category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG | 2014.10.25 | http://thahanamwachana.blogspot.com/ | භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics | cjdrox | භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි.කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද. භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද.භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි.දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ.දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද. ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය.පැහැදිලි මදි ද. කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය.සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත.ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත.ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි.භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි. |
BLOG | 2014.10.24 | http://thahanamwachana.blogspot.com/ | රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass | cjdrox | හිතාදර රනිල් මාමේ,උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය. |
BLOG | 2014.10.23 | http://thahanamwachana.blogspot.com/ | මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't? | cjdrox | "මහින්දට බෑ...."කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්... මහින්දට කොච්චර දේවල් පුළුවන් ද... මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල. මීට පස්සෙ මාත් කියන්නෙ,"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්..". |
BLOG | 2014.08.16 | http://thahanamwachana.blogspot.com/ | නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews | cjdrox | (ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය."ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද." යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය."ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය. |
BLOG | 2014.12.01 | http://buzzradiolk.blogspot.com/ | ඉලක්ක කරමු ; කැපවෙමු ; බිහි කරමු - HIV AIDS තොර පරපුරක් | Dulan A | HIV-AIDS වලකමු - දැනුවත් වෙමු - Buzzradio.lk #lka by Buzzradio Sri Lanka on Mixcloudලෝකයේ පලමු වැනි ඒඩ්ස් රෝගියා හඳුනාගත්තේ 1981 දෙසැම්බර් මාසේ 01 වනදා ඒ දවස සිහිකරන්න ලෝක ඒඩ්ස් නිවාරණ දිනය එදිනට යෙදී තිබෙනවා. ලොව පුරා බොහෝ අය රතු පැහැ රිබන් පටියක් ආදරයේ හා රැකවරණයේ සංඛේතය ලෙස ඒ දවසට පළඳිනවා. ඔවුන් ජීවිතයට ආදරය කරන්න කියලා අනෙක් අයගෙන් ඉල්ලා සිටිනවා.ඒඩ්ස් යනු වෛරසයකි මේ තුලන් මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය අක්‍රිය කිරීම සිදුවෙනවා. ඒ නිසාම ඕනෑම රෝගයක් ඒඩ්ස් ආසාධිතයෙකුට මාරාන්තික වෙන්න පුළුවන්. කොටින්ම සෙම්ප්‍රත්‍යාව පවා.අප්‍රිකානු කොළ වඳුරාගෙන් මිනිසාට බෝ වුනා යැයි කියන මේ ඒඩ්ස් වෛරසය මාරාන්තිකයි මෙන්ම ඒක තව කෙනෙක්ට බෝ වෙන්නේ මිනිස්සු වන අප හරහාමයි. ඒ නිසාම අප උපතින්ම ඒඩ්ස් අවධානම දරාගෙන සිටිනවා.මේ රෝගය වලක්වාගැනීමට ඔබට මෙන්ම මටත් වගකීමක් තියෙනවා. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න. ඒඩ්ස් රෝගය නිර්ණය කරගැනීම සඳහා ඔබත් ඔබේ රුධිරය පරීක්ෂාව කරගන්න. ගැබිණි මවක් නම් මතු උපදින ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය වෙනුවෙන් මෙම පරීක්ෂාව කරගන්න.ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාධිත අයගෙන් 52%ක්ම පිරිමි අය ඉතිරි අය කාන්තාවන්.. ඔවුන්ගෙන් බොහෝමයකට ඒඩ්ස් වැළැඳී තිබෙන්නේ සිය ස්වාමී පුරුෂයාගෙන්. මව්පියන්ගෙන් ආසාධිත දරුවන් මෙන්ම රුධිර පාරවිලයන නිසා ඒඩ්ස් ආසාධිත වූ අය සිටිනවා.ඒ නිසාම නිරන්තර දැනුවත් භාවයත්,අධ්‍යාපනයත් මෙන්ම ආරක්ෂා වීමත් ඉතාම වැදගත්.ඒඩ්ස් වෛරසය ජාතිය කුලය ආගම පංති භේදයක් නැහැ. ඒත් තමන්ගේ ප්‍රතිශක්තිය අහිමි වුන අපේම සහෝදරයන්ට ජීවත් වීමට ශක්තියක් තියෙන්න ඕනේ. එම ශක්තියේ ප්‍රභවය ඇතිවිය යුත්තෙ ඔබේත් මගේත් හදවත් තුලයි. අප අපගේ නොදැනුවත් බව නිසාම තව දුරටත් ප්‍රතිශක්තියත් හීණ වු ඒ සහෝදරයන්ගේ ජීව ශක්තියට හානි පමුණුවන්නන් වෙනවාද .ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුල HIV ශරීර ගත වූවන්ගේ සංඛ්‍යාව 2014 ක්. පසුගිය වසර තුල ඒඩ්ස් වලින් මියගිය ගනන 300ක් පමණ විය හැකි බව ගනන් බලා තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන නොමිලේ සහ රහසිගත ලෙස HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග පිලිබඳව පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක මගින් ලබාගන්න පුළුවන්.ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනනො:29, ද සේරම් පෙදෙස,කොළඹ 10.ශ්‍රී ලංකාව.දුරකථන - 011 26 67163ෆැක්ස් - 011 533 6873 / 011 2682859විද්‍යුත් තැපෑල - [email protected]වෙබ් - www.lkඔබටත් ,ඔබේ ජීවිතයටත් ,සමාජයටත් එකසේ ආදරය කරන්නයි ඉල්ලන අපි බස් රේඩියෝ★ Like ★ Comment ★ Share#ඒඩ්ස් #HIV #AIDS Buzz Radio බස් රේඩියෝ ප්‍රජා දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය. |
BLOG | 2014.07.05 | http://www.linuxjo.com/ | مطبخ حنان ... وصفات ﻷشهى اﻷكلات العربية بالفيديو ... تعلم الطبخ أصبح سهلا مع حنان (متوفر على اﻷندرويد) | محمود التكريتي | . |
BLOG | 2014.06.27 | http://www.linuxjo.com/ | كيف تشغل تطبيقات Firefox OS على جهازك اﻷندرويد؟ | محمود التكريتي | . |
BLOG | 2014.06.27 | http://www.linuxjo.com/ | طريقة نقل ملفاتك في Ubuntu One إلى خدمة سحابية أخرى بسهولة وسرعة | محمود التكريتي | . |
BLOG | 2014.06.27 | http://www.linuxjo.com/ | اجعل اﻻنترنت يقوم بخدمتك وينفذ مهامك دون جهد منك!! | محمود التكريتي | . |
BLOG | 2014.09.08 | http://pahanyaaya.blogspot.com/ | සතුරු වූ අර්ධ සොහොයුරන්ගේ කතාව - Thee O Jerusalem 2 | සයුරි | ඔන්න අද මං ලියන්නේ අර කලින් මාගලක් වගේ ලියපුජෙරුසෙලමලිපියේ දෙවැනි කොටස.එදා මම ලිපිය නැවැත්තුවේ අර රෝමන් කාරයෝ සෑහෙන විනාශයක් කරලා ජෙරුසෙලම බිමට සමතලා කරපු තැනින්.ඒ සිද්ධිය උනේ ක්‍රි. ව. 70 දී.එවෙලේ සෑහෙන ජුදෙව්වෝ පිරිසක් වහල්ලු විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.මේ අල්ලාගෙන ගිය අයගෙන් සෑහෙන පිරිසක් හොඳට කාසි බාගේ තියන ධනවත්තු වෙච්ච නිසා ඒ අයට පුළුවන් උනාලු සල්ලි ගෙවලා වහල් කමෙන් නිදහස් වෙලා යුරෝපයේ වැදගත් විදියට ජීවත් වෙන්න අවස්ථාව ලබා ගන්න.මේ අයගෙන් තමයි යුරෝපයේ යුදෙව් කොලනි බිහි වෙන්න පටන් ගත්තේ.මේ කාලෙදි සිද්ධ වෙච්ච තවත් වැදගත් සිදු වීමක් තමයි ජුදා ආගමේත් කතෝලික ආගමේත් දෙකඩ වීම. මේ කියන කාලය වෙනකොට ජේසු තුමා මිය ගිහින් අවු. 40 ක් වත් නැහැ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයින් (ජුදා ආගමින් වෙන් වෙච්ච අය වගේම යුරෝපීය නවමු සාමාජිකයින්) වේගයෙන්බිහි වෙන්නට පටන් ගත්ත යුගය.පේන විදියටනම් කතෝලික ආගම යුරෝපයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා වගේ නේද. පේදුරු තුමා ධර්මය දේශනා කරේ රෝමය මුල් කරගෙන කියලා හරී කියනවා. එයින් පස්සේ බිහි වෙච්ච ඒ ආගමේ එක එක ප්‍රභේද (සභා) ගැනනම් මම කියන්න දන්නේ නැහැ. සමහරවිට හරී කියලා දෙයි. කොහොම උනත් "රෝමානු කතෝලික" ආගම සම්බන්ධයෙන් රෝමයට වැදගත් තැනක් හිමි වෙන්න ඕන කියලා හිතෙනවා (නමේ හැටියට එහෙම වෙන්න එපයි ඉතින් :).කොහොම හරි රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වගේම ඊශ්රායල් ආක්‍රමණයත් ආගම ව්‍යාප්තියට සෑහෙන උදව්වක් වෙන්න ඇති කියලා හිතෙනවා.ජෙරුසෙලම දිහාවේ මේ දේවල් මෙහෙම වෙද්දී අර ලංකාද්වීපයේ මේ කාලෙදි උනේ මොනවද කියලා නිකමට බලමුද.කට්ටියට මතකද දන්නේ නෑ අරරජ්ජුරුවොයි දොරටු පාලයයි මාරුවෙලාඑක විජ්ජුම්බරයක් උනේ.ඊට පස්සේ අර කුමන්ත්‍රණේකින් ගැළවිලා නූලෙන් ජීවිතේ බේර ගත්තුවසභ කියලා ශ්‍රේෂ්ඨ රජෙකුත් බිහි උනේ. මේං මේ කාලෙදි තමා.හරි. ඉතින්ක්‍රි. ව. 131 දී රෝමයේ "හද්‍රියන්" අධිරාජයා විසින් ජුදයාවට අලුත් නමක් දුන්නලු. ඒ තමා "සිරියා පලස්තීනය".අන්න එහෙම තමයි ඔය ප්‍රදේශයට පලස්තීනය කියන නම මුලින්ම වැටුනේ. මේ වෙලාවේ ඔහු ගලීලයේ ඉතිරි වෙලා හිටපු ජුදෙව්වන්ගෙනුත් විශාල ප්‍රමාණයක් මරලා දාලා ජෙරුසෙලම ඔවුන් වැරදිලාවත් අඩිය නොතැබිය යුතු තහනම් ප්‍රදේශයක් බවට පත් කළා ලු.ඉන් පස්සේ තවත් වැදගත් සිද්ධියක් වෙනවා ක්‍රි. ව. 320 ගණන් වල.මේ වෙද්දීත් ඉතින් ලෝකේ බලවතා වෙලා ඉන්නේ රෝම අධිරාජ්‍යය තමා.ඔන්න එක පාරටම රෝම අධිරාජ්‍යය දෙකට කැඩිලා එයින් නැගෙනහිර කොටස "කොන්ස්තන්තිනෝපලය" අග නගරය කර ගත්තු "බයිසන්ටයින් අධිරාජ්‍යය" බවට පත් වෙනවා.ඔන්න ඒ හින්දා පලස්තීනයත් (ඉස්සර ඊශ්‍රායලය :) දැන් අයිති මේ බයිසන්ටයින් අධිරාජ්‍යය ට.මේ වෙලාවේදී ජෙරුසෙලම සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි නගරයක් බවට පත් කළා ලු.යුදෙව්වන්ට පැත්ත පළාතේ එන එක තහනම්.මෙන්න මේ කාලෙදි තමයි නියමාකාරයෙන් හීබෘ කැලැන්ඩරය බිහි වෙන්නෙත්. දන්න අය දන්නවා ඇති මේ කැලැන්ඩරය අපි පාවිච්චි කරනග්‍රෙගෝරියන් කැලැන්ඩරේට වඩා සෑහෙන වෙනස්. යුදෙව් ආගමික කටයුතු වලට මේ කැලැන්ඩරේ ගොඩක් වැදගත් වෙනවා. ඒ ගැනත්හරීගෙන්ම දැන ගන්න පුළුවන්.ඒ අව් අස්සේ බමුණු වෙස් වලා ගත්තු යුවළක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරලා ගොඩ බහිනවා ලංකාද්වීපයට. හේමමාලා සහ දන්ත. හේමමාලාව ගේ මුහුලසේ සඟවා ගෙන ආපු බුදුන් වහන්සේගේශ්‍රී දන්ත ධාතුව කිත්සිරිමෙවන් රජුටභාර කරන්නේ මෙන්න මේ කාලෙදි තමා.කොහොමහරි ඔන්න යුදෙව්වන්ට තරමක් සැනසිල්ලක් ලැබෙන කාලයක් එනවා ක්‍රි. ව. 361 දී "ජුලියන්" අධිරාජයා පත් වෙනවත් එක්ක.මේ අධිරාජයා ටිකක් හිත හොඳ කෙනෙක්. යුදෙව්වන්ට ගෙවන්න තියන අමතර බදු වලින් ඔවුන්ව නිදහස් කරලා ජෙරුසෙලමට ඇතුල් වෙන්නත් අවසර දීලා කැමතිනම් ඔවුන්ට නැවත දේව මන්දිරයක් තනා ගන්නත් අවසර දුන්නලු.අනේ ඉතින් මේක අහලා ප්‍රීතියෙන් ඉපිලිච්ච යුදෙව්වෝ ආපහු දේව මන්දිරයක් ඉදි කරන්න කියලා පර්සියන් දිස්ත්‍රික්කයේ ඉඳලා ජෙරුසෙලමට එද්දී, පර්සියන් සොල්දාදුවෝ මොකද කළේ, අර යුදෙව්වන්ව මරලා දාපු එක.ඊට පස්සේ එක පිට එක වගේ සිද්ධ වෙච්ච ජුලියන් අධිරාජයාගේ මරණයයි, මහා ගලීල භූමි කම්පාවයි නිසා මේ තෙවන වරට දේව මන්දිරය ඉදි කිරීමේ යුදෙව්වන්ගේ සිහිනය, සිහිනයක් විතරක්ම උනාලු, අද වෙනකන්ම.පලස්තීනයේ මේ විදියට භූමි කම්පා වලින් වගේම මිනිසුන් විසිනුත් මිනිස් සංහාර කරද්දී ඈත පෙරදිග මිනිසුන් වගේම තිරිසන්සතුනුත් සුවපත් කරන මහා වෙදෙක්බිහි වෙලා හිටියා. ඒ අපේ බුද්ධදාස රජතුමා.ඉතින් පස් වෙනි සියවස වෙනකොට පලස්තීනය සම්පුර්ණයෙන්ම වගේ ක්‍රිස්තියානි රටක් බවට පත් වෙලා තිබුනලු. ජන ගහනයෙන් 10% වගේ ලු යුදෙව්වෝ හිටියේ.ක්‍රි. ව. 611 දී ඔන්න බයිසන්ටයින් අධිරාජ්‍යය ට තර්ජනයක් එල්ල වෙනවා නැවතත් පර්සියන් අධිරාජ්‍යයෙන්. රෝමානු පාලනයෙන් පරිපීඩිත වෙලා හිටපු යුදෙව්වොත් මේ පර්සියානුවෝ එක්ක එකතු වෙලා ඔවුන්ට උදව් කරනවා. එහෙම කරන්නේ ඔවුන්ට ජෙරුසෙලමට ඇතුල් වීම, එහි යාඥා කිරීම වගේ දේවල් වලට අයිතිවාසිකම් දෙනවා කියන පොරොන්දු මත. ජෙරුසෙලම ඇතුළු පලස්තීනය යටත් කර ගත්තට පස්සේ පර්සියානුවෝ මොකද කරන්නේ අර යුදෙව්වන්ට වෙච්ච පොරොන්දු සේරම අමතක කරනවා.අසරණ යුදෙව්වෝ.ඉතින් යුදෙව්වෝ වැලේ වැල් නැති වෙලා ඉන්නකොට ඔන්න ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය අළු ගසා බසා දාලා නැගිටිනවා.ඉන් පස්සේ යුදෙව්වන්ට කියනවා "උඹලා පර්සියන් කාරයින්ව එළවන්න අපිට උදව් කළොත් උන් නොදීපු අයිතිවාසිකම් අපි දෙනවා" කියලා.ඉතින් පිදුරු ගහේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න යුදෙව්වොත් ඔවුන්ට උදව් කරනවා.පර්සියානුවන් පරද්දලා ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය ක්‍රි. ව. 628 දීනැවත පලස්තීනය අල්ලා ගත්තට පස්සේ අනේ ආපහු යුදෙව්වන්ට සිද්ධ වෙන්නේ අර සන්තෑසියම තමා.අයිතිවාසිකම් දෙනවා වෙනුවට ජුදා ආගම සම්පූර්ණයෙන්ම තහනම් කරලා දැම්මලු. ඒ හින්දා යුදෙව්වන් විශාල පිරිසකට ඊජිප්තුවට පැනලා යන්න සිද්ධ උනාලු.ඔන්න ඊ ලඟට ක්‍රි. ව. 638 දී මේ බයිසන්ටයින් අධිරාජ්‍යය පරාජය කරනවා තවත් අධිරාජ්‍යයක් විසින්. ඒ තමා ඉස්ලාම් අධිරාජ්‍යය. මේ කාලෙදි තමා මුහම්මද් නබි තුමා ඉස්ලාම් ආගම බිහි කරන්නේ. මෙතෙන්දි මේ ඉස්ලාම් දහම සහ මුස්ලිමුන් ගැනත් වචනයක් දෙකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මෙයාලත් යුදෙව්වන්ට නෑ කම් කියන පිරිසක් හින්දා. ~~~~~~~~~~~~~~~ඔන්න දැන්නම්කලින් ලිපියමතක් කර ගත්තොත් හොඳයි.මතකනේ අපි කිව්වා ආබ්‍රහම් දෙවියන්ට මොර ගහලා අන්තිමේ ලබා ගත්තු දරුවා අයිසෙක් (ඊසාක්) ගෙන් යුදෙව් ජාතිය බිහි උනා කියලා.හැබැයි ඉතින් දෙවියෝ පොරොන්දු වෙච්ච මේ දරුවා ලැබෙන තුරු ඉවසන්නේ නැතුව ආබ්‍රහම් ගේ බිරිඳ (සාරා) එයාගේ ඊජිප්තු සේවිකාවගෙන් (හේගාර්) දරුවෙක් ලබා ගන්න කියලා ආබ්‍රහම් ට කියනවනේ.මේ විදියට සේවිකාවගෙන් ලබා ගත්ත දරුවා තමයි ඉස්මයෙල් කියන්නේ.ඉස්මයෙල් ලැබිලා අවුරුදු 12 ක් 13 ක් විතර ගියාට පස්සේ තමයි සුජාත දරුවා වෙච්ච ඊසාක් සාරා ගේ කුසේ පිළිසිඳ ගන්නේ.එතකන් ඉවසන්නේ නැතුව දෙවියන් කෙරෙහි විශ්වාසයක් නොතබා ඉස්මයෙල් නම් දරුවා ලබා ගැනීමේ වරද නිසා අදත් යුදෙව්වෝ දුක් විඳිනවා කියලයි කියන්නේ.මොකද මුස්ලිම් ජාතිය බිහි වෙන්නේ මේ ඉස්මයෙල් ගෙන්.මෙන්න මේ රුක් සටහන පොඩ්ඩක් බලන්නකෝ.ඔය තියෙන්නේ ෆැමිලි ට්‍රී එක ආදම් සහ ඊවා ගේ ඉඳලම.මේකේ හැටියට ඇඩම් ගෙයි ඇඩම්ගේ ඉල ඇටේකින් මවපු ඊවා ගෙයි දරුවෙක් තමා සෙත්. එයාගේ පරපුරේ කෙනෙක් තමා නෝවා කියන්නේ. මේ දවස්වල නෝවා චිත්තර පටියත් යන නිසා මේ ගැන කට්ටිය දන්නවා ඇති නේ. ඒ නැතත් ඉතින් නෝවා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ.අර දෙවියන්ගේ නියෝගෙට අනුව ගං වතුරෙන් බේරෙන්න කියලා ලොකු නැවක් එහෙම හැදුවේ...ඒ ගං වතුරෙන් බේරිච්ච එකම මනුස්ස පවුල නෝවා ගේ පවුල විතරනේ.එතකොට නෝවා ගේ එක පුතෙක් තමා "හැම්" කියන්නේ.ඔහුගේ පුතෙක් වෙච්ච කානාන් ගෙන් කානාන්වරුත් (කානාන්වරු තමා පස්සෙදී ඊශ්‍රායෙල් වරුන්ගෙන් බැට කන්නේ පොරොන්දු වූ දේශයට ඇතුල් වෙද්දී) තවත් පුතෙක් වෙච්ච "මිසරියම්" ගෙන් පිලිස්තිවරුන් සහ ඊජිප්තු වැසියනුත් බිහි වෙනවා.එතකොට නෝවාගේ තවත් පුතෙක් තමා "ජාපෙත්". ඔහුගේ පුතා වෙච්ච "ජාවාන්" ගෙන් තමා ග්‍රීක ජාතිය බිහි වෙන්නේ.දැන් එතකොට නෝවා ගේ අනෙක් පුතා තමයි "ශෙම්". අන්න එයාගේ පරපුරේ කෙනෙක් තමා අපි දන්න අඳුනන ආබ්‍රහම්.එතකොට ආබ්‍රහම්ට බිරිඳගෙන් ලැබුණ පුතා ඊසක් බවත් එයාගෙන් යුදෙව් ජාතිය බිහි වෙච්ච බවත් අපි දන්නවනේ. අද කියන්න යන්නේ ආබ්‍රහම්ට සේවිකාවගෙන් ලැබුන පුතා ඉස්මයෙල් ට වෙච්ච දේ ගැන.දැන් මේ රූපෙ බැලුවම කාට හරි හිතුනනම් "ඈ යකෝ, එතකොට ආර්යයෝ, රතු ඉන්දියන්වරු,ඇබෝරජින් ලාවගේ එවුන් බිහි උනේ ඕපපාතිකවද. කියලා, ඔන්න මමනම් දන්නේ නෑ ඕන්. හරි කතාවට එමුකො. දැන් ඔන්න ආබ්‍රහම්ටයි සාරාටයි ඊසාක් ලැබුනට පස්සේ මේ දෙන්නට ඉතින් මාර සතුටුයි. අවුරුදු සීයක්ම බලාගෙන ඉඳලා අන්තිමේ ලැබුණ දරුවනේ.ඉතින් ඊසාක් ට ලැබෙන ආදරෙයි සැලකිළියි දකිද්දී ඉස්මයෙල්ට රුස්සන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ තමන්ගේ අර්ධ සොහොයුරා වෙච්චි ඊසාක් ට එක එක විදිහේ හිරිහැර කරන එක.තේරෙන බාසාවෙන් කිව්වොත් බයිට් එකට ගන්න එක.ඉතින් මේක දකින සාරාට හොඳටම තරහ ගිහින් ආබ්‍රහම්ට කියනවා ඉස්මයෙලුයි එයාගේ අම්මයි දෙන්නම පිටුවහල් කරන්න කියලා.ආබ්‍රහමුත් ඒක ඒ විදියටම කරනවා. ඉතින් මේ අම්මයි පුතයි දෙන්නා සෑහෙන දවස් ගණනක් කාන්තාරේ ඇවිදලා ලඟා වෙන්නේ කොහාටද දන්නවද.මක්කමට.මක්කමේ තියන "කබා" නම් ඝනකාකාර ගොඩනැගිල්ල හැදුවේ ඉස්මයෙල් කියලයි කියන්නේ.ඉතින් මක්කමේ පදිංචි වෙච්ච ඉස්මයෙල් විවාහ වෙලා ළමයි 12 ක් ලැබුනලු. මේ දොළොස් දෙනාගෙන් තමයි ලු අරාබි ජාතීන් පැවතෙන්නේ. අරාබි කරයේ පදිංචි වෙලා පස්සේ කාලෙක මුහම්මද් නබි ගේ ආගමනයත් එක්ක මුස්ලිමුන් බවට පත් වෙන්නේ මොවුන් තමයි.දැන් බලමුකෝ නබි තුමා මුස්ලිම් ආගම බිහි කළා කියන කතාව ගැන.ඔහු උපත ලබලා තියෙන්නේ ජේසුස් වහන්සේ ඉපදිලා අවු. 500 කට විතර පස්සේ මක්කමේදී. ඒ කියන්නේ ක්‍රි. ව. 570 විතර.ඔහුට අවුරුදු 40 දී දෙවියන් විසින් එවපු ගේබ්‍රියෙල් නම් දූතයෙක් විසින් ඔහුට කුරානය ඉගැන්නුවා කියලයි කියන්නේ. මම තව කොහේදී හරි දැක්කා ඒ කුරානය උගන්නන්නආවේ බුදුන්ගේ බුදු වීම නවත්තන්න දත කාපු මාරයා කියලත් :)එයින් අවු. 3 කට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. ව. 622 දී නබි තුමා ඒ දහම ප්‍රසිද්ධියේ දේශනා කිරීම අරඹලා මක්කමේ අනුගාමිකයොත් එක්ක "මෙදීනා" නගරයට ගමන් කිරීම ඇරඹුවාලු.මෙන්න මෙතන තමා ඉස්ලාම් ආගමේ ආරම්භය හැටියට සැළකෙන්නේ. ඉස්ලාම් කැලැන්ඩරය ඇරඹෙන්නේත් ක්‍රි. ව. 622 න් ලු.ඉතින් මේ කණ්ඩායම මෙදීනා නගරයට ගිහින් අවුරුදු 8 ක් ඇතුලතසෑහෙන පිරිසක් ඉස්ලාම් ආගමට හරවා ගන්නවා. එවැනි අය 10000 ක ගෙන් පමණ සෑදුනු හමුදාවක් එක්කනැවතත් මක්කමට ඇවිත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන් මරා දැම්මාලු. අන්‍යාගමික පිළිම, දේවස්ථාන, පන්සල් සියල්ලම විනාශ කරලා දැම්මලු.මක්කමේ ඉඳපු අරාබි ගෝත්‍රිකයන් එකවරම මුහම්මද් නබි තුමාට අවනත නොවෙච්ච නිසා තමයි මේ මෙදීනාවට ගිහින් හමුදාවක් එක්ක ඇවිත් සංහාරයක් කරන්නේ.ක්‍රි. ව. 632 දී නබි තුමා මිය යනකොට මුළු අරාබිකරයම වගේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණලු. ~~~~~~~~~~~~~~~~~~~දැන් එහෙනම් අපිට කලින් කිය කියා හිටපු කතාවට එන්න පුළුවන්.ක්‍රි. ව. 638 දී ඉස්ලාම් අධිරාජ්‍යය විසින් බයිසන්ටයින් අධිරාජ්‍යය යටත් කර ගත්තා කියලනේ අපි කිව්වේ. කාල වකවානුව බැලුවොත් නබි තුමා මිය ගිහින් අවුරුදු 6 යි. ඔහුගේ ඉගැන්වීම් හරියටම පිළිපැදපු අනුගාමිකයින් වැඩිකල් නොගොස්ම ඉස්ලාම් අධිරාජ්‍යයයේ වපසරිය සෑහෙන පුළුල් කරනවා.ඉතින් පලස්තීනයටත් සිද්ධ උනේ ඉස්ලාම් අධිරාජ්‍යයේ කොටසක් වෙන්න. ජෙරුසෙලමේ Zion දේවමන්දිරය පිහිටි තැන මුස්ලිම් සිද්ධස්ථානයක් වනDome of the Rockඉදි කරලා Al-aqsaදේවස්ථානයත් ජෙරුසෙලමේ ඉදි කරලා යුදෙව්වන්ගේ ශුද්ධ වූ භූමිය ඉස්ලාම් ආගමේ ශුද්ධ භූමියක් බවට පත් කරනවා.ක්‍රි. ව. 750 දී විතර තමන්ගේ ශුද්ධ භූමිය ආපසුලබා ගැනීම සඳහා යුදෙව්වන් එකතු වෙලා කැරැල්ලක් සංවිධානය කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.ක්‍රි. ව. 1000 විතර වෙද්දී රාම්ලේ, ගාසා, හීබ්රොන් වගේ ප්‍රදේශවල සැළකිය යුතු යුදෙව් ජන ගහනයක් සිටියා ලු. විශේෂ බද්දක් ගෙවීමෙන් ඔවුන්ට එහි පදිංචි වීමේ අවසර ලැබිලා තියනවා.මෙන්න මේ කාලේ වෙද්දී තමයි අපේ ලංකාවේ අනුරපුර රාජධාණිය චෝල බලයට නතු වෙලාඅනුරපුර යුගයේ අවසානයසිද්ධ වෙන්නේ.ඔන්න ඔය අතරේ තමයි ලතින් රෝමානු කතෝලික පල්ලියෙන් තමන්ගේ අහිමි වෙච්ච ශුද්ධ භූමි නැවත අත්පත් කර ගැනීම සඳහා Crusades කියන යුධමය කණ්ඩායම් මේ ප්‍රදේශයට එවන්නේ.මොකද ක්රිස්තියානින්ටත් ජෙරුසෙලම ශුද්ධ භූමියක්. ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා ජෙරුසෙලමත් එක්ක බැඳී පවතිනවා කියලා කලිනුත් කිව්වනේ.ඉතින් මේ කට්ටියඇවිල්ලාමුස්ලිම් සහ යුදෙව් දෙගොල්ලන්ටම පහර දෙනවා.දෙගොල්ලොන්ම ලොකු සංහාරයකට අහු වෙලා වහලුන් හැටියටත් විකිණෙනවා.Crusade කණ්ඩායම් වලට විරුද්ධව මුස්ලිමුන් කරපු සටන් වලට යුදෙව්වොත් සහය දුන්නලු.අන්තිමේසුල්තාන් සලාදීන්විසින් මෙහෙයවපු සටනෙන් ඔවුන්ව පරාද කරලා පලස්තීනයෙන් වැඩි කොටසක් ආපහු අල්ල ගන්න සමත් උනාලු.ඉන්පස්සේ යුදෙව්වන්ටත් ජෙරුසෙලමට එන්න කියලා මේ සුල්තාන් ඔවුන්ට ආරාධනා කළා ලු. හරියට අර සෑහෙන කාලෙකට ඉස්සර බැබිලෝනියාවේ වහල්ලු වෙලා හිටපු යුදෙව්වන්ට ආපහු එන්න කියලා පර්සියන් අධිරාජයා අවසර දුන්නා වගේ (ඒ විස්තර කලින් ලිපියේ ඇති).ඉතින් මේ ආරාධනාව මත යුරෝපයෙන් සෑහෙන යුදෙව් පිරිසක් නැවත තමන්ගේ ශුද්ධ භූමිය ට ඇවිත් පදිංචි උනාලු.ක්‍රි. ව. 1260 - 1290 කාලය ඇතුළත මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න ආපු මොන්ගෝලියන් වරුන්ට එරෙහිව ඉදිරිපෙළ සටන් ඇවිලුනේ පලස්තීනයේ ලු.මේ සටන්වලින් පලස්තීන සුල්තාන්වරු ජය ගත්තත් ඒකෙන් සෑහෙන ජිවිත හානියක් සිද්ධ උනාලු.සුල්තාන් සලාදීන් ගේ ආරාධනාව නිසා යුදෙව්වෝ නැවත පැමිණීම ඇරඹුවත් ඉන් පස්සේ ආපු සුල්තාන්ලාගෙන් ඔවුන්ට ආපහු කුඩම්මාගේ සැළකිලි හම්බ වෙන්න පටන් ගත්තා ලු.යුදෙව් ජාතියේ ආදිතමයන් ලෙස සැලකෙන ආබ්‍රහම්, සාරා, ඊසාක්, ජේකොබ් යන අයගේ සිරුරු තැන්පත් කළා යයි විශ්වාස කරන ගුහාව පිහිටි තැන ඉදි කළ Cave of the Patriarchs නම් ගොඩනැගිල්ල මුස්ලිම් ආයතනයක් බවට හරවා යුදෙව්වන්ටත් ක්‍රිස්තියානින්ටත් එහි ඇතුල් වීම තහනම් කළා ලු 1266 දී.මේ තියෙන්නේ ඒ ගොඩනැගිල්ල ඇතුලේ තියන ආබ්‍රහම් ගේ සොහොන කියලයි කියන්නේ.1967දී යුදෙව්වන් නැවත එහි බලය ලබා ගන්නා තුරුම මේ තහනම දිගටම පැවතුනා ලු.ක්‍රි. ව. 1400 ගණන් වල පලස්තීනයට සංක්‍රමණය වෙමින් හිටපු යුදෙව්වන් අත් අඩංගුවටත් ගත්තා ලු.යුදෙව්වන්ට ආපහු මේ විදියේ දුක්බර කාලයකට මුහුණ දෙන්න උනා.ඔන්න ඉතින් ක්‍රි. ව. 1516 දී තුර්කි සුල්තාන්වරයෙක් විසින් පලස්තීනය අල්ලාගෙන එය සිරියාවේ කොටසක් බවට පත් කරනවා.නගර කිහිපයක් එකතු කරලා යුදෙව්වන්ට බයක් සැකක් නැතුව ඉන්න වෙනම ස්ටේට් එකකට මේ සුල්තාන්ගෙන් අවසර ගන්න යුදෙව්වන්ට හැකි වෙනවා.හැබැයි මේ සැළසුම සාර්ථක වෙලානම් නැහැ. ඒ වෙනුවට 1576 දී යුදෙව් පවුල් 1000 කට වැඩි ප්‍රමාණයක් සයිප්‍රසයට පිටුවහල් කරා ලු.ඒ එක්කම කියන්න ඕනේ මේ කාලෙදි තමයි අරලොරන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැහැලාරජතුමා එහෙම බැහැ දැකලා ඒ පාරාදීසයේ පදිංචි වෙන්න තීරණේ කරේ.ක්‍රි. ව.1759 දී ආපු භූමි කම්පා මාලාවෙන්මේ ජුදා නගර වැඩි කොටසක් විනාශ වෙලා යනවා. එයින් මියයන මිනිසුන් 2000 ක් අතරේ යුදෙව්වන් ඉඳලා තියෙන්නේ 190 ක්වගේ ගණනක්.ඊ ළඟට ක්‍රි. ව. 1799 දී නැපෝලියන් බොනපාට් (මෙතනින් තවත් වංගුවක් ගැහුවොත් ප්‍රංශ විප්ලවේ ගැන එහෙමත් කතා කරන්න පුළුවන්. එව්වා ඕන නෑ) යුදෙව්වන්ට කැඳවීමක් කරනවා ජෙරුසෙලම යටත් කරගන්න උදව් කරන්න කියලා. හැබැයි මේ සැළසුම ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. ඊට කලින් ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පරදිනවා.ඒ ඉතින් හිරු නොබසින අධිරාජ්‍යය නැගලා ආපු කාලේ නේ. ලංකාවත් ඔවුන්ට යටත් වෙන්නේ මිට ටික දවසකට පස්සේ තමා.පස්සේ, ඊජිප්තුවේ මොහොමඩ් අලි ගේ කාලයෙන් පස්සේ කොහොමහරි ජෙරුසෙලමේ බහුතරය යුදෙව්වන් වෙලා හිටියලු, සමස්ථ ප්‍රදේශයේ යුදෙව් ගහනය 10% වගේ ප්‍රමාණයක් උනත්. පළවන ලෝක යුද්ධය අවසානයේ, ඒ කියන්නේ 1920 පමණ වෙද්දී පලස්තීනයේ බලය අල්ලාගෙන සිටියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය.පළමු ලෝක යුද්ධයෙන් පරාජය ලබන ජර්මනියේ, හිට්ලර් විසින් මහා යුදෙව් සංහාරය පටන් ගන්නේ මින් පස්සෙයි.හිට්ලර් ඒ තරම් යුදෙව්වන්ට වෛර කළේ ඔවුන් කොමියුනිස්ට්වාදීන් වීම නිසා බව ප්‍රධාන වශයෙන් විශ්වාස කළත් තවත් සමහරු කියන්නේ හිට්ලර්ට යුදෙව්වෙක් මරන්න උවමනා කරන එකම හේතුව ඔහු යුදෙව්වෙක් වීම විතරක් බවයි.ජේසු තුමාට මරණ දඬුවම නියම කරපු වෙලේ "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටිච්ච දෙන්" කියපු කතාව ඇත්තක් උනාදෝ කියලත් හිතෙනවා.කොහොම උනත් ආපහු මැද පෙරදිග පැත්තට ආවොත්, 1940 ගණන් වෙද්දී බ්‍රිතාන්‍ය තමන්ගේ යටත් විජිත වලට නිදහස දී ගෙන යන්න පටන් ගන්නවනේ. ඉතින් පලස්තිනයෙනුත් අයින් වෙලා යන්න ඔවුන් තීරණය කරන්නේ 1947 දී.ඒත් එක්කම පළමු ලෝක යුද්ධය අතරතුර ඔවුන් මැදපෙරදිග වාසීන්ට දීපු පොරොන්දු දෙකක් ඉෂ්ඨ කරන්නත් වග බලා ගන්නවා. ඒ පොරොන්දු දෙක තමා,1.මැද පෙරදිග බොහෝ අරාබි ප්‍රදේශ ඇතුළත් කරමින් අරාබීන්ට එක්සත් දේශයක්.2.යුදෙව්වන්ට තමන්ගේම කියලා මව් බිමක්.මෙන්න මේ දෙවැනි පොරොන්දුව අනුව තමයි 1948 දී ඊශ්‍රායලය (නැවත) බිහි වෙන්නේ.ඉන් පස්සේ ලෝකය වටේ ඉඳපු යුදෙව්වෝ තමන්ගේ මව් බිමට ආපු හැටි, එදා පටන් ඔවුන් ලබපු දියුණුව, ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුන යුධ ප්‍රහාර, මේ හැම දේමසියුස් ගේ ලිපියේවිස්තර සහිතව ලියලා තියෙනවා.මෙන්න මේ රට බෙදීමට පලස්තීනයේ ඇති අකමැත්තත් ඊශ්‍රායලයේ ඇති කැමැත්තත් නිසා හට ගත් ගැටුම් තමා තාමත් ඉවරයක් නැතුව අද වෙනකන් පවතින්නේ.ඔන්න ඔහොමයි ඉතින් ඊශ්‍රායලයේ කතාව. සෑහෙන්න දිග වැඩි උනා. තවත් කොටස් කරන්න තියන අකමැත්ත හින්දම එකේම ලියල දැම්මා ඔන්න.අසා සිටි ඔබ සැමට ස්තුතියි . |
