text
stringlengths 0
1k
|
---|
කි අකාර ලෙස හඳුනාගත හැකිය. තනි අයිස් ස්පටිකයකට බොහෝ විට ෂඩස්‍රාකාර සමමිතික ව්‍යුහයක් පවතී. අයිස් පැහැදිළි වුවත්, ඒවායේ මුහුණත් තුලුන් ආලෝකය ප්‍රකිරණය වීම සහ කඩතොළු සහිත බව හෝ අසම්පූර්ණ බව ආලෝකයේ දෘශ්‍ය වර්ණාවලිය කුඩා ස්පටික මුහුණත් තුලින් විසාරී පරිවර්තනයකට ලක්වීමෙන් ස්පටික බොහෝ විට සුදු පැහැයක් ගැනීමට හේතු වේ. හිම පියලි වල හැඩය තීරණය වීමේදී එය නිර්මාණය වන අවස්ථාවේ පවතින උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය පුළුල් ලෙස බලපායි. කලාතුරකින් උෂ්ණත්වය −2 °C(28 °F) දී පමණ ත්‍රිවිධ සමමිතිකතාවයක් ඇතිව හිම පියලි නිර්මාණය වේ- ත්‍රිකෝණාකාර හිම පියලි. සිත් ඇදගන්නා සුළු බව නිසා පින්තුර වල මනා හැඩයෙන් යුත් හිම පියලි බහුලව දක්නට ලැබුනද සැබවින්ම හිමපියලි බොහෝ විටදී අක්‍රමවත් හැඩයෙන් යුක්ත වේ. පොළව මතට පතිත වන අවස්ථාවේදී වායු ගෝලයේ පවතින වෙනස් වන උෂ්ණත්ව හා අර්ද්‍රතා තත්ත්ව අතරින් විවිධ විශාලත්ව හා හැඩ ඇතිව වර්ධනය වන හිම පියලි, සාමාන්‍යයෙන් නිර්මාණය වන්නේ ගණනය කර ඇති පරිදි ජල අනු 1019 ක් පමණ එක වීමෙනි, එහෙයින් හිම පියලි දෙකක් එකම හැඩයෙන් යුක්ත වීම සිදු නොවිය හැකි තරම්ය. හිම වල METAR[[5]] සංකේතය SN වන අතර හිම වැසි S |
HSN ලෙස සංකේත කර ඇත.සමමිතිය[සංස්කරණය]සමූහ නොවූ හිම පියල්ලක් පැති හයකින් යුත් සමමිතියකින් යුක්ත වේ. මෙම මූලික සමමිතිය ඇතිවන්නේ අයිස් වල ස්පටිකරූපී ව්‍යුහය තල හයකින් යුක්ත වන බැවිනි. හිම පියලි වල බාහු/ශාඛා හය තනිතනිව වර්ධනය වන අතර ඒ එක් එක් ශාඛාවේ දෙපැත්තද වෙන වෙනම වර්ධනය වේ. බොහෝ හිම පියලි සම්පූර්ණයෙන් සමමිතික වන්නේ නැත. හිම පියලි වලාකුළු හරහා පතනය වෙද්දී ඒවා වර්ධනය වන ක්ෂුද්‍ර පරිසරය නිතැතින්ම වෙනස් වීම් වලට ලක් වේ, එලෙසම උෂ්ණත්වයේ හා අර්ද්‍රතවයේ ඉතා කුඩා වෙනස් වීම්ද හිම පියලි වලට ජල අණු සම්බන්ධ වන රටාව කෙරෙහි බලපෑම් එල්ල කරයි. හිම පියල්ලක් වටා ඇති ක්ෂුද්‍ර පරිසරය( හා එහි වෙනස්කම්) ඉතා අසන්න ලෙස සමාන වූ විට එහි සියලුම ශාඛා ආසන්නව සමාන අයුරින් වර්ධනය වේ. කෙසේනමුත් ක්ෂුද්‍ර පරිසරය සමාන වූ පමණින් හිම පියලි වල සියලුම ශාඛා සමාන වේ යැයි පැවසිය නොහැක; සැබවින්ම හිමපියල්ලේ එක් එක් පෘෂ්ටය වර්ධනය වීමේ වේගය කෙරෙහි ස්පටික වර්ධනය වීමේ මූලික ක්‍රියාවලිය ද බලපාන හෙයින් සමහර ස්පටික සඳහා එසේ සිදු වන්නේ නැත.අනන්‍ය බව[සංස්කරණය]සෑම හිම පියල්ලක්ම පාහේ එකිනෙකට වෙනස් වේ"No two are alike" ජනප්‍රිය කිය |
මන අනුව යමින්, හිම පියලි එකිනෙකට වෙනස් සංකීර්ණ හැඩයන් වලින් නිර්මාණය වේ. හිම පියලි පොළවට පතිත වන අතරතුරේදී උෂ්ණත්වයේ හා අර්ද්‍රතවයේ ඇතිවන බොහෝ වෙනස් වීම් නිසා, සිදුවීමට හැකියාවක් පැවතියද අහඹු ලෙස තෝරාගත් හිම පියලි දෙකක් සෑම අතින්ම සමාන වීමේ සම්භාවිතාවය ඉතා අඩුය. එකිනෙකට සමාන හිම පියලි සෙවීමේ පළමු වෑයම ලෙස 1885 දී විල්සන් ඇල්වින් බෙන්ට්ලි( Wilson Alwyn Bentley)[[6]] විසින් දියත් කරනලද දහස් ගණනක් හිම පියලි අන්වීක්ෂයක් ආධාරයෙන් ඡායාරූප ගතකීරිම මගින්, අද අප දකින එකිනෙකට වෙනස් හිම පියලි සොයාගන්නා ලදී.සංකේතයක් ලෙස භාවිතා කිරීම[සංස්කරණය]හිම පියලි සංකේතයක්හිම පියලි යනු නත්තල වැනි උත්සව කාල වලදී විශේෂයෙන් යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල බහුලව භාවිත කරන සළකුණක් හෝ සැරසිළි අංගයක් ලෙස හඳුනා ගත හැකිය. එය සාම්ප්‍රධායික ශ්වේත නත්තල නිරූපණය කරයි. මෙම කාල වකවානුවේදී, කඩදාසියක් කීප වතාවක් නමා කතුරක් ආධාරයෙන් රටාවකට කපා එය නැවත දිග හැරීමෙන් කඩදාසි හිම පියලි සාදාගැනීම බොහෝ සෙයින් ජනප්‍රිය අංගයකි. හිමපියලි ශීත ඍතුව හෝ ශීත බව නිරූපණය කිරීමේ සංකේතයක් ලෙසද බහුලව භාවිතා වේ. උදාහරණයක් ලෙස කටුක ශීත |
කාලයේ රිය පැදවීමේදී, ප්‍රකර්ශන හැකියාව වැඩි වන ලෙස නිර්මාණය කරන ලද "හිම ටයර" සංකේතවත් කර ඇත්තේ කන්දක් මුදුනේ පවතින හිම පියල්ලකිනි.යුනිකේතයෙහි එකිනෙකට වෙනස් හිමපියලි සංකේත තුනක් කේතනය කොට තිබේ: U+2744 (❅) මගින් "snowflake"; U+2745 (❅) මගින් "tight trifoliate snowflake"; U+2746 (❆) මගින් "heavy chevron snowflake"ගැලරිය[සංස්කරණය]විල්සන් බෙන්ට්ලි(Wilson Bentley) (1865–1931) විසින් ඡායාරූප ගතකරන ලද හිම පියලි ඡායාරූප කීපයක්:මූලාශ්‍ර[සංස්කරණය]ඉංග්‍රීසි විකිපීඩියා විශ්වකෝෂය: [Snowflake]වැඩිදුර කියවීම්[සංස්කරණය]Kenneth G. Libbrecht (2006). Ken Libbrecht's Field Guide to Snowflakes. Voyageur Press. ISBN 0-7603-2645-2.බාහිර සබැඳුම්[සංස්කරණය]හිම පියලි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Kenneth G. Libbrecht - Snowflake FAQUltra-high resolution images[permanent dead link] of snowflakes, hosted by the Electron Microscopy Unit සංරක්ෂණය කළ පිටපත 2009-10-10 at the Wayback Machine of the USDA Beltsville Agricultural Research C |
enterSnow Crystals and Snowflakes by CaltechCatch a SnowflakeWhy Snowflakes are so Thin and Flatත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!සතර සතිපට්ඨානය ට අයත් කායානුපස්සනාවේ කොටසක් වන ඉරියාපථ පබ්බ යනු සතර ඉරියව්වෙන් යම් ඉරියව්වක හිඳිමින් එම ඉරියව්වෙන් සිහියෙන් යුක්ත ව ඉඳීම යි. සතර ඉරියව් නම් සිටීම, ඉඳීම, නිදීම හා සක්මන් කිරීමයි.ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2023 නොවැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)පසුබිම[සංස්කරණය]හංස සන්දේශය ක්‍රි.ව. 1457 - 1465 කාලය තුලදී කරවූ බව පෙනේ. මෙම සන්දේශ කාව්‍යය ලියැවී ඇත්තේ මෙයට පෙර ලිය |
ැවුනු සන්දේශ කාව්‍යයක් වන ගිරා සන්දේශය ට පිළිතුරු වශයෙනි. ගිරා සන්දේශයෙහි එක් අදහසක් වූයේ තොටගමුවේ විජයබා පිරිවෙනත් එහි හිමියනුත් වර්ණනා කිරීමයි. මේ අදහස මුදුන්පත් කරගන්නා අටියෙන් ගිරා සන්දේශ කතුවරයා සිදු කලේ පැරකුම්බා රජුට ආසිරි පතන නියායෙන් ගිරවා තොටගමුවේ විජයබාපිරිවෙන්පති රාහුල හිමියන් වෙත යැවීමයි. මෙම වර්ණනා කිරීම නොඉවසු පිරිසක් විසින් පෙරදැරිව හංස සන්දේශය කරවූ බවක් පෙනේ. මෙම සන්දේශ කාව්‍යය කරවූ පිරිස රාහුල හිමියන්ගේ පිළිවෙත්හි වරදම දුටු බවක් පෙනේ. මෙම පිරිස ගිරවාට පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනක යෙදවූ බව පෙනේ. ගිරා සන්දේශයේ කතුවරයා මෙන්ම මෙම හංස සන්දේශයේ කතුවඑරයාද කවුරුන්දැයි පැහැදිලි නැත. මෙම කතුවරයා මේ පොතට දුන් මුල් නම තිසරසන්දෙස යනුයි. එනමුදු මෙම නමින් ලියැවුනු අනෙක් සන්දේශයක් ඒ වන විට ව්‍යවහාරයේ පැවතිණ. එබැවින් මෙම කාව්‍යය ප්‍රසිද්ධයට පත්වූයේ හංස සන්දේශය නමිනි. සන්දේශ කාව්‍යයේ කවි 200ක් අඩංගුව ඇත. මෙම කාව්‍යය කරවූ වර්ෂය සඳහන්ව නැත. එහෙත් ගිරා සන්දේශයට අනතුරුව, ඒහා සමකාලීනව ලියැවුනු කාව්‍ය ග්‍රන්ථයක් ලෙස මෙය සැලකිය හැක.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙස |
ින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteහාමුදුරුවෝ යන්නෙන් වෙන්කර හඳුනාගත යුතුය.Buddhist monks in Thailandපැවිදිව උපසම්පදාව ලැබූ පිරිමි බෞද්ධ ශ‍්‍රමණයන් භික්‍ෂුවක් (භික්ඛු:පාලි, භික්‍ෂු-සංස්කෘත සහ සිංහල) ලෙස හැඳින්වේ. භික්‍ෂු යන්න පුලූල් අර්ථයෙන් ‘දානය මත ජීවත්වන තැනැත්තා’ යනුවෙන් පරිවර්තනය කළ හැකිය බුද්ධඝෝෂ හිමියන් විසින් එය වාග්විද්‍යාත්මකව විශ්ලේෂණයකොට ඇත්තේ ‘(සංසාරයේ නැවත නැවත ඉපදීම පිලිබඳ) අනතුර දකින තැනැත්තා ’ යනුවෙනි. ඔවුහු ශ‍්‍රමණ ජීවිතයක් ගතකරන්නන් අනුගමනය කළයුතු විනය රාමුව පිලිපැදිය යුතු වන අතර එහි මූලික රීතීන් පාතිමෝක්ඛ යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ ආධ්‍යාත්මික කි‍්‍රයාකාරකම්වලට අවකාශ සැලසෙන පරිද්දෙන් ඔවුන්ගේ ජීවන ක‍්‍රමය සැකසී ඇත . එනම් ඔවුහු නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා සරළ ජීවිතයක් ගතකරමින් භාවනායෝගීව කල්ගෙවති. භික්‍ෂුව සංඝ ශාසනයට ඇතුලත්වීමට ප‍්‍රතිඥා දුන් අයකු වන අතර විනය පිටකයේ දැක්වෙන රීතීන් (පිරිමියකුට 227 ක් පමණ) අනුගමනය කිරීමට බැඳි සිටියි. මෙම රීතීන්හි ප‍්‍රාදේශීය වශයෙන් අර්ථනිරූපනයන්හි වෙනස්කම් පැවතිය හැක.භික්කු යනු, බව කය කරන්නට ඇප කැප වුනු අය. People who ha |
ve decided to end the samsaric journey. They can be men or women, may be robed or not.භික්‍ෂු භාවය ලැබීම[සංස්කරණය]බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත . බෞද්ධ පැවිද්දේ අවස්ථාවන් දෙකක් වේ. ප්‍රථම අවස්ථාව සාමණේර පැවිද්දයි.ඒ කාලය පුර්ණ පැවිද්දෙකු වීම සදහා පුහුණුවන යුගය ලෙස ද සැලකිය හාකිය. සාමණේර යන පදයේ අරුත ශ්‍රමණයාගේ (බෞද්ධ භික්ෂුවගේ හෝ බුදු රජුන්ගේ )පුත්‍රයා යන් යන්නයි. දෙවන අවස්ථාව වන්නේ උපසම්පදා අවස්ථාවයි. එය පූර්ණ පැවිද්ද ලෙස නම් කළ හැකිය. උපසම්පදාව ලැබෙන්නේ විධිමත් සංඝ සභාවක අනුමැතිය ඇතිව පාළි විනය පිඨකයේ දැක්වෙන ආකාරයේ විනය කර්මයක් මගිනි. එසේ උපසම්පදා ව ලබා දී මෙ දී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබේ. ඒ අතර පැවිදි උපසම්පදා කිරීමට නොසුදුසු පුද්ගයින් ගේ නාම ලේඛනයක් විනය පිඨකයේ සදහන් වේ .01 පණ්ඩකයා 02 උභතෝ බ්‍යඤ්ජකයා03 ථෙය්‍ය සංවාසකයා04 තිත්ථිය පක්කන්තකයා 05 තිරශ්චීනයා 06 මාතෘඝාතකයා 07 පීතෘඝාතකයා 08 අරහන්ත ඝාතකයා09 ලෝහිතුප්පාදකයා 10 සංඝභේදකයා 11 භික්ෂුණි දුෂකයා මව් පිය |
න් හෝ භාරකාරයන් නොවිමසා පැවිදි නොකළ යුතු අතර විහාක අයෙකුනම් බිරිදගෙන් / ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් විමසා අවසර ගතයුතුය.ඒහි භික්කු ක්‍රමය[සංස්කරණය]සාමාන්‍ය පැවිදි උපසම්පදා ක්‍රමය[සංස්කරණය]සාමානේර පැවිද්ද ලබාදෙන ආකාරය. ශිෂ්‍යන් පැවිදි කිරීම සදහා වු සුදුසු භික්ෂුවක් තමන් වෙත පැමිණි පැවිද්ද සදහා කැමැත්ත ප්‍රකාශ කළ පුද්ගයෙකු පැවිදි කිරීමට තීරනය කරයි නම් ඒ සදහා සුදුසුකම් සොයා බැලිය යුතුය. ඒ අනුව මේ පුද්ගලයා පැවිද්දට සුදුසු යයි වැටහේ නම් පැවිදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යතුය. පළමු පියවර. සුදුසු කම් සහිත භික්ෂූන් සීමාලකයට හෝ වෙනත් සංඝ සම්මත සුදුසු ස්ථානයකට සංඝයා රැස් විය යුතුය. අනතුරුව පැවිදි අපේක්ෂකයා එහි කැදවිය වියයුතුය.එහි දී ඔහු පංච ශීලයේ හෝ දශ ශීලයේ පිහිට වියයුතුය.දෙවන පියවර. පැවිදි අපේක්ෂකයා ගේ කෙස් රැවුලු වැඩී තිබේ නම් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් බංඩුකර්මය හෙවත් කෙස් රැවුල් බෑම සිදු කළ යුතුය. ඉන් පසු නහාවා පිරිසිදු කොට සුදු වස්ත්‍ර හැන්ද විය යුතුය. අනතුරුව දෙමාපියන් සහා වැඩි හිටියන්ට වැන්දවිය විය යුතුය.(ඔහු පැවිද්දෙක් ව සිටින තාක් යලි ගිහියන් ට නොවදින නි |
සාවෙන් එය අවසන් වැදිම බවට පත් වේ )තෙවන පියවර. සිව්ර සහා අදනය එක් මිටියක් සේ අදන පටියෙන් ගැට ගසා එය පැවිදි අපේක්ෂකයා අතට දිය යුතුය.අනතුරුව ඔහු නැවතත් සංඝයා මධ්‍යයට පැමිණවිය යුතුවෙයි. එහි දී ගණනායක හෙවත් එහි සිටින මහලු උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ භික්ෂුව ඉදිරියේ උක්කුටිකයෙන් දන ගසා වැදගෙන පැවිද්ද ඉල්ලීමේ වාක්‍ය (ඕකාස අහං භන්තේ පබ්බජ්ජං යාචාම්) තෙවරක් කියා තමන් අත වු සිව්රු එම භික්ෂුවට පිළිගැන් විය යුතුය.සිව්වන පියවර . ජ්‍යෙෂ්ඨ භික්ෂුව උපාද්‍යන් වහන්සේ (භීක්ෂුවකට ගුරුවරු දෙදෙනෙකු සිටින අතර උන්වහන්සේ ලා ආචාර්ය සහා උපාද්‍යාය නමින් හැදින් වේ ) වන අතර උන්වහන්සේ ට වැදගෙන් යලිත් පැවිද් ඉල්ලීම කළ යුතුය.(සබ්බ දුක්ඛ නිස්සණ නිබ්බාන සච්චිකරනත්ථාය ඒතං කසාවත්තං දත්වා පබ්බාජේතමං භන්තේ අනුකම්පං උපාදාය ) මෙම පාළි වාක්‍ය තෙවරක් කිමෙන් අනතුරුව සිවුරු පැවිදි අපේක්ෂකයා අත තබයි. ඉන් පසු භික්ෂුන් කීප නමක් සුදුසු ස්ථානයක දී වස්ත්‍ර ඉවත් කොට සිව්රු පෙරවීම සිදු කරනු ලැබේ. පස් වන පියවර. සිව්රු පොරවා පැවිදි වෙස් ගත් අපේක්ෂකයා යලි සංඝයා ඉදිරියට පැමිණි විට උපාද්‍යන් වහන්සේ විසින් ඔහු තිසරණය සහිත සාමණේර දශීලයෙ |
හි පිහිටවනු ලැබේ.එතැන් පටන් ඔහු සාමණේර පැවිද්දෙකු ලෙස සැලකේ.භික්‍ෂූන් හා භික්‍ෂුණීන්[සංස්කරණය]බුදුදහම තුල භික්‍ෂූත්වය යනු ‘පුද්ගලික විමුක්තිය සඳහා වන ශික්‍ෂාවන්’ පද්ධතියක කොටසකි. මෙම ශික්‍ෂාවන් භික්‍ෂූන් සහ භික්‍ෂුණීන් විසින් සාමාන්‍ය සංඝයා වහන්සේ කෙනකු වෙතින් සමාදම් වෙයි. මේවායේ අරමුණ පුද්ගලික සදාචාරාත්මක විනයක් ඇතිකර ගැනීමයි. මහායාන බුදුදහමේ සංඝ යන යෙදුම යෙදෙන්නේ කිසියම් තේරුම්ගැනීමේ මට්ටමක් හැඳින්වීම සඳහාය. මේ අනුව ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘විශිෂ්ඨයින්ගේ ප‍්‍රජාව’ යනුවෙනි. මොවුන් (ශික්‍ෂාවන් සමාදම් වූ) භික්‍ෂූන් හෝ භික්‍ෂුණීන් වීම අනිවාර්ය නොවේ.පුද්ගලික විමුක්තිය සඳහා වූ ශික්‍ෂාවන් පියවර හතරකදී සාමදන් වනු ලබයි ගිහි අයකු සිල්පද කිහිපයක් සමාදම් වෙමින් ශික්‍ෂාවන් කිහිපයක් සාමාදම් වනු ඇත. දෙවන පියවර වන්නේ ආරාමගත ජීවිතයට ඇතුලත් වීමයි. මෙහිදී සිවුරු හැඳීමට සිදුවේ. අනතුරුව යම් තැනැත්තකුට සාමණේරවරයකු විය හැක. ශික්‍ෂාවන් සමාදම්වීමේ හතරවන හා අවසන් පියවර වන්නේ ‘සම්පූර්ණ වශයෙන් උපසම්පදා වූ භික්‍ෂුවක්’ බවට පත්වීමයි. භික්‍ෂු භික්‍ෂුණී යන පාලි යෙදුම ඵෙරවාද බෞද්ධ රටවල භාවිතාවේ පවතී (ශී‍්‍ර ලංකාව බ |
ුරුමය තායිලන්තය). භික්‍ෂූන් හා භික්‍ෂණීහු සිය ජීවිත කාළය පුරාම රැකීම සඳහා ශික්‍ෂාවන් සමාදම් වුවද ඔවුන්ට ඒවා (ජීවිත කාළය තුල තුන් වරක්) අත්හැරිය හැක. මෙය බොහෝ පිරිස් විසින් කරනු ලබන්නකි. මේ ආකාරයෙන් බුදු දහම ශික්‍ෂාපද කඩ නොවී පවත්වාගනී. එනම් ඔව්නට ශික්ෂාවන් ආරක්‍ෂා කිරීම හෝ එම ජීවන ක‍්‍රමය අත්හැරීම යන දෙකින් එකක් තෝරාගත හැක. කෙසේවෙතත් මෙම ශික්‍ෂාවන් කැඞීම අතිශයින්ම නරක කි‍්‍රයාවක් ලෙසින් සැලකේ.ටිබෙටයේ අවුරුදු 6 සිට ඉහල දරුවන්ට රබ්ජුන් ලෙස හැඳින්වෙන මහණ දිවියට ඇතුලත්ව්ය හැකි අතර එය ආරාමවාසී ජීවිතයේ එක් විශේෂ ආකාරයකි. අවුරුදු 14 දී වැඩි ශික්‍ෂාපද සංඛ්‍යාවක් සමාදම් වීමට සිදුවන අතර 21 දී සම්පූර්ණ ශික්‍ෂාවන් සමාදම්වීම හෝ ආරාමවාසී ජීවිතය අතහැර යාම තෝරාගත හැක.සිවුරු[සංස්කරණය]ත්‍බයිජිංහි පන්සලක හඳුන්කූරු දල්වන චීන භික්‍ෂුවක්මහණකමට ඇතුලත් වූ තැනැත්තන්ගේ ඇඳුම වන සිවුර පිලිබඳ සංකල්පය තුල අන්තර්ගත වන්නේ ශරීරය කාළගුණයෙන් හා දේශගුණයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා ලාභ රෙදි භාවිතා කිරීමයි. එය තනි රෙද්කින් සකස් නොවිය යුතු අතර රෙදි කිහිපයක් එකට මැසීමෙන් සකස් කරගත යුතුය. කාෂ්මීරයේ වඩාත් ලාභදායක වර්ණය තද ර |
