text
stringlengths 0
1k
|
---|
යයෙන් පවතී. ලෝක බාලදක්ෂ සාකච්ඡා සභාව ආරම්භයේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වෙනුවෙන් ආරම්භ වුවද ප්‍රධානතම ඉලක්කගත ප්‍රජාව වූයේ බාලදක්ෂ නායකවරුන්ය. ජම්බෝරි යනු දේශීය හෝ විදේශීය බාලදක්ෂයන් විශාල සංඛ්‍යාවක් එකතුව සෑම වසර 4කට වරක් සතියක් හෝ දෙකක් පුරා එකට එකතුව කදවුරු බැදීමයි. මෙවැනි උත්සව වලදී එහි යොදා ගන්නා තේමාවට අනුකූලව නොයෙකුත් ක්‍රියාකාරකම් රාශියක් බාලදක්ෂයින් අතර පවත්වයි.සමහර රටවල් වල බාලදක්ෂයන් සදහා වර්ෂය ඉස්මතු කරනු වස් ග්‍රීෂ්ම ඍතුවේ අවම වශයෙන් සතියක කාලයක් එලිමහන් ක්‍රියාකාරකම් සදහා නියැලීම සිදුකරයි. එලිමහන් ක්‍රියාකාරකම් ලෙස කදවුරු බැදීම, පාගමන්, යාත්‍රා කිරීම් හෝ තම කණ්ඩායම සමඟ වෙනත් චාරිකාවක යෙදීම හෝ පුළුල් සහභාගීත්වයක් සහිත ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමක් විය හැකිය. ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමට සහාභාගී වන බාලදක්ෂයන් කුසලතා පදක්කම්, ප්‍රගතිය හා නිවරදි බාලදක්ෂ නිපුනතා වර්ධනය කරගනී. ග්‍රීෂ්ම ඍතු කදවුරු වැඩිහිටි බාලදක්ෂයන් වෙනුවෙන් යාත්‍රා කිරීම, කදු නැගීම, මාළු බෑම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් පවත්වාගෙන යා හැකිය.අන්තර්ජාතික එකමුතුව හා සාමය වර්ධනය කරලීම, බාලදක්ෂ ව්‍යාපාරය මගින් තම භූමිකාව |
ක් ලෙස ඉටු කරයි. වඩා පුළුල් ප්‍රජාවකට වඩාවැඩි වාසියක් උදාවන අයුරින් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, පක්ෂපාතීත්වය අභියෝගයට ලක් කිරීම, විවිධත්වය දරා ගැනීමට ධෛර්ය්‍ය දීම තුලින් මෙම අරමුණ ඉටු කර ගැනීමට දැනටමත් මුල් පුරා ඇත. එවැනි වැඩසටහන් අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්වැල් බැද ගැනීම සදහන් කල හැකිය. නිල ඇදුම සහ පදක්කම්[සංස්කරණය]බාලදක්ෂ නිල ඇදුම යනු ප්‍රධාන වශයෙන් බාලදක්ෂයකු හදුනා ගත හැකි ලක්ෂණයයි. බේඩින් පවෙල් සාමිතුමාගේ වචන වලට අනුව එය රටක සියළුම සමාජ තත්වයන්හි වෙනස්කම් වසා සමානාත්මතා වර්ධනය කරයි. එමෙන්ම එය රාජ්‍යය, වංශය, ඇදහිලි ආදිය පසෙක ලා සියළුම සාමාජිකයන්ට සහෝදරත්වයෙන් සලකයි. කාකි කමීසය, කොට කලිසම සහ කදවුරු හිස් වැසුමකින් සමන්විත ප්‍රථම නිල ඇදුම මගින් එකල බාලදක්ෂයා හදුනාගන්නා ලදී.බාලදක්ෂයකු ලෙස ඇදීම මගින් වැඩිහිටියන් සහ තරුණයන් අතර පවතින වයස් පරතරය අඩුවන බැවු විශ්වාස කල බේඩින් පවෙල් සාමිතුමා කොට කලිසමකින් සැරසී සිටියේය. වර්ථමාන නිල ඇදුම නිල්, තැඹිලි, රතු හෝ කොල පැහැයක් ගන්නා අතර කොට කලිසම වෙනුවට දිග කලිසම වසර පුරාම හෝ ශීත ඍතුවේදී පමණක් හෝ භාවිතා කරයි |
.සමානාත්මතාවය, පෞරුෂය පමණක් නොව ප්‍රායෝගිකත්වයද වැඩිදියුණු වන සේ බාලදක්ෂ නිල ඇදුම නිර්මාණය කර තිබේ. කමීසය සාම්ප්‍රදායිකව ඝන වාටියකින් සමන්විත වූයේ හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි අයුරෙනි. එසේම තම කරපටිය ත්‍රිකෝණාකාර වෙළුම් පටියක් ලෙසද තම මේස් පටිය හදිසියකදී තදින් බැදීමට රැහැනක් සේ භාවිතා කිරීමටද යොමු කරවන ලදී.බාලදක්ෂ නිල ඇදුමට විවිධ පදක්කම්ද ඇතුලත් වේ. ඒ අතර වුඩ් බැජ්, ලෝක සාමාජික පදක්කම කැපී පෙනේ. බාලදක්ෂයන් සතුව ජාත්‍යන්තරව හදුනා ගන්නා සංකේත 2ක් ඇත. එනමි ලෝක බාලදක්ෂිකා සංගමයේ සාමාජිකාවන් භාවිතා කරන ත්‍රිපත් ලාංඡනය සහ ලෝක බාලදක්ෂ සංගමයේ සාමාජිකයන් භාවිතා කරන fleur-de-lis ලාංඡනයයි.බ්‍රිතාන්‍ය බාලදක්ෂයන් විසින් ස්වස්තිකය තම ලාංඡනය ලෙස මුල් කාලයේදී භාවිතා විය.වයස් කාණ්ඩ සහ ඒකක[සංස්කරණය]හොංකොං පෝතක බාලදක්ෂයන් පිරිසක්බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය සාමාන්‍යයෙන් ළමුන්ගේ වයස හෝ පාසලේ ඉගෙනගන්නා වසර අනුව කාණ්ඩයන් වලට බෙදනු ලැබේ. මෙම කාණ්ඩයන් සදහා ක්‍රියාකාරකම් ඔවුනගේ වයසට සරිලන සේ නිර්මාණය කර ඇත. කාලයත් සමග මෙම කාණ්ඩයන් දේශීය සංස්කෘතියට සහ අදාළ පරිසරයට යෝග්‍ය අයුරින් වෙනස් වීම් වලට |
භාජනය විය.බාලදක්ෂ ව්‍යාපාරය වයස 11-17 අතර යෞවනයන් සදහා මුලින් ආරම්භ විය. වයස අවුරුදු 6-10 සහ අවුරුදු 18-25 අතර වයස් කාණ්ඩ සදහා කණිෂ්ට හා ජ්‍යෙෂ්ට ලෙස පසුකාලීනව බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගයමන් කාණ්ඩ බෙදුනි.1920-1940 අතර කාලයේදී පැවති සාම්ප්‍රදායික වයස් සීමාවන්:වයස් සීමාවබාලදක්ෂ කාණ්ඩයබාලදක්ෂිකා කාණ්ඩය8 to 10පෝතක බාලදක්ෂකණිෂ්ට බාලදක්ෂිකා 11 to 17බාලදක්ෂබාලදක්ෂිකා18 සහ ඉහලජ්‍යෙෂ්ට බාලදක්ෂ ජ්‍යෙෂ්ට බාලදක්ෂිකා කුඩා ළමුන් සදහා වන වැඩසටහන් මෙන්ම වැඩිහිටි ළමුන් සදහා වන වැඩසටහන් විවිධ නම් වලින් හැදින්වේ. එසේම විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් මෙන්ම ගුවන් බාලදක්ෂ, සාගර බාලදක්ෂ වැනි විශේෂිත පරාස පුරා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්තව ඇත.වැඩිහිටියන් සහ නායකත්වය[සංස්කරණය]පෝලන්ත බාලදක්ෂිකාවන් පිරිසක්හිටපු බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් ඇතුළු වැඩිහිටියන් බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි කැමැත්තක් දක්වා ජාත්‍යන්තර බාලදක්ෂ හා බාලදක්ෂිකා මිත්‍රත්ව සංගම් වල සාමාජිකත්වය දරති. ඇමරිකාව පිලිපීනය වැනි රටවල විශ්ව විද්‍යාල සිසුන් තම උපාධියෙන් පසුව පවා මෙවැනි මිත්‍රත්ව සංගම් වලට ඇතුලත් වෙයි.බාල |
දක්ෂ කණ්ඩායම් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ ස්වේච්චා වැඩිහිටියෙකු මගිනි. බාලදක්ෂ නායකත්ව පදවිය නිල ඇදුමෙන් සහ එසේ නොවන ලෙස කොටස් 2කින් යුතුයි. නිල ඇදුමෙන් යුතු නායකයින් විධිමත් පුහුණුවකින් සහ සංගමය තුල ඉහල පෙල සහතිකයකින් සමන්විත යුතුය.එක් එක් රටවල් තුල ජාතික වශයෙන් සංවිධානය වී ඇති ආකාරය අනුව නිල ඇදුමෙන් යුත් පදවි ලෙස ප්‍රාදේශීය, දිස්ත්‍රික්, රටේ ප්‍රධාන කොමසාරිස්වරුන් සැලකේ.ලෝකය පුරා බාලදක්ෂයෝ[සංස්කරණය]මහා බ්‍රිත්‍යානයෙන් ඇරඹි අඩිපාරේ යමින් බාලදක්ෂ ව්‍යාපාරය ලෝකය පුරා ව්‍යාප්ත විය. 1909 මැයි 21 දා බ්‍රිත්‍යානය ආධිපත්‍යයෙන් පිටත ව්‍යාප්ත වූ පලමු රට ලෙස චිලී රට නම් වේ. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් පුරා අවම තරමින් එක් බාලදක්ෂ කණ්ඩායමක් හෝ පැතිර පවතී. මේවා එකින්එකට ස්වායත්ත වුවත් අන්තර්ජාතිකව එකට සම්බන්ධව පවතී. 1922 දී බාලදක්ෂ කණ්ඩායම් පාලනය කිරීමට අදාල ප්‍රතිපත්ති මාලාවක් සමග ලෝක බාලදක්ෂ සංගමය ආරම්භ විය. ඊට අමතරව සෑම වසර 4කට වරක් ලෝක බාලදක්ෂ ජමිබෝරිය සංවිධානය කිරීමේ වගකීමත් ඔවුන් සතුව පවතී.1928 දී ලෝක බාලදක්ෂ සංගමය වලට සමගාමීව බාලදක්ෂිකා සංගම් වෙනුවෙන් ලෝක බාලදක්ෂිකා සංගමය ඇරඹීය. එය ජ |
ාත්‍යන්තර මධ්‍යස්ථාන වන මෙක්සිකෝවේ අවර් කබානා, ස්විස්ටර්ලන්තයේ අවර් චාලට්, මහා බ්‍රිතාන්‍යයේ පැක්ස්ලොජ්, ඉන්දියාවේ සංගම් යන ස්ථාන වල වගකීමද මොවුන් සතුය.සාමාජිකත්වය[සංස්කරණය]2008 වසර වන විට ලොව පුරා රටවල් 216 ක් පුරා ලියාපදිංචි බාලදක්ෂයන් මිලියන 31 ඉක්මවා ඇති අතර ලියාපදිංචි බාලදක්ෂිකාවන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි.බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව සැලකීමේදී ලොව පලමු ස්ථාන 20 හිමිකර ගන්නා රටවල් පහත දැක්වේ.රටසාමාජිකත්වයබාලදක්ෂ හදුන්වාදුන් වසරබාලදක්ෂිකා හදුන්වාදුන් වසරඉන්දුනීසියාව17,100,000 19121912ඇමරිකාව7,500,000 19101912ඉන්දියාව4,150,000 19091911පිලිපීනය2,150,000 19101918තායිලන්තය1,300,000 19111957බංගලාදේශය1,050,000 19201928එංගලන්තය1,000,000 19071909පාකිස්ථානය575,000 19091911කෙන්යාව480,000 19101920කොරියාව270,000 19221946ජර්මනිය250,000 19101912උගන්ඩාව230,000 19151914ඉතාලිය220,000 19101912කැනඩාව220,000 19081910ජපානය200,000 19131919ප්‍රංශය200,000 19101911බෙල්ජියම170,000 1911 |
1915පෝලන්තය160,000 19101910නයිජීරියාව160,000 19151919හොංකොං160,000 19141916මතභේද සහ ගැටුම්[සංස්කරණය]R. Tait McKenzie නම් වූ නියමිත නිල ඇදුමින් සැරසුනු බාලදක්ෂයෙකුගේ ප්‍රතිමාව1900 දී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වූ කාලයේ සිටම විවිධ සමාජීය මතවාදයන්ට මුහුණ දීමට සිදුවිය. ඒ අතර දකුණු ඇමරිකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ අරගල සහ ඉන්දියාවේ දේශාභිමාන කණ්ඩායම් වල ප්‍රතිරෝධය සැලකිය හැකිය. අප්‍රිකාවට බාලදක්ෂ ව්‍යාපාරය, බ්‍රිතාන්‍යය නිලධාරීන් විසින් තම පාලනය ශක්තිමත් කිරිමට හදුන්වා දුන්නද, බාලදක්ෂ නීතිවල එන බාලදක්ෂයා අන් සෑම බාලදක්ෂයකුගේම සහෝදරයකි යන්න භාවිතා කරමින් ස්වාධීන රාජ්‍යයක් සදහා ඉල්ලීම් කරන්නට විය.බාලදක්ෂ ව්‍යාපාරය සතු අධිකාරිමය නොවන සහ පුද්ගල සාරධර්ම වර්ධනය කිරීමේ ස්වභාවය නිසා ආඥාදායක පාලන ක්‍රමයන් විසින් රාජ්‍ය පාලනය යටතට ගැනීම හෝ තහනමි සංවිධානයක් ලෙස නම් කල අවස්ථා දැකිය හැකිය. කලාව තුලදී බාලදක්ෂයෝ[සංස්කරණය]බාලදක්ෂ ව්‍යාපාරය 20 වන සියවසේදී විවිධාකාර කලා නිර්මාණ වලට වස්තු බීජය විය. විශේෂයෙන් එක්සත් ජනපදයේ මෙය බොහෝ ව්‍යාප්ත විය. නිදසුනක් ලෙස Indiana Jones and the La |
st Crusade චිත්‍රපටියේ ඉන්දියානා ජොන්ස් නැමති බාලදක්ෂයා විසින් තම ජීවන මෙහෙවර ලෙස සලකා සොයාගත් කොරොනාඩෝ කුරුසය හැදින්විය හැකිය.Norman Rockwell, Pierre Joubert සහ Joseph Csatari වැනි පින්තාරුකරුවන්ගේ නිර්මාණ මෙන්ම 1966 තිරගත වූ Follow Me, Boys! චිත්‍රපටියද ප්‍රධාන වේ. හාස්‍යජනක බාලදක්ෂ ජීවිතය අළලා නිර්මාණය වූ Troop Beverly Hills (1989), Down and Derby (2005), Scout Camp වැනි චිත්‍රපටි සැලකිය හැක.බොහෝ චිත්‍රපටි හා ආලේඛන සදහා ඇමරිකානු ජාතික බාලදක්ෂයන්ගේ නිල ඇදුම සහ පදක්කම් යොදා ගැනීම දැකිය හැකිය. නිදසුන් ලෙස Order of the Straight Arrow, Indian Guides, Man of the House සැලකිය හැකිය.මුල් හරප්පානු රවි අවධිය (අසල පිහිටි රවි ගංගාව අනුව නම් තබන ලද) කි පූ3300 සිට කි පූ 2800 දක්වා පැවතුණි. එය බටහිර පිහිටි ගංඟාර් - හක්රා ගංඟා නිම්නයේදි හදුනාගත් හක්රා අවධියට සම්බන්ධ අතර මොහොන්දෝ ජාරෝ අසල පකිස්ථාන්, උතුරු සින්ද් හි ප්‍රදේශයක් අනුව නම් තබා ඇති කොට් ඩිජි අවධියට පෙර අවධියක්ය. “ඉන්දු ලිපියේ” මුල්ම උදාහරණ කි පූ3000 පමණ සිට දක්නට ඇත. මුල් කාලීන ගම් සංස්කෘතියේ මේරූ අවධිය පකිස්ථානය රේමන් ඩෙරි හා |
අම්රි මගින් නිරූපණය කරයි. කොට් ඩිජි මේරූ හරප්පානු අවධිය දක්වා වු අවධිය නිරූපණය කරන අතර බලකොටු මගින් කේන්ද්‍රගත කරන බලය හා ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වන ජීවිතයේ නාගරික තත්ත්වය නිරූපණය කළ මෙම මට්ටමේ තවත් නගරයක් ඉන්දියාවේ හක්රා නදිය අසල කලිබන්ගන්හි සොයා ගෙන ඇත. වෙළද ජාල විසින් මෙම සංස්කෘතිය අනෙක් සම්බන්ධ ප්‍රාදේශීය සංස්කෘතින් හා ලපිස් ලැසුලි හා කැටයම් නිර්මාණය සදහා වු අනෙකුත් ද්‍රව්‍ය ඇතුළත් දුරස්ථ අමුද්‍රව්‍ය ප්‍රභව සමග සම්බන්ධ කළේය. මෙම කාලය වන විට ගම්මාන වැසියන්ට මුං, තල, රටඉදි හා කපු වැනි ගෘහස්ත වගාමෙන්ම මී හරකුන් ඇතුළත් විවිධ සතුන් ද අයත් විය. පරිණත හරප්පානු අවධිය කි පූ 2600 වන විට මුල් හරප්පානු ජනාවාස විශාල නාගරික මධ්‍යස්ථාන බවට පත්වී තිබුණි. එවැනි නාගරික මධ්‍යස්ථාන අතරට පකිස්ථානයේ හරප්පා හා මොහොන්දෝ ජාරෝ හා ඉන්දියාවේ ලොතාල් ඇතුළත් වෙයි. සම්පුර්ණයෙන්ම ඝාගර් හා ඉන්දු ගංඟා හා එය ආශ්‍රිත ප්‍රදේශ වල නගර හා ජනාවාස 1052 ක් සොයා ගෙන තිබිණි. කි පූ 2500 වන විට වාරි මාර්ග විසින් ප්‍රදේශය පරිවර්තනයකට ලක් කළේය. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Indus_Valley_Civilization#Ear |
ly_Harappanමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "රාජගිරියේ අරියඤාණ හිමි" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)රාජගිරියේ අරියඤාණ හිමිආගමබෞද්ධශ්‍රී ලාංකික භික්‍ෂුවකි. ශ්‍රී ලාංකික භික්‍ෂුවක් ලෙස පෙනී සිටිමින්"මහ රහතුන් වැඩි මග ඔස්සේ" යයි කියා නමක් ගොතාගෙන බුදුදහම විකෘති කර ජනතාව මුලා කරන රාජගිරියේ අරියඥාන නමින් දැනට පෙනී සිටින අය මීට පෙර "සුදන්තවංශ" නමින්ද පැවිදිව සිට ගුරුවරයාට අකීකරුව සහ ධර්මවිනය ඉගෙනීම පැහැරහැර පලා ගොස් සිවුරු හැරගිය බවට එම ගුරුවරයා වුන ස්වාමින්වහන්සේ හෙලි කර ඇතැයි තොරතුරක් ඇත. නියම බෞද්ධයන්ට රාජගිරියේ අරියඥාන හෝ වෙනත් පුද්ගලයන්ගේ විකෘති අදහස් බැහැර කරන නිසා මෙය තහවුරු කරගැනීම අරියඥානගේ අනුගාමිකයින්ට මිස වෙන අයට වැදගත් නැත. https://m.facebook.com/story.php/?id=100064790526404&story_fbid=918861716172657මොහුට රැවටීමෙන් හෝ |
මොහු කරන වංචාව දන්න පිරිසක් මොහුට පාවඩ එලනවා වියහැක. රාජගිරියේ අරියඥාන ධර්මය ගැන තියා ඔහුම දොඩවන දේවල් ගැනවත් දැනුමක් නැති සිවුරු හොරෙක් බව පෙන්වීමට ඔහුගේම වචන වලින් ඕනෑ තරම් උදාහරණ සපයයි. 1. මොහු පැවිදිව රහත් ලෙස රඟපෑමට පෙර තම ගුරුවරයා හැර ගියේ විනය ගැන නොදැන බවත්, විනය දැන සිටියා නම් ගුරුවරයා හැර නොයන බවත් කියා ඇත. නමුත් "සුදන්තවංශ" නමින් මීට පෙර පැවිදිව සිට විනය ඉගෙනීම පැහැරහැර පලාගියා නම්, දැන් විනය නොදන්න නිසා නැවත ගුරුවරයා හැරගිය බව කීම සහ කලින් පැවිද්ද සැඟවීම ලෝක වංචාවකි. 2. මොහු පැවිදිව රහත් ලෙස රඟපෑමට පෙර තුන්සූත්‍රයවත් නූගතෙක් බව කියයි. තව සාකච්ඡාවකදී මොහු කියන්නේ; "මෙතෙක් කිසිම සංඝයා කෙනෙක් නොකරපු කැපවීමක් තමන් කල බවත්, එසේ කලේ පැවිදි වීමට කලින් බවත්ය." පැවිදිවීමට කලින් ගමේ පංසලේ බණ කීවේ තමන් බවත් කියයි. මේ කතා දෙකම සත්‍ය විය නොහැකි එකිනෙක පරස්පර වංචනික මුසාවාදවේ. මෙතෙක් කිසිම සංඝයා කෙනෙක් නොකරපු කැපවීමක් කලා කීම රාජගිරියේ අරියඥානගෙ තක්කඩි ගොන්බූරු විලාපයකි.3. තමන් මාර්ගයේ අවසානයට ගිය බව රාජගිරියේ අරියඥාන කියයි. මාර්ගයේ අවසානය රහත්බව නිසා එයින් තමන් රහත් යයි පැහැදිලිව ක |
ියයි. නමුත් පසුව තමන් කිසිම තැනක මාර්ගපල ගැන කියා නැතැයි පවසයි. ගලේ පහරපු බළලාටත් වුනේ මෙයයි. https://www.trekmentor.com/si/content/book/15654. බුදුන්වහන්සේ පාරමී පුරන කාලෙ ඉඳල මොහුත් සසරේ හිටපු නිසා තමන් කාලකණ්ණියෙක් බව කියන අතර ඔහුගේ වැරදි ගැන කතා කලොත් වහවහා පලා යන බවත් කියයි. මොහුට අනුව සසරෙ ඉන්න හැමෝම කාලකණ්ණි වියයුතු අතර නිවන් අවබෝධ කරන අය වාදයට බයේ පලායයි. මෙසේ කියා අනෙක් අයත් කාලකණ්ණි ලෙස තමතමාට චෝදනා කරගත යුතුයයි කියයි. මේ අනුව ධර්මය ගැන පදපරම දැනුමක්වත් මොහුට නැති බව සහ රාජගිරියේ අරියඥාන කත්කඩි කාලකණ්ණියෙක්ම බව ඉතා පැහැදිලිය. උජුපටිපන්න හෙවත් කෙලින් ප්‍රතිපත්තිය ඇති සංඝයා වාදයට බයේ පලා නොයයි. සසරේ ඉපදෙමින් පාරමිතා පුරන සත්පුරුෂයන් ඕනෑ තරම් සිටින ලෝකයේ තමන් කාලකණ්ණියෙක් බව පාපොච්චාරණය කරමින් බුදුසසුන කෙලෙසන එකම තක්කඩි කාලකණ්ණි අසත්පුරුෂයා රාජගිරියේ අරියඥාන වියහැක.මෙසේ රාජගිරියේ අරියඥාන තමන්ගෙම චරිතය පවා සඟවාගෙන මුසාවාද කියා වංචාවෙන් සමාජය නොමග යවා ඇත. රාජගිරියේ අරියඥාන කියන සෑම දේකින්ම බරපතල ලෙස ධර්මය විකෘති කරන බව ධර්මය නූගතුන්ට නොපෙනෙන නිසා ඔවුන් රැවටී ඇත. "සියල්ල අතහර |
