|
si_107683_0 කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ඉකුත් සඳුදා (02) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී |
|
si_107683_1 57 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමන ලදී |
|
si_107683_2 ඉන් අනතුරුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය |
|
si_107683_3 නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය |
|
si_107683_4 ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් බලප්‍රදේශයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ අතර 57 වන සේනාංක ශ්‍රවනාගාරයේ පැවැති එම අවස්ථාව සඳහා එම සේනාංක යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සියලුම භටපිරිස් සහභාගී වූහ |
|
si_107683_5 මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර එහිදී පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් රාජකාරී භාරගැනීමේ උත්සවය නිමාවට පත්විය |
|
|