text
stringlengths
0
1k
ාත්‍රාවකට ලක්වේ. මෙයින් 12 µSv ක්ම ආහාර සමඟ ශරීරයට ඇතුළුවන 14C නිසාය.පෘථිවිය මත කොස්මික් කිරණ වල බලපෑම[සංස්කරණය]වායුගෝලීය රසායනය (Atmospheric chemistry) වෙනස් කිරීම කරෙහි කොස්මික් කිරණ ඍජුවම බලපෑම් ඇති කරයි. කොස්මික් කිරණ මගින් වායුගෝලයේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අණු අයනීකරණයට ලක්කරණ නිසා සිදුවන සංසිද්ධීන් අතර ඕසෝන් ස්ථරය තුනී වීම ප්‍රධාන ස්ථානයක් ගනී.එසේම විද්යුත් පද්ධති (electronic systems) කෙරෙහිද කොස්මික් කිරණ අහිතකර බලපෑම් ඇති කරයි. විශේෂයෙන් මුහුදු මට්ටමේ දී දක්නට නොලැබුණද ඉහළ උන්නතාංශයන්හිදී විද්‍යුත් උපකරණ වල ඇති සංගෘහිත පරිපථ (IC) වල දෝෂ ඇති කරවීමට, මතක දත්තයන් (memory data) විනාශ කිරීම වැනි කාර්යයන් කිරීමට කොස්මික් කිරණ වලට හැකියාව ඇත. කෘත්‍රිම චන්ද්‍රිකාවන් හි, ගුවන් යානාවන් හි කාර්මික දෝෂ ඇතිවීමටද මෙම කොස්මික් කිරණ බලපායි.ස්වභාවික පරිසරයේ විකිරණ මට්ටම වැඩි කර වීමේ ලා කොස්මික් කිරණ සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරයි. ස්වභාවිත පරිසරයේ වාර්ෂික විකිරණ මාත්‍රාව 2.4 mSv වන අතර ඒ සඳහා කොස්මික් කිරණ වල දායකත්වය 0.39 mSv වේ.ලාදුරු රෝගයවර්ගීකරණය සහ බාහිර සම්පත්ලාදුරු රෝගය වැලඳු
න 24 වියැති පුද්ගලයෙක්.ICD-10A30.ICD-9030OMIM246300DiseasesDB8478MedlinePlus001347eMedicinemed/1281 derm/223 neuro/187MeSHC01.252.410.040.552.386ලාදුරුලාදුරු රෝගය - leprosyලාදුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්‌. නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ තිබෙනවා.මයිකෝබැක්‌ටීරියම් ලෙප්‍රේ කියන දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකිනුයි ලාදුරු බෝ වන්නේ. බෝ නො වන වර්ගය පෝසි බැසිලරි හෙවත් PB යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් MB යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. බෝ වන වර්ගයේ ලාදුරු හැදුණු කෙනකු ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න ඉඩ තිබෙනවා. බැක්‌ටීරියා නාශක ඖෂධ දින 3ක කෙටි කාලයක්‌ තුළ රෝග කාරක බැක්‌ටීරියාව විනාශ කරන නිසා ප්‍රතිකාර ගන්නා රෝගියකු ගෙන් කෙනකුට බෝ වෙන්නේ නෑ. මේ රෝගය බෝ වෙන්නේ ප්‍රතිකාර නො ගන්නා රෝගියකු ගෙන් පමණයි. ප්‍රතිකාර නො ගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විටත් කිවිසුම් පිටවන විටත් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිට වන කෙළ බිඳිති වෙනත් කෙනකුට රෝගය බෝ කිරීමට හේතුවක්‌ වෙනවා. කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක්‌ ශරීරයේ ගැබ් වී
තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි. සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‌ෂණය. මෙවැනි ලප එකක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් මූලික ලක්‌ෂණ කිහිපයක්‌. නොකඩවා හිරි වැටීම් තිබෙන්නටත් පුළුවන්. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල දක්‌නට ලැබෙනවා. රෝගයේ මුල් අවස්‌ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව තිබෙනවා"කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස්‌ වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ මාස 6ක්‌ තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක්‌ ඇතුළත් වෙනවා.
මේ ඖෂධ මාස 12ක කාලයක්‌ තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක්‌ රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. මසකට වරක්‌ ලබාගන්නා rifampicin 300 නම් ඖෂධය නිසා මසකට වරක්‌ ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන clofazimine නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.තචද Dapsone නැමැති ඔෂධය සමහරක් රෝගීන් හට අසත්මිකතා ඇති කරයි (හිසේ කැක්කුම/ඇස් රිදීම/උණ/ මුහුණ සහ පපුව රතු වීම/ තොල් ඉදිමීම) එවිට වහාම ප්‍රතිකාර නතර කර රෝහලේ සායනයට සහභාගි වි ප්‍රතිකාර ක්‍රමය වෙනස් කර ගත යුතුය.6 month regimen for Paucibacillary (PB) Leprosy DapsoneRifampicinAdult50 - 70 kg100 mgGiven daily600 mgGiven once a month under supervisionChild10 - 14 yearsa50 mgGiven daily450 mgGiven once a month under superv
ision12 month regimen for Multibacillary (MB) Leprosy DapsoneRifampicinClofazimineAdult50 - 70 kg100 mgGiven daily600 mgGiven once a month under supervision50 mgGiven dailyAND300 mgGiven once a month under supervisionChild10 - 14 yearsb50 mgGiven daily450 mgGiven once a month under supervision50 mgGiven every other dayAND150 mgGiven once a month under supervisionහඳුනා ගැනීම[සංස්කරණය]ආකාර 2 කි.සායනික හඳුනා ගැනීම.රසායනාගාර පරීක්ෂණ මගින් හඳුනා ගැනීම (හා තහවුරු කිරීම.)සායනික හඳුනා ගැනීමමෙහිදී සිදු වන්නේ රෝගියා ගේ බාහිර රෝග ලක්ෂණ මගින් එනම් සමේ ඇති වී තිබෙන ලප ආදිය මගින් හා හැඟීම් දැනීම් නැතිවී යාම් හා හිරි ගතිය ආදිය මගින් රෝග විනිශ්චය කිරීම යි. නමුත් රෝගය මුල් අවස්ථාවේ දී මෙන්ම වෙනත් සමේ රෝග තත්වයන් නිසා ඇතැම් විට සායනික හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ . රසායනාගාර පරීක්ෂණලාදුරු රෝගය හඳුනා ගැනීම සඳහා ප්‍රධානතම පරීක්ෂණය වන්නේ සමේ ඇති ලප ගැටිති ආදිය මගින් ලබා ගන්නා සාම්පල වල ලාදුරු රෝග කාරක බැක්ටීරියාව සිටීදැයි අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීම යි.මෙහිදී
සිදු වන්නේ කුඩා ශල්‍ය පිහි තුඩක් (surgical blade) මගින් අදාල ස්ථානයේ මිලි මීටර් 2 පමණ ගැඹුරට කැපුමක් යොදා රුධිරය මිශ්‍ර නොවන ලෙස සමේ ස්තරයක් සූරා ලබා ගෙන වීදුරු කදාවක තවරා, සීල් නීල්සන් ක්‍රමයට වර්ණ ගන්වා අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීමයි. vteබෝවන රෝග සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාවක්ෂේත්‍ර(ව්‍යාධිජනකයන්)Major diseasesබැක්ටීරියාවේදය (බැක්ටීරියා)කොලරාවඩිප්තීරියාවලාදුරුඋපදංශය (සිෆිලිස්)ක්‍ෂය රෝගයවෛරසවේදය (වෛරස, ප්‍රියෝන)ඒඩ්ස්ඉන්ෆ්ලුවෙන්සාසරම්පපෝලියෝවසූරියදිලීරවේදය (දිලීර)AspergillosisCandidiasisTineaපරපෝෂීවේදය (ප්‍රොටෝසෝවා, helminths)ඇමීබික අතීසාරයකොකු පණුමැලේරියාවSchistosomiasisEntomology (බහිෂ්පරපෝෂිතයන්)LiceScabiesවැදගත් පුද්ගලයින්ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංඑඩ්වඩ් ජෙනර්Robert Kochලුවී පාස්චර්ඉග්නස් සෙමල්වයිස්අදාළ මාතෘකාප්‍රතිජීවකEradicationමහා වසංගත (Pandemic)සම්ප්‍රේෂණයhorizontalverticalඑන්නත්කරණයZoonosisඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesJapanCzech Republicවෙනත්Historical Dictionary of SwitzerlandNARAමෙම ලිපිය තව
මත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteBilavalථාට්Bilavalප්‍රකාරයSampurna (7 by 7 )ආරෝහණSa Re Ga ma, Ga Pa, Dha Ni Dha Ni Sa'අවරෝහණSa' Ni Dha, Pa, ma Ga, Ma Re Saපකඩ්Ga Re, Ga Pa Dha Pa, ma Ga, ma Re SaGa Re Ga Pa, Dha Ni Sa'Sa' Ni Dha Pa, ma Ga Ma Re Saවාදීධසංවාදීගපර්යවාචීBilawalසමානSankarabharanamIonian modeබිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි. මෙය බිලාවල් මේලය ආශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතයසංකල්පස්‍රැතිස්වරරාගඅලංකාරතාලඝරණසංගීත භාණ්ඩප්‍රභේදධ්‍රැපද්ධමාර්ඛ්‍යාල්තරාණාඨුම්රිධද්‍රාකව්වාලිඝසල්ථාටබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභෛරවීතෝඩිපූර්විකළ්‍යාණමාර්වාතාලදාදරාත්‍රිතාල්කෙහෙර්වාඣප්දීප්චන්‍දිලාවණීඒක්
රාගබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභීම්පලාශ්‍රීයමන්භෛරවීතෝඩිපූර්විමාර්වාභූපාලිvteරාග විවරණබිලාවල් රාගයරාග විවරණථාටය (මේලය)බිලාවල්ආරෝහණස, රි, ග, ම, ප, ධ, නි, සඅවරෝහණස, නි, ධ, ප, ම, ග, රි, සජාතියසම්පූර්ණ - සම්පූර්ණවාදී ස්වරයධසංවාදී ස්වරයගමුඛ්‍යාංගයග රි ග ප ධ නි සගායන සමයදිවා ප්‍රථම ප්‍රහරයරසශාන්ති හා ශෘංගාරසර්ගම් ගීතයබිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.තාලය- ත්‍රිතාලයස්ථායිX        /2        / 0       / 3G P D N / S - D P / M G M R / S R S -G - M R / G P D N / S N D P / M G R Sඅන්තරාP P D N / S - S S / D N S R / S N D PG R S N / D P N D / S N D P / M G R Sලක්‍ෂණ ගීතයබිලාවල් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.බිලාවල් ථාටයට අයත් අනිකුත් රාගදේශ්කාර්හම්සධ්වානිශන්කරාකුකුභ්ශුඛියාශුක්ලදේවගිරිඅලහෛය බිලාවල්බාහිර සබැඳුම්SRA on Samay and RagasSRA on Ragas and Thaatsරාජන් පරික්කාර්ගේ රාගලිපිGurmat Sangeet Projectආසියානු සංගීතය පිළිබඳ රාජ් විද්‍යායතනයSikhnet: Shabad for Printingvteහින්දුස්ථ
ානී සංගීතයසංකල්පස්වර · තාල · ලය · රාග · ශ්‍රැතිය · Bandish · අලංකාර · Riyazසංගීත භාණ්ඩතාම්පුරාව · තබ්ලාව · බන්සුරි · සිතාරය · සරෝදය · සාරංගිය · සර්පිනාව · සන්තූරය · ෂෙහ්නායිප්‍රභේදධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල්අර්ධ පෞරාණික ප්‍රභේදථුම්රි · දධ්‍රා · ටප්පා · ඛජ්රි · චෛටි · භජන් · අභංග් · නාට්‍ය ගීත · කව්වාලි · ඝසල්ථාටබිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණිපැල තාවානක්තවානක් (ඉංග්‍රීසි:  Plant nursery) යනු ක්ෂේත‍්‍රයේ යම් ස්ථානයක බීජ හෝ ශාක කොටස් රෝපනය කර වැවීමට සූදුසූ තරම් විශාල වන තෙක් ඒවා ආරක්ෂාකර තබා ගන්නා ස්ථානයකි. කුඩා පැළ වර්ෂාපතනය, උෂ්නත්වය හා ජල හිඟය, වැනි සාධක නිසා විනාශ විය හැකි බැවින් එම අහිතකර තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට තවත් ඉවහල් වේ.තවාන් අවශ්‍යතාව[සංස්කරණය]තවාන කරුණු කිහිපයක් නිසා වැදගත් වේ.නිරෝගි පැළ ලබාගත හැකි වීම[සංස්කරණය]තවාන් ලෙස භාවිතා කරන්නේ කුඩා ප‍්‍රදේශයක් නිසා හොඳින් රැකබලා ගැනීමට ද පහසුවෙ.ඵම කුඩා බිමේ කුඩා පැළ අධික වර්ෂාව, අධික උෂ්නත්වය,සුළග කෘමිරෝග ආදියෙන් ආර
ක්ෂා කරගැනීමට පුළුවනි.ජලහිග අවස්තාවකදී ජලය සැපයීමද කළහැක.ආවරණ මගින් සෙවණ සැපයීමත්,පොහොර හා කෘමීරසායන යෙදීමත් පහසූ ‍වේ.වගාබීමේ ඒකාකාර වගාවක් ඇතී කරගැනීම[සංස්කරණය]තවාන් පැළ වගාබීමේ පැළ කිරීම මගීන් ඒකාකාර වගාවක් ඇතී කරගැනීමට හැකීවෙයි. පැළ කිරීම සදහා තවානෙන් ගලවා ගන්නේවඩා හොදීන් වැඩුනු පැළ පමණකි.ඵබැවින් වගා බිමේ ශාක ඉතා හොදින් හා පෘෂ්ඨිමත්ව වැ‍ඩෙනු ඇත.අඩු බිජ පමාණයක් යෙදිය හැකි වීම[සංස්කරණය]තවානක් දැමිමේදී අවශ්‍ය වන්නේ අඩු බීජ පමාණයකි .වී හා එලවළු වැනි වගාවන් සදහා බිජ වැපිරීම හෝ දැමිම කළහොත් විශාල බිජසංඛ්‍යාවක් වැය වේ. බටු වගාව සදහා බීජ දමන්නේ නමි හෙක්ටයාර් එකකට බිජ 80000 ක් පමණ අවශ්‍ය වේ. නමුත් තවාන් පැළ සිටුවන්නේ නම් පැළ 10000ක් ප‍්‍රමාණවත් වේ.වගා බිම සකස් කර ගැනීමට කාලයක් ඉතිරි වීම[සංස්කරණය]මෙය වාසියකි. එමෙන්ම වගා බිම සකස් කර ගන්නා කාලයේදී තවාන් පැල වලට වැඩි සාත්තුවක්ද දීමට හැකිය. ලීක්ස් වැනි බෝග සති 8-10 අතර පමාණයක් තවානේ පවතී.පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය අඩුවෙන් යොදා ගැනීමට හැකි වීම[සංස්කරණය]නෝකෝල් ගෝවා ආදී බෝගයක් සදහා සකස් කළ තවාන් බිම එම බෝගය වගා කළ හැකි බිමෙන් 240න් 1ක
ි.එබැවින් එම බෝගයට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය අඩුවෙන් අවශ්‍ය වෙයි.පැළ වලට කෘමීන් වල් පැළ හා වෙනත් උපද්‍රව වලින් වන හානි අඩු විම[සංස්කරණය]තවාන් පැළ වලට කෘමින් වල් පැළ හා වෙනත් උපදව වලින් වන හානි ද අඩුවේ. පැළ පේලියට සිට වූ විට වල් පැළ ඉවත් කිරිම පහසුය. සිටුවන පැළ නිරෝගී හා පෘෂ්ටිමත් නිසා රෝග වැළදිමදඅඩුය.කාලගූණ හෝ වෙනත් උපද්‍රව වලට ලක්විමේ අවදානමද අඩු වේ.වැඩි අස්වැන්නක් ලැබිම[සංස්කරණය]වැඩි අස්වැන්නක් ලැබිම ද තවාන් පැළ සිටුවම නිසා ඇතිවන පතිඵලයකි.වී වගාවේදි පැළ සිට වූ විට පදුරු දැමිම නිසා කරල් පමාණයවැඩිවී අස්වැන්න වැඩි වේ. වල් පැළ වලින් වන හානි අඩු වීම, ශාක නිරෝගිමත් වීම ආදි කරුණු නිසා ද අස්වැන්න වැඩි වේ.තවාන් සදහා බිමක් තේරීම[සංස්කරණය]තවානක් සදහා තෝරාගන්නා බිමෙහි බිම සමතලා වීම,පස සරු වීම,ගල් බොරලු නොමැතිවිම,ජලයෙන් යට නොවීම,පාංශු ඛාදනයට ගොදුරු නොවීම,වල් පැලෑටි නොමැතිවිම, හිරු ඵලිය හොදින් ලැබෙන තැනක් විම,ආලෝකය හෝ සෙවන සැපයීමට හැකිවිම,ජල වහනය තිබීම.තවානක් පිලියෙල කරන ආකාරය[සංස්කරණය]පැළ තවාන් පිලියෙල කිරිම සදහා පියවර කීපයක් අවශ්‍ය වෙයි.තවාන් බිම සකස් කිරීම[සංස්කරණය]තවාන් බිම ස
කස් කිරීමෙි දී වල් පැල ඉවත් කිරීම, පස ‍සෙ.මී25ක් වන ගැඹුරට පෙරලා පසේ බෙරලු හා ශාක කොටස් ඉවත් කිරීම ,පසේ කැට පොඩි කර අවශ්‍ය පරිදි සකස් කිරිම අවශ්‍ය වේ.තවාන් මිශ‍්‍රණය සැකසීම[සංස්කරණය]මේ සදහා බෝගවගා නොකල ස්ථානයකින් පස් ලබා ගැනිමත්,පස් සියුමී දැලකින් හලා ගැනිමත්,ඊට සමාන හොදින් දිරු ගොම හෝකොමිපෝස්ටි ගෙන මිශ‍්‍රකර පාත්තියේ මතු පිට යෙදිය යුතුය.සියුමි පසේ ඡලය හොදින් උරා ගැනිම,මුල් නොකැඩි පැල ගැලවීමද කල හැකිය.තවාන ජීවානුහරණය කිරීම[සංස්කරණය]මෙය,තවාන පිලිස්සීමතවාන පිලිස්සීම සදහා අතුරන ලද පස් මිශ‍්‍රණය ජලයේ තෙමා ඵ්වා මත පිදුරු හා දහයියා තටිටු වශයෙන් අතුරා යටට ඇති පිදුරු තටිටුවට ගිනි තබා සියල්ල පිලිස්සණු පසුව නැවත පෙර පරිදිම පිදුරු හා දහයියා ගිනි තබා අළු ඉවත් කළ යුතුය.දිලිර නාශක යෙදීමදිලීරනාශක ඉසිමෙන් දිනකට හෝ දෙකකටපසුව බීජ සිටුවිය යුතුය. තවාන ධුමකරණය කිරිමෙන් පාත්තිය පොලිතීන් වලින් ආවරණය කර ඊට යටින් මීතයිල් බ්‍රෝමයිඩී යෙදිය හැකිය.එවිට එම රසායන ද‍්‍ර‍්‍රව්‍ය ධුමසාරයක් ලෙස පැතිර ජීවානුහරණය වෙයි.බීජ ප‍්‍රතිකාර සිදු කිරිම[සංස්කරණය]මෙහිදි බීජ අක‍්‍රියතාවය ඉවත් කිරිම කළ යුතුය. බීජාවරණය ඉ
වත් කිරිම අඹ,දෙහි,දෙඩමි වැනි බිජ සදහා සිදු කෙරේ. වි,මෑ බෝචි , බිජ සදහා බිජ පෙඟවිම අවශ්‍ය ය. බිජ පලුදු කිරිම තේ ආදි බිජ වලටත්, බිජ, පිලිස්සීම පැපොල් ආදි බිජ සදහාත් බිජ සේදිම පැෂන්, තක්කාලි,ඇන්තුරියම් වැනි බිජ සදහා සිදු කෙරේ. ශිත කිරිම ,උණුසුම් කිරිම, ආලෝකය සැපයිම ආදි ප‍්‍රතිකාර ද සිදු කරයි.කෙරේ්්.ශිත කිරිම,උණුසුමි කිරිම ආලෝකය සැපයිම ආදි ප‍්‍රතිකාරද සිදු කෙරේ්්. ජිවානුහරණය සදහා බිජවලට දිලිර නාශක කුඩු මිශ‍්‍ර කිරිම, බිජ දිලිර නාශක දියරයක ගැල්විම කළ යුතුය.තවානේ බිජ තැන්පත් කිරිම[සංස්කරණය]මිරිස් ,ගෝවා,නෝකෝල්, තක්කාලි, වැනි බිජ විසුරුවා හැරිම මගිනුත් දුමිකොළ වැනි බිජ වැලි හෝ ජලය සමග මිශ‍්‍රකර ඉසිම කළහැකිය. බිජ පේලි වලට සිටු විමෙන් පැල වලට සාත්තු කිරිමට හැකි නිසා බිජ සාර්ථකව වැඩේ.තවාන වසුන් කිරිම[සංස්කරණය]තවානේ තෙතමනය ආරක්ෂා කිරිම, සූර්යාලෝකයෙන් වන හානි,උෂ්ණත්වයෙන් වන හානි,වල් පැල වැවිම ආදිය වැලැක්විම වසුන් යෙදිම මගින් සිදු වෙයි. පිදුරු,ගෝනි,මානමි,තෘණ මෙි සඳහා යොදා ගනී.තවාන් නඩත්තුව[සංස්කරණය]බිජ සිටුවිමෙන් පසු තවාන් රැකබලා ගැනිම තවාන් නඩත්තුව නම්ී වෙි,තවාන් නඩත්තුවට අය