ින්න, එවිට සියල්ල ලැබේ" වැනි ලාමක ගොන්කතා මිසක මොහු දොඩවන්නේ ධර්මයක් නොවන බව දහම උගතුන්ට පැහැදිලිය. මොහුට ලැබෙන මාධ්‍ය ප්‍රචාරයන් අනුව මොහුද වහරක, මීවනපලානේ, පිටිදූවේ, මහනුවර වජිරබුද්ධි වැනි විවිධ මුහුණුවරින් පෙනී සිටිමින් බුදුදහම අභාවයට යවන ngo සංවිධානයක ඉත්තෙක් බව පෙනීයයි. ජේසු දිව්‍ය ලෝකෙ ඉන්න බව කීමටද මොහු ngo පෙර පුහුණුවක් ලබා ඇතැයි එය කීමට තදියම් වෙන ආකාරයෙන් පෙනීයයි. ඊනියා රහත් වන්දනාවේ යන ධර්මය නුගතුන් සහ වෙනත් ආගමිකයන්ද මොහුට රැවටීමෙන් හෝ දැනුවත්ව බුදුසසුන විනාශ කිරීමට දායක වේ. මෙසේ ධර්මය විකෘති කරමින් වේදිකාගත වෙන්නන් ටික කලකදී ධර්මය උගත් ගිහි/පැවිදි සමාජයේ විහිලුවට ලක්වීම ස්වභවයකි. ඒ නිසා රාජගිරියේ අරියඥාන, අරියනානා ලෙසත්, මහරහතන් වැඩිමග නිරිසතුන් වැඩි මග ලෙසත් බෞද්ධ සමාජයේ උපහාසයට ගොදුරුවී ඇත. තවද, සමහරුන් මොහු පාත්තරය හා සිවුර විතරක් හිමියෙක් ලෙස හොඳ සීලයක් ඇතැයි සිතා මොහුගෙ සීලය හැර මොහු දොඩවන අධර්මය විතරක් පෙන්වාදී ඇත. නමුත් අධර්මය කීමට හේතුවන මිත්‍යාදෘෂ්ටිය අනුව ඔහු කරන, කියන, හිතන, පතන දේවල් මිච්ඡාසංකප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත ආදී මිච්ඡාවන්ම වන බැවින් රාජගිරි |
යේ අරියඥානගෙ සීලය යනු සිලබ්බතපරාමාසයක් මිසක සම්මා කම්මන්ත, සම්මාවාචා නොවේ. රාජගිරියේ අරියඥානගෙ මිත්‍යාදෘෂ්ටිය ඔහුගේ මිත්‍යා සීලයේ පලයකි. තවද රාජගිරියේ අරියඥාන පාත්තරය හා සිවුර විතරක් හිමි වනවාසියෙක් කියා පැහැදෙන අය, පාත්තර සිවුරුත් නැතුව කැලේම ඉන්න රිලවුන්ට පැහැදීම සුදුසුය. රාජගිරියේ අරියඥාන මෙන් රිලවු ධර්මය විකෘති කරමින් ලෝකයා රවටා නැත. කොහොඹ ඇටයෙන් හැදෙන කොහොඹ ගසේ මුලසිට අග දක්වා තිත්ත රසය ඇති වෙනවා මෙන් මිත්‍යාදෘෂ්ඨියෙන් සමාදන් වෙන සීලය ඇතුලු සියල්ල අපාගත වෙන පාපකර්ම බව ධර්මයේ පෙන්වා ඇත. රාජගිරියේ අරියඥාන තමන් අල්පේච්ඡ බව සමාජයට පෙන්වා ලෝකයා රවටන කූටතාපස වෙස්ගත් පුද්ගලයෙකි. රාජගිරියේ අරියඥාන මෙතරම් පිළිකුල් සහගත ගැරහීමට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු බුද්ධ දේසනාව අනුව ලෝකහොරෙක් වන නිසාය. බුද්ධ දේසනාව උපුටාගෙන තමන්ගෙ අත්තනෝමතික දහමක් වගෙ ලෝකයාට කියන්නේ පාපතර මහා සොරෙක් බව බුදුන්වහන්සේ දේසනා කලා. https://tipitaka.lk/vp-prj-2-4/22-3/sinhඊළඟට තමන් තුල නැති මාර්ගපල ආදිය තියන බව දොඩවමින් ජනතාව බොරුවෙන් රවටාගෙන හිඟා කන මෙවැන්නන් ලෝකයේ අග්‍රවූ මහා සොරා බවත් දේසනා කලා. https://tipitaka. |
lk/vp-prj-2-4/23-1/sinhමෙහිදී, ප්‍රසිද්ධියේම දුස්සීලව හැසිරෙන භික්ෂූන් තමන් ගැන දන්නා හෝ නොදන්නා ගිහියන්ගෙන් යැපීමේදී ඔවුන්ව බොරුවෙන් රවටන පාපයක් නොකරයි. මෙසේ රහතුන් ලෙස රඟපාමින් අනුන්ගෙන් යැපෙන විට ලෝකයා බොරුවෙන් රවටාගෙන කෑමක් වන නිසා මොහු ඇතුලු රහත් චරිත රඟපාන හැමෝම සාමාන්‍ය දුස්සීල පැවිද්දන්ට වඩා ලෝක හොරුන් බවට පත්වේ. රාජගිරියේ අරියඥාන දොඩවන්නේ අනවබෝධයෙන් මිත්‍යාදෘෂ්ටියෙන් බව ඔහුගේම වචන වලින් විවෘත සාකච්ඡාවකදී පෙන්වීමට හැකිය. නමුත් ඔහු කලින්ම වහවහා පලායන සුලු කාලකණ්ණියෙක් නිවටයෙක් බව පාපොච්චාරණය කර ඇත.තවද රාජගිරියේ අරියඥාන ඇඟේ අමාරුවට ස්වමූත්‍රා බොන ලෙස කීමෙන්ද ඔහුගේ මෝඩකම පැහැදිලිය. සර්පවිෂ හා වෙනත් විෂ සරීරගත වුනාම මලමූත්‍රා, අලු, මැටි ආදිය බෙහෙතක් ලෙස දීමට මිසක ඇඟේ වෙදනාවට මූත්‍රා බීමට කියා නැත. තවද අඹුදරුවන් තෙරුවනට සමාන කරමින් විකාර දොඩවන මොහු දහමක උණුසුමවත් නොලද සහ තෙරුවන් ගැන හරි සද්ධාවක්වත් නැති කාලකණ්ණි ලෝක හොරක් බව පැහැදිලිය. මෙසේ රාජගිරියේ අරියඥාන නැමති මිසදුටු පිල්ලිය බුදුදහම විනාස කරන අවස්ථා වලින් කීපයක් පහත සබැඳි වලින් පෙන්වා ඇත. රාජගිරියේ අරියඥානට ගරහන්නේ ඔහුගේම පා |
පතර කටින් පිටවන අධර්මය බව තේරුම්ගත යුතුය. මොහු අධර්මය සමාජගත කරමින් ගෙනයන වංචාවට ධර්මානුකූල ප්‍රතිචාර දක්වා නිග්‍රහ කිරීම ධර්මවිනය උගතුන්ගේ යුතුකමයි. මේ වන විට මොහු බොහෝ දෙනාට විහිලුවක්වී ඇති බැවින් හාස්‍යජනක ලෙස මොහුගේ පාපතර හැසිරීමට ගැරහීම ධර්මානූකූලය. අධර්මයට ගැරහීමත් ධර්මයට පැසසීමත් ධර්මයේ පැවැත්මට හේතු වන සහ සියලු බුදුවරු ඇතුලු සත්පුරුෂයන් අගයන මහාකුසලයකි. රත්මලාන ධර්මපර්යේශණාලයේ හෑගොඩ විපස්සී හිමියන් මුල සිටම රාජගිරියේ අරියඥාන කරන විනාසය හෙලිකර ඇත.https://www.trekmentor.com/si/content/book/50පහත යූටියුබ් චැනලයේ රාජගිරියේ අරියඥානගෙ රඟපෑමට හාස්‍යජනක ලෙස වීඩියෝ කීපයකින් නිග්‍රහ කර තිබේ.https://www.youtube.com/@kapilawansathero211රාජගිරියේ අරියඥාන විසින් දොඩවන මනස්ගාත මුසාවාද ගොන්කතා වල එකකුවක් පහත සබැඳියෙන් ගොස් බලාගත හැකිය.http://www.trekmentor.com/si/content/sanga/44ආශ්‍රිත[සංස්කරණය]මහ රහතුන් වැඩි මඟ ඔස්සේකුරුණෑගල දිස්තිරික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මූණමලේ, කොස්වත්ත, යහලේගෙදර යන ගම් තුනෙහි සීමා මායිම්හි පිහිටා තිබේ. නුවරයුගයට පෙර සිට පැවත එන බවට ජනප |
්රවාද පවතී.1876 සිට හර්ටර් සහ ඩි‍්‍රෆීල්ඞ් ආලෝක සංවේදී පටල පටයක් නිර්මාණය කිරීමට පුරෝගාමී වූහ. ඩැගියුරේගේ ඡායාරූපකරණය වැනි මුල් කාලීන ඡායාරූපගැනීමේ ක‍්‍රමවේදයන්හිදී පටලපට භාවිතයට නොගැනුනි. ඊස්ට්මන් කොඩැක් 1885 දී ප‍්‍රථම නම්‍යශීලී ඡායාරූප පටල පටය නිපදවිමට සමත්විය. එය කඩදාසි මත රසායනික ස්ථරයන් ආලේප කරන ලද්දක් විය. ප‍්‍රථම පාරදෘෂ්‍ය ප්ලාස්ටික් පටල පටය නිපදවන ලද්දේ 1889 දීය. ඊට පෙර වීදුරු ඡායාරූපකරණ තහඩු භිවිතයට ගැනුනි. ඒවා මිළ අධික කැඞී බිඳී යා හැකි වූ නමුත් ඉහල ගුණාත්මකභාවයකින් යුතු විය. පළවැනි ඡායාරූප පටල පටය නිපදවන ලද්දේ වහා ගිනි ඇවිලෙන සුලූ නයිට්‍රොසෙලියුලෝස් සහ සුවිකාරකයන් ලෙස කපුරු යොදාගනිමිනි. 1920 ගණන්වලදී නියටේ‍්‍රට් පටල පටය සෙලියුලෝ ඇසිටේට් පටල පට මගින් ආදේශ කරනු ලැබු අතර ඒවා වඩාත් ආරක්‍ෂාකාරී විය. මෙම වෙනස්කම 1933 වන විට x කිරණ පටල පට සඳහාද 1951 වන විට චලන චිත‍්‍ර පටල පට සඳහාද යොදාගනු ලැබිණ.සුවිශේෂී සංවේදීතාවය[සංස්කරණය]මුල් පටල පට සංවේදීවුයේ නිල් ආලෝකයට පමණකි. 1879 දී කොළ සිට නිල් දක්වා වර්ණ පරාසයට සංවේදී වන සම්‍යයක් වර්ණදායී පටල පට හඳුන්වා දෙනු ලැබිණි. පසුකාලීනව ද්‍ර |
ෘෂ්‍ය වර්ණාවලියේ සියලූම වර්ණයන්ට සංවේදී සර්වවර්ණදායී පටල පට හඳුන්වාදෙනු ලැබිණි. වර්ණාවලි සංවේදීතාවය නොසලකා මේ සියලූ පටල පට යොදාගැනුනේ කලූ සුදු ඡායාරූප ලබාගැනීම සඳහාය. වර්ණ ඡායාරූප ලබාගැනීම සඳහා වූ පර්යේෂණ 1861 සිටම සිදුවිය. නමුත් ප‍්‍රායෝගිකව භාවිතාකළ හැකි තෛලෝදයන් භාවිතයට පැමිණියේ 1930 ගණන්වලදීය. දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි විශාල දියුණුවක් ඇතිවූ අතර බහුතරයක් ඡායාරූප සඳහා වර්ණ පටල පට යොදාගැනීම ආරම්භ විය.කාච සහ උපකරණ නිර්මාණය කෙරෙහි ඇතිවූ බලපෑම[සංස්කරණය]ඡායාරූපකරණ කාච සහ උපකරණ නිර්මාණයේදීද යොදාගනු ලබන පටල පටයන් සැලකිල්ලට ගන්නා ලදී. මුල්කාලීන කාචයන් නාභිගත වියයුතු වූයේ නිල් ආලෝකයට පමණකි. සම්‍යයක් වර්ණදායී පටල පට හඳුන්වාදීමත් සමග වර්ණාවලියේ කොළ සිට නිල් දක්වා වර්ණයන්ට නාභිගත වීම අවශ්‍ය විය. ඒ අනුව පටල පටයේ රූප රාමු සංඛ්‍යාව බලාගැනිම සඳහා රතු පැහැති කවුලූවක් යොදා ගැනුන අතර එයින් කිසියම් රතු ආලෝකයක් නිකුත්වුවද එය පටල පටයට කිසිදු බලපෑමක් සිදු නොකරන ලදී. එමෙන්ම අඳුරු කාමරයන්හිද රතු ආලෝකය යොදාගනු ලැබිණි. සර්ව වර්ණදායී පටල හඳුන්වාදීමත් සමග වර්ණාවලියේ සියලූම වර්ණ නාභිගත කළහැකි කාචයන්ගේ අවශ්‍ය |
තාවය පැනනැඟුනි. පෙර පැවැති සියලූ ක‍්‍රමයන්හිදී වස්තුවක ලා පැහැ ඡායාවන් සහ කාචය මත වැටුනු වර්ණයන් බලපෑමක් ඇතිනොකරන ලදී. එමඟන් වියහැකි උපරිම හානිය වූයේ වර්ණ තීව‍්‍රතා වෙනස මඳක් වෙනස්වීම පමණකි. නව පටල පටය භාවිතයේදී එසේ නොසලකා හැරීම් සිදුකළ නොහැකි විය. ඒ අනුව වඩාත් නිරවද්‍ය කාච යොදාගැනීමේ අවශ්‍යතාවය පැනනැගුනි.විවිධ පටල පට වර්ග සඳහා යොදාගත් පෙරනයන්ද විවිධ විය.රත්නපුරය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, රත්නපුරය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රත්නපුරය මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේ |
ශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස රත්නපුරය දිගටම පවතියි.1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%සී. ඊ. ආටිගලකෝප්පය6,60351.09%ඒ. එච්. විජේතුංගකරත්ත රෝදය4,80437.17%ජේ. ඩබ්. රොද්‍රිගූකුඩය5874.54%කේ. ඒ. දල්පදාදුතරාදිය4303.33%ඩබ්. අංගම්මනපුටුව2892.24%ටී. ඩී. එච්. ද අල්විස්අලියා2111.63%වලංගු ඡන්ද සංඛ්‍යාව12,924100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව265මුළු ඡන්ද සංඛ්‍යාව13,189ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,961ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය50.80%1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%සිරිල් එයුජින් ආටිගලඅලියා11,19154.40%ආතර් රෙජිනෝල්ඩ් ප |
ෙරේරාතරුව9,38045.60%වලංගු ඡන්ද සංඛ්‍යාව20,571100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව222මුළු ඡන්ද සංඛ්‍යාව20,793ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,578ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.40%1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ජයවීර කුරුප්පුඅත16,64471.33%සිරිල් ඊ. ආටිගලඅලියා6,28626.94%ඩී.ඒ. කරුණාරත්නකණ්ණාඩි කූට්ටම4051.73%වලංගු ඡන්ද සංඛ්‍යාව23,335100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව189මුළු ඡන්ද සංඛ්‍යාව23,524ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,335ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.75%1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එච්. වේරගමඅලියා7,43434.93%වික්ටර් අබේරත්නකරත්ත රෝදය5,38525.30%සරත්චන්ද |
්‍ර මුත්තෙට්ටුවේගමතරුව4,11719.34%කමණි මීදෙණිය (මිය.)යතුර3,04714.33%ධර්මසිරි කුරුප්පුපොත1,1925.60%බී. ජයසූරියකුඩය1070.50%වලංගු ඡන්ද සංඛ්‍යාව21,282100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92මුළු ඡන්ද සංඛ්‍යාව21,374ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,677ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.23%1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ධනපාල වීරසේකරඅත12,97760.86%එච්. වේරගමඅලියා8,01337.58%නිමල් කරුණාතිලකකරත්ත රෝදය3321.56%වලංගු ඡන්ද සංඛ්‍යාව21,322100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව61මුළු ඡන්ද සංඛ්‍යාව21,383ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,677ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.26%1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ධනපාල ආටිගල |
අලියා11,46339.32%සරත් මුත්තෙට්ටුවේගමලාම්පුව8,86030.40%ධර්මප්‍රේම ජයවර්ධනඅත8,58029.43%ආනන්ද විජේරත්නහිරු1800.62%සිරිපාල වීරවර්ධනතරාදිය680.23%වලංගු ඡන්ද සංඛ්‍යාව29,151100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව78මුළු ඡන්ද සංඛ්‍යාව29,229ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,027ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.13%ආශ්‍රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ් |
රී ලංකාව.vteලංකා රාජ්‍යයේ පැවති මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්‍යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · |
ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°40′58″N 80°23′57″E / 6.68278°N 80.39917°E / 6.68278; 80.39917ගාමිණී ෆෝන්සේකාඋපතගාමිණී ෆෝන්සේකාමාර්තු 21, 1936(1936-03-21)මිය යාමSeptember 30, 2004(2004-09-30) (වයස 68)ජා ඇල, ශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකදරුවන්දමිත් ෆෝන්සේකාචමිල ෆෝන්සේකාතනූජා ෆෝන්සේකාඉෂාර ෆෝන්සේකාදෙමව්පියන්(s)විලියම් ෆෝන්සේකා (පියා) ඩේසී ෆොන්සේකා (මව)සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆෝන්සේකා (දෙමළ: காமிணீ பொன்சேகா ) වන මොහු අග්‍රගණ්‍ය නළුවෙකුද, දේශපාලනඥයෙකුද වෙයි. සිංහල සිනමාවේ සක්විති යනුවෙන් විරුදාවලි ලබයි.සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆෝන්සේකා උපත ලැබූයේ 1936 මාර්තු 21 වැනි දින දෙහිවලදීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ප්‍රෙස්බිටීරියන් (බාලිකා) සහ ගල්කිස්ස සාන්ත තෝ |
මස් විද්‍යාලයන් ගෙනි. සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම චරිතාංග නළුවෙකු වන ගාමිණී ෆොන්සේකා දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතු වූ වේදිකා නාට්‍ය හා දකුණු ඉන්දීය සිනමා රංගනය පිටු දැක සිංහල සිනමා මාධ්‍යයට උචිත යථාර්ථවාදී රංග සම්ප්‍රදායක් මෙරට තුළ ගොඩ නැංවීමෙහි පුරෝගාමියෙකු ද වන ගාමිණී සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රංගන වේදියෙකි. එකල බොහෝ නළුවන් දකුණු ඉන්දියානු සම්භවයට නතු වීමත් පිරිමි පෞරුෂත්වයෙන් විනිර්මුක්ත වූ ස්ත්‍රී සුකුමාලත්වයන් සමඟ රඟපෑ නළුවන් හට ද පුරුෂාකාර ස්වභාවයක් මුල් වරට රඟමින් රංගනවේදය කියා දුන්නේ ඔහු ය. තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි. මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" (Bridge on the River Kwai) සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි |
රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේය."රන්මුතු දූව" හිදී ඇරඹූ ඔහුගේ ක්‍රියාදාම රංගනය "චණ්ඩියා", "ගැටවරයෝ", "සොරුන්ගෙත් සොරු" වැනි චිත්‍රපටවල සිට ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ 'සූර' චිත්‍රපට මාලාව දක්වා ගාමිණී වර්ධනය කර ගත්තේ එම චරිතාංගයේම විවිධ පැතිකඩය.එදා මෙදාතුර අති විශිෂ්ටතම චරිතාංග රංගනය ඉදිරිපත් කළ ගාමිණීගේ එම විශිෂ්ටතම රංගනය ඇතුළත් වූයේ නිධානය හි ය."නිධානය" හැරුණු කොට "පරසතු මල්", "වැලිකතර", "සරුංගලය" හා "යුගාන්තය" ගාමිණී ගේ අග්‍රගණ්‍ය චරිතාංග නිරූපණ රැගත් චිත්‍රපට ලෙස ගත හැකිය.ළමා සහ තරුණ අවධිය[සංස්කරණය]ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවාය. ප්‍රෙස්බිටීරියන් ආයතනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුයේය. ශාන්ත තෝමස් විද්‍යාලයේදී අරිසෙන් අහුබුදු ගුරුතුමන්ගෙන් සිංහල ද, පසුව සුසිල් ප්‍රේමරත්න චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍ර ශිල්පයද හැදෑරූ ගාමිණී එම අංශ දෙකටම දක්ෂයකු වූයේ ය. පාසලෙහිදී සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනීමෙහිලා දස්කම් පෑ ගාමිණී එවකට ශ්‍රී ලං |
කාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්. සේනානායක මහතා විසින් පිරිනමන ලද සිංහල සාහිත්‍යය දක්ෂතා ඇඟයීමේ ත්‍යාගයකට පවා හිමිකම් කීවේය. විෂය පිළිබඳ දක්ෂතා පෑමට අමතරව ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද පාසලේ ප්‍රසිද්ධියක් ඉසිලීය.බාල අවධියේ ගාමිණී ජීවත් වූ ගාමිණීගේ මහගෙදර පිහිටි "රත්මලානේ" සිරිමල් උයනේ වත්ත කොනක ද්‍රවිඩ ජාතික බාබර් කෙනකුට බාබර් සාප්පුවක් දමා ගැනීමට ගාමිණීගේ පියා විලියම් ඉඩ දී තිබුණි. කුඩා ගාමිණී, වත්තේ දුව පැන යන විට ඔහුව වඩාගෙන සැලූනයට ගෙන යන කරණවෑමියා සිඟිති ගාමිණීගේ හිස ක්‍රීම් ආදිය ගා පීරා හැඩ වැඩ කරනු ලබයි. එහි වූ බිත්තිවල එල්ලා ඇත්තේ එකල ඉන්දීය සිනමාවේ එම්.ජී. ආර්. වැනි ද්‍රවිඩ මහා නළුවන්ගේ සේයාරූය. ඒවා පෙන්නා පුංචි ගාමිණීට ද්‍රවිඩ කරණවෑමියා "පුංචි මාතියා කවදාහරි පුංචි මාතියත් අපේ මේ පෙරිය ඇක්ටර්ල වගේ බයිස්කෝප්වල ලොකුම ලොකු ඇක්ටර් කෙනෙක් වෙන්න ඕනෑ." යැයි කියයි. ගාමිණීගේ සිතට එසේ "නළුකම" පිළිබඳ ව ආශාවක් ඇති කරනු ලැබුවේ මේ ද්‍රවිඩ කරණවෑමියා බව පසු කාලයක ඔහු පැවසුවේ ය.සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වීම සහ 1960 දශකය[සංස්කරණය]ගාමිණී වෘත්තාන්ත සිනමාවට සම්බන්ධ වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් |
පීරිස්ගේ රේඛාව චිත්‍රපටයෙනි. "රේඛාව" සැබෑ දේශීය සිනමාවක උපත වූවා සේම එයින් සිනමාවට අලුත් පරපුරක්ද පිවිසුණා හ. අයිරාංගනී සේරසිංහ, විලී බ්ලේක්, ටයිටස් තොටවත්ත, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙන්ම ගාමිණී ද ඒ අලුත් පරපුරට අයත් වූයේය. ගාමිණී රේඛාවට සම්බන්ධ වූයේ කාර්මික ශිල්පියකු ලෙසිනි. එසේ වු නමුදු ඔහු එහි සුළු චරිතයක් ද රඟපෑවේය. නිවැරදි ලෙස එය රඟපෑමක් නොව හුදු පෙනී සිටීමක් පමණි(Cameo Appearance).එම අවදියේදී ම වාගේ ඔහුට ලංකාවේ දී රූගත කළ ඩේවිඩ් ලීන්ගෙ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයට ද සම්බන්ධ වන්නට අවස්ථාවක් ලැබිණි. තෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් ය. සිනමාවේ හි කාර්මික පැතිකඩ ගැන ගාමිණී හට ඉන් පෘථුල අවබෝධයක් ලැබී ය. "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපට කණ්ඩායම විවේක අවස්ථවල දී ප්‍රදර්ශනය කළ මි. මී. 16 චිත්‍රපට නැරඹීමට ද ගාමිණීට භාග්‍යය උදා වූයේ ය. ඉන් වැදගත් සන්ධිස්ථානයක් වූයේ ඔහු නැරඹූ මාලන් බ්‍රැන්ඩෝ රඟපෑ විවා සපාටා, පෝල් මුනි රඟපෑ ද ස්ටෝරි ඔෆ් ලුවී පාස්චර් වැනි චිත්‍රපට පළමු වතාවට දැකගැනීමට හැකි වූ ගාමිණී එම චිත්‍රපටවල එම නළුවන් රඟපෑ ආකාරය ස්වයං අධ්‍යයනය කළේ ය. මෙරට අන් කිසිදු නළුවකු නොලද |
තවත් සුවිශේෂ වරමක් ගාමිණී මෙහිදී අත්පත් කර ගත්තේය. ඒ "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපටයේ සර් ඇලෙක් ගිනස්, විලියම් හෝල්ඩන් වැනි නළුවන් සජීවීව රඟපාන අයුරු දැකගන්ට ලැබීම ය. ගාමිණී පසු කලෙක තම රංග ලීලාව සකස් කර ගැන්මෙහිලා ඒ අත්දැකීම් මහෝපකාරී වන්නට ද ඇත.එස්.කේ. ඕජා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ දෛවයෝගය(1959) ගාමිණී චරිතයක් වශයෙන් රඟපෑ පළමු චිත්‍රපටය වූවා ය. ඔහු එහිදී "මානමූල"ගේ චරිතය සඳහා රඟපෑවේ ය. ඔහුගේ මේ ප්‍රථම රංගනය එවක සිටි ජයවිලාල් විලේගොඩ වැනි විචාරකයන් යැයි කියාගත් උදවියගේ නිර්දය විවේචනයට හසු වූයේ ය. "පිරිමියෙක් නිසා" ගාමිණී ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම චිත්‍රපටය වූයේ ය. එහි රංගනය ද ජයවිලාල් විලේගොඩගේ නිර්දය විවේචනයට හසු වූයේ ය. එහිදී ජයවිලාල් කියා සිටියේ මාලන් බ්‍රැන්ඩෝ පාට් දැමීමට උත්සාහ නොකර වර්ණනාවෙන් හිස උදුමවා නොගතහොත් ගාමිණීට හොඳ අනාගතයක් තිබෙන බවය.ඉන් අනතුරුව ඔහුට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් "තම්මිට" නම් චරිතය රඟපෑමට අවස්ථාවක් හිමි විය. එහි දී ඔහුගේ රංගනය එහි ප්‍රධාන චරිතය රඟපෑ ආනන්ද ජයරත්නට ද වඩා කැපී පෙනෙමින් දක්ෂ අන්දමින් |
ඔපනැංවීය ය. මෙහි ප්‍රධාන චරිතයට ආනන්ද ව යොදා ගැනීම වැරදි තේරීමක් බව ආචාර්ය පීරිස් පශ්චත්තාපයෙන් යුතුව පසු කලෙක කියා තිබිණි. ඉන්පසුව අදට වැඩිය හෙට හොඳයි, රන්මුතු දූව, ගැටවරයෝ, සූර චෞරයා, ආත්ම පූජා, ගම්පෙරළිය, චණ්ඩියා, සොරුන්ගෙත් සොරු ආදී චිත්‍රපට රඟපා එවකට සිනමාවේ යෝධ පිම්මක් නඟිමින් සිනමාවේ එකම වීරයා වූයේ ය. සුපිරි නළුවෙකු ලෙස හැටේ දශකය තුළ නැඟී සිටි අතර ම පරසතුමල් චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයෙකු බවටද පත්වූයේ ය. එහිදී ගාමිණී රඟපෑ බොනී මහත්තයාගේ චරිතය අගනා ලෙස ඉදිරිපත් කළේ ය. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූයේ මයික් විල්සන් විසින් එතෙරින් ගෙන ආ තාක්ෂණය යොදා නිපද වූ රන්මුතු දූව යි. එය ගාමිණී රඟපෑ සුවිශේෂ චිත්‍රපටයක් ද වේ. මන්ද එය ගාමිණී ප්‍රථම වතාවට තරුවක් බවට පත් වූ චිත්‍රපටියයි. "රන්මුතු දූවේ" ඔහු වීර වික්‍රමාන්විත චරිත රඟපෑවේ ය. 1962 දී තිරගත වූ "රන්මුතු දූවේ" සිට 1982 තිරගත "සක්විති සුවය" චිත්‍රපටය දක්වා වූ දෙදශකය සිංහල සිනමාවේ ගාමිණී ෆොන්සේකා යුගය වූයේ ය.වාණිජමය චිත්‍රපට වලට දායක වනවාට අමතරව ඔහු ගම්පෙරළිය (1964) වැනි කලාත්මක සිනමා කෘති වලටද දායක වුයේය. ටයිටස් තොටවත්ත |
යන්ගේ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රථමවරට දුෂ්ඨ චරිතයකට පණපෙවීය. මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සොරුන්ගෙත් සොරු චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ජේම්ස් බණ්ඩා ලෙසය. මෙම චරිතය ශ්‍රී ලාංකිය ජේම්ස් බෝන්ඩ් ලෙස බොහෝදෙනකු හඳුන්වයි.ගාමිණී ප්‍රථම වතාවට චරිතාංග නිරූපණයේ නියැලෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළියෙනි. එහි "ජිනදාස ළමාහේවා" ගේ චරිතයට පණ පෙවුවේ ඔහුය. ජිනදාස යනු හකුළා ගත් පෞරුෂයෙන් යුතු චරිතයකි. රන්මුතු දූව වැනි වූ චිත්‍රපටයක වීර වික්‍රමාන්විත චරිතයක රඟපෑ නළුවා මෙබඳු චරිතයක් නිරූපණය කරන්නේ කෙසේ ද යන්න ගම්පෙරළියේ කතෘ මාර්ටින් වික්‍රමසිංහයන්ට පවා ප්‍රශ්නයක්ව තිබිණි. එහෙත් ගාමිණී තම රංග ප්‍රතිභා මහිමයෙන් ජිනදාසගේ චරිතයේ බාහිර හා අභ්‍යන්තර සුවිශේෂතා මැනවින් හඳුනාගෙන එය සාර්ථකව නිරූපණය කළේ ය."ගම්පෙරළිය" තිරගත වූ පසු චිත්‍රපටය විචාරය කළ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා තම විචාරය හමාර කළේ මෙපරිද්දෙනි. "ගම්පෙරළිය වූ කලී චිත්‍රපට බලන, නොබලන හැම කෙනකු විසින්ම වරක් දෙවරක් නොව කීප වරක්ම නැරඹිය යුතු චිත්‍රපටයකි. ඒ කොතෙක් බැලුවත් ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම් නිසා තවත් වරක් නැරඹිය ය |
ුතුමය" ලෙස සඳහන් කළේ ය.පසුව, ගාමිණී පරසතු මල් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට ද ප්‍රවිෂ්ට වන්නේ ය. චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාමින් එය අධ්‍යක්ෂණය කිරීම ඕනෑම සිනමාවේදියකුට කිසියම් අභියෝගාත්මක කාර්යක් වුවද ගාමිණී ප්‍රථම වතාවට "පරිපූර්ණ චරිතයක්" (ROUND CHARACTERS) නැතහොත් වඩාත් සංකීර්ණ චරිතයක්(COMPLEX CHARACTERS) රඟපෑවේ ය.ඉන් පසුව ද ඔහුගේ ම සොරුන්ගෙත් සොරු හි ද ගාමිණී, ප්‍රධාන නළුවා ලෙසින් මෙන් ම නිෂ්පාදනයෙන් ද එක් වූයේ ය. එය ලංකාවේ මුල්ම සිංහල "ජේම්ස් බොන්ඩ්" වර්ගයේ චිත්‍රපටයයි.1970 සහ 1980 දශක[සංස්කරණය]ඔහු රංගනයට අවතීර්ණ වූ යුගය දමිළ චිත්‍රපට අනුකාරක යුගයකි. දමිළ චිත්‍රපට අනුකාරක දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් නළුවන් යොදා තම වුවමනාව අනුව දමිළ නළුවන් අනුකාරක යුගයක් බිහි කළේ ය. ගාමිණී රඟපෑ බොහෝ වාණිජ ධාරාවේ චිත්‍රපට දෙමළ අනුකාරක චිත්‍රපටයන් වේ. නමුදු ඔහු කිසි දිනක එම චිත්‍රපටවල රඟපෑ දමිළ නළුවන් අනුකරණය නො කළේ ය. එම චිත්‍රපටවල දමිළ නළුවන්ගේ රංගනය පුස්සක් කර ඔහු තම ආවේණික ශෛලියකින් රංගනය ඉදිරිපත් කළේ ය. ගාමිණී හට අනෙක් බොහෝ නළුවන්ට සේ එකම ආරේ චිත්‍රපට නොව විවිධ ගණයේ චිත්‍රපට රංගනය සඳහා ලැබු |
වේ ය. විලී අබේනායක (නිධානය), වික්‍රම රන්දෙණිය (වැලිකතර), ධාරා (හුලවාලි), සෙබස්තියන් ස්වාමි (දෙවියනි ඔබ කොහිද), නඩරාජා (සරුංගලේ), සවිමන් කබලාන (යුගාන්තය) වැනි චරිත ඊට මාහැඟි නිදසුන්ය. එවායෙන් බොහොමයක් ම පරිපූර්ණ චරිත වීම ද තවත් සුවිශේෂත්වයකි ය. මේ එක් එක් චරිත රංගනයට ගාමිණී හට ඊටම ආවේණික වූ රංගනයක් ද ඉදිරිපත් කර තිබුණේ ය. නළුවකු ලෙස ගාමිණීගේ සුවිශේෂත්වය වූයේ ඔහු එවකට ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල සරල, සැහැල්ලු, ඒකාංශ චරිත රඟපෑමත් සම්භාව්‍ය සිනමා කෘතීන්හි සාරගර්භ චරිත රඟපෑමත්ය. එකී සිනමා ප්‍රවාහයන් දෙකෙහිම වඩාත්ම සාර්ථක නිළිය මාලිනී ෆොන්සේකා නම් නළුවා ගාමිණී ෆොන්සේකා වේ. ගාමිණී "පරසතු මල්" චිත්‍රපටයේ බීමත්ව නිවෙසේ ඉහළ මාලයේ ලී සොල්දරය මත දෑත් දෙපසට විහිදා සිටින සෙවණැලි රූපය සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවක් වනුයේ යම් සේද ඔහු 'සූරයන්ගෙත් සූරයා' චිත්‍රපටයේ එක අතකින් බ්‍රීෆ් කේසය ද අනෙක් අතකින් රිවෝල්වරය ද රැගෙන සිටින රූපය ද එලෙසම සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවකි. මේ රූප රාමු දෙකේම සිංහල සිනමාවේ ප්‍රධාන ධාරාවන් දෙක මූර්තිමත් කෙරෙන සංකේතාත්මක වටිනාකමක් පවතී.ගාමිණි ෆොන්සේකාගේ රංග ප් |
රතිභාව එකකට එකක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කර ඔපනැංවූ ආකාරයක් ලෙස "ගම්පෙරළිය" හි ඔහුගේ රංගනය ගත හැක. ගම්පෙරළිය චිත්‍රපටයේ ජිනදාසගේ චරිතය රඟපෑ ගාමිණී එහි තෙවැනි කොටස වන යුගාන්තයේ සවිමන් කබලාන ගේ චරිතය ද නිරූපණය කළේය. නමුත් "යුගාන්තයේ" ගාමිණීගේ රංගනය දුටු කිසිදු ප්‍රේක්ෂකයකුට එමගින් "ගම්පෙරළියේ" ජිනදාස සිහිපත් වූයේ නැත.තමාම අධ්‍යක්ෂණය කරනු ලැබූ සාගරයක් මැද චිත්‍රපටයේ චරිත දෙකකට පණ පොවමින් තම දක්ෂතව මෙතෙකැයි කියා මැනිය නොහැකි බව පෙන්වා දුන්නේ ය. එහි ද පරස්පර චරිතාංගනයක යෙදුන ඔහු දොස්තර මොලදන්ඩට ද අනික දේශපාලනඥ ෆෙඩ්රික් රාමනායක ලෙසත් රඟපෑවේ ය. මේ චරිත දෙකේම රංග ලීලා එකිනෙකට පරස්පරය.ගාමිණී ඔහොම හොඳද චිත්‍රපටයේ එක් අවස්ථාවක විසුළු ස්වරූපයකින් යුක්තව කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් කෙසෙල් කැනක් ඔසවා ගෙන යයි. "නිධානයේ" විලී අබේනායක ලෙස අති විශිෂ්ට චරිතාංග නිරූපණයක යෙදෙන්නේ මේ නළුවාම යැයි සිතන්නට කිසිදු ප්‍රේක්ෂකයකුට එමඟින් අනුබල නොදෙයි.එසේම ගාමිණී නම් තරුණයාගේ අගය දැන ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, ඔහුගේ නිධානයට ද ඔහුව එක්කර ගැනීය. එහි සාර්ථකත්වය හිනි පෙත්තෙහි ඉහලට ම ගියේ ගාමිණීගේ ප්‍රතිභාපූර්ණ |
රංගනය ද නිසාවෙනි. ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨත ම උත්කෘෂ්ඨත ම චරිතාංග නිරූපණය ලෙස සලකනුයේ ආචර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයෙන් ඉදිරිපත් කළ රංගනයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ. සිනමා කෘතියක් වශයෙන් ගත් කල "නිධානයේ" ගාමිණීගේ රංගනය ඉක්ම වූ රංගනයක් හෝ චිත්‍රපටයක් තරම් නොවේ.ගාමිණී ඩී බී නිහාල්සිංහගේ වැලිකතර තුළින් ද අතිවිශිෂ්ට ම රංගනයක් ඉදිරිපත් කළේ ය.ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි ගාමිණී විනෝදාත්මක හා වාණිජ සිනමාවෙ හි සූරයා බවට පත් කළේ ය. තවද ඔහු රඟ පෑ නීල් රූපසිංහයන්ගේ හතරදෙනාම සූරයෝ ද ගාමිණී ජනප්‍රියත්වයේ ඉහළටම ගෙන ආ විශිෂ්ඨ නිර්මාණයකි.1972 දී බැප්ටිස් ප්‍රනාන්දු, ප්‍රේම් ජයන්ත් සමඟ එක්ව ගාමිණී සහනය නිෂ්පාදනය කළේ ය. චිත්‍රපට 108ක රඟපෑ ඔහු චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ය. පරසතු මල්, උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, කොටි වලිගය, බාඳුරා මල්, රෑ මනමාලි, සක්විතිසුවය, නොමියෙන මිනිසුන් හා අන්තිම රැය එම ච |
ිත්‍රපටයි.1980 දී සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරුංගලේ’ චිත්‍රපටයේ දී ගාමිණී, යාපනයේ ද්‍රවිඩ ලිපිකරුවකු වූ නඩරාජා ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළේය.ගාමිණී විසින් විවිධ දේශපාලන තේමාවන් ඔස්සේ සෘජුව ම චිත්‍රපට සෑඳීම සාගරයක් මැද තුළින් ඇරඹුවේ ය. අවසාන කාලයේ "ප්‍රභාකරන්" පිළිබඳ ආශ්‍රිත වූ තීන්දුව (Judgement) නමින් චිත්‍රපටයක් කිරීමට ගිය ද විවිධ හේතූන් මත එය නැවතුණේ ය. ඉන් කලකිරීමකට පත් ව පසෙකට වී සිටි ගාමිණී යළිත් දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කරන්නට වුව "යකඩ යකා" තුළින් පෙරළිකාර චරිතයක නිරූපණයක යෙදෙන්නට සූදානම් වුව ද එවකට දේශපාලන පෙරළි සිදු වී චිත්‍රපට සංස්ථා බාර ඇමැති ලෙස විජිත හේරත් පත්වීමෙන් පසු "යකඩ යකා" සංස්ථාව මඟින් නිපදවීම නැවැත්විම නිසා එයද වැළකී ගියේ ය."බලනවකො අයිසෙ' මෙච්චර හරියක් සිනමාවට කරපු මටත්, මේ යක්කු මෙහෙම කළානෙ..." යනුවෙන් විටෙක කලකිරීමෙන් බොහෝ තැවුලට පත් ව "යකඩ යකා" චිත්‍රපටය නිපදවද්දී ගාමිණී ෆොන්සේකා එකල පැවසුවේ අතිශය කලකිරීමෙනි.ඔහු සේන සමරසිංහ චිත්‍රපටයේ පකිස්තාන, නේපාල සහ බංගලිදේශයේ "සාගර පෙරළිය", "දෝංකාරය", "ඔට්ටුයි බරුවට", "සෙබලියෝ" යන චිත්‍රපට |
සඳහාද රංගනයෙන් දායක වේ.සිනමා ක්‍රියාන්විතය[සංස්කරණය]ගාමිණී තරුණ කාලයේඔහු මියයන විට චිත්‍රපට 108කට දායකත්වයක් ලබා දී ඇත. එම චිත්‍රපට 108න් චිත්‍රපට 86ක්ම ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබූ අතර, ඉන් චිත්‍රපට 19ක සහය චරිතද, චිත්‍රපට 10ක් තම අධ්‍යක්ෂණයෙන්ද, චිත්‍රපට 2ක් නිෂ්පාදකයෙකු ලෙස සිනමාව වෙත දායක වී ඇත. 1964හි සිට 1997 වසර දක්වා සරසවිය සම්මාන උළෙලෙහි කුමන හෝ සම්මානයක් හිමිකරගැනීමට සමත්විය.වසරචිත්‍රපටියචරිතය1959දෛවයෝගයමානමූල1960සන්දේශයතම්මිට1960පිරිමියෙක් නිසා1962දස්කොන්1962රන්මුතු දූව1963ගම්පෙරළියජිනදාස1963අදට වැඩිය හෙට හොඳයි1964ගැටවරයෝජයසේන ප්‍රනාන්දු1964ධීවරයෝ1965චණ්ඩියාචුට්ටේ නොහොත් චණ්ඩියා1965සුදෝ සුදු1965ආදරයයි කරුණාවයි1965සත පනහනිමල්1965යටගිය දවස1966සැනසුම කොතැනද?1966සීතල වතුර1966සීගිරි කාෂ්‍යප1966පරසතු මල්බොනී මහත්තය1966ඔබ දුටු දා1966සැනසිලි සුවය1967සොරුන්ගෙත් සොරුජේමිස් බණ්ඩා1967ඉපදුනේ ඇයි1967රෑන ගිරවු1967 |
ඔක්කොම හරි1967සූර චෞරයා1968දෙහදක දුක1969ඔබ නැති නම්1969බඩුත් එක්ක හොරු1969සූරයන්ගෙත් සූරයාසුනිල් නොහොත් ගාමිණී/ව්‍යාජ "සෙzයික් ඩාවුඩ්(Zaik Dawood)"1969පාරා වළලු1969මී මැස්සෝ1970ආත්ම පූජානිවුන් සොහොයුරන්(ද්විත්ව චරිත නිරූපනයකි )1970ඔහොම හොඳද?සිරිමල් නොහොත් වීර කොණ්ඩයා/ව්‍යාජ 'සිරි'("රජකම් කෙරුවත්" ගීතය )1971හතරදෙනාම සූරයෝපළවෙනි සූරයා "පොඩ්ඩේ"1971වැලිකතරඒ.එස්.පී වික්‍රම රණ්දෙනිය1972සහනය1972නිධානයවිලී අබේනායක1972එදත් සූරයා අදත් සූරයාචෞර "ගාමිණී"1972ආදරේ හිතෙනවා දැක්කමගායන ශිල්පී "රිකී ප්‍රනාන්දු"1972මිරිඟුව1973හොඳට හොඳයිචන්දන1973සදහටම ඔබ මගේ1973හොඳම වෙලාව1973හොඳයි නරකයි1974කස්තුරි සුවඳ1974ඔන්න බබෝ බිල්ලෝ එනවාගාමිණී(ස්වර්ණා කහවිට(ආශා ලෙස රඟපෑ) ගේ පෙම්වතා)1974සැනකෙළියප්‍රියන්ත වීරසේකර1975හිත හොඳ මිනිසෙක්ජෝති1975රත්තරන් අම්මාබේබදු පියා සහ දාමරික පුතා(ද්විත්ව චරිත නිරූපණයකි)1975ආවා සොයා ආදරේගාමිණී1975රජගෙද |
