text
stringlengths
0
1k
මාන වක්ත්‍ර සජීවනය සාමාන්‍යයෙන් පාදක කර ගනියි. රූප මත රූපජනනය කෙරුම වනාහී නිශ්චල රූප යුගලයක් අතරතුර හෝ සදෘශ්‍ය පටිපාටීන් වෙතින් වූ රූප රාමු අතරතුර හෝ අතරමැදි සංක්‍රාන්තිමය රූපයන් නිමැවීම සඳහා අවකාශ සලසන ශිල්පක්‍රමයකි. මෙම රූපජනන ශිල්පක්‍රම සාමාන්‍යයෙන් සමන්විත වන්නේ ඉලක්ක රූප පෙලගස්වන්නාවූ ජ්‍යාමිතික විරූපණ ශිල්පක්‍රම සංයුක්තයකින් සහ, රූප වයනයෙහි සුමුදු සංක්‍රාන්තිය නිමවන අතුරු-මලැයීමකිනි. මයිකල් ජැක්සන්ගේ "බ්ලැක් ඕ වයිට්" නමැති සදෘශ්‍යය තුල රූප විෂයයෙහි රූපජනනය කිරීම පිළිබඳ මුල් නිදසුනක් හමුවෙයි. ජීවවිද්‍යාත්මක සහ පරිගණනමය අධ්‍යයනය පිළිබඳ එම්අයිටී කේන්ද්‍රයෙහි සේවය කල එසාට් සහ පොගියෝ විසින් 1997 දී මයික්ටෝක් නම් පද්ධතියක් නිර්මාණය කල අතර එය විසින් රූපාණු නිරූපණය කරමින් රූප වල ප්‍රධාන රාමු අතර රූපජනනය සිදුකරන්නේ කථන සජීවනය තැනීමටයි.රූප මගින් සජීවනය සිදු කිරීමෙහි තවත් අයුරක් සමන්විත වන්නේ සදෘශ්‍යයකින් අත්පත් කරගත් පටිපාටි එකිනෙක සංදාමායනය කිරීමෙනි.ත්‍රිමාන සජීවනය[සංස්කරණය]පරිගණකගත මුහුණු සජිවීකරණයේ ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස ත්‍රිමාණ හිස් ආකෘති දැක්විය හැක. මුල් කාලීනව සජිවිකර
ණ ය සඳහා පරිගණකගත හිස් ආකෘති කරන ලද්දේ පාකේ (parke) විසිනි. මෙම ආකෘතිය පාලනය වුයේ හදුනාගත් ප්‍රකාශක හා අනුගතයන් සමූහකිනි. ප්‍රධාන ලක්ෂණ වන ඇස්,‍තොල්, පෙර සඳහන් කළ කණ්ඩායම විසින් පාලනය කරනු ලබයි. මෙම අංග ලක්ෂණ (facial actions) වෙනස් කිරීම තුළින් හිස් ආකෘතියට නව පෙනුමක් ලබා දිය හැක. පසුව සඳහන් කළ අංග ලක්ෂණ මඟින් තොල් විහිදුවීම හෝ ඇස් වැසීම වැනි ක්‍රියාකාරකම් කල හැක. පසුව අනෙක් පර්යේෂකයන් විසින් වැඩි අංග ලක්ෂණ හා නම්‍යශීලීතාවක් ලබා දෙන ලදී. සාමාන්‍ය ආකෘති ඇරඹීමේ විවිධ ක්‍රම හඳුන්වාදී ඇති අතරම ඒවා සාර්ථක ලෙස නිෂ්පාදනය කර ඇත. ජ්‍යාමිතික ආකෘති ක්‍රම භාවිතා කිරීම සාර්ථක ක්‍රමයක් වන්නේ එහි දී සීමිත පරිමාණ කිහිපයක් අංක ලක්ෂණ මුහුණු යෙදීම සඳහා භාවිතා කිරීම නිසාය. MPEG 4 සම්මතයට අනුව අවම පරිමාන සංඛ්‍යාවක් නියම කරයි.සජිවීකරණය කරනු ලබනනේ කාලානුරූපව පරිමාන වෙනස් කිරීම තුළිනි මුහුණත් සජිවීකරණයේ සම්ප්‍රදායික ක්‍රම පහත පරිදි වේ.1. Shapes/morph targets2. bones/cages3. skeleton - muscle system4. Motion capitul an points on the face5. knowledge based solver deformations1. Shape based systems
මඟින් ක්ෂණික මාරු වීම මෙන්ම වැඩි හැගීම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ද ඇත. මෙම ක්‍රමවේදය මුහුණේ කොටස් වල හැගීම් එක්කර එනම් තවත් කුඩා දැල් වලට සම්පූර්ණ මුහුණත දැල බෙදා වෙන්කිරීමක් සිදුකරයි. මෙලෙස ඉදිරිපත් කල සාර්ථක චරිතය ලෙස ලෝර්ඩ් ඔෆ් ද රින්ග් (Lord of the Rings) චිත්‍රපටයේ ගොලමි (Gollum) චරිතය හඳුන්වා දිය හැක. මෙම ක්‍රමයේ අවාසිය වන්නේ සාර්ථක නිර්මාණයක් කිරීමට අධික ශ්‍රම පිරිසක් යොදා ගැනීමට සිදුවීමයි.2. Skeletal Muscle system මඟින් හිසේ හා මුහුණෙහි ආකෘති ඇඹීමට වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරයි. මෙහි දී ශරීර ස්ථාන හා අවයව ජීවමය ස්වරූපයක් ගැනීම සඳහා සම, ඇටසැකිලි නිරූපණය කිරීමක් සිදුකරයි. මෙම ක්‍රමවේදය භාවිතා කිරීම තුළින් ජීවමය පෙනුමක් ලබා ගත හැකි මුත් ඉතා සංකීර්ණ ක්‍රියාදාම සිදුකිරීම සිදුවන නිසා පරිගණකය වියදම අධික වන අතරම අසීරුතාවය වැඩි වීමක් ද සිදුවේ. Parametanied ක්‍රමය හා සසදන විට වැඩි පිරිසකගේ මතය වන්නේ මෙම ක්‍රමය වඩා කාර්යක්ෂම තේරීමක් නොවන බවයි. නමුත් මෙමඟින් ඇති වාසිදායක අංග වන වැඩි අංගලක්ෂණ පෙන්වීමට ඇති හැකියාව නිසා අවස්ථානුකූලව යොදාගත හැක. වෝටර්ස් (waters) ටෙස් පොලොයුස් (Te
rxopoulos) කේලාර් (Kehler)හා සිඩෙල් (Seidel) යන නිර්මාණකරුවන් මුහුණත සජිවිකරණ ක්‍රමවේද නිර්මාණය කර ඇත.3. Envelope Bones හෝ Cage බොහෝ විට පරිගණක ක්‍රිඩා වල භාවිතා කර ඇත. එයට හේතුව ඒවා සරල මෙන්ම වේගවත් ආකෘති නිපදවීමට ඇති හැකියාවයි.4. Mation capture ක්‍රමය වස්තුව වටා කැමාවන් යෙදීමක් සිදුකරයි. සාමාන්‍යයෙන් වස්තුව වටා දර්ශන තැටි හා චල යන්ත්‍ර සවිකර අවකාශයෙන් අදාල වස්තුවට අයිති ප්‍රමාණය ඉහතා නිවැරදි ලෙස ගණනය කරනු ලබයි. පසුව කැමරාවන් වලින් හසුකරගන්නා ත්‍රිමාණ පරිගණක වැඩසටහනට පරිවර්තනය කිරීමක් සිදු කරයි. ‍මෑතක් වන තුරු දත්ත ලබා ගන්නා යන්ත්‍ර වල ඇති විශාල බව නිසා Motion capture තාක්ෂණය මුහුණත සජිවීකරණයට නුසුදුසු විය. නමුත් පසුකාලයේ දී උපාංග කුඩා වන විටක් සමඟ මෙම ක්‍රමය මුහුණත සජිවිකරණයට යෙදීම පහසු විය. facial motion capture ක්‍රමය පෝලර් එක්ස්ප්‍රස් (polar Expresc) චිත්‍රපටියේ දී යොදාගන්නා ලදී. මෙම චිත්‍රපටියට සාර්ථක වූ නමුත් විචාරකයන් පවසන ලද්දේ මෙහි චරිත වලට ජීවමාන ස්වාභාවයක් ලබා දීමට නොහැකි වී ඇති බවයි. එනම් මිනිස් ඇසට පෙනෙන මානයේ ජීවමය ස්වරූපයක් තිබුණත් හැගීම් ප්‍රකාශ කි
රීමට අපොහොසත් වී ඇති බවයි. Motion capture ක්‍රමයේ දී ඇති වන අසීරු බව වන්නේ ලබා ගන්නා දත්ත එතරම් උසස් තත්වයේ නොතිබීමයි.5. Deformation Solver ක්‍රියාදාමයට උදාහරණයක් ලෙස හැඳින්විය හැක. face robotකථන සජීවනය[සංස්කරණය]වාචික පණගැන්වීමත්, වක්ත්‍ර අභිනයයන් පණගැන්වීමත් එකිනෙකට වෙනස්ය. මක් නිසාද යත් සජීවිකරණට එළැඹීමට ඇති සරල ප්‍රධාන රාමුවන්, සැබෑ වාචික ගති විද්‍යාවන් වලට දුර්වල පිවිසුම් සපයන බැවිනි. කමනයන් ලබා ගැනිමේ ප්‍රධාන මාර්‍ගය ලෙස Visemes යොදා ගනී. (නියමිත ශබ්ද කොටසක් නිර්මාණය කිරිමේ දී තොල්, හක්ක සහ දිව පිහිටන ස්ථානය) කෙසේ වෙතත් ස්වාභාවික ශබ්දයන් නිර්මාණය කිරීමේ දී, වටිනා වෙනස් ප්‍රභේදයක් කිහිපයක් Visemes තුළ ඇත. මෙම වෙනස් ප්‍රභේදයන් වල මූලය Coarticulation ලෙස හඳුන්වන අතර එය Visemes වල පිහිටා ඇති ආකාරය නිසා ඇතිවූ බලපෑමකි.Coarticulation වලට ගණන් තැබීමේ දී දැනට පවතින පද්ධතීන්, Visemes හි ප්‍රධාන රාමුන් යොදා ඇති ආකාරය හෝ වචන, වැනි යොදා ඇති ආකාරය මෙන්ම diphone, triphone, syllable වැනි පද්ධතීන් යොදාගෙන ඇති ආකාරයද සැලකිල්ලට ගනී. chen සහ Massaro විසින් හදුන්වා දෙන
ලද ප්‍රමුඛ මෙවලම් භාවිතය මඟින් වාචික සජිවිකරණයට මූලික අඩිතාලමක් විය. වාචික උච්චාරණය කෙරෙහි viseme හි බලපෑම මෙම සෑම මෙවලමක් මඟින්ම පාලනය කරයි. viseme හි මධ්‍යයේ දී මෙම බලපෑම විශාල විය හැකි අතර එමඟින් viseme මධ්‍යය තෙක් ඇති දුර අඩු කරයි. වාචික පරාවක්‍ර ගොඩනැගීමට රේඛා එකතු වී ඇති ආකාරය එයට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම සෑම මෙවලමකම හැඩය එමඟින් පාලනය කරන්නා වූ මුහුණේ ආකාරය මතත්, එහි ඇති viseme මතත් රඳා පවති. මෙම පරිගණකයෙන් සිදුකරන්නා වූ වාචික සජිවිකරණය Baldi නමැති කතා කරන හිස තුළ දක්නට ඇත.අනෙකුත් වාචික මොඩියුල viseme වෙනුවට පද සම්බන්ධයක් ඇති මූලික ඒකක යොදාගනි. සබඳතාවය අනුව සෑම viseme හිම වෙනස්වීමෙ මූලික ඒකකයන්හි අන්තර්ගත කර ඇති අතර viseme හි සමහර ඒකකයන් සඳහා Coarticulation මොඩියුල අවශ්‍ය නොවේ. දත්ත පද්ධතියන් මඟින් සුදුසු ඒකකයක් ‍තෝරා ගෙන කතනය ගොඩනඟා ඇති අතර මෙය වාචික සංකලනයට අනුබද්ධ නොයෙකුත් තාක්ෂණික ක්‍රමශිල්ප වලට සමානවේ. මෙම ඒකකයන්හි ඇති අවාසියක් නම් ස්වාභාවික ප්‍රතිඵලයන් ලබාදීම සඳහා එකතු කරගත් දත්ත විශාල ලෙස අවශ්‍ය වීමයි. මෙයට අවශ්‍ය දත්ත ගබඩාවේ ප්‍රමාණය එම ඒකකයන්හි ප්‍රම
ාණයන් මත රඳා පවතී.අවසාන වශයෙන් සමහර ඒකකයන් විසින් වාචික සජිවීකරණය සෘජු ලෙසම ශබ්ද මඟින් නිෂ්පාදනය කරයි. මෙම පද්ධතින් බොහෝ විට hidden marker මොඩියුල ‍හෝ ස්නායු ජාලයන් ශබ්ද පරාමිතීන් වක්ත්‍රීය මොඩියුල බවට පරිවර්තනය කිරිමට යොදා ගනි. මෙම ක්‍රමයේ ඇති වාසින් නම් සංකීර්ණ ඇල්ගෝරිතම භාවිතයෙන් තොරව ශබ්ද පාලනයට ඇති හැකියාවත්, රිද්මය, තාල වේගය පාලනය කිරිමට ඇති හැකියාවත්ය. phoneme හෝ viseme අවශ්‍ය ‍නොවන නිසා මෙයට දත්ත ගබඩාවක් ද අවශ්‍යවන්නේ නැත. මෙයට අවශ්‍ය එකම දත්තය වන්නේ ශබ්ද හා සජීවිකරණ පරාමිතීන්ය. මෙයට නිදසුනක් ලෙස Johnie කථන පද්ධතිය පෙන්වා දිය හැකිය.මෙම ලිපිය හෝ ලිපි කොටස වැවිලි කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ස්වභාවික නැවත වගා වන වනාන්තරවලට සාපේක්ෂව වතු වගාව වයස් දර්ශීයව සම වයස්වල වගා වුණු ඒක ජීවී වගාවකි. මූලිකව දැව ලබා ගැනීම සඳහාය.· වතු වගා සෑම විටම ඒක ජීවී වගාවන්ය. එනම් එකම විශේෂයකට අයත් ගස් තෝරා ගත් බිමක් පුරා සිටු වීමයි. නමුත් ස්වභාවික වනාන්තර සමන්විත වනුයේ බොහෝ විවිධ වූ පරාසයක පවතින ශාක විශේෂයන්ය.· වතු වගාවල ගස් විශේෂ කීපයක් තිබිය හැකි නමුත් ඒවා එම බි
මෙහි ස්වභාවිකව ඇති වු ඒවා නොවිය හැක. ඒවාට කෘත්‍රීම වර්ග එනම් දෙමුහුම් සහ ජානමය වශයෙන් වැඩි දියුණු කළ විශේෂ අයත් විය හැක. මක් නිසාද යත් මූලිකවම වතු වගාවල අරමුණ දැව හෝ කල්ක නිපදවා ගැනීමයි. වතු වගාවල හමුවන ගස් වර්ග කර්මාන්ත උපයෝගීතා සඳහා වඩාත් හොඳින් ගැලපේ. උදාහරණයක් ලෙස Pine, Spruce සහ eucalypts ඒවායේ ස්වභාවික පරාසයට වඩා බහුලව වගා කරනුයේ ඒවායේ සීග්‍ර වගා වේගය, දුර්වල නැත්නම් පහත වැටුණු කෘෂි බිමට ඔරොත්තු දිය හැකි සහ විශාල ධාරිතාවයකින් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව නිසයි.· පරිසර විද්‍යාත්මක වචනයෙන් සැලකූ විට වතු වගාවන් යොවුන් වනාන්තරයි. දර්ශීයව වතු වගාවල වගා කරන ලද ගස් වසර 10-60 අතර කාලයක දී නෙලා ගැනේ. කලාතුරකින් වසර 120ක් දක්වාය. එහි අරුත වතු වගාවලින් ඇති වූ වනාන්තරවල වර්ධන විලාසය, පස හෝ වන ජිවීන් දර්ශීය ස්වභාවික වනාන්තර පරිසර පද්ධතියක මෙන් නොමැත යන්නයි. දිරා පත් වෙමින් පවතින මැරුණු දැව, ස්වභාවික වනාන්තර පරිසර පද්ධතීන්වල අත්‍යාවශ්‍ය සංඝටක නොමැති වීම වඩාත් ප්‍රත්‍යක්ෂයි.1970 වසරවල දී බ්‍රසීලය ඵලදාව වැඩි, පරිශ්‍රමයකින් පාලනය කෙටි භ්‍රමණයන් සහිත වන වගාවන් ආරම්භ කරන
ලදී. මෙවැනි වතු වගාවන් ඇතැම්විට වේගවත්ව දැව ලැබෙන වතු හෝ fiber farms ලෙස හඳුන්වයි. නිතරම කෙටි භ්‍රමණයන් පදනම් කරගෙන පාලනය වේ. අවු - 5-10 ලෙස හැකි තරම් කුඩා කාලයකි. ඒවා දකුණු ඇමරිකාව, ආසියාව සහ අනෙකුත් ප්‍රදේශ පුළුල් ලෙස පැතිර යමින් පවතී. මෙම වතු වගාවලින් ඇති වන පාරිසරික හා සමාජමය බලපෑම් වාදය කළ හැකි තත්වයට පත්ව ඇත. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ විශාල බහුජාතික කල්ක නිපදවවන සමාගම් ස්වභාවික වනාන්තරයකින් විශාල ප්‍රදේශයක් නැවත වගා වීම කෙරෙහි නොසලකා නෙලාගෙන තිබේ. 1980 සිට 2000 වන විට ඉන්දුනීසියාවේ කල්ක දැව වතු වගා හෙක්ටයාර මිලියන 1.4කින් 50%ක් පමණ ස්ථාපිත කර තිබෙනුයේ පෙර පැවති ස්වභාවික වන බිමක් ලෙසය.ස්වභාවික වනාන්තර වතු වගාවන්වලින් ආදේශ වීම සමාජීය ප්‍රශ්න ඇති වීමටත් හේතු වේ. ඇතැම් රටවල්වල විශේෂයෙන් ඉන්දුනීසියාවේ ස්වභාවික වනාන්තර වල මාරුවීම කරනුයේ දේශීය පුද්ගලයන් සඳහා සාධාරණකම් ගැන සුළු තැකීමකිනි. වතු වගාවන් හුදෙක්ම පිහිටුවා ඇත්තේ කෙඳි නිපදවීම සඳහා වන අතර ඒවායින් මූලික ස්වභාවික වනාන්තරවලින් දේශීය පුද්ගලයන්ට සැලසෙන සේවාවන්ට වඩා පටු පරාසයකින් සේවා සැලසේ. මෙම හානිය අවම කිරීම සඳහා ඉන්දියාව සොයාගෙ
න තිබෙන්නේ එක් පුද්ගලයෙකුට අයත් වන භූමි ප්‍රමාණය සීමා කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා වතු වගාවන් හිමි දේශීය ගොවීන් දැව විශාල සමාගම්වලට විකුණති. ඇතැම් විශාල පරිසර සංවිධාන මෙම වැඩි අස්වැන්නක් ලැබෙන වතු වගා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන අතර වතු වගා විරෝධී විරෝධතා දියත් කරයි. විශේෂයෙන් Rain forest Action Network වැසි වනාන්තර ක්‍රියාකාරී ජාලය සහ Greenpeace.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Plantation#Criticism_of_industrial_plantationsසේවක විනය යනු[සංස්කරණය]සරලව ගත්විට විනය යනු යහපත් හැසිරිමයි. නැතහොත් ශික්ෂණයි. සේවක විනය යනු "ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නිත්‍යානූකූලව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ සම්මත අපේක්ෂිත හැසිරිම්ය." සංවිධානයක අරමුණූ හා පරමාර්ථ ඉටු කරගැනිමට පිහිටුවා ගත් රැකියා කාර්යඵල ප්‍රමිති, ක්‍රියාපටිපාටි, නීතීරීතී ,යනාදියට අනුකූලව සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිම විනය පරිපාලනය වේ.ඕනෑම ආයතනයක මනා ක්‍රියාකාරිත්වය සඳහා සේවක විනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය .රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක අරමුණු සාර්ථකව ඉටූ කිරිම සඳහා එම ආයතනයේ නීතී මා
ලවකට අනුකූලව ක්‍රියා කළ යුතුය. මෙම ක්‍රියාකාරිත්වය යහපත් විනය පද්ධතියක් තුලින් ඇතිවන අතර ආයතනයේ නිෂ්පාදනය හෝ සේවාව මනා ලෙස හා කාර්යක්ෂම ව පවත්වා ගෙන යාමට විනය පිටුවහලක් වේ.ඕනෑම සේවකයකු සේවා කොන්ත්‍රාත්තුවක් යටතේ ආයතනයට බැඳුණූ පළමු දිනයේ සිට එම ආයතනයේ බලාපොරොත්තු වන විනය මට්ටමට අනුව ක්‍රියාකිරිමට යටත් වේ.සේවක විනයේ අරමුණු[සංස්කරණය]ආයතනය විසින් පනවන ලද නීතිරීතී පිලිගැනීම.ප්‍රකාශිත කොන්දේසි හා හැඟවෙන කොන්දේසි පිලිගැනීම.තමාගේ වැඩ පරිසරය තුළ එහි එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන අයුරින් නීතීගරුකව හැසිරිම.වැඩ පරිසරයෙන් පිටතදි ආයතනයට ආයතනයේ කීර්තීනාමයට අගෞරවයක් නොවන අයුරින් හැසිරිම .විනය වර්ග[සංස්කරණය]ප්‍රධාන 02 කට බෙදිය හැකිය.ගොනුව:Employee discpline.JPG1)වලක්වාලීමේ විනයවිනය නීතීරීති උල්ලංඝනය නැතහොත් විනය කඩකිරීමක් ඇතිවීමට පෙර සේවකයින්ගේ වැඩ හා චර්යාවපාලනය කිරිමට පියවර ගැනිම" වලක්වාලීමේ විනය" ලෙස අදහස් කෙරේ.සංවිධානයක අරමූණු ඉටුකිරීමට ඇති කරන ලද ප්‍රමිති සහ නීතීරීතී පිළිබඳ අවබෝධයක් ලබාදීම මගින් ඒවා අනුගමනය කිරිමට සේවාදායකයන් විනය මගින් සිඳුවේ. වලක්වාලීමේ විනය සම්බන්ධයෙන්
සුඳුසු වාතාවරණයක් ඇතිකිරිමේ වගකීම කළමනාකාරිත්වය වෙත පැවරේ. මෙවැන්නකදි ,සෑම සේවකයෙකුටම ආයතනයේ නීතීරීතී සහ ප්‍රමීතින් සම්බන්ධව දැනුවත් කිරිම .සෑම නීතීයකම සහ රීතීයකම අරමූණු සේවකයන්ට පැහැදිලි කල යුතුය.සේවක සහභාගීත්වය තුලින් නීතීරීතී පැනවීම හා සංශෝධනය.නීතීරීතී විධානයක ස්වරූපයට වඩා ඉල්ලීම් ස්වරුපයෙන් ඉදිරිපත් කිරීම.උදා(ආරක්ෂක හිස් වැසුම් පළඳිනු)වශයෙන් නොව(පළමුව ඇරක්ෂාව)වශයෙන් දැක්වීම.ස්වයං විනයක් පවත්වා ගැනීමට දිරි දිම.2)නිරවද්‍ය විනයවිනයනීතිරීතිඋල්ලංඝනය විම් නැතහොත් කඩවිම් වලින් පසුව සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිම නිරවද්‍ය විනය ලෙස හැදින්විය හැක .විනයකඩ වූ අවස්ථාවන්හිදි ඒවා මතු සිඳුවීම වැලක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම නිරවද්‍ය විනයයි .ප්‍රමිති නීතිරීති වලට අනූකූලවන ලෙස සේවකයින්ගේ අනාගත වැඩහා චර්යාව සැකසිම පිණිස අනාගත උල්ලංඝනයන් අධෛර්මත්කිරීම නිරවද්‍ය විනයෙන් අපේක්ෂා කෙරේ.නීතිරීති උල්ලංඝදීනයේදි ඒවා නැවත ඇතිවීම වැලක්වීම පිණිස දඩූවම් දීමට අවශ්‍ය වේ. නීතීරීති උල්ලංඝනය වරදකි. ඒ සඳහා දඩූවම් දිය යුතුය .ඒවා විනයානුකූල ක්‍රියමාර්ග නමින් හඳුන්වයි.විනයානුකූල ක්‍රියමාර්ගයක අරමුණ