ත් කාර්යන් පහත පරිදි වෙයි.වල් මර්ධනය[සංස්කරණය]මෙය සැලකිල්ලෙන් කළ යුතුය.අතින් වල් ඉවත් කළ යුතුය. වල් පැල සමග බිජ පැළ ගැලවි යාමටද බිජ පැළවලට හානි වන්නටද පුළුවනි.මේ නිසා වල් නෙලිම ප‍්‍රවේසමෙන් කළ යුතුය.හානි කරන සතුන් මර්ධනය[සංස්කරණය]හානි කරන කෘමි සතුන් හා කෘමි නොවන සතුන් මර්ධනය අවශ්‍ය වේ.කුහුඹුවා,වේයා බිජ හා බිජමුල් වලට හානකර වේ. බිජ තැන්පත් කිරිමට පෙර තවානට කාමිනාශක යෙදිමෙන් සතුන් මර්ධනය කළ හැකිය.කාමිනාශක ඉසීමෙන් කොළ වලට හානි කරන කූඹින්,දළඹුවන් පැළ මැක්කන් මර්ධනය කළ හැකිය.රෝග මර්ධනය[සංස්කරණය]පීතියමී ඩෙබරියාමී,පියුසේරියමී ඔක්සිපෝරම් යන දිලීර නිසා වැළදෙන දියමලන්කෑම වැනි රෝග මර්ධනය අවශ්‍ය වෙයි. ශාකයේ කඳ කුණුවීම,මුල් කූණු වීම,බීජ පත‍්‍ර මලානික විම හා එල්ලා වැටිම, පැලය මුලින් කඩා වැටිම, පැලය මැරියාම ආදිය රෝග ලක්ෂණ වේ..පස බුරුල් කිරීමෙන්, දිලිර නාශක යෙදීමෙන්, රෝග වැළඳුන පැළ පස් සමඟ ඉවත් කිරිමෙන් රෝග මර්ධනය කළ හැකිය.ජලය සැපයිම[සංස්කරණය]වසුන් දැමීමෙන් පසු තවානකට ජලය සැපයිය යුතූය.බීජ පැළ වීමට තෙතමනය අවශ්‍ය බැවින් බීජවලට හා පැළ වලට හානි නොවන සේ ජලය සැපයිය යුතුය.පොහොර යෙදිම අවශ්‍යනමී
ජලය සමඟ මිශ‍්‍රකළ යූරීයා ඉසිම කළ හැකිය.සෙවන සැපයීම[සංස්කරණය]වැස්සෙන්,හිරු එළියෙන් පැළ ආරක්ෂා කිරිමට හා තෙතමනය ලබා දීමට සෙවන සැපයීය යුතුය.මේ සඳහා දැල්ගෝනි ,කොළඅතු,බටපතුරු ,පොලිතීන් ආදිය යොදා සෙ,මී 15ක් පමණ ඉහලින් ආවරණය කිරිම අවශ්‍ය වෙයි.පැළ දැඩි කිරීම[සංස්කරණය]පැළ ගැලවීමට සතියකට පෙර සෙවන අඩු කිරීම. අවශ්‍ය නමි පොහොර කෘමිනාශක හා දිලීරනාශක යෙදීම පැළ ගැලවීමට පැය 12කට පමණපෙර තවානට ජලය සපයා පස තෙත් කල යුතුය. මුල් වලට හානි නොවන සේ ගලවා ඉක්මනට ස්ථර භුමියේ සිටුවා අවශ්‍ය නමි සෙවන ලබා දිය යුතු නොවෙයි.අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]ප්‍රදේශයේ වගාව[permanent dead link] යයන්ත්‍රානු සාරයෙන් වී වගා කිරීම සදහා ඩැපොග් තවාන් යොදා ගනී..අභය රජ යනු ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා උපතිස්ස නුවර සිට රාජ්‍යය විචාල රජතුමාය.අභය යන්න සංස්කෘත භාෂාවෙන් "නිර්භීත" යන අදහස ගෙන දෙන අතර පහත දෙයට යොමු විය හැක:අභය විද්‍යාලය, ඉන්දියාවේ, හයිද්‍රබාද්හීළ සෙකුන්දරබාද් අසල රංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයෙහි පිහිටි, වොල්ඩෝර්ෆ් විෂය මාලාව පදනම් කර ඇති, 2002 ජූනි මස ඇරඹි ඉන්දියානු පාසැලක්අභය මුද්‍රාව, a සංකේතාත්මක හෝ චාරිත
්‍රමය හෝ ඉඟියමෙම නම ලැබ ඇති පුද්ගලයෝ[සංස්කරණය]අභය මල්ල (මිය ගියේ 1255), නේපාලයේ මල්ල රාජ වංශික රජතුමාදුට්ඨගාමිණී අභයවට්ටගාමිණී අභයමෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.හර්මන් හොලරිත්1888 දී හර්මන් හොලරිත්උපතපෙබරවාරි 29, 1860(1860-02-29)බෆලෝ, නිව්යෝර්ක්මිය යාමNovember 17, 1929(1929-11-17) (වයස 69)වොෂිංටන්, ඩී.සී.හර්මන් හොලරිත් (පෙබරවාරි 29, 1860 – නොවැම්බර් 17, 1929) යනු, දත්ත ඛණ්ඩ මිලියන ගණනක් අනුසාරයෙන් සංඛ්‍යාන විගසින් වගු ගත කිරීමෙහි සමත්, සිදුරු කළ කාඩ්පත් මත පදනම්වූ, යාන්ත්‍රික වගු කරණ යන්ත්‍රය ප්‍රවර්ධනය කළ ඇමරිකානු සංඛ්‍යානඥයෙකු සහ නිමැවුම්කරුවෙකු විය. හෙතෙම, පසුව ඒකාබද්ධ වීමකින් අයිබීඑම් සමාගම බවට පත්වූ, සමාගමක සමාරම්භක විය. නූතන ස්වයංක්‍රීය පිරිගණනයෙහි පියා ලෙසින් හොලරිත් පුළුල් ලෙසින් සැලකෙයි.ජාලයක් තුළ ප්‍රධාන න්‍යායපත්‍රකරු (Scheduler) දත්ත තදබදය පාලනය කරයි. න්‍යායපත්‍රකරු වෙත ඉල්ලුම්කරනා පරිගණයකය මගින්
දත්ත හුවමාරුවක් සිදුවීමට ඇත්නම් පණිවිඩයක් යවන අතර එය පෙළ ගැසීමට තබයි. එම පණිවුඩයේ හඳුනාගැනීමේ කේතයක් ඇති අතර එය ‍ජාලයේ සෑම පුරුකක් වෙත විකාශය කෙරේ. න්‍යායපත්‍රය BUS තිබේ නම් ලබන්නාට ප්‍රමුඛතාව හා දැනුම් දීම් මගින් කාර්යය සිදු කරයි.හදුනාගත් පුරුක පණිවිඩය රැගෙන යමින් පරිගණක දෙක අතර දත්ත හුවමාරුව ඉටු කරයි. එය සම්පුර්ණ කිරීමෙන් පසු BUS න්‍යාය පත්‍රානුකූලව ඊළග ඉල්ලීම් සදහා පෙළ ගැසී සිටී.BUS වාසි - ඕනෑම පරිගණකයකට සෘජුවම ඇතුළත් වෙමින් පණිවිඩ ‍සාපේක්ෂව සරලව හා වේගවත්ව යැවිය හැක.අවාස - පවරන සංඛ්‍යාතයන් හා ප්‍රමුඛතාවයන් මගින් තදබදය සංවිධානය කිරීමට න්‍යායපත්‍ර අවශ්‍ය වේ.බෞද්ධ ආචාර ධර්මයන්හි පදනම වන්නේ පංච ශීලයයි. එයින් අදහස් වන්නේ සෑම බෞද්ධයෙක්ම දිනපතාම පංච ශීලය සමාදන් විය යුතු බවය. උපසපන් බෞද්ධ භික්ෂු වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් කෝටියක් සංවර ශීලයන් සමාදන් වන සේක. ගබ්සාබුදු දහමට අනුව පරපණ නැසීමට සම්පූර්ණ වියයුතු සියලු කරුණු සම්පූර්ණ වන නිසා ගබ්සාවෙන් ඒකාන්තයෙන්ම වැළකිය යුතුයි. මන්ද අභිධර්මානුකුලව එතැන සත්ත්ව ශරීරයක් පැවතීමයි.බෞද්ධාගම තුල ගබ්සා පිළිබඳව කි
සිම අවවාද අනුශාසනාවක් නැත්තේය. දලයිලාමා සඳහන්කර ඇත්තේ ගබ්සාවනට ඉඩදිය හැක්කේ එහි අවශ්‍යතාවය අනුව බවය.මරණ දන්ඩණයපංච ශීලයේ පලමුවැනි ශික්ෂා පදය පර පණ නැසීමෙන් වැළකී සිටීමය. මෙම ආකල්පය මත මරණ දන්ඩණය ක්‍රියාත්මක විය යුතුද නැද්ද යන්න බෞද්ධයන් අතර සංවාදයට තුඩු දුන් මාතෘකාවක් වී ඇත.බුදුන් වහන්සේ දේශනාකර වදාළේ සියලු සත්වයෝ දඬුවම්වීඳීමට අකැමති බවත් සියලු සත්වයන් හට අභය දානය දිය යුතු බවත්ය. සෑම බෞද්ධ සංවිධානයක්ම පාහේ මරණ දන්ඩණය අත් හල යුතු බව එක හෙලා ප්‍රකාශ කොට සිටින්නේය.අනායාස මරණයබුදුන් වහන්සේ දේශනා කොට වදාළේ යම් භික්ෂුවක් මරණාසන්න රෝගියකු වුවද අනායාස මරණයකට පොළඹවූයේ නම් එය බෞද්ධ විනයට එරෙහි වීමක් යනුවෙන්ය.සම ලිංගිකත්වයසටහන්[සංස්කරණය]Buddhist ethicsවෙබ් අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, වෙබ් පිටු, රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. අන්තර්ජාලය හෝ පෞද්ගලික පෙදෙසි ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල
වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.වෙබ් පිටුවක් යනු, අදිපෙළ සලකුණු බස (HTML, XHTML) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්‍ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන, ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු සලකුණු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.වෙබ් පිටු වෙත ප්‍රවේශ වීම සහ ඒවා ප්‍රවාහනය කිරීම සිදුකෙරෙනුයේ අදිපෙළ මාරු මූලලේඛය (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය (HTTP සුරැකි, HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට වෙබ් බ්‍රවුසරයක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.පොදුවේ ප්‍රවේශ්‍ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරි වියමන සදයි.මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන, සරල ඒකාකාර සම්පත් නිවේශනයක් (URL) විසින්, සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැඳිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්‍යුහය ක් ප්‍රත්‍යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාල
නය කිරීමට ඉඩ සලසන නමුදු, සත්‍යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්‍රමිකව සකස් වේ.සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්‍රවේශනය සඳහා දායකත්වයන් අවශ්‍ය වෙයි. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්‍යාපාරික අඩවි බොහෝ ප්‍රවෘත්ති අඩවියන් හි කොටස්, ශාස්ත්‍රීය ජර්නල අඩවියන්, ක්‍රීඩා අඩවියන්, පණිවුඩ පුවරු, වෙබ්-පදනමැති විද්‍යුත්-තැපෑල, සේවාවන්, සමාජ ජාලකරණ වෙබ් අඩවියන්, සහ තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන් වෙති.වෙබ්-අඩවි ඉතිහාසය[සංස්කරණය]CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් වියවෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි
අර්ථ විචාරණ (semantic) වෙබ ව්‍යාපෘතියේ ඒවා විය.මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්‍ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්‍රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු
ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්‍රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්‍රව්න් විශ්ව විද්‍යාලයේ hypertext Editing system ආදී පැරණි ව්‍යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්‍රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්‍යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.බර්නස්-ලී
ගේ සුවිශේෂිත වු සොයා ගැනීම වන්නේ අධිපෙළ අන්තර්ජාලය සමඟ සමීපව සම්බන්ධ කරවීමයි. ‘Weaving the Web’ නම් වු ඔහුගේ ග්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ ඔහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සඳහන් තාක්ෂණ ක්‍රමවේද 2 අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීමේ හැකියාව ඉතා පහසුවෙන් පවත්නේ ඒවායේ තාක්ෂණික ප්‍රජාවට බවය. නමුත් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනීමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරීමට ඔහුටම සිදුවිය. මේ අතරවාරයේදී වෙබයේ පවත්නා ඕනෑම සම්පතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform Resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hypertext ක්‍රමවේදයන්ට හාත්පසින්ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්‍යතාවයක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැඳි වෙනුවට ඒකදිශ සබැඳි පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් වීමකින් තොරවම සබැඳීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්‍රවුසර ක්‍රියාත්මක කිරීමේ තදබල අපහසුතාව මඟහැරවීමට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයීය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සස
ඳන කල්හි). ‍එසේ වුවද මෙම ක්‍රමය කල් පවත්නා ගැටලුවක් වු සබැඳි කල් ඉකුත්වීම (link rot) සඳහා මඟ පෑදීය. මින් පෙර පැවති Hypercard මෙන් නොව වෙබ් අඩවිය ඕනෑම පරිශීලකයකුට වෙළඳ හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කළ හැකි විය. මෙය මින් පෙර නොවු විරූ පෙරලියක් ඇති කළේ අනුග්‍රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාධීන අයුරින් නිමවා ගත හැකි වීමෙන් මෙන්ම, වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි වීමෙන්ය.1993 අප්‍රේල් 30 වැනිදා CERN ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය ඕනෑම අයකුට කවර ආකාරයකට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවය. දෙමසකට පසු එළිදැක් වු තවත් ප්‍රකාශනයකින් කියැවුනේ Gopher ප්‍රොටෝ‍කෝලය තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශීලකයන් තුල Gopher හි සිට වෙබය කරා ශීග්‍ර සංක්‍රමණයක් ඇති කරවීමට සමත් විය. ViolaWWW නමැති පැරණි එමෙන්ම ජනප්‍රිය වෙබ් බ්‍රවුසරය ද, Hypercard ක්‍රමවේදය මුලික කරගනිමින් සකසා තිබිණි.කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්‍රවුසරයේ හඳුන්වාදීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්‍රයේ විද්වතුන් සාමාන්‍යයෙන් එකඟත්වයට පැමිණි කරුණක
ි. Mosaic වෙබ් බ්‍රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්ව විද්‍යාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) මෙයා ඇන්ඩ්‍රීස්සන්‍ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රූප මාධ්‍ය වෙබ් බ්‍රවුසරයකි. Mosaic හි මුල්‍ය සම්පාදනය සිදුවුයේ ඉහළ ක්‍රියාකාරී පරිගණක (High-performance computing) සහ සන්නිවේදන මුල් පිරීම (Communications Initiative) නමැති වැඩසටහන මඟිනි. මෙම වැඩසටහනට මුල පිරුණේ ඇමෙරිකානු සෙනෙට් සභික ඇල් ග්‍රොර් විසින් 1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි. ‍තවද මෙය ග්‍රොර් බිල් (Gore Bill) නමින් ද ප්‍රචලිතය. (වැඩිදුර විස්තර සඳහා Al Gore's contributions to the Internet and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්‍රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත්‍රක මිශ්‍ර කර ඉදිරිපත් කර නොලැබිණි. තවද එහි ජනප්‍රියතාවය අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්‍රොටෝකෝලයක් වන Gopher හා Wide Area Information Servers (WAIS) ට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත්‍රක අතුරු මුහුණත, වෙබයට අන්තර්ජාලයේ ජනප්‍රියතම ප්‍රොටෝකෝලය බවට පත් වීම සඳහා බොහෝ දුරට ඉවහල් විය.1994 ඔක්තෝබරයේ දී ටිම් බර්නස්-ලී CERN ආතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය W3C ආයතනය ප්‍රතිස්ථාපන ක
ිරීමට යෙදවිණි. එය ප්‍රතිස්ථාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපීය කොමිසම (European commission)ට පුරෝගාමී වු Defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts Institute of Technology – Laboratory for computer science (MIT/LCS) ආයතනයේදිය.සටහන[සංස්කරණය]බාහිර සබැඳුම්[සංස්කරණය]Internet Corporation For Assigned Names and Numbers (ICANN)විශ්ව විසිරි වියමන් සමූහය (W3C)අන්තර්ජාල සංසදය (ISOC)vteවෙබ් අඩවි මාතෘකාBy typeAudition websiteCashback websiteFansiteGripe siteHealth websiteLab websiteLibrary websiteMicrositeMinisiteMirror siteNanositePersonal wedding websiteSchool websiteLists by typeAcademic databasesBitTorrent sitesBlogsChat websitesDating websitesDeal of the day servicesDictionariesEmployment websitesEncyclopediasFake news websitesImage-sharing websitesInternet forumsMarketplacesMicrocredit lending websitesOnline databasesQ&A sitesSatirical news websitesSearch enginesSocial bookmarking websitesSocial networkin
g websitesdefunctTor hidden servicesVideo hosting servicesVirtual communitiesWeb directoriesWebcomicsWikisLists by subjectAstronomy websitesBiodiversity databasesBiology websitesEducational websitesEnvironmental websitesFood and drink websitesVideo game websitesProfessional wrestling websitesවෙනත්Founded before 1995Most popular websitesWebsites blocked in mainland ChinaWebsites blocked in RussiaWebsites blocked in the United KingdomWebsites with country access restrictionsඅධිකාරී පාලනය: ජාතික පුස්තකාල SpainFrance (data)GermanyIsraelUnited StatesLatviaCzech Republicමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "වෙරළ ඛාදනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)අධික සාගර ඛාදනය: එංගලන්තයේ නැගෙනහිර හන්ස්ටැන්ටන් හි කඳු බෑවුමසා
ගර ජලයේ ක්‍රියාකාරීත්වය හෙවත් සාගර ජලය ආශ්‍රිත නිර්මාණය වන සාගර තරංග,වඩදිය,බාදිය,හා දියවැල්වල බලපෑමෙන් වෙරළ ඛාදනය සිදුවේ.මෙහිදී ප්‍රබල වන්නේ සාගර තරංගයි.සාගර ජල තලය මතු පිටින් සුළඟ ගැටීම නිසා සාගර තරංග හෙවත් රළ නිර්මාණය වෙ.මෙම රළ වෙගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය උග්‍ර වෙයි.සෘතුමය සුළං,වාසුළි හා භුමි කමිපාවලදී හටගන්නා සුනාමි තරංගද ඛාදනය වේගවත් කරයි. අතීතයේ සිට ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස වෙරළ ඛාදනය සිදුවුවද වර්තමානයේඑය ප්‍රබල කිරීමට විවිධ මානව ක්‍රියාතාරකමිද හේතු වී ඇත.තාක්ෂණික දියුණුව,සංවර්ධන ව්‍යාපෘති ජන‍ගහනය අධික වීම නිසා වෙරළ ඛාදනය ‍කෙරෙහි මානව බලපෑමි අධික වී ඇත.වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇති මානව ක්‍රියාකාරකම්[සංස්කරණය]1)තාක්ෂණික දියුණුව කාර්මීකරණ  දියුණුවත් සමගම කර්මාන්තශාලා වලින් නිකුත් කරන වායු ආදියේ බලපෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීඇත. එම වායුන් මගින් සුර්ය කිරණඋරාගැනීම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රම‍යෙන් වැඩි වී පෘිවි පරිසරය තාපවත් වීමත් ඒ නිසාධ්‍රැවාසන්න අයිස් තටිටු දියවීමත් හේතු කොට ගෙන සාගර ජල මටිටම වැඩි වී තිබේ.එලෙස සාගරජල මටිටම ඉහල නැගීම
