text
stringlengths 0
1k
|
---|
කෙස් යාම, සුලු තුවාල හා ඇල්ලීමේදී ඇති වන වේදනාව රෝග ලක්ෂණ ලෙස ඇති විය හැකිය. උකුණන් නිසා ද මෙම සත්තු පීඩා විඳිති. කෙස් යෑම නොයෙක් හෝමෝන විපර්යාස නිසාද ඇතිවිය හැකිය. පිදුරු, බට වැනි ආගන්තුක ද්‍රවය ඇසට ඇතුලු වීම නිසා වේගයෙන් ඇසිපිය ගැසීම, ඇසෙන් කඳුලු ගැලීම හා ඇසේ පටලයක් බැඳීම සිදු විය හැකිය. පිදුරු හා දුහුවිලි නිසා කිවිසුම් යෑම ද ඇති විය හැකිය. අධික ලෙස කිවිසුම් යෑමට බොහෝ විට කාලගුණ වෙනස්වීම් ද බලපායි. මෙය නිව්මෝනියාව ද විය හැකි අතර එසේ වුවහොත් තත්වය උග්‍ර වීමට ද ඉඩ ඇත.මොවුන්ගේ ශරීරය තරබාරු නිසා අධික සීතලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. සාමාන්‍යය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 101-104 (සෙල්සියස් 38-40) අතර අගයක් ගනී. ඔවුන් අවට ප්‍රශස්ථ වායු උෂ්ණත්වය සෙල්සියස් 18 ත් 24 ත් වන අතර 32 ට වඩා වැඩි උවහොත් ඔවුන් හයිපර්තර්මියාවට ගොදුරු වී මිය යා හැකිය ( මෙය ගර්භනී සතුන්ට අධිකව බලපායි ). මොවුන් සුලං සහිත හා නියඟය සහිත පරිසරයටත් ආර්ද්‍රතාව 30%-70% පිටත පරිසරයටත් සුදුසු නොවේ. බොහෝ රෝගවල රෝග ලක්ෂණ රෝගය උත්සන්න වන තුරු පෙන්නුම් නොකරන අතර පෙනිසිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට මොවුන් දක්වන අධික සංවේදීතාවය |
නිසා ප්‍රතිකාර කිරීම අපහසුය. මොවුන්ගේ පාරම්පරික ජානමය රෝගාබාධ ද වාර්තා වී ඇත.සුරතලුන් ලෙස[සංස්කරණය]සතකු අල්ලාගෙනමොවුන් මුල සිටම හොඳින් ඇති කළහොත් ඇල්ලීමට සහ රැගෙන යාම්වලට කීකරු වෙති. එසේ වූ විටක සපන්නේ හෝ සූරන්නේ කලාතුරකිනි. මොවුන් කුලෑටි සතුන් කොටසක් වන අතර අවස්ථාවක් ලැබුණද කූඩුවෙන් මිදී පලා යෑමට උත්සහ නොකරති. එසේ වුවද පුරුදු පරිසරයක නිදහසේ යෑමට සැලසූ විට ඔවුහු නිතරම විමසිල්ලෙන් ගමන් කරති. මොවුන් තම ස්වාමියාට පුරුදු වූ විට ඔහු හෝ ඇය පැමිණෙන විට විසිල් නාදයක් පිට කරති. එමෙන්ම ඔවුන් තමන්ට කෑම ලබා දෙන ප්ලාස්ටික් බඳුන්වල ශබ්දයට හා කෑම තබා ඇති ශීතකරණයේ දොර විවෘත වන ශබ්දයට ද විසිල් නාදයකින් ප්‍රතිචාර දක්වති.විශේෂිත රෝගී අවස්ථාවකදී හැරුණු විට මෙම සතුන් යුගල් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් තැබිය යුතුය. තනිවම සිටීම නිසා මොවුන් මානසික ආතතියට සහ විශාදයට ගොදුරු විය හැකිය. පිරිමි සතුන් වුවද කුඩා කළසිටම එකට තැබුවහොත් හොඳින් කණ්ඩායම් ලෙස ක්‍රියා කරති. ඔවුන් විරසක වන්නේ සම්පත් හිඟ වුවහොත් පමණි.ගෘහාශ්‍රිත සතුන් විවිධ විශේෂවලින් ඇත. ඒ යුරෝපයට හා ඇමරිකාවට හඳුන්වා දුන් පසු සිදු වූ වර්ධනයන්ය. මොවුන් |
කෙස් සහ වර්ණ සංයෝජනයන් ගෙන් වෙනස්කම් දක්වයි. ඉංග්‍රීසි ශෝතයර්, ඇබිසිනියන්, පෙරුවියන්, ශෙල්ටී, ටෙක්ස්සෙල් යනු සාප්පුවලින් මිලදී ගැනීමට ඇති ජනප්‍රිය වර්ග කීපයකි. සංස්කෘතික හා මාධ්‍ය බලපෑම[සංස්කරණය]එළ නිල් පාට, තැඹිලි සහ සුදු සැටින් පේරු ගිනී පිග් සතෙකු(දිග ලොම් සහිත )මිනිසුන්ගේ ගෘහ ජීවිතයේදී මොවුන් දක්වන ජනප්‍රිය භාවය නිසා මොවුන් සංස්කෘතියට සහ මාධ්‍යයටද එකතු වී ඇත. මොවුන් සිටින සාහිත්‍ය කෘති කිහිපයක් නම් Beatrix Potter ගේ The Fairy Caravan හා Michael Bond ගේ Olga da Polga series for children, C. S. Lewis ගේ The Magician's Nephew හා The Chronicles of Narnia series, Ellis Parker ගේ ButlerPigs Is Pigs හා David Gerrold ගේ The Trouble with Tribbles වේ. එමෙන්ම Shredderman Rules, Dr. Dolittle, Nick Jr. ගේ Wonder Pets හා Walt Disney Picturesල ගේ G-Force යන චිත්‍රපටහී දී මොවුහු චරිත නිරූපනය කරති. ගිනී පිග් සතුන් විද්‍යාත්මක පරීක්ෂණවලට යොදා ගැනීම 17 වන සියවස දක්වා ඈතට දිව යයි. එහිදී මාකෙලෝ මැල්පිගි හා කාලෝ ෆ්රැකස්සාටි යන විද්‍යාඥයන් දෙපල මෙම සතුන් යොදාගෙන ජෛව විජ්ජේදනයක් සිදු කර ඇත |
. 1980 දී අන්තෝනියෝ ලැවොයිසියර් තම කැලරිමීටර් පරීක්ෂණයට මෙම සතුන් යොදාගෙන ඇත. 19 වන සියවසේදී සොයා ගැනුණු රෝග පිළිබඳ විෂ බීජ න්‍යාය පිළිබඳ පර්යේෂණවලටද යොදාගනු ලැබුවේ මෙම සතුන්ය. මෙම සතුන් කිහිප විටකදී අභ්යයවකාශයටද යවා ඇත. Guinea pig යන ඉංග්‍රීසි වචනය ඕනෑම පර්යේෂණයක් සඳහා උපමා රූපකයක් වශයෙන් යෙදේ.විද්‍යාත්මක පර්යේෂණ[සංස්කරණය]ගිනී පිග් සතෙකු පරීක්ෂා කරන සත්ව විද්යාඥයෙකුමෙම සත්තු 20 වැනි සියවස අග භාගය වනතෙක්ම ජනප්‍රිය විද්‍යාගාර සතුන් කොටසක් වූහ. 1960 දශකයේදී එක්සත් ජනපදයේ පමණක් වාර්ශිකව මෙම සතුන් මිලියන 2.5 ක් පරීක්ෂණවලට ලක් කර ඇත එම ප්‍රමාණය 1990 දශකය මැදදී 375,000 ක් දක්වා අඩුවූ අතර දැන් එම ප්‍රමාණය පර්යේෂණ වලට ලක් කරන මුඵ සත්තු ප්‍රමාණයෙන් 2% කි. 20 වැනි සියවස මැද භාගයේ සිට මොවුන් වෙනුවට මීයන් යොදා ගැනීම ආරම්භ වුනි. මොවුන් තවමත් ක්ෂය රෝගය සහ ශීතාද රෝගය ආශ්රිත පරීක්ෂණ සඳහා යොදා ගනිති. මොවුන් සතුව අසාමාන්‍යය ඉන්සියුලින් විකෘතියක් පවතී. මෙය ප්‍රති ඉන්සියුලින් ප්‍රති දේහ නිපදවීමට යොදාගනිති.ලොම් රහිත ගිනී පිග් විශේෂ 1980 දශකයේ සිට චර්ම රෝග පර්යේෂණ සඳහා යොදා ගනිති. සමහර ලොම |
් රහිත විශේෂ සුරතලුන් ලෙස ඇති කරනු ලබන අතර මොවුන් ස්කිනිපිග් ලෙස හඳුන්වයි.ආහාර[සංස්කරණය]මෙම සතුන් මුලින් ම ආහාර සඳහා ඇති කර ඇත්තේ අන්දීස් කඳු වැටිවලය. ඔවුන්ව අන්දීස් ප්‍රදේශවාසීන් විසින් සාම්ප්‍රදානුකූලව විශේෂ උත්සව අවස්ථා සඳහා වෙන් කර ගෙන සිටි සතුන් කොටසකි. නමුත් 1960 දශකයේ සිට සාමාන්‍යය මිනිස් පාරිභෝජනයට ගෙන ඇත. එය පේරු රාජ්‍යයයේ සහ බොලිවියාවේ ආහාරවල ප්‍රධාන අංගයකි. ඉක්වදෝරයේ සමහර ප්‍රදේශ වල සහ කොලොම්බියාවේ ද මෙය ආහාරයට ගනී. මොවුන් සඳහා වැය වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක් වීමත් ගමේ මෙන්ම නගරයේත් ඇති කළහැකි වීමත් නිසා සාම්ප්‍රදායික ආහාර වන ගව මස් හා සූකර මස්වලට වඩා මේවා ලාබදායී වී ඇත. මෙම සතුන් ගමේ සහ නගරයේ වෙළඳසැල්වලින් මිලදී ගත හැකිය. මේවා ප්‍රෝටීන් අධික සහ මේදය හා කොලෙස්ට්‍රෝල් අඩු ආහාරයකි. හා මස් සහ කුකුල් මස්වලට සමානය. මේවා බැද, තම්බා හෝ කර කර ආහාරයට ගත් හැකි අතර ඉක්වදෝරයේ දී සුප් සෑදීමටද යොදා ගනිති.දකුණු ඇමරිකාව[සංස්කරණය]පේරුහි මිනිස්සු වර්ෂයකට මෙම සතුන් මිලියන 65 ක් පමණ ආහාරයට ගනිති. මෙම සතුන් පේරු හීදී තවමත් වැදගත් ආගමික කටයුතුවලදී පාවිච්චි වේ. මෙයට අමතරව පේරුහිදී සහ ඉක්වදෝර |
යේ නොයෙකුත් උත්සව අවස්ථා සඳහා මෙම සතුන් භාවිතා වේ. සමහර විටකදී මොවුන්ට විවිධ ඇඳුම් අන්දවා තරඟ සඳහා යොදා ගනිති.නිව්යෝක් නගරයේ සිටින අන්දීස් සංක්‍රමණිකයන් මොවුන් ඇති කර මස් සඳහා විකිනීම සිදු කරති. පේරු පර්යේෂණ විශ්වවිද්‍යාල විසින් 1960 දශකයේ පටන් වඩා විශාල ගිනී පිග් විශේෂ බිහි කිරීමට පර්යේෂණ පවත්වයි. මෙයට සමාන්තරව විශ්වවිද්‍යාල විසින් මොවුන් බිහි කිරීමේ ක්‍රමවේද වෙනස්කිරීමට පර්යේෂණ පවත්වනු ලැබ ඇත. 1990 හා 2000 දශකවලදී මෙම විශ්වවිද්‍යාල විසින් වඩා විශාල සතුන් යුරෝපයට එක්සත් ජනපදයට සහ ජපානයට අපනයනය කිරීම ආරම්භ කරන ලදී.උප සහරා අප්‍රිකාව[සංස්කරණය]බටහිර අප්‍රිකාවේ මෙම සතුන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් ගෙන ඇත. මෙම සතුන් අප්‍රිකාවට හඳුන්වාදුන් කාලය සහ වර්ෂය තහවුරු වී නොමැත. කැමරූන් රාජ්යෙයේ මෙම සතුන් විශාල ලෙස පැතිරී ඇත. කොන්ගෝ ජනරජයේදී මෙම සතුන් අර්ධනාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ටැන්සානියාවේදී ද මෙම සතුන් හමුවේ. අනෙත් බටහිර රටවල[සංස්කරණය]මේ හැරුණු විට මස් පිණිස ගිනි පිග් සතුන් ආහාරයට ගැනීම අනෙක් යුරෝපානු රටවල්වල සංස්කෘතිකමය වශයෙන් තහනම් මාතෘකාවකි.vteExtant specie |
s of family Caviidae (Cavies)Kingdom: AnimaliaPhylum: ChordataClass: MammaliaOrder: RodentiaSuborder: HystricomorphaCaviinaeGalea(Yellow-toothedcavies)Yellow-toothed Cavy (Galea flavidens)Common Yellow-toothed Cavy (Galea musteloides)Spix's Yellow-toothed Cavy (Galea spixii)Muenster Yellow-toothed Cavy (Galea monasteriensis)Microcavia(Mountain cavies)Southern Mountain Cavy (Microcavia australis)Andean Mountain Cavy (Microcavia niata)Shipton's Mountain Cavy (Microcavia shiptoni)Cavia(Guinea pigs)Brazilian Guinea Pig (Cavia aperea)Shiny Guinea Pig (Cavia fulgida)Santa Catarina´s Guinea Pig (Cavia intermedia)Greater Guinea Pig (Cavia magna)Guinea pig (Cavia porcellus)Montane Guinea Pig (Cavia tschudii)DolichotinaeDolichotis(Maras)Patagonian Mara (Dolichotis patagonum)Chacoan Mara (Dolichotis salinicola)HydrochaerinaeHydrochoerusCapybara (Hydrochoerus hydrochaeris)Lesser Capybara (Hydrochoerus isthmius)Kerodon(Rock cavies)Rock Cavy (Kerodon rupestris)Acrobatic |
cavy (Kerodon acrobata)CategoryvteMeatMain articlesFishGameInsectsLivestockMeatPoultrySeafoodPoultryChickenDuckGooseGrouseOstrichPartridgePheasantPigeonQuailTurkeyLivestockAlpacaBeefBisonBuffaloCamelCatDogElephantEscargotFrogChevon (goat meat)CuyHorseLamb and muttonLlamaPorkVealYakGameAlligatorBatBearCrocodileGuinea pigKangarooMonkeyPangolinRatHare and RabbitSnakeTurtleVenisonWolfFishAnchovyBasaBassCarpCatfishCodCrappieEelFlounderGrouperHaddockHalibutHerringKingfishMackerelMahi MahiMarlinMilkfishOrange roughyPacific sauryPerchPikePollockSalmonSardineSharkSoleSwaiSwordfishTilapiaTroutTunaWalleyeShellfish andother seafoodAbaloneCalamariCrabCrayfishDolphinLobsterMusselOctopusOysterScallopSeal meatShrimp/prawnSea urchinWhaleInsectsBlack soldier fly maggotsCicadaCricketsGrasshoppers (Locust)MealwormSilkwormMopane wormPalm grubCuts and preparationAgedBaconBarbecuedBiltong |
Br |
aisedBurgerCharcuterieChopCornedCuredCutletDriedDumFillet / SupremeFriedGroundHamKebabLiverLuncheon meatMarinatedMeatballMeatloafOffalPickledPoachedRoastedSalt-curedSalumiSausageSmokedSteakStewedTandoorTartareList articlesBeef dishesChicken dishesCountries by meat consumptionCountries by meat consumption per capitaFish dishesFood and drink prohibitionsGoat dishesLamb dishesMeatball dishesPork dishesHam dishesSausage dishesSausagesSeafood dishesSmoked foodsSteaksVeal dishesRelatedsubjectsAnimal rightsBushmeatButcherCannibalismCarnismCase-ready meatChristian vegetarianismCultured meatEntomophagyEthics of eating meatFactory farmingFeed conversion ratioEnvironmental impact of meat productionList of meat dishesMeat analogueMeat cutterMeat tendernessPescetarianismPink slimePlant-based dietPreservationPsychology of eating meatMeat paradoxRed meatSemi-vegetarianismSlaughterSlaughterhouseVeganismVegetarianismWhite me |
at Food ද්වාරය ප්‍රවර්ගය: Meatද්වාර: Animals Biologyතක්සෝන හැඳිනුම්Wikidata: Q79803Wikispecies: Cavia porcellusADW: Cavia_porcellusBOLD: 26233CoL: RY7SEoL: 326924EPPO: CAVIPOFossilworks: 233628GBIF: 5219702GISD: 1874iNaturalist: 119405IRMNG: 10223339ISC: 89562ITIS: 584713MSW: 13400181NCBI: 10141uBio: 106437අධිකාරී පාලනය ජාතික පුස්තකාලSpainFrance (data)IsraelUnited StatesJapanCzech Republicවෙනත්NARAඅතැඟිලිපයැඟිලිමානව ව්‍යුහ විද්‍යාවෙහි, නියපොතු යනු, අතැඟිලි සහ පයැඟිලි වල අග්රස්ථ ඇඟිලි ඇට වල පාර්ශවික අංශය සඳහා වැස්මක් ලෙසින් ක්‍රියා කරන කොරොස් -ආකාර වහන්තරාවකි. තවත් බොහෝ අග්රේෂයන්ගේද නියපොතු ඇත. අග්‍රේෂයන් පමණත් සීමා වී නොපැවතියද, නියපොතු වල විකසනය, අනෙකුත් ක්ෂීරපායියන් අතර අතිශයින් දුර්ලභ වෙයි. වෙනත් බොහෝ සතුන් වෙත දක්නට ලැබෙන නඛර හා නියපොතු අතර සමසම බවක් දක්නට ලැබේ. පොදු භාවිතයෙහිදී , නිය පොත්ත යන වචනයෙන් හැඳින්වෙන්නේ නිය පට්ටකය පමණි.අතැඟිලි-නියපොතු සහ පයැඟිලි-නියපොතු සැදී ඇත්තේ, සතුන්ගේ කුර සහ අං සැදීමටද දායක වී ඇති කෙරටීන් යනුවෙන |
් හැඳින්වෙන දැඩි ප්‍රෝටීන් වර්ගයකිනි. හිසකෙස් හා දත් මෙන්ම මේවා ද සමෙහි උපාංග ලෙසින් සැලකෙති.රන්වීර් සිංරන්වීර් සිං 2012 ආරම්භයේදී ලූතෙරා චිත්රපටියේදිඋපතරන්වීර් සිං බව්නානි6 ජූලි 1985 (1985-07-06) (වයස 38)මුම්බායි, මහාරාෂ්ඨප්රාන්තය, ඉන්දියාවජාතිකත්වයඉන්දියානුරැකියාවනාට්යකරුවාසක්රීය වසර2010ඥාතීන්සෝනම් කපූර්රියා කපූර් රන්වීර් සිං (1985 ජුලි 6 දින රන්වීර් සිං බව්නානි නමින් උපත ලැබීය) ඔහු ඉන්දියානු නළුවකු වන අතර බොලිවුඩ් හි තම රංගන දායකත්වය ලබා දෙයි. ඔහු ඉන්දියාවේ මුම්බායිහි, තුල උපත ලද අතර, රන්වීර් සිං හට කුඩා අවධියේ සිට නාට්‍යකරුවකු වීමේ ආශාව පැවතුණි.කෙසේ වෙතත් සිය පාසල් අවධිය තුලදි අවධානය යොමුකරන ලද්දේ රංගනය පිළිබදව කිසිසේත්ම අදාල නොවන අංශයක් වන නිර්මාණාත්මක ලිවීම උදෙසාය. ඔහු සිය ශාස්ත්‍රවේදී උපාධිය ඉන්දියානු විශ්ව විද්‍යාලයෙන්( බ්ලුමින්ටන් ), තුලදි හැදැරු අතර;සිං ආපසු රංගනය කෙරෙහි කැමැත්තක් දැක්වු අතර සහ නැවත ඉන්දියාවට පැමිණි පසු,ඔහු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ මගපෙන්වනු ලබන භූමිකා කෙරෙහි තම අවධානය යොමු කිරිමට පටන් ගන්නා ලදි.2010 වසරේදී සිං සිය කුසලතා පරීක්ෂවට ලක්කරන |
ලද්දේ මගපෙන්වනු ලබන භූමිකාවක් වන යෂ් රාජ් චිත්‍රපට කර්මාන්තය තුලදී නිශ්පාදනය කරනු ලැබූ බෑන්ඩ් බාජා බාරත් හිදි වන අතර එහිදි ඔහු තේරි පත්විය. මෙම ප්‍රේමාන්විත නාඩගම සකස් කරන ලද්දේ විවාහ උත්සව සකස් කරන ලෝකය පිළිබදවය. ඵහිදී සිංගේ චරිතයට අවශ්‍ය වුයේ බ්ට්ටෝ ශර්මා නම් ආදර්ශමත් දිල්ලිවාසියකු පිළිබදවය. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වු, මනීශ් ශර්මා, ඔහුව දිල්ලි විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද්දේ එම චිත්‍රපට නිශ්පාදනය කරන අවධියේදීය, එසේම සිංගේ චරිතය ඔහුගේ මහත් ප්‍රසාදය දිනා ගැනිමට සමත් විය.බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය ප්‍රචාරණය කල පසු එය තිරණාත්මක ලෙසින් වාණිජ මට්ටමින් සාර්ථකත්වයට පත් විය,ඒ සමගම සිං නිරූපණය කරන බිට්ටෝ නම් චරිතය රසිකයාගේ ප්‍රශංසාවට පාත්‍ර විය. ඔහු 56 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලහි හොදම නවක පිරිමි නළුවා ට හිමි සම්මානය ඔහු දිනා ගන්නා ලදි. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයෙන් පසු සිං නව චිත්‍රපට චරිත අත්හදා බලන ලදි. උදාහරණ ලෙස ඔහු ලේඩීස් වෝස් රිකී බාල් 'චිත්‍රපටයේ කපටි චිත්‍ර ශිල්පියෙකු ලෙස දවෙනත් චිත්‍රපට ගණනාවක් උදෙසා විවිධ අධ්‍යක්ෂකවරු සමග ද සම්බන්ධ විය.ජීවිත කථාව සහ වෘත්තිය |
