text
stringlengths
0
1k
Gaia (2013–present)TESS (2018–present)CHEOPS (2019–present)Hayabusa2 (2021–present)James Webb Space Telescope (2021–present)PlannedPLATO (2026)ARIEL (2028)Nancy Grace Roman Space Telescope (mid-2020s)ProposedEXCEDEHabExLIFELUVOIRNautilus Deep Space ObservatoryNew Worlds MissionOSTPEGASECancelledDarwinEChOEddingtonSpace Interferometry MissionTerrestrial Planet FinderRelatedDetection methodsDiscoveries of exoplanetsLists of exoplanetsnearest ප්‍රවර්ගය කොමන්ස්ද්වාර: ජීව විද්‍යාව තාරකා විද්‍යාව තාරකා අභ්‍යවකාශ පියසැරි අභ්‍යවකාශය සෞරග්‍රහ මණ්ඩලය නවීන විද්‍යාවඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesLatviaCzech Republicවෙනත්IdRef80 සිනමාව[සංස්කරණය]ගුණසිරි සිල්වා ගේ ප‍්‍රථම සිනමා සාහිත්‍ය කාර්යය වන්නේ ’80 සිනමාව‘ යි. එය ප‍්‍රකාශයට පක් කෙරුණේ වර්ෂ 1981 දීය. පාදක වූයේ වර්ෂ 1980 දී මුල් වරට ප‍්‍රදර්ශිත විවාදාත්මක සංවාදාත්මක ලාංකික චිත‍්‍රපට කිහිපයක් අරභයා ලියූ විචාරාත්මක ලිපි කිහිපයකි. ගුණසිරි ’80 සිනමාව‘ ප‍්‍රකාශයට පත් ක
රන්නේ දැවැන්ත අරගලයකින් අනතුරුවය. සැබැවින්ම ඔහු අදත් සිනමා විචාරය හා සිනමා සාහිත්‍ය විෂයයෙහි අනවරත අරගලයක නිරතව සිටී. ’80 සිනමාව‘ ත් ඒ දක්වා කළ කී දැන් දැන් ඔහු සිහිපත් කරයි. මේ අරගලකාරී අතීතය වරෙක ආස්වාදජනකය. තවත් වරෙක ඉන් උපදින්නේ සංවේගයකි. ඒ මේ වන තුරුද ගුණසිරි අපේක්ෂා කළ පොදුවේ අප ද අපේක්ෂා කරන හරවත් සිනමා සංස්කෘතියක් ප‍්‍රශස්තව ගොඩනැගී නොමැති හෙයිනි. එසේත් නැතහොත් හරවත් සිනමා සංස්කෘතියක් වෙනුවෙන් ඇතැම් සිනමාකරුවන් දරන ප‍්‍රයත්න යට ගැසීමේ නොතකා හැරීමේ හා බැහැර කිරීමේ විවිධාකාර ව්‍යාපෘති කි‍්‍රයාත්මක ව පවතින හෙයිනි.මගේ මතකය දිවයන්නේ 1970 දශකයටයි. සිනමාව කෙරෙහි මා තුළ වූයේ සුවිශාල උනන්දුවක් දිගින් දිගටම චිත‍්‍රපට නැරඹීම මගේ පුරුද්දක් වුණා. ඒ අවදියේ චිත‍්‍රපට නැරඹීමට අවකාශ සැලසුණේ සිනමා ශාලා වෙතින් පමණයි. දේශීය- විදේශීය විශිෂ්ට – සංවාදාත්මක චිත‍්‍රපට මගේ සිනමා උනන්දුව පෝෂණය කළා. සිනමා සංවිධාන - සිනමා ප‍්‍රකාශන ආදිය නිරතුරුවම පරිශීලනය කරන්නට ලැබුණු ඉඩකඩ ද මට මහත් පිටිවහලක් වූ බව කිව යුතුයි.සකුරා[සංස්කරණය]මා සතුව තඹ සතයක්වත් මුදල් තිබුණේ නැහැ. තිබුණේ උනන්දුව හා කැපවීම පමණයි. අදටත්
මා කිසිදු කාර්යයක් මුදල් මුල්කොට ගෙන ආරම්භ කරන්නේ නැහැ. මේ මගේ ජීවිත ස්වභාවයක්. මේ වන විට 1960 දශකය තුළදී උද්දීපනය වූ සිනමා නාට්‍ය - සාහිත්‍ය ප‍්‍රබෝධය මදක් ක්ෂය වී තිබුණා. කෙසේ වෙතත් දුර්මුඛ නොවූ මා ‘සකුරා’ මැයෙන් සිනමා සඟාවක් වර්ෂ 1976 ජූනි මසදී ප‍්‍රකාශයට පත් කරන්නට සමත් වුණා. විජය ධර්ම ශී‍්‍ර අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත‍්‍රපටය සිනමා ශාලා කරා පැමිණියේ මේ අවදියේදී යි. ‘දුහුළු මලක්’ ලාංකික සිනමාව විෂයයෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු චිත‍්‍රපටයක්. මා අදහස් කළා. ‘දුහුළු මලක්’ සඳහා වැඩි ඉඩක් ලබාදෙන්නට. ඒ අනුව අධ්‍යක්ෂ විජය ධර්ම ශී‍්‍ර සම්මුඛ සාකච්ඡාවකින් ‘සකුරා’ ට සම්බන්ධ කර ගත්තා. එසේම වසන්ත ඔබේසේතර හා සුගතපාල ද සිල්වා ද සම්මුඛ සාකච්ඡා හරහා ‘සකුරා’ කරා කැඳවාගෙන එන්නට මා සමත් වුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයක් සොයා ගත්තේත් මගේම පරිශ‍්‍රමයෙන්.මට සහය වූ මිතුරන් තිදෙනෙකු සිටියා. ඒ ජී. එල්. ආරියපාල, ටී. එන්. නිහිෂාත් හා රනිල් ඇල්විටිගල යි.’සකුරා’ දෙවැනි කලාපය මුද්‍රණයට මා ද සම්බන්ධ වුණා. ධර්මප‍්‍රිය ලොකුහේවාට අයත් ඊයම් අකුරු අමුණා පිටු සකස් කළේ මා විසින්ම යි.’සකුරා’ කලාප තුනක් ප‍්‍රකාශයට පත්
කරන්නට මා සමත් වුණා. සඟා තුනම මුද්‍රණය කළේ වැලිකඩ සුසිත මුද්‍රණාලයේයි. ආර්ථික දුෂ්කරතා මාව පීඩාවට පත් කළා. ‘සකුරා’ නතර කර දමන්නට යි මට සිදුවුණේ.වසර කිහිපයකට පසුව මගේ හිතවතෙකු වන කෝසල තිලකරත්න ‘සකුරා’ යළි ආරම්භ කරන්නැයි මට යෝජනා කළා. ඔහු ඒ වන විට මරදාන ග්ලෝබ් ප‍්‍රින්ටර්ස් හි කළමනාකරුයි. ඔහුගේ යෝජනාව මා පිළිගත්තා. විශේෂ ආර්ථික ගැටලු නොමැති වීම නිසා හිතේ හැටියට කටයුතු කරන්නට මට ඉඩකඩ ලැබුණා.’සකුරා’ දෙවන අවදියේ දෙවන සඟාව ඉතාම වැදගත්. ඒ පසුකාලීනව කැපී පෙනුණු තිදෙනෙකුගේ ආගමනය නිසාවෙනුයි. ඉන් එක් අයකු වන්නේ සුනිල් මිහිඳුකුලයි. ඔහු සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් ‘සකුරා’ ට ලිපියක් තැපෑලෙන් එවා තිබුණා. කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු ද ‘සකුරා’ ට එක් වන්නේ ඊට සමගාමීවයි. ප‍්‍රසන්න විතානගේ මේ වන විට පාසල් ශිෂ්‍යයෙක්. ප‍්‍රසන්න ‘සකුරා’ ට යොමු කළේ කාල් ඩෙ‍්‍රයර් ගේ සිනමා භාවිතය අළලා සැකසුණු ලිපියකුයි. ඔහු පාසල නිමවී කෙලින්ම ‘ග්ලෝබ්’ මුද්‍රණාලයටයි. සුනිල් මිහිඳුකුලත්, කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දුත්, ප‍්‍රසන්නත් මාත් නිතර ‘ග්ලෝබ්’ හි රංචු ගැසී සිනමාව හා වෙනත් කලා මාධ්‍යයක් ගැන කළ සාකච්ඡා අතිශයින්ම අ
ර්ථවත්.ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ’බඹරු ඇවිත්’ ප‍්‍රදර්ශනයට එක් වුණේ මේ සමයේදීයි. ‘බඹරු ඇවිත්’ ලාංකික සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපටයක්. අප සමත් වුණා ‘බඹරු ඇවිත්’ ගැන විචාරාත්මක සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නට. ඊට සුචරිත ගම්ලත්, සුනන්ද මහේන්ද්‍ර, එච්. ඒ. සෙනෙවිරත්න දේශකයන් වශයෙන් එක්වුණා.’සකුරා’ දෙවන අවදිය ද විවාදාත්මකයි. මා හැමවිටම උත්සාහ කළා නව මතවාද අවුළුවන සාරගර්භ ලිපි පළ කරන්නට. සුමිත‍්‍රා පීරිස් ගේ පළමුවැනි චිත‍්‍රපටය ‘ගැහැනු ළමයි’ මෙකල ප‍්‍රදර්ශය කෙරෙමින් තිබුණා. එහි තිර නාටකය රචනා කළේ කරුණසේන ජයලත්. ‘ගැහැනු ළමයි’ විචාරය කරමින් මා ජයලත් ගේ තිරනාටකය නිර්දය ලෙස විභාග කළා. ගාමිණී පොන්සේකා ගේ සිනමා භාවිතය ද අපේ නිර්දය විවේචනයට ලක්වූ බව කිව යුතුයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය ගැනත් අප විමසිලිමත් වුනා. ඔහුගේ චිත‍්‍රපටවල ආ විවිධ ඌණතා සම්බන්ධයෙන් අප ඔහුට ‘සකුරා’ හරහා විවෘත සංදේශයක් ද ඉදිරිපත් කළා.සඟා 06 කට පසුව ‘සකුරා’ දෙවන අවදියත් නිමාවුණා. අපට ව්‍යාපාරික පදනමක් තිබුණේ නැහැ. පාඨක ප‍්‍රතිචාර පමණක් සඟාව පවත්වාගෙන යන්නට ප‍්‍රමාණවත් නොවූ බව කිව යුතුයි.ඇත්ත[සංස්කරණය]මා ‘ඇත්ත’
පුවත්පතට සම්බන්ධ වන්නේ වර්ෂ 1978 දී පමණ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙනුයි. සුනිල් සී. ද සිල්වා යි මාව ‘ඇත්ත’ට යොමු කළේ. එවක ඇත්ත කර්තෘ ධුරය හෙබවූයේ බී. ඒ. සිරිවර්ධනයි. ඒ වන විට ඔහු කීර්තිමත් පුවත්පත් කලාවේදියෙක්. ප‍්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළේ නිව්ටන් සෙනෙවිරත්නයි. විශේෂාංග කර්තෘ වූයේ සිරිලාල් කොඩිකාරයි. මරණ පරීක්ෂණ වාර්තායි බොහෝවිට මට ලියන්නට සිදුවුණේ. මේවායින් මා තෘප්තිමත් වුණේ නැහැ. සිනමාව නාට්‍ය බඳු කලාංග අරභයා මා තුළ වූ ගාය විශේෂාංග කර්තෘ සිරිලාල් කොඩිකාර දුටුවා. ඔහු ආරාධනා කළා මට සිනමා විචාර ලියන්නට. මා මුලින්ම ලියුවේ ‘හිඟන කොල්ලා’ චිත‍්‍රපටය ගැන විචාරයක්.1980 වර්ෂය ලාංකික සිනමාවට ඉතාමත් ම වැදගත්. විවාදාත්මක චිත‍්‍රපට ගණනාවක්ම 1980 වර්ෂය තුළදී ප‍්‍රදර්ශනයට එක්වුණා. ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ පරාක‍්‍රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’, තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’, සුමිත‍්‍රා පීරිස් ගේ ‘ගඟ අද්දර’ එච්. ඩී. පෙ‍්‍ර්මරත්න ගේ ‘පරිත්‍යාගය’ ඉන් කැපී පෙනෙනවා. මේ චිත‍්‍රපට එකිනෙකට වෙනස්. ඒ ආකෘතිමය පක්ෂයෙන් පමණක් ම නොවෙයි. අන්තර්ගතයේ පාර්ශ්වයෙන්ද වි
ද්‍යමාන වූයේ නවමු බවක්.මේ චිත‍්‍රපට ගැන මා ‘ඇත්ත’ පුවත්පතට ලියූ විචාර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. සිනමා විචාරයේ දැවැන්තයන් ව සිටි සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, ගාමිණී හත්තොටුවේගම වැන්නන් මේ චිත‍්‍රපට සම්බන්ධයෙන් පළ කළේ සාපේක්ෂ නිහඬතාවක්. ඔවුන් 1960 දශකයේ සිනමා ප‍්‍රබෝධයේ කොටස්කරුවන් බව රහසක් නොවෙයි. ලියැවුණු ඇතැම් විචාර ද අදාල චිත‍්‍රපටවල අන්තර්ගත පාර්ශ්වයත් ආකෘතිමය විවිධත්වයත් නිසි ව විනිශ්චය නොකළ බවයි මට සිතුණේ. මේ පසුබිම මැදයි මගේ විචාර අවධානයට ලක්වූයේ. ඊට බලපෑ තවත් හේතුවක් තිබුණා. ඒ දේශපාලන දෘෂ්ටියකින් සිනමා විචාර ලියන්නට මා පෙළඹී සිටීමයි. මේ වන විට සිනමා සාහිත්‍ය තුළ ප‍්‍රකට වූයේ අවගමනයක්. මා උත්සුක වුණා සිනමා සාහිත්‍යයට යමක් එකතු කරන්නට. ඒ සඳහා මා තෝරා ගත්තේ 1980 වර්ෂය තුළදී මුල්වරට ප‍්‍රදර්ශන විවාදාත්මක චිත‍්‍රපට සම්බන්ධයෙන් මා ලියූ විචාර සමුච්චය යි.අකුරු අමුණා පිටු සකස් කිරීමේ කටයුත්ත ද සිදුවුණේ මා අතින්. ප‍්‍රවෘත්ති ලිවීම සඳහා ‘ඇත්ත’ ලබාදුන් ඩිමයි කඩදාසි මුද්‍රණ කටයුතු වෙනුවෙන් උපයෝගී කරගත්තා. මිතුරෙකුගේ මුද්‍රණාලයක සහය ද මට ලැබුණා. මිතුරන්ගේ ආධාර උපකාරත් ලැබුණු බව ක
ිව යුතුයි. ග‍්‍රන්ථය ’80 සිනමාව‘ ලෙස එළිදැක්වුණා.ලැබුණු ප‍්‍රතිචාර මා දිරිගන්වන සුළුයි. 1981 මාර්තු 11 දා ‘ඇත්ත’ ට ජේ. උයන්ගොඩ දැක්වූ අදහස් ඉතාම වැදගත්. ගුණසිරි සිල්වා කලා විචාරයට අලුතින් පිවිසෙන තරුණ පරපුරට අයත් වූවකු නිසාම තමාට පෙර පරම්පරාවල සිටින කලා විචාරකයන් සතු මානසික බන්ධන ඔහුට නැති බව ජේ. උයන්ගොඩ ඍජුවම ප‍්‍රකාශ කොට සිටියා.වාර්ෂිකව සිනමා ග‍්‍රන්ථ පළ කරන්නට මුලදී මා අදහස් කරගෙන සිටියේ නැහැ. එහෙත් විචාරක පාඨක ප‍්‍රතිචාර අඛණ්ඩව සිනමා ග‍්‍රන්ථ පළකිරීමේ කටයුත්තකට මා යොමු කළා. ඒ අනුව ඒ ඒ වර්ෂ තුළ ප‍්‍රදර්ශින සංවාදාත්මක ට්ත‍්‍රපට විවරණය කොට ලියූ විචාර ලිපි එක්කොට වර්ෂ 1991 දක්වාම මා සිනමා විචාර ග‍්‍රන්ථ ඉදිරිපත් කරනු ලැබුවා.මේ ව්‍යායාමය නිසා ලාංකික සාහිත්‍යයට කිසියම් උත්තේජනයක් ලැබුණු බවයි මං අදහස් කරන්නේ. එය මීළඟ සිනමා විචාරක පරපුරට පූර්වාදර්ශයක් වූ බවද විශේෂයෙන් කිව යුතුයි.මගේම පිටස්තරයා[සංස්කරණය]දිගින් දිගටම සිනමාව හා බැඳුණ ග‍්‍රන්ථකරණයෙහි නිරතව සිටිය ද මා වඩාත්ම ඇළුම් කරන්නේ නිර්මාණකරණයටයි. වර්ෂ 1971 පමණ සිට මා වරින් වර කෙටිකතාව, නවකතාව, වේදිකා නාට්‍යය යන ක්ෂේත‍්‍ර තුළ කි‍්‍ර
යාත්මක වුනා. විටෙක බුද්ධිය ප‍්‍රමාණවත්ව නොමැතිවීම මා මුහුණ දෙන ගැටලුවක්. කෙසේ වෙතත් වසර තිහකට පමණ පෙරාතුව ලියූ නවකතාවක් යළිත් සකස් කොට කරන්නටයි මා උත්සාහ කරමින් සිටින්නේ. එය නම්කොට ඇත්තේ ‘මගේම පිටස්තරයා’ ලෙස පාදක වන්නේ 1970 දශකයේ පරාරෝපිත තාරුණ්‍යයයි. තරුණ වියේ පටන්ම ඡායාරූපකරණයටත්, චිත‍්‍ර ශිල්පයටත් මා තුළ දැඩි ඇල්මක් පවතිනවා. ඒවා මා තුළින් මතුවන්නටයි උත්සාහ කරමින් සිටින්නේ. මතු දවසක සෙසු සියලු කර්තව්‍යයන්ගෙන් බැහැර ව විචාරක හිස බිමින් තබා කැමරාවත්, පින්සලත් සමඟ ජීවත් වීම මගේ පරම අභිලාෂය යි. මෙම ලිපියදේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකිදේශපාලනයදේශපාලන මාතෘකා ලැයිස්තුවරට අනුව දේශපාලනයඋපබෙදුම අනුව දේශපාලනයආර්ථික ක්‍රමය අනුව දේශපාලනයඉතිහාසය අනුව දේශපාලනයලෝක ඉතිහාසය අනුව දේශපාලනයදර්ශන විද්‍යාව අනුව දේශපාලනයදේශපාලන විද්‍යාවදේශපාලන ක්‍රම කොමියුනිස්ට් වාදයනගර-රාජ්‍යයඒකාධිපතිවාදයඒකාධිපතීයවැඩවසම් ක්‍රමයරාජාණ්ඩුවපාර්ලිමේන්තුජනාධිපතිඅර්ධ-ජනාධිපතිඅන්තර්-ජාතීය සබඳතා (න්‍යාය) දේශපාලන විද්‍යාඥයන්සංසන්දනාත්මක දේශපාලනයරාජ්‍ය පරිපාලනය නිලධාරිවාදයමහමඟ-තලයේ නිලධාරිවාදයආව
ස්ථික වාදයමහජන ප්‍රතිපත්තියබල බෙදීම ව්‍යවස්ථාදායකයවිධායකයඅධිකරණයස්වෛරීත්වයදේශපාලන චර්යා පිළිබඳ න්‍යායයන්උප ලිපිමාලාවඡන්ද මැතිවරණ ක්‍රම ඡන්දය ප්‍රකාශ කිරීමසන්ධීය වාදයආණ්ඩු වර්ගමතවාදයදේශපාලන ව්‍යාපාරයක යෙදීමදේශපාලන පක්ෂදේශපාලනය ද්වාරයvteදේශපාලන සිදුවීම්, අදහස, ව්‍යාපාර හා නායකයන් පිළිබඳ විස්තර කිරීම හා විශ්ලේෂණය කිරීම දේශපාලන ඉතිහාසයට ඇතුළත් වේ. මෙය සාමාන්‍යයෙන් ජාතික රාජ්‍ය සංකල්පය වටා ව්‍යුහගත වී පවති. ඉතිහාසය පිළිබඳ අනෙකුත් ක්ෂේත‍්‍රයන් වන සමාජීය ඉතිහාසය, ආර්ථික ඉතිහාසය හා යුද ඉතිහාසය යන විෂයයන්ගෙන් මෙය වෙනස් වන නමුත්, ඒවා අතර සම සම්බන්ධතාවයක් ද පවතී.සාමාන්‍යයෙන්, දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යයනය කරන්නේ ජාතික රාජ්‍ය හා විධිමත් දේශපාලන ක‍්‍රියාවලීන්ට අදාළ සිදුවීම් ය. හෙගල්ට අනුව, දේශපාලන ඉතිහාසය යනු, ‘භෞතික අවශ්‍යතාවයන්ට එහා ගිය සදාචාරාත්මක හා ආත්මීය බලවේග සහිත රාජ්‍යයක් පිළිබඳ ව වන සංකල්පයකි. ඉතිහාසය වෙනස් කිරීමේ ප‍්‍රධාන නියෝජිතයා රාජ්‍යය වේ.’ මෙය සමාජීය ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම් සහ ජීවන විලාසයන් පිළිබඳ ව මූලිකවම අධ්‍යයනය කරන) හෝ ජනතා ඉතිහාසය (සාමාන්‍
ය ජනතාවගේ දැක්ම තුළින් ඓතිහාසික ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කර) සමග සැසඳෙයි.නිපැයුම් කර්මාන්තයේදී සම්පුර්ණ තත්ත්ව කළමනකාරයේ යෙදිම (TQM)නිපැයුම් ආයතනයක තත්ත්ව පාලන සදහා ගණිතමය මුලධර්මයක් වන සංඛ්‍යාන ක්‍රම භාවිතය මුලිකවම සිදුවේ. මෙහිදි අහඹු නියැදියක් මත අවශ්‍ය පරීක්ෂණ සිදුකර එම දත්ත විශ්ලේෂණය සිදු කරයි. මෙහිදී පාරිභෝගිකයාට එම භාණ්ඩ වැදගත්වන අයුරැ සිත්හි තබගෙන තත්ත්ව සුරැකුම් පරීෂණ නිර්මාණය කරයි. එම තත්ත්ව සුරැකුම් පරික්ෂණ වලින් ලබාගන්නා ප්‍රථිපල දෝෂ සහිත නිපැයුම් හෝ දෝෂ සිදුවිය හැකි නිපැයුම් ලෙස රව්ගකිරණය කොට එම දත්ත සංඛ්‍යාන මුලධර්ම යටතේ 'විසිරීම' (Statistical distribution ) යන ක්‍රමය මගින් විශ්ලේෂණය කරයි.ඒ අනුව "error band" වැරදි/ දෝෂ සහිත භාණ්ඩ වලගට ලැබිය හැකි තත්ත්ව පරීක්ෂණ ප්‍රතිඵල අර්ථ දක්වයි. එබදු ප්‍රතිළග ලබා දෙන නිෂ්පාදනය නැවත එසේ නොවීමට කටයුතු කිරීමද සිදු කරයි. තවදුරටත් දෝෂ අවම කිරීමට "failure band" ලෙස ගුණාත්මක බව නොමැති නිසා ප්‍රතික්ෂේප කීරිමට සිදුවන භාණ්ඩ ලබා දිය හැකි පරීක්ෂණ ප්‍රතිඵල වර්ගිකරණය කෙරේ. මෙලෙස දත්ත මත පදනම් වී ක්‍රියාවලි වල සිදුවන දෝෂ/ වැරදි/ අඩුපාඩු මග හර
වා ගැනීමට කටයුතු කරයි. මෙහිදී එලෙස ප්‍රතික්ෂේප වීමට හෝ තත්ත්ව පරික්ෂණ අසමත් වීමට හේතු කවරේදැයි සොයා බලා ඒවා ලේඛන ගත කොට තවදුරටත් එසේ නොවීමට ක්‍රියාවලි නැවත නිර්මාණය කිරීම, වැඩිදියුණු කිරීම සිදු කරයි.මේ පිළිබද කටයුතු කරන පිරිස් වලට නිෂ්පාදන/ නිමැවුම් දෝෂ/ ගැටළු සොයාගැනීමට පිරීෂණ සැලසුම් කිරීමට කලක් ගත විය. ප්‍රසිද්ධව බහුලව භාවිතා වන පරික්ෂණ ලෙස "Life Test" හැදින්විය හැක. මෙහිදී අහඹු ලෙස තෝරාගත් භාණ්ඩක් එය සමහාන්‍ය පරිදි බාවිතා කරන ආකාරයට ක්‍රියාකරවා එම භාණ්ඩ ක්‍රියා විරහිත වන අවස්ථාව හදුනා ගනී. " Shake and bake" තවත් එබදු ජනප්‍රිය පරික්ෂනයකි මෙහිදි භාණ්ඩ උදුනක්(oven) තුළ කෘත්‍රිම කම්පනයට (vibrator එකක් මගින්) ලක් කිරීම සිදු කරයි. මෙහිදි සිදුවන දෝෂ/ බිදවැටිම් ඉංජිනේරැ අයතනයකට යොමු කොට වැඩි දියුණු කිරීම සිදු වේ.ඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917ධර්මාශෝක විද්‍යාලයආදර්ශ පාඨයවිද්‍යා දදාති විනයං(සංස්කෘත ශ්ලෝකයක[1] පාඨයකි..අර්ථය: "ඉගෙනීමෙන් හික්මීම ලැබේ")පිහිටුවන ලද්දේ1913වර්ගයජාතික පාසලකිආගමික අනුබද්ධ කිරීමබෞද්ධවිද්‍යාලයාධිපතිසනූූජා ජයවික්‍ර