නිසා වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යට වී වෙරළ ඛාදනය උග්‍ර වී ඇත. 2)මානව ජනාවාසවල බලපෑම ලෝක ජන සංඛ්‍යාව සීග්‍රලෙස වර්ධන‍ය වීමත් සමග වෙරළාසන්න ප්‍රදේශවල අධික ජනගහනයක් පදිංචි වි ඇත.මේනිසා වෙරළාසන්න ජනාවාස ඉදිකිරීම,කඩොලාන පරිසරපද්ධති විනාශ කිරීම,අනෙකුත් වෙරළ සමිපත් පරි‍‍හෝජනය අධික වීම නිසා වෙරළේ ස්වාභාවික ආරක්ෂාව ඉවත් වී වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.කොරල්පර කැඩීම සජීවී කොරල් ජීවීන් නැතිනම් කොරල් බුහුබාවන් හෙවත් පොලිප් ජීවියා මගින් වෙරළේ නිර්මාණමය වී ඇත xxx]]කැල්සියමි කාබනේටි වලින් සමන්විත කොරල් පාෂාණ වැටි කොරල් පාෂාණ ලෙස හදුන්වයි.මේවා වෙරළේ දියකඩන ස්ථාන ලෙස හදුන්වයි.මේවා වෙර‍ළේ ස්වාභාවික තාප්පයක් ලෙස ක්‍රියාකරයි.මේනිසා කොරල් වැටි මගින් වෙරළ ඛාදනය වලක්වයි.නමුත් වෙරළාශ්‍රිත ප්‍රදේශ රාශියක හුනු කර්මාන්තය නීති විරෝධී මසුන් ඇල්ලීම හා වෙනත් මානව ක්‍රියාකාරකමි නිසා කොරල්පර කැඩීම සිදුකරයි.සංචාරක කර්මාන්තයඅලංකාරය සදහා තබා ගැනීම විවිධ අ‍යෝග්‍ය ධීවර කටයුතු නිසාද කෙරල්පර විනාශවීමසිදුවේ.මේනිසා වෙරලේ තිබු ස්වාභාවික ආරක්ෂාව නැති වී වෙරළ ඛාදනය ප්‍රබලව සිදුවෙයි.4)කඩොලාන ශාක ප්‍රජාව විනාශ කිරිම. වෙරළා
සන්න ප්‍රධානතම ස්වාභාවික වෘක්ෂලතා පද්ධතිය කඩොලාන පරිසරපද්ධතියයි.මෙමගින් වෙරළ කලාපය තරංග ඛාදනයෙන් ආරක්ෂා කරයි.නමුත් වර්තමානයේ මෙම කඩොලාන පරිසර පද්ධති විවිධ ඉදිකිරිමි,ආර්ථික කටයුතු,දැව සඳහා මෙන්ම ආරක්ෂක කටයුතු නිසාද එළිකිරීමි නිසා තරංග ගොඩබිම තුළට ඇදී ඒමෙන් වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.5)අයෝග්‍ය වෙරළ බැමි ඉදිකිරීම. කිසියමි වෙරලාශ්‍රිත කලාපයක ඛාදනය ප්‍රබල වන විට වෙරළ ආරක්ෂා කිරීම සඳහා ඉංජිනේරැවන් විසින් විවිධ බැමි ඉදිකරනු ලබයි.විශේෂයෙන්ම තරංගවල ප්‍රබලත්වය හෝ ඒවායේ දිශාව පිළිබඳව විමර්ෂණය නොකර විවිධ බැමි වර්ග ඉදිකරනු ලබයි. එවිට එම බැමි විසින්තරංග ශක්තිය වෙනත් වෙරළාශ්‍රිත කලාපයක් කරා යොමු කිරීම නිසා එම වෙරළ ඛාදනය ප්‍රබල වේ.උදාහරන;ශ්‍රි ලංකාවේ පුත්තලම,තංගල්ල,බේරැවල වෙරළ.6)වෙර‍‍ළේ විවිධ ගොඩනැගිලි ඉදිකිරීම. වෙරළාසන්නයේ සංචාරක හෝටල්,ජනාවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකාරීමගොනුව:Builbing.jpgනිසා වෙරළ පටු වෙයි.එවිට වෙරළ ඛාදනය අවම කිරීමට යොදනු ලබන වෙරළ බැමි ඉදිකිරිමට අපහසු වෙයි.එමෙන්ම බැමි ඉදිකිරීමට ගෙන එන ගල් ප්‍රවාහනය කිරීමට මෙන්ම ගල්කුටිටි ඇතිරීමටඉඩ ෙනාලැබීම නිසා ෙවරළ ඛාදනය උග්‍ර වී අැත. උ
දාහරන;ශ්‍රි ලංකාවේ දකුණු වෙරළතීරය.වෙරළ ඛාදනයේ ප්‍රතිඵල[සංස්කරණය] විවිධ ප්‍රදේශ වල සිදුවන වෙරළ ඛාදනය නිසා විවිධ ප්‍රතිඵල උද්ගතවීඇත.1)ජනාවාස හා ගොඩනැගිලි විනාශ වීම වෙරළ ඛාදනයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වන්නේ වෙරළාසන්න ජනාවාස විනාශ විමයි.ශ්‍රි ලංකාවේ බොහෝ වෙරළ ප්‍රදේශවල විශාල ජන සංඛ්‍යාවක් වාසය කරන නිසා ඔවුන්ගේ ජනාවාස කෙරෙහිවෙරළ ඛාදනය ප්‍රබල ලෙස බලපා ඇත.එම නිසා නිවාස විනාශ වීම,ජීවිත හානි වීම, වැඩි වී තිබේ.එමෙන්මසංචාරක හෝටල් විනාශ වීම,වෙරළ බඩ පොල් වගාව විනාශ වී ගිය ජනාවාස පුනරැත්තාපනයකිරීමට රජය විශාල වියදමක් දරනු ලබයි.2)ගොඩබිම මුහුදට සේදීයාම. වෙරළ ඛාදනයේ ප්‍රබලතම ගැටලුව ගොඩබිම මුහුද දෙසට ‍සේදීයාම හා ගොඩබිමි භුමිප්‍රමාණය අඩුවීමයි.ශ්‍රි ලංකාවේ කල්පිටිය සිට යාල දක්වා ඇති කිලෝමීටර් 685 තරම් දිග වෙරළාශ්‍රිතකොටස් වාර්ෂිකව වර්ග මීටර් 1,75,000-2,85,000 තරම් ගොඩබිම් කොටසක් වෙරළ ඛාදනය නිසා විනාශ වී යයි.උදාහරන;1840-1920 කාලය තුළ සීනිගම වෙරළාශ්‍රිතව පිහිටා තිබුණි.නමුත් එම කලාපයේ වෙරළ ඛාදනය ප්‍රබල වීම නිසා අද ගොඩබිම සිට සැතපුම් කාලක් දුරින් සීනිගම දේවාලය පිහිටා ඇත.3)සංචාරක කර්මාන්තය කෙරෙ
හි බලපෑම. ශ්‍රි ලංකාවේ දකුණු වෙරළ තීරය සංචාරක කර්මාන්තම සමඟ දැඩිව බැඳි පවතී.ශ්‍රි ලංකාවේ ශ්‍රේණිගත හෝටල් වලින් 75% ද හෝටල් කාමර වලින් 80% ද පිහිටා ඇත්තේ වෙරලාශ්‍රිත පටු බිම් තීරයකි.වෙරළ ඛාදනය ප්‍රබල වන විට හෝටල් වලටත්,ගිමන්හල් වලටත් භෝජනහල්,පිහිනුමි තටාක වැනි ගොඩනැගිලි වලටත්හානි පැමිනේ.මෙවන විටද සංචාරක කර්මාන්තය ආශ්‍රිත සමහර ගොඩනැගිලි විනාශ වී ඇත.එමෙන්ම වෙරළ ඛාදනය නිසාද දංචාරක හොටල් පසුපස වෙරළ ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවාට පැමීණෙන සංචාරකයින් අඩුවීමෙන්ද වෙරළ ඛාදනය සංචාරක කර්මාන්තය ෙකෙරහි බලපා අැත.4)ධීවර කර්මාන්තය කෙරෙහි බලපෑම. වෙරළාශ්‍රිත විශාල ංනතාවක‍ගේ ප්‍රධාන කරමාන්තය ධීවර කර්මාන්තයයි. මේ මඟින් විශාල පිරිසක් සිය ජීවනෝපාය ‍ගෙන යයි.එමෙන්ම වෙරළාශ්‍රිත ධීවර වරායන්.ජැටි ,ශීතාගාර විශාල වශයෙන් පිහිටුවාඇත.වෙරළ ඛාදනය ප්‍රබල වීමත් සමඟම මෙම ධීවර වරායන් වෙරළ ඛදනයට ලක්වීමෙන් ධීවර යාත්‍රා වලටද බරපතල හානි සිදු වී ඇත.5)ගමනාගමනයට බාධා ඇති වීම. වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් වෙරළාශ්‍රිත පරිවහන පද්ධතියට බාධා ඇති වෙයි.වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගවලටද දැඩි තර්ජනයක් එල
්ල වී ඇත.මේ වන විටත් ශ්‍රි ලංකාවේ නිරිත දිග වෙරලේ මහාමාර්ග හා දුම්රිය මාර්ග වෙරළ ඛාදනයට ගොදුරැ වි විනාශ වී ඇත.එම නිසා එම කලාපයේ ගමනාගමනයද විටින් විට ඇන හිටියි.එමෙන්ම මෙම පරිවහන පද්ධති විටින් විට ප්‍රතිසංස්කරණය කිරීමටද රජය විශාල මුදලක් වැය කරයි.6)ස්වාභාවික සෞන්දර්ය විනාශ වීම එටක වැදගත් ස්වාභාවික පරිසරයන් ලෙස වෙරළ ප්‍ර‍දේශ දැක්විය හැකිය. වෙරළාශ්‍රිත ස්වාභාවික සෞන්දර්යරටක වටිනාකම කෙරෙහිත් ජනතාවගේ විවේකය විනෝදය සඳහාත් බලපායි.මෙලෙස ප්‍රබල ලෙස වෙරළ ඛාදනය වන විට එහි සෞන්දර්යාත්මකඅගය පිරිහී යයි.වෙරළ ඛාදනයේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි සෞන්දර්යාත්මක ස්ථාන 89 ක් හදුනාගෙන ඇත.7)වෙරළාශ්‍රිත ඓතිහිසික ස්ථාන විනාශ වීම. වෙරළාශ්‍රිත ප්‍රදේශවල විවිධ ඓතිහාසික හා විද්‍යාත්මක ස්ථාන පිහිටා පවතී නමුත් වෙරළාශ්‍රිතව ප්‍රබලව සිදුවනවෙරළ ඛාදනය එම ඓතිහාසික ස්ථාන විනාශ වීම කෙරෙහිත් බලපා ඇත. ශ්‍රි ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙවැනිඓතිහාසික ස්ථානයන් හඳුනා‍ගෙන ඇත.ගොනුව:Seenigama.jpgඓතිහාසික ස්ථානයපැතිරී ඇති දිස්ත්‍රීක්කයශිව දේවාලයකොළඹ-මෝදරඅයියනාර් දේවාලයපුත්තලම-කරැක්කපොනායි
රන්කෙත් ව්හාරයකළුතර පට්ටිය උතුරදුව විහාරයකළුතර-මොරගල්ලසීනිගම දේවාලයගාල්ල සීනිගමගාල්ල කොටුවගාල්ල නගරයදුව දේවාලයගාල්ල තල්පෙ දකුණවිෂ්ණු දේවාලයමාතර දෙවිනුවරසමුද්‍රගිරි දේවාලයමාතර දෙවිනුවරකිරින්ද විහාරයහම්බන්තොට කිරින්දතංගල්ල කොටුවහමිබන්තොට කොටුවේගොඩසමුද්‍ර විහාරයඅම්පාර කුමනවිෂ්ණු කෝවිලයාපනය කිරිමලේවෙරළ ඛාදනය වැලැක්වීම-වෙරළ සංරක්ෂණය[සංස්කරණය] ශ්‍රි ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ප්‍රධාන ගැටලුවක් වන වෙරළ ඛාදනය වැලැක්වම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.එවැනි ක්‍රියා මාර්ග රැසක් හඳුනාගත හැකිය. 1)වෙරළේ හා ගංගාවල වැලිකැනීම නැවැත්වීම. 2)වෙරළාශ්‍රිත කොරල්පර විනාශය වැලැක්වීම. 3)වෙරළාශ්‍රිත ප්‍රදේශවල ස්වාභාවික වෘක්ෂලතා වන කඩොලාන පරිසර පද්ධති විනාශය වැලැක්වීම හා වෙරළාශ්‍රිත කඩොලානවගාකිරීමේ ව්‍යපාති දියත් කිරීම 4)ධීවර කර්මාන්තයේදී වෙර‍ළේ ස්වාභාවික සම්පත් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම 5)වෙරළාශ්‍රිත කොරල් පර හා කඩොලාන සම්පත් විනාශ කරන්නවුන්ට දැඩි නීතිරීති පැනවීම. 6)වෙරළේ ගුණාත්මක වටිනාකම හා වෙරළ ඛාදනයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව සාමාන්‍ය ජනතාව,පාසල් සිස
ුන් විවිධ මාධ්‍යමඟින් දැනුවත් කිරීම 7)වෙරළාශ්‍රිත සම්පත් උපයෝගී කරගෙන ජීවිකාව ගෙන යන්නන් පුනරැත්තාපනය කිරීම 8)වෙරළාශ්‍රිත නව ගොඩනැගිලි ඉදිකිරීම හා සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම පාලනය කිරීම 9)වෙරළ සංරක්ෂණය සඳහා නව නීති රීති මෙන්ම නව පනත් ඉදිරිපත් කිරිමද සිදුකර තිබේ.වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් පනත් කීපයක් හඳුන්වා දී ඇත.උදා,1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධිත)පනත.ආශ්‍රිත[සංස්කරණය]කොරල් පරඔස්කා කොකොෂ්කාඋපතේදී නමඔස්කාර් කොකොෂ්කාඋපත1 මාර්තු 1886Pöchlarn, ඔස්ට්‍රියාවජාතිකත්වයඔස්ට්‍රියානු බ්‍රිතාන්‍යක්ෂේත්‍රයසිතුවම්කරණය, කාව්‍යකරණය, නාට්‍ය රචනයව්‍යාපාරයප‍්‍රකාශනවාදයමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත්
කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ඔස්කාර් කොකොෂ්කා" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2008 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ඔස්කා කොකොෂ්කා (1886 මාර්තු 1 - 1980 පෙබරවාරි 22) සිය ප‍්‍රබල ප‍්‍රකාශනවාදී ආලේඛ්‍ය චිත‍්‍ර සහ භූ දර්ශනයන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් ඔස්ටි‍්‍රයානු චිත‍්‍ර ශිල්පියෙකු කවියෙකු සහ නාට්‍ය රචකයෙකි.මුල් දිවිය[සංස්කරණය]කොකොෂ්කාගේ මුල් කාලීන වෘත්තීය ජීවිතය වෙනීසියේ ප‍්‍රකට පුද්ගලයින්ගේ ප‍්‍රබල ආලේඛ්‍ය චිත‍්‍රයන්ගෙන් සලකුණු වෙයි. ඔහු පළමු ලෝක යුද්ධයේදී ඔස්ටි‍්‍රයානු හමුදාවේ සේවය කළ අතර එහිදී තුවාල ලැබීය. රෝහලේදී වෛද්‍යවරුන් තීරණය කළේ ඔහු මානසිකව අස්ථායී අයකු වන බවයි. ඇල්මා මාලර් නම් තැනැත්තිය සමඟ ඔහුගේ ලලාසාත්මක සම්බන්ධතාවයක් පැවැති අතර වසර ගණනක් එක්ව සිටීමෙන් පසුව ඇය ඔහුව ප‍්‍රතික්ෂේප කළාය. ඔහු සිය ජීවිතය පුරාව අඛණ්ඩව ඇයට ආදරය කළ අතර ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන ඔයැ The Tempest (සුළං පාලම) ඇයට පුදන ලද උපහාරයකි.නාසීන්ගේ නැවත නැඟී සිටීමත් සමග ඔහු 1934 දී පැරගුවේ වෙත පළාගියේය. එහිදී ඔහු අනෙකුත් ප‍්‍රකාශනවාදී චිත‍්‍ර ශිල්පීන් සමග එක්ව ඔස්කා
කොකොෂ්කා සංසදය පිහිටුවා ගන්නා ලදී. යුද්ධය ක‍්‍රමක‍්‍රමයෙන් ව්‍යාප්තවෙද්දී 1938 දී ඔහු එක්සත් රාජධානියට පළාගිය අතර යුද්ධය අවසන් වන තුරු එහි දිවිගෙවීය. ඔස්කා කොකොෂ්කා සංසදයේ සියලූම සාමාජිකයෝ චෙකොස්ලෝවැකියානු සරණාගතයින් සඳහා වන බි‍්‍රතාන්‍ය කටිමුවේ ආධාර ඇතිව පෝලන්තය හා ස්වීඩනය හරහා පළා ඒමට සමත්වූහ.කොකොෂ්කා 1946 දී බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබාගත් අතර ඔහු නැවත වරක් ඔසටි‍්‍රයානු පුරවැසිභාවය ලබාගත්තේ 1978 දීය. 1947 දී ස්විට්සර්ලන්තය වෙත යාමට පෙර එක්සත් ජනපදය වෙත කෙටි සංචාරයක් සිදුකළ අතර ඔහු සිය ඉතිරි ජීවිත කාළය ගෙවා දැමුවේ ස්ව්ට්සර්ලන්තයෙහිය.ගොනුව:'Nude with Back Turned', ink, gouache and chalk drawing by Oskar Kokoschka, c. 1907.jpgඔස්කා කොකොෂ්කා, පිටුපස හැරුනු නග්නත්වය, තීන්ත, ගෝවේ සහ රටහුණු යොදාගෙන අඳින ලදී, 1907සමකාලීනයකු වූ මැක්ස් බෙක්මන් හා කොකොෂ්කා අතර සමානත්වයන් බොහොමයක් විය. ස්වාධීන කලා ශෛලීන් නිර්මාණය කිරීම සඳහා පැරණි ගුරුකුලයන්හි කලාව වෙත ගැඹුරින් ප‍්‍රවේශ වූ මහා චරිතයන් දෙකක් ලෙසින් සලකනු ලැබූවද ඔවුන් දෙදෙනාම ජර්මානු ප‍්‍රකාශනවාදයෙන් නිදහස්ව සිය නිර්මාණ සිදුකළහ. ඔවුන්ගේ ස්වාධී
න කලා ශෛලිය හේතුවෙන් 20 වන සියවසේ ප‍්‍රධාන කලා ව්‍යපාරය වූ නූතනවාදයෙන් ඔවුහු ආන්තික වූහ. දෙනොම ‘දැකීමේ’ කලාව වර්ධනය කළයුතු බව කියා සිටියහ (කොකොෂ්කා ගැඹුර ප‍්‍රත්‍යක්‍ෂයක් අවධාරනය කළ අතර බෙක්මන් පෙනෙන්ට ඇති ක්ෂේත‍්‍රය තුලට මිත්‍යාමය විනිවිද දැකීමක් කෙරෙහි අවධානය යොමුකළේය). දෙදෙනාම පැරණි සම්ප‍්‍රදායන් තුල මුල්බැසගෙන තිබූ තෙල් සායම් ශිල්පක‍්‍රමයන් නවීකරණය කිරීමෙහි පුරෝගාමීහු වූහ.කොකොෂ්කාගේ අවසන් වසර කිහිපය තරමක් අප‍්‍රසන්න එකක් විය. ඔහුව කලා ඉතිහාසය තුල ආන්තික කරනු ලැබූ ආකාරයක් පෙනීයයි. තමන්ව 20 වන සියවසේ විශිෂ්ඨතම සිත්තරෙක් ලෙස පිලිගැනීමට ලක්විය යුතුව තිබුණා යැයි කල්පනා කළ එකම තැනැත්තා ඔහු නොවීය. කොන්රඞ් ජුස්ටෙල් (1924-2001) ඔහුගේ සැලකිල්ලට ලක්කළයුතු ශිෂ්‍යයකි.කොකොෂ්කාගේ සාහිත්‍ය නිර්මාණයන්ද ඔහුගේ චිත‍්‍ර මෙන්ම සුවිශේෂී වෙයි. ඔහුගේ A Sea Ringed with Visions නම් නිබන්ධය අතිශය චිත්තවේගාත්මක එකකි. ඔහු විසින් රචිත "Murderer, the Hope of Women" නම් කෙටි නාට්‍යය ප‍්‍රථම ප‍්‍රකාශනවාදී නාට්‍යය ලෙස සැලකේ.ශාස්ත්‍රානුකූලව අඩි 15 ක විශ්කම්භයකින් හා අඩි 10 ක ගැඹුරකින් යුක්තව සකස් කරනු ලබන ඌරා
වල යනු අංගම් ශාස්ත්‍රයේ විවිධ සුවිශේෂී අවස්ථාවලදී සටන් ශිල්පීන් දෙදෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් ශාස්ත්‍රානුකූල සිරිත් විරිත් සමුදායකට පසුව නියමිත පිණුමකින් පැන එකිනෙකා සටන් කොට තම ශාස්ත්‍රීය නිපුණතාව පෙන්වීමට යොදාගන්නා පෞරාණික සම්ප්‍රදායකි. මෙහි පැවැත්වෙන සටන් ඌරා වලේ සටන් ලෙස හඳුන්වනු ලැබේ[1].වඳන්[සංස්කරණය]“ඌරා ළිඳ යනු ගල්පිලකවූ වතුර වළියි. වතුර බීමට එහි යන ඌරාට ගල් මූනත ඔප නිසා වළෙන් ගොඩ ඒමට බැරිවෙයි. ඌරා ළිඳේ සටන් කිරීම මෙසේ ය. සරඹශාලාවේ කවර ශිෂ්‍යෙයකු තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්, තම නම පිළිගන්නා මෙන් සිය ගුරුවරයා ගෙන් හා මුහන්දිරම්ගෙන් ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලීමක් ඇතිවූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ. රියන් 30ක් දික්වුවද රියන් 7ක් ගැඹුරවූද ඌරා ළිඳ නමින් හැඳින්වෙන එම වල ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරවෝ නොදනිති....“[2]සටන් කරන ආකාර[සංස්කරණය]ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීමඅයෙකුගේ මරණය තෙක් සටන් කිරීමපැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීමපරාජය භාර ගන්නා තෙක් සටන් කිරීමමෙහිදී දෙදෙනා
එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය[1].බාහිර සබැඳුම්[සංස්කරණය]↑ 1.0 1.1 [uralinda.blogspot.com],↑ [සිංහල තාස්‍යජනක ක්‍රීඩා - ප.එ.ප. දැරණියගල], 7 වන පිටුව(Antoine Destutt de Tracy) විසින්, ‘අදහස් පිළිබඳ විද්‍යාව’ යන්න අර්ථ දැක්වීම සඳහා ය. දෘෂ්ටිවාදයක් යනු දේවල් දෙස බලන අංග සම්පූර්ණ ආකාරයක් ලෙස (Weltanschauung සමග සසදන්න), සාමාන්‍ය දැනීමක් ලෙස ( ‘දෘෂ්ටිවාදය හා එදිනෙදා සමාජය’ බලන්න) සහ විවිධාකාරයේ දැක්මක් ලෙස (දේශපාලන දෘෂ්ටිවාදය බලන්න) හෝ සමාජයේ සියලූ සාමාඡීකයන් සඳහා අධිපති පංතිය විසින් හඳුන්වා දුන් අදහස් සමූහයක් ලෙස හැඳින්විය හැකිය. දෘෂ්ටිවාදය පිටුපස පවත්නා ප‍්‍රධාන අරමුණ වන්නේ, චින්තන ක‍්‍රියාවලියක් හරහා සමාජය වෙනස් කිරීමයි. දෘෂ්ටිවාදයක් වනාහී, පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයන් වන අතර, එහෙයින් එය දේශපාලනයේ දී කේන්ද්‍රීය වේ. සෑම දේශපාලන දැක්මක්ම, චින්තන ක‍්‍රියාවලියක් ඔස්සේ බිහි වුවත්, නැතත් දෘෂ්ටිවාදයක් සහිත වේ.(දෘෂ්ටිවාදය සඳහා මාර්ක්ස්ගේ විග‍්‍රහය සඳහා, ‘සමාජ ප‍්‍රතිනිෂ්පාදනයක් ලෙස දෘෂ්ටිවාදය’ බලන්න)සටහන්[සංස්කරණය]HCP Bell, ~1890.බ්‍රිතාන්‍ය
