|
si_108085_0 ‘මිත්‍ර ශක්ති’ ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාව 1 වන ගැමුණු හේවා බලඇණි පරිශ්‍රයේදී පසුගිය සඳුදා (8) වන දින පැවැත්විණි |
|
si_108085_1 එහිදි ඉන්දියානු යුද්ධ හමුදා නිලධාරීන් 11 දෙනෙකුන් සහ සෙසු නිලයින් 109 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 10 දෙනෙකුන් සහ සෙසු නිලයින් 110 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ඉන්දියානු යුද්ධ හමුදා නියෝජිත පිරිසේ අණදෙන නිලධාරී කර්නල් පර්තසාර්තෙයි රෝයි (Colonel Parthasarathy Roy) හට පිරිනැමීය |
|
si_108085_2 ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරී හැකියාවන් පුළුල් කිරීම සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වරටත් මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්විණි |
|
si_108085_3 මෙම ඒකාබද්ධ පුහුණූ අභ්‍යාසය 2019 මාර්තු මස 25 වන දින ආරම්භ කෙරිණි |
|
si_108085_4 යුද අභ්‍යාසය අවසානයේ දියතලාව Touch සිනමා ශාලාවේ පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ඒ.ඩී.ඒ.ඩී. ගුණවර්ධන සහභාගී විය |
|
si_108085_5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ උපදෙස් සහ මඟපෙන්වීම් මත මෙම පුහුණු අභ්‍යාසය ක්‍රියාත්මක කරන ලදී |
|
|