ම මහත්මියපිහිටීමඅම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව වර්ණනිල් සහ රීදිමය අලු        වෙබ් පිටුවhttp://www.dharmasoka.sch.lkධර්මාශෝක විද්‍යාලයීය බුදුමැදුරධර්මාශෝක විද්‍යාලය, ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති කීර්තිමත් මිශ්‍ර පාසලකි. වර්ෂ 1913 දී ආරම්භ කරන ලද මෙම පාසල සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ විවිධ ‍ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතමයින් බිහි කරමින් දකුණු ලක අධ්‍යාපන අඹරෙහි පහන් තරුව ලෙස බැබලෙයි. සිංහල, බෞද්ධ රජයේ විද්‍යාලයක් වන මෙහි ප්‍රාථමික හා ජ්‍යේෂ්ඨ වශයෙන් වෙන් වෙන් ව ආසන්නයේ පවතින අංශ ද්විත්වයක් වේ. මෙහි වර්තමානයේ සිසු සිසුවියන් 6000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය හා කාර්ය මණ්ඩලය 250 කින් පමණ සමන්විත වේ.1913 ට පෙර[සංස්කරණය]20 වන සියවස ආරම්භයේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ වෙස්ලියන් මිෂනාරී සමාගමේ අයිතිය යටතේ රන්දොඹේ පැරණි වෙස්ලියන් මීසමට අයත් ක‍තෝලික පල්ලිය ආශ්‍රිත ව පවත්වා ගෙන ‍ගිය පාසලකි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුධාවලිය ලත් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ එම පාසලෙන් ය. එම පාසල හරහා බෞද්ධාගමිකයින් අන්‍යාගමීකරණය වන බව වටහා ගැනීම නිසා ප්‍රදේ
ශයේ ප්‍රභූ පිරිසක් එක්ව 1887 ජනවාරි මස 19 දින පිහිටුවා ගත් සුගත ශාසනෝදය සමාගම මගින්, විද්‍යාලංකාර බෞද්ධ පිරිමි පාසල නමින් සිංහල පාසලක් ද, 1894 දී Buddhist English School නමින් ඉංග්‍රීසි පාසලක් ද ආරම්භ කර ඇත. එස්. තෝමස් ද සිල්වා මැතිතුමා[සංස්කරණය]වෙස්ලියන් මීසමට අයත් ඉංග්‍රීසි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසු ව ගාල්ල රිච්මන්ඩ් හා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සන්තියාගු තෝමස් ද සිල්වා මහතා වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙකි. ඔහු විවාහ වී සිටියේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිර්මාතෘවරයා වූ පානදුර ජේරමියෙස් ඩයස් මැතිඳුන්ගේ දියණියක සමග ය. එබැවින් ඔහුගේ ද සිත පාසල් අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි නැඹුරු වන්නට ඇත. ධර්මාශෝක විද්‍යාලයේ ආදි කර්තෘවරයා වන ඔහු පාසලේ උන්නතිය වෙනුවෙන් සිය පෞද්ගලික ධනය වැය කළ අතර පසු කාලයේ දී ඒ වෙනුවෙන් තම රබර් වතු විකුණූ බව ත්, හිතවතුන්ගෙන් මුදල් ණයට ගත් බව ත් සඳහන් වේ. හෙතෙම 1910 පමණ කාලයේ දී රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචියට පැමි‍ණීම ත් සමග ධර්මාශෝක විද්‍යාලය ආරම්භ වීමේ මූලික පසුබිම සකස් විය. ආරම්භය[සංස්කරණය]1913 වර්ෂයේ දී අම්බලන්ගොඩ දුම්රි
යපල අසල නිවසක සිසුන් 15 දෙනෙකුගෙන් නව ඉංග්‍රීසි පාසලක් ඇරඹීමට තෝමස් ද සිල්වා මහතා කටයුතු කළේ ය. සසුන්ගත ව සිටි එතුමාගේ සොහොයුරෙකු වූ විලේගොඩ ධීරක්ඛන්ධ හිමියන් විසින් එම පාසල ධර්මාශෝක විද්‍යාලය නමින් නම් කරන ලද බව සඳහන් වේ. ප්‍රදේශයේ ධනවතකු මෙන් ම ජනප්‍රිය ප්‍රභූවරයකු ද වූ නිසා ‍තෝමස් ද සිල්වා මහතාගේ පාසල ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ආරම්භයේ දී පිරිමි පාසලක් වූ මෙය සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා එන සිසුන් සඳහා වූවකි. සිසුන්ගෙන් පාසලට මුදල් අය කර ඇති බව සඳහන් වේ. බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා තරගකාරී ව පවත්වා ගෙන යන ලද ධර්මාශෝක විද්‍යාලයට වෙනත් පාසල්වල ඉගෙනුම ලැබූ සිසුහු ද එක් වන්නට වූහ. ඉන් අනතුරු ව, එකල ලියනගේ වලව්වට අයත් ව තිබූ සොහොන් භූමියක් ව පැවති, නව ගාලු පාර සහ විද්‍යාල මාවත අසල වර්තමානයේ පාසල පිහිටා ඇති භූමියට ධර්මාශෝක විද්‍යාලය ගෙන එන ලදී. මෙම නව පාසල රජයේ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීම ත්, ප්‍රදේශයේ තරගකාරී ව පාසල් දෙකක් පවත්වාගෙන යාමෙන් කිසිවකුට අර්ථයක් සිදු නොවන බවට පාසල් පරීක්ෂකවරයෙකු උපදෙසක් ලබා දීමත්, නව භූමිභාගයට ගෙන ආ ධර්මාශෝක විද්‍යාලයට පාසල් දෙක අතර තරගයෙන් ව
ැඩි වාසි හිමි වීමත් නිසා 1914 පෙබරවාරි මස 2 දින පාසල් දෙක ඒකාබද්ධ කොට ධර්මාශෝක විද්‍යාලය නමින් ම ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.පාසලේ පරිපාලනය[සංස්කරණය]ආරම්භයේ දී ධර්මාශෝක විද්‍යාලයේ අයිතිකරු, කළමනාකරු සහ විදුහල්පති වශයෙන් තෝමස් ද සිල්වා මහතා කටයුතු කර ඇත. බුඩිස්ටි ඉංග්ලිෂ් ස්කූල් හි ප්‍රධානාචාර්යවරයා වූ එන්. බී. වික්‍රමසූරිය මහතා ධර්මාශෝක විද්‍යාලයේ ද ප්‍රධානාචාර්යවරයා ලෙස පත් කර ඇත. නමුත් පාසලේ පරිපාලනය භාරව පැවතී ඇත්තේ විදුහල්පතිවරයා වූ තෝමස් ද සිල්වා මහතාට ය. එන්. බී. වික්‍රමසූරිය මහතාගේ නම පාසලේ විදුහල්පතිවරයකු ලෙස සඳහන් නොවන්නේ එහෙයිනි. 1917 දී වික්‍රමසූරිය මහතා පාසලෙන් ඉවත් ව යාමෙන් පසු ව තෝමස් ද සිල්වා මහතා ද විදුහල්පති ධුරයෙන් ඉවත් ව මිය යන තෙක් ම අයිතිකරු සහ කළමනාකරු ලෙස පමණක් කටයුතු කර ඇත. එම කාලයේ දී විටින් විට පත් වී ආ පුද්ගලයින් පාසලේ විදුහල්පති ධූරය දරා ඇත. (විද්‍යාලයාධිපතිවරු බලන්න)තෝමස් ද සිල්වා මහතාගේ අභාවයෙන් පසු ව පාසලේ අයිතිය අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය යටතට පත් වූ අතර පාසලේ පරිපාලනය කළමණාකරුවකු යටතේ සිදු විය. 1961 දී ධර්මාශෝක විද්‍යාලය සිය කැමැත්තෙන් ම රජයට පවර
ා දෙන තෙක් කළමනාකරුවන් 6 දෙනෙකු විසින් පාසල පාලනය කරනු ලැබ ඇත. මුල් කාලයේ කළමනාකාරවරු[සංස්කරණය]කළමනාකරුවැදගත් තොරතුරු1මුදලිඳු එස්. තෝමස් ද සිල්වා මහතා1913 සිට 1929 අප්‍රේල් 10 දින වන තුරු කළමනාකරු ලෙස කටයුතු කළේය.2ඩබ්. ජේ. ප්‍රනාන්දු මහතා3ජේ. පී. එස්. ද සිල්වා මහතාවෘත්තීයෙන් නීතී‍ඥයෙකි4ජී. සී. ටී. ඒ. ද සිල්වා මහතානීතීඥයෙකි. පසුකලෙක ලංකාවේ අධිකරණ අමාත්‍ය ධූරය හෙබවූ‍වේ ය.5පී. ද. එස්. කුලරත්න මහතාකළමණාකාර ධුරයට පත් වීමට පෙර කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ය. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.6එම්. එච්. සද්ධාසේන මහතාවෘත්තියෙන් වෛද්‍යවරයෙකි. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.7එල්. සී. ද සිල්වා මහතාවතු හිමියකු හා ව්‍යාපාරිකයකු විය. පසු කලක බලපිටිය හා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය.පාසලේ ප්‍රාථමික අංශය මුල් කාලයේ දී පවත්වා ඇත්තේ ජ්‍යේෂ්ඨ අංශය සමග එක ම ස්ථානයක ය. ඩී. ටී. විජේරත්න විදුහල්පතිතුමාගේ කාලයේ එය වෙන ම අංශයක් බවට බෙදා වෙන් තරන ලදී. 197
2 වසර වන විට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කණිෂ්ඨ විද්‍යාලයක් බවට ප්‍රාථමික විද්‍යාලය පත් විය. 1975 දී නැවත පාසල් දෙක ඒකාබද්ධ කොට විදුහල්පතිවරයා යටතට පත් කෙරිණ. 1982 දී ක්‍රියාත්මක වූ ප්‍රාථමික අංශය අහෝසි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවූ අතර ඒ අනුව 1987 වන විට ප්‍රාථමික අංශය වැසී ගියේ ය. 1990 දී එක ශ්‍රේණියකට පන්ති තුනක් වශයෙන් යළි එය ආරම්භ වූ අතර 1996 දී අය පන්ති 6 දක්වා වැඩි කරන ලදී. වර්තමානය වන විට 1 සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති ප්‍රාථමික අංශයේ පැවැත්වේ. එය පාසලේ සහකාර විදුහල්පතිවරයකු විසින් පාලනය කරනු ලබයි.විද්‍යාලයාධිපතිවරු[සංස්කරණය]විද්‍යාලයාධිපතිකාලයවැදගත් තොරතුරු1මුදළිඳු එස්. තෝමස් ද සිල්වා මහතා1913 - 19172අබේසීල ගිනිගේ මහතා1917 - 1921පසු කාලයේ දී පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරුවේ ය. අනතුරු ව විශ්වවිද්‍යාල කොලීජියේ භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු විය.3ජේ. ආර්. නැතෑනියෙල්ස් මහතා1921 - 1923ඉන්දියානු ජාතික ද්‍රවිඩ විදුහල්පතිවරයෙකි. ධර්මාශෝක විදුහල් ඉතිහාසයේ විදුහල්පති ධූරය දැරූ එකම විජාතිකයා මො
හු ය.4ජී. එම්. ද සිල්වා මහතා1923 - 1927නීතීඥයකු සහ මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කර පසු ව නීති විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවා ඇත.5ඊ. ඒ. විජේසූරිය මහතා1928 - 19336එෆ්. ආර්. ජයසූරිය මහතා1934 - 1936පසු කාලයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ධුරයක් දැරූ මහාචාර්යවරයෙකි.7ඩී. ටී. විජේරත්න මහතා1936 - 1947පාසලේ දෙවරක් විදුහල්පති ධුරය හෙබවූ එක ම විදුහල්පතිවරයා ය.8පී. ද එස්. ජසෙන්තුලියන මහතා1948 - 1953පාසලේ විදුහල්පති ධූරය ‍හෙබවූ ප්‍රථම ආදිශිෂ්‍යයා ය. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙක් ලෙස කටයුතු කළේ ය. ඒ අනුව පාසලේ ගුරුවරයෙකු විදුහල්පති තතතුරට පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය යි.9ඩී. ටී. විජේරත්න මහතා1954 - 1960දෙවන වර පත්වීම. මුල් ධුර කාලයෙන් පසු කොළඹ සහිරා විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කර ඇත.10කේ. කේ. වී. එස්. ද සිල්වා මහතා1961 - 1965පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධුරය හෙබවූ ප්‍රථම විද්‍යා උපාධිධරයා ය. අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙස විශ්‍රාම ගත්තේ ය.11එම්. ඩී. විමලසූරිය මහතා1965 -
1975පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙකු ලෙස ත්, උප විදුහල්පතිවරයකු ලෙස ත්, ඉන් පසු ව බටපොල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ත් සෙවය කළේ ය. තේරීම් ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස උසස්වීමක් ලබා පසු ව විශ්‍රාම ගියේ ය. එම්. ඩී. විමලසුරිය යුගය විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ .12එන්. ඊ. ප්‍රනාන්දු මහතා1976 - 1980විදුහල්පති ධුරය දැරීමට පෙර බලපිටිය ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළේ ය. විදේශ රැකියාවක් සඳහා විදුහලෙන් ඉවත් වී ගිය ඔහු පසු ව පස්දුන්රට විද්‍යා පීඨයෙහි උප විදුහල්පතිලෙසට කටයුතු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වූවේ ය.13ජී. ඩබ්. විල්ෆ්‍රඩ් ද සිල්වා මහතා1980 - 1982පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝක විදුහලේ ගුරුවරයෙක් ලෙස ද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස ද කටයුතු කොට ඇත. පසු ව ප්‍රධාන අධ්‍යාපන නිලධාරියකු ලෙස විශ්‍රාම ගියේ ය.14බී. එච්. එච්. විමලදාස මහතා1982 - 1984විදුහල්පති ධූරයෙන් පසු ව අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස විශ්‍රාම යන තෙක් සේවය කළේ ය.15එච්. එස්. එන්. කේ. ප්‍රනාන්දු මහතා1984 - 1986පාසලේ ආදි ශිෂ්‍යය
ෙකි. පසු ව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් වූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය ‍කළේ ය.16ඒ. ජී. අයි. ද සිල්වා මහතා1987 - 1998පාසලේ ආදි ශිෂ්‍යයෙකි. දෙවරක් ම විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කර ඇත. පසු ව මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ත් බටපොල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස ත් සේවය කර ඇත.17එම්. ප්‍රේමසීල ද සිල්වා මහතා1999 - 2001විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝකයේ ම ගුරුවරයකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත. විදුහල්පති ධූරයට පැමිණීමට පෙර හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත. 2001 දී අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූවේ ය.18ඩී. එම්. ජී. ඒ. ජයලත් ද සිල්වා මහතා2002 - 2004පාසලේ ආදි ශීෂ්‍යයෙකි. බලපිටිය ගුරු විදුහලේ උප විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත.18කේ. එම්. ජී. බී. ජයසූරිය මහතා2004 - 200619එස්. ජේ. පී. විජේසිංහ මහතා2006 - 2010ධර්මාශෝකයට විදුහල්පතිවරයා වශයෙන් පැමිණීමට පෙර මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්ප
ති ධුරය දැරුවේය.20එම්. ජී. ඕ. පී. පණ්ඩිතරත්න මහතා2010 - 2013ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් පත්වීමක් ලැබුවේය.21සුමිත් පරාක්‍රමවංස මහතා2013 - 2016පාසලේ ආදි ශීෂ්‍යයෙකි. ධර්මාශෝකයේම ගුරුවරයකු ලෙස සේවය කර පසුව දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දැරුවේය. ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව දකුණු පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් පත්මවීමක් ලැබුවේය.22හසිත කේසර වෙත්තිමුණි මහතා2016 - 2021ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයකට පත්වීමක් ලැබුවේය.23සනූූජා ජයවික්‍රම මහත්මිය2021 - වර්තමානධර්මාශෝකයට විදුහල්පතිවරිය වශයෙන් පැමිණීමට පෙර අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස ද අම්බලන්ගොඩ කලාප අධයාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කර ඇත.මීට අමතර ව එක් විදුහල්පතිවරයකු ඉවත් වී ගොස් නැ
වත විදුහල්පතිවරයකු පාසලට පත් වී එන අතර කාලය තුළ පාසල පාලනය කළ වැඩ බලන විදුහල්පතිවරු කිහිපදෙනෙකුද ධර්මාශෝක ඉතිහාසයේ හමුවේ. ඕ. එන්. පියසේන මහතා - 1953 දීවික්ටර් ඉලේපෙරුම මහතා - 1982 දීඩබ්. වී. ජිනපාල මහතා - 1998 දීඩබ්. ටී. ලීලාරත්න මහතා - 2000 දීඅධ්‍යයන කටයුතු[සංස්කරණය]පාසල ආරම්භ කළ මුල් කාලයේ දී එය පිරිමි පාසලක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත. පසු ව ඉහළ පන්ති සඳහා ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගෙන ඇති අතර ප්‍රාථමික අංශයේ ශිෂ්‍යාවන්ට 6 වන ශ්‍රේණියෙන් පසු ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් වීමේ අවස්ථාව ලබා දී නොමැත. 1953න් පසු ව ප්‍රාථමික අංශයේ සියලු ම ශිෂ්‍යාවන් ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් කර ගත්තද 1954 දක්වා ශිෂයාවන්ගේ පන්ති වෙනම පවත්වා ඇත. පසු ව ඒවා ද ශිෂ්‍යයනගේ පන්ති සමග සම්මිශ්‍රණය කර ඇති බව සඳහන් වේ. නමුත් 1981 දී යළිත් ශිෂ්‍යාවන් වෙන ම පන්තිවලට ඇතුලත් කිරීම අරඹා ඇත. 1983න් පසු ව යළි ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් එකම පන්තිවලට යෙදීමට තීරණය කර ඇත. 1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්තිවල 1 ශ්‍රේණියකට A,B,C,D,E,F වශයෙන් පන්ති 6 ක් ඇත. ප්‍රදේශයේ පහ ‍වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සිසුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම ධර්මාශෝක ව
