text
stringlengths
0
1k
ේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ‍ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි" එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.විධායක ඡනාධිපති[සංස්කරණය]"ඡනාධිපතිවරයෙක් වන්නේ ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයා,විධායකයේ ප්‍රධානියා,සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයා ද රාඡ්‍ය නායකයා ද වන්නේය" යන්න 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ව්‍යවස්ථාව මඟින් ඡනාධිපති යන්න අර්ථ ගන්වා ඇත.78 ව්‍යවස්ථාව මඟින් සුපිරි බලතල භුක්ති විඳිනු ලබන ඡනාධිපතිධුරයක් හදුන්වා දී ඇත.ලංකාව උ‍දෙසා ප්‍රථම වරට ඡනාධිපති ධුරය හදුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින්ය. එහෙත් ඒ නාමික විධායකයකි.නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුර්ණ බලැති විධායකයක් හදුන්වා දෙන ලදි. 78 ව්‍යවස්ථාවට අනුව ඡනපතිගේ නිල කාලය වර්ෂ 06 කි.ඡනපති ඍඡු මහඡනඡන්දයෙන් ඡනාධිපතිවරණයකදී තෝරාපත් කර ගනු ලබයි.ඡනගති අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දී වැඩභාරගනු ලබයි.ඡනපති තම ධුර කාලය තුළ ඉවත් කළ හැකි එකම ක්‍රමවේදය වන්නේදෝෂාභියෝගයකිනි.නමුත් එයද අනම්
‍ය ක්‍රියාවලියකි. විචාරකයින් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකුලව බලවත්ම ඡනපති ලෙස පිළිගනු ලබන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ විධායක ඡනාධිපති ධුරයයි.විධායක ඡනපති තෝරා පත් කරගන්නා ආකාරය[සංස්කරණය] 78 ව්‍යවස්ථාවට අනුව ඡනාධිපති පත් වන්නේ සමානුපාතික ක්‍රමයේ එන මාරු කල හැකි තනි ඡන්ද ක්‍රමයට ‍හෙවත් stv ක්‍රමයටය.එහි දී ප්‍රකාශිත ඡන්ද වලින් 50% කට වඩා ඡන්ද ලබා ගන්නා අ‍ෂේක්‍ෂකයා ඡනාධිපති ධුරය උදෙසා තෝරා පත් කරලනු ලබයි.ඡනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස පිළිගනු ලබයි. ඡනපති අපේක්‍ෂකත්වය සඳහා පහත සඳහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කළ යූතුයි.වයස අවුරුදු 30 ඉක්ම විය යුතුය.ශ්‍රී ලංකා පූරවැසියෙක් විය යුතුය.දෙවරකට වඩා ඡනාධිපති වුවෙක් නොවිය යුතුය.දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවිය යුතුය.ඉහත සූදූසූකම් සපුරා ඇති පුද්ගලයෙකුට ඡනපති අපේක්‍ෂකත්වය ක්‍රම දෙකකට ලබා ගත හැක.දේශපාලන පක්‍ෂයකින්ස්වාධීනවදේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන්නේ නම්,ඉහත සුදුසුකම් සම්පුර්ණ කළ පක්‍ෂය නම් කරන ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැක.එහි දී ඔහු හෝ ඇය රුපියල් 50000 ක මුදලක් බැඳිය යුතුය.ස්වාධීනව නම්,ඉහ
ත දැක් වු මුලික සුදුසුකම්වලට අමතරව ඡනපති අ‍පේක්‍ෂකයා වත්මන් පාරිලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විය යුතුය,නොයසේනම් හිටපු මන්ත්‍රීවරයෙක් විය යුතුය.ස්වාධීන අපේක්‍ෂකයා රුපියල් 75000 ක මුදලක් ගෙවිය යුතුය.ඡනාධිපතිධූරය උදෙසා අපේක්‍ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් වන්නේ නම් ඡන්දදායකයාට තමා කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දිය හැකිය.එහි දී 50%කට වඩා ඡන්දප්‍රතිශතයක් ලබා ලන්නා අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කර ගනු ලබයි.ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති මොහොතක ,ඡන්දදායකයාට මනාප දෙකක් සලකුණූ කිරීමට අවස්ථාව සැලසේ.එහි දී පළමු‍වෙන් ගනණය කරන්නේ පළමු මනාපයයි.50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස පත් වේ.කිසිදු අපේක්‍ෂකයෙකු හෝ 50%ක් ලබාගෙන නොමැති නම් මුල්වටයේ දී වැඩිම ඡන්ද ලබා ගත් දෙදෙනා පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කර ,ඉවත් වූ අපේක්‍ෂකයින්ගේ දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්ද වලට පිළිවෙළින් එකතු කරනු ලැ‍බේ.එහි දි ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කරගනු ලබයි.ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකුට වඩා ඉදිරිපත් වන්නේ නම් 1,2,3
වශයෙන් මනාප 03ක් පළ කිරීමේ හැකියාව ඡන්දදායකයාට හිමි වේ.පළමු වටයේ දී 50%ක ඡන්දප්‍රතිශතයක් ලබා ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා ගනී.නමුත් මුල් වටයේ දී 50%ක් ලබා ‍ගෙන නොමැතිනම්,මුල් වටයේ දී වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කරනූ ලැබේ.ඉවත් කළ අපේක්‍ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඇති දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනාගේ ඡන්දවලට එකතු කරනු ලබයි.එහි දී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොමැති නම්,ඉවත් කරන ලද අපේක්‍ෂකයින්ගේ තෙවන මනාපය ගනන් කර යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්දවලට එකතු කරනු ලබයි.එහි දී ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයාට ඡනපතිධූරය හිමි වේ.විධායක ඡනපති සතු බලතල[සංස්කරණය] විධායක ඡනපති සතු බලතල ව්‍යවස්ථාදායක,විධායක,අධිකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කල හැක.ව්‍යවස්ථාදායක බලතල[සංස්කරණය]පාර්ලිමේන්තුව කැඳවීම,කල් තැබීම හා විසූරැවා හැරීම පාර්ලිමේන්තුව කැඳවීම,කල් තැබීම,විසුරැවා හරිනු ලබන්නේ ද ඡනාධිපති විසිනි.නමුත් ඡනාධිපතිට පාරිලිමේන්තුව විසුරැවා හැරිය නොහැකි අවස්ථාද ඇත,ඒවර්ෂයකට දෙවරක්,අභිනව පාර්ලිමේන්තුව පත් වී මුල් වර්ෂය තුල හා දෝෂාභියෝගය
ක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති අවස්ථා‍වේ දීය.ඡනමත විචාරණ කැඳවිමේ බලයමන්ත්‍රීවරුන්ට ඇමතිධූර පිරිනැමිමවිශේෂ අවස්ථාවන්හි දී පාර්ලිමේන්තුවේ මුලසුන දැරීමවිධායක බලතල[සංස්කරණය]අගමැති පත් කිරීම 78 ව්‍යවස්ථාවට අනුව අගමැති පත් කිරීමේ පූර්ණ බලතල භුක්ති විඳිනු ලබන්නේ ඡනිධිපතිවරයාය.පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගෙන ඇතැයි ඡනාධිපති සිතන්නේ කවරෙක් ද ඔහු හෝ ඇය අගමැති වශයෙන් පත් කළ යූතුය යන්න ව්‍යවස්ථාවේ දැක්වේ.එනම්,පාර්ලිමේන්තුවේ විශ්වාසවන්තයා නිගමනය කිරීමේ අවස්ථාව ඡනපති සතු වේ.මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස ආර්:ප්‍රේමදාස ඡනාධිපති විසින් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනයේ මන්ත්‍රීවරයෙකු වු ඩී:බී:විඡෙතුංග පත් කිරීම දැක්විය හැක.කැබිනට් මණ්ඩලය පත් කිරීමප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමහදිසි නීතිය,ඇඳිරි නීතිය,යූද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමඉහළ රාඡ්‍ය නිළධාරීන් පත් කිරීමතානාපතිවරු,මහකොමසාරිස්වරු පත් කිරීමඔම්බූස්මන් පත් කිරීමවිදෙස් ගිවිසූම් වලට එළැඹිම උදා:1987 ඉන්දු ලංකා ගිවිසුමපළාත් සභාවන් උදෙසා ආණඩුකාරවරු පත් කිරීමවිශ්ව විද්‍යාලවල උපකුලපතිවරු පත් කිරීමරාඡ්‍ය
සේවා කොමිසමේ සාමාඡිකයින් පත් කිරීමඅධිකරණ බලතල[සංස්කරණය]ඉහළ උසාවිවල විනිසුරුවන් පත් කිරීමවරදකරුවන්ට සමාව දීමනීතිපති පත් කිරීමඅධිකරණ සේවා කොමිසමේ සාමාඡිකයින් පත් කිරීම මෙම බලතල වලට අමතරව ඡනපති ලංකාවේ ප්‍රථම පූරවැසියා වීම නිසාවෙන් ගෞරවනීය බලතල කිහිපයකට ද හිමිකම් කියනූ ලැබේ.ඒ,ඡාතිය ඇමතිමේ බලය ඇත.රාඡ්‍ය උත්සව වලදී මූලාසනය දැරීමනම්බුනාම පිරිනැමී මරාඡ්‍ය මුද්‍රව යෙදීම යනාදියයි.විධායක ඡනාධිපති ඉවත් කිරීමේ විධිවිධාන[සංස්කරණය] 78 ව්‍යවස්ථාවට අනුව ඡනපති නිලකාලය තුල ඉවත් කල හැකි එකම ක්‍රමවේදය වන්නේ දෝෂාභියෝගයක් පදනම් කරගෙනය.ඒ පිළිබඳ විධාවිධාන 78(38-2) ව්‍යවස්ථාව තුල අන්තර්ගත කර තිබේ.ඡනපතිට එරෙහිව සෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නම් පහත සඳහන් චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලටම ඡනපති වැරදිකරුවෙක් විය යුතු වේ.රාඡ්‍ය ද්‍රෝහි විමචේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමචරිත දුෂණයඅල්ලසනිලයේ කටයුතු කල නොහැකි ආකාරයේ මානසික හෝ ශාරීරික විකෘතිභාවයෙන් පෙළිම යන කරැණුය.දෝෂාභියෝගය ක්‍රියාත්මක කරන ආකාරය[සංස්කරණය]ඡනපතිට එරෙහි දෝෂාභියෝගය උදෙසා ඉහත සඳහන් චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම අඩ
ංගු කරමින් පළමුවෙන් ම කල යුත්තේ පෙත්සමක් සකස් කිරීමය.ඉන් අනතුරුව ,පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරු 2/3ක අත්සන් ලබාගත යුතු වේ.ඉන් අනතුරුව 2/3ක අත්සන් සහිත දෝෂාභියෝගය කතානායකවරයා වෙත යොමු කල යුතු වේ.අත්සන් 2/3ක් ඇත්නම් දෝෂාභියෝගය අනිවාර්යෙන්ම කතානායකට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට සිදුවේ.දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමත් සමඟ ඡනපති සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ කල්තැබිමේ බලය අහෝසි වේ.දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාදය අරඹනු ලැබේ.විවාදය අවසානව‍යේ පැවැත්වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුවට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව දෝෂාභියෝගය 2/3කන් අනුමත විය යුතුය.ඉන් අනතුරුව දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැ‍‍බේ.එහි දී දෝෂාභියෝගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ පරික්‍ෂණයක් සිදු කරනු ලබයි.ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාභියෝගය අනුමත කල යුතු වේ.අධිකරණ අධික්‍ෂණයෙන් අනතුරුව දෝෂාභියෝගය නැවතත් පාර්ලිමේන්තුවට යොමු කරනු ලැබේ.ඒ දෝෂාණියෝගය පිළිබඳ අවසන් විවාදය උදෙසාය.විවාදය අවසානයේ පැවැත් වෙන
ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුව‍ට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරු 2/3කින් දෝෂාභියෝගය සම්මත විය යුතුය.එසේ දෝෂාභියෝගය සම්මත වුවහොත් ඡනපති සතු සියලු බලතල අහිමි ෙව්.මුලාශ්‍ර[සංස්කරණය]ලංකාදීප පුවත්පත(1990.01.08)අඩවිෙයන් බැහැර පිටු[සංස්කරණය]President of Sri lankaThe Executive Presidencyප්‍රොයිඩ්ගේ රීතීන්ට අනුව - ඉඩ්Id (අන්තර් ආශාවන්) යන්න ලතින් Groddeck's das Es, යන්නෙන් පරිවර්තනය වූවකි. ඉංග්‍රීසි ව්‍යවහාරයේ එය "it" ලෙස නම් කළ හැකි අතර super-ego හි ප්‍රතිවිරුද්ධ වචනය ද වෙයි. එය සතුටු දායක මූලධර්ම මත බල පතුරවයි.අලුත උපන් ළදරුවකුගේ මනස Id මගින් මුළුමනින්ම පාලනය වෙයි. එනම් ළදරු සිත ඉබේ ඇති වූ සිතුවිලි මෙහෙයවීම් සහ ඉක්මන් සතුට සොයන ස්කන්ධයක් ලෙස හැඳින්විය හැක. මෙම මතයේ සිට කුඩා ළදරු මනස සහ Id මගින් පාලනය වන වැඩිහිටි පුද්ගලයෙකුගෙ මනස උපහාසාත්මක දෙඅන්තයේම පාලනයක් හේ වගකීමක් නැති ආහාර මාර්ගයකට සම කළ හැක. අපගේ මූලික මෙහෙයවීම් වන ආහාර , ලිංගික අවශ්‍යතා , ආක්‍රමණශීලී ආවේගයන් සඳහා Id හේතු වේ. එය සාදාචාරාත්මක නොවන සහ ආත්ම කේන්ද්‍රීය වන අතර වෙයි. ප්‍රීතිය හා වේදනාව මගින් පාලනය වෙයි. එයට කාලය
ගැන හැඟීමක් ද නොමැත. එමෙන්ම තර්කානුකූල නොවන අතර, මූලික ව‍‍ශයෙන් ලිංගිකත්වයට නැඹුරු වූ චිත්ත ආවේගයන් වර්ධනය නොමේරූ වන අතර නැත යන්න පිළි නොගනී. Id යනු කාමාශාවන් ‍හෝ ආදර ශක්තිය වෙන් කළ ගබඩාවක් ලෙස හැඳින්විය හැක.ප්‍රොයිඩ් විසින් Id හි ප්‍රේරණ සහ සහජ ලැදියා ප්‍රධාන කාණ්ඩ 2කට බෙදා වෙන් කළේය. එනම් ජීවිත සහ මරණ ආශයන් වෙයි. මරණ ආශයන් ගැන ප්‍රොයිඩ්ගේ ජීවිතයේ අග භාගයේ දී අධ්‍යයනය කළ නිසා එය පිළිබඳ වැඩි විස්තර නොමැත. ජීවිත ආශායන් යනු ප්‍රීතිමත් පැවැත්මකට අවශ්‍ය ආහාර ගැනීම, සංසර්ගය වැන්නක් වෙයි. මරණ ආශයන් යනු ජීවිතයේ පැවැත්ම හා ප්‍රීතියට ලබා ගැනීමට අපගේ වෙහෙස මහන්සිය නවතා දැමීමට අපගේ අවිඥානයේ ඇති වන මරණය පිළිබඳ ආශාවයි. ප්‍රොයිඩ්ට අනුව මරණය පිළිබඳ ආශාවන් අපගේ බලාපොරොත්තු සාමකාමී කරන අතර මවාපෑම්, ජනමාධ්‍යය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැනි දේ භාවිතයෙන් යාථාර්ථයෙන් මිදීමට එමඟින් උත්සාහ දරයි. වක්‍රව එය ආක්‍රමණශීලී හැසිරීම් මගින් ද එළි දැක්විය හැක.අනෙකුත් වර්ග වල වගකීම් සඳහා, වගකීම (වක්‍රෝත්තිහරණය) බලන්නආයතනික සමාජ වගකීම (CSR, ආයතනික විඥානය, ආයතනික පුරවැසිබව, ආයතනික කාර්ය ඵලය, හෝ තිරසාර වගකිව යුතු ව්
‍යාපාරය ලෙසින්ද හැඳින්වෙයි) යනු [1] ව්‍යාපාර ආකෘතියට සමසම්බන්ධ කොට ඇති හා ආයතනික ස්වරූපයක් ගන්නාවූ ස්ව-යාමනයකි.ප්‍රවේශවීම්‍[සංස්කරණය]ප්‍රවේශවීම්‍( ළඟාකර ගැනීම්‍)සංස්ථාමය සමාජ වගකීම සඳහා යුරෝපීය මහාද්වීපික හා පුරාතන සම්‍භවයක් ඇති අයගේ ප්‍ර‍වේශයක් වෙනසක් සමහර විස්තර විචාරකයින් හඳුනාගෙන ඇත. යුරෝපයේදී සංස්ථාමය සමාජ වගකීම පිළිබඳ සාකච්‍ඡාව ( විමසීම ) ඉතා විෂම ජාතික ‍වේ.ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘතිවල සංස්ථාමය සමාජ වගකීම සඳහා ප්‍ර‍ වේශය පුළුල් ලෙස පිළිගනිමින් පවතී. මෙහදී තෙල් පදන‍ෙම් දකුණු අප්‍රිකානු මල් මිටියාවතට පත්වීම දැක්විය හැකිය. මෙහි ඔවුන් ප්‍රජාවගේ ළමුන්ට අධ්‍යයන සඳහන් වැඩිහිටියන්ට නව නිපුණතා වර්ධනය සඳහන් අධ්‍යයන මධ්‍යස්ථානයන් ස්ථාපිත කර ඇත. වෙළඳපොළ ගොඩනැගිල්ලක් හරහා ප්‍රජාව සමග සම්‍බන්ධ වීම ක්‍රමානුකූල සාදාරණ වෙළඳාම්‍ මිලට ගැනීම සහතික කිරීම මගින් මාර්ක් සහ ස්පෙන්සර් මෙම ප්‍රජාව තුළ සක්‍රීයව කටයුතු කරයි. වැඩිහිටියන් සඳහා අධ්‍යාපන පහසුකම්‍ස්ථාපිත කිරීම මෙන්ම HIV/AIDS අධ්‍යයන වැඩසටහන් බොහෝ දුරට මීට ඇති විකල්ප ප්‍ර‍වේශ ‍වේ. සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන්වලින් වැඩි ප්‍රමාණයක් අප්‍
රිකා‍‍වේ ස්ථාපිත කර ඇත. ප්‍රදේශීය සංවිධානවලට ආධාර දීම හරහා සංවර්ධනය වන රටවල දිළිඳු ප්‍රජාවන්ට උපකාර කිරීම සංස්ථාමය සමාජ වගකීමට ඇති වඩා පොදු ප්‍රවේශයකි. මෙම ප්‍ර‍වේශය ප්‍රාදේශීය පුද්ගලයින්ගේ නිපුණතා මත ගොඩනැගීම සිදු නොවීමත් අනික් අතට ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘති සමාන්‍යයෙන් දිගුකල් පවතින සංවර්ධනයක් සඳහා මග පෑදීමත් නිසා බොහෝ සංවිධාන මෙම ප්‍ර‍වේශයට කැමැත්තක් නොදක්වයි.විගණනය හා වාර්තාකරණයහොඳ ව්‍යාපාර පුරවැසිභාවයක් පෙන්වීමට, ආයතනවලට වාර්තා සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තා කරන නිර්ණායක හා ප්‍රමිතීන් ද අතුළුව සැකසිය හැකිය.v ජොන් ඒල්නිංස්ටන්ගේ Triple bottom line වාර්තාකරණය මත පදනම්‍වන ගිණුම්‍කටයුතු පිළිබඳ AA1000 ප්‍රමිතිය.v ගෝලීය වාර්තාකරණය මූලික වූ අඛණ්ඩව වාර්තාකරණ නිර්ණායකv Verite ගේ අධීක්ෂණ නිර්ණායකයන්v සමාජීය ගිණුම්‍කටයුතු පිළිබඳ ජාත්‍යයන්තර SA 8000 ප්‍රමිතියv Green Globe සහතික කිරීම, ප්‍රමිතයv ISO 14000 පාරිසරික කළමනාකරණ ප්‍රමිතියv එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම සමාගම්‍“වර්ධනය වන සන්නි‍ෙව්‍දනය” ආකාරයේ වාර්තාකරණයට ඉදිරිපත් වනු ලැබීය. ගිවිසු‍ෙම්‍විශ්වීය මූලධර්ම සමා
