|
si_110949_0 අම්පාර සටන් පුහුණු පාසලෙහි අඩු වියදමකින් ඉදිකරනු ලැබු නව ශ්‍රවණාගාරය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී. ඒ. ධර්මසිරි කහපොළ විසින් බ්‍රහස්පතින්දා (8) දින විවෘත කරනු ලැබීය |
|
si_110949_1 රුපියල් ලක්‍ෂ 5 ක පමණ මුදලක් වැයකොට සටන් පුහුණු පාසලෙහි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගනීමින් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය |
|
si_110949_2 ශ්‍රවණාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සටන් පුහුණු පාසලෙහි සේනාවිධායක විසින් එම පුහුණු පාසලෙහි සියළු යුද්ධ හමදා සාමාජිකයින් අමතා වෘත්තීය ප්‍රගමනයෙහි ඇති වැදගත්කම පිළිබඳව කෙටි දේශණයක් පවත්වනු ලැබීය |
|
si_110949_3 අනතුරුව, සියළුම නිලයින් සඳහා පැවති තේපැන් සංග්‍රහයෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු අවසන් විය |
|
si_110949_4 සටන් පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.යූ.එන්. සේරසිංහ, පුහුණු උපදේශකයින්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා එක්වූහ |
|
|