ිද්‍යාලය වන බැවින් 6 ශ්‍රේණිය සඳහා වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුලත් කර ගනු ලබයි. ඒ අනුව 6 සිට 11 ශ්‍රේණි දක්වා A සිට K වශයෙන් (I හැර) පන්ති 10 ක් ඇත. උසස්පෙළ අංශය විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවලින් ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට 12, 13 ‍ශ්‍රේණිවල එක් ශ්‍රේණියක් සඳහා A සිට M දක්වා පන්ති පැවැත්වේ. උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශවලට වෙනත් පාසල්වලින් පැමිණෙන සිසුන් ඇතුලත් කර නොගන්නා නමුත් වාණිජ සහ කලා අංශවලට සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිසුන් ඇතුලත් කර ගනී. මානව සම්පත්[සංස්කරණය]විදුහලේ ආරම්භක අවස්ථාවේ දී සිසුන් 15 ක් පමණ අධ්‍යාපනය ලැබූ බව සැලකේ. 1914 දී බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා ඒකාබද්ධ කිරීමෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන්නට ඇත. වර්තමානය වන විට සිසු සිසුවියෝ 6000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. ආරම්භක ගුරු මණ්ඩලය ගුරුවරු දෙතුන් දෙනෙකුගෙන් සමන්විත වන්නට ඇතැයි සැලකේ. අද වන විට 200කට ආසන්න අධ්‍යයන කාර්ය මණ්ඩලයක් ධර්මාශෝක විද්‍යාලයීය දුවාදරුවන්ගේ නැණස පෑදීමට දායක වෙයි. මීට අමතර ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය මණ්ඩලයක සේවය ද ලබයි. එය පාසලේ ආරම්භ කාලයේ සිට ම පැවතෙන්නට ඇතැයි සිතිය හැක. මේ වන විට පුස
්තකාලයාධිපතිවරු, ලිපිකරුවන්, යතුරුලියන්නන්, විද්‍යාගාර සේවකයන්, කම්කරුවන් ආදීන්ගෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමන්විත වේ. 1996 දක්වා පාසල මුර කිරීම සඳහා මුරකරුවන් දෙදෙනෙකු යොදවා තිබූ අතර වර්තමානය වන විට එම කාර්යය ආරක්ෂක සේවාවකට භාර දී ඇත. පාසලේ කටයුතුවලදී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කරන මෙහෙය අතිමහත් ය. එය පිහිටුවා ඇත්තේ ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ ය. 1976 වසරේ දී ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව ආරම්භ කර ඇත. 1984 වසරේ දී තරුණ ආදි ශිෂ්‍යයන්ගේ සක්‍රීය දායකත්වය පාසල වෙනුවෙන් ලබා ගැනීමේ අරමුණින් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීය. මේ වන විට ආදි ශිෂ්‍ය සංගමය අනුබද්ධ සංවිධාන කිහිපයක් ද පිහිටුවා ඇත. ආදි ක්‍රිකට් එකතුව, ආදි දම්සෝ මළල ක්‍රීඩා සංගමය, ආදි දම්සෝ ශිෂ්‍යභට සාමූහිකය, දම්සෝ ආදී ශිෂ්‍ය නායක එකමුතුව සංරක්ෂණය කළ පිටපත 2013-02-27 at the Wayback Machine එවැනි සංවිධානයන් ය. මුල් කාලයේ දී ගුරු දෙගුරු සමිතිය වශයෙන් හැඳින්වූ දෙමාපිය සංවිධානය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ පාසල් සංවර්ධන සමිතිය ලෙස ය. එය අමාත්‍යාංශ වක්‍රලේඛයක් යටතේ පාලනය වන අතර, පාසලට අවශ්‍ය විදුලිය, දුරකතන, තැපැල්
සේවාව වැනි සේවාවන් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම සහ පාසලේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය අවස්ථාවල දී මූල්‍යමය දායකත්වයන් දැක්වීම එමගින් සිදු කෙරේ.භෞතික සම්පත්[සංස්කරණය]එස්. තෝමස් ද සිල්වා සිහිවටන ගොඩනැගිල්ලප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට සාපේක්ෂ ව වඩා වැඩි භෞතික සම්පත් ප්‍රමාණයක් පරිහරණය කිරීමේ අවස්ථාව ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන්ට හිමි ව ඇත. එය, පාසලේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතුවක් වන බව ද සඳහන් කළ යුතු ය. 2010 වසරේ දී වැඩ නිම කරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ධර්මාශෝක විද්‍යාලයට එක් වූ අලුත් ම ගොඩනැගිල්ලයි. එමෙන්ම 2008 වසරේ දී වැඩ නිමවන ලද මුදළිඳු එස්. තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරය, ධර්මාශෝක විද්‍යාලයට එතෙක් අඩුවක් ව පැවති ශ්‍රවණාගාරයක අවශ්‍යතාව සම්පූර්ණ කළා පමණක් නොව, වර්තමානය වන විට ප්‍රදේශයේ බොහෝ වැදගත් අවස්ථාවල දී, කලා කටයුතුවල දී, උත්සව කටයුතුවල දී ප්‍රයෝජනයට ගන්නා සම්පතක් ද වන්නේ ය. එසේ ම 2003 වසරේ දී විවෘත කරන ලද විද්‍යාලයීය පිහිණුම් තටාකය බොහෝ පිහිණුම් තරගාවලිවල දී මෙන් ම පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ද නිරතුරු ව භාවිත කරනු ලබයි. විද්‍යාලයේ කණිෂ්ඨ අංශය සහ ජ්‍යේෂ්
ඨ අංශය සතුව වර්තමානය වන විට ගොඩනැගිලි 25 ක් පමණ තිබේ. ඉහතින් සඳහන් කළ ගොඩනැගිලිවලට අමතර ව අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා එස්. තෝමස් ද සිල්වා සිහිවටනය, සද්ධාසේන සෙවන, එල්. සී. ද සිල්වා සෙවන, වී. එම්. විල්සන් සිහිවටනය, පී. ද. එස් කුලරත්න සෙවණ, ජසෙන්තුලියන සෙවන, ඇස්. සී. ද සිල්වා සෙවන, අ. ම. කරුණාරත්න සෙවන, විද්‍යාගාර ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි පාසල සතු ගොඩනැගිලි අතුරින් කිහිපයකි. මිට අමතර ව විද්‍යාල‍යේ ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල ද, මේස පන්දු ක්‍රීඩාගාරය ද පාසල් භූමියේ ම පිහිටා ඇත. විද්‍යාල භූමියේ ම සකස් කොට ඇති පැසිපන්දු පිටියක් මෙන්ම පාසලෙන් පිටත ඇති පැසිපන්දු පිටියක් ද විද්‍යාලය සතු වේ. නවීන උපකරණවලින් සමන්විත පරිගණක ඒකකයක්, පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම් මෙන් ම සෞන්දර්ය කටයුතු, ක්‍රීඩා සහ තූර්ය වාදන කණ්ඩායම්වලට අවශ්‍ය සියලු උපකරණ සහ පහසුකම් විද්‍යාලය සතු වේ. එමෙන් ම 2009 වසරේ දී ධර්මා‍ශෝක විද්‍යාලයේ අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමට බස් රථයක් ලබා ගන්නා ලදී. පාසැල් ලාංඡනය සහ විද්‍යාලයීය ගීතය[සංස්කරණය]පාසැල් ලාංඡනයපාසලේ ලාංඡනයක් භාවිත කළ බවට මුල්ම සඳහන සැපයෙන්නේ ඊ. ඒ. විජේසූරිය විද
ුහල්පතිවරයාගේ සමයෙනි. එම ලාංඡනය වෙනස් කර ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයා හඳුන්වාදෙන ලද ලාංඡනය වර්තමානයේ ද භාවිත වේ. විදුහලේ වර්ණ සහ ධජය ද එම විදුහල්පතිවරයා විසින්ම හඳුන්වා දෙන ලද බව සැලකේ. විදුහලේ වර්ණ වන නිල් සහ රිදීමය අලු යන වර්ණ සහිත තිරස් තීරු දෙකක් ඇති ධජයක් විද්‍යාලයීය ධජය ලෙස භාවිත වේ. ධජය මධ්‍යයේ විද්‍යාලයීය ලාංඡනය අන්තර්ගත වේ. විද්‍යාලයීය ගීතය ගරු ආනන්ද සමරකෝන් මහතා විසින් රචනය කරන ලද්දකි. මෙය ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ හඳුන්වාදෙන ලද්දකි. ජනප්‍රිය ග්‍රැමෆෝන් ගීතයක් වන "ඇසේ මධුර ජීවනයේ ගීතා" යන ගීතය, විද්‍යාලයීය ගීතයේ තනුව අනුව ගැයේ.විදුහල අප මව් ධර්මාශෝකාසිරිලක සුදිලේවා...//කීර්තිය පා... දින දින වැජඹේවාබෝ කල් සව්සිරිනී...//සැමකල් සුදිලේවා...//ගයම් ගයම් ඔබ ගුණ කඳ මහිමේවැඩේ වැඩේ අප හද තුළ ප්‍රේමේ...//සව් මුරු කැළ නිරතුරු ඔබ රකිවා...//ආසිරි ලැබ බෝවා...//විදුහල අප මව් ධර්මාශෝකාසිරිලක සුදිලේවා...//හිඳ ඔබ සෙවනේ සිසු අප බැතිනේ...//සනසමු සිරිලක ලබමින ඥානේසැමකල් විද්‍යා දදාති විනයං ...//සඳ සේ සුදිලේවා...//විදුහල අප මව් ධර්මාශෝකාසිරිලක සුදිලේවා...//සියවස
සැමරුම[සංස්කරණය]1913 වර්ෂයේ දී ඇරඹි ධර්මාශෝක විද්‍යාලයට 2013 වසරේ දී වසර සියයක් සපිරුණි. සියවස සැමරීම වෙනුවෙන් පාසල් ප්‍රජාව විසින් විවිධ සැමරුම් සංවිධානය කරනු ලැබූහ.[2]පිරිත සහ දානමය පින්කම2012 මැයි 11 සහ 12 දෙදින පැවැත්වුණු පිරිත් සහ දානමය පින්කම දම්සෝ සියවස් සැමරුමේ ප්‍රථම අංගය විය.දම්සෝ පා ගමන - Damso Walkසියවෙනි වසර පිළිගැනීම වෙනුවෙන් ධර්මශෝක පාසැල් ප්‍රජාව අම්බලන්ගොඩ නගරය හරහා ගමන් කළ දම්සෝ පා ගමන සියවස් සැමරුමේ විශේෂිත අංගයක් විය. එය 2012 වසරේ සැප්තැම්බර් මස 8වෙනි දින පැවැත්විණි. ඒ සඳහා දම්සෝ සිසු සිසුවියෝ, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි සිසු සිසුවියෝ, ආදි විදුහල්පතිවරු සහ ගුරුවරු ඇතුළු බොහෝ පිරිසක් එක් වි සිටිහය. සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන2012 වසරේ ජූලි 11 දින සිට නොවැම්බර් 3 දින දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ද ඔක්තෝබර් 12 දින ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ද සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කෙරුණි.දම්සෝ ක්‍රීඩා සැණකෙලිය [3]2013 පෙබරවාරි 09 සිට 24 දින දක්වා ක්‍රීඩා සැණකෙළිය පැවැත්විණ. එය මේස පන්දු, කි‍්‍රකට්, දැල් පන්දු, මුහුදු පිහිනුම්, මලල කී‍්‍රඩා, පැසිප
න්දු, පාපන්දු, චෙස්, බැඞ්මින්ටන් සහ ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම් තරගාවලින් සමන්විත විය. දම්සෝ මේලා අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය2013 මාර්තු 23 සිට 30 දක්වා පැවැත්වුණු අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය දම්සෝ සියවස සැමරුමේ ප්‍රධානතම අංගය විය. මෙම ප්‍රදර්ශනයට පෙර අවසන් වරට පාසලේ ප්‍රජාව එක්වී ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලැබුවේ දම්සෝ 90 සංවත්සරය වෙනුවෙනි.ක්‍රීඩා කටයුතු[සංස්කරණය]ධර්මාශෝක විද්‍යාලය ඉතා කීර්තිමත් ක්‍රීඩා කෞශල්‍යයෙන් පිරි ක්‍රීඩකයන් රැසක් බිහිකළ පාසලකි.. (ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආදි සිසුන් බලන්න) අධ්‍යයන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා සඳහාද ධර්මාශෝක විදුහල චිරප්‍රසිද්ධ වන අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවේ නියලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇත. මීට අමතරව පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම සමස්ත ලංකා තරඟ වලදී විශිෂ්ඨ දස්කම් පෙන්වා ඇත. වර්තමානය වන විට පාසලේ ක්‍රියාත්මක වන ක්‍රීඩා පහත පරිදි වේ. මළල ක්‍රීඩා බැඩ්මින්ටන් පැසිපන්දු ක්‍රිකට් මල්ලව පොර චෙස්ස්ක්‍රැබල් පාපන්දු පිහිනුම් මේස ‍පන්දු කරාතේ දැල්පන්දු වොලිබෝල්සුනිල සංග්‍රාමය සහ අම්බලන්ගොඩ සැතපුම් දෙකේ
මුහුදු පිහිණුම් තරගය පාසල සම්බන්ධ වන, වාර්ෂික ව සංවිධානය කරනු ලබන ප්‍රධාන ක්‍රීඩා අවස්ථා දෙකකි. ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරගය අම්බලන්ගොඩ නිල් මහ සටන හෙවත් සුනිල සංග්‍රාමය ලෙස හැදින්වේ. මෙය අම්බලන්ගොඩ නගර සභා පිටියේ දී පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයකි. ධර්මාශෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විවෘත සැතපුම් 2 මුහුදු පිහිනුම් උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි . අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේ පවත්වනු ලබන මෙහි පිරිමි හා කාන්තා තරඟ කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ අංශ දෙකෙන්ම පවත්වනු ලබයි.2011 වසරේ සිට ආදි දම්සෝ චෙස් සංගමය විසින් “දම්සෝ අන්තර්ජාතික චෙස් තරගාවලිය“ නමින් වාර්ෂික ව අන්තර්ජාතික චෙස් උළෙලක් සංවිධානය කරනු ලබයි. එය දකුණු පලාතේ පාසලක් විසින් අන්තර්ජාතික චෙස් තරගාවලියක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව වූ අතර අන්තර්ජාතික චෙස් තරගාවලි සංවිධාන කරන ශ්‍රී ලංකාවේ පාසල් ඇත්තේ අතලොස්සකි. ශ්‍රී ලංකාවේ ෆිඩේ මාස්ටර් චෙස් ශූරයෙකු වූ පළමු පාසල් ක්‍රීඩකයා වනුයේ ධර්මාශෝක විද්‍යාලයේ සසිත් නිපුන් පියුමන්ත ක්‍රීඩකයා ය. ඔහු 2018 වසරේ දී ආසියානු යොවුන් චෙස් තරගාවල
ියේ දී 16න් පහළ ශූරතාවය ද දිනා ගත්තේ ය.ශිෂ්‍ය සංගම් සහ විවිධ කණ්ඩායම්[සංස්කරණය]ආර්ථික විද්‍යා සංගමයඉංග්‍රීසි සාහිත්‍ය සංගමයගුවන් ශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)නව නිපැයුම්කරුවන්ගේ සංගමයනාට්‍ය ඒකකයතාරකා විද්‍යා සංගමයතොරතුරු තාක්ෂණ සංගමයතූර්ය වාදන කණ්ඩායම්දැනුම් මිනුම කණ්ඩායම්නාවික ශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)බාලදක්ෂිකා කණ්ඩායම්බෞද්ධ ශිෂ්‍ය සංගමයරසික පර්ෂදයරිය නියාමක සංගමයවාණිජ සංගමයවෙස් නැටුම් කණ්ඩායමවිද්‍යා ශිෂ්‍ය සංගමයසිංහල මාධ්‍ය ඒකකයසිංහල සාහිත්‍ය සංගමය (කණිෂ්ඨ)සිංහල සාහිතය සංගමය (ජ්‍යේෂ්ඨ)සොබාදහම් සිසු හවුලසෞඛ්‍ය දාන සංගමයශිෂ්‍යභට බලකාය (බාලක/බාලිකා)ගුවන් බාලදක්ෂ කණ්ඩායමකීර්තිමත් ආදි සිසුන්[සංස්කරණය]පූජ්‍ය[සංස්කරණය]ගරුතර අම්බලන්ගොඩ වජිරවංස හිමිපාණන් (වර්තමානයේ තායිලන්තයේ වැඩවසයි)අධ්‍යාපන[සංස්කරණය]එල්. එච්. සුමනදාස මහතා - මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිචන්ද්‍ර පටුවතවිතාන මහතා - මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිජී. ටී. එස් ද සිල්වා මහතා - උපකුලපතිඑල්. එල්. කේ. ගුණතුංග මහතා - හිටපු විභාග කොමසාරිස්කේ. ටී. ඩබ්. සුමනසූරිය මහතා - හිටපු
විභාග කොමසාරිස්එල්. එම්. මෙත්තානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිඑම්. ඩබ්. කරුණානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිඑස්. කේ. මෙත්තානන්ද මහතා - කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිජේ. ඊ. ජයසූරිය මහතාජෝර්ජ් නම්බයියා පිල්ලේ මහතාසභාරත්න කුලසූරිය මහතාඩබ්. ඒ. එස්. ද සිල්වා මහතාඒ. ජේ. ගුණවර්ධන මහතාඒ. ඩී. වී. ද එස් ඉන්ද්‍රරත්න මහතාජී. බී. ගුණවර්ධන මහතාඋපාලි ජයසේකර මහතාඉන්ද්‍රජිත් අමරසිංහ මහතාප්‍රේමලතා කුඩලිගම මියරාජා ද අල්විස් මහතාජීවාන්ති ද සිල්වා මියඑම්. ඩී. විමලසූරිය මහතාකේ. ජී. කුලසේන මහතාදේශපාලන[සංස්කරණය]සරත් ෆොන්සේකා මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය, හිටපු හමුදාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ජනරාල්, ශ්‍රී ලංකාවේ හිටපු ආරත්ෂත මණ්ඩල ප්‍රධානි, ශ්‍රී ලංකාවේ 2010 ජනාධිපතිවරණයෙහි විපක්ෂ පොදු අපේක්ෂකසී. පී. ද සිල්වා මහතා - හිටපු කැබිනට් අමාත්‍යෂාන් විජයලාල් ද සිල්වා මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රීසුනිල් හඳුන්නෙත්ති මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීඅනගාරික රයිටර් තිලකසේකර - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීබුද්ධික කුරුකුලරත්න මහතා- හි
ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීආර්. ලක්මන් ද සිල්වා මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීආර්. ජී. සමරනායක මතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීආරියපාල වල්පිටගම මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වරාය සහ නාවික කටයුතු පිළිබඳ හිටපු ලේකම්ජේ. එල්. සිරි‍සේන (ජසෙන්තුලියන සිරිසේන) මහතා- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සමාජ සේවා පිළිබඳ කැබිනට් අමාත්‍යනන්දිමිත්‍ර ජී. ද සොයිසා මහතා - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යකීර්ති මාවැල්ලගේ මහතාරෝහණ විජේවීර මහතා - ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකසුමිත් ද සොයිසා - බස්නාහිර පළාත් සභා මන්ත්‍රීඅධිකරණ[සංස්කරණය]ගරු සිසිර ද ආබ්‍රෘ මහතා - අභියාචනාධිකරණ විනිසුරුගරු කේ. ටී. චිත්‍රසිරි මහතා - අභියාචනාධිකරණ විනිසුරුගරු සී. පී. කීර්තිසිංහ මතා - මහාධිකරණ විනිසුරුගරු ඩඩ්ලි කුලරත්න මහතා - මහාධිකරණ විනිසුරු (විශ්‍රාමික) සහ අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ඇති වැඩිහිටි සමථ මණ්ඩලයේ සභාපතිගරු කුමාර් ඒකරත්න මහතා - මහාධිකරණ විනිසුරු (විශ්‍රාමික) සහ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගරු සරත් කරුණාරත්න මහතා- දිස්ත්‍රික් විනිසුරු (විශ්‍රාමික)ගරු ඒ. එම්. ඒ. වසන්ත ක
ුමාර මහතා - දිස්ත්‍රික් විනිසුරුගරු එස්. එස්. කේ. විතාන මහතා - දිස්ත්‍රික් විනිසුරුගරු කේ. ඩී. එල්. සමන් කුමාර මහතා - දිස්ත්‍රික් විනිසුරුටී. එස්. ද සිල්වා මහතා - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුජී. ඩී. ද සිල්වා මහතා - සොලිසිටර් ජනරාල්රාජ්‍ය පාලන[සංස්කරණය]ඩබ්. එම්. මහින්ද දේශප්‍රිය මහතා - මැතිවරණ කොමසාරිස්ආචාර්ය නීලා ගුණසේකරඑම්. එස්. ද සිල්වා මහතා - විගණකාධිපතිආචාර්ය දමිත ද සොයිසා - ධීවර අමාත්‍යාංශ ලේකම්උපුලි ගුණසේකර මිය - බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (අතිරේක)චන්දන තිලකරත්න ඕපාතවිතාන මහතා - අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්කලා විභූෂණ පද්මසීල ද සිල්වා මහතා, BA;SLAS - හිටපු, කුඩා කර්මාන්ත අධ්‍යක්ෂ , කම්කරු අමාත්‍යාංශ ලේකම්ආචාර්ය කේ. ජී. උදය කුමාර ඉන්ද්‍රරත්න මහතා - ඩුබායි රජයේ සංචාරක සහ වාණීජ්‍ය අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ :ප්‍රතිපත්ති සහ මූලෝපායඒ. ආර්. සී. පෙරේරා මහතා - බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඩොමිනිකා ජනරජයේ ඇටර්නි ජනරාල් සහ ශ්‍රී ලංකාවේ හිටපු සහකාර සොලිසිටර් ජනරාල්පැට්‍රික් ද අල්විස් මහතා -(Attorney-at-Law), ශ්‍රී ලංකා ප්‍රවෘත්ති මණ්ඩලයේ හිටපු සභාපතිවසන්ත දේශප්‍රිය
- ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේද තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකකුෂාණි රෝහණධීර - පාර්ලිමේන්තු සහකාර මහලේකම්[4]ජයන්ත කොඩිකාර - හිටපු අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ක්‍රිෂාන් දුමින්ද මහතා - අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂනදුන් ගුරුගේ මහතා - දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්හමුදා සහ පොලිසිය[සංස්කරණය]සරත් ෆොන්සේකා මහතා - හිටපු හමුදාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ජනරාල්, ශ්‍රී ලංකාවේ හිටපු ආරත්ෂත මණ්ඩල ප්‍රධානිඑයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි - හිටපු ගුවන්හමුදාපතිඅද්මිරාල් පියල් හරිස්චන්ද්‍ර ද සිල්වා - හිටපු නාවික හමුදාපති, ඇෆ්ගනිස්තානයේ ශ්‍රිලංකා තානාපතිඔස්මන්ඩ් ද සිල්වා මහතා - හිටපු පොලිස්පතිඉන්ද්‍රා ද සිල්වා මහතා - හිටපු පොලිස්පතිකපිතාන් ඉන්දික ද සිල්වා - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකමේජර් ජනරාල් එම්. ඩී. ප්‍රනාන්දු මහතාතිලක් පොන්නම්පෙරුම මහතානාවික කොමදෝරු සොලමන් ප්‍රනාන්දු මහතාමේජර් ජනරාල් කපිල හේවාවිතාරණ මහතාමේජර් ජනරාල් සුනිල් ද සිල්වා මහතාමේජර් ජනරාල් සනත් කරුණාරත්න මහතාමේජර් ජනරාල් රංජිත් පී. විතාන මහතාඉන්ද්‍රදාස ගොඩහේවා මහතා - ජාතික බුද්ධි කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ
නිශාන්ත ද සොයිසා මහතා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂටී. එන්. ද සිල්වා මහතා - හිටපු නියෝජ්‍ය පොලිස්පතිඑන්. ධනසිංහ මහතා - බන්ධනාගාර කොමසාරිස්වෛද්‍ය[සංස්කරණය]මහාචාර්ය ඩබ්. අයි. අබේසිංහ, FCOG(Sri Lanka), FRCOG(Gt. Brit.) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති , ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්යආචාර්ය අමල් හර්ෂ ද සිල්වා මහතා - බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂආචාර්ය පින්නදූවගේ ආරියරත්න ද සිල්වා මහතා, වෛද්‍ය සේවය සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරී , FRCP(London), FRCS(Edin), FRCS(Glas), FRCOG (Gt.Brit.), FCOG(Sri Lanka), ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (ශ්‍රී ලාල් ද සිල්වා මහතා - ළමා රෝග විශේෂඥආචාර්ය සුමනසීල ද සිල්වා මහතා - ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය , සහකාර මහාචාර්ය, ශාන්ත ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලය, ග්‍රැනඩා, ඇ.එ.ජ.සුනිල් ද සිල්වා මහතා - මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යමුදිත ජයතිලක මහතා - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්මහාචාර්ය සරත් ලේකම්වසම් - වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලයආචාර්ය කේ. ඩී. මහින්ද - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්ව
විද්‍යාලයආචාර්ය ජානක ලෙනෝරා - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලයආචාර්ය ශාන්ති පරණවිතාන - සහකාර මහාචාර්ය, හැම්ප්ටන් විශ්වවිද්‍යාලය, ඇ.එ.ජ.පී. වරුෂවිතාන මහතා - නිර්වින්දන විශේෂඥ වෛද්‍යඊ. එල්. චන්ද්‍රකාන්ත මහතා - ළමා රෝග විශේෂඥ වෛද්‍යසේනක රාජපක්ෂ මහතා, MBBS,MD,FRCP - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානරුවන් ප්‍රනාන්දු මහතා - ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යඉංජිනේරු[සංස්කරණය]මහාචාර්ය සිසිල් කුමාරවඩු මහතා - ඉංජිනේරු පර්යේෂන අංශයේ අධ්‍යක්ෂ, මොරටුව විශ්වවිද්‍යාලයටී. සුදත් ප්‍රියන්ත ද සිල්වා මහතා - ශ්‍රී ලංකාවේ මහජන උපයෝගීතා කොමිසමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකආචාර්ය කසුන් ද සොයිසා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යගෘහ නිර්මාණ[සංස්කරණය]එම්. ඩබ්. ජිනේන්ද්‍රලාල් මහතාදිල්රුක් දයාරත්න මහතාසුරින් දිලූප හල්විටිගල මහතාකලාව[සංස්කරණය]සංගීතවේදී ගුණදාස කපුගේබර්නාඩ් ‍ලොකුගේජයසිරි සේමගේසී. ද. එස්. කුලතිලකජයශ්‍රී චන්ද්‍රජිත්බන්දුල විතානගේඅනුලා ද සිල්වාසුනන්ද දේශප්‍රියඉමාන් පෙරේරාචන්ද්‍රසෝම බින්දුහේවාජයමිණී ද සිල්වාසුද
ර්ශන බණ්ඩාරක්‍රීඩාව[සංස්කරණය]උපුල් තරංග - ජාතික ක්‍රිකට් ක්‍රීඩකදිනේෂ් චන්දිමාල් ජාතික ක්‍රිකට් ක්‍රීඩකසමන් ජයන්ත - ජාතික ක්‍රිකට් ක්‍රීඩකඅජිත් ද සිල්වා - ජාතික ක්‍රිකට් ක්‍රීඩකරමේෂ් මෙන්ඩිස් - ජාතික ක්‍රිකට් ක්‍රීඩකකේ. පී. එන්. පත්මදේව - පිහිනුම් ක්‍රීඩකනිලූක කරුණාරත්න - ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකටී. ජී. කැමරන් කුමාර ද සිල්වා - හිටපු ජාතික පිහිනුම් ක්‍රීඩකනාමල් ගුණසේකර -මේස පන්දු ක්‍රීඩිකාදිල්හානි ද සිල්වා - බැඩ්මින්ටන් ක්‍රීඩිකාලක්ෂි නි‍රෝෂනී ද සිල්වා - බැඩ්මින්ටන් ර්‍කීඩිකාජී. ඩබ්. චන්ද්‍රසේන - හිටපු ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකකාංචන රාජපක්ෂ - හිටපු ජාතික පිහිනුම් ක්‍රීඩකජාත්‍යන්තර සංවිධාන[සංස්කරණය]නිපුල් ගුණසේකර මහතා - එක්සත් ජාතීන්ගේ සාමාරක්ෂක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවජගත් පෙත්තාවඩු මහතා - ආසියානු සංවර්ධන බැංකුවපරිශීලන[සංස්කරණය]දම්සෝ විදුදරයින්ගේ තාක්ෂණික සංසදය මගින් එළිදක්වන ලද සත්සර පුවත්පතෙහි, 2003 අගෝස්තු - සැප්තැම්බර් කලාපයේ, ධර්මාශෝක විද්‍යාලයීය 90 වන සංවත්සරය වෙනුවෙන් පලකෙරුණු විදුහල අප මව් ධර්මාශෝකා.. ඉතිහාසයෙන් බිඳක් යන ලිපියෙහි ඇති කරුණු ඇසුරෙන් සකස්
කරන ලදී. එම ලිපිය ධර්මාශෝක විද්‍යාලයීය හිටපු විදුහල්පති ඒ. ජී. අයි. ද සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද්දකි.මූලාශ්‍ර[සංස්කරණය]↑ http://blog.practicalsanskrit.com/2009/07/knowledge-leads-to-happiness.html↑ "සියවස සැමරුම". සම්ප්‍රවේශය 21 පෙබරවාරි 2014.↑ "දම්සෝ ක්‍රීඩා සැණකෙළිය". {{cite web}}: |access-date= requires |url= (help); Missing or empty |url= (help); Text "urlhttp://www.lankadeepa.lk/index.php/articles/96895" ignored (help)↑ "දම්සෝ දියණියක මැති සබේ ලොකු පුටුවකට". සම්ප්‍රවේශය 8 අගෝස්තු 2012‎. {{cite web}}: Check date values in: |accessdate= (help)උගන්ඩා ප්‍රාණපරිත්‍යාගවරු වනාහි දැනට උගන්ඩාවේ කොටසක් වන ඓතිහාසික බුගන්ඩා රාජධානියෙහිදී ඝාතනයට පත්කෙරුනු ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තවුන් පිරිසකි.සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහාද්වීප සොයමින් අප්‍රිකාවෙන් පි
ටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත. යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්‍රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්‍රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.සංගීත යුග[සංස්කරණය]ප්‍රාග් ඓතිහාසික - පෞරාණික (ක්‍රි.ව. 500 ට පෙර)අතීතයේ -(1600-1900)නුතන හා සමකාලීන(1900- වර්තමානයට)පෞරාණික සංගීතය[සංස්කරණය]පෞරාණික සංගීතය යනු ප්‍රාග් ඓතිහාසික සංග
ීතය ප්‍රතිස්ථාපනය කර සාක්ෂර සංගීතයේ ගොඩනැගුණු සංගීතයයි. එය විවිධාකාර පුදේශයන්හි එනම් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව ඒසේපොකේමියාව (මිසංපානෙමියාවේ සංගීතය, ග්‍රීක සංගීතය, රෝමානු සංගීත) ගොඩනැගුණු විවිධාකාර සංගීත ක්‍රමයන්ය. මෙම සංගීතය සමාන්‍ය ශ්‍රව්ය නාද සහ සජනකයන් වල ලක්ෂණ වලිනි. එය සම්ප්‍රේෂණය වී ඇත්තේ වාග් සහ ලිඛිත ක්‍රමයන් මගිනි.පෞරාණික සංගීතය, සමකලීන සංගීතයට ද යාමුවේ නමුත් සම්ප්‍රධායික හෝ ගැමි සංගීතය, පෞරාණික ශෛලයෙන්ම තැබීමට අදහස් කර ඇත. මෙහි ඉන්දියානු සංගීතය, රප්සියානු සංගීතය, ආසියානු සංගීතය,යුදෙව් කලාව, ඊජිප්තුයනු සංගීතය සහ මුස්ලිම් සංගිතය අන්තර්ගතය. සුසා වල කැණිමේ මගින් Elamite ලැබුණු කුඩා බුදු පිළිම මගින් අධිරාජ්‍යයේ ඉරාක සංගීතය පිළිඹුබු කරයි. (2500-644 බු.ව) මෙම කාලයේ සංගීතය දැනීමත් ඇති අය මෙම කාලයේ සුළු වශයෙන් සිටි අතර සංගීත භාණ්ඩ, ගිටාරය, බටනලාව, සහ ලුට්ස් නිපදව වාදනය කර ඇත. Barbat වැනි භාණ්ඩ ද නිපදවා ඇත්තේ මෙම කාලයේදීය. එනම් බු.ව. 800 පමණ වේ. රොමැන්ටික් සංගීතය[සංස්කරණය]රොමැන්ටික් යු‍ගයේදී සංගීතය වඩාත් හැගුම්බර සහ ප්‍රකාශන ශීලි මාධ්‍යයක් බවට පත්වු අතර සා
හිත්‍ය කලාව සහ දර්ශන වාදය අන්තර්ගත වන පරිදි විස්ත‍ාරණය වී මුල් කාලීන සුප්‍රසිද්ධ රොමැන්ටික් සංගීත රචකයන් අතරට ශූමන්, චොපින්, මෙන්ඩල්සන්, බෙලිනි සහ බර්ලිස් යන අය අයත් වෙති. 19 වන සියවසේ අග භාගය තුළ වාද්‍ය වෘන්ද ‍යෙහි විශාලත්වය සීඝ්‍රයෙන් වැඩිවු අතර නගර බද සමාජයෙහි කොටසක් ලෙස ප්‍රසංග වල‍ට හිමි වු ස්ථානයේ වැදගත්කම ද දැඩිලෙස ඉහළ ගියේය. මෙම සියවසෙහි දෙවැනි භාගයට අයත් ප්‍රසිද්ධ සංගීත රචකයින් අතරට ජොආන් ස්ට්‍රවුස් ii, බ්‍රෑම්ස්, ලිස්ට්, ටයිකොව්ස්කි, වර්ඩි සහ වැග්නර් යන අය අයත් වෙයි. 1890 සහ 1910 අතර කාලය තුළදී මධ්‍ය රෝමැන්ටික අවධියේ විසු සංගීත රචකයන් ගේ නිර්මාණ මත පදනම්ව වඩාත් සංකිර්ණ සහ බොහෝ විට වඩාත් දිගු වු සංගීත නිර්මාණ සිදු කල තෙවැනි සංගීත රචක පරපුරක් බිහි වු අතර ඒ අතරට ඩොරැක්, මාලර්, රිචඩ් ස්ට්‍රව්ස්, පුසීනි සහ සිබෙලියස් යන අය අයත් වෙයි. 19 වන සියවසේ අගභාගයේ නිර්මාණය වු සංගීත නිර්මාණ වල වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවායේ අන්තර්ගත වු දේශමාමක ගුණයයි. මෙවැනි දේශමාමක සංගීත නිර්මාණ බිහිකළ අය අතරට ඩොරැක්, සිබෙලියස් සහ ග්‍රේග් යන අය අයත්වෙයි. ‍සියවස අගභාගයේ පහළ වු අනෙකුත් වැදගත් චරිත අතර සේන්ට්
සීන්ස්, ෆුරේ, රැක්මනීනොෆ් සහ ෆ්‍රෑන්ක් ආදිහු අයත් වෙති. 20 වැනි සියවසේ සංගීතය[සංස්කරණය]20 වැනි සියවසේ දී ගුවන් විදුලි යන්ත්‍ර ලොව පුරා ප්‍රචලිත වීමත්, සංගීතය පටිගත කිරීම, ප්‍රතිග්‍රහණය කිරීම, ප්‍රති නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා නව මාධ්‍ය තාක්ෂණයන් දියුණු වීමත් සමඟ සංගීතයට සවන්දීමෙහි නව පෙරලියක් ඇති විය. මේ සමඟම සංගීතය තවදුරටත් සංගීත ප්‍රසංග සහ සමාජ ශාලාවලට සීමා වූවක් නොවූ අතර එබැවින් සංගීත නිර්මාපකයන්හට ඉතා සීඝ්‍රයෙන් රට පුරා සහ ඇතැම් විට ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමේ අවස්ථාව උදා විය. එමෙන්ම ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් සලකන කළ පෙර නොවූ විරූ තරම් පුළුල් සංගීත පරාසයකට සවන් දීමේ හැකියාව ඔවුන්ට හිමි විය. සංගීත වී‍ඩියෝ පට සහ සංගීත ප්‍රසංග පටිගත කිරීමත් විකාශය කිරීමත් සමඟ සංගීතමය ඉදිරිපත් කිරීම් වඩ වඩාත් දෘශ්‍ය තත්වයට පත් විය. තවද හැම ආකාරයකම සංගීතය වඩාත් සුවහනීය තත්වයට පත් විය. හෙඩ් ෆෝන් භාවිතයත් සමඟ එකිනෙකාට ආසන්නව වාඩි වී සිටින පුද්ගලයන් ‍දෙදෙනෙකුට පවා අවශ්‍යතාවය අනුව එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සංගීත ඛණ්ඩවලට හෝ එකම සංගීත ඛණ්ඩයට සවන් දීමේ හැකියාව හිමි විය.20 වන සියවසේ සංගීතය සමඟ ඊට පෙර
යුගයන්ගේ සංගීතය පිළිබඳ වූ පිළිගත් නීතිවලට අභියෝග කරන ආකාරයේ නව සංගීත විලාසිතා සහ ආකාර කරළියට පැමිණි අතර සංගීතය සම්බන්ධයෙන් වැඩි නිදහසක් සහ පුළුල් පර්යේෂණ සිදු කිරීමේ හැකියාවක් උදා විය. 20 වන සියවසේ මැද භාගයේ දී සංයෝජකය ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවල නිර්මාණයත්, සංගීත වර්ධක නිර්මාණය වීමත් ප්‍රචලිත සංගීතය විප්ලවයකට භාජනය කළ අතර නව සංගීත ආකාරවල බිහි වීම වේගවත් වීමට හේතු විය.ගීතිකා කණ්ඩායම්[සංස්කරණය]කණ්ඩායමක් වශයෙන් එක්ව ගායනයේ යෙදෙන ගායකයින් කණ්ඩායමක් ගීතිකා කණ්ඩායමක් හෝ සමූහ ගායනා කණ්ඩායමක් ලෙස හැඳින්වේ. ඉහත මුල් යෙදුම බොහෝ විට පල්ලිය හා සම්බන්ධව යෙදෙන අතර දෙවැනි යෙදුම ප්‍රසංග ශාලාවල ඉදිරිපත්කිරීම් කරන කණ්ඩායම් සඳහා භාවිතා වේ. කෙසේ නමුත් ඉහත යෙදුම් ස්ථිර වශයෙන් ඉහත දක්වා ඇති ආකාරයටම භාවිතා කළ යුතු යැයි කිව නොහැක. සමූහ ගායනා කණ්ඩායමක් හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන “Choir” ඉංග්‍රීසි භාෂාවේදී වාද්‍ය වෘන්දයක උප කාණ්ඩයක් හැඳින්වීමටද භාවිතා කෙරේ. ඒ අනුව යමෙකුට වාද්‍ය වෘන්දයක විවිධ කොටස් සම්බන්ධයෙන් කතා කිරීමටද “Choir” යන පදය භාවිත කරයි. දහඅටවැනි සහ විසිවැනි ශතවර්ශවල ලාක්ෂණික වන “