BLOG | 2014.08.16 | http://pahanyaaya.blogspot.com/ | Thee O Jerusalem | සයුරි | මේ ළඟදී බ්ලොග් අවකාශේ කට්ටිය සෑහෙන කතා කරානේ ඔය ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන. මටනම් ඕක මුලින්ම ඇහැ ගැටුනේ අටම්ස් ගේ මෙන්න මේ පෝස්ටුවෙන්.පස්සේ ඒකෙ කමෙන්ට්ස් කියවගෙන යනකොට තමයි දැක්කේ ඒකෙ මුල් ලිපිය එළකිරියේ සියුස් ගේ කියලා.ඒ ලිපියේ නියම පින්තූර ටිකක් එහෙමත් තියනවා.ඒත් මමනම් අටම් හින්දා තමයි ඒක දැක්කේ. මම ඉතින් එළකිරිය අස්සේ රවුම් ගහන්නේ නැහැ නේ :)කොහොමහරි ඔන්න ඒක කියෙව්වට පස්සේ තමයි මට මේ යුදෙව්වෝගැන හොයන්න උණක් හැදුනේ.ඊට පස්සේ මට මතක් උනා අර හරී කියලා හරිම ඇක්ටිව් විදියට බ්ලොග් පෝස්ට් දාන එක්කෙනෙක් ඉන්නේ, අන්න එයා සෑහෙන කාලෙකට කලින් ලියපු පොරොන්දු වූ දේශය කරා කියන කතා මාලාව.අන්න ඒක මතක් උනාට පස්සේ අර හැදිච්ච උණ නිව්මෝනියාවට හැරුණා. ඉතින් මේ ගැන හොයලම මිස ගොඩ ඒමක් නැහැ. ඔන්න එහෙනම් හරියගේ කතා මාලාවෙන් පටන් ගත්තා මුල සිට කියවන්න.හරී ඒ කතාව පටන් අරගෙන තිබුනේ ජාකොබ් කියලා මනුස්සයෙක්ගෙන්. එයාගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටි තමා කියලා තිබුනේ.ඒ ජාතිය බිහි උනේ ජාකොබ් ගේ සීයා වෙච්චේ ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ඇති වුන ගිවිසුමකට අනුව කියලත් හරී කියලා තිබුණා.ආබ්‍රහම් කියන්නේ කාටවත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වෙච්ච මනුස්සයෙක් ලු. එයා වයසට යනකන්ම ඔහුටත් ඔහුගේ බිරිඳ සාරා ටත් දරුවෙක් ලැබුනේ නැහැ ලු. ඉතින් මේකට හොඳටම හිතේ දුකෙන් ඉඳපු ආබ්‍රහම් දවසක් දෙවියන් වහන්සේට මොර ගැහුවලු නේ දරුවෙක් නෑ කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ලු අර ගිවිසුම ඇති උනේ. ඒකට අනුවආබ්‍රහම්ගෙන් මහා ජාතීන් බිහි කරනවා කියලා දෙවියන් පොරොන්දු උනාලු. ඒ ගිවිසුමට අනුව තමා එයාගෙන් පැවතෙන ජාතියේ අය අර "චර්මඡේදනය" කියන එක එහෙම කරන්නේ.දරුවෙක් නැති කම හින්දා තමන්ගේ මනුස්සයා දුක් වෙන හැටි බලාගෙන ඉන්න බැරි හින්දාම සාරා තමන්ගේ ඊජිප්තු සේවිකාව වන "හේගාර්" ව ආබ්‍රහම්ට පාවලා දෙනවා, මැය ගෙන් වත් දරුවෙක් ලබා ගන්න කියලා.ඉතින් හේගාර්ට ලැබුන දරුවා තමයි "ඉෂ්මයෙල්".මුස්ලිමුන් පැවතෙන්නේ ඉෂ්මයෙල් ගෙන් කියලයි කියන්නේ. ෆැමිලි ට්‍රී එකේ මේ අත්ත ගැන එච්චර හොයන්න බැරි වෙච්ච නිසා ඒ ගැනනම් වැඩිය කියන්න දන්නේ නැහැ.පස්සේ වෙලාවක ඒ ගැනත් හොයලා බලන්න ආසාවෙන් තමා ඉන්නේ.කෝම හරි මේ ඉෂ්මයෙල් ලැබුනට පස්සේ ඔන්න සාරාටත් දරු ගැබක් පිහිටියා ලු. සාරාගෙන් ආබ්‍රහම්ට ලැබුණ දරුවා තමයි "ඊසාක්".ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දරුවා. පොරොන්දුව අනුව ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙන්නේ මොහු හරහා.කොහොම උනත්තමන්ගේ සුජාත දරුවා ලැබෙන තුරු ඉවසීමෙන්, දෙවියන් කෙරෙහිවිශ්වාසයෙන් නොඉඳ ආබ්‍රහම්අනියම් ආකාරයකින් දරුවෙක් ලබා ගැනීමේ විපාක ඔවුන් පසු පස්සේ අද වන තුරුත් එනවාකියලයි කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ගැන. එක ජාතියක් වෙනුවට එකම පියාගෙන් පැවතෙන ජාතීන් දෙකක් බිහි වීම (වෙනස් මව්වරුන්ගෙන් උනත්). ඒ ජාතීන් දෙක එකම ශුද්ධ වූ බිම් කඩකට උරුම කම් කියමින් ඇන කොටා ගැනීම.නොඉවසිල්ලේ ප්‍රතිවිපාක දැක්කා නේද. ඔන්න කවුරු කවුරුත් මීට පස්සේ ඉවසිල්ලෙන් වැඩ කරනවා හොඳයි මේ වගේ කාරණා සම්බන්ධව ;).එතකොට ඊසාක් ගේ බාල පුතා තමයි ජාකොබ් කියන්නේ. එතන ඉඳන් ජාකොබ්ගේ දරුවන්ගෙන් ඊශ්‍රායෙල් ජාතිය බිහි වෙච්ච හැටිත් ඔවුන්ට ඔවුන්ගේ පොරොන්දු වූ දේශය වෙච්ච ඊශ්‍රායලය ලැබිච්ච හැටිත් (ඉස්සර නම් කානාන් දේශය) හරිම ලස්සනට හරී ලියලා තියනවා.ඔවුන් මිසරයේ පරම්පරා ගානක් වහල් කම් කරලා අන්තිමේ මෝසස්ගේ නායකත්වය යටතේ එයින් මිදිලා පොරොන්දු වූ දේශයට එන අතර මගදී දස පනත ලැබුන හැටි එහෙමත් ඒකෙ විස්තර කරලා තිබුණා.ඉතින් එහෙමයි ඔවුන් කානාන් දේශයට ඇවිත් තමන්ගේම කියලා රටක් ගොඩ නගා ගන්න මුල් පියවර තිබ්බේ.ජාකොබ්ගේ පුත්තු දොළොස් දෙනාගෙන් ඇති වෙච්ච ගෝත්‍ර වලට වෙන වෙනම ඊශ්‍රායලයේ ප්‍රදේශ වෙන් කරලා ඒ ප්‍රදේශ පුතුන් ගේ නම් වලින් හඳුන්වපු හැටි හරී ගේ ලිපියේ විස්තර කරලා තිබුණා. ඒ ගෝත්‍ර දොළහෙන් එක ගෝත්‍රයක් තමා ජුදා ගෝත්‍රය. පැහැදිළි වෙන්නත් එක්ක අවසානයේ රට බෙදපු විදිහ දැක්වෙන සිතියම පහලින් දානවා.කොහොම උනත් ඒ වෙද්දී බිලිඳු බිලි පූජා ආදිය පවත්වමින් ගෝත්‍රික දිවි පෙවෙතක් ගෙවපු කානාන්වරුන්ගේ දේශයට පිවිසෙන එක ඔවුන්ට එච්චර ලේසි උනේ නැහැ.කානාන්වරුන්ගේ තිබ්බ මේ ම්ලේච්ඡ ගති සිරිතුත් හේතුවක් උනාලු දෙවියන් වහන්සේ කානාන් දේශය ඊශ්‍රායෙල්වරුන්ට ලබා දෙන්න පොරොන්දු වෙන්න. කානාන් දේශයේ ජීවත් වෙච්ච හැම ජාතියක්ම වගේ මොවුන් එක්ක සටනට ආවා.ඒ අතරවාරයේ තමයි ගෝත්‍ර දොළහෙම ඊශ්රායෙල්වරු එකතුවෙලා ඔවුන්ගේ පළමු රජු හැටියට "සාවුල්" පත් කරගන්නේ.ඔහු අර ගෝත්‍ර දොළහෙන් බෙන්ජමින් ගෝත්‍රයට තමා අයිති වෙන්නේ. මේ කාලයේදී පිලිස්තිවරු එක්ක ඇති වෙච්ච සටනකදී ගලායත් කියන යෝධයාව පරද්දපු පුංචි ඩේවිඩ් ගැන හරී ලියලා තියනවා දාවිත්ගේ ගල් පටිය කියන ලිපියේ.ඒකත් රස කතාවක් තමා.ඉතින් සාවුල් රජ්ජුරුවොන්ට බැරි වෙච්ච වැඩේ මේ ඩේවිඩ් කියන කොලු ගැටයා කරපු නිසා ඔහු වීරයෙක් බවට පත් වෙනවා වගේම සාවුල් ගෙන් පස්සේ රජ වෙන්නෙත් මේ ඩේවිඩ් එහෙම නැත්නම් දාවිත් තමා. ඔහු අයත් වෙන්නේ ජුදා ගෝත්‍රයට. ජේසුස් වහන්සේත් මේ දාවිත්ගේ පරම්පරාවේ කෙනෙක් කියලයි කියන්නේ.දැන් ඉතින් මේ වීර නායකත්වය යටතේ ඔවුන් සටන් ජයග්‍රහණය කරාට පස්සේඩේවිඩ් රජතුමාගේ එකම අභිප්‍රාය උනේ ගෝත්‍ර මානසිකත්වයෙන් මිදිලා ඊශ්රායලය එකම රටක්, ජාතියක් බවට පත් කරන එක.ඒ සඳහා මුලින්ම ඔහු කළේ අගනගරය පිහිටුවන්න සුදුසු තැනක් බලන එක.කිසිම ගෝත්‍රයකට අයිති නොවෙන බිම් කඩක් ඒ සඳහා සුදුසුයි කියලා ඔහු හිතුවා. හරියට ඇමරිකාවේ වොෂින්ග්ටන් D . වගේ.ඒ තමා බෙන්ජමින් ප්‍රදේශයත් ජුදා ප්‍රදේශයත් අතර මායිමේ පිහිටි "ජෙරුසෙලම".ජෙරුසෙලමේ ඔවුන්ගේ ශුද්ධ වූ දේවස්ථානය (Holy temple එහෙම නැත්නම් Zion) ඉදි කරන්නේ ඩේවිඩ් ගේ පුතා වන "සොලමන්".ඒ ක්‍රි. පූ 957 දී.මෙය ඊශ්‍රායෙල්වරුන්ට ලෝකේ ඇති වැදගත්ම, පූජනීයම ස්ථානය කිව්වොත් හරි.හරියට ලාංකිකයින්ට දළදා මාලිගාව වගේ.දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පරික්ෂා කරන්න හිතාගෙන ඔහුගේ පුතා ඊසාක්ව තමන්ට බිලි දෙන්න කියලා අණ කලාලු නේ. අවසාන මොහොතේ දේව දූතයෙක් ඇවිත් මේ වැඩේ නතර කළා ලු. මෙන්න මේ සිද්ධිය උනේ ජෙරුසෙලමේ "මවුන්ට් මොරයා" නම් ස්ථානයේදී ලු. ඒ නිසා Holy temple ඉදි කරන්න එතන තෝරා ගන්න ඇති. අදටත් යුදෙව්වන් යාඥා කරන්නේ ජෙරුසෙලම පිහිටි දිශාවට හැරිලා.ආගමික වශයෙන් විතරක් නෙමෙයිභූගෝලීය වශයෙනුත් ජෙරුසෙලමේ වගේම ඊශ්රායල් රටෙත් ලොකු වැදගත් කමක් තියනවා. කතාවට කියන්නේ ජෙරුසෙලම පිහිටලා තියෙන්නේ ලෝකේ හරි මැද කියලා (දෙවියන් තෝරාගත් ජාතියට ඊශ්‍රයලයම දෙන්න හිතුවේ මේ හින්දද දන්නේ නෑ නේද.).බටහිරින් යුරෝපයටත් නැගෙනහිරි ආසියාවටත් පහළින් අප්‍රිකාවටත් මැදි වෙච්ච ඊශ්‍රායලය සහ රට මධ්‍යයේ පිහිටි ජෙරුසෙලම.මේ තියෙන්නේ තවත් ලස්සන පින්තූරයක්.ඔය පින්තූරේ මැද බුබුලක් වගේ පේන්නේ Holy temple නෙමේ හොඳේ.ඊශ්‍රායෙල්වරුන්ගේ temple එකවිනාශ උනාට පස්සේ කාලෙක මුස්ලිම්වරුන් එතන ඉදි කරපු Dome of Rock කියන එක තමා ඔය පේන්නේ. ඒවා ගැන ඉතින් පස්සේ කතා කරමුකෝ.ඉතින් ඩේවිඩ් අගනගරය බවට පත් කරපු ජෙරුසෙලමේ සොලමන් ඔවුන්ගේ ශුද්ධ වූ පන්සල ඉදි කරනවා.මේ රජවරු සැළකෙන්නේ ඊශ්‍රායල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජවරු හැටියට.හරියට අපිට දුටුගැමුණු විජයබා වගේ.සොලමන්ගේ රාජ්‍ය කාලය ඊශ්‍රායලයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් හැටියට සළකන්න පුළුවන්.ඒත් අවාසනාවකට මේ ශ්‍රේෂ්ඨ සොලමන් රජතුමාත් දෙවියන්ගේ වචනයට පිටින් යනවා.Holy temple එකට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයක මොලැබ්වරුන්ගේ සහ අමොනයිට් වරුන්ගේ දෙවිවරුන් උදෙසා දේවස්ථාන ඉදි කරනවා.ඔහුගේ විදේශීය භාර්යාවන් නිසයි එහෙම කරන්නේ.ඒත් දෙවියන් වහන්සේ දස පනත දෙද්දී මොවුන්ට කිව්වනේ ඔවුන්ගේ එකම දෙවියා තමා විය යුතු බවත් වෙනත් දෙවි වරුන් පිළි නොගත යුතු බවත්.ඒ නිසා මෙයින් උදහසට පත් වුන දෙවියන් වහන්සේ සොලමන්ට දැනුම් දුන්නලු "මාගේ වචනයට පිටු පෑමේ විපාක වශයෙන් මේ ඊශ්‍රායල රාජ්‍ය කැබලි වී ඔබෙන් ගිලිහී යනු ඇති. එය ඔබගේ පුත්‍රයාගේ කාලයේදී සිදු වනු ඇති. එහෙත් ඩේවිඩ් නිසාවෙන් මුළු රාජ්‍යම ඔහුට අහිමි නොවී එක කොටසක් පමණක් ඔහුට අයත් වෙනු ඇති"කිව්වත් වගේම ඒක සිද්ධ වෙනවා. සොලමන්ගේ පුත් රෙඔබෝම්, සොලමන් තරම් බුද්ධිමත් කෙනෙක් නෙමේ. ඔහු රජ වුනාට පස්සේ වැඩිහිටි බුද්ධිමත් ඊශ්‍රායෙල්වරුන්ගේ උපදෙස් නොගෙන මෝඩ සගයින්ගේ උපදෙස් පිළිපැදීම නිසා ඊශ්‍රායලය දෙකඩ වෙනවා.රටේ උතුරු කොටසේ ගෝත්‍ර 10 කට අයත් ප්‍රදේශ එක බල ප්‍රදේශයක් විදියටත් (Kingdom of Israel) ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර වලට අයත් දකුණු කොටස, ජෙරුසෙලමද ඇතුළුව, රෙඔබෝම් යටතේ තවත් බල ප්‍රදේශයක් හැටියත් (Kingdom of Judaa)වෙන් වෙනවා. ~~~~~~~~~~~~~~~~~~මෙයින් සෑහෙන කලකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. පූ 600 දී විතර මේ රාජ්‍ය දෙකෙන් ගෝත්‍ර 10 ක් ජීවත් වෙච්ච ඊශ්‍රායල් රාජ්‍ය අසිරියානුවන් විසින් ආක්‍රමණය කරනවා.ක්‍රි. පූ 586 දී බැබිලෝනියා අධිරාජ්‍ය විසින් දකුණු රාජ්‍ය වූ ජුදා රාජ්‍යයත් ආක්‍රමණය කරනවා.මේ වෙලාවේදී තමයි බැබිලෝනියානුවන් විසින් ජෙරුසෙලමේ පිහිටි Holy temple එක කඩලා බිමට සමතලා කරලා දාන්නේ.ඉන් පස්සේ ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් සේවයට අරගෙන යනවා.කට්ටිය අහල ඇති නේද මේ සිංදුව. ලස්සන සින්දුවක්...ජුදා ගෝත්‍රිකයින් බැබිලෝනියාවට අරගෙන යන ගමනේදී බැබිලෝනියාවේ ගං තෙරක වාඩි වෙලා තමන්ගේ විනාස වෙලා ගියපු දේවස්ථානය මතක් කරමින් වැළපෙන හැටි තමයි ඒ ගීතයෙන් කියන්නේ.මධුරංග කාලෙකට කලින් ලියපු ජෙරුසෙලමේ බිඳ වැටීම පොස්ටුවේ මේ සිද්ධිය විස්තර සහිතව ලියලා තියනවා.මෙතන මේ බැබිලෝනියාවේ ගං තෙර කියලා කියන්නේ යුප්‍රටීස් ගඟට වෙන්න ඕනේ. බැබිලෝනියාව කියන්නේ යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දෙක අතර පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් කොටසක් නේ.වර්තමානයේ හැටියටනම් ඉරාකයේ කොටසක්.මේ තියෙන්නේ ජුදෙව්වන් බැබිලෝනියාවට අරගෙන ගියපු මාර්ගය පෙන්වන සිතියම.ඉතින් ජුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කම් කරපු කාලය අවසාන වෙන්නේ බැබිලෝනියා අධිරාජ්‍යය බිඳ වැටිලා පර්සියානු අධිරාජ්‍යයේ නැගී ඒමත් එක්ක.පර්සියානු අධිරාජ්‍යයා වන "සයිරස්" ජුදෙව්වන්ට අවසර දෙනවා නැවත ජෙරුසෙලමට ගිහින් තමන්ගේ ශුද්ධ වූ දේවස්ථානය ගොඩ නංවන්න කියලා.ඒ ක්‍රි. පූ 516 දී.ඒ අනුව නැවතත් ජෙරුසෙලමේ දෙවැනි ශුද්ධ වූ දේව මන්දිරය ගොඩ නංවලා පර්සියන් අධිරාජ්‍යය යටතේ පාලනය වෙන රටක් බවට ඊශ්‍රායලය පත් වෙනවා.මෙතනින් පස්සේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල්වරුන් හැටියට හැඳින්වෙන්නේ ජුදා ගෝත්‍රයේ අය. අර කලින් ගෝත්‍ර 10 ක් වාසය කරපු උතුරු කොටස අසිරියාවට යටත් උන තැන ඉඳලා ඔවුන්ට සිදු වෙච්ච දේ ගැන හරි හැටි තොරතුරක් හොයා ගන්න බැරි උනා.අදඔවුන්ව හඳුන්වන්නේ 10 Lost tribes විදිහට. ජෙරුසෙලම පිහිටපු දකුණු කොටසේ හිටියේ ජුදා සහ බෙන්ජමින් ගෝත්‍ර නේ. එයිනුත් බහුතරය ජුදා.ඉතින් second temple period කියන මේ කාලයේ තවත් අවුරුදු 500 ක් විතර යනකන් විශේෂ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. ඒ කාලය තුළ බයිබලයත් නිහඩයි, ක්‍රි. ව. 0 දී දවසක රාත්‍රී අහසේ අසිරිමත් වල්ගා තරුවක් පායන තුරු... ~~~~~~~~~~~~~~~~~ශ්‍රේෂ්ඨ නරපති ඩේවිඩ් ගෙන් පැවතෙන ජුදෙව්වෙකු වූ ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ ජෙරුසෙලමට දකුණින් පිහිටි බෙත්ලෙහෙමේ.ඒ වෙලාවේ ජේසු බිළිඳා බලන්න පෙරදිගින් ගිය රජ තුන් කට්ටුවේ එක්කෙනෙක් අපේ බාතිකාභය රජතුමා කියලත් මතයක් තියනවා.ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා (කැප කිරීම, අවසන් භෝජන සංග්‍රහය, මරණය වැනි) ජෙරුසෙලම සහ ඒ අවට ප්‍රදේශ සමග සම්බන්ධ වන නිසා ජෙරුසෙලම ක්‍රිස්තියානීන් ටත් වැදගත් තැනක් ළෙස සැළකෙනවා.ඉතින් ජේසු තුමාගේ උපතේ සිට මරණය දක්වා කාල පරිච්ඡේදය ගොඩක් දෙනා දන්නා එකක්.හරී ත් තවත් පෝස්ට් වැලක් ලිව්වා ජේසුස් වහන්සේ ගේ ජීවිත කතාව ගැන.ඒ ටික බැලුවොත් ඒ වෙද්දී තිබ්බ ජුදා සමාජය ගැන එහෙම හොඳ වැටහීමක් ගන්න පුළුවන්.ඒ එක්කම කියන්නේ ඕනේ මේ වෙද්දී ඊශ්‍රායලයට අයත් ප්‍රදේශය රෝම අධිරාජ්‍යයට යටත්ව එහි කොටසක් හැටියටයි පාලනය උනේ. ඒකනේ ජේසුස් වහන්සේට මරණ දඬුවම ඉල්ලලා දෙන්න කියලා රෝමන් ආණ්ඩුකාරවරයෙක් වෙච්ච "පොන්තියුස් පිලාත්" ගාවට අරගෙන යන්නේ.හැබැයි පිලාත් මරණ දඬුවම නියම කරන්නේ එයාගේ උවමනාවට නෙමෙයි. ජුදෙව්වොන්ගේ කෑගැහිල්ලට (මෙතන වැඩි හරියක්ම පූජක පන්තියේ සහ ඉහළ පන්තිවල අය තමා). අන්තිමට බැරිම තැන "මේ මිනිසාගේ ලේ ගැන මම නිදොස්" ය කියලා මරණ දඬුවම කැමති විදියට කරගන්න අවසර දීපු හැටි හරී ගේ ලිපියේ තියනවා. එවෙලේ ජුදෙව්වෝ කිව්වලු "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටේවා" කියලා.ඔවුන්ගේ ජාතිය මෙච්චර කලක් තැලිච්ච පොඩි වෙච්ච හැටි පේන්න තියෙද්දී ඒ කතාව ඇත්ත වෙලා කියලා හිතෙනවා නේද.කොහොමහරි ඔන්න ජුදෙව්වෙක් වී උපන් ජේසුස් වහන්සේ ඉතිහාසය දෙකඩ කරන්න සමත් වෙනවා. ජුදෙව්වන් වගේම යුරෝපීයයනුත් ඔහුගේ අනුගාමිකයින් බවට පත් උනා. ලෝකයේ ආගම් අතරට ක්‍රිස්තියානි ආගමත් එකතු උනා වගේම එය ජුදා ආගමට වඩා ජනප්‍රියත් උනා. රෝමානුවන් හරහා එය යුරෝපයට පැතිරෙන්න ඇති.ඉතින් ජේසුස් වහන්සේගේ මරණය සිද්ධ වෙන්නේ ක්‍රි. ව. 33 දී. ඊට පස්සේ තවත් අවාසනාවන්ත යුගයක් ජුදෙව්වන්ට උදා වෙනවා. මේ වෙද්දී රෝමන් වරුන් උතුරු ඊශ්‍රායලය (ගලීලය) වගේම දකුණු කොටසේ (ජුදයාව) පාලනයත් අතට අරගෙන නේ තිබුනේ.පාලන කටයුතු විතරක් නෙමෙයි ඔවුන් ජුදෙව්වන්ට හරි හරියට හිරිහැරත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කොහෙත් වෙනවා වගේ රෝම අධිරාජ්‍යයට විරුද්ධ කැරළි කණ්ඩායම් බිහි වෙන්න පටන් ගත්තා.ඒවාට ප්‍රති උත්තර දීපු රෝමන්වරුන් අවසානයේදී ජෙරුසෙලමට කඩා වැදිලා ඔවුන්ගේ දෙවැනි ශුද්ධ වූ දේවස්ථානයත් බිමට සමතලා කරලා පුළුස්සලා දානවා. මේ විනාශය බලාගෙන ඉන්න බැරි වුනු ජුදෙව්වෝ විශාල ප්‍රමාණයක් සිය දිවි නසා ගත්තලු. මේ සිද්ධිය වෙන්නේ ක්‍රි. ව. 70 දී.මේ තියෙන්නේ දැනට ඊශ්‍රායල් කෞතුකාගාරයේ තියෙන මේ දේව මන්දිරයේ අනුරුවක්.අන්තිමේඑයින් නටබුන් හැටියට ඉතිරි වෙන්නේ අද western wall නමින් හැඳින්වෙන තාප්ප කොටස විතරයි.ඒ නිසයි ඔවුන්ට මේ තාප්පය අන් හැම දේකටම වඩා අද වටින්නේ. ඔවුන් මේකට යාඥා පවත්වනවා දැකලා ඇති නේද.ඔවුන්ගේ පළමු දේව මන්දිරයත් දෙවැනි මන්දිරයත් විනාශ කිරීම සිහි කරලා අදත් ඊශ්‍රායල් ජනතාව ජාතික දිනයක් සමරනවා. සමරනවා කිව්වට ඒක "වැළපෙන දිනයක්" හොඳේ. "Mourning day"කියලයි කියන්නේ.ජුදා විවාහ උත්සවයකදී මේ සිද්ධි මතක් කරලා මනාල මහත්තයා වීරුවක් බිඳිනවා ලු.ඒ වගේම බොහොමයක් ජුදා ගෙවල්වල මෙය සිහි කිරීමට බිත්තියකින් කොටසක් සම්පූර්ණ නොකර ඉතිරි කරනවලු."If I forget thee, O Jerusalem, Let my right hand forget her skill"ඉතින් මේ විනාශයෙන් පස්සේ ජුදෙව්වෝ 10000 කට අධික ගණනක් වහලුන් විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.එයින් පස්සේ තමයි ජුදා ජාතිය තමන්ගේ හදවතට සමාන ජෙරුසෙලමෙන් ඈත් වෙලා ගිහින් යුරෝපයේ කොලනි වල ජිවත් වෙන්න පටන් ගත්තේ. ඒ විස්තරත් එයින් පස්සේ මොවුන් ගැන සෑහෙන විස්තරයකුත් තියන නිසා මේ ලිපිය මෙතනින් නැවත්තුවොත් හොඳයි කියලා හිතෙනවා. දැනටමත් හොඳටම දිග වැඩියි වගේ. කී දෙනෙක් මගින් හැරිලා ගියාද කියලා ෂුවර් නෑ :Dඑහෙනම් ඉතින් මින් පස්සේ දෙවියන් වහන්සේ තෝරා ගත් ජාතිය වෙච්චිජුදා ජාතියට හිමි වෙච්ච ඉරණමත් තවත් අවු. 500 කට විතර පස්සේ තවත් ආගමක් ලෝකෙට පහළ වෙච්ච හැටි එහෙමත් ඊ ළඟ ලිපියේ කතා කරන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්.ප. ලි. ඔන්න දැම්මම කියන්නේ මේ ලිපියේ වැරදි තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. මොකෝ මම මේවා කියවලා බැලුවේ මේ ලඟදි නිසා. මේවා ගැන මීට වැඩි දැනුමක් තියන ඕන තරම් අය ඉන්නවා මේ බ්ලොග් අවකාසේ. ඉතින් පුළු පුළුවන් හැටියට වැරදි නිවැරදි කරන්න කියලා ඉල්ලනවා.ඒ වගේම මේ ලිපිය කිසිම ආගමකට, ජාතියකට අපහාස කරන්න ලියපු එකක් නොවන බවත් කියන්නම ඕන. කොහොමත් මට මේ ගැන පැත්තක් ගන්න විදිහක් නැහැ. මොකෝ මම යුදෙව්වෙක්වත්, ක්‍රිස්තියානිවත් මුස්ලිම්වත් නෙවෙයි හින්දා. ඕං එහෙනං මං ගියා. |
BLOG | 2014.08.05 | http://pahanyaaya.blogspot.com/ | ද අල්මේදලා - රාජාවලිය XXXVI | සයුරි | ඔන්න එහෙනම් ඊ ළඟ රාජාවලිය ලිපිය. පටන් ගත්ත එකේ ඉවරයක් තියෙන්නත් එපැයි. හාවා හඳ බලනවා වගේ රාජාවලිය දානවා කියලා දැනටමත් බැනුම් අහලා තියෙන්නේ. මාස දෙකකට එකයි :D එහෙනම් ඔන්නගියපාර ලිපියනතර කලේ දෙවන ජයබාහු රජතුමා රජ වෙච්ච තැනින්.මතකයිනේ අර උලකුඩය දේවියට පුතෙක් ඉල්ලලා ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය එහෙම ලිව්වේ. අන්න ඒ හම්බු වෙච්ච පුත්‍රයා තමයි මේ ජයබාහු රජතුමා.හැබැයි ඉතින් මෙතුමාට රජ කරන්න වෙන්නේ ටික කාලයයි. හයවන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කිරීමේ මෙහෙයුමේදි යාපනේ අල්ලගන්න කියලා යවපු සපුමල් කුමාරයාමතකයි නේද. අන්න එයා මේ ජයබාහු රජතුමාව මරලාබුවනෙකබාහු VI(ක්‍රි. ව. 1472 - 1480) නමින් රජ වෙනවා.වලවේ සහ කළු ගංගා නිම්නවල වැසියන් මේ රජතුමාට ඒ තරම්කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් රජුට එරෙහිව නැගී සිටිනවා.හේතුව ගොඩක් දුරට පැහැදිළියි. සපුමල් කුමාරයාගේ පියා දෙමළෙක් කියලා කියනවනේ.යාපනයේ නල්ලූර් කෝවිල කෙරෙව්වේත් මෙතුමා බව කියවෙනවා.ඉතින් මේ කැරැල්ල මැඩපවත්වන්න කියලා රජතුමා ගේ සහෝදරයා වෙච්ච අම්බුලුගල කුමාරයාව පිටත් කරලා හරිනවා.ඒ අවස්ථාවේදී කැරැල්ල නැවතුනත් නැවත නැවතත් සතර කෝරලේ, කන්ද උඩරට වැනි ප්‍රදේශ වලින් රජුට විරුද්ධව කැරලි කරුවන් බිහි වෙනවා."සේනාසම්මත වික්‍රමබාහු" නම් කුමාරයෙක් කඳු රට ප්‍රදේශය කෝට්ටේ රාජධානියෙන් නිදහස් කරගෙන වෙනම ස්වාධින පාලනයක් පවා ගෙන ගිහින් තියනවා.මේ හේතු නිසා රටේ නැවතත් අස්ථාවර බවක් ඇති වීම කණගාටුවට කරුණක්.හයවන බුවනෙකබාහු රජු මිය යාමෙන් පසු ඊ ලඟටපරාක්‍රමබාහු VII(ක්‍රි. ව. 1480 - 1484) නමින් රජ උනේ ඔහුගේ පුත්‍රයා බව කියවෙනවා.දැන් ඉතින් අර සතර කෝරලේ පාලන කටයුතු කරගෙන හිටපු අම්බුලුගල කුමාරයාට මේක හිතට අල්ලන්නේ නැහැ.ඉතින් ඔහු කරන්නේ හමුදාවකුත් අරගෙන මීට විරුද්ධව සටනට එන එක.අම්බුලුගල කුමාරයා සටන් ජයග්‍රහණය කරමින් අගනුවරට පිවිසෙද්දී අසරණ වෙන හත්වන පරාක්‍රමබාහු රජතුමා අන්තඃපුර කාන්තාවන් සතුරන් අතට පත් වෙන්න කලින් ඔවුන්ව මැරෙව්වා ලු. ඉන්පස්සේ මාළිගයේ දොරටු ඇරලා සතුරන් එනතුරු ඉවසීමෙන් බලාගෙන හිටියා ලු.එදා රාත්‍රියේ මාලිගාවට ඇතුල් වෙන අම්බුලුගල කුමාරයා රජු ඇතුළු පිරිස මරා දාලාවීර පරාක්‍රමබාහු VIII(ක්‍රි. ව. 1484 - 1509) නමින් රජ වෙනවා.දැන් ඉතින් වීර පරාක්‍රමබාහු රජතුමාට උවමනා වෙනවා කන්ද උඩරට ඇති වෙච්ච කැරලි මැඩපවත්වන්න.ඔහු ගඩලාදෙනිය දක්වා භූමිය ජය ගනිමින් සාර්ථකව ගමනේ යෙදෙනවා. ගඩලාදෙණියේදී කැරලි නායකයා රජුට යටත් වී සමාව ඉල්ලනවා.රජතුමා මේ සිද්ධිය ගැන ගඩලාදෙණිය සන්නසේ සටහන් කරවනවා.මේ රජතුමාට අගබිසවගෙන් පුතුන් හතර දෙනෙකුත් ("ධර්ම පරාක්‍රමබාහු", "විජයරත්න", "රාජසිංහ" සහ රයිගම බණ්ඩාර) අග බිසවගේ සොයුරියගෙන් තවත් පුතුන් දෙදෙනෙකුත් ("සකලකලා වල්ලභ", "තනිය වල්ලභ") සිටියා ලු.මේ කාලයේදී හලාවත ප්‍රදේශයේ මුතු කිමිදීමේ සහ ඇතුන් දඩයමේ යෙදුනු මුස්ලිම්වරයෙක් සමග සටන් කිරීමට පිටත් වෙන මේ "වල්ලභ" අයියා මලෝ දෙදෙනා ඔහුව මරා දමා ඒ ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට සමත් වෙනවා. ~~~~~~~~~~~~~~මම හිතන්නේ හැමෝම දන්නවා පරංගින් එහෙම නැත්නම් පෘතුගීසීන් අපේ රටට ගොඩ බැස්සේ ක්‍රි. ව. 1505 දී බව.ඒ කියන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේදී.මේ මුල් පරංගි කණ්ඩායමේ නායකයා උනේ "ලොරන්සෝ ද අල්මේදා". හොඳට අහල පුරුදු නමක් නේද.ඒ වෙද්දී ගෝවේ පාලන කටයුතු කරමින් හිටපු "ෆ්රැන්සිස්කෝ ද අල්මේදා" ගේ පුතා තමයි මේ ලොරන්සෝ ද අල්මේදා.ගෝව අවට මුහුදේ අනවසර අරාබි නැව් ගැන සොයා බලන්න පිටත් කරපු මේ ලොරන්සෝ ඇතුළු කණ්ඩායම තමයි කුණාටුවකට අහු වෙලා අහම්බයකින් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ.ඔවුන් ගොඩ බැස්සේ ගාල්ල ප්‍රදේශයට බව සමහරු විශ්වාස කරත් ඔවුන් කොළඹට ගොඩබැස්ස බව තවත් සමහරු විශ්වාස කරනවා.තවත් මතයක් තමයි ඔවුන් මුලින්ම ගාල්ලේ නැංගුරම් දාලා පසුව කොළඹින් ගොඩ බැස්සා කියන එක. එහෙම ගොඩ බැහැපු පරංගි කණ්ඩායම පාන් කකා වයින් බොන ගමන් මුණ ගැහිච්ච අපේ සිංහල සෙට් එකකින් ඇහුවලු නේ රටේ පාලකයා හම්බ වෙන්නේ කොහොමද කියලා.ඒ පාර අපේ අය මේ කට්ටියව මහා වටරවුම් පාරකින් රජතුමා හම්බ වෙන්න එක්ක ගියාලු දින තුනක් තිස්සේ. ඒ අතරේ කෙටි පාරවල් වලින් වතු උඩින්, ඒ දඬු උඩින් එහෙම පැන පැන මාලිගාවට ගියපු තවත් කට්ටියක්රජතුමාට කලින්ම දැනුම් දුන්නලු "අන්න රජතුමනි තිරුවානා ගල් කකා ලේ බොන මිනිස්සු ජාතියක් ඔබතුමා හමු වෙන්න මග එනවා" කියලා. අන්න එහෙමලු අපේ කට්ටිය පරංගියා කෝට්ටේ එක්ක ගියේ.ඉතින් මේ පරංගින් රජතුමා එක්ක සාකච්ඡා එහෙම තියලා අන්තිමේ එකඟත්වයකට ආවලු ලංකාවේ කුරුදු ඵලදාවෙන් කොටසක් පරංගි දේශයට යැවීමටත් ඒ වෙනුවට ඔවුන් විසින් ලංකාවේ වෙරළ සතුරන්ගෙන් ආරක්ෂා කර දීමටත්.මේක නිකන් හතරරියන් සහ දෙරියන් ගේ සම්මුතිය වගේ කියලා රජතුමාට එවෙලේ තේරෙන්න නැතුව ඇති (මේ සම්මුති වලට එළඹුණේ අටවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතා වෙච්චි ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් එක්ක කියලාත් සඳහන් වෙනවා).ඔය පරංගින් මේ රටට ආවට පස්සේ අපේ රටේ සංස්කෘතියට එහෙම සෑහෙන බලපෑම් ඇති උනාලු. ඒ ඇරෙන්න කපිරින්ඥ සංගීතය වගේම අද අපේ භාෂාවේ ගොඩක් වචනත් මෙයාලගෙන් අපිට දායාද වෙලා තියනවා.ඒ වගේම තමයි පුද්ගල නාම සහ වාසගම්. අල්මේදා ලා අසවේදු ලා එහෙම මතක ඇති නේ.ඇයි එතකොට කතෝලික ආගම. මේවා ගැන ඉතින් ඉස්සරහට කතා කරමු.ඔන්න ඔහොමයි ඉතින් අපේ රටට මෙච්චර කාලෙකට නොතිබිච්ච යුරෝපීය අත පෙවීමක් අහම්බෙන් උනත් සිද්ධ උනේ.මේ වෙලාවේ තමන්ගේ බඩට පහර වදියි කියල බය වුණු මුස්ලිම් වෙළෙන්දෝ මේ පෘතුගාලයත් එක්ක ඇති කරගන්න හදන සම්බන්ධතා වලට දැඩි සේ විරුද්ධ උනත් අපේ රජතුමා ඒක කණකට අරගෙන නැහැ.මේක අපේ රටේ ඉතිහාසයේ ලොකුම හැරුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි මං හිතන්නේ. |
