cheranga-uom
si en added
7a81324
si_114447_0 කොට්ටඩි විනයාගර් පූල්ලෙයාර් හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයේ අවසන් පූජාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහභාගි වූ අතර මෙම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය, තාවකාලික කූඩාරම් ඇතුළු අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යුද්ධ හමුදාව සහයෝගය ලබාදුන්හ
si_114447_1 දින 21 ක් පුරා පැවැති මෙම සැමරුම් උත්සවය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් ලබාදුන් සහයෝගය සැලකිල්ලට ගනිමින් කෝවිලේ පූජකවරුන් (කුරුක්කල්තුමන්) විසින් අවසන් මහා පූජාව සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හටද සහභාගි වන ලෙසට ආරාධනා කළහ
si_114447_2 මෙම අවස්ථාව සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කීර්ති කොස්තා සහභාගි වූහ