ලංකාවේ (Ceylon) ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයා වූයේ එච්.සී.පී.බෙල් ( Harry Charles Purvis Bell ) ය.[1] ( ක්‍රි.ව.1851 – 1937 ). ඔහු උපත ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහිය.ළමා අවධිය[සංස්කරණය]1851 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උපත ලද ඔහු චෙල්ටන්හැම් විද්‍යාලයේ (Cheltenham College) අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවන ලදී.[2]සිවිල් සේවා වෘත්තිය[සංස්කරණය]විශ්ව විද්‍යාලයට නොගොස්, බෙල් ලංකා සිවිල් සේවයේ සිවිල් නිලධාරියෙකු ලෙස ලංකාවට පැමිණ රේගු නිලධාරියෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ඔහු දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය.පුරාවිද්‍යාව[සංස්කරණය]නිල පුරාවිද්‍යාඥයෙකු ලෙස පත් කරන ලද අතර, 1890 ජූලි මාසයේදී ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් ගෝර්ඩන් විසින් බෙල් ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් සහ ලංකා පුරාවිද්‍යා සමීක්ෂණ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.[3][2] ඔහු 1890 සිට 1912 දක්වා කාලය තුළ පුරාවිද්‍යා සමීක්ෂණය සඳහා ලංකාවේ (දැන් ශ්‍රී ලංකාව) කැණීම් රාශියක් සිදු කළ අතර සීගිරියේ සඟවා තිබූ නිධන් හාරා එංගලන්තයට යවන බව කියා සිටියේය.විශ්‍රාම ගැනීමෙන් පසු, ඔහු සිය ජීවිතයේ පෙර සිටි මාලදිවයිනේ පුරාවිද්‍යාව සහ අභිලේඛන ද විමර්ශන
ය කළේය. සහ මාලදිවයින් භාෂාවේ වාග් විද්‍යාව හැදෑරුවා. බෙල් මාලදිවයිනේ රජු සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන සිටියේය.කර්තව්‍යයන්[සංස්කරණය]Bell, Harry Charles Purvis (1882). The Máldive Islands: An Account of the Physical Features, Climate, History, Inhabitants, Productions, and Trade. F. Luker, acting government printer, Ceylon.The Maldive Islands. Report on a Visit to Málé, Colombo, 1921.Bell, Harry Charles Purvis (1890). Anuradhpura and the North-Central Province ...: Progress Report. Government Printer, South Africa.Bell, Harry Charles Purvis (2002). The Máldive Islands: Monograph on the History, Archaeology and Epigraphy. Novelty Printers Publ.ISBN 978-99915-3-051-2Bell, Harry Charles Purvis (1998). Excerpta Máldiviana. Asian Educational Services. ISBN 978-81-206-1221-1මූලාශ්‍ර[සංස්කරණය]↑ "1923 දී කුරුණෑගල උසාවියේදී "බෙල්" දුන් සාක්‌කිය". දිවයින. සම්ප්‍රවේශය 2017-07-19.↑ 2007 "Bell, Harry Charles Purvis, (21 Sept. 1851–6 Sept. 1937), Ceylon Civil Service (retired)." WHO'S
WHO & WHO WAS WHO↑ Department of Archaeology - History, 2007-10-09, http://www.archaeology.gov.lk/history1.html ආශ්‍රිත[සංස්කරණය]Bethia N. Bell and Heather M. Bell (1993), H. C. P. Bell: Archaeologist of Ceylon and the Maldivesඅධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලNorwayFrance (data)GermanyUnited StatesNetherlandsවෙනත්FASTSNACIdRefTroveමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteදුම්රිය දෙපාර්තමේන්තුවගොනුව:Ceylon Government Railways logo.gifවර්ගයරජය-සතු දෙපාර්තමේන්තුවස්ථාපිතය1858මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාවප්‍රධාන පුද්ගලයන්Mr. B. A. P. Ariyaratne, General Manager (act.)කර්මාන්තයදුම්රිය ගමනාගමනයආදායමLKR 4,200,000,000[1]ශුද්ධ ආදායම- ශ්‍රී ලංකා රුපියල් 7,500,000,000සේවකයන්දළ වශයෙන්. 14,400[2]වෙබ්අඩවියwww.railway.gov.lkශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවSpecificationsTrack gauge1676 mmශ්‍රී ලංකා දුම්රිය සේවය[3] පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි (ශ්‍රී ලංකා දුම්රිය
දෙපාර්තමේන්තුව)[4][5][6][7].[8] 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්‍රදේශත් අතර ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. දුම්රිය සංඥා පද්ධතිය ටැබ්ලට් උපකරණ භාවිතයවර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවය කිලෝමීටර 1508ක පුළුල්මාර්ගයකින්(අඩි 5 අඟල් 6) සමන්විතය. එමෙන්ම ලෝකයේ ඇති අලංකාරතම දුම්රිය මාර්ගයක් ලෙසද ශ්‍රී ලංකා දුම්රිය සේවය සලකනු ලබයි. විශේෂයෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහිත කඳුවැටි, මීදුමෙන් වැසීගත් කඳු මුදුන් ආදී ස්වභාවික අලංකාරයෙන් මෙන්ම මිනිසාගේ අලංකාර නිර්මාණ වන තේ වතු, පයින් වනාන්තර හා පාලම්, උස් ස්ථානවල පිහිටි දුම්රිය සථාන ආදී ඉංජිනේරුවරුන්ගේ විශ්වකර්ම නිර්මාණ ආදියෙන්ද අලංකෘතය.අතීතය[සංස්කරණය]ආරම්භය[සංස්කරණය]ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථානයේ සවිකර ඇති ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවයට අදාල පැරණි පුවසුන්දර තේවතුශ්‍රී ලංකාවට දුම් රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් හඳුන්වාදෙන ලද්දේ 1864 දිය. දුම් රිය මග සැදීමට ප්‍රධානත
ම හේතු සාධකය වී ඇත්තේ උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටලුවයි. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක් වූ මාර්ගය ඉදි කරන ලදි. අතීතයේ ගැමියන් දුම් රිය යකඩ යකා ලෙස හඳුන්වා තිබේ.පිලිවෙලින් 1867, 1874, 1885, 1894 සහ 1924 දි ප්‍රධාන දුම් රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කරන ලදි. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දිත්, මුහුදුබඩ මාර්ගය 1895 දිත්, උතුරු මාර්ගය 1905 දිත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දී , කැලණි වැලි මාර්ගය 1919 දිත්, සහ පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කරන ලදි.ස්වර්ණමය යුගය[සංස්කරණය]බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කරන ලද මෙම සේවාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1955–1970 අතර කාලයයි. මෙකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ බී.ඩී.රම්පාල මහතා ය. මෙතුමා ගේ නායකත්වයෙන් දුම් රිය දෙපාර්තමේන්තුවේ අභිවෘධිය සඳහා විශාල වැඩ කොටසක් සිදුවී ඇත. මෙතුමාගේ අවධියේ වූ සේවාවන් අතර සීඝ්‍රගාමි දුම් රියන් ආරම්භ කිරීම, ඩීසල් එන්ජින් ගෙන්වීම, දුම් රියන් සඳහා සිංහල නාමයන් යෙදීම, දුම් රිය ස්ථාන වැඩි දියුණ
ු කිරීම ආදිය දැක්විය හැකිය.අභාවය[සංස්කරණය]විසිවන සියවසයෙහි අග භාගයෙහි පටන් දුම් රිය සේවයේ විවිධ හැල හැප්පීම් සිදුවී ඇත. මෙකල රටේ ආර්ථිකය වැඩි වශයෙන් කර්මාන්ත සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම නිසා වැවිලි කර්මාන්තය කෙරෙහි තිබූ අවධානය අඩුවී ඇත. ඒත් සමගම මහා මාර්ග පද්ධතියේ වැඩි දියුණුවත් සමගම දුම් රිය ප්‍රවාහනය සඳහා තිබුණු උනන්දුව ද අඩුවී තිබේ. මෙම නිසා දුම් රිය දෙපාර්තමේන්තුව අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් විය.මීට අමතරව ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන්, දුම් රිය එන්ජින් විනාශ වීම, දුම් රිය ගමන් වාර නැවැත්වීමට සිදුවීම, ඇතැම් දුම් රිය මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වීම ආදියද දුම් රිය දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට බල පා ඇතනව සැලසුම්[සංස්කරණය]S12 නැමැති නව දුම්රියන් 2012 දි හඳුන්වා දෙන ලදි2010 වසරේදි දුම් රිය සේවය නගා සිටුවීම සඳහා දස අවුරුදු සැලැස්මක් රජය විසින් දියත් කරන ලදි. මෙහි එක් පියවරක් වූයේ එන්ජින් යොදා ධාවනය කරනු ලබන දුම් රියන් සඳහා පවර් සෙට් ලෙස හඳුන්වනු ලබන ඩීසල් මල්ටිපල් යුනිට් නම් දුම් රිය වර්ගයේ දුම් රිය යොදා ගැනීමයි.2010-2012 කාලයේදි මුහුදුබඩ දුම් රිය මග නවීකරණය කොට වැඩි වේ
ගයෙන් දුම් රිය ධාවනය කිරීමට පහසුකම් සලසන ලදි. මීට අමතරව විනාශ වූ උතුරු දුම් රිය මග නැවත සෑදිමත්, මුහුදුබඩ මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමේ වැඩ කටයුතු මේ දිනවල සිදුවේ.සේවාවන්[සංස්කරණය]දුම් රිය සේවය විසින් නගරාන්තර දුම් රිය, සීඝ්‍රගාමි දුම් රිය, මන්දගාමි දුම් රිය සහ බඩු සහ තෙල් ප්‍රවාහනය කරන දුම් රියන් ධාවනය කරනු ලබයි.පන්ති කිහිපයකින් යුතු මගී මැදිරි තිබේ.තුන්වන පන්තියේ ආසන සහිත මැදිරියක්රාත්‍රියේ ධාවනය වන දුම් රියන් සඳහා පලවෙනි පන්තියේ නිදන මැදිරිපලවෙනි පන්තියේ නැරඹුම් මැදිරිපලවෙනි පන්තියේ වායු සමනය කල මැදිරිදෙවන පන්තියේ වෙන්කල හැකි සහ සැප පහසු ආසන සහිත මැදිරිතුන්වන පන්තියේ සාමාන්‍ය ආසන සහිත මැදිරි (මෙය සකසුරුවම් පන්තිය ලෙසද හැඳින්වේ)වායු සමනය කල සහ නොකල ආපන ශාලා සහිත මැදිරිකොළඹ සිට අවිස්සාවේල්ල, රඹුක්කන, මහව, හලාවත ආදි ප්‍රදේශ වෙත ධාවනය වන මන්දගාමි දුම් රියන් සඳහා කාර්යාල සහ පාසල් වේලාවේදි වැඩි ඉල්ලුමක් තිබේ.කාර්යක්ෂමතාවය වැඩි කිරීමට තෝරාගත් මාර්ග කිහිපයක විදුලි දුම් රිය ධාවනය කිරීමට යෝජනා වී තිබේ.දුම්රිය වර්ග[සංස්කරණය]වායු සමනය කල සුඛෝපභෝගී දුම් රිය - මේවායේ සියලුම මැද
ිරි වායු සමනය කල මැදිරි සහ ඇතැම් විට ආපන ශාලාවකින් සමන්විත වෙයි. කොළඹ සිට ප්‍රධාන ගමනාන්ත දක්වා සීමිත නැවැතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි.නගරාන්තර සීඝ්‍රගාමි - කොළඹ සිට ප්‍රධාන නගර දක්වා ධාවනය වෙයි. මෙහි වෙන්කල හැකි ආසන පවතින අතර ආසන වල මිල සාමාන්‍ය දුම් රිය වල මිලට වඩා වැඩිය. ගමනාන්තය තෙක් ප්‍රධාන දුම් රිය පොල වල් වල පමණක් නවත්වයිසීඝ්‍රගාමි - ප්‍රධාන දුම් රිය පොලවල් අතර නගරාන්තර දුම් රිය වලට වඩා වැඩි නැවතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි. මිල ගණන් සාමාන්‍ය පරිදි වේ.තැපැල් දුම් රිය - රාත්‍රි කාලයේදි කොළඹ සිට ප්‍රධාන නගර කරා ධාවනය වන සීඝ්‍රගාමි දුම් රිය. මෙහි නිදන මැදිරි සහ වෙන්කල හැකි සහ සාමාන්‍ය ආසන තිබේමන්දගාමි දුම් රිය - ගමනාන්තය තෙක් සියලුම දුම් රිය ස්ථාන වල නවත්වනු ලබයි. ඇත්තේ තුන්වන පන්තියේ මැදිරි පමණකි.භාණ්ඩ ප්‍රවාහන දුම් රිය - ගමනාන්තය තෙක් අවශ්‍ය දුම් රිය ස්ථාන වල නවත්වනු භාන්ඩ පැටවීම සහ බෑම සිදුකරනු ලබයි. බඩුබාහිරාදිය සහ ඉන්ධන ප්‍රවාහන ගැල් යොදාගනී. විශේෂ බඩු දුම්රියන්ද ධාවනය වේ.මිශ්‍ර දුම් රිය - බොහෝවිට මන්දගාමීව ධාවනය කරන මෙම දුම්රිය වල මගීන් මෙන්ම භාණ්ඩ සහ ඉන්ධන
ගැල්ද ප්‍රවාහනය කෙරෙයි.දුම්රිය මාර්ග සහ ප්‍රධාන දුම්රිය සේවා[සංස්කරණය]දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ග 9කින් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 3කින් සමන්විත වේ. ඇතැම් දුම්රිය සඳහා විශේෂ නාමයන් ද යොදා ඇත.මාර්ගයප්‍රධාන සේවාවන්ප්‍රධාන දුම්රිය මාර්ගයකොළඹ කොටුවේ සිට නාවලපිටිය, නානු ඔය හරහා බදුල්ලඋඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, නගරාන්තර දුම්රිය සහ ප්‍රාදේශිය සේවාවන්මාතලේ දුම්රිය මාර්ගයපේරාදෙණිය හංදියේ සිට මහනුවර හරහා මාතලේසෙංකඩගල මැණිකේ, මහනුවර නගරාන්තර දුම් රියකොළඹ සිට උතුරට ධාවනය වන දැයට කිරුළ නගරාන්තර දුම්රියමාර්ගයප්‍රධාන සේවාවන්උතුරු දුම්රිය මාර්ගයපොල්ගහවෙල සිට, කුරුණෑගල, මහව, අනුරාධපුරය, කිලිනොච්චිය, යාපනය හරහා කන්කසන්තුරේරජරට රැජිණ, යාල් දේවි,උත්තර දේවි, දැයට කිරුළ නගරාන්තර දුම්රියමන්නාරම දුම්රිය මාර්ගයමැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට මන්නාරම් තොට දක්වාමඩකලපුව දුම්රිය මාර්ගයගල් ඔය හන්දියේ සිට මඩකලපුවඋදය දේවි, මීනගයාත්‍රීකුණාමලය දුම්රිය මාර්ගයගල් ඔය හන්දියේ සිට ත්‍රීකුණාමලයමාර්ගයප්‍රධාන සේවාවන්මුහුදුබඩ දුම්රිය මාර්ගයකොළඹ කොටුවේ සිට
ගාල්ල, මාතර. කතරගම දක්වා දීර්ඝ කිරීමේ කටයුතු සිදුවේ.රුහුණු කුමාරි, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, සාගරිකා, රජරට රැජිණකැලණි වැලි දුම්රිය මාර්ගයමරදාන සිට අවිස්සාවේල්ලපුත්තලම දුම්රිය මාර්ගයරාගම සිට පුත්තලමමුතු කුමාරිදුම්රිය එන්ජින් සහ ප්‍රවාහන මැදිරි[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්ප්‍රධාන වශයෙන් දුම්රිය සඳහා යොදාගැනෙන්නේ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටල දුම්රිය වේ. මීට අමතරව විශේෂ අවස්ථාවලදි වාෂ්ප එන්ජින් යොදා ගැනේ. මගී මැදිරි සඳහා යොදාගැනෙන්නේ රුමේනියාවේ සහ චීනයේ නිශ්පාදිත මැදිරි ය.ගැටළු[සංස්කරණය]ආර්ථික[සංස්කරණය]රටේ බොහෝ රාජ්‍ය ව්‍යාපාර මෙන්ම දුම් රිය සේවයත් අධික වශයෙන් අලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත. 1943 සිට මේ වන තුරු ශුද්ධ ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇත. මෙහෙයුම් වියදම් වැඩිවීම මීට බෙහෙවින් බලපා ඇත. බොහෝ විට භාවිත වෙන්නේ ඉතාමත් පැරණි උපකරණ/ගොඩනැගිලි/එන්ජින් ආදිය නිසා මේවාට වැයවෙන වියදම අධිකය. තවත් එක් හේතුවක් වී ඇත්තේ ගාස්තු ක්‍රමය ය.සීමාසහිත යටිතල පහසුකම්[සංස්කරණය]වික්ටෝරියානු ක්‍රමයට නිමවා ඇති බදුල්ල දුම්රිය ස්ථානයදුම් රිය සේවය වැඩි වශයෙන්ම වික්
ටෝරියානු යුගයේ පැරණි තාක්ශණික උපකරණ භාවිත කරන නිසා මේවා නඩත්තුවේදි වැය වන වියදම අධිකය. මීට අමතරව දුම් රිය මැදිරි ආදිය ප්‍රමාණවත් ලෙස නොතිබෙන නිසා සුළුතරයක් නිතරම භාවිතයට ගැනීමෙන් ඇතිවන ගැටළු ද තිබේ. මෙම ගැටළු මගහරවාගැනීමට නව උපාංග ඇණවුම් කර තිබේ.අනතුරු[සංස්කරණය]අලව්ව දුම්රිය අනතුර1863 - එඬේරමුල්ල ගොන්ගිතොට ප්‍රදේශයෙ දි සිදුවූ දුම්‍රිය පීලි පැනීමකින් දුම්රිය සේවකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ මුල්ම දුම්රිය අනතුර වේ.1928 - කටුකුරුන්ද ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 28 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්විය.1962 මාර්තු 18 - අධික වේගයෙන් පැමිණි දුම්රියක් මීරිගමදී පීලි පැනීමෙන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.1985 ජනවාරි 19 - එල්.ටී.ටී.ඊ ය විසින් යාල් දේවි දුම්රියට බෝම්බ දැමීමෙන් මගීන් 11 දෙනෙකු මරුමුවට පත්විය.1989 ජනවාරි 17- අහුංගල්ලෙදි බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පාසල් ළමයි 51 දෙනෙක් ජීවිත්ක්ෂයට පත්විය.1996 ජූලි 24 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් දෙහිවල දි මගීන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය2002 ජනවාරි - නුවර සිට කොළඹ දක්ව
ා ධාවනය වූ නගරාන්තර දුම්රිය රඹුක්කන දී පිලී පැනීමෙන් 14 දෙනෙකු මරුමුවට පත්විය.2004 දෙසැම්බර් 26 සුනාමි-දුම්රිය ව්‍යසනය - සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශ වූ දුම්රියෙහි මගීහු බොහෝ පිරිසකට ජීවිත අහිමි විය.2005 අප්‍රේල් 26 - පොල්ගහවෙල යාන්ගල්මෝදරදි මගී බස් රථයක් දුම් රිය හරස් මාර්ගය හරහා යන විට දුම් රියක ගැටී මගීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.2011 සැප්තැම්බර් 17 අලව්ව දුම්රිය අනතුර -දුම්රිය දෙකක් එකම මාර්ගයේ ගමන් කර එක් දුම්රියක් ඉදිරියේ තිබූ දුම්රියක ගැටීමෙන් මගීන් 5 දෙනෙකුට ජීවිත අහිමි විය.2014 මැයි 31 - පොතුහැරදි පලෙයි බලා ධාවනය වන දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ කොළඹ ට පැමිණෙමින් තිබුණු රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මගීන් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. මීට අමතරව දුම්රිය දෙකෙහිම එන්ජින් 2කටම බොහෝ හානි සිදුවී තිබේ.මේවාද බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයබාහිර සබැඳි[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ඩීසල් එන්ජින් පිටුවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2009-08-20 at the Wayback Machineමූලාශ්‍ර[සංස්කරණය]↑ "Rolling
