වෙන්කර හරින ලදී. කෙසේ නමුත් මේවා බොහෝ අවස්ථා වලදී තව දුරටත් ශාක රාජධානියට අන්තර්ගත ලෙස සලකනු ලැබේ. ශාක යන නාමකරණය යම්කිසි විශේෂ අවස්ථාවකදී යොදා ගත හොත් එය සාමාන්‍යයෙන් එකි වර්ග තුනෙන් එකකට අයත්වේ. කුඩාම සිට විශාලතම අවස්ථාව දක්වා ම |
ෙකි වර්ගිකරණයන් තුල පහත පරිදි වේ. • ගොඩබිමෙහි ඇති ශාක - මේවා Embryophyta හෝ Metaphyta ලෙසද හැදින්වේ. කුඩාම ශාක වර්ගීකරණ කුලකය පහතින් නිරූපණය කර ඇත. • හරිත ශාක - මේවා Viridiplantae, Viridiphyta හෝ Chlorobionta ලෙසද නම් කෙරෙන අතර ඉහතින් සදහන් කරන ලද Embryophyta, Charophyta සහ Chlorophyta (කොළ පැහැ ඇල්ගි වර්ග) වර්ගයට අයත්වෙයි. • Archaeplastida මේවා ශාක sensu lato ලෙසද හැදින්වේ. Plastida හෝ Primoplantae වලට ඉහති කී කොළ පැහැති ශාක අන්තර් ගත වන අතර Rhodophyta (රතු ඇල්ගි) සහ Glaucophyta වන්ද අයත්වෙයි. පුළුල්ම ශාක වර්ගි කරණයේදී මෙහි බොහෝමයක් වු සුනෂ්ටිකයෙන් අන්තර්ගත වන අතර ඒවා ඔවුන්ගේ chloroplast ලබාගෙන ඇත්තේ සයනෝ බැක්ටිරීයාවන් භක්ෂණය කිරීමෙනි. වෙනත් ආකාරයකින් කිවහොත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන වෙනත් ජිවීන්ද ශාක ලෙස හැදින්වෙන අතර ඒවා සම්ප්‍රදායික වර්ගිකරණයට අන්තර්ගත නොවන අතර ඔවුන් සැබෑ ශාක වලට සමීප සම්බන්ධතාවයක් නොපවත්වයි. ශාක විශේෂ 375000 ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර සෑම වසරකදීම අළුතින් ශාක විශේෂ කිහිපයක් සොයා ගන්නා අතර ඒ පිළිබඳව විග්‍රහ කරනු ලබයි.ඇල්ගී[සංස්කරණය] අර්නස්ට් හේකල්ගේ කුන |
්ස්ට්ෆොර්මන් ඩර් නටූර්, 1904 වෙතින් හරිත ඇල්ගිබොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එයි. මෙම ඇල්ගි අතුරෙන් වඩාත් පැහැදිලි විශේෂය වනුයේ ශාක සමුද්‍ර විශේෂයි. මොවුන් බහු සෛලික ඇල්ගි විශේෂ වන අතර දළ වශයෙන් භෞමික ශාක වලට සමානකම් දක්වයි. නමුත් මේවා කොළ, රතු සහ දුඹුරු ඇල්ගි ලෙසට වර්ගිකරණයක් සිදු කරනු ලබයි. මෙකී එක් එක් ඇල්ගි වර්ගද විවිධ අන්වීක්ෂීය සහ එක් සෛලික විශේෂ ලෙසට වර්ගීකරණය කර ඇත. ඇල්ගි වර්ග අතරින් වර්ග දෙකක් පමණක් භෞමික ශාක වලට (Emvriophytes) සමීප සම්බන්ධතාවයක් ඇතැයි සැලකේ. මින් මුල්ම කාණ්ඩය වනුයේ Charophyta වන් වන අතර එමගින් embryophyta වන් ඇති වු බවට සැලකේ. Emdryophyte සහ Charophyte යන කාණ්ඩ දෙකෙහි සංකලනයන් හරිත ඇල්ගි වල (Chlorophyta) දක්නට ඇති අතර මෙහි වඩාත් පැහැදිලි නොවු කාණ්ඩය එක්ව ගත් කල හරිත ශාක හෝ viridiplantae ලෙසට හැඳින්වේ. ශාක රාජධානිය මෙකි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්ය |
ම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළුම වර්ග වල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සැදුම් ලත් අතර හරිත වර්ණක A සහ B අන්තර්ගත හරිතප්‍රද ඇති අතර ආහාර ද්‍රව්‍ය පිෂ්ඨය ලෙස ගබඩා කරනු ලැබේ. ඔවුන් තර්කුවක් නොමැතිව අනුනන විභාජනයට ලක්වන අතර පැතලි මියර සහිත මයිටකොන්ඩ්‍රියාවන් අන්තර්ගත වේ. හරිත ශාක වල හරිත ලව පටල දෙකකින් ආස්තරණය වී ඇති අතර එමගින් ඔවුන් සයනෝ බැක්ටිරීයාවන්ගෙන් සම්භවය වී ඇති බවට සාක්ෂි ඇත. මෙය අනෙකුත් ඇල්ගි වර්ග දෙක වන Rhodophyta හෙවත් රතු ඇල්ගි සහ Glaucophyta සදහාද සත්‍යවේ. මෙම සියළුම කාණ්ඩ තුන සදහා පොදු සම්භවයක් අතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් Archaeplastida නම් වර්ගිකරණයට යටත් වෙයි. මීට අමතරව බොහෝමයක් අනෙකුත් ඇල්ගි වර්ග (උදා - haterokonts, haptophytes, dinoflagellates සහ euglenids) සදහා ද ආස්තරණ පටල තුනකින් හෝ හතරකින් ආවරණය වු හරිත භක්ෂණය පවතී. ඔවුන් හරිත ශාක වල සමීප ඥාතීන් නොවන අතර එහි හරිත ලව ලබාගෙන ඇත්තේ රක්ෂණය කරන ල හෝ සහජීව චර්යා පෙන්වන ද හරිත හෝ රතු ඇල්ගි වලිනි. දිලීර[සංස්කරණය]දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර |
ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.දිලීර ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.ව්‍යුහය, වර්ධනය හා විකසනය[සංස්කරණය]ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යය වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංස්ලේශණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවී |
මේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂණ මූල ද්‍රව්‍ය පසේත්අඩංගුවේ. බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහා මූල පද්ධතිය වටා ඔනක්සිජන් ද අවශ්‍ය වේ. කෙසෙ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවලද වර්ධනය වේ .පාරිසරික විද්‍යාවට අනුව ශාකවල වැදගත්කම[සංස්කරණය]අර්තාපල් ශාකය:-යුරෝපීය ජාතිකයන් 1400 අග සහ 1500යේ මුල භාගයේදී ඇමරිකානුවන් සමඟ සම්බන්ධවීමෙන් පසුව අර්තාපල් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවූ අතර එතැන් පටන් එය වැදගත් ක්ෂේත්‍ර බෝගයක් බවට පත් වී ඇත.මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිත විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිත විද්‍යාව ප්‍රධාන වශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.