ර පරවියෝ1975සිරිල් මල්ලීසිරිල් නොහොත් හෙන්රි/හින්දි ගායක මිල්ටන් මල්ලවආරච්චි හඬින් විසින් '("ඒක් කලී" හින්දි ගීතයේ)1975සූරයා සූරයාමයි1976කවුද රජා?මානුවෙල් නොහොත් මානු1976හුලවාලීඅවලක්ෂණ "ධාරා"1976නිල්ල සොයා1976නයනා"නයනා" ගේ ස්වාමි පුරුෂයා1977යකඩයා"ජිනදාස" හෙවත් "මරදන්කඩවළ යකඩයා"1977චිං චිං නෝනා1977දෙවියනි ඔබ කොහෙදසෙබස්තියන් ස්වාමි1977චණ්ඩි පුතාගායන ශිල්පී "ගාමිණී ප්‍රනාන්දු"1978චණ්ඩි ශ්‍යාමා"ලක්ෂ්මන්" නොහොත් "සුගත්"1978ආශා දෑසින්1978හිත මිතුරාචිත්‍ර ශිල්පී "ගාමිණී"1978අප්සරා1978සීතා දේවීරවී රණරාජා නොහොත් රාවණා1979අමල් බිසෝබයිසා?1979මිනිසුන් අතර මිනිසෙක්මෛත්‍රී ගුණසේකර1979සරුංගලේනඩරාජා1980මල් කැකුළු1980උතුමාණෙනි1980මයුරිගේ කතාව1980සංඛපාලීසංඛ1981චංචල රේඛා1981තවලම1981බාඳුරා මල1981රිදී තැල්ල1981සාගරයක් මැදදොස්තර "ෆ්‍රැන්සිස් මොළදණ්ඩ" / දේශපානඥ "ෆ්‍රෙඩ්‍රික් රාමනායක"1982සක්විති සුවය1982මිස් ම |
ල්ලිකා1982හෙලෝ ශ්‍යාමා1985යුගාන්තයසයිමන් කැබිලාන1986යලි හමුවෙන්නයි1986කොටි වලිගය1986පූජාගරු රඟපෑමකි1987සත්‍යග්‍රහණය1987අහිංසා1989ශක්තිය ඔබයි අම්මේගරු රඟපෑමකි1991උතුර දකුණ1993සාජන්ට් නල්ලතම්බි1994නොමියෙන මිනිසුන්1994ශක්ති1994පවන රළුවිය1995මම බය නෑ ශ්‍යාමා1995දෙමෝදර පාළමචුට්ටෙ අයියා1996ලොකු දුව1997අපායෙ තත්පර අසූ හාරදාහක්1998අන්තිම රැයඔහුගේ මරණයට පෙර අවසන් රංගනයගොනුව:Gamini Fonseka.jpgනිධානය චිත්‍රපටයෙහි කැපී පෙනෙන දර්ශණයක්නිෂපාදන දායකත්ව[සංස්කරණය]වසරචිත්‍රපටියඅධයක්ෂක1967සොරුන්ගෙත් සොරුමයික් විල්සන්1972සහනයජේ. සෙල්වරත්නම්සම්මාන[සංස්කරණය]ගාමිණී ෆොන්සේකා සම්මාන හා නිර්දේශසම්මාන සහ නිර්දේශයන්සම්මානයලබා ගැනීම්නිර්දේශිතසරසවිය සම්මාන1515ජනාධිපති සම්මාන11දීපශිකා සම්මාන11ස්වර්ණ සංඛ11වෙනත්44එකතුවලබා ගැනීම්22නිර්දේයන්22වසරසම්මානයචිත්‍රපටිය1964හොඳම නළුවාගම්පෙරළ |
ිය1965සරසවිය හොඳම නළුවා සම්මානයධීවරයෝ1966ජනප්‍රිය නළුවා (ස්වර්ණ සංඛ)–1967සරසවිය හොඳම නළුවා සම්මානයපරසතු මල්1967සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1968සරසවිය හොඳම නළුවා සම්මානයසොරුන්ගෙත් සොරු1968සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1969සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1972ජනප්‍රිය නළුවා (දීපශිකා සම්මාන)–1976හොඳම නළුවා(සරසවි ජනතා සම්මානය(ඔහු පසුව මෙය ප්‍රතික්ෂේප කළේය))කස්තුරි සුවඳ1980සරසවිය හොඳම නළුවා සම්මානයසරුංගලේ1980සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1981සරසවිය හොඳම නළුවා සම්මානයඋතුමාණෙනි1981සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1982සරසවිය හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානයසාගරයක් මැද1982සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය–1986සරසවිය හොඳම නළුවා සම්මානයයුගාන්තය1986සරසවිය රණ තිසර සම්මාන–1986හොඳම නළුවා (ජනාධිපති සම්මාන)යුගාන්තය1987විචාරක සම්මානය–1995සරසවිය හොඳම නළුවා සම්මානයනොමියෙන මිනිසුන්1997යූ.ඩබ්ලිව්. සුමතිපාල Commemorating සම්මානය–දේශපාලන ක්‍රියාකාරිත්වය[සංස්කරණය]ගාමිණී රංගනයේ දී මුල් යුගය සිට ම ඇසුර |
ු කළ ද්‍රවිඩ ජාතික සිනමාකරුවන් හා ශිල්පීන්ට ගාමිණී බොහෝ ළෙන්ගතු වූවාය. 1983 වසරේ දී සිංහල අන්තවාදීන් විසින් ගිනි ඇවිල වූ "කළු ජූලියේදී" ඔහු, කඩුගන්නාවේ තම නිවසට දිවි බේරා ගැනීමට දිව ආ අසරණ ද්‍රවිඩ ජාතික ජීවිත රැසක් බේරා ගනු ලැබුයේ අහසට වෙඩි තබා සිංහල අන්තවාදීන් පළවාහරිමිනි. එය ගාමිණී සිනමාවට පමණක් නොව සැබෑවට ම වීරයෙකු බව ප්‍රදර්ශනය කළේ ය. 1989 දී ගාමිණී ෆොන්සේකා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමෙනි. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබවීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඇයගේ වකවානුවේදී ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය. ඒ ගාමිණී අන්‍යෝන්‍ය ජාතිකයන් සමඟ සුහදශීලිව කටයුතු කළ ආකාරය දැන සිටි නිසාවෙනි. දේශපාලනික වශයෙන් ඔහු සෘජුව සිටියේ ය. කීමට ඇති දේ කෙලින් ම ඉහළම තානාන්තරය ඇත්තාටද කිවේය. එකතරා අවස්ථාවක දී ඔහු රන්ජන් රාමනායක මහතාට ද, ඔහුගේ සෘජු බව පැසසුමට ලක් විය. නමුත් අවසන් කාලයේ දී ඔහු හට ද දේශපාලනය කලකිරී ඇති සෙයකින් ඔහු අනෙක් කලාකරුවන්ගෙන් |
ඉල්ලා සිටියේ දේශපාලනය සඳහා එක් නොවන ලෙසට ය.වියෝව[සංස්කරණය]ඇමැතිවරයා ලවා යකඩ යකා වාරණය කරවූ කුමන්ත්‍රණය දිගටම පැවතිය දී 2004 ඔක්තෝබර් මස 1 දින එය ගැන යළි සළකා බලමු යැයි තීරණයක් ගත්තද ඊට පෙර දින සක්විති කිරුළ හැර වයස අවුරුදු 68 දී ජා ඇල පිහිටි තම නිවසේදී ගාමිණි ෆොන්සේකා මෙලොවින් ගොසිනි. යකඩ යකා සිනමාවට ගෙන ඒමට ගාමිණීගේ පැතුම ඉටු නොවීම නිසාවෙන් ඔහු අවසන් භාගය ඒ ගැන සිතමින් කලකිරීමෙන් ගත කළ බවද කියවේ.Peace , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.සාමය යනු ශාන්තිය හෝ සහජීවනයයි. සාමය පහත අරුත්ද ගෙන දිය හැකිය:සාම සංකේතයසාම (ඇල්බමය), යුරිත්මික්ස් විසින් සැකසුණු ඇල්බමයකිPeace (album), an album by Anything BoxPeace (play), a play by AristophanesPeace (rose)"The Peace!", song by Morning Musume"Peace", the thirteenth movement of Mike Oldfield's Tubular Bells 2003 albumPeace College in Raleigh, North CarolinaThe Peace River in AlaskaPeace River (Canada)Peace, a novel by Gene WolfePeace, a song by Weezer from Make BelievePEACE (^^)v, a song by BeForUSee also[සං |
ස්කරණය]Peace campPeace movementPeace processPeace symbolPeace treatyThe Peace FundUnited States Department of PeaceWorld peacePeace Bridge (Buffalo, NY)මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.සෙෙල ජීවවිද්‍යාවසත්ව සෙෙලයදර්ශීය සත්ව සෙෙලයක සංරචක:න්‍යෂ්ටිකාවන්‍යෂ්ටියරයිබොසෝම (කුඩා තිත්)අාශයිකාරළු අන්ත:ප්ලාස්මීය ජාලිකාගොල්ගි දේහසෙෙල සැකිල්ලසිනිඳු අන්ත:ප්ලාස්මීය ජාලිකාමයිටොකොන්ඩ්‍රියාරික්තකසෙෙයිටොසොලය (සෙෙල ප්ලාස්මයේ අඩංගු ඉන්ද්‍රයිකා විසිර ඇති තරලය)ලයිසොසෝමසෙන්ට්‍රොසෝමසෙෙල පටලයගොල්ගි දේහ මගින් පිටවූ ලයිසොසෝමයක් නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)ලයිසොසෝම යනු, ජීර්ණ එන්සයිම අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා ගොල්ජිදේහ මගින් හටගැනේ.ව්‍යුහය[සංස්කරණය]ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, |
පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී ගොල්ගි ආශයිකා ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.කෘත්‍ය[සංස්කරණය]ජීර්ණ එන්සයිම ගබඩා කිරීම.බහිස්සෛලීය ජීර්ණයඅන්ත:සෛලීය ජීර්ණයභක්‍ෂණයස්වයං භක්‍ෂණයස්වයං ජීර්ණයසිදුරු පත් ක්‍රමය භාවිත ගන්නා CTR සංගනණ යන්ත්‍රයක්සිදුරු කළ කාඩ්පත, සිදුරු පත, අයිබීඑම් පත, හෝ හොලරිත් පත (ඉංග්‍රීසි: punch card[1]) යනු, සංඛ්‍යාංක තොරතුරු ඇතුළත් ඝනකම් කොළයකි. එහි පෙර හඳුනාගත් ස්ථානවල සිදුරු තිබීම හෝ නොතිබීම මත තොරතුරු අඩංගු වේ. දැන් මුළුමණින්ම වාගේ අභාවයට ගිය දත්ත සැටහුම් ක්‍රමයක් වන මෙය 19 වැනි ශත වර්ෂයේදී රෙදි විවීම් යන්ත්‍ර සඳහා භාවිතයට ගැනුණු අතර 20 වෙනි සියවසේ මුල් භාගයේදී සල්පිල් අංග හා ආශ්‍රිත උපකරණවලට භාවිතයට ගැනුණි. විසිවන ශත වර්ෂය පුරා ඒකක සටහන් යන්ත්‍රවල දත්ත ඇතුළත් කිරීම, සැකසුමට හා දත්ත ගබඩා කිරීමට භාවිතයට ගැනුණි. මුල් අංඛිත පරිගණකවල දත්ත ඇතුළත් කිරීමේ මූලික ක්‍රමය ලෙස සිදුර |
ු පත් භාවිතා කරන ලදී. ඇතැම් ඡන්ද ගණන් කිරීමේ යන්ත්‍ර ද සිදුරුපත් ක්‍රමලේඛ මගින් ක්‍රියාත්මක වේ.ආශ්‍රිත[සංස්කරණය]Aperture cardCard imageComputer programming in the punched card eraEdge-notched cardHistory of computing hardwareKimball tag—punched card price tagsPaper data storagePunched card input/outputPunched tapeLace cardසටහන්[සංස්කරණය]මූලාශ්‍ර[සංස්කරණය]↑ Pinker, Steven Arthur (2007). The Stuff of Thought. Viking. p. 362. (NB. Notes the loss of -ed in pronunciation as it did in ice cream, mincemeat, and box set, formerly iced cream, minced meat, and boxed set.)භාහිර සබැඳි[සංස්කරණය]Punch card හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.සිදුරු පත් සඳහා එමියුලේටරයක් (ඉංග්‍රීසි බසින්)Cardamation at the Wayback Machine (archived 2011-10-17) – 2011 වන තෙක් සිදුරු පත් හා අදාළ උපකරණ සහ සැපයුම් සිදුකළ ඇමෙරිකානු සමාගමක්. (ඉංග්‍රීසි බසින්)Collected Information on Punched Card Codes, Atlas Computer Laboratory, 1960Brian De Palma (Director) (1961). 660124: The Story of a |
n IBM Card (Film).Jones, Douglas W. "Punched Cards". සම්ප්‍රවේශය 2006-10-20. (Collection shows examples of left, right, and no corner cuts.)Punched Cards – a collection at Gesellschaft für Software mbHUNIVAC Punch Card Gallery (Shows examples of both left and right corner cuts.)VintageTech – a U.S. company that converts punched cards to conventional mediavteකඩදාසිමය දත්ත ගබඩා මාධ්‍යයඅතීතපැපයිරස් ලේඛන (c. 3000 BCE)කඩදාසි (105 CE)වත්මන්Index card (1640s)Punched tape (mid-1800s)සිදුරු පත් (1880 දශකය)Edge-notched card (1904)Optical mark recognition (1930s)Barcode (1948)අධිකාරී පාලනය ජාතික පුස්තකාලGermanyIsraelUnited StatesJapanවෙනත්NARAවේදාංග (Vedamga)සම්ප්‍රධායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධ සැකසුන ශිල්පිය විෂයන් හයක් ඇත. මේවා වේදාංග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේද්‍රාංග නිර්වචනය කරන්නේ මෙසේය.නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථය දැක්විම සහ අත්සව අවස්ථාවන් හිදි උචිත ලෙස මන්ත්‍ර ගයනා කිරිමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී ස |
ංග්‍රහ ග්‍රන්ථය වේ"වේද යුගයේ අවසානයේ දසිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශ යද දක්නට ලැබේ.වේදාංග විෂය සය මෙලෙස දැක්වියහැකියශබ්ද /වාග් විද්‍යාවකාව්‍ය චන්දස්ව්‍යාකරණනිරැක්තියජ්‍යෙතිෂ්‍යඇදහිලි වත් පිළිවෙත් කල්පමිද්දෙනිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. කටුවන ප්‍රාදේශීය සභාවට අයත් වන මෙම නගරය වීරකැටිය, කටුවන හා ඇඹිලිපිටිය නගර වලට මැදිව පිහිටා ඇත.සිංගප්පූරුවට ඉහළ අහස රාත්‍රීයේදී දිස්වන අයුරු.රාත්‍රී කාලයේ දී බාහිර පරිසරයෙන් ලබා ගන්නා ලද ඡායාරූප හැඳින්වීම සඳහා නිශා ඡායාරූපකරණය යන යෙදුම භාවිත කෙරේ. රාත්‍රී ඡායාරූප ලබා ගන්නා ඡායාරූපකරුවන්හට කෘත්‍රීම ආලෝකය යොදා ගැනීම හෝ ඉතා දිගු අනාවරක කාල භාවිතය සිදු කළ හැකිය. මින් පසුව සඳහන් කළ ක්‍රමයේ දී අන්‍යෝන්‍යතා බිඳ වැටුම නැවත සකස් කිරීම සඳහා සහ ප්‍රමාණවත් තරම් පැහැදිලි ප්‍රතිබිම්භයක් ප්‍රතිග්‍රහණය කිරීම සඳහා සහ ඡායාරූප පටලයට ප්‍රමාණවත් තරම් කාලයක් සැපයීමට අනාවරක කාලය තත්පර ගණනාවක සිට විනාඩි ගණනාවක කාලයක් දක්වා ඉහළ නංවනු ලැබේ. අධි |
වේගී ඡායාරූප පටලවල වැඩි දියුණුවත්, අධි සංවේදී ඩිජිටල් ඡායාරූප සංවේදක නිෂ්පාදනයත්, පුළුල් විවර කාච භාවිතයත්, නගර ආශ්‍රිතව ආලෝකකරණයේ ඉහළ යෑමත් හේතුවෙන් පවතින ආලෝකය යොදා ගෙන නිශා ඡායාරූපකරණයේ යෙදීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.රාත්‍රිකාලයේදී ධාවනය වන වාහන වල දැල්වෙන පහන් වලින් විහිදෙන ආලෝකයට නිරාවරණය වීම හේතුවෙන් ඡායාරූපය හරහා ඉරි ඇඳේ.රාත්‍රී ඡායාරූපකරණයේදී පහත සදහන් තාක්ෂණ ක්‍රම හා උපාංග භාවිතා කෙරේ[සංස්කරණය]· දිගු නිරාවරණ කාලය හේතුවෙන් ත්‍රිපාදයක් වැනි ස්ථායි පද්ධතියක් මත තබා ඡායාරූපය ගැනීම අවශ්‍ය වේ.· ෂටරය නිදහස් කරන මොහොතේ සිදුවන වේව්ලීම වැළැක්වීම සඳහා ෂටරය නිදහස් කරන කේබලයක් හෝ ස්වයං මුහුර්තකයක් භාවිතා කෙරේ.· ආලෝකය අඩු විටදී ස්වයංක්‍රීය නාභිගත කිරීම හරිහැටි සිදු නොවන බැවින් නාභිගත කිරීම ශිල්පියා මඟින් සිදුකළ යුතු වේ. නුතන සංඛ්‍යාංක කැමරා මෙය සාර්ථක කරගැනීම සඳහා උපක්‍රම අනුගත කර ඇත.දිගු නිරාවරණය, කිහිප වරක් ෆ්ලෑෂරය යොදා ඡායාරූප ගැනීමේ තාක්ෂණය[සංස්කරණය]මෙම තාක්ෂණයේදි ජංගම ෆ්ලෑෂරයක් මඟින් ගොඩනැගිල්ලක විවිධ කොටස් හෝ ඇතුලත කොටස් දිගු කාලයක් නිරාවරණය කර තබයි.දිගු න |
ිරාවරණය යනු,වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරාව තුළට ඇතුල් විම සඳහා දිගු කාලයක් ෂටරය විවෘතව තැබීමයි. මෙමඟින් ඡායාරූපය ලා පැහැ වන අතර රාත්‍රී ඡායාරූප සහ අඳුරු ඡායාරූප සඳහා මෙය සුදුසු වේ.වස්තුව විවිධාකාර දීප්තීන්ගෙන් දැකගැනීම සඳහා ඡායාරූපය ගන්නා විට ෆ්ලෑෂරය ඉදිරිපස වර්ණවත් ජේල් යොදා ගනු ලැබේ. මෙසේ නිරාවරණය කොට තිබියදී විවිධ ජේල් වර්ණ යොදාගෙන ෆ්ලෑෂරය කිහිප වරක් ක්‍රියාත්මක කිරීම සුලභ තත්ත්වයකි. මෙමඟින් අවසාන ප්‍රතිබිම්භයේ හොඳ වර්ණ සංකලනයක් ලබාගත හැකිය. මෙය සාර්ථකව සිදු කිරීම සඳහා ඡායාරූප ශිල්පියා සතුව විශේෂ දක්ෂතාවයක් සහ හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබීම අවශ්‍ය වේ. මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් විවිධ කොටස් විවිධ පැහැයන්ගෙන් පෙන්වීමේ හැකියාවද ඡායාරූප ශිල්පියාට ලැබේ.උදහරණ[සංස්කරණය]Sydney Opera House උපත 1966 අගොස්තු 11 මැන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව වෙනත් නම් Action Star, අන්නා රැකියාව සිනමා නළුවෙකු, නිෂ්පාදකයෙකු, රූපවාහිනි නිවේදකයෙකු ක්‍රියාකාරි වර්ෂයන් 1992-වර්තමානය භාර්යාව මනා ශෙට්ටි සුනිල් ෂෙට්ටි (තුලු: ಸುನಿಲ್ ಶೆಟ್ಟಿ) (1966 අගොස්තු 11 උපත ලැබූ) සුප් |
රසිද්ධ සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ උඩුපි ආහාර සඳහා විශේෂිත හොටල් හිමිකරුවෙකු සහ මද්‍යසාර සහ ඇඳුම් කඩපිල් හිමිකරුවෙක්ද වේ. ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවෙහි ක්‍රියාකාරි මොහු මැන්ගලොරෙ අසල මුල්කි හි උපන්නේය.1992 බල්වාන් ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර එය සාමාන්‍ය සාර්ථක චිත්‍රපටයක් විය. ඔහුගේ පළමු ජනප්‍රිය චිත්‍රපටය වුයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ “මොහ්රා (1994)” චිත්‍රපටයි. එම වසරේදීම අග භාගයෙදී “දිල්වාලේ” සහ “ගෝපි කිශන්” නැමති ප්‍රහසන චිත්‍රපටය ඔහු වඩාත් ජනප්‍රිය කරවීමට සමත් විය. 1990 දශකයේ දී ක්‍රියාදාම චිත්‍රපටයන්හි දැක්වූ දක්ෂතා නිසා ඔහු සිනමා තරුවක් බවට පත් විය. 1997 "බෝඩර්" නම් චිත්‍රපටයේ වීර චරිතය බොහෝ පැසසුමට ලක් විය. ඔහු තවදුරටත් “රෙෆුජී (2001)”, “ක්‍යමත්: සිටි අන්ඩර් ත්‍රෙට් (2003)” සහ LOC: “කර්ගිල් (2003)” වැනි චිත්‍රපටයන්හි දේශප්‍රේමි චරිත නිරූපණයෙහි යෙදුනි. හෙරා ෆෙරි (2000), ආවාරා පාගල් දීවනා (2002), ෆිර් හෙරා ෆෙරි (2006), මේ හූ නා සහ දෙ දනා දන් (2009) වැනි ජනප්‍රිය ප්‍රහසන චිත්‍රපටයන්හිද චරිත නිරූපණයෙහි යෙදුණි. 2001 වසරෙදී “ධඩ්කන්” (2000) චිත්‍රපටයේ රංගනය වෙ |
