text
stringlengths 0
1k
|
---|
සංස්කරණය]↑ "ද වර්ල්ඩ් ෆැක්ට්බුක්: ඇෆ්ගනිස්තානය". මධ්‍යම තොරතුරු කාර්යාංශය. 2009-09-07. සම්ප්‍රවේශය 2009-08-18.මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2015 ජනවාරි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)සමස්ත ඕසෝන් ප්‍රමාණයේ ගෝලීය මාසික සාමාන්‍ය අගයඕසෝන් ස්ථරයේ ක්ෂය වීම(Destruction of Ozone layer) වෙනස්කම් දෙකක් මත විස්තර කරන අතර නිරීක්ෂණ වලින් පැවසෙන්නේ ඉතා සෙමින්, 1970 පටන් පෘථිවි අපරිවර්තී ගෝලයේ මුළු ඕසෝන ප්‍රමාණය දශකයකට 4% බැගින් ස්ථායි අවපාතයකට ලක් වී ඇති බවයි. මෙම කාලය තුළ දී ම මෙයට වඩා මඳක් වැඩියෙන් වාරිකව (සෘතුමයව) අපරිවර්තී ගෝලයේ ඕසෝන අවපාතනය පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවලද සිදු වී ඇත. මෑත කාලීනවම එය |
බොහෝ විට ඕසෝන සිදුර ලෙසට හැඳින්වේ.මෙම අපවර්තී ගෝලීය ඕසෝන අවපාතනයට (බොහෝ දෙනා දන්නා) එකතු කිරීමක් දැක්විය හැකිය.ඒ වසන්ත සෘතුවේ දී ධ්‍රැව ප්‍රදේශවල පෘෂ්ට ආසන්නයේ සිදුවන පරිවර්තී ගෝලීය ඕසෝන අවපාතනයයි.ධ්‍රැවීය ඕසෝන සිදුරුවීමේ සවිස්තරාත්මක යාන්ත්‍රණය, මධ්‍ය අක්ෂාංශවල සිහින් වීමෙන් වෙනස් වෙයි. මෙම නැඹුරුවීම් දෙකෙන් වඩා වැදගත් වන්නේ එම ක්‍රියාවලියේ දී ඕසෝන විඝටනයේ උත්ප්‍රේරක ලෙස පරමාණුක ක්ලෝරීන් සහ බ්‍රෝමින් ක්‍රියා කිරීමයි. පරිවර්තී ගෝලය තුළ ඇති මෙම හැලජන පරමාණුවල ප්‍රධාන ප්‍රභවය වන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් සංයෝගවල ඇති ආලෝක විඝටන භාවයයි. එය බොහෝ දෙනා ෆ්‍රියෝන ලෙස හදුන්වයි. ක්ලෝරෝෆ්ලෝරෝකාබන (CFC) හැලෝන ලෙසද හදුන්වයි. මේ වායු පරිවර්තී ගෝලය තුළට ගමන් කරන්නේ පෘෂ්ටයට විමෝචනය වූවාට පසුවයි. ඕසෝන ක්ෂය වීමේ යාන්ත්‍රණ දෙක ශක්තිමත් වන්නේ CFC සහ හැලෝනවල විමෝචනය වීම ඉහළ ගිය විටයි.CFC සහ මීට දායක වන අනෙක් ද්‍රව්‍යයන් ඕසෝන් ක්ෂය කරවන ද්‍රව්‍යයන් ලෙස හදුන්වයි. (ODS) පෘථිවි වායු ගෝලය තුළින් ගමන් කරන පාරජම්බූල කිරණ වල ඇති UVB සංඛ්‍යාතය (270 – 315 mm) ඉතා අහිතකර වන අතර ඉන් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට පියවර ගැනිණ |
ි. ඕසෝන අඩුවීම නිරීක්ෂණය කර ව්‍යාපෘතියක් සකසා මොන්ට්‍රියොල් සම්මුතියට අනුව CFC සහ හැලෝන නිපදවීමද, ඕසෝන ක්ෂය කරන රසායන ද්‍රව්‍යයක් වන කාබන්ටෙට්රා ක්ලෝරයිඩ් සහ ට්රෝයික්ලෝරෝඊතේන් නිපදවීමද තහනම් කරන ලදී. මෙම ක්ෂය වීම හේතුවෙන් වායුගෝලයේ ඇති පාරජම්බූල කිරණවලට විවෘත වීම (අනාවරණය වීම නිසා) ජීව විද්‍යාත්මක විපාකයන් වන චර්ම පිළිකා වලට ගොදුරුවීම,ශාක වලට හානි වීම සහ සාගරයේ ආලෝකමත් කලාපයේ ජලවාංග ගහනයේ අඩුවීම සිදුවේයැයි සැක කෙරේ.ඕසොන් සිදුර හා එය ඇතිවිමට බලපාන හේතු[සංස්කරණය]2006 සැප්තැම්බර් මස වාර්තා වු පෘථිවියේ විශාලතම ඕසෝන් සිදුරඇන්ටාක්ටික් ඕසන් සිදුර යනු ඇන්ටාක්ටික් අපවර්තී ගෝලයේ ඕසොන් මට්ටම 1975 දී තිබු මට්ටමට වඩා 33% පහත වැටුනු වායුගෝලීය ප්‍රදේශයකි. ඕසොන් සිදුර ඇතිවන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් මුල් කාලය දක්වා පවතින ඇන්ටාක්ටික් වසන්ත සමයේය. බටහිරින් හමන වේගවත් සුළං මහද්වීපය වටා චලනය විමෙන් ඇතිවන වායුගෝලීය වැස්ම මෙයට හේතුවයි. ඇන්ටාක්ටික් වසන්ත සමය තුළ පහළ අපවර්තී ගෝලයේ ඕසෝන් ප්‍රමාණය 50% පමණ මෙම ධ්‍රැවක ප්‍රදේශයේදි විනාශ වේ. ඉහත පැහැදිලි කල ආකාරයට ඕසොන් ප්‍රමාණය අඩු විමට ප්‍රධාන වශයෙන් |
බලපාන්නේ ක්ලෝරින් අඩංගු වායුන්ය. (ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් CFC) හා ඒ ආශ්‍රිත හයිඩ්‍රෝකාබන් පාරජම්බුල කිරණ හමුවේ මෙම වායු වියෝජනය වි මුදා හරින ක්ලෝරින් පරමාණු ඕසොන් විනාශවිමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරයි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ වායු අවස්ථාවේ වුවද ධ්‍රැවක අපවර්තී වලා හමුවේ මෙය වඩා උත්සන්න වේ.ධ්‍රැවක අපවර්තී වලා ඇති වන්නේ ශීත සෘතුවේදි අදික සීතලක් යටතේය. ධ්‍රැවක ශීත සෘතුව තුන්මසක් පවතින අතර, එම කාලය සුර්ය විකිරණ නොලැබෙන අඳුරු සමයකි. උෂ්ණත්වය පහල වැටිම හේතුවන්නේ සුර්යාලෝකය හිඟ විම පමණක් නොවේ. සිසිල් වාතය ධ්‍රැවක ප්‍රදේශ මඟින් රඳවා තබා ගැනිමද මෙයට හේතුවකි. මෙම කාලයේදි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 ක් හෝ ඊට වඩා අඩු අගයකි. මෙම අඩු උෂ්ණත්වය මඟින් වලා අංශු සෑදෙන අතර මෙවා සෑදි තිබෙන්නේ නයිට්‍රජන් අම්ලය (1 වන වර්ගය) හෝ අයිස් (2 වන වර්ගය) වලිනි. මෙම දෙවර්ගයට ඕසොන් විනාශ විමේ රසායනික ප්‍රතික්‍රියාව සිදු විමට අවශ්‍ය වටපිටාව සලසා දේ. මෙහි සිදුවන ප්‍රකාශ රසායනික ක්‍රියාවලිය සංකීර්ණ වුවද, සම්පුර්ණ අධ්‍යයනයට ලක්ව ඇත. මෙහි වැදගත්ම නිරීක්ෂණය නම් අපවර්තී ගෝලයේ ඇති CCl වලිනි. බහුතරයක් ස්ථිර සංයෝග ලෙ |
ස එක් රැස්ව පැවතිමයි. ප්‍රධාන වශයෙන් 4Cl හා ClONO2 ලෙස මේවා පවතී. ඇන්ටාර්ක්ටික් ශිත හා වසන්ත සෘතු වලදි ධ්‍රැවක අපවර්තී වලට අංශු මත ඇතිවන ප්‍රතික්‍රියා මෙම සංයෝග ප්‍රතික්‍රියක (Cl හා ClO) බවට පත් කරයි. මෙම වලා මඟින් NO2 ඉවත් වේ. මේ නිසා අලුතින් හටගත් ClO, ClONO2 බවට පරිවර්තනය විම වැලකේ.ඇන්ටාර්ක්ටික් ඕසොන් විනාශය වසන්ත සෘතුවේදි බහුලව විමට හේතුව වන්නේ ඕසෝන් විනාශයට සූර්යයාගේ දායකත්වයයි. ශිත සෘතුවේ ධ්‍රැවක අපවර්තී වලා බහුල වුවද රසායනික ප්‍රතික්‍රියා සිදුවිමට අවශ්‍ය හිරු එළිය මෙම සමයේදි ධ්‍රැවයට නොලැබේ. වසන්තයේදි හිරුඑළිය ලැබීමෙන් ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියා සිදුවිමට අවශ්‍ය ශක්තිය ලැබී ධ්‍රැවක අපවර්තී වලා වියෝජනය වීමෙන් ඒවා තුළ සිරවු අංශු මුදා හැරේ. ඕසෝන් විනාශය සිදුවන්නේ පහළ අපවර්තී ගෝලයේ දී ය. වායු ප්‍රතික්‍රියා මඟින් සිදුවන ඕසෝන් විනාශය ඊට වඩා අඩුවන අතර එය හටගන්නේ පහළ අපවර්තීගෝලයේය. වසන්ත සෘතුව අවසානයේ උෂ්ණත්වය වැඩිවිමත් සමඟම දෙසැම්බර් මැදදි වා සුළි තත්වය ඉවත් වේ. පහළ අක්ෂාංශ වලින් ඕසෝන් සපිරි උණුසුම් වායුන් ඇදී ඒමත් සමඟම ධ්‍රැවක අපවර්තී වලා නැතිවන අතර ඕසොන් විනාශ විමේ ක්‍රියාවලි |
ය නැවතීමෙන් ඕසෝන් සිදුර යථා තත්වයට පත්වේ.ඕසෝන් විනාශය කෙරෙහි අවධානය[සංස්කරණය]· 1980 දශකය මුල් භාගයේදි ඕසොන් වියන තුනී වීම ඉදිරි අවුරුදු 60 ඇතුළදී 7% පමණ වන බවට අනාවැකි පල කර තිබුණි.· 1985 දී ඕසෝන් සිදුර සැලකිය යුතු තරම් විශාල බවට මාධ්‍ය වාර්තා කළේය. ඊට පෙර ඇන්ටාර්ක්ටික් ඕසෝන් ප්‍රමාණය අඩුවීම මිනුම් දෝෂයක් බවට නොසලකා හැර තිබුණි.· ඕසෝන් සිදුරු මුළු පෘථිවිය වටාම ඇතිවේ යයි බියක් පැවතුනද, අද දක්වාද වැඩිපුර ඕසෝන් විනාශයක් සිදු වන්නේ ඇන්ටාර්ක්ටිකා වසන්ත සමයේ උත්තර ධ්‍රැවයේ ඇතිවන කුඩා සිදුරෙනි. මධ්‍ය අක්ෂාංශ වලද ඕසෝන් ප්‍රමාණය අඩු වී ඇති නමුත් එය 4% - 5% පමණ වු සුළු අගයකිනි.· ඕසෝන් විනාශයට අවශ්‍ය සාධක වර්ධනය වුවහොත් (අපවර්තී ගොලයේ උෂ්ණත්වය අඩුවිම, ධ්‍රැවක අපවර්තී වලා ප්‍රමාණය වැඩි විම, ක්‍රියාකාරි Cl අංශු වැඩි වීම) ගෝලීය ඕසොන් ප්‍රමාණය වඩා වේගයෙන් පහත බැසිය හැක. ගෝලීය උණුසුම පිළිබඳ සම්මත මතය අනුව අපවර්තී ගෝලයේ උෂ්ණත්වය පහත බසිනු ඇත.· ඇන්ටාර්ක්ටික් ඕසෝන් සිදුර ඇති වු විට ඕසෝන් රහිත වාතය අවට ප්‍රදේශ වෙතට ගලා එයි. මෙම සිදුර ඇතිවීමෙන් මසක කාලයක් තුළ නවසිලන්තයේ ඕසෝන් ප්‍රමාණය 10% කින් පමණ |
අඩු වු බවට වාර්තා වේ.ඕසෝන් වියන තුනීවීම හා ගෝලිය උණුසුම ඉහළයාම[සංස්කරණය]ඕසෝන් වියන තුනීවීම හා ගෝලිය උණුසුම ඉහළ යාම ජනමාධ්‍ය මගින් එකිනෙක මේවා අතර එතරම් නොමැත වී රු පමණක් වන වායුව සිදුරු තුනී වී කි රු වියන තිනීවීම මෙම සිසිල්වීම ඇ න් රු ම වී ළ කිය වී ක පමණ ඇ සම්බන්ධ කර දැක්වුවද මේවා අතර එතරම් සැලකිය යුතු තරම් බලවත් සම්බන්ධතාවයක් නොමැත. ඕසෝන් ක්ෂය වීම හා උෂ්ණත්වය කරුණු 4 කින් පමණක් සම්බන්ධ වේ.ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව අජිවර්තීගෝලය සිදුරු කරයි. මෙම තුනීවිමෙන් ඕසෝන් වියන තුනීවිම වැඩි කරන අතර එමගින් සිදුරු ඇතිවිමේ වේගය වැඩිවේ.ඕසෝන් ප්‍රමාණය අඩුවීමෙන් අපිවර්තී ගෝලයේ සුර්ය විකිරණ අවශෝෂණය අඩු කරයි. එමනිසා පරිවර්ති ගෝලය සිසිල් වන අතර පරිවර්තී ගෝලයේ උණුසුම වැඩිවේ. සිසිල් වු අපවර්ති ගෝලය දිගු තරංග ආයාම සහිත විකිරණ පිට කිරීම අඩු කරන අතර එමගින් පරිවර්ති ගෝලය සිසිල් වේ. සමස්ථයක් වශයෙන් මෙ සිසිල්වීම පැතිරේ. IPCC හි නිගමනය වන්නේ පසුගිය දශක 2 ඇතුළත ඕසෝන් වියන තුනීවීම නිසා මෙම සිසිල්වීම වර්ග මීටරයට වෝට් 1 ක් පමණ වේ.හරිතාගාර ආවරණ වාදයේ වැදගත්ම අනාවැකියක් වන්නේ අපවර්තී ගෝල |
යේ සිසිල් වීමයි. මෙලෙස සිසිල් වීමක් සිදුවී ඇතත් එය සිදු වි ඇත්තේ හරිතාගාර වායුන් මගින්ද, ඕසෝන් වියන තුනීවීමෙන්දැයි වෙන්කර දැක්විම අපහසුය. එයට හේතුව මෙම කරුණු දෙකම සිසිල් වීමට බලපාන බැවිනි. මෙම සංසිද්ධිය අපවර්ති ගෝලයේ ගණිතමය ආකෘතියක් මගින් පැහැදිලි කළ හැකිය. ජාතික සාගර හා වායුගෝලය පාලක මණ්ඩලයේ භූ භෞතික ද්‍රව ගභිත විද්‍යාගාරය පෙන්වාදෙන අන්දමට කි.මි. 20 (මයිල 12. 4) පමණ ඉහළ වායුගෝලය සිසිල් විමට බලපාන්නේ හරිතාගාර වායුන්ය.ඕසෝන් වියන තුනී වීමට හේතුවන රසායන ද්‍රව්‍ය ද හරිතාගාර වායුන් වේ. මෙම රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණයේ ඉහළ යාම නිසා w/m ක් පමණ විකිරණ ලෙස ඉහළ ගොස් ඇත. මෙය හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යාමෙන් ඇති වු විකිරණ බලයෙන් 14% පමණ වේ.විවිධ හාරිතාගාරය වායුන් හා වෙනත් ක්‍රම මගින් ඇතිවන විකිරණ බලපෑමදීර්ඝ කාලීනව මෙම ක්‍රියාවලිය ආකෘතියට නැගීමථ එහි මිනුම් ගැනීම, අධ්‍යයන කල්පිත ගොඩනැංවීම හා පරික්ෂා කිරිමෙන් එය ලේඛනගත කිරීමත බෝහෝ දෙනාගේ අනුමැති ලබා පිලිගත් මතයක් බවට පත්විමට දශක ගණනාවක් ගතවේ. ඕසෝන් විනාශය පිළිබද 1980 දශකයේදි ගොඩනැගමු කල්පිත ප්‍රසිද්ධකෙරැනේ 1990 දශකය අගභාගයේ වන අකතර වර්තමානයේ |
දී ඒවා සාධනය කෙරෙමින් පවති. 1990 අවසානයේදි ආචාර්ය Drew schindell, Dr. paula newhan හා NASA ආයතනයේ සේවය කරන ගොඩාර්ඩ් යන විද්‍යාඥයෝ SGL origin2000 යන සුපිරි පරිගණකය භාවිතයෙන් ඕසොන් විනාශය ආදර්ශනය කිරීහ වාදයක් ගොඩනැගු අතර එයට අනුව 78%පමණ ඕසෝකන් විනාශ වි ඇති බවටත් එම ඕසෝන් සිදුර යථා තත්තවයට පත්විමට ගතවන කාලය අවු 75-150 පමණ වන බවත් නිගමනය කෙරැණි.Written by VISURA PRABODමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)යම් ගස් වර්ගයක මුල්, පොතු, මල්, ගෙඩි සහ කොළ පොදුවේ පස් පංගුව නමින් හැඳින්වේ.ආශ්‍රිත ලිපි[සංස්කරණය]සිංහල වෙදකමදකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි.අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳ?න්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන මනු මාතර ප‍්‍රදේශයේ ගොවික් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වන බැවිනි. |
දකුණු පළාත පුරාණයේදී අයත් වී ඇත්තේ රුහුණටයි. රුහුණු රටෙන් වැඩිම භූමි ප‍්‍රමානයක් අයත් වන්නේද දකුණටයි.vteශ්‍රී ලංකාවේ පළාත් සහ පරිපාලන දිස්ත්‍රික්කපළාත්මධ්‍යම · නැගෙනහිර · උතුරු මැද · උතුරු · වයඹ · සබරගමුව · දකුණු · ඌව · බස්නාහිරපරිපාලන දිස්ත්‍රික්කමධ්‍යම (මහනුවර • මාතලේ • නුවරඑළිය)නැගෙනහිර (අම්පාර • මඩකලපුව • ත්‍රිකුණාමලය)උතුරු මැද (අනුරාධපුර • පොළොන්නරුව)උතුරු (යාපනය • කිලිනොච්චිය • මන්නාරම • මුලතිව් • වවුනියා)වයඹ (කුරුණෑගල • පුත්තලම )සබරගමුව (කෑගල්ල • රත්නපුර) දකුණු (ගාල්ල • හම්බන්තොට • මාතර)ඌව (බදුල්ල • මොණරාගල)බස්නාහිර (කොළඹ • ගම්පහ • කළුතර)මෙම ලිපිය හෝ ලිපි කොටස කුමාරතුංග මුනිදාස සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)මුනිදාස කුමාරතුංග (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයකු අර්ථ කතාකරුවකු, කවියකු සහ පත්‍ර කලා වේදියකු ද වේ. ඔහු විසින් හෙල හවුල නම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘතික බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබීය.එතුමෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඩිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍ය කරුවන් අත |
රින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත් නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ පාසල් දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංගීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්‍ෂවකු ද වුයේය.යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොටගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහගු පරිශ්‍රමයක් දැරීය.ප්‍රථම සිංහල නවකතා රචනා වූයේ ද මේ අවධියේය. ඇල්බට් සිල්වාගේ විමලා (1892) සහ ආදර හසුන (1894) මෙම ප්‍රථම සිංහල නවකතාවලින් සමහරකි. සයිමන්‍ද සිල්වාගේ මීනා (1905) නමැති නවකතාවද වඩා ජනප්‍රියත්‍වයකට පත් වූ නවකතාවකි. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරුවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සදහා පර්යේෂණයන් රැසක් දියත් කළේය. මුනිදාස කුමාරතුංගයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්‍ෂකයෙකු ලෙස කටයුතු කළේය.වර්තමානයේදීද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන |
ශික්‍ෂා මාර්ගය, කියවන නුවත්, හත්පණ, මගුල් කෑම, හීන්සැරය, ප්‍රබන්‍ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්‍ෂාව, කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.ළමා සාහිත්‍යය සදහා දායකත්‍වයසිංහල භාෂාව සහ සාහිත්‍යමය ක්‍ෂේත්‍රයේ පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිය ස්වරෑපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී පෙනෙන අංග වේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්), ‘මහ පුදුමෙකි, මලෙක මලකි, නැහැ එහි සකි, සමණලයෙකි’ (‘මල් බස්’) වැනි ඒවා ඒ සදහා කදිම උදාහරණ වේ.කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්‍ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබදවයි. එය ඔහු විස්තර කරන්නේ මෙසේය. ‘දරුවනේ අනාගතේ කුසුම්හටගන්වන්නට මයි මාතැත් කියා,වැනසුම් හැම වන්මගේ කුසුම්හෙළ හවුලේ විප්ලවය[සංස්කරණය]මෙම පරිච්ඡේදය කථන යන සාහිත්‍ය භාෂාවල දැඩි වෙනස කැඩිම සදහා දායක විය. භාෂාවේ පිරිසිදු බව පිළිබව වු වෙන අදියර, සිංහල භාෂාව අමත කිරිම සහ වි |
වේචනය කිරිමට එරෙහි වු බාධකයක් ලෙස පැන නැගිනි. මෙහිදි සාහිත්‍යයේ භාවිතයේ නැඹුරුතාව දෙමුහුන් වු අතර සිංහල සහ සම්භාව්‍ය ව්‍යාකරණය පන්ති කාමරයේ ඉගැන්වීම ශක්තිමත් විය. හෙළ හවුලේ ව්‍යාපාරය ප‍්‍රධානිත්‍වය කුමාරතුංග මුනිදාස දැරු අතර ඔහු එහි ජනප‍්‍රිය ගුරුවරයා විය. මුනිදාස සහ ඔහුගේ අනුගාමිකයන් සිංහල, සංස්කෘති භාෂාවේ ව්‍යුත්පන්යන් ගැන විශ්වාසයට විරුද්ධ වු අතර, සිංහල ජාතියේ සහ භාෂාවේ ඉපැරණි සිරිත් විරිත් අගය කිරිම යන විශ්වාස කරන ලදි. ඔව්හු සිංහල, සංස්කෘත හෝ ග‍්‍රිස භාෂාවන්ට වඩා පැරණි බව විශ්වාස කරන ලදි. මෙම විශිෂ්ටයෝ ප‍්‍රධාන කදවුරු දෙකකට බෙන ලදි. මෙහි විචිත‍්‍ර බවත් ඇති කිරිම සදහා සියලූම සම්භාව්‍ය ලේඛන වැඩ වල ව්‍යාකරණ යොදාගත යුතු යැයි විශ්වාස කළ අය පොදුවේ පිළිගත් පුර්ණ පවිත‍්‍රතා අනුදත්තයන් වු සම්ප‍්‍රදායන් පවත්‍වාගෙන යන ලදි. සංස්කෘතික වාග්කෝෂය සදහා අසිමීත ඉඩ දෙන අතර, අක්‍ෂර මාලාව මෙම කාර්යය සදහා ප‍්‍රමාණවත් වේ. සංස්කෘතික වාග් කෝෂය සදහා ලිවිය හැකි පොහොසත් සිංහල අක්‍ෂර මාලාවක් ඇති අතර එය මිශ‍්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ. (ද සිල්වා 1970) හෙළ හවුලේ පුර්ණ පවිත‍්‍රතාව අනුදත්ත අය සංස්කෘතික වාග් |