ු 03 කි.වරදකළ සේවාදායකයා වරදින් මුදවා යහපතෙහි යෙදවිම.අන් සේවාදායකයන්ට අනතුරු ඇඟවීමෙන් සමාන වැරදි ඇතිවීම වැලක්විම.එලදායී නීතීරීතී ප්‍රමිති සහප්‍රතිපත්ති පවත්වාගෙන යාම.නිරවද්‍ය විනයේදී "රත්වූ උඳූන් රිතිය" යන මුලධර්මය යොදා ගනි. මෙම රිතියෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු රත් වූ උඳූනක් ඇල්ලිමෙන් ඇති වන්නාවූ ප්‍රථිපල හා සමාන ප්‍රථිපල විනය නීතීකඩ කිරිමෙන් ද ඇතිවන බවයි.මෙමගින් ලක්ෂණ 4 ක් විදහා දක්වයිඅනතුරු ඇඟවීමරත් වූ උඳූනින් පුද්ගලයින් පරිස්සම් විය යුතුයඑයට අත තැබුවොත් පිළිස්සේ එමෙන්ම විනය නීතීකඩකළහොත් දඩුවම් විදිමට සිඳුවන බව සේවකයින්ට අනතුරු ඇඟවීම.ක්ෂණික ප්‍රතිචාරයරත් වූ උඳූනට අත තැබුසැනින් පිළිස්සේ එමෙන්ම යම් විනය නීතීකඩකළහොත් එම සැනින් දඩුවම් ලබාදිය යුතුයඑසේ නොමැතිව කාලයක් ගත වීමෙන් වරදට දඩුවම් ලබා ුන් විට එම වරද පවා සේවකයාට අමතක විය හැකිය.අනුරූපි බවපුද්ගලයා උඳූන මත අතතැබු ප්‍රමාණය අනූව පිළිස්සේ.එක් ඇඟිල්ලක් තැබුවොත් එම ඇඟිල්ලද අත තැබුවොත් මුලු අතමද පිලිස්සේ .ඵලෙස වරදේ ප්‍රමාණය අනුව දඩුවම ලබා දිය යුතුය වැරද්දේ සුලු හෝ බරපතල කම අනුව දඩුවම ලබා දිය යුතුයඅපක්ෂපාතිත්වය
.උඳුන මත කුමන තරාතිරමක කෙනෙකු අත තිබුවද පිලිස්සේ. බාල මහලු වශයෙන් කවරෙකු අත තැබුවද පිලිස්සේ. ඒ ආකාරයට වැරද්ද කවර තරාතිරමක අයෙකු කලද දඩුවම ලබා දිය යුතුය.නිරවද්‍ය විනයේ ස්වරූප 02කි.ධනාත්මක ප්‍රවේශය/යහවාදි පාලන ක්‍රමයමෙම ප්‍රවේශයේ දි වරදින් මූදවාගැනීම නිරවද්‍ය කරවීම සහ යථාතත්වයට පත්කිරිම සිදුකරයි.මෙහිදි සේවකයා ප්‍රතික්ෂේප නොකර වරද ප්‍රතික්ෂේපකරයි.මේ සඳහාසැන්ඩ්විච් ආකෘතියවර්ධිත විනය යොදා ගනිවර්ධිත විනයපළමූවරටවිනය කඩකිරිම සඳහා දෙනුලබන දඬුවමට වඩා බරපතලකම අනූව වැඩි දඬුවමක් යළිත් වරක් කරනු ලබන විනය කඩකිරිමකදි ලබාදීම පළමූවරට විනය වරදක් වු විට සේවකයාට නිරවද්‍ය ක්‍රියාමාර්ගයක් ගැනිමපිණිස අවස්ථාව ලබාදීම වර්ධිත විනයේ අරමුණයිසැන්ඩ්විච් ආකෘතියමෙම ආකෘතිය වර්දර් සහ ඩේවිස් ඉදිරිපත් කරන ලදි. මෙයටඅනූවසේවකයා ගේ විනය විරෝධි අසතුටුදායක චර්යාව හෝ පුරුද්ද හෝ ක්‍රියාව සේවකයාට පිලිගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරිම සඳහා.වර්ණනා දෙකක්.අතරට මැදි කොට ඉදිරිපත් කෙරේ.ඍණාත්මක ප්‍රවේශය/ අයහවාදි පාලන ක්‍රමයවරද කල සේවකයාට පෞද්ගලික වෛරය ක්‍රෝධය පළිගැනීම හිංසා කිරීම ප්‍රතික්ෂේපකිරීම සහ අනර්ථ කිරීම යනිද
ි තත්වයන් මත පියවර ගැනිම මින් අදහස් වේ.මෙහිදි සේවකයන් වැරදි නොකළ යුතුය .යන්නපිළිගැනේ මෙම ප්‍රවේශයෙන් අයෝග්‍ය අතුරු ප්‍රතිපල රාශියක් ඇතිවේ. ගැටුම් උදාසිනකම් නොපැමිණිම් සිදුවිය හැක .විෂමාචාර සහ දඩුවම්[සංස්කරණය]විෂමාචාරයක් යනු ප්‍රකාශයට පත් කර ඇති හෝ නොමැති සේවා කොන්දේසියකට හෝ නොමැති සේවා කොන්දේසියකටහෝ නියමයකට පටහැනි හා ආයතනයේ මනා පැවත්මට අහිතකර ලෙස බලපානු ලබන ඕනෑමක් ක්‍රියාවක් හෝ හැසිරිමකි.විෂමාචාර මුලිකව වර්ග 02කට බෙදිය හැකිය.සුලූ විෂමාචාරබරපතල විෂමාචාරසුලූ විෂමාචාර[සංස්කරණය]ආයතනයේ කාර්යක්ෂමතාවයට හා සඵලත්වයට දැඩි බලපෑමක් එල්ල නොවන විනය වැරද්දකි.මෙවැනි වැරදිවලට ලබාදෙන දඩුවම සාපේක්ෂව බරපතල නොවේ.ප්‍රමාද වී රැකියාවට පැමිණිමප්‍රමාණය ඉක්මවා නිවාඩූ ගැනිමරැකියාවෙහි යෙදිසිටියදි නිල ඇදූම්/ ආරක්ෂිත උපකරණ පරිහරණය නොකිරිමදුම්බීම සහ බුලත් කෑමනොදන්වා සේවයට නොපැමිණිමරැකියාව අතරතුර නිදාගැනිමව්‍යාජ අසනීප ගති පෙන්වීමරාජකාරිවලදි නොසැලකිල්ලබරපතල විෂමාචාර[සංස්කරණය]ආයතනයේ කාර්යක්ෂමතාවයට හා සඵලත්වයට දැඩි අවාසිදායක බලපෑමක් කරන වැරද්දකි මෙහිදි සේවකයා ආයතනයෙන් ඉවත් කිරිම වැනි බරපතල දඩුවම
් හිමිවේ.උදාඅල්ලස් දුෂණ වංචාකිරිමආයතනයේ දේපල සොරකම් කිරීමසොරකම ට සම්බන්ධ විමසොරකමදැනගෙන නිශ්ශබ්දව සිටීමප්‍රධානින්ට විරුද්ධව අසත්‍ය චෝදනා නැගීමකඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරිමආයතන භුමිය තුළ කැරලිකාර ලෙස හැසිරිමආයතන භුමිය තුළ අන්තරාදායක ආයූධ ළඟ තබාගැනිම/ ශාරිරික හානි සිදුකිරිමප්‍රධානින්ගේ නිත්‍යානුකූල නියෝගවලට හෝ උපදේශපිළිනොගැනීම/පැහැර හැරීම/ප්‍රතික්ෂේප කිරීමවිෂමාචාරයේදි දඩුවම් නියම කිරිම[සංස්කරණය]දඩුවම් නියම කිරිමේදි වැරද්දේ බරපතලකම සොයාබලා දඩුවම් ලබා දිය යුතුයවාචිකව අවවාද කිරීමලිඛිතව අවවාද කිරීමදඩ ගැසිම හෝ අලාභ අයකරගැනිමතාවකාලිකව සේවය අත්හිටුවීමවැටූප් වර්ධක නතර කීරිම අඩුකීරිමහෝ ප්‍රමාද කිරිමජේෂ්ඨත්වයෙන්පහත දැමීමසේවා ස්ථානය මාරු කිරිමඋසස්වීම් ප්‍රමාද කීරිමසේවය අත්හිටූවීමමේ අඩවිත් බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ කම්කරු නීතියමානව සම්පත් කළමනාකරණය මුලාශ්‍ර[සංස්කරණය]නයිල් ඩෙල්ටාව අභ්‍යවකාශයේ සිට පෙනෙන පරදි (NASA)ඩෙල්ටාවක් යනු ගඟක මුවදොර, සාගරයක්, මුහුද, කාන්තාරය, ගං මෝය, විල හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමඟ ගලා එන විවිධ ද්‍රව්‍ය (ඩෙල්ටාමය තැන්පත්වීම්)
ජල පහරේ වේගය අඩුවීමත් සමඟ එම ස්ථානයේ තැන්පත් වෙයි. කාලයත් සමඟ එම රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම් ඇති වී එමඟින් ජල මාර්ග විභේදන නමින් හඳුන්වන කුඩා ජල පහරවල් ගණනාවකට බෙදේ. මෙම බෙදිම් වලින් ඇති වු කුඩා ජල පහරවල් නැවත එකතු වී සක්‍රිය හා අක්‍රිය කුඩා ඇල මාර්ග රාශියක් ඇතිවේ. භූ විද්‍යාත්මකව මෙම ඇලමාර්ග දියළු අවාන නමින් හැඳින්වේ. ගං මුවදොරේ ඇතිවන මෙම තැන්පත් විම් සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත් කළ ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය හා පදනමේ විශාලත්වය ක්‍රමයෙන් වර්ධනය වීමට හේතු වන්නේ මෙමඟින් ගංමෝය අවහිරවීම නිසා දිගින් දිගටම මුල් නිර්මාණයන්ට අවනතව විභේදන ඇතිවිමයි. මෙම විභේදන ආරම්භයේදී වේගයෙන් ගලන අතර කල්යාමේදි රොන්මඩ තැන්පත් වීම වැඩි වීමත් සමඟම මෙහි ගමන් වේගය බාල වී ජලය වෙනත් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී. ජලය ගලා යාමේ වේගය ජලයේ පාවෙන හා ඉවුරේ තැන්පත් අංශුවල ප්‍රමාණය සඳහා බලපෑමක් ඇතිකරන අතර ජලයේ වේගය අඩුවීමත් සමඟ පාවෙන අංශුවල ප්‍රමාණය කුඩා වන අතර ජලයේ වේගය වැඩිවීමෙන් විශාල අංශු තැන්පත් වේ. මෙම තැන්පත් වීම නොකඩවා චක්‍රීය ආකාරයට සිදුවේ.Narsarsuag අසල ග්‍
රීන්ලන්ත නිරිතදිග වෙරළේ ඇති දුනු හැඩැති ඩෙල්ටාවමෙම තැන්පත්වීම් ඝන රොන් මඩ තට්ටු ආකාරයට හා සියුම් තට්ටු ආකාරයට වෙනස් ස්වරූපයන් උසුලයි. නයිල් ගංගාවේ මුවදොරේ රෝන්මඩ තැන්පත් වීම නිසා හටගත් ස්වභාවය ග්‍රීක හෝඩියේ ඩෙල්ටා අකුරේ හැඩයට සමාන නිසා ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොටොඩස් මෙයට ඩෙල්ටා යන නාමය යෙදීය. ‍ඩෙල්ටාවක් ඇතිවීම හා එහි හැඩය ගංඟාව මත රඳා පවතින අතර ඒවාට උදම් රැළි වලින් බලපෑමක් ඇති නොවේ. ඩෙල්ටාවක හැඩය සමහර විට කුරුලු පාදයක ආකාරයට බහු බෙදීම් සහිතව ඇතිවිය හැක. ඩෙල්ටාවක නිර්මාණය මතුපිට කොටස්, පළමු කොටස හා යට කොටස යන කොටස් 3 න් යුක්තය. පහළ කොටසේ ඉවුරු ඇති වන්නේ ගංගාව තවත් ජල ප්‍රවාහයකට ගලා යාම නිසා වතුරේ පාවෙන රොන්මඩවල ශක්තිය හීන වීමෙන් ගං ඉවුරු මත තැන්පත් වීමෙනි. මෙම ඉවුරු කුඩා රොන්මඩ අංශු තිරස් ස්ථර ලෙස තැන්පත් වීමෙන් සෑදී ඇත. පළමු කොටස් ඉවුරු වශයෙන් සෑදේ. ඉන්පසුව පහත් කොටස් ඉවුරු මත ගොඩ නැගෙයි. ගංඟාව ඉවුරු හරහා ගලායාමේදි ප්‍රධාන ගංගාව සමඟ ගලා යනවාට වඩා විශාල රොන්මඩ අංශු වලින් පළමු කොටස් වලින් ඉවුරු සෑදි ඇත. මෙය කෙළවරට ළඟාවු විට ගංගාවේ තැන්පත් වු රොන්මඩ ‍පහත් කොටස් ඉවුරු මත බෑවුමක් සහිත ස
්ථර වශයෙන් තැන්පත් වේ. ඉන්පසු මතුපිට ස්ථරය මෙයට ඉහළින් තැන්පත්වේ. මෙම ස්ථරය තැනී ඇත්තේ ගංගා‍වේ ගමන් මග වෙනස්වීම නිසා තැන්පත් වන කුඩා රොන්මඩ අංශු වලිනි. විශාල අංශු තවදුරටත් තැන්පත් නොවේ. ගංගාව ඩෙල්ටා මතින් ගමන් කිරීමේදි එහි පාවෙන ද්‍රව්‍ය ඩෙල්ටාව මත තිරස් ස්ථර ලෙස තැන්පත් වේ. මිසිසිපි ඩෙල්ටාව මෙම වර්ගයට‍උදාහරණයකි.ඉතා ප්‍රසිද්ධ ඩෙල්ටාවක් වන්නේ නයිල් ගඟේ පිහිටි ඩෙල්ටාවයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය ග්‍රීක හෝඩියේ අකුර‍ට සමාන නිසා මෙම භූ විෂමතාවයට ඩෙල්ටාව යන නම ලැබුනේද නයිල් ගංගා ඩෙල්ටාවෙනි. ගංගානම් හා බ්‍රහ්මපුත්‍ර ගංගා එකතුවෙන් සෑදුනු ඩෙල්ටාව ලොකයේ විශාලතම ඩෙල්ටාවයි. මෙය බටහිර බෙංගාලය හා බංග්ලාදේශයේ වැඩි කොටසක පැතිර තිබෙන අතර එය ගලා බසින්නේ බෙංගාල බොක්කටය. තවත් වැදගත් ගංගා ඩෙල්ටාවන් කිහිපයක් වන්නේ සැක්රෙමෙන්ටෝ - සෙත් ‍ජෝතින්(Jocqcen), මිසිසිපි, රයින්, රොන්, ඩැනියුබ්, එබ්රෝ, වොල්ගා, ලෙනා, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සින්දු, ක්‍රිෂ්ණා, ගෝධාවරි, Truekee කාර්සෝ, කාවේරි, අයියර්වාඩි හා Mekong ය.විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන අනෙක් ගංඟාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ග
ංමෝයක් ආකාරයට ගලා බසී. මෙවැනි ගංමෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.ඉතා දුර්ලභ ආකාරයේ විශාල තැනිතලාවක් තුළ ඇතිවු ඩෙල්ටාවන්ද දක්නට ලැබේ. මේවා යටිකුරු ඩෙල්ටා නමින් හැඳින්වේ. සමහර අවස්ථාවල ගංඟාවක් ‍රට තුළදී අතුගංඟා කිහිපයකට බෙදී මුහුදට ගලා යාමට පෙර එක්වන ප්‍රදේශයක් අභ්‍යන්තර ඩෙල්ටාවක් නම් වේ. මෙවැනි ඩෙල්ටා බො‍හෝ විට ඇති වන්නේ අතීතයේ විල් පැවිති ප්‍රදේශවලය. නයිජර් අභ්‍යත්තර ඩෙල්ටාව මේ සඳහා හොඳ නිදසුනකි. ඇමේසන් වනයේ marjo දුපතට ඉදිරියෙන්අභ්‍යත්තර ‍ ඩෙල්ටාවක් හමුවේ.ආශ්‍රිත[සංස්කරණය]Alluvial fanAvulsion (river)EstuaryLeveeNile DeltaRegressive deltaමූලාශ්‍ර[සංස්කරණය]භාහිර සබැඳි[සංස්කරණය]The Wikibook Historical Geology has a page on the topic of: Deltasඩෙල්ටා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Louisiana State University Geology – ලොව පුරා ඩෙල්ටා (ඉංග්‍රීසි බසින්)http://www.wisdom.eoc.dlr.de WISDOM Water related Information System for the Sustainable Development of the Mekong DeltaWave-dominated river deltas on coastalwiki.org – A coa
stalwiki.org page on wave-dominated river deltasvteRiver morphologyLarge-scale featuresAlluvial plainDrainage basinDrainage system (geomorphology)EstuaryStrahler number (stream order)River valleyRiver deltaRiver sinuosityAlluvial riversAnabranchAvulsion (river)Bar (river morphology)Braided riverChannel patternCut bankFloodplainMeanderMeander cutoffMouth barOxbow lakePoint barRiffleRapidsRiparian zoneRiver bifurcationRiver channel migrationRiver mouthSlip-off slopeStream poolThalwegBedrock riverCanyonKnickpointPlunge poolBedformsAitAntiduneDuneCurrent rippleRegional processesAggradationBase levelDegradation (geology)Erosion and tectonicsRiver rejuvenationMechanicsDeposition (geology)Water erosionExner equationHack's lawHelicoidal flowPlayfair's lawSediment transportList of rivers that have reversed directionCategoryPortalvteවෙරළබඩ භූගෝලීය ලක්ෂණභූ රූපAnchialine poolArchipelagoAtollAvulsionAyreBarrier islandBayBightBodde
nBrackish marshCapeChannelCliffCoastCoastal plainCoastal waterfallContinental marginContinental shelfCoral reefCoveDunecliff-topEstuaryFirthFjardFjordFreshwater marshFundusGatGeoGulfGutHapuaHeadlandInletIntertidal wetlandIslandIsletIsthmusLagoonMachairMudflatNatural archPeninsulaReefRiaSalt marshShoalShoreSkerrySoundSpitStackStraitStrand plainSubmarine canyonTidal islandTidal marshTide poolTied islandTomboloWaitunaWindwattBeachesBeach cuspsBeach evolutionCoastal morphodynamicsBeach ridgeBeachrockBeaches in estuaries and baysPocket beachRaised beachRecessionShell beachShingle beachStorm beachWash marginRiver mouthsDebouchRiver deltamegaregressiveMouth barbaymouthProcessesBlowholeCliffed coastCoastal biogeomorphologyCoastal erosionConcordant coastlineCurrentCuspate forelandDiscordant coastlineEmergent coastlineFeeder bluffFetchFlat coastGraded shorelineIngression coastLarge-scale coastal behaviour
Longshore driftMarine regressionMarine transgressionRaised shorelineRip currentRocky shoreSea caveSea foamShoalSteep coastSubmergent coastlineSurf breakSurf zoneSurge channelSwashUndertowVolcanic arcWave-cut platformWave shoalingWind waveWrack zoneManagementAccretionCoastal managementIntegrated coastal zone managementSubmersionRelatedBulkhead lineCoastal engineeringGrain sizeboulderclaycobblegranulegravelpebblesandshinglesiltIntertidal zoneLittoral zonePhysical oceanographyRiver plumeRegion of freshwater influence භූගෝල විද්‍යාව ද්වාරය සාගර ද්වාරය ප්‍රවර්ගය කොමන්ස්vteජලජ පරිසර පද්ධතිAquatic ecosystems – general and freshwater componentsGeneralAcoustic ecologyAdaptationAgent-based modelsAlgal bloomAnoxic watersAquatic animals (InsectsMammals)Aquatic plantsAquatic scienceBenthosBiodiversity researchBioluminescenceBiomassBiomonitoringCascade effectColored dissolved organic matterCamouflage and mimicryDead zoneEcohydrolog
yEcosystemsEutrophicationFisheries scienceFood chainFood webGIS and aquatic scienceHydrobiologyHypoxiaIsotope analysisMacrobenthosMeiobenthosMicrobial ecologyMicrobial food webMicrobial loopNektonNeustonParticlePelagic zonePhotic zonePhytoplanktonPlanktonPleustonPredationProductivityRamsar ConventionRespirationSchoolingSediment trapSiltationSpawningSubstrateThermal pollutionToxicologyTrophic levelWater columnZooplanktonMore...FreshwaterBiologyBiomesEcosystemsfreshwaterlakeriverFishHyporheic zoneLimnologyLake stratificationMacrophytePondFish pondRheotaxisStream bedStream poolTrophic state indexUpland and lowlandWater gardenWetlandbrackish marshfreshwater marshswampbogfenEnvironmental qualityMore...EcoregionsFreshwater (List)Marine (List)The EvergladesMaharashtraThe North Pacific Subtropical GyreThe San Francisco EstuaryAquatic ecosystems – marine componentsMarineMarine biologyMarine chemistryDeep scattering laye
rDiel vertical migrationEcosystemslarge marinemarine)f-ratioFood webIron fertilizationMarine snowOcean nourishmentOceanic physical-biological processPrimary productionOcean turbidityPhotophoreThorson's ruleUpwellingViral shuntWhale fallMore...MarinelifeBacteriophagesCensusFishcoastalcoral reefdeep seademersalpelagicDeep sea communitiesDeep sea creatureDeep-water coralInvertebratesLarvaeMammalsMarine lifeMicroorganismsParadox of the planktonProkaryotesProtistsReptilesSeabirdsSeashore wildlifeVertebratesVirusesWild fisheriesMarinehabitatsCoastal habitatsCoastal biogeomorphologyBay mudCold seepsCoral reefsDavidson SeamountEstuariesIntertidal ecologyIntertidal wetlandsKelp forestsHydrothermal ventsLagoonsMangrovesMarine biomesMudflatsOyster reefsRocky shoresSalt marshesSalt pannes and poolsSeagrass meadowsSponge groundsSponge reefsTide poolsIssuesCoral bleachingEcological values of mangrovesFisheries and climate change