BLOG | 2014.07.03 | http://pahanyaaya.blogspot.com/ | චූටි අයියගෙ කතා | සයුරි | මේ පහන්යාය කියවන මගේ යාළුවො සෙට් එකට මතකද දන්නේ නැහැ මම ඉස්සර (ඉස්සර කිව්වේ ඉස්සරෝම ඉස්සර) ලොකු අයියගෙ කතා කියලා ලිපියක් ලිව්වා.එතනදි තමයි මම මුලින්ම අපේ ලොකු අම්මගෙ පුත්තරයෝ හතර දෙනා ගැන මූලික හැඳින්වීම කරේ.එහෙම කිව්වට කාටදෑ මතක. ඒ දවස් වල හිටපු රසික සභාවයි දැන් රසික සභාවයි අතරේ සෑහෙන වෙනස්කම් තියනවනේ. ඉස්සර හිටපු සමහරු ආ ගිය අතක් නැහැ. දැන් ඉන්න ගොඩක් දෙනා පහන්යායට ටිකක් විතර අලුත්. එදා ඉඳලා අද වෙනකන්ම මේ පැත්තේ එන ටික දෙනෙකුත් ඉන්නවා. ඒ අයටනම් සමහරවිට මතක ඇති. ;)ඉතින් මේ හතර දෙනා හතර විදියක්. ලොකු අයියා ගැනයි රාජ් අයියා ගැනයි වෙන වෙනම ලිපි දැම්මා.අද කියන්න යන්නේ මේ කට්ටියගෙන් බඩපිස්සා වෙච්ච චූටි අයියා ගැන.මෙයා තමා පවුලේ රැඩිකල් චරිතය රඟපෑවේ. විශේෂයෙන්ම විවාහයේදී :D. කියන්නම්කො ඉස්සරහට.මම පොඩි කාලේ ලොකු අම්මලාගේ ගෙදර ගියාම මෙයාගේ වැඩේම මාව බයිට් එකට අල්ලගන්න එක. එක්කෝ දතක් හැලිලා කියයි, නැත්නම් නහය දික් වෙලා කියයි.මාත් ඉතින් අත අරින්නෙ නැහැ. එකට එක, තකට තක තමා.චූටි අයියා උසස් පෙළට කරේ මැත්ස්. ඒ කාලේ ඉතින් එයා පිටු පුරවලා ලියලා තියන සයින්, කොස්, අවකල, අනුකල අරවා මේවා අපිට හෙන මැජික් වගේ. පස්සේ විශ්ව විද්‍යාලයටත් තේරුණා, මට මතක හැටියට පිසිකල් සයන්ස් වලට. පස්සේ HNDE කෝස් එකත් කරා.කෝම හරි ඒ පවුලෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවකට ගියපු එකම කෙනා තමයි චූටි අයියා. දැන් වැඩ කරන්නේ වෝටර් බෝඩ් එකේද කොහෙද. ඉතින් චූටි අයියගේ මේසේ උඩ කොයි වෙලාවකවත් අර අමුතු අමුතු ග්‍රීක් වගේ මැත්ස්ලියපු කොල වලින් නම් අඩුවක් උනේ නෑ. එහෙ ගියාම මගේ වැඩේම ඕවා අවුස්සලා බලන එක.ඉතින් එක දවසක් ඔහොම එයාගේ මේසේ අවුස්සද්දි මට අහු උනා නියම භාණ්ඩයක්. අයියගේ ඩයරිය. "අපෝ අනුන්ගේ ඩයරි බලන එක නරක වැඩක්". එහෙම හිතෙන්නේ දැන් නේ. ඒ කාලේ ඕවා හිතුන එකක්යැයි. මම ඉතින් ඒක හොඳ හැටි කියෙව්වා. අප්පා...තියෙන්නෙම විෂයානුබද්ධ කරුණු. මලවි ගේ සබ්ජෙක්ට් එක. අරයට ලියුම් දිපුවයි, මෙයාගෙන් ලැබුණ ලියුම් ආපහු එයාටම බාර දීපුවයි ඕවා තමයි ඉතින් වැඩි හරියක්. කොහොම උනත් අන්තිමට බැඳපු අක්කානම් අර ඩයරියේ හිටපු කෙනෙක් නෙමෙයි මට මතක හැටියට. මම ඕක කියෙව්වා කියලා කාටවත් කියන්න ගියේ නෑ ඉතින්.එක එක්කෙනා බැඳලා පවුලෙන් අයින් වෙලා ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ ලොකු අම්මයි ලොකු තාත්තයි චූටි අයියයි විතරයි. අයියටත් රස්සාවක් එහෙම හම්බ වෙලා තමයි හිටියේ ඒ දවස්වල. හැබැයි ඉතින් තමන්ගේ වැඩ ගැනම හොයනවා මිසක් ගෙදරට දායකත්වයක් නැතිලු මෙයාගෙන්. මට මතකයි ලොකු තාත්තා දවසක් කිව්වා "ගෙදරට සබන් කෑල්ලක්වත් ගේන්නේ නෑ නේ මේ ළමයා" කියලා. මම හිතන්නේ පස්සෙපස්සේ ඒවා හරි යන්න ඇති.ඉතින් රස්සාව එහෙම සෙට්ල් උනාට පස්සේ ඉස්සරහට එන්නේ කසාදෙ නේ. ලොකු අම්මලට ඔය වැඩේට මහන්සි වෙන්න ඉඩ නොතියා මෙයාම හොයාගත්තු මනමාලි ගැන ඔන්න ගෙදරට කිව්වා. උගත් කම, රස්සාව ඔක්කොම හොඳයි, පොඩි පරහකට තිබුණේ ආගම. අක්කා කතෝලික.පොඩි කියලා කියන්නත් බෑ ඉතින්. අපේ ලොකු අම්මලා මොනවා නැතත් විවාහ කටයුතු වලදී තිතටම ඔය ආගම, ජාතිය එහෙම බලනවා. දැන් ඉතින් කේස්. රාජ් අයියගේ කතා කියවපු අයට සමහරවිට මතක ඇති එයා ගෙදරින් කියපු නිසා නෙලූ අක්කගේ සම්බන්ධෙ නවත්තපු හැටි. ඉතින් චූටි අයියත් එහෙම කළා කියලා ඔයාලා හිතනවද. මොන පිස්සුද. එහෙම පුතයෙක් නෙමෙයි මෙයා. අන්තිමේ කොහොමහරි ජය ගත්තා. දෙන්නගේ වෙඩින් එක පල්ලියෙත් අරගෙන පෝරුවෙත් නැගලයි නැවතුනේ. ~~~~~~~~~~~~~~~~~~~~මේ වෙද්දී ලොකු තාත්තානම්අපෙන් සමු අරන් ගිහින්. මම දවසක් එල්ලෙන හොල්මන කියලා ලිපියක් ලිව්වේ මේ ලොකු තාත්තගේ මළ ගෙදර දවසේ වෙච්ච සිද්ධියක් ගැන තමයි. ලොකු තාත්තා මම දැකපු හරිමසුන්දර මනුස්සයෙක්. තව ටිකක් කල් අපිත් එක්ක හිටියනම් කොයි තරම් දෙයක්ද කියලා හිතෙනවා. ස්වාමියෙක්, පියෙක් විදියට හරිම හොඳ කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ලොකු අම්මව දැකලා ලස්සනයි කියලා හිතිලා වෙන්න ඇති (ඇත්තටම ලස්සනයි තමා. අපේ ලොකු අම්මා හරියට ඔෂින් වගේ :) ආත්තම්මයි සීයයි හම්බ වෙලා කෙලින්ම ඒ ගැන අහන්න තරම් පෞරුෂයක් ලොකු තාත්තට තිබිලා තියනවා (කතාවටනම් කියන්නේ කෙලින්ම ලොකු අම්මගෙන් ඇහුවනම් කනේ පාරක් කන්න වෙන හින්දා කියලා). ඉතින් ඒ කාලේ වයස 16 ක් වෙච්ච පොඩි කෙල්ලව ලොකු තාත්තට දෙන්න සීයා එකඟ වෙලා තියෙන්නේ මේ නම් වගකීමක් තියන හොඳ ඉලංදාරියෙක් බව පෙනුන නිසා වෙන්න ඇති.චාරිත්‍රානුකූලව මනමාලි බලන්න ලොකු තාත්තා දෙමව්පියොත් එක්ක එහෙ ගියාලු. ලොකු අම්මා බුලත් හෙප්පුව ඇල්ලුවට ලොකු තාත්තගේ මූණවත් බලලා නැහැ නේ. මුලින්ම මූණ දැක්කේ පෝරුවට නගින වෙලාවෙදි ලු. එක අතකට ඉතින් මූන බලලා මක්කරන්නද. මූන නොබලා කැමැත්ත දුන්නා කියලා ලොකු අම්මටනම් කිසිම අවුලක් උනේ නෑ. ටිකක් විතර අග හිඟ කම් තිබුනත් ළමයි 6 දෙනෙකුත් හදාගෙන කලාතුරකින් ලැබෙන විදිහේ හොඳ සැමියෙකුත් එක්ක ජීවත් වෙන්න ඇයට පුළුවන් උනා. ~~~~~~~~~~~~~~~~~~~~~~~~ඉතින් චූටි අයියගේ වර්තමාන තත්ත්වේ ගැන කියනවනම් බොහොම හොඳින් ඉන්නවා කියලා කිව්වැකි. දැන් මේ කපල් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. ලොක්කී මට හෙනම ආදරෙයි ඉස්සර. දැනුත් ආදරේ ඇති, ඒත් ළඟ නෑ නේ ඉතින්. පොඩ්ඩිව දකින්නෙත් පොටෝ වලින් තමා. |
BLOG | 2014.06.25 | http://pahanyaaya.blogspot.com/ | දියවන්නාවට මාරු වෙනා - රාජාවලිය XXXV | සයුරි | ඔන්නගියපාර ලිපියෙන්අපි අන්තිමට කිව්වා වික්‍රමබාහු III රජතුමා ගම්පොළ රජ වෙච්ච බව.අද එතැන් සිට ඉදිරියට...මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වකවානුව ගැන ඉතිහාසයෙන් හමු වෙන තොරතුරු ඉතාමත් පැටලිලි සහගත සහ පරස්පර විරෝධී බව.ලිපි කිහිපයකින්ම ගත්තු තොරතුරු අනුව කතාව ලියාගෙන ගියත් සත්‍ය අසත්‍ය බව ගැනනම් සහතික වෙන්න හරිම අමාරුයි. :)මේ කාලය වෙද්දී උතුරේ ආර්ය චක්‍රවර්ති ගොඩක් බලවත් වෙලයි හිටියේ. ගම්පොළ අවට ප්‍රදේශ වලින් පවා බදු එකතු කරන්න ඔවුන් පසුබට උනේ නෑ.මේ නිසා ඔවුන් යුධමය අතින් වගේම ආර්ථික අතිනුත් ශක්තිමත් උනා.වික්‍රමබාහු රජතුමාට බොහොම උදව් කරපු කැරලි කාරසෙනෙවියෙක් තමානිස්සංක අලගක්කෝනාර.ආර්ය චක්‍රවර්තිගේ බදු එකතු කිරිල්ල ගැනත් ඔහු හිටියේ එතරම් කැමැත්තෙන් නෙමෙයි. රජුට උනත් ඒවාට විරුද්ධ වෙන්න හැකියාවක් තිබිලා නැහැ.ඉතින් මේ අලගක්කෝනාර ට උවමනා වෙනවා සතුරාට විරුද්ධව ක්‍රියා කරන්න. ගම්පළ ඉඳගෙන එහෙම කරන එක ඒ තරම් ලේසි කටයුත්තක් නොවන නිසා ඔහු බටහිර මුහුදු තීරයට ආසන්නයේ බලකොටුවක් හදනවා.ඒ බලකොටුව තුන් පැත්තකින්ම දියවන්නා ඔයෙන් වට වෙලා තිබුණ නිසා හොඳ ආරක්ෂා සහිත ස්ථානයක් උනා.පස්සේ කාලෙකදී කෝට්ටේ බලකොටුව කියලා හැඳින්වෙන්නේ මේ බලකොටුව තමා.ඉතින් මේ අලගක්කෝනාර සෙනෙවියා ආර්ය චක්‍රවර්තින් ට පහර දීලා බටහිර මුහුදුබඩ ප්‍රදේශයම තමන් යටතට ගන්න සමත් වෙනවා.මෙයින් උදහසටත් පරාජයටත් පත් වෙන ආර්ය චක්‍රවර්ති උතුරේ සිට හමුදා දෙකක් එවනවා, එකක් ගම්පලටත් අනෙක මුහුදින් කෝට්ටේටත්.ඒත් ඒ සේනා දෙකම පරාජයට පත් කරන්න අපේ හමුදාවන්ට හැකි වෙනවා.කොහොම උනත් වික්‍රමබාහු රජතුමා නාමිකව රජ කමේ හිටියත් නියම විදියට රාජ්‍ය පාලනයේ යෙදුනේ අලගක්කෝනාර කියලා කීම සාධාරණයි.ඉන් පස්සේ රජ වෙන්නේ වික්‍රමබාහු III රජුගේ සොහොයුරියගේ පුත්බුවනෙකබාහු V(ක්‍රි. ව. 1374 - 1392) රජතුමා.ඔහුගේ පියා අලගක්කෝනාර බවට මතයක්ද තියනවා. මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති මුහුදින් සහ ගොඩබිමින් සේනා ඒවා සිංහල පාලන ප්‍රදේශ අල්ලා ගන්න උත්සාහ කරනවා.මේ වෙලාවේ බුවනෙකබාහු රජතුමා අගනගරය සහ තමන්ගේ ජනතාවඅතහැර රයිගමට පලා ගොස් සැඟවෙන නිසා ඔහු බියගුළු රජෙක් හැටියට හඳුන්වනවා.මෙවරත් සතුරාට විරුද්ධව සටන් කර ඔවුන් පලවා හැරීමට සමත් වෙන්නේ අලගක්කෝනාර ඇමති.මේ නිසා නාමික රජවරුන් ගේ කාර්ය භාරය තමා විසින් ඉටු කරමින් සිංහල උරුමය බේරා ගැනීමට කැප වූ අලගක්කෝනාර වීරයෙක් හැටියට සැළකෙනවා.ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුත් "කුමාර අලකේශ්වර" බලයට පැමිණුනත් ඒ සමගම ඔහුට විරුද්ධ වෙන "වීර අලකේශ්වර" (අලගක්කෝනාර ගේ සොයුරියගේ පුතා) ඔහුගෙන් බලය පැහැර ගන්නවා.වීර අලකේශ්වර බලයට පැමිණීමත් සමගම ඔහුගේම බාල සොහොයුරු "වීරබාහු" ඔහුට විරුද්ධ වෙන නිසා දෙදෙනා අතර සටනක් රයිගමදී පවත්වනවා. එයින් පැරදෙන වීර අලකේශ්වර රටින් පලා යන අතර දිනුම ලබන්නේ වීරබාහු.ඒ අනුව වීරබාහු II රජතුමා (ක්‍රි. ව. 1392 - 1397) ට රජකම හිමි වෙනවා.වීරබාහු II රජතුමා ශක්තිමත් පාලකයෙකු උනත් නොපැහැදිලි හේතුවක් නිසා ඔහු 1397 දී මිය යනවා. එය වීර අලකේශ්වරගේ සැළසුමක් නිසා වූ බවටත් මතයක් තියනවා. ඉන්පසුව ඔහුගේ පුතුන් දෙදෙනා විසින් රාජ්‍ය පාලනය ආරම්භ කළත් නැවතත් මෙරටට එන වීර අලකේශ්වරවිජයබාහු VI(ක්‍රි. ව. 1397 - 1409) නමින් රජ වෙනවා.විජයබාහු VI රජුගේ බිසව තමාසුනේත්‍රා දේවී. ඇය වික්‍රමබාහු III රජුගේ දියණිය හැටියට සැළකෙනවා.මේ දෙපළට ඉන්නවා පුතුන් දෙදෙනෙක්.ඉතින් විජයබාහු රජතුමා මෙහෙම රට පාලනය කරමින් ඉන්න අතරේ අපේ රටට එල්ල වෙනවා අලුත්ම සතුරු තර්ජනයක්. ඒ චීනයෙන්.චීන අධිරාජයා දකුණු දිග රටවල් සංචාරය කරන මුවාවෙන් නැව් විශාල සංඛ්‍යාවකින් යුක්ත හමුදාවක් පිටත් කලත් ඒකේ යටි අරමුණක් වන්නේ දන්ත ධාතුව පැහැර ගැනීම බවට මතයක් තියනවා.මේ හමුදාව ලංකාවට මිතුරු වේශයෙන් ගොඩ බැස්සත් විජයබාහු රජතුමාට යම් වෙනසක් තේරෙනවා.මේ නිසා චීනුන්ට විරුද්ධ වීමට තීරණය කිරීමත් ඒ තීරණය චීනුන් විසින් දැන ගැනීමත් නිසා වහාම යුද්ධයක් ඇවිලී යනවා.කොහොමහරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ විජයබාහු රජතුමා ඇතුළු පිරිසක් සිරකරුවන් විදිහට චීනයට රැගෙන යාම.මෙවෙලේ සුනේත්‍රා දේවී සහ දරුවන් දෙන්නා විදාගම තෙරුන් ලඟට පලා ගොස් රැකවරණය ලබනවා.මේ අතරවාරයේ ලංකාවේ රජ කරන්නේපරාක්‍රමබාහු ඈපා(ක්‍රි. ව. 1409 - 1412) නම් අයෙක් බව සඳහන් උනත් ඒ ගැන නිශ්චිත තොරතුරක් කියන්න අමාරුයි.චීනයට රැගෙන ගිය පිරිස මරා දැමීමට තරම් චීන අධිරාජයා සැහැසි නොවන නිසා ඔවුන්ට ජිවිත දානය ලැබුනා කියලා තමයි සඳහන් වෙන්නේ.මේ අතර විදාගම තෙරුන් ඇසුරේ ඇති දැඩි වෙන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබනවා වගේම යුධ ශිල්පත් හදාරනවා.මේ කුමරුවන්ගේ කුඩා කාලය ගැන තොරතුරුත් විවිධාකාරයෙන් තැන් තැන් වල සඳහන් වෙන නිසා හරියටම නිවැරදි තොරතුරක් සොයා ගැනීම අපහසුයි.කොහොම උනත් රටේ මී ළඟ පාලකයා විදිහටපරාක්‍රමබාහු VI(ක්‍රි. ව. 1412 - 1467) නමින් රජ වෙන්නේ මේ වැඩිමහල් කුමරු බවට සඳහන් වෙනවා.එතුමා අවුරුදු තුනක් පමණ රයිගම වාසය කිරීමෙන් පසු කෝට්ටේ අග නගරය බවට පත් කරගන්නවා. ඒ නිසා අලගක්කෝනාර විසින් තැනූ කෝට්ටේ බලකොටුව, රාජධානිය බවට පත් කරගන්නේ පරාක්‍රමබාහු VI රජතුමා.පරාක්‍රමබාහු VI රජතුමා ලංකා ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක්. ඔහුගේ බාල සොහොයුරා යුව රජ වශයෙන් "මායාදුන්නේ" ප්‍රදේශයේ වාසය කරනවා. පරාක්‍රමබාහු රජුට සහකීරවැල්ලේ බිසවටලෝකනාථානමින් දියණියක් ලැබෙනවා. ගොඩක් අය දන්නා විදිහට ඇය "උලකුඩය දේවිය" නමිනුත් හැඳින්වෙනවා.මේ රජතුමා කරපු වැදගත්ම කාර්යයක් තමයි ලංකාව එක්සේසත් කිරීම. ලංකාව අවසාන වරට එක්සේසත් කරපු රජතුමා වෙන්නෙත් මෙතුමා තමයි.මේ එක්සේසත් කිරීම එතුමා පටන් ගන්නේ වන්නියෙන්. ඒ වෙද්දී වන්නි ප්‍රදේශ වල ස්වාධින පාලකයින් 18 ක් පමණ ඉඳලා තියනවා ලු. මුලින්ම ඔවුන් එක්ක සටන් කරලා ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න පරාක්‍රමබාහු රජතුමා කටයුතු කරනවා.ඒ විදිහට රට තරමක් ස්ථාවර උනාට පස්සේ තමයි උතුරේ ආර්යචක්‍රවර්තින් ට පහර දීම සැලසුම් කරන්නේ. ඒ සඳහා රජතුමා පිටත් කරන්නේ ඔහු හදාගත් පුත්‍රයෙක් විදියට සැළකෙනසපුමල් කුමරු.ඔහු උතුර ජය ගැනීමේ කාර්යය සාර්ථකව නිම කරනවා.ජයග්‍රාහී ළෙස කෝට්ටේට පැමිණි කුමාරයාට ගෞරව නම්බු නාම සහිත සැලකිළි ලබා දුන්නාලු.මේ අතරේ උඩරට කැරැල්ලක් ඇති කරපු ජෝතිය සිටුවරයා පරාජය කිරීමට සපුමල් කුමරාගේ සොහොයුරා වනඅම්බුලුගල කුමාරයාපිටත් කර හරිනවා.මේ ආකාරයට නැවතත් ලංකාව එකම ධජයක් යටතට ගැනීමට හයවන පරාක්‍රමබාහු රජතුමාට හැකි වෙනවා.මේ කාලය සාහිත්‍ය පැත්තෙනුත් ඉතා දීප්තිමත් යුගයක්. රජතුමාත් සාහිත්‍යට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් "සැළලිහිණි සංදේශය" ලියන්නෙත් මේ කාලයේදී, උලකුඩය දේවියට පුතෙක් ලබා දීමේ පරමාර්ථයෙන්. මේ සංදේශ කාව්‍යයේ අනුහසින්ද කියන්න දන්නේ නැති උනත්දේවියට පුතෙක් නම් ලබුනවා. ඒ කියන්නේ පරාක්‍රමබාහු රජුට මුණුබුරෙක් ලැබෙනවා.අවුරුදු පනස් ගණනක් සාර්ථකව රට පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජතුමා මිය යාමෙන් පසු රාජ්‍ය හිමි වන්නේ මේ මුණුබුරාට.ඔහුජයබාහු II(ක්‍රි. ව. 1467 - 1472) නමින් රජ වෙනවා.මින් පසුව කෝට්ටේ තොරතුරු ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු. |
BLOG | 2014.05.16 | http://pahanyaaya.blogspot.com/ | රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයි | සයුරි | රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද.ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ.ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේකොලරාඩෝ කියනප්‍රාන්තයේ.කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු.මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙච්ච අපි වගේ අය එහෙ ගියාම හුස්ම ගැනීමේ අපහසුතා පවා දැනෙනවා.අඩි දහයක් දිව්වත් හොඳටම හති. ඒත් පුරුදු අයට ඒක එච්චර අවුලක් නෑ කියලා තමයි කියන්නේ.මටනම් වැඩි පුරම හිතට ඇල්ලුවේ කඳුකරයේ තිබ්බ ලස්සන තමයි.අපි රොකී ජාතික උද්‍යානයට ලඟා උනේ ටිකක් ගම්බද අතුරු පාරකින්. එහෙම යද්දී ගත්ත පින්තූරයක් තමයි මේ. මැයි මාසේ වෙද්දීත් වැඩි හරියක් කඳු මුදුන් හිම වලින් වැහිලා. ජුනි ජූලි වෙද්දී මේවා ටිකක් දිය උනත්උස කඳු මුදන් නම් සදාතනික හිම කඳු ම තමා මගේ හිතේ.මේ පහළින් තියෙන්නෙත් ඒ පාරේම පින්තූරයක්.ආ එතකොට මේ තියෙන්නේ ඔය පාර අයිනේ තිබිච්ච පුංචි දේවස්ථානයක්. ඒක දැක්ක ගමන්ම ආස හිතිච්ච නිසා ටක් ගාලා එතනට හරවලා පොඩ්ඩක් එතන නැවතිලා එහෙම තමයි ගියේ. පාර හයි වේ එකක් නොවෙච්ච එකේ වාසිය තමයි.නැත්තන් ඉතින් ඔහොම හිතිච්ච හිතිච්ච වෙලාවට පාර අයින් වල නවත්තන්න පුලුවනෑ.ඉතින් ඔන්න ඔය වගේ ලස්සන දර්ශන පහු කරගෙන අපි ආවේ Rocky Mountains ජාතික උද්‍යානය ට.ඒ හරියේ නිල් කැටේට දිලිසෙන පුංචි විල් කෑලි (සමහර ඒවායේ උඩින් මිදිච්ච අයිස් තට්ටුව තාමත් දිය වෙලා නෑ ) එහෙම පිරිලා.ඒ විතරක් නෙමෙයි, බැලු බැලු පැත්තෙන් පේන්නේ පුංචි රවුම් ගල් කැට වලින් වැහුන පතුල ක් තියන, අඩි දෙකකට වඩා නොගැඹුරු පුංචි දිය පාරවල්.මේ තියෙන්නේ එහෙම විලක් තමයි.ඔය විල වටේට ඇවිදින්න පුළුවන් වෙන විදිහට පුංචි අඩි පාරක් වගේ එකක් තියනවා. අපිට පැයක් විතර ගියා ඒක වටේ ගිහින් එන්න.එහෙම යන ගමන් ගත්තු පින්තූර වලින් එකක් තමයි මේ තියෙන්නේ. :)ආ...තව වැදගත්ම දෙයක් තියනවා පෙන්නන්න. ඔය පහළ පින්තූරේ තියෙන්නේ "ස්ටැන්ලි" කියන ප්‍රසිද්ධ හෝටලය.අපි ආපහු එන ගමනේදී තමයි මේක දකින්න ලැබුනේ. "Shinning"කියන චිත්තරපටිය බලලා තියන අයනම් මේක අඳුරනවා ඇති.හොල්මන් හෝටලයක් හැටියට තමා මේක ප්‍රසිද්ධ.මට මතක විදියටනම් හොටෙලේ අයිතිකාරයාගේ බිරිඳ මැරුණට පස්සේ මෙතන හොල්මන් කරනවාලු.එයා ජීවත් වෙලා ඉන්න කාලේ පියානෝ වාදනය කරන්න කැමැත්තක් දක්වපු කෙනෙක්ලු. ඉතින් දැනටත් රෑට රෑට පියානෝ සද්ද ඇහෙනවලු හෝටලයේ.දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති ඔය හෝටලයේ ඉන්න කැමති වෙන්නේ කවුද කියලා.අපෝ නෑ නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මේ හොල්මන් සිද්ධිය හෝටලේට ආශිර්වාදයක් මිසක් පාඩුවක් නෙමෙයි.ඔය හොල්මන් බලන්න කියලම මිනිස්සු ඉහළ ගණන් දීලා මේකේ කාමර වෙන් කරවා ගන්නවලු.මේ මිනිස්සුන්ව සතුටු කරන්න හෝටලයෙනුත් මහ රෑට ghost tour එහෙම සංවිධානය කරනවලු.කොහොමද වැඩේ.කොහොම උනත් හෝටලය පිහිටලා තියෙන්නේ නම් පුදුම ලස්සන තැනක.ඔය හෝටලේ කාමර වලට පේන ඉදිරිපස දර්ශනය තමයි මේ පහළින් තියෙන්නේ.මේ කඳුකරයේ තිබ්බ විශේෂත්වයක් තමයි වැඩි හරියක්ම කඳු වල අන්තර්ගතය උනේ විශාල පාෂාණ තට්ටු.පාරවල් හදද්දී කඳු විදපු තැන් වලින් ඒ බව හොඳට පේන්න තියනවා.බලන්නකෝ පහළ පින්තූරේ.ගොඩක් තැන් වල මාර්ග සංඥා ගහල තිබුනා "ගල් පෙරලීමේ අවධානමක් ඇත" කියලා.අපේ සයුරුත් ඉතින් "ඔන්න ඉස්සරහ දේවදත්ත ඉන්නවලු" කිය කිය ගානක් නැතිව හිටියා. වෙන කරන්න දේකුත් නෑ නේ. එකක් පෙරලුනොත් ඉතින් අල්ලගන්න කියලයැ.ආහ්හ් එතකොට මේ ඉන්නේ අපිට දකින්න ලැබිච්ච කඳුකර එළුවෝ රන්චුවකින් දෙන්නෙක්. :)ඉතින් ඔන්න ඕවා තමයි අපේ කොලරාඩෝ ගමනේ විස්තර. මෙච්චර කාලෙකට මම ගියපු හොඳම ගමන කියලා කිව්වොත් වැරදි නෑ .බොහොම නිස්කලංකව නිවාඩු පාඩුවේ හිතේ හැටියට, පාර අයිනේ දකින දකින ලස්සන තැන්වල නැවතෙමින් ආසාවෙන් ගිහින් ආපු ගමනක්.සේරටමත් වඩා ඒ මම දැකපු ලස්සනම පරිසරයක්. හරියට දෙව්ලොව ගියා වගේ තමා දැනුනේ :). |
BLOG | 2014.04.25 | http://pahanyaaya.blogspot.com/ | රයිගමයයි ගම්පළයයි - රාජාවලිය XXXIV | සයුරි | ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන.අද එතැන් සිට.බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි.ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න.එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට.කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට සාර්ථකව මුහුණ දෙනවා.ඉතින් මේ හේතු හින්දම බුවනෙකබාහු රජතුමා තීරණය කරනවා අගනුවර දඹදෙණියෙන් යාපහුවට ගෙනියන්න.මතකයිනේ "සුබ" නම් සෙනෙවියා මාඝ ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න හදපු බලකොටුව.පර්වතයක් උඩ පිහිටීම නිසා එතන ගොඩක් ආරක්ෂා සහිත ස්ථානයක් බව රජතුමාට වැටහුණා.අන්න එහෙමයි රාජධානිය යාපහුවට මාරු වෙන්නේ.ඉතින් යාපහුවේ පළමු රජතුමා තමයි බුවනෙකබාහු රජතුමා. එතුමා ඊජිප්තුව සමගත් සබඳතා පැවැත්තුවා කියලා වාර්තා වෙනවා.ක්‍රි. ව. 1283 දී බුවනෙකබාහු රජතුමා මියගියාට පස්සේ දකුණු ඉන්දියාවෙන් එන "ආර්ය චක්‍රවර්ති" යාපහුව ආක්‍රමණය කිරීම නිසා ඉන් පස්සේ එන්නේ අරාජික කාලයක්.මේ ආක්‍රමණ වලට මග පෑදුනේ පරාක්‍රමබාහු කුමරු (විජයබාහු IV රජුගේ පුතණුවන්) සහ බුවනෙකබාහු රජුගේ පුතු අතර සිහසුන සඳහා ඇතිවුණු ගැටුම් හේතුවෙන් බවටත් මතයක් තියනවා. ආර්ය චක්‍රවර්ති දළදාවත් පැහැරගෙන ආපසු ඉන්දියාවට ගිහින් දළදාව භාර දෙනවා කුලසේකර නම් පඬි රජුට.අවසානයේ ඉන්දියාවට ගිහින් දළදාව නැවත වඩමවාගෙන එන්නේ පරාක්‍රමබාහු කුමරු.ඔහු දළදාව ගෙනවිත් පරාක්‍රමබාහු III නමින් රජ වී (ක්‍රි. ව. 1287 - 1293) පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා.ඔය අතරේ අර බුවනෙකබාහු රජුගේ පුතාත් (ඔහුගේ නමත් බුවනෙකබාහු ම තමා) සිහසුනට ඇහැ ගහගෙන ඉන්න බවට සැක හිතීම නිසා ඔහුගේ ඇස් අන්ධ කිරීමට රජතුමා සැළසුම් කරනවා.මේ බව කනට වැටෙන බුවනෙකබාහු කුමරු වහාම සේනාවක් රැගෙන ගොස් රජු මරා දළදාවත් රැගෙන පලා එනවා.මේ කුමාරයා බුවනෙකබාහු II (ක්‍රි. ව. 1293 - 1302) නමින් රජ වෙනවා. ඔහු රාජධානිය පිහිටුවාගන්නේ කුරුණෑගල.අද අපි පඬුවස් නුවර පැත්තේ ගියාම පේන්න තියෙන්නේ මේ රාජධාණියට අයත් නටබුන් තමයි.ඔහුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් පරාක්‍රමබාහු IV (ක්‍රි. ව. 1302 - 1326).ඔහු ආගමික කටයුතු වලට විශාල අනුග්‍රහයක් දක්වපු රජෙක්.අලුතින් දළදා මාළිගාවක් තනා නියමිත වෙලාවට දළදා පූජා ආදිය පැවැත්වුවා විතරක් නෙමෙයි, ඒවා නොකඩවා කරගෙන යාම සඳහා උදව් වීමට සියලු දළදා පූජා සිරිත් ඇතුලත් "දළදා සිරිත" රචනා කෙරෙව්වා ලු.පන්සිය පනස් ජාතකය සිංහලට නැගුනෙත් මේ කාලයේදී කියලයි සඳහන් වෙන්නේ.ඉන් පසුව සිහසුනට එන්නේ බුවනෙකබාහු III රජතුමා (ක්‍රි. ව. 1326 - 1332). ඔහු "වන්නි බුවනෙකබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු රජ පෙළපතකට සම්බන්ධ නැති නිසාත් වන්නි ප්‍රදේශ වල ජීවත් උන නිසාත් මෙළෙස හැඳින්වුනා වෙන්න පුළුවන්.ඉන් පසුව රජ කම ලබා ගෙන තියෙන්නේ විජයබාහු V රජතුමා (ක්‍රි. ව. 1332 - 1344). ඔහු "රවුලු විජයබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු උතුරේ විසූ චන්ද්‍රබානු නම් ජාවක පාලකයාගේ පුතෙක් හැටියටයි සැලකෙන්නේ. උතුරේ ජාවක කොලනියක් තිබූ බව කලින් ලිපි වලදී ඉගන ගත්තා මතක ඇතිනේ :) රවුලු සහ ජාවක යන වචන දෙකේම තියෙන්නේ සමාන තේරුමක් කියලයි කියන්නේ.ආ තවත් දෙයක්...අරාබි සංචාරක "ඉබන් බථූතා" ලංකාවට ඇවිත් තියෙන්නෙත් මේ කාලයේදී තමයි.මින් පසුව කාලය දෙශාපාලනමය වශයෙන් ටිකක් විතර අස්ථාවර කාලයක්. ජාවක රජුන් දකුණේ බලය අල්ලා ගැනීමට සැරසෙන අතරේ ඉන්දියාවේ ආර්ය චක්‍රවර්තින් නැවතත් උතුරේ බලයට පැමිණෙනවා.ආර්ය චක්‍රවර්ති උතුරේ මුතු කිමිදීමේ යෙදුනා ලු.ඉබන් බථූතා ගේ සටහන් වලට අනුව මේ කාලයේදී ලංකාවේ අලගක්කෝනාර නම් පාලකයෙකුත් ඉඳලා තියනවා.ඔහු බලවත්ව සිටියේ රයිගම ප්‍රදේශයේ. කොහොම නමුත් කුරුණෑගල අවසාන රජතුමා තමයි විජයබාහු V රජතුමා.මේ අස්ථාවරත්වය නිසා හෝ වෙන යම් හේතුවක් මත රාජධානිය ගම්පොළ ට මාරු වෙන්නේ මේ වෙලාවෙදියි.ගම්පොළ පළමු රජතුමා වෙන්නේ විජයබාහු V රජුගේ පුත් බුවනෙකබාහු IV රජතුමා (ක්‍රි. ව. 1344 - 1354).මීට සමගාමීව ඔහුගේ සොහොයුරු පරාක්‍රමබාහු V රජතුමා (ක්‍රි. ව. 1344 - 1359) දැදිගම සිට රජ කරනවා.මලයාලි සම්භවයක් තිබූ අලගක්කෝනාර රයිගම සිට ගම්පොළ ප්‍රදේශයටත් සතුරු තර්ජන එල්ල කළා ලු.රයිගමයයි ගම්පළයයි බුලත් පුවක් එහෙම විකුණුවේ මේ කාලෙදිද දන්නේ නෑ නේද. :)ඔන්න ඔහොම අස්ථාවර තත්ත්වයක තමයි ඔය කාලේදී මුළු රටම තිබිලා තියෙන්නේ. 1354 දී බුවනෙකබාහු IV රජතුමා මිය යන නිසා නැවතත් ගම්පොළට රජෙක් ලැබෙනවා 1357 දී.ඒ වික්‍රමබාහු III රජතුමා (ක්‍රි. ව. 1357 - 1374). ඔහු පරාක්‍රමබාහු V රජුගේ බෑනා කෙනෙක් හැටියටයි සැලකෙන්නේ.ඔහුගේ රාජ්‍ය කාලය ගැනත් ඉන්පසුව ගම්පොළ තොරතුරු ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු. |
BLOG | 2014.03.25 | http://pahanyaaya.blogspot.com/ | කුලු නැටුම | සයුරි | මම ස්ටේජ් වල නටලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඒ ඉතින් මම වැඩිය නටන්නේ නැති හොඳ ළමයෙක් නිසා තමයි :)මම දෙක වසරෙදි අපේ පන්තියේ ළමයි ටිකක් එකතු කරගෙන අපේ මිස් කුරුළු නැටුමක් නැටෙව්වා.මමත් ඒකේ කුරුල්ලෙක් හැටියට හිටියා(කිරිල්ලියක් ද මන්දා. එහෙම අඳුර ගන්න ක්‍රමයක් තිබුනේ නෑ).බ්‍රිසිල් බෝඩ් වලින් කුරුළු තටු දෙකක් කපලා, ලා නිල් පාටින් පිහාටු ඇඳලා ඒ දෙක පිටේ අලවගෙන තව කාඩ් බෝඩ් වලින් හදපු හොටේකුත් ඔලුවේ බැඳගෙනඅපේ නැටුම් වාරේ එනකන් අනාථ වෙච්ච කුරුල්ලෝ සෙට් එකක් වගේ ඩෙස්ක් වගයක් උඩට වෙලා හිටියා මතකයි.නැටුම ඉවර වෙලා අපි එක එක්කෙනා බුදු මැදුර ළඟ හිටවලා කොහෙන්දෝ ආපු පොටෝ අංකල් කෙනෙක් පොටෝවකුත් අරන් දුන්නා. ඒක තාම මගේ ඇල්බම් එකේ තියනවා.ලංකාවෙන් එද්දී ස්කෑන් කරගෙන ආවනම් මේකට දාන්න තිබුනා.ඊට පස්සේ තුන වසරෙදි, කලගෙඩි නැටුමකට හිටියා."තාන තනා තඳේ...නා තඳෙනා නා.......................................අහසට පිඹිනා එරන් කලේයා - පොළොවට පිඹිනා භූමි කලේයා රන් මසු දහසක් වටින කලේයා - නොබිඳින් නෑනෝ මගේ කලේයා....................................බෙල්ලේ මුතු පොට කිරි සුදු පාටයි - ඊට වඩා අපෙ මව සුදු පාටයි................................................. - කලගෙඩි නැටුමත් අවසන් පාටයි "හරියටම මතක නෑ. මොනවා උනත් කවි ටික නම් ලස්සනයි.ඒ දවස්වල මම සාමාන්‍යයෙන් පන්තියේ උස ළමයෙක් හැටියට තමයි සැලකුණේ. ඒ උස ගියපු විදියට උස ගියානම් මට බඳින්න මනුස්සයෙක් හොයන්න බැරි වෙයි කියලා අපේ අම්මලා බයෙන් තමයි ඉඳල තියෙන්නේ..හිහි.ඉතින් ඔය හින්දා මට නැටුම් කණ්ඩායමේ පේලි වල පිටිපස්සට වෙන්න තැනක් තමයි ලැබුනේ. ඕකට මම අප්සට් වෙලා ඉඳලා පස්සේ හිත හදා ගත්තා :)හතර වසරෙදි මම හිටපු ඉස්කෝලෙන් අස් වෙලා ලොකු ඉස්කෝලෙකට ආවනේ.ඊටත් පස්සේ ආපහු පහ වසරෙදි තමයි කුලු නැටුමකට ඉන්න චෑන්ස් එක හම්බු වෙන්නේ.ඒ දවස්වල මම නැවතිලා හිටියේ යාලුවෙකුගේ ගෙදර (අපේ ගෙදර ඉඳන් මේ ඉස්කෝලෙට ටිකක් දුර නිසා).එයාගෙ නම උපී. ඉතින් අම්මලා මාව බලන්න ආපු වෙලාවක නැටුම ගැන කියලා බට වලින් වියපු චූටි කුල්ලක් අරගත්තා කඩෙන්.හැට්ටයක් මහන්න කහ පාට රෙද්දකුත් අරන් දුන්නා.ඒක මහලා දුන්නේ උපීගෙ අම්මා.දැන් ඉතින් නැටුමත් හොඳට ප්‍රැක්ටිස් කෙරීගෙන යනවා. අන්තිමට කොන්සර්ට් එකට දවස් දෙක තුනක් තියලා මිස් කියපි නේද කුල්ල කළු පාටින් පාට කරලා රත්තරන් පාට මලක් අලවන්න ඕනේ කියලා.අයියෝ අසරණ මම. අම්මලත් ළඟ පාතක නැහැ. ඒ දවස්වල මගේ මෝඩ කම කියන්නේ උපීගෙ අම්මලගෙන් ඒවා ඉල්ලන්න හිතුනේ නෑ නේ මට. ඒ අයට කරදර නොකර මමම මොනවා හරි කරගන්න තමයි බැලුවේ.අන්තිමට මගේ ළඟ නිකමට වගේ තිබුන සල්ලි ටිකකින් කෝම කෝම හරි ලැකර් ටින් එකකුයි අර වෙඩින් කේක් ඔතන ජාතියේ ලොකු කොලේකුයි ගත්තා.නැටුමට කලින් දවසේ හවස මම ලොක්කා වගේ ලැකර් ටින් එකත් දිග ඇරගෙන කුල්ල පාට කර කර ඉන්නකොට අපරාදේ කියන්න බෑ උපී ගේ තාත්තත් ඇවිත් ඒකට උදව් කළා.දැන් ඉතින් ඉතුරු මල කපලා අලවන එක.මලේ සැකිල්ලක් අපිට හාෆ් ෂීට් එකක ඇඳලා දීලයි තිබුණේ.මම ඉතිං බොහොම අමාරුවෙන් දිවත් හපාගෙන අර සැකිල්ල කොලේ උඩ තියලා මලක් ඇඳලා කැපුවා.හප්පා...රවුමට එන්න ඕන මල නිකන් ඉලිප්සයක් වගේ. ඒ මදිවට කුල්ල ඇතුල් පැත්තෙයි පිට පැත්තෙයි දෙකේම මල් දෙකක් අලවන්න කියලා තිබුණේ. පලවෙනි මලෙන්ම මගේ කොලේ ඉවරයි. කොරන්න දෙයක් නෑ . එක මලයි තියෙන්නේ. ඕන එකක් කියලා ඇලෙව්වා අර ඉලිප්සාකාර මල කුල්ලේ පිට පැත්තේ.දැන් හරි. දැන් ඉතින් හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ කුලු නැටුම නටන්න.ඉතින් ඊ ළඟ දවසේ නැගිටලා ලේස්ති වෙලා නැටුමේ ඇඳුම් පැළඳුම් එහෙමත් පැක් කරගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා.අපි ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක. ඔන්න වෑන් එකේ නැගලා ටික දුරක් යද්දී මට දැනෙනවා මොකක් හරි අඩුයි කියලා. "අම්මටසිරි..කුල්ල".ඒක ගෙදර තියලා ඇවිත් තියෙන්නේ.දැන් ඉතින් කුල්ල නැතුව මොන කුලු නැටුම්ද. වෙන මොනවා අමතක වෙලා ආවත් වෑන් එකට නැග්ගට පස්සේ ආපහු කටක් නාරින මම එදානම් වෑන් එකේ අංකල් ට කියලා වෑන් එක නවත්ත ගත්තා.දුවලා දුවලා ගිහින් කුල්ල අරගෙන ආවා.ඉස්කෝලෙට ගියාට පස්සේ අපේ පන්තියේ ළමයිට මගේ ඉලිප්සාකාර මල අලවපු කුල්ල හෙනම ප්‍රස්නයක්.ඒ උනාට අපේ ආදරණීය ගුරුතුමී ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී මාව නැටුමෙන් අයින් කරේ නෑ (ඒත් එහෙම කරන අය ඕන තරම් ඉන්නවා මම හිතන්නේ). කුලු නැටුම අති සාර්ථකව රඟ දැක්වුනා. කුළු ටික අතරේ ඉලිප්සාකාර මලක් එක්ක කුල්ලකුත් වැනෙන්න ඇති. ඒකෙන් නැටුම කැත වෙන්නත් ඇති. ඒත් මගේ හිත නම් තිබුනේ මලක් වගේ පිපිලා :)පහ වසරේ ශිෂ්ශ්‍යත්වෙන් සමත් වෙච්ච වෙලාවේ අපේ මිසුත් ළමයි වගේම සතුටු උන හැටි මට මතකයි. සමත් නොවුන අයගෙත් ලකුණු අහලා සනසවපු හැටිත් මතකයි. හය වසරට ගියාට පස්සේ අපි ආපහු මිස් ව දැක්කේ නෑ. පහ වසර දක්වා පන්ති වෙනත් තැනක තිබුණ ප්‍රාථමිකේට ගෙනියපු නිසා මිසුත් ඒ එක්කම ගියා. ඒත් තවත් වැදගත්ම දවසක මිස්ව මුණ ගැසීමේ වාසනාව මට ලැබුණා.ඒ උසස් පෙළ ප්‍රතිඵල ආපු දවසේ. මොකක් හරි වැඩකට අපේ ඉස්කෝලෙට ආපු මිස්, ප්‍රින්සිපල් ඔෆිස් එකේදී මට අහම්බෙන් මුණ ගැහුනා. මිස් නම් ඒ වගේමයි (ලස්සනයි). බින්දුවක්වත් වෙනස් වෙලා නෑ. ඒත් මම සෑහෙන ලොකු වෙලා උස ගිහින්. එහෙම උනත් මටත් කලින් මාව අඳුරගෙන වෙනදා වගේම වාසගම කියලා මට කතා කළේ මිස් මයි. "මිස්, මම මොරටුව ඉංජිනියරින් තේරිලා" කිව්වම එදා ශිෂ්‍යත්වේ පාස් කියපු වෙලාවේ තිබුන හිනාවම මිස්ගේ මූණේ ඇඳිලා ගියා. ඒ අපේ ආදරණීය "වාකිෂ්ඨ" ගුරුතුමිය අද කොහේ ඉන්නවද මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට විශ්‍රාම සුවයෙන් ඉන්නවා වෙන්න ඇති.ඉතින්මේ ලිපිය ඇයට උපහාරයක් වේවා කියනවා ඇරෙන්න ඇය වෙනුවෙන් වෙන මොනවා කරන්නද. |
