text
stringlengths 0
1k
|
---|
න්ත්‍රී මණ්ඩලයඅම්යොතා ලුතව්• පහළ මන්ත්‍රී මණ්ඩලයපිය්තු ලුතව්පිහිටුවීම• පේගන් රාජවංශය ක්‍රි.ව. 849 දෙසැම්බර් 23• ටන්ගෝ රාජවංශය 1510 ඔක්තෝබර් 16• කොන්බන්ග් රාජවංශය 1752 මාර්තු 21• නිදහස ලැබීම 1948 ජනවාරි 04 (එක්සත් රාජධානිය විසින්)• කුමන්ත්‍රණය 1962 මාර්තු 02වර්ග ප්‍රමාණය• සම්පූර්ණ676,578 km2 (261,228 sq mi) (40වන)• ජලය (%)3.06ජනගහණය• 2009 ඇස්තමේන්තුව55,400,000 (24වන)• 1983 ජන සංගණනය33,234,000 (3)• ඝණත්වය73.9/km2 (191.4/sq mi) (119වන)දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණඩොලර් බිලියන 76.473• ඒක පුද්ගලඩොලර් 1,250දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණඩොලර් බිලියන 42.953• ඒක පුද්ගලඩොලර් 702මාසද (2017)0.578[1]මධ්‍යම · 148 වනව්‍යවහාර මුදලකයාට් (K) (MMK)වේලා කලාපයUTC+6:30 (MST)රිය ධාවන මං තීරුවදකුණෙන්ඇමතුම් කේතය95අන්තර්ජාල TLD.mmඅග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් වන මියන්මාරය නිළ වශයෙන් මියන්මාර් මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන අතර බුරුමය ලෙසද හඳුන්වයි. බටහිරින් ඉන්දියාවට සහ බංග්ලාදේශයටත්, නැගෙනහිරින් තායිලන්තයට සහ ලාඕසයටත් උතුරින් සහ ඊසාන දිගින් චීනයටත් මායිම්ව පිහිටි මියන්මාරය එහි පරිමිති |
ය වූ කි.මී. 5,876 (සැ. 3651)න් තුනෙන් පංගුවක්ම එනම්, කි.මී. 1930 (සැ. 1200)ක්ම බෙංගාල බොක්කට සහ අන්දමන් මුහුදට මුහුණ ලූ අඛන්ඪ මුහුදු තීරයකින් එහි දකුණුදිග ආවරණය කරගෙන ඇත. 2014 වසරේ පැවති ජන සංගණනයෙන් එහි ජීවත් වන මුළු ජනගහනය මිලියන 51ක් බව ගණනය කර ඇත. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් රැන්ගුන් නගරයයි.මියන්මාරයේ මුල් ශිෂ්ටාචාරයන් ඉහල බුරුමයේ ප්‍යු ප්‍රාන්ත නගරයේ ටිබෙට්-බුරුම මිශ්‍ර බස භාවිත කරන්නන්ගෙන්ද, දකුණු බුරුමයේ මොන් අධිරාජ්‍යයන්ගෙන්ද සමන්විත විය. 9 වන සියවසේදී පැමිණි බමාර් ජනයා ක්‍රි.ව. 1050 දී ඉහල ඉවරඩි ගංගා නිම්නයේ පගාන් රාජධානිය පිහිටුවීමෙන් පසුව බුරුම භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදුදහම සෙමෙන් රටේ ආධිපත්‍ය දරමින් විහිදිනි. පසුකාලීනව මොන්ගෝලියානු ආක්‍රමණ වලින් සහ සමහර සතුරු ප්‍රාන්ත රාජ්‍යයන් හේතුවෙන් පගාන් රාජ්‍යය බිඳ වැටී ගියද 16 වන සියවසේදී ටයුන්ගු අධිරාජ්‍යය සමඟ දේශපාලනික වශයෙන් එක් වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ වාර්ථාගත ඉතිහාසය තුල විශාලතම රාජධාන |
ිය බවට පත් විය. 19 වන සියවසේ මුල් භාගය වන විට කොන්බායුං අධිරාජ්‍යය වර්ථමාන මියන්මාර දේශයත් ඇතුලත්ව ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්ත දක්වා විහිදෙන ප්‍රදේශයක් සිය පාලනයට එක්කරගෙන සිටියහ. ඇන්ග්ලිකන්-බුරුම යුද්ධ 3කින් පසුව 19 වන සියවසේ අග භාගයේදී ඉංග්‍රීසීන් මියන්මාරය යටත්කරගෙන බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්කරන ලදි. 1948දී බ්‍රිතානයයෙන් නිදහස ලබා ගත් මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් විය.මියන්මාරය ජේඩ් සහ මැණික් , තෙල් , ස්වාභාවික ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටකි. 2013 දී එහි දළ දේශීය නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 56.7 ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 221.5 ක් විය.නිවර්ථන වැසි වනාන්තර වලින් ගහණ මියන්මාර් දේශය ස්වාභාවික නොයිඳුල් වනාන්තර වලින් සහ සුන්දර කඳු වලින් හෙබි මනස්කාන්ත දේශයකි.ලෝකයේ උසම මෙන්ම පැරණිම වෙහෙර ලෙස හැඳින්වෙන්නේ මියන්මාරයේ ස්වේදගොන් ස්තූපය යි.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Human Development Indices and Indicators: 2018 Statistical update" (PDF). United Nations Dev |
elopment Programme. 15 September 2018. සම්ප්‍රවේශය 15 September 2018.අධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලSpainFrance (data)UkraineGermanyIsraelUnited StatesJapanCzech RepublicGreeceCroatiaවිද්‍යාත්මක දත්ත සංචිතCiNiiවෙනත්FASTHistorical Dictionary of SwitzerlandMusicBrainz areaNARAREROIdRefİslâm Ansiklopedisiඛණ්ඩාංක: 22°N 96°E / 22°N 96°E / 22; 96උදයංග වීරතුංගඋපතශ්‍රී ලංකාවනිවහනරුසියාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා තානාපති රුසියාවඥාතීන්හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාචමල් රාජපක්ෂ මහතාබැසිල් රාජපක්ෂ මහතාගෝඨාභය රාජපක්ෂ මහතා ජාලිය වික්‍රමසූරිය මහතාප්‍රසන්න වික්‍රමසූරිය මහතාආගමබෞද්ධඋදයංග වීරතුංග (ඉංග්‍රීසි: Udayanga Weeratunga) මහතා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි.ඔහු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා හිටපු සභාපත |
ි ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ඥාති සොහොයුරා වෙයි.උදයංග වීරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. යුක්‍රේන ත්‍රස්තවාදී කණ්ඩායමකට ඔහු විසින් අවි සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම චෝදනාව මත ඔහු සේවයෙන් පහ කර යළි මෙරටට කැඳවා ඇති මුත් ආ ගිය අතක් නැත.උදයංග වීරතුංග යුක්රේන ත්‍රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය විසින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලදි. [1]ආශ්‍රිත[සංස්කරණය]↑ "උදයංගගේ ගමන් බලපත්‍රය අවලංගු කරයි". ලංකාදීප. 2015 අපේ‍්‍රල් මස 05. http://www.lankadeepa.lk/index.php/articles/307354. Udayanga’s case: issues over transferring of CIDUdayanga visits SL embassy in tehran සංරක්ෂණය කළ පිටපත 2017-09-13 at the Wayback Machineආක්ටික් සහ ඇන්ටාක්ටික් ප්‍රදේශ අඩංගු නොවන අත්ලාන්තික් සාගරයලෝකයේ සාමුද්‍රීය කොට්ඨාශ අතුරින් දෙවන-විශාලතමය අත්ලාන්තික් සාගරය වෙයි.පෘථිවියේ සාගරආක්ටික්අත්ලාන්තික්ඉන්දියානුශාන්තිකරදක්ෂිණලෝක සාගරv |
teඅධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලSpainFrance (data)GermanyIsraelUnited StatesJapanCzech Republicවෙනත්FASTNARAIdRefමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)14186 වර්ජිලියෝෆොස් යනු දින 2053.2693352 ක (වසර 5.62 ක) කක්ෂ කාලාවර්තයක් සහිත ප්‍රධාන වළල්ලට අයත් ක්ෂුද්‍ර ගහයෙකි. [1]මෙම ක්ෂුද්‍ර ග්‍රහයා සොයාගත්තේ 1998, දෙසැම්බර් 7 දිනදීය.ආශ්‍රිත[සංස්කරණය]↑ "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්". නාසා. සම්ප්‍රවේශය 2008-05-18.ක්ෂුද්‍ර ග්‍රහ වළල්ලට අයත් ක්ෂුද්‍ර ග්‍රහයෙක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteඊජිප්තු පාරාවෝවරයකුගේ රාජ පදවි නාමය නැතහොත් රාජකීය මූලලේඛය යනු පුරාතන ඊජිප්තුවේ රජවරුන් විසින් අනුගමනය කළ පිළිගත් නාමකරණ සම්මුතියයි. එමගින් රජුගේ රාජ්‍ය සමයේ විශ්වීය බලය, ශුද්ධ වික්‍රමාන්විතභාවය සහ යම් ආකාරක මෙහෙවර ප්‍රකාශයක් සංකේතවත් කරයි. |
(රාජ්‍ය සමය අනුව මෙය ඇතැම්විට වෙනස් විය හැක)නාමයන් පහකින් සමන්විත සම්පූර්ණ පදවි නාමය මධ්‍ය රාජධානි සමය තෙක්ම සම්මතයක් වී නොපැවතිණි. නමුත් එය පසුකාලීනව රෝම අධිරාජ්‍ය යුගයේ ද භාවිතයේ පැවතිණි.හොරස් නාමය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: හොරස් නාමයඩ්ජෙට්ගේ නාමය සහ වැඩ්ජෙට් සමග සම්බන්ධ කොට දක්වා ඇති සෙරෙඛ් රුවක්; ලූවර්හි තබා ඇත. හොරස් නාමය යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ පූර්වරාජවංශික යුගයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.[1]හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ සෙරෙඛයක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.[1]අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ සෙත්-පෙරිබ්සෙන් පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට සෙත් දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමය |
ට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.[1]නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.නෙබ්ටි ("ද්විත්ව ආර්යා") නාමය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: නෙබ්ටි නාමය නෙබ්ටි නාමය (සාහිත්‍ය. "ද්විත්ව ආර්යාවන්") ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඊනියා "වංශාවලි" දෙවඟනන් දෙදෙනා හා සම්බන්ධ විය:නෙඛ්බෙට්; ඉහළ ඊජිප්තුවේ ආරක්ෂක දේවතාවියයි. ගිජුලිහිණියකු මගින් සංකේතවත් කෙරිණි.වැඩ්ජෙට්; පහළ ඊජිප්තුවේ ආරක්ෂක දේවතාවියයි. නාග රුවක් මගින් සංකේතවත් කෙරිණි.මෙම නාමය නිශ්චිතවම පළමු වරට භාවිතා කර ඇත්තේ පළමු රාජවංශයේ පාරාවෝවරයකු වූ සෙමෙර්ඛෙට් විසිනි. නමුත් එය සම්පූර්ණයෙන් ස්වාධීන පදවි නාමයක් බවට පත්වූයේ දොළොස්වන රාජවංශ සමයේ ය.මෙම නිශ්චිත නාමය සාමාන‍්‍යයෙන් කාර්ටුෂයකින් හෝ සෙරෙඛ් සංකේතයකින් වටනොකෙරිණි. නමුත් එය හැමවිටම වට්ටියක් මත හිඳ සිටින ගිජුලිහිණියකු සහ නාගයකු දැක්වෙන රූපාක්ෂරයකින් ආරම්භ වේ. මෙමගින් ද්විත්ව "නෙබ්ටි" නාමය සංකේතවත් කෙරේ.රන් හොරස්[සංස්කරණය] මෙය රත්රන් හොරස් නාමය ලෙස ද හඳන් |
වයි. මෙම පාරාවෝ නාම ප්‍රභේදය සාමාන්‍යයෙන් රත්රන් සඳහා වන ඊජිප්තු රූපාක්ෂරය මත හෝ පසෙකින් හිඳින හොරස් කුරුලුගොයාගේ රුව සහිත රූපාක්ෂරයින් සමන්විත ය.මෙම පදවි නාමයේ අරුත මතභේදිත ය. එක් විශ්වාසයක් නම් එමගින් හොරස් සිය මාමණ්ඩිය වූ සෙත් පරදා ලත් විජයග්‍රහණයේ සංකේතයක් නිරූපණය වන බවයි. රන් සඳහා වන සංකේතය මගින් හොරස් "සිය සතුරන්ට වඩා ශ්‍රේෂ්ඨ" වූ බව අදහස් වනවා විය හැක. පුරාතන ඊජිප්තු චින්තනය තුළ රත්රන් සදාකාලිකත්වය හා සම්බන්ධ යැයි සැලකිණි. මේ නිහා මෙමගින් පාරාවෝවරයාගේ සදාතනික හොරස් නාමය නිරූපණය වනවා වන්නට ද පුළුවන.නෙබ්ටි නාමයට සමානව, මෙම නාම ප්‍රභේදය ද කාර්ටුෂයක් හෝ සෙරෙඛ් සංකේතයකින් වට නොකෙරේ.සිහසුන් නාමය (පුද්ගල නාමය)[සංස්කරණය]ප්‍රධාන ලිපිය: පුද්ගල නාමය (පුරාතන ඊජිප්තුව)IIවන තුත්මෝස්ගේ කාර්ටුෂයෙහි පන් සහ මීමැසි සංකේතයට පසුව පුද්ගල නාමය දක්වා ඇති අයුරු; හට්ෂෙප්සුට්ගේ දේවස්ථානය, ලුක්සෝර්. පාරාවෝගේ සිහසුන් නාමයේ පළමු නම් දෙක කාර්ටුෂයක් තුළ ලියනු ලැබේ. මෙය සමග සාමාන්‍යයෙන් න්ස්ව්-බිටි (නෙසු-බිටි, නෙස්ව්-බිට්, න්ස්ව්ට්-බ්ජ්ට්ජ්) යන්න යෙදේ. මෙම යෙදුමේ සාහිත්‍යමය අරුත "පන් සහ මීමැස්සාගේ |
එතුමා/එතුමිය" යන්නයි. නමුත් බොහෝවිට එය "ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ" ලෙස පරිවර්තනය කෙරේ. පන් සහ මීමැසි සංකේත පිළිවෙලින් ඉහළ සහ පහළ ඊජිප්තුව නිරූපණය කෙරෙන සංකේත වේ.[2]න්ස්ව්-බිටි යන යෙදුම පිළිබඳ සැලකූ විට, යෝජනා වී ඇත්තේ බර්බර් බසින් "ශක්තිම්ත මිනිසා; පාලකයා" යන්න සඳහා යෙදෙන වදන ඉන් සම්භවය වන්නටඅඇති බවයි. (ෂ්නයිඩර් 1993).[පැහැදීම ඇවැසිය]නෙබ්-ටාවි හෙවත් "භූමි ද්විත්වයේ අධිපතියා" යන විරුද නාමය ඊජිප්තුවේ නිම්න සහ ඩෙල්ටා ප්‍රදේශ සම්බන්ධයෙන් ද යෙදේ.[පැහැදීම ඇවැසිය]පෞද්ගලික නාමය (දෙවන නාමය)[සංස්කරණය]ප්‍රධාන ලිපිය: දෙවන නාමය (පුරාතන ඊජිප්තුව) මෙය උපතේ දී ලබාදෙන නාමය වේ. මෙම නාමය පෙර "රාගේ පුත්" යන යෙදුම යෙදේ. මෙම යෙදුම "පුත්‍රයා" (zසා) අරුතැති තාරාවකු (zසා) නිරූපිත රූපාක්ෂරයක් සහ ඊට යාබදව යෙදූ ප්‍රධාන සූර්ය දෙවි රා සංකේතවත් කෙරෙන හිරුගේ රූපයකින් ආරම්භ වේ. මෙය පළමුවරට හඳුන්වා දෙන ලද්දේ සිව්වන රාජවංශයේ රාජ පදවි කාණ්ඩයක් ලෙසයි. එමගින් හිරු දෙවි රාගේ නියෝජිතයා ලෙස රජුගේ කාර්යභාරය සංකේවත් කෙරේ. පාරාවෝ බවට පත් ස්ත්‍රීන් සඳහා උක්ත පදවිය "දියණිය" ලෙස වහරනු ලැබිණි.නූතන ඉතිහාසඥයන් සාමාන්‍යයෙන් |
පුරාතන ඊජිප්තු රජවරුන් හඳුන්වන්නේ මෙම නාමයෙනි. මෙහි දී එකම නාමය දරන වෙනස් පුද්ගලයින් වෙන් කරගැනීමට එය ක්‍රමාංකනය කෙරේ. (උදා. "II", "III")සම්පූර්ණ පදවි නාම සඳහා උදාහරණ[සංස්කරණය]සෙනුස්රෙට් I[සංස්කරණය]මධ්‍ය රාජධානියේ, සම්පූර්ණ පදවි නාමය ඇතැම් අවස්ථාවල තනි කාර්ටුෂයක් තුළ ලියා ඇත. මෙයට උදාහරණයක් ලෙස බෙනි හසන්වලින් හමුවූ Iවන සෙනුස්රෙට්ගේ පදවි නාමය දැක්විය හැක.හට්ෂෙප්සුට්[සංස්කරණය]දහඅටවන රාජවංශයේ පාරාවෝවරියක වූ හට්ෂෙප්සුට්ගේ සම්පූර්ණ පදවි නාමය එහි උච්චාරණය සහ අනුරූප අර්ථය හඳුනාගැනීමට මාර්ගෝපදේශයක් වශයෙන් පහත දක්වා ඇත. මෙම පාරාවෝ ස්ත්‍රියක වූ බැවින් එහි පහත පරිදි වෙනස්කම් දක්නට ඇත.හොරස් නාමය: වෙස්රෙට්කාඋ, "කාවරුන් අතර බලවන්තිය"නෙබ්ටි නාමය: වැඩ්ජ්රෙන්පුට්, "භූමි ද්විත්වයෙහි ඇය, වර්ෂයන්ගේ වැජඹීම"රන් හොරස්: නෙට්ජෙරෙට්ඛාඋ, "දිව්‍යමය පෙනුම" (නෙට්ජෙරෙට් යනු 'දේවමය' හෝ 'දිව්‍යමය' යන අරුතැති නෙටෙරි යන වදනේ ස්ත්‍රී ලිංග ස්වරූපයයි. ඛාඋ යනු 'පෙනුම' යන්නයි)පුද්ගල නාමය: මාට්කාරේ, "සත්‍යය [මා'අට්] යනු රේගේ කා ය"දෙවන නාමය: ඛ්නුම්ට්-අමුන් හට්ෂෙප්සුට්, "අමුන් සමග සම්බන්ධ, වංශවත් කතුන් අතර ප් |
රමුඛාවිය"තුත්මෝස් III[සංස්කරණය]සැකිල්ල:Hiero/5Foldදහඅටවන රාජවංශයේ පාරාවෝවරයකු වූ IIIවන තුත්මෝස්ගේ සම්පූර්ණ පදවි නාමය උච්චාරණ මග පෙන්වීම සහ අනුරූප අර්ථය සමග පහත දැක්විය හැක.හොරස් නාමය: කානැඛ්ට් ඛාඑම්වසෙට්, "තීබ්සයෙන් නැගී එන, හොරස් බලවත් ගවයා"නෙබ්ටි නාමය: වැහ්නෙසිට්මිරෙඑම්පෙට්, "ද්විත්ව ආර්යාවන්ගේ ඔහු, දෙව්ලොව රේ මෙන් රාජ්‍යත්වය දරා සිටින"රන් හොරස්: සෙඛෙම්පැහ්ටිඩ්ජෙසෙර්ඛාව්, "බලයේ සහ ශක්තියේ රන්වන් හොරස්, පෙනුමෙන් පූජනීයයා"පුද්ගල නාමය: මෙන්ඛෙපෙරේ, "පන් සහ මීමැස්සාගේ ඔහු, රේගේ ස්වරූපය දරා සිටින"දෙවන නාමය: තුත්මෝස් නෙෆර්ඛෙපෙරු, "රාගේ පුත්‍ර, තුත්මෝස්, ස්වරූපයන් අතර අලංකෘත"ග්‍රන්ථාවලිය[සංස්කරණය]ඇලන්, ජේම්ස් පී. (1999). Middle Egyptian: An Introduction to the Language and Culture of Hieroglyphs. නිව් යෝක්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-521-77483-7.ඩොඩ්සන්, ඒඩන් මාර්ක්; ඩියෑන් හිල්ටන් (2004). The Complete Royal Families of Ancient Egypt. කයිරෝ, ලන්ඩන් සහ නිව් යෝක්: කයිරෝවේ ඇමරිකානු විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 977-424-878-3.රොනල්ඩ් ජේ |
. ලෙප්‍රොහොන් (2013). The Great Name: Ancient Egyptian Royal Titulary. බයිබලීය සාහිත්‍ය සංගමය. ISBN 978-1589837355.ගාඩිනර්, ඇලන් හෙන්ඩර්සන් (1957). Egyptian Grammar; Being an Introduction to the Study of Hieroglyphs (3වන ed.). ඔක්ස්ෆර්ඩ්: ග්‍රිෆිත් ආයතනය.ක්වර්ක්, ස්ටීවන් ජී. ජේ. (1990). Who Were the Pharaohs? A History of Their Names with a List of Cartouches. ලන්ඩන්: බ්‍රිතාන්‍ය කෞතුකාගාර ප්‍රකාශන සීමාසහිත සමාගම.ෂ්නයිඩර්, තෝමස් (1993). "Zur Etymologie der Bezeichnung 'König von Ober- und Unterägypten'". Zeitschrift für ägyptische Sprache und Altertumskunde. 120: 166–181.ෂෝව්, ගැරී ජේ. (2012). The Pharaoh, Life at Court and on Campaign. ලන්ඩන් සහ නිව් යෝක්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. pp. 20–21.වොන් බෙකරැත්, ජර්ගන් (1999). Handbuch der ägyptischen Königsnamen (2වන ed.). මේන්ස් ඇම් රයින්: වර්ලැග් ෆිලිප් වොන් සැබර්න්.මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 1.2 ටෝබි ඒ. එච්. විල්කින්සන්: Early Dynastic Egypt. රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 1999, ISBN 0-415-18633-1, පි. 74-75.↑ ඊවා වසිලෙව්ස්කා, Creati |
