text
stringlengths
0
1k
ංස්කරණය]සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුලද්‍රව්‍ය වලිනි. සුර්යයා තුල මෙම මුලද්‍රව්‍ය විසරණය ‍වී ඇති ආකාරය එනම් සූර්ය අභ්‍යන්තරය තුළ ඒවායේ පැතිරීම පිළිබඳ විශේෂ විද්‍යාත්මක අවධානයක් යොමු විය. සුර්ය මුලද්‍රව්‍ය වල විසරණය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ගුරුත්වාකර්ෂණය ඉන් එකකි. ගුරුත්වාකර්ෂණය නිසා බරින් වැඩි මුලද්‍රව්‍ය (උදාහරණ ලෙස වෙනත් බරින් වැඩි ලෝහ නොමැති අවස්ථාවලදී හීලියම් ) සූර්ය ස්කන්ධයේ මධ්‍යයට ඇලී පවතින අතර හයිඩ්‍රජන් වැනි බරින් අඩු මුලද්‍රව්‍ය සූර්යාගේ බාහිර පෘෂ්ඨය දෙසට පැතිරි පවතී.හීලියම් විසරණය[සංස්කරණය]සූර්ය අභ්‍යන්තරය තුල හීලියම් වල විසරණය විද්‍යාඥයින් ගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නකි. කාලයත් සමඟ හීලියම් වල විසරණ ක්‍රියාවලිය වේගවත් වන බව සොයාගෙන ඇත.ප්‍රකාශ ගෝලයේ (Photosphere) මූලදුව්‍ය සංයුතිය[සංස්කරණය]ප්‍රකාශ ගෝලයේ සංයුතිය, එනම් සූර්යාගේ මතුපිට ස්ථරවල සංයුතිය, ආදින් සෞරග්‍රහ මණ්ඩලයේ රසායනික සංයුතියට සමානතාවක් දක්වන බව 1968 දී සොයා ගන්නා ලදි. නමුත් ඩියුටීරිය, ලිතියම්, බොරෝන් සහ බෙරිලියම් යන මුලද්‍රව්‍ය වල සංයුතියන් මීට වඩා වෙනස් වේසූර්ය ලප සහ සූර්ය ලප චක්‍රය[සංස්කරණය]පසුගි
ය වසර 30 තුළ සූර්ය චක්‍රවල සිදුවූ වෙනස්කම් පිළිබඳ ලබාගත් මිණුම්.සූර්යා පිළිබඳව කාලෝචිත නිර්ණායක යෙදෙන විට ප්‍රථමයෙන්ම දිස්වන මුහුණුවර නම් සූර්ය ලපයි. වටපිටාවට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම නිසා ඒවා සූර්ය ලප ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර මගින් සංවහන ක්‍රියාවලිය අඩාල කරන නිසා සූර්ය ලප චුම්භක ක්‍රියාකාරිත්වය වැඩිවීමත් සමග වැඩි වේ. ප්‍රභල චුම්භක ක්ෂේත්‍ර මගින් මතුපිටට ශක්ති පරිවහනය අඩු කරන අතර ක්‍රියාකාරී ප්‍රදේශ නිර්මාණය කිරීම මගින් සූර්ය රැස් වළලුවලට අවශ්‍ය ශක්තිය ලබා දේ. එමනිසා ඒ සමග සූර්ය ගිනි දළු සහ රැස් වළලු ස්කන්ධ විසරණය වී ඉහළ යයි. විශාලතම සූර්ය ලපයක් කිලෝමීටර් 1000 ක් පමණ පළල වේ.සූර්යා මත දැකිය හැකි සූර්ය ලප ප්‍රමාණය නියතයක් නොවුවද සූර්ය ලපවලට අවුරුදු 11ක පමණ චක්‍රයක් පවතින අතර එය සූර්ය චක්‍රය ලෙස හැඳින්වේ. එක්තරා කාලයකදී සූර්ය ලප කිහිපයක් පමණක් දැකිය හැකි අතර අනෙක් කාලය තුළදී සම්පූර්ණ සූර්ය ලප ප්‍රමාණයම දැකිය හැක. සූර්ය ලප ප්‍රථමයෙන් ඉහළ සූර්ය අක්ෂාංශවලින් ආරම්භවන අතර සූර්ය චක්‍රය දිගින් දිගටම සිදුවෙත්ම ඒවා ගණනින් වැඩිවන අතරම ඒවා සූර්යාගේ සමකය දෙසට ඇදීයයි. මෙම සංසිද්ධිය
ස්පෝරස් නියමයෙන් පහදා දෙනු ලබයි.ප්‍රතිවිරුද්ධ චුම්භක ධ්‍රැව නිසා සූර්ය ලප සුලභ වශයෙන් හටගනී. සූර්ය ලපයක චුම්භක ධ්‍රැවය සූර්ය චක්‍රයෙන් සූර්ය චක්‍රයට මාරුවේ. එනම් මෙවර සූර්ය ලපයක උතුරු චුම්භක ධ්‍රැවය පිහිටයි නම් අනෙක්වර එහි පිහිටනුයේ දකුණු චුම්භක ධ්‍රැවයයි.පසුගිය වසර 250 ක කාලය තුළ වසර 11ක සූර්ය චක්‍රයක් පෙන්වන සූර්ය ලපවල ඉතිහාසයසූර්ය ලප අභ්‍යාවකාශ කාලගුණයට සහ පෘථිවියේ දේශගුණයට ද දැඩි සේ බලපෑම් එල්ල කරයි. සූර්ය ක්‍රියාකාරිත්වයේ අඩුවීම. අඩු උෂ්ණත්ව සමග සහ සම්බන්ධවන අතර සූර්ය ක්‍රියාකාරිත්වයේ වැඩිවීම උණුසුම් උෂ්ණත්ව තත්ව සමග සම්බන්ධව පවතී. 17 වන සියවසේ දී දශක කිහිපයක්ම සූර්ය ලපවල ක්‍රියාකාරිත්වය නැවතී තිබුණේය. මෙම කාලය තුළ ඉතා කුඩා සූර්ය ලප ගණනක් පමණක් නිරීක්ෂණය කොට තිබුණේය. මෙම යුගය කුඩා අයිස් යුගයක් ලෙස හඳුන්වාදී තිබුණි. මෙම කාලය තුළ යුරෝපය තුළ ඉතා පහත් උෂ්ණත්වයක් වාර්තාගතවී තිබිණි. ශාක වළලු අධ්‍යයනය මගින් අතීතයේ දී මෙලෙස ගෝලීය උණුසුම මධ්‍යන්‍යය උණුසුමට වඩා අඩු වූ යුගයක් වූ බව සොයාගෙන ඇත.සිදුවිය හැකි දීර්ඝ කාලීන චක්‍ර[සංස්කරණය]වසර 41,000 හෝ වසර 100,000 ක කාල ප්‍රාන්තරයන් තුළ
සූර්ය මධ්‍යයයේ චුම්භක අස්ථාවරත්වයක් සිදුවීම මගින් චුම්භක බලපෑමේ යම් අඩු වැඩිවීම් සිදුවන බව නවතම සිද්ධාන්ත පවසයි. මෙම සිද්ධාන්ත අයිස් යුගය පිළිබඳව “මිලන්කොවිච් චක්‍රය” ට වඩා හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙයි. නමුත් අභ්‍යාවකාශ භෞතික විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත මෙන්ම මෙම සිද්ධාන්තය ද එකවර පරීක්ෂා කළ නොහැකිය.සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය[සංස්කරණය]සූර්යයාගේ ධ්‍රැවීය චුම්භක ක්ෂේත්‍ර වල වෙනස්වීම සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට බලපායි. සූර්යයා පවතින්නේ වායු හා Plasma ස්වරූපයෙන් පමණි. ඊට හේතුව වන්නේ එහි අධික උෂ්ණත්වයයි. මෙම ස්වරූපය නිසා සූර්යයාගේ සමකාසන්න භ්‍රමණ කාලය, ධ්‍රැවයන්ට වඩා අඩු වේ. (ධ්‍රැවයන් ආසන්නයේ සූර්ය භ්‍රමණයට දින 35 ක් පමණ ගතවන අතර සමකාසන්නයේදී සූර්ය භ්‍රමණයට දින 25 ක් පමණ ගතවේ) මෙම භ්‍රමණ කාලයන්ගේ වෙනස නිසා හිරුගේ චුම්භක ක්ෂේත්‍ර රේඛා එකිනෙක ඡේදනය වීම සිදු වේ. මේ නිසා සමහරක් ස්ථානයන්ගේ චුම්භක බලපෑම අඩුවේ. එවිට එම ස්ථානයන්ගේ හිරුලප හා නෙරීම් (Solor Prominence) හට ගැනීමට හේතු වේ. මෙම චුම්භක රේඛා ඡේදනයන් නිසා හිරු තුළ පිහිටි ඉලෙක්ට්‍රොන වල වෙනස්වීම් සිදු වේ. අවුරුදු 11 ට වතාවක්
මේ නිසා චුම්භක ක්ෂේත්‍ර දිශාවන් වෙනස් වේ.සූර්යයාගේ මෙම ධ්‍රැව වෙනස්වීම සූර්ය පෘෂ්ඨයට බලපායි. මෙවිට පෘෂ්ඨයෙන් චුම්භක විහිදෙන දිශාවන් වෙනස් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට හිරුගේ බලපෑම දැනීමට, සෞරග්‍රහ මණ්ඩලයේ Plosma හේතු වේ. Plosma වලින් තොර, රික්ත අභ්‍යවකාශයක් තිබුණේ නම් හිරුගේ චුම්භක බලපෑම පෘථිවියට 10-4 සිට 10-11 අඩුවිය යුතුය. නමුත් චන්ද්‍රිකාවන්ට අනුව Magnetohydrodynomic (MHD) ඉලෙක්ට්‍රොනික වලාවන්හි බලපෑම නිසා මෙම බලපෑම රික්ත තත්ත්වයකදී 10-9 ක් බව ගණන් බලා ඇත.සූර්යයා සම්බන්ධ ගැටළු[සංස්කරණය]සූර්යයාගේ රුක් වළලු තාපන ගැටළු[සංස්කරණය]සූර්යයාගේ දෘෂ්‍යමය මතුපිට (ප්‍රකාශ ගෝලය) ආසන්න වශයෙන් කෙල්වින් 6000 ක පමණ උෂ්ණත්වයක් පවතී. එහෙත් සූර්යයාගේ රුක්වළල්ලක උෂ්ණත්වය කෙල්වින් 1000000 පමණ වේ. ඒ අනුව සූර්යය රුක්වළල්ලකට ප්‍රකාශ ගෝලයෙන් සෘජුවම සන්නායක වන තාපයට අමතරව වෙනත් ක්‍රමයකින් තාපය ලැබිය යුතුය.ප්‍රකාශ ගෝලයට පහතින්වන සංවහන කලාපයක සිදුවන ආකූල චලනයක් මගින් එම රැස් වළලුවලට අවශ්‍ය තාපය ලැබෙන බව මතයකි. එසේම එම රුක් වළලුවලට තාපය ලැබෙන ආකාරය පැහැදිලි කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් පවතී. පළමු
යාන්ත්‍රණය තරංග යාන්ත්‍රණයකි. සංවහන කලාපයේ සිදුවන අනුකූලතාව ගුරුත්වජ සහ චුම්භක ජල ගතික නිසා හටගන්නා බව එම යාන්ත්‍රණය මගින් පෙන්වා දෙයි. එම තරංග ප්‍රකාශයන් වායුගෝලය හරහා ඉහළටම ගමන් කරන අතර සුර්යයා රැස්වළලු අවට අවකාශයට මුදාහරිනු ලබයි. හාත්පස පැතිර පවතින වාතයෙහි තාපක ලෙස මෙහි ශක්තිය ගබඩා කෙරේ.අනෙක් යාන්ත්‍රණය චුම්භක තාපනයකි. එහිදී ප්‍රකාශ ගෝලයේ සිදුවන වෙනස්වීම් නිසා චුම්භක ශක්තිය නිරන්තරයෙන් වර්ධනය වේ. එම ශක්තිය චුම්භක ප්‍රතිබිම්භය මගින් විශාල සූර්යය ගිනිදලු සහ කුඩා ප්‍රමාණයේ ගණන් කළ නොහැකි තරමේ ගිනිදලු පිටතට මුදාහරිනු ලබයි.තරංග කාර්යක්ෂම තාපන ක්‍රමවේදයක් දැයි තවමත් පැහැදිලි නැත. “ඇල්ෆනි” තරංග හැර අනෙක් සියළුම තරංග රැස්වළල්ලට පැමිණීමට ප්‍රථම විසිරී යෑම හෝ වර්තනය වී යෑම සිදුවන බව සොයා ගෙන ඇත. ඇල්ෆන් තරංග සාමාන්‍යයෙන් රැස් වළල්ල තුළදී විසිරී නොයයි. එම හේතු නිසා රැස්වළලු සංසිද්ධිය පිළිබඳව නව අධ්‍යනයන් සිදු කරමින් පවතී. එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව දැනට සුළු වශයෙන් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් එය ගවේෂණය සදහා විවෘත මාතෘකාවක් සපයා ඇත.සෛද්ධාන්තික ගැටළු - සුර්ය නියුට්රිනෝව පිළිබද ගැටළුව[ස
ංස්කරණය]බොහෝ වසරවල පෘථිවිය තුළ නිරීක්ෂණය කරන ලද සුර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රියෝන ප්‍රමාණය සම්මත සූර්ය ආකෘතිය මත පදනම්ව අපේක්ෂා කරන ලද ප්‍රමාණයෙන් තුනෙන් එකක් හෝ අර්ධයක්ව පැවතුණි. මෙම පරස්පර විරෝධීතාවය අඩු කළ යුතුය. නැතහොත් සූර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව සුර්යයා සහ පෘථිවිය අතර ගමන්කිරීමේදී නිරීක්ෂණය කළ නොහැකි tau බවට හෝ meon නියුට්‍රිනෝව බවට පරිවර්තනය විය යුතුය යන්න එම සිද්ධාන්තවල සදහන්ව තිබිණි.වර්ෂ 1980 දී පමණ සූර්යය නියුට්‍රිනෝව වඩා නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ස්බිඩරි නියුට්රිනෝ නිරීක්ෂකාගාරය, කැමියොක්නෙඩ් නිරීක්ෂකාගාරය සහ කැමියොක්නේඩ් නිරීක්ෂණාගාරය ඇතුළත නිරීක්ෂණාගාර රැසක් පිහිටුවනු ලැබිණි. එම නිරීක්ෂණාගාරවල ප්‍රතිඵල අනුව සූර්ය නියුට්රිනෝව ඉතා කුඩා ශේෂ ස්කන්ධයන්ගෙන් සමන්විත බව සොයා ගැනුණි. 2001 වසරේදී සඩ්බරි නිරීක්ෂකාගාරයට නියුට්රිනෝවල ප්‍රභේද තුනම සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකිවිය. තවද එමගින් සූර්යයා නියුට්රිනෝ හිටවීමේ සමස්ත ශිඝ්‍රතාවය සම්මත සූර්යය ආකෘතිය හා එකග බවද සොයාගනු ලැබීය.සූර්යයා නියුට්රිනෝවේ සමස්ත ශක්තියෙන් තුනෙන් එකක් පමණ සුළු ප්‍රමාණයක් පමණක් පෘථිවිය තුළදී ඉලෙක්ට්‍
රෝන නියුට්රිනෝ මාදිලියෙන් දැකගත හැකි බවද සොයා ගැනුණි. මෙම සමානුපාතය නියුට්රිනෝව ස්කන්ධය බවට පත්වීමේ ක්‍රමය ගැන පැහැදිලි කරන මික්හේයිව් - ස්මිර්නෝව් -වුල්ෆෙන්ස්ටෙයින් සංසිද්ධිය සමග මනාව ගැලපේ. එහෙයින් සූර්යය නියුමිනෝව පිළිබද ගැටළුව විසදුණි.අඳුරු තරුණ සූර්ය ගැටළුව[සංස්කරණය]සෛද්ධාන්තික ආකෘති මගින් අදින් වසර බිලියන 3.8 ත් 2.5ත් අතර ප්‍රාග් කේම්බ්රියා යුගයේ දී සූර්යයාගේ වර්තමාන දීප්තියෙන් 75% පමණ ගහණය කර ඇත. එවන් දුර්වල සූර්යයයෙක් මගින් පෘථිවිය මත ද්‍රව හා ජලය නොපවතී. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක ආදර්ශනයන් මගින් පෘථිවිය තම අතීතය තුළ ස්ථායී උෂ්ණත්වයක් දරා සිටි බව පෙන්වාදී ඇත. සැබවින්ම මුල්කාලයේ පෘථිවිය දැන් පවතින පෘථිවියට වඩා තරමක් උණුසුම්ව පැවතිණි. එකළ පෘථිවි වායුගෝලය තුළ වර්තමානයට වඩා වැඩි ප්‍රතිශතවලින් හරිතාගාර වායූන් (කාබන්ඩයොක්සයිඩ් , මීතේන් , සහ ඇමෝනියා වැනි) අඩංගුව පැවති බවට විද්‍යාඥයින් තුළ ඒකමතිකභාවයක් පවතී. එම වායූන් මගින් පෘථිවිය කරා පැමිණෙන සූර්යය විකිරණය රදවා ගැනීම මගින් පෘථිවිය මත අවශ්‍ය තරම් තාපයක් රදවා ගනී.නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය[සංස්කරණය]thumb|පෘථිවි පෘෂ්ඨයේ සිට බලන
කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දමසූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ‍ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා ‍නොවේ. සූර්යයා දෙස ‍බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත ‍වී ඇති අවස්ථාවල
මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.ද්වීනේත්‍ර දුරදක්න (Binocular) වැනි ආලෝකය ඒකරාශ්‍රී කරන උපකරණ වල නියමිත. UV කිරණ අවහිර කරන පෙරහන් සවිකර නොමැත්තේ නම් මේවා තුලින් සුර්යයා දෙස බැලීම ඉතාමත් හානිකරයි. පෙරහන් රහිත ද්විනේත්‍ර දුරදක්නා මඟින් පියවි ඇසින් බලන විට දී වඩා 500 ගුණයකින් වැඩි ශක්තියක් ඇසට ඇතුලුවන බැවින් ක්ෂණිකවම දාෂ්ටි විතානයේ සෛල මරුමුවට පත් වේ. මධ්‍යහන ඉර දෙස පෙරහන් රහිත ද්විනේත්‍ර දුර දක්නා වලින් ඉතා කෙටි කාලයක් සුර්යයා දෙස බලාසිටිමෙන් ද ඇස් අන්ධ වීමේ ඉඩ කඩක් පවතී.සූර්යයා දෙස ආරක්ෂිතව බැලීය හැකි එක් ක්‍රමයක් වන්නේ දුරදක්නය හෝ උපනෙත තුලින් පැමිණෙන ඡායාව තිරය මතට පතිත කිරිමෙනි. නමුත් ඇතැම් දුරදක්න වලට මෙම ක්‍රියාවේ දී හානි ඇතිවිය හැකි බැවින් මේ සඳහා භාවිතා කළ හැක්කේ කුඩා පරාවර්තන දුරදක්න හෝ ද්වීනේත්‍ර දුරදක්න පමණි.අර්ධ සූර්යග්‍රහණ පියවි ඇසින් නැරඹිම හානිකර වන්
නේ එහිදී ඇතිවන අසාමාන්‍ය ලෙස අධික දෘෂ්ටියට සරිලන පරිදි ඇසේ කණිනිකාව සැකසෙන්නේ නැති බැවිනි. මෙහිදි ඇසට සිදුවන හානිය කිසිදු වේදනාවකින් තොර වන අතර අන්ධ බව ඇතිවන්නේ තරමක කාලයකට පසුවය.සූර්ය ගවේෂණ ඉතිහාසය[සංස්කරණය]සූර්ය ගවේෂණ ව්‍යාපෘති[සංස්කරණය]සූර්යාගේ දක්ෂිණ ධ්‍රැවය STEREO සූර්ය ගවේෂණ ව්‍යාපෘතිය මගින් ඡායාරූපයට නගන ලද අතර ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ සූර්යාගේ සිට විවිධ ද්‍රව්‍ය විධාරණය වීම් දැකගත හැකිය.ගොනුව:Solar flares amila's si.jpg2000 නොවැම්බර් මස දී SOHO අභ්‍යාවකාශ යානය තුළ අන්තර්ගත කර තිබූ උපාංගවලින් සූර්ය “ගිනිකෙළි” අනුක්‍රමණයෙන් සටහන් කොට ඇත.සූර්ය ගවේෂණ සඳහා නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකා වනුයේ 1959 දී හා 1968 දී අජටාකාශගත කළ පයනියර් 5,6,7,8 සහ 9 වේ. මෙම චන්ද්‍රිකාවන් සූර්යාගේ සිට පෘථිවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මගින් සූර්ය සුළගේ සහ සූර්යා චුම්භක කේෂ්ත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගැනුණි. “පයනියර් 9” ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වූ අතර එය 1987 වන තෙක් දත්ත සම්ප්‍රේෂණය සිදු කළේය.1970 දී “හේලියස් 1” චන්ද්‍රිකාව මගින් සහ “ස්කයිලැබ්” අභ්‍යාවකාශ නැ
වතුම්පලේ “ඇපලෝ” දුරේක්ෂය මගින් සූර්ය සුළග සහ සූර්ය ‍කොරෝනාව පිළිබඳ ඉතා වැදගත් දත්ත විද්‍යාඥයින්ට සපයන ලදී. හේලික්ස් - 1 චන්ද්‍රිකාව ඇමරිකාව එක්සත් ජනපදයේ සහ ජර්මනියේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එය බුදගේ කක්ෂයේ සූර්යාට සමීප ස්ථානයක රැදී සිටිමින් සූර්යා සුළග පිළිබදව අධ්‍යයනයක නිරත විය. “ස්කයි ලැබ්” අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 1973 දී “නාසා” ආයතනය මගින් අජටාකාශ ගත කරන ලද අතර එහි වූ සූර්යා‍ ගවේෂණ මොඩියුලය “ඇපලෝ දුරේක්ෂ නැංවුම” ලෙස නම් කරනු ලැබූ අතර එය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවාතැන්ගත් ගගනගාමීන් විසින් ක්‍රියා කරවනු ලැබීය. සූර්ය රැස්වළලු මගින් නිපදවෙන සූර්ය සංක්‍රාන්ති මණ්ඩලය පිළිබඳ ප්‍රථම කාල නිර්ණය කළ නිරීක්ෂණය සිදු කරන ලදී. ඒ හැර පාරජම්බුල විමෝචනයේදී නිරීක්ෂණය කරන ලදී. “රැස් වළලු සංක්‍රාමණය” ලෙස පසුව හඳුන්වනු ලැබූ රැස් වළලු ස්කන්ධ විසර්ජනය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණය සහ සූර්ය සුළඟ සමග තදින් බැඳී පවතින රැස් වළලු සිදුරු පිළිබඳ නිරීක්ෂණ ඇතුළු ‍බොහෝ සොයාගැනීම් මෙම පරීක්ෂණාගාරය මගින් සිදුවිය.1980 දී නාසා ආයතනය මගින් Solar Maximum ව්‍යාපෘතිය දියත් කරන ලදී. සූර්ය ක්‍රියාකාරිත්වයන් අධික වූ කාල සීමාවක් තුළ ස
