text
stringlengths
0
1k
ture and Human Resources, Ten Tropical Fruits of Potential Value for Crop Diversification in Hawaii Retrieved on 2009/03/26මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත.අංගම්පොරඅංගම්පොර සටන් කරුවන් දෙදෙනෙක් රිටි හරඹයක යෙදෙය අයුරුසම්භවය ඇතිවූ රට ශ්‍රී ලංකාවඔලිම්පික් ක්‍රීඩාවනැතඅංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.මූලික ලක්‍ෂණ[සංස්කරණය]මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී.ඇඳුම්[සංස්කරණය]මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරමක් හඳියි. ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියටනම් ගම් කිය කියා උනුනුන් වේග කොටඅංගම් පොර අරින පෙර සෙබළුන් එවිටඅංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට[1]අතීතය[සංස්කරණය]ආරම්භ
ය[සංස්කරණය]අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිලිබඳව විවිධ ජනප්‍රවාද සහ මත ඇත. රාවණ ජනප්‍රවාදය[සංස්කරණය]එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට[2] එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.අංගම්පොර සටන් කරුවෙකු තවත් සටන් කරුවෙකු සමඟ සටන් කොට මාරාන්තිකව පහරදී ඇති අවස්ථාවක නිරූපන රංගනයක්ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට, වසර 33000 කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත.[3] අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය.ලක්දිව යටත්විජිත යුගය[සංස්කරණය]1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අ
ංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත.වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ.[4] සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය. ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන ය
ාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.පුහුණු ලාභීන්[සංස්කරණය]මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ.තවද වාසගම් පරීක්ෂා කරන කලී අගම්පොඩිගේ අංගම්, පොඩිගේ,අතපත්තු ,-සූරිය යන්නාවූ වාසගම් අංගම්පොර ගණයට අයත් වන බව හෙළ ඉතිහාසයේ සදහන් වේ.[5] අංගම් ශාස්ත්‍රය හැදෑරීමේදී, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මීට හේතුව වශයෙන් සඳහන්ය. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගනුම අරඔන සිසුන් දේශීය යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. සටන් කලාව ඉගෙනීමට පෙර ආධු
නිකයෙකුගේ ශරීරය ශිල්පයට ගැළපෙන අයුරින් සකස් කරගත යුතුය. ඒ සඳහා විශේෂ සම්බාහන ක්‍රමවේද සමූහයක් පවතී. ආරම්භයේ පටන්ම ආධුනිකයාගේ ශරීරය සම්බාහනය කරන අතර පසුව ඉදිරියට ශිල්පය හැදෑරීමේදී ඒ ඒ සටන් කොටස් හැදෑරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කරගැනීම සඳහා දිගින් දිගටම සම්බාහන ප්‍රතිකාර දෙනු ලැබේ. ඒවා ආධුනිකයාගේ වයස් ,ශරීර තත්වය ආදී කරුණු මත වෙනස් වේ. එමෙන්ම දේශීය යෝග ක්‍රමයද හෙළ සටන් ශාස්ත්‍රය හා බද්ධව පවතී. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ගුරුවරයා විසින් ශිල්පය උගන්වන අවස්ථාවල හා සටන් හැකියාව උරගාබැලීම වැනි වෙනත් විශේෂ අවස්ථා කිහිපයකදී හැරුණු විටහැරුණු විට සාමාන්‍යයෙන් සටන් පුහුණුවීම් සිදුකරන්නේ තමා හා සම ශාස්ත්‍රීය මට්ටමේ පසුවන සටන්කරුවන් සමඟය. ‍පුහුණු වීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, රණ බෙර වාදනය, දේහ ලක්ෂණ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, යෝග ශාස්ත්‍රය, නර්තනය වැනි ශාස්ත්‍රීය කොටස් ද ‍එකතු වේ.වදන්[සංස්කරණය]කොරතොට අංගංපොර සටන් කරුවන් ඔවුන්ගේ සාම්ප්‍රධායික පනික්කි රණකෙළි පූජාවක යෙදෙන අයුරුඅං
ගම්පොර ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සිටියේ මරුවල්ලිය, සුදලිය සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති අංගං මඩු වලය. එම අංගං මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් හරඔ ශාලාව හා ඉලංගම් මඩුව ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉලංගම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙම ඉලංගම් මඩුව සටන් පුහුණුව සඳහා යොදා ගනු ලැබීය. පිටතින් බලන අයෙකුට ඔවුන් නැටුම් පුහුණු වනවා සේ පෙනුනද ඒ තුළම සටන් පුහුණුවද සිදු විය. මේ නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ යම් යම් අංග නැටුම් තුළට ආභ
ාෂය වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටි නැටුම, වලස් නැටුම, ලී කෙලි නැටුම වැනි නැටුම් අංග නිර්මාණය වූ අතර අදටද මෙම නැටුම් අංග තුළ සටන් ඉරියව් නිරූපණය වෙයි. [6].මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පිටි වලදීද යොදා ගැනුනි. කෙසේ වෙතත් යුධ පිටියේදී සටන් හැකියාවන්ද පෙරහැරවලදී නැටුම් හැකියාවන්ද වෙන වෙනම පෙන්වූවා මිස පෙරහැර තුළදී සටන් පෙන්වීමට හෝ සටන් ඇඳුම් ඇඳගෙන සටන් පෙන්වීමක් සිදු කළේ නැත. නමුත් චීනාඩි නම් අංගම්පොර තහනම් යුගයේදී දකුණු ඉන්දීය වයිත්තියාර්වරුන්ගෙන් ලැබුණා යයි සැලකෙන සටන් ක්‍රමයේ ශිලිපීන් සටන් අංග පෙරහැර තුළ පෙන්වූ බව කියමින් වැරදිමත සමාජගත කරයි.පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි අඩවි 9 ක් නිමවූ පසු ලදහැකි උසස් තනතුරක් වෙයි.ආධුකනිකයන්ට සටන් පුහුණුකරවීමේ අයිතිය මෙමඟින් ලබාදෙයි.මූලික අංග[සංස්කරණය]අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අ
ංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම් ) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ.අංගම්ඉලංගම්මායා අංගම්මන්ත්‍ර ශාස්ත්‍රයරණ බෙර වාදනයනිල වෙදකමදේහ ධර්ම විද්‍යාවහේවා අංගම්ඉලංගක්කාරම්ආයුධ[සංස්කරණය]අංගංපොර සටනේ භාවිතා වන අවි ආයුධ කිහිපයක්අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය
තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි.අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ.ගුරු කුල[සංස්කරණය]සුදලිය[සංස්කරණය]මරුවල්ලිය[සංස්කරණය]කොරතොට[සංස්කරණය]මැදමහනුවර[සංස්කරණය]අදින් වසර 33000කට පමණ පෙර ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගක්කරුවෝ මුල්ලේරියා සටන මූලිකත්වය දී ගම්වර තා තානාත්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදාය රුකගෙන නොනැසී පවත්වාගෙන යති.වර්තමාන තත්තවය[සංස්කරණය]ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය​. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට ද
ැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ​. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ​.[7]මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති.[8] මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී.අප සොයා බැලූ පරිදි දැනට සිටින ජ්‍යෙෂ්ඨම ගුරුතුමා වන්නේ සුනිමල් ප්‍රනාන්දු ගුරුතුමාය.ඡායාරූප[සංස්කරණය]රිට
ි හරඹයක්අංගම් පොර පිළිබද කැටයමක්.උඩු කරණමකින් ගසන පා පහරක්කාන්තා සටන් කාරියන් අංගම් හරඹයකකඩු හරඹයක් දක්වන අජන්ත මහන්තාරච්චිඉලංගම් සටනක්ඉලංගම් සටනක්අංගම් ගැටයක්කඩු පළිහ ඉරියව්වක්ඉලංගම් සටනක් රඟදැක්වෙන නාට්‍යයක්අංගම්පොර පිලිබඳ පොත්[සංස්කරණය]හෙළයේ සටන් රහස අංගංපොරආශ්‍රිත ලිපි[සංස්කරණය]කොරතොට අංගම්පොර සම්ප්‍රදායබාහිර යොමු[සංස්කරණය]http://www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machinehttp://www.mulleriyawa.org සංරක්ෂණය කළ පිටපත 2018-09-09 at the Wayback Machinehttp://www.angampora.infohttp://www.mardb.com/angampora/මූලාශ්‍ර[සංස්කරණය]↑ [මග දිගට ජනකතා],මග දිගට ජනකතා නම් ග්‍රන්ථයේ ජන කවියක්↑ "අ ට්‍රෑලි ශ්‍රී ලංකන් ආර්ට්". සන්ඩේ ඔබ්සවර්. 22 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.↑ අංගම්පොර - ඉපැරණි සිංහලයින්ගේ සටන් කලාව සංරක්ෂණය කළ පිටපත 2016-03-11 at the Wayback Machine, අංග‍ම්පොර යනු ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු "ශරීරය පිළිබඳ විද්‍යාවයි". අංගම් තුළට න
ිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.↑ "අංගම්පොර සටනේ බලනු මැන අභිමානේ". මවුබිම. 11 ජූලි 2015. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.↑ "සියලු ශාස්ත්‍රවල එකතුවක් වූ අංගම්පොර සටන් කලාව". සිළුමිණ. 8 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.↑ හෙළයේ සටන් රහස අංගංපොර, අජන්ත මහන්තාරච්චි.↑ වගකිවයුත්තෝ, චීනාඩි හා මලයාලම් ශිල්පීන් අංගම්පොර ශිල්පීන් ලෙස විවිධ සම්මේලන වල ලියාපදිංචි වීම↑ අංගම්හොරු, ව්‍යාජ අංගම්පොර ශිල්පීන් ගැන චිවේජනාත්මක වෙබ් අඩවියක්මෙම ලිපිය වනාහි Engineering ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.ටර්බයිනයක් නිර්මාණය කිරීමේ දී විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ඉංජිනේරුවන්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ.ඉංජිනේරුවන් ප්‍රශ්න වල
ට විසඳුම් සෙවීමට හෝ පවතින දෙයක් වැඩි දියුණු කිරීමට භෞතික විද්‍යාව හා ගණිතය උපයෝගී කර ගනී. තෝරා ගැනීම් කිහිපයක් තිබුණහොත් ඉංජිනේරුවන් ඒවායේ යෝග්‍යතාව මැන අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගනී. ඉංජිනේරුවෙකුගේ ඉතාම වැදගත්ම හා විශේෂිතම කාර්යභාරය වන්නේ නිර්මාණයක ඇති සීමාවන් හඳුනා ගැනීම, තේරුම් ගැනීම හා අර්ථ දැක්වීම මඟින් සාර්ථක ප්‍රථිඵල අත්කර ගැනීමයි. සාමාන්‍යයෙන් තාක්ෂණික අතින් සාර්ථක නිර්මාණයක් කිරීම පමණක් නොසෑහේ, එය ඉදිරි අවශ්‍යතාවයන් සඳහා ද ගැලපිය යුතුය. සීමාවන් අතරට භාවිතයට ඇති සම්පත්, භෞතික, සංකල්පමය, තාක්ෂණික සීමාවන් , අනාගත සංශෝධනයට ඇති නැඹුරුව,වියදම් ,ආරක්ෂාව ,ඉල්ලුම, ඵලදායීතාව සහ වැඩදායීතාව වැනි සාධක ඇතුලත් වේ. මෙම සීමාවන් හඳුනා ගැනීම මඟින් ඉංජිනේරුවන් සෑදිය හැකි වස්තුවක් හෝ පද්ධතියක් නිපදවීමට හෝ ක්‍රියා කිරීමට අවශ්‍ය සීමාවන් පනවනු ලබයි.ගැටළු වලට විසඳුම් සෙවීමඉංජිනේරුවන් ඔවුන්ගේ විද්‍යාව, ගණිතය සහ මනා පලපුරුද්ද භාවිතා කරමින් ගැටළු වලට විසඳුම් සොයයි. ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යවහාරික ගණිතය හා විද්‍යාවෙහි එක්තරා ශාඛාවකි. ගැලපෙන ගණිතමය ආකෘතියක් නිර්මාණය කිරීම ඉංජිනේරුවන්ට එය අධ්‍
යයනය කිරීම පහසු කරන අතර ගැලපෙන විසඳුම් පරීක්ෂා කිරීමද කල හැක.බොහෝ විට තෝරා ගැනීම් කිහිපයක් තිබෙන අතර ඉංජිනේරුවන් එම නිර්මාණ වල යෝග්‍යතාව පරීක්ෂා කර අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගත යුතුය. ගනරික් අල්තුරෙල් (Genrich Altshuller), පේටන්ට් බලපත්‍ර විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව, පහල මට්ටමේ ඉංජිනේරු නිර්මාණ සඳහා සම්මුතියකට එලඹීමේ හැකියාව මූලික වන බවත් ඉහල මට්ටමේදී වඩාත්ම උචිත නිර්මාණය වන්නේ ප්‍රධානතම ගැටළුව ඇති කරන සාධකය ඉවත් කිරීම බවත් ප්‍රකාශ කරන ලදී.මහා පරිමාණයෙන් නිපදවීමට පෙර ඉංජිනේරුවන් තම නිර්මාණයන් කෙතරම් දුරට නියමිත පරිදි ක්‍රියා කරන්නේදැයි නිගමනය කිරීමට උත්සාහ දරයි. ඔවුන් මේ සඳහා මූලාකෘති, සුළු පරිමාණයේ ආකෘති, අත්හදා බැලීම්, ආතතිය පිලිබඳ පරීක්ෂණ, විනාශවීම හා නොවීම පිලිබඳ පරීක්ෂණ භාවිතා කරයි. මෙවැනි පරීක්ෂණ මඟින් නිෂ්පාදනය කොතරම් දුරට අපේක්ෂිත පරිදි ක්‍රියාකරන්නේද යන්න නිගමනය කල හැකිය.ඉංජිනේරුවන් හොඳ වෘත්තිකයන් වශයෙන් තම නිෂ්පාදනයන් නියමිත පරිදි ක්‍රියා කරනවාද යන්න පිලිබඳ ඇති වගකීම ඉතා බරපතල ලෙස සලකන අතර මහ ජනතාවට හිතාමතාම හානියක් වන අයුරින් ක්‍රියා නොකරයි. අනපේක්ෂිත හ
ානි අවම කර ගැනීමට ඔවුන්ගේ නිර්මාණ වල ආරක්ෂාකාරීබව පිලිබඳ විශේෂ කොටස් ඇතුලත් වේ. කෙසේ වුවද බොහෝවිට ආරක්ෂාකාරීබව ඉහල යන විට නිර්මාණයේ කාර්යක්ෂමතාව පහල බසී.මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "රයිට් සොහොයුරෝ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුකූලව අහසින් ගමන් කිරීමට කුරුල්ලකු‍‍ගෙ ස්වරූපයෙන් යුක්ත යානයක් සකසා ප්‍රථම වරට බිමින් ඉහළට නැගු‍ණේ යැයි සැලකෙන්නේ රයිට් සහෝදරයන් යනුවෙන් හැඳින්වෙන ඕවිල් රයිට්(Orville wright) සහ විල්බර් රයිට්(Wilber Wright) යන දෙදෙනාය. ඔවුන් දෙදෙනාම ප්‍රථම සර්ථන අහස් යානාව නිෂ්පාදනය කළ විද්‍යාඥයන් වශයෙන් ඉතිහාස ගතවී ඇත. මොවුන්ගේ බලසම්පන්න අහස් යානාව පළමු වරට කිටිහොක් නම් ස්ථානයෙන් ගුවන් ගත වූයේ 1903 දෙසැම්බර් 17 වැනිදාය. පොළොවේ සිට අඩි 12 ත් අඩි 85 ත් අතර වූ ඉහළකට නැගියැයි වාර්තා වේ. රයිට් සහෝද
රයන් විසින් 1900 සිට 1903 දක්වා වු සමය ඇතුළත දී පවත්වන ලද ගුවන් යානා පර්යේෂණයේ ප්‍රතිළඵල 1904 දී විධිමත් මුල පිරීමකට හේතු වුයේය. 1906 දී මොවුන් අහස් කුස තුළ පැයක පමණ කාලයක් ගතකොට පොළොවට යළි පැමිණීමට හැකියාව ලැබිණි.රයිට් සොහොයුරෝ 1909 දී The American Wright Company යනුවෙන් සමාගමක් පිහිටුවා ප්‍රථම වරට ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කළේය. ඕවිල් රයිට් ස්වකීය නිෂ්පාදන‍ය පිළිබඳව ඇමෙරිකා රජයට විස්තර ඉදිරිපත් කළේය. ප්‍රථම පියාසැරියෙන් අනතුරුව ඇමෙරිකා යුද්ධ හමුදාව නව අහස් යානය බැලීමට පැමිණියහ. ඕවිල් රයිට් තප්පර 71ක් ගුවනේ පියාසර කර වොෂින්ටන් නගරයට සමී‍ප පිට්ටනියකට යානය පහත් කළ විට යුධ නිලදරයන්ද පුවත්පත් කලාවේදින්ද ඉමහත් සොම්නසින් ඉදිරියට ආවෝය. ගුවන් යානය පිළිබඳ ආරංචිය ඵතැන් සිට පතළ වන්නට ආරම්භ විය. අහස් යානය නිපදවී‍මේ වෙළෙද ව්‍යාපාරයක් ආරම්භ විය. අහස් යානා නිපදවී‍මේ වෙළෙද ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රංශ සමාගමක් ඉදිරිපත් විය. 1908 සැප්තැම්බර් 18 වැනි දින ප්‍රංශයට විල්බර් රයිට් දෙපැයක පමණ කාලයක් ස්වකීය ගඟන යානය අහසේ පියාසර කර පෙන්වීය. නව ගුවන් යානය පිළිබඳව ඉමහත් සේ ලොල් වූ ප්‍රංශ වෙළෙද සමාගම ව්‍යාපා
රයක් වශයෙන් අහස් යානා නිෂ්පාදනයට රයිට් සොහොයුරන්ට ඉමහත් මුදලක් ගෙවන ලදී.මේ කාල වකවානුවේ යුරෝපයේ ස්ථාන කිහිපයක ද අහස් යානා පිළිබඳ පර්යේෂණ පවත්වනු ලැබිණි. 1909 දී ලිවී බිලෙරියොන් නැමැති ප්‍රංශ ජාතික ඉංජිනේරුවා ඉංග්‍රිසි ඕඩය හරහා පියාසර කිරීමට මොනෝ ප්ලේන් නමින් හැඳින්වෙන ඵ්ක පුද්ගල අහස් යානාවක් නිපදවා ඉංග්‍රිසි ඕඩය ඉතාමත් කෙටි කාලයකින් තරණය කළේය. ක්‍රි.වර්ෂ 1912 දී විල්බර් රයිට් උණසන්නිපාතය වැළදීමෙන් අභාවප්‍රාප්ත වූයේය. විල්බර් රයිට් සහ ඕවිල් රයිට් සහෝදරයන්ගෙන් අහස් යානා ඉතිහාසයට සිදු වූ විශාල සේවාව සමග ගඟන යානා වල ඉදිරි උන්නතිය බෙහෙවින් වේගවත් විය. මිනිසා විසින් අහස් යානා වල වේගය, පියාසර කරන උස වැඩි කිරීමට ප්‍රයත්න දැරීය. අහසේ පියාඹන යානා ගණයට හෙලිකොප්ටර් යානා, මඟීන් ගෙනයන ප්‍රොපෙලර් එන්ජින් සහිත යානා, ටර්බෝ ජෙට් යානා, ටර්බෝ පංකා සහිත යානා, ශබ්දයේ වේගය පරයන වේගයෙන් දිවෙන සුපර්සොනික් ජෙට් යානා අයත් වේ. දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණයන්හි නිරත වූ ඕවිල් රයිට් 1948 දී අභාවප්‍රාප්ත වූයේය.===============================================[සංස්කරණය]විල්බර් රයිට්ඕවිල් රයිට්ආශ්‍රිත මූලාශ්