on Stories of the Middle East, 2000, 130f.බාහිර සබැඳි[සංස්කරණය]රන් නාමය, හොරස් නාමය, රාජ පදවි නාම, ද්විත්ව ආර්යාවන් සහ තුත්මෝස් I - ඩිජිටල් ඊජිප්තුව වෙතිනි.vteපුරාතන ඊජිප්තුව මාතෘකාසාරාංශයසුචියප්‍රධාන මාතෘකාකෞතුක භාණ්ඩ මාලාවකෘෂිකර්මයගෘහනිර්මාණ ශිල්පය (ඊජිප්තු පුනරුද ගෘහනිර්මාණ ශිල්පය)කලාවතාරකා විද්‍යාවභූමදාන සම්ප්‍රදායයන්කාලානුක්‍රමයනගර (ලැයිස්තුව)වස්ත්‍රසූපවේදයරාජවංශභූගෝලවිද්‍යාවමහා රාජකීය භාර්යාවන්ඉතිහාසයභාෂාවසාහිත්‍යයගණිතයවෛද්‍ය විද්‍යාවයුධ සංවිධානයසංගීතයපුරාණොක්තිවේදයජනයාපාරාවෝවරුන් (ලැයිස්තුව)දර්ශනයආගමබිම්තාක්ෂණයවෙළඳාමලේඛන කලාවඊජිප්තුවේදයඊජිප්තුවේදීන්කෞතුකාගාර ග්‍රන්ථය ප්‍රවර්ගය පුරාතන ඊජිප්තුව ද්වාරය විකිව්‍යාපෘතිය කොමන්ස්vteපුරාතන ඊජිප්තු රාජකීය පදවි නාමරාජකීය පදවි නාමමහා රාජකීය බිරිඳඛෙනෙමෙට්නෙෆර්හෙඩ්ජෙට්පාරාවෝආගමික පදවි නාමඅමුන්ගේ දිව්‍යමය භක්තිවන්තියදෙවියන්ගේ බිරිඳඅමුන්ගේ දෙවියන්ගේ බිරිඳඅමුන්ගේ ප්‍රධාන පූජකඔසිරිස්ගේ ප්‍රධාන පූජකප්ටාහ්ගේ ප්‍රධාන පූජකරාගේ ප්‍රධාන පූජකදේශක පූජකසත්‍යයේ ස්ථානයේ සේවකයාආර්යාවන් දෙදෙනාර |
ාජමාලිග සහ පරිපාලන පදවිහැටි-ආප්‍රධාන ආරක්ෂකඉරි-පැට්ඛෙකෙරෙට්-නිසුට්නොමාර්ච්භාණ්ඩාගාර බලාගන්නාභාණ්ඩාගාරිකකුෂ්හි ප්‍රතිරාජයාඅමාත්‍ය ග්‍රන්ථය පුරාතන ඊජිප්තුව ද්වාරයගුවනේ ශ්‍රේෂ්ඨත්වය යනු යුධ සංග්‍රාමයකදී එක් පාර්ෂවයක ගුවන් ශක්තිය අනෙක් පාර්ෂවයට වඩා ඉහළ වීම වේ. නේටෝ සංවිධානය හඳුන්වා දී ඇති ආකාරයට එක් පාර්ෂවයක් අභිබවා අනෙක් පාර්ෂවය සතු ගුවන් ශක්තියේ ප්‍රමාණය අනුව අනෙක් පාර්ෂවයේ පාලන ප්‍රදේශවල පාලනය එකී පාර්ෂවයේ විරෝධයකින් තොරව වඩා ශක්තිමත් පාර්ෂවයකට ලබා ගත හැකි වීමයි. ගුවනේ ශ්‍රේෂ්ඨත්වය සහ ගුවනේ ආධිපත්‍යය වෙනස් වේ.මෙම ගුවනේ ශේෂ්ඨත්වය නම් වූ සාධකය ගුවන් හමුදාවන් එල්ල කරන බෝම්බ ප්‍රහාර නිසා භූමියේ සිටින බලකායන්ට ලබා ගත හැකි සහාය හේතුවෙනි. තව දුරටත් විස්තර කළ හොත් පැරෂුට් බලකායන් විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් භූමියේ සිටින සෙබළුන්ට ඉදිරියට යාමට ඇති බාධක අවම වේ. භූමියෙන් කැඳවීමක් ලැබුණූ වහාම විනාඩි කිහිපයකින් සහාය ලබාදීමට හැකි වන සේ ගුවන් මෙහෙයුම් නවීකරණය වී ඇත.පළමු ලෝක යුද්ධය[සංස්කරණය]අතරමැදි යුධ සමය[සංස්කරණය]1900 ගණන් වලට පෙර ඉතාලියානු ජාතික ගුවන් න්‍යායාචාර්ය ගුල |
ියෝ ඩුගෙට් ගුවනේ අණසක පතුරවන්නන් නමින් ලියු ලිපියෙන් අනාගත යුද්ධ වල තීරණාත්මක සාධකය ගුවන බව ප්‍රකාශ කරන ලදී. 1915 වසරේ පසු භාගයේ දී ජර්මානු Lufts treitkrafle යානා මඟින් මිත්‍ර හමුදාවල බුද්ධිමය රහස් තොරතුරු ලබා ගැනීමෙන් මේ බව තහවුරු විනි. II ලෝක යුධ සමයේ ගුලියෝගේ අදහස් ප්‍රතික්ෂේප වුව ද යුද්ධය ඉදිරියට යත්ම ඔහුගේ මතවාදයට යම් කිසි ඉඩක් ලැබිණි. ඒ මිත්‍ර හමුදා ගුවනේ අනසක පැතිරවීමත් සමඟමය.දෙවන ලෝක යුද්ධය[සංස්කරණය]බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර ගුවන් යානාමෙතැන් පටන් ගුවනේ බලය සතු කර ගැනීමේ අදහස යුධ හමුදාවෙහි ක්‍රමෝපායන්හි වැදගත් තැනක් ඉසිලීය. උදාහරණයක් ලෙස II වැනි ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විජයග්‍රාහි ගුවන් ආරක්ෂණ ක්‍රමය දැක්විය හැකිය. මෙමඟින් ඉංග්‍රීසි යුද්ධයේදී ජර්මානුවන්ගේ ගුවනේ අණසක ප්‍රහීන කළ අතර මුහුදින් කළ “මුහුදුසිංහ මෙහෙයුම” ද පරාජය කරන ලදි. පසුව මිත්‍ර හමුදා ජර්මානු කාර්මික හා සිවිල් මර්මස්ථාන වලට බෝම්බ හෙලා විනාශ කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී.ගුවනේ විශිෂ්ටත්වය ලබා ගැනීමේ අරමුණ ගුවන් යානා නිර්මාණකරණය දක්වා බලපාන ලදී. උදාහරණයක් ලෙස පර්ල් වරයාට පහර දුන් ජපන් ගුව |
න් යානා පහරදීම් සිදු කළේ ජපන් භූමියෙන් සැතපුම් සිය ගණනක් ඈතින් සිටය.11වැනි ලෝක යුද්ධය සමහරක් ගුවන් යානා සතුරු ප්‍රහාරක යානා විනාශ කල හැකි මට්ටමට දියුණු කළ සුවිශේෂි යානා විය.ගුවන් ප්‍රහාර වලද ඉතා වැදගත් ප්‍රහාරක යානා වුයේ Me-109 හා FW 190 යන ජර්මානු ප්‍රහාරක යානයත්, Super marine sifter නම් වු බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර යානයත්ය. ක්‍රියාකාරිත්වයෙන් හා පෙනුමින් P-51 යානාව ඉතා වැදගත් පරිවාර යානාවක් විය. 6M Zero යානාව යුද්ධයේදි මුල් කාලයේද ජපනුන්ට මහත් වාසියක් ගෙන දෙන යානාවක් විනි. නමුත් මෙම යානා පසුව F6F Hellcat හා F44 corsair යන නාවුක ප්‍රහාරක හමුවේ ඉතා දුර්වල සටහන්කාමිත්වයක් පෙන්වන ලදී.දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව[සංස්කරණය]කොරියානු සහ වියට්නාම යුද්ධ[සංස්කරණය]කොරියානු යුද්ධයේදී Mig -15 ජෙට් යානාව සියලුම එක්සත් ජාතීන්ගේ යානාවල පෙන් වු විශිෂ්ටත්වය අභිබවා යන ලදි. එක්සත් ජනපදය ඔවුන්ගේ බලසම්පන්න F86 Sabre යානාව හඳුන්වා දීමත් සමඟ මිග් යානාවලට එරෙහි මර්ත අනුපාතය 10: 1 දක්වා ඉහළ නැංවීය.1950 දි එක්සත් ජනපද නාවික හමුදාව F4 phantom ප්‍රහාරක යානාය හඳුන්වා දෙන තුරු ගුවන් ප්‍රහාරක යානයක් ලෙස පා |
විච්චි කලේ F8 Crusader යානයයි. එක්සත් ජනපද ගුවන් හමුදාව F 100 හා F 104 යන විශිෂ්ට ප්‍රහාරක යානා ගුවනේ විශිෂ්ටයන් වුව ද වියට්නාමයේ Mig යානාවල විශිෂ්ටත්වය අභිබවා යාමට නොහැකි විය. පෝක්ලන්ත යුද්ධයේදී British Harrier යානාව Mach 2 Mirage යන ජෙට් යානා වලට එරෙහිව ප්‍රහාරාත්මක යානාවක් ලෙස යොදා ගැනින.1960 දී වියට්නාම යුද්ධයේදි ඇමරිකානු යානාවල තිබු දුර්වල ජව සම්පන්න භාවය නිසා ජව සම්පන්න යානා පෙලක් වන F-14, F15, F 16 හා F/A -18 හඳුන්වා දී ගුවනේ විශිෂ්ටයන් විමේ ක්‍රියාවලියට එක් විය.මේ නවාංග කෙටිදුර සංග්‍රාම සඳහා හැකියාව ඇති ගිනි අවි වලින් යුක්තව නිර්මාණය කරන ලදී. F-14 හා F-15 බර යානා වු අතර ඒවායේ දිග දුර රේඩාර් හා මිසයිල රැගෙන යාමේ හැකියාව අනෙක් සැහැල්ලු යානාවලට වඩා වැඩි විය.අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා ස |
මානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුල ඡන්ද කොට්ඨාසයක් ලෙස අත්තනගල්ල දිගටම පවතියි.1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකඑක්සත් ජාතික පක්ෂයඅත31,46387.22%සී. ගුණසේකරලංකා සම සමාජ පක්ෂයඅලියා4,60912.78%වලංගු ඡන්ද සංඛ්‍යාව36,072100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව417මුළු ඡන්ද සංඛ්‍යාව36,489ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව55,948ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය65.22%1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]24 මැයි1952 සහ 30 ම |
ැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකඅලියා38,47886.64%ඒ.ඩබ්. ජී. සෙනෙවිරත්නතරුව5,93413.36%වලංගු ඡන්ද සංඛ්‍යාව44,412100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව360මුළු ඡන්ද සංඛ්‍යාව44,772ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,322ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.77%1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත45,01692.52%ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා3,0196.20%අයි. ටින්සිස්වාධීනකුඩය6211.28%වලංගු ඡන්ද සංඛ්‍යාව48,656100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව369මුළු ඡන්ද සංඛ්‍යාව49,025ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව64,310ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.23%1960 ( |
මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ජේම්ස් පීටර් ඔබේසේකර IIIශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත20,98573.72%ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා5,66819.91%ගැමුණු කුලසේකරයතුර1,5595.48%මහානාම වික්‍රමසිංහදොඩම් ගෙඩිය2540.89%වලංගු ඡන්ද සංඛ්‍යාව28,466100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව162මුළු ඡන්ද සංඛ්‍යාව28,628ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,783ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.00%1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%ජේම්ස් පීටර් ඔබේසේකර IIIශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත22,49182.20%ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා4,87017.80%වලංගු ඡන්ද සංඛ්‍යාව27,361100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව121මුළු ඡන්ද සංඛ්‍යාව27,482ල |
ියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,783ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.80%1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත26,15072.16%ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා9,61526.53%ජේ. කස්තුරිආරච්චිමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය2880.79%යූ.එච්.ඩී.එස්. විජේතුංගඔරලෝසුව1850.51%වලංගු ඡන්ද සංඛ්‍යාව36,238100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව142මුළු ඡන්ද සංඛ්‍යාව36,380ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව42,735ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.13%1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත31,61275.54%ජේ.ආර්.පී. සූරියප්පෙරුමඑක්සත් ජාතික පක්ෂයඅලියා9,88923.63%ආර්.ඒ.ඩී. ඩබ්. රත් |
නසේකරනැව3490.83%වලංගු ඡන්ද සංඛ්‍යාව41,850100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව161මුළු ඡන්ද සංඛ්‍යාව42,011ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව48,908ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.90%1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%සිරිමාවෝ බණ්ඩාරනායකඅත30,22659.05%ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඅලියා19,56338.22%චන්ද්‍රා ගුණසේකරයතුර1,0672.08%ටී.ඒ.ඩී.කේ. තඹුගල්ලතරුව3350.65%වලංගු ඡන්ද සංඛ්‍යාව51,191100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව152මුළු ඡන්ද සංඛ්‍යාව51,343ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,236ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.16%ආශ්‍රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ |
් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.vteලංකා රාජ්‍යයේ පැවති මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල |
· අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්‍යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 7°6′43″N 80°7′58″E / 7.11194°N 80.13278°E / 7.11194; 80.13278පැනමා න |
ගරය (ස්පාඤ්ඤ: ciudad de Panamá) පැනමා ජනරජයේ අනනුවර හා විශාලතම නගරයයි.[1][2] එහි ජනගහනය 880,691 ඇතුළුව මුළු පුරවැසියන් 1,272,672 සිටී.[3] එය පැනමා පළාතෙහි, පැනමා ඇළෙහි පැසිෆික් ද්වාරයෙහි පිහිටා ඇත. මෙම නගරය රටෙහි දේශපාලන හා පරිපාලන ම්ධ්‍යස්ථානයයි. එසේම අන්තර්ජාතික බැංකුකරණ හා වාණිජ ම්ධ්‍යස්ථානයකි.අභ්‍යවකාශයට පැනමාව පෙනෙන අයුරු.මෙම නගරය නිවර්තන වැසි වනාන්තරයකින් වටවී ඇති අතර මෙහි ඉතා උස් වූ ගොඩනැගිලි තිබේ. පැනමාවේ ටොකුමෙන් ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ මධ්‍යම ඇමරිකාවේ විශාලතම හා කාර්‍යබහුලම ගුවන් තොටුපළයි. පැනමාව 2003 වසරේ ඇමරිකානු සංස්කෘතික අගනුවර ලෙස තෝරාගන්නා ලදි.පැනමා නගරය 1519 අගෝස්තු 15 දින පෙඩ්‍රෝ අරිආස් ඩවිලා විසින් සොයාගන්නා ලදි. ස්පාඤ්ඤය මේ හරහා රන් හා රිදී ඇමරිකාවෙන් වැඩි වශයෙන් ගෙන ගොස් ඇත.[4]මූලාශ්‍ර[සංස්කරණය]<references>↑ Real Academia de la Lengua Española (October 2005). "Diccionario panhispánico de dudas. Apéndice 5: Lista de países y capitales, con sus gentilicios" (Spanish බසින්). සම්ප්‍රවේශය 20 March 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link) |
↑ Real Academia Española y Asociación de Academias de la Lengua Española, «Lista de países y capitales, con sus gentilicios», Ortografía de la lengua española, Madrid, Espasa url=apendices/apendice5.html Panamá.1 País de América., p. 726, ISBN 978-84-670-3426-4, http://buscon.rae.es/drae/cgi-bin/aviso.cgi url=apendices/apendice5.html, "GENT. panameño -ña. CAP. Panamá.Panamá.2 Capital de Panamá." ↑ "Censos Nacionales 2010" (Spanish බසින්). සම්ප්‍රවේශය 2011-02-11.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ "Panama City" (Eන්ග්ලිශ් බසින්). සම්ප්‍රවේශය 2014. {{cite web}}: Check date values in: |accessdate= (help)CS1 maint: unrecognized language (link)ක්‍රිස්තු වර්ෂ 1325 හෝ 1326දී රාජ්‍යත්වයට පත් වූ මෙම රජතුමා හැඳින්වුනේ වන්නි බුවනෙකබාහු යන නමිනුයි. කිසිම අතීත රජ පෙළපතකට සම්බන්ධ නොවූ නිසාත් වන්නි ප්‍රධානියකු හැටියට ජීවිතය ඇරඹූ නිසාත් මෙම නම යෙදෙන්නට ඇතැයි සැලකේ. මේ රජ තම අගනුවර හැටියට තෝරා ගත්තේ කුරුණෑගල යි.මෙම රජතුමාට පසු, ක්‍රිස්තු වර්ෂ 1325 හෝ 1326දී රාජ්‍යත්වයට |
පත් වූයේ පස්වන විජයබාහු රජතුමා ය.සබැඳි පිටු[සංස්කරණය]සිංහලේ රාජාවලියvteසිරි සඟබෝ රාජ වංශය(1220-1597)දඹදෙණිය රාජධානිය(1220–1345)තෙවන විජයබාහු (1220–1224)දෙවන පරාක්‍රමබාහු (1234–1269)හතරවන විජයබාහු (1267/8–1270)පළමු බුවනෙකබාහු (1271–1283)අරාජික සමය (1283–1302)තෙවන පරාක්‍රමබාහු (1302–1310)දෙවන බුවනෙකබාහු (1310–1325/6)හතරවන පරාක්‍රමබාහු (1325/6–1325/6)තෙවන බුවනෙකබාහු (1325/6–1325/6)පස්වන විජයබාහු (1325/6–1344/5)ගම්පොළ රාජධානිය(1345–1412)හතරවන බුවනෙකබාහු (1344/5-1353/4)පස්වන පරාක්‍රමබාහු (1344/5-1359)තෙවන වික්‍රමබාහු (1357-1374)පස්වන බුවනෙකබාහු (1372/3-1391/2)දෙවන වීර බාහු (1391/2-1397)වීර බාහුගේ පළමු පුතු (1397)වීර බාහුගේ දෙවන පුතු (1397)වීර අලකේශ්වර (1397-1409)පරාක්‍රමබාහු ඈපා (1409-1412)කෝට්ටේ රාජධානිය(1412–1597)හයවන පරාක්‍රමබාහු (1412-1467)දෙවන ජයබාහු (1467-1472)හයවන බුවනෙකබාහු (1472-1480)හත්වන පරාක්‍රමබාහු (1480-1484)අටවන පරාක්‍රමබාහු (1484-1518)නවවන ධර්ම පරාක්‍රමබාහු (1509-1528)සත්වන විජයබාහු (1509-1521)හත්වන බුවනෙකබාහු (1521-1551)දොන් ජුවන් ධර්මපාල |