Loss". Lanka Business Online. 10 April 2012. 19 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2012.↑ "Overview". ශ්‍රී ලංකා දුම්රිය සේවය. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2012.↑ "ශ්‍රී ලංකා දුම්රිය සේවය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය". සම්ප්‍රවේශය 2016-07-15.↑ "හැමෝම බලාගෙන හිටපු ඇමැති විෂයයන් ගැසට් එකෙන් එළියට එයි , මව්බිම". සම්ප්‍රවේශය 2016-07-15. {{cite web}}: line feed character in |title= at position 55 (help)↑ "අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග අනතුරු : ආරක්ෂක වැඩ පිළිවෙළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව". සම්ප්‍රවේශය 2016-07-15.↑ "ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව.කාර්ය සාධන වාර්තාව 2013". සම්ප්‍රවේශය 2016-07-15.↑ "ලංකාවේ දුම්රිය විදුලිකරණය තවත් ප්‍රමාද කළ යුතු නැත, දිවයින". සම්ප්‍රවේශය 2016-07-15.↑ "ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය". සම්ප්‍රවේශය 2016-07-15.vte ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයපළාත අනූවමධ්‍යම පළාතනැගෙනහිර පළාතඋතුරු මැද පළාතඋතුරු පළාතවයඹ පළාතසබරගමුවදකුණු පළාතඌවබස්නාහිර පළාතදුම්රිය මාර්ගමඩකලපුව
දුම්රිය මාර්ගයමුහුදුබඩ දුම්රිය මාර්ගයකැළණි වැලි දුම්රිය මාර්ගයප්‍රධාන දුම්රිය මාර්ගයමන්නාරම දුම්රිය මාර්ගයමාතලේ දුම්රිය මාර්ගයමිහින්තලේ දුම්රිය මාර්ගයඋතුරු දුම්රිය මාර්ගයපුත්තලම දුම්රිය මාර්ගයත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයඋඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය (වසා ඇත)දුම්රිය නැවතුම්පළවල්දුම්රිය ස්ථාන ලැයිස්තුවපළාත් අනූව දුම්රිය ස්ථානදුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවදුම්රියන්දුම්රිය එන්ජින්නම්කොට ඇති මගී ප්‍රවාහන දුම්රියන්බෝට්මේල් එක්ස්ප්‍රස්නඩත්තුකරුවන්/සේවා සපයන්නන්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඑක්ස්පෝරේල්රාජධානි එක්ස්ප්‍රස්වයිස්රෝයි ස්පෙශල්ඉතිහාසයදුම්රිය අනතුරුබණ්ඩාරවෙල හෝටලයජාතික දුම්රිය කෞතුකාගාරයරන් අනුපාතයට අනුව දිග හා පළල ඇති ඍජුකෝණාස්‍රයකට රන් ඍජුකෝණාස්‍රය යැයි කියනු ලැබේ. 1:φ{\displaystyle 1:\varphi \,} යනුවෙන් ද හඳුන්වන රන් අනුපාතය 1:1+52{\displaystyle 1:{\tfrac {1+{\sqrt {5}}}{2}}} ලෙස වේ. ආසන්න වශයෙන් එය 1:1.61803 ක් පමණ වේ. මෙහි ඇති විශේෂයක් වන්නේ මෙයින් සමචතුරස්‍රයක් ඉවත් කළ විට ද රන් ඍජුකෝණාස්‍රයක්ම
ලැබීමයි. එනම් පෙර අනුපාතයම රැකෙන පරිදි අනන්ත සමචතුරස්‍ර ගණනක් ඉවත් කළ හැකි වීම යි. තව ද එම ඉවත් කරන සමචතුරස්‍රවල කොණ් වලින් අනන්ත වු රන් සංගසූරියක්(සර්පිලයක්) සැකසේ. එය විශේෂ ලඝුගණක සංගසූරියකි.රන් අනුපාතයේ ඇති යම් විසිතුරු බවක් නිසා පෙර කලාකරුවන් විසින් තම නිර්මාණ වලට රන් ඍජුකෝණාස්‍රය නොදැනුවත්වම මෙන් යොදා ගෙන තිබුණි. ගණිතය පතල කරන තාරකා භෞතික විද්‍යාඥයෙකු වන මාරියෝ ලිවියෝට අනුව Luca Pacioli විසින් ක්‍රි.ව. 1509 දී Divina Proportione නම් පොත ලිවීමෙන් අනතුරුව කලාකරුවන් හට තම ගණිතයට බර නොවූ නිබන්ධන වලට න්‍යායිකව රන් අනුපාතය යොදා ගත හැකි විය. සැබවින්ම ඊට පෙර ද රන් ඍජුකෝණාස්‍රය කෘති වලට යොදා ගෙන ඇත.නිර්මාණය[සංස්කරණය]රන් ඍජුකෝණාස්‍රයක් අදින අයුරු. සමචතුරස්‍රය රතු ඉරෙන් වට කැර ඇත. පළලට දිග අනුපාතය 1:φ{\displaystyle 1:\varphi } වේ.කවකටුවක් හා කෝදුවක් භාවිතයෙන් රන් ඍජුකෝණාස්‍රයක් ඇඳිය හැක.සමචතුරස්‍රයක් අඳින්න.එහි එක් පාදයක මැද සිට අනෙක් පැත්තේ කොණකට රේඛාවක් අඳින්න.එම රේඛාව අරය ලෙස ගෙන තෝරාගත් පාදයේ මැද කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තයක් අඳින්න.දැන් රන් ඍජුකෝණාස්‍රය සම්පූර්ණ කරන්න.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteනත්තල් පෙරරැය1904–05 කාලයෙහි කාල් ලාසන් විසින් නිර්මිත දියසායම් සිත්තමක් වූ ජූලෆ්ටන් (නත්තලට පෙරරැය),Also calledනත්තල් සැඳෑව,නත්තල් බලාපොරොත්තුව,නත්තල් උදාව,නත්තලට පෙර රාත්‍රියObserved byකිතුනුවන්,බොහෝ අන්‍යාගමිකයින්[1]Typeක්‍රිස්තියානි, සංස්කෘතිකSignificanceජේසුස් වහන්සේගේ උපන්දිනයට පෙරාතුව දිනය හෝ සන්ධ්‍යාවObservancesතෑගි සඳහා සාප්පු යෑම, තෑගි දීම, නිවාඩු දින සුබ පැතීම, මැදියම් රැය දේව මෙහෙය, අනෙකුත් දේවස්ථාන මෙහෙයයන්, ආහාර ගැනුම, නත්තල් තෑගි රැගෙන එන්නන් පැමිණීම සඳහා සූදානම් වීම, නත්තල සඳහා සූදානම් වීමDateදෙසැම්බර් 24 (විකල්ප වශයෙන් ජනවාරි 6 or 18)[2]Frequencyවාර්ෂිකRelated toනත්තල් දිනය, නත්තල් සමයනත්තල් පෙරරැය යනු, ලොව පුරා පුළුල් ලෙසින් සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන නත්තල් දිනයට පෙර, සම්පූර්ණ දිනය හෝ සැඳෑව හෝ වෙයි. බටහිර ක්‍රිස්තියානි සභාවෙහි එය සැමරෙන්නේ දෙසැම්බර් 24 දිනදී වන අතර,[3] නත්තල් දිනය බලාපොරොත්තුවෙන් සම්පූර්ණ හෝ භාගික හෝ නිවාඩු දිනයක් ලෙසින් ක්‍රිස්තියානි ලෝකයේ සහ බටහි
ර ලෝකයේ පුළුල් ලෙසින් සැමරෙන එය, ඉතා වැදගත් සංස්කෘතික උත්සවයන්ගෙන් එකක් ලෙසින් සැලකෙයි.නත්තලට පෙර දින උත්සව සැමරීමට එක් හේතුවක් වන්නේ, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ජනවන්දනාමය දිනය ඇරඹෙන්නේ ඉරුබැසීමත් සමග බැවින් වන අතර,[4] මෙම සංකල්පය යුදෙව් සම්ප්‍රදායයෙන් ලැබූ දායාදයකි. [5] මෙම ප්‍රගුණනය පදනම්ව ඇත්තේ උප්පත්ති පොතෙහි මැවීමේ කතාන්තරයෙහි: "සවස ගතවිය, උදය උදාවිය, ඒ පළමු වන දවසය " යන්න සමගිනි.[6] නැගෙනහිර සම්ප්‍රදායයෙහිදී වසර පුරා සියළුම මංගල්‍යය දිනයන් සඳහා ජනවන්දනාමය දිනය අරභයා මෙම ආකෘතිය භාවිතා කරන අතර [7] සාමාන්‍යයෙන් ජනවන්දනාමය දිනය මධ්‍යම රාත්‍රියෙහි ඇරඹෙන බටහිර සම්ප්‍රදායයෙහි, මෙය නත්තල (මෙන්ම ඉරිදා දිනයන් සහ අනෙකුත් ප්‍රධාන උත්සව) සඳහා පවත්වාගෙන යනු ලැබෙයි. [8] නිවාඩු දිනයට පෙර සන්ධ්‍යාවේ බොහෝ දේවස්ථානවල දේවස්ථාන සීනු නාද කරන අතර යාච්ඤා සිදු කරනු ලැබේ; නිදසුනක් වශයෙන්, ස්කැන්ඩිනේවියානු (ලූතරානු) දේවස්ථාන. [9] ස්කැන්ඩිනේවියානු වැනි සමහරක් භාෂා වලින්, නත්තලට පෙර දිනට ව්‍යවහාර වන්නේ "නත්තල් සන්ධ්‍යාව" යන නමය.ක්‍රිස්තියානු සම්ප්‍රදායය අනුව ජේසුස් වහන්සේ උපන්නේ රාත්‍රියේ බැව් සැලකෙන හෙ
යින් ( ලූක් 2:6-8 පදනම් කොට ගෙන), නත්තලට පෙර දිනයේදී මධ්‍යම රාත්‍රි මෙහෙයය, සාම්ප්‍රදායික ලෙසින් මධ්‍යම රාත්‍රියේදී, පැවැත්වෙන්නේ උන්වහන්සේගේ උපත සිහිකිරීම සඳහාය. [10] ජේසුස් වහන්සේ රාත්‍රියේ උපත ලද බවට සංකල්පය හුවා දැක්වෙන්නේ, ජර්මානු භාෂාවෙන් නත්තලට පෙර දිනය "හයිලිගේ නාට්" ("ශුද්ධවූ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන්ද, ස්පාඤ්ඤ භාෂාවෙන් "නොචෙවුයෙනා" ("සුභ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන් සහ, "සයිලන්ට් නයිට්,ඕ හෝලි නයිට්" ගීතය වැනි අනෙකුත් නත්තල් අධ්‍යාත්මික ප්‍රකාශයන් වෙතින් වෙති.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Christmas as a multi-faith festival - BBC NEWS - PDF Retrieved 24 November, 2011" (PDF).↑ Ramsy, John. "The Glorious feast of Nativity". Coptic Orthodox and Network. සම්ප්‍රවේශය 2011-01-17.↑ Mary Patt Phisher (1997). "Living Religions: an encyclopedia of the world faiths". I. B. Toris. සම්ප්‍රවේශය 2010-12-29. Christmas is the celebration of Jesus' birth on earth.↑ "Christian Calendar". යුදෙව්-ක්‍රිස්තියානි සම්බන්ධතා සඳහා ජෙරුසලෙම් කේන්ද්‍රය. සම්ප්‍රවේශය 2010-12-29.↑ කෙස්ලර්, එඩ්වඩ
්; නීල් වෙන්බෝන් (2005). අ ඩික්ෂනරි ඔෆ් ජුවිෂ්-ක්‍රිස්ටියන් රිලේෂන්ස්. කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂයර්, එක්සත් රාජධානිය: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පිටු. 274. ↑ "Bible - NIV". 2005.↑ "ද ඩේලි සයිකල් ඔෆ් සර්විසර්ස්". මෙට්‍රොපොලිටන් කැන්ටර් ඉන්ස්ටිට්‍යුට්. සම්ප්‍රවේශය 2010-12-29.↑ "කැතලික් ලිටර්ජි". වතිකානුව. සම්ප්‍රවේශය 2010-12-29.↑ "Helgmålsringning". Natinalencyclopedin. සම්ප්‍රවේශය 2010-12-29.↑ "වැටිකන් ටුඩේ". සම්ප්‍රවේශය 2010-12-29.යුධ අවකාශය යනු යුධ මෙහෙයුමකට ගුවන්, භූමි , මුහුදු , අවකාශ හා දත්ත වැනි පාර්ශව එකට එක් වීමයි. එයට පරිසර සාධක හා කොන්දේසි ඇතුළත්වන අතර එමගින් යුධ ශක්තිය යෙදීමට, බල සේනා රැක ගැනීමට හෝ මෙහෙයුම් සම්පූර්ණ කිරීමට හැකි වේ. මෙයට සතුරු හා මිතුරු සේනාවන්ද ඇතුළත්ය. කාලගුණික තත්වය, මෙහෙයුම් ප්‍රදේශවල විද්‍යුත් චුම්භක තත්වය වැනි ස්වාභාවික සාධක ද ඊට අන්තර්ගතය.යුධ අවකාශය පරීක්ෂාකාරී එකක්ද? නැද්ද?[සංස්කරණය]යුධ අවකාශය පරීක්ෂාකාරී වන්නේ මෙහෙයුම් ප්‍රදේශයේ පරිසරය, සාධක සහ කොන්දේසි මෙන්ම මිත්‍ර හමුදාවන්හි තත්වය, කාලගුණික තත්වය වැනි දෑ පිළිබඳව ඇති
දැනුම සහ තේරුම් ගැනීමේ මතය, එමගින් මෙහෙයුම් සාර්ථක කරගත හැකි වේ.Battlespace Galactica[සංස්කරණය]යුධ අවකාශ විද්‍යූත්කරණය නිර්මාණය වන්නේ යුධ මෙහෙයුම්වල සඵලතාවය, අවි නවීකරණය, සංවේදක ජාලකරණය,බද්ධ අංශ හා කේන්ද්‍රීය ජාල වැනි අංශ මගින් වර්ධනය කර ගැනීමටය. මෙම යුධ වාදය ආවර්ජනය කරනුයේ යුධ මෙහෙයුම් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රම අනුව මෙහෙයවීම වඩා සාර්ථක බවය.මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ආඩියාගල යනු කදු වලල්ලකින් පෙරමුන ලත් ගම්මානයකි. එය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. ආඩියාගල අවට ඇති වැදගත් කම් , ජාතික නාමල් උයන , කලා වැව , අවුකන , විජිතපුරය රෑස්වෙහෙර, සහ වැදගත් කමකින් යුත් වීරකැපෙටිපොල සැකවී සිටිය දී අල්ලා ගත්තේ පරවහගම , ගම්මානයේ දීය එම ස්ථානය පිහිටා ඇත්තේ ද ආඩියාගල ගම්මානයට යාබදවය, එමෙන්ම අනුරාධපුරයේ ඉතාම ප්‍රචලිත පාසලක් වන ආඩියාගල
නවෝද්‍යා විද්‍යාලය පිහිටා ඇත්තේ එම ගම්මානයේය.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteබුදුන් වහන්සේගේ උප්ස්ථායක සහ ප්‍රථම ධර්ම සංගායනාවේ දී මූලික වූ භික්ෂූන් වහන්සේසැකිල්ල:SHORTDESC:බුදුන් වහන්සේගේ උප්ස්ථායක සහ ප්‍රථම ධර්ම සංගායනාවේ දී මූලික වූ භික්ෂූන් වහන්සේ වෙනත් භාවිතා සඳහා, ආනන්ද (වක්‍රෝක්තිහරණය) බලන්න.Venerable, the Elder (Thera) ආනන්දPart of limestone sculpture, northern Xiangtangshan Caves, 550 – 77 CEආගමබුද්ධාගමපෞද්ගලික තොරතුරුඋපත5th – 4th century BCEKapilavatthuමරණය(120 years old ) 40 years after the Buddha's deathOn the river Rohīni near Vesālī, or the GangesSenior postingපදවියන්Patriarch of the Dharma (Sanskrit traditions)ConsecrationMahākassapaපූර්වප්‍රාප්තිකයාMahākassapaඅනුප්‍රාප්තිකයාMajjhantika or Sāṇavāsīආගමික වෘත්තියගුරුවරයාThe Buddha; Puṇṇa Māntāniputtaශිෂ්‍යෙයා්Majjhantika; Sāṇavāsī, etc.පවුලදෙමව්පියෝKing Śuklodana or King Amitodana; Queen Mrgī (Sanskrit traditions)ආනන්ද හිමියන් බුදුන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා
මෙන්ම භක්තිමත් උපස්ථායකයාද විය. බුදුන්වහන්සේගේ ගෝලයින් අතරින් ආනන්ද තෙරුන්ට මනා ධාරණ ශක්තියක් තිබුනේය. පළමු සංගායනාව කාලයේ බුදුන්ගේ ධර්මය, සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර, ඔහුගේ මතකයේ තබාගෙන සිටීමේ ගෞරවය ඔහුට ලැබුනේය. මෙම කාරණය නිසාම ආනන්ද තෙරුන් ධර්මය ආරක්ෂා කරන්නා යනුවෙන්ද හැඳින්වුනේය. බුදු සිරිතට අනුව හැම බුදුවරයෙකුටම අග්‍ර ශ්‍රාවකයින් දෙනමක් සහ අග්‍ර උපස්ථායකයෙකු සිටියේය. ගෞතම බුදුන් සම්බන්ධයෙන් සාරිපුත්ත මුගලන් දෙනම අගසව් වූ අතර ආනන්ද හිමියන් අග්‍ර උපස්ථායක විය. ආනන්ද යනු සංස්කෘත පාලී මෙන්ම අනිකුත් භාෂා වලද "ප්‍රමෝදය - අතිශය ප්‍රීතිය" යන තේරුම ගෙන දෙන වචනයකි. එය බෞද්ධයන් හා හින්දුන් අතර ජනප්‍රිය නාමයකි. කන්නකත්ථල සූත්‍රයේ ආනන්ද හිමියන් ගේ නමෙහි තේරුම විග්‍රහ කර ඇත්තේමෙසේය. " පසේ නදි කොසොල් රජ තුමා බුදුන්ගෙන් මෙසේ විමසීය" " බුදු හිමියනි මෙම තෙරුන්ගේ නම කුමක්ද?" " ඔහුගේ නම ආනන්ද (සතුට) නම් වේ මහ රජ" " මොන තරම් ආනන්දයක්ද ඔහු මොන තරම් සැබෑ ආනන්දයක්ද !..." ආනන්ද හිමි බුදුන්ගේ පළමු ඤාති සහෝදරයා වෙයි. එසේම ආනන්ද හිමි, බුදුන් කෙරේ අතිශය ලැදියාවක් දැක්වූයේය. බුද්ධත්වයට පත් වී විසිවෙනි අ
වරුද්දේදි ආනන්ද හිමියන් බුදුන්ගේ අග්‍ර උපස්ථායකයා පදවිය ලැබු අතර බුදුන්වහන්සේගේ චාරිකා වලදි එක්ව වැඩියයහ. එම සංචාරවලදී ඇතිවූ සංවාදයන්හිදී සම්භාෂණයෙහි යෙදෙන්නා තනතුරු ද දැරීය. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයට සුලු වේලාවකට පෙර බුදුන් වහන්සේ කළ ප්‍රශංසාත්මක දේශනාවෙහි වස්තු බීජය වූයේ ආනන්ද තෙරුන්ය. (මහාපරිනිබ්බාන සුත්ත - දීඝ නිකාය) එය කරුණාවන්ත දූරදර්ශි, ජනප්‍රිය, ආත්මාර්ථයෙන් තොර පුද්ගලයෙකු වෙනුවෙන් කරන ලද එක්තරා ගුණ කථනයකි. අංගුත්තර නිකායෙහි (i.xiv) ශිෂ්‍ය පරම්පරාවේ නාමාවලියක් තිබෙන අතර එහි සඳහන් එක් එක් අය කුමක් හෝ විෂයක් සම්බන්ධයෙන් අග්‍ර තනතුර දැරුවෝ වූහ. ඒ අයට වඩා පස් වතාවක් ආනන්ද හිමියන්ගේ නම ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. ඔහු යහපත් හැසිරිමේ ප්‍රධානියායි. අනුනට සේවය කිරී‍ෙම්දීද, ධාරණ ශක්තියෙන්ද අගතැන් පත් විය. බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා තමන් වෙනුවට කටයුතු කිරිමද පවරා තිබුනි. පසුව බුදුන් වහන්සේ පැවසුවේ ආනන්ද තෙරුන් එම ක්‍රියාව ඉතා සාර්ථකව ඉටු කල බවයි.ප්‍රථම සංගායනාව. බුදුන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ, බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාද වූ, බුදුන් වහන්සේ සමග නොයෙක් ප්‍රදේශ වල ධර්ම සංචා
රයන්හි නිරත වූ පුද්ගලයා වශයෙන්ද ආනන්ද හිමියන්ට බුදුන්ගේ ධර්ම දේශනාවන්ට විවිධ අවස්ථාවල දී ශ්‍රවණය කිරිමේ අවස්ථාව ලැබුනේය. මේ නිසාම ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රාවකයින් අතර 'බොහෝ ඇසු' තැනැත්තා විය. බුදුන් වහන්සේ පිරිනිවීමෙන් සුලු කාලයකට පසුව පැවැත් වූ ප්‍රථම සංගායනාවේදි බුදුන් වහන්සේ විසින් කළ ධර්ම දේශනා නැවත මතකයෙන් කීම පිණිස ආනන්ද තෙරණුවන් කැඳවනු ලැබීය. මෙම දේශනාවන් පසුව පාලි සූත්‍ර පිඨකය ලෙස සැකසුනේය. ආනන්ද හිමියන්ගේ හදවත ඉතා සුපිරිසුදු බැව් බුදුන් වහන්සේ පැවසූහ. මෙම භවයේ ආනන්දයන් විමුක්තිය නොලැබ මිය යන්නේ නම් හදවතේ තිබෙන පිරිසිදු භාවය නිසාම ඔහු හත් වරක් දෙවියන්ගේ රජු වන බවත් එසේ නොවන්නේ නම් ජම්බුද්දීපයේ හත්වරක් රජු බවට පත් වන බවත් බුදුහු ප්‍රකාශ කළහ. එහෙත් ආනන්ද හිමියන් ඒ අත්භවයේදිම නිවන් ලබා ගැනීමේ වරම ලැබුවේය. ආනන්දට පළමු සංගායනාව පැවැත්වෙන භූමියට ඇතුලත් වීමට ප්‍රථමයෙන් අවසර නොලැබුනේ ඒ වන විට අරහත් භාවය ලබා නොතිබීම හේතුවෙනි. පුරාවෘත්තයන්ට අනුව මෙම සිද්ධියෙන් පසු ආනන්ද හිමියන් තමන්ගේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් ඉතා ඉක්මණින් යොදවා සංඝායනාවට පළමුව නිවන් මාර්ගයට එළඹීමේ සුදුසුකම ලබා ගත්තේය.