‍ර[සංස්කරණය]Great Scientistis ෂහමෙම ලිපිය හෝ ලිපි කොටස සිකුරු ග්‍රහයා සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)සිකුරු මතුපිටින් 80% ක් සමන්විත වන්නේ සිනිඳු ගිනිකඳු තලාවන්ගෙනි. ඉතිරි මතුපිට ප්‍රදේශය ඉහළ භූමි මහද්වීප දෙකකින් සමන්විත වේ. ඉන් එකක් ග්‍රහලෝකයේ උත්තර අර්ධ‍ගෝලයේ ඇති අතර අනෙක සමකයට වහාම දකුනින් පිහිටා ඇත. උතුරු මහාද්වීපය Ishtar භූමිය නම් වේ. Ishtar යනු ආදරයේ බැබිලෝනියානු දේවතාවියයි. එය ඔස්ට්‍රේලියාව තරම් වෙයි. මෙහි සිකුරුගේ උසම කන්ද වන Maxwell Montes පිහිටා ඇත. එහි මුදුන සිකුරුගේ මධ්‍යන්‍ය මතුපිටින් 11km උසින් පිහිටා ඇත. දකුණු මහාද්වීපය Aphrodite භූමිය නම් වේ. Aphrodite යනු ආදරයේ ග්‍රීක දේවතාවියයි. දකුණු ඇමරිකාව තරම් විශාල මෙය ඉහළ භූමි ප්‍රදේශ දෙකෙන් වඩා විශාල එකයි. මේ මහාද්වීපයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ කඩතොලු හා අගාධ ජාලයකිනි. ගැටුම් අගාධ කඳු නිම්න වැනි පාෂාණමය ග්‍රහලෝක වල හමුවන ලක්ෂණ වලට අමතරව සිකුරුටම සුවිශේෂි ලක්ෂණ කිහිපයක් ඇත. ඒ අතර පැතලි මතුපිටක් ඇති Farra නම් ගිනිකඳු විශේෂයක් ඇත. ඒවා පෑන් කේක් හැඩති වන අතර විශාලත්වයෙන් කිලෝමීටර් 20 – 50 අතර වේ. උසින් මීටර 100
– 1000 අතර වේ. එමෙන්ම අරීය තාරකා හැඩති novae නම් කඩතොලු විශේෂයක් ද මකුළු දැල් සිහි ගන්වන Arachnoids නම් ඒකකේන්ද්‍රික ව්‍යුහයන් ද ආරීය කඩතොලු වළලු ඇති ඇතැම් විට සම්පීඩනය නිසා වටවු Coronae නම් ව්‍යුහයන් ද ඒ අතර වෙයි. මේවා ගිනිකඳුමය සම්බවයක් සහිතය. සිකුරුගේ මතුපිට ව්‍යුහයන් සියල්ලම පාහේ නම් කොට ඇත්තේ ඓතිහාසික හා මිත්‍යාමය කාන්තාවන්ගේ නම් වලිනි. මීට පරස් පර වන්නේ James Clerk Maxwell නමින් නම් කෙරුණු Maxwell Montes හා Alpha ප්‍රාදේශිකය හා Beta ප්‍රාදේශීකය හා ඉහළ භූමි ප්‍රදේශ දෙකයි. මෙම ලක්ෂණ තුන අන්තර් ජාතික අභ්‍යවකාශ සමුහය විසින් භාවිතා කරන වර්ථමාන ක්‍රමයට පෙර නම් කළ ඒවාය. සිකුරුගේ භෞතික ලක්ෂණ වල කාටිසීය කණ්ඩාංක විස්තර කෙරෙන්නේ ප්‍රථමික මධ්‍යන්න්‍ය රේඛාවට සාපේක්ෂවය. දකුණු Alpha ප්‍රදේශීකයේ ඇති Eve නැමති ඕවාලික ලක්ෂණයක මැද ඇති විකිරණ දීප්ත ලක්ෂයක් හරහා තිරස්ව ගමන් කරන රේඛාවක් ලෙස එය අර්ථ දක්වා ඇත. මතුපිට භූ විශමතාවඅඟහරුගේ සිතියමක් උත්ක්ෂිප්ත මහද්වීප කහපැහැයෙන් දක්වා ඇත. Ishtar භූමිය මුදුනේ ද Aphrodite භූමිය සමකයට වහාම දකුනින් ද දක්වා ඇත. සිකුරු මතුපිට බොහෝ දේ හැඩගැන්වී ඇත්තේ ගිනිකදු ක
්‍රියාකාකම් වලිනි. සමස්ථයක් ලෙස සිකුරු පෘතුවියේ මෙන් කිහිප ගුණයක ගිනිකදු දරයි. එය කිලෝමීටර් 100 කට වඩා හරස් කඩක් ඇති විශාල ගිනිකඳු 167 ක් දරයි. මේ ප්‍රමාණයේ පෘතුවියේ එකම ගිනිකඳු සංකිර්ණය හවායි හි “විශාල දුපතයි”. කෙසේ නමුත් මෙය සිකුරු පෘතුවියට වඩා ගිනිකඳු මය අතින් සක්‍රිය වීම නිසා නොව කබොල්ල වඩා වයස් ගත බැවිනි. පෘතුවි කබොල්ල භූ තැටි මායිම් වල මැඩීම් මගින් ප්‍රතිචක්‍රීකරණය වෙයි. එහි මධ්‍යන වයස අවුරුදු මිලියන 100 ක් පමණ වුවත් සිකුරු ක‍බොල්ලේ මධ්‍යයන වයස අවුරුදු මිලියන 500 ක් පමණ වේ. පහත දක්වා ඇත්තේ සිකුරු මතුපිට සිදුවන ගිනිකඳු ක්‍රියාකාරකම් වලට සාක්ෂීන්ය. සොවියට් Venera වැඩ සටහනේ දී Venera 11 හා Venera 12 ඒෂණීන් අනවරථ අකුණු ප්‍රවාහයක් හඳුනා ගන්නා ලදී. Venera 12 ගොඩ බැස්ස වු වහාම බලාධික අකුණු පිපිරීමක් වාර්ථා කරයි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Venus express හුදකලා විදුලි කෙටීමක් ඉහළ වායු ගෝලයේදී වාර්තා කළේය. පොළවේ අකුණු කුණාටු වර්ෂා පතනයෙන් දිවෙන නමුත් සිකුරු මතුපිට වර්ෂාව නොමැත. (නමුත් එය H2SO4 වැසි ඉහළ වායු ගෝලයේ ඇති කරන අතර මතුපිටට කිලෝමීටර් 25 ක් උඩින් ඒවා වාෂ්ප වෙයි. එක් හේතුවක් නම් ගි
නිකඳු පිපිරීමක අළු මගින් අකුණු පිපිරීම් ජනනය කිරීමයි. තවත් වැදගත් සාක්ෂියක් වායුගෝලයේ SO2 සාන්ද්‍රණ මැනීමෙන් හමුවෙයි. එය 1978 සිට 86 දක්වා සාධක 10 කින් අඩුවී ඇත. මෙය අඟවන්නේ සාන්ද්‍රණයන් අතීතයේ විශාල ගිනිකදු පිපිරීම් මගින් උත්ප්‍රේරණය වූ බවයි. රේඩාර් දත්ත මගින් ප්‍රතිස්ථාපනය කළ සිකුරු මතුපිට ගැටුම් අගාධ වල රූපයක්සිකුරු මතුපිට ගැටුම් අගාධ 1000 ක් පමණ ඒකාකාරව පැතිරී ඇත. වෙනත් අගාධ ඇති පෘතුවිය සහ චන්ද්‍රයා වැනි වස්තූන් වල ඛාදන මට්ටම් පරාසයක් අගාධ මගින් දක්වයි. එය අවක්‍රමණයේ සංතතික ක්‍රියාවක් අඟවයි. චන්ද්‍රයා මතුපිට අවක්‍රමණය අනුයාත ගැටුම් මගින් සිදුවේ. පොළව මතුපිට සුළඟ හා වර්ෂාව මගින් ‍ඛාදනයෙන් එය සිදු විය. කෙසේ නමුත් සිකුරු මතුපිට අගාධ 85% ක් පුරාතන තත්වයේ පවති. ගැටුම් සංඛ්‍යාවෙන් හා ඒවායේ තත්වයෙන් අඟවන්නේ ග්‍රහලෝකය මතුපිට සම්පුර්ණයෙන්ම වෙනස් වීමේ ක්‍රියාවකට වසර මිලියන 500 කට පෙර පමණ ලක්වු බවයි. පෘතුවි මතුපිට අනවරථව චලනයේ යෙදෙයි. නමුත් සිකුරුගේ එවැන්නක් නොමැති බව සැල‍කෙයි. ප්‍රාවරණයේ තාපය මුදා හැරීමට භූවිෂමතාවන් නොමැති සිකුරු කබොල්ල දුර්වල වන තුරු සන්ධීය මට්ටමකට ප්‍රාවරණ උෂ්ණත්වය වැඩි
වන තුරු චක්‍රීය ක්‍රියාවකට ලක්වෙයි. වසර මිලියන 100 කට වැඩි කාලයක් මැඩීම විශාල ප්‍රමාණයෙන් සිදුවී ඇත. එමගින් කබොල්ල මුළුමනින්ම ප්‍රතිචක්‍රීයකරණය වී ඇත. සිකුරු අගාධ විශ්කම්භයෙන් 3km සිට 280 km දක්වා වෙයි. 3 km ට වඩා කුඩා අගාධ නොමැත්තේ පැමිණෙන වස්තූන්ට ඝන වායු ගෝලයේ ආචරණ නිසාවෙනි. ප්‍රමාණවත් චාලක ශක්තියක් නැති වස්තූන් වායුගෝලය මගින් දැඩි ලෙස මන්දනය වන අතර ඒවාට ගැටුම් අගාධ ඇති කළ නොහැක. Impact craters on the surface of Venus (image reconstructed from radar data)මූලාශ්‍ර[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Venus#GeographyJapan-Sri Lankan සබඳතා Japan Sri Lankaරාජ්‍යතාන්ත්‍රික සබඳකම:[සංස්කරණය]1952 අප්‍රේල් මස ස්ථාපිත කරන ලදී.නේවාසික සංඛ්‍යාව:‍‍[සංස්කරණය]ජපානයේ නේවාසිල ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව : 6,467 (දෙසැම්බර් 2001)ශ්‍රී ලංකාවේ නේවාසිල ජපන් ජාතිකයින් සංඛ්‍යාව : 778 (අගෝස්තු 2005)මේ අඩවිත් බලන්න[සංස්කරණය]ජපානයජපන් භාෂාවජපානයේ දේශපාලන ආර්ථිකයචීන-ශ්‍රී ලංකා සබඳතාvte ජපානයෙහි විදේශ සබඳතාඅප්‍රිකාවඇල්ජීරියාව • ඇන්ගෝලාව • ඊජිප්තුව • දකුණු අප්‍රිකාවආසියාව
ඇෆ්ගනිස්තානය • බංග්ලාදේශය • කාම්බෝජය • චීනය (චීමස) • ඉන්දියාව • ඉන්දුනීසියාව • ඉරානය • ඊශ්‍රායෙලය • කොරියාව (උතුරු) • කොරියාව (දකුණු) • මලයාසියාව • මොන්ගෝලියාව • නේපාලය • පකිස්තානය • පිලිපීනය • සවුදි අරාබියාව • සිරියාව • චීන සමූහාණ්ඩුව (තායිවානය) • තායිලන්තය • වියට්නාමයයුරෝපයආර්මේනියාව • ඕස්ට්‍රියාව • බල්ගේරියාව • ඩෙන්මාර්කය • ෆින්ලන්තය • ප්‍රංශය • ජෝර්ජියාව • ජර්මනිය • ග්‍රීසිය • අයිස්ලන්තය • අයර්ලන්තය • ඉතාලිය • කොසෝවෝ • ලිතුවේනියාව • නෙදර්ලන්තය • මොන්ටිනිග්‍රෝ • රුසියාව • සර්බියාව • ස්විට්සර්ලන්තය • තුර්කිය • යුකේනය • එක්සත් රාජධානියඇමරිකාවන් බාබඩෝස් • කැනඩාව • ආර්ජන්ටිනාව • බ්‍රසීලය • කොළොම්බියාව • ජැමෙයිකාව • එක්සත් ජනපදය  • වෙනිසියුලාවඕෂනියාව ඕස්ට්‍රේලියාව • ටොන්ගාබහුපාර්ශවිකඅප්‍රිකාව • ඕෂනියාව • අග්නිදිග ආසියාව • එක්සත් ජාතීන්පූර්ව රුසියානු අධිරාජ්‍යය • සෝවියට් සංගමයඓතිහාසික චීන අධිරාජ්‍යය වෙත දූත ගමන් • Red seal ships • Nanban trade • Sakoku • ජපානය වෙත ජොසියොන් දූත මෙහෙවර • ජොසියොන් වෙත ජප
ාන දූත මෙහෙවර • Dutch missions to Edo • Ryukyuan missions to Edo • මෙයිජි ජපානයේ විදේශ සබඳතා  • Greater East Asia Co-Prosperity Sphereආරාවුල්Kuril Islands dispute • Liancourt Rocks dispute • Senkaku Islands disputeආශ්‍රිත මාතෘකා විදේශ කටයුතු අමාත්‍යාංශය • ජපාන තානාපතිවරුන් • සංවර්ධන උපකාර • ජයිකා • ආර්ථික සබඳතා • ජේට්ප්‍රෝජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය vte ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාඅප්‍රිකාවකෙන්යාව · දකුණු අප්‍රිකාවආසියාවබංග්ලාදේශය · භූතානය · චීනය · ඉන්දියාව · ඉන්දුනීසියාව · ඉරානය · ජපානය · මලයාසියාව · මාලදිවයින · පාකිස්තානය · පිලිපීනයයුරෝපයඩෙන්මාර්කය · එස්ටෝනියාව · වතිකානුව · හන්ගේරියාව  · රුමේනියාව · රුසියාව · ස්විට්සර්ලන්තයඋතුරු ඇමෙරිකාවකැනඩාව · කියුබාව · එක්සත් ජනපදයඕෂනියාවඕස්ට්‍රේලියාව · නවසීලන්තයමෙහෙයන්ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයන්ජාත්‍යන්තර සංවිධානඑක්සත් ජාතීන්ගේ සංවිධානය · කොළඹ ක්‍රමය · G77 · ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය · අන්තර්ජාතික මූල්‍ය අරමුදල · ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය · පොදු රාජ්‍ය මණ්ඩලය · නොබැඳි ජාතීන්ගේ සංවිධානය ·
සාර්ක් · යුනෙස්කෝ · ලෝක සෞඛ්‍ය සංවිධානය · ලෝක වෙළෙඳ සංවිධානය · SAEU · බිම්ස්ටෙක්විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව) Foreign AffairsClark County, Nevada / Mohave County, Arizona, US තුල පිහිටි වේල්ලක්සැකිල්ල:SHORTDESC:Clark County, Nevada / Mohave County, Arizona, US තුල පිහිටි වේල්ලක්හූවර් වේල්ල[Ansel Adams],විසින් 1942 දී ගන්නා ලද හූවර් වේල්ලOfficial nameHoover Damස්ථානයClark County, Nevada / Mohave County, Arizona, USඅරමුණPower, flood control, water storage, regulation, recreationතත්වයභාවිතයේ පවතීඉදිකිරීම ඇරඹුවේ1931Construction costඩොලර් මි.49Owner(s)එක්සත් රාජධානියවේල්ල සහ වාන් දොරටුහරස් කර ඇත්තේColorado Riverවාන් දොරටු වර්ගයපාලනය කලහැකි බෙර දොරටු 2වාන් දොරටු ධාරිතාවය400,000 cu ft/s (11,000 m3/s)හුවර් වේල්ල, හෙවත් පාෂාණ වේල්ල යනු එ.ජ ඇරිසොනාව හා නිවාඩාව අතර පිහිටි අතිශය බෑවුම් සහිත ස්ථානයක් අතරින් ගලා බසිනා කොලරාඩෝ ගංගාව හරස්කර තැනූ කොන්ක්‍රීට්-ආරුක්කු බල වේල්ලකි. මෙය මහා පරිහානික සමය හෙවත් 1931-1936 අතර කාලසීමාව තුළ නිමවු අතර, 1935 සැප්තැම්බර් මස 30 දින ජනපති ෆ්රෑන්ක්ලින්
ඩී. රූස්වෙල්ට් මහතා විසින් විවෟත කරන ලදි. දහස් ගණනක් වු කම්කරුවන්ගේ අති විශිෂ්ඨ දායකත්වයත්,සියගණනකගේ ජීවිත කැපකිරීමත් මත මෙය ඉදිවිනි. ජනපති හර්බට් හූවර් මහතාගේ අභාවයෙන් පසු විවාදාත්මකව "හූවර් වේල්ල" ලෙස නම් කෙරිනි.1900 පමණ සිට කළු කැනියම හා පාෂාණමය කැනියම, ගංවතුර වැළැක්වීම, වාරිමාර්ග හා ජල විදුලිය නිපදවිම වැනි දෑ සදහා විභවයක් ලෙස වේල්ලක් තැනීමේ කටයුතු විමර්ශණය විය. 1928 දී කොන්ග්‍රස් මණ්ඩලය මෙයට අනුමැතිය ලබාදුනි. Six Companies, Inc නම් වූ මූල්‍ය සමාගම් 6ක එකතුව මගින් මෙය ඉදිකිරීමට භාරගනු ලැබීය. මෙවැනි විශාල ඉදිකිරීමක් මින්පෙර ඉදිවී නොතිබුන අතර යොදාගනු ලැබූ සමහරක් තාක්ෂණයන් නිවැරදිම නොවිය. ග්‍රීෂ්ම සෘතු කාලගුණය හා ඉදිකිරීම් කලාපය අවට පහසුකම් හා සම්පත් නොමැති වීම වැනි දුෂ්කරතාවයන් වලටද මුහුණදිමට සිදුවිය.කෙසේනමුදු 1936 මාර්තු 1 වන දින Six Companies මගින් රජයට භාරදෙනු ලැබීය. එක්සත් රාජධානියේ පිහිටි විශාලම ධාරිතාව සහිත ජලාශය හෙවත් ලේක් මෙඩ්(Lake Mead) හූවර් වේල්ල මගින් නිර්මාණය විය. මෙමගින් නිවාඩා,ඇරිසෝනා හා කැලිෆෝනියාව වැනි රාජ්‍යයවල රාජ්‍ය හා පෞද්ගලික අංශවලට විදුලි බලය සපයයි. වාර්ෂිකව
මිලියනයකට අධික සංචාරක ආකර්ශණයක් සහිත ස්ථානයකි.මෙම ස්ථානයට ලගාවීමට, 2010 වනතුරු සංචාරකයින් විශාල ලෙස භාවිතකරනු ලැබුයේ U.S. 93 නම් වූ අධිවේගී මාර්ගයයි.පසුබිම [සංස්කරණය]සම්පත් සෙවීම [සංස්කරණය]එක්සත් රාජධානිය නිරිතදිග ප්‍රදේශය දියුණු කිරීමත් සමග කොලරාඩෝ ගංගාව [කටයුතු] සදහා ප්‍රභවයක් ලෙස හදුනාගැනිනි. වාරිකටයුතු සදහා ගංගාව හැරවීමේ කටයුතු 1890 අග භාගයේ දී ආරම්භ වූ අතර භූමි විමර්ශණ නිළධාරී විලියම් බීට්ටි(William Beatty) විසින් මෙක්සිකෝ සීමාවට උතුරින් ඇලමෝ දියබස්නාව සාදන ලදි. මේනිසා ඇල ජනශූන්‍ය ඉම්පීරියල් නිම්නයට යාමට පෙර මෙක්සිකෝවට ගමන්කරයි. ඉම්පීරියල් ඇල හරහා ජලය නිම්නයට ගමන්කරත් මෙහි නඩත්තු කටයුතු වියදම් අධික විය. කොලරාඩෝ ගංගාව නිසා සෑදුනු Salton මුහුද සදහා හේතුවූ මහා විනාශකාරී පැල්මෙන් පසු එය යථාතත්වයට පත්කිරීමට South Pacific Railroad හට ඩොලර් මි. 3 මුදලක් 1906-07 දී වැයවිය.ෆෙඩරල් රජය මගින් මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙනු ලැබීය.මෙසේ නැවත සථායි මට්ටමකට පත්කරනු ලැබූවත්, මෙක්සිකෝ ඉඩම් හිමියන් සමග නිරන්තර ගැටීම් නිසා මෙය විශ්වස කල නොහැකිබව තහවුරැ විය.විදුලි බල සම්ප්‍රේෂණ තාක්ෂණය දියුණුවීමත් ස
මග පහල කොළරාඩෝ ප්‍රදේශය ජලවිදුලිය සදහා ප්‍රභවයක් විය.මේ සදහා 1902 දී Edison Electric company of Los Angeles සමාගම විසින් මිනුම් සිදුකල අතර අඩි 40(මීටර් 12)ක පාෂාණමය වේල්ලක් ඉදිකරීම මගින් අශ්ව බල 10 000(කිලෝ වොට් 7500) ක් ජනනය කිරීමට නියමිත විය. කෙසේ වෙතත් විදුලිබල සම්ප්‍රේෂණයේ උපරිම සීමාව සැතපුම් 80(කි.මී 130) වූ අතර විදුලි පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ඉතාම අල්ප විය.පසුව, Bureau of Reclamation(BOR),විසින් නැවත සථාපන ක්‍රියාවලියක් සැපයීම හා පහල කොළරාඩෝ ප්‍රදේශයේ වේල්ල තැනීමට තීරණය කිරීම සිදුවිය. මෙහි සේවා ප්‍රධානී Arthur Powell Davis ගේ අදහස වූයේ වේල්ල ඉදිවන ප්‍රදේශයට සැතපුම් 20(කි.මී. 32) පමණ උතුරේදී ගංගාවේ දෙපස ගල් කදු ඩයිනමයිට් යොදා පුපුරවා හැර, ගංගාව හරහා මෙහි කුඩා කොටස් ගෙන වේල්ල මෙම ගල් කොටස් වලින් තැනීමයි. අවුරුදු ගණනාවක සලකාබැලීමෙන් පසු,1922 දී මෙම යෝජනාව ප්‍රතික්ෂේප විය.මෙයට හේතු වූයේ එම ක්‍රමය මින්පෙර අත්හදා නොතිබීම හා මෙය මුදල් ඉතිරි කිරීමක් වේද යන්න අවිනිශ්චිත වීමයි.සැලසුම හා එකගතාව [සංස්කරණය]ගොනුව:Hoover constuctionmap.jpeg1922 දී Reclamation Service විසින් විදුලිය නිපදවීමට
හා කොළරාඩෝවෙහි ගංවතුර පාලනය කිරීමට වේල්ලක් ඉදිකිරීමට වාර්ථාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙහි අදහස මූලිකවම ඩෙවිස් සතුවූ අතර, අභ්‍යන්තර ලේකම් ඇල්බට් ෆෝල්(Albert Fall) ගෙන් පසුව මෙය Fall-Davis වාර්ථාව විය.ගංගා ද්‍රෝණිය අවට ජනපදයන් පැවතීම හා අවසානයේදී මෙක්සිකෝවට ගලායන නිසා මෙම වාර්ථාවේ මූලික අදහස වූයේ මෙය සාමූහික කාර්යයක් ලෙස කිරීමයි. මෙමගින් වේල්ල පාෂාණ කැනියම අසලදී ඉදිකිරීමට යෝජනා කලත්,Reclamation Service(පසුව Bureau of Reclamation නම් විය)මගින් එම ස්ථානය නුසුදුසු බව සොයාගැනුනි. එනම් මෙම පාෂාණමය කැනියම සමච්චේදනව පොළව අභ්‍යන්තරයේ පාෂාණ ස්ථර 2ක් තිබිම නිසා භූවිද්‍යත්මක දෝෂයක් පැවතීම හා කැනියම ඉතා පටුවීම නිසා පතුලේ කදවුරක් තැනීමට නොහැකි විම හා වාන් මගක් සෑදීමට ඇති අපහසුව දැක්විය හැක. විකල්ප ස්ථානයක් ලෙස කළු කැනියම ඔවුන්ගේ විමර්ශණයට ලක්වූ අතර එය සුදුසු බව තීරණය විය. Las Vegas සිට වැඩබිම දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකල හැකිවිය. ස්ථානය වෙනස් වීමත් සමග මෙම ව්‍යපෟතිය “පාෂාණ කැනියම ව්‍යපෟතිය“ නම් විය.ජනපද ගණනාවක් ගංගාව දෙපස ඇති බැවින් ජලය බෙදීම පිළිබද නීතිමය ගැටළු පැනනැගිනි.මේ සදහා කොලරාවේ අධිකරණය වි
