text
stringlengths
0
1k
අතර එය සෑම විටම 1 හා 0 අතර අගයක් ගනී. මෙහිදී, විශේෂත්වය මැනීමේ සාධාරණ මිනුමක් නොමැතිමුත්, ඒ සඳහා යම් නිර්දේශ කීපයක් ඉදිරිපත් කොට තිබේ.ද්වීමය හෝ ඉතා සුලු පරිමාණ ඇගයුම් සඳහා පමණක් ෆ්ලයිස් කැපා විශ්ලේෂණය භාවිත කල හැක. මෙහි, පිළියෙල කරන ලද ඒකාන්ත ඇගයුම් සඳහා භාවිත කල හැකි අනුවාදයක් දැනට නොපවතී.හැදින්වීම[සංස්කරණය]ෆ්ලයිස් කැපා යනු, තක්සේරු කරන්නන්ගේ අන්තර් විශ්වාසනීයත්වයහි (inter-rater reliability)[1] ඇගයීම උදෙසා සංඛ්‍යානයේ එනු ලබන මිනුමක් වූ "ස්කොට්ගේ ෆයි අගයෙහි" (Scott's pi)[2] සාධාරණීකරනයකි. එය කොහෙන්ගේ කැපා )සංඛ්‍යාතියටද සම්බන්ධයක් දක්වයි. ස්කොට්ගේ ෆයි අගය සහ කොහෙන්ගේ කැපා )සංඛ්‍යාතිය තක්සේරු කරන්නන් දෙදෙනෙක් සඳහා පමණක් යෙදිය හැකි වූවත්, ෆ්ලයිස්ගේ කැපා )සංඛ්‍යාතිය අයිතම නියත )සංඛ්‍යාවකට, ඒකාන්ත ඇගයුම් ලබා දීමට සමත්ය. මෙය, තක්සේරු කරන්නන්ගේ එකඟතාවයන්හි නිරීක්ෂිත ප්‍රමාණය, තක්සේරු කරන්නන් තම ඇගයුම් මුලුමනින්ම අහඹු ලෙස සිදු කලහොත් බලාපොරොත්තු විය හැකි ප්‍රමාණය, කොපමණ දුරකට ඉක්මවා යයිද යන්න විස්තර කිරීමක් ලෙස පහදා දිය හැක. එකම හා සමාන තක්සේරු කරන්නන් දෙදෙනෙක් යම්කිසි අයිතම රාශියක් අගය
න බව කොහෙන්ගේ කැපා සංඛ්‍යාතියෙන් උපකල්පනය කරද්දී, තක්සේරු කරන්නන් නිශ්චිත ප්‍රමාණයක් (උදා: 3ක්) සිටියදී පවා එකිනෙකට වෙනස් අයිතමයන් එකිනෙකට වෙනස් පුද්ගලයින් විසින් තක්සේරූ කරන බව ෆ්ලයිස්ගේ කැපා සංඛ්‍යාතිය විසින් විශේෂයෙන්ම උපකල්පනය කරයි (ෆ්ලයිස්, 1971, පි378). එනම් අයිතම අංක 1 - A, B, C යන තක්සේරු කරන්නන් විසින් තක්සේරු කරද්දී අයිතම අංක 2 - D, E, F යන තක්සෙරු කරන්නන් විසින් තක්සේරු කළ හැක.එකඟතාව මෙලෙස සිතිය හැක.මිනිසුන් නිශ්චිත සංඛ්‍යාවක් යම් අයිතම සංඛ්‍යාවකට, සංඛ්‍යාත්මක වශයෙන් ඇගයුමක් පවරයි නම් කැපා සංඛ්‍යාතිය විසින් එම ඇගයුම් කොපමණ ස්ථාවරදැයි මිනුමක් සපයයි.කැපා සංඛ්‍යාතිය κ{\displaystyle \kappa \,} පහත ආකාරයට අර්ථ දැක්විය හැක,(1)κ=P¯−Pe¯1−Pe¯{\displaystyle \kappa ={\frac {{\bar {P}}-{\bar {P_{e}}}}{1-{\bar {P_{e}}}}}}ඉහත අවස්ථාව ලඟා කර ගැනීමේ එකඟතාවයෙහි ප්‍රමාණය 1−Pe¯{\displaystyle 1-{\bar {P_{e}}}} සාධකය මගින් ලබාදෙන අතර, ඉහත අවස්ථාව සත්‍ය වශයෙන්ම ලඟා කරගත් එකඟතාවයෙහි ප්‍රමාණය P¯
−Pe¯{\displaystyle {\bar {P}}-{\bar {P_{e}}}} මගින් ලබා දේ. තක්සේරු කරන්නන් සම්පූර්නයෙන්ම එකඟතාවයෙහි සිටී නම් κ=1 {\displaystyle \kappa =1~} වේ . තක්සේරු කරන්නන් අතර කිසිඳු එකඟතාවයක් නොමැති නම් (අවස්ථාවෙන් අපේක්ෂා කරන ආකාරයේ දෙයක් හැර) κ≤0{\displaystyle \kappa \leq 0} වේ.ෆ්ලයිස් කැපා සංඛ්‍යාතියේ භාවිතය පිළිබඳ උදාහරණයක් මතු පරිදි වේ: මනෝචිකිත්සකයින් දහ සතර දෙනෙකු රෝගීන් දස දෙනෙකු පරීක්ෂා කරන්නේ යැයි සිතන්න. ඒ ඒ මනෝචිකිත්සකයා විසින් එක් එක් රෝගියාට විය හැකි රෝග විනිශ්චයන් පහක් අතුරින් එකක් ‍තෝරා දේ. මනෝචිකිත්සකයන් අතර එකඟතාවයෙහි ප්‍රමාණයට, අවස්ථාවෙන් අපේක්ෂා කරන එකඟතාවයෙහි මට්ටම දරණ අනුපාතිකය පෙන්වීම සඳහා මෙම න්‍යාසයෙන් (පහත උදාහරණය බලන්න) ෆ්ලයිස්ගේ කැපා සංඛ්‍යාතිය ගණනය කල හැක.සමීකරණ[සංස්කරණය]විෂයන් N ගණනක්ද, එක් විෂයකට n ඇගයුම් ගණනක්ද, එමන්ම එකිනෙක තුලට ඇගයුම් පවරන ලද කාණ්ඩ k ගණනක්ද සලකන්න. විෂයන්ට i = 1, ... N ලෙස දර්ශක සපයා ඇති අතර කාණ්ඩයන්ට j = 1, ... k ලෙස දර්ශක සපයා ඇත. i වන විෂය j වන කාණ්ඩයට පවරා ඇති, තක්සේරු කරන්නන් සංඛ්‍යාව nij විසින්
නිරූපණය කෙරේ.පළමුව pj එනම් j වැනි කාණ්ඩයට සමානුපාතිකව සියලු පැවරුම් සංඛ්‍යාව, ගණනය කරන්න:(2)pj=1Nn∑i=1Nnij,1=1n∑j=1knij{\displaystyle p_{j}={\frac {1}{Nn}}\sum _{i=1}^{N}n_{ij},\quad \quad 1={\frac {1}{n}}\sum _{j=1}^{k}n_{ij}}දැන්, Pi{\displaystyle P_{i}\,} හෙවත් තක්සේරු කරන්නන් කොපමණ ප්‍රමාණයක් i වැනි විෂයට එකඟදැයි ගණනය කරන්න (ඒ කෙසේද යත්; සිටිය හැකි සියලු තක්සේරු කරන්නන් -- තක්සේරු කරන්නන් යුගල ගණනට සාපේක්ෂව කොපමණ තක්සේරු කරන්නන් -- තක්සේරු කරන්නන් යුගල ගණනක් එකඟතාවයේ සිටින්නේදැයි ගණනය කරන්න):(3)Pi=1n(n−1)∑j=1knij(nij−1){\displaystyle P_{i}={\frac {1}{n(n-1)}}\sum _{j=1}^{k}n_{ij}(n_{ij}-1)}=1n(n−1)∑j=1k(nij2−nij){\displaystyle ={\frac {1}{n(n-1)}}\sum _{j=1}^{k}(n_{ij}^{2}-n_{ij})}=1n(n−1)[(∑j=1knij2)−(n)]{\displaystyle ={\frac {1
}{n(n-1)}}[(\sum _{j=1}^{k}n_{ij}^{2})-(n)]}දැන්, P¯{\displaystyle {\bar {P}}} එනම් κ{\displaystyle \kappa \,} සඳහා වන සූත්‍රයට අදාළ Pi{\displaystyle P_{i}\,}' සහ Pe¯{\displaystyle {\bar {P_{e}}}} හි මධ්‍යනය ගණනය කරන්න:(4)P¯=1N∑i=1NPi{\displaystyle {\bar {P}}={\frac {1}{N}}\sum _{i=1}^{N}P_{i}}=1Nn(n−1)(∑i=1N∑j=1knij2−Nn){\displaystyle ={\frac {1}{Nn(n-1)}}(\sum _{i=1}^{N}\sum _{j=1}^{k}n_{ij}^{2}-Nn)}(5)Pe¯=∑j=1kpj2{\displaystyle {\bar {P_{e}}}=\sum _{j=1}^{k}p_{j}^{2}}විසඳූ උදාහරණයක්[සංස්කරණය]12345Pi{\displaystyle P_{i}\,}10000141.0002026420.2533003560.3084039200.4405228110.3306770000.4627326300.2428253220.1769652100.28610022370.286එකතුව2028392132
pj{\displaystyle p_{j}\,}0.1430.2000.2790.1500.229විසඳූ උදාහරණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත වගුවපහත උදාහරණයේදී තක්සේරු කරුවන් (n{\displaystyle n}) දහ සතරක් දෙනා විසින් විෂයන් (N{\displaystyle N}) දහයක්, කාණ්ඩ (k{\displaystyle k}) පහකට පවරන ලදී. තීරු වලින් කාණ්ඩ ඉදිරිපත් කරන අතර පේළි මගින් විෂයන් ඉදිරිපත් කෙරේ. සෑම කො‍ටුවකම, යම් විශයක් යම් කාණ්ඩයකට අයත් යයි එකඟ වන්නා වූ තක්සේරු කරන්නන් ගණන දක්වා ඇත.දත්ත[සංස්කරණය]දකුණු පස වගුව බලන්න.N{\displaystyle N} = 10, n{\displaystyle n} = 14, k{\displaystyle k} = 5මුලු කො‍ටු ගණන = 140 Pi{\displaystyle P_{i}\,} හි එකතුව = 3.780ගණනයන්[සංස්කරණය]උදාහරණයක් ලෙස පළමු තීරුව සලකන්න,p1=0+0+0+0+2+7+3+2+6+0140=0.143{\displaystyle p_{1}={\frac {0+0+0+0+2+7+3+2+6+0}{140}}=0.143}එලෙසම දෙවන පේළිය සලකමින්,P2=114(14−1)(02+22+62+42+22−14)=0.253{\displ
aystyle P_{2}={\frac {1}{14(14-1)}}\left(0^{2}+2^{2}+6^{2}+4^{2}+2^{2}-14\right)=0.253}P¯{\displaystyle {\bar {P}}} ගණනයට, Pi{\displaystyle P_{i}} හි මුලු එකතුව අවශ්‍ය බැවින්,∑i=1NPi=1.000+0.253+⋯+0.286+0.286=3.780{\displaystyle \sum _{i=1}^{N}P_{i}=1.000+0.253+\cdots +0.286+0.286=3.780}සම්පූර්ණ ප්‍රස්තරය (sheet) සලකමින්,P¯=1(10)(3.780)=0.378{\displaystyle {\bar {P}}={\frac {1}{(10)}}(3.780)=0.378}P¯e=0.1432+0.2002+0.2792+0.1502+0.2292=0.213{\displaystyle {\bar {P}}_{e}=0.143^{2}+0.200^{2}+0.279^{2}+0.150^{2}+0.229^{2}=0.213}κ=0.378−0.2131−0.213=0.210{\displaystyle \kappa ={\frac {0.378-0.213}{1-0.213}}=0.210}විවරණය[සංස්කරණය]κ{\displaystyle \kappa } අගයන්හි විවරණය සඳහා ලන්ඩිස් සහ කොච් (Landis and Koch) (1977) විසින් පහත වගුව සපයන ලදී. [3] කෙසේ වුවත් මෙම වගුව කිසිදු අයුරකට පොදුවේ පිලිගෙ
න නොමැත. පුද්ගලික නිගමන මත පාදක කර ගැනීම හැරෙන්නට, මෙය තහවුරු කිරීමට කිසිදු සාධකයක් ඔවුන් ඉදිරිපත් කර නොමැත. විෂයන් හා කාණ්ඩ සංඛ්‍යාව, අගයෙහි විශාලත්වය කෙරෙහි බලපාන හෙයින්,[4] මෙම නිර්දේශ ඇතැම් විට ප්‍රයෝජනවත් වනවාට වඩා අවැඩදායක බව පිලිඹිබු වී ඇත. කාණ්ඩ ගණන අඩු විට කැපා අගය වැඩි වේ. [5]κ{\displaystyle \kappa }Interpretation< 0ඉතාමත් සුළු එකඟතාවයකි0.01 – 0.20සුළු එකඟතාවයකි0.21 – 0.40යම් තරමකට සාමාන්‍ය එකඟතාවයකි0.41 – 0.60සාමාන්‍ය (මධ්‍යම) එකඟතාවයකි0.61 – 0.80සැලකිය යුතු ප්‍රමාණයක එකඟතාවයකි0.81 – 1.00මුළුමනින්ම වාගේ සම්පූර්ණ එකඟතාවයකිවෙනත්[සංස්කරණය]Cohen's kappaPearson product-moment correlation coefficientසටහන්[සංස්කරණය]↑  Fleiss, J. L. (1971) pp. 378–382↑  Scott, W. (1955) pp. 321–325↑  Landis, J. R. and Koch, G. G. (1977) pp. 159–174↑  Gwet, K. L. (2010, chapter 6) සංරක්ෂණය කළ පිටපත 2013-08-19 at the Wayback Machine↑  Sim, J. and Wright, C. C. (2005) pp. 257–268යොමුව[සංස්කරණය]Fleiss, J. L. (1971) "Measuring nominal scale agreement amo
ng many raters." Psychological Bulletin, Vol. 76, No. 5 pp. 378–382Gwet, K. (2001) Statistical Tables for Inter-Rater Agreement. (Gaithersburg : StatAxis Publishing)Gwet, K. L. (2010) Handbook of Inter-Rater Reliability (2nd Edition). (Gaithersburg : Advanced Analytics, LLC) ISBN 978-0-9708062-2-2Landis, J. R. and Koch, G. G. (1977) "The measurement of observer agreement for categorical data" in Biometrics. Vol. 33, pp. 159–174Scott, W. (1955). "Reliability of content analysis: The case of nominal scale coding." Public Opinion Quarterly, Vol. 19, No. 3, pp. 321–325.Sim, J. and Wright, C. C. (2005) "The Kappa Statistic in Reliability Studies: Use, Interpretation, and Sample Size Requirements" in Physical Therapy. Vol. 85, No. 3, pp. 257–268තවදුරටත් කියවීම්[සංස්කරණය]Fleiss, J. L. and Cohen, J. (1973) "The equivalence of weighted kappa and the intraclass correlation coefficient as measures of reliability" in Educational and Psychological Measurement, Vol. 33 pp. 613–619Fleiss, J.
L. (1981) Statistical methods for rates and proportions. 2nd ed. (New York: John Wiley) pp. 38–46Gwet, K. L. (2008) "Computing inter-rater reliability and its variance in the presence of high agreement සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine", British Journal of Mathematical and Statistical Psychology, Vol. 61, pp29–48බාහිර සබැඳි[සංස්කරණය]The Problem with Kappa සංරක්ෂණය කළ පිටපත 2016-05-18 at the Portuguese Web ArchiveKappa: Pros and Cons contains a good bibliography of articles about the coefficient.Online Kappa Calculator සංරක්ෂණය කළ පිටපත 2009-02-28 at the Wayback Machine calculates a variation of Fleiss' kappa.The Wikibook Algorithm implementation has a page on the topic of: Fleiss' kappaඉන්සියුලින් ස්ඵටිකජෛව තාක්ෂණය යනු ජෛව විද්‍යාව මත පදනම්ව ඇති තාක්ෂණයක් වන අතර විශේෂයෙන්ම මෙය කෘෂිකර්මය ආහාර විද්‍යාව සහ වෛද්‍ය ක්ෂේත්‍රයන් හි සිදු වන භාවිතයන් සදහා යොදා ගනී. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබදව හෝ සම්මුති‍ෙයහි සදහන් වන ආකාරයට ජෛව තාක්ෂණය අර්ථ දක්වා ඇත්තේ
,“විශේෂිතත වූ ප්‍රයෝජනයක් ලබාගැනීම සදහා නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නවීකරණය කරනු පිණිස ජෛව විද්‍යාත්මක පද්ධති, ජීවීන් හෝ එහි ව්‍යුත්පන්නයන් සදහා තාක්ෂණය යොදා ගැනීමයි.” ජෛව තාක්ෂණය බොහෝ අවස්ථාවලදී 21 වන ශත වර්ෂයෙන් ප්‍රවේනි ඉන්ජිනේරු විද්‍යාව හැදින්වීම සදහා ලබාදුණි. කෙසේ වුවද මෙමගින් මිනිසුන්ගේ අවශ්‍යතාවය මත පදනම්ව ජීවී ද්‍රව්‍යය නවීකරණය වීමක් සිදු කෙරිණි. දේශීය ශාක වර්ග වඩාත් හොද අස්වැන්නක් ලැබෙන පරිදි ස්වාභාවික වර්ණය සහ දෙමුහුන් කිරීම මගින් නවීකරණය කෙරුණි. ජෛව ඉංජිනේරු විද්‍යාව යනු සියළුම ජෛව තාක්ෂණික යොදා ගැනීම් මත පදනම් වූ විද්‍යාවකි. නූතන තාක්ෂණය සහ නව ප්‍රවේශයන් සංවර්ධනය වීමත් සමගම සාම්ප්‍රදායික ජෛව තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුළුල් වූ අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් වන ගුණාත්මක බව වර්ධනය කරමින් එම පද්ධතිවල නිෂ්පාදන හැකියාව ඉහළ නැංවුණි. 1971 ට ප්‍රථම ජෛව තාක්ෂණය යන යෙදුම ප්‍රාථමික වශයෙන් යොදා ගැනුනේ ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයේදීය. 1970 වේ සිට එය බටහිර විද්‍යාත්මක සංවිධාන මගින් විද්‍යාගාර මත පදනම් වූ ක්‍රමෝපායන් ලෙස ජෛව විද්‍යාත්මක පර්යේෂණයන් සදහා අන්තර්ගත කරන ලදී. ඩී.