(1551-1597)සීතාවක රාජධානිය(1521–1593)මායාදුන්නේ (1521-1581)පළමුවන රාජසිංහ (1581-1593)සෙංකඩගල රාජධානිය(1473-1592)සේනාසම්මත වික්‍රමබාහු (1473–1511)ජයවීර අස්ථාන (1511–1551)කරලියද්දේ බණ්ඩාර (1551–1581)දෝන කැතරිනා (1581–1581)පළමුවන රාජසිංහ (1581–1591)සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි.ඔස්ට්‍රේලියාභාවිතයNational flag and state ensign සමානුපාතිකය1:2භාවිතයට ගැනුණේක්‍රි.ව. 1901 සැප්තැමිබර් 31908 (current seven-pointed Commonwealth Star version)නිර්මාණයA Blue Ensign defaced with the Commonwealth Star (also known as the Federation Star) in the lower hoist quarter and the five stars of the Southern Cross in the fly half.[[ගොනුව:{{{Image}}}|border|frameless]]{{{Article}}} {{{Name}}} යේ ධජයනිල් පැහැති පසුබිමේ ඉහළ දකුණු කොනේ (ඉහළ ඔසොව්වේ පළමු වම් හතරෙන් කොටස ) එක්සත් රාජධානියේ ධජයක් සහ පහත ඔසොව්වේ දෙවන වම් හතරෙන් කොටසේ පැති හතකින් සමන්විත විශාල සුදු පැහැති තාරකාව මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාවක් පෙන්වයි. ධජයේ දකුණු කොටස මගින් පෙන්නුම් කර |
නුයේ කුරුසයක ස්වරුපයේ සුදු පැහැති තාරකා පහකින් සැදුම්ලත් තාරකා මණ්ඩලයකි - එක් පැති පහකින් සමන්විත කුඩා තාරකාවක් සහ පැති හතකින් සමන්විත විශාල තාරකා හතරක්.ධජයේ මුල් නිර්මාණය (පැති හයක් ඇති සමුහාණ්ඩුවේ තාරකාව සමඟ) තෝරාගෙන ඇත්තේ 1901දී සමුහාණ්ඩුකරණය නිමිති කරගෙන පැවති ලෝක ව්‍යාප්ත තරගයට ඇතුළත් වීමේදී , සහ ධජය ප්‍රථමයෙන්ම ලෙලවූයෙ 1901 සැප්තැම්බර් 3 වෙනිදා මෙල්බර්න්හිදීය. එම දිනය ඔස්ට්‍රේලියවේ ජාතික කොඩි දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1902 දී VII වන එඩ්වඩ් රජතුමා විසින් නිර්මාණයේ සුළු වෙනස්කම් අනුමත කරන ලදී. මීළග අවුරුදු කිහිපය තුල, ධජයේ නියම ස්වරුපය කිහිප වරක්ම අරමුනුගතව මෙන්ම වයාකුලයන් වල ප්‍රථිපලයක් ලෙසත් වෙනස් විය. දැන් පවතින ධජයේ ස්වරුපය 1934 දී විධිමත් ලෙස ගැසට් කිරීම , සහ 1954 දී 1953 වන ධජ පනත අනුව “ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය ” ලෙස නිතයානුකූලව හදුනා ගැනීම සහ නියම කිරීම සිදු විය.මීට අමතරව, ඕස්ට්‍රේලියාව, එහි ජනතාව සහ ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් නියෝජනය කරන වෙනත් නිල ධජයන්ද ඇත.ලාංඡන[සංස්කරණය]සැකිල්ල:Auto imagesසැකිල්ල:Auto imagesඕස්ට්‍රේලියානු ධජය ප්‍රධාන සංකේත තුනක් භාවි |
තා කරයි: ඒකාද්ධතා ධජය, සමුහාණ්ඩුවේ තාරකාව සහ කුරුසයක ස්වරුපයේ තාරකා පහකින් සැදුම්ලත් තාරකා මණ්ඩලය.එක්සත් රාජධනියේ බ්‍රිතානය සහ අයර්ලන්තයේ ධජය ලෙස එක්සත් රාජධනියේ නියෝජියත රටවල් නිරූපනය කරමින් එම ඒකාද්ධතා ධජයම වංශාවලීන් තුනක් සම්බන්ධ කරමින් සකස් කර ඇත (1801 දී කල සංස්ථාපනයට අනුව).• එංගලන්තයේ සාන්ත ජෝර්ජ්ගේ රතු පැහැති කුරුසය• ස්කොට්ලන්තයේ සාන්ත ඇන්ඩ්රුගේ විකර්ණ කුරුසය• අයර්ලන්තයේ සාන්ත පැට්රික්ගේ විකර්ණ කුරුසයඒකාබද්ධතා ධජයෙන් නිරූපිත අදහස වූයේ දේශීය වශයෙන් ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය බ්‍රිතානය ජනාවාස හයක් ලෙස ඕස්ට්‍රේලියානු සමුහාණ්ඩුවේ මූලධර්ම මත පදනම්ව සංකේතවත් කිරීමයි, එනමුත් බොහෝ ඉතිහාසගත දර්ශනයන් එහි නිර්මාණයේ අන්තර්ගතය දකිනුයේ බ්‍රිතාන්‍ය අධිරාජයයේ පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමක් ලෙසය.පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාවේ මූල් කාලයේ තිබී ඇත්තේ ඒකාබද්ධ වූ ජනාවාස හය නිරූණය කිරීමට පැති හයක් පමණි. කෙසේ නමුත් එය වෙනස්කරමින් 1908දී පැපුවාහි භූමිප්‍රදේශය සහ අනාගත භූමිප්‍රදේශයන් සංකේතවත් කරමින් සත් වන අග්‍රය එකතු විය.අනෙක් තාර්කික වෙනස් වීම වූයේ change was to match the star used on the |
Coat of Arms, which was created in the same year.මෙම තරුව සමුහාණ්ඩුවේ තාරකාව ලෙසද හැදින්වේ.පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව, එය පිහිටි ස්ථානය සහ දීප්තිය හැර නිළ වශයෙන් බීටා තාරකා මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොදක්වයි; කෙසේ නමුත් දකුණු ඕස්ට්‍රේලියා ධජයේ 1870දී සිදු වූ සංස්කරණයේදී ඇල්ෆා සහ බීටා තාරකා මණ්ඩලයේ තාරකා අග්‍රයන් විය.දකුණු කුරුසය යනු දකුණු අර්ධගෝලයේ විශේෂ තාරකා මණ්ඩල වලින් එක් දෘශය තාරකා මණ්ඩල වලින් එකක් සහ බ්‍රිතානය ගිවිසුමේ මුල් අවධියේ සිට ඕස්ට්‍රේලියාව නිරූපණය කිරීමට යොදාගෙන ඇත.ධජයේ එක් නිර්මාණකරුවෙක් වන අයිවර් ඉවාන්ස් දකුණු කුරුසය මගින් අදහස් කර ඇත්තේ ඩේන්ටිගේ සදාචාරාත්මක ගුණාංගයන් සතර ප්‍රධාන තාරකා සතරට ආරෝපණය කිරීමයි: යුක්තිය, ප්‍රඥාව, මත් පැනින් වෙන් වීම සහ ධෛර්යය. වත්මන් ඕස්ට්‍රේලියා ධජයේ, දකුණු කුරුසයේ ඇති තාරකා වල අග්‍රයන් ගණන, තරඟ ජයග්‍රහනය කල මුල් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවායේ අග්‍රයන් හැම එකක්ම පහත් නවයත් අතර පරාසයක පිහිටීමත්, රාත්‍රී අහසේ දිස් වන සාපේක්ෂ දීප්තියත් මතය.නිර්මාණය කිරීම සරල කිරීම සඳහා බ්‍රිතානය නෞකා බලස්ථානය පිටත පිහිටි සෑම විශාල තාරකාවන් හතරෙ |
හිම අග්‍රයන් හතක්ද, මැද පිහිටි කුඩා තාරකාවේ අග්‍රයන් පහක් තිබීමටද හැර සම්මතගත කර ඇත. මෙම වෙනස 1903 පෙබරවාරි 23 වන දින නිල වශයෙන් ගැසට් කරන ලදී. දැනට පවතින සම්පූර්ණ නිර්මාණයේ නියමාවලිය 1934දී පොදු රාජ්‍ය මණ්ඩලයේ ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇත.නිර්මාණය කිරීම[සංස්කරණය]Construction sheet for the Flag of Australia. The length of the Flag is twice the width.Under the Flags Act, the Australian National Flag must meet the following specifications:[1] the Union Flag occupying the upper quarter next the staff;[2] a large seven-pointed white star (six representing the six states of Australia and one representing the territories) in the centre of the lower quarter next the pye and pointing direct to the centre of St George's Cross in the Union Flag;[2] 5 white stars (representing the Southern Cross) in the half of the flag further from the staff.[2]ධජ පනත යටතේ, ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය පහත සඳහන් නියමාවලීන් අනුගමනය කළ යුතුයි;a.the Union Flag occupying the upper quarter next the staff ඒක |
ාබද්ධ ධජය; b. අග්‍ර හතක් ඇති සුදු පැහැති විශාල තාරකාවක් (හයක් මගින් ඔස්ට්‍රේලියාවේ රාජ්‍යන් හය සහ අනෙක මගින් භූමි ප්‍රදේශයද නිරූපනය කරයි) පහත හතරෙන් එකෙහි මධ්‍යයේ pye එකට පසුව සහ එක්සත් ධජයේ සාන්ත ජෝර්ජ්ගේ කුරුසයේ මධ්‍යට කෙලින්ම ස්ථානගත කර ඇත.;[15]c.ධජයේ අර්ධයක සුදු පැහැති තාරකා 5 [15]තාරකාවල පිහිටීම පහත පරිදි වේ:[15]•පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව - ඔසොව්ව මධ්‍යයේ ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව. [15]• ඇල්ෆා තාරකාව - පහළ කෙළවරේ සිට 1/6 ඉහලටද, කෙලින්ම මැද සිට පහලට පිහිටි තැනඇති අග්‍ර 7ක් ඇති තාරකාව. [15]•බීටා තාරකාව - 1/4ක් වම් පැත්තට වූ සහ 1/16ක් මැද සිට ඉහලට පිහිටි තැන ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15] • ගැමා තාරකාව - කෙලින්ම මැද සිට ඉහල සහ 1/6ක් ඉහල කෙළවරේ දක්වා පිහිටි තැන ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15]•ඩෙල්ටා තාරකාව - 2/9ක් දකුණු පසට වෙන්නට සහ මැද සිට ඉහළට 31/240ක් ඇති ස්ථානයේ පිහිටා ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15]• එප්සිලන් තාරකාව - 1/10ක් දකුණු පසට වෙන්නට සහ මැද සිට පහළට 1/24ක් ඇති ස්ථානයේ පිහිටා ඇති අග්‍රයන් 5ක් ඇති තාරකාව.[15]සමුහාණ්ඩුවේ තාරකාවේ බාහිර විශ්කම්භය ,ධජයේ පළල ම |
ෙන් 3/10ක් වන අතරතුර 1/12ක භාගයක් සහිත එප්සිලන් හැර දකුණු කුරුසයේ ඇති තාරකා ධජයේ පළල මෙන් 1/7කි. හැම තාරකාවකගේම අතුළත විශ්කම්භය, පිටත විශ්කම්භයෙන් 4/9කි. ධජයේ පළල යනු ධජයේ ඔසොව්වේ මායිමයි (ඉහළ සිට පහළට ඇති දුර).වර්ණයන්[සංස්කරණය]කෙසේ නමුත්, ධජ පනත මගින් ධජයේ ඇති වර්ණයන් පිළිබඳ සඳහන් කර නැත, අග්‍රාමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල දෙපාර්තමේන්තුවේ තීන්දු සහ සංස්කෘතික අංශය විසින් පැන්ටෝන් වර්ණ නියමාවලිය සඳහන් කර ඇත.යෙදුමනිල්රතුසුදුමූලාශ්‍රය/මූලාශ්‍රPantone280 C185 Cආරක්ෂා කාරියි[3][4]RGB(Hex)0–43–127(#002B7F)232–17–45(#E8112D)255–255–255(#FFFFFF)[5]CMYK100%–80%–0%–0%0%–100%–100%–0%0%–0%–0%–0%[5]මඟ පෙන්වීමේ නීති[සංස්කරණය]ධජය ලෙලවීමට අදාල මඟ පෙන්වීමේ නීති ඇත්තේ 1953 ධජ පනතේ සහ ඕස්ට්‍රේලියා රජය විසින් කලාතුරකින් ප්‍රකාශයට පත් කරන "ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය" කුඩා පොතෙහිය. ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය වසරේ ඕනෑම දිනයක ලෙලවීමට හැකියවක් ඇති බව මෙම මඟ පෙන්වීමේ නීතිවල සඳහන් කර ඇති අතර "ජාතියේ වඩාත් වැදගත් සංකේතය වන බැවින් එයට අවශ්‍ය උපහාරය සහ ගෞරවය දැක්විය යුතුයි"↑ Flags A |
ct 1953. Austlii.edu.au. Retrieved on 2011-05-27.↑ 2.0 2.1 2.2 Australian Flags, p. 1.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;nsb නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ "Australian National Flag". It's an Honour!. Government of Australia. 21 November 2012. සම්ප්‍රවේශය 11 February 2013.↑ 5.0 5.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;stylemanual නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිහයවන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පැමිණියේ ඔහු පුත් හත්වන පරාක්‍රමබාහු ය. ක්‍රිස්තු වර්ෂ 1480 සිට 1484 දක්වා ඔහු රාජ්‍යත්වයේ සිටියේය.අම්බුළුගල කුමරු කෝට්ටේට පැමිණ හත්වන පරාක්‍රමබාහු රජ මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය. පෙළ පොතෙහි මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1490 ලෙස සඳහන් වෙතත් ඉන්ද්‍රකීර්ති සිරිවීර විද්වතාණන් ලියූ "රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි" නම් පොතෙහි සඳහන් වන්නේ මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1484 බවයි.vteසිරි සඟබෝ රාජ වංශය(1220-1597)දඹදෙණිය රාජධානිය(1220–1345)තෙවන විජයබාහු (1220–1224)දෙවන පරාක්‍රමබාහු (1234–1269)හතරවන විජයබාහු (1267/8–1270)පළමු |
බුවනෙකබාහු (1271–1283)අරාජික සමය (1283–1302)තෙවන පරාක්‍රමබාහු (1302–1310)දෙවන බුවනෙකබාහු (1310–1325/6)හතරවන පරාක්‍රමබාහු (1325/6–1325/6)තෙවන බුවනෙකබාහු (1325/6–1325/6)පස්වන විජයබාහු (1325/6–1344/5)ගම්පොළ රාජධානිය(1345–1412)හතරවන බුවනෙකබාහු (1344/5-1353/4)පස්වන පරාක්‍රමබාහු (1344/5-1359)තෙවන වික්‍රමබාහු (1357-1374)පස්වන බුවනෙකබාහු (1372/3-1391/2)දෙවන වීර බාහු (1391/2-1397)වීර බාහුගේ පළමු පුතු (1397)වීර බාහුගේ දෙවන පුතු (1397)වීර අලකේශ්වර (1397-1409)පරාක්‍රමබාහු ඈපා (1409-1412)කෝට්ටේ රාජධානිය(1412–1597)හයවන පරාක්‍රමබාහු (1412-1467)දෙවන ජයබාහු (1467-1472)හයවන බුවනෙකබාහු (1472-1480)හත්වන පරාක්‍රමබාහු (1480-1484)අටවන පරාක්‍රමබාහු (1484-1518)නවවන ධර්ම පරාක්‍රමබාහු (1509-1528)සත්වන විජයබාහු (1509-1521)හත්වන බුවනෙකබාහු (1521-1551)දොන් ජුවන් ධර්මපාල (1551-1597)සීතාවක රාජධානිය(1521–1593)මායාදුන්නේ (1521-1581)පළමුවන රාජසිංහ (1581-1593)සෙංකඩගල රාජධානිය(1473-1592)සේනාසම්මත වික්‍රමබාහු (1473–1511)ජයවීර අස්ථාන (1511–1551)කරලියද්දේ බණ්ඩාර (1551–1581)දෝන කැතරිනා (1581 |
–1581)පළමුවන රාජසිංහ (1581–1591)සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි.උපත් පාලන කොපුA rolled-up condomBackgroundඋපත් පාලන ක්‍රමයBarrierFirst useපුරාතනරබර්: 1855ලැටෙක්ස්: 1920පොලියුරෙතේන්: 1994ගර්භනීභාවය rates (first year, latex)Perfect use2%Typical use10–18%UsageUser remindersLatex condoms damaged by oil-based lubricantsවාසි සහ අවාසිSTD protectionYesBenefitsNo medications or clinic visits requiredඋපත් පාලන කොපු යනු ලිංගික සංසර්ගය යේ දී මෝචනය වන ශුක්‍රාණු ස්ත්‍රියගේ යොනි මාර්ගයට ඇතුල් වීම වළක්වා ලීම මගින් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාලීමට හා ලිංගිකව සම්ප්‍රේශනයවන රෝග කාරක වෛරස පැතිරීම වළක්වා ලීමටත් යොදා ගන්නා රබර් ඇසුරෙන් සාදා ගන්නා ආවරණයකි.මෙම උපත් පාලන කොපු පැළදීම මගින් බොහෝ ලිංගිකව සම්ප්‍රේනය රෝග වලින් ආරක්ෂා විය හැකිය.මෙම කොපු ජල පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.නූතනයේ දී උපත්පාලන කොපු රබර් ආශ්‍රීත අමු ද්‍රව්‍ය මගින් නිපදවයි. පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද භාවිත කලහැකි උපත් පාලන කොපු පවතී බොහෝවිට මේවා පොලියුරෙතේන්වලින් නිර්මාණය කෙරේ. නම් මූලද්‍රව්‍ය ඇසුරින් නිපදවයි මෙමගින් අනව් |
ය ගැබ් ගැනීම් වැළැක්වීම හා ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග රැසකින් ආරක්ෂාවිය හැක[1][2] නිවැරදි ආකාරයෙන් පැළදූ උපත් පාලන කොපුවත් සහිතව ලිංගික සංසර්ගයේ යෙදීමේ දී ගැබ්ගැනීමක් සිදුවීමේ සම්භාවිතාවඉතා අඩුය.[3]උපත් පාලන කොපු භාවිතයේ ඉතිහාසය වසර 400 දක්වා ඈතට දිවයයි.[4] 19 වන සියවසයේ සිට මෙය ගැබ්ගැනීම් වළක්වන ක්‍රමයක් ලෙස ප්‍රචලිතය.[5] නමුත් වර්තමානයේ උපත් පාලන කොපු භාවිතය පිළිබද විවිධ මතභේද පවතී ඇතැම් ආගමික කණ්ඩායම් මෙහිදී ප්‍රධානය.ඉතිහාසය[සංස්කරණය]උපත් පාලන කොපු පිළිබඳව ලියැවුන පැරණිතම ලිඛිත මූලාශ්‍රය ලෙස සැළකෙන 1564 දී ගාබ්‍රිෙල් පැපිලෝ විසින් රචිත ලේඛනය.එවක පැවති උපදංශය නැමැති ලිංගාශ්‍රිතව බෝවන රෝගයට පිළිමක් ලෙස මෙය ඉදිරිපත් කැරිණි19 වන සියවසයට පෙර[සංස්කරණය]ඉතා ඈත අතීතයේ දී පවා අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීම සදහා උපත් පාලන කොපු භාවිත කර ඇතිබව ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් තර්ක කරති.[6] අතීත ඊජිත්තුව ග්‍රීසිය සහ රෝමය යන ශිෂ්ටාචාරවල ගැබ් ගැනීම් වැළැක්වීම සදහා උපාංගයක් භාවිත කරඇත.[7] 15 වන සියවසට පෙර ආසියාවේ ජනයාද ගැබ්ගැනීම් වැළැක්වීම සදහා ලිංගික සංසර්ගයේ දී පුරුෂ ලිංගය ආවරණය වනසේ තෙල් ගැල |
්වූ සිල්ක් දෙරි කැබැල්ලක් සත්ව අතුණුබහනුවක කොටසක් ඉබි කටුවකින් හෝ සත්ව අගකින් සකසාගත් උපාංගයක් භාවිත කරඇත.[8]16 වන සියවස දී ගැබ්‍රිලේ ෆැලෝපියෝ නම් ඉතාලි ජාතිකයා මුල්වරට උපදංශය පිළිබද පොතක් ලිවීය.[4] උපදංශය පිළිබද මුල් ලියමනක් 1490 දී ලියැවී ඇති එහි දැක්වෙන ආතාරයට ඇතමුන් මෙම රෝගයෙන් මියගිය බවත් දැක්වේ.[9][10] ෆැලෝපියෝගේ මෙම කෘතිය මුල්ම උපත් පාලන කොපු භාවිතය පිළිබදව ලියැවුන කෘතියයි.මෙම කෘතියේදී ලිනන් වලින් සෑදූ කොපුවක් රසායනික ද්‍රව්‍යයක ගිල්වා වේලෙන්නට තබා එම කොපුවෙන් ශිශ්නය ආවරණය කරගෙන සංසර්ගයේ යෙදීම සිදුකලයුතු බව පෙන්වාදී ඇත.එමගින් උපදංශය බෝවීම වළක්වාගත හැකිබවත් පෙන්වා දෙයි.මේ සමග ලිංගිකව සංප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට ශීශ්නය ආවරණය වනසේ සැකසුන විවිධ නිර්මාණයන් යුරෝපය පුරා බිහිවිය.මෙමගින් ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීමට හා අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීමට ඔවුන්ට හැකිවිය.පසුව මෙම උපත් පාලන ක්‍රම වළට විරුද්ධව ආගමික සංවිධාන ක්‍රියාත්මකවිය.මෙම ආගමික මැදිහත්වීම් මගින් ඇතිවූ විරෝධය ප්‍රබල බලපෑමක් එවක යුරෝපා සමාජයට ඇතිවිය.දඩුවම දෝෂාරෝපණය පරිභවය යන අදහස දෙන condemn යන වචනයෙන් condom යන වචනය |