කෝෂය භාවිතා පිළිබදව එකග නොවේ. ඔව්හු එතැන දිගු වචනයක් භාවිතය පිළිබද විරුද්ධ වන අතර 13 වන සියවසට පෙර ශබ්ද අධයයනය වැඩට නෑකම් කියන ශබ්ද අධ්‍යයනය විද්‍යාව භාවිතය පාලවනය කරන ලදි. ආළ අක්‍ෂර මාලාව සංස්කෘතිය අතුරා වන මහාප‍්‍රාණාක්‍ෂරය, තාලූජ යන ආපන්යනට... ඌෂ්මාක්‍ෂර ආදිය ඉවත් කර ඇත. එය කාව්‍යමය අක්‍ෂර මාලාවක් ලෙස සෑම විටම පවතින අතර, ශුද්ධ සිංහල හෝඩිය ලෙස හදුන්වයි. (වලි පලිග 1970 බලන්න) ව්‍යාකරණ සහ භාෂාව අතර සම්බන්‍ධය අර්ථ දැක්‍විමේදී නිතිය යන සමාජිය රූපක සදහන් කළ අතර තම මෙම මතයන් කාණ්ඩ ප‍්‍රමිතින්ට සමානදැයි ස්ගුරෝටි විස්තර කරන ලදි.කුමාරතුංග (1493) මෙසේ සදහන් කරයි, මේ දිනවන සමහර පුද්ගලයන් ව්‍යාකර්ණ අදාල නොවන බව සිතිමට පුරුදු වී ඇත. අජිර්ණයෙන් පෙලෙන අයට ආහාර ඇත්ත වශයෙන්ම කරදරයකි. ආදි කල්පිත දඩයම්වරුන්ගේ දැකිම අනුව ඔවුන් හාසයයට ලක්‍වන එකම දෙය ඇදුම වේ. කවුරු හෝ දේවල් මේ ආකාරයෙන් දකි නම්, ව්‍යාකරණ වලට වෛර කරන පද්ගලයන් ගැන විස්මිත නොවිය යුතුය. කෙසේ නමුත් ශිලිචාර සමාජයක් තුල භාෂාවට ව්‍යාකරණය අවශ්‍ය වේ. මෙම නිතිය කඩ කිරිමට අවසර තිබේ නම්, එය අපරාධයක් සිනහවට ලක් කිරිමකි. සතුට සහ සැපපහසු සදහා අපරාධයක් |
කිරිමේදී සමාජ නිති කඩකිරිමට සිදුවන අතර සභ්‍යත්‍වය කෙලින්ම ඉවත්‍විමට පටන් ගනි. භාෂාමය නිතින් කඩ කිරිමට අවසර ඇත්නම් නුගත් අය ඇත්ත වශනේම සතුටට පත් වේ. එමගින් ඔවුන්ගේ නුගත්කම සැගවිමට මාර්ගයක් සපයනු ලබයි. මෙම රටෙහි අහෝ නුගත්කම පාණ්ඩිත්‍යය වේ. දැනුම පරිහාසයට දක්‍වා දෙයක් වේ. මෙම තත්ත්‍වය පිලියමක් ගැනිම ඉතා ඉක්මනින් කල යුතුව ඇත. හැදින්විම පිටුව (සංස්කරණය) තේරු ලිපි (පුවත්පත් ලිපි)අසරණයාගේ කන්නලව්වු ලක්මිණි පහනදෙව්-ඉල්පතගඩුබු-ස්වභාෂාමගුල් කෑමහින් සැරයපිය සමරහත් පණසංසාරය (සංස්කෘත හා පාලි:සංසාර) යනු යම් ප්‍රාණියෙකුගේ නැවත නැවත ඉපදීම සහ මරණය සිදුවීමයි. නොනැවතී ගමන හෝ චලනයට යෙදෙන පදයයි. මෙය බොහෝ ඉන්දියානු ආගම් දර්ශන තුළ සඳහන් වන මූලික විශ්වාසයකි.https://commons.m.wikimedia.org/wiki/User:Piyumi_Sewwandiහින්දු දහම[සංස්කරණය]හින්දු ධර්මයට අනුව සංසාරය යනු ආත්මයේ ගමනකි.[1] සෑම දෙයක්ම සහ සියලු පැවැත්ම සම්බන්ධ වී, චක්‍රීය වන අතර, ආත්ම හෝ ආත්මය සහ ශරීරය හෝ පදාර්ථය යන කරුණු දෙකකින් සමන්විත වේ.[2] ආත්මන් නම් වූ මෙම සදාකාලික ආත්මය කිසි විටෙකත් පුනරුත්පත්තිය නොලබයි,[2] එය වෙනස් නොවන අතර හින |
්දු විශ්වාසය තුළ වෙනස් විය නොහැක. ඊට වෙනස්ව, ශරීරය සහ පෞරුෂය වෙනස් විය හැකිය, නිරන්තරයෙන් වෙනස් වේ, යළි ඉපදෙමින් යළි මිය යයි.[2] වර්තමාන කර්මය මේ ජීවිතයේ අනාගත තත්වයන්ට මෙන්ම අනාගත ස්වරූප සහ ජීවිත ක්ෂේත්‍ර කෙරෙහි බලපායි.[3][4] හින්දු දැක්මට අනුව යහපත් චේතනාවන් සහ කර්මයන් යහපත් අනාගතයකට මඟ පාදන අතර අයපත් කර්මයන් යහපත් අනාගතයකට මඟ පාදයි.යහපත් ජීවිතයක්, ධර්කූමානුකූල ක්‍රියාවන්, මේ ජීවිතයේ හෝ අනාගත ජීවිතයේදී යහපත් අනාගතයකට දායක වනු ඇතැයි හින්දු භක්තිකයන් විශ්වාස කරති.[5] භක්ති, කර්ම, ඥාන හෝ රාජ යන සෑම මාර්ගයකම ගමනාන්තය සංසාරයෙන් මුක්තිය ලැබීමයි.[5][6] හින්දු සම්ප්‍රදායේ ශුද්ධ ලියවිලි වල කොටසක් වන උපනිෂද් තුළ මූලික වශයෙන් සංසාරයෙන් ස්වයං මුක්තිය ලැබීම පිළිබඳව අවධානය යොමු කරයි.[7][8][9] භගවද් ගීතාව තුළ මුක්තිය කරා පවතින විවිධ මාර්ගයන් විස්තර කරනු ලබයි.[1]බුදු දහම[සංස්කරණය]බුදු දහමේ උපත (ජාති), ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද, නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි වූද චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. |
සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැත. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය. ඛන්ධානං පටිපාටිධාතු ආයතනා චඅබෙභා ඡින්නං වත්තමානංසංසාරොති පවුව්චති.පඤ්චස්බන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙළ නොසිඳී භවයෙන් භවය ගලපමින් පවත්නා ආකාරය සංසාර යැයි කියනු ලැබේ. රූප රාශිය, වේදනා චෛතසික රාශිය, සංඥා චෛතසික රාශිය, කුසලාකුසල චේතනා රාශිය විඤ්ඤාණ හෙවත් සිත් රාශිය යනාදී රාශි කිහිපයකින් යුක්ත වූ රූපා රූප සමූහ පඤ්චස්කන්ධය යනුවෙන් හැඳින්වේ. එසේම එහි පෘථිවි ධාතු ආදී ධාතු සමූහයක්ද ඇත. එසේම චක්කායතනාදී ආයතන සමූහයක් ද ඇත. ඒ ඒ ජාතියෙහි උපන්නා වූ ඒ ඒ පඤ්චස්කන්ධ ආයතනාදිය දිරා මැරී ගිය පසු එපමණකින් නොනැවතී කර්ම ශක්තිය අනුව නැවත හටගන්නා ස්කන්ධ ධාතු, ආයතන නිසා අනෙක් භවයක උත්පතිත්ය දැයි යනාදී වශයෙන් චුති ප්‍රතිසන්ධි පරම්පරාව හෙවත් මරණය උත්පත්තිය, උප්පත්තිය මරණය යන වශයෙන්, පවත්නා පිළිවෙළ නොකැඩී නොසිඳී පැවැත්ම, සසර නම් වෙයි. මනුෂ්‍ය, දේව, මාර, නරකාදීසත්වයන් වශයෙන් හැම දෙනාම වරින් වර සසර උපත ලබති.සත්වයා යනු පඤ්චස්කන්ධය සත්වයා රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන රාශි පහෙන් යුක්තය. |
සත්වයා කවරෙක්ද යන්න විස්තර කැර බැලුවහොත්, පෘථිවි ධාතුව ආදී සතර මහාභූත කොටස් හා ඒවා නිසා හටගත් රාශියක්ද එසේම සුවදුක් විඳීම් ආදී වේදනා රාශියක් සහ නිල්, සුදු, රතු, මිටි, මහත් යනාදිය හැඳිනීම යැයි කියන ලද සංඥා රාශියක්ද එසේම පිරිසුදු අපිරිසුදු චේතනා රාශියක්ද යනාදී රාශි පහක් හැර, වෙනත් දෙයක් නැති බව පෙනේ. එම නිසා සත්වයා කීවද පඤ්චස්කන්ධය කීවද දෙකම එකකි.පඤ්චස්කන්ධය හෝ සත්වයාට සංසාර යැයි කියන්නේ, නැවත නැවත ඒ ජාතියෙහි ඉපදීමේ පිළිවෙළක් ඇති නිසා ය. පරමාර්ථ වශයෙන් හෙවත් හරි තේරුම ලෙස ගත් කල සත්වයා පඤ්චස්කන්ධය යනු නාම රූප අටළොස් ධාතු සමූහය, සලායතනය දුක්ඛ සත්‍යය, යනාදියෙන් හඳුන්වන දේමය. රාශි පහෙන් යුක්ත නිසා පඤ්චස්කන්ධ යැයිද , චුති උප්පත්ති පරම් පරාවක් ඇති නිසා සංසාර යැයි ද, සිත, කය, දෙක, නිසා නාම රූප යැයි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදී ස්වභාව ධර්ම නිසා ධාතු යැයි ද ඇස, කණ, නාසාදී ආයතන නිසා සලායතන යැයි ද, ඒ සියල්ලම දුක් සමූහයක් දුක් ගොඩක්, දුක් පිඬක් නිසා දුක්ඛ සත්‍යය යැයි ද, ඉපිද නැසෙන නිසා අනිත්‍ය යැයි ද, පීඩා වන දැවෙන, තැවෙන හිරිහැරවන නිසා දුක යැයි ද බැලූ බැලූ අතින් අසාර වූ නිසා අනාත්ම යැයි ද කියන |
ු ලැබේ. ජාති දුක හෙවත් මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් මවුකුසින් ප්‍රසූත වන තෙක් විඳිනට ලැබෙන අප්‍රමාණ දුක් සමූහයද එතැන් සිට ළදරු කාලයෙහි විඳින්නට වන අනන්ත දුක් සමූහයද, එසේම මහලු වියට පත්වීමෙන් හට ගන්නා ජරා දුක ද නොයෙක් රෝග පීඩා නිසා හටගන්නා ව්‍යාධි දුකද, සියලු හිත කැමැති, අඹු දරු ඤාති මිත්‍රාදීන් සහ තෘෂ්ණාවෙන් රැස් කළ ධනයද හැර දමා නොකැමැති සේ යන අනන්ත රෞද්‍ර දුකක් වූ මරණයද ආහාර සැපයීමේ දුක ද පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද, ධන හානි දුක ද, නින්දා, පරිභව දුක ද ආදී බොහෝ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදු වේ. නමුත් අඥානකම සහ තෘෂ්ණාව නිසා මේ දුක් සමූහය භය වශයෙන්, දුක් වශයෙන් නොදකින අතර එහි කළකිරීමක් සිදු නොවෙයි.මේ හැර අට මහා නිරයාදී එකසිය සතිස් නිරයෙහි ඉපදී කල්ප ගණන් ලක්‍ෂ ගණන් කෝටි ගණන් අවුරුදු දුක් විඳීමට සිද්ධ වීම ද බලු කපුටු, එළු, බැටළු, ගව මහීෂා දී තිරිසන් අපාය වල ඉපිද කල්ප ගණන් අනන්ත දුක් විඳින්නට ලැබීම ද සසර දුකට අයත් වේ.එක් සත්වයකු විසින් අතීත සංසාරයේ දී විඳින ලද දුක් අනන්තය. මතු භවවල විඳින්නට ලැබෙන දුක ද, අනන්ත ය. අප්‍රමාණ ය. නමුත් මෙම දෙකොටසටම නොපෙනෙන නිසා බොහෝ දෙනා ඒ ගැන අල්පමාත් |
ර වූ භයක් තැති ගැනීමක් නැතිව, මනුෂ්‍ය ආත්මය සැපසේ පරිහරණය කිරීම පමණක් උසස් කොට සළකා තෘෂ්ණාවෙන් යුක්තව අනන්ත දුශ්චරිත වල ද යෙදෙමින් සසර දුක් වර්ධනය කර ගනිමින් අන්ධව කටයුතු කරති. නමුත් ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ සසර දුකින් මිදීමේ කටයුතු වල වැදගත්කම දැක ඒවා නොපිරිහෙළා ඉටු කරති.සංසාරය අතිශයින්ම චංචල වෙයි. සතර අපාය සෑම කාලයට දුකින් පිරී පවතී. බුදු කෙනෙකුගේ පහළ වීම ද අතිශය දුර්ලභය ය. මෙම මිනිස් භවයද දුක සේ ලබාගත් දෙයකි. නමුත් නොයෙක් රෝග වලින්ද ජරාවෙන්ද උපද්‍රව වලින්ද මෙය යුක්ත ය. විදුලියක් මෙන් ජීවිතය ද බිඳී යනු ඇත. හිස ගිනිගත් අයකු එම ගින්න නිවීමට උත්සාහ කරන සේ නොපමාව සසර දුක් නැති කරන නිවන් මඟ සෙවීමට උත්සාහ කළ යුතු ය.ආශ්‍රේයයන්[සංස්කරණය]බාහිර සබැදුම්[සංස්කරණය]↑ 1.0 1.1 Mark Juergensmeyer & Wade Clark Roof 2011, පිටු අංකය: 272.↑ 2.0 2.1 2.2 Jeaneane D. Fowler 1997, පිටු අංකය: 10.↑ Mukul Goel (2008). Devotional Hinduism: Creating Impressions for God. iUniverse. p. 6. ISBN 978-0-595-50524-1.↑ Christopher Chapple (1986), Karma and creativity, State University of New York Press, ISBN 0- |
88706-251-2, pp. 60–64↑ 5.0 5.1 Flood, Gavin (2009-08-24). "Hindu concepts". BBC Online. BBC. 2014-04-11 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-07-31.↑ George D. Chryssides; Benjamin E. Zeller (2014). The Bloomsbury Companion to New Religious Movements. Bloomsbury Academic. p. 333. ISBN 978-1-4411-9829-7.↑ Jeaneane D. Fowler 1997, පිටු අංක: 111–12.↑ Yong Choon Kim; David H. Freeman (1981). Oriental Thought: An Introduction to the Philosophical and Religious Thought of Asia. Rowman & Littlefield. pp. 15–17. ISBN 978-0-8226-0365-8.↑ Jack Sikora (2002). Religions of India: A User Friendly and Brief Introduction to Hinduism, Buddhism, Sikhism, and the Jains. iUniverse. pp. 17–19. ISBN 978-1-4697-1731-9.ගෞරවණීය ප්‍රසන්න ෂාමල් සෙනරත්පුද්ගලික තොරතුරුඋපතකුරුනෑගලජාතිය ශ්‍රී ලාංකිකඋගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලයරැකියාවදේශපාලනයගෞරවණීය ප්‍රසන්න ෂාමල් සෙනරත් (ඉංග්‍රීසි: Prasanna Shamal Senarath) විරුද්ධ පක්ෂ නායක වයඹ පලාත් සභාව.ජීවන සටහන්[සංස්කරණය]ම |
ෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.ආශ්‍රිත[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 20102010 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනයකාලයඅප්‍රේල් 30 – මැයි 16පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයක්‍රිකට් තරඟ ආකෘතිය20-20 ජ්‍යාතයන්තර තරඟතරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීමසත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව්ශූරයන් එංගලන්තය (1 වන වරට)සහභාගීත්වය12තරඟ27තරඟාවලියේ වීරයා කෙවින් පීට(ර්)සන්වැඩිම ලකුණු මහේල ජයවර්ධන (302)වැඩිම කඩුලු ඩි(ර්)ක් නැනස් (14)නිල වෙබ් අඩවියcricket.yahoo.com← 20092012 →20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරගාවලිය 2010[1] අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. 2009 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරගාවලියත් ටෙස්ට් කණ්ඩායම් 10ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 2ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරග වදින ලදී. පෙර තරගාවලියේදී මෙන්ම කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේ හා සමගාමීව මැයි 5 සිට 16 කාලය තුර පැවැත්විය.තරඟ නීති හා කොන්දේසි[සංස්කරණය]තරඟාවලිය සඳහ |
ා බලපැවැත්වූ තරඟ නීති හා රෙගුලාසි පළමු තරඟාවලිය ආකාරයේ උවත් තරඟයක් ලකුණු සමවීම නිසා අවසන් වුවහොත් ජයග්‍රාහකයා තිරණය කිරීම සඳහා සුපිරි ඕවරය යැවීම සිදු කරන ලදී.ක්‍රීඩාංගනයන්[සංස්කරණය]කෙන්සින්ටන් ඔවල්, බාබඩෝස්ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ගයනාවශාන්ත ලුසියා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ශාන්ත ලුසියාආශ්‍රිත[සංස්කරණය]↑ "ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010". espncricinfo.com. සම්ප්‍රවේශය 2011-07-19.බදුල්ල හා මොනරාගල ඌව පලාතේ දිසත්‍රික්කයි. අතීතයේ ඌව වෙල්ලස්ස නමින් හදුන්වන ලද්දේ මෙම පලාතයි.vteශ්‍රී ලංකාවේ පළාත් සහ පරිපාලන දිස්ත්‍රික්කපළාත්මධ්‍යම · නැගෙනහිර · උතුරු මැද · උතුරු · වයඹ · සබරගමුව · දකුණු · ඌව · බස්නාහිරපරිපාලන දිස්ත්‍රික්කමධ්‍යම (මහනුවර • මාතලේ • නුවරඑළිය)නැගෙනහිර (අම්පාර • මඩකලපුව • ත්‍රිකුණාමලය)උතුරු මැද (අනුරාධපුර • පොළොන්නරුව)උතුරු (යාපනය • කිලිනොච්චිය • මන්නාරම • මුලතිව් • වවුනියා)වයඹ (කුරුණෑගල • පුත්තලම )සබරගමුව (කෑගල්ල • රත්නපුර) දකුණු (ගාල්ල • හම්බන්තොට • මාතර)ඌව (බදුල්ල • මොණරාගල)බස්නාහිර (කොළඹ • ගම්පහ • කළුතර)අතීත ග්‍රීක ශිෂ්ඨාචාරය තුල සම්මත වශයෙන් යැ |
යි ගත්කල ආරම්භයත් හෝ අවසානයක් පිළිබස දින සටහනක් නොමැත. ග්‍රික ශිෂ්ඨාචාරය ලෙස පොදුවේ රෝමය යටත් කර ගැනීමට පෙර කාලයයි. එය ඉතිහාසඥයින් පවසන අන්දමට නිවැරදිම කාලයයි.ග්‍රික බසින් පවසන පරිදි ශිෂ්ඨාචාරයේ පරිහානිය සිදුවීම 1150 ක්‍රි.පූ. සිදුවි ඇති තඅර ඊට පෙර පුරාතන ග්‍රික යුගයෙන් 'හෙලඩික්' ශිෂ්ඨාචාරය පරිහානි සිදුවි ඇත.පොදුවේ ඉතිහාසඡයන් පවසන පරිදි සටහන් ලත කර ඇත පළමු දිනය ලෙස ක්‍රි.පු 176 ඔලිම්පික් ක්‍රිඩා උළෙල පැවැත්වු දින ලෙස ග්‍රික ඉතිහාසයට එක්වේ.මෙම ඔලිම්පික් උලෙල හා මයේසින ශිෂ්ඨාචාරයේ අවසානයත් අතර කාලය ග්‍රිකයේ අදුරැ යුගය ලෙස සැලකේ. මන්දයත් එහිදි කිසිම ලියවිල්ලක් හෝ පුරා වස්තු බොහෝමයක් නොමැති කම නිසාවෙනි.බොහෝ විට මෙම කාලය පුරාතන ග්‍රිසිය යටත්ව තිබු කාලය වෙයි.ක්‍රි.ප්‍ර. 323 දී ප්‍රභූ ඇලෙක්සැන්ඩර් ගේ මරණයෙන් පසුව වාගේ පුරාතන ග්‍රික යුගයේ බිදවැටීම සිදුවි ඇත. හෙලන්ස්ටික් යුගය ලෙස පෙනේත කෙසේ වෙතත් ක්‍රි.පූ. 146 දී බොහෝවිය ග්‍රිසිය රෝමන් යටත් විජිතයක් ව පවතින්ට ඇත. සමහර ලේඛකයන් පවසන පරිදි පුරාතන ග්‍රීක ශිෂ්ඨාචාරය 3 වන සියවසේ ක්‍රිස්තුවහන්සේ ගේ පැමිණිම දක්වා පැවති බවයි. එනමුදු එය පදනම් වි |
ර.ප්‍රායෝගික සලකා බලන තල පුරාතන ග්‍රික කාලය පරිච්ඡේද හතරකට බෙදි පවතින බව දැක්විය හැක. මුලික වශයෙන් කුඹල් කර්මාන්තයට හා දේශපාලනයට මුල් තැනක් තබා දී ඇත. කුඹල් කර්මාන්ත වලදී ජ්‍යාමිතික හැඩතල යොදා ගැනිම සිදුවි ඇත. මෙය ග්‍රීක අදුරැ යුගය ලෙස සලකන (1150 ක්‍රි.පූ. 800 ක්‍රි.පූ) ඉහත සදහන් කල පුරාතන යුගයේ (800 ක්‍රි.පු - 500ක්‍රි.පු) දී වැඩිපුරම ශිල්පීන් යොමු වී ඇතතේ නිදහස් සිතවිලි යුතු තනි අදහස් සහිත පුජාකවරැන්ගේ සොයියානුවේ පිලිම නිර්මාණයටයි.බොහෝ විට මෙම පුරාතන යුගයේ නිමාව ලෙම් ඇතන්නම් දුෂෟඨ පාලකයාගේ පරාජය ලෙස දැක්විය හැක.පෞරාණික කාලයේ පැවති (500 ක්‍රි.ර්‍ප - 323 ක්‍රි.පු) සමාජිය තත්වයේ ලක්ෂණ වලට නිදසුන් ලෙස ජානිනන් දෙවිමැදුර දැක්විය හැක.323 ක්‍රි. පූ. දි ඇලෙක්සැන්ඩර් රජු ගේ මරණය සලකුණු කරා (හෙලතිස්නික කාලයේ ) ආරම්භය සලකමින් ග්‍රික සංස්කෘතිය හා බලය ආසන්නව මධ්‍යම නැගෙනහිරට ද විහිදි ඇත.මෙම යුගයේ අවසානය රෝමයේ ජයග්‍රහණයත් සමග ක්‍රි.පූ 146 දී සිදු වි ඇත.මෙම ලිපිය වෙතට අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණයෙකුගේ අවධානය යොමුවීම අවශ්‍ය වෙයි. මෙම සැකිල්ලට reason හෝ talk පැරාමිතියක් එක් කිරීම මගින්, ලිප |