එන්.ඒ ප්‍රතිසංයෝජනය, පටක වර්ධක මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම, ජීවී ශාක තුළ තිරස් ජාන ප්‍රවාහනය සහ ධාරක ජීවියෙකු තුළට බැක්ටීරියාවක් වාහකයා ලෙස භාවිතා කරමින් ඩී.එන්.ඒ ප්‍රවාහනය කිරීම මේ සදහා නිදසුන්ය. සත්‍ය වශයෙන්ම මෙම විග්‍රහ කෙරුම අතීතයේ දී සහ නූතනයේදී කාබනික ද්‍රව්‍යයන් භාවිතා කරමින් ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනීම සදහා සිදු කරන ලද සියළුම ක්‍රමෝපායන් හැදින්වීම සදහා පුළුල් වශයෙන් භාවිතා කළ යුතු වේ. එමනිසා මෙම යෙදුම පහත ආකාරයට ද අර්ථ දැක්විය හැකිය. “දේශීය හෝ විද්‍යාත්මක දැනුම භාවිතා කරමින් ක්ෂුද්‍ර ජීවීන් හෝ උසස් ජීවීන්ගේ සෛල සහ පටක කළමණාකරණය කරමින් ආහාර කර්මාන්තයෙහි සහ එහි පාරිභෝගිකයන් හට තත්වයෙන් උසස් වෙළද ද්‍රව්‍ය සහ සේවාවක් සැපයීමයි. ජෛව තාක්ෂණය ප්‍රවේනි විද්‍යාව, අනුක ජීව විද්‍යාව, ජෛව රසායනය, කළල විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව සමග සම්බන්ධතා දක්වන අතර ඒවා රසායනික ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ රොබෝ විද්‍යාව වැනි ප්‍රායෝගික සංකල්පයන් සමග ද සම්බන්ධතා පවතී. ව්‍යාධි ජෛව තාක්ෂණය මගින් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබාගත හැකි පරිදි ව්‍යාධි ජනකයින් සහ ඔවුන්ගේ ව්‍යුත්පන්නයන් උපයෝජනය කරන ආකාරය පිළිබද
ව විස්තර කරනු ලබයි.මූලාශ්‍ර[සංස්කරණය]භාහිර සබැඳි[සංස්කරණය]ජෛව තාක්ෂණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.At Wikiversity, you can learn more and teach others about ජෛව තාක්ෂණය at the Department of ජෛව තාක්ෂණයWhat is Biotechnology? – A curated collection of resources about the people, places and technologies that have enabled biotechnologyScience news website for biotech updatevteජෛව තාක්ෂණය (Biotechnology)ඉතිහාසයHistory of biotechnologyTimeline of biotechnologyCompetitions and prizes in biotechnologyශාකාColors of biotechnologyIndustrial biotechnologyBiological conceptsAlleleසෛලDNA/RNAFermentationGenePlasmidප්‍රෝටීන්Selective breedingGeneral conceptsBiotechnology industrial parkBiotechnology productsBiotechnology lawGreen RevolutionHuman Genome ProjectPharmaceutical companyBasic techniques and toolsBiology fieldBioreactorCell cultureFlow cytometryHybridoma technologyHPLCNMRSpectroscopyChemical fieldCentrifugationCSTRDSTRCrystalli
zationChromatographyDialysisElectrophoresisExtractionFed BatchFiltrationPFRSedimentationApplicationsAnimal cell cultureBioinformaticsBiosynthesisBionic architectureCell immunityCloningReproductive cloningTherapeutic cloningEmbryologyEnvironmental biotechnologyGenetic engineeringGenetically modified organismMolecular geneticsGene therapyMicrobial biodegradationOmicsPharmacogenomicsStem cellsTelomereTissue cultureInterdisciplinary fieldsBioeconomyBioelectronicsBioengineeringජීව විද්‍යාවBiopharmacologyBiomedical engineeringBiomedicineBiomimeticsBiochemicalsBioroboticsChemical engineeringMicrobiologyMiningMolecular biologyNanobiotechnologyවෛරසවේදයලැයිස්තුIndex of biotechnology articlesList of biotechnology articlesList of biotechnology companies ප්‍රවර්ගය කොමන්ස්vteTopics related to biologyIndexPeople and historyBiologistNotable biologistsHistory of biologyNobel Prize in Physiology or MedicineTimeline of biology and organic chem
istryList of geneticists and biochemistsInstitutions, publicationsBachelor of SciencePublicationsTerms and phrasesOmne vivum ex ovoIn vivoIn vitroIn uteroIn silicoRelated disciplinesMedicine (Physician)Physical anthropologyEnvironmental scienceLife SciencesBiotechnologyOtherList of conservation topicsAltricial and Precocial development strategiesvteBranches of biologyAerobiologyAnatomyAstrobiologyBiochemistryBioengineeringBiogeologyBiogeographyBiohistoryBiomechanicsBiophysicsBioinformaticsBiostatisticsBiotechnologyBotanyCell biologyCellular microbiologyChemical biologyChronobiologyComputational biologyConservation biologyCryobiologyCytogeneticsDevelopmental biologyEcologyEcological geneticsEmbryologyEpidemiologyEpigeneticsEvolutionary biologyFreshwater biologyGeobiologyGeneticsGenomicsHerpetologyHistologyHuman biologyImmunologyMarine biologyMathematical biologyMicrobiologyMolecular biologyMycologyNeontologyNeuroscienceNu
tritionOrigin of lifePaleontologyParasitologyPathologyPharmacologyPhycologyPhylogeneticsPhysiologyQuantum biologySociobiologyStructural biologySystematicsSynthetic biologyXenobiologySystems biologyTaxonomyTeratologyToxicologyවෛරසවේදයVirophysicsZoologySee alsoHistory of biologyNobel Prize in Physiology or MedicineTimeline of biology and organic chemistryඅධිකාරී පාලනය ජාතික පුස්තකාලSpainFrance (data)GermanyIsraelUnited StatesJapanCzech Republicවෙනත්FASTHistorical Dictionary of Switzerlandමෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2018 ජූලි)මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැක
ි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2018 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)පුනර්කාරී සැලසුම යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.ආනන්ද ක‍්‍රිෂ්ණන් த. ஆனந்தகிருஷ்ணன்උපතඅප්‍රේල් 1, 1938 (1938-04-01) (වයස 85)ක්වාලලම්පූර්,මැලේසියාවනිවහනමැලේසියාවජාතිකත්වය මලයාසියාවඅධ්‍යාපනයක්වාලාලම්පූර් බි‍්‍රක්ෆීල් විවේකානන්ද දෙමළ පාසලඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයහාවඞ් විශ්වවිද්‍යාලයරැකියාවව්‍යාපාරිකශුද්ධ වත්කම▲ $11.7 billio
n (march, 2013)[1]දරුවන්3ආගමබෞද්ධටී.ආනන්ද ක‍්‍රිෂ්ණන් උපත ලැබූයේ 1938 අපේ‍්‍රල් 1 දින මලයාසියාවේ ක්වාලලම්පූර්හි බි‍්‍රක්ෆීල්ඞ්හි දී ‘පුංචි ඉන්දියාව’ නමින් හඳුන්වන පෙදෙසක උපත ලද ඔහුගේ මව්පියෝ ශ්‍රී ලාංකික දෙමළ වැසියෝ වෙති.අධ්‍යාපනය[සංස්කරණය]ව්‍යවසායකත්වය[සංස්කරණය]මාධ්‍ය සබඳතාව[සංස්කරණය]පවුලේ තොරතුරු[සංස්කරණය]අජාන් සිරි පන්යෝ හිමි[සංස්කරණය]සසුන්ගත වූ පුතු සමගමූලාශ්‍ර[සංස්කරණය]ලංකාදීප සංරක්ෂණය කළ පිටපත 2013-09-26 at the Wayback Machine↑ "Forbes List of Billionaires 2011". Forbes. සම්ප්‍රවේශය 2012-02-20. {{cite web}}: Cite has empty unknown parameter: |coauthors= (help)ෆෙහෙන්දූදූපත ගැන සාරාංශයඅයිතිව ඇත්තේබා අතොළුවජනගහණය2486දිග2160මීපළල220මීමාලේ සිට දුර96.88කිමීෆෙහෙන්දූ (දිවෙලි: ފެހެންދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි.හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)[සංස්කරණය]ෆුල්හාදූ සහ ගොයිදූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක මෙම දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාව
ුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය.ආශ්‍රිත[සංස්කරණය]Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.Xavier Romero-Frias. The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.මෙයද බලන්න[සංස්කරණය]ජේ
ම්ස් හෝර්ස්බර්ග්රීති වෙරළvteමාලදිවයින්හී ජනාවාසී දූපත්හා අලිෆ් අතොළුවබාරා · බෙරින්මදූ[decimal 1]  · ධිද්දූ · Filladhoo · Hathifushi[decimal 1]  · Hoarafushi · Ihavandhoo · Kelaa · Maarandhoo · Mulhadhoo · Muraidhoo · Thakandhoo · Thuraakunu · Uligamu  · Utheemu  · VashafaruHaa Dhaalu AtollFaridhoo[decimal 1] · Finey · Hanimaadhoo · Hirimaradhoo · Kunburudhoo[decimal 1] · Kulhudhuffushi · Kumundhoo  · Kurinbi · Maavaidhoo[decimal 1] · Makunudhoo · Naivaadhoo · Nellaidhoo · Neykurendhoo · Nolhivaram · Nolhivaranfaru · VaikaradhooShaviyani AtollBileffahi  · Feevah · Feydhoo · Firinbaidhoo[decimal 1]  · Foakaidhoo · Funadhoo · Goidhoo · Kanditheemu · Komandoo · Lhaimagu · Maakandoodhoo[decimal 1] · Maaungoodhoo · Maroshi · Milandhoo · Narudhoo · NoomaraaNoonu AtollFoddhoo · Henbandhoo · Holhudhoo · Kendhikolhudhoo · Kudafaree · Landhoo · Lhohi · Maafaru · Maalhendhoo · Magoodhoo · Manadhoo · Miladhoo · VelidhooRaa AtollAlifushi · Angolhitheemu · Dhuvaafaru  · Fainu · Hulhudhuffaaru · Ing
uraidhoo · Innamaadhoo · Kandholhudhoo[decimal 1] · Kinolhas · Maakurathu · Maduvvaree · Meedhoo · Rashgetheemu · Rasmaadhoo · Ungoofaaru Vaadhooබා අතොළුවධාරාවන්දූ · ධොන්ෆානු · Eydhafushi · ෆෙහෙන්දූ · ෆුල්හාදූ ගොයිදූ · හිතාදූ  · කමාදූ · කෙන්දූ  · කිහාදූ · Kudarikilu  · මාල්හොස් · ThulhaadhooLhaviyani AtollFelivaru[decimal 2]  · Hinnavaru · Kurendhoo · Maafilaafushi[decimal 2] · Naifaru · OlhuvelifushiKaafu AtollDhiffushi · Gaafaru · Gulhi Guraidhoo · Himmafushi · Huraa · Kaashidhoo · Maafushi · ThulusdhooAlif Alif AtollBodufulhadhoo · Feridhoo · Himandhoo · Maalhos · Mathiveri · Rasdhoo · Thoddoo · UkulhasAlif Dhaal AtollDhangethi · Dhiddhoo · Dhigurah · Fenfushi · Haggnaameedhoo · Kunburudhoo · Maamingili · Mahibadhoo · Mandhoo OmadhooVaavu AtollFelidhoo · Fulidhoo · Keyodhoo · Rakeedhoo · ThinadhooMeemu AtollDhiggaru · Kolhufushi  · Maduvvaree · Mulah  · Muli · Naalaafushi · Raimmandhoo · VeyvahFaafu AtollBileddhoo · Dharanboodhoo · Feeali · Magoodhoo · NilandhooDhaalu AtollBandidhoo
 · Gemendhoo[decimal 1] · Hulhudheli · Kudahuvadhoo · Maaenboodhoo · Meedhoo · Rinbudhoo VaaneeThaa AtollBurunee · Dhiyamingili · Gaadhiffushi · Guraidhoo · Hirilandhoo · Kandoodhoo · Kinbidhoo · Madifushi · Omadhoo · Thimarafushi · Vandhoo · Veymandoo · VilufushiLaamu AtollDhanbidhoo · Fonadhoo · Gaadhoo · Gan · Hithadhoo · Isdhoo[decimal 3] · Kalaidhoo [decimal 3] Kunahandhoo · Maabaidhoo · Maamendhoo · Maavah · MundooGaafu Alif AtollDhaandhoo · Dhevvadhoo · Dhiyadhoo[decimal 1] · Gemanafushi · Kanduhulhudhoo · Kolamaafushi · Kondey · Maamendhoo · Nilandhoo · VilingiliGaafu Dhaalu AtollFares-Maathodaa · Fiyoaree · Gaddhoo · Hoandeddhoo · Madaveli · Nadellaa · Rathafandhoo · Thinadhoo · VaadhooGnaviyani AtollFuvammulahSeenu AtollFeydhoo  · Hithadhoo · Hulhudhoo  · Hulhudhoo-Meedhoo  · Maradhoo · Maradhoo-Feydhoo  · Meedhoo↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 1.9 Underwent population relocation. Currently uninhabited.↑ 2.0 2.1 Although inhabited, no residents registered to the isl
and. (No local government elected.)↑ 3.0 3.1 Administratively known as Isdhoo-Kalaidhoo.The capitals of each atoll are in bold.This list excludes the capital, Malé along with Hulhumalé and Vilimalé.ඛණ්ඩාංක: 04°50′00″N 72°58′24″E / 4.83333°N 72.97333°E / 4.83333; 72.97333මාලදිවයින පරිස්ථානය මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteඅපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු බැහැර කරන ජලයේ එනම් ගේදොර පාවිච්චියේ හා ගලායන ජලයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. එයට භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගන්නා අතර මෙහි දී භෞතික රසායනික හා ජෛව විද්‍යාත්මක අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ වන්නේ අපද්‍රව්‍ය සහිත ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි. මෙම ද්‍රව්‍ය නිතරම විෂ කාබනික හා අකාබනික සංයෝග වලින් අපවිත්‍රවී ඇත.අපවිත්‍ර දෑ නිපදවන්නන් අතර නිවෙස්, ආයතන, ආරෝග්‍යශාලා හා වාණිජහා කාර්මික ආයතන මුලික වේ. මෙම අපවිත්‍ර ජලය ඒවා නිපදවන ස්ථාන වලදී (වැසිකිලි ටැන්කි, ජෛව ප
ෙරහන් හෝ වායුමය ප්‍රතිකාර ක්‍රියාවලි) හෝ ජලනල පද්ධිතීයක් මගින් වෙනත් ස්ථාන වලට ප්‍රවාහනය කර ජල ප්‍රතිකාර කරන ස්ථාන වලදී පිරිසිදු කිරිම අපවිත්‍ර දෑ එකතු කිරිම හා ප්‍රතිකාර කිරිම දේශිය, ප්‍රාන්ත හා එක්සත් රීති හා සම්මුති අනුව සිදුකල යුතුයි.අපවිත්‍ර පිරිසිදු කිරිම ප්‍රාථමික, ද්විතීයික හා තෘතියික ලෙස ප්‍රධාන අදියර 3 කින් සමන්විතයි. අනතුරැව ජලයේ දියවූ ද්‍රව්‍ය ඝනද්‍රව්‍ය බවට ජලකාමී ක්ෂුද්‍ර ජීවින් බවට පත් කරයි. අනතුරැව එම ජෛවමය ඝන අපද්‍රව්‍ය අක්‍රිය කිරිම හා ඩවත දැමීම හෝ නැවත ප්‍රයෝජනය ගැනීම සිදුකරයි. පසුව කලපු හා ක්ෂුද්‍ර පෙරහන් භාවිතයෙන් රසායනික හා භෞතික ලෙස ප්‍රතිකාර කල ජලය ප්‍රයෝජනයට ගනී. එලෙස ප්‍රතිකාර කල ජලය කෙලින්ම දියපාරවල්, ගංගා කලපු හෝ වගුරැ බිම් වලට මුදා හැරීම හෝ ඒවා නැවත වාරිමාර්‍ග කටයුතු වලට හෝ උද්‍යාන හා ක්‍රීඩා පිටි වලට හරිත බවන වැඩ සටහන් සදහා යොදා ගනී. එලෙස ප්‍රමාණවත් ලෙස ජලය පිරිසිදු වුයේ නම් එය භූගත ජලය නැවත ස්ථාපනය කිරිමට ද භාවිතා කරයි.සෙක්ස්තන්තුවක්සෙක්ස්තන්තුවක් යනු, ඕනෑම දෘශ්‍ය වස්තූන් දෙකක් අතර කෝණය මැනීමට භාවිතා කෙරෙන උපකරණයකි. එහි ප්‍රාථමික භාවිතය වන්නේ,
වස්තුවෙහි උන්නතාංශය ලෙසින් හැඳින්වෙන, බගෝල වස්තුවක් සහ ක්ෂිතිජය අතර කෝණය මැනීමටය. වස්තුව දර්ශනය කිරීම, වස්තුව රූගගත කිරීම හෝ, වස්තුව දර්ශන ගත කිරීම ලෙසින් මෙම මැනුම භාවිතා කිරීම හැඳින්වෙන අතර, මෙය බගෝල මං සෙවුමෙහි ආවශ්‍යක කොටසක් වෙයි.සටහන්[සංස්කරණය]ආශ්‍රිත[සංස්කරණය]බෝඩිච්, නැතෑනියල් (2002). දි ඇමරිකන් ප්‍රැක්ටිකල් නැවිගේටර්. බෙතස්ඩා, මේරිලන්ඩ්: ජාතික ප්‍රතිමූර්ති සහ සිතියම්කරණ කාර්යාංශය. ISBN 0-939837-54-4. http://www.irbs.com/bowditch/. කට්ලර්, තෝමස් ජේ. (දෙසැම්බර් 2003). ඩට්න්ස් නෝටිකල් නැවිගේෂන් (15වන සංස්.). ඇනාපොලිස්, මේරිලන්ඩ්: නාවික ආයතන මුද්‍රණාලය. ISBN 978-1-55750-248-3. ගුවන් හමුදා දෙපාර්තමේන්තුව (මාර්තු 2001) (පීඩීඑෆ්). එයාර් නැවිගේෂන්. ගුවන් හමුදා දෙපාර්තමේන්තුව. http://www.e-publishing.af.mil/pubfiles/af/11/afpam11-216/afpam11-216.pdf. Retrieved 2007-04-17. මෙය පහත සමීකරණය තෘප්තිමත් කරයි.md2xdt2+rdxdt+kx=F0cos⁡(ωt).{\displaystyle m{\frac {\mathrm {d} ^{2}x}{\mathrm {d} t^{2}}}+r