ගම ඉටුකිරීම / සපුරාලීම පිළිබඳ COP වාර්තාව විස්තර කරයි.v ගිණුම්‍කරණය හා වාර්තාකරණය සඳහා අන්තර්ජාතික ප්‍රමිති පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය කණ්ඩායමසාර්ථක කාර්යක්ෂමතා , සංස්ථාමය වගකීම වාර්තා කිරීම සහ සංස්ථාමය පාලනය අනාවරණය පිළිබඳ උපදෙස් ලබාදෙයි. FTSE කණ්ඩායමසමාගම්‍සංස්ථාමය සමාජ වගකීම ඉටුකිරීම පිළිබඳ ඇගයීමක් වන FTSE Good Index ප්‍රකාශයට පත් කිරීම.සමාජීය හා පාරිසරික ඉටුකිරීම පිළිබඳ අර්ථවත් මැනීමක් අපහසු වුවත් සමහර ජාතීන්ට සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තාකරණය අවශ්‍ය කරයි. බෙහෝ ආයතන දැන් අඛණ්ඩව පර හිතකාමී සංවර්ධනය හා සංස්ථාමය සමාජ වගකීම්‍ගැටලු ආවරණය වන පරිදි බාහිරව විගණනය කරන ලද වාර්ෂික වාර්තා පිළියෙළ කරයි. ( Tipple Bottom Line වාර්තා ) නමුත් මෙම වාර්තාව සැකැස්මෙන් විධියෙන් හා වගකීම්‍ක්‍රම‍ෙව්‍දයන් පුළුල් ලෙස වෙනස් ‍ වේ. ( එකම කර්මාන්තය තුළ පවා ) වි‍වේචකයින් මෙම වාර්තා බොරුවට සහාය පෑමක් පමණක් ලෙස ඉවත් කරයි. නිදසුනක් ලෙස ඒන්රන් “වාර්ෂික සංස්ථාමය වගකීම්‍වාර්තාව” හා දුම්කොළ සමාග‍ෙම් සාමාජ වාර්තා දැක්විය හැකිය.භව්‍ය ව්‍යාපාර ප්‍රතිලාභ[සංස්කරණය]සංවිධානයක ස්වභාවය අනුව CSR වාසියේ ප්‍ර
මාණය වෙනස් ස්වරූපය ගනු ලැබේ. මුල්‍යමය වාසි වලින් ඔබ්බට කිය හැකි වාසි පිළිබඳ උපදෙස් ලබා දෙන මුද්‍රිත ලිපි විශාල සංඛ්‍යාවක් තිබුණත් එය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. (උදා- ඩේමින්ගේ ඒකක 14 - සමබර ලකුණු කාඩ් පත ) Orlizy, Schmist සහ Rynes සමාජ වාතාවරණය, ව්‍යාපාරික කටයුතු සිදුකරන ආකාරය සහ මුදල් කටයුතු සිදුකරන ආකාරයන් අතර සම්බන්ධතාවයක් දුටුවහ.කෙසේ වුවත් යම් ව්‍යාපාරයක් සිය CSR උපාය මාර්ගයන් වැඩි දියුණු කරන අතරදී කෙටිකාලීන මුල්‍ය වාසි ලැබීමට අදහස් නොකරණු ඇත.යම් සංවිධානයක යොදා ගන්නා CSR පිළිබඳ අර්ථකතනය එහි කොටස්කරුවන්ගේ බලපෑම, CSR වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමේ අදහස, පරිත්‍යාග ලබා ගැනීමට ගන්නා උත්සාහයන් හා ස්වේච්ඡා කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය මත වෙනස්වේ. CSR යම් සංවිධානයක මහජන සම්බන්ධතා, ව්‍යාපාර සංවර්ධන, ප්‍රජා සමබන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවට ඇතුළත් විය හැකිය. එසේ නොමැති නම් ceo වට බලපාන වෙනම දෙපාර්තමේන්තුවකට ඇතුළත් කොට විශේෂ තීන්දු දීම සෘජුවම මණ්ඩලයට යැවිය
හැකිය. සමහර සමාගම් කණ්ඩායමක් හෝ වැඩසටහනක් නොමැතිවම CSR ආකාරයේ අගයන් පමණක් යොදා ගනිමින් කටයුතු කරනු ඇත.යම් සමාගමක CSR කටයුතු පහත සඳහන් උපකල්පන එකක් හෝ කීපයක් මත රඳා පැවතිය හැක.මානව සම්පත්[සංස්කරණය]CSR වැඩසටහනක් තරඟකාරී උපාධීධාරී ශිෂ්‍ය වෙළඳපොල අවස්ථාවකට බඳවා ගැනීමේ හා රඳවා ගැනීමේ අධාරකයක් ලෙසද තබාගත හැකිය. හැකියාව ඇති ඉල්ලුම්කරුවන් නිතර ආයතනයේ CSR පිළිවෙත ගැනවිමසන බැවින් අවබෝධකරගත හැකි පිළිවෙතක් තිබීම වාසියක් විය හැකිය. විශේෂයෙන් සේවක මණ්ඩලය ප්‍රජා සේවා කටයුතු, අරමුදල් තරකිරීමේ කටයුතු හා වැටුප් ඉපයීම් කටයුතු වල යෙදෙන විට ආයතනය පිළිබඳව අවබෝධය වැඩි දියුණු කර ගැනීමට ද CSR ඉවහල්වේ. අවදානම් කළමනාකරණය[සංස්කරණය]විශාල සමාගමක අවදානම් කළමනාකරණය ඉතා වැදගත් උපාය මාර්ගයකි. දශක ගණනාවක් තුළ අත්කරගත් ව්‍යාපාරික කීර්තිය දූෂිත විෂම කටකතාවක් හෝ වාතාවරණික හදිසි සිදුවීමක් නිසා පැය කීපයකින් බිඳ වැටිය හැකිය. මෙවැනි සිදුවීම් නිසා උසාවි, ජනමාධ්‍ය, රාජ්‍ය පාලකයන්, ආයතනයක අඛන්ඩ පවත
්වා ගැනීම් අධ්‍යයනය කරන නිලධාරීන් ආදී අංශ වල අනවශ්‍ය අවධානයක් ඇතිවේ. “ සැමවිටම නිවැරදි දේ කිරීමේ ” සංස්කෘතියක් සිය ආයතනය තුළ ඇති කර ගැනීමෙන් අවදානම් පිටු දැකිය හැකිය.වෙළෙඳනාම ප්‍රභේදනය[සංස්කරණය]ව්‍යාපාරිකයන් බහුලව සිටින වෙළඳපොලක් සහිත සමාගම් නිතරම සිය භාණ්ඩ හා සේවා සඳහා අද්විතීය වෙළඳාම් තත්වයක් පවත්වා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙති. එමගින් පාරිභෝගිකයාට තරඟකාරී මනසින් යුතුව සිය නාමය වෙන් කොට තබා ගැනීමට හැකියාවක් ලැබේ. CSR මඟින් කැපීපෙනෙන සදාචාර අගයන් මත පදනම්වී ඇති පාරිභෝගික විශ්වාසය ගොඩ නැගීමෙහිලා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකිය. The Co-operative Group සහ The Body Shop වැනි සුවිසල් වෙළඳ නාමයන් ගොඩනැගී ඇත්තේ සදාචාර අගයන් මතය. ව්‍යාපාරික සේවා ආයතනයකට සිය අවංකත්වය හා උසස්තම සේවාව මඟින් ඇති කරගන්නා කීර්තිය තුළින් මහත් වාසි අත් කර ගත හැකිය.විවේචනාත්මක‍ විශ්ලේෂණය[සංස්කරණය]සංස්ථාමය සමාජ වගකීම බෙහෝ බහුජාතික සංවිධානවල උපක්‍රමශීලී සැලසුම්‍ක්‍රියාවලිය තුළ ඇත. සමාජ වගකීම පසු පස ඒ හරහා පවතින ම
ානව හා පාරිසරික වගකීම සැඟවුණු ‍ෙච්‍තනාවක් මත ක්‍රියාත්මක වන්නක්ද ස්ව ඇල්ම ( වාසිය) අවබෝධය නැතිනම් ව්‍යාපාරය ඉක්මවා පවතින ඇල්ම ( වාසිය ) යන්න බොහෝ විවාදයට හා වි‍වේචනයට භාජනය වී ඇත.කොටස්කරුවන් තෘප්තිමත් කිරීමට ලාභ ලැබීමට නිෂ්පාදනයක් කිරීම හෝ සේවාවන් සැපයීමට සමාගම්‍මූලිකව වෙන වෙනම බැඳීසිටින්නේද ( වගකියන්නේද ) යන්න සමහර වි‍වේචකයින් වාද කරයි. මිල්ටන් ෆ්රයිඩ්‍මන් හා අනෙකුත් අය පවසන්නේ ( වාද කරන්නේ ) ව්‍යාපාර කාර්යයේ සමාජ වගකීම සඳහා ඉවක් නොමැති බවයි. මෙම වි‍වේචකයින් පෙන්වා දෙන්නේ සමාගම්‍නීතිය ( සංස්ථා නීතිය ) අනුව සංස්ථා‍වේ ලාභය අඩුවන ඕනෑම ක්‍රියාකාරකමක් සිදු කිරීමෙන් සංස්ථා‍වේ අධ්‍යක්ෂකවරුන් වැළකී සිටීමයි. ( ලාභය අඩු වන කටයුතු කිරීම අධ්‍යක්ෂකවරුන්ට තහනම්‍වීමයි. )අනෙකුත් වි‍වේචකයින් වාද කරන්නේ හොඳ ඵලදායී ක්‍රියාමාර්ගවල සමාගම නියැලීමෙන් අනෙක් ඒවා ප්‍රතික්ෂේප කිරීමත් ඒමගින් සමාජීය වශයෙන් හා පාරිසරික වශයෙන් වගකියන සමාගමක් ලෙස තම ප්‍රතිරූපය සකසා ගැනීමත්ය. එය නිදහස් වෙළඳ පොළට බාධාකරන නැතිනම්‍සමාගමක් ස්වාර්ථය ලුහුබැඳ යෑම මගින් වන සමාජ හා පාරිසරික හානිවල බලපෑම පාලකයාට රජයේ කාර්භාරය කල්තියා නැව
ැත්වීමට මාන බැලීමක් යැයි අනෙකුත් වි‍වේචකයින් තවමත් වාද කරයි.විවාදාත්මක ව්‍යාපාරික අභිප්‍රාය ( පෙළඹුම්‍හේතු)සමහර වි‍වේචකයින් විශ්වාස කරන්නේ සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන් බොහෝ විට සංස්ථාවල ප්‍රධාන කටයුතු තුළින් ඇති වන සදාචාරමය ප්‍රශ්නවලින් පොදු මහජන අවධානය වෙනතකට හැරවීමට බොහෝ විට උත්සාහ කරන බවයි. ‍ෙම අන්දමට චෝදනා ලබා සිටින සමාගම්‍අතර ප්‍රධානතම සංස්ථාමය සමාජ වගකීම්‍වාර්ථා සපයන බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම් කොළ සමාගම හා ඛනිජ තෙල් යෝධයා වන බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව ‍වේ. මෙය එහි පාරිසරික අංග පිළිබඳ ක්‍රියාකාරකම්‍හා ඉහළ රූපසටහන් ප්‍රචාරක ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.ස්වාර්ථ / ස්ව වාසියසමහර වි‍ෙව්‍චකයින් වැදගත් වන්නේ සමාගම්‍සමාජ ව්‍යාපෘති සිදු කරන්නේ වානිජ ප්‍රතිලාභ සඳහන් රජය පොදු මහජනතාව අතර ඔවුන්ගේ කීර්තිය වැඩිකර ගැනීමටත්ය. ඔවුන් ස්වාර්ථ මත කටයුතු කරන සංස්ථා ලාභ වැඩිකර ගැනීමට මුළුමණින්ම තැත් කිරීමට හේතු කීපයක් යෝජනා කර ඇති අතර සමස්තයක් ලෙස සමාජ ප්‍රතිලාභ දියුණු කිරීමට අපොහොසත් ‍වේ. ඔවුන් උදාහරණ පෙන්වා දෙනවා එක් අතකින් සංස්ථාමය සමාජ වගකීම්‍ ප්‍රතිපත්ති වර්ධනයට බොහෝ වේලා ගත කළ පව
ත්වාගත හැකි සංවර්ධනයක් සඳහා කැපවුණු අනෙක් අතින් පැන නැගෙන ව්‍යාපාර ප්‍රතිපත්ති පිළිබඳ හෙළිදරව්‍කිරීම්‍වලට හාණි පැමිණිනු සමාගම්‍නැත.උදාහරණයක් ලෙස මැක්ඩොනල්ඩ්‍සමාගම සදාචාර විරෝධී ව්‍යාපාර ප්‍රතිපත්තීන් පිළිබඳ සංස්ථාමය සමාජ වගකීම්‍ව්‍යාපාරයේ නියැලෙන්නන්ගේ දැඩි වි‍ෙව්‍චනයට ලක් වූ අතර මැක්ලිබල් නඩු‍වේදී විනිසුරු ( නඩුකාරයා) රෝජර් බෙල් විසින් ගත් තීරණය අනුව සේවකයින්ට හොඳින් නොසැලකීම , නොමඟ යවන සුළ්‍ර ප්‍රචාරය කිරීම්‍සහ අනවශ්‍ය ලෙස සතුන්ට වද හිංසා කිරීම්‍පිළිබඳ සත්‍ය බවට ස්ථිර විය.‍‍ෙම් හා සමානවම තෙල් සමාගමද තම සංස්ථාමය සමාජ වගකීම්‍ප්‍රතිපත්ති ඉතා ප්‍රසිද්ධ කළ සමාගමක් වූ අතර ඒ පිළිබඳ වාර්තාකරණයේද ප්‍රමුඛයෙකු විය. නමුත් 2004 වසරේදී එහි තෙල් සංචිත පිළිබඳ සාවද්‍ය වාර්තා කිරීම හේතුවෙන් දැඩි හෙළා දැකීමකට පාත්‍ර වූ අතර ඒ මගින් එහි කීර්තිනාමයට හානි වූ අතර වංචා සහගත ක්‍රියාවට දඩ නියම විය. මෙය සිදු වූ අවස්ථා‍වේ සිට ෂෙල් පදනම ලෝකය හරහා විවිධ ව්‍යාපෘතිවලට සම්‍බන්ධ වූ අතර අප්‍රිකාව හරහා මල් හා පළතුරු වගා කරන ප්‍රජාවන් 3 න් එක්සත් රාජධානියේ මාර්ක් හා ස්පෙන්සර් සමාගමට හවුල් වීම ඇතුළත්ය.මෙම වි‍වේචකයින්
සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ සමාගම්‍සමාජීය වගකීමකින් යුතු ආකාරයට කටයුතු කරන්නේදැයි තහවුරු කිරීමට ‍ස්වේච්ඡා පියවරවලට වඩා ආණ්ඩුව ශක්තිමත් වීම, ජාත්‍යන්තර නීති රීති අවශ්‍ය කරන බවයි. මෙහි අන්තර් ගත අනෙකුත් විශේෂ ආකල්ප / අදහස්හොඳින් නීති රීති නොපවතින රටවල සමාගම්‍ඇත්තෙන්ම සේවකයින්ගේ සුභසාධනයට, පරිසරයට එතරම්‍සැලකිල්ලක් නොදක්වන අතර සේවකයින් දැඩි ලෙස වැඩෙහි යොදවමින් අඩු වැටුපට නිෂ්පාදන කටයුතු කරන ආයතනවලට ඊට අවස්ථාව ලැ‍ෙබ්‍.සමාගම්‍ඔවුන් ලබන බලපෑම සඳහා වන මුළු පිරිවැය නොගෙවයි. උදාහරණයක් ලෙසට පිරරිසිදු කිරීම්‍වැය සාමාන්‍යයෙන් සමාජය මත පැට‍වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජ, පාරිසරික සුභසාධක වියදමෙන් සමාග‍ෙම් ලාභ ද වැඩි ‍වේ.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Corporate_social_responsibility↑ D Wood, 'Corporate Social Performance Revisited' (1991) 16(4) The Academy of Management Reviewලිපි මාලාවක කොටසක්ඉස්ලාම්විශ්වාසයන්දෙවියන්ගේඒකත්වයඅනාගතවක්තෘවරුන්හෙළිදරව් වූ පොත්දේවදූතයන්නැවත නැඟිටීමේ දිනයපෙර නියමයපුරුදුඇදහිල්ලේ වෘත්තියයාච්ඤාදානයඋපවාසයවන්දනාවලේඛනපදනම්කුරානය
සුන්නාහ් (හදිත්, සිරාහ්)ටෆ්සිර් (විග්‍රහය)අකීදාහ් (ඇදහිල්ල)ෆිඛ් (නීති විද්‍යාව)ශරියා (නීතිය)ඉතිහාසයකාල රේඛාවමුහම්මද්අහ්ල් අල්-බයිත්සහබාරෂිදුන්කලිෆේට්ඉමාමේට්මධ්‍යකාලීන ඉස්ලාමීය විද්‍යාවඉස්ලාම් ව්‍යාප්තියමුහම්මද්ගේ අනුප්‍රාප්තිකයCulture and societyAcademicsAnimalsArtCalendarChildrenCircumcisionDemographicsDenominationsEconomicsEducationEthicsExorcismFeminismFestivalsFinanceLGBTMadrasaMoral teachingsMosqueMusicMysticismPhilosophyPoetryPoliticsProselytizingScienceSlaverySocial welfareWomenRelated topicsApostasyCriticismMuhammadQuranHadithOther religionsIslamismViolenceterrorismwarIslamophobiaJihadJihadismLaws of warGlossary Islam ද්වාරයvteඉස්ලාම්හි කුළුනු 5 Sunni Islam අත්‍යාවශය සිරිත් වේ. Shia's පුස්කර්ම 8ක් අනුසක් කරන අතර, එම 8 මෙම කුළුණු 5 ට සැලකිය යුතු ප්‍රමාණයක් අතිච්ඡාදනය වේ.කලීමා (لَا إِلٰهَ إِلَّا الله مُحَمَّدٌ رَسُولُ الله)[සංස්කරණය]කලිමා ෂහාදත් ඉස්ලාම්හි මුලික පදනම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ අල්ලාහ් දෙවියන් හැර
නැමදීමට සුදුස්සෙක් නොමැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දෙවියන්ගේ පණිවිඩකරු බවට මම සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත් වල පදනම වේ.(Shi'a මෙය වෙනම කුළුණක් බව නොසලකන අතර, එය ඇදහිල්ලකට සිමා කර ඇත.) මුස්ලිම්වරැන් යාඥාවලද, ඉස්ලාමය වැළදගැනීමට අපේක්ෂා කරන අය මෙය පැවසිය යුතුයි.අස් සලාහ් (සලාතය හෙවත් නැමදීම)[සංස්කරණය]මෙය දවසකට පස් වතාවක් කළ යුතුය. එනම් ෆජ්ර් - අලුයම සලාතය, ලුහර් - මුදුන් සලාතය, අසර් - සවස් සලාතය, මඃරිබ් - පූර්ව රාත්‍රී සලාතය, ඉෂා - අපර රාත්‍රී සලාතය යන පස්වේලාවන් ය. මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගලික සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් කරන්නයි. Salab අනිවාර්යය අතර අවස්ථාව අනුව නම්‍යතාවයන් සලසා දි ඇත. නම්‍ය මුස්ලිම් රටවල මෙම යාච්ඥාවට මතක් කිරි‍ම් පොදුවේ ප්‍රචාරය කෙරෙයි. එය මුස්ලිම් දේවස්ථාන මගි් යෝග්‍ය වේලාවට සිදු කෙරේ. මෙම යාඤ්ඥාව අරාබි බාෂාවෙන් වන අත.ර කුරානයේ පද්‍ය වලින් සමන්විතවේ.Zakat (දන්දිම)මෙය එකතු වු ධනයට සාපේක්ෂව සිදුකරන්නකි. මෙය සියළු ධනය තිබෙන මුස්ලිම්වරැන්ට අනිවාර්ය වේ. අවශ්‍යවු
වන්ට/ දුප්පතු්ට දිමට ස්ථිර කොටසක් වෙනස් කර ඇත. මෙය ඉස්ලාම් ආගම දව්‍යාපා්ත කිරිම පිණිසද කරනු ඇත.. Zakat ආගමික ගැති බවක් ලෙස සැලකනෙ අතර ධනය ඇති අය දුප්පතුන්ට උදව් ලබා දිය යුත්තේ ධනවතුන්ගේ ධනය දෙවියන්ගේ තිළිණයක් ලෙස සැලකෙන නිසාය කුරානය හා Hadith යෝජනා කරන්නේ ධනය ඇත්තවුන් ස්වේච්ඡාවෙන් දන්දිම කළ යුතුය. (Sodagah) බොහෝ මුස්ලිම්වරැන් වැඩිපුර මුදලක් Khums බදු ගෙවිය යුතය. මෙය වෙන්වු ආගමික සිරිතක් ලෙස සැල‍කේ.Sawm (රමසාන් සමයේ උපවාස කිරිම)මුස්ලිම් වරැන් අළුයම සිට ස'න්ධායව වනතුරැ ආහාර හා බිම නොගත යුතය. තව ද එම මාසදය තුළ තමන්ගේ පව් පිලිබදව සැලකිය යුතය. මෙම උපවාසය මගින් දෙවිය්නට කිට්ටු බවක් ඇති කිරිමට උදච් කෙරේ. මෙම කාලයේදී මුස්ලිම්වරැන් ඔවුන්ගෙ දෙවියන් වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වීම හා යැපීම පෙන්විය යුතය. කළ පව් වලට සමාව යැදීමට දුප්පතුන් පිළිබදව සිතිම ද කළ යුතය. මෙය අයුතු ක දෙයක් වන කණ්ඩායමහ් සදහා අත්‍යවශය නොවේ. අනෙක් අය සදහා තත්ත්වය අනුව නම්‍යශිලිත්වයක් ලබ ා දුන්න ද තපසු වු උපවාස කිරිම ඉක්මනින් made up යුතුය.Haji (Dhu-al- Hijjah මක්කම් නග‍රයේ ඉස්ලාම් මාසයේ වන්දනාව) සැම ශක්තිය හා වත්කම ඇති මුස්ලිම්වර
ැන් හා මුස්ලිම්වරියන් තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනාව කළ යුතුය. මුස්ලිම්වරයා වාටු මුටුටු ගෙතු රෙදි දෙකකින් සැදුනු lhram නමැති අදුම mecca වට km10 ක් ඇතින් සිටියදි ඇද ගත යුතුය. hajji හි සිරිතක් වශයෙන් Kabbaවටේ 7 වරක් යාම අවශ්‍ය වේ. මෙහිදි කළු ගල (Blak stone)අල්ලමින් safa කන්ද හා Marwah කන්ද අතර හත් වතාවක් දුවමින් සංකෙක්මත් වශයෙන් Min stoning the devil කළ යුතය. haji වන්දනාමාන කළ තැනැත්තා/ තැනැත්තිය තම සමාජයේ ගරැත්වයට පත්වේ. ඉස්ලාම් ගුරැවරැන් පවසන්නේ මෙම වන්දනකාමානය දෙවියන්ට ඇති ශුද්ධාව පිළිබිමු කිරිමට මිස සමාජ තත්වයක් ලබා ගැනිමට නොකළ යුතු බවයි.khums බද්දය අමතර මුස්ලිම්වරැන් තම අමතර සිරිත 3 ක් ඉස්ලාම් ආගමට අතවශ්‍ය ලෙස අනුගමහනය කරයි. පළමුව jihandi මෙය sumi ද වැදගත් ලෙස සැලකුව ද කුලුණක් ලෙස නොසැලකේ.දෙවනැව Ami-Bil-Maruf හොද කිරිම අණ කිරිම මෙයින් සැම මුස්ලිම්වරයෙකුම සිල්වත් ජිවිතයක් ගත කිරිමට පවසන අතර අනන්‍යන් ද මෙයට නැඹුරැ කර ගැනිම සිදු කරයි.තෙවනුව nahi-Anil- Mnkar අයහපත් ක්‍රියා කිරිමෙන් වැළකිමට අනුසස් දිම මෙමගින් මුස්ලිම්වරැන්ට දුසිරිතෙහි හා අකුසල් ක්‍රියා වලින් වැලකි සිටිමට පවසන අත
ර අනෙක් අයට ද එසේ කිරිමට ධෛර්යමත් කරයි.ආශ්‍රිත[සංස්කරණය]ඉස්ලාම්වීදි අත්කම් නිර්මාණ ශිල්පීන්ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි.. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක. අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස්ව පාරම්පරිකව පවතින අත්කම් සම්ප‍්‍රදායන් ගැමි කලා ශිල්පයන් ලෙස හැදින්වේක්ලැරිනෙට්ටුවB♭ clarinets (Boehm and Oehler fingering system)Woodwind instrumentවර්ගීකරණයසුළං (Wind)ලී නලාව (Woodwind)තනි නලාව (Single-reed)Hornbostel-Sachs Classification422.211.2–71(Single-reeded aerophone with keys)Pla
