text
stringlengths
0
1k
ාරවීම හෝ මෙම වාදවිෂයයන් සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක්කිරීම හෝ සිදුකරන්න.සත්‍යාපනය සඳහා එයට අමතර සමුද්දේශයන් හෝ මූලාශ්‍රයන් හෝ අවශ්‍ය වෙයි. පෙබරවාරි 2010 සිට වැගගතකර ඇත.විෂයය ගැන අපරිචිතවූවන් හට එහි හැඳින්වීම විසින් සැපයෙන්නේ ප්‍රමාණවත් නොවන සන්දර්භයකි. ඔක්තෝබර් 2009 සිට වැගගතකර ඇත.නිව්යෝර්ක් නගර මධ්‍යය. නගර වනාහි මානව ශිෂ්ඨාචාරයෙහි තථ්‍යාංකයකි.ගීසා නෙක්රොපොලිස්හී ගීසාහී මහා පිරමිඩය ඉදිරිපිට ඇති මහා ස්පින්ක්ස්, පුරාතන ඊජිප්තියානු ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.ක්‍රිපූ 5වන සියවසෙහිදී තැනුනු චීන මහා ප්‍රාකාරය, චීන සංස්කෘතියෙහි සංකේතයක් බවට පත්ව ඇත.ශිෂ්ඨාචාරයයන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ න
ිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.සටහන්[සංස්කරණය]එක්සත් ජාතීන්ගේ සංඝණනයන්ට අනුව රටවල්වල මන්දපෝෂණයෙන් පීඩා විදින ජනගහනයන්ගේ ප්‍රතිශතගොනුව:Scurvy Victims.JPGහිකොලායි සේටිමින් විසින් පින්තාරු කරන ලද මන්දපෝෂණය නිසා මරණයට පත්වූ සෝවියට් දේශයේ දණ්ඩන කදවුරක සිරකරුවන් පිරිසක්.‍ මන්දපෝෂණය  :-මන්දපෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති කරන තත්ත්ව විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදා ගනුයේ අවපෝෂණය විග්‍රහ කිරීමට වන අතර මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇති වන ගැටළු හා පෝෂක ද්‍රව්‍ය සිරුරෙන් අධිකව ඉවත් වී යාමක් සිදු වේ.මන්දපෝෂණය යන යෙදුම අධිපෝෂණය ගැනද විග්‍රහ කෙරෙන අතර එය ඇති වනුයේ අධිකව ආහාර පරිභෝජනය හේතුවෙනි. යම්කිසි පුද්ගලයෙකු දීර්ඝකාලයක් මුළුල්ලේ නියමිත අදාල ප්‍රමාණයට පෝෂක පදාර්ථ හා සංඝටක වලින් යුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය නොකලහොත් මන්දපෝෂණයට ලක්වේ. මෙලෙස මන්දපෝෂණය ඇති වීමට හේතු වන්නේ නිරාහා
රව සිටීම, නොයෙකුත් රෝගාබාධ හා ආසාදනයන්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය නිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දේහ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා මන්දපෝෂණය ඇති වේ. ලෝකයේ දුර්භික්ෂ තත්ත්වයන් බලපා ඇති කොටස්වල බුද්ධි මට්ටම ඌණ වීම සදහා ප්‍රධානතම හේතුව මෙය වේ. සංවර්ධිත රටවල අධික ලෙස ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම හා වැරදි ආහාර රටාවන් නිසා සමතුලිත ආහාර වේලක් නොලැබීයාම නිසා අධිස්ථුලතාව හෙවත් අධිපෝෂණය ඇති වේ.බහුතරයක් වූ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රමාණාත්මකව කැළරි අන්තර්ගත නොවන අතර ආහාර වේලෙහි ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් අත්‍යවශ්‍ය සංඝටක වලින්ද ඌණ වේ. මන්දපෝෂණය නිසා හට ගන්නා රෝගී තත්ත්වයන් ඌණතා රෝග නම් වේ. විටමින් C ඌණතාවය නිසා හටගන්නා ශීතාද රෝගය ප්‍රසිද්ධ දැනට බහුලව දක්නට නොලැබෙන ඌණතා රෝගයකි.බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වය වන්නේ ප්‍රෝටීන- ශක්ති - මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂකවල ඇති ඌනතාව නිසා හටගන්නා මන්දපෝෂණයයි. ප්‍රෝටීන - ශක්ති - මන්දපෝෂණය යනු ශක්ති ජනක ආහාර ද්‍රව්‍ය හා ප්‍රෝටීන නිසි පරිදි නොලැබීයාම හා අවශෝෂණය නොවීම නිස
ා ඇතිවන තත්ත්වයකි. සිරුරේ වර්ධනය හ‍ා ක්‍රියාකාරිත්වය සදහා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ ලවණවල ඌණතාවය නිසා ඇති වන රෝග ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය නම් වේ. මෙමගින් විවිධාකාර වූ රෝගාබාධ හා සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදුවේ. විටමින් A ඌණතාවය නිසා සිරුරේ රෝගවලට ඇති ප්‍රතිරෝධීතාවය අඩුවේ. යකඩ, අයඩීන් හා විටමින් A ඌණතාවය බහුලව දක්න‍ට ඇති අතර ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇත. මේවායෙහි ඌණතාවය නිසා කුරුබව ඇති වීම , බුද්ධි මට්ටම හීන වීම , සංජානන ආබාධ, සමාජශීලි බව අඩුවීම පෞරුෂ වර්ධනය අඩාල වීම, ශක්ති සම්පන්න බව හා මාංශ පේශිවල වර්ධනය අඩපණ වීම ඇතුළුව සමස්තයක් වශයෙන් ගත් කළ සෞඛ්‍ය මට්ටම අඩාල වීමක් සිදුවේ. මන්දපෝෂණ අනෙකුත් දුර්ලබ බලපෑමක් වන්නේ සමෙහි කළු පැහැති ලප මතුවීමයි.කුසගින්න යනු සිරුරට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය බව හගවන සාමාන්‍ය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. කුසගින්න මගින් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයට ද බලපෑමක් ඇති කරයි. මෙමගින් පුද්ගලයෙකුගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබදව මූලික අවබෝධයක් ලබාගත හැකිවේ.ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව ව
ිෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2023 අගෝස්තු) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)කාව්‍ය යනු ඉංගිරිසියෙන් poems යන අර්ථය දෙන ලේඛන විශේෂය හඳුන්වයි. එසේ නමුත් ඉපැරණි සංස්කෘත අර්ථයන්ට අනුව කාව්‍ය යන්න යටකී කවිය හෙවත් පද්‍ය යන වර්තමාන තේරුම ඉක්මවා යයි. මන්ද යත්, පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, ද්‍රෘෂ්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය වැනි සියලු කලාංගයන් හැඳින්වීම සඳහා කාව්‍ය යන්න එකල භාවිත වූ හෙයිනි. ඒ අනුව වර්තමාන අර්ථයේ කවියත්, ගද්‍ය සාහිත්‍යත්, නාට්‍යත්, ගද්‍ය පද්‍ය දෙකොටසෙහිම සම්මිශ්‍රණයක් සේ ගැනෙන චම්පු කාව්‍යත් එකල පොදුවේ කාව්‍ය ලෙස හැඳින්වූ බව ප්‍රත්‍යක්ෂ වේ. එසේ නමුත් මෙහිදී අප කාව්‍ය ලෙස සලකා බලන්නේ කවිය යනුවෙන් නූතන අර්ථයෙන් ගැනෙන poems යන්නෙහි සිංහල සූචිතයයි. ආරම්භක අවධියේ සිට කාව්‍ය යන්න තුළින් හැඟවුම් කරනු ලැබූවේ තාලයකට ගැයිය හැකි, නිශ්චිත විරිතක් නිශ්චිත මාත්‍රා ප්‍රමාණයක් හා නිශ්චිත යතියක් සහිත නිර්මාණයි.එවන්නකට උදාහරණයක් ලෙස පහත සඳහන් සිංහල ජන කවිය ගෙන බලමු.මැද වත්තේ සෙල්ලම් පාරකි යන්ටමල් පිපිලා සුවඳේ බැරුවා
ඉන්ටනෙලාගන්න බෑ අත රිදෙනව අපටසාදු සාදු මල් පිපියන් සොඳ රුවටසමුද්‍ර ඝෝෂ විරිත නම් සුප්‍රකට විරිතට අනුව ලියා ඇති පහත සඳහන් සැළලිහිණි සංදේශ කාව්‍යය ද ගෙන බලන්න. මනහර නා මෙනවියනිඳ ළවැලි පිටගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවටකන එව කියන බුදු ගුණ ගී මියුරු කොටසැනහෙව කැළණි ගඟ බඩ මද කලක් සිටඑසේ නමුත් පසුකාලීන යුගය වනවිට කාව්‍යෙයහි අර්ථය නිශ්චිත තනුවක් සහිත ගැයිය හැකි නිර්මාණය යන්නෙන් වෙනස්වී පුළුල් අර්ථයකින් භාවිත විය. මන්ද යත් නිසදැස් කවිය යනුවෙන් කාව්‍යමය උපශානරයක් නිර්මාණය වීම නිසාය. නිසදැස් කවිය බටහිර කවිය තුළ නිෂ්පන්න වූවාය යන්න සාමාන්‍ය පිළිගැනීම වුවත් ඉපැරණි චීන කවි හා ජපන් හයිකු කවි වැනිලෝතයේ සෙසු ප්‍රදේශයන්ට අයත් කාව්‍යන් තුළද නිදහස් කවියට සමාන ලක්ෂණ නිරෑපණය වන බව ඇතැම් උගත්හු පවසති. ප්‍රවීන ශ්‍රීලාංකීය කිවිවර ලාල් හෑගොඩ මහතාගේ පහත කවියගෙන බලන්න.නෙත් කැලුම් ගටාසඳුන් අරටුව දැල්වූයෙ නුඹයිවිහිදෙන්නෙ හෙමින්ඒ සුවඳ බිඳයිසිරවෙන්න රිසිසේඒ සුවඳ කුටියේමුදවන්න ඒශ්වේත සළුව රහසේනිසදැස් කාව්‍යය සඳහා බැලූ බැල්මට පෙනෙන ජනප්‍රිය විරිතක් නැති බව සැබවි. එසේ නමුත
් ඒ සඳහාද ඊටම ආවේනික රිද්මයක් තිබේ.යතියක් තිබේ.ශබ්ද මාධූර්යයක් තිබේ. සිංහල නිසදැස් කවියේ ආරම්භකයා ලෙස සැලකෙන ජී.බී.සේනානායක මහතා මෙම මුල් නිර්මාණයන් පළ කළ පලිගැනීම (1946) නම් පොතෙහි මෙසේ පවසන්නේ එහෙයින්ය.මේ පොකෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිර්මාණ මා සලකන්නේ ගද්‍යටත් පද්‍යටත් අතර ඇති නිබන්ධන විශේෂයක් හැටියටය. ඒවා කියවිය යුත්තේ ගද්‍ය කියවන ආකාරයටය. එසේ නමුත් පද සංඝටනාවේදී ශබ්ධ මාධූර්යය පිළිබඳ දක්වන සැලකිල්ල ගද්‍ය කියවීමේදී ඒ අරබයා දක්වන සැලකිල්ලට වඩා වැඩි විය යුතු ය.ජී.බී.සේනානායක මහතාගේම අලුත ගෙනා මනමාලි නම් කවිය ගෙන ඔහු පවසන කතාව තේරුම්ගැනීමට උත්සාහ කරමු.හිස නමා ගති ඈසිහින් රතැඟිලි පටලවා ගති,සතියකට පෙර ගෙනා වරවිළිබර ය මගෙ රන්වන් මනාලිය.දැල් තිර අස්සෙන්පෙනෙයි ඈඔබ යනු මොබ එනුපට පිළී ගෙන අබරණ පෙට්ටි ගෙන.ඇසෙයි නොපෙනෙන විටත්සාලයෙන් කාමරයටකාමරෙන් සාලයටයන පා හඬ.මා වෙත එතත් ඈවුවමනාවන් කිසිත් නැතිවද,නොරැඳෙයි, පලායෙයි.ගෑ විලවුනෙහි,නැත,රන්වන් සමෙහිසුවඳ නොව‍හෙළන සුස්මෙහි සුවඳ ය ඒඈ බඳ සුවඳදැනෙන්නෙ මට විතරද?පෙනෙයි ඈඇසෙයිදැනෙයිමට ගේ හැම තැන.ඒ අනුව නූතන අර්ථයට අන
ුව කවිය යනු තනුවකට කියවිය හැකි හෝ වේවා කියවිය නොහැකි හෝ වේවා සුවිශේෂ සාහිත්‍යමය ලඝුලේඛන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. -පී.එන්.බී විජේකෝන්කාල් රෝජර්ස් උපත ජනවාරි 8, 1902 Oak Park, ඉලියෝනිස්, ඇමරිකා එක්සත් ජනපදය. විපත පෙබරවාරි 4, 1987 (වයස අවු. 85) සැන්දියාගෝ , කැලි‍පෝනියා, ඇමරිකා එක්සත් ජනපදය. ජාතිය ඇමරිකානු ක්ෂේත්‍රය මනෝ විද්‍යාව ආයතන ඔහියේ ජනපද විශ්ව විද්‍යාලය, චිකාගෝ විශ්ව විද්‍යාලය, Wisconsin විශ්ව විද්‍යාලය, බටහිර චර්යා විද්‍යා ආයතනය, පුද්ගල අධ්‍යයන කේන්ද්‍රය ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව Wisconsin විශ්ව විද්‍යාලය, ගුරු විද්‍යාලය, කොලොම්බියා විශ්ව විද්‍යාලය ප්‍රසිද්ධ පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය (රෝගී කේන්ද්‍ර ප්‍රතිකාරය/ ශිෂ්‍ය කේන්ද්‍ර ඉගෙනීම) බලපෑම Otto Rank, Kurt Goldstein ත්‍යාග මනෝවිද්‍යාව සඳහා වූ කීර්තිමත් විද්‍යාත්මක දායකත්වය(1956, APA); ව්‍යවහාරික මනෝවිද්‍යාව සඳහා වූ කීර්තිමත් විද්‍යාත්මක දායකත්වය(1972, APA) කාල් රොජර්ස් යනු මනෝ විද්‍යාව
ේ මානුෂීය ප්‍රවේශණය පිළිබඳ අධ්‍යනයේ අඩිතාලම් දැමූ ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකි. ඔහුගේ මූලික පර්යේෂණ කටයුතු නිසා 1956 වර්ෂයේදී ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ විද්‍යාත්මක දායකත්වය පිළිබඳව විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ අද්විතීය ප්‍රවේශණයක් වන පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය මඟින් පෞරුෂත්ව අධ්‍යනය සහ පුද්ගල බැඳීම් පිළිබඳව හදාරා ඇත. එම ප්‍රවේශණය මානසික ප්‍රතිකාර සහ උපදේශනයේ දී (රෝගියා කේන්ද්‍රගත ප්‍රවේශණය) අධ්‍යාපනය (ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගෙනුම) ආයතනය සහ අනෙකුත් කණ්ඩායම් තුළ දී බහුලව යොදා ගෙන ඇත. ඔහුගේ වෘත්තීය දායකත්වය වෙනුවෙන් ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් 1972 වර්ෂයේදී වෘත්තිකයන්ගේ අද්විතීය දායකත්ව සම්මානය පිරිනමන ලදී. ඔහුගේ ජීවිතයේ අවසාන භාගය තුළ දී ඔහු විසින් දකුණු ඇමරිකාව සහ උතුරු අයර්ලන්ත අර්බුදයේ දී පුළුල් දායකත්වය ලබාදීම නිසා නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කෙරිණි. වසර 2002 දී Haggbloom විසින් සඳහන් කිරීම සහ පිළි ගැනීම වැනි සාධක හයක් උපයෝගී කර ගනිමින් කරන ලද නිරීක්ෂණාත්මක අධ්‍යයනයේ දී 20 වැනි සියවසේ කීර්මත් මනෝ විද්‍යාඥයින් අතර හයවැනි තැනට පත්විය. තවද චිකිත්සකයින් අතර ඔහු දෙවැනි
වූයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට පමණි.වයඹ පළාතNorth Western ProvinceWayamba ProvinceපළාතධජයLocation within Sri Lankaරටශ්‍රී ලංකාවසංස්ථාපනය1845පිළිගැනීම14 නොවැම්බර් 1987අග නගරයකුරුණෑගලවිශාලම නගරයකුරුණෑගලරජය • ආණ්ඩුකාරවරයාඅමරා පියසීලි රත්නායක • මහ ඇමතිධර්මසිරි දසනායකසරිය • මුළු7,812 කිමී2 (3,016 සතරැස් සැත)භුමිප්‍රමාණ අනුස්ථිතිය5වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 11.89%)ජනගහණය(2001) • මුළු2,169,892 • අනුස්ථිතිය4වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 11.61%) • ඝණත්වයBad rounding here280/කිමී2 (Bad rounding here720/වර්ග සැත)දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] • සම්පූර්ණරුපියල් බිලියන 495 • අනුස්ථිතිය2වන ස්ථානය (සමස්ථයෙන් 10.3%)වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)නිල භාෂාසිංහල, දෙමළවෙබ් අඩවියpriu.gov.lkවයඹ පළාත යනු ශ්‍රී ලංකාවේ පළාත් 9යෙන් එකකි. මෙම පළාත ස්ථාපිත කර ඇත්තේ ක්‍රි.ව. 1845දීය.ඉතිහාසය[සංස්කරණය]වයඹ ඉතිහාසය දෙස එබී බලන විට ලංකාද්වීපයේ පැවති අග නගර 04 ක් පිහිටා ඇත්තේ වර්තමානයේ වයඹ පළාත‍ට අයත් ප්‍රදේශයේය.පරාක්‍රමපුරදඹදෙනියකුරුණෑගල                                          යාපහුවපුරාවිද
්‍යත්මක ස්ථාන[සංස්කරණය]සෙල් ලිපි[සංස්කරණය]වයඹ පළාතේ ඇති ක්‍රි. පූ. 161-131 කාලයට අයත් තෝනිගල සෙල් ලිපිය පළාතේ ඇති පුරාණතම සෙල් ලිපියකි. දේශපාලනය[සංස්කරණය]1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථ
ම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී.1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ ඩී.බී.විජේතුංග මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය.ඉන්පසු යු.එම්.ප්‍රේමචන්ද්‍ර,ආර්.එම්.ආර්.නිමල් බංඩාර, එස්.බී.නාවින්න අතුල විජේසිංහ,දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම
්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.මේවාද බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ පළාත්පළාත් සභාශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමූලාශ්‍ර[සංස්කරණය]↑ :.News Line : North, East record highest GDP growth ratevteවයඹ පළාත, ශ්‍රී ලංකාව සඳහා යාබද ස්ථානඋතුරු පළාතඋතුරු මැද පළාතලක්ෂද්වීප මුහුදවයඹ පළාතමධ්‍යම පළාතබස්නාහිර පළාතසබරගමුව පළාතvteශ්‍රී ලංකාවේ පළාත්මධ්‍යමනැගෙනහිරඋතුරු මැදඋතුරවයඹසබරගමුවදකුණඌවබස්නාහිරවෝඩ්‍රෝබ් විලාසිතාකරුවා යනු වානිජ මුද්‍රණ කැටලොග්, රූපවාහිනී නිරූපණ, සංගීත වීඩියෝ, සංදර්ශන, සඳහා හා නිරූපිකාවන් හා අනෙකුත් පොදු චරිත මඟින් මහජන ප්‍රදර්ශනවලදී ගන්නා ලද ඡායාරූපවල දී ඇඳ සිටි ඇඳුම් තෝරා දෙන පුද්ගලයා සඳහා වූ සේවා නාමයකි.වොඩ්‍රෝබ් විලාසිතාකරුවෙකුට සාප්පුවක් තෝරාගෙන ඔවුන්ගේ සේවාග්‍රාහකයින් හැඩ ගැන්විය හැකිය. ඔවුන් සාමාන්‍යයෙන් සේවාග්‍රාහකයා, ඡායාරූපකරුවා,අධ්‍යක්ෂකවරයා, හිස කෙස් විලාසිතාකරුවා හා වේෂ නිරූපණ ශිල්පීන් සමඟ එකට කටයුතු කරන අතර එමඟින් අදාල විශේෂිත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ස්වභාවය ලබා දීමටත් කැපවී සිටී.වෝඩ්‍ර
ෝබ් විලාසිතාකරුවන් සමහරක් විට ෆැෂන් විලාසිතාකරුවන් හෝ රූප උපදේශකයන් ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම වෘත්තියට නිරූපිකාවන් හැඩ ගැන්වීම,පුද්ගලික සාප්පු සවාරි, සේවා ග්‍රාහකයන්ගේ මුළු ඇඳුම් අල්මාරියම ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම සේවාග්‍රාහකයාගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ අනෙකුත් කර්තව්‍යයන් ද ඇතුලත් වේ.සටහන්[සංස්කරණය]Wardrobe_stylist"එම්පයර් ස්ටේට්" යන නාමය ජෝර්ජ් වොෂිංටන් විසින් ටංකනය කල බවක් එක් සිද්ධාන්තයක් විසින් බැර කරනු ලබයි.[1]නිව්යෝර්ක් නමැති එ.ජ. ජනපදය බොහෝ අපනාමයන් වෙතින් හඳුන්වා ඇති අතර, ඒවා අතුරින් වඩාත් සංගණ්‍ය වන්නේ දි එම්පයර් ස්ටේට් යන්නයි. 19වන සියවස තරම් මෑතකදී අපත්‍යිකරණය කරගත් එම අපනාමය, ජනපදයේ බොහෝ ගොඩනැගිලි සහ සිද්ධීන් ගේ නම් සඳහා අන්තර්ගත කර ඇත. එය විසින් දක්වන්නේ ජනපදයෙහි ධනය හා සම්පත් බවට පොදු විශ්වාසයක් පවතින නමුදු, එම පදයෙහි සත්‍ය සම්භවය පැහැදිලි නොවෙයි.මෙම නමෙහි සම්භවය පිළිබඳ විවිධ සිද්ධාන්තයන් පවතියි. එයින් දෙකක් හා ජෝර්ජ් වොෂිංටන් සම්බන්ධ වන අතර, එකක් විසින් ආක්‍රමණශීලි වෙළෙඳ මාර්ගද, අනෙක විසින් නිව්යෝර්ක් ජනගහනය විසින් වර්ජිනියා ජනගහනය අභිබවා යෑමද දක්වයි. ක