{\frac {\mathrm {d} x}{\mathrm {d} t}}+kx=F_{0}\cos(\omega t).}පොදු විසඳුම ආරම්භක තත්වයන් මත රඳා පවතින අනිත්‍යයන්හි ඓක්‍යයක් (පරිමන්දි,ත නොඑළවුම් අනුවර්තී දෝලකය , සමජාතීය ODE සඳහා විසඳුම) හෝ ආරම්භක තත්වයන්ගෙන් ස්වායත්ත වන අතර එලවුම් සංඛ්‍යාතය , එලවුම් බලය , ප්‍රකෘති බලය , පරිමන්දිත ‍වීමේ බලය මත පමණක් රඳා පවතින ස්ථිර අවස්ථාවක් වේ. (අසමජාතීය ODE ක විශේෂ විසඳුම)(අනවරත) නොසැලෙන අවස්ථාවේදී විසඳුම්x(t)=F0Zmωsin⁡(ωt−ϕ){\displaystyle x(t)={\frac {F_{0}}{Z_{m}\omega }}\sin(\omega t-\phi )}මෙහි Zm=r2+(ωm−kω)2{\displaystyle Z_{m}={\sqrt {r^{2}+\left(\omega m-{\frac {k}{\omega }}\right)^{2}}}}සම්බාධන හෝ ඒකජ ප්‍රතික්‍රියා ශ්‍රිතවල නිරපේක්ෂ අගයන් Z=r+i(ωm−kω){\displaystyle Z=r+i\left(\omega m-{\frac {k}{\omega }}\right)}වන අතරϕ=arctan⁡(ωm−kωr){\displaystyle \phi =\arctan \left({\frac {\omega m-{\frac {k}{\omega }}}{r}}\right)}යනු එළවුම
් බලයට සාපේක්ෂව දෝලන කලාවයි.එක්තරා අවස්ථාවකදී එක්තරා එළවුම් සංඛ්‍යාතයක් සඳහා විස්තාරය ω ( දී ඇති F0 ට සාපේක්ෂව) උපරිම වන බව දැකිය හැක. මෙය සිදුවන සංඛ්‍යාතයωr=km−2(r2m)2{\displaystyle {\omega }_{r}={\sqrt {{\frac {k}{m}}-2\left({\frac {r}{2m}}\right)^{2}}}}අතර එය විස්ථාපනයේ අනුනාදය යැයි කියනු ලැබේ.සාරාංශය[සංස්කරණය]නොසැලෙන අවස්ථාවේදී දෝලන සංඛ්‍යාතය එලවුම් බලයේ සංඛ්‍යාතයට සමාන වේ. නමුත් දෝලනයේ කළා අනුලම්භ වන අතර එය දෝලක පද්ධතියේ අනුනාද සංඛ්‍යාතය සහ එලවුම් බලයේ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය මත රඳා පවතින ප්‍රමාණය ‍මගින් තීන්දු වේ. උදාහරණ : RLC පරිපථ.සහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂයසියවස්:6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවසදශක: 570ගණන්  580ගණන්  590ගණන්  – 600ගණන් –  610ගණන්  620ගණන්  630ගණන් වසර:602 603 604 – 605 – 606 607 608වසර 605 (DCV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 605 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යු
ගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.ජල චක්‍රයජල චක්‍රයජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය ද
ෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ සිදුරු තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.ජල චක්‍රයේ වෙනස් ක්‍රියා[සංස්කරණය]වර්ෂණය යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.වියන් අතුරුවරනය යනු තුරුපියන් වල කොළ අතු මත පතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.හිම දියවීම යනු හිමදියවිමෙන් ජලය ඇතිවීමය.ජලය ගලායාම ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය ප
හරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයකට දායක වේ.කාන්දුවීම යනු පෘෂ්ඨිය ජලය පොළොව තුළට ගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.උපපෘෂ්ඨිය ගලායාම යනු කිඳුණු කලාප හෝ ජලධර ලෙස පොළව යට ජලය ගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරුත්වාකර්ෂණය, එමඟින් බලපෑමක් ඇති පීඩනයක් මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධරවල අවුරුදු දහස් ගණනක් පවතී.වාෂ්පීකරණය යනු පොළොව මතුපිට ගලා යන ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සඳහා බලය ප්‍රාථමිකව ලැබෙන්නේ සුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.ඌර්ද්වපා
තනය යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.අභිවහනය යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.ඝනීභවනය යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.ජල චක්‍රය කාලයත් සමඟ වෙනස්වීම[සංස්කරණය]ජල චක්‍රය යනු ජලගෝලය හරහා ජලයේ චලනය පැහැදිලි කරන ක්‍රියාවලියයි. නමුත් ජල ප්‍රමාණයෙන් විශාල කොටසක් ජල චක්‍රය තුළින් ‍ගමන් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා වී පවතී. මෙම ජලයෙන් වැඩි කොටසක් ගබඩා කර තබාගන්නේ සාගරයේය. ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඝන සැතපුම් 332,500,000(1,386,000Km3) ජල සැපයුමෙන් 321,000,000 ඝන සැතපුම් (1,338,000,000Km3) ජල ප්‍රමාණයක් හෙවත් 95% සාගර වල ගබඩා කර පවතී. තවද ජල චක්‍රයට සැපයෙන ජල වාෂ්ප වලින් 90% පමණ සැපයෙන්නේ සාගරයෙනි.ශීත දේශගුණ තත්ත්ව වලදි වැඩි හිම වැස්ම හා ග්ලැසියර ඇතිවන අතර, ගෝලීය ජල සැපයුමෙන් කොටසක් අයිස් බවට හැරවීමෙන් ජල චක්‍රයේ අනෙක් කොටස් වලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වේ. උණුසුම් කාල
ගුණයේදී මෙහි විරුද්ධ ආකාරය සිදුවේ. හිම යුගයේදී ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3 පමණ අයිස් වලින් වැසී තිබුණු අතර එම හේතුවෙන් සාගර ජලමට්ටම වර්තමාන ප්‍රමාණයට වඩා අඩි 400(122m) පමණ පහතින් තිබුණි. අවුරුදු 125,000 පමණ පෙර පෘථිවියේ අවසාන උණුසුම් අවධියේදී සාගර මට්ටම අඩි 18 (5'5m) දැනට වඩා ඉහළින් පිහිටා තිබුනි. අවුරුදු මිලියන 3 පමණ පෙර සාගරය දැනට වඩා අඩි 165 (50 m) පමණ ඉහළින් තිබු බවට විශ්වාස කෙරේ. 2007 පැවැති දේශගුණික විපර්යාස සඳහා වු අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගත් කරුණක් වන්නේ ජල චක්‍රයේ ශ්‍රීඝ්‍රතාවය 21 වන ශතවර්ෂ පුරා වර්ධනය වන බවයි. නමුත් මෙහි අදහස් ලෝකයේ සියළුම කලාපවල වර්ෂාපතනය ඉහළ යන බව නොවේ. උපවර්තන කලාපයන්ට සාපේක්ෂව වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට 21 වන ශතවර්ෂයේදී වර්ෂාපතනයේ අඩු වීමක් පෙන්විය හැකිය. එමඟින් නියඟ ඇතිවීමක් පෙන්විය හැකි අතර නියඟ ඇතිවීමේ සම්භාවිතාව ඉහල යයි. මෙම වියළි බාවය වර්ධනය ධ්‍රැවසාන්න උපනිවර්තන කලාප (උදා:- මධ්‍යධරණී ප්‍රදේශය, දකුණු අප්‍රිකාව, දකුණු ඕස්ට්‍රේලියාව, නිරිත දිග ඇමරිකා එක්සත් ජනපදය) වල වඩා බලවත් වේ. වර්තමානයේදී
තෙත් කාලගුණයක් පවතින සමක ආසන්න ප්‍රදේශවල ඉහළ යාමක් බලා‍පොරොත්තු වේ. මෙම මහාපරිමාණ දේශගුණික රටාව IPCC හි 4 වන ඇගයුමට අනුව ජාත්‍යන්තර පර්යේෂණායතන කිහිපයකම සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස ලැබුණි.ග්ලැසියර දියවීමද ජල චක්‍රයේ වෙනස්වීම සඳහා උදාහරණයකි. මෙහිදී වර්ෂාපතනයෙන් ග්ලැසියර වලට ලැබෙන ජලප්‍රමාණය, ඌර්ද්වපාතනය මඟින් හා දියවීම මඟින් සිදුවන ජලහානිය ප්‍රකෘතිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. 1850 සිට ග්ලැසියර දියවීම පුළුල්ව සිදු වී ඇත.කෘෂිකර්මයවායුගෝලීය රසායනික සංයුතිය වෙනස් කිරීමවේලි තැනීමවන හානිය හා වනරෝපණයගංගා සංගමනයනාගරීකරණයදේශගුණික බලපෑම්ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.ජලයේ නේවාසික කාල සීමාවන්[සංස්කරණය]යම් ප්‍රදේශයක් තුල ජලය රදා පවතින කාල සීමාව සඳහා ජලයේ නේවාසික කාල සීමාව යැයි කියනු ලැබේ.එය මනිනු ලබන්නේ ජලය යම් ප්‍රදේශයක් තුල ස්ථානගත වී පව
තින කාලයේ සාමාන්‍ය ගණනය කිරීමෙනි.භූගත ජලය එම ස්ථානයෙන් පිට වීමට පෙර පෘථිවි අභයන්තරයේ වසර 10,000 පමණ කාලයක් ස්ථානගතව පවතී.විශේෂයෙන් පැරණි ජලය සඳහා පොසිල ජලය(fossil water)යැයි කියනු ලැබේ.පාංශු ජලය රඳා පවතින කාල සීමාවද ඉතා කෙටිය.මක්නිසාදයත් පෘථිවිය වටා තුනී පැතිරීමක් එහි දක්නට ලැබෙන හෙයින් හා එය පහසුවන් වාෂ්පීකරණය හා උත්ස්වෙදනයට හසුවන බැවිනි.වර්ෂාව ලෙස පොළොවට පතිත වීමට පෙර වාෂ්පීකරණය වූ ජලය වායුගෝලය තුල දින 9 ක පමණ කාලයක් රැඳී පවතී.විශාල අයිස් තලාවන් ආශ්‍රිතව එනම් ග්රීන්ලන්තය,ඇලස්කාව වැනි ප්‍රදේශ වල දීර්ඝ කාලයක් තිස්සේ ජලය රැඳී පවතී .අන්ටර්ක්ටිකාවේ පවතින ජලය මිට වසර 800,000 පෙර තැන්පත් වූ ඒවාය.ජල විද්‍යාවේදී ජලයේ නේවාසික කාලය ගණනය කරන ආකාර දෙකකි. ජලයේ නේවාසික කාල සීමා වල සාමාන්‍යජලය රඳාපවතින ස්ථානයරඳා පවතින සාමාන්‍ය කාල සීමාවඇන්ටාක්ටිකාවවසර 20,000සාගරවසර 3,200ග්ලැසියරවසර 20 - 100සෘතුමය හිම වැස්මමාස 2 - 6පාංශු ජලයමාස 1 - 2නොගැඹුරු භූ ගත ජලයවසර 100 - 200ගැඹුරු භූගත ජලයවසර 10,000විල්වසර 50 - 100ගංගාමාස 2 - 6වායු ගෝලයදින 9සටහන්[සංස්කරණය]|Hy
drologic_cycle Changes_over_time|-Water cycle Descriptionමෙවැනි යානාවක මුලික කාර්යභාරය වන්නේ යුධ නැවක් ලෙස ක්‍රියා කරමින් මුහුදේ අහස් යානාංගනයක් ලෙස ක්‍රියා කිරීමය. මෙමඟින් නාවුක හමුදාවකට හමුදා අංගනයක නොසිට සිය ගුවන් බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. මෙවැනි සුපිරි නෞකා නිපදවු‍යේ නැවක සිට බැලුන ගුවන් ගත කරමින් යුධ බිමේ ඔත්තු බැලූ ප්‍රාථමික යානාවල සිටය. දැනට මේ නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන කැරකැවෙන අවර පෙති සහිත යානා විසිතිස් ගණනක් දැරිය හැකි සුවිසල් යානාය.19 වැනි හා 20 වැනි සියවසේදී මුලින්ම ඔත්තු බැලීම සඳහා නියමුවන් සහිත බැලුන ගුවන් ගත කෙරිණ. 1903 දී යානයක් ගුවන් ගත කළ අතර 1910 ඇමරිකා එක්සත් ජනපද නෞකාවක් වූ  Cruiser ප්‍රථම ගුවන් යානය ගුවන් ගත කළේය.මෙසේ මුහුදු ගුවන් යානා ගුවන් ගත කිරීම් සිදුවූ අතර බ්‍රිතාන්‍යයේ සිය HMS Engadine නෞකාවද එයින් එක් යානයකි. ප්‍රථම වරට සමතලා මතුපිට සහිත විශාල නැව් නිපදවීම්ද ආරම්භ විය. 1920 වන විට මෙවැනි නෞකා නිෂ්පාදනය වේගවත් වූ අතර බ්‍රිතාන්‍යයේ HMS Hermes Hosho සහ ඇමරිකා එක්සත් ජනපදයේ Lexington නෞකාවද ඒ අතරට එක්විය.II වැනි ල
ෝක යුද්ධයේ දී විවිධ වර්‍ගවල ගුවන් යානා රඳවන යානා භාවිතා කළේය. ඇමරිකා එක්සත් ජනපදෙයේ පරිවාර යානාවක් වන Barnes නෞකාවද නිදවුයේ II වැනි ලෝක යුධ සමයේ ය.මෙම බොහොමයක් නෞකා ගුවන් යානාංග ලෙස නිපදවුවද තවත් සමහරෙක් නිපදවුයේ පැවති වෙළඳ නෞකා වෙනස් කරමින් ය. ඒවා ද්විත්ව කාර්ය ‍යානා ලෙස වැඩි දියුණු කරන ලදී.ඇමරිකා එක්සත් ජනපදයට අයත් Independence නෞකාව සැහැල්ලු ගුවන්යානා ගෙන යන නෞකාවකට වඩා යුධමය කටයුතු වෙනුවෙන්ම නිපදවූ පරිවාර ගණයේ යානාවක් විය. මෙම යානා යුධමය කටයුතු සඳහාම නිපදවූ නිසා වැඩි වේගයකින් යුතු නෞකාවක් විය.යුධමය හදිසි තත්ත්වය උදෙසා පරිවර්තනය කරන ලද සමහර නෞකා වලට කැටපෝල්ට් ක්‍රමයෙන් ගුවන් යානා රඳවා ගත නොහැකි වන්නේ ඒවා වෙළඳ නැව් පරිවර්තනය කරමින් නිපදවා ඇති නිසාය. මේවාට උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය එස්.එස් Michael E නෞකාව හැඳින්විය හැකිය.The Japanese seaplane carrier Wakamiya conducted the world's first naval-launched air raids in 1914.මෙම නෞකා හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි වෙළඳ නෞකා විය. (MACs) බ්‍රිතාන්‍යයට අයත් MV Empire Mac Alpine නෞකාව මෙවැනි එක් යානාවක් විය . එය ධාන්‍ය ගෙනයාමට යොදා ගත් න
ෞකාවකි.රාජකීය ජපන් හමුදාව විසින් සිය බිඳවැටුණු මුහුදු බලය තර කර ගැනිම සඳහා මෙවැනි නෞකා නිපදවීම සිදු කරන ලදී.1943 දී මෙවැනි යානා 2 ක් නිපදවා ඇති අතර එය battle of midway සදහා යොදාගෙන ඇත. මෙම වෙනස සිදුකර ඇත්තේ නැවේ උඩ කොටස ඉවත්කර ගුවන් යානා නැවැත්වීමට අවශ්‍ය කැටපෝලට් ඇමුණුමක් මෙම යානාවලට ඇතුලත් කර යානාංගනයක් ලෙස සකස් කිරීමෙනි. බර යානයක් වූ ජපානයේ Mogami නෞකාවද මෙවැනිම වෙනස්කමකින් නිපදවා ඇත. මෙම වෙළඳ නැව් යුධ නැව් බවට පත්කිරීම එතරම් සාර්ථක කාර්යයක් වුයේ නැත.ප්‍රංශ Surcouf හා ජපාන 1 - 400 යන නෞකා ප්‍රහාරක ගුවන් යානා ගෙන යන සබ්මැරීන නෞකා ය. මේවාට Aichi M6A Seiran ගුවන් යානා ත්‍රිත්වයක් රැගෙන යා හැකිය. මේවා එතරම් සාර්ථක නොවු යුධ යානා වූ අතර 1920 ගණන්වල දී නි කෙරිණි.නැව් පංතියේ ප්‍රමුඛයා ලෙස නාවික හමුදා විසින්මෙවැනි යානා හඳුන්වන ලබන්නේ අතර පෙරදී මේ තැන ලැබී තිබුනේ යුධ නැවටය. කෙසේ වුවද යුද්ධයේදී ගුවන් බලය පිළිබඳ අදහස් මුලින්ම කරළියට ආවේ II වැනි ලෝක යුධ සමයේ දීය . මේ නිසා යුධ ගුවන් යානාවල හැකියාවෙ,කාර්යක්ෂමභාවය හා දුර පිළිබඳව සිතන්නට පෙළඹී ඇත.ටොන් 75000 ක් බර Super carrier නෞකාව ම
ෙම සියලු නෞකාවල අග රැජින ලෙස දැක්විය හැකිය. මෙවැනි බොහෝමයක් නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන අතර යාත්‍රා කරන්නේ මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතක සිටය.ඇමරිකානු එක්සත් ජනපද Tarawa හා බ්‍රිතාන්‍ය HMS Ocean යන නෞකාද පහර දෙන යානා රැගෙන යන ඒවාය. ඒවායේ විශාල ගණනක් හෙලිකොප්ටර් රැගෙන යා හැකිය. මෙම ද්විත්ව හැකියා ඇති යානාවලට කමාන්ඩෝ යානා රැගෙන යාමේ (V STOL යානා ) හැකියාව ද ඇත.මෙම නැව්වලට වෙඩිබලයක් නොමැති වීම නිසා මෙවැනි යානා සතුරන්ට ඉලක්ක විය හැකිය. අනෙක් නැව්වලින්, ගුවන් යානා සබ්මැරීන හෝ මිසයිල හෝ සතුරු ආක්‍රමණ ඇතුලත්වේ. ප්‍රධාන ගණයේ යුධ නැව් වලට අමතරව මෙම නැව් සදහාද 20 වන සියවසේ විශාල ලෙස මුදල් වැයකරමින් විශාල ගුවන් යානා ගෙන යාහැකි ලෙස නිපදවා ඇත.ඇමරිකානු එක්සත් ජනපදයේ හමුදාව සතු Nimitz නෞකාව II වැනිලෝක යුධ සම‍‍යේ තිබූ Enterprise හා සැසදීමේ දී සිව් ගුණයක විශාලය. පසුගිය වසර කීපය තුළ නිපද වූ යුධ ගුවන් යානාවල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වුවද ඒවායේ තත්ත්වය,ගෙන යන ගුන් යානා වල ප්‍රමාණය විශාල නොවීය.ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකා[සංස්කරණය]ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකාවක්ඇමරිකා එක්
සත් ජනපද ජෝන් එෆ්. කෙනඩි, ‍ජෝන් ස්ටෙනිස්, ප්‍රංශයට අයත් චාල්ස් ඩිගෝල්, බ්‍රිතාන්‍ය HMS ඕෂන් යන නෞකා සහ පරිවාර යානා සමූහය 2002 සිට සක්‍රීය සේවයට යොදවා ඇත. යුධ අවස්ථාවකදී මෙම නැව් සමූහය එකිනෙකට ආසන්නව යාත්‍රා කරයි. නාවික හමුදාව සතු අති විශාලම නෞකා වන්නේ ප්‍රහාරක ගුවන් යානා රැඳවුම් නෞකාවන්ය. Nimitz රැඳවුම් නෞකාව බලගන්වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 2 කින් හා වාෂ්ප ටර්බයින 2 කිනි. මෙම නෞකාව අඩි 1092 (මීටර් 333) ක දිගින් යුක්ත වන අතර වටිනාකම පවුම් බිලියන 4.5 කි. ලොව වැඩිම ප්‍රහාරයක ගුවන් යානා රැඳවිය හැකි නෞකා සතුවන රාජ්‍යය නම් ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව සුපිරි එවැනි යානා සහිත එකම රටද ඇමරිකා එක්සත් ජනපදය වන්නේය. ඇමරිකාව තවත් එවැනි යානා 02 ක හිමිකරුවෙක් වීමට ආසන්න සිටින අතර ඉන් එකක් අධි සුපිරි යානයක් ද වන්නේය. මෙවැනි යානා එක්සත් ජනපදය ආරක්ෂාව අතින් ලොව සුපිරි බලවතා බව පෙන්වන කදිම සාක්ෂි වේ. දැන් ප්‍රංශය සතුවද චාල්ස් ඩී ගෝල් ‍යානා රඳවන නෞකාව (R - 91) ක් ඇත. ඇමරිකාව හැරණු කළ එවැනි සුපිරි යානයක් සතු ලොව එකම රට බවට ගෞරවය හිමිවන්නේ ප්‍රංශයටය.ලොව රටවල් 9ක මෙවැනි ප්‍රහාරක ගුවන් යානා රඳවන නෞකා 2