සින් ගංගාවේ බලපැම වැඩි ජනපද 7(කැලිෆෝනියාව,නිවාඩාව,ඇරිසෝනාව, උටාහ්,නව මෙක්සිකෝව, කොළරාඩෝ, ව්යොමින්) කොන්ග්‍රස් මණ්ඩලයක් පත්කලේය.වේල්ල ඉදිකිරීමේ අවසරය සදහා කැලිෆොනියානු කොන්ග්‍රසයේ දෙපලක් වන Phil Swing හා Hiram Johnson විසින් නැවත නැවත ඉදිරිපත් කල මුත් සෙසු ජනපදවල සාමාජිකයින් මෙය අතිවිශාල පිරිවැයක් වැයවීම හා කැලිෆෝනියාවට වැඩි වාසි ලැබීම වැනි හේතුනිසා අකමැති විය. එහෙත් 1921 ඇතිවු මිසිසිපි ගංවතුරෙන් මධ්‍ය බටහිර හා දකුණු රටවල සාමාජිකයින් වේල්ලට එකගවිය. 1928 මාර්තු 12 දින ලොස් ඇන්ජලීස් හි පිහිටි St francis වේල්ල මිනිසුන් 600 ජීවීත බිලිගනිමින් විනාශවිය.එහි වේල්ලේ ආකෘතියත් හූවර් වේල්ලට බෙහෙවින් සමානවීම නිසා වේල්ලේ ආරක්ෂාව පිළිබද ගැටළු ඇතිවිය. මේ සදහා කොන්ග්‍රස් මණ්ඩලය විසින් ඉංජිනේරු කමිටුවක් පත්කල අතර ඔවුන් මෙම වේල්ල ඉදිකලහැකි බවට පෙන්වාදෙනු ලැබිය.1928 දෙසැම්බර් 21 වන දින ජනපති Coolidge නිල අවසරය ලබාදෙනු ලැබිය. ඩොලර් මිලියන 165ක මුදලක් හුවර් වේල්ලේ හා ඒ ආශ්‍රිත ඉදකිරීම් සදහා වෙන් කෙරිනි.මෙයට මංඩලයේ සාමාජික ජනපද 7න් 6 කගේ සහය හිමිවූ අතර ඇරිසෝනාව අවසානයේදි 1944 දී එකගවිය.නිර්මාණය, සූදානම හා
ගිවිසුම [සංස්කරණය]කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර වේල්ලට අති විශාල කොන්ක්‍රීට් බල ආරුක්කු වේල්ලක් යොදාගැනීමට තීරණය විය. වේල්ලේ පතුල ඝණකමටත් ඉහල අඩු ඝණකමටත් වේල්ලේ උත්තල කොටස ජලාශය දෙසටත් සිටින සේ සැදිම සැලසුම විය. මෙලෙස වක්‍රකිරීම නිසා ජලයේ බලය දෙපස බිත්ති මතට හෙවත් මෙම වේලිලේ ගල් බිත්ති මතට ඇතිවේ. වේල්ලේ පතුල අඩි 660(මීටර් 200) හා ඉහලින් අඩි 45(මීටර් 15) ක මහතකින් ඉදිකිරීමට යෝජිත වූ අතර මෙය මතින් නිව්ඩාව හා ඇරිසෝනාව අතර අධිවේගී මාර්ගක් විය. රජය විසින් අවශ්‍ය දෑ සැපයූ අතර ඉදිකිරිම් සමාගම විසින් වැඩබිම හා වේල්ල ඉදිකිරීමට නියමිත විය. ඉදිකිරීම් කාලය වසර 7 ක් වූ අතර ඉක්මවන කාලයට දඩයක් නියමකිරිමට ගිවිසුම් ගතවිය.ඉදිකිරීම [සංස්කරණය]කම්කරු බලකාය [සංස්කරණය]වේලලට අවසර හිමිවීමත් සමග රැකියා නොමැති පුද්ගලයින් විශාල ප්‍රමාණයක් දකුණු නිව්ඩාව ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි වූ අතර කුඩා නගයක් බදු විය. ඉදිකිරීම් ආරම්භක අවස්ථාවේ Six Companies හි 3000ක කම්කරු පිරිසක් විය. මොන්ගෝලියානු ජාතිකයින් බදවා නොගත් අතර කළු ජාතික කම්කරුවන් 30කට නොවැඩි විය. ඔවුන්ට අඩු වැටුපක් හිමිවූ අතර වෙනමම තැබු අතර වෙනම ජ
ල බදුන් පවා වෙන්කෙරිනි.ගොනුව:Hoover workers.jpegකම්කරුවන්ගෙන් කොටසක්ගිවිසුම්ගත පරිදි කම්කරුවන්ට නිවාස නගරයක් ඉදිවිය.හූවර් වේල්ල අවට ප්‍ර‍දේශයේ දේශගුණය ඉතා උණුසුම් වූ අතර දහවල් කාලනේ ෆැරන්හයිඩ් 119.9(සෙල්සියස් 48.8) උපරිම දක්වා ද විය. මේ හේතුවෙන් පුද්ගලයින් 16 පමණ ජුනි 25 දින සිට ජුලි 26 අතර සිදුවිය.ප්‍රධාන වැඩවර්ජන 2ක් සිදුවූ අතර වැටුප් අඩුකිරීම හා දහවල් ආහාරවේල සදහා කාලය පිලිබද විය.ගංගාවේ හැරවීම [සංස්කරණය]වේල්ල ඉදිකාරීමට ප්‍රථම කොලරාඩෝ ගංගාව වෙනතකට හැරවිය යුතුවිය.මේ සදහා නිව්ඩාව සහ ඇරිසෝනාව හරහා උමං ජල මාර්ග 2බැගින් 4ක් කැපීමට තීරනය විය. එක් උමගක විශ්කම්භය අඩි 56(මීටර් 17) හා සමස්ථ දිග සැතපුම් 3(කි.මී.5) විය.1933 ඔක්තෝම්බර් 1දිනට නිම කිරිමට ගිවිසුම් ගත අතර ප්‍රමාද සෑම දිනකටව ඩොලර් 3000ක් ගෙවීමද ඇතුලත් විය.මේ නිසා Six Companies 1933 පෙරම ආරම්භ කිරීමට සිදුවිය.ගොනුව:Hoover turnmap.jpegහැරවුම විදහාපාන සිතියම1931 දී නිව්ඩාවේ උමං කටයුතු ආරම්භ කල අතර සුළු කාලයකට පසුව ඇරිසෝනාවේ උමං කටයුතුද ආරම්භ විය.1932 දී උමං මාර්ග වලට කොන්ක්‍රීට් දැමීම සිදුවූ අතර මෙම කොන්ක්‍රීට් ස්ථරයේ ඝණකම අඩි 3
(මී 1) විය.ගංගාව ඇරිසෝනා උමං මග ඔස්සේ හැරවූ අතර නිව්ඩාවේ උමං වැඩි ජලය සදහා වෙන්කෙරිනි.වේල්ල ඉදිකල පසු මෙම මාර්ග වාන්මගවල් ලෙස යොදාගනු ලැබීය.කොන්ක්‍රීට් දැමීම [සංස්කරණය]ගොනුව:Hoover concrete.jpegකොන්ක්‍රීට් වේල්ල1931 ජුනි 6 වන දින ප්‍රථම වරට වේල්ලට කොන්ක්‍රීට් දැමීම සිදුවිය. නමුත් වේල්ල එකවර සම්පූර්ණයෙන් පිරවුවහොත් එහි ඇතුලත සිසිල්වීම හා දැඩි වීමට වසර 125 ගතවන බව ගණනය විය. මෙය ගැටලුවක් විය. මේ නිසා කොන්ක්‍රීට් කුට්ටි ලෙස සාදා එහි හිඩැස් වලට හුණු බදාම යෙදූ අතර සිසිල් කිරීමට අභ්‍යන්තරයේ ලෝහ බට යොදා ගැනිනි. කියුබික් යාර 3 250 000(ඝන මීටර් 2,480,000) ක කොන්ක්‍රීට් ප්‍රමාණයක් 1935 මැයි 29 දිනට පෙර යෙදූ අතර පසුව කියුබික් යාර 1 110 000(ඝන මීටර් 850,000) නැවත යොදන ලදි.වැඩ අවසන් කිරීම හා විවෘත කිරිම [සංස්කරණය]1935 ඔක්තෝම්බර් 30 විවෘත කිරීමේ උළෙල පැවැත්වූ අතර මේ අවස්ථාව වනවිට වේල්ලේ වැඩ විශාල ප්‍රමාණයක් අවසන්ව තිබුනත් විදුලි බලාගාරයේ කටයුතු අවසන් නොවීය.ජනපති Franklin D. Roosevelt විසින් මෙය විවෘත කල මුත් හිටපු ජනපති හූවර් හට මෙයට ආරාධනා නොකර සිටි අතර ජනපති Franklin විසින් ඔහුගේ නම කථන
යේදී සදහන් නොකලේය. 1933 සිට 1947 පමණ වනතුරු මෙම වේල්ලට “බුල්ඩර් වේල්ල(Boulder Dam)“ ලෙස හැදින්විය.ඉදිකිරීමේදී සිදුවූ මරණ [සංස්කරණය]ගොනුව:Hoover memorial.jpegමියගිය පුද්ගලයින් සිහිවීමට සාදා ඇති සමරුවවේල්ල ඉදිකිරීමේදී ජිවිත 116ක් අහිමි විය.1922 දෙසැම්බර් 20 දින අධීක්ෂණ නිළධාරී J. G. Tierney විසින් වේල්ල ඉදිකිරීමට සුදුසු ස්ථානයක් සෙවීමේදී මියගිය අතර ඔහු මෙහිදී මියගිය ප්‍රථම පුද්ගලයා ලෙස සැලකේ. අවසන් පුද්ගලයා ලෙස ඔහුගේ පුත් Patrick W. Tierney ලෙස සදහන් වේ.මෙම 112 දෙනා අතර කම්කරුවන් 91 හා නරඹන්නකු විය. වෙනත් හේතූන් නිසා මියගිය පුද්ගලයින් ඇතුලත් නොවූ අතර ඔවුන් පිළිබද සදහනක් නොවීය. වේල්ල ඉදිකිරීමට දිවි පුදා මිය ගිය සහෝදර ජනතාවට ගෞරවයක්‌ ලෙසින්ද, ඔවුන්ගේ සේවයට උපහාරයක්‌ ලෙසින්ද ප්‍රතිමා දෙකක්‌ ඉදි කරන ලදී. අඩි 30 ක්‌ උසැති මෙම ප්‍රතිමා දෙකෙහි මිනිස්‌ දැතත් සමග ඉහළට නැගෙන කඩුපත් දෙකක්‌ දක්‌නට ලැබේ.පාරිසරික බලපෑම[සංස්කරණය]ගොනුව:Hoover Environment.jpegවේල්ල අවට පරිසරයහුවර් වේල්ල තැනීමට ගංගාවේ මග වෙනස් කිරීම නිසා කොලරාඩෝ නදී ඩෙල්ටාවට විශාල බලපෑමක් එල්ලවිය. මෙයින් ගංගාවේ මෝයකට ආශ්‍රිතව ජලය
අඩු වූ බැවින් ලවණ ජලය ඇතුලු විය. සැතපුම් 40(කි.මී.64) දුර ප්‍රමාණයක් මිරිදිය හා කරදිය මිශ්‍ර ප්‍රදේශයක් විය. ලවණ ප්‍රමාණය අධික විය.මෙය අවට ජීවත් වූ ජීවින්ගේ හා ශාක වල පැවැත්මට මෙය දඩි බලපෑමක් විය.ගංගාවේ දෙපස විටින් විට ඇතිවූ ගංවතුර නිසා එයට හුරුවී එයින් යැපුනු ශාක හා සතුන් හටද බලපැමක් විය.වේල්ලෙන් දකුණු කොටසේ ජීවත් වූ මසුන් විශාල ප්‍රමාණයක් විනාශවිය. කොළරාඩෝ ගංගාවට පමණක් ආවේණික විශේෂ 4ක් අන්තරායට පැමිණි ජීවී විශේෂයන් ලෙස නම්විය.විවාදාත්මක නාමකරණය[සංස්කරණය]මෙය ඉදිකිරිම් සමාගම නාමයක් ප්‍රකාශ නොකල අතර වේල්ල ගොඩ නැගීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සිදුකලේය. එවක ලේකම් Wilbur විසින් සමාරම්භක උළ‍ලේදී මෙය හූවර් වේල්ල ලෙස ප්‍රකාශවිය. නමුත් ජනපති Hoover ගේ පරාජයත් සමග මීලග ජනපති Roosevelt විය. එවක ලේකම් Ickes විසින් මෙය බුල්ඩර් වේල්ල ලෙස නම් කිරීමට නියෝග කරනු ලැබීය.පසු කාලයේදී මෙම වේල්ලට බුල්ඩර් වේල්ල ලෙස පැවතීමට අසමත් වු අතර බොහෝ ඇමරිකානුවන් නම් දෙකම භාවිත කල අතර සිතියම් නිර්මාණකරුවන්ද අපහසුතාවයට පත්විය. ඔවුන් මෙයට යෙදිය යුතු නම පිලිබද විවාද විය. එහිදී 1935 කාලයේදී සිදුවූ මහා අවපාතකා
ලයේ ජනපති හුවර් විසින් සිදුකල සේවාවත් දෙවන ලෝක යුද සමයෙන් පසු සමයේදි සිදු කල මහත් සේවාවත් නිසා එයට ගෞරවයක් ලෙස හූවර් වේල්ල ලෙස බහුතර කැමැත්ත මත නම්විය. මෙහිදී ලේකම් Ickes විසින් දැඩි විරෝධයක් දැක්වු අතර ඔහු පැවසුවේ “ මා කවදාත් හූවර් කෙනකු ගැන අසා නැති අතර යම් කෙනකු නොකල දෙයකට ඔහු වැනි කුඩා මිනිසකුගේ නම තබන්නේ කෙලෙසද?“ යන්නයි.ජනපති හර්බට් හූවර්බාහිර යොමු[සංස්කරණය]හූවර් වේල්ලේ ඉතිහාසය සංරක්ෂණය කළ පිටපත 2013-10-23 at the Wayback MachineHoover Damහූවර් වේල්ල වත්මන් දර්ශණයඅධිකාරී පාලනය සාමාන්‍යVIAFWorldCatජාතික පුස්තකාලGermanyIsraelUnited Statesවෙනත්NARA2ටවර් හෝල් රඟහල පදනම ඓතිහාසික පසුබිම[සංස්කරණය]1880 වර්ෂය වන විට කොළඹ නගරය පුරා සින්ක් තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රුසක් පැන තැනුණේ නාට්‍ය වේදිකා ගත කිරීමේ අරමුණ සඳහාය. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය නාට්‍යය පමණක් විය. මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදි වශයෙන් නම් කර තිබු අතර, ඒවා යොදාගනු ලැබුවේ තාවකාලික රඟහල් වශයෙනි. ශ්‍රී ලංකාවේ ඉද
ිවු ප්‍රථම ස්ථාවර රංග ශාලාව ටවර් රඟහලයි.එය ගොඩ නගන ලද්දේ මරදානේ විසු ව්‍යාපාරිකයෙකු වු ජී.ඩී හෙන්ද්‍රික් සෙනවිරත්න මහතා විසිනි. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක ප්‍රේක්ෂකයන් 800 කට ඉඩ-කඩ සහිත ශාලාවක්, බැල්කනියක් සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදි කිරීමට ඔහු තීරණය කළේය. ප්‍රධාන ශාලාවට යාබද ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුළුණ නිරූපනය කිරීමටය. මෙය ටවර් රඟහල යන්නෙන් නම් කරන ලද්දේ ඒ සඳහාය. ටවර් රඟහල 1911 දෙසැම්බර් 06 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වශයෙන් බුහුමන් ලද අනගාරික ධර්මපාලතුමන් විසිනි. ඊට පසු දින ලංකා ආණ්ඩුකාර සර් හෙන්රි මැකලන්තුමාගේ ප්‍රධානත්වයෙන් පණ්ඩුකාභය නමති නූර්ති නාට්‍ය වේදිකා ගත කරන ලදී. ‘පණ්ඩුකාභය’ නාට්‍යයේ පිටපත් රචක හා අධ්‍යක්ෂවරයා වුයේ හෙන්ද්‍රික් සෙනවිරත්න මහතාගේ දියණිය හා විවාහ වී සිටි චාල්ස් ඩයස් නම් නීතිඥවරයායි. මෙම නාට්‍යයට අවශ්‍ය සියළුම ඇදුම් පැළදුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කරන ලදී. ආරම්භයේ දී ටවර් රඟහල වෙන් කර තිබුනේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය සඳහාය. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්
‍ය ප්‍රදර්ශනය කිරීම ද අරඹන ලදී. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් ‍යුගය නමිනි. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය නූර්ති හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ එම ප්‍රභේදයට විශේෂ තැනක් හිමිවිය.චිත්‍රපට තිරගත කිරිම[සංස්කරණය]හෙන්ද්‍රික් සෙනවිරත්නගේ මරණ‍‍යෙන් පසු ටවර් රගහල අර්බුදයකට ‍‍ගොදුරු වුයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැණ නැගුණු බැවිනි.1930 එෆ්.ඩී ෆැන්ක් නැමැත්තෙක් විසින් මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භුමිය කුලියට ගන්නා ලද අතර එහි චිත්‍රපට තිරගත කිරිම ඇරඹුණු පසු ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වු නිසා ඔවුහු වෘත්තිය සමිති නායකයකු වු ඒ.ඊ ගුණසිංහ මහතාට ආයාචනා කළේය. එතුමා ට්‍රැන්ක් මහතා සමග නීතිඥයින්ගේ ඉරණම ගැන සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිථලයක් ව‍ශයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල නාට්‍යයක් ටවර් රඟහලේ දී වේදිකාගත කළ යුතුය යන සමතයට එළඹීමට හැකි විය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 අප්‍රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම ටවර් හෝල් රඟහල රුපියල් 125,000.00ට මිලදී ගත්තේය. ඉන්පසුව සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂ වූ එම්. සෙල්ලමුත්තු මහතා සහ සීමාසහි
ත සිනමා සමාගමේ අයිතිකරු වූ කේ.ගුණරත්නම් මහතා සමඟ හවුල් වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටවර් ‍ටෝකිස්ටි නැමැති සමාගම පිහිටුවා ගති.රජයට පවරා ගැනී‍ම[සංස්කරණය]අනතුරුව ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍යධූරය දැරු කාලයේ දී ටවර් රඟහල ජනසතු කළ යුතුය යන යෝජනාව පිළිගනු ලැබ මේ අරමුණු සඳහා ලියකියවිලි පවා සකස් කරන ලදි. කෙසේ වුවද මේ යෝජනාව ක්‍රියාත්මක කෙරුනේ දිවංගත ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා අගමැති ධූරයට පත් වී 1978 මාර්තු 15 වැනි දින රජය විසින් ටවර් රඟහල පවරා ගැනී‍මෙන් පසුවය. මේ පවරා ගැනීමෙන් පසුව ගරු ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකයක් පිහිටුවන ලද්දේ නූර්ති සහ ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙනි. මේ අනුව ටවර් හෝල් රඟහල පදනම මගින් නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන් විසින් ලියා අධ්‍යක්ෂණය කල නාට්‍යක් වූ ‘සිරිසඟබෝ' නාට්‍ය නිෂ්පාදනය කිරීමේ වගකීම කීර්තිමත් නළුවෙකු සහ නාට්‍යවේදියෙකු හෙන්රි ජයසේන මහතා වෙත භාර දෙන ලදි.ටවර් හෝල් රඟහල පදනම නවීකරණය කොට පවරා ගැනීමෙන් පසු එහි වේදිකා ගත කරන ලද ප්‍රථම නාට්‍යය සිරි
සඟබෝය. එම නිසා දශක කිහිපයකට පසුව සිංහල නාට්‍ය උපත ලද ස්ථානයේ දී 'දන්නෝ බුදුන්ගේ' යන සනාතන ගීතය යළිත් රැව් දෙන්නට විය. මෙම සාම්ප්‍රදායික නූර්ති ගීතය අලංකාර කරමින් එහි රක්තාක්ෂි චරිතය රඟපානු ලැබූයේ දේශීය නර්තන කලාවේ පුරෝගාමියෙකු වූ චිත්‍රසේනයන් විසිනි. සිරිසඟබෝ පසු කළක මහජන චීනයේ දී පවා ප්‍රදර්ශනය කරන ලදි.ටවර් හෝල් රඟහල පදනම[සංස්කරණය]මේ අතර 1978 ඔක්තෝබර් 10 දින අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත ක්‍රියාත්මක වූ අතර, අග්‍රමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වුයේ ගරු අගමැතිතුමාට දක්ෂ ලෙස සහාය දුන් ඒ.ජේ රණසිංහ මහතාය. ටවර් හෝල් රඟහල පදනම විසින් ඉදිරිපත් කරන ලද දෙවන නූර්තිය වූයේ නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන්ගේ සුප්‍රකට ඵෙතිහාසික නාට්‍යයක් වූ 'ශ්‍රීවික්‍රම'ය. මෙම නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීමේ දුෂ්කර කාර්යය ප්‍රමුඛ පෙලේ නාට්‍ය රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙක් වූ ප්‍රේමරංජිත් තිලකරත්න මහතාට පවරන ලද, අතර එම නාට්‍ය මගින් සිංහල රාජ්‍යයේ ඛේදජනක අවසානය මූර්තිමත් ‍කළේය. ප්‍රේමරංජිත් තිලකරත්න මහතා මෙම නූර්තිය, වේදිකා ආලෝකය සමූහ චලන සහ සමූහ ගා
