category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120410
අංගමුව වැවේ කසිප්පු දූපත වටලයි
උතුරු මැද පළාත් සංචාරක සමන් කුමාර
තඹුත්තේගම නවසිරිගමට යාබද අංගමුව වැවේ දූපතක කාලයක් තිස්සේ පොලිසියට නොදැනෙන ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් පෙරණ මධ්‍යස්ථානයක් හා මත්පැන් ගබඩාවක් තඹුත්තේගම පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා වටලනු ලැබීය.තඹුත්තේගම පොලිසියේ බුද්ධි අංශ නිලධාරින්ට ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුකර ඇත.පොලිස් නිලධාරින් සිදුකළ පැය 4 ක මෙහෙයුමකින් පසු නීතිවිරෝධි මත්පැන් බෝතල් 300 ක් ගෝඩා ඩ්‍රෑම්ස් 8400 ක්, මත්පැන් නිපදවීමට යොදා ගන්නා උපකරණ වන ගෑස් සිලින්ඩරයක්, ගෑස් උදුන් 2 ක්, විශාල තඹ දගර 01ක්, මත්පැන් පිරවූ කෑන් 04 ක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර මේ ස්ථානයේ තිබි භූගත ගෝඩා ගබඩාවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.වැටලීමට පොලිස් නිලධාරින් යන අතරතුරේදී නීති විරෝධි මත්පැන් පෙරූ සැකකරුවන් දෙදෙනකු වැවට පැන ඔරුවකින් පලා ගොස් ඇති අතර, මත් පැන් පෙරූ මොළකරු පොලිස් නිලධාරින් විසින් පලායාමට උත්සාහ දැරිමේදී ඔරුවක් ද සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120411
සා පෙළ 2013 විභාගය උපකාරක පන්ති, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
සුභාෂීණී සේනානායක
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2013 වසර විභාගය ඉලක්ක කරගෙන පවත්වනු ලබන උපකාරක පන්ති, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය, මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 11 වන දින ආරම්භ වීමට නියමිත බැවින් විභාගය ආසන්න කරගෙන සිදුවිය හැකි අක්‍රමිකතා වැලැක්වීම සඳහා මේ ක්‍රියාමාර්ගය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120412
වෙද-හෙද හිඟයෙන් කරාපිටිය රෝහලේ ශල්‍යාගාර තුනක් වැඩ නෑ
ගාල්ල දිසා සමුහ නන්දසිරි වැලිගමගේ
නිර්වින්දන වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ හිඟකම මෙතෙක් සපුරා නොමැති නිසා ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍යාගාර තුනක් වසා දමා ඇත. මෙසේ වසා දමා ඇත්තේ රෝහලේ a,b හා c යන ශල්‍යාගාර තුනයි. මේ හේතු කොට ගෙන දින වෙන්කොට ගෙන සිදු කිරීමට නියමිතව තිබූ සියලුම සැත්කම් නතර කිරිමට සිදු වීඇත.දැනට වෛද්‍යවරුන් 72ක පමණ හිඟයක් පවතින ඇතැයි ද හෙදියන් 140 කට අධික හිඟයක් මෙහි පවතින බව රෝහල් ආරංචි මාර්ග පෙන්නා දෙයි.මෙතරම් හිඟයක් පවතින මේ රෝහලට මෙවරද ලබා දීමට යෝජිතව ඇත්තේ හෙදියන් දස දෙනකු බවද පවසන එහි උසස් නිලධාරින් මේ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි වෛද්‍ය සංගම් පවසයි.මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාගෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ඒ මහතා පවසා සිටියේ මේ තත්ත්වය සත්‍ය බවත් අවශ්‍ය මානව සම්පත් ලැබෙන තෙක් හදිසි සැත්කම් පමණක් කිරීමට සියලු කටයුතු යොදා ඇති බවත්ය..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120413
තායිලන්තයේ ගැටුම්වලින්ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ
මහින්ද අලුත්ගෙදර
තායිලන්තයේ බැංකොක් අගනුවර ගැටුම්කාරී තත්ත්වයක් පැවතිය ද එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් නැතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් පසුගියදා(24) සිට තායිලන්තයේ බැංකොක් අගනුවර පවත්වන විරෝධතා තවමත් අවසන් නොවුවද ශ්‍රී ලාංකිකයන් කිසිවකුට හෝ අනතුරක් සිදුව තිබෙන බවට මේ දක්වා වාර්තා වී නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.තායිලන්තයේ බැංකොක් අගනුවර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවයේ නිරතව සිටින අතර ඔවුන්ට පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ද ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව ද තානාපතිවරයා සඳහන් කරයි.