1 ක් සක්‍රීයව යාත්‍රාවේ යොදවා ඇත. එම රටවල් නම් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය,ප්‍රංශය,රුසියාව,ඉන්දියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය හා තායිලන්තය යන රටවල්ය. මීට අමතරව රුසියානු නිෂ්පාදනයක් වන චීනයේ Varyag නෞකාවද සක්‍රීය තත්ත්වයේ පවතී. නමුත් නාවික විශ්ලේෂකයන්ට අනුව චීනය මෙම යානය භාවිතා කරන්නේ අනාගත නෞකා තටාකයේ ප්‍රවර්ධනයට විනා යුධ කටයුතු සඳහා නොවේ. එක්සත් ජනපදය, බ්‍රසීලය, උතුරු කොරියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, චීනය,ඉන්දියාව ජපානය,ඔස්ට්‍රේලියාව,චිලී දේශය,සිංගප්පුරුව හා ප්‍රංශයද බහු කාර්ය හෙලිකොප්ටර් යානා ප්‍රවාහනය කල හැකි නෞකා භාවිතා කරයි.මෙම ගුවන් යානා රඳවන සුපිරි නෞකා යාත්‍රා කරන්නේ පරිවාර නෞකා සමූහයක්ද කැටුවය. ඒ ආරක්ෂාව සඳහා මෙන්ම අනෙකුත් ප්‍රායෝගික අවශ්‍යතාද නිසාය. මෙවැනි නෞකා ‍පොකුරක් හදුන්වන්නේ සංග්‍රාම නෞකා සමුච්චය ලෙසයි.21 වන සියවසේ මුල් භාගයේද මෙම නෞකා වල ගුවන් යානා 1250 ක් තරම් ගෙනයාමේ හැකියාව පැවතිණ. ඇමරිකානු යුධ නෞකා වලට ගුවන් යානා 1000 ම ගෙන යාමේ හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය‍මෙම හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශයටද මෙම හැකියාව වර්ධනය කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී. නමුත් දැන
ට මෙම හැකියාවේ සුපිරි බලවතා ඇමරිකාවයි. ගුවන් පථ සහිත නෞකා[සංස්කරණය]මුහුද මැද තනා ඇති ගුවන් පථ ලෙස මෙම යුධ නෞකා හැඳින්විය හැකිය. ගුවන් ගත කිරීම් නැවේ ඉදිරි පස කොටසේ ඇති ගුවන් පථයේදීත් පතිත කිරීම් නැවේ පසුපස ඇති ගුවන් පථ වලිනුත් සිදු කරයි. ගුවන් යානා ගුවන් ගත කිරීමේ වේගය පාලනය කර ගැනීම සඳහා නෞකාව පැයට කිලෝමීටර 60 ක වේගයක් රඳවා ගත යුතුය. මෙමඟින් නෞකාවට සාපේක්ෂව යානාව දැරිය යුතු වේග පාලනයක් සිදු කරයි. සමහර නෞකා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන කැටපෝල ඇමුණුමක් මඟින් ගුවන් යානයේ එන්ජිම් වලට අවශ්‍ය වේගය ලබා දීමේ සහායක කාර්යක නියලී සිටී.නමුත් සාම්ප්‍රදායික නෞකාවල ඇති කොක්කක් ගුවන් පථයේ ඇති කම්බි වල දැවටීමට සැලැස්වීමෙන් යානය කෙටි දුරකින් පතිත කිරීමට (landing) හැකි වේ. හෙලිකොප්ටර් සහ VISTOL (සිරස්/ කෙටි දුර ගුවන් ගත කරන යානා) ඒවායේ ඇති පාවීමේ හැකියාව ප්‍ර‍යෝජනයට ගෙන යානය ගොඩ බෑම සඳහා උපකාරී කර ගනීසාම්ප්‍රදායික යානා ( ඇමුණුම් කොක්කත් සහිත ) LSO (ගුවන්යානා ගොඩබෑමට උදව් වන නිලධාරියෙකුගේ සහය ලබා ගනී. එමඟින් ලබාගන්නා දත්ත මඟින් නියමුවා යානය ගොඩ බෑම සිදු කරයි.විශේෂයෙන් ගුවන් පථ හදුන්වාදීමට පෙර එන
ම් 1950 ගණන් වලට පෙර ඉහත නිළධාරියා LSO යොදා ගත්තේ වර්ණ කරන ලද පුවරුය. 1950 පසු දර්පණ මඟින් ගුවන් පථයේ ඈත දර්ශන මඟින් ගොඩ බෑමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලදී. කෙසේ වුවද LSO නිළධාරියා රේඩියෝ ඇමතුම් මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමේ ක්‍රියාවලිය තවමත් සිදුවේ.මෙම ප්‍රහාරක යානා ගෙන යන නෞකා වල ඇති ගුවන් පථ ලොව අනාරක්ෂිතම ගුවන් පථ වේ. ඇමරිකානු නෞකාවල නැවියන් වර්ණ කබා පැළදීමෙන් තම සේවා අනන්‍යතාව පවත්වාගෙන යයි. සුදු කබා හැදි නැවියන් ආරක්ෂාව පිළිබඳ වගකීම් දරයි. රතු කබා හදින්නන් ආයුධ භාරව ක්‍රියා කරයි. දම් කබා කරුවන්ගේ කාර්යය වන්නේ Q ජෙට්යානාවල ඉන්ධන අංශයයි. කහ කබා කරුවන් නැව හසුරුවන්නන් ලෙස ක්‍රියා කරයි. උදාරහණයක් ලෙස විදින්නා (Shooler) හෙවත් නියමුවා අදින්නේ කහ කබායකි. Handler - නැමිති නාවිකයාද අදින්නේ කහ කබායක් වන අතර ගුවන් පථයේ මැද ඇති කුඩා ඉඩ කොටසේ සිට ගුවන් යානා ගොඩ බැස්සවීමෙත්, ගුවන් ගත කිරීමේත් සහාය ලබා දේ. air boss නමැත්තාද කහ කබායක් ඇද සිටියි. ඔහු මෙහෙයුම් අට්ටා‍ලයේ මෙහෙයුම් විනිසුරු ලෙස කටයුතු කරයි.ඉතා සංක්ෂිප්තව පවසතොත් මෙම සුපිරි නෞකා ගුවන් ගත කිරීම්, ‍ගොඩ බෑම් දිස් වන්නේ සියුම්ව අධ්‍යයන
ය කරන ලද බැලේ සංදර්ශනයක් ලෙසය.නැවේ කපිතාන් හෝ රිය අද්මිරාල්වරු වර්ණ කබා නොපළදති. කපිතාන් හා සහාය ‍නාවිකයනුත් ඔවුන්ගේ කාර්ය ඉටු කරන්නේ මෙහෙයුම් වේදිකාවට පහලින් ඇති වේදිකාවක සිටය.නෞකාවේ නැවත‍ගොඩබැසීමේ පථ වරායෙන් පිටත නැවේ දිගු අතට වන්නට පිහිටුවීම ආරම්භ කළේ 1950 ගණන් වලට පසුවය. මෙම කොටසේ මූලික කාර්යභාරය වන්නේ ගුවන් පථයේ ඇති කම්බි වල නොදැවටුන යානාව නැවත ගුවන් ගතවීමෙදී නැවේ නවතා ඇති ගුවන් යානාවල ගැටීම වැළැක්වීමය. මේ මඟින් ගුවන් යානා ගුවන් ගතවීම හා බැස්සවීම එකවර කිරීමේ අවස්ථාව සැලසී ඇත.F/A - 18 Hornets - Nimitz Hony S Toumenගුවන් යානා ගෙන යන සුපිරි නෞකාවේ මෙහෙයුම් වේදිකාව හා අනෙක් වේදිකාව ඇත්තේ දිවයින (island) නම් වු ඉතා කුඩා ඉඩකය. අනතුරක දී සාමාන්‍යයෙන් නැවියන් නැව වම් අත පැත්තට හැරවීමේ සංසිද්ධිය මුල් කරගෙන මෙ මෙහෙයුම් වේදිකාව ස්ථාන ගත කර ඇත්තේ නැවේ වම් පැත්තට වන්නටය. සුපිරි නෞකාවල මෙම 'දිවයින' (island) ඉතා සුවිශේෂ වන අතර මෙම අංශයෙන් තොර නැව් ඇත්තේ ඉතා අල්පයකි. බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව මඟින් (fight deck) Ski Jump ramp හිම තරණ බෑවුම් අටලුවක් වැනි උපාගංයක් නිෂ්පාදනය කර ඇති අතර ඇම
රිකානු යානාවල මෙය යොදා ගැනීමට නොහැක්කේ ඒවා බර හා විශාල නිසාය. එමෙන්ම E2 Hawkeye සහ F/A -18E/F Super Hornet වැනි යානා බර හා විශාල මෙන්ම ගුවන් යානා පථයේ වැඩි දුරක් යාමේ අවශ්‍යතාවක් එම යානාවලට ඇත.සටහන්[සංස්කරණය]Aircraft carrierමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.බොබී ඩියෝල්උපතවිජේ සිං ඩියෝල්ජනවාරි 27, 1969 (1969-01-27) (වයස 54)මුම්බායි, මහරාෂ්ට්‍ර, ඉන්දියාවරැකියාවනළුවාසක්‍රීය වසර1995–වර්තමානයකලත්‍රයා(යන්)ටාන්යා ඩියෝල්විජේ සිං ඩියොල් ලෙස 1969 ජනවාරි 27 වැනි දින උපත ලද බොබී ඩියොල්, බොලිවුඩ් නළුවෙකි. සිනමාවට සම්බන්ධ පවුලකට ඉපිදි ඔහුගේ පියා සැවොම ගෞරව කරන "ධර්මෙන්ද්‍රර' වන අතර ඔහුගේ සොහොයුරා "සනී ඩියොල් " ය. සනී ඩියොල් ද, ඉන්දීය හින්දි සිනමාවේ සාර්ථක නළුවෙකි.අධිකාරී පාලනය සාමාන්‍යISNI2VIAF2WorldCatජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesAustraliaවෙනත්Troveඇන්ටෝනියෝ ද පෙරේදාගේ “වංශාධිපතියෙකුගේ සිහිනය”සිහින ය
නු පුද්ගලයකු අත්විඳින හැඟීම්, දර්ශනය සහ සිතුවිලි වෙයි. නින්දේදී සිදුවන ඉක්මන් අක්ෂි චලන සමග ප්‍රබලව බැඳී පවතී. සිහිනයක අන්තර්ගතයන් සහ එහි අදහස මුළුමනින්ම වටහා ගෙන නැත. එහෙත් ඉතිහාසය පුරාවටම සිහිනය යනු විමර්ෂණයට ලක්වූ මාතෘකාවකි.නින්දේ සහ සිහිනයේ අදාල ස්නායු විද්‍යාවසිහිනයට විශ්වයේ පිළිගත් ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීමක් නොමැති පොදු නිරීක්ෂණ මගින් සිහිනය හා නින්දේ ඇතිවන ඉක්මන් අක්ෂි වලන ප්‍රබලව බැඳී පවතින බව සොයා ගෙන ඇත. මෙම සිහින අතරතුර, මොළයේ ඇති වන විද්‍යුත්ධාරා සටහන් මිනිසා අවදිවී සිටින විට ඇති වන විද්‍යුත් ධාරාවලට බොහෝ දුරට සමානය. ඉක්මන් අක්ෂි චලන නොමැති අවස්ථාවේ දක්නා ලද සිහින බොහෝ දුරට ලෞකික ඒවා විය. සාමාන්‍ය මිනිස් ජීවිත කාලයක් තුළ මිනිසා අවුරුදු 6 ක් පමණ සිහින දකියි. (දවසකට පැය දෙක බැගින්) මෙම සිහින හටගන්නේ මොළයේ එක් ස්ථානයකදී ද නැතහොත් මොළයේ විවිධ ප්‍රදේශවලින්ද යන්න අපැහැදිලිය. එමෙන්ම සිහින මගින් සිරුරට හා සිතට ඇති ඵලදායීතාවය තවදුරටත් අපැහැදිලි කරුණක්ව පවතී.සටහන්[සංස්කරණය]Dreamlucid dreaming=[සංස්කරණය]සිහිනයක් තුල සිටින විට ඒසිටින්නේ සිහිනයක බව දැනගතහොත් කුමක් සිදු වේ
ද?මෙම ලිපිය වනාහි Smallpox ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.වසූරියවෙනත් නම්smallpox, variola,[1] variola vera,[2] pox,[3] red plague[4]A child with smallpox in Bangladesh in 1973. The bumps filled with thick fluid and a depression or dimple in the center are characteristic.විශේෂතාවInfectious diseaseරෝග ලක්‍ෂණEarly: Fever, vomiting, mouth sores[5]Later: Fluid filled blisters which scab over[5]සංකුලතාScarring of the skin, blindness[6]Usual onset1 to 3 weeks following exposure[5]කාලපරාසයAbout 4 weeks[5]හේතුVariola major, Variola minor (spread between people)[6][7]රෝග විනිශ්චය ක්‍රමBased on symptoms and confirmed by PCR[8]Differential diagnosisChickenpox, impetigo, molluscum contagiosum, monkeypox[8]වැළක්වීමSmallpox vaccine[9]ප්‍රතිකාරSupportive ca
re[10]ඖෂධBrincidofovirPrognosis30% risk of death[5]සංඛ්‍යාතයEradicated (last wild case in 1977)වසූරිය (ඉංග්‍රීසි:  Smallpox) මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි. වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන
තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත. වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි. විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.ආශ්‍රිත[සංස්කරණය]වසංගත ලැයිස්තුවමූලාශ්‍ර[සංස්කරණය]↑ Barton LL, Friedman NR (2008). The Neurological
Manifestations of Pediatric Infectious Diseases and Immunodeficiency Syndromes (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 151. ISBN 978-1-59745-391-2.↑ Schaller KF (2012). Colour Atlas of Tropical Dermatology and Venerology (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. Chapter 1. ISBN 978-3-642-76200-0.↑ Fenner F, Henderson DA, Arita I, Ježek Z, Ladnyi ID (1988). "The History of Smallpox and its Spread Around the World" (PDF). Smallpox and its eradication. History of International Public Health. Vol. 6. Geneva: World Health Organization. pp. 209–44. hdl:10665/39485. ISBN 978-92-4-156110-5. සම්ප්‍රවේශය 14 December 2017.↑ Medicine: The Definitive Illustrated History. Pengui. 2016. p. 100. ISBN 978-1-4654-5893-3.↑ 5.0 5.1 5.2 5.3 5.4 "Signs and Symptoms". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 7 June 2016. සම්ප්‍රවේශය 14 December 2017.↑ 6.0 6.1 "What is Smallpox?". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 7 June 2016. සම්ප්‍රවේශය 14 December 2017.↑ Ryan KJ, Ray CG,
eds. (2004). Sherris Medical Microbiology (4th ed.). McGraw Hill. pp. 525–28. ISBN 978-0-8385-8529-0.↑ 8.0 8.1 "Diagnosis & Evaluation". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 25 July 2017. සම්ප්‍රවේශය 14 December 2017.↑ "Prevention and Treatment". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 December 2017. සම්ප්‍රවේශය 14 December 2017.↑ "Smallpox". WHO Factsheet. 21 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.භාහිර සබැඳි[සංස්කරණය] වසූරිය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්නවික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍යවිකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍රවිකිපුවත් වෙතින් පුවත් කථාංගවිකිකියමන් වෙතින් උපුටා දැක්වීම්විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළවිකිපොත් වෙතින් පෙළපොත්වර්ගීකරණයDICD-10: B03. ICD-9-CM: 050MeSH: D012899DiseasesDB: 12219බාහිර සම්පත්MedlinePlus: 001356eMedicine: emerg/885Patient UK:වසූරියScholia: Q12214ද්වාර: වෛද්‍යවේදය වෛරසvteInfectious skin disease: Viral cutaneous conditions, including viral exanthema (B00
–B09, 050–059)DNA virusHerpesviridaeAlphaHSVHerpes simplexHerpetic whitlowHerpes gladiatorumHerpes simplex keratitisHerpetic sycosisNeonatal herpes simplexHerpes genitalisHerpes labialisEczema herpeticumHerpetiform esophagitisHerpes B virusB virus infectionVZVChickenpoxHerpes zosterHerpes zoster oticusOphthalmic zosterDisseminated herpes zosterZoster-associated painModified varicella-like syndromeBetaHuman herpesvirus 6/RoseolovirusExanthema subitumRoseola vacciniaCytomegalic inclusion diseaseGammaKSHVKaposi's sarcomaPoxviridaeOrthoVariolaSmallpoxAlastrimMoxVMonkeypoxCPXVCowpoxVVVacciniaGeneralized vacciniaEczema vaccinatumProgressive vacciniaBuffalopoxParaFarmyard pox: Milker's noduleBovine papular stomatitisPseudocowpoxOrfSealpoxOtherYatapoxvirus: TanapoxYaba monkey tumor virusMCVMolluscum contagiosumPapillomaviridaeHPVWart/plantar wartHeck's diseaseGenital wartgiantLaryngeal papillomatosisButcher's wartBowenoid papulosisE
pidermodysplasia verruciformisVerruca planaPigmented wartVerrucae palmares et plantaresBPVEquine sarcoidParvoviridaeParvovirus B19Erythema infectiosumReticulocytopeniaPapular purpuric gloves and socks syndromePolyomaviridaeMerkel cell polyomavirusMerkel cell carcinomaRNA virusParamyxoviridaeMeVMeaslesTogaviridaeRubella virusRubellaCongenital rubella syndrome ("German measles" )Alphavirus infectionChikungunya feverPicornaviridaeCAVHand, foot, and mouth diseaseHerpanginaFMDVFoot-and-mouth diseaseBoston exanthem diseaseUngroupedAsymmetric periflexural exanthem of childhoodPost-vaccination follicular eruptionLipschütz ulcerEruptive pseudoangiomatosisViral-associated trichodysplasiaGianotti–Crosti syndromevteEradication of infectious diseasesEradication ofhuman diseasesSuccessfulSmallpox/Alastrim (Eradication of smallpox)Underway(global)Dracunculiasis (Eradication of dracunculiasis)Poliomyelitis (Eradication of poliomyelitis)Malaria (Eradication o