ිසිවක් ඔප්පු කර නොමැත. ආශ්‍රිත[සංස්කරණය]↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;klein නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිPicnikවර්ගයPrivateස්ථාපිත කළේSeattle, Washington, USA(2005)ප්‍රධාන කාර්යාලයUnited Statesප්‍රධානීන්Jonathan Sposato, CEODarrin Massena, CTO and Co-founderMike Harrington, Co-founderක්ෂේත්‍රයInternet, computer softwareමව් සමාගමGoogleවෙබ් අඩවියpicnik.com/ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම 927 (June 2011[update])[1]වෙබ් අඩවියේවර්ගයImage editing serviceභාෂාවන්English, Spanish, ජර්මානු, Italian and 12 othersදැනට තත්ත්වයactiveපික්නික් යනු අන්තර්ජාලගත ඡායාරූප සංස්කරණ සේවාවකි. මෙහි මූලික මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ඇමරිකාවේ, වොෂින්ටන්, සියැටල් නගරයේය. දැනට මෙය ෆේස්බුක්(Facebook), මයිස්පේස්(MySpace), පිකාසා අන්තර්ජාලගත ඇල්බමය(Picasa Web Album), යාහූ ෆ්ලිකර්(Flickr) වල පවත්වනු ලබන පෞද්ගලික ඡායාරූප සංස්කරණය කිරීමටද, තමන්ගේ පරිඝණකයෙන් හෝ පෞද්ගලික වෙබ්අඩවියෙන් ඡායාරූප ඍඡුවම ප්‍රකාශ කිරීමටද පහසුකම් ලබා දෙයි.පික්නික් වල මූලික ඡායාරූප සංස්කරණ උපකාරක භාවිතය නොමිලේ වේ. පික
්නික් premium සේවාව තවත් අමතර විශේෂ අංග රැසක් සහිතව, මාසික, මධ්‍ය වාර්ෂික හෝ වාර්ෂික ග්‍රාහක මුදලකට ලබාගත හැකිය.තවදුරටත්, පික්නික් සහ ෆ්ලිකර් සේවාව හවුල්වී, විශේෂ අංග අධික අනුවාදයක්ද, ෆ්ලිකර්හි ඡායාරූප සම්පාදකය වශයෙන් යාකොට සාදා ඇත. මොවුන් "වෙබ්ස්" (webs) යන නොමිලේ වෙබ්පිටු නිර්මාණ සේවය සමගද, ඡායාරූප සංස්කරණ උපකාරකය වශයෙන් හවුල්වී ඇත.පික්නික් ගූගල්(Google) විසින් 2010, මාර්තු 1වනදා අත්පත් කරගන්නා ලදි.බ්‍රවුසරයේ උපාංග සහ උපකාරක[සංස්කරණය]පික්නික් විසින් තවත් අංග රාශියක්, පික්නික් තුලම ඡායාරූප තැන්පතුව සඳහා නිකුත් කර ඇත. 2007, මැයි 7වනදා, පික්නික් විසින් ෆයර්ෆොක්ස් (Firefox) හා ගූගල් ක්‍රෝම් (Google Chrome) වලට මෙම උපකාරක යොදවා ඇත. එනමුත්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලට ඡායාරූපයක් තෝරා එය කෙලින්ම පික්නික් වලට ප්‍රවේශ කලහැකි වන අතර, ෆයර්ෆොක්ස් හා ගූගල් ක්රෝම් සම්පූර්ණ ඡායාරූපය හෝ පින්තූරය පික්නික් වලට කෙලින්ම ප්‍රවේශ කරයිආශ්‍රිත[සංස්කරණය]↑ "Picnik - Site Information from Alexa". සම්ප්‍රවේශය 2011-06-14.බාහිර පුරුක්[සංස්කරණය]http://www.google.com/support/picnik/bin/answer.py?hl=e
n&answer=179558http://www.picnik.comමනහර මොහිනියාටම් නර්තනයකින්මොහිනියාටම් කේරළයේ සාම්ප්‍රදායික නර්තනයකි. මෙය ගැහැණුන් විසින් කරන තනි පුද්ගල නර්තනයකි. මොහිනියාටම් සැදී ඇත්තේ මොහින් (නරඹන්නන් වශී කරන්නා) හා ආටම් - ශරීරයේ රිද්මය යන එකතුවෙනි. මෙහි විෂ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙස් ගත් කතන්දර 2 ක් ඇත.ඒවා නම්,ඔහු මෝහිනි ලෙස වෙස් ගෙන යක්ෂයන් පලවා හරින බව.විෂ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙස්ගෙන ශිව දෙවි බග්මපුර යක්ෂාවේශයෙන් ගලවා ගන්නා බව.මෙය විෂ්ණු දෙවියන් ආශ්‍රයෙන් එන නර්තනයක් විය හැකි බැවින් නර්තනයේ තේමාව වන්නේ දෙවියන් කෙරෙහි ඇති ආලය හා බැඳීමයි. දේවදාසින් මෙය තොවිල් බලි ප්‍රදර්ශනය කොට තිබේ. මෙහි නෝතු හා නෝටියාටම් යන අවස්ථා 2ක් ඇත . මෙම නර්තනයේ දකුණු ඉන්දියානු ආභාශයන් වන භාරත නාට්‍යම් හා කතකලි අංග 2 ක් ඇතුලත් කර ඇති අතර, මෙය ආරම්භ කර ඇත්තේ ස්වාධි පිරුනාල් යන රජු සමයේ ය. මෙම නර්තනයේදී උකුල් ප්‍රදේශයේ පැද්දීම හා ශරීරයේ පැද්දීම උපයෝගී කොට ගනී. මෙහි මුලික චලන 40 ක් තිබෙන අතර මෙය අමාවුනල් වේ. මෙහි ඇඳුම වන්නේ සුදු සාරියක් හා රත්තරන් පාටින් ඔප දැමූ කසාබු නමැති වාටියයි. මෙහි පදමාලාවන් හස්ත ලක්
ෂණ ලීපිකා වන මුද්‍රා ස්වරූපයන් ගනී. ස්වර සංගීතය විවිධ නාද රටාවන් වන ඩෝලු නමින් හඳුන්වයි. මෙහි ගී තනු මනිප්‍රාවලම් වන අතර එය සංස්කෘත හා මලයාලම් වලින් යුක්ත වේ. නර්තන ශිල්පියා තම දෑත් විවිධ ලෙස හසුරුවන අතර මෙහි පදනම වන්නේ මනස ප්‍රබෝධමත් කිරීමයි.පුනුරුප්පත්තිය සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!පුනර්භවය යනු පුනුරුප්පත්තියට ආසන්න සංකීර්ණ බෞද්ධ සංකල්පයකි.. මීට බුදු දහමට අනුව ලෝකයේ යථා ස්වරුපය අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වේ. එනම් (ආත්ම) නමින් සදාකාලිකව පවතින දෙයක් නොමැත. එම නිසා සිත යනු ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි පරම්පරාවකි. එය විඥ්ඥාණය නම් වෙයි. විඥ්ඥාණය යනු පංචේන්දියන්ට ග්‍රහණය වන දෙයයි.බුදු දහමට අනුව පුනර්භවයෙදී ඊලඟ භවයට ගෙන යන්න
ේ මෙම සිතුවිලි පරම්පරාවේ අවසාන විඥ්ඥාණ අවස්ථාව සහ රැස් කරන ලද කර්මයයිආශ්‍රිත ලිපි[සංස්කරණය]පුනුරුප්පත්තියකෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි. ඊට ප්‍රතිචාර ලෙස මෙම මැනිං ආණ්ඩුක්‍රමය ඉදිරිපත්වූ අතර එය ක්‍රි.ව.1920 සිට ක්‍රියාත්මක විණි.විශේෂ ලක්‍ෂණ[සංස්කරණය]ප්‍රථමවරට නිලනොලත් නියෝජිතයන් බහුතරයක් පත්කෙරිණි.පළාත්බද ඡන්‍ද කොට්ඨාශ ක්‍රමය හඳුන්වාදිනි.ඡන්‍ද බලය පුළුල් කෙරිණි.ජනවාර්ගික නියෝජනය එලෙස ම පැවැතිණි.ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලතල පුළුල් කෙරිණි.රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩුකාරයා සතුවීය.1959 චිත්‍රපටයසැකිල්ල:SHORTDESC:1959 චිත්‍රපටයBen-HurOriginal film poster by Reynold Brownඅධ්‍යක්‍ෂණයWilliam Wylerතිර රචනයKarl TunbergUncredited:Gore VidalChristopher Fryනිශ්පාදනයSam Zimbalistරංගන ශිල්පීන්Charlton HestonJack HawkinsHaya HarareetStephen BoydHugh GriffithකථනයFinlay CurrieසිනෙමාරූපණයRobert L. Surteesසංස්කරණයJohn D. DunningRalph E. WintersසංගීතයMiklós Rózs
aබෙදාහැරීමMetro-Goldwyn-Mayerනිකුත්වූ දිනයනොවැම්බර් 18, 1959 (1959-11-18)තිර කාලයමිනිත්තු 212රටඇමරිකා එක්සත් ජනපදයභාෂාවEnglishපිරිවැයඇමරිකානු ඩොලර් මිලියන 15ආදායමඇමරිකානු ඩොලර් මිලියන 90“බෙන් හර්” යනු William Wyler විසින් 1959 දී අධ්‍යක්ෂණය කරනු ලැබූ වීර කාව්‍යයකි. එය Lew Wallace ගේ නව කතාවක් වූ Ben-Hur: A Tale of the Christ (1880) හි තුන් වන චිත්‍රපටයයි. එහි මංගල දර්ශනය 1959 නොවැම්බර් 18 වන දා නිව් යෝර්ක් නුවර Loews සිනමා ශාලාවේ දී පැවැත්වුණි. Ben Hur චිත්‍රපටිය සඳහා වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහක් හිමිවූ අතර එය සමාන වනුයේ ඉන් පසුව බිහි වූ ටයිටැනික් (1997) හා ලෝර්ඩ් ඔෆ් ද රින්ග් සහ The Return of the King (2003) චිත්‍රපටවලට පමණි. බෙන්-හර් චිත්‍රපටිය හිමිකරගත් සම්මාන[සංස්කරණය]මෙම චිත්‍රපටිය සඳහා පෙර නොවූ විරූ ආකාරයට ඇකඩමි සම්මාන එකොළහක් හිමි වූ අතර එය සංඛ්‍යාවෙන් සමාන වනුයේ 1997 දී නිපද වූ ටයිටැනික් චිත්‍රපටියට හා 2003 දී නිෂ්පාදිත The Lord of the Rings: The Return of the King චිත්‍රපටවලට පමණි. එම සම්මාන නම්, හොඳම චලන චිත්‍ර සිනමා පටය, හොඳම ප්‍රධාන නළුවා සඳහා වූ සම්මානය - Charlton H
eston, හොඳම අධ්‍යක්ෂණය , හොඳම පසුතල හැඩ ගැන්වීම, වර්ණකරණය - Edward C. Carfagno, William A. Horning, and Hugh Hunt, හොඳම සිනමා රූපණය, හොඳම වර්ණ ගැන්වීම, හොඳම ඇඳුම් නිර්මාණය, විශේෂ ප්‍රයෝග සඳහා වූ සම්මානය, හොඳම චිත්‍රපට සංස්කරණය John D. Dunning හා Ralph E. Winters හොඳම නාට්‍යමය හෝ විකට චිත්‍රපටය සඳහා වූ සම්මානය, නම් සම්මාන එකොළහයි. තවද මෙම චිත්‍රපටය හොඳම අනුවර්ථික සිනමා පටය ලෙසට ඇකඩමි සම්මාන උලෙලේ දී නාම යෝජනා වුණි. මෙම චිත්‍රපටිය Golden Globe සම්මාන උළෙලේදී ද සම්මානයට පාත්‍ර වුණි. ඒවා නම් හොඳම චලනය චිත්‍ර, සිනමා පටය, වෘත්තාන්ත, හොඳම චලන චිත්‍ර අධ්‍යක්ෂණය, චලන චිත්‍ර සිනමා පට සඳහා වූ හොඳම සහාය නළුවා සම්මානය - Stephen Boyd හා අශ්ව කරත්ත තරඟය අධ්‍යක්ෂණය සඳහා විශේෂ සම්මානයක් Andrew Marton හට හිමි වුණි. තවද මෙය හොඳම චිත්‍රපටය සඳහා BAFTA සම්මානය ද, New York Film Critics Circle සම්මානය ද දිනා ගති. විශිෂ්ටතම චලන චිත්‍ර සිනමා පටය අධ්‍යක්ෂණය සඳහා DGA සම්මානය ද හිමි වුණි. 1998 දී මෙම චිත්‍රපටය එතෙක් බිහි වූ හොඳම ඇමරිකානු චිත්‍රපට අතරින් 72 වෙනි ස්ථානය හිමි කරගත් අතර AFI හි 100 Years... 100 Cheers
දී 56 වන ස්ථානය හිමි කර ගන්නා ලදී. 2001 දී ඇමරිකානු චිත්‍රපට ආයතනයෙහි හොඳම ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටය සඳහා ලබා දෙන වර්ගීකරණයේ 49 වෙනි ස්ථානය දිනා ගති. 2004 දී ඇමරිකා එක්සත් ජනපදයේ National Film Registry හි සංරක්ෂණය කිරීම පිණිස Library of Congress මඟින් මෙම චිත්‍රපටය තෝරා ගැනුණි. එය සංස්කෘතිකමය, ඓතිහාසික හා කලාත්මක වැදගත්කමක් සහිත චිත්‍රපටයක් ලෙසට සංරක්ෂණය කෙරුණි. 2005 දී මෙම චිත්‍රපටය හොඳම සංගීතය සඳහා ඇමරිකානු චිත්‍රපට ආයතනය මඟින් කරන ලද වර්ගීකරණයට අනුව 21 වෙනි ස්ථානය ලබා ගනී. 2007 දී, AFI මඟින් වසර 100ක් තුළ නිපද වු චිත්‍රපට 100ක් අතරින් 100 වෙනි ස්ථානය ලබා ගනී. (දහවන සංවත්සරික මුද්‍රණය)සටහන්[සංස්කරණය]Ben-Hur filmසේද මාවත extending from යුරෝපය through ඊජිප්තුව, සෝමාලියා, the අරාබිය ඉරානය, මධ‍යයම ආසියාව, ඉන්දියාව/පකිස්ථානය, ජාවා-ඉන්දුනීසියාව, and වියට්නාමය until it reaches චීනය. The land routes are red, and the water routes are blue.සේද මාවත (චීන: 丝绸之路; පර්සියානු: جاده ابریشم ඉතාලි: Via della seta; කසකස්තාන: Ұлы Жібек жолы) යනු ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. 15 වෙනි
සියවසේ මැද භාගය දක්වා සක්‍රීයව භාවිත කෙරුනු යුරේසියානු වෙළඳ මාර්ග ජාලයකි. කි.මී. 6,400 ක් පමණ විහිදී යන මෙම ජාලය, පෙරදිග ලෝකය සහ බටහිර ලෝකය අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික අන්තර්-සම්බන්ධතා වලදී වැදගත් විය. වර්තමානයේදී ඇතැම් ඉතිහාසඥයන් "සේද මාවත" (Silk Road) වෙනුවට "සේද මාවත්" (Silk Routes) යන වචනය භාවිත කරන්නේ, එය එක් තනි මාර්ගයක් නොව මුහුදින් සහ ගොඩබිමින් දිවෙන මාවත් ගණනාවක එකතුවක් නිසාය. සේද මාවත් මගින් නැගෙනහිර හා ගිණිකොණ ආසියාව ද, ඉන්දියානු උපමහද්වීපය ද, මධ්‍යම ආසියාව ද, මැද පෙරදිග ද, නැගෙනහිර අප්‍රිකාව හා යුරෝපය ද යා කෙරුනි.මහාද්වීප අතර ගමනාගමනය[සංස්කරණය]ක්‍රියාශීලී සතුන් ඇති කිරීමේ සහ නෞකා තාක්ෂණයේ දියුණුව සමග ප්‍රාග් ඓතිහාසික මිනිසාට දිගු දුරක් භාණ්ඩ රැගෙන යාම, සංස්කෘතික වෙනස් වීම් හා වෙළෙඳාම යන දේවලට මුහුණ දීමට සිදු වූණි. එමෙන්ම ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනය වීමද සිදු විය. ඊට අමතරව සාරවත් තණබිම් ජලය හා තවලම් වලට පහසු මංතීරු සපයා දෙන ලදී. පැසිෆික් වෙරළේ සිට අප්‍රිකාවට හා යුරෝපයේ අභ්‍යන්තරයට වැටී අති විශාල ගමන් මගක් තරණය කිරීමට සිදුවන වෙළෙඳුන්ට, ආසියාවේ ස්ටෙප්ස් මහා තණ
බිම මහත් උපකාරයක් විය. තවද, එහෙයින් වෙළෙඳුන් කෘෂිකාර්මික බිම්වලට අනවසරයෙන් ඇතුළු වී ගැටුම් ඇති වීම වැනි දේ සිදු නොවුණි. පුරාණ ගමනාගමනය හා වෙළෙඳ ගමන් මාර්ග සඳහා සාක්ෂි බොහෝය. ක්‍රි.පූ: 6000 ත් ක්‍රි.පූ: 4000 ත් අතර කාලයේදී සහරාවේ විසු පුරාණ ජනතාව ආසියාවෙන් ගෘහාශ්‍රිත සතුන් ආනයනය කළහ. ඊජිප්තුවේ ක්‍රි.පූ : 5 වැනි සහස්‍රයට අයත් බදාරියන් සංස්කෘතියට අදාළ විදේශ මානව කෘතිවල දුර බැහැර පිහිටි සිරියාව සමග තිබූ සබඳතා ගැන සඳහන් වේ. පූර්ව රාජවංශික ඊජිප්තුවේ ක්‍රි.පූ 4 වැනි සහස්‍රය වන විට නැව් ගමනා ගමනය හොඳින් සිදු වූ අතර, බූරුවන් සහ එක මොල්ලියක් සහිත ඔටුවන් ඇති කිරීම සිදු වුණි. ඉන්පසු බැක්ට්‍රියානු ඔටුවා ඇති කිරීම සහ අශ්වයා ගමනාගමනයට භාවිත කිරීම සිදු විය. තවද, ක්‍රි.පූ 4 වැනි සහස්‍රයේ ආරම්භය වන විට මාදි හි පුරාණ ඊජිප්තු වැසියන් මැටි භාණ්ඩ ආනයනය කළ අතර කනාන් වලින් ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව අදහස් ගැනීමටද සිත යොමු විය. ක්‍රි.පූ: 3 වැනි සහස්‍රය වන විට ලාපිස් ලසුලි වෙළෙඳාම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මොහෙන්ජොදාරෝ සහ හරප්පා (වර්තමානයේ පකිස්ථානය සහ වයඹ දිග ඉන්දියාව ) යන නගර දක්වා පුළුල් වුණි. මෙසපොත
ේමියාවේ සුමෙරියන්වරුන් ගේ සහ අක්කඩියන් වරුන්ගේ මුල්ම වෙරළබඩ වෙළෙඳ සහකරුවා වූයේද ඉන්දු නිම්නය හෙවත් මෙලුහාය. පර්සියාවේ ඩේරියස් I විසින් ක්‍රි.පූ : 5 වැනි ශතවර්ෂයේදී තනවන ලද පර්සියානු රාජකීය මාවත ක්‍රි.පූ : 3500 තරම් ඈත අතීතයේ සිට භාවිතයට ගෙන තිබුණා වීමට පුළුවන. I වැනි නාකඩ සහ II වැනි නාකඩා කාලවලට අයත් යැයි සැලකෙන , නේකෙන් හි සොහොන් ගෙවල්වලින් සොයාගනු ලැබූ අඟුරු සාම්පල ලෙබනන් හි දේවදාරු ලෙස හඳුනා ගෙන ඇත. 1994 කැණීම්වලදී ක්‍රි.පූ:3000 ට පමණ අයත් නාමර්ගේ සෙරෙක් ලාංඡනය සහිත කැටයම් කරන ලද මැටි කැබලිත්තක් සොයාගන්නා ලදී. ඛනිජ විද්‍යා අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙය නයිල් නිම්නයේ සිට ඊශ්‍රායලයට අපනයනය කළ වයින් වීදුරුවක කැබැල්ලක් විය හැකි බවයි. ක්‍රි.පූ 2400 දී පමණ ඉන්දියාවේ ලෝතාල් හි ඉදි කළ පැරණි වරාය පුරාණතම මුහුදු වරාය ලෙස සැලකේ.මධ්‍යකාලීන යුගයේ සේද මාවත[සංස්කරණය]ක්‍රි.පු. 3 වන සියවසේදි තුෂාන් අධිරාජ්‍යා මධ්‍යම හා උතුරු ආසියාව එක්සත් කළ පසු බැක්ට්‍රියා (Bactria) සහ ටැන්සිලා (Taxila) ප්‍රදේශවල වෙළදුන්ගේ බලය තවදුරටත් වැඩිවිය. සේද මාවතේ හොදම කාලවකවානුව ලෙස එහි උතුරු සීමාව බයිසන්ටින් (Byz
antine) අධිරාජ්‍යයා විසිනුත් (Nile -Oxus) නයිල් - ඕසස් මාර්ග ප්‍රදේශය සසනිඩ් (Sassanid) අධීරාජ්‍යයා විසිනුත් සේද මාවතේ නැගෙනහිර අන්තය යුදාන් (Yuan) රාජවාංශිකයන් විසින් පාලනය කරන ලද කාලවකවානුව ලෙස හැදින්විය. හැකි සමුදාය ඔස්සේද ඊජිප්තුවේ ඇලෙක්ස්නැඩ්‍රියාවේ සිට චීනයේ ගැංවංසු(Guangzlae) නගරය දක්වා වෙලදාම කටයුතු සිදු විය. විවිධ රාජ්‍යයන් අතර මෙලෙස සිදු කරන ලද වෙලදාම් කටයුතු නිසා රාජ්‍යයන් අතර දේශපාලනික හා සංස්කෘතික වශනේ මිත්‍රත්වයක් ගොඩ නැගුණි. මෙසේ නිර්මාණය වු සේද මාර්ග‍ය නිසා එම මාර්ගය දෙපස එවකට හුදකලාව සිටි විවිධ ‍ගෝත්‍රයන් හට ශිෂ්ඨ සම්න්න වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණු සේම ලොව බලවත් ශිෂ්ඨ සම්පන්න කටයුතු කිරිමේ අවස්ථාවද ඔවුන්ටහට හිමි විය.ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 8 වන සියවස දක්වා සුසාන් ( Suyal ) සහ ටලාස් ( Talas ) නම් ඉතා ප්‍රසිද්ධ ගැල්කරුවන් දෙදෙනකු සේද මාවතෙහි වෙළදාම් කටයුතු කලහ. මොවුන් වෙළදාම් කටයුතු වලට අමතරව ආගම සහ සාංස්කෘතිය ප්‍රචාරණය කිරිමේ කටයුතු වල නියැලුණු. මධ්‍යම ආසියාවේ පමණක් නොව මෙංගෝලියාවේ වැනි බටහිර රටවල් සමග ද වෙලදාම කටයුතු පැවැත් වු මොවුන් සමනිඩ්ස් (Samanids) න
ම් හැදින්විමක් තුර්කි මුස්ලිම් පැමිණිමත් සමග විනාශ වි ගියහ. සේද මාර්ගය ඔස්සේ බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම වැනි ආගම් මධ්‍යම ආසියාවට ගෙන එන ලදි එමෙන්ම සේද මාවත නිසා උතුරු චීනයේ බීජිං නුවර මධ්‍ය මොංගෝලියාවේ කරකෝරම් නුවර (Karakorum) උතුර ඉරානයේ අස්රාහ්කාන් (astraklean ) සහ මධ්‍යම රුසියාවේ කාෂන් (Kazan) නගර ප්‍රසිද්ධියට පත් නගර අතරින් කිහිපයක් වේ. මෙම නගර සංස්කෘතිමය වශඹයෙන් හා වෙළදාම අතින් එකිනෙකට සම්බන්ධ රාජ්‍යයන් ලෙස කටයුතු කලහ.ක්‍රි.ව 751 දී පැවති ටලාසි (Talas) සමග යුද්ධයෙන් පසුව තුර්කි මුද්ලිම් වෙලදන් බටහිර රාජ්‍යයන් වෙලදාම් කිරිම ආරම්භ කරන ලදි. ක්‍රි.ව 10 වන සියවස වන විට බුද්ධාගම මධ්‍යම ආසියාවෙන් සම්පුර්ණයෙන් තුරන් වු සේද මාවතෙහි මධ්‍යකාලින යුගය අයිතිය මුස්ලිම් ජාතින් ලබාගත්හ. ඊජිප්තුවේ සමුද්‍රාසන්න වෙළෙඳාම[සංස්කරණය]පාලමෝ ශිලාවේ සඳහන් වන්නේ ස්නෙෆෙරු රජු (4 වැනි රාජවංශයේ) ලෙබනන්වල සිට ඉහළ ප්‍රමිතියෙන් යුත් දේවදාර වෘක්ෂ ගෙන්වීමට නැවක් යැවූ බවයි. ඊජිප්තුවරු යළි පැමිණෙන්නේ විශාල දේවදාර වෘක්ෂද රැගෙනයි. ලෙබනනයට අයත් සාහුර්ගේ නාමය මුද්‍රා තබන ලද ආසනයක්ද හමු වී ඇත. එහි නාමය කොටා තිබුණේ තුනී ර