[සංස්කරණය]1985–2007: පෙර දිවි පෙවත සහ ආරම්භය[සංස්කරණය]සිං සිය ප්‍රථම කළා උපාධිය හැදැරු ඉන්දියානු විශ්ව විද්‍යාලය( බ්ලුමින්ටන් )රන්වීර් සිං,රන්වීර් සිං බර්වානි නමින් 1985 ජුලි 6 දින ඉන්දියාවේ මොම්බායේදී උපත ලැබීය. ඔහුගේ දෙවන පාර්ශවයේ නෑදෑයෝ වුයේ ඉන්දිය නාට්‍යකරුවකු වන අනිල් කපූර්ගේ දියණියන් දෙදෙනා වන සෝනම් කපූර්, නිශ්පාදිකා රියා කපූර් සහ ඔහුගේ බිරිද වන සුනීතා කපූර් වේ. සිං ඔහුගේ දෙවන පාර්ශවයේ නෑදෑයන් වුයේ විවාහයට පෙර සුනීතා කපූර් බර්වානි පරපුරට අයත් සාමාජිකයකු වන බැවිනි. සිං හට සෑම විටම අවශ්‍ය වුයේ නාට්‍යකරුවකු විමටය. ඔහු සිය පාසල් ජිවිතයට ඇතුලත් වු දා පටන් ක්‍රිඩා සහ විවාද තරග උදෙසා සහභාගි විය. දිනක් ඔවුන් උපන්දින සාදයකට සහභාගි වු අවස්ථාවේදී, ඔහුගේ මිත්තනිය පැවසූවේ රංගනයක් ඉදිරිපත් කරමින් ඇයව සතුටු කරවන ලෙසය. සිං එකවරම තණකොළ සහිත පිට්ටනියට පැන 1991 දී බොලිවුඩයේ තිරගත වු ක්‍රියාදාම චිත්‍රපටයක් වන හම් (චිත්‍රපටය)හි ගීතයක් වන " චුම්මා චුම්මා " නැමති ගීතයට රංගනය දක්වන ලදි.එම අවස්ථාවේ ඔහු තම රංගනය ඉදිරිපත් කිරීමේ සතුට භුක්ති විදි අතර රංගනය හා නර්ථනය උදෙසා ආශාවක්ද ඇති කර ගන්නා ලදි."මා හට |
කුඩා අවධියේ සිටම නාට්‍යකරුවකු වීමේ ආශාව පැවතුණි. මා දැනසිටියා මා හට ප්‍රාසාංගික කලාව උදෙසා යමක් සිදු කල හැකි බව සහ විවිධාකාර රංගනයන් සිදු කිරිමෙන් මා සතුටට පත් විය. මා විවිධාකාර දක්ශතා වලින් යුතු දරුවකු වු අතර රූපවාහිණිය නැරඹීම තුලින් බොලිවුඩය පිළිබදවඅවකාශය ලබා ගත්තා" ඔහු ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් ඔහු මොම්බායේ එච් ආර් වාණිජ හා ආර්ථ්ක විද්‍යාලයෙහි කණිෂ්ඨ සිසුවකු වු අවධියේදී ඔහු හට අවධාරණය වුයේ චිත්‍රපට කර්මාන්තය කඩා බිද දැම්ම පහසු කාරණාවක් නොවන බවය, එසේම බොහෝ පුද්ගලයන් හට ආවරණය නොවූ අංශ පවතින බැවින් ඔවුන් බොලිවුඩය තුලින් ප්‍රාථමික අවස්ථා උදාකරගන්නා බවයි.ඔහු සිය අවධානය යොමු රංගනය පිලිබදව කිසිසේත්ම අදාල වන්නේ නැති ඔහුගේ දෙවන ලැදිකමක් දක්වන නිර්මාණාත්මක ලිවිම උදෙසා වේ.එම නිසා ඔහු ඇමරිකාවට පිටත් වුයේ සිය ශාස්ත්‍රවේදී උපාධිය ඉන්දියානු විශ්ව විද්‍යාලය( බ්ලුමින්ටන්) හීදී ලබා ගැනිම උදෙසාය.එහිදි ඔහු තිරණය කරන ලද්දේ සිය අධ්‍යපනයට අමතරව රංගනය විශයක් ලෙස හැදෑරිය යුතු බවය. ප්‍රථම දිනයේදී උපදේශකතුමා ඔහුට සුදානම් නොවු අවස්ථාවකදී රංගනයක් ඉදිරිපත් කරන ලෙස කියා සිටියේය. එහිදී සිං අවබෝධ කර ගන්නා ලද් |
දේ ප්‍රාසාංගික කලාව සහ රංගනය ඔහුට අවශ්‍ය වන බව සහ ඔහුගේ ප්‍රේක්ෂකාගාරය වුයේ කුඩා ළමුන් වේ. සිය උපාධිය හමාර කරගත් විගස ඔහු 2007 වසරේදී මොම්බායට පැමිණි විගස සිං රුකියාව වශයෙන් ප්‍රචාරණ ආයතනයක පිටපත් කරුවකු වශයෙන් කටයුතු කරන ලද්දේ නියෝජිත ආයතන වන O&M සහ JWT ආයතන වලය. පසුව ඔහු සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කල අතර පසුව රංගනය ඔහු හට වැදගත් වු බැවින් ඔහු එයින් ඉවත් විමට තීරණය කලේය. ඔහු සිය ආයෝජන කළඹ අධ්‍යක්ෂකවරු හට ලබා දිමට තීරණය කරන ලදි.ඔහු වරෙක මෙසේ ප්‍රකාශ කරන ලදි, "මාගේ අභිලාශය වනුයේ චිත්‍රපට තුල දැවැන්ත චරිතයක් නිරූපණය කිරීම වන නිසා මම ප්‍රචාරණ දැන්විම්, ගීත සදහා වීඩියෝ පට, රූපවාහිණී පෙළගැස්වීම්උදෙසා සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලදි, එසේම මට දැනුනේ පිරිපුන් මනසකින් යුතුව කටයුතු කිරිම වඩා වැදගත් බවය. නැතහොත් එය සූදු කෙලීමක් වන අතර මම එම අවස්ථාවන්මගේ ජීවිතයෙන් ඉවත් කෙරුවේය." ඊළග අවුරුදු තුන ඇතුලතදී සිං අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට ගොස් සිය ඡායාරූප පෙන්වා රංගනයක් සිදු කිරීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.එහිදි ඔහුට විවිධ කුසලතා ඇගයීමේ පර්යේෂණ වලට සහභාගි වීමට සිදු විය. එසේ වුවද ඔහ |
ු හට කදිම අවස්ථාවක් ලැබුනේ නැත. මන්ද මෙම අදාල මාස දෙක තුල ඔහුට අවස්ථාවක් ලැබුනේ උප චරිත සදහා පමණක් වන බැවිනි. "සෑම දෙය තුලින්ම සතුට නූපදවයි. ඒවා මා නිශ්ප්‍රභා කරන ලදි. මා හට මෙය අවස්ථාවක් වුයේ මා විසින් සිදු කරන සමහර ක්‍රියාවන් හරිද වැරදිද යන්න අවබෝධ කර ගැනීමටය".2008–10: චිත්‍රපට සදහා මංගලාවතරණය සහා සාර්ථකත්වය[සංස්කරණය]සිං "බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ" ප්‍රචාරණ අවස්ථාවේදීවසර තුනහමාරකට පසු එනම් 2010 ජනවාරි මාසයේදී සිංගේ කුසලතා පරික්ෂාවට අවස්ථාවක් ලැබු අතර එහිදී යෂ් රාජ් චිත්‍රපට YRF සමාගමේ නවක නළුවන් තේරීමේ අංශයේ ප්‍රධානියා වන ශානු ශර්මා ඔහු හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන ලදි.ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ මෙම චරිතය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන අතර එය බෑන්ඩ් බාජා බාරත් නම් වු චිත්‍රපටයට අදාල බවය,මෙම චිත්‍රපටය ප්‍රේමාන්විත නාඩගමක් වන අතර එය සකස් කරන ලද්දේ විවාහ උත්සව සැලසුම් කරන ලෝකය පිළිබදවය. සිංගේ කුසලතා ඇගයීමේ පරීක්ෂණයේදී යෂ් චොප්රා මහතා ඉදිරියේදී රංගන අවස්ථා දෙකක් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. සිං පැවසුවේ " මා එම අවස්ථාවේදි පුදුමයට පත් වුයේ යෂ් චොප්රා මහතා ඉදිරියේ නවකයන් වීර |
යන් නොවන නිසාය. කෙසේ වෙතත් මා දැන සිටියා ඔවුන් නිතිගරුක වන බවත් මෙය මා හට ලැබූ අනගිම හා විශාලතම කුසලතා ඇගයීමේ අවස්ථාව මෙය වු බවය." ආධිත්‍ය චොප්රා මහතා වයි ආර් එෆ් YRF ආයතනයේ උප සභහපති වන අතර, පසුව ඔවුන් කුසලතා පරික්ෂණයේ වීඩියේ පටය පරීක්ෂා කරනු ලැබු අතර සිංගේ රංගනය සිතට කාවැදුනු නිසා ඔවුන් තීරණය කරන ලද්දේ සිං බිට්ටෝ ශර්මා නැමති චරිතයට සුදුසු බවය. කෙසේ වෙතත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වු මනීශ් ශර්මා හට තවදුරටත් සිංගේ රංගනය කෙරෙහි විශ්වාසය තබා ගත යුතු නිසා ඔහු තවත් කුසලතා පරීක්ෂණ කිහිපයකට ඉදිරි සති දෙක තුලදි සහභාගි වීමට සිදු වු අතර අවසානයේදී සිය පුර්ණ විශ්වාසය දිනා ගත්තේය. නැවත ශර්මා මුණගැසුණු අතර ශර්මා ඔහුගේ චරිතයේ වෙනස් මුහුණුවරයන් හදුනා ගැනිමට උත්සාහ කරන ලදි. එහිදී ඔහුගේ නර්ථන කුසලතාවය, හැගිම්බර අවස්ථා වලට මුහුණ දීම, අනෙකුත් නාට්‍යකරුවන් සමග දෙබස් කීම, කැමරාවට මුහුණදීම හා රචකයාට අනුගාමිවීම වැනි අවස්ථාවන්ය. මෙම සති දෙකක පරීක්ෂණයෙන් පසු ඔහු බිට්ටෝගේ චරිතයට සුදුසුකම් ලද අතර ඔහු සිය රංගනය දක්වන්නේ අනුෂ්කා ශර්මා නැමති නිලිය සමගය.බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ රූගත කිරීම් 2010 පෙබරවාරි මස ආරම |
්භයේදී සිදුකරන අතර නිකුත් කිරිම් සිදු කරන ලද්දේ 2010 දෙසැම්බර් මස 10 දිනය.සිංගේ විස්තර කිරීමට අනුව බිට්ටෝ ශර්මාගේ චරිතය යනු" ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වන අතර ඔහු අධ්‍යාපනය උදෙසා අලස සිසුවකු වු අතර ඒ පිළිබදව මද උනන්දුවක් දක්වයි. ඔහු සෑම විටම මෝඩයකු ලෙස සිය පාසලේ යහථවන් සමග කටයුතු කරයි. ඔහු නිදහස් චරිතයක් වු අතර සිය අනාගතය හෝ රුකියාව පිළිබදව අවබෝධයක් ඔහු තුල නොවීය". ශර්මා මහතා මෙම කථා වස්තුව ඉදිරිපත් කල අවස්ථාව වන විටත් බිට්ටෝගේ චරිතය උදෙසා කෙසේ රගපැම සිදු කල යුතුද යන්න පූර්ව සැලසුමක් සිදු කර තිබුණි. එසේ වුවද ශර්මා තම විශේෂ අවධානය යොමු කලේ සිං විසින් රගපාන දිල්ලි පිරිමි ළමයාගේ චරිතය උදෙසාය. කෙසේ වෙතත් බිට්ටෝගේ චරිතය හොදින් නිරූපණය කිරිමට තරම් ඔහු දිල්ලි වාසියකුගේ ජිවිත රටාව කෙබදුද යන්න නොදැන සිටියේය. එම කාරණාව නිසාඅධ්යක්ෂකතුමා ඔහුව චිත්‍රපටයේ නිශ්පාදනය කරන අවධියේදි දිල්ලි විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලදි. එහිදි සිං එම විශ්ව විද්‍යාලයේ සිසුන් සමග කුථපග වි තමන්ගේ මෙම චරිතය අගනා ලෙස ඉදිරිපත් කිරිම උදෙසා දිල්ලි වාසියකුගේ චරිතය කෙසේ ඉදිරිපත් කල යුතුද යන්න අවබෝධය ලබා ගන්නා ලදි."ම |
ා හට බිට්ටෝ නම් චරිතයට වඩාත් විවෘත සිත් ගන්නා සුථ පුද්ගලයකු හමු විය.දිනක් ඔහු මා හ ට මුණගැසුණු අතර ඔහුගේ කථා විලාශය, පුරසාරම් දෙඩිම, ඇදුම් පැළදුම් විලාශය මගින් මා අවබෝධ කර ගත්තේ මොහු බිට්ටෝගේ චරිතයට බෝහෝ සෙයින් සමාන බවය. එම නිසා මම ඔහුව දින කිහිපයක් අධ්‍යනය කල අතර ඔහුගේ චරිත විලාශය මා හට වැලදගත් අතර ඔහු අයුරින් බිට්ටෝගේ චරිතය නිරූපණය කිරීමට කටයුතු කරන ලදි.බිට්ටෝ නම් චරිතයට අදාල වු ආකල්ප හා බලය ඔහු තුල පැවතියේය. මොහුගේ චරිතය මා හට බිට්ටෝගේ චරිතය නිරූපණය කිරිමට සූදානම් විමේදී වඩා වැදගත් විය"."එය තවම නිමා නොවිය.මම මෙම චිත්‍රපටය ප්‍රචාරණය කිරීමෙන් පසුව යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවා.එසේම ප්‍රේක්ෂකයාගේ අති විශාල ප්‍රතිචාරයක් ලබා ගැනිමට හැකිවිය.මම කවදාවත් නොසිතූ ලෙස වෙනස් විය."—සිං "බෑන්ඩ් බාජා බාරත්" චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබදව අවධාරණය කරයි.චිත්‍රපටයේ නිරූපණය කිරිම් 2010 වසරේ සැප්තැම්බර් මස අවසන් වු අතර පසු නිශ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලදි. සිං එම චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩසටහන් විශාල සංඛ්‍යාවකට සිය සහාය නළුවන් හා අධ්‍යක්ෂකවරු සමග සහභාගි ව |
ු අතර දිනක් ඔවුන් ඉන්දියානු විශ්ව විද්‍යාලය දිල්ලියේදි වාර්ශික උත්සවයකටද සහභාගි විය. බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයේ ප්‍රචාරණ පෙර, සමහර විශේෂඥයන් මේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබදව දෙගිඩියාවෙන් සිටියහ, මන්ද පසුගිය කාල වකවානුවේ යෂ් රාජ් චිත්‍රපට උදෙසා මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතිචාර ලැබු හෙයිනි. ඒ පුරුෂ නාට්‍යකරුවන්ගේ හිගතාවය නිසා සහ අනුශ්කා ශර්මා විසින් පමණක් මගපෙන්වනු ලබන භුමිකා නිරූපණය කල අතර සමහර චරිත " ඒවන විටත් අමතක වු "සමහර නළුවන් නිරූපණය කල බැවිනි. කෙසේ වෙතත් බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය ප්‍රචාරණය කල පසු ඉතාමත් ජනප්‍රිය ලෙස වාණිජ මට්ටමින් සාර්ථක විය. සිං නිරූපණය කලබිට්ටෝගේ චරිතය ජනප්‍රිය වන්නට විය. තරාන් ආදර්ශ් නැමති බොලිවුඩ් හුංගම නැමති රේඩියෝ නාලිකාවේ පුද්ගලකු විසින් කියා සිටියේ " නවක නළු රන්විර් මෙම චිත්‍රපටයේ දිවි යොත බවය. ඊට අමතරව මෙම තරුණයා තම චරිතය කාන්තිමත් කිරීමට ඔහු නිරායාසයෙන් සමත් විය. ඔහු අවංක හා කෝමල චරිතයක් විය. ඔහු ඔබවද නොදැනුවත්ව හැගීම්බර අවස්ථා වලදී ග්‍රහණය කර ගත් අතර හොදින් ඉදිරිපත් කරයි. ඔහු සතුව පවතින දක්ෂතාවය ඔබගේ සැලකිල්ලට ලක් වෙති". නික්ත් කස්මි නැමති ද ටයිම්ස් ඔ |
ෆ් ඉන්දියා නැමති පුවත් පතේ වාර්තා කරුවකු තම තක්සේරුවට අනුව තරු පහෙන් තුනක් මෙම චිත්‍රපටය උදෙසා ලබා දෙන බවය. ඔහු අවධාරණය කරන ලද්දේ " ඔබ බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය නැරඹු විට සිය ආදරය දිනා ගැනිමට සමත් වන අතර තම හදවතට දැනෙන, ඔබගේ ආකර්ශණය දිනා ගැනිමට සමත් වන අතර.... ඔහු ඥාණවන්තව තම චරිතය නිරූපණය කරන අතර දෙදෙනාගේම යුගල චරිතය සිත් දිනා ගැනීමට සමත් වෙයි". එන්ඩීටීවී නාලිකාවේ නියෝජිතයකු වන අනූපමා චොප්රාද එක හා සමාන තක්සේරුවක් ලබා දුන් අතර ඇය ප්‍රකාශ කරන ලද්දේ "නවක නළුවකු වන රන්විර් එම අදක්ෂයාගේ චරිතය හොදින් නිරූපණය කල අතර ඔහූ හොද හදවතක් ඇති අලස කුඩා ගමක ජිවත් වන පුද්ගලයකි වන අතර ඔහු අනෙකුත් චරිත මෙන් නොව වෙනස් පුද්ගලයකු විය. ඉන්දියාවේ බොක්ස් ඔෆිස් ජාලය නිරූපණය කරන්නේ මෙම චිත්‍රපටය සති තුනක් තුලදී ඉන්දියානු කෝටි 21.44 දළ වශයෙන් ඉපයු අතර සාර්ථක වු බවය. 56 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලළෙහි සිං හොදම නවක නළුවා ට හිමි සම්මානය දිනා ගත්තේය.2011–වර්ථමාන හා ඉදිරි කටයුතු[සංස්කරණය]ගොනුව:Ranveer singh and anushka sharma.jpgසිං බෑන්ඩ් බාජා බාරත් හා ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටයේ නිලි අනුශ්කා ශර්මා සමග |
බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටය සිදුකරගෙන යන අතරතුරදී සිය දෙවන චිත්‍රපටය වන ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටය හට අත්සන් කලේය.එය චොප්රා මහතාගේ නිශ්පාදනයක් වන අතර මනීශ් ශර්මාගේ අධ්‍යක්ෂණයක් වේ.මෙම චිත්‍රපටයෙන් විග්රහ කරන සිංගේ චරිතය සාමාන්‍ය පුද්ගලයකු වන රිකීගේ චරිතය වන අතර ගැහැණු ළමයින් රවටන අතර අවසානයේ තමාහට සුදුසු සහකාරිය තෝරා ගන්නා කථා පුවතකි. මෙය හට නැගි එන නාට්‍යකරුවන් වන අනුශ්කා ශර්මා, පර්නීති චොප්රා, දීපානිකා ශර්මා හා ආදිත් ශර්මා සමග 2011 අප්‍රේල් මාසය තුලදී දිල්ලියේදී නිශ්පාදනය කිරීමට පටන් ගන්නා ලදි.සිංගේ චරිතයට අනුව විවිධ මුහුණුවරයන් චිත්‍රපටය තුල නිරූපණය කරන අතර උදාහරණ ලෙස සතුටු ගෙනදෙන වදන් ඇති විනෝදාත්මක අප්‍රසන්න වැනි පැතිකඩයන්ය. "මෙහිදි මම වෙනස් මුහුණුවරයක් ගන්නා චරිතයක් උදෙසා දායක වන අතර මා තුලින්ම හොදින් නිරූපණය කිරීමට පෙලඹුණි.මෙම චිත්‍රපටයේ අනෙකුත් සගයකු මෙහි පිටපත කියවු පසු මා හට අඩුපාඩු රහිතව විස්තර කරන ලදී." මෙම චිත්‍රපටය 2011 දෙසැම්බර් 9 දින තිරගත කල පසු බොලිවුඩ් හුංගම නැමති රේඩියෝ නාලිකාවේ තරාන් ආදර්ශ් නැමත්තාද ටයිම්ස් ඔෆ් ඉන්දියා නැමති පුවත් පතේ වාර්තා කරුවක |
ු වු නික්ත් කස්මි නැමති පුවත් පතේ වාර්තා කරුවකු තම තක්සේරුවට අනුව තරු පහෙන් තුනක් මෙම චිත්‍රපටය උදෙසා ලබා දෙන බවය. ආදර්ශ් පවසන ආකාරයට "ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටය ශිෂ්ඨ ගමනක් ගමන් කරයි. මෙය කාලයට අනුකූල වන අතර මෙම චිත්‍රපටය සුදුසුකම් ලබනවා තරු තක්සේරුව උදෙසාත්.මෙහි කැපී පෙනෙන තාරකාවන් වනුයේ රන්වීර් හා අනුශ්කා වේ. මන්ද ඔවුන් ප්‍රේක්ෂකයාගේ දැඩිව සිත් දිනා ගන්නා බැවිනි".නික්ත් පවසන ආකාරයට මෙය හාසය දනවන චිත්‍රපටයක් නොවන අතර, උසස්කමක් නැති නොපියන අතර ප්‍රධාන නලුවන් යුගලය කැපී පෙනෙයි.මන්ද ඒ සදහා අගනා චරිත නිරූපණයන්ගේඅනුග්රහය දක්වන බැවිනි. මෙහිදි කාන්තා නියෝජනයන් යෝග්‍ය ලෙස සිදුකරන අතර රන්වීර්ද හොදින් තම චරිතය නිරූපණය කරයි. මෙහිදී සනී, දේවීන්, ඉන්බාල්, රිකි වැනි එකිනෙක වෙනස් චරිතනිරූපණය කරති. වාණිජ මට්ටමින් ලේඩීස් වෝස් රිකි බායි චිත්‍රපටය මිශ්‍ර ප්‍රථිපල ලැබු අතර පළමු දිනයේදි අඩු ආදායම් වාර්තා වු අතර පසුව වාර්තා ගත ලෙස ඉහළ යන ලදි.මෙම චිත්‍රපටය ආරම්භයේදී කෝර් 4.75 ඉපයිමට සමත් විය.ලේඩීස් වෝස් රිකි බාල් චිත්‍රපටයේ පසු නිශ්පාදන කටයුතු සිදු කරගෙන යන අතර තුර සිං ඔහුගේ තෙවන චිත්‍රපටය |