තු පැහැය වන බැවින් ටිබෙට් සම්ප‍්‍රදායේ සිවුරු රතු පැහැති වෙයි. දකුණේදී කහපාට විසින් ඉටුකරන්නේද මෙම භූමිකාවමය. කුංකුම වර්ණයට ඉන්දියාවේ සංස්කෘතික බැඳිමක්ද පවතී. නැගෙනහිර ආසියාවේ සිවුරු කහ අලූ හෝ කලූ පැහැති වේ.ටිබෙට් බුදුදහමේ එක් එක් වයස් කාණ්ඩයන්හි හා එක් එක් ශික්‍ෂාවන් සමාදම්වී සිටින භික්‍ෂූන්ට වෙන්වූ සිවුරු වයන් හා රෙදි වර්ග වෙයි.තාන්ති‍්‍රක ශික්‍ෂාවන්[සංස්කරණය]උසස් තාන්ති‍්‍රක කි‍්‍රයාකාරකම්හි නිරතවන ඕනෑම අයකු (භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක්) සහ යම් මට්ටමක අබෝධයක් අත්කරගත් තැනැත්තන් යෝගී (කාන්තාවන් නම් ‘යෝගිනී’) ලෙස හඳුන්වනු ලැබේ. යෝගීන් (භික්‍ෂූන් හෝ ගිහියන්) තාන්ති‍්‍රක ශික්‍ෂාවන් ලෙස හැඳින්වෙන තවත් ශික්‍ෂාවන් කාණ්ඩයක් (බෝධිසත්ව ශික්‍ෂාවන්ද සමග) සමාදම් වෙති. මේ අනුව යෝගී / යොගිනීන් විශේෂිත ආකාරයකට අඳිති. සමහර අවස්ථාවන්හි ඔවුහු ‘සුදු සංඝ’ යනුවෙන්ද හැඳින්වෙති (ඔවුන් නිතර අඳින සුදු හෝ රතු/ සුදු රෙදි නිසා).මනෝ විද්‍යාත්මකව ඔවුහු දෙආකාරයකට කි‍්‍රයාකාරන බැවින් තාන්ති‍්‍රක හා ආරාමික ආකාර දෙක එකිනෙකට වෙනස් ලෙස සලකනු ලැබූවත් ඔවුන් දෙපිරිසම ශ‍්‍රමණයින්ය. භික්‍ෂූන් සහ භික්‍ෂුණීන් මහණ කිරීම ජ |
නතාවට හොඳ නිදර්ශනයකි. බටහිර විසින් තාන්ති‍්‍රක මර්ගය ශ‍්‍රමණ නොවන ආකාරයක් ලෙස වැරදි ලෙස තේරුම්ගනු ලබයි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් වන අතර පිටත පෙනුමින් ‘සම්ප‍්‍රදායික නොවන’ බවත් පෙනීගියද තාන්ති‍්‍රක යෝගී (නී) හු දැඩි රීති සමුදායක් අනුගමනය කරති.වෙනත් ශික්‍ෂාවන්[සංස්කරණය]බුදුදහම තුල ශික්‍ෂාවන් සමාදන්වීමේ වෙනත් ආකාරයන්ද පවතී. ‘බෝධිසත්ව ශික්‍ෂාවන්’ මෙයින් වඩාත් වැදගත් වේ. මේවා සියලූ මහායාන අනුගාමිකයින් විසින් සමාදන් වන අතර මෙමගින් පරහිතකාමී ආකල්පයක් ඇති කරවනු ලබයි. තවත් ක‍්‍රමවේදයක් වන්නේ එක් දින ශික්‍ෂාවන්ය. මේවා භික්‍ෂූ භික්‍ෂුණීන්ගේ ශික්‍ෂාවන්ට තරමක් දුරට සමාන වෙයි. නමුත් මෙය වලංගු වන්නේ හිරැ නැගීමේ සිට අවරට යනතෙක් පමණකි.අවසානය[සංස්කරණය]බුදුදහම තුල ‘මහණවීම’ යනු එක් එක් තැනැත්තාගේ හැකියාවන් හා අවස්ථාවන් අනුව ස්වයං විනය ගොඩනගා ගැනීම සඳහා පවත්නා ක‍්‍රමවේදයන් රැසක එකතුවකි. සිය අනුගාමිකයින්ගේ මානසික සංවර්ධනය අනුව බුදුන් විවිධ මට්ටමේ ශික්‍ෂාවන් දේශනා කරන ලදී. වඩාත් උසස් ක‍්‍රමවේදය වන්නේ භික්‍ෂු හෝ භික්‍ෂුණී තත්වයට පත්වීමය. සියලූම සම්ප‍්‍රදායන්හි භික්‍ෂුණීන්ගේ අරමුණ වන්නේ දුක්ව |
ිඳිමෙන් මිදී විමුක්තිය ළගාකර ගැනීමයි.මීට අමතරව මහායානික ප‍්‍රවේශයේදී බෝධිසත්ව ශික්‍ෂාවන්ද අවශ්‍ය වෙයි. එමෙන්ම තාන්ති‍්‍රක ක‍්‍රමවේදයේදී තාන්ති‍්‍රක ශික්‍ෂාවන් ඇවැසි වෙයි. සමහර තැනැත්තන් භික්‍ෂුණී මහණ කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බැවින් ඔවුන්ට අනෙකුත් ශික්‍ෂාවන් සමාදන් වියහැක. අනෙක් සියලූ ශික්‍ෂාවන් වෙන වෙනම සමාදන් වියහැක. අනෙක් අතට කිසිවකුට පුද්ගලික විමුක්තිය සඳහා වන ශික්‍ෂාවන් සමාදන් නොවී සිය අරමුණ සාර්ථක කරගැනීමට නොහැකි වන බව පැවසේ. එනම් මෙම ශික්‍ෂාවන් මගින් දක්වන සාරධාර්මික උපදෙස් අනුගමනය කළයුතුය.පළමුවන විමලධර්මසූරිය රජසිංහලේ රජ රාජ්‍ය සමය1590–1604පූර්වප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජුඅනුප්‍රාප්තිකයාසෙනරත් රජුඋපත1591 සෙංකඩගල, ශ්‍රී ලංකාවමරණය1604 ශ්‍රී ලංකාවභූමදානයසෙංකඩගලවල්ලභයාකුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණභාර්යාවන්කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණදෝන අමේලියා දේවිය(මතභේදාත්මකයි)දරුවන්මහඅස්ථාන කුමරු සූරිය දේවිසාම දේවීවංශයදිණරාජරාජවංශයදිණරාජපියාවීරසුන්දර බණ්ඩාරආගමබුද්ධ ධර්මයපළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම |
වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් (දොන් ජෝන් ඔෆ් ඔස්ට්‍රියා, Don John of Austria) නමින් බෞතීස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම කතෝලික දහම අතහැර බුදු දහම වැළඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දෝන කැතරිනා (කුසුමාසන දේවිය) ද සමඟ 1594 ( උඩරටට විරුද්ධව සටනට පැමිණි නමුත් දන්තුරේදී ඉන් පැරද පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජු |
ගේ සේනාවට අසුවුන අතර රජු ඇයව විවාහ කරගත්හ.විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය. (නමුත් වෙරළබඩ තවමත් පෘතුගීසීන් සතු විය)බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ. ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම, කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනු කිරීම සිදු කළහ.ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අ |
වස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.1604 දී මෙතුමා උණ රෝගයකින් මිය ගියේය. ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ට රජ කෙනෙකි.පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක්යමසිංහ බණ්ඩාරගෙන් පසු උඩරට රජ බවට පත් පළමුවන විමලධර්මසූරිය රජු වීරසුන්දර බණ්ඩාරගේ පුතා විය. මෙතුමා උඩරට නව රාජවංශයක ආරම්භකයා වේ.පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක් විය.නීත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නොවීම.(දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය සරණපාවා ගැනීම)උඩරට රාජධානිය පෘතුගීසි ග‍්‍රහණයෙන් බේරාගත යුතු වීම.(දන්තුරේ හා බලන සටන් මගින් පෘතුගීසීන් පරාජය කිරීම)උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් මුදාගත යුතු වීම.(ගනේතැන්න සටන)පරිහානියට පත් බුදු සසුන නගා සිටු විය යුතු වීම.(බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒම)මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කළ යුතු |
වීම.(කොත්මලේ , වලපනේ යකඩ කර්මාන්තය දියුනු කිරීම)උඩරට රාජ්‍ය ආශ‍්‍රිත වෙඩි ලූණු කර්මාන්තයේ දියුණුවට පියවර ගැනීමමෙසේ විවිධ මාර්ගයන්ගෙන් උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පළමුවන විමලධර්මසූරිය රජු හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයකින් ක‍්‍රිස්තු වර්ෂ 1604 දී මරණයට පත් විය. මේවාද බලන්නසිංහලේ රාජාවලියමහනුවර රාජාවලියමහනුවර රාජධානියකාම්බෝජවරුමෙම ජනවාර්ගික කණ්ඩයාම් කීපයක් අතරින් කබෝජා (කම්බෝජා හෝ කම්බෝජිය)වරු ගැන පුරාණ සටහන් 7ක 8ක දක්නට ලැබේ. ඒවායේ ‘දමේද’ යන්න හතර වරක් සදහන් වේ. ‘මිලේච’ යන්න දෙවරක්ද , මුරිද් , මෙරයා සහ ජාවක එක් වරක් පමණක්ද සදහන් වේ. 4 වැනි සියවසට අයත් සිහලවත්ථු නම් පාල ලේඛණයද රුහුණේ ජීවත් වන කම්බෝජාවරු නම් ජන පිරිසක් ගැන සදහන් වේ. මෙම ලේඛණයේ මෙත්තයිය වත්ථු නැමැති 3වැනි කථාවෙන් ‘මලෙයියා’ නම් වැඩිහිටයෙක් තම්බපන්නි දිවයිනේ රෝහණ පළාතේ , කම්බෝජ ගමෙහි ජීවත් වු බව හෙළිවෙයි. තවත් කරුණ ක් නම් , වයඹ සිටි කම්බෝජවරුන්ගේ අසල්වැසි නිවැසියන් වු යෝන හෙවත් යවනයින් (ග්රී කයෝ) ගේ ජනාවාසද , අනුරාධපුරයේ පණ්ඩුකාභය නම් ස්ථානයේ තිබුණ බවට පුරාණ සාක්ෂියක් මහාවංශයේ තිබෙන බවයි.කාම්බෝජවර |
ු ක්රියයාකරී ලෙස වෙළද කටයුතු වල යෙදුනු බව ‘ප්රිධාන කාම්බෝජ වෙළද සංගමය’ (කබොජිය මහප්රවගියන) සහ ‘කාම්බෝජ සංඝ’ (ගොට - කබොජි(ය) න)යනාදී වශයෙන් තිබෙන පුරාණ විස්තර වලින් පැහැදිලි වේ. විද්වතුන් මෙම ශිලා ලේඛණගත සටහන් ක්රින.පු. 3වන සියවසේ (හෝ ඊටත් පෙර) ඒවා ලෙස දින වකවානු නියම කර ඇත. ශ්රීන ලංකාවේ ජනගහණයෙන් ආර්ය භාෂා කථා කරන අය බොහෝ විට වයඹ කාම්බෝජයෙන් ද කොටසක් ශක (මුරින්ද) සහ යවන ජනපද වලින්ද පැවත එන බව මෙයින් අදහස් වේ.http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Dravidiansස්ථානිය සෙවුම යනු ස්ථානීය ව්‍යුහගත ව්‍යාපාරික ලැයිස්තුවන්හී දත්ත-සමුදායක් හමුවේ භූගෝලීය වශයෙන් සංරෝධිත සෙවුම් ඉදිරිපත්කිරීමට පරිශිලකයන්ට ඉඩ සලසන විශේෂිත අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම වෙයි.ඉන්කන් කුයිපුවක නියෝජනයඉන්කා විකාශනය[සංස්කරණය]ඉන්කාවරු ක්‍රි.ව. 12 වන සියවසේ දී කස්(z)කො (Cuzco) ප්‍රදේශය පුරා, කිල්කේ( Killke) සංස්කෘතික ගෝත්‍රයක් ලෙස ආරම්භ විණි. මැන්කො කැප්ක්හි නායකයා යටතේ ඔවුන් කස්(z)කෝහි (Quechua Qosqo) කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි.ක්‍රි.ව. 1438 දී පැචාකුටි |
(Pachacuti) නමින් හැදින්වූ සපා ඉන්කා (Sapa Inca) නායකයා යටතේ (ඔහුගේ නමේ අර්ථය - භූමි ආරක්ෂකයා), ඔවුන් දකුණු පේරු ප්‍රදේශයට සංක්‍රමණය විය. ඉන්පසු ඔහු විසින් නැවතත් කස්(z)කො ප්‍රධාන නගරයක් සහ අධිරාජ්‍යයේ අගනුවර ලෙසට ගොඩනඟන ලදි.Cuzco බල කොටුවේ අධිරාජ්‍යයා ලෙස පැචාකුටි කටයුතු කළබව පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. තහුන්ටින්සුයා (Thahuantinsuya) ප්‍රදේශය, ප්‍රාදේශිය නායකයන් හතර දෙනෙකුගේ නායකත්වයෙන් මධ්‍යම රජය යටතේ පාලනය වුණි. ප්‍රාදේශිය නායකයන් හතර දෙනා චින්චාසුයු (Chinchasuyu) (NW), ඇන්ටිසුයු (Antisuyu) (NE), කොන්ටිසුයු (Contisuya) (SW) සහ කොල්ලසුයු(Collasuyu) (SE) නම් විය. පැචාකුටි (Pachacuti) නගර වැසියන් පික්ච් හා කෑම්ප්ඩේවිඩ් නම් ගෘහ නිවාස හා කූඩාරම් ඉදිකළහපැවාකුටි විසින් තම පාලන ප්‍රදේශය හා ඒ අවට භූමි භාගයන්හි දේශපාලන, යුධමය වටිනාකමින් යුතු තොරතුරු දැනගැනීමට, ඔත්තුකරුවන් යොදවනු ලැබීය. තවද ඔහු විසින් අවට රාජධානීන්හි ප්‍රධානීන් වෙත පණිවිඩ යවමින්, නව රාජධානියට සහයෝගය දැක්වීමෙන් ඔවුන්ට පිරිනැමෙන තනතුරු හා වරප්‍රසාද පිළිබදව සැළකර සිටියේය.තවද ඔහු එම රාජධානින් වෙත තම දියණ |
ියන් සරණ පාවා දීම වැනි උපක්‍රම මඟින් අන්තර් රාජ්‍යය සම්බන්ධතා වර්ධනය කර ගත්තේය.ඉන් පසු ඉන්කා සම්ප්‍රදායට අනුව ක්‍රි.ව. 1463 දී ඔහුගේ පුතා නායකත්වයට පත් විණි.සමාජ ව්‍යුහය[සංස්කරණය]ඉන්කාවරු විශේෂ ග්‍රෝත්‍ර තුනකට බෙදී තිබුණි. ඒවා නම් උසස් පන්තිය (ප්‍රභූවරු), පහත් පන්තිය හා වහල්ලු (යනාස්) ය. යුධ සිරකරුවන් හා වහලුන්ගේ ළමුන්ද ඇතුළත් වූයේ වහලුන් ගණයටමය. පහත් පන්තියට බොහෝ විට අයත්වූයේ ගොවියන්ය. කිසියම් විශේෂ ක්‍රියාවක් සිදුකළ හමුදා සෙබළෙකුට හෝ කළාකාරයෙකුට වසරකට හෝ ඊට වඩා විශිෂ්ඨ ක්‍රියාවක් තවකෙක් කරන තෙක් හෝ ප්‍රභූ භාවය හිමි විය. ප්‍රභූ භාවය ලැබිය හැකි තවත් ක්‍රමයක් විය. එය නම් අධිරාජ්‍යයට කැමැත්තෙන්ම සම්බන්ධ වීමට කැමති කුරාකා (ගම් ප්‍රධානියා ) කෙනෙක් බවට පත් වීමයි. ඔහුගේ සහකරුවන්ට ඉන්කාවරු වීමට හැකි වූ අතර ඔහු තම තනතුරු ආරක්ෂාකර ගැනීමට පරිස්සම් විය. නමුත් එලෙස ප්‍රභූ භාවය හිමිවූවන්ට කිසිදිනක රාජකීය ප්‍රභූත්වය (රුධිරයෙන් ප්‍රභූ බව ලැබීම) හිමි වූවන්ට මෙන් සැලකිලි බලාපොරොත්තු විය නොහැකි වූ අතර ඔවුනොවුන් අතර විවාහ පවා සිදු වුණේ නැත. ඉන්කාවරු මෙම කාරණයේදී ඉතා ඍජු වූ අතර ඒවා අත් හැරියේ නැත. |
ඔලන්ටේ නම් වූ මෙම විශේෂිත කාරණය ගැන කියවෙන පුරාවෘත්තයක් ඇත. ඔලන්ටේ පුරාවෘත්තය[සංස්කරණය]සුසී සෝලර් (ඉන්කා පච්චකුටෙක්ගේ දියණිය ) නම් වූ කුමරිය හොර රහසේ , ඔලන්ටේ නම් වූ තාවකාලික ලෙස ප්‍රභූත්වය ලැබූ පුද්ගලයෙකු සමග විවාහ වූවාය. කාලය ගත වූයේය. මේ අතර දිනක් ඔලන්ටේ සුසී සෝලර්ගේ අත ඉල්ලා නිර්භීතව පැමිණියේය. ඉන්පසු ඉන්කා පච්චකුටෙක් තම දියණිය අක්ලවාසියක (ස්ත්‍රී මඩමක) සිර කොට තැබීය. ඔහු ඔලන්ටේ තම දියණියගේ සැමියා ලෙස භාර නොගත්තේය. ඒ ඔහු ලෙයින්ම ප්‍රභූවරයෙක් නොවූ නිසාය. මීට ප්‍රතිචාර වශයෙන් ඔලන්ටේ තම පිරිසද රැස්කර ගෙන ඔලන්ටේ ටැම්බෝ ලෙස පසු කලෙක හැඳින්වුණූ බලකොටුවක් උරුබම්බා මිටියාවතේ පවත්වාගෙන ඉන්කාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්ව සිටියේය. මෙය දැනගත් පච්චකුටෙක් ඔහුව පරාද කිරීමට රුම් නහුයි(ක්වෙචුවායි හි ශෛලමය නේත) යැව්වේය. නමුත් ඔලන්ටේගේ වසර 10 ක් පුරා පැවති රෞද්‍ර කෝධය හමුවේ ඔහු පරාද විය. මේ අතර වාරයේ සුසී සෝලර් ඔලන්ටේගේ දියණියට උපත දුන්නාය. ඇය නමින් ඉමැක් සුමැක් විය. කාලයේ ඇවෑමෙන් පච්චකුටෙක් මරණයට පත් වූයේය. රුමි නහුයි තමා පරාජිතයෙක් බව තේරුම් ගත්තේය. ඔහු සැලැස්මක් කල්පනා කළේය. මේ අතර ඉන්ටි |
රයිමි උත්සව ආරම්භ විය. මෙම උත්සව අතරතුර ඔලන්ටේගේ සොල්දාදුවන් මත් පැන් බිව් වරදට ඔලන්ටේ සිර කරුවෙක් ලෙස ගෙන යන ලදී. ඔහු නව ඉන්කා ටු පැක් යුපාන්කුයි වෙත ගෙන යන ලදී. ඔහු තම පියාගේ හා සහෝදරියගේ කතාව අසා තිබුණි. එක්විටම ඉමා සුමැක් එතැනට පැමිණි අතර ඇගේ මව වෙනුවෙන් යාඥා කරන්නට විය. එම කතාවලට සවන් දීමෙන් අනතුරුව ටු පැක් යුපාන්කුයි සුසී සෝලර් හට ඔලන්ටේ හා විවාහ වීමට අවසර දුණි. ඔලන්ටේ බොහෝ යුද්ධ මෙහෙය වූ තම දරුවන් ගැන ආඩම්බරයෙන් සිටි මිනිසෙක් විය. තම සොල්දාදුවන් වෙනුවෙන් සිරගෙට යාමට තරම් යහපත් මනුෂ්‍යයෙක් වූ බව සිහිකල යුතුය. අධ්‍යාපනය[සංස්කරණය]ඉන්කාවරු කුයිපු හෙවත් ගැට ගසන ගසන ලද නූල් , ගණනය කිරීම්වලට හා ජන සංඛ්‍යානයට යොදා ගත්හ. දැනට ඉතිරිව ඇති කුයිපුවල , අංකන දත්ත පෙනෙන්නට ඇත. සමහර ඉලක්කම් යමක් මතක තබා ගැනීමේ ලේබල වශයෙන් යොදා ගෙන ඇත. කුයිපුවල වර්ණ , අවකාශ හා ව්‍යුහ වෙනස් කරමින් පණිවිඩ ලබා දීමද සිදු කර ඇත. සංඥා ක්‍රමයට ලියවුණු නැතහොත් අංක රහිත පණිවුඩ තේරුම් ගත්තේ කෙසේදැයි යන්න තවම පැහැදිලි නැත. සමහර සිසුන් කුයිපු වාර්තා කළ භාෂාව සොයා ගැනීමට තවම වෙහෙසෙති. තම සංස්කෘතියේ පැවැත්ම ආරක්ෂාකර ගැන |