ත්රන් තහඩුවකය. ඔහුගේ දේවස්ථානයේ ඇති අනෙක් දර්ශන සිරියානු වලසුන් නිරූපණය කරයි. පාලමෝ පාෂාණයේද සිනායි වෙත හා අබු සිම්බල්වලට වයඹ දිගින් පිහිටි ගල් වලවල්වල කළ චාරිකා ගැන සඳහන් වේ. දැනට දන්නා ලෙස පන්ට් භූමියට යන මාර්ගය තනන ලද්දේ සාහුර් විසිනි. එහිදී මලයිට් සහ ඉලෙක්ට්‍රිම් ඔස්සේ සුවඳ ලාටු විශාල ප්‍රමාණයක් උපයා ගන්නා ලදී. 12 වැනි රාජ වංශයට අයත් පාරාවෝ රජු වන III වැනි සෙනුස්රට් විසින් නයිල් ගඟ හා රතු මුහුද සම්බන්ධ කරමින් පන්ට් සමග ඍජු ලෙස වෙළෙඳාමේ යෙදීමට හැකිවන ලෙස සූවස් ඇළ තැනීය. ක්‍රි.පූ: 1950 දී පමණ III වැනි මෙන්ටුහෝටෙප්ගේ රාජ්‍යය කාලයේදී හෙන්නු නම් වූ නිලධාරියෙක් පන්ට් වෙත යාමට මුහුදු යාත්‍රා නිර්මාණය කළේය. ක්‍රි.පූ 15 වැනි ශතවර්ශයේදී සුවඳ ලාටු අත්පත් කර ගැනීමෙහි ලා හට්ෂෙප්සට් රැජිණ වෙත සුප්‍රසිද්ධ චාරිකාවක් නෙසී විසින් දියත් කරන ලදී. ඩෙයිර් එල් - බහ්රිහි පිහිටි හට්ෂෙප්සට්ගේ සොහොන් ගැබේ පිහිටෙන් එම යාත්‍රාව බේරී ඇත. ඇයගෙන් පසු පදවි ප්‍රාප්ත වූ III වැනි තට්මෝසස් ආදීන් පවා පන්ට් වෙත චාරිකා සංවිධානය කොට ඇත. ඉරාන හා සයිදියානු සම්බන්ධතා[සංස්කරණය]සයිදියන් ඉරාන සංස්කෘතීය හන්ගේරියානු තැනිතලාව
සහ කාර්පේතියාන්ස්හි සිට චීන කන්සු මාර්ගයට ප්‍රවිෂ්ට විය. ඉරානය හා මැදපෙරදිග රටවල්ද උතුරු ඉන්දියාව හා පන්ජාබය සමග සම්බන්ධ වෙමින් සේද මාවතේ සංවර්ධනයට වැදගත් මෙහෙයක් ඉටු කළේය. සයිදියන්වරු අෂ්‍රියන් එසර්හඩොන් සමග ඔහුගේ ඊජීප්තු ආක්‍රමණයට එක් වූහ. අස්වාන් ප්‍රදේශයෙන් ඔවුන්ගේ විශේෂ තුන්හුලස් ඊ හිස් සොයාගෙන ඇත. මෙහි ස්ථිර වාසස්ථාන නොවු මිනිසුන් කොට්ඨාශය අසල්වැසි ජනතාව මත යැපුණහ. ඊට අමතරව දුර කතර ගෙවාගෙන එන වෙළෙඳුන්ගෙන් මුදල් ගැනීමෙන් ආදායමක් උපයා ගත්හ. සෝඩියානු සයිදියන් වෙළෙඳුන් පසු කලෙකදී සේද මාවතේ සංවර්ධනයට බලපෑ ප්‍රධාන පිරිසක් බවට පත්වූහ.චීන හා මධ්‍යම ආසියානු සම්බන්ධතා[සංස්කරණය]ක්‍රි.පූ: 2 වැනි සහස්‍රයේ පටන්ම "නෙප්‍රයිට් ගල්" යාකන්ඩ් හා කෝටන්හි පතල්වල සිට චීනයට අලෙවි කෙරිණි. ඇත්තෙන්ම මෙම පතල් වූයේ බඩක්ෂාන් හි ලාපිස් ලසුලි හා ස්පිනල් පතල්වල සිට බොහෝ දුරකින් නොවීය. නමුදු මුල් කාලවලදී භයානක පාමීර් කඳු හා ඒ අවට වූ මංමාවත් මීට භාවිතා කළ බව පැහැදිලි ලෙසම පෙනේ. ක්‍රි.පූ 4-3 ශතවර්ෂවලට අයත් සයිදියන් ක්‍රමයට අඳින ලද ස්ටෙප්ස් හි සත්ව රූපයක්, චීන ජේඩ් ගල් හා ස්ටිටයිම් ඵලක - බ්‍රිතාන්‍යය කෞතුකාගාරය
. ටාරිම් මමී හා මොන්ගෝලියානු නොවන චීන මමිවරු, කෝකසොයිඩ්වරු විසින් සේද මාවතේ සිට 200km ක් දුරින් හා යින්පාන්වලට නැගෙනහිරින් පිහිටි ලූලෑන් ප්‍රදේශයේ වු තාරිම් ද්‍රොණියෙන් සොයාගනු ලැබ ඇත. ඒවා ක්‍රි.පූ:1600 ට අයත් අතර මේ හරහා පෙරදිග හා අපරදිග අතර පුරාණ සබඳතා තිබූ බවට සැක කෙරේ. මේවා 8 වැනි ශතවර්ෂය තෙක් චීනයේ තාරිම් ද්‍රොණියේහි (වර්තමානයේ ෂින්ජියෑං) ඉන්දු යුරෝපීය භාෂාව පරිහරණය කළ ටූ තාරියන්වරුන්ගේ මමි යැයි යෝජනා කෙරේ. චීනයේ නිපද වු සේද ක්‍රි.පූ 1070 සිට පුරාතන ඊජිප්තුවේ සිදුවිණැයි සොයා ගත හැකි වී තිබේ. සිල්ක් හි උත්පත්තිය ඊජිප්තුවෙන් විශ්වාස කළ හැකි වුවද සිල්ක් කර්මාන්තය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. නමුත් එය ඇත්තෙන්ම චීනයෙන් පැවත ආවාද නැතහොත් මධ්‍යධරණී හෝ මැදපෙරදිග ප්‍රදේශවලින් පැවති “කෘත්‍රීම සේද” වර්ගයක්ද යන්න සැක සහිතය.ක්‍රි.පූ 8 වැනි ශත වර්ෂයේදී චීන අග්‍ර රාජධානියට අහිගුණ්ඨික අපරදිග මායිම් ප්‍රාන්ත සමඟ සබඳතා ඇති විය. මධ්‍යම ආසියාවෙන් රත්රන් සොයා ගැණුනි. චීන ශෛල කැටයම් කරුවෝ තැනිතලාවල ප්‍රතිරූප නිර්මාණය කළහ. (ඒවායේ සතුන්ගේ සටන් විස්තර විණි). ආයත චතුරස්‍ර රත්රන් හා ලෝකඩ පටිවල ජේඩ් ග
ල් සහ ස්ටීටයිට්වලින් මාරුවෙන් මාරුවට වැඩ දමා තිබිණි.මධ්‍යම ආසියාව තුළ චීන ගවේෂණය[සංස්කරණය]සැන් ක්වයාන් විසින් හෑන් වුඩ් අධිරාජ්‍යය අතහැර ක්‍රි.පු. 138 සිට ක්‍රි.පු. 126 දක්වා ආසියානු චාරිකාවක නියැළීම ඇරඹීම.තානාපති සෑන් ක්වායන් ගේ වාර්තාවන් ට අනුව, සියොන්නුන්ට එරෙහිව යුසීවරුන් සමඟ මිත්‍ර සන්ධානගත වීමට එවන ලද තානාපති හෑන් ඩිනාස්ටි විසින් චීනුන්ගේ දෙවන ආගමනය සිදු කරනු ලැබ ඇත .තවද තත් කාලීනව සමෘද්ධිමත් බවින් හා සභ්‍යත්වයෙන් පිරිපුන් නගර ලෙස සැලකුණු ෆර්ගානා බැක්ට්‍රියා, පාත්‍රියා වැනි නගර සමඟ වෙළඳ සබදතා වර්ධනය කර ගැනීමට චීන අධිරාජ්‍යයා වූ ඩී උත්සුක වූ බැව් පෙනේ.දයවානුවන් වියු ෆර්ගනාවද, තාහයියානුවන් විසූ බැක්‍රියාවද ඇන්සික්වරුන් විසූ පාත්‍රියාව ද විශාල දේශයන් වූ අතර වටිනා සම්පත් වලින්ද ගහණ විය. ඒ දේශයන් හි ස්ථිර පදිංචිකාර වැසියන් විසින් සම්ප්‍රදායික චීන වෘත්තින් තම ජිවිකාව කරගත් බැව් කියැවේ. මෙම දේශය යුධ බලය අතින් දුර්වල වුව ද, චීනය සාරවත් කෘෂි නිෂ්පාදනවල සාඩම්බර හිමිකරුවෙකි.තවද සතුරුකාරී සියෙන්නු වරුන්ට එරෙහිව සටන් වැදීමෙදී චීනුන් ඊට විශේෂ අවධානය යොමු කරන අතර ශක්තිමත් වුද, දිව්‍ය
මය අශ්වයන් කරා යොමු විය . තවද විටින් විට විවිධ දේශයන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කරගනු වස් චීන තානාපතිවරුන් යවා ඇත. එලෙස තානාපතිවරු න් ආගමනය කල දේශයන් අතර ඇන්ක්ඩි වාසි පාත්‍රියාවද පසුව ඇලක්වරු හා එක් වූ යැන්යාසියන් විසු විදු දේශයද, සිරියාව යටතේ සොලියසිඩියානුවන් විසූ දේශය ද, ත‍යෝසිවරුන් වාසය කල ක්ලැඩියාවද තයන්සුවරුන් විසූ වයඹ ඉන්දියාව ද වේ.නීතියක් ලෙස වසරකට මෙවැනි කණ්ඩායම් දහයකට වඩා වැඩි පිරිසක් තානාපති කණ්ඩායම් ලෙස තානාපති සේවා සඳහා පිටත් කර හරිනු ලැබීය. අවස්ථා ගණනාවකදී මධ්‍යම ආසියාවේ තුළ චීන ක්‍රියාකාරීත්වය පිළිබඳවද හැන්වරු හා රෝමන් වරු අතර ඇතිවු ගැටලුකාරි අවස්ථා ද වාර්තා වේ.ඒ අතුරින් ක්‍රි.පු. 36 ඇති වු යෝජියානු ගැටුම ප්‍රමුඛස්ථානය ගනී.පර්සියානු රාජකීය මාවත[සංස්කරණය]හෙරොඩෝටස් ගේ කාලය වන විට (ක්‍රි.පූ:475) පහළ ටයිග්‍රීස් අසළ වූ සුසා නගරයේ සිට කිලෝමීටර් 2875 ක් දුරට පර්සියානු රාජකීය මාවත විහිදිණි. එය ආජියන් මුහුදේ වරායක් වූ ස්මිර්ණා (දැනට තුර්කියේ ඉස්මීර්) දක්වා තිබුණි. එය නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සිදු වූයේ ආකේමෙනිඩ් අධිරාජ්‍යයා (ක්‍රි.පූ:500-330) අතිනි. මාවත දිගට හල් හා නිත්‍
යය අම්බලම් විය. සෑම නැවතුම් පළකම නව අශ්වයන් හා අශ්වාරෝහකයන් සිටීම නිසා පණිවිඩ ගෙන යාමට ගතවුයේ දින නවයක් පමණි. සාමාන්‍යය ගමන් කරුවන්ට නම් එම කාලය මාස තුනකි. මෙම රාජකීය මාවත තවත් බොහෝ මංමාවත්වලට බෙදී පැවතුණි. ඉන්දියාවට හා මධ්‍යම ආසියාවට යාමට තිබූ මංමාවත්ද ආරක්ෂා කෙරුණේ ආකේමෙනිඩ් අතිනි. ඔහු නිතරම ඉන්දියාව , මෙසපොතේමියාව හා මධ්‍යධරණිය අතර සබඳතා අළුත් කළේය. ක්ස’සස්ගේ රාජ්‍ය කාලය අතරතුර (ක්‍රි.පූ:485-465) සූසාහි සිට ඉන්දියාවට හා කුෂ්වලට යැවූ සන්දේශ පිළිබඳව වාර්තා ගැන ඊස්තර්හි සඳහන් වේ. 1වන සියවසේ සේද මාවතඋතුරු චීනයේ වෙළඳ මධ්‍යස්ථානවලින් බටහිර දෙසට එය පැතිරෙන නිසා ටිබෙට් සානුව මඟ හරිමින් මහාද්වීපික සේද මාවත උතුරු හා දකුණු මාර්ගවලට බෙදේ.එම උතුරු මාර්ගය ගන්සු නම් චීන පළාත හරහා වයඹ දෙසට වැටී ඇති අතර ඉන්පසු එය තවත් මාර්ග තුනකට වෙන් වේ. ඒවායින් මාර්ග දෙකක් තක්ලමකන් කාන්තාරයෙන් (කාර්ගස්ථානය සහ සින්ජියෑං අතර - වර්තමානයේ) උතුරු සහ දකුණු ප්‍රදේශ පසු කර නැවත කෂ්ගාර් හමුවන අතර අනෙක් මාර්ගය ටර්සාන්, ටල්ගර් සහ අල්මාටි (දැනට ගිණිකොණ දිග කසකස්ථානය) හරහා ටියන් ෂාන් කඳුවල උතුරු පෙදෙස පසු කරයි.සියළු මාර්ග
ෆර්ගනා මිටියාවතේ කෝකන්ඩ්හි දී නැවත හමු වී , දකුණු මාර්ගය හමු වෙමින් මර්ව් දෙසට කරකුම් කාන්තාරය හරහා දිව යයි.මෙයින් එක් මාර්ගයක් සේද මාවතේ මධ්‍යස්ථාන වූ බුකාරා සහ සමාර්කන්ඩ් හරහා අමු දර්යා ගඟ දිගේ ඇරල් මුහුදට ද (ඇට්‍රස්කන් හි පුරාණ ශිෂ්ටාචාරය හරහා) ක්‍රිමියන් අර්ධද්වීපයට ද දිව යයි. එහි සිට මෙය කළු මුහුද, මාමරා මුහුද සහ බොල්කන්ස් හරහා වෙනීසියට විවෘත වේ. තවත් මාර්ගයක් කැස්පියන් මුහුද හරහා ජෝර්ජියාවේ කළු මුහුදට විවෘත වේ. එතැන් සිට කොන්ස්තන්තිනෝපලය දක්වා දිවේ.දකුණු මාර්ගය උතුරු ඉන්දියාවට හා එතැන් සිට තුර්කිස්තාන - කොරසන් පළාත තුළින් මෙසපොටේමියාවට හා ඇනටෝලියාවට දිවෙන තනි මාර්ගයකි. එහි දී ගොඩබිමේ කඳු සහිත බව නිසා මුහුදු මාර්ග ද යොදා ගෙන ඇත. එය චීනයේ සිෂූවෑං නිම්නය හරහා දකුණට ‍වැටෙන අතර ඊශාන දිග ඉන්දියාවට උස් කඳු හරස් කිරීමෙන් දිව යයි. පෙනෙන ලෙසට පුරාණයේ තේ ප්‍රවාහනය කොට ඇත්තේ මේ මාර්ගය ඔස්සේය. ඉන්පසු එය බ්‍රහ්මපුත්‍ර හා ගංඟා නම් ගඟ අවට තැනිතලා දිගේ වරනාසිහි බටහිර පිහිටි මහා ප්‍රධාන පාරට සම්බන්ධ වේ. එය උතුරු පාකිස්ථානය හා හින්දු කුෂ් කඳුවලට උඩින් නැවත උතුරු මාර්ගය සමඟ මර්ව් අසල දී සම්බන්ධ වේ
.ඉන්පසු මෙම මාර්ගය කඳුකර උතුරු ඉරානය සහ සිරියානු කාන්තාරයේ කෙළවර හරහා ලෙවන්ට් වෙත සෘජු මාර්ගයක දිවේ. එතැන් සිට මධ්‍යධරණී වෙළඳ නැව් ඉතාලියට ස්ථිර මාර්ග ඔස්සේ යාත්‍රා කළ අතර ගොඩබම් මාර්ග ඔස්සේ ඇන‍ටෝලියාව හරහා උතුරට හෝ දකුණට විවෘතවී උතුරු අප්‍රිකාවට සේන්දු වීමට හැකි විය.නැව් රෝමයට හා මධ්‍යධරණී තොටුපළවල්වලට බඩු ගෙන ආ පසු එතැන් සිට පෙට්‍රා, ඇලෙක්සැන්ඩ්‍රියාව සහ පර්සියානු මුහුදු බොක්ක අසබඩ ඩැරැක්ස් ස්පැසිනුවලට හෙරාට්හි සිට සුසා හරහා තවත් ශාඛා මාර්ගයක් විහිදුණි.දුම්රිය මාර්ගයකසකස්ථානයේ අල්මාටි හා සින්ජියෑං හි උරුම්කි අතර අන්තර්ජාතික දුම්රිය මාර්ගය විවෘත වූ පසු 1994 දී සේද මාර්ගයේ අඩු වී තිබූ මාර්ග කොටස් ද සම්පූර්ණ විය.මුහුදවසර 14 කට පමණ ඉහත දී චීනයේ පෙරදිග හැන් රාජවංශය බලයේ පැවති කාලයේ දී වර්තමාන හැනෝයි හි රතු ග‍ඟේ මෝයේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ගිණිකොණ දිග ආසියාවට, ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට හා එතැනින් පර්සියානු මුහුදු බොක්කට හා රතු මුහුදට මුහුදු මාර්ග විවෘත වී තිබිණි. රතු මුහුදේ තොටුපළවල්වල සිට සේ ඇතුළු භාණ්ඩ නයිල් ප්‍රදේශයට හා එතැනින් ඇලෙක්‍සැන්ඩ්‍රියාවට ගොඩබිමින් ප්‍රවාහනය කරන
ලදී. මෙම මුහුදු මාර්ගවල තවත් ‍ශාඛා නැඟෙනහිර අප්‍රිකානු වෙරළ තීරය දිගේ දිව ගියේය. මෙම වෙරළ තීරය ග්‍රීක්වරු හා රෝමාන්වරු විසින් “අසානියා” ලෙස ද චීන්නු විසින් “සීසන්” ලෙස ද හඳුන්වන ලදී. නවීන තස්මේනියාවේ රුෆිජි ග‍ඟේ ඩෙල්ටාවේ පිහිටා තිබු, රෝමන්වරු විසින් රප්ටා ලෙස හඳුන්වන ලද තොටුපළ දක්වා වත් මෙලෙස බඩු ප්‍රවාහනය කරන්නට ඇත.මුහුදු සේද මාවත දකුණු දිග චීනයේ සිට වර්තමානයේ බ්රූනයි, තායිලන්තය, මලක්කා, සිලෝන් (ශ්‍රී ලංකාව) ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ ඉරානය නම් රටවලට විහිදෙයි. යුරෝපය තුළ එය මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලය, ලෙබනනය, ඊජිප්තුව සහ ඉතාලිය යන රටවල සිට පෘතුගාලයට හා ස්වීඩනයට විහිදෙයි.හෙලනිස්ටික සමය[සංස්කරණය]ක්‍රි.පු.2,3 ශතවර්ෂයේදි සම්පුල් චිත්‍රකතාවල සිටින සම්භාව්‍ය ග්‍රීක් සෙබළුන් ,ලොමින් සැදු බිත්තිවල එල්ලා සිටින අයුරු, උරුම්කි සින්ජිනිග් කෞතුකාගාරය.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් මධ්‍යම ආසියාවේ නැගෙනහිර හා බටහිර අතර සේද මාවත පුළුල් කිරිමේ කිරීමේ කටයුතුවල මූලික පියවර යොදන ලදී. ක්‍රි.පු. 329 අගොස්තු මාසයේ ටජිකිස්ථානයේ ෆ්ගනා නිම්නයට පැමිණෙන මුවදොරෙදි ඔහු ඇලේක්සැන්ඩර් එස්චෙටේ නොහොත් ඇලේක්
සැන්ඩර් ද ෆදස්ට් සොයා ගත්තේය.පසුකාලීනව එය උතුරු සේද මාර්ගයේ විශේෂ සංධිස්ථානයක් විය.ග්‍රෙකො-බැක්ට්රේන් රාජධානි සමයේ භාවිත වූ කාසිඇලෙක්සැන්ඩර් උතුමාණන්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු ක්‍රි.පු. 323 දි ඊජිප්තුව ටොලමිවරුන්ගේ පාලනයට නතුවුණි.ඔවුන් ඉන්දියාව,මෙසපොතේනියාව සහ නැගෙනහිර අප්‍රිකාව සමග රතු මුහුදේ පිහිටි වරායන් දියුණු කළහ.ඔවුහු අතරමැදිකරුවන්ට අනුග්‍රහය දැක්වු අතර නැබටින්ස් සහ අරබිවරුන්ට විශේෂයක් දැක්වූහ.ග්‍රීක්වරු ඉදිරි ශතවර්ෂ තුනක් පමණ මධ්‍යම ආසියාවේ රැඳී සිටියහ.එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ස්ලෙකුට් අධිරාජ්‍යයා යටතේ පාලනයවු අතර පසුව ග්‍රික්-බැක්ට්රේන් රාජධානිය බැක්ට්රේන් හිදි ස්ථාපනය කරන ලදි.ඔවුන් නිතර රාජධානිය පුළුල් කළ අතර විශේෂයෙන් එවුන්ඩිමෙස් පාලනයෙදි(ක්‍රි.පු 230-200)ඇලෙක්සැන්ඩ්‍රියාවෙ සොග්ඩ්යන් දක්වා පාලනය පැතිරිණි.එමගින් පාලකයා සතු දක්ෂතාව මනාව සනාථ වේ. එහිදී ප්‍රමුඛතාව දි තිබුණේ චීනය සහ බටහිර රටවල් සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවනටය.ග්‍රීක ඉතිහාසඥයෙක් වන ස්ට්රිබො දක්වා ඇත්තේ " ඔවුන්ගේ පාලකයන් චීනය සහ ෆ්යිනි දක්වා ආධිපත්‍ය පතුරා ඇති බවයි."රෝම අධිරාජ්‍යය[සංස්කරණය]ක්‍රි.පූ. 30 දී ර
ෝමය ඊජීප්තුව දිනා නොබෝ කලකින්ම ඉන්දියාවත්, අග්නි දිග ආසියාව,ලංකාව, චීනය, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය සමග පවත්වා ගෙන ගිය සන්නිවේදන කටයුතුවල සහ වෙළෙඳ කටයුතුවල පෙර නොවූ පරිදි විශාල පිබිදීමක් ඇතිවිය.මාස් ටයිටියනස් පාර්ශවය මැද මුහුදු ප්‍රදේශයේ සිට සේද මාවත දිගේ ඉතා දුර නැගෙනහිරට ගමන් කරන පිරිසක් වූ අතර බොහෝවිට ඔවුන්ගේ අරමුණ වූයේ අතරමැදියෙක් අඩුකිරීමයි. මෙකල සේද මාවත හරහා ගමන් කිරීම නැවත නැවතත් අවහිර කරමින් රෝමය පර්සියාව සමඟ වරින්වර යුද්ධ කළේය.ගොඩබිම් හා මුහුදු මාර්ග ළඟින් සම්බන්ධ වූ අතර නව නිපැයුම්, තාක්ෂණය සහ අදහස් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව හරහා පැතිරෙන්නට විය. අන්තර් මහාද්වීපික වෙළෙඳාම සහ සන්නිවේදනය විධිමත්, සංවිධානාත්මක සහ රාජ්‍ය ආරක්ෂාව සහිත දේ බවට පත්විය.ඉන් පසු රෝම අධිරාජ්‍යය හා චීනය අතර සේද වෙළෙඳාම(පාර්තියන්වරු හරහා) හොඳින් සිදුවිණි. රෝමානුවන් සිතුවේ සේද ගස්වලින් ලැබෙතැයි කියාය. තරුණ සෙනෙකා ගේ පේද්රා සහ වර්ජිල් ගේ කෘෂි කාව්‍යයෙන් මෙම විශ්වාසය තහවුරු වේ. නමුත් මහලු ප්ලයිනි මෙය හොඳින් දැනසිටියේය.ඔහු විසින් බොම්බික්ස් හෝ පට පනුවා ගැන සඳහන් කරමින් ඔහුගේ ස්වභාවික ඉතිහාස කතාවල "ඔවු
හු මකුලුදැල් මෙන් වූ සිල්ක් නම් ඇඳුම් වියන ලද අතර ඒවා කාන්තාවන්ගේ සුඛෝපභෝගී ඇඳුම් බවට පත්විය" යනුවෙන් ලියන ලදී. සෙනෙට් සභාව සේද ඇඳුම් ඇඳීම තහනම් කරමින් නියෝග කිහිපයක් නිකුත් කළද පලක් නොවීය. චීන සේද වල වැදගත්කම රත්තරන් විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාමට හේතු වූ නිසා සේද රෙදි දිරා ගිය සහ අශීලාචාර දෙයක් ලෙස ඔවුහු සැලකූහ."රෙද්දෙන් සිරුර ආවරණය නොවේ නම්, විලි වසා ගැනීමට නොහැකිනම් ඒවාට ඇඳුම් යැයි කිව නොහැකිය. පරපුරුෂ සේවනය කරන්නියන් මෙන් පහත් ඇඳුම් ඇන්ද විට තුනී සළුව තුළින් ඇයව දැකගත හැකිය, එවිට ඇගේ සැමියාට පිටස්තරයෙකුට හෝ විදේශිකයෙකුට වඩා ඇගේ සිරුර පිළිබඳව දැනීමක් නැත. " (c.3 ක්‍රි.පු. 65, හඬින් පැවසීම් 1 වෙලුම).පළමු රෝමානු දූතයා මෙම මුහුදු මාර්ගය හරහා ක්‍රි.පු.166 දී චීනයට සේන්දු වූ බව හවු හැන්ශු විසින් රෝම තානාපති නාමාවලිය අරඹමින් වාර්තා කර තිබේ.මධකාලීන යුගය[සංස්කරණය]පුරා‍ණයේ ප්‍රධාන වෙළඳුන් වූයේ ඉන්දියානු සහ බැක්ට්‍රියානු වෙළඳුන්ය. ඉන්පසු 5වන හා 8වන ශත වර්ෂ තුළ දී සොග්ඩියානු වෙළඳුන් ද ඉන්පසු පර්සියානු වෙළඳුන් ද විය.‍මුල් ශත වර්ෂ තුනේ දී ඉන්දියානු සහ බැක්ට්‍රියානු කුෂාන්