f malaria)Yaws (Eradication of yaws)Underway(regional)HookwormLymphatic filariasisMeaslesvaccineepidemiologyRubellaTrachomaOnchocerciasisSyphilisRabiesEradication ofagricultural diseasesSuccessfulRinderpest (Eradication of rinderpest)UnderwayOvine rinderpestBovine spongiform encephalopathyEradicationprogramsGlobalGlobal Polio Eradication InitiativeGlobal Certification CommissionMalaria Eradication Scientific AllianceRegionalUnited StatesBoll Weevil Eradication ProgramNational Malaria Eradication ProgramIndiaIndia National PolioPlusPulse PolioPoliomyelitis in PakistanEvery Last ChildThe Final InchRelated topicsGlobalization and diseaseMathematical modelling of diseasePandemicTransmissionhorizontalverticalVaccinationZoonosisතක්සෝන හැඳිනුම්Wikidata: Q11877169CoL: 7FHPPEoL: 540219IRMNG: 11461155NCBI: 10255vteබෝවන රෝග සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාවක්ෂේත්‍ර(ව්‍යාධිජනකයන්)Major diseasesබැක්ටීරියාවේදය (බැක්ටීරියා)කොලරාවඩිප්තීරියාවලාදුරුඋපදංශය (සිෆ
ිලිස්)ක්‍ෂය රෝගයවෛරසවේදය (වෛරස, ප්‍රියෝන)ඒඩ්ස්ඉන්ෆ්ලුවෙන්සාසරම්පපෝලියෝවසූරියදිලීරවේදය (දිලීර)AspergillosisCandidiasisTineaපරපෝෂීවේදය (ප්‍රොටෝසෝවා, helminths)ඇමීබික අතීසාරයකොකු පණුමැලේරියාවSchistosomiasisEntomology (බහිෂ්පරපෝෂිතයන්)LiceScabiesවැදගත් පුද්ගලයින්ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංඑඩ්වඩ් ජෙනර්Robert Kochලුවී පාස්චර්ඉග්නස් සෙමල්වයිස්අදාළ මාතෘකාප්‍රතිජීවකEradicationමහා වසංගත (Pandemic)සම්ප්‍රේෂණයhorizontalverticalඑන්නත්කරණයZoonosisඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesJapanCzech Republicවෙනත්Historical Dictionary of SwitzerlandNARA"ද ටෘත්"ද එක්ස්-ෆයිල්ස් කථාංගයකථාංග අංකය.කථාවාරය 9කථාංගය 19 & 20අධ්‍යක්ෂණය කළේකිම් මැනර්ස්ලියනු ලැබුයේක්‍රිස් කාටර්නිෂ්පාදන කේතය9ABX19[1]9ABX20[1]මුල් තිරගත දිනයමැයි 19, 2002 (2002-05-19)ධාවන කාලයමිනිත්තු 87[2]ආරාධිත නළුනිකොලස් ලී, ඇලෙක්ස් ක්‍රයිචෙක් ලෙසකනිෂ්ඨ ජේම්ස් පිකන්ස්, ඇල්වින් කර්ෂ් ලෙසලෝරී හෝල්ඩන්, මරීටා කොවරූබියස් ලෙසජෙෆ් ගුල්කා, ගිබ්සන් ප්‍රේස් ලෙසක්‍රිස් ඕවන්ස්, ජෙෆ්රි ස
්පෙන්ඩර් ලෙසAdam Baldwin as Knowle RohrerWilliam B. Davis as The Smoking ManSteven Williams as XBruce Harwood as John Fitzgerald ByersDean Haglund as Richard LanglyTom Braidwood as Melvin FrohikeMatthew Glave as KallenbrunnerAlan Dale as Toothpick ManWilliam Devane as General Mark A. SuvegPatrick St. Esprit as Dark-Suited ManJulia Vera as Indian Woman[3]කථාංග කාලානුක්‍රමය← පෙර"Sunshine Days"ඊළඟ →අයි වෝන්ට් ටු බිලීව් (චිත්‍රපටය)"මයි ස්ට්‍රගල්"ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව"සත්‍යය" "The Truth" වනාහි ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කථා මාලාවක් වූ ද එක්ස්-ෆයිල්ස් හි 201 වැනි හා 202නි කථාංගයන් සඳහා යොදාගත් නාමයයි. නමවැනි කථා මාලාවේ අවසාන කථාංග වූ මේවා මුලු කථාංග මාලාවලම අවසානයට සටහන් යෙදීය. කථාංග දෙකම එකවර ෆොක්ස් මාධ්‍ය ජාලය ඔස්සේ 2002 වසරේ මැයි මස දහනම වන දින විකාශනය කල අතර රචනා අයිතිය ක්‍රිස් කාටර් ද අධ්‍යක්ෂනය කිම් මැනර්ස් ටද හිමිවිය. "සත්‍යය" ඇමරිකානු ජනයාගෙන් වැඩිම පිරිසක් නැරඹූ නමවැනි කතාංග මාලාවේ කතාංග වන අතර නේල්සන් ආයතනයේ 7.5ක තක්සේරු කිරීමක් ලැබීය.මුල් දිග
හැරුමේදීම ඇමරිකානු ජනගහනයෙන් 7.5% ක ආකර්ෂනය දිනා ගත් අතර එය ආසන්ව මිලියන දහතුනක් පමන වේ. විචාරකයන් රාශියක් මෙහි අවසානය විවේචනාත්මක මුඛයෙන් බැහැර කල අතර තව පිරිසක් ඩේවිඩ් ඩකෝව්නිගේ ආගමනය සහ කතාංගයේ ලද නිගමනය පැසසීය. මෙය දිගහැරෙන්නේ සම්මත විද්‍යා ගවේෂන වලට පරිභාහිර වූ සිද්ධි අඩංගු එක්(ස්) ෆයිල්ස් හි ගැටළු අධ්‍යයනය කරන නියෝජිතයන් වටාය. මෙම කථාංග මාලාවේ කේන්ද්‍රගත කරනුයේ ජෝන් ඩොගට් (රොබට් පැට්‍රික්), මොනිකා රියෙස් (ඇනබෙත් ගිෂ්) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) ගේ අන්වේක්ෂණයන්ය.මෙම කථාංගයේදී(එපිසෝඩයේදී), අවසාන වසරේදී ෆොක්ස් මෝල්ඩර්ගේ හෝඩුවාවක් නොලැබෙන නිසා වෝල්ට(ර්) ස්කිනර්(මිච් ප්ලෙගි) සහ ස්කලි සොයාගන්නවා මෝල්ඩර් විසින් සිදුනොකල හමුදා නිළධාරියෙකුගේ මිනීමැරුමක් සම්බන්ධව රජයේ රහසිගත "විශේෂ සොල්දාදුවන්" ගෙන් කෙනෙක් වන නොවෙල් රොහර් (ඇඩම් බෝල්ඩ්වින්) ඔහුව රදවාගෙන සිටින බව. මෝල්ඩර් විසින් ස්කිනර්,රියෙස්,ඩොගෙට්,ස්කලි හා එල්වින් කර්ෂ් ගේ උදව් සහිතව සිරගෙයින් පලායන අතර ස්කලි සමඟ එක්වී නව මෙක්සිකෝ හි හෙලිකොප්ටර් විනාශ වන ඇනසාසි කඳු ප්‍රපාත දිගේ පදිංචි වීමට ස්මෝකින් මෑන් (දුම් බොන මිනිසා) සමඟ
එක්වී ගමන් කරනවා.මෙම කථාංගයෙහි ප්‍රධාන ලක්ෂනය වන්නේ අටවැනි කථාංග මාලාවේ අවසානයේ නික්ම යන ඩකොව්නි(මෝල්ඩර්) ගේ යළි පැමිනීමයි. "සත්‍යය" දීර්ඝ කාලීන වෘතාන්ත වලට නැවතීමේ තිත තැබූ අතර එය නව චිත්‍රපට සඳහා මුල පිරීමක් විය.කැමරාකරණ කටයුතු සඳහා කැලිෆෝනියාවේ විවිධ ස්ථාන පාදක කරගත් අතර ඒ අතර ජල විදුලි බලාගාරයක්ද විය.කාටර් දෙවැනි වතාවට එක්ස් ෆයිල්ස් භාවිතයෙන් චිත්‍රපටයක් නිපදවූ අතර එය එක්ස් ෆයිල්ස්/වෝන්ට් ‍ටු බිලීව් නම් විය. මෙහි ලද ප්‍රසිද්ධිය නිසාම තෙවැනි චිත්‍රපටයක් සඳහා නෙත යොමුවී ඇති අතර එයට "සත්‍යය"හි ගෙනහැර දැක්වූ පාරබෞම ආක්‍රමණය ඉලක්ක වී ඇතකථාංගය[සංස්කරණය]මවුන්ට් වෙදර් හමුදා කඳවුරේදී, ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩකොව්නි) රජයේ නිළධාරීන් කිහිප දෙනෙකු සමඟ පෙනී සිටියේය. ඔහු ඉතා ආරක්ෂිත පරිගනක පද්ධතියක් ආධාරයෙන්, විශේෂයෙන් වර්ගීකරනය කරන ලද ලිපි ගොනු වෙත පිවිසියේය.මේ ලිපි කියවීමෙන් ඔහු කම්පනයට හා ආකූලභාවයට පත් විය.මේ ග්‍රහලෝකයේ පිටසක්වල හමුදාවන්ගේ අවසාන පදිංචි කිරවීම පිලිබඳ තොරතුරු එහි අඩංගු විය. දිගටම කියවීමට අවස්ථාවක් ලැබීමට ප්‍රථම, තවත් පුද්ගලයෙක් තමා දෙසට පැමිනෙන ශබ්දය මෝල්ඩර්ට ඇසුනි.ඔහු සැන
ෙකින් සැඟවී බලා සිටි අතර නෝල් රෝර(ර්)(ඇඩම් බෝල්ඩ්වින්) පරිගනක පද්ධතිය වෙත ඇතුල්වන අයුරු නිරීක්ෂනය කලේය.නෝල් රෝර(ර්),ජෝන් ඩොගට්(රොබට් පැට්‍රික්)ගේ මිතුරෙකු ලෙස කලකට ඉහතදී සිටි අතර මේ වන විට ඔහු ආපසු වෙනස් කල නොහැකි පරිදි සතුරු "සුපිරි සොල්දාදුවෙක්" බවට පත්කර තිබුනි.පරිගනක පද්ධතියට කිසිවෙකු ඇතුල්වී ඇති බව රෝර(ර්)ට ක්ෂනිකව අවබෝධ විය. මෝල්ඩර් රෝර(ර්)ට පහර දිමට උත්සාහ කලත් රෝර(ර්) එය මැඩ පවත්වා ගනී.ඉන්පසු මෝල්ඩර් උමතුවෙන් මෙන් දිව ගියත් රෝර(ර්) පසෙකින් විත් ඔහුව වට කර ගනී.ඉතා දරුනු පොරබැදීමකින් මේ දෙදෙනා අතර සිදුවන අතර මෝල්ඩර් ඇවිදින මංතීරුවෙන් ඉවතට රෝර(ර්)ව විසි කරයි.රෝර(ර්) වැටෙනුයේ අධිවෝල්ටීය කම්බි ‍රැහැන් උඩට ය. විදුලිබලය ශරීරයට වැදීම නිසා රෝර(ර්) මිය යයි. මෝල්ඩර් පැන යාමට උත්සාහ කලද එසැනින්ම ඔහු සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ අත් අඩංගුවට පත් වෙයි.මෝල්ඩර් අත් අඩංගුවට පත් වීමේ සිද්ධිය එෆ්.බී.අයිF.B.I ආයතනයට සැලවෙන අතර ඔහුගේ නැවත මතුවීම විශේෂයෙන් මෙවන් දරුනු ආකාරයකින් ඔහුගේ මතුවීම නිසා ස්කලී හා වෝල්ටර් ඔහුව බැලීමට පිටත් වෙයි. ඔහු අසුවී සිටි කාලයේදී ඔහුගේ අතීතයේ මායා කරුවන් දෙදෙනා වන ඇලෙක්ස්
ක්‍රයිසෙක් සහ එක්ස් විශ්මයජනක ලෙස ඔහු හමුවීමට පැමිනෙයි. මේ අතර ස්කලී හා ස්කිනර් මෝල්ඩර් නිදහස් කරගැනීමට විශාල උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය.මෝල්ඩර්ගේ දෛවය වූයේ අවසනදී යුධ අධිකරනයට භාජනය වීමයි.මෝල්ඩර්ට විරුද්ධව ගොනු කල ප්‍රසිද්ධ නඩු විභාගයේ දී මෝල්ඩර් බලාපොරොත්තු රහිත ලෙස අසරණ වන බව ආරම්භයෙදීම පෙනී ගියා.ස්කිනර් මෝල්ඩර්ගේ විත්තිකරු ලෙස පෙනී සිටි අතර ස්කලි,ඩොගට්,මොනිකා රීස්(ඇනබත් ගිෂ්), මරිටා කවර්බස්(ලෝරේ හොල්ඩන්), ගිස්බන් ප්‍රේස්(ජෙෆ් ගුල්කා) හා ජෙෆ්‍රි ස්පෙන්ඩර්(ක්‍රිස් ඔවන්ස්) මෝල්ඩර් වෙනුවෙන් සාක්ෂි දුන්හ. පැමිණිලි පක්ෂය රෝරර් ගේ මෘත ශරීරය මෝල්ඩර්ට එහෙහි සාක්ෂි ලෙස ඉදිරිපත් කලේය.රෝරර් අදෘශ්‍යමාන "සුපිරි සොල්දාදුවෙක්" බව ස්කලී දැන සිටි අතර වෛද්‍ය පරීක්ෂනකකින් මෘත ශරීරය රෝරර් ගේ නොවන බව ඔප්පු කර පෙන්වීය. එසේ උවත් විත්තිය අවසානයේ පරජයට පත් විය. යුධ නිළධාරියෙක් මරනයට පත්කිරීම සම්බන්දව මෝල්ඩර්ට මරන දඬුවම නියම විය.නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇල්වින් කර්ෂ් මහතාගේ බලාපොරොත්තු නොවූ සහය නිසාවෙන් නියෝජිතවරු මෝල්ඩර්ට පැන යාමට උදවු කලහ.කැනඩාව හරහා මහද්වීපය අතහැර යාමට උපදෙස් ලැබී තිබුනත් මෝල්ඩර් ස්කලී සමග
නව මෙක්සිකෝව ට පලා යයි. සොගට් හා රේස් ඔව්න්ගේ කාර්යාලය හිස් බව දැන ගත්තා. එයින් ඇඟවුනේ එක්ස් ෆයිල්ස් තෙවනි වතාවටත් වසා ඇති බවයි මෝල්ඩර් හා ස්කලී ඇනසාසි වෙත පිවිසෙන්නේ "බුද්ධිමත් මිනිසා" සොයා ගැනීමේ අරමුනෙන්. ඔවුන් විශ්වාස කලා මේ "බුද්ධිමත් මිනිසා"ට මෝල්ඩර් කියවූ වර්ගීකරනය කරන ලද ලිපි පිළිබඳ යම් කිසි දැනුමක් ඇති බව. ඔවුන් සොයගත්තා මෙම ප්‍රසිද්ධ "බුද්ධිමත් මිනිසා" වෙන කවුරුත් නොව ස්මෝකින් මෑන් (විලියම් බී.ඩේවිස්) වන බව.ඔහු සැගවෙමින් සිටියේ සිදුවන බවට අනාවැකි පල කල ලෝක විනාශයෙන් බේරීමට.පිටත රේස් හා ඩොගට්, මෝල්ඩර් හා ස්මෝකින් මැන් මැරීමට පැමිනි රොරර් සමඟ සටන් කලා.ඔහු සුපිරි සොල්දාදුවෙක් නිසා කලින් වතාවෙ මියගොස් නැහැ.නටඹුන් වල තිබූ මැග්නටයිට් සුපිරි මනුෂ්‍ය ශරීරයට බලපෑම හේතුවෙන් මෙවර රෝරර් මිය ගියා.මෝල්ඩර් හා ස්කලීත් ඩොගට් හා රේස් මෝට(ර්) රථ මාරු කරගෙන එම ස්ථානයෙන් පිටත් වුනා.කළු හෙලිකොප්ට(ර්) පෙළ "ස්මෝකින් මෑන්" සමඟම කඳුකර වාසස්ථාන විනාශ කර දැමුවා.ඉන්පසු ඒවා වැරදි මෝට(ර්) රථය පි‍ටුපස හඹා යෑමට පටන් ගත් අතර ඩොගට් හා රේස් වේගයෙන් ඉවතට ඇදීයාම අවසාන දර්ශනය විය.නව මෙක්සිකෝවේ රොස්වෙල්හි කුඩා
හෝටල් කාමරයක මොල්ඩර් හා ස්කලී නින්දට සූදානමින් කතා කරමින් සිටියා.මෝල්ඩර් ඔහුගේ විශ්වාසය මේ අයුරින් විස්තර කලා."මිය යන අය අපිට අහිමි වෙන්නේ නැහැ.ඔව්න් අපට වඩා විශිෂ්ඨ වූ යමක කොටසක් වෙලා අපට කථා කරනවා.අපට වඩා සෑම පිටසක්වල හමුදාවකටම වඩා විශිෂ්ඨයි එය.ඉතින් ඔබ හා මා හට දැන් කිසිම බලයක් නැත්නම්,මා විශ්වාස කරනවා අපි ඇහුන්කම් දුන්නොත් ඔව්න් කියන දේට එය අපට බලය දෙයි ජීවිත බේරා ගැන්මට.සාර්ථකත්වය ලැබීමට තියෙන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රස්ථාවක් වුවත්,සමහරවිට අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි".[4][5]නිෂ්පාදනය[සංස්කරණය]Chris Carter ක්‍රිස් කාටර් විසින් මෙම කථාංගය රචනා කල අතර පෙන්වා දුන්නා "ඒක පුදුමාකාර හැගීමක් මේ වගේ දෙයක් ලියන එක එහි අවසානය බව දැන දැනම".[6]රචනය[සංස්කරණය]මෙම පරිච්චේදය ලියන ලද්දේ මාලා නාට්‍ය රචකයකු වෙන ක්‍රිස් කාටර් විසිනි.ඔහු මෙසේ සඳහන් කරයි."එය අවසානයයි.නැවත ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත.එම නිසා ඔබ මෙ කථාංගයට ඇතුලත් කලයුතුයයි සිතෙන සියලුම දේ ඇතුලත් කරන්න."[7]සැබැවින්ම සිදුවූ දෙය පිලිබඳ අපගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා වූ දේ තිබුනි."ඔහු ඔහුගේ අදහස පැහැදිලි කරනවා,ඔහුත් ඔහුගේ විධායක අධ්‍යක්ෂ ෆ්
‍රෑන්ක් ස්පොට්නිස් මහතාත් මෙසේ තීරනයකට එලඹුනු බව කියමින්."එය වෙන්න ඇති සමහරවිට නික්ම යාමට කාලය.ස්කලී කරන සමහර වැඩ දකින ඒ වගේම මෝල්ඩර් කියන කථා අහන අන්තිම අවස්ථාව බව දැන දැන මේ දේවල් ලියන එක ඇත්තෙන්ම පුදුමාකාර දෙයක්. කාටර් මෙම නිවේදනය ජනවාරියේදී කලා.එම නිසා කථා මාලාවේ අවසාන කොටස ගැන සිතන්නත්,සැලසුම් කරන්නත්,නලු නිළියන්ට හිඟ මුදල් ගෙවන්නත් කාලය ලැබුනා.ස්පොට්නිස් එසේ විස්තර කලේය.ඉන්පසු ගිෂ් මෙලෙස ප්‍රකාශ කලේය."ඔවුන් තිරය වැසීමෙදී යොදා ගන්නා මනරම් ක්‍රමය පිලිබඳ මගේ ඉමහත් ගෞරවය නිතැතින් හිමිවෙනවා."ජොනතන් බයර් චරිතයට පන පෙවූ [8] Actor නලු බෲස් හාවුඩ් අවසාන පරිච්ඡේදය "පරම්පරාවක නික්ම යාම" ලෙස නම් කලා අතර මේ පරිච්ඡේදයේ දර්ශන කිහිපයක්ම මූල ධාතුවේ ස්වරූපය පෙර කොටස් වලට නෑකම් කියයි.[8]මෝල්ඩ්ර් හා ස්කලී හෝටල් කාමරයක කතා කරමින් සිටින අවසන් දර්ශනය නියමු පරිච්ඡේදය සිහි ගන්වයි. pilot episode.[9] තවදුරටත් බැලීමේදී පිටසක්වල ජීවීන් 2012.12.22 දින පැමින පදිංචි වීමට සැලසුම් සකස් කර ඇති බව "ස්මෝක් මෑන්" විසින් හෙලිදරව් කරනවා.එය මායා වරුන් ගේ අනාගත වාක්‍යට අනුව සිදුවන සංසිද්ධියක්.මෙය එක් අතකින් දෙවන කොටස
"රතූ කෞතුකාගාරය" වෙත නැවත දිවයාමක් වැනියි. 2012 නව වකවානුවක ආරම්භය සනි‍ටුවහන් කරන බව විශ්වාස කරන නව ආගමික ව්‍යාපාරයේ සාමජිකයන් ගැන එහි කියවෙනවා. එක්ස් ෆයිල්ස් - "මට විශ්වාස කිරීමට අවශ්‍යයි" 2008 වසරේ චිත්‍රපටමය ප්‍රදර්ශනය ආරම්භයට පෙර, ඉදිරියට ඇතිවන්නට නියමිත පිටසක්වලයන්ගේ ආක්‍රමනය අරමුනු කරගත් තුන්වන චිත්‍රපටයක් සෑදීමේ අභිමථාර්ත හෙලි කරන ලදී. [10][11][12] එසේම එය සෑදීම දෙවන චිත්‍රපටයේ සාර්ථකත්වය මත රදා පවතින බවද පැවසීය. 2012 සැප්තැම්බර් වන තෙක් ෆොක්ස් සමාගම නව චිත්‍රපටය අනුමත කර නැහැ.එසේ වුවත් කාටර්,ස්පොට්නිට්ස්,ඩකොව්නි හා ඇන්ඩර්සන් සියලු දෙනාම නව චිත්‍රපටය සෑදීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා.[13][14][15]රංගනය[සංස්කරණය]"සත්‍යය" සටහන් කළා ඩේවිඩ් ඩකොව්නි ගේ පුනරාගමනය ෆොක්ස් මෝල්ඩර් ලෙසමෙම එපිසෝඩයෙදී(කථාංගයේදී) අටවන කථාමාලාවේ අවසාන එපිසෝඩයේදී වෙන්ව යන ප්‍රධාන නලු ඩකොව්නි(මෝල්ඩර්) ගේ ආගමනය සිදුවේ."සත්‍යය" එපිසෝඩයේදී ප්‍රධාන චරිත පහ වන ඩකොව්නි,ඇන්ඩර්සන්,පැට්‍රික්,ගිෂ්,පිලෙගි සම්මානයෙන් පුද ලැබීය.මෙම එපිසෝඩ දෙකෙදීම හා කථාංගමාලා පෙරහුරුවෙදී අනිවාර්ය චරිත තුන ලෙස පෙනී සිටියේ මෝල්ඩර්,ස
්කලී හා ස්මෝකින් මෑන් ය.කථාමාලා නමයෙහි මෙය ඩකොව්නි පෙනී සිටි සිව්වන කථාංගය විය.මේම කථාංග මලාවේ මීට පෙර එපිසෝඩ තුනකට පමනක් ඩකොව්නි පෙනී සිට ඇත.ඒම එපිසෝඩ වනුයේ "ට්‍රස්ට් නම්බර්", "ජම්ප් ද ෂාර්ක්" හා "විලියම්" ය.මෙම එපිසෝඩ පසුගිය එපිසෝඩ වලදී මරණයට පත්කල හෝ කතාවෙන් හැරගිය පිරිසකගේ පැමිණීම නැවත සටහන් කරන්නක් විය. මීට උදාහරණ ලෙස කථාංගමාලා හතරෙහිදී මුල් කථාංගයේදී මිය යන "එක්ස්()", රෙක්වියම් කථාංගයේ දී මිය යන "ස්මෝකින් මෑන්", අටවැනි කථාංගමාලාවේ "විත් අව්ට්" කථාංගයේ අවසන් වරට පෙනී සිටි ගිබ්සන් ප්‍රයිස්, නමවැනි කථාංග මාලාවේ "ජම්ප් ද ෂාර්ක්" කථාංගයේදී මරා දමන ලෝන් ගන්මන්, හය වැනි කථාමාලාවේ "වන් සන්" කථාංගයේ මරා දමන ජෙෆ්‍රි ස්පෙන්ඩර් සහ හත්වන කථාමාලාවේ අවසානයට පෙනී සිටි මාරිටා කොවරුබියස් පෙන්වා දිය හැකිය.විශේෂයෙන් මෙම කථාංගය පුනරාවර්තී චරිතයක් වන ෂැනොත් මැක්මැහෝන් හට විශේෂ අවස්ථාවක් විය.නිළි ලකී ලෝලස් දෙවනි කථාංගය අතර ගැබ්ගත් අතර ඉන්පසු කථාංග වලට ඇයගේ දායකත්වය නොලබිනි.නිළි ජූලියා වෙරා හට භාර දුන් චරිතය වූයේ ඇන්සාසි නටඹුන් වල "ස්මෝකින් මෑන්" හට උදව් කරන ගැහැනියගේ චරිතය රඟපෑමටය.ඇය ඊට පෙර තිරගත වු ක