යනා නැමැති නවින රංග ශිල්ප ක්‍රම යොදවා අනුවාදනයක් ලෙස සකස් කළේය. ශ්‍රී වික්‍රම නාට්‍යයේ මංගල දර්ශනය 1979 මාර්තු 02 වැනි දින පවත්වන ලද්දේ එකල ජනාධිපති ධූරය දැරු දිවංගත ගරු ජේ.ආර්. ‍ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ තානාපතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එය සිංහ‍ලයේ අන්තිම රජුගේ යටත් වීමේ 164 වැනි සංවත්සරය සනිටුහන් කලේය. ‘සමුද්‍රදේවී’ වේදිකා නාට්‍යය ටවර් හෝල් රඟහල පදනම විසින් නිපදවන ලද තුන්වැනි නාට්‍යය වේ. 1940 දශකයේ ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ ඩී.බී. සෙනෙවිරත්න මහතා විසින් ලියන ලද මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම භාරදෙන ලද්දේ ටවර් හෝල් යුගයේ කලාකරුවෙකු වූ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මහතා (ස්ටැන්ලි මාස්ටර්) වෙතය. වීදිය බණ්ඩාර නම් කෝට්ටේ යුගයේ වීර කුමරෙකු සහ සමුද්‍රදේවී නම් අහිංසක සිංහල කුමරියක අතර ඇති වූ ඛේද ජනක ප්‍රේම වෘත්තාන්තය මේ නාට්‍යයෙන් ප්‍රකට විය. කෙසේ වුවද සමුද්‍රදේවී චවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූර්තියක් නොවේ. එහි හැඩහුරුකම සමානවන්නේ ටීටර් නැමැති නාට්‍යය ප්‍රභේදයන්ටය. "ගෝවේ ගෑණු පරාදයි" යන ජනප්‍රිය රිද්මානුකුල ගීතය මේ නාට්‍යයේ අඩංගු විය. එය පෘතුගීසි බයිලා ගා
යනයට නෑකම් දැක්වූවකි. මේ නූර්ති නාට්‍ය තුනේම සංගීතය මෙහෙයවන ලද්දේ දිවයිනේ අති දක්ෂ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා විසිනි. නර්තන විලාශ, චිත්‍රසේන නර්තන පාසල විසින් මෙහෙයවන ලද අතර, ඇදුම් සහ වේදිකා සැරසිලි සැලසුම් කොට නිර්මාණය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ සෝමබන්දු විද්‍යාපති විසින්ය. ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයත් සමගම 1993 දී ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් ටවර් රඟහල පදන‍‍මේ සභාපතිත්වය භාර ගන්නා ලදි. ඉන් පසුව අග්‍රමාතවරුන් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා යන ප්‍රභුන් විසින් ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිත්වය හොබවන ලදී.මේ අතර අධ්‍යක්ෂ ජනරාල් තනතුර කේ.එච්. අබේසිංහ මහතා, දිසා වීරපාන මහතා, බෙනඩික් කුමාරගේ මහතා රංජිත් ධර්මකීර්ති මහතා, නීතීඥ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය සහ එන්.ඩබ්. වෙරළුපිටිය මහතා යන අය විසින් දරා ඇත.2005 දෙසැම්බර් මස 27 දින සිට සුප්‍රකට නාට්‍යයරචක සහ නාට්‍ය අධ්‍යක්ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ටවර් හෝල් ර
ඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ අතර, භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ගරු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාය. දැනට ටවර් හෝල් රඟහල පදනම ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලාංකාවේ (iii) ජාතික මධ්‍යස්ථානය වශයෙන් ද කටයුතු කරනු ලබයි.බලංගොඩ නගරය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලඹ මඩකලපුව අධිවේගී මාර්ගයේ හමුවන එක් උප නගරයකි.මෙම නගරය සබරගමුව පළාතේ විශාලතම නගර වලින් එකකි.ශ්‍රී ලංකාවේ 2001 ජන හා සංගණනයට අනුව ජනගහනය 16875ක් වේ.වර්ග කිලෝමීටර් 16.2ක භූමි ප්‍රමාණයක් ඇත.ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා හිමිකම් කියන මේ නගරය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි ලෝකයේ ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා උපන් නගරයයි.සබරගමුව කඳුවැටිය මධ්‍යම කලාපයේ පිහිටා ඇති  මෙම නගරය තෙත් හා වියලි කලාපයට අයිති වේ.වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ ගොවිතැනයි (එළවළු,පලතුරු හා කුළුබඩු ).තවද දේශීය පරිභෝජනය සඳහා වී වගාව ද ( හෙල් මළු ක්‍රමයට )සකස් කල කුඹුරු වලට ප්‍රසිද්ධිය.වානිජමය වශයෙන් තේ වගා කිරීමද සිදුකරයි.තවද මැණික් කර්මාන්ත සඳහා ද ප්‍රසිද්ධි
යක් උසුලන නගරයකි.බලංගොඩ නගරයේ  ස්ථාපිත වු සංචාරක කර්මාන්තය ද දැකිය හැකිය.සමනල වැව,බෙලිහුල්ඔය,කල්තොට ජනප්‍රිය ස්ථාන වේ.http://t.me/TheBalangodaආශ්‍රිත ලිපි[සංස්කරණය]ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවvteශ්‍රී ලංකාවේ මහ නගරජාතික අගනගරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන අගනගරය)කොළඹ (වාණිජ අගනගරය)මහනගර ප්‍රදේශමහනුවරඅනුරාධපුරගාල්ලයාපනයරත්නපුරබදුල්ලකුරුණෑගලකඩුවෙලදෙහිවල-ගල්කිස්සමොරටුවමීගමුවකල්මුණේමඩකලපුවමාතරගම්පහමාතලේඅක්කරපත්තුවබණ්ඩාරවෙලනුවරඑළියදඹුල්ලහම්බන්තොටනගර සභා වලට අයත් නගර සීමාත්‍රිකුණාමලයඅම්බලන්ගොඩඅම්පාරබලංගොඩබේරුවලබොරලැස්ගමුවචාවකච්චේරිහලාවතඇඹිලිපිටියඑරාවුර්ගම්පොළහපුතලේහැටන්-දික්ඔයහික්කඩුවහොරණජා-ඇළකඩුගන්නාවකළුතරකාත්තන්කුඩිකටුනායක-සීදූවකෑගල්ලකැස්බෑවකින්නියාකොළොන්නාවකුලියාපිටියමහරගමමන්නාරමමිනුවන්ගොඩනාවලපිටියපානදුරපෑලියගොඩපේදුරු තුඩුවපුත්තලමසීතාවකපුරතලවාකැලේ-ලිඳුලතංගල්ලවැල්වැටිතුරෙයිවවුනියාවවත්තලවත්තේගමවැලිගමරක්තවේදීන්[සංස්කරණය]මෙම ලිපිය හෝ ලිපි කොටස රක්තවේදය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)රක්තවේදියෙකු යනු රක්ත වේදය
පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විද්‍යාව සහ අස්ථි චිකිත්සාව සදහා විශේෂ උපාධි සහිත වෛද්‍ය වරයෙකි. මෙම ක්ෂේත්‍රයෙහි පුහුණුව ලබාගැනීම සදහා උපාදි ශිෂ්‍යයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයෙහි වසර 4 ක පුහුණුවක් ද ඉන්පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඊට අමතරව වසර 2 ක් හෝ 3 ක් පශ්චාත් උපාධි පුහුණුවක් ද අවශ්‍යවේ. රක්ත වේදයෙහි පශ්චාත් උපාධි අපේක්ෂකයන් හට විශේෂ පුහුණුව ලබාගත යුතු කාලසීමාව විවිධ රටවල් වල අවශ්‍යතාවය අනුව වෙනස්වේ. රක්ත වේදියෙකු යනු හන්දිපත් , පේශී හා අස්ථි වල රෝග නිර්ණය පිළිබදව හා ප්‍රතිකාර ක්‍රම පිළිබදව අතිරේක පශ්චාත් උපාධි පුහුණුවක් ලද වෛද්‍ය වරයෙකි. ඇතැම් රක්තවේදීන් විසින් ආබාධිත තත්ත්වයට පත් කරන සහ ඇතැම් විට මාරාන්තික හන්දිපත් රෝග සදහා වඩා හොද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම හා සම්බන්ධව පරීක්ෂණ පවත්වති. ප්‍රතිකාර ක්‍රම පදනම් වී ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ මතය. රක්ත වේදය තුළ දැනට භාවිතා වන ක්‍රමෝපායන් බෙහෝ විට සාක්ෂි මත පදනම්ව ඇත. රක්තවේදීන් විසින් හන්දිපත් ප්‍රදාහය, ඇතැම් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, මස්පිඩු සහ අස්ථීවල රෝග සහ ඔස්ටියෝපොරෝසිස් යන රෝග සදහා ප්‍රතිකාර කරයි.මේවායෙහි හටගන්නා රෝග තත්ත්වයන
් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. ඒවායින් සමහරක් නම් රුමටෝයිට් හන්දි ප්‍රදාහය, ඔස්ටියෝ ආතරයිටීස්, රක්තවාතය, ලූපස්, කොන්ද කැක්කුම, ඔස්ටියෝපොරෝසිස්, ෆයිබ් රෝමයැල්ජියා සහ ඛණ්ඩරාවල ආසාදනයන්ය. මේවායින් සමහරක් දරුණු රෝග තත්ත්වයන් වන අතර රෝග නිර්ණය හ‍ා ප්‍රතිකාර ක්‍රම අපහසුය. මෙහිදී සන්දාරක පද්ධතිය හා සම්බන්ධ මෘදු පටක වල රෝග තත්ත්වයන්ටද ක්‍රීඩාව හා සම්බන්ධ මෘදු පටකවල රෝග තත්ත්වයන්ටද භෞත චිකිත්සක ක්‍රමද ආබාදිත පුද්ගලයන් හට පුණුරුත්තාපන ක්‍රමවේදයන්ද භාවිතා වේ. මෙහිදී අදාල රෝගියා දැනුවත් කිරීමේ වැඩ සටහන්ද වෘත්තීමය චිකිත්සාවද එකසේ වැදගත් කමක් ගනී. ලොවපුරා රක්තවේදීන් නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධානයන් බොහෝමයක් ඇත. American College of Rheumatology (ACR) , European League Against Rheumatism (EULAR) , Asia Pacific League of Associations for Rheumatology (APLAR) , International League of Associations for Rheumatology (ILAR) යනු මෙම ක්ෂේත්‍රයෙහි ඇති ජාත්‍යන්තර සංවිධාන කිහිපයකි. තවද, එක් එක් ජාතීන් නියෝජනය වන අන්දමට රක්ත වේදීන් ඉහත කී සංවිධානයන් නියෝජනය කරති. ඔවුන් ජාත්‍යන්තරව රක්තවේදය පිළිබද නව දැනුම
ව්‍යාප්ත කිරීමට ඇප කැපවී සිටී.ආසන්න වශයෙන් රක්ත වේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් 480 ක් එක්සත් ජනපදය තුළ ‍ෙස්වය කරති. මෙම ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම කෙරෙහි ඇති ඉල්ලුම සහ දිනෙන් දින සීඝ්‍රව වැඩිවන වයස් ගත ජනගහනයෙහි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සදහා සියලුම රටවල්වල රක්තවේදීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.කොහාFemale (nominate race)Male (nominate race)සංරක්ෂණ තත්ත්වයඅඩු අවධානයක් යොමු වූ (IUCN 3.1)[1]විද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:Animaliaවංශය:Chordataවර්ගය:Avesගෝත්‍රය:Cuculiformesකුලය:Cuculidaeගණය:'Eudynamys'විශේෂය:E. scolopaceusද්වීපද නාමයEudynamys scolopaceus(Linnaeus, 1758)The distribution of Asian Koel in black[2]පර්යාය නාම(ය)Cuculus scolopaceusEudynamis honorataEudynamys scolopaceaගොනුව:කොහාකොහාEudynamys scolopaceus + Corvus splendensකෝකිල කුලයට අයත් වන කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමයි. නමුත් ඔවුන්ගේ විශේෂ 3 ක් පමණ කුඩුව තමන්ම සාදාගෙන බිත්තර දමයි. විද්‍යාත්මකව ක
ොහා Cuculidae කුලයට අයත් වේ. කෝකිල කුලයට අයත් පක්ෂීන් නම්, ගුරු කොහා, කවුඩු කොහා, උකුසු කොහා, පතන මල් කොහා, වයිර ගුරු කොහා, නිල්මල් කොහා, පුංචි කොහා, ගෝමර කොහා, ශ්‍රී ලංකා වන රතු කොහා, ලෙසයි. කොහාගේ නාදය නිතර ඇසෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වාය. ඒ කාලය තුල කොහා බිත්තර දමන බැවිනි. කොහා බිත්තර දැමීමට ප්‍රදාන වශයෙන් කපුටු කූඩු යොදා ගනියි. අළු පාටට හිරු කොවුල් බිත්තර ප්‍රමානයෙන් මි:මි: 31×23 පමණ වේ. ලාකොළ පැහැති හොටක් ඇති ශ්‍රී ලංකා වත රතු මල් කොහාගේ මුහුණ රතු පාට වේ. ශරීරයේ උඩු පැත්ත කළුවන් කොළ පැහැති වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වේ. රතු මල් කොහා ලංකාවට අවේනික පක්ෂියෙකි. ප්‍රමාණයෙන් 23 cm පමණ වන කවුඩු කොහාගේ වලිගය කවුඩකුගේ මෙන් දෙකට බෙදී ඇත.වලිගයේ සුදුපාට වයිරම් සහිත බවක් දක්නට ලැබෙන බැවින් කවුඩාගෙන් කොහා වෙන් කර හඳුනාගත හැක. කවුඩු කොහාගේ ශරීරය සම්පුර්ණයෙන්ම කලුපාට වන අතර සුදුපාට තිත් දක්නට ලැබේ.ගෝමර කොන්ඩ කොහා ලෙස හඳුන්වන හොවුල් විශේෂය ප්‍රමාණයෙන් 35cm පමණ වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වන අතර පසුපස ප්‍රදේශය කලුපාට වේ. මොවුන්ගේ වලිග කොටස් සුදු පාට වන අතර කහකුරුල්ලන්ගේ කුඩු
වල බිත්තර දමයි. ඉන්දියන් කොහා තද කළු පාටට හුරු අළු පැහැයක් ගන්නා අතර දුඹුරු පැහැයක්ද මිශ්‍රව පවතී. මොවුන්ද බිත්තර දමන්නේ පෙබරවාරි සිට ජුනි මාසය දක්වාය. කැලෑ වල තුරු මුදුන් වල ඉහලම ප්‍රදේශයේ වාසය කරන ඔවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පහතරට වියලි කලාපයේදීය.තවද පහතරට වියලි කලාපයේ වැඩිපුර දක්නට ලැබෙන කොහා විශේෂයක් ලෙස නිල් මල් කොහා හඳුන්වයි. ගසක රිකිල්ලක සාදා ගන්නා කූඩුවක 31×25 mm ප්‍රමාණයේ බිත්තර 2 ක් දමන මෙම පක්ෂියා සුවපහසු කැදැල්ලක් නිර්මාණය කරන කුරුල්ලෙකි.කැලය තුල නිහඬ බව බිඳහෙලන උකුසු කොහා සෙමෙන් පටන්ගන්න හඬ ක්‍රමයෙන් වැඩි කර ටික වෙලාවකින් එකවර නිහඬ වෙයි.මොවුන් දෙමලිච්ච්න්ගේ කුඩු වල බිත්තර දමයි.ආශ්‍රිත[සංස්කරණය]↑ BirdLife International (2012). "Eudynamys scolopaceus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. සම්ප්‍රවේශය 16 July 2012. {{cite web}}: Invalid |ref=harv (help)↑ Johnsgard, PA (1997). The avian brood parasites: deception at the nest. Oxford University Press. p. 259. ISBN 0-19-511042-0.Divisional Secret
ariats of Sri Lankaඅම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයපදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයමහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඋහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයනවිදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයසම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකල්මුනේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයසයින්දමරුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකරෙයිතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයනීන්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයදමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයතිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයපොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයආශ්‍රිත ලිපි[සංස්කරණය]ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාශ්‍රී ලංකාවේ ප
ළාත් සභාබාහිර සබැදි[සංස්කරණය]Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback MachineStatoids: Divisions of Sri Lankaආහාර ස‍්වස්ථතාවයෙදුම්ආහාර මගින් වැලඳෙන රෝගHazard analysis and critical control points (HACCP)  • Hazard analysis and risk-based preventive controls (HARPC)Critical control pointතීරණාත්මක සාධකFAT TOMpHWater activity (aw)බැක්ටීරියා රෝගකාරකක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම්Escherichia coliListeriaසැල්මොනෙල්ලාවිබ්‍රියෝ කොළරේවෛරස් රෝගකාරකEnterovirusහෙපටයිටිස් ඒNorovirusRotavirusපරපෝෂී රෝගකාරකCryptosporidiumඑන්ටැමීබා හිස්ටොලිටිකාGiardiaTrichinellavteආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනු‍යේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළින් විනා ස්වාභාවිකව පවතින විෂකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ.නූතන ලෝකයේ බලපෑම[සංස්කරණය]නූතන අවධිවල සිදු වූ ආහාර නිෂ්පාදනයේ හා කාර්මීකරණයේ ශීඝ්‍ර
ගෝලීයකරණය නිසා ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීමේ සම්භාවිතාව ඉහළ ‍ගොස් තිබේ. ආහාර විෂ වීම නිසා ඇතිවන වසංගත රෝග තත්ත්වයන් මීට පෙර කුඩා ජන කොට්ඨාශයක් අතර දක්නට ලැබුණ ද මේ වන විට එය ‍ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇත. ආහාර ආරක්ෂණ අධිකාරිය මගින් ලොව පුරා දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව ආහාර ද්‍රව්‍යවල ආරක්ෂාව පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීම සදහා උපකාරී වන අතර හදිසි අවස්ථාවන්හි දී ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමට හැකි වී ඇත.ලොව පුරා ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ ප්‍රවනතාව ගණනය කිරීම අපහසු වුව ද වසර 2000 දී මෙමගින් ඇතිවන පාචන රෝගී තත්ත්වයන් නිසා මිලියන 2.1 ක් පමණ වු පිරිසක් මරුමුවට පත්ව තිබේ. මෙයින් බහුතරයක් සිදුවී ඇත්තේ අපවිත්‍ර වූ ආහාර හා පානීය ජලය මගිනි. මීට අමතරව පාචනය යනු ළදරුවන් සහ කුඩා ළමුන්ට මන්ද පෝෂණය ඇති කරවන ප්‍රධාන සාධකයකි.කාර්මිකරණය වු රටවල පවා සෑම වසරක් තුළම ජනගණයෙන් 30% ක් පමණ ආහාර මගින් බෝවන රෝග හේතුවෙන් පීඩා විදිති. ඇම‍රිකා එක්සත් ජනපදයේ සෑම වසරක් තුළ ම මෙය මිලියන 76 ක් වන අතර එමගින් රෝහල්ගතවීම් 325,000 සහ මරණ 500 ක් සිදු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල මෙකී තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපා ඇත්ත