BLOG | 2014.02.26 | http://pahanyaaya.blogspot.com/ | සිරි පැරකුම් - රාජාවලිය XXXIII | සයුරි | ඔන්න එහෙනම් අපි කලින් ලිපිය අවසන් කළේ කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොලොන්නරුව පරිහානියට පත් වෙලා වල් වැදිලා ගියපු හැටි ගැන කියලා. ඒත් එක්කම අපි කිව්වා රජරට ඉඳපු සාමාන්‍ය ජනයා වගේම භික්ෂුන් වහන්සේලාත් දඹදෙණිය වගේ නිරිත දිග පළාත් වලට සංක්‍රමණය උනා කියලා. ඒ කියන්නේ අද අපි දඹදෙණිය රාජධානිය ගැන කතා කරන්නයි හදන්නේ. පහුගිය දවස්වල මධුරංග දඹදෙණිය පැත්තේ සංචාරය කරලා ගොඩක් හොඳ සටහන් වගයක් ලියලා තිබුනා පින්තූරත් එක්කම. ඒවාත් කියවලා බලන්නකෝ. මම පින්තූර ඉල්ලගෙන මෙතන දානවට වඩා ගිහින්ම බලන එක හොඳයි නේ...ඉතින් ඔය කාලේ දඹදෙණියේ හිටියා විජයබාහු කියලා කුමාරයෙක්. ඔහු 'විජයමල්ල' කියලා ප්‍රාදේශීය නායකයෙකුගේ පුතෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ. මේ කුමාරයාගේ ළමා කාලය ගොඩක් දුරට ගෙවිලා තියෙන්නේ කැලෑ ප්‍රදේශවල හෝ හමුදා කඳවුරු වල. කොහොමහරි මේ වෙද්දී තැන තැන බිහි වුන ප්‍රාදේශීය නායකයින් තමන්ගේ යටතට ගන්න විජයබාහු කුමාරයා සමත් උනා. ඒත් එක්කම මායා රටේ බලය පතුරවාගෙන ඉඳපු ප්‍රාදේශීය දෙමළ නායකයින් පොළොන්නරුවට පළවා හරින්නත්, මායා රටට ඇතුල් වීමට පැමිණි මාඝ ගේ සේනාව පළවා හරින්නත් සමත් උනා. මේ නිසා විජයබාහු කුමරු ඉබේම සිංහලුන්ගේ නායකයා විදිහට සැලකුණා.පොළොන්නරුවෙන් රහසේම මායා රටට වැඩම කරවපු දන්ත ධාතුවේ භාර කාරත්වයත් තමා අතට ගැනීමට විජයබාහුට පුළුවන් වෙන නිසා ඒක තවත් තහවුරු උනා. කෑගල්ලේබෙලිගල පන්සලක් හදලා එතන තමයි දළදාව තැන්පත් කළේ.මේ"විජයබාහු III" (ක්‍රි. ව. 1230 - 1234) රජතුමාටඉන්නවා පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු කියලා පුතුන් දෙන්නෙක්.කොහොම උනත් ඔහුවැඩි කල් රජකම් කරන්නේ නැහැ. වයස නිසාම ඔහු සිංහාසනය තම වැඩිමල්පුතුට පවරා විශ්‍රාම යනවා. ඒ අනුව අපේ ඊ ළඟ රජතුමා තමයි "පරාක්‍රමබාහුII" (ක්‍රි. ව. 1234 - 1269) රජතුමා.පහුගිය දවස්වල 'සිරි පැරකුම්' කියලා චිත්‍රපටියක් පෙන්නුවේ මෙතුමා ගැන තමයි. හැබැයි ඒ ජනප්‍රවාදයේ එන කතා. කාලිංග මාඝ ගෙන් එල්ල වෙච්ච සතුරු ප්‍රහාරයක් නිසා කුමරා රුක්මලේ ග්‍රාමයට රහසේම පිටමං කරලා හදා වඩා ගන්නා හැටි තමයි ඒ ජනප්‍රවාද වල තියෙන්නේ.දෙවන පරාක්‍රමබාහු රජතුමා හොඳ රජෙක් විතරක් නෙමෙයි හොඳ කවියෙක්, සාහිත්‍යධරයෙක් විදිහටත් සැළකෙනවා. "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" කියන ගෞරව නාමයන් පිදුම් ලැබුවේත් මෙතුමා තමයි. "විශුද්ධි මාර්ග සන්නස", "කව් සිළුමිණ", "ධර්ම පූර්ණිමා" එතුමා කළ විශිෂ්ඨ කෘති වලින් කිහිපයක්.දළදාව දඹදෙණියට වැඩමවපු දෙවන පරාක්‍රමබාහු රජතුමා අවිවාදයෙන් රටේ භාරකරු විදියට පිළි ගැනුනත් රජරට පාලනය තවමත් තිබුනේ මාඝ අතේ. ඔය අතරේ තමයි චන්ද්‍රබානු නම් ජාවකරජු තාම්රලිංග දේශයෙන් (වර්තමාන මලයාසියාව විය යුතුයි) පැමිණලංකාව ආක්‍රමණය කරන්නේ.වයඹ සහ දකුණු මුහුදු තිරවල බලය අල්ලාගන්න ඔහු සමත් වෙනවා.මොහුත් මාඝ වගේම ක්‍රෑර පාලකයෙක් උනත් බෞද්ධයෙක් නිසා වෙහෙර විහාර වලටහානියක් කරේ නැහැ (තාම්රලිංග දේශය එවකට බෞද්ධ රටක්).මේ වෙලාවේ දෙවන පරාක්‍රමබාහු රජු වහාම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ බෑනා කෙනෙක් වන වීරබාහු කුමාරයා ලවා චන්ද්‍රබානු පළවා හරින්න ඔහු සමත් වෙනවා. පලා යන චන්ද්‍රබානු උතුරේ මාඝ පාලන ප්‍රදේශයකට ගොස් එහි ජාවක කොලනියක් සාදා ගන්නවා.මේ අතරේ යුධමය වශයෙන් ශක්තිමත්ව සිටින පරාක්‍රමබාහු රජතුමා පිහිටි රට මුදවා ගැනීමට පියවර ගන්නවා. පොළොන්නරුවට සේනාව මෙහෙයවා කාලිංග මාඝ මරා දැමීමට ඔහුට හැකි වෙනවා. ඒ තමයි හතලිස් වසරකට අධික ක්‍රෑර මාඝ පාලනයේ අවසානය.වැඩි කල් නොගොස් පරාක්‍රමබාහු රජු අසනීප වෙන නිසා පාලන කටයුතුඔහුගේ වැඩිමහල් පුතු වන විජයබාහුට පවරනවා.ඔහුඉතාමත් කරුණාවන්ත නිවුණු ගති ඇති කෙනෙක් නිසා "බෝසත් විජයබා" යන විරුදාවලිය ලබනවා. නටබුන්ව ගියපු පොලොන්නරුව පිළිසකර කිරීමේ අදහසක් රජුට තිබුනත් ඊට මත්තෙන් උතුරේ කොලනියක් සාදාගෙන සිටි චන්ද්‍රබානු නැවතත් රජරට අත්පත් කරගෙන එයින් නොනැවතී යාපහුවට පැමිණ දන්ත ධාතුව ඉල්ලා යුධ ප්‍රකාශ කරනවා. වීරබාහු කුමරු සමග සටන් බිමට යන විජයබාහු රජතුමා ඔහුව පරාජය කිරීමට සමත් වෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ විජයබාහු රජතුමා පොළොන්නරුව සහ රුවන්වැලි දාගැබපිළිසකර කළ බවත් දළදාව නැවතත් පොළොන්නරුවට වැඩමවූ බවත්සඳහන් වෙනවා."විජයබාහු IV" (ක්‍රි. ව. 1268 - 1270) රජතුමා නිල වශයෙන් රජ වෙන්නේ 1968 දී.ඒත් මෙහෙම රජකම් කරමින් ඉන්න බෝසත්විජයබාහු රජතුමාට මාලිගය ඇතුලෙන් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙන්නේ හරිම අවාසනාවන්ත විදිහට. "මිත්‍ර" නම් සෙනෙවියෙක්තවත් ඇමතියන් කිහිප දෙනෙක් හවුල් කරගෙන රජ වාසල සේවකයෙකුගේ සහායයෙන් රජු මරවන්නට ඔහුට හැකි වෙනවා. මෙයින් නොනවතින මිත්‍ර, විජයබාහු රජුගේ සොහොයුරා වන බුවනෙකබාහු කුමරු මැරවීමටත් පිඹුරු පත් අඳිනවා.බුවනෙකබාහු කුමරාඅශ්ව කරත්තයක නැගී ගමන් කරමින් සිටියදී කොන්ත්‍රාත් කරුවන් යොදා රථයට පහර දෙන අතරේ රථයෙන් පැන සැඟවෙන්නට කුමරුට හැකි වෙනවා. පා ගමනින් බොහෝ දුරක් ගොස් ඇතෙකුගේ පිට නැගී කොලුමුනේ ඔය තරණය කරන කරන බුවනෙකබාහු කුමරු යාපහුවට පැමිණෙනවා. මේ අතරේ මිත්‍ර සෙනෙවියා රජ කිරුළ පැළඳ දඹදෙණියේ සිංහාසනාරූඨ වී හමුදා සෙබළුන්ගේ වේතනය දවැඩි කර රජකම බලෙන්ම පවරාගන්නවා. ඒත් මිත්‍ර සෙනෙවියාට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නොසිතූ ඇබැද්දියකට. බුවනෙකබාහු කුමාරයා රහසේම හමුදා නායකයින්ට දුන් උපදෙස් මත වේතනය වැඩි කිරීම ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් මිත්‍ර හමුවට යන "තාකුරක" නම් හමුදා නායකයා එක් වරම කඩුව ඇද මිත්‍ර මරා දමනවා.ඔන්න ඔය විදිහටයි "බුවනෙකබාහු" (ක්‍රි. ව. 1271 - 1283) රජතුමාට කිරුල හිමි වෙන්නේ. බුවනෙකබාහු රජතුමා රාජ්‍ය පාලනය යාපහුවේ සිට මෙහෙයවීමට කටයුතු කරපු හැටි අපි ඊ ළඟ ලිපියෙන් කියවමු. එතෙක් ආයුබෝවන්. |
BLOG | 2014.01.09 | http://pahanyaaya.blogspot.com/ | හිම වගේද අයිස් | සයුරි | මේ දවස්වල හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට ලොකු ඇබැද්දියකට මුහුණ පාන්න වෙලා බව ටීවී පත්තර එහෙම බලන ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඔය ඇබැද්දිය හින්දා ගේ ඇතුලටම වෙලා ඉද්දි තමයි සහන් කිව්වේ ඒ ගැන ලියන්න කියලා. ඉතින් ඔන්න මං ලියනවා...හැමදාමත් වගේ මේ පාරත් ශීත කාලය නොහොත් වින්ටර් එක බොහොම සාමාන්‍ය විදියට උතුරු ඇමරිකාව හොයාගෙන ආවා. ටික දවසක් යද්දී අපිට වැටහෙන්න ගත්තා මෙදා පාර වෙනදා වගේ නෙමෙයි, මොකක් හරි ලොකු අමුත්තක් තියන බව. ඕක සිද්ධ උනේ ඉරිදා හවස ජංගම දුරකථනයට ආපු මැසේජ් එකකුත් එක්ක..."ට්‍රීන්...ට්‍රීන් ..."අමුතුම නොම්මරයක් වගේ..."හෙලෝ.................""..............."අම්මටසිරි...කැම්පස් එක වහනවා කියන්නේ ඉතින් මොකක් හරි ගිනි ගෙඩියක්ළඟ එනවා කියන එක. මොකද ඒක වහන්නේ එහෙමත් දවසක. අනික් කාරණේ තමයි ලංකාවේ වගේ නෙමෙයි, මෙහෙ කාලගුණ අනාවැකිය හරියට නිකන් කිරි ගහට ඇන්නා වගේ තමා.ඉතින් අපිත් ගෙවල් ඇතුලට වෙලා මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා. එදා රෑ පුරාම වෙලාවකට මල් පෙති වගේ, තවත් වෙලාවකට පුළුන් කුට්ටි වගේ, තව වෙලාවකට ඇමරිකන් පිටි වගේ, අහසින් හිම වැටුනා මදි නොකියන්න. හිටි ගමන් අර හොල්මන් ගුහා වල ඇහෙනවා වගේ "හූ...." සද්ද එහෙම දාගෙන සුළං හැමුවා.ඒක ඉතින් ටිකක් සාමාන්‍ය දෙයක් වින්ටර් එකට. ඒ නිසා අපිත් සාමාන්‍ය විදිහට නින්දට ගියා.සඳුදා උදේ නැගිටලා මුලින්ම කරේ ජනේලේ තිරේ විදියට දාන පැලැල්ල වගේ එක (අරblinds කියන්නේ) අස්සෙන් එලිය බලපු එක. ඇස් දෙක කඩාගෙන යන තරමට දැනිච්ච ඉර එළිය හරහා බැලුවම සුදු පාට යායක් වගේ එකක් දැක්කා. එච්චරයි. ඊට පස්සේ කරේ උෂ්ණත්වය කීයද බලපු එක. නෑ නෑ එලියට බැහැලා නෙමෙයි. ලැපේ තිරේ ඕන් කරලා...ඕන් තියනවා...ෆැරන්හයිට් -9 යි. ඒ කියන්නේ සෙල්සියස් -23 ක් විතර.මෙහාට මේ වගේ සීතලක් අවුරුදු විසි ගානකට මෙහා පැත්තේ දැනිලා නැහැලු. මේ තියෙන්නේ මිචිගන් විල අයිස් බවට පත් වෙලා තියන හැටි.එලියට බහින්න තියා හිතන්නත් බැහැ. ගේ ඇතුලට වෙලා ඉන්නත් කම්මැලි නිසා අපි කරේ මේ වගේ සීතලක අත්හදා බලන්න පුළුවන් දේවල් ටිකක් හොයාගෙන ඒවා කරන්න ට්‍රයි කරපු එක.එකක් තමයි කෙහෙල් මිටිය (Banana hammer)අධික සීතල වෙලාවක කෙහෙල් ගෙඩියක් එලියේ තියෙන්න දීලා ආපහු අරගෙන බැලුවොත් ඒකෙන් ඇනයක් ගහන්න පුළුවන් තරමට සවිමත් වෙනවලු. මේක අත්හදා බලන්න ආස උනත් කරුමෙට කෙහෙල් ගෙඩියක් තිබුනේ නෑ ගෙදර. ඒත් යූ ටියුබ් එකේBanana hammer කියලා සර්ච් කරලා බැලුවොත් ඕන තරම් වීඩියෝස් හොයා ගන්න පුළුවන්.තවත් එකක් තමයි ටී ෂර්ට් එකක් උණුවතුරෙන් පොඟවලා එළියේ තියලා තිබුනොත් ඒක යකඩ වගේ හයි වෙනවලු. ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට කඩන්න පුළුවන් ලු. ඕක කරන්න ඉතින් ටී ෂර්ට් එකක් පූජ කරන්න එපැයි. ඉතින් ඒක කරෙත් නෑ.කරන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි නටන උණු වතුර ටිකක් එලියට විසි කරාම වෙන්නේ මොකද බලන එක. ඒකනම් මරු. ඔන්න බලන්නකො වෙන්නේ මොනවද කියලා...ඉතින් දවස් දෙකක් පුරාම ඔහොම අධික සීතලක් තිබිලා දැන්නම් ටිකක් දුරට අඩු වෙලා ගිහින්. මේ සීතල නිසා ජිවිත හානි පවා සිද්ධ උනා. සීතල නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන් කියන දේ තේරෙන්නේ මේ වගේ වෙලාවක එලියට බැහැලා බැලුවම තමයි. ඒක ඉතින් විඳලම බලන්න ඕන. එස්කිමෝලා කොහොම ඉන්නවද මන්දා.මේ තියෙන්නේ කැනඩාවේ කොහේ හරි ගනිපුපින්තූරයක්. හිම වගේ නෙමෙයි අයිස් අන්තිම දරුණුයි.දැන් ඉතින් කට්ටියට කුතුහලයක් ඇති වෙලා ඇති එක පාරම මෙහෙම උනේ මොකද කියලා. එහෙම කුතුහලයක් ඇති උනේ නැති අයට පහළ ටික නොබලා සතුටින් විසිර යන්නත් පුළුවන් :) නැත්නම් ඔන්න ඔහේ කියවලම යන්නත් පුළුවන්. ~~~~~~~~~~~~~~~~මෙන්න මේකයි වෙලා තියෙන්නේ...සාමාන්‍යයෙන් උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල තියනවලු ධ්‍රැව සුලිකියලා ජාතියක්. ධ්‍රැව වලට ඉහල වායු ගෝලයේසුළියක් විදියට වේගයෙන්කැරකෙමින් හමන මේ සුළං ඉතාමත් සීතල බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔය ආර්ක්ටික් එයාර්කියලා තියෙන්නේ ඒ ධ්‍රැව සුලිය තමයි. ඔය සුළිය නිරතුරුවම ආර්ක්ටික් කලාපයට ඉහලින් කැරකෙමින් තිබුනත් ඒකෙන් ඇමරිකාවට කරදරයක් නැහැ. හැබැයි මේ පාර තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ පාර ඔය නිල් පාටින් සලකුණු කරලා තියන රවුමේ වපසරිය ටිකක් වැඩි වෙලා. ඒ සීතල ධ්‍රැව සුලිය ඇමරිකාව ඉහළ අහසත් අයිති කරගෙන. ඒ නිසා තමයි අධික ශීතලක් ඇති වුනේ.ඉතින් ඒ ධ්‍රැව සුළිය ඒ විදිහට තමන්ගේ බල ප්‍රදේශය වැඩි කරලා තියෙන්නේ ඇයි කියලා හිතන්න පුළුවන් ද.විද්‍යාඥයින් දැනට දරන මතයක් තමයි මෙයGlobal warming හි අතුරු ඵලයක් බව. ග්‍රීෂ්ම කාලයේදී උණුසුම නිසා ආක්ටික් වෘත්තය ආසන්නයේ ඇති ග්ලැසියර වැඩි ප්‍රමාණයක් දිය වී යනවා. එවිට පොළව වසාගෙන ඇති අයිස් තට්ටුව සැලකිය යුතු තරමකට අඩු වෙනවා. ශීත කාලය පැමිණි පසු ආක්ටික් ප්‍රදේශයට වැටෙන හිරු එළිය නැවත පරාවර්තනය වීමත් ඒ හා සමානවම අඩු වෙනවා (හිරු එළිය පරාවර්තනය කිරීමේ හැකියාව ඇත්තේ අයිස් තට්ටුවට නිසා). එනිසා හිරු එලිය වැඩි ප්‍රමාණයක් ජලය මත පතිත වීම හේතුවෙන් වාෂ්පීකරණය වැඩි වී අර කලින් කියපු ධ්‍රැව සුළියේ පීඩනය වෙනස් කරනවා.මම කලින් කිව්වනේ ධ්‍රැව සුළිය ඉතාමත් වේගයෙන් කැරකෙමින් තියෙන්නේ කියලා. මේ පීඩන වෙනස හේතුවෙන් සිද්ධ වෙන්නේ එහි වේගය අඩු වෙන එක. ඔයාල දැකල තියනව නේදඅයිස් ස්කේටින් කරන ලස්සන ගෑල්ලමයි. අර බඹර වගේ කැරකෙන්නේ...අන්න එහෙම එක්කෙනෙක් ඉනට අත් දෙක තියාගෙන කැරකි කැරකි ඉඳලා එක පාරට අත් දෙක දෙපැත්තට විහිදුවාම වේගේ අඩු වෙන හැටි දැකල තියනවා නේද. මෙන්න මේ වගේ...අර සුලියට වෙන්නේ ඕකේ අනිත් පැත්ත. කැරකෙන වේගේ අඩු වුනාම එයාගේ වපසරිය වැඩි වෙනවා.ආන් එහෙමයි ධ්‍රැව සුළිය ඇමරිකාව පැත්තට විස්තීරණය උනේ.තේරුනා නේ ළමයිට. :)ප. ලි. ඕන් බලන්න ගහක් අයිස්කරණය වෙලා තියන හැටි. මේක ගත්තේ නම් මේ අවුරුද්දේ නෙමෙයි. අවු. 2 කට විතර කලින්. |
BLOG | 2014.09.11 | http://kinnaravi.blogspot.com/ | Liar's Dice (2014) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.11 | http://kinnaravi.blogspot.com/ | Belka i Strelka: Lunnye Priklyucheniya (2013) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.10 | http://kinnaravi.blogspot.com/ | Guardians of the Galaxy (2014) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.10 | http://kinnaravi.blogspot.com/ | Sweet Talk (2013) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.09 | http://kinnaravi.blogspot.com/ | Devil in My Ride (2013) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.09 | http://kinnaravi.blogspot.com/ | Asteroid vs Earth (2014) | rendy panjaitan | ..... |
BLOG | 2014.09.09 | http://kinnaravi.blogspot.com/ | Feichang Xingyun (2013) | rendy panjaitan | ..... |
BLOG | 2014.01.14 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | සත්තකින්ම වෙන් වීමක් නම් නැ | සචිත් | ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි ඇගේ ලැමට තුරුළු වුනු මගේ පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............බස් එකේ ජනේලයෙන් පෙනුණු බස් හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ සිතා මතා නම් නෙමේ .........අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත් 2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක ඒහැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..සමහර බැදීම් තියනවා ජිවිත කාලෙ පුරාවටම නමක් දෙන්න එහෙමත් නැත්නම් එ බැදිම මොකක්ද කියල තෙරුම් ගන්න බැරියාලුකමක් සහොදර කමකට එහා ගියපු බැදිම්.. ජිවිතෙ විවිද කාල වල හිතට දැනෙන තනිකමත් එක්ක ඇති වෙන සමහර බැදිම් ජිවිත කාලෙ පුරවටම හිතෙ තැංපත් වෙලා තියනවා. සමහර බැදිම් වලට දවසක් දෙකක් එහෙමත් නැත්නම් පැයක් දෙකක් තරමටකෙටි වුනාට එ පුන්චි මතකය ජිවිතේ පුරාම තැම්පත් වෙලා තියෙන්නෙ ඇයි කියල මම අදටත් දන්නෙ නැ. මතකයෙන් ලොකු කොටසක් එ පුන්චි පුන්චි මතකයන් ගෙන් වෙන් වෙලා මතක පොත ආපස්සට කියවනකොට හිතට දැනෙන්නෙ දුකක්දසතුටක්ද නැ එ හැගිමට වචන නැ.හුදකලාව අරක් ගත්තු ගොඩක් ඈත දවස් වල ඒ හුදකලාව මකන්නට මෙන් හිත පුරා ගොඩ නැගුනු බැදීම් කාලයත් එක්ක හුදකලවමගෙන් ඇත් වෙන්න වෙන්න ගොඩ නැගුනු බැදිමුත් ඈත් කරලා ලස්සන මතකයක් විතරක් එකතු වෙලා. කාලයක් තිස්සෙඉස්කොලෙ යනකොට කොච්චර නම් එ වගෙ බැදිම් අපෙ ජිවිත වලට එකතු වෙන් ඇතිද කඩෙ අක්කා, හැමදාම හිනා වෙන අයියා,වැඩට යන මිනිස්සු හැමදම හම්බෙන කොච්ච්රක් හුරු පුරුදු අයත් එක්ක අපි හිතින් බැදිමක් හදා ගන් ඇතිද. එ බැදිම් දැන් අපෙන් කොච්ච්රක් නම් දුරස් වෙලාද.................ඈත ගමනක් යනකොට ට්‍රිප් එකක් යනකොට හම්බෙන අය හ්ම්ම්ම් එ අයත් එ මතකයෙ කොටස් කාරයො වෙලා මෙහෙම කියන්න ගියාමඑ වගෙ කොච්චර දෙවල් මතක් වෙනවද......... හැම මතකයක්ම ගොඩක් වටින්නෙ හුදකලාව එක්ක තනිවුනාම කියලා මං හොදටම දන්නෙහුදකලවත් මගෙ ජිවිතෙ එක්ක වරින් වර බැදිම් හදා ගන්න හින්දා එ හුදකලාවම ජිවිතෙට ගොඩක් ලොකු පාඩම් කියල දෙනවා කියලාතෙරුම් යන්නෙ සැහෙන කාලයකට පස්සෙ...මග තොටදී අහම්බෙන් හම්බෙන පරන පෙම්වතියක් පෙම්වතෙක් එක්ක අතිත දවස් වල වගෙ අයෙමත් බැදිමක් හදා ගන්න බැ එත් එ මතකයන් කොච්චර ලස්ස්නට හදවත ලග පෙල ගැහෙනවද වයිරයක් නැතුව එ හැම බැදිමකටම සුන්දරත්වයක් දකින්න පුලුවන් කමක් තියනවනම් එ මතකයන් ජිවිතෙ තව තවත් ලස්සන කරනවා.............නමක් දෙන්න බැරි නමක් හොයන්නත් නැත් බැදිම් වලට මං හැමදාම ආදරෙ කර කරන්නෙ එවා ජිවිතෙ මතකයන් ගොඩක් ලස්ස්න කරපු හින්දාකරන හින්දා හරියට හුදකලාවත් එක්ක තියන මගෙ මෙ බැදීම වගෙ ........... හරියට ඈත් එක්ක තිබුනු බැදිම වගෙ එවට කවදාවත්ම නමක් දෙන්න බැ................................................................. එ හින්දම මං මෙ සින්දුවට ගොඩක් අසා කරනවා සංසාර පුරුද්දද මෙ හමු විමෙ අරුමෙ හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති......................................{සත්තකින්ම වෙන් වීමක් නම් නැ}෴෴සචි෴෴. |
BLOG | 2013.12.31 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | අරෙලිය මල් ගහ | සචිත් | අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුනපැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.රණ් මැනිකා.........................................පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්සගවා ගනිමින්.ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්එක දෙක මා පාමුල පතිත වුවා.උක්කු බණ්ඩා...................සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලාගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.සුදු මැණීකෙ..........................සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්පොකුරු මෙනි.නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්වුයෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නටවුවා.හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...සිබින්නට සිතු සුසුම් නුබ ලගතනිවෙනවා දැනුනා.............කියන්නට බැරි පැතුම් මුව මතමුනිවතම රැක්කා........දරන්නට බැරි කදුලු ලගතනිවෙන්න සිතුනා...........පිපෙන්නට ලග සුවද මලමගෙමයි හැගුනා...............හන්තාන සිතුවිලි වහින වැසි ලගසැබැ වෙනු දුටුවා....෴෴සචි෴෴. |
BLOG | 2013.11.30 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | රතු රොස ......... | සචිත් | පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනාගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනකහිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.සුදු මුදු මද නලපවසාවී රහසක්නුබෙ සුවද සමගින්මා වටා දැවටී.......................නීල දෙනයනනුබ දන යුගල මතහෙලන බැල්මන්කියනා සුපෙම් කව................සෙමින් සැලෙනාසිනිදු මල් පෙතිසිනිදු නැ නුබෙ පා යුග තරම්......................අසා ඉමු අපි හදෙ ගැහෙනා පෙම් රටාසිතින් සිතුවිලි සයුරෙඈත දුරකට පියබලාසිනාසෙමු අපි හෙමින් මුමුනා පෙම් කතා...........................පතා ආ ලෙස ඈත බවයෙඑකතු වී අපි අපෙ ලොකයෙ තනි වෙලා.................දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් වියසිතල නුවරඑලිය තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්. පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුවපෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා.....................................පසුදින පුවත්පත්............මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................පසු වදන...සතය සිදු විමක් ඇසුරෙන්.............සිහිනයකි ජිවිතෙ..(මෙකත් බලලම යන්න..). |
BLOG | 2013.11.27 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | සොහොන් කොත් | සචිත් | හද එලියට දිලිසෙන සුදු සොහොන් කොත් යට සැතපෙන මතක සමුදායක විකෘති ජරා ජිරන වු රූපකායන් කොහෙන්දො ආපු වවුලෙකුගෙ හඩට පොඩ්ඩක් වත් සැලුන් නැ. එහෙමත් නැත්නම් චංචලවෙන්න තරම් ඉඩක් තිබුන් නැ.අහස පුරා ඈතට ඔහෙ පවෙලා යන වවුල් තටු ගැහැන රාවය විසිරිලා තියන මනොමය ශරිර වලට දැනුනද කියන්න දන්නෙ නැ.හෙමි හෙමිට ඇදෙන හං ගොල්ලෙක් ඔලුව ඔබා ගන්න කටුවක් නැති ශොකයට සංතස්තාපයෙන් වගෙ ඉබෙම ඇදිලා ගියා.අසලින් තියන රේල් පිලි 02ක කවදාවත්ම එකතු නොව්නට කොච්චියකට ගමනාත්තයට යන්න මාර්ගය පෙන්නනවා වගෙම දලුලන සියබලා ගහෙ කොල අමුතුම රටාවකට සැලුනෙ සුලගෙ තාලය අදුනා ගත්තා වගෙ හැගිමකින්. බල්ලෙකුගෙ උඩු බීරුම් හඩ පරිසරයෙ තිබු නිහඩ බව බිද හෙලා දැම්මෙ හරියට බලාපොරොත්තු ක්ශනකයකින් බිද වැටෙන කොට ඇතිවෙන වෙදනාව තරම් වෙගයෙන්.ඇතින් වැටිලා තිබුනු ජංගිය ටිකක් දිරා පත් වෙලා තිබුනත් ලග ලගම තිබුනු ප්‍රිතියෙන් ප්‍රිතිය උදම් වෙලා තිබුනු හැටි පසක් වුනෙයක්කුන්ට බය නැති රසස්වාදයක දිරාපත් මතකයක් ලෙසින්. එකවරම මතකයට එන්නෙ නැති ආත්‍රොපොඩාවෙකු ගුලකින් එලියට ආවෙඋටත් බඩගින්න දැනෙන නිසා වෙන් ඇති. මකුලු දැලක පැටලුනු පුන්චි සතෙක් දගලන්නෙ ජිවිතය ඉල්ලලා කියලා හිතුනත් තව සුලු වෙලාවකින්උත් මෙ පොලව යට තියන අජිවි රුප කයන් වගෙ වෙනවා කියලා දැනුනා.උත් ඔහොම්මම පාවෙල තව කොහෙ හරි ඉපදෙයි මරැයි හැමදාම වෙනවා වගෙ වුනා වගෙ. විසික් කරලා තිබුනු ගල් අරක්කු බොතලෙ කියන්නෙත් රුපය දිරනා නාමෙ නොදිරනා වගෙ කතාවක් නැත්නම් කොහොමද එක ගල් අරක්කු බොතලයක් කියලා දැන ගන්නෙ.සොහොන් කොත් අතර තිබුනු පුන්චි දැරිවියකගෙ රුපය අස්තිරි ජිවිතය තවත් පසක් කලා... එ මුකුත් නොදැන අයෙමත් ආපු සුලගට ලපටි සියබලා දලු සෙමින් සැලෙනවා. |
BLOG | 2013.09.29 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | නමක් නැති නිමක් නැති ............ | සචිත් | නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙකදිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්නතියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලාදැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපිවෙන් වෙන එකක් නැ කියලා..ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්මඑකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.අපි එදයින් පස්සෙත් කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයිකියන 2ක විතරමයිමගෙ හිතෙ අදටත් මතකයක් විදිහටතැම්පත් වෙලා තියෙන්නෙ . ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල්දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….පහුවදා පාන්දරම අපි වෙන් වෙන්නසුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙඅම්මයි තාත්තයි ගාවට..එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙහුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්නමට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොටබිරිද වෙන්නෙ කොහොමද කසදය කියනගිවිසුම අත්සන් නොකරසහොදරියක් නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද.එ විදිහට ගත්තොත් මං අදටත් අපෙසම්බන්දෙට නමක් හොයනවා.මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්.අපි එදා දවසම අපි මුනගැහුනු අපෙ මතකයන් රැදුනුතැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකටනගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වාමෙක සංසාර බැදිමක් වෙන් ඇති.මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත් අපි අයෙමත් සංසාර බැදිම් තියාගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත්කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේරිදුම් දෙනවා අපිට අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකවවෙන් ඇති ……………………………..දුර ඈතනිම්නයටසිත සිබිනමල් හීනවසත් කලගිම්හානායක......පොලොව සිපගත්තුපුන්චි වැහි බින්දුපුපුදලානියගලා මල් පොකුරුනුබදුන්නු මතකයට....කවකටුවෙතුඩ මතින්ඈදි ගිය චාපාවසිත රැදෙහැමකල්මඅහිම බව දැන දැනම......෴෴සචි෴෴මෙ අපෙ මතකය වෙනුවෙන්.............නමක් නැති නිමක් නැති ............මේ සොඳුරු සෙනහසටසිත් ඉමට වඩින්නටවරම් දුන්නේ කව්ද.........සිහිල් සඳ මද නල හමනරැයක සිහිනෙක රැඳෙනසුපිවිතුරු හැගුමක්ද........අතින් අත පටලවාලොව්තුරා ආදරෙන්හිත රැදුනු නුබෙ මතකහිත පුරා විදින්නට අවසරද..............පිවිතුරුව හමා ගියඅරලියා මල් සුවදතියෙවා හැම කල්මඑකම සෙවනක රැඳෙනවරම් හිමි නැති වුවද...............෴෴෴සචි෴෴෴මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්. |
