text
stringlengths 0
1k
|
---|
||p⊥|{\displaystyle L=\pm |\mathbf {r} ||\mathbf {p} _{\perp }|}මෙහි p⊥{\displaystyle \mathbf {p} _{\perp }} යනු r ට ලම්භ වන p හි සංරචකයයි. ඉහත පරිදිම භ්‍රමණ අත අනුව ලකුණ නිර්ණය කෙරේ.නියත සමමිතික අක්ෂය වටා භ්‍රමණය වන නියත ස්කන්ධයෙන් යුත් වස්තුවක කෝණික ගම්‍යතාව එහි අවස්ථිති ඝූර්ණය සහ කෝණික ප්‍රවේග දෛශිකය අතර ගුණිතයෙන් ලබාගත හැක.L=Iω{\displaystyle \mathbf {L} =I\mathbf {\omega } }මෙහි, I යනු වස්තුවේ අවස්ථිති ඝූර්ණය වේ. (මෙය සාමාන්‍යයෙන් ආතානක ගුණයකි. W යනු කෝණික ප්‍රවේගයයි.කෝණික ගම්‍යතා සංස්ථිතිය[සංස්කරණය]Fg සහ -Fg යන ප්‍රතිවිරුද්ධ බලවල ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ඝූර්ණය හේතුවෙන් ඝූර්ණයේ දිශාව ඔස්සේ කෝණික ගම්‍යතාවයේ කාලය විශවෙයහි ව්‍යුත්පන්නයයි. මේ හේතුවෙන් ඝූර්ණයේ දිශාව ඔස්සේ කෝණික ගම්‍යතාවයේ (L) හි වෙනසක් සිදු වේ. (ව්‍යාවර්ථ යනු කෝණික ගම්‍යතාවයේ කාලය විෂයෙහි ව්‍යුත්පන්නයයි.) මේ හේතුවෙන් බරය පූර්වායනය වේ.සංවෘත පද්ධතියක කෝණික ගම්‍යතාව නියත වේ. අවකාශයේ සන්තතික දුෂ්‍යය සමමිතිය ඇසුරින් මෙම සංස්ථිතික නියමය ගණිතමය වශයෙන් ලබ |
ාගත හැකි වේ. ( අවකාශයේ ඕනෑම දිශාවක් වෙනත් ඕනෑම දිශාවකින් වෙනස් නොවේ)නෝකර් ප්‍රමේයය බලන්න.කෝණික ගම්‍යතාවයේ කාලය විෂයෙහි ව්‍යුත්පන්නය ව්‍යාවර්තය නම් වේ.τ=dLdt=drdt×p+r×dpdt=0+r×F=r×F{\displaystyle \tau ={\frac {\mathrm {d} \mathbf {L} }{\mathrm {d} t}}={\frac {\mathrm {d} \mathbf {r} }{\mathrm {d} t}}\times \mathbf {p} +\mathbf {r} \times {\frac {\mathrm {d} \mathbf {p} }{\mathrm {d} t}}=0+\mathbf {r} \times \mathbf {F} =\mathbf {r} \times \mathbf {F} }එබැවින් ගණිතමය වශයෙන් සලකන කළ පද්ධතියක් සංවෘත වීම සඳහා පද්ධතිය මත බාහිර ව්‍යාවර්ථය ශූන්‍යය විය යුතුය.Lsystem=constant↔∑τext=0{\displaystyle \mathbf {L} _{\mathrm {system} }=\mathrm {constant} \leftrightarrow \sum \tau _{\mathrm {ext} }=0}මෙහි τext{\displaystyle \tau _{ext}} යනු අංශු පද්ධතිය මත යෙදෙන ඕනෑම ව්‍යාවර්ථයකි.කක්ෂයන්හිදී කෝණික ගම්‍යතාව, ග්‍රහලෝකයේ භ්‍රමණය සහ එහි කක්ෂී |
ය චලනයේ කෝණික ගම්‍යතාව ලෙස කොටස් දෙකකින් යුක්ත වේ.Ltotal=Lspin+Lorbit{\displaystyle \mathbf {L} _{\mathrm {total} }=\mathbf {L} _{\mathrm {spin} }+\mathbf {L} _{\mathrm {orbit} }};යම් හෙයකින් කිසියම් ග්‍රහලොවක් අපේක්ෂිත සීඝ්‍රතාවයට අඩු සීඝ්‍රතාවයකින් භ්‍රමණය වේනම් එම ග්‍රහලොව හා බැඳුණු චන්ද්‍රිකාවක් ඇති බවට තාරකා විද්‍යාඥයින් කළ සැකයක් මතුවිය හැක. ඊට හේතුව ග්‍රහලොවේ මුළු කෝණික ගම්‍යතාව සංස්ථිතික නියමයට අනුව ග්‍රහලොව හා චන්ද්‍රිකාව අතර බෙදී යාමයි.කේන්ද්‍රික බල චලිත විශ්ලේෂණයේදී කෝණික ගම්‍යතා සංස්ථිතිය සුලභව භාවිත වේ. කිසියම් වස්තුවක් මත ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලය හැමවිටම කිසියම් අචල ලක්ෂයක් වෙත යොමුව ඇත්නම්ද,එය එහි කේන්ද්‍රය නම් ද එවිට කේන්ද්‍රයට සාපේක්ෂව වස්තුව මත ව්‍යාවර්තයක් ක්‍රියාත්මක නොවන බැවින් එම කේන්ද්‍රය වටා වස්තුවේ කෝණික ගම්‍යතාව නියත වේ. පරමාණුවේ බෝර් ආකෘතිය, සහ ග්‍රහ ලෝක සහ චන්ද්‍රිකා වල කක්ෂ ආශ්‍රිත විශ්ලේෂණයන්හිදී නියත කෝණික ගම්‍යතාව අතිශය වැදගත් වේ.හිම මත ලිස්සා යන ක්‍රීඩාවක් ඇෙග් ශරීරයේ සිරස් බ්‍රමණ අක්ෂය දෙසට |
දෑත් සහ දෙපා ලංකරන විට ඇය කෝණික ත්වරණයකට ත්වරනයකට භාජනය වීම කෝණික ගම්‍යතා සංස්ථිතිය මගින් පැහැදිලි කල හැක. ඇය සිය දෑත් හා දෙපා භ්‍රමණ අක්ෂයට ලං කර ගන්නා විට ඇගේ සිරුරේ ස්කන්ධයෙන් කොටසක් එහි භ්‍රමණ අක්ෂයට වඩාත් ලංවන හෙයින් ඇගේ සමස්ත අවස්ථිය ඝූර්ණය අඩු වේ. බාහිර ව්‍යාර්ත රහිත විට කෝණික ගම්‍යතාව නියත වන බැවින් එවිට ඇගේ කෝණික ප්‍රවේගය (භ්‍රමණ වේගය )ඉහළ යයි.විශාල,සෙමෙන් භ්‍රමණය වන තාරකා සුසංගික තාරකා (සුදු වාමන තාරකා නියුට්‍රෝන තාරකා සහ කළු කුහර වැනි) බවට පත්වන විට මෙම සිද්ධිය හේතුවෙන් සුසංගික තාරකා වල භ්‍රමණ සීඝ්‍රතාව අතිශය ඉහල අගයකට පත් වේ.(යම් හෙයකින් වස්තුවක ප්‍රමාණය 104 බලයකින් කුඩා කලේ නම් එවිට එහි කෝණික ප්‍රවේගය 108 බලයකින් වැඩි වේ.)පෘථිවි- චන්ද්‍ර පද්ධතියේදී කෝණික සංස්ථතිය හේතුවෙන් පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත කෝණික ගම්‍යතාව හුවමාරු වේ. (මේ සඳහා චන්ද්‍රයා මගින් පෘථිවිය මත යොදන උදම් ව්‍යාවර්තය හේතු වේ මේ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් පෘථිවි භ්‍රමණ සීඝ්‍රතාව අඩු වන අතර (දිනකට නැනෝ තත්පර 42කින් පමණ) ඊට සමගාමීව චන්ද්‍රයාගේ කක්ෂයේ අරය ක්‍රමයෙන් වැඩි වේ. (වසරකට 4.5cm පමණ සීඝ්‍රතාවයකිනි.)h |
ttp://en.wikipedia.org/wiki/Angular_momentum#Angular_momentum_in_classical_mechanicsහොරණ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හොරණ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස හොරණ දිගටම පවතියි.1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂ |
යසංකේතයඡන්ද සංඛ්‍යාව%ඒ. පී. ජයසූරියඅලියා15,82846.31%එම්. ටී. පීරිස්කුඩය15,16344.36%ඒ. ධර්මප්‍රියලාම්පුව3,1879.32%වලංගු ඡන්ද සංඛ්‍යාව34,178100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව687මුළු ඡන්ද සංඛ්‍යාව34,865ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,108ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය68.22%1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්. ඩී. එච්. ජයවර්ධනඅලියා21,74651.16%ආරියදාස ජයවර්ධනඅත8,24919.41%විල්ෆ්‍රඩ් සේනානායකකුරුල්ලා7,36717.33%එස්මි පෙරේරාකුඩය5,14512.10%වලංගු ඡන්ද සංඛ්‍යාව42,507100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව477මුළු ඡන්ද සංඛ්‍යාව42,984ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව53,927ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.71%1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිව |
රණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%කේ. ඒ. එස්. පලන්සූරියඅත29,78060.89%එම්. ඩී. එච්. ජයවර්ධනඅලියා19,12539.11%වලංගු ඡන්ද සංඛ්‍යාව48,905100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව312මුළු ඡන්ද සංඛ්‍යාව49,217ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව60,680ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.11%1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%රත්නසිරි වික්‍රමනායකමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය15,75954.92%එම්. ඩී. එච්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා10,64937.11%එච්. ඩී. ජිනදාසයතුර1,7216.00%වෝල්ටර් පීරිස්කුඩය3531.23%ජී. එම්. පෙරේරාහිරු0.73%වලංගු ඡන්ද සංඛ්‍යාව28,692100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව187මුළු ඡන්ද සංඛ්‍යාව28,879ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,713ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.66%1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස් |
කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%රත්නසිරි වික්‍රමනායකදොඩම් ගෙඩිය14,02350.85%ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා11,99843.51%කේ. ඩේවිඩ්කරත්ත රෝදය1,5555.64%වලංගු ඡන්ද සංඛ්‍යාව27,576100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව90මුළු ඡන්ද සංඛ්‍යාව27,666ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,713ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.06%1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%රත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත18,95753.25%ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා16,14945.37%ඩී. එල්. ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය4911.38%වලංගු ඡන්ද සංඛ්‍යාව35,597100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව190මුළු ඡන්ද සංඛ්‍යාව35,787ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව40,763ඡන |
්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.79%1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%රත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත24,16358.12%ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා17,41041.88%වලංගු ඡන්ද සංඛ්‍යාව41,573100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව68මුළු ඡන්ද සංඛ්‍යාව41,641ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව45,330ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය91.86%1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඅලියා27,18856.60%රත්නසිරි වික්‍රමනායකඅත19,45340.50%ප්‍රෙම්ලාල් ගුණසේකරතරුව1,0902.27%ජයසේන ජයසිංහලාම්පුව3020.63%වලංගු ඡන්ද සංඛ්‍යාව48,033100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව120මුළු ඡන්ද සංඛ්‍යාව48,153ලියාපදිංචි ඡන්දදායක සංඛ් |
යාව53,138ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය90.62%ආශ්‍රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.vteශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුන |
ෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්‍යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැර |
ටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°43′0″N 80°3′36″E / 6.71667°N 80.06000°E / 6.71667; 80.06000ප්‍රජනනයේදී ප්‍රවේණිගත විය හැකි පරිදි හෝ සෛල විභාජනයේදී දුහිතෘ සෛල වලට ගමන් කල හැකි වන පරිදි හෝ ප්‍රවේණි ද්‍රව්‍යයේ සිදු වන ස්ථාවර වෙනස් වීම් විකෘති ලෙස හැඳින්වේ.විකෘති ඇති වීමට හේතු[සංස්කරණය]ඌනන විභාජනයේදී වර්ණදේහ ව්‍යුක්ත වීම අසාමාන්‍ය ලෙසට සිදුවීම. (නිර්විසම්බන්ධය)DNA ප්‍රතිවලිත වීමේදී දෝෂ ඇති වීම.(අනුපුරක නොවන භෂ්ම යුගලනය)විකෘතිකාරක රසායනික සංයෝග වල බලපෑමUV කිරණ, X කිරණ වල බලපෑමවිකෘති වර්ග[සංස්කරණය]විකෘතිවිකෘති ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,වර්ණදේහ විකෘති (Chromosomal mutations)ජාන විකෘති හෙවත් ලක්ෂ්‍ය විකෘති (Point mutations)වර්ණදේහ විකෘති තවදුරටත් බෙදා දැක්විය හැකිය. ඒවා නම්,වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇතිවන විකෘතිවර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා |
ඇති වන විකෘතිවර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති, ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම්,විෂමගුණකතාවයබහුගුණකතාවයජාන විකෘති[සංස්කරණය]වර්ණදේහ වල ජාන වල ව්‍යුහය හෙවත් DNA වල නියුක්ලියොටයිඩ අනුපිළිවෙල වෙනස් වීම නිසා ජාන විකෘති ඇති වේ.ඇලිභාවය *සිස්ටික් ෆයිබ්‍රොසිස් *හිමොෆිලියාව *වර්ණාන්ධතාව *දෑකැති හැඩැති සෛල රක්ත හීනතාව *තැලසීමියාව යන තත්ත්ව තනි ජානයක ඇති වන විකෘති නිසා හට ගනී.මෙම විකෘති ජාන නිලීන ජාන වෙයි. නිලීන සමයෝගී අවස්තාවේදී ඒවා ඉස්මතු වීමෙන් අදාළ ලක්ෂණය ඇති වේ. කලාතුරකින් ඇතිවන සමහර විකෘති, ප්‍රමුඛ විකෘති වේ. උදා: හන්ටින්ඩන් රෝගය ලක්ෂ්‍ය විකෘති බොහොමයක් ඇති වන්නේ DNA ප්‍රතිවලිත වීමේදී ඇති වන දෝෂ නිසාය. DNA ප්‍රතිවලිත වීමේදී එහි වූ අනුපුරක පට දෙක වෙන් වී පට දෙකම වෙන වෙනම නව අනුපුරක පට නිපදවනු ලබයි. මෙහිදී සමහර විට අනුපූරක නොවන වැරදි නියුක්ලියොටයිඩයක් ඈඳීම සිදු විය හැකිය. නැතහොත් නියුක්ලියොටයිඩයක් අඩුවෙන් හෝ වැඩියෙන් ඈඳීම සිදු විය හැක. එවැනි වැරදීම් සහිතව නිපද වූ DNA අණුවක් නැවත ප්‍රතිගුණනය වන අවස්තාවේදී වැරදි නීයුක්ලියොටයිඩ වලට අනුපූරක නීයුක්ලියොටයිඩද එකතු වීම නිසා භෂ්ම අනුපි |
ළිවෙල මුළුමනින්ම වෙනස් වූ DNA අණුවක් ඇති වේ. මෙවැනි වෙනසක් ඇති වීමේ සම්භාවිතාව දස දහසකට එකකටත් වඩා අඩුය.ජානයක භෂ්ම අනුපිළිවෙල වෙනස් වුවහොත් එම ජානය මගින් නිපදවන ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල වෙනස් වේ. මේ නිසා එම ප්‍රෝටීනයට අදාළ කාර්යය සිදු කල නොහැකි වේ. එනම් අක්‍රිය වේ. නැතහොත් කලින් ප්‍රෝටීනයේ නව ක්‍රියාකාරීත්වයක් විකෘති ප්‍රෝටීනයේ ඇති වේ.වර්ණදේහ විකෘති[සංස්කරණය]වර්ණදේහ වල ව්‍යුහයේ වෙනසක් නිසා ඇති වන විකෘති[සංස්කරණය]සෛල වල ඌනන විභාජනය සිදු වන අවස්ථාවේදී සමජාතීය වර්ණ දේහ දෝෂ සහිතව යුගල් විය හැක. එවැනි අවස්තාවක අවතරණයක් ඇති වුවහොත් දෝෂ සහිතව කොටස් හුවමාරු වූ වර්ණදේහ ඇති වේ. සෛලයක ක්‍රියාකාරීත්වය සඳහා එක් එක් ජානයක් වෙන වෙනම වැදගත් කාර්යයක් ඉටු කරනවා මෙන්ම වෙනස් ජානයන්හි ක්‍රියාකාරීත්වයන්ද මනාව සමායෝජනය කල යුතු වේ. ජාන වල ක්‍රියාකාරීත්වයන් නිශ්චිත අනුපිළිවෙලකට සමතුලිතව සිදු විය යුතු වේ. ජාන වර්ණදේහයේ පිහිටන ස්ථානය වෙනස් වූ විට හෝ ජාන සංක්‍යාව වෙනස් වූ විට විකෘති ලක්ෂණ ඇති විය හැකිය.වර්ණදේහ වල කොටස් කැඩී ඉවත් වීම.වර්ණදේහයකින් කැඩී ඉවත් වූ කොටසක් වෙනත් වර්ණදේහයක් මත තැන්පත් වීම |