තායිලන්ත අගමැතිනී යින්ලක් ශිනවත්‍රා මහත්මිය ඉල්ලා අස්වී තාවකාලික පාලන මණ්ඩලයක් වෙත බලය පවරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටින අතර මේ වනවිට රජයේ ගොඩනැඟිලි මෙන්ම එරට පොලිස් මූලස්ථාන ද සිය විරෝධතාවලට ඉලක්ක කරගෙන තිබෙන බව වාර්තා වෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තායිලන්ත ශාඛා කාර්යාලයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන අතර ඔවුන් ද ආරක්ෂිතව සිටින බව තානාපතිවරයා සඳහන් කරයි. විශේෂයෙන්ම දරුණු ගැටුම් පවතින්නේ වෙනත් ප්‍රදේශවල බව පෙන්වාදෙන ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සංචාරකයන් වශයෙන් ද දෛනිකව ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තායිලන්තයට පැමිණෙන බව ද සිහිපත් කරයි.කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය පහව යනු ඇති තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විශ්වාසය පළකරයි..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120414
රන් සහිත බඳ පටියක් බැඳරටින් පිටවීමට පැමිණි ඉන්දියානුවා දැලේ
කුමාරසිරි ප්‍රසාද් ගුවන් තොටුපොළ
රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා රිදි ආලේප කළ රන් ගාංචුවක් සහිත බඳ පටියක් බැඳ රටින් පිටවීමට පැමිණි ඉන්දීය ජාතිකයකු ඊයේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය හා රේගුව විසින් අතඩංගුවට ගන්නා ලදී.එහි රන් බර ග්‍රෑම් 350 කි. සැකකරු ඩුබායි සිට කටුනායක හරහා දිල්ලි වෙත තම දියණියගේ විවාහ උත්සවයට යමින් සිටිය දී මෙසේ කොටුවී ඇත.සැකකරු හින්දි බස පමණක් දන්නා නිසා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තකයකුගේ සහය ලබා වැඩිදුර පරීක්ෂණ කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120415
ඒකපුද්ගල කොමිසමේ කටයුතුඅත්හිටවූ නියෝගය දීර්ඝ කරයි
කුමුදු හෙට්ටිආරච්චි
කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු විමර්ශනයට පත්කළ ඒක පුද්ගල කොමිෂන් සභාවේ කටයුතු අත්හිටුවමින් දී තිබූ නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ලබන මාර්තු මස 19 වැනිදා තෙක් දීර්ඝ කරන ලදී.කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණයට ඒකපුද්ගල කමිටුවක් පත් කර ඇති බව පෙන්වා දෙමින් එම ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා බැලූ විනිසුරුවරයා පසුගිය මාර්තු මස 7 වැනිදා මෙම අත්හිටුවීමේ නියෝගය නිකුත් කර තිබුණි.කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණයට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගිය ජනවාරි මස 30 දින නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් ඒක පුද්ගල කොමිෂන් සභාවක් පත් කළ බව නිවේදනය කර තිබුණි.පෙත්සම වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සෝභිත රාජකරුණා මහතා පෙනී සිටින බැවින් විරෝධතා ගොනු කිරීමට වෙනත් දිනයක් ලබා දෙන්නැයි පෙත්සම ඊයේ (3) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට එකඟතාවකට එළඹීමේ හැකියාවක් ඇති බැවින් පෙත්සමෙහි අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර කැඳවීමේ දිනයක් ලබා දෙන්නැයි පෙත්සම්කාර කැලණිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හුසේන් අහමඩ් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය විසින් මෙලෙස අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කරන ලදි..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120416
සමන් ද සිල්වාට පහර දුන්සැක අය අල්ලන්න නියෝග
සිරන්ජනී කුමාරි
ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා ‍හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජයකී ද අල්විස් මහත්මිය ඊයේ (3) බොරැල්ල පොලිසියට නියෝග කළාය.ඉකුත් 30 වන දින වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේ දී ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට කණේ පහරක් දකුණු පළාත් අමාත්‍යවරයා විසින් එල්ල කිරීම හා එම ආරවුල සමථ කිරීමට පැමිණි මැගසින් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා පහර දුන් බවට පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා ය.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ ඉකුත් 30 වන දින දුම්රියපල පාර , අඟුලාන පදිංචි සිල්ජී සමන් ද සිල්වා මහතා පැමිණිලි කරමින් බන්ධනාගාර බුද්ධි ඒකකය සංවිධානය කරන ල‍ද සංගීත ප්‍රසංගය වැලිකඩ ක්‍රීඩාංගණයේ පැවැත්වූ බවත් රාත්‍රී 11.30ට පමණ ගීත ගායනය කරමින් සිටිය දී ඔහුට දකුණු පළාත් අමාත්‍ය බිංදූ වීරසිංහ මහතා අතින් පයින් පහර දුන් බවය.එය සමථ කිරීමට මැදිහත් වූ මැගසින් බන්ධනාගාර සහකාර අධිකාරි හේමන්ත ප්‍රියංකර යන අයට බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන ඉරෝෂන් ප්‍රීතී කුමාර පහර දුන් බවට වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් වේ .තවද තමා ගීත ගායනා කරමින් සිටිය දී ඇමැති පැමිණ ඇති බවට අමාත්‍යවරයාගේ ගෝලයන් පැවසුව ද එය නොතකා ගීත ගායනය කළ බවත් පසුව ඔහුන් වේදීකාව වෙත පැමිණ තමාට පහර දුන් බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම පහර කෑම නිසා තමාට ලැජ්ජාවක් හා වේදනාවක් ඇති වූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මඟින් අවධාරණය කොට තිබිණ.මැගසින් බන්ධනාගාරයේ සහකාර අධිකාරි හේමන්ත ප්‍රියංකර යන අය ද පොලිසිය වෙත පැමිණිලි කරමින් පවසා ඇත්තේ ආරවුල සමථ කිරීමට ගිය තමාට බන්ධනාගාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පහර දීම නිසා වේදනාවක් හා මරණීය බියක් ඇති වූ බවය.කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බොරැල්ල පොලිසියට නියෝග කළාය.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන, සූළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දිසානායක, පොලිස් පරික්ෂක ෆැන්සිස් ,(89084)හසන්ත හා (81532)බණ්ඩාර යන අය අධිකරණය වෙත කරුණු දැක්වුහ..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120417
හෙරොයින් පානය කළමව පුනරුත්ථාපනයට
සිරිසේන රාජපක්ෂ
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූ එක් දරු මවක පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂින්ත ගොඩවෙල මහතා නියෝග කළේය.ළමා අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව බොරැල්ල ප්‍රදේශයේ සිඟමන් යදිමින් සිටියදී බොරැල්ල පොලිසිය මඟින් මැය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පුනරුත්ථාපනයට යොමු කෙරිණි.දරුවා සමඟ හිඟමන් ගොස් ලැබෙන මුදලින් ඇය දිනපතා ‍ෙහරොයින් පානය කරන බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. ඇයගේ වැඩිමහල් දරුවකු හෙරොයින්වලට ඇබ්බැහි වී සිටින බවත් ඔහු පියා ළඟ සිටින බවත් ඇය පවසා ඇත. කාන්තාව හා දරුවා අධිකරණ ‍ෙවෙද්‍ය නිලධාරියකු වෙත යොමු කැර තිබේ.අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිගමනයට අනුව මව පුනරුත්ථාපනයට යොමු කර දරුවා ළමා රෝහලට ඇතුළත් කර වාර්තාවක් ලබා ගැනීමටත් නියම කර තිබේ. ඇයගේ වැඩිමහල් දරුවකු හදාවඩා ගැනීමට ‍ විශ්වාසියකුට භාරකර ඇති බවත් දරුවා ගැන පරිවාස වාර්තාවක් කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=n13120421
පොලිස් ඇසට වැලිගසාකට්ටි පැන්න පුද්ගලයා දැලේ
ඉංගිරිය සමූහ
හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කැර තිබියදී පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු ‍පෙරේදා (2) ඉංගිරිය පොලිසිය අත්අඩංගුවට ගත්තේය.මොහුට විරුද්ධව නීති විරෝධී මත්වතුර ළඟ තබා ගැනීම හා විකිණීම, කළහකාරී ලෙස හැසිරීම ආදි නඩු හයක් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පවතී.එම නඩුවලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කැර ඇති බව පොලිසිය කියයි..