අධිරාජ්‍යයේ මධ්‍යම ආසියාව සහ උතුරු ඉන්දියාව එක්සත් කිරීම නිසා බැක්ට්‍රියානු හා ටැක්සිලා වෙළඳුන්ගේ බලය වැඩි විය. ඔවුහු බහු සංස්කෘතික බලය පෝෂණය කළහ. 2වන ශත වර්ෂයේ දී ග්‍රීතෝ රෝමානු ලෝකයෙන් - චීනය, ඉන්දියාව, බ්‍රේග්‍රම් පුරා විද්‍යාත්මක භූමිය ආදියෙන් ගලා ආ නිෂ්පාදනවලින් ධන සම්භාර ලැබෙන්නට විය.සේද මාවතේ සමෘද්ධි සමය පැවතියේ එහි බටහිර කෙළවරේ බයිසන්ටයින් අධිරාජ්‍යය පැවති කාලයේ, නයිල් ඔක්සස් හි සසනයිඩ් අධිරාජ්‍යය සමයේ සිට II කානේට් සමය දක්වා කාලයේ සහ එහි නැඟෙනහිර කෙළවරේ සිනිටික් කලාපයේ රාජධානි තුන පැවති කාලයේ සිට යුවාන් රාජ වංශය දක්වා කාලයේය. මුහුද ඔස්සේ පෙරදිග හා අපරදිග අතර වෙළඳාම ද සංවර්ධනය විය. ඉන්දියාවේ රෝම වෙළඳ තොටුපළවල් පුළුල් කිරීමෙන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව හා චීනයේ ගුවාන්ෂෝවු අතර වෙළඳාම දියුණු විය. ඉන්දියන් සාගරය හරහා වූ “පෝසිලේන් ‍මාවත හෙවත් සේද මාවත” ත් පිළිබඳව ද ඉතිහාසඥයන් කියා සිටිති. අන්තර් - ප්‍රාදේශීය වෙළඳාම හේතුවෙන් ඇති වූ දේශපාලනික හා සංස්කෘතික සංකලනයක නියෝජනයක් ලෙස සේද මාවත දැක්විය හැකිය. සේද මාවතේ සමෘද්ධිමත් සමය තුළ මග්යර්වරු, චීන්නු සහ ආමේනියානුවරු වැනි නානාප්‍රකාර ක
ණ්ඩායම් ‍එකතු වීම නිසා ජාත්‍යන්තර සංස්කෘතියක් ඇති විය.විදේශීය වෙළන්දෙක්, 7වන ශත වර්ෂය, ටෑං රාජ වංශය.එහි ශක්තිමත් ගති විඥානයක් එක් පසෙක ද වෙනස් වීම නිසා ඇති වූ බලපෑම් තවත් පසෙක ද තිබිය දී සේද මාවත‍දිගේ හුදෙකලාව ජිවත් වූ ගෝත්‍රික සමාජ හෝ බාබේරියානු සංස්කෘතික සංවර්ධනයට උර දුන් දේව ගැතිවරුන් ධනයට ඇදී එන්නට විය. බොහෝ බාබේරියානු ගෝත්‍ර ධනවත් නඟර, සමෘද්ධිමත් භූමි සහ ශක්තිමත් අධිරාජ්‍ය පැරද විය හැකි නිපුණ සටන්කාමීහු බවට පත් වූහ.ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 8 වන සියවස දක්වා පෙරදිග අපරදිග වෙළඳාමේ බලය සොග්ඩියන්වරු අල්ලා ගෙන සිටියහ. උතුරේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන අතර සුයාබ් හා ටලාස් විය. මධ්‍යම ආසියාවේ ප්‍රධානතම තවලම් වෙළඳුන් වුයේ මොවුන්ය. ඔවුන්ගේ වෙළඳා අයිතිය ආරක්ෂා කරනු ලැබුයේ “අශිනා වංශිකයන් හා සොග්ඩියානුවන් සම්බන්ධ කරන ව්‍යාපාරය” ලෙස හැඳින්වූ ගොක්ටර්ක්ස් අධිරාජ්‍යයේ හමුදා බලය මඟිනි. 9 වන ශත වර්ෂයේ වන විට යම් යම් බාධා මැද වෙළඳ කටයුතු සිදු වුණි. වර්ෂ 840 වන තෙක් උතුරු මධ්‍යම ආසියාව පුරාම පැතිරී තිබූ, අශ්වයන් ලබා දී ඒ වෙනුවට චීනයෙන් විශාල සේද රෙදි තොග ගෙන් වූ උයිගර් අධිරාජ්‍යය නිසා එය ස
ිදු වුණි. (10වන ශත වර්ෂයේ දී) චීන මූලාශ්‍රවල කියැවෙන පරිදි මෙකල සෝග්ඩියානු තවලම් ඉහල මොංගෝලියාවට ගමනේ යෙදී ඇත. ඔවුන් ආගමික හා සංස්කෘතික වශයෙන් එක හා සමානව බලපෑහ. 10 වන ශත වර්ෂයේ මුස්ලිම් භූගෝලඥයින් විසින් සපයන ලද පෙරදිග ආසියාතික තොරතුරුවලට අනුව සෝග්ඩියන් 750-840 කාලයේ සිට ඇත. කෙසේ වෙතත්, උයිගර් අධිරාජ්‍යයේ අවසානයට පසු සොග්ඩියානු වෙළඳාම ද අර්බුද මැද කෙරුණේය. මුස්ලිම් මධ්‍යම ආසියාවෙන් පැවත ආ ප්‍රධානම දෙය වන්නේ සමනිසිවරුන්ගේ වෙළඳාමයි. ඔවුන් කසාර්ස්, යුරල් වැනි ප්‍රදේශවලට වයඹ දිග මාර්ගය ද ටර්කික් ගෝත්‍රවලට ඊශාන දිග මාර්ගය ද භාවිතය නැවත පටන් ගත්හ.සේද මාවත උතුරු චීනයේ අහිකුණ්ඨික කුලවල හමුදා ප්‍රදේශවල නැගීමට දායක විය. තවද චීනයේ හා මධ්‍යම ආසියාවේ නෙස්ටෝරියානු, මැනිකායියානු, බෞද්ධ සහ පසුව ඉස්ලාම් ආගම් ව්‍යාප්තියට රුකුල් දුන්නේය. සේද මාවත නිසා බලගතු කසාර් සමූහාණ්ඩුව බිහි විය. තවද විශාලතම මහාද්වීපික අධිරාජ්‍යය වන මොන්ගෝලියානු අධිරාජ්‍යය බිහි කර විය. සේද මාවත දිගට එහි දේශපාලනික මධ්‍යස්ථාන ද පිහිටුවිණි. ඒවා නම් උතුරු චීනයේ බීජිංථ මධ්‍යම මොන්ගෝලියාවේ කරකොරම්, ට්‍රාන්සොක්සියානාහි සර්මකන්ඩ්, උතුරු ඉර
ානයේ ටබ්රිස්, පහල වොල්ගාහි අට්‍රකන්, ක්‍රිමියාවෙහි සොල්කට්, මධ්‍යම රුසියාවේ කසාන් සහ නැ‍ෙඟනහිර ඇනටෝලියාවේ එර්සුරම්ය. 5වන ශත වර්ෂයේ දී පමණ රෝම අධිරාජ්‍යය හා අරුමෝසම් ආසියානු නිෂ්පාදනවලට එහි තිබුණු ඉල්ලුම පිරිහී ගියේය. 751 ටලාස් යුද්ධයත් සමඟ චීනයේ බටහිර ව්‍යාප්තිය නැවතී, 7වන සියවසේ සිට මධ්‍යම ආසියාව තුළ ඉස්ලාම් තුර්කිවරු පැතිරීම, නිසා එම ප්‍රදේශයේ වෙළඳාම අවසන් වූ අතර බුද්ධාගම බොහෝ දුරට අඩු වී ගියේය. මධ්‍යම යුගය වන විට මහම්මද් තුමාගේ පැවත එන ඉස්ලාම් රජ කාලයේ දී පුරාණ ලෝකය සමඟ කළ වෙළඳාමේ තනි අයිතිය ඔවුන් අත්පත් කර ගෙන තිබුණි. (වැඩිදුර තොරතුරු සඳහා “මුස්ලිම් ඒජ් ඔෆ් ඩිස්කවරි” බලන්න)References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Silk_Road#Medieval_eraExternal Links[සංස්කරණය]Nelum Wila - Seda Mawatha(සිංහල) (නෙළුම් විල වෙතින් - සේද මාවත )දුර පැනීමේ ඉසව්වක්, GE Money Grand Prix, හෙල්සින්කි, ජුලි 2005දුර පැනීම ජවන හා පිටිය ක්‍රීඩාවක් වන අතර එහිදී ක්‍රීඩකයන්ගේ වේගය, ශක්තිය හා සීඝ්‍රතාවය උදව්වට ගෙන සීමාවක සිට හැකිතරම් ඉදිරියට පැනීම සිදුකරයි. තරඟකරුවන් ධාවන පථයක කෙටි දුරක් (ම
ොලොක් හෝ වල්කනයිස් වල රබර් ආලේපිත) වේගයෙන් දිව විත් වැලි හෝ සිහින් බොරළු වලින් පිරවූ වලකට, හැකිතරම් දුරකට ලෑලි පුවරුවක සිට පනියි. මෙම පනින දුරට සලකුණ (mark) ලෙස නම් කෙරෙන අතර, ඊට හේතුව වන්නේ පනින ලෑලි පුවරුවේ සිට වැලි මත සටහන්ව ඇති "සලකුණ" එය වීමයි. ක්‍රීඩකයා තම අඩිය ලෑල්ලේ ඉදිරි සීමාවෙන් ඔබ්බට තබා පැනීමක් සිදුකළහොත් එය නීත්‍යානුකූල නොවන පැනීමක් බවට පත්වන අතර, පනින දුරද වාර්තාගත නො‍කෙරේ. මෙය හඳුනාගැනීමට මැටිවලින් සමන්විත ස්තරයක් ලෑලි පුවරුවේ ඉදිරි සීමාවෙන් පසු කොටසේ අතුරා තිබේ. එසේ නොමැති නම් තරඟ තීරකයෙකු පැනීම නිරීක්ෂණය කර හඳුනා ගැනීම සිදුකරයි. තරඟකරුවාට නීත්‍යානුකූල සීමාවේ පිටුපස ඕනෑම ස්ථානයක සිට පැනීම සිදුකළ හැකිය. කෙසේ වුවත්, පනිනු ලබන දුර මැනීම සිදුකරන්නේ නීත්‍යානුකූල සීමාවේ සිට පමණි. එනිසා වැඩි දුරක් වාර්තා කරගැනීමට නම් තරඟකරුවා හැකිතරම් නීත්‍යානුකූල සීමාවට ළංව පැනීම කළ යුතු වේ. සාමාන්‍යයෙන්, හැම තරඟකරුවකුටම නියමිත වාර ගණනක් හිමිවන අතර ඒ අතරින් වැඩිම නීත්‍යානුකූල දුර පැනීම පමණක් අවසන් ප්‍රතිඵලයට බලපායි. බොහෝ විට තරඟකරුවන්ට හිමි වාර ගණන තුනකි. ඔවුන් එයින් උපරිම ප්‍රයෝජනයක් ගත ය
ුතුය. උසස් මට්ටමේ තරඟකරුවන් තැත් (Trials) හා අවසාන (Finals) ලෙස වට දෙකකට මුහුණපායි. අවසාන (Finals) වටයක් සහිත තරඟවලදී, අවසන් වටයට තරඟකරුවන් කීපදෙනෙකු පමණක් තෝරා ගැනීම සිදුකරයි.අවසන් වටයට කීදෙනෙකු තෝරාපත්කර ගන්නවාද යන්න තරඟය පැවත්වීමට පෙර පුහුණුකරුවන් හා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් තීරණය කරයි. සම්මත භාවිතයක් වන්නේ නියම කරගත් ගණනට වඩා එකකින් වැඩි තරඟකරුවන් පිරිසකට අවසාන වටයට මුහුණ දීමට ඉඩ දීමයි. උදාහරණයක් ලෙස අවසාන වටයට 8 දෙනෙකුට පමණක් ඉඩදීමට කලින් තීරණය කර ඇති තරඟයක මුල් තරඟවලින් (Trials) තේරෙන හොඳම නම දෙනාට අවසාන වටයට තරඟ කිරීමට ඉඩදෙනු ලබයි. එමඟින් එම අතිරේක ක්‍රීඩකයාටද තම කුසලතාවය වර්ධනය කරගැනීමට අවස්ථාවක් ලබාදෙයි. අවසාන වටයේදී මුල් තරඟ වල වැඩිපුර දක්ෂකමක් පෙන්වූ තරඟකරුවන්ට ප්‍රමුඛතාවයක් හිමිනොවේ. එය ස්වාධීන වටයකි. තරඟකරුවන්ට වාර 3ක් හිමිවන අතර තැත් (Trials) වලදී හෝ අවසාන (Final) වටවලදී වැඩි දුරක් නීත්‍යානුකූලව පනින ලද ක්‍රීඩකයාට ජය හිමිවේ.දුර පැනීමක් පියවර 4 කින් සමන්විතය. ඒවා නම් පිවිසුම් දිවීම, ඉදිරියට දුවන අවසාන අඩි දෙක, පැනීම සිදුකරන අවස්ථාව සහ පොළොවට පතිත වීමයි. දිව
ීමේ හෝ පිවිසුමේ වේගය, වැඩි උසකට ලෑල්ලේ සිට පැනීමේ හැකියාව දුර පැනිමේ සාර්ථක කරගැනීමේ සිද්ධාන්තය වේ. වේගය දුර පැනීමේදී වැදගත්ම සිද්ධාන්තයක් වන බැවින්, කාල් ලුවිස් (Carl Lewis) වැනි කෙටි දුර ධාවකයන් දුර පැනීමෙන් සාර්ථක වීම පුදුමයක් නොවේ.දුර පැනීම ඉසව්වේදී ඉතා දිගු-කාලයක් නොකැඩී පැවති ලෝක-වාර්තා දෙකක් සැලකිල්ලට ගත යුතුමය. වසර 1935 දී, ජෙස්සි ඔවෙන්ස් තැබූ වාර්තාව, වසර 1960 දී රැල්ෆ් බොස්ටන් විසින් බිඳ දමන තුරු නොකැඩී පැවතිණ. පසුව, බොබ් බීමන් 1968 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ මීටර 8.9 ක් දුරට පැන තැබු වාර්තාව වසර 1991 දක්වා නොබිඳී පැවතිණි. 1991 වසරේදී ටෝකියෝවල පැවති ලෝක ශුරතා තරඟාවලියේදී ඇමරිකාවේ මයික් පවෙල් මීටර 8.95 ක් පැන කලින් වාර්තාව අලුත් කළේය. මීටර 8.95 ට වඩා වැඩි සමහර පැනීම් (මීටර 8.99 - මයික් පවෙල් හා මීටර 8.96 - අයිවන් පෙඩ්‍රොසො) නීත්‍යානුකූලව වාර්තාවුවත්, සුළ‍ඟේ වේග මැනීමක් නොමැති නිසා හා සුළ‍ඟේ වේගය 2.0 මීටර්/තප්පරයට වඩා වැඩිවීම නිසා වලංගු බාවයට පත් තර නොමැත. කාන්තා අංශයේ දැනට ලෝක වාර්තාව හිමිව ඇත්තේ සෝවියට් සංගමයේ(පෙර) ගැලිනා චිස්ටියාකොවා විසින් 1988 දී ලෙනින්ග්‍රැඩ් (Leningrad)
වලදී මීටර 7.52 දුරට පැන තැබු වාර්තාවටයි.Long jumpHALLS -නැමති විද්වත විසින් iඉදිරිපත් කරනලද තුලනාත්මක කලමනාකaරන ආකෘතිය මෙයවේ .මෙහිදී මේ යටතෙ ප්‍රධන කරුනු 3ක් පිලිබදව අවදානයට ලක්කෙරේ .1)සන්දර්භය( context)ඉහල හා පහල2)අවකාශය (space)බලය පදනම්කර ගත් සමාජයප්‍රජාව පදනම් කරගත් සමාජය3)කාලය( time)ඒකීයබහුවිධ1)සන්දර්භය( context)මෙයටඅනුව සමාජය ප්‍රදාන කොටස් 2කට වෙන්කල හැකිය එනම් ඉහල හා පහල වශයෙනි .පහල යන්නෙන් අඩහස් කරන්නේ සන්නිවේදනයේදී භවිතා wකරන වචනවල එහි සම්පූර්න අර්තයම ගැබ් වී පැවතීමයි මැවනි සමාජයක් සන්දර්බ්හය අනුව පහල තත්වයේ පවතී . උදා ;ජ්ර්මනිය ප්‍රන්ශය ඉතාලිය චීනය usa ඉහල සන්දර්බයන් සහිත සමාජ යනු සන්නිවේදනයේදී එකී සන්නිවේදනය සදහා භවිතා කරන වචනවල අර්තයම පමනක් නොව සන්දර්බය තුල pපැවති නිකුත් ගුනාන්ග පිලිබදවද සැලකිලිමත් වන සමාජයයි .උදා ;හැගීම් පෙන්නුම් කරමින් කතා කිරිම ,මුහුනේ ඉරියවි වෙනස්කරමින් කතා කිරීම ,අන් අයට ඩක්වන සැලකිල්ල .....මේ සියල්ල සන්නිවේදනයේදී වැදගත් කොට සැලකීම මෙහි ලක්ශනයි .උදා ලන්කාව 2)අවකාශය mමානසික අවකාශය හා භෞතික aඅවකාශය වශයෙන් ප්‍රධාන අවකාශ 2කි .ම
ෙහිදී මෙම සන්කල්පaයට අනුව සමාජය ගොඩ නැගී ඇති ආකාර 2කි.බලය පදනම් කරගෙන ගොඩ නැගුනු සමාජයප්‍රජාව පදනම්කරගත් සමාජයමේ අතුරින් වඩා වැwදගත් වන්නේ භෞතික aඅවකාශය වේ . බලය පදනම් කරගෙන ගොඩනැගුනු සමාජය තුල සමාජයේ සිටින ඉහල ස්තරය පහල ස්තරය අතර පවත්නා පරතරය ඉහලය .එහිදී භහුතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පරතරයක් දැකගත හැක .USA,JAPAN,UK.. ප්‍රජාව පදනම්කරගත් සමාජ තුල ප්‍රජාව අතර සාමූහිකත්වයක් දක්නට ලැබේ .එහිදී ඔඋන්න් සමානාත්aමතාව අගය කරයි.සාමුහික ව බොහෝකටයුතුවල නිරතවේ .SRI LANKA, INDIA ,PAKISTAN ,.....3කාලය කාලය අදනම් කරගෙනද සමාජය කොටස්2කට බෙඩිය හැක .බහුවිද සන්ස්කෘතීන් සහිත සමාජයඒකීය සමාජයබහුවිද සන්ස්කෘතීන් සහිත සමාජයක දී පුද්ගලයන් eඑකමකාලයක් තුලදී විවිද වඩ කිරීමට පෙලබේ .අදාල කාර්‍ය අවසන් කිරීමට එතරම් උනන්දුවක් නොමැත උදා :ප්‍රන්ශය අරාබි රටවල් ඒකීය sසන්ස්කෘතියක් සහිත සමාජ යම් ආර්‍යක් අවසන් කිරීමෙන් පසු ඊලග කාර්‍ය සදහා යොමුවේ .එයට හේතුව ඔඋන් කාලය පිලිබද දක්වන චින්තනය වේ .එනම් යම් ඉලක්කයක් ලගා කරගෙනීම ස්දහා නැබුරු වේ .ඔඋන්ගේ ඒකීය චින්තනය රේකීය චින්තනය ලෙස හැදින්වේ .කාල කලමනාකරනයේදී වඩා වැදගත
්වන්නේ මෙකී ඒකීය සමාජය වේ .බිහෝ දිඋනු රටවල මෙකී තත්වය දැකගත හැක .උදා :USA ජ්ර්මනිය ,මේ අනුව ඉහත වර්ගීකරනය යටතේ ලන්කාව *සන්ධර්භය ඉහල *අවකාශය -ප්‍රජාමූලික *කාලය -බහුවිද සන්ස්කෘතික සමාජය යන කාන්ඩයට අයත් වේ ...(Sasika tharinda /B.A Econ special university of peradeniya)ඛණ්ඩාංක: 6°50′37″N 79°57′11″E / 6.84361°N 79.95306°E / 6.84361; 79.95306රජයේ school in පන්නිපිටිය, ශ්‍රී ලංකාව |alt=ශ්‍රී ලංකාව|link=ශ්‍රී ලංකාව{{SHORTDESC:රජයේ school in පන්නිපිටිය, ශ්‍රී ලංකාව |alt=ශ්‍රී ලංකාව|link=ශ්‍රී ලංකාව|noreplace}}ධර්මපාල විද්‍යාලයLocationතොරතුරුවර්ගයරජයේආදර්ශ පාඨයතුමෙහි කිච්චං ආතප්පං(ධම්මපදය තුළ ඇතුළත් බුද්ධ වාක්‍යයකි).ආරම්භ කලේ1940 දෙසැම්බර් 8විදුහල්පතිආර්.ඒ.මහේෂිකා රූපසිංහශ්‍රේණි1-13වර්ණ(ය)මදට පැහැය සහ දම් පාටඅනුබැඳියබෞද්ධවෙබ් අඩවියhttp://www.dharmapala.sch.lkධර්මපාල විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ඇති ජනප්‍රිය මිශ්‍ර පාසලකි. මෙම පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1942 බ්‍රිතාන්‍ය ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමීයෙක් වූ හා මෙම පාසැල ඉදිකිරීමට තමන්ගේ
ඉඩම පරිත්‍යාග කල අනගාරික ධර්මපාලතුමා විසින්ය.මෙම පාසල ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන මෙම පාසැලින් ලබාදෙයි.වර්තමානය[සංස්කරණය]මෙම පාසැල තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් පිරිස 10000 වන අතර 650 කට අධික ගුරුවරුන් පිරිසක් සේවය කරයි. පාසැල හෙක්ටයාර 67 ක් පුරා පැතිරී ඇති මනරම් පරිසරයකින් යුක්ත වේ.[1] . මෙම පාසැලින් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා අධ්‍යාපනය ලබාදෙයි.අතීතය[සංස්කරණය]ඉඩම පරිත්‍යාග කිරීම[සංස්කරණය]වර්තමානයේ පාසල පවතින ඉඩමේ මුල් හිමිකරු වන්නේ අනගාරික ධර්මපාලතුමා ය. පසුව මෙම ඉඩම හේවාවිතාරණ පවුල විසින් මහාබෝධි සංගමයට පරිත්‍යාග කල පසු 1940 දී ධර්මපාල විද්‍යාලය පිහිටුවීමට පවරන ලදී.අතීතය[සංස්කරණය]වර්ෂ 1940 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ඉංග්‍රීසි ද්වීතියික අධ්‍යාපන පාසැලක් ලෙස පන්නිපිටියේ පාසැල පිහිටු වීය. මෙම නව පාසැල ධර්මපාල විද්‍යාලය නමින් නම් කෙරිණී.පාසල ආරම්භ කළ දින වැදගත් සිදුවීම් 2 ක් සිදුවිය. එනම් ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමි අනුස්මරණ ගොඩනැගිල්ල, සෞඛ්‍ය අමාත්‍ය ගරු ඩබ්.ඒ. දි සිල්වා මහතා අතින් විවෘත වීමත් , ධර්මපාල විද්‍යාලය උත්සවාකාර ව , බෞද්
ධ පාසල් හි සාමාන්‍ය කළමනාකරු ආචාර්ය වෝල්ටර් විජේනායක මහතා අතින් විවෘත වීමත් සිදුවිය. ධර්මපාල විද්‍යාලය බෞද්ධ පරමවීඥානාර්ථය මගින් පාලනය කල අතර එය කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් 1941 ජනවාරි 8 දින ආරම්භ කළ අතර මෙහි ප්‍රාරම්භාකයා පී.දී.එස්. කුලරත්න මහතා වන අතර පළමු විදුහල්පති ලෙස ආචාර්ය ජේ.ඉ. ජයසූරිය මහතා පත්විය.ගොනුව:Flag Dharmapala.jpgFlag of Dharmapala Vidyalayaක්‍රීඩා[සංස්කරණය]නිවාස[සංස්කරණය]     - Maurya (මෞර්යය)     - Nanda (නන්ද)     - Shakya (ශාක්‍ය)     - Soorya (සූර්ය)මලල ක්‍රීඩා උත්සවය මෙම නිවාස අතර වාර්ෂිකව පළමු වාරයේ මුල් කාලයේදී පැවැත්වේ.මලල ක්‍රීඩාබැඩ්මින්ටන්බාස්කට්බෝල්ශිෂ්‍ය භට කණ්ඩායම - පෙරදිග,අපරදිග කණ්ඩායම් සහ පාබළ හමුදා කණ්ඩායමචෙස්මේස පන්දුඉලක්කයට වෙඩි තැබීමදැල් පන්දුජිම්නාස්ටික්හෑන්ඩ් බෝල්කරාටේGuidingඅත් පන්දුපිහිනුම්රගර්කැරම්ක්‍රිකට්පා පන්දුවුෂූබාල දක්ෂආදි සිසුන්[සංස්කරණය]ආදි ශිෂ්‍ය සංගමය[සංස්කරණය]මෙම පාසලේ ඉතා ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයක් ඇත.පාසලේ විශේෂ ආදි සිසුන්[සංස