ූර්ය ගිනිදැල් මගින් නිකුත්වන ගැමා කිරණ , X - කිරණ , සහ පාරජම්බුල කිරණ නිරීක්ෂණය කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව සැලසුම් කරන ලදී. දියත් කිරීමෙන් මාස කිහිපයකට පසු පරිපථ දෝෂයක් නිසා යානය හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් පසුවන මට්ටමට පත් වූ අතර යානය ඉදිරි වසර තුනක කාලය තුළ මෙම අක්‍රීය අවස්ථාවේ පසු වුණි.1984 දී චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටලයේ මෙහෙයුම් අංක STS – 41C මෙහෙයුම යටතේ දී චන්ද්‍රිකාවේ වැරදි නිවැරදි කරන ලද අතර නැවත මුදා හැරීමට පෙර එහි පරිපථ අළුත්වැඩියා කරන ලදී. පසුව මෙම චන්ද්‍රිකාව විසින් 1989 ජුනි මස පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වීමට ප්‍රථමයෙන් සූර්යා රැස් වළලුවල ජායාරූප දහස්ගණනක් ලබා ගැණුනි.සුර්යා ගිනිදැල් X - කිරණ තරංග ආයාමය යට‍තේ ජායාරූපගත කිරීම සදහා ජපානය 1991 දී යෝකොහෝ (සූර්යකිරණය) චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී. මෙහෙයුම් දත්ත මගින් විද්‍යාඥයින්ට එකිනෙකට වෙනස් විවිධ සූර්ය ගිනිදැල් වර්ග හදුනාගැනීමට හැකිවිය. තවද සූර්යා රැස්වළලු කලින් සදහන් කළ පරිදි උපරිම ක්‍රියාකාරී කලාපයේ ඇති නොවී ඉන් මදක් බැහැරින් වූ ප්‍රදේශවල හට ගන්නා බව මෙමගින් ආදර්ශනය කළේය. යොකොහෝ චන්ද්‍රිකාව පූර්ණ සූර්ය වටයක් නිරීක්ෂණය කි
රීමට සමත් වුවද 2001 දී ඇති වූ වලයාකාර ග්‍රහණය නිසා එහි සූර්ය නිරීක්ෂණ පද්ධතිය නැතිවී ගිය අතර එය හදිසි අවස්ථාවන් සදහා සූදානම් මට්ටමට පත් වුණු අතර 2005 වසරේදී පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එය විනාශ වී ගියේය.යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහ නාසා ආයතනයේ ඒකාබද්ධතාවයෙන් ගොඩනංවන 1995 දෙසැම්බර් 02 දින දියත් කරන ලද “සූර්ය සහ සූර්යා දර්ශක පරීක්ෂණාගාරය තවත එක් වැදගත් සූර්ය නිරීක්ෂක ව්‍යාපෘතියකි. මෙය සත්‍ය වශයෙන්ම වසර දෙකක් සඳහා නිර්මාණය කරන ලද්දක් වුවද , එය දැනට වසර දහයකටත් වඩා ක්‍රියාකාරී මට්ටමේ පවතී. (2007 දක්වා) මෙම ව්‍යාපෘතිය ඊට පසුව ගෙන එන ලද “සූර්ය ගතික පරීක්ෂණාගාර” ව්‍යාපෘතියට ‍බොහෝ සේ ප්‍රයෝජනවත් විය. මෙම චන්ද්‍රිකාව 2008 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කෙරිණි. සූර්යයා හා පෘථිවිය අතර වන ගුරුත්ව උදාසීන ලක්ෂ්‍යයේ (සූර්යාගේ හා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයන් සමාන වන තැන) මෙය ස්ථානගත කොට ඇත. දියත් කරන ලද දිනයේ සිට විවිධ තරංග ආයාමවලින් සූර්යාගේ ස්ථායී ජායාරූප බොහෝමයක් ලබා ගැනීමට SOHO චන්ද්‍රිකාව සමත් විය.SOHO හි සෘජු සූර්ය නිරීක්ෂණය හැරුණු විට එමගින් බොහෝ ධූම කේතූන් ද සොයාගැනීමට හැකිවිය
. මේවායින් බොහොමයක් සූර්යාට ළංවන විට පිලිස්සී අලුවන ක්ෂුද්‍ර සූර්ය දිලිසුම් ධූම කේතු විය.සියලුම චන්ද්‍රිකා සූර්ය නිරීක්ෂණය කර ඇත්තේ සමතලා කක්ෂ තලයක සිටය. එමනිසා ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ නිරක්ෂයට යාබද ප්‍රදේශ පමණි. සූර්යාගේ ධ්‍රැව ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අරමුණින් 1990 දී “යුලිසිස්” චන්ද්‍රිකාව කක්ෂගතකරන ලදී. ප්‍රථමයෙන් එය බ්‍රහස්පති වෙත ගමන්ගත් අතර slingshot මගින් එය කක්ෂවලට බොහෝ ඉහළින්වන කක්ෂයක් කරා ගමන් ගන්නා ලදී. තත්කාලීන න්‍යායන්ට අනුව එය 1994 දී ශූමාකර් - ලෙවී 9 ධූමකේතුව බ්‍රහස්පති සමග ගැටීම නිරීක්ෂණය කිරීමට හොඳින් ස්ථානගතව පැවතුණි. “යුලිසීස්” චන්ද්‍රිකාව තමාගේ සැලසුම්ගත කක්ෂයේ ගමන්ගන්නා විට ඉහළ සූර්ය අක්ෂාංශවලදී සූර්යා සුළඟ සහ සූර්ය චුම්භක කේෂ්ත්‍රය ප්‍රබලව නිරීක්ෂණය කරන ලදී. තවද ඉහළ සූර්ය අක්ෂාංශවලදී නිකුත් වුන සූර්ය සුළඟ අපේක්ෂිත අගයට වඩා අඩු අගයක් වන තත්පරයට කිලෝමීටර් 750 ක වේගයෙන් චලනයවන බවද එමගින් සොයා ගැණුනි. තවද ඉහළ අක්ෂාංශවලින් මුදා හැරෙන චුම්භක තරංග , තාරකා මණ්ඩලය තුළ තැනින් තැන පවතින අන්තරීක්ෂ විකිරණ තුළින් මතුවන බවද මෙම චන්ද්‍රිකාව මගින් සොයා ගැණුනි.ප්‍රකාශ
ගෝලය තුළ මූලද්‍රව්‍යවල සුලභතාවය වර්ණාවලීක්ෂ අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇති නමුත් සූර්යාගේ අභ්‍යන්තර සංයුතිය පිළිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. සූර්ය සුළං සාම්පලයක් නැවත රැගෙන ඒමේ ව්‍යාපෘතිය හෙවත් “ජෙනිසීස්” ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ සූර්ය තැනුම් ද්‍රව්‍යය පිළිබඳ පැහැදිලි මිණුම් විද්‍යාඥයින්ට ලබාගැනීමට හැකිවීමටය.ජෙනිසීස් යානය 2004 වසරරේදී පෘථිවියට නැවත ඇතුල් වුණ නමුත් පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එහි පැරෂුට් පද්ධතියේ ඇති වූ දෝශයක් නිසා පොළවේ ගැටී චන්ද්‍රිකාවට හානි සිදුවිය. දැඩි හානි සිදු වුවද , අභ්‍යාවකාශ යානයේ නැවත පැමිණි කොටස්වලින් වැදගත් සාම්පල කිහිපයක් සොයා ගැණුනි. මේ වන විටත් ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතී.සූර්යා පෘථිවි සම්බන්ධතා පරීක්ෂණ (STEREO) ව්‍යාපෘතිය 2006 ඔක්තෝබර් මාසයේ දී දියත් කරනු ලැබීය. මෙමගින් සුවිශේෂ චන්ද්‍රිකා දෙකක් කක්ෂ ගත කරන ලදී. එකක් සූර්යාගෙන් පෘථිවියට විරුද්ධ පසින් ද අනෙක පෘථිවියට ආසන්නයේ කක්ෂගත කිරීමෙන් රැස්වළලු ස්කන්ධ විසර්ජනය වැනි සූර්ය සංසිද්ධි පිළිබඳ ත්‍රිමානේක්ෂීය අවබෝධයක් ලබාගැනීමට තීරණය කරන ලදී.එක් චන්ද්‍රිකාවක් සංසිද්ධියක් ළඟම තාරකා පද්ධතිය වන
ඇල්ෆා සේනචූරිවලින් නිරීක්ෂණය කළේ නම් සූර්යා කැසියෝහියා තාරකා මණ්ඩලය තුළ දිස්විය යුතු වුණි.සටහන්[සංස්කරණය]↑ තාරකා විද්‍යාත්මක විද්‍යාවන්හීදී, බැර මූල ද්‍රව්‍යයන් (හෝ ලෝහයන්) යන්නෙන් අදහස් වන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් හැර අනෙකුත් සමස්ත මූලද්‍රව්‍යයන් වෙති.ආශ්‍රිත[සංස්කරණය]↑ 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 Williams, D. R. (1 July 2013). "Sun Fact Sheet". NASA. සම්ප්‍රවේශය 12 August 2013.↑ Asplund, M.; Grevesse, N.; Sauval, A. J. (2006). "The new solar abundances - Part I: the observations". Communications in Asteroseismology. 147: 76–79. Bibcode:2006CoAst.147...76A. doi:10.1553/cia147s76.↑ "Eclipse 99: Frequently Asked Questions". NASA. සම්ප්‍රවේශය 24 October 2010.↑ Hinshaw, G.; et al. (2009). "Five-year Wilkinson Microwave Anisotropy Probe observations: data processing, sky maps, and basic results". The Astrophysical Journal Supplement Series. 180 (2): 225–245. arXiv:0803.0732. Bibcode:2009ApJS..180..225H. doi:10.1088/0067-0049
/180/2/225.↑ Emilio, M.; Kuhn, J. R.; Bush, R. I.; Scholl, I. F. (2012). "Measuring the Solar Radius from Space during the 2003 and 2006 Mercury Transits". The Astrophysical Journal. 750 (2): 135. arXiv:1203.4898. Bibcode:2012ApJ...750..135E. doi:10.1088/0004-637X/750/2/135.↑ 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 6.10 6.11 "Solar System Exploration: Planets: Sun: Facts & Figures". NASA. 2 January 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.↑ Ko, M. (1999). Elert, G. (ed.). "Density of the Sun". The Physics Factbook.↑ Bonanno, A.; Schlattl, H.; Paternò, L. (2008). "The age of the Sun and the relativistic corrections in the EOS". Astronomy and Astrophysics. 390 (3): 1115–1118. arXiv:astro-ph/0204331. Bibcode:2002A&A...390.1115B. doi:10.1051/0004-6361:20020749. {{cite journal}}: Invalid |ref=harv (help)↑ "The Absolute Chronology and Thermal Processing of Solids in the Solar Protoplanetary Disk". Science. 338 (6107): 651–655. 2 November 2012. Bibcode:2012Sci...338..65
1C. doi:10.1126/science.1226919. සම්ප්‍රවේශය 17 March 2014.ASDAQ:INTC) increased 1.9% on news the business may form a foundry relationship with Apple Inc. (NASDAQ:AAPL).Sprint Nextel Corp (NYSE:S) fell 2.1% when Stifel Nicolaus Co.In nearby Arachova and Livadi there's plenty of nightlife with numerous lively bars and restaurants.The UNESCO World Heritage site of Delphi is probably 30 minutes drive from Elatos. It ranks being among the most significant archaeological sites belonging to the ancient world. That it was home to the oracle a vey important oracle in the classical Greek world a↑ 10.0 10.1 Seidelmann, P. K.; et al. (2000). "Report Of The IAU/IAG Working Group On Cartographic Coordinates And Rotational Elements Of The Planets And Satellites: 2000". සම්ප්‍රවේශය 22 March 2006.↑ "The Sun's Vital Statistics". Stanford Solar Center. සම්ප්‍රවේශය 29 July 2008. Citing Eddy, J. (1979). A New Sun: The Solar Results From Skylab. NASA. p. 37. NASA SP-402.↑ Godier, S.; Rozelot, J.-P.
(2000). "The solar oblateness and its relationship with the structure of the tachocline and of the Sun's subsurface" (PDF). [[:en:Astronomy and Astrophysics|]]. 355: 365–374. Bibcode:2000A&A...355..365G. {{cite journal}}: Invalid |ref=harv (help)↑ Philips, Kenneth J.H. (1995). Guide to the sun. Cambridge University Press. පිටු. 78–79. ISBN 9780521397889. ↑ Schutz, Bernard F. (2003). Gravity from the ground up. Cambridge University Press. පිටු. 98–99. ISBN 9780521455060. ↑ 15.0 15.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;zeilik නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Falk, S.W.; Lattmer, J.M.; Margolis, S.H. (1977). "Are supernovae sources of presolar grains?". Nature. 270 (5639): 700–701. Bibcode:1977Natur.270..700F. doi:10.1038/270700a0. {{cite journal}}: Invalid |ref=harv (help)↑ Zirker, Jack B. (2002). Journey from the centre of the sun. Princeton University Press. පිටුව. 11. ISBN 9780691057811. ↑ Phillips, Kenneth J.H. (1995). Guide to the Sun. Cambridge Unive
rsity Press. පිටුව. 73. ISBN 9780521397889. ↑ Phillips, Kenneth J.H. (1995). Guide to the Sun. Cambridge University Press. පිටු. 58–67. ISBN 9780521397889. ↑ ගාර්සියා, ආර්. (2007). "ට්‍රැකිං සෝලාර් ග්‍රැවිටි මෝඩ්ස්: ද ඩයිනමික්ස් ඔෆ් ද සෝලාර් කෝ". සයන්ස්. 316 (5831): 1591–1593. Bibcode:2007Sci...316.1591G. doi:10.1126/science.1140598. PMID 17478682. {{cite journal}}: Invalid |ref=harv (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)↑ බාසු හා අනෙකුන්; චැප්ලින්, විලියම් ජේ.; එල්ස්වර්ත්, ඉවෝන්; නිව්, රොජර්; සෙරෙනෙලි, ඇල්ඩො එම්. (2009). "ෆ්‍රෙෂ් ඉන්සයිට්ස් ඔන් ද ස්ට්‍රක්චර් ඔෆ් ද සෝලර් කෝ". දි ඇස්ට්‍රොෆිසික්ස් ජර්නල්. 699 (699): 1403. Bibcode:2009ApJ...699.1403B. doi:10.1088/0004-637X/699/2/1403. {{cite journal}}: Invalid |ref=harv (help); More than one of |work= and |journal= specified (help)↑ "නාසා/මාෂල් සෝලා ෆිසික්ස්". Solarscience.msfc.nasa.gov. 2007-01-18. සම්ප්‍රවේශය 2009-07-11.vteසෞරග්‍රහ මණ්ඩලයසූර්යයාබුධසිකුරුපෘථිවියඅඟහරුසෙරස්බ්‍රහස්පතිස
ෙනසුරුයු‍රේනස්නෙප්චූන්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්ග්‍රහලෝකභූමිෂ්ඨ ග්‍රහලෝකබුධසිකුරුපෘථිවියඅඟහරුයෝධ ග්‍රහලෝකබ්‍රහස්පතිසෙනසුරුයු‍රේනස්නෙප්චූන්වාමන ග්‍රහලෝකසෙරස්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්වළලුබ්‍රහස්පතිසෙනසුරු (රියා)චරික්ලෝකයිරන්යුරේනස්නෙප්චූන්හවුමේයානුචන්ද්‍රයෝභූමිෂ්ඨචන්ද්‍රයාවෙනත් පෘථිවි ආසන්න වස්තූන්අඟහරුගේෆෝබෝස්ඩෙයිමෝස්බ්‍රහස්පතිගේගැනිමේඩ්කැලිස්ටෝඅයෝයුරෝපාසියල්ල 79සෙනසුරුගේටයිටන්රියාඅයැපුටුස්ඩියෝන්ටෙතිස්එන්සිලේඩස්මීමාස්හයිපීරියන්ෆීබීසියල්ල 62යුරේනස්ගේටයිටේනියාඔබෙරන්අම්බ්‍රියල්ඒරියල්මිරන්ඩාසියල්ල 27නෙප්චූන්ගේට්‍රයිටන්ප්‍රෝටියස්නේරෙයිඩ්සියල්ල 14ප්ලුටෝගේකෙරන් නික්ස්හයිඩ්‍රාකර්බරෝස්ස්ටික්ස්හවුමේයා ගේහීයාකානමාකාමාකේමාකේ ගේS/2015 (136472) 1එරිස් ගේඩිස්නොමියාExploration (outline)සොයාගැනීම්තාරකා විද්‍යාවකාලරේඛාවඅභ්‍යවකාශ ඒෂණියන්ලැයිස්තුවකාලරේඛාවමිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්අභ්‍යවකාශ මධ්‍යස්තානයන්ලැයිස්තුවජනාවාසකරණයබුධසිකුරුචන්ද්‍රයාඅඟහරුසෙරස්ග්‍රහකකැනීම්ධූමකේතුබ්‍රහස්පතිසෙනසුරුයුරේනස්නෙප්චූන්ප
්ලූටෝගැඹුරු අභ්‍යවකාශයSmall SolarSystem bodiesPlanetesimalMeteoroidsMinor planetsmoonsCometsDamocloidsMercury-crossersVenus-crossersVenus trojansNear-Earth objectsEarth-crossersEarth trojansMars-crossersMars trojansAsteroid beltග්‍රහකසෙරස්PallasJunoVestafirst 1000familiesexceptionalKirkwood gapMain-belt cometsJupiter trojansJupiter-crossersCentaursSaturn-crossersUranus trojansUranus-crossersNeptune trojansCis-Neptunian objectsTrans-Neptunian objectsNeptune-crossersPlutoidsKuiper beltPlutinosCubewanosScattered discDetached objectsSednoidsHills cloudOort cloudHypotheticalobjectsVulcanVulcanoidsTheiaPhaetonPlanet VFifth giantPlanet XPlanet NineTycheNemesisSubsatellitesලැයිස්තුSolar System modelsSolar System objectsby sizeby discovery dateMinor planetsnamesGravitationally rounded objectsPossible dwarf planetsNatural satellitesCometsOutline of the Solar System ද්වාරසෞරග්‍රහ මණ්ඩලයතාරකා විද්‍යාවEarth sciencesMars
JupiterUranusCosmologyසෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වයEach arrow (→) may be read as "within" or "part of".මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (09 බදාදා 2010 ජූනි)ශරිආට (ලීඛිතව "දිය ලැමේ ස්ථානය සදහා මග පෙන්වනලද") යනු සාම්ප්‍රදායික ඉස්ලාමීය පණ්ඩිත්‍ය විසින් නිපදවනු ලබන ඉස්ලාමීය නීතියකි. ඉස්ලාමීහි, සරියාව යනු දේව කැමැත්ත පිළිබද කියමනක් වන අතර "මුස්ලිම්වරැ වෙන ආගමික විශ්වාසයේ ගුණයක් මගින් යුතුකමක් වශයෙන් ස්ථාපිත කරන ලද ක්‍රමයකි. ඉස්ලමීය නීතිය ජීවිතේ හැම පැත්තක් ගැන සලකන අතර පාලන හා විදේශ සම්බන්ධතා වැනි යම් තත්ත්වය පිළිබද සමාන්‍ය ජීවිතයේ වාදනත් සලකයි. කුරානය, හුදුද් විස්තර කර ඇත්තේ කිසියම් අපරාධ පහකට දඩුවම් දීම සදහා : නීති විරෝධී සමාගම් පැවැත්වීම, නීති විරෝදි සමාගම් පැවැත්විම
ගැන බොරැ චෝදනා කිරීම, මත්පැන් භාවිතය, සොරකම හා මහාමාර්ග මංකොල්ය කුරානය හා සුහානයේ උරැමය පිළිබද නීති, විවාහය හා මිණිමැරැම් හා තුවාල කිරිම් සහා වන්දි ගෙවිම මෙන්ම අපවාද පිළිබද නිති හා යාච්ඥා පිළිබද සදහන් වේ. කෙසේ නමුත් මෙම නියෝග හා තහංචි පුලුල් විය හැකි අතර ඒවායේ ප්‍රායෝගික අදාලත්වය වෙනස් විය හැක. ඉස්ලාම් ශාස්ත්‍රඥයන් (උලේමා ලෙස හදුන්වන) නොයෙක් විස්තර සහිත පද්ධති පිළිබද පදනම් ගැන නීති හා විවරණයක් ආරෝපණය කර ගෙන ඇත.ෆික්න් හෝ "නීති විද්‍යාව", ආගමික පායෝගික නිති පිළිබද දැනුමගැන විස්තර කරයි. ඉස්ලාමික නීතිවේදීන් නීති හැදින්විම සදහා යොදා ගත් ක්‍රමය උසුල් අල් - වික්න්(නීතිමය කරැණු හොෝනිති විද්‍යාවට පිළිබද" මුලධර්ම) ලෙස හදුන්වයි. ඉස්ලාමිය නීතිමය නිත්‍යායන්ට අනුව නීතියට මුලික ධාතු සාතරක් ඇතත ඒ වා පිළිවෙලින් කුරානයේ නුනාත්හය (මුහ්ම්මද් පිළිබද ක්‍රියා හා කියමන්) මුස්ලිම් ජුරිය පිළිබද පොදු එකග තවය (ඉර්මා) හ සහෘදශ්‍ය හේතු (නියාස්) වේ. මුල් ඉස්ලාමීය ජුරිත්ව හට මුලධර්ම වලට වඩා නීතිවල ප්‍රායේලින වැදගත් විය. 9 වන සතවර්ෂයේ දි ඇග් ශෘෆි නැමැති නීතිඥයා ඉස්ලාමීය නීතිය පිළිබද මුලධර්ම වලට පදනමක් දුන් අතර එම නීත
ි විද්‍යාව පිළිබද මුලදර්ම ඔහුගේ " අල් - රිසාලාහ්" නැමැති පොතේ සදහන් වේ. (මුලික ධාතු සතර පිළිබද ඇතුලත්වේ)ආගම හා තත්ත්වයමුස්ලිම් නීතියට අනුව රාජ්‍යය කරැණු හා පල්ලියට සම්බන්ධ කරැණු වෙනස් ලෙස නොසලකයි. උලේඛා උත්සවය වැනි ජුරි සභිකයින් හා දේවධර්මාචාර්යවරයා පිළිබද ප්‍රායෝගිකකම, ඉස්ලාම් නිතිය නිතර මගහැරයාම, ශරියා අදිකරනයේ "ර්‍ශ්‍රවන්ස් අධිකරණය" ලෙස හඑදුන්වන පද්ධතියේ සමාන්තව ඔවුන් අත්ම පාලනයක් ගෙන ගියේය. මුස්ලිම් ලෝකය, බටහිර ලෞකික කල්පිත පිළිබදව දැන නැත්මෙන් පසු, මුස්ලිම් සමාජ වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්හ. මුස්ථාස කෙමාල් අමාරැක්ගේ ප්‍රතිසංස්කරණ වලින් පසුව තුර්කිය ආරක්ෂිත රාජ්‍යයක් ලෙස පරිපාලනයේ වන ලදී. ඊට ප්‍රතිවිරද්ධ ලෙස අයටොල්ලා රැහුල්ලා ක්හෝමිනි විසින් ඉරාකීය විප්ලවය ඉතාමත් ආරක්ෂිත ආධිපත්‍ය ලෙස ආදේශ කරන ලදී.ෆ්ලැන්ඩර්ස්, ක්‍රිස්තු වර්ෂ 1510 දී ග්‍රීමානි බ්‍රිවියාරි විසින් ලන්දේසි ලොම් කටින්නන් දැක්වෙන සිතුවමක්.ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 11000 සහ 9000 කාලයට දිව යන අතර වන මෆ්ලන් නම් වල් බැටළු විශේෂය හීලෑ කිරීම පෞරාණික මෙසපොතේමියාව තෙක් දිව යයි. මිනිසා විසින් හි
ක්මවන ලද පළමු සත්ව කොට්ඨාශයන්ගෙන් එකක් බැටළුවන් වනවාක් මෙන්ම ඉරානියානු සැටර්ඩේ වකවානුවෙහි ද බැටළු පාලනය පැවතින. මොවුන් මූලිකවම ඇති කරන ලද්දේ මාංශ, කිරි සහ සම් ලබා ගනු පිණිසයි. ලොම් සහිත බැටළුවන් බිහි කිරීම ඇරඹුණේ ක්‍රිස්තු පූර්ව 6000 න් පසුවයි. පර්සියානු සංස්කෘතිය බැටළු ලෝම වෙළඳාම මත රඳා පැවතුණු අතර අප්‍රිකාවෙන් සහ යුරෝපයෙන් ඒවා ආනයනය කෙරිණි.රෝමානුවන් ඔවුනගේ බැටළුවන් එංගලන්තයට රැගෙන ගොස් එහි මහා පරිමාණ ලොම් කර්මාන්තයක් ඇති කළහ. මින් කෙටි කලකට පසුව ස්පාඤ්ඤය සහ එංගලන්තය ලොව බැටළුවන් ඇතිකරන රටවල් අතුරෙන් ප්‍රමුඛයන් බවට පත් විය. ස්පාඤ්ඤය වටිනා ලොම් සඳහා ප්‍රසිද්ධ මරිනෝ බැටළුවන් බෝ කළ අතර මෙම බැටළු පට්ටි ධනවතුන් විසින් පාලනය කළේ සිය රට පුරා ව්‍යාප්ත වන අයුරිනි. මෙම සතුන් හට නිදහසේ සැරිසරමින් තණ උළා කෑමට අවකාශ සලසන ලද අතරතුර එයට බාධා පැමිණ වූ ගොවි ජනතාව, පුද්ගලික විනිශ්චය සභා වෙත කැඳවන ලදී.පූර්වජ වන ජීවීන්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ගෘහස්ත බැටළුවෝගෘහස්ත බැටළුවන්ගේ ප්‍රාරම්භ පූර්වජයා මෆ්ලන් ලෙස සැලකේ.බැටළුවන්ගේ හා ඔවුන්ගේ ආදිතමයන්ගේ වංශානුක්‍රමය නිශ්චිතවම පැහැදිලි නොමැත.[1] වඩාත්ම සුලභ ක
ල්පිතය නම් ඔවිස් ආරීස්, මෆ්ලන් විශේෂයේ ඒසියේටික් (O. orientalis) ගෙන් පැවත එන බවය. පැරණි මූලලේඛන වල ඔවුන් ආදිතමයන් ලෙස දැක්වෙතත් යුරෝපීය මෆ්ලන් (O. musimon) යනු එකල ගෘහස්තව පැවත, වන බැටළුවන්(ෆෙරල්) බවට පත් වූ විශේෂයක් විය හැකි බව ද යෝජනා විය.[2]:5 ස්කොට්ලන්තයේ කාස්ල්මිල්ක් මූරිට් වැනි බැටළු වර්ග කිහිපයක් යුරෝපීය වන යුරෝපීය මෆ්ලන් සතුන් දෙමුහුම් අභිජනනයෙන් ඇති කරන ලදී.[3]කලෙකදී යූරියල් (O. vignei), ගෘහස්ත බැටළුවන්ගේ ආදිතමයා ලෙස සැලකීමට පාදක වූයේ ඔවුන් පර්සියානු පෙදෙස්වල නිදැල්ලේ සැරිසරන අතරතුර මෆ්ලන් සතුන් සමග අන්තර්-අභිජනනය කිරීමයි.[2]:6 නමුත් අර්ගාලි (O. ammon), සහ හිම බැටළුවන් (O. nivicola) සතු වර්ණදේහ සංඛ්‍යාව ඔවිස් විශේෂයෙන් වෙනස් වන බැවින් ඔවුන් අතර ඍජු සම්බන්දතාවයක් අපේක්ෂා කළ නොහැකි අතර සිදු කළ වංශ-ප්‍රවේණික අධ්‍යයනයකින් යූරියල් ආදිතමයන් පිලිබඳ සාධක ද නොපෙන්වීය.[1] යුරෝපීය සහ ආසියානු වංශ ඔස්සේ සිදු කළ වැඩිදුර පරියේෂණ පෙන්නුම් කළේ දෙපාර්ශ්වය අතර සැලකිය යුතු ජානමය වෙනස්කම් පවතින බවයි. මෙම සංසිද්ධිය සඳහා මූලික උපග්‍රහණ දෙකක් ඉදිරිපත් විය. පළමුවැන්න නම් දැනට හඳුනා නොගත් හෝ වන බැට
ළුවන් උප විශේෂයකින් ගෘහස්ත බැටළුවන් පැවත එන බවයි.[4] දෙවැන්න, මෙම ප්‍රභේදනයට හේතුව අනෙකුත් පශු සම්පත් මෙන්ම වන මෆ්ලන් විශේෂයන් වනාන්තර වලින් සත්ත්ව ගොවිපොළවල් සඳහා අල්ලා ගැනීම මගින් පැහැදිලි කළ හැකි බවයි.[5]ලෝම ඉවත් කරගැනීමට භාවිත කරන ක්‍රමෝපායයන් ආදිතම බැටළුවන් හා නූතනයේ දක්නට ලැබෙන බැටළු වංශ අතර පවතින ප්‍රධාන වෙනසකි. පුරාතන බැටළුවන්ගේ ලොම් ඉවත් කළ යුත්තේ "රූයින්ග්" ක්‍රමවේදයට අනුව ගොවි දෑතිනි. ඔවුන්ගේ කෙම්ප්ස් යනුවෙන් හැඳින්වෙන කෙඳි, මෘදු ලොම් ස්තරයට වඩා දිගු වීම එයට හේතුවයි. එසේම ක්ෂේත්‍රයෙහි ඇද හැලෙන බැටළු ලොම් ද එකතු කර භාවිත කරන ලදී. මෙම ගති ලක්ෂණය අදටත් සෝයි සහ ශේට්ලන්ඩ් ග්‍රාම්‍ය විශේෂ කිහිපයකම දක්නට ලැබේ. වෙනත් කෙටි වලිගය සහිත උතුරු යුරෝපයීය වංශ මෙන්ම සෝයි විශේෂයට ද ලොම් ඉවත් කළ නොහැකි බව (ඍජුව), ප්‍රමාණයෙන් කුරු වීම, ලිංගිකතා දෙකටම අං පිහිටීම යන ලක්ෂණ පොදු අතර ආදිතම බැටළුවන් හා සමීප සම්බන්දතාවයක් ද පෙන්වයි. මුල්කාලීනව පෙහෙකම් සහ ලොම් කැටීම නිවැසියන්ගේ අත්කම් වූ නමුත් කර්මාන්තයක් නොවුණි. බැබිලෝනියානුවන්, සුමේරියනුවන් සහ පර්සියානුවන් බැටළුවන් මත මුළුමනින්ම යැපුනෝය. ඇඟලුම් සඳහ
ා ප්‍රථමයෙන් කොමු පිළි (ලිනන්) යොදා ගැනුණ ද එකල පවා ලොම් සඳහා ඉහල වටිනාකමක් නියම විය. ලොම් පිණිස සතුන් ඇතිකිරීම ලොව පුරාතන කර්මාන්ත වලින් එකක් වන අතර, භාණ්ඩ හුවමාරු වෙළඳාමේදී බැටළු සමූහ ප්‍රධාන හුවමාරු මාධ්‍යයක් විය. බයිබලයෙහි විශාල බැටළු සමූහ පිලිබඳ සඳහන් වනවාක් මෙන්ම ඊශ්‍රායල රජුගේ යටත්වාසීන් සිය බැටළු සමූහ ගණන අනුව බදු ගෙවූ බව ද සඳහන් වේ.[2]:7ආසියාව තුළ[සංස්කරණය]හීලෑ කිරීම[සංස්කරණය]බැටළුවන් යනු මිනිසුන් විසින් හීලෑ කරන ලද ප්‍රථම සත්ව කොට්ඨාශයකි; එය අවුරුදු 11000 කට පෙර මෙසපොතේමියාවේදී සිදු වූ බව සැලකේ.[2]:4[6]:11–14[7]:2[8] ඔවුනගේ වනගත නෑදෑයින් සතු සාපේක්ෂව අඩු ආක්‍රමණශීලී බව, කළමනාකරණය කරගත හැකි ප්‍රමාණය, ඉක්මන් ලිංගික පරිණතිය, සමාජශීලී ස්වභාවය, ඉහළ ප්‍රජනන ශීඝ්‍රතාව වැනි ගති ලක්ෂණ ඔවුන් විශේෂයෙන්ම හීලෑ කිරීම සඳහා සුදුසු වීමට හේතු විය.[9]:78–80 වත්මනෙහි ඔවිස් ආරීස් මුළුමනින්ම හීලෑ සතෙකු වන අතර ඔවුනගේ සෞඛ්‍යය සහ දිවිපැවැත්ම නොමඳව මිනිසා මත රඳා පවතී.[9]:167 ෆෙරල් බැටළුවන්, ෆෙරල් අශ්වයින්, එළුවන්, ඌරන් හෝ සුනඛයන් වැනි පරිමාණයකින් දක්නට නොලැබුණ ද විශාල විලෝපිකයන් හීන ප්‍රදේශවල මොවු
න් දක්නට හැකි අතර ඔවුන් වෙනමම විශේෂයයක් ලෙස ද වෙන් කර දැක්විය හැකිය.[9]:75[10]ද්විතීයික නිෂ්පාදන සඳහා බැටළුවන් ඇති කිරීම නිරිතදිග ආසියාවෙන් හෝ බටහිර යුරෝපයෙන් ඇරඹුණි.[11] මුල් කාලයේදී බැටළුවන් මස්, කිරි සහ සම් පිණිස පමණක් තබා ගැනුණි. ඉරානයෙන් සොයාගැනුණු සැටර්ඩේ පුරාවිද්‍යාත්මක සාධක කියාපාන්නේ ලොම් සහිත බැටළුවන් තෝරා ගැනීම ඇරඹෙන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6000  දී පමණ බව[2]:5[6]:11 සහ ඉන් අවුරුදු 2000 කට 3000 කට පසු පැරණිතම ලොම් රෙදි පිළි නිර්මාණය වන්නට ඇති බවයි.[12]:8 මීට පෙරාතුව බැටළුවෙකු මස් පිණිස මැරීමේ දී ලැබෙන සම පදම් කොට කබායක් ලෙස පළඳින්නට ඇත. පරියේෂකයන් විශ්වාස කරන අන්දමට මෙවන් පැළඳුම් 70°F( 21°C) මධ්‍යයනය උෂ්ණත්වයක් පවතින ෆර්ටයිල් ක්‍රෙසන්ට් වැනි ප්‍රදේශ වලටත් වඩා අඩු උෂ්ණත්වයන් පවතින ප්‍රදේශවල ජීවත් වීමට මිනිසාට රුකුල් දෙන්නට ඇත.[13] ක්ටහොයික් හි දී සොයා ගනු ලැබූ බැටළු චාර්වක දත් කැබලි සහ අස්ථි කියාපාන්නේ එවක ගෘහස්ත බැටළු ගහණයක් පැවති බවයි.[14] ලෝකඩ යුගයට අයත් එම කාල වකවානුවෙහි බැටළු වංශ, සියලු නූතන ගති ලක්ෂණ වලින් යුක්තව බටහිර ආසියාව පුරා විසිරී පැතිරී පැවතින.[2]:6ක්‍රිස්ත
ු පූර්ව 6000 දී පුරාතන ජීට්න් වාසීන් බැටළුවන් සහ එළුවන් ඔවුනගේ ප්‍රධාන පශු සම්පත ලෙස සැළකූහ.[15] සංචාරක පශු කර්මාන්තයක් පැවති බව පුරාවිද්‍යාත්මක කැණීම් බිම් වල හඳුනාගැනීම් රාශියකින් එනම් බැටළු හා එළු අස්ථීන්, ධාන්‍ය සහ ධාන්‍ය සැකසුම් උපකරණ වල දුලබතාවය, විශේෂිත ආවේණික ගති ලක්ෂණ පෙන්වන ගෘහ නිර්මාණ ශිල්පයක සාධක මඳ බැවින්, කලාපයේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් බැහැරව පිහිටීමෙන් සහ නූතන සංචාරක එඬේරවරුන්ගේ මානව-වංශ ලේඛයන්ගෙන් තහවුරු වේ.[16]අධ්‍යතනය[සංස්කරණය]පැතලි වල්ගයක් සහිත බැටළුවෙකු සමග ඇෆ්ගනිස්තානයෙහි කඳුකර පෙදෙසක ගොපල්ලෙක්.[17]මැද පෙරදිග[සංස්කරණය]සවුදි අරාබිය (3% ට අඩු ප්‍රතිශතයක්), ඉරානය (4%) සහ ඇෆ්ගනිස්ථානය (උපරිම වශයෙන් 10% ක්) වැනි රටවල් වල අති සුළුතරය සංචාරක එඬේරවරුන් සහ අර්ධ සංචාරක එඬේරවරුන් වාසය කරන අතර ඔවුනගේ සතත අවපාතයක් දක්නට ලැබේ.[18]ඉන්දියාව[සංස්කරණය]ඉන්දියානු දේසි බැටළු වංශයේ ගුණාත්මක බව 'ඉහල නැංවීමට' මෙරිනෝ සහ අනෙකුත් ඉහළ තත්ත්වයේ බැටළුවන් සමගින් අන්තර්-අභිජනන ක්‍රියාවලි දියත් වන්නේ ලොම් වල සහ මස් වල ගුණත්වය වැඩි දියුණු කිරීමේ අරමුණෙනි.[19]චීනය සහ මොන්ගෝලියාව[සංස්කරණය
]බැටළුවන් චීනයෙහි කෘෂිකාර්මික නිෂ්පාදිතයේ වැදගත් අංගයක් නොවන්නේ චීනය සතුව බැටළුවන් සඳහා විශාල විවෘත තණබිම් දුලබ බැවිනි.[20] එවන් භූමිභාග පවතින නිරිතදිග පළාත්වල බැටළු ගහණය සුලබයි.[21] ළාන් නමින් හැඳින්වෙන ස්වදේශික බැටළු වංශයක් චීනය සතුව පැවතුනත් රජයේ ප්‍රවර්ධන කටයුතු මධ්‍යයේ වුව ද 1985 වසරේ සිට එම සතුන්ගේ ගහන අවපාතයක් දක්නට ලැබේ.[22]ජපානය[සංස්කරණය]වර්ෂ 1800 සිට ජපන් රජය සිය ගොවි ජනතාව බැටළුවන් ඇති කිරීමට යොමු කරන ලදී. එවන් බැටළු අභිජනන ව්‍යාපෘති මගින් Yorkshire, Berkshire, ස්පාඤ්ඤ merino, චීන/මොන්ගෝලියානු බැටළු විශේෂ රජයේ ද සහන මත ආනයනය කෙරුණු නමුත් ගොවීන් සතුව බැටළු පාලනය පිළිබඳව පැවති අල්ප දැනුම ශහ රජය විසින් ගොවීන් හට නිසි තොරතුරු ලබා නොදීම නිසා එය අසාර්ථක වූයේ 1888 වසරේදී ව්‍යාපෘතියට නැවතීමේ තිත තබමිනි. [23]අප්‍රිකාව තුළ[සංස්කරණය]බටහිර ආසියාවේදී හීලෑ කිරීමෙන් පසු නොබෝ කලකින්ම බැටළුවෝ අප්‍රිකා මහාද්වීපයට ඇතුළු වූහ.[24] වරෙක ඉතිහාසඥයන්ගෙන් සුළු පිරිසක් Ovis aries හි මූලාරම්භය පිළිබඳව අප්‍රිකානු න්‍යායය ලෙස නම් දැරූ විවාදාත්මක මතයක් ඉදිරිපත් කරන ලදී.[24] එම න්‍යායය මූලිකවම ශි
ලා කලා වලින් පහදා දුන් කරුණු මත සහ අස්තිවේදයේ එන බාබේරියානු බැටළුවන් පිලිබඳ සාක්ෂි මත පදනම් විණි.[24] පළමු බැටළුවන් සිනායි හරහා උතුරු අප්‍රිකාවට ඇතුළු වූ අතර වසර 7000 කට 8000 කට පෙර පුරාණ ඊජිප්තු සමාජයෙහි ද උන් දක්නට ලැබුණි.[24] අප්‍රිකානු ගොවිතැන ප්‍රධාන වශයෙන් බැටළුවන් මත සෑමවිටම යැපුණාක් මෙන්ම වත්මනෙහි සැලකිය යුතු බැටළු ගහණයකින් (මිලියන 28.8 ක්) යුතු එකම රට දකුණු අප්‍රිකාවයි.[2]:20[25]ඉතියෝපියාවෙහි ලන්ද්‍රාස් වර්ගයේ බැටළුවන්ගේ වෙනස්කම් කිහිපයකි. වල්ගයේ හැඩය සහ ලොම් වර්ගය වැනි සාධක අනුව බැටළුවන් වර්ගීකරණය කිරීමට ප්‍රයත්නයක් දැරූ අතර එච්. එප්ස්ටයින් විසින් මෙම කරුණු දෙක මත පමණක් පදනම්ව බැටළුවන් වර්ග 14 කට බෙදා දැක්වීමට උත්සාහ කළේය. නමුත් 2002 දී කළ ජානමය විශ්ලේෂණයකින් තවදුරටත් පැහැදිලි වූයේ කෙටි-මහත වල්ග සහිත, දිගු-මහත වල්ග සහිත, මහත-වල්ග කොට සහිත සහ සිහින්-වල්ග සහිත යන විශේෂිත ප්‍රභේද සතර පමණක් දැකගත හැකි බවයි.[26]යුරෝපය තුළ[සංස්කරණය]මේවාත් බලන්න: බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික විප්ලවය සහ වේල්ස්හි බැටළු ගොවිතැනඇබර්ඩීන් බෙස්ටියරි විසින් 12 වන ශතවර්ෂයෙහි ප්‍රදීප්ත මුද්‍රණයක බැටළුවෙකුග
ේ සංවර්ණනය.බැටළු පාලනය යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගියේය. කැණීම් අනාවරණය කරන පරිදි ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ පූර්ව ඉතිහාසයේ නියෝලිතික යුගයේ දී කාසල්නෝවියානු වැසියන් දකුණු ප්‍රංශයේ ෂටර්නොෆ්-ලේ-මාර්ටිගේස් හි (වත්මනෙහි මාර්සේල් පෙදෙසට නුදුරුව) වාසය කරමින් යුරෝපයේ ප්‍රථම ගෘහස්ත බැටළු පාලනය ආරම්භ කරන ලදී.[27] පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ප්‍රායෝගිකව මූලික පශු සම්පත ලෙස බැටළුවන් සලකන ලද අතර තනි තනි බැටළුවන් නම් කළ බව පවා සඳහන් වේ.[6]:13 කෙටි වල්ගයක් හා බහුවිධ වර්ණයන්ගෙන් යුතු ලෝම සහිත අදටත් දක්නට ලැබෙන ස්කැඩිනේවියානු බැටළුවන් වර්ගයක් එකල විය.. පසුව රෝම අධිරාජ්‍යය බැටළුවන් මහා පරිමාණයෙන් ඇති කරන ලද්දේ යුරෝපය පුරා බැටළුවන් ගහණය ව්‍යාප්ත කළ ප්‍රධාන කාරකක් ලෙසිනි. ප්ලිනි දි එල්ඩර් ඔහුගේ ස්වභාව ඉතිහාසයෙහි (නැචුරාලිස් හිස්ටෝරියා) බැටළුවන් සහ ලොම් පිළිබඳව මෙසේ ද සඳහන් කරයි.[28] "දෙවියන් වහන්සේ පවා පහදවන, අපට ලෝම පරිභෝජනයට ඉඩ හසර ලබා දෙන බැටළුවනි, අපි ඔබට ණය ගැති සහ ස්තුතිවන්ත වෙමු." යනුවෙන් හෙතම ප්‍රකාශ කරන්නේ පුරාතන බැටළු විශේෂ වල තොරතුරු සහ ලොම් වර්ණ, දිග සහ ලක්ෂණ ආදිය ද ගෙන හැර