නුවෙන් හොඳම දුෂ්ටයාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගත් අතර SAIFF (South Asia International Film Festival) 2009 දී හොඳම නළුවාට හිමි සම්මානය Red Alert: The War Within චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගන්න ලදී. චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන් මොහු සී/ස පොප්කොර්න් මෝශන් පික්චස් (Popcorn Motion Pictures Ltd) නැමති නිෂ්පාදන සමාගම පිහිටවූ අතර ඛෙල් (2003), රඛ්ත්: What If You Can See the Future සහ භගම් භග් (2006) යන චිත්‍රපට මෙමගින් නිර්මාණය විය. මෑත කාලෙය් දී ඔහු විවිධ සිනමා තරු රඟපෑ චිත්‍රපටයන්හි කුඩා චරිත නිරූපණයන්හි යෙදුණි. බොලිවුඩ් සිනමාවට අමතරව ඉංග්‍රීසි චිත්‍රපටයකට දායක වූ අතර 12B නම් දමිළ චිත්‍රපටයකද චරිත නිරූපණය කළේය. තවද, Sahara One හි විකාශය වූ Biggest Loser Jeetega නම් වැඩසටහනද මෙහයවීය.|Sunil_Shetty|-මෙම ලිපිය ජලයේ සාමාන්‍ය ස්වරූපය පිලිබඳ වේ. එහි ගතිගුණ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සඳහා, ජලයේ ගතිගුණ බලන්න. වෙනත් භාවිතා සඳහා, ජලය (වක්‍රෝත්තිහරණය) බලන්න.ජලය අවස්ථා තුනෙහිදී: ද්‍රව, ඝන (අයිස්), සහ වාතය තුල ඇති (අදෘශ්‍යමාන) ජල වාෂ්ප. වලාකුළු වනාහි ජල වාෂ්පයෙන්-සංතෘප්ත වූ වාතයෙන් ඝණීභ |
වනය වූ ජල බිඳිති වල සංචයනයන් වේ.වතුර හෙවත් ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි.[1]සාමාන්‍ය වහරේදී, වතුර යන්නෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය හෝ අවස්ථාව පමණක් වුවද, මෙම ද්‍රව්‍යය සඳහා ඝන අවස්ථාව වන, අයිස්, සහ වායුමය අවස්ථාව වන, ජල වාෂ්ප හෝ හුමාලය ද පවතියි. ජලය, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 71% ක් වසා පැතිර පවතියි. [2] පෘථිවිය මත, එය බොහෝ ලෙසින් සාගර සහ අනෙකුත් විසල් ජල තලයන්හිද, ජලයෙන් 1.6% පොළොව අභ්‍යන්තරයෙහි ජලධරයන්හි සහ 0.001% වාතයෙහි වාෂ්ප, වලාකුළු (ඝන හා ද්‍රව ජල අංශු වාතයෙහි අවලම්බනය වීමෙන් තැනෙයි), සහ වර්ෂාපතනය ලෙස පවතියි. [3] සාගරයන් භූතල ජලයෙන් 97% ක් දරන අතර, ග්ලැසියරයන් හා ධ්‍රැවීය අයිස් වැස්මන් 2.4% ක්ද, අනෙකුත් ගොඩබිම භූතල ජල ධාරකයන් වන ගංගාවන්, විල් හා පොකුණු තවත් 0.6% දරති. පෘථිවියෙහි ජලයෙන් ඉතා කුඩා කොටසක්, ජීවවිද්‍යාත්මක දේහයන් සහ නිමැවුනු භාණ්ඩ තුල රඳවා තැබෙයි.ජලය නිරන්තරයෙන්ම, වාෂ්පීභවනය හෝ උත්ස්වේදනය (වාෂ්පෝත්ස්වේදනය), වර්ෂාපතනය, සහ අපධාවය, යන අවස්ථාවලින් සම |
න්විත චක්‍රයක් ඔස්සේ ගමන් කරමින් සාමාන්‍ය වශයෙන් මුහුදට සැපත් වේ. ගොඩබිමෙහි, වාෂ්පීභවනය හා උත්ස්වේදනය,ගොඩබිම වර්ෂාපතනය දායක වෙයි. පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුලදී ලොව සියළු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යාමාන ලෙසින් උන්නතියට පත්ව ඇත.[4][5] ආරක්ෂා සහිත ජලය සපයා ගැනුමෙහි හැකියාව සහ ඒක පුද්ගල දදේනි අතර පැහැදිලි සහසම්බන්ධයක් ඇත.[6] කෙසේවෙතත්, සමහරක් නිරීක්ෂකයන් නිමානය කර ඇත්තේ 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජල-ආශ්‍රිත අන්තරාදායකයන්ට මුහුණ දෙනු ඇති බවයි.[7] මෑත වාර්තාවක් (නොවැම්බර් 2009) අඟවනුයේ 2030 වන විට, ලොව සමහරක් දියුණු වෙමින් පවතින පලාත් වල, ජල ඉල්ලුම සැපයුමට වඩා 50% අභිබවන බවයි.[8] ජලය විසින් ලෝක ආර්ථිකයෙහි වැදගත් කාර්යභාරයක් ඉෂ්ඨ කරනුයේ, එය පුළුල් පරාසයක රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන හෙයින් හා කාර්මික සිසිලනය හා ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නකු වීම හෙයිනි. මිරිදිය ප්‍රමාණයෙන් දළ වශයෙන් 70% පමණ කෘෂිකර්මය සඳහා භාවිතා කෙරේ.[9]රසායනික සහ භෞති |
ක ගතිගුණ[සංස්කරණය]මූලික ලිපියන්: ජලය(ගතිගුණ), ජලය(දත්ත පිටුව), සහ ජලය ආකෘතියජල අණු අතර හයිඩ්‍රජන් බන්ධනයන්ගේ ආකෘතියක්ජල බිඳුවක් හා ගැටුම නිසා වෘත්තාකාර කේෂික තරංගයන් ගෙන් වටවූ උඩුකුරු "පොළාපැනි" ක්ෂේපයක් ජනිත වේ.1902 දී විල්සන් බෙන්ට්ලි විසින් නිර්මිත හිමපෙතිමකුළු දැළ ක ඇලී ඇතිතුෂාර බිඳුරසදිය හා සමග සැසඳෙන ජලයේ කේශාකර්ෂණ ක්‍රියාවජලය තැනී ඇති අයුරජලය සමග අන්තරාදායක ලෙසින් ප්‍රතික්‍රියාකරන භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා වූ ADR ලේබලයජලය තැනී ඇති අයුරු[සංස්කරණය]ද්‍රව ජලය චලනය වීමේදීජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී , කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ජලය දක්නට ලැබේ.නොයෙකුත් ද්‍රව්‍යයන් ජලයේ දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හ |
ි හෝ කඳුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා ද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ක්ෂුද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළෙඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛණිජ, ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලැබෙන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O වල කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛණිජ ජලයෙහි ශුද්ධ භාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂ ද්‍රව්‍ය, දුෂක ද්‍රව්‍යය සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොර වීමයි.කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත.1902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව[සංස්කරණය]ඝණමය - අයිස්ද්‍රවමය - ජලය ( අධික ලෙස සීතල කළ ජලය)වායුමය - ජල වාෂ්පකාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව[සංස්කරණය]ද්‍රාව්‍යමය වර්ෂාපතනයවර්ෂාපතනයවර්ෂාපතනයේ බෙදීම්[සංස්කරණය]සිරස් වර්ෂාපතනයවර්ෂාවමිදුණු වර්ෂාවවැහි පොදමිදුණු වැහිපොදහිමහිම පෙතිහිම අංශුපින්නඝණමය වර්ෂාපතනයහිමහිම කැටිතිඅයිස් කැටිතිමිදුණු |
දිය පෙතිමිදුණු වැසිහිම කැට වැස්සඅයිස් පලිගුතිරස් වර්ෂාපතනයපින්නතුහිනවායුගෝලයේ අයිස්දිලිසෙන මතුපිටක් ඇති අයිස්හිම කැටිතිඅයිස් කැටිතිමිදුණු වර්ෂාවහිම කැට වැස්සපළිගු හිමවායුගෝලයේ අයිස්දිලිසෙන මතුපිටක් ඇති අයිස්මිශ්‍ර වු වර්ෂාපතනයසෙල්සියස් අංශක 0 ට ආසන්න උෂ්ණත්වයේ දීඅහසේ ඉහළ පහළ යන කොටස්වළාකුළුමීදුමBR (මීටරයට අනුව)පහළ බසින කොටස්කැලතුණු හිමසිහින් පොදමිහිපිට ජලය පවතින ආකාර[සංස්කරණය]පොළවෙහි අඩංගු ජලයමිදුණු ජලයමීටරයට අනුව ජල ප්‍රමාණයනැවුම් ජලයඛණිජ ජලය - ඛනිජ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේකිවුල් ජලයඅවජලය - මෙය සිදුවන්නේ කිවුල් ජලය හෝ නැවුම් ජලය ඝනත්වයෙන් වැඩි ලුණු ජලය මත රැඳී තිබුණු විටයි. එවිට මෙම ජල තට්ටු දෙක මිශ්‍ර නොවේ. මෙම ජලය මත නෞකා ගමන් කිරීම භයානක වේ.මුහුදු ජලයකරදියජලය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා[සංස්කරණය]ජලයනල ජලයබෝතල් කළ ජලයපානීය ජලය - දිනපතා පානයට අවශ්‍ය වේ.ශරීරයට හානි නොකරන තුලිත ඛණිජ ප්‍රමාණයක් අඩංගු වේ.පිරිසිදු කරන ලද ජලය - විද්‍යාගාර තත්ත්වයේ ,විශ්ලේෂණ තත්ත්වයේ හා ප්‍රතික්‍රියාකාරක තත්ත්වයේ ජලය - මෙම ජලය විද්‍යාවට හෝ ඉංජිනේරු විද්‍යාවට යොදාග |
ැනීම සඳහා බොහෝ සෙයින් පිරිසිදු කොට තබා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් මේවා නම් කරනු ලබන්නේ වර්ග I , වර්ග II හෝ වර්ග III වශයෙනි. මෙම වර්ගයේ ජලයෙහි අඩංගුවන ද්‍රව්‍ය පහත සදහන් ද්‍රව්‍යයන්ට සීමා නොවේ.ආස්‍රැත ජලයදෙවරක් ආස්‍රැත කරන ලද ජලයඅයන වෙන්කරන ලද ජලයජල ක්‍රීඩා සඳහාකෘෂිකර්මාන්තය සඳහාරසායනික පර්යේෂණ කටයුතුවලටඅහාර පිසීමටකර්මාන්ත කටයුතුවලටවිශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්[සංස්කරණය]මෘදු ජලය - ඛණිජ ලවණ අඩු ප්‍රමාණයක් අඩංගුවේකඨින ජලය - පොළව යටින් ලබා ගනී. ඛණිජ ද්‍රව්‍යය වැඩිපුර අඩංගු වේ.ආස්‍රැත ජලය - දෙවරක් ආස්‍රැතකරන ලද ජලයඅයන වෙන් කරන ලද ජලය - එහි ඛණිජ ලවණ කිසිවක් අඩංගු නොවේ.බැර ජලය - බැර හයිඩ්‍රජන් - ඩියුටීරියම් පරමාණු මගින් නිෂ්පාදනය කරයි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් සාමාන්‍ය ජලයේ මෙය දක්නට ලැබේ. ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සකස් කිරීම සඳහා මෙය යොදා ගෙන ඇත.ට්‍රයිෂිඒටඩ් ජලය (T2O)ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව[සංස්කරණය]පානීය ජලයඉවතලන ජලයමතුපිට ජලයරස සහ ගඳ[සංස්කරණය]බොහෝ විවිධාකාර ද්‍රව්‍යයන් ද්‍රවණය කිරීමේ හැකියාව තුලින් එයට විවිධාකාර රසයන් හා ගන්ධයන් ලබා දීමමේ හැකියාව ජලයට ඇත. මානවයන |
් සහ අනෙකුත් සතුන් විසින් වර්ධනය කරගන්නා ලද සංවේදයන් උපකාරයෙන් පානීයෝග්‍යතාවය නිශ්චය කිරීමෙන් ලවණ බව වැඩි හෝ පල්වූ හෝ ජලය මගහැරීමට ඔවුන්ට (තරමක ආකාරයට) හැකියාවක් ලබා දෙයි. සිසිල් ජලයෙහි ක්ෂුද්‍රජීවීන් අඩු ප්‍රමාණයන් පැවතීමට ඉඩ ඇති බැවින් ඇල්මැරුණු ජලයට වඩා සිසිල් ජලයට මනාප වීමට නැඹුරු බවක් මානවයන් තුල ඇත.[තහවුරු කර නොමැත] උල්පත් ජලය හෝ ඛනිජ ජලය තුල ඇතැයි ප්‍රචාරණය කෙරෙන රසය ව්‍යුත්පන්න වී ඇත්තේ එහි දීයවී ඇති ඛනිජයන් තුලිනි: පරිශුද්ධ H2O නීරස හා ගඳ රහිත වේ. උල්පත් හා ඛනිජ ජලයෙහි ඇතැයි ප්‍රචාරණය කෙරෙන පරිශුද්ධ භාවය නිර්දේශනය කරන්නේ විෂ, අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍රජීවීන් රහිත භාවයයි.ද්‍රාව්‍ය වායූන් හා ලවණ වර්ග නිසාද සත්ත්ව දේහ වලින් බැහැර වන කාබනික බහිස්ස්රාවී ඵල නිසාද ජලයට ගඳ සහ රස එකතුවේ.ජලයේ ගඳ සහ රස ඉවත් කිරීම සඳහා වාතනයත්, සක්‍රීය අඟුරු ප්‍රතිකාරයත් (අධිශෝෂණය) භාවිතා කල හැක.හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H2S) ජලයේ දියවීම නිසා ජලයට "කුණු වූ බිත්තර" ආකාරයේ ගඳක් එකතු වේ. සල්ෆේට(SO4 2-)මත නිර්වායු තත්වයන් යටතේ සල්ෆේට හාරක බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් ජලයට H2S එකතු වේ. වගුරු බිම් වල ඇති ජල සංච |
ිත වල මීතේන්(CH4) වායුව බහුලව දියවී සුදු ළූණු ගඳ ජලයට එක් කරයි.තවද ජලයේ අවලම්බිත ඝන ද්‍රව්‍ය නිසාද කලීලමය සල්ෆර් නිසාද ජලයේ ආවිලතාවය(Turbidity)ඇති වී වර්ණය වෙනස් වේ.ස්වභාවධර්මය තුල ජලයෙහි ව්‍යාප්තිය[සංස්කරණය]විශ්වයෙහි ජලය[සංස්කරණය]ජලය හා වාසෝචිත කලාපය[සංස්කරණය]පෘථිවිය මත ජලය[සංස්කරණය]මූලික ලිපියන්: ජලවිද්‍යාව සහ පෘථිවිය මත ජලයෙහි ව්‍යාප්තියපෘථිවිය මත ජලය ඇති ස්ථාන නිරූපණය කෙරෙන ප්‍රස්තාරිත ව්‍යාප්ති සටහනක්.පෘථිවි පෘෂ්ඨයෙන් 71% ජලය විසින් වසා ගෙන ඇත; පෘථිවියෙහි ජලයෙන් 97.2% අයත් වන්නේ සාගර වලටය. පෘථිවිය මත මිරිදිය ප්‍රමාණයෙන් 90% දරණ ඇන්ටාක්ටික් අයිස් තට්ටුව, පහළ දර්ශනය වෙයි. ඝනිභවනය වූ වායුගගෝලීය ජලය atmospheric water can be seen as වලාකුළු ලෙසින් දිස්වෙමින්, පෘථිවියෙහි පුභානුපාතයට දායක වෙයි.ජල චක්‍රය[සංස්කරණය]මූලික ලිපිය: ජල චක්‍රයජල චක්‍රයමිරිදිය ගබඩාකිරීම[සංස්කරණය]සැකිල්ල:Imageframeමූලික ලිපිය: ජල මූලාශ්‍ර මුහුදු ජලය[සංස්කරණය]මූලික ලිපිය: මුහුදු ජලයඋදම්[සංස්කරණය]මූලික ලිපිය: උදමජීවයට බලපෑම[සංස්කරණය]An ක්ෂේමභූමියක් යනුකාන්තාරයෙහි තුරුලිය සහිත හුදෙකලා ජල මූල |
ාශ්‍රයප්‍රභාසංස්‍ලේෂණය සහ ශ්වසනය හි සමාලෝචනයක්. ජලය (දකුණේ ඇති), කාබන් ඩයොක්සයිඩ් හා සමග (CO2), ඔක්සිජන් හා කාබනික සංයෝග (වමේ ඇති) සදන අතර, ඒවා දහනය වී ජලය හා (CO2) නිපැදිය හැක.Some of the biodiversity of a coral reefජලජ ජීවි ස්වරූපයන්[සංස්කරණය]මූලික ලිපියන්: ජලජීවවිද්‍යාව සහ ජලජ ශාකයසමහරක් සාමුද්‍රික ඩයටමයන් – ප්‍රධාන ශාක ප්ලවාංග කාණ්ඩයක්මානව ශිෂ්ඨාචාරය මත බලපෑම්[සංස්කරණය]ජල බුබුළක්‍ඓතිහාසික වශයෙන් ශිෂ්ඨාචාරය සමෘධිමත් ලෙසින් වර්ධනය වී ඇත්තේ ගංගා සර ප්‍රධාන ජලමාර්ග අසබඩ වේ; මෙසපොටේමියාව, ඊනියා ශිෂ්ඨාචාරයෙහි තොටිල්ල, පිහිටා තිබූයේ ටයිග්‍රීස් සහ යුප්‍රටීස් යන මහා ගංගා දෙක අතරය; ඊජිප්තියානුවන්ගේ පුරාතන සමාජය සම්පූර්ණ ලෙසින් රඳා පැවතුනේ නයිල් මතය. like රොටර්ඩෑම්, ලන්ඩනය, මොන්ට්‍රියල්, පැරිස්, නිව් යෝක් නගරය, බුවනොස් අයර්ස්, ෂැංහයි, ටෝකියෝ, චිකාගෝ, සහ හොං කොං ආදි විශාල පුරවරයන්, ඒවායේ සමෘද්ධියෙහි කොටසක් පිළිබඳ හෝ ණයගැති විය යුත්තේ ජලය ඔස්සේ පහසුවෙන් ලඟාවීමට තිබූ හැකියාව සහ එම නිසා වෙළෙඳාමෙහි ව්‍යාප්තිය වෙතය. සිංගප්පූරුව වැනි, සුරක්ෂිත ජල වරායන් සහිත දූපත් සමෘද්ධියට ලක්වූ |
යේද මෙම හේතුව නිසාමය. ජලය බොහෝ ලෙසින් දුලබ, උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග වැනි ස්ථාන වල, මානව සංවර්ධනය සඳහා ප්‍රධාන සාධකයක් වූයේ පිරිසිදු පානීය ජලය ලබා ගැනුමට ඇති හැකියාවයි.සෞඛ්‍යය සහ දූෂණය[සංස්කරණය]පාරිසරික විද්‍යා වැඩසටහන යටතේ, අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙහි සිසුවෙක් ජලය නියැදිකරණය කරමින්.මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.මානව භාවිතයන්[සංස්කරණය]වගා බෝග සඳහා ජල සම්පාදනය[සංස්කරණය]කෘෂිකාර්මික කටයුතුවලදී ජලය ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ බෝග සඳහා ජල සම්පාදනයට වන අතර මෙය ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයේ මූලිකම අවශ්‍යතාවයයි. සමහර දියුණු වන රටවල පරිභෝජනය කරන ජල ප්‍රමාණයෙන් 90% ක් පමණ යොදා ගැනෙන්නේ බෝග සඳහා ජල සම්පාදනයටය.විද්‍යාත්මක සම්මතයක් ලෙස[සංස්කරණය]1795 අප්‍රේල් 7 වැනි දින ප්‍රංශයේ දී ග්‍රෑම් එකක් පහත පරිදි අර්ථ දක්වන ලදී. එනම් අයිස් විලයනය වන උෂ්ණත්වයේ දී , මීටරයක් සියයෙන් එකක් වන ඝනකයක් තුළ අඩංගු පිරිසිදු ජල පරිමාවේ නිරපේක්ෂ ස්කන්ධය ලෙසයි. නමුත් ප්‍රායෝගික භාවිතයන් සඳහා ලෝහමය සම්මත සමුද්දේශයක් අවශ්‍ය වූ අතර එය ඉහත අගය මෙන් දහස් ගුණයත් විශාල “කිලෝග්‍රෑමයයි”. |
එම නිසා ජලය ලීටරයක් විශාලත්වය නිවැරදිව සෙවීම සඳහා ද කටයුතු කරන ලෙස නියම කරන ලදී. ග්‍රෑමය සඳහා වූ නිල අර්ථ දැක්වීම ඉතා ස්ථායී උෂ්ණත්ව ලක්ෂ්‍යයක් වූ 00C සඳහා අර්ථ දක්වා ඇති නමුත් විද්‍යාඥයින් විසින් මෙම සම්මතය වෙනස් කොට ඔවුන්ගේ මිනුම් කටයුතු වඩාත්ම ලක්ෂ්‍ය සඳහා නැවත අර්ථ දක්වන ලදී. එම කාලයේ මනින ලද අයුරින් ජලය ඉහලම ඝනත්වය ලබා ගන්නා උෂ්ණත්වය 40C යි.SI ක්‍රමයේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය ජලයේ ත්‍රික ලක්ෂ්‍යය මත පදනම් වී ඇත. මෙම උෂ්ණත්ව පරිමාණය ජලයේ තාපාංකය (1000 C) හා අයිස්වල ද්‍රවාංකය (00 C) මත පදනම් වූ සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ ම වඩා වැඩි දියුණු කිරීමෙන් සාදාගත් එකයි.ස්වාභාවික ජලය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හයිඩ්‍රජන් - 1 හා ඔක්සිජන් - 16 සමස්ථානික වලින් වුව ද සුළු ප්‍රමාණයක් , බරින් වැඩි හයිඩ්‍රජන් - 2 (ඩියුටීරියම්) වලින් සමන්විත වේ. ඩියුටීරියම් ඔක්සයිඩ් හෙවත් බැර ජලයේ ප්‍රමාණය ඉතා කුඩා වුව ද එය ජලයේ ගතිගුණවල බලපෑම් ඇති කරයි. ජලාශවල හා ගංඟාවල ඇති ජලයේ පවතින ඩියුටීරියම් ප්‍රමාණය මුහුදු ජලයට වඩා අඩුය. එම නිසා සම්මත ජලය ලෙස හඳුන්වන “වියානා සම්මත මධ්‍යන්‍ය සාගර ජලය” සම්මත ලෙස අර්ථ දැක |