.වර්ණදේහ සංක්‍යාවේ වෙනසක් නිසා ඇති වන විකෘති[සංස්කරණය]විෂමගුණකතාවය[සංස්කරණය]බහුගුණකතාවය[සංස්කරණය]විකෘතිකාරක[සංස්කරණය]ස්වයංසිද්ධව සිදු වන විකෘති වලට අමතරව බාහිර සාධක වල බලපෑම නිසාද ජීවීන් තුල විකෘති ඇති වේ. මෙලෙස විකෘති ඇති කල හැකි බාහිර සාධක විකෘතිකාරක ලෙස හැඳින්වේ. විකෘතිකාරක රසායනික හෝ භෞතික විය හැක.රසායනික විකෘතිකාරක[සංස්කරණය]නයිට්රස් අම්ලය, මස්ටඩ් වායුව - DNA වල භෂ්ම වල රසායනික ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් ඇත.කොල්විසීන් - ඌනන හෝ අනුනන විභාජනයේ දී ඇති වන තර්කුවේ තර්කු තන්තු කඩා බිඳ දැමීමේ හැකියාව සහිතය.භෞතික විකෘතිකාරක[සංස්කරණය]UV කිරණ - DNA වල භෂ්ම අතර අතිරේක සහ සංයුජ බන්ධන ඇති කරයි.X කිරණ - DNA වල පොලිනියුක්ලියොටයිඩ දාම කැඩීම සිදු කරයි.විකෘති සහ පරිණාමය[සංස්කරණය]කලාතුරකින් ඇති වන විකෘති ජීවියාට වඩා වාසි දායක ලක්ෂණ ඇති කරන ඒවා විය හැකිය. එසේ සිදු වන්නේ ජානයක විකෘතියක් නිසා ඇති වන ප්‍රෝටීනය වඩාත් කාර්යක්ෂම වන විටය. එසේ වූ විට එය ජීවියාගේ පැවැත්මට හෝ නව පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනයට හේතු විය හැක. එකම විශේෂයේ ජීවීන්ගේ ගෙනොම වල විකෘතීන් එකතු වීම නිසා විශේෂය තුල ජීවීන |
් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති වේ. ස්වභාවික වරණයට භාජනය වන්නේ මෙම ප්‍රවේණික විවිධත්වයයි. ගහණ වල ජීවීන් අතර ඇති තරඟකාරීත්වය නිසා වඩා යෝග්‍ය ලක්ෂණ සහිත ජීවීන්ට වැඩි වාසි ලැබේ. මේ නිසා දිගු කාලයක් තිස්සේ සිදු වන ප්‍රජනනයේදී වඩා වාසිදායක ලක්ෂණ සහිත ජීවීන්ට ජනිතයින් බිහිකිරීම සඳහා ලැබෙන අවස්ථාවන් වැඩි වේ. මේ අන්දමින් ගහණයේ වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් වැඩි වන අතර අවාසිදායක ලක්ෂණ සහිත ජීවීන් ක්‍රමයෙන් අඩු වේ. මෙලෙස, ජීව විශේෂ වල ස්වභාවික වරණය සහ පරිණාමය කෙරෙහි මූලික වන්නේ විකෘති බව පැහැදිලිය.පාෂාණීය ධාතු විද්‍යාව සහ භෞතික මානව විද්‍යාව යන ශික්ෂාවන් සංකලනයෙන් නිමැවෙන පුරා මානව විද්‍යාව විසින් සිදු කෙරෙනුයේ පාෂාණීභූත අස්ථි සහ පිය සටහන් වැනි ෆොසිලිකෘත ආදි මානව සාක්ෂී වල හමු වන ආකාරයට පුරාතන මානවයන් පිළිබඳ හැදෑරීමයි.පුරා මානව විද්‍යාවේ ඉතිහාසයමෙම විද්‍යාව මානවයාගේ විකාශනය පිළිබද අධ්‍යයනයට තුඩුදුන් වැදගත් සොයාගැනිම් සිදු වු 1800 වසරෙහි පසුකාලයේ ආරම්භ විය යන්න විවාදයන්ට තුඩුදිය හැකිය. මුල් අවදිය පුරා මානව විද්‍යාව පිළිබඳ පර්යේෂණ සදහා ජර්මනියේ නියැන්ඩර්තාල් සොයා ගැනිමද, තෝමස් හකස්ල |
ි ගේ ස්වභාව ධර්මයෙහි මිනිසාගේ ස්ථානය පිළිබද සාක්ෂි සහ චාල්ස් ඩාවින්ගේ ‘ද සිසෙන්ට් ඔෆ් මැන්' (මිනිසාගේ පෙලපත) යන ග‍්‍රන්ථය ද ඉතාමත් වැදගත් වේ. පරිණාමය පිලිබද ඩාවින්ගේ මුල් ග‍්‍රන්ථය මානව පරිණාමය සම්බන්ධ නිහ්චය ප‍්‍රහ්නය පිළිබදව කතා නොකළද විෂය පිළිබදව ඩාවින් විසින් ලියන ලද්දේ මිනිසා සහ ඔහුගේ ඉතිහාසය පිළිබදව ආලෝකයක් විහිදුවනු ඇත යන්න පමනකි. තෝමස් හක්ස්ලි සහ රිචඞ් ද්වන් අතර ඇති වු වැදගත් මසානව පරිණාමය පිලිබද අදහස කෙරෙහි යොමුවිය. හක්ස්ලි විසින් වර්ෂ 1863 දි ලියු ස්වභව ධර්මයේ මිනිසාට හිමි ස්ථානය පිළිබද සාක්සි නම් ග‍්‍රන්ථයෙහි මානවයන් සහ වානරයන් අතර ඇති සමානකම් සහ වෙනස්කම් බොහෝමයක් විශ්වාසනිය ලෙස පැහැදිලි කරන ලදි. ඩාවින් එම විකසනය පිළිබදව ඔහුගේම ග‍්‍රන්ථය වන ඩිසෙන්ට් ඔෆ් මැන් ප‍්‍රසිද්ධ කරන විට එය ඒ ව විටත් එහුගේ න්‍ය්‍යායෙහි ඉතා ප‍්‍රසිද්ධියට පත් වු අර්ථ කථනයක් විය. එම අර්ථකතනය එම න්‍යාය දැඩි විවාදාත්මක එකක් බවට පත් කළේය. ඩාර්වින්ගේ ආරම්භක සහයකයින් බොහෝ දෙනෙක් (ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සහ චාල්ස් ලියෙස් වැනි) පවා මානව වර්ගයා ඔවුන්ගේ පැහැදිලිවම සිමා රහිත මානසික ධාරිතාවයන් සහ සදාචාරාත්මක සංවේදිතා |
වන් ස්වබාවික වරණය ඔස්සේ විකාශනය වුයේය යන අදහසට බාධා කළහ.සටහන්[සංස්කරණය]| Paleoanthropology|} පාහියංගල ලෙනපාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයක් වන අතර.ගංගා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද්‍යතනය වන විට නම් දරා ඇත.මෙය මානව පරිණාමයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ.මෙය දකුණු ආසියාවේ කටාරම් නොකෙටූ විශාලතම ස්වාභාවික ගල් ලෙනයි.මෙහි මිනිසුන් 3500කට එකවර සිටිය හැකිය.මෙහි විශාලත්වය දැක ගැනීමට ගුහාව ඇතුලටම ගොස් පිටත බැලිය යුතුය.මෙහි අවුරුදු 35000-60000 අතර කාලයේ ආදී මානවයා වාසය කර ඇත.ඔවුන් මුහුදු මාළු, ලුණු ,මෝර දත් පළඳනා භාවිතා කර තිබේ.මෙම ගල්ලෙන ගලක් වසර සියක්දහස් ගණනක් මුළුල්ලේ විඛාදනය වීමෙන් සෑදී ඇත.පාහියංගල ලෙනෙහි පිහිටීම සහ විශාලත්වය.[සංස්කරණය]බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැගෙනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබේ. මෙරටෙහි ගල්ලෙන් අතර ප්‍රකටව පවත්නා දඹුලු ලෙන, මා |
තලේ අළුලෙන, කුරුණෑගල දේවමැදි හත්පත්තුවේ වාරියපොළට නුදුරින් පිහිටි කබල්ලෑලෙන, රුහුණේ මුල්ගිරිගල, සියනෑ කෝරළයේ වාරණ ලෙන ආදී ලෙන් විහාර ප්‍රථම වරට දුටු අයෙකු විස්මයට පත්වන බැව් ප්‍රථම වර දුටු අය පවසති. පාහියංගල ලෙනද එලෙසම ප්‍රථම වරට දුටු ඇස් විස්ම කරවන ස්වභාවික නිර්මාණයකි. කොළඹ සිට කළුතර ඔස්සේ දිවෙන මාර්ගයේ සැතපුම් පනහක්ද(50),කොළඹ සිට කැස්බෑව ඔස්සේ හොරණ-කලවැල්ලාව මාර්ගයේ සැතපුම් හතලිහක්ද(40),පසුකළ විට මෙම ලෙන හමුවේ. ලෙනට පිවිසෙන මග සමුද්‍ර මට්ටමින් අඩි 400ක් පමණ උසින් පිහිටි මෙම පාහියංගල ලෙනට යාම සඳහා ගල්පඩි 496ක් පසු කළ යුතුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ස් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශයෙහි මිනිසුන් 3000 කට පමණ රැස්වී සිවිය හැකියැයි විශ් |
වාස කරයි. මේ අනුව බලන විට ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බැව් පැවසීම නිවැරදියපාහියන් නාමය.[සංස්කරණය]පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළයේ මායිම්ගලව පිහිටි මෙම සුවිසල් ලෙන් පර්වතය සඳහා පාහියංගල යන නාමය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව විමසා බැලුව හොත් විවිධ ජනප්‍රවාද පවතී. ක්‍රි.ව. 5වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මේ ලෙනෙහි වැඩ වාසය කළ හෙයින් පසු කලෙක මායිම්ගල පාහියංගල නම් ලද බැව් ජනප්‍රවාදයේ පවතී. සුප්‍රකට දේශ සංචාරකයෙකු වූත්,ධර්ම ගවේශිකයෙකු වූත් චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණ දෙවර්ෂයක් පමණ මෙරට නොයෙකුත් පලාත්වල සංචාරය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඵෙතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ,පාහියන්ගේ ගමන් විස්තරය, නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය කළ අයගේ අදහසයි. පාහියන් භික්ෂුව මෙම ලෙනෙහි වැඩ වාසය කළා යැයි යන මතය සාක් |
ෂාත් කිරිමට තරම් ඵෙතිහාසික සාධකයක් පෙන්විය හැකිව නැති නමුත් චීන ජාතිකයින් අතර මේ පිළිබඳව බලවත් විශ්වාසයක් පවතින බැව් පැවසේ. ක්‍රි.ව.1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂූ සංඝරාජ තුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතියාසයට ආලෝකයක් ගෙන දුන් පාහියන් නාමයට ගරුකරනු වස් මෙම ලෙනට පැමිණ තොරතුරු පරික්ෂාකර ගිය බවට වාර්තා වේ. මෙතුළින් චීන ජාතිකයින් අතර පවත්නා විශ්වාසය මැනවින් පිළිඹිබු වේ.පාහියන් ලෙන විහාරයක් වීම සහ එහි සඟ පරපුර.[සංස්කරණය]පරෝගම හිමියන් විසින් තනනලද ඉපැරණි උළුවස්සමෙම ඵෙතිහාසික පාහියන් ලෙන භික්ෂූන් වහන්සේලාගේ පාලන තන්ත්‍රයට පත්ව ශත වර්ෂ දෙකහාමාරකට වඩා නොවන බැව් පැවසේ. මෙම වකවානුවේදී ප්‍රථමව මෙම ලෙන සොයා භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරිමෙහි ලා මූලිකව ක්‍රියා කන ලද්දේ පොරවගම උන්වහන්සේ නමින් ප්‍රකටව සිටි භික්ෂූන් වහන්සේ නමකි. ඒ හෙයින් මෙම පාහියංගල ලෙන් විහාරයෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වර්තමාන දියුණුවේ අඩිතාලම දැමීමට පුරෝගාමි වූහ. යෝධ පුරුෂයෙකු යැයි කියන පොරෝගම උන්වහන්සේ ගල් කැඩීම |
සඳහා භාවිතා කර තිබෙනුයේ යකුළක් නොව අඩි 6ක් පමණ දිගැති එවැනිම වූ ගල් ආයුධයකි.මෙකල මිනිසුන් සිව් දෙනෙකු විසින්වත් එසවිය නොහැකි තරම් යැයි කියනු ලබන එය දැනට ලෙන තුළ බැඳ තිබෙන මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදමට තබා වඳින ලදැයි පැවෙස්. එලෙසම පොරොවගම හිමියන් ගල්ලෙන භික්ෂු වාස භූමියක් බවට පත්කරලීම උදෙසා උන්වහන්සේ විසින්ම කපා ඔපදැමූ යෝධ උළුවහු දෙක අද්‍යතනයේ පවා මෙම ලෙන් විහාර භූමිය තුළින් දැක බලා ගත හැකිවනු ඇත. පොරෝගම උන්වහන්සේගෙන් අනතුරුව පිළිවෙලින් යේරවත්තේ සෝභිත, වෑවල ධම්මජෝති, උඩුමුල්ලේ සරණංකර, උඩුවලකන්දේ ජිනානන්ද, ජඹුරලියේ පඤ්ඤානන්ද, වෑවල ධම්මරංසි, කඳනේ පඤ්ඤාශේකර යන ස්ථවීරපාදයන් වහන්සේලා මෙහි අධිපති ධූරයට පත්ව ඇත. වෑවල ධම්මරංසි හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කඳනේ පඤ්ඤාශේකර හිමියන් යන දෙදෙනාගේම ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී යටගම්පිටියේ චන්දිම හිමියන් වර්තමාන විහාරාධිපතිත්වය උසුළනු ලබන අතර උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් 40කගේ පමණ ගුරු ස්වාමීන් වහන්සේ වනු ඇත.පාහියංගල මානවයා[සංස්කරණය]ආදී මිනිසා විසින් භාවිතා කළ ක්ෂුද්‍ර ගල් මෙවලම්පාහියංගල ගල්ලෙනෙහි පුරා විද්‍යා පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1986/87 ව |
ර්ෂ වලදීය. මෙම කටයුතු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී. විශේෂයෙන්ම මෙම කැනීම් කටයුතු හා ගවේෂණ කටයුතු කෙරුණේ ලංකාවේ ආදි වාසින් පිළිබඳව තොරතුරු සොයනු වස්ය.මෙම පර්යේෂණ වලදී ආසියාවේ වාසය කරන නූතන මිනිසාට සමාන ලක්ෂණ ඇති පැරණිම මානව අවශේෂ සොයාගන්නා ලදී. මෙම මානව භෂ්මාවශේෂ කැනීම් වලෙන් මතුපිටට ගැනීමට පාහියංගල ලෙනට ඇමෙරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යයවරයෙකු වන කෙනත් කෙනඩි මහතාද පැමිණ ඇත. මෙලෙස භෂ්මාවශේෂ හමුවූ මී මුත්තාගේ වයස අවු:37000කි. කාබන් 14 නැමති විද්‍යාත්මක කාල වාර්තා ක්‍රමය උපයුක්ත කොට දියුණු රසායනාගාර තුළදී මෙකී වයස තීරණය කොට ඇත. ආසියාවේ ජීවත්වන නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බැව් මෑතක් වන තුරුම පිළිගෙන තිබුණි. එකී මානව යුගයට අයත් එනම් වසර 28000කට පෙර ජීවත් වූ මිනිසාගේ හිස් කැබලි ද, මෙකී පර්යේෂණ භූමිය තුළින් සොයාගෙන ඇති බැව් පැවසේ. මෙය මොසෝතික් යුගයට අයත් හෝමෝ සේපියන්ගේ මුල්ම අවධිය ලෙස සැලකේ. එබැවින් පාහියංගල මානවයාට,බලංගොඩ මානවයාට වඩා ඉපැරණි ඵෙතිහාසිකත්වයක් ඇති බැව් මෙම පර්යේෂණ තුළින් පිළිඹි |
බු වීමෙන් ශ්‍රී ලංකාවේ විසූ ආදීම මිනිසා පාහියංගල මානවයා බැව් මේ වන විට සාක්ෂාත් වී ඇත.අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරා බිමෙහි ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම ඇත්තේ දැනට පිහිටා ඇති පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාගෙන ඇත. තවදුරටත් කරන පර්යේෂණ කටයුතු වලදී මෙම ගල්ලෙනෙහි වාසය කරන ලද ආදිවාසින් ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතාකර ඇති බව සොයා ගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් ද යුක්ත බැව් හමුවූ ගල් මෙවලම් තුළින් මැනවින් පසක් වෙනු ඇත. එලෙසම මෙම ලෙනෙහි විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට වසර දස දහස් ගණන් පැරණි,කැනීම් කටයුතු වලදී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.ස්වභාවික ශාඛ සාරයෙන් වර්‍ණ ගැන්වූ සිතුවම්ලෙන් විහාරයෙහි පවතින සිතුවම් සහ මූර්ති.[සංස්කරණය]මෙම ලෙන් විහාරයෙහි ගල්ලෙන දකුණු පසට වන්නට කුඩා විහාරයක් පවතී. මෙහි විහාරාධිපතිව වැඩ විසූ වෑවල ධම්මජෝති ස්වාමිපාදයන් වහන්සේගේ පාලන සමයෙහි මෙය තනන ලදැයි පැවසේ.මෙම තුඩා විහාරයෙහි මහනුවර යුගයට අයත් සිතුවම් හා මූර්ති දක්නා ලැබේ.මුචලින්ද නාග දරණය මත වැඩ සිටින බුද්ධ ප්‍රති |
මා වහන්සේ,දෑගසව් දෙනම සහ විෂ්ණු,සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමාවන් මෙහිදී දක්නා ලැබෙනු ඇත.මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දෑගසවු වහන්සේලාගේ මූර්තිවල විශේෂිත වූ ලක්ෂණයක් දක්නා ලැබෙනු ඇත. එනම් සිවුරේ රැළිති සහ අත්ලේ රේඛාවන් ඉතා ක්‍රමානුකූලව දක්වා තිබීම එකී විශේෂත්වයයි. එලෙසම මීට ඇතුළු වන ස්ථානයේ දොරටුව දෙපස අසිපතක් රැගත් දොරටුපාල රූප දෙකක් චිත්‍රයට නගා ඇති අතර දකුණුපස දොරටුපාල රූපය අසල සක් පිඹින අයෙකුගේ සිතුවමක් ද දක්නා ලැබේ. මීට අමතරව විහාරගෙය ඇතුළත බිත්ති මත නෙළුම් මල් මෙන්ම ලියතඹරා මල් ද සිතුවම් කර තිබෙනු දක්නා හැකිය. මෙකී සිතුවම් හි විශේෂිත ලක්ෂණය වනුයේ එකී සියළුම සිතුවම් වර්ණ ගැන්වීමේදී උපයුක්ත කොට ගෙන ඇත්තේ ස්වභාවික වනයෙන් ලබාගන්නා ලද ගස්වල මුල්, කොළ, අතු සහ පොතුවලින් සාදාගන්නා ලද වර්ණයන් වීමයි. මෙලෙස වර්ණ ගැන්වූ සිතුවම් අද්‍යතනයේ පවා නොනැසී පවතින අයුරු එය නරඹන්නට යන අයට දැක බලාගත හැකිවනු ඇත.අවට වන ලැහැබ.[සංස්කරණය]අවට_පරිසරයපාහියංගල ගල්ලෙන සුවිශේෂත්වයක් උසුළනුයේ මානව වංශ විද්‍යාව,පුරා විද්‍යාව හෝ ප්‍රාග් ඓතිහාසිකත්වය අතින් පමණක් නොවේ. පාරිසරික විද්‍යාව අතින් ද ඉහළ වටිනාකමක් මේ සඳහා හි |