Oratorio” (ගීතයට නගන ලද ආගමික කතා පුවතකි) සහ “ Mass” යන වර්ග වලට අයත් ගීතමය ඉදිරිපත් කිරිම්වලදී “ Chorus” හෝ “Choir” යන පද මගින් ඉදිරිපත් කිරීමක එක් කොටසක් සඳහා දායකයින් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගිවන කොටස් ගම්‍යය වේ. මෙය “ Soloist” (තනි ගායකයෙක් ) “Quartet” (ගායකයින් සතර දෙනෙක් ) යන යෙදුම්වලට වඩා වෙනස්ව භාවිත වේ.ඇපලෝ 11මෙහෙයුම් සලකුනමෙහෙයුම් දත්තමෙහෙයුමේ නමඇපලෝ 11අණදීමේ ඒකකයකොලොම්බියා (CM-107)5,560 kg (12,260 රාත්)සේවා ඒකකයSM-10723,243 kg (51,242 රාත්)චන්ද්‍ර යානයඊගල් (LM-5)15,095 kg (33,279 රාත්)ගගනගාමීන් ගණන3සංඥා නාමයCSM: කොලොම්බියා LM: ඊගල්  ; චන්ද්‍ර පෘෂ්ථය මතුපිට නිසල මුහුදේ මධ්‍යස්ථානයවිදිනයසැටර්න් V (SA-506)ගුවන්ගතකිරීමේ පීඨිකාවLC39A,කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, ‍ෆ්ලොරීඩා ,,ඇමරිකා එක්සත් ජනපදයගුවන්ගතකල දිනයජූලි 16, 1969 (1969-07-16)13:32:00 UTCසඳෙහි ගොඩබැස්වීමජූලි 20, 1969   20:17:40 UTCනිසල මුහුද0°40′26.69″N 23°28′22.69″E / 0.6740806°N 23.4729694°E / 0.6740806; 23.4729694(IAU මධ්‍ය’ පෘථිවි ධ්‍රැව අක්ෂ ඛණ්ඩාංක පද්ධතිය මත පදනම්ව)සඳෙහි යානාවෙන් බාහිර ක්‍රියාකාරකම්
(EVA) කාලය.පැය 2 මිනිත්තු 36 තප්පර 40සඳෙහි මතුපිට ගතකල කාලය.පැය 21 මිනිත්තු 31 තප්පර 20චන්ද්‍ර පාෂාන වල බර21.55 kg (47.5 රාත්)සඳ වටා කක්ෂීය චලිත ගනන30සම්පූර්ණ අණදීමේ/සේවා ඒකක සඳ වටා කක්ෂයෙහි ගතකල කාලයපැය 59 මිනිත්තු 30 තප්පර 25.79ගොඩබැසීමජූලි 24, 196916:50:35 UTCඋතුරු පැසිෆික් සාගරය13°19′N 169°9′W / 13.317°N 169.150°W / 13.317; -169.150 (Apollo 11 splashdown)මෙහෙයුම් කාලයදින 8 පැය 03 මිනිත්තු 18 තප්පර 35ගගනගාමීන්ගේ ඡායාරූපයවමේ සිට දකුණට: නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස්, එඩ්වින් ඕල්ඩ්‍රින්ආශ්‍රිත මෙහෙයුම්පෙර මෙහෙයුමපසු මෙහෙයුම ඇපලෝ 10 ඇපලෝ 12ඇපලෝ 11 මෙහෙයුම සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.මෙම මෙහෙයු
ම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).කණ්ඩායම[සංස්කරණය]තනතුරගගනගාමියානියමුවානීල් ආම්ස්ට්‍රෝන්දෙවන අභ්‍යාවකාශ චාරිකාවඅණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවාමයිකල් කොලින්ස්දෙවන අභ්‍යාවකාශ චාරිකාවචන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවාඑඩ්වින් ඕල්ඩ්‍රින්දෙවන අභ්‍යාවකාශ චාරිකාවආදේශ කණ්ඩායම[සංස්කරණය]තනතුරගගනගාමියානියමුවාජෙම්ස් ලොවෙල්අණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවාවිලියම් ඇන්ඩර්ස්චන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවාෆ්‍රෙඩ් හේස්සහායක කණ්ඩායම[සංස්කරණය]චාලී ඩියුක් (කැප්සියුල සන්නිවේදක).රොනල්ඩ් එවන්ස් (කැප්සියුල සන්නිවේදක).ඔවෙන් කේ ගැරත් (කැප්සියුල සන්නිවේදක).ඩොන් එල් ලින්ඩ්, (කැප්සියුල සන්නිවේදක).කෙන් මැටින්ග්ලි (කැප්සියුල සන්නිවේදක).බෲස් මැක්කැන්ඩ්ල්ස් 11(කැප්සියුල සන්නිවේදක).හැරිස්න් ශ්ම්දිට්(කැප්සියුල සන්නිවේදක).බිල් පෝග්.ජැක් ශ්විග්ට්.
මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන්[සංස්කරණය]මෙම මෙහෙයුම සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන් වූයේ:[1][2][3][4]ඇපලෝ 11 මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්නමShiftකණ්ඩායමකාර්යයක්ලිෆර්ඩ් චාල්ස්වර්ත්1කොළගුවන්ගත කිරීම සහ EVAජෙරල්ඩ් ඩී. ග්‍රිෆින්1රන්shift 1 සදහා ආදේශජීන් ක්‍රෙන්ස්2සුදුචන්ද්‍ර ගොඩබැසීමග්ලේන් ලූනි3කළුචන්ද්‍ර පිටත්වීම්මිල්ටන් වින්ඩ්ලර්4මරූන්සැලසුම්මෙහෙයුමේ විශේෂ අවස්ථා[සංස්කරණය]විශාල වශයෙන් ජනතාව ගුවන් ගත කිර්‍ර්ම නැරඹීම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමර්ග වල සහ වෙරළවල් වල රැස්වී සිටි අතර මිලියන ගනන් ජනතාව රූපවාහිනිය හරහා සම්බන්ද වී සිටියහ. ඇමරිකානු ජනධිපති රිචඩ් නික්සන්, ධවල මන්දිරයේ ඕවල් ඔෆිස් හි සිට රූපවාහිනිය ඔස්සේ මෙහෙයුම නැරඹීය.1969 ජුලි 16 දින පෙ: ව: 9:32:00 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, අංක 39 ගුවන්ගත කිරීමේ සංකීර්ණයේ, අංක 39A ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 අභ්‍යවකාශ කරන ලදී. මේ සදහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී. විනාඩි 12 පසු යානය කක්ෂ ගත වෙයි[5].කක්ෂීය චලිත 1.5 පසු ,S-IVB හි තුන්වන අදියරේ එන්ජිම මගින් ඇපලෝ
11 යානය සද වෙත යන ගමන් පථයකට යොමුකරන ලදි. විනාඩි 30 පසු, අණදීමේ ඒකකය හා සේවා ඒකකය S-IVB ගෙන් වෙන්වී චන්ද්‍ර යානය සමග සද වෙත යන ගමන් පථයට පිවිසෙයි. S-IVB හි තුන්වන අදියරේ විදිනය, සදත් පසුකරගෙන ගොස් හිරුවටා යන කක්ෂයට පිවිසෙයි.සදට ගොඩබැසීම[සංස්කරණය]ඊගල් යානය , කොළොම්බ්යා යානයෙන් වෙන්වූ සැනින් චන්ද්‍ර කක්ෂයත පිවිසෙයි.Armstrong pilots Eagle to its landing on the Moon, July 20, 1969.ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.1969
ජූලි 20 වනදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්විය. කොළොම්බියාහි තනිව සිටි කොලින්ස් විසින් ඊගල් එය පසු කර යනවාත් සමඟ යානයට හානි වී නොමැති බව සැක හැර දැන ගැනීම සඳහා පරීක්ෂා කරන ලදී. ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩ්‍රින් ඊගල්ගේ ගොඩබැස්සවීමේ එන්ජිම සඳ මතට ගොඩ බෑම සඳහා යොදා ගන්නා ලදී.‍ගොඩබෑම් පටන් ගන්නවාත් සමඟම ආම්ස්ට්‍රෝන් විසින් අපි දුරට යනවා යැයි වාර්තා කරන ලදී. ඊගල් එහි සැලසුම් කරන ලද ගොඩ බෑමේ ප්‍රක්ෂේපිතයට වඩා තත්පර 4ක් එපිටින් වූ අතර ඒ නිසා අදාල ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් බටහිරින් සඳ මත පතිත වනු ඇත. LM මඟ පෙන්වීම් පරිගණකය LM ගොඩබැස්වීම මඟ පෙන්වීමත් සමඟ වැඩ සටහන් දැනුම් දීම් කිහිපයක් වාර්තා කරන ලදී. එමනිසා ගොඩ බෑම සිදු වන අතරතුර කාර්ය මණ්ඩලයේ අවධානය ද බාහිර වටපිටාවෙන් ඉවතට යොමු කිරීමට හේතු විය. ටෙක්සාස් හූස්ටන්හි වූ නාසාහි මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය තුළ වූ පරිගණක ඉංජිනේරු ජැක් ගාමන් මඟ පෙන්වීමේ නිළධාරී ස්ටීව් බේල්ස්ටර් ප්‍රකාශ කර සිටියේ දැනුම් සිදු වුව ද ගොඩ බැස්වීම අඛණ්ඩව සිදු කිරීම ආරක්ෂා සහගත බවයි. ආම්ට්‍රෝන් ඔහුගේ අවධානය වටපිටාව දර්ශනය කර ගැනීම සඳහා යොමු කළ විට ඔහුට තේරුම
් ගියේ පරිගණකය විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලබන්නේ පාෂාණ විසිරී ඇති විශාල ආවාටයක් දෙසට බවයි. ඉන්පසු ආම්‍ස්ට්‍රෝන් විසින් පාලනය ඔහුගේ අතට ගන්නා ලද අතර ඕල්ඩ්‍රින් මඟින් රේඩා‍රයේ පරිගණකයේ දත්ත ලබා ගනිමින් ජුලි 20 වන දා 20:17UTC ට තත්පර 30ක ඉන්ධන ද ඉතිරි කර ගනිමින් මොඩියුලය ගොඩබැස්වුම් ස්ථානයට ගෙන යන ලදී[6][7].වැඩ සටහන් දැනුම් දීම වූයේ පරිගණකයෙහි සකස් කිරීමේ කාර්යය සම්පුර්ණ කර නොමැති බව ඇඟවීමටය. මෙම හේතුව පසුව පුහුණුවීම් දෝශවලට ඈඳන ලදී. පරිගණකය ගොඩබෑම අතරතුර දී ඉවත දමන ලද LM රේඩාරයේ අතිරේක දත්ත සකස් කිරීම සඳහා සැලසුම් කර ඇති කාලයට වඩා වැඩි කාලයක් ගත කර ඇත. ඇපලෝ 11 අනෙකුත් මෙහෙයුම්වලට වඩා අඩු ඉන්ධන සහිතව ගොඩ බෑම සිදු කළ නමුත් එය ඉන්ධන අඩු අනතුරු ඇඟවීමකට මුහුණ දෙන ලදී. පසුව සොයා ගන්නා ලද්දේ මෙය සිදු වූයේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා බවයි[8][9][10]. අනාගත මෙහෙයුම්වලදී ටැංකි සඳහා අමතර ආරක්ෂණ යොදා ගන්නා ලදී.බස් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිට දී LM මඟින් ප්‍රථම වචන කිහිපය කතා කරන ලදී. ගොඩ බැස්වීම් පුරාවට LM මෙහෙයවීමේ නිරතව සිටි ආම්ස්ට්‍රෝන්හට ගොඩ බැස්වීමේ දත්ත ලබා දුන්නේ ද ඕල්ඩ්‍රින් විසිනි. ඊගල් ගොඩබ
ැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light! ok, engine stop. ACA – out of detent”[11] ප්‍රකාශ කරන ලද අතර ආම්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කර අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in”[12]ඉන්පසු ආම්ට්‍රෝන් ජනප්‍රිය වචන කිහිපයක් වූ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී[13]. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය[8][14].3-D view from the Lunar Reconnaissance Orbiter (LRO) of Apollo 11 landing siteගොඩබැස්වීමෙන් පසු EVA සඳහා සකස් කිරීම් ආරම්භ වීමට පෙර ඕල්ඩ්‍රින් විසින් මෙය විකාශනය කරන ලදී.This is the LM pilot. I'd like to take this opportunity to ask every person listening in, whoever and wherever they may be, to pause for a moment and contemplate the events of the past few hours and to give thanks in his or her own way. (මේ LM නියමුවාය. ම
විසින් මෙම අවස්ථාව ගනු ලබන්නේ අසා සිටින සියලු අයට මොහොතකට නැවතී ගත වූ පැය කිහිපයෙහි අවස්ථා සිහි කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍ය ආකාරයකින් ස්තුති කිරීම සිදු කරන්නට යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමටය.)[15] ඉන්පසු ඔහු සන්නිවේදනය පෞද්ගලිකව සිදු කරන ලදී. මේ වන විට ද නාසා, මැඩලයින් මුරේ ඕ හෙයාර් නම් වූ අදේවවාදියෙක් විසින් ගෙන එන ලද ‍ඔවුන්ගේ ගගනගාමීන් අභ්‍යාවකාශය තුළ දී ආගමික කටයුතුවලින් වැළකී සිටි බව දක්වන නඩුවක් සමඟ සටන් කරමින් පැවතුණි. ඕල්ඩ්‍රින් සෘජුවම මෙය සඳහන් කරමින් වැළකී සිටීමට තෝරා ගන්නා ලදී. ඔහු එම සැලසුම නිෂ්ශබ්දව පවත්වා ගත් අතර (එය ඔහුගේ බිරිඳට පවා නොපැවසීය) වසර කිහිපයක් යනතුරු මහජනයාට ප්‍රකාශයට පත් කළේ ද නැත.සදට මතුපිට ක්‍රියාකාරකම්[සංස්කරණය]නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් සඳ මත ඇවිදීමට සූදානම් වීම 23:43 UTC ට ආරම්භ විය[16].මේ සදහා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත විය; පැය දෙකක් වෙනුවට පැය තුනහමාරක් ගත විය. පෘථිවියේ පුහුණුවීම් අතරතුර, අවශ්‍ය සියල්ල කල්තියා පිළිවෙළට සකස් කර තිබූ නමුත්, සඳෙහි මැදිරියේ පිරික්සුම් ලැයිස්තු, ආහාර පැකට් සහ මෙවලම් වැනි වෙනත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද අඩංගු වි
ය[17].ගොඩබෑමෙන් පැය හයක් සහ මිනිත්තු තිස් නවයකට පසු, ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් පිටතට යාමට සූදානම් වූ අතර, ඊගල් අවපීඩනය කළේය[18].02:39:33 ට ඊගල් හි දොර විවෘත කරන ලදි[16].ආම්ස්ට්‍රෝංට මුලදී ඔහුගේ අතේ ගෙන යා හැකි ජීවිත ආධාරක පද්ධතිය (PLSS) සමග දොර හරහා යාම්දී යම් දුෂ්කරතා ඇති විය.[19]ඇපලෝ ගගනගාමීන්ගෙන් වාර්තා වූ ඉහළම හෘද ස්පන්දන සමහරක් LM පිටවීම සහ ඇතුල් වීමේදී සිදු විය.[20] 02:51 ට ආම්ස්ට්‍රෝං සඳ මතුපිටට බැසීමට පටන් ගත්තේය. ඔහුගේ පපුවේ තිබූ දුරස්ථ පාලක ඒකකය නිසා ඔහුගේ පාද නොපෙනුනි.ඉණිමඟෙන් බැස ආම්ස්ට්‍රෝං ඊගල්ගේ පැත්තට නැමුණු modular equipment storage assembly (MESA) යෙදවීමට සහ රූපවාහිනී කැමරාව ක්‍රියාත්මක කිරීමට D-ring එකක් ඇද්දේය.[21][22]Apollo 11 විකාශන රූපවාහිනියට නොගැලපෙන slow-scan television (TV) භාවිතා කළේය, එබැවින් එය විශේෂ මොනිටරයක දර්ශනය වූ අතර රූපවාහිනී කැමරාවක් මෙම මොනිටරය (එමගින්, විකාශනයක විකාශනයක්) නරඹන ලදී, පින්තූරයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස අඩු විය.[23]සංඥාව ලැබුනේ එක්සත් ජනපදයේ ගෝල්ඩ්ස්ටෝන් හිදී, නමුත් වඩා හොඳ සංඥාව ලැබුන ඕස්ට්‍රේලියාවේ කැන්බරා අසල Honeysuckle Cre
ek Tracking Station වෙතින්. මිනිත්තු කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවේ වඩාත් සංවේදී පාර්ක්ස් රේඩියෝ දුරේක්ෂයට මාරු විය.[24]යම් තාක්‍ෂණික සහ කාලගුණික දුෂ්කරතා මධ්‍යයේ වුවද, පළමු චන්ද්‍ර EVA හි කළු සහ සුදු පින්තූර, අවම වශයෙන් මිලියන 600 ක ජනතාවකට විකාශනය කරන ලදී.[24]මෙම වීඩියෝවේ පිටපත් සුරකින ලද අතර ඒවා බහුලව තිබේ, නමුත් චන්ද්‍ර පෘෂ්ඨයෙන් මුල් slow-scan සම්ප්‍රේෂණයේ පටිගත කිරීම් නාසා හි සාමාන්‍ය චුම්බක ටේප් නැවත භාවිතා කිරීමේදී විනාශ වී ඇත.[23]Video of Neil Armstrong and the first step on the Moonමතුපිට දූවිලි "ඉතා සියුම් ලෙස" සහ "පාහේ කුඩු වැනි" ලෙස විස්තර කිරීමෙන් පසු, 02:56:15,[25] ගොඩබෑමෙන් පැය හයහමාරකට පසු, ආම්ස්ට්‍රෝං ඊගල්ගේ ගොඩබෑමේ තට්ටුවෙන් බැස මෙසේ ප්‍රකාශ කළේය. "එය මිනිසෙකුට එක් කුඩා පියවරක්, මනුෂ්‍ය වර්ගයා සඳහා එක් යෝධ පිම්මක්."[26][27]That's one small step ...මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.සඳ මතුපිටට පා තබා මිනිත්තු හතකට පමණ පසු, ආම්ස්ට්‍රෝං සැරයටියක් මත නියැදි බෑගයක් භාවිතා කරමින් හදිසි පස් සාම්පලයක් රැස් කළේය. ඉන්පසු ඔහු බෑගය නමා දකුණු කල
වයේ සාක්කුවකට දමා ගත්තේය. මෙය හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ට EVA අතහැර LM වෙත ආපසු යාමට අවශ්‍ය වූ විට චන්ද්‍ර පස නැවත ගෙන ඒම සහතික කිරීම සඳහා ය.[28] නියැදිය එකතු කිරීමෙන් මිනිත්තු දොළහකට පසු,[26] ඔහු MESA වෙතින් රූපවාහිනී කැමරාව ඉවත් කර panoramic sweep එකක් සාදා, පසුව එය ට්‍රයිපොඩ් එකක සවි කළේය.[19]නිශ්චල ඡායාරූපකරණය අතින් ගෙන යා හැකි හෝ ආම්ස්ට්‍රෝංගේ ඇපලෝ අභ්‍යවකාශ ඇඳුමේ සවි කළ හැකි Hasselblad කැමරාවකින් සිදු කරන ලදී.[29] ඕල්ඩ්‍රින් ආම්ස්ට්‍රෝං සමඟ එක් විය. ඔහු දර්ශනය විස්තර කළේ "Magnificent desolation." යන සරල වාක්‍ය ඛණ්ඩයෙනි.[22]ආම්ස්ට්‍රෝං පැවසුවේ පෘථිවියේ හයෙන් එකක් වන චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය තුළ චලනය වීම "සමහර විට සමාකරණවලට(simulation) වඩා පහසු විය හැකි බවයි ... අවට ඇවිදීම කිසිසේත්ම කරදරයක් නොවේ."[22]ඕල්ඩ්‍රින් ඔහු සමඟ මතුපිටට සම්බන්ධ වූ අතර අඩි දෙකේ කැන්ගරු පැනීම ඇතුළු එහා මෙහා ගමන් කිරීමේ ක්‍රම පරීක්ෂා කළේය.PLSS බැක්පැක් එක පසුපසට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් ඇති කළ නමුත් කිසිම ගගනගාමියෙකුට සමතුලිතතාවය පවත්වා ගැනීමේ බරපතල ගැටළු ඇති නොවීය.ගගනගාමීන් වාර්තා කළේ ඔවුන්ගේ චලනයන් පියවර හයක්
හෝ හතක් ඉදිරියෙන් සැලසුම් කළ යුතු බවයි. සිහින් පස තරමක් ලිස්සන සුළු විය. සූර්යාලෝකයේ සිට ඊගල්ගේ සෙවණැල්ලට ගමන් කිරීමෙන් ඇඳුම ඇතුළත උෂ්ණත්ව වෙනසක් සිදු නොවන බව ඕල්ඩ්‍රින් ප්‍රකාශ කළේය, නමුත් හිස්වැස්ම සූර්යාලෝකයේදී උණුසුම් වූ බැවින් ඔහුට සෙවනැල්ලේදී සිසිල් බවක් දැනුණි.[22]ඕල්ඩ්‍රින් සද මතුපිට මත සිටවූ එක්සත් ජනපද ධජයට ආචාර කරන ආකාරය.ගගනගාමීන් රූපවාහිනී කැමරාවට පැහැදිලිව පෙනෙන පරිදි චන්ද්‍ර මතුපිට එක්සත් ජනපදයේ ධජයක් අඩංගු Lunar Flag Assembly සිටවූහ. ඕල්ඩ්‍රින් සිහිපත් කළේ, "සඳ මත මට කිරීමට සිදු වූ සියලුම කාර්යයන් අතරින් මට වඩාත් සුමටව යාමට අවශ්‍ය වූයේ ධජය එසවීමයි."[30] නමුත ගගනගාමීන් කොඩිය සිටුවීමේදී දුෂ්කරතා ඇති වූ අතර කොඩි කණුව 2 අඟල් (5 cm)ක් පමණක් සද මතුපිට තුළට ඇතුළු කළ හැකි විය.එය රූපවාහිනී නරඹන්නන් ඉදිරියේ පෙරළෙනු ඇතැයි ඕල්ඩ්‍රින් බිය වූ නමුත් "ආචාරයක්" ලබා දුන්නේය.[30]ඕල්ඩ්‍රින් විසින් ධජය සමග ආම්ස්ට්‍රෝන්ගේ ඡායාරූපයක් ගැනීමට පෙර, ජනාධිපති රිචඩ් නික්සන් දුරකථන-ගුවන්විදුලි සම්ප්‍රේෂණයක් හරහා ඔවුන් සමඟ කතා කළ අතර, එය නික්සන් හැඳින්වූයේ "ධවල මන්දිරයෙන් මෙතෙක් සිදු කරන ලද වඩාත්ම