පාලී ධර්ම ග්‍රන්ථ වල දැක්වෙන බොහෝ තොරතුරු වලට ප්‍රතිවිරුද්ධව ආනන්ද තෙරුන් දුර්වල ළාමක තැනැත්තෙකු ලෙසද පෙන්වා ඇත. ඔහු බුදුන්ගේ පරිනිර්වානයේදීත්, ඉතා ළඟින්ම ඇසුරු කළ ශාරිපුත්ත රහතන් වහන්සේගේ පරිනිර්වානයේදීත් වැලපුනේය. බුදුන්ගේ පිරිනිවිමෙන් පසු ඔහු හුදෙකලාව වෙන්ව සිටි අයුරු ථෙරගාථා වල විස්තර කර තිබේ. සෙන් බුදු දහමේ ආනන්ද තෙරුන් දෙවැනි නිකාය ප්‍රධානියා වශයෙන් විස්තර කර ඇත. පළමු නිකාය ප්‍රධානියා වූ මහා කාශ්‍යප ද සමග ආනන්ද බොහෝ අවස්ථාවල බුදුන් වහන්සේ හා සිටි බව විස්තර වල සඳහන්වේ.ආශ්‍රිත[සංස්කරණය]බොහෝ ඩොල්පින් වර්ගයන්ට ජලය තුලදි මෙන්ම ජලයෙන් පිටතදීත් ඉතා ඉහළ මට්ටමේ දෘෂ්ටි හැකියාවක් ඇත. එසේම ඔවුන්ගේ ශ්‍රවන හැකි‍යාවද මිනිසාට වඩා ඉහළ මට්ටමක පවතී.පද්ධති මෘදුකාංග යනු පරිඝනක දෘඪාංග මෙහෙයවිමට නිර්මාණය කල මෘදුකාංගයි. මේවා අනෙකුත් යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක විමට අවශ්‍ය පසුබිම සකසා දේ.ප්‍රධාන වශයෙන් පද්ධති මෘදුකාංග වර්ග 3කට බෙදිය හැකි ය.1.මෙහෙයුම් පද්ධති2.උපයෝගීතා මෘදුකාංග3.භාෂා පරිවර්තකමුලික පද්ධති මෘදුකාංග වර්ග[සංස්කරණය]ෆර්ම්වෙයා (Firmware) සහ බයෝස් (BIOS) වැනි ඩිවයිස් ඩ්‍රයිවර් (
Device drivers) මෘදුකාංග පරිගණකය හා සම්බන්ධ දෘඪාංග වල මුලික ක්‍රියාකාරකම් පාලනය කරයි.මෙහෙයුම් පද්ධති පරිඝනකයේ මතකය සහ දෘඪ තැටි අතර දත්ත හුවමාරුව සහ ප්‍රතිඵල ප්‍රතිදාන උපාංග හරහා භාවිතා කරන්නා වෙත ලබාදිම සිදුකරයි.උදා:මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,මැක් OS X,ලිනක්ස්ස'වර්ස් (servers) මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග වලින් ඉල්ලුම් කරනා පරිඝනනයන් සහ දත්ත ලබාදීම මෙම මෘදුකාංගයෙන් සිදුකෙරේ.මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග සමඟ එම පරිඝනකයේම හෝ ජාලය තුල වෙනත් පරිඝනකයක හෝ ස්ථාපනය කර තිබිය හැක.යුටිලිටි මෘදුකාංග (utility software) මේවා පරිඝනකයේ ක්‍රියාකාරිත්වය විශ්ලේශණය කිරිමට,ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනිමට සහ නඩත්තු කටයුතු වලට උපකාරි වේ.වින්ඩෝ පද්ධති (window systems), මේවා ග්‍රැෆික් උපාංග,මුසිකය සහ යතුරු පුවරුව. ක්‍රියාකිරිමට මුලික අඩිතාලම සලසයි. සාමාන්‍යයෙන් මවුස් කර්සරය පරිඝනක තිරය මත දර්ශනය කරන්නේ වින්ඩෝ පද්ධතියක් මඟිනි.ඇතැම් ප්‍රකාශන, පද්ධති මෘදුකාංග යන පදය මෘදුකාංග ක්‍රමාලේඛණයෙදි භාවිතා කරන මෘදුකාංග හැඳින්විමටද යොදා ගනි.වින්ඩෝස් නවීකරණයගොනුව:Windows update icon.pngමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගය
කිගොනුව:Windows Update.pngතොරතුරුවර්ගයජාලකරණ සේවාඅඩංගුයි සමගවින්ඩෝස් 98 සහ පසුව ආ සංස්කරණවිස්තරයවින්ඩෝස් නවීකරණයආශ්‍රිත සංරචකBITS, වින්ඩෝස් පිහිටුවනය, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, වින්ඩෝස් සත්‍ය වාසියවින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. (උදාහරණයක් වශයෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගත හැකිය.) වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග (settings) හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.ඉතිහාසය[සංස්කරණය]ඉතා වැදගත් යාවත්කාලීන දැනුම්දීමේ මෙවලම/උපයෝගීභාවය[සංස්කරණය]ස්වයංක්‍රීය යාවත්කාලීන[සංස්කරණය]මයික්‍රොසොෆ්ට් නවීකරණය[සංස්කරණය
]ඔෆිස් නවීකරණය[සංස්කරණය]වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7[සංස්කරණය]සංඛ්‍යාලේඛන[සංස්කරණය]මේවාද බලන්න[සංස්කරණය]වින්ඩෝස් සර්වර් නවීකරණ සේවාවින්ඩිස්නවීකරණයවිමර්ශණ[සංස්කරණය]බාහිර සැබැදි[සංස්කරණය]මයික්‍රොසොෆ්ට් නවීකරණ සේවාවLatest Computer Security Updates: Summary - Microsoft Security / RSSMicrosoft Technical Security NotificationsWindows Update Explained සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machinevteමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකමධ්‍යActive Scripting (WSH · VBScript · JScript) · ගගන · AutoPlay · AutoRun · ClearType · COM (ActiveX · ActiveX Document · COM Structured storage · DCOM · OLE · OLE Automation · Transaction Server) · Desktop Window Manager · DirectX · එක්ස්ප්ලෝරර් · Graphics Device Interface · Imaging Format · ඩොට්නෙට් ෆ්‍රේම්ව'ක්ස් · Search (IFilter · Saved search) · Server Message Block · Shell (විස්තීර්ණ · File associations · Namespace · Special Folders) · ආරම්භක මෙනුව · Previous Versions · Taskbar · Windows USER · Win32 console · XML Pape
r Specificationකළමනාකරණමෙවලම්බැකප් ඇන්ඩ් රෙස්ටෝ · cmd.exe · Control Panel (Applets) · Device Manager · ඩිස්ක් ක්ලීන්අප් · Disk Defragmenter · ඩ්‍රයිවර් වෙරිෆයර් · Event Viewer · IEAK · IExpress · Management Console · Netsh · Problem Reports and Solutions · Resource Monitor · ‎Sysprep · System Policy Editor · System Configuration · ටාස්ක් මැනේජර් · System File Checker · System Restore · WMI · වින්ඩෝස් ඉන්ස්ටෝලර් · Windows PowerShell · වින්ඩෝස් නවීකරණය · WAIK · WinSAT · Windows Easy Transferවැඩසටහන්ගණකය · කැරක්ට මැප් · Contacts · ඩීවීඩී මේකර් · Fax and Scan · ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් · Journal · Magnifier · Media Center · මාධ්‍ය වාදකය · Mobile Device Center · Mobility Center · Narrator · නෝට්පෑඩ් · Paint · වින්ඩෝස් ෆොටෝ විවර් · Private Character Editor · Remote Assistance · Windows Desktop Gadgets · Snipping Tool · සවුන්ඩ් රෙකෝඩර් · Speech Recognition · Tablet PC Input Panel · වර්ඩ්පෑඩ්ක්‍රීඩා3D Pinball for Windows: Space Cadet · Chess Titans · FreeCell · Hearts · Hover! · Inkball · Ma
hjong Titans · Minesweeper · Purble Place · Solitaire · Spider Solitaireකර්නලNtoskrnl.exe · hal.dll · සිස්ටම් ඉඩ්ල් ප්‍රොසෙස් · Registry · DLL · EXE · NTLDR / Boot Manager · Winlogon · Recovery Console · I/O · WinRE · WinPE · Kernel Patch ProtectionසේවාSCM · BITS · Task Scheduler · Wireless Zero Configuration · Shadow Copy · Error Reporting · Multimedia Class Scheduler · CLFSගොනු පද්ධතිNTFS (Hard link · Junction point · Mount Point · Reparse point · Symbolic link · TxF · EFS) · WinFS · FAT (FAT12 · FAT16 · FAT32) · exFAT · CDFS · UDF · DFS · IFSසර්වර්Domains · Active Directory · DNS · Group Policy · Roaming user profiles · Folder redirection · Distributed Transaction Coordinator · MSMQ · Windows Media Services · Rights Management Services · IIS · Terminal Services · WSUS · Windows SharePoint Services · Network Access Protection · PWS · DFS Replication · Remote Differential Compression · Print Services for UNIX · Remote Installation Services · Windows Deployment Services · System Re
source Manager · Hyper-Vනිර්මාණ ශිල්පයNT series architecture · Object Manager · Startup process (Vista/7) · I/O request packet · Kernel Transaction Manager · Logical Disk Manager · Security Accounts Manager · Windows File Protection / Windows Resource Protection · Windows library files · LSASS · CSRSS · SMSS · MinWinආරක්ෂණAction Center · බිට්ලොකර් · ඩිෆෙන්ඩර් · Data Execution Prevention · Mandatory Integrity Control · Protected Media Path · User Account Control · User Interface Privilege Isolation · වින්ඩෝස් ෆයර්වෝල්අනුකූලතාcommand.com · Interix · Unix subsystem (Microsoft POSIX) · Virtual DOS machine · Windows on Windows · Windows XP Mode · WoW64රෆායල්රෆායෙල්ලෝ සන්සියෝරෆායෙල්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්, බොහෝවිට ද ස්කූල් ඔෆ් ඇතන්ස් හි "මේ සිටින්නේ මොහු වෙතැයි බොහෝ දෙන එකඟ වූ මතයකට අනුව පසුකාලීන අනුවර්තනයක් විය හැක", එලෙසමැයි කියන්නේ වසාරි විසිනි[1]උපතේදී නමරෆායෙල්ලෝ සන්සියෝඋපතඅප්‍රේල් 6, 1483(1483-04-06)උර්බිනෝ, ඉතාලියජාතිකත්වයඉතාලියානුක්ෂේත්‍රයසිත්තම් කිරීම, වාස්තුවිද
්‍යාවපුහුණුවපෙරුගිනෝව්‍යාපාරයපුනරුදයකෘතීන්ද ස්කූල් ඔෆ් ඇතන්ස්රැෆෙලෝ සෙන්සියෝ (සාමාන්‍යයෙන් ඔහුගේ මුල් නමෙන් පමණක් දන්නා) (1483 අප්‍රේල් 6 හෝ මාර්තු 28 – 1520 අප්‍රේල් 6) යනු උස් පුනරුදයේ ඉතාලියානු සිත්තෙරුකු ගෘහ නිර්මාණශිල්පියකු වන අතර ඔහුගේ සිතුවම් හා ඇඳීම්වල පරිපූර්ණත්වය හා විශිෂ්ටත්වය නිසා අදටත් ඔහුව සමරනු ලැබේ. මයිකල් ඇන්ජෙලෝ හා ලියනාඩෝ ඩාවින්චි හා එකතුව ඔහු එම සියවසේ සුපිරි නිර්මාණකරුවන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්වය නිර්මාණය කරන ලදී. රෆායෙල් වයස අවුරුදු 37 දී තම ජීවිතෙන් සමුගත්තත් ඔහු අතිශයින් ඵලදායී පුද්ගලයෙකු නිසා ඔහුගේ කාර්යයන්වලින් වැඩි ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. (විශේෂයෙන් වතිකානුවේ) ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාවට අතිශයින් බලසම්පන්න වූ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මයිකල් ඇන්ජෙලෝගේ බලපෑම 18 හා 19 සියවස තෙක් පුළුල්ව බිහිවිණි. එම කාලයේදී ඔහුගේ වඩාත් ශාන්ත සුමිහිරි ගුණයන් නැවතත් උසස්ම ආකෘති ලෙස සලකණු ලැබිණි. ඔහුගේ වෘත්තීය ජීවිතය අදියර 3කට හා ශෛලීන් 3කට බෙදේ. ප්‍රථමව ජෝර්ජියෝ වසාරි විසින් විස්තර කරන පරිදි ඒවා නම් අම්බ්‍රියාහි ඔහුගේ මුල් අවුරුදු හා ෆ්ලොරන්
හි කලාත්මක සම්ප්‍රදායන් උපුටා ගත් අවුරුදු 4ක කාලාන්තරය හා රෝමයේ පාප්වරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ හිතවතුන්ට සේවය කරමින් ගත කළ විජයග්‍රාහී වසර 12 වේ.තව දුරටත් වැඩි විස්තර ලබාගන්න.පහත ලින්ක් එකෙන් ඉංග්‍රීසි ලිපිය කියවන්න. https://en.wikipedia.org/wiki/Raphael?wprov=sfla1References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Raphaelසටහන්[සංස්කරණය]↑ ජෝන්ස් සහ පෙනි, පිටුව. 171ශක්ති වන සංවර්ධන විද්‍යාව යනු වන සංවර්ධන විද්‍යාවේ එක් ආකාරයකි. මෙහි දී වර්ධන වේගය වැඩි ශාක හෝ දැවමය පඳුරු විශේෂ, තාපය හෝ බලය උත්පාදනය කිරීම වෙනුවෙන් ජීව ඉන්ධන නිපදවීම සඳහාම වගා කරයි. ශක්ති වන සංවර්ධන විද්‍යාවේ කොටස් දෙක වන්නේ කෙටි හුවමාරු වන ලැහැබ සහ කෙටි හුවමාරු වන සංවර්ධන විද්‍යාවයි. කෙටි හුවමාරු වන ලැහැබ් යනු පොප්ලර් හෝ විලෝ බෝග, අස්වනු නෙලා ගැනීමට පෙර අවුරුදු 2 සිට 5 දක්වා කාලයක වගා කිරීමයි. කෙටි හුවමාරු වන සංවර්ධන විද්‍යාව යනු ඇල්ඩර්, අළු, බර්ච්, ඕස්ට්‍රේලියාවේ කපුරු ගස්, පොප්ලර් සහ සයිකැමෝර් වැනි බෝග, අස්වනු නෙලා ගැනීමට පෙර අවුරුදු 8 සිට 20 දක්වා කාලයක වගා කිරීමයි.පොසිල ඉන්ධන වන ගල් අඟුරු, ස්වාභාවික වායු ස
හ තෙල් වෙනුවට වගා කළ ඉන්ධන භාවිතා කිරීමෙන් ලැබෙන වාසියක් වනනේ ඉන්ධන දහනයේ දී පිටවන ප්‍රධාන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්, ශාක වර්ධනයේ දී අවශෝෂණය කර ගැනීමයි. නමුත් පොසිල ඉන්ධන දහනයේ දී , කාබන් දහනය වීමෙන් වායු‍ගෝලීය කාබන් ප්‍රමාණය වැඩි වී කාලයත් සමඟ කාබන් තැන්පත් විමෙන් පෘතුවියේ කාලගුණය වෙනස් වේ. මෙය මිහිතලය උණුසුම් වීමට බලපාන මුල්ම හේතුවයි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Energy_forestryව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු
ඇත.ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝඅක්‍ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න.සාමාන්‍යෙන් තොරතුරු වාර්තා කරනය සහ අදහස් ප්‍රකාශනය කිරීම අතර වෙනසක් පවති. අදහස් ප්‍රකාශන කතු වැකියට හෝ ඒ ආසනන තිරුවලට සිමාවේ. කතුවැකයේම පත්‍රයේ කතෘ මන්ඩලයේ නිල අදහසය. කතුවැකියට ඉදිරිපසින් ඇති. අදහස් ප්‍රකාශනය සමාජ හා දේශපාලන ස්ථරය තුල තුළනයක් ඇති කිරීම සදහා විවිධ කොට්ටාස වල අදහස් දක්වයි. එස කෙසේ වෙතත් වාර්තා කරණය සහ කත්තෘවාක්‍යකරණය අතර වෙනස ඇතැම් විට බිද වැටිය හැක. සමහර සංකිර්න සද්ධි වාර්තා කිරීමේ දී කාලයේ හෝ ඉඩ කඩ සිමා නිසා සම්ශප්ත කොට අර්ථ දැක්වීම සිදුවේ. විශාල අර්ථ දැක්වීම් සහිත සද්ධින්, “ ප්‍රවෘත්ති විව්ලේෂණය ” වශයෙන් හැදින්වුව ද ප්‍රවෘත්ති තිරු වලම පලවේ. ප්‍රවෘත්ති විකාශනයට ද සිමා සීමිත කාල පරාස නිසා මෙම වෙනස දක්නට නොලෙැබේ.ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටු යටත් කර ගැනීමලං
කා හමුදාව සහ ලන්දේසි නාවික හමුදාවල උදව්වෙන් මඩකලපුව , ත්‍රිකුණාමලය , මිගමුව සහ ගාල්ල බලකොටු නිදහස් කර ගන්නා ලදී. මෙම බලකොටු , ඒ වන විට කෝට්ටේ රාජධානියෙන් පිටත මායිමේ කෝ‍ට්ටේ රාජධානිය බල නොපැවැත්වු ප්‍රදේශවල තිබුනේය. ගාල්ල හැරුණු විට අනෙකුත් බලකොටු අවට පදිංචිව සිටියෝ දෙමළ ජනතාව වුහ. ඉන්දියාවේ බටහිර වෙරළෙන් සහ කොරමැන්ඩල් වලින් ගෙනවුත් පෘතුගීසීන් විසින් පුහුණු කළ කුලී හේවායින් සමග පෘතුගීසීන්ට එය ආරක්ෂා කරගත නොහැකි විය.මෙපරිදි බලකොටු ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමට අයිති දේපළ බවට පත්විය. රාජසිංහ රජුට මේවා විනාශ කිරීමට අවශ්‍ය වුවද ලන්දේසින් එසේ නොකළහ. එයට හේතුව ලන්දේසීන් පාතුගීසින් සමග කළ සටන්වලදී ඒ සදහා පොරොන්දු වු පරිදි රජු විසින් ලන්දේසීන්ට වන්දි මුදල් නොගෙවීමයි. ලන්දේසි - සිංහල ගිවිසුමේ කොන්දේසී වුයේ පෘතුගීසීන්ට එරෙහිව කළ යුද්ධ වල වියදම උඩරට සිංහල රජු විසින් ලන්දේසීන්ට ගෙවිය යුතු බව හා ලන්දේසී හමුදා නඩත්තු කළ යුතු බවයි.එම ගිවිසුමේ පිටපත් දෙකක් වු අතර ලන්දේසින්ගේ පිටපතෙහි වරායන් ක්‍රියාත්මක කිරීම ලන්දේසීන් සතු විය යුතු බවට භේදයක් තිබුනේය. රජු මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බැදුනේ නැත.