මිවනු ඇත. මන්ද පස්යොදුන්,කුකුළු යන දෙකෝරළයේ මායිමට මැදිවු සොඳුරු වන පෙතක මෙහි පිහිටීම සනිටුහන්ව ඇති නිසාවෙනි. මෙම රක්ෂිත වන පෙදෙස පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගනයට අයත් යැයි කියන අතර මීට දකුණු දෙසින් දිවෙන සිංහරාජ වනය ද,ඊසාන දෙසින් දිවෙන මා කෙළි වනය ද මේ හා සමාන කමක් දක්වයි. මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි 200-400 දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි 400-1100 දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර 80 ක පමණ වන ප්‍රදේශයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ පිහිටි මෙම වනයට වර්ෂාපතනය ලැබෙනුයේ නිරිත දිග මෝසම් වැසි වලිනි. මෙලෙසින් ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 2060300ක් පමණ වේ. තුරුලතා වැඩීමට මනා උෂ්ණත්වයක් මෙහි පවත්නා අතර වෘක්ෂලතා විශේෂ 49ක් ද, වැල් වර්ග 11ක් පමණ ද, ජලජ පැලෑටි විශේෂ 8ක් පමණ ද, සත්ව විශේෂ 10ක් පමණ ද හඳුනාගෙන ඇත. මීට අමතරව උඩවැඩියා විශේෂ 23 ක් පමණ ද මෙම සොඳුරු වන පෙත තුළින් හඳුනාගෙන ඇත.පිංතූර ගැලරිය[සංස්කරණය]හතළිස්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේකැනීම් කරනලද ස්ථානලෙනට පිවිසෙන |
මහා මාර්ගයලෙන අභ්‍යන්තරයලෙන් පර්වතය පිටතට දිස්වන අයුරුපොරවගම හිමියන් විසින් තනා ඔපදමන ලද අනෙක් උළුවස්සලෙන් පර්වතයේ බැඳ ඇති බඹර වදකුඩාලෙන තුළ ඇති මූර්තියක්මූලාශ්‍ර[සංස්කරණය]1. පූජ්‍ය ජෝතිපාල,ගෝනහේනේ. පාහියංගල පුරාණය. 2. දෙසතිය සඟරාව, 1995 ජූලිඅඩවියෙන් බැහැර පිටු.[සංස්කරණය]පාහියංගල පිළිබඳ තවත් තොරතුරු බිඳක්පාහියංගල ලෙනහිමායනාගෝලය ගෝලයේ හිමහිමායනගෝලයේ දෙවැනියට වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන්නේ හිම වැස්මයි. එය සාමාන්‍යනේ උපරිම මිලියන 47 km2 ක් පමණ ප්‍රදේශයක පැති පවතී. පෘථිවියේ හිමෙන් වැඩී පවතින ප්‍රාදේශවලින් වැඩි කොටසක් උතුර අර්ධගෝලයේ පවතින අතර සෘතු වක්‍රයට අනුව එහි ප්‍රමාණය තාවකාලික වේ. උතුර අර්ධගෝලයෙ හිමබ වැස්ම ජනවාරි මාසයේදී මිලියන 46.5 km2 ක ප්‍රමාණයක සිට අගෝස්තු වලදී. මිලියන 3.8 km2 (රොබින්සන් සහ පිරිස 1993) ප්‍රමාණයක් දක්වා වෙනස් වේ. උතුරැ ඇමරිකාවේ ශීත සෘතුවෙන් හිමෙන් වැසුනු ප්‍රදේශය ප්‍රමාණය දමෙම ශතවර්ෂයේදී ක්‍රමයෙන් වර්ධයනයත් පෙන්නුම් කරන අතර (බ්‍රවුන් සහ ගූඩිසන් 1996,Hughe හා පිරිස, 1996) මෙය වර්ෂාපතනයේ ඉහළ යාමට අනුකූලව සිදුවේ. ( |
Groisman සහ Easterling 1994) නමුත් චන්ද්‍රිකා මගින් ලබාගත් දත්ත වට අනුව 1972-1996 කාල පරිච්ඡේදය තුළ ධ්‍රැව ප්‍රදේශවල වාර්ෂික ශීත සෘතුවේ හිම වැස්සුම් ප්‍රමාණයේ සැලකියි යුතු වෙනස්විමක් දක්නට නොලැබේ. උත්ත ධ්‍රැව ප්‍රදේශ වලජ නවාරි මාසය සදහා විචලතා සංග්‍රණකය (= සම්මත අපගමනය/ මධ්‍යයනය) 00.04 ට වඩා අඩු අගයක් ගනී. Groisman ඇතුළු විද්‍යාඥයින්ට අනුව (19449) මෙම ශතවර්ෂයේ උතුරැ අර්ධ ගෝලයේ වසන්ත සමයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමට අනුරෑපව එම සමයේදී හිම වැස්මේ ප්‍රමාණය අඩුවේ යැයි බලාපොෙරාත්තු විය යුතුයි. නමුත් ඉතිහාසය දත්ත වලින් ලබාගත් ඇස්තමේන්තු වලට මෙම තත්ත්වය වාර්තා ව්නනේ යුරේඩියාවෙන් පමණි. උතුරැ ඇමරිකාවේ වසන්ත හිම වැස්ම මෙම ශතවර්ෂ පුරාවට වර්ත්මානයේ පෙන්වන අගයන්ට සමාන අගවයකින් පැවතුණි. (බ්‍රවුන් 1997) චන්ද්‍රකි චත්ත ලබාගත් කාලය තුළ (IPCC1990) උතුරැ අර්ධගෝලයේ වායු උෂ්ණත්වය හා හිම වැස්මේ ප්‍රමාණය අතර දක්නටලැබුනු සමීප සම්බන්ධතාවය තිත දේශගුණික විපර්යාස හදුනාගැනීම හා නිරීක්ෂණය සදහා උතුරැ අර්ධෂ ගෝලීය හිම වැස්මේ ප්‍රමාණය නිරීක්ෂණය කෙරෙහි සැලකිය යුතු අවදානමක් යොමු වී ඇත. හිම වැස්ම ජල සමතුලිතතාව සදහා ජලය |
ගබඩාකිරීමේදි අතිශය වැදගත් කාර්යයන් ඉටු කරයි. ලෝකයේ කදුකර ප්‍රදේශවල සෘතුම හිමවැස්ම මේ අතිරින් විශේෂ වේ. ප්‍රමාණයෙන් සිමා සහිත වුවද කදුකර හිම වැස්ම ඇළ මාර්ග වලට හා මධ්‍ය දේශාංශය ප්‍රදේශ රාශියක භූගත උල්පත් වලට ජලය සැපයිමේ ප්‍රධානතම ම්‍රලාශ්‍රයයි. මෙයට නිදසුනක් ලෙස කොලරාෙඉා් ගංගාව දැක්විය හැක. එහි වර්ෂිකව ගලායන ජල ප්‍රමාණයෙන් 85% පමණ හිම දියවීමෙන් ලැබුණු ජලය වේ. කදුකරයෙන් ගලාඑන දියුණු එහිම ගංගාවන් ට එකතුවී එමගින් ඔලියනකටත් වැඩි ජනතාවන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා වන ජලධර 40% ක්ම කදුකරයේ පවතින අතර මේවා ජෛව පද්ධතියේ වටිනාකම හා මිනුස්නට විනෝදාස්වාදය සපයන ප්‍රදේශ ලෙස වැදගත් ප්‍රදේශ වේ. උෂ්ණත්වය ඉහළ යාම නිසා හිම පතනයේ හා වර්ෂාපතනයේ, හිමදිවමී ගතවන කාලයේද බරපතල වෙන්කම් ඇතිවේ යැයිබලපොරොත්ත වන නිසා ජලය පරිහමරණය හා කලමණාකරණය පිළිබද සැලකිලිමත් විය යුතු වේ. මෙමගින් කාලතුරැව් හා අවකාශය අනුව පසේ තෙතමනය හා සාගරවලට එකතුවන ජල ප්‍රාණයේ සිදුවන වෙනස්විම් හරහා දශක ගණනාවයක් හෝ ඊටත් වැඩි කාලයකින් දෙශගුණ පද්ධතිය බලපෑ හැක (වොල්ස් 1995) හිම වැස්මේ සිට සාගරයට එකතුවනප ජල ප්‍රමාණය වැගත් ව්නනේ ලවණනික කදුනා කුඩ |
ා කැබලි වශයෙන් සාගරයේ පවතින අයිස් ප්‍රදේශවල ජල ප්‍රමාණයට මෙය සාමන විය හැකි බැවිනි (Prinseberg 1998)පූජ්‍ය ඇස්. මහින්ද හිමිඋපතපෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින්1901ගංටොක්, සිකිම්මිය යාමMarch 16, 1951(1951-03-16) (වයස 50)ලංකාවේ, පානදුරේ, මහ බෙල්ලනනිවහනලංකාවවෙනත් නම්සිකිම් මහින්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමිඅධ්‍යාපනයවිද්‍යෝදය පිරිවෙන, මරදානසංගණ්‍ය වන්නේකවියා,ගත් කතු වර,ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයසංගණ්‍ය කෘතියනිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල, අද ලක් මාතාවගේ පුතු, නිදහස, විදේශිකයෙකුගෙන් ලක් මවට නමස්කාරයක්, සිංහල ජාතියආගමබෞද්ධඇස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, සිංහල ජාතික වයාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත. තරුණ ව |
ියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.මුල් දිවියමධ්‍යම ආසියාවේ හිමාලය කදු වැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්. කේ. තෂිනම්ගල් ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන ගංටොක් නුවරය . කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයෙහි ටිබෙට් භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක් කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට් රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.සීකිම් පූණ්‌නජි හිමිගේ මිත් |
රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට් එස්. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට් එස්. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.[1][2]බෞද්ධ භි |
ක්ෂුභාවය සහ ලංකාවේ ජීවිතයදකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2] රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]උන්වහන්සේ පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. ටිබෙට් එස්. මහින්ද හිමියන් ප්‍රාචීන මධ්‍යම විභාගයන් ද සමත් වී ඇත. 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ |
බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, ආනන්ද විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදයඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]නිදහසේ දැහැනනිදහසේ මන්ත්‍රයජාතික තොටිල්ලඅද ලක් මවගේ පුත්තුවිදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්සිංහල ජාතියලංකා මාතානිදහසමහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැන |
ීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. [2]අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මැයි 16 වන දා අපවත් වී වදාළහ. [6]මහින්ද හිමිගේ කවිතුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා.කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට .කිසිවක් නොසැලකේ යන මහ මුසා බස..පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා.යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා.ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා.බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.මෙලොවින් පරලොවින් වියයුතු යහපත ටමගපෙන්වීම යන අදහස පෙරටු කො ටතෙපලන්නේ නම්පිය තෙපුලක් මියුරුකො ටමිතුරන් මිසක සතුරෝ නොම වෙති ඔහු ටමූලාශ්‍ර↑ එදිරිසිංහ, පද්මා (20 මැයි 2009). "කර්ටන් ඕපන්ස් ඔන් වෙන් ටිබෙට් එස් මහින්දස් චයිල්ඩ්හුඩ්". ඩේලි නිව්ස්. http://www.dailynews.lk/2009/05/20/fea30.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ජනවාරි 2010. ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 ආරියරත්න, සුනිල් (1989) (සිංහලය |
ෙන්). පූජිත ජීවිත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපන සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය. පිටු. 155–160. ↑ 3.0 3.1 Gunatilaka, Kumudu (14 September 2006). "Ven. S. Mahinda Patriot of Literary Fame" (PDF). Budusarana. සම්ප්‍රවේශය 29 January 2010.↑ "රිලිජස් ඉන්ස්ට්‍රක්ටර්ස්". නාලන්දා විද්‍යාල බෞද්ධ සංගමය - NCBA. http://ncba.nalanda.sch.lk/?page_id=76. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 අගෝස්තු 2012. ↑ Herath, R. B. (2002). Sri Lankan Ethnic Crisis: Towards a Resolution. Trafford Publishing. p. 101. ISBN 978-1-55369-793-0.↑ 6.0 6.1 "S. Mahinda Thera: Poet and freedom fighter". Sunday Observer. 25 May 2008. සම්ප්‍රවේශය 29 January 2010.ආශ්‍රිතසාගර පලන්සූරියPinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))මාර්තු 14 දිනයෙහි දී π (3.141...) නමැති ගණිතමය අගය පිළිබඳ උත්සව පැවැත්වෙන දිනයසැකිල්ල:SHORTDESC:මාර්තු 14 දිනයෙහි දී π (3.141...) නමැති ගණිතමය අගය පිළිබඳ උත්සව පැවැත්වෙන දිනයපයි දිනයලැරි ෂෝ, පයි දිනයෙහි නිර්මාතෘ, එක්ස්ප්ලොරටෝරියම් හිදීObserved byලොවපුරා[තහවුර |
ු කර නොමැත]TypeSecularSignificance3, 1 සහ 4 යනු π හි අතිශයින් වැදගත් සංඛ්‍යාංක තුනයCelebrationsපයි අනුභවය, π පිළිබඳ කතිකාවන් [1]Dateමාර්තු 14Related toපයි සන්නිකර්ෂණ දිනයපයි දිනය යනු π (පයි) ගණිතමය නියතය සිහිකෙරෙමින දිනයකි. මාර්තු 14 (හෝ මාසය/දිනය දින ආකෘතියෙහි 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම සාර්ථක සංඛ්‍යාංකයන් තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබිණි.[2]සටහන්[සංස්කරණය]↑ ලැන්ඩවු, එලිසබෙත් (මාර්තු 12, 2010). "ඔන් පයි ඩේ, වන් නම්බර් 'රීක්ස් ඔෆ් මිස්ට්‍රි'", CNN. Retrieved 2010-03-14.↑ යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස් සංරක්ෂණය කළ පිටපත 2009-08-07 at the Wayback Machine.කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ.[1][2][3] ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩි |
මහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.[1][2][4][5]කාර්තිකේයජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන්දේව සේනාවේ අණදෙන්නා[6]මැලේසියාවේ බටු ගුහා හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාවවෙනත් නම්මුරුගන්, මහාසේන, සුබ්‍රමන්‍ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල්[7][8]අනුබැඳියබ්‍රහ්මන් (කෞමාරම්), දේවවාසභවනයආරුපදයි වීඩු (මුරුගන් ගේ වාසස්ථාන හය), පලනි කඳුකරය, කෛලාශ පර්වතයග්‍රහලොවමංගල / අඟහරුමන්ත්‍රයඕම් සරවන භව [9] වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා [10]ආයුධයවේලායුධයසංකේතයකුකුළාදිනයඅඟහරුවාදාපෞද්ගලික තොරතුරුවල්ලභයාදේවසේනාවල්ලි [note 1]දෙමාපියන්ශිව (පියා)පාර්වතී (මව)සොයුරු/සොයුරියන්ගණේෂ (සොහොයුරා)වාහනයමයූර් (මොණරා)උත්සවස්කන්ධ ෂෂ්ඨි හෙවත් ෂෂ්ඨිතෛපූසම්කාර්තිකේ දීපම්පංගුනි උතිරම්වෛකාසි විසාකම්කාර්තික් පූර්ණිමාමහා ශිවරාත්‍රීකාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන |
සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ.[1] එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.[13]ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු[14] පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.ආශ්‍රේයයන්[සංස්කරණය]↑ 1.0 1.1 1.2 Asko Parpola 2015, පිටු අංකය: 285.↑ 2.0 2.1 James G. Lochtefeld 2002, පිටු අංක: 655-656.↑ Fred W. Clothey 1978, පිටු අංක: 1-2.↑ Constance Jones & James D. Ryan 2006, පිටු අංකය: 228.↑ "Murukan Temples in Singapore". murugan.org. සම්ප්‍රවේශය 2021-10-19.↑ "Tamil Traditions on Subrahmaṇya-Murugan - Kamil Zvelebil - Google Books". 2007-02-05. සම්ප්‍රවේශය 2022-10-04.↑ Kumar 2008, පිටු අංකය: 179 |
.↑ Pillai 2004, පිටු අංකය: 17.↑ "Lord Kartikeya, Birth of Lord Kartikeya, , Lord Murugan, Story of Lord Kartikeya – Rudraksha Ratna". 17 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 ජූනි 2018.↑ "The meaning of arohara". 11 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 April 2019.↑ Dalal 2010.↑ Varadara 1993, පිටු අංක: 113-114.↑ T. A. Gopinatha Rao 1993, පිටු අංකය: 40.↑ "::: ENVIS :::". ecoheritage.cpreec.org. සම්ප්‍රවේශය 2021-06-19.උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.ඹබට අවැසි ලිපිය තෝරාගන්නමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයමහනුවර මැතිවරණ දිස්ත්‍රික්කයමහනුවර සෞඛ්‍ය දිස්ත්‍රික්කයහෙලෝතන්තින්ගේ දයානන්ද ගුණසේකරඋපත1942 නොවැම්බර්පිළියන්දලජාතිකත්වය සිංහල, ශ්‍රී ලාංකිකවෙනත් නම්සුරිය ගුණසේකරඅධ්‍යාපනයහොරණ රෙමුණ මිශ්‍ර පාසල 1948-1958 පිළියන්දල සෙන්ට්‍රල් කොලේජ් 1956 පේරාදෙණි විශ්වවිද්‍යාලය 1960සංගණ්‍ය වන්නේදේශපාලන මතවාද.ලංකා ඉතිහාසය |
