cheranga-uom
si en added
7a81324
si_108503_0 ශ්‍රී ලංකාවේ තුර්කී ගරු තානාපති ටුන්කා ඔස්කුහාදර් (HE Tunca zcuhadar) මහතා බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ සාකච්ඡාවක නිරතවිය
si_108503_1 මෙම සුහද හමුවේ දී දශක කිහිපයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය
si_108503_2 යුද හමුදාවේ ඉහළම තනතුරට උසස් වීම පිළිබඳව තානාපතිතුමා යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුබ පැතුම් එක් කරමින් එතුමන්ගේ පැහැදිලි අණ සහ උපදෙස් මත යුද හමුදාව අනාගතයේදී වෘත්තීයභාවය, සංහිඳියාව, ජාතිය ගොඩනැගීම, සාමය පවත්වා ගැනීම වැනි ක්ෂේත්‍රවලින් නව මගකට පැමිණෙනු ඇතැයි තුර්කී තානාපතිතුමන් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය
si_108503_3 මෙම සුහඳ හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා තුර්කි තානාපතිතුමාගේ පැමිණිම වෙනුවෙන් සිය ස්තූතිය පුදකරමින් තානාපතිවරයාට විශේෂ සමරුතිළිනයක් පිරිනැමීය
si_108503_4 මෙම අවස්ථාව සඳහා තුර්කි තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරිය නාසාන් ඩෙනිස් (Ms Nazan Deniz ) මහත්මිය තානාපතිවරයා සමඟ පැමිණියේය