ීමේ උපක්‍රමයක් වශයෙන් ඉන්කාවරු බොහෝ විට පණිවිඩ යැවීම කළේ මුඛ්‍ය සන්නිවේදන ක්‍රමයකටය. ඉන්කා අධ්‍යාපනය විශේෂ වර්ග දෙකකට බෙදී පැවතුණි. ඒවා නම් වෘත්තීය අධ්‍යාපනය (පොදුවේ ඉන්කාවරුන් සඳහා ) සහ විධිමත් පුහුණු කරවීම (ප්‍රභූන් සඳහා ) ය.ආගම[සංස්කරණය]ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්‍රධාන දෙවියා විය. අධිරාජ්‍යයේ ප්‍රවේණි පාලක නාමය වූ සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තාලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.ඉන්කා - සොයාගැනීම[සංස්කරණය]ඉන්කාහල් වැඩ ගැන විස්තරගණිත ශාස්ත්‍රය හා තාරකා විද්‍යාව[සංස්කරණය]කියුපු යනු වැදගත් ඉන්කා තාක්ෂණයකි. එය ගැට සහිත තන්තුවක් එකලස් කරන්නාක් මෙන් තොරතුරු සටහන් කරගන්නට යොදා ගත්තේය.මේ පිළිබදව පර්යේෂණවල නියැළි පුරාවිද්‍යාඥයින් ගේ අදහස වූයේ ස්මරතා උපකරණ ලෙස හෝ ගණිත දත්ත සටහන් කිරීමට කියුපු භාවිත කරන්නට ඇත කියාය .ඉන්කා වෛද්‍ය විද්‍යාව ගැන බොහෝ සොයාගැනීම් සිදුකළ ඔවුන්ට සාර්ථකව හිස්කබල් ආශ්‍රිත ශල්‍යකර්මද සිදුකිරීමට හා හිස්කබලේ කුහර කැපීමට, හිස්කබලේ තුවාල වල පීඩනය නිදහස් කිරීමට එම තාක්ෂණය භාවිතකළ හැකිබව පෙනුණි.ඉන්කාවරු කොකා පත් |
ර භාවිතා කර බඩ ගින්න හා වේදනාව තුනී කරගත්තෝය. එම ශාක විශේෂ දැනුත් අන්දීස් පෙදෙස්වල තිබේ. ඉන්කා පණිවිඩකරුවන් කොකා පත්‍ර විකා රාජධානිය වටා දුවමින් පණිවිඩ බෙදාහරින්නට අමතර ශක්තියක් ලබා ගත්හ.යුධ හා යුධ කටයුතු[සංස්කරණය]එම ප්‍රදේශවල විසූ ඉන්කාවරු නිරතුරුවම අනෙකුත් ජාතීන් සමඟ යුද වැදුනහ. තවද ඔවුන් ඒ අවස්ථාවන්හි ආයුධ භාවිතා කළහ.ඉන්කා හමුදාව යනු එකල එම ප්‍රදේශවල විසූ ශක්තිමත්ම හමුදාවයි. එයට හේතුවූයේ සාමාන්‍ය මිනිසුන්ව හා ගොවීන්ව යුද්ධයට සුදානම් කර හමුදා සොල්දාදුවන් බවට පත්කිරීමට ඔවුන් සතු වූ දක්ෂතාවයයි. එකදු අවස්ථාවක් හෝ සෑම පිරිමි ඉන්කා වරයෙකුටම යුද්ධයේ කොටස් කරුවකු බවට පත්වන්නට සිදුවිණි. තවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී යුද වැදීමට සුදානමින් සිටීමටද ඉන්කාවරුනට සිදු වුණි.ඉන්කා කබායස්මාරක ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]සිය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවේ පැවති මෝස්තර මැටි භාණ්ඩවල සහ රෙදිපිළිවල පිළිබිඹු කළ ඉන්කා කලා ශිල්පයන්හි බොහෝදුරට ඉතාමත් වැදගත් වුයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඉන් ප්‍රධානතම උදාහරණය වනුයේ ප්‍රධාන නගරය වන ‘කුස්කෝ’ ය. ‘මාචු-පීචු’ හි සිත් ඇදගන්නා දර්ශණය නිර්මාණය කරනු ලැබ |
ුයේ ඉන්කා ඉන්ගිනේරුවන් විසිනි. ඉන්කාවරුන් ඉදිකළ ගල් විහාරවල ගඩොල්වලින් තොර නිර්මාණ ක්‍රමයක් යොදාගත් අතර ඒවා එකිනෙකට කෙතරම් හොනදීන් සම්බන්ධ වී ද යත් ඒවායේ ගල් අතරින් පිහිතලයක් ඇතුළුකිරිමට වුව ද නොහැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් මහා පරිමාණයෙන් යොදාගනු ලැබුයේ ටිටිකාකා විලෙන් දකුණෙහි පුකාරා (ක්‍රි.පු_ 300 සිට ක්‍රි. වර්ෂ 300 දක්වා) හි විසු ජනතාව විසිනි. පසු කාලයේ දී දැනු බොලිවියාව ලෙස හැදින්වෙන ටිවානකු (ක්‍රි.ව 400-1100) නම් මහා නගරයෙහි ද එය යොදාගෙන ඇත. නිර්මාණයෙහි දී යොදාගත් ගල් එකිනෙකට නිශ්චිතවම සවිවීම සදහා කැටයම් කරන ලද අතර එය සිදු කරන ලද්දේ එක් ගලක් තවත් ගලක් මතට පුන පුනා පහත හෙළමින් දුවිලි එකතු වී තිබුණු පහත පිහිටි ගල මතුයෙහි කොටස් කපා ඉවත් කිරිමෙනි. දැඩි ලෙස එකිනෙකට බැඳීම හා පහත පිහිටි ගල්වල අවතල භාවය ඒවා අසාමාන්‍ය ලෙස ස්ථාවර කිරිමට සමත් විය.පිඟන් කර්මාන්තය, වටිනා ලෝහමය කෘතින් හා රෙදිපිළි[සංස්කරණය]අධිරාජ්‍යය තුළ සියළුම රන් හා රිදී කෘතින් ආක්‍රමණිකයන් විසින් ද්‍රව බවට පත් කරන ලදී. පිඟන් භාණ්ඩ කුරුල්ලන්, තරංග, බළල් වර්ගයන් හා ජ්‍යාමිතික හැඩ රූ වැනි විවිධ මෝස්තර යොදා පින්තාරු කළහ |
. ඒ අතරින් ඉතාම කැපී පෙනන ඉන්කා පිඟන් භාණ්ඩයන් වනුයේ කුස්කෝ බෝතල හෝ ‘ඇරිබලෝස්’ ය. මෙම භාණ්ඩ බොහෝමයක් ලීමා හි ලාකෝ පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයේ සහ පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා ඉතිහාසය පිළිබද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත.සටහන්[සංස්කරණය]|Incas - Arts and technology|-References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Incas#Societyමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteජේතවනාරාම දාගැබJetavanaramayaපැරණි නම්Denanaka and Denaveheraසාමාන්‍ය තොරතුරුප්‍රභේදයදාගැබපිහිටීමඅනුරාධපුර, Sri Lankaඋස122 m (400 ft)මිනුම්වෙනත් මිනුම්233,000 m2 (2,508,000 sq ft)තාක්ෂණික තොරතුරුමහල් වර්ගඵලය5.6 Hectaresඅනුරාධපුර පිහිටා ඇති ජේතවනාරාමයේ ඇති ප්‍රධාන දාගැබවේ. පාරිභෝගික චෛත්‍යයකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ ථේරවාද බෞද්ධ මහසෙන් රජු (273 - 301) රජුටයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි |
විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.කෙටියෙන් OSDev ලෙස හැඳින්වෙන, මෙහෙයුම් පද්ධති නිර්මාණය විනෝදාංශයක් ලෙස, කල්ලි වශයෙන් කෙරෙන්නක් බවට පක්ව ඇත.ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති නිමවී ඇත්තේ විනෝදාංශමය මෙහෙයුම් පද්ධති ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙසිනි. මෙහෙයුම් පද්ධතියක් සැලසුම් කිරීම හා නිපැයීමට හැකියාව හා අධිෂ්ඨානය අවශ්‍ය අතර මෙම වදන මූලික “හෙලෝ වර්ල්ඩ්” ඇරඹුම් ලෝඩරයක සිට සම්ප |
ූර්ණ අංගවලින් යුත් කර්නලයක් (Kernal) දක්වා සියලු දේ ආවරණය කරයි. මෙයට එක් හොඳ උදාහරණයක් වන්නේ මිනික්ස් (Minix) මෙහෙයුම් පද්ධතියයි; ඉගැන්වුම් මෙවලමක් ලෙස නිර්මාණය කරන ලද එය ලිනක්ස් පැමිණීමට පෙර විනෝදාංශකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවකි.ලක්‍ෂණ ගීත යනු යම් කිසි රාගයක විස්තර ඈතුලත් කොට තෑනූ ගීත විශේෂයකි, රාගධාරී සංගීතයේ සෑම රාගයකටම ඉතා අලංකාර වු ලක්‍ෂණ ගීත ඈත.හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතයසංකල්පස්‍රැතිස්වරරාගඅලංකාරතාලඝරණසංගීත භාණ්ඩප්‍රභේදධ්‍රැපද්ධමාර්ඛ්‍යාල්තරාණාඨුම්රිධද්‍රාකව්වාලිඝසල්ථාටබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභෛරවීතෝඩිපූර්විකළ්‍යාණමාර්වාතාලදාදරාත්‍රිතාල්කෙහෙර්වාඣප්දීප්චන්‍දිලාවණීඒක්රාගබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභීම්පලාශ්‍රීයමන්භෛරවීතෝඩිපූර්විමාර්වාභූපාලිvteඅග්නිගින්නට අධිපති[1][2]අග්නි ගිනිදළු සහිත රශ්මි මාලාවක් සහිතව බැටලුවකු මත හිඳ සිටින අයුරුවාසභවනයනැත (අයාලේ)මන්ත්‍රයඕම් අග්නිදේවාය නමඃආයුධයමුගුරවල්ලභයාස්වාහා දෙවඟන[3]වාහනයබැටලුවා[4]ලිපි මාලාවක කොටසක් වනහින්දු ආගමහින්දුඉතිහාසයසම්භවයඉතිහාසයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඓතිහාසික |
වෛදික ආගමසම්ප්‍රදායන්වෛෂ්ණවශෛවශක්තස්මාර්තදෙවිවරුත්‍රිමූර්තිබ්‍රහ්මවිෂ්ණුශිවත්‍රිදේවීසරස්වතීලක්ෂ්මීපාර්වතීඅනෙකුත් ප්‍රධාන දෙවි දේවතාවියන්වෛදික:ඉන්ද්‍රඅග්නි (දෙවියන්)ප්‍රජාපතිරුද්‍රඌෂස්වරුණපශ්චාත් වෛදික:දුර්ගාගණේශහනුමාන්කාලිකාර්තිකේයකෘෂ්ණරාධාරාමසීතාසංකල්පලෝක දර්ශනයහින්දු විශ්ව විද්‍යාවහින්දු පුරාවෘත්තසත්භාවවේදයතත්ත්වතන්මාත්‍රපංචීකරණපංච භූතගුණඋත්තරීතර යථාර්ථයබ්‍රහ්මන්නිර්ගුණසගුණඕම්සත්චිතානන්දදෙවියන්ඊශ්වරහින්දු ආගමේ තුළ දෙවියන්දෙවියන් සහ ලිංගයජීවිතයේ අරුතධර්මඅර්ථකාමමෝක්ෂජීවිතයේ අදියරබ‍්‍රහ්මචාරීගෘහස්ථවානප‍්‍රස්ථසන්‍යාසවිමුක්තියේ මාර්ග තුනභක්ති යෝගඥාන යෝගකර්ම යෝගවිමුක්තියමෝක්ෂය සම්බන්ධ මාතෘකා:පරමාත්මයමායාවකර්මසංසාරයමනසආත්මන්අනාත්මන්සූක්ෂ්ම ශරීරසූක්ෂ්ම ශරීරආචාර ධර්මනීති ශාස්ත්‍රයමනියමඅහිංසාඅස්තෙයසත්‍යදයාඅක්‍රෝධතපස්දානශාස්ත්‍ර ප්‍රමාණම්ඥාන විද්‍යාවප්‍රත්‍යක්ෂඅනුමාණඋපමාණඅර්ථාපට්ටිඅනුපලබ්දිශබ්දචාරිත්‍රවන්දනා, යාග සහ පුණ්‍යය කටයුතුපූජාආරතීප්‍රාර්ථනාදේවස්ථානමූර්තිභක්තිජපභජනකීර්තනයාගහෝම |
තර්පනවෘතප්‍රායශ්චිත්තභාවනාතපධ්‍යානසමාධානනිදිධ්‍යාසනයෝගසාධුයෝගීයෝගිනීආසනසාධනකුණ්ඩලිනීහින්දු කලාවන්භරතනාට්‍යම්කතක්කතකලිකුචිපුඩිමනිපුරිචාරිත්‍ර වාරිත්‍රගර්භාධානපුංසවනසීමන්තොන්නයනජාතකර්මන්නාමකරණනිෂ්ක්‍රමණඅන්නප්‍රාශනචූදාකරණකර්ණවෙධවිද්‍යාරම්භඋපනයනකෙශාන්තරිතුශුද්ධිසමාවර්තනවිවාහ (හින්දු ආගම)විවාහඅන්තිම සංස්කාරඋත්සවදිවාලිහෝලිශිවරාත්‍රීනවරාත්‍රීදුර්ගා පූජාරාම්ලීලාවිජයදශාමි-දුශේරාරක්ෂා බන්ධන්ගනේෂ් චතුර්ථිවසන්ත පංචමිරාම නවාමිජන්මාෂ්ටමිඕනම්මකර සංක්‍රාන්තිකුම්භ මේලාපොංගල්උගාඩිවෛසාඛිබිහූපුතාණ්ඩුවිශුරථ යාත්‍රාහින්දු දර්ශනඅස්තිකසාංඛ්‍යයෝගන්‍යායවෛශෙෂිකමීමාංසාවේදාන්තඅද්වෛතද්වෛතවිශිෂ්ඨාද්වෛතඅචින්ත්‍යභෙදාභෙදශුද්ධාද්වෛතනිම්බාර්ක සම්ප්‍රදායඅක්ෂර පුරුෂොත්තම දර්ශනඅනෙකුත් දර්ශනපශුපතප්‍රත්‍යභිඥාචාර්වාකගුරුවරු, ශාන්තුවරු සහ දාර්ශනිකයෝපුරාතනඅගස්ත්‍යඅංගීරසඅරුණිඅෂ්ටවක්‍රආත්‍රිභාරද්වාජගෝතමජමාදාග්නිජෛමිණිකනාදකපිලකාශ්‍යපපාණීනිපටාංජලීරෛක්වසත්‍යකාම ජාබලවාල්මිකීවාශිෂ්ඨාවිශ්වමිත්‍රව්‍යාසයාඥාවාල්ක්‍යමධ්‍යතනනායනර්වරුඅල |
්වාර්වරුආදි ශංකරබාසවඅක්කා මහාදේවීඅල්ලමා ප්‍රභූසිද්ධේශ්වර්ඥානේශ්වර්චෛතන්‍යගංගේෂ උපධ්‍යායගෞඩපාදගෝරක්ෂානාත්ජයන්තා භට්ටාකබීර්කුමාරිලා භට්ටාමත්ස්‍යේන්ද්‍රනාත්මහාවතාර් බාබාජිමධුසුදනමාධවහරිදාස ඨාකූර්නාම්දේවනිම්බර්කප්‍රභාකරරඝුනාථ සිරෝමණිරාමනුජසංකර්දේව්පුරන්දර දාසකනක දාසරාම්ප්‍රසාද් සේන්ජගන්නාථ දාසව්‍යාසරායශ්‍රීපාදාර්යරාඝවේන්ද්‍ර ස්වාමිගෝපාල දාසශ්‍යාස ශාස්ත්‍රිවේදාන්ත දේසිකත්‍යාගරාජාතුකරාම්තුල්සිදාස්වාචස්පති මිෂ්රාවල්ලභවිද්‍යාරන්‍යනූතනඖරොබින්දෝකුමාරස්වාමිභක්තිවිනෝද ඨාකුර්චින්මායානන්දදයානන්ද සරස්වතීමහේෂ් යෝගික්‍රිෂ්ණානන්ද සරස්වතීනාරායණා ගුරුප්‍රභූපාදරාමක්‍රිෂ්ණරමනා මහාඍෂිරාධක්‍රිෂ්ණන්සරස්වතීසිවානන්දයූ. ජී. ක්‍රිෂ්ණමූර්තිසායි බාබාවිවේකානන්දනිගමානන්දයෝගානන්දරාමචන්ද්‍ර දත්තාත්‍රය රනාදේතිබ්බේටිබාබාතෛලංගාහින්දු ග්‍රන්ථශුද්ධ ලියවිලි වල වර්ගීකරණයශ්‍රැතිස්මෘතිආචාරආත්මතුෂ්ටිහින්දු ශුද්ධ ලියවිලිහින්දු ලියවිලි වල කාලයවේදඍග් වේදයජුර් වේදසාම වේදඅථර්ව වේදකොට්ඨාශසංහිතාබ්‍රාහ්මණආරණ්‍යකඋපනිෂද්උපනිෂද්ඍග් වේද:ඓතරෙයකෞශීතකියජුර් |
වේද:බෘහදාරණ්‍යකඊශාතෛත්තිරීයකතාශ්වෙතාශ්වතරමෛත්‍රිසාම වේද:චාන්දොග්‍යකෙනඅථර්ව වේද:මුණ්ඩකමාණ්ඩූක්‍යප්‍රශ්නවෙදාංගශික්ෂාචන්දස්ව්‍යාකරණනිරුක්තකල්පජ්‍යෝතිෂඅනෙකුත් ශුද්ධ ලියවිලි'භගවද් ගීතා''ආගම'අනෙකුත් ලියවිලිපුරාණවිෂ්ණු පුරාණභාගවත පුරාණදේවී භාගවත පුරාණනාරදෙය පුරාණවාමන පුරාණමත්ස්‍ය පුරාණගරුඩ පුරාණබ්‍රහ්ම පුරාණබ්‍රහ්මාණ්ඩ පුරාණබ්‍රහ්ම වෛවර්ත පුරාණභවිෂ්‍ය පුරාණපද්ම පුරාණඅග්නි පුරාණශිව පුරාණලිංග පුරාණකූර්ම පුරාණස්කන්ද පුරාණවරාහ පුරාණමාර්කණ්ඩෙය පුරාණවෙනත් මාතෘකාබාලි හින්දු ආගමදින දර්ශනයවිවේචනයනාමකරණප්‍රතිමා ශිල්පයපුරාණෝක්තිවේදයජාතිකවාදය (හින්දුත්ව)හිංසනයවන්දනා ස්ථානඉතිහාසරාමායණයමහාභාරතයඋපවේදආයුර්වේදධනුර්වේදගන්ධර්වවේදස්ථපත්‍යවේදහින්දු ආගම සහ ජෛන ආගම / සහ යුදෙව් ආගමරට අනුව හින්දු ආගමහින්දු ආගමික පාරිභාෂික ශබ්ද මාලාව හින්දු ආගම ද්වාරයvteඅග්නි (සංස්කෘත: अग्नि) යනු හින්දු දෙවියෙක් වන අතර, අතිශයින් වැදගත් වේද දෙවිවරුන් අතුරින් එක් කෙනෙකි. ඔහු ගින්න හා සම්බන්ධ දෙවිවරයා වන අතර[5] යාගයන් පිළිගන්නා දෙවියා ය. අග්නි වෙත පිදෙන යාගයන් දෙවිවරු |
න් වෙත යොමු වන්නේ අනෙකුත් දෙවිවරුන් වෙතින් හා ඔවුන් වෙතට පණිවුඩ ගෙන යන්නා අග්නි වන බැවිනි. ඔහු සදා-යෞවන වන්නේ, සැමදා ගිනි යළි-දැල්වෙන බැවින් වන අතර එබැවින්ම අමරණීයද වෙයි.පුරාණ වෛදික ගිනි දෙවියා ඇදහීමේ සිට වර්තමානයේ පවතින හින්දු ආගම දක්වා අග්නි දෙවිඳු ඇදහීමේ සිරිත අඛණ්ඩව පැවතෙන්නේය. ඝර්ෂණය කිරීමෙන් ගින්දර ලබා ගැනීම සඳහා කෝවිල්වල තිබෙන පූජනීය වස්තුවක් ලෙස සැළකෙන ගිණි තොරපනය නම් උපකරණය (අග්නි දෙවිඳුගේ දෛනිකව සිදු වන උපත සංකේතවත් කරමින්) කෝවිල්වල තවමත් ප්රයෝජනයට ගැනේ.විස්තර දැක්වීම[සංස්කරණය]හින්දු කලාවෙහි අග්නි දෙවියන් චිත්රණය කර ඇත්තේ අත් දෙකක් හෝ හතක් ද, හිස් දෙකක්ද, පාදයන් තුනක්ද, ඇත්තෙකු ලෙසිනි. සෑම හිසක්ම භයංකර දිවවල් හතකින් යුත්කය. එම දිවවල් වලින් කෙරෙන්නේ පූජා කරන ලද ගිතෙල් ලෙව කෑමයි. ඔහු බැටලුවෙකු තම වාහනයලෙස යොදා ගනී. නැතහොත් කෝපාග්නියෙන් දැවෙන අශ්වයින් යෙදූ රථයක් යොදා ගනී. ඔහු පොරවක්, ගිනි පන්දමක්, පබලු මාලයක්, ගිනි ඇවිලුනු හෙල්ලක් ද, සංකේතවත් කරන්නේය.රතු පාටින් සහ හිස් දෙකක් ඇත්තෙකු ලෙස අග්නි නිරූපණය වන්නේ ඔහු සතුව පවත්නා විනාශ කිරීමේ බලය හා ගුණවත්කම ද පෙන්නුම් කරමිනි. ඔ |
හු කළු පැහැති දෙනෙත් සහ හිසකේ ද, පාද තුනක් සහ අත් හතක් ඇත්තෙකු ලෙස ද නිරූපිතයි. ඔහු බැටලුවෙකු පිට හෝ එළුවන් හෝ කලාතුරකින් ගිරවුන් යෙදූ රථයක ගමන්කරයි. ඔහුගේ සිරුරෙන් ආලෝක කිරණ හතක් නිකුත් වෙයි. ඔහු "සප්ත ජිව්හා" යන නමින්ද හැඳින්වේ. එහි තේරුම දිවවල් හතක් ඇත්තා යනුයි.වෙනත් විශ්වාසයන් හා ආගම් තුළ අග්නි[සංස්කරණය]ඉන්දු - ටිබෙට් බුද්ධාගමේ ඔහු ගිණිකොන දිග ආරක්ෂා කරන 'ලෝකපාලකයාය.' "ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් - jigten lugs kyi bstan bcos යන පාඨයෙහි තේරුම "ඔබේ උදුන ඔබේ නිවසේ ගිණිකොන දෙසින් පිහිටුවන්න. එය අග්නි වෙනුවෙන් වූ ස්ථානයයි" යනුවෙනි. ඔහු බෞද්ධ "හෝම" නම් ගිනි පූජා පිළිවෙත්හි ප්රධාන භූමිකාවක්ද රඟ දක්වයි.ආශ්‍රිත[සංස්කරණය]↑ George M. Williams (2008). Handbook of Hindu Mythology. Oxford University Press. p. 48. ISBN 978-0-19-533261-2.↑ Wendy Doniger O'Flaherty (1994). Hindu Myths. Penguin Books. p. 97. ISBN 978-0-14-400011-1.↑ Antonio Rigopoulos (1998). Dattatreya: The Immortal Guru, Yogin, and Avatara: A Study of the Transformative and Inclusive Character of a Multi-faceted Hin |
du Deity. State University of New York Press. p. 72. ISBN 978-0-7914-3696-7.↑ Alexandra Anna Enrica van der Geer (2008). Animals in Stone: Indian Mammals Sculptured Through Time. BRILL Academic. p. 324. ISBN 90-04-16819-2.↑ Mythology, An Illustrated Encyclopedia of the Principal Myths and Religions of the World, by Richard Cavendish ISBN 1-84056-070-3, 1998බාහිර සබැඳි[සංස්කරණය]අග්නි දේව සංරක්ෂණය කළ පිටපත 2011-07-10 at the Wayback Machinethe herbaceous plant සඳහා, Oxalis pes-caprae බලන්නමෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.කටු අනෝදාSoursop fruit on its treeවිද්‍යාත්මක වර්ගීකරණය රාජධානිය:ශාක:Vascular plantClade:සපුෂ්ප ශාකClade:Magnoliidsගෝත්‍රය:Magnolialesකුලය:AnnonaceaeGenus:AnnonaL.විශේෂය:A. muricataද්වීපද නාමයAnnona muricataL.පර්යාය නාම(ය)Annona macrocarpa WerckléAnnona crassiflora Mart.[1]Guanabanus muricatus M.GómezGuanabanus muricatus (L.) M.Góme |