වන ලූතෙරා චිත්‍රපටයේ වැඩ භාරගැනිම සිදු කරන ලදි. මෙම චිත්‍රපටය තුලින් 1950 වසරේදි තිබු ආදර කථාවක් නිරූපණය කරන අතර මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය කරන ලද්දේ වික්රමආදිත්ය මොට්වානි නැමති පුද්ගලයා විසින් වන අතර සිං සමග කාන්තා චරිතය නිරූපනය කරන ලද්දේ සෝනක්ෂි සිංහාවේ. මෙම චිත්‍රපටය නිශ්පාදනයට පෙළඹුනේ ඕ. හෙන්රි මහතාගේ කෙටිකථාවක් වන ද ද ලාස්ට් ලීෆ් නම් නිශ්පාදනය ඇසුරෙනි. ලූතෙරා චිත්‍රපටයයේ රූගතකිරීම් 2012 අගෝස්තු මස අවසන් වු පසු අතර 2013 ජූලි 3 දින තිරගත වීමට නියමිතය.ඒ අතර තුර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා අවධාරණය කෙරේ, සිං 2009 දී තිරගත වු තෙලිගු චිත්‍රපටයක් වන මගදීර්හි කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරන බවය. පාලන නිශ්පාදකයා වන විකාස් බායි සහ අධ්‍යක්ෂක අභිනම් කාශ්‍යප පවසන පරිදි එය 17 වන සියවසෙන් පසු තිරගත වන ඓතිහාසික ආදර අන්දරයක් වන බවය. මෙම චිත්‍රපටය උදෙසා ඇස්තමේන්තු කල අයවැය කෝර් 50 වේ. සිං හට තවත් අවස්ථාවක් ලැබුනේ සංජය ලීලා බන්සාලි මහතා විසින් නිශ්පාදනය කරන ලද රාම් ලීලා චිත්‍රපටය වන අතර සිං සමග දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වේ. බංසාලි විසින් සිං ගේ "බෑන්ඩ් බාජා බාරත්" රංගනය පිළිබදව පුදුමයට පත් වු අතර ඔ |
හු සිංව තම චිත්‍රපටය උදෙසා සම්බන්ධ කර ගැනීමට තීරණය කරන ලදි. එහි රූපගත කිරීම් 2012 ජුලි මස ආරම්භ කර ලදි. අධ්‍යක්ෂක ශාඩ් අලී මහතා දිල් කිල් නැමති චිත්‍රපටයට සිංව තෝරාගත් අතර මෙය ප්‍රේමවෘත්තාන්තයක් වන අතර අලී මහතා පවසන පරිදි "මෙම චිත්‍රපටය හදවත වශි කරන ප්‍රධාන පුරුෂ චරිතය සිං නිරූපණය කරන අතර අප සියලු දෙනාගේ අවධානය දිනා ගනියි".රංගනයෙන් දායක වු චිත්‍රපට ලැයිස්තුව[සංස්කරණය]වසරචිත්රපටයචරිතයසටහන2010බෑන්ඩ් බාජා බාරත්බෑන්ඩ් බාජා බාරත්හොදම නවක පිරිමි නඑවා හිමි සම්මානය2011ලේඩීස් වෝස් රිකි බාල්රිකි බාල්2013ලූතෙරාරාජාපසු නිශ්පාදනය2013රාම් ලීලා2013ගුන්ඩේ2014දිල් කිල්පුර්ව-නිශ්පාදනයසම්මාන හා නාම යෝජනා[සංස්කරණය]වසරසම්මානවර්ගයචිත්රපටයප්රථිපල2011අප්සරා චිත්‍රපට හා රූපවාහිණී නිශ්පාදකයන්ගේ සංසදයේ සම්මානයහොදම නවක පිරිමි නළුවාබෑන්ඩ් බාජා බාරත්දිනාගතිබිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් සම්මානයහාස්යජනක නළුවාට හිමි සම්මානය-පුරුෂනිර්දේශිතෆිල්ම් ෆෙයාර් සම්මානයහොදම නවක පිරිමි නළුවාදිනාගතිඅන්තර්ජාතික ඉන්දියානු |
චිත්‍රපට විද්‍යාලයේ සම්මානයවසරේ හොදම යුගල නළුවා- පුරුෂහොදම යුගල නළුවා (අනුශ්කා ශර්මා සමග)රන් සිංහ සම්මානයජනප්රියම නවක පිරිමි නළුවාජුරියේ ජනප්‍රියම නවක පිරිමි නළුවා(අනුශ්කා ශර්මා සමග)තිරයේ හොදම තරුවට හිමි සම්මානයහොදම නවකයා පිරිමිස්ටාර්ඩස්ට් සම්මානයඅනාගතයේ සුපිරි තරුව-පිරිමිහොදම නළුවා– ප්‍රේමාන්විත/විකටනිර්දේශිතසී සයින් සම්මානයහොදම නවක පිරිමි නළුවාදිනාගතියොමුව[සංස්කරණය]ඉංග්‍රීසි ලිපියධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාෂ්‍යප කුමරු පර්වත රාජ/අලකපය මහ රජ වශයෙන් ද හදුන්වයි. පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් ඇය භින්න මාතෘක විය.මුගලන් කුමරු කාශප රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්වය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්රහණයෙන් පසු පිය රජුගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි:ව:112 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්ර |
ණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය පවරා දෙනු ලදිවංශකථාගත තොරතුරු[සංස්කරණය]පිතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.තවත් මතයක් නම් කාශ්‍යප විසින් ධාතුසේන රජුගෙන් ඉල්ලූ නිධානය නොදුන් නිසා කලා වැවේ බැම්ම |
ට තබා ධාතුසේන රජුට මැටි ගසා මැරූ බවයි.වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය.සීගිරිය-තාක්ෂණික කලාගාරයක්....[සංස්කරණය]සීගිරිය යනු ස්වභාවික හා නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පය යන දෙයාකාරයම උපයෝගි කරගත් කලා භූමියකි.සීගිරිය අක්කර 1200ක පමණ භූමි භාගයක් වුව ද තවමත් එහි සංරක්ෂණය කර ඇත්තේ අක්කර 200ක් පමණි.වායුසමීකරණයන් නූතන තාක්ෂණයෙන් බිහිවුව ද සීතල මාළිඟා සංකල්පය අතීතයේ ද පැවති බවට ඔප්පු |
වන්නේ සීගිරියෙන් එවැනි නටඹුන් හමුවීම තුළිනි.මාළිඟා බිත්තිවල කුහර තුළින් ජලය ගලා යෑමට සැලැස්වීමෙන් උෂ්ණත්වය අඩු කිරීමට උත්සහා දරා ඇත.ලොව ප්‍රථමයෙන් කුරුගස් කලාව හෙවත් බොන්සායි ක්‍රමය ද ලොවට හඳුන්වා දී ඇත්තේ සීගිරිය තුළින් බවට මතයක් ඇත.එයට සාක්ෂි ලෙස විශාල මල් පෝච්චි 17ක් පර්වත ඉස්මත්තෙන් හමුව ඇත.එමෙන් ම කැටපත් පවුර මත රචනා වූ සීගිරි ගී වලින් ද එකල මහජනයාගේ කලාකාමී බව නිර්මාණශීලී බව , භාෂා විලාසය පිළීබඳ ව තොරතුරු අපට අනාවරණය වෙයි.සීගිරි චිත්‍ර[සංස්කරණය]තෙත බදාමයේ ඇඳි එකම බිතු සිතුවම් අපට සීගිරියෙන් හමු වේ. මෙම බදාමය සෑදීමට එකල චිත්‍ර ශිල්පියා හුඹස් මැටි,මී පැණි,දහයියා,කිරි ආදිය උපයෝගී කොටගෙන ඇත.අතීතයේ දී මෙහි චිත්‍ර 502ක්( වර්තමාන පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව දහසකට වඩා සිතුවම් තිබී ඇත) පමණ තිබුන ද අද වනවිට දී මෙහි ශේෂව පවතින්නේ චිත්‍ර 22ක් පමණි.සියුම්,තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර වියළීමට පෙර ඇඳ ගත යුතු වූ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බදාමය සකසා එවේලේ ම නිර්මාණය කර අවසන් කරන්නට ඇත.රේඛා වැරදුණු සටහන් තැන තැන දක්නට ලැබීමෙන් සනාථ වන්නේ,අතිශය නිදහස් ආරයෙන් ඒවා එක එල්ලේම ඇඳ ඇති බවකි. |
ජල තාක්ෂණය[සංස්කරණය]ස්වයංක්‍රීයව අද ද ක්‍රියාත්මක වන ජලමල්,ජල උද්‍යාන නූතන ඉංජිනේරුවා ද මවිත කරවන සුලු ය.මෙහි සැලසුම්කරණය , තාක්ෂණය තුළ වර්තමාන ඉංජිනේරුවා පවා නොදත් දේ ගැබ්ව ඇත.පයිප්ප බට නොතිබූ යුගයක කාණු පද්ධතිය ක්‍රමවත්ව සකස් කිරීමෙන් මෙම ජල තටාක සඳහා ජලය ලබාගෙන ඇත. ඒ සඳහා එක පොකුණක ජලය අනෙකට යන පරිදි අනුපිළිවෙළට සකස් කර ඇත.සාරාංශය[සංස්කරණය]කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි.මෙම සුවිශාල කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීම ද සුවිශේෂ ය.සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකිය හැක.කාශ්‍යප රජු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සදහන් වේ.සීගිරිය අසල වූ පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ.පුරා වසර දහ අටක් රජ කළ කාශ්‍යප රජ විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුතුමා සඳහන් කරයි. මේ අනුව බලන විටදී කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත් සීගිරිය ද බලකො |
ටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය.මූලාශ්‍ර[සංස්කරණය]සිව්දෙස හා මුතුහර සඟරා ලිපි ආශ්රයෙනි.වැඩිදුර කියැවුම්[සංස්කරණය]සීගිරි ගීසීගිරි ගීයෙහි භාෂා ලක්ෂණ#((සීගිරි චිත්‍ර ))මෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය, මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (2011 අගෝස්තු)නොබෙල් සාම ත්‍යාග ලාභීන් තොරන කමිටුව නෝවීජියානු නොබෙල් කමිටුව නමිවේ. පස් දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව නෝවීජියානු පාර්ලිමේන්තුව මගින් පත්කරනු ලැබේ.4 වන පරම්පරවේ අයිපෑඩ් යනු ඇපල් සමාගම මගින් නිපදවා වෙලද්පොලට නිකුත් කල tablet පරිගණකයකි.(මෙය Retina සංදර්ශකය සමග වෙලදාම් කරන අතර අයිපෑඩ් 4 ලෙස ව්‍යවහාර කරයර්. )මීට පෙර නිකුත් කල පරම්පරා සමග සංසන්දනය කල විට 4 වන පරම්පරාවේ ipadය Retina සංදර්ශකය පවත්වා ගෙන ඇති නමුත් නවතම අංග සහ කොටස් වැඩි දියුණු කර ඇත.2012 සැප්තැම්බර් 12 වන දින හදුන්වා දුන් ඇපල් A6x චිපය සහ lightinig සම්බන්ධකය නවතම අංග වේ.මෙය ios6.0 සමග එන අතර iso6.0 audio visual මාධයට platformයක් සාදන අතර මෙහි ඉලෙක්ට්‍රොනික් පොත්, |
පුවත්පත්,චිත්‍රපට ,සංගීතය, පරිගණක ක්‍රීඩා,presentation සහ වෙබ් අන්තර්ගතයන් ඇතුලත් කර ඇත.2012 ඔක්තෝම්බර් 23 වන දින මාධය සාකච්චාවකදී පලමුව මේ ipadය පිලිබදව නිවේදනය කරන ලදී.මෙම ipadය 2012 නොවැම්බර් 2 වන දින රටවල් 35ක වෙලදපොලට නිකුත් කරන ලදී.මෙම උපාංගය දේසැම්බරය පුරවටම චීනය,ඉන්දියව,බ්‍රසීලය යන රටවල් සමග රටවල් 10කට නිකුත් කරන ලදී.4 වන පරම්පරවේ ipad පිලිබද නිවේදනය කර පසු 3 වන පරම්පරවේ නවත්වන ලදී.මෙම උපාංගය කලු හෝ සුදු ඉදිරිපස පැනලයකින් සමන්විත වන අතර විවිධ පරිගනක සම්බන්ධන හැකියවක් සහ දත්ත ගබඩා පහසුකම් ඇත.ගබඩා විශලත්වය වන්නේ 16GB,32GB,64GB,128GB වේ. යොදා ගත හැකි සම්බන්ධත නම් wi fi පමනක් සහ wi fi සමග ජංගම දුරකතන පද්ධතිය හැකියව සමග.මෙම ipadය දෘඩාංග වැඩි දියුනු කිරිමට තුනීවට සාදා ඇත.ඒ අයුරෙන් Retina සංදර්ශකය නිපදවා ඇත.4 වන පරම්පරාවේ ipadය CPUවට අදාල කාර්යන් පුර්ව පරම්පරාවන්ට වඩා දෙගුණයක් වේගයෙන් සිදුකරන බව අනාවරණය කර ඇත.වෙලදාමේ පලමු සතියේ මිලියන 3ක 4 වන පරම්පරාවේ ipad සහ ipad Minis විකිණීම සිදු කර ඇත.ඉතිහාසය[සංස්කරණය]2012 ජුලි මස ඩිජිටයිම් පුවත්පතේ අනාවැකි වලට අනුව ඇපල් සමාගම අනුරැපික |
ප්‍රභව යොදාගෙන කුඩා ප්‍රමණයේ ipad සැදු බවත් එවා නිකුත් කිරිමට 2012 අග කාලය යොදගත් බවත් කියවේ.2012 ඔක්තෝම්බර් 16 දී ඇපල් සමාගම මගින් නිවේදනයක් පල කලේය.එනම් ඔවුන්ගේ මාධය අංගයක් ඔක්තෝම්බර් 23 වන දින Sanjose කැලිෆොනියා හිදි කැලිෆොනියා රගහලේ පැවැත්වෙන බවයි.මෙම සමාගම, මාධය අංගයේ මාතෘකාව කලින් හෙලි කල අතර විශාල පිරිසක් බලාපොරොත්තු වුයේ මෙම අංගය ipad mini පිළිබද වන බවයි.මාධය අංගයට ටික කලකට පෙර උපාංගයේ dock සම්බන්ධකය හා ඉදිරිපස කැමරාවේ ඡායාරූප එලිදක්වන ලදී.මාධය අංගයේදී ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධරී ටිම් කුක් විසින් නවතම අනුවාදය වන iBooks ,නව පරම්පරාවේ Mac Book Pro ,mac mini සහ iMac යන උපංග 4 වන පරම්පරාවේ ipad සහ ipad Mini උපංග වලට ප්‍රථමව විවෘත කලේය.අනාවරණය කරන අතරතුරේ දී ඇපල් සමාගම 4 වන පරම්පරාවේ ipad සබැදි හරහා තෝරගත් රටවල් වලට කලින් ඇනවුම් කිරීමට ඔක්තෝම්බර් 26 දින සිට අරඹන ලදී.නොවම්බර් 2 දින ඇපල් සමාගම විසින් උපංගයේ WiFi මොඩලය යුරෝපය ,නැගෙනහිර ආසියව හා ඇමරිකාව හරහා රටවල් 35කට නිකුත් කරන ලදී.උපංගයේ ආරම්භක නිකුත් කිරිමට සති කිහිපයකට පසු ජංගම දුරකතන මොඩලය නිකුත් කරන ලදී. 4 වන පරම්පරව |
ේ ipad නිකුත් කර පසු පුර්ව පරම්පරා නිකුත් කිරිම නවතා දමන ලදී.මේ හේතුව නිසා විශාල පුර්ව පරම්පරාවේ පරිශිලකයන් මෙයට විරුද්ධ විය.මෙයට පිළිතුරක් වශයෙන් බාරදිමේ ප්‍රතිපත්තිය දින 14 සිට දින 30 දක්වා දීර්ඝ කරන ලද බව ItProportal සටහන් කර ඇත.මොඩල දෙකේම මිල සමාන බවත් 3 වන පරම්පරාවේ ipad මිල දී ගත් අයට මෙම කාල පරාසය තුල 4 වන පරම්පරාවේ ipad මාරු කළ හැකි බවත් ItProportal සටහන් කර ඇත.අදාල ප්‍රතිඵලය නොලැබුණු විට කල්පිතය අසත්‍ය වන තීරණාත්මක කල්පිතයක් පරීක්ෂා කරනු ලැබේ. (එනම් ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍යයට අනුමාන කර ඇති පරිදි බලපෑම් නොකරන බව පෙන්වන පර්යේෂණ) කෙසේ නමුත් එවැනි ශුද්ධ යෙදීම් ඉතා විරලය. මන්ද පරීක්ෂණය නිසි පරිදි පාලනය නොකිරීම , ස්වායත්ත විචල්‍ය වලංගු නොවීම හෝ පරීක්ෂණයේ විවිධ දෝශ අඩංගු වීම වැනි පදනම්වලදී ප්‍රතිඵල අභියෝගයට ලක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය, ප්‍රත්‍යුත්පාදන හැකියාවේ හා අභිසාරී සාධක (බාහිර වලංගු බව බලන්න) වල අවශ්‍ය මත නිර්මාණය විය. පර්යේෂණ නිර්මාණය කිරීම, විද්‍යාත්මක ක්ෂේත්රයේ අවශ්‍යතා හා සීමා තුලනය කිරීමට උත්සාහ කරයි. එම නිසා පර්යේෂණයට පරීක්ෂාවට බඳුන් |
වන කල්පිතය ගැන සුදුසුම නිගමනය සැපයිය හැක. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වැනි සමහර විද්‍යාවල දී, අපේකෂිත ලෙස සියලු මිනුම් ගැනීමට වන අවශ්‍යතා ඉටු කර ගැනීම සාපේක්ෂව පහසු වන අතර පර්යේෂනය පුරාවට සියලු තත්ව පාලිතව තබා ගත හැක. අනෙක් අතින් ජීව විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව වැනි විෂය වලදී පර්යේෂණයක තත්ව නිරවද්‍යව ක්‍රියාත්මක වූ බව තහවුරු කිරීම අපහසුය. තවද සමාජ විද්යාවවලදී අපේක්ෂිත ආකාරයට පරීක්ෂණයක ප්‍රතිඵල ද මැනීමේ ක්‍රමයක් තීරණය කිරීම ද අපහසු වේ.මේ හේතුව නිසා, භෞතික විද්‍යාව හා ස්වභාවික විද්‍යාවල අනෙක් ක්ෂේත්‍ර වැනි විද්‍යා සමහර විට “දැඩි විද්‍යා” ලෙස හඳුන්වනු ලබන අතර සමාජ විද්‍යා සමහරක් විට “මෘදු විද්‍යා” ලෙස හඳුන්වනු ලැබේ. මේවා මෙලෙස නම් කරනු ලබන්නේ දැඩි විද්‍යාවල දී අපේක්ෂිත මිනුම් වඩාත් පහසු ලෙස ගත හැකි බව හා මෘදු විද්‍යාවලදී වඩාත් අපහසු බව ඇඟවීමටය.මීට අමතරව සමාජ විද්‍යාවල , බොහොමයක් සාමාන්‍ය අවස්ථාවලදී පාලිත තත්ව සඳහා වු අවශ්‍යතාව, කල්පිතයේ උපයෝගීතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. අවශ්‍යතාව වන්නේ සාමාන්‍යයෙන් , ක්‍රියාකරන කල්පිතයක් පරීක්ෂා කිරීමට නම් පරීක්ෂණයට , දැඩිව පාලිත තත්වලදී වලංගු |
වේ යන හැඟීමෙන් , අධික අභ්‍යන්තර වලංගුතාවක් තිබිය යුතු අතරම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රායෝගික තත්වවලට යෙදීමේ දී අඩු බාහිර වලංගුතාවයකින් යුක්ත විය යුතුය. මෙය සිදුවීමට එක් හේතුවක් වන්නේ හොව්ත්‍රෝන් ආචරණයයි. තවත් එකක් වන්නේ සාමාන්‍ය සමතුලිතයේ දී පාර්ශ්වික සමතුලිතය නොකඩවා රඳා නොසිටීමයි.මෙම සැලකීම්වල ප්‍රතිඵලයක් ලෙස දැඩි විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් අවධානය යොමු කිරීමට යත්න දරන්නේ බාහිර ආචරණ ඉවත් කිරීමට අතර මෘදු විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් වඩාත් අවධානය යොමු කරන්නේ බාහිර වලංගුතාවය පිළිබඳ ගැටලු කෙරෙහිය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ සංඛ්‍යානමය ක්‍රමයි. විද්‍යාත්මක සාක්ෂි ගත හැකි සිද්ධි ස්වාභාවිකව ඉඳහිට සිදුවේ. ස්වාභාවික පර්යේෂණවලට පාදම වනනේ ඒවායි. එවැනි අවස්ථාවලදී විද්‍යාඥයන්ට වන ගැටළුව වන්නේ ස්වාභාවික සැලසුම් ඇගයීමයි.දැනුම යන තේරුම සඳහා සංස්කෘත භාෂාවේ භාවිතා වන්නේ “වේද” යන වචනයයි. වේද යන වචනය පැමිණෙන්නේ 'විද්' මූලයෙන් (වචනාර්ථයෙන්, 'දැන ගැනීමට') වන අතර එහි අර්ථය 'දැනුම' යන තේරුම දෙයි. එමෙන්ම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්රන්ථ වේ |