ඓතිහාසික දුරකථන ඇමතුම" ලෙසිනි.[31]නික්සන්ට මුලින් දුරකථන ඇමතුම අතරතුර කියවීමට දිගු කථාවක් සූදානම් කර තිබූ නමුත් ඇපලෝ 11 අතරතුර නාසා සම්බන්ධකයෙකු ලෙස ධවල මන්දිරයේ සිටි ෆ්‍රෑන්ක් බෝර්මන්, ඔහුගේ කතාව කෙටියෙන් තබා ගැනීමට නික්සන්ට ඒත්තු ගැන්වීය.[32]Nixon: Hello, Neil and Buzz. I'm talking to you by telephone from the Oval Room at the White House. And this certainly has to be the most historic telephone call ever made from the White House. I just can't tell you how proud we all are of what you have done. For every American, this has to be the proudest day of our lives. And for people all over the world, I am sure that they too join with Americans in recognizing what an immense feat this is. Because of what you have done, the heavens have become a part of man's world. And as you talk to us from the Sea of Tranquility, it inspires us to redouble our efforts to bring peace and tranquility to Earth. For one priceless moment in the whole history of man, all the people on this Earth are truly on
e: one in their pride in what you have done, and one in our prayers that you will return safely to Earth.Armstrong: Thank you, Mr. President. It's a great honor and privilege for us to be here, representing not only the United States, but men of peace of all nations, and with interest and a curiosity, and men with a vision for the future. It's an honor for us to be able to participate here today.[33][34]ඕල්ඩ්‍රින්ගේ පා සටහනඔවුන් සඳ කම්පන මැනීම සඳහා භාවිතා කරන භූ කම්පන පරීක්ෂණ පැකේජයක් සහ චන්ද්‍ර ලේසර් පරාසයක අත්හදා බැලීම සඳහා භාවිතා කරන ප්‍රතිවර්තක අරාවක් ඇතුළත් EASEP(Early Apollo Scientific Experiments Package) යොදවූහ.[35]ඉන්පසු ආම්ස්ට්‍රෝං LM සිට අඩි 196ක් (මීටර් 60) ඇවිද ගොස් ලිට්ල් වෙස්ට් ආවාටයේ මායිමේ ඡායාරූප ගන්නා අතර ඕල්ඩ්‍රින් මූලික සාම්පල දෙකක් එකතු කළේය. ඔහු භූ විද්‍යාඥයාගේ මිටිය ආධාරයෙන් නල තුළට පහර දුන්නේය—ඇපලෝ 11 මත මිටිය භාවිත කළ එකම අවස්ථාව—එහෙත් අඟල් 6ක් (සෙන්ටිමීටර 15ක්) ගැඹුරට විනිවිද යාමට ඔහුට නොහැකි විය. අභ්‍යවකාශගාමීන් පසුව දිගු හැඳි සහ අඬු භාවිතා කරමින් පාෂාණ ස
ාම්පල එකතු කළහ. බොහෝ මතුපිට ක්‍රියාකාරකම් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වූ අතර, එම නිසා ඔවුන්ට නියමිත මිනිත්තු 34 තුළදී නියැදි එකතු කිරීම ලේඛනගත කිරීම නතර කිරීමට සිදු විය. ඕල්ඩ්‍රින් සවල භාවිතයෙන් කිලෝග්‍රෑම් 6ක් (රාත්තල් 13) බර පස් ගල් සහිත පෙට්ටියට ඇසිරීය.[36]භූ විද්‍යාත්මක සාම්පලවල basalt සහ breccia නම් පාෂාණ වර්ග දෙකක් හමු විය.[37]ගගනගාමීන් විසින් එකතු කරන ලද පාෂාණ සාම්පල වලින් නව ඛනිජ තුනක් සොයා ගන්නා ලදී:Armalcolite, Tranquillityite, සහ Pyroxferroite. Armalcolite ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රින් සහ කොලින්ස්ගේ නමින් නම් කරන ලදී. සියල්ල පසුව පෘථිවියේ සොයා ගන්නා ලදී.[38]ඊගල් හි ඉණිමඟේ ඉතිරිව ඇති ඵලකයසද මතුපිටි සිටියදී, ආම්ස්ට්‍රෝං විසින් LM ඉණිමඟේ සවිකර ඇති සමරු ඵලකයක් අනාවරණය කර ගත් අතර, එහි පෘථිවි චිත්‍ර දෙකක් (බටහිර සහ නැගෙනහිර අර්ධගෝල. ලේඛනයක් සහ ගගනගාමීන්ගේ සහ ජනාධිපති නික්සන්ගේ අත්සන් ඇතුළත් විය. එම ලේඛනයේ මෙසේ සඳහන් විය.Here men from the planet Earth first set foot upon the Moon July 1969, A. D. We came in peace for all mankind. (පෘථිවි ග්‍රහලෝකයේ මිනිසුන් මුලින්ම සඳ මත පා
තැබුවේ 1969 ජූලි, A. D. අපි සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සාමයෙන් පැමිණියෙමු.)[22]දෙවියන් වහන්සේට සඳහනක් එක් කිරීමට නික්සන් පරිපාලනයේ නියමය පරිදි, NASA විසින් ඇනෝ ඩොමිනි ("අපගේ ස්වාමීන්ගේ වර්ෂයේ") සඳහා වන A.D. ඇතුළත් කිරීමට හේතුවක් ලෙස නොපැහැදිලි දිනය ඇතුළත් කළේය.[39]චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම[සංස්කරණය]ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැ
වත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් සඳෙන් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එන්ජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින්, ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම
් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගා
රින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම්ද ඇතුළත් වූ බවයි.සඳෙන් නැවත නිකුත් වීමේ දී ගන්නා ලද සේයා පටවලින් තහවුරු වූයේ, ගොඩ බෑම් අදියරේ සිට අඩි 25ක් පමණ දුරින් සිටුවා තිබූ ඇමරිකානු ධජය නිකුත් කිරීම් අදියරේ දී එන්ජිමෙන් පිටවන වාත ධාරාව නිසා ඉතා දරුණු ලෙස ලෙළදුන් බවයි. ගොඩබෑම් ප්‍රදේශය කැමරා දර්ශන පථයෙන් ඉවත් වන විට ධජය බිම වැටීමට ආසන්නව තිබිණි. එය බිම වැටුණේ ද නැද්ද යන්න නොදන්නා කරුණකි. (කෙසේ නමුත් බස් ඕල්ඩ්‍රින්ට අනුව චන්ද්‍ර නිකුත් වීම් අතරතුර දී “නිකුත් කිරීම් අදියර ඇරඹුණි."මම පරිගණක ගැන අවධානය යොමු කරන අතර නීල් උන්නතාංශ අනාවරකය අධ්‍යයනය කරමින් සිටියේය. නමුත් මම ධජය බිම වැටීම පෙනෙන තෙක් බලා ගෙන සිටියෙමි”) ඉන්පසුව සිදු කරන ලද ඇපලෝ මෙහෙයුම් සාමාන්‍යයෙන් ඇමරිකානු ධජ සිටවනු ලැබුවේ LM හි සිට 100m ක් වත් දුරිනි. එසේ කරනු ලැබුවේ නිකුත් කිරීමේ එංජිමෙන් පිටවන වායු කදම්බයෙන් ධජය ඉවතට විසිවීම වැළැක්වීමටය.කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පව
තින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.ජූලි 23 වැනිදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. "මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියලු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. "පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී
බැලීමේ දී දේව ස්ත්‍රෝත්‍රයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට නැඟේ. "When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?" ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ, “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිටදී අපගේ කුඩා අභ්‍යවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලටද එය හිමි වේ. තවද අප අභ්‍යවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියලු හැකියා සහ එම යානයට යෙදවූ සියලු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටිමු. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ
කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට” ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km එපිටින්ය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.පෘථිවියට පැමිණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවු
රු කරන ලදී. 1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්, චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙක්සිකෝව විසින් මෙක්සිකෝ සිටි හිදී වූ ඔවුන්ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.ලොස් ඇන්ජලීස්හි එම සන්ධ්‍යාවේ දී ඇපලෝ 11 සැමරීම සඳහා රාජකාරීමය තත්ත්වයේ රාත්‍රී භෝජනයක් පැවතුණි. එයට කොංග්‍රසයේ සාමාජිකයන්, ආණ්ඩුකාරයන් 44 ක්, ප්‍රධාන විනිශ්චකාර තුමා හා ජාති 83ක නියෝජිතයන් පැමිණුනි. ජනාධිපති රිචඩ් නික්සන් හා උප ජනාධිපති ස්පයිරෝ ටී. ඇග්නිව් එක් එක් ගඟනගාමියාට නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම් ලබා දෙමින් ගෞරව දැක්වීය. මෙම සැමරීම දින 25 ක අතිශය දැවැන්ත සංචාරයක ඇරඹුම විය. එහිදී ගඟනගාමීන් රටවල් 25කට පමණ ගෙන එන ලද අතර එයට එක්සත් රාජධානියේ දෙවන එලිසබත් රැජින වැනි ප්‍රධාන නායකයන්ගේ හමු වීම් ද ඇතුළත් විය. බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ.සෙන්ට් ලුවිස්හි පැවති 27 වැනි ලෝක විද්‍යාත්මක ප්‍රබන්ධ
සම්මේලනයේ දී “(t) he Best moon landing ever” සඳහා ගඟනගාමීන් තිදෙනාට සුවිශේෂ හියුගෝ (Hugo) සම්මාන පිරිනමන ලදී.1969 සැප්තැම්බර් 16 වැනිදා ගඟනගාමීන් තිදෙනා කැපිටොල් හි පැවති කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක කතා කරන ලදී. ඔවුන් සඳ මතුපිටට රැගෙන ගිය US ධජ 2 එහිදී ඔවුන්ට ප්‍රදානය කරන ලදී.අණ දීම් මොඩියුලය වොෂින්ටන් DC හි ජාතික ආකාශ හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එය ජෙෆර්සන් ඩ්‍රයිව් ඇතුළුවීමට ඉදිරියෙන් ප්‍රධාන ප්‍රදර්ශන ශාලාවෙහි තබා ඇති අතර Spirit of St. Louis, bellX-1, North American X-15 , Mercury capsule friendship 7 හා ජෙමිනි 4 වැනි අනෙකුත් ප්‍රමුඛ ගඟන යානා සමඟ ශාලාවෙහි ඇත. නිරෝධායන ට්‍රේරලය වර්ජිනියාහි වොෂින්ටන් ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේ වූ ස්මිත් සෝනියන්ගේ උද්වර් - හේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත.මූලාශ්‍ර[සංස්කරණය]Chaikin, Andrew (1994). A Man on the Moon: The Triumphant Story Of The Apollo Space Program. New York: Penguin Group. ISBN 978-0-14-027201-7. OCLC 890357362.Mindell, David A. (2008). Digital Apollo: Human and Machine in Spaceflight. Cambridge,
Massachusetts: MIT Press. ISBN 978-0-262-13497-2. LCCN 2007032255. OCLC 751829782.Orloff, Richard W. (2000). Apollo by the Numbers: A Statistical Reference. NASA History Series. Washington, D.C.: NASA History Division, Office of Policy and Plans. ISBN 978-0-16-050631-4. LCCN 00061677. OCLC 829406439. SP-2000-4029. August 23, 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 12, 2013.Mission Evaluation Team (November 1969). Apollo 11 Mission Report (PDF). Houston, Texas: NASA Manned Spacecraft Center. OCLC 10970862. SP-238. September 4, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය July 10, 2013.Cortright, Edgar M (1975). "Scouting the Moon". In Cortright, Edgar M (ed.). Apollo Expeditions to the Moon. Washington, D.C.: NASA. pp. 79–102. OCLC 1623434. SP-350. February 19, 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.Johnston, Richard S.; Dietlein, Lawrence F.; Berry, Charles A., eds. (1975). Biomedical Results of Apo
llo (PDF). Vol. NASA-SP-368. Washington, D.C.: NASA. SP-368. November 2, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය November 2, 2019.Borman, Frank; Serling, Robert J. (1988). Countdown: An Autobiography. New York: Silver Arrow. ISBN 978-0-688-07929-1. OCLC 937625026.Harland, David (1999). Exploring the Moon: The Apollo Expeditions. London; New York: Springer. ISBN 978-1-85233-099-6. OCLC 982158259.Gardner, William (2017). Before the Fall: An Inside View of the Pre-Watergate White House. London; New York: Routledge. ISBN 978-1-351-31458-9.උපුටා දැක්වීම්[සංස්කරණය]↑ Glen E. Swanson, ed. (August 5, 2004). SP-4223: Before This Decade is Out—Personal Reflections on the Apollo Program—Chapter 9—Glynn S. Lunney. NASA. p. 211. ISBN 978-0-16-050139-5. February 27, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 21, 2019. Apollo 11 flight directors pose for a group photo in the Mission Control Center. Pictured left to right, and the shifts that th
ey served during the mission, are (in front and sitting) Clifford E. Charlesworth (Shift 1), Gerald D. Griffin (Shift 1), Eugene F. Kranz (Shift 2), Milton L. Windler (Shift 4), and Glynn S. Lunney (Shift 3). (NASA Photo S-69-39192.)↑ Murray, Charles A.; Cox, Catherine Bly (July 1989). Apollo, the race to the moon. Simon & Schuster. pp. 356, 403, 437. ISBN 978-0-671-61101-9. May 22, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 9, 2019.↑ Woods, David; MacTaggart, Ken; O'Brien, Frank (May 18, 2019). "Day 4, part 4: Checking Out Eagle". Apollo Flight Journal. February 24, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 21, 2019 – via NASA.↑ Woods, David; MacTaggart, Ken; O'Brien, Frank (May 18, 2019). "Day 3, part 1: Viewing Africa and Breakfast". Apollo Flight Journal. November 12, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 21, 2019 – via NASA.↑ "ඇපොලෝ : ඉලක්කම් වලින්". සම්ප්‍රවේශය 2011-06-14.↑ Chaikin 1994, පිටු අංක
ය: 196.↑ Mindell 2008, පිටු අංක: 195–197.↑ 8.0 8.1 Jones, Eric M., ed. (1995). "The First Lunar Landing". Apollo 11 Lunar Surface Journal. NASA. December 27, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.↑ Orloff 2000, පිටු අංකය: 295.↑ Fjeld, Paul (June 2013). "The Biggest Myth about the First Moon Landing" (PDF). Horizons. 38 (6): 5–6. February 24, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය March 29, 2019.↑ Chaikin 1994, පිටු අංකය: 199.↑ Mindell 2008, පිටු අංකය: 226.↑ Failure is Not an Option (TV production). The History Channel. August 24, 2003. OCLC 54435670.↑ "James May speaks to Charles Duke". BBC Archives. 2009. August 17, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 7, 2009.↑ Jones, Eric M., ed. (1995). "Post-landing Activities". Apollo 11 Lunar Surface Journal. NASA. May 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.↑ 16.0 16.1 Orloff 2000, පිටු අංකය: 1