z[2]Annona bonplandiana KunthAnnona cearensis Barb. Rodr.Annona muricata Vell.[3]A. muricata flowerකටු අනෝදා (ඉංග්‍රීසි: Soursop) යනු පලතුරකි.වගාව හා භාවිතය[සංස්කරණය]සාමාන්‍යයෙන් කි.ගෑ. 2.5 ක් පමණ බර වන අතර කොල පැහැති වර්ණයෙන් යුත් රසවත් පළතුරක් ලෙස හැඳින්විය හැකිය.දිගින් සෙ.මී. 20-30 පමණ දිගට වැඩේ.සේයාරූ[සංස්කරණය]ආශ්‍රිත ලිපි[සංස්කරණය]Annona crassifloraAnnona reticulataAsimina trilobaAtemoyaCherimoyaList of unproven and disproven cancer treatmentsSugar-appleමූලාශ්‍ර[සංස්කරණය]↑ "Annona muricata", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?3492, ප්‍රතිෂ්ඨාපනය 2008-04-18 ↑ "Plant Name Details Annonaceae Aluguntugui L." International Plant Names Index. International Organization for Plant Information (IOPI). සම්ප්‍රවේශය 2008-04-18.↑ W3TROPICOS. "Annona muricata L." Missouri Bo |
tanical Garden Press. සම්ප්‍රවේශය 2008-04-18.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)භාහිර සබැඳි[සංස්කරණය]කටු අනෝදා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. කටු අනෝදා හා අදාළ දත්ත විකිවිශේෂ තුළතක්සෝන හැඳිනුම්Wikidata: Q1709343Wikispecies: Annona muricataAPDB: 6482APNI: 202064CoL: 5V4C6Ecocrop: 411EoL: 1054863EPPO: ANUMUFNA: 200008507FoAO2: Annona muricataFoC: 200008507GBIF: 5407273GRIN: 3492iNaturalist: 284503IPNI: 14308-2IRMNG: 10197493ISC: 5812ITIS: 18098IUCN: 143323191MoBotPF: 275965NCBI: 13337NZOR: 1dc02f2c-2cca-402c-8663-241775f683dfOpen Tree of Life: 303957PalDat: Annona_muricataPlant List: kew-2640944PLANTS: ANMU2POWO: urn:lsid:ipni.org:names:14308-2Tropicos: 1600001uBio: 447332WFO: wfo-0000537848මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteයුධ භූගෝලීය විද්‍යාව යනු භූගෝල විද්‍යාවේ උප ඒකකයක් වුවද එය යුධ කටයුතුවලටම වෙන් නොවූවකි. එහෙත් දේශපාලකයින් සහ ශාස්ත්‍රඥයින් එම විෂයය |
දෙස යුධවාදී ඇසකින් බැලීම හේතුවෙන් යුධ භූගෝල විද්‍යාව, යුධ විෂයන් බවට පත්ව ඇත. II ලෝක යුද්ධයෙන් පසුව යුධ භූගෝල විද්‍යාව යුද්ධයකදී හෝ සාමයකදී යුධ ප්‍රශ්න විසඳීම සඳහා ලබා දුන්නේ ප්‍රබල සහායකි. මෙම සහායන් ලබා දීමට යුධ භූගෝල විද්‍යාඥයින් භූ දේශපාලනයේ සිට භෞතික පිහිටීම් දක්වා වූ විවිධ අංශ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. එසේම යුධ වාතාවරණයකදී බලපැවැත්වෙන සංස්කෘතික සහ ආර්ථිකමය සාධක පිළිබඳව ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ. යුධ භූගෝල විද්‍යාව යනු භූදේශපාලනික පාලනයේදී ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරිපත්වන ප්‍රධාන අංගය වේ. යුධ භූගෝල විද්‍යාඥයෙකු සපයන සටහනකින් තොරව අණදෙන නිලධාරියෙකුට තම ඉදිරි පියවරවලට යාම අවුල්විය හැක. පරිසර විශ්ලේෂණයන්, සංස්කෘතික විශ්ලේෂණයන් සහ තවත් විශාල අධ්‍යයනයන් රැසකින් ලබා ගන්නා තොරතුරු එක් රැස් කිරීම සිදු කරන භූගෝල විද්‍යාඥයා විසින් ලබා දෙන විශ්ලේෂණය ඉතා ප්‍රබලය. එමගින් යම් භට ඛණ්ඩයක් අදාල මෙහෙයුම් ප්‍රදේශයේ භූමිය පිළිබඳ අධ්‍යයනයක් ලබා ගත්ත ද ජලවහන පද්ධතිය පිළිබඳ සැලකිළිමත් නොවිය හැක. එම ජලවහන පද්ධතිය පාදක කොට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දැඩි අවාසියක් විය හැක. නාරිගකව |
සංවර්ධිත ප්‍රදේශයන්හි ගැටුම්වලට යොමුවීමකදී ඇතිවන බාධක සාමාන්‍ය යුධ බිමකට වඩා දස ගුණයකින් වැඩිය.“යුද්ධය” නම් වූ නාටකයේ සාර්ථක නළුවකු වන්නට සිතන්නෙකු සතු පළමු රාජකාරිය වන්නේ නාටකය හොඳින් අධ්‍යයනය කිරීමවන අතර එමගින් ඔහුට මෙන්ම සතුරන්ට ද ඇතිවන වාසි සහ අවාසි හොඳින් දැක ගත හැකි වේ.ලඳු කැලෑ සහ වනාන්තරවල යුධ වැදීම්[සංස්කරණය]මෙම පරිසරයන්හි ලක්ෂණ මූලිකවම කාන්තාර ප්‍රදේශයන්හි දුටු ලක්ෂණවලට වඩා විරුද්ධය. දහස් ගණනක් වූ සත්ව පද්ධතියකින් සහ වෘක්ෂලතාවන්ගෙන් සමන්විතවන මෙම වනාන්තර පද්ධතීන්හි සෑම විටකම තෙත සහිත භූමියක්වන අතර එම ලක්ෂණයම එකී ප්‍රදේශයන්හි දුෂ්කරතාවයද වේ. මෙම තෙත සහිත බව යුධ වැදීම්වලදී සිදුවන තුවාලවීම් ඉතා ඉක්මණින් නරක් වීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විවිධ බැක්ටීරියා වර්ග ජලයේ ජීවත්වීම මෙම සාධකයට හේතුවයි. කෙසේ වුවද යුධ හමුදාවන්ට දැඩි අපහසුවක් ඇති නොවනුයේද මෙම තෙත සහිත බව නිසාමය. විශාල වන ගහණය සහ යටි ශාක ස්ථරය හේතුවෙන් ගුවනින් වුවද සැඟවීමට පහසුය. නාගරික පරිසරයක මෙන් මෙම වන ගහණයේද රැකසිට පහර දීමට ඉතා පහසුවෙන්ම හැකි වේ. මෙම පරිසර පද්ධතියේද කඳු දැකිය හැකි වුවත් ඒවා කාන්තාරවල දැකිය හැකි කඳුව |
ලට වඩා වෙනස් වේ. වනාන්තරවල පිහිටි කඳුවල පැළෑටි වැනි ස්ථර පිහිටීමෙන් සෑම විටකදීම මෙම කඳු තරණයට ඉතා අපහසුය. වනාන්තර ආශ්‍රීත ගැටුම්වලදී ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය වන්නේ හෙලිකොප්ටර් යානාවයි. ඒ බැව් වියට්නාම සටන්තුළදී ඔප්පු විය. යුධ ටැංකි සහ අනෙකුත් හමුදා වාහන මෙම වන ගහණය තුළින් ගමන් කරවීම කාලය විනාශ කරන්නකි. එහෙත් බොහෝ වේගයෙන් ගමන් කරන යුධ ගුවන්යානාවන්ට ඉතා නිවැරදිව හා ඉතා කාර්යක්ෂමව තම සේවාවන් ලබා දීමට නොහැකිය.කඳුකර සටන්[සංස්කරණය]කඳු දෙකක් එක සමාන නොවන සේම මෙම ආකාරයේ සටනකට කෙරෙන පුහුණුවද ඉතා තීව්‍ර වන අතර එය සෑම විටකම වෙනස් වන සුළුය. පුහුණු වීම් වලට සහභාගි වන විරුවන් සුවිශේෂි වුවෝවෙති. අනෙක් සොල්දාදුවන් සිදුකරන සියළුම දේ මොවුන් ද සිදු කරන නමුදු ඔවුන් ඒවා සිදු කරන්නේ තම පෙනහළුවලට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙමිනි. කඳු ආශ්‍රිතව යුද්ධ කිරීම අනතුරු සහිතය. එහි හිමධාවයන්, ගල්බෑවුම්, කඳු ප්‍රපාත සහ බෑවුම්වල රැක සිට පහර දීම් සහ කඳුවල පිහිටි ගල් ලෙන වැනි අති භයානක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැක. මෙවන් තත්ත්වයන් ඇෆ්ගනිස්ථාන කඳු බිම්වලට ද දැකිය හැක.කාන්තාරයේ යුධ වැදීම්[සංස්කරණය]මෙම කාන්තා |
රයේ දේශගුණය ඉතා ශුෂ්ක එකකි. ලොව පුරා බොහෝ කාන්තාරවල සමාන ලක්ෂණය වන්නේ වැලි සහිත වීමයි. බොහෝ විට මෙවන් ප්‍රදේශවල යුද වදින්නන්ගේ ගමන් වළකාලීමට මෙම පරිසර පද්ධතිය සමත් වන්නේ කාන්තාර පෙදෙස්වල ගමන් කරන්නන්ගේ සමෙහි තෙතමනය උරා ගැනීමට එකී දේශගුණයට ඇති හැකියාව හේතුවෙනි. තවද වැලි බලපාන නිසාවෙනි. තවද වැලි පරිසරය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බොහෝ අවි ආයුධ හිරවීමකට ලක්වීමට වැලි බලපාන නිසාවෙනි. කෙසේ වුවද AK47 අවියට නම් මෙම හේතුව අදාල නොවේ.මෙකී භූමි භාග බොහෝ විට තරමක සමතල ස්වාභාවයකින් යුතු වුවද විශාල භූමි ප්‍රමානයක් පෙරළෙන සුළු වැලි කඳුවලින් යුතුවේ. එසේම කාන්තාර පරිසරය තුළ කඳු ද දැකිය හැකිවේ. ඊශ්‍රාලය අවට සහ ඇෆ්ගනිස්ථාන හි දී මෙම කඳු සහිත ප්‍රදේශ දැකිය හැකි විය. මැද පෙරදිග පවතින යුධ ගැටුම් නිසා එක්සත් ජනපද හමුදාවන් තම නිල ඇඳුම් නැවත එම ප්‍රදේශයන්ට සරිලන සේ නිර්මාණය කළහ. එම නිල ඇඳුම් හි දැකිය හැකිවන්නේ කාන්තාර පරිසරය තුළ දැකිය හැකි වර්ණ සංකලනයක් වන අතර සාමාන්‍ය ඔප දැමිය හැකි කළු පැහැති සපත්තු වෙනුවට ඔප නොදැමූ දුඹුරු පැහැ සපත්තු භාවිතයට පෙළඹී ඇත. එසේම මෙම සපත්තුවල අභ්‍යන්තරය ඉතා සිසිල් ලෙස සකසා ඇත්ත |
ේ කාන්තාර හිරු රශ්මියෙන් ඇති වන රස්නය අවම වන සේය.ලෝවා හි ඉරිඟු ඵලදාව නෙලීම, එක්සත් ජනපදය.ජාත්‍යන්තර දේශපාලනයේ, ආහාර බලය යනු දේශපාලනය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස කෘෂිකර්මය භාවිතා කිරීමයි. එමඟින් එක් ජාතියක් හෝ ජාතීන් සමූහයක් තවත් ජාතියක් හෝ ජාතීන් සමූහයකට ඔවුන්ගේ හැසිරීම මෙහෙයවනු පිණිස වෙළඳ භාණ්ඩ පිරිනැමීම හෝ නොකිරීම සිදු කරනු ලබයි. එහි ආයුධයක් ලෙස භාවිතා කළහැකි බව හඳුනාගත්තේ මීට පෙර දේශපාලනික ආයුධයක් ලෙස ඔපෙක් සංවිධානයේ තෙල් භාවිතයෙන් පසුවයි. ජාතියක දේශපාලන ක්‍රියාකාරකම් මත විශාල බලපෑමක් ආහාර මඟින් සිදුකරයි. ආහාර බලයෙහි ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් වශයෙන්,ජාතියක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ රටවැසියනට ප්‍රයෝජනය පිණිස ආහාර සැපයීම සිදු කරනු ලබයි.ආහාර බලය යනු ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි. ආහාර බලයෙහි අදහස තාවකාලික වෙළඳ තහනම, රැකියාව හා ආහාර දේශපාලනයෙහි භාවිතාවේ. ජාතියක් ආහාර බලය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස ඔවුන් හිඟකම පෙන්වීම සහ යොදාගැනීම, සැපයුම් එක්තැන් කිරීම, ඉල්ලුම ව්‍යාප්ත කිරීම සහ කාර්යයන් ස්වාධීන කිරීම කළ යුතුය. ආහාර බලය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන ප් |
රධාන ජාතීන් හතර වනුයේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි. එමෙන්ම එක්සත් ජනපදය ආහාර බලය දඬුවම් සඳහා භාවිතා කරයි. කුඩා පරිමාණයෙන්, විශේෂයෙන් ඇතැම් අප්‍රිකානු රටවල ප්‍රතිවිරුද්ධ පැති අතර අභ්‍යන්තර ගැටුම් සහ ඔවුන්ගේම ජනතාවට එරෙහිව විරුද්ධවාදීකම් සිදු කිරීමට ආහාර බලය ආයුධයක් ලෙස යොදාගනී.ඓතිහාසික පසුබිම[සංස්කරණය]මෙම මනඃකල්පිත ආහාර බලය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික ද්‍රව්‍යයන් අපනයනය කරන ජාතීන් හතරක් ලෝකයේ ඇත.එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි.[1] ආහාර හිඟ කාලයන්හි එම ජාතීන් මත යැපීමට බල කරනු ලැබේ. අත්‍යාවශ්‍ය සැපයුම් අත්හිටවුවහොත් ආහාර ආනයනය කරන රටවලට ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය හැක. එසේ වුවත් ආහාර ආනයනය කරන රටවල දේශපාලන නායකයන් පරාධීනත්වය නොතකා සැකයන් ප්‍රකාශ කොට ඇත.[1] එම රටවල කෘෂිකාර්මික නිෂ්පාදකයන් අපනයනය අඛණ්ඩව සිදුකිරීම සඳහා තම රජයට බලපෑම් කිරීම නිසා එම ජාතීන් සාමාන්‍යයෙන් ආහාර රඳවා තබාගැනීම සිදු නොකරයි.[2]ප්‍රතිපත්තිය[සංස්කරණය]ආහාර දේශපාලනය යනු නිෂ්පාදනය, පාලනය, රෙගුලාසි, පරීක්ෂණ සහ ආහාර බෙදාදීමේ දේශපාලනික දෘෂ්ඨිය යි. මනා ගොව |
ිතැන හා අදාළ ආචාර ධර්මීය, සංස්කෘතික, බෙහෙත් පිළිබඳ සහ පාරිසරික අර්බුද,කෘෂිකාර්මික සහ සිල්ලර වෙළඳ ක්‍රමය සහ රෙගුලාසි මඟින් දේශපාලනය බලපෑමට ලක්විය හැක. ආහාර බලය ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි.[3] 1974 දී එක්සත් ජනපදයේ කෘෂිකර්ම ලේකම් අ(ර්)ල් බට්ස් "ආහාර යනු ආයුධයකි" යැයි ප්‍රකාශ කරන ලදී.[4] ඇමරිකාවට අනෙක් රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාකිරීමට සහ එරට ඉලක්කයන් සපුරා ගැනීමට ආහාර මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව ඔපෙක් සංවිධානය දේශපාලනික ආයුධයක් ලෙස තෙල් භාවිතය උපකාර විය.[4] ආහාර බලයෙහි විකල්ප භාවිතයන්ද පවතී. ආනයනකරුවන් දේශපාලන අවසරය ලැබෙන තෙක් අඛන්ඩව ආනයනය කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය. අපනයන කරුවන් අපනයනය ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම බලපෑමම ඇතිවිය හැක.[3] උදාහරණයක් ලෙස ඇමරිකාවේ කුබන් සීනි කෝටාවේ අඩුවීම සැළකිය හැක. සරළව ඉල්ලුම එක්තැන් කිරීම(එක් ආනයනකරුවෙක් ප්‍රධාන ගැණුම්කරු වීම ) සහ සැපයුම ව්‍යාප්ත කිරීම(අපනයනකරුවන් කීපදෙනෙක් එකම නිෂ්පාදනය විකිණීමට තරඟ කිරීම )ආනයනකරුට මෙම හුවමාරුව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ කැමත්ත අනුව භාවිතා කිරීමට උත්සාහ කළ හැකිය. අපනයනකරුවා වෙනත් කුඩා ප්‍රමාණයක් අපනයනය කරන්නේනම් මෙය |
විශේෂයෙන් ඵලදායී වනු ඇත.(අඩු කාර්යය ස්වාධීනත්වය ) [3]ආහාර බලය සහ ආහාර සුරක්ෂිතභාවය[සංස්කරණය]ආහාර සුරක්ෂිතභාවය සහ ආහාර බලය එකම දෙයක් නොවේ.[5] කෙසේ නමුත් ඒවා බොහෝ විට ඍජුව සම්බන්ධ වේ. ආහාර සුරක්ෂිතභාවය යනු එක් ප්‍රදේශයක වාසය කරන සියලු ජනතාවට ක්‍රියාශීලීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඕනෑම අවස්ථාවක ප්‍රමාණවත් තරම් ආහාර තිබීමයි.[5] රජයක්, වෙළඳ සමාගමක්, නායකයෙක්,රටක් යම් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් මෙම සුරක්ෂිතභාවය බැහැර වීම ආහාර බලය හා සම්බන්ධවේ. අනෙක් රටවල ආහාර සුරක්ෂිතභාවයට තර්ජනයක් ඇති කිරීමට බොහෝ රටවල් ආහාර බලය සූරාකෑම සිදු කරනු ලබයි. රටක සුභ සාධනය එම රටේ ජනතාවගේ සුභ සාධනයට ඍජුව සම්බන්ධ වේ. එබැවින් සෑම රටකටම එහි රටවැසියනට නිසි ආහාර සැපයුමක් අවශ්‍ය වේ. ඒ සඳහා ආහාර දේශපාලනය හා ආහාර බලයේ ආදර්ශනය පහසුවෙන් ලීවරණය සපයයි.[6]ආහාර බලය සහ වෙළඳ තහනම්[සංස්කරණය]ෆිදෙල් කැස්ත්‍රෝ එක්සත් ජාතීන්ගේ මහසභා රැස්වීමේ දීවෙළඳ තහනම ආහාර බලය මෙන් නොවුනත් වෙළඳ තහනමේදී ආහාර බලය භාවිතා කළ හැක.[7] සත්‍ය ලෙසම, වෙළඳ තහනමකදී ඔවුන්ගේ ලයිස්තුවෙහි සීමා කරන ලද භාණ්ඩයක් ලෙස ආහාර ඇතුලත් වී නැත්නම් එම වෙළඳ තහනම නිෂ්ඵල |
වේ.[8] උදාහරණයක් ලෙස, 1914 අගෝස්තු 20 වන දින ඇලීඩ් පවර් විසින් සාමාන්‍යයෙන් ජර්මනියට ගෙනයන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වෙළඳ තහනමක් පනවන ලදී.[8] කෙසේ නමුත් සීමා කරනලද භාණ්ඩ ලයිස්තුවට ආහාර ඇතුළත් කරන තෙක් වෙළඳ තහනම සාර්ථක වීමක් හෝ බලපෑමක් සිදුනොවුණි. ආහාර සතුව සැබෑ බලයක් ඇත.ආහාර මඟින් ඉදිරි ගමන වැළැක්වීම හඳුන්වාදීමෙන් අනතුරුව ජර්මනියේ ආර්ථිකයට බාධා ඇතිවීම ආරම්භවිය.[8]මක්නිසාද යත්, ඔවුන්ගේ ආර්ථිකය රඳාපවතින්නේ ආනයන ආහාර මත බැවිනි. ඇලීඩ් පවර් ආහාර බලය වෙළඳ තහනම ලෙස භාවිතාකිරීම හේතුවෙන් ජර්මනියට දරුණු ක්‍රියාමාර්ග වලට මුහුණ පෑමට සිදුවුණි. අවසානයේ ඔවුන්ට විරෝධය පෑමට ද අසමත් වුණි.[9]1980 මුල් භාගයේ, එක්සත් ජනපදය සෝවියට් සමූහාණ්ඩුවට ධාන්‍ය වෙළඳ සම්බාධක පනවන ලදී.[2] එය එක්සත් ජනපදයේ ආහාර බලය ප්‍රයෝජනයට ගැනීමට තැත් කිරීමේ වෑයමකි. කෙසේ වෙතත් එය ස්ථිර නොවුණි.[2] සෝවියට් සමූහාණ්ඩුව මෙසේ විවිධ සැපයුම්කරුවන්ගෙන් ධාන්‍ය ආනයනය කිරීම එම කාල පරිච්ඡේදයේ ඉහළ මිලට පමණක් ධාන්‍ය ආනයනය වැඩිවීමට බලපෑවේය.[2] අනෙක් අසාර්ථක ආහාර බලය පෙන්වීමේ ප්‍රයත්නය වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය මඟින් 1990 දී ඉරාකයට පැනවූ |