දක්වමිනි.[28] රෝමානුවන් ඔවුනගේ බැටළුවන් පොරෝනා (නූතනයේ නයිලෝන්) වලින් වැසීමෙන් බැටළුවන්ගේ පිරිසිදුකම සහ ලොමවල ප්‍රභාව වර්ධනය කර ගැනීමේ පුරෝගාමීන් වූහ.[2]:74ක්‍රිස්තු වර්ෂ 50 දී රෝමානුවන් බ්‍රිතාන්‍ය දූපත්වල පදිංචිව සිටි සමයෙහි, එංගලන්තයේ වින්චෙස්ටේර්හි විශාල ලොම් සැකසුම් කම්හලක් පැවති බව කියැවේ.[6]:11 ක්‍රිස්තු වර්ෂ 1000 වන විට එංගලන්තය සහ ස්පාඤ්ඤය බටහිර ලෝකයේ බැටළු නිෂ්පාදන සම මධ්‍යස්ථාන ලෙස පිළිගැණුනි.[2]:8–9[6]:12 ඉස්තරම් ලොම් ලබා දෙන මෙරිනෝ බටලුවන්ගේ මුල් කාලීන ඇති කරන්නන් වූ ස්පාඤ්ඤය ලොම් වෙළඳාමේ ප්‍රමුඛයන් වූයේ විශාල ධනස්කන්ධයක් උපයමිනි. එම ධනය ස්පාඤ්ඤ පාලකයන් විසින් ආක්‍රමණකරුවන් ලෙස නව ලෝකය කරා යාත්‍රා කිරීමට යොමු කරන ලදී.[6]:12 මෙස්ටා (සම්පූර්ණ පදවි නාමය වූයේ ඔන්රඩෝ කන්සේජෝ ඩි ලා මෙස්ටා, ගෞරවනීය මන්ත්‍රණ සභාවෙහි මෙස්ටා) යනුවෙන් බලවත් පදවියක් ස්පාඤ්ඤයේ ධනවත් වෙළඳුන්ගෙන්, කතෝලික පූජකවරුන්ගෙන් සහ මෙලිනෝ බැටළු සමූහ පාලනය කළ රදළයන්ගෙන් සුසැදි මණ්ඩලයක දක්නට ලැබිණි.[29] 17 වන ශතවර්ෂය වන විට මෙස්ටා සතුව මෙලිනෝ බැටළුවන් මිලියන දෙකක් පමණ විය.[29]ස්පාඤ්ඤයේ මෙස්ටාහි බැටළුවන් සෘතුමය ගොද
ුරුබිම් මාරුවක් සිදී කළහ. වසන්ත කාලයේදී, එක්ස්ට්‍රිමඩියුරාහි සහ ඇන්ඩලූසියාහි ශීත තණබිම් (ඉන්වනැඩරෝස්) අතහැර කැස්ටයිල්හි ග්‍රීෂ්ම තණබිම් (අගොස්ටැඩරෝස්) කරා ගිය උන් සරත් සමයේ දී නැවත පැමිණියහ.[29] ලෝම වලින් ලබා ගත හැකි ලාභාංශ වැඩි කර ගැනීමට රෝම පාලකයන් මෙස්ටා හට පුළුල් බලතල ලබා දුන් අතර ඒවා සාමාන්‍ය ගොවි ජනතාවට වඩාත් හානිදායක විය.[29] විශාල මෙලිනෝ පට්ටි වලට ඔවුනගේ සංක්‍රමණික මාර්ග (කැනඩස්) ඔස්සේ ගමන් කිරීමේ පූර්ණ අයිතිය පැවතුණි. නගර සහ ගම වාසීන් සිය පොදු බිම් වල දී බැටළුවන්ට තණ උළා කෑමට ඉඩදිය යුතු වූ අතර එයට එරෙහි වූ පුද්ගලයින් මෙස්ටා විසින් ඔවුනගේ ශේරිෆ්වරුන් ලවා පුද්ගලික අධිකරණ වෙත කැඳවන ලදී.[29]"රැඩ්ල්" යනුවෙන් හඳුන්වන තීන්ත මුද්‍රණයකින් ගොවෙන් විසින් සිය බැටළුවන් හඳුනාගනු ලබයි.රාජකීය අවසරකකින් තොරව වනයෙහි මෙරිනෝ බැටළුවන් සෙවීම පවා එකල දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් 18 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක්ම බැටළු පාලනයේ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් පැවතුණි. අපනයන නීති ඉවත් කිරීමෙන් පසුව අගනා ලොම් ලබා දෙන බැටළුවන් ලෝකය පුරා බෙදා හැරීම ඇරඹිණි. 1788 දී ලුයිස් XVI රජ සමයේ රැම්බුලේ වෙත කළ අපන
යනයෙන් වත්මනෙහි දක්නට ලැබෙන රැම්බුලේ (ප්‍රංශ මෙලිනෝ) වංශය ආරම්භ වීමේ පසුබිම සැකසුණි.[7]:66 නැපෝලියන් යුධ සමයට පසු හා වරෙක ඒකාධිකාරයක්ව පැවති මෙලිනෝ බැටළුවන් ලොව පුරා බෙදී යාමත් සමග ස්පාඤ්ඤය තව දුරටත් ලෝක ආර්ථිකයෙහි විශාල වැදගත්කමක් නිරූපණය නොකළ අතර එහි ලොම් නිෂ්පාදිතය චුරා වැනි සවිමත් රළු ලොම් නිෂ්පාදිත වෙත ප්‍රතිවර්ත්‍ය විය.[30]ස්පාඤ්ඤයෙහි බැටළු කර්මාන්තය සංක්‍රමණික පට්ටි කළමනාකරණ නිදර්ශකයක් වූයේ එරටට ආවේණික විශාල බැටළු රංචු රට පුරා පැතිරෙමින් පැවතීම නිසාය. එංගලන්තයෙහි භාවිත වූ කළමනාකරණ මාදිලිය මින් බොහෝ සෙයින් වෙනස් වූ නමුත් එරට ආර්ථිකයට මේ හා සමාන බලපෑමක් එල්ල කළේය. 20 වන ශතවර්ෂයේ මුල් භාගය වන තෙක්ම ඔව්ලින්ග් (බැටළුවන් හෝ බැටළු ලෝම අවහරණය) දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර වත්මනෙහි පවා හවුස් ඔෆ් ලෝර්ඩ්ස්හි කතානායකවරයා වූල්සැක් යනුවෙන් හඳුන්වන මෙට්ටයක් මත වාඩිවීම සිදු කරයි.[31]එක්සත් රාජධානියෙහි අධි සංකේන්ද්‍රනයකින් සහ ව්‍යායාමයෙන් තොර බැටළු පාලනය නිසා බැටළුවන් ඔවුන්ගේ නිශ්චිත අභිප්‍රාය සහ ශරීර කොටස් සඳහා අනුගත වූයේ එරටෙහි භූමි ස්කන්ධයට සාපේක්ෂව විශේෂිත බැටළු වර්ග ඇති වීමට ඉඩ සලසමින
ි.[2]:419 ස්පාඤ්ඤයෙන් පැමිණි සුපිරි තත්ත්වයේ නිෂ්පාදන සමග තරඟ කිරීමට මෙම විවිධ බැටළු විශේෂ වලින් නිපදවන ලද නිෂ්පාදන පරාසය ඉවහල් විය. එලිසබෙත් I රාජිණියගේ සමය තුළ රාජාණ්ඩුවේ මූලික බදු ආදායම වූයේ ලොම් වෙළඳාම බැවින් එංගලන්තය ද බැටළු පාලනය ව්‍යාප්ත කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ රාජ්‍යයක් ලෙස දැක්විය හැකිය.[2]:9[32]18 වන ශතවර්ෂයෙහි රොබර්ට් බේක්වෙල්ගේ කාර්යභාරය ගෘහස්ත බැටළුවන්ගේ මෙන්ම පශු සම්පතෙහි ද වැදගත් සන්ධිස්ථානයක් විය. ඔහුගේ කාලයට පෙර ප්‍රශස්ත ගති ලක්ෂණ සහිත සතුන් අභිජනනය, ඒ සඳහා සතුන් තොආර ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර සසම්භාවී එකක් විය. බේක්වෙල් වරණාත්මක අභිජනනය (විශේෂයෙන් පෙළපත් අභිජනනය)සඳහා මූලධර්ම ඉදිරිපත් කළේ ඔහුගේ බැටළුවන්, අශ්වයන් ශා ගවයන් කළ පරියේෂණ සහ අත්දැකීම් ද ඇසුරිනි. පසු කාලීනව ග්‍රෙගර් මෙන්ඩල්ගේ සහ චාර්ල්ස් ඩාවින්ගේ කාර්යයන් සඳහා ද හෙතෙම ඉවහල් විය.[7]:56 ඔහුගේ ප්‍රධාන දායකත්වය ලෙස දැක්වෙනුයේ වැදගත් නූතන බැටළු විශේෂ රාශියකටම පදනම් වූ වාරක සන්‍යාසයකින් හා ඉක්මන් පරිණතියකින් යුතු ලෙස්ටර් ලෝන්ග්වූල් නම් බැටළුවන් හඳුන්වා දීමය.[7]:58 වත්මනෙහි එංගලන්තයේ බැටළු කර්මාන්තය
විශාල අවපාතයකට ලක්ව ඇති වුවත්[33] උසස් පෙළපත් වලින් පැවත එන බැටළු පට්ටි වෙන්දේසි වලදී ස්ටර්ලින් පවුම් 100,000 කට පමණ අදටත් මිලදී ගත හැකිය.[34][35]ඇමරිකාව තුළ[සංස්කරණය]මෙයද බලන්න: එක්සත් ජනපදයෙහි කෘෂිකාර්මික ඉතිහාසය1918 දී ධවල මන්දිරයෙහි දකුණු තණපිටියෙහි තණ උළාකන බැටළුවන්.ආසියානු සහ යුරෝපීය විශේෂයන් වලටත් වඩා ඇමෙරිකාවට ආවේණික ඔවින විශේෂ ගෘහස්ත බැටළුවන්ගේ ජානවලට සමීපතාවයක් දක්වුව ද ඔවුන් හීලෑ කිරීමක් ඇමෙරිකාවෙහි සිදු නොවුණි. ඇමෙරිකාවේ ප්‍රථම ගෘහස්ත බැටළු වර්ගය, 1493 දී ක්‍රිස්තොපර් කොලොම්බස් ගේ දෙවන ආගමනයත් සමග පැමිණි චුරා බැටළු විශේෂය විය හැකිය.[2][6]:12 අත්ලාන්තික් සාගරය ඔස්සේ හර්නන් කොර්ටෙස් සමග 1519 දී මෙක්සිකෝවෙහි ගොඩ බසින ලදදේ දෙවන බැටළුවන් සමූහයයි.[2] මෙම සතුන් අතුරින් කිසියම් සත්ත්ව හෝ ලෝම අපනයනයන් සිදු නොවූවත් ස්පාඤ්ඤ ජනපදිකයන් සමග මෙක්සිකෝවෙහි හා නිරිතදිග එක්සත් ජනපදයේ බිම් උන් ව්‍යාප්ත වූහ.[6]:12 ස්වදේශිකඇමෙරිකානුවන් වන Navajoනවාජෝහට චුරා බැටළුවන් හඳුන්වාදීමෙන් ඔවුනගේ දිවිපෙවෙතෙහි සහ සංස්කෘතියෙහි වැදගත් අංගයක් බවට බැටළුවන් පත්විය. වර්තමාන නවාජෝ-චුරෝ බැටළු වංශය මෙම උරුමය
ේ ප්‍රතිඵලයකි.[36]:20උතුරු ඇමරිකාව[සංස්කරණය]සූසන් කොන්ස්තන්ත්, වර්ජිනියාවට පැමිණීමත් සමග 1607 වසර වන තෙක් සිදු නොවූ බැටළු ප්‍රවාහනය ඇරඹිණි.[2]:234 කෙසේ වෙතත් එම වසරේදී ළඟා වූ බැටළුවන් සියලු දෙනාවම සාගතය හේතුවෙන් මරණ ලද අතර වසර දෙකකට පසු 1609 තෙක් ස්ථිර බැටළු සමූහයක් ජනපදයේ බිහි නොවුණි.[2]:234 දශක දෙකකට පසුව ජනපදිකයන් ඔවුනගේ රංචුව 400 ක් දක්වා වර්ධනය කරගෙන තිබිණ. 1640 වන විට ජනපද දහතුනක බැටළුවන් 1,000 ක් පමණ වූ අතර 1662 දී මැසචුසෙට්ස්හි වොටර්ටවුන් පෙදෙසෙහි ලෝම කම්හලක් ඉදි කරන ලදී.[2]:9[6]:11 විශේෂයෙන් 1640 හා 1650 දක්වා වූ කාලයේ එංගලන්තයේ දේශපාලන අස්ථාවරත්වය හා සිවිල් යුද්ධය නිසා මුහුදු මාර්ග වල වෙළඳාමට බාධා වූ අතර, ජනපදිකයන්ට ඇඟලුම් සඳහා ලෝම නිෂ්පාදනයට බලකෙරිණ.[37] සමුද්‍රික සීමාවෙන් ඔබ්බෙහි පැවති බොහෝ දූපත් වලින් විලෝපිකයන් ඉවත් කර ඒවා බැටළුවන් ඇති කිරීම සඳහා වෙන් කරන ලදී: නැන්ටුකෙට්, ලෝන්ග් අයිලන්ඩ්, මාර්තා'ස් විනෙයාර්ඩ් සහ බොස්ටන් වෙරළෙහි කුඩා දූපත් උදාහරණ වේ.[37] දූපත්හි රංචු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස හොග් අයිලන්ඩ් බැටළුවන් වැනි දුලබ ඇමෙරිකානු බැටළු වර්ග ජනිත විය. මෙම කාලයේ ජනපදකරණ
යේ ප්‍රතිඵලයක් ලෙස අර්ධ ෆෙරල් බැටළුවන් සහ එළුවන් දූපත් වල ස්ථානගත කිරීම සාමාන්‍ය ව්‍යවහාරයක් විය.[37] මුල් කාලයේ දී බ්‍රිතාන්‍ය රජය සිය දූපත් වල ලෝම වෙළඳාමට එල්ල විය හැකි තර්ජන වැලැක්වීමට ඇමෙරිකාවට ලෝම සහ බැටළුවන් අපනයනය තහනම් කළේය. ඇමෙරිකානු විප්ලවය පහත හෙළීමට කළ විවිධ වෙළඳා සම්බාධක මධ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ බැටළු කර්මාන්තය වර්ධනය විය.*[2]:1019 වන ශතවර්ෂය ආරම්භයේ පටන් එක්සත් ජනපදයේ බැටළු කර්මාන්තය බටහිර දෙසට ව්‍යාප්ත විය. වර්තමානයෙහි බහුතරයක් රංචු බටහිර දිග බිම් වල ස්ථානගත වී ඇත. කර්මාන්තය බටහිරට සංක්‍රමණය වීමේදී බැටළු සහ ගව කර්මාන්ත අතර තරඟය වඩා උණුසුම් වී අවසන අඩවි යුද්ධ("රේන්ජ් මැගට්ස්" ලෙස ද හඳුන්වන) බවට වර්ධනය විය.[38] තණ කැවීමට සහ ජලය අයිතිය සම්බන්ධ සරල තරඟයට අමතරව ගොපල්ලන් විශ්වාස කළේ බැටළුවන්ගේ පාදවල රෝම කූපයන්ගේ ශ්‍රාවයන් නිසා බැටළුවන් පැ තැබූ ස්ථාන වලින් තණ උළා කෑමට ගවයන් අකමැත්තක් දක්වන බවයි.[12]:4ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර කලාප වල බැටළු නිෂ්පාදනය ව්‍යාප්ත වන විට එය රෝඩියෝ වැනි බටහිර සංස්කෘතික ප්‍රදේශ හා සම්බන්ධ විය. වර්තමානයෙහි ඇමෙරිකාවේ රෝඩියෝ ක්‍රීඩාවේ අංගයක් වනුයේ කු
ඩා ළමුන් බැටළුවන්ගේ පිටෙන් නොවැටී වැඩිම දුරක් ගමන් කිරීමට තරඟ කිරීමයි (මට්න් බස්ටින්ග්). බැටළු රංචු බටහිර දෙසට ගමන් කිරීමේ තවත් ප්‍රතිඵලයක් වූයේ බිග්හොර්න් බැටළුවා (O. canadesis) වැනි වන විශේෂ අඩු වී යාමයි. ගෘහස්ත බැටළුවන්ගේ රෝග බොහොමයක් වන ඔවින්ස් බැටළුවන් හට බෝවන සුළු නිසා එම ලෙඩ රෝග සමගින් වාසස්ථාන අහිමි වීම කැලෑ බැටළුවන් අඩුවීමට හේතු විය.[39] 1940 හා 1950 වසර වල උතුරු ඇමෙරිකානු බැටළු නිෂ්පාදනය මිලියන 55 වැනි ඉහල අගයකට ළඟා විය. 1970 දී ටෙක්සාස්හි ඇල්ෆයින් පෙදෙසෙහි රෝයි මැක්බ්‍රයිඩ් නම් කෘෂිකාර්මිකයා සිය පශු සම්පත, උගුරු දණ්ඩට පහර දී ගොදුරු ඩැහැගන්නා කොයෝටි වෘකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට 1080 විෂ සංඝටකය අඩංගු කර වළල්ලක් නිර්මාණය කළේය. මෙම උපකරණය ටෙක්සාස්හි මෙන්ම දකුණු අප්‍රිකාවේ ද පශු සම්පත් ආරක්ෂණ වළල්ල වශයෙන් ප්‍රචලිත විය.[40]දකුණු ඇමරිකාව[සංස්කරණය]චිලීහි විශාල බැටළු ගොවිපොළක්.දකුණු ඇමරිකාවේ විශේෂයෙන්ම පැටගෝනියාහි ක්‍රියාශීලී නූතන බැටළු කර්මාන්තයක් පවතී.*[41] බැටළුවන් ඇති කිරීම ප්‍රධාන වශයෙන් හඳුන්වා දෙන ලද්දේ මහාද්වීපයට බහුල ලෙස සංක්‍රමණය වන තම රටෙහි බැටළු කර්මාන්තය ප්‍රධානතම අ
ංගයක් වූ ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙනි.[42] දකුණු ඇමරිකාව සතුව විශාල බැටළු ගහණයක් පැවතිය ද විශාලතම නිෂ්පාදක රට (බ්‍රසීලය) 2004 දී වාර්තා කළේ මිලියන 15 ක ගහණයකි. එය බැටළුවන් ඇති කරන අනෙකුත් මද්‍යස්ථාන වලට සාපේක්ෂව ඉතා අඩු අගයයකි.[43] 20 වන සියවසෙහි අග භාගයේ දී වූල් මිලෙහි ඇති වූ දරුණු අවපාතයත්, දැව සඳහා වූ වන විනාශයත් සහ තණබිම් අධි-පරිභෝජනය යන ඒවා දකුණු ඇමෙරිකාවෙහි බැටළු කර්මාන්තයට විශාල තර්ජනයක් විය.[44] එම මිල අවපාතයෙන් ආපසු ස්ථාවර වූ ප්‍රථම අන්තර්ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රදේශය වූයේ පැටගෝනියාවයි.[41][42] විලෝපිකයන් හීන වීමත් හා සත්ත්ව පරිභෝජනය සඳහා තණබිම් කෙරෙහි පැවතුණු අල්ප තරඟයත් (එහි තණ උළා කන එකම ක්ෂීරපායී ගුවනාකෝ සත්ත්වයා) නිසා මෙම ප්‍රදේශය බැටළුවන් ඇති කිරීම සඳහා අග්‍ර භූමිය විය.[42] ලා ප්ලාටා නදියෙන් වට වූ පම්පස් ප්‍රදේශය නිෂ්පාදන සඳහා වඩාත්ම විශේෂිත ප්‍රදේශය විය.[2]:19 1952 දී පැටගෝනියාවේ බැටළු නිෂ්පාදනය උච්චතම වූ අතර මිලියන 21 කැ බැටළු ගහණයක් එකල වාර්තා වූ නමුත් වත්මනෙහි දක්නට ලැබෙන්නේ මිලියන 10 කටත් වඩා අඩු සංඛ්‍යාවකි.[42] බොහෝ මෙහෙයුම් ප්‍රමුඛතාව ලබා දෙන්නේ මෙරීනෝ
සහ කොරිඩේල් බැටළු නිෂ්පාදන අපනයනයටයි. මිල අවපාතයත් සමග වූල් ලබා දෙන බැටළු පට්ටි වල ආර්ථික ස්ථාවරත්වය පහල බස ඇති නමුත් ගව කර්මාන්තය සාපේක්ෂව සන්තතික වර්ධනයක් පෙන්නුම් කරයි.[42]ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ[සංස්කරණය]ප්‍රධාන ලිපියන්: ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තය සහ නවසීලන්තයේ කෘෂිකර්මාන්තයවැඩිදුර තොරතුරු: 1891 Australian shearers' strikeනවසීලන්තයෙහි මෙරීනෝ බැටළුවෙක්.කාලීන බැටළු කර්මාන්තයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා ඔස්ට්‍රේලියාවෙහි සහ නවසීලන්තයෙහි සංස්කෘතිය සහ ආර්ථිකය බැටළු පාලනය සමගින් සමීප බැඳියාවක් දක්වයි. නවසීලන්තය සතුව ලොව වැඩිම පුරවැසියෙකුට බැටළුවන් ගණන දක්වන ඝනත්ව අනුපාතිකය (බැටළුවන් මිනිසුන් මෙන් සංඛ්‍යාවෙන් 12 ගුණයක් වන) පෙන්නුම් කරන අතර ඔස්ට්‍රේලියාව බැටළුවන් සහ ගවයන් අපනයනය කරන රටවල් අතුරින් අවිවාදයෙන්ම පළමු තැන අත්පත් කර ගනී.*[45] 2007 දී නවසීලන්තය, පෙබරවාරි 15 දිනය ජාතික බැටළු දිනය ලෙස එරටෙහි බැටළු නිෂ්පාදනයේ ඉතිහාසය සමරනු වස් නිල වශයෙන් ප්‍රකාශ කළේය.[46]1788 දී ඔස්ට්‍රේලියාවේ සුභපැත්මේ තුඩුවෙන් ප්‍රථම බැටළුවන් සමූහය රැගෙන එන ලද අතර එම ප්‍රමාණය බැටළුවන් 70 දෙ
නෙකු විය.[47] 1793 දී දෙවන නැව් ගත කිරීම ලෙස බැටළුවන් 30 ක් රැගෙන එන ලද්දේ කල්කටාවෙන් සහ අයර්ලන්තයෙනි.[47] මුලින් ගෙන්වූ සියලුම බැටළුවන් යොදා ගැනුනේ දඬුවම් පැමිණ වූ ජනපදයන්හි පාරිභෝජන අවශ්‍යතාවයන් වෙනුවෙනි. ඔස්ට්‍රේලියානු ලොම් රෙදි කර්මාන්තයේ ආරම්භය කපිතාන් ජෝන් මැකාතර්ගේ ප්‍රයත්නයන් බව සැලකේ.[47] මැකාතර් විසින් පෙළඹවනු ලදුව ස්පාඤ්ඤ මෙරිනෝ බැටළුවන් 16 දෙනෙක් ආනයනය කිරීමෙන් ඔස්ට්‍රේලියානු බැටළු කර්මාන්තය ආරම්භ විය.[47] 1801 වසර වන විට මැකාතර් සතුව බැටළුවන් 100,000 ක් පමණ සිටි අතර 1803 දී හෙතම කිලෝග්‍රෑම් 111 (රාත්තල්  245) ක වූල් එංගලන්තයට අපනයනය කළේය.[47] වර්තමානයෙහි මැකාතර් සැලකෙන්නේ ඔස්ට්‍රේලියානු බැටළු කර්මාන්තයේ පියා වශයෙනි.[47]නිව් සවුත් වේල්ස්හි වොල්චා පෙදෙසෙහි මෙරීනෝ බැටළුවන් පෙඟවීම සිදු කරන අයුරු.ස්ඵෝටනයක් ලෙසින් ඔස්ට්‍රේලියාව තුළ බැටළු ගහණය වර්ධනය විය. 1820 වසරේදී 100,000 ක පමණ බැටළු ගහණයක් පැවති මහාද්වීපයේ දශකයක් ඇවෑමෙන් මිලියනයක බැටළු ගහණයක් වාර්තා විය.[48] 1840 වසර වන විට නිව් සවුත් වේල්ස්හි පමණක් බැටළුවන් මිලියන 4ක් වූ අතර දශකයකදී එය ද මිලියන 13 ක් දක්වා වර්ධනය විය.[48
