text
stringlengths 0
1k
|
---|
[7]ලබාදෙන ආකාරය[සංස්කරණය]දෙමාපියන් මිතුරන් හා ආගමික නායකයන්ගෙන් ලැබෙන නොවිධිමත් ලිංගික අධ්‍යාපනය සේම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ද බොහෝවිට ලැබෙන්නේ ද නොවිධිමත් ලිංගික අධ්‍යාපනයකි.විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රම ලෙස පාසැලේ දී ඉගැන්වෙන ලිංගික අධ්‍යාපන කරුණු හා මහජන සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍යවරුන්ගේන් ලැබෙන අධ්‍යාපනය දැක්විය හැකිය.සඟරා, උපදේශාත්මක තීරු ලිපි සහ ලිංගික අධ්‍යාපන වෙබ් අඩවි හරහා ද ලිංගික අධ්‍යාපනය සැපයීමට පුලුවන.සිය පෞද්ගලික ජීවිතයත් පුද්ගල සබඳතාවනුත් පිළිබඳ ව යෞවනිය විසින් දැන සිටිය යුතු කරුණු සම්බන්ධයෙන් ඇය ව දැනුවත් කිරීම ලිංගිකත්ව අධ්‍යාපනය විසින් සිදුවන බව ස්ලයර් (Slyer) පවසයි. [12] ජීවන අභියෝගයන්ට මුහුණ දීමට යෞවනයන් ව පුහුණුකිරීම සම්බන්ධයෙන් ලිංගිකත්ව අධ්‍යාපනයෙහි වටිනාකම නොතකා හැරිය නොහැකි බව ගෘයන්බර්ග් (Gruenburg) ද පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි යම්කිසි ප්‍රමාණයක විධිමත් ලිංගික අධ්‍යාපනයක් සැපයීම අත්‍යවශ්‍ය බව නිළධාරීහු ද සාමාන්‍යයෙන් පිළිගනිති. [13]විධිමත් ලිංගික අධ්‍යාපනය ඇතැම්විට උසස් ප්‍රාථමික පාසැලේ (junior high school) හෝ උසස් පාසැලේ (high school) නිර්දේශය තු |
ළ පූර්ණකාලීන ව තනි විෂයක් ලෙස උගැන්විය හැකිය. නැතිනම් එය ජීව විද්‍යාව, සෞඛ්‍යය, ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ගේ පුළුල් සහභාගීත්වයෙන් යුතු ව නිර්දේශයට බාහිර වැඩසටහනක් ලෙස ද ඉගැන්විය හැකිය.ඇමරිකා එක්සත් ජනපදය වැනි, ලිංගික අධ්‍යාපනයට සම්බන්ධ ඇතැම් කරුණු විවාදාත්මක තත්ත්වයක පවතින රටවල් කිහිපයක පාසැල් ලිංගික අධ්‍යාපන වැඩසටහන් පවත්වනු නොලබයි. විශේෂයෙන් ම දරුවන්ට මෙම කරුණු පිළිබඳ ව උගැන්විය යුතු වයස් සීමාව, ඔවුන් නිරාවරණය විය යුතු විෂය ප්‍රමාණය, ලිංගික සුළුතර වැඩසටහන්[14] සහ මානව ලිංගික හැසිරීම් ඇසුරු කරන ඇතැම් කරුණු (නිදසුන් ලෙස වගකීමෙන් යුතු ලිංගික හැසිරීම් (safe sexual practises), ස්වයං වින්දනය, විවාහ පූර්ව මෛථූන්‍යය සහ ලිංගික සදාචාරය) එහි විවාදාත්මක තත්ත්වයක පවතී.සිය අධ්‍යාපන සමයේ දි ලිංගික අධ්‍යාපනය යනුවෙන් හැඳින්වූයේ නවයෞවනයෙකුගේ වැඩිමහත් උනන්දුව යොමුවන තැන් ජීවවිද්‍යාත්මක කඩතුරාවක සඟවමින් සිදුකළ වංචනික ක්‍රියාවක් බව විල්හෙල්ම් රීක් (Wilhelm Reich) පවසා තිබේ. තමන් මූලික ම මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සැලකූ "සෑම දොම්නසක ම සහ දුෂ්කරතාවක ම මූලය අසංතෘප්ත වූ ලිංගික ආශාවන් ය" යන්න මෙම |
අවධාරණය විසින් නොසලකාහරින බව හෙතතෙම පවසයි.[15]ලීප්සන් සඳහන් කරන පරිදි පොදුජනතාවගෙන් බහුතරයක් නිශ්චිත සීමාවක් තුළ ලිංගික කරුණු පාසැල් තුළ ඉගැන්වීම අගයති. නමුත් ලිංගික කරුණු මනුෂ්‍ය ජීවිතයේ අතිශය රහස්‍ය සහ සංවේදී ප්‍රදේශයක් වන බැවින් ලිංගික අධ්‍යාපනය ආන්දෝලනාත්මක මාතෘකාවක් වීම නොවැළැක්විය හැකි බව ඔහු පවසයි. ලිංගික අධ්‍යාපනය පංති කාමරය හරහා ලබාදිය යුතු බවට හෙතෙම යෝජනා කරයි. [3]ළමා ලිංගිකත්වය නිර්දේශයට ඇතුලත් කිරීම, ලිංගික සුළුතරයන් පිළිබඳ ව නිර්දේශයට ඇතුළත් කිරීම[14], උපත් පාලන ක්‍රම ඉගැන්වීම සහ විවාහයෙන් බැහැර ගැබ්ගැනීම් කෙරෙහි ඉන් වන බලපෑම, යොවුන් ගැබ්ගැනීම් සහ ලි.ස.රෝ. ව්‍යාප්තිය: ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව විවාදයට තුඩු දී ඇති කරුණු වේ. බටහිර සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ (සාපේක්ෂ වශයෙන් ) ගතානුගතික ආකල්ප පවතින ඇ.එ.ජ. සහ එක්සත් රාජධානිය වැනි රටවල ලි.ස.රෝ. ව්‍යාප්තිය සහ යොවුන් ගැබ්ගැනිම් ඉහළ අගයක් ගනී. [16]සදාචාරමය ගැටලු[සංස්කරණය]ලිංගික අධ්‍යාපනය පිළිබඳ ව ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ මත දරන දෙපිරිසක් හඳුනා ගත හැකි ය. එනම් ලිංගිකත්වය පිළිබඳ ව පාරම්පිරික පිළිවෙත අනුගමනය කරන්නන් සහ නිදහස් |
මතවාද දරන්නනුත් ය. නිදහස් මතධාරීන් ලිංගික කරුණු පිළිබඳ ව ඉගැන්වීම සිය ලිංගික ජීවිතයට අදාළ ව අවබෝධාත්මක තීරණ ගැනීමට යෞවනයන්ට හැකියාව ලබා දෙන්නක් ලෙස සුබවාදී ව දකිති.එ මෙන් ම ඔවුහු එය බාල වියේ දී ම ලබා දිය යුතු බව පවසති. පාරම්පරික මතධාරින් ලිංගික හැසිරීම් පිළිබඳ ව උගැන්වීම තුළින් දරුවන් බාල වියේ දී ම ලිංගික ව හැසිරීමට දිරිමත් කෙරෙන බව පවසති. එ මෙන් ම ලිංගික කරුණු පිළිබඳ ව දැනුවත් කිරීම සමාජ සාරධර්මයන්ට අනුව දරුවන් ව හික්මවමින් පවුල් සංස්ථාව හරහා ඉටුවිය යුත්තක් බව ද ඔවුහු විශ්වාස කරති. ලිංගික අධ්‍යාපනය සුරැකුම්කරණය පදනම් කරගනිමින් පමණක් ලබා දිය යුතු බව ඔවුහු පවසති. [17]ලිංගික අධ්‍යාපනයෙහි අභිප්‍රාය වන්නේ කායික සංවරය ඇතිකරගැනීම පෞද්ගලික වූ කාර්යයක් බවට පත්කිරීම සහ ඒ සඳහා සමාජය සතු ව ඇති බලපෑමෙන් පුද්ගලයා ව නිදහස් කිරීම බව ලිංගික අධ්‍යාපනය පිළිබඳ තවත් මතවාදයකි. මෙම මතය විල්හෙල්ම් රීක් වැනි ලිංගවේදීන්ගෙන් සහ සිග්මන්ඩ් ෆ්රොයිඩ් හා ජේම්ස් ඩබ්ලිවු. ප්රෙස්කොට් (James W. Prescott) වැනි මනෝවිද්‍යාඥයන්ගේ ද න්‍යායන්ගෙන් ආභාසය ලබා ඇත. මෙම මතය දරන්නන් ලිංගික චර්යාධර්ම ඉගැන්වීම පෞද්ගලික අවශ්‍යතාවක් ද |
නැතිනම් පොදු සමාජයෙහි අවශ්‍යතාවක් ද වැනි දේශපාලනික ගැටලු මතු කරති. මේ අයුරින් ගත්විට ලිංගික අධ්‍යාපනය යනු පුද්ගලයාට පොදු සමාජය විසින් ඇතිකෙරෙන ලිංගික අසහනයෙන් නිදහස් වීමටත්, තමන්ගේ ම වූ ජීවන දැක්මක් ගොඩනගා ගැනීමටත් ඇවැසි අවබෝධය සපයන්නකි. ලිංගික අසහනය සාමාජීය වශයෙන් හානිකර බව ද වැඩිදුරටත් පැවසිය හැකිය. ශාරීරික එක්වීම් විවෘත සංවාදයට බඳුන් වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් ඉහළ ආත්මාභිමානයක් ඇතිකිරීමට සහ ආත්ම විශ්වාසයක් ඇතිකිරීමටත්, රසවින්දනයක් ලබාදීමටත් (humor), සහ පොදු සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටත් හැකි බව රීඩ් මිහල්කෝ නම් ලිංගික සහ පුද්ගල සබඳතා විශේෂඥයා පවසයි. [18]ඇතැම් ලිංගික අධ්‍යාපන විෂය නිර්දේශයන් විසින් පාරම්පරික විනීත පැවතුම් බිඳ දමන බවත් සමලිංගිකත්වය සහ විවාහ පූර්ව මෛථූන්‍ය වැනි සදාචාර විරෝධී (යැයි ඔවුන් අදහස් කරන) චර්යාවන්ට අනුබල දෙන බවත් සමහරු පවසති. විය යුතු පරිදි ම සමලිංගිකත්වය සහ විවාහ පූර්ව මෛථූන්‍ය මිනිස් දිවියේ සාමාන්‍ය සහ ස්වාභාවික හැසිරීම් ලෙස දකින අය මීට ප්‍රතිවිරුද්ධ අදහස් දරති.විවාහයෙන් පරිබාහිර ලිංගික සබඳතා සදාචාර විරෝධී සහ මනෝවිද්‍යාත්මක ව හානිකර තත්ත්වයන් ඇතිකරන බව |
බොහෝ ආගමික ඉගැන්වීම්වල සඳහන් වෙයි. එ මෙන් ම සම්මත සදාචාරාකල්ප ලිංගික අධ්‍යාපනය තුළ ඉගැන්වෙනු දැකීමට බොහෝ සැදැහැවත්හු කැමති වෙති. ලිංගික කරුණු පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය එනම් නොතැකිය හැකි දෙයක් නොවන නිසා එය ලබාදීම හැකිතාක් දුරට සුරක්ෂිතකරණය අරමුණුකරගනිමින් සිදුවිය යුතු බව ඔවුහු පවසති. [19]ලිංගික සුළුතරයන් උදෙසා ලිංගික අධ්‍යාපනය[සංස්කරණය]ලිංගික සුළුතරයන්ට සම්බන්ධ කරුණු පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම ද මතභේදයන්ට මුල් වූ කරුණකි. ලිංගික සුළුතරයන් (LGBT) යනුවෙන් හැඳින්වෙන්නේ ස්ත්‍රී සමසරාගික (Lesbian), පුරුෂ සමසරාගික (Gay), උභය සරාගික (Bisexual) සහ ලිංගික සංක්‍රාන්තික (Transgender) පිරිස් ය. ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරන ලිංගික අධ්‍යාපන වැඩසටහන් LGBT Sex Education හෙවත් ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් යන්නෙන් අදහස් වෙයි. මෙම වැඩසටහන් තුළ ඔවුන්ගේ ලිංගික දිශානතියට අනන්‍ය වූ වගකීම් සහිත ලිංගික හැසිරීම් උගන්වනු ලැබේ. නමුත් පාසල් බොහොමයක මෙවැනි අධ්‍යාපන වැඩසටහන් නොපවතින බව හෙළි වී ඇත. [20] ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත අටක ( එනම් ඇලබාමා, ඇරිසෝනා, ලුයිසියානා, මිසිසිපි, ඔක්ලහෝම |
ා, සවුත් කැරොලිනා, ටෙක්සාස් සහ උටා යන ප්‍රාන්තවල) ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් ප්‍රතිශේධ කරන නීති පවතී. තම ප්‍රජාව පිළිබඳ සුභවාදී යමක් අසා තිබුණේ ලිංගික සුළුතර සිසුන්ගෙන් 20%ක ප්‍රතිශතයක් පමණක් වූ අතර ඔවුන්ට ලිංගික සුළුතරයන් පිළිබඳ , ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයේ දී තරම් ධනාත්මක දැක්මක් සෞඛ්‍ය වැනි විෂයක දී හමු නොවන බවත් වාර්තා කර තිබේ. [21]පක්ෂව[සංස්කරණය]සුළුතර ලිංගික වැඩසටහන්වලට පක්ෂ ව කරුණු දක්වන්නන් සමලිංගිකත්වය නිර්දේශගතවීම තුළින් ලිංගික සුළුතර සිසුන්ට ඇවැසි ලිංගික සෞඛ්‍ය තොරතුරු ලබාදීමටත්[22] ලිංගික සුළුතර සිසුන්ගේ දුර්වල ආත්මාභිමානය (low self esteem) නඟාසිටුවීමට සහ ඔවුන් තුළ පැවතිය හැකි විෂාදය (depression) වැනි තත්ත්වයන්ගෙන් අත්මිදවීමටත් උපකාරී වන බව පවසති. [23] (ලිංගික සුළුතර සිසුන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව පර්යේෂණ විසින් පෙන්වා දී ඇත.) සමලිංගද්වේෂයෙන් සිදුකෙරෙන අඩන්තේට්ටම් (homophobic bullying) අඩුකිරීමටත් ඉන් හැකි වන බව ඔවුහු පවසති. [23][24] ලිංගික අධ්‍යාපනයේ හෙට දවස(Future of Sex Education) විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලිංගිකත්ව අධ්‍යාපන ප්‍රමිතීන් ලිං |
ගික සුළුතරයන් ඇතුළත් කරගත් විෂය නිර්දේශයකට කදිම නිදසුනකි. එම අධ්‍යාපන ප්‍රමිතීන් ලිංගික අධ්‍යාපන වැඩසටහනක අනිවාර්යයෙන් ම ඉගැන්විය යුතු විෂය ප්‍රදේශ හතක දළ ව්‍යුහය දක්වන අතර ඉන් එකක් වන්නේ අනන්‍යතාවයයි(Identity). එහි දී සිසුන්ට තම ජීවන ගමනේ දී තමන් කවුරුන්ද යන්න වටහා ගැනිම තුළ ස්ත්‍රී සමසරාගිකත්වය, පුරුෂ සමසරාගිකත්වය, උභය සරාගිකත්වය සහ ලිංගික සංක්‍රාන්තිකත්වය සිය අනන්‍යතාවය ලෙස තෝරාගත හැකි ජීවන විලාසිතාවන් වශයෙන් පෙන්වා දෙයි. ලිංගික අධ්‍යාපනයේ හෙටදවස පවසන අන්දමට මෙම නිර්දේශය ළදරු පාසැලේ දී සිට ඇරඹිය යුතු අතර සිසුන්ගේ පරිණත බවට සහ වයසට සාපේක්ෂ ව පාසැල් අධ්‍යාපනය තුළ වඩා සංකීර්ණ විෂය කොටස් බවට පත්විය යුතු ය. [25]විපක්ෂව[සංස්කරණය]ලිංගික සුළුතරයන් පිළිබඳ ව පංති කාමරය තුළ සංවාදයට ගැනීම දරුවන් ව අනුචිත මාතෘකාවන්ට නිරාවරණය [20] කරන බවටත් ඇතැම් ආගමික ඉගැන්විම්වලට [14]නිගරු කිරීමක් බවටත් විරුද්ධවාදීහු නිරතුරු ව චෝදනා නගති. සමලිංගිකත්වය නිර්දේශගතවීම තුළින් සිය දරුවන්ට ඉගෙනීමට සුදුසු නුසුදුසු දේ ගැන තීරණ ගැනිමට මවුපියන්ට ඇති අයිතිය උල්ලංඝනය වන බවත් පාසල විසින් දරුවන්ගේ සමාජ සංවරයට අදාළ නිශ්චිත |
දේශපාලන මත දැක්වීමක්[26] නොකළ යුතු බවත් ඔවුහු පවසති. වර්තමානයේ පවතින බොහෝ ලිංගික අධ්‍යාපන නිර්දේශයන්හි සුළුතර ලිංගිකත්වය ආශ්‍රිත මාතෘකා අන්තර්ගත නොවන අතර සුළුතර ලිංගිකත්වයට අදාළ කරුණු පිළිබඳ ව ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොසැපයෙන බව සිසුන්ට නිතර හැඟී ගොස් ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. [20][27]ලිංගිකත්ව අධ්‍යාපනය පිලිබඳ ලෝක තත්වය[සංස්කරණය]අප්‍රිකාව[සංස්කරණය]ඊජිප්තුවේ රජයේ පාසැල් වල, මධ්‍ය-ප්‍රාරම්භ අවධියෙහි දෙවන හා තෙවන වසරන්හිදී (ශිෂ්‍යයෝ වසර 12–14 සපුරත්ම), පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනන පද්ධතීන්, ලිංගික අවයව, උපත් පාලනය සහ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග පිළිබඳව උගැන්වුම මගින් දැනුමක් ලබා දෙනු ලැබේ.[උපහරණ ඇවැසිය]ආසියාව[සංස්කරණය]ඉංදුනීසියාව, මොංගෝලියාව සහ දකුණු කොරියාව යන රටවල පාසැල් ලිංගිකත්ව අධ්‍යාපන වැඩසටහන් උදෙසා ක්‍රමවත් ප්‍රතිපත්ති රාමුවක් පවතී. මලයාසියාව සහ තායිලන්තය තුළ නවයෞවනයන්ගේ ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතාවන් උදෙසා සුවිශේෂී සේවාවන්, පණිවිඩ සහ අමුද්‍රව්‍ය සැපයීම විසින් දායක වි තිබේ.බංග්ලාදේශය, මියන්මාරය, නේපාලය සහ පාකිස්තානය තුළ කිසිදු විශේෂ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් දක්නට නොමැත. |
[28]ජපානයේ ලිංගික අධ්‍යාපනය වයස අවුරුදු 10/11 වයස්වල පටන් වරප්‍රසාදිත ව පවතින අතර එම වයස්වල දී ආර්තවය සහ ශුක්‍ර මෝචනය වැනි මාතෘකා ආවරණය කෙරේ. [29]චීනය සහ ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනය ජීවවිද්‍යා පෙළපොත්වල ප්‍රජනනය පිළිබඳ පරිච්ඡේදවලට සාම්ප්‍රදායික ව කොටු ව පවතී. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය නිවැරදි ලෙස දැනුවත් වන්නේ වයස අවුරුදු 17ක් 18ක් තරම් වන විට ය.ජාත්‍යන්තර සැලසුම්ගත මාපියභාවය සංවිධානය සහ බී.බී.සී. ලෝක සේවය ලිංගික අධ්‍යාපනය, පවුල් ජීවිත අධ්‍යාපනය, උපත්පාලනය සහ මාපියභාවය පිළිබඳ ව සංවාද ඇතුළත් Sexwise නම් කොටස් දොළහකින් සමන්විත වැඩසටහන් මාලාවක් විකාශය කළ අතර එය මුල්වරට දකුණු ආසියාව තුළත් පසු ව ලොව පුරාත් ප්‍රචාරය විය. [30]යුරෝපය[සංස්කරණය]ලෝක සෞඛ්‍යය සංවිධානය සියලුම වයස් සිමාවල දරුවන්ට එක්තරා ආකාරයක ලිංගිකත්ව අධ්‍යාපනයක් නිර්දිෂ්ඨ කර සිටී.ප්‍රංශය[සංස්කරණය]ලිංගික අධ්‍යාපනය 1973 පටන් ප්‍රංශයේ පාසල් විෂය නිර්දේශයේ කොටසක් ව පවතී.සෑම පාසැලක් ම ලිංගික අධ්‍යාපන වැඩසටහන් සඳහා පැය 30-40 කාලයක් වෙන්කළ යුතු අතර උපත්පාලන කොපු එරට අට සහ නමය වසරවල සිසුවියන් අතර අතිනත යැවීම ද දැකිය හැකි ය. 200 |
0 වසරේ ජනවාරි මස ප්‍රංශ රජය රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් යොදාගනිමින් උපත්පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර මිලියන පහකට ආසන්න අත්පත්‍රිකා සංඛ්‍යාවක් ද උසස් පාසල් සිසුවියන් අතර බෙදාහරින ලදී. [31]2013 සැප්තැම්බර් මස ප්‍රංශ රජය “ les ABCD de l’ égalité ”(සමානාත්මතාවයේ අ යනු ආ යනු) නමින් “පාසල් තුළ ස්ත්‍රී -පුරුෂ රාමුගතකිරීම් සමග සටන්වැදීම” අරමුණු කරගත් වැඩසටහනක් දියත් කරන ලදී.The ultimate goal is to foster mutual respect between boys and girls early on so that it impacts their conception of the world later on. [32]ජර්මනිය[සංස්කරණය]1970 පටන් ලිංගික අධ්‍යාපනය ජර්මනියේ පාසල් විෂය නිර්දේශයේ කොටසක් ව පවතී. 1992 සිට එය රාජ්‍ය වගකීමක් බවට නෛතික ව පත්කර තිබේ. [33]පොදු වශයෙන් ගත්විට ඒ තුළ පරිණතවීමේ ක්‍රියාවලිය, යෞවනෝදයේ ශාරිරික වෙනස්වීම්, සංවේදනයන්, ප්‍රජනක ක්‍රියාවලිය සම්බන්ධ ජීවවිද්‍යාත්මක කරුණු, පෙම්සබඳතා පැවැත්වීම, සමලිංගිකත්වය, අනවශ්‍ය ගැබ්ගැනීම් සහ ගබ්සාව, ලිංගික ප්‍රචණ්ඩත්වයේ අනතුරුදායක බව, ළමා අපයෝජනය, සහ ලිංගික ව සම්ප්රේීෂණය වන රෝග වැනි සෑම අංශයක් ම ආවරණය කෙරේ. ලිං |