මන්ද රජුගේ පිටපත අර්ථ කථනය කර තිබුණේ වරායයන් රජුට අයිති විය යුතු ලෙසිනි. රජු ඔහුගේ යුතුකම ඉටු කරමින් සිටියේය. ලන්දේසීහු සියලුම වරායයන්ද , බලකොටුද ඉතිරි ඉඩම්ද අයිති කර ගෙන පෘතුගීසින් යැවීමෙන් පසු රජුගේ නියෝජිතයින් ලෙස ඔවුන් බලය අල්ලා ගත් ප්‍රදේශවල පාලන කටයුතු ආරම්භ කළහ. දෙමළ ජනතාව අලුත් පාලකයා එකහෙළා පිළිගත්හ. ගාල්ල සහ මීගමුව පමණක් පෘතුගීසීන්ගේ පහර දීමේ අවදානමට ලක්වෙමින් අනතුරු දායක තත්වයක තිබුණේය.රාජසිංහ රජුට ඕනෑ වුයේ පෘතුගීසීන් හා ලන්දේසින් එකිනෙකා පස මිතුරු කර දෙපාර්ශවයම තුරන් කිරීමටයි. ලන්දේසී නිලධාරීන් රජුට විරුද්ධ වු ඇතැම් අවස්ථාවලදී ඔහුව රජු ඔහු මරණයට පත් කළේය. සමහර අවස්ථාවක කපිතාන් ගේ සුලු වරදක් නිසා මුලු ලන්දේසි නැවේම සිටි ලන්දේසීන් සමුලඝාතනය කෙරින. රජුගේ මෙම කෲර සහ අති සුක්ෂම ක්‍රියාවල ප්‍රතිඵලය වුයේ ලන්දේසීන් ඔවුන් අල්ලා ගත් බලකොටු සහ විශාල වපසරියකින් යුත් ඉඩම් ප්‍රමාණය ලන්දේසීන් සතුවම තබා ගැනීමයි.රාජසිංහ සහ ඔහුගේ නිලධාරීන් ඔවුන් විසින් කළ යුතු උදව් නොකළහ. මේනිසා බොහෝ සටන් සදහා ලන්දේසීන් වියදම් දැරූ අතර ඔවුන්ට විශාල ලෙස අලාභ සිදුවිය. එහෙත් ‍ගාල්ල වැනි බලකොටු කොල්ල කෑ
අවස්ථාවල රජුගේ හමුදාවද එතැනට පැමිණි අතර ලන්දේසීහු යුධ වියදම් වලින් භාගයක් රජුට ගෙවුහ.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Dutch_Ceylon#Dutch_Capture_Portuguese_FortsA28 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අනුරාධපුරය සහ පාදෙණිය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.මාර්ගය තලාව, තඹුත්තේගම, මහගල්කඩවල, ගල්ගමුව, අඹන්පොල සහ දලදාගම යන නගර හරහා ගමන් කරයි.ඛණ්ඩාංක: 7°53′19″N 80°14′53″E / 7.888548°N 80.247917°E / 7.888548; 80.247917vte ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හා මහා මාර්ගE ශ්‍රේණියSri Lanka Expressway SymbolE01E02E03E04E06E07A ශ්‍රේණියAA0AA1AA2AA3AA4AA5AA6AA7AA8AA9AA10AA11AA12AA13AA14AA15AA16AA17AA18AA19AA20AA21AA22AA23AA24AA25AA26AA27AA28AA29AA30AA31AA32AA33AA34AA35ගරුජයලත් ජයවර්ධනතනතුර දරමින්1994–2013පුද්ගලික තොරතුරුඋපත16 අගෝස්තු 1953(1953-08-16)ශ්‍රී ලංකාවවිපත30 May 2013(2013-05-30) (වයස 59)සිංගප්පූරුවජාතිය ශ්‍රී ලාංකිකදේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂයවෘත්තියදේශපාලඥයෙකු, වෛද්‍යවරයකුරූබ
න් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී. ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.[1]ආශ්‍රිත[සංස්කරණය]↑ හාවිලන්ඩ්, චාර්ල්ස්. "බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස්". Bbc.co.uk. සම්ප්‍රවේශය 2013-06-01.බාහිර සබැඳි[සංස්කරණය]ප්‍රසිඩන්ට් පුට්ස් අ ලයිෆ් ඇට් රිස්ක්: ද ජයලත් ජයවර්ධන කේස්, ද යූඑන් හියුමන් රයිට්ස් කොමිටී ඩිසිෂන්ස් Article 2, Vol 4, issue 4ඒෂියන් ලීගල් රිසෝස් සෙන්ටර්, 2005-08-17. Retrieved 2006-12-01ශ්‍රී ලංකා - ඇටෑක්ස් ඔන් ජස්ටිස් 2000 සංරක්ෂණය කළ පිටපත 2006-10-07 at the Wayback Machine ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, 2001-08-13. Retrieved 2006-12-01PersondataNAMEජයවර්ධන, ජයලත්ALTERNATIVE NAMESSHORT DESCRIPTIONශ්‍රී ලාංකික දේශපාලඥDATE OF BIRTH1953-08-16PLACE OF BIRTHශ්‍
රී ලංකාවDATE OF DEATH2013-05-30PLACE OF DEATHසිංගප්පූරුව, සිංගප්පූරුවවතිකානු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඊජිප්තු මමීයක්.මමියක් යනු, හිතාමතා හෝ අහම්බෙන් හෝ රසායනයන්, අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාවය හෝ, වාතය නොමැති වීම වෙතට නිරාවරණය වීමෙන්, එහි සම සහ ඉන්ද්‍රියයන් සංරක්ෂණය වීම නිhhgggjසා, සිසිල් සහ වියලි තත්ත්වයන් යටතේ තැබුවහොත් තවදුරටත් ක්ෂය නොවන, මරණයට පත්වූ මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වෙයි. මිනිසුන්ගේ හා අනෙකුත් සතුන්ගේ මමීන්,අසමාන්‍ය තත්ත්ව හරහා ස්වාභාවික සංරක්ෂණයේ හෝ මරණ සුරක්ෂා කිරීම සදහා වු සංස්කෘතිකමය මානව කෘති වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත.හිතාමතාම ඖෂධ කවන ලද මමීයන්[සංස්කරණය]විශේෂිත සංරක්ෂණ අරමුණක් සදහා හිතාමතාම ඖෂධ ගන්වන ලද මමීයන් වඩාත් ප්‍රචලිත වෙයි. විශේෂයෙන්ම අතීත ඊජිප්තුවේ පැවති මමීයන් ඒ අතරවෙයි. එහිදි මිනිසුන් පමණක් නොව කිඹුලන් හා බලලුන්ද මමී ගන්වන ලදී. අතීත ග්‍රීක පුරාවිද්‍යාඥයන් වාර්තා කරන අන්දමට පර්සියානුවන් ඔවුන්ගේ රජවරුන් හා වංශාදි පතීන් ඉටි මගින් ඇතැම් විට මමී ගන්වන ලදී. එසේ නමුත් මෙම භාවිතය ඊජිප්තුවේදී සිදු නොවීය. 2004 වර්
ෂයේදී පකිස්ථානයෙන් සොයාගත් පර්සියානු කුමරියගේ දේහය මිදි තිබුණි. චීනයේදී ඖෂධ ගන්වන ලද සයිප්‍රස් මිනී පෙට්ටි සොයා ගෙන ඇත. ඊජිප්තු මමීයන් වඩාත් ප්‍රචලිත වුව ද උතුරු චිලි දේශයේ හා දකුණු පේරු දේශයේ චින්ක්‍රෝ මමීන් ආදිතම මමීයන් වෙයි. මධ්‍යම සහරාවේ දී හමුවු උවාන් මොහුදියැක් යනු 1958 දී මහාචාර්යය ෆැබ්රිසියෝ මෝරි විසින් සොයා ගන්නා ලද කුඩා පිරිමි දරුවකුගේ මමීයක නමකි. ඕනෑම සංසදනාත්මක ඊජිප්තු මමීයකට වඩා පැරණි මෙම මමීය ඉතා දියුණු මමීකෘත තාක්ෂණයන් යොදා ගෙන ඇති අතර වසර 5500 ක් පමණ පැරණි වෙයි. සිසිලි දූපතේ පැලේමොහි පුජකවරුන් 1599 දී ඔවුන්ගේ මළ දේහයන් මමී ගන්වන ලද අතර තමන්ගේ තත්ත්වයේ සංකේතයක් ලෙස ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් ද ඔවුනගේ මළ දේහ සංරක්ෂණයට අදහස් කරන ලදී. ඔවුන් අතරින් අවසන් වරට මමී ගන්වන ලද සමාජිකයා 1920 දී මිය ගිය අයෙකි. පැනෝමොහි Capuchin catacombs දේහ දහසකට වඩා අන්තර්ගත කරගත්තකි. ඒවා අතරින් බහුතරයක් ඇදුම් සහිත සිට ගෙන සිටින ආකා‍රයේ ඒවා වෙයි. කෙසේ නමුත් සංරක්ෂණයේ බොහෝ අවස්ථාවන් අසාර්ථක වු අතර ඇට සැකිල්ල සහ රෙදි පිළි පමණක් ඉතුරු විය. ස්වභාවික මමී[සංස්කරණය]මෙහි දැක්වෙනුයේ ස්වභාවික හේතු නිසා
මමීකරණයට ලක් වූ මුහුදු අශ්වයෙකි.ස්වභාවයේ හමුවන විවිධ තත්වයන් හේතුවෙන් මමීකරණයට ලක් වූ සත්ව සිරුරු ලෝකය පුරා විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. මෙවැනි තත්ව සඳහා උදාහරණ ලෙස අධික සීතල (ඔට්සි නම් අයිස් මිනිසා, අයිස් මේඩ්න්), ආම්ලික තත්ව (ටොලන් මිනිසා), ලවණ අධික බව (ලවණ මිනිසා) හෝ විජලකාරක වියලි තත්ව (ටරීම් මමී) ආදිය හැඳින්විය හැක. යකඩ යුගයට අයත් සිරුරු 1000කට අධික සංඛ්‍යාවක් උතුරු යුරෝපයේ මඩ වගුරු තුළින් හමු වී ඇති අතර ඒවා අතරට වයිඩේ ගර්ල් සහ ලින්ඩෝ මිනිසා ආදී ප්‍රසිද්ධ මමී ද අයත් වේ. මානව මෙන්ම අනෙකුත් සත්ව විශේෂයන්ගේ ද මමීකරණයට ලක් වූ සිරුරු හමු වී ඇත. මෙම තත්වය වඩාත් බහුලව දැකිය හැකි වන්නේ නොගැඹුරු ලවණ ජලය සහිත පරිසරවල ජීවත් වන සත්ව විශේෂයන්ගේ වේ. තවද මෙහි දී මමීකරණය වීමේ ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ව්‍යුහයන්ගෙන් යුත් ශරීර ඇති මුහුදු අශ්වයන් සහ තාරකා මසුන් ආදී ජීවීන් වඩාත් බහුලව මෙලෙස මමීකරණයට‍ ලක් වේ.සනත් කලුපෙරුමඋපත22 ඔක්තෝම්බර් 1961කොළඹ ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකආගමබෞද්ධසනත් කලුපෙ
රුම (ඉංග්‍රීසි: Sanath Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.ජීවන සටහන්[සංස්කරණය]සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයාවිය.මොහු ලලිත් කලුපෙරුමගේ බාල සොහොයුරා වන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.ආශ්‍රිත[සංස්කරණය]මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවායුනෙස්කෝ ලෝක උරුම අඩවියසැකිල්ල:SHORTDESC:යුනෙස්කෝ ලෝක උරුම අඩවියනව ශිලායුගීය ඕක්නෙයි හි කේන්ද්‍රස්ථානයයුනෙස්කෝ ලෝක උරුම අඩවියනිර්ණායකයසංස්කෘතික: i, ii, iii, ivමූලාශ්‍ර514අභිලේඛනය1999 (23වන සැසිය)ස්කාරා බරායි හි කණින ලද වාසස්ථාන.ගෘහ භාණ්ඩ පිලිබඳ සාක්ෂ්‍ය.අංක 7 නිවාසයට වසුන හා වත්මන් මුහුදු වෙරළට සමීපත්වය පෙන්වන ජනාවසයෙහි ඉහළින් පෙනෙන අයුරු දසුනක්.ස්කාරා බ්රෙයිහි හා අනෙකුත් නවශිලායුගීය අඩවි වලදී හමුවූ සංකේත.ස්කාරා බරායි (උසුරුවනුයේ /ˈskɑrə ˈbreɪ/) යනු, ස්කොට්ලන්තයේ, ඕක්නෙයි මහා භූමිප්‍රදේශයේ බටහිර වෙරළ තීරයෙහි, ස්කායිල් බොක්කෙහි පිහිටි විශාල ගලින්-නිමැවූ‍ නව ශිලා යුගයට අයත්
ජනාවාසයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි.ස්කාරා බරායි සොයා ගැනීම හා එහි ලක්ෂණ[සංස්කරණය]ස්කාර් බ්රේ් නම් වූ විශාල පස් ගොඩැලිවලින් තෘණ උදුරා දැමීමට තරම් විශාල කුණාටුවක් නිසා 1850 වන තෙක් ස්කාර් බ්රේ පැවතියේ පසට යට විය.ස්කේල් හි ස්කොට්ලන්ත වාසියකු වන විලියම් වොට් විසින් ශෛලමය ගොඩනැඟිලි කීපයක් කටු සටහන් සොයා ගන්නා ලද අතර මූලික කැනීම් ද සිදු කරන ලදී. 1926 ඇති වූ තවත් කුණාටුවකට පසු 1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී.ස්කාරා බ්රේස පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විය. නිවසක් වර්ග මීටර 40 ක වපසරියකින් යුක්ත වූ අතර එහි විශාල හතරැස් කාමරයක් ද උෂ්ණත්වය ලබා දීමට හා කෑම පිසීමට විශා
ල ලිපක් ද විය. දූපතේ එතරම් ගස් නොතිබූ නිසා එම නිවෙස්වල වහළ සෙවිලි කිරීම සිදු වූයේ ලී දඬු හා තල්මස් ඇටකටු තණ පිඩැලි සමඟ ඇල්ලීමෙනි. නිවෙස්වල ගලින් කරන ලද ගෘහ භාණ්ඩ විශාල සංඛ්යා්වක් විය. ඊට කබඩ්, මේස, පුටු හා ඇසුරුම් පෙට්ටි අන්තර්ගත විය. කාණු පද්ධතියක් පවා ග්රාමම නිර්මාණයේ සම්පාදනය කොට තිබිණි. සෑම නිවසකම ප්රාුථමික මට්ටමේ වැසිකිලියක් තිබිණි.සොයා ගත් නිවාස දහයෙන් හතකම ඇඳවල් හා මේස සහිත එක හා සමාන ගෘහ භාණ්ඩ විය. ඒවා වූයේ ද සමාන ස්ථානවලය. මේසය තිබුණේ නිවසට ඇතුළු වන විටම පෙනෙන ලෙස දොරට මුහුණ දා බිත්තියට හේත්තු කරය. අටවනනිවසේ මේස හෝ ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්ලක ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය.යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්ර ථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී.විකිරණ කාබන් පරීක්ෂාවෙන් පෙන්නුම් කරන්නේ ස්කාරා බ්රේො හි ජනාවාස ඇතිවීම ක්රිග.පූ. 3100 සිට වසර 600ක් පුරා පමණ පැවති බවයි. ක්රි‍.පූ. 2500 දී පමණ කාළගුණ විප
ර්යාසය සිදු වීමෙන් පසු එනම් බොහෝ ශීතල තෙත් කාළගුණයක් පැවතීමට පටන් ගත් පසු පදිංචිකරුවන් විසින් මෙය අත්හැර දමන්නට ඇත. ස්කාරා බ්රේීහි මිනිසුන් එහි පදිංචිය හදිසියේ අත්හැරීමට හේතු පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත ඇතත් මෙය සිදු වූ ආකාරයට අදාල ශක්තිමත් සාක්ෂි තවම හමු වී නැත.මෙම දෘශ්යයමාන ගොඩනැඟිලි මෙහි ජීවී සම්භවයක් තිබූ බවට හැඟීමක් ඇති කරනවන නමුත් මෙම භූමිය නැවත සොයා ගැනීමට පෙර සමුද්රී ඛාදනය නිසා මීට අදාල සාක්ෂි බොහෝ ලෙස විනාශ වී ඇත. අනාවරණය වූ ශේෂයන් පුරාණ ස්මාරකවලට යාබදව තිබෙන්නට ඇත. කොටු කරන ලද ප්රතදේශයේ දකුණට වන්නට වූ පර්වතයේ සෝදා යාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි.ඛණ්ඩාංක: 59°02′55″N 3°20′35″W / 59.04861°N 3.34306°W / 59.04861; -3.34306උත්තරාඛණ්ඩ්उत्तराखंडප්‍රාන්තයභාරතයේ උත්තරාඛණ්ඩ් පිහිටීමඋත්තරාඛණ්ඩ් සිතියමරටභාරතයසංස්ථාපනය9 නොවැම්බර් 2000අගනගරයඩෙහෙරාඩූන්†විශාලතම නගරයඩෙහෙරාඩූන්දිස්ත්‍රික්ක13රජය • ආණ්ඩුකාරඅසීස් කුරේෂී • මහ ඇමතිවිජය බහුගුන (INC) • ව්‍යවස්ථාදායකයඒක-මණ්ඩල (ආසන 70 ) • පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශය5 • මහාධිකරණයඋත්තරාඛණ්ඩ් මහාධිකරණ
යසරිය • මුළු51,125 කිමී2 (19,739 සතරැස් සැත)භුමිප්‍රමාණ අනුස්ථිතිය18වනජනගහණය(2011) • මුළු10,116,752 • අනුස්ථිතිය19වන • ඝණත්වය189/කිමී2 (490/වර්ග සැත)වේලා කලාපIST (UTC+05:30)ISO 3166 කේතයIN-UTHDI0.515[1]HDI අනුස්ථිතිය7වන (2011)සාක්ෂරතාව79.63%ලිංග අනුපාතය963කථන භාෂාහින්දි, ගුර්වාලී, කුමාඋනි,උර්දුනිල භාෂාහින්දි, සංස්කෘතවෙබ් අඩවියuk.gov.in^†  ඩෙහෙරාඩූන් යනු ප්‍රාන්තයේ තාවකාලික අගනුවර වෙයි. නව අගනුවර තවමත් තෝරාගෙන නොමැත.අතීතයේ උත්තරන්චල් ලෙසින් හැඳින්වුනු, උත්තරාඛණ්ඩ් යනු භාරතයෙහි උතුරු පෙදෙසෙහි ප්‍රාන්තයකි. මෙම ප්‍රාන්තය පුරා විසිරී පිහිටා ඇති බොහෝ ශුද්ධවූ හින්දු දේවාලයන් සහ වන්දනාමය කේන්ද්‍රස්ථාන නිසා මෙය බොහෝවිට "දෙවිවරුන්ගේ දේශය" ලෙසින්ද හැඳින්වෙයි. උත්තරාඛණ්ඩ් ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ හිමාලයෙහි, භාබර්හී සහ ටරායිහී ස්වභාවික සෞන්දර්යය එහි මනාව දර්ශනය වන නිසාය. අසබඩ පිහිටි උත්තර් ප්‍රදේශ් සතුව තිබූ හිමාලයානු වයඹ දිග දිස්ත්‍රික්ක උපයෝගී කරමින් 2000 නොවැම්බර් 9 වන දිනදී මෙම ප්‍රාන්තය තැනූ කල්හි, එය භාරතීය ජනරජයෙහි 27වන ප්‍රාන්තය බවට පත් විය. [3] එහි මායිම් වන්නේ, උතු
රු දිශාවෙන් ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශය; නැගෙනහිරින් නේපාලයේ ඈත-බටහිර පෙදෙසෙහි, මහාකාලි කලාපය; දකුණෙන් උත්තර් ප්‍රදේශ් සහ වයඹ දෙසින් හිමාචල් ප්‍රදේශ් යන භාරතීය ප්‍රාන්ත වෙති. ගුර්වාල් සහ කුමාඋන් ලෙසින් ප්‍රාදේශික දෙකකට ප්‍රාන්තය බෙදෙන අතර, මුළු දිස්ත්‍රික්ක ගණන 13 ක් වෙයි. උත්තරාඛණ්ඩ් හී තාවතාලික අගනුවර වන්නේ ඩෙහෙරාඩූන් වන අතර, එය ප්‍රදේශයෙහි ප්‍රධාන දුම්රිය පොළක් සහ විශාලතම නගරයද වෙයි. ප්‍රාන්තයෙහි මහාධිකරණය නෙයිනිතාල් වෙයි.ප්‍රාග්ඓතිහාසික කාලයන්හී සිට මෙම ප්‍රදේශයෙහි මිනිසුන් ජීවත්වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත. ගුර්වාල් සහ කුමාඋන් හී පළමු ප්‍රධාන රාජවංශ අතර වූයේ ශිව ආගමෙහි මුල් ආකාරයන් ඇදහූ හා පොදු යුගයට පෙර 2වන සියවසෙහි විසූ කුනින්ඩාවරුන් වූහ . කල්සි හී අශෝක අධිරාජයාගේ ආඥා ස්තම්බ තිබීමෙන් ගම්‍ය වන්නේ මුල් අවදියෙහිම මෙම ප්‍රදේශයෙහි බුද්ධාගම පැවති බවයි. මධ්‍යතන යුගයෙහිදී මෙම ප්‍රදේශය කුමාඋන් සහ ගුර්වාල් රාජධානිය යටතේ ශක්තිමත්ව පැවතිණි. 1803වන විට ප්‍රදේශය නේපාලයෙහි ගුර්කා අධිරාජ්‍යයෙහි පාලනය යටතට පත්වූ අතර 1816දී ඉංග්‍රීසි-නේපාල යුද්ධය අවසන් වීමත් සමගම නූතන උත්තරාඛණ්ඩ්හී බොහෝ