ිය පිළිබඳව ඇති ගැටලුව පැහැදිලි කිරීමට කාරුණික වන්න. මෙම ටැගය එකතු කිරීමේ දී, විකිව්‍යාපෘතියක් සමග මෙම අයැදුම සම්බන්ධ කිරීම සලකා බලන්න. (2011 අගෝස්තු)භෞතික විද්‍යාවෙහි, කොරියෝලිස් ආචරණය යනුවෙන් හැඳින්වෙන්නේ භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් මත සිට නරඹන කල්හී සචල වස්තූන්හී දක්නට ලැබෙන උත්ක්‍රමයකි. දක්ෂිණාවර්තව භ්‍රමණය වන සමුද්දේශ රාමුවකදී, උත්ක්‍රමය වස්තුවෙහි චලිතයෙහි සිය වම් පසට වෙයි; වාමාවර්ත භ්‍රමණය සහිත එකකදී , උත්ක්‍රමය දකුණු පසට වෙයි. කොරියෝලිස් බලය සඳහා ගණිතමය ප්‍රකාශනය එළිදැක්වුනේ ජල රෝද සිද්ධාන්තය සබැඳි ප්‍රංශ විද්‍යාඥ ගස්පාඩ්-ගුස්ටාෆ් කොරියෝලිස් ගේ 1835 විද්‍යාත්මක ලියැවිල්ලක සහ, පියරේ-සිමොන් ලප්ලාස් ගේ 1778 උදම් සමීකරණයන්හීදිය. 20වන සියවසෙහි මුල් භාගයෙහිදී, කොරියෝලිස් බලය යන පදය කාලගුණ විද්‍යාව හා සම්බන්ධව භාවිතය ඇරඹිණි.[උපහරණ ඇවැසිය]මෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය, මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (2011 අගෝස්තු)ලෝකඩ යුගය - චීනය චීනය තුල ලෝකඩ යුගය පැවතුනු කාලසීමාව තවමත් ඉතිහාසඥයින් විසින් නිවැරදිව හදුනාගෙ |
න ඇත. යුරෝපයේ ලෝකඩ යුගයේදී සිදුවූ විශේෂ වෙනස්කමක් වූයේ එකල පැවති ගල් ආයුධ සියල්ලක්ම පාහේ ලෝකඩ වලින් නිපදවීමයි. නමුත් චීනයේ මුල් කාලයේදීම යකඩ උණු කිරීමේ තාක්ෂණය පැවති නිසා, චීනය තුළ ලෝකඩ යුගය ආරම්භ වූ කාල සීමාව නිර්ණය කිරීමට අපහසුය. තවත් මතයක් වනුයේ චීන ලෝකඩ යුගයේ පැවැත්ම ක්‍රි.ව 2000-771 අතර කාලයේ එර්ලිටෝ (ෑරකසඑද) සමයේදී සිදුවුනු බවයි. එමෙන්ම චිනය මෙම ලෝකඩ තාක්ෂණය මෙසපොටේමියාවෙන් ලබාගන්නට ඇතැයි ද ඇතැම් ඉතිහාසඥයෝ මත පලකරති. ක්‍රි.ව 6 වන ශතවර්ෂයේදී පමණ චීනය යකඩ සොයා ගැනු ලැබුවත් එය නිර්මාණ සඳහා බහුලව භාවිතා කර නොමැත. කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් සතුව යකඩ උණුකිරීමේ තාක්ෂණය තිබූ බවට සාක්ෂි ඇත. ඔවුන් එකල ලෝකඩ වලින් නිර්මාණය කල බොහොමයක් භාණ්ඩ ගෘහස්ථ ප්‍රයෝජනය සඳහා වූ මෙවලම්ය.අබ්දුල් ෆටා අල්-සිසීඊජිප්තුවේ ජනාධිපතිවරයාතේරී පත්වූපදවි ප්‍රාප්තිය1 ජූනි 2014අග්‍රාමාත්‍යවරයාඉබ්‍රාහිම් මහ්ලාබ්අනුප්‍රාප්තිකඇඩ්ලි මන්සූර් (වැඩබලන)ඊජිප්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාතනතුර දරමින්16 ජූලි 2013 – 26 මාර්තු 2014අග්‍රාමාත්‍යවරයාහසීම් අප් බෙබ්ලාවිඉබ්‍රාහිම් මහ්ලාබ්අබ්දුල් ෆටා සයීද් හුසෙයින් කාලිල් අල් |
-සිසී (අරාබි: عبد الفتاح سعيد حسين خليل السيسي ‘Abd al-Fattāḥ Sa‘īd Ḥusayn Khalīl as-Sīsī, උපත 19 නොවැම්බර් 1954) යනු, ඊජිප්තුවේ ජනාධිපති ලෙසින් තේරී පත්වූ තැනැත්තේය. ඊජිප්තු හමුදා ආඥාපති වරයෙකු වූ ඔහු 2012 අගෝස්තු 12 සිට 2014 මාර්තු 26 දක්වා එහි ප්‍රධාන හමුදා ආඥාපති ලෙසත් ඊජිප්තුවේ ආරක්ෂක ඇමති ලෙසත් ක්‍රියා කළේය.[1] හමුදා ප්‍රධානියා ලෙස ජනාධිපති මොහොමඩ් මොර්සි හා ඔහුගේ රජයට තරයේ ම විරුද්ධ ව ක්‍රියා කළ ඔහු මොහොමඩ් මොර්සි ධූරයෙන් පහ කිරීමේ දී ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. අල්-සිසී පසුව ඊජිප්තුවේ ආරක්ෂක අමාත්‍යධූරය දරමින් ම ඊජිප්තුවේ ප්‍රථම නියෝජ්‍ය අගමැති බවට පත් විය. 2014 මාර්තු 26 වන දින තමාට 2014 ජනාධිපතිවරණය ට තරඟ වැදීම ට ඇති බව නිවේදනය කළ අල්-සිසී හමුදාවෙන් ඉල්ලා අස් විය.[1] 2014 මැයි 26 සිට 28 දක්වා පැවති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් ඔහුට හිමි විය.[2]පූර්ව ජීවිතය සහ හමුදා අධ්‍යාපනය[සංස්කරණය]අල්-සිසී, 1954 නොවැම්බර් 19 දින කයිරෝ හි දී උපත ලැබීය.[3] ඔහු අල්-අසාර් මස්ජිදයේ සිට කෙටි දුරකින් පිහිටා ඇති මුස්ලිම්, ජුදා හා ක්‍රිස්තියානි ජනයා වාසය කළ චතුරස්‍රයක පිහිටි ගමාලියා හි හැදී වැඩ |
ුණේ ය.මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 "Egypt's El-Sisi bids military farewell, says he will run for presidency". Ahram Online. 26 March 2014. සම්ප්‍රවේශය 26 March 2014.↑ "Former army chief scores landslide victory in Egypt presidential polls". Egypt News.Net. 31 May 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 May 2014. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ "Profile: Egypt armed forces chief Abdul Fattah al-Sisi". BBC. 21 August 2012. සම්ප්‍රවේශය 21 August 2012.ලිංගික උත්තේජනය යනු (කායික ස්පර්ශය ඇතුළු, එනමුත් කිසි ලෙසකින් එයට සීමා නොවන) ඕනෑම උත්තේජනයක් වන අතර, එය විසින් ලිංගික පිබිදීම ඉවැඩි කිරීම හා පවත්වා ගෙන යෑම සිදු කෙරෙන අතර, උච්චාරය සහ/හෝ සුරතාන්තය වෙත පෙරටු ගෙන යෑම සිදු විය හැක. උත්තේජනය විරහිතව ලිංගික පිබිදීම සිදු විය හැකි මුත් සුරතාන්තය ලඟා කර ගැනුම සඳහා සාමාන්‍යයෙන් ලිංගික උත්තේජනය ඇවැසි වෙයි.ක්‍රිකට් ලෝක කුසලානයපරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී)ආකෘතියඑක්දිනපළමු තරගාවලිය1975අවසාන තරගාවලිය2015මිලඟ තර |
ගාවලිය2023කණ්ඩායම් ගණන20වත්මන් ශූරයාඕස්ට්‍රේලියාවවඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (5 වතාවක්)වඩාත් ලකුණුසචින් තෙන්ඩුල්කා (2,278)වඩාත් කඩුළුග්ලේන් මැක්ග්‍රාත් (71)vteමෙම තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන අතර වසරකට කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරයි. ප්‍රථම තරගාවලිය 1975 දී පැවැත්විණි.[1]තරගාවලි ඉතිහාසය[සංස්කරණය]වසරපැවැත්වෙන රටඅවසන් මහා තරගයපැවති ක්‍රීඩාංගනයඅවසන් මහා තරගයජයග්‍රාහී රටප්‍රතිපලයඅනුශූරතාවය1975තොරතුරුඑංගලන්තයලන්ඩන් බටහිර ඉන්දීය කොදෙව්291/8 (60)ලකුණු 17 කින් Scorecard ඕස්ට්‍රේලියාව274 (58.4)1979තොරතුරුඑංගලන්තයලන්ඩන් බටහිර ඉන්දීය කොදෙව්286/9 (60)ලකුණු 92 කින් Scorecard එංගලන්තය194 (51)1983තොරතුරුඑංගලන්තයලන්ඩන් ඉන්දියාව183 (54.4)ලකුණු 43 කින් Scorecard බටහිර ඉන්දීය කොදෙව්140 (52)1987තොරතුරුඉන්දියාවපාකිස්ථානයකොල්කටා ඕස්ට්‍රේලියාව253/5 (50)ලකුණු 7 කින් Scorecard එංගලන්තය246/8 (50)1992තොරතුරුඕස්ට්‍රේලියාවනවසීලන්තයමෙල්බර්න් පකිස්තානය249/6 (50)ලකුණු 22 කින් Scorecard එංගලන්තය227 (49.2)1996තොරතුරුපාකිස්ථානයඉ |
න්දියාවශ්‍රී ලංකාවලාහෝර් ශ්‍රී ලංකාව245/3 (46.2)කඩුලු 7 කින් Scorecard ඕස්ට්‍රේලියාව241/7 (50)1999තොරතුරුඑංගලන්තයස්කොට්ලන්තයවේල්සයඅයර්ලන්තයනෙදර්ලන්තයලන්ඩන් ඕස්ට්‍රේලියාව133/2 (20.1)කඩුලු 8 කින් Scorecard පකිස්තානය132 (39)2003තොරතුරුදකුණු අප්‍රිකාවසිම්බාබ්වේකෙන්යාවජොහැන්නස්බර්ග් ඕස්ට්‍රේලියාව359/2 (50)ලකුණු 125 කින් Scorecard ඉන්දියාව234 (39.2)2007තොරතුරුබටහිර ඉන්දීය කොදෙව්බ්‍රිජ්ටවුන් ඕස්ට්‍රේලියාව281/4 (38)ලකුණු 53 කින් (D/L) Scorecard ශ්‍රී ලංකාව215/8 (36)2011තොරතුරුඉන්දියාවශ්‍රී ලංකාවබංගලාදේශයමුම්බායි ඉන්දියාව277/4 (48.2)කඩුලු 6 කින් Scorecard ශ්‍රී ලංකාව274/6 (50)2015තොරතුරුඕස්ට්‍රේලියාවනවසීලන්තයමෙල්බර්න් ඕස්ට්‍රේලියාව186/3 (33.1)කඩුලු 7 කින්Scorecard නවසීලන්තය183 (45)2019තොරතුරුඑංගලන්තයවේල්සයලන්ඩන්🏴එංගලන්තය 240/10,15/0තරඟය සම විය🇳🇿නවසීලන්තය 240/8,15/12023තොරතුරුඉන්දියාවකොල්කටාඕස්ට්‍රේලියාවකඩුලු 6 කින්ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව241-10(50) 241-4(43) කඩුලු 6කින් |
ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා↑ ICC Cricket World Cup: About සංරක්ෂණය කළ පිටපත 1 ජූනි 2013 at the Wayback Machine – International Cricket Council. Retrieved 30 June 2013.සංවිධාන පරිසරයේ කිසියම් සාධකයක් හේතුකොටගෙන සංවිධානය තුල සිටින සේවක මණ්ඩල අතර හටගන්නා නොඑකඟතාවයක් සංවිධාන ගැටුමක් නම්වේ. මෙහිදී, කළමනාකරුවන් සහ කළමනාකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්, සේවකයන් සහ සේවකයන්, කළමනාකරුවන් සහ සේවකයන් බාහිර පරිසරය අතරද සංවිධාන ගැටුම් ඇතිවිය හැක. සංවිධාන ගැටුම් නිර්මාණය වන්නාවූ මට්ටම් වලට අනුව සංවිධාන ගැටුම් වර්ග කල හැකිය.පුද්ගල ගැටුම් (Individual Conflict) - යම් පුද්ගලයෙකු බලාපොරොත්තු වූ ඉලක්කයක් ඔහු බලාපොරොත්තු වූ ආකාරයට ඉතුකර ගැනීමට නොහැකි වූ කල පුද්ගල ගැටුම ඇතිවේ. මෙය අන්තර්වර්තීය ගැටුම ලෙසද හඳුන්වයි.අන්තර් පුද්ගල ගැටුම ( Interpersonal Conflict) - පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවේ.කණ්ඩායම් ගැටුම (Group Conflict) - කිසියම් ගැටුමකට පුද්ගලයන් කිහිපදෙනෙක් සම්බන්ධ වනවිට කණ්ඩායම් ගැටුමක් ලෙස හඳුන්වයි.සංවිධාන ගැටුම (Organizational Conflict) - ඉහත සඳහන් සියලුම ගැටුම් සමස්තයක් ලෙස ගත්කල |
සංවිධාන ගැටුම් ලෙස හඳුන්වනු ලැබේ.සංවිධාන ගැටුමක් සමහර විටෙක සංවිධාන අරමුණු ඉටුකරගැනීම සඳහා නැග එන්නක් විය හැක. උදාහරණයක් ලෙස සංවිධානයක අංශ දෙකක් අතර නිෂ්පාදන පුවරුවක් (Production Board) බෙදාගැනීම සඳහා ඇතිවන ගැටුම ගතහොත් එය ඉහල නිෂ්පාදනයක් සඳහා කණ්ඩායම් දෙකක් උත්සාහ කිරීමකි. මෙවන් ගැටුම් හිතකර ගැටුම් ලෙස හඳුන්වයි. සංවිධානයක නිෂ්පාදනය ට අහිතකර ලෙස බලපෑම කරන නැතහොත් නිෂ්පාදනය අඩු කරන මට්ටමේ ගැටුම් අහිතකර ගැටුම් ලෙස හඳුන්වයි.කළමනාකරණයේදී සංවිධාන ගැටුම් පිලිබඳ මතවාද තුනක් දැකිය හැක.සම්ප්‍රදායික දැක්ම (Traditional View) - මේ අනුව සියලුම සංවිධාන ගැටුම් නැවැත්විය යුතුයි.මානව සම්බන්ධතා දැක්ම (Human Relations View) - මේ අනුව හිතකර ගැටුම් කළමනාකරුවන් විසින් පිළිගත යුතුයි.අන්තර් ක්‍රියාකාරී දැක්ම (Interactive View) - මේ අනුව ගැටුම් පිළිගැනීමට අමතරව කළමනාකරුවන් විසින් හිතාමත ගැටුම් නිර්මාණය කර ඒවා යහපත් ආකාරයෙන් පවත්වා ගතයුතුය.සංවිධාන ගැටුම් ක්‍රියාවලියමේ අනුව බලනවිට, සංවිධාන ගැටුමක් සඳහා කොන්දේසි පැවතිය යුතුය. සන්නිවේදනය, සංවිධාන ව්‍යුහය, පුද්ගලයන්ගේ මතවාද සහ අදහස් යම් ආකාරයකට ගැටුම් |
ඇතිවීම කෙරෙහි බලපායි.මෙම හේතුකාරකයන් අදාල පාර්ශවය විසින් මානසිකව අවබෝධ කරගැනීම සංජානනය නම්වේ. ගැටුම සංජානනය වූ පාර්ශවය විසින් අනෙක් පාර්ශවයට අදහස් දැක්වීම කරනු ලබයි. තර්ක කිරීම, සාකච්ජා කිරීම , මගහැරීම යනාදිය සමහර විකල්ප අදහස් කිහිපයකි.සංවිධාන ගැටුම දැක බලාගත හැකි අදියර වන්නේ චර්යාත්මක අවස්ථාවේදීයි. පාර්ශව දෙකක හෝ කිහිපයක ඇති මතවාද, ආකල්ප සහ ආවේගශීලී ක්‍රියාකාරකම් වලින් චර්යාත්මක පියවර සමන්විත වෙයි. සංවිධාන ගැටුම අවසානයේ හිතකර හෝ අහිතකර ප්‍රතිඑල දැකබලාගත හැකිය.සංවිධාන ගැටුම් කළමනාකරණය - Managing Organizational Conflictsසංවිධානයට හිතකර ගැටුම් නිර්මාණය කිරීමත් අහිතකර වියහැකි ගැටුම් වැළැක්වීම සඳහාත් කළමනාකරුවන් විසින් ගනුලබන ශිල්ප ක්‍රම සංවිධාන ගැටුම් කළමනාකරණය නම්වේ. මෙහිදීහිතකර ගැටුම් ඇතිකිරීම සඳහා ගැටුම් උත්තේජන ශිල්ප ක්‍රම (Conflict Stimulation Techniques) භාවිත කලයුතු අතරඅහිතකර ගැටුම් නැතිකිරීම සඳහා ගැටුම් විසඳුම් ශිල්ප ක්‍රම (Conflict Resolution Techniques) භාවිත කලයුතුය.හිතකර ගැටුම් ඇතිකිරීමවැරදි සන්නිවේදනයන් නැතිකිරීමසම්පත් සංරක්ෂණය කිරීමසංවිධාන ව්‍යුහය වෙනස්කිරීමවගකී |
ම් පැවරීමබාහිර පුද්ගලයන් කණ්ඩායම් තුලට ඇතුලත් කිරීමඅහිතකර ගැටුම් නැතිකිරීමසංජානනීය පාර්ශව සමග සාකච්ජා කිරීමකණ්ඩායම් හැගීම් ඇතිකිරීමසම්පත් පරිභෝජනය කාර්යක්ෂම කිරීමසංවිධාන ව්‍යුහය නිසි පරිදි වෙනස් කිරීමමූලාශ්‍ර[සංස්කරණය]Prof. J S Chandan (2004), Management Theory and Practice, Vikas Publishing House Pvt Ltd, ISBN 0-7069-9030-7S C Sharma (1999), Management of Systems, Khanna Publishers, ISBN 8174090932මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)ලංකාවේ වැවෙන ගුණයෙන් ඉහල පලතුරු[සංස්කරණය]උගුරැස්සලොවිදිවුල්නෙල්ලිඅඹගස්ලබුකෙසෙල්පේරරඹුටන්කරඹවරකා / වැලදොඩම්කජු පුහුලන්සියඹලාමැංගුස්කෝන්වීරඅලිගැටපේරපළුගඩුගුඩාපැලපීකාමරංගාගල්සියඹලාඑරමිණියාවෙරළුසීනි නෙල්ලිසැපතිල්ලාමාදංමසංඅන්නාසිදූරියංකොකෝවාජම්බුලාවුළුපිනි ජම්බුජැම්සන්පැෂන් ෆෲට් -කටු අනෝදාවැලි අනෝදා / ආත්තා - ඇඹිල්ලකට්ටම්බේරිය - මොර -බිලිංකෝවක්කානමිනංජෑම් |
පේරඇඹුල් පේරමල්බෙරිහිඹුටුදම්පලුවිරමා දංපිනි ජම්බුකිරිපළුජම්බෝලකට කළු බෝවිටියාසෑම දිනකම පලතුරු ආහාරයට ගත යුතුය.මෙම ලිපිය වනාහි Epidemiology ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.වසංගත අධ්‍යයනය[සංස්කරණය]වසංගතවේදය (ඉංග්‍රීසි: Epidemiology) වූ කලී වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග සදහා හේතු වන කරුණු පිළිබදව අධ්‍යයනය කිරීම වන අතර එමගින් මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ රෝග වළක්වා ගැනීම සදහා ෙනායෙකුත් මැදිහත් වීම් සිදුකරනු ලබයි. මෙය මහජන සෞඛ්‍ය පර්යේෂණ පිළිබදව ඇති මූලික ක්‍රමෝපායක් ලෙස සැලකෙන අතර එය සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව මගින් රෝග සදහා ඇති අවධානම් සාධක හදුනාගැනීමක් සිදුකරන අතර වඩාත් ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රමෝපායන් සපයා දෙනු ලබයි. බෝවන සහ බෝ නොවන රෝග පිළිබදව වූ වසංගත වේදියෙකුගේ කෘත්‍ය වසංගත රෝග අවස්ථාවන් පර්යේෂණයට ලක්කිරී |
ම, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, සංඛ්‍යාත්මක දත්ත සටහන් කිරීම සහ ඒවායෙහි ප්‍රතිඵල පිළිබදව නොයෙකුත් සගරාවලට ලිපි පලකිරීම දක්වාත් විවිධ වේ. වසංගත වේදියෙකුට රෝග පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ජීව විද්‍යාව පිළිබදව ද රෝග සදහා ඇති අවධානම් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා සමාජ විද්‍යාව සහ දර්ශනවේදය පිළිබදව ද අවබෝධයක් තිබිය යුතුය.ඉතිහාසය[සංස්කරණය]ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස් ඇතැම් අවස්ථාවලදී වසංගත වේදයෙහි පියා ලෙස හැදින්වේ. රෝගවල ඇති වීම සහ ඒ සදහා අවට පරිසරයෙහි ඇති බලපෑම පිළිබදව ඇති සම්බන්ධතාව මුල් වරට නිරීක්ෂණය කළ පුද්ගලයා වූයේ ඔහුය. ඔහු විසින් යම්කිසි ප්‍රදේශයකට පමණක් ආවේනික වූ ඒක දේශික රෝග තත්වයන් සහ වසංගත රෝග යන සොයා ගැනීම් සිදුකරන ලදී. රෝගවල මුලාරම්භය පිළිබදව මුල් යුග වලදී පැවති සිද්ධාන්තයක් වනුයේ එය මිනිසුන්ගේ අති සුඛෝපභෝගි ජීවිතවල ඇති වරදක් නිසා මූලික වශයෙන් ඇති වූවක් බවයි. මෙය ප්ලේටෝ සහ රෝසියෝ වැනි දාර්ශනිකයන් සහ ජොනතන් ස්විෆ්ට් වැනි සමාජ විචාරකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මධ්‍යයතන ඉස්ලාමික ලොවෙහි විසූ ඉස්ලාම් ජාතික වෛද්‍යවරුන් ආසාදිත රෝගවල බෝවන සුළු ස්වභාවය සො |