HERMIONEHuman impact on marine lifeMarine conservationMarine conservation activismMarine pollutionMarine Protected Area Oceans ද්වාරයvteතෙත්බිම් සහ සංරක්ෂණයGenerallyAcrotelmAquatic ecosystemAquatic plantsBackswampBayouBeach meadowBlackwater riverBlanket bogBogBog gardenBrackish marshCallowsCarrCataract bogCiénegaClean Water ActClearwater riverCoastal bogConiferous swampConstructed wetlandConverted wetlandDamboDrainage basinEstuaryFenFlarkFlood-meadowFlooded grasslands and savannasFreshwater marshFreshwater swamp forestGrass valleyGueltaHalosereHydrosereIgapóIngsInterdunal wetlandIntertidal wetlandKarstKermi bogKettleLaggMangroveMarshMarsh gasMereMireMisseMoorlandMuckMudflatMuskegOasisPakihiPalsa bogPaludificationPalustrine wetlandPeatlandPlateau bogPocosinPolygonal bogPondPeat swamp forestPoor fenPotholeQuagmireRaised bogReed bedRich fenRiparian zoneRiver deltaSalt marshSalt pannes and poolsShrub swampSl
oughString bogSwampTelmatologyTidal marshUpland bogWet meadowWill-o'-the-wispVárzea forestVernal poolWhitewater riverYaéréClassification systemsWetland classificationA Directory of Important Wetlands in AustraliaNational Wetlands InventoryRamsar ConventionOrganizationsBangladesh Haor and Wetland Development BoardDelta Waterfowl FoundationDucks UnlimitedIrish Peatland Conservation CouncilSociety of Wetland ScientistsWetlands InternationalWildfowl & Wetlands Trust Wetlands ද්වාරයඅධිකාරී පාලනය: ජාතික පුස්තකාල SpainFrance (data)UkraineGermanyIsraelUnited Statesශාලිකා සංගීතය සම්භාව්‍යය සංගීතයට අයත් වන්නකි. මෙය කුඩා වාද්‍ය කණ්ඩායමකටනිරත විය හැකි අතර සාම්ප්‍රදායක් වශයෙන් කුඩා ස්ථානයක ස්ථානගත කළ හැකය. පුළුල් වශයෙන් එහි අන්තර්ගත වන්නේ සුළු පිරිසක් විසිනි. එක් කොටසටක‍ට, එක් පුද්ගලයෙක් බැගින් වු කුඩා කණ්ඩායමක් සංගීත ඕනෑම සංගීත කලාවකි. "ශාලිකා" යන වචනයෙන් පිළිඹිඹු වන්නේ කුඩා කාමරයක මෙම සංගීත කාර්යයේ නිරතවිය හැකි බවයි. බොහෝ විට පුද්ගලික පිළිගැනුම් සාදයක් වැනි සු
හද හමුවක් වැනි අවස්ථාවකදී සංගීතය යොදා ගනී.ශාලිකා සංගීතයේ සුහද භාවය නිසා මෙය "මිත්‍ර සංගීතය" ලෙසද හඳුන්වයි. අවු 200 කට අධික කාලයක සිට ප්‍රාථමික වශයෙන් ශාලිකා සංගීතය ආධුනික සංගීතඥයන් විසින් ඔවුන්ගේ නිවසේ සිටම වාදනය කර ඇත.ශාලිකා සංගීතය නිවෙස් වල සිට සංගීත ශාලා වෙත වර්තමානයේ සංක්‍රමණය කළ ද බොහෝ ආධුනික සහ ප්‍රවීණ සංගීතඥයන් ශාලිකා සංගීතය තමන්ගේ සතුට වෙනුවෙන් වාදනයෙහි යෙදෙති. ශාලිකා සංගීතය වාදනය කිරීම සදහා සංගීතාත්මක හා සමාජීය වශයෙන් වි‍ශේෂ දක්ෂතාවයක් අවශ්‍යය වන අතර මේ සඳහා එකල සහ තූර්ය වාදනයට‍ වඩා වෙනස් දක්ෂතාවයන් අවශ්‍ය වේ.GOETH විසින් ශාලිකා සංගීතය විස්තර කර ඇත්තේ "සුදුසු (බුද්ධිමත්) පුද්ගලයින් 4 දෙනෙකුගේ සාකච්ඡාව" වශයෙනි. 18 වන ශත වර්ෂයේ සිට වර්තමානය තෙක් ශාලිකා සංගීතයෙහි මෙම සාකච්ඡාමය ක්‍රියාවලිය අන්තර්ගතව තිබිණි. නැවත සිදුවන සාකච්ඡා සමාකාර්යතාවයට විස්තර හා විශ්ලේෂණය කිරීම ශාලිකා සංගීතයේ සංයුති යයි. සටහන්[සංස්කරණය]| Chamber Music|}ආචර් කෙන්ට් බ්ලඩ් (මාර්තු 20, 1923 – සැප්තැම්බර් 3, 2004) යනු බංග්ලාදේශයෙහි සේවය කල ඇමරිකානු තානාපතිවරයෙකි. නැගෙනහිර පකිස්තානයෙහි ඩැකා නුවර සඳහ
ා අවසාන ඇමරිකානු කොන්සල් ජෙනරාල්වරයා ලෙසින් ඔහු සේවය කලේය. ඔහු ප්‍රසිද්ධ වන්නේ බංග්ලාදේශ විමුක්ති යුද්ධයෙහිදී සිදු කල ක්‍රෑරකම් වලට විරෝධය පල කරමින් දැඩි බසින් බ්ලඩ් විදුලි පුවත යැවීම සම්බන්ධයෙනි.චරිතාපදානය[සංස්කරණය]ආචර් බ්ලඩ් උපන්නේ චිකාගෝ හිදීය. ලින්ච්බර්ග්, වර්ජීනියා හී උසස් ශාස්ත්‍රාලයෙන් ද්විතීයික අධ්‍යාපනය අවසන් කල ඔහු 1943දී වර්ජීනියා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලද්දේය. 1963දී ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දෙවන උපාධියක් ඔහු ලද්දේය. දෙවන ලෝක යුද්ධයේදී ඔහු එජ නාවුක හමුදාවේ සේවයෙහි යෙදුනේ උතුරු ශාන්තිකර සේනාංකය සඳහාය. 1947 දී ඔහු විදේශ සේවයට බැඳුනේය. 1970දී නැගෙනහිර පකිස්තානයේ, ඩැකා හී එජ කොන්සල් ජෙනරාල් වරයා ලෙසින් සේවය භාරගැනීමට බ්ලඩ් පැමිණියේය. ග්‍රීසියෙහි, ඇල්ජීරියාවෙහි, ජර්මනියෙහි, ඇෆ්ගනිස්තානයෙහි සේවය කර ඇති බ්ලඩ් අවසන් වරට සේවය කලේ ඉන්දියාවේ, නව දිල්ලියෙහි, එ.ජ. තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වශයෙන් වන අතර 1982දී සේවයෙන් විශ්‍රාම ගියේය.1993 සිට ඔහු ජීවත් වූ කොලරාඩෝහී, ෆෝට් කොලින්ස් හිදී, 2004 සැප්තැම්බර් 3 දිනදී ආචර් බ්ලඩ් මිය
ගියේ ධමනී දැඩිවීම නිසාවෙනි. . "විශ්‍රාම සුවයෙන් කොලරාඩෝහිදී දිවි ගෙවූ ආචර් කේ. බ්ලඩ් පසුගිය මාසයේදී මිය ගිය විට, ඔහුගේ පවුල, පැරණි මිතුරන් කිහිප දෙනෙක්, සහ සමස්ත ජාතියක් ඔහුගේ වියෝව ගැන ශෝක වූ නමුදු එසේ අති මහත් ශෝකයට පත්වූ ජාතිය ඔහුගේ ජාතිය නොවීය. එය බංග්ලාදේශය විය." [1] ඔහුගේ මරණය පිළිබඳ වාර්තා බංග්ලාදේශයේ පුවත්පත්හී සිරස් තල දැරූ අතර, ඇමරිකානු පුවත්පත් වල පසුපිටුවන්හී මරණ දැන්වීම් තීරුවල වාර්තාවීමට ඔහු පෙර පිනකින් වාසනා දැරීය. ෆෝට් කොලින්ස්හී පැවැති අවමංගල්‍යය සඳහා බංග්ලාදේශය දූත පිරිසක් යැවූ අතර බ්ලඩ් මහතාගේ වියෝව වෙනුවෙන් බොහෝ බංග්ලාදේශ ජාතිකයින් යැවූ සංදේශයන් බ්ලඩ් මහත්මිය විසින් ලදි. 1971 පැවැති ඇමරිකානු රාජ්‍ය දූත මෙහෙවරෙහි සදාචාරාත්මක හරස්කඩ නිරාවරණය කෙරුමට උපකාර වීම සඳහා එහි තීරු ලිපි තුල ආචර් බ්ලඩ් පිළිබඳ අභිනන්දනයක් ලියා පල කිරීමට වොෂිංටන් පෝස්ට් පියවර ගත්තේය.[2]2005 මැයි මසදී පැවැති, පළමු බංග්ලාදේශ-ඇමරිකානු සම්මේලනයේදී බංග්ලාදේශ-ඇමරිකානු පදනම සංස්., (BAFI) විසින් ආචර් බ්ලඩ් වෙත මරණාපර ලෙසින් විශිෂ්ට සේවා ප්‍රදානයක් පිරිනමන ලදි.[3] 1970 දී සහ 1971 දී මනුෂ්‍යත්වය වෙනුවෙන
් ඔහුගේ භූමිකාව සඳහා සහ දැන් බංග්ලාදේශය වන භූමියෙහි පකිස්තානු හමුදාව විසින් වර්ගඝාතන මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ක්‍රියාත්මක වුනු එජ නිල ප්‍රතිපත්තියට එරෙහිව ඔහුගේ අභීත ස්ථාපනය වෙනුවෙන් බ්ලඩ් මහතා මෙම ප්‍රදානය ලැබීය. ඔහුගේ පවුල වෙනුවෙන්, ඔහුගේ පුතු පීටර් බ්ලබ් විසින් ප්‍රදානය භාර ගන්නා ලදි. . මෙයින් අනතුරුව, 2005 දෙසැම්බර් 13 දිනදී, ඩැකාහී එ. ජ. තානාපති කාර්යාල, ඇමරිකානු මධ්‍යස්ථාන පුස්තකාලය, ආචර් කේ. බ්ලඩ් සිහිවනු පිණිස නම් කෙරිණි. ආරම්භක උත්සවය සඳහා චාජි ඩෆෙයාර්, ජුඩිත් චාමාස්, මාග්‍රට් බ්ලඩ් මහත්මිය සහ ඇයගේ දරුවන් දෙදෙන, ෂිරීන් අප්ඩෙග්‍රෆ් සහ පීටර් බ්ලඩ් සහභාගී වූහ.බ්ලඩ් විදුලි පුවත[සංස්කරණය]විදේශ සේවා නිලධාරින් විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඩිසෙන්ට් චැනල්[4] ඔස්සේ එවන ලද ඉතාමත් දැඩි බසැති පණිවුඩ අතුරින් එකක් ලෙස බ්ලඩ් විදුලි පුවත (අප්‍රේල් 6, 1971) සැලකෙයි. [5] එය ඇමරිකානුවන් 29 දෙනෙකු විසින් අත්සන් කෙරිණි. විදුලි පුවතෙහි සඳහන් වූයෙහි සිංහල පරිවර්තනය මෙයයි: ප්‍රජාතන්ත්‍රවාදය මැඩලීම පිළිබඳ විරෝධය පෑමට අපගේ රජය අසමත් විය. සිදුවූ ක්‍රෑරකම් පිළිබඳ විරෝධය පෑමට අපගේ රජය අසම
ත් වී ඇත. එහි පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමට අසමත් වී ඇති අතර එවිටම බටහිර පකිස් [තාන] බලපැවැත්ම යටතේ පැවති රජය සතුටු කිරීම සඳහා ආපස්සට ආවැඩීමට හා ඔවුන්ට විරුද්ධව යෝග්‍ය පරිද්දෙන් පැවතිය යුතුව තිබුණු සෘණ ජාත්‍යන්තර මහජන සම්බන්ධතා ගැටුම ලිහිල් කිරීමට අපගේ රජය යත්න දරා ඇත. අපගේ රජය සදාචාරාත්මක බංකොලොත්භාවය වෙතට පත්ව ඇති බවට බොහෝ දෙනා සාක්ෂ්‍ය දරනු ඇත ,(...) එහෙත්, සදාචාරාත්මක ලෙසින් හෝ, මැදිහත්නොවීමට අප තීරණය කලේ, අවාසනාත්මක ලෙසින් අධිතේරුමක් සහිත වර්ගඝාතය යන පදය අදාල වන්නාවූ, අවාමි අරගලය, ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර ප්‍රශ්නයක්ය යන පදනමෙහි පිහිටමිනි. පුද්ගලික ඇමරිකානුවෝ කලකිරීම ප්‍රකාශ කලහ. අපි, වෘත්තිමය සිවිල් සේවකයන් ලෙසින්, වත්මන් ප්‍රතිපත්තිය හා සමග අපගේ විසම්මුතිය පල කර සිටිමින් උද්‍යෝගීමත්ව බලාපොරොත්තු වන්නේ මෙහි අපගේ සැබෑ හා නිත්‍ය අභිරුචියන් හඳුනාගෙන අපගේ ප්‍රතිපත්තීන් නියම මග වෙත යළියොමු කර ගත හැකි වේවා යන්නයි. (එ.ජ. තානාපති කාර්යාලය (ඩැකා) කේබල පණිඩුඩය, නැගෙනහිර පකිස්තානය වෙත එ. ජ. ප්‍රතිපත්තිය වෙතින් විසම්මුතිය, අප්‍රේල් 6, 1971, රහස්‍ය, 5 පිටු. රාජ්‍ය
දෙපාර්තමේන්තුවෙහි අත්සන්ද අඩංගු වෙයි. මූලාශ්‍රය: RG 59, SN 70-73 Pol and Def. From: Pol Pak-U.S. To: Pol 17-1 Pak-U.S. Box 2535;)[6]පෙරදී යැවුනු විදුලි පුවතක (මාර්තු 27, 1971), "සිලෙක්ටිව් ජෙනසයිඩ්" (සිංහල: "වරණීය වර්ගඝාතය") යන මාතෘකාව යටතේ ඩැකාහී ඇමරිකානු නිරික්ෂණ පිළිබඳ බ්ලඩ් මෙසේ ලිවීය:1. මෙහි ඩැකාහී පකිස්[තානි] හමුදාව විසින් දියත් කර ඇති භීෂණ යුගය පිළිබඳ අපි භීතියට පත් හා මුනිවත රකින සාක්ෂ්‍යකරුවො වෙමුහ. යුද්ධ නීති පරිපාලක බලධාරීන් සතුව අවාමි ලීග් ආධාරකරුවන්ගේ ලැයිස්තුවක් ඇති බවට තොරතුරු ගොඩ නැගෙමින් පවතින අතර මෙම ආධාරකරුවන්ගේ නිවෙස් වලින් ඩැහැ ගෙන විත් වෙඩි තබා ඝාතනය කිරීමෙන් ඔවුන් විධිමත් ලෙසින් තුරල් කරමින් පවතියි 2. නැසුම සඳහා සලකුණු කොට ඇතිවුන් අතර අවාමි ලීග් ධූරාවලියේ සාමාජිකයන්ට අමතරව ශිෂ්‍ය නායකයන් හා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයෝද වෙති. මෙහි දෙවන ගණය අතුරින් දර්ශන විද්‍යා අධ්‍යයනාංශයෙහි ප්‍රධානි ෆස්ලුර් රහමාන් සහ ඉතිහාස අධ්‍යයනාංශයෙහි ප්‍රධානි හා හින්දු ජාතිකයෙකු වූ එම්. ඇබඩීන් ඝාතනය කර ඇත. දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයෙහි රසාක් මහතා මරණයට පත්ව ඇතැයි රා
වයක් පවතියි. ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වූවන්ගෙන් බහුතරයද ප්‍රසසා වරුන් කිහිප දෙනෙක්ද මෙම ලැයිස්තුවෙහි සිටිති.3. තවදුරටත්, පකිස්[තානි] සන්නද්ධ හමුදාවෙහි සහය සහිතව, බෙංගාලි-නොවන මුස්ලිම්වරුන් විසින් විධිමත් ලෙසින් දුගී ජනයාගේ නිවෙස් වෙත ප්‍රහාර එල්ල කරමින් හා බෙංගාලිවරුන් හා හින්දුවරුන් ඝාතනය කරමින් පවතියි.(එ.ජ. තානාපති කාර්යාලය (ඩැකා) කේබල පණිඩුඩය, වරණීය වර්ගඝාතය, මාර්තු 27, 1971)[7]බ්ලඩ් සඳහා ඩැකා හී තවද මාස 18 ක කාලයක සේවා න්‍යාය පත්‍රයක් නියමිතව තිබුනද, ජනාධිපති රිචඩ් එම්. නික්සන් සහ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් ඔහු සේවයෙන් නිදහස් කොට යළි කැඳවන ලද්දේ චීනය වෙත තානාපති සම්බන්ධකම් විවෘත කර ගැනීමටද සෝවියට් සංගමයේ බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමටද බටහිර පකිස්තානය භාවිතා කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තුවන්ට ඔහුගේ විරුද්ධත්වය හරස් වුනු නිසාවෙනි.මෙයද බලන්න[සංස්කරණය]බංග්ලාදේශ විමුක්ති යුද්ධයආශ්‍රිත[සංස්කරණය]↑ රෙස්ට් ඉන් පීස් ආචර් බ්ලඩ්, ඇමරිකන් හීරෝ නොවැම්බර් 03, 2004↑ [1]↑ බංග්ලාදේශී-ඇමරිකන් ෆවුන්ඩේෂන්, Inc↑ ඩිසෙන්ට් චැනල් ඉන් ෆොරින් එෆෙයාර්ස් මැනුවල් 2 FAM 070 (P
DF)↑ හිචන්ස්, ක්‍රිස්ටොෆර්. "ද ට්‍රයල් ඔෆ් හෙන්රි කිසිංජර්", 2002↑ ඩිසෙන්ට් ෆ්‍රොම් යූ.එස්. පොලිසි ටුවර්ඩ් ඊස්ට් පකිස්තාන් (PDF) අප්‍රේල් 6, 1971↑ සිලෙක්ටිව් ජෙනසයිඩ් (PDF) මාර්තු 27, 1971තවදුරටත් කියවීම්[සංස්කරණය]සජිත් ගාන්ධි ද ටිල්ට්: දි යු. එස්. ඇන්ඩ් ද සවුත් ඒසියන් ක්‍රයිසිස් ඔෆ් 1971 නැෂනල් සෙකියුරිටි ආචයිව් ඉලෙක්ට්‍රොනික් බ්‍රීෆිං බුක් No. 79 දෙසැම්බර් 16, 2002 "බ්ලඩ් විදුලි පුවත" සහ එකල අනෙකුත් එ. ජ. රහස්‍ය-හරිත ලියැවිලි කිහිබයකට සබැඳි අඩංගු වෙයි.යූඑස් ඩිපාට්මන්ට් ඔෆ් ස්ටේට් ඔන් ෆොරින් රිලේෂන්ස් ඇන්ඩ් සවුත් ඒෂියා ක්‍රයිසිස් 1969-1976http://www.military.com/Opinions/0,,Galloway_110304,00.htmlමරණ දැන්වීම වොෂිංටන් පෝස්ට්බාහිර සබැඳි[සංස්කරණය]http://www.bafi.org/awards/archer_blood.asphttp://dhaka.usembassy.gov/ සංරක්ෂණය කළ පිටපත 2015-03-23 at the Wayback Machineඅධිකාරී පාලනය සාමාන්‍යISNIVIAF2WorldCatජාතික පුස්තකාලUnited Statesවෙනත්SNACIdRefපුද්ගලදත්තනමබ්ලඩ්, ආචර්විකල්ප නම්කෙටි විස්තරයඇමරිකානු තානාපතිඋපන් දිනයමාර්තු 20, 1923උප
න් ස්ථානයමියගිය දිනයසැප්තැම්බර් 3, 2004මියගිය ස්ථානයමෙම රූප සටහනේ දැක්වෙනුයේ Aneirin යන කෘතියෙන් පිටුවකි. 6th century.රෝමානු සාහිත්‍යය[සංස්කරණය]13 වන ශත වර්ෂයේදී ප්‍රංශ භාෂාව සාහිත්‍යමය භාෂාවයක් ලෙස විශාල දියුණුවක් ලැබීය. ස්කෝට්ලන්තයේ සිට පැමිණි සෙල්ටික නොවන පළමු ස්වභාෂා සාහිත්‍ය නිර්මාණය Romanstv Fergus ය. මීට අමතරව ආතුරීයන් චක්‍රයේ ප්‍රංශ භාෂාවෙන් රචිත හා ස්කොට්ලන්තයෙන් පිටත පමණක් සංරක්ෂිත කෘතාන්තයන් ඇතැම් අධ්‍යාපනඥයන් විසින් (DDR ඕවන්) ස්කොට් ලන්තයේ රචිත කෘතීන් ලෙස උගන්වනු ලැබෙයි. ප්‍රංශ භාෂාවට අමතරව ලතින් භාෂාව ද සාහිත්‍යමය භාෂාවකි. ප්‍රසිද්ධ උදාහරණයන් වන්නේ Imchcolm atiphoner හා Carmen de morte sumerledi එය ගැස්ලෝ ජනතාවගේ Somailre Mac gilla brigte ට එරෙහිව ලැබු විජයග්‍රහණයෙන් පිනායමින් රචිත කාව්‍යයන් ය. ස්කොට්ලන්තයේ මධ්‍යතන යුගයේ වැදගත්ම නිර්මාණය වන්නේ වීටා කොලොම්බේ වන අතර එය ද ලතින් භාෂාවෙන් රචනා කොට ඇත. දාහත්වන ශතවර්ෂයේ සිට දහනවන වන ශතවර්ෂයේ මුල් භාගය දක්වා[සංස්කරණය]ඇලන් රැම්සේ (1686-1758), පැරණි ස්කොට්ලන්ත සාහිත්‍යය පුනරැදය හා ගැමි කාව්‍ය සදහා පැවති නව ප
්‍රවනතාවය පිලිබද පදනමක් ස්ථාපිත කලේය. කාව්‍ය ස්වරෑපයක් ලෙස එය හර්බ් ස්ටැන්ක් විසින් වැඩි දියුණු කරන ලදි.1760 දී ජේම්ස් මැක්ෆිර්සන්, ඔසියා විසින් රචිත කාව්‍යන් සදහා අයිතිය කියා පැහ. ඔහු ජනතාව අතර ඇති ජනප්‍රියත්වය ආශ්‍රයෙන් ලබා ගත් පරිවර්ථන එළිදැක්වු අතර ඒවා කෙල්වින් ආදේශක ලෙස ප්‍රසිද්ධ කරන ලද සම්භාව්‍ය ආචාර ධර්ම වේ. 1762 දි ලියන ලද, ෆිලංග්ල්ස් යුරෝපියානු භාෂා බොහෝමයකට වේගයෙන් පරිවර්තනය කරන ලදී. එහි ගැඹුරින් අගය කරන ලද ස්වභාව සෞන්දර්යය සිහ පෞරාණික පුරාවෘත්තයන්ගේ අනුකම්පා සහගත කරැණාව යුරෝපයේ රොමෑන්තික සංගමය ඉහලට ගෙන ඒමට වෙන කිසිවකට වඩා උපකාර විය. විශේෂයෙන්ම ජර්මනියේ සාහිත්‍යය ආභාශයෙන් හෙඩර් හා ගොන් යන අය උදව් විය. බොහෝ ස්කොටියානු රචකයන් අතර පෙළඹවිමක් ඇති වු අතර වෝල්ටර් ස්කොට් ඒ අතර විය. නමුත් අවසානයේ දී කාව්‍යයන් ඍජු ගැලික් පරිවර්ථනයක් නොවන බව පැහැදිලි වු අතර ප්‍රේක්ෂකයන්‍ගේ සෞන්දර්යමය බලාපොරො‍ත්තු විසිතුරු අනුවර්ථනයන්ට බොහෝ සෙයින් සමාන විය. (ඩෙරික්ගේ 'ද ගැලික් සෝස් ඔ‍ෆ් මැක්ෆිර්සන්ස් ඔයිසන් එයට ආදර්ශයකි)ස්කොටියානු රචකයන් අතර ප්‍රසිද්ධ රචකයන් දෙදෙනෙකු වු රොබට් බර්න්ස් හා වෝට්ලර් ස්කොට්
යන අය රොමැන්තික සමයේ විශේෂයෙන් ඇසුරැ කරන ලද රචකයන් දෙදෙනෙකි. ස්කොටියානුවන්ගේ රචනයන් ස්කොට්ලන්තයේ විශේෂ සැලකල්ලට බදුන් විය. නමුත් නුතන ස්කොටියානු සාහිත්‍යයේ ඒකාකාරි ස්වභාවය ගොඩනැගීමට එංගලන්තයේ හා වෙනත් විදේශ රටවල ජනප්‍රියත්වය ඉවහල් විය. ස්කොට්ලන්තයේ ජාතික කවියා ලෙස හැදින්වෙන බර්න්ස්ගේ කවි ඔවුන්ගේ විෂය කරුණු මෙනෙහි කිරිමේ අදහසින් සංස්කරණය කරන ලදී. ඔහු වික්ටෝරියානු සමයේ සිටි නිවාරකයෙකි.ස්කොට් විසින් රැස් කරන ලද ස්කොට්ලන්තිය මුද්‍රානාටකයක් වන ' ද එන්ට්‍රල්ස් ඔෆ් ද ස්කොට්ෂ් බෝඩර්' 1814 වේවර්ලි සමග නවකථා- රචක වෘත්තිය එලිදැක්වීමට පෙර, ප්‍රථම ඓතිහාසික නවකතාව ලෙස හැදින්විය. දේශප්‍රේමියෙක් ලෙස ඔහුගේ ප්‍රතිරෑපයට දායක වු 'රොබ් රෝයි' ස්කොට් විසින් රචනා කළ වෙනත් නවකථාවකි. හිස්ට්‍රි ඔෆ් ස්කොට්ලනඩ් ද ඔහු විසින් ලියන ලද්දකි. ඒම කාලයේ වැඩිම මුදලක් ඉපයු හා ජනප්‍රියම රචකයා ඔහු විය.වෝල්ටර් ස්කොට් විසින් දිර්මත් කරන ලද ජේම්ස් හොග් යන රචකයා, ස්කොට්ලන්තිය ආගමික පසුබිමේ නිර්මානාත්මක භාවය ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ ඔහුගේ විශිෂ්ඨ ද ප්‍රයිවට් මෙමොරිස් ඇන්ඩ් කන්ප්‍රේසන් ඔෆ් ද පස්ට්ෆයිඩ් සිනර්, ඩොපොලේ ගැන්ගර් තේ