] එම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූයේ බ්‍රිතාන්‍යය ලොම් ආනයනකරුවෙක් ලෙසින් දැක්වූ ක්‍රියාශීලී සහයෝගය වූ අතර මෙම රටවල් අධි-නිෂ්පාදනයක් ලබාදෙන බැටළු විශේෂ එකිනෙකාගෙන් ස්වායත්තව සංවර්ධනය කළහ; නවසීලන්තයේදී හෝ ඔස්ට්‍රේලියාවේදී කොරිඩේල්, කුලාලී, කූප්වර්ත්, පෙරේන්ඩේල්, පොල්වාර්ත්, බුරූලා මෙරිනෝ, පෙපින් මෙරිනෝ සහ පොල් මෙරිනෝ නව විශේෂයන් ලෙස අභිජනනය කරන ලදී.[7]:34, 44, 64 මව් ජාතීන්ගෙන් ඉතා දුරස්ථව පැවති කොලනි සඳහා වූල් නිෂ්පාදනය ඉතා යෝග්‍ය කර්මාන්තයක් විය. වේගවත් ගුවන් හා සමුද්‍ර පරිවහනයට පෙරාතුව බ්‍රිතාන්‍ය තීර්ථ කරා ලඟා වීමේදී පසු කළ යුතු දිගු ගමන් මගෙහි දී නරක් වීමට භාජනය නොවන නිෂ්පාදන අතර වූල් ද විය.[48] බහුල වශයෙන් වූ නව බිම් සහ කලාපයේ පවතින සෞම්‍ය ශීත දේශගුණය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ බැටළු කර්මාන්තයේ ප්‍රගමනයට හේතු විය.[48]ඔස්ට්‍රේලියාවෙහි බැටළු පට්ටි සැමවිටම සමූහ වශයෙන් වැටවල් යෙදූ භූමි ඔස්සේ නිදහසේ සැරිසරන අතර මද්යම තත්ත්වයේ සහ අගනා වූල් රෙදිපිළි සඳහා ද අනෙකුත් නිෂ්පාදන සහ මාංශ සඳහා ද අරමුණු වී ඇත. නවසීලන්තයේ බැටළු සමූහ ඉංග්‍රීසි පන්නයේ, ගොපල්ලන් රහිත වැටවල් යෙදු භූමි වල රඳවා
තබා ගැනේ. එකල නවසීලන්ත බැටළු හිමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය (නවසීලන්ත වූල් කර්මාන්තයේ උත්පාත සමයේදී) වූල් වුවත් වත්මනෙහි එය අපනයනය සඳහා මාංශ නිෂ්පාදනය දක්වා විතැන් වී ඇත.[2]:17[49]සත්ත්ව සුබසාධන කාර්යයන්[සංස්කරණය]ඔස්ට්‍රේලියාවෙහි කාර්මික අංශ අතුරින් ජාත්‍යන්තර විවේචනයට ලක් වූ එකම පරිචය බැටළු කර්මාන්තයයි. සත්ත්ව අයිතීන් පිලිබඳ ව්‍යාපාරයේ ප්‍රභවාත්මක ග්‍රන්ථය වන සත්ත්ව විමුක්තිය හි කර්තෘ සිය මූලික සාක්ෂ්‍යය ලෙස දක්වනුයේ ඔස්ට්‍රේලියාවේ බැටළු රැඳවුම් ස්ථාන වල බැටළුවන් සත්ත්ව කෘෂිකර්මාන්තයේ කොටසක් ලෙස තබා ගනිමින් සිදුකරන සමහර ක්‍රියාවලීන්ය.[50]මුලේසින්ග් ක්‍රමවේදය (ෆ්ල්යිස්ට්‍රයික් නම් මාරක තත්ත්වය ඇතිවීම වලක්වාලීම පෙරින පෙදෙසෙහි සම කපා ඉවත් කිරීම) PETA වැනි සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල පරිභවයට පාත්‍ර වී ඇත්තේ එය "වේදනාත්මක සහ අනවශ්‍ය" ක්‍රියාවලියක් ලෙස හුවා දක්වමිනි.[51] එයට ප්‍රතිචාරයක් ලෙස දැනට මුලේසින්ග් ක්‍රමවේදයන් බැහැර කිරීමේ වඩා පිළිවෙලක් දියත් වන අතර,[52] සමහර මුලේසින්ග් සැත්කම් නිර්වින්දක භාවිතයෙන් සිදු කෙරේ.[53] නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයේ සත්ත්ව සුබසාධන උපදේශන කමිට
ුව බටලුවන්ගේ සුබසාධනය වෙනුවෙන් අවම සම්මුතීන් නිර්දේශ කර ව්‍යවස්ථාපිත කර ඇත. එහි මුලේසින්ග් දැක්වෙන්නේ නවසීලන්තයේ සීමිත ගොවිපොළවල් සංඛ්‍යාවක යොදා ගැනෙන "විශේෂ ශිල්ප ක්‍රමයක්" ලෙසිනි.[54]ඔස්ට්‍රේලියාවෙන් නිශ්පාදන බොහොමයක් එක්කෝ ශීත කළ මාංශ ලෙස එක්සත් ජනපදය වෙත ද නැතිනම් හලාල් සත්ත්ව ඝාතනය සඳහා මැද පෙරදිගට සජීවීව ද අපනයනය කෙරේ. PETA ප්‍රකාශ කර සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සත්ත්ව හිංසන නීතීන්හි අධිකරණ පාත්‍රතාවෙන් බැහැරව සිදු කරන අපනයනයන් හිදී එම සතුන් හට අමානුෂිකව සලකන බවත්, එරටෙහි හලාල් මාංශ සැකසුම් පහසුකම් පවතින බැවින් මෙය අනවශ්‍ය ක්‍රියාවලියක් බවත් ය.[55] පින්ක් නම් විනෝද ක්‍රීඩකයා සියලු ඔස්ට්‍රේලියානු බැටළු නිෂ්පාදන වර්ජනය කිරීමට ප්‍රතිඥා දුන් පුද්ගලයෙකි.[56]යොමුව[සංස්කරණය]Budiansky, Stephen (1999). The Covenant of the Wild: Why animals chose domestication. Yale University Press. ISBN 0-300-07993-1.Ensminger, Dr. M.E. (1986). Sheep and Goat Science, Fifth Edition. Danville, Illinois: The Interstate Printers and Publishers Inc. ISBN 0-8134-2464-X. {{cite book}}: Unknown parameter |co
authors= ignored (|author= suggested) (help)Pugh, David G. (2001). Sheep & Goat Medicine. Elsevier Health Sciences. ISBN 0-7216-9052-1.Simmons, Paula (2001). Storey's Guide to Raising Sheep. North Adams, MA: Storey Publishing LLC. ISBN 978-1-58017-262-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)Smith M.S., Barbara (1997). Beginning Shepherd's Manual, Second Edition. Ames, Iowa: Iowa State University Press. ISBN 0-8138-2799-X. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)Weaver, Sue (2005). Sheep: small-scale sheep keeping for pleasure and profit. 3 Burroughs Irvine, CA 92618: Hobby Farm Press, an imprint of BowTie Press. ISBN 1-931993-49-1.{{cite book}}: CS1 maint: location (link)Wooster, Chuck (2005). Living with Sheep: Everything You Need to Know to Raise Your Own Flock. Guilford, Connecticut: The Lyons Press. ISBN 1-59228-531-7. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (h
elp)Hussain, Aftab (2011). Composition of fatty acids: Physicochemical studies on sheep fat. Saarbrücken, Germany: VDM verlag. ISBN 978-3-639-35780-6. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)අධෝලිපි[සංස්කරණය]↑ 1.0 1.1 Hiendleder S, Kaupe B, Wassmuth R, Janke A (2002). "Molecular analysis of wild and domestic sheep questions current nomenclature and provides evidence for domestication from two different subspecies" (PDF). Proc. Biol. Sci. 269 (1494): 893. doi:10.1098/rspb.2002.1975. PMC 1690972. PMID 12028771. සම්ප්‍රවේශය 2008-01-12.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 2.12 2.13 2.14 2.15 2.16 2.17 2.18 Ensminger↑ "Castlemilk Moorit". Breeds of Livestock. Oklahoma State University Dept. of Animal Science. සම්ප්‍රවේශය 2008-01-27.↑ Hiendleder, S.; K. Mainz, Y. Plante, H. Lewalski (March 2007). "Analysis of mitochondrial DNA indicates that domestic sh
eep are derived from two different ancestral maternal sources: no evidence for contributions from urial and argali sheep". The Journal of Heredity. 89 (2): p. 113. doi:10.1093/jhered/89.2.113. PMID 9542158. {{cite journal}}: |page= has extra text (help)CS1 maint: multiple names: authors list (link)↑ Meadows, J.R.; I. Cemal, O. Karaca; et al. (March 2007). "Five ovine mitochondrial lineages identified from sheep breeds of the near East". Genetics. 175 (3): p. 1371. doi:10.1534/genetics.106.068353. PMC 1840082. PMID 17194773. සම්ප්‍රවේශය 2008-02-12. {{cite journal}}: |page= has extra text (help); Explicit use of et al. in: |author= (help)CS1 maint: multiple names: authors list (link)↑ 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 6.8 Weaver↑ 7.0 7.1 7.2 7.3 7.4 Simmons & Ekarius↑ Krebs, Robert E. & Carolyn A. (2003). Groundbreaking Scientific Experiments, Inventions & Discoveries of the Ancient World. Westport, CT: Greenwood Press. ISBN 0-313-31342-3.↑ 9.0 9.1 9.2 Budiansky↑ Donald E Bixby
, DVM & D. Philip Sponenberg DVM. "Breed Conservation in the United States of America: presentation to the Fifth Congress on Iberoamerican Breeds and Criollos". සම්ප්‍රවේශය 2008-09-07.↑ doi:10.1126/science.1170587This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand↑ 12.0 12.1 Smith et al.↑ "History of Sheep & History of the Different Breeds". Daneke Club Lambs and Livestock. සම්ප්‍රවේශය September 18, 2013.↑ Russell, Nerissa; Martin, Louise (1998). "Çatalhöyük Animal Bone Report". ÇATALHÖYÜK 1998 ARCHIVE REPORT. Çatalhöyük Research Project. සම්ප්‍රවේශය September 18, 2013.↑ D.R. Harris, C. Gosden and M.P. Charles, Jeitun : Recent excavations at an early Neolithic site in Southern Turkmenistan, Proceedings of the Prehistoric Society, 1996, vol. 62, pp. 423–442.↑ Oriental Institute of Chicago "Nomads, Tribes, and the State in the Ancient Near East: Cross-Disciplinary Perspectives".↑ Davidson, Alan (1999). Oxford Comp
anion to Food. Oxford University Press. pp. 290–293. ISBN 0-19-211579-0.↑ Dale Eickelman, The Middle East and Central Asia. An Anthropological Approach. Fourth Edition. Prentice Hall, 2002, p. 11↑ Review of Agricultural Operations in India. 1924. p. 102. සම්ප්‍රවේශය 20 September 2013.↑ Lester Russell Brown (1995). Who Will Feed China?: Wake-up Call for a Small Planet. W.W. Norton & Company. pp. 46–47. ISBN 978-0-393-03897-2. සම්ප්‍රවේශය 20 September 2013.↑ Zonghan Shen (1951). Agricultural Resources of China. Cornell University Press. p. 295. සම්ප්‍රවේශය 20 September 2013.↑ China Report: Agriculture. Foreign Broadcast Information Service. 1986. p. 72. සම්ප්‍රවේශය 20 September 2013.↑ Takekazu Ogura (1963). Agricultural development in modern Japan. Fuji Pub. Co. pp. 569–570. සම්ප්‍රවේශය 20 September 2013.↑ 24.0 24.1 24.2 24.3 Blench, Roger (1999). The Origins and Development of African Livestock. Routledge. ISBN 1-84142-018-2. {{cite book}}: Unknown parameter |coauthors= ig
nored (|author= suggested) (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "africa" defined multiple times with different content↑ "A PROFILE OF THE SOUTH AFRICAN MUTTON MARKET VALUE CHAIN" (PDF). Department of Agriculture, Forestry and Fisheries. සම්ප්‍රවේශය September 17, 2013.↑ Solomon Gizaw, H. Komen, O. Hanotte, J.A.M. Van Arendonk, S. Kemp, Aynalem Haile, O. Mwai, Tadelle Dessie (2011). "2.2.5.1 Significant morphological characters". Characterization and Conservation of Indigenous Sheep Genetic Resources: a Practical Framework for Developing Countries. ILRI (aka ILCA and ILRAD). pp. 16–17. ISBN 978-92-9146-262-9. සම්ප්‍රවේශය 26 September 2013.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)↑ Max Escalon de Fonton, L'Homme avant l'histoire, pg. 16-17, in Histoire de la Provence, Editions Privat, Toulouse, 1990. See also F. Bourdier, Préhistoire de France (Paris, 1967) and G. Bailloud, Les civilisations Néolithiques de la France (Paris, 1955).↑ 28.0 28.1 Pli
ny the Elder (AD 77). "Naturalis Historia". pp. Chapters 72–25. සම්ප්‍රවේශය 2007-12-29. {{cite web}}: Check date values in: |date= (help)↑ 29.0 29.1 29.2 29.3 29.4 Defourneaux, Marcelin (1979). Daily Life in Spain in the Golden Age. Stanford University Press. pp. 147–48. ISBN 0-8047-1029-5.↑ David R. Ringrose (26 November 1998). Spain, Europe, and the 'Spanish Miracle', 1700-1900. Cambridge University Press. p. 282. ISBN 978-0-521-64630-7. සම්ප්‍රවේශය 15 September 2013.↑ John Irwin (1 May 1994). Modern Britain: An Introduction. Taylor & Francis. p. 46. ISBN 978-0-203-98523-6. සම්ප්‍රවේශය 15 September 2013.↑ Thirsk, Joan (2000). The Agrarian History of England and Wales. Cambridge University Press. ISBN 0-521-20074-1. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)↑ "Sheep industry vulnerable target warns BWMB". Farmer's Guardian. 2008-01-21. සම්ප්‍රවේශය 2008-01-21.↑ Ward, David (October 22, 2002). "Pedigree ram sold for record £101,000". The
Guardian. සම්ප්‍රවේශය 2008-09-07.↑ "Scottish National Sale 2002". texel.co.uk. Texel Sheep Society. සම්ප්‍රවේශය 2008-09-07.↑ Wooster↑ 37.0 37.1 37.2 Anderson, Virginia DeJohn (2006). Creatures of Empire: How Domestic Animals Transformed Early America. Oxford University Press. pp. 147–48. ISBN 0-19-530446-2.↑ "CHAPTER 10: Cattle Ranchers". Grand Teton Historic Resource Study. National Park Service. July 24, 2004. සම්ප්‍රවේශය September 16, 2013.↑ Forstenzer, Martin (2005-09-20). "It's Wild vs. Domestic Sheep as Groups Lock Horns Over Grazing Area". The New York Times. සම්ප්‍රවේශය 2007-12-12.↑ Walton, Murray T., "OF LIVESTOCK PROTECTION COLLARS TO PROTECT SHEEP AND GOATS" (1991).Fifth Eastern Wildlife Damage Control Conference (1991).Paper 50.↑ 41.0 41.1 Rohter, Larry (2003-07-23). "In Patagonia, Sheep Ranches Get Another Chance". The New York Times. සම්ප්‍රවේශය 2008-01-27.↑ 42.0 42.1 42.2 42.3 42.4 "Grasslands of the world". Food and Agriculture Organization of the Unite