වෙළඳ තහනමයි.[2]වෙළඳ තහනම සඳහා අනෙක් උදාහරණය වනුයේ එක්සත් ජනපදය කියුබාවට එරෙහිව කරනලද වෙළඳ තහනමයි. සම්බාධක පැනවීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කියුබාවට බල කිරීමයි. කියුබාවේ ක්‍රමයෙන් පිරිහෙන තත්වය හා කියුබානු ජනතාවගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙම වෙළඳ තහනම මේවනවිටත් පවති. මෙම තහනම බලවත් විරෝධයට භාජනය වී ඇත.[10]රැකියාව[සංස්කරණය]ව්‍යූහ තත්වයන්[සංස්කරණය]ආහාර බලය ඵලදායී ලෙස භාවිතා කළහැකි වන්නේ නිෂ්චිත ව්‍යූහ තත්වයන් යොදාගතහොත් පමණි.[3]1 හිඟකම : ඉහළ ඉල්ලුමක් හා සීමිත සැපයුමක් ඇතිවිට දෙනලද භාණ්ඩයක මිල වැඩිවේ. මිල, භාණ්ඩයක යෝග්‍ය බව පෙන්නුම් කරන ආයුධයක් වැනිය.[3] එය භාණ්ඩයේ වැදගත්කම පෙන්නුම් කරයි. පාරිභෝගිකයෙක් මූල්‍යමය කොන්දේසියක් වෙනුවෙන් ඉහළ මිලක් වැය කිරීමට සූදානම් ඔහු දේශපාලන පිළිගැනීමකට ඉහළ මිලක් වැය කිරීමට කැමැත්තක් දක්වයි.2 සැපයුම් එක්තැන් කිරීම : සැපයුම නිෂ්පාදකයන් හා විකුණුම්කරුවන් කිහිපදෙනෙකු පමණක් සිදුකරයි.එමනිසා සීමිත තරඟයක්, ස්ථාවර මිලක් හෝ ඒකාධිකාරයක් ඇතිවීම සිදුවේ. [3]3 ඉල්ලුම ව්‍යාප්ත කි |
රීම: වෙළෙන්ඳන්ට තරඟකාරී ලෙස පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමට ඉඩදෙන අතර මිල වැඩි කිරීමට හෝ කොන්දේසි පැනවීමට ඉඩදේ.[3] මෙය ආර්ථික භාණ්ඩ ආහාර ආයුධයක් ලෙස භාවිතා කිරීමට උපකාරී වේ.[3]4 කාර්යය ස්වාධීනත්වය : ආවේදනාත්මකතාවය තහවුරු කරගැනීම සඳහා විකුණුම්කරුවන්/ නිෂ්පාදකයන් ඔවුන්ගේ වත්කම් මනාව පාලනය කරයි. විකුණුම්කරුවන්ට/ නිෂ්පාදකයන්ට නිෂ්පාදන ක්‍රියාව පාලනය කිරීමට හැකිවිය යුතුය. සමාගම් අභිබවා සමහරවිට රජය නිෂ්පාදනයන් සිදුකරයි. නිෂ්පාදකයන්ට තමන්ගේ වත්කම් පාලනය දීර්ඝ කිරීමට හා නඩත්තු කිරීමට කුමන හෝ උපාය මාර්ගයකින් හැකිබව සහතික කරගත යුතුය.[11]ආර්ථිකමය ආහාර වත්කම් දේශපාලන උපකරණයක් බවට පත්කිරීමට ඉහත සඳහන් කොන්දේසි හතරම එකවිට පැවතිය යුතුය.[12] එම වත්කම් භාවිතා වන්නේ ඉහත කොන්දේසි හතර පවතිනවිට පමණක් යැයි මින් අදහස් නොවේ. එවන් තීරණයක් සලකා බලන්නේ තවදුරටත් කොන්දේසි පැවතියහොත් පමණි. උදාහරණයක් ලෙස, දෙනලද අවුල් සහගත හා විනිශ්චයේ ස්වභාවය, ඉලක්ක, විකල්ප තේරුම් සහ උපයෝගීතාවයේ විනිශ්චයන් සැළකිය හැක.[12]ආර්ථික ආයුධයක් ලෙස රැකියාව[සංස්කරණය]එක් රටක් තවත් රටකට එරෙහිව ආර්ථික ආයුධ ගැනීමේ භාවිතයන් කිහිපයක් තිබේ. |
එක් භාවිතයක් වන්නේ, විකුණුම්කරුවන් ව්‍යාපාර කොන්ත්‍රාත්තුවක කොන්දේසි අඩුකර ගැනීමට ආර්ථික ආයුධ භාවිතා කිරීමයි.[12] එයට මිල, ප්‍රවාහනය, බාරකිරීම සඳහා කාලසටහන සහ ගෙවීම් ආදිය අදාළ වේ. මෙම උදාහරණ ආහාර බලයෙහි සාර්ථක යෙදීමක් වුවද එය දේශපාලනික අරමුණක් නොවේ.[12] අනෙක් භාවිතය වන්නේ භාණ්ඩ හුවමාරුව, විකුණුම්කරුවන්ගේ සාමාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා ආර්ථික අරමුණුය.[12] එනම්, ගෙවීම් වල නිවැරදි බව, විකුණුම්කරුවන්ගේ උද්දමනය හෝ බදු පැනවීම වැනි සාමාන්‍ය ප්‍රශ්න සහ ඉඩම් අත්කරගැනීම ආදියයි. කුමන විනිශ්චයක් මෙහි ආරම්භක සාධකයක් වන්නේද යත්, පනවා ඇති කොන්දේසි වල සම්බන්ධයක් නොමැතිවීමත් නිෂ්පාදනයේ ප්‍රවාහනයයි.[12] කොන්දේසි ජීවන ආර්ථික විෂයට සම්බන්ධ වේ.දේශපාලනික භාවිතයක් වන්නේ, විකුණුම්කරුවන්ගේ විදේශීය හා ආරක්ෂක ප්‍රතිපත්තීන් ය. හොඳ නරක පිළිබඳ වූ එළිපත්තක් ආර්ථික හා දේශපාලනය අතර තිබෙන බව බොහෝ දෙනා විශ්වාස කරති. ආර්ථික භාවිතය දේශපාලනික වාසියක් දැයි සැකසහිතය. දේශපාලන ඉලක්ක සඳහා ආර්ථික ආයුධ භාවිතයට උදාහරණ වනුයේ, ඇතැම් රටවලට විරුද්ධව වර්ජනය කිරීම, එමෙන්ම එක්සත් ජාතීන්ට ඡන්ද මිලදී ගැනීමයි.[12] හතරවෙනි අරමුණ වනුය |
ේ තෙවන වර්ගයේ මූලික උපකල්පනය වන රාජ්‍යයන් නීත්‍යානුකූල යැයි එකිනෙකා විසින් තවදුරටත් නොපිළි ගැනීමයි. ආර්ථික ඉලක්කයන්, විරුද්ධ රාජ්‍යයන්ට බලපෑම් කරන බවක් තවදුරටත් නොපෙනෙන අතර සිදුවන්නේ විරුද්ධ පාර්ශවය උත්තේජනය කිරීමක් සහ පරාජය කිරීමට ළඟාවීමක් හෝ රාජ්‍යය යටත් වීමයි.[12]එක්සත් ජනපදය[සංස්කරණය]බාර්ලි සතුන්ගේ ප්‍රධාන පෝෂණ නිෂ්පාදනය යි.2005 දී ආහාර ආනයනය.මෙම කාලය තුළ එක්සත් ජනපදය හමුදා, බලශක්ති, අපනයන ආදී සෑම අංශයකින්ම වඩාත් ප්‍රධාන විෂය ආහාර බලය පිළිබඳ සැබෑ ලෙසම සිතිය යුතු නොවීය.[13] කෙසේ වෙතත්, ඇතැම් බලයන් අඩුවීම නිසා ආහාර බලය ඉදිරියට පැමිණ ඇත.[13] ආහාර විෂයෙහි, අහියෝග කළ නොහැකි තත්වයක ඉහළින්ම පවතී.[13] එක්සත් ජනපදය විශාලම ආහාර නිෂ්පාදකයා සහ අපනයනකරු යන තත්වයේ සිටී.[14] එමෙන්ම අනෙක් ජාතීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල්, ඇතැම් ධනවත් තෙල් අපනයනය කරන රටවල්[13] වල පවා ආහාර හිඟයක් ආරම්භ වී ඇති අතර වඩ වඩාත් එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද ආහාර මත යැපීමට සිදුවීම එක්සත් ජනපදයේ බලය වැඩිවීමට හේතුවී ඇත.[13] මෙම තත්වය ඇමෙරිකානු ආහාර ආනයනය කරන රටවල් වලින් සුහදශීලී හැසිරීමක් අපේක්ෂා කිරීමට ඇමෙරිකාවට ඉ |
ඩ සලසා දී තිබේ.[14] මෙය එම රටවලට බලපෑම් ඇතිකළහැකි ආකාරයකි.[14] දිළිඳුතම ඇතැම් ඔපෙක් රටවල් එක්සත් ජනපද ධාන්‍ය මත යැපේ.[15]එමනිසා එක්සත් ජනපදයට දේශපාලන අරමුණු වෙනුවෙන් ආහාර අපනයනය පාලනය කිරීමේ හැකියාවක් පවතී.[15] එක්සත් ජනපදය මෙම ආහාර බලය ඔපෙක් රටවලට පීඩනයක් ඇතිකිරීමට යොදාගනී. [15]එම රටවල් එක්සත් ජනපදය මත රඳාපවතින බැවින් ආහාර හිඟයක් පවතින හා දුර්භීක්ෂ කාලයන්හි දී ආහාර බලය වඩාත් ඵලදායී වේ. [14]එක්සත් ජනපදය ඔවුන්ගේ ආර්ථික බලය අනෙක් රටවලට දඬුවම් දීමට ක්‍රමානුකූලව භාවිතා කරයි. එක්සත් ජනපදය එය සිදුකරන එක් ආකාරයක් වනුයේ, අපනයන ආහාර සඟවා තබා ගැනීමයි. අනෙක් රටවලට දඬුවම් කිරීමට ඇති හේතු විවිධාකාරය. කෙසේ වෙතත් එය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. විරුද්ධ රටකට දියුණුවීමට ඉඩ නොදීමේ අරමුණ සහ වෙළඳ පොළ දියුණුවීම/ මානව හිතවාදී අරමුණුයි.[16] විරුද්ධ රටකට දියුණුවීමට ඉඩ නොදීමේ අරමුණ ක්‍රියාත්මක වන්නේ, එක්සත් ජනපදයට තර්ජනයක් වන රටවලට දඬුවම් කිරීමටයි. එවැනි තර්ජනයකට උදාහරණයක් වන්නේ, වෙනත් වර්ගයේ රාජ්‍ය පාලනයක් සහිත රටවල්ය. එම කාණ්ඩයට අයත් තවත් උදාහරණ වන්නේ, සමාජවාදී රටවලට,කොමියුනිස්ට් රටවලට, අන්තගාමී රාජ |
්‍යයන්ට සහය දෙන රටවලට, ප්‍රති කොමියුනිස්ට් වීමට තරම් ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රාජ්‍යයන්ට සහ එක්සත් ජනපදයේ ගිවිසුම් පිළිනොගන්නා රාජ්‍යයන්ට ආධාර නොදීමයි.[16] වෙළඳ පොළ සංවර්ධනය හා මානව හිතවාදී අරමුණු වලට උදාහරණ ලෙස එක්සත් ජනපදය හා ආර්ථිකව සම්පූර්ණ කිරීමට උත්සාහ කරන රටවල් කාණ්ඩය යටතට ගැනේ. එක්සත් ජනපද සමාගම් වලට අයත් දේපළ තම රාජ්‍ය පාලනයට නතුකරගැනීමට උත්සාහ කරන රටවලට,එක්සත් ජනපද සමාගම් වල ක්‍රියාකාරකම් තමා සතු කරගැනීමට අවශ්‍ය රටවලට සහ දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට උත්සාහ කරන රටවලට විදේශ ආධාර නොදීමට එක්සත් ජනපදය කටයුතු කරයි.[16] 1970 සිට එක්සත් ජනපදය ඔවුන්ගේ ඉරියව්ව වෙනස් කරන ලදී. රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සී.අයි.ඒ. මඟින් වෙළඳ තහනම්වල හැකියාව අනාවරණය කරමින් වාර්තා නිකුත් කරනු ලැබිණි.[17] මන්ත්‍රී මණ්ඩල කෙටුම්පත එම්.ආර්. 5426, වෙළඳ අනුමැතීන් නැවත පිහිටුවීම හා අපනයන නඟාසිටුවීමේ පනත 2000, ලිබියාව, සූඩානය හා උතුරු කොරියාවට අදාළව පැවති කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයන අනුමැතීන් ඉවත් කරන ලදී. (කියුබාව සමඟ කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙළඳාම ඇතැම් සීමා කිරීම් යටතේ පවතී.) මේ සම්බන්ධව මන් |
ත්‍රීමණ්ඩල නිශේධ බලය, ඒකාංශ ජනාධිපති ක්‍රියා අභිබවා දෙනලදී. [18][19]අප්‍රිකාව[සංස්කරණය]අප්‍රිකාවේ ආහාර දේශපාලනය උතුරු ඇමෙරිකාව හා යුරෝපයට වඩා වෙනස් වන්නේ අප්‍රිකාවේ, විශේෂයෙන් සූඩානයේ කුඩා පරිමාණයේ ආහාර බලයක් තිබීමයි.[20] ඇතැම් විශේෂඥයන් පවසන්නේ අප්‍රිකාවේ දුර්භික්ෂය හා ආහාර අනාරක්ෂිතභාවයට හේතූන් ලෙස, ආහාර නිෂ්පාදනයේ යෝග්‍ය නොවන ඵලදාව හා ජනගහන වර්ධනය හා පාරිසරික ස්ථාවරත්වය අතර අන්තර්සම්බන්ධතාවයේ පසුපසට යන චක්‍රයයි.[21] වැඩිදුරටත් අධ්‍යයනයෙන් අනාවරණය වූයේ, අප්‍රිකාවේ විවිධ ආහාර අනාරක්ෂිත ප්‍රශ්ණවලට එකම උත්ප්‍රේරකය ස්වභාවය පමණක් නොවන බවයි. [21]සූඩානය[සංස්කරණය]සූඩානයේ චන්ද්‍රිකා ඡායාරූපයදුර්භික්ෂය සාමාන්‍යයෙන් සිද්ධාන්ත 2ක් මඟින් හැඩගැන්වී ඇත. පළමුවැන්න ආහාර සුලභතාවය අඩු වීමයි.[20] මෙය නියඟයක්, යුද්ධයක් හෝ කෘෂිකාර්මික පද්ධතියට සිදුවන වෙනත් උග්‍ර වෙනසක් හේතුවේ.[22] මෙය දුර්භික්ෂයට ස්වාභාවික හේතුවයි. අනෙක් සිද්ධාන්තය,ප්‍රාථමික වශයෙන් ආහාර වලට ප්‍රවේශවීමේ හෝ සුදුසුකම් ලැබීමේ මහජනතාව සතු හැකියාව සමඟ සබැඳේ.[20] මෙම ගැටළුවේදී, සූඩානයේ දේශපාලන බලයන්, ජනතාවගේ ඡන්දය සඳහා තරඟයක් පැවතීම, දු |
ර්භික්ෂය සඳහා පොළඹවා ගැනීමෙන් හෝ ධෛර්යමත් කිරීමෙන් බාධා සිදුකරන ලදී. එමඟින් ආහාර බලය කුඩා පරිමාණයෙන් තිබූ බව පැහැදිලි වේ.[20]උදාහරණයක් ලෙස, 1980 හි සූඩානයේ පැවති දුර්භික්ෂය සම්පූර්ණයෙන්ම ඕනෑකමින් කරනලද දෙයකි. එහි එකම ඇපය වූයේ වෙනස් ජන කොටස්වල විවිධ එකතූන් තම දේශපාලනික හා ආර්ථිකමය තත්වයන් වර්ධනය කරගැනීමයි.[23] ප්‍රතිලාභ ලබන්නන් මෙම දේශපාලන පක්ෂ පමණක් නොවේ. වෙළෙන්ඳන් පවා ධාන්‍ය රැස්කොට තබාගැනීමට හා නුසුදුසු ලෙස අඩු මිලට පවත්නා තොග, දුර්භික්ෂයන්, වෙළඳාම් වශයෙන් වෙනස් වනවිට මිලදී ගැනීමට දැන සිටින ලදී.[22] 1987 දුර්භික්ෂ කාලයේදී, බටහිර සූඩානු වෙළෙන්ඳන් ඩාර්ෆර් හි අත්‍යාවශ්‍ය ගම්වලට සාධාරණ මිලකට ධාන්‍ය විකිණීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන් අනුකම්පා විරහිත යැයි විස්තර කරන ලදී.[20] අ(ර්)ගෝ සූඩාන් දුර්භික්ෂය, ආහාර බලය ප්‍රතිපත්තියක් ලෙස සහ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේපකොට හිතාමතාම දේශපාලනික හා බල හිඟය සඳහා ධෛර්ය දීමකි.[23]මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 281 [1 |
]↑ 2.0 2.1 2.2 2.3 2.4 Robert Paarlberg, Food Politics, The Oxford Companion to Politics of the World, 2008 [2] සංරක්ෂණය කළ පිටපත 2014-10-20 at the Wayback Machine↑ 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 278 [3]↑ 4.0 4.1 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 277 [4]↑ 5.0 5.1 Simon Maxwell, Food security: a post-modern perspective, Food Policy, Volume 21, issue 2, May 1996 pg.157 [5]↑ Simon Maxwell, Food security: a post-modern perspective, Food Policy, Volume 21, issue 2, May 1996 pg.158 [6]↑ Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspective, Parameters, 1991, pg. 24 [7]↑ 8.0 8.1 8.2 Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspective, Parameters, 1991, pg. 26 [8]↑ Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspe |
ctive, Parameters, 1991, pg. 27 [9]↑ Rémy Herrera, The Effects of the U.S. Embargo Against Cuba, Alternatives, 2003 [10] සංරක්ෂණය කළ පිටපත 2011-03-21 at archive.today↑ Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 279 [11]↑ 12.0 12.1 12.2 12.3 12.4 12.5 12.6 12.7 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 280 [12]↑ 13.0 13.1 13.2 13.3 13.4 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, Food Policy and Farm Programs, 1982, pg. 25 [13][permanent dead link]↑ 14.0 14.1 14.2 14.3 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, Food Policy and Farm Programs, 1982, pg. 26 [14][permanent dead link]↑ 15.0 15.1 15.2 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, |
Food Policy and Farm Programs, 1982, pg. 29 [15][permanent dead link]↑ 16.0 16.1 16.2 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 292 [16]↑ Nick Butler (1986). The international grain trade: problems and prospects. Routledge. p. 27. ISBN 9780709942184.↑ "Exempting Food and Agriculture Products from U.S. Economic Sanctions: Status and Implementation" (PDF). Congressional Research Service, republished by National Agricultural Law Center at the University of Arkansas. 2006-06-29. සම්ප්‍රවේශය 2010-01-20.↑ "Trade With Cuba". USDA. 2009-01-12. සම්ප්‍රවේශය 2010-01-20.↑ 20.0 20.1 20.2 20.3 20.4 Ray Bush, The Politics of Food and Starvation, Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 172 [17]↑ 21.0 21.1 Ray Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 170 [18]↑ 22.0 22.1 Ray |
Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 171 [19]↑ 23.0 23.1 Ray Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 189 [20]සැකිල්ල:CRSPaarlberg, Robert. "Food Politics." Oxford Companion to Politics (2008). Mywire. University of Oxford, 1 Jan. 2008. Web. 2 Nov. 2009. <http://www.mywire.com/a/Oxford-Companion-Politics-World/Food-Politics/9577797/?&pbl=105 සංරක්ෂණය කළ පිටපත 2014-10-20 at the Wayback Machine>Wallensteen, Peter (1976), “Scarce Goods as Political Weapons: The Case of Food”. Journal of Peace Research 8: 277-298වැඩිදුර කියවීම[සංස්කරණය]P Wallensteen, Scarce Goods as Political Weapons: The Case of Food, Journal of Peace Research, 1976; 13: 277-298Paarlberg, R.L., Failure of food power, Policy Studies Journal, 2008; (United States); Journal Volume: 6:4Joseph D. Coffey, THE ROLE OF FOOD IN THE IN |