මාව හදුන්වා දෙමින් පසුකාලින ශතවර්ස වල ද ස්‍ට්‍රේන්ජ් කේස් ඔෆ් ඩොක්ටර් ජැකලී ඇන්ඩ් හියිඩ් මගින් ඉදිරියට ගෙන ගිය බව පෙනේ. ගොග් ඔහුගේ සාහිත්‍යයට ගුරැ අරැත කෝ-චොයිස්වෙ යන ගැලික් ගැමි සංස්කෘතියේ සංකල්පයන් ඇදා ගත් බව සිතිය හැකිය.දහනව වන ශතවර්ෂය හා විසිවන ශතවර්ෂයේ මුල් භාගය[සංස්කරණය]දහනව වන ශතවර්ෂයේ අග භාගයේ දී ස්කොට්ලන්තයේ ජනගහනය සීග්‍රයෙන් නාගරීකරණය හා කාර්මීකරණයට ලක් විය. කෙසේ වෙතත් පාඨකයාගේ කියවීමට ඇති කැමැත්ත වැඩි කරලීමට ටෝල්ටර් ස්කොට් උත්සාහ දැරීය. මිත්‍යා වලින් පිරි සීමාවක් නොමැති ස්කොටියානු භූමි දර්ශනයන්ගේ වික්‍රමාන්විත දස්කම් පිළිබඳ ලියැවුණු නවකථා දිරිමත් කලද, ජීවිත යථාර්තය නිරූපනය කරන තවත් නවකථා තිබිණ. ස්කොටියානු බුද්ධිමය සංස්කෘතියේ, ආපස්සට යෑමේ දී අවසාන වශයෙන් හමුවන ඩේවිඩ් හම් යන දාර්ශනිකයාගේ රචනයන්, සර් ආතර් කෝනර් ලොයිඩ්ගේ ශර්ලොක් හෝම්ස් නමින් රචනා කළ පොත් වලට සමාන බවක් පෙන්වයි. නමුත් දැන් ශර්ලොක් හෝම්ස් යන්න ශ්‍රේෂ්ඨ ලන්ඩනයේ කොටසකි. මෙම පොත් වල ත්‍රාස්‍ය රසයට ජීවය ලබා දි තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා ස්කොට්ලන්තීය භාෂා‍වෙනි. රොබට් ලොයිඩ් ස්ටීවන්ගේ ප්‍රසිද්ධ කෘතී තවමත් ජනප්‍රි
ය අතර බොහෝ චිත්‍රපට හා නාට්‍යයන්ගේ හැඩය ද ජනප්‍රියය. කෙටි නවකතාවක් වන ස්ට්‍රේන්ජ් කේස් ඔෆ් ඩොක්ටර් ජැකලී හා මිස්ටර් හයිඩ් (1886), හොඳ හා නරක වෙන් කිරීමේ බලාපොරොත්තුවෙන් සෑදු මත්ද්‍රව්‍යයකින් මනෝව්‍යාධි රාක්ෂයෙක් බවට පත් වූ කරුණාවන්ත හා බුද්ධිමත් වෛද්‍යවරයෙකු පිළිබඳව වචනයෙන් විස්තර කර දක්වයි. කිඩ්නැප්ඩ් යන නවකතාව, ඓතිහාසික නවකතාවක් ලෙස පත් වුයේ හතලිස් පහේ ජැකෝබික් රයිසින් හා ට්‍රෙෂර් අයිලන්ඩ් සම්භාව්‍ය ග්‍රන්ථ චෞරයාගේ ත්‍රාසජනක විපාකයෙන් පසුවය. මෙම ව්‍යාපාරය හැඳින්වුයේ කයිල්යාඩ් සංස්කෘතිය නමින් වන අතර දාහත්වන ශතවර්ෂය අවසානයේ විලාසිතාවන් සඳහා විජ්ජාව හා ජනප්‍රවාද අංගයන් ඇතුලත් කරන ලදී. නවීනභාවය හා කාන්සාව (nostalgia) යන ඒවායේ මිශ්‍රයෙන්ම, උදාහරණයන් වන්නේ ‍ ජේ. ඇම්. බැරී ස්කොට්ලන්තීය සාහිත්‍යයේ ප්‍රබල වැටීම් ලෙස මෙම සම්ප්‍රදාය පෙනෙන අතර, එය පරමාදර්ශයක් සේ සැලකීම, ගොපළු ස්කොට්ලන්ත සාහිත්‍යය චිත්‍ර යන ඒවා ඉතා සීග්‍රයෙන් ස්කොට්ලන්ත ජීවිතයන්ගෙන් මෙම කාලය තුල දී ඉවත්ව ගියේ ය. මෙම සම්ප්‍රදාය ජෝර්ජ් ඩග්ලස් කතුවරයා විසින් රචිත ද හවුස් විත් ද ග්‍රීන් ශටර් නව කථාවේ උපහාරයට ලක් කර ඇත. ස්කොට්ලන්ත ස
ාහිත්‍යය අදත් මෙම සම්ප්‍රදායේ දෝංකාරයෙන් දුක් විඳින බවට තර්ක කල හැක. තම කාර්යයන් ප්‍රසිද්ධ වු තවත් එක් ස්කොට්ලන්ත කතුවරයෙක් වන්නේ ජෝර්ජ් මැක්ඩොනල්ය.පශ්චාත් යුධ සමයේ ගත වූ වසර කිහිපය තුළ නව ලේඛකයෝ නව ස්වරූපයන් විදහා දැක්වූහ. ඇලෙක්සැන්ඩර් ට්‍රොචි (1950 දීද) කෙනෙත් වයිට් (1960 දීද), ස්කොට්ලන්තය අතහැර වාසය පිණිසත් තමන්ගේ වැඩ කටයුතු කිරීමටත් ප්‍රංශය බලා ගියහ. යුරෝපීය භාෂාවන් බොහෝ ගණනකින් කරන ලද කෘතීන් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඔව්හු ප්‍රසිද්ධියට පත් වුහ.තවද එඩ්වින් මෝර්ගන් ‘ජාතික කවියා’ විරුදාවලිය ලත් එමෙන්ම නිල වශයෙන් පත්වීම් ලැබු කවියාද විය. ඔහු ලෝක සාහිත්‍ය කෘතින් පරිවර්තනය කළේය. ඔහුගේ කවිවලට වර්තමාන සිදුවීම් මෙන්ම දේශපාලනික ප්‍රශ්නද විෂය විය. විසිවන ශතවර්ෂයේ ආරම්භයේ පුනරුදයේ මිටියාවත් ලෙස හියු මැක්ඩගව්ඩ්ගේ වාචික අංගයන් භාවිතා විය. අනෙක් සමකාලීනයන් ඒ.ජේ.ක්‍රොනින්, එරික් ලින්ක්ලාටර්, නයෝමි විචිසන්, ජේම්ස් බ්‍රයිඩ්, රොබට් ගෙරියොක්, රොබට් මැක්ලෙලන්, නැත්ශෙපඩ්, විලියම් සුටර්, ඩග්ලස් යං සහ සිඩ්නි ගුඩ්සර්ස්වින් විය. කෙසේ වෙතත් අනෙක් සාහිත්‍යය පුබුදුව ඉතා විශාල වශයෙන් සීමා විය. 1930 දී ස්
කොට්ලන්ත ජාතික සොලී මැ ක්ලීන් නවීන සාහිත්‍යයට නව වටිනාකමක් ලබා දුන්නේය. එඩ්වින් මුවර් නීතිවේදියා ඉංග්‍රීසි සාහිත්‍යයට, භාෂාවට වෙනසක් සහ අවධානයක් ලබා දු‍න්නේය. හිල් චැඩ් ගර්ඩ් හා ලුවිස් ග්‍රැසික් ගිබ්ස් නවකථාකරුවා මෙම කාලය තුලදී ස්කොට්ලන්ත ජීවිතය තුල ඇති වු භාෂාමය ගැටළු අවධාරණය කළේ පිළිවෙලින් සිල්ව ඩාලිංස් හා ස්කොට් කොයර් වශයෙනි. ප්‍රධානීන්ගේ භාෂාව ඉංග්‍රීසි පන්නයෙන් වර්ධනය වීමත් සමඟ ඔවුන් කාර්මික ජවින ක්‍රමයට හුරුවිය.ඇලෙක්සැන්ඩර් මැකෝල්, ඇලන්වොර්නර් සහ ග්ලාස්ගෝහි සිටිමින් නවකථා රචනය කළ සුහායිල් සාදි යනාදිහු 21 වෙනි ශත වර්ෂයේ කැපි පෙනෙන ශාස්ත්‍රීය සේවාවන්වලට දායක වූහ.නව ලේඛකයින් සහ කවියන් ධෛර්යමත් කළ An Leabhar Mòr සහ Ùr Sgeal කාණ්ඩ ප්‍රකාශයට පත් කිරීමත් සමග ස්කොට්ලන්ත ගේලික් සාහිත්‍ය ග්‍රන්ථ පළ කිරීමේ පුනර්ජීවයක් දැනට දක්නට ඇත.ස්කොට්ලන්ත සාහිත්‍ය සම්ප්‍රදාය ගැහැණු කර්තෘවරුන්ගේ අදහස් වලටද දොරටු විවෘත කළේය. මෙහි පරමාර්ථය වුයේ අතීතයේ සිට මේ දක්වා ගැහැණුන් විසින් රචනා කරන ලද කෘතින් නැවත සළකා බැලීම තුළින් ඔවුන් ධෛර්යමත් කිරීමයි.පසු ගිය අවුරුදු කිහිපය තුළ සිට ‘කැනන්ගේට් හවුස්’ ප්‍රකාශන
ආයතනය ක්‍රම ක්‍රමයෙන් දියුණු තත්වයට පත් වෙමින් තිබේ. එම ආයතනය විසින් සෑම යුගයකටම අයත් ස්කොට්ලන්ත සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කරමින් නව සාහිත්‍යකරුවන් උනන්දු කරනු ලබමින් සිටි.ඉංග්‍රීසි - ස්කොට් සාහිත්‍යය[සංස්කරණය]මුල්ම මධ්‍යම ඉංග්‍රීසි හෝ මුල් ස්කොට් සාහිත්‍යයට ‍ජෝන් බාවර් Brus අයත් වේ. තවද Wyntoun ‍ගේ kronykil හා Blind Harry ගේ Wallase (15 වන සියවස) ද අයත් වේ. 15 වන සියවසේ සිට බොහෝ මධ්‍යම ස්කොට් සාහිත්‍යය ලියවී ඇත්තේ එඩින්බර්ග් රජවාසල හා ශාන්ත ඇන්ඩෲ විශ්ව විද්‍යාලය පාද කර ගත් රචකයන් මගිනි. ඇලෙක්සැන්ඩර් මොන්ටෙගෝමර් යන 16 වන සියවසේ කිවිදානෝ 6 වන ජේම්ස් රජු යටතේ සේවය කළෝය. ස්කොට්ලන්තයේ පළවන ජේම්ස් රජුගේ අණ පරිදි The king is Quart යන කෘතිය රචනා කළේය. ස්කොට්ලන්තයේ 5 වන ජේම්ස් රජු ගේ අණ පරිදි ජෝන් බෙලෙන්ඩෙන් විසින් හෙක්ටර් බෝමේගේ Hiotoria Genths Scotorum as chroniklis of Scotlnt (1536) කෘතිය පරිවර්තනය කළේය. එමෙන්ම ඔහු ලිවිගේ පළමු පොත් පහ ද පරිවර්තනය කළේය. මේවා ස්කොට්ලන්ත‍ සාහිත්‍යයේ ඉතුරැව පවතින මුල්ම සාහිත්‍ය කෘති වේ.මෙයට අමතරව ප්‍රසිද්ධ ප්‍රේමවෘතාන්ත ද ගොඩනගන ලදී. උදාහරණ Launcelot o
f the Laik සහ The Buik o Alexander16 වන සියවසේ දී Aeneid හි ස්කොට් පරිවර්තවනයක් ලියුවේය. නැවත ගොඩනැගීමක් වන තෙක් ප්‍රංශ සාහිත්‍ය භාෂාවක් වන Chaucerian ස්කොට් භාෂාව කෙරෙහි බලපෑම් එල්ල කළේය. 16 හා 15 වන සියවස් වල දී රොබට් හෙන්රිස්න්, විලියම් ඩන්ඩා හා ඩේවිඩ් ලින්ඩ්සේ ස‍්කොට් සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මෙහෙය වුහ. ජොර්ජ් බැනටයින් විසින් මධ්‍යම ස්කොට් සමයේ බොහෝ කවි එක් රැස් කරන ලදී.ස්කොට්ෂ් බැලේ සංස්කෘතිය 17 වන සියවස තෙක් විහිද පවති. මේවාට උදාහරණ ලෙස ෆැන්සින් හේම්ස් චයිල්ඩ් ගේ Compilation හා The English and scottish popular Ballads (1882-1898) දැක්විය හැක. මේවාගේ අන්තර්ගත කවි ලෙස The Elfin Knight Lord Randal (මුල් මුද්‍රණය ක්‍රි.ව 1610) හා Lord Randal දැක්විය හැක.17 වන සියවස ඉක්මයත්ම ස්කොට්ලන්තයේ ඇංග්ලිසියානුත්වය හිස ඔසවන්නට විය. මේ සමයේ බොහෝ වාචික බැලේ කෘති ලේඛන ගත කරන ලදී. (මේවා ඊසාන දිග දේශසීමාවලින් සොයා ගන්නා ලදී) මේ සමයේ රචකයන් ලෙස රොබර් සෙම්පිල් (ක්‍රි.ව 1595- 1655) හා lady Wadlaw හා Lady Girizel Bailie දැක්විය හැක.ස්කොට් නවකතාව ටෝබියස් ස්මොලට් වැනි 18 වැනි සියවසේ රචකයන් මගින් ගොඩනගන
ලදී.ස්කොට්ලන්තය හා බැඳුණු සාහිත්‍ය කෘතින්[සංස්කරණය]උතුරු බ්‍රිතාන්‍ය ජනවාසීහු සෙල්ටික් (Celtic) භාෂාවක් භාවිතා කළහ. ආදිතම වේල්සියානූ සාහිත්‍යය සැබවින්ම ලියැවී ඇත්තේ ස්කොට්ලන්තය තුළ හෝ ඒ ආසන්නයේදීය. බ්‍රයිනොනික් භාෂාව වේල්සයට හෝ කෝන්වෝලයටම පමණක් සිමා නොවීම එයට‍ හේතුවයි. බොහෝ නූතන සාහිත්‍යවේදීන් පවසන අන්දමට පික්ට්සයින් (Picts) බ්‍රයිනොනික් භාෂාව භාවිතා කළද, (පවතින ස්ථානවල නාමයන්, පුද්ගලික නාමයන් හා ඓතිහාසික සාක්ෂි පදනම් කොට) ඔවුන්ගේ සාහිත්‍යමය කෘතින් සුරැකිව නොමැතස්කොට්ලන්තයේ ලියැවුනු ආදිතම සාහිත්‍ය කෘති වනුයේ,බ්‍රයිනොනික් (ආදී වේලිසායනූ බස)Gododin - 6 වැනි සියවස - The battel of the Gwen ystrad 6 වන සියවස (Taliesin ට අයත් වන )(A neirin අයත්වන) මුල්භාගයගේලික් Elegy for st. columba වැලන් ෆෝ‍ගේල් 597 වන සියවසIn praise of st. coloumba රම් හි බෙකන් මැකි ලුයිගේක් 677 වන සියවසලතින් Prayer for protection (St. Mygint ට අවසන්) 6 වන සියවස මැද භාගයAltus Prosotor (The High creator'st. Columbaට අයත්) 597 වන සියවසපැරණි ඉංග්‍රීසි The Dream of Rood 700 වන සියවස (දැනට සුරක්ෂිතව පවති
න එකම නෝතුම්බ්‍රියානූ පැරණි ඉංග්‍රිසි කෘතිය)Reference[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Romance_literatureවිවිධ බල සීමා තුළ සහ විවිධාකාර බල ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතියේ පෙන්නුම් කරන පොදු හා සුවිශේෂ වූ ලක්ෂණයක් වනුයේ එම නීතිය අනුගමනය කිරීමට අසමත් වූ විට එවැනි නීති බලාත්මක කිරීම සඳහා ප්‍රබල දඩුවම් පැමිණවීමයි. අපරාධයක් සඳහා ලබාදෙන දඩුවම එම අපරාධයේ ස්වාභාවය සහ එම දඩුවම පැමිණවීමට යම් ව්‍යුහයකට පවරා ඇති බලය මත තීරණය වනු ලබයි.[සංස්කරණය]එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක. උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම (පරිවාස භාරය සහ පොරොන්දු පිට ලබාදෙන නිදහස) සමහර අපරාධ ක්‍රියා (මනුෂ්‍ය ඝාතන) ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ කිසියම් වැරදි ක්‍රියාවක් අපරාධ ගණයට හෝ සිවිල් වැරැද්දකට නිශ්චිතවම වැටේ ද යන්න පැහැඳිලි ලෙස නිර්වචනය කර නොමැත. අපරාධ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ආණ්ඩුවක් වන අතර පෞද්ගලික පාර්ශවයන්ට එම රටේ සිවිල් නීතිය තම අයිතීන
් තහවුරු කරගැනීමට ඉවහල් වේ.ඉතිහාසය[සංස්කරණය]අපරාධ නීතිය සහ අපරාධ නීතියේ ඉතිහාසය ලෝකයේ ප්‍රථම ශිෂ්ඨාචාරයන්ගෙන් ඇරඹේ. අතීතයේ සුමේරියන් නම් ජන කාණ්ඩායම අපරාධ නීතියක් සිවිල් නීතියක් යනුවෙන් නීතියේ වර්ගීකරණයක් සිදු නොකෙරූහ. ඔවුන් පළමුම ලිඛිත නීති පද්ධතියක් සම්පාදනය කරන ලදහ. නියෝ සුමේරියානු රජෙකු වූ ඌර් ලොව දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත නීති පද්ධතිය සම්පාදනය කරන ලද රජු වෙයි. මෙය නමින් ඌර් නම් විය. මෙවැනිම වැදගත්වූ තවත් නීති පද්ධතියක් හමුරාබි බැබිලෝනියන්වරු විසින් ඔවුන් ‍ගේ නීතියේ කොටසක් ලෙස සම්පාදනය කරන ලදී. ඉහත පද්ධතීන් දෙකම සිවිල් වැරදි අපරාධ වැරදි වලින් (දණ්ඩ නීති) වෙන්කොට නොදක්වන ලදහ.(1600 සිදු වූ මනංකල්පිත අවතාර‍යක් සම්බන්ධයෙන් වූ අපරාධ නඩුවක් විභාග කරන අයුරු)මේ හා සමාන වැදගත් කමකින් යුක්ත වූ ගයිස්ගේ විස්තරාත්මක නිගමනයන්ගෙන් (රෝම නීතියේ එන twelve tables ) මෙම සිවිල් සහ අපරාධ අංශයන් වෙන වෙනම විග්‍රහ කොට නොතිබිණි. උදා : ගතහොත් හොරකම / furtum දිලික්තයනක් ලෙස අර්ථ නිරූපණය කර ඇත. අන් අයෙකුව හිංසනයට ලක් කිරීම (assault) සහ ප්‍රචණ්ඩත්වය යොදා ගෙන කරනු ලබන සොරකම් අනවසරයෙන් තම දේපල ට ඇතු
ල් වීම වශයෙන් සලකා ඇත. ඉහත අපරාධ සම්බන්ධයෙන් වූ නීති උල්ලංඝනය වූ විට පැන නගින නෛතික වගකීමෙන් නිදහස් විය හැක්කේ මුල්‍යමය වශයෙන් සිදු වූ අලාභ හානි වලට වන්දි ගෙවීමෙන්ය.අපරාධ සහ සිවිල් කරුණු සම්බන්ධයෙන් නූතන වර්ගීකරණය පිළිබඳව මුල්ම සාක්ෂිය හමුවන්නේ එංගලන්තය නෝමන්වරුන් ‍ගේ ආක්‍රමණයට භාජනය වූ අවධියේය. සුවිශේෂ සංකල්පයක් වූ අපරාධය සඳහා වූ දඩුවම (යුරෝප‍ය සම්බන්ධයෙන් පමණක් සලකා බැලීමේ දී) මුලින්ම පැන නැගුනේ පුරාණ ස්පාඤ්ඤ දර්ශනයක් Scolasticism (බලසම්පන්න අල්පොන්සු ඩී කස්‍ත්‍රා ) තුළය. මෙම සංකල්පයට අනුව (ආගමික ) දේවදඩුවම (Poena aeterna) මිනිසෙකු මත පමුණුවන ලද්දේ හුදෙක් ඔහුගේ අපරාධය වෙනුවෙන් මනසට දඩුවම් කිරීමට ය. මෙය මූලික නීතිය (canou – law) හා සම්මිශ්‍රණය වී අවසානයේ දී ආගමික බලපෑමකින් තොර වූ අපරාධ නීතියක් නිර්මාණය වීමට බලපාන ලදී.'යම් කිසි රාජ්‍යයක් යුක්තිය පසිදලීම (අධිකරණයක් හමුවේ දී)' සංකල්පය ඉදිරියට පැමිණෙන්නේ 18 වන සියවසේ දී යුරෝපා ජාතීන් පොලිස් සේවාවන් නඩත්තු කිරීමේ යෙදී සිටින විටය. එම මොහොතේ සිට අපරාධ නීතිය පමුණු වීම වඩාත් ක්‍රමානුකුලව විධිමත් යාන්ත්‍රනයන් ඔස්සේ සිදුවීම ආරම්භ විණි. මේ හ
ේතුව නිසා අපරාධ නීතිය වෙනමම හේතුවක් ලෙස වර්ධනය වීමට මඟ පෑදිණි.අපරාධ නීතිය සහ අපරාධයට ලබා දෙන දඬුවම[සංස්කරණය]අපරාධ නීතිය අන් නීතිවලින් වෙනස් වනුයේ එය උල්ලංඝනය වීමකට භාජනය වූ විට අපරාධ නීතිය මඟින් අපරාධකරු මත පමුණුවන ලද ප්‍රතිඵලය ඉතා ප්‍රබල එකක් වන බැවිනි. සෑම අපරාධයක් ම අපරාධය සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය වන සංඝටක වලින් නිර්මාණය වී ඇත. ශාරීරික හෝ කායික දඩුවම් කසපහර දීමෙන් හෝ වේවැල් පහර ලබාදීමෙන් පමුණුවිය හැකි වූවත් බොහෝ රටවල නීති පද්ධතීන් මෙවැනි ආකාරයේ දඩුවම් පැමිණවීම් නීති මඟින් වාරණය කොට ඇත. පුද්ගලයන් විවිධ අවස්ථා යටතේ (විවිධ පාලනයන්) සිරගත වීමට ලක් කල හැක. හුදෙකලාගත කිරීමකට මේ යටතේ පුද්ගලයෙකු භාජනය කල හැක. මෙවැනි සිරගත කිරීම් එක් දිනක සිට අවරුදු ගණන් දක්වා බලපැවැත්වෙන පරිදි පැමිණවිය හැක. (මෙවැනි සිරගත කිරීම් පරිවාස නිලධාරීයෙකු යටතේ හෝ කොන්දේසි වලට යටත්ව සිදුකල හැක. මේ අවස්ථා වලදී අපරාධ නීති යටතේ චූදිතයාගේ දේපල සහ මුල්‍යමය සම්පත් රාජසන්තක ‍කිරීමට හෝ අධිකරණ භාරයට ගත හැක.මූලික අරමුණු 5 ක් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. ඒවා මෙසේ නම් කල හැක.Retribution
, deterrence, incapacitation, rehabilitation and restitution යන මේවා මත පනවා ඇති වටිනාකම් විවිධ නීති පද්ධතීන් තුළ විවිධාකාර අගයන් ගනී.Retribution[සංස්කරණය]'අපරාධකරුවන් කුමන ආකාරයකින් ‍හෝ විඳවිය යුතුය.' මෙම සංකල්පයේ මූලික හරය එයයි. අපරාධකරුවන් ලබාගන්නා අයුතු වාසියන් හෝ අන් අයගේ අයිතීන් බුක්ති විදීමකට සිදුකරනු ලබන අනිසි බලපෑමක් පහකිරීම සඳහා ප්‍රති පිළිතුරක් ලෙස චූදිතයා මත ඒ හා සමාන වූ අවාසියක් හෝ බලපෑමක් නීතිය මඟින් පනවනු ලබයි. මෙම ක්‍රමය "Ctalitariuism" යන සංකල්පය මත ඇති වූ බවට සමහරෙක් මත පළ කරයි. Retribution යන්න ඉහත සංකල්පය මත පදනම් වූයේ පහත සඳහන් තර්කය තහවුරු කිරීම තුළිනි.'මහජනයා තමන් මරණයට ලක්නොවී සිටීමට නීතිය පිළිපදී. ව්‍යංගයෙන් කිවහොත් නීති කඩකරන මිනිසුන් ඉහත අයිතිය අත්හැරියා සේ සළකනු ලබයි.Deterreuce[සංස්කරණය]මෙහි ගැබ් වී ඇති මූලික හරය වනුයේ අපරාධකරුගේ අපරාධයට සරිලන නියමාකාර දඩුවමකට ඔහු ලක්කිරීමය. උදා: ලෙස ගතහොත් මිනීමැරුමක් සිදුකල බවට ඔප්පු වීමේන් පසුව එම මිනීමැරුම සිදුකරන ලද චූදිතයාට මරණ දණ්ඩනය ලබාදීමයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ වරක් අපරාධයක්