d Nations. සම්ප්‍රවේශය 2007-12-23.↑ "FAOSTAT". Food and Agriculture Organization of the United Nations. සම්ප්‍රවේශය 2007-12-07.↑ Nash, Nathaniel C. (1994-03-19). "Patagonia Fortunes Fade in Cloud of Volcanic Ash". The New York Times. සම්ප්‍රවේශය 2008-01-27.↑ "The people of New Zealand". TeAra: the Encyclopedia of New Zealand. 2006-06-09. සම්ප්‍රවේශය 2007-12-07.↑ Associated Press (2007-01-26). "New Zealand Declares National Lamb Day". CBS News. 2008-04-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-01-21.↑ 47.0 47.1 47.2 47.3 47.4 47.5 D'arcy, J.B. (1990). Sheep Management and Wool Technology. University of New South Wales Press. pp. 147–48. ISBN 0-86840-036-X.↑ 48.0 48.1 48.2 48.3 Macintyre, Stuart (2004). A Concise History of Australia. Cambridge University Press. pp. 30, 37, 57. ISBN 0-521-60101-0.↑ "Agricultural production". TeAra: the Encyclopedia of New Zealand. 2007. සම්ප්‍රවේශය 2007-12-07.↑ Singer, Peter (1991). Animal Liberation. Avon Books. ISB
N 0-380-71333-0.↑ "Wool Boycott Targets Australia Sheep Farmers". National Geographic News. 2005-08-16. සම්ප්‍රවේශය 2007-12-07.↑ Peter Wilkinson (2004-11-08). "In the News". Australian Wool Growers Association. September 24, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-09.↑ Cuming, Marius (2007-03-16). "Pain relief from man to lamb". Stock and Land. සම්ප්‍රවේශය 2008-08-11.↑ Code of recommendations and minimum standards for the welfare of Sheep. Retrieved 1 October 2008. සංරක්ෂණය කළ පිටපත 5 ජූනි 2008 at the Wayback Machine↑ "Savethesheep.com". PETA. සම්ප්‍රවේශය 2007-12-07.↑ "Pink angers Australian government". BBC News. 2006-12-20. සම්ප්‍රවේශය 2007-01-09.පෝෂණය යනු ජීවීන් ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. පෝෂණය සඳහා විවිධ ජීව විශේෂ විවිධ වූ ක්‍රම යොදා ගනු ලබයි. ජීවීන්ගේ පෝෂණ ක්‍රම ඔවුන්ගේ ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය මත වර්ග කල හැක. කාබන් ප්‍රබවය මත ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි. ස්වයංපෝෂි පෝෂණ ක්‍රමයවිෂමපෝෂී පෝෂණ ක්‍රමයකාබන් ප්
‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ් (අකාබනික කාබන්) උපයෝගී කර ගන්නා ජීවීන් ස්වයංපෝෂින් ලෙස හඳුන්වයි.කාබන් ප්‍රභවය ලෙස කාබනික කාබන් (කාබනික ද්‍රව්‍ය) උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි.ස්වයංපෝෂී ජීවීන් කාබනික ආහාර සංස්ලේෂණය කරයි. මේ සඳහා ඔවුන්ට ශක්තිය අවැසි වේ. ඔවුන් ශක්තිය ලබාගන්නා ප්‍රභවය අනුව ස්වයංපෝෂී ජීවීන් නැවතත් කාණ්ඩ දෙකකට බෙදිය හැක. එනම්,ප්‍රභා ස්වයංපෝෂී පෝෂණයරසායනික ස්වයංපෝෂී පෝෂණය යනුවෙනි.කාබනික ආහාර සංස්ලේෂණය කිරීමට සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා ජීවීන් ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි.කාබනික ආහාර සංස්ලේෂණය කිරීමට රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම මගින් ශක්තිය ලබා ගන්නා ජීවීන් රසායනික ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි.කාබන් ප්‍රභවය ලෙස කාබනික ද්‍රව්‍ය (කාබනික කාබන්) උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වන බව ඉහත දක්වන ලදී. විෂම පෝෂී පෝෂණය ප්‍රධාන ආකාර 3කි. එනම්,මෘතෝපජීවී පෝෂණයසත්ත්ව සදෘෂ පෝෂණය සහසහජීවී පෝෂණය යනුවෙනි.මෘතෝපජීවී පෝෂණය[සංස්කරණය]මැරුණු ශාක සත්ත්ව කොටස් වල ඇති කාබනික ද්‍රව්‍ය මත පෝෂණය ලබන ජීවීන් මෘතොපජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් මැරුණු ශාක හා සත්ත්ව කොටස්
වල ඇති කාබනික ද්‍රව්‍ය මතට බහිශ්සෛලීය එන්සයිම ශ්‍රාවය කර ඒවායේ ඇති සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරයි. අනතුරුව ඒවා අවශෝෂණය කර භාවිතයට ගනු ලබයි. උදා: ඇතැම් බැක්ටීරියා, සියළුම දිලීරසත්ත්ව සදෘෂ පෝෂණය[සංස්කරණය]ආහාර මාර්ගයක් තුලට ආහාර අධිග්‍රහණය කරන ජීවීන් සත්ත්ව සදෘෂ පෝශීන් ලෙස හඳුන්වයි. සත්ත්ව සදෘෂ පෝෂණය අදියර 5කින් සමන්විත වේ. ඒවා නම්, අධිග්‍රහණය, ජීරණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහකිරීම යන ඒවායි. සත්ත්ව සදෘෂක පෝෂණය දක්වන ජීවීන් ක්ෂුද්‍ර භක්ෂක, තරල භක්ෂක හෝ මහා භක්ෂක පෝෂණයක් පෙන්වයි. ක්ෂුද්‍ර භක්ෂක ජීවීන් ජලයේ අවලම්බනය වී ඇති ඉතා කුඩා අංශු අධිග්‍රහණය කරයි. උදා: Amoeba, මදුරු කීටයාතරල භක්ෂක ජීවීන් ශාක හා සත්ත්වයන්ගේ තරල මත යැපේ. උදා: මදුරුවා, මකුළුවා, දුඹුරු කීදෑවාමහා භක්ෂක පෝෂීන් විශාල ආහාරමය කොටස් අධිග්‍රහණය කරයි.මහා භක්ෂක ජීවීන් ඔවුන් ලබා ගන්නා ආහාර වර්ගයට අනුව කොටස් 3 කට බෙදිය හැක. එනම්, ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක යනුවෙනි.සහජීවී පෝෂණය[සංස්කරණය]ඉතා සමීප ලෙස ජීවත් වන විශේෂ දෙකක් හෝ කිහිපයක් අතර දක්නට ඇති පාරිසරික සම්බන්ධතාවයකි.1 − 2 + 3 − 4 + • •
•ගණිතයේදි 1-2+3-4+...යනු පද, අනුයාත ධන නිඛිල වන, ලකුණු ප්‍රත්‍යාවර්ත ලෙස යොදා ගන්නා අපිරිමිත ශ්‍රේණියයි. සිග්මා සමාකලන අංකනය යොදාගනිමින් ශ්‍රේණියේ පළමු m පද වල ඓක්‍යය පහත ලෙස දැක්විය හැක.∑n=1mn(−1)n−1.{\displaystyle \sum _{n=1}^{m}n(-1)^{n-1}.}අපිරිමිත ශ්‍රේණිය අපසාරී වේ. එනම් එහි ආංශික ඓක්‍යය (1,-1,2,-2,...) නියත අන්තයක් කරා ළගා නොවේ. කෙසේ නමුත් 18වන ශතවර්ෂයේදී ලියොනාර්ඩ් යූලර් විසින් තේරුම් ගැනීම දුෂ්කර බවට ඔහු පිළිගත් සමීකරණයක් ඉදිරිපත් කරන ලදී.1−2+3−4+⋯=14.{\displaystyle 1-2+3-4+\cdots ={\frac {1}{4}}.}මෙම සමීකරණය සඳහා පිළිගත හැකි විවරණයක් බොහෝ කලක් යන තුරු ඉදිරිපත් නොවුණි. 1890 පටන් අර්නස්ටෝ සෙසාරෝ, එමිලි බොරෙල් ආදී පිරිසක් යූලර්ගේ සමීකරණයට නව අර්ථකථන ඇතුළු අපසාරී ශ්‍රේණි වලට සාධාරික ඓක්‍යයන් දිය හැකි ක්‍රම පිළිබඳ පරීක්ෂණ සිදු කළහ.මෙම ක්‍රම බොහොමයකින් අවසානයේදී 1-2+3-4+... සඳහා 1/4 ක ඓක්‍යයක් ලැබුණි. සෙසාරෝ සමාකලනය යනු 1-2+3-4... සඳහා ඓක්‍යයක් ලබා නොදෙන ක්‍රම කිහිපයෙන් එකකි. එනම් එය අබෙල් සමාකලනය වැනි තරමක් ප්‍රබල ක්‍
රමයක් අවශ්‍ය වන අවස්ථාවකට උදාහරණයකි.1-2+3-4+... ශ්‍රේණිය 1-1+1-1+... යන ග්‍රැන්ඩිගේ ශ්‍රේණියට බොහෝ සමානතා දක්වයි. යූලර් විසින් 1-2n+3n-4n+…. (ඕනැම n අගයක් සඳහා) හි විශේෂ අවස්ථා ලෙස ඉහත ශ්‍රේණි සලකමින් ඔහුගේ බේසල් ගැටළුව Dirichlet eta ශ්‍රිතය හා Riemann zeta ශ්‍රිතය ලෙස අද හඳුන්වන ශ්‍රිතීය සමීකරණ දක්වා ගෙන යාමට සමත් විය.අපසාරීතාවශ්‍රේණියේ පද (1,-2,3,-4...) ශුන්‍යයට ළඟා නොවේ. එබැවින් 1-2+3-4+... අපසාරී වේ. අපසාරීතාව පිළිබඳ මූලික දැනුමක් තිබීම පසුව වැදගත් වේ. නිර්වචනයට අනුව, ශ්‍රේණියක අභිසාරීතාව හෝ අපසාරීතාව නිශ්චය කරනු ලබන්නේ එහි ආංශික ඓක්‍යයන්හි අනුක්‍රමයේ අභිසාරීතාව හෝ අපසාරීතාව අනුවය. 1-2+3-4+... හි ආංශික ඓක්‍යයන් වනුයේ 1 = 1,1 − 2 = −1,1 − 2 + 3 = 2,1 − 2 + 3 − 4 = −2,1 − 2 + 3 − 4 + 5 = 3,1 − 2 + 3 − 4 + 5 − 6 = −3,...මෙම අනුක්‍රමයේදී සියළු නිඛිල එක් වරක් හමු වෙන අතර--ශුන්‍ය ආංශික ඓක්‍ය සැලකූ විට 0 ද ඇතුලත් වේ-- එමඟින් z නිඛිල කුලකයෙහි ගණ්‍යතාවය තහවුරු කරයි. ආංශික ඓක්‍යයන්ගේ අනුක්‍රමය මෙම ශ්‍රිතය එක් නිශ්චිත සංඛ්‍යාවක් වෙත අභිසාරී නොවන බව පැහැදිලි කරයි ( ඕනැම x සීමාවක
් සඳහා ආංශික ඓක්‍යයන් [x-1, x+1] පරාසයෙන් පිටත පිහිටන ලක්ෂ්‍යයක් ඇත ). එනම් 1-2+3-4+...අපසාරී වේ.සමාකලනය සඳහා ස්වතෝන්වේෂණ ක්‍රමස්ථායීතාව හා රේඛීයතාව1,-2,3,-4,5,-6....සරල රටාවක් අනුගමනය කරන බැවින් 1-2+3-4+.... යන ශ්‍රේණියේ පද එකතු කිරීමෙන් සංඛ්‍යාත්මක අගයක් ලබා ගතහැකි වේ. යම් S සංඛ්‍යාවක් සඳහා s=1-2+3-4+...නම් පහත ගණනයෙන් S=1/4 බව පෙන්වයි.4s=(1−2+3−4+⋯)+(1−2+3−4+⋯)+(1−2+3−4+⋯)+(1−2+3−4+⋯)=(1−2+3−4+⋯)+1+(−2+3−4+5+⋯)+1+(−2+3−4+5+⋯)−1+(3−4+5−6⋯)=1+[(1−2−2+3)+(−2+3+3−4)+(3−4−4+5)+(−4+5+5−6)+⋯]=1+[0+0+0+0+⋯]4s=1{\displaystyle {\begin{array}{rclllll}4s&=&&(1-2+3-4+\cdots )&{}+(1-2+3-4+\cdots )&{}+(1-2+3-4+\cdots )&{}+(1-2+3-4+\cdots )\\&=&&(
1-2+3-4+\cdots )&{}+1+(-2+3-4+5+\cdots )&{}+1+(-2+3-4+5+\cdots )&{}-1+(3-4+5-6\cdots )\\&=&1+
[&(1-2-2+3)&{}+(-2+3+3-4)&{}+(3-4-4+5)&{}+(-4+5+5-6)+\cdots ]\\&=&1+[&0+0+0+0+\cdots ]\\4s&=&1\end{array}}}එනම් s=14{\displaystyle s={\frac {1}{4}}}. මෙම ව්‍යුත්පන්නය දකුණුපස ප්‍රස්තාරයෙන් දක්වා ඇත.1-2+3-4+....සඳහා ඓක්‍යයක් නොමැති ලෙස සලකන නමුත්, ඓක්‍යයක් දැක්වීමට අවශ්‍ය වුවහොත් S=1-2+3-4+...=1/4 යනු ඒ සඳහා යොදා ගත හැකි සුදුසුම සමීකරණය වේ. අපසාරී ශ්‍රේණියක ඓක්‍යය සඳහා නිර්වචනයක් ලෙස සමාකලන ක්‍රමය සැලකිය හැක. මෙහිදී සියලුම ශ්‍රේණිවල ඇතැම් උපකුලකයන්හි ඓක්‍යය සලකනු ලබයි. මේ සඳහා භාවිතා කළ හැකි තවත් ක්‍රම ඇති අතර ඒවායෙහි හා සාමන්‍ය සමාකලනයෙහි ලක්ෂණ අතර ඇති සමානතා අනුව ඒවා විවිධ වේ.ඉහත ගණනයෙන් සාධනය කරනු ලබන්නේ;1-2+3-4+...ශ්‍රේණියට ඓක්‍යයක් දිය හැකි ඕනෑම රේඛීය හා ස්ථායී සමාකලන ක්‍රමයකින් ලබාදෙන ඓක්‍යය ¼ වන බවය. එසේම,2s=(1−2+3−4+⋯)+(1−2+3−4+⋯)=1+(−2+3−4+⋯)+1−2+(3−4+5⋯)=0+(−2+3)+(3−4)+(−4+5)+⋯2s=1−1+1−1⋯{\displaystyle {\begin{
array}{rcllll}2s&=&&(1-2+3-4+\cdots )&+&(1-2+3-4+\cdots )\\&=&1+&(-2+3-4+\cdots )&{}+1-2&+(3-4+5\cdots )\\&=&0+&(-2+3)+(3-4)+(-4+5)+\cdots \\2s&=&&1-1+1-1\cdots \end{array}}}වන බැවින් මෙම ක්‍රමය ග්‍රැන්ඩිගේ ශ්‍රේණියටද පහත ලෙස අගයක් ලබා දෙයි.1-1+1-1+..=1/2කෞචි ගුණිතය1891 දී අර්නස්ටෝ සෙසාරෝ අපසාරී ශ්‍රේණි , කලනය මඟින් පැහැදිලි කිරීමට සමත් විය. (1-1+1-1+...)2=1-2+3-4+... වන බව හා දෙපසම 1/4ට සමාන වන බව ඔහු පෙන්වා දෙන ලදී. මෙම සමීකරණය සෙසාරෝ විසින් මීට පෙර වසරේ දී ඉදිරිපත් කරන ලද, ඓක්‍යයක් ලබා ගත හැකි අපසාරී ශ්‍රේණි පිළිබඳ වූ ප්‍රථම නියමයෙහි යෙදීමක් ලෙස සැලකිය හැක. ඔහුගේ සමාකලන නියමයට අනුව 1-1+1-1+... හා 1-1+1-1+.... හී කෞචි ගුණිතය 1-2+3-4+.... වේ.අපරිමිත ශ්‍රේණි දෙකක කෞචි ගුණිතය නිර්වචනය කිරීම සඳහා ශ්‍රේණි දෙකම අපසාරී විය යුතුය. cn=∑k=0nakbn−k=∑k=0n(−1)k(−1)n−k=∑k=0n(−1)n=(−1)n(n+1).{\displaystyle {\begin{array}{rcl}c_{n}&=&\displaystyle \sum _{k=0}^{n
}a_{k}b_{n-k}=\sum _{k=0}^{n}(-1)^{k}(-1)^{n-k}\\[1em]&=&\displaystyle \sum _{k=0}^{n}(-1)^{n}=(-1)^{n}(n+1).\end{array}}}එවිට ශ්‍රේණිය වනුයේ∑n=0∞(−1)n(n+1)=1−2+3−4+⋯.{\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}(n+1)=1-2+3-4+\cdots .}එසේම කෞචි ගුණිතය අනුව 1-1+1-1+...=1/2 ලෙස ලබා දෙන සමාකලන ක්‍රමයක් 1-2+3-4=1/4 ලෙසද ඓක්‍යක් ලබා දෙයි. ඉහත ප්‍රතිඵලය අනුව 1-1+1-1+... සහ 1-2+3-4+... හි සමාකලනයේ තුල්‍යතාව රේඛීය, ස්ථායී හා කෞචි ගුණිතයට අදාළ ක්‍රම මඟින් පෙන්නුම් කරයි.සෙසාරෝගේ නියමය මීට උදාහරණයකි. 1-1+1-1+.... ශ්‍රේණිය දුර්වල ලෙස සෙසාරෝ සමාකල්‍ය වේ. එය (c, 1) සමාකල්‍ය ලෙස හැඳින්වේ. 1-2+3-4+... සෙසාරෝ සමාකල්‍යයේ ප්‍රබල අවස්ථාවක් වන අතර එය (c, 2) සමාකල්‍යය ලෙස හැඳින්වේ. සෙසාරෝ නියමයේ සියලු අවස්ථා රේඛීය හා ස්ථායී වන බැවින් ගණනය කරන ලද ඓක්‍යයන් ඒ ආකාර වේ.නිර්දිශ්ට ක්‍රමසෙසාරෝ සහ හෝල්ඩර්Data about the (H, 2) sum of ​1⁄4පවත්නාවූ 1-2+3-4+...හි (c,1) සෙසාරෝ ඓක්‍යය පෙන්වීම සඳහා, ශ්‍රේණියේ ඓක්‍යයන්හි මධ්‍යයනය ගණනය කිරීම අවශ්‍ය වේ. ආංශික ඓක්‍යයන් වන
ුයේ:1,-1,2,-2,3,-3,.......හා මධ්‍යයන වනුයේ:1, 0, 2/3, 0, 3/5, 0, 4/7,.....මෙම මධ්‍යයන අනුක්‍රමය අභිසාරී නොවේ. එබැවින් 1-2+3-4+...... සෙසාරෝ සමාකල්‍ය නොවේ.සෙසාරෝ සමාකලනය සඳහා පිළිගත් ව්‍යාප්තිකරණ දෙකකි. වඩා සරල වනුයේ, n ප්‍රකෘති සංඛ්‍යා සඳහා වන (H, n) අනුක්‍රමයයි. (H, n) ඓක්‍යය සෙසාරෝ සමාකල්‍ය වන අතර අනෙක් සංකීර්ණ ක්‍රම මධ්‍යයනය ගණනය කරයි. ඉහත ක්‍රමයේ, ඉරට්ටේ සංඛ්‍යාවල මධ්‍යයනය 1/2 වන අතර ඔත්තේ සංඛ්‍යාවල මධ්‍යයනය 0ට සමාන වේ. එබැවින් මධ්‍යයනයන්හි මධ්‍යයනය 0 හා 1/2 හි සාමාන්‍යය වෙත අභිසාරී වේ. එනම් 1-2+3-4+..., 1/4 ට (H, n) සමාකල්‍ය වේ.H මඟින් “ඔටෝ හෝල්ඩර්” සංකේතවත් වේ. ඔහු 1882 දී පළමු වරට අබෙල් සමාකලනය හා (H,n ) සමාකලනයේ සම්බන්ධය පෙන්වා දෙන ලදී. 1-2+3-4+...ඔහුගේ ප්‍රථම උදාහරණයයි. 1/4 යනු 1-2+3-4+...හි (H, 2) සමාකලනය වීම, එය අබෙල් සමාකලනය බව තහවුරු කරයි. මෙය පහත සාධනය කර ඇත.අනෙක් පිළිගත් සෙසාරෝ සමාකලනයෙහි ව්‍යාප්තිකරණය වනුයේ (C,n ) අනුක්‍රමයයි. (C,n ) සමාකලනයේ හා (H,n ) සමාකලනයේ අගය සමාන බව ඔප්පු කර ඇති නමුදු ඓතිහාසික පදනම වෙනස් වේ. 1887 දී සෙසාරෝ (C, n) සමාකලනයේ නිර්වචනය දැක්වීමට
සමත් වුවද ඔහුට ඉදිරිපත් කළ හැකි වූයේ සුළු උදාහරණ ප්‍රමාණයකි. 1-2+3-4+... හි ඓක්‍යය 1/4 ලෙස ඔහු (C, n) වැනි ක්‍රමයකින් ගණනය කළද එය නිවැරදි ලෙස සාධනය කිරීමට ඔහු අසමත් විය. ඔහු 1890දී (C,n ) ක්‍රම නිර්වචනය කරමින් ඔහුගේ නියමය ඉදිරිපත් කළේය. එනම් (C, n) සමාකල්‍ය ශ්‍රේණියක හා (C,m ) සමාකල්‍ය ශ්‍රේණියක කෞචි ගුණිතය (C, m+n+1) සමාකල්‍ය වන බවයි. අබෙල් සමාකලනය 1749දී ශ්‍රේණියක් අපසාරී වන නමුත් ඓක්‍යයක්ද ලබා දෙන බව ලියොනාර්ඩ් යුලර් සඳහන් කරන ලදී. 1-2+3-4+5-6..හි ඓක්‍යය 1/4 යන්න පරස්පර විරෝධී වේ. මෙම ශ්‍රේණියේ පද 100ක එකතුව -50 වන අතර පද 101ක් වූ විට ඓක්‍යය +51 වේ. එය 1/4ට හාත්පසින් වෙනස් වන අතර පද සංඛ්‍යාව වැඩි වත්ම ඓක්‍යයද වැඩි වේ. නමුත් 'ඓක්‍යය' යන්නට මෙහිදී වඩා පුළුල් අර්ථයක් අවශ්‍ය වේ....යුලර් විසින් 'ඓක්‍යය' යන්නට අර්ථ දැක්වීම් කිහිපයක් ලබා දී ඇත. 1-2+3-4+....යන අවස්ථාවේදී ඔහුගේ පැහැදිලි කිරීම් අබෙල් සමාකලනයට බෙහෙවින් සමාන වේ.1-2+3-4+5..ශ්‍රේණිය 1/(1+1)2 යන සූත්‍රයේ ප්‍රසාරණය වන බැවින් ශ්‍රේණියේ ඓක්‍යය ද සූත්‍රයේ අගය වන 1/4 වන බව නිසැකය. 1/(1+x)2 යන ප්‍රකාශනය ප්‍රසාරණය කිරීමෙන් ලබා ග