ගික ඉරියව් (sex positions) පවා ඇතැම්විට නිර්දේශගත කරගන්නා තරමට එය පරිපූර්ණය. [34]ස්වීඩනය[සංස්කරණය]ආශ්‍රිත ලිපි[සංස්කරණය]නවයොවුන් ලිංගිකත්වයනිදහස් ආලයප්‍රතික්‍ෂේපකිරීමේ කුසලතාවලිංගිකත්ව දිශානතියසඳහන් තැන්[සංස්කරණය]↑ Tupper, Kenneth (2013). "Sex, Drugs and the Honour Roll: The Perennial Challenges of Addressing Moral Purity Issues in Schools". Critical Public Health. 24 (2): 115–131. doi:10.1080/09581596.2013.862517.↑ "Namibia National Policy on HIV/AIDS for the Education Sector" (PDF). USAID Health Policy Initiative. 2003. November 8, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 8, 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)↑ 3.0 3.1 3.2 3.3 Referred in paper by Jeanette De La Mare. October 2011.↑ Rubin and Kindendall (2001)↑ Oringanje, C; Meremikwu, MM; Eko, H; Esu, E; Meremikwu, A; Ehiri, JE (Oct 7, 2009). "Interventions for preventing unintended pregnancies among adolescents". The Cochrane datab |
ase of systematic reviews (4): CD005215. doi:10.1002/14651858.CD005215.pub2. PMID 19821341.↑ DiCenso, A; Guyatt, G; Willan, A; Griffith, L (Jun 15, 2002). "Interventions to reduce unintended pregnancies among adolescents: systematic review of randomized controlled trials". BMJ (Clinical research ed.). 324 (7351): 1426. doi:10.1136/bmj.324.7351.1426. PMC 115855. PMID 12065267.↑ 7.0 7.1 7.2 7.3 7.4 7.5 http://www.unfpa.org/comprehensive-sexuality-education↑ DiCenso, A.; et al. (2002). "Interventions to Reduce Unintended Pregnancies Among Adolescents: Systematic Review of Randomized Controlled Trials". British Medical Journal. 324 (7351): 1426. doi:10.1136/bmj.324.7351.1426. PMC 115855. PMID 12065267.↑ Kirby, D. (2001). "Emerging Answers: Research Findings on Programs to Reduce Teen Pregnancy". National Campaign to Prevent Teen Pregnancy. Homepage of the study. සංරක්ෂණය කළ පිටපත 2017-10-06 at the Wayback Machine↑ 10.0 10.1 Kirby, D. (2007). "Emerging Answers 2007: Research Findi |
ngs on Programs to Reduce Teen Pregnancy and Sexually Transmitted Diseases". National Campaign to Prevent Teen Pregnancy. July 14, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)↑ "UNFPA Operational Guidance for Comprehensive Sexuality Education: A Focus on Human Rights and Gender" (PDF). UNFPA.↑ Slyer (2000)↑ Gruenberg (2000)↑ 14.0 14.1 14.2 Janofsky, Michael. "Gay Rights Battlefields Spread to Public Schools". The New York Times. සම්ප්‍රවේශය November 2, 2013.↑ Reich (2006) Die Sexualität im Kulturkampf. Part one "the failure.." 6. The puberty problem - (3°) "A reflection.." - c. sexual relationships of pubescents - paragraph 4.a (pp. 198-99 of Italian edition)↑ "Joy of sex education" by George Monbiot, The Guardian, May 11, 2004↑ Luker, Kristen (2006). When Sex Goes To School: Warring Views on Sex- And Sex Education- Since The Sixties. W.W. Norton & Company.↑ Mihalko, Reid. "About Reid". Re |
id About Sex. සම්ප්‍රවේශය June 3, 2011.↑ PBS, February 4, 2005 Religion & Ethics Newsweekly, Episode 823 Accessed December 30, 2006↑ 20.0 20.1 20.2 Formby, Eleanor (August 2011). "Sex and relationships education, sexual health, and lesbian, gay and bisexual sexual cultures: views from young people". Sex Education. 11 (3): 255–266. doi:10.1080/14681811.2011.590078.↑ Kosciw, J.G. (2012). "The 2011 National School Climate Survey: The experiences of lesbian, gay, bisexual, and transgender youth in our nation's schools". Gay, Lesbian and Straight Education Network.↑ Sanchez, Marisol. "Providing inclusive sex education in schools will address the health needs of LGBT Youth" (PDF). Center for the Study of Women UCLA. සම්ප්‍රවේශය October 17, 2013.↑ 23.0 23.1 Slater, Hannah. "LGBT-Inclusive Sex Education Means Healthier Youth and Safer Schools". Center for American Progress. සම්ප්‍රවේශය November 2, 2013.↑ Goodman, Josh. "5 Reasons Schools Should Adopt LGBTQ-inclusive Sex Ed". The Hu |
ffington Post. සම්ප්‍රවේශය November 2, 2013.↑ McGarry, Robert (2013). "Build a curriculum that includes everyone: ensuring that schools are more accepting of LGBT students and issues requires more than passing mentions of diversity in sex education classes". Phi Delta Kappan. 94.↑ Villalva, Brittney. "Sex Education in Schools Should Include a Gay Agenda, Report Claims". The Christian Post. සම්ප්‍රවේශය November 2, 2013.↑ Ellis, Viv; High (April 2004). "Something More to Tell You: Lesbian, Gay, or Bisexual Young Peoples". Journal of Adolescence. 30 (2): 213–225. doi:10.1080/0141192042000195281.↑ Adolescents In Changing Times: Issues And Perspectives For Adolescent Reproductive Health In The ESCAP Region United Nations Social and Economic Commission for Asia and the Pacific සංරක්ෂණය කළ පිටපත ජනවාරි 19, 2014 at the Wayback Machine↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;swedsexed නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Involve The Young! Interview with Dr Pramilla Sena |
nayake, assistant director-general of the International Planned Parenthood Federation↑ Britain: Sex Education Under Fire UNESCO Courier සංරක්ෂණය කළ පිටපත දෙසැම්බර් 22, 2009 at the Wayback Machine↑ Vincent Peillon, Assemblée nationale, 28 janvier 2013 (January 13, 2014). "Les ABCD de l'égalité : un outil pour lutter dès l'école contre les inégalités filles-garçons | Portail du Gouvernement". Gouvernement.fr. සම්ප්‍රවේශය August 5, 2014.{{cite web}}: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)↑ Sexualaufklärung in Europa (German)↑ Sexualkunde-Schmutzige Gedanken (German)වැඩිදුර කියවීමට[සංස්කරණය]Standards for Sexuality Education in Europeබාහිර සබැඳි[සංස්කරණය]හැපි ලයිෆ් - ශ්‍රී ලංකා සංරක්ෂණය කළ පිටපත 2010-10-23 at the Wayback MachineSexuality Information and Education Council of the United States (SIECUS)Facts on Sex Education in the United States ගුට්මාචර් අධ්‍යයනායතනය විසින්Teachers' TV පාසල් ගුරුවරුන් සඳහා ලිංගික සහ පුද්ග |
ල සබඳතා අධ්‍යාපන වෙබ් අඩවියක්Doinitright.org සංරක්ෂණය කළ පිටපත 2009-05-09 at the Wayback Machine යෞවනයන්ට ලිංගික සෞඛ්‍යය සම්බන්ධ ව ඇති ගැටලු නිර්ණාමික ව යොමුකළ හැකි තැනක්Sexualskills "Nederlandse Vereniging voor Seksuele Hervorming" (Dutch Society for Sexual Reform)විසින් පවත්වා ගෙන යනු ලබන ලිංගික අධ්‍යාපන වෙබ් අඩවියක්Talk Often, Talk Soon ලිංගිකත්ව අධ්‍යාපනය සම්බන්ධව මව්පිය අත්පොතක් - ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසිනි.RFSU (ස්විඩීෂියානු ලිංගිකත්ව අධ්‍යාපන සංගමය) සංරක්ෂණය කළ පිටපත 2019-08-06 at the Wayback Machine විසින් පළකළ ලිංගිත කරුණු ඇතුළත් ප්‍රකාශන කීපයක්vteලිංගිකත්වයඉතිහාසය History of erotic depictions · Sexual revolution කාම චර්යා ලිංගික සංසර්ගය (ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය · positions) · මුඛ සංසර්ගය · ගුද සංසර්ගය · ගුද-මුඛ ලිංගික ක්‍රියා · සමූහ සංසර්ගය · Sexual sublimation · Barebacking · Dirty talk · Facial · Fisting · ස්වයං වින්දනය · Non-penetrative sex (Fingering/Handjob · Sumata) · Quickie Physiological events ලිංගික ආවේගය · උදර්ජනය · |
සුරතාන්තය · ශුක්‍ර මෝචනය · Insemination · ගර්භනීතාව සෞඛ්‍යය and අධ්‍යාපනය උපත් පාලනය · කොන්ඩම් · ප්‍රජනක වෛද්‍යවේදය (Andrology · නාරිවේදය · මූත්‍රල වෛද්‍යවේදය) · Safe sex · Sexual dysfunction (Erectile dysfunction · Hypersexuality) · ලිංගිකත්ව අධ්‍යාපනය · Sex therapy · ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග Identity ලිංගික අනන්‍යතාව · ලිංගික දිශානතියනීතිය Age of consent · Obscenity · ව්‍යාභිචාරය · Public indecency · ලිංගික අපයෝජනය (Sexual harassment · Rape · Sexual assault · ලිංගික ප්‍රචන්ඩත්වය Relationshipsand society BDSM · පවුල් සංවිධානය · විවාහය · පරාකාමභෝගය · Religion and sexuality · Romance · Sexual abstinence · Sexual attraction · Sexual ethics · Sexual objectification · ගබ්සාව ලිංගිකත්ව කර්මාන්තය (Sex Industry) Adult video game · Erotica · Lubricant · Paddle · කාමෝද්දීපක ප්‍රකාශන · ගණිකා වෘත්තිය · Sex toys (කෘත්‍රිම යෝනි · කෘත්‍රිම ශිෂ්ණ · Sex doll · Vibrator) · Sex shop · Sex tourism Human sexual behavior · Human sexuality · Sexology · |
Sexual slang · Animal sexual behavior සැකිල්ල:Education by subjectvteSexual ethicsHuman sexualityAdolescent sexualityRainbow partyAdulteryEducationFetishismIncestlawInfidelityMiscegenationObesity and sexualityObjectificationOrientationPornography(gay)(law)(lesbian)(women's)PregnancyAbortionProstitutionlawReproductive rightsRight to sexualitySex-positive feminismSex-positive movementSex workers' rightsSurvival sexChild sexualityChild marriageChild pornographylawChild prostitutionChild sex tourismSexual abuseChild-on-child sexual abuseChild sexual abuselawCybersex traffickingHarassmentRapelawSex traffickingSexual slaveryAge of consent (reform)AfricaAsiaEuropeNorth AmericaUnited StatesOceaniaSouth America Topical outlinevteප්‍රජනන සෞඛ්‍යයඅයිතිවාසිකම්අනිවාර්ය වන්ධ්‍යකරණයඋපත්පාලක ආරක්ෂණයGenital integrityCircumcision controversiesGenital modification and mutilationIntersexඅධ්‍යාපනයGenetic counselingPre-conception counselin |
gලිංගික අධ්‍යාපනයසැලසුමAssisted reproductive technologyBirth controlChildfree/ChildlessnessParentingAdoptionChildbirthFoster careSafe sexHealthMen'sWomen'sVulvovaginalResearchSelf-report sexual risk behaviorsPregnancyAbortionBirth spacingMaternal healthObstetricsOptions counselingPregnancy from rapePregnant patients' rightsPrenatal careTeenage pregnancyPreteen pregnancyUnintended pregnancy වෛද්‍ය විද්‍යාවපුංජන විද්‍යාව මෞත්‍ර ලිංගික වෛද්‍ය විද්‍යාවනාරිවේදයප්‍රසවවේදය සහ නාරිවේදයප්‍රජනන අන්තරාසර්ග විද්‍යාව සහ අසාරතාවලිංගික වෛද්‍ය විද්‍යාවඅක්‍රමනලිංගික විකසනය පිළිබඳ අක්‍රමනඅසාරතාවප්‍රජනක පද්ධති රෝගලිංගික දුෂ්කෘත්‍යයලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනසායනයBy countryChinaIndiaIranIrelandPakistanPhilippinesSingaporeUnited KingdomTeenUnited StatesTeen pregnancyBirth controlHistoryBirth control movement in the United StatesHistory of condomsSocial hygiene movementTimeline of reproductive rights legislationප්‍රතිපත්තියOne-child policyදෙ-දර |
ු ප්‍රතිපත්තියFinancialBaby bonusBachelor taxBirth creditChild benefitTax on childlessnessසරස්වතීදේවනාගරීसरस्वतीසංස්කෘත පරිවර්තනයSaraswatīඅනුබැඳියදේවතාවිය, ත්‍රිදේවී, ආදි පරාශක්තිවාසභවනයබ්‍රහ්මලෝකමන්ත්‍රයඕම් ශ්‍රී මහාසරස්වත්යේ නමඃසංකේතවීණාවවල්ලභයාබ්‍රහ්ම[1][2]වාහනයමොනරාහංසයාප්‍රදේශයදකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ටිබෙටය සහ ජපානයඋත්සවවසන්‍ත පංචමිලිපි මාලාවක කොටසක් වනශක්තී ධර්මයදේවතාවෝආදිශක්ති (උත්තරීතර)ශක්තිදේවීලලිතාපාර්වතීදුර්ගාමාත්‍රිකාමහාවිද්‍යානවදුර්ගායෝගිනීන්කාලීලක්ෂ්මීසරස්වතීජගද්ධාත්‍රිගන්ධේශ්වරීතවත්සූත්‍ර සහ පාඨග්‍රන්ථතන්ත්‍රවේදඋපනිෂද්ශක්ත උපනිෂද්දේවී-භගවත පුරාණයදේවි මාහාත්ම්‍යදේවි උපනිෂද්ලලිතා සහස්‍රනාමසෞන්දර්ය ලහරීදර්ශනය සහ පිළිවෙත්මායායෝගතන්ත්‍රකුණ්ඩලීනියන්ත්‍රගුරුකුලවිද්‍යා මාර්ගම්වාමාචරදක්ෂිණාචරකුල මාර්ගම්ශ්‍රීකුලම්කාලිකුලම්ත්‍රිකකුබ්ජිකවිද්වතුන්භාස්කරරායරාම්ප්‍රසාද් සේන්රාම්‍රකිෂ්ණඅභිරාමි භට්ටර්උත්සව සහ දේවාලනවරාත්‍රීදුර්ගා පූජාලක්ෂ්මී පූජාසරස්වතී පූජාතීජ්ශක්ති පීඨ හින්දු ආගම ද්වාරයvteලිපි මාලාවක කොටස |
ක් වනහින්දු ආගමහින්දුඉතිහාසයසම්භවයඉතිහාසයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඓතිහාසික වෛදික ආගමසම්ප්‍රදායන්වෛෂ්ණවශෛවශක්තස්මාර්තදෙවිවරුත්‍රිමූර්තිබ්‍රහ්මවිෂ්ණුශිවත්‍රිදේවීසරස්වතීලක්ෂ්මීපාර්වතීඅනෙකුත් ප්‍රධාන දෙවි දේවතාවියන්වෛදික:ඉන්ද්‍රඅග්නි (දෙවියන්)ප්‍රජාපතිරුද්‍රඌෂස්වරුණපශ්චාත් වෛදික:දුර්ගාගණේශහනුමාන්කාලිකාර්තිකේයකෘෂ්ණරාධාරාමසීතාසංකල්පලෝක දර්ශනයහින්දු විශ්ව විද්‍යාවහින්දු පුරාවෘත්තසත්භාවවේදයතත්ත්වතන්මාත්‍රපංචීකරණපංච භූතගුණඋත්තරීතර යථාර්ථයබ්‍රහ්මන්නිර්ගුණසගුණඕම්සත්චිතානන්දදෙවියන්ඊශ්වරහින්දු ආගමේ තුළ දෙවියන්දෙවියන් සහ ලිංගයජීවිතයේ අරුතධර්මඅර්ථකාමමෝක්ෂජීවිතයේ අදියරබ‍්‍රහ්මචාරීගෘහස්ථවානප‍්‍රස්ථසන්‍යාසවිමුක්තියේ මාර්ග තුනභක්ති යෝගඥාන යෝගකර්ම යෝගවිමුක්තියමෝක්ෂය සම්බන්ධ මාතෘකා:පරමාත්මයමායාවකර්මසංසාරයමනසආත්මන්අනාත්මන්සූක්ෂ්ම ශරීරසූක්ෂ්ම ශරීරආචාර ධර්මනීති ශාස්ත්‍රයමනියමඅහිංසාඅස්තෙයසත්‍යදයාඅක්‍රෝධතපස්දානශාස්ත්‍ර ප්‍රමාණම්ඥාන විද්‍යාවප්‍රත්‍යක්ෂඅනුමාණඋපමාණඅර්ථාපට්ටිඅනුපලබ්දිශබ්දචාරිත්‍රවන්දනා, යාග සහ පු |