07.↑ Mission Evaluation Team 1969, පිටු අංකය: 22.↑ Cortright 1975, පිටු අංකය: 215.↑ 19.0 19.1 Jones, Eric M.; Glover, Ken, eds. (1995). "First Steps". Apollo 11 Lunar Surface Journal. NASA. October 9, 2006 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 23, 2006.↑ Johnston, Dietlein & Berry 1975, පිටු අංක: 115–120.↑ Duggan, Paul (August 25, 2012). "Neil Armstrong, first man to step on the Moon, dies at 82". The Washington Post. February 12, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය May 25, 2013.↑ 22.0 22.1 22.2 22.3 22.4 Jones, Eric M., ed. (1995). "One Small Step". Apollo 11 Lunar Surface Journal. NASA. August 8, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.↑ 23.0 23.1 Macey, Richard (August 5, 2006). "One giant blunder for mankind: how NASA lost Moon pictures". The Sydney Morning Herald. Sydney. May 29, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.↑ 24.0 24.1 Sarkissian 20
01, පිටු අංකය: 287.↑ Stern, Jacob (July 23, 2019). "One Small Controversy About Neil Armstrong's Giant Leap—When, exactly, did the astronaut set foot on the moon? No one knows". The Atlantic. November 8, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 23, 2019.↑ 26.0 26.1 Orloff 2000, පිටු අංකය: 108.↑ Canright, Shelley, ed. (July 15, 2004). "Apollo Moon Landing—35th Anniversary". NASA Education. NASA. July 4, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013. Includes the "a" article as intended.↑ Meyer, Charles (2009). "Lunar Sample Compendium: Contingency Soil (10010)" (PDF). Astromaterials Research & Exploration Science. NASA. May 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය June 13, 2013.↑ Mission Evaluation Team 1969, පිටු අංකය: 23.↑ 30.0 30.1 "A Flag on the Moon". The Attic. July 26, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 1, 2018.↑ "Exhibit: Apollo 11 and Nixon". Ameri
can Originals. Washington, D.C.: National Archives and Records Administration. March 1996. November 14, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2008.↑ Borman & Serling 1988, පිටු අංක: 237–238.↑ "Richard Nixon: Telephone Conversation With the Apollo 11 Astronauts on the Moon". The American Presidency Project. UC Santa Barbara. March 2, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 26, 2018.↑ "Apollo 11 Astronauts Talk With Richard Nixon From the Surface of the Moon - AT&T Archives". AT&T Tech Channel. July 20, 2012. May 22, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය December 5, 2020 – via YouTube.↑ Jones, Eric M., ed. (1995). "EASEP Deployment and Closeout". Apollo 11 Lunar Surface Journal. NASA. February 25, 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 13, 2013.↑ Harland 1999, පිටු අංක: 28–29.↑ "Lunar Sample Overview". Lunar and Planetary Institute. February 7, 2021 දින පැවති මුල් ප
ිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය December 28, 2018.↑ University of Western Australia (January 17, 2012). "Moon-walk mineral discovered in Western Australia". ScienceDaily. November 11, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 24, 2018.↑ Gardner 2017, පිටු අංකය: 143.http://en.wikipedia.org/wiki/Apollo_11vteඇපලෝ වැඩසටහනමෙහෙයුම් ලැයිස්තුවඅවලංගු කළ මෙහෙයුම්ඇපලෝ ගගනගාමීන්ගේ ලැයිස්තුවදියත් කිරීමේ සංකීර්ණLaunch Complex 34Launch Complex 37Launch Complex 39ABGround facilitiesMission Control CenterCape Kennedy Air Force StationCrawler-transporterKennedy Space CenterManned Space Flight Networkදියත් කිරීමේ වාහනLittle Joe IISaturnSaturn ISaturn IBSaturn Vඅභ්‍යවකාශ යානා සහ රෝවර්ඇපලෝ අභ්‍යවකාශ යානාවිධාන සහ සේවා මොඩියුලයචන්ද්‍ර මොඩියුලයචන්ද්‍ර රෝවරයගමන්මිනිසුන් රහිතAS-101AS-102AS-201AS-202ඇපලෝ 4ඇපලෝ 5ඇපලෝ 6†මිනිසුන් සහිතඇපලෝ 1†ඇපලෝ 7ඇපලෝ 8ඇපලෝ 9ඇපලෝ 10ඇපලෝ 11ඇපලෝ 12ඇපලෝ 13†ඇපලෝ 14ඇපලෝ 15ඇපලෝ 16ඇපලෝ 17සැටර්න්ස
ංවර්ධනයසැටර්න්-ඇපලෝ 1SA-2SA-3SA-4SA-5AS-203ඇපලෝ 4ඇපලෝ 6†Abort testsQTVPad Abort Test-1A-001A-002A-003Pad Abort Test-2A-004පෙගසස්AS-103AS-104AS-105ඇපලෝ 8 විශේෂිතEarthriseGenesis readingඇපලෝ 11 විශේෂිතCommand Module ColumbiaLunar Module EagleTranquility BaseGoodwill messagesLunar sample displaysMissing tapesAnniversaries50th Anniversary commemorative coinsIn popular cultureඇපලෝ 12 විශේෂිතStatio CognitumSurveyor 3සර්වේයර් ආවාටයBench Crater meteoriteJ002E3සඳ කෞතුකාගාරයසඳ මත Streptococcus mitis පිළිබඳ වාර්තාඇපලෝ 13 විශේෂිත"හූස්ටන්, අපිට ප්‍රශ්නයක් තියෙනවා"ඇපලෝ 14 විශේෂිතModular Equipment TransporterFra Mauro formationBig BerthaMoon treeඇපලෝ 15 විශේෂිතJourneyLunar operationsSolo operationsReturn to EarthHadley–ApennineFallen AstronautGenesis RockGreat ScottHadley Rille meteoriteSeatbelt basaltPostal covers incidentඇපලෝ 16 විශේෂිතBig Muleyඇපලෝ 17 විශේෂිතThe Blue MarbleTaurus–LittrowTracy's RockNansen-Apollo craterShorty crate
rLunar sample displayLunar basalt 70017Troctolite 76535Apollo Lunar Sounder ExperimentFe, Fi, Fo, Fum, and Phooeyඇපලෝට පසුකැප්සියුලයේ භාවිතSkylab234Apollo–SoyuzRelatedLunar orbit rendezvousStolen and missing Moon rocksThird-party evidence for Apollo Moon landingsSymbol † අසාර්ථක හෝ අර්ධ අසාර්ථකත්වය පෙන්නුම් කරයිCongress HallExterior of Congress Hallපැරණි නම්Philadelphia County Courthouseසාමාන්‍ය තොරතුරුගෘහනිර්මාණ ශෛලියෆෙඩරල් ගෘහ නිර්මාණ ශිල්පයපිහිටීමනො: 6 චෙල්ස්නට් වීදිය ,පිලඩේපියාව,පෙනිසල්වේනියාවඛණ්ඩාංක39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507ඛණ්ඩාංක: 39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507වර්තමාන නිවැසියන්ජාතික උද්‍යාන සේවාවඉදිකිරීම් ආරම්භ වූයේ1787සමාප්තිය1789හිමිකරුපිලඩේපියාව [1]සැලසුම සහ ඉදිකිරීමගෘහනිර්මාණ ශිල්පියාසැමුවෙල් ලීවිස්කොන්ග්‍රස් ශාලාව නම් ගොඩනෑගිල්ල පිහිටා තිබෙන්නේ "ඡෙස්ට්නුට්" හා ඵිලඩෙල්ඵියා, පෙන්නිස්ය්ල්වනියා වේ 6 වන වීදියේය.එය 1970,දෙසෑම්බර් 06 සිට එක්සත් ජනපදයෙ මන්ත්‍රිඩුර ආසනය ලෙස සේවය කරන ලද
ි."වෙර්මොන්ට්,කෙන්ටුකුඉ" හා "ටෙන්නෙස්සී" නම් ජනපද තුනක් රට තුල පිලිගනු ලබුවෙය් කොන්ග්‍රස් ශාලව ඈති කාලය තුලදිය.ඈමරිකා එක්සත් ජනපදයේ අයිතිවසිකම් පනත සම්මත කිරිම හා "ජෝඔර්ජ් වොශින්ටන්" හ "ජොන් ඈඩම්ස්" ජනාදිපති නිල ආරම්භය ද සිදු විය.එය 20 වන සියවසේ,1796 පෑවතුනු මුල් පෙනුමට කොන්ග්‍රස් ශාලව ප්‍රතිසන්ස්කරනය කරන ලදි.වර්තමනයේ මෙම ගොඩනෑගිල්ල පාලනය කරනු ලබන්නේ නිදහස් ජාතික ඓතිහාසික උද්යානයේ ඈතුලත පිහිටි ජාතික උද්යාන සේවය විසින් වන අතර එය සන්චාරකයන් සදහ විවුර්තව ඈත.කොන්ග්‍රස් මන්දිරය,නිදහස් මන්දිරය අසන්නයේ පිහිටා ඈති නිසා ඒ සමග පටලවා නොගත යුතුය.පසුබිම[සංස්කරණය]ඈමරිකනු විප්ලවවාදි යුද්දෙය පවතින කාලය තුල ඈමරිකා එක්සත් ජනපද්යේ අගනුවර ලෙස "ඵිලඩෙල්ඵියා" පිහිටුවන ලදි.එයට අසන්නයෙ පිහිටි නිදහස් මන්දිරය යුරොපා කොන්ග්‍රසයේ සාකච්ජා පවත්වන ස්තානය ලෙස ද "පෙනුසුයිලෙවනියා හමුදා කෑරලි ගෑසිම් ඈති වු 1783 තෙක් පවත්වගෙන යන ලදි.පෙනුසුයිලෙවනියා රජයේ අසමත් විම නිස කොන්ග්‍රසය කෑරලිකරුවන්ගෙන් ආරක්ශා කර ගෑනිමට නොහෑකි වු බෑවින් කොන්ග්‍රස් නියොජිතයො එය ප්‍රින්ස්ටොන්,නිව් ජෙර්සි වලට ගෙන යන ලදි.අවසානයේ අගනුවර නිඩ්යොර්
ක් නගරයට ගෙන එමට පෙර ඈන්නාපොලිස්,මාරියලන්ඩ් වලට 1784 දි ගෙන යන ලදි.එනමුත් සම්මුතිය අතර තුල කාලයේ නිව් යොර්ක් නිලලත් අගනුවර ලෙස පෑවතිණි.කොන්ග්‍රස් ශාලව මුල්වරට නිර්මාණය කරන ලද්දේ සෑමුවෙල් ලුවිස් විසින් වන අතර 1787 ඉදිකිරිම් ආරම්භකර ඈති අතර එය සාදා නිම කිරිමට වසර 2 ක් ගත වු අතර එය ඉදි කරන ලද්දේ පිලඩෙල්පියා රාජ්යයේ උසාවිය ලෙසටය.තාවකාලික ඈමරිකාවේ මහා මන්ත්‍රනසභා ශාලාව[සංස්කරණය]ඈමරික එක්සත් ජනපදයේ විවස්තාවලියේ 01 පනතේ ,08 වන පරිජ්ජේදයේ කොන්ග්‍රසය සදහා ෆෙඩරල් දිස්තිරික්කය ඈති කර ජාතික අගනුවර ලෙස කටයුතු කිරිමට බලතල ලබා දෙන ලදි.ව්‍යාවස්තාවලියේ සම්ම්ත කිරිමට අනුගමනය කරමින් කොන්ග්‍රසය නිව් යොර්ක් හි සාක්ච්ජා අතරතුර නිවාස පනත 1790,ජුලි 09 දින සම්මත කරන ලදි.නව ෆෙඩරල් අගනුවර සේවය කිරිම පිනිස මාරිලන්ඩ් හා වර්ජිනියා ජනපද අතරමෑද පිහිටි පොටොමෑක් ගග අද්දරදි පනත ස්තාපිත කරන ලදි.කෙසේ වෙතත් සෙනෙට් සභික වු රොබෙට් මොරිස්,කොන්ග්‍රස්යට නවතත් පිලඩෙල්පියා ව නව ස්තිර අගනුවර ස්තාපනය කිරිමට එත්තු ගන්වීය.එහි ප්‍රතිපලයක් ලෙස නිවාස පනත,පිලඩෙල්පියා ව තාවකාලික අගනුවර ලෙස වසර 10 ක් සදහා ප්‍රකාශ කරන ලදි.එහි වෑයමක් ල
ෙස කොන්ග්‍රසය අගනුවර ලෙස පිලඩෙල්පියා ව එත්තු ගෑන්විය.නගරයේ නව ජනදිපති මන්දිරයක් 9 වන විදියේ හා රටේ උසාවිය පුලුල් කරන ලද අතර එය කොන්ග්‍රස් ශාලව බවට පත් විය.කොන්ග්‍රසයට නෑවත පිලඩෙල්පියා වේ 1790,දෙසෑම්බෙර් 06 පිහිටු විම මත කොන්ග්‍රසයේ ශාලාවේ පලමු මට්ටමේ මහජ්න මන්ත්‍රී මණ්ඩලය ලෙස පරිණාමිත කරන ලදි.දෙවන මහල සෙනට් සභා මණ්ඩලය ලෙස පරිවර්තනය කරන ලදි. ෆෙඩරල් රජය සදහා නව ගොඩනෑගිල්ලක් ඉදිකිරිමට විරොඪය තිබියදිත් නගරයේ වෑසියන් පිලඩෙල්පියා ව ස්තිර අගනුවර ලෙස පෑවෑත්විමට කොන්ග්‍රසයට කල අභිප්‍රය අසාර්තක විය.ජාතික රජය වොශින්ටන් ඩි.සි වලට ගෙනයන තෙක් කොන්ග්‍රසයේ ශාලාව ඈමරිකා මහා මන්ත්‍රණසභා ශලාව ලෙස 1800,මෑයි 14 තෙක් පෑවතුණි.ගෘහ නිර්මණ[සංස්කරණය]කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරුපළමු මහලේ ඈති මහජන මන්ත්‍රීමන්ඩලය සරල හා මහොගනි මේස හා හම් පුටුවලින් සෑදුම් ලදි.එහි ජනපද 16 ක නියොජ්තයන් 106 ක් සදහා නවාතෑන් ගත හෑකි ලෙස අවකාශ ඈත.එනම් මුලික ජනපද 13 ද නව ජනපද නියොජිතයන් වන වර්මෞන්ට් 1972 ද කෙන්ට් ටර්කි 1992 ද ටෙන්නිස්සී 1796 ද වේ.එම කාමරය 1796 තිබු මුල් පෙනුමට ප්‍රතිසන්ස්කරණය කරන ලදි.දෙවන මහල සෙනට් සභ
ා මණ්ඩලය වන අතර එය අලන්කාර හම් සහිත ඝණ රතු තිර වේ.1796 දි කාමරය ලේකම් මේස 32 ද වර්තමන ඈමරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාවේ ඈති මේස වලට ඉතා සමානය.කොන්ග්‍රස් ශාලවේ ඈති 28 ක් මේස ආදිමය ඒවා වේ.ඈමරිකානු මුඩු රාජාලියාගේ බිතු සිතුවම් සිවිලිම හුනු බදාමයෙන් සෑදු විශාල පදක්කමක් අව්වට පිලිස්සුනු ආකාරයට තරු 13 කින් මුලික ජනපද වාසින් පෙන්නෙනුම් කරයි.එම නිර්මාණයට බිම්තලයේ විලියම් ස්ප්‍රෑගු නම් දෙශිය මසන්නා විසින් නිමකල පලස තුල දිස් වේ.වර්තමනයේ දෑකිය හෑකි පලස එහි ප්‍රතිනිර්මණයකි.උරුමය[සංස්කරණය]කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරුඅවුරුදු 10 ක් වන ඈමරිකනු මහා මන්ත්‍රණසභා ශාලවේ කොන්ග්‍රස් මන්දිරය බොහො ඓතිහාසික අවස්තා සදහා සාක්ශි දරන අතර නව ජනපද 3 ක් ඈති කිරිමට ද අවසර ලෑබුනි.1791 දි අයිතිවාසිකම් පනත සම්මත කරගන්නා ලද්දේ ද කොන්ග්‍රස් ශාලාව තුලදි ය.දෙවන ජනාඩිපති නිල ආරම්භක ජොජ් වොශින්ටොන් හා 1797 දි ජොන් ඈඩම්ස් ගේ නිල ආරම්භය සිදු වුයේ ද මෙහිදි ය.කොන්ග්‍රසයේ ප්‍රතම ඈමරිකා එක්සත් ජනපද බෑන්කුව ,ෆෙඩරල් ට්න්ක ශාලාව හා එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තුව පිහිටුවීමටද භාවිතා කරන ලදී.1796 මහා බ්‍රිතාන්‍ය සමග තාව
කාලික සාමය තහවුරු කල ජේ ට්‍රීටි සම්මත කරන ලද්දෙද කොන්ග්‍රස් ශාලාවේදීය. අගනුවර, වොශින්ටන් වලට රෑගෙන ගිය පසු කොන්ග්‍රස් ශලාව එහි මූලාරම්භ කාර්යය වන පිලඩෙල්ඵියා උසාවිය ලෙසද එහි ජනපද හා ෆෙඩරල් උසාවිය ද 19 වන සියවසේ මූලාරම්භයේ පිහිටුවන ලදි. මෞන්ට් හොලි ටව්න්ශිප් හි ඈති බර්ලින්ටන් උසාවිය ද 1796 සෑමුවෙල් ලුවිස් විසින් නිර්මාණය කරන ලද්දේ කොන්ග්‍රස් ශලාව සෑදු පසුවය. ප්‍රතිශ්ටාපනය හා වර්තමාන තත්වය[සංස්කරණය]19 වන සියවසේ මුල් භාගයේ උසාවිය ලෙස භාවිතයෙන් පසුව කොන්ග්‍රස් ශාලාව ද අනෙකුත් ගොඩනෑගිලි මෙන් ජරාවාස වුණි. 1870 දී පෙනිසිල්වේනියා මහා මණ්ඩලය විසින් නිදහස් ශාලාව අවට ඈති ගොඩනෑගිලි බිද හෙළීමට නියොග කරන ලදී. 1896 දී නාගරික සන්විදානයක් වන කොලෝනියල් ඩේමස් ඔෆ් ඈමරිකා විසිනි. ඒ වන විට සෙනෙට් සභාවේ වෑඩ සදහා පමණක් සීමාව තිබු කොන්ග්‍රස් ශාලාව නෑවත ප්‍රතිසන්ස්කරණය කරන ලදී. 1990 පිලඩෙල්ඵියාවේ ඈමරිකානු ගෘහනිර්මාණ ආයතනය විසින් කොන්ග්‍රස් ශාලාව සම්පූර්ණයෙන්ම ප්‍රතිසන්ස්කරණය කිරීමට ආදාර කරන ලදී. 1912 දී ආදාර ප්‍රමාණවත් වු පසු ඵිලඩෙල්ඵියා නගරය ඈමරිකානු ගෘහනිර්මාණ ආයතනයේ අදීක්ශනය යටතේ වන ප්‍රතිසන්ස්කරණ වියාපෘත
ියට අනුමෑතිය ලබා දුනි. කොන්ග්‍රස් ශාලාවේ වෑඩ කටයුතු නිම කර ජනාදිපති වුඩ්‍රො විල්සන් හට එම වසරේම නෑවත ප්‍රදාන කරන ලදී. අමතර පිලිසකර කිරීම් 1934 දී අවසන් කරන ලදී. 1942 දී සාමාන්ය ජනයා 50 දෙනෙකු ද දේශප්‍රේමී කණ්ඩායමක් වන ඈමරිකානු දර්ශනවාදී සන්ගමයේදී හමු වී නිදහස් මන්දිර සන්ගමය සෑදීමට ඒකාබද්ද විය. කොන්ග්‍රසය විසින් 1948 දී අනුමත කළ සන්ගම් ප්‍රවේශ ශාලාව පිහිටවුයේ 1956 ජුලි 04 වන දින ජාතික නිදහස් එතිහාසික උද්යානයේදීය. කොන්ග්‍රස් ශාලාව වර්තමානයේ පාලනය කරනුයේ ජාතික උද්යාන සේවය විසින් වන අතර සන්චාරකයන් සදහා මාර්ග උපදේශද සපයයි. 2008 දෙසෑම්බර් 02 වන දින ඡන්ද රෑස්වීම් සදහා ජනාදිපති බෑරක් ඔබාමා ගේ ජාතික රාජ්ය සන්ගමය විසින් සාකච්ඡා කළ "ආර්ථික ව්‍යසනය" රෑස්වීම පෑවෑත්වීමට මෙම ගොඩනෑගිල්ල භාවිතා කරන ලදී.↑ Independence Hall (at "Independence Hall's History"). World Heritage Sites official webpage. World Heritage Committee. Retrieved 2010-03-16.BadmintonDanish badminton player Peter Gadeඋසස්ම පාලන මණ්ඩලයBadminton World Federationපළමුව ක්‍රීඩා කලේ17th centuryගුණාංගසම්බන්ධයNoකණ්ඩායම් සාමාජිකය
ෝSingle or doublesවර්ගීකරණයRacquet sportඋපකරණShuttlecockපැවතීමඔලිම්පික්1992-presentදැල් සහිත පිත්තක් (රැකට්) භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි. එම පිටිය සමභාග වන ලෙස දැලකින් වෙන්කර ඇත. එම දැල දෙපස කොට‍සේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රීඩා කරයි. ප්‍රතිවාදී කණ්ඩාය‍මේ සාමාජිකයෙකු විසින් දැලට උඩින් එවන ලද ෂටල කෝකයට ( පන්දම /බැට්මින්ටන් මල ) නිවැරදිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ලකුණු රැස් කිරීම කරයි. ප්‍රතිවාදී පිළට පන්දු දැමීමට පෙර බිම පතිත වීම හෝ වේගයෙන් තරගය කරගෙන යෑමේදී පන්දුව බිම පතිත වීම ලකුණු නොලබන අවස්ථාව වේ. පන්දුව සාදා ඇති විශේෂිත පිහාටුමය ලක්ෂණය නිසා එයට වේගයෙන් ඉදිරියට ගමන් කළ හැකි අතර පන්දුවකට වඩා එය වේගවත්ය. පන්දුව ඉහළින් යාමේදී සුළඟ බලපාන නිසා තරඟකාරීව පත්වන බැට්මින්ටන් තරඟයක් ගෘහස්ථව පවත්වන අතර විනෝදාශ්වාදය සඳහා පවත්වන්නන් බාහිර ස්ථානයන්හි පැවැත්වේ. බොහෝ විට මෙය ගෙවතු හා වෙරළ ආශ්‍රිතව පවත්නා වූ ක්‍රීඩාවකි.වර්තමානයේදී එම ක්‍රීඩාව කාණ්ඩ 5 කින් යුතු ඔලිම්පික් තරගයක් ලෙස