කළ පුද්ගලයෙකු නැවත එම අපරාධයම කිරීම සඳහා ඇති ඉඩකඩ අහුරා අධෛර්යමත් කිරීමය. මීට අමතරව අනිකුත් පුද්ගලයන් අනාගතයේ දී එවැනි අපරාධ සිදු කිරීම වළක්වාලීමට අනුබලයක් මෙයින් ලබා දේ.Incapacitation[සංස්කරණය]මේ හරහා මූලිකව අපේක්ෂා කරනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ සමාජයේ යහ පැවැත්මට බාධා පමුණුවන අපරාධකරුවන් පොදු යි. අන් විදියකින් පැවසුවහොත් ඔවුන් සිරදඩුවමකට භාජනය කිරීමයි.මරණීය දණ්ඩණය සහ පිටුවහල් කිරීම මඟින් මෙවැනි අදහසක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි.Rehabilitation[සංස්කරණය]මෙමඟින් අපේක්ෂා කරනු ලබන්නේ අපරාධයක් සිදුකරනු ලබන තැනැත්තෙකු සමාජයට වග කියන යහපත් පුරවැසියකු බවට පත්කිරීමය. මෙම ක්‍රමය හරහා අපරාධකරුට තමන් කරන ලද වැරදි ක්‍රියාවේ අනිසි අහිතකර සමාජ බලපෑම අවබෝධකර දී ඔහු එවැනි වැරදි ක්‍රියා කිරීමෙන් වළක්වා ගැනීමය.Restitution[සංස්කරණය]මෙමඟින් අපරාධයට ලක්වූ තැනැත්තාට වන්දි ලබාදීමට හෝ අපරාධය සිදු වීමට ප්‍රථම තමන් සිටි ස්ථානයේ නැවත පිහිටුවාලීම සිදුකරනු ලබයි. උදා: ලෙස යම් කෙනෙකු (A) තව කෙනෙකුගේ (B) මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට ඔප්පු වුවහොත් මුලින් කී තැනැත්තා (A) අනෙකාට (B) එලෙස ‍සාවද්‍ය
ලෙස අපහරණය කරන ලද මුදල ගෙවීමට නීති පද්ධතියක් තුළ ප්‍රතිපාදන (නෛතික) සපයා ඇත. මෙම සංකල්පය ඉහතින් සඳහන් කරන ලද සංකල්ප හා එකිනෙක බැදී පවතී.තෝරා ගත් අපරාධ නීති කිහිපයක්[සංස්කරණය]බොහෝ නීති බලපවත්වනු ලබන්නේ දඬුවම් ලබාදෙන බවට තර්ජනය කිරීම වන අතර ඒවායේ තැනින් තැනට බොහෝ වෙනස් වේ. අපරාධ නීතිය ඉතා විශාල ක්ෂේත්‍රයක් වන අතර එය සම්පූර්නයෙන් ම හැදෑරීම ඉතා දුෂ්කර කාර්යයකි. මූලිකාංග[සංස්කරණය]සාමාන්‍යයෙන් අපරාධ නීතිය නුසුදුසු අන්දමින් ක්‍රියා කිරීම තහනම් කරනු ලබයි. මෙසේ අපරාධයක් ඔප්පු කිරීම ට යම් ක්‍රියාවක් සිදුකළ බවට ඔප්පු කළ යුතුය. විශාරදයන් මෙය හඳුන්වන්නේ වරදකාරී හෙවත් සාවද්‍ය ක්‍රියාව (actus reus) ලෙසය. සමහර අපරාධ විශේෂයෙන්ම වර්තමාන යාමක වරද තව දුරටත් අවශ්‍යය නොවන අතර ඒවා යථාර්ථ ආධීනතාව ලෙස හඳුන්වයි. නමුත් අපරාධයකට වරද කරු කිරීමෙන් ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරන නිසා පොදුනීතියේ දී විනිසුරුතුමන්ලා අපරාධය සඳහා චේතනාවක් (සාවද්‍යය චේතනාවක්) තිබුනේ දැ යි සොයා බලනු ලැබේ. සාවද්‍යය ක්‍රියාව සහ සාවද්‍යය චේතනාව දෙකම අත්‍යාවශ්‍යය වන විට දී මෙම මූලිකාංග ද්විත්වයම එකම මොහොතේ තිබිය යුතු අතර ඒවා වෙන වෙනම සි
දු වීම ප්‍රමාණවත් නොවේය යන්න විනිසුරු තීරණය විය. සාවද්‍ය ක්‍රියාව[සංස්කරණය]සාවද්‍ය ක්‍රියාව අපරාධයක් සිදු කිරීමේ භෞතික මූලිකාංගය වන අතර එය ක්‍රියාවක්්, ක්‍රියාවක් සිදු කිරීමේ තර්ජනයකින් හෝ ක්‍රියාවක් සිදු කිරීම පැහැර හැරීමක් මඟින් සිිදු වූ දෙයක් විය හැකිය. උදා ං විසින් ඹ ට පහර දීම හෝ දෙමාපියන් විසින් දරුවාට අහාර ලබා නොදීම වැනි ක්‍රියාවන් අපරාධයක සාවද්‍ය ක්‍රියාව විය හැකිය. සාවද්‍ය ක්‍රියාව යම් ක්‍රියාවක් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් නම් ඒ වෙනුවෙන් යුතුකමක් තිබිය යුතුය. යුතුකමක් ස්වෙච්ඡාවෙන් බාරගත් ගිවිසුමකින් වුව ද තමන් විසින් ම භයානක තත්වයක් නිර්මාණය කර ගැනීමෙන් ද ඇති විය හැකිය. සාවද්‍ය ක්‍රියාව සංසාධනය නොමැති වීමෙන් ශුන්‍යය කල හැකිය. සංසාධනය අපරාධයට ලක් වූ තැනැත්තා ගේ අනතුරට භාජනය විය හැකි තත්වය නිසා බිඳ නොවැටේ. කෙසේ වෙතත් මෙය බිඳ වැටීම තුන්වන පාර්ශ්වයක මැදිහත් විම නිසා, අපරාධයට ලක් වූ තැනැත්තා ගේ ම හැසිරීම නිසා හෝ බලාපොරොත්තු විය නොහැකි ක්‍රියාවක් නිසා සිදූ විය හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී සිදු වන අත් වැරදීමක් එම අත් වැරදීම නිසාවෙන්ම මරණය සිදු වුණි නම් දාමයේ බි
ඳීමක් සිදු නොවේ. සාවද්‍යය චේතනාව[සංස්කරණය]සාවද්‍යය චේතනාව යනු යම් වැරදි සහගත ක්‍රියාවක් සිදු කිරීම සඳහා ඇතිවන චේතනාවයි. චේතනාව අපරාධ නීතියේ දී පුද්ගලයාගේ පෙළඹවීමෙන් වෙන්ව පවතී. විතත්තිකරු ක්‍රියාව අනතුරු දායක එකක් බව දැන සිටිය ද එය කෙසේ හෝ කිරීමට අදහස් කරන විට දී අවම වශයෙන් සාවද්‍යය චේතනාවේ එළිපතත් තේ සිටියි. මෙය අනවධානයයි. j නම් පුද්ගලයෙක් ගෙදර ඇති මුදල් ගැනීමට බිත්තියක් ළඟ සිට ගෑස් මාපකයක් කඩා දමා එසේ කාන්දු වන ගෑස් අසල් වැසියාගේ නිවසට ගියහොත් ගිනි ගන්නා බව දැනගෙන සිටීම නිසා ඔහු විෂවීම සඳහා වගකිව යුතු වේ.යථාර්ථ ආධීනතාව[සංස්කරණය]යථාර්ථ ආධීනතාව විත්තිකරුගේ පැත්තෙන් සිදු කරන ලද හානියට හේතුව ලෙස විස්තර කල හැක. සෑම අපරාධයකටම නරක චේතනාවක් තිබීම අනිවාර්්‍යය නොවන අතර වැරදිකරු වීම සඳහා අවශ්‍යය කරුණු ඌණ විය හැක. විත්තිකරු හිතාමතාම හෝ සාහසික ලෙස ක්‍රියා කල බවට වඩා නොසැලකිලිමත්ව ක්‍රියා කල බව පෙන්වීම පමණක් සෑහේ. යථාර්ථ ආධීනතා අපරාධ ව්‍යවස්ථා මඟින් නිර්මිත අපරාධ වන අතර එය යථාර්ථ ආධීනතා අපරාධයක් බව එහි පැහැදිලිව සඳහන් නොවීම නොපැහැදිලි ආකාරයට කෙටුම්පත්කරණයේ ප්‍රතිඵලයක් ලෙසය.මරණීය අප
රාධ[සංස්කරණය]මිනී මැරීම පුළුල්ව අර්ථ දක්වා ඇති ආකාරයට නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීමයි. නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීම අපරාධ නීතියේ දී බොහෝ විට ඉලක්කය වන ක්‍රියාවයි. බොහෝ අධිකරණ වල මිනීමැරුම නමැති අපරාධය එහි කෘර කම අනුව විවිධ ශ්‍රේණි වලට බෙදා දක්වා ඇත. ද්වේෂය මිනීමැරීම සඳහා අත්‍යාවශ්‍යය අංගයකි. ද්වේෂය නොමැති විට සාධාරණ පෙළඹවීමක් හෝ හීන දරා ගැනීමේ හැකියාවක් නිසා සිදුවන මිනීමැරීම මිනිමැරීමේ අඩු ප්‍රභේදයක් වේ. නිරුත්සාහක මනුෂ්‍යය ඝාතනය සාපරාධී චේතනාවකින් තොරව අනවධානයෙන් සිදුවන ඝාතනයක් ලෙස හැඳින්වේ. පුද්ගලික අපරාධ[සංස්කරණය]බොහෝ අපරාධ නීති සංග්‍රහයන් සිරුරේ භෞතික සම්පූර්ණත්වය ආරක්ෂා කරනු ලබයි. අනඩ්තේට්ටම් කිරීම සාම්ප්‍රදායිකව හඳුනාගන්නා පරිදි නීති විරෝධී අයුරින් අතපත ගෑම දිනපතා සිදු කරන පහර දීම් සහ හැල හැප්පීම් සෙනඟක් මධ්‍යයේ සිටීම නිසා නිශ්ශබ්දව අනුමත කිරීම මීට ඇතුළත් නොවේ. ඉතා ආසන්න අනඩතේට්ටම් කිරීමේ භයක් ඇති කිරීම පහර දීමක් වන අතර, එමඟින් සාපරාධී වගකීමක් ඇති විය හැකිය. කැමැත්තෙන් තොරව සිදු වන සංසර්ගය හෙවත් ස්තී්‍ර දූෂණය අනඩ්තේට්ටම් කිරීමේ බරපතල අවස්ථාවකි. දේපළ අපරා
ධ[සංස්කරණය]දේපළ අපරාධ අපරාධ මඟින් අරක්ෂා කරනු ලබයි. අන්‍යයකුගේ නිශ්චල දේපළකට ඇතළු වීම නීති විරෝධී වේ. බොහෝ අපරාධ නීති සංග්‍රහයන් අපවර්තනය, මුඅල් වංචා කිරීම, සොරකම වැනි දේපළක වටිනාකම අහිමි කරන අපරාධ සඳහා දඬුවම් නියම කරනු ලබයි. මංකොල්ල කෑම යනු බලය යොදාගෙන සොලකම් කිරීමයි. ව්‍යාජ නියෝජනය, තොරතුරු හෙළි කිරීමට නොහැකි විම හෝ තනතුර අයථා භාවිතය මඟින් වංචා කිරීම එක්සත් රාජධානියේ 2006 වංචා පණත උල්ලංඝනය කිරීමකි හවුල් අපරාධ[සංස්කරණය]සමහර අපරාධ නීති සංග්‍රහයන් සාපරාධී ක්‍රියාවන් සිදු කිරීම සඳහා සම්බන්ධ වීම හෝ එවැනි ක්‍රියා සඳහා සඵල නොවූ උත්සහ කිරීම් ද අපරාධයන් ලෙස දක්වා ඇත. ආධාර දීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ තැත් කිරීම මීට උදාහරණයන් ය.විත්තිවාචකය[සංස්කරණය]අපරාධයක මූලිකාංග නිෂේධනය කල හැකි විත්තිවාචක ලෙස හඳුන්වන විඬිධ තත්වයන් පවතී. බොහෝ විට අපරාධය සම්පූර්ණයෙන් ම ඔප්පු කිරීමේ භාරය රජයට පැවරෙන අතර ඊට මෙම විත්තිවාචකයන් සම්බන්ධ නොමැති බව ඔප්පු කල යුතුය. වෙනත් වචන වලින් කියතොත් විත්තිවාචකයන් සම්බන්ධ නොමැති විට අපරාධයේ මූලිකාංගක් ලෙස සලකනු ලැබේ. විත්තිවාචකයන් මඟින් භාගික වශයෙන් හෝ සම්පූර්ණයෙන
් ම දඬුවමින් නිදහස් විය හැකිය.සිහිවිකල්බව[සංස්කරණය]සිහිවිකල්බව (ඔස්ටේ්‍රලියාව සහ කැනඩාව) ඕනෑම අපරාධයක් කිරීමේ අදහස නිෂේධනය කළ හැකි වුවත් ඊට අදාළ වන්නේ චේතනාව නමැත් අංගය අත්‍යාවශ්‍යය වන අපරාධයන් ට පමණි. නියම චශයෙන් සිහිවිකල්බව අර්ථ දැක්වීම සඳහා විවිධාකාරයේ රීතීන් සම්පාදනය කර ඇත. බොහෝ අවස්ථා වල දී ක්‍රියා කරන්නාට තමා වැරදි සහගත අයුරින් ක්‍රියා කරන බව අවබෝධ කර ගැනීමට නොහැකියාව හෝ ක්‍රියා කරන්නාට නීතියට අනුව කටයුතු කිරීමට ඇති නොහැකියාව යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් වේ. යම් විත්තිකරුවකු සිහිවිකල් බව හේතුවෙන් නිර්දෝෂ බව ප්‍රකාශ කරන ලද විට නිරන්තරයෙන් ම ප්‍රතිඵලය වන්නේ එම පීද්ගලයාව මානසික රෝහලකට යොමුකර වීම යි.ස්වයංක්‍රියතාවය[සංස්කරණය]ස්වයංක්‍රියතාවය යනු මනසේ පාලනයකින් තොරව හෝ විඥානයකින් තොරව ක්‍රියා කිරීමයි. කෙනෙකු කම්පනය හේතුවෙන් ඇතිවන ආතතියේ ප්‍රතිඵලයක් ලෙස හෝ විශාල මී මැසි රංචුවකගේ ප්‍රහාරයකට ලක් වීම වැනි සිතින් මවා ගත් තත්වයක් නීසා හදිසියේ අසනීප තත්වයකට පත්ව ස්වයංකී්‍රයව වශී වූ තත්වයකට පත් වීමයි. ස්වයංකී්‍රයතාව ඇති වීමට නම් ඉච්චානුගත පාලනය සම්පූර්ණයෙන් ම නැති වී යා යුතුය. අධික ලෙස
රිය පැදවීමේ ප්‍රතිඵලයක් ලෙස අසම්පූර්ණ ලෙස විඥානය නැති වී යාම මෙයට ඇතුළත් නොවේ. මත්වීම[සංස්කරණය]මත්වීම සමහර අවස්ථාවල දී සමහර අපරාධ සඳහා පමණක් අදාළ වන විශේෂිත සාවද්‍යය චේතනාව නිෂේධනය කිරීමට හැකිවේ. එවැනි විශේෂිත චේතනාවක් නොමැති වීම මිනි මැරුමක් සාවද්‍යය මනුෂ්‍යය ඝාතනයක් බවට පත්වීමට හැකියාව ඇත. ඉච්චානුගත මත්වීම නිතරම මූලික චේතනාව ඇති කරනු ලබයි. උදා සාවද්‍යය මනුෂ්‍යය ඝාතන චේතනාව. අනෙක් අතට අනිච්චානුගත මත්වීම උදාහරණයක් ලෙස මත්පැන් නිසා ඇතිවන තත්වය මූලික චේතනාවක් අතිව කරන ලද්දක් බවට නිගමනය නොකෙරේ. අත් වැරදීම[සංස්කරණය]අත්වැරදීම් සිදු වීම සමහර විටක දී විත්තිවාචකයක් විය හැකි එම අත් වැරදීම කරුණුමය මෙන්ම සැබෑ එකක් විය යුතුය. පොලිස් නිලධරියෙකුට පහර දීමේ චෝදනාව සැබෑ අත්වැරදීමක් ලෙස නිෂේධනය කල හැකි වන්නේ ඔහුට පහර දුන් පුද්ගලයා නිලධාරියෙකු නොව අපරාධකරුවෙක් ලෙස සිතා පහර දුන් විටය. ආත්මාරක්ෂාව[සංස්කරණය]ආත්මාරක්ෂාව යනු සාමාන්‍යයෙන් තමා අරක්ෂා වීම සඳහා ගනු ලබන සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන්ය. ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ක්‍රියාවන් කිසිවිටෙකත් අපරාධයන් නොවේ. ඒ සඳහා දඬුවම් පනවනු නොලැබේ. මෙ
සේ ගනු ලබන ආරක්ෂක ක්‍රියා මාර්ගයන් ඇතිවන තර්ජනයන් ට සමානුපාතික විය යුතුය. මරණීය නොවන තර්ජනයකට ගිනිඅවියක් භාවිත කිරීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.බලකිරීම[සංස්කරණය]බලකිරීම නිසා කෙනෙකු නීති විරෝධී අන්දමින් ක්‍රියා කළ හැකිය. බල කිරීම බෙහෝ අවස්ථාවලදී විත්තිවාචකයක් වුවත් මිනි මැරුම්, නිනි මැරීමට තැත් මිරීම, මිනි මැරීමට සහය වීම සහ සමහර රටවල් වල නම් දේශද්‍රෝහී වීම වැනි දරුණු අපරාධ සඳහා විත්තිවාචකයක නොවේ. බලකිරීම ඉතා ආසන්න ලෙස මරණීය තර්ජනය හෝ බරපතල ලෙස තුවාල සිදුකිරීමේ තර්ජනය දරා ගත නොහැකි ආකාරයට විත්තිකරුගේ මනස තුල ක්‍රියාකාරී විය යුතුය. විත්තිකරුට එල්ල වූ තර්ජනයට මධෘස්ථ පුද්ගලයෙක් ඊට වෙනස් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නම් විත්තිවාචකයක් නොමැතී බවට සධාරණව විශ්වාස කළ යුතුය. වයස, ගර්භනී බව, ශාරීරික දුබලතාව, මානසික රෝගී බව, ලිංගිකතාව, මේ සඳහා මිනුම් දඬු වුවත් මූලික දැනුවත්බව එසේ නොසලකනු ලැබේ. මෙහි දී විත්තිකරුට ගැලවී පලා යාමට යාමට කිසිදු මඟක් නොමැති විය යුතුය. බල කිරීම, මුදල් නැවත ගෙවීමට තර්ජනය කිරීම නිසා එම මුදල පියවිමට බැංකුවක් කොල්ල කෑමට යොමු වීම නොව කිසියම් ක්‍රියාවක් කිරීමට අණ කිරීමක්
විය යුතුය. කෙනෙකු තමාම තර්ජනයකට ලක විය හැකි තත්වයකට පත් වුවහොත් බල කිරීම විත්තිවාචකයක් ලෙස ගත නොහැකිය.අන්තර් ජාතික නීතිය[සංස්කරණය]හේග්හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණයහේග්හි පිහිටි අන්තර් ජාතික අපරාධ නඩු අධිකරණය යනු මහජන අන්තර්ජාතික නීතිය යොදවමින් ඉතාමත් දරුණු ගනයේ සහ අතිශයින්ම සාහසික වූ (ලෝකයේ හි වෙසෙන සියලුම ජාතීන් සහ රාජ්‍යයන්ට බලපාන) අපරාධ සහ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් විස්තරාත්මකව හා විශ්ලේෂණාත්මක කටයුතු කරයි. නූතන අන්තර්ජාතික අපරාධ නීතියේ මුලාශ්‍රය ලෙස නියුරන්බර්ග් නඩු (පශ්චාත් දෙවන ලෝක යුධ සමය තුළ) සැලකිල්ලට ගත හැකිය. මෙම නඩුවලදී නාසිවාදය පැතිර වූ නායකයන්ට මිනිස් සංහාර සහ යුද්ධය යන කරුණු පදනම් කරගෙන දඩුවම් ලබාදෙන ලදී. වර්‍ෂ 1998 දී Rome Statute යන නීතිය යටතේ අන්තර්ජාතික අපරාධ අධිකරණය හේග් නග‍රයේ ස්ථාපිත කරන ලදී. මෙය මූලිකවම වෙන්වුයේ විවිධ රාජ්‍යයන් වල නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මනුෂ්‍ය වර්‍ගයාට එරෙහිව කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ඔවුනට දඩුවම් ලබාදීම සඳහා ය. ‍එහෙත් ලොව සියලුම රටවල් මෙවැනි නඩුවලට සහභාගී වී නැත (සහභාගී වීමට සිය කැමැත්තද පළකර නැත) යේමනය, ලිබියාව, ඉර
ාකය, ඊශ්‍රායලය. සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේවාට උදාහරණ ‍වේ.ඇමෙරිකා එක්සත් ජනපදය[සංස්කරණය]අමෙරිකා එක්සත් ජනපදයේ අපරාධ කරුවන්ට එරෙහිව නඩු ආරම්භ කරනු ලබන්නේ විනිශ්චකාරවරයෙකු විසින් නිකුත් කරන පැමිණිල්ලක් මඟින් හෝ මහාජූරි සභාවක් මඟින් නිකුත් කරන චෝදනා පත්‍රයක් තුළිනි. ඇමෙරිකානූ ව්‍යවස්ථාවේ සිදුකරන ලද පස්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පෙඩරල් අධිකරණයකදී විභාග කෙරෙන දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් (Felonies) ‍චෝදනා පත්‍රයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එක් එක් ජනපද වල භාවිතයේ පවතින විවිධ ක්‍රමවල විවිධත්වය මත අත්‍යාවශ්‍ය කරුණක් ලෙස අපරාධ නඩුවක් ‍ගොනුකිරීමේ දී මෙම පෙඩරල් අවශ්‍යතාවය බලපාන්නේ නැත. උදා: ලෙස ගතහොත් කනෙටිකට්, පෙන්සිල්වේනියා සහ වොෂින්ටනය ‍යන ජනපද සහ කොලොම්බියාව 'මහා ජූරි සභාවක් මඟින් ඉදරිපත් කරන චෝදනා පත්‍රය පිළිපදින්නේ නැත. හයවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපරාධ නඩුවක චූදිතයෙකුගේ නඩුවක් වඩාත් ඉක්මණින් සහ මහජනයා ඉදිරියේ විභාග කිරීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇත. මෙය ප්‍රාන්ත සහ පෙඩරල් අධිකරණ දෙවර්ගයටම බලපායි. මීට අමතරව අපක්ෂපාතී ජුරි සභාවක් ඉදිරියේ අපරාධය සම්බන්ධයෙන් වූ නඩුව ඇසීමට ද, (ජනප
ද සහ දිස්ත්‍රීක් යන දෙකේදීම ) තමන්ට විරුද්ධව ඇති නඩුවේ ස්වාභාවය සහ චෝදනාවට ලක්වීමට හේතුව දැනගැනීමට ද, තමන්ට විරුද්ධව සාක්ෂි දෙන සාක්ෂිකරුවන් තමන් ඉදිරියට ගෙන ඒමට ද, අනිවාර්ය ක්‍රියාවලියක් හරහා තමන්ගේ වාසිය සඳහා සාක්ෂිකරුවන් සපයා ගැනීමට ද සහ නීතිඥවරයෙකුගේ සහය ලබාගැනීමට ද අයිතියක් ඇත. රාජ්‍යයක අයිතීන් සුරැකීම සඳහා පෙනීසිටිනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව‍ට සම්බන්ධ නීතිඥයෙකි. චූදිතයෙකුට තනිවම තමාගේ නිතීඥයා ලෙස කටයුතු කළ හැකිය. (අවශ්‍යනම්)ය.බොහෝ අමෙරිකානූ නීති විද්‍යාලවල මූලික මූලාශ්‍රය (අපරාධ නීතිය සම්බන්ධයෙන්) පදනම් වී ඇත්තේ නූතන දණ්ඩ නීති සංග්‍රහය සහ ඇන්ග්ලෝ ඇමෙරිකානූ පොදු නීතිය මත පදනම් වූ පර්යේෂණයක් මතය. ඇමෙරිකාවේ සිදුවන අපරාධ විශ්වීය අපරාධ ලෙසද ‍‍ලොව පුරා නීති මඟින් තහනම් කර ඇත. (මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ) මේවා ඉදහිට මාලම් ඉන්සේ (Malum in se) ලෙසද ව්‍යවහාර කෙරේ. මේ අතරේ දී අනිකුත් අපරාධ (සමාජයක සමාජීය දැක්ම සහ හොද නරක වෙන්කරන ආකාරය) වන මත් ද්‍රව්‍ය නිවාරණය සහ මත්පැන් සම්බන්ධ නීති Molum prohibitum ලෙස ව්‍යවහාර වේ. ඉංග්‍රීසි අපරාධ නීතිය(එංගලන්තය)[සංස්කරණය]මධ්‍යම අපරාධ අ