ේ එම රටවල පරපෝෂිතයින්ගෙන් ඇතිවන රෝග ඇතුළුව පුළුල් පරාසයක විහිදෙන රෝග ව්‍යප්තියක් දක්නට ඇති බැවිනි. ආහාර මගින් බෝවන රෝගවලට සමාජය තුල අහිතකර සහ වඩාත් පුළුල්ව පැතිරුණු බැලපෑමක් ඇති කළ හැකි අතර ඒ සදහා අතීතයෙන් ද සාක්ෂි ඇත. 1994 දී සැල්මොනෙල්ලා බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම නිසා ඇමරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 2,24000 පමණ රෝගී වී ඇත. 1988 දී චීනයේ යාකෘත් ප්‍රදානය (Hepatitis A) නම් වසංගත තත්ත්වය ඇතිවුයේ ආසාදිත බෙල්ලන් ආහාරයට ගැනීමෙනි. මෙමගින් 3,00000 පුද්ගලයින් ප්‍රමාණයක් රෝගී තත්ත්වයට පත්වුහ.ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීම කිසියම් සමාජයක් තුළ සමාජීය හා ආර්ථික වශයෙන් දැඩි පීඩනයක් එල්ල කරයි. ඇ.එ.ජ.යේ 1997 වසරේදි මෙමගින් සිදු වූ පාඩුව වෛද්‍ය ගාස්තු සහ නිෂ්පාදිතයේ අපතේ යාම් ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහකි. 1991 දී පේරු ජනපදයේ කොලරා රෝගයේ ආගමනයත් සමග ම එම වසර තුළ ‍මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කිරීමට නො හැකි වීමෙන් සිදු වූ පාඩුව ඇම‍රිකානු ඩොලර් මිලියන 500කි.මෙම ලිපිය හෝ ලිපි කොටස දියවැඩියාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස
තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනයි. මෙමගින් නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින්වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළයාමක් සිදුවෙයි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා ළමුන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වේ. කෙසේ නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම පමාවන නමුත් ඇතැම් අවස්ථා වලදී තදින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වේ. පළමු වන වර්ගයේ දියවැඩියාවේ දී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදුවන අතර ඇග පතෙහි තෙහෙට්ටුවද ඇති වේ. බර අඩුවීම හැරුණු කළ අනෙකුත් රෝග ලක්ෂණ සියල්ලක්ම පාලනය නොකල දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට අති විය හැකිය.රුධිරයෙහි ග්ලුකොස් සාන්ද්‍රණය වකුගඩුවල ග්‍ලුකෝස්වල දේහලීය අගයට වඩා ඉහළ ගිය විට වකුගඩු වල අවිදුර සංවලිත නාලිකාවෙහි ග්ලුකොස් අවශෝෂණය අසම්පුර්ණ වන බැවින් මුත්‍රා සමග ග්ලුකෝස් පිට වේ. මුත්‍රා වල ආශ්‍රැතික පීඩනය ඉහළයාම නිසා වකුගඩු වලින් ජලය ප්‍රතිශෝෂණ කිරීම වැළකීමේන් මුත්‍රා නිෂ්පාදනය කිරීමේ වේගය වැඩි වන අතර සිරුරින් වැඩි වශයෙන් ජලය ඉවත්
වෙයි. මෙලෙස ආශ්‍රැතිය නිසා සිරුරේ සෛල වලින් ඉවත් වන තරල පරිමාව මගින් විජලනය ඇති වීම වැළක්වීම සදහා අදාල රෝගියාට නිතරම පිපාසය ඇති වේ. දිගුකාලීනව රුධිර ග්ලුකෝස් මට්‍ටම ඉහළයාම හේතුවෙන් ඇසෙහි අක්ෂි කාචය තුළට වැඩි ග්ලුකොස් ප්‍රමාණයක් අවශෝෂණය වීමෙන් එහි හැඩය වෙනස් වීමෙන් රෝගියාගේ දෘෂ්ටියෙහි වෙනස්කම් ඇති වේ. ඇස් පෙනීම බොදවීම දියවැඩියාව ඇති බවට හදුනා ගැනීම සදහා වඩාත් බහුලවම දක්නට ඇති රෝග ලක්ෂණයකි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් හට ඉතා ඉක්මනින් ඇස්පෙනීම දුර්වල වන අතර දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයගේ දෘෂ්ටිය පරිහානියට පත් වනුයේ ක්‍රම ක්‍රමයෙන් දිගුකාලයක් තුළදීය.සාමාන්‍යයෙන් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවය සමග මුල් වරට රෝගය ඇති බවට හදුනා‍ගැනේ. මෙහිදී අදාල රෝගියාගේ පරිවෘත්තීය ක්‍රියාවල අක්‍රමිකතාවයක් ඇති වන අතර රෝගියා හුස්ම ගැනීම වේගවත් හා ගැඹුරු එකක් වන අතර (Kussmaul breathing) හුස්ම වල ඇසිටෝන දුගදක් නිකුත් කරයි. තවද අධිකව මුත්‍රා පිටවීම, ඔක්කාරය, වමනය, උද‍රයෙහි වේදනාව සහ සිහිකල්පනාවෙහි වෙනස් වීම ඇති වේ. කීටෝන අම්ලතාවය වඩාත් දරුණු තත්ත්වයකට පත් වු
විට එමගින් කෝමා තත්ත්වයක් ඇති විය හැකි අතර මරණයද ලගා කර දිය හැකිය. මෙය වහා ක්‍රියාත්මක වන පරිදි රෝගියා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි. මේ ආකාරයෙන්ම සමාන බැරෑරුම් තත්ත්වයක් වනුයේ කීටෝන මගින් ඇති නොවන රුධිරයෙහි ආස්‍රැතිය ඉහළයාම මගින් ඇති වන කෝමා තත්ත්වයයි. (Hyperosmolar nonketotic coma) මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් අතර බහුල වන අතර මෙය ප්‍රධානය ඇති වනුයේ සිරුරෙන් ජලය ඉවත් වීම නිසා ඇති වන විජලනය හේතුවෙනි. මෙහිදී රෝගියා අධිකව සීනි සාන්ද්‍රණයක් ඇති තරල වර්ග පානයට ගනු ලබන අතර විෂම චක්‍රයක් ආකාරයට සිරුරින් තවදුරටත් ජලය ඉවත් වේ. දියවැඩියාව නිසි ලෙස පලනය නොකලේ නම් ඈතිවිය හැකි සංකූලතා 2කි. macro vascular හා micro vascular micro vascular ප්‍රධාන ව්යාධි 3 කි.එනම් අක්ෂි,ස්නායු හා වෘක්කීය යනුවෙනි.(ophthalmopathi,neuropathi and nepropathi)ප්ලීහාවSpleenLaparoscopic view of a horse's spleen (the purple and grey mottled organ)තොරතුරුලතින්Lien (Greek: Splen)පූර්වජMesenchyme of dorsal mesogastriumධමනියSplenic artery ශිරාවSplenic veinස්නායුවSplenic ple
xusහඳුන්වනයන්ග්‍රේ ගේp.1282MeSHA10.549.700Dorlands/ElsevierSpleenTAA13.2.01.001FMA7196ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාවප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.vteමිනිස් සිරුර (Human systems) සහ ඉන්ද්‍රියන් (organs)පේශිකංකාල පද්ධතිය(Musculoskeletal) මානව සැකිලි පද්ධතිය(Skeletal system)අස්ථිCarpusCollar bone (clavicle)Thigh bone (femur)FibulaHumerusMandibleMetacarpusMetatarsusOssiclesPatellaPhalangesRadiusහිස් කබලTarsusTibiaUlnaඉළ ඇටVertebraශ්‍රෝණියSternumCartilageසන්ධි(Joints)Fibrous jointCartilaginous jointSynovial jointමාංශ පේශි පද්ධතිය(Muscular system)පේශිTendonDiaphragmරුධිර සංසරණ පද්ධති
ය(Circulatory system)Cardiovascular systemperipheralArteryනහරLymphatic vesselහෘදයLymphatic systemprimaryBone marrowThymussecondarySpleenLymph nodeCNS equivalentGlymphatic systemස්නායු පද්ධතිය(Nervous system)මොළයසුෂුම්නාවස්නායුසංවේදක පද්ධතියකනඇසශරීරාවරණ පද්ධතිය(Integumentary system)සමSubcutaneous tissueපියයුරMammary glandප්‍රතිශක්තිකරණ පද්ධතිය(Immune system)MyeloidMyeloid immune systemLymphoidLymphoid immune systemශ්වසන පද්ධතිය(Respiratory system)UpperනාසයNasopharynxLarynxLowerTracheaBronchusපෙනහැලිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය(Digestive system)කටඛේට ග්‍රන්ථිදිවupper GIOropharynxLaryngopharynxEsophagusආමාශයlower GISmall intestineඋණ්ඩුක පුච්ඡයColonගුදමාර්ගයගුදයaccessoryඅක්මාවBiliary tractඅග්න්‍යාශයමෞත්‍ර පද්ධතිය(Urinary system)මෞත්‍ර ලිංගික පද්ධතියවකුගඩුමුත්‍රවාහිනියමුත්‍රාශයමුත්‍රමාර්ගයප්‍රජනන පද්ධතිය(Reproductive system)පුරුෂScrotumශිෂ්ණයපුරස්ථි ග්‍රන්ථියවෘෂණ කෝෂයSeminal vesicleස්ත්‍රීගර්භාෂයයෝනි මාර්ගයයෝනි මුඛය
ඩිම්බකෝෂයකලලබන්ධයඅන්තරාසර්ග පද්ධතිය(Endocrine system)PituitaryPinealThyroidParathyroidAdrenalIslets of Langerhansසාමාන්‍ය ව්‍යූහ විද්‍යාව: පද්ධති සහ අවයව, කලාපීය ව්‍යූහ විද්‍යාව, තල සහ රේඛා, නොගැඹුරු ආක්ෂක ව්‍යූහ විද්‍යාව, ගාත්‍රාවල නොගැඹුරු ව්‍යූහ විදයාවගොනුව:72727272.JPGවර්ගීකරණය සහ බාහිර ප්‍රභව ICD –S , OMIM , Medline plus , MeSH මානසික විකෘතිතාවය යනු යථාර්ථය සමග පවතින සම්බන්ධය ගිලිහී යාම නිසා මනසේ ඇති වන තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අය සයිකෝෂීය රෝගීන් ලෙස හැඳින්වේ.මානසික විකෘතිතාවයෙන් පෙළෙන්නන් නොපවතින දෙයක් පිළිබඳ සං‍වේදනය, මිත්‍යා විශ්වාස , පෞරුෂත්වයේ වෙනස්කම් සහ සිතීමේ අක්‍රමිකතා වැනි ලක්ෂණ පෙන්වයි. මෙම රෝග අමුතු සහ විකාර රූපී හැසිරීම්, සහ දෛනික කටයුතු , සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට අපොහොසත් වීම වැනි ලක්ෂණ සමග ද බැඳී පැවතිය හැක.රසායනික සහ ව්‍යුහමය වෙනස්කම් නිසා ඇතිවන ක්‍රියාකාරී මානසික ආතතීන් මගින් මානසික විකෘතිතා ඇති කළ හැක. එම නිසා මානසික විකෘතිතා යනු මානසික රෝගයක් කැළඹීම ලෙස හැඳින්විය හැක.නමුදු බොහෝ පුද්ගලයින් තම ජීවිතයට බාධාවක් නොමැතිව දිවියේ ඇතැම් කාලවල අසාමා
න්‍ය සහ යථාර්ථය වෙනස් කරන සුළු අත්දැකීම් ලබා ඇත. උදාහරණ ලෙස ඇතැමුන් විවිධ ආකාරයේ දෘෂ්ටීන් අත්දැක ඇති අතර සමහර අය එමගින් ආගමික අනාවරණයක් හෝ අනුප්‍රාණයක් අත්විඳ ඇත. එම නිසා මානසික විකෘතිතා යනු සාමාන්‍ය සිහි බුද්ධියෙන් මුළුමනින්ම වෙන් වූවක් නොව සාමාන්‍යය සිහි බුද්ධිය හා බැඳී පවතින දෙයකි. මෙයට අනුව සායනික වශයෙන් මානසික විකෘතිතා ඇති පුද්ගලයින් තුළ විශේෂයෙන්ම තීව්‍ර සහ පීඩිතකාරී අත්දැකීම් ඇති බව කිව හැක.සමකාලීන සංස්කෘතියට අනුව මානසික විකෘතිතා යන පදය මනෝව්‍යාධික හැසිරීම සමාන බවට වැරදි ලෙසට යොදා ගනී. It is requested that a diagram or diagrams be included in this article to improve its quality.For more information, refer to discussion on this page and/or the listing at Wikipedia:Requested images. ආර්ථික වශයෙන් හොඳම භ්‍රමණ මාරු කිරීමේ වකවානුව වන සංවර්ධන විද්‍යාවේ භ්‍රමණ/ මාරු කිරීමේ විශ්ලේෂණයට අනුව ආර්ථිකමය වශයෙන් හොඳම භ්‍රමණ වකවානුව යනු “කොටන් අස්වැන්න මඟින් උපරිම ආදායමක් හෝ ආර්ථික ඵලදාවක් ලබා ගැනීට හැකි වන තෙක් පවතින භ්‍රමණ කාලය”යි. ආර්ථිකමය වශයෙන් හොඳම වනාන්තර භ්‍රමණ/ හුවමාරු
විශ්ලේෂණයට අනුව හොඳම භ්‍රමණ වකවානුව තීරණය කරන්නේ දැනට පවත්නා උපරිම ශුද්ධ අගය ගණනය කිරීමෙනි. එය පහත පරිදි දැක්විය හැක.ආදායම = පරිමාව/ප්‍රමාණය X මිළපිරිවැය / වියදම = අස්වනු නෙලීම සඳහා වියදම + හැසිරවීම සඳහා යන වියදමඑම නිසා,ලාභය = ආදයම - වියදමඅවුරුද්ද පුරා වාසි ලබා ගැනීමට නම්, උපරිම ආදායමක් ලබාගත හැකිවන පරිදි අස්වනු නෙලිය යුතු වකවානුව ගණනය කිරීම අවශ්යන වේ. එසේ කිරීමට අනාගත අපේක්ෂක වාසි සඳහා ඇති වට්ටම ගෙන ගණනය කර ඇත. එමඟින් වර්තමාන ආදායම් හා වියදම් අගයන් ලබා දෙයි. මෙම අගයයන්ගෙන් ලාභයේ වර්තමාන ශුද්ධ අගය ගණනය කර ඇත. එය පහත ආකාරයට සිදුකළ හැක.වර්තමාන ශුද්ධ අගය = වර්තමාන ආදායම - වර්තමාන වියදමභ්‍රමණය / හුවමාරුව සිදු කරන්නේ වර්තමාන ශුද්ධ අගය උපරිම වූ විටය. පහත රූපය ආධාරයෙන් මෙය තවදුරටත් පැහැදිලි කළ හැක. ඉහත රූපයේ පෙනෙන පරිදි ආර්ථිකමය වශයෙන් හොඳම භ්‍රමණ වකවානුව තීරණය කරනුයේ, අපේක්ෂිත වාසි ප්‍රමාණයේ / ලාභයේ උපරිම වර්තමාන ශුද්ධ අගය ලැබෙන අවස්ථාවේ දී ඇති ආදායමට අනුවයි. එම ආදායම ලැබෙන අවස්ථානව පෙර හෝ පසු කාලවලදී භ්‍රමණයක් / හුවමාරුවක් සිදු කිරීම, අපේක්ෂිත වාසිය / ලාභය පහත හෙලීමට හේතු
වේ.ජීව විද්‍යාත්මක වශයෙන් උපරිම භ්‍රමණ/ මාරු කිරීමේ වකවානුව,දැවවල හොඳම අස්වනු නෙළන වකවානුව තීරණය කිරීම සඳහා ජීව විද්යාෝඥයන් මඟින් “උපරිම තිරසාර අස්වැන්න” හෝ “සාමාන්ය වාර්ෂික වර්ධනය” යන සංකල්පය භාවිතා කරයි. උපරිම තිරසාර අස්වැන්න යනු “සම්පත් (දැව)” පිරිමැසිය නොහැකි ලෙස සංඛ්යාිවෙන් අඩු නොකරමින් එම සම්පත් අනාගතය සඳහා හොඳ ආකාරයෙන් ඉතිරි කරමින් නෙලා ගත හැකි ලොකුම අස්වැන්නයි. සාමාන්යආ වාර්ෂික වර්ධනය යනු “වෙන් කරන ලද කාලයක් දක්වා නැගී සිටින ශාක පරිමාවේ සාමාන්ය වාර්ෂික වර්ධනය”යි. ශාකයේ ජීවන චක්රදයේ විවිධ වර්ධන අවස්ථා වලදී සාමාන්යා වාර්ෂික වර්ධනය’’ වෙනස් වේ. මෙම අගය මැදි වයසේදී වැඩිවන අතර වයස්ගත වීමත් සමග අඩුවේ. සාමාන්‍යය වාර්ෂික වර්ධනයේ උපරිම අගය මගින් ශාකය ජීව විද්‍යාත්මකව පරිනත වී ඇති බව හුදනාගත හැක. තවද එය අස්වනු නෙලාගැනීම සදහා කියවීමක් / සාධකයක් ලෙසද සලකයි. වනාන්තරයක වයස වැඩිවන විට, මුල් කාලයේදී පරිමාව වැඩිවීමට පටන් ගන්නේ අඩු වේගයකිනි. ටික කාලයකට පසු පරිමාව වේගයෙන් වර්ධනය වීමට පටන් ගන්නා අතර උපරිමයකට ළගාවේ. ඉන්පසු පරිමාවේ වර්ධනය අඩුවීමට පටන් ගනී. මෙය සෘජුවම සාමාන්‍ය වාර්ෂික වර්ධනයට සම
්බන්ධය ඊට හේතුව වන්නේ සාමාන්යන වාර්ෂික වර්ධනය වැඩි වන්නේ අඩු වර්ධන වේගයකින් වන අතර පසුව වැඩි වර්ධන වේගයක් දක්වා වැඩි වී, මැදි වයසේදී (A) උපරිමයකට (M ලක්ෂය) ළඟාවේ. ‘M’ ලක්ෂය පසු හෝ ‘A’ කාලයට පසු “සාමාන්‍ය වාර්ෂික වර්ධනය” වැඩිවීමට පටන් ගන්නා නමුත් එය සිදුවන්නේ අඩුවන වේගයකිනි. එමනිසා, ජීව විද්‍යාත්මකව හොදම මාරුකිරීමේ වකවානුව වන්නේ, සාමාන්‍ය වාර්ෂික වර්ධනය ශුන්යා වු අවස්ථාවයි. එනම්, පරිමාවට අනුව වර්ධනයක් නොමැති අවස්ථාවයි. ඉහත රූපයේ (දෙවන රූපය) පරිමාව ‘V’ වන අවස්ථාවේ ‘M’ ලක්ෂය මගින් මෙය පෙන්නුම් කරයි. ‘A’ කාලයෙන් පසු සාමාන්‍ය වාර්ෂික වර්ධනයේ අඩුවීම පැහැදිලි ලෙස දැක ගත හැක. දැව නොගන්නා වනාන්තර භාවිතය සහ එය, මාරු කිරීමට බලපාන අයුරු,අපි සිදු කළ විශ්ලේෂණයේදී හොදම මාරුකිරීමේ වකවානුව ගණනය කරනු ලැබුවේ දැව නිෂ්පාදනය සදහායි. වනාන්තර වලින් ලබා ගන්නා අනෙකුත් විවිධ දැව නොවන වනාන්තර නිෂ්පාදන (NTFP) ඇතුළත් කිරීමෙන් හොදම හුවමාරු වකවානුව පැහැදිලි ලෙස වෙනස්වේ. ශාක / දැව මත රදා පවති NTFP වල හොදම මාරුකිරීමේ වකවානුව ඉහළට ගමන් කරයි. එනම් මාරුකිරීමේ කාලය වැඩි වේ. පහත රූපය මගින් එය පෙන්නුම් කරයි.මෙහි දැක්වෙන
පරිදි ආරම්භක හුවමාරු වකවානුව ඇසුතමේන්තු කර ඇත්තේ R1 වන පරිදි වුවත් දැව මත රදා පවතින NTFP වල අගය ඇතුළත් කිරීමෙන් පසු අනාගත අපේක්ෂිත ලාභය වැඩි වන අතර එමගින් වර්තමාන ශුද්ධ අගය P1 වල සිට P2 දක්වා වැඩිවේ. මෙම වර්තමාන ශුද්ධ අගයේ වැඩිවීම නිසා මාරුකිරීමේ කාලය වැඩිවේ. ඒ අනුව, පෙර සොයාගත් R1 කාලයේදී අසුවනු නෙලීමත් සමග සසදන කළ වැඩි වාසි සපයමින් ශාක / දැව වැඩිකාලයක් තබාගෙන, R2 කාලයේදී අසුවනු නෙලිය හැක.අස්වනු නෙලන කාලය වෙනස් වීමට බලපාන සාධක,අස්වනු නෙලන කාලය වෙනස්වීමට බලපාන සාධක කිහිපයක් ඇත. මාරුකිරීමේ කාලයට බලපාන ප්‍රධාන සාධක අතුරින් සමහරක් වන්නේ, අස්වනු නෙලීමට හා හැසිරවීමට යන වියදම, වට්ටම් අනුපාතිකය, අනාගත පිරිවැය, වගා කිරීමට යන වියදම, නැවත ආයෝජනය කිරීමේ කැමැත්ත, මාරු කරන වාර ගණන, NTFP වල භාවිතය, වෙළඳ කටයුතු නොවන පාරිසරික සේවා, පාරිසරික නොවන විනෝදාත්මක සේවායි.නිරේඛනය සහ තහඩු මුද්‍රණය වැනි ඉන්ටාලියෝ ශිල්පක‍්‍රමයන් හා සැසඳීමේදී ඒවායේ අවශ්‍ය වන්නේ අඩු පීඩනයක් යෙදීමකි. මේ ක‍්‍රමයෙන් හොඳ මුද්‍රණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ අච්චුව මත තීන්ත තවරා කඩදාසියක් හෝ රෙද්දක් සමඟ ගැටීමට සැලැස්වීම පමණකි.