ණ්‍යය කටයුතුපූජාආරතීප්‍රාර්ථනාදේවස්ථානමූර්තිභක්තිජපභජනකීර්තනයාගහෝමතර්පනවෘතප්‍රායශ්චිත්තභාවනාතපධ්‍යානසමාධානනිදිධ්‍යාසනයෝගසාධුයෝගීයෝගිනීආසනසාධනකුණ්ඩලිනීහින්දු කලාවන්භරතනාට්‍යම්කතක්කතකලිකුචිපුඩිමනිපුරිචාරිත්‍ර වාරිත්‍රගර්භාධානපුංසවනසීමන්තොන්නයනජාතකර්මන්නාමකරණනිෂ්ක්‍රමණඅන්නප්‍රාශනචූදාකරණකර්ණවෙධවිද්‍යාරම්භඋපනයනකෙශාන්තරිතුශුද්ධිසමාවර්තනවිවාහ (හින්දු ආගම)විවාහඅන්තිම සංස්කාරඋත්සවදිවාලිහෝලිශිවරාත්‍රීනවරාත්‍රීදුර්ගා පූජාරාම්ලීලාවිජයදශාමි-දුශේරාරක්ෂා බන්ධන්ගනේෂ් චතුර්ථිවසන්ත පංචමිරාම නවාමිජන්මාෂ්ටමිඕනම්මකර සංක්‍රාන්තිකුම්භ මේලාපොංගල්උගාඩිවෛසාඛිබිහූපුතාණ්ඩුවිශුරථ යාත්‍රාහින්දු දර්ශනඅස්තිකසාංඛ්‍යයෝගන්‍යායවෛශෙෂිකමීමාංසාවේදාන්තඅද්වෛතද්වෛතවිශිෂ්ඨාද්වෛතඅචින්ත්‍යභෙදාභෙදශුද්ධාද්වෛතනිම්බාර්ක සම්ප්‍රදායඅක්ෂර පුරුෂොත්තම දර්ශනඅනෙකුත් දර්ශනපශුපතප්‍රත්‍යභිඥාචාර්වාකගුරුවරු, ශාන්තුවරු සහ දාර්ශනිකයෝපුරාතනඅගස්ත්‍යඅංගීරසඅරුණිඅෂ්ටවක්‍රආත්‍රිභාරද්වාජගෝතමජමාදාග්නිජෛමිණිකනාදකපිලකාශ්‍යපපාණීනිපටාංජලීරෛක්වසත්‍යකා |
ම ජාබලවාල්මිකීවාශිෂ්ඨාවිශ්වමිත්‍රව්‍යාසයාඥාවාල්ක්‍යමධ්‍යතනනායනර්වරුඅල්වාර්වරුආදි ශංකරබාසවඅක්කා මහාදේවීඅල්ලමා ප්‍රභූසිද්ධේශ්වර්ඥානේශ්වර්චෛතන්‍යගංගේෂ උපධ්‍යායගෞඩපාදගෝරක්ෂානාත්ජයන්තා භට්ටාකබීර්කුමාරිලා භට්ටාමත්ස්‍යේන්ද්‍රනාත්මහාවතාර් බාබාජිමධුසුදනමාධවහරිදාස ඨාකූර්නාම්දේවනිම්බර්කප්‍රභාකරරඝුනාථ සිරෝමණිරාමනුජසංකර්දේව්පුරන්දර දාසකනක දාසරාම්ප්‍රසාද් සේන්ජගන්නාථ දාසව්‍යාසරායශ්‍රීපාදාර්යරාඝවේන්ද්‍ර ස්වාමිගෝපාල දාසශ්‍යාස ශාස්ත්‍රිවේදාන්ත දේසිකත්‍යාගරාජාතුකරාම්තුල්සිදාස්වාචස්පති මිෂ්රාවල්ලභවිද්‍යාරන්‍යනූතනඖරොබින්දෝකුමාරස්වාමිභක්තිවිනෝද ඨාකුර්චින්මායානන්දදයානන්ද සරස්වතීමහේෂ් යෝගික්‍රිෂ්ණානන්ද සරස්වතීනාරායණා ගුරුප්‍රභූපාදරාමක්‍රිෂ්ණරමනා මහාඍෂිරාධක්‍රිෂ්ණන්සරස්වතීසිවානන්දයූ. ජී. ක්‍රිෂ්ණමූර්තිසායි බාබාවිවේකානන්දනිගමානන්දයෝගානන්දරාමචන්ද්‍ර දත්තාත්‍රය රනාදේතිබ්බේටිබාබාතෛලංගාහින්දු ග්‍රන්ථශුද්ධ ලියවිලි වල වර්ගීකරණයශ්‍රැතිස්මෘතිආචාරආත්මතුෂ්ටිහින්දු ශුද්ධ ලියවිලිහින්දු ලියවිලි වල කාලයවේදඍග් වේදයජුර් වේදසාම වේදඅථර්ව වේදක |
ොට්ඨාශසංහිතාබ්‍රාහ්මණආරණ්‍යකඋපනිෂද්උපනිෂද්ඍග් වේද:ඓතරෙයකෞශීතකියජුර් වේද:බෘහදාරණ්‍යකඊශාතෛත්තිරීයකතාශ්වෙතාශ්වතරමෛත්‍රිසාම වේද:චාන්දොග්‍යකෙනඅථර්ව වේද:මුණ්ඩකමාණ්ඩූක්‍යප්‍රශ්නවෙදාංගශික්ෂාචන්දස්ව්‍යාකරණනිරුක්තකල්පජ්‍යෝතිෂඅනෙකුත් ශුද්ධ ලියවිලි'භගවද් ගීතා''ආගම'අනෙකුත් ලියවිලිපුරාණවිෂ්ණු පුරාණභාගවත පුරාණදේවී භාගවත පුරාණනාරදෙය පුරාණවාමන පුරාණමත්ස්‍ය පුරාණගරුඩ පුරාණබ්‍රහ්ම පුරාණබ්‍රහ්මාණ්ඩ පුරාණබ්‍රහ්ම වෛවර්ත පුරාණභවිෂ්‍ය පුරාණපද්ම පුරාණඅග්නි පුරාණශිව පුරාණලිංග පුරාණකූර්ම පුරාණස්කන්ද පුරාණවරාහ පුරාණමාර්කණ්ඩෙය පුරාණවෙනත් මාතෘකාබාලි හින්දු ආගමදින දර්ශනයවිවේචනයනාමකරණප්‍රතිමා ශිල්පයපුරාණෝක්තිවේදයජාතිකවාදය (හින්දුත්ව)හිංසනයවන්දනා ස්ථානඉතිහාසරාමායණයමහාභාරතයඋපවේදආයුර්වේදධනුර්වේදගන්ධර්වවේදස්ථපත්‍යවේදහින්දු ආගම සහ ජෛන ආගම / සහ යුදෙව් ආගමරට අනුව හින්දු ආගමහින්දු ආගමික පාරිභාෂික ශබ්ද මාලාව හින්දු ආගම ද්වාරයvteහින්දු ආගමෙහි, සරස්වතී (සංස්කෘත: सरस्वती), යනු දැනුම, සංගීතය, කලාව, ප්‍රඥාව සහ විද්‍යාව පිළිබඳ දෙවඟන යි. ඇය ලක්ෂ්මී සහ පා |
ර්වතී ප්‍රමුඛ ත්‍රිදේවීන්ගෙන් එක් අයෙකි.සරස්වතිය දෙවඟනක් ලෙස පළමුව සඳහන් වන්නේ ඍග් වේදය තුළයි. ඇය වෛදික යුගයේ සිට හින්දු සම්ප්‍රදායන්හි නූතන යුගය දක්වා දේවතාවියක් ලෙස සැලකිය යුතු ලෙස රැඳී සිටි. පොතක්, ජපමාලයක්, පැන් කෙන්ඩියක් සහ වීණාව නම් සංගීත භාණ්ඩයක් අතැතිව, අත් හතරක් සහිතව සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරේ. මෙම සෑම ආභරණයක් තුළම හින්දු ආගමේ සංකේතාත්මක අර්ථයක් ඇත.ඇතැම් හින්දු බැතිමතුන් වසන්ත පංචමී දින (වසන්තයේ පස්වන දිනය, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සරස්වතී පූජා සහ සරස්වතී ජයන්ති ලෙසද හැඳින්වේ.) එතුමියට ගෞරව පිණිස පූජාවන් පවත්වයි. බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ජෛන ආගමේ අනුගාමිකයන්, මෙන්ම සමහර බෞද්ධ නිකායන් අතරද දෙවඟන ගෞරවයට පාත්‍ර වේ.නිරුක්තිය[සංස්කරණය]සරස්වතී යනු සංස්කෘත වචනයක් වන සරස් (सरस्) අර්ථය "ජල තටාකය", නමුත් සමහර විට "කථනය" ලෙසද පරිවර්තනය වේ; සහ වති (वती) යන්නෙහි තේරුම "ඇය සතු" යන්නයි. මුලින් සරස්වතී නමින් හැඳින්වෙන ගංගාව හෝ ගංගා සමඟ සම්බන්ධ වූ මෙම සංයෝජනයෙන් අදහස් වන්නේ "පොකුණු, විල් සහ තටාක ජලය ඇති ඇය" හෝ "කථන හැකියාව ඇති ඇය" යන්නයි.සරස්වතී යන වචනය ගංගාවක් පිළිබඳ සඳහනක් ලෙසත් ඍග් |
වේදයේ සැලකිය යුතු දෙවඟනක් ලෙසත් පෙනේ. ආරම්භක ඡේදවල, මෙම වචනය සරස්වතී නදියට යොමු වන අතර ඩ්‍රිෂද්වතී වැනි වයඹදිග ඉන්දියානු ගංගා කිහිපයෙන් එකක් ලෙස සඳහන් වේ. සරස්වතී, එවිට ගංගා දේවතාවියක් අදහස් කරයි. ඍග් වේදයේ 2 පොතෙහි, සරස්වතිය විස්තර කරන්නේ මව්වරුන්ගෙන්, ගංගාවලින්, දෙවඟනන්ගෙන් විශිෂ්ටතමයා ලෙසයි.अम्बितमे नदीतमे देवितमे सरस्वति— ඍග් වේද 2.41.16[3]මව්වරුන් අතරින්, ගංගාවන් අතරින්, දේවීන් අතරින්, සරස්වතිය විශිෂ්ට වේ.ප්‍රතිමා ශිල්පය[සංස්කරණය]සරස්වතී දේවිය ගුරුලා පිට වැඩ සිටින බාමර ක්‍රමය නිරූපණ කරන දසුනකි.සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. (ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ) නෙළුමෙන් නිරූපණය වන්නේ සත්‍යයයි. එනම් ඇයට පරම සත්‍ය පිළිබඳ නුවණ මෙන්ම අත්දැකිම්ද ඇත. ඇය බොහෝ විට ඒ දැනුම හා පිවිතුරුබව හඟවන සුදු පැහැය හා බද්ධවේ. නමුත් යම් අවස්ථාවල ඇය කහ පැහැයටද සම්බන්ධ කරනු ලැබේ. (වසන්ත කාලයේ සරස්වතී දේවිය වෙනුවෙන් පවත්වනු ලබන උත්සව කාලයේදි මල් හටගන්නා අබ ශාකයේ මල් වල පැහැය කහ පැහැතිවේ) ඇය බොහෝ විට විශාල |
ආභරණ හෝ රත්‍රං වලින් සරසා නැති අතර චාම් ලෙස වස්ත්‍ර ගන්වා ඇත. මෙය ඇයගේ භෞතික වස්තූන් පිළිබඳ ඇති අවබෝධය පෙන්වීම විය හැක. සාමාන්‍යයෙන් ඇයට අත් හතරක් ඇති ලෙස දක්වයි. මෙම අත් සතරින් ඉගෙනීමේදි මනුෂ්‍ය පෞරුෂයේ හතර පැති කඩ පෙන්වන බව කියැවේ. ඒවා නම් මනස, අධ්‍යාත්මය, සිහිය, ආත්මාර්ථය වේ. එසේම අත් හතරින් වේද හතර නිරූපණය වන බව කියැවේ. වේද ග්‍රන්ථ හින්දු භක්තියන්ගේ අත්පොතයි. මෙම වේදග්‍රන්ථවල සාහිත්‍ය ආකාර 3 ක් ඇත.1. කාව්‍ය - සෘග් වේදයේ ශ්ලෝක, කාව්‍ය නිරූපණය කරයි2. ගද්‍ය - යාජුර් වේදයේ ගද්‍ය අඩංගු වේ3. සංගීතය - සාම වේදයේ සංගීතය අඩංගුවේ.එක් අතක ඇති පුස්තකයෙන් ගද්‍ය නිරූපණය වන අතර, පළිඟු මාලයෙන් කාව්‍ය නිරූපණය වේ. සංගීතය නිරූපණය වන්නේ වීණාවෙනි. ශුද්ධ වු ජලය පිරුණු කළය මෙම ත්‍රිත්වයෙහි පිවිතුරු බව හෝ මේවාට මිනිස් සිතුවිලි පවිත්‍ර කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.ඇය පහත සඳහන් ද්‍රව්‍ය අත්වල රඳවාගෙන සිටි.1. පුස්තකයක් - එය උතුම් වු වේදය ලෙස සැළකේ. මෙයින් පිළිඹිබු වන්නේ දිව්‍යමය, පරම සත්‍ය, සදා පවතින දැනුම ද ඇයගේ විද්‍යාවන් පිළිබඳ පරිපුර්ණ බව හා ධර්ම ග්‍රන්ථයි.2. පළිඟු මාලය - මෙය භාවනාවේ |
හා අධ්‍යාත්මයේ බලය පෙන්නුම් කරයි.3. ශුද්ධ වු ජලය සහිත කළය - මැවීමේ හා පවිත්‍ර කිරිමේ බලය පෙන්නුම් කරයි.4. වීණාව - සියලුම කලාවන් හා විද්‍යාවන්ගේ පරිපුර්ණ බව පෙන්නුම් කරයි. සරස්වතී අනුරාග යන්න සමඟ ද බද්ධ වේ. සංගීතයේ රිද්මය ඇති ආදරය අනුරාගය වේ.සරස්වතී නම ඇති ළමුන් අධ්‍යාපනයට දක්ෂ බව විශ්වාස කරයි.ඇයගේ පාමුල සුදු හංසයකු දක්නට ලැබේ. මෙම ශුද්ධ වු හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැක. මේ නිසා හංසා දෙවියන් හා නරක හෝ සදාකාලික බව හා සදාකාලික නොවන බව අතර වෙනස පිළිබිඹු කරයි. මෙම හංසයා නිසා සරස්වතී දේවිය “හමාස - වාහිනි” ලෙසද හඳුන්වනු ලබයි. මෙහි අර්ථය හංසයා රථය ලෙස ඇත්තී යන්නයී. ඇය බොහෝ විට මල් පිපෙන ගංගාව අසල වැඩ සිටින ලෙස නිරූපණය කරයි. මෙය ඇය ගංගා දේවිය ලෙස ඇයගේ අතීතය පිළිඹිබු කරයි. හංසයා හා නෙළුම ද එයම නිරූපණ කරයි.සමහර අවස්ථාවලදි පිටුපසින් මොණරුන් දර්ශනය කර ඇත. මොණරා රූපය පිළිබඳ ආඩම්බර හා අභිමානය පෙන්නුම් කරයි. මොණරුන්ගෙන් කියැවනුයේ බාහිර පෙනුම පිළිබඳ හින්දු භක්තිකයන් සැළකිලිමත් නොවිය යුතු බව හා පරම සත්‍ය සෙවීමට පමණක් නුවණින් කටයුතු කළ යුතු බවයි.ආශ්‍රේයයන්[සංස්කරණය]↑ Elizabeth Dowli |
ng and W George Scarlett (2005), Encyclopedia of Religious and Spiritual Development, SAGE Publications, ISBN 978-0761928836 page 204↑ David Kinsley (1988), Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions, University of California Press, ISBN 0-520063392, pages 55-64↑ "Rigveda". Book 2, Hymn 41, line 16. 24 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි.ධාතුසේන රජ දවස ඉදිකළ කලාවැව ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක් විය.දැවැන්ත වාරි තාක්ෂණය විදහා දක්වන මෙම ඓතිහාසික කලාවැව වර්තමානයේ ප්‍රතිසංස්කරණය කළ ඇති අතර මෙම ප්‍රතිසංස්කරන අතරතුර නව ජය ගග හෙවත් පැරණී යෝද ඇල පිහිටි ස්ථානයේ නව සොරොව්වක් ඉදිකිරීමට කඅණිම් කළ අතර නූතන වාරි ඉංජිනේරුවන් කල්යල් බලා සියළු භෞතික සාධක පිළිබද සැලකිලිමත් වෙමින් කැණිම්කළ අතර සියළු වාරිමාර්ග ඉංජිනේරුවන් මවිතයට පත්කරමින් පැරණි සොරොව්වක් හමුවිය.මෙම පැරණි සොරොව්ව හමුවීම තුළින් පැරණි වාරි තාක්ෂණයේ දියුණුව මොනවාට විදහා දක් |
වන මෙම පැරණි ගල් සොරොව්ව අදටත් කලාවැව් ඉස්මත්තේ ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි ඡායාරූප මෙහි දක්නට ලැබේ.තරුකි රුසන්තා පිරිස්බාහිර යොමු[සංස්කරණය]යෝධ ඇළ දිනෙන් දින වනසයි සංරක්ෂණය කළ පිටපත 2013-07-05 at the Wayback Machineවැව් බැම්ම සැතපුම් 7ක් දිගින් උස අඩි 44 වන පරිදි තනන ලද වැව වූයේ යෝධ වැවයි.ටොම් නිකලස් (Tom Nicholas*Tom Ni'co les) උපතින් ඇමරිකානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ලීසා ඈන් (මව) හා එන්රිකෝ වීදෙව් (පියා) යන අයට දාව 1990 දී උපන් මොහු ලොව ප්‍රධාන පෙලේ සෝෂල් ඉන්ජිනියර්වරුන් අතර ප්‍රමුඛ ස්ථානයක් තිබු චරිතයකි. මොහු 13 වැනි වියේදී ඇමරිකානු වැඩිහිටි වෙබ් අඩවියක් වෙත සාමාජිකත්වය නොලබා ඇතුළු වීමෙන් යුරෝපය පුරා ප්‍රසිද්ද චරිතයක් බවට පත් විය. එමගින් ඔහුගේ චරිතයට විශාල වූ කැළලක් ඇති විය. වයස අවුරුදු 18 දී විකිලික්ස් (ලන්ඩන් හි ශාඛාව) වෙත බැඳුනු මොහු තමාගේ තරුණ විය ඒ වෙනුවෙන් කැප කළේය. කුඩා කල සිය නමට ඇති වූ කැළල : ක්‍රිස් ස්ටීව් හා එක්ව ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි දහස් ගණනක් හා ගණිකාවන්ගේ පෞද්ගලික වෙබ් අඩවි සිය ගණනක් විනාශ කර දමමින් මකා දැමීය. ගුගල් සමාගමේ |
මිතුරෙකුද වෙයි, එම මිතුරු කම මත මොහුගේ විස්තර හා පෞද්ගලික දත්ත ගූගල් සෙවුම් යන්ත්‍ර වල ප්‍රචාරය කිරීම නවතන ලදී. විකිලික්ස් සමාගමේ බිඳ වැටීමෙන් පසු සිය ස්ථානය අහිමි විය. පෙර තිබු ප්‍රසිද්ධියද කෙමින් මැකී ගිය අතර වෙරෝනිකා බැල්මොන්ට් නමැති තිස් හැවිරිදි කාන්තාව සමග ටොම් පෙමක පැටලිණි. අසම්මත වූ එම ප්‍රේමය ඔහුගේ ජීවිතය ව්‍යාකුල බවට පත් කළේය. වර්තමානයේ ලන්ඩන් හි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබයි.වර්තමාන පෙම්වතිය වන්නේ කොරියානු ගණිකාවකි. (Prostitute)කථා බහෙන් හා රුපයෙන් ඕනෑම අයෙකු ගේ සිත දිනාගැනීමේ හා ඔවුන්ව තමන්ගේ අණසකට යටත් කරගැනීමට හැකි විශිෂ්ට හැකියාව නිසා මොහු 2010 දී ලන්ඩන් හි බෙත්ලම් රෝහලට පැමිණ එහි වූ අශිෂ්ට කාමාශාවන්ගෙන් පෙලුනු රෝගීන් පිරිසකට මානසික ප්‍රතිකාර ලබා දුන්නේය. ඔහුගේ තිබු සිත්වසඟ කරන පෙනුම නිසා චිත්‍රපට සඳහා ඔහුට ආරාධනා රාශියක් ලැබුණි, ඔහුට ලැබුණු එක ආරාධනාවක් නිසා කිපුණු ඔහු එහි නිර්මාතෘවරුන්ට ප්‍රසිද්දියේ බැණ වැදුනි එම සිද්දියෙන් පසු ටොම් හට එවැනි ආරාධනා නොලැබුණි. 2011 වර්ෂයේදී පැවැත්වුණු විලියම් හා කේට් විවාහ උත්සවයට ආරාදනා ලැබුවන්ගෙන් වයසින් අඩුම පුද්ගල |
යා ඔහු විය.කල් ගත වෙද්දී ව්කෘති වූ හැගීම් පහල වූ නිසා ටොම් නිකලස් සමාජයෙන් කොන් වන්නට විය , පෙර පෞර්ෂය සිදී ගියේය.තමා වයස අවුරුදු 30 ඇමරිකානු යුවතියක් සමග ප්‍රේමයෙන් වෙලී සිටින බව නැවත නැවතත් පුන පුනා පවසන්නට විය. ඒ යුවතිය වෙරෝනිකා බැල්මොන්ට් විය. තමා බලාපොරොත්තු වූ තරමේ ආදරයක් ඇයගෙන් ඔහුට නොලැබුන බැවින් පහත් ක්‍රියාවන්ගේ නියැලුණේය. ආදරයෙන් පරාජය වූ රැකියා විරහිත තරුණයකු වූ නිසා ඔහු ලැබූ මානසික පීඩනය සුළු පටු එකක් නොවේ. කෙසේ නමුත් අවසානයේ ටොම් නිකලස් සැමගෙන් වෙන් වී පෞද්ගලික විශ්වවිද්‍යාලයක අද්‍යාපනය ලැබීම සඳහා නික්ම ගියේ පණ මෙන් ආදරය කර වෙරෝනිකා බල්මොන්ට් ,රියන් බ්ලොක් සමග විවාහ වීමට නියමිත බව කියන පුවත අසාය. Tom Nicoles - >http://i48.tinypic.com/bf3kut.jpgසිඩ්නි විජේවර්ධන (මොරටුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය)මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" – news • |
පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනයඅධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයNational education budget (2012)අයවැයද.දේ.නි. 1.7% [1]සාමාන්‍ය තොරතුරුමූලික භාෂාසිංහල, දෙමළ සහ ඉංග්‍රීසීඅධ්‍යාපන ක්‍රමයපළාත්බදසාක්ෂරතාවය (2015[2])සම්පූර්ණ92.6%පුරුෂ95.63%කාන්තා92.71%බඳවා ගැනීම්සම්පූර්ණ350,000ද්විතීක200,000පශ්චාත් ද්විතීක14,000 (10-12%)උපාධිය ලබාගත් සරසවි සිසුන්ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කොට නැත. ශ්‍රී ලංකා ජනගහන සාක්ෂරතාවය 92% වන අතර එම අගය තුන්වන ලෝකයේ රටකින් අපේක්ෂිත අගයට වඩා වැඩි අගයක් ගනී. ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ වැඩිම සාක්ෂරතාවය හිමි රට වන අතර එම අගය ආසියාව තුළ ඉහලම සාක්ෂරතා අගයන් කිහිපය අතර පවතී. අධ්‍යාපනය ක්‍රි.පූ.543 දක්වා අතීතයකට හිමිකම් කියන අතර එය ජීවිතය හා සංස්කෘතිය සමග මහඟු සබැදියාවක් දක්වයි. දහ නව වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයින් විසින් ඇරඹි ලාංකීය නවීන අධ්‍යාපනය |
, මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ බලයලත් අධිකාරීන් විසින් පාලනය වේ.පරිපාලනය[සංස්කරණය]පාසල් සිසුන්මූලික වශයෙන්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක් මඟිනි.[3]අධ්‍යාපන අමාත්‍යාංශය: පාසල්, පිරිවෙන (බෞද්ධ ශ්‍රාවකයන් සඳහා වෙන් වූ පාසල්), ගුරු විද්‍යාල හා අධ්‍යාපන ශ්‍රාස්ත්‍රාල සඳහාවිභාග දෙපාර්තමේන්තුව: ජාතික විභාග සේවා සැපයීමඋසස් අධ්‍යාපන අමාත්‍යාංශය: විශ්ව විද්‍යාල සඳහාඅධ්‍යාපන සේවා අමාත්‍යාංශය: සාමාන්‍ය අධ්‍යාපනය සඳහා භෞතික සම්පත් සැපයීමවෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශය: වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා කාර්මික විද්‍යාල සඳහාක්‍රියාත්මක පද්ධතියට අමතරව තෘතීක අධ්‍යාපනයට සම්බන්ධ විශ්ව විද්‍යාල හා ආයතන කිහිපයක් ඉහත සඳහන් නොකළ අමාත්‍යංශ කිහිපයකින් පාලනය වන අතර එම අංශ වල පරිපාලන දෝෂ හේතුවෙන් මෙම ආයතන වල අකාර්යක්ෂමතාවය පසු ගිය වර්ෂ කිහිපය තුළ වර්ධනය වී ඇත.පාසල් අධයාපනය 13 වසර වන ෙතක් අනිවාර්ය කිරීම ඉතාමත් සැළසුම් සහගතව සිදුවිය යුතුය.ඉතිහාසය[සංස්කරණය]මෙම අංශය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර ව |
ෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම අංශය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ඔක්තෝබර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ලාංකීය අධ්‍යාපනය වනාහී වසර 2300 කට එපිට ඉතිහාසයකට හිමිකම් කියන්නකි. එසමයෙහි ඉන්දියාවේ රජ කළ අශෝක අධිරාජයා ගේ මූලිකත්වයෙන් භික්ෂූන් පිරිසක් මෙරටට වැඩම කිරීමත් සමගම මෙරට බුදු දහම ස්ථාපනය විය. දේවානම්පිය තිස්ස රජ සමයේ බුදු දහම ලංකාවේ ස්ථාපනය වීමත් සමඟම සංස්කෘත භාෂාව, උතුරු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලදී. මෙය හේතු කොට ගෙන බෞද්ධ විහාර හා පිරිවෙන ආශ්‍රිතව භික්ෂු අධ්‍යාපනය ස්ථාපිත විය. විජය රජුගේ ලාංකික ආගමනයෙන් පසු නිර්මාණය වූ හෙළයේ වංශ කතාව වන මහාවංසය හා දීපවංශය මෙම අධ්‍යාපන පද්ධතිය පිළිබඳ සාක්ෂි උසුලයි.යටත් විජිත සමය තුළ සිදු වූ ජනාවාස ව්‍යාප්තිය නිසා ක්‍රිස්තියානි මිෂනාරී සමිතීන් අධ්‍යාපනය තුළ ක්‍රියාකාරී වන්නට විය. ක්‍රිස්තියානි පල්ලිය මූලික කොට ගත් අධ්‍යාපන ක්‍රමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේ කෝල්බෘක් කොමිසම මගින |
් පිහිටුවන ලදී.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස බොහෝ දෙනා 1931-1934 කාලය හඳුන්වන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සී ඩබි ඩබිලිවි කන්නංගර විසින් හෙබවු නිසාය. එවකට මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයේ වැඩවිසු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තුඩාවේ අරියවංශාලංකාර මාහිමියන් හා සේමගේ ව්‍යාපාරාධිපති ආනන්ද සේමගේ මැතිතුමා ඇතුළු පිරිස විසින් අත්සන් දසලක්ෂයක් එකතු කොට සංදේශයක් ආකරයෙන් ඇමතිතුමාට පිළිගැන්වීය. එල් මැක් සී රොබින්සන් දක්වන්නේ ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීමක් ඇති අමාත්‍යවරයෙක් අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වීම ඊට හේතුව බවයි. ඔහු ලංකාවට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය ලංකාවේ සමාජයීයමය හා ආර්ථික අතින් නව පිම්මක් ලෙස දැකිය හැකිය. ඊට අමතරව එය එතෙක් පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපනයට එරෙහි වීමක් ලෙස ද සැලකිය හැකිය. ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය නඟා සිටුවීම පාසල් දන්ත වෛද්‍ය සේවය ඇති කිරීම, දිවා ආහාරය දීමෙි වැඩපිළිවවෙල (1935), සංවිධානාත්මක කාල සටහන් ක්‍රමය, මධ්‍ය මහා පාසල් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම(1939), අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමේ සංකල්පය, පාසලට ඇතුල් වී විශ්ව විද්‍යාලය දක්වා |
නොමිලයේ අධ්‍යාපනය ලබා දීම(1946), මවිබසින් ඉගැන්වීමේ යොජනාව (1946) වැනි පියවර ගණනාවකින් ආරම්භ වු නිදහස් අධ්‍යාපනය පියවර ගණනාවක මුහුවක් ලෙස වර්ථමානය අක්වා විකාශනය වෙමින් පැවතෙන ආකාරයක් දක්නට ලැබේ.නොමිලේ පොත් ලබාදීමේ ප්‍රතිපත්තිය[සංස්කරණය]නොමිලේ පොත් ලබාදීම 1980 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ වියනොමිලේ නිල ඇදුම් ලබා දීමේ ප්‍රතිපත්තිය[සංස්කරණය]මෙම අංශය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම අංශය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ඔක්තෝබර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)1988 එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ත ප්‍රකාශනය1994 පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයමෙවැනි පියවරවල් ගණනාවක් ආරම්භ වු යුගයක් ලෙස 1987- 1994 දක්වාත් 1994-1999 දක්වාත් හඳුනාගත හැකිය. මෙහිදී පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ප්‍රතිපත්තිය පමණක් නොව මෙලෙස පාසල් නිල ඇඳුම්, පෙළ පොත් නෙමි |
ලයේ බෙදා දීම මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලබා ගෙන ඇති ප්‍රගතිය, ජාතික සංවර්ධනය සඳහා ඉන් සිදු වී ඇති බලපෑම, මේ යුගයන් දෙක පරික්ෂා කිරිමෙන් පෙනේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තොරතුරැ ලබා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. 1987 දී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අංක 42 දරන පළාත් සභා පනත මඟින් ප්‍රදේශ පාලනය සඳහා පාලන ඒකකයන් පිහිටු වීම හරහා රටේ අධ්‍යාපනය පිළිබඳව නව දැක්මක් ඇති විය. මෙම පාලන ඒකකයක් පිහිටු වීම හරහා රටේ අධ්‍යාපනය පිළිබඳව නව දැක්මක් ඇති විය. මෙම පාලන ඒකක හරහා ඇති කල ප්‍රධාන කර්තව්‍ය වන්නේ අධ්‍යාපනය සම්බන්ධ බලතල වලින් සෑහෙන්න කොටසක් මෙම ප්‍රදේශ පාලන ඒකක වලට ලබා දීමයි. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අන්දමට හා ප්‍රමාණයට පලාත් සභා අධ්‍යාපනය පිළිබඳව බලතල පවරා ඇත. "නව වන උපලේඛනයේ 03 හි අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා 3 වන පරිශ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට අධ්‍යාපනය"(1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව. නව වන උපලේඛනය 3 වගන්තිය). ඒ අනුව පළාත් සභා ක්‍රියාත්මක වීමෙන් පසු පළාත් බද අධ්‍යාපන පරිපාලන ව්‍යුහය ද නව ආකෘතියකට අනු |
ව ක්‍රියාත්මක විය.විශ්ව විද්‍යාල[සංස්කරණය]1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන නියාමන ආයතනයයි. එය නො: 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල 16 ක් හා මණ්ඩප තුනක් (3) ඇත.මේවාද බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයමූලාශ්‍ර[සංස්කරණය]↑ "පබ්ලික් ස්පෙන්ඩින් ඔන් එඩියුකේෂන්, ටෝටල් (% ඔෆ් ජීඩීපී)". ද වර්ල්ඩ් බෑන්ක්.↑ "ඇඩල්ට් ලිටරසි රේට්, පොපියුලේෂන් 15+ ඉයර්ස් (බෝත් සෙක්සස්, ෆීමේල්, මේල්)". UIS Data Centre. යුනෙස්කෝ. අගෝස්තු 2015. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2015.↑ Historical Overview of Education in Sri Lanka, Ministry of Education, http://www.moe.gov.lk/modules.php?name=Content&pa=showpage&pid=2, ප්‍රතිෂ්ඨාපනය 2013-03-03 ගොඩනැගිලි ද්‍රව්‍යගොඩනැගිලි ඉදිකරන්නෝ ගල්, ගඩොල් දැව ආදි විවිධාකාර දෑ උපයෝගී කර ගත්හ. ඉදිරියට නෙරා ඇති කවාකාර ගඩොල් ආරුක්කු, කවාකාර පියැසි, සහ ගෝලාකාර ශිඛර යනාදිය ද ගොඩනංවන ලදි. ගොඩනැගිලිවල ආධාරක බිත්ති වශයෙන් පර්වත |
වල මුහුණත යොදාගන්නා ලදී. සීගිරියේ කැටපත් පවුර දරා සිටින වේදිකාව ද ගඩොලින් කරන ලද පියගැට පෙල ද පිහිටා තිබෙන්නේ ප්‍රපාතාකාර ගල් පර්වතයෙහිය. 6 වැනි ශත වර්ෂයේදී පමණ ගොඩනැගිලි නිර්මාණකරුවෝ හුණුගල්වලින් නයිස් නම් කලු ගල් වර්ගය වෙත මාරු වූහ. පොළොන්නරුවේ වටදාගෙයිහි බිත්ති ගල්වලින් නිර්මාණය කරන ලදී. ඒවා ඉහල මහළ දක්වා උස් විය. ඉහල මාලය කරා යොමු වුණු ගල් පඩි පේලියක පහලම පඩිය පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජ මාළිගයේ ඇති නටබුන්වල අදත් දැකිය හැක. පස් වෙනි ශත වර්ෂයේ ආරණ්‍යවල විසූ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළ අතු සෙවිලි කල මඩුව ද ඉතා නිවැරදිව සැලසුම් කරන ලද ඒවා විය.දැවපුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේදී පාවිච්චි කර ඇත්තේ ගල් පමණක් නොවන බව සටහන් කර ගැනීම වැදගත්ය. දැනට දක්නට තිබෙන ගල් නිමැවුම්වල නටබුන්වලින් යමක් නිශ්චය කිරීම නිරවද්‍ය නොවේ. ඒවා මැටි හෝ කපලාරු බිත්ති සහිතව මූලික වශයෙන් දැවවලින් කරන ලද ගොඩනැගිලිය. 3 වැනි සියවසේ සිටම ඉතා අලංකාරව නිර්මාණය කළ දැව ගොඩනැගිලි තිබුණේය. සීගිරියෙහි කොටස් කීපයකින් යුත් වහලක් සමග දැවයෙන් සහ ගඩොල් යොදා නිර්මාණය කල අලංකාර වාහල්කඩක් තිබුණේය. අද ද දක්නට ලැබෙන අති විශාල උළුවහු කණුව |
ලින් මේ බව සනාථ වේ.බර දරා සිටීම සඳහා දැව යොදා ගෙන තිබුණි. සැකිළි සඳහා ගසක කඳ සම්පූර්ණයෙන්ම යොදා ගෙන ඇත. ක්‍රි.පු 4 වැනි සියවසේදි ඉදිකරන ලද අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ නිර්මාණය කිරීමට යොදා ගෙන තිබුණේ සම්පූර්ණ දැව කඳන්ය. පොළොන්නරුවේ සහ පඬුවස්නුවර මාළිගාවල තිබෙන ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල, ඉහල මාලයේ සහ වහලේ බර දරා සිටීමට යොදාගෙන තිබෙන දැව කණු තනි ගසකින් නිර්මාණය කර ගත් දැව කණු වෙයි.මංජු ශ්‍රි ශිල්පය නැමති ග්‍රන්ථයේ දැව කැපීම සහ පදම් කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේ. හොඳින් වැඩුනු ගස් තෝරා ගෙන නව සඳ කාලයේදි ඒවා කපනු ලබයි. එසේ කරන්නේ ඵ් කාලයේදි ගසෙහි කඳේ සීනි ප්‍රමාණය අඩු බැවිනි. එසේ වූ විට ගසේ කඳට හානි කරන කෘමින් ඒම වැළකේ.ශෛලමය නටබුන්වල ඉතිරි වී තිබෙන සළකුණුවලින් පෙනෙන්නේ ඉතා විශිෂ්ඨ වඩු තාක්ෂණයක් යොදාගෙන තිබුණු බවයි. වඩු වැඩ සඳහා යොදාගෙන තිබුණේ පොරව, වෑය, සහ නියන වැනි සාමාන්‍ය ආයුධයි. වඩු කර්මාන්තයේදී භාවිතයට ගන්නා ශිල්පීය ක්‍රම දෙකක් සද්ධර්මරත්නාවලියේ විස්තරවේ. දැව නරක් නොවීම සඳහා තෙල් ගැල්වූ අතර ඇද ඇරීම සඳහා රත් කර ඇත. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Archite |
cture_of_ancient_Sri_Lanka#Landscapingගෞතම බුදුන් වහන්සේසාරනාත් හිදි බුදුන් සිය ප්‍රථම ධර්ම දේශනාව කිරීම නිරූපනය කෙරෙන ප්‍රථිමාව. ගුප්ත යුගය, ආ. 475 පොයුපෞද්ගලික තොරතුරුඋපතසිද්ධාර්ථ563 පොයුපෙ හෝ 480 පොයුපෙලුම්බිණි සල්උයන, ශාක්‍ය ජනපදයමරණය 483 පොයුපෙ හෝ 400 පොයුපෙ (වයස 80)කුසිනාරා නුවර, මල්ල ජනපදයSenior postingපූර්වප්‍රාප්තිකයාකාශ්‍යප බුදුන්අනුප්‍රාප්තිකයාමෛත්‍රී බුදුන්පවුලකලත්‍රයායශෝදරා දේවියදෙමව්පියෝසුද්ධෝදන රජු (පියා) ,මායා දේවිය (මව)දරුවෝරාහුලමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ගෞතම බුදුරජාණන් වහන්සේ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපියබුද්ධ ධර්මය සහ බුද්ධාගමපිළිබඳ ලිපි මාලාවක කොටසකිඉතිහාසයකාලරේඛාවගෞතම බුදුන් වහන්සේපූර්ව-නිකායික බුද්ධාගමධර්ම සංගායනාසේද මාවතේ බුද්ධාගමේ ව්‍යාප්තියඉන්දියානු උපමහාද්වීපයේ පරිහානියපසුකාලීන බෞද |
්ධයෝබෞද්ධ නූතනවාදයධර්මයසංකල්පචතුරාර්ය සත්‍යයආර්ය අෂ්ටාංගික මාර්ගයධර්මචක්‍රයපංච ස්කන්ධඅනිත්‍යයදුක්ඛඅනාත්මහේතුඵල ධර්මයමධ්‍යම ප්‍රතිපදාවශූන්‍යතාවසදාචාරයකර්මපුනර්භවයසංසාරයවිශ්වයබෞද්ධ පාඨ ග්‍රන්ථබුද්ධවචනයමුල්කාලීන බෞද්ධ ග්‍රන්ථත්‍රිපිටකයමහායාන සූත්‍රපාලි ත්‍රිපිටකයටිබෙට් ත්‍රිපිටකයචීන ත්‍රිපිටකයපිළිවෙත්ත්‍රිවිධ රත්නයබුදු දහමේ විමුක්ති මාර්ගයපංච ශීලයපාරමිතාභාවනාවදාර්ශනික හේතු දැක්වීමශ්‍රද්ධාවපින් වැඩීමඅනුස්සතිසිහියප්‍රඥාවබ්‍රහ්ම විහරණAids to EnlightenmentMonasticismගිහියාBuddhist chantවන්දනා ස්ථානනිර්මාංශිකත්වයනිර්වාණයබෝධිසතර මාර්ග ඵලඅරහත්ප්‍රත්‍යේකබුද්ධබෝධිසත්ත්වබුද්ධසම්ප්‍රදායයන්ථෙරවාදපාලිමහායානහීනයානචීනවජ්‍රයානටිබෙට්නවයානනෙවාර්රට අනුව බුද්ධාගමභූතානයකාම්බෝජයචීනයඉන්දියාවජපානයකොරියාවලාඕසයමොංගෝලියාවමියන්මාරයරුසියාවශ්‍රී ලංකාවතායිවානයතායිලන්තයටිබෙට්වියට්නාමයවටසන ආගම් ද්වාරයvteගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු බෞද්ධ දර්ශනයේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞ |
තම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට (නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ ලුම්බිණියෙදීය. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුණි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය[සංස්කරණය]බුදු රදුන් සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය අතීතයේ මගධ රාජධානියට අයත් උරුවෙල ජනපදයේ නේරංජනා ගඟ අසබඩ ගයාව වූ අතර වර්තමානයේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හඳුන්වන අතර මහාබෝධි විහාරය එහි පිහිටා ඇත.බුදුරජාණන් වහන්සේගේ ධර්ම චාරිකාව[සංස්කරණය]වජ්‍රපාණි බෝධි |
සත්වයන් හා ගෞතම බුදුරජාණන් වහන්සේ ගාන්ධාරය 2 වන සියවසබුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (විහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනාකරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී කුලවතුන් හා පහත් කුලවලට අයත් අප, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරැණු මිනීමරැවන් හා ආලවක වැනි මීනිමස් කන්නන්ට යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළ සේක. මෙම කොටසට වෙනත් ආගම් හා විරැද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජයබිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා නොවූ විවෘත ආගමක් බිහි විය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ගෝත්‍රයකට සීමා නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරැද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනා වලට හා උන්වහන්සේ මරණයට පත්කිරීමට උත්සාහ ගත්හ.සංඝයා වහන්සේලා ධර්මය විස්තර කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරැද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිම. වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලි සිටින සතුන් මතට පා නොතබා ගමන් කි |
රීම අපහසු බැවින් සියලුම ආගම් වලට අයත් තාපසයෝ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යාන වල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය. ඉන්පසුව බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට එන බවට වූ පොරොන්දුව ඉටු කිරීම සදහා ඉන්පසුව මගධයේ රජගහ නුවරට වැඩියේ සේක. මෙම ගමනේ දී පසුව බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු ලැබූ වස්සාන කාල 3 බුදුරජාණන්වහන්සේ ගතකළේ රජගහනුවර වේළුවන උද්‍යානයේ ය. මෙම ආරාමට පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැදවාගෙන ඒම සදහා දූතයන් යැවීය. මෙලෙස දූත 9 ක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය ලෞකික දේ අත්හරින ලද ඔවුන් පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි නම් බුදුරජාණන් වහන්සේ ගේ කුඩා කළ මිතුරා රහත්භාවය ලබාගත් අතර පණිවුඩය ලබාදීමට සමත්විය. බුද්ධත්වයෙන් |
අවුරැදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීමේ දී ආරම්භ කළ අතර පා ගමනින් වැඩිය මේ ගමනේ දී මග දෙපස ධර්මය දේශනා කරමින් මාස දෙකක් මේ ගමනට ගතවිය. බුදුරජාණන් වහන්සේ ගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුනද ආරාධනාවක් නොලැබුණු නිසා බුදුරජාණන් වහන්සේ හා මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඩු සිගා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිගමනේ ගොස් නැත' බව පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරැන් දහස් ගණනක් පිඩු සිගා වැඩ ඇත.' ලෙස පිළිතුරැ ලබා දුන් සේක.ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දාන අනතුරැව පැවත ිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු සෝවාන් බව ලැබීය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරැද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදො පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය උන්වහන්සේ ගේ ගිහිකළ පුත් රාහුල කුමරැ වයස අවුරැදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකී.උන්වහන්සේ සහෝද |
රයෙකු වූ නන්ද කුමරැද පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේවදත්තද පැවිදි වූ නමුත් පසුවබුදුරජාණන් වහන්සේ හා වෛර බැද අන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරැද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධාන ම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර උපාලි සුභූති, රාහුල, මහා කච්චන හා පුණ්න රහතන්වහන්සේලා සමග ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනා වේ.පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරිම සදහා වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර ධර්මග්‍රන්ථ වල සදහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුවෙන්ම කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සදහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමගින් බුදුරජාණ |
න්වහන්‍සේ පසුපස රජගහ නුවර ට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුනී ශාසනය ආරම්භවූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරැෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත් අමතර විනය නීති පැනවීමෙනි, භික්ෂුනී ශාසනයේ ආරම්භය සදහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේ ගේ ගිහිකළ භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.මෙම කාලයේ දේවදත්ත තෙරැන් (ධප්‍ර රහත්භාවයට පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරැ කිරීම දහා කිහිප වාරයක් උත්සහ කළේය. ඒක් අවස්ථාවක දී ඔහු බුදුරජාණන් වහන්‍සේගෙන් තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළබුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරැණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරැ හා එක්වූ දේවදත්ත තම බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරැ බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රජ්‍ය ලබාගැනීමටත් එක්වී කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උන් තෙවරක් උත්සහ කළේය. පළමුවර දුනුවායන් |
යෙදවූ අතර බුදුරජාණන්වහන්සේ මුණගැසුණු විට ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් විය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි.අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඩිනා මාර්ගය වෙතට යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථවිය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේ ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුනු තවත් භික්ෂුන් සමග වෙනත් ස්ථනයක වසන්නට යාමෙන් සංඝභේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත් විය.බුදුරජාණන් වහන්සේට අවු 55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරැන් පත් කළ ගත්හ.මවු කුස පිළිසිඳ ගැනීම[සංස්කරණය]මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට |
කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේදේවියගේ කුස තුළ පිළිසිඳ ගන්නාලදී.ඒ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදී ය.මායා දේවිය කුමරු ඉපිද දවස් හතකින් මිය ගොස් තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයාව ඉපදුනි.ඉන් පසු සිදුහත් කුමරුගේ සුලුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී විසින් ඔහු ඇති දැඩි කරන ලදී.මහා ප්‍රජාපතී ගෝතමීය සිය කුසින් උපන් දරුවන් වූ නන්ද කුමරු සහ සුන්දරී නන්දා කුමරිය යන දෙදෙනාද සිදුහත් කුමරුන්ද එක සේ ආදරය දක්වමින් ඇතිදැඩි කලාය.මාර පරාජය[සංස්කරණය]ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළසේක. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළසේක.මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම |
් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියේය. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියේය.මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා පැතිරින. මාරයා ‘’ගිරිමේඛලා’’ නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියේය. මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියේය. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් නොතිබුනේය. ඒ සියල්ලෝම පැන ගියේය. මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටිනලදී. මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැවනලදී. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හම |
ා යන ලදී. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැත. ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැවන ලදී. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියේය. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැත. එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවන ලදී. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් විය. මාරයා ආයුධ වර්ෂාවක් මැවනලදී. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනි. එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටිනි. ඉන් අනතුරුව උණු අළු වැස්සක් මැවන ලදී. ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියේය. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණ |
න් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැවන ලදී. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා. දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කරන ලදී. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබූ බැවිනි. මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසන ලදී. මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නේය. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැත. එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළි |
න් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූයේ නැත. මාර සේනාවට බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා. තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කරන ලදී. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කරන ලදී.ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසන ලදී. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට විය. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා මාරයා පරාජයට පත්වුණා යනුවෙන් සතුටින් හඬ නවගන්නට විය..==බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑම==. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාරා |
නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදීය.(දඹදිව)නැවත් සිටුවිමට සකස් කල පැළයක්.ශාක සිටවන්නෙක්.වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්‍යාව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්‍රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්‍යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි.ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත |
්‍රයක් ලෙස ඉස්මතු වී ඇත.ක්‍රියාකාරකම්[සංස්කරණය]අතින් ගස් පැළ කිරීම වනාන්තර රෝපණයේ දී බහුලව යොදා ගන්නා ක්‍රමයකි.වරෙක විලෝගස් ඇලවී තිබූ භූමියක ඊට ආවේනික යුක්ලිටස් නැවත වගා කිරීම.ඕස්ට්‍රේලියාවේ ටොම්බෝ ගඟෙහි ඉවුරු මතවනාන්තර පවත්වා ගෙන යාම බොහෝ විට කර්මාන්ත, රජයේ ආයතන, සංරක්ෂණ කණ්ඩායම්, නාගරික උද්‍යාන මණ්ඩල, රට වැසියන්ගේ සංවිධාන හා පෞද්ගලික ඉඩම් හිමියන් මඟින් පාලනය කෙරේ. මේ අතුරින් කාර්මික වනාන්තර මූලික වශයෙන්ම භාවිතා වනුයේ දැව ලබා ගැනීමට හා වනාන්තර පුනුරුත්ථාපනය (ප්‍රතිජනනය ) සඳහා වේ. අනෙකුත් වනාන්තර වෙනත් විවිධ වූ අවශ්‍යතාවයන් හා ප්‍රයෝජන සඳහා භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස නාගරික වනාන්තර නගර සීමාවන් තුළ පාලනය කෙරෙන අතර මුලික අරමුණ වනුයේ නගර සීමාව තුල ශාක ප්‍රමාණය වැඩි කර ගැනීම හා වෙනත් විශේෂ ප්‍රයෝජන වේ. තවත් සමහර වනාන්තර ක්‍රියාත්මක වනුයේ ශාක පැළ ලබා ගැනීමේ අරමුණු කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කෙරේ. තවත් වනාන්තර ශාක ජාන බැංකු ලෙස පවත්වා ගෙන යන අතර එය නව ශාක හා වර්ධන තත්වයන් ඇති කිරීමට ජාන ඉංජිනේරුවන්ට උපකාරී වේ. ඉහත කී විවිධ ක්‍රමෝපායන් හේතුවෙන් උසස් පාසල්වලින් පිටවන උපාධිධාරීන්ගේ සිට |
සුවිශේෂ වු විෂය පථයන්ගේ නිපුණ ආචාර්යවරුන් දක්වා හැකියා විවිධත්වයක් මෙම ක්ෂේත්‍රය තුළින් බිහි වී ඇත.සාම්ප්‍රදායිකව කාර්මික වනාන්තර පාලනය කෙරෙනුයේ වනාන්තර කළමනාකරණ සැලසුම් මඟිනි. මෙම සැලසුම් බොහෝ විට මුලික කර ගනුයේ ශාක, ලේඛණගත වාර්තා, වනාන්තරය අයත් ප්‍රදේශයේ භූ විෂමතාවය, ශාක ව්‍යාප්තිය (විශේෂ අනුව) සහ වෙනත් පැලෑටි වර්ගවල විස්තර ඇතුළින් ලේඛන මඟිනි. මීට අමතරව මේවායෙහි අදාල ප්‍රදේශයේ මාර්ග, බෝග වගාවන්, මිනිස් ජනාවාසවලට ඇති දුර හා එහි බලපෑම, ජල වහන පද්ධතිවල විස්තර යන පාරිසරිකව අති සංවේද ප්‍රදේශව පාංශු තත්වයන්ගේ විස්තර යනාදිය වේ. අවසාන වශයෙන් මෙම වනාන්තර කළමනාකරණ සැලසුම්වල භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ ආකාරය හා එය සිදු කරන කාල රාමුව ද ඇතුළත් වේ.නමුත් ගස් කපා ගැනීමේ හෝ අදාල ප්‍රදේශයේ සිදු කරන වෙනත් ක්‍රියාකාරකම් බොහෝ විට භූමිය අයිතිකරුගේ හෝ බදු ඔප්පු හිමියාගේ (මීට වනාන්තරයෙන් දැව ලබා ගැනීම සඳහා අවසර සහිත දැව සමාගම්වලට හෝ රජයේ වනාන්තර නම් රජය) අරමුණුවල බලපෑමට යටත් වේ. මීට අමතරව වෙනත් පාර්ශවකරුවන්ගේ (උදාහරණ ලෙස වනාන්තරය ආසන්න ප්‍රජාව හෝ ප්‍රජාවන්, අසල්වාසීන් හෝ වනාන්තර තුළ හෝ එහි මායිමේ |
වෙසෙන ග්‍රාමීය ජනතාවගේ) අවශ්‍යතා ද සලකා බැලීම නව ප්‍රවණතාවක් ලෙසින් ඇති වී තිබේ. මෙහිදී හැමවිටම දැව ලබා ගැනීමේ වනාන්තරවලට අදාල නීති රීති හා කරුණු සලකමින් සැලසුම් සැකසීම සිදු කරයි. මේ සියලු සැලසුම් අවසන් දැව ලබා ගැනීම සඳහා උපදෙස් මෙන්ම අලුතෙන් මාර්ග තැනීමට හෝ වෙනත් ඉංජිනේරුමය වෙනස්කම් අවශ්‍ය වේ නම් ඒවාද ඇතුළත් වන ලෙස සකස් කෙරේ.සාම්ප්‍රදායික වනාන්තර කළමණාකරණ ව්‍යාපෘති වලදී ප්‍රධාන වශයෙන්ම අරමුණු කරනු ලබන්නේ ලී, ඔප දැමූ ලී, තුනී ලෑලි, කඩදාසි, දැව දර හා වෙනත් කර්මාන්තවලට අවශ්‍ය වන අමුද්‍රව්‍යයක් ලෙස ලී කොට සැපයීමයි. නිෂ්පාදනය කරනු බන දැවවල තත්වය, ප්‍රමාණය, රැකියා උත්පාදනය හා ලාභය මුලික වශයෙන් සැලකුව ද එය හැමවිටම වැදගත් ලෙස නොසලකනු ලැබේ. වනාන්තර වගාකරුවෝ බොහෝ විට පසු අස්වනු ක්ෂේත්‍ර සැලසුම් ඉදිරිපත් කරයි. මේවා බොහෝ විට නැවත වන වගාව (විශේෂ වශයෙන් වගා), වල් පැලෑටි පාලනය, පොහොර දැමීම හෝ ළපටි පැළ අතර දුර වැඩි කිරීම (බොහෝ විට ගස් එකිනෙක ආසන්නව තදබෑම වර්ධනය වීම අඩු කොට ලිහිල් වනාන්තර ඇති කිරීමට) යනාදී අරමුණු කර පවතී.මීට අමතරව වනාන්තර වගාකරුවන්ගේ වෙනත් වගකීම් ලෙස කෘමි උවදුරු පාලනය කිරීම හා වැළැ |
ක්වීම, විවිධ රෝග පාලනය, වනාන්තරවල හා තෘණ භූමිවල ලැව් ගිනි පාලනය යනාදිය වේ. බොහෝ විට වනාන්තර හේතුවෙන් ඇතිවිය හැකි රෝගී වසංගත තත්වයන්ගේ පිටත හා දේපල හානි අවදානම බලාපොරොත්තු මෙන් වුවද ඉහත සඳහන් වගකීම් ඉටු කරමින් ස්වභාවික ලෙස මෙම ජෛව පද්ධතිවට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම නව ප්‍රවනතාවක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී.වන වගාකරුවෝ බොහෝ විට වනාන්තර වර්ධන වීමේ ආදර්ශනය කිරීමේ හා මැනීමේ විශේෂඥයෝ වෙති. (වනාන්තර මිනුම්කරණය) මීට අමතරව මෙම වන වගාකරුවෝ වන ජීවී සංරක්ෂණ ව්‍යාපෘති හා ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘති වලට ද සහභාගී වෙති.ඉතිහාසය[සංස්කරණය]දැව බහුලව ලබාගන්නා වන සම්පතකි.වන සම්පත් භාවිතය හා කළමණාකරණය පිලිබදව චීනයට දිගු ඉතිහාසයක් තිබේ. කාල වකවානුව හන් රාජවංශය සිට රදළ කාලය දක්වා ගනන් ගැනේ. පසු කාලීනව මිං රාජවංශයේ චීන ශිෂ්‍ය Xu Guangqi (1562 – 1633) විසින් ද මේ බව සදහන් කර ඇත. බටහිර ලෝකයේ විධිමත් වන සංවර්ධන ක්‍රියාවලි වර්ධනය වුයේ මධ්‍යකාලීන යුගයේදී ය. ඒ වන විට භූමිය රජවරුන්ගේ හා වංශාදිපතින්ගේ පාලනය යටතේ පැවතුණි. භුමිය පාලනය සම්බන්දයෙන් දඩයම් කරුවන් අතර පැවති නීති අයත් විය. ගොවීන් විසින් බොහෝමයක් ප්‍රදේ |
ශ ඉන්ධන සදහා දැව ලබා ගැනීම, ඉදිකිරීම් සදහා අවශ්‍ය දැව ලබා ගැනීම සහ සතුන් ඇති කිරීම යන කාර්යයන් සදහා යොදා ගෙන තිබුණ ද දඩයම් නීති ඉතිරිව පැවතියේ රදල සමාජිකයන් නිසාය. 16 වන ශත වර්ෂයේදී පමණ ජර්මන් රාජ්‍ය සහ ජපානය අඛණ්ඩව දැව අස්වැන්නක් ලබා ගැනීම උදෙසා ක්‍රමානුකූල වන කළමණාකරණ ආරම්භ කර තිබුණි. සම්මතයක් ලෙස වනාන්තර විශේසිත කොටස් වලට බෙදා සිතියම් ගත කර ඇත්තේ දැව ලබාගැනීම වනාන්තර උත්පාදනය කර ගැනීමේ අරමුණත් සමගය. වන වගා ඇති කිරීම ප්‍රයෝගිකව ස්ථාපිත කිරීම ආරම්භ කරන ලද්දේ John Evelyn විසිනි. ඒවන විටත් බ්‍රිතාන්‍ය දූපත් වාසීන් අතර ඊට යම් ජනප්‍රියත්වයක් ලැබී තිබුණි. වන ජීව අධ්‍යයන ආයතන ස්ථාපිත වුයේ 1825 න් පසුවය. මෙවායින් බොහෝමයක් ජර්මනියේ සහ ප්‍රංහයේ පිහිටා තිබුණි. 19 වන සහ 20 වන ශත වර්ෂය මුල් භාගය යන ශත වර්ෂ වලදී වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩ සටහන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව යන රටවල ස්ථාපිත විය. බොහෝමයක් වන ජීව නිළධාරීන් යුරෝපා මහද්වීපයේ (Sir Dretrich Branclis) හෝ එහි අධ්‍යාපනය ලැබුවෝය.(Gifford Pinchot) දැව ලබා ගැනීම වන සංවර්ධන විද්‍යාවේ ප්‍රධාන අංගයකි.20 වන ශතවර්ෂයේ දී බ |