පැවැත්වේ. එය ඒකල පිරිමි හා ගැහැණු යුගල පිරිමි හා ගැහැණු ලෙසද මිශ්‍ර යුගල ලෙස ද පැවැත්වේ. ඉහළ තලයේ ක්‍රීඩා තරගයන්හිදී ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය ඉතා සැලකිල්ලට ගන්නා අතර ඔවුහු රිද්මයානුකූල හා වේගවත්ව ක්‍රීඩා කළ යුතු වේ.මෙය තාක්ෂණික ක්‍රීඩාවක් බැවින් ක්‍රීඩකයාගේ චාලක ඒකාග්‍රතාවය හා පිත්ත හැසිරවීමේ කුසලතාවය ඉතා උසස් මට්ටමක තිබිය යුතුය.AA029 අංකය දරණ වවුනියා - හොරොව්පතාන මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වවුනියාව සහ හොරොව්පතාන යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.මෙම මාර්ගය කැබිතිගොල්ලෑව සහ මාදුකන්ද යන නගර හරහා ගමන් කරයි.ඛණ්ඩාංක: 8°38′31″N 80°40′14″E / 8.641956°N 80.670552°E / 8.641956; 80.670552vte ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හා මහා මාර්ගE ශ්‍රේණියSri Lanka Expressway SymbolE01E02E03E04E06E07A ශ්‍රේණියAA0AA1AA2AA3AA4AA5AA6AA7AA8AA9AA10AA11AA12AA13AA14AA15AA16AA17AA18AA19AA20AA21AA22AA23AA24AA25AA26AA27AA28AA29AA30AA31AA32AA33AA34AA35ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය ප්‍රකාශ වර්ණාවලියෙහි වර්ණවලට අපකිරණය කරනු
ලබයි.වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.පාට වලට බෙදීම[සංස්කරණය]විවිධ භාෂා කථා කරන ජනයා ඒ ඒ බසින් පාට වලට ඇති වදන් අනුව වර්ණාවලිය විවිධ පාට වලට කාණ්ඩකර දක්වයි.සන්තතික වර්ණාවලිය ඒ ඒ බසෙහි ඇති වදන් අනුව පාට වලට කාණ්ඩගත කෙරේආශ්‍රිත ලිපි[සංස්කරණය]දේදුන්නයුක්තිය පාලනය කිරීම හමුදාව අතට පත්වූකල කි‍්‍රයාත්මක කරවනු ලබන රීති පද්ධතිය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ.යුද්ධ කාලයන්හිදී සහ වෙනත් සිවිල් රජයක් නොපවතින අවස්ථාවන්හිදී සමහර විටෙක යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත. මෙවැනි යුද්ධ නීතියේ පාලනයන්ට උදාහරණයන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ ජපානයද, නැවත ගොඩනැගීමේ මුල් අදියරයන්හිදී ඇමරිකාවේ දකුණද දැක්විය හැක. මීට අමතරව සමහර අවස්ථාවන්හිදී රජය සිය ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහාද එය යොදාගනු ලබයි. 1989 තියාන්ආන්මෙන් චතුරස‍්‍රයේ උද්ඝෝෂණයන් සහ 1981 දී පෝලන්තයේ විරුද්ධ පක්‍ෂය යටපත් කිරීමද මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙ
න්ම සමහර විශාල ස්වභාවික ආපදාවන්ගෙන් අනතුරුවද යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබිය හැක. කෙසේවෙතත් බොහෝ රටවල් මෙවන් අවස්ථාවන්හිදී ‘හදිසි අවස්ථාව’ වැනි වෙනත් නෛතික විධිවිධානයන් යොදාගනු ලබයි.බොහෝ රටවල යුද්ධ නීතිය ඊටම සුවිශේෂී වූ රීති රාශියක් කි‍්‍රයාවට නංවනු ලබයි. ඇඳිරි නීතිය එවැන්නකි. මෙම ක‍්‍රමය තුල බොහෝවිට යුක්තිය පසිඳලීම යුධාධිකරණය ලෙසින් හැඳින්වේන හමුදා අධිකරණයන් වෙත පැවරෙයි. රිට් හා හබයාස්කෝපුස් වැනි රිට් ලබාගැනීමේ අයිතියද අහෝසි කෙරෙනු ඇත.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)ඇණඇණයක් යනු වඩු කර්මාන්තයේදී හා නිර්මාණකරනයේදී වස්තූන් එකිනෙකට සම්බන්ධ කිරීමට යොදාගන්නා ලෝහමය වස්තුවකි. මෙය යකඩ, මිශ්‍ර ලෝහ හෝ දැව භාවිතයෙන් නිමවී තිබෙන්න්ට හැකිය.මේවාත් බලන්න[සංස්කරණය]ඉස්කුරුප්පු ඇණවිකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීම
ෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details.No reason has been cited for the Wikify tag on this article.Please replace HTML markup with wiki markup where appropriate.Add wikilinks. Where appropriate, make links to other articles by putting "[[" and "]]" on either side of relevant words (see WP:LINK for more information) and check that your links work as expected. Please do not link terms that most readers are familiar with, such as common occupations, well-known geographical terms, and everyday items.Format the lead. Create or improve the lead paragraph.Arrange section headers as described at Wikipedia:Guide to layout.Add an infobox if it is appropriate for the article.Remove this tag.'මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ධර්මරාජ විද්‍යාලය" – news • පුවත්පත් • ප
ොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ධර්මරාජ විද්‍යාලය, මහනුවරආදර්ශ පාඨයඅත්තාහි අත්තනො නාථො(ධම්මපදයෙන්. අර්ථය:"තම හිසට තම අතමය සෙවනැල්ල.")ආරම්භය1887 ජූනි මස 30වර්ගයරජයට පවරාදුන් විද්‍යාලයකිස්ථානයමහනුවර,ශ්‍රී ලංකාවවෙබ් අඩවියhttp://www.dharmaraja.lk/ධර්මරාජ විද්‍යාලයීය ධජයධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන පෙලේ පිරිමි බෞද්ධ පාසලකි. අවුරුදු 135 වසරකට වඩා පැරණි ඉතිහාසයක් ඇති ධර්මරාජ විද්1887ය 1887 දි සර් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම විද්‍යාලය විලියම් ගොපල්ලව, ටී.බී.තෙන්නකෝන්, ඊ.ඒ.ගුණසිංහ, විමලරත්න කුමාරගම මහත්වරුන් ප්‍රමුඛ දස දහස් ගණනක පුරවැසියන් මෙලොවට බිහිකලාය.අක්කර 54 කට ආසන්න භූමි ප්‍රදේශයක කදුගැටයක් ද අත්කරගනිමින් ධර්මරාජ විද්‍යාලය පිහිටා ඇත. 1913 වසරේ පිහිටුවන ලද ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම ලොව පැරණි සහ කීර්තිමත් බාලදක්ෂ සමූහයන්ගෙන් එකකි. ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලද පාසල් අතරින් එකක් ලෙසද එය හැදින්විය හැකි ය. 5 ශ්‍රේ
ණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් බදවා ගැනීමේ දී වැඩි ම ඉල්ලුමක් ඇති පිරිමි පාසල් දෙක අතර එය නිරන්තර ව රැදී සිටී. ඉතිහාසය[සංස්කරණය]වසර 135 ක සාඩම්බර අතීතයකට උරුමකම් කියන මහනුවර ධර්මරාජ විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල්වලින් එකකි. 1887 ජුනි 30 දින අරඹන ලද ධර්මරාජ විද්‍යාලය බුදුන්වහන්සේ ව සිහිපත් කරවමින් ධර්මරාජ යනුවෙන් නම්කරන ලදී. ධර්මරාජ විද්‍යාලය පිහිටුවන ලද්දේද ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමේ ලා පුරෝගාමී ව කටයුතු කළ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සමාරම්භකයාද වු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ය. බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පියවරුන් අතර 1873දී පැවැත්වුණු පානදුරාවාදයෙහි මුද්‍රණයක් කියැවීමෙන් බුදුදහම කෙරෙහි උපන් ඇල්මෙන් යුතු ව හෙතෙම ලක්දිවට සැපත් විය. ඔහු විසින් පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවන් පිළිවෙළින් කොළඹ, මහනුවර සහ ගාල්ලේ පිහිටුවන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, දොඩන්දූවේ පියරතන, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්ලානේ ධම්මාලෝක වැනි හිමිවරුන්ගේද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාතේ මුදලිවරයා වූ දොන් අගාරිස් දිවාකර මොහොට්ටිගේ වැනි කැපී පෙනුන ගිහි පුදගලයන්ගේ සහයද මෙහිලා ඔහුට ලැබුණි. සිංහ
ල බෞද්ධයන්ගේ පිරිහීමට මූලික හේතුව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොමැති වීම බව ඕල්කට්තුමන් ප්‍රමුඛ පරමවිඥානාර්ථාවිදීන් විසින් හදුනා ගන්නා ලදී. මෙයට හොදම විසදුම ලෙස ඔවුන් දුටුවේ බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමයි. ඒ අනුව ධර්මරාජ, ආනන්ද, මලියදේව සහ මහින්ද වැනි පාසල් පිහිටුවන ලදී. 1887දී මහනුවරට පැමිණි ඕල්කට්තුමන් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසලක් පිහිටුවීමට සුමංගල හිමියන්ගේත් එවක මහනුවර මුදලිවරයා ව සිටි ඩී. එම්. අගාරිස්ගේත් සහය පතන ලදී. පැරණි රජමැදුරට මුහුණළා පිහිටි නාථ දේවාලයට යාබද බිම්කඩ විදුහල තැනීමට තෝරාගන්නා ලද නමුත් එහි තිබුණු බෝධි වෘක්ෂය ඊට බාධාවක් විය. එය කපා දැමීම බුදුදහමට නිගරු කිරීමක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව සැලකූ අතර අවසර ලබා නොදෙන ලදී. කෙසේනමුත් වඩුගොඩපිටියේ පුංචි කෝරාල එක් රාත්‍රියක එය රහසේ ම කපා ඉවත් කරන ලදී. ඉන්පසුව එම බිමෙහි ඉදිකරන ලද ධර්මරාජ විද්‍යාලය 1887 ජුනි 30 වන බ්‍රහස්පතින්දා විවෘත කරන ලදී.මෙම ලිපියබුද්ධ ධර්මය සහ බුද්ධාගමපිළිබඳ ලිපි මාලාවක කොටසකිඉතිහාසයකාලරේඛාවගෞතම බුදුන් වහන්සේපූර්ව-නිකායික බුද්ධාගමධර්ම සංගායනාසේද මාවතේ බුද්ධාගමේ ව්‍යාප්තියඉන්දියානු උපමහාද්
වීපයේ පරිහානියපසුකාලීන බෞද්ධයෝබෞද්ධ නූතනවාදයධර්මයසංකල්පචතුරාර්ය සත්‍යයආර්ය අෂ්ටාංගික මාර්ගයධර්මචක්‍රයපංච ස්කන්ධඅනිත්‍යයදුක්ඛඅනාත්මහේතුඵල ධර්මයමධ්‍යම ප්‍රතිපදාවශූන්‍යතාවසදාචාරයකර්මපුනර්භවයසංසාරයවිශ්වයබෞද්ධ පාඨ ග්‍රන්ථබුද්ධවචනයමුල්කාලීන බෞද්ධ ග්‍රන්ථත්‍රිපිටකයමහායාන සූත්‍රපාලි ත්‍රිපිටකයටිබෙට් ත්‍රිපිටකයචීන ත්‍රිපිටකයපිළිවෙත්ත්‍රිවිධ රත්නයබුදු දහමේ විමුක්ති මාර්ගයපංච ශීලයපාරමිතාභාවනාවදාර්ශනික හේතු දැක්වීමශ්‍රද්ධාවපින් වැඩීමඅනුස්සතිසිහියප්‍රඥාවබ්‍රහ්ම විහරණAids to EnlightenmentMonasticismගිහියාBuddhist chantවන්දනා ස්ථානනිර්මාංශිකත්වයනිර්වාණයබෝධිසතර මාර්ග ඵලඅරහත්ප්‍රත්‍යේකබුද්ධබෝධිසත්ත්වබුද්ධසම්ප්‍රදායයන්ථෙරවාදපාලිමහායානහීනයානචීනවජ්‍රයානටිබෙට්නවයානනෙවාර්රට අනුව බුද්ධාගමභූතානයකාම්බෝජයචීනයඉන්දියාවජපානයකොරියාවලාඕසයමොංගෝලියාවමියන්මාරයරුසියාවශ්‍රී ලංකාවතායිවානයතායිලන්තයටිබෙට්වියට්නාමයවටසන ආගම් ද්වාරයvteඅනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහ
ි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම, මනෝවිද්‍යාවේ අභිධාර්මික කරුණු හා විඥානය පිළිබඳ අධ්‍යයනය සඳහා විවරණයක් සපයයි. බොහෝ විද්‍යාඥයෝ බුදුදහමේ ආගමික මුහුණුවර හා අභිධාර්මික කරුණු හා විද්‍යාත්මක ක්‍රමවේදය වෙන්කර දැක්වුවද බුද්ධ ධර්මයේ සමහර දේශනා තුළ පරිණාමය, ක්වොන්ටම් වාදය හා අජටාකාශ විද්‍යාව සම්බන්ධ කරුණු සමඟ සම්බන්ධතා පවතී. කෙසේ වුවද බුදුදහම හා විද්‍යාත්මක විමර්ශන අතර සාමානතා හඳුනාගෙන තිබේ.නමුත් බුදු දහමේ ඇති ඇතැම් කරුණු වලට විද්‍යාවේ එකග නොවේ .බුදුදහම පිළිබඳ විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත[සංස්කරණය]පරමාණුව සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් ‍බෝර් මෙසේ පවසා ඇත. “පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ, අපි නළුවන් ‍හා ප්‍රේක්ෂකයන් ලෙස දරණු ලබන චරිත අතර සහ එහි සම්බන්ධතාවය ගොඩනැඟීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය”. 1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යාව හා මිනිස් දැනුම, බ්‍රිතාන්‍
ය ගණිතඥ, දාර්ශනවාදී හා නොබෙල් ත්‍යාග හිමිකරුවකු වන ඇල්ෆ්‍රඩ් ‍නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැතමෙටිකා', ග්‍රන්ථයේ බර්ට්‍රන්ඩ් රසල් හා සමකතෘ) මෙසේ පවසා ඇත. “බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි” බර්ට්‍රන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාගලාභියෙකු මෙසේ පවසා ඇත. “බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසාන‍යේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් මනස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්වය කුමක් ද? වැනි සිත් ඇදගන්නා සුළු ගැටළු වලට පිළිතුරු ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටළු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජයග්‍රහණය ලැබෙන්නේ මනසටයි”. ඇමරිකානු‍ භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබඳ මූලධර්මය පැහැදිලි කරමින් “ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නොවෙනස්ව පවතී දැයි ඇසුවහොත් එයට පිළිතුර 'නැත' යන්නයි. ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම කාලයත් සමඟ වෙනස්
වේදැයි ඇසුවහොත් එයට පිළිතුරද 'නැත' යන්නයි. මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරු සපයන ලදි.මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ වංශයේ වසර 100 ක පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහු විසින් පාලනය කරන ලදී. ඔහු මිය යන විට වයස අවුරුදු 88 ක් විය. නන්ද රාජ වංශයේ අවසානයත් සමග මෞර්ය රාජවංශය ආරම්භ විය. මෞර්ය රාජවංශයමෙහි දැක්වෙන්නේ මෞර්ය රාජවංශය එහි උච්චතම අවධියේ පැතිරි තිබු ආකාරයයි. ක්‍රි.පු. 321 දී පිටුවහල් කරන ලද හමුදා ජනරල් වරයෙකු වු චන්ද්‍රගුප්ත මෞර්ය විසින් මෞර්ය රාජ වංශය ආරම්භ කරන ලද අතර ඔහු විසින් එවකට පාලකයාව සිටි නන්ද රාජ වංශික දාන නන්ද රජු සිහසුනෙන් පහ කොට මෞර්ය අධිරාජ්‍ය ආරම්භ කළේය. මෙම කාලය තුළදී ඉන්දියා උප මහද්වීපයෙන් වැඩි කොටසක් පළමුවරට තනි රාජ්‍යයක පාලනයට නතුවිය. මේ අතර පර්සියානු සහ ග්‍රීක බලපෑම් හේතුවෙන් උතුරු ඉන්දියාව අස්ථාවරවීම තම වාසියට හරවා ගත් චන්ද්‍ර ගුප්ත තම පාලන සමය තුළ දී මෞර්ය අධිරාජ‍්‍යයේ දේශ ස
ීමාවන් පර්සියාව සහ මධ්‍යම ආසියාව දක්වා ව්‍යාප්ත කිරීමට සමත්විය. මේ ඔස්සේ ඔහු ඉන්දියානු උප මහද්වීපයෙන් වැඩි කොටසක් ද ගන්ධාරා ප්‍රදේශය ද තම පාලනයට නතු කර ගැනීමට සමත්විය. චන්ද්‍ර ගුප්තට පසුව ඔහුගේ පුත් බින්දුසාර සිහසුනට පත්වු අතර ඔහු තම රාජධානිය වර්ථමාන ඉන්දියාවේ බහුතර ප්‍රදේශයක් ආවරණය වන සේ පැතිරවීමට සමත් වු අතර ඔහුට තම රාජධානියට ඇදාගත නොහැකි වූයේ වර්තමාන ඉන්දියාවේ වඩාත්ම දකුණින් සහ නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ පමණි. මෙහි දැක්වෙන්නේ එහි උපරිම තත්ත්වයේදී නන්දා අධිරාජ්‍යයේ පැතිරීමයි. මූලාශ්‍ර[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Magadha#Nanda_dynastyමෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය, මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (2023 අගෝස්තු)මෙම ලිපිය වනාහි Chikungunya ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ
ඇත.චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත්වේ. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා රෝගය නිසා හදිසි ව්‍යවසනයක් ඇතිවී ඇති අතර මෙ මගින් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය. රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