NEWSPAPER
2013.12.04
http://www.dinamina.lk/2013/12/04/_art.asp?fn=r1312041
මාස්මුල්ල කැලයේ ගල් ගුහාවක සැඟව සිටි කැටයම් චින්තකගේ ඉවරයි
ගවේෂණාත්මක සටහන මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන
ගිනි අවිය තම ආර්ථිකයේ සුමිතුරන් ලෙස සිතා අවනීතිය රජ කරමින් ජනතාව භීතියට පත්කරන මැරයින් “අවිගත්තෝ අවියෙන් නැසෙති” යන ධර්මතාවයට යටත්වෙන බව කඹුරුපිටියේ පොලිස් කොස්තාපල් සුනිල් යුවළගේ ඝාතනයෙන් රටටම ඔප්පුවී ඇත. සුනිල්ගේ ඝාතනය නීතිය මරා දැමීමට ගත් උත්සාහයකි.රටේ නීතිය මව්බිමේ ස්ථාපිත කරමින් මාතර මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට තම තරුණ ජීවිතය කැපකළ කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් 4930 එල්. ඒ. සුනිල් සහ ඔහුගේ බිරිඳ වන ග්‍රාම නිලධාරි තනතුරට වරම් ලැබූ අප්සරා සමන්මලී යුවළ ඝාතනයට ලක්වූයේ පසුගිය 16 වැනි දින රාත්‍රී 10.15ට බවට අපරාධ හෝරාවේ සටහන්වී ඇත.සුනිල් රාළහාමි ගමේ නීතිය සුරකිනවිට ගමේ අවනීතිය රජ කරවීමට කටයුතු කළ කඹුරුපිටිය, මාස්මුල්ල ගමේ කැටයම් චින්තක (වඩුබාස්) හෙවත් චින්තක වසන්ත කුමාර හේවාපතිරණ නමැති (36) හැවිරිදි දෙදරු පියාට සුනිල් රාළහාමිගේ නීතිය ඇලජික්ම විය.2011 සිට සුනිල් කෙරෙහි වෛර බැන්ද කැටයම් චින්තක, සිදුකරන ලද අපරාධ, කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිස් පොතේ ඉහළින්ම සටහන්වී තිබුණ අයෙකි.2000.04.16 රුපියල් 6500/=ක යතුරු පැදියක් සොරකම් කිරීමෙන් පොලිස් පොතේ අපරාධ ලැයිස්තුවට එකතුවූ ඔහු 2000.04.19 ගිනි අවි පෙන්වා රු. 1500/=ක් කොල්ලකෑම, 2012.06.16 මීඇල්ල ප්‍රදේශයේ නිවසකින් ගිනි අවි පෙන්වා රු. 3900/=ක් වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑම, 2000.12.15 දින විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීම, 2012.03.28 ගිනිඅවි පෙන්වා රුපියල් 12,500/=ක් කොල්ලකෑම, 2012.06.26 වන දින ගිනි අවි පෙන්වා රුපියල් 3990/=ක් කොල්ලකෑම, 2013.11.16 වැනි දින පොලිස් කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී මරාදැමීම පිළිබඳව අපරාධ ලැයිස්තුවේ මේ අපරාධකරුගේ නම ඉදිරියෙන් සටහන්වී ඇත.අවනීතිය කෙරෙහි විශ්වාසය තැබූ කැටයම් චින්තකට සුනිල් රාළහාමිගේ නීතිය හරස්වීම නිසා කෝපයෙන් වියරුවෙන් සිට මේ පොලිස් පොඩ්ඩා සහ පවුල ඝාතනය කිරීම සඳහා පසුව 16 වැනි දින තවත් තිදෙනකුගේ සහය ඇතිව රාත්‍රී 10.00ට පමණ සුනිල් රාළහාමිගේ නිවසට පැන කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී ඝාතනය කොට පලාගියේ සුනිල් ඉවරයි. දැන් මගේ අවනීතිය රජකරවන්න පුළුවන් යන අදහසිනි.