ටහිර ජාතීන් අතර වගා කිරීමේ සංරක්ෂණ ක්‍රියාදාම වල තාක්ෂණික ධාරිතාවය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස වන සංවර්ධන නීති සහ ඊට සම්බන්ධ නියමයන් පැනවීම සහ ඒවා විනාශයට පත්වීම සිදු විය.උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව ඝර්ම කලාපීය වනාන්තර සම්බන්ධ වන සංවර්ධන විද්‍යාවේ කොටසක් ලෙස වෙන් කළ හැකි බව තේක්ක හා මහෝගනී දැව අස්වැන්න සලකා බැලීමෙන් කිව හැක. Sir Dietrich Brandis මෙම උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව පිළිබදව කරුණු තව දුරටත් සොයා බලයි.අධ්‍යනය[සංස්කරණය]ඉන්ධන ප්‍රමාණ අඩු කර ගැනීම සඳහා වනාන්තර භාරකරුවන් විසින් සිදු කරන නිර්දේශිත පිළිස්සීම්.මධ්‍යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්‍යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තව |
ත් මෙවැනිම 1896 දී Cornell හි ආරම්භ කරන ලද විද්‍යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය. දකුණු ඇමෙරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය බ්‍රසිලයේ ආරම්භ විය. විශේෂයෙන්ම Vicosa Minas Gerais සහ Curitiba parana යන ස්ථාන මෙහිදී වැදගත් විය.වර්තමානයේ වන සංරක්ෂණකරුවෙකු විසින් ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, ජාන තාක්ෂණය, පාංශු විද්‍යාව, දේශගුණික විද්‍යාව, ජල විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වන කළමණාකරණය යන විෂයන් ඉගෙන ගත යුතුය. සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හදාරා තිබීම අමතර වාසියකි. ජ්‍යාත්නතර දේශපාලන විද්‍යාව පිළිබද උනන්දු වන්නට සිත්ගන්නා සුලු විෂය පථයක් හදුන්වා දී ඇත. වනාන්තර දේශපාලනය සහ දැනුම් කරුණු හුවමාරු කිරීමට මාර්ගය සලසා ඇත.ඉන්දියාවේ වනාන්තර කළමණාකරණය පිළිබද අධ්‍යාපනය කෘෂිකර්ම විහ්ව විද්‍යාල සහ වනාන්තර ගවේෂණ ආයතන (Decmed University) මගින් ලබාදේ. උද්‍යාන විද්‍යාව සහ වන කළමණාකරණය පිලිබදව Solan හි පිහිටි විශ්ව විද්‍යාලය Forestry education ලබාදීමට ආසියාවේ ඇති එකම විශ්ව ව |
ිද්‍යාලයයි. මෙම විශ්ව විද්‍යාලයන්හි උපාධි අපේක්ෂකයන් සදහා සිව් අවුරුදු පාඨමාලා පවත්වා ගෙන යයි. මෘට අමතරව පශ්චාත් උපාදි සහ ආචාර්යය උපාධි පාඨමාලා සදහා පහසුකම් සපයා ඇත. තිරසාර වන කළමණාකරණය පිළිබද උනන්දු වන්නට, ශිෂ්‍යයන්ට, වැසි වනාන්තර (නිවර්තන) සුරකින්නට ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස Puetto Rico හි වනාන්තර කළමණාකරණ වැඩසටහනේ අමතර ව්‍යාපෘතියක් ලෙස Tropic Ventures Rainforest Enrichment and Sustainable Forestry ව්‍යාපෘතිය අරඹා ඇත.සහකාර රංගනයේ, සහකරුවන් දෙදෙනා 'නායකයා' සහ 'අනුගාමිකයා' ලෙස හෝ 'මූලිකත්වය' සහ 'අනුගමන' වශයෙන් සඳහන් කෙරේ. සාම්ප්‍රදායිකව පුරුෂ සහකරු නායකත්වය දෙන අතර ස්ත්‍රී සහකාරිය අනුගමනය කරයි. නමුත් සෑම විටම මෙය නිසැක තත්ත්වය නොවේ. බොහෝ 'සමාජ නර්තන' ආකාරයක්ම සමාන ලිංග සහ භූමිකාව රේඛනය වන හවුල් සම්බන්ධතා වලින් පැවතෙන දිගු ඉතිහාසයක් ද, තරඟ හෝ රඟ දැක්විම් වලදී නර්තන ශීල්පීන්ගේ විධිමත් ලිංග භේදයන් සම්බන්ධයෙන් සමහර වෙනස් කම් කිහිපයක් ඇති වී තිබේ. පුළුල්ව පවසනවා නම්, නායකයා මඟ පෙන්වමින් නර්තනයේ සම්පුර්ණ ආකෘතිය තීරණය කරමින්, රඟ දැක්විය යුත්තේ කුමන චලන හෝ දර්ශනය ද යන්නයි. එය දර්ශන තලය ඔස |
්සේ කුමන ආකාරයෙන් චලනය විය යුතු ද යන බවයි. නායකයාගේ ප්‍රධාන භූමිකාව වන්නේ චලනයන් යොදා ගනිමින් ඔහුගේ සහයකයන්ට මඟපෙන්වීමයි. සාමාන්‍යයෙන් නර්තනයේ භාව විෂය හෝ ලාලිත්‍ය 'ස්වරය' හා මුලික චලනයන් භාවිතයෙන් එය ඉදිරිපත් කරයි. වෙනස්වු අනුගාමිකයන් නායකයා අනුගමනය කරමින්, නායකයා තීරණය කරන චලනයන් කරනු ලැබේ.උකුස්සාගේ ආයු කාලය අවුරුදු 70ක් පමණය.හොදින් වඩුනු උකුස්සෙක් මාලුන්,පක්ශීන්,හාවුන්,සර්පයන්,කුඩා මුව පැටවුන් වැනි සතුන්ය ආහාරයට ගනියි . 30-40 පමණ වන විට උකුස්සාට මරණයත් ජීවිතයත් අතර එක් අභියෝගයක් පැමිනෙණවා ඒ උකුස්සා අවුරුදු 40 පමණ දඩයම් කරපු හොට වකුටු වීම, නිය ගැල වීම සහ පිහාටු ගැලවීම වීම වැනි දේය. එම නිසා ඌට ගොදුරක් වත අල්ලා ගැනීමට නොහැකි වනු ඇත. ඉන්පසු ඌ නව ජීවිතයක් තෝරා ගැනේ විශාල ගල් පර්වතයකට ගොස් තමාගේ පිහාටු එකින් එක ගලවා දමය්, නියපොතු ගලක අතුල්ලා කඩා දමය්,හොටය ගලක වේගයෙන් හප්පා කඩා දමය් මෙසේ නිරාආහාරව මාස එකහමාරක් පමණ සිටිනි ඇත.පොඩ්ඩක් හෝ හිස සෙලෙව්ව හොත් හිසේ අභ්‍යන්තරයට ලේ ගොස් ඌ මිය යා හැක.ඉන්පසු ඌගේ හොටය වඩී,පිහාටු වැවී,නිය උල් වී ඌ නව ජීවිතයක් අරභය්උකුස්සාඋකුස්සන් යනු විශාල, ශක්තිමත |
් සහ බුද්ධිමත් පක්ෂින් විශේෂයකි. මොවුනගේ නියපොතු සහ ඇස් ඉතා තියුණුව වැඩි තිබෙනවා මොවුනගේ ආහාර සොයා ගැනිම පහසු වීම සඳහා. සමාන්‍යෙන් මොවුන් වාසස්ථාන සඳහා යොදාගන්නේ උස් කඳු පර්වත සහ උස් ගස් වේ. ගැහැණු සතෙකු වරකට බිත්තර දෙකක් පමණ දමයි. ලෝකයේ අද වන විට උකුස්සන්ගේ වර්ග කිහිපයක්මද දැක ගත හැකිය.උකුස්සා යොදාගෙන අතීතයෙ රජවරුන් විවිද තරග පවත්වා ඇති ඇතර එය සමහර රටවල පැරනිම ක්‍රීඩවද වේ. තීක්ෂණ නුවණක් සහ තියුණු ඇස් දෙකක් පිහිටයි.අලුත් වැඩියා වෙමීන් පවතිෂැංහුආ පන්සලෂැංහුආ පන්සලේ දෂිඔඞ්බො ශාලාව (චීන: 大雄宝殿; පින්යින්: Dàxíongbǎo Diàn)මූලික තොරතුරුපිහිටීමදාතොංඅනුබැඳියාවබෞද්ධපළාතෂංෂී ගෘහනිර්මාණ විස්තරසම්පූර්ණ කෙරුණේ11වන සියවසෂැංහුආ පන්සල (චීන: 善化寺; පින්යින්: Shànhùa Sì) යනු චීනයේ, ෂංෂී පළාතේ, දාතොංහී පිහිටි, බෞද්ධ සිද්ධස්ථානයකි.මෙම සිද්ධස්ථානය පළමුව සොයාගනු ලැබුවේ 8 වන ශතවර්ෂයේ මුල් භාගයේ ටැංග් පාලන සමයේදීය. මෙහි පළමු ප්‍රතිසංස්කරණය සිදුකරනු ලැබුවේ 11 වන ශතවර්ෂයේදීය. වසර ගණනාවක් මුළුල්ලේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රථිපල වශයෙන්, පෙර තනන ලද ශාලා තුනක් සහ පසුකාලීනව නැවත සාදන ලද මණ්ඩප ද |
ෙකක් වර්තමානයේදී දැකගත හැකිය.මෙහි තිබෙන විශාලතම සහ පැරණිම ශාලාව දෂිඔඞ්බො ශාලාව වන අතර එය 11 වන ශතවර්ෂයේ ලිඔ පාලන, සමයේ සිට දැකගත හැකිය. දෂිඔඞ්බො ශාලාව චීනයේ තිබෙන විශාලම ශාලා වලින් එකකි. පෞරාණික වටිනාකමක් පවතින ප්‍රධාන ද්වාරය සහ සංශෙඟ් ශාලාව 12 වන ශතවර්ෂයේ ජින් පාලන සමයේ සිට පවතියි.ඉතිහාසය[සංස්කරණය]දෂිඔඞ්බො ශාලාව පැරණි තැපෑල් පතකින්ෂැංහුආ පන්සල පළමුව සොයාගනු ලැබුවේ ටැංග් පාලන සමයේ කියුං යුගයෙදීය (713-741). ඒ සමයේ පාලකයා වූ සුආන්සෝන් පාලකයාගේ අනුග්‍රහය යටතේ පැවති සිද්ධස්ථානය හඳුන්වනු ලැබුවේ කියුං පන්සල ලෙසය. ටැංග් පාලන සමයේ පරිහානියෙන් පසුව පස්වන පාලන සමය (906-960), නමින් හැඳින්වූ කාලපරිච්චේදයේදී පෙර පැවති නාමය වෙනස්කර දා පු'එන්සි යන නමින් හඳුන්වන ලදී. මෙම ව්‍යාකුල සමයේදී සිද්ධස්ථානයේ පැවති ගොඩනැගිලි දහයක් අතරින් රැකගත හැකිවුයේ ගොඩනැගිලි තුනක් හෝ හතරක් පමණි. ලියෝ පාලකයන් යටතට පාලනය නතුවීමෙන් පසු (960) සිද්ධස්ථානය පැවති ආකාරයෙන් වර්තමානයේදීද දැකගත හැකියයි උපකල්පනය කළ හැකිය.[1]1120දී ජින් පාලකයන් යටතට පාලනය නතුවූ අවදියේදී මෙම සිද්ධස්ථානය නැවත වරක් දැඩි ලෙස විනාශයට පත් |
විය. 1128දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර එම කටයුතු සම්පුර්ණ කිරීමට වසර පහලවක් පමණ ගතවිය.[2] 1421දී දයොන්ග් නම් භික්ෂුවගේ මුලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු පුළුල් ලෙස සිදුවිය. 1445දී එම හිමියන් හට ඉතා අගනා සුත්‍ර කිහිපයක් සොයාගැනීමට හැකිවිය. මෙය වර්තමානයේ හඳුන්වන ෂැංහුආ පන්සල ලෙස නම්කර ප්‍රථම අවස්ථාව වේ. 16 වන ශතවර්ෂයේ අගභාගයේදී බෙර සහ ඝණ්ටාර කුළුනු එකම ශෛලමය වේදිකාවක් (yuetai, 月台) මත දෂිඔඞ්බො ශාලාවට උපස්ථම්භක ලෙස ඉදිකරන ලදි. ප්‍රතිසංස්කරණ කටයුතු වසර දෙසීයක් මුළුල්ලේ සිදුකරන ලද අතර 18 වන ශතවර්ෂයේ අගභාගය වනවිට පන්සල නැවත වරක් ජරාවාස විය. මෙහි එක් ශාලාවක් ඔටුවන් ගාල්කිරීමට යොදාගැනීම හේතුවෙන් එහි බිත්ති කඩාවැටීමට විය.[3] දෙවන ලෝක යුද සමයේ පුසිඅන් මණ්ඩපය විනාශවූ අතර, 1953දී නැවත සාදන ලදී.[4][5]ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]වර්තමානයේ ෂැංහුආ පන්සල උතුරු සහ දකුණු දෙසින් තනන ලද ශාලා තුනකින් (දෂිඔඞ්බො ශාලාව, සංශෙඟ් ශාලාව සහ ප්‍රධාන ද්වාරය) සහ සංශෙඟ් ශාලාවට නැගෙනහිරෙන් සහ බටහිරෙන් තනන ලද මණ්ඩප දෙකකින් සමන්විත වේ. දෂිඔඞ්බො ශාලාවට දෙපසින් තවත් කුඩා ශාලා දෙකක් ද පිහිටා තිබේ. |
ප්‍රධාන ශාලා සියල්ල ලියෝ පාලන (907-1125), සමයේ ඉදිකරන ලද නමුත් ලිඔ ගොඩනැගිල්ලක් ලෙස වර්තමානයේ සලකනු ලබන්නේ මහාවීර ශාලාව පමණි.[6] ජින් පාලන සමයේදී ප්‍රධාන ද්වාරය සහ සංශෙඟ් ශාලාව පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අතර, විද්වතුන් විසින් එම ගොඩනැගිලි, ජින් ගොඩනැගිලි ලෙස වර්ගකරන ලදි.[7]දෂිඔඞ්බො ශාලාව[සංස්කරණය]දෂිඔඞ්බො ශාලාවේ ඇති ශාක්‍යමුණි ප්‍රධාන පිළිරුව11 වන ශතවර්ෂයේ සිට පවතින දෂිඔඞ්බො ශාලාව (චීන: 大雄宝殿; පින්යින්: Dàxíongbǎo Diàn) , උතුරු දිශාවට ඉතා කිට්ටුවෙන් පිහිටා ඇති විශාලතම ශාලාවවේ. මෙහි විශාලත්වය මීටර් 40.5ක දිගින්ද මීටර් 25ක පළලින්ද යුක්ත වන අතර වේ. මීටර් තුනක් උසැති වේදිකාවක් මත ශාලාව තනා ඇත. එම වේදිකාව මත බෙර සහ ඝණ්ටාර කුළුන අතීතයේ පැවතියද අද වනවිට ඒවා නොපවතී. 11 වන ශතවර්ෂයේ චීනයේ වාස්තු විද්‍යාත්මක ප්‍රමිති සඳහන් යින්ග්සාඕ ෆෂි , ග්‍රන්ථයට අනුව ශාලාව තනා ඇත්තේ වියන් අටකින් යුතු ගොඩනැගිල්ලේ පස්වන මහලේය (鋪作).[8] ශාලාව ඇතුලත ප්‍රධාන දිශා හතරෙහි විශාල බුද්ධ ප්‍රතිමා හතරක් පිහිටුවා ඇති අතර එම ප්‍රතිමා මධ්‍යයෙහි ප්‍රධාන ප්‍රතිමාව ලෙස ශාක්‍යමුණි පිළිරුව පිහිටුව |
ා ඇත.[9] බුද්ධ ප්‍රතිමා සියල්ල එකම අයුරින් තනා ඇති නමුත් එකිනෙකට වෙනස් මුද්‍රා (සංකේතාත්මක) විදහා දැක්වේ.[10] ශාක්‍යමුණි පිළිරුවේ අෂ්ටාශ්‍ර හැඩති දැව සිවිලිමේ තීන්ත ආලේපය සහ අලංකරණ කටයුතු සිදුකර ඇත්තේ කෛසොන් (චීන: 藻井; පින්යින්: zǎojǐng), නම් ආසියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.[8]බුද්ධ ශ්‍රාවකයන්ගේ සහ අගසව් දෙනමගේ විශාල ප්‍රතිමාද මෙහි ඉදිකර තිබේ. තවද දේව ප්‍රතිමා විසිහතරක් නැගෙනහිර හා බටහිර බිත්ති සමීපයේ දක්නට ලැබේ.[10] ශාලාව තුල වර්ග මීටර් 190ක පරාසයේ බිතුසිතුවම් නිර්මාණය කර තිබේ.[11] ඒවා නිර්මාණය කර ඇත්තේ 1708 සිට 1706 කාලයේ තුල යයි සැලකේන අතර කාලයත් සමග බිතුසිතුවම් වලට හානි සිදුවී ඇත.[12]සංශෙඟ් ශාලාව[සංස්කරණය]ජින් පාලන සමයේ ඉදිකර ඇති සංශෙඟ් ශාලාව (චීන: 三圣殿; පින්යින්: Sānshèng Diàn; සාහිත්‍යමය: 'මුණිවරයන් තුන්නමගේ ශාලාව'), මධ්‍යම ශාලාව වේ. මෙම ශාලාව මහායාන මුණිවරයන් තුන්නමගේ ප්‍රතිමා වල පිළිමගෙය වේ. ප්‍රධාන ප්‍රතිමාව වෛරෝකන (ශාක්‍යමුණි ලෙස හඳුන්වන) ප්‍රතිමාව වන අතරමන්ජුසිරි සහ සමන්තභද්‍ර අනෙක් ප්‍රතිමාවන් වේ.[13] ශාලාවට ආධාරක ලෙස ඇත්තේ ප්‍රධාන කුළුණු ඉතා සීමිත ප්‍රමා |
ණයකි. ඊට හේතුව වන්නේ හයවන මහලේ පරාල වල හා වියන් වල ස්වභාවයයි.[14]පුසිඅන් මණ්ඩපය[සංස්කරණය]පුසිඅන් මණ්ඩපයපුසිඅන් මණ්ඩපය (චීන: 普贤阁; පින්යින්: Pǔxián Gé) ඉදිකර ඇත්තේ ලිඔ පාලන සමයේ වන අතර එය සොයාගනු ලැබුවේ ලිඅනග් සිචේන්ග් විසින් 1930 වසරේදීය. දැඩි ලෙස හානි සිදුවී තිබු ගොඩනැගිල්ල සහ තවත් තොරතුරු කිහිපයක් ඔහු විසින් ඉදිරිපත් කළේය.[4] එනම් නටබුන් බවට පත්ව ඇති ගොඩනැගිල්ල හා එම ස්ථානයේ ඡායාරූප කිහිපයකි. සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාව වටිනාම සොයාගැනීම වේ.[15]යුද සමයේදී විනාශවී තිබු ගොඩනැගිල්ල 1953 වසරේදී නැවත සාදන ලදී. මණ්ඩපය සමචතුරශ්‍ර හැඩයකින් යුක්ත වේ. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ යුඑටෛ (月台) නම් වන කුඩා ගල් වේදිකාවක් මත වන අතර එයට ඇතුල්වීමට කුඩා පියගැට පෙළ කිහිපයක් යොදා තිබේ. පිටතින් බැලූ විට මණ්ඩපය මහල් දෙකකින් සමන්විත ලෙස දිස්වුවද, එය මහල් තුනකින් සමන්විත වේ. දෙවන මහල පිටතට නොපෙනෙන ලෙස තනා තිබේ. පිටතට පෙනෙන මහල් සියල්ලේම වට ප්‍රමාණය ආවරණය වන ආකාරයට කුළුණු ඉදිකර ඇත.[16]වෙන්ෂු මණ්ඩපය[සංස්කරණය]මෙම මණ්ඩපය (චීන: 文殊阁; පින්යින්: Wénshū Gé) 20 වන ශතවර්ෂයේ මුල් අවධියේදී, සම් පදම් කිරීමට යොදා |
ගන්නා ස්ථානයක් ලෙස භාවිතා කරන ලද අතර එම කාලයේදී විනාශයට පත්විය. 2008 වසරේදී චීන සමූහාණ්ඩුව විසින් මෙම මණ්ඩපය නැවත සාදන ලදී.[17]ප්‍රධාන ද්වාරය[සංස්කරණය]ප්‍රධාන ද්වාරය (චීන: 山门; පින්යින්: Shān Mén) 12 වන ශතවර්ෂයේ ජින් පාලන සමයේදී ඉදිකරන ලද්දක් වන අතර මෙය විශාල ශාලාවකි. පන්සලට පිවිසෙන විට මුලින්ම දැකිය හැක්කේ මෙම ගොඩනැගිල්ලය.[18] ශාලාව තුල සතරවරම් දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිකර ඇත. ප්‍රතිමා දෙකක් නැගෙනහිර දිශාවෙන්ද, අනෙක් ප්‍රතිමාවන් බටහිර දෙසින්ද ඉදිකර තිබේ.[18] වර්ග මීටර් 278ක පරාසයක් තුල ප්‍රධාන ද්වාරය පිහිටා ඇත.[19] පස්වන පෙළෙහි ආකෘතියට ආධාරක ලෙස කරවර භාවිතා කර තිබේ.[20]සටහන[සංස්කරණය]↑ Steinhardt (1997), 141.↑ Steinhardt (1997), 142-143.↑ Steinhardt (1997), 143.↑ 4.0 4.1 Steinhardt (1997), 147.↑ Guo, (2002), 153.↑ Steinhardt (1994), 7↑ See Steinhardt, 1994 and 1997.↑ 8.0 8.1 Steinhardt (1997), 145.↑ Howard (2006), 376.↑ 10.0 10.1 Howard (2006), 378.↑ Shen (2002), 44↑ Shen (2002), 44-45↑ Zhao (2007), 118.↑ Shen (2002), 45.↑ Steinhardt (1997), 1 |
49.↑ Steinhardt (1997), 148.↑ China.com.cn (2008).大同文殊阁修缮进展顺利 古建筑群对称美感将现. Retrieved on 2009-06-29.↑ 18.0 18.1 Shen (2002), 47.↑ Shen (2002), 46-47.↑ Shen (2002), 46.යොමුව[සංස්කරණය]ෂැංහුආ පන්සල හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Howard, Angela Falco, et al. Chinese Sculpture. New Haven: Yale University Press, 2006. ISBN 0-300-10065-5Guo Daibeng. "The Liao, Song, Xixia and Jin Dynasties." in Nancy Shatzman Steinhardt, ed., Chinese Architecture (New Haven: Yale University, 2002), 131-198. ISBN 0-300-09559-7Shen Weichen, (චීන) ed. Huayan Temple, Shanhua Temple, Wall of Nice Dragons. Taiyuan: Shanxi People's Press, 2002. ISBN 7-203-04586-2Steinhardt, Nancy Shatzman. "Liao: An Architectural Tradition in the Making," Artibus Asiae (Volume 54, Number 1/2, 1994): 5–39.Steinhardt, Nancy Shatzman. Liao Architecture. Honolulu: University of Hawaii Press, 1997. ISBN 0-8248-1843-1Zhao Yu, (චීන) ed. Shanxi. Beijing: Chinese Travel Press, 2007. ISBN 978-7-5032-3001-1ඛ |