බිහිවිය.රෙදි වලින් සෑදූ උපත් පාලන කොපු භාවිතය නිසා සත්ව අතුනු බහන් වලින් නිෂ්පාදනය කළ කොපු භාවිතයෙන් ඉවත්විය.දහසයවන සියවසයේදී සම්වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු හඳුන්වා දුන්හ.රෙදි වලින් සැකසූ උපත් පාලන කොපු මුළු ශිශ්නයම අවරණය කලහැකි සේ සකසා තිබිණ.මෙම උපත් පාලන කොපු මගින් ගැබ්ගැනීම වළැක්වීම හා අනාචාරයන් සිදු කිරීමට නොබියව ඉදිරිපත්වීමේ හැකියාවත් ආගමික සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.තවද එකල පැවති උපත් පාලන කොපුවල පැවති දුර්වලතා නිසා ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය එමගින් සම්පූර්ණයෙන්ම පාලනය කරගත නොහැකිබව වෛද්‍යවරු පෙන්වා දුන්හ.18වන සියවසයෙන් පසු උපත් පාලන කොපු භාවිතය හා සම්බන්ද වෙළඳපොළ සීඝ්‍රයෙන් වර්ධනය විය.රසායනික ද්‍රව්‍ය පෙඟවා රෙදි වලින් සැකසූ උපත් පාලන කොපු විවිධ වර්ණයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් වෙළඳපොළට පැමිණියේය.මෙයට යුරේපය පුරා පැවති වඩවසම් පාලනය බිඳවැටී ධනවාදී අර්ථ ක්‍රමය බිහිවීමත්.ආගම අභිබව විද්‍යාව මුල්තැන ගැනීමත් නිසා සිදුවිය.පසුව මෙම උපත් පාලන කොපු ඇමරිකාව හා වෙනත් ධනවත් රටවල් කරාද ව්‍යාප්තවිය.මධ්‍යම හා ඉහළ පැලැන්තිවල ජනයාගෙන් මේවාට හොද ඉල්ලුමක් ලැබිණ.කෙසේ වෙතත් ඉහළ හා මධ්‍යම පාන්ත |
ික ජනයා අතර ලිංගිකව පැතිරෙන රෝග ව්‍යාප්තිය අඩු උවද ඊට සාපේක්ෂව පහළ පංතිවල ජනයා අතර රෝග ව්‍යාප්තීන් පෙර පරිදි සිදුවිය1800 සිට 1920 දක්වා[සංස්කරණය]දහනමවන සියවසයේදී ප්‍රථම වරට දුප්පත් ජනයා අතරද උපත් පාලන කොපු ජනප්‍රිය කිරීමට කටයුතු කරන ලදී.මෙහිදී වැඩි අවධානය යොමුවූයේ උපත් පාලනය සදහාය.මෙක ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති කාලයකි. ඇතැම් ස්ත්‍රිවාදීන් මෙය පුරුෂයන්ට පමණක් පළදින උපත් පාලන ක්‍රමයක් බවින් ඒ ගැන සැකමුසු අදහස් පළකලෝය.පුරුෂයන් පළදින උපත් පාලන කොපු වෙනුවට ස්ත්‍රීන් සදහා භාවිත කලහැකි ශ්‍රක්‍රාණු නාශක උපක්‍රම හදුන්වා දියයුතු බව ඔවුන් තර්ක කළහ.එසේම උපත් පාලන කොපුව වරක් භාවිත කලපසු එය ඉවත් කිරීමට සිදුවේ.නැවන නැවන භාවිත කල නොහැක..එහෙත් ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට ඉතා හොද ප්‍රතිකර්මයකි.ඇතැම් රටවල් උපත් පාලන ක්‍රම පිළිබද විවිධ කීතිරීති පනවන ලදී.උපත් පාලන කොපු මහජනයා අතර ජනප්‍රිය කිරීමට විවිධ පියවර ගන්නා ලදී.ඇමරිකාව හා යුරෝපා රටවල නිවසේදීම සාදාගතහැකි උපත් පාලන කොපු පිළිබද දැනුවත් කළහ.ඇමරිකානු සිවිල් යුද්ධ සමය ආරම්භවීමත් සමග රටපුරා ලිංගික රෝග පිළිබද දැනුවත් කිරීම් වැඩිවිය |
.පළමු වරට ලිංගික ආධ්‍යාපනය සදහා පොදු පාසැල් තුල පංති ඇරඹීය.මෙමගින් ලිංගිකව සංප්‍රේෂණයවන රෝග පිළබදව දැනුමක් දබාදුන්හ.මෙමගින් උපත් පාලන කොපු ප්‍රවර්ධනයක් සිදු නොකල අතර බහු සහකරු සේවනය ප්‍රතික්ෂේප කිරීමට උපදෙස් දුන්හ.එක් අයකු සමග පමණක් ලිංගිකව එක්වීම සුදුසු බව පෙන්වා දුන්හ.ලිංගික අනාචාරයට විරුද්ධව දැඩි දඩුවම් දුන්හ.උපදංශ රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇතැම් රෝහල් ප්‍රතික්ෂේප කළහ.කෙසේ වෙතත් මෙම ක්‍රමය එතරම් සාර්ථක විසදුමක් නොවීය.අවසානයේ ඇමරිකාවටද විසිවන සියවසයෙන් පසු උපත් පාලන කොපු භාවිතයේ වැදගත්කම අවබෝධවිය.ඔවුන් විසිවන ශතවර්ෂයේ පටන් උපත් පාලන කොපු වලට යොමුවීම සිදුවිය.පළමු වරට උපත් පාලන කොපු ලිංගිකව සංප්‍රේෂණයවන රෝග වැළැක්වීමට යොදා ගත්තේ ජර්මානු හමුදාව විසිණි.පසුව පළමුවන ලෝක යුධ සමයෙදී සෑම බටහිර යුරෝපා ජාතීන්ම ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග වැළැක්වීමට උපත් පාලන කොපු භාවිතය සිදු කළහ.මෙමගින් ලිංගික රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීමට ඔවුන්ට හැකිවිය.රබර් උපත් පාලන කොපු[සංස්කරණය]1839 දී චාර්ස් ගුඩ්යර් නම් විද්‍යාඥයා විසින් ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන ආකාරය සොයාහත්තේය.මෙම රබර් වලට තවදුරටත් තාපය ලබාදීමෙන් ඒවා |
මෘදු හා ඇදෙනසුසු බවට පත්කළහැකි බව සොයාගත්හ.මෙම සොයාගැනීම් රබර් උපත් පාලන කොපු නිපදවීමට පදනම සැකසීය.මීට පෙර පැවති බැටළු අතුණු බහන්වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු වලට වඩා උසස් නිමාවුමක් ලෙස මෙය වෙළද පොලට ඉදිරිපත් කරන ලදී.මෙම රබර් උපත් පාලන කොපු සතු ඇදෙන සුළු බව නිසා ශිශ්නයේ ප්‍රමාණයට අනුවම උපත් පාලන කොපු තොරා ගැනීම අනවශ්‍ය විය.මේවා ඉක්මනින් ඉරීයෑමක්ද සිදු නොවුනි.1855 දී මුල්වරට රබර් වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු වෙළදපලට ඉදිරිපත් කැරිණි.මුල් යුගයේ වෙළද පොළට පැමිනි මෙම උපත් පාලන කොපු තරමක් ඝනකමින් වැඩිවිය.රබර් මුදුවද තදින් වැඩිවිය.එමනිසා මෙම උපත් පාලන කොපු භාවිත කිරීමේදී අපහසුතා ඇතිවන බව පැමිණිලි ලැබිණ.පසුව මෙම උපත් පාලන කොපු මෘදුව හා ශක්තිමත්ව නිපදවීමට හැකිවිය.මුල් යුගයේදී උපත් පාලන කොපු නිපදවීම කම්කරුවන් විසින් සිදු කලද පසුව මේ සදහා ස්වංක්‍රීය යන්ත්‍ර නිර්මාණය කැරිණි.1930 සිට අද දක්වා[සංස්කරණය]දෙවන ලෝක යුද සමයේදී බහුවල පැතිරී ගිය සුදු බිංදුම (ගොනෝරියාව) හා උපදංශය වළක්වා ගැනීම සදහා උපත් පාලන කොපු ජනප්‍රිය කරවීමට රාජ්‍යයන් පියවර ගත්හ.පුවත්පත් දැන්වීම්,දේශන,චිත්‍රපට ආදිය මේ සදහා යොදාගත |
්හ.ලෝක යුධ සමයෙන් පසු උපත් පාලන ක්‍රමයක් ලෙස මේවා භාවිතය ඉහල ගියේය.කෙසේ වෙතත් 1960 වසරෙන් පමණ පසුව උපත් පාලන පෙති වඩා ජනප්‍රියවීම සිදුවිය.එහෙත් උපත් පාලන කොපු දෙවන ප්‍රධානතම උපත් පාලන ක්‍රමය ලෙස තවදුරටත් පැවතිණ.ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලද උපත් පාලන කොපු ජනප්‍රිය කිරීමට පියවර ගත්හ.ජනගහන වර්ධනය ඉතා වැඩි සංවර්ධනය වෙමින් පවතින රටවල් පවුල් සැළසුම් ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතය සිදු කළහ.1980 දශකය වනවිට එඩ්ස් රෝගය ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඇරඹී තිබිණ.මෙම රෝගය ව්‍යාප්තිය වැළැක්වීමට ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස උපත් පාලන කොපු යොදාගතහැකිබව පර්යේෂකයන් පෙන්වාදුන්හ.මෙම මාරාන්තික රෝග ව්‍යාප්තිය හමුවේ ආගමික මතවාද තුල ගිලී සිටි සංස්කෘතීන් පවා උපත් පාලන කොපු භාවිතයේ වැදගත්කම හදුනාගත්හ.මාරාන්තික එ්ඩ්ස් ව්‍යාප්තිය පාලනය කරගැනීමට උපත් පාලන කොපු භාවිතය ඉතා හොද රුකුලක්විය.සෞඛ්‍යමය භාවිතයන්[සංස්කරණය]උපත් පාලනය[සංස්කරණය]උපත් පාලනය සදහා ඉතා සාර්ථක හා ආරක්ෂාකාරී හා සෞඛමය අවදානම් අඩු ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු යොදාගත හැකිය.සංසර්ගයේදී ශිශ්නයෙන් පිටවන ශුක්‍රා |
ණු යෝනි මාර්ගයට ගමන් කිරීම වැළැක්වීම මගින් ගැබ් ගැනීම් වැළැක්වීම මෙහිදී සිදුවේ.ජනගහණය වර්ධනය සීමා කිරීම, අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම,පවුල් සැළසුම් ක්‍රමයක් ලෙස හා අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු යොදා ගනී.ලිංගික රෝග[සංස්කරණය]උපත් පාලන කොපු භාවිතය මගින් ලිංගික රෝග බොහෝමයක් ව්‍යප්තවීම වළක්වා ගත හැකිය.ඒ අතර මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය,මානව පැපිලෝමා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම ලිංගික ඉන්නන්,සුදු බිංදුම,උපදංශය,ලැමිඩියා,හර්ෆිස් වැනි බොහෝ ලිංගික රෝග රැසකින් ආරක්ෂාවීමට උපත් පාලන කොපු පැළඳීම මගින් සිදුකලහැක.වර්ගීකරණය[සංස්කරණය]සමාජය හා සංස්කෘතිය[සංස්කරණය]පර්යේෂණ[සංස්කරණය]මූලාශ්‍ර[සංස්කරණය]↑ "Male Condom". Feminist Women's Health Center. October 18, 2007. සම්ප්‍රවේශය 2007-11-19.↑ "Condom". Planned Parenthood. 2004. සම්ප්‍රවේශය 2007-11-19. {{cite web}}: Unknown parameter |month= ignored (help)↑ Hatcher, RA (2000). Contraceptive Technology (18th Edition ed.). New York: Ardent Media. ISBN 0-9664902-6-6. 2008-05-31 දින මුල් පිටපත වෙතින් සංර |
ක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-01. {{cite book}}: |edition= has extra text (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)↑ 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;collierFallopio නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Collier, pp.173-174↑ Collier, p.11↑ Collier, pp.17,23↑ Collier, pp.60-61↑ Oriel, J.D. (1994). The Scars of Venus: A History of Venereology. London: Springer-Verlag. ISBN 0-387-19844-X.↑ Diamond, Jared (1997). Guns, Germs and Steel. New York: W.W. Norton. p. 210. ISBN 0-393-03891-2.Cascading Style Sheets (CSS)CSS3_logo_and_wordmark.svgදිගුව.cssඅන්තර්ජාල මාධ්‍ය වර්ගයtext/cssසමරූපි වර්ග හඳුන්වනයpublic.cssප්‍රථම නිකුත් කිරීමදෙසැම්බර් 17, 1996; වසර 27 කට පෙර (1996-12-17)අවසාන නිකුත් කිරීමCSS 2.1 : Level 2 Revision 1 / අප්‍රේල් 12, 2016; වසර 7 කට පෙර (2016-04-12)ආකෘතියේ වර්ගයStyle sheet languageවෙබ් අඩවියw3.org/TR/CSS/සංයුක්ත සැරසුම් පිටු (ඉංග්‍රීසි: CSS-cascading style sheets) ලෙස හඳුන්වා දුන් අතර වෙබ් පි |
ටුවක අන්තර්ගත කොටස් (HTML Elements) කෙසේ දිස්විය යුතු දැයි වෙබ් බ්‍රව්සරයට උපදෙස් ලබා දීම මෙම දත්ත ගොනුව(file එක) මහින් සිදු කරනු ලැබේ.අධිකාරී පාලනය: ජාතික පුස්තකාල SpainFrance (data)GermanyIsraelUnited StatesCzech Republicවින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගොනුව:Windows Live Movie Maker logo.pngගොනුව:Windows Live Movie Maker.pngවින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාසංවර්ධක(යෝ)මයික්‍රෝසොෆ්ට්ස්ථායි නිකුතුව2011 (Build 15.4.3508.1109) / දෙසැම්බර් 1, 2010; වසර 13 කට පෙර (2010-12-01)මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7, වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් සර්වර් 2008 R2වර්ගයදෘශ්‍ය සංස්කරණ මෘදුකාංගබලපත්‍රයහිමිකාර මෘදුකාංගවෙබ් අඩවියhttp://download.live.com/moviemakerවින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා (සංකේත නාමය Sundance) යනු වීඩියෝ සාදන/සංස්කරණය කරන වැඩසටහනක් වන අතර මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සජීව මුල් පිරීම් වලද කොටසකි. මෙය දැනට වින්ඩෝස් විස්ටා හී අඩංගු වන වින්ඩෝස් චිත්‍රපට සාදන්නා ප්‍රතිස්ථාපනය කිරීමට බලාපොරොත්තු වූවකි.ඉතිහාසය[සංස්කරණය]අනුවාදය 2009 (තරංගය 3)[සංස්කරණය]අනුවාදය 2011 (ත |
රංගය 4)[සංස්කරණය]මේවාද බලන්න[සංස්කරණය]වින්ඩෝස් සජීවවින්ඩෝස් චිත්‍රපට සාදන්නාවින්ඩෝස් සජීව ඡායා ප්‍රදර්ශනයදෘෂ්‍ය සංස්කරණ මෘදුකාංග සැසදුමවින්ඩෝස් සජීව අත්‍යවශ්‍යාංගවිමර්ශණ[සංස්කරණය]බාහිර සැබැදි[සංස්කරණය]වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ අවපතන පිටුවවින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ තොරතුරු සහ සම්පත් සංරක්ෂණය කළ පිටපත 2011-02-02 at the Wayback Machineවින්ඩෝස් සජීව ඡායා සහ දෘෂ්‍ය Blog - නිල වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ සමූහ blogවින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ සංසදය සංරක්ෂණය කළ පිටපත 2010-12-30 at the Wayback MachineRepublic of Ecuadorරෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් (ස්පාඤ්ඤ)කොඩියCoat of armsඋද්යෝග පාඨය: "Dios, patria y libertad" (ස්පාඤ්ඤ)"Pro Deo, Patria et Libertate" සැකිල්ල:La icon"God, homeland and liberty"ජාතික ගීය: Salve, Oh Patria (ස්පාඤ්ඤ)Hail, Oh FatherlandඅගනුවරQuitoවිශාලතම නගරයGuayaquilනිල භාෂා(ව)Spanish1ජාති නාම(ය)EcuadorianEcuadorean[1]රජයUnitary presidential republic• President Rafael Correa• Vice President Lenín MorenoIndependence• declared August 1 |
0, 1809• from ස්පාඤ්ඤය May 24, 1822• from Gran Colombia May 13, 1830• Recognized by ස්පාඤ්ඤය February 16, 1830වර්ග ප්‍රමාණය• සම්පූර්ණ272,046 (with[convert: unknown unit] (75th)• ජලය (%)5ජනගහණය• 2010 ඇස්තමේන්තුව14,790,608[2] (65th)• 2010 ජන සංගණනය14,306,876[3]• ඝණත්වය53.8/km2 (139.3/sq mi) (151st)දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව• සම්පූර්ණ$119.963 billion[4]• ඒක පුද්ගල$8,327[4]දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව• සම්පූර්ණ$64,831 billion[4]• ඒක පුද්ගල$4,921[4]ගිනි42මධ්‍යමමාසද (2010) 0.695[5]දෝෂය: අනීතික HDI අගය · 77thව්‍යවහාර මුදලU.S. dollar2 (USD)වේලා කලාපයUTC−5, −6 (ECT, GALT)රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය+593අන්තර්ජාල TLD.ecQuechua and other Amerindian languages spoken by indigenous communities.Sucre until 2000, followed by the U.S. dollar and Ecuadorian centavo coinsනිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය (i/ˈɛkwədɔr/ E-kwə-dawr) දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට ශාන |
්තිකර සාගරයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ඓතිහාසික කේන්ද්‍රයක් වන න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.මූලාශ්‍ර[සංස්කරණය]↑ Ecuador entry at MW.com↑ Department of Economic and Social |
AffairsPopulation Division (2009). [_text_tables.pdf "World Population Prospects, Table A.1"] (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Check |url= value (help); Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)↑ Preliminary result of Ecuadorian census held on 28 November 2010.↑ 4.0 4.1 4.2 4.3 "Ecuador". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;HDI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිඉන්කන් කුයිපුවක නියෝජනයඉන්කා විකාශනය[සංස්කරණය]ඉන්කාවරු ක්‍රි.ව. 12 වන සියවසේ දී කස්(z)කො (Cuzco) ප්‍රදේශය පුරා, කිල්කේ( Killke) සංස්කෘතික ගෝත්‍රයක් ලෙස ආරම්භ විණි. මැන්කො කැප්ක්හි නායකයා යටතේ ඔවුන් කස්(z)කෝහි (Quechua Qosqo) කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි.ක්‍රි.ව. 1438 දී පැචාකුටි (Pachacuti) නමින් හැදින්වූ සපා ඉන්කා (Sapa Inca) නායකයා යටතේ (ඔහුගේ නමේ අර්ථය - භූමි ආරක්ෂකයා), ඔවුන් දකුණු පේරු ප්‍රදේශයට සංක්‍රමණය විය. |