යාගන්නා ලදී. පර්සියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඇවිසෙනා නූතන වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත පද්ධතියෙහි හැදින්වේ. ඔහු විසින් ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලද අතර ජලය, පස් හා සිරුරෙන් ස්‍රාවයවන අපවිත්‍ර වූ ද්‍රව්‍යය මගින් රෝග බෝකිරීමට හැකියාව ඇති බව සොයා ගන්නා ලදී. ඔහු රෝග බෝවීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රම, ඒ සදහා ඇති අවධානම් සාධක අධ්‍යයනය කිරීම සහ යම්කිසි රෝගයක් හදුනා ගැනීම පිළිබදව ක්‍රම ඉදිරිපත් කරන ලදී. 14 වන ශත වර්ෂයේදී මහාමාරිය මගින් අල් අන්ඩාලුස් ප්‍රදේශයෙහි කළු මරණ සංඛ්‍යාව ඉහළ යත්ම ඉබන් කාටිමා විසින් කරන ලද උපකල්පනයක් වූයේ ආසාදිත රෝග ඇති වනුයේ මිනිස් සිරුර තුළට ඇතුළු වන ඉතා කුඩා අංශු විශේෂයක් නිසා වන බවයි. තවත් 14 වන ශතවර්ෂයේ විසූ අරාබි ජාතික වෛද්‍යවරයෙකු වූ ඉබන් අල් කාටිබ් විසින් (1313 – 1374) රචිත මහාමාරිය පිළිබදව වූ නිබන්ධයෙහි සටහන් වනුයේ ඇදුම් පැලදුම්, පරිහරණය කරන ද්‍රව්‍ය හා ආභරණ මගින් එක් රෝගියෙකුෙගන් තවත් කෙනෙකුට ස්පර්ශය මගින් රෝග බෝ කිරීමට හැකියාව ඇති බවයි. 16 වන ශතවර්ෂයෙහි මැද භාගයේදී විසූ ෆ්ලෝරන්ස් ප්‍රදේශයෙන් පැමි |
ණි ප්‍රසිද්ධ ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝ විසින් යෝජනා කරන ලද සිද්ධාන්තයක් වූයේ ඉතා කුඩා ඇසට නොපෙනෙන ජීවී අංශු මගින් රෝග ඇති කරන බවයි. ඒවා වාතය මගින් ව්‍යාප්ත වීමට හැකි අතර ස්වයං ගුණනය වීමට හැකියාව ලබමින් ගින්දර මගින් විනාශ කළ හැකි බවට ඔවුන් විශ්වාස කළහ. මෙම ආකාරයටම ඔහු ගැලන් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්තයක් වූ රෝගී පුද්ගලයාගෙන් නික්මෙන විෂ වායු පිළිබදව සිද්ධාන්තය නිෂ්ප්‍රභා කරන ලදී. 1543 දී ඔහු De contagione et contagiosis morbis නම් ග්‍රන්ථය රචනා කරන ලදී. එකල ඔහුගේ සිද්ධාන්ත මත පදනම් ව පෞද්ගලික සහ පාරිසරික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට මුල්ම පුරෝගාමියා වූයේ ඔහුය. මෙම සිද්ධාන්ත 1675 දී ඇන්ටන් වෑන් ලීවන් හුක් විසින් මුල්ම අන්වීක්ෂය සොයා ගන්නා තෙක් ඔප්පුකල නොහැකි විය. ආධුනික විද්‍යාඥයකු වූ ජෝන් ග්‍රාන්ට් 1662 දී Natural and Political Observations … upon the Bills of Mortality නම් කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් ඔහු මහාමාරිය රෝගය ඇති වීමට ප්‍රථම ලන්ඩනයේ මරණ අනුපාතය අධීක්ෂණය කරන ලද අතර නූතන සහ පැරණි බොහොමයක් රෝගවල කාලයට අනුව ඇතිවන ප්‍රවණතාවය ජීවී දත්ත වගු ආශ්‍රීතව |
වාර්තා කරන ලදී. ඔහු රෝග පිළිබදව වූ විවිධ සිද්ධාන්තයන් සදහා සංඛ්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළ අතර ඇතැම් ඒවා පිළිබදව පුළුල්ව ව්‍යාප්තව පැවති මති මතාන්තර නිෂ්ප්‍රභා කරන ලදී. 1854 දී ලන්ඩනයේ සොහෝ දිස්ත්‍රික්කයේ වසංගත රෝගයක්ව පැවති කොළරාව මර්දනය කිරීමට පුරෝගාමි වූ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූයේ වෛද්‍ය ජෝන් ස්නෝය. රෝගය ව්‍යාප්ත වීමට හේතුව මාර්ගවල පැවති පොදු ජල පොම්පයක් බව ඔහු හදුනා ගත් අතර එය ඉවත් කිරීම මගින් වසංගත රෝග තත්වය නිමා කිරීමට හැකියාව ලැබුණි. (වෛද්‍ය ස්නෝ විසින් ඉහත කී ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාව වන විට වසංගත රෝග තත්වය ස්වභාවිකවම නිමාවෙමින් පැවතිණි ද යන්න පිළිබදව ප්‍රශනාර්ථයක් පවතී. මෙය ඉතිහාසය තුළ ප්‍රජා සෞඛ්‍ය පිළිබදව සිදු වූ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන අතර වසංගතවේදය නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම මෙමගින් බිහි වුණි. මේ හා සම්බන්ධ අනෙකුත් කැපීපෙනෙන පුරෝගාමියෙකු වන්නේ ඩෙන්මාක් ජාතික වෛද්‍ය වරයෙකු වූ පී.ඒ. ශ්ලේස්නර් ය. ඔහු 1849 දී අයිස්ලන්තයේ වෙස්ට්මානා දූපත්වල අළුත උපන් බිලිදුන් තුළ ඇති වූ පිටගැස්ම වසංගත රෝග තත්වය වළක්වා ගැනීම සදහා කටයුතු කරන ලදී. තවත් ඉතා වැදගත් වෛද්‍යවරයෙකු වන්නේ හ |
ංගේරියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඉග්නාස් සෙමෙල්විස් ය. ඔහු 1847 දී වියානාවෙහි රෝහල්වල ළදරු මරණ අනුපාතය විෂබීජ මරණ ක්‍රමෝපායන් හදුන්වාදීම මගින් අවම කරන ලදී. ඔහුගේ සොයා ගැනීම් 1850 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඔහුගේ සමකාලීනයන් විසින් ඔහු කල මෙහෙය එතරම් ඇගයීමකට ලක් නොකළ අතර අකණ්ඩව පවත්වාගෙන නොයන ලදී. බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝසප් ලිස්ටර් විසින් 1865 දී ලුවී පාස්චර්ගේ සොයා ගැනීම් අනුව යමින් විෂබීජ නාශක ද්‍රව්‍යයන් හදුන්වා දෙන තෙක්ම ඒවා බහුල වශයෙන් භාවිතයට ෙනාගැණින. 20 වන ශත වර්ෂයේ මුල භාගයේදී රොනාල්ඩ් රෝස්, ඇන්ඩර්සන් ග්‍රේ මැකෙන්ඩ්‍රික් සහ අනෙක් අය විසින් වසංගත වේදය සදහා ගණිත ක්‍රම හදුන්වාදෙන ලදී. රිචඩ් ඩෝල් සහ ඔස්ටින් බ්‍රැඩ්ෆෝඩ් හිල් විසින් 1954 දී ප්‍රකාශයට පත්කර බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වූයේ දුම්කොළ පානය සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවය පිළිබදව වූ සැකය ස්ථාපිත කරමින් දැඩි සංඛ්‍යාත්මක වශයෙන් සාක්ෂි ඉදිරිපත් වීමයි.vteසෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාවවිශේෂත්ව සහඋප ශාඛාශල්‍ය විද්‍යාවනිර්වින්දන විද්‍යාව • හෘද ශල්‍යවේදය • උරස් ශල්‍යකර්ම • ශල්‍යව්දය (ස |
ාමාන්‍ය ශල්‍යකර්ම) • ස්නායු ශල්‍යව්දය • මුඛ සහ හනු ශල්‍යකර්ම • Orthopedic surgery (Hand surgery) • Otolaryngology (ENT) • ළමා ශල්‍යවේදය • ප්ලාස්ටික් සැත්කම් • Podiatry • Proctology • Surgical oncology • Thoracic surgery • Transplant surgery • Trauma surgery • මෞත්‍රික රෝග චිකිත්සාව (Urology) • Vascular surgeryඅභ්‍යන්තර සෞඛ්‍යහෘද විද්‍යාව (Cardiology) • අන්තරාසර්ගවේදය • Gastroenterology • Geriatrics • Hematology • Hepatology • බෝවන රෝග (Infectious disease) • Intensive care medicine • Nephrology • Oncology • Pulmonology • රක්තවේදයරෝග විනිශ්චයClinical laboratory sciences (Cellular pathology, Clinical chemistry, Hematology, Clinical microbiology, Clinical immunology, Transfusion medicine) • Radiology (Interventional radiology, Nuclear Medicine) • Pathology (Anatomical, සායනික) • Clinical neurophysiologyඅනෙකුත් විශේෂතතාAllergy and immunology • Andrology • චර්ම වෛද්‍ය විද්‍යාව (Dermatology) • Disaster medicine • Emergency medicine • Family medicine • |
General practice • Gynaecology/Obstetrics • Neurology • Obstetrics and gynaecology (Fertility medicine) • Reproductive medicine • Occupational medicine • Ophthalmology • Palliative care • Pediatrics/Adolescent medicine • Physical medicine and rehabilitation (Physiatry) • Preventive medicine (Public health) • මනෝ චිකිත්සාව • Sleep medicine • Sports medicineවෙනත්Biomedical research • වසංගතවේදය • History of medicine • Hospital medicine • වෛද්‍ය අධ්‍යාපනය • Medical genetics • වෛද්‍ය විද්‍යාල සහ වෛද්‍ය පීඨ • Osteopathic medicine • Personalized medicine • Pharmacy • Physician (MD/MBBS and DO) • DPM • Physician assistant • Predictive medicinevteArtificial induction of immunity / Immunization: Vaccines, Vaccination, Infection, Inoculation (J07)DevelopmentAdjuvantsList of vaccine ingredientsMathematical modellingTimelineTrialsClassesConjugate vaccineDNA vaccinationInactivated vaccineLive vector vaccineAttenuated vaccineHeterologous vaccineSubunit |
/component / Peptide / Virus-like particleToxoidAdministrationGlobal:GAVI AlliancePolicyScheduleVaccine injuryUSA:ACIPVaccine courtVaccines for Children ProgramVAERSVSDVaccinesBacterialAnthraxBrucellosisCholera#Diphtheria#Hib#LeptospirosisLyme disease‡Meningococcus#MeNZBNmVac4-A/C/Y/W-135Pertussis#PlaguePneumococcal#PCVPPSVQ feverTetanus#TuberculosisBCG#Typhoid#Ty21aViCPSTyphuscombination: DTwP/DTaPViralAdenovirusFlu#H1N1 (Pandemrix)LAIVHantavirusHepatitis A#Hepatitis B#Hepatitis EHPVCervarixGardasilJapanese encephalitis#Measles#Mumps#MumpsvaxPolio#SabinSalkRabies#Rotavirus#Rubella#SARS-CoV-2Bharat Biotech†CanSino†CoronaVac†EpiVacCorona†Johnson & Johnson†Moderna†Oxford–AstraZeneca†Pfizer–BioNTech†Sinopharm†ස්පුට්නික් V†SmallpoxDryvaxTick-borne encephalitisVaricella zosterchicken pox#Zoster vaccineYellow fever#combination:MMRMMRVresearch:ChikungunyaCytomegalovirusDengueEbolaEpstein–Barr virusHepatiti |
s CHIVProtozoanMalariaRTS,Sresearch:TrypanosomiasisHelminthiasisresearch:HookwormSchistosomiasisOtherAndrovax (androstenedione albumin)Cancer vaccinesALVAC-CEABCG#Hepatitis B#HPVCervarixGardasilPROSTVACNicVAXOvandrotone albumin (Fecundin)TA-CDTA-NICcombinationDTaP-IPV/HibDTaP-IPV-HepBHexavalent vaccinePentavalent vaccineControversyGeneralMMRNCVIAPox partyThiomersalVaccines and SIDSLancet MMR autism fraudCedillo v. Secretary of Health and Human ServicesAlternative vaccination scheduleRelatedEpidemiologyEradication of infectious diseasesEvery Child by TwoList of vaccine topics#WHO-EM‡Withdrawn from marketClinical trials:†Phase III§Never to phase IIIඅධිකාරී පාලනය ජාතික පුස්තකාලSpainFrance (data)UkraineGermanyIsraelUnited StatesLatviaJapanCzech Republicවෙනත්NARAඅඟල් 19, 16:10 පුළුල් තිර LCD මොනිටරය.පරිගණක මොනිටරය පරිගණකය භාවිත කරන්‌නාට දැකගැනීම පිනිස තොරතුරු පෙන්‌වන කොටසයි. එය රූපවාහිනියක පෙනුම ඇති කොටසක් හෝ බහුමාධ් |
ය ප්‍රක්‌ශෙපකයක් විය හැකියි. දැන් LCD හා LED නමි නවීන තිර වර්ගයක් ද භාවිතා ෙවයි.නිෂ්පාදකයෝ[සංස්කරණය] Acer AOC ඇපල් ඉන්කෝපරේෂන් Asus Belinea BenQ Chimei ඩෙල් Eizo Gateway හෙව්ලට් පැකාඩ් HannStar Display Corporation IBM Iiyama Corporation Kogan Technologies LG NEC Philips Planar Systems Samsung Sceptre Incorporated Sony Toshiba Tyco Electronics ViewSonic Wortmann Zalmanඡන්ද විද්‍යාව යනු ඡන්ද ගණනය කිරීමේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයකි. (මෙය ග‍්‍රීසියේ ඡන්ද සඳහා භාවිත psephos යන්නෙන් බිඳී ආවකි) මෙහිදී, වසර කිහිපයකට පෙර සිදු වූ මැතිවරණවල ඡන්ද සංඛ්‍යාව, මහජන අදහස් විමසීමේ ඡන්ද, ඡන්ද ව්‍යාපාරවල මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු හා එබඳු සංඛ්‍යාත්මක දත්ත සංග‍්‍රහ ගත කරයි. මෙය 1952 දී එක්සත් රාජධානියේ ඉතිහාසඥයකු වන ආර්. බී. මැකලම් විසින් යොදා ගත් යෙදුමකි. එහිදී ඔහු පසුගිය මැතිවරණවල විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. බි‍්‍රතාන්‍ය විද්වත් ලේඛන තුළ මෙම වචනය බොහෝ ලෙස භාවිත වේ.එසේම, මැතිවරණ පූර්ව නිගමනයන්ට වඩා මෙය මැතිවරණවල පසු ප‍්‍රතිඵල විශ්ලේෂණය කරයි. නිදස |
ුනක් ලෙස, ගැලගර් දර්ශකය (Gallagher Index) මගින් මැතිවරණයක අසමානුපාතික බව මනිනු ලබයි.සටහන්[සංස්කරණය]| Psephology|}අර්ථ නිරූපනය සහ පාරිභාෂික ශබ්ද මාලාව[සංස්කරණය]අලුත් සහ වඩා වැඩි වටිනාකමක් ඇති ක්‍රම සංවිධානය කිරීමට උත්සාහ දරන සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යවසායකයෙකු වේ. නිරුත්ති ශාස්ත්‍රය[සංස්කරණය]ව්‍යවසායකයා(Enterpreneur) යන වචනය ප්‍රංශ බසින් උකහා ගත් වචනයකි. ප්‍රංශ භෘෂාවේ “enterprendre” යන ක්‍රියාපදයෙන් “භාර ගන්නවා” යන වචනය සහ “අතර” යන තේරුම අරුත් ගන්වයි. එය ලතින් භාෂාවේ “එන්ට්‍ර”යන වචනය සහ ගැනීම යන තේරුම ඇති “ප්‍රේන්ද්‍ර” යන වචනය එක් වී තැනුණකි. ප්‍රංශ භාෂාවේ ක්‍රියා කරන පුද්ගල ක්‍රියාපදයේ අවසානයට “eur” එකතු වී ඇත. මෙය ඉංග්‍රීසි භාෂාවේ “er” යන අවසාන පදයට සමාන වේ. ව්‍යාපාරය යන වචනයද මේ හා සමාන වන අතර එය එන්ට ප්‍රෙන්ඩ්‍රෝ යන වචනයේ කෘදන්තය වේ.එන්ට්‍රොප්‍රෙසෙසුක් යනු හුදෙක් එන්ට්‍රාපොන්ර් යන වචනයේ විරුද්ධ ලිංගික වචනයයි. මිලර්ට අනුව ව්‍යවසායකයා ආරම්භ කිරීමට, පවත්වා ගැනීමට හා අවශ්‍ය විටදී ව්‍යාපාරික වස්තුවක් ඵලදායි ලෙස හ |
ා කාර්යශූර ලෙසින් විසුරුවා දක්වන අයෙකි.ව්‍යවසායකයා යනු නායකයෙක් ය.ශාස්ත්‍රඥ රොබට් රීච් විසින් නායකත්වය යනු කළමනාකරණයේ පොදු හැකියාව බවත්, කණ්ඩායම් ගොඩනැඟීම ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් සලකන ලදි. මෙම සංකල්පයේ ආරම්භය වී ඇත්තේ බික් හර්ඩ් කැන්වලියෝන් විසින් රචිත ඇසේ සර්ලා නැචුරේ ඩෝ කොමස් රේල් (1975) සහ "ජීන් බැප්ටිස්ට් සේ "යන කෘති වලින්ය. වඩාත් පොදු වශයෙන් පිළිගත් න්‍යායක් වනුයේ ඉඩ ප්‍රස්ථා සහ ඒවායේ වාසි ලබා ගැනීමට හැකි මනා ස්ථාවරයක සිටින මිනිසුන්ගේ එකතුවෙන් ඇතිවන ඉල්ලුම නිසා ව්‍යවසායකයන් මතුවන බවයි. ව්‍යවසායකයෙකුට යම් ගැටලුවක් විසඳා ගැනීමේදී එම ගැටළුව හඳුනාගත හැකි පුද්ගලයන් අවශ්‍යයි. එම පුද්ගලයන් ටිකදෙනා අතර ඔහු/ඇය සිටින බව හැඟී යා හැකි ය. මෙම මතය අනුව අනාගත ව්‍යවසායකයෙක් විය හැකි අය සඳහා තොරතුරු බෙදා හැරීම පිළිබඳ(ඒස්ට්‍රියන් ස්කූල් ඉකානොමික්ස්) සහ ව්‍යවසායකින් බිහිකිරිමේ වේගය වෙනස් කරන්නේ කෙසේද යන්න (මුල ධනය සඳහා පිවිසුම, තරඟය) සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ද විද්වතුන් ප්‍රධාන න්‍යායන් කරයි. ජෝසප් ස්කටන් විසින් ව්‍යවසායකයා යනු නම්‍යකරණය කරන්නා යනුවෙන් පවසා ඇත. |
සටහන්[සංස්කරණය]Entrepreneurරැම්සාර් සම්මුතියRamsar Conventionඅන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය, විශේෂයෙන් ජලජ පක්ෂීන්ගේ ස්වභාවික වාසස්ථාන සංරක්ෂණයConvention on Wetlands of International Importance, especially as Waterfowl Habitat'ලාංඡනයඅත්සන් කිරීම1971 පෙබරවාරි 2ස්ථානයරම්සාර් (ඉරානය)බලපැවැත්ම1975 දෙසැම්බර් 21 සිටකොන්දේසියරටවල් 7 කින් අනුමත කිරීමපාර්ශව168සන්ධාපනලාභියායුනෙස්කෝ අධ්‍යක්ෂක ජෙනරාල්භාෂාඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් හා රුසියන්ramsar.org/vteතෙත් බිමක්රැම්සාර් සම්මුතිය (අන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය) යනු, තෙත්බිම් සංරක්ෂණය කිරීම සහ ඒවා තිරසාර ලෙස භාවිතයට ගැනීම වෙනුවෙන්, ජාත්‍යන්තරව සකසා ගන්නා ලද සම්මුතියකි.[1] තෙත්බිම් බලයෙන් අල්ලාගැනීම, වර්ථමානයේදී හා අනාගතයේදී තෙත්බ්ම් විනාශයට පත් වීම වැළැක්වීම හා, තෙත් බිම් හී මූලික පාරිසරික විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයන් සහ ඒවායේ ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක සහ වින්දනීය වටිනාකම් හඳුනාගැනීම සඳහා, මෙම ගිවිසුම නිර්මාණය කොට ගෙන තිබෙයි. 1971 වසරේදී ගිවිසුම අත්සන් කල ස්ථානය වූ, ඉරානයේ රැම්සාර් (rams |