මුද්‍රණයේදී සැලකිල්ලට ගතයුතු විධික‍්‍රම තුනක් පවතී.x මුද්‍රා තැබීම : රෙදි මෙන්ම මුල්කාලීන යුරෝපීය ලී අච්චු (1400-40) සඳහාද යොදාගනු ලැබිණ. මෙහිදී කඩදාසිය හෝ රෙද්ද මේසයක් වැනි පැතලි මතුපිටක් මතත තබා ඒ මත තබන ලද අච්චුව තද කිරීම හෝ හෝ මිටියකින් තට්ටුකිරීම මඟින් මුද්‍රණය සිදුකෙරින.x සම්මර්ෂණය : සෑම කාලයන්හිම ඈත පෙරදිග රටවල ජනපි‍්‍රය මුද්‍රණ විධික‍්‍රමය වූයේ මෙයයි. යුරෝපීය ලී අච්චු මුද්‍රණය සඳහා මෙම ක‍්‍රමය 15 වන සියවසේදී පමණ යොදාගැනින. යුරෝපයේදී මෙය වැඩි වශයෙන් යොදාගැනුනේ රෙදි මුද්‍රණය සඳහාය. එමෙන්ම 1910 පමණ සිට වර්තමානය දක්වා බටහිර ලී අච්චු මුද්‍රණ සඳහා මෙය යොදාගනු ලබයි. අච්චුව එහි මුහුණ ඉහලට සිටින ලෙස මේසයක් මත තබා ඒ මත කඩදාසිය හෝ රෙද්ද තබනු ලබයි. කඩදාසිය පිටිපැත්ත පැතලි ලීයකින්, ඔපකරයකින් සම්මර්ෂණය හෙවත් පිරිමැදීම සිදුකරනු ලබය.ි පසුකාලීනව ජපානයේ ලී අච්චුව නොවෙනස්ව රඳවා ගැනීම සහ මුද්‍රණයේදී නිසි පීඩනයක් ලබාදීම සඳහා සංකීර්ණ ලී යාන්ති‍්‍රක මෙවලම් යොදාගනු ලැබිණ. මෙහි අවශ්‍යතාව තදින් දැනෙන්නට පටන් ගත්තේ බහු වර්ණ යෙදීම ආරම්භ වූ පසු තීන්ත තට්ටු කිහිපයක් යෙදීමට අවශ්‍ය වූ විටය.x මුද්‍රණාල මුද්
‍රණය : බෙහෝ කාලයක් වනතුරු මුද්‍රණාල දැකගත හැකිවූයේ ආසියාවේ පමණකි. මුද්‍රණාල මුද්‍රණය 1480 පමණ සිට යුරෝපීය මුද්‍රණයන් පොත් මුද්‍රණය සඳහාද ඊට පෙර සිටම ලී අච්චු මගින් මුද්‍රත පොත් මුද්‍රණය සඳහාද යොදාගනු ලැබිණි. මුද්‍රණාල මුද්‍රණයන්ට පෙර සරළ මුද්‍රණ ක‍්‍රම යුරෝපයේ පැවත තිබිය හැකි වුව ඒ පිලිබඳ ප‍්‍රබල සාධක නොමැත.මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "අධ්‍යාපන මනෝ විද්‍යාව" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2023 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)විද්යාව,කලා,සංස්කෘතික,කටයුතු පිළිබද ක්ෂේත්ර වල මහත්වු ජයග්රාහන කරා යොමුවෙමින් මිනිස් වර්ගයා ගමන් කරන නොනවතින ගමනෙහි වඩාත්ම කැපී පෙනෙන වාහකය වී ඇත්තේ අධ්යාසපනයයි.විධිමත් විෂය ක්ෂේත්රකයක් ලෙස අධයාපනයෙහි ප්ර්භවය ඇතිවූයේ මෑතකදීය.තොරතුරු සන්නිවේදනයෙහි නියලුනු බොහෝ කලාවන්ගේ හා විද්යායවන්ගේ සංයෝගවිමක ස්වරූපයක් ඉන් ප්ර කාශිත වේ.ඒ හා ස
ම්බන්ධයෙන් මනෝ විද්යාි විෂය ක්ෂේත්රවය ඉමහත් වැදගත්කමකින් යුක්තයි. අධ්යාවපන මනෝ විද්යා්වේ හර කොටස වන්නේ මනෝ විද්යාය ක්ෂේත්රියේ පර්යේෂණ, පාසල් හා වෙනත් ශාස්ත්රීනය ආයතනයන්හි ඉගැන්වීමෙන් ලැබූ අත්දැකීම්ය.සියලුම ඉගැන්වීම් හා ඉගනුම් ක්රිමයාවලින්ට ව්ය්වහාර කරනු ලබන සංකීර්ණ බහු වෛෂයිකවුත් දැනුම හා මුලධර්ම ස්කන්ධයක් ලෙස අධ්යාපන මනෝ විද්යාව සංකල්පනය කල හැක.විද්යාධගාර පංති කාමර අතර අනොන්යප සමථය ශත වර්ශයක් පැරණි වූ මනෝ විද්යාා ඉතිහාසයේ කැපී පෙනෙන හා පැතිරී පවතින ලක්ෂැණයකි. බොහෝ සෙයින් අවිනිශ්චිත ප්රහශ්න මතු කිරීමෙහි නිරතවු අවධියක සිට වේගවත් ඉදිරි ගමනක යෙදෙමින් බුද්ධිය පිලිබඳ විවිධතා යොදා ගැනීම,ඉගනුම් නීති යොදා ගැනීම,පරිගණක තාක්ෂබණය භාවිතය, හා නවීන කලමණාකරණ ශිල්ප ක්රාම භාවිතය දක්වා වු ප්ර ගතියක් මනෝ විද්යා ක්ෂේත්රිය දක්වයි. එහෙත් අධ්යාගපන මනෝ විද්යා ව මගින් අන් කවර කලකටත් වඩා අවධානයක් අද ශිෂ්යගයා කෙරෙහි යොමුවේ.ඔවුනගේ ඉගනුම් මූලධර්ම,ක්ර මෝපාය,අභිප්රේතරණය ගුරු හා සංවිධාන අංශ සහ අධ්යාොපන අවස්ථා‍ව හා බැදුනු වෙනත් බෙහෝ ලක්ෂ ණද අවධාරණය කෙරේ.මේ අනුව ඉගනුම සිදුවන පංති කාමර අවස්ථාවේ විවිධ මාන පිලිබදව අධ්යා
පන මනෝ විද්යා ව යොමු වන්නේ යයි අව‍බෝධ කරගත හැකිය.සම්ප්රැදායිකව,අධ්යාමපන මනෝ විද්යාුව යොමු වුයේ ඉගනීමෙහි‍ යෙදෙන්නා,පාඩම හා පුහුනුකරු කෙරෙහි ඍඡු හෝ වක්රව ලෙස බලපාන පංති කාමර අවස්ථාව හා බැදුනු සියලුම අංශ පිලිබදවයි.පංතියේ හා පාසලේ සංවිධාන රටාව,භෞතික වා සමාජ වාතාවරණය,ඉගැන්වීමේ ක්ර ම ඉගනුම් දව්යව පිලිබදව ප්රගමාණාත්මක හා ගුණත්මක මාණ,පංති කාමරයේ අභිප්රේඉරණය හා ඇගයීම් පිලිබද ප්රැමිති ආදිය මෙය‍ට අයත්විය හැක.මෙලෙස අධ්යාමපන මනෝ විද්යාිවේ අරමුණ වන්නේ විශේෂයෙන් අධ්යායපනය සංවර්ධනයටත් පොදුවේ පූර්ණ සංවර්ධනයටත් දායක වීම හා එම සංවර්ධනය පිලිබඳ මෙහෙයවීමයි. ඒ සදහා මනෝ විද්යාකවේ වෙනත් ක්ෂ්ර් එ යන් ගෙන් ලබාගත් දැනුම හා ප්ර තිවේස උපයෝගී කරගනු ලැබේ.නිදසුන් වශයෙන් පර්යේෂණ මනෝ විද්යාෙව ,සංවර්ධන මනෝ විද්යා ව ,සමාජ මනෝ විද්යා ව ,අවප්රාමාණ/සායනික/උප‍දේශන මනෝ විද්යාෝව දැක්විය හැක.ගුරුවරයා මනෝ ‍විද්යා නීති හා මූලධර්ම භාවිතා කරයි.ඒ අතරම පංති කාමර අත්දැකීම් තුලින් නව මූලධර්ම සොයා ගනු ලබයි. සම්පත් ලබා ගත යැකි ප්රිමාණය අනුව දියුණු හා විදග්ධ තාක්ෂ ණය යොදා ගැනිමෙන්ද දේශීය හා සරල දව්ය් උපයෝගී කර ගැනීමෙන්ද ගුරුවරයාට නවීකරණය
සදහා ඉඩ ප්රදස්ථ ලැබේ.පංති කාමරය සමාජ කණඩායම් අවස්ථාවක් හෙයින් එය වඩාත්ම ‍හොදින් තේරුම් ගත හැකි වන්නේ සංකීර්ණ වුත් ගතික වුත් නිරන්තරයෙන් වෙනස් ‍‍වෙමින් පවතින්නා වූ විචල්යව එකතුවක් ලෙසයි.ළමයකු කණ්ඩායම තුල පිළිගනු ලබන ආකාරය,කණ්ඩායම ශාස්ත්රීිය ඉලක්ක සාධනය කර ගැනීම සඳහා කටයුතු කරන ආකාරය,ගුරුවරයා හා ශිෂ්යවයන් ඔවු‍නොවුන් සමග අන්යෙඩයව ක්රිතයා කරන ආකාරය පාසල එහි රැදී සිටීමට ප්රියය උපදවන ස්ථානයක් බවට පත්වන්නේ කුමන සාධක හේතු කොට ගෙනද ආදිය අධ්යාටපන මනෝ විද්යාවව මගින් සලකා බලනු ප්රහශ්න කීපයකි. ශිෂ්යමයින් අතර ඇති පුද්ගල විවිධතා පිලිබද යථා අවබෝධයක් ලබා ගැනීමට මනෝ විද්යාීව සහාය වේ.ප්රදතිජානාත්මක වාතාවරණයක් තුල ඉගනුම් ක්රනමෝපාය සඵල අයුරින් යොදා ගැනීමෙන් ලගා කරගත හැකි විශ්මය දනවන සුලු සංවර්ධනාත්මක ‍වෙනස්කම් ගැනද අධ්යාරපන මනෝ විද්යා වෙන් කියවේ.පෞද්ගලිකව සිසුන් මුහුණ දෙන මානසික ගැටලු පිලිබදවත් පාසල් අවස්ථාවෙන් පරිභාහිරව උත්පාදනය වියහැකි ප්රිතිෂේධනාත්මක බලවේගවල අන්තර් ක්රිැයා සීමා කර ගැනීම සදහා අවශ්යම සැකසීම පිලිබදවත් අවබෝධයක් ලැබිය හැක.මේ අනුව සමාජීය වටිනාකමකින් යුක්ත තොරතුරු හා කුසලතා තම උපරිම හැකියා ම
ට්ටමකික් සිසුන්ට ලබා දීමෙහි නිරතව සිටින ගුරුවරයකු අතට පත්වන ප්රියෝජනවත් අතිරේක මෙවලමකි අධ්යාතපන මනෝ විද්යා ව.අධ්යා පන මනෝ විද්යාකවේ සංවර්ධනය කෙරෙහි විලියම් ජේමිස්, ජෝන් ඩුවි, ඊ.එල්.තෝන් ඩයික්, ජේ.බී.වොට්සන්,ජීන් පියාජේ,සිග්මන් ප්රො.යිඩ්,බී.එ‍ුබෆ්. ස්කිනර්,බී.බ්ලුම්, සී.එල්. හල්, ඊ.පීග ටොරනස්,සී.පී. ඔසුබෙල්,හා වෙනත් බොහෝ අය දායක වී ඇත.අධ්‍යාපන මනෝ විද්‍යාව[සංස්කරණය]මනෝ විද්යා විෂයේ ආරම්භය හා විකාශනය[සංස්කරණය] ඈත අතීතයේ මනෝ විද්යාිව ආත්මය පිළිබද හැදෑරීමක් ලෙස අර්ථ දැක්වීම කර තිබුණි. මනෝ විද්යාතව (PYSCHCHOLOGY) යනුවෙන් ඉංග්රී සියේ හදුන්වයි. *Psyche - සයිකි - ආත්මය *Logo - ලොගෝ - විද්යා්ව ග්රීක භාෂාවෙන් ආත්ම විද්යාව යැයි හැදින්වූ වචන දෙක භාවිත කර ආත්මය පිළිබද විද්යාාවක් ලෙස ප්රයචලිත විය. ආත්මය විවිධ ආකාරයට විග්රහ කරන නිසා මතුවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන මනෝ විද්යාවවේ අර්ථ දැක්වීම් වෙනස් විය. එහිදී ම. විද්යාවව මනස පිළිබද විද්යාරවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වුවත් ශාරීරික සාධක සැලකිල්ලට නොගැනීම ගැටළුවක් බව විවේචකයින්ගේ අදහස් අතර මතු වූවකි. ඊලග අවස්ථාවේ මනෝ විද්යාවව විඥානය ප
දනම් කරගත් විද්යාිවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වූ අතර විඥානය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ දී ගැටළු මතු විය. එහිදී එක් අංශයකට නැඹුරු වීමක් ඇතැයි සමහර විවේචකයන් කියන විට අවිඥානය හා උප විඥානය ද මෙයට සම්බන්ධ යැයි ඇතමුන් විවේචන එල්ල කිරීමට පෙලඹිණ. මනෝ විද්යාේව නූතන මනුෂ්යා පිළිබද අධ්යායපනයක් ඊලග නිර්වචනය ඉදිරිපත් විය. එහිදී මනුෂ්‍යයාගේ චර්යා වෙනස් වීම්, චිත්ත වේග, බුද්ධිය, පෞර්ෂය ආදී ගති ලක්ෂණ සැලකිල්ලට ගත්ත ද ඒවාට ශරීර ව්යුඑහයේ ලක්ෂණ අයත් නොවන නිසා නැවත විවේචන එල්ල විය.පසුව ඉදිරිපත් වූ නිර්වචනය චර්යාවාදී ගුරුකුලයයේ දියණුවත් සමග ඉදිරිපත් වූවකි. එය සජීවීන්ගේ චරියා අධ්යනනය කරන විද්‍යාවක් ලෙස වෙනස් විය. එහෙත් ප්ර්ජානනවාදී ගුරුකුලයේ මනෝ විද්යාවයින්ගේ මත අනුව මෙය සංස්කරණයට ලක් විය.විවිධ විවේචන ඔස්සේ වර්තමානයේදී මනෝ විද්යාටව නිර්වචනය කර ඇත්තේ ‘චර්යා සහ මානසික ක්රිනයාවලි පිළිබද විද්යාදත්මක අධ්ය්නයක්‘ ලෙසය. මනෝ විද්‍යාව විෂයේ ප්‍රභේද.සංවර්ධන මනෝ විද්‍යාවසමාජ මනෝ විද්‍යාවළමා මනෝ විද්‍යාවඉංජිනේරු මනෝ විද්‍යාවයුධ මනෝ විද්‍යාවවෛද්‍ය මනෝ විද්‍යාවසත්ත්ව මනෝ විද්‍යාවනීතිය පිළිබද මනෝ විද්‍යා
වව්යකවහාරික මනෝ විද්‍යාව මනෝ විද්යාතව තුලින් මතුකොට ගන්නා දැනුම් සම්භාරය ප්රායයෝගික ගැටළු විසදාගැනීම සදහා යොදා ගැනීම ව්යපහාරික මනෝ විද්යානව යි.අධ්යාමපන මනෝ විද්‍යාව විෂය හැදින්වීම.අධ්යාධපන මනෝ විද්යාදව යනු මනෝ විද්යා් විෂය කේෂ්ත්රෙ‘යන් ව්යිවහාරික අංශයට ගැනෙන ප්රාායෝගිකව බාවිත වන විෂය කේෂ්ත්රියකි. ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේඅධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය.1. අධ්යාාපන මනෝ විද්යා ව ව්යාෙවහාරික විද්යායවකි.සාමාන්යය මනෝ විද්යා ව අධ්යා්පන ගැටළු සදහා බාවිතා කරන නිසා එමගින් ගැටළු විසදාගැනීමට උත්සාහ කෙරේ. ඒ සදහා මනෝ විද්යාාත්මක මූලධර්ම ප්රානයෝගිකව බාවිතයට ගැනේ.2. අධ්යාතපන මනෝ විද්යා ව නිශ්චිත විද්යාැවකි.අධ්යායපනය හා සම්බන්ධ කරුණු ඒ ආකාරයෙන් ම අධ්යවයනය කෙරෙන අතර විනිශ්චය කිරීමක් නොකෙරේ.3. අධ්යාේපන මනෝ විද්යාඒව සමාජ විද්යා්වකි.අධ්යාකපනික දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයා හා සම්බන්ධ ව අධ්යයයනය කෙරෙන අතර ඒ වායේ ප්ර‍තිපල මිනිසා සමාජශීලී කිරීම සදහා ප්රා යෝගික ව බාවිත කළ හැකිය.4. අ
ධ්යාාපන මනෝ විද්යාලව ප්රා යෝගික විෂයකි.ලැබෙන ප්රධයෝජන ගැන සලකා බාවිත කරයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉගෙණුම් අවස්ථා නිර්මාණය කිරීම අධ්යාරපන මනෝ විද්යාාව විසින් සිදු කරනු ලබයි.5. අධ්යාසපන මනෝ විද්යා්ව ශ්රා ස්ත්රීයය විෂයකි.මෙම විෂය මිනිසාගේ මිනිසාගේ ඉගෙනුමට අදාල චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් කරන අධ්යගනයක් හෙයින් ශ්රාරස්ත්රීාය විෂයක් වන අතර ලැබෙන ප්රවතිඵල සාරාංශ කළ හැකිය.අධ්යානපන මනෝ විද්යා්වේ විෂයකේෂ්ත්ර‍යේ සීමාව.මිනිස් හැසිරීම.දරුවාගේ වර්ධනය හා සංවර්ධනය.කාලය හා පරිසරය.ඉගෙනීමේ ක්රිරයාවලිය.පෞර්ෂත්ව සංවර්ධනය.පෞද්ගලික විවධත්වය.බුද්ධිය හා බුද්ධිය මැනීම.මාර්ගෝපදේශනය හා උපදේශනය.මනෝ විද්‍යාත්මක අධ්‍යන ක්‍රම ශිල්ප=[සංස්කරණය] මනෝ විද්‍යාව සජීවීන්ගේ චර්යා අධ්‍යනය සදහා බාවිත කරන විශේෂ උපක්‍රම මනෝ විද්‍යා අධ්‍යන ක්‍රම ශිල්ප යනුවෙන් හැදින්වේ. මේවා අත්දැකීම් විස්තර කිරීමේ සිට ක්‍රමාණුකූල නිරීක්ෂණය දක්වා විවිධ වේ.විවිධ මනෝ විද්‍යා ක්‍රම ශිල්ප.....අන්තරාවලෝකනය. (අන්තරීක්ෂණය/ආත්මාවලෝකනය)නිරීක්ෂණය.ප්‍රශ්නාවලිය.සම්පරීක්ෂණ ක්‍රමය.ප්රපත්යේවක අධ්‍යන ක්‍රමය.සායන ක්‍රමය.ප්‍රනක්ශේපි
ත ක්‍රමය.සහසම්බන්ධතා අධ්‍යනය.අන්තරාවලෝකනය[සංස්කරණය]මනෝ විද්‍යාවට විශේෂ වූ ඉතා පැරණි අධ්‍යන ක්‍රමයකි. තම සිත ක්‍රියා කරන ආකාරය දෙසට හොදින් අවධානය යොමු කොට ඒ ගැන වාර්ථා කිරීම මෙහිදී සිදුවේ. තමා විසින් ම තොරතුරු වාර්තා කරවන්නා නිසා පුද්ගල බද්ධ වීම බලපාන බව මේ ක්‍රමයට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි. අනෙක් අඩුපාඩුව වන්නේ විද්‍යානුකූල වලංගුතාවයෙන් තොර වීමයි.මෙය බුදු දහම සක්කාය දිඨ්ඨි යනුවෙන් විවරනය කර ඇත.නිරීක්ෂණය[සංස්කරණය]මෙහිදී සිදුවන්නේ කෙනෙකුගේ චර්යාව වෙනත් කෙනෙකු විසින් නිරීක්ෂණය කොට වාර්තා තබා ගැනීමයි. මෙහි ප්‍රභේද කීපයකි.I. ඍජු නිරීක්ෂණයII. වක්‍රී නිරීක්ෂණයIII. සහභාගිත්ව නිරීක්ෂණයIV. අන්වායාම අධ්‍යන (සිරස් නිරීක්ෂණය)V. හරස්කඩ අධ්‍යනය (තිරස් නිරීක්ෂණය)සෘජු නිරීක්ෂණය. කෙනෙකුගේ චර්යාව නිරීක්ෂණයේ දී නිරීක්ෂිතයා සමග නිරීකෂකවරයා දැනුවත් ව කටයුතු කරයි. තමගේ චර්යා අධ්‍යනයට ලක් කෙරෙන බව දැනගෙන සිටියි. මේ නිසා සැබෑ චර්යා වසන් කිරීමට ඇති ඉඩකඩ වැඩිය.වක්‍ර නිරීක්ෂණය මෙහිදී තමා නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂිතයා නොදනී. මේ නිසා නිරීක්ෂකවරයාට සැබෑ චර්යා නිරීක්ෂණයට ඇති ඉඩකඩ වැඩිය.සහභාගිතා නිරීක
්ෂණය නිරීක්ෂකවරයා නිරීක්ෂිතයා සමග එකට හිද තමාට අවශ්‍ය තොරතුරු වාර්ථා කර ගනියි. මෙහිදී ද තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය.අන්වායාම අධ්‍යනය. එක් ළමයෙකු හෝ කණ්ඩායමක් දිගු කලක් තුළ නිරීක්ෂණය කර වාර්තා තබා ගැනීම අන්වායාම අධ්‍යනය යි. මෙහිදී ඇතිවිය හැකි විශේෂ ගැටලුවක් වන්නේ එකම කණ්ඩායමක් දිගුකලක් අධ්‍යනයට ලක් කිරීමේ දී නියැදිය ගිලිහීමට ඇති ඉඩකඩ අසීමිත බවය.හරස්කඩ අධ්‍යනය. හරස්කඩ අධ්‍යනයේ දී අධ්‍යනයට භාජනය වන පිරිස දිගුකලක් නිරීක්ෂණය කළ යුතු නැත. තෝරා ගන්නා පිරිස අදාල ජනගහනයේ හරස් කැපුමකි. මේ ක්‍රමයේ ඇති කැපී පෙනෙන දෝශය වන්නේ තෝරා ගන්නා නියැදි අතර ඇති වෙනස ප්‍රතිඵල වලට බලපෑමට ඇති ඉඩ වැඩි වීමයි.නිරීක්ෂණ ක්‍රමයේ ඇති වාසි සහ අවාසි..1. පහසුවෙන් යොදාගත හැක. (කිරීමට හැකි වීම) සෘජු හා වක්‍ර නිරීක්ෂණ2. සැබෑ තොරතුරු ලබා ගත හැකි අවස්ථා වැඩිය. (වක්‍ර) හා සහභාගිත්ව නිරීක්ෂණ)3. කෙටි කලකින් නිම කළ හැකිය. (සෘජු, වක්‍ර, හරස්කඩ නිරීක්ෂණ)4. මුදල්, කාලය හා ශ්‍රමය ඉතුරු කළ හැකිය. (සෘජු, වක්‍ර, අන්වායාම, හරස්කඩ නිරීක්ෂණ)අවාසි1. සැබෑ තොරතුරු වසන් කළ හැකිය. (සෘජු නි.)2. වැරදි තොරතුරු වාර්ථා කළ හැකිය. (
සෘසු/වක්‍ර/සහභාගිත්ව/අන්වායාම/හරස්කඩ නි.)3. කාලය, මුදල්, ශ්‍රමය නාස්ති විය හැක. (අන්වායාම නි.)4. නියැදිය ගිලිහීම. (අන්වායාම නි)නිරීක්ෂණ ක්‍රමයේ අවාසි මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම.1. පුහුණු, පලපුරුදු පරීක්ෂකවරු යොදා ගැනීම.2. එක්මන්තිර භාවිතා කිරීම.3. නිරීක්ෂණ සැලැස්මක් භාවිතා කිරීම. ප්‍රශ්නාවලිය[සංස්කරණය] පුද්ගලයින් විශාල සංඛ්‍යාවකින් කාලයක් වැය කොට එකවර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට බාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය ප්‍රශ්නාවලී වේ. එහි සාර්ථකත්වය සදහා දෙනු ලබන උපදෙස් පැහැදිලි විය යුතුය. පහසුවෙන් පිලිතුරු සොයා ගත හැකි ලෙස සකස් කළ යුතුය.• මෙහි අඩංගු ප්‍රශ්න ව්‍යූහගත හෝ නොවන ආකාරයට සකස් කළ හැක.• භාෂාව සරළ විය යුතුය.• වඩා දීර්ඝ නොවිය යුතුය.• අවශ්‍ය ප්‍රශ්න පමණක් කිසියම් අනුපිළිවෙලකට ඉදිරිපත් කළ යුතුය.සම්පරීක්ෂණ[සංස්කරණය]1. යොදා ගන්නේ හේතුඵල සම්බන්ධතා අනාවරණය කර ගැනීම සදහාය.2. පවතින තත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට පර්යේෂකයන් විසින් යම් වෙනස්වීමක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලය විමසීමට භාජනය කරයි.3. ඒ සදහා කල්පිත ගොඩනැගිය යුතුය.4. පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තුළින් කල්ප