්කරණය]මේවාත් බලන්න: Category:Alumni of Dharmapala Vidyalayaරත්නසිරි වික්‍රමනායක - ශ්‍රී ලංකාවේ හිටපු අගමැති (2000-2001, 2005–2010)ආචාර්ය තිස්ස අබේසේකර , චිත්‍රපට අධ්‍යක්ෂකරියර් අද්මිරාල් එස්.ආර්.සමරතුංග RSP,VSV,USPකේ.එච්.ජේ.විජේදාස , හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ලේකම්වෛද්‍ය හේමන්ත පෙරේරා, නාරිවේදී විශේෂඥ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලD.S Dayaratne Radio personalityඔලිවර් රණසිංහ - හිටපු සේනාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවසංගීතඥ රෝහණ වීරසිංහරවිබන්ධු විද්‍යාපති - ප්‍රවීන නර්ථන ශිල්පීවිශේෂ අවස්ථා[සංස්කරණය]හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් නඟා සිටුවීමේ පුරෝගාමියෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා සිහිකිරීම පිණිස, ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ පාසල් 8 ක ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියකි.References[සංස්කරණය]↑ Welcome to Dharmapala Vidyalaya Pannipitiyaදෝහා යනු කටාර් රාජ්‍යයේ අග නගරයයි. එය පර්සියානු බොක්ක සමිපයේ ඇති අතර ජනගහනය 2008 වර්ෂයට අදාලව 998 651 කි. ඒ වාගේම කටාර් හි ප්‍රධාන නගරයන් කිහිපයන් එකකි. දෝහා යනු කටා
ර් හි පිහිටි විශාලතම නගරයයි. කටාර්හි මුළු ජනගහනයෙන් 80% ක් ‍දෝහාර් හි ජිවත් වන අතර එය ආර්තික මධ්‍යස්තානය ද වේ.දෝහා නගරය කටාර් රාජ්‍යයේ ෂෙයික් හමඩ් බින් කාලිෆා අල්තානි වසින් පාලනය වේ. ‍ෙදා්හා නගරය අධ්‍යාපනික මෙන්ම සමික්ෂණ සදහා ද බෙහෝ ප්‍රසිද්දියක් උසුලන නගරයකි. ලා්ක වෙළද සංවිධානයේ දෝහා සංවර්දන වටයේ ප්‍රථම මන්ත්‍රී සාකදච්ඡාව පැවතියෝ දෝහා නගරයේය. මෙතෙක් පැවති විශාලතම ආසියානු ක්‍රිඩා තරගාලිය 2006 වසරේ දෝහා හි පැවතීම ද විශේෂත්වයකි.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.පොදු නීති පද්ධතිය තුල නීති පිළිගැටුම, පුද්ගලික ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර පුද්ගලික නීතිය හෝ ජාත්‍යන්තර නිතිය (පුද්ගලික) ලෙසින් හැඳින්වෙන්නේ නඩු කටයුත්තට අදාල නීතිය (ලෙක්ස් කවුසායි) ලෙසින් යොදාගනු ලබන අධිකරණ බලයේ නීතිය මත තීන්දුව වෙනස් වියහැකි විදේශීය නීති මූලයන් සම්බන්ධ වන්නාවූ නඩු කටයුතු නියාමනය කරනු ලබන ජාත්‍යන්තර නීතියේ ශාඛාවක් වන ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය නීතියයි. සිවිල් නීති පද්ධතී
න් තුල පුද්ගලික ජාත්‍යන්තර නීතිය කිසියම් රටක දේශසීමාව ඉක්මවා ගිය විදේශීය මූලයක් (නීති පිළිගැටුමක්) සහිත විට කුමණ රාජ්‍යයක නීතිය බලපැවැත්විය යුත්තේද යන්න තීරණය කරනු ලබන අභ්‍යන්තර නීති පද්ධතියේ ශාඛාවකි. යන්නට ජාත්‍යන්තර සිවිල් නඩු විධානය සහ ජාත්‍යන්තර වානිජ බේරම්කරණය (අධිකරණ බලයන් අතර ගැටුම) මෙන්ම පුරවැසි නීතිය (මහජන නීතියේ කෙටසකි) ද ඇතුලත් වෙයි. නීති පිළිගැටුමේ ස්වභාවය අනුව නෛතික සංකල්පයන්හි ප‍්‍රධාන ධාරාවන් දෙකක් පවතී. එක් පර්යේෂකයින් කණ්ඩායමක් එහි සම්මතයන් ඒකීය, විශ්වීය සහ සෑම රාජ්‍යයක් එයින් බැඳී සිටීම හේතුවෙන් නීති පිළිගැටුම ජාත්‍යන්තර නීතියේ කොටසක් ලෙස දකිති. මෙම ධාරාව සර්වභෞමවාදය ලෙසින් හැඳින්වේ. අනෙක් පර්යේෂකයෝ සෑම රටක්ම සිය ප‍්‍රතිපත්ති මත පිහිටා නීති පිළිගැටුම සම්බන්ධයෙන් තමන්ටම වූ සම්මතයන් නිර්මාණය කරන බව කියා සිටින අතර මෙම න්‍යාය ‘සුවිශේෂීතාවය’ ලෙසින් හැඳින්වේ. පුද්ගලික ජාත්‍යන්තර නීතිය ප‍්‍රධාන කලාපයන් දෙකකට බෙදනු ලැබේ. x විශේෂිත සම්බන්ධතාවන් සම්බන්ධයෙන් කුමණ රාජ්‍යයේ නීතිය අදාල වන්නේද යන්න තීරණය කරන නීති පිළිගැටුම පිලිබඳ රීතීන්ගෙන් සමන්විත පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය
.x සැබෑ දේපළ පාරිභෝගික නීතිය විනිමය පාලන නියාමනයන්, රක්‍ෂණය, බැංකු නියාමනයන් ආදිය සම්බන්ධයෙන් අනිවාර්යයයෙන්ම අදාල අදාල වන්නාවූ දේශභූමි- බාහ්‍ය ස්වභාවය ඇති වැදගත් නෛතික සංකල්පයන්ගෙන් සමන්විත පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය.පොදු නීති පද්ධතීන්හි නීති පිළිගැටුම්වලදී මුලින්ම අවධානය යොමු කරනු ලබන්නේ ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජිත විනිශ්චය අධිකාරයට අධිකරණ බලයක් පවතීද යන්න සහ දෙවනුව පවතින රාජ්‍යයන්හි නීතීන් අතුරින් කුමක් ආරවුල් නිරාකරණය සඳහා යොදාගත යුතුද යන්නයි. එමෙන්ම විදේශීය නඩු තීරණ බලාත්මක කිරීම සම්බන්ධයෙන්ද එය කටයුතු කරයි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Conflict_of_lawsඅතථ්‍ය කැමරා පද්ධති සංස්කරණය[සංස්කරණය]3D වීඩියෝ ක්‍රීඩාවක් සැළකුවහොත් එහි අතථ්‍ය කැමරා පද්ධතියෙන් සිදු වන්නේ කැමරාවක් හෝ කැමරා කිහිපයක් පාලනය කිරීමෙන් අතථ්‍ය ලොවක් දර්ශනය කිරීමය. වීඩියෝ ක්‍රීඩා වල මෙය භාව්තා කරන්නේ යම්කිසි ක්‍රියාවක් සුදුසුම කෝණයෙන් දර්ශනය වීමට සැළස්වීම වන අතර සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ ක්‍රීඩාව සඳහා තුන්වන ඇසක් යොදා ගනීමට අවශ්‍ය වූ විටය.චිත්‍රපට නිශ්පාදකයන් ම
ෙන් නොව,අතථ්‍ය කැමරා පද්ධති නිශ්පාදකයන් ගණුදෙණු කරනු ලබන්නේ අන්තර් ක්‍රියකාරී හා අවිනිශ්චිත ලොවක් සමගය. මීලඟ තත්පර කිහිපය තුල ක්‍රීඩා චරිතයේ පිහිටීම අනාවරණය කරගැනීමක් කළ නොහකි නිසා චිත්‍රපට නිශ්පාදකයන් මෙන් දර්ශන කණ්ඩය සලසුම් කිරීම අපහසුය.මෙයට විසඳුමක් ලෙස කෘතීම ඤානයේ සමහර මූලධර්ම සලකිල්ලට ගනිමින් සුදුසුම දර්ශන තෝරා ගනී.ප්‍රධාන වශයෙන් කැමරා පද්ධති තුනක් ඇත. අචල කැමරා පද්ධති වල කැමරාව නිශ්චලවම පවතින අතර, ක්‍රීඩකයාගේ වටපිටාව අචල දර්ශන පෙලක් මගින් නිරූපනය කරය්. ට්‍රැකිං කැමරාව සැළකූ විට එය ක්‍රීඩා චරිතයේ චලනය අනුගමනය කරනු ලැබේ. අවසාන වශයෙන් අන්තර් ක්‍රියාකාරී කැමරා පද්ධති වල ක්‍රීඩා වටපිටාව ක්‍රීඩකයාට අවශ්‍ය පරිදී කෙළින්ම වෙනස් කරගත හැක. මෙම වීඩියෝ පද්ධති නිර්මාණය කිරීමට නිර්මාණ කරුවන් විසින් කොන්ස්ට්‍රේන් සෝල්වර්ස්, ආර්ටිෆිශල් ඉන්ටලිජන්ස් ස්ක්‍රිප්ට්ස් හෝ ඔටෝනෝමස් ඒජන්ට්ස් භාවිතා කරය්.තෙවනි පුත්ගල දර්ශනය[සංස්කරණය]වීඩියෝ ක්‍රීඩා වලදී 'තෙවනි පුත්ගලයා' ලෙස හඳුන්වන්නේ ක්‍රීඩා චරිතයට මදක් ඉහළ දෘශ්ඨි කෝණයකින් හා නිශ්චිත දුරකින් දර්ශනය කළ හැකි දර්ශන මාලාවය්. මෙම කෝණයෙන් ඉතාමත් තාත්වික අවතා
රයක් දැකගනීමට ක්‍රීඩකයාට හැකි වන අතර මෙය සටන් ක්‍රීඩා වල හා අවධානම් සහිත ක්‍රීඩා වල පොදුවේ භාවිතා වේ. මෙම ක්‍රීඩා වල ස්ථානෝචිත ශබ්ද භවිතා කරන අතර අවතාරයේ පිහිටීම අනුව ශබ්ද ද හැඩ ගැසේ.ප්‍රාථමිකව සළකන කල, තෙවැනි පුත්ගල කැමරා පද්ධති වර්ග තුනක් ඇත. ඒවා නම්, ක්‍රීඩාව නිර්මාණයේදීම කැමරාවේ පිහිටීම් ස්ථාපනය කරනු ලබන 'අචල කැමරා පද්ධති', ක්‍රීඩකයාගේ චලනය අනුගමනය කරන 'ට්‍රැකිං කැමරා පද්ධති' හා ක්‍රීඩකයාගේ පිහිටීම පාලනය කළ හැකි 'අන්තර් සම්භන්ද කැමරා පද්ධති' නම් වේ.අචල[සංස්කරණය]ගොනුව:Resident-evil-2-camerawork.jpgSelection of shots in Resident Evil 2 that aim at creating tension.මෙම පද්ධති වල කැමර පිහිටීම, දිශාණතිය නැතහොත් පෙනීම් පරාසය වැනි ලක්ෂන නිර්මාණකරුවන් විසින්ම ක්‍රීඩා නිර්මාණයේ ස්ථාපනය කරනු ලබය්. මෙහිදී කැමරා කෝණයන් ගථිකව වෙනස් නොවන අතර යම්කිසි කෝණයකින් නරඹූ විටදක්නට ලැබෙන්නේ එම කෝණයට අදාළ දර්ශන පමණි. 'අලෝන් ඉන් ද ඩාර්ක්' ක්‍රීඩාවේ කැමරා පද්ධතිය මෙයට කදිම උදහරණයකි. මෙහිදී ක්‍රීඩා චරිතය 3D ආකාරයෙන් දිස් වන අතර පසුබිම අචලව පවතී. 'රෙසිඩන්ට් ඊවිල්' හි මුල අවධියේ මෙම අචල කැමර යොදගෙන ඇති ආකා
රය දැකිය හැක. 'ද ගෝඩ් ඔෆ් වෝ' ක්‍රීඩාවේ ද මෙම අචල කැමරා දැකගත හැක.මෙහි එක් වාසියක් වන්නේ ක්‍රීඩා නිර්මාණ කරුවන්ට චිත්‍රපටි හැඟීම ලබා දිය හැකි වීමය්. චිත්‍රපට නිශ්පාදායේ මෙන්ම මොවුන්ට ද වටපිටාවට අර්ථයක් ලබා දීමේ හැකියාව මෙමගින් සැළසේ. මෙම තාක්ශණය යොදා ගන්නා ක්‍රීඩා වල චිත්‍රපටමය ස්වභාවය කතා බහට ලක් වන කරුණකි.ට්‍රැකිං[සංස්කරණය]මෙහිදී කැමරාව චරිතය පිටුපසින් චලනය වේ. ක්‍රීඩකයාට මෙහිදී කැමරව පාලනය කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර පිහිටීම වෙනස් කිරීම ආදිය කළ නොහැක. මෙම කැමරා පද්ධතිය ක්‍රෑශ් බන්ඩිකූට් හෝ ටූම්බ් රය්ඩර් වැනි මුල් අවධ්යේ ක්‍රීඩා වල දැක ගත හැක. කෙසේ වෙතත්, මෙම පද්ධතියේ අවාසි කිහිපයක් ඇත. පවතින දර්ශන කෝණය නුසුදුසු වුවත් එය වෙනස් කිරීමේ හැකියාව ක්‍රීඩකයාට නොමැති වීම මෙහි ප්‍රධාන අවාසියකි. තවද, ක්‍රීඩා චරිතය බිත්තියකට පසුපස හරවා සිටින අවස්ථවක දී කැමරාව සෙලවීමක් සිදු විය හැකි අතර රූප රාමු වල අතාත්වික භාවයක් දක්නට ලැබේ.අන්තර්-ක්‍රියාකාරී[සංස්කරණය]ගොනුව:Super-mario-64-camera-system-ai.jpgInstead of staying behind Mario, the camera intelligently rotates to show the path (Super Mario
64).මෙය ට්‍රැකිං කැමරා පද්ධතියේම වැඩිදියුණු කරන ලද පද්ධතියකි. කැමරාව ක්‍රීඩා චරිතයත් සමග චලනය වන අතරතුර දර්ශන වල දිශාණතිය හා චරිතයට ඇති දුර වැනි සමහරක් අංග වෙනස් කර ගැනීමේ හැකියාව ඇත. වීඩියෝ ක්‍රීඩා කොන්සෝල වල මෙම අමතර අංග පාලනය සඳහා ප්‍රතිසම උපාංගය යොදා ගනිමින් නිරවද්‍යතාව වැඩි කරන අතර පරිගණක ක්‍රීඩා වල මෝසිකය යොදා ගනී.මෙම පාලක සුපර් මාරියෝ සන්ශය්න් හෝ ද ලෙජන්ඩ් ඔෆ් zඑල්ඩා:වින්ඩ් වෝකර් යන ක්‍රීඩා වල දැක ගත හැක. සම්පූර්ණයෙන් අන්තර් ක්‍රියාකාරී කැමරා නිවරදි ආකාරයෙන් තැනීම අපහසු කාර්යයකි. සුපර් මාරියෝහි අසීරුම කටයුත්ත කැමරා පද්ධතිය පාලනය කිරීම බව ගේම්සොෆ්ට් ආයතනය තර්ක කරය්. මීට සාපේක්ශව වින්ඩ් වෝකර් ක්‍රීඩාව සාර්ථක බව ආයතනය පිළිගෙන ඇති අතර මෙම කැමරා පද්ධතිය වැරදි අවම වන සේ සාදා ඇති බව පිළිගෙන ඇත. සුපර් මාරියෝ 64 ක්‍රීඩාව මෙම කැමරා පද්ධතිය භාවිතා කළ මුල් ක්‍රීඩා වලින් එකකි. මෙහිදී කැමරා පද්ධති දෙකක් අතුරින් ඕනැම අවස්ථාවක කැමති එකක් තෝරා ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයාට ලැබී ඇත. ට්‍රැකිං කැමරා පද්ධතිය මේ අතුරින් එකක් වන අතර එහි කෘතීම බුද්ධිය ඉතා සුළු වශයෙන් යොදාගෙන ඇත.මෙහි සමහර දර්ශන වීඩියෝ ප
ද්ධතිය මගින් කළින් හඳුනා ගැනීමක් සිදුවේ. උදාහරණයක් වශයෙන් සුපර් මාරියෝ ක්‍රීඩාවේ පළමු කොටසේ දී ක්‍රීඩකයා යා යුතු දිශාව කැමරා පද්ධතිය මගින් පෙන්නුම් කිරීමක් සිදු වේ. දෙවන පද්ධතිය තෝරා ගතහොත් මාරියෝ චරිතයේ පිහිටීමට සාපේක්ශව දර්ශන මාලාව වෙනස් කළ හැක. වම් හෝ දකුණු යතුර එබීමෙන් මාරියෝ චරිතය වටා කැරකෙන අතර උඩ හෝ පහල යතුරු එබීමෙන් මාරියෝ දෙසට ළං වීම හා ඈත් වීම සිදු කළ හැක.ක්‍රියාවට නැංවීම[සංස්කරණය]කැමරා පද්ධතියක් ක්‍රියාවට නංවන ආකාරය පිලිබඳව විවිධාකාර පර්යේශන සිදු වේ. කොන්ස්ට්‍රේන්ට් සෝල්වර් සොෆ්ට්වෙයාර් හි ප්‍රධාන කාර්යය වනුයේ දී ඇති දර්ශන සංරොධක අතුරින් හොඳම දර්ශන පෙළ සකස් කිරීමය්.වෙනත් ආකාරයකින් පැවසුවහොත්, කොන්ස්ට්‍රේන්ට් සෝල්වර් සොෆ්ට්වෙයාර් මගින් සිදු වන්නේ ලබා දී ඇති රූප රාමු ප්‍රතිශතයන් ක්‍රියාවට නංවීමය්. 'මෙම රූපය මගින් දර්ශනයේ 30%ක් වැසිය යුතුය' යන්න මෙයට උදහරණයකි. සොල්වර් මගින් එම අවශ්‍යතා වලට සරිලන විකල්ප තෝරගැනීම සිදු කරය්. තෝරා ගැනීම සිදු කළ පසුව සොල්වර් මගින් අදාළ සමකක්ශ හා කැමරාවේ පරිබ්‍රමණය ලබා දීම මගින් රූප රාමු ලෙස පෙන්නුම් කරය්.සමහර කැමරා පද්ධති වල විකල්ප සොයා ගත නොහැක
ි වුවහොත් සංරෝධක ලිහිල් වීම්ක් සිදුවේ. උදාහරණයක් වශයෙන්, රූපයක් මගින් දර්ශණයක 30%ක් වැසිය නොහකි නම්, එම 30% නොසලකා හරිමින් රූපය දර්ශනයට අතුලත් කිරීම පමණක් සිදු වේ. මෙහිදී විශාල කිරීම ඇතුළත් වේ.සමහර කැමරා පද්ධති වල දර්ශන තෝරාගත යුතු ආකාරය කළින් තීරණය කොට ඇත. මෙහිදී සිදු වන්නේ ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් පිටපතක් ප්‍රේරණය වීමය්. උදාහරණයක් වශයෙන් ක්‍රීඩා චරිතයක් වෙනත් චරිතයක් සමග කතා කරවීමට අවශ්‍ය නම්, කොන්වර්සේශන් නම් වූ පිටපත ප්‍රේරණය වේ. මෙම පිටපතේ දෙදෙනෙක් අතර සාකච්චාවක් සිදුවන ආකාරය කළින් තීරණය කොට ඇත. උදාහරණයක් වශයෙන්, මෙහිදී උරහිසට උඩින් හා කිට්ටු දර්ශණ වල මිශ්‍රණයක් පෙන්නුම් වේ. මෙය සිදු කරන්නේ කොන්ස්ට්‍රේන්ට් සොල්වර් මගිනි.බිල් තොම්සන් මේ සඳහා තාත්වික විසඳුමක් සොයා ගන්නා ලදි. කැමරා පද්ධතිය ස්වාධීන නියොජිතයකු ලෙස ක්‍රියා කරන පද්ධතියක් ඔහු නිර්මාණය කරන ලදි. මෙහිදී දර්ශණ මාලාවේ චලිතය තීරනය වන්නේ මනෝභාවය පදනම් කර ගනිමින් ය. මෙමගින් සතුටු කැමරාවක් ගත් විට එහි වර්ණ සංකලන ඉක්මන් චලිත රටාවන් හා කිට්ටු රූප වැඩි වශයෙන් පවතී.මිශ්‍ර යථාර්ත භාවිතය.[සංස්කරණය]2010 දී මය්ක්‍රෝසොෆ්ට් ආයතනය ව
ිසින් කිනෙක්ට් නිකුත් කෙරුණු අතර මෙය මෙය xබොක්ස් 360 භාවිත කරන්නන් ගේ ශරීර අනාවරණයන් පදනම් කර ගත් අත් භාවිතා නොකරන 3D ස්කෑනර් යොදාගත් පර්යන්ත උපකරණයකි. මෙය පසුව කලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඔලිවර් ක්‍රෙලොස් විසින් වැඩි දියුණු කරනු ලැබූ අතර ඔහු එය කිරීමට යූ ටියුබ් විඩියෝ පෙළක් යොඋදා ගන්නා ලදි. එම දර්ශන පෙළ පෙන්නුම් කළේ කිනෙක්ට් හා පරිඝනක කැමරාවක් සම්භන්ද කරන ආකාරයය්. කිනෙක්ට් හි රූපරාමු ගඹුරෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව නිසා(කොම්පියුටර් ස්ටීරියෝ හා ස්ට්‍රක්චර්ඩ් ලය්ට්), ක්‍රෙලොස් විසින් කැමරාවක් භාවිතයෙන් රූපරාමුවක දෘශ්ටිකෝණය සෙවීමට ඇති හැකියාව පෙන්නුම් කළේය. කෙසේ වෙතත් කිනෙක්ට් හි සඳහන් වූයේ කැමරාවට සිදු කළ හැක්කේ එයට ඉදිරියෙන් තිබෙන රූප රාමු පෙන්වීමටත්, අනෙකුත් හිස් අවකාශ කළු වර්ණයකින් පෙන්නුම් කරන බවත්ය පසු කාලීනව ක්‍රෙලොස් විසින් මෙය තවත් වැඩි දියුණු කරනු ලැබූ අතර වීඩියෝ දර්ශණ භාවිත කරමින් නව මානයන් සොයා ගැනිනි.ක්‍රෙලොස් විසින් කරන ලද කාර්යයන් පසුව නිව්යෝර්ක් ටය්ම්ස් හි මෙය පල විය.මෙයත් බලන්න[සංස්කරණය]Game engineVirtual cinematographyසබැඳුම්[සංස්කරණය]^ Jump up to: a b Rollings, A
ndrew; Ernest Adams (2006). Fundamentals of Game Design. Prentice Hall. ISBN 9780131687479.Jump up ^ Casamassina, Matt. "Resident Evil Review". IGN. Retrieved 2009-03-22.Jump up ^ "Sonic Adventure Review". IGN. Retrieved 2009-03-22.Jump up ^ "Tomb Raider: The Last Revelation Review". IGN. Retrieved 2009-03-22.Jump up ^ Carle, Chris. "Enter the Matrix Review". IGN. Retrieved 2009-03-22.Jump up ^ Gerstmann, Jeff (2002-10-04). "Super Mario Sunshine Review for GameCube". GameSpot. Retrieved 2009-03-22.Jump up ^ Casamassina, Matt (2003-03-25). "The Legend of Zelda: The Wind Waker Review". IGN. Retrieved 2009-03-22.Jump up ^ "15 Most Influential Video Games of All Time: Super Mario 64". GameSpot. Retrieved 2009-03-22.Jump up ^ "The Essential 50 Part 36: Super Mario 64 from". 1UP.com. Retrieved 2009-03-22.Jump up ^ "Cameracontrol.org: The virtual camera control bibliography". Retrieved 6 May 2011.Jump up ^ Bares, William; Scott McDermott, Christina Boudreaux, Somying Thainimit (2000
). "Virtual 3D camera composition from frame constraints". International Multimedia Conference (California, United States: Marina del Rey): 177–186. Retrieved 2009-03-22.Jump up ^ Drucker, Steven M.; David Zeltzer (1995). "CamDroid: A System for Implementing Intelligent Camera Control". Symposium on Interactive 3D Graphics. ISBN 0-89791-736-7. Retrieved 2009-03-22.Jump up ^ He, Li-wei; Michael F. Cohen, David H. Salesin (1996). "The Virtual Cinematographer: A Paradigm for Automatic Real-Time Camera Control and Directing". International Conference on Computer Graphics and Interactive Techniques (New York) 23rd: 217–224. Retrieved 2009-03-22.Jump up ^ Tomlinson, Bill; Bruce Blumberg, Delphine Nain (2000). "Expressive Autonomous Cinematography for Interactive Virtual Environments". Proceedings of the fourth international conference on Autonomous agents (Barcelona, Spain) 4th. ISBN 1-58113-230-1. Retrieved 2009-03-22.Jump up ^ "Oliver Krelos' Homepage".Jump up ^ Kevin Parrish (9:20 PM