්වේ.පානය සඳහා[සංස්කරණය]බෝතල් කළ ජලය පානය කරන තරුණ ළමයෙක්මිනිස් දේහ ප්‍රමාණය අනුව එහි ප්‍රමාණයක් 55% සිට 78% දක්වා ජලයෙන් සමන්විත වේ. දේහයේ විජලනය වළක්වා එහි ක්‍රමානුකූල ක්‍රියාකාරීත්වය සඳහා දිනකට ජලය ලීටර් එකේ සිට හතත් අතර ප්‍රමාණය පානය කිරීම අවශ්‍ය වේ. මෙහි නිවැරදි ම ප්‍රමාණය දේහ ක්‍රියාකාරීත්වය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය හෝ වෙනත් සාධක මත රඳා පවතියි. පානීය ජලය අමතරව මෙම ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ ආහාර හා අනෙකුත් පාන වර්ග මගිනි. නිරෝගී පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති වුව ද බොහෝ දෙනා එකඟ වන පරිදි සිරුර නිසි සජල තත්වයක පවත්වා ගැන්මට දිනකට ජලය වීදුරු 6-7 (ආසන්න වශයෙන් ලීටර් 2) ක් පානය කළ යුතුය. නමුත් වෛද්‍ය විද්‍යාව මීට වඩා අඩු අගයක් නිර්දේශ කරයි. ව්‍යායාම හෝ උණුසුම් කාලගුණය නිසා සිදුවන තරල හානිය නොසැලකූ විට සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර එකක් පානය කළ යුතු බවයි. නිරෝගී වෘක්ක ඇති පුද්ගලයෙකුට පමණට වඩා ජලය පානය කිරීම අපහසු වන අතර ජලය ඉතා සුළු වශයෙන් පානය කිරීම (විශේෂයෙන් උණුසුම් ආර්ද්‍රතාවය අධික කාලගුණ තත්වවලදී හා ව්‍යායාම කිරීමේ දී) ද අනතුරුදායක ව |
ිය හැකිය. ව්‍යායාම සිදු කරන විට දී පුද්ගලයින්ට අවශ්‍ය පමණට වඩා ඉතා වැඩිපුර ජලය පානය කළ හැකි වුව ද මේ නිසා ජලය විෂ වීම ( අධි සජලනය) ඇති විය හැකි අතර එය මාරාන්තික විය හැකිය. කෙසේ වෙතත් පුද්ගලයෙකු දිනකට ජලය වීදුරු අටක් පානය කළ යුතුය යන කරුණු සඳහා විද්‍යාත්මක මූලාශ්‍රයක් සොයා ගත නොහැකිය. බර අඩු කර ගැනීම හා මළ බද්ධය සඳහා ජලයේ ඇති බලපෑම පිළිබඳ මිත්‍යා මත පැවතුන ද ඒවා දැන් බැහැර කර ඇත.ජාතික පර්යේෂණ කවුන්සිලයේ ආහාර හා පෝෂණ මණ්ඩලය මඟින් 1945 දී ජලය පානය කිරීම පිළිබඳ පහත ආකාරයේ නිර්දේශයක් කර ඇත. “විවිධ පුද්ගලයින් සඳහා සාමාන්‍ය සම්මතය වන්නේ කැලරි එකක ආහාර ප්‍රමාණයක් සඳහා මිලිලීටර එකකි. පිළියෙල කරන ලද ආහාරවල මෙම අගයෙන් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. එක්සත් ජාතීන්ගේ ජාතික පර්යේෂණ කවුන්සිලය මඟින් නිකුත් කළ නවතම ආහාර පරිභෝජනය පිළිබඳ වාර්තාව මඟින් නිර්දේශ කරන පරිදි පුරුෂයින් සඳහා හා කාන්තාවන් සඳහා භාවිතා කළ යුතු මුළු ජල ප්‍රමාණයන් පිළිවෙලින් ලීටර 3.7 හා 2.7 වේ. නමුත් ගර්භාෂ හෝ කිරි දෙන මවුවරුන් විජලනය වැළැක්වීමට අමතර තරල ප්‍රමාණයක් ලබා ගත යුතුය. පුරුෂයන් සඳහා ජල ලීටර 3ක් ද කාන්තාවන් සඳහා ජල ලීටර 2.2 ක් ද |
නිර්දේශ කරන වෛද්‍ය විද්‍යා ආයතනය මඟින් ගර්භනී මවුවරුන් සඳහා ජලය ලීටර 2.4 ක් (ආසන්න වශයෙන් කෝප්ප 9ක්) හා කිරිදෙන මවුවරුන් සඳහා ජලය ලීටර 3ක් (ආසන්න වශයෙන් කෝප්ප 12.5ක්) ලබා දිය යුතුය. කිරිදෙන මවුවරුන් සඳහා මෙසේ වැඩි වශයෙන් ජලය ලබා දෙන්නේ මවු කිරි දීමේ දී ජලය වැඩි වශයෙන් ඉවත් වන නිසාය. සාමාන්‍යයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි ජලය දේහයට ලැබෙන ජල ප්‍රමාණය 20% ක් ආහාර මඟින් ලැබෙන අතර ඉතිරි ප්‍රමාණය පානීය ජලය මගින් හෝ අනෙකුත් පාන වර්ග (කැෆේන් අඩංගු පාන වර්ග ද ඇතුළත්ව) මඟින් ලබා ගත හැක. ජලය සිරුරෙන් බහිස්ස්‍රාවය වීම විවිධ ක්‍රමවලින් සිදුවේ. එම ක්‍රම වන්නේ මුත්‍රා හා මළ මගින් , දහඩිය මඟින් හා ප්‍රශ්වාසයේ දී පිටවන ජලය වාෂ්ප මගින් ආදී වශයෙනි. කායික වෙහෙස හා තාපයට නිරාවරණය වීම මගින් දේහයෙන් සිදුවන ජල හානිය වැඩිවන අතර දෛනික තරල අවශ්‍යතාවය ද ඉහළ යයි. පානීය ජලය නොමැති බව හඟවන අන්තරාය සංකේතයමිනිසුන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ එතරම් අපද්‍රව්‍ය අඩංගු නොවූ ජලයයි. පොදු අපද්‍රව්‍ය වන්නේ ලෝහ ලවණ හා / හෝ Vibrio වැනි හානිකර බැක්ටීරියා වර්ගයි. සමහර ද්‍රාව්‍යයක් ජලයේ තිබිය යුතු වන අතර ඒවා මඟින් ජලයේ වැඩි දියු |
ණු කිරීම හා අවශ්‍ය විද්‍යුත් විච්ඡේද්‍ය සැපයීම සිදු කරයි.සයිබීරියාවේ ඇති බයිකල් විල, ලොව ඇති තනි, විශාලතම, පානයට සුදුසු මිරිදිය ජලය අඩංගු ජල මූලාශ්‍රය වන අතර එහි ඇති ලවණ හා කැල්සියම් ප්‍රමාණය ඉතා අවම වන අතර ජලය ඉතා පිරිසිදු ද වේ. ද්‍රවණ කාරකයක් හෝ ද්‍රාවකයක් ලෙස[සංස්කරණය]ජලයේ ඇති ද්‍රවණය කිරීමේ ගුණය එදිනෙදා ජීවිතයේ සේදීම් කටයුතුවල දී (උදා - මිනිස් ශරීරය, ඇඳුම් පැළඳුම්, ගෙබිම, රථ වාහන, ආහාර හා සුරතල් සතුන්) යොදා ගනියි. ඒ අතරම මළ අපවහන පද්ධතිවල මිනිස් මළ ද්‍රව්‍ය රැගෙන යාම සිදු කරනු ලබන්නේ ද ජලය මඟිනි. මීට අමතරව බොහෝ කාර්මීකරණය වූ රටවල දි ජලය පිරිසිදු කිරීමේ දී යොදා ගන්නා ද්‍රාවකයක් ලෙස ද භාවිතා කරනු ලැබේ.අපජලය පිරියම් කිරීමේ රසායනික ක්‍රියාවලීන් වල දී ද ජලය ප්‍රයෝජනවත් වේ. අපද්‍රව්‍ය බිඳ හෙලීම සඳහා ජලීය පරිසරයක් වඩා සුදුසු වන අතර එහි දී ලැබෙන සමජාතීය ද්‍රාවණය පොම්ප කළ හැකි පිරියම් කිරීමට වඩා නම්‍යශීලී වේ. ද්‍රාවනය ඔක්සිජන් හෝ වාතය මඟින් ස්වායු පිරියම් කිරීමකට ලක් කර එහි අඩංගු ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාශීලීතාවය අඩු කළ හැකිය.ජලයේ දියවී ඇති අපද්‍රව්‍ය ජෛව රසායනික ක්‍රියාවලීන්ට බඳුන් වී |
මේ දී ද ජලය වැදගත් වේ. ජලයේ අඩංගු ක්ෂුද්‍ර ජීවීන්ට ජලයේ ද්‍රවණය වූ අපද්‍රව්‍ය මත ක්‍රියා කරමින් ඒවා වඩාත් අඩු දූෂ්‍ය තත්වයෙන් යුතු ද්‍රව්‍ය බවට බිඳ හෙලනු ලැබේ. පන් ආදිය වැවෙන ගොහොරු බිම් හා නිර්වායු ජීරක අපජලය පිරියම් කිරීම සඳහා යොදා ගත හැකි ජෛව විද්‍යාත්මක පද්ධති සඳහා උදාහරණ වේ. රසායනික හා ජෛව විද්‍යාත්මක යන අපද්‍රව්‍ය පිරියම් කිරීමේ ක්‍රියාවලි 2හි දීම ක්‍රියාවලිය අවසානයේ ඝන , ඇලෙන සුළු, අවශේෂයක් ඉතිරි වේ. එහි වගාවකට අවශ්‍ය සංඝටක අඩංගු වේ නම් එය පොහොරක් ලෙස පස මතට යෙදිය හැකි අතර එහි අඩංගු සංඝටක වාසි දායක නොවේ නම් එය පහත් බිම් ගොඩ කිරීමේ දී යොදා ගත හැකි අතර එසේත් නොමැති නම් පුළුස්සා දමනු ලැබේ.ජීවී දේහ තුළ වඩාත් බහුලතම අණුව වනුයේ ජලයයි. පළතුරු වියලී යාමේ දී ඒවා හැකිලී යන්නේ ඒවා මූලික වශයෙන් සමන්විත වන්නේ ජලයෙන් බැවිනි.තාප හුවමාරු තරලයක් ලෙස සිසිලන සඳහා අයිස් භාවිතා කරනු ලැබේ.ජලය හා හුමාලය, සිසිලන කාරකවලදී හා තාපගත කිරීම්වලදී තාප හුවමාරු තරලයක් ලෙස යොදා ගැනෙන අතර එහි බහුතාවය හා ඉහල තාප ධාරිතවය නිසා විවිධ වූ තාප හුවමාරු කිරීමේ පද්ධතිවල දී යොදා ගනු ලැබේ. සිසිල් ජලය ජලාශ හා මුහුදුව |
ල දී ස්වාභාවිකව ද හමුවේ. එහි ඉහල වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය නිසා ඝනීභවනය වන හුමාලය තාපගත කිරීම්වල දී යොදා ගත හැකි කාර්යක්ෂම තරලයකි. නමුත් මෙහි ඇති අවාසියක් වන්නේ හුමාලය හා ජලය යම් තරමකට විඛාදන ගතිගුණ පෙන්නුම් කිරීමයි. සියළුම විදුලි බලාගාරවල දී පාහේ ජලය සිසිලනකරනය වන අතර එය වාෂ්ප වී හුමාල ටර්බයින කැරකැවීම මඟින් විදුලි ජනක යන්ත්‍ර ධාවනය කරවනු ලැබේ.න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගන්නා කර්මාන්තවලදී ජලය, නියුට්‍රෝන මැදිහත්කරුවකු ලෙස යොදා ගනු ලැබේ. පීඩනයට ලක් කරන ලද ජලය අඩංගු ප්‍රතික්‍රියාකාරකවල දී ජලය සිසිලනකරණයක් හා ප්‍රමතකරණයත් යන දෙආකාරයෙන්ම ක්‍රියා කරයි. මෙය අක්‍රීය ආරක්ෂක ක්‍රමෝපායක් ලෙස ද භාවිතා කෙරේ. ඒ කෙසේ ද යත්, ප්‍රතික්‍රියා කාරකයන් ජලය ඉවත් කිරීමේ දී ප්‍රතික්‍රියාවේ වේගය ද අඩු වීම නිසාය. ගිනි නිවීමේ කටයුතුවල දී[සංස්කරණය]ජලය ලැව්ගිනි නිවීම් කටයුතුවලදී ද යොදා ගනු ලැබේ.ජලයට ඉහල වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයක් ඇති අතර එය සාපේක්ෂ වශයෙන් අක්‍රීය වේ. මේ නිසා ජලය ගිනි නිවීමට උචිත තරලය වේ. ජලය වාෂ්පීකරණය මඟින් ගින්නෙහි ඇති තාපය ඉන් ඉවතට රැගෙන යයි. නමුත් විදුලි උපකරණවල ඇති වන ගිනි නිව |
ීමට ජලය භාවිතා කළ නොහැක. මක්නිසා ද යත් අපද්‍රව්‍ය මුසු වූ ජලය විද්‍යුතය සන්නයනය කරන බැවිනි. තෙල් හෝ කාබනික ද්‍රාවක මඟින් ඇතිවන ගිනි නිවීම සඳහා ද ජලය භාවිතා කළ නොහැක. මක් නිසා ද යත් තෙල් හා කාබනික ද්‍රාවක, ජලය මතුපිට පාවෙමින් ගිනි ගන්නා අතර එහි දී උතුරන ජලය මඟින් ඇති වන පිපිරීම් මඟින් දැවෙන ද්‍රව විසිරී යා හැකි වන බැවිනි.ජලය වියෝජනය ද චර්නොබිල් ඛේදවාචකයේ යම් කාර්යයක් ඉටු කරන ලදැයි සිතිය හැකිය. මුල දී තාප දීප්ත ප්‍රතික්‍රියාකාරකය ජලය මඟින් පිරියම් කිරීමට උත්සාහ කරනු ලැබුව ද එය පුපුරා ගියේය. මෙහි දී ඉතා ඉහල උෂ්ණත්ව හේතුවෙන් ජලය එක්වරම වාෂ්ප බවට පත් වීමෙන් ජලවාෂ්ප නිසා ඇති වන ක්ෂණික පිපිරීමක් සිදු විය. ඊට අමතරව ඉතා අධික උෂ්ණත්ව මඟින් ජල අණු හයිඩ්‍රජන් හා ඔක්සිජන් බවට වියෝජනය වීම ද මෙම පිපිරීමට හේතු වූවා විය හැකිය.රසායනික භාවිතයන්[සංස්කරණය]කාබනික ප්‍රතික්‍රියාවන් ජලය හෝ අම්ල භෂ්ම හෝ ස්වාරක්ෂක ජලීය ද්‍රාවණයක් හමුවේ හෝ සිදු කරනු ලැබේ. අකාබනික ලවණ ඉවත් කිරීම සඳහා ජලය සාමාන්‍යයෙන් යොදා ගත හැකිය. එය සාමාන්‍යයෙන් කාබනික ප්‍රතික්‍රියාවල දී ද්‍රාවකයක් ලෙස යොදා නොගනියි. මක්නිසාද යත් කාබනික ප් |
රතික්‍රියාවේ ප්‍රතික්‍රියක ජලයේ ද්‍රවණය නොවන නිසාත් , ජලය නියුක්ලියෝෆිලික හා උභය ගුණී ගතිගුණ පෙන්වන නිසාත්ය. කෙසේ වෙතත් මෙම ගති ගුණ සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් වේ. උදාහරණ ලෙස ඩීල්ස් - ඇල්ඩර් ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය ජලය මඟින් වැඩි කරනු ලැබේ. අති අවධි ජලය නූතන පර්යේෂණවල ප්‍රධාන මාතෘකාවක් වී ඇත. ඔක්සිජන් වලින් සංතෘප්ත කරන ලද අති අවධි ජලය මඟින් කාබනික දූෂක කාර්යක්ෂම ඉවත් කරන බව සොයා ගෙන ඇත.විනෝදාත්මක කටයුතු[සංස්කරණය]මිනිසා විවිධ විනෝදාත්මක කටයුතු සඳහා, ව්‍යායාම හා ක්‍රීඩා කටයුතු සඳහා ජලය භාවිතා කරනු ලබයි. මේවායින් සමහරක් නම් පිහිනීම, දිය මත ලිස්සායාම, බෝට්ටු පැදීම, හා කිමිදීමයි. මීට අමතරව අයිස් හොකී, අයිස් මත ලිස්සායාමා වැනි ක්‍රීඩා ද අයිස් මත කරනු ලබයි. ජලාශ ඉවුරු අද්දර, මුහුදු වෙරළ හා ජල උද්‍යාන ද මිනිසාගේ ගිමන් නිවන හා විනෝදය සඳහා භාවිතා වන ස්ථානය. ගලා යන ජලයේ හඬ ද බොහෝ දෙනාගේ අදහස පරිදි, ඉතා සන්සුන්ය. සමහරු මසුන් හා අනෙකුත් ජලජ ශාක හා ජීවීන් මත්ස්‍යාගාර හෝ පොකුණුවල ප්‍රදර්ශනය සඳහා , විනෝදය සඳහා හෝ හුදෙකලාව දුරු කර ගැනීම සඳහා ඇති කරනු ලබති. මිනිසා, හිම ක්‍රීඩා සඳහා ද ජලය භාවිතා |
කරයි. උදා - හිම මත ලිස්සායාම මෙහිදී ජලය ඝන බවට පත් කිරීම අත්‍යාවශ්‍ය වේ. මීට අමතරව හිම බෝලවලින් දමා ගැසීම, ජලය විදින තුවක්කු, ජලය පිරි බැලුන මඟින් දමා ගැසීම ආදී විනෝද ක්‍රීඩා සඳහා ද මිනිසා ජලය භාවිතා කරයි. මේ අතර පෞද්ගලික හෝ පොදු අලංකරණ කටයුතු සඳහා ජල උල්පත් නිර්මාණය ද සිදු කරනු ලබයි.ආශ්‍රිත[සංස්කරණය]ජලය ද්වාරයමුඛ ප්‍රතිසජලන ළවණයමූලාශ්‍ර[සංස්කරණය]↑ එක්සත් ජාතීන්↑ "සීඅයිඒ- ස වර්ල්ඩ් ෆැක්ට් බුක්". මධ්‍යම ඔත්තු සංවිධානය. සම්ප්‍රවේශය 2008-12-20.↑ වෝටර් වේපර් ඉන් ද ක්ලයිමෙට් සිස්ටම් සංරක්ෂණය කළ පිටපත 2007-03-20 at the Wayback Machine, විශේෂ වාර්තාව, [AGU], දෙසැම්බර්1995 (linked 4/2007). වයිටල් වෝටර් සංරක්ෂණය කළ පිටපත 2008-02-20 at the Wayback Machine UNEP.↑ Lomborg, Björn (2001). The Skeptical Environmentalist (PDF). Cambridge University Press. p. 22. ISBN 0-521-01068-3. 25 July 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite book}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)↑ "MDG Report 2008" (PDF). සම්ප්‍රවේශය 25 July 2010.↑ "පබ් |
ලික් සර්විසස්" සංරක්ෂණය කළ පිටපත 2012-04-07 at the Wayback Machine, ගැප්මයින්ඩර් වීඩියෝ↑ කුල්ශ්‍රේෂ්ත, එස්.එන් (1998). "අ ග්ලෝබල් අවුට්ලුක් ෆෝ වෝටර් රිසෝසර්ස් ටු ද ඉයර් 2025". වෝටර් රිසෝසර්ස් මැනේජ්මන්ට්. 12 (3): 167–184. doi:10.1023/A:1007957229865. {{cite journal}}: |access-date= requires |url= (help)↑ "චාටින් අවර් වෝටර් ෆියුච: ඉකනමික් ෆ්‍රේම්වර්ක්ස් ටු ඉන්ෆෝම් ඩිෂිෂන්-මේකිං", http://www.mckinsey.com/App_Media/Reports/Water/Charting_Our_Water_Future_Full_Report_001.pdf, ප්‍රතිෂ්ඨාපනය 2010-04-18 ↑ බාරෝනි, එල්. (2007). "එවැලුයේටිං දි එන්වරන්මන්ටල් ඉම්පැක්ට් ඔෆ් වවේරියස් ඩයටරි පැටර්න්ස් කම්බයින්ඩ් විත් ඩිෆරන්ට් ෆුඩ් ප්‍රොඩක්ෂන් සිස්ටම්ස්". යුරොපියන් ජර්නල් ඔෆ් ක්ලිනිකල් නියුට්‍රිෂන්. 61 (2): 279–286. doi:10.1038/sj.ejcn.1602522. PMID 17035955. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)වැඩිදුර කියවීම[සංස්කරණය]Find more information on water by searching Wikipedia's sister projects: Dictionary definitions from Wiktionary Textbooks fro |
m Wikibooks Quotations from Wikiquote Source texts from Wikisource Images and media from Commons News stories from WikinewsOA Jones, JN Lester and N Voulvoulis, Pharmaceuticals: a threat to drinking water? TRENDS in Biotechnology 23(4): 163, 2005Franks, F (Ed), Water, A comprehensive treatise, Plenum Press, New York, 1972–1982PH Gleick and associates, The World's Water: The Biennial Report on Freshwater Resources. Island Press, Washington, D.C. (published every two years, beginning in 1998.)Marks, William E., The Holy Order of Water: Healing Earth's Waters and Ourselves. Bell Pond Books ( a div. of Steiner Books), Great Barrington, MA, November 2001 [ISBN 0-88010-483-X]Debenedetti, P. G., and Stanley, H. E.; "Supercooled and Glassy Water", Physics Today 56 (6), p. 40–46 (2003). Downloadable PDF (1.9 MB)ජලය ස්වභාවික සම්පතක් ලෙසින්[සංස්කරණය]Anderson (1991). Water Rights: Scarce Resource Allocation, Bureaucracy, and the Environment. ISBN 0884103900. Maude Barlow, Tony Clarke |
(2003). Blue Gold: The Fight to Stop the Corporate Theft of the World's Water. ISBN 1565848136. Gleick, Peter H.. The World's Water: The Biennial Report on Freshwater Resources. Washington: Island Press. ISBN 1559637927. (November 10, 2006)| ISBN 978-1-59726-105-0]Miriam R. Lowi (1995). Water and Power: The Politics of a Scarce Resource in the Jordan River Basin. ISBN 0521431646. (Cambridge Middle East Library)William E. Marks (2001). The Holy Order of Water: Healing Earths Waters and Ourselves. Postel, Sandra (1997, second edition). Last Oasis: Facing Water Scarcity. New York: Norton Press. ISBN 0393034283. Reisner, Marc (1993). Cadillac Desert: The American West and Its Disappearing Water. ISBN 0670199273. Vandana Shiva (2002). Water Wars: Privatization, Pollution, and Profit. London: Pluto Press [u.a.]. ISBN 0-7453-1837-1. OCLC 231955339. Anita Roddick, et al (2004). Troubled Water: Saints, Sinners, Truth And Lies About The Global Water Crisis. ISBN 095439593X. Marq de Vi |