ිතය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි.සම්පරීක්ෂණ වලදී බාවිතයට ගැනෙන ප්‍රධාන කරණු.1. අහඹු නියැදි.2. විචල්‍ය• අහඹු නියැදියක් යනු පුද්ගලයා තෝරා ගැනීමේ දී වරණයකින් තොරව අහඹු ලෙස තෝරා ගන්නා කණ්ඩායමකි.• විචල්‍ය යනු විවිධ පුද්ගලයන් හෝ ද්‍රව්‍යයක් තුළ පැවතිය හැකි එහෙත් එකිනෙකා තුළ විවිධ මට්ටමින් බලපවත්නා අගයයන් හෝ වෙනස්කම් ය.සම්පරීක්ෂණ වලදී භාවිතා වන විචල්‍ය දෙකකි.• ස්වායත්ත විචල්‍ය.• පරායත්ත විචල්‍ය.ස්වායත්ත විචල්‍ය යනු මෙහිදී වෙනසකට භාජනය නොවන විචල්‍ය යි.නිද - ගණිත විෂය සාධනය කෙරෙහි උගන්වන කාලය බල නොපායි යන කල්පිතයේ ස්වායත්ත විචල්‍ය වන්නේ උගන්වන වෙලාවයි.පරායත්ත විචල්‍ය යනු කරනු ලබන පර්යේෂණය තුළ වෙනසකට භාජනය කරන විචල්‍ය පරායත්ත විචල්‍ය වේ. නිද - ඉහත කල්පිතයේ ගණිත විෂය සාධනය වේ.78789989890909090090--90898787889 ====පුද්ගල සංවර්ධනයට බලපාන සාධක====ආරයපරිසරයපරිණතියඉගෙනුමආරය[සංස්කරණය] පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ හා ගති ලක්ෂණ ජාන මගින් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලබා දීමේ ක්‍රියාවලිය ආරය යි.මේ සදහා වෙනත් කිසිවෙකුටත් බලපෑමක් කළ නොහැක. ශරීරයේ සෑම ශෛලයකම න්‍යෂ්ටිය තුළ
යුගල 23 ලෙස සකස් වූ වර්ණ දේහ 46 ක් අඩංගුය. වර්ණ දේහ තුළ ඇති ජාන සියළුම ප්‍රවේණික ගැලපුම් වල පවතින විවිධත්වය නිසා දරුවන් අතර බොහෝ වෙනස්කම් ඇත. මෙහිදී එක් සංසේචිත ඩිම්බයන් සමහර අවස්ථාවල සමාන කොටස් දෙකකට බෙදීමෙන් අන්න්‍යොන්‍ය දරුවන් බිහි වේ. (සර්වසම දරුවන්) රූප ලක්ෂණ, ගති ලක්ෂණ බොහෝ දුරට සමාන වේ. වෙන් වෙන් ව සංසේචනය වූ ඩිම්බ වලින් නිවුන් දරුවන් ලැබිය හැකි අතර ඒ අය සහෝදර නිවුන් දරුවන් ලෙස හැදින්වේ. මේ අය එකිනෙකට වෙනස් වේ.ලක්ෂණ- (ශරීරය) හිසකෙස් වල වර්ණය රුධිර ගණය ඇස්වල වර්ණය ශරීර අවයව වල හැඩය වැනි විවිධ කායික ලක්ෂණ වර්ණ දේහ විකෘති නිසා ඇතිවන ආබාධිත දරුවන් සමහර ලෙඩ රෝග උරුම වේ. (උදා- වර්ණ අන්ධභාවය)පරිසරය[සංස්කරණය]පරිසරය යන්න නිර්වචනය කර ඇත්තේ පුද්ගලයාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන භෞතික සමාජීය හා මානසික යන සංකල්පිත ලෝක වල සමස්ථ එකතුවයි.පුද්ගලයාට ජීවිතයේ මුලින් ම හමු වන ඉපරිසරය මවු කුසයි. පුද්ගල සංවර්ධනයට පරිසර සාධක බලපාන ආකාර අනුව ප්‍රධාන අංශ 02 ක් යටතේ සලකා බැලේ.I. අභ්‍යන්තර පරිසරය.II. බාහිර පරිසරය.1. අභ්‍යන්තර පරිසරයඅඅභ්‍යන්තර පරිසරය යනු මවු කුසයි. මේ අනුව පුද්ගල සංවර්ධ
නයට මවුකුස ඉතා වැදගත් ය.මවගේ වයසමවගේ පෝෂණය.මව ගන්නා බෙහෙත්මවගේ අයහපත් පුරුදුමව විකිරණ වලට භාජනය වීමමවට වැළදෙන රෝගමව මුහුන දෙන කම්පන හා ක්ලමත තත්වයන්2. බාහිර පරිසරයබාහිර පරිසරය ක්ෂේත්‍ර 03කට වර්ගීකරණය කළ හැකිය.1. භෞතික පරිසරයආහාරජලයදේශගුණයජීවත්වන ස්ථාන වැනි දෑ2. සමාජ පරිසරයපවුලසමවයස්පාසලවෙනත් සමාජ කණ්ඩායම්අන්තර් පුද්ගල සම්බන්ධතාජීවත්වන විවිධ පිරිස් හා ආයතන3. මානසික පරිසරයපුද්ගලයා තුල ඇතිවන විවිධ මානසික තත්වයන් සදහා සෑම විටම ඔහු මුහුණ දෙන උත්තේජනයන් බලපායි. එම නිසා බාහිර උත්තේජන වල ස්වභාවය පිලිබද විශේෂ අවධානයෙන් සිටීම මානසික පරිසරය යහපත් කිරීමට බෙහෙවින් බලපායි.පුද්ගල සංවර්ධනය කෙරේ ආරයේ සහ පරිසරයේ බලපෑම ප්‍රමාණාත්මකව තීරණය කිරීම අසීරුය. දැනට පිලිගෙන ඇති මතය වන්නේ ආරය සහ පරිසරය අතර අන්තර් ක්‍රියා හේතු කොටගෙන පුද්ගල සංවර්ධනයට බලපෑම් ඇති කරන බවයි.(3) පරිණතිය - ස්වභාවිකව සිදුවන ජාන විසින් සැලසුම් කරන ලද ශරීරයේ අඅභ්‍යන්තරව සිදුවන මේරීම ‘පරිණතිය‘ යි. මෙය වයසත් සමග සිදුවන්නකි.නියමිත පරිණතියට ලගා වන තුරු යම් යම් ක්‍රියාකාරකම් කිරීමට පුද්ගලයාට නොහැකිය. සෑම දරුවෙක් ම අ
නුපිළිවෙලක් ඔස්සේ පරිණතිය සිදුවෙයි. එය ඉගෙණුමෙන් නිදහස් ය.(4) ඉගෙණුම -ඉගෙණුම යනු අත්දැකීමක් හේතු කොටගෙන චරියාවේ ඇතිවන දිගුකාලීන වූත් ස්ථාවර වූත් වෙනසකි. හැකියාව ඇතිවන්නේ පරිණතිය සමග ය.සූදානමපුද්ගලයෙකුට නව ඉගෙණුම් අත්දැකීමක් ලබා ගැනීම සදහා ඊට අවශ්ය ශාරීරික හා මානසික සූදානම ඔහු තුළ තිබිය යුතුය. සූදානමක් නොමැතිව ඊට පෙර උගැන්වීමට යාම අයහපත් ප්‍රතිඵල ගෙන දේ. සූදානම සදහා පරිණතිය හා පරිසරය යන සාදක දෙකම අවශ්‍යය.නිසි සූදානමකට පෙර ඉගෙණුමට යොමු කිරීමේ විපාකඉගෙණීම පිළිබද අයහපත් ආකල්ප වර්ධනය වේ.ළමයා නොගැලපෙන චර්‍යා රටා පෙන්නුම් කරයි.ළමයා අධික වෙහෙසට පත්වෙයි.අවධානය ලබා ගැනීම අපහසු වෙයි.අයහපත් චිත්තවේගී තත්වයන් පෙන්නුම් කරයි.මොළයේ ව්‍යූහය ඉගෙණුම් ක්‍රියාවලියට බලපාන ආකාරයඉගෙණුම් ක්‍රියාවලිය සදහා මොළයේ තිබෙන කොටස් වලින් විශේෂයෙන් ම වැදගත් වන ඒවා නම්,බාහිකය.මස්තිස්කය.අනුමස්තිස්කයලිම්බික් පද්ධතිය වේ.1. බාහිකය.මොළයේ බාහිරින් ම රැලි සහිත වූ රෝස පැහැයට හුරු ස්ථරය බාහිකය යි. පුද්ගලයාට බලපාන සියළුම සංවේදන ප්‍රදේශ බාහිකයේ අඩංගු වී ඇත. දෘෂ්ටිය, ශ්‍රවණය, රස, ආග්‍රහණය සහ ස්පර්ශය පාලනය කරන්නා
වූ සංවේදන ප්‍රදේශ පිහිටා ඇත්තේ බාහිකයේ ය.මෙම සංවේදන ප්‍රදේශ වලට හානි සිදුවුවහොත් ඉන්ද්‍රීයන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ. එවිට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි පරිදි කිරීමට බාධා ඇතිවේ.බාහිකයේ රැලි සහිත ස්වභාවය වැඩි වන විට බුද්ධිමත් භාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති වේ. කුඩා දරුවන්ගේ වයස අවු 01 දක්වා මොළය වර්ධනය වේගයෙන් සිදුවන බැවින් සිහින් සංගීත රාවය, වර්ණවත් දෑ දකින්නට සැලැස්වීම, සිත සමාධි ගත කෙරෙන සියුම් නාද ඇසීමට සැලැස්වීම ඉතා වැදගත් ය.2. මස්තිස්කය.මොළයේ විශාලම කොටස වේ. එය වම් හා දකුණු අර්ධගෝල දෙකකින් යුක්තය. එහි වම් කොටසින් භාෂා හැකියාව, ලිවීම, කථාව, ගණිතඥානය, විශ්ලේෂණ හැකියාව, නර්තනය වැනි සුවිශේෂී කාර්යන් රාශියක් ඉටුකිරීමේ හැකියාව ඇත. දකුණු අර්ධ ගෝලයෙන් රස වින්දනය, සිතීමේ ක්‍රියාවලිය, විදීම, සංකල්ප අවබෝධ කරගැනීම සදහා දායකත්ව ලබා දෙයි.3. අනුමස්තිස්කය (කුඩාමොළය)ශරීරයේ සමතුලිතතාවය රකින අනුමස්තිස්කය අධ්‍යන කාර්‍යේදීත් ඉතා වැදගත් කොටසකි. ශරීරයේ විවිධ කොටස් වල චලන සමායෝජනය සදහා උදව් කරයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ශරීරයේ සමතුලිතතාව මෙන් ම සමායෝජනය ද පුද්ගලයෙකුට වැදගත්
වන බැවින් මෙහි ක්‍රියාකාරීත්වය පිලිබදව දැනගැනීම ගුරුවරයාට වැදගත් ය.4. ලිම්බික් පද්ධතියi. තැලමසii. හයිනොතැලමසiii.හිපොකැම්පයiv. පිටියුටරිය තැලමස.පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගන්නා වූ සංවේදන පිළිබද පණිවිඩ ලබා දෙන්නේ තැලමස වෙතය. තැලමස මගින් මේ පණිවිඩ අදාල තැන්වලට බෙදා හැරේ. හයිපෝතැලමස.බොහෝ කායික ක්‍රියාවලියන් හා සම්බන්ධ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන අතර ස්වයං සාධක ස්නායු පද්ධතිය සමායෝජනය කෙරෙන මධ්‍යස්ථානය ලෙස ද ක්‍රියා කරයි. මතක තබා ගැනීමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩිව බලපායි. කුසගින්න, පිපාසය, ලිංගික ක්‍රියාකාරකම්, ආක්‍රමණශීලී බව පාලනය කරයි. හිපෝකැම්පය.ඉගෙනීමේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන්නේ හිපෝකැම්පසය යි. ඉගෙනගත් දේ මතක තබා ගැනීමටත් අවශ්යි අවස්ථාවලදී මතකයට නගා ගැනීමත් සදහා හිපෝකැම්පසය උදව් වෙයි. පිටියුටරියපිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝන ශරීරයේ වර්ධනයට බලපායි. උස් මිටි බව තීරණය වීමටත් අස්ථි සහ පේශි වර්ධනය වීමටත් බලපායි.මෙම ලිපිය හෝ ලිපි කොටස වේල්ස්හි සාහිත්‍යය සහ 2009 සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)මුලින්ම මුද්‍රණය කරන ලද වේල්ස ග්‍රන්ථය[සංස්කරණය]1546 ද
ී වේල්සයේ මුද්‍රණයවූ ප්‍රථම ග්‍රන්ථය ප්‍රකාශයට පත් විය. එය ලියන ලද්දේ බ්‍රෙකෝන් හි සර් ජෝන් ප්‍රයිස් විසිනි. ජෝන් ප්‍රයිස් වංශවතෙකු වූ අතර වැදගත් සිවිල් සේවකයෙකු ද විය. ඔහු වේල්ස කවුන්සිලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු එම ප්‍රදේශයේ ආගමික ස්ථානවල විසිරවා හැසිරීම පරිපාලනයට වගකිව යුතු නිලධාරීන්ගෙන් අයෙක් ද විය. උපාධිධරයෙක්ද වන මොහු ආගමට හා ඉගෙනීමට, ප්‍රතිසංවිධානය හා මානව වාදයට සම්බන්ධ නවතම අදහස් ඉදිරිපත් කරන ලදී . තවද ඔහු වේල්සයේ ඉතිහාසය හා සාහිත්‍යය ඇතුළත් විවිධ වස්තු පිළිබඳ ලේඛන එකතු කරන්නෙකු ද විය.http://en.wikipedia.org/wiki/Welsh_literature#The_first_printed_Welsh_bookමෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.මෙම ලිපිය common table salt පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලුණු (බහුරුත්හරණය) බලන්න.කරදිය වාෂ්පීකරණය කොට ලුණු ලබාගැනීම (චීනය)ලුණු යනු ප්‍රධාන වශයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වුණු ඛනිජයකි. සත්වයන්ට ජීවත් වීම සඳහා ලුණු කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය නමුදු වැඩිපුර ශරීරගතවීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකිය. මූලික රසවලින් එකක
් වන ලුණු ආහාර රසකාරකයක් ලෙස ලොව පුරාම භාවිතා කෙරෙයි. ලුණු දැමීම ආහාර කල් තබාගැනීමේ එක් ක්‍රමයකි. මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන ලුණු අපිරිසිදු ලුණු (උදා: මුහුදු ලුණු), පිරිසිදු ලුණු (මේස ලුණු) සහ අයඩීන් මිශ්‍රිත ලුණු වශයෙන් කිහිප ආකාරයකින් පවතියි. මුහුදු ජලයෙන් හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ලා රෝස හෝ ලා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි. ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටක වන ක්ලෝරයිඩ් සහ සෝඩියම් අයන සියලුම ජීවීන්ට තම පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙයි. ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ලුණු දායක වෙයි. නමුත් අධික ලෙස ලුණු භාවිතය අධි රුධිර පීඩනය වැනි භයානක රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. මේ නිසා ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීමට සීමා සෞඛ්‍ය බලධරයන් මගින් පනවා ඇත.[1][2][3][4][5]ඉතිහාසය[සංස්කරණය]මූලික ලිපිය: ලුණුවල ඉතිහාසයලුණු ජලයේ දියකිරීමTable salt (NaCl) crystalමිනිසා විසින් අතීතයේ සිටම ආහාර කල් තබාගැනීම සඳහා බඳුන්වල ඇසිරීම, කෘත්‍රිම ශිතකරණය වැනි විවිධ ක්‍රම භාවිතා කර ඇතත්, විශේෂයෙන්ම මස් වර්ග කල් තබාගැ
නීම සඳහා වසර දහස් ගණනකට පෙර සිට භාවිතා කළ උපක්‍රමයක් වූ ලුණු දැමීම මේ අතරින් වඩාත්ම ජනප්‍රිය එකක් විය. [6] ඉතා ඈත අතීතයේ දී ලුණු කර්මාන්තය සිදු කළ බවට සාක්ෂි රුමේනියාවේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වී ඇත. ක්‍රිස්තු පූර්ව 6050 දී පමණ නියෝලිතික යුගයේ පැවති කුකුතෙනි ශිෂ්ටාචාරයේ මිනිසුන් ලුණු මිශ්‍රිත උල්පත් ජලය උණු කර ලුණු ලබාගත් බවට ද සාක්ෂි ලැබී තිබේ. [7] මෙම ලුණු කර්මාන්තය එම සමාජයේ මේ කාලයේ දී ඇති වූ ශීඝ්‍ර දියුණුවට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. [8] ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ චීනයේ ෂැංසි ප්‍රදේශවාසීන් ජලාශ මතුපිට වූ ලුණු ලබාගත් බව ලුණු කර්මාන්තය පිළිබඳ ව ඇති ආදීතම සත්‍යාපනය කරන ලද තොරතුරකි. [9]ක්‍රිස්තු පූර්ව 3000 දි පමණ ලුණු, ලුණුවල දැමූ පක්ෂීන් සහ මාළු, පුරාතණ ඊජිප්තුවේ සොහොන් බලි සඳහා යොදාගෙන ඇත. [9] ක්‍රිස්තු පූර්ව 2800 දී පමණ සිට ඊජිප්තුවරු ලෙබනන දේවදාරු, වීදුරු සහ සායම් වර්ග ලබාගැනීම පිණිස ලුණු ෆීනිසියානුවන්ට වෙළෙඳාම් කර ඇත. ෆීනිසියානුවන් මෙම ලුණු සහ ලුණු දමන ලද මාළු මධ්‍යධරණී මුහුදු මාර්ග ඔස්සේ උතුරු අප්‍රිකානු රටවලට වෙළෙඳාම සඳහා ප්‍රවාහනය කර ඇත. [9]සහරා කාන්තාරය ඔස්සේ තවලම්
ලෙස ලුණු ප්‍රවාහනය කරන ලදී. 1960 දී තවලම් මගින් ටොන් 15,000 පමණ ලුණු තොග ළෙදාම සදහා ගෙනගියේය.[10]යුරෝපයේ හෝල්සැට් කගරයට එම නම ලැබුනේ ක්‍රිස්තු පූර්ව 800-400 අතරකාලයේ දී පමණ පැවති ලුණු ආකර නිසායපළමු ශතවර්ශය වනවිට මෙම ප්‍රදේශ ලුණු ආකර නිසා පොහොසත්ව පැවතින.[6]රෝම ශිෂ්ටාචාරයේ ලුණු භාවිතය පිළිබද ද පුරාවිද්‍යාක්මක සාක්ෂි දැකගත හැක.රෝම ජාතිකයන් ලුණු දැමූ එළවළු ආහාරයට ගත් බවට සාධක ඇත.[9]:64මහත්මා ගාන්ධිතුමන් 100,000 පමණ වූ ඉන්දියානු ජනයා සමග එවක පැවති ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව අරගලයක යෙදුවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පැනවූ අසාදාරණ ලුණු බද්ධට විරුද්ධවය.ලුණු ප්‍රභේද[සංස්කරණය]අශුද්ධ ලුණු[සංස්කරණය]විවිධ ස්වභාවික ලුණු වර්ගයන්හි විවිධ ඛණිජ ද්‍රව්‍ය අඩංගුය,එහෙත් මේවා එකම රසක් ගෙනදේ.එනම් ලුණු රසයයි. ස්වශාවික මුහුදු ජලය ඇසුරෙන් ලබාගන්නා ලුණු කුමන ප්‍රදේශයකින් ලබාගත්තද එකම ලුණු රස ගෙනදෙයි.සාම්ප්‍රධායික කොරියානු මුළුතැන්ගෙයි භාවිත කරන ලුණු බම්බු ලුණු ලෙස හදුන්වයි.මෙම බම්බු ලුණු කොරියානුවන් විසින් සාදාගන්නේ මෙසේය.මැටියෙන් දෙපස ආවරණය කළ බම්බුවක ලුණු බහා තැපීම මෙහිදී සිදුකරයි.උණ බම්බුවක් වැනි බම්බ
ුවක් ගෙන එයට ලුණු දමා දෙපස මැටියෙන් ආවරණය කිරීම මෙහිදී සිදුවේ.එමගින් ලුණු වල අහිතකර රසායන දුන්‍ය ඉවත් නර පිරිසිදු ලුණු ලබාගතහැකිබව ඔවුන් විශ්වාස කරති.[11]පරිසිදු නොකළ ලුණු තුල මැග්නීසියම් හා කැල්සියම් අන්තර්ගත බැවින් තරමක තිත්ත රසක් ඇත.මෙම අශුද්ධ ලුණු ආහාර සදහා භාවිතා කිරීම ඉතා අවමය.බොහෝ විට මෙම පිරිපහදු නොකළ ලුණු විද්‍යාත්මක පර්යේෂණ සදහා යොදාගනී.එසේම මෙම ලුණු වල අවශ්‍ය තරම් අයඩින් මිශ්‍ර නැත එබැවින් ආහාර සදහා එතරම් සුදුසු නැත.අයඩින් ඌනතාවයට විසදුමක් ලෙස පිරිපහදු නොකළ ලුණු භාවිතය පලක් නැත .[12]අශුද්ධ ලුණු ඇතැම් රසායනික දුව්‍ය නිපදවීමට සුවද විලවුන් නිපදවීමට සබන් වර්ග නිපදවීමට ඇතැම් ඖෂධ වර්ග නිපදවීමටද යොදාගනී.ශුද්ධ ලුණු[සංස්කරණය]බොලිවියාවෙහි ලුණු ගොඩැලි.ආහාර රසවත් කිරීමට හා ඇතැම් කාර්මික නිෂ්පාදනයන් සඳහා ශුද්ධ ලුණු හෙවත් පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනෙයි[13]) ලොව වටා ලුණු නිෂ්පාදනයෙන් 17.5% of ආහාර නිෂ්පාදනයට යොදාගනී.[14] ලුණු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් කාර්මික නිෂ්පාදනයන් සදහා යොදා ගැනීම නිසා ල්‍රණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ආර්ථික වාටිනාකමින් ඉහළ වෙළද භාණ්ඩයක් ලෙස සැළකිය
හැකිය. උදාහරණ ලෙස පල්ප කඩදාසි ඩයි වර්ග සෑදීමට අත්වැසුම් නිෂ්පාදනයේ දී හා සබන් නිෂ්පදනයේ දී ලුණු රසායනික අමුදුව්‍යයක් ලෙස හා උත්තේජකයක් ලෙස යොදාගනී.ලුණු නිෂ්පාදනය යනු ඉතා පැරණි රසායනික කර්මාන්තයකි.[15] ලුණු නිෂ්පාදනය කරන්නේ මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ජලය ඉවත්කර ඉතිරිවන සෝඩියම් ක්ලෝරයිඩ් නිස්සාරනය කරගැනීමෙනි,;[16] අභ්‍යන්තර විල් හෝ මුහුදු කාලයක් තිස්සේ වාෂ්පීකරණයට ලක්වීමෙන් ගොඩබිම ඇතිවන ලුණු කඳු නිර්මානයවේ.[17]පිරිසිදු ලුණු තුලද ස්වල්ප වශයෙන් මැග්නීසියම් හා කැල්සියම් යන මූලදුව්‍ය අඩංගුවේ.[18] වැඩිදුරටත් සිදුකරන වාෂ්පීකරන අවධිවලදී පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් පමණක් ලබාගැනීමේ හැකියාවද පවතී.ලුණු ස්ඵටික.අසුරුම්කල ලුණුමේස ලුණු[සංස්කරණය]මේස ලුණු යනු පිරිසිදුකරන ලද ලුණුය.මෙම මේස දුණු තුල 97% ත් 99% අතර ප්‍රමාණයක සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු අඩංගුය.[19][20][21][22] මෙම ලුණු ආහාර රසවත් කිරීම සදහා යොදාගනී.මෙම මේස ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.එමගින් මිනිස් සිරුරට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබාගත ඇකිය.කෙසේ වෙතත් අයඩින් මිශ්‍ර ලුණු හිරු එළියට නිරාවරණයවීමෙන් අයඩින් විනාශවේ.අයඩින් සහිත මෙස ලුණ