BLOG | 2013.08.09 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | හිස් වචන | සචිත් | සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි.හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා. සුසුම් වලට වටිනාකමක්. කාලය ගෙවිලා ගිහින් දින සති මාස. ආලොකයේ වේගය.. දැන් නැගිටින්නකො බබා ඉර මල පිපිලා.මේ ගිරි දුර්ග පසු කරමින් හමන සුලග ට සත්තකිනම මම ආසා කලා..චික් චික් කොහෙදො හිටපු හුනෙක්.රතුපාට මැයි මල් පොකුරු. සිතලට ගුලි වෙන්න ගුලිවෙච්ච හිත වගෙම. පොද වැස්සක් වැටෙන කොට දැනෙන හැගිම අනොරා වැහි වහිනකොට නැත්තෙ ඇයි කියලා දන් නැ. කාමයෙහි රලු පරලු බවක් නැත.බොද වු කනාමැදිරි එලි. නිදි නැති සඳ කාන්තිය. බලාපොරොත්තු. සෙල්ලක් කාර ජිවිතය. පැබ්ලො ලියු කවි පද. කෙටි ප්‍රෙමයක දිගු මතකය. සති අහ විභාගය නෙත ලග ඇති පොත්. බලාපොරොත්තු. අකලට පිපුනු රොබොරොසියා මල්. ජිවිතය එකාකාරීයි. නැ එහෙම හිතෙනවා. සත්තකිනම වසන්ත්ය ඇවිල්ලලු........අනෙ මන්දා.....{පහුගිය කාලෙ මං ගැන හොයලා බලපු හැමොටම ගොඩක් ස්තුතියි. අයෙමත් ලියන්නයි බලාපොරොත්තුව}. |
BLOG | 2013.04.13 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | නිසදැස් 2. | සචිත් | කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරි වුනු හින්දා අලුත් අවුරුදු දා උදේම පරන අවුරුද්දේ ලියපු නිසදැස් ටිකක් දාන්න හිතුවා..... ඉස්සෙල්ලාම ලැබුවා වු අලුත් අවුරුද්දට සුබ පතනවා..සතුට සිනහවපිරි ඉතිරෙනනිබදජය ටැබ සොයා යන්නටඅලුත් ආරෙටසිතුම් පැලවෙනවාසනාව දොරේ ගලා යනනව වසරකටපතමි ආසරි෴෴සචි෴෴**************************************************1).සසල දියනිසල වනගං දැල අභියස............සුපෙම්මල් පොකුරුපිපෙනාමෙ සීත ගනදුර.........ඉකිබිදිනසරා සද හංගලාරීදි පැහැ මෙගය....ඇය කියුසරා කවපාරවයි දෙනයන..............෴෴සචි෴෴2).දුර ඈතනිම්නයටසිත සිබිනමල් හීනවසත් කලගිම්හානායක......පොලොව සිපගත්තුපුන්චි වැහි බින්දුපුපුදලානියගලා මල් පොකුරුනුබදුන්නු මතකයට....කවකටුවෙතුඩ මතින්ඈදි ගිය චාපාවසිත රැදෙහැමකල්මඅහිම බව දැන දැනම......෴෴සචි෴෴3).උනුහුමට නෙත අග පිපුනුසෙනෙහසෙ රතු රොසපරවෙලා මටත් හොරාඔය සිත අහිමි වු දුකට.......හෙමින් හෙමින් මා නෙතටසිතලින් ඔප වැටුනු කදුලුරස මතු වෙලා නුබෙ පහස දනවලා......෴෴සචි෴෴4).නමක් නැති නිමක් නැති ............මේ සොඳුරු සෙනහසටසිත් ඉමට වඩින්නටවරම් දුන්නේ කව්ද.........සිහිල් සඳ මද නල හමනරැයක සිහිනෙක රැඳෙනසුපිවිතුරු හැගුමක්ද........අතින් අත පටලවාසොයුරියක ආදරෙන්හිත රැදුනු නුබෙ මතකහිත පුරා විදින්නට අවසරද..............පිවිතුරුව හමා ගියඅරලියා මල් සුවදතියෙවා හැම කල්මඑකම සෙවනක රැඳෙනවරම් හිමි නැති වුවද...............෴෴෴සචි෴෴෴5).දැස පෙරුමන් පුරාආදරේ උල්පතෙජිවිතේ විල්තෙරෙසොයමි සෙනහස ඔබෙ..............සිහින ඇරයුම් පුරාසිතුවිලි ගගුලක් අරාදෙන්න සෙනෙහෙ ඔබෙඔබටමයි ආදරේ......සුපෙම් පැතුමන් පතාසිතින් මං දුර ගියාකදුලු විල් තෙරෙ තියාසොයමි නුබ කොහෙ කියා........෴සචි෴6).සුදු රොසඉකිබිදිනරැ...........සද හැන්ගිලාතරු හිනහිලාසිත පුරාපැතිරිලා කලු වළා..........පියා පත් ඇකිලිලාකුරුලු ගිතයනිම වෙලාසිනා මල් හැන්ගිලාවසන්තය නිම වෙලා....................~~~සචි~~~7).සැලෙන මද නලටපොපියනා හද ගැස්මහෙමින් හිරු මඩලසිප ගනී සිත් අහසඅඩ ගසා සදූ නැති රැයට.................පරව යන සුදු රොසහිනහෙනා කඩුපුලටකොදුරාවි ලොව දහම................සෙමින් මා නෙතටඋනුහුමින් පොපියනපැමිනිලා කදුලක්මතකයට නුබ දුන්නු ..........***සචි***8).පාට තවරන්නටජිවිතයට .........අරුත් සොයන්නටවිඩාබර දෙනතට......විදින්නට හිත පුරාආදරෙ .............කවදාකමා සතු වෙද....................හින පුරා මා සෙවුඑ නෙක පාට.......~~~සචි~~~9).මම ...මග බලාන හිටියාඅරලිය මල් වැටුනු පාර දිගෙහිතෙ දුක පිරිලාවැහි බර අහස වගෙ.......ඇය...නිල්ම නිල් ඇ දෙනෙතපොඩි වෙලා වෙනදා වගෙසිනවක් නම් නැමා සිප ගත් එ මුවගෙ...........මම...මෙ අහන්නමගෙ හිත අදරෙ පිරිලාසිබින්න හදනකොටමමල් වලට කියන්න එපාසිබින්න එපා සුවද අරන් යන්නකියලා........ඇය...පොඩි දෙට කදුල එනමගෙ ඇස් නුබ ලගම තියන්නම්මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්එත් ......මම තවත් නුබෙ නොවෙ...෴෴සචි෴෴ප.ලි - බ්ලොග් අව්කාශයට ඇවිත් දැන් අවුරුද්දක් මෙ අවුරුද්ද පුරාවටම වසන්තය එක්ක එකතු වුනු හැමොටම ගොඩක් ස්තුතියි. |
BLOG | 2013.02.16 | http://wasanthayata-aradhanawak.blogspot.com/ | වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්.. | සචිත් | වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින්ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනාසියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයටඋදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වුඅමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්.නමුත් එකී කාල වකවනුඅවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුරකාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින්ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලුදහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි. නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇතිමිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලටනොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක් ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ). |
BLOG | 2014.08.13 | http://badamama.blogspot.com | කාර් ගැන කතා නොවේ! | මිගාර | වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා. පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා. මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ. යනෙන ත්‍රී වීලරයෙන්. වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා.කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය. ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්. |
BLOG | 2014.07.24 | http://badamama.blogspot.com | ටෙඩි බෙයා | මිගාර | බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ඒ එකෙක්වත් තඹේකට මායිම් කලේ. සැපයුම අඩු නිසා ඉල්ලුම ඉහළ යාමෙන් ටෙඩීට පන්තියේ තිබුණේ දැවන්ත ඉල්ලුමක්.එක දවසක් ටෙඩී පන්තියට එනවා පේන්වා වයසක පොරක් එක්ක. පන්තියට මීටර් 200ක් විතර තියලා, අර පොරව නවත්තලා ටෙඩී තනියම පන්තියට යනවා. ඒ වෙනකොට පන්තියට එන බඩාට මේක පහසුවෙන්ම දර්ශනය වෙනවා. සුදු පාට ජාතික බැනියමයි සරමයි ඇඳපු තැන්පත් පාට මනුස්සයෙක්. මනුස්සයාගේ ඩයල් මීටර් කරගත්තු බඩා ටෙඩී පන්තියට යනකම් ඉඳලා අර පොර එක්ක කතාවකට සෙට් වුණා. මුලින්ම නිකම් ආගිය තොරතුරු අහලා කතාව පටන් ගෙන ටික දුරක් යනකොට දැනගත්තා පොර චිත්‍ර ශිල්පියෙක් කියල. හැබයි බඩා ටෙඩී ගැන වචනයක්වත් ඇහුවේ නෑ. අර අමාරුවෙන් චිත්‍ර පාඩමේ කරපු දේවල මතක් කරන් පොරට ටෝක දාගෙන ඉන්න කොට අර කඩ ඉම් උත්තරය පිට වුණා. මේ මනුස්සයා ටෙඩී ගේ තාත්තා. ටෙඩී ඉන්න විදියට අපි හිතුවේ තාත්තා සුද්දෙක් වෙන්න ඕනය කියල. හැබයි මෙන්න ඇත්ත තත්වය. පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින ටෙඩි බෙයාගේ තාත්තා රෙදි අඳින පොරක්. දෙන්නම් ජම්බු කියල බඩා ටෙඩී ගේ නම වෙනස් කලා. "රෙදි බෙයා".නමේ තේරුම් කොල්ලන්ට මීටර් වුණේ බඩා ආයෙත් ටෙඩී ගේ තාත්තාව කොල්ලන්ට පෙන්නුවාමයි. අද වෙනතුරුත් ටෙඩි / රෙදි බෙයා බඩා මාමාගේ මූණ බලන්නේ නෑ. |
BLOG | 2014.04.18 | http://badamama.blogspot.com | Blue Label | මිගාර | පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා.බ.මා.: "කොහොමද ලොකු උන්නැහේ අවුරුදු." මි.: "අපිට අවුරුදු නෑ, අවුරුදු තියෙන්නේ රජගෙදර උත්තමයන්ට විතරනේ"බ.මා.: "ඒ කිව්වේ."මි.: "දැන් බලන්න මහත්තයෝ අවුරුද්දට වැඩිම පෝලිම තියෙන්නේ කොහෙද. උකස් බඩු කඩ ලඟ. ළමයින්ට ඇඳුම් කාල්ලක් ගන්නෙ උකස් කරල"බ.මා.:"ඉතින් එච්චර අමාරුද. ළමයි තුන් දෙනෙක්ට රුපියල් 2500ක් දෙනකොට ඇඳුම් ගන්න පුළුවන්නේ."මි.: "ඒ ගානත් අපිට නෑ මහත්තයෝ"මිනිහා හෙන විරෝධාකල්ප බුවෙක් කිය්ල තේරුම් ගිය නිසා බඩා මාමා ෆුල් ටොස් එකක් දාල දුන්නා.බ.මා.: "ඒ වුණාට ලොකු උන්නැහේ රාජ කුමාරයා නං උපන්දිනේට හෙන බෝතල් පාටියක් දාලලු නේද. බ්ලූ ලේබල්ම තමයිලු ගෙනත් තියෙන්නේ."(බ්ලූ ලේබල් කියන්නේ මිළ අධික විස්කි වර්ගයක්. බෝතලයක් රුපියල් 40,000 විතර වෙනවා). බඩා මාමා එක්ක කතා කරන මිනිහා හෙන බෙබේ පෙනුමක් තියෙන බවත් කියන්න ඕන.මි.: "අම්මප මහත්තයෝ. බෝතලයක් 75ක් විතර වෙනව. මෙච්චර බොන අපිවත් බීල නෑනේ ඔය කියන ජාති"ඊලඟට අහන්න ගිය දේ ගිලගෙන බඩා මාමා එතනින් මාරු වුණා. |
BLOG | 2014.04.09 | http://badamama.blogspot.com | පච්ච කෙටීම (18+) | මිගාර | කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා.බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ වැදගත් පණිවුඩයක් ලබා දෙන දෙයක්. පච්චයක් තිබීම තුලින් ම, අදාල රෝගියා රුධිරය මගින් බෝවන රෝග වැලඳීමට වැඩි අවදානමක් ඇති අයෙකු වශයෙන් වටගා ගැනෙනවා. ඒ වගේම පච්චයේ අඩංගු දේවල් සමහර වෙලාවට රෝගියාගේ මානසික තත්වය කියාපානවා. සමහර ශූර වෛද්‍යවරු පච්චය කෙටුවේ ලංකාවේ ද, පිටරට ද කියන්න තරමට පච්ච දැකලා තියෙනවා. අද කතාව පච්ච ගැන. පච්ච කොටන්න ගිහින් වුණු "මරුවා බුදු වේවා" අවුල වගේ ඒවා අහලා අැති බවට විශ්වාස කරනවා. අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ වෛද්‍යතුමෙක්ට හම්බ වෙලා තියෙනවා ඇඟ පුරාම පච්ච කොටාපු මිනිහෙක්. පච්ච කොටලා තියෙන්නේ චිත්‍රපටි වල නම්. "නොම්මර 17", "සාමා", "චණ්ඩි මල්ලි", "චන්නයි කෙල්ලො දෙන්නයි" වගේ ඒවා හැමතැනම. ඒ වුණාට එක තැනක ගහල තියෙනවා "මසින්" කියල. මේ මොකද්ද කියල ඇහුවම ලෙඩා කියනවලු "ඕක සමහර වෙලාවට "මල්දෙණියේ සිමියොන්" වෙනවා. දැන් පේන්නේ ඔච්චරයි" කියල. පච්චය ගහපු තැන හිතා ගන්නකො බලන්න.බඩා මාමා සීමාවාසික පුහුණුව ලබන කාලේ වාට්ටුවට ඇතුළු වුණා අඩි හයහමාරක් විතර උස මහ දැවැන්ත මිනිහෙක්. අරක්කු බීල වැඩිවෙලා අක්මාව නරක් වෙලා, කකුලේ තුවාලයක් හැදිලා. මිනිහගේ කලවා වල තියෙනවා ගැහැණු රූප දෙකක් පච්ච කොටලා, මිනිහගේ අහවල් එකට වැඳගෙන ඉන්නවා.යොමු කිරීමේ ලියුම් ගැන ප්‍රසිද්ධ මහාචාර්යතුමා මේ දවස් වල විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවාලු. මහාචාර්යතුමා විශ්‍රාම ගත්තට උන්නැහේගේ කට නම් විශ්‍රාම අරන් නැහැ. ගුරුතුමා බැහැ දකින්න ගිය ගෝලයෙකුට මහාචාර්යතුමා කතාවක් කියල තියෙනවා. මේ ගෝලයා ගිහින් තියෙන්නේ ලංකාව T20 ලෝක කුසලානය දිනුවට පස්සේ. මහාචාර්යතුමා අහනවා "අර ක්‍රිකට් ලෝලී ගණිකාවගේ කතාව දන්නවද." කියල. ගෝලය කියනවලු "නෑ" කියල. රැල් බුරුල් ඇරලා මහාචාර්යතුමා කිණ්ඩි හිනාවකුත් මූණට දාගෙන කතාව පටන් ගන්නවා."ඔන්න ක්‍රිකට් ලෝලී ගණිකාවක් හිටියා. මෙයා කැමැති ලංකාවේ ටීම් එකට. අපේ මනුසසයෙක් දවස්ක ඔය කෙනා ගාවට ගිහින් තියෙනවා සැපක් ගන්න. වැඩේට සෙට් වෙන කොට අපේ යාළුවා දැකල තියෙනව කලවා දෙකේ පිරිමි රූප දෙකක් කොටල තියෙනවා. "ඔයා ක්‍රිකට් වලට ආසද." ගණිකාව අපේ මිත්‍රයාගෙන අහනව. "ඔවු" කියල අපේ මිත්‍රයා කියනව. "එහෙනම් මේ කවුද කියන්න බලන්න කියල කලවා දෙක පෙන්නුවලු" අපේ මිනිහ කියනව "දන්නේ නෑ" කියල. "මේ ඉන්නේ සංගක්කාර, මේ මහේල". අපේ මිනිහා හොඳට ඒ දිහා බලන් ඉඳල කියනවලු "ඒ දෙන්න නම් මට කියනකන්ම අඳුන ගන්න බැරි වුණා. ඒත් අර මැදින් ඉන්න, කොණ්ඩේ කැරලි තියෙන, තොල් මහත, කරාබුව දාපු කෙනා නම් මාලිංග කියල ටක් ගාල අඳුන ගත්ත". මහාචාර්යතුමා ඇහැක් ගහගෙනම කතාව ඉවර කරනවා. ගෝලයා හොල්මන්ද පොල්කොල. |
BLOG | 2014.01.12 | http://badamama.blogspot.com | Sperm bank | මිගාර | බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම.1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල. කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල. ඒ ඔක්කොටම උඩින්, ශුක්‍රාණු බැංකු කරන වෛද්‍යතුමාට බඩා නම දැම්මා "ධාතුසේන" කියල. එදා ඉඳන් සහෝදර විශේෂඥ වෛද්‍යවරු පවා එතුමාට කතා කරනෙන "ධාතුසේන" කියලමයි.ප.ලි.ලෝකේ අදක්ෂම බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා.ප.ප.ලි. - දන්නෙම නැතුව කතා 50ක්ම ලියලා. |
BLOG | 2014.01.10 | http://badamama.blogspot.com | අතේ ද? කකුලෙ ද? | මිගාර | මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට කැක්කුම යනවද." කියල. ලෙඩත් "ඔවු" කියල පිළිතුරු දුන්නා. මේ ලෙඩා සිංහල ලෙඩෙක්.Testis කියන්නේ වෘෂණ කෝෂය විදියට හිතේ තියා ගත්තු අපේ කොට ජීවිතයක් ඊලඟ ලෙඩාගෙන් රෝගී විස්තරය ගන්නවා. මේ ලෙඩාගේ ප්‍රශ්ණය වෘෂණ කෝෂයක් ඉදිමීම. හැබයි මේදා සැරේ ලෙඩා මුස්ලිම්. අපේ කොට ජීවිතේ අහනවා "දැන් ඉදිමිලා තියෙන්නේ කොයි පැත්තේ වෘෂණ කෝෂයද ." කියල. සිංහල හරියට නොදන්නා මේ ලෙඩා හොල්මන්ද පොල්කොල. "අනේ නෝනා මාතියා ඒම එකක් ඉදිමිල නේ" ලෙඩා කියනවා. "එහෙනම් ඉදිමිලා තියෙන්නේ මොකද්ද." මෙහෙම අහන්නේ අපේ කොට ජීවිතේ. "නෝනා, ඉදිමිලා තියෙන්නේ ඇටේ නේ" කියල. "ආ කොහේ ඇටේද. අතේද. කකුලෙද." කියල අහන්නේ අපේ කොට ජීවිතේ. ලෙඩා කියනවා "අර දෙකක් තියෙන ඇටේ නෝනා" කියල. අහන් ඉන්න අපිට පට්ට හිනා.ප.ලි. අස්ථි පඤ්ජරය හෙවත් ඇට සැකිල්ල කියන එකේ අකුරු මාරු වෙච්ච සංගෙඩිය පාඨක ජනයා දන්නවා ඇතැයි බඩා උපකල්පනය කරනවා. |
BLOG | 2013.12.22 | http://badamama.blogspot.com | ගෝනි බිල්ලා | මිගාර | පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා. "බිල්ලෙක්. බිල්ලෙක්." කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා. අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ." රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා. |
BLOG | 2013.12.08 | http://badamama.blogspot.com | දඩයමේ යනවද? | මිගාර | මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්. බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ.) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා.ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද." කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද." කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද." කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා. |
BLOG | 2013.11.23 | http://badamama.blogspot.com | Referral | මිගාර | වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්‍රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ලියාපු යොමුවක්. මේ යොමු තනිකරම රාජකාරි මට්ටමෙන් කෙරෙන ඒවා බව පැහැදිලි වෙන්න ඕන.සුද්දන්ට තෙල බෙදන්න ගිහින් අනා ගැනීම කල මහාචාර්යතුමා කට්ටියට මතක ඇති. එතුමාට හිටියා ගෝලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ආන්ත්‍රික ශල්‍යකර්ම ගැනත්, අනෙකා ගුදමාර්ගය සහ අධෝ මුඛය සම්බන්ධ රෝග වලත් ශල්‍ය විශේෂඥයින් හා පසුව මහාචාර්යවරුන් බවටත් පත් වුණා. ආන්ත්‍රික රෝග ගැන උනන්දු වුණේ G. අනෙක් කෙනා D. මහාචාර්යතුමා හෙණම සීරියස් වුණාට ගෝලයෝ දෙන්නා නම් ජොලියට බර සොමි පොරවල් දෙකක්. එක දවසක් අධෝ මාර්ගයේ නිදන්ගත සැරව ගෙඩියක් තියෙන රෝගියෙක් වෛද්‍ය G ගාවට එනවා. තම මිත්‍රයා මේ පිලිබඳ උනන්දු නිසා ඔහු මිත්‍රයාට මෙහෙම ලියනවා.ThanksGහැබැයි මේ ලියමන නොසිතූ විදියට මහාචාර්යතුමා අතට පත් වෙනවා. දෙන්නම කන් ඈත් වෙන්නම අහගත්ත බවයි තතු දන්නෝ පවසන්නේ. |
BLOG | 2013.11.22 | http://badamama.blogspot.com | ලොක්කා අවුල් නෑ | මිගාර | රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ඉඩ. මේ දැවන්ත පන්තිය නිසා විභාග වලදී නම් කොපි කිරීම පහසු වුනේ නෑ. කොච්චර සත්තු වගේ වුණත්, පන්තියේ කොල්ලෝ බුද්ධ රූපයක් පන්තියේ තියල මල් පහන් තියන්න අමතක කලේ නෑ. බෞද්ධයෝ එහෙම නම් අපි සෙකන්ඩ් වෙන්නේ මොටද කියන්නා වාගේ පන්තියේ හිටපු ක්‍රිස්තියානි සිසුන් සුරුවමක් ගෙනල්ල පන්තියේ එල්ලුවා. ඒ දවස් වල බඩාගේ පන්තියට කියන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එක කියල. මොකද මුස්ලිම් සිසුන් දහයක් විතර, ඒ කියන්නේ පන්තියෙන් 25% විතර හිටියා. ඒ අය පිළිම වඳින්නේ නැති නිසා උන් ටික නම් මොකුත් ගෙනත් එල්ලුවේ නෑ.පන්තියේ තියෙන මේ දැවන්ත ඉඩ පාවිච්චි වෙන්නේ එක්කෝ ටැප් රගර්, එහෙම නැත්නම් වන් බවුන්ස් කියන සෙල්ලම් වලට. ටැප් රගර් කියන්නේ රගර් වගේම් ක්‍රීඩාවක්, හැබැයි කකුල් මාට්ටු (ටැකල්) දැමිලි කරනෙන නෑ. පන්දුව ගෙනියන කෙනාට පොඩි තට්ටුවක් දැම්මොත් පන්දුව අත අරින්න ඕන. තට්ටුව නොවැටෙන්න පාස් කරන එක තමයි සෙල්ලම. වන් බවුන්ස් කියන්නේ ක්‍රිකට්ම තමයි ඒත් පන්දුව පොළොවේ එක වරක් හෝ ඊට අඩුවෙන් වැදිල එද්දී ඇල්ලුවොත් දැවී යනවා. බිත්ති සහ වහළට මේක වාර දෙකක් වෙනවා. ලේසි වගේ පෙණුනට මේක ලේසි නෑ. පන්දු රකින්නෝ අතරින් හයියෙන් ගහන්න ඕන. එහෙම නැත්නම් ඩෙඩ් බැට් කරල කකුල් ලඟම වැටෙන්න සලස්වන්න ඕන.අපේ පන්තියේ හිටි ප්‍රගියා තමයි සුර්වම එල්ලුවේ. මූ හෙනම දේව භක්තිකයා. හැබැයි වන් බවුන්ස් උණක් මූට තිබුණේ. ප්‍රගියා එවපු පන්දුවකට බඩා වැරෙන් පාරක් එල්ල කලාම ඒක ගිහින් සුරුවමේ වැදුනේ හෙණ ගහන්නා වගේ. වෙච්ච දේට බඩාට හොඳටම අවුල්. සුරුවම ගාවට දුවගෙන ගිය ප්‍රගියා දණ ගහගෙන යාච්ඥා කරන්න ගත්තා. වැඩේ කෙළ වුනා කියලයි කට්ටියම හිතුවේ. විනාඩියකින් විතරනැගිටපු ප්‍රගියා, "අඩෝ බඩා, මොනවද බලන් ඉන්නේ, බැට් කරපං. මම සමාව ගත්තා, ලොක්කගේ අවුලක් නෑ මචන්.ඔන්න ප්‍රගියගේ දේව භක්තිය සහ වන් බවුන්ස් උන්මාදය. |
BLOG | 2014.08.20 | http://mrishansharif.blogspot.com/ | கசிவு | M.RISHAN SHAREEF | 4pt 0in 5........................................................... |
BLOG | 2013.01.01 | http://mrishansharif.blogspot.com/ | வேலையற்றவனின் பகல் | M.RISHAN SHAREEF | .......... |
BLOG | 2012.12.03 | http://mrishansharif.blogspot.com/ | அம்மாவின் மோதிரம் | M.RISHAN SHAREEF | .. |
BLOG | 2014.01.01 | http://mrishans.blogspot.com/ | ரகசியம் பேசுதல் | M.RISHAN SHAREEF | null |
BLOG | 2013.03.02 | http://mrishans.blogspot.com/ | 'நாதிரும் ஸிமினும் இவர்களுக்கிடையிலான பிரிவும்' - ஒஸ்கார் விருதினை வென்றுள்ள ஈரானின் முதல் திரைப்படம் | M.RISHAN SHAREEF | 4pt 0in 5. |
BLOG | 2013.02.01 | http://mrishans.blogspot.com/ | மட்டக்களப்பின் 'மகுடம்' | M.RISHAN SHAREEF | 4pt 0in 5... |
BLOG | 2012.09.09 | http://mrishans.blogspot.com/ | சின்னவனைச் சுழற்றியெடுக்கும் 'சுழிக் காற்று' | M.RISHAN SHAREEF | null |
BLOG | 2012.05.18 | http://mrishans.blogspot.com/ | காயங்களிலிருந்து ஒளிரும் புன்னகை | M.RISHAN SHAREEF | . . . ...08. 27. 06. . . . .1995. 10. 29. 05. 08. |
BLOG | 2012.04.02 | http://mrishans.blogspot.com/ | எம். ரிஷான் ஷெரீபின் `வீழ்தலின் நிழல்' பற்றிய குறிப்பு | M.RISHAN SHAREEF | null |
BLOG | 2014.10.04 | http://m7vidu.blogspot.com/ | පුහුණු ගුරු මෙනවියකගේ චින්තාව | මාධව - மாதவ - Madhawa | 4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-fareast-language:EN-US;}මගේසීමාවාසී ගුරු පුහුණුව විශේෂ අධ්‍යාපනය තුල ආරම්භ කළ දින සිටම පුංචි හුරුබුහුටිපුතෙකු වෙත මාගේ අවධානය ඇදී ගියේය. මට නොදැනීම ඔහු මාගේ ආදරය දිනාගෙන තිබුනේ අන්දරුවන්ටත් වඩා ඉහළිනි. දරුවා කෙරෙහි තිබුනු විශේෂ ඇල්ම නිසාම එම දරුවා ගැන ජ‘නලයේතිබූ සටහන්ද මටත් නොදැනීම වැඩිවිය. මා ඉගෙන්වීමේ කටයුතු ආරම්භ කල දිනයේ දුටු ඒදරුවා එදින තම මව සොයමින් කඳුළු සැලුවේ ඒඔහු පාසලට පැමිණි මුල් දින කිහිපයේ නිසාවෙනි. ඔහු සපත්තු, ටයි, මේස් ගලවා බිමවාඩිවී හඩයි. කෙතරම් උත්සහ කලද ඔහු එයින් මිදුනේ නැත. ඉගැන්වීමට දරුවා සහභාගී කරවාගැනීමට මා නොගත් උත්සහයක් නැත. දරුවා කළේ පොත පුරා කුරුටු ගෑම හෝ පොත විසිකරදැමීමයි. මා සියල්ල නිහඩව ඉවසා සිටියේ දරුවාට පාසලට හුරු වීමට යම් කාලයක් අවැසි වනබැවිනි. නමුත් එසේ නොවුනි. මට වැරුදුනි. දරුවාගේ වෙනසක් නැත. හෙතෙම දිගින් දිගටමමෙසේ ක්‍රියා වල නිරත විය. කුමක් කළ යුතුද. මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. දරුවා මගෙන්ඉගෙනගැනීමට අකැමැතිද. දහසක් ප්‍රහ්න මගේ සිතට නැගුනි.මමමගේ ජ‘නලය තවදුරටත් කියවාගෙන ගියෙමි. දරුවා පිළිබදව බොහෝ දෑ එහි සදහන්ව ඇත. එක්තරාදිනයක මගේ සටහන් පොතේ මෙසේ සඳහන් වී තිබිනි. “ ප්‍රාථමික පාඩමෙන් පසු මා පන්තියටපැමිණෙන විට දැකගැනීමට හැකිවූයේ සපත්තු මේස් ගලවා දමා ඇඳුම් කිලිටි කරගෙන සිටිනදරුවාය. මා ඔහුට සැර කොට සපත්තු දමා ඇඳුම් පිලිවෙළට සැකසුවෙමි. බිම වාඩි වී සිටීමනිසා කලිසම පිටුපස විශාල කුණු පැල්ලමක්ද විය. “මෙවැනිකරුණු මාගේ සිතට වද දෙන්නට විය. මේ දරුවා මෙසේ හැසිරෙන්නේ මන්ද. මාසයෙන් මාසයටකාලය ගෙවී ගියේ කාලය රන් හා සමාන බව පසක් කරමිනි. ඉදිරි මාසය තුළද දරුවාගේ වෙනසක් මා බළාපොරොත්තු උවද එයඑසේ සිදු වූයේ නැත. ඒ නිසාම දරුවාගේ මව සමග මේ ගැන කථා කිරීමට මාගේ සිත මාපෙළඹවීය. ඔහුගේ මවගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ “දරුවා පෙර පාසලේදීත් දැක්වූ හැසීරීම මේආකාරයමද“ යන්නයි. “ මොන්ටිසෝරියේදීත් ඔහොම්මයි ටීච“ යන්න මවගේ පිළිතුර විය. එයින්මා සෑහීමට පත් නොවුනෙමි.මෙමදරුවා අන් අය සමග කතාවක් නැත. සපත්තු මේස් ගලවා ඔහේ බිම හෝ පුටුවක වාඩි වී සිටියි.වරෙක කළහාකාරී අයුරෙන් හැසිරෙන, විටෙක කම්මැළිකමින් ඔහේ බලා සිටින දරුවා විටෙකපන්තියෙන් එලියට වී සිට නැවත පන්තියට පැමිණේ. පැත්තකට වී නිහඩව බලාගත් අත බලාසිටින්නේ තමාට කල්පනා කිරීමට බොහෝ දේවල් ඇති අයුරිනි.ඉතිංමේ දරුවා පිළිබදව මගේ සිතෙහි ඇතිවන්නේ කියාගත නොහැකි සෙනෙහසකි. ඔහු වෙනුවෙන් ඔහුගේඅනාගතය සවිබල ගැන්විය යුතු යැයි මට සිතුනි. පාසල තුලින් දරුවාව මග හැරුණුහොත්ජීවිතයේදීද දරුවාව මග හැරෙනු ඇතැයි මට සිතේ. එබැවින් දරුවා පිළිබදව යමක් කිරීමට,කැපවීමට මම සිතේ අදිටනත් සටහන් කර ගත්තෙමි.පෙරළාගෙනගියෙමි ජ‘නලය තවදුරටත්. තැන් තැන් වල දරුවා පිළිබදව බොහෝ සටහන් ඇත. ඔහුගේ හැසිරීමවෙනසක් වී නැත. තවත් එක්තරා දිනක තැබූ සටහනක් දුටු මාගේ සිත බොහෝ කළබලයට පත් විය.එහි “ දරුවා වෙනදාට වඩා ප්‍රචණ්ඩ ලෙස පන්තිය ඇතුලත හැසිරෙන බව මට දැකගැනීමට හැකිවිය “ යනුවෙන් සදහන් වී තිබුනි. දරුවා තවඉදිරියටත් මෙසේ හැසිරෙයිද. මගේ සිතෙන්ම මම ප්‍රශ්න කළෙමි. දරුවාව පිළිබදව නෙතුයොමා බලා සිටියෙමි. දරුවා පාඩම් වලට සහභාගී වීමක් නොමැත. සපත්තු ගලවා ඇඳුම්අපිරිසිදු කර ගනියි. සුහදව අන් අය සමඟ කටයුතු කිරීමක් නැත. මේ සියල්ල දරුවා දිහාබැලීමෙන් මා දුටු දේ පමණි. දරුවා ඇතැම් අවස්ථා වලදී අසරණව බලා සිටින බවද මා දැකඇත. එවිට මට සිතුනේ හය හතර නොතේරෙන මේ දරු පැටියා හෙට දින මේ කුරිරු ලෝකයට කෙසේමුහුණ දේද යන කරුණය.මොහොතකටමගේ දෙනෙත් පියාගතිමි. අතීතය නැවත ආවර්ජනය කළෙමි. ජ‘නලය තුල තිබූ දේටත් වඩා බොහෝකරුණු මට චිත්‍රණය විය. ඔහුගේ සිතුම් පැතුම්, ඉරියව්, අතින් පෙන්වමින් කියන්නටතැනූ දෑ, සෑම දෙයක්ම මාගේ සිහියට නැඟුනි. දරුවා මගෙන්ද ගිලිහී ගියහොත් දරුවා ඒතුලින් අනාගතයේදී ඇතුවන ගැටලුද මම දුටුවෙමි. පියාගත් දෙනෙත තවත් තද කොට සිතා ගත්තේමේ පුංචි දරුවාව මගේ සෙනෙහසින් ගිලිහෙන්නට නොදෙන බවයි.මාධව, මෙය එක්තරා සීමාවාසී ගුරු මෙනවියකගේ සමීක්ෂණ ව්‍යාපෘතියකින් උපුටා ගනු ලැබූයේඇගේ පූර්ණ අවසරය මතය. ඇගේ අරමුණු යහපත්එකකි. විශේෂ අවශ්‍යතා ඇති එම දරුවාගේ ජීවිතය යහපත් කිරීම ඇගේ පරම අවශ්‍යතාව වී ඇතිබව මෙම “හැගුම්බර ව්‍යාපෘති කතාන්දරය“ කියවූ මාධවට පසක් විය. මෙය කියවන්නා වූ පාඨකඔබටද එසේ සිතෙනු ඇතැයි මාධව විශ්වාස කරන්නේය. කෙසේ වුවද, මෙසේ සීමාවාසී ගුරු මහත්මමහත්මීන්, මෙනවියන්ගේ මෙවැනි උදාර අරමුණු හුදෙක් ව්‍යෘපෘතියකට පමණක් සීමා වීම ප්‍රමාණවත්ද.මාධවගේ අදහස එයයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමමුදලින් ගිණිය නොහැකි වන්නා වූ මහාත් අනර්ඝ පුණ්‍ය කර්මයකි. එසේ හෙයින්, මාධවගේඉල්ලීම මෙසේ දක්වන්නේය.හුදෙක් ව්‍යාපෘතියක් උදෙසා දරුවාට පිහිට නොවන්න. සැබැවින්ම ඔහුගේ ජීවිතය උදෙසාමපිහිට වන්න. එය ඔබේ ජීවිතය තෘප්තිමත් කරනු ඇත. |