. එසේම මේවා හින්දු ධර්මයේ පූජනීය ග්රන්ථ වේ.සම්ප්‍රදායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයන් වේ. එම නිසා ඒවා 'අසන ලද පරිදි' යන තේරුම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හඳුන්වනු ලබයි. හින්දු සම්ප්රදාය තුළ, වේදයන්ට ශෘති තත්ත්වය ඇත (වචනාර්ථයෙන්, එය 'අසා ඇත' යන තේරුම දෙයි). ඔවුන් සදාකාලික, ස්වයං-පවත්නා සත්‍යයක් මූර්තිමත් කරන බව සැලකේ.ඍෂිවරුන් (දසුන්) විසින් භාවනා තත්වයක දී අවබෝධ කර ගත් හෝ ඔවුන්ට දෙවිවරු විසින් හෙළි කරන ලදැයි විශ්වාස කෙරේ. ස්මෘති (වචනාර්ථයෙන්, එය 'මතක' යන තේරුම දෙයි) පාඨ කාණ්ඩයට වේදංග, පුරාණ, වීර කාව්‍ය, ධර්ම ශාස්ත්‍ර සහ නිතිශාස්ත්ර ඇතුළත් වේ.වේද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හින්දු සුත්‍ර, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්ථාවන් හීදි ගායනා කරනු ලැබේ. විවිධ වර්ගයේ වේද ග්රන්ථ ඒකාබද්ධ කොට චතුර් මහා සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ.1. සෘග් වේදය - ප්‍රධාන පූජක ගායනා කරන ලද භක්ති ගීත2. සෘජු වේදය - පාලක පූජක විසින් ගායනා කළ සුත්‍ර |
3. සාම වේදය - සංගායනා කරන පූජක විසින් ගායනා කළ සූත්‍ර4. ආතර්ව වේදය - විජ්ජා වසුං සහ ප්‍රවකිෂිවේ කාර්ය්ය සඳහා භාවිතා කරනු ලබන මන්ත්‍ර විශේෂයක එකතුවකි.ඍග් වේදයේ දැනට පවතින ලෝකයේ පැරණිතම කාව්‍ය අඩංගු වන අතර ඉන් සමහරක් අසාමාන්‍ය අලංකාරත්වයකින් සහ දාර්ශනික ගැඹුරකින් යුතු වෙයි. සෑම වේදයකටම කොටස් හතරක් ඇත, එහි අවසාන තුන සමහර විට එකිනෙක මිශ්‍ර වේ - සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද්.වේද ග්රන්ථ[සංස්කරණය]‘වේද ග්රන්ථ’ යන්න අර්ථ දෙකකින් භාවිත කෙරේ. ඒ 1. වෛදික යුගයේදී වෛදික සංස්කෘත භාෂාවෙන් සම්පාදිත කෘති.2. වේදය හා සම්බන්ධ යැයි සළකනු ලබන කවර හෝ කෘති යනුවෙනි.වෛදික සංස්කෘත සාහිත්යයවෛදික සංස්කෘත සාහිත්‍යය පහත දැක්වෙන කාතිවලින් සමන්විත වෙයි.සංහිතා : ඍග්වේද, සාමවේද, යජූර්වේද සහ අථර්වන්වේද යනුවෙන් වෛදික සංහිතා සතරකි. වේද යන වදන භාවිතවනුයේ මෙම සංහිතා හැඳින්වීම පිණිස ය. මෙම ග්රන්ථ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරය වන අතර ඍග්වේදය කි‍්‍රස්තු පූර්ව 1200 දී පමණ සම්පාදනය වූයේයැයි සැළකේ.බ්‍රාහ්මණ යනුවෙන් හැඳින්වෙන ග්රන්ථ ගද්‍යමය ඒවා වේ. විවිධ යාතුකර්ම සහ ඒ හා සම්බන්ධ තේමා පිළිබඳව කෙරෙන |
දීර්ඝ විස්තර ඒවායෙහි අන්තර්ගත වෙයි.ආරණ්‍යක යනුවෙන් හැඳින්වෙන ග්රන්ථ සමූහය බ්‍රාහ්මණ ග්‍රන්ථවල අන්තර්ගත චින්තනය ඉදිරියට ගෙනයාමක් සේ සැළකිය හැකිය. ඒවා තුළ ඇතැම් දාර්ශනික සංකල්පයන්ගේ මූල අවස්ථාව අපට දැකගත හැකිය.උපනිෂද් ග්‍රන්ථවල දාර්ශනික වශයෙන් ඉතා උසස් මට්ටමේ අදහස් අන්තර්ගත වෙයි. බ්‍රාහ්මණ ග්රන්ථවලට වඩා උපනිෂද් ග්‍රන්ථවල ඇති සුවිශේෂත්වය වනුයේ බාහිර නිර්මාණකරුවෙකු පිළිබඳ සංකල්පය කෙමෙන් වෙනස් වී "ආත්මය නමැති පදාර්ථය ලෝකයේ ප්‍රතිෂ්ඨාව සහ පරම යථාර්ථය වන්නේය" යන අදහස ඉදිරිපත්කිරීම පිණිස ඒවා සම්පාදනය කළ මුනිවරු යොමු වීමය. උපනිෂද් ග්රන්ථ වේදයේ අන්තය හෙවත් වේදාන්ත ලෙස සැළකේ. සමස්තයක් වශයෙන් ගත්කල්හි උපනිෂද් ග්රන්ථ 108 ක් පමණ වෙතැයි සැළකේ.සාම වේදය (හින්දු ග්රන්ථ)සාමවේදය යනු චතුර් වේදයන්ගේ තුන්වැන්නයි. චතුර්වේදය යනු පැරණි හින්දු ග්රන්ථ පෙළකි. මෙහි ආරම්භක කොටස් ක්‍රි.පු 1000 දී පමණ ලියැවුණු බව විශ්වාස කරයි.සාමවේදය, ශුද්ධවන්තකම හා දේව ඇඳහිලි ක්‍රම ගැන ලියවී ඇති කරුණු සෘග් වේදයේ ඇති කරුණුවලට දෙවැනිවේ. සාමවේදියෙහි 'සමීතා' හෙවත් පද්‍යමය කොටසෙහි ප්‍රධාන වශයෙන්ම ඇත්තේ 'උද්ගාඨාර' පුජ |
කතුමන් විසින් වැදගත් බිලි පූජා වලදී ගායනා කළ යුතු ස්තෝත්ර වේ.මෙම එකතුව ස්තෝත්රතා, ස්තෝත්ර කොටස්, ශ්ලෝක කොටස් ආදියෙන් සමන්විතවේ. මින් 75 ක් හැර අන් සියල්ල සෘග් වේදයෙන් ලබාගන්නා ඒවා වේ. මේවා පිළිවෙල මාරුකර, නැවත සකසා සාමවේදයට ඇතුළත් කර ඇති අතර, දෙවෙනි පිළිවෙල පිළිබඳ සඳහන් කොට නොමැත. මේවා අවශ්‍ය පරිදි විවිධ පිළිවෙත් වලදී යොදා ගැනීමට මෙසේ නැවත සකස් කොට ඇත. මෙම ශ්ලෝක කියවීමට නොව ගායනා කිරීමට සකසා ඇත. ගායනා කිරීමේදි ස්වප්ත ස්වරයට අන්තර්ගත වන විශේෂයෙන් ඇති කාල වලට අනුව ගායන කළ යුතුය. මෙවැනි ගී "සාමගානා" ලෙස හැඳින්වේ.මෙම නැවත සකස් කරන ලද "සාමානා" සෘග්වේදයේ ඇති ඒවායෙන් බොහෝ ලෙස වෙනස්වේ. සමහර අවස්ථාවලදී මෙම වෙනස්කම් වාක්‍යාත්මක වේ. නමුත් සමහර ස්ථානවල සම්ප්‍රදායික උච්චාරණයට වඩා පැරණි උච්චාරණ ඇත. "සාමානා" ගායනයේදී මෙම ශ්ලෝක විකෘති වේ. දීර්ඝ ගායනය නැවත නැවත ගැයීම, විවිධ ස්වර එක් කිරීම, ආදි දේ නිසා මෙය සිදුවේ. මේ නිසා මේවා ගායනයට අදාළ රෙගුලාසි "ගානා" හෙවත් ගීත පොත් වල ඇතුළත් වේ. මේවාට උදාහරණ ලෙස "ග්රාමගෙය ගානා" හා 'ආරන්යාගානා" දැක්විය හැක.වේද සාහිත්‍යය - වේදාන්ග (Vedanga)[සංස්කරණය]සම්ප් |
රදායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධව සැකසුන ශිල්පීය විෂයන් හයක් ඇත. මේවා වේදාන්ග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේදාන්ග නිර්වචනය කරන ලද්දේ මෙසේය.නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථ දැක්වීම සහ උත්සව අවස්ථාවන්හිදි උචිත ලෙස මන්ත්‍ර ගායනා කිරීමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ"වේද යුගයේ අවසානයේ සිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශයද දක්නට ලැබේ.වේදාන්ග විෂය හය මෙලෙස දැක්විය හැකියශබ්ද /වාග් විද්යාවකාව්ය චන්දස්ව්යාකරණනිරුක්තියජ්යෝතිෂ්යඇදහිලි වත් පිළිවෙත්කල්පසංශෝධනය[සංස්කරණය]R.T.A. ග්රිෆ්ත් ට අනුව සාමවේදය සමිතාවේ සංශෝධන තුනක් ඇත.1. කෞතුම සංශෝධනය - ගුජරාති වල ඇති අතර එය ධර්භන්ග හා බිහාර් වලට පසුව ව්‍යාප්ත විනි.2. ජෛමිනිය සංශෝධනය - කාර්ණාටක, තමිල්නාඩු හා කේරල3. රානායනීය සංශෝධනය - මහාරාශ්ත්‍ර කෞතුම සංශෝධනය ප්‍රකාශ කරන අවධියේ ජෛමිනිය සම්ප්රදායේ සමහර කොටස් ප්‍රකාශයට පත්ව නොතිබිණි. සමිතාවේ පළමු කොටසේ සංස්කාරණයක් W. කාලන්ඩ් ව |
ිසින්ද, රඝු වීරා හා ලෝකේෂ් චන්ද්‍රා විසින් බ්‍රාහ්මණ කොටස් සංස්කරණයක්ද ඇත. එසේම අතහැර දමන ලද උපනිශද සංස්කාරයක්ද ඇත. ගීත පොත් ප්‍රකාශයට පත්ව නොමැත. මෙම සියලු සම්ප්‍රදායන් දැන් මැකී යමින් පවතී. කෙසේ වෙතත් සාමවේද විශේෂඥයන් විසින් නව සංස්කරණය සකසමින් පවති.19 වන සියවස මුල් කාලයේ දෙවනශාරි රිග්වේද[සංස්කරණය]සම්මතයට අනුව වේද ප්‍රධාන කොටස හතරකට බෙදිය හැක.1. ඍග් වේදය :ඍඪ*2. යජුර් වේදය :ශඪ*3. සාමන් වේදය :ීඪ*4. අනර්ව (අථර්වන්) වේදය :්ඪ* මේවායින් පළමු තුන ප්‍රධාන මුලික කොටසට අයත් වන අතර ඒවා ලෙස හදුන්වයි. මෙම ත්‍රිත්ව විද්‍යා වලට ‘ශුද්ධ වු ත්‍රිත්ව විද්‍යා වලට දේව ගිතිකා සජ්ජායනය :ඍඪ* යාග පැවැත්වීම :ශඪ* යන සජ්ජායනා :ීඪ* වේ. මෙම පිටපත් තුන බ්රාහ්මනයන් විසින් හදුන්වා දුන් අතර :ී්යඊල ්ඊඍ වන යනකුත්* රිග් වේදය අනිකුත් වේද තුනෙන් පැරණිම එක වන අතර යාතුව යන කල්පිත මන්ත්‍ර වලින් ස්වාධීන වේ. තවද මන්ත්‍ර තන් ආකාරයෙන් පවති. ඍසජ මෙහිදි පැදියේ කාවග රිද්මය ප්‍රශංසා කරන අතර, හඩ ඉහලින් සජ්ජායනය කරයි. යජුස්, මේවා ගැදි වන අතර යාග පවතින විට අඩු හඩකින් සජ්ජායනය කරනු ලබයි. මේවා කාව්‍ය රිද්මය වන අතර ස |
ෝම උත්සව වලදි ගායනා කිරිමට බලාපොරොත්තු වේ. යජ්ර්වේද, සාමවේද යන අතර්ථවේද මන්ත්රවල හා දේවගිතිකා වල ස්වාධින එකතුවක් වන අතර ්ායඩ්රහහල ඹාට්එරල සහ ඊර්යප්බ යන ප්රජාවකුත් පිළිවෙලත් අත්පොත ලෙස සලකන ලදි. අතර්වේද යනු හතරවන වේදයයි. එහි තත්ත්වය ඇතැම් විට අර්ථ කිහිපයක් සහිත වේ. එය සමහර විට රෝග සුවකිරිමට යන ධාතුවේ දී භාවිතා කරයි. කෙසේ නමුත් එහි ආදි වේදික භාෂාවේ ඇති පරණ ද්‍රව්‍ය අඩංගු වේ.වර්ණ (කුල) පසුබිම[සංස්කරණය]මිනිසුන් පළමුවතාවට කෘෂිකර්මය යන වෙළද සමාජ වල පදිංචි වු විට සමජිය සම්බන්ධතා විශාල වශයෙන් වෙනස් වූ අතර විශාල ලෙස කම්කරුවන් විශේෂ සුදුසුකම් ලැබුන් විය. මහජනයා ශිෂ්ට ව්‍යුහයකට සංවිධානය වු අතර එය යගයි සහ විවිධ වු රැකියා කරන විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත විය. සමාජයන් ව්‍යවස්ථාදායක වන අතර සියල්ල විවිධ කණ්ඩායම් වල ස්වයං උන්දුවක් මගින් සමාජ යහ පැවැත්ම යන වැඩිම ඇති කරනු ලබයි.බොහෝ රාජධානි (උදාහරණ සට වාහන) ධුරාවලියක් ලෙස ගොඩ නැගි ඇති අතර සමාජයේ විවිධ වු මිනිස් කණ්ඩායම් වලට විවිධ වු භුමිකා සහ වගකිම් පවරා දි ඇත. මෙම භූමිකා සහ වගකිම් වසර කිහිපයක් පුරා උරුමයෙන් පැවත එන ඒවාය.රාජධානි අධිරාජ්‍යයන්ගෙන් ප |
ැවතෙන අතර පරම්පරා කිහිපයකට පසුව නැති වි යන ලදි. ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණයන්ට දේව හා ආගමික කටයුතු වලදි උත්තරිත්වය තිබිනි.ක්ෂස්ත්රීයන් යුධ ශිල්පය ප්‍රගුණ කළ අතර,වෛශ්‍යන් කෘෂිකර්මය සහ වෙලදාමෙහි නියතු වියකෙසේ නමුත් හින්දු ධර්මට අනුව අඩු තත්ත්වයේ අයට සැලකිල්ලක් නොදැක්විය. අලූත් උපන් දරුවෙකුගේ කුලය ඔහුගේ පියාගේ කුලය අනුව තිරණය විය. බ්රාහ්මන, ක්ෂේත්රය, වෛශය යන කුල අපානනයන යන දෙවන උත්සවයක් පවත්වනු ලැබේ. බ්‍රාහ්මණ ග්රන්ථ වලට අනුව කුලය යනු ක්‍රියාකාරි ධුරාලි පද්ධතියක් වන අතර එමගින් මාජය සංවිධානය කරනු ලැබේ. එය පරමාදර්ශි පද්ධතියක් වන අතර යථාර්ථයක් ලෙස එමේ කුමන ප්රදේශයකවත් නොපවති. ජෙසින්ට අනුව ඉන්දියානු සමාජය 300 ක් සිට එනම් ගුප්ත කාලයේ සිට සංවිධානය කරන ලදි. කුල පද්ධතිය පිළිබදව ආදිතම සටහනට අනුව රිග් වේදයේ පුරුෂ සුත්‍රය 1090.12 මෙසේ සදහන් කරයි. බ්‍රහ්මයින් පුරුෂගේ කටින් ද ජනයා (ක්ෂේත්රයන්) ඔවුන්ගේ අත් වලින් ද වෛශ්‍යයන් කලවයෙන්ද ශුද්‍රයන් ඔහුගේ පාදයෙන් ද ඇතිවේ.සටහන්[සංස්කරණය]Vedasවේද හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.ඉංග්‍රීසි විකට නළුවෙක් සහ චිත්‍රපට අධ් |
යක්ෂවරයෙකිසැකිල්ල:SHORTDESC:ඉංග්‍රීසි විකට නළුවෙක් සහ චිත්‍රපට අධ්යක්ෂවරයෙකිශ්රීමත්චාල්ස් ස්පෙන්සර් චැප්ලින්KBEචැප්ලින්, 1920 දශකයේ මුල් භාගයේදිඋපතචාල්ස් ස්පෙන්සර් චැප්ලින්1889 අප්‍රේල් 16 දිනඊස්ට් ස්ට්රීට්වැල්වර්ත්, ලන්ඩන්, එංගලන්තයමිය යාම1977 දෙසැම්බර් 25 දින (වයස 88)ස්විට්සර්ලන්තයජාතිකත්වයබ්රිතාන්ය ජාතිකවෙනත් නම්චාලිරැකියාවහාස්ය උත්පාදක රංගනය,චිත්‍රපට නිශ්පාදනය,චිත්‍රපට අධ්‍යක්ෂණය හා සංස්කරණය,තිර රචනය,සංගීත සංයෝජනයසක්රීය වසර1899–1976වෙබ් අඩවියcharliechaplin.comඅත්සනඉංග්රීසි ජාතික හාස්‍ය උත්පාදක නලුවකු, චිත්‍රපටකරුවකු සහ රචකයකුද වන ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් 'චාලි' චැප්ලින් KBE (1889 අප්‍රේල් 16 – 1977 දෙසැම්බර්) නිහඩ චිත්‍රපට (එනම් සයිලන්ට් මූවීස් ) තුලින් තම කීර්තිය ලගා කර ගත්තෙකි. චැප්ලින් චිත්‍රපට කර්මාන්ත ඉතිහසයේ ඉතා සුවිශේෂී පුද්ගලයකු ලෙස සලකනු ලබන අතර ද ට්‍රෑම්ප් නම් රූප කථනය තුලින් ඔහු ලෝක ප්‍රසිද්ධ සිනමා ප්‍රතිමූර්තියක් බවට පත්විය. ළමා අවදියේදිම (එවකට වික්ටෝරියනු රජ සමයේදී) රංගනයට අවතීරනය වූ මොහු 88 වියේදි මරනයට පත්වීමට වසරකට පෙරද රංගන කටයුතු වල නිරත විය. වසර 75 |
කට අධික වූ චැප්ලින්ගේ රංගන දිවිය අධික ප්‍රශංසාවට පාත්‍ර වූද මතභේදයන්ට භාජනය වූද එකක් විය. චැප්ලින්ගේ ලමා කාලය අධික දරිද්‍රතාවයෙන්ද, දුක්කම්කටොලු වලින්ද පිරි එකක් විය. පියාගේ නික්මයාමත්, මව මුදල් අගහිගකම් වලින් පෙලීමත් නිසා, නවවැනි විය පිරීමටත් පෙර දෙවරක්ම වර්ක්හවුස් වෙත යාමට මොහුට සිදුවිය. ඔහුට අවුරුදු 14ක් වන විට මව මානසික රෝගයකින් පෙලෙන්නට විය. ලාබාල වියේදීම සංගීත ශාලාවලට සංචාරය කරමින්, ඉදිරිපත් කිරීම් කරමින් ඔහු තම රංගන දිවිය අරඹි අතර පසුකාලීනව වේදිකා නලුවෙකු සහ හාස්‍යෝත්පාදක නලුවෙකු ලෙස රංගන කටයුතු වල නිරතවිය. 19 වියේදි එවකට සුප්‍රසිද්ධ සමාගමක් වූ ෆ්‍රෙඩ් කානෝ සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඇමරිකා එක්සත් ජනපදයට යාමට චැප්ලින්ට අවස්ථාව සැලසින. එහිදී ඔහු සිනමා රංගනය පිලිබඳ පුහුණුවක් ලබූ අතර 1914 වසරේදී කීස්ටෝන් ස්ටුඩියෝහීදී මේකින්ග් අ ලිවින්ග් නම් චිත්‍රපටය වෙනුවෙනන් තම ප්‍රථම දර්ශනයට පෙනී සිටිමට අවස්ථාව උදාවිය. ඔහු විසින් පනපෙවූ 'ද ට්‍රෑම්ප්' නම් චරිතය කෙටි කාලයක් ඇතුලත ඉතා විශාල රසික සමූහයක් විසින් වැලඳ ගන්නා ලදී. වැඩිකලක් ගතවීමට මත්තෙන් චිත්‍රපට අධ්යක්ෂණයට එලඹි චැප්ලින්, 191 |
8 වර්ශය වනවිට ලොව ජනප්‍රියම පුද්ගලයකු බවට පත්වසිටි අතර Essanay, Mutual, සහ First National යන සමාගම් හා සම්බන්ධ වීමත් සමඟ ඔහුට තම කෞශල්‍යයන් ඔපමට්ටම් කරගැනීමට හැකිවිණි.1919 වසරේදී සම-ස්ථාපනය කරන ලද යුනයිටඩ් ආටිස්ට් සමාගම මඟින් ඔහු තම චිත්‍රපට පිලිබඳ සම්පූර්ණ පාලනය ලබාගන්නා ලදී. ඔහුගේ පළමු ෆීචර් ලෙන්ත් සිනමා පටය වනුයේ 1921 දී තිරගත වූ කිඩ් චිත්‍රපටයයි. ඉන් අනතුරුව වුමන් ඔෆ් පැරිස්(1923), ද ගෝල්ඩ් රශ්(1925), ද සර්කස් (1928) වැනි නිර්මාණ බිහිවිය. සිටි ලයිට්ස්, මොඩර්න් ටයිම්ස් වැනි දෙබස් රහිත චිත්‍රපට බිහිකලේ, කථන චිත්‍රපට (1930 වසරේදී) වලට යොමුවීම ප්‍රතික්ෂේප කරමිනි. චැප්ලින්ගේ පසු කලීනව දේශපලනික තේමා යටතේ නිර්මාණකරණයේ යෙදුනු අතර ද ග්‍රේට් ඩික්ටේටර් නමින් කල නිර්මාණ ඇඩොල්ෆ් හිට්ලර් අලලා උපහාසාත්මකව නිර්මාණය වූවකි. 1940 දශකය චැප්ලින්ගේ දිවියේ මතභේදාත්මක කාලවකවානුවක් වූ අතර ජනප්රියත්වද සීඝ්රයෙන් ගිලිහී යන්නට විය. ඔහුට කොමියුනිස්ට්වාදියෙකැයි චෝදනා එල්ලවූ අතර පීතෲත්වය සම්බන්ධ නඩු සහ ලාබාල කාන්තා සම්බන්ධතා හේතුවෙන් විවේචනයන්ට මුහුණපෑමටද සිදුවිය. FBI ආයතනයෙන් සිදුකල පරීක්ෂණයකින් අනතුරුව චැප්ල |
ින්හට එක්සත් ජනපදයෙන් පිටවීමයාමටැයි බලපෑම් එල්ල වූ නිසා ඇමරිකාවෙන් පිටවී ස්විට්සර්ලන්තයේ පදිංචි විය. ඔහුගේ පසුකාලීන නිර්මාණ වන Monsieur Verdoux (1947), 'ලයිම්ලයිට්' (1952), අ කින්ග් ඉන් ද නිව්යෝක්, කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්ග් (1967) වැනි චිත්‍රපට වලින් 'ට්‍රෑම්ප්' ඉවත්කර තිබුණා.තම සිනමා ග්‍රන්ත තිර පිටපත් ලිවීම, අධ්‍යක්ෂණය, නිශ්පාදනය, සංස්කරණය, රංගන කටයුතු සහ සංගීත සනන්යෝජනය සිදු වූයේ චැප්ලින් අතිනි. ඔහු සිය ක්ෂේත්රයේ පරිපූර්ණත්වයට පැමිණි අයෙක් වූ අතර තමා සතු වූ මූල්‍යමය ස්ථාවරත්වය නිසා සිනමා නිශ්පාදන කටයුතු වෙනුවෙන් වසර ගන්නාවක් වුවද ගතකරීමේ හැකියාව ඔහු සතු විය. ඔහුගේ සිනමාපට දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක (Slapstick) චරිතද, අනුකම්පා උපදවන සුලු (Pathos) චරිත සහිත රඟපෑම් වලින් යුක්ත විය.1972දී ඔහුගේ නිර්මාණ කාර්යයන් අගය කරනු වස් ගෞරවනීය ඇකැඩමි සම්මානයෙන් පිදුම් ලබන ලදී. ද ගෝල්ඩ් රශ්, මොඩර්න් ටයිම්ස්, සිටි ලයිට්ස්, ද ග්‍රේට් ඩික්ටේටර් වැනි නිර්මාණ, සිනමා ක්ෂේත්රයේ ඉතා විශිෂ්ට ඝණයේ ඒවා ලෙස අදටත් සැලකේ.චරිතාපදානය[සංස්කරණය]ලමා කාලය[සංස්කරණය]පවුල් පසුබිම සහ දුෂ්කරතා[සංස්කරණය]චර |