ආගමබෞද්ධආචාර්ය සූරිය ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස (pseudohistory) ගණයට වැටෙන බව ඇතැම් වියත්තු පවසති. 1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.අභයගිරි චෛත්‍යයට වයඹ දෙසින් පිහිටාඇති ශෛලමය බුද්ධ පුතිමාවකි.මුද්‍රාව[සංස්කරණය]වීරාසනවැරදි මත[සංස්කරණය]දෙවන සමාධි ප |
ිලිමය ලෙස සමහරුන් හැඳින්වුවද මෙය සමාධි මුද්‍රාව නොව වීරාසන මුද්‍රාව නිරූපනය කරයි.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteජුහි චව්ලාජුහි චව්ලා, 2012උපත13 නොවැම්බර් 1967 (1967-11-13) (වයස 56)පන්ජාබය, ඉන්දියාවරැකියාවActress, film producerසක්‍රීය වසර1986–presentකලත්‍රයා(යන්)ජායි මෙහ්තාදරුවන්2නම - ජුහි චව්ලාඋපන් දිනය - 1967 නොවැම්බර් 13උපන් ස්ථානය - පන්ජාබය, ඉන්දියාවපියාගේ නම - එස්. චව්ලාමවගේ නම - මෝනා චව්ලාඅන්වර්ථ නාම - ජූලිඋස - අඩි 5 අඟල් 3ලග්නය - වෘශ්චිකසැමියාගේ නම - ජායි මෙහ්තාවිවාහ වූ වසර - 1997දරුවන්ගේ නම් - දියණිය ජාන්වි, පුතු අර්ජුන්උගත් පාසල් - මුම්බායි හි ෆෝට් කන්‍යාරාමය, සිඩෙන්හැම් විද්‍යාලයරඟපෑ පළමු චිත‍්‍රපටය - සුල්තානත් (1986)දිනා ගත් සම්මාන - 1989 හොඳම නවක නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය (ක්‍යාමත් සෙ ක්‍යාමත් ටක්)1994 වසරේ හොඳම නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය හම් හේන් රාහි ප්්‍යාර් කෙප‍්‍රියතම චිත‍්‍රපටය - ක්‍යාමත් සෙ ක්‍යාමත් ටක්ප‍්‍රියතම නළුවා - අමීර් ඛාන්ප‍්‍රියතම නිළිය - රේඛාප‍්‍රියතම මිතුරා |
- ෂාරුක් ඛාන්ප‍්‍රියතම මිතුරිය - දියණිය ජාන්විප‍්‍රියතම වර්ණය - ළා නිල්ප‍්‍රියතම ස්ථානය - ගෝව, නිවසලිපිනය - 4th Floor,Veer BhavanOpp Gout, Guest house,vMalbar Hill off Nepensea Road,Mumbai 400036, India.ධනපති වාදයධනපති වාදය යනු පුද්ගලයන්ට අහිමි කල නොහැකි අයිතින්ට අනුව නිදහස්ව නිෂ්පාදනය හා වෙළදාම කිරිමට අවශ්‍යය ආර්ථික පරිසයක් සහිත සමාජයකි. එහි දේපල සියල්ල පෞද්ගලික අයිතියක් ඇති ලාභ සදහා භාවිතා කරන්නන් වේ. එමෙන්ම ආයෝජනය, බෙදාහැරීම, නිෂ්පාදනය හා මිල නියම කිරීම වෙළද ආර්ථිකය ක්‍රියාකාරිත්වය අනුව තීරණය වේ. එහිදි පුද්ගලයන්ට හා ආයතන වලට වෙළදාමට, මුදල් පරිහරණය මගින් භාණ්ඩ, සේවා, කම්කරැ හා ඉඩම් කඩම් මිලට ගැනිමේ අයිතිය සලකා බලයි. ධනපතිවාදය ආර්ථික ක්‍රමවේදය බ්‍රිතාන්‍යයේ 16 හ 19 සියවස් අතර කාලයේ දී සංස්ථාගත විය. එනමුත් අතීතියේ පටන් ධනවාදි සංකල්ප ඇති ආයතන පැවතුණි. එසේම මධ්‍යකාලින යුගයේ වෙළෙන්දන්ගේ ධනවාදය ද අතීතයට උදාහරණයකි. වැඩවසම් යුගයේ අවසානය පටන් ධනපති වාදය මුලික වු අතර, බ්‍රිතාන්‍යයෙන් ආරම්භ ව එය යුරෝපය පුරා ව්‍යාප්ත විය. 19 හා 20 වන සියවස වන විට සංස්ථාකරණයේ පෙරමුණ ධනපතිවාදයට |
හිමිවිය. එය එකම ක්‍රමය නොවිය. ධනපති වාදය සංකල්පයට විශ්ලේෂණ අගය අඩු විය. අතීතයේ පටන් කාලය, භූගෝලිය, දේශපාලනික හා සංස්කෘතික උදාහරණ ඔස්සේ එය පැහැදිලි වන අතර සමහරහෙක් බෝහෝ සමකාලීන ආර්ථික ක්‍රමවල මෙන් "මිශ්‍ර ආර්ථිකය "යන නම වඩා උචිත යැයි සලකයි. බලය හා ධනයට ඇති වුවමනාව හා ධනය සංචිතය අනුව ආර්ථික විශේෂඥයින් විවිධ ධනපතිවාදි ක්‍රම අර්ථ දක්වා ඇත. පසුගිය සියවසේ ධනපති වාදය මාක්ස්වාදි ආර්ථික,(Merxis economics) වැනි "මධ්‍ය සැලසුම්ගත ආර්ථිකය(Central Ploned economic) වලට වඩා වෙනස් වේ. ධනපතිවාදයේ ඉතිහාසයමධ්‍යකාලීන යුගයේ මැදපෙරදිග හා බටහිර යුරෝපයේ තිබු වෙළද ධනවාදය තරම් ඈතට විහිදෙන ඉතිහාසයක් ධනපති වාදයට ඇත. බොහෝ ඉතිහාසඥයන් පළමු ධනපතිවාදි රටලෙස නෙදර්ලන්තය සලකයි. වර්ථමාන යුරෝපයේ යුරෝපා යුගය ආරම්භයේ ධනවත් වෙළද නගරය මෙම ක්‍රමය තිබු අතර, පළමු පුර්ණ කාලීන කොටස් වෙළද පොල තිබුණි. මෙම දත්ත නිපදවිම් තුලින් රක්ෂණයන්, විශ්‍රාම සැලසුම් හා "Boom- Bust Cycle" ලොව පලමු දේපල උද්ධමනය බුබුල (Tutip …….1636-1637) Marroy Soyle "Beer Raider ….. Moir (කොටස් වෙළදපලේ කොටස් එකවර විකිණිමට දමා මිල පහත් කර අඩු ිලට කෙටස් මිලට |
ගැනීම) වැනි රථ ප්‍රතිපලද ඇතිවිය.අතීතයේ සියවස් 5 ක් තිස්සේ ධනපතිවදය බලය හ ධනයට ඇති උවමනාව අනුව විවිධ ස්වරෑවලින් වර්ධනය ඇති දේපළ සංචිතය විවිධ ක්‍රමයන්ගෙන් සිදුව ඇතත සියවස් 5 ක ඉතිහාසයක් තුල ධනපති ක්‍රමයේ වර්ධනය, එහි නුසුදුසු හා සුදුසු පැතිකඩ හා ප්‍රධාන වශයෙන් සමාජ වාදීන් ප්‍රතික්ෂේප කිරීම දැකිය හැක.සටහන්[සංස්කරණය]|Capitalism|-ක්ලින්ට් ඊස්ට්වුඩ්, Jr. උපත මැයි 31, 1930 (වයස 79) සැන්ෆ්‍රැන්සිස්කෝ, කැලිෆොර්නියා, ඇමෙරිකා එක්සත් ජනපදය. රැකියාව නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ක්‍රියාකාරි වර්ෂයන් 1954 – වර්තමානය දක්වා භාර්යාව(වරු) මැගී ජොන්සන් (1953–1978), ඩයනා රුඉස් (1996– වර්තමානය දක්වා) ක්ලින්ට් ඊස්ට්වුඩ් (මැයි 31, 1930 )ඇමෙරිකානු නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි , නිෂ්පාදකවරයෙකි . ඔහු පස් වතාවක් ඇකඩමි සම්මාන වලින් පිදුම් ලැබීමට වාසනාවන්ත විය. එමෙන්ම පස් වතාවක් ගෝල්ඩන් ග්ලොබ් සම්මානයෙන් පිදුම් ලැබීය.ක්ලින්ට් ඊස්ට්වුඩ් ප්‍රසිද්ධව ඇත්තේ එදිරි - වීර චරිත වල රඟපෑම් වලිනි. විශේෂයෙන්ම ඒ 1960,1970 සහ 1980 කාලවකවානු වලදී ය. දිගු කාලීන ටෙලින |
ාට්‍යක් වු ‘Rawhide” වලින් පසුව ඔහු “Man With No Name” ලෙස “Dollars” ත්‍රිත්වය සහ කැල්ලහැම් ලෙස “Dirty Harry” චිත්‍රපටි මාලාවේ රඟපෑවේය. මෙම චිත්‍රපට වලින් ඔහු පුරුෂාධිපත්‍යයේ සංකේතයක් බවට පත් විය.ඔහුගේ චිත්‍රපට අතරින් “Unforgiven” (1992) සහ “Million Dollar Baby (2004)”, චිත්‍රපට සඳහා ඔහු හොඳම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට හා හොඳම චිත්‍රපටයට පිරිනැමුණු ඇකඩමි සම්මාන දිනා ගත් අතර ඔහුව හොඳම නළුවාට නිර්දේශ විය. “Paint Your Wagon (1969)”, Play Misty for Me (1971), The Outlaw Josey Wales (1976), Escape from Alcatraz (1979), In the Line of Fire (1993), The Bridges of Madison County (1995), and Gran Torino (2008) යන සියලුම චිත්‍රපට ඉහළ ඇගයීමකට ලක් වුණු අතර වානිජ වශයෙන්ද ඉතා සාර්ථක විය. ඔහු අධ්‍යක්ෂණය කරන ලද නමුත් ඔහු රඟ නොපෑ චිත්‍රපටි අතර ඉතා ජනප්‍රිය වු “Mystic River (2003)” සහ “Letters from Iwo Jima (2006)” වේ.මේ අතර ඔහු පක්ෂග්‍රාහී නොවු නගරාධිපතිවරයෙක් ලෙස Carmel-by-the-Sea, California හි 1986- 1988 දක්වා කටයුතු කර ඇත.සටහන[සංස්කරණය]Clint_Eastwoodමොංගෝලියාව (Mongolian)Монгол У |
лс (මොංගෝලියානු)කොඩියEmblemජාතික ගීය: Монгол улсын төрийн дуулалMonğol ulsyŋ töriyŋ duulal"National Anthem of Mongolia"අගනුවරසහ විශාලතම නගරයUlaanbaatar[a]ඛණ්ඩාංක: 48°N 106°E / 48°N 106°E / 48; 106නිල භාෂා(ව)MongolianOfficial scriptsMongolianCyrillic[1]ජනවාර්ගික කණ්ඩායම් (2020)95% Mongols4% Kazakhs1% Others[2]ආගම (2020)51.7% Buddhism40.6% No religion3.2% Islam2.5% Shamanism1.3% Christianity0.7% Others[2]ජාති නාම(ය)Mongolian[b]රජයUnitary semi-presidential republic[3]• President Ukhnaagiin Khürelsükh• Prime Minister Luvsannamsrain Oyun-Erdene• State Great Khural Chairman Gombojavyn Zandanshatarව්‍යවස්ථාදායකයState Great KhuralFormation• Xiongnu Empire 209 BCE• Mongol Empire 1206• Declaration of independence from the Qing dynasty 29 December 1911• Mongolian People's Republic established 26 November 1924• Current constitution 13 February 1992වර්ග ප්‍රමාණය• සම්පූර්ණ1,564,116 km2 (603,909 sq mi) (18th)• ජලය (%)0.67[4]ජනගහණය• 2020 ඇස්තමේන්තුව3,353,470[5] (134th)• 2015 ජන සංගණන |
ය3,057,778[6]• ඝණත්වය2.07/km2 (5.4/sq mi) (194th)දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව• සම්පූර්ණ$47 billion[7] (115th)• ඒක පුද්ගල$14,270[7] (93rd)දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව• සම්පූර්ණ$13.7 billion[7] (133rd)• ඒක පුද්ගල$4,151[7] (116th)ගිනි (2018)32.7[8]මධ්‍යමමාසද (2019)0.737[9]ඉහළ · 99thව්‍යවහාර මුදලTögrög (MNT)වේලා කලාපයUTC+7/+8[10]දින ආකෘතිyyyy.mm.dd (CE)රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය+976ISO 3166 codeMNඅන්තර්ජාල TLD.mn, .мон↑ Also spelled "Ulan Bator".↑ "Mongolian" denotes nationality, which includes minorities such as Kazakhs or Tuvans, while "Mongol" indicates Mongol ethnicity.මොංගෝලියාව ඉංග්‍රීසි: මොංගෝලියා (උදවු·තොරතුරු) (මොංගෝලියානු: [ මොංගෂ් ඔෂ් (උදවු·තොරතුරු), වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නො |
මැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත.16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකුණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Official Documents to be in Mongolian Script". UB Post. June 21, 2011. November 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-11.↑ 2.0 2.1 |
"Хун ам, орон сууцны 2020 оны улсын ээлжит тооллогы нэгдсэн дун" (PDF) (Mongolian බසින්). 7 November 2020 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ Odonkhuu, Munkhsaikhan (පෙබරවාරි 12, 2016). "Mongolia: A Vain Constitutional Attempt to Consolidate Parliamentary Democracy". ConstitutionNet. International IDEA. පෙබරවාරි 25, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය පෙබරවාරි 21, 2016. Mongolia is sometimes described as a semi-presidential system because, while the prime minister and cabinet are collectively responsible to the SGKh, the president is popularly elected, and his/her powers are much broader than the conventional powers of heads of state in parliamentary systems.↑ "Mongolia". The World Factbook. CIA. සම්ප්‍රවේශය අගෝස්තු 9, 2015.↑ "Renewed 2015–2045 population projection". www.1212.mn. Mongolian Statistical Information Service. 1 January 2017. සම්ප්‍රවේශය 28 May 2020. |
↑ "2015 population and housing by census of mongolia". www.1212.mn. Mongolian Statistical Information Service. 1 January 2016. සම්ප්‍රවේශය 28 May 2020.↑ 7.0 7.1 7.2 7.3 "World Economic Outlook Database, January 2019". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 24 February 2019.↑ "GINI index (World Bank estimate) – Mongolia". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.↑ Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.↑ "Mongolia Standard Time is GMT (UTC) +8, some areas of Mongolia use GMT (UTC) +7". Time Temperature.com. ඔක්තෝබර් 13, 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය සැප්තැම්බර් 30, 2007."ටැබ්ලොයිඩ්" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, ටැබ්ලොයිඩ් (බහුරුත්හරණය) බලන්න.බ්‍රිතාන්‍යයේ විකිණීමට තබාඇති පුවත්පත්. මෙහි බොහෝ ඒවා ටැබ්ලොයිඩ වේ.ටැබ්ලොයිඩ් යනු ප් |
රමාණයෙන් කුඩා පුවත්පත්ය. ප්‍රාදේශීය වශයෙන් වැදගත් පුවත් පළ කෙරෙන සතිපතා විකාශනය කෙරෙන හෝ උද්වේග කර අපරාධ සිදුවීම් හෝ ඕපාදුප වාර්තා කරන පුවත්පත් හැදින්වීම සදහා පුවත් පත් කර්මාන්තය තුළ මේ නම භාවිතා කෙරේ. ටැබ්ලොයිඩ් යන පදය කිසියම් අප්‍රසාදයකට ලක්ව ඇති බැවින් සමහරුන්, “ සංක්ෂිප්ත ” පුවත් පත් යන යෙදුම භාවිතා කරයි. ටැබ්ලොයිඩ් පුවත් පත් ආකෘතිය විශේෂයෙන්ම එක්සත් රාජධානිය තුළ ජනප්‍රිය වී ඇත. එය දළ වශයෙන් අගල් 17 x 11 පමණ වේ. මෙයට වඩා තරමක් විශාල පුවත් පත් වන “ පුළුල් තිර ” පුවත් පත් ගුණාත්මක බවින් ඉහළ යැයි සැලකේ. මේ සදහා තෙවන ආකෘතිය වන්නේ කුඩා හා විශාල ප්‍රමාණ දෙක අතර මැදි ප්‍රමාණයක් ගත් බර්ලනර් ආකෘතියයි.ටැබ්ලොයිඩ් පුවත්පත්වල ඉතිහාසය[සංස්කරණය]ඖෂධ සමාගමක් විසින් සංක්ෂිප්ත වේදනා නාශකයක් හැදින්වීම සදහා ටැබ්ලොයිඩ් යන වදන මුලින්ම භාවිතා කරන ලදී. පසුව තවත් සංක්ෂිප්ත වස්තූන්ට මෙම යෙදුම භාවිතා කෙරිණි. සරල, පහසුවෙන් වටහා ගත හැකි සංක්ෂිප්ත පත්‍රකලාවේදනයට මෙය යොදාගැනුණි.ටැබ්ලොයිඩ් වාර්තාකරණයේ ප්‍රමුඛයෙකු වූයේ ඇල්ෆ්‍රඩ් හාමිස්වර්ත් ය. “ 1865 - 1922 ” ඔහු වසා දැමීමට ආසන්නයේ තිබූ ප්‍රකාශන ආයතනයක් යලි |