TERNATIONAL AFFAIRS OF THE UNITED STATES, SOUTHERN JOURNAL OF AGRICULTURAL ECONOMICS JULY, 1981, [21]Thorald K. Warley, Agriculture in International Economic Relations, American Journal of Agricultural Economics, Vol. 58, No. 5, Proceedings Issue (Dec., 1976), pp. 820–830 , JSTORRobert L. Paarlberg, Food, Oil and Coercive Power, in Mark W. Zacher (ed.), The International political economy of natural resources., Edward Elgar Publishing, 1993, ISBN 1852786027, Google Print, p.76-92Danaher, Kevin. "US food power in the 1990s." Race & Class. Web. 16 Nov. 2009. <http://rac.sagepub.com/cgi/reprint/30/3/31.pdf>.බාහිර සබැඳුම්[සංස්කරණය]Robert Paarlberg , Food Politics සංරක්ෂණය කළ පිටපත 2014-10-20 at the Wayback Machine, Oxford Companion to the Politics of the World, Jan 1, 2008සැකිල්ල:International powerමායා අංගම් වලට අදාල වන අංගම් ශාස්ත්‍රීය භාවනා අභ්‍යාසයක නිරූපනයක්අංගම් ශාස්ත්‍රය නොහොත් අංගම්පොර නම් සිංහල සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග |
වලින් මායා අංගම් යනු මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ගුප්ත ශාස්ත්‍රීය සටන් ක්‍රමවේදයන්ය. මෙම මායා අංගම් යන කොටස නැවත අංගම් පිඹීම, කාලං, පිල්ලි යනුවෙන් කොටස් තුනකට බෙදී යයි.මෙය මෙම සටන්ක්‍රමයේ තිබෙන භයානකම සටන් ක්‍රමවේදයයි.මෙයින් අඩපණ කිරීමේ සිට මරණය තෙක් ඉතා දැඩි ලෙස සතුරාට හානි සිදුකළ හැක. ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා මුළාවට පත්කර බිමවැටෙන්න සැලැස්වීමට පවා දක්ෂ මායා අංගම් සටන් ශිල්පියෙකුට හැකියාවක් ඇත.එමෙන්ම තමාගේ සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීම ආදී බොහෝ දෑ පවතී. එසේම සෑම අංගම් ශිල්පියෙක්ම කුණ්ඩාලිනී යෝගය තෙක් භාවනා හා යෝග අභ්‍යාස හරහා තම මානසික ශක්තිය වැඩිදියුණු කළයුතුය. මෙහිදී මනසින් යම් යම් විස්මිත ක්‍රියාකාරම් කිරීමේ හැකියාවද පවතී. කුණ්ඩාලිනී යෝගය හරහා අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කල් දැකීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අතීතයේදී එක සමාන සටන් හැකියාවන් ඇති සටන් ශිල්පීන් ඌරා ළිඳෙහි අංගම් කොටන විටදීත් මෙම මානසික ශක්තිය භාවිතා කොට ඇත. සාමන්‍ය සටන් සඳහා වුවද මානසික ශක්තිය ශාරීරික ශක්තිය සමඟ මුසුකොට සටන් සඳහා භාවිතා කිරීමේ හැකියාවක් දක්ෂ අංගම් සටන් ශිල්පියෙකුට පවතී. එමෙන්ම වෙඩිවැදීමෙන් වැළක |
ීමට තෙල් වර්ග මතුරා භාවිතා කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් ඇත. [1].මෙම මන්ත්‍ර සාත්‍ර බොහෝ ලෙස ප්‍රගුණ කරඇත්තේ පත්තිනිගේ දොන් පරම්පරාවයි.ඔව්න්ට ඉතා පහසුවෙන් කුණ්ඩාලිනී ශක්තිය ලබා ගත හැක.බාහිර සබැඳුම්[සංස්කරණය]↑ අංගම්පොර - ඉපැරණි සිංහලයින්ගේ සටන් කලාව, http://www.angampora.info/5/Angampora%20:%20Martial%20Art%20of%20Ancient%20Sinhalese/EN/angampora_article_sri_lanka.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-09-15 පොතුවිල් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් නගරය අනුව යමිනි . ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර මෙම කොට්ඨාසය ද්වී-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ |
පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පොතුවිල් මැතිවරණ කොට්ඨාසය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස පොතුවිල් දිගටම පවතියි.1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර්ස්වාධීනතරාදිය7,40757.35%ඒ.ආර්.ඒ. රසීක්ලාම්පුව5,50842.65%වලංගු ඡන්ද සංඛ්‍යාව12,915100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව330මුළු ඡන්ද සංඛ්‍යාව13,245ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,164ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.92%1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර්ස්වාධීනතරාදිය8,09351.79%එම |
්.එම්. මුස්තපාතරුව7,53448.21%වලංගු ඡන්ද සංඛ්‍යාව15,627100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව177මුළු ඡන්ද සංඛ්‍යාව15,804ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,187ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.59%1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්.එම්. මුස්තපාෙෆඩරලපෙක්ෂයගෙය8,35552.46%එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්පුටුව4,62629.05%එම්.එෆ්. අබ්දුල් ජාවාඩ්කුඩය2,94418.49%වලංගු ඡන්ද සංඛ්‍යාව15,925100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව201මුළු ඡන්ද සංඛ්‍යාව16,126ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,273ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.81%1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනකුකුළා9,87470.92 |
%එම්.එෆ්. අබ්දුල් ජාවාඩ්කුඩය2,13815.36%වී. සන්ද්‍රසේගරඉණිමග1,91013.72%වලංගු ඡන්ද සංඛ්‍යාව13,922100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව181මුළු ඡන්ද සංඛ්‍යාව14,103ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,250ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.28%1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනරේඩියෝ යන්ත්‍රය11,59193.27%එම්.ඉසෙඩ්.කේ.එම්. කාරියප්පර්සමස්ත ලංකා ඉස්ලාමීය එක්සත් පෙරමුණහිරු8376.73%වලංගු ඡන්ද සංඛ්‍යාව12,428100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව121මුළු ඡන්ද සංඛ්‍යාව12,549ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,250ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය68.76%1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනරේඩිය |
ෝ යන්ත්‍රය6,76835.22%එන්. තාර්මලිංගම්කුකුළා5,29627.56%වයි.එම්. මුස්තපාතරාදිය3,21716.74%යූ.එම්. සුලයිමලෙබ්බේඅලියා2,91115.15%එම්.එස්. කාදර්ෆෙඩරල් පක්ෂයගෙය8714.53%බී.ඒ. ලාල් විජේවර්ධනකරත්ත රෝදය1530.80%වලංගු ඡන්ද සංඛ්‍යාව19,216100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව185මුළු ඡන්ද සංඛ්‍යාව19,401ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,586ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.26%1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එම්.ඒ. අබ්දුල් මජීඩ්එක්සත් ජාතික පක්ෂයඅලියා10,61042.18%තරුමලිංගම් නඩරාජාකුකුළා9,33537.11%එම්.අයි. අබ්දුල් ජබාර්අත5,20920.71%වලංගු ඡන්ද සංඛ්‍යාව25,154100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව155මුළු ඡන්ද සංඛ්‍යාව25,309ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,282ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.49%1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටව |
න පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ඒ.එම්. මොහමඩ් ජලාල්දීන්එක්සත් ජාතික පක්ෂයඅලියා30,31534.08%එම්. කනගරත්නම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු23,99026.97%එම්.එම්. මුස්තපාඅත22,37825.16%නඩරාජා ධර්මලිංගම්ඔරලෝසුව7,6448.59%සෙයිඩ් අහමඩ් මවුලානාරේඩියෝව2,9023.26%පී.එම්.එස්. ජනනායකලාම්පුව1,4581.64%එස්.එල්. අබ්දුල් සතාර්තරුව2720.31%වලංගු ඡන්ද සංඛ්‍යාව88,959100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව912මුළු ඡන්ද සංඛ්‍යාව89,871ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව49,691ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය180.86%එම්. කනගරත්නම් තම පක්ෂය හැර දමා එක්සත් ජාතික පක්ෂයට එක් විය.ආශ්‍රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 19 |
56" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.vteලංකා රාජ්‍යයේ පැවති මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · |
නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්‍යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°52′24″N 81°49′57″E / 6.87333°N 81.83250°E / 6.87333; 81.83250Simplified schematic of an island's fau |
na - all its animal species, highlighted in boxes.පෘෂ්ඨික සතුන්:-පෘෂ්ඨික සතුන් යනු රොන් මඩ හෝ පස මතුපිට ජීවත්වෙන සතුන්ය.අභ්‍යන්තර සතුන්:- අභ්‍යන්තර සත්වයින් යනු ජලය යට පිහිටි තට්ටුව තුළ (එය මත ජීවත් වනවාට වඩා) ජීවත් වන ජලජ සතුන්ය.බැක්ටීරියාත්, ක්ෂුද්‍ර ඇල්ගීත් පතුලෙහි ඇති අවසාදිතයන්ගේ සිදුරු තුළ ජීවත් වේ.පොදුවේ ගත්කල ජලයේ ගැඹුර සහ වෙරළේ සිට ඇති දුර වැඩිවන විට අභ්‍යන්තර සතුන් ක්‍රමයෙන් දුලබ වී යයි. බැක්ටීරියාවන්ගේ අන්තරාලීය මුහුදු ජලය එක් මිලි ලීටරයකට සෛල බිලියනයක් වශයෙන් සුලභතාවය ඒකාකාර ලෙස පවතී. ( අභ්‍යන්තර සත්වයින් යනු ජලය යටින් පිහිටි මඩෙහි සැඟැවී ජීවත් වන නිතල වාසීන්ය. )විශාල සත්ත්වයින් :- විශාල ජීවීන් යනු අවම වශයෙන් මිලිමීටරයක්වත් දිගැති නිතල හෝ පාංශු ජීවීන්ය.ඉතා විශාල සත්වයින්:-ඉතා විශාල සත්ත්වයින් යනු ඕනෑම විශේෂිත ප්‍රදේශයක හෝ කාලයක සිටින විශාල ජීවීන්ය.උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු අති විශාල ජීවීන්.Australian and New Zealand Fauna. This image was likely first published in the first edition (1876–1899) of the Nordisk familjebok.අල්ප ප්‍රමාණයේ සත්ත්වයින්:ඌන සත්ත්වයින් යනු ක |
රදිය හා මිරිදිය පරිසරවල නිතල වාසී අපෘෂ්ටවංශිකයන්ය.ඌන සත්වයින් යන යෙදුම ජීවී කාණ්ඩයක් වර්ගීකරණ විද්‍යාවට අනුව වර්ග කරනවාට වඩා ඔවුන්ගේ ප්‍රමාණය (ක්ෂුද්‍ර සත්ත්වයින් වඩා විශාල වන අතර විශාල සත්ත්වයින් වඩා කුඩාය. )විස්තර කරයි. ප්‍රායෝගිකව මොවුන් මිලිමීටර එකක දැලක් හරහා යැවිය හැකි අතර මයික්‍රොමීටර 45 ක දැලකින් රඳවා ගනි.නමුත් නිවැරදිම ප්‍රමාණය පරීක්ෂකයාගෙන් පරීක්ෂකයාට වෙනස් වේ.යම් සත්වයින් මිලිමීර 1 ක දැලක් හරහා යැවුවද වර්ග කරන විට සත්වයා ජීවත් වනවාද ,නැතහොත් මියගොස්ද යනවග මත රදා පවතී.මධ්‍යම ප්‍රමණයේ සතුන්:- මධ්‍යම ප්‍රමණයේ සතුන් යනු ආර්ත්‍රොපෝඩාවන්, බිම් පණුවන් සහ නෙමටෝඩාවන් වැනි මහේක්ෂ පාංශු අපෘෂ්ඨවංශිකයන්ය.ක්ෂුද්‍ර ප්‍රමණයේ සතුන්:- ක්ෂුද්‍ර ප්‍රමාණයේ සතුන් යනු අන්වීක්ෂීය හෝ ඉතාම කුඩා සතුන්ය (සාමාන්‍යයෙන් මෙයට ප්‍රොටොසෝවාවන් සහ, රොප්ටේරුවන් වැනි ඉතා කුඩා සතුන් අයත්වේ. )වෙනත්:- ඇවිෆෝනා එනම් කුරුල්ලන් මත්ස්‍ය සත්ත්වයින් (හෝ ඉක්තියෝෆෝනා ), එනම් මසුන් වැනි යෙදුම් මෙයට අයත්වේ.Examples of Fauna in Olleros de Tera (ස්පාඥ්ඤය).Other terms include avifauna, which means "bird fauna" and piscifau |
na (or ichthyofauna), which means "fish fauna".සටහන්[සංස්කරණය]Fauna Subdivisions_of_faunaසහශ්‍රවර්ෂය:2 වන සහස්‍රවර්ෂයසියවස්:19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවසදශක: 1960ගණන් 1970ගණන් 1980ගණන් – 1990ගණන් – 2000ගණන් 2010ගණන් 2020ගණන් වසර:1991 1992 1993 – 1994 – 1995 1996 1997ක්‍රිස්තු වර්ෂ 1994 (MCMXCIV)නම් ග්‍රෙගෝරියානු දිනදසුනෙහි a සෙනසුරාදා වෙතින් ඇරඹෙන සාමාන්‍ය වසරක්, the 1994 වන year of the Common Era (CE) and Anno Domini (AD) designations, 2 වන සහස්‍රවර්ෂය තුල 994 වන වසර, 20 වන සියවස තුල 94 වන වසර, සහ 1990ගණන් දශකයෙහි 5 වන වසර . 1994 වසර එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ " පවුල පිලිබඳ ජාක්‍යන්තර වසර " ලෙසින් සහ "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය පිලිබඳ ජාත්‍යන්තර වසර" ලෙසිනි.මෙම වසරෙහි අගෝස්තු මාසයේදී, බෝල්ටික් රාජ්‍යයන් වෙත වූ අවසන් රුසියානු හමුදා ඉවත් කරගන්නා ලදි.කිණිතුල්ලෝ හා කීඩෑවෝකාලීන ව්‍යාප්තිය: Early Devonian–Recent PreЄЄOSDCPTJKPgNPeacock mite (Tuckerella sp.),false-colour SEM, magnified |
260×විද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:Animaliaවංශය:Arthropodaඋපවංශය:Chelicerataවර්ගය:Arachnidaඋපවර්ගය:AcariLeach, 1817SuperordersAcariformesParasitiformesand see textඇරක්නිඩාවන්ගේ කිනිතුල්ලන් හා කීඩෑවන් අඩංගු වර්ගීකරණ කාණ්ඩයකි. ඉතා විශාල විවිධත්වයක් ඇත. ඩෙමොනියන් යුගය තෙත් පොසිල අතීතය දිව යයි. ප්‍රතිඵලයක් ලෙස මේ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයින්/ පර්යේෂකයන් මොවුන් වර්ගීකරණය කිරීමට සංකීර්ණ පංති/කාණ්ඩ යෝජනා කර ඇත. නවතම ප්‍රතිකර්මවල දී මොවුන් ඇරක්නාඩාවන්ගේ උප වර්ගයක් වන අතර සුපිරි ගෝත්‍ර හෝ ගෝත්‍රවලින් යුතුයි. ඒවා නම් ඒකැරිෆෝම්, පැරසීමිෆෝම්, ඔපිලියෝකැරිෆෝම්ය. ඔපිලියෝකැරිෆෝම්, පැරසිමිෆෝම්වල උප කාණ්ඩයක් වේ. මොනෝෆයිල නම් ආකාර විවාදයකට තුඩු දෙන අතර මෙම වර්ගීකරණ කාණ්ඩය (එකැරිනාවක්) අනෙකුත් ඇකිනිඩාවන්ට ඇති සබඳතාව අපැහැදිලිය. බොහෝ ඒකැරිනාවන් ඉතා කුඩා සිට කුඩා දක්වා ද (උදා 0.08-1mm) නමුත් සමහර විශාල ඒකැරිනාවන් මිලිමීටර් 10-20 දක්වා විශාල වේ. 50,000ක විශේෂ ගණනක් සොයා ගෙන ඇති අතර මිලියන 1ක පමණ හෝ ඊට වැඩි විශේෂ ගණනක් අද ජීවත් වනවා ඇත. මොවුන් පිළිබඳ අධ්‍යනය හෝ ඒක ර |
ොලෝපි නම් වේ. මේ විද්‍යාව සඳහා ඇති ඉහල පෙලේ සඟරා නම් (විද්‍යාත්මක) ඒකැරෝලොජිය, පර්යේෂණාත්මක හා යෙදීමේ ඒකැරො විද්‍යාව. ඒකැරොලොජි විද්‍යාව සඳහා ජාත්‍යන්තර සඟරාව දැක්විය හැක. Acarologia, Experimental and Applied Acarology and International Journal of Acarology.ආශ්‍රිත ලිපි[සංස්කරණය]කිණිතුල්ලෝකීඩෑවෝඋප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානයUppudaluwa Wind FarmLocation of උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානයUppudaluwa Wind Farmරටශ්‍රී ලංකාවපිහිටුමඋප්පුඩලුවඛණ්ඩාංක07°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583ඛණ්ඩාංක: 07°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583තත්ත්වයසක්‍රීයගොඩනැගීම ඇරඹුනේ2010 සැප්තැම්බර්අධිකාරී දිනය2011 ජුනිවරපත අහෝසිය2029 සැප්තැම්බර්ගොඩනැගුම් පිරිවැයඅමෙරිකා ඩොලර් මිලියන 18.55අයිතිකරු(වන්)PowerGen Lanka (Pvt) LtdTurbine informationTurbinesමෙගාවොට් 7 × 1.5Manufacturer(s)Leitner ShriramModel(s)LTW 77-1.5Power generation informationInstalled capacity10.5 MWAnnual generationගිගාවොට් පැය 26.28As of 2013 ඔක්තෝම්බර්උප්පුඩලුව සුළං විදුලි |