ණ්ඩාංක: 40°05′09″N 113°17′37″E / 40.08583°N 113.29361°E / 40.08583; 113.29361දොං යිදොං යි ප්‍රවර්ධන පෝස්ටරයක්මෙලෙසද හැඳින්වේJewel in the Crown (කිරුළෙහි මාණික්‍යය)ප්‍රභේදයප්‍රේම වෘත්තාන්තනාට්‍යඓතිහාසිකරචනය කලේකිම් යි-යොංඅධ්‍යක්ෂණය කලේලී බ්යුං-හූන්කිම් සං-හ්යුබ්රඟපෑමහන් හ්‍යෝ-ජූජී ජින්-හීලී සො-යොන්බේ සූ-බින්ඇරඹුම් තේමාවසිහින මාවතක ඇවිදීම, ජං නා-රා විසින්සම්භව රටදකුණු කොරියාවභාෂාව(න්)කොරියානුකථාංග ගණන60නිෂ්පාදනයවිධායකනිෂ්පාදක(යෝ)කිම් හෝ-යොං ආන් සියුං-ගක්නිෂ්පාදක(යෝ)ලී සේ-ජූංස්ථානය(න්)කොරියාවධාවන කාලයසදුදා සහ අගහරුවාදා 21:55ට (KST)ප්‍රචාරණයමුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව (MBC)මුල් ධාවනය22 මාර්තු 2010 (2010-03-22) – 12 ඔක්තෝබර් 2010 (2010-10-12)කාලානුක්‍රමයපූර්වගමනය වනුයේPastaඅනුගමනය වනුයේQueen of Reversalsබාහිර සබැඳිවෙබ් අඩවියකොරියානු නමහංගුල්동이හන්ජා同伊ප්‍රතිශෝධිත රෝමානුකරණයDong-i (දොං-ඊ)මැකූන්–රයිෂවර්Tong-i (තොං-ඊ)දොං යි (කොරියානු: 동이; හන්ජා: 同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්‍යෝ-ජූ, ජි ජින්-හී, |
ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී.[1] ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.[2][3]එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් 'තේ ය.[4] මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.කථා සාරාංශය[සංස්කරණය]මෙම කථාව ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජ කාලයට අයත් එකකි. මෙයට පාදක වී ඇත්තේ චෝයි සුක්-බින් උපබිසව නම් ඓතිහාසික චරිතයයි. කථාවේ ප්‍රධාන චරිතය දොං යි නම් වාද්‍ය අංශයේ සේවය කළ වහල් සේවිකාවයි. ඇයගේ උදාර පෞරුෂයත්, අවංකත්වයත්, දක්ෂතාවයත් නිසා ඇය හට මාලිගයේ නොයෙකුත් දුෂ්කර ගැටලු විසඳීමට හැකි වේ. මෙමඟින් ඇයට, පහත් කුලයක |
ඉපිද රජ බිසවක් බවට පත් වූ මාලිගයේ ප්‍රථම කාන්තාව බවට පත්වීමේ භාග්‍යය හිමි වේ.දුෂ්කර ගැටලුවක් විසඳන විට ඇයට මාලිගයේ විනිසුරුවරයකු ලෙස වෙස් වලාගෙන සිටි රජතුමාව හමු වේ. රජු විනිසුරුවරයෙකැයි සිතා සිටි ඇයගේ සැලකීම නිසා රජු ඇය සමග ප්‍රේමයෙන් බැදෙයි. . එසේම ඇය ඉන්හ්යොන් අගබිසවගේද සිත දිනා ගැනීමට සමත්වන අතර ජෑං හී-බින් හෙවත් ඔක්ජෝං බිසවද ඇයට හමු වෙයි. (එහෙත් මුලදී ජෑං ඔක්ජෝං බිසව දොං යීගේ මිතුරියක් වුවද පසුව දොං යීගේ ප්‍රතිවාදියා බවට පත් වන්නේද ඇයයි.)ඇය පහත් පන්තිකයන්ට සාධාරණය ඉටු කිරීමට ගවේෂණයේ යෙදෙන විට ඇයට බොහෝ මිතුරන් හමු වේ. චා චුන්-සූ (ඇගේ අයියා ලෙස පැවසුණද ලේ ඥාතියකු නොවේ), සියෝ යොං-ගී නම් ආරක්ෂක ප්‍රධානීතුමා සහ විමර්ශන පාලිකාවන් දෙදෙනෙකු වූ ජුං පාලිකාව හා බොං පාලිකාව ඒ අතරින් කිහිප දෙනෙකි.අවසානයේ දොංයී රාජකීය ප්‍රධාන උප බිසව හෙවත් “සුක්-බින්” තනතුරට පත් වේ. ඇය විසින් බිහි කරන කුමරා ජෝසුන් රාජවංශයේ 21වන රජු වූ යොංජෝ කුමරුයි. එනම් සහල් බහාලුමක් තුළ සිර කර මරණයට පත් කළ කිරුළහිමි සදෝ කුමරුගේ පියාණන් ය. තවත් අයුරකින් කියතොත් යි සන් කුමරුගේ මුත්තණුවන් ය..චරිත නිරූපණය[සංස්කරණය]ප |
්‍රධාන චරිත[සංස්කරණය]හන් හ්‍යෝ-ජූ, දො-යී හෙවත් චෝයි සුක්-බින් උපබිසව [5]කිම් යූ-ජුං, කුඩා දො-යී ලෙසජි ජින්-හී, සුක්ජොං රජු ලෙස[6]ලී සො-යොන්, ජෑං හී-බින් බිසව/ ඔක්ජොං ලෙසබේ සූ-බින්, චා චුන්-සූ ලෙස[7]සහාය රංගනය[සංස්කරණය]පාක් හා-සුන්, ඉන්හ්යොන් අගබිසව ලෙසජුං ජින්-යොං, සියෝ යොං-ගි ලෙසජුං දොං-හ්වන්, ඕ තේ-සුක් ලෙසලී ක්යේ-ඉන්, ඕ තේ-පූං ලෙසචෝයි චොල්-හෝ, ඕ යූන් ලෙසකිම් යූ-සොක්, ජෑං හී-ජේ ලෙසසොන් ඉල්-ක්වොන්, හොං තේ-යූන් ලෙසෂින් ගුක්, දෝ සියුං-ජි ලෙසනා සුං-ක්යූන්, ජුං ඉන්-ගුක් ලෙසකිම් දොං-යූන්, ෂිම් වූන්-තේක් ලෙසපාක් ජුං-සූ, මියොංසොං මව්බිසව ලෙස, සුක්ජොංගේ මවකිම් හ්යේ-සුන්, ජුං පාලිකාව ලෙසකිම් සෝ-යි, බොං පාලිකාව ලෙසආන් යෝ-ජින්, පාලිකා ජෝ ලෙසඉම් සුං-මින්, යූ පාලිකාව ලෙසජොං යූ-මි, ජොං -ඉයුම් ලෙසකං යූ-මි, ඒ-ජොං ලෙසඕ ඉයුන්-හෝ, ෂි-බි ලෙසහන් දා-මින්, ඉයුන්-ගියුම් ලෙසචෝයි හා-නා, මී-ජි ලෙසලී ජුං-හූන්, ලී ජොං-ඕක් ලෙසචෝයි ජේ-හෝ, පාක් දෝ-සූ ලෙසයෝ හෝ-මින්, ඕ හෝ-යෑං ලෙසලී හී-දෝ, හ්වං ජෝ-ෂික් ලෙසලී ක්වං-සූ, යොං-දල් ලෙසජුං සුං-වූන්, චෝයි දොං-ජෝ ලෙසජුං ඉන්-ගිල්, කිම් හ්වන් ල |
ෙසජුං කි-සුං, කිම් හ්වන්ගේ ශිෂ්‍යයා ලෙසලී සූක්, පාක් මැතිණිය ලෙසකිම් හ්යේ-ජින්, සෝල්-හී ලෙසචෝයි රන්, යූන් මැතිණිය ලෙස, ජෑං හී-බින්ගේ මවයෝ හ්යුන්-සූ, ගේ ද්වෝ-රා ලෙස, දොං-යීගේ කුඩා වියේ මිතුරාචෝයි සූ-හන්, කුඩා ගේ ද්වෝ-රා ලෙසජුං ඉයුන්-ප්යෝ, ගේ ද්වෝ-රාගේ පියා ලෙසජුං සුන්-ඉල්, පාක් දෝ-ක්යුං ලෙසක්වොන් මින්, චා සූ-තේක් ලෙසචෝයි ජොං-හ්වන්, ජං මො-යොල් ලෙසලී හ්යුං-සුක්, ගුම්/ යෙඔනිං කුමරුයූන් චන්, කිරුළහිමිකුමරු, පසුව රජ වූ ග්යොංජොං රජු ලෙසහියෝ යි-සියුල්, යොං-සුන් ලෙසමේං සං-හූන්, කිම් ගෝ-සුන් ලෙසඕ යොන්-සූ, ඉන්වොන් අගබිසව ලෙසචුන් හෝ-ජින්, චෝයි හ්යෝ-වොන් ලෙස (පසුබිම් රංගනය)ලී ජේ-යොං, ජං ඉක්-හොන් ලෙස (පසුබිම් රංගනය)චෝයි ඉල්-හ්වා, සියෝ ජුං-හෝ ලෙස (පසුබිම් රංගනය)මින් ජූන්-හ්යුඇගයීම් (Ratings)[සංස්කරණය]කථාංගයමුල් විකාශන දිනයTNMS ඇගයීම්[8]දීපව්‍යාප්තසෝල් පුරවර පෙදෙස12010 මාර්තු 2211.4%12.9%22010 මාර්තු 2311.5%12.6%32010 මාර්තු 2911.8%12.9%42010 මාර්තු 3012.3%13.4%52010 අප්‍රේල් 515.3%16.4%62010 අප්‍රේල් 614.2%15. |
2%72010 අප්‍රේල් 1217.2%18.9%82010 අප්‍රේල් 1317.2%18.5%92010 අප්‍රේල් 1919.0%20.4%102010 අප්‍රේල් 2019.7%21.3%112010 අප්‍රේල් 2621.6%23.5%122010 අප්‍රේල් 2722.5%24.5%132010 මැයි 322.9%25.2%142010 මැයි 420.4%21.9%152010 මැයි 1025.8%27.9%162010 මැයි 1128.5%30.8%172010 මැයි 1725.0%27.1%182010 මැයි 1825.6%27.3%192010 මැයි 2424.1%26.2%202010 මැයි 2523.8%26.0%212010 මැයි 3125.1%27.7%222010 ජූනි 126.6%29.3%232010 ජූනි 728.1%30.9%242010 ජූනි 830.3%33.2%252010 ජූනි 1431.0%33.3%262010 ජූනි 1533.1%35.6%272010 ජූනි 2129.1%31.0%282010 ජූනි 2230.1%32.6%292010 ජූනි 2831.1%32.8%302010 ජූනි 2931.9%33.8%312010 ජූලි 530.8%33.3%322010 ජූලි 631.3%33.8%332010 ජූලි 1229.1%31.1%342010 ජූලි 1329.7%31.7%352010 ජූලි 1927.6%30.0%362010 ජූලි 2029.4% |
32.0%372010 ජූලි 2628.8%31.2%382010 ජූලි 2730.6%33.3%392010 අගෝස්තු 223.9%25.8%402010 අගෝස්තු 323.1%25.0%412010 අගෝස්තු 923.7%25.9%422010 අගෝස්තු 1023.2%25.2%432010 අගෝස්තු 1623.3%25.0%442010 අගෝස්තු 1724.8%26.6%452010 අගෝස්තු 2324.7%26.5%462010 අගොස්තු 2426.8%29.3%472010 අගෝස්තු 3030.7%33.0%482010 අගෝස්තු 3130.3%32.5%492010 සැප්තැම්බර් 629.5%31.8%502010 සැප්තැම්බර් 728.6%30.7%512010 සැප්තැම්බර් 1326.4%28.8%522010 සැප්තැම්බර් 1427.0%29.8%532010 සැප්තැම්බර් 2023.0%25.5%542010 සැප්තැම්බර් 2120.2 %21.1%552010 සැප්තැම්බර් 2725.7%28.3%562010 සැප්තැම්බර් 2823.6%25.7%572010 ඔක්තෝබර් 420.9%23.2%582010 ඔක්තෝබර් 520.3%22.2%592010 ඔක්තෝබර් 1124.9%27.9%602010 ඔක්තෝබර් 1222.3%24.2%සාමාන්‍යය24.5%26.5%නිෂ්පාදනය[සංස්කරණය]මෙහි පිටපත සකසන ලද්දේ කිම් යි-යොං විසිනි. මෙය කළමනාකරණය |
කරන ලද්දේ ලීඩර්ස් කන්ටෙන්ට්ස් කම්පනි සමාගම විසිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය කොරියානු ටෙලිසිත්තමක් වූ “දේ ජං-ගුම්” නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලී බ්යුං-හූන් විසිනි.[9]මෙහි රූගත කිරීම් සිදු වූයේ ග්යොංගි පළාතේ චෝයින්-ගුහි, යොංගින්-සි හි පිහිටි MBC ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. මූන් එම්බ්‍රසිං ද සන්, ජුමොං සහ ක්වීන් සොන්දොක් වැනි නාට්‍ය රූගත වූයේ ද මෙහිදී ය.[10]සම්මාන[සංස්කරණය]2010 3වනකොරියානු නාට්‍ය සම්මාන උළෙලහොදම නිළිය: හන් හ්‍යෝ-ජූහොදම සහාය නළුවා : ජුං දොං-හ්වන්ජයග්‍රහණ සම්මානය (Achievement Award): ලී බ්යුං-හූන්2010 MBC නාට්‍ය සම්මාන උළෙල[11]ප්‍රධාන ත්‍යාගය/දේසං: හන් හ්‍යෝ-ජූවිශිෂ්ඨතම නළුවා: ජි ජින්-හීවිශිෂ්ට නිළිය: ලී සො-යොන්හොදම නවක නිළිය: පාක් හා-සුන්රන් රංගන සම්මානය, සහාය නළුවා: කිම් යු-සොක්හොදම නවක නළුවා: කිම් යූ-ජුං, ලී හ්යුං-සුක්ජනප්‍රියම නිළිය: හන් හ්‍යෝ-ජූවසරේ ප්‍රේක්ෂකයාගේ ජනප්‍රියම නාට්‍යය: දොං යී2011 1වන හොංකොං කේබල් TV සම්මානහොදම නාට්‍යයහොදම නළුවා: ජි ජින්-හීහොදම නිළිය: හන් හ්‍යෝ-ජූ2011 47වන බෙක්සං කලා සම්මාන[12]හොදම නිළිය (TV): හන් හ්‍යෝ-ජූඅන්තර් |
ජාතික විකාශය[සංස්කරණය]රටමාධ්‍ය ජාල(ය)ආරම්භක විකාශයතේමාව තායිලන්තයචැනල් 32011 නොවැම්බර්ทงอี จอมนางคู่บัลลังก์ (Dong Yi Cxm Nāng Khū̀ Bạllạngk̒) බුරුමය5SERIES TV2012 පෙබරවාරිနန္းတြင္ပံုျပင္ (මාලිගයේ පුවතක්) තුර්කියTRT 12012 පෙබරවාරිSarayın İncisi මොංගෝලියාවටීවී52012 නොවැම්බර්Дун-И (දුන්-ඊ) ශ්‍රී ලංකාවජාතික රූපවාහිනිය2013 පෙබරවාරිඅභීත දියණිය ඉරානයචැනල් 32012دونگی (දුංඉ) පිලිපීනයජීඑම්ඒ නෙට්වර්ක්2011 නොවැම්බර්දොං-යි සිංගප්පූරුවOh!K2014 ඔක්තෝබර්දොංයි: ජුවල් ඉන් ද ක්‍රවුන්මූලාශ්‍ර[සංස්කරණය]↑ Lee, Ji-hye (7 May 2010). "Han Hyo-joo says she "hold fast" to her role in Dong Yi". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.↑ Han, Sang-hee (21 March 2010). "Will Dong-yi Become Next Jewel in the Palace?". The Korea Times. සම්ප්‍රවේශය 2013-08-07.↑ Oh, Jean (22 March 2010). "Upbeat rom-com vs. court romance". The Korea Herald. සම්ප්‍රවේශය 2013-08-07.↑ Hong, Lucia (13 October 2010). "Giant places on top and Dong Yi finishes run". 10Asia. සම්ප්‍රව |
ේශය 2013-08-07.↑ "Han Hyo-joo Changes Tack in Costume Drama". The Chosun Ilbo. 13 April 2010. සම්ප්‍රවේශය 2013-08-07.↑ Wee, Geun-woo (7 May 2010). "Ji Jin-hee says "happy to break stereotype" as a king". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.↑ Kim, Jessica (5 January 2010). "Bae Soo-bin joins cast of drama Dong Yi". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.↑ TNmS Multimedia Homepage(කොරියානු)↑ Kim, Jessica (9 June 2010). "INTERVIEW: Dong Yi director says Ji Jin-hee "mischievous"". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.↑ Lee, Cin Woo (16 March 2012). "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Go. සම්ප්‍රවේශය 2012-05-06.↑ Hong, Lucia (31 December 2010). "Kim Nam-joo, Han Hyo-joo win grand prize at MBC Acting Awards". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.↑ Hong, Lucia (27 May 2011). "Hyun Bin, Lee Byung-hun win top prizes at Paeksang". 10Asia. සම්ප්‍රවේශය 2013-08-07.බාහිර සබැදුම්[සංස්කරණය]දොං යී MBC නිල වෙබ්අඩවිය (කොරියානු)දොං යී at MBC Global Mediaදොං යී at HanCinemaදොං යී at Internet Mov |
ie Databaseසිස්ටීන් දේවස්ථානය යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපොස්ටොලික් මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප්වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි.ඝන ද්‍රව්‍ය පිළිබඳයාන්ත්‍ර විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන්ගේ උපක්ෂත්‍රයක් වන අතර එහිදී බාහිර ක්‍රියා යටතේ ඝන පදාර්ථකය් හැසීරීම අධ්‍යනය කෙරේ. මෙහි සලකා බැලෙන බාහිර ක්‍රියා සඳහා බාහිර බල, උෂ්නත්ව විචලන, සහ සිදුකෙරෙන විස්ථාපන ආදිය උදාහරණවේ. සමම ක්ෂේත්‍රය සන්තත යාන්ත්‍ර විද්‍යාව නම් වඩාත් විශාල ක්ෂේත්‍රයට අයත් කොටසක් වේ.නිදහසේ පවතින ඝන වස්තුවකට නිෂ්චිත හැඩයක් පවතින අතර ප්‍රත්‍යාබල හේතුවෙන් එහි හැඩය වෙස්වේ. මෙහිදී වස්තුවේ හැඩය එහි මුල් ස්වරූපයෙන් අපගමනය වීම විරූපනය ලෙස හැඳි |
න්වේ. විරූපනය මුල් ප්‍රමාණයට දරණ අනුපාතය වික්‍රියාව නම් වේ. යොදනු ලබන ප්‍රත්‍යබලය ප්‍රමාණවත් තරම් අඩු අගයක් වේ නම් (නැතහොත් යොදනු ලබන වික්‍රියාව ප්‍රමාණවත් තරම් කුඩා වේ නම්) සිළුම ඝන ද්‍රව්‍ය පාහේ වික්‍රියාව යොදනු ලබනප්‍රත්‍යා බලයට සෘජුව සමානුපාතික වන පරිදි හැසිරේ. මෙම අවස්ථාවට අනුරූප සමානුපාතික නියතය ප්‍රත්‍යස්ථතා මාපාංකය හෙවත් යං මාපාංකය නම් වේ. තවද මෙම විරූපණ කලාපය රේඛීය ප්‍රත්‍යස්ථතා කලාපය ලෙස හැඳින්වේ.ප්‍රධාන මාතෘකා[සංස්කරණය]ඝන ද්‍රව්‍ය ප්‍රත්‍යාබලයන්ට ප්‍රතිචාර දක්වන ආකාර පිළිබඳ සම්මත ආකෘති කිහිපයක් ඇත.ප්‍රත්‍යස්ථ - රේඛීය ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය රේඛීය ප්‍රත්‍යස්ථතා සමීකරණය මගින් විස්තර කල හැක. හුක් නියමයට අනුකූල වන දුන්නක් සාමාන්‍ය ප්‍රත්‍යස්ථ වස්තුවක ඒකමාන, රේඛීය ආකාරයවේ. අර්ථ දැක්වීම අනුව ප්‍රත්‍යාබලය ඉවත් කල විට වස්තුවේ ප්‍රථ්‍යස්ථ විරූපනය ඉවත්ව එය නැවත මුල් තත්වයට පත්වේ.දුස්ස්‍රාවී ප්‍රත්‍යාස්ථ - මෙම වර්ගයට අයත් වන්නේ පරිමන්දනයද දක්වන ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යවේ. මේවා මත බල යොදන විට හා බල ඉවත් කරන විට පරිමන්දනයට එරෙහිවද යම් කාර්යයක් කල යුතුය. මෙම කාර්යය ද්‍රව්‍යය තුලදී තාපය බව |
ට පරිවර්තනය වේ. මේ හේතුවෙන් ප්‍රත්‍යා බල- වික්‍රියා වක්‍රයේ මන්දාගත පුඩුවක් හට ගනී.සුවිකාර්ය (ප්ලාස්ටික්) - ප්‍රත්‍යා බලය කිසියම් අගයක් (අවනති ප්‍රත්‍යා බලය) ඉක්මවූ විට ඊට ප්‍රතිචාර වශයෙන් ස්ථිරවම හැඩය වෙනස් කරගන්නා ද්‍රව්‍යවේ. පොදු ව්‍යවහාරයේ “ප්ලාස්ටික් “ ලෙස හැඳින්වෙන ද්‍රව්‍ය මෙම ගුණ දක්වන හෙයින් ඒවාට එම නම ලැබී ඇත. යෙදූ බලය ඉවත්කලද සුවිකාර්ය විරූපනය ඉවත් නොවේ. කෙසේ නමුත් අවනති අගය දක්වා වන ප්‍රත්‍යස්ථ විරූපනය සාමාන්‍යයෙන් ඉවත් වේ.ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගිකව වඩාත් බහුලව භාවිතා වන අවස්ථාවක් ලෙස ඉයුලර් - බර්නූලි කදම්භ සමීකරණය හැඳින්විය හැක.ප්‍රත්‍යාබල, වික්‍රියා සහ ඒවා අතර සම්බන්ධ විස්තර කිරීම සඳහා ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ආතානක බහුලව භාවිතාවේ.සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ප්‍රත්‍ය බල හා වික්‍රියා අතර සම්බන්ධයන් රේඛීය ආකෘති ඇසුරින් දක්වනු ලැබේ (රේඛීය ප්‍රත්‍යස්ථතාව බලන්න). කෙසේ නමුත් තාත්වික පදාර්ථ/ද්‍රව්‍ය ෙබාහෝ විට රේඛීය නොවන හැසිරීමක් පෙන්වයි.ප්‍රත්‍යාබල, වික්‍රියා සහ ඒවා අතර සම්බන්ධය පිළිබඳ වඩාත් නිශ්චිත අර්ථ දැක්වි |