දියුණු කර ඉහළ ලාභ ලැබුවේය. ඔහුගේ ටැබ්ලොයිඩ් මහජන මතයට දැඩිව බලපෑම් කළේය. උදාහරණ :- වර්ෂ 1915 ෂෙල් අර්බුදයේ දී අගමැති හර්බට් හෙන්ග්‍රි ඇස්ක්විත්ගේ රාජ්‍ය පෙරලිම සඳහා.සතිපතා විකල්ප පුවත්පතක් ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්[සංස්කරණය]මෑතකදී සිට ටැබ්ලොයිඩ් යන වචනය යෙදුනේ සතියට වරක් හෝ දෙවරක් මුද්‍රණය කරන ටැබ්ලොයිඩ් ආකෘතියේ පුවත් පත් සදහාය. මේවා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා ,සෘඡු වාර්තාකරණයක් සහිත පුවත්පත්ය.එම පුවත්පත් කුඩාවට තනා ඇත්තේ රැගෙනයාමේ පහසුව උදෙසාය. මේවා ප්‍රධාන දිනපතා පුවත්පත් වලින් වෙනස් වන්නේ විකල්ප අදහසක් ඉදිරිපත් කරන බැවිනි. එනම් වඩා ප්‍රාදේශීය අදහසක් හෝ ප්‍රධාන ධාරාවෙන් ස්වායක්ත අදහසක්ය. තවත් වෙනස්කකමක් නම් වඩා සුලබව ප්‍රකාශයට පත් නොවීම සහ පරිහරණය කරන්නාට නොමිලේ ලබාදීමය.ඒවා මුදල් උපයන්නේ වෙළෙද දැන්වීම්වලිනි. එසේම ඒවා වැඩි අවදානයක් යොමු කරන්නේ ප්‍රාදේශීය හෝ අසල් වැසි ප්‍රදේශයන්ගේ කරුණු පිළිබදවය. ටැබ්ලොයිඩ් පුවත්පත් උසස් වෙළෙදපොළ තුළ උසස් අධ්‍යාපනය ලත් ඉහළ ආදායමක් ඇති ජන කොටස් සඳහා (ගුණාත්මක) ඵලදායී විය හැක. එසේම මධ්‍යම පන්තිය හෝ පහළ පන්තියේ වෙළෙද පොළ තුළ ජනප්‍රිය විය හැක. මේ |
හැම කොටසකම ටැබ්ලෝයිඩ් පුවත්පතක්ම ආදායම් ලබන්නේ විවිධ ව්‍යාපාර සහ සේවා සදහා වෙළෙද දැන්වීම් පලකිරීමෙනි. උසස් භාණ්ඩ වෙළෙඳපොළ තුළ අලෙවිකරුවන් සහ සිනමා ආයතනයද,පහළ වෙළෙද පොළ තුළ සුපරි වෙළෙදසැල් සහ වැඩිහිටි සේවා ආයතනද දක්නට ඇත. තැබෑරුම් හල් හා වාහන අලෙවිකරුවන්, සිනමාහල්වල සේවය කරන්නන් ලුහුඩු දැන්වීම් ඒවායෙහි කොටසට ආකර්ශණයක් දක්වති.අධිකාරී පාලනය: ජාතික පුස්තකාල SpainFrance (data)GermanyIsraelUnited StatesCzech Republic2නා ගසලංකා නා ගස, තෙල්වත්ත, ගිණිකොණ දිග ශ්‍රී ලංකාවවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:රෝපණයDivision:මන්ගොලියෝපිටාවර්ගය:මන්ගොලියෝප්සිදාගෝත්‍රය:මල්පිගිලිසේකුලය:ක්ලුසිසියේඋපකුලය:කීල්මෙයෙරොඩේTribe:කැලොපියේගණය:'මෙසුවා'විශේෂය:ම. ෆෙරියාද්වීපද නාමයමෙසුවා ෆෙරියාකැරොලස් ලිනේයස්පර්යාය නාම(ය)මෙසුවා කොරොමන්ඩෙනියාa වයිට්මෙසුවා නාර්ගසරියුම් (බර්ම්.ෆ.) කොස්ටර්ම්.මෙසුවා පෙඩුන්කුලටා වයිට්මෙසුවා රොක්බර්ගි වයිට්මෙසුවා ස්ක්ලිරෝපිල්ලා තව්.මෙසුවා ස්පෙසියොසා චොයිසිමෙසුවා ස්ටිලොනා' නා' ගස ශ්‍රී ලංකාවට ආවේණික නිවර්තන ව |
ෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි. මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ.අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.හෙක්ටයාර 96 (අක්කර 238) ක භූමි භාගයක් පුරා පැතිර පවතින ශ්‍රී ලංකාවේ ජාතික නාමල් උයන, මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ නා ගසිනි. පුරාවෘත්තයන්ට අන |
ුව, හතරවන දප්පුල රජතුමාගේ කාල පරිච්ඡයේදී (ක්‍රි.ව. 8 වැනි සියවස) නාමල් උයන නිර්මාණය කරන ලද බවත්, අද පවතින නා ගස් පැවෙතෙන්නේ එදා තිබූ ගස්වල අතු රිකිලි වලින් බවත් විශ්වාස කෙරේ. එම නිසා, මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ පැරණිතම වනාන්තරය ලෙස මෙම වනාන්තරය සලකනු ලැබේ. උද්භිද විද්වතුන්ගේ මතය වන්නේ, වියලි කලාපය තුළ පිහිටි, තෙත් කලාපීය ශාක ගහණයක් පවතින එකම නා වනය මෙය බවයි.භාවිත[සංස්කරණය]නා දැව ඉතා බර, දැඩි සහ ශක්තිමත්ය. එහි බර ඝන අඩියට රාත්තල් 72 වන අතර ඝනත්වය 1.12 ටොන්/මිටර් 3 වේ. තද අදුරු රතු පැහැතිය. ඉරුම් යන්ත්‍ර යොදා ගෙන ඉරා ගත හැකි මෙම දැව, රේල් පීලිවලට සහ ශක්තිමත් දැව වශෙයන් යොදා ගනී..ශාකයෙන් වැගිරෙන ලාටු (දුම්මල) තරමක් විෂ සහිත නමුත් නා ගස ඖෂධීය වටිනාකමින් යුක්ත ය. මල් කහට සහිත ය. වේදනා නශක, ජීරක, මල බද්දය, බඩේ අමරුව, හතිය තත්වයට, උණ, වමනය සහ ලිංගික බෙලහීනකමට හොඳ ඖෂධයකි. බීජ වලින් ගනු ලබන තෙල් සමේ රෝග සුව කිරිම සඳහා යොදා ගැනේ.වියළුණු මල් අර්ශස් වලට සහ පාචනයට භාවිතා කරයි. නා ගසෙහි වර්ණ විනිවිද යන්නාක් සේ කාවදින බැවින් වර්ණ ගැන්වීම් සඳහා යොදාගනී.බාහිර සබැඳුම්[සංස්කරණය] |
Sriracha College: මෙසුවා ෆෙරියාHimalaya Health Care: 'මෙසුවා ෆෙරියා factsheetමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)සහශ්‍රය:ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂයසියවස්:ක්‍රිපූ 2 වන සියවසක්‍රිපූ 1 වන සියවසක්‍රිව 1 වන සියවසදශක:ක්‍රිපූ 90ගණන් ක්‍රිපූ 80ගණන් ක්‍රිපූ 70ගණන් ක්‍රිපූ 60ගණන් ක්‍රිපූ 50ගණන් ක්‍රිපූ 40ගණන් ක්‍රිපූ 30ගණන් ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන්ප්‍රවර්ග:උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන්ක්‍රිපූ 1 වන සියවස ඇරඹුමෙහිදී නැගෙනහිර අර්ධගෝලය.ක්‍රිපූ 1 වන සියවස අවසනදී නැගෙනහිර අර්ධගෝලය.ක්‍රිපූ අවසන් සියවස ලෙසින්ද හැඳින්වෙන, ක්‍රිපූ 1 වන සියවස, ඇරඹුනේ ක්‍රිපූ 100 වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ ක්‍රිපූ 1 |
වසරෙහි අවසන් දිනයෙහිය. ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් ශුන්‍යය වසරක් භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, තාරකා විද්‍යාත්මක වසර අංකනය විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "ක්‍රිපූ 2" සමාන වන්නේ "වසර -1" වෙතය. හොලසීන් දින දසුනේ 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ ක්‍රිව 1 වන සියවස (ක්‍රිස්තු වර්ෂ) වෙයි.සමාලෝචනය[සංස්කරණය]සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.රෝමානු ජනරජය අවසන් මර ලතෝනි දෙමින්, ජූලියස් සීසර්, මාර්ක් ඇන්ටනී සහ ඔක්ටේවියන් වැනි බලවත් පුද්ගයන්ගේ ඒකාධිපති පරමාර්ථ වලට ඉඩ දීම, එකල රෝමය වටා දැවෙමින් තිබූ අභ්‍යන්තර අරගලය මොනවට විදහා පෑය. අධිරාජ ඔගස්ටස් අධිරාජයා ලෙසින් ඔක්ටේවි |
යන්ගේ බලයට පත් වීම, ඉතිසාහයේ සන්ධිස්ථානයක් වෙමින්, රෝමානු ජනරජය කෙළවර කරමින් රෝමානු අධිරාජ්‍යය ඇරඹීමට හේතු කාරක වූ බවට සැලකෙයි. සමහර ප්‍රාඥයින් මෙම සිද්ධිය හඳුන්වන්නේ රෝමානු විප්ලවය ලෙසිනි. ක්‍රිස්තියානි ආගමෙහි මධ්‍ය චරිතයක් වන ජේසුස් වහන්සේගේ උපත සිදුවූයේද, මෙම සියවස අවසන හා සමග බව විශ්වාස කෙරෙයි.මූලාශ්‍ර[සංස්කරණය]සහස්‍රවර්ෂසියවස්දශකවසරvteදශක සහ වසර21 වන century19 වන century ← 20 වන century ← ↔ → 22 වන century → 23 වන century1990s19901991199219931994199519961997199819992000s20002001200220032004200520062007200820092010s20102011201220132014201520162017201820192020s20202021202220232024202520262027202820292030s20302031203220332034203520362037203820392040s20402041204220432044204520462047204820492050s20502051205220532054205520562057205820592060s20602061206220632064206520662067206820692070s2070207 |
1207220732074207520762077207820792080s20802081208220832084208520862087208820892090s20902091209220932094209520962097209820992100s2100210121022103210421052106210721082109vteසියවස් සහ සහස්‍රවර්ෂසහස්‍රවර්ෂයසියවසක්‍රිස්තු පූර්ව (BC/BCE)4th40th39th38th37th36th35th34th33rd32nd31st3rd30th29th28th27th26th25th24th23rd22nd21st2nd20th19th18th17th16th15th14th13th12th11thපළමුවන10th9th8th7th6th5th4th3rd2ndපළමුවනක්‍රිස්තු වර්ෂ (AD/CE)පළමුවනපළමුවන2nd3rd4th5th6th7th8th9th10th2nd11th12th13th14th15th16th17th18th19th20th3rd21st22nd23rd24th25th26th27th28th29th30thඅධිකාරී පාලනය: ජාතික පුස්තකාල Czech Republicගරු ශ්‍රී ලංකාභිමාන්‍යකරූ ජයසූරියපා.ම.கரு ஜயசூரிய Karu Jayasuriyaශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 20 වන කථානායකවරයාතනතුර දරමින්1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020Deputyආනන්ද කුමාරසිරි තිලංග සුමතිපාලපූර්වප්‍රාප්ත |
ිකයාචමල් රාජපක්ෂඅනුප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධනශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ සභාපතිතනතුර දරමින්9 සැප්තැම්බර් 2015 – 20 අගෝස්තු 2020ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේනගෝඨාභය රාජපක්ෂබුද්ධ ශාසන අමාත්‍යතනතුර දරමින්12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේනඅග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහපූර්වප්‍රාප්තිකයාදි.මු. ජයරත්නරාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අමාත්‍ය [lower-alpha 1]තනතුර දරමින්12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේනඅග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහපූර්වප්‍රාප්තිකයාදි.මු. ජයරත්නතනතුර දරමින්2007–2008ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂඅග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායකවිදුලිබල හා බලශක්ති අමාත්‍යතනතුර දරමින්12 දෙසැම්බර් 2001 – 6 අපේ‍්‍රල් 2004ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංගඅග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීතනතුර දරමින්2015–2020ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීතනතුර දරමින්2000–2015කොළඹ නගරාධිපතිතනතුර දරමින්1997–1999පුද්ගලික තොරතුරුඋපත29 ස |
ැප්තැම්බර් 1940 (1940-09-29) (වයස 83)ජාතියශ්‍රී ලාංකිකදේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂයඋගත් ශාස්ත්‍රාලයආනන්ද විද්‍යාලය, කොළඹරැකියාවදේශපාලනඥ, රාජ්‍ය තාන්ත්‍රිකවෘත්තියව්‍යාපාරිකයාවෙබ් අඩවියparliament.lk/members-of-parliament/directory-of-members/viewMember/101හමුදා සේවයAllegianceශ්‍රී ලංකාවඛණ්ඩය/සේවයශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවසේවා කාල සීමාව1965–1972නිලයදෙවන ලුතිනන්ඒකකයලංකා ජාතික ආරක්ෂක බළකායසටන්/යුද්ධ1971 ජවිපෙ කැරැල්ල↑ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය 2007 සිට 2008 දක්වා.ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය (දෙමළ: கரு ஜயசூரிய, ඉංග්‍රීසි: Karu Jayasuriya; උපත 29 සැප්තැම්බර් 1940) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වේ. [1] කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණ |
සිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Karu elected as new Speaker". Adaderana. 3 September 2015. සම්ප්‍රවේශය 3 September 2015.Republic of Ecuadorරෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් (ස්පාඤ්ඤ)කොඩියCoat of armsඋද්යෝග පාඨය: "Dios, patria y libertad" (ස්පාඤ්ඤ)"Pro Deo, Patria et Libertate" සැකිල්ල:La icon"God, homeland and liberty"ජාතික ගීය: Salve, Oh Patria (ස්පාඤ්ඤ)Hail, Oh FatherlandඅගනුවරQuitoවිශාලතම නගරයGuayaquilනිල භාෂා(ව)Spanish1ජාති නාම(ය)EcuadorianEcuadorean[1]රජයUnitary presidential republic• President Rafael Correa• Vice President Lenín MorenoIndependence• declared August 10, 1809• from ස්පාඤ්ඤය May 24, 1822• from Gran Colombia May 13, 1830• Recognized by ස්පාඤ්ඤය February 16, 1830වර්ග |
ප්‍රමාණය• සම්පූර්ණ272,046 (with[convert: unknown unit] (75th)• ජලය (%)5ජනගහණය• 2010 ඇස්තමේන්තුව14,790,608[2] (65th)• 2010 ජන සංගණනය14,306,876[3]• ඝණත්වය53.8/km2 (139.3/sq mi) (151st)දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව• සම්පූර්ණ$119.963 billion[4]• ඒක පුද්ගල$8,327[4]දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව• සම්පූර්ණ$64,831 billion[4]• ඒක පුද්ගල$4,921[4]ගිනි42මධ්‍යමමාසද (2010) 0.695[5]දෝෂය: අනීතික HDI අගය · 77thව්‍යවහාර මුදලU.S. dollar2 (USD)වේලා කලාපයUTC−5, −6 (ECT, GALT)රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය+593අන්තර්ජාල TLD.ecQuechua and other Amerindian languages spoken by indigenous communities.Sucre until 2000, followed by the U.S. dollar and Ecuadorian centavo coinsනිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය (i/ˈɛkwədɔr/ E-kwə-dawr) දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට ශාන්තිකර සාගරයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලප |
ගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ඓතිහාසික කේන්ද්‍රයක් වන න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.මූලාශ්‍ර[සංස්කරණය]↑ Ecuador entry at MW.com↑ Department of Economic and Social AffairsPopulation Division (2009). [_text_tables.pdf "World Population Prospects, Table A.1"] (PDF). 2008 revisio |
n. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Check |url= value (help); Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)↑ Preliminary result of Ecuadorian census held on 28 November 2010.↑ 4.0 4.1 4.2 4.3 "Ecuador". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;HDI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිවිශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු ( ROBERT CAILLIAU ) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනයවර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ජාලයන්ගේ එකතුවක්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන හැඳින්වෙන්නේ අධිපාඨ ලේඛන වශයෙන් වන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට අදිබැඳි යනුවෙන් හැදින්වෙන තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකට ම ඵයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා ව |