ථාංගයක් වන ""ඩ්‍රීම් ලන්ඩ්" හිද රංගන දායකත්වය සැපයූ කෙනෙකි. කථාංගයේ අවසාන දර්ශනයෙහි ටූත්පික් මෑන් (පිටසක්වල නායකයා) ගේ චරිතය පණ පෙවූ ඇලන් ඩේල් ඔප් නංවා පෙන්වන්නට වෑයම් කලහ. එහිදී ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් ගේ චරිතයේ සිටි ගැරී නිව්ටන් හට මෝල්ඩර් ගේ පලායාම ගැන කියන දර්ශනය ඇතුලත් විය.එය රූපකරණය වුවද තිරගතකරණය ට යොදාගත්තේ නැත.එය මෝල්ඩර් හා ස්කලී අතර ඇතිවන අවසන් ජවනිකාව තරම් ගැලපීමක් නැති බව ප්‍රධාන නිෂ්පාදක ෆ්‍රෑන්ක් ගේ මතයයි.නිෂ්පාදකවරු විස්තර ප්‍රකාශයේදී කියා සිටි කරුණක් වූයේ ඔව්න් ඕවල් ඔ‍ෆිස් සංකීර්ණයේ දර්ශනයක් කිරීමට ඔවුන් සලකා බැලූ බවයි. රූපගතකරණය[සංස්කරණය]ඇන්සාසි කඩාවැටීම රූගත කිරීම ඇන්සා බොරෙගෝ උද්‍යානයකථාංගයේ හයවන අවධියේ කොටසක්,හත,අට,නමය වැනි බොහෝමයක් කථාංග අවධි රූපගත කර ඇත්තේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ය.මුල්ම දර්ශනය, එනම් මෝල්ඩර් යුධ හමුධා මූලස්ථානයකට කඩා වැදීම රූපගත කර ඇත්තේ කැලිෆෝනියා වේ නැගෙනහිර පිහිටි ජල විදුලි බලාගාරයක වේ.කථාංගයේ ඇතුලත් වන කාමර,බලාගාරයේ ප්‍රධාන කාමර වන අතර ඒවා එක්ස් ෆයිල්ස් නිර්මාණ කණ්ඩායම විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා ය. බහුතරයක් අලංකරණ සහ අභ්‍යන්ත
ර දර්ශන සිදුකර ඇත්තේ දෘශ්‍ය කාර්ය කණ්ඩායම විසින් වන අතර දර්ශනයෙදී සජීවී ජීවිතයේදී දැකගත හැකි එකම දෘශ්‍ය කොටස වන්නේ වතුර පොම්ප කරනු ලබන විශාල උත්පාදක යන්ත්‍රයයි. බිල් රෝයි නමැති මෙම කතාවේ සිනමා යන්ත්‍රිකයා,දර්ශන තලයේ ආලෝකකරණ කටයුතු සඳහා දින 4-5 ගත කොට ඇත.කිම් මැනර්ස් ඔහුගේ ක්‍රියාව පිළිබඳ අදහස් දැක්වූයේ එය විශිෂ්ට ක්‍රියාවක් ලෙසටයි. ප්‍රධාන පරිගණක පර්යන්ත කාමරයේ දර්ශන රූපගතකර ඇත්තේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක් මත වන අතර එම දර්ශන තලය කණ්ඩායම විසින්ම නිර්මාණය කරන ලද්දකි. මෝල්ඩර්ට යුධ හමුදා අරක්ෂකයන් විසින් වධ දෙන දර්ශනය,කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි පිහිටි ෆෝර්ට් මැක් ආතර් නම් අත්හැර දැමූ හමුධා මූලස්ථානයක රූපගත කර ඇත.එමෙන්ම කැලිෆෝනියාවේ සැන් පෙඩ්‍රෝ හි සාගර ක්ෂීරපායී සු‍රැකීමේ මද්‍යස්ථානයේද රූප ගත කිරීම සිදුකර ඇත. මැනර් විසින් සිදුකල වඩාත්ම අභියෝගත්මක රූප පෙළ වූයේ අධිකරණ ශාලාවේ රූප ගත කිරීමයි. අධිකරණ ශාලාවේ කිසිඳු ප්‍රේක්ශකයෙක් හෝ ජූරියක් නොමැතිවීම කාටර්ට අවශ්‍ය විය.එනම් ඔහුට අවශ්‍ය වූයේ එක් එක් දර්ශනය සීමිත නළුවන් ප්‍රමානයක් සහිතව සහ ඔවුන්ව නැවුම් ලෙස තබා ගනිමින් දර්ශන පටිගත කිරීමයි. පි‍ටු
හතලිහකින් සමන්විත අධිකරණශාලා දර්ශනය මැනස් විසින් දර්ශනය කිරීමට බිය වූයේ එහි මූලිකවම වසර නමයක එක්ස් ෆයිල්ස් ඉතිහාසයේ පුනරාකථනයක් සිදුවන බැවිනි. කොරි කේප්ලන් මෙහි දර්ශන තලය නිර්මානය කරන ලදී.කැලිෆෝනියාවේ බොරිගෝ ස්ප්‍රින්ග්ස් හි පිහිටි ඇන්සා බොරිගෝ උද්‍යානයෙහි ඇන්සාසි නටඹුන් ඉදි කරන ලදී. එම ස්ථානය භාර වූ කළමනාකරු මැක් ගොර්ඩ්න් පැවසූ පරිදි එම ප්‍රදේශයේ කලු අං මැඩියන් හිඟවූ නිසා ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් ජීව විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ උදවු සහිතව ක‍ටුස්සන් එම ප්‍රදේශයේ ඔබ මොබ සැරිසැරීමට සලස්වන ලදී.ඊට අමතරව එම උද්‍යානයේ නටඹුන් ආකාර ඉදිකිරීම් නිර්මානය කිරීමට සහ එම නටඹුන් පුපුරුවා හැරීමට උයන්පල්ලන් පොලඹවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.ඔහු වැඩි දුරටත් විස්තර කරමින් "අපි දර්ශනගත කිරීම් සිදුකලේ රජයට අයත් ප්‍රධාන පාරෙන් ඔබ්බෙහි වූ උද්‍යානයක.නමුත් මම කියූ විට අපට ඉන්දියානු නටඹුන් ගොඩනැගීමට සහ ඒවා පුපුරුවා විනාශකිරීමට සිදුවන බව ඔවුන් සුදුමැලි වුනා ".කෙසේ වෙතත් "ස්මෝකින් මෑන් ගේ දර්ශනගත කිරීම් සිදුකලේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක පි‍ටුපසයි.මැක්ස් සඳහන් කල පරිදි "අ හෙල් ඔෆ් අ ට්යිම්" හි ඩේවිස් උ
ත්සාහ දරමින් සිටිනවා ඔහුගේ ගෙලෙහි ඇති ව්‍යාජ සිදුරකින් සිගරට්‍ටුවක් දැල්වීමට."ද ස්මෝකින් මෑන්" දර්ශනයේ සිටින මිනිසා ගිනිගෙන දැවෙන්නේ පරිගණක මායාවකින් සෑදූ මිසයිලයක ගින්නෙන්.මිසයිල නිර්මාණය සජීවීකරන ශිල්පී මැට් බෙක් විසින් CGI තාක්ෂනය උපයෝගී කර ගනිමිනි.කෙසේ වුවත් "ද හෙලිකොප්ටර්" කථාංගයේ සත්‍ය දුම් බෝම්බ යොදා ගැනුනි.එක් දර්ශනයක විලියම් බී.ඩේවිස්, ගින්නෙන් දැවී ගොස් අවසානයේදී හිස් කබල පමනක් ඉතිරි කරමින් "ස්මෝකින් මෑන්" ගේ මස් දැවී ඉවත්ව යයි.පෝල් රබ්වින් පසුව පැවසූයේ එම දර්ශනය විශිශ්ට සිද්ධි දාමයක් බවයි.කථාංගයේ අවසාන දර්ශනය සිදුකෙරුනේ ඇන්ඩර්සන් හා ඩකොව්නි වන අතර මැක්ස් විසින් පැවසූ පරිදි එය අතිශය අසීරු කටයුත්තක් වූයේ හැඟීම්ගර වූ නිසාය.ඔහු සඳහන් කරන පරිදි එම දර්ශනය,විශ්වාස කල මිනිසෙකු සහ සංශයවාදී වූ ගැහැනියක පසුව විශ්වාස කරන්නෙකු බවට පත්වීම පිළිබඳ වන කථාංග සියල්ලේම සාරංශය බවයි.එම දර්ශනය රූපගත කරන ලද්දේ "ලා ක්‍රෙසෙන්ටා" නම්වූ සැබෑ නැවතුම්පොළකයි. මෙම ස්ථානය "Sein Und Zeit", "This is Not Happening" කථාංග මාලාවලදී පෙර යොදා ගැනුනි.තේමාවන්[සංස්කරණය]මම විශ්වාස කිරීමට අවශ්‍යයි...මැරුනු අය අ
පිට අහිමි වෙන්නේ නෑ කියලා.ඒ අය අපිට කථා කරනවා...යම් දෙයක කොටසක් විදියට අපිට වඩා වටිනාකමක් තියනඕනම පිටසක්වල හමුදාවකට වඩා වටිනාකමක් තියන. ඔයා හිතනවනම් අපිට දැන් බලයක් නෑ කියලා,මම විශ්වාස කරනවා අපි අසාගෙන සිටිනවනම් කථා කරන දෙයට ඒකට දෙන්න පුලුවන් අපිට බලය අපිව ආරක්ෂා කරගන්න. —ෆොක්ස් මෝල්ඩර්.ආගමික ස්වරයක් මඟින් මේ කොටස පෙන්වා දෙනවා දාර්ශනවාදී අවධානයක් [16]අවසාන දර්ශනයේ ඇති මෝල්ඩර්ගේ සහ ස්කලීගේ සංවාදය, කර්තෘ වී.ඇලන් වයිට් පරික්ෂාකොට ඇත්තේ එමඟින් ආගමික හැඩක් ප්‍රත්‍යක්ෂ වන නිසාය.ඔහු විසින් ලියන ලද "ද ‍ෆිලොසො‍ෆි ඔෆ් ද එකස් ෆයිල්ස්" හි සඳහන් කර ඇත්තේ මෝල්ඩර් පවතින ආගමික ගතානුගතිකත්වයට අවමන් කිරීම සහ ඔහුගේ විචක්ෂන හා සියුම් දේවවාදය පිලිගැනීමයි. පසුගිය කථාංග වල ස්කලීගේ ක‍තෝලික වාදය ප්‍රධානව විදහා දක්වන මුත් මෝල්ඩර්ගේ සංවිධානාත්මක ආගම් සංකල්පය නොපිළිගැනීම පෙන්වනුයේ දේවධර්මධරයා අන්‍යමත නොයිවසන අයෙකු බව පෙන්වමින්ය.කෙසේ නමුත් "සත්‍යය(The Truth)" හි අවසාන පේළි කිහිපයේ මෝල්ඩර් විශ්වාසයන් ගැන කථා කරනුයේ අපර සහ පිටස්තර වෙනත් බලයන් අභිභවා යමිනි.වයිට් එම කරුනු සඳහන් කරන්නේ මෝල්ඩර් ස්කලීගේ රන් ක
ුරුසය එනම් ඇය බොහෝ කථාංග වල විශ්වාසයේ සංකේතයක් ලෙස තබාගත් දෙය ඩැහැ ගන්නා බව සදහන් කරමිනුයි.බොහෝමයක් කථාංගවලින් සහ ප්‍රධාන අංගයෙන් ජනප්‍රිය මිත්‍යාමත සහ පුරවෘත සන්සන්දනයක් සිදුකරයි.මිචෙල් බුෂ් ඇයගේ "මිත් එක්ස්()" පොතෙගි සඳහන් කරන පරිදි ජේසුතුමා අවසාන භෝජන සංග්‍රහයේදි යොදාගත් බඳුන (Holy Grail) මෝල්ඩර් සොයා යාමේදී, මෝල්ඩර් සහ ස්කලී එම බඳුන ඇති මන්දිරයට ගමන් කරන අතර එහිදී සොයාගන්නා ලද්දේ ‍ෆිෂර් රජු (Fisher King) නමැති තුවාල ලත් නයිට්වරයා එම රහස ආරක්ෂා කිරීමට ආරෝපිත වූ ස්මෝකින් මෑන් බවයි.තව දුරටත් බුෂ් කථාංග මාලාවේ අවසාන දර්ශනයේ සන්සන්දනය කරන්නේ මෝල්ඩර් විශ්වාස කරන පිට ග්‍රහලොවක ආක්‍රමනය සමඟ වරක් විවෘත කලවිට උග‍තෝකෝටික ප්‍රශ්න ඇතිවන පෙට්ටියේ පැන්ඩොරාගේ පෙට්ටිය (Pandora's Box) මිත්‍යා මතයයි.පුරාවෘතයට අනුව පරණ ග්‍රීක දෙවියන් නරකින් පිරවූ පැන්ඩොරාගේ පෙට්ටිය ඇයට විවෘත නොකරන ලෙසට පැවසුවත් ඇයගේ කුතුහලය නිසා එය නොපිළිගන්නා අතර ලෝකයට විවිධාකාර උපද්‍රව මුදාහැරීම සිදුකරන බවයි. බුෂ් තර්ක කරනු ලබන්නේ පිටස්තර ග්‍රහලොව ජීවීන් හා මනුශ්‍ය දෙමුහුම් ඇති කිරීමේ පර්යේෂණ වැනි පිටස්තර ග්‍රහලොව ඇති තාක්ෂනය මඟින්
කඩනලද සම්මේලය (Syndicate) පෙට්ටියේ අන්තර්ගතයට සමාන බවයි.ඇය සඳහන් කරන පරිදි එම අවස්ථා දෙකෙහිදීම මනුෂ්‍යයාගේ කුතුහලය ඔහුගේ කඩාවැටීම වන බවයි. කෙසේ වුවත් අවසානයේදී පැන්ඩෝරා පෙට්ටියේ මෙන්ම එකස් ෆයිල්ස් හි බලාපොරොත්තුව ඉතිරි වන බවයි. එය පැන්ඩෝරා පෙට්ටියෙන් ඉවතට යාමට ඉඩ නොදී ඉතිරිකරගත් එකම දෙයයි.විකාශනය හා සම්මාන[සංස්කරණය]2002 මැයි මස දහනව වන දින ෆොක්ස් ජාලයේ විකාශය කරන ලඳ "සත්‍යය(Truth)" කථාවේ නමව අවදියේ වැඩිම පිරිසක් නරඹන ලද කථාංග මාලාව බවට පත් වූයේ එයට වැඩිම නීල්සන් තක්සේරුව (Nielsen Ratings) ලබා දෙමිනි.නීල්සන් තක්සේරුව යනු ඇමරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී වැඩසටහන් වල ප්‍රේක්ෂක ප්‍රමානය හා සංයුතිය තීරනය කරනු ලබන ප්‍රේක්ෂක මිනුම් (Audience Measurement) ක්‍රියා පිලිවලකි. "සත්‍යය-"උපයාගත් තක්සේරුව ගෘහස්ත ගනනයට අනුව 7.5% කි. එය විකාශනය වූ මුල් දිනයේම මිලියන 7.91 ක් වූ නිවාස ප්‍රමානයක එය නැරඹූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් එය මිලියන 13 ක ප්‍රේක්ෂකයන් නරඹා ඇත.එය විකාශය වූ දිනයේ කථාංගය ප්‍රේක්ෂක ප්‍රතිචාරවල තෙවන ස්ථානයට පැවතුනේ Survivor: Marquesas සහ The Cosby Show ට පමනක් පි‍ටුපසින් සිටිමිනි
. කෙසේ වුවත් "සත්‍යය(The Truth)" අවසාන මහා තරඟයක් වූ වලට ඉදිරියෙන් ස්ථානගත වී තිබුනි.එක්සත් රජධානියේ හා අයර්ලන්තයේ කථාංග මාලාව මුල්ම වරට දර්ශනය 2012 සැප්තැම්බර් මස 06 වන දින ස්කයි 1 හි විකාශය වූ අතර මිලියන 1.03ක් වූ නරඹන්නන්ගේ ප්‍රතිචාර ලැබුනේ ස්කයි1 හි ප්‍රේක්ෂක මනාපයේ ප්‍රථම විකාශන 10 අතුරෙන් දෙවන ස්ථානයේ එය රඳවමිනි. එය දෙවනිවූයේ ද සිම්ප්සන්ට පමනි.එම කථාංගමාලාවේ The X-Files Mythology, Volume 4 – Super Soldiers ඇතුලත් වූයේ ය.මෙහි ප්‍රවේශයට ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර විවේචන ලැබුනි. ඊට ප්‍රධානතම හේතුව වූයේ මෙම කථාංගය ප්‍රේක්ෂකයන්ට නිගමනයක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීමයි. රොබට් ෂර්මන් හා ලාස් පර්සන් ඔවුන්ගේ "වෝන්ටින්ග් ‍ටු බිලීව්:අ ක්‍රිටිකල් ගයිඩ් ‍ටු ද එක්ස් ෆයිල්ස්,මිලේනියම් ඇන්ඩ් ද ලෝන් ගන්මන්" පොතෙහි කථාංගයට විෂම වූ විචාරයක් ලබාදී ඇති අතර තරු පහෙන් එකක් පමනක් ප්‍රධානය කර ඇත.තව දුරටත් ඔව්න් සදහන් කරන පරිදි කථාංගය සාරංශ කිරීමේදී බොහොමයක් ප්‍රශ්න වලට එය පිලිතුරු නොදෙයි.යූ.ජී.ඕ (UGO) විසින් කථාමාලාව 14වැනි "වර්ස්ට් සීසන් ‍ෆිනාලේ" සඳහා නම් කරන ලදී.එහි වාර්තා පෙන්වා දෙන
පරිදි මෝල්ඩර්ගේ පර්යේෂන කථාංගයේ ප්‍රධාන රහස්‍යභාවයන් වලට ඉතා සුලු සංතෘප්ත දායකත්වයක් අවසාන ප්‍රතිඵලය ලෙස ලබා දෙයි."සත්‍යය" මුල් දර්ශනය විකාශනයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් ලබා දුන් විවේචනයෙන් කියවෙන්නේ රූපවාහිනියේ තිරගත වූ වඩාත් විත්තෝපපාදක කථාංගය අවසානයේ බලාපොරොත්තු වූ දෙයෙහි අවසානයට ලඟා වූ බවයි.2011 වසරේදී ටීවී ගයිඩ් නෙට්වර්ක් (TV Guide Network) හි මෙම කථාංගයේ අවසානය විසිදෙවැනි ස්ථානයට ස්ථානගත කෙරුනේ මෙහි ඇති විවිධා කථාංග ක්ෂේත්‍රයේ විද්වතුන් හා රූපවාහිනී විවේචකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.ටොම් කෙසිනෙච් ඔහුගේ පොතෙහි වඩාත් ධානාත්මක ලෙස කථාංගමාලාව විශ්ලේෂනය කරමින් පවසා සිටින්නේ කිසිම දෙයක වෙසෙසියාවක් නොමැති බව අපට කියා දෙන බවය.කථාංගයේ අවසාන දර්ශනය මඟින් ඔහු තෘප්තියට පත්වන බවත් මෙම කථාවේ අවසානය කිසිවෙකු විසින් ගර්භවයට පත් නොකරනු ඇති බවයි.සටහන්[සංස්කරණය]වැඩිදුර කියවීමට[සංස්කරණය]පහළ සටහන්[සංස්කරණය]↑ 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;DVD2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ "The X-Files, Season 9". iTunes Store. Apple Inc. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6
, 2012.↑ The Truth — Cast Credits (DVD). The X-Files: The Complete Ninth Season: 20th Century Fox Home Entertainment. 2002.{{cite AV media}}: CS1 maint: location (link)↑ "The Truth". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.↑ "The Truth, Part Two". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;truthtruth නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Hurwitz and Knowles (2008), pp. 209–216↑ 8.0 8.1 Paul Rabwin (2002). Reflections on the Truth (DVD). The X-Files: The Complete Ninth Season: 20th Century Fox Home Entertainment.{{cite AV media}}: CS1 maint: location (link)↑ Kessenich (2002), p. 211↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;red2012 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ "The Truth". Kim Manners (director); Chris Carter (writer). The X-Files. Fox. No. 19 & 20, season 9. Retrieved on January 15, 2011.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;shear නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Gallman, Bret
t (අගෝස්තු 2, 2012). "Frank Spotnitz Still Wants to Do a Third 'X-Files' Film". Yahoo! Movies. Yahoo!. සම්ප්‍රවේශය සැප්තැම්බර් 7, 2012.↑ "'X-Files' Movie: David Duchovny Is In". The Huffington Post. AOL. අගෝස්තු 12, 2012. සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.↑ Marcus, Stephanie (අගෝස්තු 27, 2012). "Gillian Anderson: 'X-Files 3' Movie Is 'Looking Pretty Good'". The Huffington Post. AOL. සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;white නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිරූපගත කළ ස්ථාන[සංස්කරණය]Map all coordinates using: OpenStreetMap Download coordinates as: KMLග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]Bush, Michelle (2008). Myth-X. Lulu. ISBN 1435746880.Fraga, Erica (2010). LAX-Files: Behind the Scenes with the Los Angeles Cast and Crew. CreateSpace. ISBN 9781451503418.Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1933784806.Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Fil