්ල්ස් ස්පෙන්සර් චැප්ලින් 1889දී හැනා චැප්ලින් හා චාල්ස් චැප්ලින් (ජ්‍යෙෂ්ඨ) ට දාව, දකුණු ලන්ඩනයේ, ඊස්ට් ස්ට්‍රීට් වැල්වර්ත් හීදී උපත ලද බව පැවසේ. මොහුගේ ලමා කාලය අධික දුෂ්කරතා වලින් පිරීගිය එකක් විය.කුඩා කලම පියා මොවුන් හැරදා යාමත් මවට නිශ්චිත රැකියාවක් නොමති වීමත් නිසා වර්ක් හවුස් වෙත යාමට චැප්ලින්ට සිදුවිය. මව-හැනා චැප්ලින්ඔහුට අවුරුදු 14ක් වන විට මව මනසික රෝගයකින් පෙලෙන්නට වූ බැවින් කේන් හිල් මානසික රෝහලේ දෙමසක් නේවාසිකව ප්‍රතිකාර ලබන්නට විය. එම කාලය තුල චැප්ලින් හා ඔහුගේ සහෝදරයා වන සිඩ්නි චැප්ලින් පියාගේ භාරකාරත්වය යටතට පත්වන අතර එහිදී ඔවුනට නිසි රැකවරණයක් නොලැබෙන්නේ පියා ඒ වනවිට මත්පැනට යොමුවී සිටි බැවිනි. ඉන් වසර දෙකකට පමණ පසු චැප්ලින්ගේ පියා මරණයට පත්වන අතර මව වරින් වර රෝගාතුර වන්නට විය. සහෝදරයා වන සිඩ්නි නාවික හමුදාවට එක් වීමත් සමග මව රැකබලාගනිමින් චැප්ලින් දුක්ඛිත දිවියක් ගතකලේය. 1905 වසරේදී හැනා චැප්ලින් බලවත් ලෙස රෝගාතුර වන අතර, නැවතත් කේන් හිල් සාත්තු නිවාසයේ නතර කරනු ලබීය. මෙවර ඇගේ රෝගය සුවකල නොහැකි වූ අතර යතාර්ථයට මුහුනදීම හැර කලහැකි අන් කිසිවක් චැප්ලින්ට නොවීය. චැප්ලින් |
පසුකාලීනව ඒ පිලිබඳ සඳහන් කරන්නේ "අසරන අම්මාගේ දෛවය භාරගැනීම හැර අපට කලහැකි දෙයක් නොවීය" යනුවෙනි. 1928 දී මියයන තෙක්ම එහි රැඳී සිටීමට හැනා චැප්ලින්ට සිදුවිය.තරුණ අවධිය[සංස්කරණය]ඉතා ලාබාල අවධියේදීම රංගනය කටයුතු වලට පිවිසීමට චැප්ලින්ට අවස්ථාව උදාවිය; එනම් වයස අවුරුදු 05දී පමන. අසනීපයෙන් සිටියද මවගේ අභාෂය සහ ධෛර්යය ඔහුට තම රංගන කටයුතු වලට ආශිර්වාදයක් විය. පසු කලීනව චැප්ලින් මව පිලිබද මෙසේ ප්‍රකාශ කර තිබුනා, "ඇය මාහට කාවැද්දුවා මට දක්ශතාවයක් තිබෙන බව". තම පියාගේ සම්බන්දතා මත ඔහුට එකල එන්ගලන්තයේ ප්‍රසිද්ද නැටුම් කන්ඩායමකට සම්බන්දව සංගීත ශාලාවල සංචාරය කිරීමට අවස්තාව උදාවිය. වයස 13 වනවිට පාසල් යාම අතැරදමා තම ජීවනාභිලාෂය මුදුන් පත්කර ගන්නට මහන්සි විය. ඒ අනුව විවිධ පුද්ගලයන් සහ සමාගම් සමඟ එක්වෙමින් රංගන කටයුතු වල නිරත විය. චාර්ල්ස් ෆොර්මන්ගේ ශර්ලොක් හෝම්ස්, Duke of York's Theatre ඉන් කිහිපයකි.හාස්‍ය උත්පාදක නිර්මාණ[සංස්කරණය]1906 දී චැප්ලින් juvenile act Casey's Circus සමඟ සම්බන්ධවී කටයුතු කර, අවුරුදු 18ක් වන විට දක්ෂ හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස නමක් දිනාගන්නට සමත් විය. 1908 දී තම සහෝදරය |
ාගේ මාර්ගයෙන් ෆ්‍රෙඩ් කානෝ ගේ සුප්‍රසිද්ධ හාස්‍ය රංගන සමාගමට සම්බන්ද විය. මෙහිදී චැප්ලින්ගේ රඟපෑම් ඉතා සාර්ථක වීය. ඒ සමඟ කානෝ විසින් ඔහුව උතුරු ඇමරිකනු සංචාරකයකට තෝරාගන්නා ලදී. එම සංචාරයේදී රසිකයින් විසින් චැප්ලින්ගේ රඟපෑම් ආදරයෙන් වැළඳගන්නා ලදී. මාස 21ක් පැවති සංචාරයෙන් පසු 1912 ජූනි මාසයේදී එංගලන්තයට පැමිණි අතර නැවතත් ඔක්තෝම්බර් මාසයේදී සංචාරයක් සඳහා වරම් ලැබුණි.සිනමාවට අවතීර්ණ වීම[සංස්කරණය]ඇමරිකනු සංචාරයෙන් පසු නොබෝ කලකින් චැප්ලින් 'නිව්යෝක් මෝෂන් පික්චර්' සමාගම සමඟ එකතු විය. ඒ සමඟ 'කීස්ටෝන් ස්ටුඩියෝහී' වැඩ ආරම්භ කිරීමට 1913 දී ලොස් ඇන්ජලීස් වෙත පැමිණීමට ඔහුට සිදුවිය. චිත්‍රපට සහ රූපගතකිරීම් යන ක්ෂේත්‍ර වලට චැප්ලින් තවමත් නවකයෙක් වූ නිසා ඒ පිලිබද අධ්‍යයනය කිරීමෙන් පසුව රංගනයට යොමුවිය. ඒ අනුව, 1914 පෙබරවාරි 02 වන දින තිරගතවූ 'මේකින්ග් අ ලිවින්ග්' චිත්‍රපටය තුලින් චැප්ලින්ගේ ප්‍රථම සිනමාගමනය සිදුවිය. තම චිත්‍රපට රඟපෑම සහ රූපය පිලිබද ඔහු කොහෙත්ම තෘප්තිමත් නොවීය. ඒ අනුව තම දෙවන ඉදිරිපත් කිරීමේදී තම පෙනුම වෙනස් කරගනීමට කටයුතු කලේය. මේකින්ග් අ ලිවින්ග් (1914)ඒ පිලිබඳ චැප්ලින් මෙසේ ප |
්‍රකාශ කළේය:"මට සියලු දේම පරස්පර විදිහට, වෙනස් ආකාරයෙන් සිදුකරන්නට උවමනා වුණා. බැගී කලිසම, හිරවුණ කෝට් එක, කුඩා තොප්පිය සහ ව්ශාල සපත්තු කුට්ටම.. මගේ මුහුණේ භාව ප්රකාශනයන් නොසඟවා වියපත් බවක් ආරෝපණ කරගැනීම සදහා, මම කුඩා උඩු රැවුලකුත්ද එක් කරගත්තා. මට චරිතය ගැන කිසිම තේරුමක් නැහැ, නමුත් මම සූදානම් වූවායින් පසු ඇඳුම සහ 'මේකප්' මට අවශ්‍ය චරිතයට මාව රැගෙන යනවා. මම ඔහුව (චරිතය) හදුනාගන්නවා, වේදිකාවට පිවිසෙන විට ඔහුට සම්පූර්ණයෙන්ම ජීවය ලැබී අවසානයි."චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටිය වන්නේ 'කෝට් ඉන් ද රේන්' සිනමාපටයයි. එය අතිසාර්ථක ලෙස තිරගත වූ නිර්මාණයක් විය. මෙහි සාර්ථකත්වය හේතුවෙන් කීස්ටෝන්හී නිෂ්පදනය වූ බොහොමයක් නිර්මාණ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ චැප්ලින් අතිනි. එය තම වෘත්තීය දිවියේ ස්වර්ණමය කාල්පරිච්ඡේදයක් ලෙස පසු කලීනව ඔහු මතක් කර සිටියේය.ෆස්ට් නැෂනල් (1918–1922)[සංස්කරණය]1918 වර්ෂයේ අප්‍රියෙල් මාසයේදී විකාශනය ඇරඹි A Dog's life චිත්‍රපටය ඔහුගේ අලුත් කොන්ත්රාතුවක් යටතේ වූ ප්‍රථම චිත්‍රපටය විය. එහිදී චැප්ලින් විසින් ඔහුගේ කථාන්දර ගොඩනැගීමෙහිලා තිබූ සැලකිල්ල සහ ඔහුගේ Tramp |
සඳහා වූ පිළියම "පියරෝට් ආකාරයේ චරිතයකින්" පෙන්වාදෙනු ලැබීය. Louis Delluc විසින් පෙන්වාදෙනු ලබන ආකාරයට මෙමෙ චිත්‍රපටය සිනමාවේ ප්‍රථම කලාත්මක සම්පුර්ණත්වය විදහා දක්වන නිමාවයි. ඉන් පසුව චැප්ලින් තුන්වන ලිබර්ටි සුරැකුම් ව්‍යාපාරය සම්බන්ධව මාසයක කාලයකට ඇමරිකානු එක්සත් ජනපදය බලයාමට නැව් නගින්නේ ප්‍රථම ලෝක යුද්ධ සමයේ මිත්‍රව සිටි රටවල් සඳහා මුදල් රැස් කිරීමේ කටයුතු සඳහායි. චාර්ලි විසින් පාර්ලිමේන්තුවේ මෙම මුදල් රැස් කිරීම සම්බන්ධව කෙටි සම්ප්රචරණ චිත්‍රපටයක්ද නිර්මාණය කරන අතර එය 'The Bond' ලෙස නම් කරන ලදි. චාර්ලිගේ මිළඟ චිත්‍රපටය යුද්ධය සම්බන්ධ චිත්‍රපටයක් වූ අතර එය 'Shoulder Arms' නම්විය. මෙහිදී හවුල්කරුවන් යුද්ධය සම්බන්ධව විකට චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධව ඔහුට අනතුරු ඇඟවීම සිදු කල අතර පසුව ඔවුන් විසින්ම "අනතුරු දායක වුවත් නැතත් එම අදහස මා පුදුමයට පත්කලා " යනුවෙන් නැවත ප්රකාශයනක් කරනු ලැබීය. ඔහු පුරා මාස 4ක කාලයක් 1918 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ නිදහස් වූ විනාඩි 45ක් දිවයන එම චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකල අතර එම චිත්‍රපටය අතිශයින් සාර්ථක චිත්‍රපටයක් විය.ගිලිහුණු ජනප්‍රියත්වය[සංස්කරණය] |
1940 දශකය චැප්ලින්ගේ දිවියේ මතභේදාත්මක කාලවකවානුවක් වූ අතර ජනප්රියත්වද සීඝ්රයෙන් ගිලිහී යන්නට විය. ද ග්‍රේට් ඩික්ටේටර් නම්න් 'ඇඩොල්ෆ් හිට්ලර්' අලලා උපහාසාත්මකව ඔහු කල නිර්මාණය එකල දැඩි ලෙස සාච්ඡාවට භාජනය වූවකි; එසේම මීට දැඩි විවේචනද එල්ල විය. මෙම සිනමා පටය නිර්මානය සදහා චැප්ලින් වසර 3ක පමන කලක් ගතකල අතර චිත්‍රපටය නිකුත් කිරීමට පෙර පුලුල් ප්‍රචාරයක් ලබාදුනි. නිව්යෝර්ක් ටයිම්ස් විචාරකයන් පැවසූයේ 'මෑත කාලයේ වඩාත්ම අපේක්ෂාවෙන් සිටි සිනමාපටය බවයි'. ද ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටය හොඳම තිර පිටපත, හොඳම චිත්‍රපටය, හොඳම නලුවා ඇතුලු ඇකඩමි සම්මාන පහකට නිර්දේශ විය.1943 සිට චැප්ලින් මිය යන තෙක් වසර 18ක් විවාහ වී සිටි වූනා ඔ'නෙලී1940 දී නඩු විභාග කිහිපයකටම මුහුනදීමට චැප්ලින්ට සිදුවිය. එයින් ඔහුගේ ප්‍රතිරූපයට හානිවූ අතර කාලයද බොහෝ දුරට නාස්තිවිය. 1945 වසරේදී ඔහුට විරුද්ධව පීතෲත්වය සම්බන්ධව නඩු විභාගයක් පැවතුනු අතර, ඉන් පරාජය වීම හේතුවෙන් ජොආන් බැරී නම් කාන්තාවගේ දරුවා වන කැරොල් ඈන්ට වසර 21ක් යන තුරු වන්ධි ගෙවීමට නියම විය. ඉන් මාස කිහිපයකට අනතුරුව චැප්ලින්, ඇමරිකානු තිරපිටපත් රචකයකු වන ඉයුජීන් ඔ' |
නෙලී ගේ දියණිය වන, වූනා ඔ'නෙලී සමඟ විවාහ විය. වූනාගේ හමුවීම චැප්ලින් හදුන්වනු ලැබුවේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම සිදුවීම ලෙසිනි. චාලිගේ පුත්‍රයකු වන චාල්ස් (කනිෂ්ඨ), පවසන්නේ වූනා තම පියාට ඉතා භක්තියෙන් සැලකූ බවයි. චැප්ලින් මිය (1977 දෙසැම්බර් 25 දින) යන තෙක් වසර 18ක් වූනා සමඟ සතුටින් ජීවත්වූ අතර මොවුන්ට ගෙරල්ඩයින් ලී, මයිකල් ජෝන්, ජොසැෆීන් හැනා, වික්ටෝරියා, ඉයුජීන් ඇන්තනී, ජේන් සිසිල්, ඇනෙට් එමිලි, ක්‍රිස්ටෝපර් ජේම්ස් නම් දරුවන් අටදෙනෙකු සිටියහ.සිනමා නිර්මාණ[සංස්කරණය]තේමාවන් සහ ශෛලීන්[සංස්කරණය]චැප්ලින් දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක (Slapstick) චරිතද, අනුකම්පා උපදවන සුලු ( Pathos ) ශෛලීන් අනුවද චරිත නිර්මාණ ඉදිරිපත් කිරීමට සමත් විය. චැප්ලින්ගේ නිහඬ ච්ත්‍රපට තුලින් බොහෝවිට පෙන්නුම් කලේ තමාට එරෙහි වූ ලොවක 'නොනැසී පැවතීමට' ට්‍රෑම්ප් ගන්නා උත්සාහයයි. අධික දරිද්‍රතාවයෙන් පෙලෙන මොහුට බොහෝ අවස්ථාවන්හිදී අන් අයගේ තාඩන පීඩන වලට ලක්වීමට සිදුවේ. නමුත් ට්‍රෑම්ප් සෑමවිටම අනුන්ට උදව් කරමින් කාරුණික දිවියක් ගතකරයි. විචාර මතය නම් 'හුදකලාවෙන් සහ අනාථයෙක් ලෙස ජීවත්වන ට්‍රෑම්ප් අවසානයේ ශුභවාදී දිවියක් ග |
තකරන අතර ආලෝකය කරා ගමන් කරන බවයි'. ඊසි ස්ට්‍රීට් (1917) තුලින් මත්ද්‍රව්‍ය භාවිතය, ද කිඩ් ච්ත්‍රපටය තුලින් නීත්‍යානුකූල නොවන දරු උපත්, ද ඉමිග්‍රන්ට් (1917) චිත්‍රපටයෙන් සංක්රමණයන් පිලිබඳව පෙන්නුම් කිරීම මීට නිදසුන් වේ. චැප්ලින් මෙම මාතෘකා පිලිබද ව්‍යංගය සහ හාස්‍යය මුසුකොට ප්‍රේක්ෂකයාට පනිවිඩයක් ලබාදීමටත් සමාජ කතිකාවතක් ඇතිකිරීමට උත්සාහයක යෙදුනු බව පැවසේ.චැප්ලින්ගේ ඇතැම් නිර්මාණ ස්වයං චරිතාපදානය ඇසුරෙන් නිමවූ බව පෙනෙන්නට තීබේ. ද කිඩ් චිත්‍රපටයෙන් ලමා කාලයේ විදින්නට වූ දුශ්කරතාද, ලයිම් ලයිට්හී ප්‍රධාන චරිත තම දෙමව්පියන්ගේ චරිතද පෙන්නුම් කරන්නට විය. ඔහුගේ බොහහෝමයක් රංගනතල වල ඔහු හැදී වැඩුණු 'කෙනින්ග්ටන්' නගරය නිරූපනයවිය. තවදුරටත් විචාරකයන් පවසන්නේ, මවගේ මානසික තත්වයද ඔහුගේ නිර්මාණ වලට යම් බලපෑමක් කරන්නට ඇතිබවයි.සංගීත නිර්මාණකරණය[සංස්කරණය]කුඩාකල සිටම සංගීත නිර්මාණ පිලිබද ආශාව චැප්ලින් තුල තිබිණ. ඒ අනුව ඔහු පියානෝ, වයලීන සහ චෙලෝ වාදනය උගෙන තිබිණි. චිත්‍රපටයක් සාර්ථක වීම සදහා සංගීත නිර්මාණයද බොහෝ සෙයින් වැදගත් බව චැප්ලින් විශ්වාස කලේය. සංගීතය පිලිබඳ විශේෂ හැදෑරීමක් හෝ පුහුනුවක් නොතිබූ |
නිසා, David Raksin, Raymond Rasch and Eric James වැනි වෘත්තීය සංගීත නිර්මාණකරුවන්ගේ උදව් ලබාගන්නට සිදුවිය. චැප්ලින්ගේ ගීත නිර්මාණ අතර මොඩර්න් ටයිම්ස් චිත්‍රපටය සඳහා කල 'ස්මයිල්' නම් ගීතය, ලයිම් ලයිට් සඳහා තැනූ 'Terry's Theme' ගීතයද, කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්හී 'This Is My Song' ආදී ගීතවේ. ඒ අතරින් This Is My Song ගීතය එක්සත් රාජධානියේ සහ යුරෝපයේ අනෙකුත් රටවල ගීත දර්ශක වල මුලට පැමිණීමට හැකිවිය. ලයිම් ලයිට් හී, තේමා ගීය වෙනුවෙන් 1972දී ඇකඩමි සම්මානයක්ද හිමිවිය.සම්මාන සහ ඇගැයීම්[සංස්කරණය]චැප්ලින් තම ජීවිත කාලය තුල විවිධ සම්මාන වලින් පිදුම් ලබන ලදී; විශේෂයෙන්ම ජීවිතයේ අවසාන කාලයේදී. 1975 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. (Knight Commander of the Most Excellent Order of the British Empire ) 1962 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සහ ඩර්හැම් විශ්ව විද්‍යාලයෙන් මඟින් පිරිනැමූ ආචාර්ය උපාධියෙන් සම්මානට පාත්‍ර විය. 1965 දී Ingmar Bergman හා චැප්ලින් Erasmus ත්‍යාගයෙන් සමව පිදුම් ලදහ. 1971 දී ප්‍රංශ රජය විසින් Commander of the National Order of the Legion of Honour ලෙස පත් කරන ලදී. |
1972 දී වැනිස් චිත්‍රපට උළළේදී විශේෂ ගෝල්ඩන් ලයන් සම්මානයට පාත්‍ර විය, එම වසරේදීම Lincoln Center Film Society මඟින් ජීවිත කාලයට වරක් හිමිවන "Lifetime Achievement" සම්මානයද හිමි විය. එම සම්මානය The Chaplin Award නමින් වර්තමානයේ සිනමාවේදීන් ඇගයීමට වාර්ශිකව යොදා ගැනේ. තම දේශපාලනික මතිමතාන්තර හේතුවෙන් අහිමි වූ Hollywood Walk of Fame 1970 දී නැවත ලබාදුණි. ඔහු ඇකඩමි සම්මාන 3 කින් පිදුම් ලැබීය; 1929 දී versatility and genius ද සර්කස්හී රඟපෑම, තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් ගෞරව සම්මානයද, 1972 දී එම ශතකයේ චලන නිර්මාණයන්, කලාවක් බවට පත්කිරීම සඳහා දැරූ අනුපමේය වෙහෙස වෙනුවෙන් දෙවන ගෞරව සම්මානයද, 1973 දී බෙස්ට් ස්කෝර් සම්මානය ලයිම්ල්යිට් වෙනුවෙන් තෙවනුව (Ray Rasch සහ Larry Russell සමව) හිමිවය. ‘ද ග්‍රේට් ඩික්ටේටර්’ චිත්‍රපටය හොඳම තිර පිටපත, හොඳම චිත්‍රපටය, හොඳම නලුවා ඇතුලු ඇකඩමි සම්මාන පහකට නිර්දේශ විය. Monsieur Verdoux හොඳම Original තිර පිටපත වෙනුවෙන් නිර්දේශ විය.සිනමාකරණය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: චාලි චැප්ලින් සිනමාකරණයද කිඩ් (1921)අ වුමන් ඔෆ් පැරිස් (1923)ද ගෝල්ඩ් රශ් (1925) |
ද සර්කස් (1928)සිටි ලයිට්ස් (1931)මොඩර්න් ටයිම්ස් (1936)ද ග්‍රේට් ඩික්ටේටර් (1940)Monsieur Verdoux (1947)ලයිම් ලයිට් (1952)කින්ග් ඉන් ද නිව්යොර්ක් (1957)කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්ග් (1967)බාහිර සබැඳි[සංස්කරණය]නිල වෙබ් අඩවියචාලි චැප්ලින් අන්තර්ජාල සිනමා දත්ත ගොනුවමධ්යම ලේඛන එකතුවචාලි චැප්ලින් සිනමා උලෙළ වෝටර්වීල් , අයර්ලන්තයචාලි චැප්ලින් කෞතුකාගාරය සංරක්ෂණය කළ පිටපත 2010-12-23 at the Wayback Machine ,ස්විට්සර්ලන්තයචැප්ලින්ගේ ලිපිගොනු , Federal Bureau of Investigationචැප්ලින්ගේ මුල්කලීන චිත්‍රපට, චැප්ලින් ගැන සහ රඟපෑම් අන්තර්ජාල ලේඛන එකතුවචාලි චැප්ලින් බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයමරණ දැන්වීම, The New York Times 1977දෙසැම්බර් 26චැප්ලින්: ජීවිතයක් ඡායාරූප Stephen M. Weissmanද ටයිම් හන්ඩ්‍රඩ්: චාලි චැප්ලින් ලිපි එකතුව 2011Charles Chaplin: Bridging Three Centuries චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටසමාගම/ ස්ටුඩියෝවනිර්මාණය කල චිත්‍රපටKeystone Studios(1914)Twenty Minutes of LoveCaught in the Rain A Busy DayHer Fr |