ෙබ් බ්‍රවුසරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.ඉතිහාසය[සංස්කරණය]CERN ආයතනයේදි Mr.Tim Berners-lee විසින් භාවිතා කරන ලද මෙම Nectcube CERn පරිගණකය ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විට්සර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upkn Everything නමැති පොතට යොමු වූවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතට දිව යන්නකි. එම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුව ද හරයේ අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහර අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණය (semantic) බව ව්‍යාපෘතියෙන් දැක්වේ.මින් අනනතුරුව 1989 දී Tim Berners- Lee විසින් EBNQUIS සදහා ද යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබදව වඩාත් විස් |
තරාත්මක යෝජනා පත්‍රයක් (article) ලිවීය. එතෙකින් නොනැවතුණු ඔහු Robet caillian ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භුමිකාව සපයන ලද්දේ EBT හි (Electrocin Book Technology, brown විශ්ව විද්‍යාලයේ Institiuyte for Research in Information and Scholarchip ආයතනය පමණි) CERx ආයතනයෙන් වරපත් කරනු ලැබු Dyantexxt කියවනය මගිනි. කෙසේ වුවත් Hytime ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (Hytime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධය (Hypermedia) දක්වා විස්තිරණය කිරිමේ ප්‍රධාන කොටස්කරුවෙකි.) ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරිමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැදි කටයුතු (HEP) සදහාය ප්‍රයෝජනවත් අංගයක් ලෙසය. මෙහි එන එක් එක් ලේඛනයට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.Tim Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්‍රවුසරය වන world wide ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට Berners Lee ක්‍රියාකාරි වෙබයක් සදහා අවැසි සියලුම උප |
ාංග නපදවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබද සියලු විස්තර දරයි.1991 අගෝස්තු 06 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක් (summary) ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙැස්ම්බරය්දි SLAC හිදි නිමවන ලදි.Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරණි ව්‍යාපෘති සමගය. මේ අතර Ted Nelson හා Andres van dan.. Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ online system ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට හේතු විය. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මගින් විස්තර කෙරි ඇත.Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වූයේ අධිපෙළ අන්තර්ජාලය සමග සමිපව සම්බන්ධ වීමයි. Weaving the web නම් වු ඔහුගේ ග්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ එහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සදහන් තාක්ෂණ |
ක්‍රම්වේද 02 අතර සමිප සම්බන්ධතාවක් ගොඩනැගිමේ හැකියාව ඉතා පහසුවෙන් පවතින්නේ ඒවායේ තාක්ෂණික ප්‍රජාවට බවය. නමුත් ඉන් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනිමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරිමට ඔහුට ම සිදුවිය. මේ අතරවාරයේ දි වෙබයේ පවත්නා ඕනැම සම්පතක් අනන්‍ය ලෙස හදුනා ගැනිම සදහා ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hyopertext ක්‍රමවේදයන්ට හාත්පසින් ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්‍යතාවක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශා සබැදි (links) පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයෙකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් විමකින් තොරවම සම්බන්ධ වීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්‍රවුසර ක්‍රියාත්මක කිරිමේ තදබල අපහසුතාව මගහැරවි ට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයිය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සසදන කල්හි) එසේ වුවද මෙම ක්‍රමය කල් පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද |
හිමිකමකින් තොරව නොම්ිලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙැ නොවු විරැ පෙරලියක් ඇත කළේ අන්රගාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය.1993 අප්රේග් 30 වනිදා CERN ආයතනවය නිවේදනයක් නිකුත් කැරමින් කියා සිටියේ ඉන් මතුවට විහ්ව විසිරි වියමන ඕනැම අයකුට කවර ආකරය හෝ ගාස්තුවක් ගෙවිමකින් තොරව පරිශිලිනය කළ හැකි බව. දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ gopher ප්රොටෝොක්රලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශිලකයන් තුල හි සිටි වෙබය කරඑා සීග්ර සංක්රමණයක් ඇති කරවිමට සමත් විය.Violawww නමැති පරිණි එමෙන්ම ජනප්රිය ාබවබ් බ්රවුසරය ද Hyopercard ක්රමවේදය මුල්ක කරගනිමින් සකසා තිබිණි.කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරටෙය් හදුන්වා දිම යනු විශ්ව විසිරි වයමනේ විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකගත්වයට පැමිණි කරැණකි. Mosaic වේ බ්රවුසරය වනාහි Illinois විශ්ව විදයාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) Mare Andreessen ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රෑප මාධ්ය වේබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය |
සම්පාදනය සිදුවුයෙ High-performance computing and communications Initiative නමැති වැඩසටන මගිනි. මෙම වැඩසටහනට මුල පිරැණේ ඇමෙරිකානු සෙනෙට් සභික Al Gore විසින් 1991 දි ඉදිරිත් කෙරැණු පනත. මගිනි. තවද මෙය Gore Bill නමින් ද ප්රචලිකතය. (වැඩිදුර විස්තර සදහා Al Gore's contributions to the Internat and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමග චිත්රක මිහ්රකර ඉදිරිපත් කර නොලැිබිණි. තවද එහි ජනප්රියතාවය අන්තර්ජාලයේ භාවිතා ාකරන ලද පැරණි ප්රොටෝනකෝලයක් වන Mosaic WAIS ටවඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත ක අතුරැ මුහුණත වෙබයට අන්තර්ජාලයය් ජනප්රියතම ප්රොටෝතොල්ය බවට පත් විම සදහා බොහෝ දුරට බවහල් විය.1994 ඔක්තෝබ්රයේ දි Tim Berners-Lee CERN ආතනයෙන් සමුගැනිමෙන් පසු ඔහු W3C ආයතනය ප්රතිස්ථාපන කිරිමට යෙදිණි. එය ප්රතිස්ෂාපනය ටෙකරැණෙ අන්ර්ජාල ය හා යුරෝපාය කොමිසම (Eupropean commission) ට පුරෝගාමි වු defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts institutie of Technology –labopratopry for computer science (MIT/LCS) ආයතනයේදිය.මේවාත් බලන්න[සංස්ක |
රණය]අන්තර්ජාලයවෙබ් බ්‍රව්සර ලයිස්තුවඅන්තර්ජාල සම්මතයන්[සංස්කරණය]බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්ෂණික පිරිවිතර කිරීම, world wide web, අන්තර් ජාලය හා පරිගණක තොරතුරු හුවමාරුවෙහි වෙනස් ලක්ෂණවල ක්‍රියාකාරිත්වය විග්‍රහ කරයි. බොහොමයක් ලේඛන Berners-Lee විසින් මෙහෙයවන World Wide Web මූල්‍යායනනය (W3C) මගින් සිදු කරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතු බලකාය (IETF)) හා වෙනත් සංවිධාන මගිනි.සාමාන්‍යයෙන් වෙබ් (Web) සම්මතයන් සාකච්ඡා කිරීමේ දී පහත සඳහන් ප්‍රකාශ පාදම ලෙස යොදා ගනී.§ W3C හි සලකුණු කිරීමේ (markup) සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTML ය) මෙය අදි පෙළ (hypertext) ලේඛනවල ව්‍යුහය හා අර්ථ වින්‍යාසය නිර්වචනය කරයි.W3C හි විලාස පත් (stylesheets) සඳහා නිර්දේශ වන්නේ ප්‍රධාන වශයෙන් CSS යECMAScript සඳහා Ecma ඉන්ටර්නැෂනල් සම්මතයන් (සාමාන්‍යයෙන් JavaScript ආකාරය වේ.)W3C ලේඛන විෂය ආදර්ශ නිර්දේශWWW සඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට පමණක් සීමා නොවේ.විධිමත් සම්පත් හඳුන්වනය (URI) යනු hypertext ලේඛනය හා අනුරූප (images |
) වැනි අන්තර්ජාලයේ නිර්දේශක සම්පත් සඳහා සමස්ත පද්ධතයකි. URI වලට URL යැයි කියන අතර IETF' හි RFC 3986 / STD 66: මගින් නිර්වචනය කරයි.විධිමත් සම්පත් හඳුන්වනය (URI) පොදුකාරක රීති වගේම එහි පුරෝගාමියා හා බහුල URL යෝජනා ක්‍රම RFC වලින් නිර්වචනය කරයි. අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය (HyperText Transfer Protocol (HTTP) විශේෂයෙන් RFC 2616 නිර්වචනය කරයි. : HTTP/1.1 හා RFC 2617: වලංගුතාවය එනම් බ්‍රව්සරය හා සර්වරය (server) එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි.මෙයද බලන්න[සංස්කරණය]අන්තර්ජාලය ද්වාරයජයන්ත සෙනෙවිරත්නJayantha Seneviratneඋපතකොළඹ ශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩකආගමබෞද්ධජයන්ත සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Jayantha Seneviratne) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති වරයෙකි.ජීවන සටහන්[සංස්කරණය]ජයන්ත සෙනෙවිරත්න කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. ජයන්ත 1970 සිට 1971 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1970 සහ 1971 දී ආනන්ද - නාල |
න්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.ආශ්‍රිත[සංස්කරණය]ජයන්ත සෙනෙවිරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්දිවුලපිටිය නැණසල[සංස්කරණය]දිවුලපිටිය සරස්වතී පිරිවෙන් නැණසල 1998/07/01 වෙනි දින ආරම්භ කරන ලදී.දිවුලපිටිය - ම්රීගම ප්‍රධාන මාර්ගයේ සරස්වතී පිරිවෙන පිහිටා ඇත එනම් එහි නැණසල පරිගණක මධ්‍යස්ථානය පවත්වගෙන යනු ලබයි.මෙහි සිසුන් 35 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි.කලක් බොම්බාය ලෙසින්ද හැඳින්වුණු, මුම්බායි යනු මහාරාෂ්ට්‍රා ඉන්දීය ප්‍රාන්තයේ අග නගරය වෙයි.ඉන්දියාවේ විශාලම නගරය වෙයි.නින්දෙන් ඇවිදීමවර්ගීකරණය සහ බාහිර මූලාශ්‍රICD-10 කේතයF51.3[1]ICD-9 කේතය307.4MedlinePlus000808eMedicinearticle/1188854MeSHD013009නිද්‍රාචරණය හෝ නක්තචරණය ලෙසින්ද හැඳින්වෙන, නින්දෙන් ඇවිදීම යනු, පාරනිද්‍රාව පවුලට අයත් වන නිද්‍රා ව්‍යාබාධයකි. [2] ලැසි තරංග නින්ද අවස්ථාවෙන් නැගී සිටින නින්දෙන් ඇවිදින්නෝ, අව විඥාන තත්ත්වයක සිටින අතර, පූර්ණ විඥාන තත |
්ත්වයෙන් සිටින විට සිදු කරණ ක්‍රියාකාරකම් සිදු කරති. මෙම ක්‍රියාකාරකම් අතර, ඇඳ මත වාඩිවී සිටීම, නාන කාමරය වෙත ඇවිදගෙන යෑම සහ, පිරිසිදු කිරීම වැනි නිරුප්‍රදව දේ මෙන්ම, පිසීම, රිය පැදවීම,[3] චණ්ඩ අංගහාරයන්, සිතින් මවා ගත් වස්තූන් අල්වා ගැනීමට යෑම,[4] හෝ මිනීමැරීම වැනි අන්තරායකර දේවල්ද විය හැක. [5] [6] [7]සාමාන්‍යයෙන් නින්දෙන් ඇවිදීමෙහිදී වන්නේ සරල ක්‍රියාකාරකම් යළි යළිත් සිදු කිරීම වුවද, නින්දෙ පසුවෙද්දීම සංකීර්ණ චර්යාවන්හී යෙදුනු පුද්ගලයන් පිළිබඳ වාර්තා විටින්විට පළ වන අතර ඒවායේ නීත්‍යානුකූල භාවය බොහෝ විටවිවාදාත්මකය. [8] 2004දී, ඕස්ට්‍රේලියාවේ නිද්‍රා ඖෂධ විශේෂඥයින් කියාසිටියේ, ඇයගේ නින්දෙහිදී ආගන්තුකයන් හා සමග ලිංගික ක්‍රියාවන්හීදී යෙදුනු කාන්තාවකට ඔවුහූ සාර්ථක ලෙසින් පිළියම් කළ බවයි. [8] 2008 දෙසැම්බරයේදී වාර්තා පළවූයේ, නින්දෙන් ඇවිදිමින් අර්ධ-සංගත විද්‍යුත්-තැපැල් පණිවුඩ යැවූ කාන්තාවක් පිළිබඳ වන අතර, මිතුරතු හට රාත්‍රි භෝජනයකට හා මත් පැන් සාදයකට කළ ආරාධනාද ඒවා අතර විය. [9] මතකය අවදි කිරීම අසීරු වන තරමකට ඔවුන්ගේ සංඥතාව වෙනස් වී ඇති බැවින්, සිද්ධිය පිළිබඳ කුඩා මතකයක් හෝ මතකය |
නොමැති බවක් නින්දෙන් ඇවිදින්නන් අතර දක්නට ලැබේ. ඔවුන්ගේ ඇස් විවෘතව තිබුණද, ඔවුන්ගේ අභිනය අඳුරු හා නොපැහැදිලි වෙයි. [10] නින්දෙන් ඇවිදීම පැවතීම, තත්පර 30 ක් පමණ සුළු කාලයක් හෝ විනාඩි 30 ක් පමණ දිගු කාලයක් විය හැක. [4]නාමකරණය, වර්ගීකරණය, සහ කේතකරණය[සංස්කරණය]මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2010 මැයි)ඌනිත නිවේධනයක් සහිත අලිංග වර්ණදේහමය ප්‍රමුඛ ව්‍යාබාධයක් ලෙසින්, නින්දෙන් ඇවිදීම ප්‍රවේණිගත විය හැකි බව, වොෂිංටන් විශ්වවිද්‍යාලයයීය වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රාලයෙහි, ස්නායු විද්‍යා දෙපාර්තමේන්තුවෙහි, ආචාර්ය. ක්‍රිස්ටියානා ඒ. ගර්නට් විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව පෙනී ගොස් ඇත. නින්දෙන් ඇවිදීම සඳහා ජිනෝම-ව්‍යාප්ත බහුලක්ෂ්‍යය පරාමිතික ප්‍රතිබද්ධ විශ්ලේෂණය අනාවරණය කළේ 55.6 සහ 61.4 cM අතර වර්ණදේහ 20q12-q13.12 හිදී වාසි අවාසි ලකුණේ ලඝුගණකය සඳහා 3.44 ක උපරිම අගයකි. [11]පැහැදිලි කිරීම[සංස්කරණය]නින්දෙහි අවස්ථා[සංස්කරණය]REM නින්ද සහ NREM නින්ද අතර චක්‍රයක අවස්ථා ලෙසට නින්ද ප්‍රවර්ගීකරණය කොට ඇත. අවස්ථා සතර: අවස්ථාව 1 (සැහැල්ලු නින්ද අවදියක්), අවස්ථාව |