ධිකරණය, සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ Old – Baileyඑංගලන්තයේ අපරාධ නීතිය විවිධ මුලාශ්‍ර කීපයකින් පැන නැගී ඇත. අපරාධ සඳහා වූ විවිධ නිර්වචනයන් අධිකරණ තීරණ සහ දහස් ගණනක් වූ විවිධ නීති යුරෝපා හවුල තුළ පවතින සුපිරි නීති පද්ධති වල අන්තර්ගත වී ඇත. ‍ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් නොව මෙහි අපරාධ හෝ සිවිල් නීති ලෙස නීති ගතකොට නැති බැවින් අපරාධ නිර්වචනය කිරීමේ තනි ක්‍රමයක් වෙන්කොට හදුනා ගැනීම අපහසුය.2014 චිබොක් පැහැරගැනීම2014 Chibok kidnappingපැහැරගැනීමට ලක්වූ ගැහැණු දරුවන්ගේ, වැලපෙන දෙමාපියන්දිනය15 අප්‍රේල් 2014 (2014-04-15)පිහිටුමචිබොක්, බොර්නෝ ප්‍රාන්තය, නයිජීරියාවඛණ්ඩාංක10°51′57″N 12°50′49″E / 10.865833°N 12.846944°E / 10.865833; 12.846944ඛණ්ඩාංක: 10°51′57″N 12°50′49″E / 10.865833°N 12.846944°E / 10.865833; 12.846944ප්‍රතිඵලය250 කට වැඩි ගැහැණු දරුවන් පිරිසක්, ඉස්ලාමීය හමුදා අන්තවාදීන් පිරිසක් විසින් පැහැර ගැනීමඅතුරුදන් වූ223සැකකරුවන්බෝකෝ හරාම්2014 අප්‍රියෙල් මස 14–15 යන දින අතර රාත්‍රී කාලයේදී, නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ (Borno State) චිබොක් (Chibok) නගරයේ පිහිටි, රජයේ ද්වීතීක පාසලක නේව
ාසිකව සිටි ශිෂ්‍යාවන් 276 දෙනෙකු, එරට ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන යනු ලැබූ අතර, එම පැහැරගෙන යාමේ සිදුවීම 2014 චිබොක් පැහැරගැනීම ලෙස හැඳින්වෙයි.පසුබිම[සංස්කරණය]නයිජීරියාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක් වන බෝකෝ හරාම් සංවිධානයේ සාමාජිකයින්, 2010 වර්ෂයේ පටන් එරට පාසල් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කරන අතර, නයිජීරියානු රජය විසින් සාම්ප්‍රදායික මුස්ලිම් අධ්‍යාපන ක්‍රමයට පටහැනිව, බටහිර අධ්‍යාපන ක්‍රමය දිගටම පවත්වා ගෙන යන්නේ නම්, තව දුරටත් මෙවැනි ප්‍රහාර එල්ල කරන බවට එම ත්‍රස්ත සංවිධානයේ ප්‍රකාශකයෙකු විසින් මීට පෙර අනතුරු අඟවා තිබුණි. ගැහැණු දරුවන් ඉගෙන ගැනීම සිදුනොකල යුතු බවත්, ඔවුන් ඉවුම් පිහුම් කරන්නියන් හා ලිංගික වහලියන් ලෙස ජීවත් විය යුතු බවත්, බෝකො හරාම් ත්‍රස්තවාදීන්ගේ නියමය වී තිබුණි.[1]2014 වසරේ පෙබරවාරියේදී මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින්, Doron Baga හා Izghe ග්‍රාමයන්හී විසූ ක්‍රිස්තියානි පුද්ගලයින් 100 දෙනෙකු පමණ ඝාතනය කොට තිබූ අතර,[1] එම මසදීම, ගිණිකොණ දිග නයිජීරියාවේ පාසලක සිසුන් 59 දෙනෙකුද ඝාතනය කරන ලදී.[2] එම වසරේම මාර්ත
ුවේදී, Giwa හමුදා බැරැක්කයකට පහර දුන් ඔවුන් එහි රඳවා සිටි සටන්කාමීන් පිරිසක් නිදහස් කර ගන්නා ලදී.[1] ඊට පසු අප්‍රියෙල් මසදී ඔවුහූ, අබූජා හී බෝම්බයක් පුපුරුවා හැර තවත් සිවිල් පුද්ගලයෝ 88 ඝාතනය කොට දමන ලදී.[3] 2014 වර්ෂය තුල මැයි මස වන විට පමණක්, බෝකො හරාම් ත්‍රස්තවාදීන් විසින් මරණ 4,000 ක් පමණ සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙයි.[1] එක්සත් ජනපද රජයට අනූව, බෝකො හරාම් ත්‍රස්තවාදීන්, අල්-කයිඩා පුහුණුව ලබමින් මෙවැනි සාර්ථක ප්‍රහාර දියත් කරන බව පැවසෙයි.[4]බෝකො හරාම් ත්‍රස්තවාදීන්ගේ මෙවන් ත්‍රස්ත ක්‍රියාවන් නිසා එරට 10,000 පමණ වූ දරුවන් පිරිසකට, පාසල් වෙත යාමට නොහැකි තත්වයක්ද හටගෙන තුබූ බව සඳහන් වේ.[5]සිදුවීම[සංස්කරණය]පාසලට හානි සිදුකර2014 අප්‍රියෙල් මස 14–15 යන දින අතර රාත්‍රී කාලයේදී, චිබොක් නගරයේ පිහිටි අදාල රජයේ ද්විතීක බාලිකා පාසල වෙත කඩා වැදුණු ත්‍රස්තවාදීන්, පාසලේ සිටි මුරකරුවන්ටද වෙඩි තබා[6] එහි වූ ගැහැණු දරුවන් සමූහයක්, ට්‍රක් රථයක පටවා ගෙන සම්බිසා (Sambisa Forest) වනාන්තරයට පලා ගිය බව සඳහන් වෙයි. පලා යාමට ප්‍රථම චිල්බොක් හී තුබූ නිවාස කීපයකටද ඔවුහූ, ගිනි තබා විනාශ කොට දමා තිබුණ
ි.[3] ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිරිහී ගොස් තුබූ නිසා, මෙම ප්‍රහාරය එල්ල වීමට සති හතරකට පෙර පාසල වසා දමා තුබූ නමුත්, සිය භෞතික විද්‍යා අවසාන විභාගය සඳහා සූදානම් වීමට පැමිණි ශිෂ්‍යාවන් පාසල තුල රැදී සිටි බව සඳහන්ය.[3][7][8]මෙම පැහැර ගැනීමට ලක්වූ ශිෂ්‍යාවන් වයස අවුරුදු 16 ත් 18 අතර වයස් වල පසුවූවන් බව පැවසෙයි.[9] සිද්ධිය සිදුවූ විගස පැමිණි මුල් වාර්ථාවන්ට අනූව ශිෂ්‍යාවන් 85 පමණක් පැහැර ගැනීමකට ලක්වූ බව සඳහන් වූවත්, අප්‍රියෙල් 19–20 දින වල හමුදාකාමීන් විසින් නිකුත් කල ප්‍රකාශයක දැක්වුනේ පැහැර ගැනීමට ලක්කල ශිෂ්‍යාවන් 129 දෙනාගෙන් 100කට වඩා වැඩි පිරිසක් නිදහස් කල බවයි. කෙසේ නමුදු එම ප්‍රකාශයද අවලංගු වූවේ, ගැහැණු ළමයි 234 දෙනෙකු අතුරුදන් බවට ඔවුන්ගේ දෙමාපියන් විසින් අප්‍රියෙල් 21 වන දිනදී හෙලිදරවු කිරීමත් සමගයි.[1]නයිජීරියානු පොලිස් වාර්තාවන්ට අනූව, ප්‍රහාරය අතරතුරදී ශිෂ්‍යාවන් 276 දෙනෙකු පැහැර ගෙන ගොස් තිබූ අතර, ඉන් 53 දෙනෙකු මැයි 2 වනදා වන විට ඔවුන් පැහැරගත් පුද්ගලයන්ගේ ග්‍රහණයෙන් මිදී පලා අවුත් සිටියහ.[10][11]සිදුවීමෙන් අනතුරුව[සංස්කරණය]පැහැරගත් සිසුවියන්ට පසුව, සාම්ප්‍රදායානුකූල ලෙස මන
ාල පාර්ශවය විසින් ගෙවනු ලබන "අඹු දෑවැද්ද" ලෙස නයිජීරියා නයිරා (₦) 2,000 ක මුදලක් (අමෙරිකා ඩොලර් 12.50/ශ්‍රී ලංකා රුපියල් 1650ක් පමණ (2014 මැයි)) සමග, බෝකා් හරාම් සාමාජිකයන් විවාහ කර ගැනීමට බලපෑම් සිදුකල බව පැවසෙයි.[12][13] තවත් වාර්ථාවන්ට අනූව පැහැරගත් සිසුවියන් පිරිසක් දේශසීමා හරහා, අවට චැඩ් සහ කැමරූන්, දේශයන් වෙත රැගෙන ගිය බවට, සම්බිසා වනය ආශ්‍රිතව ජීවත් වන ගම්වැසියන් දුටු බවට සඳහන් වෙයි.[14][13] එම වනය, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ සැඟවුම් පලක් බව පැවසෙයි.[13]පැහැර ගැනීමට ලක්වූ ගැහැණු දරුවන් බේරාදෙන්න යැයි දැක්වෙන දැන්වීමක් සහිත රථයක්මේ අතර අප්‍රියෙල් 30 හා මැයි 1 වන දිනයන් වල, මෙම පැහැරගැනීම් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බලකරමින් සමහර නයිජීරියානු නගරයන්හී උද්ඝෝෂණ පැවැත්වුනත්,[8] තම දියණියන්ගෙන් පළිගනු ඇතැයි බියවී සිටින, වින්දිතයන්ගේ දෙමව්පියෝ මේ ගැන ප්‍රසිද්ධයේ කථා කිරීමට මැලිවන බව පැවසෙයි. මැයි 3 සහ 4 වන විට, මෙම ගැහැණු දරුවන් බේරා දෙන ලෙස ඉල්ලමින් ලෝස් ඇන්ජලිස් සහ ලන්ඩන් හීද උද්ඝෝෂණ දියත් වූ අතර, ලොව පුරා ට්විටර් හරහාද මේ සම්බන්ධව අවධානය යොමු විණි.[4]මැයි 2 වනදා පොලීසිය, පැ
හැර ගැනීමට ලක්වූ බාලිකාවන්ගේ නිවැරදි ප්‍රමාණය පැහැදිලි නැති බව කියා සිටින ලදී.[11] මැයි 4 වැනිදා, එනම් පැහැර ගැනීම සිදුවී සති 3 කට ආසන්න කාලයක් ගෙවුනු තැන, නයිජීරියාවේ ජනපති ගුඩ්ලක් ජොනතන් මේ සිදුවීම සම්බන්ධව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කථා කරමින් කියා සිටියේ, පැහැර ගැණුනු ගැහැණු දරුවන් බේරා ගැනීමට ඔහුගේ රජය හැකි සෑම දේම කරන බවයි.[9] ඊට අමතරව ඔහු, වින්දිතයන්ගේ දෙමාපියන්ටද චෝදනා කරමින් කියා සිටියේ, දරුවන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඔවුන් විසින් පොලීසියට ලබා දී නැති බවයි.[4]බෝකෝ හරාම් නායක අබුබකාර් ශෙකාවු විසින් 2014 මැයි 5 වනදා මාධ්‍යයට නිකුත් කල විඩියෝ පටයකින්, මෙම සිදුවීමේ වගකීම භාර ගනු ලැබූ අතර, "දෙවියන් විසින් තමන්ට නියම කල පරිදි, පැහැර ගත් ගැහැණු දරුවන් විකිණීමට කටයුතු කරන බවත්;... උන්වහන්සේගේ (දෙවියන්ගේ) නියමයන් ක්‍රියාවට නංවන බවත්" පැවසෙන අබුබකාර්ගේ දර්ශන පෙළක් එහි ඇතුලත්ව තිබුණි.[9] ගැහැණුන් පාසල් නොයා යුතු බවත්, ඒ වෙනුවට ඔවුන් විවාහ විය යුතු බවත්, එම විඩියෝ පටයේ තව දුරටත් සඳහන් විණි. කෙසේ නමුදු මෙම විඩියෝ පටය, පැහැර ගැනීමට ලක්වූ දරුවන් විකුණා තිබෙන බවට පලවූ වාර්ථා නිකුත්වීමට ප්
‍රථමව හෝ පසුව නිර්මාණය කල එකක්දැයි යන්න නිශ්චිතව පැහැදිලි නැත.[9]ප්‍රතිචාර[සංස්කරණය]ඇමරිකානු ජනපති ආර්යා, මිෂෙල් ඔබාමා පැහැරගැන්මට ලක්වූ දැරිවියන් නැවත ගෙනඑන ලෙස දැක්වෙන පුවරුවක් අතැතිවමේ සිදුවීමට ප්‍රතිචාර ලෙස, නයිජීරියාවේ හිටපු එක්සත් ජනපද තානාපති ජෝන් කැම්බෙල් ප්‍රකාශ කලේ, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ ශක්තිය බලාසිටිද්දී වැඩිවන බවත්, සිය රටවැසියන්ට ආරක්ෂාව ලබාදීමේ රජයේ හැකියාව බලාසිටිද්දීම අඩුවන බවත්ය.[1] අත්ලාන්තික් කවුන්සිලයේ අධ්‍යක්ෂක ජේ. පීටර් ද ප්‍රකාශ කර සිටියේ "පැහැර ගත් නිවැරදි සංඛාවවත් ලබාගැනීමට නයිජීරියානු රජය අපොහොසත් වීම, තවදුරටත් ඔවුන්ගේ ආණ්ඩු පද්ධතියේ අසමත්කම දැඩිලෙස ප්‍රත්‍යක්ෂ කරන බවයි".[1]එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි-මූන් සහ යුනිසෙෆ් සංවිධානයද මෙම පැහැර ගැනීමේ සිදුවීම හෙලා දකින ලදී.[15]සිදුවීම සම්බන්ධව කාලානුරූපි තොරතුරු[සංස්කරණය]දිනයවාර්තාවූ සිදුවීම*අප්‍රියෙල් 15250 කට වැඩි ගැහැණු දරුවන් පිරිසක්, බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් පැහැර ගැනීම.*මැයි 5බෝකෝ හරාම් නායක අබුබකාර් ශෙකාවු විසින් මෙම සිදුවීමේ වගකීම භාරගනිමින් විඩියෝවක් නිකුත්
කිරීම. පැහැර ගත් දැරිවියන් දෙවියන්ගේ කැමැත්ත පරිදි විකුණා දමන බවට එහි සඳහන් වීම.[16]*මැයි 7බොකෝහරම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගත් නයිජීරියානු පාසල් සිසුවියන් මුදා ගැනීම සඳහා, තම රට ආධාර කරන බවට, ඇමරිකාව විසින් ප්‍රකාශ කිරීම.[17]*මැයි 8නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් බේරා ගත යුතු බවට, මලාලා යූසුෆ්සායි කියා සිටීම.[18]*මැයි 8නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් වතිකානය නිවේදනයක් නිකුත් කිරීම.[19]*මැයි 8නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් බේරා ගැනීමට සහය වන බවට, ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල් ප්‍රකාශ කර සිටීම.[20]*මැයි 8පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් බේරා ගැනීමට තමන් ප්‍රතිඥා දෙන බව, නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් කියා සිටීම.[21]*මැයි 9බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය විසින් එරට පාසල් දැරියන් 250 කට වැඩි පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට (මැයි 6-10) සහභාගී වීමට පැමිණි පිරිසක් මෙරට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්ම
න්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උද්ඝෝෂණයක් පැවැත්වීම.[22] [23][24]*මැයි 12පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් රට තුළම රඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වීම.[25]*මැයි 12පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් පිරිසකගේ විඩියෝ දර්ශන පෙලක්, බෝකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් නිකුත් කිරීම. නයිජීරියා රජය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිය අන්තවාදී සගයින් නිදහස් කරන තුරු, මෙම දැරියන්ද තම සංවිධානය යටතේ තව දුරටත් රඳවාගෙන සිටින බවට ඉන් තර්ජනය කිරීම.[26]*මැයි 13සිය අත්අඩංගුවේ පසුවන බෝකෝහරාම් සිරකරුවන් නිදහස් කිරීම නයිජීරියා රජය ප්‍රතික්ෂේප කර කිරීම.[27]*මැයි 17අප්‍රිකානු රටවල්, නයිජීරියාව පදනම් කර ගත් බෝකෝහරාම් ත්‍රස්ත සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට තීරණය කිරීම.[28]ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Oren Dorell (21 අප්‍රියෙල් 2014). "ටෙරරිස්ට් කිඩ්නැප් මොර් දෑන් 200 නයිජීරියන් ගල්ස්". USA Today. සම්ප්‍රවේශය 8 මැයි 2014.↑ "බෝකෝ හරාම් කිල්ස් 59 චිල්ඩ්‍රන් ඇට් නයිජීරියන් බෝඩිං ස්කූල්". ද ගාර්ඩියන්. 25 පෙබරවාරි 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ 3.0 3.1 3.2 Anne Perkins (23 අප්‍රියෙල්
2014). "200 ගල්ස් ආර් මිසිං ඉන් නයිජීරියා – සෝ වයි ඩසන්'ට් එනිබඩි කෙයා?". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ 4.0 4.1 4.2 අබුබකාර්, Aminu; Josh Levs (5 මැයි 2014). "'අයි විල් සෙල් දෙම්,' බෝකෝ හරාම් ලීඩර් says of kidnapped Nigerian girls". සීඑන්එන්. සම්ප්‍රවේශය 7 මැයි 2014.↑ McElroy, Damien (6 ජුලි 2013). "එක්ස්ට්‍රීමිස්ට් ඇටෑක් ඉන් නයිජීරියා කිල්ස් 42 ඇට් බෝඩිං ස්කූල්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ "88 නයිජීරියන් ස්කූල් ගල්ස් ඇබ්ඩක්ටඩ් බයි ඉස්ලාමික් එක්ස්ට්‍රීමිස්ට්ස් සටිල් මිසිං". ද ගාර්ඩියන්. Associated Press. 19 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ "230 ස්කූල්ගල්ස් ස්ටිල් මිසිං ආෆ්ටර් බෝකෝ හරාම් රේඩ්". ටයිම්ස් ලයිව්. 22 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ 8.0 8.1 "නයිජීරියා: ඔතෝරිටීස් - 276 කිඩ්නැප්ඩ් ගල්ස් ස්ටිල් මිසිං ඉන් නයිජීරියා". VOA via All Africa. 2 මැයි 2014. සම්ප්‍රවේශය 7 මැයි 2014.↑ 9.0 9.1 9.2 9.3 "බෝකෝ හරාම් ඇඩිමිට්ස් ඇබ්ඩක්ටිං නයිජීරියා ගල්ස් ෆ්‍රොම් චිබොක්". BBC. 5 මැයි 2014. සම්ප්‍රවේශය 7 මැයි 2014.↑ "චිබොක් ඇබ්ඩක්ෂන්ස්
ඉන් නයිජීරියා: 'මෝර් දෑන් 230 සීස්ඩ්'". බීබීසී නිව්ස්. 21 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.↑ 11.0 11.1 "නයිජීරියන් පොලිස් බිගිං ඩොකියුමන්ටේෂන් ඔෆ් කිඩ්නැප්ඩ් ගල්ස්". ප්‍රමියම් ටයිම්ස්. All Africa. 2 මැයි 2014. සම්ප්‍රවේශය 8 මැයි 2014.↑ "'බෝකෝ හරාම් කිඩ්නැප්ඩ් ද 230 ස්කූල් ගල්ස් ඈස් වයිව්ස් ෆෝර් ඉට්ස් ඉන්සර්ජන්ට්ස්'". ද රේන්බෝ. අප්‍රියෙල් 29, 2014. සම්ප්‍රවේශය 2014-05-07.↑ 13.0 13.1 13.2 ලෝරා හීටන් (30 අප්‍රියෙල් 2014). "නයිජීරියා: කිඩ්නැප්ඩ් ස්කූල්ගල්ස් 'සෝල්ඩ් ඈස් වයිව්ස් ටු ඉස්ලාමිස්ට් ෆයිටර්ස්'". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 7 මැයි 2014.↑ Turaki A. Hassan; Ibrahim Kabiru Sule; Ronald Mutum (2014-04-29). "'ඇබ්ඩක්ටඩ් ගල්ස් මූව්ඩ් අබ්‍රෝඩ්'". ඩේලි ට්‍රස්ට්. සම්ප්‍රවේශය 2014-05-07.↑ "යූඑන් කෝල්ස් ෆෝර් ඉමීඩියට් රිලීස් ඔෆ් ඇබ්ඩක්ටඩ් ස්කූල් ගල්ස් ඉන් නෝර්ත්-ඊස්ටර්න් නයිජීරියා" (Press release). UN නිව්ස් සෙන්ටර්. සම්ප්‍රවේශය 8 මැයි 2014.↑ "බෝකෝ හරාම් ලීඩර් අබුබකාර් ශෙකාවු රිලීසස් විඩියෝ ඔන් කිඩ්නැපිං ඔෆ් චිබොක් ගර්ල්ස්". 6 මැයි 2014. 2014-05-10 දින මුල් පිටපත වෙතින්
සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.↑ "ඇමරිකාව සිසුවියන් මුදා ගැනීමට සැරසේ". 7 මැයි 2014.↑ "නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් මුදා ගත යුතුයි. - මලාලා". 8 මැයි 2014.↑ "වතිකාන් කෝල්ස් ෆොර් රිලීස් ඔෆ් කිඩ්නැප්ඩ් නයිජීරියන් ගර්ල්ස්". 8 මැයි 2014.↑ "නයිජීරියා කිඩ්නැපිං: යූඑස්, යූකේ, ෆ්‍රාන්ස්, ජොයින් ෆොර්සස් ටු රෙස්කියු ගර්ල්ස් කිඩ්නැප්ඩ් බයි බෝකෝහරාම්". 9 මැයි 2014.↑ "නයිජීරියා'ස් ප්‍රසිඩන්ට් ප්ලෙජ් ටු ෆ්‍රී කිඩ්නැප්ඩ් ගර්ල්ස්". 9 මැයි 2014. 2014-05-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.↑ "ලංක‍ාවේදී නයිජීරියානුවන් විරෝධයේ....!". 9 මැයි 2014.↑ "ලෝක තරුණ සමුළුවට පැමිණි පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයක". 9 මැයි 2014.↑ "ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්". 9 මැයි 2014. 2014-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.↑ "පැහැරගත් නයිජීරියානු පාසල් සිසුවියන් ගැන තොරතුරු රැසක් හෙළිවේ". 12 මැයි 2014.↑ "නයිජීරියා කිඩ්නැප්ඩ් ගර්ල්ස් ෂොවුන් ඉන් බෝකෝ හරාම් විඩියෝ'". 12 මැයි 2014.↑ "ඉස්ලාමීය අන්තව