- November 17, 2010). "Kinect Used As 3D Video Capture Tool". Tom's Hardware.Jump up ^ Tim Stevens (Nov 29th 2010). "Two Kinects join forces to create better 3D video, blow our minds (video)". Engadget.Jump up ^ Jenna Wortham (November 21, 2010). "With Kinect Controller, Hackers Take Liberties". New York Times.සමුද්දේශ රාමුයම් වස්තුවක් හෝ යම් ස්ථානයක් තුළ පිහිටන විශේෂ ලක්ෂයක් ලෙස ගෙන තෝරා ගනු ලබන එකිනෙකට ලම්බක x,y,z,යන අක්ෂ පද්ධතියකට සමුද්දේශ රාමුවත් යැයි කියනු ලැබේ.Hamburg ඉහළින් Avro Lancaster යානයඡායාරූපකරණයේදී සංවාරක වේගය (Shutter speed) යනු ෂටරය විවෘතව පවතින කාලයයි. සම්පුර්ණ අනාවරණය, අනාවරණ කාලයට හෝ ආ‍ලෝකය තිරයට හෝ සංවේදකයට හෝ ලඟා වීමට ගන්නා කාලයට සමානුපාතික වේ.සම්පුර්ණ නිරාවරණයට බලපාන කරුණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (සංවාරක වේගය)යි. ෂටර වේගයේ සහ සිදුරේ ප්‍රමාණය නිසා ඇතිවන බලපෑම නැති කිරීමට - නැවතුම් ඡායාරූප ශිල්පියා භාවිත කළ හැකිය. මෙසේ නැවතුවක් භාවිතා කිරීම මඟින් තිරයට පිවිසෙන ආලෝකය අඩක් කිරීමට හෝ දෙගුණ කිරීම කළ හැකිය. දී ඇති ඕනෑම
නිරාවරණයක් සඳහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය වේ.සාමාන්‍යයෙන් මන්දගාමී ෂටර වේග භාවිතා කරන්නේ අඩු ආලෝක තත්වයන්හිදීය. මෙමඟින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පටල වලද, සංඛ්‍යාංක කැමරා වල ද භාවිතා වේ.ෂටර වේගය තත්පර වලින් මනිනු ලබයි. සුර්යා‍ලෝකය ඇති විටක ඡායාරූපයක් ලබා ගැනීමට ෂටර වේගය තත්පර 1/125 ක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද, ෂටරය වේගය මඟින් වෙනස් කෙ‍රේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සඳහා ඡායාරූපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි.සිදුර වෙනස් කිරීම මගින් ක්ෂේත්‍රයේ ගැඹුර තීරණය කරයි. මෙමඟින් කොපමණ දුරක ඇති වස්තුවක් තියුණු ඡායාරූපයක් බවට පත් කළ හැකිද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරු ප්‍රවාහ දැක්වු විට එක් සිදුරක සිට අනෙක් සිදුර වෙත යාමේදී ආලෝක ප්‍රමාණයට හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ. (f/2.8, f/4, f/5.6, f/8, f/11f/16ECT). එක සිදුරු නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කළ විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටර වේගය සඳහා සම්මත 2:1 පරිම
ාණය භාවිතා කරන ලදී. මේ අනුව එකඟ වු ෂටර වේග නම්,* 1/1000 S* 1/500 S* 1/250 S* 1/125 S* 1/60 S* 1/30 S* 1/15 S* 1/8 S* 1/4 S* 1/2 S* 1 Sදිගු කාලීන නිරාවරණ සඳහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ. B (බල්බය) - ෂටර නිදහස්කරණය අල්ලන් සිටින තුරු ෂටර විවෘතයිT (කාලය) - ෂටර නිදහස්කරණය නැවත වරක් ඔබන තුරු ෂටරය විවෘතයිදක්නට හැකි අපැහැදිලි වීමකින් තොරව අත් කැමරාවක මන්දගාමී ෂටර වේගය භාවිතා කොට ඡායාරූපයක් ලබා ගැනීම ඡායාරූප ශිල්පියාගේ හැකියාවයි. ඉතා ලංකොට ගන්නා හෝ විශාල කිරීමට බලාපොරොත්තු වන ඡායාරූපයක් ගැනීමේදී අපැහැදිලි වීම වැලැක්වීම සඳහා වේගවත් ෂටර වේග භාවිතා කිරීමට සිදුවේ.ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මඟින් අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ෂටර වේගය ශිල්පියා තෝරාගන්නා අතර, ඊට සුදුසු සිදුරු ප්‍රවාහය කැමරාව මඟින් සකස් කරගනී.ඡායාරූපකරණයේදී නිර්මාණාත්මක භාවිතය[සංස්කරණය]සංඛ්‍යාංක තිරයේ හෝ සේයා පටලය මත පතනය වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස සංවාරක වේගය හැඳින්විය හැක. මෙය අවසාන ප්‍රතිබිම්බයේ දෘශ්‍ය කාර්යය මෙහෙයවීමටද භාවිතා කරයි.චලනය වන වස්තුවක් නිශ්චල ඡායාරූපයකට න
ැගීමේදී වස්තුවේ චලනය පෙන්වීම සඳහා මන්දගාමී ෂටර වේග භාවිතා කරයි.අධිවේගී ෂටර භාවිතයෙන් චලනය වන වස්තුවක් වුවද ගල් ගල් ගැසී ඇති වස්තුවක් මෙන් ඡායාරූප ගත කල හැක. උදාහරණයක් ලෙස දුවන පුද්ගලයෙකුගේ පාද දෙකම අහසේ ඇති අවස්ථාවක් පවා මෙමඟින් ඡායාරූප ගත කළ හැක. මන්දගාමී ෂටර වේග භාවිතා කල විට චලනය ගබඩා කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබේ. මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇතැම් කොටස් බොඳ කොට දැක්වීමට ඡායාරූප ශිල්පියාට ඉඩ සලසා දෙයි. උදාහරණයක් ලෙස මෙසේ මඳක් මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇවිදින මිනිසෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී වේගයෙන් චලනය වන පාද කොටස් බොඳ කොට දැක්විය හැකි අතර අනෙක් කොටස් තියුනු ලෙස දිස්වීමට සැලැස්විය හැක.පසුතලය හා වස්තුව බොඳවීම ආරම්භ වන නිශ්චිත මොහොත වස්තුව චලනය වන ශීඝ්‍රතාවය, කැමරාවේ සිට ඇති දුර සහ කාචයේ නාභිදුර සහ සේයාපටලයේ ප්‍රවාහයේ සම්බන්ධතාව යන කරුණු මත පදනම් වේ. තත්පර භාගය ඉක්මවු ෂටර වේගයක් භාවිතා කොට ගලායන දියදහරයේ ඡායාරූප ගත කල විට එය හොල්මන් බදු සුදු පැහැයකින් දිස්වේ. විශාල පිපිරීම යනු නිරාවරණය වී පවතින මොහොතේදී නාභිදුර විචලනය හසුකරගන්නා තාක්ෂණයකි.නාගරීකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතා
වැදගත් රටක් වශයෙන් ඉන්දියාව හැඳින්විය හැකිය. දකුණු ආසියාවෙහි ප‍්‍රබලතම රටක් වශයෙන් සැළකෙන ඉන්දියාවෙහි නාගරීකරණය පිළිබඳ සුවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 1961 දී ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නාගරීකරණයෙහි නිශ්චිත පරිපාලනය ප‍්‍රදේශ සීමා දක්වා ඇත. එමෙන්ම එරට නගර ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර ලෙස කොටස් 02 කට වර්ගීකරණය කර ඇති අතර මෙම නගර වර්ග දෙක පදනම් කරගනිමින් ඒ ඒ නගර අනුව වෙනස් වූ මිණුම් දඬු පවතී. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ නගර තීරණය කිරීමේදී ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය ජන ඝනත්වය, කෘෂිකාර්මික නොවන අංශයේ රැුකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය අනුව වර්ගීකරණය කරනු ලබයි. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නගර වර්ග 02 කට බෙදා දක්වා ඇත. එය ව්‍යවස්ථානුකූල නගර සහ සංගණන නගර නම් වන අතර මෙම නගර සභා පවතින සෑම ප‍්‍රදේශයක්ම නාගරීකරණයට අයත් වේ. මෙම නගර රාජ්‍ය නීතිය මත තීරණය වේ. සංගණන නගරවලට පවරන ලද නීතියට අනුව පළමු දායක මට්ටමේ පවත්වාගෙන යන නගර 5000 ක අවම ජනගහනයක් සිටිය යුතුය. තව ද ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 400 ක් සිටීම ද අනිවාර්ය වේ.Bhagat පවසන ආකාරයට ඉන්දියාවේ මිණුම් දඬුවල පවතින පරස්පර විරෝධීභා
වය නාගරීකරණයේ ගුණාත්මකභාවය තේරුම් ගැනීම සඳහා බලපානු ලබයි. ඉන්දියාවෙහි නාගරීකරණය කාලයෙන් කාලයට වෙනස් වන අතර 1961 දී පැවැත්වූ සංගණනයෙන් නාගරික ප‍්‍රදේශ නිර්වචනය කිරීමේ මිණුම් දඬු ඉන්පසු පැවැත්වූ සංගණන වලදී වෙනස් විය. වසර 2001 දී පවත්වන ලද සංගණනයට අනුව නාගරික ප‍්‍රදේශ ප‍්‍රකාශ කිරීමේදී 75% ක් පුරුෂයින් කෘෂිකාර්මික නොවන රැකියාවල නිරතවීම අපේක්ෂා කරනු ලැබීය. මෙම කරුණු එකතුවීමෙන් නගර මට්ටම වෙනස් වීම නාගරික සීමා නිරන්තරයෙන් වෙනස්වීම හා ඒ හා අදාළ තොරතුරු වල නිරවද්‍ය බව දුර්වල වීමට හේතු වී ඇත.ඉන්දියාවේ නාගරීකරණයෙහි ප‍්‍රමාණය හා වර්ධන ප‍්‍රවණතා[සංස්කරණය]වර්තමානයේ මිලියන 1095 කට ඉතා ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන ඉන්දියානුවන් රට පුරා නගර 3700 ක පමණ ව්‍යාප්තව පවතී. ඉන්දියාවේ නාගරික ජනසංඛ්‍යාව චීනයට පසු ලොව විශාලතම ජනගහනය වේ. ඒ අනුව ඉන්දියාව පුරා ව්‍යාප්තව ඇති මිලියන නගර හා එහි වෙසෙන ජන සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. ඉන්දියාවේ මිලියන නගර (1951-2001)අනුස්ථිතියනගරයජනගහනය (මිලියන වලින්)12.5716.372කල්කටාව4.677.4210.9213.223දිල්ලිය1.443.658.3812.794
මදුරාසිය (චෙන්නායි)1.543.175.366.425හයිද්‍රාබාද්1.131.84.285.536බංගලෝර්0.791.664.095.697අහමදාබාද්0.881.753.34.528කන්පූර්0.711.282.112.699නාග්පූර්0.480.931.662.1210ලක්නව්0.50.811.642.2711පැට්නා0.320.561.11.7112මදුරාසි0.370.711.091.1913බෝපාල්0.10.381.061.45ඉහත දත්ත අනුව පැහැදිලි වනුයේ ඉන්දියාවේ මිලියන නගර අතරින් ජන සංඛ්‍යාව අධිකම නගරය බවට බොම්බාය, කල්කටා, දිල්ලි යන නගර පිළිවෙලින් අයත් වන බවය. මෙහිදී දක්නට ලැබෙන කැපීපෙනෙන සුළු ලක්ෂණය වනුයේ 1951 වර්ෂයේදී බොම්බායෙහි මිලියන 2.79 ක් වූ ජනගහනය 2001 වන විට මිලියන 16 ඉක්මවා ඇත. 1971-1991 අතර කාලපරිච්ඡේදය තුළ බොම්බායෙහි ඉතා සීඝ‍්‍ර ජන සංඛ්‍යා වර්ධනයක් දැකගත හැකි වෙයි. එය මිලියන 5.97-12.57 දක්වා වූ සීඝ‍්‍ර වර්ධනයකි. විශේෂයෙන්ම මේ සඳහා සංක‍්‍රමණය යන සාධකය වැඩි වශයෙන් හේතු වී ඇත. රැුකියාව, අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍යය වැනි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ග‍්‍රාමීය ජනයා විශාල වශයෙන් නගර කරා සංක‍්‍රමණය වීම මෙම අවධිය තුළ සිදුව
ිය. ඉහළ ජීවන තත්වයක් ලබාගැනීම සඳහා කුමන හෝ රැකියාවක් අපේක්ෂාවෙන් ජනයා මේ අනුව නගර තුළට ඒකරාශී විය. මෙය බොම්බාය කල්කටාව හා දිල්ලි යන නගරවල ජනසංඛ්‍යාව ඉහළ යාමට බෙහෙවින්ම හේතු සාධක විය.සමස්තයක් වශයෙන් නාගරික ජන සංඛ්‍යාවට සෑම නගරයකම 1951 වර්ෂයේ සිට වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් 1951-2001 දක්වා ජන සංඛ්‍යාව අවම වශයෙන් තුන් ගුණයකට වඩා වැඩිවී ඇති බව පැහැදිලි වේ.ඉන්දියාවේ ප‍්‍රජා විද්‍යාත්මක දත්ත කිහිපයක්[සංස්කරණය]198519901999200020052010201520202025නාගරික ජනගහනය (000*186,771217,256248,875286,323330,119380,208435,112498,777565,799ග‍්‍රාමීය ජනගහනය (000*581,169633,538680,129720,447752,065772,075776,550772,829764,401නාගරීකරණ ප‍්‍රතිශතය24.3%25.5%26.8%28.4%30.5%33.0%35.9%39.2%42.5%ඉන්දියාව තුළ සිදුවන නාගරීකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් එම රටේ නාගරික ජන සංඛ්‍යා ප‍්‍රතිශතයේ වර්ධනය ඉහළ මට්ටමකින් සිදුවීම විශේෂ ලක්‍ෂණයකි. 1995 වර්ෂයේ 24.3% ව පැවති නාගරීකරණ මට්ටම 2010 වන විට 33% දක්වා ඉහළ ගොස් ඇත. මුළු ජන සංඛ්‍යා ව
ර්ධන වේගය 1990 දී 2.05% සිට ක‍්‍රමයෙන් අඩුවී 2010 වන විට 1.44 දක්වා අඩුවී ඇත. එසේම නාගරික ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 3.02% 2010 වන විට 2.83 දක්වා අඩුවී ඇත.ග‍්‍රාමීය ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 1.73% දක්වා ක‍්‍රමයෙන් අඩුවී 2010 වන විට 0.53 දක්වා අඩුවී ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ ඉන්දියාව තුළ නාගරීකරණය ක‍්‍රමයෙන් වර්ධනය වන බවත් ග‍්‍රාමීය ජනසංඛ්‍යාවට වඩා නාගරික ජන සංඛ්‍යාව වර්ධනය වීම වේගයෙන් සිදුවීම තුළ නාගරීකරණය පුළුල් වන බවත්ය. ප‍්‍රක්ෂේපිත අගයන්ට අනුව ඉන්දියාවේ නාගරික ජනගහන වර්ධන වේගය 2025 වසර වන විට කැපී පෙනෙන සුළු අඩුවීමක් පෙන්වනු ලබයි.නාගරීකරණය කෙරෙහි බලපා ඇති සාධක[සංස්කරණය]නාගරීකරණය සාධක 4 ක් හේතුකොටගෙන සිදුවිය හැකිය.01. අභ්‍යන්තර වශයෙන් සිදුවන ග‍්‍රාමීය නාගරික සංක‍්‍රමණය02. ස්වභාවික වර්ධනය03. ජාත්‍යන්තර නාගරික සංක‍්‍රමණය04. ග‍්‍රාමීය ප‍්‍රදේශ නාගරික ප‍්‍රදේශ ලෙස නැවත වර්ගීකරණය කිරීමඉන්දියාවේ නාගරීකරණය තුළ හඳුනාගත හැකි ලක්‍ෂණ[සංස්කරණය]අසමතුලිත ආර්ථික පදනමක් හා කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධනය වී පැවතීමශක්තිමත් ආර්ථික පදනමක් හා කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධ
නය වීම.සීඝ‍්‍ර නාගරීකරණය හේතුවෙන් විශාල ලෙස පැල්පත් නිවාස වර්ධනය වීම.නාගරීකරණය සඳහා නගරයට ඈඳා ගැනීම නොව ගමින් නගරයට තල්ලූවීම.ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිට නගරවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් ගුණාත්මක බවින් තොර නගර රාශියක් බිහිවීම.නාගරීකරණයෙහි ප‍්‍රතිවිපාක[සංස්කරණය]සෞඛ්‍ය ගැටලූජනාවාස ගැටලූමන්දපෝෂණයජල විදුලි පහසුකම්වල හිඟයසමාජ පරිහානියසමාජ අසමානකම්පාරිසරික ගැටලූ[සංස්කරණය]ජල දූෂණයවායු දූෂණයශබ්ද දූෂණයගොඩබිම් දූෂණයරථවාහන තදබදයඝන අපද්‍රව්‍යආර්ථික ගැටලූ[සංස්කරණය]දරිද්‍රතාවයවිරැකියාවඉඩම් මිල ඉහළයාමඇති නැති පරතරය වැඩිවීමආදායම් විෂමතාවයනාගරීකරණය සම්බන්ධයෙන් ඉන්දියානු රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග[සංස්කරණය]නාගරීකරණය ඉහළයාම යන ප‍්‍රශ්නය පිළිබඳව ඉන්දියානු රජය අවධානය යොමු කර ඇති අතර නාගරික ප‍්‍රදේශවල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති සැකසීම කෙරෙහි ද මෙය බලපා ඇත.මධ්‍යම රජයේ කාර්යභාරය වනුයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම, නිවැරදි ක‍්‍රියාමාර්ග පෙන්වා දීම, අරමුදල් බෙදාහැරීම, නිවාස සංකීර්ණ සඳහා අනුග‍්‍රහය දැක්වීමය. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම, තාක්ෂණික දැනුම වැ
ඩිදියුණු කිරීම සහ වැඩිවන නාගරීකරණ සීමා කිරීමට අදහස් ක‍්‍රියාත්මක කිරීම ආදිය ද මධ්‍යම රජයට පැවරී ඇති කාර්යභාරයන් වේ. වර්තමානයේ මධ්‍යම රජය ගෙන ඇති පුළුල් ක‍්‍රියාමාර්ග වශයෙන්1) කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ නගර සංවර්ධනය 2) අධි නගරවල අන්‍යොන්‍ය සම්බන්ධතාවය වර්ධනය කිරීම3) අගමැතිතුමා විසින් හොඳම නාගරික සැලැස්ම හා නිර්මාණය සඳහා සම්මාන පිරිනැමීම.4) සෞඛ්‍ය සම්බන්ධ නාගරික වැඩසටහන් i. තමිල්නාන්ඩු ප‍්‍රාන්තයේ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ii. බටහිර බෙංගාලයේ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය iii. කර්ණාටක ප‍්‍රාන්තයේ නාගරික සංවර්ධනය සහ නාගරික යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය iv. කර්ණාටක ප‍්‍රාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති5) රාජස්ථාන් ප‍්‍රාන්තයේ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.6) නාගරික හා පාරිසරික කළමනාකරණය සහ නාගරික සංවර්ධනය සඳහා ණය සැපයීම්.පින්තූර ගැලරිය[සංස්කරණය] මූලාශ්‍ර[සංස්කරණය]ද සිල්වා ඉන්ද්‍රලාල්(2004)ජනගහන අධ්‍යයනය(ශ්‍රී ලංකාව ඇසුරින්)දීපානි ප්‍රකාශනලියනගේ නිරෝෂා,මානවඩු ලයන්ත(2008)තෙවන ලොව නාගරීකරණය,විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයසබැඳි පිටු[ස
ංස්කරණය]නාගරීකරණයබංගලිදේශය තුල නාගරීකරණයමෙම ලිපිය රික්ත-පරිවරණය කල ප්ලාස්කුව පිළිබඳවය. රික්තයක් තුල පෙරීමේදී භාවිත වන ප්ලාස්කුව සඳහා, Büchner ප්ලාස්කුව බලන්න. ද්‍රව නයිට්‍රජන් පිරි විසල් මල නොබැ‍‍ඳෙන වානේ ඩ්‍යුවර් ප්ලාස්කුවක්, හිමායනජනක අධිශීතකරනයකට සැපයුම සඳහා (පර්යේෂණාගාර නියැදි, -197 සෙල්සියස් පමණ උෂ්නත්වයක ගබඩා කර තැබීම සඳහා).රික්ත ප්ලාස්කුවක් යනු, තාප පරිවරණය ඇති කරලනු වස්, අන්තර්ගතය හා පරිසරය අතරමැද, පදාර්ථය ඉවත් කල කලාපයක් බහාලීමෙන්, එහි අන්තර්ගතය අවට පරිසරයට වඩා උණුසුම්ව හෝ සිසිල්ව හෝ තබා ගන්නා භාජනයකි. එය ප්ලාස්කු දෙකකින් සමන්විත වන අතර, ඒවා එකක් අනෙක තුල බහා ගෙලෙහිදී එකිනෙකට සම්බන්ධ කොට ඇත. ප්ලාස්කු දෙක අතර පරතරය භාගික වශයෙන් වාතය හිස් කර, රික්තයකට-ආසන්න තත්ත්වයක් ඇති කොට ඒ මගින් සන්නයනය හෝ සංවහනය මගින් තාපය හුවමාරුව වලක්වයි.මෙහි සඳහන් වෙන රික්තය තාප පරිවරණය ජනිත කරලීම සඳහා භාවිත වේ; අන්තර්ගතය රික්ත තත්ත්වයන් යටතේ නොපවතියි.1892 දී භෞතිකඥ හා රසායනඥ ශ්‍රීමත් ජේම්ස් ඩ්‍යුවර් විසින් සොයගන්නා ලද රික්ත ප්ලාස්කුව, ඇතැම් විටෙක එහි නිවැවුම්කරු අනුව යමින්, ඩ්‍යුව