ඉන්පසු ඔහු විසින් නැවතත් කස්(z)කො ප්‍රධාන නගරයක් සහ අධිරාජ්‍යයේ අගනුවර ලෙසට ගොඩනඟන ලදි.Cuzco බල කොටුවේ අධිරාජ්‍යයා ලෙස පැචාකුටි කටයුතු කළබව පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. තහුන්ටින්සුයා (Thahuantinsuya) ප්‍රදේශය, ප්‍රාදේශිය නායකයන් හතර දෙනෙකුගේ නායකත්වයෙන් මධ්‍යම රජය යටතේ පාලනය වුණි. ප්‍රාදේශිය නායකයන් හතර දෙනා චින්චාසුයු (Chinchasuyu) (NW), ඇන්ටිසුයු (Antisuyu) (NE), කොන්ටිසුයු (Contisuya) (SW) සහ කොල්ලසුයු(Collasuyu) (SE) නම් විය. පැචාකුටි (Pachacuti) නගර වැසියන් පික්ච් හා කෑම්ප්ඩේවිඩ් නම් ගෘහ නිවාස හා කූඩාරම් ඉදිකළහපැවාකුටි විසින් තම පාලන ප්‍රදේශය හා ඒ අවට භූමි භාගයන්හි දේශපාලන, යුධමය වටිනාකමින් යුතු තොරතුරු දැනගැනීමට, ඔත්තුකරුවන් යොදවනු ලැබීය. තවද ඔහු විසින් අවට රාජධානීන්හි ප්‍රධානීන් වෙත පණිවිඩ යවමින්, නව රාජධානියට සහයෝගය දැක්වීමෙන් ඔවුන්ට පිරිනැමෙන තනතුරු හා වරප්‍රසාද පිළිබදව සැළකර සිටියේය.තවද ඔහු එම රාජධානින් වෙත තම දියණියන් සරණ පාවා දීම වැනි උපක්‍රම මඟින් අන්තර් රාජ්‍යය සම්බන්ධතා වර්ධනය කර ගත්තේය.ඉන් පසු ඉන්කා සම්ප්‍රදායට අනුව ක්‍රි.ව. 1463 දී ඔහුගේ පුතා න |
ායකත්වයට පත් විණි.සමාජ ව්‍යුහය[සංස්කරණය]ඉන්කාවරු විශේෂ ග්‍රෝත්‍ර තුනකට බෙදී තිබුණි. ඒවා නම් උසස් පන්තිය (ප්‍රභූවරු), පහත් පන්තිය හා වහල්ලු (යනාස්) ය. යුධ සිරකරුවන් හා වහලුන්ගේ ළමුන්ද ඇතුළත් වූයේ වහලුන් ගණයටමය. පහත් පන්තියට බොහෝ විට අයත්වූයේ ගොවියන්ය. කිසියම් විශේෂ ක්‍රියාවක් සිදුකළ හමුදා සෙබළෙකුට හෝ කළාකාරයෙකුට වසරකට හෝ ඊට වඩා විශිෂ්ඨ ක්‍රියාවක් තවකෙක් කරන තෙක් හෝ ප්‍රභූ භාවය හිමි විය. ප්‍රභූ භාවය ලැබිය හැකි තවත් ක්‍රමයක් විය. එය නම් අධිරාජ්‍යයට කැමැත්තෙන්ම සම්බන්ධ වීමට කැමති කුරාකා (ගම් ප්‍රධානියා ) කෙනෙක් බවට පත් වීමයි. ඔහුගේ සහකරුවන්ට ඉන්කාවරු වීමට හැකි වූ අතර ඔහු තම තනතුරු ආරක්ෂාකර ගැනීමට පරිස්සම් විය. නමුත් එලෙස ප්‍රභූ භාවය හිමිවූවන්ට කිසිදිනක රාජකීය ප්‍රභූත්වය (රුධිරයෙන් ප්‍රභූ බව ලැබීම) හිමි වූවන්ට මෙන් සැලකිලි බලාපොරොත්තු විය නොහැකි වූ අතර ඔවුනොවුන් අතර විවාහ පවා සිදු වුණේ නැත. ඉන්කාවරු මෙම කාරණයේදී ඉතා ඍජු වූ අතර ඒවා අත් හැරියේ නැත. ඔලන්ටේ නම් වූ මෙම විශේෂිත කාරණය ගැන කියවෙන පුරාවෘත්තයක් ඇත. ඔලන්ටේ පුරාවෘත්තය[සංස්කරණය]සුසී සෝලර් (ඉන්කා පච්චකුටෙක්ගේ දියණිය ) නම් වූ කුමර |
ිය හොර රහසේ , ඔලන්ටේ නම් වූ තාවකාලික ලෙස ප්‍රභූත්වය ලැබූ පුද්ගලයෙකු සමග විවාහ වූවාය. කාලය ගත වූයේය. මේ අතර දිනක් ඔලන්ටේ සුසී සෝලර්ගේ අත ඉල්ලා නිර්භීතව පැමිණියේය. ඉන්පසු ඉන්කා පච්චකුටෙක් තම දියණිය අක්ලවාසියක (ස්ත්‍රී මඩමක) සිර කොට තැබීය. ඔහු ඔලන්ටේ තම දියණියගේ සැමියා ලෙස භාර නොගත්තේය. ඒ ඔහු ලෙයින්ම ප්‍රභූවරයෙක් නොවූ නිසාය. මීට ප්‍රතිචාර වශයෙන් ඔලන්ටේ තම පිරිසද රැස්කර ගෙන ඔලන්ටේ ටැම්බෝ ලෙස පසු කලෙක හැඳින්වුණූ බලකොටුවක් උරුබම්බා මිටියාවතේ පවත්වාගෙන ඉන්කාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්ව සිටියේය. මෙය දැනගත් පච්චකුටෙක් ඔහුව පරාද කිරීමට රුම් නහුයි(ක්වෙචුවායි හි ශෛලමය නේත) යැව්වේය. නමුත් ඔලන්ටේගේ වසර 10 ක් පුරා පැවති රෞද්‍ර කෝධය හමුවේ ඔහු පරාද විය. මේ අතර වාරයේ සුසී සෝලර් ඔලන්ටේගේ දියණියට උපත දුන්නාය. ඇය නමින් ඉමැක් සුමැක් විය. කාලයේ ඇවෑමෙන් පච්චකුටෙක් මරණයට පත් වූයේය. රුමි නහුයි තමා පරාජිතයෙක් බව තේරුම් ගත්තේය. ඔහු සැලැස්මක් කල්පනා කළේය. මේ අතර ඉන්ටි රයිමි උත්සව ආරම්භ විය. මෙම උත්සව අතරතුර ඔලන්ටේගේ සොල්දාදුවන් මත් පැන් බිව් වරදට ඔලන්ටේ සිර කරුවෙක් ලෙස ගෙන යන ලදී. ඔහු නව ඉන්කා ටු පැක් යුපා |
න්කුයි වෙත ගෙන යන ලදී. ඔහු තම පියාගේ හා සහෝදරියගේ කතාව අසා තිබුණි. එක්විටම ඉමා සුමැක් එතැනට පැමිණි අතර ඇගේ මව වෙනුවෙන් යාඥා කරන්නට විය. එම කතාවලට සවන් දීමෙන් අනතුරුව ටු පැක් යුපාන්කුයි සුසී සෝලර් හට ඔලන්ටේ හා විවාහ වීමට අවසර දුණි. ඔලන්ටේ බොහෝ යුද්ධ මෙහෙය වූ තම දරුවන් ගැන ආඩම්බරයෙන් සිටි මිනිසෙක් විය. තම සොල්දාදුවන් වෙනුවෙන් සිරගෙට යාමට තරම් යහපත් මනුෂ්‍යයෙක් වූ බව සිහිකල යුතුය. අධ්‍යාපනය[සංස්කරණය]ඉන්කාවරු කුයිපු හෙවත් ගැට ගසන ගසන ලද නූල් , ගණනය කිරීම්වලට හා ජන සංඛ්‍යානයට යොදා ගත්හ. දැනට ඉතිරිව ඇති කුයිපුවල , අංකන දත්ත පෙනෙන්නට ඇත. සමහර ඉලක්කම් යමක් මතක තබා ගැනීමේ ලේබල වශයෙන් යොදා ගෙන ඇත. කුයිපුවල වර්ණ , අවකාශ හා ව්‍යුහ වෙනස් කරමින් පණිවිඩ ලබා දීමද සිදු කර ඇත. සංඥා ක්‍රමයට ලියවුණු නැතහොත් අංක රහිත පණිවුඩ තේරුම් ගත්තේ කෙසේදැයි යන්න තවම පැහැදිලි නැත. සමහර සිසුන් කුයිපු වාර්තා කළ භාෂාව සොයා ගැනීමට තවම වෙහෙසෙති. තම සංස්කෘතියේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඉන්කාවරු බොහෝ විට පණිවිඩ යැවීම කළේ මුඛ්‍ය සන්නිවේදන ක්‍රමයකටය. ඉන්කා අධ්‍යාපනය විශේෂ වර්ග දෙකකට බෙදී පැවතුණි. ඒවා නම් |
වෘත්තීය අධ්‍යාපනය (පොදුවේ ඉන්කාවරුන් සඳහා ) සහ විධිමත් පුහුණු කරවීම (ප්‍රභූන් සඳහා ) ය.ආගම[සංස්කරණය]ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්‍රධාන දෙවියා විය. අධිරාජ්‍යයේ ප්‍රවේණි පාලක නාමය වූ සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තාලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.ඉන්කා - සොයාගැනීම[සංස්කරණය]ඉන්කාහල් වැඩ ගැන විස්තරගණිත ශාස්ත්‍රය හා තාරකා විද්‍යාව[සංස්කරණය]කියුපු යනු වැදගත් ඉන්කා තාක්ෂණයකි. එය ගැට සහිත තන්තුවක් එකලස් කරන්නාක් මෙන් තොරතුරු සටහන් කරගන්නට යොදා ගත්තේය.මේ පිළිබදව පර්යේෂණවල නියැළි පුරාවිද්‍යාඥයින් ගේ අදහස වූයේ ස්මරතා උපකරණ ලෙස හෝ ගණිත දත්ත සටහන් කිරීමට කියුපු භාවිත කරන්නට ඇත කියාය .ඉන්කා වෛද්‍ය විද්‍යාව ගැන බොහෝ සොයාගැනීම් සිදුකළ ඔවුන්ට සාර්ථකව හිස්කබල් ආශ්‍රිත ශල්‍යකර්මද සිදුකිරීමට හා හිස්කබලේ කුහර කැපීමට, හිස්කබලේ තුවාල වල පීඩනය නිදහස් කිරීමට එම තාක්ෂණය භාවිතකළ හැකිබව පෙනුණි.ඉන්කාවරු කොකා පත්‍ර භාවිතා කර බඩ ගින්න හා වේදනාව තුනී කරගත්තෝය. එම ශාක විශේෂ දැනුත් අන්දීස් පෙදෙස්වල තිබේ. ඉන්කා පණිවිඩකරුවන් කොකා පත්‍ර විකා රාජධානිය වටා ද |
ුවමින් පණිවිඩ බෙදාහරින්නට අමතර ශක්තියක් ලබා ගත්හ.යුධ හා යුධ කටයුතු[සංස්කරණය]එම ප්‍රදේශවල විසූ ඉන්කාවරු නිරතුරුවම අනෙකුත් ජාතීන් සමඟ යුද වැදුනහ. තවද ඔවුන් ඒ අවස්ථාවන්හි ආයුධ භාවිතා කළහ.ඉන්කා හමුදාව යනු එකල එම ප්‍රදේශවල විසූ ශක්තිමත්ම හමුදාවයි. එයට හේතුවූයේ සාමාන්‍ය මිනිසුන්ව හා ගොවීන්ව යුද්ධයට සුදානම් කර හමුදා සොල්දාදුවන් බවට පත්කිරීමට ඔවුන් සතු වූ දක්ෂතාවයයි. එකදු අවස්ථාවක් හෝ සෑම පිරිමි ඉන්කා වරයෙකුටම යුද්ධයේ කොටස් කරුවකු බවට පත්වන්නට සිදුවිණි. තවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී යුද වැදීමට සුදානමින් සිටීමටද ඉන්කාවරුනට සිදු වුණි.ඉන්කා කබායස්මාරක ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]සිය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවේ පැවති මෝස්තර මැටි භාණ්ඩවල සහ රෙදිපිළිවල පිළිබිඹු කළ ඉන්කා කලා ශිල්පයන්හි බොහෝදුරට ඉතාමත් වැදගත් වුයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඉන් ප්‍රධානතම උදාහරණය වනුයේ ප්‍රධාන නගරය වන ‘කුස්කෝ’ ය. ‘මාචු-පීචු’ හි සිත් ඇදගන්නා දර්ශණය නිර්මාණය කරනු ලැබුයේ ඉන්කා ඉන්ගිනේරුවන් විසිනි. ඉන්කාවරුන් ඉදිකළ ගල් විහාරවල ගඩොල්වලින් තොර නිර්මාණ ක්‍රමයක් යොදාගත් අතර ඒවා එකිනෙකට කෙතරම් හොනදීන් සම්බන්ධ ව |
ී ද යත් ඒවායේ ගල් අතරින් පිහිතලයක් ඇතුළුකිරිමට වුව ද නොහැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් මහා පරිමාණයෙන් යොදාගනු ලැබුයේ ටිටිකාකා විලෙන් දකුණෙහි පුකාරා (ක්‍රි.පු_ 300 සිට ක්‍රි. වර්ෂ 300 දක්වා) හි විසු ජනතාව විසිනි. පසු කාලයේ දී දැනු බොලිවියාව ලෙස හැදින්වෙන ටිවානකු (ක්‍රි.ව 400-1100) නම් මහා නගරයෙහි ද එය යොදාගෙන ඇත. නිර්මාණයෙහි දී යොදාගත් ගල් එකිනෙකට නිශ්චිතවම සවිවීම සදහා කැටයම් කරන ලද අතර එය සිදු කරන ලද්දේ එක් ගලක් තවත් ගලක් මතට පුන පුනා පහත හෙළමින් දුවිලි එකතු වී තිබුණු පහත පිහිටි ගල මතුයෙහි කොටස් කපා ඉවත් කිරිමෙනි. දැඩි ලෙස එකිනෙකට බැඳීම හා පහත පිහිටි ගල්වල අවතල භාවය ඒවා අසාමාන්‍ය ලෙස ස්ථාවර කිරිමට සමත් විය.පිඟන් කර්මාන්තය, වටිනා ලෝහමය කෘතින් හා රෙදිපිළි[සංස්කරණය]අධිරාජ්‍යය තුළ සියළුම රන් හා රිදී කෘතින් ආක්‍රමණිකයන් විසින් ද්‍රව බවට පත් කරන ලදී. පිඟන් භාණ්ඩ කුරුල්ලන්, තරංග, බළල් වර්ගයන් හා ජ්‍යාමිතික හැඩ රූ වැනි විවිධ මෝස්තර යොදා පින්තාරු කළහ. ඒ අතරින් ඉතාම කැපී පෙනන ඉන්කා පිඟන් භාණ්ඩයන් වනුයේ කුස්කෝ බෝතල හෝ ‘ඇරිබලෝස්’ ය. මෙම භාණ්ඩ බොහෝමයක් ලීමා හි ලාකෝ පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයේ |
සහ පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා ඉතිහාසය පිළිබද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත.සටහන්[සංස්කරණය]|Incas - Arts and technology|-References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Incas#Societyමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteColonelව්ලැඩිමීර් කොමාරෝව්කොමාරෝව්දේශීය නමВлади́мир Комаро́вඋපත16 මාර්තු 1927(1927-03-16)මොස්කව්, සෝවියට් සංගමයමිය යාම24 April 1967(1967-04-24) (වයස 40)Orenburg Oblast, Russian SFSR, සෝවියට් සංගමයජාතිකත්වයසෝවියට්රැකියාවඉංජිනේරුසම්මානHero of the Soviet Union (twice)Space careerCosmonautනිලයPolkovnik (equiv. Colonel), සෝවියට් ගුවන් හමුදාවඅභ්‍යවකාශගත කාලය2d 03h 04mතෝරාගැනීමAir Force Group 1මෙහෙයුම්Voskhod 1, Soyuz 1අත්සන1964 දී ව්ලාඩිමීර් මික්හායිලෝවිච්ට ගරු කිරීමට නිකුත් කළ තැපැල් මුද්දරයක්ව්ලැඩ්ටීර් මික්හායිලොවිච් කොමාරෝව් සෝවියට් අජටාකාශගාමියෙකි. ඔහු අභ්‍යාවකාශ මෙහෙයුමක දී මියගිය බව තහවුරු කෙරුණු පළමු මිනිසාය. ඒ සොයුස් මෙහෙයුමේ දීය. වරකට වඩා අභ්‍යවකාශයට ගිය පළමු සෝවියට් අභ්‍යවකාශ ගාමියා ද |
ඔහුය.ඔහු සෝවියට් අජටාකාශගාමියකු වීමට තෝරාගනු ලැබුවේ 1960 දී පළමු සෝවියට් අජටාකාශගාමී කණ්ඩායම සමඟය. වොස්ටොක් 4 දී පවෙල් පොපෝවිච්ගේ සහායකයා වීමෙන් අනතුරුව ඔහුගේ පළමු අජටාකාශ පියාසැරිය සිදුවූයේ වොස්ක්හොඩ් 1 මෙහෙයුමේ දීය.ඔහුගේ දෙවන පියාසැරිය වූ සෝයුස් 1 දී ඔහු ආපසු පැමිණීමේ දී පැරෂුටය ක්‍රියා විරහිත වී යානය කැබලි වීම නිසා මිය ගියේය.ගැටුමට මොහොතකට පෙර සෝවියට් පුරෝගාමී ඇලෙක්සි කොසිජින් කොමොරෝව්ට පැවසුයේ ඔහුගේ රට ඔහු පිළිබඳ ආඩම්බර වන බවය.ඉස්තාන්බුල්හි ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ සවන්දීම් ඒකකය පවසන පරිදි කොමාරෝව්ගේ පිළිතුර ඇසී නොමැත. නමුත් පැවති කටකතාවලින් පැවසෙන්නේ ඔහු අභ්‍යාවකාශ යානයේ සැලසුම්කරුවන්ට හා පාලකයන්ට ශාප කරමින් මිය ගිය බවයි. සත්‍ය කවරක් වුව ද, බටහිර ජර්මනියේ පටිගත කිරීම් මධ්‍යස්ථානයකින් කොමාරෝව්ගේ සංක්ෂිප්ත වදන් කිහිපයක් අඩංගු ටේප් පටියක් සෝවියට් අණ දීම් - මිණීම් මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන ලදුව පැවසෙන්නේ එහි “මරා දැමුවා” යන වචනය අඩංගු බවයි. එය කොමොරෝව්ගේ කැළඹුණ හා අපහැදිලි පණිවිඩ හුවමාරු සමඟ මුසු විය. එය පටිගත කිරීම අවසාන නැතහොත් අවසානයට කාක්ෂික කිහිපයකට පෙර සිදු කර ඇත. |
කොමාරෝව්, වැලන්ටීනා යකොව්ලෙව්නා කිසෙලියෝවා හා විවාහ වී සිටි අතර ඔවුන්ට යුව්ජෙනි හා ඉරිනා නම් දරුවන් දෙදෙනෙකු සිටියෝය.භාහිර සබැඳි[සංස්කරණය] ව්ලැඩිමීර් කොමාරෝව් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇතඅධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලUnited StatesLatviaPolandවෙනත්FASTIdRefක්ලේ සජීවිකරණයනැවතුම් චලිතය (හෝ රාමුවෙන් රාමුව) සජීවීකරණය යනු භෞතිකව පාලනය වන වස්තුවක් එය මගින්ම චලනය වන ලෙස පෙන්වන සජීවීකරණ තාක්ෂණික ක්‍රමයක් සඳහා වූ යෙදුමකි. වස්තුව චලනය කරනු ලබන්නේ වෙන් වශයෙන් ඡායාරූපගත කරන ලද ඉතා කුඩා කාල පරතර ඇති රාමු මගින් වන අතර අඛණ්ඩ අනුක්‍රමයක් ලෙස රාමු ශ්‍රේණිය ධාවනය වන විට එමගින් චලන මායාවක් ඇති කරයි. බොහෝ විට නැවතුම් චලිත සජීවීකරණයේ දී මැටි රූප භාවිතා කරන අතර ඒවා ක්ලේමේෂන් ලෙස හඳුන්වනු ලබයි. එලෙස මැටි රූප භාවිතා කරනු ලබන්නේ ඒවා පහසුවෙන් නැවත ස්ථානගත කළ හැකි බැවිනි. ස්ටොප් මෝෂන් ප්‍රෝ, istopmotion හා මංකි ජෑන් වැනි මෘදුකාංග යෙදූ මෙම තාක්ෂණික ක්‍රමය තරුණ චිත්‍රපටි නිර්මාණකරුවන් අතර ප්‍රචලිත කර ඇත.චලනය වන කාසියක නැවතුම් චලිතය.ඉතිහාසය[සංස්කරණය]නැවතුම් |
චලිතයට චිත්‍රපටයක ඉතිහාසයක් තරම්ම ඉතිහාසයක් ඇත. වස්තු සජීවිකරණය මෙහි පටන් ගැන්ම වන අතර ඊටපසු සෘජු මෙහෙයවීමේ සජීවිකරණය සිදු වු අතර එයට පසුව පිටු ගණනාවක අඳින ලද චිත්‍ර යොදා ගැනීමද සිදු විය. මෙය ඉක්මන් සම්ප්‍රදායික සජීවිකරණය බවට පත් වූ අතර, ක්ලෙ සජීවිකරණය, Pixilation, රූකඩ සජීවිකරණය හා කාල ප්‍රමාද සජීවිකරණය ඉන්පසු පිළිවෙලින් ගොඩ නැගුණු ඒවායි.මුල්ම නැවතුම් චලිත ක්‍රමෝපාය හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ඇල්බට් ස්මිත් හා ජේ. ස්ටුවට් බ්ලැක්ටන් ය. ඔවුන්ගේ හම්ල්ටි ඩම්ප්ටි සර්කස් නම් වූ කරණම්කරුවන් හා සතුන්ට පණ එන කථා වස්තුවක් රැගත් 1898 දී සිදු කළ චිත්‍රපටයේ ඔවුහු එම ක්‍රම යොදා ගත්හ.මුලින්ම සිදුකළ ක්ලේ සජීවිකරණයක් වුයේ, 1912 දී සිදුකල Modeling Extraordinary චිත්‍රපටයයි. 1916 දෙසැම්බර්හි දී විලී හොප්කින් (Willie Hopkin) ගේ කථාංග 54 ඇතුලත් Miracles in Mud සිනමාවට ආවේය. 1916 දී මුල්ම ගැහැණු සජීවිකාරකයා, හෙලේනා ස්මිත් ඩේටන් (Helena Smith Dayton) ක්ලේ සමඟ පර්යේෂණ සජීවිකරණය ඇරඹීය. 1917 දී ඇයගේ මුල්ම සජීවිකරණ චිත්‍රපටයේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් තිරගත විය. යුරෝපීයානු ජාතික නැවතුම් චලිත සජීවිකරණ |
පුරෝගාමියෙකි. Lady slaw Starewicz (1892 – 1962) ඔහු විසින් Beautiful Lukanida (1910), the battle of the stag beetles (1910) වැනි සජීවිකරණ චිත්‍රපට සිදු කළේය. Starewicz මුල්ම එකිනෙකට ඈඳුණ කථා නැවතුම් චලිත සජීවිකරණයෙන් හා රූකඩ ආධාරයෙන් චිත්‍රපට තැනු තැනැත්තා විය. ඔහු කෘමින් ගැන වාර්තාමය වැඩසටහන් නිපදවිය. ඔහුගේ ක්‍රම නැගෙනහිර යුරෝපයේ 1920 හා 1930 ගණන්වල යොදා ගත් අතර රූකඩ සඳහා ඉතා හොඳ සංස්කෘතික පසු බිමක් බිහි විය.Willis O’Brien (1996 – 1963) ඇමරිකානු නැවතුම් චලිත සජීවිකරණ පුරෝගාමියෙකි. ඔහුගේ ශිෂ්‍ය රේ හැරිහුසෙන් විශාල චිත්‍රපට සඛ්‍යාවක් සිදු කළ අතර, එයට ඔහු රූකඩ සජීවිකරණයේ තවත් හොඳ ආකාරයක් වූ මොඩල සජීවිකරණය යොදා ගත්තේය. එහි විශේෂත්වය නම් එහි රූප යථාර්ථවාදී වීමයි. මෙවැනි ආකාරයේ දියුණුවක් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය තුල තිබුණත් එහි වර්ධනය ඉතා හෙමින් සිදු වු අතර එම රට වලින් පිට එහි වර්ධනය මුලිකවම සිදුවිය. ජෝර්ජ් පැල් ඇමරිකාවේ දී සජීවිකරණ කටයුතු කළ විශිෂ්ට හන්ගේරියානු ජාතික රූකඩ සජීවිකරණ නිෂ්පාදකයෙකි . ඔහු නෙදර්ලන්තයේ දී තම කටයුතු සමගාමීව සිදුකරගෙන ගියේය.දශක 3 ක් පුරාවට ළමයින්ගේ මන ද |