ar) නගරයේ නමින්, මෙම සම්මුතිය නම් කර ඇත.සම්මුතියට එළැඹීම[සංස්කරණය]1971 පෙබරවාරි 2 වන දින ඉරානයේ රම්සාර් හී, එරට පරිසර දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ සමුළුවකට සහභාගී වූ ජාතීන් විසින්, මෙම සම්මුතිය මුල්ම වරට වැඩිදියුණු කොට ක්‍රියාත්මක කල යුතු දෙයක් ලෙස සම්මත කර ගන්නා ලදී. 1975 දෙසැම්බර් 21 වන දින සිට මෙම සම්මත කර ගත් ගිවිසුම, බලාත්මක කිරීම ආරම්භ වුණි.රැම්සාර් සම්මුතිය සතුව නිත්‍ය කාරක සභාවක්, විද්‍යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවක් සහ මහලේකම් කාර්යාලයක් පවතියි. මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ, Gland හී පිහිටුවා තිබෙයි.රැම්සාර් තෙත්බිම්[සංස්කරණය]මේ වන විට (2013 නොවැම්බර් 2) අන්තර්ජාතිකව වැදගත් වන ලොව පුරා වූ තෙත් බිම් කලාප 2,168 පමණ ප්‍රමාණයක් (හෙක්ට්යාර් 206,632,105 පමණ වපසරියක), රැම්සාර් තෙත් බිම් ලෙස නම් කොට තිබෙයි.[1]වැඩිම රම්සාර් තෙත් බිම් ප්‍රමාණයක් සහිත රට එක්සත් රාජධානිය (තෙත් බිම් 169ක්) වන අතර; විශාලතම රැම්සාර් තෙත් බිම කැනඩාව සතු වෙයි. (වර්ග කිලෝ මීටර 130000 ක් පමණ විශාල).[2]ශ්‍රී ලංකාව[සංස්කරණය]ශ්‍රී ලංකාවේ බූන්දල හා මාදු ගඟ අවට තෙත් බිම් ප්‍රදේශය, මෙම ගිවිසුමට |
යටත් මෙරට පවතින රැම්සාර් තෙත් බිම් කලාප වෙයි.ගිවිසුම්ගත පාර්ශ්වකරුවන්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: රම්සාර් සම්මුතියේ ගිවිසුම්ගත පාර්ශ්වකරුවන්1971 වසරේදී ජාතීන් 21ක් දෙනෙකුගේ එකඟතාවකින් ආරම්භ කරන ලද මෙම සම්මුතියට, 1999 වර්ෂය වන විට සාමාජිකයියෝ 119 දෙනෙකුත්, මේ වන විට, සාමාජිකයෝ 168 දෙනෙකුත් සම්බන්ධව සිටිති.[3] සෑම වර්ෂ තුනකට වතාවක් මෙම සම්මුතියට අදාලව සමුළුවාර (Conference of the Contracting Parties (CCP)) පැවැත්වෙන අතර, ඉන් ප්‍රථම සමුළුව 1980 වසරේදී ඉතාලියේ, Cagliari හීදී පවත්වනු ලැබිණි. 1982 වසරේ පැරිස් සමුළුවාරයේදී හා 1987 Regina සමුළුවාරයේදී, රම්සාර් සම්මුතියෙහි මුල් එකඟතාවලට සංශා්ධන කිහිපයක් එක් කෙරුණි.[4]ජාත්‍යන්තර සංවිධාන සහකරුවන්[සංස්කරණය]ජාත්‍යන්තර සංවිධාන සහකරුවන් (International Organization Partners (IOPs)) ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන පහක් සමග, රැම්සාර් සම්මුතිය සමීප ලෙස කටයුතු කරයි. ඒවා නම් Birdlife International, පරිසර සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික එකමුතුව (International Union for Conservation of Nature (IUCN)), ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය (International W |
ater Management Institute (IWMI)), Wetlands International සහ WWF International (World Wide Fund for Nature) යන සංවිධාන වෙයි. විශේෂඥ තාක්ෂණික උපදෙස් ලබාදීම, ක්ෂේත්‍ර අධ්‍යයනයන් සඳහා දායක වීම හා මූල්‍යමය ආධාර ලබාදීම වැනි දෑ මගින්, මෙම ජාත්‍යන්තර සංවිධාන සහකරුවන්, රම්සාර් සම්මුතියට සිය දායකත්වය ලබා දෙයි. මීට අමතරව ඔවුහූ, රම්සාර් සම්මුති සමුළුවාරයන්හීදී නිරික්ෂණ සාමාජිකයින් ලෙසත්, විද්‍යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවේදී පූර්ණ සාමාජිකයින් ලෙසත් ක්‍රියා කරයි.මේවාද බලන්න[සංස්කරණය]ලෝක තෙත්බිම් දිනයතෙත්බිම්ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 රම්සාර් නිල වෙබ් අඩවිය, retrieved 2011-07-10↑ රම්සාර් කන්ට්‍රැක්ටිං පාර්ටීස්, retrieved 2009-11-07↑ http://www.ramsar.org/cda/en/ramsar-about-parties-parties/main/ramsar/1-36-123%5E23808_4000_0__↑ රම්සාර්: අ බ්‍රීෆ් හිස්ට්රි, retrieved 2009-11-07බාහිර සබැඳි[සංස්කරණය]රැම්සාර් සම්මුතිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.තෙත් බිම් පිළිබඳව රම්සාර් සම්මුතියරැම්සාර් ස්ටෑන්ඩිං කොමිටී ඇඩ්‍රස් ක්ලයිමේට් චේන්ජ්1 වැනි දලයි ලාමා වන ගෙන්ඩුන් |
ඩෘප්දලයි ලාමා යන තනතුර පිරිනමන්නේ 'ගෙලජ්' නම්වූ ටිබෙට් බෞද්ධ පාසලක ආධ්‍යාත්මික නායකයාටය.විශ්වාස කරන පරිදි මෙම පුද්ගලයා මියයන නැවත ඉපදෙන චක්‍රයෙන් නිදහස්ව සර්වඥතාවයට පැමින ජීවය පවත්වා ගෙන යන්නෙකි.තම විමුක්තිය සොයාගත් ඔවුන් නැවත මෙ මිහිතලයෙහි ඉපදෙන්නේ මානව වර්ගයාට ඉගැන්වීමටය.'ලාමා'(ගුරුවරයා යන තේරුම ඇති )යන තනතුර ප්‍රදානය කරනුලබන්නේ ටිබෙට් බෞද්ධ පූජකවරුන්ටයි.17 වන සියවස හා 1959 අතරමැද කාලය තුළ ටිබෙටයේ පාලකයා ලෙස, රටෙන් වැඩි කොටසක් පාලනය කිරීම සඳහා(ප්‍රධාන නගරය වන 'ලාසා'ද ඇතුලුව ) දලයි ලාමා පත්විය.1959 සිට මධ්‍යම ටිබෙට් පාලක මණ්ඩලයේ මුලසුන දැරීමටද දලයි ලාමාට හැකිවිය.දලයි ලාමා 'ගෙලජ්' පාසලේ ප්‍රධානියා ලෙස සැලකුවද මෙම තනතුර හිමිවන්නේ 'ගන්දෙන් ට්‍රිපා'ටය.ටිබෙට් ජාතිකයින් දලයි ලාමා 'ග්යල්වා රින්පොචෙ'('සුවිශේෂී ජයග්‍රහණය' ) යන විරුදවලියෙන් හෝ 'යෙශෙ නොර්බු' (ඉෂ්ටාපූර්තික මානික්‍යය )ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙතුමා පාප් වහන්සේටද සමාන කොට සලකනු ලැබේ.ආශ්‍රිත ලිපි[සංස්කරණය]XIV වන දලයි ලාමාA plot of a normal distribution (or bell curve). Each colored band has a width of one standard d |
eviation.සම්භාවිතාවයේ දී හා සංඛ්‍යානයේ දී සම්භාවිතා ව්‍යාප්තියක, සසම්භාවී විචල්‍යය, ගහනය හෝ අගයයන් සමූහයක සම්මත අපගමනය යනු අදාල අගයන්ගේ සංඛ්‍යාන විසිරුම දක්වන මිනුමකි. සම්මත අපගමනය සාමාන්‍යයෙන් σ අක්ෂරය මඟින් දැක්වෙන අතර විචලතාවයේ වර්ගමූලය ලෙස අර්ථදැක්වේ.සම්මත අපගමනය තේරුම් ගැනීම සඳහා විචලතාව, දත්ත ලක්ෂ්‍ය හා මධ්‍යන්‍ය අතර ඇති අන්තරයන්ගේ වර්ගයේ මධ්‍යන්‍යය සිහියේ තබා ගත යුතුය. විචලතාව වර්ග කළ ඒකක වලින් යුතුව වගු ගත කෙරේ. ඒ අනුව එහි වර්ගමූලය වන සම්මත අපගමනය මඟින් දත්ත අයත් වන ඒකක ඔස්සේම මධ්‍යන්‍යය වඩා දත්තවල විසිරුම මනිනු ලැබේ.වඩාත් විධිමත්ව ප්‍රකාශ කරන්නේ නම්, අගයන් සමූහයක් ඒවායේ අංක ගණිතමය මධ්‍යන්‍යයේ සිට දක්වන වර්ග මධ්‍යන්‍ය මූල අපගමනය සම්මත අපගමනය නම් වේ.උදාහරණයක් ලෙස {4, 8} ගහණය සඳහා මධ්‍යන්‍ය 6ක් වන අතර මධ්‍යන්‍යයේ සිට අපගමනය පිළිවෙලින් {−2, 2} වේ. එම අපගමනවල වර්ග අගයන් පිළිවෙලින් {4, 4} වන අතර එහි මධ්‍යන්‍ය (එනම් විචලතාව) 4ක් වේ. එබැවින් ඉහත අවස්ථාව සඳහා සම්මත අපගමනය 2කි. මෙම උදාහරණය සඳහා දී ඇති ගහනයේ අගයයන් 100% ක්ම මධ්‍යන්‍යයේ සිට එකම නියත සමමත අපගමනයක් සහිතව පිහිටයි.දත්ත |
සමූහයක අඩංගු අගයයන් කෙතරම් දුරකට විසිරී ඇත්දැයි මැනීමට යොදා ගන්නා සම්මත අපගමනය බහුලවම භාවිතා වන සංඛ්‍යාන විසිරුම මිනුම් ක්‍රමය වේ. දත්ත ලක්ෂ්‍යන් බහුතරයක් මධ්‍යන්‍යයට ආසන්න වේ නම් සම්මත අපගමනය කුඩා අගයයක් ගන්නා අතර දත්ත ලක්ෂ්‍ය බහුතරයක් මධ්‍යන්‍යයට ඈතින් පිහිටන විට සම්මත අපගමනය විශාල අගයයක් ගනී. සියළු දත්ත අගයයන් සම වන විට සම්මත අපගමනය ශුන්‍ය වේ.නියැදියක සම්මත අපගමන/ අපගමනයන් විකරණය කිරීමෙන් නියැදිය ලබාගත් ගහණය සඳහා සම්මත අපගමනය ඇස්තමේන්තු කළ හැක. ඒ සඳහා ගන්නා සමීකරණ පහත දක්වා ඇත.කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය සමහර පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් භාවිතා කළ යුතුය. ඉහත දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC කෝණය α වන අතර ACB කෝණය β බව රූපයෙන් පැහැදිලි වනු ඇත. එසේම CAB කෝණය අංශක 90ක් බැවින් මෙය ඍජු කෝණී ත්‍රිකෝණයක් සේ සැලකේ.ඇත්ත වශයෙන්ම යම්කිසි කෝණයක කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු එම කෝණයේ සයින්අගයේ ප |
රස්පරයයි. එනම් යම්කිසි කෝණයක කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු එම කෝණය සහිත ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය එම කෝණයට එහි විරුද්ධ පාදයෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලයයි. එනම් කෝසීකන අගය = කර්ණය / විරුද්ධ පාදයමෙම නීතිය ABC හා ACB යන කෝණවලට යෙදූ විටසෙක් α = BC / AC හා සෙක් β = BC / AB බව පැහැදිලි වනු ඇත. කෝණය අංශකවලින් දී ඇති විට, විශේෂ කෝණ කිහිපයක සෙක් අගයයන් පහත දැක්වේ.කොසෙක් 0 = අනන්තයට එළඹේ යැයි කියනු ලැබේ. කොසෙක් 30 = 2{\displaystyle 2}කොසෙක් 45 = 2{\displaystyle {\sqrt {2}}}කොසෙක් 60 = 23{\displaystyle {\frac {2}{\sqrt {3}}}}කොසෙක් 90 = 1{\displaystyle 1}මෙම ලිපිය වනාහි Integral ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.මෙම ලිපිය කලනයේදි යෙදෙන අනුකලනය පිළිබඳ මූලධර්ම සම්බන්ධයෙනි. අනුකලය (Integrati |
on) උසස් ගණිතයේ භාවිතා වන හර මූලධර්මයකි. විශේෂයෙන්ම කලනය, ගණිතමය විශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර වලදි යෙදේ. X යනු තාත්වික විචල්‍යක් වන අතර f(X) දෙනලද ශ්‍රිතයකි. [a,b] අන්තරය පවතින තාත්වික රේඛාවක අනුකලය, වේ.මෙය x=ax සහ x=b යන සිරස් රේඛා දෙක අතර xy කලය හා බැදි පවතින f හි ප්‍රස්ථාරයේ වර්ගඵලයට සමාන වේ. මෙහි x අක්ෂයටත් පහතින් වර්ගඵලය අඩු කරනු ලැබේ. ∫abf(x)dx{\displaystyle \int _{a}^{b}\!f(x)\,dx\,}F ශ්‍රිතයේ ව්‍යුත්පන්නය f ශ්‍රිතය ලෙස ලැබෙන විට අනුකලනය යන්නෙන් ප්‍රතිව්‍යුත්පන්නය සංකේතවත් කිරීමට යොමු කරයි. මෙවිට එය අනිශ්චිත අනුඵලය ලෙස දක්වයි. එම ලිපියේ දැක්වෙන්නේ නිශ්චිත අනුකලය පිළිබඳවය. සමහර ලේකඛයෝ එය ප්‍රතිව්‍යුත්පන්නය හා අවිනිශ්චිත අනුකලය අතර ප්‍රභෝදයක් ලෙස සලකයි. 17වන සියවස අගභාගයේදී අයිසැක් නියුටන් සහ ගොට්ෆයිඩ් ලිබ්නිස් (Gottfried Lebiniz) විසින් අනුකලයට අදාල මූලධර්ම නිර්මාණය කරන ලදී. කලනයේ මූලික ප්‍රමේයන් මඟින් එය ස්වාධීනව සංවර්ධනය වුන අතර අනුකලනය අවකලනය සමඟ සම්බන්ධ වීමද සිදු විය. එමෙන් ප්‍රතිවෘත්පන්නය දක්නාවිට එකවර ශ්‍රිතයක නිශ්චිත අනුකලය ගණනය කිර |
ිමටද හැකි විය. අනුකලය හා ව්‍යුත්පන්න කුලකයේ මූලික උපකරණ වූ අතර ඒවා විද්‍යාව හා ඉංජිනේරු කාර්යයන් වලදී නොයෙක් භාවිතාවන් සඳහා යෙදේ. අනුකලනය සඳහා දැඩි ගණිතමය අර්ථකථනයක් බර්නාඩ් රේමන් (Bernhard Riemann) විසින් ලබාදෙන ලදී. එය වක්‍ර රේඛාවකින් වටවූ වර්ගඵලයක් සිහින් සිරස් තීරු වලට බෙදා සීමාව ගැනීමෙන් ක්‍රමවේදයක් මත රඳා පවතී. දහනමවන සියවස ආරම්භයේදී අනුකලය සම්බන්ධ සංවර්ධිත මතයක් ඇති විය. එය ශ්‍රිතයේ වර්ගය අනුව හා වසම අනුව පොදු මූලධර්මය මත ගොඩ නැඟුණි.---Reference: http://en.wikipedia.org/wiki/Integralමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)ජාතික රාජ්‍ය යනු, නිශ්චිත දේශසීමාවක් තුළ විසූ, එක ම බසක් තෙපළූ, එක ම සංස්කෘතියකට අයත් ගෝත්‍ර කිහිපයක් ඇතැම් රජවරුන්ගේ පුරෝගාමීත්‍වයෙන් එක්සත් කිරීම තුළින් බිහිකරගත් රාජ්‍යයන් වේ.වැඩවසම් යුගයේ එක් එක් ප්‍රාදේශීය පාලකයන් යටතේ බලය විකේන්‍ද්‍රව පැවැතිණි. එනිසා තමා ජීවත්වන ප්‍රදේශයේ හෝ නගරයේ වැසියන් ලෙස සිතූ |
මිස එකමුතු ජාතියක් ලෙස හැඟීමක් නොවිණි. එනමුදු දොළොස්වන සියවසේ පමණ සිට විවිධ ක්‍ෂේත්‍රවල ඇතිවූ වෙනස්කම්වලට අනුරූපව දේශපාලන ක්‍ෂේත්‍රයේ වූ පෙරළිය ජාතික රාජ්‍ය හෙවත් නව රාජාණ්ඩු ක්‍රමය යි.ඒ අනුව, පෙර තිබූ විවාහ සම්බන්ධතා, යුඬ, උරුමය ආදී නොයෙකුත් උපක්‍රම අනුගමනය කරමින් එක් පාලකයෙකු යටතේ එක්සත් කිරීමේ ක්‍රියාවලියක් දක්නට ලැබිණි.ලක්‍ෂණ[සංස්කරණය]රජු වෙත බලය සංකේන්‍ද්‍රනයවී පැවතීම.රජවරුන්ගේ උපදේශකයන් හා රාජ්‍ය සේවකයන් සම්බන්‍ධයෙන් ඇතිවූ වර්ධනය.නව සමාජ පන්ති බිහිවීම.රජුට ස්ථිර යුද්ධ හමුදාවක් සිටීම.ක්‍රිස්තු සභාවේ ආධිපත්‍යය බිඳවැටීම.ස්වයංපෝෂිත භාවය ඇතිවීම.ආකලන බහු අවයවීකරණය නැතහොත් බහු ආකලනය හෝ දාම වර්ධන බහු අවයවීකරණය ලෙසින්ද හඳුන්වයි.මෙහි n යනු බහු අවයවීකරණයේ ප්‍රමාණයයිඒ අසංතෘප්ත ඒක අවයව අණුවක්, වර්ධනය වන බහු අවයවික දාමයකට වරකට එක බැඟින් එකතු වීමේ (බහු අවයවීකරණය වීමේ) තාක්ෂණික ක්‍රමය නිසයි. එය පහත රසායනික සමීකරණයෙන් නිරූපණය කළ හැකිය.ලක්ෂණ[සංස්කරණය]ආකලන බහු අවයවීකරණය එකිනෙකට වෙනස් පියවර තුනකින් සිදුවේ.දාම ආරම්භය, සාමාන්‍යයෙන් ආරම්භයක අරුතෙන්ම රසායනික ක්‍රියාවලි ආරම්භ කිරීම ස |
ිදු කරයි. අපේක්ෂිත ආරම්භක යනු විස්ථායී කාණ්ඩය සහිත ඕනෑම කාබනික සංයෝගයක් විය හැකිය. උදා - ඇසෝ (-N=N-), ඩයිසල්පයිඩ් (-S-S-), හෝ පෙරොක්සයිඩ් (-O-O-) උදාහරණ දෙකක් වනුයේ බෙන්සොයිල්, පෙරොක්සයිඩ් හා AIBN ය.දාම ප්‍රචාරණය.දාම අවසානය, මෙය සිදු වන්නේ සංයෝජනයෙන් හෝ ද්විදාමකරණයෙනි. ඛණ්ඩක බහු අවයවීකරණයේ දී අවසානය සිදුවන්නේ මුක්ත ඛණ්ඩක සංයෝජනයෙන් වන අතර එය බහු අවයවීකරණ ක්‍රියාවලියේ අවසානය වේ.සමහරක් දාමවල පැති ප්‍රතික්‍රියා සිදු විය හැක. උදා - ඒක අවයවකට දාම හුවමාරුව, ද්‍රාවකයකට දාම හුවමාරුව හා බහු අවයවයකට දාම හුවමාරුව · සංගණන බහු අවයවීකරණයේ දී (පියවර - වර්ධන බහු අවයවීකරණය ලෙස ද හඳුන්වන) මෙන් නොවඅඩු පරිවර්තනයක දී වැඩි අණුක භාර සහිත බහු අවයවික නිර්මාණය වේ.H2O වැනි කුඩා අණු මේ ක්‍රියාවලිය තුළ දී ඉවත් නොවේ.වර්ධනය වන දාමයට එකතු වන නව ඒක අවයව එයට සම්බන්ධ වන්නේ පහත දැක්වෙන ප්‍රතික්‍රියාකාරී ක්‍රියාකාරී කේන්ද්‍ර හරහාය.ඒ අනුවමුක්ත ඛණ්ඩක ආකලන බහු අවයවීකරණයේ දී මුක්ත ඛණ්ඩකකැටායනික හරහාත් ආකලන බහු අවයවීකරණයේ දී කාබො කැටායනයඇනායනික හරහාත් ආකලන බහු අවයවීකරණයේ දී කාබො ඇනායනය හරහාත්,දායක බහු අවයවීකරණයේ දී ක |
ාබනික ලෝහ සංකීර්ණ හරහාත් මෙය සිදුවේ.ඒක අවයවයක අනුව පහත ඒවායින් එකක් විය හැකිය.එතිලීන් හෝ ඇසිටලීන් වැනි අසංතෘප්ත සංයෝග අසංතෘප්ත බව පෙන්වා ඒවා ප්‍රතික්‍රියාශීලී කරවයි. වයිනයිල් බහු අවයවිකය බලන්න.ඇලි චක්‍රීය සංයෝග, වළලු - විවෘත කිරීමේ බහු අවයවීකරණය බලන්න.දී ඇති විශේෂිත ප්‍රතිකාරක හා ප්‍රතික්‍රියා තත්ත්ව යටතේ ආකලන බහු අවයවීකරණය, සජීවී බහු අවයවීකරණයක් ලෙස සැලකේ. නිෂ්චිත උච්ඡ සීමාවකට වඩා වැඩි උෂ්ණත්වවලදී බහු අවයවීකරණය සිදු නොවේ.සටහන්[සංස්කරණය]| Addition polymerization|}පුළුල් ප්‍රදේශ ජාලය යනු සම්පත් විශාල ප්‍රමාණයක් රටක විශාල ප්‍රදේශයක් පුරා හෝ ජාත්‍යන්තරව සේවයේ යොදවා ඇති ජාලයකි. විවිධ රටවල ඇති ඔවුන්ගේ කාර්යාල සම්බන්ධ කිරීමට WAN යොදා ගන්නා බහු ජාතික ව්‍යාපාර මේ සදහා නිදසුනකි. WAN සදහා විශාලතම හා හොදම උදාහරණ වන්නේ අන්තර් ජාලයයි. එය කුඩා ජාල විශාල සංඛ්‍යාවකින් සැදුම් ලත් ජාලයකි. අන්තර් ජාලය ලෝකයේ විශාලම ජාලය ලෙස සැලකේ. PSTN (පොදු හුවමාරු දුරකථන ජාලය) ද අන්තර්ජාල තාක්ෂණයට එකතු වෙමින් පවතින අතිශය විශාල ජාලයකි. නමුත් එය සිදුවන්නේ පොදු අන්තර් ජාලය තුළින් නොවේ.පුළුල් ප්‍රදේශ ජාලයක |
ට විවිධ තාක්ෂණ භාවිතයෙන් පුළුල් පරාසයක් භාවිතයෙන් සිදුකරන සන්නිවේදනය ඇතුළත් වේ. මෙම තාක්ෂණ වලට පොයින් - ටු - පොයින්ට් ප්‍රෝටෝකෝල (PPP) හා උසස් තත්ත්වයේ දත්ත සබැඳි පාලක (HDLC) වැනි පොයින්-ටු-පොයින්ට් WAN, ෆේට් රිලේ, ATM (අසමකාලික ජාල) ආදිය ඇතුලත් වේ. WAN තාක්ෂණය අතර වෙනස පදනම් වන්නේ ඔවුන් සිදුකරන හුවමාරු හැකියා හා තොරතුරු (Data) බිටු (bits) යැවීමේ හා ලැබීමේ වේගය මතයි. WAN පිලිබඳ වැඩි විස්තර සදහා ෆ්‍රේම් රිලේ, ATM හා සොනට් බලන්න. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Computer_networking#Wide_area_network_.28WAN.29ගොනුව:504px-Pinguiculagrandiflora1web.jpgPinguicula grandifloraඋද්භිද විද්‍යාව (ඉංග්‍රීසි: Botany) යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. උද්භිද විද්‍යාව ශාක විද්‍යාව හෝ ශාක ජීව විද්‍යාව ජීව විද්‍යාඥ ශාඛාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්‍යාව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්‍යුය, වර්ධනය, පර්ෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවත |
ින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උද්භිද විද්‍යාව හා ශාක විද්යාදව ගෝතරිදහසක වහරේ පටන් ඇරඹි අතර කෑමට සුදුසු ඖෂධීය ගුණ ඇති හා විෂකුරු ශාක හඳුනා ගැනීම එය තුල විය. එනිසා උද්භිද විද්යා ව පැරණිතම විද්යාගව ක් ලෙස සැළකේ. ශාක සඳහා වූ මේ පෞරාණික අභිරුචියේ පටන් 550,000 වැඩි ජීවී විශේෂ පිළිබඳ වූ අධ්‍යයනයක් දක්වා උද්භිද විද්යා විෂය ක්ෂේත්‍රයන් වර්ධනයට ලක්විය.ඉතිහාසය[සංස්කරණය]ශාක වර්ගීකරණය සඳහා වූ මූලික උදාහරණ ඍග් වේදයෙන් හමුවේ. එමගින් ශාක ව්‍රවස්ක (ගස්) , ඕෂධී (ඖෂධ) හා විරූඪ (වැල් වර්ග) ලෙස බෙදා වෙන් කරන ලදී. මෙම කොටස් නැවතත් අනුකොටස් වලට බෙදී ඇත. අථර්වේදය විසින්, ශාකයන්, කොටස් අටකට බෙදන ලදී. එනම් විසාකා (අතු විහිදුනු), මංජරී (දිගු පොකුරු ලෙස පත්‍ර දරන), ස්ථම්භිනී (පඳුරු), ප්‍රස්තනාවතී (පැතිරෙන), ඒකශ්‍රන්ග (ඒක පාදී ලෙස වර්ධනය වන), පරාය තනවාටී (වැල්), අම්සුමතී (අංකුර බහුල), හා ඛන්ඩිනී (ගැට සහිත සන්ධි සහිත ශාක) ලෙසය |
. තෛතරිිරරය සංහිතාව ශාක රාජධානිය වෘක්ෂ වන ධරෑඩම (ශාක), විශාක (අතු පතර විහිදෙන පඳුරු), සස (ඖෂධ), අංශුමාලි (පැතිරෙන හෝ අවද්රාවෙණ ශාක), වරදී තති (ආරෝහක), ස්ථම්භිනී (ගොමුවන් පඳුරු), පරා් තනවටී (වැල්) හා අලසලා (බිම දිගේ වැඩෙන) ලෙස වර්ග කරනු ලැබීයමනුස්මෘති විසින් ශාක කාණ්ඩ අටකට බෙදා වර්ගකරන වර්ගීකරණයක් යෝජනා කරනු ලැබීය. චරක සංහිතා සුශරැාකතත සංහිතා හා වෛශාක්යී ද විවිධාකාරයේ වර්ගීකරණ කරජධ ම යෝජනා කළෝ ය. වෘක්ෂායුර්වේදය (ශාක ජීවිත පිළිබඳ විද්යාවව) ලියූ පරශාර, ශාක ද්විමතරිකරජක (ද්වි බීජ පතරි) හා ඒක මතරිෂායක (ඒක බීජ පතරී ාත) ලෙස වර්ග කරනු ලැබීය. එම කොට්ඨාස තවදුරටත් සමඝනීය (ෆැබසියේ කුලය), පුප්ලිකඝනිය (කෘසිෆර් කුලය ), තරිී පුෂ්ප ඝනිය (කුකුර්බිටේසි කුලය), මල්ලිකාඝනිය (ඇපොසිනාසේ කුලය) හා කුර්කපුෂ්පඝනිය (ඇස්ටෙරාසේ කුලය) ලෙස බෙදනු ලැබීය.ක්‍රි.පූ. 300 පමන ලියැවුණු යුරෝපයේ පැරණිතම උද්භිද විද්‍යාත්මක කෘති අතර තියෝපරැන ස්ටස් විසින් රචිත විශාල නිබන්ධන දෙකක් විය. ඒවා නම් ශාක ඉතිහාසය පිළිබඳව හා ශාක නිදාන පිළිබඳව යි. මෙම කෘති දෙක අඳුරු යුගයේ හා මධ්‍යතන යුගයට පැමිණෙන තුරුම උද්භිද විද්‍යාව සඳහා පෘථුල දායකත්වයක් |
සැපයී ය. රෝමානු වෙවද්‍ය ග්‍රන්ථ රචක ඩයොස්කොරිඞ්ස් ඖෂධ පැලෑටි සඳහා වූ ග්‍රීක හා රෝම දැනුම පිළිබඳ වැදගත් සාධක සපයයි.අතීත චීනයේ විවිධ ශාක හා ඖෂධ වට්ටෝරු පිළිබඳ ඉතිහාසය අවම වශයෙන් ක්‍රි.පූ. 481 - ක්‍රි.ව. 221 අතර වූ යුධ පරාි න්ත දක්වා දිවෙයි. සියවස් ගණනාවක් පුරා බොහෝ චීන කතුවරු ශාක ඖෂධ පිළිබඳ ලිඛිත දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය සැපයීය. හන් රාජ වංශයේ (ක්‍රි.පූ. 202 - ක්‍රි.පූ. 220) හුඑන්ග්ඩි නෙයිජිං විසින් රචිත කෘති හා දෙවන සියවසේ සුපර්තුකරභපූට ඖෂධවේදී සැන්ග‘ සොන්ජින්ග් මේ අතර පර0ය කට වෙයි. 11වන ශතවර්ෂයේ විද්‍යාඥ හා රාජ තාන්තරි ක සු සොන්ග් හා ෂෙන් කු ඕ ශාක ඖෂධ හා ඛනිජ විද්‍යාවේ භාවිත පිළිබඳ නිබන්ධන සකස් කළෝය.මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුණු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්යාකයවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශරපාර ගේ උපස්කාර විශේෂ වෙයි.1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක සෛල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බිර |
රලදතාන්යු ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය. 1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.නූතන උද්භිද විද්‍යාව[සංස්කරණය]Arabidopsis Thaliana වැනි ආදර්ශ ශාක අධ්‍යයනය තුලින් වැදගත් දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට හැකිවී ඇත අබ පවුලට අයත් මෙම වල් ශාකය ගෙනෝම අනුපිළිවෙල සොයාගත් මුල්ම ශාක වලින් එකකි' වී (ඔරයිසා සැටයිවා) ගෙනෝමය සොයාගැනීමත් සමග විශාල ජාත්‍යන්තර ගවේෂණ ප‍්‍රජාවක් සහල් ඒක බීජ පත‍්‍රික දර්ශීය ව්‍යුහය බවට පත් කරලීය' තවත් තෘණ විශේෂයක් වන Brachypodium Distachyon ද සෞම්‍ය කලාපීය තෘණ වර්ගයන්හි ජානමය සෛලය හා අණුක ජීව විද්‍යාව හඳුනා ගැනීම සඳහා පර්යේෂණාත්මක ආදර්ශයක් ලෙස භාවිතා වෙමින් පවතී' තිරිගු මේසa බාර්ලි රයි හා පර්ල් මිලට් වැනි අනෙකුත් වානිජ වශයෙන් වැදගත් ප‍්‍රධාන ආහාර ද තම ගෙනෝම අනුපිළිවෙල වෙන් කරගෙන සිටිති' මෙයින් ඇතැම් ශාක ගෙනෝම අනුපිළිවෙලට අභියෝග කරමින් ද්විගුන වර්ණ දේහ දැරීම වෙනුවට වර්ණදේහ යුගල් වැඩි සංඛ්‍යාවක් දරමින් බහුගුනතාවය පෙන්වයි' මෙය ශාක රාජධානිය තුල සමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි' |
ඒක සෛලය හරිත ඇල්ගාවක් වන Chlamydomonas reinhardt අධික ලෙස අධ්‍යයනයට ලක්වූ සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ වැදගත් එළිදරවු සපයාදුන් තවත් ශාක දර්ශයකි'1998 දී ආවෘත බීජක වංශප‍්‍රවේණික කණ්ඩායම ^the Angiosperm Phylogeny Group) බොහෝ සපුෂ්ප ශාක ගෝත‍්‍රවල ඩී ඒන් ඒ අනුපිළිවෙල පදනම් කරගෙන සපුෂ්ප ශාක වල වංශප‍්‍රවේණිය පළකරනු ලැබීය' මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ආවෘත බීජක ශාක වල පුරාණතම ශාකා නියෝජනය කරන්නේ කුමන ගෝත‍්‍ර ද බඳු වැදගත් ගැටළු අවබෝධ කරගැනීමට හැකිවී ඇත' ශාක විශේෂ එකිනෙකට කෙතරම් බන්ධුතාවයක් දක්වන්නේ ද යන්න සෙවීම උද්භිද විද්‍යාඥයන්ට ශාක පරිණාම ක‍්‍රියාවලිය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයකට මග පාදයි.උද්භිද විද්යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම[සංස්කරණය]ජීව විද්‍යාවේ ඇති අනෙකුත් ජීවී ආකාර මෙන්ම ශාක ජීවීන් ද විවිධ කෝණයන්ගෙන් අධ්‍යයනය කළ හැක. එය අණුක , ජානමය සහ ජීව රසායනයෙන් පටන්ගෙන ඉන්ද්‍රියිකා, සෛල , පටක, ඉන්ද්‍රියයන්, ඒකයිකයා, ශාක ගහනය සහ ශාක ප්‍රජාවන් දක්වා වේ. මේ සෑම මට්ටමක දීම උද්භිත විද්‍යාඥයා විසින් ශාක ජීවිතය හා වර්ගීකරණය, ව්‍යුහ විද්‍යාව , රූප විද්‍යාව සහ කායික විද්‍යාව ගැන සැලකිලිමත් විය යුත |
ුය.ඉතිහාසයේ දී උද්භිද විද්‍යාව , සත්වයකු නොවන සෑම ජීවියකු පිළිබඳවම ආවරණය කරන ලදී. මින් සමහරක් ජීවීන් තවදුරටත් ශාක රාජධානියට අයත් නොවන ලෙස වෙන් කර ඇත. එනම් දිලීර (දැනට දිලීර විද්‍යාව යටතේ හදාරයි), ලයිකන (ලයිකන විද්‍යාව) බැක්ටීරියා (බැක්ටීරියා විද්‍යාව /බැක්ටීරියාවේදය) , වයිරස(වයිරස විද්‍යාව) සහ දැනට ප්‍රොටිස්ටාවන් ලෙස කාණ්ඩ කර ඇති ඒක සෛලික ඇල්ගී යනාදියයි. කෙසේ වෙතත් උද්භිද විද්‍යාඥයින් තව දුරටත් මේවා ගැන සැලකිලිමත් වන අතර දිලීර,ලයිකන , බැක්ටීරියා සහ ප්‍රභාසංස්ලේෂණය කරන ප්‍රොටි ස්ටාවන් උද්භිද විද්‍යාව මූලික පාඨමාලා යටතේද සාමාන්‍යයෙන් ආවරණය වේ.කරුණු කිහිපයක් නිසා ශාක ගැන අධ්‍යයනය ඉතා වැදගත් වේ. ශාක, පෘථිවියේ ජීවයේ මූලික අංගයකි. අනෙක් උසස් ජීවීන් ගේ දිවි පැවැත්ම උදෙසා අවශ්‍ය වන ඔක්සිජන්, ආහාර, කෙඳි වර්ග, ඉන්ධන සහ ඹෟෂධ මේ ශාක මගින් උපද්දවයි. ශාක ප්‍රභාසංස්ලේෂණයේ දී කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර සුළු හරිතාගාර වායුවක් වන මෙය විශාල ප්‍රමාණයන් වුවහොත් ගෝලීය දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති කළ හැක. ශාකවල පරිණාමයේදී පෘථිවි වායුගෝලයේ වෙනස්කම් ඇති කළ බවට විශ්වාසයක් පවතී. පුරාඋද්භිද විද්‍යාඥ |
යන් පොසිල වාර්තා මගින් ඉපැරණි ශාක පිළිබඳ අධ්‍යයනයක යෙදේ. ශාක ගැන මනා වැටහීමක් ඇති වීම අනාගත මානව සංහතියට වැදගත් වන අතර එය පහත දැක්වෙන ආකාරයෙන් අපට උපකාරී වේවැඩිවන ජනගහනයට පෝෂණයට අවශ්‍ය ආහාර නිපදවීමමූලික ජීවයක ක්‍රියා සන්තතිය වටහා ගැනීමරෝග සහ අනෙකුත් අසනීප සඳහා අවශ්‍ය වන ඹෟෂධ නිපදවීමපරිසරාත්මක වෙනස්කම් වඩාත් පැහැදිලි ලෙස හඳුනාගැනීමඋද්භිද විද්‍යාවේ උපප්‍රභේද[සංස්කරණය]ශෂ්‍ය විද්‍යාවබ්‍රයෝ විද්‍යාවවෘක්ෂ විද්‍යාවආර්ථික උද්භිද විද්‍යාවමානවවංශ උද්භිද විද්‍යාවවන විද්‍යාවඋද්‍යාන විද්‍යාවලයිකන් විද්‍යාවශාක භෞතවේදයදිලීර විද්‍යාවව්‍යාධිවේදයඇල්ගී විද්‍යාවශාක රසායන විද්‍යාවශාක ව්‍යුහවිද්‍යාවපරිසර විද්‍යාවශාක ජාන විද්‍යාවශාක රූප විද්‍යාවශාක වර්ගීකරණයමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (09 බදාදා 2010 ජූනි)ප්‍රහාරක යානවන්හි අඛණ්ඩව ඉහළ නගින මිල හා F-4 Phantom II යානවන්හි සර්ථකත්වය මත පදනම්ව මෙම අවධිය තුළදී බහුකාර්යය ප්‍රහාරක බොහෝ සෙය |
ින් ප්‍රචලිත වූ අතරම විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය වූ ගුවන්යානාවන්ටද බහුකාර්යය හැකියාවක් පැවතිණි. (උදා: F-4). MiG-23 සහ Panavia Tornado යන ප්‍රහාරක විවිධ කාර්යයන් සඳහා විශේෂිත වූ ආකාර දැරූ අතර F/A-18 Hornet හා Dassault Mirage 2000 යන යානා සැබෑ බහුකාර්යය යුධයානා විය. මෙය ගොඩබිම් හා ගුවන් ආකාර අතර සිදුකල හැකි සියුම් හුවමාරු වීම මත වර්ධනය වීම සිදුවිය. සංවර්ධනය සඳහා වූ මිල ඉහළ යාමත් සමඟම බහුකාර්යය ගුවන්යානා සංවර්ධනය සඳහා අර්ථිකය යොමු විය.පෙර යුග වලදී මෙන් නොව, නවීනතම සුපිරි ගුවන්යානා කාර්යශූර ප්‍රහාරක ලෙස නිර්මාණය වූ අතර MiG-23 සහ Panavia Tornado යානවන් සාමාන්‍ය තත්වයෙන් විකරණය වූ ඒවා විය. Fly-by-wire controls සහ relaxed stability යන ආකාර නවීනතම ප්‍රහාරක අතර සුලබ විය. මෙම ගුවන්යාන බොහොමයක් "සිව්වන පරම්පරාවෙ"හි ජෙට් ප්‍රහාරක යානා විය. අනෙක් විශේෂිත වූ විප්ලවය සිදුවූයේ උපාංග ප්‍රමිතිකරණය සහ නඩත්තුකිරීම සඳහා වූ විශ්වසනීයත්වය මතය. ඇතම් මුල් යුගයේ ජෙට් ප්‍රහාරක ගුවන්යානා ගුවන්ගත පැයක කාලයක් සඳහා බිම් සේවකයින්ගේ මිනිස් පැය 50ක කාර්යයක් අවශ්‍ය වූ අතර පසු කාලීන යානා වේගවත් පියාසර කාලයන් හා එක් ද |
ිනක එල්ල කරන්නාවූ ප්‍රහාරක සංඛ්‍යාව වැඩි කරලීම සඳහා භාවිතා කලාවූ මිනිස් පැය ගණන අවම කරවීය. ඇතම් නූතන යුධ ගුවන්යානා පැයක ගුවන්ගත කාලයක් සඳහා අවශ්‍ය කරනුයේ මිනිස් පැය 10ක් පමණක් වන අතරම ඇතැම්වා මීටත් වඩා බොහෝසෙයින් කාරයක්ෂම විය.සැලකියයුතු ගුවන්යානා:· France o Dassault Mirage 2000/2000N/2000D · India o HAL Tejas · People's Republic of China o Shenyang J-11 'Flanker' · Republic of China (Taiwan) o AIDC F-CK-1 Ching-kuo · Soviet Union o Mikoyan MiG-29 'Fulcrum'o Mikoyan MiG-31 'Foxhound' o Sukhoi Su-27/33 'Flanker' · United Kingdom / Germany / Italy o Panavia Tornado · United States o Grumman F-14 Tomcat o McDonnell Douglas F-15 Eagle o General Dynamics / Lockheed Martin F-16 Fighting Falcono McDonnell Douglas F/A-18 Hornet o Northrop F-20 Tigersharkඉගැන්වීමට යොදා ගන්නා මුලු මනින්ම සම්බන්ධ කළ මිනිස් ඇට සැකිල්ලක් සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුන්, දන්ත වෛද්‍ය වරුන්, භෞත චිකිත්සක හෙදියන් ,අනුපුරක වෛද්‍ය විකිරන වේදීන්, කලාකරුවන් සමහර ජීව විද්‍යා අංශ වල යෙදෙන සිසු |
න් දල කායවිච්ජේද විද්‍යා ආකෘති, ඇටසැකිලි, පොත් පින්තූර පොටෝ, දේශණ, පන්ති මගින් ඉගෙන ගනිති. අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව හෙවත් පටක විද්‍යාව ප්‍රයෝගිකව අන්වීක්ෂ වලින් කලින් සාදා ගත් පටක නිරීක්ෂණය කර දැනුම ලබාගනිති. ඊට අමතරව වෛද්‍ය හා දන්ත සිසුන් මෘත ශරීර කපා, නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම ලබාගනිති. සෑම වෛද්‍ය වරයෙක්ම කායවිච්ජේදනය පිළිබද තමන්ම හවුල් වී (ඉහත ක්‍රියාකාරකම් වල) දැනුමක් ලබාතිබිය යුතුය. විශේසයෙන් ශල්‍ය වෛද්‍ය වරුන් විකිරණ වේද පටක ව්‍යාධි වේදය ආදි විශේෂිත රෝග නිර්ණය කිරීමේ අංශ වල නියැලුන වෛද්‍ය වරුන්ට මේ දැනුම අනිවාර්යය වේ. මානව කාය විච්චේද විද්‍යාව කායික විද්‍යාව, ජීව රසායනය අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය විද්‍යාවන් වේ. කායවිවච්ජේද විද්‍යාව ශරීරයේ ඇති ස්ථාන අනුව හෝ පද්ධති අනුව උගන්වයි. එනම් ශරීර පෙදෙස් වු හිස, පපුව ආදි ලෙස හෝ ස්නායු, ශ්වසන පද්ධතිය ලෙසය. කාය විවච්ජේද විද්‍යාවට ඇති ප්‍රධානතම පොත නම් ග්‍රේ ගේ කායවිවච්ජේද විද්‍යාව එය පද්ධති මට්ටමින් හා ප්‍රදේශ මට්ටමින් නවතම ඉගැන්වීමේ ක්‍රම මගින් නවීකරණය කර ඇත.ගංගොඩග්‍රාමයරට ශ්‍රී ලංකාවපළාතමධ්‍යම පළාතවේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC |
+5:30)ගංගොඩ යනු, ශ්‍රී ලංකාවේ පිහිටි ග්‍රාමයකි. එය පහිටා ඇත්තේ, මධ්‍යම පළාත තුලය.මෙයද බලන්න[සංස්කරණය]ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි නගර ලැයිස්තුවබාහිර සබැඳි[සංස්කරණය]ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව තුල පිහිටුම මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteචන්ද්‍රයාන්-2 (සංස්කෘත: चंद्रयान-२, වාච්‍යාර්ථ: සඳ-යානය[1][2] ශබ්ද කිරීම (උදවු·විස්තර)) යනු, ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය (ඉඅපසං) (ISRO) සහ රුසියානු ෆෙඩරල් අභ්‍යාවකාශ කාර්යාංශය(රුෆෙඅකා) (RKA) විසින් යෝජිත හා 425 කෝටිය (US$80 මිලියන) ක ප්‍රයුක්තික වැයක් සහිත ඒකාබද්ධ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමකි.ආශ්‍රිත[සංස්කරණය]↑ "චන්ද්‍ර". ස්පෝකන් සැන්ස්ක්‍රිට්. සම්ප්‍රවේශය 2008-11-05.↑ "යානා". ස්පෝකන් සැන්ස්ක්‍රිට්. සම්ප්‍රවේශය 2008-11-05.විදුලි ඉංජිනේරු විද්‍යාවෙහි, ප්‍රවේශ්‍යතාවය යනු, කිසියම් පරිපථයක් විසින් ධාරාව ගැලීම සඳහා කෙතරම් පහසුවෙන් ඉඩ සලසනාවාදැයි යන්නෙහි මිනුමකි. එය අර්ථ දක්වා ඇත්තේ සම්බාධකයෙහි ප්‍රතිලෝමය ලෙසිනි. ප්‍රවේශ්‍යතාවයෙහි |
එස්අයි ඒකකය, සීමන්ස් (සංකේතය S) වෙයි. ඔලිවර් හෙවිසයිඩ් විසින් 1887 දෙසැම්බර් මසදී ප්‍රවේශ්‍යතාවය යන පදය ටංකනය කළේය. [1]Y≡1Z{\displaystyle Y\equiv {\frac {1}{Z}}\,}මෙහිY යනු ප්‍රවේශ්‍යතාවය වන අතර, සීමන්ස් වලින් මනිනු ගැබේZ යනු සම්බාධකය වන අතර, ඕම් වලින් මනිනු ලැබේසංකේතය ℧ (මහකුරු ඔමෙගා Ω හි උඩු-යටිකුරු පෙරලීම) සහිත, තුල්‍යාර්ථ මෝහ් ඒකකයද, බහුල භාවිතයේ පවතියි.ආශ්‍රිත[සංස්කරණය]↑ උෂිඩා, ජුන්; ටොකුෂිමා, මෂාටොෂ්; ෂිරේන්, මසායුකි; ගොම්යො, අකිකො; යමාඩා, හිරොහිතෝ (2003). "ඉම්මිටන්ස් මැචිං ෆෝ මල්ටිඩයිමෙන්ෂනල් ඕපන් සිස්ටම් ෆොටෝනික් ක්‍රිස්ටල්ස්". පිසිකල් රිවිව් B. 68 (15). doi:10.1103/PhysRevB.68.155115.බුද්ධගයාबोधगयाනගරයමහාබෝධි විහාරයබුද්ධගයාShow map of ඉන්දියාවබුද්ධගයාShow map of බිහාරයඛණ්ඩාංක: 24°41′42″N 84°59′29″E / 24.695102°N 84.991275°E / 24.695102; 84.991275ඛණ්ඩාංක: 24°41′42″N 84°59′29″E / 24.695102°N 84.991275°E / 24.695102; 84.991275රටඉන්දියාවප්‍රාන්තයබිහාර්දිස්ත්‍රික්කයගයාසරිය • මුළු249 කිමී2 (96 සතරැස් සැත)ජනගහණය(2011) • මුළු38,434 • ඝණත්වය |