iend the Bandit Mabel's Married Life Laughing Gas (1914 film)The Face on the Bar Room Floor (1914 film)RecreationEssanay Studios(1915–18)His New Job A Night Out The Champion In the Park A Jitney Elopement The Tramp By the Sea His Regeneration Work A Woman The BankMutual Film Corp(1916–17)The FloorwalkerThe Fireman The Vagabond One A.M. The Count The_Pawnshop Behind the Screen The_RinkFirst National(1918–23A Dogs Life The Bond Shoulder Arms Sunnyside A Days Pleasure The_Professor The_Kid The Idle Class The_Pilgrim Pay_DayUnited Artists(1923–52)A Woman of Paris The Gold Rush The_Circus City Lights Modern Times The Great Dictator Monsieur Verdoux LimelightLater productionsA King in New York A Countess from Hong Kongමේවාද බලන්නCharlie Chaplin filmography The Chaplin Revue The Freakඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහයItalian: Il Cenacoloශිල්පියාලියනාඩෝ ඩා වින්චිවර්ෂයආ. 1495–1498වර්ගයගෙසෝ, පිච්, මැස්ටික් මත ටෙම්පෙරාව්යාපාරයඉහළ පුනරුදයමාන460 cm × 880 cm (181 in × 346 in) |
පිහිටීමසාන්තා මරියා ඩෙල්ලෙ ග්‍රාසී, මිලාන්ඛණ්ඩාංකඛණ්ඩාංක: 45°28′00″N 9°10′15″E / 45.46667°N 9.17083°E / 45.46667; 9.17083වෙබ්අඩවියhttps://cenacolovinciano.org/en/අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය (ඉතාලි: Il Cenacolo හෝ L'Ultima Cena) යනු ඉතාලි උසස් පුනරුදයේ චිත්‍ර ශිල්පියෙක් වූ ලියනාඩෝ ඩා වින්චි විසින් ආ. 1495-1498 කාලයේ නිර්මාණය කල බිතු සිතුවමකි. චිත්රයෙන් නිරූපනය කරන්නේ ජේසුව සහ ජේසුගේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා සමඟ, ජොහාන් සුවිශේෂයේ – පවසන පරිදි ජේසුස් වහන්සේ ඔහුගේ ගෝලයින්ගෙන් කෙනෙකු ඔහුව පාවා දෙන බව නිවේදනය කරන අවස්ථාවයි..[1] එහි අවකාශය හැසිරවීම, ඉදිරිදර්ශනයේ ප්‍රවීණත්වය, චලිතයට ප්‍රතිකාර කිරීම සහ මානව හැඟීම් සංකීර්ණ දර්ශනය බටහිර ලෝකයේ ලියනාඩෝගේ වඩාත්ම හඳුනාගත හැකි චිත්රවලින් එකක් බවට පත් කර ඇත.[2]සිතුවම[සංස්කරණය]සෙන්ටිමීටර 460x880 පරිමාණයෙන් යුතු මෙම සිතුවම ඉතාලියේ මිලානෝ නුවර සැන්ටා මාරියා ඩෙල් ග්රො සීහි භෝජන ශාලාවේ පිටුපස ශාලාවේ සොයා ගත හැකිය. ආහාර ශාලාවේම ඇති තේමාව සාම්ප්‍රදායික එකක් වුවත් ලියනාඩෝගේ අර්ථ දැක්වීම එයට වඩා යථාර්ථවාදී හා ගැඹුරක් දෙයි. ආහාර ශාලාවේ ත්රිෝත්ව ආ |
රුක්කුවකින් යුත් සීලීම මඟින් සකස් වූ ප්‍රධාන සිතුවමෙහි ඉහල ඇති වීදුරු ස්ෆෝක්සා පවුල සංකේතවත් කරන මෝස්තරයකින් සිතුවම් කර තිබේ. ආහාර ශාලාවේ ප්‍රතිවිරුද්ධ බිත්තියෙහි ඩොනාමෝ මොන්ටොර්ෂනෝ විසින් සිතුවම් කරන ලද කුරුසයේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන බිතු සිතුවමින් ආවරණය කර ඇත. එම සිතුවමට ලියනාඩෝ විසින් ටේම්පරා යොදා ගනිමින් ස්ෂෙර්සා පවුලේ පුද්ගලයන්ගේ සිතුවම් ඇතුළත් කර තිබේ. (මෙම රූප ද, අවසන් භෝජන සංග්‍රහයේ මෙන් නරක අතට හැරී ඇත) ලියනාඩෝ “අවසන් භෝජන සංග්‍රහයේ” සිතුවම් කටයුතු 1495 පටන් ගත් අතර 1498 සම්පූර්ණ කරන ලදී. කෙසේ වුවත් ඔහු මේ මුළු කාලය පුරාවට එක දිගට වැඩ කටයුතු කළේ නැත. ලියනාඩෝ ඩා වින්සි යන කෘතියේ (කෙනෙක් ක්ලාක්, p.144, පෙන්ගුවින් පොත් 1939, 1993) සඳහන් වන පරිදි, මෙහි පටන්ගත් දිනය නිශ්චිත නැත, හේතුව වූයේ කන්‍යාරාමයේ ලේඛණාගාරය විනාශ කර තිබීමත් සිතුවම් නිමා කරන කාලය වන විට අපගේ අසම්පූර්ණ ලිපිගොනු 1497 සිට දින නියම කිරීමත්ය. අවසන් භෝජන සංග්‍රහය සිතුවමෙන් නිශ්චිත වශයෙන්ම නිරූපණය කරනුයේ ජේසුස් වහන්සේ තමන්ගේ අපෝස්තුළවරුන් දොලොස් දෙනාගෙන් කෙනෙකු තමා පාවා දෙන්නෙයි පවසන විට ඔහුගේ එක් එක් අපෝස්තුළුවරුන් |
විසින් දැක්වූ ප්රතිචාරයයි. ආපාස්තුළුවරුන් දොලොස් දෙන සියල්ලන්ම විවිධ, වෙනස් වූ ප්රතිචරෙයන් මෙම පණිවිඩයට දැක්වීය, සමහරෙක් තරහ, තැති ගැන්වීම් වැනි විවිධ තත්වයන් පෙන්නුම් කළේය. වමේ සිට දකුණට:බර්තොලමි ජේම්ස්, ඇල්ෆ්ර්යෙස්ගේ පුත්‍රයා සහ ඇන්ඩෘ සහ තිදෙනා එක් කණ්ඩායමක් ලෙස සකස් වී සිටියි. එම තිදෙනා පුදුමයට පත් වී ඇත.ජුදා ඉස්කාරියොත්, පේදුරු සහ ජුවාම් යන තිදෙනා ද තවත් කණ්ඩායමක් ලෙස සකස් වී සිටියි. ජුදාස් කොළ වර්ණ සහ නිල් වර්ණයෙන් සැරසී ඇති අතර ඔහු තරමක් ආපසු ඉවත් කර ගන්නා බැල්මකින් ඡායාවන්ට මුවා වී සිටියි. තවද ඔහුගේ සැලැස්ම ඉක්මනින් එලිවීම නිසා පුදුමයට පත් වී ඇති ස්වභාවයක් පෙන්නුම් කරයි. ඔහු කුඩා බෑගයක් අල්ලා ගෙන සිටින අතර එය මගින් ජේසුස් වහන්සේව පාවා දීම නිසා ගෙවීම් වශයෙන් ඔහුට ලැබූ රිදී හෝ අපෝස්තුළුවරුන් දොලොස්දෙනාගෙන් ඔහුගේ කාර්යය වන භාණ්ඩාගාරික කාර්ය නිරූපණය කරනවා විය හැකිය. ඔහු තමන්ගේ වැලමිට මේසය මත තබා ගෙන සිටින එකම පුද්ගලයා වෙයි. එය සාම්ප්‍රදායික වශයෙන් නරක ආචාර ධර්මයක් වේ. පේදුරු තරහෙන් සිටින අතර පිහියක් ක්‍රිස්තුස් වහන්සේගේ ඉවතට දිගු කරමින් අල්ලාගෙන සිටියි. එය ගෙත්සෙමෙන් විසින් |
ජේසුස් වහන්සේ සිර භාරයට ගත් විට ඔහුගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයට පූර්ව ලක්ෂණයක් විය හැකිය. තරුණම ගෝලයා වන ජුවාම් ක්ලාන්ත වීමට යන ස්වභාවයක් පෙන්නුම් කරයි.තෝමස්, ජේම්ස් වැඩිමල් තැනැත්තා සහ පිලිප් ඊළඟ තුන්දෙනෙකුගෙන් සෑදුණු කණ්ඩායමයි. තෝමස් පැහැදිලිවම කැළඹී ඇත. ජේම්ස් පුදුමයට පත් වී ඇත. ඔහුගේ අත් ඉහල දිගු වී ඇත. ටික වේලාවකට පසු පිලිප් විස්තර කිරීම් අවශ්‍ය බවක් පෙන්නුම් කරයි.මැතිව් ජූඩ් තඩස් සහ සයිමන්, මනස් සෘෂ්ටිකයා අවසන් තුන්දෙනෙකුන් යුත් කණ්ඩායමයි. ජූඩ් තඩස් සහ මැතිව් යන දෙදෙනාම සයිමන් දෙසට හරවා තිබෙන්නේ සයිමන්ට ප්‍රශ්නයට පිළිතුරක් සොයාගත හැකි දැයි යන අදහසින් විය හැකිය.මෙම නම් සියල්ල චිත්‍ර ඉතිහාසඥ විසින් ස්ථිර කළේය. දහනව වන සියවසේ දී ඔවුන්ගේ නම් ඇතුළත් අත් පිටපතක් ලියනාඩෝ වා වින්සිගේ සටහන් පොත් පිටුව 232) සොයා ගන්නා ලදී. මෙය සොයා ගැනීමට ප්‍රථම හොඳින්ම හඳුනා ගනු ලැබුවේ ජුදාස්, පේදුරු, ජුවාම් සහ ජේසුස් වහන්සේ පමණි.එක කාලයේ සිට අවසන් භෝජන සංග්‍රහයේ අනෙක් පොදු නිරූපණයන් සමඟ, ලියනාඩෝ විසින් භෝජන සංග්‍රහයේදී මේසයේ එක් පැත්තක වාඩි වීම පිළිබඳ මත වාදය පිළිගත්තේය. එම නිසා ඔවුනගෙන් එකදු පුද්ගල |
යෙකු හෝ අපට පිටුපා නොමැත. කොහොම වුවත් බොහෝ පෙර නිරූපණයෙහි ජුදාස්ව ජේසුතුමන් හා අනෙකුත් අපෝස්තුළුවරුන්ගෙන් වෙන් කර තනිවම විරුද්ධ පැත්තෙහි නිරූපණය කර තිබේ. තවත් ක්‍රමවේදයක් නම් ජුදාස් හැරුණු කොට අනෙක් සියලු අපෝස්තුළුවරුන් වටා වලල්ලක් ඇද තිබීමයි. ලියනාඩෝ ජුදාස්ව ඡායාවන් දෙසට නැඹුරු වී ඇති ආකාරයෙන් නිර්මාණය කරමින් ඊට භාවාත්මක හා තාත්වික බලපෑමක් ඇති කරයි. තවද ඔහු තාත්වික හා මනෝ විද්‍යාත්මකව ජුදාස් ජේසුතුමන් පාන් අතට ගන්න මොහොතේම පාන් ගැනීමේ හේතුව පැහැදිලි කර ඇති අතර එය නිවැරදිවම ජේසුතුමන් විසින් පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම සිදුවේ. ජේසුතුමන් ඔහුගේ වම් පැත්තෙහි සිටින ශාන්ත තෝමස්ට හා ජේම්ස්ට මෙය දන්වන ආකාරය පෙන්නුම් කරන අතර එහි දී ජේසුතුමන් ඔවුන් ඉදිරි ඇති පාන්වලට අත දික් කරන්නට ඔවුන් පිළිකුළ දනවමින් මෙයට ප්‍රතිචාර දක්වයි. ජුවාම් සහ පේදුරුගේ සංවාදය වෙන අතකට හරවමින් ජුදාස් පාන් කෑල්ලක් වෙතට ළඟා වෙයි. ජේසුතුමන් ද ඔහුගේ දකුණු අත එය දෙසට දිගු කරයි. සියලුම කෝණයන් සහ ආලෝක සැපයීම් කිතු තුමන් දෙසට අවධානය යොමු |
කර ඇත.මෙම සිතුවමේ අංක 3ම යොමු වූ විවිධ සම්බන්ධකම් අඩංගු වේ. එය ශුද්ධ ත්‍රිත්වයටද ඉඟි ඉදිරිපත් කෙරේ. අපෝස්තුළුවරුන් දොලොස් දෙනා ද 3 බැඟින් වූ කණ්ඩායම් වශයෙන් වෙන් කරවා ඇත. ජේසුස් වහන්සේ පිටුපස කවුළු 3ක් ඇත. ජේසුස් වහන්සේගේ ශරීරය ද ත්‍රිකෝණයක හැඩයක් ගනී. එහි අංක 3 සම්බන්ධකම් රාශියක් එහි තිබුණත් සිතුවම නරක් වීම් නිසා ඒවා විනාශ වී ගොසින්ය.කාල විරෝධය[සංස්කරණය]චිත්රයෙහි දොඩම් ඉතා පැහැදිලි ලෙසින් පෙනෙන්නට ඇති අතර ප්‍රවීණයන් දක්වා ඇත්තේ ඒවා එසේ පැවතීම සිද්ධි වාචක දෝෂයක් බවයි. ඉතිහාසඥයන් දක්වා සිටින්නේ ඉන්දියානු අර්ධද්වීපයෙන් යුරෝපය වෙත ලන්දේසි නැවියන් විසින් දොඩම් රැගෙන විත් ඇත්තේ ක්‍රි.ව. 15වන සියවසේහිදී බවයි. මෙය හා සසඳන කල්හී අවසාන භෝජන සංග්‍රහය ආශ්රිත සිදුවීම් සිදුවී ඇත්තේ මෙයට සියවස් බොහෝ ගණනකට පෙරදීය.[3]මාධ්‍යය[සංස්කරණය]ලෙනාඩෝ ඩා වින්සි අවසාන භෝජන සංග්‍රහය සිත්තම් කලේ වියලි බිත්තියක මිස තෙත බදාම මත නොවන හෙයින්, එය නියමාකාරයෙන්ම බිතු සිතුවමක් නොවෙයි. සිත්තරා සිතුවමෙහි යෙදෙන කල්හී බිතු සිතුවමක් වෙනස් කල නොහැකි බැවින්, ලෙනාඩෝ විසින් මෙය සඳහා භාවිතා කල උපක්‍රමය වූයේ ගල් බිත්තිය ග |
ල් තාර, ජෙස්සෝ සහ මාස්ටික් ස්ථරයකින් අවුරා , ඉන්පසුව මෙම පිරිවැසුම් ස්ථරය මත ටෙම්පරා භාවිතයෙන් සිත්තම් කිරීමයි. භාවිතා කල මෙම ක්‍රමවේදය නිසාවෙන්, ලෙනාඩෝ විසින් එය නිම කර වසර කිහිපයකින් කෘතිය වියැකීම ඇරඹිනි.අවසන් භෝජන සංග්‍රහය සිතුවමෙහි මුල් කාලීන පිටපත් දෙකක් තුබූ බවද, ඒවා බොහෝ ලෙසින් ලෙනාඩෝගේ සහායකයාගේ කෘතීන් විය හැකි බවද දැනගන්නට ඇත. මෙම පිටපත් වල ප්‍රමාණය මුල් කෘතිය තරම්ම වන අතර, අගනා මුල් විස්තර තවමත් පිළිඹිබු කරමින් නොවියැකී පවතියි.[4]සටහන්[සංස්කරණය]↑ Bianchini, Riccardo (2021-03-24). "අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය by Leonardo da Vinci – Santa Maria delle Grazie – Milan". Inexhibit. සම්ප්‍රවේශය 2021-10-19.{{cite web}}: CS1 maint: url-status (link)↑ "Leonardo Da Vinci's 'The Last Supper' තවත් රහස් හෙළි කරයි". sciencedaily.com. සම්ප්‍රවේශය 3 මාර්තු 2014.↑ Anachronism Examples in Literature http://www.buzzle.com/articles/anachronism-examples-in-literature.html↑ "ලාස්ට් සපර් (ලෙනාඩෝගේ කෘතියෙහි පිටපත)". යුනිවසටි ඔෆ් දි ආර්ට්ස්, ලන්ඩනය. සම්ප්‍රවේශය 2008-08-11.වැදි |
ජන සමාජය තුල මුඛ පරම්පරාගතව පැවත එන ගී, කවි, මන්තර, හා ජනකතා වැනි ජනශ්‍රැතින්ගෙන් සමන්විත වු වැදි බස පදනම් කොට ගෙන නිර්මාණය වු සාහිත්‍යය වැදි සාහිත්‍යය ලෙස හැඳින්වේ.වැදි ගී[සංස්කරණය]වැදි සාහිත්‍යයට අයත් බොහෝ දෑ වැදි බසින්ම ඇත.දරුවන් නැලවීමේදි, නැටීමේදි, හා ශාන්තිකර්මවලදි ගී ගැයිම වැදි ජනයාගේ එක්තරා ලක්ෂණයකි.එම ගී ගායනයේදි ඔවුන් ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි විරිත් වෙනස් කිරිම සිදු කරනු ලබයි.ගායනාවල රිද්මයානුකූල නාද මාලාවක් ඇත.ඒඅනුව වැදි ගි විවිධ අංශ ඔස්සේ දක්නට ලැබේ.ඒ අතර දරු නැළැවිලි ගි , නැටුම් ගි ,ශාන්තිකර්ම ගි ප්රමුඛ ස්ථානයක් ගනි.දරු නැළැවිලි ගි[සංස්කරණය]කැකුලා මොක්කට අඬන්නේපැට්ටි මොක්කට අඬන්නේදෑ මුණු මාලට අඬන්නේසිරිතල මාලට පැට්ටි අඬන්නේගෝණල මාලට පැට්ටි අඬන්නේඌයෙල මාලට පැට්ටි අඬන්නේ දෑමුණු මාලට නාඬන් පැට්ටි වම්බොටු මාලට නාඬන් පැට්ටි ඌයෙල බොක්කිට නාඬාපෝ සිරිතල බොක්කිට නාඬාපෝඑව්වත් දීපිය පැට්ටිටපැට්ටි මොක්කට නැළැවෙන්නේගෝණල මාලට නාඬප පැට්ටිඈලල මාලට නාඬප පැට්ටි අම්මි කො |
දොය් රොරොය්යා අප්පි කොදොය් රොරොය්යා දියේ කොරාටත් නාඬප පැට්ටි දියේ කොරාටත් නාඬාපෝඑව්වත් දීපව් පැට්ටිටපැට්ටි මොක්කට නැළැවෙන්නේවම්බටු මාලට නාඬප පැට්ටිවම්බටු මාලට නාඬාපෝ ඌයෙල බොක්කිට නාඬප පැට්ටි ඌයෙල බොක්කිට නාඬාපෝඅම්මි කොදොය් රොරොය්යාඅප්පි කොදොය් රොරොය්යාමෙවැනි දරු නැළැවිලි ගීත කිහිපයක්ම වැදි සාහිත්‍යය තුල දක්නට ලැබෙන අතර ළමා ගී ද දක්නට ලැබේ.පහතදැක්වෙන්නේ දරුවන් අතර ප්‍රචලිත ළමාගීයකි. තෙන තෙඳිනානා තෙඳිනානේ තෙන තෙඳිනානා තෙඳිනානේ කදිරං ඇල්ලට බැඳි වියනා // දුන්න නමාගෙන දුනු කොබ්බෑවල // කුණු ගොන් තඩියෙක් පිටවතුරා ගෙන // චප්පි චලපිලි කියන කලට // චප්පිගේ බිත්තර දෙකම දෙකයි චප්පිගේ බිත්තර දෙකම දෙකයිමෙවැනි ගී වලට අමතරව වෙනස් ආකාර ගත් ගී රාශියක්ම වැදි සාහිත්‍යය තුල දක්නට ලැබේ.වනයේදි වැවේදි දඩයමට යන විට ගයන ගී මෙන්ම ප්‍රේමය සම්බන්ධ වු ගී ද දක්නට ලැබේ.වැව් පොජ්ජේ සීපද පොජ්ජ[සංස්කරණය]සුළං ගසන කොට කෙළිනා මල් පොජ්ජගොනුව:150px-Vaddas meeting.jpgසී |
තල බාන කොට මෝරන අල පොජ්ජඅල පොජ්ජෙන් සැදේ සොඳමින් ඇට පොජ්ජමල් පොජ්ජෙන් සැදේ සොඳමින් ඇට පොජ්ජ ඇට පොජ්ජෙන් කරු ගච්චන පිටි පොජ්ජ පිටි පොජ්ජෙන් කරු ගච්චන ගුලි පොජ්ජ මහම වනන්තර පොජ්ජෙ කැකුලන්ට කැකුලෝ කැවිලිලන්නේ මහ ගුලි පොජ්ජදිය මතුපිට කෙළි සුදෙමින් මල් පොජ්ජසීතල බාන කොට මෝරන අල පොජ්ජනැටුම් ගී[සංස්කරණය]තෙන තෙඳිනානා තෙඳිනානෝතාලා පාරේ කොබෙයියෝකොවුරුං මිටුරුං කියන්නේ අඟර නැටුම් නටාපෝ ඩිංගිරි නැටුම් නටාපෝ ආටී බිටි ගසාපෝ බලී බිලී ගසාපෝ සුදු හුරව දකින්ඩයි මම දුවගෙන ආවේ මෝ කොළඹ රාජව දකින්ඩයි මම දුවගෙන ආවේ මෝ ගලේ මුලේ වැටීලා මගේ තොලේ වැදීලා ටික්කට මෝලා මරාපීවැදි ජන ජිවිතයේ සුවිශේෂි අවස්ථාවන් මෙන්ම විවිධ අවස්ථාවන් හා සම්බන්ධව නිර්මාණය වු වැදි ගී දක්නට ලැබෙන අතර කවි ද ප්රමුඛස්ථානයක්ගනි.විශේෂයෙන් වැදි ජනයාගේ කවි නිර්මාණය වි ඇත්තේ ඔවුන්ගේ ශාන්තිකර්ම හා අදහන දෙවි දේවතාවුන්අරඹයාය.වැදි කවි[සංස්කරණය]කිරි කොරහේ දි ගැයෙන කවි[සංස්කරණය]හෝ...ඒ දෙයියෝ මෙ දෙයියෝකන්දේ ගමන් පොජ්ජේ ක |
ැවිල්ලාන කංකුණාකන්දේ මං පොජ්ජේ කැවිල්ලාන කංකුණාඉස් පොජ්ජේ මස් පොජ්ජ කැවිල්ලාන කංකුණාපය පොජ්ජේ මස් පොජ්ජ ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ කිරි ගෙජ්ජට ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ තුඹ පෝරුතනට ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ පැඟිරි කොළ පොජ්ජට ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ කෝනම් පොජ්ජට ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ දෙපටුල්ලන් තැනට ඇනඋකාලන කංකුණාමේ ඇත්තන්නේ මොරියං කැච්චට ඇනඋකාලන කංකුණාකන්දේ දෙයියල ඇත්තෝ ඇනඋකාලන කංකුණාඉස් ගෙජ්ජේ මස් පොජ්ජ ඇනඋකාලන කංකුණාහොඃ හොඃ හොඃකිරි අම්මාවරුන්ගේ කවි[සංස්කරණය] ඉඳිගොල්ලේ කන්දේ මම යන කල ට ගල්කෑරා මල් සුවඳක් ගැසු ම ට එමල සොයා තනිමාලට යන කල ට ඉඳිගොල්ලේ කිරි අම්මා වැඩි ලෙස ටඅත්තනමල ලොල සපුමල පිපෙන් නේරෙද්දේ නොවෙද සිත්තර රුව අඳින් නේතිස්සේ නොවෙද රජ්ජුරුවන් දකින් නේකිරි අම්මා නුඹ මානෙල් මලක් නේවැද්දන් පිලිබඳ ජනකවි[සංස්කරණය] සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේ වැද්දෝ සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේ වැද්දෝ සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේ වැද්දෝ අපටත් නෙළුම් මල් හුලන්නට දෙද්දෝමෙවැනි ජනකවි වැද්දන්ගේ කොළ |