2 (තහවුරුකළ නින්ද අවස්ථාවත්), සහ අවස්ථා 3 සහ 4 (ලැසි තරංග නින්ද අවස්ථාවන්) ලෙසින් NREM නින්ද තවදුරටත් බෙදා ඇත. මෙයින් පසුව වන්නේ අවස්ථාව 3, අවස්ථාව 2, අවස්ථාව 1, සහ REM අවධියකි. සාමාන්‍ය වැඩිහිටියන් විෂයයෙහි, එක් චක්‍රයක් සඳහා පැය 1.5 පමණ ගත වේ. [12] ලාවී, මැල්හෝත්‍රා සහ පිලර් පරිදී, "නින්ද චක්‍රයෙහි දිග හා අන්තර්ගතය රාත්‍රිය පුරාවටම සහ වයස අනුව වෙනස් වෙයි." නින්දෙන් ඇවිදීම සාමාන්‍යයෙන් සිදුවන්නේ රාත්‍රියෙහි පළමු තුනෙන් පංගුව (11 ප.ව. සහ 1 පෙ.ව. අතර) තුලදී [10] ලැසි තරංග NREM නින්ද අවස්ථාවෙහිදීය. උච්ච ඩෙල්ටා ක්‍රියාකාරිත්වය මොළය තුල සාමාන්‍යයෙන් සිදුවන්නේ ලැසි තරංග NREM නින්ද තුලදී වන අතර, සමස්ත ක්‍රියාකාරිත්වයෙන් 20–50% පමණ ඩෙල්ටා ක්‍රියාකාරිත්වය වන විට, අවස්ථාව 3 ඇතිවෙයි. ඩෙල්ටා ක්‍රියාකාරිත්වය 50% හෝ ඉහළ වූ විට, අවස්ථාව 4 ඇතිවෙයි. [12] සාමන්‍යයෙන්, නින්දෙන් ඇවිදීම සිදුවන්නේ නම්, එය සිදු වන්නේ රාත්‍රියකට එක් වරක් පමණි.[4]ස්වයංක්‍රීයතාව[සංස්කරණය]ස්වයංක්‍රියතාවක් ලෙසින් නින්දෙන් ඇවිදීම වර්ගීකරණය කිරීම පිළිබඳව පර්යේෂකයෝ සමහරවිට එකඟ නොවෙති. මෙම පුනර්වර්තී ක්‍රියාකාරකම් අතර සැ |
පීම, තලු -මැරීම, ඇඳුම් වලින් ඇදීම, හෝ වික්ෂිප්ත බවකින් ඉබාගාතේ යෑම අඩංගු විය හැක. අපස්මාර ස්වයංක්‍රියතා හා සමගද " සුළු අපස්මාර අපච ප්‍රහාර" ඇතිවෙයි. [13]නින්දෙන් ඇවිදීමේදී සිදුවන සමහර ක්‍රියාකාරකම් "ස්වයංක්‍රීයතා" ලෙසින් වර්ගීකරණය කළ හැක. "නො-උමතු ස්වයංක්‍රීයතාව" සහ "උමතු ස්වයංක්‍රීයතාව " පිළිබඳ වෙනස නීතිමය සන්දර්භයෙහිදී වැදගත් විය හැක (පහත අපරාධ බලන්න).හේතු[සංස්කරණය]පරිණත වීමෙහි පමාව නිසා ළමා කාලයේ නින්දෙන් ඇවිදීම ප්‍රවර්ධනය වන බව සමහර ප්‍රවිණයෝ අනුමාන වශයෙන් සිතති. නිද්‍රාචරකයන් වෙතෙහි, වයස අවුරුදු 17 දක්වා, අධි -වෝල්ටීයතා ඩෙල්ටා තරංගය පවතියි. මෙම පැවතීම විසින් ඉඟි කරනුයේ, නින්දෙන් ඇවිදීමට හේතුවක් විය හැකි, මධ්‍ය ස්නායු පද්ධතියෙහි අපරිණතභාවයයි. [4] නින්දෙන් ඇවිදීම, පවුල්වල පර්ෂදගතව පවතින අතර, එක් දෙමව්පියෙක් නින්දෙන් ඇවිදීම වෙතින් පෙලෙන්නේ නම් දරුවන්ගේ කුඩාකල නින්දෙන් ඇවිදීම 45% දක්වා වැඩි වන අතර, දෙමව්පිය දෙදෙනාම නින්දෙන් ඇවිදීමෙන් පෙළෙන්නේ නම් එය 60% දක්වා වෙයි. කෙසේවෙතත්, පිරිමි හෝ ගැහැණු පුද්ගලයන්ට විශේෂිත අභිරුචියක් සහිතව මෙය සිදු වන බවට වාර්තාවී නොමැත. [10] මේ අනුව, ජ |
න්මයෙන් උරුම වන හේතූන් විසින් යම් පුද්ගලයෙකු නින්දෙන් ඇවිදීම කෙරෙහි නැඹුරු කරවන නමුදු, ගති ලක්ෂණය ප්‍රකාශනය වීම කෙරෙහි පාරිසරික හේතූන් බලපෑම් ඇති කරයි. [14] නින්දෙන් ඇවිදීම සඳහා හේතු කාරක වන අනෙකුත් කාරණා වන්නේ ලැසි තරංග නින්ද අවස්ථා දිගු කිරීමට වන හේතූන්ම වෙති. [15] දැක්විය හැකි ප්‍රචලිත හේතූන් අතර, නින්ද අහිමි වීම, උණ, සහ අධික විඩාව වෙති. සමහරක් ප්‍රතිගැස්ම හෝ නිද්‍රාජනක භාවිතයද නින්දෙන් ඇවිදීමට හේතු කාරක විය හැක. [16]ප්‍රතිකාරය[සංස්කරණය]ක්ලොනෑසෆෑම් වැනි බෙන්සෝඩයෑසෆීන් අඩු මාත්‍රාවක්, සහ ට්‍රයිසයික්ලික් විෂාදනාශක වැනි ඖෂධ නින්දෙන් ඇවිදින්නන් හට නියම කළ හැක. [4] බොහෝ විශේෂඥයින් විසින් අවවාද කරන්නේ අන්තරාදායක දේවල් ඉවත දමා නින්දට පෙර දොරවල් හා ජනේල අගුළු දැමීමෙන් නින්දෙන් ඇවිදීමේ හානි දායක ක්‍රියාකාරකම් පිළිබඳ අවදානම් අඩු කර ගත හැකි බවයි. හොඳ නිදි ස්වස්ථතාව සහ නින්ද අහිමි වීමෙන් වැලකීමද නිර්දේශ කරනු ලැබේ.[10]නින්දෙන් ඇවිදින්නෙකු අවදි කිරීම අනර්ථකාරීද යන බව පිළිබඳ පරස්පර අදහස් පවතියි. සමහර විශේෂඥයින් පවසන්නේ නින්දෙන් ඇවිදින්නන් අවදි නොකොට සෙමින් ඇඳ වෙත කැඳවාගෙන යා යුතු බවයි. අනෙක |
ුන් එම අදහසට විරුද්ධ වෙමින් පවසන්නේ නින්දෙන් ඇවිදින්නකු අවදිකිරීම විසින් එවැන්නකු අවුල් සහගත තත්ත්වයකට පත් කළද එය අනර්ථකාරී නොවන බවයි.[17]වසංගත විද්‍යාව[සංස්කරණය]එ.ජ. හී ජාතික නින්ද පදනම පරිදී, සාමාන්‍ය ජනගහණයෙන් 1–15% දක්වා ප්‍රමාණයක් නින්දෙන් ඇවිදීමෙන් පෙලෙති. [18] නින්දෙන් ඇවිදීම වඩාත්ම පවතින්නේ දරුවන් අතර වන අතර, වැඩිහිටියන් බවට පත් වෙත්ම සාමාන්‍යයෙන් එය නැතිව යයි. වැඩිහිටියන් අතර නින්දෙන් ඇවිදීම එතරම් බහුල ලෙසින් සිදුවන්නක් නොවන අතර වුවත්, එය සිදුවන විට, දරුවන් අතර වසරකට සිදුවනවා මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් වැඩිහිටියන් අතර සිදු වෙයි. මහළු වයසෙහිදී නින්දෙන් ඇවිදීම විරල වන අතර එය සාමාන්‍යයෙන් වෙනත් ව්‍යාබාධයක් දක්වයි. මහළු වයස් ව්‍යාබාධ අතර විභ්‍රාන්තිය (සිහිවිකලතාව), ඖෂධ විෂ වීම හෝ ගැස්ම ව්‍යාබාධයක් විය හැක.[4]දරුවෝ[සංස්කරණය]ළමා කාලයෙහිදී නින්දෙන් ඇවිදීම බහුල සිදුවීමක් වන අතර වයස වැඩිවත්ම එය අඩුව යයි. ලාවී, මැල්හෝත්‍රා සහ පිලර් පවසන පරිදී, උච්චතම වයස වන්නේ අවුරුදු 4–8 වන අතර, මෙහිදී නින්දෙන් ඇවිදීමේ සිදු වීම් අතුරින් 20% පමණ සිදු වෙයි. [10]. තවත් වාර්තාවක් පවසන්නේ උච්චතම වය |
ස වන්නේ වයස එකොළහ සිට දොළහ දක්වා බවත් මෙම වයස් වල දරුවන්ගෙන් ඇස්තමේන්තුගත 25% ක් අවම වශයෙන් එක් වතාවක්වත් නින්දෙන් ඇවිද ඇති බවත්ය. [19] "නිද්‍රාචරකයන්ගෙන් 25–33% නිශාගත ආමුත්‍රලයෙන් " (නින්දෙන්-මුත්‍රා යෑමෙන්) පෙලෙන බවද දන්නා තවත් කරුණකි. නින්සෙන් ඇවිදීම මෙන්ම, ආමුත්‍රලයද කුඩා දරුවන් අතර බහුල වුවද දරුවන් වියපත් වත්ම කෙමෙන් නැතිවී යයි. නින්දෙන් ඇවිදින සමහර දරුවන් නින්දෙන් බිය වීමෙන්ද පෙලෙති. කෙසේවෙතත්, වැඩිහිටි නින්දෙන් ඇවිදින්නන් අතර නින්දෙන් බියවීම් බෙහෙවින් බහුල වන අතර, දරුවන්ට වඩා 50% වැඩියෙන් බහුල වෙයි. [4] ඔවුන්ගේ දරුවන් නින්දෙන් ඇවිදීම විසින් ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක බලපෑම් පිළිබඳ සමහර දෙමව්පියන් කණස්සල්ලෙන් පසුවන මුත්, කිඩ්ස්හෙල්ත් වෙබ්අඩවියෙහි සංස්කාරක, වෛද්‍යාචාර්ය ලැරිස්සා හර්ෂ් පවසන්නේ, "චිත්තවේගීව හෝ මනෝවිද්‍යාත්මකව හෝ දරුවා තුල පවතින වරදක්, නින්දෙන් ඇවිදීම විසින් නොදක්වයි. ඒ අතර එය විසින් චිත්තවේගී හානියක් දරුවාට ඇති නොකරයි."[17]"පූර්ව-යෞවන දරුවන් නින්දෙන් ඇවිදීම හා නින්දෙන් බියවීම" පිළිබඳ අධ්‍යයනයකදී ඔවුන් සොයාගත්තේ, අසංයම පාද සින්ඩ්‍රෝමය (RLS) හෝ නිද්‍රා-ව්‍යා |
බාධ ශ්වසනය (SDB) වැනි තවත් නිද්‍රා ව්‍යාබාධයකින් දරුවෙකු පෙලෙයි නම් ඔවුන් නින්දෙන් ඇවිදීමට වඩාත් ප්‍රවනතාවයක් ඇති බවයි.ආශ්‍රිත[සංස්කරණය]↑ Who.int↑ බාර්ලෝ, ඩේවිඩ් එච්. සහ වී. මාර්ක් ඩ්‍යුරන්ඩ්, ඇබ්නෝර්මල් සයිකොලොජි: ඇන් ඉන්ටිග්‍රේටිව් ඇප්රෝච්, සෙන්ගේජ් ලර්නිං, 2008, ISBN 0-495-09556-7, පි. 300.↑ ස්ලීප්: සෙක්ස් වයිල් ස්ලීපිං ඊස් රියල්, ඇන්ඩ් මේ බී නෝ ජෝක්, මයිකල් ස්මිත්, මේඩ්පේජ් ටුඩේ කාර්යමණ්ඩල ලේඛක, ප්‍රකාශනය: ජූනි 19, 2006, සම්ප්‍රෙව්ශන දිනය 08-11-2011↑ 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 ස්වොන්සන්, ජෙනිෆර්, සංස්. "ස්ලීප්වෝකිං." ස්ලීප් ඩිස්ඕර්ඩර්ස් සෝර්ස්බුක්. MI: Omnigraphics, 1999. 249–254, 351–352.↑ ස්ලීප්වෝක් ටු මර්ඩර්, http://sleepdisorders.about.com/cs/sleepwalktalk/a/sleepmurder.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-07-04 ↑ ස්ලීප්වෝකිං, ස්ලීප් මර්ඩර්, ස්ලීප් වෝකිං, ඔටෝමටිසම්, ස්ලීප් ඇෆ්නියා, ඉන්සැනිටි ඩිෆෙන්ස්, ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇෆ්නියා, නාර්කලෙප්සි, ඉන්සෝම්නියා, කැටප්ලෙක්සි, ස්ලීපිනස්, ස්ලීප් වෝකිං, ඩේටයිම් ස්ලීපිනස්, අපර් එයාර්වේ, CPAP, හයිපොක්සීමියා, UVVP, යූවුලා, සොම්නොප්ල |
ාස්ටි, ob...↑ "සීඑන්එන් - ස්ලීප්වෝකිං ඩිෆෙන්ස් ඉන් ඇරිසෝනා මර්ඩර් ට්‍රයල් - මැයි 25, 1999". http://www.cnn.com/US/9905/25/sleepwalk.defense. [භින්න වූ සබැඳිය]↑ 8.0 8.1 රේෂල් නොවක් (2004-10-15). "ස්ලීප්වෝකිං වුමන් හෑඩ් සෙක්ස් විත් ස්ට්‍රේංජර්ස්". නිව් සයන්ටිස්ට්. http://www.newscientist.com/article.ns?id=dn6540. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-04-30. ↑ ටෙලිග්‍රාෆ්, දෙසැම්බර් 17, 2008.↑ 10.0 10.1 10.2 10.3 10.4 ලාවි, පෙරෙට්ස්, අතුල් මැල්හොත්‍රා, සහ ගියෝරා පිලර්. ස්ලීප් ඩිස්ඕඩර්ස් : ඩයග්නෝසිස්, මැනේජ්මන්ට් ඇන්ඩ් ට්‍රීට්මන්ට් : අ හෑන්ඩ්බුක් ෆෝ ක්ලිනිකීසියන්ස්. ලන්ඩනය: මාටින් ඩුනිට්ස්, 2002. 146–147.↑ "නියුරොලජි" ජර්නලය, ජනවාරි 4, 2011 76:12-13 ස්නායු වේදය පිළිබඳ ඇමරිකානු ඇකඩමිය විසින් ප්‍රකාශයට පත් කරණ ලදි www.Neurology.org↑ 12.0 12.1 මෙන්ඩල්සන්, වොලස්, ක්‍රිස්ටියන් ගිලින්, සහ රිචර්ඩ් වියට්. "ද ස්ලීප් ස්ටේජස්." හියුමන් ස්ලීප් ඇන්ඩ් ඉට්ස් ඩිස්ඕඩර්ස්. නිව්යෝර්ක්: ප්ලීනම්, 1977. 3–10.↑ ඩ්‍රෙයිෆස්, ෆ්‍රිට්ස්, සහ ජේ. පෙන්රි. "ඔටොමැටිසම්ස් ඇසෝසියේටඩ් විත් ද ඇබ්සන්ස් ඔෆ් පෙටි මල් එපිලේ |
ප්සි." ආකයිව්ස් ඔෆ් නියුරොලජි 21.2 (1969):142–149.↑ කේල්ස්, ඒ. සහ අනෙකුන්. 1980. හෙරඩිට්‍රි ෆැක්ටර්ස් ඉන් ස්ලීප්වෝකිං ඇන්ඩ් නයිට් ටෙරර්ස්. මනෝ විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍ය ජර්නලය 137: 111-118.↑ ප්‍රේස්මන්. "ෆැක්ටර්ස් දැට් ප්‍රිඩිස්පෝස්, ප්‍රයිම් ඇන්ඩ් ප්‍රෙසිපිටේට් NREM පැරසොම්නියාස් ඉන් ඇඩල්ට්ස්: ක්ලිනිකල් ඇන්ඩ් ෆොරන්සික් ඉම්ප්ලිකේෂන්ස්." Sleep Med Rev 11.1 (2007):5–30.↑ කුලේබ්‍රස්, ඇන්ටෝනියෝ. "සොම්නම්බ්‍යුලිස්ම්." කිලිනිකල් හෑන්ඩ්බුක් ඔෆ් ස්ලීප් ඩිසෝඩර්ස්,මැසචූසට්ස්: බටර්වර්ත්-හයිනමාන්, 1996. 317–319.↑ 17.0 17.1 හර්ෂ්, ලැරිස්සා. "ස්ලීප්වෝකිං". කිඩ්ස්හෙල්ත්, මැයි 2009.↑ මහෝවල්ඩ්, මාර්ක්. "ස්ලීප්වෝකිං". ජාතික නින්ද පදනම.↑ ෂාක්ටර්, ඩී., ගිල්බට්, ඩී., වෙග්නර්, ඩී. (2011). සයිකොලජි (2වන සංස්.). ඡේදය 5.7. නිව්යෝර්ක්, NY, ඇඑජ: වර්ත් පබ්ලිෂර්ස් මෙම ලිපිය හෝ ලිපි කොටස ඉන්දියාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)භාරත ජනරජයකොඩියභාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. බිලියන 1.1 |
8ක ජනගහණයක් සහිත මෙම රට ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි. අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉ |
න්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. භාරතය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ කේන්ද්‍රීය පාලන ප්‍රදේශ 8කින් සමන්විතය. භාරතීය ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 5 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. භාරත ජනරජයේ ජාතික සංකේතජාතික සත්ත්වයාඉන්දියානු අලියාජාතික පක්ෂියාඉන්දියානු මොණරාජාතික වෘක්ෂයනුග ගසජාතික පුෂ්පයනෙළුම් මලජාතික පලතුරඅඹභාරතයේ ප්‍රාන්ත[සංස්කරණය]අරුණාචල් ප්‍රදේශ්ආන්ධ්‍රා ප්‍රදේශ්ඇසාමයඋත්තර් ප්‍රදේශ්උත්තරාඛණ්ඩ්ඔයිෂාකර්ණාටකකේරළයගුජරාටයගෝවඡත්තීස්ගාර්හ්ඣාර්ඛණ්ඩ්තමිල්නාඩුවත්‍රීපුරතෙලංගනාවනාගලන්තයපන්ජාබයබටහිර බෙංගාලයබිහාර්මණිපුරමධ්‍ය ප්‍රදේශ්මහාරාෂ්ට්‍රමිසෝරාම්මේඝාලයරාජස්ථාන්හර්යානාසික්කිම්හිමාචල් ප්‍රදේශ්කේන්ද්‍රීය පාලන ප්‍රදේශ (Union T |
erritories):අන්දමන් හා නිකොබාර් දූපත්චන්දිගාර්හ්ජම්මු හා කාශ්මීරයදාද්‍රා, නගර් හවේලී, දමණ් හා දීව්දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශයපුදුචෙරිලක්ෂද්වීප්ලදඛ්සබැඳි[සංස්කරණය][1]"State Emblem -Inscription". National Informatics Centre(NIC). Retrieved 2007-06-17.[3]"India at a glance: Population". Census of India, 2001. Government of India. Retrieved 25 April 2009.[4]"India". International Monetary Fund. Retrieved 21 April 2010.[5]"Field Listing — Distribution of family income — Gini index". The World Factbook. CIA. 15 May 2008. Retrieved 6 June 2008.[6]"Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. Retrieved 5 October 2009.ජලාප්‍රවාහණ ද්‍රෝණිවල වැදගත්කම[සංස්කරණය]භූ දේශපාලනික සීමා ලෙසමධ්‍යම ආසියානු කලාපයේ පිහිටි Endorheic ද්‍රෝණිය.සීමා නිර්ණයේදී ඓතිහාසිකවම ජලප්‍රවාහණ ද්‍රෝණි වැදගත් වී ඇත. විශේෂයෙන්ම ජලය හරහා සිදු කරන වෙළෙඳාම කෙරෙහි වැදගත් වන ප්‍රදේශවලදී ඒ බව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ හඩ |
්සන් බොක්ක ආයතනයට හඩ්සන් බොක්ක දියබස්නාවේ සම්පූර්ණ අයිතිය ඉන්දීය වෙළදාමේ ඒකාධිකාරය වෙත පවරා දෙන ලදී. එම ප්‍රදේශය Rupwrt භූමිය ලෙස හැඳින්විණි. මෙම ආයතනය පසුව ආක්ටික් සාගරයේ උතුරු ඇමෙරිකානු දියබස්නාව මඟින් අත්පත් කර ගන්නා ලදී. (වයඹ දිග භූමිය) මෙම වයඹ දිග භූමීන් පසුකාලීනව කැනඩාවේ කොටස් බවට පත්විය. ඒවා කැනඩාවේ භූමියෙන් බහුතරය අයත්කරගෙන සිටී.වර්තමානයේ Sistan ද්‍රෝණිය ඇෆ්ගනිස්ථානය හා ඉරානයේ දකුණු ප්‍රදේශ හරහා පැතිර පවතී. Shangrial විල පකිස්ථානයේ Skardu හිදී.අද ජෛව ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය විසින් විශේෂිත ජලාප්‍රවාහණ ද්‍රෝණියක් ආරක්ෂා කිරීමට ඇතිකර ගනු ලැබ තිබෙන එකඟතාද ඊට අන්තර්ගත කර ඇත. මේවා මහාවිල් කොමිසමට අයත් වේ.ජලවිද්‍යාවේදී ජලා ප්‍රවාහන ද්‍රෝණිවල වැදගත්කමමිසිසිපි ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණියේ කොටසක් වන ඔහියෝ ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණියජල විද්‍යාවේදී ජලාප්‍රවාහන ද්‍රෝණි ජලචක්‍රය තුළ ජලයේ චලන අධ්‍යයනය කිරීම සඳහා තාර්කික වශයෙන් වැදගත් ඒකකයකි.ඒ එම ද්‍රෝණිය සෘජුවම අහසින් වැටෙන වර්ෂා ජලයෙන් සමන්විත වන නිසාවෙනි. මෙහිදී ජලාප්‍රවාහන ද්‍රෝණියට යටින් ඇති භූගත ජල පද්ධතියට ජල ප්‍රමාණයක් එකතු |