ying rangeWritten range (though it is possible to play higher)Sounding range Bb-clarinetRelated instrumentsClarinet d'amoreBasset hornසැක්සෆෝනයටැරොගටෝ (නුතන)ඔබෝචලුමියුසංගීතඥයින්ක්ලැරිනෙට්ටු වාදකයන්මෙම ලිපියසංගීත භාණ්ඩපිළිබඳ ලිපි මාලාවක කොටසකිWoodwindsPiccoloFluteOboeCor anglaisClarinetSaxophoneBassoonContrabassoonBagpipesRecorderBrass instrumentsTrumpetCornetFlugelhornFrench hornMellophoneTenor hornTromboneBaritone hornEuphoniumTubaString instrumentsBowedViolinViolaCelloDouble bassHuqinHurdy-gurdyPluckedGuitarBass guitarBanjoGuzhengHarpLyreMandolinKotoShamisenSitarTamburaUkuleleZitherPercussionSnare drumBass drumCymbalsKeyboardsPianoHarpsichordvteBass clarinet in Bb, basset horn in F, basset clarinet in Aක්ලැරිනෙට් නම් සංගීත භාණ්ය සුෂිර සංගීත ඊභාණඩයකි. ඉතිසා බසින් ක්ලැරිනෙට් යන නසෙහි අර්ථය කුඩා ට්‍රම්ජටය යන්නයිත මෙහි සිලින්ඩරාකාර බටයක්ද පිඹිමට භාවිතා කරන තනි පතුරක් වැනි කොටසකන් ද ඇත.විවිධාකාර ප්‍රමාණයන්ගෙන් සහ විවිධ
නාදර රටා නිපබදවන අයුරින් නිෂ්පාදනය කොට ඇති විවිධ වර්ගයේ ක්ලැරිනෙට් අද වන පෝකයේ ඇත. මේවා අතරින් සුලභව භාවිත ව්නනේ සෝ‍ප්‍රානෝ ක්ලැරිනෙට් නැමැති වර්ගයයි.(සුප්‍රානෝ) අතිතා ස්වර ක්ලැරිනෙට්ටු දෙවර්ගය : B ක්ලැරිනෙට්ටුව (වමින්, වැසු මුවනඥයකින් යුක්තය) සහ A ක්ලැරිනෙට්ටුව (දකුණින් : මුව නළයක් නොමැත ) ප්‍රධාන ක්‍රමය ලෙස ඔඑපාලර් පද්ධතිය යොදා ගනී.ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩ ලී නලා පවුලට අයත්ය. මෙම වචනය නිර්මාණය වී ඇත්තේ ඉතාලියානු වචනයක් වන "Clarino" (ක්ලැරිනෝ) වචනයට "et" නැමැති උපසර්ගයක් එකතුවිමෙනි. ක්ලැරිනෝ යනු හොරණෑ විශේෂයකි. පළුම් ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩයෙන් හොරණෑවේ ශබ්දයට සමාන ඊට වඩා අඩු ශබ්දයක් නිකුත් වු බැවින් ස්වල්පයක් යන තේරුම ඇතිව "Clarino" වචනයට "et" උපසර්ගය යොදා ඇත. ආසන්න වශයෙන් මෙම වාද්‍ය භාණ්ඩයට සිලින්ඩාකාර සිදුරු විෂ්කම්භයක් ඇති අතර, මෙයට තනි නලාවක් යොදා ගෙන ඇත.වාද්‍ය භාණ්ඩ කිහිපයකින් ක්ලැරිනෙට් පවුල සමන්විත අතර ඒවා ප්‍රමාණයෙන් හා තාරාතාවයන්ගෙන් එකිනෙකට වෙනස්ය. විශාලතම වාද්‍ය භාණ්ඩ පවුල මෙය වන අතර මෙහි වර්ග 12 ක් ඇත. මේවායේ බො‍හෝමයක් සොයාගැනීමට දුලභවන අතර සමහරක් අභාවයට ගොස් ඇත. මේවා
සඳහා රචනා කර ඇති සංගීතය බොහෝ විට වාදනය කරනු ලබන්නේ සුලභ ප්‍රමාණයේ වාද්‍ය භාණ්ඩවලය. වෙනස් නොකළ ක්ලැරිනෙට් වචනය බොහෝ විට යොදා ගන්නේ Bb සුප්‍රානෝ ක්ලැරිනෙට් වර්ගය හැඳින්වීමටය. ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩය වාදනය කරන පුද්ගලයා ක්ලැරිනෙට්ස් ලෙස හඳුන්වයි. සටහන්[සංස්කරණය]Clarinetඅධිකාරී පාලනය ජාතික පුස්තකාලGermanyIsraelUnited StatesJapanCzech Republicවෙනත්MusicBrainz instrumentNARAජීවියෝ යන්නෙන් වෙන්කර හඳුනාගත යුතුය.ප්‍රාණියෝ සහ ජීවියේ හඳුනාගැනීම සඳහා සටහනක්පන අති යන අරුත දේ. විවිධ ආගම් අනුව[සංස්කරණය]බුදු දහමට අනුව[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ප්‍රාණියෝ (බුදු දහම)බුදු දහමට අනුව ප්‍රාණියෝ විවිධාකාරය. මොවුන් මරණින් මතු වෙනත් ඕනෑම ප්‍රාණී ආකාරයකට ප්‍රතිසන්ධි වනු ඇත.ජෛන ආගමට අනුව[සංස්කරණය]ප්‍රාණියෝ සංකල්පය ජෛන ආගම තුලද ඇත.විවිධ භාෂා වල ප්‍රාණී සංකල්පය[සංස්කරණය]පණ සහ ප්‍රාණියෝ යන්න ආසියාතික සංකල්පයක්. බොහෝ ආසියානු භාෂාවල මේ සඳහා වෙනම වදනක් ඇත. බොහෝ බටහිර භාෂාවල මේ සඳහා වෙනමම වදනක් නැත. එබැවින් බටහිර ජාතීන් ජීවීන් සඳහා ඇති වදනම ප්‍රාණීන් සඳහා යොදාගනු දක්නට ලැබේ. සිංහ
ල ව්‍යාකරණ[සංස්කරණය]සිංහල ව්‍යාකරණ වලදී ප්‍රාණීන් (පන ඇති) සහ ප්‍රාණීන් නොවනදේ (පණ නැති) සඳහා වෙනම වාක්‍ය ක්‍රම ඇත.ආශ්‍රිත ලිපි[සංස්කරණය]පුනර්භවයජීවියෝතුර්කියේ එපිසස් ආසන්නයේ සෙල්තුක් හි ආටිමිස් දේවස්ථාන භූමියෙන් නටඹුන් අතර තිබී ස්ථම්භයක් සොයාගෙන ඇත. ආටිමිස් දේවස්ථානය, ඩයනා දේවස්ථානය ලෙස ද හැඳින්වුණු බව කියවේ. පර්සියානු අධිරාජ්‍යයේ ආකේමෙනිඩ් රාජවංශය යටතේ එපිසස් හි දී ක්‍රි.පූ. 550 දී පමණ, ඉතා විශිෂ්ට අයුරින් නිමකර ආටිමිස්ට පිරිනමන ලද දේව ස්ථානයකි. මෙය පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වූ මෙහි දැනට කිසිවක් ඉතිරිව නැත. එම භූමියේ ලෝකඩ යුගයට අයත් වූ දේවස්ථානයක නටඹුන් ද දක්නට ලැබී ඇත. මෙම දේවස්ථානය ලිඩියාවේ ක්‍රෝසස් විසින් ආරම්භ කරන ලද වසර 120 ක ව්‍යාපෘතියකි. පුදුම හත සංග්‍රහ කරන ලද ඇන්ටිපේටර් සයිඩන් විසින් එය මෙලෙස විස්තර කර ඇත.‍ඉතිහාසය[සංස්කරණය]එපිසස් හි පූජා භූමිය ආටිමිස් දේවස්ථානයට ද වඩා බොහෝ පැරණිය. පෞසානියස් සිතා සිටියේ එහි ඇති පුරාණම දෙය ආටිමිස් දේවස්ථානය බවයි. එය ඩිඩ්මාහි ඇපලෝ දේවස්ථානයට වඩා පවා පැරණි වීම හේතු කොට ගෙන ඔහු විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටින්නේ මෙය ඉදි කෙරුණේ අය
නික සංක්‍රමණයට ද වසර කීපයකට පෙර බවයි. ඔහු ප්‍රකාශ කළේ නඟරයේ පූර්ව - අයනික ජනාවාසිකයින් වූයේ ලිලීග්වරු හා ලයිඩියන්වරු බවයි. කැලිමචස් තම “ආටිමිස් වෙතට ගීතිකා” කෘතියේ ප්‍රකාශ කර සිටින්නේ එපිසස් හි ටෙමෙනෝස් සම්භවය ඇමේසන්වරුන්ට ඇති බවයි. ඇමේසන්වරුන්ගේ ඇදහිලි ක්‍රමය පිළිම කේන්ද්‍ර කරගත් එකක් විය. I වන ප්‍රාග් ලෝක යුද්ධ කැනීම් සිදු කළ ඩේවිඩ් ජෝජ් හොගාර්ත් විසින් එම භූමියේ එකක් මත එකක් වශයෙන් වැළලී තිබූ අනුපූර්ව දේවස්ථාන තුනක් හඳුනාගෙන ඇත. එම සාක්ෂි ද 1987-1988 නැවත කළ කැනීම්වලින් හේතු කොට ගෙන පෞසානියස්ගේ වාර්තාව නිවැරදි බව තහවුරු වී ඇත. පරීක්ෂණවලින් තහවුරු තිබෙන්නේ මෙම භූමිය ලෝකඩ යුගය තරම් ඈත අතීතයක සිට ජනාවාස වී තිබූ බවයි. ක්‍රි.පූ. 8 වන සියවසේ දෙවන භාගයේ දී මැටි ගාන ලද පෙරිප්ටෙරල් දේවස්ථාන ඉදිවන්නට ඇත. එවිට මෙම භූමියෙන් සොයා ගන්නා ලද මැටි භාණ්ඩ එකතුව නිසා එය ලෝකඩ යුගයේ සිට මධ්‍ය ජ්‍යාමිතික කාල දක්වා විකසනය වේ. ආසියා වෙරළ තීරයේ පෙරිප්ටෙරල් ආකාරයේ භාවිතයට හමු වූ මුල්ම උදාහරණය වූ‍යේ එපිසස් හි පෙරිප්ටෙරල් දේවස්ථානයයි. සමහර විට එම උදාහරණය ස්තම්භවලින් වට වූ මුල්ම ග්‍රීක දේවස්ථානය ද විය හැක.සත්
වන ශත වර්ෂයේ දී දේවස්ථානය ගංවතුරකින් විනාශ වූ අතර එමඟින් මීටර බාගයකට වැඩි වැලි තට්ටුවක් තැන්පත් විය. තවද බිම පුරා ගංවතුරට පාවී ආ බඩු භාණ්ඩ විසිරී තිබුණි. එම නටඹුන් අතර පෙනන ලෙසට උතුරු සිරියාවට අයත් කැටයම් කළ ඇත්දත් ඵලකයක් සහ ජීවන වෘක්ෂයක් විය. එපිසස් කතකගේ දැවමය ප්‍රතිමාවක් සහිත කඳුළු බිඳුවක හැඩය ගත් දුම්මල සමඟ ඒවා වළ දමන දමන ලදී. ක්සොවනෝන් ගංවතුරෙන් විනාශ වන්නට ඇත. බාමර් පවසන්නේ 6වන හා 8වන ශත වර්ෂයේ අතර දී ගංවතුර 2m ක් උසට ද 4වන හා 6වන ශත වර්ෂ අතර එය තවත් 2.4m ක් උසට ද පැවති නමුත් භූමි‍ය අත් හැරීමක් සිදු නොවූ බවයි. “මෙය පෙන්නුම් කරන්නේ නියම වාසස්ථානයේ අනන්‍යතාවය ඔප්පු කිරීම, පූජනීය සංවිධානයේ වැදගත් ඉසව්වක් වූ බවයි” (බාමර් 1990:144)නව දේවස්ථානය කිරිගරුඬවලින් සාදන අතර එහි පෙරිප්ටෙරල් ස්තම්භ ද්විගුණ කර වඩා පුළුල් පැසේජයක් ඉදි කෙරණි. එය සිදු වූයේ ක්‍රි.පූ. 550 දී පමණ ක්‍රීටන් ගෘහ නිර්මාණ ශිල්පී කර්සිප් රොන් සහ ඔහුගේ පුත්‍ර මෙගගිනීස් විසිනි. එන්ඩොයිස් විසින් නව කළුතර හෝ මිදි දැවයෙන් කරන ලද ප්‍රතිමා ඇඹීම සිදු විය. තවද නයිස්කෝස් එළිමහන් අල්තාරයට නැ‍ඟෙනහිරින් ඉදි කෙ‍රිණි.මෙම විශිෂ්ට ප්‍රතින
ිර්මාණය සිදු වූයේ ලිඩියාවේ ධනවත් රජකු වූ ක්‍රෝසස්හට පාඩු පමුණුවමින්ය. අඩිතාලමට යොදන ලද ද්‍රව්‍ය දහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. රත්රන් රිදී මිශ්‍ර ලෝහයෙන් තනන ලද පැරණිම කාසි ඊට අයත්ය. ක්‍රෝසස්ගේ දේවස්ථානයේ පහත් බෙර මත කළ කැටයම්වල කොටස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. ප්ලීනිගේ වාර්තාවලට අනුව ගොඩනැඟිලි ඉදිකිරීමට යොදා ගෙන ඇත්තේ ගොහොරු බිම්ය. ඒ අනාගත භූ චලනවලට විරුද්ධ පූර්වෝපායක් ලෙසය. මෙම දේවස්ථානය සංචාරක තොටුපළක් බවට පත් විය. එය වෙළඳුන්, රජවරු, පේන බලන්නන්, ආභරණ හා විවිධ දේවලින් ආටිමිස්හට ප්‍රණාමය පුද කළ වුන් මෙය නැරඹීමට පැමිණියහ. තවත් ආටිමිස් ඇදහීම සිදු කළ බොහෝ වන්දනාකරුවන් මෙය නැරඹුහ.ක්‍රෝසස් දේවස්ථානය සරණාගතයන්ට ඉහලින් ගෞරව දැක්වූ ස්ථානයක් විය. හෙරකල් සහ ඩයොනසිස්වලින් පැමිණි සරණාගතයින් ඇමේශනයට ගෙන්වා ගත් බවට පුරාවෘතයක් ඇත.vteපුරාතන ලෝකයේ පුදුම හතපුදුම හතගීසාහි මහා පිරමිඩයබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානඔලිම්පියාවේ සියුස් ප්‍රතිමාවආර්ටිමිස් දේවස්ථානයහැලිකාර්නසස් හි මොසෝලියමරෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාවඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරයඅදාළලෝක පුදුමසෙවන් වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ් (1956 ච
ිත්‍රපටය)කාශ්‍යප මහා රහතන් වහන්සේගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක ලෙස හැඳින්වෙන මහා කාශ්‍යප රහතන් වහන්සේ ධූතාංගධාරීන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරන වුන් අතරෙන් අග්‍රස්ථානය ) දැරීය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ සක්විති රජ කෙනෙකුට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුණි. එසේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන විය. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා තිබුණි. ඒ නිසාම බුදුන් වහන්සේට අගෞරවයක් වෙවි ලෙස සිතා බුදුන් වහන්සේගේ කය ජිවමාණව සිටින කාලයේ උන්වහන්සේ වනවාසි රහතන් වහන්සේ නමක් ලෙස කල්ගත කල සෙක, උන්වහන්සේ කුක්කුඨ සම්පාත ගල් ලෙනෙදි වාසය කල බවයි සදහන් වෙන්නේ. බුදුන් වහන්සේ පිරිණිවිමෙන් පසුව මහා සංඝයාගේ ආරාධනාවෙන් පසු මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ නැවත සංඝයා සමග වස් වැසු බව මූලාශ්‍ර වල සදහන්, එනමුත් මහා සංඝයා අතර දෙවැනි බුදුන් වහන්සේ ලෙසද ප්‍රකට විය, හෙතුව බුදුන් වහන්සෙගෙන් පසුව, අග්‍ර ශාවක දෙනමගෙන් පසුව බුදුන් වහන්සේගේ සසුනේ මුලසුන ඔසවා
සම්බුද්ධ සාසනයේ චිරස්ත්තිය උදෙසා කටයුතු සුදානම් කලේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේය.අතීත ප්‍රාර්ථනාව[සංස්කරණය]පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ විය. උන්වහන්සේ එකල හංසවතී නගරය මූලික කරගනිමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුනි. එකල ඒ නගරයෙහි අසූ කෝටීයක් ධනය ඇති වේදේහ නම් කෙළෙඹියෙක් වාසය කළේය. දිනක් ඔහු සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර පසෙකින් වාඩි විය. ඒ මොහොතෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ තෘතීය ශ්‍රාවක මහා නිසභ තෙරුන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානයේ තබන ලදී."එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධූතවාදානං යදිදං නිසභො"වේදේහ නම් වූ උපාසක එය දැක ධර්ම දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේට පසු දින දනට වඩින ලෙස ආරධනා කළේය. එවිට බුදුරජාණන් වහන්සේ "උපාසකය භික්ෂුසංඝයා බොහෝ වෙතියි" වදාළහ."ස්වාමීනී භික්ෂූන් වහන්සේලා කොපමණක්ද ?""උපාසකය, ගණනින් නම් සැට අට දහසක් වන්නේය""ස්වාමීනී, එසේ වී නම් එකඳු වූ සාමණේර නමක්වත් පන්සලේ ඉතිරි නොකොට සියලුම දෙනා සමඟ වැඩම කර මාගේ දන් පිළිගන්නා සේකවා" යැයි නැවතත් ආරධනා කරන ලදී.එකල්හි බුදුරජා
ණන් වහන්සේ දන් ඇරයුම පිළිගෙන ඉවසා වදාල සේක.පසු දින කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහත් වූ දානයක් පිළියෙල කරවා දන් පිළිගැන්වීම සඳහා නියමිත කාලය පැමිණි කල්හී ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකර යැවුයේය.බුදුරජාණන් වහන්සේ ඇරයුම පිළිගෙන සංඝ සමූහය පිරිවරා ගෙන ඔහුගේ නිවසට වැඩම කර අසුනේ වැඩ සිටින විට, මහා නිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස ඒ වීදියට වැඩියේය. උපාසක තෙමේද උන්වහන්සේ දැක හුනස්නෙන් නැඟිට ගොස් තෙරුන් වහන්සේගේ පාත්‍රය රැගෙන, උන්වහන්සේගේ ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ ගෙය තුල වැඩ සිටිනා බව දන්වා නිවසට වඩිනා ලෙසට ආරාධනා කළේය. එවිට මහා නිසභ තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේය. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වීය.ඉන්පසු උපාසකතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් සිදුවූ සියල්ල පවසා, "ස්වාමිනී, කිමෙක්ද, ඒ තෙරුන් වහන්සේට නුඹවහන්සේටද වඩා වැඩි වූ ගුණ ඇත්තෝදැයි" විමසීය.එකල්හි බුදුරජාණන් වහන්සේ "එසේය උපාසකය, අනුන් විසින් පිළිගන්වන දන් බලාපොරොත්තුවෙන් අපි අනුන්ගේ ගෙවල් වලට වී සිටින්නෙමු. ඒ භික්ෂුව එසේ නොහිඳින්නේය. අපි ග්‍රාමන්ත සේනාසන වල
වෙසෙමුය. ඒ භික්ෂුව ආරණ්‍යයෙහිම වෙන්සෙන්නේයැයි" පවසමින් මහා නිසභ තෙරුන් වහන්සේගේ ගුණ අඩුවක් නොවන පරිද්දෙන්ම වර්ණනා කළ සේක.මහා නිසභ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි ඒ උපාසක තෙමේ බුදුරජාණන් වහන්සේගේ බස් අසා උන්වහන්සේ කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇතිකර ගත්තේය. ඉන්පසු "මටද අන් කිසිම සැපතකින් පලක් නැත.මමද අනාගතයේ බුදු සසුනක ධූතවාදීන් අතරින් අග්‍ර වෙමි" යි සිතා නැවතත් බුදුරජාණන් වහන්සේට දන් පිණිස ආරාධනා කර සත්දිනක්ම බුදුපාමොක් මහ සඟනට මහත් වූ ශ්‍රද්ධාවෙන් දන් පිළියෙල කර පිළිගැන්වීය.සත්වන දින අවසානයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සිවුරු ආදිය පුදා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රාර්ථනා කරන්නාහු, "ස්වාමීනී, සත්දිනක් දන් දීමෙන් මා කරගත්තා වූ කුශල කර්මය හේතුවෙන් මට දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර-බ්‍රහ්ම සම්පත්තියක් නොපතමි. මතුයම් බුදු සසුනක මහා නිසභ තෙරුන් වහන්සේ පත් තැනට පත්වීමට හේතු වාසනා වේවායි" පැවසීය.එකල්හි බුදුරජාණන් වහන්සේ මේ උපාසක තෙමේ මහත් වූ තනතුරක් පතන්නේයැයි සිතා අනාගතය බලා, "උපාසක, ඔබ විසින් මහත් වූ තනතුරක් පැතුවේය. අනාගතයේ කල්ප ලක්ෂයකින් පසු ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ නමක
් පහල වන්නේය. ඔබ මහා කාශ්‍යප නමින් ඒ බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ " යැයි වදාළ සේක. එවිට වේදේහ කෙළෙඹි පුත්‍රයා "බුදු කෙනෙකුන්ගේ ප්‍රකාශයක් නම් නොවරදින සුළුය" සිතා ඉමහත් වූ ප්‍රීතියට පැමිණ ඉන්පසුද බොහෝ දානාදී පින්කම් කර මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.ඒකශාටක බමුණු චරිතය[සංස්කරණය]පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන් පිළිගැන්වීමේ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව්මිනිස් සුගතියෙහි උපත ලබා , මීට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ බන්ධුමතී නගරය කේන්ද්‍ර කර ගනිමින් ධර්ම ප්‍රචාරය කරන කල්හි දෙව්ලොවින් චුතව විත් දුප්පත් වූ බමුණු ගෙයක උපත ලැබීය.විපස්සී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සත්වසරකට වර බැගිනි. ධර්ම දේශනා කරන දින ළංවන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේ පතල කරති. එවිට මහත් වූ සෙනඟ දහම් ඇසීමට යති. මේ ආරංචිය දුප්පත් වූ බමුණාටද ඇසිණි. නමුත් ඔහුට තිබුනේ එක් වස්ත්‍රයක් පමණි. ඒ නිසා ඔහුට ඒක ශාටක බ්‍රාහ්මණයැයි කියති. ඔහුගේ භාර්යාවටද තිබුණේ එක් වස්ත්‍රයක් පමණි. එසේම ඔවුන් දෙදනාටම පෙරවීමට තිබුණේද එක වස්ත්‍රයක් පමණි. එම නිසා ඔවුන් දෙදනාටම එකවර දහම් දේශානාවට සවන් දීමට එලියට යා නොහැකිව