මඩුව නම් ශාන්තිකර්මයේදි මෙන්ම කිරි කොරහ නටන අවස්ථාවන්හිදි ගායනා කරනු ලබයි.මන්තර[සංස්කරණය]මන්තර මැතිරිමෙන් තම ජිවිතයට සහනයක් ලැබෙන බව වැදි ජනතාවගේ විශ්වාසයකි.ලෙඩ දුක් සන්සිඳවිමට, වන සතුන්ගෙන් සිදුවන කරදරමඟහැරවිමට මෙම මන්තරවල විශාල බලයක් ඇතැයි වැදි ජනතාව විශ්වාස කරයි.දෙහි කැපිම, වල් අලින් එලවා දැමිමට,වලසුන් එලවා දැමිමට,වල් මිහරකුන් එලවා දැමිමට, කොටියා එලවා දැමිමට ආදි ලෙස වෙන් වෙන් වු මන්තර රාශියක් ඔවුන් සතුව ඇත.===වල් අලින් එලවා දැමිමේ මන්තරයක්===යාලුවො බලන්න ලැබේවා දෝනී ස්වේතා පාසලට එන්නේ නැ අහුවෙන්න ඉච්චට වල්ලයි - පච්චට වල්ලයි හරි හොඳ වල්ලයි -දෑල දෙවල්ලයි බැහැගං බොටකදානං -බොට කඳීනං මංගච්ච බොට කඳා තෝඃ -බොටකඳාවල් මිහරකුන් එලවා දැමිමේ මන්තරය[සංස්කරණය] ඉරි දෙයියන්නේ ඔක්මා සඳ දෙවියන්නේ ඔක්මා පසේ බුදුන්නේ ඔක්මා සිටු ඔක්මා සිටුජන කතා[සංස්කරණය] වැදි ජනතාවට මෙවැනි විවිධ ක්ෂේත්රයන් එකට එක් වු ගීත සාහිත්‍යයක් ඇතිවාක් මෙන්ම ගද්‍ය සාහිත්‍යයක් ද තිබේ.වැද්දන්ගේ වරිගවල සම්භවය පිලිබඳ පවතින ජන ප්‍රවාද හා කතාන්තර එයට අයත්ය.ඔවුන්ගේ වරිග වන ඌරු වරිගෙ,තලා වරිගෙ,උනාපාන ව |
රිගෙ,මොරාන වරිගෙ,නබුඩන වරිගෙ යන වරිග ඇති විම පිලිබඳ කතාන්දර මෙම ගද්‍යමය ජනශ්‍රැතිවලට අයත් වේ.එවැනි කථා රාශියක් මේ තුල දක්නට හැකිය.ශ්‍රි ලංකාවේ ආදි වාසින් ලෙස සැලකෙන වැදි ජනතාවට දියුණු යැයි සැලකෙන ජන කොටසක් තරම් දියුණු සාහිත්‍යයක් නොමැති වුවත් ඔවුන්ටම අනන්‍ය වු ඔවුන්ගේ භාෂාවෙන්ම නිර්මාණය වු සුවිශේෂි සාහිත්‍යයක් උරුම වි ඇත.ආශ්රිත ග්රන්ථ[සංස්කරණය]ආචාර්ය ඊ.ඇම්.රත්නපාල මහතාගේ "ලංකාවේ වැද්දෝ" කෘතියෙනි.මේ අඩවියත් බලන්න[සංස්කරණය]වැදි ජනයාවැලිමඩ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ව |
ැලිමඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස වැලිමඩ දිගටම පවතියි.1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%නේ. ඩී. සුගතදාසකරත්ත රෝදය4,24242.51%ඒ.ජී. දිවිතොටවෙලඅත4,22042.29%ඩබ්. පින්ටෝකුඩය1,51715.20%වලංගු ඡන්ද සංඛ්‍යාව9,979100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව404මුළු ඡන්ද සංඛ්‍යාව10,383ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව19,978ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය51.97%1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්. බී. බඹරපානෙයතුර6,31441.59%කේ. ඩී. ඩේවිඩ් පෙරේරාකුඩය5,11833.71%කේ. එම්. පී. රාජරත්නඅලි |
යා3,32721.91%ජී. පී. පෙරේරාඅත4232.79%වලංගු ඡන්ද සංඛ්‍යාව15,182100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව337මුළු ඡන්ද සංඛ්‍යාව15,519ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,220ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය73.13%1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%කේ. එම්. පී. රාජරත්නඅත12,33670.80%එම්. බී. බඹරපානේඅලියා4,31824.78%එම්. ඩී. පෙරේරාකරත්ත රෝදය7704.42%වලංගු ඡන්ද සංඛ්‍යාව17,424100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව203මුළු ඡන්ද සංඛ්‍යාව17,627ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,774ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.47%1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%කේ.එම්.පී. රාජරත්නඅහස්යානය6,53954.77%ඒ.ජී. දිවිතොට |
විලඅලියා3,83832.14%එම්.බී.ඒ. ජයසුන්දරකරත්ත රෝදය5544.64%විල්ෆ්රඩ් ද සිල්වායතුර5494.60%කේ. එම්.කේ. පී. එස්. ඒ. මවුලානාඉණිමග2291.92%බී. ගේබ්‍රියල් පෙරේරාතරාදිය1591.33%ඩී.බී.එස්. දඹදෙණියකුඩය720.60%වලංගු ඡන්ද සංඛ්‍යාව11,940100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව208මුළු ඡන්ද සංඛ්‍යාව12,148ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,799ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.09%1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%කේ. එම්. පී. රාජරත්නඅහස්යානය7,55765.26%කේ. එන්. එම්. පුංචි බණ්ඩාඅලියා4,02334.74%වලංගු ඡන්ද සංඛ්‍යාව11,580100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව106මුළු ඡන්ද සංඛ්‍යාව11,686ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,799ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.96%1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨා |
සය සඳහා ප්‍රතිඵල:[7]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%පර්සි සමරවීරලාම්පුව8,90852.94%කේ.එම්.පී. රාජරත්නඅහස්යානය7,91947.06%වලංගු ඡන්ද සංඛ්‍යාව16,827100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව158මුළු ඡන්ද සංඛ්‍යාව16,985ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව20,122ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.41%1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ආර්.එම්. බණ්ඩාරනිතරගයෙන්වලංගු ඡන්ද සංඛ්යාවප්රතික්ෂේපිත ඡන්ද සංඛ්යාවමුළු ඡන්ද සංඛ්යාවලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,504ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%පර්සි සමරවීරඅලියා16,31464.13%ආර්.එම්.බණ්ඩාරඅත8,63333.94%බී.එම්.එම්.බණ්ඩාතරුව3861.52%ඒ.ආර්.විජේසිංහකරත්ත |
රෝදය1060.42%වලංගු ඡන්ද සංඛ්‍යාව25,439100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව116මුළු ඡන්ද සංඛ්‍යාව25,555ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,652ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.19%ආශ්රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 197 |
7" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.vteලංකා රාජ්‍යයේ පැවති මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ |
· වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°54′4″N 80°55′22″E / 6.90111°N 80.92278°E / 6.90111; 80.92278ග්‍රෙගරි වර්ෂ ක්රමයේ මාස:ජනවාරි ·පෙබරවාරි ·මාර්තු ·අප්‍රේල් ·මැයි ·ජූනි ·ජූලි ·අගෝස්තු ·සැප්තැම්බර් ·ඔක්තෝබර් ·නොවැම්බර් ·දෙසැම්බර්ජූලි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ හත්වැනි මාසයයි.ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)පහත මාතෘකාව ගැන ලිපි මාලාවක කොටසකික්රිස්තියානි දේවධර්ම ශාස්ත්‍රය පරිදී දෙවියන්වහන්සේගේ උපලක්ෂණAseity Et |
ernityGraciousnessHoliness ImmanenceImmutabilityImpassibilityImpeccabilityIncorporealityLoveMission OmnibenevolenceOmnipotence OmnipresenceOmniscience OnenessProvidence RighteousnessSimplicityTranscendenceත්‍රිත්වයVeracityWrathvteපිළිබඳ ලිපි මාලාවක කොටසකික්රිස්තියානි ධර්මයජේසුස් වහන්සේක්රිස්තියානි ධර්මයෙහි ජේසුස් වහන්සේකන්යාවක් වෙතින් උපත කුරුසියෙහි ඇණ ගැසීම උත්ථානය දර්ශනය වීම්ශුද්ධවූ බයිබලයපුරාණ ගිවිසුමනව ගිවිසුමසුබ අස්නධර්ම සංග්රහයපොත්සභාවවිශ්වාස ලක්ෂණයනව ප්රඥප්තිය දේවධර්මයදෙවියන් වහන්සේශුද්ධවූ ත්රිත්වයපියාණන් වහන්සේපුත්රයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ භක්ති සංරක්ෂණයබව්තිස්ම-ස්නාපනයක්රිස්තුවේදය දේව ධර්මයෙහි ඉතිහාසය ධර්ම දූත මෙහෙය විමුක්තියඉතිහාසයමරිය තුමියඅපෝස්තලික යුගයඅපෝස්තුළුවරුන්යුදෙව් ක්රිස්තියානියාපේදුරු තුමාපාවුළු තුමාප්රාග්-නයිසීන් කාල පරිච්ඡේදයසභා පිතෘවරු කොන්ස්ටන්ටයින්කවුන්සිල ඔගස්ටින්පෙරදිග–අපරදිග භේදයකුරුස යුද්ධ ඇක්වයිනස් ලූතර්ප්රතිසංස්කරණයනිකායන්බටහිරකතෝලිකප්රොතෙස්තන්තආගමනවාදී පුනර්-බව්තිස්මව |
ාදීඑංගලන්ත සභාබැප්ටිස්ට්කැල්වින්වාදී ධර්ම ප්රචාරකවාදීහෝලිනස්ලූතර්වාදීමෙතෝදිස්ත වාදීපෙන්තකොස්ත වාදීපූර්ව- ප්රොතෙස්තන්තවාදීපෙරදිගඇසිරියන්නැගෙනහිර කතෝලික නැගෙනහිර ඕර්තඩොක්ස්පෙරදිග ඕර්තඩොක්ස් ප්රතිසංස්කෘතඅධ්යාත්මිකනිර්ත්රිත්වවාදීක්රිස්ටඩෙල්ෆියනුවෝ ජෙහෝවාගේ සාක්ෂිකරුජුඩෙයයිසර්වරු ලැටර් ඩේ සේන්ට්වන්නස් පෙන්තකොස්ත වාදීක්වේකර්ස්යුනිටේරියන්වාදීසබැඳි මාතෘකාකලාවවිවේචනඅධ්යාත්ම ගවේෂණය ජනවන්දනාවසංගීතය අනෙකුත් ආගම් යාච්ඤාවදේශනය සංකේතනයත්රස්තවාදය ක්‍රිස්තියානි ද්වාරයvteත්‍රීත්වය (Trinity) යනු දෙවියන් පුද්ගලයන් තිදෙනෙකු ලෙස අන්‍යෝන්‍ය වශයෙන් නිත්යව පවතින යැයි පවසන ක්‍රිස්තියානි දර්ශනයකි. එහිදී ත්‍රිත්වය වශයෙන් හැඳින්වනුයේ, පියා, පුත්‍රයා (ජේසුස් වහන්සේ ලෙස මිනිස් රූපයකින් මවා පාන) සහ ශුද්ධවූ ආත්මයයි. 4 වන සියවසේ සිට පෙරදිග ක්‍රිස්තියානු දහමේ සහ බටහිර ක්‍රිස්තියානු දහමෙහි යන 2හිම ත්‍රිත්වයේ දේව ධර්මය එකම දෙවි කෙනෙකුගේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස ප්‍රකාශ කර තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා බෙදිය නොහැකි එක් දිව්‍යමය ස්වභාවයකින් යුත් සරල පුද්ගලයෙකුය. තවද කිතු දහම, |
පුත්‍රයාට විශේෂ වූ ස්වභාවයන් 2ක් තිබෙන බවට උගන්වනු ලැබේ. එනම් දිව්‍යමය සහ සම්පූර්ණයෙන්ම මිනිස් ස්වභාවයයි. ත්‍රිත්වයේ දර්ශනයෙන් පෝෂණය වූ දහම ශුද්ධ ත්‍රිත්වවාදය(Trinitarianism) ලෙස හඳුන්වයි. ක්‍රිස්තියානි දහමක් සමඟ වූ බොහෝ නිකායන් ත්‍රිත්වයක් ලෙස සලකනු ලබන අතර ත්‍රිත්වයේ ඇති විශ්වාසයන් ක්‍රිස්තියානු සම්මතයන් ලෙස සලකනු ලැබේ.ඉතිහාසය[සංස්කරණය]පීතා දේවියන් පුත්‍ර දෙවියන් සහ ශුද්ධ ආත්ම පිළිබදව නව තෙස්තමේනතුවෙහි සදහන් විස්තර පදනම් කොට ගෙන ත්‍රිත්ව ධර්මය ගොඩනැගි ඇති බව විශ්වාස කෙර්. මැතිව්සගේ ග්‍රේට් කොමිෂන් ග්රන්ථයෙහි සහ ශාන්ත පෝලිගේ කොරින්තියන්සි 2 ග්රන්ථයෙහි ත්‍රිත්ව ධර්මය "පීතෘ දෙවියන්,ථ පුත්‍ර දෙවියන් සහ ශුද්ධ ආත්ම" තුළින් ගොඩනැගි ඇති බව විස්තර කෙරේ.නිකාය සභාවෙහි සදහන් වන ආකාරයට දෙවියන්ගේ පුත්‍රයා දෙවියන්ගේ තත්වයේම පවති. මෙය තවදුරටත් වර්ධනය වි "පුද්ගලයන් තිදෙනෙක් එම තත්ත්වයේ" ලෙස ප්‍රකාශය විය. මේ අනුව "දෙවියන් යනු කුමක්ද?" යන පැනයට දෙවියන් යනු ඒකකිය දිව්‍යමය ස්වභාවයත් සහිත පුරූෂයෙක් ලෙස පිළිතුරැ සැපයිය හැකිය. "දෙවියන් යනු කවරෙක්ද? " යන පැනයට පිලිතුරූ ලෙස දෙවියන ්යනු පුද්ගල ස්වරූප |
ත්රිත්වයකිනිකාය සභාව බයිපලයේ සදහන් නොවන භාවාක් භාවිතා කිරිමට මැලිකමක් දවන ලදි. ඉන්පසු ඒනයයස් පෙන්වා දුන් ආකාරයට දෙවියවහන්සේ ගේ පුත්‍රයා දෙවියන් නහසේනේමය යන්න පෙන්වා දිම සදහා කිකාය සභාවට බයිබලයේ සදහන් නොවන භාෂාවන් භාවිතා කිරිමට සිදුවිය.නිකාය සභාව ශුද්ධ ආත්ම පිලිබද එතරම් සදහනක් සිදු කර නොමැත. ඇතැසියුස් විසින් ශුද්ධ ආත්මයන්හි දේවත්වය හා විශ්ලේෂ ලක්ෂ පිළිබද වු මත ගොඩනගන ලදි. බයිබලයේ සදහන් ත්‍රිත්වය[සංස්කරණය]පරණ තෙස්තමේන්තුව දෙවියන්වහන්සේ ඊශ්‍රාලයේ පියා ලෙස හදුන්වන අතර ශබැයෙහි ආත්මයෙහි සහ ඡානයෙහි පියා ලෙසින් ද හදුන්වනු ලබයි. එජපේනියස් පවසන අකාරය දෙවියන් සියලුම විස්තුන් හා පුද්ගගලයන් වඉා උදද් බව සෝසස් කියා සිටියිත බයිබලයේ ත්‍රිත්වය පිලිබදව සදහන් කර ඇත.නව තෙස්තමේන්තුවෙහි ත්‍රිත්වය යන නාමය භාවිතා කර නොමැති සේම එය ඉගැන්විමද සිදු නොකරයි. යේසුතුමා සහ ඔහුගේ අනුගාමිකයන් සුරැව්වන්ගේ ජේමා යීස්රායල් වන අසව් අගෝ ඊශ්‍රායලය අපේ දෙවියන් ලොව එකම දෙවියන් වේ ප්රතිශ්රේප නොකරන ලදි. බොහෝ ග්රන්ථ තර්ක කරනා ආකාරට ත්‍රිත්වයේ පැමිණෙන පීතෘ දෙවියන් යුදෙව්වන්ගේ දෙවියන් වේ.බ්රිපැනිතා ශබ්දකෝෂයට අනු නව තෙස |
්කමේන්තුවෙහි ත්‍රිත්ව පිළිබදව සදහන් කළ නොතිණත් ත්‍රිත්වයේ මුලාර්මෟභය පිළිබදව සටහන් කර ඇත. නව තෙස්තමේන්තුවෙහි එන ශ්‍රේඨ කොමිසම හි මසදහන් වන අකාරයට දෙවියන් වහන්සේ පීතෘ දෙවියන්ගේ නාමයන් පුත්‍රයාගේ නාමයෙන් සහ ශුද්ධ ආත්මවල නාමයෙන් බෞතිස්මකරණය ලෙස තම අනුගාමිකයන් හට උපදෙස් දි ඇත. මැතිව්ස් ත්රතිවයේ සදහන් වු පිය දෙවියන් සහ පත්‍ර දෙවියන් අතර ඉතා විශේෂ වු සබදතාවක් පෙන්වා දි ඇත. ඒ අනුව ඔහු පවසන්නේ පීතෘ දෙවියන් පියා වන අතර පුත්‍ර දෙවියන් යේසුතුමන් වේ. නමුත් පුත්‍ර දෙවියන් පිතෘ දෙවියන් හා සමාන කිරීමට මැතිව්ස් හට හැකියාව ලැබි නොමැත.ජෝන්ගේබයිබලයට අනුව පීතෘ දේවියන් සහ පුත්‍ර දෙවියන් සමානාත්මතාවය සහ ඒකීය භාවය එකම දේවියන් වේ.හතරවන බයිබලයේ සදහන් වන ආකාරයට, ශුද්ධ ආත්ම වල භුමිකාවන් දෙවින් වහන්සේගේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනි සිටිමයි. ත්රිත්වදාෂ්ටික දේවධර්මය[සංස්කරණය]බෞතිස්මය පළමු පාඩම[සංස්කරණය]බෞතිස්මය සමාන්‍යයෙන් ත්රිතවදෘෂ්ටික දේව ධර්මයෙ සදහන් තස්වාද්ෂට සංකේත ඇසුරින් සිදු කරයි. මැතිව් 28.19 සදහන් වන ආකාරයට බෞතිස්මය දෙවියන්ගේ නාමයෙන් දෙවියන්ගේ පුත්‍රයාගේ නාමයෙන් හා ශුද්ධ ආත්මයන්හි නාමයෙන් සිදු කරන |
ු ලබයි. බැසිල් ද ග්‍රේට් සහ කොන්තන්තිනෝපලෙය් පළමුව කවුන්සලය ද ආකාරයට ත්යත්වදෘෂ්ටික සංකේත ඇසුරින් බෞතිස්මය සිදු කරයි.එක් දෙවිකෙනෙක් පමණක් ලොව පවතීදෙවියන් ඒකීය යි එමෙන්ම දේවත්වද ඒකියයි. දෙවියන්ගේ ඒකියත්වය පිලිබද ත්රිවදෘෂධ්ටික දේවධර්මවාදින් තුළ අතිමහත් ශ්‍රද්ධාවක් පවති. මෙම ශ්‍රද්ධාව අනුව ත්‍රිත්ව දෘෂ්ටිකයන් පවස්නේප එක් දෙවිකෙනෙකු හැරෙන්නට මෙලොව වෙන දෙවියන් නොමැති නිසා අප විසින් වන්දනාමාන සිදු කිරිමේ දි දෙවියන්ට හා වෙනත් කෙනෙකුට යැයි කොටස් කර වන්දනා කිරිමට සිදුනොකළ යුත්තකි.දෙවියනක් ස්වර්ප තුනකින් විද්‍යාමන වේදෙවියන්වහන්සේගේ ස්වරූප තුනකින් විද්‍යාමාන වුවත් ඒකියයි දෙවියන් සතුව ඒකිය දිව්‍යමය ස්වභවයක් පවති.දෙවියන්ගේ ස්වභාව තුනම සහ එම සහ සහ සර්වකාලින වේ. ඒ අනුව උත්පදාකයා නිර්මිත තැන, පුත්‍රයා නිර්මිත තැන සහ ශුද්ධ ආත්මය නිර්මිත නැත. මෙම තිදෙනාම ආරම්භයක් නොමැති සර්වකාලිකයන් වේ.රොමානු කතෝලික දේවධර්මයට අනුව දෙවියන් සහ ත්‍රිත්ව පුද්ගලයන් සමගින් පවති. දේවියන් පුත්‍රයා සහ ශුද්ධ ආත්ම එකිනෙකාගෙන් වෙන් කිරිම සිදු කළ නොහැකි නිසා ඔවුන් සියලු දෙනාම දෙවියන් සදහා වු විවිධ නාමයන් ලෙසින් හැදින්විය |
හැකිය. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Trinityhttps://www.theology.lk/old-testament-trinity/සක්‍රීය සප්රමයක් සහ සෘප්රආඋයක [NB 1]අක්‍රීය මතකයක් සංයෝග කරන අතථ්‍ය මතකය විසින් විශාල පරාසයක යාබද යොමු සදයි.කිසියම් ක්‍රියාවලියක් (Process) සඳහා ප්‍රධාන මතකය ප්‍රමාණවත් නොවන විට දෘඩ තැටියෙහි ඉඩ ප්‍රධාන මතකය ලෙස භාවිත කිරීම සඳහා යොදා ගන්නා ක්රමවේදයකි.සටහන්[සංස්කරණය]↑ මුල් පද්ධතීන් බෙර භාවිතා කලහ; වර්තමාන පද්ධතීන් තැටි හෝ ඝණ-අවස්ථා මතක භාවිතා කරතිසිදුවීමක්ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) නම් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂය විසින් 1981 මැයි 31 වෙනි ඉරුදින පවත්වන්නට යෙදුනු මහජන රැළියකදී( මහජාතිය වු) සිංහල ජාතික පොලිස් නිළධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරිනි.එදින රාත්‍රියේ පොලීසිය හා යුධ හමුදා ඇදුම්වලට සමාන ඇදුම් ලා ගත් පිරිසක් ආරම්භ කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමය දින 3ක් මුලුල්ලේ පැවතුණි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයද ප්‍රාදේශීය පුවත්පතක් වු ඊලනාඩු කාර්යාලයද විනාශ කෙරුණි. සංස්කාතියක මෙන්ම ආගමික ව |