මෙම සිද්ධිය දැනගත් උසස් පොලිස් නිලධාරීන් මරා දමා ඇත්තේ සුනිල්ට වඩා රටේ නීතිය බව තේරුම් ගෙන එම අවස්ථාවේම මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි පොලිස් මුරකාවල් යොදවා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 400ක් පමණ කැඳවා මෙහෙයුම් දියත්කරන ලදී.මේ සිද්ධියට සම්බන්ධ අනිත් සැකකරුවන් තිදෙනා පොලිස් වෙඩි පහරින් මරුතුරුලට ගියත් කැටයම් චින්තක ගනි අවි සහිතව අක්කර 20ට වැඩි මාස්මුල්ල කැලයට වැදී ගල්ගුහාවක සිට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට සැඟවී සිටින ලදී.විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත 3 දින රාත්‍රිය පුරා කැලයේ සෝදිසි කිරීම් කරන අවස්ථාවේ රාත්‍රී 12.10ට පමණ ගල් ගුහාවේ සැඟවී සිටි චින්තක පොලිස් විශේෂ කාර්ය බළකායට බෝම්බයක් දමා ගැසීමෙන් පසු විශේෂ කාර්ය බළකාය එල්ල කළ පොකුරු වෙඩිවලින් චින්තක මහකැලයේ ගසක් මුල ඇදවැටී අවසන් හුස්ම හෙළීය.මේ සිද්ධියේ සැකකරු ළඟ තිබී ගල්කටස් ගිනි අවියක් එස්. ජී. 12 ජීව පතුරමක් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු විසින් දමා ගැසූ බෝම්බයේ කම්පනයෙන් සහ බෝම්බ කෑලිවලට තුවාලවීමෙන් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් කඹුරුපිටිය ආඳාපාන රෝහලට ඇතුළත්කර ඇත.සිද්ධිය වූ ස්ථානයට පැමිණි මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර කැටයම් චින්තකගේ මව සහ බාප්පා විසින් සිද්ධිය වූ ස්ථානයේදී මළසිරුර හඳුනාගනු ලැබීය. කැටයම් චින්තක මැරුණු බව ඇසූ ගම්වාසීන් රතිඤ්ඤා පත්තුකර සතුට ප්‍රකාශ කර තිබුණි.2011 වර්ෂයකැටයම් චින්තක සුනිල් රාළහාමි කෙරෙහි වෛර බැඳගත්තේ 2011 වර්ෂයේදී ය. එනම් ගිනි අවියක් සහිතව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු ජීප් රථයේ ගැටගසා සීට් එකක් යට සිටින බව නොදත් සුනිල් මෙම සියලුම අපරාධ සිදුකරන්නේ ගමේ සිටින චින්තක බව සුනිල් පැවසීමත්, එම තොරතුරු බන්ධනාගාරයේ සිටි සැකකරු විසින් චින්තකට පැවසීමත් සමඟ නීතිය රකින සුනිල් සහ අවනීතිය රජකරවන චින්තක සමඟ ගැටුම නිර්මාණය විය.ගමේ සාමය අපේක්ෂා කරන මිනිසුන් මෙම මැරයන් සමඟ වෛරයෙන් පසු වුවත් මැරයා සමඟ හැප්පීමට නොහැකි නිසා සුනිල් සමඟ හප්පා මට්ටු කිරීම සඳහා සැමවිටම සුනිල්ට එරෙහිව චින්තකට කේලම් කීමත් චින්තකට එරෙහිව සුනිල්ට කේලම් කියමින් කපන්න බැරි අත ඉඹින න්‍යායෙන් කටයුතු කරමින් තමුන්ට ගත නොහැකි පලිය අනුන් ලවා ගැනීමට ගමේ සමහරුන් පියවර ගෙන තිබුණි.