ර් ප්ලාස්කුව ලෙසද වැහැරේ. තර්මොස් GmbH නමැති ජර්මානු සමාගම පිහිටුවීමෙන් පසුව, 1904 වසරෙහිදී වාණිජ්‍යය භාවිතය සඳහා රික්ත ප්ලාස්කු පළමු වරට නිපැයෙන ලදි. ඔවුන්ගේ ප්ලාස්කු සඳහා ඔවුන් භාවිතා කල වෙළෙඳ-නාමය වන තර්මොස් යන්න, සමහරක් රටවල ලියාපදිංචි කල වෙළෙඳ-ලකුණක් ලෙස තවමත් ව්‍යවහාර වුවද, 1963 දී එක්සත් ජනපදය විසින් එය ගණීයකෘත වෙළෙඳ-ලකුණක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, පොදුවේ ගත් කල එය රික්ත ප්ලාස්කුව යන පදය හා සමග ජන වහරෙහිදී තුල්‍යාර්ථයක් දරයි; ඇත්ත වශයෙන්ම, ගෘහස්ත තර්මොස් ප්ලාස්කුවක් පිළිබඳ දෙඩීම, රික්ත ප්ලාස්කුවක් පිළිබඳ සඳහනකට වඩා මුවට හුරුබවක් දනවයි.මෙහෙයුම් සිද්ධාන්තය[සංස්කරණය]එ.ජ. පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් පත්‍රයෙහි කටු සටහනක්ප්‍රායෝගික රික්ත ප්ලාස්කුවක් යනු වීදුරු, ලෝහ, හෝ ප්ලාස්ටික් වලින් තැනූ හා කුහර බිත්ති වලින් හෙබි බෝතලයකි; ඇතුලාන්ත හා පිටස්තර බිත්ති අතර පිහිටි පටු කලාපය තුල වාතය ඉවත් කොට ඇත. ගෙල පෙදෙසෙහිදී මුද්‍රා තැබෙන අයුරින් එකිනෙක හා සම්බන්ධ වුනු, එකක් ඇතුළත අනෙක බහාලුනු හා තුනී බිත්ති වලින් සැදි බෝතල දෙකක් ලෙසද මෙය සැලකිය හැක.රික්තයක් පරිවාරකයක් ලෙස භාවිතා කිරීමෙන්,
සංනයනය ‍හෝ සංවහනය මගින් තාපය සංක්‍රමණය වීම වළක්වාලයි. පෘෂ්ඨයන්ට පරාවර්තක ආලේපයක් යෙදීමෙන් විකිරණ තාප හානිය අවම කර ගත හැක: මේ සඳහා ඩ්‍යුවර් භාවිතා කලේ රිදී ලෝහයයි.ප්ලාස්කුවෙහි අන්තර්ගතය, ඇතුලාන්ත බිත්තිය හා සමගින් තාපජ සමතුලිතතාවයට එළඹේ; කුඩා තාප ධාරිතාවක් සහිත තුනී බිත්තිය, අන්තර්ගතය හා සමගින් සැළකිය යුතු තාප හුවමාරුවක් සිදු නොකරන බැවින්, ඒවායේ උෂ්නත්වයන් හට සුළු බලපෑමක් පමණක් එල්ල කරයි. රික්ත ප්ලාස්කු භාවිතා කෙරෙන (සාමාන්‍යයෙන් ජලයේ තාපාංකයට අඩු) උෂ්නත්වයන්, හා පරාවර්තක ආලේපන භාවිතය යන කරුණු ද්වයය හේතුවෙන්, ඉතා කුඩා අධෝරක්ත (විකිරණ) සංක්‍රමණයක් පමණක් සිදු වේ .ප්‍රායෝගික වශයෙන් සැලකූ කල, ප්ලාස්කුවට අන්තර්ගතය ඇතුළු කිරීමට හා පිටතට ගැනීමට හිඩැසක් තිබිය යුතුය. ‍මෙම හිඩැස හරහා රික්තයක් පවත්වා ගෙන යා නොහැක; එබැවින්, පරිවාරක ද්‍රව්‍යයකින් නිමැවූ ඇබයක් භාවිතා කල යුතු වූ අතර, මේ සඳහා ආරම්භයෙහිදී කිරලද, පසුව ප්ලාස්ටික් වර්ගද භාවිතා කරන ලදි. බොහොමත් තාප හානිය, නොවැලැක්විය හැකි අයුරින්, සිදුවන්නේ ඇබය හරහාය.අරමුණ හා භාවිත[සංස්කරණය]එහි අන්තර්තය (බොහෝ දුරට ද්‍රව අවස්ථාවෙහි පවතින, එහෙත
් සැම විටම නොවේ) පරිසර උෂ්නත්වයට වඩා ඉහළ හෝ පහළ හෝ උෂ්නත්වයක පවත්වාගෙන යාම සඳහා රික්ත ප්ලාස්කු භාවිතා කරනු ලැබේ . ගෘහස්ත වශයෙන් හා ආහාර කර්මාන්තයෙහිදී, මේවා බොහෝ විට භාවිතා වෙන්නේ, ආහාර සහ බීම වර්ග එක්කෝ සිසිල්ව නැතිනම් උණුසුම්ව තබා ගැනීමය. දර්ශීය ගෘහස්ත රික්ත ප්ලාස්කුවක් විසින් පැය 24 ක කාලයක් පුරා ද්‍රවයක් සිසිල්වද, පැය 8 ක කාලයක් පුරා ද්‍රවයක් උණුසුම්වද තබා ගැනීමට සමත් වේ.පරීක්ෂණාගාර වලදී හා කර්මාන්තයෙහිදී, රික්ත ප්ලාස්කු බොහෝ විට භාවිතා වනුයේ, පරිසර උෂ්නත්වයට බෙහෙවින් අඩු උෂ්නත්ව වලදී වායුමය අවස්ථාවට එළඹෙන, ඔක්සිජන් හා නයිට්රජන් වැනි ද්‍රව්‍ය, ද්‍රව අවස්ථාවෙහි ගබඩා කර තබා ගැනීමටය; මෙම අවස්ථාවෙහිදී, බෝතලයේ අතිශයින් සිසිල් ඇතුලාන්තය වෙත තාපය කාන්දු වීම තුලින්, ද්‍රවය ලැසි "බුබුලනය"ට පාත්‍ර වී, ඒ හේතුවෙන් ප්ලාස්කුව තුල පීඩනය ගොඩනැගී එය පුපුරා යෑම වලක්වනු වස්, ඇබ-රහිත පටු විවරයක් හෝ පීඩන මිදවුම් කපාටයක් මගින් ආරක්ෂිත කලාවූ ඇබ-සහිත විවරයක් හෝ භාවිත කරනු ලැබේ. ඩ්‍යුවර් ප්ලාස්කුවෙහි අනර්ඝ පරිවරණය හේතුවෙන්, ඉතාමත් ලැසි "උතුරායෑම"ක් සිදුවන අතර, එබැවින්, මිල අධික ශීතකරන උපකරණ වල පිහි
ට නොපතමින්ම, අන්තර්ගතය බොහෝ කාලයක් දුව අවස්ථාවෙහි තබා ගැනීමට හැකි වෙයි.NMR සහ MRI යන්ත්‍ර වැනි, සමහරක් භාවිත, ද්විත්ව ඩ්‍යුවර් ප්ලාස්කු භාවිතය මත අතිශයෙන් යැපෙති. මෙම ප්ලාස්කුවල, ඇතුලාන්ත ප්ලාස්කුවෙහි දුව හීලියම් අඩංගු වන අතර, පිටස්තර ප්ලාස්කුවෙහි ද්‍රව නයිට්රජන් අඩංගු කොට, මේවා අතර එක් රික්ත කලාපයක් පවත්වා ගෙන යනු ලැබේ. මිල අධික හීලියම් හානි වීම මෙලෙස අවම කරගනු ලැබේ.මෙයද බලන්න[සංස්කරණය]Hermetic sealDewar flaskවැඩිදුර කියවීම්[සංස්කරණය]බර්ග, ආර්., සැකිල්ල:එ.ජ. පේටන්ට්, "ඩබල් වෝල්ඩ් වෙසල් විත් අ ස්පේස් ෆො අ වැක්‍යුම් බිට්වීන් ද වෝල්ස්", 1907, දෙසැම්බර 3.විල්හෙල්ම් රොන්ජන් විසින් X කිරණ සොයාගැනීමෙන් පසුව, බොහෝ විද්‍යාඥයන් (අයනීකරණ විකිරණය) සඳහා උත්සුක විය. සුථර දීපනය සහ ඡායාරූප තහඩුවේ කළු වීම අතර සම්බන්ධය අධ්‍යයනය කළ හෙන්රි බෙකරෙල් ඒ අතර එක් පුද්ගලයෙක් විය. කිසිදු බාහිර ශක්තියක් නොමැතිව යුරේනියම් විසින් නිෂ්පාදනය කරනු ලබන කිරණ ඡායාරූප තහඩුව කළු පැහැති කිරීමට හැකියාවක් ඇතැයි බෙකරෙල් සොයාගත් කල්හි , විකිරණශීලීතාවය සොයා ගන්නා ලදී. (පැරීසියේ සේවය කරන) මාරි කියුරි සහ ඇයගේ සැමියා පි
යෙර් කියුරි විකිරණශීලී මූලද්‍රව්‍ය දෙකක් අශුද්ධ යුරේනියම්වලින් වෙන් කරන ලදී. ඔවුන් විකිරණමිතික ක්‍රම යොදා ගනු ලැබුවේ සෑම රසායනික වෙන්කිරීමකදීම විකිරණශීලීතාවය ගමන් කරනු ලබන්නේ කුමන මාර්ගයකදැයි හඳුනාගැනීමටයි. යුරේනියම් ශුද්ධ ලෝහය ඔවුන් එකල ප්‍රසිද්ධ නොයෙකුත් රසායනික සංයෝගවල විකිරණශීලීතාවය මණින ලදී. ඉන්පසු ඔවුන් මෙම විකිරණශීලී කුඩා අංශු තවත් කුඩා කොටස්වලට වෙන් කළ අතර මෙලෙස සිදු කරන ලද්දේ විශේෂිත ක්‍රියාවලියක් සිදු කිරීමට කුඩා කොටස්වලට වෙන් කළ යුතු බැවිනි. (විකිරණශීලීතාවය , ස්කන්ධයෙන් බෙදන ලදී) මේ ආකාරයට ඔවුන් පොලෝනියම් සහ රේඩියම් වෙන් කරන ලදී. 1901 වර්ෂයේ දී අවධානයට යොමු වූ පරිදි මේ ආකාරයට ඉතා විශාල ප්‍රම‍ාණයේ විකිරණ මිනිසුන්ට හානිදායක විය හැකිය. බෙකරෙල් විකිරණ සාම්පලයක් තම සාක්කුවේ දමාගෙන යෑමට පුරුදු වී සිටි අතර, මේ නිසා විකිරණ විශාල ප්‍රමාණකට නිරාවරණය වීමෙන් විකිරණශීලී පිලිස්සීම්වලට ඔහු ලක් විය. මෙම ආපදාව හේතුවෙන් විකිරණවල ඇති ජීව විද්‍යාත්මක ගුණ අධ්‍යයනය කිරීමට පෙළඹුණ අතර, එයින් පසුව වෛද්‍ය ප්‍රතිකාරවල ද දියුණුවක් ඇති විය. මාරි කියුරිගේ දියණිය (ඉරේන් ජෝලියට් කියුරි) සහ ඇයගේ සැමියා වි
කිරණශීලීභාවය “නිර්මාණය” කිරීමේ ප්‍රමුඛයන් වූහ. ප්‍රෝටෝනවලින් අධික නයිට්‍රජන් සමස්ථානිකයක් නිර්මාණය සඳහා ඔවුහු ඇල්ෆා සංඝටක බොරෝන් සමග විචර්ෂණය කළහ. මෙම සමස්ථානිකය පොසිටෝන නිකුත් කරයි. මීට අමතරව, නව විකිරණශීලී සමස්ථානියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ඇලුමිනියම් සහ මැග්නීසියම් නියුට්‍රෝන සමග විචර්ෂණය කරන ලදී. කැන‍ඩාවේ සහ එංගලන්තයේ වැඩ කරමින් සිටි, අර්නස්ට් රදර්ෆර්ඩ් පෙන්ණුම් කරන ලද්දේ විකිරණශීලීභාවයේ පරිහානිය සරල සමීකරණයක් මගින් විස්තර කළ හැකි බවයි. (ප්‍රථම පන්තියේ රේඛීය ව්‍යුත්පන්න සමීකරණයක් වර්තමානයේ හඳුන්වනු ලබන්නේ ප්‍රථම පන්තියේ චාලක ශක්තිය ලෙසයි) මෙයින් අදහස් කරනු ලබන්නේ දෙනු ලබන විකිරණ සංඝටක අර්ධ ජීවකාලය ලක්ෂණ දක්නට ලැබෙන බවයි. (යම් මූලයක අඩංගු විකිරණ ප්‍රමාණය භාගයකින් අඩු කිරීමට ගන්නා කාලය) ඔහු විසින් ඇල්ෆා, බීටා හා ගැමා විකිරණ යන පද හඳුන්වා දෙන ලදී. ඔහු නයිට්‍රජන් , ඔක්සිජන් බවට පත් කළේය. එමෙන්ම විශේෂයෙන්ම ගයිගර් මාර්ස්ඩන් පරීක්ෂණය (ස්වර්ණ පත්‍ර පරීක්ෂණය) පරමාණුවක “ප්ලම් පුඩිම -ආකාරය” වැරදි බව පෙන්ණුම් කළේය. මෙම ප්ලම් - පුඩිම ආකාරය යෝජනා කරන ලද්දේ 1904 දී ජේ.ජේ. තොම්සන් විසිනි. මෙහිද
ී පරමාණුව සකස් වී ඇත්තේ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තුලිත කිරීමට සකස් වූ ධන ආරෝපිත “වළාකුලක්” මගිනි. රදර්ෆර්ඩ්ට නම්, ස්වර්ණ පත්‍ර පරීක්ෂාවෙන් අදහස් කෙරෙනුයේ, මුලින්ම පරමාණුවේ රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව ද ඉන් පසුව ක්‍රමයෙන් බොහර් ආකෘතියට අනුව ධන ආරෝපිත සීමා වන්ගේ ඉතා කුඩා න්‍යෂ්ටියකට පමණක් බවද ඉන්පසුව ක්‍රමයෙන් බෝර් ආකෘතියට අනුව ධන න්‍යෂ්ටිය වටා ඍණ ඉලෙක්ට්‍රෝන වටවී ඇති බවත් සඳහන් වුනි.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Nuclear_chemistry#Early_historyමෙම ලිපිය හෝ ලිපි කොටස ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙහි පරාසය.සැකිල්ල:ලෝකඩ යුගයඉන්දු නිම්න ශිෂ්ටාචාරය (ඉනිශි) වනාහී ඉන්දියානු උපමහාද්වීපයෙහි වයඹ දෙස ප්‍රදේශයෙහි ස්ථානගතව තිබූ ලෝකඩ යුග ශිෂ්ටාචාරයකි (3300–1300 ක්‍රිපූයු; පරිණත යුගය 2600–1900 ක්‍රිපූයු) [1].[2][3] ඉන්දු නදී ද්‍රෝණිය අවට ශ්‍රී විභූතියට පත් මෙම ශිෂ්ටාචාරය [n 1] ප්‍රාථමික ලෙසින් කේන්ද්‍රගත වී තිබී ඇත්තේ ඉන්දු සහ පන්ජාබ් ප්‍රදේශ ආශ්‍රයෙන් වන අතර, ගහ්ග්ගාර්-හක්රා නදී ද්‍රෝණිය හා[7] ගංගා-යමුනා දෙගංමැදිය දක්වා
විහිදී ‍ෙගාස්,[8][9] වර්තමාන පාකිස්තානයෙහි බොහෝ කොටස්ද, වත්මන් ඉන්දියාවෙහි බටහිර ප්‍රාන්තයන්ද ආවරණය කරතිබුවා මෙන්ම, අග්නිදිග ඇෆ්ගනිස්තානය, බලුකිස්තානයෙහි නැගෙනහිර කොටස, සහ ඉරානය දක්වා පැතිරගොස් තිබී ඇත.මෙම ශිෂ්ටාචාරයෙහි පරිණත යුගය හරප්පානු ශිෂ්ටාචාරය ලෙසින් හැඳින්වෙන්නේ, එහි නගර අතුරින් පළමුවැන්න, 1920 ගණන් වලදී, එකල බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහි (වර්තමානයෙහි පාකිස්තානය) පන්ජාබ් ප්‍රාන්තයෙහි පිහිටි හරප්පා හිදී නිරාවරණය කර ගනු ලැබූ නිසාවෙනි.[10] ඉනිශි අඩවියන්හී කැණීම් 1920 පටන් සිදුවූ අතර, වැදගත් පාරවේධනයන් 1999 තරම් මෑතදී පවා සිදු වී ඇත.[11] යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මොහෙන්ජො-දාරෝ, තවද සුපතල ඉනිශි පුරාවිද්‍යාත්මක අඩවියකි.හරප්පානු භාෂාව සෘජු ලෙසින් සාක්ෂ්‍යවත් කරගෙන නොමැති අතර හා එහි අනුබද්ධයන් පිළිබඳ අවබෝධයක් නොමැති වුවද, ප්‍රාක්-ද්‍රවිඩ, ඉලාමෝ-ද්‍රවිඩ, හෝ (පාර-) මුන්ඩා බන්ධුතාවයන් ඇති බවට ඉරවතම් මහාදේවන්, අස්කෝ පාර්පොලා, එෆ්.බී.ජේ. කුයිපර්, සහ මයිකල් විට්සෙල් වැනි ප්‍රාඥයන් විසින් ප්‍රකාශ කර ඇත.සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]සටහන්↑ මෙම ශිෂ්ටාචාරය සමහරවිට හැඳින්වෙන්නේ ඉන්දු ගහ්ග්ග
ාර්-හක්රා ශිෂ්ටාචාරය හෝ ඉන්දු-සරස්වතී ශිෂ්ටාචාරය ලෙසිනි. ඉන්දු-සරස්වතී යන පටබැඳිය පදනම්ව ඇත්තේ ගහ්ග්ගාර්-හක්රා නදිය සහ සෘග් වේදයෙහි නදීස්තූති සුක්තයෙහි එන සරස්වතී නදිය එකලෙසින් සැලකීම නිසාදෝ යැයි සිතුවද, භාෂාමය හා භූගෝලීය කරුණු පදනම් කොට ගෙන මෙම භාවිතය පිළිබඳ මතභේද පැන නැගී ඇත.[4][5][6]ආශ්‍රිත↑ http://www.harappa.com/har/indus-saraswati.html↑ සංරක්ෂිත පිටපත, http://uk.encarta.msn.com/encyclopedia_761556839/indus_valley_civilization.html, ප්‍රතිෂ්ඨාපනය 2011-03-24 ↑ http://www.mohenjodaro.net/mohenjodaroessay.html↑ චිං, ෆ්‍රැන්සිස් ඩී. කේ.; ජාර්සොම්බෙක්, මාක්;ප්‍රකාශ්, වික්‍රමධිත්‍ය (2006). අ ග්ලෝබල් හිස්ට්‍රි ඔෆ් ආකිටෙක්ච. හොබොකෙන්, එන්.ජේ.: ජේ. විලී සහ පුත්‍රයෝ. පිටු. 28–32. ISBN 0471268925. ↑ මැකිංටොෂ් 2001, පිටු අංකය: 24.↑ රට්නගර්, ෂෙරීන් (2006). ‍ට්‍රේඩිං එන්කවුන්ටර්ස්: ‍ෙෆ්‍රාම් ද යුප්‍රටීස් ටු ද ඉන්දූස් ඉන් ද බ්‍රොන්ස් ඒජ්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ඉන්දියාව. ISBN 019568088X. ↑ පොසෙල්, ජී. එල්. (1990). "රෙවලූෂන් ඉන් දි අර්බන් රෙවලූෂන්: දි ඉමර්ජන්ස්
ඔෆ් ඉන්දූස් අර්බනයිෂේෂන්". ඇනුවල් රිවීව් ඔෆ් ඇන්ත්‍රොපොලොජි. 19: 261–282. doi:10.1146/annurev.an.19.100190.001401. සම්ප්‍රවේශය 2007-05-06. {{cite journal}}: Unknown parameter |month= ignored (help) 263 පිටුවෙහි සිතියම බලන්න↑ ඉන්ඩියන් ආකියලොජි, අ රිවිව්. 1958-1959. එක්ස්කැවේෂන්ස් ඇට් අලම්ගිරිපූර්. ඩෙල්හි: Archaeol. Surv. India, pp. 51–52.↑ ලෙෂ්නික්, ලෝරන්ස් එස්. (1968). "ද හරප්ප්න් "පෝට්" ඇට් ලොතාල්: අනදර් විව්". ඇමරිකන් ඇන්ත්‍රපොලොජිස්ට්, නව ග්‍රන්ථමාලාව,. 70 (5): 911–922. doi:10.1525/aa.1968.70.5.02a00070. සම්ප්‍රවේශය 2007-05-06. {{cite journal}}: Unknown parameter |month= ignored (help)CS1 maint: extra punctuation (link)↑ බෙක්, රොජර් බී.; ලින්ඩා බ්ලැක්, ලැරී එස්. ක්‍රීගර්, පිලිෆ් සී. නේලර්, ඩාහියා ඉබෝ ෂාබාකා, (1999). වර්ල්ඩ් හිස්ට්‍රි: පැටර්න්ස් ඔෆ් ඉන්ටරැක්ෂන්. ඉවන්සටන්, ඉලි: මැක්ඩොගල් ලිටෙල්. ISBN 0-395-87274-X. ↑ "'අර්ලියස්ට් රයිටිං' ෆවුන්ඩ්". බීබීසී නිවුස්. 1999-05-04. http://news.bbc.co.uk/1/hi/sci/tech/334517.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-05. ඊශ්‍රායල, ගා
සා තීරය හා බටහිර ඉවුර සහ ගෝලන් හයිට්ස්ඊශ්‍රායල - පලස්තීන ගැටුම යනු ඊශ්‍රායලය හා පලස්තීන රාජ්‍යයන් අතර දිගු කලක පටන් අඛණ්ඩ පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි-ඊශ්‍රායල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතුව වී තිබෙන්නේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳව දෙරට අතර ඇතිව තිබෙන මතභේදයයි. ඊට"ද්වි-රාජ්‍යය විසඳීමක්" ඇතිකර ගැනීමට නොයෙක්වර උත්සාහගෙන ඇත. එනමුත් "ද්වි-රාජ්‍යය විසඳීමක් මඟින් සටන් ඇතිවී ඇති භූමියේ නිදහස් ඊශ්‍රායල ජනපදයක් හා පලස්තීන ජනපදයක් ඇතිකෙරේ. අද වන විට එවැනි විසදුමකට බොහෝ පලස්තීනුවන් හා ඊශ්‍රායෙල ජාතිකයන් එකඟ වී තිබෙන අතර ගාසා තීරයේ හා බටහිර ඉවුරේ අයිතිය පිළිබඳව ඇති ගැටළුව විසඳා ගැනීමට තිබෙන හොඳම විසඳුමද "ද්වි-රාජ්‍යය විසඳීම" බව ඔවුන් පවසයි.බොහෝ ඊශ්‍රායෙල ජාතිකයන්ද පිළිගන්නා පරිදි, බොහෝ පලස්තීනුවන්ගේද අදහස ගාසා තීරය හා බටහිර ඉවුර තම රාජ්‍යයට ඈඳා ගතයුතු බවයි. උගත් සුළු පිරිසක් පමණක් ගාසා තීරය හා බටහිර ඉවුර ඊශ්‍රායෙල හා පලස්තීන ජාතිකයින්ට සම අයිතිවාසිකම් ලැබෙන "තනි රාජ්‍යය විසඳුමක්" සුදුසු යැයි යෝජනා කර තිබේ. එනමුත් අවසාන එකඟවීම කෙසේ සිදුවිය යුතුද යන්න හා අන්‍යෝන්‍යය
දායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය පිළිබඳව තවමත් මතභේද පවතී.අභ්‍යන්තර හා අන්තර්ජාතික බොහෝ පිරිස් මෙම අර්බුදයට සම්බන්ධ වී තිබේ. සෘජුව මැදිහත්ව ඇති කණ්ඩායම් දෙක වන්නේ, එහුද් ඔල්මට් ගේ නායකත්වයෙන් යුක්ත ඊශ්‍රායෙල රජය හා මොහොමඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුක්ත පලස්තීන විමුක්ති සංවිධානයයි. නීත්‍යානුකූල සාකච්ඡා හසුරුවනු ලබන්නේ මැදපෙරදිග චතුරංගිය සේනා(Quartet on the Middle East) ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපා සංවිධානය හා එක්සත් ජාතීන්ගෙන් සමන්විත බල ඇණියක් මඟිනි.බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ද විශේෂ නියෝජිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු විසින් විකල්ප සාම ක්‍රියාදාමයක් යෝජනා කරනු ලැබ ඇත. අරාබි ලීගයද වැදගත් මැදිහත් කරුවෙකි. අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයකු වන ඊජිප්තුවද මෙම අර්බුදයට ‍ ඓතිහාසිකව සම්බන්ධ වුනු හවුල්කරුවෙකි.වසර 2006 සිට පලස්තීන ප්‍රදේශ ප්‍රධාන පාර්ශව දෙක අතර ඇතිවුණු සටන් නිසා බිඳී ගොස් ඇත. මෙම පාර්ශව දෙක වන්නේ ‍‍ෆටාහ් (Fatah) හා හමාස් (Hamas) නම් ඉස්ලාමික සටන් කණ්ඩායම් නිසාවෙනි. මෙම හේතුව නිසා පලස්තීන ජාතික අධිකාරිය පාලනය යටතේ තිබු ප්‍රදේශය බටහිර ඉවුර ‍ෆටාහ් සංවිධානය යටතද, ගාසා