ශයෙන් වැදගත් කොට සැලකුණු දෙමල නායකයිනගේ පිලිරූ විනාශ කරනු ලැබිනි. නැතහොත් විකෘති කෙරුනි.එක් නිවසක සිටි මිනිසුන් හතර දෙනෙකු එළියට ඇද ගෙන අවුත් කිසිදු හේතුවක් නොමැතිව ඝාතනය කරන ලදී. බොහෝ ව්‍යාපාර ආයතනද , ප්‍රදේශයේ හින්දු කෝවිලද සැලසුම් කළාක් මෙන් විනාශ කරන ලදී.මැයි 31 පොලිසීය හා රජය විසින් සංවිධානය කරන ලද මැරයින් රැළක් යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ කීහ. 97000කට අධික කාණ්ඩ වලින් යුතු පොත්ද සමග ඓතිහාසික වටිනාකමකින් යුත් (scrolls) අකුලන පොත්ද , ලේඛණද , දාර්ශනිකයෙකු හා කළා විශාරදකයෙකු වු ආනන්ද කුමාරස්වාමිගේ සහ ප්‍රසිද්ධ බුද්ධිමතෙකු වු ආචාර්ය අයිසැක් තම්බයියා වැනි අයගේ , සංස්කෘතියේ වටිනාකමක් තිබුණවුද , නැවත කෙදිනක හෝ සොයා ගත නොහැකි වන්නාවුද අත් පිටපත් විනාශ විය. මෙම විනාශ වු ලියවිලි අතරට දෙමළ සංස්කෘතිය පෝෂණය කළ ලේඛකයන්ගේ හා නාට්‍යකරුවන්ගේ කෘතීන්ද ප්‍රදේශයේ පිළිගැනීමට ලක්වු වෛද්‍යවරුන්ගේ සහ දේශපාලකයින්ගේ කෘතීන්ද ඇතුළත් විය.1984 දී නැනසි මරේ නම් ලේඛිකාව පුවත්පත්කට ලියු ලිපියක සදහනා කර ඇත්තේ නිල ඇදුම් මෙන්ම සිවිල් ඇදුම්වලින්ද සැරසුණු ආරක්ෂක භටයින් මෙම විනාශය |
කරද්දී , ආරක්ෂක අංශයෙන් උසස් නිළධාරීන් කීප දෙනෙකුද කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුද යාපනය නගරයේ සිටි බවයි. අවුරුදු 20 කට පසු රජයට අයිති ඩේලි නිව්ස් පුවත්පතේ කතුවැකියක සදහන් වුයේ 1981 දී සිදුවු මෙම සිද්ධිය රජය විසින් මුදා හළ අඥානයින් රැළකගේ වැඩක් බවයි.චැඩ් සමූහාණ්ඩුව[République du Tchad] Error: {{Lang}}: text has italic markup (help)جمهورية تشاد Jumhūriyyat TshādකොඩියCoat of armsඋද්යෝග පාඨය: "[Unité, Travail, Progrès] Error: {{Lang}}: text has italic markup (help)" (French)"Unity, Work, Progress"ජාතික ගීය: "[La Tchadienne] Error: {{Lang}}: text has italic markup (help)"අගනුවරසහ විශාලතම නගරයN'Djamenaනිල භාෂා(ව)French, Arabicජාති නාම(ය)ChadianරජයPresidential republic• President Idriss Déby• Prime Minister Emmanuel NadingarIndependence• from ප්‍රංශය August 11, 1960වර්ග ප්‍රමාණය• සම්පූර්ණ1,284,000 km2 (496,000 sq mi) (21st)• ජලය (%)1.9ජනගහණය• 2009 ඇස්තමේන්තුව10,329,208[1] (74th)• 1993 ජන සංගණනය6,279,921• ඝණත්වය8.0/km2 (20.7/sq mi) (212th)දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව• සම්පූ |
ර්ණ$16.074 billion[2]• ඒක පුද්ගල$1,611[2]දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව• සම්පූර්ණ$6.854 billion[2]• ඒක පුද්ගල$687[2]මාසද (2007) 0.392දෝෂය: අනීතික HDI අගය · 175thව්‍යවහාර මුදලCFA franc (XAF)වේලා කලාපයUTC+1 (WAT)• ගිම්හාන (DST)UTC+1 (Not observed)ඇමතුම් කේතය235අන්තර්ජාල TLD.tdtiny globe කොඩිය ආදර්ශ පාඨය එකමුතුව, කාර්යය, අභිවෘද්ධිය" සිතියම ගොනුව:250px-LocationChad.svg.png අගනුවර සහ විශාලම නගරය ජෙමෙනා උතුරු අක්ෂාංශ 12°06′ නැගෙනහිර දේෂාංශ 16°02′ රාජ්‍ය භාෂාව ප්‍රංශ, අරාබි රාජ්‍යය සමූහාණ්ඩුව නිදහස ප්‍රංශයේ සිට අගෝස්තු 11,1960 වර්ග ප්‍රමාණය එකතුව 1,284,000 වර්ග කිලෝමීටර, 495,753 වර්ග සැතපුම් ජලය (%) 1.9% ජනගහනය 2009 තක්සේරුව 10,329,208 1993 ජන සංඛ්‍යාකය 6,279,921 ඝනත්වය 8.0 වර්ග කිලෝමීටර, 20.8 වර්ග සැතපුම් දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව එකතුව 16.180 ඩොලර් බිලියන සාමාන්‍ය ඩොලර් 1,663 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව 8.400 ඩොලර් බිලියන සාමාන්‍ය |
ඩොලර් 863 මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.392 (පහළ) මුදල් CFA ග්රෑන්ක් (XAF) අන්තර්ජාල TLD .td දුරකථන සංකේත 235 චැඩ් නිල වශයෙන් චැඩ් රාජ්‍යය ලෙස හඳුන්වන අතර මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් ලිබියාව, නැගෙනහිරින් සුඩාන්, දකුණු දෙසින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය, ගිණිකොණ දෙසින් කැමරූන් හා නයිජීරියාවද, බටහිරට නිගාද යන රටවල්වේ. එහි සමුද්‍රයට ඇති දුර ප්‍රමාණයත් හා විශාල කාන්තාරවල දේශගුණයත් නිසා අප්‍රිකාවේ මියගිය හදවත ලෙස චැඩ් හැඳින්වේ. චැඩ් මූලිකව එරට භූගෝල විද්‍යා ප්‍රාදේශිකයන් තුනකට බෙදා දැක්වේ. උතුරට කාන්තාර තීරයන්, නිසරා සහීලියන් තීරය සහ වඩා සශ්‍රීක සුඩාන් සවානා ප්‍රදේශයක්ද දකුණට වන්නට පිහිටා ඇත. රටට නම ලැබී ඇත්තේ චැඩ් නම් විල නිසයි. එහි ඇති විශාලතම තෙත් ප්‍රදේශය මෙම විල වන අතර එය අප්‍රිකාවේ දෙවන විශාලතම විල වේ. චැඩ්හි උසම ස්ථානය එමි තොසි වන අතර, එය සහරා වේ ඇත. නිව්මේනා එහි අගනුවර වේ. චැඩ්හි විවිධ ජනවාර්ගික හා විවිධ භාෂා කථාකරන කණ්ඩායම් 200 පමණ වේ. අරාබි සහ ප්‍රංශ භාෂා රාජ්‍ය භාෂා වේ. ඉස්ලාම් හා ක්‍රිස්තු ධර්මය ප්‍රධාන ආගම් වේ. හත්වන විලේනියමෙන් ආරම්භවන ව |
ිශාල ජන සංඛ්‍යාවක් චැන්ඩියන් ප්‍රදේශයට සංක්‍රමණය විය. පළමු විලේනියම අවසන චැඩ් හි සහේලියන් තීරය වන විවිධ රාජ්‍ය සහ අධිරාජ්‍යයන් හටගෙන හා විනාශ වී ඇත. මූලිකව එය සහරාන් වෙළෙඳාම මත පදනම් විය. ප්‍රංශය මෙම ප්‍රදේශය යටත් කර ගත් අතර එය 1920 ප්‍රංශ නිරීක්ෂණ අප්‍රිකාව වශයෙන් නීතිගත කරන ලදී.මූලාශ්‍ර[සංස්කරණය]↑ Central Intelligence Agency (2009). "Chad". The World Factbook. සම්ප්‍රවේශය January 28, 2010.↑ 2.0 2.1 2.2 2.3 "Chad". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපියධනවාදයපිළිබඳලිපි මාලාවක කොටසකිසංකල්පAusterityBusinessBusiness cycleBusinesspersonCapitalCapital accumulationCapital marketsCompanyCorporationCompetitive marketsEconomic interventionismEconomic liberalismEconomic surplusEntrepreneurshipFic |
titious capitalFinancial marketFree price systemනිදහස් වෙළඳපොලGoods and servicesInvestorInvisible handVisible handLiberalizationMarginalismMoneyPrivate propertyපෞද්ගලීකරණයProfitRent seekingSupply and demandSurplus valueValueWage labourආර්ථික ක්‍රමAnglo-SaxonAuthoritarianCorporateDirigistFree-marketHumanisticLaissez-faireLiberalLibertarianMarketMercantilistMixedඒකාධිකාරයNationalNeoliberalNordicPrivateRawRegulated marketRegulatoryRhineSocialStateState-sponsoredWelfareආර්ථික සිද්ධාන්තAmericanAustrianChartalismMMTChicagoClassicalInstitutionalKeynesianNeo-NewPost-Market monetarismCritique of political economyCritique of workMarxistMonetaristNeoclassicalNew institutionalSupply-sideප්‍රභවAge of EnlightenmentCapitalism and IslamCommercial RevolutionFeudalismIndustrial RevolutionMercantilismPrimitive accumulationPhysiocracySimple commodity productionසංවර්ධනයAdvancedConsumerCommunityCorporateCronyFinanceGlobal |
IlliberalLateMarxistMerchantProgressiveRentierරාජ්‍ය ඒකාධිකාරයTechnologicalජනයාAdam SmithJohn Stuart MillDavid RicardoThomas Robert MalthusJean-Baptiste Sayකාල් මාක්ස්Milton FriedmanFriedrich HayekJohn Maynard KeynesAlfred MarshallVilfredo ParetoLeon WalrasLudwig von MisesAyn RandMurray RothbardJoseph SchumpeterThorstein VeblenMax WeberRonald Coaseආශ්රිත මාතෘකාAnti-capitalismCapitalist propagandaCapitalist realismCapitalist stateConsumerismCrisis theoryCriticism of capitalismCritique of political economyCritique of workCronyismCulture of capitalismEvergreeningExploitation of labourGlobalizationHistoryHistory of theoryMarket economyPeriodizations of capitalismPerspectives on capitalismPost-capitalismSpeculationSpontaneous orderVenture philanthropyWage slaveryමතවාදAnarchoAuthoritarianClassical liberalismDemocraticDirigismeEcoHumanisticInclusiveLiberalLiberalismLibertarianනව-ධනවාදයNeoliberalismObjectivismOrdoliberalis |
mPrivatismRight-libertarianismThird Way ධනවාදය ද්වාරය ව්‍යාපාර ද්වාරයvteධනවාදය යනු පැවරිය නොහැකි අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ ක්රමයකි. මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයන්ට පූර්ව කොන්දේසියකින් තොරව ආර්ථිකයක නිෂ්පාදනයට සහ වෙළඳාම නිදහෙස් සිදුවේ. මෙහි පෞද්ගලික දේපල හිමිකාරිත්වය, ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම, ආයෝජනය, බෙදා හැරීම, ආදායම, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා මිල කිරීම ආදිය වෙළඳපොල යාන්ත්‍රණය මඟින් සිදුවේ. මෙහි සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල වෙළඳාම් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, මුදල් භාවිතය, භාණ්ඩ හා සේවා (මුදල් ඇතුලත්ව) ශ්‍රමය සහ භූමිය පිළිබඳවය. 16 සහ 19 ශත වර්ෂ අතර තුල එංගලන්තයේදී ධනවාදී ආර්ථිකයන්හි ප්‍රායෝගික භාවිතයත් ආයතන ගත විය. නමුත්, ධනවාදයේ සමහර ලක්ෂණ පැරණි ලෝකයේ සහ මුල් කාලීන වෙළඳ කටයුතු වල සංවිධාන වල සාර්ථක ක්‍රියාත්මක විය. වැඩවසම් ක්‍රමය අවසාන වීමත් සමඟ බටහිර ලෝකය තුල ධනවාදය ප්‍රභල ලෙස ස්ථාපිත විය. දේශපාලන හා සංස්කෘතික විෂයන් ඔස්සේ එංගලන්තයේ සිට යුරෝපය දක්වා ධනවාදය ක්‍රමයෙන් පැතිරිණ. 19 සහ 20 වන ශතවර්ශ වන විට ධනවාදය විසින් ප්‍රධන |
නමුත් සම්පූර්ණ නොවූ කාර්මීකරණය පිළිබඳ අදහසක් සැපයීම සිදුකෙරේ. ධනවාදය පිළිබඳ සංකල්පය තාත්වික වටිනාකම් වලින් සීමා වේ. ධනවාදයේ ඇතුලත්වූ අයිතිහාසික සිද්ධීන්, කාලානුරූප වෙනස්වීම්, භූගෝලීය සාධක, දේශපාලන සහ සංස්කෘතික සහ මිශ්‍ර ආර්ථිකයේ වූ සංකල්ප නූතන ආර්ථිකය පිළිබඳව කෙටි හැදින්වීමක් සපයයි. සමහර ආර්ථික විශේෂඥයන් විසින් ආර්ථික බලය සහ ධනය එක්තැන් කිරීම, ප්රාග්ධනය එක්රැස් කිරීමේ ක්‍රම ශිල්ප භාවිතයට ගනිමින් ධනවාදය විවිධාකාර වර්ගීකරණයන්ට ලක් කරයි. පසුගිය ශත වර්ෂය වන විට ධනවාදය, මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට සීමා විය. (මාක්ස්වාදී ආර්ථිකය ආදී)ධනවාදයේ ඉතිහාසය[සංස්කරණය]Cosimo de' Medici, who managed to build an international financial empire and was one of the first Medici bankersමධ්‍යතන යුගයේ වාණිජ වාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ මැදපෙරදිග හා බටහිර යුරෝපීය රටවල දක්වා ධනවාදයේ ඉතිහාසය දිව යයි. නමුත් බොහෝ ආර්ථික ඉතිහාසඥයන් නෙදර්ලන්තය ප්‍රථම ධනවාදී රට ලෙස සලකයි. මුල් කාලීනව නූතන යුරෝපය ධනවාදී වෙළඳ නගර සහ කොටස් හුවමාරුව යන ලක්ෂණ වලින් සමන්විත වේ. වෙළෙන්දන්ගේ නිර්මාණශීලීත්වය රක්ෂණයට සහ විශ්‍රාමි |
ක අරමුදල් ඇති කිරීමට මඟ පෙන්විය. ඒවාගේම ආර්ථික උත්පාත දර්ශකයන්ගේ ක්‍රියාකාරිත්වය සහ ලෝකයේ ප්‍රථම වරට වත්කම්වල ඇතිවූ උද්දමනකාරී තත්වය, Murray Sayle ට අනුව කොටස්වල මිල පහල දැමීමේ සහ වට්ටම්කර ඒවා නැවත මිලදී ගැනීම තුලින් වෙළඳපොල මිල පහත හෙලීමට බලපෑම් කරයි. පසුගිය වසර 500 පුරාවට, ප්රාග්ධනය විවිධ මූලාශ්රයන් ඔස්සේ එක්රැස් කිරීම, විවිධ මිනුම්දඩු ඔස්සේ මැනීම සහ ආර්ථික බලය සහ ධනය ඒකාග්රහන කරන ලදී. පසුගිය වසර 500 ක් පුරාවට ඉතිහාසයෙන් බොහෝ අවධානය යොමු කරන ලද්දේ ධනවාදයේ සංවර්ධනය සහ එහි විවිධ ස්වරූපයන් සඳහාය. එහි සමාජ විද්‍යාඥයන් විසින් දෝශාරෝපණයන්, ආරක්ෂාව සහ එහි ප්‍රතික්ෂේප වීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.ධනවාදයේ අහිතකර ලක්ෂණ[සංස්කරණය]ධනවාදය මිනිසා පිඩාවට පත්කරයි. එපමනක් නොව එම පිඩනයෙන් මිදිමට දුරාචාර මග පෙන්විමි කරයි. ඒ සදහා මත්ද්‍රව්‍ය.පරපිඩක කාමය.කුල්මත් කරන නිල් චිත්‍රපට .අපරාධ කරා පොළඹවන ත්‍රිලර් චිත්‍රපට නිපදවමින්.පිඩකයාගේ පිඩනයද සිය ආදායමි මාර්ගයක් බවට පත්කර ගනී.ඔහු ඒ මගේ ගොස් අපරාධකරුවෙකු වු වාට එම අපරාධය රසකර රුපවාහිනි කවි කොළ විකුණයි.එයින්ද තවත් ආදායමි මාර්ග යක් විව |
ර කර ගනි. එ ධනවාදයේ පිළිකුල් සහගත පිළිවෙතයි.ආශ්රිත ලිපි[සංස්කරණය]Anti-capitalismAdvanced capitalismAncient economic thoughtBailout CapitalismCapitalism (disambiguation)Christian views on poverty and wealthCommunismCorporatocracyCrony capitalismEconomic sociologyFree marketGlobal financial crisis in September 2008Humanistic economicsInvisible handLate capitalismLe Livre noir du capitalismeMarket socialismPerspectives on capitalism by school of thoughtPost-capitalismPost-FordismRacial capitalismRent-seekingState monopoly capitalismSurveillance capitalismPerestroikaමූලාශ්‍ර[සංස්කරණය]සටහන්භාහිර සබැඳි[සංස්කරණය]ධනවාදය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Wikisource has the text of the 1922 Encyclopædia Britannica article "ධනවාදය".විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: ධනවාදය ධනවාදය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.Capitalism on In Our Time at the BBCCapitalism at Encyclopædia Britannica Online.Sel |
ected Titles on Capitalism and Its Discontents සංරක්ෂණය කළ පිටපත 2018-01-23 at the Wayback Machine. Harvard University Press.Library resources about Capitalism Resources in your libraryvteධනවාදයAspects and perspectivesGeneralAnarchy of productionBusiness cycleCentralizationCompetitionDepressionDeregulationEconomic bubbleEconomic developmentEconomic liberalismEconomic planningEntrepreneurshipEcopreneurshipExternalityFinancial crisisFinancial RevolutionGlobalizationHistory of capitalist theoryIndustrial RevolutionInventionMarket economyMarket failureMerchantilismMeritocracyMultinational corporationNationalizationOligopolyPerspectives on capitalism by school of thoughtPrivatizationProfitProperty rightsRecessionRegulationWage labourWealthIdeologyAnglo-SaxonAuthoritarianCorporateDemocraticDirigistFree-marketHumanisticLaissez-faireLiberalLibertarianMarketMercantilistMixedMonopolyNationalNeoNeoliberalNordicPrivateRawRegulated market |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.