lliers (2003, revised edition). Water: The Fate of Our Most Precious Resource. ISBN 0618030093. Diane Raines Ward (2002). Water Wars: Drought, Flood, Folly and the Politics of Thirst. ISBN 1573222291. Worster, Donald (1992). Rivers of Empire: Water, Aridity, and the Growth of the American West. ISBN 039451680X. බාහිර සබැඳි[සංස්කරණය]OECD වෝටර් ස්ටැටිස්ටික්ස්vteජලයOverviewsOutlineදත්තModelගුණාංගWater dropletඅවස්තාද්‍රවඅයිස්වාෂ්පහුමාලයඅධිතප්තආකාරDeuterium-depletedSemiheavyබැර ජලයට්‍රිටියමිත ජලයHydroniumමහ පොළොව මතජල චක්‍රයDistributionHydrosphereHydrologyHydrobiologyOriginPollutionResourcesmanagementpolicySupplyභෞතික පරාමිතිStratificationOcean stratificationLake stratificationOcean temperature ද්වාරය ප්‍රවර්ගය කොමන්ස් වික්ෂනරිvteFood chemistryAdditivesCarbohydratesColoringEnzymesEssential fatty acidsFlavorsFortificationLipids"Minerals" (Chemical elements)ProteinsVitaminsWaterගොනුව:LeoClubLogo.gifලියෝ (Leo) යනු ජාත්‍යන්තර ස |
ිංහ සමාජ විසින් ආරම්හ කරන ලද තරුණ සංවිධානයයි. තරුණ තරුණියන්ට සමාජ සේවා කටයුතු වල නියැලීම තුලින් නායකත්ව ගුණාංග වර්ධනයට ඉඩ සැලසීම ලියෝ සමාජ මගින් සිදු කරයි. ලියෝ සමාජ සිංහ සමාජ වල අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වෙන අතර ලියෝ සමාජ සාමාජිකයින් "ලියෝ වරුන්" ලෙස හධින්වේ. ලියෝ වරු සෞක්‍ය , වැඩිහිටියන් , ළමුන් , අබාධිත ජනතාව , අධ්‍යාපනය හා ස්ව සංවර්ධනය යන ක්ෂේත්‍ර වල ක්‍රියාකාරකම් වල නියුතු වේ. මෙමෙ වැඩසටහන් වලට තමන් විසින්ම මුදල් ඉපයීමේ ව්‍යපෘති මගින් මුදල් සපයා ගනු ලැබේ. තනිව කරන ව්‍යපෘති වලට අමතරව වෙනත් ලියෝ සමාජ, සිංහ සමාජ හා බාහිර ආයතන හා එක්ව ලියෝ වරුන් සමාජ සේවා ව්‍යපෘති වල දේ. ලියෝ වැඩසටහන සිංහල සමාජ මගින් අනුග්‍රහකත්වය දක්වන සිංහ සමාජ ජාත්‍යන්තරයේ නිල වැඩසටහනකි.හැඳින්වීම[සංස්කරණය]ලියෝ (Leo) යනු ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ආරම්හ කරන ලද තරුණ සංවිධානයයි. මෙය සිංහ ව්‍යාපාරයේ තරුණ අංශය ලෙස සැලකිය හැක. ලියෝ යන වචනය පහත ආකාරයෙන් නිර්වචනය කර හැක.L - Leadership - නායකත්වයE - Experience - අත්දැකීම්O - Opprtunity - අවස්තාවඉතිහාසය[සංස්කරණය]1957 දී බේස් බෝල් පුහුණුකරුවකු වන ජිම් ග්‍රේව |
ර් ලියෝ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඇබින්ග්ටන් උසස් විදුහලේ සිසුන් මුල්කරගෙන පලමු ලියෝ සමාජය ආරම්හ කරන ලදී. 1964 දී ලියෝ වැඩසටහන සිංහ දිස්ත්‍රික්ක වල නිල වැඩසටහනක් බවට පත් විය. එය ඇමරිකාවෙන් ඔබ්බට පැතිරී ගිය අතර 1967 වන විට රටවල් 18 ක ලියෝ සමාජ 200 කට වැඩි ප්‍රමාණයක් තිබුණි. ශ්‍රී ලංකාවේ ලියෝ ව්‍යාපාරය[සංස්කරණය]ලංකාවේ පලමු ලියෝ සමාජය වත්තල ලියෝ සමාජය වන අතර එය 1969 දී ආරම්හ විය. කොළඹ (හොස්ට්) ලියෝ සමාජය ලංකාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වන ලියෝ සමාජය සේ සැලකේ. පරිසරය සුරැකීම , ළමා අභිවුර්ධිය, වැඩිහිටි සරණ , ආගමික වැඩසටහන් හා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ලංකාවේ ලියෝ සමාජ වැඩසටහන් අතර මුලික වේ. ගොනුව:Service project.jpg මිට අමතරව මාසිකව රැස්වීම පවත්වනු ලබන අතර සාමාජිකයන් අතර ක්‍රීඩා උත්සව පවත්වනු ලැබේ. වාර්ෂිකව පවත්වන සම්මේලනයකදී ලියෝ ව්‍යපෘති වලින් හොදම ව්‍යපෘති තෝරා ඒවාට දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමෙන් සම්මාන ප්‍රධානය කරනු ලැබේ. ලංකාව එක් ලියෝ බහු දිස්ත්‍රික්කයක් යටතේ වන ලියෝ දිස්ත්‍රික්ක 6 කට බෙදා වෙන් කර ඇත.ලංකාව http://www.leomd306.org ට අයත් වන අතර ඒ යටතේ 306A1,306A2,306B1, |
306B2,306C1,306C2 යන ලියෝ දිස්ත්‍රික්ක 6 ක් ක්‍රියාත්මක වේ.මෙම පිටුත් බලන්න[සංස්කරණය]Leo Zone , Lions Clubs International සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine306 ඒ 2 ලියෝ බහු දිස්ත්‍රික්ක වෙබ් අඩවිය306 ඒ 2 ලියෝ දිස්ත්‍රික්කය වෙබ් අඩවියහෝනා යනු යුරෝපයේ ගංගා අතුරින් ප්‍රධාන එකක් වන අතර, එය ස්විට්ස්ර්ලන්තයෙන් ඇරඹී අග්නිදිග ප්‍රංශය ඔස්සේ ගලා බසියි.සබ්මැරීනය කේබල ගමන් මඟ (රතු)ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) ලෙස හදුන්වන ප්‍රකාශ තන්තුමය (optical fibre) සබ්මැරීන් කේබල ( submarine communications cable ජාල පද්ධතිය, සිංගප්පූරුව (Singapore), මැලේසියාව (Malaysia), තායිලන්තය (Thailand), බංගලිදේශය (Bangladesh), ඉන්දියාව (India),ශ්‍රී ලංකාව (Sri Lanka), පාකිස්තානය (Pakistan), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (United Arab Emirates), සෞදි අරාබිය (Saudi Arabia), සූඩානය (Sudan) , ඊජිප්තුව (Egypt) , ඉතාලිය (Italy), ටුනීසියාව (Tunisia), ඇල්ගේරියාව (Algeria) සහ ප්‍රංශය (France) යන රටවල් ඔස්සේ විදුලි සංදේශනය සිදු කරයි. [1] මෙම ජාල පද්ධතිය ගිනිකොන දිග ආසියා-මැද |
පෙරදිග-බටහිර යුරෝප-3 ( SEA-ME-WE 3) ලෙස හදුන්වන ජාලයට අනුපූරක ජාලයක් ලෙස නිර්මාණය කෙරුණු අතර මෙය කිලෝ මීටර 18 800 ක දුරින් යුක්ත වේ.මෙම සංනිවේදන ජාලය මගින් ගිනිකොන දිග ආසියා හා ඉන්දියානු උප මහාද්වීප අතරත් මැදපෙරදිග හා යුරෝපය අතරත් ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධීකරණ මර්ගය ලෙස ක්‍රියා කරයි.[1][2]ජාල ස්ථලකය[සංස්කරණය]මෙම ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 ජාලය, භූමි දහ හතක් (17) ඔස්සේ කාණ්ඩ හතරකට (4) කට බෙදනු ලබයි.කාණ්ඩS1 - ටෝස් tuas සිට මුම්බායි MumbaiS2 - මුම්බායි Mumbai සිට සූවස් SuezS3 - සූවස් Suez සිට කයිරෝ CairoS4 - කයිරෝ Cairo සිට මර්සෙලී Marseilleභූමි ප්‍රදේශ1. මර්සෙලී Marseille, ප්‍රංශය France2.ඇනබා Annaba, ඇල්ගේරියාව Algeria3. බිසර්ටි Bizerte, ටුනීසියාව Tunisia4. පලෙමෝ Palermo, ඉතාලිය Italy5.ඇලෙක්සන්ඩ්‍රියාව Alexandria, ඊජිප්තුව Egypt6. කයිරෝCairo, ඊජිප්තුව Egypt (ගොඩබිම්)7. සුයිස් Suez, ඊජිප්තුව Egypt (ගොඩබිම්/ආපසු)8. ජෙඩ්ඩා Jeddah, සෞදි අරාබිය Kingdom of Saudi Arabia|Saudi Arabia9. ෆුජයිරා Fujairah, එක්සත් අරාබි එමීර් United Arab Emir |
ates10. කරච්චී Karachi, පකිස්තානය Pakistan11. මුම්බායි Mumbai], ඉන්දියාව India12.කොලඹ Colombo, ශ්‍රී ලංකාව Sri Lanka13. චෙන්නායි Chennai, ඉන්දියාවIndia14. කොක්ස් බසාර් Cox's Bazar, බංගලාදේශය Bangladesh15. සතුන් Satun, තායිලන්තය Thailand16. මෙලාකා/මලක්කා Melaka/Malacca, මැලේසියාව Malaysia17. ටුඅස් Tuas, සිංගප්පූරුව Singaporeඉතිහාසය[සංස්කරණය]2004 මාර්තු මස 27 දින විදුලි සංදේශන සමාගම් දහ සයක (16) සුසංධානයක එකඟතාවය මත ගොඩ නැගුණු මෙම පද්ධතියෙහි [2] ඉදිකිරීම් ඇල්කටෙල් සබ්මැරීන් ජාලය (Alcatel Submarine Networks (දැන් Alcatel-Lucent Submarine Networks, Alcatel-Lucent හි කොට්ඨාශයකි. ) සහ ෆුජිට්සු (Fujitsu) [2] යන සමාගම් දෙක මගින් දියත් කරන ලද අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පිරිවයක් සහිතව මාස දහ අටකට පසු ඉදිකිරීම් 2005 දෙසැම්බර් 31 දින නිමවිය.[2][3] පළමු කාණ්ඩය කිලෝ මීටර් 8 000 ක දුරකින් යුතු වන අතර එය සිංගප්පූරුව සිට ඉන්දියාව දක්වා දිවෙයි. මෙය ෆුජිට්සු සමාගම මගින් සිදු කල අතර මෙම ජාලය මගින් සතර වන කාණ්ඩය සඳහා සබ්මැරීන් පුනරාවර්තක (submarine repeater) සපයනු ලබයි.[3]සංනි |
වේදන ඇණහිටුවන කාලසීමාවන්[සංස්කරණය]2008 ජනවාරි 30[සංස්කරණය]සබ්මැරීන් කේබල භේදනය (2008 submarine cable disruption)2008 ජනවාරි 30 දින, අන්තර්ජාල සේවාව පුළුල් ලෙස භේදනය වීමක් මැදපෙරදිග සහ ඉන්දියානූ උප මහාද්වීපික කලාපයන් ගෙන් වාර්තා වූ අතර සී.මී.වී. 4 සහ මෙඩිටෙරනියන් මුහුද හි පිහිටි ෆ්ලැග් ටෙලිකොම් FLAG Telecom කේබලවලට හානි විම සිදු විය. භේදනයෙන් සියයට 70 ක් ඊජිප්තුවෙන් ද, සියයට 60 ක ප්‍රතිශතයක් ඉන්දියාව ඔස්සේ බහරේන්, බංගලාදේශය, කුවේට්, පාකිස්තානය, කටාර්, සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වලින් වාර්තා විය.[4][5] ඉන්දියාවෙහි සුළු පිරිසකට මෙහි බලපෑම දැනුන අතර අන්තර්ජාල සේවා සැපයුම් ආයතන මූල්‍යදායක කොන්ත්‍රාත්තු පාරිභෝජකයන් විශාල පිරිසක් සඳහා සේවා සපයන ලදී. 2008 දෙසැම්බර් 19[සංස්කරණය]2008 දෙසැම්බර් 19, නැවතත් එක විටම සී.මී.වී-3 (SEA-ME-WE 3), ෆ්ලැග් (FEA (cable system)|FEA) සහ ගෝ -1(GO-1) යන කේබල අතර සම්බන්ධතාවය බිදී ගිය අතර, [6][7] නැවත එය දෙසැම්බර් 25 ක්‍රියාවෙහි යෙදීමට බලාපොරොත්තු විය.[8]2010 අප්‍රේල් 14,"දෝෂය කල් දැමීම"[සංස්කරණය]2010 අප්‍රේල් 14 දින, ශන්ට් දෝශය |
shunt fault නම් ආසන්න වශයෙන් කිලෝ මීටර 1,886 දුරක් ඇලෙක්සැන්ඩ්‍රියා වේ සිට ඉතාලියෙහි පලෙර්මො (Palermo) දිසාවට ඇලෙක්සැන්ඩ්‍රියා සහ මර්සෙයිලේ (Marseille) කාණ්ඩ අතර සිදු විය.[9][10]2010 මැයි "දෝෂය"[සංස්කරණය]තවත් කේබල් දෝශයක් මැලේසියාව මගින් බොම්බාය සිට යුරෝපය දක්වා වාර්තා විය.[11]2010 ජූලි 5[සංස්කරණය]දකුණු අප්‍රිකානු සේවාව 2010 ජූලි 5 දින 9.09 (ජී.එම්.ටී) ට බිඳ වැටුන අතර එහෙයින් මුම්බායි සිට මොම්බාසා අතර සේවාව බිඳ වැටුනි.[12] සකල කලාපයන්මමෙය අත්විදි අතර ප්‍රතිසංස්ථාපනය ද අත්විදීමට ඔවුනට සිදු විය. Mweb's නම් වෙබ් අඩවියහි ඒ.ඩී.එස්.එල් (ADSL) ඇණහිටුවන කාලසීමාව 8084 ලෙස සඳහන් විය.[13]කළමනාකාරිත්වය සහ පාලක මණ්ඩලය[සංස්කරණය]සී.මී.වී. 4 කේබල පද්ධතිය නිරිමාණයට යෝජනා කිරීම හා සංවර්ධනය කිරීම සී.මී.වී. 4 සුසංධානය මගින් සිදු වුන අතර මෙම සුසංධාන රටවල් මගින් මෙම පද්ධතිය නඩත්තුව සහ බල පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.[3][14]Algérie Télécom, ඇල්ගේරියාවභාර්තී ඉන්ෆොටෙල් ලිමිටඩ්, ඉන්දියාවBangladesh Submarine Cable Company Limited (BSCCL), [4]CAT Telecom Public Company Limited, ThailandEmirates |
Telecommunication Corporation (එටිසලාට්), UAEප්‍රංශ ටෙලිකොම් - දිග දුර ජාලය, ප්‍රංශයMCI එංගලන්තයපකිස්තාන ටෙලිකොමියුනිකේශන් කම්පනි ලිමිටඩ්, පාකිස්තානයසිංගප්පූර් ටෙලිකොමියුනිකේශන් ලිමිටඩ් (SingTel), සිංගප්පූරුවශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ් (SLT), ශ්‍රී ලංකාසෞදි අරාබි ටෙලිකොම් කම්පනි (STC), සෞදි අරාබියටෙලිකොම් ඊජිප්ට් (TE), ඊජිප්තුවටෙලිකොම් ඉතාලියා ස්පාර්කල් S.p.A., ඉතාලියටෙලිකොම් මැලේසියා බර්හඩ් (TM), මැලේසියාවටුනීසියා ටෙලිකොම්, ටුනීසියාටටා කොමියුනිකේශන්ස් පෙරාතුව විදේශි සංචර් නිගාම් ලිමිටඩ්] (VSNL), ඉන්දියාමෙම සුසංධානය ධූරානුක්‍රමික සංවිධානයක් (hierarchical organisation) වන අතර මෙමගින්, කේබල් පද්ධතිය ක්‍රියා කරවීම, කලමනාකරණය, පාලනය කිරීම සිදු කරනු ලබයි. මෙම ධාරානුක්‍රමිකයෙහි මුල් තැන කලමනාකරණ කමිටුව වන අතර [15] මෙය මගින් ව්‍යාපෘති මෙහෙයවනු ලබයි. [14] එසේම මෙම කලමනාකරණ කමිටුව යටතේ ප්‍රතිසම්පාදන, ක්‍රියාකරවුම් හා නඩත්තු කරවීම්, මූල්‍යමය හා උප පාලන, පැවරුම්, මාරිග ගත් කිරීම් හා ප්‍රතිසංස්ථාපන, ආයෝජන හා එකඟතා කමිටු පවතින අතර ප්‍රධාන නීති කෙටුම් පත පාර්ශවය, මූල්‍ය හා පාලන අනුකාර |
ක සභාව යටතේ ද ජාලකරණ කළමණාකාර අංශය, පවරා දීම්, මාර්ගගත කිරීම සහ ප්‍රතිසංස්ථාපනය යන මණ්ඩලය යටතේද පවතී.[15]ඉන්දියාවෙහි ටාටා කොමියුනිකේශන්ස් (Tata Communications) පෙරාතුව Videsh Sanchar Nigam Limited (VSNL), India ජාලකරණ පරිපාලකත්වය දරනු ලබයි. මෙම අරමුණ සඳහා ටාටා කොමියුනිකේශන්ස් , විශිෂ්ඨ ජාලකරණ පරිපාලන මෘදුකාංගය පද්ධතියක් නිරිමාණය කල අතර මෙමගින් අන්තර්ජාලය ආයාචනය පිරිසැකසුම, රැකියාව උපලේඛනය කිරීම සහ වාර්තා ජනනය සිදුකල හැක. මෙම පද්ධතිය විසින් කලාප පළල හිමිකාරුවන් සඳහා වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව ධාරිතා කළමනාකාරීත්ව සිදු කරනු ලබයි. මෙම පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ මෙම වෙබ් අඩවිය at http://www.seamewe4.net තුලින් පරිශීලනය කල හැක. ටෙලිකොම් මැලේසියා බර්හඩ් Telekom Malaysia Berhad ප්‍රධාන නීති කෙටුම් පත් පාර්ශ්වය ලෙස කටයුතු කරයි.[1][16]උපයෝගයන්/යෙදුම්[සංස්කරණය]ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) දුරකතන, අන්තර්ජාල, බහු මාධ්‍ය සහ විවිධ බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත වැඩ සටහන් සඳහා භාවිත කරන අතර [2] සී.මී.වී. 3 සහ සී.මී.වී. 4 කේබල් පණිවුඩ පද්ධති මගින් එකිනෙකට අතිරික්තතාව ඇති කර ගනු ලබන අත |
ර,[2] මෙම පද්ධති දෙක එකිනෙකහි අඩු පාඩු මග හරින අතර සී.මී.වී. 4, සී.මී.වී. 3 ප්‍රතිස්ථාපනය සඳහා ඉදි වූවක් නොවේ.[2] මෙම ජාලයන් දෙකම සී.මී.වී (SEA-ME-WE), ව්‍යාපෘතියෙන් නිරුක්ත වූවත් වෙනස් භාවිත දැක ගත හැකියි. සී.මී.වී. 3 කිලෝ මීටර 39,000 ක [17] දුරින් යුක්ත වන අතර (සී.මී.වී. 4 ට සංසන්දනාත්මකව (18,800 කි.මි)) මෙය ජපානයේ සහ ඕස්ට්‍රේලියාව සිට යුරසියන් ඵලකයහි Eurasian Plate|Eurasian landmass පහල කෙළවර ඔස්සේ අයර්ලන්තය හා ජර්මනිය දක්වා දීර්ඝ කෙරිනි.[18] සී.මී.වී 4, තතපරයට ටෙරා බයිට් 1.28 ක දත්ත සම්ප්‍රේශණ වෙගයකින් යුක්ත වන අතර සී.මී.වී. 3 සතුව ඇත්තේ තතපරයට ටෙරා බයිට් 0.96 වේගයකි.[17] සී.මී.වී. 3 රටවල් විශාල ප්‍රමාණයකට විශාල ප්‍රදේශයක් පුරා සම්බන්ධතාව සපයනු ලබයි. එසේ වුවත් සී.මී.වී. 4 හි අරමුණ නම් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය බලාපොරොත්තු වන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අධික දත්ත සම්ප්‍රේෂණ වේගයක් සපයනු ලැබීමයි.[2]තාක්ෂණවේදයන්[සංස්කරණය]මෙම කේබල සඳහා භාවිත කරන wavelength-division multiplexing#Dense WDM|dense wavelength-division multiplexing (DWDM),[1] මගින් බහුවිධ සංඥා නොමැති ෆයිබර් තන්තු |
වලට සාපේක්ෂව, ෆයිබර් තන්තුවක සන්නිවේදන ධාරිතාව වැඩි කරන අතර එසේම දෑතට ක්‍රියා කරන සන්නිවේදනය සඳහා පහසුකම් සලසනු ලබයි. මෙම කාර්යය DWDM, වෙනස් තරංග ආයාමයන්ගෙන් (wavelength) යුත් ලේසර් ආලෝකය (laser light) බහුවිධ multiplexing කිරීමෙන් සිදු කනනූ ලබන අතර තනි ප්‍රකාශ ෆ්යිබර්, බහු ආංගිකප්‍රකාශ වාහක (Optical Carrier|optical carrier) සංඥා සමගාමීව සම්ප්‍රේණය කිරීමේ හැකියාව දරයි. ෆ්යිබර් යුගල් දෙකක් භාවිත කරනු ලබන අතර සෑම යුගලක්ම වාහක 64 ක් තත්පරයට ගිගා බයිට් 10ක වේගයකින් සම්ප්‍රේශණය කරනු ලබයි.[3]මෙය තත්පරයට ටෙරා බිට් 1.28ක .[3] සම්පූර්ණ ධාරිතාවයකින් යුතුව සී.වී.මී-4 කේබලය [2] හරහා ටෙරා බිට් (terabit per second) වේගයකින් දත්ත සම්ප්‍රේශණයට දායක වේ.2011 පෙබරවාරි මාසයේ මෙම සුසංධානය කොන්ත්‍රාත්තුවක් දිනා ගත් අතර මෙය සබ්මැරීන් කේබලයක් තත්පරයට ගිගාබිට් 40 බැගින් උසස් කිරීමටත් ගොඩබිම් අතර අනාගත අවශ්‍යතා සඳහා තත්පරයට ගිගාබිට් 100ක වේගයකින් සම්ප්ප්‍රේශණය සඳහා අවශ්‍ය උපාංග ලබා දීමටත් අනුග්‍රහ දක්වනු ලබයි.[19].මේවාත් බලන්න[සංස්කරණය]මෙවැනිම තවත් සබ්මැරීන් කේබල පද්ධතින් කිහිපයක්,යුරෝප් ඉන්දියන් ගේට්ව |