බල උද්‍යානය ශ්‍රී ලංකාවේ පුත්තලම, උප්පුඩලුව හී ඉදිකොට තිබෙන, මෙගාවොට් 10.5 ක විදුලි ජනන ධාරිතාවක් සහිත සුළං විදුලි බල උද්‍යානයකි. බල උද්‍යානයේ හිමිකාරීත්වය පවර්ජෙන් ලංකා පුද්ගලික සමාගම (PowerGen Lanka (Private) Limited) සතුවෙයි.සුළං විදුලි බල උද්‍යානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු 2010 අගෝස්තු මසදී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුවුනු අතර, එහි ඉදිකිරීම් කටයුතු ඊට අනුගාමී මසදී අරඹන ලදී. 2011 ජුනි මසදී බලාගාරයේ නිමවුම් කටයුතු අවසන් කොට විවෘත කල අතර, එහි හමස්ථ නිමවුම් කටයුතු සඳහා අමෙරිකා ඩොලර් මිලියන 18.55 ක් වැයවූ බව සඳහන්ය.[1][2][3][4][5] බලාගාරය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 26.28 ක විද්‍යුත් බල ප්‍රමාණයක් උත්පාදනය කෙරේ.[6][7]ටර්බයින (වා රෝද)[සංස්කරණය]මෙම සුළං විදුලි බල උද්‍යානය තුල Leitner Shriram LTW-77-1.5 වර්ගයේ, මෙගාවොට් 1.5 ක විදුලි ජනන ධාරිතාවක් සහිත ටර්බයින 7 ක් ඉදිකොට තිබෙන අතර, ඒවා පුත්තලම කලපුවේ දකුණුදිග වෙරළ ඔස්සේ එකිනෙක මීටර 260 ක පරතරයක් ඇතිවන සේ ස්ථාපනය කොට තිබේ.[6] ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සොර්ටියම් (International Construction Consortium) විසින් ශ්‍රී ලංකා රුපි |
යල් මිලියන 121 ක වියදම් කරමින්, මෙහි ටර්බයින පාදම් සකස් කල බව කියැවේ.[8]ටර්බයින් පිහිටුම්ටර්බයිනයපිහිටුමටර්බයිනය 107°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583 (UWF Turbine 1)ටර්බයිනය 207°58′50″N 79°46′42″E / 7.98056°N 79.77833°E / 7.98056; 79.77833 (UWF Turbine 2)ටර්බයිනය 307°58′46″N 79°46′52″E / 7.97944°N 79.78111°E / 7.97944; 79.78111 (UWF Turbine 3)ටර්බයිනය 407°58′44″N 79°47′01″E / 7.97889°N 79.78361°E / 7.97889; 79.78361 (UWF Turbine 4)ටර්බයිනය 507°58′42″N 79°47′10″E / 7.97833°N 79.78611°E / 7.97833; 79.78611 (UWF Turbine 5)ටර්බයිනය 607°58′41″N 79°47′22″E / 7.97806°N 79.78944°E / 7.97806; 79.78944 (UWF Turbine 6)ටර්බයිනය 707°58′40″N 79°47′31″E / 7.97778°N 79.79194°E / 7.97778; 79.79194 (UWF Turbine 7)මේවාද බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවආශ්‍රිත[සංස්කරණය]↑ "අනදර් වින්ඩ්-පවර් ප්ලාන්ට් ඉන් පුත්තලම්". PRIU.gov.lk. 18 අගෝස්තු 2010. 2015-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. ස |
ම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ "BOI අල්ටනේටිව් එනර්ජි ප්‍රොජෙක්ට් ටු රෙඩියුස් ඩිපෙන්ඩන්ස් ඔෆ් ෆොසිල් ෆියුල්". සන්ඩේ ඔබ්සවර්. 22 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ "ඉන්ඩියන් ෆර්ම් එන්ටර්ස් වින්ඩ් පවර් බිස්නස් ඉන්ද අයිලන්ඩ්". News360.lk. 12 අගෝස්තු 2010. 2013-10-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ "ශ්‍රී ලංකා ගෙට්ස් US$18.55මිලියන් ඉන්ඩියන් වින්ඩ් පවර් ඉන්වෙස්ට්මන්ට්". LankaBusinessOnline.com. 12 අගෝස්තු 2010. 2014-07-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝබර් 2013.↑ "පවර්ජෙන් ලංකා ලිමිටඩ් ටු සෙට් අප් අ 10 MW වින්ඩ් බවර් ප්ලාන්ට් ඉන් පුත්තලම් විත් ඇන් ඉන්වෙස්ට්මන්ට් අමවුන්ට් ටු US$ 18.55 මිලියන්". LankaNewspapers.com. 13 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ 6.0 6.1 "පවර්ජෙන් වින්ඩ් පවර් ප්ලාන්ට්". Windpower.LK. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ "ප්‍රොජෙක්ට් ඉන්ෆොර්මේෂන් - පවර්ජෙන් උප්පුඩලුව වින්ඩ් ෆාර්ම්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.↑ "කන්ස්ට්‍රක්ෂන් ඔෆ් 7 ෆවුන්ඩේෂන් ෆෝ 10 MW වින් |
ඩ් පවර් ප්ලාන්ට් ඇට් උප්පුඩලුව". ICC. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.vteශ්‍රී ලංකාවේ විදුලි බලයතිරසාරබලාගාරජල විදුලි බලයලක්ෂපාන සංකීර්ණයබ්‍රොඩ්ලෑන්ඩ්ස්කැන්යොන්කාසල්රිලක්ෂපානමස්කෙලියනොර්ටන්බ්‍රිජ්මහවැලි සංකීර්ණයබෝවතැන්නකොත්මලේමොරගහකන්දපොල්ගොල්ලරන්දෙණිගලරන්ටැඹේඉහළ කොත්මලේවික්ටෝරියාසමනල සංකීර්ණයගල්ඔයකුකුලේ ගඟසමනලවැවඋඩ වළවේසූර්ය බලයහම්බන්තොටසුළං බලයඅඹේවෙලහම්බන්තොටමාම්පුරිනිර්මලපුරඋප්පුඩලුවතිරසාර නොවනබලාගාරගල් අඟුරු දහනයලක්විජයසාම්පුර්ඉන්ධන හෝ ගෑස් භාවිතකොළඹ වරායකැළණිතිස්සලක් දනවි සපුගස්කන්දසපුගස්කන්ද ඩීසල්යුගදනවිබල ශක්ති ආයතනලංකා විදුලිබල මණ්ඩලයවිදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයශ්‍රී ලංකාවේ ජල වේලිශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවOverview of the Cryosphere and its larger components, from the UN Environment Programme පෘථිවිය මත අයිස් සහ හිම.පොළොව මත ඇති අයිස් සහ නීත්‍ය තුහීන[සංස්කරණය]උත්තර අර්ධ ගෝලයේ මිලියන 54 km2ඉඩ ප්‍රමාණයක් අයිස්වලින් වැසී ඇත. එ නිසා මේ ප්‍රදේශය ලෝකයේ අයිස් වලින් වැසුණු විශාල ප්‍රදේශය. නිත්‍ය භූහින ඇතිවන්නේ -100C හෝ- 20C අතරය. |
එය - 70 0C දක්වා තිබිය හැකිය. නමුත් ලෝකයේ කොපමණ ප්‍රමාණයක් නිත්‍ය වශයෙන් හිමෙන් වැසි ඇති දැයි කිව නොහැකිය. ආක්ටික් වෙරළ හා සයිබීරියා වෙරළදී හිම තට්ටුවේ ගණකම 600 m පමණ වේ. මේ අතර ග්ලැසියරකරණය නිසාද නීත්‍ය තුහින ඇතිවිය හැකිය.උෂ්ණත්වයේ වැඩි වන විට නිත්‍ය තුහීන දියවීම හා ගලායාම පිළිබඳව'මැකෙන්සි නිම්නයෙන් ' වාර්තා වේ. නමුත් මෙය පොදුවේ බලපාන තත්ත්වයක් නොවේ. නිත්‍ය තුහිත ඇති සියලුම කලාපවල පොළාව මත අයිස් තට්ටු දක්නට නැත. බොහෝ දුරට එය පස් හෝ පාෂාණ ඝනවීමකි. අයිස් ඉහළ ස්ථර වලදී ඝන අයිස් දැකිය හැකිය. පොළව යට ඇති ජලයේ උණුසුම මත නිත්‍ය තුහීන කලාපද වෙන් කර ගත හැකිය.සියවස් 2 ක් තුළ 25m ඝන අයිස් තට්ටුවක් දියවී ඇත. එහි උෂණත්වය - 0.40C සිට 00C වු අතර එය - 2.6 0C දක්වා ඉහළ යයි. නිත්‍ය තුහින වෙනස් වීම අඩුවෙන් සිදුවුණත් උෂ්ණත්වය වෙනස් වීම සමග තුහින පිහිටීමද වෙනස් වේ. මේ නිසා මෙයද ගෝලීය උණුසම කෙරෙහි බලපාන ප්‍රබල සාධකයක් වේ.මුහුදු අයිස්[සංස්කරණය]මුහුදු ජලය මීදීමෙන් ඇතිවුණු මුහුදු අයිස් ධ්‍රැවීය සාගර වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි. අර්ධ ගෝල දෙකෙහිම මුහුදු අයිස් ආවරණයන්හි සෘතුමය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් හා අ |
න්තර් වාර්ෂික මට්ටමින් සැලකිය යුතු ආකාරයේ විචලනයක් 1970 මුල් භාගයේ සිට චන්ද්‍රිකා දත්ත මගින් ආනාවරණය කරගෙන ඇත. සෘතුමය වශයෙන් දක්ෂිණ අර්ධ ගෝලයේ මුහුදු අයිස් ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වර්ග කිලෝමිටර මිලියන 5 සිට 3 – 4 අවමයේ සිට සැප්තැම්බර් මාසයේ වර්ග කිලෝමීටර් මිලියන 17 සිට 20 උපරිමයක් දක්වාත් විචලනය වේ. සෘතුමය විපර්යාසය උත්තර අර්ධ ගෝලයේදී අවම වන අතර ආක්ටික් සමුද්‍රයේ ඉහළ අක්ෂාංශයන් හා ස්වභාවය මගින් එහිදී ඇතිවන සීමාවීම තරමක් විශාල අයිස් ආවරණයක් ඇති කරයි. එමෙන්ම වටවූ භූමිය මඟින් ශීත සෘතුවේ අයිස්වල සමකය දෙසට ඇති ප්‍රමාණය සීමා කරයි. එබැවින් උත්තර අර්ධ ගෝලයේ සෘතුමය විචලනය සැප්තැම්බර් මාසයේ වර්ග කිලෝමිටර් මිලියන 7 සිට 9 යක අවමය දක්වාත් මාර්තු මාසයේදී වර්ග කිලෝමීටර මිලියන 14 සිට 16 යක උපරිමයක් දක්වාත් විචලනය වේ. අර්ධ ගෝලීය විචලනයට වඩා ප්‍රාදේශීය පරිමාණයේ අන්තර් වාර්ෂික විචලනය වඩාත් වැඩිපුර අයිස් වැස්ම විසින් දක්වනු ලබයි. උදාහරණයක් වශයෙන් ජපානයේ හා Okhotsk මුහුදු ප්‍රදේශයන්ගේ උපරිම අයිස් ප්‍රමාණය 1983 දී වර්ග කිලෝමීටර් මිලියන 1.3 සිට 1984 වනවිට වර්ග කිලෝමිටර් මිලියන 0.85 ක් දක්වා අඩුවිය. එය 35% |
ක අඩුවීමකි. යලිත් ඊළඟ වර්ෂයේදී වර්ග කිලෝමීටර් මිලියන 1.2 දක්වා එම ප්‍රමාණය වැඩිවිය. ප්‍රාදේශීය උච්ඡාවචනයන් අනුව (අර්ධ ගෝල දෙකෙහිදීම වසර කිහිපයක චන්ද්‍රිකා වාර්තා කාලයක් සඳහා සැලකීමේදී) ඇතැම් ප්‍රදේශවල අයිස් වැස්මේ අඩුවීමක් දක්නට ලැබෙන අතර ඇතැම් ප්‍රදේශවල වැඩිවීමක් දක්වයි. අක්‍රීය ශුද්ධ තරංග වාර්තාවලට අනුව විස්තර කෙරෙන සමස්ත නැඹුරුව (1978 සිට 1995 දක්වා පෙන්වන පරිදි) දශකයකට ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණයකින් 2.7% ක ප්‍රමාණයකින් අඩුවේ. (johanness enetal 1995) චන්ද්‍රිකා අක්‍රීය ශුද්ධ තරංග දත්ත සමග සිදුවුණු අපරාපරිය වැඩ කටයුතුවල (miracles ට අනුව) 1978 ඔක්තෝබර් අගභාගයේ සිට 1996 අගභාගය දක්වා වසර දශකයකට 2.9% කින් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවී ඇති අතර ඇන්ටාටික් මුහුදු අයිස් ප්‍රමාණය වසර දශකයකට 1.3% කින් වැඩි වී ඇත. (cavalieri et al 1997)විල් අයිස් හා ගංගා අයිස්සෘතුමය ශීත වීමට ප්‍රතිචාර ලෙස ගංගා හා විල්වල අයිස් ඇති වේ. මීට අන්තර්ගත වන අයිස් දේහවල ප්‍රමාණය බලපැවැත්වීම ඉතා කුඩා වන අතර එය ප්‍රාදේශීය දේශගුණික ආචරණයන්ට වඩා අඩුවෙන් බලපායි. කෙසේ නමුත් මිදීමේ හා දියවීමේ ක්‍රියාදාමයන් ප්‍රාදේශී |
ය කාලගුණික සාධක හමුවේ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. එබැවින් අයිස් ඇති වීමේ හා නැතිවීමේ දිනවල සැලකිය යුතු අන්තර් වාර්ෂික විචලනයක් පෙන්වයි. විල් අයිස්වල දිග ශ්‍රේණියක් ප්‍රමුඛ දේශගුණිකව වාර්තා ලෙස නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම මිදීමේ හා දියවීමේ නැඹුරුතාවයන් මතු කිරීමට උචිත ඒකාබද්ධ වීමක් හා දේශගුණික විපර්යාසයන්ගේ සෘතුමය විශේෂිත දර්ශකයක් සපයයි. ගංගා අයිස් තත්ත්වයන්ගේ තොරතුරු දේශගුණික එතරම් වැදගත් නොවන්නේ අයිස් සෑදීම ගංගාව ගැලීමේ ආධිපත්‍යයට නතු වී ඇති බැවිනි. එය වර්ෂාපතනයේ බලපෑමට ලක්වේ. හිම දියවීම හා දියබස්නාවේ ගලායාම අගල් ඔස්සේ ගලායාම විකිරණය කරන බැවින් මානව අතුරු මුහුණතට විෂය වී ඇත. එසේ නැත්නම් එය භූමි පරිහරණ ව්‍යවහාරයන් වෙත අතිරික්ත මගින් වක්‍රව බලපෑම් කරයි.විල්වල අයිස් මිදීම විලෙහි පවතින තාපධාරිතාවය මත රඳා පවතී. එබැවින් එහි ගැඹුරේ ශීඝ්‍රතාවයේ, ඕනෑම ඇතුළත ගැලීමක උෂ්ණත්වය හා ජල වායු ශක්ති ස්‍රාවයන්ගේ බලපෑම මත රඳා පවතී. බොහෝ විට විලේ ගැඹුර පිළිබඳ දත්ත ලබාගත නොහැකිවේ. කෙසේ නමුත් ආක්ටික් සාගරයේ පිහිටි ඇතැම් නොගැඹුරු විල්වල ශීත සෘතුව අගභාගයේදී අයිස් දියවේ.රේඩාර් ප්‍රතිරූපයන් මගින් මෙන්ම ග |
ිම්හානයේදී ලබා ගන්නා අභ්‍යවකාශචර ප්‍රකාශ ප්‍රතිබිම්භයන්ගෙන් ද ඒ පිළබඳව යම් ඉඟියක් ලබාගත හැකිය. දියවීමට ගතවන කාලය, අයිස්වල හිම ගැඹුර මෙන්ම අයිස් ඝනකම හා ඇතුළට ගලන නැවුම් ජලය ඒ කෙරෙහි බලපායි.හිමායනගෝලයේ පවතින හිම[සංස්කරණය]හිමායනගෝලයේ දෙවැනියට වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන්නේ හිම වැස්මයි. එය සාමාන්‍ය උපරිම මිලියන 47 km2 ක් පමණ ප්‍රදේශයක පැතිරී පවතී. පෘථිවියේ හිමෙන් වැසී පවතින ප්‍රදේශවලින් වැඩි කොටසක් උතුරු අර්ධගෝලයේ පවතින අතර, සෘතු චක්‍රයට අනුව එහි ප්‍රමාණය තාවකාලික වේ. උතුර අර්ධගෝලයෙහි හිම වැස්ම ජනවාරි මාසයේදී මිලියන 46.5 km2 ක ප්‍රමාණයක සිට අගෝස්තු වලදී මිලියන 3.8 km2 (රොබින්සන් සහ පිරිස 1993) ප්‍රමාණයක් දක්වා වෙනස් වේ. උතුරු ඇමරිකාවේ ශීත සෘතුවේදී හිමෙන් වැසුනු ප්‍රදේශ ප්‍රමාණය මෙම ශතවර්ෂයේදී ක්‍රමයෙන් වර්ධනය වු පෙන්නුම් කරනු ලබයි. (බ්‍රවුන් සහ ගූඩිසන් 1996, Hughe හා පිරිස, 1996) මෙය වර්ෂාපතනයේ ඉහළ යාමට අනුකූලව සිදුවේ (Groisman සහ Easterling 1994). නමුත් චන්ද්‍රිකා මඟින් ලබාගත් දත්ත වලට අනුව 1972-1996 කාල පරිච්ඡේදය තුළ ධ්‍රැව ප්‍රදේශවල වාර්ෂික ශීත සෘතුවේ හිම වැස්සුම් ප්‍රමාණයේ සැලකිය ය |
ුතු වෙනස්වීමක් දක්නට නොලැබේ. උත්තර ධ්‍රැව ප්‍රදේශ වල ජනවාරි මාසය සඳහා විචල්‍යතා සංගණකය (සම්මත අපගමනය/ මධ්‍යයනය) 00.04 ට වඩා අඩු අගයක් ගනී. ග්‍රොයිස්මෑන් (Groisman) ඇතුළු විද්‍යාඥයින්ට අනුව (1949) මෙම ශතවර්ෂයේ උතුරු අර්ධ ගෝලයේ වසන්ත සමයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමට අනුරූපව එම සමයේදී හිම වැස්මේ ප්‍රමාණය අඩුවේ යැයි බලාපොරොත්තු විය යුතුය. නමුත් ඉතිහාස ගත දත්ත වලින් ලබාගත් ඇස්තමේන්තු වලට අනුව මෙම තත්ත්වය වාර්තා වන්නේ යුරේඩියාවෙන් පමණි. උතුරු ඇමරිකාවේ වසන්ත හිම වැස්ම මෙම ශතවර්ෂ පුරාවට වර්තමානයේ පෙන්වන අගයන්ට සමාන අගයකින් පැවතුණි. (බ්‍රවුන් 1997). චන්ද්‍රිකා දත්ත ලබාගත් කාලය තුළ (IPCC1990) උතුරු අර්ධගෝලයේ වායු උෂ්ණත්වය හා හිම වැස්මේ ප්‍රමාණය අතර සමීප සම්බන්ධතාවයක් දක්නට ලැබුනි. මේ වනවිට ශීත දේශගුණික විපර්යාස හඳුනාගැනීම හා නිරීක්ෂණය සඳහා උතුරු අර්ධ ගෝලීය හිම වැස්මේ ප්‍රමාණය නිරීක්ෂණය කෙරෙහි සැලකිය යුතු අවදානමක් යොමු වී ඇත. හිම වැස්ම ජල සමතුලිතතාව සඳහා ජලය ගබඩා කිරීමේදී අතිශය වැදගත් කාර්යයන් ඉටු කරයි. ලෝකයේ කඳුකර ප්‍රදේශවල සෘතු හිමවැස්ම මේ අතරින් විශේෂ වේ. ප්‍රමාණයෙන් සීමා සහිත වුවද, කඳුකර හි |
ම වැස්ම ඇළ මාර්ග වලට හා මධ්‍ය දේශාංශ ප්‍රදේශ රාශියක භූගත උල්පත් වලට ජලය සැපයීමේ ප්‍රධානතම ම්‍රලාශ්‍රයයි. මෙයට නිදසුනක් ලෙස කොලරාඩො ගංගාව දැක්විය හැක. එහි වාර්ෂිකව ගලායන ජල ප්‍රමාණයෙන් 85% පමණ හිම දියවීමෙන් ලැබුණු ජලය වේ. කඳුකරයෙන් ගලාඑන දියුණු හිම ගංගාවන්ට එකතුවී එමඟින් මිලියනකටත් වැඩි ජනතාවක් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා වන ජලධර 40% ක්ම කඳුකරයේ පවතියි. මේවා ජෛව පද්ධතියේ වටිනාකම හා මිනිසුන්ට විනෝදාස්වාදය සපයන ප්‍රදේශ ලෙස වැදගත් වෙයි. උෂ්ණත්වය ඉහළ යාම නිසා හිම පතනයේ හා වර්ෂාපතනයේ, හිමදිය වීමට ගතවන කාලයේද බරපතල වෙන්කම් ඇතිවේ යැයි බලාපොරොත්තු වන නිසා ජලය පරිහරණය හා කළමණාකරණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. මෙමඟින් කාලය හා අවකාශය අනුව පසේ තෙතමනය හා සාගරවලට එකතුවන ජල ප්‍රමාණයේ සිදුවන වෙනස්වීම් හරහා දශක ගණනාවක් හෝ ඊටත් වැඩි කාලයකින් දෙශගුණ පද්ධතිය බලපෑ හැක. (වොල්ස් 1995) හිම වැස්මේ සිට සාගරයට එකතුවන ජල ප්‍රමාණය වැදගත් වන්නේ ලවණික කඳු හා කුඩා කැබලි වශයෙන් සාගරයේ පවතින අයිස් ප්‍රදේශවල ජල ප්‍රමාණයට මෙය සාමන විය හැකි බැවිනි. (Prinseberg 1998)බ්‍රසීල සුපිරි නිරූපිකාවක වන ගයිසෙල් බූන්ඩ් |