කොටස් බ්‍රිතාන්‍යයන් වෙත උත්ත්‍යක්ත වූයේ සුගවුලි ගිවිසුම යටතේය. පූර්වකාල කඳුරට රාජධානි වූ ගුර්වාල් සහ කුමාඋන් යන්නවුන් සාම්ප්‍රදායික සතුරන් වූ නමුත්, විවිධ අසල්වැසි වාර්ගික කණ්ඩායම් අසබඩින් වූ නිසාත්, ඔවුන් අතරවූ වෙන් කල නොහැකි සහ ඌනපූරක වූ භූගෝලීය, ආර්ථික, සංස්කෘතික, භාෂාමය, සහ ජනශ්‍රැතියන් නිසා ප්‍රදේශ අතර ප්‍රබල සම්බන්ධතා ගොඩනැගුණු අතර 1990 ගණන් වලදී ප්‍රාන්ත භාවය ලඟාකර ගැනුමෙහි ව්‍යාපාරයේදී එය තවදුරටත් ශක්තිමත් විය.ප්‍රාන්තයෙහි වැසියෙන් සාමාන්‍ය වශයෙන් ගුර්වාලි හෝ කුමාඋනි ලෙසින් හැඳින්වෙනුයේ ඔවුන්ගේ සම්භවය සිදුවූ ස්ථානය අනුවය. භාරතයේ 2011 ජන සංගණනය අනුව උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයෙහි ජනගහණය 10,116,752 වූ අතර, එය භාරතයේ 19වන වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තය විය. ජනගහණයෙන් වැඩි කොටසක් රාජ්පුත්වරුන් සහ බ්‍රාහ්මණයන් වෙති. ජනගහණයෙන් 88% කට වැඩි දෙනා හින්දු භක්තිකයෝ වෙති. සුළුතරය අතරින් ඉහළින් සිටින්නේ මුස්ලිම්වරුන් වන අතර, සීක් වරුන්, ක්‍රිස්තියානින්, බෞද්ධයන්, සහ ජෛනයන් අනෙකුත් ප්‍රධාන ආගම් වෙති. ගුර්වාලි සහ කුමාඋනි යනු ප්‍රධාන ප්‍රාදේශීය භෘසා දෙක වන අතර වඩාත් පුළුල් ලෙසින් කතා කරන භාෂාව
වන්නේ හින්දි භාෂාවයි.ගංගෝත්‍රි හිදී ගංගා ගඟද යමුනෝත්‍රි හිදී යමුනා ගඟද වශයෙන් හින්දු ආගමෙහි වඩාත් වැදගත් ගංගා දෙකක් ප්‍රදේශයෙන් ඇරඹෙයි. මෙම ගංගා දෙක හා සමග භද්‍රීනාත් සහ කේදාර්නාත් එක්ව, හින්දුවරුන්ට ශුද්ධවූ වන්දනා ස්ථානයක් වන චෝටා චාර් දාම් තනයි. ඉන්දියානු අර්ධද්වීපයෙහි පැරණිතමය වන, ප්‍රාන්තයෙහි පිහිටි ජිම් කෝබට් ජාතික වනෝද්‍යයානයෙහිදී, බෙංගාල කොටියා දැක ගත හැක. මෙයට අමතර වශයෙන්, විවිධ මල් සහ ශාක වර්ග සහිත යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන පුෂ්ප මිටියාවතද මෙම ප්‍රාන්තයෙහිදී දැක ගත හැක.ශබ්ද නිරුක්තිය[සංස්කරණය]උත්තරාඛණ්ඩ් නාමය බිඳී ඇත්තේ උතුරු දිශාව යන අරුත් දෙන උත්තරා (उत्तर) යන් සංස්කෘත වචනයද සහ, රට හෝ රටෙහි කොටස යන අරුත් දෙන කන්ඩ් (खण्ड्) යන වචන දෙක එක් වීමෙනි. ආදි හින්දු ධර්ම ග්‍රන්ථයන්හී මෙම නම සඳහන් වන්නේ කේඩකන්ඩ් (වර්තමානයෙහි ගුර්වාල්) සහ මනස්කන්ඩ් (වර්තමානයෙහි කුමාඋන්) යන්නන්හි ඒකාබද්ධ ප්‍රදේශය ලෙසිනි. උත්තරාඛණ්ඩ් යනු, ඉන්දියානු හිමාලය පෙදෙසෙහි මධ්‍යම ප්‍රදේශය සඳහා භාවිතා වූ පුරාතන පුරාණ ග්‍රන්ථමය (पौराणिक) පදයක්ද වෙයි. [4]කෙසේවෙතත්, ප්‍රාන්ත ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල
ක නව අදියරක් 1998දී ඔවුන් විසින් ඇරඹුනු විට, භාරතීය ජනතා පක්ෂය (බීජේපී)-නායකත්වය සැපයූ රජය විසින් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය විසින්, මෙම ප්‍රදේශය සඳහා උත්තරන්චල් යන නම ලබා දෙන ලදි. බෙදුම්වාදී වචනාර්ථයන් අඩුවෙන් දක්වතැයි ප්‍රෝක්ත බැවින් මෙම පදය තෝරාගැනුනේ යැයි පැවසුනද, මෙම වෙනස නිසාවෙන්, වෙනම ප්‍රාන්තයක් වෙනුවෙන් සටනට බැස යිටි ක්‍රියාකාරීන් අතර අතිමහත් මතභේදයක් ඇතිවූයේ මෙය දේශපාලනමය පියවරක් ලෙසින් ඔවුන් අර්ථකථනය කල බැවිනි. [5] කෙසේවෙතත්, මෙම පියවර වැලැක්වීමට ඔවුහූ අසමත් වූහ. නිල භාවිතය විලසින් උත්තරන්චල් යන නම භාවිතාව සඳහා පනවන ලද මුත්, උත්තරාඛණ්ඩ් යන නාමය ප්‍රදේශයෙහි ජනප්‍රියව පැවැතියේය.2006 අගෝස්තු මසදී, භාරතීය මධයම රජයෙහි කෑබිනට් මණ්ඩලය, උත්තරන්චල් ප්‍රාන්තයෙහි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි සහ උත්තරාඛණ්ඩ් ව්‍යාපාරයෙහි ප්‍රමුඛ සාමාජිකයන්ගේ ඉල්ලීම් වලට අනුව, උත්තරන්චල් ප්‍රාන්තය උත්තරාඛණ්ඩ් ලෙසින් යළි නම් කෙරුමට එකඟ විය. මේ සඳහා වන නීති රීති, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් 2006 ඔක්තොම්බර් මස සම්මත කර ගන්නා ලද අතර,[6] ඹධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු
වේ සිසිර සැසිය වෙත පණත ඉදිරිපත් කලේය. පාර්ලිමේන්තුව විසින් පණත සම්මත කරන ලද අතර 2006 දෙසැම්බර් මසදී ජනාධිපති අබ්දුල් කලාම් විසින් එයට අත්සන් තබා එය නීතිය බවට ඇතුලත් කෙරිණි.ආශ්‍රිත[සංස්කරණය]↑ "ඉනික්වලටි- ඇජස්ටඩ් හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් ෆෝ ඉන්ඩියාස් ස්ටේට්ස්-2011" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. සම්ප්‍රවේශය 17 ජූලි 2012.↑ http://www.harbanskapoor.com↑ "අබවුට් අස්". උත්තරාකන්ඩ් රජය. සම්ප්‍රවේශය 17 ජූලි 2012.↑ කන්ඩාරි, ඕ. පී., හා ගුසේන්, ඕ. පී. (සංස්.). (2001). ගුර්වාල් හිමාලයා: නේචර්, කල්චර් ඇන්ඩ් සොසයිටි. ශ්‍රීනගර්, ගුර්වාල්: ට්‍රාන්ස්මීඩියා.↑ නෙගි, බී. (2001). "රවුන්ඩ් වන් ටු ද ලොඉිස්ට්ස්, පොලිටීසීයන්ස් ඇන්ඩ් බිව්රොක්‍රැට්ස්." ඉන්ඩියන් එක්ස්ප්‍රස්, 2 ජනවාරි.↑ UNI. (2006). “උත්තරන්චල් බිකම්ස් උත්තරාකන්ඩ්." ට්‍රිබියුන් (ඉන්දියාව), 12 ඔක්තොම්බර්.නින්දෙහි අවස්ථාවන්ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය
හැක. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි. වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලයේ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්ද අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍ර අවස්ථාවේ සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 ස 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 ස 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හැදින්වේ. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්දමෙන් නොව මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි. කුඩා දරුවෙක් නිදාගෙන සිටින අයුරුක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන් ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැකිය. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.බළල් පැටවුන් නිදාගන්නා ආකාරයවැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලය තුළ 75% - 80% පමණ වේගවත් අක්
ෂිචලන සහිත නින්දක් අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍රා අවස්ථාවේදී සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 සහ 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 සහ 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හඳුන්වයි. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්ද මෙන් නොවෙයි. මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.මෙම නිද්‍රා අවස්ථාවන් තුළ චක්‍රීයව වෙනස්වන රටාවන් නිරීක්ෂණය කර ඇත.නිද්‍රා අවස්ථා NI හිදී සාමාන්‍ය අවදි වී සිටින මිනිසුන් තුළ ඇති X කිරණවල (සංඛ්‍යාතය 8 – 13 Hz) සිට theta තරංගවලට පරිවර්තනය වෙයි. (සංඛ්‍යාතය 4 – 7Hz) ඇතැම්විට මෙම අවස්ථාව නිදි මත ලෙස විග්‍රහ කෙරේ. මෙම අවස්ථාව ආරම්භයේදී ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන් හට කරදරකාරී නිද්‍රා මායා දර්ශනද අත්දැකීමට සිදුවේ. මෙම NI අවස්ථාවේදී පුද්ගලයාගේ පේශී තානයද යම්තාක් දුරට බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධයද අඩුවෙයි.N2 අවස්ථ
ාවට ආවේණික ලෙස නිද්‍රා තර්කූන් ද, K සංකරණයන් ද ඇතිවෙයි. මෙහිදී විද්‍යුත් මාංශ පේශී ග්‍රාහකයේ මැනිය හැකි මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාව අඩුවන අතර බාහිර පරිසරය පිළිබඳ ඇති සිහිකල්පනාව මුළුමනින්ම නැති වෙයි. මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාවය අඩුවන අතර මුළු නින්දේ 45% - 55% පමණ N2 අවස්ථාව ඇතුළත්වෙයි.N3 අවස්ථාව - ඩෙල්ටා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% අඩු ප්‍රමාණයක් නිරූපණය කරයි. මෙය ගැඹුරු නින්දේ කොටස් වන අතර N4 අවස්ථාවට සංක්‍රාන්ති සමයක් ලෙස හඳුන්වයි. නින්දේ කථා කිරීම, ත්‍රාසජනක සිහින දර්ශනය, නින්දේදී මුත්‍රා පිටවීම ආදී ක්‍රියාවන් N3 අවස්ථාවේදී සිදුවේ.N4 අවස්ථාව - මෙහිදී ඩෙල්මා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% කට වැඩි ප්‍රමාණයක් නිරූපණය කරයි. අවස්ථා N3, N4 නින්දේ ගැඹුරු අවස්ථාවෙයි. ඩෙල්ටා තරංග වැඩි වශයෙන් ඇතිවන N4 අවස්ථාව N3 අවස්ථාවේ ගැඹුරු අනුවාදයක් ලෙස හදුන්වාදිය හැකිය. අක්ෂි චලන සහිත නින්ද සහ අක්ෂි චලන රහිත නින්දේ 3, 4 අවධීන්හි සමතුලිතතාවයක් පවතී. එමනිසා එම අවස්ථා එකක් අඩුවුවහොත් නැවත නින්ද ලැබුණු පසු එම අඩු වූ ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ දරයි. එමනිසා මෙම අවස්ථා දෙකම නින්දේ ක
්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි.සටහන්[සංස්කරණය]Stages of sleepමෙම ලිපිය හෝ ලිපි කොටස මතකය වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත.කෙසේ නමුත් 19 වන සිය‍වසේ අගභාගයේ දී සහ 20 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යා‍ව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි.වර්ගීකරණය[සංස්කරණය]මතක කාලය, ස්වභාවය, තොරතුරු ගබඩා කර ගන්නා ආකාරය අනුව මතකය වර්ගීකරණය කළ හැකි ක්‍රම ගණනාවක් ඇත. තොරතුරු සකස් කර ගන්නා ආකාරය අනුව මතකය ඇති විට සහ රඳවා ගැනීම් අවස්ථා 3ක් පෙන්වා දිය හැක.තොරතුරු ලැයිස්තුගත කිරීම ( ලැබුණු තොරතුරු සැකසීම සහ එකිනෙකට සම්බන්ධ කිරීම)ගබඩා කිරීම (ලැයිස්තුගත කරන ලද
තොරතුරු ස්ථිර ගබඩා කිරීම)නැවත සිහි ගැන්වීම (ගබඩා කරන ලද තොරතුරු ඇතැම් ඉඟිවලට ප්‍රතිචාර ලෙස ක්‍රියාවලියක දී යොදා ගැනීම)ඛණ්ඩාංක: 90°S 0°W / 90°S -0°E / -90; -0මෙම ලිපිය භූගෝලීය දක්ෂිණ ධ්‍රැවය පිළිබඳ වෙයි. අනෙකුත් භාවිත සඳහා දක්ෂිණ ධ්‍රැවය (වක්‍රෝත්තිහරණය) බලන්න1. දක්ෂිණ භූගෝලීය ධ්‍රැවය2. චුම්බක දක්ෂිණ ධ්‍රැවය (2007)3. භූචුම්බක දක්ෂිණ ධ්‍රැවය[කවදාද?]4. අනාගම්‍ය දක්ෂිණ ධ්‍රැවයභූගෝලීය දක්ෂිණ ධ්‍රැවය හෝ භෞමික දක්ෂිණ ධ්‍රැවය ලෙසින්ද හැඳින්වෙන,දක්ෂිණ ධ්‍රැවය යනු, පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හා ඡේදනය වන්නාවූ ලක්ෂ්‍යය දෙකින් එකකි.ආශ්‍රිත[සංස්කරණය]භූගෝල විද්‍යාව ද්වාරයList of Antarctic expeditionsසවුත් පෝල් ටෙලෙස්කෝප්මූලාශ්‍ර[සංස්කරණය]භාහිර සබැඳි[සංස්කරණය]දක්ෂිණ ධ්‍රැවය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.විකිචාරිකා සතුව South Pole සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.NOAA South Pole Webcam360° Panoramas of the South Pole සංරක්ෂණය කළ පිටපත 28 අප්‍රේල් 2015 at the Wayback MachineImages of this location are available at the Degree Confluence ProjectSouth
Pole Photo GalleryPoles by the Australian Antarctic DivisionThe Antarctic Sun – Online news source for the U.S. Antarctic ProgramBig Dead Place සංරක්ෂණය කළ පිටපත 25 ජූනි 2016 at the Wayback MachineUK team makes polar trek history – BBC News article on first expedition to Pole of Inaccessibility without mechanical assistanceListen to Ernest Shackleton describing his 1908 South Pole Expedition, and read more about the recording on [australianscreen online].The recording describing Shackleton's 1908 South Pole Expedition was added to the National Film and Sound Archive's Sounds of Australia registry in 2007vtePolar explorationArcticOceanHistoryExpeditionsResearch stationsFarthest NorthNorth PoleBarentszHudsonMarmadukeCarolusParryNorth magnetic poleJ. RossJ. C. RossAbernethyKaneHayesPolaris expeditionPolarisC. F. HallBesselsBritish Arctic ExpeditionHMS AlertNaresHMS DiscoveryStephensonMarkhamLady Franklin Bay ExpeditionGreelyLockwoodBrainardNansen's F
ram expedition FramNansenJohansenSverdrupJasonAmedeoAndrée's balloon expeditionS. A. AndréeF. CookPearySS RooseveltSedovByrdNorgeAmundsenNobileWistingRiiser-LarsenEllsworth]ItaliaNautilusWilkinsANT-25ChkalovBaydukovBelyakovDrifting ice stationsNP-1PapaninShirshovE. FyodorovKrenkelNP-36NP-37Georgiy SedovBadyginWieseUSS NautilusUSS SkatePlaistedHerbertNS ArktikaBarneoArktika 2007Mir submersiblesSagalevichChilingarovIcelandGreenlandPytheasBrendanPaparVikingsNaddoddGarðarIngólfrNorse colonization of North AmericaGunnbjörnSnæbjörn galtiErik the RedChristian IV's expeditionsJ. HallCunninghamLindenovC. RichardsonDanish colonizationEgedeScoresbyJasonNansenSverdrupPearyRasmussenNorthwest PassageNorthern CanadaCabotG. Corte-RealM. Corte-RealFrobisherGilbertDavisHudsonDiscoveryBylotBaffinMunkI. FyodorovGvozdevHMS ResolutionJ. CookHMS DiscoveryClerkeMackenzieKotzebueJ. RossHMS GriperParryHMS HeclaLyon
HMS FuryHoppnerCrozierJ. C. RossCoppermine expeditionFranklinBackDeaseSimpsonHMS BlossomBeecheyFranklin's lost expeditionHMS ErebusHMS TerrorCollinsonRae–Richardson expeditionRaeJ. RichardsonAustinMcClure expeditionHMS InvestigatorMcClureHMS ResoluteKellettBelcherKennedyBellotIsabelInglefield2nd Grinnell expeditionUSS AdvanceKaneFoxMcClintockHMS PandoraYoung FramSverdrupGjøaAmundsenRasmussenKarlukStefanssonBartlettSt. RochH. LarsenCowperNorth East PassageRussian ArcticPomorsKoch boatsWilloughbyChancellorBarentszMangazeyaHudsonPooleSiberian CossacksPerfilyevStadukhinDezhnevPopovIvanovVaginPermyakovGreat Northern ExpeditionBeringChirikovMalyginOvtsynMininV. PronchishchevM. PronchishchevaChelyuskinKh. LaptevD. LaptevChichagovLyakhovBillingsSannikovGedenschtromWrangelMatyushkinAnjouLitkeLavrovPakhtusovTsivolkoMiddendorffAustro-Hungarian ExpeditionWeyprechtPayerVega ExpeditionA. E. NordenskiöldPalan