ේ EIG (cable system)|Europe-India Gateway (EIG)ෆ්ලැග් යුරෝප් ඒශියා Fiber-Optic Link Around the Globe#Segment FLAG Europe Asia (FEA)|FLAG Europe Asiaඅයි.මී.වී I-ME-WEසී.මී.වී 3 SEA-ME-WE 3මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 "About Us". SEA-ME-WE4 Network Administration System. Videsh Sanchar Nigam Limited. 2004. 2007-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 "About SEA-WE-ME 4". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-07-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.↑ 3.0 3.1 3.2 3.3 3.4 "Fujitsu Completes Construction of SEA-ME-WE 4 Submarine Cable Network". Fujitsu Press Release. Fujitsu. 2005-12-13. 2007-03-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.↑ "Severed cables disrupt Internet". BBC News. 2008-01-31. සම්ප්‍රවේශය 2008-01-31.↑ The Associated Press (2008-02-01). "Cable Break Causes Wide Internet Outage". The New York Times. සම්ප |
්‍රවේශය 2008-02-01.↑ "Severed Cables in Mediterranean Disrupt Communication". Bloomberg. 2008-12-19.↑ "GO submarine cable fault part of wider disruption between Italy and Egypt". Times of Malta. 2008-12-19.↑ http://www.orange.com/en_EN/press/press_releases/cp081219en.html↑ http://gulfnews.com/business/technology/etisalat-warns-of-internet-disruptions-in-uae-1.612804↑ Web at a crawl as internet cable fails in Mediterranean↑ http://www.tm.com.my/about-tm/media-centre/announcements/Pages/INTERNETSERVICESDISRUPTIONDUETOCABLEFAULTONSMW4.aspx↑ [1]↑ [2]↑ 14.0 14.1 "The Management Committee (MC)". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.↑ 15.0 15.1 "Organization Structure". South East Asia-Middle East-Western Europe 4. Sri Lanka Telecom. 2007-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31.↑ "Home page". SMW 4 Central Billing Party (CBP). Telekom Malaysi |
a Berhad. 2007-07-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-31. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)↑ 17.0 17.1 "Mediterranean Cable Break". REACH : Network. Reach Global Services Limited. 2007-06-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-01. {{cite web}}: Text "Overview" ignored (help)↑ "Cable System Configuration". South East Asia-Middle East-Western Europe 3. Sri Lanka Telecom. 2007-07-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-01.↑ [3]බාහිර යොමු[සංස්කරණය]ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 ව්‍යාපෘති වෙබ් අඩවියසී.මී.වී. 4 ජාලය පාලක මණ්ඩල පද්ධතියWork begins to repair severed net (5 February 2008)චිලි ජාතික පාපන්දු කණ්ඩායම 1895 දී ආරම්භ වූ අතර 1962 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ට සත්කාරකත්වය දරණ ලද්දේ ද චිලී දේශය යි.රොක් උත්සව යනු බහු කාර්යයන් රඟ දක්වන දින ගණන් පුරා විහිදී පවතින මහා පරිමාණයේ එලිමහන් රොක් සංගීත සංදර්ශන වේ. ප්‍රථම රොක් උත්සවය 1960 අග |
භාගයේ දී පැවැත්වූ අතර එය වැදගත් සමාජ සංස්කෘතික සිද්ධියක් විය. 1980 දී පුන්‍යාධාර ලබා දීම අභිමතාර්ථය කර ගත් උත්සවවල කුඩා පුනර්ජීවයක් ඇති විය. වර්තමානයේ බොහෝමයක් රොක් උත්සව විශාල සමාගම් මඟින් අනුග්‍රහය ලබා දෙන ඒවා වේ. රොක් හැරුණු කොට පොප්, ඩාන්ස් හා ඉලෙක්ට්‍රොනික් වැනි විවිධ සංගීත වර්ග ද රඟ දැක්වේ. සමහරක් රේඩියෝ ස්ථාන අයිතිකරුවන් විසින් රේඩියෝ උත්සව නිෂ්පාදනය කරනු ලබන අතර ඒවායෙහි ඇතුළත් වන්නේ රොක්හි විශේෂිත රටාවල කණ්ඩායම් පමණි. (රේඩියෝ ස්ථානය මඟින් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන දෙය අනුව) ජලය මත පදනම් වු පවිත්‍ර කිරීම් පහසුකම් වැනි පහසුකම් සපයමින් සවි කර ඇති තාවකාලික යටිතල පහසුකම් මඟින් මෙම උත්සවවල ප්‍රමාණය කියා සිටී.ඇදුම් මැසීමේ දී හා විලාසිතා නිර්මාණයේදී නිදර්ශණයක් යනු යම් ඇඳුමකට සමාන වෙනත් ඇදුම් නිපදවීමේදි පිටපත් කිරීම සදහා යොදා ගන්නා මුල් ඇදුම හෝ රෙදි කැපීමට හා එකලස් කිරීමට පෙර ඇදුමේ කොටස් අදාල රෙදි කැබැල්ල මතට පිටපත් කිරීම සදහා යොදා ගන්නා කඩදාසි හෝ කාඩ්බෝඩ් පතෝරම් වේ. (සමහරක් විටදී කඩදාසි නිදර්ශක ලෙස හැදින්වේ) නිදර්ශන නිර්මාණය හෝ නිදර්ශණ කැපීම යන නිදර්ශන නිර්මාණය කිරීමේ කලාව |
යි. විවිධ මෝස්තර විශාල ප්‍රමාණයක් සදහා නිදර්ෂණ නිපද විය හැකි මූලික නිදර්ශක ස්ලෝප හෝ බ්ලෝක් ලෙස හදුන්වනු ලැබේ. ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය]ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්.ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් සාමාන්‍යයෙන් ටිෂූ කඩදාසි මත මුද්‍රණය කර මැසීම් උපදේශ හා රෙදි සඳහා වූ යෝජනා ඇතුළත් පැකට්ටු තුළ විකුණනු ලැබේ. නූතන රටා මිළ, ප්‍රමාණය, විලාසිතා හා මැසීමේ දක්ෂතා මට්ටම්වලින් විවිධ පරාසවලින් මිළ දී ගත හැකි අතර එමඟින් පාරිභෝජකයන්ගේ අවශ්‍යතා ඉතා හොඳින් ඉටු වේ. ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් ශ්‍රේණිගත කර ඇත. එනම් ඒවා මුල් නිපැයුමට වඩා විශාල හා කුඩා ප්‍රමාණවලට ගැළපෙන පරිදි නැවත ඇඳ ඇත. එබිනෙසර් බටරික් ශ්‍රේණි කරන ලද ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් වල වානිජමය නිෂ්පාදනය 1963 දී හඳුන්වා දෙන ලදී. (වික්ටෝරියන් මැහුම්කරුවන් විසින් භාවිතා කරන ලද ශ්‍රේණි කරන පද්ධතියක් මත පදනම්ව) එහිදී ඔවුන් විසින් පිරිමි හා ළමා ඇඳුම් සඳහා අතින් අඳින ලද රටා විකුණන ලදී. 1866 දී බටරික් කාන්තා ඇඟළුම් සඳහා ද රටා නිපදවන ලද අතර වර්තමානයේ ගෘහස්ථ මැසීම් රටාවෙළඳ පොළෙහි හදවත ලෙස පවතින්නේ එයයි |
. වර්තමානයේ ගෘහස්ථ මසන්නෙකුට ඇයගේ ශරීර මිනුම් හා ශරීරයේ හැඩයටඅනුව සකසා ගත හැකි පරිගණකගත රටා සපයන යෙදුම් ද ඇත. 3D තාක්ෂණය මඟින් ගෘහස්ථ මසන්නෙකුට අදාල ඇඳුම නිම කළ එය පැලදීමෙන් පසු දිස්වන ආකාරය ඇඳුම මැසීමට පෙරම දැක බලා ගැනීමට අවස්ථා ලබා දෙයි. මෙය කාලය මෙන්ම අවශ්‍ය පරීක්ෂක ඇඳුම් ගණන අඩු කරයි. රටා නිර්මාණ ග්‍රන්ථ[සංස්කරණය]රටා නිර්මාණ ග්‍රන්ථ යනු විවිධ ඇඳුම් නිපදවීම සඳහා උපදෙස් හා සටහන් ඇතුළත් උපදෙස් මැනුවලයකි. ඒවා මූලිකවම ඇත්තේ පුද්ගලික හා අධ්‍යාපනික කටයුතු උදෙසාය.භාවිත (Custom) ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය]භාවිත ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම් නිර්මාණ ක්‍රම 3න් එකක් බොහෝ විට සේවයේ යොදවයි. තල රටා ක්‍රමය ආරම්භ වන්නේ පතොරමක නිර්මාණයත් සමඟය. එය පලඳින්නාගේ මිනුම්වලට අනුව තනන ලද ආභරණ - කර උඩුකය ඇඳුම් හා පටු සාය සඳහා වූ මූලික රටාවයි. මෙම පතොරම් සාමාන්‍යයෙන් බර අඩු කාඩ්බෝඩ් හෝ ටැග් බෝඩ් මඟින් නිපදවන අතර එහි විලාසිතා විස්තර ඇතුළත් නොවේ. ටොයිල්ස් (UK) හෝ මස්ලින්ස් (US) ලෙස හඳුන්වන ආදර්ශ ඇඳම් පැලදුම් මාලාවක් සකස් කිරීම තුළින් පතොරමේ හැඩය ස්ථිර කරගත් පසු එය බොහෝම |
යක් රෙදි පිළි විලාසිතා සඳහා කර, අත් හා එවැනි දේ වෙනස් කරමින් විවිධ රටා නිපදවීම සඳහා යොදා ගත හැක. කටු සටහන් ක්‍රමය බහුලව භාවිතා වන්නේ පිරිමි රෙදි පිළිවලදීය. එයට විවිධ සරල රේඛා හා වක්‍ර යොදා ගෙන අදාල රටාව ඍජුවම රටා පත්‍රය මතට සටහන් කිරීම ඇතුළත් වේ. එය ඔබගේ දැන ගැනීම සදහා ප්‍රයෝජනවත් වේ.රටා පැළඳවීමේ (Draping) ක්‍රමය වඩා සිත් ගන්නා හා ආවේණික සැලසුම් සඳහා යොදා ගන්නා අතර ඒවා තල රටා ක්‍රමය මඟින් සිදු කර ගැනීම අපහසු වේ. එයට ඇඳුම් ආකාරයක් මත ඍජුවම අදාල රෙද්ද සවි කර මස්ලින් ආදර්ශ රටාවක් නිපදවා ඉන් පසුව එය කඩදාසි රටාවක් මතට පිටපත් කිරීම හෝ අදාල නිර්මාණය කරන ලද මස්ලින් එකම රටාවක් සේ යොදා ගැනීම ඇතුළත් වේ.මෙම ලිපිය හෝ ලිපි කොටස ග්‍රහක වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)වර්ගීකරණයපොදුවේ ග්රාiහක වර්ගීකරණය කරනු ලබන්නේ නිර්ණායක 2ක් අනුවය : ඒවායේ කක්ෂීය ලක්ෂණ හා පරාවර්තිත වර්ණාවලි ලක්ෂණවලට අනුවය. (reflectance spectrum)කක්ෂීය කාණ්ඩ හා ග්රාoහක පවුල්බොහෝ ග්රාහක කාණ්ඩ හා පවුල්වලට වර්ගීකරණය කොට ඇත්තේ ඒවායේ කක්ෂවල ලක්ෂණවලට අනුවය. විශේෂම වර්ගීකරණයන්හිදී හැරෙන්නට සාමාන්යයයෙන් ග්රිහක කාණ්ඩවලට නම් දෙන් |
නේ එම කාණ්ඩයේ සොයාගන්නා ලද ප්රිථම ග්රාහකයේ නම අනුවය. කාණ්ඩ යනු සාපේක්ෂව ලිහිල් ගතික සම්බන්ධතාවයන් වන අතර පවුලක් යනු අතීතයේ දී විශාල ඇස්ටොරයිඩයක විනාශකාරී පිපිරුමකින් හටගත් ප්රීතිඵල වේ. ග්රකහක පවුල් අනාවරණය කොටගෙන ඇත්තේ ප්රකධාන ග්රරහක වළල්ලේ පමණි. ඒවා ප්රපථමයෙන්ම 1918 දී කියොට්සුගු හිරයාමා විසින් හදුනාගන්නා ලැබූ අතර එම නිසා ඒවා ඔහුට ගෞරව කිරීමක් වශයෙන් හිරයාමා පවුල් වශයෙන් ද හදුන්වනු ලැබේ.ප්රයධාන ග්ර හක වළල්ලේ 30% - 35% පමණ වස්තූන් ගතික පවුල්වලට අයත්වන අතර ඒවාට අතීතයේ ග්රුහක අතර සිදුවූ ගැටුම් වැනි පොදු සම්භවයක් ඇති බව විශ්වාස කෙරේ. එක් පවුලක් (136108)2003EL61 යන නෙප්චූන්වලට ද වඩා දුරින් ඇති (trans Neptunian Object) වස්තුවක් සමග ද සම්බන්ධය.අර්ධ චන්ද්රිධකා හා ඛූරප වස්තූන් (Quasi Satellites and horseshoe objects)සමහර ග්රදහකවලට පෘථිවිය සමග හෝ වෙනත් ග්රූහලෝකයක් සමග සම්බන්ධ වූ අසාමාන්යb අශ්ව ලාඩම් හැඩැති කක්ෂ පවතී. උදාහරණ ලෙස 3753 කෲත්හි හා 2002AA දැක්විය හැක. මේ ආකාරයේ කාක්ෂීය සැකැස්මකට නිදර්ශනයක් මුලින්ම සොයාගනු ලැබුයේ සෙනසුරුගේ චන්ද්ර යින් දෙදෙනෙක් වන එපිමෙතියස් හා ජැනුස් අතරය. සමහර අවස |
්ථාවලදී මෙම ඛුරුප (අශ්වලාඩම්) වස්තූන් දශක කිහිපයකට හෝ වසර සිය ගණනකට තාවකාලිකව අර්ධ චන්ද්රිශකා බවට පත්වන අතර පසුව නැවතත් ඒවායේ මුල් අවස්ථාවට පත් වේ. පෘථිවියට හා සිකුරුට මෙවැනි අර්ධ චන්ද්රිෙකා ඇති බවට හදුනාගෙන ඇත. පෘථිවිය , සිකුරු හා අනුමාන වශයෙන් බුධ සමඟ සම්බන්ධ වී ඇති මෙවැනි වස්තූන් ඒටීන් (Aten) ග්ර හකවල විශේෂ පන්තියකට අයත් වේ. කෙසේ වුවද මෙම වස්තූන් වෙනත් ග්රනහ ලෝකයක් සමඟ ද සම්බන්ධ වී පැවතිය හැක.වර්ණාවලි වර්ගීකරණය433 එරොස්ගේ මෙම ඡායාරූපය ඇස්ටොරයිඩයේ යට පිහිටි බොකු නියන් හැඩය හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පෙනෙන දර්ශනය දක්වයි. 35m පමණ වන කුඩා ලක්ෂණ දැකිය හැක.පැහැය , අල්බිඩෝව හා වර්ණාවලි හැඩය මත පදනම්ව ඇස්ටොරයිඩ වර්ගීකරණ පද්ධතිය 1975 දී ක්ලාක් ආර්. චැප්මන් , ඩේවිඩ් මොරිසන්, බෙන් සිල්නර් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම ගුණාංග ඇස්ටොරයිඩවල මතුපිට භෞතික ගුණාංගවලට සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරයි. මුල් වර්ගීකරණ පද්ධතියේ ප්ර්භේද 3ක් තිබිණි. ආහාර මිශ්රිිත කළු පැහැති වස්තූන් C වර්ගය (හදුනාගෙන ඇති ග්ර්හකවලින් 75%ක් පමණ) ගල් හා සිලිකා සහිත S වර්ගයේ වස්තූන් (හදුනාගෙන ඇති ඇස්ටොරයිඩවලින් 17% පම |
ණ) හා C හා S ට අයත් නොවූ සියළුම වස්තූන් අයත් වන U වර්ගයේ ඒවාය. මේ වර්ගීකරණය දැන් තවත් ප්‍රභේද කිහිපයක් ද එකතුව ව්යාූප්ත (වර්ධනය) වී ඇත. තවත් ග්රවහක අධ්ය යනය කරත්ම තවත් ප්ර භේද මෙයට එකතු වීම සිදුවේ.වර්තමානයේ භාවිතාවන , වඩාත් පුළුල් භාවිතයක් ඇති වර්ගීකරණ වන්නේ තෝලන් වර්ගීකරණය හා SMASS වර්ගීකරණයයි. මුලින් සදහන් කළ වර්ගීකරණය 1984 දී ඩේවිඩ් ජේ. තෝලන් විසින් යෝජනා කල අතර එය 1980 දී සිදුකරන ලද වර්ණ 8කින් යුත් ග්රවහකයක් පරීක්ෂණයට ලක් කිරීමෙන් ලැබුණු තොරතුරු මත පදනම් විය. ඇස්ටොරයිඩ ප්ර්භේද 14 කට වර්ගීකරණය වීම මෙහි ප්ර තිඵලය විය. 2002 දී කුඩා ප්ර්ධාන ග්ර1හක වළල්ලේ වර්ණාවලීක්ෂ පිරික්සුම (SMALL MAIN BELT ASTORIDE SPECTROSCOPIC Survey) හි ප්රරතිඵලය වූයේ තෝලන් වර්ගීකරණය ප්රඵභේද 24 දක්වා විකිරණය වීමය. මෙම පද්ධති 2 දී ග්රවහක C,S,X යනුවෙන් ප්රවධාන ප්රපභේද 3කට වෙන් කරයි. X ට අයත් වන්නේ ප්ර ධාන වශයෙන් ලෝහමය ග්රවහකවන අතර උදාහරණ ලෙස M වර්ගයට අයත් ග්රිහක දැක්විය හැක. මෙහි තවත් කුඩා පන්ති ද රාශියක් පවතී.වර්ණාවලි වර්ගීකරණයේ ඇති ගැටළුමුල් අවධියේ දී වර්ණාවලි අනුව නාමකරණය පදනම්ව තිබුණේ ග්ර්හකයේ සංයුතිය හා |
බැදුණු කරුණු මතය. කෙසේ වුවද වර්ණාවලි ලක්ෂණ හා සංයුතිය අතර අනුරූපතාව සෑම විටම ඉතා හොඳ නොවූ අතර විවිධ වර්ගීකරණ දැනට භාවිතයේ පවතී. මෙය සැලකිය යුතු ව්යාුකූලතාවයකට මං පාදා ඇත. වෙනස් වර්ණාවලි වර්ගීකරණයන්ට අයත් ග්රවහක වෙනස් සංයුතීන්ගෙන් යුක්ත වීමේ ප්රපවණතාවයක් තිබුණ ද එකම වර්ගීකරණ පන්තියකට අයත් ග්රුහකවල සංයුතිය එකම යයි නිසැකවම කිව නොහැක.වර්තමානයේ වුවද තවම පිළිගන්නේ 1990 දී දළ වර්ණාවලීක්ෂ පරීක්ෂා කිහිපයක් මත පදනම් වූ වර්ණාවලි වර්ගීකරණයයි. ග්ර0හක සාම්පල විශාල ගණනක විස්තර සහිත මිණුම් අඛණ්ඩව ලබා ගැනීමේ අපහසුව නිසා විද්යා ඥයින්ට තවමත් වඩා හොද වර්ගීකරණයකට යාමට නොහැකි වී ඇත. (හොද විච්ඡේදිත වර්ණාවලි හෝ ඝනත්වය වැනි වර්ණාවලි ආශ්රීොත නොවූ දත්ත ඉතා ප්රඇයෝජනවත් වනු ඇත)http://en.wikipedia.org/wiki/Asteroid#Classificationලියෝන්හාඩ් ඔයිලර්ලියෝන්හාඩ් ඔයිලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි) (1756 ?)උපත15 අප්‍රේල් 1707(1707-04-15)බසෙ(zල්, ස්විස්ටර්ලන්තයමිය යාම18 September 1783(1783-09-18) (වයස 76)[OS: සැප්තැම්බර් 18 ,1783]ශාන්ත පීටර්ස්බර්ග්, රුසියාවනිවහනප්‍රසියාව, Russia Switzerlandජාතිකත්වයස්විස් ජාත |
ිකඋගත් ශාස්ත්‍රාලයබසෙල් විශ්ව විද්‍යාලයසංගණ්‍ය වන්නේඔයිලර්ගේ අංක සඳහාScientific careerක්ෂේත්‍රයගණිතඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකිආයතනවිද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලයබර්ලින් විද්‍යාලයආචාර්ය උපදේශකජොහාන් බර්නූලිආචාර්ය සිසුන්Nicolas Fussජෝහාන් හෙනාට්ජෝසෆ් ලැග්‍රේන්ස්Stepan Rumovskyඅත්සනසටහන්He is the father of the mathematician Johann EulerHe is listed by academic genealogy authorities as the equivalent to the doctoral advisor of Joseph Louis Lagrange.ලියෝන්හාඩ් ඔයිලර්[1], ලියොනාඩ් ඉයුලර් එසේත් නැත්නම් ලියෝන්හාඩ් පෝල් ඔයේලර් (1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18) යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන |
Subsets and Splits