es. Trafford Publishing. ISBN 1553698126.Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 097594469X.White, V. Alan (2007). "Freedom and Worldviews in The X-Files". In Kowalski, Dean A (ed.). The Philosophy of The X-files. University Press of Kentucky. ISBN 0813124549.භාහිර වෙබ් ලිපින[සංස්කරණය]විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: ද එක්ස්-ෆයිල්ස් රූපවාහිනිය ද්වාරයසැකිල්ල:Wikiaසැකිල්ල:Imdb episode"The Truth" සංරක්ෂණය කළ පිටපත පෙබරවාරි 18, 2020 at the Wayback Machine & "The Truth II" සංරක්ෂණය කළ පිටපත ජනවාරි 17, 2021 at the Wayback Machine at TV.comසැකිල්ල:TXF episodesE-Money යනුවෙන් අදහස් වනුයේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන මුදල් සඳහා යෙදුමයි. විද්යුත් මුදල් පහත කොටස් වලින් සමන්විත වේ.ඍජු බැර පැවරුම් (Direct Credit Transfer)ඍජු හර පැවරුම් (Direct Debit Transfer)ණය කාඩ්පත් (Credit Card)හර පත (Debit Card)පෙර ගෙවූ කාඩ්පත් (Pre Paid Card)[සංස්කරණය]මෙම
ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteඅන්තර්ජාලය උපයෝගී කැරගෙන මුදල් උපයීමද Internet Money ,Electronic money ලෙසද හදුන්වයි.ලෝකයේ වැඩිම අදායම් ලබන පුද්ගලයන් මෙම අන්තර්ජාලය භාවිතා කරමින් ඔව්න්ගේ ව්‍යාපාර වැඩි දියුණු කරගත්තෝ වෙති .ලෝකයේ අංක එකේ ධනවතා වන බිල් ගටෙස් තමාගේ අදායමෙන් විශාල ප්‍රමාණයක් මෙම අන්තර්ජාල ,පරිගණක සමග බැදී පවතී.ලංකාවේ ද බොහෝදෙනෙක් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් උපයිම සිදු කරනු ලබයි .Fiverr.com මෙහිදී තමාගේ ඇති විවිධ කුසලතාවන් ප්‍රයෝජනයට ගනිමින් මුදල් ඉපයීම සිදුකළ හැකිය.උදාහරණ ලෙස ඔබට Photo Editing,Writing,Video Editing ආදී වූ විවිධ සේවා ලබා දී ඒ වෙනුවෙන් මුදල් ඉපයීම කළ හැකි වේ.Youtube.comForex Trading
මෙය කොටස් වෙළඳපොළ වැනි ස්ථානයක් ලෙස හැදින්වීම නිවැරදිය.වර්ථමානයේ බොහෝ බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගයකි.අසීමිත ලෙස මුදල් ඉපයීම කළ හැකිය.නමුත් මෙහි අවධානමක්ද ඇති බව කිව යුතුය.Forex Trading ඉගෙනගැනීමට http://www.lakforex.com http://www.sumuforex.com/Binary Options TradingBinary options trading කියන්නේ අපිට ඉක්මනින් මුදල් උපයන්න පුළුවන් අවස්ථාවක්.මේකෙ Theary එක නං හරිම සරලයි.හැබැයි හොඳ Practice එකක් තිබිය යුතුයි.හොඳ Binary options trader කෙනෙක්ට 10$ කින් පටන් ගත්තත් අසීමිත ලෙස මුදල් උපයන්න පුළුවන්.මේක ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට මේකෙන් සුපිරියටම සල්ලි හොයන්න පුළුවන්. මේක ගැන එච්චර හොඳ අවබෝධයක් නැති කෙනෙක්ට  මේකෙන් සුපිරියටම සල්ලි නැති කරගන්නත් පුළුවන්.Binary options trading ඉගෙනගන්න http://www.sarusara.com/binary-options-sinhala/ඉහත දැක්වෙන්නේ ඔව්න් භාවිතා කරන විශ්වාසවන්ත වෙබ් අඩවි ඉන් කිහිපයකි .අන්තර්ජාලය හ
රහා මුදල් උපයිමේදී බොහෝ නවකයන් විවිධ ව්‍යාජ වෙබ් අඩවි වියාජ පුද්ගලයන්ට රැවටීමට ලක්වීම සිදුවේ.මෙවන් වියාජ පුද්ගලයන්ගේ ග්‍රහණයට හසු නොවී බුදිමත්ව අන්තර්ජාලය පරිහරණය කිරීම පරිශීලකයාගේ වගකීමකි.සාමන්යෙන් ලංකාවේ පුද්ගලයකු $300ක් පමණ උපයිමක් මාසිකව කරනවානම් බොහෝ දුරට ඔහු ඉන් සැහීමකට පත්වීම සිදුවේ. නමුත් ලෝකයේ අනෙක් රටවල අන්තර්ජාල හරහා මුදල් උපයන්න්න්ගේ මාසික අදායම $10,000 වත් වෙනවනම් පමණක් ඔව්න් සැහීමකට පත් වේ. එඅ නිසා ඔබත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හිතනවානම් ඔබගේ මාසික ආදායමේ ඉලක්කය අඩුම $5000ක් වත් තියාගන්න .ඔබට ලංකාවේ මෙන්ම ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වේගන යන අන්තර්ජාල මුදල් උපැයීමේ ක්‍රමයක් වන forex Trading පිලිබදව sinhala බසින්ම ඉගනගන්න අවශ්‍යනම් Sinhala forex Education වෙත යොමුවන්න .ට්‍රෝජන් යුද්ධයඇකිලීස් විසින් තුවාල ලත් පෙට්‍රෝක්ලස්හට උවටැන් කරන අයුරු(ඇටික් රතු-රූපය කීලික්ස්, වසර 500 පමණ ක්‍රිපූ)ග්‍රීක පුරාණෝක්තිය ප්‍රකාර, ඇකියන්වරුන් (ග්‍රීකයන්) විසින් ට්‍රෝයි නගරයට එරෙහිව ට්‍රෝජන් යුද්ධය මෙහෙයවන ලද්දේ පැරිස් විසින් ඇයගේ ස්වාමිපුරුෂයාවූ ස්පාර්ටාවෙහි රජු මෙනිල
ියස් වෙතින් හෙලන් කුමරිය පැහැර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම යුද්ධය ග්‍රීක පුරාවෘත්තවල වැදගත් සිදුවීමක් වන අතර ඉලියඩ් හා හෝමර්ගේ ඔඩ්සිහි (ග්‍රීක සාහිත්‍යයේ) බොහෝ ලෙස කියවේ. ට්‍රෝයිහි වටලෑම ඉලියඩ් හි විස්තර කර ඇති අතර ඔඩ්සි හි ආකේයියානු නායකයකු වූ ඔඩිසියස් නිවසට කළ චාරිකාව විස්තර කර ඇත. දැනට කැබලි ලෙස ඉතිරි ව ඇති මහා වීර කාව්‍ය ග්‍රන්ථවල යුද්ධයේ වෙනත් කොටස් සඳහන්ව ඇත. ග්‍රීක ශෝකාන්තය සඳහා මෙම කොටස් පාදක වුණි. තවද රෝම කවියන් වන වර්ජිල් හා ඕවිඩ් ද මෙය පාදක කර ගති.සටනට හි විසංවාදයට අධිපති දේවතාවිය වූ ඉරිස් “ලස්සනම තැනැත්තිය වෙනුවෙන්” ලෙස ලියා තිබූ විසංවාදයේ රත්‍රන් ඇපල් ගෙඩිය ඇතීනා, හේරා හා ඇප්‍රො‍ඩයිට් යන දේවතාවියන්ට දීමෙන් ඔවුන් තිදෙනා අතර ඇති වූ ආරවුල මෙම යුද්ධයට පාදක විය. දේවතාවියෝ පැරිස් වෙතට ගියහ. ඇප්‍රොඩයිට් ලස්සනම තැනැත්තිය යැයි කී කෙනාට ඇපල් ගෙඩිය හිමි වීමට නියමිතව තිබුණි. මාරුවීමකින් ඇප්‍රොඩයිට්, ලස්සනම කාන්තාව හෙලන්වලට ගියහ. මයිසීනයේ රජු අගමෙම්නොන් හා හෙලන්ගේ සැමියාගේ සොහොයුරා වූ මිනිලවුස් එකතුව ට්‍රෝයි වෙත ආකේයිසන් භට බලකායක් සමඟ චාරිකා කර නඟරය වසර දහයකට වටලෑහ. ආකෙයියන් ජාති
ක අකිලීස් හා අජක්ස් වැනි වීරවරුන්ගේ සහ ට්‍රෝජන් ජාතික හෙක්ටර් හා පැරිස් ගේ මරණ වලින් පසු ට්‍රෝජන් අශ්වයාගේ කූට උපාය හේතුකොටගෙන නඟරය පිරිහෙන්නට විය. ආකේයියන්වරු, ට්‍රෝජන්වරු මරා දමන්නටත් දේවස්ථාන අපවිත්‍ර කරන්නටත් පටන් ගත්හ. මේ නිසා දෙවියෝ කෝප වූහ. ආකේයියන්වරු ඉතා අඩු පිරිසක් නැවත ගම රට බලා ගිය අතර බොහෝ දෙනෙක් දුර වෙරළවල්වල ජනපද පිහිටුවා ගත්හ. පණ බේරාගත් ට්‍රෝජන්වරු ඉතාලියට යැවීමට පෙරමුණ ගත් එයිනියස් නම් ට්‍රෝජන්වරයා විසින් තම සම්භවය ඇති වූ බව රෝමවරු පසුව පසක් කර ගත්හ.පුරාණ ග්‍රීකවරු ට්‍රෝජන් යුද්ධය, ක්‍රි.පු. 13 හෝ 12 වන ශත වර්ෂයේ දී ඇති වූ ඓතිහාසික සිදුවීමක් ලෙස සිතූහ. තවද ට්‍රෝයි පිහිටා තිබුණේ වර්තමානයේ ඩර්ඩනිලිස් අසල තුර්කියේ යැයි ද විශ්වාස කළහ. නවීන කාලය වන විට යුද්ධය සහ නගරය යන දෙකම ඉතිහාසයට අයත් නැතැයි විශ්වාස විය. 1870 දී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ස්ක්ලිමත් විසින් මෙලෙස ට්‍රෝයි ලෙස හඳුන්වන ප්‍රදේශය කැනීම්වලට භාජනය කරන ලදී. එහි ට්‍රෝජන් යුද්ධය හා සම්බන්ධ ඓතිහාසික යථාර්තයක් ඇද්ද යන්න විවෘත ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ වටලෑම් පිළිබඳ කතාවස්තු හා ලෝකඩ යුග‍යේ මය
ිසීනියානු ග්‍රීකවරුන්ගේ චාරිකාවල එකතුවක් මෙම හොමෙර්ගේ කතාවල අඩංගු බව වුව ද බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මෙම කතාවේ කිසියම් ඓතිහාසික හරයක් ඇති බවයි.අධිකාරී පාලනය: ජාතික පුස්තකාල SpainFrance (data)GermanyIsraelUnited StatesCzech RepublicPolandආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල (උපත 1942) යනු ශ්‍රී ලංකාවේ හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙකි(2005 මැයි 20). ඔහු අාචාර්ය පෝල් ඊ. පී. දැරණියගල මහතාගේ පුත්‍රයෙකු වේ. 1968 වර්ෂයේදී ඔහු විසින් පාහියන් ලෙන ආශ්‍රිත ව ඉපැරණි මනුෂ්‍ය සුසාන සොයාගන්නා ලදී.[1]ජීවන තොරතුරු සහ සේවාව[සංස්කරණය]සිරාන් උපේන්දු දැරණියගල 1942 දී රත්නපුර දී උපත ලැබී ය. ඒ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයෙකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙස ය. ඔහුගේ මව ප්‍රීනි මොලමුරේ වූවා ය. මුත්තණුවන් වූයේ ශ්‍රීමත් දැරණියගල පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනයන් ය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම කේම්බ්‍රිජ් ත්‍රිත්ව විදුහලෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. ඒ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂය
යන්ගෙනි. ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම පුරාවිද්‍යා විෂයේ සෑම අංශයක ම දක්ෂතා පෙන් වූ හොදම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය. 1968 වසරේ දී ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේ ය. 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රථම වරට ඔහු විසින් කැනීමට ලක් විය. ඉන්පසු අදින් වසර 130 000ක් පැරණි ඉරණමඩු පාංශු සංගතිය යනුවෙන් හැදින්වෙන නැඟෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු විය. එම ගවේෂණයේන් ලබාගත් දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය උදෙසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ද හෙතෙම සමත් විය. [2]ඒ 1998 දී ය. 1992 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ සිරාන් දැරණියගල 2001 දක්වා ඒ තනතුරේ කටයුතු කළේ ය. මූලාශ්‍ර[සංස්කරණය]↑ ප්‍රි- ඇන්ඩ් ප්‍රොටාහිස්ටරික් සෙට්ල්මන්ට් ඉන් ශ්‍රී ලංකා↑ Siran Upendra Deraniyagala (Archaeological Department, Government of Sri Lanka)මෙම ලිපිය අනාථ ලිප
ියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)ලස්ට්, කෝෂන්ගොනුව:Lust caution.jpgTheatrical release posterTraditional色,戒Simplified色,戒MandarinSè, JièDirected byAng LeeProduced byAng LeeWilliam KongJames SchamusScreenplay byHui-Ling WangJames SchamusStarringTony Leung Chiu-WaiTang WeiJoan ChenLeehom WangMusic byAlexandre DesplatCinematographyRodrigo PrietoEditing byTim SquyresStudioFocus FeaturesRiver Road EntertainmentHaishang FilmsSil-Metropole OrganisationDistributed byFocus FeaturesHaishang FilmsEDKO FilmUniversal (DVD)Release date(s)අගෝස්තු 30, 2007 (2007-08-30) (Venice)සැප්තැම්බර් 24, 2007 (2007-09-24) (Taiwan)සැප්තැම්බර් 26, 2007 (2007-09-26) (Hong Kong)සැප්තැම්බර් 28, 2007 (2007-09-28) (United States)නොවැම්බර් 1, 2007 (2007-11-01) (China)Running time157 minutesCountryPeople's Republic of China Hong Kong Taiwan (Republic of China)United StatesLanguageMandar
inCantoneseShanghaineseEnglishJapaneseBudget$15 millionGross revenue$67,091,915මේ චිත‍්‍රපටය තැනුණේ ද අමෙරිකාව, චීනය හා තායිවානය ඒකාබද්ධ වීමක් හැටියටය. දේශපාලනයේදී එළිපිට එකිනෙකාට ඔරවන ඔවුහු වෙළඳ්‍රමේදී පමණක් එක මල්ලේ ලුණු රස බලන අයුරු කදිමය.ආංග් ලී නම් තායිවාන සිනමාකරුවා පිළිබඳ පූර්විකාවටත්, ඔහුගේ අලුත් චිත‍්‍රපටය වූ ලස්ට් කෝෂන් චිත‍්‍රපටය පිළිබඳවත් සටහනකට පිවිසිය යුත්තේ මේ කරුණු හොඳින් වටහා ගෙනය.1954 ඔක්තෝබර් 23 වැනි දින තායිවානයේ ගොවි පවුලක උපත ලද ආංග් ලී ගේ මවුපියෝ චීනයෙන් පළා ආ පිරිසක් විය. 1992 දී ආංග් ලී ජාත්‍යන්තර අවධානය යොමු කර ගත්තේ සිය මුල්ම කෘතිය වූ පුෂිං හෑන්ඩ් සමඟය.ද වෙඩිං බෑන්ක්වට් ඊට් ඩි‍්‍රන්ක් මෑන් ඇන්ඩ් වුමන් ඔහුගේ ඊළඟ චිත‍්‍රපටය විය.බොහෝ සිනමාකරුවන්ගේ මහ ප‍්‍රාණ හීනය වූ හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වීමට ආංග් ලී ට හැකි වූයේ එකී චිත‍්‍රපට නිසාවෙනි. එහෙත් හොලිවුඩ් සිනමාව යනු සිනමාකරුවන්ගේ ප‍්‍රකාශන මාධ්‍ය බිහි කරන්නක් නොවේ.එය ඔවුනට අවශ්‍ය සිහින චිත‍්‍රපට ලොව පුරා සිනමාකරුවන්ගේ නිර්මාණ ශාක්‍යතාව මත බිහි කරන පැක්ටේරියකි.එහි කර්තව්‍ය ගොඩ නැගෙනුයේ සිනමාකරුවන්ගේ අනන්‍යතා
වය රැකීම මත නොවේ. එබැවින් එහිදී බොහෝ සිනමාකරුවන් තනනුයේ හොලිවුඩයට අවශ්‍ය චිත‍්‍රපට පමණි.හැත්තෑව දශකයේ ලොව පුරා තරුණයන් හට මහත් ආශ්වාදයක් ගෙන දුන් විම් වෙන්ඩර්ස්, වුල්ෆ් හැන්ග් පීටර්සන් පමණක් නොව ආසියානු සිනමාවේ මහා පෙරළියක් කළ චීනයේ චෙන් කයින් පවා එහිදී හොලිවුඩ් හැඩ රුවට අනුව ගොඩ නැඟªනාහ.හොලිවුඩ් නගරය මත ගොඩ නැඟªණ සිනමාකරුවනට ද තම අනන්‍යතාවය සඳහා අරගලයක යෙදීමට සිදු විය.එහෙත් මේ අතර ආංග් ලීට අයත් වනුයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු හොලිවුඩ් සිට තැනූ චිත‍්‍රපට සඳහා ද තම අනන්‍යතාවය තහවුරු කර ගත්තේය. සෙන්ස් ඇන්ඩ් සෙන් සිබිලිටි, දි අයිස් ස්ට්‍රෝම්, ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ‍්‍රැගන්, බ්‍රෝක් බැක් මවුන්ටන් වැනි චිත‍්‍රපට එයට නිදසුන් වෙයි.ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ‍්‍රැගන් පවා හොලිවුඩයේ ඕනෑකමට තැනුණ ද ඉන් ගොඩ නැඟªණේ චීන සම්ප‍්‍රදායයි. ඉන් බැහැරව ඔහු අතින් තැනුනේ හල්ක් පමණි.ඔහුගේ නවතම චිත‍්‍රපටය ලස්ට් කෝෂන් තැනෙනුයේ මේ සියල්ලට පසුවය. එයට, ප‍්‍රසිද්ධියේ එදිරිවාදකම් ප‍්‍රදර්ශනය කරන අමෙරිකාව, චීනය හා තායිවානයට එක් වූහ.එපමණක් නොව චිත‍්‍රපටය තිරගතවීමේ දී චීනයේ තිරගත වූයේ අමෙරිකාවට වඩා මිනිත්තු 11 ක්
අඩු පිටපතකි. ඒ එහි තිබූ ඉතාම උද්වේගකර රාගික දර්ශන පෙළක් අධ්‍යක්ෂවරයා විසින්ම ඉවත් කරන ලද හෙයිනි.ලස්ට් කෝෂන් චිත‍්‍රපටයට චීන බසින් යොදා තිබූ නමෙහි අරුත රන් වළල්ලයි. මේ චිත‍්‍රපටයට පසුබිම් වනුයේ 1938 සිට 1942 දක්වා කාල පරිච්ඡේදයයි.මේ අවධියේ චීනයේ පැවැතියේ ජපානයට හිතවත් රූකඩ පාලනයකි. චිත‍්‍රපටය ඇරැඹෙනුයේ 1942 වසරේ හොංකොං නගරයෙනි. එහි ඉහළ පෙළේ කාන්තාවන් පිරිසක් සූදු කී‍්‍රඩාවක යෙදෙති.ඔවුහු මේ රූකඩ ආණ්ඩුවේ ඉහළ ධනවතුන්ගේ බිරින්දෑවරුන්ය. මේ අය අතරින් එකියක යී මහත්මියයි. ඇගේ සැමියා ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන්නෙකි. වෑංග් මේ පිරිස සමඟ සිටින තවත් කාන්තාවකි.එහෙත් මේ පුවත ඇරැඹෙනුයේ ෂැංහයි නගරයෙනි. ඒ 1938 වසෙර්ය. දේශානුරාගයෙන් මඬනා ලද අදහස් පිරි විශ්ව විද්‍යාල තරුණ පිරිසක් නාට්‍ය කණ්ඩායමක් බිහි කරනුයේ මේ අතරතුරය.ඔවුනගේ වෑයම රූකඩ ආණ්ඩුවට එරෙහිවීමය. ඔවුනගේ ප‍්‍රධාන නිළිය වනුයේ වෙයි ටෑංය. නාට්‍ය කණ්ඩායමේ නායකයා ක්වෑං නම් තරුණ සිසුවාය. ඔවුනගේ දේශපාලන කි‍්‍රයාදාමයේ ඊළඟ ඉලක්කය ‘දේශ ද්‍රෝහියෙකු’ වූ යී මරා දැමීමය. මේ සඳහා ඔවුන් උපයෝගී කොට ගන්නේ සුරූපී වෙයි ටෑංය.ලස්ට් කෝෂන් චිත‍්‍රපටය ඉතා විශිෂ්ට චිත‍්‍රප