න්නා 1-2x+3x2-4x3+5x4-6x5+…. ශ්‍රේණිය සලකා බැලීමෙන් මෙය වඩාත් පැහැදිලි වේ; x=1 වන විට මෙය ඉහත අවස්ථාවට සමාන වන බැවිනි.|x|<1 වන නියත අගයක් සඳහා, යුලර් නිවැරදි බව පෙන්වීමට බොහෝ උදාහරණ ඇත.1−2x+3x2−4x3+⋯=1(1+x)2.{\displaystyle 1-2x+3x^{2}-4x^{3}+\cdots ={\frac {1}{(1+x)^{2}}}.}ප්‍රකාශනයේ දකුණුපස ටේලර් ප්‍රසාරණය හෝ බහුපද ප්‍රකාශන සඳහා සම්මත දීර්ඝ බෙදීමේ ක්‍රමය මෙහිදී සලකා බැලිය හැක. වම් පස පදය (1+x) න් දෙවරක් ගුණ කිරීමෙන් හෝ 1-2x+3x2-4x3+... යන ගුණෝත්තර ශ්‍රේණිය වර්ග කිරීමෙන් හෝ ඉහත ක්‍රම යෙදිය හැක. අපර ශ්‍රේණිය අවකලනය කිරීමද යුලර් විසින් යෝජනා කරන ලද ක්‍රමයකි.නව අදහසට අනුව x=1 වන විට 1-2x+3x2-4x3+... ශ්‍රේණිය ශ්‍රිතයක් ලබා නොදෙයි. එනම් ප්‍රකාශනයට එම අගය ආදේශ කළ නොහැක. මෙහිදී සියළු |x|<1 සඳහා ශ්‍රිතය නිර්වචනය කළ හැකි බැවින් x, 1ට ළඟාවන සීමාව සැලකීමට හැක. මෙය අබෙල් සමාකලනයේ නිර්වචනයයි.limx→1−∑n=1∞n(−x)n−1=limx→1−1(1+x)2=14.{\displaystyle \lim _{x\rightarr
ow 1^{-}}\sum _{n=1}^{\infty }n(-x)^{n-1}=\lim _{x\rightarrow 1^{-}}{\frac {1}{(1+x)^{2}}}={\frac {1}{4}}.}යුලර් සහ බොරෙල්Euler summation to ​1⁄2 − ​1⁄4මෙම ශ්‍රේණිය සඳහා යුලර් තවත් ක්‍රමයක් ආදේශ කළේය. ඔහුගේ සොයාගැනීමක් වන එය යුලර් පරිණාමිතය ලෙස හැඳින්වේ. යුලර් පරිණාමිතය ගණනය කිරීම ප්‍රත්‍යාවර්තිත ශ්‍රේණියට අයත් ධන පද වලින් ආරම්භ කළ හැක- එය මෙහිදී 1,2,3,4,.... වේ. මෙම අනුක්‍රමයේ පළමු පදය a0 වේ.මීළඟට 1,2,3,4,... හි ඇති අභීප අන්තර අවශ්‍ය වේ. එනම් 1,1,1,1.... මෙම අනුක්‍රමයේ පළමු අගය ∆a0 යි. යුලර් පරිණාමිතය අන්තරයන්හි අන්තර හා පුනහ්කරණ මතද පදනම් වේ. නමුත් 1,1,1,1....අතර ඇති සියළු අභීප අන්තර 0 වේ. එබැවින් 1-2+3-4+...හි යුලර් පරිණාමිතය පහත ලෙස දැක්විය හැක.12a0−14Δa0+18Δ2a0−⋯=12−14.{\displaystyle {\frac {1}{2}}a_{0}-{\frac {1}{4}}\Delta a_{0}+{\frac {1}{8}}\Delta ^{2}a_{0}-\cdots ={\frac {1}{2}}-{\frac {1}{4}}.}නව නාමකරණයට අනුව, 1-2+3-4+...., 1/4ට යුලර් සමාකල්‍ය වේ.∑k=0∞ak=∑k=0∞(
−1)k(k+1),{\displaystyle \sum _{k=0}^{\infty }a_{k}=\sum _{k=0}^{\infty }(-1)^{k}(k+1),}1-2+3-4+.... ඉහත ලෙස දක්වමින් පහත අභිසාරී ශ්‍රේණිය ලබාගත හැක.a(x)=∑k=0∞(−1)k(k+1)xkk!=e−x(1−x).{\displaystyle a(x)=\sum _{k=0}^{\infty }{\frac {(-1)^{k}(k+1)x^{k}}{k!}}=e^{-x}(1-x).}එබැවින් 1-2+3-4+.... හි බොරෙල් ඓක්‍යය වනුයේ,∫0∞e−xa(x)dx=∫0∞e−2x(1−x)dx=12−14.{\displaystyle \int _{0}^{\infty }e^{-x}a(x)\,dx=\int _{0}^{\infty }e^{-2x}(1-x)\,dx={\frac {1}{2}}-{\frac {1}{4}}.}පරිමාණ විභේදනයඅත්‍යණුක විස්ථාපනය හා පරිමාණ විභේදනය යන භෞතික මූලධර්ම දෙක පමණක් භාවිතා කරමින් Saichev හා Woyczyński විසින් 1-2+3-4+...=1/4 බව පෙන්වා දීමට සමත් වූහ. ශ්‍රේණියේ ඓක්‍යය 1/4 ලෙස ලබා දෙන 'φ සමාකලන ක්‍රම' රාශියක් පැහැදිලි කිරීමට මෙම මූලධර්ම භාවිතා කළ හැක. φ(0)=1 හා +∞ හි දී φ(x) හා xφ(x) හි සීමා 0 වන විට, φ යනු පළමු හා දෙවන ව්‍යුත්පන්න (0, ∞) දී අඛණ්ඩ හා අනුක
ල්‍ය වන ශ්‍රිතයක් නම්,limδ→0∑m=0∞(−1)m(m+1)φ(δm)=14.{\displaystyle \lim _{\delta \rightarrow 0}\sum _{m=0}^{\infty }(-1)^{m}(m+1)\varphi (\delta m)={\frac {1}{4}}.}මෙය φ(x) = exp (-x) වන විට අබෙල් සමාකලනය පැහැදිලි කරයි. ශ්‍රේණියේ පද m වටා යුගලනය කිරීමෙන් සහ ප්‍රකාශනය රීමන් නිඛිලයක් බවට පරිවර්තනය කිරීමෙන් එය සාධනය කළ හැක. මීළඟ පියවර ලෙස 1-1+1-1+... හී සාධනය මධ්‍යයන අගය ප්‍රමේය යොදා ගනී. නමුත් මෙහිදී ඒ සඳහා ටේලර් ප්‍රමේයයේ ලාග්‍රාන්ජ් අවස්ථාව අවශ්‍ය වේ.ව්‍යාප්තිකරණ1-1+1-1+... හි තෙවැදෑරුම් කෞචි ගුණිතය වනුයේ 1-3+6-10+..., එනම් ත්‍රිකෝණික සංඛ්‍යාවල ප්‍රත්‍යාවර්තිත ශ්‍රේණියයි. එහි අබෙල් හා යුලර් සමාකලනය වනුයේ 1/8. 1-1+1-1+... හි චතුර්විධ කෞචි ගුණිතය 1-4+10-20+... වන අතර එය චතුස්තලීය සංඛ්‍යාවල ප්‍රත්‍යාවර්තිත ශ්‍රේණියයි. එහි අබෙල් ඓක්‍යය 1/16 වේ.1-2+3-4+... හි තවත් ව්‍යාප්තිකරණයක් වනුයේ 1-2n+3n-4n+…. (අනෙක් n අගයන් සඳහා). n ධන නිඛිල සඳහා මෙම ශ්‍රේණිය පහත අබෙල් ඓක්‍යයන් ලබා දෙයි.Bn බනෝලි සංඛ්‍යා නම්, 1-2n+3n- ……. = ( 2^(n+1)-1)/(
n+1) B_(n+1)ඉරට්ටේ n සංඛ්‍යා සඳහා මෙය පහත අයුරු වේ.1-22k+32k-……. = 01826දී මෙම අවසාන ඓක්‍යය නීල්ස් හෙන්‍රික් අබෙල් ගේ විවේචනයට පාත්‍ර විය;"අපසාරී ශ්‍රේණි යනු යක්ෂයාගේ ක්‍රියාවකි. කිසිවෙක් ඒ සඳහා සාධනයක් ඉදිරිපත් කිරීම ලැජ්ජාවට කරුණකි. එය භාවිතා කිරීමෙන් තමාට අවශ්‍ය දෙය ලබා ගැනීමට හැක. එබැවින් එය බොහෝ අසතුටුදායක මෙන්ම පරස්පර විරෝධී අදහස් නිර්මාණය කර ඇත. කිසිවෙකුට හෝ 0 = 1-2n+3n-4n+… (n ධන නිඛිල වන විට )යන සමීකරණයට වඩා දරුණු දෙයක් පිළිබඳ සිතා ගත හැකිද? මිතුරනි, මෙය සිනහවට කරුණකි ".සෙසාරෝ ගේ ගුරුවරයා වන ඉයුජින් චාර්ල්ස් කැටලන්ද අපසාරී ශ්‍රේණි විවේචනය කළේය. කැටලන්ගේ ආභාෂයෙන් සෙසාරෝ ද 1-2n+3n-4n+… සඳහා වන සූත්‍ර 'හාස්‍යජනක සමානතා' ලෙස හැඳින්වීය. 1883දී සෙසාරෝ විසින් මෙම සූත්‍ර නිවැරදි නොවන නමුත් ඇතැම් විට ප්‍රයෝජනවත් වන බවට අදහස් දැක්විය. නමුත් 1890දී ඔහුගේ Sur la multiplication des séries තුළින් නිර්වචන ඔස්සේ නව එළඹුමක් ලබා දීමට සමත් විය.මෙම ශ්‍රේණි නිඛිල නොවන n සංඛ්‍යා සඳහා ද අදාළ කර ගත හැක. එය Dirichlet eta ශ්‍රිතය ලබා දෙයි. 1-2+3-4+... ට අදාළ ශ්‍රිතයන් අධ්‍යයනය කිරීමට යුලර් උත
්සුක වීමට තවත් හේතුවක් වූයේ ශ්‍රිතීය සමීකරණයි. එය සෘජුවම Riemann zeta ශ්‍රිතයට සම්බන්ධ වේ. යුලර් ඒ වනවිට ද ධන ඉරට්ටේ සංඛ්‍යා සඳහාමෙම ශ්‍රිතයන්ට අගයන් සොයාගෙන සිටි අතර(බේසල් ගැටළුවද ඇතුළුව ), ධන ඔත්තේ සංඛ්‍යා සඳහා ද ලැබෙන අගයන් සෙවීමට උත්සාහ දරමින් සිටියේය (ඇපෙරි නියතය ද ඇතුළුව ). වර්තමානයේදී මෙම ගැටළුව විසඳිය නොහැක්කක් ලෙස සලකනු ලබයි. Eta ශ්‍රිතයේ Dirichlet ශ්‍රේණිය සෑමතැන්හිදීම අබෙල් සමාකල්‍ය වන බැවින්, එය යුලර්ගේ ක්‍රමවේදයන් භාවිතා කරමින් විසඳීම පහසුවේ. නමුත් Zeta ශ්‍රිතයේ Dirichlet ශ්‍රේණිය අපසාරී වන අවස්ථාවේදී එහි ඓක්‍යය සෙවීම අපහසු වේ.උදා: 1+2+3+4+...යන ප්‍රත්‍යාවර්තිත ශ්‍රේණිය zeta ශ්‍රිතයේ 1-2+3-4+...හි පූරණයයි. එය නූතන භෞතික විද්‍යාවේදී බොහෝ සෙයින් භාවිතා වන නමුත් ඓක්‍යය සෙවීම සඳහා වඩා ප්‍රබල ක්‍රමවේද අවශ්‍ය වේ.මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ව්‍යාපාර වස්තු හුවමාරුව
" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ව්‍යාපාර වස්තු හුවමාරුව යනු, අතිශයින් සංවිධානාත්මක වෙළඳපොළක් වන අතර එහි විශේෂයෙන් ගනුදෙනු වන්නේ, විකිණියහැකි සුරැකුම්, පාරිභෝගික භාණ්ඩ, විදේශ විනිමය, ඉදිරි ගණුදෙනු, සහ විකල්ප ගිවිසුම් වෙති.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)නෙලාගත් කින්නවු ගෙඩියක්පලතුරු වර්ග 2ක් මුහුන්කර 20වන සියවසේදී බිහිකල පලතුරකි. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සහ පකිස්ථානයේ ප්‍රධාන වගාවකි.ප්‍රංශ කැනේඩියානු සාහිත්‍යය ඉංග්‍රීසි සාහිත්‍යයෙන් පරිබාහිරව පරිණාමය විය. එම සාහිත්‍යය මව් සංස්කෘතියේ සම්බන්ධයකින් තොරව එයටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් සමන්විතව පරිණාමණය විය.1802 දී පමණ කැනඩා පුස්තකාලයක් ඇරඹිණි. එය කැනඩාවේ පළමු පුස්තකාලය විය. එහෙත් බ්‍රිතාන්‍ය පුස්තකාලයක් ඇරඹූයේ එයට අවුරුදු දහසයකට පසුවය. මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ මෙම පුස්තකාලයේ භූමි විද්‍යාව, ස්වභාවික ව
ිද්‍යාව ආශ්‍රිත ලිපි සඳහා අසාමාන්‍ය නාම තිබීමය. අපරදිග හා උත්තර කැනඩාව එක් වීමෙන් මෙම පුස්තකාලයේ තිබූ කෘතීන් මොන්ට්‍රියෙල්හි කැනේඩියානු පාර්ලිමේන්තුවට ගෙන එන ලදී. 1845 අප්‍රේල් 25 වන දින යම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවිය. එනම් කැනේඩියානු පාර්ලිමේන්තුවට යම් පිරිසක් විසින් ගිනි තැබීමයි. මෙම සමයේ දී උගතුන් විසින් විවිධ කෘති රචනා කර ඇති නමුත් ගිනිබත් වීමෙන් අනතුරුව බේරාගෙන ඇත්තේ කෘති අතලොස්සකි.ප්‍රංශ කැනේඩියානූ නවකථාවේ නැඟීමට හේතු වූයේ 1837 අපරදිග කැනඩා අරගලයත්, සහ නවීන ප්‍රාථමික පාසල් අධ්‍යාපනයත්, කියුබෙක් ජාතිමාමකත්වයත්ය. ප්‍රථම ප්‍රංශ-කැනේඩියානු නවකතාව ලෙස සැළකෙනුයේ ෆිල්ප් ඉග්නස් ෆැන්සිස් යුබර්ට් ද ගැස්පේ ගේ l' influence d'un lire ය.ප්‍රංශ ඓතිහාසික නවකතා හා ගැමි නවකතා ශෛලීන් යටපත්විය.ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධ වූ ප්‍රංශ රචකයෝ(බල්සාක් වැන්ගෝව) ඉතා උසස් කොට සළකනු ලැබූහ.ක්‍රි.ව 1866 දී පමණ ජීවත්වූ හෙන්රි රේමන් කැස්ග්‍රේන් පියතුමා එරට පළමු සාහිත්‍ය සිද්ධාන්තවාදියා විය. සාහිත්‍යයේ ඉලක්කය විය යුත්තේ නියම කතෝලික මානසිකත්වය පිළිබඳ දැක්මක් ගොඩනැගීමයි යන්න ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රධානම තර්කය විය. ක
්‍යුබෙක් හි රචකයෝ මෙම අදහසට අනුව ලියූහ. එහෙත් Louis – Honore Frechette හා Arthur Bules වැනි සමහර කතුවරු මෙම සම්ප්‍රදාය බිඳහෙලා නොයෙක් සිත් ඇදගන්නා සුළු කෘතීන් රචනා කළහ. මෙම රටාව මොන්ට්‍රියෙල් ලවාල් විශ්ව විද්‍යාල වලින් බිහි වූ ලේඛකයන් විසින් 1930 වර්ෂය පමණ වන තෙක් අනුගමනය කරන ලදී. මේ සම‍යේ ප්‍රමුඛත්වයක් උසුලනු ලැබුවේ මානසික හා සමාජීය පසුබිමක් සහිත නවකතාය.ප්‍රථම වරට ග්‍රේබ්‍රියල් රෝයි සහ ඇනි හර්බට් යන කතුවරියන් ජාත්‍යන්තර අවධානය දිනා ගත්හ. මෙම කාල වකවානුවේ කියුබෙක් වේදිකාවද කරළියට පැමිණියේය.ප්‍රංශ කැනේඩියානු සාහිත්‍යය විශාල ලෙස පුළුල් වීමට බලපෑවේ දෙවන ලෝක යුද්ධය, 1950 දී ඇති වූ කාර්මීකරණයේ හා ක්‍රි.ව 1960 නිහඩ විප්ලවයයි. තව ද ඇන්ටොයින් මේලෙට් විසින් prix gonocourt සම්මානය දිනාගැනීමත් සමඟම ප්‍රංශ කැනේඩියානූ සාහිත්‍යය කෙරෙහි ජාත්‍යයන්තර අවධානය ඇතිවිය.කියුබෙක් සාහිත්‍යයේ පර්යේෂණාත්මක අංශයක් දියුණු වූයේ කිවිවර නිරකොලේ බ්‍රොසාඩ් ගේ කවි වලිනි. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාව කතා කරන්නන්ගේ සමාජීය හා සංස්කෘතිකමය ආතතිය විදහා දැක්වීමට Roch carrier ගේ The hockey sweater කෘතිය සමත් විය.සටහන්[සංස්කරණය
]Canadian literature French-Canadian literatureවිකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details.No reason has been cited for the Wikify tag on this article.Please replace HTML markup with wiki markup where appropriate.Add wikilinks. Where appropriate, make links to other articles by putting "[[" and "]]" on either side of relevant words (see WP:LINK for more information) and check that your links work as expected. Please do not link terms that most readers are familiar with, such as common occupations, well-known geographical terms, and everyday items.Format the lead. Create or improve the lead paragraph.Arrange section headers as described at Wikipedia:Guide to layout.Add an infobox if it is appropriate for the article.Remove this tag.සිත යනුවෙන් භෞතිකව හඳුනාගැනීමට සුවිශේෂිත ඉන්ද්‍රියක් විද්‍
යමාන නොවෙතත් සිතේ ගති ස්වභාවයට අනුව එවැනි ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය අපට හොඳින් ප්‍රත්‍යක්ෂය.මිනිස් මොළය,හදවත,ස්නායු, මොළයේ රසායනික ද්‍රව්‍යය, මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය ,සම හා වෙනත් සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැනි දේ මඟින් සිතෙහි ගති ලක්ෂණ ප්‍රකට කරනු ලබන බව අපි අත්දැකීමෙන් දනිමු.සිතෙහි මූළික ලක්ෂණය දැනෙන හැ‍ඟෙන විඳින ස්වභාවයයි.සංජානන, ආවේදන හා චර්යා යන පැතිකඩ මඟින් විග්‍රහවනුයේද සිතෙහි මෙබඳු විවිධ ක්‍රියාකාරීත්ව ස්වභාවයන්ය.එම නිසා සිත යනු භෞතිකව නිශ්චිත ස්ථානයක පිහිටා ඇති දෙයක් යැයි සැලකීමට වඩා අපගේ භෞතික සිරුරේ පිහිටි අභ්‍යන්තර ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය මඟින් ජනිතවන ශක්ති මූළයක් ලෙස සැලකීම වඩාත්ම උචිතය.එහෙයින් සිත භෞතිකව සෙවීම නිෂ්ඵලවූවකි.ආහාර හේතුප්‍රත්‍ය සියළුදේ සම්පූර්ණ වීමෙන් පසු එය උපස්ථම්භකොටගෙන සිත පහළවීමට උචිත පරිසරය නිර්මාණයවේ.සිත නැමැති ඒ ශක්ති ක්‍රියාකාරීත්වය ආරම්භවනුයේ ඒ සඳහා උචිත පරිසරයක් ලද විටකදීය.සිත නැමැති ශක්ති මූළයේ ක්‍රියාකාරීත්වය ඇරඹීට උචිත පරිසරයක් සකස්වීම හා සිතේ ආරම්භය එකවිටම වාගේ සිදුවේ.ඇතැමෙකු සිතන ආකාරයට සිත වනාහී ආත්ම ස්වරූපී දෙයක් නොවේ.වෙනස්වෙමින් අ
ඛණ්ඩව ගලායන ශක්ති ප්‍රවාහයකට සිත යැයි සාමාන්‍ය ව්‍යවහාරය අනුව හඳුන්වනු ලැබේ.ලෝක සම්මත ව්‍යවහාරය අනුව ශක්ති ප්‍රවාහ ලෙස හඳුන්වනු ලබන විදුලිය,ආලෝකය,තාපය වැනි දේ සමඟ සංසන්දනය කරබැලීමෙන් සිතේ ශක්ති ක්‍රියාකාරීත්වය පිළිබඳව වැටහීමක් ලැබිය හැක.නමුදු විදුලිය,ආලෝකය හා තාපය වැනි දේ භෞතික ශක්ති ප්‍රවාහවේ.සිත ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයකි.භෞතික ශක්ති ප්‍රවාහයකත් ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයකත් විශාල වෙනසක් ඇත.නමුදු හඳුනාගැනීම පහසුවීම සඳහා සිතේ ශක්ති ක්‍රියාකාරීත්වය භෞතික ශක්ති ප්‍රවාහ සමඟ සසඳා බැලීම ප්‍රයෝජනවත්ය.‍භෞතික ශක්ති ප්‍රවාහයන්හි විද්‍යමාන සුවිශේෂිතාවයවනුයේ ඒ ශක්ති වෙනත් ශක්ති මූළයකට පරිවර්තනය කළ හැකිවීමයි.මේ අනුව විදුලි ශක්තිය ආලෝකය,තාපය වැනි වෙනත් ශක්ති බවටද ආලෝකය,තාපය,චාලක ශක්තිය වැනි වෙනත් ශක්ති මූළ විදුලි ශක්තිය බවට ද පරිවර්තනය කළ හැකිය. මේවායේ පරමාණු,ප්‍රෝටෝන,ඉලෙක්ට්‍රෝන වල චලිතය හා ක්‍රියාකාරී අණු සැකසුම බලය යොදා වෙනස්කීරීම මඟින් ශක්ති මූළය තමා අභිමත සේ වෙනස්කළ හැක. සිත ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයක් බැවින් භෞතික ශක්ති ප්‍රවාහයන්ට ද වඩා සූක්ෂමතාව,ශක්තිය බලය අධිකය.චිත්ත ශක්තිය විදුලිය,