Bad rounding here150/කිමී2 (Bad rounding here400/වර්ග සැත)භාෂා • නිලමාගධී, හින්දිවේලා කලාපIST (UTC+5:30)බුද්ධගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයෙහි නගරයකි. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ නිසා එම නගරය ප්‍රසිද්ධියට පත් වී ඇත. ඓතිහාසිකව එය හැඳින්වුයේ බෝධි මණ්ඩ යනුවෙනි (බෝධිය වටා බිම) එහි අති විශාල භික්ෂු සංඛ්‍යාවක් වැඩ සිටියහ. බුද්ධගයාවේ ප්‍රධාන භික්ෂු ආරාමය හඳුන්වන ලද්දේ බෝධි මණ්ඩ විහාරය යන (පාලි) නාමයෙනි. දැන් එය මහා බෝධි විහාරය නමින් හැඳින් වේ.බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. අනික් ස්ථාන වන්නේ කුශිනගර්, ලුම්බිණි සහ සාරානාත් යන ස්ථානයි. 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි.බෞද්ධ පරම්පරාගත කථා අනුව ක්‍රි.පු. 500 දි පමණ ශාක්‍ය කුමාරයෙකු වූ සිද්ධාර්ථ ගෞතම, භික්ෂුවක මෙන් සංචාරය කරද්දි 'ගයා' ආසන්නයේ වු ෆල්ගු නදියෙහි ඉවුරට පැමිණියේය. එහි බෝ රුකක් යට සිද්ධාර්ථ බෝසත්හු භාවනායෝගිව වැඩ සිටියහ. දින තුනක් සහ රාත්‍රි තුනක් මෙසේ භාවනානුයෝගීව සිටීමෙන් අනතු |
රුව සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත්ව උන් වහන්සේගේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගත්තහ. ඉන් පසු සති හතක් තිස්සේ ඒ අසලම ස්ථාන හතක භාවනා කරමින් තම අත්දැකිම් නැවත නැවත සිහි කරමින් කල් ගත කොට අවසානයේ සාරානාත් වෙත ගොස් තමන්ගේ ධර්මය (බුද්ධ ධර්මය) දේශනා කිරීම ආරම්භ කළේය.හින්දු දින දර්ශනය අනුව වෙසක් මස පුර පසොලොස්වක දිනයක බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය වෙත ගෞතම සිද්ධාර්ථයන්ගේ සිසුහු පැමිණුනාහ. කල් ගත වත්ම එම ස්ථානය බුද්ධගයා නමින්ද බුද්ධත්වයට පත් වූ දිනය බුද්ධ පූර්ණිමා ලෙසද එම වෘක්ෂය බෝධිය ලෙසින්ද හැඳින්වීම ආරම්භ වුනේය.බොහෝ වාර්තා වල සහ වන්දනාකරුවන්ගේ සටහන් වල බුද්ධගයාව ගැන තොරතුරු ඇතුලත් වී ඇත. චීන වන්දනා කරුවෙකු වූ ෆාහියන්ගේ (5 සියවස) සහ හියුං සෑං (7 වෙනි සියවස) ගේ සටහන් වලට මෙයින් ප්‍රධාන තැනක් හිමි වේ. 13 වන සියවසේදි තුර්කි හමුදාව විසින් යටත් කර ගන්නා තෙක් මෙම ප්‍රදේශය බෞද්ධ ශිෂ්ඨාචාරයේ හදවත ලෙස ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේ පැවතුනේය. 7 වැනි සියවසේදී මෞර්ය අධිරාජ්‍යය වන අශෝක රජු විසින් බෝධි වෘක්ෂය අසළ ඉදි කරන ලද පන්සලමහාබෝධි පන්සල[සංස්කරණය]මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට කි.මී. 96 ක් ඈතින් ප |
ිහිටයි. එහි වජ්‍රාසන නම් දියමන්ති සිංහාසනයක්ද, පූජනීය බෝධියද පිහිටයි. මෙම බෝධිය ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් ජනිත වූවකි. ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බොධිය යනු බුදුන් පිට දුන් මුල් බෝධියේ ශාඛාවකි. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අවුරුදු 250 කට පසු අශෝක අධිරාජයා මෙම බුද්ධගයාවට පැමිණියේ යයි විශ්වාස කරනු ලැබේ. මුල්ම මහා බෝධි විහාරයේ නිර්මාතෘවරයා ඔහු යයි සළකනු ලැබේ. මෙම විහාරය දිගැටි කොත් ආකාරයෙන් නිර්මිතය. මුදුනේ කුඩා ස්ථූපයක්ද ඒ මත වූ වේදිකාවක චත්‍රාවලියක්ද ඇත. ඉහළ පූජා මහලට සහ වේදිකාවට යාමට ද්විත්ව පියගැට පෙලක් තිබේ. කොතෙහි කුහර තුල ඇති කුඩා කුටි බුද්ධ ප්‍රථිමා වලින් යුක්තය. කුශාන් රජ සමය තුල 1 වැනි සියවසේදි මෙම විහාරය පිළිසකර කරන්නට හෝ ගොඩනංවන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. ඉන්දියාවේ බුදු දහම පරිහාණියට පත් වීමෙන් පසු මෙම පන්සල මහජන අවධානයෙන් බැහැර වී පාලුවට ගොස් පස් තට්ටුවලින් වැසී ගිය බව පැවසේ.පසුව 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා සංගමයෙන් පැවරුණ රාජකාරියක කොටසක් ලෙස ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා මෙම සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. 1883 දි කණිංගැම් ජේ.ඩි. |
බෙග්ලර්,ආචාර්ය රාජේන්ද්‍ර ලාල් මිත්‍රා හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා මෙම පුදබිමෙහි කැණීම් ආරම්භ කළේය. බුද්ධාගමේ පෞරාණික ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන ලදී.අනෙකුත් බෞද්ධ පන්සල්[සංස්කරණය]සමුද්‍රගුප්ත රජතුමාගේ සමකාලීනයෙකු වූ ශ්‍රී ලංකාවේ කිත්තිසිරිමෙවන් රජු සමුද්‍රගුප්තගේ අවසරය ඇතිව මහා බෝධි විහාරය අසල සංඝාරාමයක් කරවන ලද්දේ බුද්ධගයාවට බෝධි වන්දනාව පිණිස පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයි. සංඝාරාමය පිළිබඳ තත්වය හියුංග් සෑන්ග් විසින් ඔහු දැක තිබූ පරිද්දෙන් විස්තර කර ඇත. බුද්ධඝෝෂ තෙරුණුවන්හට රේවත තෙරණුවන් හමුවී ඔහුට ලංකාවට පැමිණීමට ඇරයුම් කරන්නට ඇත්තේ මෙහිදී විය හැක.වර්තමානයේ බ්‍රිතාන්‍යය, චීනය, ජපානය, මියන්මාරය, නේපාලය, සික්ඛිම්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිබෙට්ය සහ වියට්නාම්ය යන රටවල් විසින් බෞද්ධ පන්සල් ගොඩ නංවා ඇත. මෙම ගොඩනැගිලි තුළින් ඒ ඒ රටවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සැරසිලි කලාවන්ද පිළිබිඹුවේ. චීන විහාරයේ තිබෙන බුදු පිළිමය අවුරුදු 200 ක් පැරණි වූවකි. තවද ජපානයේ නිපොන් විහාරය දාගැබක හැඩය ගන |
ී. මියන්මාර් (බුරුමය) විහාරයද පැගෝඩාවක හැඩය දරන අතර, 'පගන්' සිහි ගන්වන්නකි. තායි පන්සල තායිලන්තයේ අනන්‍යතාවයෙන් යුත් බෑවුම් ආකාර, රත්‍රරන් උළු සෙවිළි කළ කවාකාර වහලින් යුක්ත විය. එතුල දැවැන්ත අලංකාර ලෝකඩ බුදු පිළිමයක් තිබේ. තායි පන්සල අසලින්ම උද්‍යානයක් තුල මෑත කාලීන මීටර් 25 ක් දිග බුදු පිළිමයක් තිබේ. එය අවුරුදු 100 ක් පමණ කාලයක් තිස්සේ එහි තිබෙන බව කියවේ. ටිබෙට් ජාතිකයින් සඳහා ද එහි පන්සල් දෙකක් ගොඩනගා ඇත.බුද්ධගයාවේ ජනගහණය[සංස්කරණය]2001 ඉන්දීය ජනගහණයට අනුව බුද්ධගයාවේ ජනගහණය 30,883 කි. පිරිමි සංයුතිය 54% ක් වන අතර, ගැහැණු 46% කි. සාක්ෂරතාවය 51% වන අතර එය ජාතික මට්ටම වන 59.5% ට වඩා අඩුය. පිරිමින්ගේ සාක්ෂරතාවය 63% කි. ගැහැණු 38% කි.ජනගහණයෙන්18% ක ප්‍රමාණයක් අවුරුදු 6 ට අඩු ළමයි වෙති.මේවාද බලන්න[සංස්කරණය]මහාබෝධි විහාරය, බුද්ධගයාබෙරික් අපෝන් ට්වීඩ් සහ එහි මාලිගය 1482දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් අල්වා ගන්නා ලද්දේ එංගලන්ත-ස්කොට්ලන්ත යුද්ධ අතරතුරදීය. 1482, ජූනි 14 දිනදී අත්සන් තැබුණු, ෆොදරිංගේ සම්මුතිය ප්‍රකාර, ස්කොට්ලන්තයේ තුන්වන ජේම්ස් රජුගේ සහෝදර ඇලෙක්සැන්ඩර් ස්ටුවර්ට්, ඇල්බනි |
යේ ආදිපාදවරයා විසින්, තමා ස්කොට්ලන්තයේ රජ බවට ප්‍රකාශ කොට, එංගලන්තයේ සතරවන එඩ්වඩ් රජුහට පක්ෂපාතිත්වය දිවුරා පොරොන්දු විය. මෙයින් පසුව සිදුවූ ස්කොට්ලන්ත ආක්‍රමණයේදී, ඇල්බනියේ ආදිපාදවරයා සිහසුනෙහි හිඳවීමට අසමත් වුවද, 1482 අගෝස්තු 24 දිනදී මාළිගාව යටත් වීමෙන් පසුව, බෙරික් අපෝන් ට්වීඩ් යන මායිම් සුළු-නගරය ඉංග්‍රීසීන්ට යටත්ව පැවතිණි.ගීසා හි පිරමිඩ පුරාතන මිසර ශිෂ්ඨාචාරයෙහි වඩාත්ම සංගණ්‍ය සංකේතයන්ය. ප්‍රධාන නගර සහ රාජ වංශ කාල සීමාවෙහි (ක්‍රිපූ 3150 පමණ සිට ක්‍රිපු 30 පමණ දක්වා) විශේෂ ස්ථාන දක්වන පුරාතන ඊජිප්තුවෙහි සිතියමක්.පුරාතන මිසරය (පුරාතන ඊජිප්තුව) යනු නයිල් ගඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.මිසර සංස්කෘතිය[සංස්කරණය]කලාව[සංස්කරණය]තුට්මෝස නම් මූර්තිශීල්පියා විසින් අඹන ලද, නෙෆටීටිගේ උඩුකය, පුරාතන ඊජිප්තු කලාවේ අතිශයින් ජනප්‍රිය අග්‍රකෘතීන් අතුරින් එකකි.වසර 3500 ක් පුරාවට මිසර කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැදුනු නෑ නීතිරී |
ති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසාවත් නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නෑ නීතිරීති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත. පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදි. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගේ වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කල සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුනු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය වුන්ගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත. එකල මිසරයේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා (Aප්රබ්) යුගයේ බිහිවූ නිර්මාණවල මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන් වල තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ. පුරාතන මිසරය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්නවික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්කොමන්ස් වෙතින් ඡායාරූප හා මා |
ධ්‍යවිකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍රවිකිපුවත් වෙතින් පුවත් කථාංගවිකිකියමන් වෙතින් උපුටා දැක්වීම්විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළවිකිපොත් වෙතින් පෙළපොත්මෙයද බලන්න[සංස්කරණය]පුරාතන ඊජිප්තුව ද්වාරයමනෝවිද්‍යාවආකෘතියඉතිහාසයඋපක්ෂේත්‍රමූලික ආකාරඅවප්‍රමාණBehavioral geneticsජීවවිද්‍යාත්මකඥානාත්මකතුලනාත්මකCross-culturalCulturalආන්තරDevelopmentalපරිණාමීයසම්පරීක්ෂණMathematicalස්නායුමනෝවිද්‍යාවපෞරුෂPositiveQuantitativeසමාජ මනෝවිද්‍යාවව්‍යවහාරික මනෝ විද්‍යාවApplied behavior analysisසායනිකCommunityConsumerCounselingCriticalඅධ්‍යාපනEnvironmentalErgonomicsඅධිකරණHealthමානවවාදීIndustrial and organizationalInterpretiveLegalMedicalMilitaryMusicOccupational healthPoliticalReligionSchoolSportTrafficListsDisciplinesOrganizationsPsychologistsPsychotherapiesPublicationsResearch methodsTheoriesTimelineTopics මනෝවිද්‍යාව ද්වාරයvteවිශ්ලේෂණාත්මක මනෝප්‍රතිකාරයInterventionMeSHD064889මනෝගතික මනෝ ප්‍රතිකාරය එක්තරා ගැඹුරු මනෝ |
විද්‍යාවකි. එහි ප්‍රාථමික අරමුණ පුද්ගලයකුගේ මනසේ ආතතිය සමනය කිරීමට දරණ ප්‍රයත්නයේ දී ඔහුගේ මනසේ ඇති අවිඤ්ඤානික ප්‍රීතිය හෙළි කිරීමටය. මේ අයුරින් එය මනෝ විශ්ලේෂණයට සමානය. කෙසේ වුවද මනෝගතික ප්‍රතිකාරය මනෝ විශ්ලේෂණයට වඩා කෙටි වූ ද තීව්‍රතාවෙන් අඩු වු ද එකක් සේ පෙනේ. ප්‍රවේශය අතින් බලන විට මෙවැනි ප්‍රතිකාරයන් අනෙක් ඒවාට වඩා සාර්ථක බව පෙනී යයි. මෙහිදී මැදහත් වීමේ එකම ක්‍රමයක් මත විශ්වාසය නොතබා විවිධ මූලාශ්‍රවලින් ශිල්පී ක්‍රම ඇද ගැනීමයි. එය පෞද්ගලික මනෝ ප්‍රතිකාරයන් හි ද, සමූහ මනෝ ප්‍රතිකාරයෙ හි ද, පවුල් ප්‍රතිකාරයෙ හි ද ආයතන හා සංවිධාන සම්බන්ධ වැඩ අවබෝධ කර ගැනීමට භාවිතා කර ඇත.ඉතිහාසය[සංස්කරණය]මනෝ ගතිකයේ මූලධර්ම පළමුවෙන් හඳුන්වා දෙන ලද්දේ 1874 කායික විද්‍යා දේශන නැමැති ප්‍රකාශනයකින් අර්නස්ට් විල්හෙල්ම් බ්‍රෑක් (Ernst Wilhelm von Brücke) නැමැති ජර්මන් විද්‍යාඥයා විසිනි. බෲක් තාපගති විද්‍යාවෙන් ඉඟියක් ගෙන යෝජනා කළේ සියළු ජීවීන් ශක්ති සංරක්ෂණ මූලධර්මය මඟින් පාලනය වෙන ශක්ති විශේෂයන් බවය. එම වසරේම බෲක් වියනා විශ්ව විද්‍යාලයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ් නැමැති වෛද්‍ය ශිෂ්‍යයාගේ පරීක්ෂකයා විය. ප්‍රො |
යිඩ් පසුව ගතික කායික විද්‍යාව නැමැති මේ අලුත් නිර්මාණය මිනිස් සිත මනෝභාවගත කිරීමේ කාර්යයට උදවු පිණිස යොදා ගති. පසුව මනෝගතිකය පිළිබඳ සංකල්පය හා භාවිතය වැඩි දුරටත් වර්ධනය කරන ලද්දේ කාර්ල් ජුන්ග් , ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් හා මෙලනි ක්ලේන් විසිනි.ආශ්‍රිත ලිපි[සංස්කරණය]Anna FreudMalan trianglesModels of abnormalityPsychodynamic Diagnostic Manualමූලාශ්‍ර[සංස්කරණය]vteමනෝවේදය (Psychology) ඉතිහාසය · ද්වාරය · මනෝ විද්‍යාඥයා මූලික Affective · Biological · සායනික · ප්‍රජානන · Cognitive neuroscience · තුලනාත්මක · සංවර්ධනාත්මක · Emotion · Evolutionary · පර්යේෂණාත්මක · Mathematical · Neuropsychology · පෞරුෂත්ව · Physiological · Positive · Psycholinguistics · මනෝ ව්‍යාධි වේදය · Psychophysics · Psychophysiology · Qualitative research · Quantitative research · Social · Theoretical Applied Assessment · Clinical · Counseling · Educational · Forensic · Health · Industrial/organizational · Legal · Media · Military · Occupational health · Psychometrics · Relat |
ionship counseling · School · Sport · Systems Orientations Analytical · Behaviorism · Cognitive behavioral therapy · Cognitivism · Descriptive · Ecological Systems Theory · Existential therapy · Family therapy · Feminist therapy · Gestalt psychology · Humanistic · Narrative therapy · Psychoanalysis · Psychodynamic psychotherapy · Rational emotive behavior therapy · Transpersonal Eminentpsychologists Gordon Allport · Albert Bandura · Raymond Cattell · Kenneth and Mamie Clark · Erik Erikson · Hans Eysenck · Leon Festinger · Sigmund Freud · Donald O. Hebb · Clark L. Hull · William James · Carl Jung · Jerome Kagan · Kurt Lewin · Abraham Maslow · David McClelland · George A. Miller · Neal E. Miller · Walter Mischel · Ivan Pavlov · Jean Piaget · Carl Rogers · Stanley Schachter · B. F. Skinner · Edward Thorndike · John B. Watson Lists Counseling topics · Important publications in psychology · Psychological research methods · Psychological schoo |
ls · Psychologists · Psychology disciplines · Psychology organizations · Psychology topics · Psychotherapies · Timeline of psychology Wiktionary definition · Wikisource · Wikimedia Commons · Wikiquote · Wikinews · WikibooksvtePsychotherapy (list)SchoolsPsychodynamicAdlerian therapyAnalytical therapyMentalization-based treatmentPsychoanalysisTransference focused psychotherapyCognitive and behavioralClinical behavior analysisAcceptance and commitment therapyFunctional analytic psychotherapyCognitive behavioral therapyCognitive therapyDialectical behavior therapyMindfulness-based cognitive therapyRational emotive behavior therapyHumanisticEmotionally focused therapyExistential therapyFocusingGestalt therapyLogotherapyPerson-centered therapyOtherArt therapyDance therapyFeminist therapyMusic therapyNarrative therapyPlay therapyReality therapySystemic therapyTransactional analysisListIntegrativeEclectic psychotherapyMultimodal therapyTranstheoretica |