ටයක් වනුයේ මිනිස් සිතුවිලි තුළට බසිමින් ඒ සමඟ ගොඩ නඟන දේශපාලන ප‍්‍රකාශයක් හේතුවෙනි.මේ චිත‍්‍රපටයේ එන ලිංගික දර්ශන රූ ගත කිරීමට පෙරාතුව යී ගේ චරිතය රඟපෑ ටෝනි ලෙවුං චියු චායිට චිත‍්‍රපට තුනක් නරඹන ලෙස අධ්‍යක්ෂ ආංග් ඉල්ලා සිටියේය.ඒ මාලන් බ‍්‍රැන්ඩෝ රඟ පෑ ලාස්ට් ටැංගෝ ඉන් පැරිස්, හම්ප‍්‍රි බෙගාට් රඟපෑ ඉන් අ ලෝන්ලි ප්ලේස් සහ රිචඩ් බර්ටන් රඟපෑ ඉක්විස්ය.මෙම ලිංගික ජවනිකා රූගත කිරීම පුරා දින 11 ක් සිදු කළ අතර ඒ සඳහා සහභාගි කර ගත්තේ කැමරා ශිල්පියාත්, ශබ්ද පටිගත කරන ශිල්පියාත් පමණි.ආංග් ලී මේ චිත‍්‍රපටය සඳහා තෝරා ගත්තේ චීන ලේඛක එයිලින් චෑන්ග් ගේ කෙටි කතාවකි. 1953 දී චෑන්ග් මුල් වරට ලියන ලද මෙම කෙටි කතාව එළි දුටුවේ 1979 වසරේදීය.එකී කාලය පුරා ඔහු විසින් මෙම කෙටි කතාව පෝෂණය කරන ලදී. එහෙත් මේ චිත‍්‍රපටය දුටු වර්තමානයේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මහලු කාන්තාවක වන ෂෙංග් ටිනාරු මෙම චිත‍්‍රපටය මගින් තම වැඩිමහල් සොහොයුරියට අපහාස වී ඇති වග පැවසුවාය.ඇගේ වැඩිමහල් සොහොයුරිය මේ ආකාරයටම චීනයේ සිදුවීමක කොටස් කාරියකව සිටියාය. එහෙත් මේ චෝදනාව වැඩි දුර දිග ගිය කාරණාවක් නොවීය.ලස්ට් කෝෂන් චිත‍්‍රපටය වෙයි ටෑං ගේ දේ
ශපාලන කලා ජීවිතය පමණක් නොව හොර රහසේ මිනිස් සිතුවිලි ද අප‍්‍රමාණ විශිෂ්ට ලෙස කේන්ද්‍ර කොට ගනී. එක් මොහොතක ගැහැනියක සිය ජීවිතය පුරා සෙවූ ඉලක්කය වෙනස් කරනුයේ ඇයි?එහි ඇත්තේ හුදෙක් රාගය පමණක්ම නොවේ. එය වඩා ගැඹුරු ලෙස විග‍්‍රහ කරන්නට ආංග් ලී සමත් වෙයි. එහි ප‍්‍රතිඵලය වූයේ පසුගිය වැනිස් සිනමා උළෙලේ දී හොඳම චිත‍්‍රපටයට පිරිනැමෙන ස්වර්ණ සිනමා සම්මානයෙන් ලස්ට් කෝෂන් පිදුම් ලැබීමය.එමෙන්ම එවර එම උළෙලේ හොඳම කැමරා ශිල්පපියා වූයේ එහි කැමරා අධ්‍යක්ෂණය කළ රොඩ්රිගෝ ප‍්‍රින්වෝය. වීරයන් බිහි වීම කොයි සැටි වෙතත් එක් නිමේෂයක එක් සිතුවිල්ලකින් ජීවිතය පමණක් නොව ඉතිහාසය පවා වෙනස් වෙයි.මේ අපූර්ව සිනමා නිර්මාණය වඩා බලසම්පන්න ලෙස අපට කියාපාන කරුණ එයයි.අපෝස්තුළුවරුන් සැත්තෑදෙනගේ අයිතොනය.ගෝලයන් සැත්තෑදෙන හෝ ගෝලයන් සැත්තෑදෙදෙන ( නැගෙනහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි අපෝස්තුළුවරයන් සැත්තෑදෙන ලෙසින් හැඳින්වෙන) යනු ලූක් තුමන්ගේ සුබඅස්නෙහි 10:1–24 දක්වන පරිදී ජේසුස් වහන්සේගේ මුල් ශිෂ්‍යයන් වූහ. ඔවුන් පිළිබඳ දැක්වෙන එකම සුබඅස්න වන ලූක් තුමාගේ සුබඅස්න පරිදී, ජේසුස් තුමන් විසින් ඔවුන් පත් කොට ඔවුන් යුගල වශයෙන් ප
ිටත් කොට යැවුවේ, ග්‍රන්ථ පෙළෙහි දැක්වෙන විශේෂිත මෙහෙයුම් සඳහාය. බටහිර ක්‍රිස්තියානි ආගමෙහි ඔවුන් සාමාන්‍යයෙන් දැක්වෙන්නේ, ගෝලයන් ලෙසින් වන අතර,[1] නැගෙනහිර ක්‍රිස්තියානි ආගමෙහි ඔවුන් සාමාන්‍යයෙන් දැක්වෙන්නේ අපෝස්තුළුවරයන් ලෙසිනි.[2]මුල් ග්‍රීක වචන භාවිතා කළ විට, මෙම අභිධාන දෙක පැහැදිලි ලෙසින් විස්තර කළ හැකි වන අතර, ඒ අනුව අපෝස්තුළුවරයෙක් වන්නේ කිසියම් ධර්මප්‍රචාරයක් සඳහා යැවූ තැනැත්තෙක් (ග්‍රීක භාෂාවෙහි භාවිතා වන ක්‍රියා පදය: ඇපෙස්ටේලියන්) වන අතර ගෝලයෙක් යනු ශිෂ්‍යයෙක් වුවද, සම්ප්‍රදායයන් දෙක විසින් මෙම අපෝස්තුළු සහ ගෝලයා යන වචන සඳහා වෙනස් තේරුම් දී ඇත.ආශ්‍රිත[සංස්කරණය]↑ කැතලික් එන්සයික්ලොෆීඩියා: ඩිසයිප්ල්: "The disciples, in this disciples, in this context, are not the crowds of believers who flocked around Christ, but a smaller body of His followers. They are commonly identified with the seventy-two (seventy, according to the received Greek text, although several Greek manuscripts mention seventy-two, as does the Vulgate) referred to (Luke 10:1) as having been chosen by Jes
us. The names of these disciples are given in several lists (Chronicon Paschale, and Pseudo-Dorotheus in Migne, P.G., XCII, 521-524; 543-545; 1061-1065); but these lists are unfortunately worthless."↑ ඕරතඩොක්ස් චර්ච් ඉන් ඇමරිකා: සිනැක්සිස් ඔෆ් සෙවන්ටි ඇපෝස්ටල්ස්A20 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අනුරාධපුරය සහ රඹෑව යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.ඛණ්ඩාංක: 8°24′52″N 80°27′40″E / 8.414507°N 80.461078°E / 8.414507; 80.461078vte ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හා මහා මාර්ගE ශ්‍රේණියSri Lanka Expressway SymbolE01E02E03E04E06E07A ශ්‍රේණියAA0AA1AA2AA3AA4AA5AA6AA7AA8AA9AA10AA11AA12AA13AA14AA15AA16AA17AA18AA19AA20AA21AA22AA23AA24AA25AA26AA27AA28AA29AA30AA31AA32AA33AA34AA35මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත.නිබිරු ග
්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 12 වැනි ග්‍රහයා ලෙස නම් කර ඇත[තහවුරු කර නොමැත].මෙය සුර්යයා වටා පරිභ්‍රමණය වීමට අවුරුදු 3600 ක පමණ කාලයක්[තහවුරු කර නොමැත]ගතවන බව පැවසේ.දෙමටමල් විහාරයදෙමටමල් විහාර ස්ථූපයවිස්තරපිහිටුම් තොරතුරුරට ශ්‍රී ලංකාව ද්වාරය:බුද්ධාගමදෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරව විහාර ගෙය, බෝධිගරය, සංඝාවාසය, උපෝසථාඝාරය ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙහි විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ ගැහැනියක් හා පිරිමියෙක් එකව සැදූ මුර ගලය. මෙවන් මුර ගලක් ලංකාවේ වෙන කිසිදු ස්ථානයක සොයා ගත නොහැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.ආශ්‍රිත පොත්[සංස්කරණය]මද්දුම බණ්ඩාර හේරත් (1991). ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වා
ස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "1962 ෆීෆා ලෝක කුසලාන" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)1962 ෆීෆා ලෝක කුසලානCampeonato Mundial de Fútbol -Copa Jules Rimet Chile 19621962 ෆීෆා ලෝක කුසලාන නිල ලාංඡනයතරගාවලි විස්තරසත්කාරක රටචිලිදින30 මැයි– 17 ජූනි 1962 (දින 19)කණ්ඩායම්16 (මහා සම්මේලනය3ක් වෙතින්)ස්ථාන(ය)4 (නගර 4) ක දී පැවැත් වේ)ශූරතාවජයග්‍රාහකයෝ බ්‍රසීලය (2 වන ශූරතාව)අනුශූරතාව චෙකොස්ලොවැකියාවතෙවන ස්ථානය චිලිසිව්වන ස්ථානය යුගෝස්ලාවියාවතරගාවලියේ සංඛ්‍යා විස්තරක්‍රීඩා කළ තරග32ලැබූ ගෝල89 (තරගයකට 2.78 බැගින්)පැමිණීම899,074 (තරගයකට 28,096 බැගින්)වැඩිම ලකුණු ලාභී(න්) ගහීන්ෂා වවා ලියොනොල් සන්චෙස් ඩ්‍රාසන් යෙර්කොවිච් ෆ්ලෝරියන් ඕල්බර්ට් වලින්චින් ඉවනොෆ්(ගෝල 4 )හොඳම ක්‍රීඩක ගහීන්ෂා← 1958 1966 → 1962 ෆීෆා ලෝක කුසලාන යනු 7වන ෆීෆා ලෝක කුසලාන විය. 1962 මැයි 30 දින සිට ජූනි 17 දින දක්වා එය චිලි රටෙහි
පැවැත්විණි.අධෝසටහන්[සංස්කරණය]ශ්‍රියන්ත දිසානායකඋපත3 අප්‍රේල් 1969කොළඹ ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකආගමබෞද්ධශ්‍රියන්ත දිසානායක (ඉංග්‍රීසි: Sriyantha Dissanayake) යනු ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකයායි.ජීවන සටහන්[සංස්කරණය]ශ්‍රියන්ත දිසානායක නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.1990 චීනයේ බීජිං නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා තරඟයෙන් ඔහු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තේය. තවද ඔහු 1992 දී ස්පාංඤ්ඤයේ බාසිලෝනාහි ගිම්හාන සෘතු ඔලිම්පික් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේය.1980 වකවානුවෙහි ඔහු කොලඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ හා ජේෂ්ට මළල ක්‍රීඩා පිලේ සාමාජිකයෙක්ද විය.ආශ්‍රිත[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්භෞතික විද්‍යාවේදී, කෝණික ගම්‍යතාවය (කලාතුරකින්, ගම්‍යතාවයේ මොහොත හෝ භ්‍රමණ ගම්‍යතාවය) යනු රේඛීය ගම්‍යතාවයේ භ්‍රමණ ප්‍රතිසමයයි. එය භෞතික විද්‍යාවේ වැදගත් ප්‍රමාණයක් වන්නේ එය සංරක්‍ෂිත ප්‍රමාණයක් වන බැවිනි - සංවෘත පද්ධතියක සම්පූර්ණ කෝණික
ගම්‍යතාව නියතව පවතී. කෝණික ගම්‍යතාවයට දිශාවක් සහ විශාලත්වයක් ඇති අතර දෙකම සංරක්ෂණය කර ඇත. බයිසිකල් සහ යතුරුපැදි, ෆ්‍රිස්බී, රයිෆල් උණ්ඩ සහ ගයිරොස්කෝප් ඒවායේ ප්‍රයෝජනවත් ගුණාංග කෝණික ගම්‍යතා සංරක්ෂණයට ණයගැතියි. කෝණික ගම්‍යතා සංරක්‍ෂණයේදී සුළි කුණාටු සර්පිලාකාර සාදන අතර නියුට්‍රෝන තාරකාවල ඉහළ භ්‍රමණ වේගයක් ඇති කරයි. සාමාන්‍යයෙන්, සංරක්ෂණය මඟින් පද්ධතියක ඇති විය හැකි චලිතය සීමා කරයි, නමුත් එය එය අනන්‍ය ලෙස තීරණය නොකරයි.කෝණික ගම්‍යතාව විස්තීරණ ප්‍රමාණයකි; එනම් ඕනෑම සංයුක්ත පද්ධතියක සම්පූර්ණ කෝණික ගම්‍යතාවය එහි සංඝටක කොටස්වල කෝණික ගම්‍යතාවයේ එකතුවයි. අඛණ්ඩ දෘඩ ශරීරයක් හෝ ද්‍රවයක් සඳහා, සම්පූර්ණ කෝණික ගම්‍යතාව යනු මුළු ශරීරය පුරා කෝණික ගම්‍යතා ඝනත්වයේ පරිමාව අනුකලනයයි (පරිමාව ශුන්‍යයට හැකිලෙන විට සීමාව තුළ ඒකක පරිමාවකට කෝණික ගම්‍යතාව). බාහිර බලයක් නොමැති නම් එය සංරක්ෂණය වන රේඛීය ගම්‍යතා සංරක්‍ෂණයට සමානව, බාහිර ව්‍යවර්ථයක් නොමැති නම් කෝණික ගම්‍යතාව සංරක්ෂණය වේ. ව්‍යවර්ථය, බලයට සමාන කෝණික ගම්‍යතාවයේ වෙනස් වීමේ වේගය ලෙස අර්ථ දැක්විය හැක. ඕනෑම පද්ධතියක ශුද්ධ බාහිර ව්යවර්ථය සෑම විටම පද්ධතියේ ස
ම්පූර්ණ ව්යවර්ථයට සමාන වේ; වෙනත් වචන වලින් කිවහොත්, ඕනෑම පද්ධතියක අභ්‍යන්තර ව්‍යවර්ථවල එකතුව සැමවිටම 0 වේ (මෙය නිව්ටන්ගේ තුන්වන චලිත නියමයේ භ්‍රමණ ප්‍රතිසමයයි). එබැවින්, සංවෘත පද්ධතියක් සඳහා (ශුද්ධ බාහිර ව්‍යවර්ථයක් නොමැති විට), පද්ධතියේ සම්පූර්ණ ව්‍යවර්ථය 0 විය යුතුය, එනම් පද්ධතියේ සම්පූර්ණ කෝණික ගම්‍යතාවය නියත වේ. යම් අන්තර්ක්‍රියාවක් සඳහා කෝණික ගම්‍යතාව වෙනස් වීම ආවේගයේ කෝණික ප්‍රතිසමය වේ. නමුත් මෙය තරමක් දුර්ලභ ය. කෝණික ගම්‍යතාවපොදු සංකේතLSI මූලික ඒකකkg⋅m2⋅s−1ව්යුත්පන්න වෙනත් ප්රමාණL = Iω = r × pමානM L2T−1භ්‍රමණය වන පද්ධතියක බලය (‍F) , ව්‍යාවර්තය (T), සහ ගම්‍යතා දෛශික (PmL) අතර පවතින සම්බන්ධතාවය මෙහි දැක්වේ.අර්ථ දැක්වීම[සංස්කරණය]දෙන ලද මූල ලක්ෂයක් වටා අංශුවක කෝණික ගම්‍යතාවL=r×p{\displaystyle \mathbf {L} =\mathbf {r} \times \mathbf {p} }මෙහි, L{\displaystyle \mathbf {L} } = අංශුවේ කෝණික ගම්‍යතාවයr{\displaystyle \mathbf {r} } = අංශුවේ පිහිටුම් දෛශිකය (මූල ලක්ෂයට සාපේක්ෂව)p{\displaystyle \mathbf {
p} } = අංශුවේ රේඛීය ගම්‍යතාවය×{\displaystyle \times \,} = දෛශික අතර කතිර ගුණිතයඅර්ථ දැක්වීමෙන් ලැබෙන පරිදි කෝණික ගම්‍යතාවයේ ව්‍යුත්පන්න SI ඒකක නිවුටන් මීටර් තප්පර (N.m.s හෝ kg.m2s-5) වේ. කතිර ගුණිතය හේතුවෙන් L ව්‍යාප්ත දෛශිකයක්වන අතර එය r - අරීය දෛශිකය සහ p ගම්‍යතා දෛශිකය යන දෛශික දෙකටම ලම්භ වේ. එය සඳහා ( අභි දිශාව සඳහා) දකුණත් නියමය මගින් සලකුණක් දෙනු ලැබේ. පද්ධතියක අංශු කිහිපයක් අංඩගුවන විට මූල ලක්ෂයක් වටා සමස්ත කෝණික ගම්‍යතාව, එම අංශු එක එකෙහි කෝණික ගම්‍යතාවල ‍ෙඑක්‍යය ( හෝ අනුකලය) මගින් ලබා ගත හැක. තවද, විස්තාපනය - r හි වර්ගය අංශුවෙහි ස්කන්ධය සහ කෝණික ප්‍රවේගයේ ගුණිතය මගින් ද කෝණික ගම්‍යතාව ලබාගත හැක.කක්ෂීය සහ භ්‍රමක කෝණික ගම්‍යතා[සංස්කරණය]අංශු සමූහයක කෝණික ගම්‍යතාව එහි ස්කන්ධ කේන්ද්‍රය වටා සැලකීමෙන් ගණිත කර්ම වඩාත් සරලවන අතර එබැවින් එසේ සැලකීම බොහෝ විට වඩාත් පහසු වේ.අංශු සමූහයක කෝණික ගම්‍යතාව එක් එක් අංශුවෙහි කෝණික ගම්‍යතා ‍ෙඑක්‍යයවලට සමාන වේ.L=∑iRi×miVi{\displaystyle \mathbf {L} =\sum _{i}\mathbf {R} _{i}\times m_{i}\ma
thbf {V} _{i}}මෙහි Ri යනු සමුද්දේශ ලක්ෂයේ සිට I අංශුවට ඇති දුර ප්‍රමාණයයි, mi යනු එහි ස්කන්ධයද vi යනු එහි ප්‍රවේගයද වේ. ස්කන්ධ ස්කන්ධ කේන්ද්‍රය පහත පරිදි නිර්ණය කෙරේ. R=1M∑imiRi{\displaystyle \mathbf {R} ={\frac {1}{M}}\sum _{i}m_{i}\mathbf {R} _{i}}මෙහිදී සියළු අංශුවල සමස්ත ස්කන්ධය පහත සමීකරණය මගින් ලැබේ. M=∑imi{\displaystyle M=\sum _{i}m_{i}\,}ඒ අනුව ස්කන්ධ කේන්ද්‍රයෙහි ප්‍රවේගය පහත ලෙස ලැබේ.V=1M∑imiVi{\displaystyle \mathbf {V} ={\frac {1}{M}}\sum _{i}m_{i}\mathbf {V} _{i}\,}මෙහි Ri යනු ස්කන්ධ කේන්ද්‍රයේ සිට i අංශුවෙහි විස්තාපනය සහ vi යනු ස්කන්ධ කේන්ද්‍රයට සාපේක්ෂව i අංශුවේ ප්‍රවේගය ලෙස අර්ථ දැක්වූ කළ, Ri = R + ri¬ සහ V2 + Vi යන සමීකරණ අපට ලැබේ. තවද,∑imiri=0{\displaystyle \sum _{i}m_{i}\mathbf {r} _{i}=0\,}   සහ    ∑imivi=0{\displaystyle \sum _{i}m_{i}\mathbf {v} _{i}=0\,}ද වේ.එවිට කෝණික ගම්‍යතාවය පහත
සමීකරණයේ පරිදි ලැබේ. L=∑i(R+ri)×mi(V+vi)=(R×MV)+(∑iri×mivi){\displaystyle \mathbf {L} =\sum _{i}(\mathbf {R} +\mathbf {r} _{i})\times m_{i}(\mathbf {V} +\mathbf {v} _{i})=\left(\mathbf {R} \times M\mathbf {V} \right)+\left(\sum _{i}\mathbf {r} _{i}\times m_{i}\mathbf {v} _{i}\right)}මෙහි පළමු පදය මගින් ස්කන්ධ කේන්ද්‍රයෙහි කෝණික ගම්‍යතාව නිරූපණය වේ. මෙම අගය ස්කන්ධ කේන්ද්‍රයේ M ස්කන්ධයක් හා V ප්‍රවේගයක් සහිත තනි අංශුවක් තිබේ නම් ලැබෙන කෝණික ගම්‍යතා අගයට සමාන වේ. දෙවැනි පදය මගින් සිය ස්කන්ධ කේන්ද්‍රය වටා භ්‍රමණය වන අංශු නිසා ඇතිවන කෝණික ගම්‍යතාව නිරූපණය වේ. යම් හෙයකින් සලකනු ලබන අංශු සමූහය එක් වී තනි දෘඩ වස්තුවක් තැනෙන අවස්ථාවකදී මෙම දෙවැනි පදය තව දුරටත් සරළ හැකි වේ. ස්කන්ධය / පදාර්ථය සන්තතිකව ව්‍යාප්තව ඇති අවස්ථාවක් සඳහාද මීට ප්‍රතිසම ප්‍රතිඵලයක් ලද හැකි වේ.භ්‍රමණයේ අචල අක්ෂය[සංස්කරණය]තනි අක්ෂයක් වටා සිදුවන භ්‍රමණ පිළිබඳ සලකා බැලෙන යෙදුම් බොහොමයක් සඳහා කෝණික ගම්‍යතාවයේ ව්‍යාප්ත
දෛශික ස්වභාවය නොසලකා එය වාමාවර්ත විට ධන හා දක්ෂිණාවර්ත විට ඍණ වන අදීශයක් ලෙස සැලකීම කළ හැක. මේ සඳහා එකක දෛශිකය ඉවත්කර කතිර ගුණිතයේ නිර්වචනය ලබා ගත්හ. එවිට කෝණික ගම්‍යතාවය පහත පරිදි ලැබේ.L=|r||p|sin⁡θr,p{\displaystyle L=|\mathbf {r} ||\mathbf {p} |\sin \theta _{r,p}}මෙහි θr,p යනු r සිට p දක්වා මනිනු ලබන r හාp අතර කෝණය වේ. θr,p හි මෙම නිර්වචනය ඉතා වැදගත් වන්නේ එය නොමැති කළ කතිර ගුණිතයෙහි සලකුණ අර්ථ විරහිත වන බැවිනි. ඒ අනුව ඉහත සමීකරණ ඇසුරින්, අර්ථ දැක්වුම පහත සමීකරණ යුගලින් ඕනෑම එකක් ලැබෙන පරිදි ප්‍රතිනිර්මාණය කළ හැක. L=±|p||r⊥|{\displaystyle L=\pm |\mathbf {p} ||\mathbf {r} _{\perp }|}මෙහි p දක්වා ඇති ලීවර බාහු දුර ප්‍රමාණය ලෙස හැඳින්වේ. ලීවර බාහු දුර ප්‍රමාණය , මූල ලක්ෂයේ සිට p චල‍ිතවන රේඛාවට ඇති දුර ප්‍රමාණය ලෙස සැලකීම මෙය වටහා ගැනීමට ඇති පහසුම ක්‍රමය වේ. මෙම අර්ථ දැක්වීම යටතේ L ට අදාල ලකුණ නිර්ණය කරගැනීම සඳහා p හි දිශාව (වාමාවර්තව හෝ දක්ෂිණාවර්තව දිශානතව ඇති බව) සැලකිය යුතුය. එසේම,L=±|r