ාදීන් මුදා හැරීම නයිජීරියාව ප‍්‍රතික්ෂේප කරයි". 13 මැයි 2014.↑ "අෆ්‍රිකන් කන්ට්‍රීස් ඩික්ලෙයාර් වෝර් ඔන් බෝකෝහරාම්". 17 මැයි 2014.බාහිර සබැඳි[සංස්කරණය]2014 චිබොක් පැහැරගැනීම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.ද ෆොගොටන් වන්ස් ප්‍රොජෙක්ට් සංරක්ෂණය කළ පිටපත 2014-05-02 at the Wayback Machine ෆීචර්ස් ඇන් ඇක්ටිවිස්ට්-ලෙඩ් කැම්පේන් ෆෝර් ද රෙස්කියු ඔෆ් ද ස්ටුඩන්ට්ස්@BringGirlsBack - අ ට්ව්ටර් චැනල් ඩිවෝටඩ් ටු ද කිඩ්නැප්ඩ් ස්ටුඩන්ට්ස්වයි ඉස් ද මීඩියා ඉග්නරිං 200 මිසිං ගල්ස්? (Salon.com)සැවැත් නුවර ධනවත් සිටුවරයෙකුගේ භාර්යාව වු කිසාගෝතමීගේ පුවත බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට කථා පුවතකි. තමාගේ එකම දරුවා අහිමි වීමෙන් පසුව කිසා ගෝතමී බලාපොරොත්තු සුන්වු තත්ත්වයකට පත්වු අතර අන් අයගේ උදවු ඉල්ලා සිටියාය. ඇගේ වේදනාව ඉතා දරුණු වු බැවින් ඇය සිහිමද තත්වයකට පත්විය. යමෙක් ඇයට බුදුන් මුන ගැසෙන ලෙස දන්වා සිටියේය. බුදුරදුන් ඇයට පැවසුවේ කිසිවෙකු නොමැරුණු නිවසකින් අබ ඇට මිටක් රැගෙන එන ලෙසය. ඇගේ බලාපොරොත්තු සුන් කරමින් කිසිවෙකු නොමැරුණු ගෙදරක් සොයාගත නොහැකි විය. එමගින් ඇයට මරණයෙන් ගැලවීමක් නොමැති
බව වැටහිණි. ඇය යලිත් බුදුරදුන් වෙතට පැමිණියේය. බුදුරදුන් ඇයව සන්සුන් කොට සත්‍ය අවබෝධ කර වන ලදී. ඇය ප්‍රකෘති තත්ත්වයට පත්ව අරහත් භාවයේ පළමු අධියරට පත්විය. අවසානයෙද් ඇය අරහත් තත්ත්වයට පත් වෙයි. පහත ධම්ම පද ගාථාව ඇගේ චරිතය හා සම්බන්ධ වෙයි. යො ච වස්සතං ඡීවඅපස්සං අමතං පදංඒකාහන් ඡීවිතං සෙයසපස්සෙතා අචං පදංයමෙක් වසර 100 යක් වුවත් මරණයේ අර්ථය වටහා නොගනිමින් ජීවත් වුව ද වඩාත් අර්ථ වත් වන්නේ මරණයේ අර්ථය වටහා ගනිමින් ජීවත් වන එක් දිනයයි.ගෝතමී සුත්‍රයේදී කිසා ගෝතමී භික්ෂුණිය පවසන පරිදි අතීතයේදී මාගේ පුතුගේ මරණය අත්විදින්නට සිදුවිණ. එය මිනිසුන් පිළිබද සේවීමේ අවසානය විය මම පසු තැවිලි නොවෙමි. නොවැළපෙමි. සියල්ල විනාශ වී ඇත. මම විමුක්ති ලබා සිටිමු. අවිද්‍යාවේ අන්දකාරය පහව ගොස් ඇත. මාර සේනාව පරාජය කළේය. බැඳීම් වලින් තොරව මම වැජඹෙමි. මෙම කථාන්තරය ජීවත් වන්නන් අතලොස්සකි. මළමිනිසුන් බහුතරයකි යන්න ආප්ත පදයක හේතු විය.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාව
ිතා කරන්න. (2013 ජූනි)රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා සම්මත කාඩ් කුට්ටම භාවිතා වේ.අප නැණසල මධ්‍යස්ථානය 2012 -11-15 දින තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැති තුමා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.අප නැණසල මධ්‍යස්ථානය මේ වන විට පරිගණක මධ්‍යස්ථානයක් - මුද්‍රණාලයක් හා ලිපිද්‍රව්‍ය අ‍ලෙවිසැලක් යන සේවා ස්ථාන තුනකින් සමන්විතය.- ← හයිඩ්‍රජන් → හීලියම්-↑H↓Li1Hආවර්තිතා වගුවමුහුණුවරඅවර්ණ වායුවක් සහිතව එහි ප්ලාස්ම විතයෙහි දම්පැහැති දීප්තියක් ඇත‍හයිඩ්‍රජන්වල වර්ණාවලී රේඛාප්‍රධාන ගුණනම, සංකේතය, ක්‍රමාංකයහයිඩ්‍රජන්, H, 1උච්චාරණය/ˈhaɪdrɵdʒɪn/[1] HYE-dro-jinමූලද්‍රව්‍ය කාණ්ඩයnonmetalකාණ්ඩය, ආවර්තය, ගොනුව1, 1, sසාපේක්ෂ පරමාණුක ස්කන්ධය1.00794(7) g·mol−1ඉලෙක්ට
්‍රෝන වින්‍යාසය1s1කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව1ද්‍රව්‍යමය ගුණවර්ණයcolorlessඅවධියgasඝනත්වය(0 °C, 101.325 kPa)0.08988 g/Lද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය0.07 (0.0763 solid)[2] g·cm−3ද්‍රවාංකය14.01 K, -259.14 °C, -434.45 °Fතාපාංකය20.28 K, -252.87 °C, -423.17 °Fත්‍රික ලක්ෂ්‍යය13.8033 K (-259°C), 7.042 kPaඅවධි ලක්ෂ්‍යය32.97 K, 1.293 MPaවිලයන එන්තැල්පිය(H2) 0.117 kJ·mol−1වාෂ්පීභවන එන්තැල්පිය(H2) 0.904 kJ·mol−1විශිෂ්ට තාප ධාරිතාව(25 °C) (H2) 28.836 J·mol−1·K−1වාෂ්ප පීඩනයපීඩ. (Pa)1101001 k10 k100 kඋෂ්. (K)1520පරමාණුක ගුණඔක්සිකරණ අංකය1, -1(amphoteric oxide)විද්‍යුත් ඍණතාව2.20 (පෝලිං පරිමාණයෙන්)අයනීකරණ ශක්ති1st: 1312.0 kJ·mol−1සහසංයුජ අරය31±5 pmවැන්ඩ වාල්ස් අරය120 pmප්‍රකීර්ණකස්එටික ආකෘතියhexagonalචුම්බකත්වයdiamagnetic[3]තාප සන්නායකතාව(300 K) 0.1805 W·m−1·K−1ධ්වනි වේගය(gas, 27 °C) 1310 m/sCAS ලේඛනගත අංකය1333-74-0ඉතාමත් ස්ථායී සමස්ථානිකප්
‍රධාන ලිපිය: හයිඩ්‍රජන් වල සමස්ථානිකසමස්.ස්.සු.අර්ධ ජීව කාලයක්.නිය.ක්.ශ. (MeV)ක්.නිශ්.1H99.985%1H is stable with 0 neutron2H0.015%2H is stable with 1 neutron3Htrace12.32 yβ−0.018613Hevteහයිඩ්‍රජන් වර්ණාවලි පරීක්ෂණයහයිඩ්‍රජන් වූකලී අවර්ණ ගන්ධයකින් හා රසයකින් තොර වායුවකි. එය විෂක් නොවන මුත් ස්වසනයට ආධාර නොවේ. එය දන්නා අඩුම ඝනත්වයකින් යුත් පදාර්ථයයි. සම්මත තත්ත්ව වලදි ඝනත්වය ලිටරයකට ග්‍රැම් 0.08999 ක් පමණ වේ. සෙල්සියස් අංශක -259.2 ක තපාංකයක්ද -259.2 එය සුදු ස්ඵටිකරූපි ඝනයක් ලෙස මිදෙයි.ඉතිහාසය[සංස්කරණය]1671 දී රොබට් බොයිල් යකඩ ගොනු කිරීම සහ තනුක අම්ල අතර ප්‍රතික්‍රියාව සොයාගෙන විස්තර කළ අතර එමඟින් හයිඩ්‍රජන් වායුව නිපදවනු ලැබේ. 1766 දී හෙන්රි කැවෙන්ඩිෂ් හයිඩ්‍රජන් වායුව විවික්ත ද්‍රව්‍යයක් ලෙස හඳුනාගත්තේ ලෝහ-අම්ල ප්‍රතික්‍රියාවකින් වායුව “ගිනි අවුලුවන වාතය” ලෙස නම් කිරීමෙනි. "ගිනි අවුලුවන වාතය" ඇත්ත වශයෙන්ම "ෆ්ලොජිස්ටන්" යන උපකල්පිත ද්‍රව්‍යයට සමාන බව ඔහු අනුමාන කළ අතර 1781 දී වායුව දහනය කිරීමේදී ජලය නිපදවන බව තවදුරටත් සොයා ගත්තේය.
මූලද්‍රව්‍යයක් ලෙස හයිඩ්‍රජන් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට සාමාන්‍යයෙන් ගෞරවය හිමි වේ. 1783 දී ඇන්ටොයින් ලැවොසියර් විසින් මූලද්‍රව්‍යයට හයිඩ්‍රජන් යන නම ලබා දෙන ලදි (ග්‍රීක ὑδρο- හයිඩ්‍රෝ යන්නෙහි අර්ථය “ජලය” සහ “ජාන” යන්නෙහි අර්ථය “මැවුම්කරු” යන්නයි) ඔහු සහ ලැප්ලේස් විසින් කැවෙන්ඩිෂ් විසින් හයිඩ්‍රජන් දහනය කරන විට ජලය නිපදවන බව සොයා ගන්නා ලදී. [5]ඇන්ටොයින්-ලෝරන්ට් ඩි ලැවොසියර්ලැවොසියර් මහා සංරක්ෂණය පිළිබඳ සිය අත්හදා බැලීම් සඳහා හයිඩ්‍රජන් නිපදවූයේ ගින්නකින් රත් වූ තාපදීප්ත යකඩ නළයක් හරහා ලෝහමය යකඩ සමඟ වාෂ්ප ප්‍රවාහයක් ප්‍රතික්‍රියා කිරීමෙනි. ඉහළ උෂ්ණත්වයේ ඇති ජල ප්‍රෝටෝන මගින් යකඩ නිර්වායු ඔක්සිකරණය කිරීම පහත ප්‍රතික්‍රියා සමූහය මඟින් ක්‍රමානුකූලව නිරූපණය කළ හැකිය: Fe + H2O → FeO + H22 Fe + 3 H2O → Fe2O3 + 3 H23 Fe + 4 H2O → Fe3O4 + 4 H2සර්කෝනියම් වැනි බොහෝ ලෝහ හයිඩ්‍රජන් නිපදවීමට තුඩු දෙන ජලය සමඟ සමාන ප්‍රතික්‍රියාවක් සිදු කරයි.පුනර්ජනනීය සිසිලනය සහ ඔහුගේ නව නිපැයුම වන රික්තක නළය භාවිතා කරමින් 1898 දී ජේම්ස් දේවර් විසින් හයිඩ්‍රජන් ප්‍රථම වරට ද්‍රවකරණය කරන ලදී. ඔහු ඊළඟ වසරේද
ී hydrogen හෙවත් හයිඩ්‍රජන් නිපදවීය. 1931 දෙසැම්බරයේ හැරල්ඩ් යූරි විසින් ඩියුටීරියම් සොයා ගන්නා ලද අතර 1934 දී අර්නස්ට් රදෆර්ඩ්, මාක් ඔලිෆන්ට් සහ පෝල් හාර්ටෙක් විසින් ට්‍රිටියම් සකස් කරන ලදී. සාමාන්‍ය හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් වලින් සමන්විත අධික ජලය 1932 දී යුරේගේ කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී. 1806 දී ෆ්‍රැන්කොයිස් අයිසැක් ඩි රිවාස් විසින් පළමු ද රිවස් එන්ජිම හයිඩ්‍රජන් හා ඔක්සිජන් මිශ්‍රණයකින් බල ගැන්වෙන අභ්‍යන්තර දහන එන්ජිම නිපදවන ලදී. එඩ්වඩ් ඩැනියෙල් ක්ලාක් විසින් 1819 දී හයිඩ්‍රජන් ගෑස් පුපුරායාම සොයා ගන්නා ලදී.පළමු හයිඩ්‍රජන් පිරවූ බැලූනය 1783 දී ජැක් චාල්ස් විසින් සොයා ගන්නා ලදී. [5] හෙන්රි ගිෆාර්ඩ් විසින් 1852 දී පළමු හයිඩ්‍රජන් එසවූ ගුවන් යානය සොයා ගැනීමෙන් පසුව හයිඩ්‍රජන් විසින් පළමු විශ්වාසදායක ගුවන් ගමන් සඳහා සෝපානය සපයන ලදී. ජර්මානු ගණන් කළ ෆර්ඩිනන්ඩ් වොන් සෙප්පලින් හයිඩ්‍රජන් විසින් ඔසවන ලද දෘඩ ගුවන් යානා පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළේය. එහි පළමු ගුවන් ගමන 1900 දී සිදු විය. නිතිපතා නියමිත ගුවන් ගමන් 1910 දී ආරම්භ වූ අතර 1914 අගෝස්තු මාසයේදී පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වන
විට ඔවුන් බරපතල සිදුවීමකින් තොරව මගීන් 35,000 ක් රැගෙන ගොස් තිබුණි. හයිඩ්‍රජන් ඔසවන ගුවන් යානා යුධ සමයේදී නිරීක්ෂණ වේදිකා සහ බෝම්බ හෙලන ගුවන් යානා ලෙස භාවිතා කරන ලදී.ආශ්‍රිත ලිපි[සංස්කරණය]මූලාශ්‍ර[සංස්කරණය]↑ Simpson, J.A.; Weiner, E.S.C. (1989). "Hydrogen". Oxford English Dictionary. Vol. 7 (2nd ed.). Clarendon Press. ISBN 0-19-861219-2.↑ Wiberg, Egon; Wiberg, Nils; Holleman, Arnold Frederick (2001). Inorganic chemistry. Academic Press. p. 240. ISBN 0123526515.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)↑ "Magnetic susceptibility of the elements and inorganic compounds". [[CRC Handbook of Chemistry and Physics]] (PDF) (81st ed.). CRC Press. {{cite book}}: URL–wikilink conflict (help)බාහිර යොමු[සංස්කරණය]තරංග යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික හයිඩ්‍රජන් ගණනය කිරීම්හයිඩ්‍රජන් (නොටින්හැම් සරසවිය)හයිඩ්‍රජන් කලා සටහන සංරක්ෂණය කළ පිටපත 2010-02-27 at the Wayback Machineහයිඩ්‍රජන්වල තරංග ශ්‍රිතයකක්ෂය හා පෘථිවියට ඇති සම්බන්ධතාවඇපලෝ 8 මෙහෙයුම ක්රි ස්මස් ඊව් 1968
අතරතුර දී ස‍ඳෙහි සිට නිරීක්ෂණය කරන ලද පෘථිවියචන්ද්රහයා ස්ථාවර තාරකාවලට සාපේක්ෂව (තාරකා පිළිබඳ වූ ආවර්තය) සෑම දින 27.3කට වරක්ම පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කරයි. කෙසේ නමුත් එම කාලය තුළ දීම පෘථිවිය සූර්යා වටා එහි කක්ෂය වටා චලනය වන නිසා සඳට එහි එකම කලාව පෘථිවියට පෙන්වීමට කුඩා කාලයක් වැඩිපුර යයි. එනම් එය දින 29.5ක් පමණ වේ. (චන්ද්ර මාස ආවර්තය) අනෙකුත් ග්රාහ ලෝකවල බොහොමයක් උප ග්ර්හයින් මෙන් නොව චන්ද්රමයා සමකය ක්රාරන්තිවලය ආසන්නයේ කක්ෂගත වී ඇති අතර එය පෘථිවියෙහි සමක තලයේ නොවේ. චන්ද්රමයා එහි ග්ර්හලෝකය හා සසඳන විට සෞර ග්රිහ මණ්ඩලයේ විශාලතම චන්ද්රරයාය. (කුරු ග්රතහලොවක් වන ප්ලූටෝට සාපේක්ෂව චාරෝන් වඩා විශාල වේ) පෘථිවියේ චන්ද්රචයා පසුව යමින් අනෙකුත් ග්රූහලෝක වටා කක්ෂගත වී ඇති ස්වාභාවික උප ග්රවහයින් චන්ද්රයයන් ලෙස හඳුන්වනු ලැබේ. පෘථි‍වියෙහි දක්නට ඇති බොහොමයක් වඩදිය බාදිය ආචරණ ඇති වන්නේ චන්ද්ර්යාගේ ගුරුත්වාකර්ෂණ ඇඳීම හේතුවෙනි. එයට සූර්යා ගෙන් ලැබෙන්නේ අඩු දායකත්වයකි. මෙම වඩදිය බාදිය ආචරණ පෘථිවි චන්ද්ර් දුර ශත වර්ෂයකට 3.8m පමණ හෝ වසරකට 3.8cm හෝ වැඩි කිරීමට හේතු වේ. කෝණික ගම්යටතා සංස්ථිතියේ ප්රඩතිඵ
ලයක් ලෙස සඳෙහි අර්ධ ප්රිධාන අක්ෂය වැඩි වීමත් සමඟ පෘථිවි භ්රනමණය ක්රයමානුකූලව මන්දගාමී වේ. එනම් එය ශත වර්ෂයකට දිනකට තත්පර 0.002ක් පමණ අඩු වේ. සමහරක් විට පෘථිවි චන්ද්ර0 පද්ධතියේ ග්ර්හලෝක චන්ද්රව පද්ධතියක් ලෙස නොව ද්විත්ව ග්රරහලොවක් ලෙස සලකනු ලැබේ. මෙය මෙසේ වන්නේ ආදායක ග්රරහලොවට සාපේක්ෂව ‍ස‍ඳෙහි අතිශය විශාල වූ ප්රදමාණය නිසාය. සඳ පෘථිවි විෂ්කම්භයෙන් ¼ ක් වන අතර පෘථිවි ස්කන්ධයෙන් 1/81 වේ. කෙසේ නමුත් මෙම අදහස සමහරෙක් විසින් විවේචනයට ලක් කරයි. එසේ කරන්නේ පද්ධතිය සඳහා වූ ස්කන්ධ කේන්ද්ර ය පෘථිවි මතුපිටට 1700km පමණ යටින් හෝ පෘථිවි අ‍රයෙන් ¼ක් පමණ යටින් පිහිටා තිබීම නිසාය. චන්ද්රණ මතුපිට පෘථිවි මතුපිටෙන් 1/10කට වඩා කුඩා වන අතර පෘථිවියේ ගොඩ බිම් ප්රතදේශයෙන් ¼ක් පමණ වේ. (හෝ රුසියාව, කැනඩාව හා ඇමරිකාව එකට සම්බන්ධ කළ විට ඇති වන විශාලත්වය තරම්) 1997 දී 3753 Cruithne උල්කාෂ්මයට අසාමන්යත පෘථිවියට සම්බන්ධ වූ Horseshoe කක්ෂයක් පවතින බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් තාරකා විද්යාටඥයින් එය පෘථිවියෙහි දෙවන චන්ද්රබයා ලෙස නොසලකන අතර එහි කක්ෂය දීර්ඝ කාලීනව ස්ථායී නොවේ. එතැන් සිට පෘථිවිය අසල වූ Cruithne ගේ කක්ෂයට
සමාන කක්ෂ ඇති උල්කාෂ්ම 3ක් වූ (54509) 2000 PH5, (85770) 1998 UP1 හා 2002 AA29 සොයා ගන්නා ලදී. සාපේක්ෂ ප්ර මාණ හා පෘථිවි චන්ද්ර පද්ධතියේ වෙන්වීම පරිමාණයකට අනුව ඉහත දක්වා ඇත. ආලෝකය පෘථිවිය හා චන්ද්රණයා අතර ගමන් කරන බව දක්වා ඇති අතර ඒවා අතර සත්යන දුර නිර්ණය කිරීම සඳහා සත්යර වශයෙන් ද යොදා ගන්නේ ද ආලෝකයයි. මධ්ය් කක්ෂ දුරේ දී එම කාලය තත්පර 1.255ක් වේ. ආලෝක කදම්භය සූර්යයාට ‍සාපේක්ෂව පෘථිවි චන්ද්රක පද්ධතියේ පරිමාණය ගැන වැටහීමක් ලබා ගැනීමට උදව් වේ. සූර්යා පවතින්නේ අ‍ලෝක මිනිත්තු 8.28ක් දුරිනි. http://en.wikipedia.org/wiki/Moon#Orbit_and_relationship_to_Earthමොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද සිතුවමක් වන අතර ‍එය පොප්ලර් දැව පුවරුවක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ත
බා ඇත. මෙම උඩුකය ආලේඛ්‍ය චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්‍රය මෙතරම් සුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාණෝක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.ක්‍රිස්තු වර්ශ 1500 දී ෆ්ලොරන්ස් නුවරට පැමිනි ඩා වින්සි මොනාලිසා නම් තම ජීවිතයේ කල අසහාය කලා නිර්මානය වු මෙම මොනාලිසා ච්ත්‍රය බිහි කලේය.මිනිස් ඇසට ඉනාවක් බදු මෙම මහා කලා නිර්මානය නිම කිටරීම සදහා ඩා වින්සීට වසර 4ක් ගත වූ බව කියවේ.මොනාලිසා යනු ෆ්ලොරන්හී විසූ ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩො නම් වෙලෙද වියාපාරිකයාගේ තෙවන බිරිදගේ උඩුකය රුවයි.ලාජියො කොන්ඩා යනුවෙන් හදුන්වන මෙය මොනාලිසා යනුවෙන් ප්‍රසිද්දය.ඇගේ ගුප්ත මද සිනහව හා පසුබිමේ මායා හුරු බව චිත්‍රයට අලන්කාරයක් එක් කරයි.තාත්වික ලක්ශන මතු වී පෙනෙන
අයුරින් සිතුවම ගොඩ නැගීමට ශිල්පියා සමත් වී ඇත.සිතුවම තුලින් කාවයයමය බවක් පෙන්වයි.ඩා වින්සිගේ ප්‍රතිබාවේ හා තෙලිතුඩේ මහිමය පෙන්වන මෙම සිතුවම දැනට ප්‍රංශ රජය සතු වන අතර දැනට ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය.1868 ස්කොට් මුද්දර නාමාවලියේ මුල් කවරය, මෙහි ලොව පුරා මුල් වසර 28 දි නිකුත් කල මුද්දර පිළිබද විස්තර සදහන්යමිචෙල් මුද්දර නාමාවලි මාලාවමුද්දර නාමාවලිවල ඉතිහාසය[සංස්කරණය]පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි. මුද්දර නාමාවලි[සංස්කරණය]ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි[සංස්කරණය]මිචෙල් මුද්දර නාමාවලිය ( Michel )ස්කොට් මුද්දර නාමාවලිය ( Scott )ස්ටැන්ලි ගිබ්සන් මුද්දර නාමාවලිය ( Stanley Gibbons )ය්වෙර්ත් එට් ටෙල්ලීර් මුද්දර නාමාවලිය ( Yvert et Tellier )සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි[සංස්කරණය]ABDA මුද්දර නාමාවලිය
( පිලිපීනය )Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )Ma ( චීනය )Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )Sakura මුද්දර නාමාවලිය ( ජපානය )Yang මුද්දර නාමාවලිය ( හොං කොං )Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )අන්තර්ජාල මුද්දර නාමාවලි[සංස්කරණය]The WikiBooks Worldwide Stamp Catalogueසමහරක් මුද්දර නාමාවලි අන්තර්ජාලේ අඩංගු අතර සියල්ලම බැලීමට නොමිලේ නැත. Stamp World නොමිලේ.StampData නොමිලේ.Stamps of the World Wiki වටිනාකම් නැතිව.Colnect Worldwide Stamp Catalogue වටිනාකම් නැතිව.AllWorlStamps නොමිලේ, වටිනාකම් ඇති