චෙන්සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය. සුපිරි නිරූපිකාවන් නිරූපණය කරන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විලසිතා නිර්මාණකරුවන් සහ ප්‍රමුඛ ආයතන සඳහා පමණි. මොවුන් බොහෝ විට එවැනි ආයතන සමඟ ඩොලර් මිලියන ගණන් වල ගිවිසුම් අත්සන් කරයි. සුපිරි නිරූපිකාවන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ දක්ෂතාව මත මෙන්ම ජනප්‍රියතාව මතද රඳා පවති. මොවුන් විවිධ සඟරාවන්ගේ කවර ඡායාරූප සඳහා පෙනි සිටි.ක්ලෝඩියා ස්චිෆර් වරක් කියා සිටියේ "යමෙක් සුපිරි නිරූපිකාවක් විමට නම් ඈ ලොව පුරා සියලු සඟරාවල කවර ඡායාරූප සඳහා පෙනි සිටිය යුතු බවයි."විලාසිතා කර්මාන්තය තුළ යෙදීම[සංස්කරණය]සුපිරි නිරූපිකාවන් යන කීර්ති නාමය ලබා ගන්නා විශිෂ්ට නිරූපිකාවන් බොහෝ විට ඒ හා සමාන තත්ව බෙදාහදා ගනී. මෙම නිරූපිකාවන් විලාසිතා කර්මාන්තය තුළ වඩා පිළිගැනීමක් ඇති අය වේ. ඔවුන් සාමාන්‍යයෙන් සුපිරි ගණයේ විලාසිතා නිර්මාණකරුවන්ට හා වෙළඳ නාම සඳහා කටයුතු කරයි. ඔවුන්ට ඩොලර් මිල |
ියන ගණන් වන ගිවිසුම් හා ව්‍යාපාර ඇත. ඔවුන් විසින්ම ඔවුන්ව ගෘහස්ථ නාම ලෙස තත්වගත කරගෙන ඇති අතර ඔවුන්ගේ නිරූපණ වෘත්තිය සමඟ ලෝකප්‍රසිද්ධ පිළිගැනීම සම්බන්ධ වී ඇත. ඔවුන් විවිධ සඟරාවල කවර මත තම ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත. ක්ලව්ඩියා ශිෆර් ප්‍රකාශ කර සිටින්නේ “සුපිරි නිරූපිකාවක් බවට පත් වීම සඳහා අයෙක් ලෝකයේ සියළුම සඟරාවල පිට කවරයේ සිටිය යුතු අතර එම නිසා මිනිසුන්ට ගැහැණු ළමයින් හඳුනාගත හැකි වනු ඇත.” යන්නයි. පළමු නාම හඳුනාගැනීම විලාසිතා කර්මාන්තයේ සුපිරි නිරූපිකා තත්වයේ ස්ථිර සලකුණකි.විවේචන[සංස්කරණය]කර්මාන්තයක් ලෙස සුපිරි නිරූපිකාවන් පිළිබඳ විවේචනය විලාසිතා මාධ්‍යවලට අභ්‍යන්තරයෙන් හා බාහිරව වඩා සුලභව දැකිය හැක. මේ සඳහා වන චෝදනා අතර මෙම තත්වය අපේක්ෂා කරන කාන්තාවක් ජාතිවාදයේ ගැටළු ලෙස සෞඛ්‍යයට හානිකර තරම් ප්‍රමාණයක් දක්වා ශරීරය සිහින් කර ගන්නවා යැයි යන්න පවතී. තවද එහිදී සුපිරි නිරූපිකාවන් යන්න සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ ලස්සනෙහි උතුරු යුරෝපීය සම්මතවලටය. 2007 දී The New York Times හි විලාසිතා රචකයෙක් වූ ගේ ට්‍රෙස්බේට අනුව , විලාසිතා විශේෂඥයින්ට අනුව කාන්තා ඇඳුම් නිර්මාණය දිරිමත් කිරීම සඳහා රොබෝ |
ආකාරයේ පෙනුම ජනප්‍රිය වන අතර නිහඬ බැල්ම හා සිහින් අඟපසඟ වඩාත් වැඩි සේවාවක් සපයයි. ප්‍රශ්නය වන්නේ මෙය පමණක් නොවේ. 1970 දී කළු, විශාල හා ජනවාර්ගික නිරූපිකාවන් විලාසිතා සංදර්ශන ආක්‍රමණය කළ මුත් එම කාලයේ සිට සිදු වූ සාමාජීය වෙනස් වීම් විලාසිතා කර්මාන්තයේ සිටින බලවත් තරඟකරුවන්ට අනෙක් අය යෝජනා කිරීමට කාරණා කටයුතු සැලැස්වීය.ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!භව චක්‍රය (තිබ්බතයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක සිතුවමකි.)ගෞතම ශාක්‍යමුණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මයට අනුව කාමාවචර ලෝක යනු මිනිසා කුසල හා අකුසල කර්මයන් රැස්කර යලි කර්මානුරූපව උපත ලබන ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන (කාම සුගතිභූමි) මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන (කාම දුගතිභූමි) යන කොටස් 2ක අයත් වේ. |
ඕනෑම සත්වයෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.එම ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ.භවචක්‍රය හෙවත් කෙළවරක් නොමැති දීර්ඝ සංසාර චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භවවල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ.විවිධ සම්ප්‍රදායන්වල මෙම අනුපිළිවෙල තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස කරයි.දිව්‍ය ලෝක[සංස්කරණය]දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට වඩා පහත් භවයක උ |
පත ලබති. බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම යලි නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු හෝ දිව්‍යාංගනාවක් ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.නමුත් බුද්ධ සාසන වල සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල ලැබූ දේව දිව්‍යාංගනාවන් බොහෝමයක් සදිව්‍ය ලෝකවල වාසය කරති. ඔවුන් අයත් වන්නේ සම්‍යක්දෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවිවරුන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් වේ. එනම්, 1. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්2. මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන්ය. මෙම සම්‍යක්දෘෂ්ටික දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා සමාන නොවෙති.ඊට හේතුව ඔවුන් අයත් වන්නේ මිත්‍යාදෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවියන් අමරණීය හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් බුදුදහම සම්පූර්ණයෙන් වෙනස් වේ.බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6ක් ගැන කියැවේ.ඒවා මෙසේය.චතුම්මහාරාජිකයතාවතිංසයයාමයතුසිතයනිම්මානරතියපරනිම්මිත |
වසවර්තියචතුම්මහාරාජික දිව්‍ය ලෝකය[සංස්කරණය]චතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශ්රවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමබන්ධව නාග, ගරුඩ, යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්බන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = අවුරුදු 9, 000, 000 )තාවතිංස දිව්‍ය ලෝකය[සංස්කරණය]දෙවිවරුන් 33 දෙනෙකු පාලනය කරන බැවින් තව්තිසා නම් වේ. චාතුම්මහාරාජික හා තාවතිංස යන මෙම දිව්‍යලෝක 2කටම අධිපතීත්වය දරන ශ්‍රක්‍ර දිව්‍ය රාජයා ඇතුලු තිස් තුන් කෝටියක් දේව දිව්‍යාංගනාවන් වැඩ සිටින්නේ මෙම දෙව්ලොවය.සිළුමිණි සෑය පිහිටා ඇත්තේද මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව, නන්දන මල් උයන හා මල්ලිකා, සුනන්දා, උපෝසථා, මට්ටකුණ්ඩලී ආදී දිව්‍ය විමාන බොහොමයක් තිබෙන්නේ මෙහිය.මෙම දිව්‍ය ලෝකය |
ේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්‍ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = අවුරුදු 36, 000, 000)යාම දිව්‍ය ලෝකය[සංස්කරණය]මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරන අතර එම දෙව්රජුගේ බිරිඳ සිරිමා නම් දිව්‍යාංගනාවයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = අවුරුදු 144, 000, 000)තුසිත දිව්‍ය ලෝකය[සංස්කරණය]මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සන්තුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත මෛත්‍රිය බෝධිසත්වයන් විසින්ද දරනු ලබයි.අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට පෙර මෙහි 'ස්වේතකේතු' නම් බෝධිසත්වයන් වී සිටියහ.මෙහි වෙසෙන අනෙකුත් දෙවිවරුද බොහෝමයක් සකෘදාගාමී මාර්ගඵලයට පත් වූ දෙවියන් වන අතර මෙහි සියලූම දෙවිවරුන් යලි නැවත නැවත් තුසිතයේම උත්පත්ති |
ය ලැබීම පිණිස බොහෝ කුසල් රැස්කරති.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්‍ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = අවුරුදු 576, 000, 000)නිමිමානරතී දිව්‍ය ලෝකය[සංස්කරණය]මෙම දිව්‍ය ලෝකයේ රජු සුනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000)පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝකය[සංස්කරණය]දිව්‍ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකයයි. මෙහි පාලකයා වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.දසබිම්බර මාර සේනාව නමින් හඳුන්වන දරුණු දේව කොට්ඨාසය සිටින්නේද මෙම දිව්‍ය ලෝකයේ වන අතර කාමලෝකයට අධිපති මෙන්ම මිනිසුන් හා දෙවියන් ආදී සියලු සත්වයන් යලි සසර දුකට හසුකරගන්නා මාර දිව්‍ය රාජයා සිටින්නේද මෙහිය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනු |
ෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්‍ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = අවුරුදු 9, 216, 000, 000)කෙටි සටහන[සංස්කරණය]දෙව්ලොවදිව්‍ය වර්ෂමනුෂ්‍ය වර්ෂචාතුම්මහාරාජිකය50090 00 000අනූ ලක්‍ෂයයිතාවතිංසය1 0003 60 00 000තුන්කෝටි හැට ලක්‍ෂයයියාමය2 00014 40 00 000දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයිතුසිතය4 00057 60 00 000පණස්හත්කෝටි හැට ලක්‍ෂයයිනිම්‌මානරතිය8 000230 40 00 000දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයිපරනිම්‌මිතවසවත්‌තිය16 000921 60 00 000නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයිඅසුර ලෝකය[සංස්කරණය]අසුර ලෝකයේ වාසය කරන්නේ උප දේවතාවන්ය. ඔවුන් මෙම ලෝකයේ උපත ලැබීමට හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, කලහ කිරීම ආදියයි. මනුෂ්‍යයන් වශයෙන් යහපත් අරමුණක් උදෙසා එවැනි දෑ සිදුකළද එයින් අන්න්‍යයන්ට හානි වීම හේතු වෙන් මෙම ලෝකයේ උපත ලබයි.මෙම අසුරයෝ තව්තිසා දිව්‍යලෝකයේ වෙසෙන දෙවියන් (සුරයන්) සමාන අධිකසැප සම්පත් භුක්ති විදින නමුත් ඔවුහු නිරතුරුම තව්තිසා දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයන් පෙළෙති. අසුර ලොව ඊර්ෂ්‍යාකාරී දෙව් ලොව, අර්ධ දෙව් ලොව හෝ ද |
ෙවියන්ට එරෙහිව ක්‍රියාකරන ලොව යනුවෙන්ද හැඳින්වේ. අසුරයන් ඇතැම්විට රාක්ෂයන් ලෙසද හැඳින්වේ. එහෙත් අට මහා නරකයන්හි වෙසෙන දරුණු යමපල්ලන් හා මොවුන් අතර කිසිදු සමානකමක් නොමැති අතර මොවුන් ඔවුන්ට වඩා බලවත් ඍධි සම්පන්න දරුණු දේව කොට්ඨාසයකි.කුලාවක ජාතකෙයහි අසුර ලෝකය පිළිපද විස්ථර ඇත.ඒ අනුව අසුර ලෝකය මහාමේරු පර්වතයට යටින් පිහිටා ඇත.යොදුන් 10 000ක විශාලත්වයකින් යුක්තය. ආයුෂ දිව්‍ය වර්ෂ 500ත් 1000ත් අතර වේ.මෙහි තව්තිසා දෙව්ලොව ඇති කල්පවෘක්ෂය හා සමානව අසුර ලෝකයේ චිත්‍රපාටලී නම් වෘක්ෂයක් ඇත.මෙම වෘක්ෂයේ මල් පරසතු මල් වලට සමානය.එහෙත් පැහැදිළි වෙනසක් ඇත.එම නිසා අසුරයන් තමා ඉන්නේ අසුර ලෝකයේ බව දැන ගන්නේ මෙම වෘක්ෂයේ මල් පිපුන පසුවයි.අසුර ලෝකය හැම අතින්ම තවුතිසා දෙවුලොවට සමානය.අසුරයන් නිරන්තරයෙන් දිව්‍ය සුරාව බී මත් වී නිදාගැනීම සිරිතය.කොතරම් සැප සම්පත් තිබුනද ඒවා අනුභවය වෙනුවට ඔවුන් සුරා පානය කොට නිදාගනී.අසුරයන් තව්තිසා හා චාතුම්මහාරාජික යන දිව්‍යලෝක 2ක ආක්‍රමණයට එන අතර දෙවියන් (සුරයන්) හා අසුරයන් අතර නිතර යුධ ගැටුම් ඇතිවේ.අසුර ලොව පාලනය කරනු ලබන්නේ වේපචිත්තී නම් අසුර රාජයයි.අසුරයන්ගේ ආක්‍රමණයට ගොදුරු |
වන්නේ චතුමහාරාජිකය හා තාවතිංසය යන දිව්‍ය ලෝක 2ක පමණි.ඊට ඉහළ දිව්‍ය ලෝක 4 ආක්‍රමණය කිරීමට ඔවුන්ට බලයන් නැත.මනුෂ්‍ය ලෝකය[සංස්කරණය]මනුෂ්‍ය ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් භවය ලෙස මනුෂ්‍යභවය සැලකේ. ඊට හේතුව සම්මා සම්බුදුවරුන්, පසේ බුදුවරුන් හා මහා රහතන් වහන්සේලා ආදී උතුමන් පහල වන්නේ මනුෂ්‍ය ලෝකයේ පමණි. මනුෂ්‍ය උපතින් පසු ලැබෙන ජීවිතය නිවැරදිව යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්‍ය භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අපි මනුෂ්‍ය ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුෂ්‍ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ සතර අපායේ භවයකය. යලි මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ ඉතා සුලු පිරිසක් පමණි.වඩා පහත් භවවලට නිදසුනක් ලෙස තිරිසන් සත්ව භවය දැක්විය හැක. මනුෂ්‍යභවයක් ලබා ගැනීම සඳහා පින්කම්,කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් ගත වේ. ( මහා මුහුදේ පාවෙමින් තිබෙන විය සිදුරක් |
මැදින් අවුරුදු 100කට සැරයක් එක් කණ කැස්බෑවෙකු අහස බලන්නා සේ. ~ උපමාව - බුදුරජාණන් වහන්සේ )සත්ව (තිරිසන්) ලෝකය[සංස්කරණය]අධික මෝඩ බව, පෙර භව වලදි සිදු කරන ලද අවිචාරවත් හැසිරිම් ආදිය සත්ත්ව හෙවත් තිරිසන් යෝනී භවයක් ලැබීමට හේතුවේ.බෞද්ධයන්ට අනුව මෙය පෘථිවිය මත පවතින සත්ත්ව ලෝකයයි. අසුරයන්ට දිව්‍ය ලෝකය පෙනෙන සේම මනුෂ්‍යයාටද සත්ව ලෝකය පෙනේ.ප්‍රේත ලෝකය[සංස්කරණය]යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ටිබෙට් භව චක්‍රයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.ඛුද්දක නිකායේ පේතවත්ථු (ප්‍රේත වස්තු) ග්‍රන්ථයට අනුව ප්‍රේතයින් කොටස් හතරක් දැක්වේ.පාංශු පිසාචිකනිජ්ඣාමතන්නිකපුප්පිපාසිකපරදත්තූප ජීවීමීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී වශයෙන් විවිධ ප්‍රේත කොටස් ඇත.නිරය[සංස්කරණය]නිරය |
හෝ අපාය, නරකය, යමලොව යනුවෙන් හදුන්වන මෙම කාමදුගති භූමියේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන්, වෛරයෙන් හා දස අකුසල කර්ම රැස් කිරීමයි.ඒක දේවවාදී සම්ප්‍රදායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු එම අපාය ලෝකවලින් චුත වී වෙනත් භවයක යලි උපත ලබති.බුදු දහමට අනුව අති භයංකාර අට මහා නරකයන් 8 ක් පිළිබඳව සදහන් වන අතර එම අපායන් 8 ම පාලනය කරනු ලබන්නේ යම රජු විසිනි.ඒවා මෙසේය,සංජීවයසංඝාතයකාල සූත්‍රයරෞරවයමහා රෞරවයතාපයප්‍රතාපයඅවීචියවැඩි දුර තොරතුරු සඳහා[සංස්කරණය]http://swethapradheepa.blogspot.com/2015/10/universe.htmlhttps://www.shraddha.lk/shraddha-programs/devlova-yana-maga/ සංරක්ෂණය කළ පිටපත 2019-01-05 at the Wayback Machineඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය |
සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.පහත රූප සටහන මගින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඇම්ප්ලිෆයර් පරිපථයන්හි බල වර්ධකයක් ලෙස යොදාගන්නා STK 4191 II නැමැති අයි.සී. එකේ අභ්‍යන්තරයයි.සංගෘහිථ පරිපථයක අභ්‍යන්තරය[සංස්කරණය]වචනාර්ථයෙන්ම සංගෘහිත පරිපථයක් යනු තවත් එක් පරිපථයක්ම යන වගට ඉහත රූප සටහන කදිම නිදසුනක්. නමුත් භාවිතයේ පවතින සෑම අයි.සී. එකකම අභ්‍යන්තරය මෙසේ දැක බලා ගත නොහැකි වුවත් බල වර්ධක කාණ්ඩයේ සමහර සංගෘහිත පරිපථයන්හි ඇති ප්ලාස්ටික් වැස්ම ඉවත් කළ හැකි ආකාරයට ඉහත පරිදි නිපදවා තිබෙනවා. ඇනලොග් (Analog) සහ ඩිගිටල් (Digital) වශයෙන් සංගෘහිත පරිපථයන් දෙවර්ගයක් වන අතරම මෙම ලක්ෂණ දෙකම සම්ම්ශ්‍රණ වූ සංගෘහිත පරිපථයන්ද (Mixed Signal) දැකිය හැකියි.ඔබ මෙම බ්ලොග් සටහන කියවන පරිඝනකය තුළ මෙම තෙවර්ගයේම සංගෘහිත පරිපථයන් අන්තර්ගත වනවා. පරිඝණකයේ බල සැපයුමෙහි ඇනලොග් අයි.සී. ද මව් පුවරුව තුළ ඩිගිටල් අයි.සී ද Sound Card එක තුළ ඇනලොග් |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.