ම සඳහා “ද්‍රව්‍යවල දෘඩ බව“ නම් ලිපිය බලන්න.හැදින්වීම[සංස්කරණය]හිසරදය / ඔළුවෙ කැක්කුමමිග්‍රේන් සෑදුනු පුද්ගලයෙක්ICD-10G43.-G44., R51.ICD-9339, 784.0DiseasesDB19825MedlinePlus003024eMedicineneuro/517 neuro/70MeSHD006261හිසරදය, ඔළුවේ කැක්කුම යනු හිසෙහි ඇතිවන වේදනාවයි. මෙය රෝගයක් නොව රෝග ලක්‍ෂණයකි. මෙය මිනිසුන් අතර බහුලවම දක්නට ලැබෙන අතර ඇතැමුන්ට නිතරම පාහේ හිසරදය හටගනී.බොහෝ අවස්ථාවලදි මෙය බැරෑරුම් තත්වයක් නොවන අරත එය කෙටි කාල සීමාවකට පමණක් සිමා වේ. හිසරදය ඇතිවීම සදහා ප්‍රධාන හේතුවන්නේ මානසික ආතතිය, ඉරුවාරදය , ඇස් වෙහෙසවා කටයුතු කිරීම , විජලනය , රුධිරයේ සීනි මට්ටම පහත යාම ,සහ කෝටර ප්‍රදාහයයි. ජීවිතයට අවදානමක් එල්ල කරන හිසරදය ඇති කරන දුර්ලභ හේතුවන්නේ මොළේ උණ , මෙනින්ජි ප්‍රදාහය, මොළයට රුධිරය සපයන රුධිර වාහිනී වල අසාමාන්‍යතා, අධි රුධිර පීඩනය හා මොළේ ඇතිවන පිළිකාවන් නිසාය. හිසට ඇතිවන අනතුරක් නිසා හිසරදය ඇතිවන අවස්ථාවන්හදී හිසරදයට හේතුව පැහැදිලිය. කාන්තාවන් බහුතරයක් තුල හිසරදය ඇතිවීමට හේතුව ඔවුන‍්ගේ මාස් ශුද්ධිය ඇතිවන කාලවලදි සිරුර තුළ ඊස්ට්‍රජන් නම් හෝමෝනයේ සිදුවන වෙනස් වීමයි. මෙය |
ඔසප් වීමට පෙර හෝ ඔසප් චක්‍රය අතරතුර ඇති විය හැකිය.සංකූලතා ඇති නොකරන සාමාන්‍ය හිසරදයක් සදහා වේදනා නාශකයක් වන ඇස්ප්‍රීන් , පැරසිටමෝල් හෝ ඉබියුප්‍රොෆෙන් භාවිතා කළ හැකි අතර ඉරුවාරදය වැනි විශේෂිත අවස්ථාවන්හිදී ඒ සදහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කළ යුතු වේ. හිසරදය ඇතිවු අවස්ථාවකදී එසේ වීමට හේතු සාධක වු මානසික ආතතිය හෝ ඇතැම් ආහාර වර්ග හෝ වෙනයම් සාධකයක් ඇති නම් එය හදුනාගැනීම වැදගත් වන්නේ ඊළග අවස්ථාවේදී එම හේතු කාරකයයන් ම හරවා ගැනීමට හැකියාව ඇති බැවිනි.ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]සියලුම හිසරදයන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැවීම අත්‍යවශ්‍ය නොවේ. ඒවායින් බහුතරයක් පැරසිටමෝල් , ඇස්ප්‍රීන් හෝ ඉබුයුප්‍රොෆෙන් වැනි සරල වේදනා නාශකයන් සදහා ප්‍රතිචාර දක්වයි.හේතුවක් නොමැතිව නිතරම හිසරදය ඇතිවන අවස්ථාවන්හිදී හිසරදය ඇතිවන වේලාව කුමන ආකාරයේ හිසරදයක්ද යන්න ඒ හා ආශ්‍රිතව ඇතිවන අනිකුත් රෝග ලක්ෂණ හ එම හිසරදය තව දුරටත් වැඩි කරන සාධක මොනවාද යන්න සදහන් කරමින් දිනපොතක් පවත්වාගෙන යාම වෛද්‍යවරුන් විසින් අනුමත කොට ඇත. මෙමගින් එය කිනම් විශේෂිතවු ආකාරයකින් ඇතිවන්නේද යන්‍න පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය. උදාහරණයක් ල |
ෙස සමහර ඖෂධ , ඔසප් වීම, ඇතැම් ආහාර හෝ හේතුවක් නොමැතිව වුවද හිසරදය ඇතිවෙයි. 2007 මාර්තු මාසයේදී වෙනස් සමීක්ධණ කණ්ඩායම් දෙකක් මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ දෙකක යොදා ගෙන සිදු කරන මොළය උත්තේජන කිරීමක් මගින් පොකුරු හිසරදයට (Cluster headaches) සහනයක් ලබාගත හැකිය.වලක්වා ගැනීම[සංස්කරණය]ඉරුවාරදයෙහිදී ඇතිවන හිසරදය වලක්වා ගැනීමේ ප්‍රතිකර කුම ඇත. දිගු කලීනව වේදනා නාශකයන් භාවිතා කිරීම මෙහිදී දිරිමත් නොකරන අරත මෙමගින් ඖෂධ භාවිතයේන වැලකුණු පසුව නැවතත් හිසරදය සෑදීමත සිදුවිය හැකිය. ඉරුවාරදයේ උච්චතම අවස්ථාවන් වලදී ඇතැම්විට රුධිරවාහිනී සංකෝචනය කිරීමත් සිදුකරනු කැෆේන් අන්තර්ගත පානයන් ඖෂධ වර්ගයන් සමගම භාවිතයට ගැනීම අනුමත කෙෙර්. මෙමගින් කැෆේන් සහිත වේදනා නාශකයන් ඇතිවීම කෙරෙහි අවදනයක් යොමුවී ඇත. Feverfew ඉරුවාරදය සදහා භාවිතාවන ජනප්‍රිය ශාකසාර ඖෂධයකි. මැග්නීසියම් විටමින් B2 සහ එන්සයිම Q10 යනු ඉරුවාරදය වැලැක්වීම සදහා ස්වාභාවිකවම පවත්නා මුලද්‍රව්‍යයන් වේ.නයිට්වරයාප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාවනයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් |
අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැකිය. තරඟය ආරම්භයේදී සෑම ක්‍රීඩකයෙකුටම නයිටවරුන් දෙදෙනෙක් ලැබේ. එලෙසම මේම ඉත්තා ආරම්භයේදී පළමු පෙළ නිලයක් (නොහොත් රෑන්ක් 1) දරයි. ආරම්භක අවස්ථාව[සංස්කරණය]ආරම්භක අවස්ථාවේදී නයිට්ගේ ස්ථානයන්තරඟ ආරම්භයේදී නයිට්වරයා පළමු පෙළ සිටී. එනම් b1 හා g1 යන කොටුවලය. ප්‍රතිවාදියාගේ නයිට්වරු b8 හා g8 යන කොටු වල වෙති. චෙස් ඉත්තන්රජුරැජිණමාළිගාවදේවගැතිනයිට්වරයාසොල්දාදුවාවැදගත් :- "රුක්" ඉත්තාට වඩා "නයිට්" ගේ බලය වැඩි බව මතක තබා ගන්න.ගමන් විලාසය[සංස්කරණය]අනෙක් ඉත්තන් මෙන් නොව නයිට්වරයාගේ ගමන් මාර්ගය කෙලින් සිදු නොවෙයි. ඔහු සැමවිටම එල් (L) අකුරක ආකාරයෙන් වංගුවක් සහිතව එක් වරකට කොටු තුනක් ගමන් කරයි. මෙම ඉත්තාට පමණක් තමන් යන මාර්ගයේ ඇති අනෙකුත් ඉත්තන්ට උඩින් පැන යාමේ හැකියාව ඇත.ගිවිසුමක් නිශේධ කරන ප්‍රධාන ක්‍රම 3ක් පවතී. |
ගිවිසුමක් ශූන්‍ය ( බල රහිත ) කිරීම, අත්හළ හැකි වීම හෝ බලාත්මක කළ නොහැකි වීම එම අවස්ථා 3 යි. බල රහිත කිරීම මගින් ගිවිසුම කිසිලෙසකින් භාවිතයට නොගත් ලෙස සැලකෙයි. අත්හැරීම මගින් දෙපාර්ශවයම ගිවිසුම තම තමාගේ සිතැඟි අනුව නොවන නිසා අත්හැරීම දක්වයි. බලාත්මක කළ නොහැකි වීම කිසිදු පාර්ශවයකට අධිකරණයට යාම මග අහුරුවාලයි. මන්ධාවදමනය යන්නෙන් ගිවිසුමක් හකුලා ගැනීම දක්වාලයි.සාවද්‍ය නිරූපණය[සංස්කරණය]සාවද්‍ය නිරූපණය යනු එකපාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය ගිවිසුමට ඈඳා ගැනීම සඳහා ඒ පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දී මුලා කරවීමයි. උදාහරනයක් ලෙස යම් යම් අවස්ථාවලදී වෙළඳුන් විසින් භාන්ඩ වල තත්වය සහ ස්වභාවය පිළිබඳ ලබා දෙන වැරදි පොරොන්දු දැක්විය හැක. සාවද්‍ය නිරූපණයක් හන්දුනාගත් අවස්ථාවකදී ඒ සඳහා වන්දි ලබා ගනීමට හෝ මන්ධාවදමනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත.ගිවිසුම් නීතියට අනුව සාවද්‍ය නිරූපණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. සිද්ධියක ප්‍රෝඩාව සහ ප්‍රේරිත ප්‍රෝඩාව යනු ඒවායි. සිදුවීමක ප්‍රෝඩාව මගින් ප්‍රධාන වශයෙන් අනෙක් පාර්ශවය ගිවිසුමට බැඳීමට යන වග දැන සිටියේද යන්න සලකා බලයි. එසේ නොදැන සිටියේ නම් එම ගිවිසුම බල රහිත එකකි.ප්‍රේරි |
ත ප්‍රෝඩාවකදී අනෙක් පාර්ශවය ගිවිසුමට පෙළඹ වූ නිරූපනය පිළිබඳ සලකා බලයි. එය එම පාර්ශවය මගින් දැන සිටියේ නම් ගිවිසුම ප්‍රතික්ෂෙප කිරීමට තිබූ අවස්ථාවකදී ගිවිසුම අත් හල හැක.ගෝර්ඩන් එදිරිව සෙලිකෝ තීන්දුවට අනුව සාවද්‍ය නිරූපණය කියනලද හෝ කරන ලද සියල්ල මතම සිදු නොවන නමුදු එය වචනයෙන් හෝ පැවැත්ම මගින්ද සිදු කළ හැක. පොදුවේ මතයක් ප්‍රකාශ කිරීම හෝ අභිප්‍රායක් දැක්වීම මේ යටතට නොවැටේ. නමුත් එක් පාර්ශ්වයක් විසින් ඒ සඳහා ඔහුගේ විශේශ දනුමට අය කරයි නම් එය සාවද්‍ය නිරූපණයකි.අතපසුවීම[සංස්කරණය]අතපසුවීමක් යනු පාර්ශවයක් හෝ පාර්ශව කීපයක් මගින් ලබා ගන්නා ලද වැරදි අවබෝදයකි. පොදු නීතිය මගින් ප්‍රධාන වශයෙන් වරද 3ක් හඳුනාග ඇත. ඒවා නම් ඒකපාර්ශවික වරද, අනෙයෝන්‍ය වරද සහ පොදු වරදයි.ඒකපාර්ශවික වරදක් යනු ගිවිසුමට අදාල එක් පාර්ශවයක් පමණක් එහි විශය පතයට අනුකූලවූ වරදක් සිදු කල අවස්ථාවකි. මෙවැනි අවස්ථාවකදී අධිකරණය විසින් වරද සිදු කල පාර්ශවය එය දැනුවත්ව වන්චනීය අදහසින් සිදු නොකරන ලද්දක් නම් එය පිළි ගනී.අන්‍යෝන්‍ය වරදකදී ගිවිසුමේ දෙපාර්ශවයම වරද සිදු කර ඇත. ඔවුන් තම යම් කිසි අනෙකකට ගිවිසුන බව විශ්වාස කරයි. අදිකරණය මගින් |
සාමාන්‍යයෙන් නිරවද්‍ය හේතුවක් දැක හැකි නම් එය පිළි ගනී. නමුත් මෙමගින් අහිතකර ලෙස බලපැවතුනු පාර්ශවය හට ගිවිසුම අත්හල හැක.පොදු වරද යනු දෙපාර්ශවයම එකම කරුණ පිලිබඳ වැරදි අවබෝදයකින් සිටීමයි. මෙය බෙල් එදිරිව ලිවර් සහෝදරයෝ සහ සමාගම තීන්දුව මගින් දක්ව්වලනු ලබයි.උත්තර්ජනය සහ අයථා බලපෑම[සංස්කරණය]උත්තර්ජනය යනු "පුද්ගලයෙකුට යම්කිසිවක් ඔහුගේ හෝ ඇයගේ සිතැඟි හෝ තීන්දුවට එරෙහිව සිදු කිරීම සඳහා සිදු කරන හානිකර බලපෑම" ලෙස හඳුන්වා ඇතඋදාහරණයක් ලෙස් බාර්ටන් එදිරිව ආම්ස්ට්‍රෝන්ග් තීන්දුව, එනම් ආම්ස්ට්‍රෝන්ග් විසින් බාර්ටන්ට මරනීය තර්ජන එල්ල කර ගිවිසුමට අත්සන් ගැනීම අදිකරණය විසින් අයථා බලපෑම යටතේ ගිවිසුම නිශේධ කරණ ලදී. මෙහිදී වැරදි නොකල පාර්ශවයට ගිවිසුම නිශේධ කිරීම සඳහා ඔප්පු කළ යුත්තේ අනෙක් පාර්ශවය විසින් ගිවිසුමට එළඹීමට බලපෑමක් එල්ල කළ බව හා එනිසාම ගිවිසුමට බැඳුනු බව පමණි.අයථා බලපෑම යනු යමෙකු විසින් තමගේ අනෙකා මත පවතින තත්වය නොහොත් තරාතිරම භාවිතා කොට අනෙක් පාර්ශවයකට බලපෑම් කිරීමයි. නමුත් නීතිය මගින් දෙමාපිය දූදරු නීතීඥ් සේවාදායක වැනි සමහරක් විශේශ සබඳතා මත සිදු කරන එවැනි බලපැවැත්වීම් අනුමත කර ඇත |
. මක් නිසාදයත් මෙහිදී එක් පාර්ශවයක් විසින් අනෙකාගේ සුභසිද්ධිය උදෙසා විශේශ අවධානමක් ගන්න බැවිනි. නමුත් මෙවැනි සාදාරණ තත්වයක් සාධනය කළ නොහැකි විට අධිකරණය මගින් එවනි ගිවිසුම් අවලංගු කරයි. ඔඩොරිස්සි එදිරිව බ්ලූම්ෆීල්ඩ් පාසල් දිස්ත්‍රික්කය බලන්න.සීමිතභාවය[සංස්කරණය]සමහර අවස්ථාවලදී සාමාන්‍ය හෝ කෘත්‍රිම පුද්ගලයන්ගේ ගිවිසුම් බලාත්මක කිරීමේ හෝ එවැනි බලාත්මක කළ ගිවිසුම් තබා ගැනීමේ හැකියාව සීමිත වේ. එනම් ළදරුවෙකුට හෝ කුඩා ළමයෙකුට ඔවුන් සතු කේවල් කිරීමේ බලය භෑවිත කළ නොහැක. එසේම විධායක නොවන අධ්‍යක්ශ වරුන් ඔවුන්ගේ සමාගම වෙනුවෙන් ගිවිසුම් වලට එළඹීමෙම්න් වලක්වඉ. මක් නිසාදයත් එය ඔවුන්ගේ බලතල වලින් එපිටව පවතින්නක් බැවිනි. තවත් උදාහරණයක් නම් අබාධිතව හෝ බීමත්කම නිසා විකෘත්ති හෝ මන්ද මානසිකභාවයෙන් පෙලෙන්නන් දැක්විය හැක. එවැන්නන් හා බණ්දුනු ගිවිසුම් හෝ පොරොන්දු ශුන්‍ය හෝ අත්හළ හකි වේ. සීමිතභාවයට අදාල නීතිය පළිහක් ලෙස හෝ පුද්ගලයන්ව ඒජන්තවරුන් ලෙස ක්‍රියා කිරීමට ප්‍රතිභාධනයක් ලෙසද ක්‍රියා කරයි.නීති විරෝධී ගිවිසුම්[සංස්කරණය]යම් ගිවිසුමක් නීතිවිරෝධී ක්‍රියාවකට හෝ පොදු පිළිවෙතකට එරෙහිව ඵාදක ඌවක් නම් එවා ශුන |
්‍ය ගිවිසුම් වේ. මේ සඳහා කැනේඩියානු උදාහරණයක් නම් රාජකීය කැනේඩියානු බැංකුව එදිරිව නෙවිල්, කාන්තාවක් තම සැමියාගේ අත්සන අයථා ලෙස වන්චනිකව තබ බැංකුවෙන් $58000ක් වටිනා ච්‍රක් පත් 40ක් මාරු කරගන්න ලදී. නමුත් ඇයව අපරාදයෙන් බේරා ගැනීමට සැමිය විසින් බැංකුව මගින් නිර්මිත "එම චෙක් පත් සඳහා වූ සියලු වගකීම් සහ බැරකම් ඔහු සතුය" යනුවෙන් දැක්වෙන ලියවිල්ලකට අත්සන් තබන ලදී. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කල්ළ නොහැකි වූ අතර අදිකරණය මගින් නිශෙධ කරන ලදී. මක්නිසාදයත් එහි ප්‍රධාන අරමුණ වූයේ අපරාධයක් වසන් කිරීමයි. මෙනිසා බැංකුවට එම සැමියා විසින් ගෙවූ මුදල නැවත ගෙවීමට නියෝග කරන ලදී.එක්සත් ජනපදයේ එක් අසාමාන්‍ය ක්‍රියාත්මක කළ නොහැකි ගිවිසුමක් වන්නේ චරපුරුශයෙකු හෝ රහස්‍ය ඒජන්තවරයෙකු ලෙස සේවයට බැඳුනු ගිවිසුම්ය. මක් නිසාද යත් අතිශය රහස්‍යභාවය ගිවිසුමේ කොන්දේසියක් වන බැවිනි. යම්හෙයකින් චරපුරුශයා රජයට එරෙහිව වැටුප හෝ වරප්‍රසාද පිළිබඳව න්ඩු පවරයි නම් එය ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමකි. මෙනිස එය මෙය පාදක කොටගෙන මෙන්ම රාජ්‍ය ආරක්ශාව පිළිබඳ පොදු සම්මුතීන් යටතේ බලාත්ත්මක කළ නොහැක. අනෙක් මෙවැනි ගනයේ ගිවිසුම් නම් නියමිත අවම වැටු |
පට වඩා අඩුවෙන් සේවය කිරීමට එළඹෙන ගිවිසුම්ය. මෙහිදී සේවකයාගේ වන්දි ලබා ගැනීමේ ඓතිය ඔහුද වරදකට යටත් නිසා අහෝසි වී යයි.කොල්ලුපිටියKollupitiyaகொள்ளுபிட்டிඋප නගරයකොල්ලුපිටියඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°E / 6.90056; 79.85333ඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°E / 6.90056; 79.85333රටශ්‍රී ලංකාවපළාතබස්නාහිර පළාතදිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කයවේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)Postal Code00300 [1]කොල්ලුපිටිය[සංස්කරණය]කොල්ලුපිටිය යනු කොළඹ නගරය තුළ පිහිටා ඇති උප නගරයකි. කොල්ලුපිටිය නගරයට එම නම ලැබුනේ මහනුවර අවසන් වරට පාලනය කල රජතුමා සිංහාසනයෙන් පහ කිරීමට අසාර්ථක උත්සහයක් දැරූ මහනුවර සිටි ප්‍රධානියකු ගෙනි. බ්‍රිතාන්‍ය හා ලන්දේසි පාලන සම වලදී කොල්ලුපිටිය ප්‍රදේශය තුළ මද්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබුනු අතර එහිදී පොල් පැණි මද්‍යසාර බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලැබිණ.වර්තමානය වන විටදී මෙම ප්‍රදේශය සමාජයේ උසස් පැලැන්තිය අරමුණු කරගත් සාප්පු සංකීර්ණ වලින් සමන්විත වාණිජ උප නගරයක් බවට පත්ව ඇත. ඒ අතරම සමහර තානාපති කාර්යාල පිහිටා අත්තේද කොල්ලුපිටි |
ය නගරාසන්නවය. මීට අමතරව මහනුග උද්‍යානය නමින් ප්‍රකට පුද්ගලික පටුමග පිහිටා තිබෙන්නේද කොල්ලුපිටිය ප්‍රදේශයෙහිය. ජන සංයුතිය[සංස්කරණය]කොල්ලුපිටිය යනු බහු ආගමිකයින් සහ බහු ජාතික වැසියන් වාසය කරන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තුළ වැඩි වශයෙන් වාසය කරන්නේ සිංහල ජතිකයින්ය. මීට අමතරව දමිළ ජාතිකයින්, බර්ගර් ජාතිකයින්, අරාබි ජාතිකයින්ගෙන් පැවත එන්නන් මෙන්ම අනෙකුත් ජාතිකයින්ද සුලු වශයෙන් වාසය කරයි. ප්‍රදෙශයේ ක්‍රියාත්මක වන පාසල්[සංස්කරණය]ශාන්ත තොමස් ප්‍රාථමික විදුහලබිශොප්ස් විදුහලමෙතෝදිස්ත විදුහලvteකොල්ලුපිටිය සඳහා යාබද ස්ථානඉන්දියන් සාගරයකොම්පඤ්ඤ වීදියයූනියන් පෙදෙසඉන්දියන් සාගරයකොල්ලුපිටියකුරුඳුවත්තඉන්දියන් සාගරයබම්බලපිටියනාරාහේන්පිට හැව්ලොක් පෙදෙසමූලාශ්‍ර[සංස්කරණය]↑ http://mohanjith.net/postal_codes/western/colombo/00300-kollupitiya.htmlvteකොළඹ උප නගරඇතුල් කොළඹබම්බලපිටියබ්ලූමැන්ඩල්බොරැල්ලකුරුඳු වත්තදෙමටගොඩකොළඹ කොටුවතොටළඟතිඹිරිගස්යායඅලුත්කඩේකිරුළපනකොල්ලුපිටියකොටහේනකොහුවලමාදම්පිටියමාලිගාවත්තමරදානමට්ටක්කුලියමෝදරනාරාහේන්පිටපාමංකඩපංචිකාවත්තපිටකොටුව |
කොම්පඤ්ඤ වීදියයූනියන් පෙදෙසවැලිකඩවැල්ලවත්තශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේඇතුල් කෝට්ටේනාවලනුගේගොඩපිට කෝට්ටේරාජගිරියවැලිකඩදෙහිවල-ගල්කිස්සඅත්තිඩියදෙහිවලකළුබෝවිලකොහුවලගල්කිස්සනැදිමාලරත්මලානපිටත කොළඹබත්තරමුල්ලහෝමාගමජා-ඇළකඩවතකඩුවෙලකඳානකිරිබත්ගොඩකොළොන්නාවකොස්වත්තකොට්ටාවමහරගමමාලබේමොරටුවපන්නිපිටියපෑලියගොඩපිළියන්දලරාගමතලවතුගොඩවත්තලවික්‍රමසිංහපුරෆ්ලයිස්ගේ කැපා (ජොසෆ් එල්. ෆ්ලයිස්ගෙන් පසු නම් කරන ලද)සංඛ්‍යාතිය වූ කලී, යම්කිසි අයිතම ගණනකට හෝ වර්ගීකරණය කරන්නා වූ අයිතමයන්ට ඒකාන්ත ඇගයුම් (categorical ratings) පවරද්දී, යම්කිසි නියත තක්සේරු කරන්නන් (raters)සංඛ්‍යාවක් අතර පවත්නා "එකඟතාවයේ විශ්වසනීයත්වය" (reliability of agreement) තක්සේරු කරන්න වූ සංඛ්‍යානයේ එන මිනුමකි. තක්සේරු කරන්නන් දෙදෙනෙකුගේ එකඟතාවය තක්සේරු කිරීමට ගන්නා කොහෙන්ගේ කැපා සංඛ්‍යාතිය (Cohen's Kappa) වැනි කැපා සංඛ්‍යාතියන්ගෙන්, මෙම ෆ්ලයිස්ගේ කැපා සංඛ්‍යාතිය පැහැදිලි වෙනසක් දක්වයි. අහඹු ලෙස කුමක් බලාපොරොත්තු විය හැක්කේද යන්නට වඩා ඒකාන්ත එකඟතාව කුමන මට්ටමකට අත්තේද යන්න මෙම ෆ්ලයිස් කැපා සංඛ්‍යාතියෙන් දක්වන |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.