ව, පින්තූර නැතිව.Find Your Stamps Value - US, GB, Russia, Germany සාමාජිකත්වයට ගාස්තුවක් අය කරයි.Italian Stamps CatalogueNew Zealand Online Catalogueආශ්‍රිත ලිපි[සංස්කරණය]මුද්දර එකතුකිරිමමූලාශ්‍ර[සංස්කරණය]Phillips, Stanley. Stamp Collecting: A guide to modern philately, revised edition, Stanley Gibbons, London, 1983, p.243. ISBN 0-85259-047-4.John Edward Gray, A hand catalogue of postage stamps for the use of collectors, London, Robert Hardwicke, 1862"Early Postage Stamp Catalogs" by George B. Sloane in Stamps, 13 July 1946.Herbert A. Trenchard and George T. Turner, "John William Kline America's First Philatelic Author", in Philatelic Literature Review, Vol. 42, No. 1, pp. 24-41, 1993Phila India 2011-12 Guide Book,PHILATELIA,KOLKATA,INDIA පටබැඳි නම් පිස්ටල් පීට්, King of Swing රට   එක්සත් ජනපදය පදිංචිය ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාව ,ඇ.එ.ජ උපන්දිනය අගොස්තු 12, 1971 උපන් ස්ථානය වොෂින්ටන්, D.C., එක්සත් ජනපදය උස 1.85 m (6 ft 1 in) බර රාත්තල් 170 (77 kg) වෘ
ත්තීමය පිවිසීම 1988 විශ්‍රාම ගැනීම 2002 තරඟ කිරීම දකුණත්; තනි අත් පසු අත ක්‍රීඩා මුදල් ත්‍යාගය ඇමරිකන් ඩොලර් 43,280,489(වාර්තාගත වැඩිම) තනි වෘත්තීය වාර්තා 76 222 තනි වෘත්තීය ශූරතා 64 ඉහලම වාර්තාව (තනි) අංක 1 (1993 අප්‍රේල් 12) ග්‍රෑන්ඩ් ස්ලෑම් ප්‍රතිඵල (තනි) ඕස්ට්‍රේලියා විවෘත W (1994, '97),ප්‍රංශ විවෘත SF (1996),විම්බල්ඩන් W (1993, '94, '95, '97, '98, '99, '00),එකසත් ජනපද විවෘත W (1990, '93, '95, '96, '02) යුගල වෘත්තීය වාර්තා 70 යුගල වෘත්තීය ශූරතා 2 ඉහලම වාර්තාව (යුගල) අංක 27 (1990 පෙබරවාරි 12) පෙට්‍රොස් “පීට්” සම්ප්‍රාස් (1971 අගෝස්තු 12වන දින උපත ලැබීය) ග්‍රීක සම්භවයකින් යුත් ලෝකයේ හිටපු අංක ‍එකේ ඇමරිකානු ජාතික ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහුගේ අවුරුදු 15ක ක්‍රීඩා ඉතිහාසයේ දී, ඔහු විසින් තරඟ 52 දී ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි තනි ශූරතා 14ක් ජයග්‍රහණය කර වාර්තාවක් තබා ඇත. සම්ප්‍රාස් එක දිගට අවුරුදු 6ක්ම ලෝකයේ අංක ‍ලෙස ATP වාර්තාවන්හි ඇතුළත් වූ අතර, මෙය “ඕපන් ඊරා” සඳහා වාර්තාවක් වන අතර සම 3වන ස්ථානය ලබා ගත්තේය. සැම්ප්‍රාස් විම්බ්ලිඩන් තනි ශූරතාවය සත් වාරයක් ජයග්‍රහ
ණය කළ අතර, එය විලියම් රෙන්ෂෝ සමඟ පිහිටුවා ඇති වාර්තාවකි. ඔහු එක්සත් රාජධානි විවෘත තරඟයේදී ද තනි ශූරතා 5ක් ජයග්‍රහණය කළ අතර, එය ජිමි කොනර්ස් සමඟ පිහිටුවා ඇති “ඕපන්ඊරා” වාර්තාවකි. බඩ් කොලින්ස් විසින්, සම්ප්‍රාස් මෙතෙක් විසූ හොඳම පිරිමි ටෙනිස් ක්‍රීඩකයන් 5 දෙනා අතුරෙන් එක් අයකු ලෙස නම් කර ඇත. එමෙන්ම ටෙනිස් සඟරාව විසින් ඔහු 1965 සිට 2005 කාල වකවානුව අතරතුර සිටි විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සඳහන් කර ඇත. 2007 ජුලි මස 17 වන දින, සම්ප්‍රාස් “සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ටෙනිස් කමිටුව” (International Tennis Hall of Fame) ඇතුළත් කර ගන්නා ලදී.මූලාශ්‍ර[සංස්කරණය]ලෙසොතෝ රාජධානියNaha ea Lesotho  (Sotho)කොඩියරාජ්‍ය ලාංඡනයඋද්යෝග පාඨය: "Khotso, Pula, Nala""සාමය, වර්ෂාව, සමෘද්ධිය"ජාතික ගීය: Lesōthō Fatše La Bo-Ntat'a Rōna(සිංහල: "ලෙසොතෝ, අපේ පියවරුන්ගේ දේශය")ලෙසොතෝ හි පිහිටීම (තද කොළ)අගනුවරසහ විශාලතම නගරයමසරු29°28′S 27°56′E / 29.467°S 27.933°E / -29.467; 27.933නිල භාෂා(ව)සෝතෝ භාෂාවදකුණු අප්‍රිකානු ඉංග්‍රීසිජනවාර්ගික කණ්ඩායම් (2020)99.7% සෝතෝ ජනතාව0.3% වෙනත් අයආගම (2020)[1]92.1% ක්‍රිස්තියානි ධර
්මය6.6% සාම්ප්‍රදායික ඇදහිලි1.0% ආගමක් නැත0.3% වෙනත්ජාති නාම(ය)මොසෝතෝ (ඒක වචන)බසෝතෝ (බහුවචන)රජයඒකීය, පාර්ලිමේන්තු ක්‍රමය, ව්‍යවස්ථාමය රාජාණ්ඩුව• රාජාණ්ඩුව III වන ලෙට්සි• අගමැති සෑම් මාටකේන්ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව• උත්තර මන්ත්‍රී මණ්ඩලයසෙනෙට් සභාව• පහළ මන්ත්‍රී මණ්ඩලයජාතික සභාවඑක්සත් රාජධානිය වෙතින් නිදහස• නිදහස ප්‍රකාශ කළේ 1966 ඔක්තෝබර් 4වර්ග ප්‍රමාණය• සම්පූර්ණ30,355 km2 (11,720 sq mi) (137 වෙනි)• ජලය (%)0.0032%ජනගහණය• 2023 ඇස්තමේන්තුව2,210,646[2] (147 වෙනි)• ඝණත්වය68.1/km2 (176.4/sq mi) (138 වෙනි)දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව• සම්පූර්ණ ඇ.ඩො. බිලියන 6.915[3] (168 වෙනි)• ඒක පුද්ගල ඇ.ඩො. 3,234[3] (164 වෙනි)දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව• සම්පූර්ණ▼ ඇ.ඩො. බිලියන 2.373[3] (184 වෙනි)• ඒක පුද්ගල▼ ඇ.ඩො. 1,110[3] (169 වෙනි)ගිනි (2017) 44.9[4]මධ්‍යමමාසද (2021)▼ 0.514[5]පහළ · 168 වෙනිව්‍යවහාර මුදලලෙසෝතෝ ලෝටි (LSL)දකුණු අප්‍රිකානු රැන්ඩ් (ZAR)වේලා කලාපයUTC+2 (දකුණු අප්‍රිකානු සම්මත වේලාව)දින ආකෘතිවවවව-මාමා-දිදිදිදි/මාමා/වවවව[a]රිය ධාවන මං තීරුවවමඇමතුම් කේතය+266අන්තර්ජාල TLD.ls↑  සෝතෝ භාෂාව
දී වවවව-මාමා-දිදි; ඉංග්‍රීසි භාෂාව දී දිදි/මාමා/වවවවලෙසොතෝ (i/lɪˈsuːtuː/ lih-SOO-too,[6][7] st), විධිමත් ලෙස ලෙසොතෝ රාජධානිය, දකුණු අප්‍රිකාවෙන් පමණක් වටවූ ගොඩබිම් සහිත රටකි. එය කිලෝමීටර් 1,106 ක මායිමක් දකුණු අප්‍රිකාව සමග බෙදා ගනී,[8] එය ඉතාලි අර්ධද්වීපයෙන් පිටත එසේ එකම රටකින් පමණක් වටවූ ලෝකයේ එකම ස්වෛරී වාසස්ථානය වේ. එය මලෝති කඳුකරයේ පිහිටා ඇති අතර දකුණු අප්‍රිකාවේ උසම කඳු මුදුන අඩංගු වේ.[9]එය 30,000 km2 (වර්ග සැතපුම් 11,600) කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර මිලියන 2 ක පමණ ජනගහනයක් ඇත. එහි අගනුවර සහ විශාලතම නගරය මසරු වේ.සොතෝ ජනවාර්ගික කණ්ඩායම (බසෝතෝ ලෙසද හැඳින්වේ), රට එහි නම ලබාගෙන ඇති අතර, රටේ ජනගහනයෙන් 99.7% ක් සමන්විත වන අතර එය ලෝකයේ වඩාත්ම ජනවාර්ගික වශයෙන් සමජාතීය එකක් බවට පත් කරයි. ඔවුන්ගේ මව් භාෂාව වන සෙසෝතෝ ඉංග්‍රීසි සමඟ නිල භාෂාව වේ. ලෙසොතෝ යන නම "සෙසෝතෝ කථිකයන්ගේ දේශය" ලෙස පරිවර්තනය වේ.[10][11]ලෙසොතෝ 1822 දී පිහිටුවන ලද්දේ I වන මොෂෝෂෝ රජු විසිනි. ලන්දේසි පදිංචිකරුවන්ගේ අඛණ්ඩ ආක්‍රමණයන් 1868 දී ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට සහ 1884 දී ඔටුන්න හිමි ජනපදයක
් බවට පත් කිරීමට රජු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ ගිවිසුමකට එළඹීමට හේතු විය. 1966 දී එය නිදහස ලබා ගත් අතර, පසුව දශක දෙකක කාලයක් බසෝතෝ ජාතික පක්ෂය (BNP) විසින් පාලනය කරන ලදී. වසර හතක හමුදා පාලනයකින් පසු 1993 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රජය යළි පිහිටුවන ලදී. II වන මොෂෝෂෝ රජු 1990 දී පිටුවහල් කරන ලද නමුත් 1992 දී ආපසු පැමිණි අතර 1995 දී නැවත පිහිටුවන ලදී. වසරකට පසුව, II වන මොෂෝෂෝ මිය ගිය අතර ඔහුගේ පුත් III වන ලෙට්සි සිංහාසනය ලබා ගත් අතර, ඔහු තවමත් දරයි.[8]ලෙසොතෝ සැලකිය යුතු සමාජ ආර්ථික අභියෝග සහිත පහළ මැදි ආදායම් රටක් ලෙස සැලකේ. එහි ජනගහනයෙන් අඩක් පමණ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින අතර රටේ HIV/AIDS ව්‍යාප්තිය අනුපාතය ලෝකයේ දෙවැනි ඉහළම අගයයි. කෙසේ වෙතත්, එය විශ්වීය ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහළ අනුපාතයක් ද ඉලක්ක කරන අතර අප්‍රිකාවේ ඉහළම සාක්ෂරතා අනුපාතයක් ඇත (2021 වන විට 81.02%). ලෙසොතෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ, පොදු රාජ්‍ය මණ්ඩලයේ, අප්‍රිකානු සංගමයේ සහ දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ සාමාජිකයෙකි. 2023 V-Dem ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක අනුව ලෙසොතෝ ලොව පුරා 64 වන මැතිවරණ ප්‍
රජාතන්ත්‍රවාදය සහ අප්‍රිකාවේ 7 වන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රේණිගත කර ඇත.[12]ඉතිහාසය[සංස්කරණය]බසුටෝලන්ඩ්[සංස්කරණය]පළමුවන මොෂෝෂෝ රජු ඔහුගේ අමාත්‍යවරුන් සමඟ1822 දී බසුටෝලන්ඩ්, 1 වන මොෂෝෂෝ රජු යටතේ තනි රාජ්‍යයක් ලෙස මතු විය. බකෝටේලි පරම්පරාවේ සුළු ප්‍රධානියෙකු වූ මොඛාචනේ ගේ පුත්‍රයෙකු වන මොෂෝෂෝ ඔහුගේම වංශයක් පිහිටුවාගෙන 1804 දී පමණ ප්‍රධානියා බවට පත් විය. 1820 සහ 1823 අතර ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් එහි පදිංචි විය. බුතා-බුතේ කන්ද, 1818 සිට 1828 දක්වා ෂකා සූලූගේ පාලන සමය හා සම්බන්ධ ලිෆකානේට එරෙහි ප්‍රතිරෝධයේ හිටපු විරුද්ධවාදීන් සමඟ සම්බන්ධ විය. 1795 දී ප්‍රංශ මිත්‍ර ලන්දේසීන්ගෙන් බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව කේප් ජනපදයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍ය සහ ලන්දේසි ජනපදිකයන් අතර ගැටුම් වලින් රාජ්‍යයේ තවදුරටත් පරිණාමය මතු විය. 1 වන මොෂෝෂෝ විසින් ආරාධනා කරන ලද පැරිස් ඉවැන්ජලිකල් මිෂනාරි සංගමයේ මිෂනාරිවරුන් වන තෝමස් අර්බුසෙට්, ඉයුජින් කැසාලිස් සහ කන්ස්ටන්ට් ගොස්ලින්, මොරිජාහි තැන්පත් කරන ලද අතර, සෙසෝතෝ අක්ෂර වින්‍යාසය සහ සෙසෝතෝ භාෂාවෙන් මුද්‍රිත කෘති සංවර්ධනය කිරීම 1837 සහ 1855 අතර
සිදු කරන ලදී. කැසාලිස්, පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කරමින් උපදෙස් ලබා දුන්නේය. විදේශ කටයුතු, රාජ්‍ය තාන්ත්‍රික නාලිකා පිහිටුවීමට සහ ආක්‍රමණය කරන යුරෝපීයයන්ට සහ ග්‍රික්වා ජනතාවට එරෙහිව භාවිතය සඳහා තුවක්කු ලබා ගැනීමට උපකාර විය.කේප් ජනපදයේ ට්‍රෙක්බෝර්ස් බසුටෝලන්ඩ් හි බටහිර මායිම්වලට පැමිණ එහි ඉඩමට හිමිකම් කීවේය, ඉන් පළමුවැන්නා 1838 දී මැට්ලැකේං ප්‍රදේශයේ පදිංචි වූ ජැන් ද වින්නාර් ය. එන බෝයර්වරු ගංගා දෙක අතර සහ උතුරට උතුරින් පිහිටි ඉඩම ජනපද කිරීමට උත්සාහ කළහ. කැලිඩොන්, එය සෝතෝ ජනතාව විසින් අත්හැර දමා ඇති බව පවසමිනි. මොෂෝෂෝ පසුව කේප් ජනපදයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝර්ජ් තෝමස් නේපියර් සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර එය බෝයර්ස් පදිංචි වූ ඔරේන්ජ් ගංගා ස්වෛරීභාවය ඈඳා ගත්තේය. 1848 දී ඇති වූ ගැටුමකින් මෙම කෝපාවිෂ්ඨ බෝයර්වරුන් මර්දනය කරන ලදී. 1852 දී තවත් බ්‍රිතාන්‍ය ප්‍රහාරයක් මැඩපැවැත්වීමෙන් පසු, මොෂෝෂෝ බ්‍රිතාන්‍ය ආඥාපතිවරයාට අභියාචනයක් යවා ආරවුල රාජ්‍ය තාන්ත්‍රිකව සමථයකට පත් කළ අතර පසුව 1853 දී බට්ලෝකෝවා පරාජය කළේය. 1854 දී බ්‍රිතාන්‍යයන් කලාපයෙන් ඉවත් වූ අතර 1858 දී මොෂෝෂෝ සටන් මාලාවක් සමඟ
සටන් කළේය. නිදහස් රාජ්‍ය-බසෝතෝ යුද්ධය ලෙස හැඳින්වෙන බෝයර්වරුන් සමඟ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්, මොෂෝෂෝට බටහිර පහත් බිම් කොටසක් අහිමි විය. 1868 දී බසුටෝලන්ඩ් බ්‍රිතාන්‍ය ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට එකඟ වූ වික්ටෝරියා රැජිනට මොෂෝෂෝ ආයාචනා කිරීමත් සමඟ බෝයර්වරුන් සමඟ අවසන් යුද්ධය 1867 දී අවසන් විය.1959 බාසුටෝලන්ඩ් ජාතික සභාව සඳහා මුද්දර1869 දී, බ්‍රිතාන්‍යයන් බසුටෝලන්ඩ් දේශසීමා නිර්වචනය කරන ලද බෝයර්වරුන් සමඟ අලිවාල් උතුරේ ගිවිසුමක් අත්සන් කළහ. මෙම ගිවිසුම බටහිර ප්‍රදේශ පවරා දීමෙන් මොෂෝෂෝගේ රාජධානිය එහි පෙර ප්‍රමාණයෙන් අඩකට අඩු කළේය. ඉන්පසුව, බ්‍රිතාන්‍යයන් විසින් තාබා බොසියු හි මොෂෝෂෝගේ අගනුවර සිට වයඹ දිග මායිමේ පිහිටි පොලිස් කඳවුරකට, මසෙරු වෙත පැවරූ අතර, අවසානයේදී බසුටෝලන්ඩ් පරිපාලනය 1871 දී කේප් ජනපදයට මාරු කරන ලදී. මොෂෝෂෝ 1870 මාර්තු 11 වන දින මිය ගියේය, එය ආරම්භය සනිටුහන් කළේය. බසුටෝලන්ඩ් යටත් විජිත යුගය. 1871 සහ 1884 අතර කේප් කොලනි යුගයේදී, බසුතෝලන්ඩ් බලහත්කාරයෙන් ඈඳාගත් අනෙකුත් භූමි ප්‍රදේශ වලට සමානව සලකන ලද අතර, එය බාසෝතෝට නින්දාවට පත් වූ අතර, 1880-1881 දී බසුටෝ තුවක්කු යුද්
ධයට මග පෑදුණි.[13][14] 1884 දී, භූමිය මසරු එහි අගනුවර වන බසුටෝලන්ඩ් නමින් ඔටුන්න හිමි ජනපදයක් බවට පත් විය. එය ආණ්ඩුකාරවරයෙකුගේ සෘජු පාලනය යටතේ පැවති අතර, ඵලදායී අභ්‍යන්තර බලය ගෝත්‍රික ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී. 1905 දී දකුණු අප්‍රිකාවේ දුම්රිය ජාලයට මසරු සම්බන්ධ කිරීම සඳහා දුම්රිය මාර්ගයක් ඉදිකරන ලදී.ස්වාධීනත්වය[සංස්කරණය]බසුටෝලන්ඩ් එක්සත් රාජධානියෙන් නිදහස ලබා 1966 දී ලෙසොතෝ රාජධානිය බවට පත් විය.[15] බසෝතෝ ජාතික පක්ෂය (BNP) 1966 සිට 1970 ජනවාරි දක්වා පාලනය කළේය. පසුව ඇතිවූයේ ලියබුවා ජොනතන් ගේ නායකත්වයෙන් යුත් තථ්‍ය රජයකි. 1970 ජනවාරියේදී, පාලක BNP නිදහසින් පසු පැවති ප්‍රථම මහා මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, බසෝතෝ කොන්ග්‍රස් පක්ෂයට (BCP) ආසන 36න්ක් 23 හිමි විය. BCP කැරැල්ලක් ආරම්භ කළ අතර පසුව පෑන් අප්‍රිකානු කොංග්‍රසයේ (PAC) අසේනියානු මහජන විමුක්ති හමුදාවේ සොල්දාදුවන් ලෙස පෙනී සිටිමින් එහි ලෙසොතෝ විමුක්ති හමුදාව (LLA) සඳහා ලිබියාවේ පුහුණුව ලබා ගත්තේය. 1978 දී PAC හි ඩේවිඩ් සිබෙකෝ කන්ඩායම විසින් ආයුධ සහ සැපයුම් අහිමි කරන ලද අතර, 178-ශක්තිමත් LLA මාඕවාදී PAC නිලධාරියෙකුගේ මූල
්‍ය ආධාරය මගින් ඔවුන්ගේ ටැන්සානියානු කඳවුරෙන් ගලවාගෙන ගරිල්ලා යුද්ධයක් දියත් කරන ලදී. උතුරු ලෙසොතෝහිදී හමුදාවක් පරාජයට පත් වූ අතර පසුව ගරිල්ලන් වරින් වර ප්‍රහාර දියත් කළහ. BCP හි නායක එන්ට්සු මොඛෙහෙලේ ප්‍රිටෝරියා වෙත ගිය විට මෙම ව්‍යාපාරය සම්මුතියට පත් විය. 1980 ගණන් වලදී, පිටුවහල් කරන ලද BCP වෙත අනුකම්පා කළ සමහර බසෝතෝ හට මරණ තර්ජන සහ ලියබුවා ජොනතන් ගේ රජය විසින් පහර දෙන ලදී. 1981 සැප්තැම්බර් 4 වන දින බෙන්ජමින් මැසිලෝගේ පවුලට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඔහුගේ 3 හැවිරිදි මුණුපුරා මිය ගියේය. දින හතරකට පසු, ලෙසෙලින්යානා ලා ලෙසොතෝ පුවත්පතේ කර්තෘ එඩ්ගර් මහලොමෝලා මොටුබා මිතුරන් දෙදෙනෙකු සමඟ ඔහුගේ නිවසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී.ලෙසොතෝ කඳුකර ගම්මානය1986 කුමන්ත්‍රණයකින් ජොනතන් නෙරපා හැරීමෙන් පසුව, බලයට පත් වූ සංක්‍රාන්ති හමුදා කවුන්සිලය එතෙක් චාරිත්‍රානුකූල රජෙකු වූ II වන මොෂෝෂෝ රජුට විධායක බලතල ලබා දුන්නේය. 1987 දී, හමුදා රජය මුලින් එකඟ වූවාට වඩා විධායක බලතල ඔහුට ලබා දෙන ලෙසොතෝ ව්‍යවස්ථාව ඔහුට අවශ්‍ය වන්නේ කෙසේද යන්න පිළිබඳ පිටු 6 කින් යුත් සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් පසු පිටුවහල් කි
රීමට රජුට බල කෙරුනි. ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට තුන්වන ලෙට්සි රජු ලෙස පත් කරන ලදී.මිලිටරි ජුන්ටාවෙහි සභාපති, මේජර් ජෙනරාල් ජස්ටින් මෙට්සිං ලෙඛන්යා, 1991 දී නෙරපා හරින ලද අතර, 1993 දී BCP ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආන්ඩුවකට බලය පවරා දුන් මේජර් ජෙනරාල් එලියාස් ෆිසෝනා රමේමා විසින් ඔහු වෙනුවට පත් කරන ලදී. . ප්‍රජාතන්ත්‍රවාදී රජයට නැවත පැමිණීමෙන් පසු, III වන ලෙට්සි රජු තම පියා (II වන මොෂෝෂෝ) රාජ්‍ය නායකයා ලෙස නැවත පිහිටුවීමට BCP රජයට ඒත්තු ගැන්වීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය. ලෙසොතෝ ව්‍යවස්ථාව අනුව BCP ආන්ඩුව ඔහුගේ පියා වන II වන මොෂෝෂෝ නැවත පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, 1994 අගෝස්තු මාසයේදී, III වන ලෙට්සි විසින් BCP රජය බලයෙන් පහ කරන ලද හමුදාමය පිටුබලය සහිත කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ (SADC) සාමාජික රටවල් BCP ආන්ඩුව යලි පිහිටුවීම සඳහා සාකච්ඡා වල නිරත විය. මේ සඳහා III වන ලෙට්සි ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වූයේ තම පියා නැවත රාජ්‍ය නායකයා ලෙස පත් කළ යුතු බවයි. දිග්ගැස්සුනු සාකච්ඡා වලින් පසුව, BCP රජය නැවත පිහිටුවන ලද අතර 1995 දී ඔහුගේ පියාට පක්ෂව III