ොල පිනවූ නැවතුම් චලිත වැඩසටහනකි, ඇමරිකාවේ ක්ලොකේගේ Gumby වැඩසටහන. එම සජීවිකරණ බොහෝ ඒවා ක්ලේ ආධාරයෙන් සිදු විය.Walt Disney චිත්‍රාගාරය රූකඩ සජීවිකරණය 1959 ඇරඹු අතර, එය මිනිත්තු 21 කින් යුක්ත වූ Noah’s ark නම් වූ කෙටි චිත්‍රපටියක් විය. සජීවිකරණ චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන උළෙලට ද මෙහි නම යෝජනා විය.1959 නොවැම්බර් වල Sandmännchen නම් වූ නැගෙනහිර ජර්මනියේ රූපවාහිනි ළමා වැඩසටහන් විකාශය වීම ඇරඹීය. අලුත් කථාංග වර්තාමානයේ දී ජර්මනියේ විකාශ වන අතර එය ලෝකයේ මෙතෙක් ඇති වු දිගම සජීවිකරණ වැඩසටහන් වලින් එකකි. 1960 දී ප්‍රංශ ජාතික සර්ජ් ඩැනොට්, The magic Roundabout නිර්මාණය කළ අතර, BBC හි 1965 සිට විශාල කාලයක් එය විකාශය විය. බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහන් මාලාව The Clangers 1969 දී ඉතා ජනප්‍රිය විය. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රේන් කොස්ග්‍රෝව් හා Mark Hall The wind in the willow නමින් දිගු චිත්‍රපටියක් නිපදවිය.Disney චිත්‍රාගාරය Mike Jittlov නැමැති සජීවිකරණ අධ්‍යක්ෂකවරයා යොදා ගෙන නැවතුම් චලිත ක්‍රමෝපායන් යොදා ගනිමින් සජීවිකරණ කටයුතු යෙදුණු අතර Micky Mouse සෙල්ලම්භාණ්ඩ යොදා කුඩා කාලයක |
් ධාවනය වන Mouse Mania නිපදවිය. 1978 දී Micky Mouse ගේ 50 වන සංවත්සරයට Mickey's 50 යන්න නිපදවන ලදි.Jittlov, the black hole නම් චිත්‍රපටියෙන් Disney සමඟ ඉතා හොඳ මට්ටමේ නැවතුම් චලිත සජීවිකරණ ක්‍රම යොදා ගෙන 1979 දී නිපදවිය. ඔහු The Wizard of Speed and Time යනුවෙන් තවත් චිත්‍රපටයක් ද නිපදවිය.ඉතාලියානු නැවතුම් චලිත චිත්‍රපට අතර Quaq Quao (1978) වන අතර එය ෆැන්සිස්කො මිස්සෙරි(Francesco Misseri) ඔරිගාමි ආශ්‍රයෙන් නිපදවිය. Mio and Mao තවත් ක්ලේ සජීවිකරණ ඉතාලියානු චිත්‍රපටයකි. චිත්‍රපට ඉතිහාසය පුරා නැවතුම් චලිත ක්‍රමෝපායන් ත්‍රිමානේක්ෂ 3ඩී චිත්‍රපට වලට යොදා ගැනුනේ අල්ප වශයෙනි. මුල්ම 3ඩී නැවතුම් කෙටි චිත්‍රපය In tune with Tomorrow ය(1939). එය ජෝන් නොර්ලින් විසින් නිපදවිය. දෙවන ත්‍රිමානේක්ෂ නැවතුම් චලිත චිත්‍රපටය පෝල් ස්ප්‍රන්ක්ගේ, The Adventures of Sam Space (1955) ය. තුන්වන හා අවසාන එවැනි ආකාරයට සිදුවු චිත්‍රපටය 2000 දී සිදුවු එල්ම කාන් (Elmer kaan) හා ඇලෙක්සැන්ඩර් ලෙන්ට්ජේස් (Alexander Lentjes) ගේ The Incredible Invasion of the 20,000 Giant Robots from Outer Space වේ.Reference |
s[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Stop_motionHuman and ape, in this case Claudine Andre with a bonobo.සතුන්ගේ භාෂාව යනු මිනිසාගේ භාෂාවන් මිනිස් නොවන සත්ව පද්ධතීන් වෙත ආදර්ශනය කිරීමයි. මෙම යෙදුම පුළුල් ලෙස යොදාගනු ලැබූවද සත්ව භාෂාව මිනිස් භාෂාව තරම් සංකීර්ණ හෝ ප‍්‍රකාශනාත්මක නොවන බව බොහොමයක් පර්යේෂකයෝ පිලිගනිති.සමහර පර්යේෂකයින් තර්ක කරන්නේ සත්ව භාෂාව එහි සංකීර්ණතම ස්වරූපයේදී පවා සත්ව සන්නිවේදනය සහ මිනිසාගේ භාෂාව අතර සැලකියයුතු වෙනස්කම් පවතින බවයි. එමෙන්ම ඔවුන්ගේ අදහස වන්නේ මේ දෙකෙහි යටිපෙළ මූලර්මයන් අතර සම්බන්ධතාවයක් නොමැති බවය.අනෙක් අය තර්ක කරන්නේ සතුන්ගේ සන්නිවේදනය සහ මිනිසාගේ භාෂාව අතර පරිණාමීය අඛණ්ඩතාවයක් පවතින බවයි.මිනිස් භාෂාවේ පවත්නා පහත ලක්‍ෂණයන් හේතුවෙන් එය සතුන්ගේ සන්නිවේදනයෙන් වෙනස්වන බව සැලකේ.අහඹුබව - ශබ්දය හෝ සංඥාව සහ එහි අර්ථය අතර කිසිදු තාර්කික සම්බන්ධයක් නොමැත (‘ගෙදර’ යන වචනයේ කිසිදු ‘ගෙවල්මය’ බවත් නැත).සංස්කෘතික සමපේක්‍ෂණය - භාෂාව ව්‍යවහාර කරන එක් අයෙකුගෙන් තවත් අයෙකුට සවිඥ්ඥාණිකව හෝ අවිඥ්ඥාණිකව ගමන් කරයි.විචාරශීලීත්වය - භාෂාව නිර්මාණය වී ඇත්තේ අර්ථය |
නිර්මාණය කිරීම සඳහා සංයෝජනයක් ලෙස යොදාගනු ලබන ප‍්‍රභින්න ඒකකයන්ගෙනි.විස්ථාපනය - අවකාශයේ හෝ තාවකාලිකව වටපිටාවේ නොමැති අදහස් පිලිබඳ සන්නිවේදනය කිරීමට භාෂාව යොදාගත හැක.ද්වෛතය - භාෂාව තල දෙකක එකවර කි‍්‍රයාත්මක වෙයි. එනම් මතුපිට තලය සහ ශබ්දාර්ථ මට්ටමයි.පාරභාෂාමය බව - භාෂාව පිලිබඳ සාකච්ඡා කළහැකිවීම.ඵලදායීත්වය - උච්ඡාරනයන් අතිවිශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඒකකයන් සීමිත සංඛ්‍යාවක් පමණකි.ෆ‍්‍රැන්සීන් පැටර්සන් කෝකෝ සමග කළ පර්යේෂණ වැනි වානරයින් සමග කළ පර්යේෂණ විසින් පෙන්වා දෙන්නේ ඉහත අවශ්‍යතාවන් සමහරක් තෘප්ත කරන භාෂාවක් වානරයින් විසින් යොදාගනු ලබන බවයි. උදාහරණයක් ලෙස එක් චිම්පන්සියකු සර්පයකු දුටුවහොත් අනෙක් සියලූ චිම්පන්සීන්ට අසල ගස්වලට නැගින ලෙස අනතුරු අඟවමින් යමක් එකිනෙකට ගැටෙන ආකාරයේ පහත් හඬක් නිකුත් කරයි.මී මැස්සන්ගේ නැටුම්වල අවකාශය පිලිබඳ විස්ථාපන අංගයන් හඳුනාගත හැක. සංඥා භාෂාව උගන්වනු ලැබූ බොහෝ වානරයින්ගේ ජනිතයින් වෙත සංස්කෘතික සමපේක්‍ෂණය සිදුව ඇත. කෙසේවෙතත් මෙම තනි තනි ලක්‍ෂණයන් පැවතීම සතුන්ට මිනිසුන් මෙන් සන්නිවේදනයේ යෙදිය හැකියැයි කීමට සුදුසුකමක් නොවේ.ල |
ුවිස් ව්‍යුහයේ රූපමය ඉදිරිපත් කිරීම මගින් පෙන්ණූම් කරන මීතේන් වායුවේ ව්‍යුහය සහසංයුජ බැඳීමකදී නියුක්ලෙයික පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම පෙන්ණූම් කරයි. කරුණාකර මෙහි නියම ස්වරූපය ද්විමාන වේ යැයි නිගමනයකට නොඑළඹෙන්න මන්දයත් එය ඒසේ නොවන බැවිනි.කාබනික සංයෝග සාමාන්‍යයෙන් සහසංයුජව බැඳී ඇත. දිගු කාබනික දාම සහ වළලු වැනි අද්විතීය ව්‍යුහයකට මෙය ඉඩ සලසයි. කාබන් අද්වීතිය ව්‍යුහයක් සැකසීමට දක්ෂ වීමට සහ කාබනික සංයෝග බොහෝ තිබීමට හේතුව වන්නේ කාබනික පරමාණු එකිනෙක සමග ඉතා ස්ථිර සහ සංයුජ බැඳීම් ඇති කරන නිසාය(ධන අයන සෑදීම). අකාබනික මූලද්‍රව්‍ය මෙන් නොව කාබනික මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් දියවීම, වාෂ්ප කිරීම, ගිනිතැබීම හෝ වියෝජනය 3000C ට අඩු උෂ්ණත්වයකදී සිදු කළ හැක. අයන කාබනික සංයෝග පහළ අණුකභාරය සහිත මධ්‍යසාර සහ හයිඩ්‍රජන් බන්ධන සිදුවන කාබොක්සිලික් අම්ලය යන විශේෂතා හැරුණු විට අකාබනික ලවණ වලට සමාන කළ විට උදාසීන කාබනික සංයෝග ජලයෙහි අඩුවෙන් දිය වේ. කාබනික සංයෝග කාබනික රාවකවල පහසුවෙන් දිය වේ. කාබනික ද්‍රාවක යනු ඊතර් හෝ ඊතයිල් ඇල්කොහොල් වැනි ශුද්ධ සංයෝග හෝ ඛණිජ ඊතර හා සුදු ස්ප්‍රීතු වැනි ද්‍රාවණ ආදි වූ |
මිශ්‍රණ හෝ භෞතික වියෝජනයේ දී හෝ රසායනික පරිවර්තනවලදී ඛණිජ තෙල්වලින් හෝ තාර කොටස් වලින් ලබා ගනු ලබන නොයෙකුත් ආකාරයේ ශුද්ධ හෝ මිශ්‍ර සගන්ධ ද්‍රාවක වේ. නොයෙකුත් ද්‍රාවකවල ද්‍රාව්‍ය ගුණය ද්‍රාවක වර්ගය සහ ක්‍රියාකාරී කාණ්ඩ පවත්නේ නම් ඒවා මත බලපැවැත්වේ. ද්‍රාවණ පිළිබඳ භෞතික රසායන විද්‍යාව මගින් අධ්‍යයනය කරනු ලබයි. අකාබනික ලුණු මෙන් කාබනික සංයෝග ද ස්ඵටික සකස් කරයි. කාබනික සංයෝගවල කාබන්වල ඇති විශේෂ ලක්ෂණ වන්නේ වෙනත් මූලද්‍රව්‍යවල පරමාණූ මගින් එහි සංයුජතාවය ලබා නොගැනීමයි. එසේ නොකළ විට අසංතෘප්ත තත්වයේ පවතී. මෙවැනි අවස්ථාවලදී අප කාබන් කාබන් ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳ විමසයි. දාමයක ඒකබන්ධන සමග ද්විත්ව බන්ධන මාරුවෙන් මාරුවට පවතින විට සංයුග්මක ද්විත්ව බන්ධන ලෙස හඳුන්වයි. මෙවැනි සංයුග්මක දාමයක් වැසුණු වළල්ලක් ලෙස පවතින විශේෂ අවස්ථාවකි ඇරෝමැටික ව්‍යුහය.ශ්‍රියානි අමරසේනSriyani Amarasenaරැකියාවරංගන ශිල්පිනී, නිෂ්පාදිකාකලත්‍රයා(යන්)යූ. අමරසේනශ්‍රියානි අමරසේන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වෙයි.කලා දිවිය[සංස්කරණය]ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ් |
යක්ෂණය කරන ලද ගොළු හදවත, දෑස නිසා සහ අහසින් පොළවට යන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.[1]ශ්‍රියානි අමරසේනගේ පළමු නිෂ්පාදනය වූවේ දත් කැකුළු පාලා වෘතාන්තයයි. මීට අමතරව ඇය විසින් ලන්ඩනය පසුබිම් කර ගනිමින් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කල අතර, ඉන් පළමු ටෙලිනාට්‍ය ද්විත්වය වූ, ඉරබටු තරුව සහ හේමන්තයේ වසන්තයක්, යන නාට්‍ය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය.[2]ආශ්‍රිත[සංස්කරණය]↑ "ද රොමෑන්ස් ලින්ගර්ස් ඔන්". ඩේලි නිව්ස්(ශ්‍රී ලංකා). 24 March 2007.↑ "ඉරබටු තරුව : ස්පෙෂල් ස්ක්‍රීනින් ඉන් ලන්ඩන්". ද සන්ඩේ ටයිම්ස්(ශ්‍රී ලංකා). 16 May 1999. http://sundaytimes.lk/990516/mirror5.html. බාහිර සබැඳි[සංස්කරණය]ශ්‍රියානි අමරසේන'ස් බයෝග්‍රැෆි ඉන් සිංහල සිනමා ඩේටාබේස්ෆේස් 2 ෆේස් විත් ශ්‍රියානි අමරසේනජර්නලිස්ට් කම් ඇක්ට්‍රෙස් සංරක්ෂණය කළ පිටපත 2016-06-01 at the Wayback Machineශ්‍රියානි අමරසේන සඳහා IMDb හි ඇති තොරතුරුනිල වෙබ් අඩවිය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාවPersondataNAMEඅමරසේන, ශ්‍රියානිALTERNATIVE NAMESSHORT DESCRIPTIONරංගන ශිල්පිනී |
DATE OF BIRTHPLACE OF BIRTHDATE OF DEATHPLACE OF DEATHමෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.ඒ. වී. සුරවීරකෘති-කාටත් මා ඒපා වෙලා,ගොදුරු ලොබ,පැදි දියට බොර දිය,බව තිමිර"අර්ථවත් ලෙස චරිතාංගයක් හෝ චරිතයක් මතු කරන ප්‍රබල අවස්ථාව කෙටිකතාව" බව බව ඒ.වී.සුරවීර මහතාගේ කෙටිකතාව පිළිබඳ නිර්වචනයයිමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)ආවර්තිතා වගුවෙහි ඉතිහාසයේ, ඩොබරයිනර් ත්‍රික යනු, කිසියම් භෞතික ගතිලක්ෂණ ඇසුරෙන් රසායනික මූලද්‍රව්‍ය සංවිධානය කිරීමේ ආදිතම උත්සාහයකි. ජර්මන් ජාතික ජොහෑන් වුල්ෆ්ගැන්ග් ඩොබරයිනර් නමැති විද්‍යාඥයා 1829දී මෙය සොයාගති. පසුව, ඔහුට ගෞරවය පිණිස එම විද්‍යාඥයාගේ නමින් මෙය ‘ඩොබරයිනර් ත්‍රික‘යැයි නම් කෙරිණි.මෙම ත්‍රිකයක දෙපස පිහිටි මූලද්‍රව්‍යවල සාපේක්‍ෂ පරමාණුක ස්කන්‍ධයන්හි සාමාන්‍ය අගය, එනම් මධ්‍යන්‍යය මැද පිහිටි මූලද්‍රව්‍යයේ සාපේක්‍ෂ පරමාණුක ස් |
කන්‍ධයට ආසන්නව සමාන වේ.ඩොබරයිනර් ත්‍රික සඳහා උදාහරණ[සංස්කරණය]මූලද්‍රව්‍යය 1 සාපේක්‍ෂ පරමාණුක ස්කන්‍ධයමූලද්‍රව්‍යය 2 සාපේක්‍ෂ පරමාණුක ස්කන්‍ධයමූලද්‍රව්‍යය 3 සාපේක්‍ෂ පරමාණුක ස්කන්‍ධයගණිතමය මධ්‍යන්‍යයලිතියම් 7.0සෝඩියම් 23.0පොටෑසියම් 39.023.0කැල්සියම් 40.0ස්ටොන්ට්‍රියම් 87.5බේරියම් 137.088.2ක්ලෝරීන් 35.0බ්‍රෝමීන් 80.0අයඩීන් 127.080.1සල්ෆර් 32.0සෙලනියම් 79.0ටෙලරියම් 128.080.0Beach evolution - erosion & accretion වෙරළහි පරිණාමය - ඛාදනය හා තැටි විශාල වීමසුනාමි හා සුළි සුළං සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රල ගොඩබිමට පැමිණිමයි. මෙයට ඛාදනය හැකියාව ඇත. මෙය කාලයක් තිස්සේ තැන්පත් වු ද්‍රව්‍ය කඩා බිම දමා තවද සාගරික වෘක්ෂලතා විනාශ ද සිදු කරයි. තවද ගංවතුර ඇති වීමද, ගෙවල් ගොඩනැගිලි විනාශද වේ. කුණාටු යනු අඩු පීඩනයදී මුහුදු සුළං වැඩිවීමයි. මෙයට සමකාන්ත කුණාටු උදාහරණය වේ. කුණාටු නිසා ඛාදනයද එමෙන්ම මුහුදු බඩ ප්‍රදේශ වල තැන්පත් විම් වැඩිවීමද සිදු විය හැක..ඩෙල්ටා - ඩෙල්ටා පෝෂණය වන්නේ දුපියළුම (alluvium) සහ වැලි හා තැන්පතු ගංගා මුඛයේ තැන්පත් වීමයි. මෙය |
සාගර ඛාදනය අඩු කරයි. බොහෝ ඩෙල්ටා මීට වසර ගණනකට පෙර තැනී ඇත. ගංවතුර වැනි අවස්ථා නිසා ඩෙල්ටා කැඩී යාම සිදු වේ.යුරෝපාත්‍ර වෙරළ වර්ධනය වීම ඉහත දැක්වෙන්නේ 'රෝන්" ඩෙල්ටාවයි. මධ්‍යධරණි මුහුදේ ඇති ඩෙල්ටා කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින්නේ, මුහුදු මට්ටම ඒකකාරි වීම හා ගංගාවන් හරියාකාර ලෙස ගලායාමයි. නමුත් මානව ක්‍රියාවන් නිසා මේ ප්‍රදේශ වෙනස් වේ. උදා- බාසිලෝනා වෙරළ තීරය මධ්‍යකාලීන යුගයේ සිට තැන්පතු වැඩි වු නිසා වරාය ඉදි කිරීම පහසු විය.නවීන කාලයේ වෙරළ තීරය පසු බැසීමඉහත දැක්වෙන්නේ පෘතුගීසීයේ ඛාදනය වන වෙරළ තීරයක් මෑත කාලීන යුගයේ සිට වෙරළ ඛාදනය වැඩි වෙමින් පවතී. මේ නිසා වෙරළ ඝනකමද අඩු වේ. උදා. කලිෆෝනියා වෙරළ, පොල්ලන්ත වෙරළ, පෘතුගාල වෙරළමානව විද්යාේව වෙත ප්යරවේශයන්‘සතර ක්ෂේත්ාර’ ප්යරවේශය ("four field" approach)ප්නරධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්යා ව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත්්‍ර ප්යරවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප්නරයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ්dරාස්ත්සරාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට |
සහායදක්වන්නෝ මානව විද්යායව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් (පරිමාණාමණීය, ජීව භෞතිකමය, සමාජ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, භාෂාමය, මනෝවිද්යාපත්මක ආදී) සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප්්‍රවේශය අනුගමනය කරන ශාස්ත්ටරාලීය වැඩසටහන් මානව විද්යාඑව වෙත ‘සතර ක්ෂේත්ුර ප්්‍රවේශයක්’ අනුගමනය කරනු ලබන අතර එහිදී ඊට භෞතික විද්‍යාව, මානව විද්යා ව, පුරාවිද්යාව, භාෂාවිද්යා ව සහ සංස්කෘතික මානව විද්යාඊව හෝ සමාජීය මානව විද්යා ව ඇතුලත් වෙයි. සාකල්‍ය සහ ‘සතර ක්ෂේත්රර’ ලෙස මානව විද්යාඊවේ අර්ථකථනය සමහර ප්්‍රධාන පෙළේ මානව විද්යාඥයින් විසින් අභියෝගයට ලක්කරනු ලැබ ඇත. ඔවුහු කියා සිටින්නේ ඒවා 19 වන සියවසේ සමාජ පරිණෘමීය සිතීමේ නිර්මාණයන් වන බවත් විශේෂයෙන්ම ඒවා විසින් සංස්කෘතික මානව විද්යා ව (මානව ශාස්ත්ිරය මත නෛසර්ගික ලෙස බැඳී පවතින) මත විද්යාසත්මක ඉන්ද්‍රයානුභූතිවාදය වගවිභාගයකින් තොරව පැටවීමට උත්සාහ කරන බවත්ය. සමාජ –සංස්කෘතික මානව විද්යා ‘ජීව විද්යාතත්මක, භෞතික විද්යා ත්මක මානව විද්යා ව’ සමඟ ‘අනුකලනය’ අඳහා වන |
පීඩනය ඉන්දි්ණරයානුභූතිවාදය (නිවැරදි දැනුම සොයාගත හැක්කේ විද්යා‘ත්මක ක්කරමය අනුගමනය කිරීමෙන් පමණක් බවට වන විශ්වාසය) වගවිභාගයකින් තොරව සංස්කෘතික මානවි විද්යාකව මත පැටවීමට දරන උත්සාහයක් ලෙසින් විවේචනයට ලක්ව ඇත. මෙම විවේචනය 1960 දශකයේදී සංවර්ධනය වෙමින් පැවැති සමාජීය ජීවවිද්යාලවේ සහ ඇමරිකානු මානව විද්යා වේ ‘සතර ක්ෂේත්නර ප්්‍රවේශය’ වෙත එල්ල විය (මාර්ෂල් ෂිලිංග්ස් වැනි සමාජීය මානව විද්යා‘ඥයින් විසින්). එක්සත් ජනපදයේ සම්භවය ලැබූවද සතර ක්ෂේත්්‍ර ප්යරවේශය සහ එය අරබයා ඇතිවූ සංවාදය ඇමරිකානු ශාස්ත්දරාලීය බලපෑම හේතුකොටගෙන ලෝකය පුරා ව්‍යාප්ත විය.ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වූ ඒගාර් රෝපණ මාධ්‍යය සහිත දීසියක්ක්‍ෂුද්‍රජීව විද්‍යාව යනු ඒකසෛලික හෝ බහුසෛලික අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් පිලිබද අධ්‍යයනය වේ.මෙම ක්ෂුද්‍ර ජීවීන් යටතට යුකැරියොටාවන් වන දිලීර, ප්‍රොටිස්ටාවන් සහ ප්‍රොකැරියොටාවන් අයත් වේ. ඍජුවම ක්ෂුද්‍ර ජීවීන් ලෙස නොසැලකුවද ජීවී අංශූන් වන වයිරස සහ ප්‍රියොන්ස පිළිබඳවද ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී අධ්‍යනය කරනු ලැබේ. සංක්ෂිප්ත වශයෙන් දක්වතොත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු පියවි ඇසට නොපෙනෙන ජීවීන් පිළිබඳ අ |