ආලෝකය, තාපය, චාලක ශක්තිය වැනි වෙනත් භෞතික ශක්ති මූළයන්ට අවශ්‍ය විටක පරිවර්තනය කළ හැක.ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතී.ලෞකික ධ්‍යාන පාදක විවිධ සෘද්ධි,අභිඥා එසේ පරිවර්තිත චිත්ත ශක්තියයි.චිතතාවේග යනුවෙන් හැඳින්වෙනුයේ වේගවත් සිතිවිලිය. අපගේ මානසික ස්වභාවය අනුව සිතිවිලිවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙහි වේගය උපරිම හෝ අවම වේ. සාමාන්‍යයෙන් වේගවත් සිතිවිලි සිතේ ඇතිවනුයේ අප ආවේගශීලීබවින් කුපිත වූ විටය.මීට ලෝභ,දෝස හෝ මෝහ යන මූළික අරමුණු ත්‍රිත්වය හේතුවේ.මේවා සෘණාත්මක මානසික ආවේග වශයෙන්ද සැලකේ.එසේ සැලකෙනුයේ මෙබඳු චිත්තාවේග නිසා මනුෂ්‍යත්වය පහත හෙළීමට සමත්වන සුළු චර්යා මිනිසුන් අතින් වියහැකි හෙයිනි.අනෙක් අතට වේගවත් සිතිවිලි බැවින් මෙබඳු සිතිවිලිවල හොඳ නරක යහපත අයහපත හඳුනාගැනීමට ඉඩප්‍රස්තාවක් නොලැබේ. මානසික ආතතිය ඇතිවීමට මෙබඳු සෘණාත්මක චිත්තාවේග බෙහෙවින් ඉවහල්වේ.මානසික පමණක් නොව ශාරීරිකව පවා රෝගී කරවීමට මෙබඳු සිතිවිලි සමත්ය.ඇතැම් අවස්ථාවලදී ස්වභාවයෙන් සිත සංසිඳී ඇතිවිට සිතට පහළවන සිතිවිලිවල එතරම් වේගවත් බවක් දක්නට නැත.මනස සැහැල්ලුවට පත්කරවන්නේ මෙබඳු මන්දගාමී ස්වභාවයේ සිතිවිලිය.මෙබඳු සිතිවිලි කෙසේවත්
චිත්තාවේග ලෙස මනසෙහි ඇතිනොවීම මනසට සුවදායී බවක් හා සැහැල්ලුවක් ගෙනදීමට සමත්වේ.සාමාන්‍යයෙන් කුශල පාක්ෂික සිතිවිලි ලෙස සැලකෙන සියළු චිත්ත ක්‍රියාකාරී තත්වයන්ම මෙම කාණ්ඩයට අයත්ය.අලෝභ,අදෝස හා අමෝහ යන මූළික අරමුණු ත්‍රිත්වය පදනම්කරගනිමින්ම මෙබඳු චිත්ත ස්වභාවයන් හටගනියි.සාමාන්‍යයෙන් සිතිවිලි හෙවත් චිත්තාවේග යනුවෙන් අදහස් වනුයේ කිසියම් වේගයකින් ක්‍රියාකරන සිතම බව පැහැදිලිවේ.සිත ක්‍රියාකිරීමට අරමුණක් පැවතිය යුතුය.එම අරමුණ හොඳ හෝ යහපත් වන විට සිතිවිලිවල වේගය අවම මට්ටමක රඳා සිටින අතර එය සැහැල්ලු හා සුවදායී වේ.එසේම සිතට අරමුණුවන දේ නරක හෝ අයහපත් වනවිට එය අරමුණු කරගෙන බිහිවන සිතිවිලි වේගවත් වන අතර එය මානසික ආතතිය හා පීඩනය ගෙනදීමට සමත්වේ.සිතේ ක්‍රියාකාරීත්වය අරමුණු අනුව වෙනස් අගයක් ගනියි.මින් පැහැදිලි වනුයේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වය කිසියම් චලන ගුණයකින් සමන්විත බවයි. සාමාන්‍ය ව්‍යවහාරයේහි දී ආවේගශීලී වීම ලෙස හැදින්වෙන තරමට මිනිස් ආවේගයන්හි ක්‍රියාකාරීත්වය ඉහළ ගිය විටක මිනිසා කුපිත වූ ස්වභාවයකට පත් වේ. එය ද්වේෂයෙන් හෝ රාගයෙන් හෝ වෙනත් මිනිස් හැගීමකින් හෝ විය හැකිය. මිනිස් සිතෙහි මානසික ආවේගයන් හට
ගන්නේ ඇයි? ඔබ මෙය සැලකිල්ලට ගත්තෙහි ද? මිනිස් සිත සෑම විටක දීම විවිධ අරමුණු ගනියි. එය අතරක් නොමැතිව පවතින දෙයකි. එයට කිසියම් අරමුණක් පැමිණි කල එහි එල්බගෙන එක සමාන සිත් රැසක් පහළ කරවයි. සිත කිසියම් එක අරමුණක රැදී පවතිනවා යැයි අප පවසන්නේ ‍ෙමබදු අවස්ථාවලදීය. සිතෙහි ගොඩ නැගෙන හා ගොඩනගා ගන්නා විවිධ මානසික අරමුණු හා ප්‍රක්ෂේපන මහත් රාශියකට සිත නිරන්තරයෙන් මැදිවී පවතියි. සිතේ සාමාන්‍ය ස්වභාවය මෙබදුය. සාමාන්‍යයෙන් අප කරදර හා ගැටළු විවිධ අසහනමය තත්වයන් රැසකට මැදිව ඇති බව අපට දැනෙන්නේත් හැගෙන්නේත් මේ ආකාරයට මනසට වධ වේදනා ගෙන දෙන මේ ආකාරයේ සිතෙහි පැවැත්ම විටක අපව මහත් පීඩනයකට පත් කරවන බැවිනි. සිතේ ගති ස්වභාවය මහත් වෙහෙසකට පත් කරවන හා විවිධ මානසික ආතතීන් ජනිත කරවීමට සමත්කමක් දක්වන ප්‍රධානතම උත්ප්‍රේරකයක් වන්නේ සංජානන පැතිකඩ ( Profile of Cognition ) යටතේ ඉන්ද්‍රියානුසාරයෙන් ගනු ලබන විවිධ අරමුණු සාවද්‍යව ග්‍රහණය කර ගැනීමයි. මෙකී සාවද්‍ය සංජානනය ඇතිවන්නේ සියළු ජීව සමූහයා අතරින් තමන් යැයි එක් පුද්ගලයෙකු වෙන් කරගෙන සැලකීම නිසාය. ස+කාය යන අර්ථයෙන් ගනු ලැබූ විට කාය යනුවෙන් අදහස් කරන්නේ ස්කන්ධ පංචකය හ
ෙවත් තමාගේ ශරීරයයි. “ ස ” යනු තමාගේ හෝ ස්වකීය යන අර්ථය දේ. එවිට ස+කාය සන්ධි වීමේ දී කියැවීමේ පහසුව සදහා කාය ශබ්දයේ මුල් කා ශබ්දයට පෙර තවත් අතිරේක “ක්” අක්ෂරයක් එක්වී ස + ක් + කාය = සක්කාය ලෙස එම වචනය සන්ධි වේ. එයින් අදහස් වන්නේ පංචස්කන්ධයේ එක් එක් ස්කන්ධ කොටසක් පාසා වෙන වෙනමත් අවසාන විග්‍රහයේ දී සියලු ස්කන්ධ පංචකය කෙරෙහිමත් “ස්වකීය හෙවත් තමා හො‍් තමාගේ” යන හැගීම මෙයින් අදහස් වන බවයි.“අත්ත” ලෙස දැක්වෙන්නේත් මේ අදහසමය. අත්ත යනු ස්වකීය තමා හෝ තමාගේ යන අර්ථයයි. ආත්මය යන අර්ථයෙන්ද ඇතැම් විටක දී හින්දු ආදී වෙනත් සමයවාදයන්හි මේ අත්ත ශබ්ද භාවිතා කරතත් බුදු සමය එය ව්‍යවහාර කොට ඇත්තේ දාර්ශනික පක්ෂයෙන් ආත්ම අර්ථයට වඩා ස්වකීය යන අර්ථය ලබාදීම පිණිසය. අත්ත ස්වභාවයෙන් ස්කන්ධ පංචකය වියුක්ත බැව් දක්වා ඇත්තේ අත්ත ශබ්දයෙහි නිශේධාර්ථය ලෙස අනත්ත ශබ්දයෙනි. න+ අත්ත = අනත්ත ලෙස මෙම නිශේධාර්ථය සැකසී ඇත. ත්‍රි ලක්ෂණයෙහි එක් ලක්ෂණයක් ලෙස ද අනත්ත දක්වා ඇත. විශුද්ධි මාර්ගයෙහි අනත්ත ශබ්දය තව තවත් විස්තාරිත කොට දක්වා ඇත. එහි සංජානන පැතිකඩ යටතෙහි බුද්ධිමය දායකත්වය සැපයෙන අයුරිනුත් ආවේදන පැතිකඩ ( Profile of Affec
tive ) යටතෙහි හැගීම් හා ආවේග සමනය වන අයුරිනුත් චර්යා පැතිකඩ යටතේ හැසිරිම් රටාව සංස්කරණයට ලක්වන අයුරිනුත් දක්වා ඇත. සාමාන්‍යයෙන් සීල ශික්ෂණය ලෙස හැඳිවෙනුයේද ධනාත්මක චර්යා සංස්කරණයයි.බුද්ධිමය දායකත්වය සැපයෙනුයේ මෙහි ඉහත විස්තර කළ ආකාරයට සියලු ජෛව වර්‍ගයා අතරින් ස්වකීය ලෙස වෙන් නොකළ හැකි බව පෙන්වීම මගිනි. හැගීම් හා ආවේදන සමනය වනුයේ ස්කන්ධ පංචකයම පිළිකුල් වශයෙන් සැලකීම තුළිනි. ත්‍රි ලක්ෂණයෙහි මෙය දුක්ඛ ලක්ෂණය ලෙස දැක් වේ. චර්යාවන් සංස්කරණය වනුයේ විරති වශයෙන් දුරු කළ යුතු දෙයක් සේ දැක්වීමෙනි. ත්‍රි ලක්ෂණයෙහි මෙය අනිත්‍ය ලෙස දැක් වේ. ප්‍රජානන පැතිකඩ යටතෙහි අනත්ත සංඥාව වැඩීම මගින් නුවණ දියුණු වී ප්‍රඥා ශික්ෂාව ඇති කෙරේ. ආවේදන පැතිකඩ යටතෙහි දුක්ඛ සංඥාව වැඩීම මගින් ආවේග සමනය වී සමාධි ශික්ෂාව ඇති කෙරේ. චර්යා පැතිකඩ ( Profile of Behavior ) යටතෙහි අනිත්‍ය සංඥාව වැඩීම මගින් පුද්ගලයා ධනාත්මක ආකල්ප ( Positive Attitude ) වලින් යුක්ත චර්යා සංස්කරණයකට ලක්වන අයුරින් සීල ශික්ෂණය වර්ධනය කෙරේ. අනත්ත සංඥාව වර්ධනය කිරීමෙන් ශුන්‍යත විමොක්ඛය මගින් සියළු ජෛව වර්‍ගයා සත්ව පුද්ගල වශයෙන් සාර යයි සත් යැයි ගත නොහැ
කි, සාපේක්ෂ වශයෙන් පමණක් ගතහැකි, හේතු ප්‍රත්‍ය සමවාය අනුවමට හටගෙන එහි ක්‍රියාකාරීත්වය නිසාම පවතින, නිරපේක්ෂ අගයක් රහිත සත්තාවක් පවතින බව ද, දුක්ඛ සංඥාව වර්ධනය කිරීමෙන් අපණ්හිත විමොක්ඛය මගින් සුව දුක් ආදී සියළු විදීම් අතෘප්තකර ස්වභාවයක් ගන්නා බව ද, අනිත්‍ය සංඥාව වර්ධනය කිරීමෙන් අනිමිත්ත විමොක්ඛය මගින් සියළු ප්‍රඥප්ති ධර්‍මයන් ස්ථිර නොවන මායාකාරී ස්වභාවයකින් යුක්ත බව ද ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගනියි. සත්‍යාවබෝධයෙහි ලා පුද්ගල ප්‍රජානන ශක්තිය පුථු ප්‍රඥා, තීක්ඛණ ප්‍රඥා, ගම්භිර ප්‍රඥා, ජවන ප්‍රඥා, මන්ද ප්‍රඥා යනාදී වශයෙන් ප්‍රභේදකර වේ. මෙයින් ශුන්‍යත විමොක්ඛය මගින් නිර්වාණාවබෝධයට සමත් වන්නේ මෙහි තීක්ඛණ, ගම්භිර යනාදී වශයෙන් දක්වා ඇති අධිකතර ප්‍රඥාව ඇති පුද්ගලයන් වන අතර අනිමිත්ත විමොක්ඛයෙන් නිර්වාණාවබෝධයෙහි ලා සාමාන්‍ය ප්‍රඥාවක් ඇති පුද්ගලයන් සමත්කමක් දක්වන බව ද අපණ්හිත විමොක්ඛය යටතේ නිර්වාණාවබෝධය ලබා ගන්නේ බෙහෙවින්ම මන්ද ප්‍රඥා සහිත පුද්ගලයන් සමත්වන බව ද ආභිධම්මික විවිරණ මගින් හෙළි වේ. මෙයින් පැහැදිලි වන්නේ සත්‍යාවබෝධයෙහි ලා පුද්ගල හා ප්‍රජානන විශේෂතා ද බලපානු ලබන බවයි.බුදු සමයේ සංකල්ප පි
ළිබද මේ තරම් දිගු විස්තරයකට එළඹියේ ප්‍රධාන වශයෙන් සෙසු ජෛව වර්‍ගයා අතරින් තමා යනුවෙන් කෙනෙකු හෝ පුද්ගලයෙකු වෙන්කොට සැලකීම දුරු කිරීම සදහා බුදු සමය උපාය මාර්ගික වශයෙන් විවිධ ක්‍රමවේදයන් රැසක් භාවනා ක්‍රම ලෙස ඉදිරිපත්කොට තිබීම පැහැදිලි කිරීම පිණිසය.දුක හටගැනීමට හේතුව පෙන්වා දුන්නාක් මෙන්ම දුක් නැති කිරීමට මාර්ගය ද බුදු සමයෙහි ඉතාමත්ම ක්‍රමානූකූල ලෙස පෙන්වා දී තිබේ. එය අතිශයින්ම ප්‍රයෝගික මාර්ගයක් ලෙසය. කෙසේ හෝ එයින් කෙරෙන්නේ සංජානන, ආවේදන හෝ චර්යා වශයෙන් මිනිස් සිත ක්‍රමානූකූලව නිවැරදි ලෙස ආකල්ප ඇතිවෙන පරිදි හැඩගැස්වීමයි.රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේරුවන්වැලි මහා සෑයවිස්තරසංස්ථාපනයදුටුගැමුණු මහා රජතුමාපිහිටුම් තොරතුරුරටශ්‍රී ලංකාවපිහිටීමඅනුරාධපුර, ශ්‍රී ලංකාව ද්වාරය:බුද්ධාගමරුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.සුවිශේෂීත්වයගෞත
ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.මෙතුල දඹ රන් පිරිනිවන් පානා ආකාරයේ පිලිමයක් ඇත.භෞතික ලක්‍ෂණඋසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.අන්වර්ථ නාම☆මහාථූප (පාලි භාෂාවෙන්)☆මහා ස්ථූපය☆මහා ථූපය☆මහා සෑය☆රුවන්වැලි මහා සෑය☆රුවන්මැලි මහා සෑය☆රත්නමාලි මහා සෑය☆රතනමාලි මහා සෑය☆හේමමාලි මහා සෑය☆අසදෘශ මහා සෑය☆ස්වර්ණමාලී මහා සෑයශාරීරික ධාතුසම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි
මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි.ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ.ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා
විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී. "ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.වන්දනා ගාථාවසයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලීති පතිතනාමංවන්දාමහං ථූපවරං මහග්ඝංඉදිකිරීමඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීමපුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී
.යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.ඉදිකිරීම ඇරඹීමරුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුමදුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. අඩිතාලමඑක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.භූමිය සමතලා කරන ලදී.එය රියන් හතක ගැඹුරට සාරන ලදී.එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.ගල් මිටියෙන් කඩන ලදී.ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවා
ණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී.ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත
්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.ස්ථූපයට ආශීර්වාද කිරීමසිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා ම
ණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.දුටුගැමුණු රජුගේ මරණයඅද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.සද්ධාතිස්ස රජ
ුගේ මරණයදුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.මහා රජුඅනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.ප්‍රතිසංස්කරණ20වන සියවසේ ප්‍රතිසංස්කරණය19 වන සියවසේ අග භාගයේ දී, නාරංවිට සුමනසාර හිමියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය..සේයා රූ එකතුවරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි සෑයේ කොත
රුවන්වැලිසෑය වටා 20වන සියවසේ ඉදිකල නව ඇත් පවුරමෙම ලිපිය වනාහි Clamp (tool) ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.කලම්පය යනු යම් කිසි උපකරණයක් චලනය වීම වැලැක්වීම සඳහා පීඩනයක් යෙදීමට භාවිතා කරන උපකරණයකි. ඔස්ට්‍රේලියාව වැනි රටවලදී නම් කලම්පය විවිධ ක්ෂේත‍්‍රවලදී ඒ ක්ෂේත‍්‍රයට ගැලපෙන ලෙස නිපදවා ඇත. ඒ අනුව විවිධ කාර්යයන් සඳහා භාවිතාවන විවිධ වර්ගයේ කලම්ප ඇත. මෙහිදී සමහර කලම්පයන් කෙටිකාලීනව භාවිතා කරන ඒවා වන අතර තවත් සමහර ඒවා දිගු කාලිනව භාවිත වේ. සත්ව පාලනයේදී විවිධ කලම්පයන් භාවිතා කරන අවස්ථා ඇත. සත්වයන්ගේ චලනය සීමා කිරීම සඳහා ද, ශල්‍යකර්ම ආදී කටයුතු වලදී විවිධ අවයව වල චලනය සීමා කිරිම සඳහා ද, කලම්පයන් භාවිතා වේ.විවිධ අවස්ථා වලදී භාවිතා වන විවිධ කලම්පයන් මෙසේ දැක්විය හැකිය. බැන්ඞ් කලම්ප, බාර් කලම්ප, බෙන්ච් කලම්ප, කාඩෙලිනි කලම්ප, සී කලම්ප, ෆ්ලෝරින්ග් කලම්ප,
ග‍්‍රයිප් , හැන්ඞ්ස්කෘ, චුම්භකමය කලම්ප, මීටර් කලම්ප, පයිප් කලම්ප, සෑෂ් කලම්ප, සෙට් ස්කෘ, ස්පීඞ් කලම්ප, ටොග්ල් කලම්ප, සහ ටුල්මේකර්ස් කලම්ප වේ.ඒවායින් සමහරක් තාවකාලිව විවිධ උපාංග ස්ථානගත කර එකට සවිකර තබා ගැනීමට භාවිතා කරන අතර අනෙක්වා ස්ථිරව සවිකර තැබේ.සත්ත්වයින් යොදාගෙන කරන කෘෂිකාර්මික කටයුතු වල දී ද සත්ත්වයෙකු නිශ්චල වස්තුවකට ගැටගසා තැබීමට ද කලම්ප භාවිතා කෙරේ. කලම්පයක කාර්යය ඉටුකරන සෑම වස්තුවක් ම පාහේ කලම්පයක් ලෙස හැඳින්වෙන අතර මේ නිසා විවිධ කේෂ්ත්‍රයන්හි භාවිතා වෙනු කලම්ප වර්ග විශාල ප්‍රමාණයක් ඇත. පහත එවැනි බහුලව භාවිතා වන කලම්ප දැක්වේ.ඉහළ - පයිප්ප කලම්පයඉහළ සිට දෙවන පේළිය - ෆ කලම්පය/ දඩු කලම්පය, තනි අත් දඩු කලම්පය, තුන්වන පේළිය - දුනු කලම්පය, G කලම්පය (C - කලම්පය), දැවමය භුමි කලම්පයපහත දැක්වෙන කලම්ප තාවකාලිකව උපකරණ ස්ථානගත කිරිමට යොදා ගනී.• පටි කලම්පය (Band clamp)• F - කලම්පය (පින්තූරයේ වම්පස ඉහළ කෙළවරේ)• බංකු කලම්පය (‍Bench clamp)බංකුවක් මත උපකරණ සවිකිරිමට භාවිතා වේ. බංකුව මෙහි දී එක් බාහුවක් ලෙස ක්‍රියා කරයි.• කාඩ්ලිනි කලම්පය (cardellini clamp)මෙය රවුම්, සමචතුරස්‍රාකාර, ස
ෘජුකෝණාස්‍රාකාර බට වලට හෝ පැතලි වස්ත+න් මතට සවිකෙරේ. (උදා( ලී දඩු, ප්ලයිවුඩ් ෂීට්)• C - කලම්පය (Gකලම්පය&පින්තූරයේ පහළ මැද දැක්වේ• ෆ්ලෝරින් ක්රෑම්ප් (Flooring cramp)වඩුවන් විසින් බිම ලෑලි සවිකිරීමේ දී තද කොට තැබීමට භාවිතා කරයි.• ග්‍රයිප් (Gripe)ක්ලින්කර් (clinker) බෝට්ටු නිර්මාණයේ දී දෙණ නියමාකාරයෙන් තබා ගැනීමට කුඤ්ඤයකින් සවිකොට භාවිතා කරන විශේෂිකලම්පයකි.• අත් දඩු කඳ(පින්තූරයේ ඉහළ දකුණු කෙළවරේ)• චුම්බක කලම්පය (magnetic clamp)මියන්මාර මහජන සමූහාණ්ඩුවපයිඩයෙන්ෂු තැන්මාද මයිමා නයින්ගැන්ඩවුකොඩියරාජ්‍ය ලාංඡනයජාතික ගීය: කබා මා ක්යේයි මියන්මාරයේ පිහිටීමඅගනුවරනයිපිඩෝ19°45′N 96°6′E / 19.750°N 96.100°E / 19.750; 96.100විශාලතම නගරයයැංගුන්නිල භාෂා(ව)බුරුමපිළිගත් ප්‍රාදේශීය භාෂාවන්ජින්ග්පෝ, කායා, කරෙන්, චින්, මොන්, රකීන්, ශාන්ජනවාර්ගික කණ්ඩායම් 68% බමාර්9% ශාන්7% කරෙන්4% රකීන්2% මොන්10% වෙනත්ජාති නාම(ය)බුරුම/මියන්මාරරජයඒකීය ජනාධිපති ජනරජය• ජනාධිපති හටින් ක්යාව්• උප ජනාධිපති හෙන්රි වැන් තියෝ ම්යින්ට් ස්වේ• රාජ්‍ය උපදේශක අවුන් සාං සුකීව්‍යවස්ථාදායකයපියිදන්ග්සු ලුතව්• උත්තර ම