වී වෙනත් ජලාප්‍රවාහණ ද්‍රෝණියක් කරා ගලායයි. ඒ භූගත ජල ගැලීමේ දිශානතියෙන් පිටත ජලාප්‍රවාහණ ජාලයට හැමවිටම ගැලපීම සිදු නොවන බැවිණි. ද්‍රෝණියේ මුව විට තබන ලද ප්‍රවාහ ආමාණයක් මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජල ප්‍රමාණය මැන ගත හැකිය.ජලාප්‍රවාහණ ද්‍රෝණියක් මතට වැටෙන මුළු වර්ෂාපතනය මැනීමට වර්ෂා ආමාන යොදා ගනී. එම දත්ත ලබාගැනීමට වෙනත් ක්‍රමද ඇත. නියත වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක ආමාණ රාශියක් ඒකාකාරීව පැතිරී ඇත්නම් අංක ගණිතමය මධ්‍යන්‍ය ක්‍රමය වඩා හොඳ ප්‍රතිඵල ලබාදේ. Thiessen බහු අස්‍ර ක්‍රමයේදී දිය බස්නාව බහු අස්‍රවලට බෙදෙන අතර ප්‍රධාන ආමානය සෑම බහුඅස්‍රයකම මැද පිහිටුවා ඇත. එය එම ප්‍රදේශයේ වර්ෂාපතනයට නිදර්ශකයක් ලෙස ක්‍රියාකරයි. මෙම බහු අස්‍ර ආමාන අතර රේඛා ඇඳීමෙන් නිර්මාණය කෙරේ. අනතුරුව බහුඅස්‍රවල සිට ඒවාට ලම්භ සමච්ඡේදකයක් නිර්මාණය කරයි. සම වර්ෂා රේඛා ක්‍රමය භාවිතයේදී සමාන වර්ෂාවක් වැටෙන සමෝච්ච රේඛා සිතියමක අඳිනු ලැබේ. එම චාපයන් අතර වර්ගඵලය ගණනය කොට ජල පරිමාව එකතු කිරීම කල්ගත වන ක්‍රියාවකි.පරිසර විද්‍යාවේදී ජලා ප්‍රවාහන ද්‍රෝණියක වැදගත්කමමිසිසිපි ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණියඑක්සත් ජනපද ගංගාවක ව |
ිශාලතම වර්ගඵලය අයත් වන්නේ මිසි සිපි ගංගා ද්‍රෝණියටයි. ඉන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික ප්‍රදේශ වේ. කෘෂි කාර්මික අපවාහයන් හා වෙනත් ජල දුෂණ කාරක මෙක්සිකෝ බොක්කේ මළ කලාපයක් ඇති කිරීමට හේතු වී ඇත. ජලාප්‍රවාහන ද්‍රෝණි පරිසර විද්‍යාවේදී ද වැදගත් මූලකාරකයන් වේ. ඊට හේතුව නම් පොළව හරහා ගලායන ජලයේ පෝෂක අවසාධක හා දුෂක එකතුකර ගත හැකි බැවිනි. ජලය මෙන්ම ඒවාද ද්‍රෝණියේ පිටත විවරය දෙසට ගලායයි. ඒවා සිය ගමන් මග තුළ පරිසර විද්‍යාත්මක ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති කරවන අතර ඒ අතර තුරදීම ජල ප්‍රභවයට ද බලපෑම් සිදු කළ හැකිය.කෘත්‍රීම පොහොරවල වර්තමාන භාවිතයේදී නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් භාවිතය දියබස්නාවල මුවවිට වෙත බලපෑම් ඇති කොට ඇත. ඛණිජ දියබස්නාව මගින් එහි මුවවිට දක්වා ගමන්කරවන අතර එහිදී තැන්පත් වේ. එය ස්වාභාවික ඛණිජ තුලනයට බාධා කරයි.ජල සම්පත් කළමණාකරණයේදී ජලා ප්‍රවාහන ද්‍රෝණිජල විද්‍යාත්මක දැක්මට අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි සංක්ෂිප්ත වස්තූන් වන බැවින් තනි ද්‍රෝණි පදනම මත ජල සම්පත් කළමනාකරණයට පොදුවේ යොදා ගනී. Minnesota එක්සත් ජනපද ප්‍රාන්තයේදී මෙම ක්‍රියාව සිදු කරන රාජ්‍ය වස්තූන් හැඳින්වෙන්නේ දියබස්නා දිස |
්ත්‍රික්ක ලෙසය. නවසීලන්තයේදී ඒවා හැඳින්වෙන්නේ ජලධාරක මණ්ඩල වශයෙනි. කැනඩාවේ පොන්ටෙරියෝහිදී සංසන්දනාත්මක ප්‍රජා කණ්ඩායම් සංරක්ෂණ අධිකාරීන් නම් වේ. උතුරු ඇමෙරිකාවේදී මෙම ක්‍රියාව දියබස්නා කළමනාකරණය නම් වේ. බ්‍රසීලයේදී එය හඳුන්වන්නේ ජල සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යනුවෙනි. එය සම්මත කොට තිබෙන්නේ 1997 9.433 දරණ පනතෙනි. ඒ අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි බ්‍රසීලිය ජල කළමනාකරණයේ භෞමික බේදීම් ලෙස එළි දක්වා ඇත.ඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්User interface of Softimage 2012සංවර්ධක(යෝ)Autodesk, Inc.ස්ථායි නිකුතුව2012 (10.0) / 2011-03-16මෙහෙයුම් පද්ධතියMicrosoft Windows, Linuxවර්ගය3D computer graphicsබලපත්‍රයProprietaryවෙබ් අඩවියwww.softimage.comඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්, හෝ පහසුවෙන් සොෆ්ට්ඉමේජ් (උසුරුවනුයේ /sɒftɨˈmɑːʒ/), යනු ඇවිඩ් ටෙක්නොලොජි ආයතනයේ උප ආයතනයක් වන සොෆ්ට්ඉමේජ් ආයතනය මගින් නිර්මාණය කරන ලද ඉහළ ගණයේ 3D ග්‍රැෆික් යෙදුමකි. මෙය චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා හා ප්‍රචාරක කර්මාන්තවලදී 3D වටපිටා හා දර්ශන නිෂ්පාදනය සඳහා බහුලව භාවිතා කෙරේ. පරිශීලකයන්ගේ විවිධ වූ අවශ්‍යතා හා මූල්‍යමය තත්වයන්ට ගැලපෙන පරිද |
ි සොෆ්ට් ඉමේජ් ආයතනය විසින් මෙම මෘදුකාංගයේ විවිධ සංස්කරණ 4ක් නිර්මාණය කර ඇත. ඒවා නම් අධ්‍යාපනය, පදනම,අත්‍යවශ්‍ය හා උසස් (education, foundation, essentials and advanced) යන ඒවාය. තවත් සංස්කරණ 2ක් ක්‍රීඩා නවීකරණය කිරීමේ සමාජ සඳහා නිපදවා ඇත. ඒවා නම් සොෆ්ට්ඉමේජ් XSI මොඩ් ටූල් හා හාෆ් ලයිෆ් - 2 සඳහා වූ සොෆ්ට්ඉමේජ් mXSI EXP යන ඒවාය. පසුව සඳහන්කළ සංස්කරණය වෑල්ව් මෘදුකාංග හා සමීප සබඳතාවයකින් යුතුව නිර්මාණය කර ඇති අතර එසේ කර ඇත්තේ ක්‍රීඩා නවීකරණ කිරීමේ සමාජයට විශේෂයෙන් හාෆ් ලයිෆ් - 2 සඳහා වූ අන්තර්ගත නිර්මාණය කිරීමටය.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Autodesk_Softimageමෙන්ඩල්ට පසුව විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද ප්‍රවේණික යාන්ත්‍රණයන් වේ. ඒවා නම්,ප්‍රතිබද්ධයඅසම්පුර්ණ ප්‍රමුඛතාවයසහ ප්‍රමුඛතාවයබහු ඇලීලතාවයජාන අන්තර්ක්‍රියාබහුජාන ප්‍රවේණියලිංග නිර්ණය සහ ලිංග ප්‍රතිබද්ධයප්‍රතිබද්ධය - Linkage[සංස්කරණය]ජීවියෙකු සතුව පවතින වර්ණදේහ ගණන සීමිත වන නමුදු ලක්ෂණ පාලනය කරන ජාන අතිවිශාල සංක්‍යාවක් පිහිටයි. එම නිසා අනිවාර්යයෙන්ම එක් වර්ණදේහයක් මත ජාන එකකට වඩා වැඩි සං |
ක්‍යාවක් පිහිටිය යුතුයි. එලෙස විවිධ ලක්ෂණ පාලනය කරන ජාන එකම වර්ණ දේහයක පිහිටා තිබීම ප්‍රතිබද්ධය ලෙස හැඳින්වේ.අසම්පූර්ණ ප්‍රමුඛතාවය - Incomplete dominance[සංස්කරණය]ජ්ස්ජ්ස්ජ්ස්ස්ස්ස්සහ ප්‍රමුඛතාවය - Co-dominance[සංස්කරණය]බහු ඇලීලතාවය - Polyallelism[සංස්කරණය]ජාන අන්තර්ක්‍රියා - Gene interaction[සංස්කරණය]බහු ජාන ප්‍රවේණිය - Polygenetic inheritance[සංස්කරණය]ලිංග නිර්ණය සහ ලිංග ප්‍රති බද්ධය - Sex determination[සංස්කරණය]ජාතික ක්‍රීඩාවක් යනු සංස්කෘතිය තුළ අන්තර්ගත ජනප්‍රිය කොටසක් හෝ රටක හෝ ජාතියකට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සලකනු ලැබේ. ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාවෙහි ‘ජාතික විනෝදාංශය’ යන යෙදුම බහුලව භාවිතා වේ. ජනතාව විසින් පිලිගැනීම නිසා[සංස්කරණය]ජාතික ක්‍රීඩාව යනු කුමක්ද යන්න විග්‍රහ කරන නිල මිණුම් දණ්ඩක් සාමාන්‍යයෙන් නොමැති වුවත්, බොහෝ ජාතික ක්‍රීඩාවන්හි පොදුවේ දැක ගත හැකි සාමාන්‍ය ලක්ෂණ කිහිපයක් වේ.ක්‍රීඩාවේ නීතිරීති හා පරමාර්ත එම රට ඉතාමත් විස්තර සහිතව දැනගෙන සීටීම.රට හෝ ජාතිය විසින් එම ක්‍රීඩාව බොහෝ ලෙස ක්‍රීඩා කිරීම හෝ නැරඹීම.රට හෝ ජාතිය තුළ එම ක්‍රීඩාව සම්බන්ධව දීර් |
ඝ ඉතිහාසයකින් යුත් ජනප්‍රිය තත්වයක් හෝ අතිමහත් වර්තමාන ජනප්‍රියත්වයක් පැවතීම.රජය නිල නියෝගයක් නිකුත්කිරීම නිසා[සංස්කරණය]සමහර රටවල කිසියම් ක්‍රීඩාවක් රජයේ නියෝගය පරිදි නිල ජාතික විනෝදාංශය බවට පත්විය හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව මෙන්ම කැනඩාවේ ලැක් රෝස් හා අයිස් හොකී ක්‍රීඩා දැක්විය හැකිය.(1994) ඇමෙරිකා එක්සත් ජනපදයේ බේස්බෝල් ක්‍රීඩාව සහ ජපානයේ සුමෝ පොර වැනි දීර්ඝ ඉතිහාසයකින් යුත් ක්‍රීඩා ඇති අනෙකුත් රටවල එම ක්‍රීඩාව නිළ නොවන “නිල” ජාතික විනෝදාංශය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. මෙම ලිපිය සාමාන්‍යයෙන් සියලුම රටවල ක්‍රීඩාවට ඇති ජනප්‍රියත්වය සලකා නිර්මණය කරන ලදී.පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාව මෙම සජීවීකරණයෙන් නිරූපණය වේ.මෙම ලිපියසන්තති යාන්ත්‍ර විද්‍යාවපිළිබඳ ලිපි මාලාවේ කොටසකිනියමසංස්ථිතිස්කන්ධගම්‍යතාශක්තිඅසමානතාඑන්ට්‍රොපිඝන යාන්ත්‍ර විද්‍යාවවිරූපණයප්‍රත්‍යාස්ථතාවරේඛීයසුවිකාර්යතාවහුක්ගේ නියමයStressFinite strainInfinitesimal strainCompatibilityBendingContact mechanicsfrictionalMaterial failure theoryFracture mechanicsතරල යාන්ත්‍ර |
විද්‍යාවතරලස්ථිතිකය • ගතිකයආකිමිඩීස් නියමය • Bernoulli's principleනේවියර්–ස්ටෝක්ස් සමීකරණPoiseuille equation • Pascal's lawViscosity(නිවුටෝනියානු • නිවුටෝනියානු-නොවන)Buoyancy • Mixing • Pressureද්‍රවAdhesionCapillary actionChromatographyCohesion (chemistry)පෘෂ්ඨික ආතතියවායුවායුගෝලයබොයිල් නියමයචාල්‍ස් නියමයසංයුක්ත වායු නියමයFick's lawගේලුසැක් නියමයGraham's lawප්ලාස්මාස‍්‍රැති විද්‍යාවViscoelasticityRheometryRheometerSmart fluidsElectrorheologicalMagnetorheologicalFerrofluidsවිද්‍යාඥයෝබර්නෝලිබොයිල්කෝචිCharlesඔයිලර්Fickගේලුසැක්Grahamහුක්නිවුටන්නේවියර්Nollපැස්කල්ස්ටෝක්ස්Truesdellvteචාල්‍ස් නියමය[1] යනු තාපගතික සහ භෞතික රසායන විද්‍යාවේ දී භාවිතා වන වායු නියමයන් වන අතර පරිපුර්ණ වායු නියමයන් විශේෂිත නිදර්ශනයන් වේ. චාල්ස්ගේ නියමයෙන් පවසනුයේ නියත පීඩනයේ දී නියත ස්කන්ධයත් සහිත පරිපුර්ණ වායුවක පරිමාව වැඩි කිරීමේ දී හෝ අඩු කිරීමේ දී එහි උෂ්ණත්වය කෙල්වින් අගය වැඩීවීම හෝ අඩුවීම සිදු වන බවයි.චාල්ස්ගේ නියමය පහත පරිදිවේනියත පීඩනයේ දී නි |
යත ස්කන්ධයක් සහිත පරිපුර්ණ වායුවක පරිමාව වැඩි කිරීමේ දී හෝ අඩු කිරීමේ දී එහි උෂ්ණත්වය (කෙල්වින් අගය) වැඩීවීම හෝ අඩුවීම සිදුවේ.මෙම නියමය පළමු වරට ප්‍රසිද්ධ කරන ලද්දේ 1802 දී ජෝශප් ලුවිස් ගේලුකැස් විසිනි. නමුත් ඔහු 1787 දී ජේකස් චාල්ස් විසින් සොයා ගන්නා ලද දත්ත බොහොමයක් මේ සදහා උපයෝගි කරගෙන ඇත. එබැවින් මෙම නියමය චාල්ස්ගේ නමින් හඳුන්වන ලදී. 1702 දී ගිලොම් ඇමන්ටන් විසින් කරන ලද සටහන් අනුව මෙම සම්බන්ධතාවය පිළිබද මීට පෙරද අදහස් දක්වා ඇති බව පැහැදිලි වේ. චාල්ගේ නියමය, බොයිල්ගේ නියමය සහ ගේලුසැක්ගේ නියමය එක් වී සංයුක්ත වායු නියමය සාදයි. මෙම වායු නියම තුන සමග ඇවගාඩ්‍රෝ නියමය එක්ව ගත්කළ පරිපුර්ණ වායු නියමය ව්‍යුත්පන්න කරගත හැකිය.V යනු වායුවේ පරිමාව ද, T යනු වායුවේ උෂ්ණත්වයේ කෙල්වින් අගය ද, K යනු නියතය ලෙස ගත්විට , චාල්ස්ගේ නියමය පහත අයුරින් දැක්විය හැකV100−V0=kV0{\displaystyle V_{100}-V_{0}=kV_{0}\,}තාපගතික විද්‍යාවට අනුව මෙය තවත් අයුරකින් අර්ථ දක්වන්නේ නම්, නියත පීඩනයක් සහිත නියත වායු ස්කන්ධයක පරිමාව එහි උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. වායුවේ පරිමා ප්‍රසාරණ |
තාවය a මගින්ද පද්ධතියේ උෂ්ණත්වයේ කෙල්වින් අගය q මගින් ද නිරූපණය කරන්නේ නම් ඉහත සම්බන්ධතාව:නියත පීඩනයේ පවතින වායුවක් රත් වීමේ දී K නම් නියතය නොවෙනස්ව පවත්වාගෙන යාමට එහි පරිමාව වැඩිවිය යුතු වේ. අනෙක් අතට වායුව සිසිල් වන විට එහි පරිමාව අඩුවේ. සමාන පීඩන සහිත එකිනෙකට වෙනස් වායු පරිමාවන් දෙකක් සංසන්දනය සදහා මෙම නියමය භාවිතයේ දී නියතයේ නිවැරදි අගය දැන ගැනීම අවශ්‍ය නැත. මෙය පහත පරිදි වේ:V∝T{\displaystyle V\propto T\,}මෙහිදී V යනු වායුවේ පරිමාව ද, T යන නිරපේක්ෂ උෂ්ණත්වය ද වේ. මෙය පහත සූත්‍රය මගින් දැක්වේ:V1T1=V2T2orV2V1=T2T1orV1T2=V2T1.{\displaystyle {\frac {V_{1}}{T_{1}}}={\frac {V_{2}}{T_{2}}}\qquad \mathrm {or} \qquad {\frac {V_{2}}{V_{1}}}={\frac {T_{2}}{T_{1}}}\qquad \mathrm {or} \qquad V_{1}T_{2}=V_{2}T_{1}.}යන ආකාරයට සමාන පීඩන සහිත වායු පරිමාවන් දෙකක් සන්සන්දනය කළ හැක. ඒ අනුව උෂ්ණත්වය වැඩිකරත්ම වායුවේ පරිමාව ද වැඩිවේ. සෛද්ධාන්තිකව නම් වායුවක් නිරපේක්ෂ |
ශූන්‍යයට ආසන්න වෙත්ම එහි පරිමාව ද ශූන්‍ය ලක්ෂ්‍යයට ආසන්න වේ. මෙම නියමය අනුලෝම විචලනයට උදාහරණ වේ.චාලක වාදය හා සබැඳියාව[සංස්කරණය]වායුන්ගේ චාලක වාදය වෙතින් දැක්වෙන්නේ, පීඩනය සහ පරිමාව වැනි වායුන්ගේ මහේක්ෂ ගුණාංග සහ, වායුව සෑදී ඇති අණු වල, විශේෂයෙන් අණුවල ස්කන්ධය සහ වේගය යන අන්වීක්ෂීය ගුණාංග අතර සබැඳියාව වෙයි. චාලක වාදය වෙතින් චාල්ස්ගේ නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා, උෂ්ණත්වය සඳහා අන්වීක්ෂීය අර්ථදැක්වීමක් සකසා ගත යුතු වෙයි: මෙය පහසුවෙන් සකසා ගත හැක්කේ උෂ්ණත්වය සමානුපාතික වන්නේ වායු අණුවල චාලක ශක්තියෙහි සාමාන්‍ය අගය, Ek වෙත බව සැලකීමෙනි: T∝Ek¯.{\displaystyle T\propto {\bar {E_{\rm {k}}}}.\,}මෙම අර්ථදැක්වීමෙන් සන්නද්ධව චාර්ල්ස්ගේ නියමය සාධනය කිරීම ඉතා සුළු කරුණක් තරම් වෙයි. පරිපූර්ණ වායු නියමයෙහි චාලක වාද තුල්‍යය විසින් PV යන්න චාලක ශක්තියෙහි සාමාන්‍ය අගයට සබැඳයි:PV=23NEk¯{\displaystyle PV={\frac {2}{3}}N{\bar {E_{\rm {k}}}}\,}ආශ්‍රිත[සංස්කරණය]බොයිල් නියමයගේලුසැක් නියමයAvogadro's lawHand boilerමූලාශ්‍ර[සංස්කරණය] |
↑ "අ. පො. ස. (උසස් පෙළ) - රසායන විද්‍යාව 12 ශ්‍රේණිය" (PDF). National Institute of Education. සම්ප්‍රවේශය 2023-10-11.වැඩිදුර කියවීම සඳහා[සංස්කරණය]Krönig, A. (1856), "Grundzüge einer Theorie der Gase", Annalen der Physik 99: 315–22, doi:10.1002/andp.18561751008 . Facsimile at the Bibliothèque nationale de France (pp. 315–22).Clausius, R. (1857), "Ueber die Art der Bewegung, welche wir Wärme nennen", Annalen der Physik und Chemie 100: 353–79, doi:10.1002/andp.18571760302 . Facsimile at the Bibliothèque nationale de France (pp. 353–79).</ref> ([භින්න වූ සබැඳිය]) Joseph Louis Gay-Lussac – Liste de ses communications, http://www.polytechnique.fr/bcx/associations/gaylussac/pages/CommunicationsGL.html . (ප්‍රංශ)භාහිර සබැඳි[සංස්කරණය]Charles's law simulation from Davidson College, Davidson, North CarolinaCharles's law simulation සංරක්ෂණය කළ පිටපත 2011-07-17 at the Wayback Machine from TutorVista.comCharles's law demonstration by Prof. Robert Burk, Carleton University, Ottawa, Cana |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.