ධ්‍යනයයි.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී සත්‍ය වශයෙන්ම සිදුකරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ හැදෑරීමය.සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සමග සමීප සබඳතාවක් පවතින බැවින් බොහෝ අධ්‍යාතන මෙම ක්ෂේත්‍ර දෙකම සලකා "ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශතිකරණ විද්‍යාව "ලෙස ද්විත්ව උපාධියක් පිරිනමනු ලබයි. ක්‍ෂුද්‍රජීව විද්‍යාව පුළුල් අධ්‍යන ක්ෂේත්‍රයකි.මෙය වයිරස අධ්‍යන විද්‍යාව, දිලීර විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව යනාදී කොටස් රාශියකින් සමන්විතය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයෙකු යනු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ඉහත සඳහන් කරන ලද අනෙකුත් විද්‍යාවන් පිළිබඳ විශේෂඥයෙකි.නිරතුරුවම සිදුකරනු ලබන පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස දිනෙන් දින ක්ෂුද්‍ර ජීව විද්‍යාවට එකතු වන දැනුම් සම්භාරය ඉමහත්ය.මෙම පර්යේෂණ වලට අනුව දැනට පෘථිවිය මත ජීවත් වන සමස්ථ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය 1%ක් පමණ වන බව නිමානය කර ඇත.ක්ෂුද්‍ර ජීව විද්‍යාවට වර්ෂ තුන්සියයක පමණ ඉතිහායක් පැවතුනද සත්ව විද්‍යාව සහ උද්භිදවිද්‍යාව යන පැරණි ජීව විද්‍යාත්මක ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ක්ෂුද්‍ර ජීව විද්‍යාවට ත |
වමත් ඇතුලත් වන්නේ අල්ප දනුමකි. ඉතිහාසය[සංස්කරණය]අතීතය[සංස්කරණය]මීට ශත වර්ෂ ගනණාවකට පෙර එනම් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සත්‍ය වශයෙන්ම අනාවරණයට පෙර ඔවුන්ගේ පැවැත්ම උපකල්පන මත රඳා පැවතුනි.ක්‍රි.ව.6 වන ශතවර්ෂය මුල් භාගයේදී ඡෛන ආගමික මහාවීර විසින් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කරන ලදී.පෝල් ඩන්ඩස් විසින් විස්තර කරන පරිදි මහාවීර විසින් ස්ථිර වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ අදෘශ්‍යමාන ක්ෂුද්‍ර ජීවීන් පෘථිවියේත්, ජලයේත්, වායුගෝලයේ සහ ගින්දර තුලත් ජීවත් වන බවය.ජේන් ස්ක්‍රිප්චර්ස් විස්තර කරන පරිදි නිගොඩාස් යනු අණ්වීක්ෂයට හසු නොවන පොකුරු වශයෙන් ජීවත් වන කෙටි ආයු කාලයක් සහිත ප්‍රාණීන් වන අතර මොවුන් ශාක සහ සත්ව පටක ඇතුඵව විශ්වයේ සෑම තැනකම ජීවත් වේ.රෝමානු ජාතික මාර්කස් ටෙරෙන්ටියෙස් වැරෝ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යනය කොට පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් මඩවගුරු අශ්‍රිතව බෝවන බැවින් එවන් ස්ථාන මනුෂ්‍ය වාසයට නුසුදුසු බව පෙන්වා දී ඇත.වසංගත රෝග ආසාධනයට සහ පැතිරීයාමට හේතුවන්නේ ගුණනය වන ජීවී ඒකක ඍජුවම හෝ වක්‍රව සිදුකරන බලපෑම් මඟින් හෝ ඔවුන්ගේ ඈතට පැතිර යෑමේ හැකියාව මඟින් බව 1546 දී ගිරොලැමෝ ෆැ |
රැකැස්ටෝරෝ විසින් ප්‍රකාශ කරන ලදී.කෙසේ වුවද මුල් අවදියේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මනඃකල්පිතයක් පමණක් වු අතර එය දත්ත හෝ නිරික්ෂණ මත පදනම් නොවීය.ක්ෂුද්‍ර ජීවීන් පිලිබඳ සත්‍ය වශයෙන් නිරික්ෂණය කොට කරුණු අනාවරණය කල හැකිවුයේ 17වැනි ශත වර්ෂයේ අන්වීක්ෂය නිපදවීමෙන් පසුවය.නුතනය[සංස්කරණය]ඇන්ටන් වෑන් ලියුවන් හූක් - ප්‍රථම වරට අණ්වීක්ෂයක් භාවිතයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.1676 වර්ෂයේදී ඇන්ටන් වෑන් ලියුවන් හූක් ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද තනි කාචයකින් සමන්විත අන්වීක්ෂයකින් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය කරනු ලැබුවේ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ලෙස සඳහන් වුවද, ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අන්වීක්ෂීය නිරීක්ෂණය සිදුකර වාර්තා කරනු ලැබුවේ රොබට් හූක් විසින්1665 වර්ෂයේදීය.මෙහිදී ඔහු විසින් අංකුරනය වන දිලීර පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.ප්‍රථම වරට අණ්වීක්ෂයක් තුලින් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වන්නේ ඕලන්දයේ ඩෙල්ෆ්ට් හි විසූ ලන්දේසි ජාතික රෙදිපිළි වෙළෙන්දෙකු වූ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ය.කෙසේ වුවද ප් |
රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයෙකු වූ ඇතනාසියස් කර්වර් බවටද අදහසක් පවතී.ප්‍රක්ෂේපනයන් සඳහා වූ මැක් ලන්තෑරුම නිපදවීමේදී පුරෝගාමියෙකු ලෙස ක්‍රියා කල මොහුට කාච වල ගතිගුණ පිළිබඳ මනා දැනුමක් විය.ඔහු විසින් රචිත එක් ග්‍රන්ථයක ස්වභාවධර්මයේ වූ වස්තුන්ගේ ආශ්චර්යමත් ව්‍යුහයන් අන්වීක්ෂයෙන් විමර්ශනය කිරීම යනුවෙන් ලතින් භාෂාවෙන් වූ පරිච්ඡේදයක් අන්තර්ගත වේ.එම පරිච්ඡේදයේදී ඔහු විසින් සඳහන් කර ඇත්තේ "මෙපමණ විශාල ප්‍රමාණයක් පණුවන් විනාකිරි සහ කිරි වල අඩංගු වන බව කිසිවෙකු විශ්වාස කරයිද ?" යනුවෙනි.එසේම උණු වී යන ද්‍රව්‍ය තුල බඩගා යන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමණයක් සිටින බව ඔහු විසින් සඳහන් කරන ලදී. 19වනි ශතවර්ෂයේදි ෆර්ඩිනන්ඩ් කෝන් නම් උද්භිද විද්‍යාඥයා විසින් බැක්ටීරියා විද්‍යාව(පසුව ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ කොටසක් බවට පත් විය) සොයගන්නා ලදී.ඔහු සතුව තිබු ඇල්ගි සහ ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා පිළිබඳ දැනුම තවත් බැක්ටීරියාවන් වන බැසිලස් සහ බෙගිඅටෝආ වන් පිළිබඳ විස්තර කිරීමට ඉවහල් විය.බැක්ටීරියා ක්‍රමවත් ලෙස වර්ගීකරණය කිරීම සහ බීජාණු සොයාගැනීම ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ කෝන් ව |
ිසින්ය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ පියා වන ලුවී පාස්චර් සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ පියා වූ රොබට් කොක් කෝන්ගේ සමකාලිනයෝ වන අතර පාස්චර් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු විසින් ස්වංසිද්ධ ජනනය අසත්‍ය බව පෙන්වීමට සිදු කරන ලද පරීක්ෂණ මාලාව නිසාය.මෙම පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවි විද්‍යාවද ජීව විද්‍යාවක් ලෙස සැලකීමට සිදුවිය. පාස්චර් විසින් ආහාර කල් තබා ගැනීම(පැස්ටරීකරණය ) සඳහා ක්‍රම සැලසුම් කරනු ලැබූ අතර ඔහු විසින් ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ජලභීතිකාව යන රෝග සඳහා එන්නත් සොයා ගන්නා ලදී.කොක් වඩාත් ප්‍රසිද්ධ වූයේ විශේෂිත රෝග වලට හේතු වන්නේ විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවීන් බව සොය ගැනීමෙනි.කෝක් විසින් "කෝක්ගේ උපකල්පන" ලෙස හැඳින්වෙන වර්ගීකරණ ශ්‍රේණියක්ද හඳුන්වාදෙන ලදී.නුමුහුම් රෝපණයකින් බැක්ටීරියාවන් වෙන්කරගන්නා ලද ප්‍රථම විද්‍යාඥයින් අතරට කෝක්ද ඇතුලත්ය.එමෙන්ම ඔහු විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාවක් වූ Mycobacterium tuberculosis බැක්ටීරියාව සොයා ගන්නා ලදී.පාස්චර් සහ කෝක් ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ ප්‍රාරම්භකයන් ලෙස හැඳින්වුවද ඔවුන් අවදානය යොමු කරනු ලැබුවේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් පිළිබඳ පමණක් වූ හෙයින් ඔව |
ුන්ට ක්ෂුද්‍ර ජීවි විවිධත්වය නියම ලෙස විග්‍රහ කිරීමට නොහැකි විය.සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් අනාවරණය කරන ලද්දේ 19වන ශත වර්ශයේ අගභාගයේදී මාර්ටිනස් බෙයිජෙරින්ක් සහ සර්පි විනෝග්‍රැඩ්ස්කි විසිනි.ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේදී වයිරස් සොයා ගැනීම සහ රෝපණ මාධ්‍ය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන දායකත්වයෙන් බෙයිජෙරින්ක් විසින් ලබා දෙන ලදී.දුම්කොල විචිත්‍ර වෛරසය පිළිබඳ වූ ඔහුගේ පරීක්ෂණ මඟීන් වෛරස පිළිබඳ මූලික දැනුමක් ලබා ගත හැකි විය.ඔහු විසින් වැඩිදියුණු කරන ලද රෝපණ මාධ්‍යය යොදාගනිමින් පුළුල් පරාසයක වූ විවිධ කායික ලක්ෂණ වලින් යුත් ක්ෂුද්‍ර ජීවින් වගා කරන ලදී.විනෝග්‍රැඩ්ස්කි විසින් විසින් ප්‍රථම වරට රසායනාවර්තී ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු විසින් මෙම ජීවීන් ජෛව රසායනික ක්‍රියාවලීන් සඳහා වැදගත් වන අන්දම ද අනාවරණය කරන ලදී.එමෙන්ම නයිට්‍රිකාරි සහ නයිට්‍රිහාරි බැක්ටීරියාවන් ප්‍රථම වශයෙන් වෙන්කර හඳුනාගෙන විස්තර කරනු ලැබුවේද මොහු විසිනි.තාක්ෂණවේදය[සංස්කරණය]පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) තනි DNA අනුපිළිවලක් කිහිප සංඛ්‍යාවකින් වැඩි කර ගැන |
ීමට ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී මෙය භාවිත වේ. අවශ්‍ය නම් කලින් තීරණය කර ගත් ආකාරයට මෙය වෙනස් කර ගත හැක. නියම වේලා PCR (Real-time) ක්ෂුද්‍ර ජීවීන් ඉතා වේගවත්ව හඳුනාගැනීමට යොදා ගැනුණු අතර දැනටත් ශාසනික ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායනාගාරවල රෝග විනිශ්චය සඳහා යොදා ගනී. එමෙන්ම පාරිසරික විශ්ලේෂණය, ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව හා අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල ද යොදා ගනී. ඊට සමාන තාක්ෂණයක් වූ සංඛ්‍යාත්මක PCR (qPCR) DNA, RNA අණුවල සංඛ්‍යාත්මක මැනීම්වල යොදා ගැනේ. ජෙලි ඉලෙක්ට්‍රොෆොරෙසිස්, ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ එදිනෙදා, DNA, RNA , ප්‍රෝටීන අණු ඒවායේ ප්‍රමාණය, හැඩය හා විද්‍යුත් ආරෝපණය අනුව විද්‍යුත් ක්ෂේත්‍රයක් යොදා වෙන් කිරීමට යොදා ගනී. සොද්රග් බ්ලාටින්, නොදර්න් බ්ලොටින්, වෙස්ටන් බ්ලොටින් ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA (සෙදර්නි), RNA අනුපිළිවෙල (නොදර්න්) ප්‍රෝටීන (වෙස්ටන්) තිබේදැයි හඳුනාගැනීමට යොදා ගනු ලබන අණුක තාක්ෂණයකි. DNA ක්ෂුද්‍ර හැසිරීමේ (මයික්‍රොආරේස්) මෙම බ්ලෝටින් තාක්ෂණය වෙනුවට නවතම විකල්පයකි. මෙහි දී යම් කිසි දෙනු ලබන කාලයක් තුළ අනුපිළිවෙලවල් දහස් ගණනක් සොයා ගැනීමට / හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම ක්‍රමයෙන් සාම්ප |
ලයක (වාතය, ජලය, ඉන්ද්‍ර පටක, ආදී) ක්ෂුද්‍ර ජීවීන්/ ව්‍යාධිජනකයින් සිටි ද යන්න සොයා ගැනීමට යොදා ගනී. DNA වෙන් කිරීම DNA අනුක්‍රමිකගත කිරීම. ගෙනෝම ප්‍රවේණික විද්‍යාව අණුක ජීව විද්‍යාව ප්‍රමාණය නිසා වෛරස හා බැක්ටීරියා ජිනෝම ප්‍රථමයෙන්ම DNA අනුපිළිවෙල අනුව විශ්ලේෂණය කළේය. දැන් විශාල අනුපිළිවෙල් රැසක් හා ජිනෝම දත්ත සංඛ්‍යාවක්, විශේෂ ක්ෂුද්‍ර ජීවී වර්ග රැසක් සඳහා ඇත.ක්ෂේත්‍ර[සංස්කරණය]ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පහත සඳහන් ක්ෂේත්‍ර වලට බෙදා දැක්විය හැක.ක්ෂුද්‍ර ජීවීන්ගේ භෞත වේදය :- ක්ෂුද්‍ර ජීවි සෛලයක ජීව රසායනික ක්‍රියාකාරිත්වය, වර්ධනය සහ පරිවෘත්තිය ක්‍රියා මෙන්ම ක්ෂුද්‍ර ජීවි සෛල ව්‍යුහය පිලිබඳ අධ්‍යනයයි.ක්ෂුද්‍ර ජීවීන්ගේ ජාන ව්‍යුහය :-ක්ෂුද්‍ර ජීවීන්ගේ සෛල ක්‍රියාකාරිත්වය කෙරෙහි ජාන ව්‍යුහයේ සැකැස්ම සහ ජාන නියාමනය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.මෙම ක්ෂේත්‍රය අණුක ජීව විද්‍යාවටද සම්බන්ධ වේ.සෛලීය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවී විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යන ක්ෂේත්‍රයකි.වෛද්‍ය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට ඇතිවන රෝග පිළිබඳව මෙන්ම වසං |
ගත රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.රෝග ව්‍යාධි විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව යන ක්ෂේත්‍ර සමග සම්බන්ධතාවයක් දක්වයි.සත්ව ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-පශු වෛද්‍ය විද්‍යාව හෝ සත්ව රෝග සම්බන්ධව ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.පාරිසරික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ විව්ධත්වය සහ ස්වභාවික තත්ව යටතේදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.පරිණාමවාදී ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ පරිණාමය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.මෙයට බැක්ටීරියාවන්ගේ වර්ගීකරණයන් පිළිබඳව අධ්‍යනයන් ද ඇතුලත්ය.කාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-කාර්මික ක්‍රියාව්ලීන් සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.උදාහරණ ලෙස පැසවීම සහ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීම දැක්විය හැක.කාර්මික ක්ෂුද්‍ර ජීවීන් ජෛව තාක්ෂණ කර්මාන්ත සඳහාද භාවිතා කරනු ලබන අතර මෙම ක්ෂේත්‍රය යටතට පැසවීමේ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යනයන් ද ඇතුලත්ය.ස්වායු ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-වාතකාමී ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.ආහාර ක්ෂුද්‍ර |
ජීවී විද්‍යාව :-ආහාර නරක් වීම සහ විෂවීම පිළිබඳව ක්ෂුද්‍ර ජීවී බලපෑම පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.ක්ෂුද්‍ර ජීවීන් යොදාගනිමින් සිදු කරනු ලබන ආහාර නිපදවීම් ක්‍රම සඳහා උදාහරණයක් ලෙස පැසවීම දැක්විය හැකි අතර එම ක්ෂේත්‍ර පිළිබඳව් ද මෙහිදී අවධානය යොමු කෙරේ.ඖෂධ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ඖෂධ දූෂණය සහ සම්බන්ධ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ.කෘෂිකාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-කෘෂිකාර්මික වශයෙන් වැදගත් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.(රෝග පාලනය සහ වැලැක්වීම මත පදනම් වන රැකියා අවස්ථා බොහොමයක් සඳහා ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආශ්‍රිත උපාධියක් අවශ්‍ය වේ.)පාංශු ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-පසේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.ජලජ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ජලයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.ප්‍රවේණීය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-මාතෲ ජීවීන්ට සමාන ගති ලක්ෂණ සහිත ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව මෙහිදී අධ්‍යනය සිදු කරනු ලබයි.නැනෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-නැනෝ තත්වයේ ඇති ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව මෙහිදී අධ්‍යනය සිදු කරනු ලබයි.අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාවක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප |
්‍රෝකැරියෝටාව, ඉයුකැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්‍රචණ්ඩත්වයේ අණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ. ප්‍රතිලාභ[සංස්කරණය]යීස්ට් භාවිතයෙන් බියර නිෂ්පාදනය.බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් යනු රෝග වාහකයන් පමණක් ලෙස සැලකුවද ඔවුන් අතැම් කර්මාන්ත වලදී ප්‍රයෝජනවත් කාර්යයන් රාශියක් සඳහා යොදාගනු ලැබේ.(උදහරණයක් ලෙස මධ්‍යසර නිපදවීම,විනකිරි නිපදවීම සහ කිරි ආහාර නිපදවීම සඳහා)එමෙන්ම ප්‍රතිජීවක ලෙස සහ උසස් ශාක ක්ලෝනීකරණයේදී වාහකයෙක් ලෙසද ක්ෂුද්‍ර ජීවීන් යොදාගනු ලැබේ.විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ජෛව විද්‍යාත්මකව වැදගත් වන එන්සයිම |
නිපදවීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කල හැකි බව අනාවරණය වී ඇත.ඇමයිනෝ අම්ල ආශ්‍රිත කර්මාන්ත වලදී Corynebacterium glutamicum නම් බැක්ටීරියා වැදගත් දායකත්වයක් දරනු ලබයි.එමඟින් වාර්ෂිකව ටොන් මිලියන 2ක් පමණ ඇමයිනෝ අම්ල නිපදවිය හැක.L-glutamate සහ L-lysine යනු එසේ නිපදවනු ලබන ඇමයිනෝ අම්ල වර්ග දෙකකි.විවිධාකාර වූ බයෝපොලිමරේස් එනම් පොලිසැකරයිඩ, පොලීඑස්ටර් සහ පොලීඒමයිඩ ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවනු ලැබේ.අත්‍යවශ්‍ය ලක්ෂණ සහිත බයෝපොලිමරේස නිපදවීම සඳහා ද ජෛව ඉංජිනේරු විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබයි. මෙම නිෂ්පාදන පටක ඉංජිනේරු විද්‍යාව සහ ඖෂධ නිෂ්පාදනය වැනි ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය විද්‍යාත්මක යෙදීම් වලදී භාවිතා වේ.තවද ක්ෂුද්‍ර ජීවීන් සැන්තන්, ඇල්ගිනේට්, සෙලියුලෝස්,සයනොෆයිසීන්, පොලි(ගැමා ග්ලුටමික් අම්ලය ),ලෙවන්,හයලුරොනික් අම්ල,කාබනික අම්ල,ඔලිගොසැකරයිඩ, පොලිසැකරයිඩ,පොලිහයිඩ්‍රොක්සි ඇල්කනොඒට්ස් ජෛව සංශ්ලේෂණයන්හිදී වැදගත් වේ.ජෛව ප්‍රතිකර්මකරණය සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිත වේ.එනම් ගෘහාශ්‍රිත, කෘෂිකාර්මික,කාර්මික අපද්‍රව්‍ය සහ පස මතුපිට පවතින අපද්‍රව්‍ය දිරාපත් කිරීම ක්ෂුද්‍ර ජීවීන් විසි |
න් සිදුකරනු ලබයි.විෂ සහිත අපද්‍රව්‍ය දිරාපත් කිරීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබන අතර ඔවුන් සතු දිරාපත් කිරීමේ හැකියාව අපවිත්‍රකාරකයේ ස්වභාවය මත රඳා පවතී.විවිධාකාර වූ දූෂකාරක පවතින නිසා ක්ෂුද්‍ර ජීවීන් ජෛව හායනය සඳහා යොදාගැනීමේදී බැක්ටීරියා විශේෂ කීපයක් යොදා ගත යුතුය.නූතන පර්යේෂණ වලට අනුව ක්ෂුද්‍ර ජීවීන් පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි බව තහවුරු වී ඇත.ව්‍යාධිජනක නොවන Clostridium බැක්ටීරියා විශේෂ වලට සෛල අර්බුධ තුල වර්ධනය සහ ගුනණය වෙමින් පැතිරී යාමට හැකි බවත් මෙම බැක්ටීරියාවන්ගේ ප්ලාස්මිඩ අවශ්‍ය පරිදි සකස් කර ගැනීමෙන් රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි බව සොයාගෙන ඇතමේ අඩවිත් බලන්න[සංස්කරණය]ජීව රසායන විද්‍යාවජෛව තාක්ෂණයvteBranches of biologyAerobiologyAnatomyAstrobiologyBiochemistryBioengineeringBiogeologyBiogeographyBiohistoryBiomechanicsBiophysicsBioinformaticsBiostatisticsBiotechnologyBotanyCell biologyCellular microbiologyChemical biologyChronobiologyComputational biologyConservation biologyCryobiologyCytogeneticsDevelopmental biologyEcolo |
gyEcological geneticsEmbryologyEpidemiologyEpigeneticsEvolutionary biologyFreshwater biologyGeobiologyGeneticsGenomicsHerpetologyHistologyHuman biologyImmunologyMarine biologyMathematical biologyMicrobiologyMolecular biologyMycologyNeontologyNeuroscienceNutritionOrigin of lifePaleontologyParasitologyPathologyPharmacologyPhycologyPhylogeneticsPhysiologyQuantum biologySociobiologyStructural biologySystematicsSynthetic biologyXenobiologySystems biologyTaxonomyTeratologyToxicologyවෛරසවේදයVirophysicsZoologySee alsoHistory of biologyNobel Prize in Physiology or MedicineTimeline of biology and organic chemistryvteක්‍ෂුද්‍රජීවවේදය: බැක්ටීරියාවෛද්‍යක්‍ෂුද්‍රජීවවේදයInfectionExotoxinLysogenic cyclePathogenic bacteriaරෝගජනක බැක්ටීරියාප්‍රතිරෝධයBiochemistryand ecologyOxygenpreferenceසවායුObligateනිරිවායුFacultativeObligateMicroaerophileNanaerobeAerotolerantOtherExtremophileHuman flora GutLungMouthසමVaginal (In pregnancy)Placenta |
lUterine SalivaryMicrobial metabolismNitrogen fixationMicrobial ecologyPrimary nutritional groupsSubstrate preferenceLipophilicSaccharophilicShapeBacterial cellular morphologiescell structureplasticityCocciBacilliCoccobacilliSpiralStructureCellenvelopeCell membraneCell wall: PeptidoglycanNAMNAGDAPGram-positive bacteria only: Teichoic acidLipoteichoic acidEndosporeGram-negative bacteria only: Bacterial outer membranePorinLipopolysaccharidePeriplasmic spaceMycobacteria only: ArabinogalactanMycolic acidOutsideenvelopeBacterial capsuleSlime layerS-layerGlycocalyxPilusFimbriaNon-motile bacteriaCompositeBiofilmTaxonomyand evolutionBacteria (classifications)Bacterial phylaFormer groupings: SchizomycetesMoneraProkaryotaGracilicutesFirmicutesMollicutesMendosicutes පොත ප්‍රවර්ගය කොමන්ස්vteMicrobiology: FungusOutline of fungiBranchEthnomycologyLichenologyMarine fungiMedicinal fungiMycologyMycosisMycotoxicologyStructureReproduction/ |
sporeteleomorph/sexual: ZygosporeAscospore/AscusBasidiospore/Basidium/Teliosporeanamorph/asexual: SporangiumConidiumChlamydosporeOidiumPycniosporeOtherHyphaHaustoriumMyceliumCell wallSporocarpGrowth patternsDimorphic fungiMoldYeastMushroomListList of fungal ordersList of mycologistsList of mycology journals Category Commons WikiProjectvteMicrobiology: Protistology: ProtistsFormerclassificationsProtozoaMastigophora/FlagellatesSarcodina/AmoeboidsTestateHeliozoaInfusoria/CiliatesSporozoaAlgaeCryptogamsThallophytesFungus-like organismsSlime moldsAmbiregnal protistsMorphologyArchaeplastidaChloroplastida"green algae": PhycoplastPhragmoplastFlagellar apparatusGlaucophytes:CyanellesPhycobilisomesRed algae:Pit connectionPhycobilisomesHacrobiaCryptophyta:MastigonemesPeriplastHaptophyte:CoccolithHaptonemaStramenopilesGeneral:MastigonemesDiatoms:FrustuleBrown algae:LaminaPneumatocystAlveolataGeneral: AlveoliTrichocystDinoflagella |
tes:DinokaryonDinocystThecaCiliates:CiliumCirrusMacronucleusMicronucleusApicomplexans:RhoptryApicoplastMicronemeRhizariaPhytomyxeaCruciform divisionExcavateKinetoplastids:KinetoplastGlycosomeEuglenoidea:Periplast/pellicleAmoebozoaDictyostelids:MacrocystSorocarpOpisthokontaChoanoflagellates:Collar of microvilliGeneralLevels oforganizationUnicellularMonadoidAmoeboidCoccoidColonial s.s.Colonial flagellatedTetrasporal/capsal/palmelloidSarcinoidCoenobialFilamentous/trichal/hyphalParenchymatousPseudoparenchymatous/plektenchymaticMembranous/thalloid/foliaceousMultinucleatedSyncytialCoenocyticSiphonousSiphonocladousMulticellular s.s./tissular/histonalCell surfacestructuresSimple cell membraneMucilageScaleFrustuleCell wallLoricaSkeletonTestThecaPeriplast/pellicleLocomotionFlagellumCiliumPseudopodiaGliding motilityMitochondriaHydrogenosomeMitosomeNucleusNucleomorphMultinucleate cellsPlasmodiumDikaryonHeterokaryonMitosis in pro |
tistsOpenClosedOrthomitosisPleuromitosisMeiosis in protistsGameticZygoticSporicOtherCystCytostomeFimbriaeExtrusomeContractile vacuoleEyespot apparatusPyrenoidAxostyleMastigont systemEcology andphysiologyMicrobial ecologyMicrobial biogeographyBaas-Becking hypothesisDevelopment/ReproductionLife cyclesFertilizationNutrition: AutotrophyPhototrophyHeterotrophyPhagotrophyOsmotrophySaprotrophyParasitismBiotrophyNecrotrophyMixotrophyAuxotrophyvteක්‍ෂුද්‍රජීවවේදය: වෛරසහැඳින්වීමඉතිහාසයSocial history of virusesComponentsViral envelopeCapsidViral proteinViral life cycleViral entryViral replicationViral sheddingVirus latencyViroplasmGeneticsReassortmentAntigenic shiftAntigenic driftPhenotype mixingBy hostBacteriophageVirophageMycovirusPlant virus (Plant to Human)Animal virusHuman viromeOtherViral diseaseHelper virusLaboratory diagnosis of viral infectionsViral loadVirus-like particleVirus quantificationAntiviral drugNeurotropic |
virusOncovirusSatellitesGiant virusVirus classification ප්‍රවර්ගය ද්වාරය කොමන්ස් WikiProjectvteMicroorganismsGroupsArchaeaBacteriumCyanobacteriaFungiNanobacteriumProkaryoteProtistProtozoaVirusMicrobiologyMicrobial biogeographyMicrobial geneticsMicrobial intelligenceMicrobial metabolismMicrobial phylogeneticsMicrobial population biologyMycologyVirologyEcologyBiofilmMicrobial consortiumMicrobial cooperationMicrobial biodegradationMicrobial ecologyMicrobial cystMicrobial food webmicrobial loopviral shuntMicrobial matMicrobial synergyMicrobiomemicrobiotaholobiontQuorum sensingHost microbe interactions in Caenorhabditis elegansPlantsPlant microbiomeRoot microbiomeSeagrass microbiomeSoil microbiologySpermosphereMarineMarine microorganismMarine virusesMarine prokaryotesMarine protistsMicroalgaeAntarctic microorganismCoral microbiomeHydrothermal vent microbial communitiesMarine microbial symbiosisMicrobial oxidation of sulfurPhyc |
ospherePicoeukaryoteInternational Census of Marine MicrobesHuman relatedMicrobes in human cultureMicrobiomes of the built environmentFood microbiologyMicrobial oilMicrobial symbiosis and immunityNylon-eatingHuman microbiomeasthmadysbiosisfecalHuman Microbiome Projectgutlungmouthskinvaginain pregnancyplacentauterusProtein productionSynthetic microbial consortiaTechniquesDark field microscopyDNA sequencingImpedance microbiologyMicrobial cytologyMicrobial DNA barcodingMicrobiological cultureStainingOtherBioremediationDeep biosphereMicrobial dark matterLines on the Antiquity of MicrobesMicrobially induced sedimentary structureOmicsPhysical factors affecting microbial lifeSiderophore Category CommonsvteAntonie van LeeuwenhoekMicroscopic discoveries 1Microscopic organismsBacteriaCiliateGiardiaInfusoriaProtistProtozoaRotiferVolvoxOthersSpermatozoa (sperm cells)Red blood cellsCrystals in gouty tophiGeneral topicsVan Leeuwenhoek's micr |
oscopesVan Leeuwenhoek's microscopic experiments and discoveriesVan Leeuwenhoek's microscopic discovery of microbial lifeVan Leeuwenhoek's letters to the Royal SocietyRelated topicsBacteriologyProtozoologyProtistologySpontaneous generationPreformationismAnimalculeMicroscopic scaleMicroscopic discovery of microorganismsMicroscopic discovery of bacteriaHistory of microbiologyOptical microscopyHistory of microscopyHistory of the microscopeInvention of the optical microscopeTimeline of microscope technologyGolden Age of Dutch exploration and discovery (c. 1590s–1720s)Golden Age of Dutch science and technologyScience and technology in the Dutch RepublicBiology and natural history in the Dutch RepublicRoyal SocietyScientific RevolutionRelated peopleClifford Dobell (Leeuwenhoek scholar)Brian J. Ford (Leeuwenhoek scholar)William DavidsonHenry OldenburgRegnier de GraafRobert Hooke (author of Micrographia)Nicolaas HartsoekerNicolas StenoJan SwammerdamJohannes |
VermeerRecognitionsAntoni van Leeuwenhoek ZiekenhuisLeeuwenhoek (crater)Leeuwenhoek LectureLeeuwenhoek MedalAntonie van Leeuwenhoek (journal)LeeuwenhoeckiaLevenhookiaLeeuwenhoekiellaInternational Microorganism DayList of people considered father or mother of a scientific fieldList of people considered father or mother of a technical field1 First observed, described, and studied by van Leeuwenhoek. Categoryvteබෝවන රෝග සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාවක්ෂේත්‍ර(ව්‍යාධිජනකයන්)Major diseasesබැක්ටීරියාවේදය (බැක්ටීරියා)කොලරාවඩිප්තීරියාවලාදුරුඋපදංශය (සිෆිලිස්)ක්‍ෂය රෝගයවෛරසවේදය (වෛරස, ප්‍රියෝන)ඒඩ්ස්ඉන්ෆ්ලුවෙන්සාසරම්පපෝලියෝවසූරියදිලීරවේදය (දිලීර)AspergillosisCandidiasisTineaපරපෝෂීවේදය (ප්‍රොටෝසෝවා, helminths)ඇමීබික අතීසාරයකොකු පණුමැලේරියාවSchistosomiasisEntomology (බහිෂ්පරපෝෂිතයන්)LiceScabiesවැදගත් පුද්ගලයින්ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංඑඩ්වඩ් ජෙනර්Robert Kochලුවී පාස්චර්ඉග්නස් සෙමල්වයිස්අදාළ මාතෘකාප්‍රතිජීවකEradicationමහා වසංගත (Pandemic)සම්ප්‍රේෂණයhorizontalve |
rticalඑන්නත්කරණයZoonosisඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesLatviaJapanCzech Republicවෙනත්Historical Dictionary of Switzerlandද්වාරය: ජීව විද්‍යාවදේහ පුමාණයෙන් කොණ්ඩ කුරුල්ලා හා මයිනා ට සමාන වේ. කඳුකර කුරුල්ලෙකි. කඳුකරයේ මීටර් 2000 දක්වා ඉහළටත් පහතරට තෙත් කලාපයේත් සුලභ කුරුල්ලෙකි. වියළි කලාපයේ ඇතැම් තැන්වල දක්නට ලැබේ. මෙහු ඝණ වනාන්තර වලද වාසය කරයි. මූකලන් කොට්ටෝරුවා හෙවත් කඳුකර කොට්ටෝරුවා ලෙසද හඳූන්වනු ලැබේ. අභිජනනය කරන්නේ පෙබරවාරි-මැයි සහ අගෝස්තු-සැප්තැම්බර් කාලයේය. මැරුණු ගසක කඳේ බිම සිට මීටර් 2-3 අතර පිහිටි කුහරයක සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමයි.කොළ පැහැ සමක් දරයි.මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැ |
ඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න.මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.එංගලන්තයඑංගලන්ත ක්‍රිකට් ලාංඡනයපුද්ගලයෝනායකයාජෝ රූට් (ටෙස්ට්) ඉයන් මෝගන් (එදිජා සහ වි20)පුහුණුකරුට්‍රෙවර් බේලිස්ඉතිහාසයටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ1877ටෙස්ට් තරගපළමුවන ටෙස්ට් තරගයඔස්ට්‍රේලියාව එරෙහිව මෙල්බර්න්හීදී 15-19 මාර්තු 1877එක්-දින ජාත්‍යන්තරපළමුවන එදිජාඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හීදී 5 ජනවාරි 1971වි20 ජාතළුන්තරපළමුවන වි20ජාඔස්ට්‍රේලියාවට එරෙහිව සදම්ස්ටන්හීදී 13 ජූනි 20051වන නිල ඇඳුම2වන නිල ඇඳුම3වන කට්ටලයඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමකි . 1997 ජනවාරි 1 දින සිට මෙය පාලනය කරනු ලබන්නේ එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් වන අතර, පූර්වයෙහිදී, 1903 සිට 1996 අග භාගය දක්වා මෙය පාලනය කරනු ලැබුවේ මාලිබන් ක්‍රිකට් සමාජය (MCC) විසිනි.England and Australia were the first teams to play a Test match (between 15–19 March 1877), and |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.