BLOG | 2014.06.03 | http://m7vidu.blogspot.com/ | අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි....... | මාධව - மாதவ - Madhawa | ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි. වෙන මොනවත් නිසා නෙමෙයි මාධවට උක පුඩ දාගෙන හොඳට නිදා ගත්ත හැකි වන නිසා. කොහොම වෙතත් වැස්ස සමහරුන්ට නම් දැනටමත් පුදුමාකාර ලෙස කරදර කරලා ඉවරයි කියලා මාධව සැමදා රූපවාහිනී පුවත් අහන නිසාම දන්නවා. ඒ පැත්තනෙත් බලද්දි හරිම බේඳවාචකයක් කියලා කාට හරි කියන්න පුලුවන් කමක් නැත්තෙත් නෑ. කොහොම වෙතත් වැස්ස වැටෙන කාලෙට මාධවට තියන එකම ගැටලුව නං තමංගෙ රෙදි කෑලි ටික වේලගන්න විදිය තමයි ඉතිං.වැස්ස එක්ක කාලය ගෙවද්දි අද දවසේදී, මාධව ඇඳට වෙලා කවදාවත් නිම නොවන විබාග වලින් තවත් එකකට මීටරේ පාදන අතරේ සිත විභාගෙන් ඈතට ගිහිං අතීතයට පියමං උනා. මේ කියන්න යන්නෙ එහෙව් කාලේ සිද්ද වෙච්ච කතාවක් එක්කම වර්ථමාන තත්වය පිලිබද සුවල්ප කතා ටිකකුත් දාලා මාධවගේ අලුත්ම කතාවක්. කියවන්නෝ කියවන බව මාධව දන්නවානේ දැන්.කලින්ම කියන්න ඕනි මාධවත් ඕං තමංගෙ බ්ලොග් අඩවියට හැදුවා ඇන්ඩ්‍රොයිඩ වැඩසටහනක්. කැමැත්ත ඇත්තෝ මෙතනින් ගනිත්වා කියලා විතරයි කියන්න තියෙන්නේ. පහල තියනවා ඕං සබැදිය නොහොත් සිංහලෙන් කියනවනං ලින්ක් එක.ඇන්ඩ්‍රොයිඩ වැඩසටහන - මාධවගේ කතාන්දරඔන්න කතාන්දරය එහෙනං.අතීතයේ එක සිද්ධියක් තමා මාධව සුදීරයට නෙලපු හැටි. මේක මාධවලගෙ ඉස්කෝල කාලේ කතාවක්. නම කෙලින්ම දාන්නෙ සුධීරයා අදටත් මාධවගේ හොදම යාලුවෙක් නිසා. අදටත් මාධවලගේ ගෙදර යනවා එනවා, කරන කියන දේවල් මාධවටත් කතා කරලා කියලා සුධීරයට උදව්වක් ඕනි හැම වෙලේම මාධවටත් කියන, මාධවගෙත් කරදර වලදි ඇවිත් උදව් පදව් කරන මාධවලගේ ගෙවල් ලගම මිත්‍ර පරාණයක්.ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මාධව දැන් වගේම තමා(මාධව හිතන හැටි. කාට හරි ඇනයක් උනානං කියපල්ලා.). කාටවත් කරදරයක් නොවිච්ච සංසුන් කොලුවා. කොහොම වෙතත් සමහර විහිලු වලට මාධවයටත් මල නොපනිනවම නෙමෙයි. කොච්චර උනත් මාධව ඒවා ඉවසා දරාගෙන ඉන්න නං පුරුදු උනා ටික ටික ලොකු වෙද්දි. (පොඩි කාලේ නං දුවගෙන ගිහිං ගුරුවරුන්ගේ කනේ තිබ්බ එක ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි.)කොහොම වෙතත් මේ කියන කාලේ තමයි මාධව 9 වසරට පාත් උනේ. චව්වා (චමුදිත - දැන් නං කොහේ ඉන්නවද මංදා. ඒ කාලේ ඌ දාගෙන ඉදපු කෙල්ල නං හම්බෙනවා. දැන් නං ඒකි හරි හැඩයි නොවැ. රාජ්‍ය සේවයේ බෝල කෙල්ලෙක් වෙලා. සුන්දරයි අප්පා.) මාධවගේ ඉස්සරහ දත කැඩුවෙ මෙන්න මේ කාලේ. දත් තිස් එක හමාර කියලා කාඩ් එකක් ගහලා තිබ්බ බක චින්තකගේ කාඩ් එක මාධවත් වැටුනේ මේ කාලේ. කොහොම වෙතත් 10 වසරෙදි මාධව හුටා වුනු නිසා (ගලාගෙ හුටපටේ.) ඒ නම ලොප් උනා. ඒත් චව්වා කඩපු දතේ ඉතිරි බාගේ නං තාම කටේ තියනවා. දත පුරවගන්න කියලා හැමෝම කිව්වත් උනන්දුවක් නෑ ඒ ගැන මාධවට.ඉතිං පදුරු තැලුවා ඇති. කතාව මේකයි. මාධවලගේ ගම දුප්පත් පුංචි එකක් කියලා මාධව කියලා තියනවනේ. හැම දුප්පත් ගමකම කෙලවරේ ඉතිං දන්නවනේ නේ. කරිඤ්ඤං එහෙම ඉතිං. (දැන් මේක කියවන කරිඤ්ඤං පෙරේත හැත්ත බුරුත පිටිං මාධවට මේල් එවන්න නං එපා.) ඉතිං නිට්ටඹුවක් තිබ්බ ඕං මාධවලගෙ පැත්තෙත්. කසිප්පු කාරයාගෙ නික් නේම් එක නිට්ටා. ඉතිං ඌ කසිප්පු පෙරන දිහා සහ උගේ ගෙදර තියන ඒරියා එක නිට්ටඹුව. ඔන්න ඔහොමයි මාධවලගෙ පුංචි ගම ළගින්ම නිට්ටඹුවක් තියෙන්නෙ. ලංකා සිතියමේ නං ඒ නිට්ටඹුව නෑ ඕං.ඉස්සර හැන්දෑකොරේ ඔය නිට්ටඹුවට අල්ලිවත්තෙ වැඩ කරන කම්කරු ජනතාව පෙල ගැහෙන්නෙ පඩි වැඩි කරන ඉල්ලීම දිනා ගන්න නෙමෙයි. අමාරුවෙන් තේ වත්ත උදලු ගාලා දවසම කඹුරලා ගන්න තුට්ටු දෙක කසිප්පු වඩියට දිය කරන්න. කාළකණ්නි කමට බේත් නෑ කියනව වගේ මාධවලා හැම හවසම දකිනවා ඉතිං පෙරහැරේ යන කූමියෝ ටික වගේ කම්කරු ජනතාවත් මැයි රැලියෙ යන්නා වගේම ඇදෙන හැටි නිට්ටඹුවේ කසිප්පු තිප්පොලට.ඔය තිප්පොලට පොලීසියෙන් පැන්නමත් හරි අපූරුයි නොවැ. මාධවලගේ ගෙවල් කැලෑව නිසා (දැන් නං පොඩි කොන්ක්‍රීට් පාරක් තිබුනත් ඒ කාලේ ප්‍රධාන පාරකට කියලා තිබ්බෙ පඩිපෙල් පේලියක් විතරයි.) හරි හමන් පාරවල් එහෙමට නැතත් කැලෑ අස්සෙන් හරීයට අඩි පාරවල් තිබුනා. පොලීසිය පැන්නත් අහුවෙන්නෙ බූලි ටික විතරයි ඉතිං. මොකද එක්කො පොලීසියම කතා කරලා අද එනෝ කියලා පණිවිඩේ එවනකොට කට්ටිය කලින්ම මාරු.. නැත්තං පාරවල් නොදන්නා කම නිසා පොලීසිය පරක්කු වෙද්දි බීමත්තු ටික මාරු. කොහොම වෙතත් ඔය දෙකෙන් එකක් නිසා ඔය රා මණ්ඩිය චිරාත් කාලයක් ඇත්තට පැවතියා. පොලීසිය පැන්නම අපේ සූර් මහත්තුරු කඩි රැල වාගේ ඇවිස්සිලා එහෙට මෙහෙට දුවන හැටි අලංකාරයි. අපූරුයි. දැන් නං රා පොල නැති නිසා මාධවලට සහනයක්. හැබැයි තිබ්බ කාලේ උනත් මාධවලට කරදර වෙලා නෑ ඇත්තටම. ඉතිං සුධීරගේ කතාවට ගියොත් ආයෙම, ඔන්න ඔය නිට්ටට ඉන්නවා පට්ට දුවල ටිකක්. දැන් නං උං බැඳලා කරලා ළමයි තනාලා බිරින්දෑවරු විදියට ජීවිත ගතකරන නිසා දැන් දුවලා කියන්න බෑ. දුවලා හෝ හෙමින් ගිහිල්ල හරි දැන් ඔයින් ඉන්න බාලම කෙලීගෙ නම කියලා සුධීරයා මාධවට විහිලු කරනවා. ඕක තමයි සුදීරයට අම්බානක කන්න උන කේස් එක. සුදීරයත් මාධවලගේ ගෙවල් ළග නිසාම මිනිහා දන්නවා රා කතා සේරම.ඉතිං ඔන්න ඔයින් ඔහොම දවසක් සුධීරයා මාධවට යකා නගින්නම විහිලු කලා. කට්ටියම ඉස්සරහ. අද නම් ඒක මාධවට මතක් වෙද්දිත් හිනා යන දෙයක් උනාට ඇත්තටම එදා ඒක එහෙම උනේ නෑ. පැනපු ගමන් සුධීරයගෙ සුදු ෂර්ට් එකේ උඩ බොත්තං ගැලවෙන්නම ළගට ඇදල ගත්තු මාධව සුධිරයට දිඩි දිඩි ගාලා නෙලනවා විතරයි මතක. මාධව ඇස් දෙකත් පියාගෙනම වැඩේ දීලා. සුධීරගෙ මුෂ්ටි පාරවල් දෙක තුනක් මාධවගෙත් එහෙන් මෙහෙන් දැවටෙනවා මාධවට මතකයි. ඒත් කේන්තිය සහ මාධව සුධීරට වඩා උස වීම නිසා වැඩි හානි සුධීරයට කියලා හැමෝටම තේරුණා. කොහොම හරි වැඩි වෙලාවක් ගියේ නෑ. වලිය ඉවරයි. සුධීරයව බිත්තියක මුල්ලට හිර කරගෙන තමයි මාධව ඌට නෙලලා තියෙන්නෙ. ඉතිං මාධවට දුකයි මොනා උනත්. මාධවට මතකයි. තමන්ම සුධීරයව කැන්ටිමට එක්කං ගිහිං කටු දෙකක් අරං දීලා ආයෙම යාලු උන විදිය.වැස්සත් එක්ක සමහර මිනිස්සුන්ගෙ ගුණ යහපත් කම් හේදිලා යනවද කියලා මාධවට හිතෙනවා. දැන් නං මාධවට ලැජ්ජත් හිතෙනවා වෙලාවකට. තමන් වැදගත් කියලා හිතන් ඇසුරු කරපු කියපු සමහර නෝනලා මහත්තුරු ගැන මතක් වෙද්දිත්. මුලු සමාජයම මිනිස්සුන්ව මනින්නෙ බාහිර පෙනුමෙන් කිනය එක මාධව දන්නවා. මාධව ඒක අත්විඳිනවා. ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා බාටා කෑලි දෙකක් දාගෙන ටවුමට බහින මාධව දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති නෝනලා මහත්තුරු, මුදලාලිලා මාධව ටයි දාලා ෆුල් සූට් වලින් බහිද්දි මාර බැලිල්ලක් බලන්නේ රස්තියාදුකාරයෙක් එක පාරට මහත්තයෙක් උන හැටි අරුමයකි කියලා වෙන්නැති. ටී ෂර්ට් එකට නැති හිනාව ටයි එකට, ෂර්ට් එකට තියෙන්නෙ ඇයි කියලා මාධවට හිතාගන්න බෑ. ඇඳුමකින්, පෙනුමෙන් මිනිහෙක්ව මනින්න තරම් සමාජය පහතට වැටිලා.කොච්චර උසස් ඇඳුම් ඇන්දත් ඒ හැම මිනිහගෙම නිරුවත ඒ ඇඳුම් ඇතුලෙ තියනවා. කවදාවත් තමන් කරන්නා වූ පාදඩ වැඩ ඇඳුමෙන් වහගෙන යන්න බෑ. තමන් නැති තැන හරි ඒ ගැන මිනිස්සු කතා වෙනවා. ලැජ්ජ කරනවා. පිලිකුල් කරනවා. මාධවටත් එහෙමයි. මාධවත් දැන් සමහර මිනිස්සුන්ව තම ජීවිතෙන් ඈත් කරන්නේ එයාලගෙ දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න හිතෙන්නේ නැති තරම්ම පිළිකුල් වෙලා නිසා. ඒ මිනිස්සු උදේ හවා බණ ඇහැව්වත්, ගේ පුරාම පිරිත් දාගෙන හිටියත් හිත ඇතුලේ තියන පාපකාරී සිතුවිලි අයින් වෙන්නේ නැත්තං, කරන පාපකාරී වැඩ නවත්තන්නෙ නැතුව ඒවා හරියි කියලා පම්පෝරි ගහනවනං, එයාල වගේ අය ආශ්‍රය කරන්න මාධවට හිතක් නෑ. ඒ දේ, ඒ වැරැද්ද ආයෙ මාධව කරන එකකුත් නෑ. සිදු වෙන හැම දේකින්ම මාධව යම් කිසි පාඩමක් ඉගෙන ගන්නවා. හැම නරක සිදුවීමකින්ම ගන්න පුලුවන් හොඳ දේවල් හැම එකක්ම අරන් ඒ හැම දෙයක්ම ජීවිතේට ලොකු පාඩමක් කරගන්න මාධව උත්සහ කරනවා.කොහොම වෙතත් මේ ගෙවෙන කාලය මාධවට ගොඩක් කරදරකාරී එකක් උනත් මාධව ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න පටන් අරන්. කෙනෙක්ට බනින්න පුලුවන් උපරිම කුණුහරුපෙන් බැන්නත් මාධව ඒවට, ඒ කෙනාට ඒ භාෂාවෙන්ම උත්තර දීලා ඒ බනින්නාගේ ගානටම වැටෙන්න යන්නෙ නෑ. ඒ දේ කරන්න පුලුවන් ඉවසීම මාධවට තියනවා කියලා මාධව හිතනවා. විශ්වාස කරනවා.ලිපියේ අවසානයට පුංචි දෙයක් ලියන්න හිතුනා මාධවට, වැස්සට තෙමෙනකොට මිනිස්සුන්ගෙ හොඳ ගති ඉතිරි වෙලා නරක ගතිගුණ ඉවත් වෙලා යනවනං, හරියට මැණික් ගරණකොට බොරලු ඉවත් වෙනවා වගේ.එහෙම වෙන්නෙ නැති නිසයි මාධවට හිතෙන්නෙ, වැස්සට තෙමෙන හැම මනුස්සයෙක්ම අන්තිමට නවතින්නෙ නරකින් පිරුණු අමනුස්සයෙක් විදියටයි කියලා. |
BLOG | 2014.06.01 | http://m7vidu.blogspot.com/ | තර්ජන මධ්‍යයේ ආදරය කරමි......... | මාධව - மாதவ - Madhawa | දුරකථන ඇමතුමක ගැබ්වතර්ජන ගර්ජන හඹා එන සමයෙක “අනියම්“ ඔත්තුකරුවන්ට ඉදිරියෙන් පැන දුවමින් බේරීගෙවමි දිවි අසීරුවෙන්ගුටි නොකා තවමතර්ජන මධ්‍යයේ අවංකව ආදරය කරමින්. |
BLOG | 2014.05.21 | http://m7vidu.blogspot.com/ | මාධවගේ කතාන්දර.................. | මාධව - மாதவ - Madhawa | ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ. පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක. කතාවක් තිව්වට ඇත්තටම මේක අඳෝනාවක්. හැමදාම වගේ කොල්ලෙක්ගෙ හැම කතාවක් පිටුපසම තියන චීත්ත රෙදි කෑල්ලකුත් මාධවගේ කතාවටත් සම්බන්ධයි. කොහොම වෙතත් මේකයි කතාන්දර ටික......පළවෙනි කතාව ගත්තොත්, මේක ණය ගැන කතාවක්. ගොවිපලක ඉන්න එළදෙන්නු රංචුවකින් ගන්න කිරි ලීටර 1000කට එකම එක ගොම බිංදුවක් වැටුනොත් කිරි ලීටර දාහම විනාශයි. කිසි සමාවක් නෑ. ඒ වගේම තමයි අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ ආපු පවුලක් විනාශ මුඛයට ඇද වැටෙන්න ඒ පවුලේ එකම එක සාමාජිකයෙක්ගේ එකම එක ගොන් වැඩක් හොදටම ප්‍රමාණවත්.මාධවලගෙ නෑදෑ පවුල් කීපයක්ම අද අන්ත අසරණ වෙලා ණය කාරයෝ වෙලා ඉන්නේ (මාධවලත් ඇතුලුව) එකෙක්ගේ මැටි කමක් හින්දා. නැතිවෙන්න යන දේවල් බේරගන්න නං හැමෝම එකට එකතු වෙන්න ඕනි කියලා කවුරු කවුරුත් පාරම් බෑවට ඒවා නැති නාස්ති කලේ තනියම කියලා කියන්න කවුරුත් නෑ. ඒවා විනාශ කරන්න මුල් උනේ එක පුද්ගලයෙක් - අහවල් එකෙක් කියලා කියන්න කවුරුත් නෑ. අන්තිමට එකෙක්ගේ පව්කාරකම් මුලු පරම්පරාවක් පිටින් යන එක දැන් මාධවට ඇති වෙලා.හැමදාමත් වගේ ආදරෙන් ඉන්න ගියහම ගොඩක් ප්‍රශ්න හැමෝටම ලැබෙනවා. මදි නොකියන්න. කාර්යබහුල බව එක්ක මේ ජීවිතේ ගෙවාගෙන යද්දි අපිට හැමදාම ඉන්න සහකාරියගෙන් අපි බලාපොරොත්තු වෙන ආදරේ අපි කොයි තරම් බලාපොරොත්තු වෙනවද. ඒ වෙනුවට අපිට ආදරවන්තියක් ඉන්නකොටත් අපිට ඉන්න වෙන්නේ තනියම නම්. අපිට ඉන්න වෙන්නේ දුකෙන් නම්, ඒ ඇයි කියලා අපි අපිම හිතලා බලන්න ඕනි කියලයි මාධව විශ්වාස කරන්නේ. මාධවගේ ආදරේ ආත්මාර්ථකාමී එකක් කියලා කිව්වට ඇත්තටම ඒක එයාට එහෙම දැනුනට ඒක එහෙම නෑ කියලා එයා කවදා තේරුම් ගනීවිද කියලා මාධව දන්නෙ නෑ. මාධව ඇත්තටම එයාගෙ සහකාරී කරගන්න හිතන් ඉන්න ඇත්තට හුඟක් ආදරෙයි. ඒක ආත්මාර්ථකාමී වගෙ දැනුනට එහෙම නෑ.හිතේ තනිකම පාලුව මකාගන්න කරන්න දෙයක් නෑ. නිදාගන්න එක විසඳුමකුත් නෙමෙයි. මාධව දන්නවා එන දේකට මූන දෙන්න එයාගෙ හිත හයිය ඇති කියලා. ජීවිතේ හැමදෙයක්ම වෙන්නේ මිනිස්සුන්ට නිසා මාධව එන විදියකට මුහුන දෙන්න ලෑස්තියි. ඒක ස්ථිරයි.සරල වෙන්න හිතුවට යන රටාව එක්ක ඒක කරන්න බෑ කියලා කෙනෙක් තර්ක කලාට, ඇත්තටම මාධවට ගොඩක් සරල ජීවිතයක් ගෙවන්න පුලුවන්. ටැබ් උපාංග, ටච් දුරකථන, අයි පොඩ් නැති මාධවට ඒවගේ ඇතුලත තියන සයිබර් ලෝකයට වඩා පොලවේ පය ගහලා ඉන්න මේ රලු වැලි පොලව තියන ලස්සන කොල පාට ලෝකය හරි ලස්සනයි. අයි පොඩ් උපාංගයෙන් නික්මෙන ගොරහැඩි සංගීත තනු වලට වඩා උදැහැනැක්කේ කිචි බිචි හඩ නගන කුරුලු නාදය කන්කළුයි. සිය ගනන් ඇඳුම් නැති මාධවට සරල ඇඳුමකින් තෘප්තිමත් වෙන්න පුලුවන් ඒ නිසාමයි. හිතන්න. රැල්ලට නොයා සරල වෙන්න. අවශ්‍යතා හඳුනා ගන්න. ඒවාට පමණක් ඔබ විය පැහැදම් කරන්න. ඔබේ වටිනාකම රැදෙන්නේ ඔබ හම්බුකරගත්තා වූ මහා වූ ධන සම්භාරය නිසා නොවේ. ඔබ විසින් ඉතුරු කරන ලද්දා වූ තුට්ටු දෙක නිසා බව මාධවගේ අදහසයි. කෙසේ වුවත් ජීවිතය සිම්පල් පොරක් වෙන්න. එතකොට ජීවිතය ලේසි වේවි. මාධව හිතන්නෙ එහෙමයි. ඒක හරිද වැරදිද කියන්න මාධව දන්නෙ නැති උනත් මාධව ඒ තියරියට දැන් යොමු වෙලා. කොහොම නමුත් මාධව හැමදාම සරල කෙනෙක් වේවි. සිම්පල් මාධව.කියන්න තියන දේවල් ගොඩයි. මාධවට දැන් ගොඩක් දේවල් වල සත්‍යය දැනෙනවා. පේනවා. ඇහෙනවා. උදේ හවස බුදුන් වඳින ටයිකූන්(Tycoon) නෝනලා මහත්තුරුගේ බණ මැද්දෙන් මාධව එයාගෙ ගමන යන්න උත්සහ කරනවා. ඒක කඩාගෙන බිඳගෙන යන ගමනක් නෙමෙයි. සරල පහසු සාමාන්‍ය ගමනක්. වේගයෙන් යන්න ගිහින් කවදා හෝ ඇනගෙන දුක් විඳිනවට වඩා මාධවට ඕනි සෙමින්, එහෙත් ස්ථාවර ගමනක් යන්න. ඒකෙන් ජීවිතය ස්ථාවර කරගන්නවා මිසක ලොකු හීන පස්සේ ගිහින් ජීවිතය විනාශ කරගන්න මාධවට ඕනි නෑ. රටකට ණය වෙලා ඉන්න මාධවට ඕනි නෑ. රට්ටුන්ට පේන්න යාන වාහන ගන්න, ලොකු ගෙවල් හදන්න, උදේ හවස පාටි වලට ගිහින් මත් වෙලා ගෙදර එන්න මාධවට ඕනි නෑ. මාධවට ඕනි එකම එක දෙයයි. සරල මිනිසෙක් ලෙස මනුශ්‍යත්වය රැකගෙන ආදරණීය ජීවිතයක් ගෙවන්න විතරයි.එහෙනම් ආයෙමත් මාධවගේ අදෝනාවකින් හමුවෙමු.කතාව අවසානයේ මාධවගේ සිතුවිල්ල...... “ ඔබ සැමට සුභ අනාගතයක්. |
BLOG | 2014.01.09 | http://m7vidu.blogspot.com/ | (අතීත කතාවකි! අද සිදුවීමකි! ) පරණ දෙයක ආවර්ජනය.......!! | මාධව - மாதவ - Madhawa | බලා සිටියෙමිබස් රියේ කවුළුවෙන්දුර ඈත පියවර තබා ඇදෙනපුංචි බාලිකාවන් දෙසඅපේක්ෂා පිරුණු දෑසින්දකින තුරු ඒ රුවඑකම එක වරක්වක්අතීතයේ මතක සටහන“සෙව්වන්දි“ ............................(අතීත කතාවකි. අද සිදුවීමකි. ). |
BLOG | 2014.01.04 | http://m7vidu.blogspot.com/ | නව වසරේ සිංදු කතාන්දර | මාධව - மாதவ - Madhawa | ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි. මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්.එහෙනං යමුකෝ කතා පොජ්ජට. මේක හරි අමුතු දෙයක් සිංදු කතාන්දර. ඇත්තටම කොච්චර හොඳට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබුනා උනත් සමහර දේවල් ඇහෙන්නේ මහ අමුතු කතා විදියට. මාධවට නං උපතින්ම ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එහෙම ඇහෙන එක අමුත්තක් නෑ කියලා මාධව ඉස්සර හිතුවට දැන් මාධවට හිතෙනවා අනික් අයටත්, ඒ කියන්නේ මාධවට වගේ නෙමෙයි හොඳට ඇහෙන අයටත් එහෙම කේස් වෙනවා නේන්නං බලං යද්දි. මේ ඉස් ඉස්සෙල්ලම කියන්න යන්නෙ ආන්න ඒ වගේ කතාන්දර ටිකක්.මේක උනේ මාධවගේ මිතුරු චමීරයට. මාධවයා මුලදි ලිංකිං පාක් අයගේ සිංදු අහන්නේ නැති කාලේ වෙච්ච සිද්ධියක් මේක.ලින්කින් පාක් අයගේ සිංදුවක් තියනවනේ. බොහොම ජනප්‍රිය සිංදුවක්. අහලා නැති අය මේ ලින්ක් එකෙන් අහන්න. වීඩියෝ එකත් එක්කම.. “ ඉතිං චමීරයා ඒ කාලේ දවසක මාධවට කියනවා උඹ අහලා තියනවද ලින්කින් පාක් ලගෙ “අයි බ්‍රේකින් මයි හැන්ඩ් ලෙන්ස්“ සිංදුව කියලා. දැන් මාධව ඒ කාලේ ඕක අහලා නෑනේ. ටික දවසක් ගිහිං මනුස්සයා රොක් උනාම (මාධව රොක් අහන්න ගත්තට පස්සේ) මේ සිංදුව අහලා බලද්දි මාධවට මතක් උනා මේ කතාව. බලද්දි ඒකෙ තියෙන්නෙ මෙන්න මෙහෙම.. “ ඒකේ habits කියන කෑල්ල ටිකක් ඇදලා කෑගහනවනේ. ඒක තමයි මේ චමීයට ඇහිලා තියෙන්නේ “ I breaking my hand lens “ කියලා.ඒක එක දෙයක්.තව තව ඒවා තියනවා ඔය වගේ.මාධව මේවා අහුල ගත්තේ අන්තර්ජාලයේ එහෙ මෙහෙ යද්දි හම්බුන දේවල් වලින්. ඒ ටිකත් කියලම ඉමුකෝ.ඔන්න සිංදුවක් තියනවනේ “මං අහන්නෙ නං නෑරත්තරනේ.“ කියලා. ඕක සමහරුන්ට ඇහෙනවා මෙන්න මෙහෙම. “මං අහන්නෙ නං නෑ රත්නසිරි“ කියලා.තවත් සිංදුවක් තියනවා මේ විදියට. “අනේ මං බලාන උන්නා. යලිත් ඔබ එතැයි කියාලා.“ කාගෙද මංදා හෙන හැඟුම්බර විදියටනේ ඔය කොටස කියන්නේ. හැඟුම්බර කමේ වැඩි කමටද මංදා ඒක සමහරුන්ට ඇහෙනවා මේන්න මෙහෙම.“අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියාලා“ විදියට.. ඒ තරම්ම හැඟුම් බර විදියට කියන්නේ.තවද ඉදිරියට යද්දී මේ සිංදුත් මේ විදියට ඔයාලට ඇහිලා නැද්ද බලන්න. අනිවා එක්ක හරි මේ විදියට ඇහිලා ඇති. මාධවටත් සමහර ඒවා ඇහිලා තියනවා.සඳ මිඳුලට එනවා. ඇඳිවත සිහිවෙනවා (ඇගෙ වත කියන එක ඇහෙන්නෙ ඇඳිවත කියලා.)මගෙ රත්තරන්ගෙ ලේනා ........ (මගෙ රත්තරන් හෙලේනා කියන එක.)මදුමතියේ බඩුම තමා (මදුමතියේ ඔබම තමා කියන එක)රන් සමනළ ජෝඩු බබාගේ (රන් සමනල ජෝඩුව වාගේ.)උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ... පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ............ (මේක හරි කතාව තිලක් නෙමෙයි ඉරක්.)අද දීගෙක ගිය ඔබ මට බුලට් අතක් දීලා (ඇත්තටම ඒක තියෙන්නෙ බුලත් අතක් දීලා කියලනේ.)ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්... (ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙන්නං)අන්තිම ටික නං ටිකක් කුණුහරුප වගේ. කමක් නෑ. ඒත් කමක් නෑ ඉතිං මේකයි කතාවඅර සිංදුවක් තියෙන්නෙ ලස්සන ගීතයක්සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට *කයි ( * සහිත වචනය “දුකයි“ කියා නිවැරදි කරගන්න හොඳේ.)තවද සමහරුන් යම් කිසි තට්ට අයියා කෙනෙක්ගේ මේ ගීතය ගායනා කරනුයේ “ සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලි0ගික ඇසුරකට මට දැන් අවසරද “ යනුවෙනි.ඉවරායි. |
BLOG | 2013.11.29 | http://m7vidu.blogspot.com/ | ධනපති පංතියේ දුයිෂේන්.............! | මාධව - மாதவ - Madhawa | නිර්ධන පංතියේසමාජවාදීදුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව. |
BLOG | 2013.10.16 | http://m7vidu.blogspot.com/ | කාලයට ඉඩ දෙන්න.............. | මාධව - மாதவ - Madhawa | මොන බොරුද.ඉඩ දී බලා සිටීම.කාලයටකල හැකි දෙයක් නොමැතකාලයාටවැය වී යාම මිස වෙන දෙයක්අප විසින් සොයා ගත යුතුයවිසඳුම් අපේ පැනයන්ටකාලයාගේ විසඳුම්පැමිණෙන තෙක් බලා නොසිට. |
BLOG | 2013.07.29 | http://m7vidu.blogspot.com/ | Virus Guard - පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීම සඳහා | මාධව - மாதவ - Madhawa | පරිඝණක වෛරස් වැඩසටහන් අද මහා හිසරදයක් වී අවසන්ය. විශේෂයෙන් windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් මේ සඳහා වැඩිමනින්ම ගොදුරු වන අතර විවෘත කේත සහිත ලිනක්ස් වැනි මෙහෙහුම් පද්ධති භාවිතා කරන්නවුන්ටද වෛරස් කරදර නැත්තේ නොවේ.බහුතරයක් දෙනා අද ලෝකයේ භාවිතා කරනුයේ windows මෙහෙයුම් පද්ධති වන අතර ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති භාවිත කරන්නේ අල්ප පිරිසකි. එසේ හෙයින් අද පරිඝණක වෛරස් මෙසේ බෝවීමට හේතුවක් ලෙසද windows මෙහෙයුම් පද්ධති භාවිතයේ අධික බවද දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ පරිඝණක වෛරස් ගැන, ඒවායින් ආරක්ෂා වීමට කල යුතු දේවල් සහ පරිඝණක වෛරස් වලින් ආරක්ශා කරගන්නා මෘදුකාංග කීපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමය.පරිඝණක වෛරසයක් යනු බොහෝ විට පරිඝණකය පරිශීලකයාගේ අත්වැරදීමක් හෝ නොසැලකිලිමත් කමකින් හෝ නොදැනුවත්ව හෝ පරිඝණකයට ඇතුලු වී එහි ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන පරිඝණක වැඩසටහනකි. බොහෝ විට පරිඝණක වෛරසයක් ඇතුලු කිරීමේ අරමුණ වන්නේ පරිඝණකයේ දත්ත වලට හානි කිරීම ආදී අයහපත් අරමුණු මිස යහපත් අරමුණු වලින් සාදන ලද වෛරස් වැඩසටහන් ගැන මාධව නං අසා නැත. (CRACK වැඩසටහන් නම් එවැන්නක් යැයි කිව හැකිය.)ලෝකයේ පළමු පරිඝණක වෛරස් වැඩසටහන වන Elk Cloner නැමති වැඩසටහන නිර්මාණය කර ඇත්තේ Rich Skrenta නැමති පරිඝණක වැඩසටහන් කරු විසින් යැයි විකීපිඩියා කෝෂයේ දැක්වේ. එදා 1982 වසරේදී ඒ විදියට ආරම්භ උනු ඒ වෛරස් වැඩසටහන් අද ඉතාම දියුණු තලයක ඇතැයි කීමට බැරි නැත.වර්ථමානයේ පරිඝණකයට වෛරස් ඇතුලු වීමට හැකි ආකාර කීපයකි. විශේෂයෙන්ම සිදු වනුයේ පෙන් ඩ්‍රයිව් - Pen Drive මගින් ඇතුලු වීමය. මොකද දැනට බොහෝ දෙනා අතරේ පහසුවෙන් ගැවසෙන පරිඝණක උපාංගය වනුයේ Pen Drive එකය. ඔට අමතරව අන්තර්ජාලය - Internet හරහාද වෛරස් පාත් වීමට ඕනෑ තරම් ඉඩ ඇත. තවද Memory card මගින්ද වෛරස් ඇතුලු විය හැකිය. රැහැන් ඇතිව හෝ නැතිව නිර්මාණය කර ඇති පරිඝණක ජාලයක එක් පරිඝණකයට වෛරසයක් ඇතුලු වුවහොත් එය මුලු ජාලය පුරාම පැතිරී යන්නට පුලුවන. වෛරසයක ප්‍රධානම ලක්ෂණයක් වන්නේ මෙම පැතිරීයාමේ ගුණාංගයයි. වෛරස් වැඩසටහනක් ඇතුල් වූපසු පරිඝණකය විවිධාකාරයේ දෝශ මතු වේ. ඇතැම් විට වෛරසය ඇතුල් වූපසු ටික කලක් යන තෙක් පරිඝණකය කිසිදු දෝෂයක් නොදක්වා ක්‍රියාත්මක වේ. බොහෝ විට පරිඝණක වෛරස විසින් හානි ඇති කරනුයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හෝ යම් කිසි මෘදුකාංගයක ක්‍රියාකාරීත්වයටය. විශේශයෙන් පරිඝණකයේ වේගය පෙරට වඩා අඩු වීම, Task manager ක්‍රියාත්මක නොවීම, ස්ථාපනය කරන(Install) කිසිදු නව මෘදුකාංගය හා ස්ථාපනය කර ඇති(Installed) මෘදුකාංගද ක්‍රියාත්මක නොවීම, හේතුවක් නොමැතිව දෘඩ තැටියේ (Hard Disk) නිදහස් ඉඩ ඇහැරීම (Low Free Space), තැන් තැන් වල විවිධ නම් වලින් ෆෝල්ඩර්ස් සෑදීතිබීම ආදී ලක්ෂණ මතුවන්නේ වෛරස් ඇතුල් වූ විටය.පරිඝණක වෛරස වල වර්ග කීපයක් ඇත. බහුලව අපට Trojan Horse, Worms ආකාරයේ වෛරස හමුවේ.මෙසේ බහුලව පවතින්නා වූ පරිඝණක වෛරස් වලින් ගැලවීමට දැන් විකල්ප බොහෝ ඇත. එහෙත් 100%ක් පරිඝණක වෛරස් වලින් ආරක්ෂා වීමට අපහසු තත්වයක් වර්තමානයේ උදා වී ඇතැයි කිවහොත් එය බොරුවක් නොවේ. වෛරස් වලින් බේරී සිටීඹට ඔබට කල හැකි දේවල්කීපයකි.පළමු සහ ප්‍රධානම දෙය Antivirus Program එකක් පරිඝණකයේ ස්ථාපනය (Install) කිරීමය. දෙවනුව එය නිසිපදිරි යාවත්කාල (Update) කිරීමය. එසේම Open Source මෙහෙයුම් පද්ධති වන ලිනක්ස්, උබන්ටු වැනි මෙහෙයුම් පද්ධති වලට යොමු වී windows මෙහෙයුම් පද්ධති වලින් ඈත් වීමට විසඳුමක් ලෙස දකින අය සිටී. එහෙත් Open Source මෙහෙයුම් පද්ධති වලටද ඇතැම් විට වෛරස් වැඩසටහන් පැතිරෙන අවස්ථා ඇත. එසේම Pen Drive, Memory card වැනි පරිඝණක උපාංග පරිඝණකයට සම්බන්ධ කිරීමට පෙර ඒවා වෛරස් ඇත්දැයි නිසි පරිදි ක්‍රියා කරන Antivirus Program එකක් මගින් පරීක්ෂා කිරීමද පරිඝණකයේ සෞඛ්‍යයට හිතකර වේ. තවද අන්තර්ජාලයෙන් බාගත (Download) කරන්නා වූ මෘදුකාංග සහ අනිකුත් ගොනු විශ්වාස කල හැති මූලාශයකින් ලබා ගැනීඹද හිතකර වේ. ටොරන්ට් වලින් අපි කොතරම් භාගත කලද ඇතැම් ටොරන්ට් ගොනු වලද වෛරස් අඩංගු වන බව රහසක් නොවේ.පහත ඇත්තේ දැනට භාවිතා කල හැකි ජනප්‍රිය Antivirus Program කීපයකි.Bit defender - මෙය Softwin සමාගම විසින් නිපදවූ වැඩසටහනකි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා උපරිම ආරක්ෂාවක් ලැබෙන බව සහතික කර ඇත. මුදල් ගෙවා මිලදීගත යුතුය. එමෙන්ම නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක්ද බාගත කර ගත හැකියබාගත කිරීමට ක්ලික් කරන්නමෙය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවූ වැඩසටහනකි යන්න සඳහන් වූයේ මාධවගේ දෝශයකිනි. එය නිවැරදි කර ඇත. සිදුවූ වැරැද්ද පිළිබඳ මාධවගේ කණගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම වරද පෙන්වා දුන් ඇනෝ සහෝදරයාට ස්තූතිවන්ත වෙමි.Kaspersky - මෙයද සෑහෙන්න ජනප්‍රිය වැඩසටහනක් වන අතර මුදල් ගෙවා මිලදී ගත යුතුය. මෙය භාවිතයේදීඇතැම් විට පරිඝණකය මඳක් වේගය අඩු විය හැකිය. බාගත කිරීමට ක්ලික් කරන්නAVG Anti Virus - මෙයද යහපත් ගති ඇති භාවිතයට හොඳ ආරක්ශක මෘදුකාංගයකි. පරිඝණකයේ වේගය අඩු වීමකින් තොරව භාවිතා කල හැකිය. අන්තර්ජාල පහසුකම් මගින් යාවත් කාල කල යුතුය. එසේම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහාද මෙම වැඩසටහනේ සේවය ලබා ගත හැකිය.බාගත කිරීමට ක්ලික් කරන්නAvast - මෙය දැන් ශ්‍රී ලංකාවේ සෑහෙන්න ජනප්‍රිය ආරක්ෂක වැඩසටහනකි. මෙහි නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක් සහ මුදල් ගෙවා ලබා ගත හැකි ඉහල ආරක්ෂක වැඩසටහනක්ද ඇත. දින තුනකට වරක් අන්තර්ජාලය ඔස්සේ යාවත්කාල කල හැකිය. ඇන්ඩ්‍රොයිඩ දුරකථන භාවිතා කරන්නන් අතර මෙය ජනප්‍රිය ආරක්ෂක වැඩසටහනකි.බාගත කිරීමට ක්ලික් කරන්නNorton Anti Virus - සීමන්ටෙක් ආයතනයේ නිර්මාණයක් වන මෙයද යහපත් වැඩසටහනක්ය. මෙහිද මුදල් ගෙවා මිලදීගැනීඹට මෙන්ම නොමිලේ දෙන වැඩසටහන්ද ඇත.බාගත කිරීමට ක්ලික් කරන්නAvira - මෙහිද මුදල් ගෙවා ලබා ගැනීමට Avira Premium නම් වැඩසටහන ඇති අතර Avira Free Antivirus නමින් නොමිලේ වැඩසටහනක්ද ඇත. සාමාන්‍යෙයන් යාවත් කාල කිරීම දින තුනකට වරක් කිරීම යහපත්ය. එසේත් නැත්නම් යාවත්කාල කිරීම සඳහා ලැබෙන ගොනුව බාගත කරගෙන පරිඝණකයට කොපි කර ඔබ විසින් යාවත්කාල (Manual Update) කර ගත යුතුය.බාගත කිරීමට ක්ලික් කරන්නතවද Mcafee, ESET NOD32 Antivirus වැනි වැඩසටහන්ද ඇත. මේවා බොහොමයක් දැන් අන්තර්ජාලය හරහා ඔබේ පරිඝණකයට භාගත කල හැකිය.වෛරස් වැඩසටහන් Install කිරීමේදී CRACK වැඩසටහන් යොදා භාවිතා කිරීමෙන් කිසිදු ප්‍රතිථලයක් නැත. ඇතැමුන් එසේ මුදල් ගෙවා මිලදීගත යුතු Kaspersky වැනි වැඩසටහන් CRACK වැඩසටහන් යොදා Install කලත් එම වෛරස් වැඩසටහන යාවත්කාල කිරීමේදී එය ව්‍යාජ එකක් බව අඳුනා ගන්නා නිසා එයින් අපේක්ෂිත ආරක්ශාව නොලැබේ. එම නිසා එසේ CRACK කිරීමෙන් වැලකී නොමිලේ ලබා ගත හැකි වැඩසටහනක් ස්ථාපනය කිරීම මගින් ඔබේ පරිඝණකයට යම් තරමක හෝ ආරක්ෂාවක් ලබා ගත හැකි වනු ඇත. |