තීරය හමාස් සංවිධානය යටතටද බෙදී තිබේ. හමාස් සංවිධානය, පලස්තීන 2006 ඡන්දය ජයග්‍රහණය කලද, ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායෙලය හා අනිකුත් රටවල් විසින් සලකනු ලබන නිසා මෙම බෙදීම ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය කර තිබේ. එම නිසා නීත්‍යානුකූල සාකච්ඡා වලට සහභාගී වීමටද ඔවුන්ට ඉඩ දෙනු නොලැබේ.මෑතකදී ඇතිවූ සාම සාකච්ඡා වටය 2007 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ අන්නපොලිස් (Annapolis) හීදි ආරම්භ විය. 2008 වසර අවසානය වනවිට මෙම අර්බුදය සමථයකට පත්කිරීම මෙම සාකච්ඡා වටයේදී අරමුණු කර ඇත. සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශව මඟින් අර්බුදයට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6ක් හඳුනාගෙන ඒවා "අවසාන තත්වය" විසඳීම සිදුකළ යුතු බවට එකඟ වී ඇත. හඳුනාගත් ගැටළු වන්නේ ජෙරුසලම, අනාථයන්, පදිංචිකිරීම්, ආරක්ෂාව, දේශසීමාවන් හා ජලය යන කාරණායි. සාකච්ඡා වටයේදී මෙම කාරණා පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරනු ලබයි.ඊශ්‍රායෙල හා පලස්තීන ජන සමාජයන් තුළ මෙම අර්බුදය පිළිබඳව බොහෝ මතවාද හා අදහස් ගොඩනැගී ඇත. ("සාම ක්‍රියාදාමය පිළිබඳව වූ ඊශ්‍රායල - පලස්තීන මත" යන ලිපිය ද කියවා බලන්න). මෙම මතභේදයට ගොදුරුව සිටින ජනකොටස් ඊශ්‍රායෙල හා පලස්තීනුවන් ලෙස පමණක් නොව ඔවුනොවුන් අත
ර වෙනත් බෙදීම්ද ඇතිකර ගෙන තිබේ. මෙම අර්බුදයේ වඩා සැලකිය යුතු කරුණක් වන්නේ මේ ජන කොටස් තුළ ඇතිව තිබෙන අධික ප්‍රචණ්ඩත්වයයි. දෙරටේ හමුදා හමුදා අතර ඇතිවන සටන් මඟින්ද, නිල නොලත් සටන්කරුවන්ද, ත්‍රස්තවාදීන් විසින්ද මෙහෙයවනු ලබයි. තුවාලකරුවන් හෝ මරණයට පත්වන්නන් හමුදාවට පමණක් නොව දෙපාර්ශවයේ අහිංසක ජනතාවට අයත් වේ. ඉතිහාසය[සංස්කරණය]ඊශ්‍රායල පලස්තීන ගැටුමට හේතුවන්නේ යුදෙව්වන් හා අරාබි ජාතිකයන් පලස්තීන උරුමකම් කීමයි. බ්‍රිතාන්‍ය මැදිහත් වීමෙන් හුසේන් - මැක්මෝහන් එකගතා ඇති කර ගත්තත් පලස්තීන සඳහා යුදෙව් - අරාබි ගැටුම අවස්න වුයේ නැත. ගැටුමේ මුල් 19වන සියවසේ අගභාගය දක්වා දිවෙයි. එහිදි ජාතික ව්‍යාපාර වල පිබිදීමක් ඇති වුන අතර පලස්තීණය තුළ යුදෙව් ජනාවාසයක් සදහා වන අරගලය හා ජාතිවාදය ඉන් ප්‍රධාන වේ. ස්යෝන්වාදය හෙවත් යුදෙව් ජාතික ව්‍යාපාරය 1897 දේශපාලන ව්‍යාපාරයක් ලෙස ස්ථාපනය වු අතර එය විශේෂයෙන් රැසියනු හි යුරෝපානු විරෝධි ( aniti – Semitisan) බවට එරෙහිව ඊට ප්‍රතිචාර දක්වනු වස් බිහිවු බවක් ප්‍රකාශණ වේ. මෙමගින් බලාපොරොත්තු වුයේ පලස්තීනය තුල යුදෙව් - ජාතික රාජ්‍යයක් බිහි කිරිමයි. ( මෙම යුදෙව් ප්‍රදේශය පැර
ණි යුදෙව් මවුබිමේ නමින් හෙවත් ˝ ඉරෙට්ස් ඊශ්‍රාලය ˝ ) එම ප්‍රයත්නය තුළින් ආරක්ෂිත ස්ථානයක් ලෙස හා ස්වයං පාලනය එහිදි ලබා ගත හැකියාව ඇත. එම අරමුණ මුදුන් පත් කරවා ගැනීමට ලෝක සියෝනියානු (යුදෙව්) සංවිධානය හා යුදෙව් ජාතික අරමුදල විසින් සංක්‍රමණ දිරි ගන්වන අතරම ඔටෝමන් පාලනයේ හා බ්‍රිතානයේ පාලනයේ ඇති පලස්තීන ප්‍රදේශය තුළ මිලට ගැනීමට අනුග්‍රහ දක්වන ලෙසට ඉල්ලීමක් කරන ලදී. ‍දෙවන ලෝක යුද්ධයෙන් පසුව හා ඔටෝමන් අධිරාජ්‍යය බිද වැටිමෙන් අනතුරැව සයිකස් - පිකට් ගිවිසුමට අනුව හා ජාතීන්ගේ සංගමයේ බලතල වලට අනුව පලස්තීනය මහ බ්‍රිතාන්‍යය බලය යටතට පත් කෙරැණි. එම භාරකාර කාලය තුළදී බ්‍රිතාන්‍ය විසින් ගැටුම් සදහා සම්බන්ධ කණ්ඩායම් 02ක සදහා ගැටුම් කාරි එකගතා කිහිපයක් සදහා එකගත්වය පළ කරන ලද අතර ඒ අතරින් යුසේන් මැක්මොහන් එකගතා හා බැල්ෆර් සම්මුතිය - 1917 විශේෂ වේ. අරාබි හා යුදෙව් පිරිස් අතර වු පීඩනය පුපුරා ගියේ භෞතික ප්‍රචණ්ඩත්වය ප්‍රථිපලයක් ලෙස උරැම කරමින්ය. 1920 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1921 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1929 පලස්තීනයේ අරාබි කැරැල්ල ඊට උදාහරණ කිහිපයකි.සාම ක්‍රියාවලිය[සංස්කරණය]2000 ඩේවිඩ් කඳවුරු සමුළු
ව[සංස්කරණය]2000 වසරේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් හා ඊශ්‍රායෙල අගමැති ඊහුඩ් බැරක් අතර සාම සාකච්ඡා කැඳවීය. වාර්තාවන අන්දමට එහිදී බැරක් විසින් පලස්තීන නායකයාට කරන ලද යෝජනාව මෙසේය. එනම් බටහිර ඉවුරෙන් හා ගාසා තීරයෙන් දළ වශයෙන් 95% ක් නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ස්වෛරීත්වය යටතේ පැවැත්වීමටද යුදෙව් ජනාවාස 69 ක් (එය බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලින් 85 % ක් අයත් කර ගනී) ඊශ්‍රායෙලයට පවරා ගැනීම ද යෝජනා කළේය. මේ අතර මොහු බටහිර ඉවුරේ ප්‍රදේශවල 10% ක ප්‍රදේශයක තාවකාලික ඊශ්‍රායෙල පාලනයක් යෝජනා කළ අතර එම ප්‍රදේශයේ යුදෙව් ජනාවාස රැසක් පැවතිණි. පලස්තීන මූලාශ්‍රයන්ට අනුව ඉතිරි ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පවතිනු ඇත. තවදුරටත් ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායෙල කෙටි මාර්ග හා මුර කුටිවලින් භේදනයට ලක්විය හැකිය. ආරක්ෂක මාර්ග ඇති වන්නේ කෙසේද යන්න මත පදනම්ව මෙම ඊශ්‍රායෙල මාර්ග ඔවුන්ගේ යෝජිත රාජ්‍යය පුරා නිදහසේ සැරිසැරීම අවහිර කරන අතර පලස්තීන සරණාගතයන් අවශෝෂණයට ඇති හැකියාව අවම කරනු ඇත.ජනාධිපති අර්ෆත් මෙම පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළේය. වාර්තාවන අන්දමට ජනාධිපති ක්ලින්ටන් විසින් අර්ෆත්ට සාධාරණ ප
්‍රදානයක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටියද ඔහු කිසිවක් යෝජනා කර නැත. ඊශ්‍රායෙලය හා පලස්තීන ඉල්ලීම් සංසිදුවන ස්ථාවර විසඳුමක් එක්සත් ජනපද පීඩනයේ තීව්‍රතාව වැඩිවන ආකාරයෙන් යෝජනා නොවීය. ඩේවිඩ් කඳවුරු සමුළුවේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ක්ලින්ටන් ජනාධිපතිවරයා පලස්තීන නායක අර්ෆත්ට බැන වැදිණි. සමුළුවෙන් පසු ගෙවීගිය මාසවලදී ක්ලින්ටන් හිටපු සෙනෙට් සභික ජෝජ් මිචෙල්ව කරුණූ සොයාබැලීමේ කමිටුවක නායකත්වයට පත්කළහ. ඔවුන් විසින් පසුව මිචෙල් වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව තාබා සමුළුවේදී 2001 ජනවාරි මාසයේදී ඊශ්‍රායෙල සාකච්ඡා කණ්ඩායම නව සිතියමක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවේදී තාවකාලික ඊශ්‍රායෙල පාලන ප්‍රදේශ ඉවත් කළ අතර පලස්තීන පාර්ශවය මෙම යෝජනාව තව දුරටත් සලකා බැලිය හැකි එකක් බව පිළිගත්තේය. මේ වකවානුවේදී අගමැති බැරක් තව දුරටත් සලකා බැලීම සිදු නොකළ අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. ඊළඟ මාසයේදී එනම් 2001 පෙබරවාරිවලදී දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ අපේක්ෂක ඒරියල් ෂැරොන්ව ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙස තෝරා ගන්නා ලදී.සාමය සදහා වන මාර්ග සිතියම[සංස්කරණය]යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් චතුරංග සාමාජිකයන් වන රැසියාව, එක්සත් ජා
තීන්ගේ සංවිධානය, හා ඇ.එ.ජ. විසින් 2002 සැප්තැම්බර් 17 වන දා ඉදිරිපත්කරන ලද එක් සාම යෝජනාවකි. මෙම යෝජනාව ඉතා දුෂ්කර ගැටළු වන ජේරැසලම හෝ ඊශ්‍රායල ගැටුම් වල විසදුම ඉරණම වැනි පිළිබද වැඩි අවධානයක් යොමු කොට නැති නමුත් එවන් ගැටළු සාම ක්‍රියාවලියේ දී පසුව සාකච්ඡා කිරිම සදහා යෝජනා කොට ඇත. ඊශ්‍රායලය විසින් ලිඛිතව මෙම යෝජනාව පිළිගත්තේ නැති වුවත් එම යෝජනාවලියට ˝ එක් විය යුතු කරැණු˝ හෝ වෙනස් විය යුතු කොන්දේසි 14ක් ඉදිරිපත් කර ඇත. එහෙත් මෙම වෙනස්කම් පලස්තීන රජය විසින් අනුමත කරනු ලැබුවේ නැත. සම්මුතිය එහි පළමු පියවරෙන්ම අසාර්ථක විය. ඊශ්‍රායල විසදුම් මෙන්ම ඊශ්‍රායල පලස්තීන රජය විසින් අනුමත කරණු ලැබුවේ නැත. සම්මුතිය එහි පළමු පියවරෙන්ම අසාර්ථක විය. ඊශ්‍රායල විසදුම් මෙන්ම ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩත්වය නවත්වා දැමීම යන කාරණා 02කම මේ නිසා ඉටු නොවීය. 2007 අවසාන භාගයේ සිට නැවතත් නැණපොලිස් සමුළුව හරහා ˝ සාමය සදහා මාර්ග සිතියම˝ පිළීබද සාකච්ඡා ආරම්භ වු අතර 2008 මුල් භාගය වනවිටත් යම් ප්‍රගතියක් ලබා ගනිමින් පසු විය. අරාබි සාම ප්‍රයත්නය[සංස්කරණය]˝ අරාබි සාම ප්‍රයත්නය ˝ යනු බේරූට් සමුළුවේ දී ( Beirut Summit)
සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන අබ්දුල්ලා විසින් යෝජනා කරන ලද්දකි. අරාබි - ඊශ්‍රායල ගැටුමට පොදුවේ විසදුම් සෙවීමත් විශේෂයෙන් ඊශ්‍රායල - පලස්තීන ගැටුමට ප්‍රතිකර්ම සෙවීමත් මෙම යෝජනාවල අරමුණයි.මෙම යෝජනා 2002 මාර්තු 28 වන දින බේරැට් සමුළුවේ දී ප්‍රකාශයට පත් විය. නැවතත් 2007 දී පැවැති රියාද් සමුළුවේදී (Riyadh Summit) ඊට අනුමැතිය ලැබුණි. හමාස් හා ෆාටා පලස්තීන සංවිධාන ය දෙකේම මෙන්ම අරාබි ලීගයේ සියළු සමාජිකයන් ගේ අනුමැතිය මීට පළ විය. ‍1967 දින හයේ යුද්ධයට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අනුමත කල දේශ සීමා තරණය අවසන් විසදුම ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාව ඊට පෙර ක්‍රියාත්මක වීමට නියමිත ˝ සාමය සදහා වන මාර්ග සිතියම ˝ යෝජනාවලියට වඩා වෙනස් වේ. ඊශ්‍රාලයේ සමග සබදතා සාමාන්‍යය පත් කිරිම සදහා බලෙන් අත්පත් කර ගත් ප්‍රදේශ වල හමුදා ඉවත් කර දැමීමටත් බටහිර ඉවුර හා ගාසා තීරය නැගෙන ජේරැසලම ප්‍රධාන අග නගරය කරගත් නිදහස් පලස්තීනය තුළ පිළිගැනීඹටත් පලස්තීන සරණාගතයන්ට ˝ සාධාරන විසදුමක් ලබා දීමටත් මෙම ගිවිසුම යෝජනා ඉදිරිපත් කරන ලදී. 2002 දී ‍මෙම යෝජනාවලිය ඉදිරිපත්කරන විටම ඊශ්‍රායලය විසින් එය ප්‍රතික්ෂේප කරන ල
ැබුවත්, අරාබිලීගය විසින් මෙම යෝජනාව නැවත නැවතත් ගෙන එමින් එය ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් බවට, විශේෂයෙන්ම 2007 දී ඒත්තු ගැන්වීමේ උත්සහයක නිරතව සිටි. එමෙන්ම ඉතා මැතකදි ඊශ්‍රායලය හා අරාබි ලීගය අතර සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණි. අරාබි නායක හාරෙට්ස් විසින් 2008 පෙබරවාරියේ දී මෙම ගිවිසුම හකුලා ගන්නා ලෙසත් එසේ නොමැති නම් ඊශ්‍රායලය ප්‍රකාශණාත්මකව මෙම යෝජනාව පිලිගැනීමට හැකි බව පවසයි.වර්තමානයේ මතභේදයට ලක්ව ඇති කරුණු[සංස්කරණය]මූලික කාරණා[සංස්කරණය]දෙපාර්ශවය අතර සාකච්ඡා මාර්ගයෙන් විසදුමක් කරා ඒම මුලික කොට ගෙන විවිධ යෝජනා ඉදිරිපත් විය. ඔස්ලෝ සම්මුති 1993 දී කෙටුම්පත් කලාට පසුව ඊශ්‍රායල රජය හා පලස්තීන ජාතික අධිකාරිය (PNA)විසින් රාජ්‍ය දෙකක විසදුමක් සදහා නිල වශයෙන් කැප විය. ප්‍රධාන හෝ අවසන් තත්වය පිළිබඳ ගැටළු හයක් සදහා විසදුම් සොයා ගත යුතුව ඇත. ජෙරුසලම[සංස්කරණය]ජෙරුසලමේ මායිම පිළිබදව වන ගැටළුව නිතර විවාදයට තුඩු දෙන අතර රටවල් 02කට මෙම ප්‍රදේශයේ අයිතිය උරුම කියි පායි. ඒබ්‍රහම් ය ආගම් වන යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය, හා ඉස්ලාම් ආගම, එම ආගම් වල ඓතිහාසික ඉගැන්වීම වල දී ජෙරුසලම පිළිබද සුවිශේ
ෂි කඩ ඉමක් ලබා දී ඇත. ඊශ්‍රාලය අනුව නගරය දෙකඩ නොකිරිමත් එය ඊශ්‍රාලයේ දේශපාලන පාලනයට යටත්ව තිබිය යුතු බවත් විශ්වාස කරයි. පලස්තීනය ප්‍රකාශ කරන්නේ 1967 ජුනි වලට ප්‍රථම ඊශ්‍රායලය සතු නොවු ජෙරුසලමේ ප්‍රදේශ පලස්තිනුවන් වෙත ලබා දිය යුතු බවයි. 2005 වනවිට, ජේරුසලමේ ජනගහනය 719,000 වැඩිහිටියන් විය; ඉන් 465,000 ක් යුදෙව්වන් විය. (බොහෝ පිරිස බටහිර ජේරුසලමේ පදිංචිව සිටි) ; 232,000 ප්‍රමාණයක් මුස්ලිම්වරුන්ය (නැගෙන ජේරුසලම තුළ වැඩි ප්‍රමාණයක් ජිවත් වේ.)ඊශ්‍රායලය විසින් ක්නෙසට් මා ශ්‍රේෂ්ඨාධිකරණය බ‍ටහිර ජෙරුසලමේ ˝නව නගරය මධ්‍යයේ පිහිටා ඇත˝ඒවා ඊශ්‍රාලය බිහිවු 1948 සිට ස්ථාපනය වී පැවතුනි. දින හයේ යුද්ධයේන පසුව ජෝර්දානය පාලනය කළ නැගෙනහිර ජේරුසලම තම යටතට ගත් ඊශ්‍රායලය නිල වශයෙන් එය ඊශ්‍රායලයට ඇදා ගන්නා ලදී. ඊශ්‍රායලය විසින් ˝ නව නිතියක් පනවමින් ප්‍රකාශ කලේ සම්පුර්ණ වු හා එක්සත් වු ජෙරුසලම ඊශ්‍රායලය අගනුවරයි˝. 2002 – 2001 දි පැවැත්වු කෑම්ප් ඩේවිඩ් හා ටබා සමුළුවල දී එක්සත් ජාතීන්ගේ සංගමය යෝජනා කරන ලද්දක් වුයේ ජෙරුසලමේ අරාබි කොටස් / ප්‍රදේශ යෝජනා කරන ලද පලස්තින රාජ්‍යයකට ලබා දිය යුතු බවත් ජෙරුසලමේ යුදෙව් ප
්‍රදේශ ඊශ්‍රායල විසින් තබා ගත යුතු බවත් ය. ˝Temple mount˝ ආශ්‍රිත සියළු පුරා විදයාත්මක කැනීම් ඊශ්‍රායල පලස්තීන රජයන් සාමුහිකව පාලනය කළ යුතු වේ. දෙපාර්ශවයම එම යෝජිත මුලධර්මයට එකග වුවත් මෙම සමුළුවාර අවසානයේ අසාර්ථක විය. ඊශ්‍රායලය විසින් යුසෙව් පුජනීය ස්ථාන වල සුභ සාධනය පිළිබදව පලස්තීන පැවරිම පිළිබදව සළකා බලන ලදී. ජෙරුසලම ජෝර්දානය යටතේ පවතින විට බටහිර ප්‍රාකාරය ට කිසිම යුදෙව්වෙකුට ඇතුල් වීඹට අයිතියක් තිබුනේ නැත. 2000 දී යුදෙව් හා මුස්ලිම් වරුන් පුජනීයැයි සළකන ජෝසප්ගේ සොහොන පිළිබද පලස්තීනුවන් ගේ මතභේදයක් ඇති විය. දෙපාර්ශවයේ දී බුහුමට පාත්‍ර වු සොහොන කොල්ලකා එහි තිබු ගොඩනැගිලි විනාශ කර එය පල්ලියක් බවට පරිවර්තනය කරන ලදී, බටහිර ප්‍රාකාරයට තර්ජනයක් වන පරිදි අනවසර පලස්තීන කැනීම් ජේරුසලමේ භුමිය තුළ සිදු වුයේ තවත් ගොඩනැගීම් කිහිපයක් සදහාය. මෙම ක්‍රියාමාර්ගය බටහිර ප්‍රාකාරය ශක්තිමත් බවට තර්ජනයක් ඇති කරන ලද්දක් සේ සැළකේ. ඊශ්‍රාලය අනෙක් පසෙන් බැලු විට පුජනීය ස්ථානවලට ලගා වීම සදහා බාධා කරනු ලැබ ඇත්තේ ඉතා කලාතුරකින්ය. එය කිසි දිනෙක නිත්‍ය බාධා කිරිමක් නොවීය. ඊශ්‍රායලය ආරක්ෂක ආයතන විසින් පසුගිය වසර
20 පුරාම කරන ලද සෝදිසි කිරිම් වල දී යම් යම් සැළසුම් වලට සම්බන්ධ යුදෙව් අන්තවාදීන් විශාල ප්‍රමාණයක් පිළිබදව අවධානයෙන් සිටි අතර ඔවුන් අත්තඩංගුවට ද පත්ව තිබේ. එහෙත් එම අන්තවාදීන්ගෙන් සැළකිය යුතු මට්ටමේ අනතුරක් සිදුවී නොමැත. ඊට අමතරව, ඊශ්‍රායලය විසින් ˝Temple mount˝ සම්බන්ධ පුර්ණ අයිතිය මුස්ලිම් භාරකාරත්වය (වක්ෆ් - Waqf) වෙත හිමි කර දුන්නේය.පලස්තීන සරණාගතයින්[සංස්කරණය]2002 පැවති දෙවැනි ඉන්ටිෆාඩා සමයේදී කඩා දමන ලද බලාටා සරණාගත කඳවුරඊශ්‍රායෙල රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය පලස්තීනුවන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 4 ක් පමණ වේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී යෝජනා කර සම්මත කරගන්නා ලද කරුණු සාක්ෂි වශයෙන් පෙන්වා දෙමින් 1948 සහ 1967 යුද්ධය නිසා අනාථ වූ පිරිසට සහ ඔවුන්ගේ දරුවන් හට එම යුද්ධවලට කලින් ඔවුන් සිටි ප්‍රදේශවලට යාමට ඔවුන්ට අයිතියක් තිබෙන බව පලස්තීනය වෙනුවෙන් කථා කළ මැදිහත්කරුවෝ අවධාරණය කර සිටියහ. මෙම අනාථ පිරිසට 1949 සටන් විරාම සමයේ තාවකාලික වාසස්ථානවල සිටි අයද ඇතුළත් වෙයි.2002 අරාබි සා
ම ඇරඹුම, අනාථ ගැටළුවට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙන් සමතය වීමට යෝජනා කළ බව ප්‍රකාශ කරන ලදී. පලස්තීන ජාතිකයින් සහ අන්තර්ජාතික ප්‍රධානින් කාරණා කීපයක් මත පලස්තීන අනාථයින්ට ආපසු පැමිණීමට තිබෙන අයිතිය සාධාරණීකරණය කළහ.මූලික වශයෙන් කීප දෙනෙක් හැගන්, ලෙගි සහ ඉර්ගුන් ක්‍රියා හේතුවෙන් පලස්තීනුවන්ට පිටමං වීමට සිදු වුණු බව ප්‍රකාශ කළහ. “1947/12/1 - 1948/6/1 කාලය තුළ පලස්තීන අරාබිවරුන්ගේ විගමනය” නමැති හැගනොන් බුද්ධි තොරතුරු වාර්තාවකින් පහත කරුණු තහවුරු කරයි.පිටමං වූවන්ගෙන් අඩු ගණනේ 55% ක ප්‍රමාණයකට එසේ පිටමං වීමට සිදු වූයේ අපගේ (හැගනාහ්/DF) ක්‍රියා කාරකම් හේතුවෙනි. ලෙහි සහ ඉර්ගුන් ක්‍රියාකාරකම් මෙම විගමනයන්ගෙන් 15% කට සෘජු ලෙසම බලපෑ බව. සම්පාදකවරු කියා සිටියහ. තවත් 2% ක් ඊශ්‍රායෙල හමුදා විසින් නිකුත් කරන ලද නෙරපීම් නියෝග නිසාද 1% ක් පැවති තත්ත්වය ඔවුන්ගේ මානසික වශයෙන් ඇඳ වැටීම නිසාද සිදු විය. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම විගමනයන්ගෙන් 73% ක් කෙලින්ම ඊශ්‍රායෙලවරුන්ගේ ක්‍රියාවන් නිසා සිදු වූ බවකි. මෙයට අමතරව 22% ක ප්‍රමාණයක් වෙන්වීමට හේතු වූයේ පලස්තීන ජනතාව පෙළුණු බිය සහ අවිශ්වාසය නිසා බැව් එ