තිබුණි.ධර්ම දේශනා කරන දිනය ආ කල්හි, බමුණා බැමිණිය විචාරා ඇය දහවල් කාලයේ දහම් ඇසීමට යන බව දැන ඇයට පෙරවාගෙන යාම සඳහා සළුව දුනි. ඉන්පසු ඇය ආ කල්හි බමුණා රාත්‍රී කාලයේ එම සළුවම පොරවා ගෙන දහම් ඇසීමට ගියේය.එසමයෙහි, විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස් මැද අතිමධුර වූ බ්‍රහ්මස්වරයෙන් ඉතා මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් අසන ඒකශාටක බ්‍රහ්මණ තෙමේට ප්‍රථම යාමේයේදීම මහත් වූ ප්‍රීතියක් ඇති විය.එම මහත් වූ ප්‍රීතිය හේතුවෙන් ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රයෙන්විපස්සී බුදුරජාණන් වහන්සේ පුදන්නට ඔහුට සිතුණි. එකල්හි, " අප දෙදනාටම එලියට පොරවා ගෙන යෑමට ඇත්තේ මේ වස්ත්‍රය පමණි. මෙය දුනහොත් අපට ගෙයි සිටින්නටම වෙතියි සිතා සිටියෙය." නැවතත් සිත එක්තැන් කරගෙන බණ අසන ඒකශාටක බමුණු තෙමේට මධ්‍යම රාත්‍රියේදී නැවතත් ශරීරය පිණා යන තරමේ ප්‍රීතියක් දැණුනි. වස්ත්‍රය පූජා කරන්නට සිතුණත් පූජා කිරීමෙන් පසු සිදුවන අපහසුකම් ගැන සිතා වස්ත්‍රය නොදෙන්නට තීරණය කර ගත්තේය. පශ්චිම යාමේයේදී නැවතත් වස්ත්‍රය පුදන්නට තරම් ප්‍රීතියක් උපන් අතර "පසුව කුමක් වුවත් මම මුන්වහන්සේට මේ වස්ත්‍රය පූජා කරමියි" සිතා හැඳ සිටි වස්ත්‍රය හකුල
ා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තැබීය. එයින් බමුණු තෙමේගේ ප්‍රීතිය සිය දහස් ගුණයකින් වැඩි විය. වඩාත් වූ ප්‍රීතිය ඇත්තා වූ බමුණු තෙමේගේ මුවින් "මා දිනුවා, මා දිනුවා" යැයි ඉබේම කියවිණි.එකල්හි රාජ්‍යය කරවන බන්ධුම රජතුමාද එහි විත් දහම් අසමින් සිටියේය. "මා දිනුවා" යැයි හඬ ඇසී ඒ පිළිබඳව විමසීමට රජතුමා පුරුෂයෙකු යැවීය. රාජපුරුෂයා ගොස් ඒකශාටක බමුණා විමසන්නාහු, "රාජපුරුෂය, අන්‍යයන් කඩු දුනු ආදිය ගෙන යුද කොට පර සේනාවන් දිනන්නාහ. එය මහත් වූ දෙයක් නොවේ. නමුත් මම පසුපසින් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවන්නාක් මෙන් මාගේ මසුරු සිත මැඩ පවත්වා හැඳ සිටි එකම වස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කලෙමියි" පැවසීය.රාජපුරුෂ තෙමේ නැවත පැමිණ ඒ කරුණ රජතුමාට දැන්වීය. රජතුමා සිතන්නාහු, "පූජාවක් කල යුතු බව අපිට නොතෙරුණේය. නමුත් බමුණාට වැටහුනේයැයි" කියා වඩාත් සතුටු වී බමුණාට සළු යුවලක්ම යැවීය. බමුණා එය පිළිගෙන "මේ සියල්ල මට ලැබුනේ බුදුරදුන්ගේ ගුණ කීම නිසාය, මේ වස්ත්‍ර ජෝඩුවද මම තථාගතයන් වහන්සේටම පුදමි" යි සිතා එම වස්ත්‍ර යුවල බුදුරදුන්ට පිදීය.රජතුමා රාජ්පුරුෂයා විමසන්නාහු, බමුණා ඒ වස්ත්‍ර යුවලද බුදුරජුන්ට පූජා කල බව දැ
න නැවත සළු හතරක් යැවීය. බමුණා ඒ සළු හතරද බුදුරජාණන්ට පිදීය. රජතුමා ඒ බවද දැනගෙන නැවත සළු දෙගුණ කොට යැවීය. බමුණු තෙමේ සළු බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේද, රජතුමා නැවත නැවතත් සළු දෙගුණ කොට යැවීය. අවසන රජතුමා සළු තිස්දෙකක් එවූ කල්හි බමුණා "මෙලෙස වස්ත්‍ර පිදීම වැඩි කොට ගැනීමක් වැනිය" සිතා තමන්ට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර අනෙක්වා සියල්ල බුදුරජාණන් වහන්සේට පූජාකලේය.ඉන්පසු දිනක් ඒකශාටක බමුණා ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු රජතුමා දැක, තමන් පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඒකශාටක බමුණාට දී "මෙය හැඳ දහම් අසන්නැයි" පැවසීය. බමුණා නැවතත් එය බුදුරජාණන් වහන්සේට පූජා කර යන්න ගියේය.එක් දවසක රජතුමා බුදුරදුන් හමුවට ගොස් ගඳකිළිය තුල බුදුරදුන් සමීපයෙහි හිඳ සිටියේය. එකල්හි තථාගත ශරීරයෙන් විහිදෙන ෂඩ් වර්ණ රශ්මීන් වැදී කම්බිලිය දිලිසෙමින් තිබුනි. රජු ඒ දැක බුදුරදුන්ගේන් කම්බිලිය පිළිබඳ විමසීය. එකල්හි බුදුරජාණන් වහන්සේ "මහරජ, ඔබ විසින් කම්බිලිය බ්‍රාහ්මණයාට පුදන ලද්දේද, ඔහු විසින් නැවත අපහට එය පූජා කරන ලද්දේයැ"යි වදාලහ.එකල්හි රජතුමා, "මේ බමුණා අපට වඩා හොඳින් යුතුකම් දන්නේයැයි" සිතා ඔහු කෙරෙහි වඩාත්
පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් යම් දෙයක් වේද එයින් අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක දානයක් දී පුරෝහිත තනතුරට පත් කර ගත්තේය.මහත් වූ සැප සම්පත්තියක් ලැබුවා වූ ඒකශාටක බමුණු තෙමේ වඩ වඩාත් දානාදී පින්කම් කර ආයු කෙළවර නැවත දෙව්ලොව උපන්නේය.පසේ බුදුන් වහන්සේට මඩ පිලිගැන්වීම[සංස්කරණය]ඉක්බිති ඒ ඒකශාටක බමුණු තෙමේ දෙව් මිනිස් සුගතියෙහි ඉපදී, මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප බුදුවරුන් අතර කාලයේදී බරණස් නුවර කුල ගෙයක උපන්නේය. එක දිනක ගං තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුන් වහන්සේ නමක් නුවාවකට රෙදි මදි වීමෙන් සිවුරු හකුලනු දැක, ඒ පිළිබඳව විමසා, රෙදි මදි වීමෙන් බව දැන තමන් හැඳ සිටි උතුරු සළුව උන්වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිනෙන් උපනූපන් සෑම ආත්මයකම මට කිසිවකින් අඩුවක් නම් නොවේවා" යැයි පැතීය.එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැඟණිය කලහ කරමින් සිටින්නාහ. එකල්හි ඒ පසේ බුදුන් වහන්සේ පිඬු පිණිස ඒ නිවස සමීපයට වැඩම කළ සේක. නැඟණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිළිගන්වා " මේ නපුරු ගැහැනියගෙන් මා යොදුන් සියයක් දුරු වේවා"යි පැතීය.මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා සිටින්නා වූ ඔහුගේ බිරිය, "මැගේ පිණ්ඩපාතය මේ ශ්
‍රමණයාට වළඳන්නට මම ඉඩ නොදෙමි"යි සිතා පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය අතින් ගෙන එහි වූ පිණ්ඩපාතය විසි කර දමා එයට මඩ පුරවා පිළිගැන්වීය.එය දැක නැඟණිය කම්පා වන්නී, "මෝඩිය, වුවමනා නම් මට බනින්න, ගසන්න. ඒත් මෙවැනි උත්තමයන් වහන්සේ නමකගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා යුතු නොවේ" යැයි පැවසීය.එකල්හි සිහි නුවණ පැමිණියා වූ බිරිය, පසේ බුදුන් වහන්සේගේ හස්තයෙන් පාත්‍රය නැවත රැගෙන එහි වූ මඩ විසි කර දමා සෝදා පිරිසිදු කර සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුපිට පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිණ්ඩපාතය සේම මාගේ ශරීරයද උපනූපන් හැම ආත්මයේම ආලෝකවත් වේවා"යි පැතීය. ඒ අඹුසැමි දෙදනා බොහෝ පින්කම් කර නැවත දෙව්ලොව උපන්නේය.ඒ උපාසක තෙමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටු ගෙදරක උපන්නේය. ඔහුගේ බිරියද එවැනිම ගෙදරක උපන්නේය. සුදුසු කල් පැමිණි කල්හි ඒ සිටු දියණිය ඒ සිටු පුත්‍රයාට සරණ පාවා දෙන ලදී. එකල්හි එතෙක් කල් ඇයට විපාක නොදුන් පසේ බුදුන්ගේ පාත්‍රයට මඩ දැමීමේ පාපය විපාක දෙන්නට විය. සිය සැමියාගේ ගෙදරට ගිය කල්හි ඇගේ ශරීරයෙන් වැසිකිළිය
ක මෙන් දුඟද හමන්නට විය. මේ ගඳ කොහින් එන්නේදැයි විමසන සිටු පුත්‍රයා හට එය අලුත ගෙනා මනාලියගෙන් පැමිණෙන්නේ යැයි දැන සිටු දුවණිය නැවත හරවා යැවීය.නැවත නැවතත් ඇය සත් තැනකට සරණ පාවා දුන් නමුත් ඒ සෑම තැනකින්ම දුඟද නිසා නැවත හරවා එවිණි. ඇය යම් ලෙසකින් නිවසේ සිටින්නේද එවිට කිසිම දුඟදක් ඇඟේ ශරීරයෙන් පිටවන්නේ නැත.පිනෙන් පරණ පව අහෝසී වීම[සංස්කරණය]එකල්හි බොහෝ සත්ත්වයින් සසර දුකින් එතෙර කරවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ධාතූන් තැන්පත් කර රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට විය. සිටුදූ ද "සත් තැනකින්ම හරවා එවන ලද මාගේ ජීවිතයෙන් කවර නම් ප්‍රයෝජනක්ද ?" යැයි සිතා තමන් සතු වූ සියළුම රන් ආභරණ උණු කරවා රන් ගඩොලක් සාදා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල් මිටි අටක්ද රැගෙන චෛත්‍ය කරන තැනට ගියේය.එවෙලේ එක ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක ගඩොල් කැටයක් මදි වී තිබුණි. එහි ගිය සිටු දුව "මේ ගඩොල් කැටය තබා බඳින්නට" යැයි පැවසීය. ඉන්පසු සිටූ දූ තමන් විසින්ම ඒ රන් ගඩොල් කැටය චෛත්‍යයේ තබා බදාමද යොදා, මානෙල් මල් පුදා වැඳ "මේ පිනෙන් උපනූපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත්, මුව්න් මානෙල් මල් සුව
ඳත් විහිදේවා" යි පැතීය.ඒ මොහොතෙහිම ඇය පළමු වරට ගිය සිටු පුත්‍රයා හට ඇයව සිහි විය. ඒ නගරයෙහි නැකැත් කෙළිය ආරම්භ කරන කාලයයි. ඇය කොහිදැයි විචාළන සිටු පුත්‍රයා හට ඇය ඇයගේ නිවසේ වස්නා බව දැනගන්නට ලැබී "නැකැත් කෙළිය සඳහා ඇයව රැගෙන එනුයි" සේවකයන්ට අණ කළේය.සේවකයෝ ගොස් ඒ පුවත ඇයට දැන්වීය. එකල්හි තමන්ට පැමණීමට ආභරණ නැති බව ඈ පැවසීය. සිටු පුත්‍රයාට ඒ කරුණ දැන ගන්නට ලැබී ආභරණ ලැබිය හැකි යැයි පවසා එන ලෙස නැවත දන්වා යැවීය. එකල්හි සේවකයෝ ඈ රැගෙන ආවේය. ඈ නිවසට පා තැබූ කල්හි මුළු ගෙයිම සඳුන් මල් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. එවිට සිටු පුත්‍රයා පුදුම වී "පෙර ඈ පැමිණි කල්හී වැසිකිළියක් මෙන් දුඟද පිට වන්නට වූ මුත් දැන් ඔබගේ කයින් සඳුන් සුවඳත්, මානෙල් මල් සුවඳත් නික්මෙන්නේය, ඊට හේතු කාරණා කිමදැයි" විමසීය. එකල්හි සිටු දුව සිදුවූ සියල්ල ඔහුට පැවසීය.එකල්හි සිටු පුත්‍රයා මේ බුදු සසුන පිළිබඳව වඩාත් පැහැදී යොදුනක් පමණ වූ ඒ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන නෙළුම් මලෙන් සැරසීය. අවසන ආයු කෙළවර නැවත දෙව්ලොව උපත ලැබීය.සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් පමණ දුරින් වූ ඇමති පව
ුලක උපන්නේය. සිටුදූ රජ පවුලෙහි දෙටු දුවණිය වී උපන්නේය. කුමරු වැඩිවිය පැමිණි කල්හි ගමේ පැවැත්වෙන නැකැත් කෙළියට සැරසෙනු සඳහා තම මෑණියන්ගෙන් වස්ත්‍ර ඉල්ලුවේය. ඈ සෝදා පිරිසිදු කල වස්ත්‍රයක් දුන්නීය. එය රළු වැඩියැයි කියා කුමරු එය ප්‍රතික්ෂේප කළේය. එවිට මව වෙනත් සළුවක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. මව තවත් වෙනත් සළුවක් දුන් විට කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මැණියෝ "පුතණුවනි, අපට මෙයිට වඩා සියුම් වස්ත්‍ර ලැබෙන පිනක් නැතැයි" කීය. එකල්හි කුමරු "එසේ වී නම් මෑණියනි එබඳු සළු ලැබෙන තැනකට මම යමි" යි කියා නිවසින් පිටව ගියේය.ඇමති පුත් තමන් විසින් අතීතයේ කරන ලද්දා වූ කුශල කර්ම වල මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් උයනේ ගල් පුවරුවකට වී නිදා ගත්තේය. එය බරණැස් රජු කලුරිය කර සත්වන දිනය විය. එම රජුගෙන් පසු රාජ්‍යය භාර ගැනීමට කිසිවෙකුත් නොසිටියහ. එම නිසා සම්ප්‍රදාය අනුව මඟුල් ඇතු සරසවා ශ්වේත්ච්ජ්ත්‍රය සහිත පඤ්ච රාජ භාණ්ඩ එහි තබා ඇතුට යන්නට හැරියේය. එකල්හි මඟුල් ඇතු මඟුල් උයන දෙසට යන්නට විය. ඇතැම්හු "ඇතු පුරුද්දට මඟුල් උයනට ගමන් කරනවා" යැයි කියා ඇතු නවත්වන්නට උත්සාහ කල
හ. පුරෝහිත බමුණා එය වළක්වා ඇතුට යන්නට දුන්නේය. මඟුල් උයනට ගිය ඇතු කුමරු ප්‍රදක්ෂිණා කර ඇතු පිට නැඟීමට හැකි පරිද්දෙන් සිට ගත්තේය. එවිට එහි පැමිණි පුරොහිත තෙමේ කුමරුගේ යටි පතුල් පරීක්ෂා කර බලා මේ තෙමේ මෙ නුවර රජකමට පමණක් නොව, සතර මහද්වීපයේ රජකමට වුවද සුදුසු බව" දැන තූර්ය වාදනය කරවීය.එකල්හි නිදා හුන් කුමරු ඇහැරී බලා "කුමට ආවේදැයි" විමසීය. ඉක්බිති කුමරු සිදු වී ඇති සියල්ල පුරෝහිත බමුණාගෙන් දැන "එසේ වී නම් රාජ්‍යය කරමියි" කියා රාජ්‍යය භාර ගත්තේය.උතුරු සළුව පිදීමේ විපාකය පල දීම[සංස්කරණය]ඉන්පසු ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් තනවා කුමරිය සර්වාලංකාරයෙන් සරසා කුමරුන් හට සරණ පාවා දී රාජාභිෂේකයද කරවා රාජාභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සළුවක් දුන්නේය.එකල්හි කුමරු "මේ කුමක්දැයි" ඇසීය. "දේවයන් වහන්ස, හැඳීමට සළුවකි"යි කීහ. "මේ සළුව රළුය. මීට වඩා සියුම් වූ සළුවක් නැත්දැයි" රජු විමසීය. "දේවයන් වහන්ස මේ මිනිස් ලොව නම් මීට වඩ සියුම් වූ සළු නැතැ"යි කීහ. "නුඹලාගේ රජු හැන්දේ මෙවැනි සළුදැයි" කුමරු විමසීය. "එසේය දේවයිනි" ඇමතියෝ පිළිතුරු දුන්හ. එකල්හි "නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙමියි සිතමි. පැන් කෙ
ණ්ඩියට වතුර ගෙනෙව්.සළු ලබනා සැටි මම පෙන්වමි" යි කුමරු කියා ගෙනා පැන් කෙණ්ඩියෙන් මුවද, අත්ද සෝදා නැගෙනහිර දෙසට පැන් ඉස්සේය.එකෙණෙහිම ඝන පොළොව බිඳ කප් රුක් අටක් පැන නැංගේය. කුමරු දකුණු, බස්නාහිර, උතුරු දෙසටද පැනි ඉසින්නාහු ඒ දිශා වලින්ද කප් රුක් අට බැඟින් නැංගේය.ඉන්පසු ඔහු ඒ එක දිවසළුවක් හැඳ එකක් පොරවා "මින්පසු රාජ්‍යයේ නූල් කටිනා සිත්‍රීන්ට නූල් නොකටිනා ලෙස" අඬබෙරයක් යවා මහත් වූ උත්සවශ්‍රීයෙන් නුවරට ගොස් නන්ද රජු නමින් රාජ්‍යය විචාරන්නට විය. ඒ උතුරු සළුව පිදීමේ විපාකයය. එක් දිනක් නන්ද රජුගේ දේවිය කණගාටු වනු දුටු රජු ඒ පිළිබඳ විමසන්නාහු, "තමන්ගේ අතීත පුණ්‍යක්‍රියා නිසා තමන් මේ සා මහත් වූ සැප සම්පත්තියක් විඳින බවත්, අනාගතය පිණිස පුණ්‍යකර්මයක් නොකරන බැවින්" තම දේවිය ඒ පිළිබඳව දුක් වන බවත් දැනගත්තේය.එකල්හි රජතුමා, "දේවියනි, අපි කා හට නම් දන් දෙමුද ? මේ නුවර සිල්වතුන් නම් නැතැයි" කීහ. එවිට බිසව "දේවයන් වහන්ස, මේ දඹදිව රහතන් වහන්සේලාගෙන් නම් හිස් වන්නේ නැත. නුඹ වහන්සේ දන් පිළියෙල කරනු මැනවි. මම රහතන් වහන්සේල සොයා දෙමි" යි කීය.රජතුමා පසු දිනම මහ දනක් පිළියෙල කළේය. බිසව සිල් සමාදන් වී ප්‍රා
සාදයේ උඩුමහල් තලයට නැඟ නැගෙනහිර දිසාවට හිස ලා බිම දිගා වී නමස්කාර කොට "මේ දිසාවෙහි රහතන් වහන්සේලා වැඩ වසන සේක් නම්, හෙට දින දන්ට වැඩම කර අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා"යි ආරාධනා කළාය. නමුත් එම දිසාවෙහි රහතන් වහන්සේලා නොවූහ. පිළියෙල කල දානය නගරයෙහි වූ දුගී මගී යාචකාදීන්ට බෙදා දුන්හ. පසු දිනද දන් පිළියෙල කල එසේ කලාය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. තුන්වන දිනද එසේම කළේය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. සතරව දින ද මහත් වූ දානයක් පිළියෙල කර උතුරු දෙසට හිස ලා බිම දිගාවී දනට ආරාධනා කළාය.එකල්හි හිමාලය වනයේ වැඩ වසන පදුමාවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී තම සහෝදර පසේ බුදුන් වහන්සේලා අමතා "නන්ද රජු හෙට දින ඔබ සියලු දෙනාටම දනට ආරාධනා කරන්නාහ. ඔහුගේ ආරාධනාව ඉවසන්නැයි" වදාල සේක.පසු දින පන්සියයක් පසේ බුදුන් වහන්සේලා අනෝතත්ත විලෙන් මුව සෝදා අහසින් වැඩම කර නගරයේ උත්තරද්වාරය සමීපයේදී පොළවට වැඩම කළ සේක. මිනිසුන් ද රජු වෙත ගොස් "රජතුමනි, පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලා වැඩම කළහ"යි දැනුම් දුන්හ.රජතුමා සහ දේවිය එහි ගොස් මහත් වූ හරසරින් පන්සිය