BLOG | 2013.07.27 | http://m7vidu.blogspot.com/ | තුන්වැනි වසරටද ආවේය! | මාධව - மாதவ - Madhawa | ඔන්න කාලෙ ගෙවිලා ගිහිං මාධවගේ කතන්දර 3 වෙනි ඇනිවසරි එකත් සමරන්නයි යන්නේ. කාලෙ ගෙවුන ඉක්මණ හිතාගන්නත් බෑ. අවුරුදු 3ක් කියන්නෙ ලොකු කාලයක් උනාට ඒක ගෙවෙන්න ගිහින් තියෙන්නෙ සුලු කාලයක් වෙන්නැති.. එහෙම හිතෙන තරම් ඉක්මණට කාලෙ ගෙවෙනවා. කාලය ගෙවෙන්න ගතවෙන කාලය ඉතාම තූනී එකක්. එහෙව් කාලය හරහා ගෙවාගෙන අවුරුදු 3ක් පුරාවට බ්ලොග් අවකාශයේ නොදැවී සිටින්නට මාධවට පුලුවන් උන එක ගැන අවංකෙන්ම මාධවට සතුටුයි.මාධව බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලා හැමදාම කිව්ව වගේ අනුරාධ මල්ලිගෙ උදව්වෙන් පටන් ගත්ත මාධවගේ කතා අඩවිය හිතුවට වඩා දැන් ටිකක් ජනප්‍රිය වෙලා තියනවා. මාධවගෙ ඉස්කෝලෙ යාලුවෝ, ටෙක් යාලුවෝ ( විශේෂයෙන් ටෙක් එකේ නං චතූ අනිවා බලනවා කියලා දන්නවා ) , මූනු පොතේ කණ්ඩායමේ මාධවගෙ ගෝල බාලයෝ ටික, සින්ඩිකේටර වලට එන යන අය, එකීමෙකී නොකී හැමෝම ඕක බලනවා ඇති. මාධවටත් පට්ට සතුටුයි තමන්ගේ අදහස් වෙන අයත් එක්ක බෙදා ගන්න මේ වගේ මාධ්‍යක් හරහා පුලුවන් වීම ගැන.මීට අවුරුදු 3කට කලින් මේ බ්ලොග් එක හදලා ඉවර කරලා පළවෙනි පෝස්ට් එක දැම්මම කියාගන්න බැරි අමුතු ආතල් එකක් දැනුනා. ඊට පස්සෙ ටික ටික බ්ලොග් එක කතා වලින් පුරවන්න පුරවන්න, අනික් අය ඒවා කියෝලා බලනවා කියලා දැනෙනකොට ඒ ආතල් එක හිත පුරාම අරක් ගත්තා. ඉතිං දැන් මාධවයා මේ බ්ලොග් ලිවිල්ලට ඇබ්බැහි වෙලා ඉවරයි. අබිං කාලා වගේ මූව මේකෙං ගලවගන්න කාටවත් බෑ. මාධවටත් ගැලවෙන්න ඕනි නෑ මේකෙන්. ඒ තරම්ම මාධව දැන් මේකට ආදරෙයි.බ්ලොග් ලිව්වා කියලා මාධවලාට ඇති ලාභයක් වාසියක් නෑ. ලිව්වා කියලා ඕවගෙ දෙසන බණ කියෝලා රට්ටු හැදෙන්නෙත් නෑ. හදන්න තරං මාධවට උණකුත් නෑ. මාධවට හැමදාම ඕනි උනේ තමංගෙ හිතේ තියන අදහස් විවෘතව තමන්ගෙම විදියකට පළ කරගන්න විතරයි. අදහස් කිව්වම ඒවා විචාරම නෙමෙයි. අහලා තියන, දැකලා තියන සිද්ධි වෙන්නත් පුලුවන්. කතා වෙන්නත් පුලුවන්. කොහොම වෙතත් මාධවට ඕක පත්තරේක දාගන්න ගියොත් එක්කො ලියුම් 10ක් ලිව්වොත් එක ලියුමක් පළවෙයි.. ආයේ ආත්ම ගානකට එකක් පලවෙන එකක් නෑ. ඊට වඩා ලේසියි තමංගෙම බ්ලොග් අඩවියක් අටෝගෙන තමංම ඕක පුරවගෙන තමංම ආතල් එකක් ගන්න එක. කතාවට කියන්නේ තමංගෙ මට්ටං තංමැට්ටං කියලනේ.ඒ වගේම මාධවගේ තවත් අහිංසක ආශාවක් තමයි කවදා හරි තමංගෙ අත මිට සරු කාලෙක තමංටම කියලා ඩොමේන් එකක් අරං කාරිය මේ බ්ලොග් අඩවිය මාධවගේ පුද්ගලික වෙබ් අඩවියත් සමග එකතු කරලා මාධවගේම තනි වෙබ් අඩවියක් පටන් ගන්න එක. බලමුකෝ. ඒක සැබෑ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. කොහොම උනත් මාධව තමන්ට පුලුවන් කාලයක් මේ බ්ලොග් කෙරුවාව නං කරනවා.ඉතිං මේ විදියට ගෙවෙන බ්ලොග් ජීවිතයේ ඇත්තටම මාධවගේ කතා ආසාවෙන් කියවපු අය ඕන තරම් ඉන්නවා ඇති. නීරස අයත් ඇති. ඒවා මාධවට අදාල උනේ නෑ. මාධව හැමදාමත් ලිව්වේ තමන්ගේ සිතුවිලි විතරයි. ඒවා අවංක සිතුවිලි. මොකාට මඩක් ගැහුවත් ඒවත් අවංකවම මිත්‍රත්වයට ගහපු මඩක් මිසක් කිසි දිනෙක ද්වේශයෙන් පහර දීමක් ගැන හිතලා එහෙම කරලා නෑ. එහෙම මඩ නාපු එවුන්ට කියන්නෙ උඹලට මඩ ගහන්නෙත් තියන ෆිට් එකටමයි කියලා. මං ගැහැව්වයි කියලා අද වෙනකල් අමිලයා, ප්‍රදීප් නොහොත් ගලා, උපාසක සුපුනා, ලේනා, කවුරුත් තරහ වෙලා නෑ. මේවා මෙහෙම වෙද්දි ඇතැමුන්ගෙන් කුණුහරුප කමෙන්ට් ආව නිසා කමෙන්ට් වාරණයකට ලක් කිරීම කරන්න වෙලා තියනවා. එහෙම තියෙද්දිත් සමහරුන්ගෙ නිර්දය විවේචනයට ලක් වෙන්නත් වෙලා තියනවා. උදාහරණයක් විදියට “තැවරුනු වත්සුනුඉහිරුණු ඇඟලුම්විසිරුණු සුමුදු ඇතිරිළිඅතර දැවටී“කියල “තෘප්තිමත් නොවූ සුසුම් සමඟින්............................“ යන මාතෘකාවෙන් දාපු කවිය කියෝලා ලේනා (තිලිණයා) කුණුහරුප ලියන්න එපා *** කියලා මාධවට අමුවෙන්ම සිංහලෙන් බැන්නා. ඒව තරහට බැන්න නොවුනත් එහෙම එව්වත් තියනවා. ශරීයා නීතිය ගැන ලිව්ව එකේ පොරක් “බල්ලා“ කියලා කමෙන්ට් කරලා තිබ්බා. ඒ අස්සෙ හොඳ කමෙන්ටුත් ලැබිලා තියනවා. විට්ටගෙ බස් එකේ කතාව ගැන සුපුනා ආසාවෙන් පන්තියේදි ආසාවෙන් කියෝපු හැටි, එතකොට “තවත් එක ටීම් වීවර් (Team Viewer) කතාවක්.“ එකේ සිදුවීම ගැන පන්තියේ හැමෝම ඉස්සරහ පන්තියේ සර් මාධවගෙන් ප්‍රසිද්ධියේ අහපු එක වගේ ආතල් කේසුත් වෙලා තියනවා. ඒ හැම දෙයක්ම මේ බ්ලොග් ජීවිතයේ අපිට රසවත් දේවල් මිසත් අමිහිරි මතක නෙමෙයි.ඉතිං කොහොම වෙතත් පුංචි පෝස්ට් එකක් දාන්න හිතුවේ හැමෝටම ස්තූති කරලා මේක සමරන්න ඕනි නිසයි. ඉතිං අවුරුදු තුනක් පුරාවට මාධව එක්ක කතා රස විඳපු (එහෙම කියමුකෝ), කමෙන්ට් කරපු, පන්නපු, බැනපු, කුණුහරුප කියලා කමෙන්ට් කරපු, මූනු පොතේ කමෙන්ට් කරපු, කමෙන්ට් නොකරපු, එක පාරකට හරි මේ පැත්තේ ඇවිල්ලා ගිය මාධවගේ කතා මිතුරු මිතුරියන් හැමෝටම ස්තූතියක් අනිවාර්ය‍්‍යෙන්ම දෙන්න ඕනි. ඒ වගේම මේ බ්ලොග පවතින තාක්කල් දිගටම මේ පැත්තේ එන්න කියලත් ආදරයෙන් ආරාධනා කරන්නත් ඕනි.....එහෙනං ආයමත් කතාවකින් හමුවෙන තුරු සැමට ජය.මාධවගේ කතා ලියන මාධව. |
BLOG | 2014.10.01 | http://misterhyde-theotherhalf.blogspot.com/ | [Re-blog] - වීරයා මැරෙන දවස | The day the hero will die | Charmie Guruge | Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: වීරයා මැරෙන දවස | The day the hero will die:වීරයකු බිහි වන්නේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන ජීවී හෝ අජීවී සතුරෙකු බිහි වූ කලක ය.එය තරමක පොදු ධර්මතාවයකි.ඒකීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටින වීරයකු හෝ වීරවරියක තමන් පෙනී සිටින අරමුණට එරෙහිවන සතුරා හෝ සතුරන් නැසූ කල්හි හෙතෙම සටන් බිමෙන් මැකී යයි.මන්ද යත් ඉන් පසුව තමන්ගේ වීරත්වයෙන් ඇති ඵලක් නොමැති නිසා ය.ඔහුගේ හෝ ඇයගේ වීරත්වය ඉතිහාසගත වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඉන් පසුව බිහිවන සමාජ්‍යයීය ආකල්ප මඟිනි.සතුරා නැසූ කල්හි එක්කෝ වීරයා තිරයෙන් ඉවත් විය යුතු ය නැත්නම් තවත් සතුරෙකු සොයාගත යුතු ය.ලාංකික ජාතිකවාදී දේශපාලන භූමිකාවේද නොයෙක් වීරයන් කලින් කලට බිහි වේ.කලින් කලට සතුරන් ද බිහි වේ.එය කෙසේ වෙතත් සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන පදනම විසින් කලින් කලට පොදු සතුරන් නිර්මාණය කෙරේ.මෙම පොදු සතුරන් නැසීමට ඔබින වීරයන් නිර්මාණය වන්නේද මෙම කඳවුර තුළ ය.ඒ අනුව 2004 දී කොටියාට සහ කුරුසකාරයාට එරෙහිව හෙළ උරුමයද,2013 දී මුසල්මානුවාට එරෙහිව බොදු බල සේනාවද බිහි වන්නේ එම න්‍යායට අනුව ය.නිරිඳෙකුට සිංහාසනයේ තවත් රැඳීමට අවශ්‍ය නම් ඔහුගේ වටිනාකම පොදු ජනයාට ඒත්තු ගැන්විය යුතු ය.එසේ ඒත්තු ගැන්වීමට කළහැකි පහසුම සහ වඩාත් ප්‍රගතිශීලිම ක්‍රියාව නම් පොදු සතුරෙකු නිර්මාණය කිරීම යි.වීරයකු බිහිවන්නට සුදුසු අවකාශයක් තැනෙන්නේ එවිට ය.යථාර්තයෙන්ම 'පොදු සතුරා' සතුරෙකු විය යුතුම නොවේ.ජනයාගේ දෘශ්ටිකෝණයෙන් 'පොදු සතුරා' සතුරෙකු වීම පමණක් සෑහේ. |
BLOG | 2014.09.30 | http://www.damithsheartbeat.blogspot.com/ | මහ සයුර වාගෙයි අපේ ආදරේ !!! | Damith Sriyantha | ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්‍රබෝදය... හරිම පුදුමයි.... හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා."ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ."මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ."කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට."ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක හිටියත් ඔයාව මගේ ලගට එක්කන් එන ජංගමයට.ජංගම දුරකථනයට.ඔයාගේ ෆෝන් නොම්බරේ ටයිප් වෙන්නෙ ඉබේටම වගේ.ඔයා ඇමතුමට ප්‍රතිචාරයක් දක්වනකම් මම ඉන්නෙ නොයිවසිල්ලෙන් .එහා පැත්තෙන් ඇහෙන ඔයාගෙ ලස්සන හුරතල් හඩ අහන්න ආසාවෙන්.ඔයාගෙන් ප්‍රතිචාරයක් නැති උනොත්,එක පාරටම මගෙ හිත මලානික වෙලා යනවා වගේ මට දැනෙනවා."මම ඔයාට මෙච්චරම ආදරය කරනවද.....මට පුදුමත් හිතෙනවා මං ගැනම වෙලාවකට."ඔයා වැඩක වෙන්න ඇති ඒකයි call answer කරේ නැත්තෙ.මම මගේ හිතින්ම අහන ප්‍රශ්න වලටම උත්තර බදිනවා."sms එකක්වත් දාලා බලනවා එතකොට ෆෝන් එක බලපු හැටියෙ reply එවයිනෙ."එහෙම හිතලා ආදරේ වචන වලට පෙරලලා කෙටි පනිවිඩයක් එවනවා ඔයාට.ඊලගට ආයිත් මම මගේ වැඩ වල ඒත් හිත ඔයා ලග."කොයි වෙලේ reply එක එයිද,දැන් එයිද,දැන් එයිද" මම බලන් ඉන්නෙ ෆෝන් එක රින්ග් වෙනකම්.දවල් කාලෙ වැඩ කටයුතු ඉවර කරලා ආවට පස්සෙත් ඔයාගෙන් reply එකක් ආවෙ නැති කලාතුරකින් දවසක මගෙ හිතට මොකක්දෝ වෙනවා.මහ දුකක් එක්ක බයකුත් හිතට එනවා.ඔයාට මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑ.නපුරු,අසුභ සිතිවිලි මගෙ හිතට වද දෙනවා."නෑ මගෙ වස්තුවට එහෙම වෙන්නෙ නෑ."ආයිත් ඔයාට call ගන්නවා.අනේ ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ.පටිගත කල හඩකින් ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත,කරුණාකර පසුව අමතන්න කියනවා.හිතට පුංචි කෙන්තියකුත් එනවා "මේ තරම් ඔයා ගැන හොයලා බලන මට එක කෙටි පණිවිඩයක් එවන්න ඔයාට වෙලාවක් නැති උනාද" මහා දුකකින් මගෙ හිත පෙලෙනවා.ආයිත් මම උත්සහ කරනවා මගෙ හිත සනසා ගන්න."ඔයා තවමත් මොකක්හරි ලොකු වැඩක වෙන්න ඇති.Battery බැහැලා phone එක off වෙන්න ඇති."හිටපු ගමන් ඔයාගෙන් ඇමතුමක් එනවා.මට කියාගන්න බැරි තරම් සතුටුයි.call එකට answer කරන්නෙ සෙල්ලම් බඩුවක් දැකපු පොඩි දරුවෙක් ඒක ගන්න ආසාවෙන් දගලනවා වගේ."හෙලෝකොහෙද මොඩියෙ මෙච්චර වෙලා හිටියෙ.මොකද කරේ.phone එකත් off " බොරු තරහක් මවාගෙන් මම අහනවා ඔයාගෙන්."අනේ නෑ...මගෙ සුදු මහත්තයෝ....phone එක off වෙලා අම්මත් එක්ක හදිසියෙ දුර ගමනක් ගියානෙ.... ඔන්න යන්න කලින් කියන්න බැරි උනාට සොරි හොදේ.....තරහ වෙන්න එපා මගෙ පැටියා."ඕනවටත් වඩා හුරතල් වෙනකොට බොරු තරහත් රැක ගන්න බැරිව ආදරයෙන් ඔයත් එක්ක දොඩමලු වෙන්න යන්නෙ පුංචි වෙලාවයි.සමහර දවස් වල අපිටත් නොදැනි අපි පැය ගනන් එක දිගට කතා කරලා.නිදි නැති හැම රැයකම කෙටි පණිවිඩ මහා ගොඩක් අපි අතර හුවමාරු වෙලා.සමහර දවස් වලට මට හිතෙනවා මෙහෙමත්.මට වගේම ඔයාටත් මාව මතක් වෙනවද කියලා බලන්න ඕනෙ කියලා.මම ඔයාම call කරනකම්,sms කරනකම් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා.එහෙම බලන් ඉද්දි ඔයාගෙන් ලැබෙන කෙටි පණිවිඩයකින්,ඇමතුමකින් ලැබෙන සතුට අසීමිතයි.හිතේ ආදරේ වාන් දානවා වගේ දැනෙනවා.ජීවිතේ ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම කොයිතරම් වැඩකටයුතු තිබුනත් ඔයා මගේ හිතේ අස්සක් මුල්ලක් නෑර සැරිසරනවා."ආදරේ හරිම සුන්දරයි නේද.පුදුමයි නේද.වචනෙන් විස්තර කරන්න බැරි තරමටම."සීතල පිනි වැස්සක පායන පාට පාට දේදුන්නක් වගේ ආදරේ ලස්සනයි. |
BLOG | 2014.07.10 | http://www.damithsheartbeat.blogspot.com/ | ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස | Damith Sriyantha | කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා."ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ"එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා."අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්"ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා."වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ."ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන."මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ"මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා "ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ"ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා."අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා."අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද.අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.ඇයව,ඔහුව අගය කරන්න.දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.පින්තුර ගූගල් ගෙනි. |
BLOG | 2014.03.14 | http://www.damithsheartbeat.blogspot.com/ | දෙසැම්බර් නිවාඩුව | Sheini Karunathilake | 4pt 0in 5..............ර hotඑකෙන්,මොකද මේ month එකේ මට examපටන් ගත්තනේ....ඒ කාලේ මොන පාඩම්ද,නිදා ගන්නමයිහිතුනේ........ඒත් ඉතින් අම්මගෙ බරබරේ නිසා පාඩම් කලා. ඔන්න ඉතින් December 20 වෙනකොට exam ඉවරඋනා.අප්පේ...........මම එදා නම් හිටියෙ ගොඩක් fun එකේ. බලන්න,games ගහන්න, songs අහන්න,filmsබලන්න නිදහස මටහම්බුනා..ගොඩා........................ක් සතුටුයි.4pt 0in 5.නත්තලට අපේ Railway station එකේ පට්ට වැඩක් කෙරුවා.ඒකට ඉතින් මාත් සුලුපටු විදියට help කලා..............ඒකට මොකදඅපෙ අයියයි අම්මයි නම් මුලු දවසෙම stationඑකේ....මොකද්ද දන්නවද station එකේ සිද්ද උනුවැඩේ.....................නත්තල් කියන්නෙ ලොකු පොඩි හැමොම සහභාගි වෙන උත්සවයක්නෙ.........ඉතින් අපේගමේ පොඩි ළමයින්ට නත්තල් සීයා කෙනෙක් අතින් පුන්චි පුන්චි තෑගි දෙන්න ලෑස්තිකලා.මේ idea එක දැම්මේ අපේ Station Master එයාගේ නමින් කීවොත් පුණයසිරි කුමාර.. එයාගෙ නම වගේම තමයි ඉතින්වැඩත්.......................මේ වැඩේට help කරන්න ගමේ ඉන්න Christian Familiesවල අයත් එකතුඋනා......... ඔන්න ඉතින් කට්ටියම එකතු වෙලා නත්තලට කලින්දවසේ station එක සුද්ද කරල එහෙම වැඩේට බැස්සා. Station එක සුද්ද කරාට පස්සේ සංවිදායක මන්ඩලේ අය නත්තල් ගහක් එහෙම ගෙනත් Station එකෙන් තිබ්බා.තියලා ඒකවටේට Bulb වැල් දාලා සැරසුවා.ඒ විතරක්ද,ගව ලෙනකුත් හැදුවා.හරිම ලස්සනයි.......කියල වැඩක් නෑඉතින්.............. ඔන්න පුන පුනා බලා සිටියදිනය වුදා වුනා.නත්තල් සීයා එනවා කියල දැන ගත්තු පොඩි ලමයි නත්තල් දවසෙ උදේ ඉදන්නත්තල් සීයගෙන් තෑගි ගන්න යමු කියල අම්මලාටයි තාත්තලාටයි කරදර කරනව ඉවරයක්නෑ...අපේ ගෙදරට පල්ලෙහා ගෙදරත් පොඩි බට්ටො දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නත් උදේ ඉදන්යන්න පොරේ...... උදේ 10.30 ට විතර තමයි නත්තල් සීයඑනව කියල තිබුනෙ.එත් මේ පොඩ්ඩො දෙන්න වගේම වටේ පිටේ අනිත් පොඩ්ඩොත් උදේ 10 විතර ඉදන් station එකේ.10.30 විතර වෙනකොට station එක පොඩ්ඩන්ගෙන් වගේමලොක්කන්ගෙනුත් පිරුනා.ඔන්න ඉතින් පොඩ්ඩන්ටයි ලොක්කන්ටයි ඉවසිල්ලක් නෑ. මේ නත්තල්සීයා එනකම්.ඔන්න ඉතින් නත්තල් සීයා 10.45ට විතර cab එකකින් station එකට ආවා.( එයාට එන්නපිණිමුවෝ හොයාගන්න බැරි වෙලා...)අප්පේ........නත්තල් සීයාට වාහනෙන් බහින්නත් නෑ පොඩ්ඩො ටික වාහනේ දොරගාව.ඉතින් නත්තල් සීයා බොහොම අමාරුවෙන් පොඩ්ඩො ටිකට පිටිපස්සට යන්න කියල බොහොමඅමාරුවෙන් වාහනෙන් බැස්සා.වාහනෙන් බැහැපු නත්තල් සීයව පේන්නෙ නැති තරමට පොඩ්ඩො සීයව වට කරගෙන හිටියෙ.අප්පේ.............පොඩ්ඩො පොරකාපු තරම්.මේ පොඩි එවුන් ටික සීයාගෙන් තෑගි ගන්න ගියෙඅහක හිටපු අහිංසක අපිවත් පෙරලගෙන. ඔන්න ඉතින් නත්තල් සීයාගොඩක් අමාරුවෙන් පොඩි පොඩි ළමයින්ට ටොෆි,චොක්ලට් වගේ දේවල් දුන්නා.ටිකක් ලොකු ළමයින්ට ඒකියන්නෙ 1 ,2 ,3, 4, 5 වසරවල් වල ඉන්නලමයින්ට පොත්,පෑන්,පැන්සල් වගේ දේවල් දුන්නා.නත්තල් සීයා පවු කියල හිතුන තවමාමා කෙනෙක් නත්තල් සීයගේ මල්ලෙන් ටොෆි,චොක්ලට් වගේ දේවල් අරන් බෙදුවා. ඔන්න දැන්මාමාගෙයි නත්තල් සීයගෙයි පස්සෙන් ලමයි වගේම ලොකු අයත්,ඒ කියන්නෙ අම්මල තාත්තලත් මේතෑගි ගන්න පොර කෑවා.දැන් ඉතින් මේ දෙන්න බෙදනව ඉවරෙකුත් නෑ...කට්ටිය පොර කනවඉවරෙකුත් නෑ......... අනේ ඉතින් ඔන්න බැරිම තැන සීයාටොෆි ඈතට විසික් කලා ,මොකද දන්නවද ...... සීයාට හුස්ම ගන්නවත් ඉඩක් නෑ, ටොෆි විසික් කලාම ළමයිඒව අහුල ගන්න ඈතට දුවනවනෙ එතකොට සීයා නිදහස්නෙ.කොහෙද..ටොෆි විසික් කලත් මේ ළමයිනෙමෙයි ඒව අහුල ගන්න දිවුවෙ.ඒව අහුල ගත්තෙ පැත්තකට වෙලා හිටපු අම්මල තාත්තලාතමයි...කොහොම කොහොම හරි ඔන්න නත්තල් සීයා ළමයිහැමෝටම මොන මොනව හරි දීල ආපහු වාහනේට නැග්ගා.නත්තල් සීයා වාහනේ glass එක ඇරගෙන හිටියෙ. වාහනේට නැගපු Driver uncle ඔන්න කලින්ම glass එක වහගෙන හිටියෙ වැඩේ හරියන් නැති බව දැනගත්තු නිසා. ඔන්නඉතින් මේ ළමයි glass එකෙන් අත දාලත් ටොෆිඉල්ලනවා.glass එකෙනුත් ටොෆි දීලා බැරිමතැන,නත්තල් සීයා glass එකත් වහගෙන ඉක්මනින්මයන්න ගියා.ඔන්න ඉතින් නත්තල් සීයා ගිය ගමන් ඇවිත් හිටිය අම්මලයි තාත්තලයි පොඩ්ඩොටිකයි සේරමලා යන්න ගියා.අන්තිමට ඉතින් ඉතුරු උනේ සංවිදායක මන්ඩලේ හිටපු අය විතරයි.අනේ ඉතින් අපිට තෑගි හම්බුනෙත් නෑ.අන්තිමට අපිට සිද්ද උනේ පොඩ්ඩොයි ලොක්කොයි එකතුවෙලා හැඩි කරල ගියපු station එක අස් කරන්න. ඔන්න ඔහොම තමයි ඉතින් අපි 2013 වල Christmasඑක Celebrate කලේ .......................එදා දවසේ ගත්ත photos ටික අයියා කෙනෙක්ගෙන් හම්බෙනකම් බලන් හිටියා හිටියාහම්බෙන පාටක් නෑ...photos ඕන නෑ පෝස්ට් එකවත් දානවා කියලා හිතුනා.ඔන්න ඉතින් මාස ගානක් ඉවසලා බැරිමතැන පෝස්ට් එක දැම්මා..... Photos හම්බුනොත් දාන්නම්කෝ.....පින්තුර Google දෙයියා ගෙනි. |
BLOG | 2014.01.05 | http://www.damithsheartbeat.blogspot.com/ | Lee Weatherly ගේ Child X - මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්... | Damith Sriyantha | 4pt 0in 5.'' යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත.මෑතකදී ඒ කෘතිය කියවීමේ අවස්ථාව මටත් ලැබුණි.පෙර මෙන් සාහිත්‍ය අසුරෙහිලා ගෙවන්නට විවේකයක් නොතිබුනද,යන එන අතරමගදී,දුම්රියේදී හෝ බසයේදී එවැන්නක් රස විදින්නට මම බෙහෙවින් ප්‍රිය කරමි.පෙර මෙන් සොයා බල පොත පත නොකියවුවද,එවැන්නක් ලද විටෙක කාලය සාදාගෙන හෝ එය කියවීමට මමබෙහෙවින් ආශා කලෙමි.කියවීමෙන් මා ලබන සැනසුම,රස වින්දනය සහ අධ්‍යාත්මික දියුණුව මෙතෙකැයි කියා ප්‍රමාණාත්මකව කිසි විටෙකත්දැක්විය නොහැක.ඒ තරමට එය මට මහත් වූ ආත්මීය වින්දනයකි.4pt 0in 5.කතාවේ සමහර තැන්වල දැක්වෙන පරිදි ඇය අවුරුදු දාහතරකදැරියකි.ඇයට සිහිනයක් ඇත.ඒ නිළියක් වීමටයි.කෘතියේ ආරම්භය සනිටුහන් වන්නේද එය ඒත්තුගන්වමිනි.“කොයි තරම් සතුටක්දැනුනද කිව්වොත් මගේ ඇගේ හිරිගඩු පිපුනා.වාසනාව ... මට හැමදාමත් ඕන උනේ නිලියක්වෙන්න.පුංචි කාලේ ඉදන්ම..... තාත්තා කියන්නෙ මම රගපාන්න පටන් ගත්තේ කතා කරන්නත්ඉස්සර වෙලා ඉදලා කියලම”පියාගේත් මවගේත් ඇසුරේහැදී වැඩෙන ඇයගේ ලෝකයේ සෙනෙහෙබරම වීරයා වන්නේ ඇගේ පියායි.නමුත් කාලයාගේ ඇවෑමෙන්හදිසියේ ඇයගෙනුත් මවගෙනුත් පියා වෙන්වී යාම,කොටින්ම පවුල් ආරවුලක් මත දික්කසාදයකටසුදානම් වීම තුල ඇයට දැනෙන අපූරුවට රචකයා තුලින් ප්‍රකාශ වී ඇත.මවගෙන් නිසි සෙනෙහස නොලදඇය,පිය සෙනෙහසත් අහිමිව කටයුතු කරන අයුරු,මෙෙතක් තමා සමග සිටි පුද්ගලයා තමාගේ සැබෑපියා නොවන බව ඇය දැනගන්නා අයුරු,ඇය ඒ මොහොතේ ක්‍රියා කරන අයුරු,මවට සමීප වන ආකාරය,දරුවෙකුටමේ තරම් දේවල් දරාගත හැකිදැයි වැඩිහිටියෙකුට දැනෙන අයුරින්,ඇය අවබෝධාත්මකව ජීවිතයමෙහෙයවන අයුරු මෙම කතාව තුල අපූරුවට ප්‍රකාශනය වී ඇත.“අම්මගේ ඇස්දෙක,ඒ ඇස් මේ ඇස් වගේම දුඹුරු පාටයි,මා දිහාට හැරුණා.ඒ කියන්නේ මාත්එක්ක තරහා නෑ.මං අම්මගේ ඇගට හේත්තුවුණා.මට හරිම මහන්සියක් දැනුණා.සමහරවිට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕන ඇති.බෙරෙක් බාප්පත්එක්ක එකතුවෙලා එයා තාත්තව රවටපු එකට...එත් මගේ අම්මනේ...ඒ වැරැද්ද අවුරුදු දා හතරකට කලින් කරපු වැරද්දක්නේ...අම්මා වෙවුලන සුසුමක් හෙලුවා.”“තාත්තේ...... තාත්තේ”තාත්තා ඔළුව උස්සලා බැලුවේ රබර් උණ්ඩයක් වැදුනා වගේ...“ජුල්ස් ද”එයා මෝටර් සයිකලයෙන් බහිනකොටමයිමං එයා ලගට පැන්නේ.මං තාත්තව බදාගත්තා....එයාගෙ හම් කබායේ පුරුදු සුවද මටදැනුණා/ලෙමනේඩ් වීදුරුවකින් වායු බුබුළු නගිනවා වගේ මගේ ඇග පුරාම සතුට බුබුළුදානවා මට දැනුණා....තාත්තත් මාව තදින බදාගත්තා.....තාත්තගේ හුස්ම වැටුනේ හරිමකලබලේකින් වගේ.... තාත්තගේ ටී ෂර්ට් එකට යටින් එයාගෙ හදවත ගැහෙන හඩත් මට ඇහුණා. “තාත්තේ . තාත්තේ . මට කොච්චර සතුටුද ....මං ආපු එක කොච්චර හොදද”ඇගේ සිහිනය මල්ඵලගැන්වෙන කාලවකවානුව තුළම ඇය මුහුණ දෙන අතිශය කටුක වූත්,අසහනකාරී අත්දැකීම රචකයා කෙතරමඅපූරුවට,හදවත මනාව ස්පර්ශ කරන අයුරින් විග්‍රහ කොට ඇත.ඇයගේ පියාගේ සහෝදරයා තම සැබෑපියා බව දැනගැනීමෙන් අනතුරුව සුදුවන දෑ.මට හැගෙනා පරිදි නම් ඇය වටා ගෙතුන ගැටළුවඅපූරුවට ඇයම නිරවුල් කර ගන්නා ආකාරයන් කෘතිය තුල පිලිඹිබු වේ.අවසන ඇයගේ සිහිනය සැබෑවන මොහොතේ,ඇය සියලු ගැටළු පරදවා ජීවිතය ෙසෟභාගයමත් කරගනු ලද්දැයි මම විශ්වාස කරමි.“හැමෝම මට මගේ පාඩුවේඉන්න දෙන්න....අපේ පවුලට අපේ පාඩුවේ ඉන්න දෙන්න.මේක අපට මහා නරක දරුණු අත්දැකීමක් ..මගේ තාත්තාමගේම තාත්තා නෙවෙයි කියලා දැනගන්න එක....මගේ තාත්තා මගේම බාප්පා කියලා දැනගන්න එක.....තාත්තා අම්මට විරුද්දව නඩු දාපු එක....ඒත් ඔයාලා ඒ හැමදේම තවත් දරුණු නපුරු දෙයක් කරනවා....ඒක ලොකු නඩුවක් බව මම දන්නවා..ඔයාලට ඒ ගැන වාර්ථා කරන්න පුළුවන්....ඒත් ඒකට ඔයාලට අපේ ගෙදර,මගේ,අපේ,අම්මගේ පින්තුර ඕනද....අනේ කරුණාකරලා අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න”ඔබත් කියවා බලන්න.පුංචිහදවතට මෙතරම හිතන්නට හැකිද ,කෙතරම් ඇය සංවේදීද,පුංචි උන් කොහොම හිතනවා ඇත්ද......දැනේවිහදවතින් පටන්ගෙන ලේ,මස්,නහර හුස්ම පොද පුරාවටම...විශේෂ ස්තුතිය..... පොතක් පතක් හමුවූ විගස රස විදින්නට ඉඩහසර ලබාදෙමින් ගෙනත් දෙන Anura මගේම වන් සොහොයුරාට ...2014 අවුරුද්දේ මගේ පළවෙනිම පෝස්ටුව.ඔන්න හැමෝටම සාමය සතුට පිරි නව වසරක් වේවා . |
BLOG | 2012.06.13 | http://asamana.blogspot.com/ | ප්‍රථම වතාවට සිංහලෙන් error පේජ් එකක් දුටුවෙමි.. | Sam | ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය. |
BLOG | 2012.06.07 | http://asamana.blogspot.com/ | බොට්ල් ඕපනර්.. | Sam | වෙලාව රෑ 12.05..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..බයිසිකලේ කණුවෙ ගැටගහල..සුපුරුදු පරිදි මූනුපොත ෆෝන් එකේ දිගඇරගෙන ඒක ඉහලට පහලට බලමින් පඩිපේළි 64 නගිමින් හිටියෙ..තුන්වෙනි තට්ටුවත් නැගල හතරවෙනි එකට ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි දැක්කෙ සුදු නංගිල දෙන්නෙක් පඩිපෙළ හරස් කරගෙන ඉඳගෙන ඉන්නව..මොනවදෝ බොනගමන් බටත් ගහනව..මම ලොකු හිස්මක් අල්ලගෙන (පැසිව් ස්මෝක්න් මොකටද නිකන්..) ඉන්නකොට..එක්කෙනෙක් නැගිටල ඉඩදුන්න..ඇනික් කෙන අහනව.."ඩූඩ්..ඩූ යූ හෑව් එ වයින් බොට්ල් ඔපනර්.." මගෙ අත සාක්කුවට ගියේ නොදැනිමයි..ආ..මේන්න.."ඩූඩ්..අයි වන්න වයින් බොට්ල් ඕපනර්..නොට් දැට්..." ඌප්ස්..එතකොටයි පියවි සිහියට ආවෙ..මගෙ කීචේන් එකේ තියෙන්නෙ බියර් බොට්ල් ඕපනර් එකක් කියල මතක් උනේ එතකොට..එයාලට ඕනෙ අර ඇම්බරිලා තියෙන්න කම්බියක් තියෙන එකක්..මගෙ කාමරය තියෙන්නෙ අඩි 10ක් විතර එහා..එකෙන් වයින් බොට්ල් ඕපනර් එක ගෙනත් දෙන්නත් පුලුවන්..එකක් තියෙනව කිව්වොත් ඒක ගන්න අනිවා කාමරෙ ඇතුලටම උන් එනව කියල ශුවර්..ඊට පස්සෙ මුන් මගෙ කාමරේ ඉඳල එලියට යනව එහෙම මගෙ ඉන්දියන් යාලුවො දැක්කොත්..මගෙ ඉන්දියන් ක්‍රශ් එකටත් සොරි ඩොට් කොම් නෙහ්..නිකන් මොකටද කාමරේ කිල්ලට අහුකරගන්නෙ..මම "නෝප්..අයි ඩෝන්ට් හැව් වන්.." කියල කාමරේට ආව..දැට්ස් ෆයින් කියනව හීනියට ඇහුන. |
BLOG | 2012.06.03 | http://asamana.blogspot.com/ | පොසොන් සඳ.. | Sam | හෙන ගේමක් දීල තමයි ගත්තෙ ෆොටෝ එක..මගෙ පළවෙනි මූන් ෆොටෝ එක..තවත් හොඳ සූම් ලෙන්ස් එකක් තිබුනානම් කියල හිතෙනව. |
BLOG | 2014.10.29 | http://mangsuwu.blogspot.com | සින්නක්කර හේන | හඟුරා | ඔයාගේ මව්පියෝමට සින්නක්කරවමලියලා දීපු හේනවපුර වපුර ඉන්නකොටමටත් හොරාට ඔයා වෙන ගොවියෙකුටඅඳේට දීපු අපූරුවමෙකත් බුකියෙන්ම තමයි හොරකන් කර ගත්තේ. |
BLOG | 2014.09.30 | http://mangsuwu.blogspot.com | හන්තානය බෑ බුරලා පෙරලන්න - කැම්පස් කවි (2) | හඟුරා | හන්තානය බෑ බුරලා පෙරලන්නමහවැලි ගඟ බෑ ආපස්සට හරවන්නහැකි ඉක්මනින් අපහට විසදුම් දෙන්නඑහෙම නැතුව බෑ අරගල නවතන්නගලහ හන්දියෙදින් දැක්කෙ. |
BLOG | 2014.09.15 | http://mangsuwu.blogspot.com | කා හටත් වරදී | හඟුරා | කා හටත් වරදීදොස් කීම වැරදීමා හට නොවරදීසිතන අය හට නිතර වරදීබුකියෙන් උස්සන ලදී, අයිතිකරු නොදනී. |
BLOG | 2014.08.19 | http://mangsuwu.blogspot.com | වාරියපොල නංගි | හඟුරා | බුකියේ මෙ දවස් වල හෙන ප්‍රශ්නයක්ය. වාරියපොල නංගි කෙනෙක් අපෙ සහෝදරයෙකුට හතර අතේ නෙලා ඇත. කොතරම් නෙලලාද කියනවානම් අපගේ පුරුෂ භාවය කොහේද කියා දැන් හොයාගන්නටත් නැති වේලාය.ඒ කොල්ලා හොඅද හැටි ගුටි කාගෙන දැන් ඉවරය. උගෙ තියෙන මනුස්සකමට ඌ සමාව ඉල්ලුවාය (වටේ උන්ගෙන් තව කන්න වේය කියා බයට නොවේ ). කෙල්ලද තැලෙන යකඩයක් කියා දැනගත් නිසා බය නැතුව තැලුවාය.හොදම ටික ඇත්තෙ දැන් ය. අපේ අයියලාට දැන් බස් එකට නැග හේත්තුවක් දාන්න හිතෙන විට මහ සොනා, සිරී යකා ට වඩා භයාන්කව මතක් වන්නෙ අර කෙල්ලගෙ මූනය. වැඩේ කරන්න හිත හදා ගන්නට කොහොමත් බැරිය. කම්මුල සීතල වෙලා යනවාය.ඇත්තටම මෙය හොද හොද මාර්කටින් පාරකි. බස් වල කාන්තා හිංසනය පිටු දකිමු කියා ස්ටිකර් අලවනවාට වඩා මෙයින් වැඩක් කරගන්න පුලුවන් වේයි. පබාවතී අක්ක කීව වගෙ කැමරා හයි කරනවටත් වඩ වියදමත් අඩු කරගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ මෙ වගෙ තව විඩීයෝ 2ක 3ක් යු ටියුබ් දාන එක විතරයි. කොහොමද නංගිගෙ ටිකිරි මොලේ. පින්තුරේ ගත්තෙ මෙතනින්. |