ු පිෂ්ඨය හා එක්වූවිට දම්පැහැයට හැරේ.මෙමගින් ලුණුවල අට අයඩින් මිශ්‍රකර ඇද්ද යන්නවග සොයාබැලිය හැක.අයඩින් ඌනතාවය නිසා ගලගණ්ඩය වැනි රෝග සෑදේ.කුළුබඩුවක් ලෙස[සංස්කරණය]බොහෝ ආසියානු සංස්කෘතීන්වල කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කරගැනීමට ලුණු භාවිතා කරයි.[23] ලෝකයේ බොහෝ රටවල් වලද විවිධ ආහාර වර්ග නිපදවීමේදී ආහාරවල රසය වැඩිකරගැනීමට ලුණු භාවිත කරයි තවද අයඩින් ඌනතාවය අවමකිරීම සදහා ආහාරයට ගන්නා ලුණු වලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.සෞඛ්‍යමය බලපෑම්[සංස්කරණය]ලුණු ලේවායක්.සෝඩියම් හා ක්ලෝරයිඩ් යනු මිනිස් සිරුරට අත්‍යවශ ඛනිඩයකි.ලුණු ආහාරයට ගැනීම මගින් සෝඩියම් හා ක්ලෝරයිඩ් මෙන්ම පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් වැනි ඛනිජයන්ද සුළු වශයෙන් සිරුරට ලැබේ.අයඩින් මිශ්‍ර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලැබේ.ලුණු අධිකව ආහාරයට ගැනීම විවිධ රෝගාබාධ ඇතිවීමට හේතුවේ.[24]:හෘදය රෝග ඇතිවීම.අධි රුධිර පීඩනය[25]වකුගඩු ආබාධ.[26]පිළිකාඅම්ලපිත්තය.[27]ඔස්ට්‍රිෙයෝපොරෝසීස්.[28] [29]උදරීය පිළිකා"[30]මරණය[31] [32]මේ ආකාරයට අධිකව ලුණු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතාමත් අහිතකරය."[33] [34]ඇතැම් ආදිවාසී ජන කොටස්
ලුණු ආහාරයට එක්කර ගන්නේ නැත.උදාහරණ ලෙස දකුණු ඇමරිකාවේ යනොමාමෝවරු දැක්විය හැක.[35][36]ප්‍රමිතිගත ආදානය[සංස්කරණය]Sea salt and peppercorns.A salt mill for sea salt.එක්සත් රාජධානියේ පොෂණය සදහා විද්‍යාත්මක උපදෙස් සපයන කමිටුවක් වන (SACN) ආයතනය විසින් වැඩිහිටියකුගේ දෛනික ආහාරය තුල අඩංගුවියයුතු ලුණු ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ දෛනික ආහාර වේලක අඩංගු විය යුත්තේ ලුණු ග්රෑම් 4ක් පමණක් බවයි.[37] අධිකව ලුණු ආහාරයට ගැනීම නොයෙක් රෝගිබාධ ඇතිවීමට හේතුවේ.ලේබල්ගත කිරීම[සංස්කරණය]එක්සත් ජනපදයේ Food Standards Agency ආයතනය මගින් ආහාරයක පවතින ලුණු ප්‍රමාණය අනුව ඒ ඒ ආහාරවලට අදාල වර්ණ කේත ක්‍රමයක් හඳුන්වා දුන්හ.ඒ අනුව යම් ආහාර ග්රෑම් 100 ක ලුණු ග්රෑම් 1.5 වඩා වඩියෙන් අඩංගුවේනම් එම ආහාරය අධික ලුණු අඩංගු ආහාරයක් ලෙස වර්ගීකරණය කරයි.යම් ආහාරය ග්රෑම් 100 අඩංගු ලුණු ප්‍රමාණය ග්රෑම් 1.5 සිට 0.3 දක්වා නම් එය මධ්‍යන අගයක් ලෙස සැළකෛ්.මෙම ප්‍රමිතගත කිරීම් අනුව ලුණු අධික ආහාර රතු පැහැ වර්ණ කේතයක් මගින් පෙන්වයි.මධ්‍යම ප්‍රමාණයේ ලුණු අඩංගු ආහාරයක් නම් කහ පැහැයෙන්ද ලුණු අඩු ආහාරයක් නම් කොළ පැහැයෙන්ද කේතනය කරයි.[38]රතු
පැහැයෙන් කේතනය කර ඇති ආහාර ශරීරයට හිතකර නොවන අතර කහ සහ කොළ පැහැයෙන් කේතනය කර ඇති ආහාර පරිභෝජනයට යොදාගැනීම වඩා සුදුසුය.ව්‍යාපාර[සංස්කරණය]In 2004, Britain's Food Standards Agency started a public health campaign called "Salt - Watch it", which recommends no more than 6g of salt per day; it features a character called Sid the Slug and was criticised by the Salt Manufacturers Association (SMA).[39] The Advertising Standards Authority did not uphold the SMA complaint in its adjudication.[40] In March 2007, the FSA launched the third phase of their campaign with the slogan "Salt. Is your food full of it?" fronted by comedienne Jenny Eclair.[41]The University of Tasmania's Menzies Research Institute maintains a website[42] to educate people about the problems of a salt-laden diet.Consensus Action on Salt and Health (CASH)[43] established in 1996, actively campaigns to raise awareness of the harmful health effects of salt. The 2008 focus includes raising awareness of high levels of salt h
idden in sweet foods and marketed towards children.[44]Taxation of sodium has been proposed as a method of decreasing sodium intake and thereby improving health in countries like the United States where typical salt consumption is high.[45][46]The Salt Institute, a salt industry body, is active in promoting the use of salt,[47] and questioning or opposing restrictions on salt intake.[48]ආකලනය[සංස්කරණය]මේවාත් බලන්න: Iodised saltIodized salt (BrE: iodised salt) is table salt mixed with a minute amount of potassium iodide, sodium iodide, or sodium iodate. Iodized salt is used to help reduce the incidence of iodine deficiency in humans. Iodine deficiency commonly leads to thyroid gland problems, specifically endemic goiter, a disease characterized by a swelling of the thyroid gland, usually resulting in a bulbous protrusion on the neck. While only tiny quantities of iodine are required in the diet to prevent goiter, the United States Food and Drug Administration recommends (21 CFR 10
1.9 (c)(8)(iv)) 150 micrograms of iodine per day for both men and women. Iodized table salt has significantly reduced disorders of iodine deficiency in countries where it is used.[49] Iodine is important to prevent the insufficient production of thyroid hormones (hypothyroidism), which can cause goitre, cretinism in children, and myxedema in adults.Table salt is mainly employed in cooking and as a table condiment. The amount of iodine and the specific iodine compound added to salt varies from country to country. In the United States, iodized salt contains 46-77 ppm, while in the UK the iodine content of iodized salt is recommended to be 10–22 ppm.[50] Today, iodized salt is more common in the United States, ඕස්ට්‍රේලියාව and නවසීලන්තය than in the United Kingdom.In some European countries where drinking water fluoridation is not practiced, fluorinated table salt is available. In France, 35% of sold table salt contains either sodium fluoride or potassium fluoride.[තහවුරු කර නොමැත] Anot
her additive, especially important for pregnant women, is folic acid (Vitamin B9), which gives the table salt a yellow color.In Canada, at least one brand (Windsor salt) contains invert sugar.[තහවුරු කර නොමැත]Sodium ferrocyanide, also known as yellow prussiate of soda, is sometimes added to salt as an anti-caking agent. The additive is considered safe for human consumption.[51][52]ආදේශක[සංස්කරණය]මූලික ලිපිය: Salt substituteSalt intake can be reduced by simply reducing the quantity of salty foods in a diet, without recourse to salt substitutes. Salt substitutes have a taste similar to table salt and contain mostly potassium chloride, which will increase potassium intake. Excess potassium intake can cause hyperkalemia. Various diseases and medications may decrease the body's excretion of potassium, thereby increasing the risk of hyperkalemia. Those who have kidney failure, heart failure or diabetes should seek medical advice before using a salt substitute. One manufacturer, LoSalt,
has issued an advisory statement[53] that those taking the following prescription drugs should not use a salt substitute: amiloride, triamterene, Dytac, spironolactone (Aldactone), and eplerenone (Inspra).ලුණු අඩු ආහාර[සංස්කරණය]මූලික ලිපිය: Low sodium dietවර්තමානයේ අධික ලුණු පරිභෝජනය නිසා ඇතිවන රෝග තත්වයන් හේතුවෙන් ලුණු අඩුවෙන් යොදා සකක් කරගන්නා ආහාර පරිභෝජනයට පුද්ගලයන් යොමුකිරීම සෞඛ්‍ය අංශ මගින් සිදුකරයි. නිෂ්පාදනය[සංස්කරණය]ලෝකයේ ලුණු නිෂ්පාදනය (2005)ගෝලීය වශයෙන් ලුණු නිෂ්පාදනය අතින් 2002 වසරේදී ඉහලින්ම සිටියේ ඇමරික එක්සත් ජනපදයයි.මීට අමතරව චීනය ජර්මනිය ඉන්දියාව හා කැනඩාව යන රටවල්ද ගෝලීය ලුණු නිෂ්පාදනයේ ඉහලින්ම පිහිටි රටවල්ය..[54] 2007 වසර වනවිට ලෝකයේ විශාලතම ලුණු නිෂ්පාදකයා ලෙස චීනය ඉදිරියට ආවේයආහාර නොවන භාවිතයන්[සංස්කරණය]මූලික ලිපිය: Sodium chlorideආහාර රසවත් කිරීම අමතරව විවිධ කාර්මික නිෂ්පාදන සදහා අමු ද්‍රව්‍යයක් ලෙස ලුණු යොදාගනීආගමික මත[සංස්කරණය]In the Hebrew Bible, thirty-five verses mention salt,[55] the earliest being the story of Lot's wife, who was turned into
a pillar of salt when she looked back at the cities of Sodom and Gomorrah (Genesis 19:26) as the 'Lord' destroyed them. When King Abimelech destroyed the city of Shechem, he is said to have "sown salt on it," probably as a curse on anyone who would re-inhabit it. (Judges 9:45)In the Christian New Testament, six verses mention salt. In the Sermon on the Mount, Jesus referred to his followers as the "salt of the earth". The apostle Paul also encouraged Christians to "let your conversation be always full of grace, seasoned with salt" (Colossians 4:6).In one of the Hadith recorded in Sunan Ibn Majah, Prophet Muhammad is reported to have said that: "Salt is the master of your food. God sent down four blessings from the sky - fire, water, iron and salt"Salt is mandatory in the rite of the Tridentine Mass.[56] Salt is used in the third item (which includes an Exorcism) of the Celtic Consecration (cf. Gallican rite) that is employed in the consecration of a church. Salt may be added to the
water "where it is customary" in the Roman Catholic rite of Holy water.Salt is considered to be a very auspicious substance in Hindu mythology, and is used in particular religious ceremonies like housewarmings and weddings.In Judaism, it is recommended to have either a salty bread or to add salt to the bread if this bread is unsalted when doing Kidush for Shabat. It is customary to spread some salt over the bread or to dip the bread in a little salt when passing the bread around the table after the Kidush.[57] To preserve the covenant between their people and God, Jews dip the Sabbath bread in salt.[58]In Wicca, salt is symbolic of the element Earth. It is also believed to clense an area of and harmful or negative energies.In the native Japanese religion Shinto, salt is used for ritual purification of locations and people, such as in sumo wrestling.In Aztec mythology, Huixtocihuatl was a fertility goddess who presided over salt and salt water.The ancient Egyptians, Greeks and Ro
mans invoked their gods with offerings of salt and water. Some think this to be the origin of Holy Water in the Christian faith.[58]මේවාත් බලන්න[සංස්කරණය]සටහන්[සංස්කරණය]↑ "American Heart Association 2010 Dietary Guidelines" (PDF). 2010 Dietary Guidelines. American Heart Association. 23 January 2009. සම්ප්‍රවේශය 16 May 2010.↑ "Nutrient Reference Values for ඕස්ට්‍රේලියා and New Zealand - Sodium". Nutrient Reference Values for ඕස්ට්‍රේලියා and New Zealand. ඕස්ට්‍රේලියානු Government National Health and Medical Research Council/ New Zealand Ministry of Health. සම්ප්‍රවේශය 16 May 2010.↑ "Dietary Guidelines focus on sodium intake, sugary drinks, dairy alternatives". Food Navigator-usa.com. Decision News Media. 27 April 2010. සම්ප්‍රවේශය 16 May 2010.↑ "Sodium Chloride". Eat Well, Be Well. UK Government Food Standards Agency. සම්ප්‍රවේශය 16 May 2010.↑ "Health Canada, Healthy Living, Sodium". Healthy Living. Health Canada. 2008. සම්ප්‍රවේශය 16 May 2010.↑ 6.0 6.1 සැකිල්ල:Harvcoln
b↑ Antiquity.ac.uk Antiquity, Vol 79 No 306 December 2005 The earliest salt production in the world: an early Neolithic exploitation in Poiana Slatinei-Lunca, Romania Olivier Weller & Gheorghe Dumitroaia↑ (ප්‍රංශ) Arhives-ouvertes.fr ArchæDyn – Dijon, 23-25 june 2008 Dynamics settlement pattern, production and trades from Neolithic to Middle Ages↑ 9.0 9.1 9.2 9.3 සැකිල්ල:Harvcolnb↑ Onbekende Wereld by Wim Offeciers (based on Douchan Gersi's travels)↑ Shahidi, Fereidoon; John Shi; Ho, Chi-Tang (2005). Asian functional foods. Boca Raton: CRC Press. p. 575. ISBN 0-8247-5855-2.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)↑ References on food salt & health issues සංරක්ෂණය කළ පිටපත 2010-09-19 at the Wayback Machine. Salt Institute.↑ European Salt Producers' Association http://www.eu-salt.com/index3.htm↑ Roskill Information Services http://www.roskill.com/reports/salt සංරක්ෂණය කළ පිටපත 2003-06-18 at the Wayback Machine↑ Salt made the world go round↑ Nauti
cus - Weather Curriculum, http://nauticus.org/currwthrless043.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31 ↑ UK Salt Manufacturers' Association http://www.saltsense.co.uk/aboutsalt-what01.htm සංරක්ෂණය කළ පිටපත 2009-02-23 at the Wayback Machine↑ The Salt Manufacturers Association ::: saltsense, salt history, salt manufacture, salt uses, sodium. Key information on salt from the Salt Industry, http://www.saltsense.co.uk/aboutsalt-prod02.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31 ↑ Nutritional analysis provided with Tesco Table Salt, from Tesco Stores Ltd (UK) states 38.9% sodium by weight which equals 98.9% sodium chloride↑ Calculating the listed 590mg of Sodium in a 1.5g serving size (of Smart & Final iodized salt), it is clear that it is not 99% sodium chloride since pure NaCl should contain about 870mg of Sodium↑ Table↑ The international Codex Alimentarius Standard for Food Grade Salt↑ The Seattle Times: Pacific Northwest Magazine↑ BBC News, http://news.bbc.co.uk/2/hi/health/medical_notes/39320