යක් වූ පසේ බුදුවරුන් වැඩම කරවා දන් පිළිගැන්වූහ. අවසානයේදී රජතුමා පසේ බුදුවරුන්ට එහිම වැඩ වාසය කරන ලෙසට ආරාධනා කළේය. රජතුමාගේ ඒ ඇරයුම පිළිගත් පසේ බුදුන්වරුන් වහන්සේලාට රජතුමා තම උයනෙහිම වාසස්ථාන පිළියෙල කරවා දුනි.දිනපතා පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නාවූ රජතුමන් හට දීර්ඝකාලයකට පසු ජනපදයක ඇති වූ කැරැල්ලක් මැඬ පැවැත්වීමට යන්නට සිදු විය. පසේ බුදුන් වහන්සේලාට අප්‍රමාදීව උපස්ථාන කරන ලෙස දැන්වූ රජතුමා කැරැල්ල මැඬපැවැත්වීමට පිටව ගියහ.පසේ බුදුවරු පිරිණිවන් පෑම[සංස්කරණය]දේවියද රජතුමා ගිය දා පටන් මහත් වූ ගෞරවයෙන් යුතුව පසේ බුදුන් වහන්සේලාට ඇප උපස්ථාන කලේය. නමුත් රජතුමා නැවත් පැමිණීමට පෙර පසේ බුදුන් වහන්සේලාගේ ආයු කාලය ගෙවිණි. මහපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ධ්‍යාන සුඛයෙන් කල් ගෙවා අළුයම් කාලයේදී සක්මන කෙළවර සිට පසේ බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පෑවාහුය. එදිනම ඒ වේලේම අනෙක් පසේ බුදුන් වහන්සේලාද පිරිණිවියහ.පසු දින් දේවිය දන් පිළියෙල කරවා පසේ බුදුන් වහන්සේලා වඩින තුරු බලා හිඳින්නී, ඒ බවක් නොදැක, "කිමෙක්ද? පසේ බුදුන් වහන්සේලාට යම් කිසි අපහසුවක් වීදැයි බලාගෙන එවැයි" කියා රාජපුරුෂයෙකු යැවීය
. ඔහු ගොස් පසේ බුදුන් වහන්සේලා වැඩ සිටින පන්සලේ දොර හැර බලා උන්වහන්සේලා එහි නොදැක සක්මනෙහි බැලූ කල එහි හිඳිනු දැක දනට වඩින ලෙසට ආරධනා කළහ. පසේ බුදුන් වහන්සේලාගෙන් පිළිතුරක් නොලද කල්හි මුන් වහන්සේ නිදාසිටී යැයි සිතා උන්වහන්සේගේ යටි පතුල් අත ගෑවේය. සිසිල්ව, තදව පිහිටියා වූ උන්වහන්සේගේ යටි පතුල් වලින් උන්වහන්සේ පිරිනිවී බව දැන අනෙක් පසේ බුදුන් වහන්සේලා වෙත ගියේය. එලෙසම අනෙකුත් පන්සියයක් පසේ බුදුන් වහන්න්සේලා ද පිරිනිවී බව දැන රජගෙට ගොස් ඒ බව දැන්වීය. දේවියද මහත් වූ ශෝකයෙන් හඬා වැලපෙමින් පැමිණ පසේ බුදුවරුන්ගේ දේහයන් ගෙන ගොස් අදාහන කරවා චෛත්‍යයක් කරවීය.රජු පැවිදිවීම[සංස්කරණය]ජනපදයේ ඇති වූ කෝලාහලය සන්සිඳුවා එන නන්ද රජතුමා තමන්ව පිළිගැනීමට පෙර මඟට පැමිණි දේවියගෙන් පසේ බුදුවරුන් පිළිබඳ විමසා උන්වහන්සේලා පිරිණිවන් පා වඳාළ බව දැන "මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපිට එයින් ගැලවීමක් කොයිදැයි "සිතා නගරයට නොගොස් තම දෙටු පුත් හට රාජ්‍ය පවරා පැවිදි විය. දේවියද "මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරම්දැයි" සිතා දේවියද මහණ විය. දෙදනාම භාවනා කර ධ්‍යාන වඩා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උ
පත් ලැබීය.ගිහි ජීවිතය[සංස්කරණය]උපත සහ ළමා විය[සංස්කරණය]ඔවුන් බ්‍රහ්ම ලෝකයේ වෙසෙන කල්හි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා රජගහ නුවරට වැඩි සේක. එකල්හි රජු බඹ ලොවින් චුතව විත් මගධ රට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ගමෙහි පිප්ඵලීමාණව නමින් උපන්නේය. බිසව මදු රට සාගල නුවර කෝසියගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අග මෙහෙසුන් කුස භද්දකාපිළානි නමින් උපන්නාය.නව යොවුන්විය හා විවාහය[සංස්කරණය]පිප්ඵලීමාණව විසි අවුරුදු වියට පැමිණි කල්හි ඔහුගේ මවුපියන් සුදුසු තැනකින් විවාහයක් කර දෙන්නට සිතූහ. නමුත් පිප්ඵලීමාණව තෙමේ එය ප්‍රතික්ෂේප කළේය. නමුත් මවුපියන් නිතර නිතර ඒ පිළිබඳව පවසන්නට වූ කල්හි පිප්ඵලීමාණව තෙමේ එයින් ගැලවෙන්නට උපායක් යෙදීය. ඔහු රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ඉතා ශෝභන වූ ස්ත්‍රී රූපයක් තනවා මැනවින් ඔප ලා වස්ත්‍රාභරණයෙන් සරසා "මැණියනි, මේ රන් රුව බඳු වූ ස්ත්‍රී රත්නයක් ලදහොත් මම ඇය සරණ පාවා ගනිමි. නොලදහොත් මෙලෙසම වෙසෙමි" යි පැවසීය.එකල්හි පණ්ඩිත වූ බැමිණිය මෙලෙස සිතන්නාහු, "අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක් බැවින් ඔහු හා විසුමට පින් කල කතක්ද සිටිය හැක. එම නිසා ඇය සෙවිය යුතුය". මෙසේ සිතා බමුණන් අට ද
ෙනෙකු කැඳවා රන් රුව හා සමාන ස්ත්‍රී රත්නයක් සොයා ගෙන එන ලෙසට දැන්වීය.බමුණෝද පළමුව මදු රටට යන්නාහු, එක්තරා නානතොටක රන් රුව තබා සැඟවී සිටියහ. එකල බද්දාකපිළානිගේ කිරි මව ඇයව නහවා සිරි යහන් ගබඩාවේ හිඳුවා නාවත නාන තොටට පැමිණෙන්නාහු, රන් රුව දැක භද්‍රාකාපිළානි යැයි සිතා කිපී "මෙ කෙල්ල කුමට මෙහි පැමිණේදැයි " තර්ජනය කොට කම්මුලට පහරක් දුනි. ඇගේ අත්ල පුපුරු ගසන්නට වූ කල්හි ඇය, "මේ මහ කළු ගලට මම මාගේ ස්වාමි දුව යැයි රැවටුනි, මෑ අපේ ස්වාමි දුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුය" කීවාය.එය ඇසූ බමුණෝ ඈ සමීපයට පැමිණ "තීගේ ස්වාමී දුව මීට වඩා ලස්සනදැයි" විමසීය. එකල කිරි මව ඇගේ ලස්සන වර්ණනා කරන්නාහු "මාගේ ස්වාමි දුව දොලොස් රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් අවශ්‍ය නැතැයි " කීවාය. එබස් අසා සතුටට පත් බමුණන් ඇයත් සමඟම කෝසියගොත්ත බමුණාගේ ගෙදරට ගියහ.බ්‍රහ්මණයාද ඔවුන් පිළිගෙන ඔවුන් පැමිණි කරුණ විමසා, ඉක්බිති ජාති කුල ගෝත්‍ර විමසා "යහපති දරුවනි, අප සමාන කුල ජාති ගෝත්‍ර හා සම්පත් ඇති තැනකට දැරිය දෙමි"යි පවසා ගෙන ගිය පඬුරු පිළිගත්තේය. එකල්හි බමුණන් විසින් එය කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මවුපියෝ සුදුසු ස්ත්‍රී
රත්නයක් ලද බව පිප්ඵලීමාණව හට දැන්වූහ.එවිට පිප්ඵලීමාණව තෙමේ "මම එබඳු දැරියක් නොලැබෙතියි සිතුවෙමි. එසේ වී නමුත් ලැබුවේයැයි මොවුන් කියති. මම මෙය නවතාලමි" සිතා "භද්‍රාවෙනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමටය. එම නිසා සුදුසු සැමියෙකු සොයා ගන්නය"යි රහසින් හස්නක් යැවීය. ඒ වන විට සොළොස් වියෙහි සිටි භද්‍රා කුමරියද තමා සරණ පාවා දෙන්නට යන බව අසා "තමා පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා" රහසින් හස්නක් යැවීය. සේවකයන් අත යැවූ මේ හසුන් වැඩිහිටියන් හට හසුවී ඔවුන් විසින් අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදනාටම යැවූහ. අවසානයේදී මවුපියන්ගේ උවමනාව මත ඔවුන්ගේ විවාහය සිදු විය.එදින පිප්ඵලීමාණව හා භද්‍රා දෙදනාම මල් දම් දෙකක් ගොතවා ගත්තේය. රාත්‍රී කාලයේ සැතපීමට ශයනයට ගිය කල්හි යහන මැද මල් දම් තබා "යමෙකුගේ පැත්තේ මල් දම් මලානික වුවහොත් ඔහුට රාග සිත් ඇති වූ බව දත යුතු යැයි " කියා එකිනෙකා නොගැටෙන සේ ශයනය කළෝය.ඔවුන් මවුපියන් ජීවත්වන තාක් කල් ධන පරිහරණයෙන්ද වැළකි සිටියහ. මවුපියන්ගේ මරණයෙන් පසු අසූ කෝටියක ධනය සමඟ ඇත්, අස්, රිය ඉතා විශාල ප්‍රමාණයක් හිමිවුණි.දිනක් ඔහු රථයකට නැගී කර්මාන්ත පරීක්ෂා කර
න්නට යන්නාහු, සීසෑ තැන්වලින් මතුවන පණුවන් කන කාක්කන් දැක "මොවුන් කුමක් කරන්නේදැයි " විමසීහ. "උතුමාණෙනි, පණුවන් කති" යි කීහ. එවිට "මේ පව හිමි වන්නේ කාටදැයි" ඇසීය. "උතුමාණෙනි, ඔබටය" ජනයා කීහ. එවිට පිප්ඵලීමාණව තෙමේ "මේ සියලු පාපයන් මට නම් මේ ධනයෙන් ඇති ප්‍රයෝජනයක් නම් නැත. සියල්ලම භද්‍රාවන්ට දී මහණ වෙමියි" සිතා ගත්තේය.එදින භද්‍රාද තළසැලි තුනක් එලියෙහි වනා කිරිමවුන් හා සිටින්නි, කවුඩන් විසින් තල පණුවන් කනු දැක ඒ කුමක්දැයි විචාරා එහි පාපය තමන්ට හිමි වන බව දැන "මේ සතුන් කරන පාපය මට හිමි වන්නේ නම් මේ සංසාරයෙන් ගොඩ ඒමක් නම් නැත. මම සියල්ලම සැමියා හට දී පැවිදි වන්නෙමි" ඉටා ගත්තාය.iතාපස දිවිය[සංස්කරණය]ගිහි ගෙය හැර මහණ වීම[සංස්කරණය]පිප්ඵලීමාණව තෙමේ ප්‍රාසාදයට පැමිණ ආහාර අනුභව කොට තම බිරිඳ අමතා තමන් සතු සියළුම ධනය ඈ හට පවරා පැවිදි වීමට අදහස් කරන බව පැවසීය. එකල්හි භද්‍රා කුමරිය තමන්ද මහණ වීමේ බලාපොරොත්තුවෙන් ඔහු පැමිණෙන තුරු සිටි බව පැවසීය. එවිට ප්‍රීතියට පත් ඔවුන් ඔවුනොවුන් විසින්ම හිස්කෙස් බූ ගා කසාවත් හා මැටි පාත්‍ර ගෙන්වා "මේ ලෝකයේ යම් රහත් කෙනෙක් වේ නම් අපේ පැවිද්ද ඔවුන් උදෙසායි" කහවත්
හැඳ පොරවා ප්‍රාසාදයෙන් බැස ගියහ. ප්‍රාසාදයේ විසූ කිසිවෙකුටත් ඔවුන් හඳුනා ගත නොහැකි විය. එසේ වී නමුත් තමන්ගේ දාසයින් සිටි ගම් හරහා යන විට දාසයින් ඔවුන් හැඳින ගත්හ. එකල ඔවුන් හඬා වැටී තමන්ලා කුමක් නිසා අනාථ කලේ දැයි ඇසීය. එකළ තාපස යුවළ ඔවුන් දාස භාවයෙන් මුදවා ඔවුන් හඬද්දීම පිටව ගියහ.පැවිදි වීමෙන් පසු කාශ්‍යප නම් ලද පිප්ඵලීමාණව තෙමේ යන ගමන් , "මා පසු පසු මුළු දඹදිව තරම් වටිනා ස්ත්‍රී රත්නයක් එන්නීය. අප දක්නා සමහරුන් පැවිදිවීත් මොවුන් හට වෙන් විය නොහැකැයි සිතා සිත් දූෂ්‍ය කරගෙන අපායට යනු ඇත. එසේ හෙයින් මා විසින් මැය හැර දමා යා යුතුයැ"යි සිතීය.අඹු සැමියන් වෙන්වීම[සංස්කරණය]දෙමංසලකට පැමිණි විට කාශ්‍යප ස්ථවිර තෙමේ තම අදහස භද්‍රාට පැවසුවේය.ඇය ස්වාමීනි,නුඹ වහන්සේ එක මඟක් ගනු මැනවි. මම අනිත් මඟ ගනිමි" යි පැවසීය. පසුව භද්‍රා තුන් වරක් තෙරුන් වහන්සේ පැදකුණු කර වැඳ "කල්ප ලක්ෂයක් බැඳි මිත්‍ර සන්ථවය අඳින් කෙළවර වන්නේය, නුඹ වහන්සේ දකුණෙන් ඉන්න ජාතියේය. එම නිසා දකුණු මඟ ගනු මැනවි. මම වම් මඟ ගනිමි"යි කියා වෙන් වූහ.බුද්‍රජාණන් වහන්සේ පෙර ගමන් කිරීම[සංස්කරණය]එකල්හි මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ ව
ේළුවනාරාමයේ වැඩ වසන සේක්, මහ පොළොව කම්පා වීමට හේතු විමසා, අන් කිසිවෙකුත් නිසා නොව පිප්ඵලීමාණව හා භද්‍රාකාපිළානි නිසා බව දැන "මේ පින්වතුන් මහත් වූ ධනස්කන්ධයක් හැර පියා මා වෙනුවෙන් මහණ වූහ. මාද මොවුන්ට සංග්‍රහ කිරීම වටනේය"යි සිතා ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේ පමණක් තුන් ගවුවක් පමණ දුර ගමන් කර රජගහ නුවරටත්, නාලන්දාවටත් අතර වූ බහුපුත්‍රික නම් නුග රුක යට සමාධි සුවයෙන් වැඩ සිටින සේක.එදා උන්වහන්සේ දුටු ඕනෑම කෙනෙකුට හැඳින ගත හැකි පරිද්දෙන් අසූ රියන් තැන් බුදු රැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ සිටි සේක.එකල්හි ඒ වනය ෂට්වර්ණ බුදු රැස් වැදී හිරු දහසක්, සඳු දහසක් පෑවුවාක් මෙන් ආලෝකමත් වුණි. දිලිසෙන තාරුකා සමූහයක් ඇති අහස මෙන්ද, හොඳින් පිපුණු සුදු රත් නෙළුම්වලින් ගැවසුණු ජලතලයක් මෙන්ද වන බැබළුණි. නුගරුකෙහි කඳ සුදුය, පත් නිල්ය, ගෙඩි රතුය, නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණි. කාශ්‍යප තෙරුණුවෝ දුරදීම බුදුරජාණන් වහන්සේ දැක "මුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාණෝය.මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය" දුටු තැන සිට නැමී නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක හිඳ වැඳ, සත්ථා මෙ භන්තෙ භගවා, සාවකො හමස්මි, සත්ථා මෙ භන්තෙ
භගවා, සාවකො හමස්මියනුවෙන්ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹවහන්සේගේ ශ්‍රාවක වෙමියි, ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹවහන්සේගේ ශ්‍රාවක වෙමියි කීහ.උපසම්පදාව ලැබීම[සංස්කරණය]එකල්හි බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයෙකු, නොදැනම දනිමියි, නොදැකම දැකිමියි කියන්නේ නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය. නමුත් මම මේ චතුරාර්යය සත්‍යය දැනගෙනම දනිමියි කියමි. දැකම දකිමියි කියමි.ඉන්පසු බුදුරජාණන් වහන්සේ "තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං" යානාදී අවවාද තුනක් දුන්හ. කාශ්‍යපයන් ඒ අවවාද තුන් ඉතා ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද තුන පිළිගැනිම උන්වහන්සේගේ උපසම්පදාව විය. එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.සිවුරු මාරු කිරීම[සංස්කරණය]උපසම්පදාවට පත් කාශ්‍යප තෙරුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමඟ නුග ගසේ මුලෙන් බැහැරව පාරට පැමිණ මඳ දුරක් ගමන් කල බුදුන් වහන්සේ එක්තරා ගසක් මුල විවේක ගන්නට විය. බුදුරජාණන් වහන්සේගේ අදහස වටහා ගත් තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ පට රෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට ව
ැඩ සිටිනු පිණිස අතුළහ.බුදුරජාණන් වහන්සේ සිවුර මත වැඩ සිටිමින්, "කාශ්‍යපය, නුඹගේ මේ පට සිවුර ඉතා මෘදුය"යි වදාළහ. එකල්හි තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගෙන "ස්වාමීනි, මාගේ මේ පට සිවුර පිළිගන්නා සේක්වායි" කීහ. එකල්හි තථාගතයන් වහන්සේ "කාශ්‍යපය, පරිභෝග කිරීම නිසා දිරා ඇති මේ සිවුර නුඹට පාවිච්චි කල හැකිදැයි" විමසීය. "එසේය, හිමියනි. ලැබුණොත් පරිභෝග කරමියි" කීහ.එකල්හි බුදුරජාණන් වහන්සේ "කාශ්‍යපය, මා විසින් මේ සිවුර ගත් දිනයේදී මහ පොළොව කම්පා විය. මේ සිවුර මඳ ගුණැතියෙකු හට නම් පරිභෝග කළ නොහැක. මෙය පිළිගන්නට හැක්කේ පිළිවෙත් කිරීමට සමත් පාංශුකූලික භික්ෂූන් වහන්සේ නමක් පමණියි" කියා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. එකෙණෙහිම මහ පොළොව යලිත් කම්පිත විය.අරහත් භාවයට පත් වීම[සංස්කරණය]තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙන් තෙලෙස් ධූත ගුණයන් සමාදන්ව සත දිනක් වීර්ය කොට අටවන දිනයේදී සව් කෙලෙසුන් නසා අරහත් පත් වුණි. පසු කළෙක බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ගුණ වදාරා "එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධූතවාදනං යදිදං මහා කස්සපො" යනුවෙන් උන්වහන්සේව ධූතවාදීන් අතරින් අග්‍ර
ස්ථානයේ තබා වඳාල සේක.අරහත් ජීවිතය[සංස්කරණය]රහත් භාවයට පත් වූ කාශ්‍යප තෙරුණුවෝ තමන් වහන්සේ රූපයෙන් බුදුරජාණන් වහන්සේට සමාන වන බැවින් බොහෝ අපහසුතාවයන්ට පත් විය. එකල එක් වීදියක සිටි කාන්තාවක් සෑම දිනම මහා කාශ්‍යප රහතන් වහන්සේට පිණ්ඬපාතය පිළිගැන්වීමට පුරුදුව සිටියාය. දිනක් ඒ මඟ බුදුරජාණන් වහන්සේ වැඩි සේක. එකල්හි කාන්තාව මහා කාශ්‍යප හිමියන් වැඩියා යැයි සිතා රැවටී තමා සකස් කර තිබූ බත් හැන්දක් බුදුරජාණන් වහන්සේට පූජා කළාය. සුළු මොහොතකින් පිඬු පිණිස වඩින කාශ්‍යප හිමියන් දුටු කාන්තාව වහා දිව ගොස් බුදුරජාණන් වහන්සේ නවතා පාත්‍රයට අත දමා බෙදූ බත් හැන්ද රැගෙන නැවත් මහා කාශ්‍යප හිමියන්ට පූජා කළාය. මෙය දැනගත් මහා කාශ්‍යප හිමියන් බුදුරජාණන් වහන්සේට සිදු වූ අපහසුතාවය පිළිබඳ ඉමහත් සංවේගයට පැමිණ බුදු රදුන්ගේ අවසරය මත ආරණ්‍යවාසී විය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පානා තෙක්ම උන්වහන්සේ හිමාලය වනයේ භාවනා කරමින් උන්හ.එකල්හි හිමාලය වනයේ වැඩ වාසය කරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අධිෂ්ඨානයක් කරන්නාහුය. ඒ කෙසේද යත්, "යම් දිනෙක මාගේ ශාස්තෲ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ සේක්ද එකල්හි ම
ේ ගල් ලෙන ඉදිරියේ තිබෙන්නා වූ මේ මල් ගසේ සියලුම මල් පරවී බිම වැටේවා" යන්නයි.එක්තරා උදෑසනක කාශ්‍යප හිමියන් ගහේ තිබූ සියළුම මල් පරවී බිම වැටී තිබෙනු දැක එ කරුණින්ම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ බව දැන තමන් වහන්සේගේ පා සිවුරු ගෙන කුසිනාරා නුවර බලා වඩින්නට විය.එකල්හි මල්ල රජදරුවන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අදාහනය කරන්නට සිතන්නාහු ඉතා අලංකාර වූ චිතකයක් සාදා එයට ගිනි දල්වන්නට උත්සාහ කරන මුත් ගිනි නොදැල්වෙන්නට හේතු මහා අනුරුද්ධ රහතන් වහන්සේගෙන් විමසීය. එවිට මහා අනුරුද්ධ රහතන් වහන්සේ තම දිව්‍යචක්ඛු ඥාණයෙන් බලා කාශ්‍යප මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම පිණිස වඩින බවත් එතෙක් කල් චිතකයට ගිනි නොදැල්වීම දෙවියන්ගේ අභිප්‍රාය බවත් දැන්වූහ.මහා කාශ්‍යප හිමියන් එහි පැමිණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් සමඟම සතර වටින් චිතකයට ගිනි ඇවිලී යන්නට විය.පළමු ධර්ම සංගායනාව පැවැත්වීම[සංස්කරණය]ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ විට එහි සිට සුභද්‍ර" නම් භික්ෂුවක් "ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය.
මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු." කියනු අසා මතු යම් දිනෙක බුදුන් වදාළ ධර්මයට සිදු විය හැකි හානිය දැක එය වළක්වානු ලස් ධර්ම සංගායනාවක් පැවැත්වීමට මූලිකත්වය ගත්හ.ඉන්පසු උන්වහන්සේ අජාසත් රජතුමාගේ රාජ අනුග්‍රහය මත රජගහ නුවර වේහාර පර්වතයේ සප්තපණ්ණී ගුහාවේ පන්සියයක් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීය.පර්නිර්වාණය[සංස්කරණය]වසර එකසිය විස්සක් ජීවත්වූ මහා කාශ්‍යප රහතන් වහන්සේ දිනක් තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව දැන පසු දින කුක්කුට සම්පාත නම් කන්දේදී පිරිණිවන් පෑමට තීරණය කළ සේක. ඒ බව සහෝදර භික්ෂූන් වහන්සේලාටද දැනුම් දී පසු දින පිඬු පිණිස වැඩම කර අවසන අජාසත් රජුටද දැනුම් දීමට පිටව ගියහ. එකල්හි රජු දිවා ආහාරය රැගෙන නිදාගන්නා බව දැන ගත් කාශ්‍යප හිමියන් රාජපුරුෂයන්ට තමන් වහන්සේ අද දින සවස කුක්කුට සම්පාත පර්වතයේදී පිරිණිවන් පානා බව රජුට දැනුම් දෙන්නැයි කියා ඉන් පිටව ගියහ.පසුව කුක්කුට සම්පාත පර්වතයට වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය පා රැස්ව සිටි පිරිසට අවවාද අනුශාසනා ද
ී කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිණිවන් පාන්නට අදහස් කළහ. එකල්හි එහි රැස්ව සිටි දෙවියෝ එහි ඇඳක් සාදා ඇඳේ පාද මත මල් පුරවන ලද්හ පුන් කලස් සතරක් තැබූහ.එකල්හි මහා කාශ්‍යප රහතන් වහන්සේ ඇඳ මත සැතපී සමාපත්තියට සමවැදී අධිෂ්ඨානයක් කරන්නහුය. ඒ කෙසේද යත්,"මා පිරිණිවන් පෑ කල්හි මාගේ ශරීරයට අනතුරක් නොවන සේ මේ පර්වත තුන එකතු වන සේක්වා. ""මා වටා ඇති පහන් නොනිමේවා. මල් පරවී නොයේවා. මතු යම් දිනක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී තම පිරිස් සමඟ මෙම ස්ථානයට වැඩම කර මාගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන, පින්වතුනි, මාගේ මේ අත්ලෙහි සිටින තෙරුන් වහන්සේ පිළිබඳව ඔබ දන්නෙහිද? මොහු මේ කල්පයේ ලොව පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් රහතන් වහන්සේයි. ධූතාංගධාරී හික්ෂූන් අතර අග්‍රස්ථානය වූ මොහු පිරිණිවන් පානා තෙක්ම ධූතාංග රකිමින් කටයුතු කළේය ආදී වශයෙන් පොළොව කුඩා කර මාගේ ගුණ මහත් කොට දේශනා කරනා සේක්වා. එකල්හි උන්වහන්සේගේ ශ්‍රී හස්තයේදීම මාගේ ශරීරය ගිණි ගෙන දැවෙන සේක්වා.""එසේම මා පිරිණිවන් පෑ බව දැන මෙහි පැමිණෙන අජාසත් රජතුමන් හට මා වන්දනා කිරීමට මේ පර්වත තුන විවෘත වේවා. ඉන්පසු නැවතත් පර්වත එකට එක වේ
වායි" යනුවෙනි. අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා. මේ කථාව මෙතනින් අවසන් වෙන්නෙ නෑ.මෛත්‍රී බුදුහිමියන්ගෙ ශ්‍රි හස්තයෙන් මහා කාශ්‍යප දෙහය පිරිණිවීම[සංස්කරණය]ඉතින් ඇයි මේ කාශ්‍යපහිමියන්ගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදුහිමියන් අතින් ආද
ාහන වෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුවම තමයි මෛත්‍රී බුදුහිමියන් පෙරෙ සසරදි කල කර්මයක් මීට හෙතු වීමය. අපේ බෝසතාණන් වහන්සේ එක් අවස්ථාවක රජකෙනෙක්ව ඉපදුනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමාගෙ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා උනා. දිනක් රජු ඇතා පිට යද්දි ඇතාට ඇතින්නියකගේ ගද දැනී කැලයට පැන දිවූ අතර රජු ගසක එක්ලී බේරුනි.මින් චෝදනාව ආවේ ඇත් ගොව්වාටය. ඇතුන් ඔහුට අවනත නැතිබව රජු විසින් දෝෂාරෝපණය කරන ලදි. ඇතා දින කිහිපයකින් සිය අවශ්‍යතා සපුරාගෙන නැවත ආවේය. ඒ අවස්ථාවේත සිට ඉතා කීකුරුව ඇත්ගොව්වා සමග කටුයුතු කලේය. ඇත්ගොව්වා සිය ඇතා කීකරු බව පෙන්වීමට රජු කියන සෑම දෙයක්ම ඇතා ලවා කර පෙන්වීය. එහෙත් රජු සෑහීමට පත් නොවීය. අවසානයේදී ගිණිගෙන දිලිසෙන යකඩ ගුලියක් ඇතාට හොඩයෙන් ගන්නට කීවේය. ඇතා ඇත්ගොව්වාගේ අණ පරිදි කදුලු පිරි දෙනෙතින් එයද කලේය. හොඩ චිරි චිරි යන හඩින් පුපුරද්දිත් ඉවසා සිටියේය. ඒ සැනින් රජු වහා එය බිම දැම්මවීය.මෙහි විපාක ලෙස ඇත්ගොව්වා වුයේ මෛත්‍රි බොසතුන් වහන්සෙ ලෙසය. එනම් මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය කරන්නේ මෛත්‍රි බුදුන් වහන්සේ විසින්. ඒ ආදාහනය කරන්නේ ශ්‍රී හස්තය මත තබාගෙනයි. එහි ගිණි සැර
ට බුදුහිමියන්ගේ ශ්‍රී හස්තය දැවී ඒ මත දිය බුබුලක් පැන නගිනවා. නමුත් බුදුන් වහන්සේ අනෙක් බුදුන් වහන්සෙ වගේ නොව ලොව අවසන් බුදුන් වහන්සේ නිසා ඒ බුබුල ලොකයේ ඇති ධර්මතාවයකින් සුව වන බවත්, බුදුන් වහන්සේ අවුරුදු අසූ දහසක් වැඩම කර සිටින බවත්, උන්වහන්සේගේ අග්‍ර ශාවක දෙනම මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ දෙහය අහස්කුස මත තියා ධර්ම දේශනා කරන බවත් සදහන්ය. මෙසේ සදහන් වෙන්නේ ලංකාවේ පෙරුම් පිරු මුණිවරු සහා රිශිවරුන්ගෙන් බවයි සදහන් වෙන්නේ, එය මෙසේය :මහා කාශ්‍යප මහා රහතුන් වහන්සේගේ දේහය අතින් අරන් එන්නේ වෙනම ශ්‍රාවකයෙක්, ඊට පසුව මේ ඉන්නේ මෛත්‍රි බොසතාණන් වහන්සේ ලෙස ඒ පිරිසට පෙන්නුම් කොට, ඒ මහා ශාවකයා බුදුන් වහන්සේ ඉදිරියේ බුදුන් වහන්සේගේ ඇරයුමෙන් ධර්ම දේශනා කරනවා, එය බලන්න විශාල ප්‍රමාණයක් එන බව සදහන් වෙන්නේ, ඊට පසුවයි මෛත්‍රි බුදුන් වහන්සේ ලොකේ කිසිම බුදු රජාණන් වහන්සේ නමක් විසින් නොකල මහා ධර්ම විශයකින් ලොකේ මවිත කරන බවත් සදහන්ය, ඒ මෛත්‍රි බුදුන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේගේ සසුන දන් දී ආ පින්කමේ මහා බලසම්පන්න බව ලොකෙට කියා දීමටය, අවසානයේ මහා කාශ්‍යප මහා රහතුන් වහන්සේගේ දෙහය මෛත්‍රි බුදුන් වහන්සේගේ ශ්‍
රි හස්තයෙන් චිතකයට ගිනි දල්වන අවස්ථාවේදි අතිත භවයක සිදු වූනා වූ කර්මයකින් දිය පට්ටාවක් ශ්‍රි හස්තයේ සලකුණු කරන බව සදහන්ය. නමුත් මෛත්‍රි බුදුන් වහන්සේ ඒ දියපට්ටාව එන වෙගයට වඩා වේගයෙන් තමන්ගේ අත සුවකරගන්නා බවත්, ඒ මගින් පිරිණිවන් පාන්නේ නැති බවත්, පිරිණිවන්පාන්න මේ තුන් ලොකේ ඒ වන විට මාරයෙක් නොමැති නිසා උන්වහන්සේ තමන්ට අවශ්‍ය අවුරුදු අසු දහසම වැඩ සිටින බවද ඒ වගෙම මාරයා මෛත්‍රි බුදුන් වහන්සේ කල නිවන් දකින නිසා අන් සත්වයොන්ට විශේශ අවස්ථා රැසක් පහල වෙන බැවින් සැහෙන කලක් බුදුන් වහන්සේ වැඩ සිටින බවද සදහන්ය. එනම් මෛත්‍රි බුදුන් වහන්සේ බුද්ධත්වය ලබාගන්නා සම්බුද්ධ සාසනය ගෞතම බුදුන් වහන්සේ ඉදිරියේ දන් දී ආ නිසා එවැනි බුදුවරයෙක් ලෙහෙසියෙන් පහසුවෙන් මේ ලොකේ ධර්මතාවයට පිරිණිවන් පාවන්න බැරි බවයි ලංකාවේ වෙසු මුණිවරු රිශිවරු මතය වී ඇත්තේ. තව දීර්ඝ කතන්දර මේ සතුව ඇත, ආශ්‍රිත ලිපි[සංස්කරණය]1. සූවිසි මහා ගුණය - රේරුකානේ චන්දවිමල මහා නා හිමි2. සම්පිණ්ඩිත මහා නිදානය - මහාකස්සපථෙර පරිනිබ්බාන කතා3. රිදියගම සුධම්මාභිවංශ හිමියන්ගෙ කර්මය කෘතියසිමේරියානුවෝ (ග්‍රීක: Κιμμέριοι) යනු, ක්‍රිපූ 1300[1] තරම්
ඈත අතීතයේ සිට සිට, ක්‍රිපූ 8 වන සියවසෙහිදී සිතියානුවන් විසින් දකුණු දෙසින්වූ ඇනටෝලියාවට ඔවුන් පලවා හරන තෙක්, කෝකසස් පෙදෙසට සහ ඈසෝෆ් මුහුදට උතුරින් ජීවත්වූ, පුරාතන ඉන්දු-යුරෝපියානු ජන කොට්ඨාශයකි. භාෂාමය වශයෙන්, ඔවුන් හැඳින්වෙන්නේ ඉරානියානු ලෙසින් හෝ, සමහරවිට ඉරානියානු පාලන පන්තියක් සහිත ත්‍රේෂනියානු ලෙසිනි.පොන්ටික් ස්ටෙප්ස් තණබිම් පෙදෙසෙහි සිට ඔවුන්ගේ නිර්ගමනයෙන් පසුව, ක්‍රිපූ 714දී පමණ, සිමේරියානුවෝ උරාතු වෙතට පහර එල්ල කල මුත්, වසර 705දී ඇසිරියාවේ දෙවන සැරගෝන් රජ විසින් පළවා හරිනු ලැබීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය ඇනටෝලියාව වෙත යොමුවූ අතර, වසර 696–695 දී ෆ්‍රිජියා යටත් කර ගත්හ. වසර 652දී, ලිඩියාවේ අගනගරය වූ සාර්ඩීස් යටත් කරගැනුමෙන් අනතුරුව, ඔවුහූ බලයෙහි මුදුන් හිණි පෙත්තට නැංගාහ. ඔවුන්ගේ අවනතිය විගසින් ඇරඹුනු අතර, ලිඩියාවේ අලියාටීස් විසින් වසර 637 හෝ 626 දී ඔවුන් පරාජය කිරීම, ඔවුන්ගේ අවසන් පරාජය ලෙසින් සටහන්වී ඇත. ඉන්පසුව, ඓතිහාසික මූලාශ්‍රයන්හි ඔවුන් සඳහන් නොවන අතර, බොහෝවිට කැපඩෝකියා ප්‍රදේශයෙහි පදිංචි වන්නට ඇත.[2]සටහන්[සංස්කරණය]↑ ගෝර්ඩන්, බෲස්. "රෙගනල් ක්‍රොනොලොජීස්". සම්ප්‍
රවේශය 8 මැයි 2013.↑ "සිමේරියන් (ජනයා)". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2012.නාභිගත වන ගැඹුර යනු කාචයට සාපේක්ෂව ප්‍රතිබිම්බ තලය පිහිටුවීමේ නිදහස ඇති පරාසයයි. අතීතයේදී නාභිගත වන ගැඹුර ලෙස හැඳින්වුවද දැන් බොහෝ විට මෙය ක්ෂේත්‍රයේ ගැඹුර ලෙස හඳුන්වයි. මේ සඳහා නුතනම යෙදීම වන්නේ ප්‍රතිබිම්බ පැති දුර යන්නයි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න ප්‍රතිබිම්භයේ තියුණුතාව පිළිබඳව වූ මිණුමකි. නාභිගත වන ගැඹුර යන්න කාචය පසුපස ඇති තිරය මත තියුණුව නාභිගත වන පරාසය පිළිබඳ මිණුමකි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න මීටර හෝ අඩි වලින් මනින අතර නාභිගත වන ගැඹුර යන්න මිලිමීටරෙන් කොටසක පංගුවක් පමණ කුඩා වේ. මෙම මිනුමෙන් තිරයේ පිහිටීම වෙනස්විය හැකි නිදහස දක්වන නිසා මෙය කාචයේ තිරයේ නිදහස ලෙසද හැඳින්වේ. ක්ෂේත්‍රයේ ගැඹුරට බලපාන කරුණු නාභිගත වන ගැඹුරට ද බලපායි. සිදුරු ප්‍රමාණය කුඩාවත්ම ක්ෂේත්‍රයේ ගැඹුර සහ නාභිගත වන ගැඹුර යන දෙකම වැඩිවේ. ස්ථායි F අංකයක් යොදා ගෙන දුර ඇති වස්තුක් සැලකීමේදී ක්ෂේත්‍රයේ ගැඹුර නාභිය දුරට සහ වස්තු දුරට සංවේදි නොවේ. නමුත් දුර ඇති වස්තුවක නාභිගත වන ගැඹුර දිගු නාභිදුරක් හෝ අඩු වස්තු දු
රක් සමඟ වැඩිවේ. කුඩා නිමැවුම් සමඟ ජේල් හෝ වෙනත් පෙරහනයක් භාවිතා කිරීම අර්බුදකාරී තිරණයක් විය හැකිය. කාචයේ පසුපසින් වෙනත් දෑ භාවිතය මගින් ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වී නාභිය තලයේ පිහිටිම වෙනස් වේ. එබැවින් මෙසේ වෙනත් දෑ භාවිතා කිරීමේදී නාභිය තලයේ වෙනස් වීම නොසැලකිය හැකි තරම් කුඩා වීමට වග බලා ගත යුතු වේ. ක්ෂේත්‍රයේ ගැඹුර ගණනය කර ගැනීම සඳහා දළ සමීකරණයක් භාවිතා කරනු ලැබේ. එනම් ක්ෂේත්‍රයේ ගැඹුර යනු, නාභිදුර සහ F - නැවතුම යන්නෙහි ගුණිතය 1000 න් බෙදු විට ලැබෙන අගයයි. (මෙම සමීකරණයේ පුළුල් පරාස කාච වලට හෝ ටෙලිෆොටෝ කාච වලට වඩා සාමාන්‍ය කාච වලට වලංගු වේ.)සටහන්[සංස්කරණය]Depth of focusචේම්බර් සංගීතය ශාස්ත්‍රිය සංගීතයේ වැදගත් අංශයකි. නමුත් මෙහිදි සංගීත නිර්මාණය කරනු යේ සුළු වාදක භාණ්ඩ ප්‍රමාණයකටය. මෙම ක්‍රමයේදි එක් සංගීත ඛණ්ඩයක් එක් කර්මපක ලෙස නිර්මාණකයන් කිහිපදෙනෙකු අතනි මුළු සංගීත නිර්මාණය සිදු කෙරෙයි. "චෙම්බර්" යන පදයෙන් අදහස් කරනුයේ මෙම සංගීත නිර්මාණ ඉතා කුඩා ඉඩක ඇසිමට‍හෝ වාදනය කිරිමට සළස්වන බවයි.පුරාණ කාලයේදි වේම්බර් සංගීතය වැඩි වශයෙන් භාවිත වුයේ ආධුනික නිර්මාණකරුවන් අතරය. අද වන
විට එය ප්‍රසංග වේදිකායව දක්වා ව්‍යාප්ත විය ඇති අතර අනෙකුත් සංගීත ශෛලින් මෙන්ම එයටම ආවේනික ලක්ෂණ වලින් සමන්විත වේ.මනෝවිද්‍යාවආකෘතියඉතිහාසයඋපක්ෂේත්‍රමූලික ආකාරඅවප්‍රමාණBehavioral geneticsජීවවිද්‍යාත්මකඥානාත්මකතුලනාත්මකCross-culturalCulturalආන්තරDevelopmentalපරිණාමීයසම්පරීක්ෂණMathematicalස්නායුමනෝවිද්‍යාවපෞරුෂPositiveQuantitativeසමාජ මනෝවිද්‍යාවව්‍යවහාරික මනෝ විද්‍යාවApplied behavior analysisසායනිකCommunityConsumerCounselingCriticalඅධ්‍යාපනEnvironmentalErgonomicsඅධිකරණHealthමානවවාදීIndustrial and organizationalInterpretiveLegalMedicalMilitaryMusicOccupational healthPoliticalReligionSchoolSportTrafficListsDisciplinesOrganizationsPsychologistsPsychotherapiesPublicationsResearch methodsTheoriesTimelineTopics මනෝවිද්‍යාව ද්වාරයvteඅධිකරණ මනෝ විද්‍යාව සහ නීති පද්ධතිය අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. එය එකතු කිරීම, පරීක්ෂා කිරීම, අධිකරණ කටයුතු සඳහා මානසික විද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීම යන අංග ඇතුළත් ව්‍යවහාරික මනෝ විද්‍යාවේ එන එක් අං
ගයකි.යොදා ගැනීම සඳහා නීතිමය කටයුතු විශ්ලේෂණය සඳහා අධිකරණ කටයුතු සඳහා අදාල නීති පිළිබඳ අවබෝධය, විනිශ්චකාරතුමා හෝ විනිසුරු, නොතාරිස්වරුන් සහ අනෙකුත් නීති කටයුතු සඳහා අදාල වෘත්තිකයින් සමඟ උචිතව කටයුතු කිරීම අයත් වේ. මෙහි වැදගත්ම අංගය අධිකරණය තුළ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් මනෝ විද්‍යාත්මක සොයාගැනීම් නීතිමය වෘත්තිකයින්ට අවබෝධ කරගත හැකි වන ආකාරයට නැවත හැඩ ගැස්වීමයි. විශ්වාසදායී සාක්ෂිකරුවන් වීම සඳහා උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ , අධිකරණ මනෝ විද්‍යාඥයින් දර්ශනවාදය අවබෝධය , ඇමරිකානු අධිකරණ තුළ නීති සහ රෙගුලාසි අවබෝධ කර ගැනීම, මෙන්ම මනෝ විද්‍යා වෘත්තියේ හොඳ පුහුණුවක් තිබීම අවශ‍්‍ය වේ. මූලිකවම එම පද්ධතිය ක්‍රියා කරන උපදේශක ආකෘතිය පිළිබඳ අව‍බෝධයක් ලබා ගැනීමයි. තවද දෘෂ්‍යමාන සාක්ෂි සඳහා නීති ද විශේෂයෙන්ම exclusionary නීති ද ඇත. මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම අධිකරණය තුළ මනෝ විද්‍යාඥයකුගේ විශ්වාසදායී බව නොමැති වීමට හේතුවයි.අධිකරණ මනෝ විද්‍යාඥයකු සායනික, සමාජීය, සංවිධානාත්මක හෝ වෙනත් මනෝ විද්‍යාත්මක අංශ යටතේ පුහුණුව ලද්දෙකු විය හැක. ඇමරිකාවේ අධිකරණය තුළ විශේෂඥ සා
ක්ෂිකරුවකු ලෙස තනතුරු ලැබී‍මට පුහුණුව, අත්දැකීම් හෝ දෙඅංශය තිබීම අවශ්‍ය අධිකරණයක් තුළ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස‍ තෝරා පත්වන වාර ගණන ඔහුගේ අත්දැකීම් සහ ප්‍රසිද්ධිය මත වැඩිවේ.අධිකරණය තුළ දී අධිකරණ මනෝ විද්‍යාඥයකුගෙන් අසන ප්‍රශ්න සාමාන්‍යයෙන් මනෝ විද්‍යාත්මක ඒවා නොව නීතිමය ඒවා වෙයි. එමනිසා අධිකරණයට තේරුම් ගත හැකි ආකාරයට පිළිතුරු දීම ඔහුගේ වගකීමකි. උදාහරණයක් ලෙස අධිකරණය බොහෝ විට විත්තිකරුවකු ලෙස පෙනී සිටීමට යෝග්‍ය බව පරීක්ෂා කිරීමට අධිකරණ මනෝ විද්‍යාඥයකු පත් කරයි. තවද වරද සිදු වූ අවස්ථාවේ විත්තිකරුගේ මානසික ස්වභාවය ඇගයීම සඳහා ද බොහෝ විට පත් කරනු ලබයි. වරද සිදුවන අවස්ථාවේ දී මෙය විත්තිකරු ප්‍රකෘති සිහියෙන් සිටීද යන්න ඇගයීම ලෙස හැඳින්විය හැක. මේවා මූලිකව මනෝ විද්‍යාත්මක ප්‍රශ්න නොව නීතිමය ගැටළු වන නිසා අධිකරණ මනෝ විද්‍යාඥයකු ලෙස මනෝ විද්‍යාත්මක තොරතුරු නීතිමය ‍රාමුවකට හැඩගැස්වීමට හැකියාවක් තිබිය යුතුය.මීට අමතරව අධිකරණ මනෝ විද්‍යාඥයා නඩු තීන්දුවට සුදුසු බව ප්‍රතිකාරයන්ට සුදුසු බව සහ වෙනත් විනිශ්චයකාරවරයාට අවශ්‍ය තොරතුරු ලබාදේ. එනම් අනාගතයේ අවදානම සාක්ෂිකරුගේ විශ්වාසදායී ඇගයීම යන්න කරනු ලැබේ.