කොළඹ කෞතුකාගාරයේ පුරාවස්තු හොරකම, පසුගිය සිංහල අලුත් අවුරුද්දේ මාස්මුල්ල ප්‍රදේශයේ සංසරණය වූ හොර සල්ලි, මාස්මුල්ල රජයේ රක්ෂිතයේ හොර දැව ජාවාරම, මංකොල්ලකෑම් යන දේවල් සිදුකරන්නේ කැටයම් චින්තක බවටත්, ඔහුගේ නිවසට ඉබ්බන් දමා පොලිසියට අල්ලා දෙන බවට කොස්තාපල් සුනිල් පවසන බවට කැටයම් චින්තකට පණිවුඩ ලබාදුන්නේ ගමේ සිටින ඊර්ෂ්‍යාකාරයින් ගෙනි. 2011 බැඳි වෛරයට මේ කරුණුද එකතුවීමෙන් පසුව නයකු මෙන් කෝපාවිෂ්ඨවූ කැටයම් චින්තක සුනිල්ගෙන් පලිගැනීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටි අවස්ථාවක් විය.මෙසේ සිටින අවස්ථාවේ පසුගිය නොවැම්බර් 16 වැනි දින කොස්තාපල් සුනිල්ගේ බිරිඳ වන අප්සරා සමන්මලී ග්‍රාම සේවක සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට පැමිණීම ගමේ සමහර කාන්තාවන්ට ඇ‍ඟේ ඇණුනු කටුවක් විය. ගමේ කඩයක් ළඟ සිටි කැටයම් චින්තකට ඇසෙන ලෙස මෙම කාන්තාවන් “සුනිල්ගේ ගෑණිත් ග්‍රාම සේවක විභාගයට ගිහිල්ලා” “ඔය පාර සුනිල් තවත් උඩ යාවිය” කියා චින්තක නමැති ප්‍රධාන සැකකරු උසිගන්වා ඇත.කඩේ ළඟ බැණ වැදීමේ අවස්ථාවේ ප්‍රධාන සැකකරු වන චින්තක කඩේ ළඟ බැණවැදී ඕකට මම (සුනිල්ට) හොඳ වැඩක් කරන බවට සපත කරමින් එම ස්ථානයෙන් පිටවී ගිය පසු මේ සිද්ධිය නැවත කොස්තාපල් සුනිල්ගේ කනට පැවසීමට මෙම කාන්තාවන් ක්‍රියාකොට ඇත.මෙයින් දැඩි ලෙස කිපුණු කොස්තාපල් සුනිල් කඩය ළඟට පැමිණ චින්තකට ආරංචිවෙන පරිදි අපේ ගෑනු ගැන ඌ හොයන්නේ මොකටද? මම ඕකට හොඳ පාඩමක් උගන්වන බව පැවසීමත් සමඟ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක එදිනම මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.මේ අනුව එදින රාත්‍රියේ හක්මන, මීඇල්ලේ, සුමිත් ප්‍රියදර්ශන, මීඇල්ල, කහටවැල්ලේ ධනුෂ්ක සඳරුවන්, ජනක ප්‍රසන්න යන පුද්ගලයින් තිදෙනා නිවසට කැඳවා හොඳහැටි මත්පැන්වලින් සප්පායම්වී මෙම ඝාතන සැලසුම සාකච්ඡාකොට ප්‍රධාන සැකකරුගේ නිවසේ ගෑස් ලිප යට තිබූ ගිනි අවිය ගෙන තම නිවසේ ඉරා දමා තිබූ කොස් ලී පටි ද රැගෙන ත්‍රීවීලර් රථයේ නැගී රාත්‍රී 9.30ට පමණ පිටත්වී ඇත්තේ මීටර් 500ක් පමණ දුරින් පදිංචිවී සිටි කොස්තාපල් සුනිල්ගේ නිවස ආසන්නයටයි.මෙම ඝාතකයන් අවශ්‍ය ගොදුර ඩැහැ ගැනීම සඳහා අවට පරිසරය තව තවත් නිහඬවෙන තෙක් බලා සිට අවට නිවෙස්වල විදුලිය නිවා දැමීමෙන් පසු තම ඉලක්කය සපුරා ගැනීමට සූදානම්ව සිටි අවස්ථාවක් විය.තම ජීවිතයේ අවසන් ඉරණම තීරණය වී ඇති බව නොදැනුනු සුනිල්, සමන්මලී දරුවන් තිදෙනා ඉදිකරගෙන එන නිවසේ ආවරණය කරන ලද එකම කාමරයේ දොර වසාගෙන සුවබර නින්දක් සඳහා යහන්ගතවීමට සූදානම්ව රාත්‍රී 10.00ට පමණ දොරවල් වසා දැමුවා පමණි.