BLOG | 2014.08.15 | http://mangsuwu.blogspot.com | අද කාලේ හැදෙන පොඩි එවුන් | හඟුරා | පොඩි එවුන් කියන්නෙ ඉතින් කොහොමත් ළග ඉන්නකොට ආතල් කෝටියක් දෙනවනෙ. ඒ වගෙ කතා සෙට් එකක්ම පහුගිය කාලෙ බුකියෙ එහේ මෙහේ තිබුන මතකයි.මෙ සීන් එක මට උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. කැම්පස් එකේ ඉදල ට්‍රේනින් එකට කියල කොළඹ ආවනේ, කවද කාපු ටකරන්ද ඉතින්, කොළඹ කියල දැනගෙන හිටියේ පිටකොටුවෙ බස් ස්ටැන්ඩ් එක විතරනෙ. ඔන්න ඉතින් අදුරන නෑ කෙනෙකුට එහෙම කියල බොඩිමකුත් හොයාගත්තා.කොහොමහරි මෙ නෑ කෙනත් එක්කම බොඩිමට අවිත් නතර උනා. නතර උනාට මොකෝ මම අහගත්තෙ න මේ කොහෙද කියල. දැන් ඉතින් බොඩිම ඇතුලට වෙල ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. කෝකටත් කියල ෆෝන් එක අරගෙන බැලුව කොහෙ කියලද වැටෙන්නෙ කියල. ඒ වෙලවෙ තමයි සහොදරවරුනෙ මට ඇඩුනේ. ෆෝන් එක ඉතාමත් පැහදිළිවම වැටෙනව "වනාතමුල්ල" කියල. සින්හලෙන් කියනවනම් වනාතෙ. කොළඹ විතරක් නෙමයි, කොළඹත් හොදම ඒරීයා එකටයි ගොඩ බැහැල තියෙන්න කියල තෙරුනෙ දැන් තම්යි ඔන්න.දැන් ඇති නේද වටේ ගියා, නෑ නෑ වටේ ගියා නෙමෙයි. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. අහලා ඇතිනේ වනතෙ පැත්තෙ අයියලා ගැන, ගොඩක් රේකොඩ් එහෙම තියලා තියෙනවනෙ අංශ ගණනාවකින්.(කු*,බ*,පා**,...).දවසක් දෙකක් බොඩිමට වෙල ඉන්නකොට තමයි ටිකක් වට පිටාව ගැන තෙරුනෙ. බොඩිමෙ ඉන්නව පොඩි කොල්ලෙක්, ලස්සන කටක් තියෙන. ලස්සන කීවට ඉතින් මූ මෙ ලස්සන කටෙන් වචන 10ක් කීවොත් 5ක් විතර තරු දාල ලියන්න වෙන්නෙ.ඒ තරම් සුපිරි කටක් තමයි මූට පිහිටලා තිබුනෙ. කට ගෑවෙ රන් කිරිද වෙන මොනවහරිද දන් නෑ. ඔන්න මේ වීරයා අපේ බොඩිමටත් දවසක් දෙකක් විතර රින්ගුවා. රින්ගල අපිටත් වචන දෙක තුනකින් සන්ග්‍රහ කරල තමයි ආපහු යන්නෙ.ඔන්න ඔහොම අපු දවසක බොහොම අහින්සක විදිහට මගෙ ලගට වෙලා ඉදගෙන ඉන්නවා කවදාවත් නැතුව.ටික වෙලාවකින් මු කතා කරන්න ගත්තා."අයියෙ, මට චුයින්ගම් එකක් අරන් දෙන්නකො"මමත් ඉතින් ගත් කටටම කීව මගෙ ලග සල්ලි නෑ කියලා.විනාඩියක් විතර බලන් ඉඩල අඉත් අහනව මු "අනේ අයියේ චුයින්ගම් එකක් අරගෙන දෙනන්කෝ" කියල. මම ආයෙමත් කීව සල්ලි නෑ කියල. මෙ විදිහට දහ සැරයක් විතර කීව මගෙන් අහල අන්තිමට අහනවා, "චුයින්ගම් එකක් අරගෙන දෙන්නෙම නැද්ද" කියල.මමත් ඉතින් ටිකක් සැර මූඩ් එකක් අරගෙන කීව "මම කීවනෙ දැන් නෑ කියල, තවත් ඉල්ලුවොත් ගහල එලවන්නෙ"කියල."එහෙනම්, හෙට ඇරගෙන දෙන්නම් කියලා රවට්ටලා මම යවන්නකෝ"අයියෝ සල්ලි කියල මට හිතුනෙ ඔන්න ඔය වෙලවේ තමයි. පව් කියලත් හිතුන, එත් මූ මොකද කරන්නෙ කියල බලන්න මම කීව "හා එහෙනම් මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්, දැන් යන්නකෝ" කියලා. අනේ කිසි කරදරයක් නැතුව ගියා මෙන්න.ඊට පස්සෙ මම චුයින්ගම් එකක් ගෙනත් දුන්න. ඒත් තව ටික දවසක් යනකොට මට තෙරුන මේ පැත්තෙ ඉන්න අනිත් පොඩි ළමයින්ට වඩා මෙ පොඩි එකා ගොඩක් හොදයි කියලා. මේ පැත්තෙ පොඩි ළමයින්ට කුනුහරුප කියන්නෙ සාමාන්‍ය භාෂාවෙම කොටසක් වගේ. අම්මලා තාත්තලා කතාකරන්නෙ ඒ විදිහටනම ළමයි එහෙම කතා කරන එක වෙනස් වෙන්නෙ නෑනෙ කොහොමත්. මේ දෙවල් වලට වගකියන්න ඔනෙ අපෙ රට අවුරුදු ගානක ඉඩල පලනය කරපු හා දැනටත් පාලනය කරන නයකයෝ. තමුන්ගෙ වාසි වලට මෙ දුප්පත් මිනිස්සු පාවිච්චි කරල, අතඇරල දාල. ඒ මිනිස්සු එට පස්සෙ ජීවත් වෙන්න සල්ලි හම්බවෙන ඔනෙම දෙයක් කරනව දැන්. |
BLOG | 2014.08.14 | http://mangsuwu.blogspot.com | කැම්පස් කවියක් | හඟුරා | ආලය සිඟමනකි නොසිඟන අය සිඟනආලය ගිනිගොඩකි නොදැවෙන අය දවනආලය මරණයකි නොමැරෙන අය මරණකාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙනබුකියෙන් මේ දැන් උස්සන ලදී. |
BLOG | 2014.08.13 | http://mangsuwu.blogspot.com | අඹ - [Mango] | හඟුරා | Scientific Name : Mangifera indica Lශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්. අඹ වර්ගනම් ඉතින් කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මොකද, යන යන තැන් වල අලුත් වර්ග ගොඩක් හම්බවෙන නිසා. කර්තකොලොම්බන්, විලාඩ්, පැණි අඹ, මී අඹ, කොහු අඹ, පොල් අඹ, වල් අඹ මේ කිව්වෙ වර්ඝ කීපයක් විතරයි. පළතුරක්,ව්‍යංජනයක් විදිහට භාවිතා කරනවට අමතරව වර්ථමානයේ පානයක්(බීමක්) විදිහටත් බහුලව අඹ යොදා ගැනෙනවා. තවත් විස්තර අවශ්‍යයි කියල හිතෙනවනම් මෙතනින් ගිහිල්ල බලන්නකෝ. අඹ ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුළුවන්.තවත් පින්තුර මෙතනින්. |
BLOG | 2011.12.23 | http://mangsuwu.blogspot.com | නොමිලේ පියානෝ එකක් ඕනෙ ද? | හඟුරා | පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්. අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝVirtual pianozip file එක ඇරල exe එක රන් කරන්න. |
BLOG | 2011.12.20 | http://mangsuwu.blogspot.com | අපේම රේඩියෝ චැනල් එකක් පටන් ගමු ද? | හඟුරා | අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය.com මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ. |
BLOG | 2011.10.29 | http://mangsuwu.blogspot.com | ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png) | හඟුරා | හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම කරන්න ගන්න පුළුවන් ලස්සන icon ටිකක් එහෙම පාවිච්චි කරලා. ඒකට හොඳම තැන් දෙකක් තමයි අද කියන්නේ,http://www.com/ මේවා අපේ කොම්පියුටරේ තියෙන ෆෝල්ඩර් වලටත් දාන්න පුළුවන්. පල්ලෙහයින් තියෙන්නේ අපි කෙරෑවයි කියපු වැඩේ, ඒකත් ටිකක් බලන්නකෝ,තව මේ වගේ තැන් දන්නවනම් කමෙන්ට් එකක් විදිහට ලියල යන්නකෝ. |
BLOG | 2014.10.27 | http://www.cyberhiru.blogspot.com | tsu.co වලින් emoney හොයන හැටි | Cyber Hiru | Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන.co/isurujaya~ tsu වල ලේසියෙන්ම emoney හොයන්නේ කොහොමද. ~Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්රමාණය, comments කරන ප්රමාණය වගේ දේවල්..Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලටhttp://www.co/isurujaya එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා..මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...- 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්.- Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා..- මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.- D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.- C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.- B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා.මේක පිරමීඩ business model එකක් විදිහට ක්රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...උඩ ක්රම 2න් හොදම එක තමා දෙවනි එකඑක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද. තියන ටිකත් නැතිවුන එක තමා..පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා..IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්රමාණය ඉහල දැමීමයි....)තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්. |
BLOG | 2013.12.15 | http://www.cyberhiru.blogspot.com | තමන්ටම කියලා Personal Website එකක් නොමිලේ හදාගන්න හැටි. | Cyber Hiru | අද වෙනකොට ඉස්කොලේ පහේ පන්තියේ ඉන්න පොඩි කෙනාගේ ඉදලා සැම කෙනෙකුම තමන්ටම කියලා Personal website එකක් හදා ගන්න පෙලබෙනවා. එ තමන්ව සම්බන්ද කර ගැනිමට තොරතුරු හා අනෙකුත් විස්තර අන් අයට තමන්ගේ Personal website එක හරහා පහසුවෙන් දැනුම් දිමට හැකියාවක් තිබෙන නිසාය. තමන්ටම කියලා ව්‍යාපාරයක් කරගෙන යන අයට personal website එකක් හරිම වැදගත්.. profile වල "website" කියන තැන හිස්වද තියෙන්නෙ. එහෙනම් එතනට දාන්න පුලුවන් විදිහේ ලස්සන personal website එකක් හදා ගන්න ආකාරය අද විමසා බලමු.Choose a free web hosting and free doaminපලමුව අපේ personal website එක host කරන්න හොද Hosting provider කෙනෙක් තොරා ගන්න ඔනේ. ශ්‍රිලාංකික වන අපට personal website හදාගන්න Hosting සපයන හොද සෙවාවක් ලෙස Srilankan.pw හදුන්වා දෙන්න පුලුවන්. Personal website එකට අවශ්‍ය domain name එකක් නොමිලෙම srilankan.pw මගින් සපයනවා. එ වගෙම Website builder එකකුත් දෙන නිසා webdesigningදැනුමක් නැතිකෙනෙකුටත් පහසුවෙන් තමන්ගේ personal website එක හදාගන්න පුලුවන්.pw website එකට පිවිස එහි ඇති order form එක පුරවලා Account එකක් order කරන්න. ඉට පස්සෙ ඔයාගේ email එකට එවන email address එක confirm කරලා control panal එකට පිවිසෙන්න පුලුවන්.Control panel එකේ Hosting tab එක යැටතෙ තියෙන create new account යන්න තොරන්න.ඉන් පසු Hosting plan එක විදිහට Gereral Free. යන්න තොරන්න.ඉට පස්සේ subdomain යැටතේ ඔයාගේ නම ලබාදෙන්න. එතකොට ඔයාගේ personal website එකේ URL එක yourname.pw ලෙස ලැබෙවි. එහි තියෙන passwords ආදිය ලබාදි Acc එක create කරගන්න.Acc එක creat උනාට පස්සේ එහි විස්තර ඇතුලත් email එකක් ඔයාගේ email එකට ලැබේවි. දැන් Hosting හා Domain name එක සුදානම්. personal site එක හදා ගන්න Control panel එකේ Hosting යැටතෙ ඔයාගේ ඩොමෛන් එකට අදාල panel එකට පිවිසෙන්න. ඉන් පස්සෙ ලැබෙන Cpanel එක තියෙන website builder එකෙන් ඔයාගේ Personal site එක හදා ගන්න පුලුවන්.web site builder එකේන් වැඩ කරන ආකාරය ගැන srilankan.pw තුල සිංහලේන් සදහන්ව ඇති නිසා පහසුවෙන් ඔයාගේ website එක නිම කරගන්න පුලුවන් වෙවි.web site builderමේ විදිහට personal website එකක් හදන්න සතයක් වත් වැයවන්නේ නැ srilankan.pw මේ සෙවාව නොමිලේම ලබා දෙන නිසා වෙබ් අඩවි නිර්මාණය පිලිබද දැනුමක් නැතත් ඉතා ඉක්මනින් ඔයගේ personal site එක හදාගන්න පුලුවන්. ඉතින් දැන්ම personal website එකක් හදාගෙන facebook, twitter.....profiles වලට දාලා යාලුවන් එක්ක share කර ගන්න. |
BLOG | 2013.11.21 | http://www.cyberhiru.blogspot.com | Windows install කරපු දවස මතක් කරගන්න විදිහ | Cyber Hiru | ඔයාගේ PC එකේ Windows Os එක පිහිටවපු දිනය හා වෙලාව මතකද. මතක නැත්නම් මතක් කරගන්න පොඩි tip එකක් මෙලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.How to know windows install dateඉස්සෙලා command prompt එක open කරගන්නඉට පස්සේ පහත තියෙන command එක type කරලා enter press කරන්න.systeminfo | find/i "install date"තත්පර කිහිපයකින් පහත තියෙන විදිහට ඔයාගේ Windows OS එක install කරපු දිනය හා වෙලාව නිවැරදිව පෙන්වාවි. |
BLOG | 2013.10.28 | http://www.cyberhiru.blogspot.com | සිංහල බ්ලොග් අඩවියට සිංgrisi - සිංහල යතුරු පුවරුවක් | Cyber Hiru | සිංහල බ්ලොග් කියවන ගොඩාක් අය comment කරන්නේ English අකුරු වලින් සිංgrisi වගේ සිංහල ඉංග්‍රිසි කලවම් කරලා. එකට හෙතුව ගොඩාක් අයගේkeyboardවල සිංහල අකුරු සටහන් නොවිම. එයටපිලියමක් විදිහට අපේ සිංහල බ්ලොග් අඩවිටසිංහලkeyboardඑකක් add කරගන්නපුලුවන්.සිංහල බ්ලොග් කියවනඅයComment කරන්නේ සිංgrisi වලින්නිසා.සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි.ඉහත රුපයේදැක්වෙන ආකාරයේ සිංgrisi -සිංහල keybourd එකක් පහත add to blogger button එකේන් ඔයාගේ blog එකටත් දාගන්න පුලුවන්.මෙය keyboard එකක් ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මෙක Unicode පරිවර්තකයක් ලෙස නිවැරදි ලෙස අපිට පෙන්වා දෙන්න පුලුවන්. |
BLOG | 2013.09.26 | http://www.cyberhiru.blogspot.com | Web Browsers වල save කර ඇති passwords බලන හැටි | Cyber Hiru | අපි කුමන හො වෙබ් අඩවියකට email එකක් හා password එකක් ලබාදි ඇතුල් වන විට web browser එක මගින් password එක save කර ගැනිමට විමසනවා. එවිට අපි password එක web browser එකේ save කල විට නැවත එම වෙබ් අඩවියට log විමෙදි පහසුවනවා. මෙසේ save කරන passwords කාටවත් බලාගන්න නොහැකි යැයි ගොඩාක් අය සිතාගෙන සිටියත් මේ විදිහට save කරන passwords ඔනැ කෙනෙක්ට කිසිම අමතර software එකක් නොමැතිව පහසුවෙන් බලාගැනිමට web browser වල පහසුකම් ලබාදි තිබෙනවා. එ විදිහට passwords බලාගන්න හැටි මේ ලිපියෙන් අපි විමසා බලමු. එවිට Browser එකේ save කරලා තියෙන passwords පිලිවෙලට ඔයාට බලාගන්න පුලුවන්. එහි security pane එකට පිවිසෙන්න.දැන් saved passwords button එක උඩ click කරන්න. එවිට browser එකේ දැනට save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.View saved passwords of internet explorerinternet explorer වල save කරලා තියෙන passwords බලා ගන්න නම් ක්‍රමයක් එයින් සපයා නැ. නමුත් Reveal Passwords bookmarklet script එක භාවිතා කරලා අපිට . web site එකකට පිවිසිමෙදි එහි save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.මේ විදිහට ඔයා save කරන passwords ඔනැම කෙනෙකුට clicks දෙක තුනකින් බලාගන්න පුලුවන්. මොන තරම් antivirus software භාවිතාකලත් වැඩක් නැතිවෙයි මෙවැනි සුලු දෙවල් ගැන සැලකිලිමත් නොවුනොත්, මොහොතකින් ඔයාගේ සියලුම තොරතුරු Hackers ලා අතට පත් වෙන්න පුලුවනි. මොකද අපේ computer එක පාවිච්චි කරන්න දෙන යාලුවන් ගැනත් 100% විස්වාසය තබන්න බැනේ. |
BLOG | 2013.09.13 | http://www.cyberhiru.blogspot.com | කිසිම software එකක් නැතුව Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි. | Cyber Hiru | මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත්එකහොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලාකට්ටියටdownload කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිමsoftwareඑකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එකවැඩිකරගන්න පුලුවන්.Hutch unlimited free internet with ultrasurfඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො. එකේ නම ultrasurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි anti-censorship software එකක්. ඔන කෙනෙක්ට http://ultrasurf.us/ web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්. hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.youtube එකේන් උපුටා ගත්ultrasurf එක ගැන tutorial එකක්Increaseinternet speed with open DNSදැන් software එකක් නැතුව free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේනිසාGoogle ලා දෙන Google open DNS භාවිතා කරමු.පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.දැන් එNetwork and Sharing Centerwindow එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.8.8.8.4.4settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්‍රමේ භාවිතා කරලාinternetspeed එක වැඩි කරගන්න. Hutch 49 2G packege එක ගැන හිතන්නකො. වැඩිය එ ගැන් කියන්න යන්නේ නැ මොකද එකත් අපේකොල්ලොන්ටනැති වෙයි කියලා බයයි. මතකනේ dialogpackageඑකකටත් උන දෙ. |
BLOG | 2013.09.05 | http://www.cyberhiru.blogspot.com | Sinhala english dictionary සහ sinhala dictionary වල එකතුවක්. | Cyber Hiru | sinhala english dictionary එකක් හෝ sinhala dictionary එකක් ලග තබා ගැනිම අපිටබොහෝප්‍රයොජනවත් වනවා. දැන් online ලෙස හෝ offline ලෙසත් android mobile phoneඑකෙනුත්sinhala english dictionary එකක් භාවිතා කිරිමට අපිට අවස්ථාව ලැබි තිබෙනවා. එ සදහා වන dictionary කිහිපයක් අපිට දැකගන්න පුලුවන්. ඒ sinhala dictionary වලින් ඔබට ගැලපෙන sinhala english dictionary එක පහත එකතුවෙන් ඔබට තොරා ගන්න පුලුවන්.දැන් online dictionary ජනප්‍රිය වි තිබෙනවා. එයට හෙතුව එවා ඔනැම වෙලාවක ක්ෂනිකවම පහසුවෙන් භවිතා කළ හැකි නිසාවෙනි. online ලෙස අපට භාවිත කළ හැකි sinhala dictionary ගනනාවක් අපට දැක ගතහැකියි...ලබාදි තිබෙනවා.lk/ මගින් එවා පරිහරනය කරන්න පුලුවන්.lk/sinhala english tamil dictionaryඔබට සින්හල හා english වලට අමතරව දෙමලත් ඔනේ නම් http://www.lk/ වෙබ් siteඑකේන් trilingualdictionary එක භාවිතා කරන්න පුලුවන්.Madura online sinhala dictionaryMadura dictionaryලංකාවේ ජනප්‍රියම online dictionary එකක් විදිහට Madura Online Dictionary එක පෙන්වා දෙන්න පුලුවන්.com/ හරහා online භාවිතා කරන්න පුලුවන්.dictionary ලින්ක් එක හරහා android mobile එකට install කර ගන්න පුලුවන්.එමෙන්ම iphone සදහාද bhasha dictionary app එකක් තියෙනවා එය https://itunes.com/app/bhasha-english-sinhala-dictionary/id592018752 ලින්ක් එක හරහා download කරගන්න පුලුවන්.com/dictionary/ හරහාfree download කරගන්න පුලුවන්.Trilingual dictionary free downloadත්‍රයි භාශා ශබ්ද කොෂයෙද offline භාවිතය සදහා software එකක් තියෙනවා එයද http://www.lk/ හරහාඔබට freedownload කරගන්න පුලුවන්. |
BLOG | 2013.09.01 | http://www.cyberhiru.blogspot.com | Android phone එක root කරන හැටි. | Cyber Hiru | දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි.මොකක්ද මේ root කරනවා කියන්නේ.මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි gest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්.අපි phone එක root කර ගත්තාමඇත්තෙන්මඅපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකෙ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissens සැකසිම firewall එකක් run කිරිම... වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.Phone එක root කරන්න අවශ්‍ය දෙවල්1.Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ2.phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ3.org එකේන් නොමිලේ download කර ගන්න පුලුවන්ඉස්සෙල්ල android phone එකේ settings--->applications--->Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්නදැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්නඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.දැන් Rootකිරිමඉවරයි. phone එක restart කරලාබලන්න අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්. |
BLOG | 2014.09.08 | http://ahasasenumba.blogspot.com | පෙරවදනක් නැති අප පෙම් පුරාවතට... පසු වදනක් කුමටද තව නුඹගෙන්.... | සඳ කින්නරාවී | මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............මං තාමත් ඔයාට ආදරෙයි..........මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික..........මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..අන්තිමමොහොතවෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරිදවසකමට ඔයාට සමාවදෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ. |
BLOG | 2014.08.20 | http://ahasasenumba.blogspot.com | You are my Everything... Forever & Ever....! | සඳ කින්නරාවී | . |
BLOG | 2014.08.18 | http://ahasasenumba.blogspot.com | තනිකම හුරු දෙනත පුරා... උණු කඳුලැලි රුරා ගියා.... | සඳ කින්නරාවී | ඔයාට උදව් ඕන හැම වෙලාවකම...තනිවෙලා ඉන්න හැම වෙලාවකම...වැටිලා ඉන්න හැම වෙලාවකම...එදා වගේම වෙනසක් නැතුවඅදටත් මම හිටියා... හැමදාමත් ඉඳියි...ඒත්...මම තනි වෙලා අසරණ වෙලා ඉද්දිමගේම කියල කවුරුවත් ළඟ නෑ...තට්ට තනියම හිඟන්නියෙක් වගේකඳුළු හංග හංග අඬනවා...මොකද කිව්වොත් මටඅඬන්න වත් නිදහසක් නෑ.....හිතට ටිකක් හරි සැනසීමක් ගන්න කියලඔයාගේ නම්බර් එක ඩයල් කලාමවචන දෙකයි රිප්ලයි ආවේ...."මම බිසී" කියල.....හ්ම්ම්ම්......මං වෙනුවෙන් තත්පරයක් වත් නෑඔයා ළඟ...මාව තනි නොකරන එකම කෙනාතනිකමයි කඳුළයි විතරද කොහෙද...කමක් නෑ ඉතින්...හිත රිද්දෝන බැඳීම් වලට වඩාපුරුදු තනිකමයි කඳුළයි මට සැපයිහැමදාමත්. |
BLOG | 2014.08.18 | http://ahasasenumba.blogspot.com | සඳත් ගිනිගෙන දැවෙන මොහොතේ.... හිරුගෙ සිසිලස කෙලෙස අයදිම්දෝ... | සඳ කින්නරාවී | ෆෝන් එක අතට ගන්න හැම වෙලාවේම...තනියම පාළුවේ ඉන්න හැම වෙලාවකම....මට හිතෙන්නෙම ඔයාට කතා කරන්න කියලා...ඒත්...මම මාවම නවත්තගන්නවා...මන් මටත් වඩා ඔයා ගැන හිතන හින්දද මන්දාඔයාගේ සමහර වැඩ නිසා මට රිදෙනවා හුගාක්....එහෙම කියලා ඔයාට නීති දාන්නත් බෑ මට...ඈතින් ඉඳන් ඔයා දිහා බලාගෙනදවසක ඔයා හැදෙයි කියන එකම පැතුමෙන්තාමත් මම මග බලාගෙන ඉන්නවා රන්...උත්සහ කලොත් බැරි නෑ නේද මගේ මැට්ටෝ. |
BLOG | 2014.11.04 | http://helavijaya.blogspot.com/ | අටවිසි බුද්ධ වන්දනාව... | හෙළ විජය තරුණ සංවිධානය | ... 2014 ඔක්තෝබර් මස 24 සිකුරාදා දින සිදුකළ අටවිසි බුද්ධ වන්දනාව.... ඔබ සැමට තෙරුවන් සරණයි. |
BLOG | 2014.10.31 | http://helavijaya.blogspot.com/ | තෙසැත්තෑ ඤාණ පූජාව thesaththa gnana pujawa | හෙළ විජය තරුණ සංවිධානය | 2014-10-25 දින පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ පිරිවෙණෙහි පැවති තෙසැත්තෑ ඤාණ පූජාව. ඔබ සැමට තෙරුවන් සරණයි...... ගඟසිරිපුර ධම්මාලෝක හිමි (071-4962050). |
BLOG | 2014.10.12 | http://helavijaya.blogspot.com/ | රත්නපුර ආනන්ද මහ මෛත්‍රී විහාරස්ථානයේ පැවති උතුම් ධර්ම දේශනා පිංකම... සියල්ලෝ පිං අනුමෝදන් වෙත්වා. | හෙළ විජය තරුණ සංවිධානය | 2014-10-11 සෙනසුරාදා සවස 3 ට රත්නපුර ආනන්ද මෛත්‍රී විහාරස්ථානයේ සිදුකළ දම් දෙසුම. මේ උතුම් පිංකම අප හිතවත් මුදිතා කළුආරච්චි මහත්මියගේ අදහසකට අනුව සිදුවිය. ඇගේ ඇරයුමෙන් අපි එහි වැඩම කළෙමු. අතීපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන් වැඩ සිටි මේ උතුම් වූ පිං බිම දර්ශනීය ස්ථානයක පිහිටා ඇත. ධර්ම දේශනාවට ඇරයුම් කළ, සංවිධානය කළ අයටත්, ධර්ම ශ්‍රවණයට සහභාගී වූ අයටත් මෙත් සිතින් පිං දෙමු.ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි. |
BLOG | 2014.10.09 | http://helavijaya.blogspot.com/ | hiru tv sadaham ras gangasiripura dhammaloka හිරු ටීවි සදහම් රැස් | හෙළ විජය තරුණ සංවිධානය | . |
BLOG | 2014.09.21 | http://helavijaya.blogspot.com/ | බුදුන් දවස අප දෙනෙත් ඉදිරියෙහි මවා පෑ සූමහ ශ්‍රාවක බුද්ධ වන්දනාව... පේරාදෙණිය, පැණිදෙණිය භාරතී විද්‍යායතන මහ පිරිවෙන... | හෙළ විජය තරුණ සංවිධානය | පසුගිය අගොස්තු මස 30 වන දින සවස 6 ට පේරාදෙණිය, පැණිදෙණිය භාරතී විද්‍යායතන මහ පිරිවනේ පැවති අසූ මහ ශ්‍රාවක පූජාව. රන් ආලේපිත බුද්ධ පතිමා වහන්සේ පිරිවරාගත් අසූමහ ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා මොහොතකට බුදුන් දවස අප දෙනෙත් ඉදිරියෙහි මවා පෑහ. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. |
BLOG | 2014.09.18 | http://helavijaya.blogspot.com/ | හන්තාන වතුයායේ ජීවත් වන අසරණ දමිල ළමුන් උදෙසා කළ සුළු උපකාරයක් මේක... | හෙළ විජය තරුණ සංවිධානය | සුබ දවසක් වේවා ඔබ සැමට.. අපි මහනුවර හෙළවිජය තරුණ සංවිධානයේ ‘‘තුරුණු පාරමී“ වැඩසටහන් මාලාව යටතේ පෙරේදා 2014- සැප්තැම්බර් 17 සවස මහනුවර හන්තාන වතුයායේ සේවය කරන අසරණ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සිදුකළා. එම ප්‍රදේශයේ දරුවන් උදෙසා අපි පාසල් උපකරණ බෙදාදුන්නා. හන්තාන තේ කර්මාන්ත ශාලාවේදී මෙම වැඩසටහන එදින සවස 4ට පමණ සිදුවුණ. දරුවන් 50 පමණ සහ ඔවුන්ගේ මව්පියන් ද මේ වැඩසටහනට පැමිණ සිටියා. ගොඩක් අසරණ මිනිසුන් පිරිසක්. භික්ෂූන් වහන්සේලා කෙරෙහි බොහෝ ගෞරවක් මේ මිනිසුන් තුළ තිබෙනවා. ඒ බව වැඩසටහන පුරාවට අපට දකින්න පුළුවන් වුණා. ළමුන් වෙනුවෙන් වටිනා ඔවදන් ලබාදෙමින් කෙටි දෙසුම් කිහිපයක් සිදුකර අප පාසල් උපකරණ බෙදාදුන් අතර එහිදී පාසල් උඵකරණ ලබාගත් ළමුන් අපූරු නර්තන කිහිපයක්ද ඉදිරිපත් කළා. අවසානයේ පැමිණ සිටි දරුවන් උදෙසා කුඩා සංග්‍රහයක්ද අප සිදුකළා. පාරම්පරිකව තේ දළු නෙළනා මේ මිනිසුන්ගේ දරුවන්ගේ අනාගතයත් එම වෘතිය බවට පත්වෙලා. එය එසේම විය යුතුයැයි මා නම් කිසි දිනක සිතන්නේ නැහැ. එබැවින් මේ මිනිසුන් වෙනුවෙන් ද අපට හැකි දෙයක් ඉදිරියේදීද සිදු කරනවා. අපගේ ව්‍යායාමය ‘‘අසරණයන් වෙත පිහිට වීමයි.“ වැඩසටහනින් පසුව දමිල වුවත් ඒ මිනිසුන් එක් අයෙකු නෑර අප වෙත පැමිණ නමස්කාර කිරීම ඔවුන් තුළ භික්ෂුව කෙරෙහි පවතින ගෞරවය මැනවින් ප්‍රකට කරන්නක්. තවත් මෙවැනි වැඩසටහනකින් නැවත හමසුවෙමු. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. |
BLOG | 2014.09.07 | http://helavijaya.blogspot.com/ | පොහෝදා දම් දෙසුම... පිළිමතලාව... | හෙළ විජය තරුණ සංවිධානය | පින්බර බිනර පොහෝ දිනයක් වේවා... සියලු පැතුම් ඉටුවන පිංවන්ත දිනක්... ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි. |
Subsets and Splits