අධිකරණ මනෝ විද්‍යාව පොලීසිය සහ අනෙකුත් නීතියට බලපෑම් කළ හැකි පුද්ගලයින්ට පුහුණුව සහ ඇගයීම සඳහා කටයුතු කරයි. අධිකරණ මනෝ විද්‍යාඥයා , මහජන ආරක්ෂකයින් වන (රාජ්‍ය නොතාරිස්) සහ පුද්ගලික නොතාරිස්වරු යන දෙපාර්ශවයම සමඟ කටයුතු කරයි. මීට අමතරව ජූරි සභිකයින් තෝරා පත් කර ගැනීමට ද උපකාරී වේ.ආශ්‍රිත ලිපි[සංස්කරණය]Applied psychologyForensic psychiatrySettled insanityCompetency evaluation (law)List of United States Supreme Court cases involving mental healthMedia psychologyMedical jurisprudenceසටහන්[සංස්කරණය]මූලාශ්‍ර[සංස්කරණය]භාහිර සබැඳි[සංස්කරණය]American Academy of Forensic Psychology Board-certified forensic experts, continuing education.American Board of Forensic Psychology Board certification and other information.American Psychology - Law SocietyAustralian and New Zealand Association of Psychiatry, Psychology and LawEuropean Association of Psychology and LawEuropean Association of Psychology and Law Student Society Resources and Fact sheets on Forensic Psychologyvteමනෝවේද
ය (Psychology) ඉතිහාසය · ද්වාරය · මනෝ විද්‍යාඥයා මූලික Affective  · Biological · සායනික  · ප්‍රජානන  · Cognitive neuroscience · තුලනාත්මක  · සංවර්ධනාත්මක  · Emotion · Evolutionary · පර්යේෂණාත්මක  · Mathematical · Neuropsychology · පෞරුෂත්ව  · Physiological · Positive · Psycholinguistics · මනෝ ව්‍යාධි වේදය · Psychophysics · Psychophysiology · Qualitative research · Quantitative research · Social · Theoretical Applied Assessment · Clinical · Counseling · Educational · Forensic · Health · Industrial/organizational · Legal · Media · Military · Occupational health · Psychometrics · Relationship counseling · School · Sport · Systems Orientations Analytical · Behaviorism · Cognitive behavioral therapy · Cognitivism · Descriptive · Ecological Systems Theory · Existential therapy · Family therapy · Feminist therapy · Gestalt psychology · Humanistic · Narrative therapy · Psychoanalysis · Psychodynamic psychotherapy · Rational emotive behav
ior therapy · Transpersonal Eminentpsychologists Gordon Allport · Albert Bandura · Raymond Cattell · Kenneth and Mamie Clark · Erik Erikson · Hans Eysenck · Leon Festinger · Sigmund Freud · Donald O. Hebb · Clark L. Hull · William James · Carl Jung · Jerome Kagan · Kurt Lewin · Abraham Maslow · David McClelland · George A. Miller · Neal E. Miller · Walter Mischel · Ivan Pavlov · Jean Piaget · Carl Rogers · Stanley Schachter · B. F. Skinner · Edward Thorndike · John B. Watson Lists Counseling topics · Important publications in psychology · Psychological research methods · Psychological schools · Psychologists · Psychology disciplines · Psychology organizations · Psychology topics · Psychotherapies · Timeline of psychology Wiktionary definition · Wikisource · Wikimedia Commons · Wikiquote · Wikinews · Wikibooksවත්මන් නිල වේලා කලාප දැක්වෙන ලෝක සිතියමසමායෝත සාර්වත්‍ර වේලාව (UTC) යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රා
ථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT) හා සම්බන්ධී අනුප්‍රාප්තිකයන් කිහිපයක් අතුරින් එකකි. බොහෝ අවස්ථාවන්හිදී, UTC යන්න GMT හා තුල්‍යාර්ථක වූද, විද්‍යාත්මක ප්‍රජාව විසින් GMT තවදුරටත් නිවැරැදිව අර්ථදක්වනු නොලැබේ.vteසමායෝත සාර්වත්‍ර වේලාව (UTC, Coordinated Universal Time)UTC offset for standard time and Daylight saving time (DST)Italics: historical or unofficial180° to < 90°W−12:00−11:00−10:30−10:00−09:30−09:00−08:30−08:00−07:0090°W to < 0°−06:00−05:00−04:30−04:00−03:30−03:00−02:30−02:00−01:00−00:44−00:25:210° to < 90°E±00:00+00:20+00:30+01:00+01:24+01:30+02:00+02:30+03:00+03:30+04:00+04:30+04:51+05:00+05:30+05:40+05:4590°E to < 180°+06:00+06:30+07:00+07:20+07:30+08:00+08:30+08:45+09:00+09:30+09:45+10:00+10:30+11:00+11:30(180° to < 90°W)+12:00+12:45+13:00+13:45+14:00Time zone data sourcestz databaseLists of time zonesTime zones by countryTime zones by UTC offsettz database time zonesMilitary time zones
Time zone abbreviationsDaylight saving time by countryසහශ්‍රවර්ෂය:1 වන සහස්‍රවර්ෂයසියවස්:6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවසදශක: 570ගණන්  580ගණන්  590ගණන්  – 600ගණන් –  610ගණන්  620ගණන්  630ගණන් වසර:598 599 600 – 601 – 602 603 604වසර 601 (DCI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 601 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.කොහොඹAzadirachta indica, flowers & leavesවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:PlantaeDivision:Flowering plantගෝත්‍රය:Sapindalesකුලය:Meliaceaeගණය:'Azadirachta'විශේෂය:A. indicaද්වීපද නාමයAzadirachta indicaAdrien-Henri de Jussieuකොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta indica) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දිය
ාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී.හැඳින්වීම[සංස්කරණය]කොහොඹ ශාකය සීග්‍රයෙන් වර්ධනය වන අතර මීටර 15-20 (අඩි 50) පමණ උසට වැඩේ. මීටර 35-40 උස යන ගස් කලාතුරකින් දක්නට ලැබේ. මෙම ශාකය දේවදාර ශාකයට සමාන බවක් දක්වයි. මෙය ශක්තිමත් කඳක් සහිත ගසකි. සෑම අතටම විහිදුනු අතුවල ශාක පත්‍ර විශාල වශයෙන් දක්නට ලැබේ. එම නිසාම කොහොඹ හොඳ සෙවණ ඇති ගසක් ලෙස ප්‍රචලිතය. කොහොඹ තිත්ත රසට හොඳම නිදර්ශනයක් වේ. කඳේ පොත්තත්, ශාඛ පත්‍රත් තිත්ත රසය. පොත්තේ තිත්ත කහට රසක් ඇත. පොත්ත දුඹුරු පැහැතිය. ළපටි අතු සිනිදුය.කොහොඹ කඳ ඉතාමත් ශක්තිමත් ඒවාගේම බර ද වේ. කඳෙන් ඉරා ගත් ලීයක ඝන අඩියක් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ බරය. කඳ කැපූ විට රතු පාටය. ඉන්පසු ටිකින් ටික රතු පැහැයට හුරු
දුඹුරු පැහැයකට හැරේ. කොහොඹ ලීය හොඳන් පදම් කළ හැකිය. නොයෙක් කැටයම් සඳහා සුදුසුය. නමුත් හොඳන් ඔප දැමිය නොහැක. කොහොඹ ලීයට ගුල්ලන් සහ අනෙකුත් කෘමීන්ගෙන් හානියක් නොමැත.පැරණි නිවෙස් වල උඵවහු, ජනේල, කරත්ත සහ නගුල් සඳහා කොහොඹ ලී භාවිතා කර තිබේ. දෙපසට විහිදුනු පත්‍ර සෙන්ටිමීටර 20-40 ක් අතර දික්ව පිහිටන අතර සෙන්ටිමීටර 20-31 මධ්‍යම ප්‍රමාණයේ සිට සෙන්ටිමීටර 3-8 තද කොළ පැහැති පත්‍රිකා දක්වා විහිදෙයි. කෙළවර පත්‍රිකාව බොහෝ දුරට දක්නට නොමැත. පත්‍ර වෘන්තය කෙටිය. කොහොඹ මල්(සුදු සහ මනා සුවඳැති) සැකසී ඇත්තේ කක්ෂයෙන් පිපෙන විසිරැනු මල් ඉත්තක් ලෙසිනි. එම ඉති සෙන්ටිමීටර 25 ක් පමණ දික් වේ. එක් මල් ඉත්තක් මල් 150-250 පමණ දරා සිටී. එක් මලක් මිලිමීටර 5-6 පමණ දික්වන අතර මිලිමීටර 8–11 පමණ පුලුල් වේ. ප්‍රපුන්පරිණත, ද්වීලිංගික මල් සහ පුරුෂ මල් එකම ශාකයක දක්නට ලැබේ.කොහොඹ ශාකයෙහි මල් හටගනු ලබන්නේ මාර්තු සිට මැයි දක්වා කාල සීමාවේදීය. ගසෙන් නෙලා ගත් මල් හා අව්වේ වේලාගත් මල් යොදා යාපනය ප්‍රදේශයේ ගෘහනියන් රසවත් ව්‍යන්ජනයක් පිසියි.කොහොඹ ගෙඩිය (පළතුර,ඵලය) සෙන්ටිමීටර 2ක් පමණ දිගටිය. ගෙඩියේ අෂ්ටිඵලයේ හැඩය තරමක් රවුම් ඕවල
ාකාරව දික්ව පිහිටයි. ඉදුණු ගෙඩියක් සෙන්ටිමීටර 1.4–2.8 සිට 1.0–1.5 දක්වා වේ. ගෙඩියේ පොත්ත සිනිදු හා දම් පැහැතිය. කොහොඹ ගසෙහි සෑම කොටසක්ම තිත්ත වුවත් ගෙඩි තිත්ත නැත. ගෙඩියේ පොත්ත තුල ඇත්තේ තිත්ත හා පැණි රස මුසු කහ පැහැයට හුරු සුදු පැහැති කෙඳි සහිත ලොඳකි. මෙහි අන්තර් කෝශය සෙන්ටිමීටර 0.3–0.5 පමණ උකුය. ගෙඩියේ සුදු පැහැති තද අභ්‍යන්තරාවරණය(ගෙඩිය ඇතුල් කටුව) තුළ දුඹුරු පැහැති ලෙල්ලක් සහිත දිගටි බීජයක් ඇත. කලාතුරකින් බීජ 2,3 සහිත ගෙඩි ද දක්නට ලැබේ. එම බීජයෙන් කොහොඹ තෙල් හිඳ ගනී. තෙල් හිඳ ගත් පසු ඉතිරිය පොහොර වශයෙන් භාවිතයට ගනී. කොහොඹ ගෙඩි කුරැල්ලන්ගේ හා ලේනුන්ගේ ප්‍රියතම ආහාරයක් වේ. පරිසර විද්‍යාව[සංස්කරණය]කොහොඹ නියගයට ඔරොත්තු දෙන ශාකයකි. සාමාන්‍යයෙන් මෙම ශාකය ව්‍යාප්ත වන්නේ වියළි හා තෙත මිශ්‍ර පාරිසරික තත්ත්වයක, මිලිමීටර 400-1200 අතර වාර්ෂික වර්ෂාපයතනයක් යටතේය. වාර්ෂික වර්ෂාපයතනය මිලිමීටර 400 ට අඩු ප්‍රදේශයන්හී ද මෙය වැවිය හැකි නමුත් එවැනි අවස්ථාවකදී එය බොහෝ දුරට භූමීය ජල මට්ටම මත රඳා පවතී. කොහොඹ විවිධ පස් වර්ගයන්හි වැවිය හැකි නමුත් එය හොඳින් ව්‍යාප්ත වන්නේ ජලය බැස යන වැලි සහිත පසෙහිය. ම
ෙය නිවර්තන මෙන්ම අර්ධ ශුෂ්ක ගසක් ලෙස්ද පෙනී සිටින අතර වාර්ෂික මධ්‍යන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-32 අතර වේ. එයට ඉතා ඉහළ උෂ්ණත්වයන් දරා සිටිය හැකි නමුත් සෙල්සියස් අංශක 4ට අඩු උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය නොහැක. කොහොඹ යනු නියං පවතින බිම්වල ව්‍යාප්ත වන සිසිල සලසන ශාකයන් අතලොස්සෙන් එකකි. උදාහරණ ලෙස ශුෂ්ක වෙරළාශ්‍රිත, ඉන්දියාවේ සහ පාකිස්තානයේ දකුණු ප්‍රදේශයන් දැක්විය හැක. මෙම ගස් ජලයේ ගුණය සමග එතරම් සන්වේදී භාවයක් නොදක්වන අතර ව්‍යාප්ත වන්නේ සුලු ජල ප්‍රමාණයකය. ඉන්දියාව තුල සහ නිවර්තන රටවලට ඉන්දියානු ජනයාගේ විසිර යමෙදී, වීධී දෙපස ද, පූජනීය ස්ථාන ආශ්‍රිතවද, පාසල් සහ අනෙකුත් පොදු ගොඩනැගිලි හෝ බොහෝ මිනිසුන්ගේ පසුපස මිදුල්හි ද සෙවණ සඳහා කොහොඹ ගස් යොදා ගත් බව පොදුවේ දැකිය හැකි කරුනකි.කොහොඹ ගස් ඉතා වියලි ප්‍රදේශයන්හි විශාල වශයෙන් වගා කර ඇත.වල් පැළෑටි තත්ත්වය[සංස්කරණය]බොහෝ ප්‍රදේශයන්හි කොහොඹ වල් පැළෑටියක් ලෙස නිගමනයන්ට එළඹ ඇත. සමහර මැදපෙරදිග කොටස් ද වැඩි වශයෙන් උප සහරානු අප්‍රිකා කොටස් ද බටහිර අප්‍රිකා හා ඉන්දීය සගරය ආශ්‍රිත කොටස් ද මීට ඇතුලත් වේ. පරිසර විද්‍යාත්මකව ගත් කළ එවැනි ප්‍රදේශයන්හි ද තවද
ුරටත් කොහොඹ ශාකය නොනැසී පවතී. නමුත් මෙය වල් පැලෑටියක් බවට තවමත් සම්පූර්ණයෙන් තහවුරු කර නොමැත.ඊතා වටිනා ගසකිප්‍රයෝජන[සංස්කරණය]කොහොඹ ගසපිලිපීනයේ කොහොඹ ගසඉන්දියාවේ කොහොඹ ගසේ කොළඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.එළවලුවක් ලෙස[සංස්කරණය]ඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී. කොහොඹ අග්නිදිග ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක භාවිතයට ගනී. කොලොම්බියාව, ලාඕසය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් ඒ අතරින් විශේෂ වේ. හොඳින් පිසගත්තද, මෙය ඉතා තිත්ත රසැති ආහාරයක් බැවින් මෙම
ප්‍රදේශයන්හි සියලුම නිවැසියන් මෙවා අනුභව නොකරයි. මෙය සෞඛ්‍යට හිතකර ආහාරයක් බවට විශ්වාසයක් තිබේ. කොහොඹ මැලියම් වල ප්‍රෝටීන් බහුලය. මියන්මරයේ, නොමේරූ කොහොඹ කොළ සහ මල් සියඹලා සමග තම්බා තිත්ත ගතිය අඩු කොට එළවලුවක් ලෙස ආහාරයට ගනී. තව ද මියන්මාර ජනයා කොහොඹ කොළ අච්චාරුව තක්කාලි සහ මාලු මිශ්‍රිත සෝස් සමග අනුභව කරයි.සාම්ප්‍රදායික ඔෟෂධයක් ලෙස[සංස්කරණය]ඉන්දියාවේ මිලියන 2 කට අධික ප්‍රමාණයක්, කොහොඹ ශාකය ආශ්‍රයෙන් සදන නිෂ්පාදිත වල ලෙඩ සුව කරන ගුණයක් ඇති බව සලකා භාවිතයට ගනී. ආයුර්වේදයේ නියතු වුවන් කොහොඹ නිෂ්පාදිත ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශකයක් ලෙස විශ්වාස කරයි. මෙය ආයුර්වේදයේ හා යුනානි වෙදකමෙහි ප්‍රධාන සංරචකයක් වේ. එහිදී කොහොඹ විශේෂයෙන් සමේ රෝග සඳහා නිර්දේශ කොට ඇත. එසේම කොහොඹ තෙල් හිසකෙස් නිරොගී කර ගැනීමටත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත්, ලේ වල සීනි මට්ටම පාලනය කර ගැනීමටත් භාවිතා කරයි. කොහොඹ කොළ සමේ රෝග(උදා:දද, සෝරෙෙසියසිස්) සත්කාරකයක් ලෙස යොදාගනී.කෙසේ වුවද කොහොඹ ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ සෙවීම් ඉතාමත් අඩු බව දක්නට ලැබේ.කොහොඹ දිගුකා
ලීනව භාවිතය වකුගඩු සහ අක්මාවට හානි පැමිණවිය හැකි බැවින් තරුණ ජනතාවට මෙය කෙටිකාලීනව භාවිත කල හැක. කොහොඹ තෙල් විෂවීම් නිසා කුඩා දරුවන් මරණයට පත්වීම් සිදුවිය හැක. කොහොඹ ගබ්සා වීම්, මදසරු භාවය හා ලේ වල සීනි ප්‍රමාණය අඩු වීමට හේතු විය හැක. අවදානම් තත්ත්වය[සංස්කරණය]කොහොඹ තෙල් විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මොළයේ ආබාධ සහ අක්ෂිගත ආබාධ ඇතිවිය හැක.කෘමී හා විෂබීජ නාශකයක් ලෙස[සංස්කරණය]කොහොඹ රසායනික පළිබෝධ නාශක වෙනුවට භාවිත කළ හැකි ස්වාභාවික පළිබෝධ නාශකයකි. කුඩු කරගත් කොහොඹ ඇට රැය පුරා පෙගෙන්නට හැර බෝග වලට ඉසිනු ලැබේ. මෙහි ඵලදායී කර ගැනීම සඳහා දවස් 10කට වරක්වත් දිගින් දිගටම යෙදිය යුතුය. කොහොඹ බෝග වල සිටින කෘමීන් එකවර විනාශ නොකරයි. එය කෘමී වර්ධනය හීන කිරීමත් බිත්තර දැමීම පාලනය කිරීමත් මගින් බෝග හානිය වලක්වයි. කෘමීන් ආහාර නොමැති වීමෙන් කිහිප දිනකින් විනාශ වේ. කොහොඹ පොහොර ලෙස විකුණයි.කොහොඹ තෙල් වේයන් වර්ධනය වලක්වමින් පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කරයි.අනෙකුත් ප්‍රයෝජන[සංස්කරණය]පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්
‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි. එසේම ඉහල ව⁣ටිනාකමක් ඇති ශක්තිමත් දැවයකි.ගෘහභාණ්ඩ, උළුවහු, දොරජනෙල් නිපදවීම සඳහා යොදාගනී.පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට
හිමිකම් කියයි.Salimuzzaman Siddiqui නම් විද්‍යාඥයා කොහොඹ වල ගුණ(ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශක) ප්‍රථමයෙන් පෙන්වා දුනි.1942 දී, ඔහු විසින් තිත්ත රසයන් 3 ක් පෙන්වා දුනි. පින්තූර ගැලරිය[සංස්කරණය]පුෂ්ප.ගසගසගෙඩිAzadirachta indica - Museum specimenකොහොඹ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.නිර්දේශය[සංස්කරණය]වැඩිදුර කියවීම සඳහා[සංස්කරණය]Ghorbanian, M; Razzaghi-Abyaneh M; Allameh A; Shams-Ghahfarokhi M; Qorbani M (Jan 2008). "Study on the effect of neem (Azadirachta indica A. juss) leaf extract on the growth of Aspergillus parasiticus and production of aflatoxin by it at different incubation times". Mycoses (journal). 51 (1): 35–39. PMID 18076593. {{cite journal}}: Text "Mycoses" ignored (help)Razzaghi-Abyaneh, Mehdi (June 2005). "Morphological alterations in toxigenic Aspergillus parasiticus exposed to neem (Azadirachta indica) leaf and seed aqueous extracts". Mycopathologia. 159 (4): 565–570. PMID 15983743. ස
ම්ප්‍රවේශය July 2013. {{cite journal}}: Check date values in: |accessdate= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)Allameh, A (2002). "Effects of neem leaf extract on production of aflatoxins and activities of fatty acid synthetase, isocitrate dehydrogenase and glutathione S-transferase in Aspergillus parasiticus". Mycopathologia. 154 (2): 79–84. PMID 12086104. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)"Neem officially becomes Sindh's tree". Daily Times (Pakistan). Karachi. April 14, 2010. සම්ප්‍රවේශය 15 July 2013. {{cite news}}: Text "Daily Times" ignored (help)බාහිර සම්බන්ධක[සංස්කරණය]Invasiveness information from Pacific Island Ecosystems at Risk (PIER) සංරක්ෂණය කළ පිටපත 2012-03-08 at the Wayback MachineNeem information සංරක්ෂණය කළ පිටපත 2010-07-09 at the Wayback Machine from the Hawaiian Ecosystems at Risk project (HEAR)මෙම ලිපිය වනාහි Snakebite ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්ත
නයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.සර්ප දෂ්ඨ කිරීමක් යනු සර්පයෙකු විසින් සපා කෑමකි. සර්පයෝ සමාන්‍ය‍ෙයන්ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගොදුරට දෂ්ඨ කළද ඇතැම් විට මිනිසුන්ටද දෂ්ඨ කරති. මිනිසුන්ට මෙම සර්ප දෂ්ඨ කිරීම් මග හරවා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා සර්පයන් දෂ්ඨ කිරීමේ‍ ‍ෙහ්තුව පිළිබද අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනිමේ ක්‍රම ප්‍රථමාධාර සහ රෝහල්ගත කිරීමේදී ලැබෙන ප්‍රතිකාර පිළිබද අවබෝධයක් තිබීම උපකාරී වේ.ප්‍රථමාධාර[සංස්කරණය]අවස්ථාවන්හිදීපැස්කලය (සංකේතය: Pa)යනු පීඩනය, ආතතිය, Young's modulus හා tensile strength මැනීමේ අන්තර්ජාතික ඒකකයයි.pascalA pressure gauge reading in psi (red scale) and kPa (black scale)General informationUnit systemSI derived unitUnit ofPressure / StressSymbolPaNamed afterBlaise PascalIn SI base units:1 Pa = 1 kg/(m·s2)පලාළිනගරයරටලංකාපළාතඋතුරු පළාතදිස්ති‍්‍රක්කයාපනයපලාළ
ි (ඉංග්‍රීසි:Palali)යාපනයේ තිබෙන එක් කුඩා ගම්මානයකි.TuvaluකොඩියCoat of armsඋද්යෝග පාඨය: "Tuvalu mo te Atua" (Tuvaluan)"සර්වබලධාරී ටුවාලු"ජාතික ගීය: [Tuvalu mo te Atua] Error: {{Lang}}: text has italic markup (help)  (Tuvaluan)Tuvalu for the Almightyරාජකීය ගීය: God Save the Queenඅගනුවරෆුනාෆුටිනිල භාෂා(ව)TuvaluanEnglishජනවාර්ගික කණ්ඩායම් 96% Polynesian4% Micronesianආගම Congregational Christian Church of Tuvaluජාති නාම(ය)TuvaluanරජයParliamentary democracy under constitutional monarchy & Non-partisan democracy• Monarch Elizabeth II• Governor General Iakoba Italeli• Prime Minister Enele Sopoagaව්‍යවස්ථාදායකයParliamentIndependence• from the United Kingdom 1 October 1978වර්ග ප්‍රමාණය• සම්පූර්ණ26 km2 (10 sq mi) (236th)• ජලය (%)negligibleජනගහණය• 2012 (United Nations) ඇස්තමේන්තුව10,837 (2012 Population & Housing Census Preliminary Analytical Report)[1] (229th)• ඝණත්වය475.88/km2 (1,232.5/sq mi) (22nd)දදේනි (ක්‍රශසා)2010 (est.) ඇස්තමේන්තුව• සම්පූර්ණUSD36 million (223rd)• ඒක පුද්ග
ල$3,400 (2010 est.) (164th)දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව• සම්පූර්ණ$38 million (187th)• ඒක පුද්ගල$3,861 (111th)ව්‍යවහාර මුදලTuvaluan dollarAustralian dollar (AUD)වේලා කලාපයUTC+12රිය ධාවන මං තීරුවleftඇමතුම් කේතය+688ISO 3166 codeTVඅන්තර්ජාල TLD.tvඑලිස් දූපත් නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රේලියාව අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆීජි යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරු ද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග
කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනීසියන්වරු වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Tuvalu: Millennium Development Goal Acceleration Framework – Improving Quality of Education" (PDF). Ministry of Education and Sports, and Ministry of Finance and
Economic Development from the Government of Tuvalu; and the United Nations System in the Pacific Islands. April 2013. සම්ප්‍රවේශය 13 October 2013.මිනුවන්ගොඩMinuwangodaසුළු නගරයCountry ශ්‍රී ලංකාවපළාතබස්නාහිර පළාතදිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කයවේලා කලාපSLST (UTC+5.30)Postal code11550දුරකථන කේතය(න්)011වෙබ් අඩවියminuwangodacity.comමිනුවන්ගොඩ නගරය ගම්පහ දිස්ත්‍රික්කයේ එක ප්‍රධාන නගරයකි. නිල්පනාගොඩ ගලේ දේවාලය මිනුවන්ගොඩ ආසන්නයේ පිහිටයි.ගමනාගමනය[සංස්කරණය]මහා මාර්ග[සංස්කරණය]දිවුලපිටිය හරහා කුරුණෑගලකටුනායකගම්පහජා-ඇල හරහා කොළඹපාසල්[සංස්කරණය]මිනු/නාලන්ද ජාතික පාසලමිනු/නාලන්ද (බාලිකා) පාසලමිනු/ජනාධිපති විද්‍යාලයමිනු/ප්‍රින්ස්හුඩ් විද්‍යාලය, බුරුල්ලපිටියමිනු/නිල්පනාගොඩ මහ විද්‍යාලය නිල්පනාගොඩමූලාශ්‍ර[සංස්කරණය]vteශ්‍රී ලංකාවේ මහ නගරජාතික අගනගරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන අගනගරය)කොළඹ (වාණිජ අගනගරය)මහනගර ප්‍රදේශමහනුවරඅනුරාධපුරගාල්ලයාපනයරත්නපුරබදුල්ලකුරුණෑගලකඩුවෙලදෙහිවල-ගල්කිස්සමොරටුවමීගමුවකල්මුණේමඩකලපුවමාතරගම්පහමාතලේඅක්කරපත්තුවබණ්ඩාරවෙලනුවරඑළියදඹ
ුල්ලහම්බන්තොටනගර සභා වලට අයත් නගර සීමාත්‍රිකුණාමලයඅම්බලන්ගොඩඅම්පාරබලංගොඩබේරුවලබොරලැස්ගමුවචාවකච්චේරිහලාවතඇඹිලිපිටියඑරාවුර්ගම්පොළහපුතලේහැටන්-දික්ඔයහික්කඩුවහොරණජා-ඇළකඩුගන්නාවකළුතරකාත්තන්කුඩිකටුනායක-සීදූවකෑගල්ලකැස්බෑවකින්නියාකොළොන්නාවකුලියාපිටියමහරගමමන්නාරමමිනුවන්ගොඩනාවලපිටියපානදුරපෑලියගොඩපේදුරු තුඩුවපුත්තලමසීතාවකපුරතලවාකැලේ-ලිඳුලතංගල්ලවැල්වැටිතුරෙයිවවුනියාවවත්තලවත්තේගමවැලිගමවංශ ප්‍රවේණික සහ රූපාණු බන්ධුතා සංකල්පයන් සංසන්දනයක්ජීව විද්‍යාත්මක වර්ගීකරණය යනු පෘථිවි ග්‍රහයා මත, අතීතයේ පැවැති හා වර්තමානයේ පවතින, ජීවයේ විවිධාංගීකරණය පිළිබඳ හා ජීවය පැවැති මුළු කාල වකවානුව මුළුල්ලේ ජීවින් අතර පැවැති සබැඳියාවන් පිළිබඳ හැදෑරීමයි.මෙම සම්බන්ධතාවයන් පරිණාමය හා සම්බන්ධ කෙරෙනු ලැබේ. වංශ ප්‍රවේණියන් යොදා පරිණාමයේ ගති ලක්ෂණයන් හඳුනා ගන්නේය. තවද වර්ගීකරණයන් පරිණාමයේ අතීතය තහවුරු කර ගැනීමට යොදා ගන්නේය.අතීතයේ පැවති වර්ගීකරණ ක්‍රම සියල්ලන්ම වාගේ කෘතීම වර්ගීකරණ ක්‍රම වූ අතර ඒවා බොහොමයක් මිනිසාගේ භාවිතය මත පදනම් විය.ජීවින් විද්‍යාත්මක වර්ගීකරණයක් කළ ප්‍රථම ත
ැනැත්තා ඇරිස්ටෝටල් වේ. ඔහු ජීවින් ශාක හා සතුන් ලෙස ප්‍රධාන කාණ්ඩ 2 කට බෙදන ලදී.ෆීෆා ලෝක කුසලාන 1978FIFA ලෝක කුසලානය හෝ සරල වශයෙන් ලෝක කුසලානය යනු, මෙම ක්‍රීඩාවෙහි ගෝලීය පාලන කායය වන්නාවූ සම්මේලන පාපන්දු පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ මණ්ඩලය Fédération Internationale de Football Association (FIFA) සාමාජිකයන්ගේ, ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙනු ලබන ජාත්‍යන්තර සම්මේලන පාපන්දු තරගාවලියකි. 1942 සහ 1946 දී දෙවන ලෝක යුද්ධය නිසාවෙන් එය නොපැවැත්වුනු අවස්ථාවන්හිදී හැර, 1930 ප්‍රාරම්භක තරගාවලියෙහි පටන්, සෑම සිව්වසරකට වරක්ම මෙම ශූරතාවය පිරිනමුනු ලැබ ඇත. වත්මන් ශූරයන් වන්නේ 2022 තරගාවලිය දිනූ [[ආජන්ටිනාව ජාතික පාපන්දු කණ්ඩායම|ආජන්ටිනාව] වෙති.තරගාවලියෙහි සඳහා වර්තමානයෙහි පවතින තරග පැවැත්වීමේ ක්‍රමය අනුව මසක් පමණ කාලයක් තුල සත්කාරක ජාතියට (ජාතීන්ට) අයත් ස්ථාන තුල ශූරතා අභිධානය උදෙසා කණ්ඩායම් 32 ක් තරග වදිති  – මෙම අවධිය බොහෝවිට හැඳින්වෙන්නේ ලෝක කුසලානය අවසන් තරග යනුවෙනි. සත්කාරක ජාතිය(න්) හා ඇතුළුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම් දැයි තීරණය කරනු වස් වර්තමාන
යේ තරගාවලිය පැවතෙන ප්‍රකාරයට අනුව මෙම අවසන් අවධියට පෙරාතුව තුන් අවුරුදු කාලයක් පුරා සුදුසුකම් ලැබීමේ අවධියක් පැවැත්වෙයි.දැනට පවත්වා ඇති ලෝක කුසලානය තරගාවලී 19 දිනා ඇත්තේ ප්‍රභින්න ජාතික කණ්ඩායම් අටක් විසිනි. බ්‍රසීලය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, සැම තරගාවලියකදීම තරග වැදුනු එකම කණ්ඩායම ඔවුහූ වෙති. ලෝක කුසලානයේ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ ජයග්‍රහණ සතරක් සමග වන ඉතාලිය; ජයග්‍රහණ තුනක් සමග වන ජර්මනිය; එකිනෙකා ජයග්‍රහණ දෙකක් සමග වන්නාවූ ආර්ජන්ටිනාව සහ එයට අමතරව ප්‍රාරම්භක ජයග්‍රාහකයන්ද වූ උරුගුවේ; සහ එකිනෙකා එක් ජයග්‍රහණයක් සමග වූ එංගලන්තය, ප්‍රංශය, සහ ස්පාඤ්ඤය වෙති.ලෝකයේ වඩාත් පුළුල් ලෙසින් නරඹන්නාවූ ක්‍රීඩා ඉසව්ව ලෝක කුසලානය වෙයි; නිමානය කෙරුණු මිලියන 715.1 ක ජනකායක් ජර්මනියේ පැවැත්වූ 2006 FIFA ලෝක කුසලානයෙහි අවසන් තරගය නැරඹූහ.[1]ඊලඟ ලෝක කුසලාන තුන සඳහා සත්කාරකත්වය සපයනු ලබනු ඇත්තේ 2014දී බ්‍රසීලය විසින්, 2018දී රුසියාව විසින් සහ, 2022දී කටාර් විසින් වෙති.ඉතිහාසය[සංස්කරණය]මූලික ලිපිය: FIFA ලෝක කුසලානයෙහි ඉතිහාසයපූර්ව ජාත්‍යන්තර තරගාවලී[සංස්කරණය]ලෝක‍යේ ප්‍රථම ජාත්‍යන්තර පාපන
්දු තරගය වූයේ ග්ලාස්ගෝහිදී 1872දී ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර පැවැති අභියෝගතා තරගය වන අතර,[2] එය 0–0 වශයෙන් ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. පළමු ජාත්‍යන්තර තරගාවලිය වූ බ්‍රිතාන්‍ය දේශීය ශූරතාවයෙහි ප්‍රාරම්භක අවධිය 1884දී පැවැත්විණි.[3] මෙම අවධියෙහිදී ක්‍රිඩාව එක්සත් රාජධානියෙන් පිටත ක්‍රීඩාකෙරුනේ බොහෝ කලාතුරකිනි.[උපහරණ ඇවැසිය] 20වන සියවසෙහි මුල් භාගය වන විට ලෝකයේ අනෙකුත් කොටස්වලද පාපන්දු ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වෙද්දී, 1900 සහ 1904 ගිම්හාක ඔලිම්පික් තරග වලදී (තෙසේවෙතත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව IOC විසින් ඒවායේ තරාතිරම පරකාරී ලෙසින් නිල ඉසව් ලෙසට අධිශ්‍රේණී ගත කෙරිණි), හා 1906 අන්තර්ස්ථාපිත ක්‍රීඩා තරග වලදී ආදර්ශන ක්‍රීඩාවක් ලෙසින් පැවැත්වූ අතර පදක්කම් පිළිනොගැන්වුන ලදි.[4]1904දී FIFA සංස්ථාපනය කිරීමෙන් පසුව, 1906දී ස්විට්ස්ර්ලන්තයේදී ඔලිම්පික් රාමුවෙන් ඔබ්බෙහි ජාතීන් අතර ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් සංවිධානය කිරීමට එය උත්සාහ ගති. මෙම කාල සීමාව අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවේ මුල් අවධිය වන අතර FIFAහි නිල ඉතිහාසය තරඟයේ අසාර්ථකත්වය පිළිබඳ ව විස්තර කරයි.ලන්ඩනයේ පැවති
1908දී ගිම්හාන ඔලිම්පික් වලදී පාපන්දු ක්‍රීඩාව නිල තරඟයක් බවට පත් විය. පාපන්දු සම්මේලනය සහ එංගලන්තයේ පාපන්දු පාලන ඒකකය විසින් ස්ංවිධානය කරන ලද මෙම ඉසව්ව ආධුනික ක්‍රීඩකයන් සඳහා පමණක් වූ අතර එය තරඟයකට වඩා දර්ශනයක් පමණක් විය. මෙහිදී බ්‍රිතාන්‍යයෝ රන් පදක්කම් හිමිකර ගත් හ. ඔවුහූ 1912දී ස්විඩන පාපන්දු සම්මේලනය විසින් ස්ංවිධානය කරනු ලැබූ ස්ටොකෝම් හි පැවති තරඟාවලියෙන් ද මෙවැනිම ජයක් ලැබූහ.ඔලිම්පික් ඉසව්ව, ආධුනික කණ්ඩායම් අතර පමනක් පැවතීම නිසවෙන් තෝමස් ලිප්ටොන් විසින් 1909 දී Sir Thomas Lipton Trophy නමින් තරඟාවලියක් ටියුරින් නගරයේ පැවැත්වීමට ස්ංවිධානය කරන ලදී. මෙම Lipton තරඟාවලිය යනු විවිධ ජාතීන්ගෙන් පැමිණි පුද්ගලික සමාජ(ජාතික කණ්ඩායම් නොවේ) අතර පැවැත්වූ ශූරතාවයක් වන අතර සෑම අයෙක්ම තම ජාතිය නිරූපණය කලහ. මෙම තරඟය පළමු ලෝක කුසලානය ලෙස ද හැඳින්වූ අතර වඩාත් කීර්තිමත් ම සමාජ පැති ඉතාලියෙන්, ජර්මනියෙන් සහ ස්වීඩනයෙන් ඉස්මතු විය. නමුත් එංගලන්තයේ පාපන්දු සම්මේලනය මෙම තරඟය සමඟ හවුල් වීම ප්‍රතික්ෂේප කළ අතර වෘතිමය කණ්ඩායමක් යැවීමට පසුබට වූහ. එම නිසා Lipton දුර්හම් රාජ්‍යයේ ආධුනික ප්‍රදේශයක් වන බටහිර ඕක
්ලන්තයට එංගලන්තය වෙනුවෙන් පෙනී සිටීමට ආරාධනා කරන ලදී. බටහිර ඕක්ලන්තය තරඟාවලිය ජය ගත් අතර 1911දී ඔවුහූ සාර්ථක ලෙස කුසලානය රැගෙන පෙරළා ගියහ. තරඟ නීති වලට අනුව ඔවුන්ට සදහට ම Tropyය තබා ගැනීමට දෙන ලදී.1914දී ඔලිම්පික් තරඟාවලිය, "ආධුනිකයන් සඳහා වූ ලෝක පාපන්දු ශූරතාවය" ලෙස හඳුනා ගැනීමට එකඟ වූ අතර ඉසව්ව සඳහා වූ සියලුම වගකීම්ද භාර ගන්නා ලදී. මෙය ලෝකයේ ප්‍රථම මහද්වීප අතර පාපන්දු තරඟාවලියට මංසලසන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1920 ගිම්හාන ඔලිම්පික්හි දී යුරෝපියානු කණ්ඩායම් 13ක් සමඟ ඊජිප්තුවන් තරඟ කළ අතර යුරෝපීය රටක් වන බෙල්ජියම ජය ගත් හ. 1924 සහ 1928දී වූ ඉනික්බිති තරඟාවලි දෙකෙන් උරුගුවේ ජය ගන්නා ලදී. මේවා ප්‍රථම විවෘත ලෝක ශූරතා වන අතර FIFAහි වෘතීමය යුගය ආරම්භ කෙරුණේ 1924දී ය.Estadio Centenario, ප්‍රථම ලෝක කුසලානය පැවැත්වු ස්ථානයඔලිම්පික් පාපන්දු තරඟාවලියන් හි සාර්ථකත්වය නිසා FIFA, [[සභාපති වූ Jules Rimet]] සමඟ නැවත වරක් ඔලිම්පික් වලින් පිට වෙනම ම අන්තර්ජාතික පාපන්දු තරඟාවලියක් වේදිකා ගත කිරීමට බලා සිටි අතර ලෝක ශූරතාවයක් වේදිකා ගත කිරීමට 1928 මැයි 28 වන දින අමෙර්ස්ටර්ඩෑම් හි FIFA කොන්ග්‍රසය තී
රණය කරන ලදී. උරුගුවේ දැනට දෙවතාවක් නිල ලෝක පාපන්දු ශූරතාවය දිනාගෙන තිබීමත් ඔවුන් නිදහස ලබා 1930වන විට සියවසක් සම්පූර්ණ වීමත් නිමිත්තෙන් සමාරම්භක ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට ලෙස උරුගුවේ නම් කරන ලදී. FIFA විසින් තරඟාවලියට තෝරා ගන්නා ලද ජාතීන්ගේ ජාතික සම්මේලනයන්ට කණ්ඩායමක් යවන්නැ යි ආරාධනා කරනු ලැබූ මුත් තරඟාවලිය උරුගුවේ පැවතීම යුරෝපියානු ජාතීන්ට අත්ලාන්තික් සාගරය හරහා වූ ඉතා දිගු සහ අධික වියදමක් දැරීමට සිදුවන ගමනක් වීම නිසාවෙන් කිසිම යුරෝපියානු රටක් තරඟ ආරම්භයට ප්‍රථම දෙ මස තෙක් කණ්ඩායමක් යැවීමට පොරොන්දු නොවී ය. කෙසේ හෝ අවසානයේ දී බෙල්ජියම, ප්‍රංශය , රොමේනියාව සහ යුගොස්ලාව යන රටවලින් කණ්ඩායම් කිහිපයක් ගෙන්වා ගැනීමට Rimet ට හැකි වූ අතර මෙම තරඟාවලියේ දී දකුණු ඇමෙරිකාවෙන් හතක් ද, යුරෝපයෙන් සතරක් ද, උතුරු අමෙරිකාවෙන් දෙකක් ද වශයෙන් මුළු ජාතීන් දහ තුනක් සහභාගි විය.පළමු ලෝක කුසලාන තරඟ දෙක 1930 ජූලි 13 වන දින පැවැත්වුණු අතර අනුපිළිවෙළින් මෙක්සිකෝව 4-0 අනුපාතයට ද බෙල්ජියම 3-0 අනුපාතයට ද පරදවමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ජය ගත් හ. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ජයග්‍රහණය කරා ළඟා වූ ක්‍රීඩ
කයා වන්නේ ප්‍රංශයේ Lucien Laurent ය. මොන්තෙවිදියෝ හි පැවති අවසන් තරඟයේ දී 93,000ක ජන සමූහයා ඉදිරියේ ආජන්ටිනාව 4-2 ට පරාජය කළ උරුගුවේ, මෙම සිද්ධිය නිසා ම ලෝක කුසලානය දිනා ගන්නා පළමු ජාතිය බවට පත් විය.දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක කුසලාන[සංස්කරණය]ලෝක කුසලානය ඇති වීමෙන් පසු, 1932දී ලොස් ඇන්ජලීස් හි පැවති ගිම්හාන ඔලිම්පික් උත්සවයේ න්‍යාය පත්‍රය එක් අංගයක් ලෙස පාපන්දු ඇතුලත් කිරීමට අදහස් නොකෙරිණ. එවක මෙම ක්‍රීඩාවට එක්සත් ජනපදය තුළ පැවති අඩු ජනප්‍රියත්වයත් ඇමරිකානු පාපන්දු ලෙස ජනප්‍රියත්වය වර්ධනය වෙමින් තිබීමත් මෙයට හේතු විය. ආධුනික ක්‍රීඩකයන්ගේ තත්වයට FIFA සහ IOC විසින් විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස පාපන්දු , ඔලිම්පික් ක්‍රීඩා වලින් ඉවත් කරනු ලැබීය. 1936 දී ගිම්හාන ඔලිම්පික් සමඟ ඔලිම්පික් පාපන්දු නැවත ආරම්භ කෙරුණු අතර අද එය වඩා වටිනා ලෝක කුසලානයකින් ඔපවත් වී ඇත. අතීතයේ වූ ලෝක කුසලාන තරඟ වලදී මුහුණ පාන ලද ප්‍රධාන ගැටළු වූයේ මහද්වීප අතර ගමනාගමනයේ වූ දුෂ්කරතා හා යුද්ධය යි. 1934 සහ 1938 තරඟ සඳහා දකුණු ඇමෙරිකානු කණ්ඩායම් කීපයකට පමණක් සහභාගි වීමට හැකි වූ අතර අවස්ථා දෙකේදී ම බ්‍රසීල ජාතිකයන් සමඟ තර
ඟ වැදීමට සිටියේ මොවුන් පමණි. 1942 සහ 1946 වර්ෂ වල න්ට්සි ජර්මනියේ සහ බ්‍රසීලයේ පැවැත්වීමට තිබූ තරඟ දෙවන ලෝක යුද්ධය නිසාවෙන් අවලංගු විය.දෙවන ලෝක යුද්ධයට පසු ලෝක කුසලාන[සංස්කරණය]1950 දී බ්‍රසීලයේ පැවති ලෝක කුසලානය ප්‍රථම වරට බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් සහභාගි කරගනු ලැබූ තරඟාවලියයි. බ්‍රිතාන්‍ය කණ්ඩායම් තමන් යුද්ධ කරන ලද රටවල් සමඟ ක්‍රීඩා කිරීමට ඇති අකැමැත්ත නිසා සහ පාපන්දු ක්‍රීඩාවට ඇති විදේශීය බලපෑමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් ලෙස 1920 දී FIFA ලෝක කුසලානයෙන් අයින් වූ අතර 1946 දී FIFA හි ආරාධනය මත නැවත සම්බන්ධ විය.එසේම පෙර පැවති ලෝක කුසලාන දෙකට සම්බන්ධ නොවූ 1930 දී ශූරයන් බවට පත් වූ උරුගුවේ ජාතින්ද මෙම තරඟාවලියේ දී නැවත දක්නට ලැබිණි.මෙහෙදී " Mara Canazo "නම් තරඟයේදී සත්කාරක බ්‍රසීල ජාතීන් පරදවා උරුගුවේ නැවත ජය ලැබීය.1938 දී ඕස්ට්‍රිලියාව සුදුසුකම් ලැබීමෙන් පසු ජර්මනියට යටත්වීම නිසා කණ්ඩායම් 15ක් සමඟ තරඟාවලිය අතහැර යාම සහ 1950 දී ඉන්දියාව,ස්කොට්ලන්තය හා තුර්කිය කණ්ඩායම් 13ක් සමඟ තරඟාවලිය අතහඇර යාම නිසා 1938 හා 1950 හැර, 1934 හා 1978 අතර පැවති සෑම තරඟාවලියක දී ම කණ්ඩායම් 16 බැගින් තර