සුනිල් මරන්න එපාසුනිල් , සමන්මලී යුවළගේ ජීවිත උදුරා ගැනීමට සූදානම් ව සිටි කැටයම් චින්තකගේ නායකත්වයෙන් පෙළ ගැසී සිටි ප්‍රියදර්ශන, ධනුෂ්ක සඳරුවන්, ජනක ප්‍රසන්න, ගිනි අවි සහ පොලු රැගෙන සුනිල් නිදා සිටි කාමරයේ දොරකඩ ළඟට පැමිණියේ මස් සහ ලේ උරාබොන ව්‍යාඝ්‍රයන් රැලක් ලෙසින්ය.මෙසේ පැමිණි පිරිසගෙන් සඳරුවන් එකවිටම දොරට පයින් ගසා දොරකඩා ඇතුළු වන විටම කොස්තාපල් සුනිල් කාමරයේ තිබූ පියානෝ කබඩ් එක ඇද උළුවස්ස අවහිර කිරීමට උත්සාහ ගත්තත් සඳරුවන් නමැති සාහසිකයා විසින් සුනිල්ගේ ඔළුවට පොලු පහර එල්ලකිරීමත් සමඟ සුනිල් එම පහර කාගෙන ඔවුන්ට පහර එල්ල කර ඇතත්, සාහසිකයින්ගේ ප්‍රහාර ඉදිරියේ සුනිල්ගේ වෑයම අසාර්ථක විය.මේ අවස්ථාවේ බිරිඳ සමන්මලී තම අවුරුදු 02 දියණිය ද වඩාගෙන “අනේ චින්තක අයියේ, සුනිල් මරන්න එපා” කියා ආයාචනය කරන විටම, ප්‍රධාන සැකකරු චින්තක එකවිටම ඇයගේ හිස දෙබෑ කරගෙන යන පරිද්දෙන් දුන් පොලුපහරින් ඇය දරුවා සමඟ කපා හෙළූ ගසක් මෙන් බිම ඇද වැටුණි.මෙම අවස්ථාවේ මේ සිද්ධියේ දෙවැනි සැකකරුවන පසුගිය 22 දින ඕවිටගමුව කැලයේ පොලිස් වෙඩිපහරින් මියගිය අමිත් ප්‍රියදර්ශන ඔහු ළඟ තිබූ ගිනි අවිය ඇද සුනිල්ට වෙඩිපහරක් තබා ඇත.විනාඩි 05 ක පමණ කාලයක දී ඝාතන ඉලක්කය සපුරාගත් මේ මැරයින් 04දෙනා ත්‍රීවීලර් රථයේ නැගී එම ස්ථානයෙන් පිටව ගියේ මෙම ඝාතනය සදාකාලික රහසක්ව යටපත් කරන අදහසින් විය යුතුයි.මේ සිදුවීම සිදුවන අවස්ථාවේ සුනිල්ගේ සය හැවිරිදි පුතා ඇඳේ බිත්තිය අයිනේ මෙට්ටය යට සැඟවී බියෙන් ගැහි ගැහී සිට ඝාතකයක් පලා යාමෙන් පසු එළියට දිව ඇවිත් අඬමින් මහ හයියෙන් අම්මා! බේරාගන්න කියා කෑගැසී‍මත් සමඟ එම ස්ථානයට අවට පිරිස දුව ඇවිත් ඇත.ඒ සමගම පැමිණි සුනිල්ගේ සොහොයුරකු සමන්මලීගෙන් සුනිල් ගැන විමසීමේදී මරණයේ අභියස සිටි ඇය ඇඳ අයිනේ වැටී සිටි සුනිල් දෙසට අත දික්කරමින් පෙන්නා තිබීම හද කම්පා කරවන්නකි.මෙම අවස්ථාවේ තුවාල ලැබූ යුවළ රෝහල් ගතකිරීමට ගෙනයාමේදී අතරමගදී මිය ගිය අතර මෙම සාහසික අපරාධය කළ සාහසිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක දැල එලීමට පියවර ගන්නා ලදී.මෙම අහස පොළව නූහුලන අපරාධය කළ ප්‍රධාන සැකකරු චින්තක සොයා පොලිසිය එම අවස්ථාවේම එම නිවස වටලනවිට ඔහු ඒ වනවිටත් නිවසින් පලාගොස් තිබුණි. සිද්ධියෙන් දැඩිලෙස කම්පාවට පත්ව සිටි ගමේ පිරිස් ප්‍රධාන සැකකරුගේ නිවසටද ගිනි තබා විනාශකර තිබුණි.කැලය පීරයිමේ අපරාධයේ පසුපස සිටින ප්‍රධාන සැකකරු එම ඝාතනයෙන් පසුව මාස්මුල්ල ගමේම පදිංචි වී සිටින ඔහුගේ පුංචි අම්මාගේ දුව ළඟට ගොස් තමා සුනිල් මැරූ බවත් සුනිල්ගේ බිරියට මොනවා උනාද දන්නේ නැති බවත් මගේ දරුවන් දෙදෙනා බලාගන්න කියා එම ස්ථානයෙන් පැනගොස් නයිගල කන්ද කැලයට පැන තිබුණි.මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් සිදුකරන ලද පරීක්ෂණයෙන් පසුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙක් පැමිණි ඇති බවත් එයට සම්බන්ධ පිරිස කවරේද? කියා හඳුනාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.මේ අනුව පසුගිය (22) වන දින රාත්‍රියේදී වලස්මුල්ල නගරයේදී මෙම සිද්ධියේ දෙවන සැකකරු වන හක්මණ මී ඇල්ල ප්‍රදේශයේ පදිංචි අමිත් ප්‍රියදර්ශන නමැති යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ පුහුණු උපදේශක වශයෙන් සිට හමුදාවෙන් පලා ඇවිත් සිටි පුද්ගලයා පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසියට භාරදී තිබුණි.ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී කඹුරුපිටිය ඕවිටගම කැලයේ සඟවා තිබූ ගිනි අවි කිහිපයක් පිළිබඳව පැවසීමෙන් පසු අලුයම 5.20ට පමණ එම ගිනි අවි සොයා ගැනීමට ගිය අවස්ථාවේ එම ගිනි අවියකින් පොලිසියට වෙඩිතැබීමට යාමේදී පොලිස් වෙඩිපහරින් මිය යන ලදී.මෙසේ තවදුරටත් අනිත් සැකකරුවන් පසුපස හඹාගිය පොලිසිය පසුගිය 26වන දින රාත්‍රියේ තිස්සමහාරාම පන්නගමුව ඉන්ධන පිරවුම්පොළ අසලදී අනිත් සැකකරුවන් දෙදෙනා වන මීඇල්ල කහටවැල්ලේ සඳරුවන් නොහොත් සුරංග, ජනක ප්‍රසන්න යන අය අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසියට භාරදෙන ලදී.ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හක්මණ දෙනගම කන්දපාරේ ගිනි අවි සඟවා ඇති බවට පොලිසියට දුන් තොරතුරු අනුව රාත්‍රියේදීම මෙම සැකකරුවන් එම ස්ථානයට ගෙනයන අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් රොෂාන් යන නිලධාරියා තල්ලුකර දමා අත්මාංචු පිටින්ම දෙනගම වැවට පැන පලායාමට තැත් කිරීමේදී දියේ ගිලී මියගොස් ඇත.පොලිස් කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී මරා දැමූ ඝාතකයින් සිව් දෙනාගෙන් සිව්දෙනාම “අවිගත්තෝ අවියෙන් නැසෙති” යන දහම අනුව මියගොස් ඇත. අපරාධයක් වසන් කිරීමට නොහැක. අපරාධයක් කර කිසිවෙකුට සැඟවී සිටීමට නොහැක. අපරාධකරුවන්ගෙන් ජනතාව මුදාගැනීමට අමිල සේවයක් කරන ලද පොලිස් කොස්තාපල් මරා දැමීම නීතියට කරන ලද සරදමකි. 84000ක් පමණ සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ සුනිල් නමැති අභීත නිලධාරීන් ඔසවාගෙන ගිය ධජය තවදුරටත් ඔසවාගෙන යාමට තවතවත් නිලධාරීන් ඉදිරිපත් වනු ඇත.දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න තංගල්ල මාතර කොට්ඨාසභාර නියෝජ්‍ය පොලිස්පති මෑකාර්ති පෙරේරා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් මෙම සහසික ඝාතකයන් කොටු කරගැනීමේ මෙහෙයුම්වල පෙරමුණේ සිටින ලදී..