l modelApproachesBrief psychotherapyCounselingOnline counselingResidential treatmentSelf-helpSupport groupsResearchClinical formulationClinical pluralismCommon factors theoryDiscontinuationHistoryPractitioner–scholar modelTechniquesBehaviour therapyAversion therapyChainingContingency managementShapingStimulus controlToken economyCounterconditioningDesensitization/Exposure therapySystematic desensitizationOther individual therapyAutogenic trainingBiofeedbackClean languageCognitive restructuringEmotion regulationAffect labelingFree associationHomeworkHypnotherapyModelingGroup psychotherapyCo-therapyCouples therapyFamily therapyPsychodramaSensitivity trainingPeoplePhilippe Pinel (1745–1826)Josef Breuer (1842–1925)Sigmund Freud (1856–1939)Pierre Janet (1859–1947)Alfred Adler (1870–1937)Sándor Ferenczi (1873–1933)Carl Jung (1875–1961)Ludwig Binswanger (1881–1966)Melanie Klein (1882–1960)Otto Rank (1884–1939)Karen Horney (1885–1952)Harry |
Stack Sullivan (1892–1949)Fritz Perls (1893–1970)Anna Freud (1895–1982)Donald Winnicott (1896–1971)Wilfred Bion (1897–1979)Wilhelm Reich (1897–1957)Milton H. Erickson (1901–1980)Jacques Lacan (1901–1981)Erik Erikson (1902–1994)Carl Rogers (1902–1987)Viktor Frankl (1905–1997)George Kelly (1905–1967)Elisabeth Geleerd (1909–1969)Rollo May (1909–1994)Virginia Axline (1911–1988)Carl Whitaker (1912–1995)Albert Ellis (1913–2007)Silvano Arieti (1914–1981)James Bugental (1915–2008)Joseph Wolpe (1915–1997)Virginia Satir (1916–1988)Aaron Beck (1921–2021)Salvador Minuchin (1921–2017)Hans Herrman Strupp (1921–2006)Paul Watzlawick (1921–2007)Haim Ginott (1922–1973)Ogden Lindsley (1922–2004)Arthur Janov (1924–2017)Eugene Gendlin (1926–2017)R. D. Laing (1927–1989)Jean Baker Miller (1927–2006)Otto F. Kernberg (b. 1928)Nathan Azrin (1930–2013)Irvin D. Yalom (b. 1931)Arnold Lazarus (1932–2013)Lorna Smith Benjamin (b. 1934)Marsha M. Linehan (b. 1943)Vittorio Guidano (1 |
944–1999)Les Greenberg (b. 1945)William R. Miller (b. 1947)Steven C. Hayes (b. 1948)Michael White (1948–2008)Jeffrey Young (b. 1950)Peter Fonagy (b. 1952)AssociationsAssociation for the Advancement of PsychotherapyAssociation for Applied Psychophysiology and BiofeedbackAssociation for Behavioral and Cognitive TherapiesAssociation for Behavior Analysis InternationalEuropean Association for PsychotherapySociety for Psychotherapy ResearchWorld Council for Psychotherapyකරගහගෙදර අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය දඹදෙණිය-යාපහුව මාර්ගයේ දැකගත හැකි පනාවිටිය අම්බලම හැරුණු කොට හමුවන අනෙක් අම්බලම වෙයි.අතීතය[සංස්කරණය]ක්‍රි.ව. 1837 දී පමණ කරගහගෙදර අම්බලම ඉදිකරන්නට ඇතැයි සැළකේ.ඉදිකිරීම් ආකෘතිය[සංස්කරණය]පොළවේ තබන ලද ගෝලාකාර ගල් 4ක් මත පිහිටුවන ලද දැව තලාඳ 4ක් මත, අම්බලම ගොඩනංවා තිබේ. මෙහි වූ එක් විශේෂත්වයක් වන්නේ අම්බලම තුල ඉඳගැනීමට අමතරව කකුල් තබාගැනීම සඳහා වෙනමම කොටයක්ද සවිකොට තිබීමයි.[1]වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂ |
ා කර ගැනීම, රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට තිබෙයි.රූපවාහිනී තිරයට[සංස්කරණය]ජාතික රූපවාහිනියේ විකාශය වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමේ සමහර කොටස් මෙම අම්බලම ආශ්‍රිතව රූපගත කොට තිබෙයි.[2]මූලාශ්‍ර[සංස්කරණය]↑ "කරගහගෙදර අම්බලමේ සුව වින්දෙමි". තහනම් අඩවිය. 27 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 4 ජූනි 2014.↑ රත්නප්‍රිය, විරාජ් (16 නොවැම්බර් 2011). "ඇත්කඳ ලිහිණියා නැවත මතුකළ කරගහගෙදර අම්බලම". නඩේ ගුරා. සම්ප්‍රවේශය 3 ජූනි 2014.මුලතිව් මැතිවරණ කොට්ඨාසය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුලතිව් නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 2 |
2 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුලතිව් මැතිවරණ කොට්ඨාසය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මුලතිව් දිගටම පවතියි.1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%එක්ස්.එම්.සෙල්ලතම්බුදෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු10,26152.36%පී. චන්ද්‍රසේකර්ස්වාධීනතරාදිය7,63238.95%ආර්. වික්කිනිරාසාඉණිමග9774.99%වී. සන්දිරාසනන්සීනුව7263.70%වලංගු ඡන්ද සංඛ්‍යාව19,596100.00%ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව76මුළු ඡන්ද සංඛ්‍යාව19,672ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව24,698ඡන්දය භාවිත කල ප්‍රතිශතය79.65%ආශ්‍රිත[සංස්කරණය]↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.vteලංකා රාජ්‍යයේ පැවති |
මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාතඅම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාවබස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලානදකුණු පළාතඅම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ලසබරගමුව පළාතබලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ලමධ්‍යම පළාතදඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය |
· තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලියවයඹ පළාතපුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාතමැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාතඅලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 9°15′0″N 80°49′0″E / 9.25000°N 80.81667°E / 9.25000; 80.81667බාරාބާރަށްදූපතරටමාලදිවයින්භූගෝලීය අතොළුවතිලධුන්මති අතොළුවපරිපාලනමය අතොළුවහා අලිෆ් අතොළුවරජය • සභාවබාරා දිවයින් සභාවDimensions • දිගBad rounding hereFormatting error: invalid input when rounding මී (Bad rounding hereFormatting error: invalid input when rounding අඩි) • පළලBad rounding hereFormatting error: invalid input when rounding මී (Bad rounding hereFormatting error: invalid input when rounding අඩි)ජනගහණය(2006) • මුළු1,203වේලා කලාපMST (UTC+05:00)ප්‍රාදේශීය කේතය (න්)650, 20බාරා (දිවෙහි: ބާރަށް) යනු උතුරු මාලදිවයිනෙහි හා අලිෆ් අතොළුවේ ජනාවාසී දිවයිනකි.ඓතිහාසික වශයෙන්, බාරා යනු 16වන සියවසෙහි දෙ |
වන අර්ධයෙහිදී කල්හුඔෆුම්නි යාත්‍රාව තැනුනු දිවයිනයි. පෘතුගාලයට එරෙහිව මුහම්මද් තාකුරුෆානු සුල්තාන්වරයාගේ යුද්ධයෙහිදී මෙම නැව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. නැවෙහි රුවල් තැනුනේ තවදුරටක් දකුණට වන්නට පිහිටි මරෝෂි දූපතෙහිදීය. මෙම දූපත ඉංග්‍රීසි 'C' අකුරෙහි හැඩය ගනියි. ඉවුරෙහි බොහෝ ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් රිසොෆෝරා මුක්රොනාටා සහ හිබිස්කස් ටිලියාසියස් යන්නෙන් සමන්විත කඩොලාන ශාකයෙන් වැසී ඇත. මෙම ප්‍රදේශයන් අවට පස හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් ආඨ්‍ය වන අතර දූපත් වාසීන් විසින් මෙම පෙදෙසෙහි ගැවසීමෙන් බොහෝවිට වලකිති. ගස් කැපීම, කුණු කසළ බැහැර කිරීම සහ දුර්වල කළමනාකරණය නිසාවෙන් පරිසර පද්ධතිය අනතුරට ලක්ව ඇත.ආශ්‍රිත[සංස්කරණය]බාහිර සබැඳි[සංස්කරණය]අයිල්ස් ප්‍රොෆයිල් - බාරා සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machinevteමාලදිවයින්හී ජනාවාසී දූපත්හා අලිෆ් අතොළුවබාරා · බෙරින්මදූ[decimal 1] · ධිද්දූ · Filladhoo · Hathifushi[decimal 1] · Hoarafushi · Ihavandhoo · Kelaa · Maarandhoo · Mulhadhoo · Muraidhoo · Thakandhoo · Thuraakunu · Uligamu · Utheemu · VashafaruHaa Dhaalu AtollFaridhoo[ |
decimal 1] · Finey · Hanimaadhoo · Hirimaradhoo · Kunburudhoo[decimal 1] · Kulhudhuffushi · Kumundhoo · Kurinbi · Maavaidhoo[decimal 1] · Makunudhoo · Naivaadhoo · Nellaidhoo · Neykurendhoo · Nolhivaram · Nolhivaranfaru · VaikaradhooShaviyani AtollBileffahi · Feevah · Feydhoo · Firinbaidhoo[decimal 1] · Foakaidhoo · Funadhoo · Goidhoo · Kanditheemu · Komandoo · Lhaimagu · Maakandoodhoo[decimal 1] · Maaungoodhoo · Maroshi · Milandhoo · Narudhoo · NoomaraaNoonu AtollFoddhoo · Henbandhoo · Holhudhoo · Kendhikolhudhoo · Kudafaree · Landhoo · Lhohi · Maafaru · Maalhendhoo · Magoodhoo · Manadhoo · Miladhoo · VelidhooRaa AtollAlifushi · Angolhitheemu · Dhuvaafaru · Fainu · Hulhudhuffaaru · Inguraidhoo · Innamaadhoo · Kandholhudhoo[decimal 1] · Kinolhas · Maakurathu · Maduvvaree · Meedhoo · Rashgetheemu · Rasmaadhoo · Ungoofaaru Vaadhooබා අතොළුවධාරාවන්දූ · ධොන්ෆානු · Eydhafushi · ෆෙහෙන්දූ · ෆුල්හාදූ ගොයිදූ · හිතාදූ · කමාදූ · කෙන්දූ · කිහාදූ · Kudarikilu · මාල්හොස් · ThulhaadhooLhaviyani |
AtollFelivaru[decimal 2] · Hinnavaru · Kurendhoo · Maafilaafushi[decimal 2] · Naifaru · OlhuvelifushiKaafu AtollDhiffushi · Gaafaru · Gulhi Guraidhoo · Himmafushi · Huraa · Kaashidhoo · Maafushi · ThulusdhooAlif Alif AtollBodufulhadhoo · Feridhoo · Himandhoo · Maalhos · Mathiveri · Rasdhoo · Thoddoo · UkulhasAlif Dhaal AtollDhangethi · Dhiddhoo · Dhigurah · Fenfushi · Haggnaameedhoo · Kunburudhoo · Maamingili · Mahibadhoo · Mandhoo OmadhooVaavu AtollFelidhoo · Fulidhoo · Keyodhoo · Rakeedhoo · ThinadhooMeemu AtollDhiggaru · Kolhufushi · Maduvvaree · Mulah · Muli · Naalaafushi · Raimmandhoo · VeyvahFaafu AtollBileddhoo · Dharanboodhoo · Feeali · Magoodhoo · NilandhooDhaalu AtollBandidhoo · Gemendhoo[decimal 1] · Hulhudheli · Kudahuvadhoo · Maaenboodhoo · Meedhoo · Rinbudhoo VaaneeThaa AtollBurunee · Dhiyamingili · Gaadhiffushi · Guraidhoo · Hirilandhoo · Kandoodhoo · Kinbidhoo · Madifushi · Omadhoo · Thimarafushi · Vandhoo · Veymandoo · VilufushiLaamu AtollDhanbidhoo · Fonadhoo · Ga |
adhoo · Gan · Hithadhoo · Isdhoo[decimal 3] · Kalaidhoo [decimal 3] Kunahandhoo · Maabaidhoo · Maamendhoo · Maavah · MundooGaafu Alif AtollDhaandhoo · Dhevvadhoo · Dhiyadhoo[decimal 1] · Gemanafushi · Kanduhulhudhoo · Kolamaafushi · Kondey · Maamendhoo · Nilandhoo · VilingiliGaafu Dhaalu AtollFares-Maathodaa · Fiyoaree · Gaddhoo · Hoandeddhoo · Madaveli · Nadellaa · Rathafandhoo · Thinadhoo · VaadhooGnaviyani AtollFuvammulahSeenu AtollFeydhoo · Hithadhoo · Hulhudhoo · Hulhudhoo-Meedhoo · Maradhoo · Maradhoo-Feydhoo · Meedhoo↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 1.9 Underwent population relocation. Currently uninhabited.↑ 2.0 2.1 Although inhabited, no residents registered to the island. (No local government elected.)↑ 3.0 3.1 Administratively known as Isdhoo-Kalaidhoo.The capitals of each atoll are in bold.This list excludes the capital, Malé along with Hulhumalé and Vilimalé.මාලදිවයින පරිස්ථානය මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහි |
දුවාලිය හැක.vteහනීවෙල් - බුල් DPS 7 මේන්ෆ්‍රේම් , සර්කා (circa) 1990මේන්ෆ්‍රේම් (සාමාන්‍ය ව්‍යවහාරයේ දී බිග් අයන් ලෙස හඳුන්වයි) යනු සංගණන , කර්මාන්ත හා පාරිභෝජක දත්ත, ERP හා මූලය ගණුදෙණු සැකසීම වැනි අති විශේෂ යෙදුම් සඳහා විශාල ආයතන විසින් යොදා ගන්නා පරිගණකයි.මෙම වදන ඇති වී තිබෙන්නේ මුල් කාලීන මේන්ෆ්‍රේම් වලිනි. මන්ද ඒවා අසුරා තිබුණේ කාමර ප්‍රමාණයේ ඇසුරුම්වල අන්තර්ගත වූ සුපිරි ගණයේ වාණිජ යන්ත්‍ර බල සම්පන්න බවින් අඩු ඒවායින් වෙන් කර දැක්වීමට මෙම වදන භාවිතා විය.වර්තමාන භාවිතයේ දී මෙම වදන යෙදෙන්නේ 1965 දී මුලින්ම හඳුන්වා දුන් IBM සිස්ටම් 360 සමඟ ගැලපෙන පරිගණක හැඳින්වීමටය. (IBM සිස්ටම් z10 is IBM's හි නවතම නිපැයුමයි) වෙනත් ලෙසකින් සමාන ක්‍රියාකාරීත්වයෙන් යුත් නමුත් IBM සිස්ටම් 360 මත පදනම් නොවූ පද්ධති සේවාදායක (servers) ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් මේන්ෆ්‍රේම් හා සේවා දායක යන දෙක පර්යාය තුල්‍යාර්ථක නොවේ. (සේවාදායක සත්කාරක බලන්න)පැරණි (ප්‍රී -වෙබ්) සේවාදායක තාක්ෂණය සමඟ ගැලපෙන හෝ එමඟින් ව්‍යුත්පන්න වූ සිස්ටම්/360 සමඟ නොගැලපෙන සමහරක් පද්ධති මේන්ෆ්‍රේම් ලෙස සැලකේ. මේ සඳහා බුරෝ(ග්)හ්ස |
් (Burroughs) විශාල පද්ධති, UNIVAC 1100/2200 ශ්‍රේණියේ පද්ධති හා පී-සිස්ටම්/360 IBM 700/7000 ශ්‍රේණිය ද ඇතුළත් වෙයි. බොහෝමයක් මහා පරිමාණ පරිගණක සැලසුම් නිර්මාණය වූයේ 1960 කාල වකවානුවේ දීය. බොහොමයක් විශාල පරිගණක පදනම් වූයේ එම සැලසුම් මතය. එය වෙනස් වූයේ 1990 කාලයේ වෙබ් සත්කාරකවල පැමිණීමත් සමඟය. (අවධානය දිනා ගන්නා දෙය නම් ස්විට්සර්ලන්තයෙන් පිට ධාවනය වූ ප්‍රථම වෙබ් සේවාදායකය ධාවනය වූයේ 1990 තරම් මුල් කාලයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මේන්ෆ්‍රේම් එකක් වීමයි. විස්තර සඳහා විශ්ව විසිරි වියමනේ ( World Wide Web) හි ඉතිහාසය බලන්න.1970 හා 1980 කාලයේ මතු වූ මිනි පරිගණක මෙහෙයුම් පද්ධති හා සැලසුම් කිහිපයක් විය. නමුත් ඒවා මේන්ෆ්‍රේම් ලෙස නොසැලකේ. (UNIX බිහි වූයේ මිනි පරිගණක මෙහෙයුම් පද්ධතියක් ලෙසය. එය වසර කිහිපයක් තිස්සේ දියුණු වෙමින් මේන්ෆ්‍රේම් ගතිගුණ කිහිපයක් දැරීමට තරම් සුදුසු තත්වයකට පත්ව ඇත)1960 දී අර්ථ දක්වන ලද මේන්ෆ්‍රේම් ගතිගුණ බොහොමයක් ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් එම ගති ගුණ බොහොමයක් පුළුල් වී වර්තමානයට විකසනය වී ඇත.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Mainframesබයිබල |
ීය චරිතය සඳහා, see රූබෙන් (බයිබලය) බලන්න. ඊශ්‍රායෙල් ගෝත්‍රගෝත්‍ර රූබෙන් සිමියොන්ලෙවීජුදා දාන් නප්තලී ගාද් ආෂෙර් ඉස්සාකර් සාබුලොන්ජෝසප්මනස්සේඑප්‍රායිම්බෙන්ජමින්ආශ්‍රිත මාතෘකාඊශ්‍රායෙල්වරු ගෝත්‍රික බෙදා දීම්නෂ්ට ගෝත්‍ර දහයvteහෙබ්‍රෙව් බයිබලය ප්‍රකාර, රූබෙන්ගේ ගෝත්‍රය (හෙබ්‍රෙව්: שֵׁבֶט רְאוּבֵן, සම්මතය ෂිවට් රව්වෙන් ටයිබේරියානු Šḗḇeṭ Rəʼûḇēn) යනු ඊශ්‍රායෙලයේ ගෝත්‍ර අතුරින් එකක් විය.ජොෂුවා විසින් භූමිය යටත් කර ගනු ලැබීමෙන් පසුව හා ක්‍රිපූ 1050 දී පමණ, පළමු ඊශ්‍රායෙල රාජධානිය පිහිටුවීමට පෙර, රූබෙන්ගේ ගෝත්‍රය, ඊශ්‍රායෙල ජාතික ගෝත්‍ර අතරවූ ලිහිල් සහසන්ධීයනයක කොටසක් විය. මධ්‍යම රජයක් නොපැවති අතර, අර්බුදකාරි තත්ත්ව පැවති කලෙක ජනතාව සඳහා නායකත්වය සැපයුනේ වීරයෝ නමින් හැඳින්වුනු යාවත් කාර්ය නායකයන් විසිනි. ( වීරාවලිය බලන්න)මධ්‍යම ඇමරිකාවභූමිප්‍රමාණය523,780 km2 (202,230 sq mi)[1]ජනගහණය52,176,283 (2022)[1]ජනගහණ ඝණත්වය99.6/km2 (258.0/sq mi) (2022)GDP (PPP)$370.52 billion (2013)GDP (nominal)$203.73 billion (exchange rate) (2013)GDP per capita$4,783 (exchange rate) ( |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.